අනුරාධපුර බැසීම හා වැටීම - iv

Wikibooks වෙතින්

අනුරාධ නගරයාගේ බැසීම හා වැටීම

සාමාන්යා පුවත්.

රාජවංශිකයන් හා රාජ්යවයට ඇති උරුමය :- අනුරාද පුර පරිහානි කාලයේදී කිහිප වංශයෙක ම රජ දරුවෝ වුසු. ඔවුනතුරෙහි මෞර්ය 1 වංශිකයෝත් ලැමැනි කුලවත්හුත් අධික වූ. ලැමැනියෝ ඉතා සූර වීර එඩිතර ගති ඇත්තෝ වූ. ඌ පහසුවෙන් නොමැ‍ඬෙන සුල්ලෝය. මෙම වංශයේ බොහෝ රජ දරු කෙනෙක් අනුරාධ පුර පරිහානි සමයේ රට පාලනය කළහ 2. ඔක්කාක නම් වංශයෙක රජ කුමරුවෝ ද වුසු 3ත ඒ ඒ වංශවත්හු නැවත නැවත කොටස්වලට බෙදී ගියහ. ගණවංශය, මේණවර වංශය, ශ්රීව සංඝ‍බෝධි වංශය ආදී වශයෙනි.

අනුරාධපුර පරිහානි කාලයේදී රජ තෙම රාජ්ය යෙහි අසහාය ස්වාමියා වී. සියලු අතින් ම ගෞරවාදර ප්ර ශංසා ඕහට දක්වන ලදී. උහු ගේ ක්රිියාවෝ ම ශ්රේුෂ්ඨතර වී. උහු ම වර්ණනා කරවන ලදහ. ඒ හෙයින ලංකා ඉතිහාසය රාජාවලියක් වූයේ. එසේ වුවත් ඒ රාජයෝ සර්වප්ර කාරයෙන් ම නිදහස් වූ රිසි සේ ක්රිවයා කිරීමෙහි නිදහස ඇත්තෝ නුවු. සිය බලය ම පෙරදැරි කොට ගෙන රජ බවට පත් ව රට පාලනය කිරීමෙහි අවකාශයක් ඔවුනට නො ඇති වී. පූර්ව චරිතය නම් රාජ ධර්මය තෙමේ ඔවුන් කෙරෙහි සෑහෙන පමණ බලවත් වී. පෙර නිරිඳුන් විසින් පැවැති ලෙසට ම පැවැතීම ශ්රේිෂ්ඨ රාජයකු ගේ ‍උසස් ම ගුණාංගය ලෙස සලකන ලදී. රට වැස්සෝ ද ඒ විශේෂයෙන් සැලැකූ. පූර්ව රාජ චරිත්රෙය බිඳි තන්හි රට වාසින් ගේ කැලැඹීම් ද රජ බවට උරුම ඇත්තවුන් ගේ නැඟි සිටීම් ද ඇති වේ. රාජ්ය්යට ඇත්තා වූ උරුමය ද පූර්ව සිරිත අනුව ම වී. එසේ ‍නුවු




1. රා: ර: 25 – 27 (පිට) පුජා: 682 (පි‍ට) නි:ස: 14 – 15 (පිට) රා: ව: 53 – 54 (පිට)

2. ම:ව: XXXVIII, 13 3. පූජා: 636 (පිට)






(82)

තන්හි සටෙනෙකින් ම ඒ විසැ‍ ඳේ. බොහෝ විට උත්සවයන්හි දී මහා ජනයා එක්ව ක්රීිඩා පිණිස එළැඹීම ද රාජයා ගේ සිරිත වී 1.

රාජයා ළඟට උහු ගේ අග මෙහෙසිය ප්රැධාන වූ. අනුරාධ පුර පරිහානි කාලයේදී රාජයනට බොහෝ මෙහෙසියෝ වූ. එසේ වුවත් තමන් හා සමවංශ ඇති එකියක් ම අග මෙහෙසිය වූ. රාජ්යධයට හිමිවෝ නම් ඇය ගේ දරුවෝ ය. සෙසු භාර්යාවන ගේ දරුවනට රජ බව පූර්ව චරිතයෙන් හිමි නොවේ. සමහර විටෙක රාජයා හට මෙහෙසි බවහි අභිෂේකය ලත් භාර්යාවෝ දෙ‍ දෙනෙක් ද වූ. එසේ කල්හි එකියක් ප්රබථම අග මෙහෙසිය වශයනේ ද එකියක් දෙවැනි අග මෙහෙසිය වශයෙන් ද සලකන ලදු 2. මෙහෙසි බව් නො ලද්දෝ සාමාන්ය භාර්යාවෝ වූ.

රාජයා ගේ දූ පුතුනට විශේෂ ගරු නාම පැවැරීම ද සිරිතක් වී. එද අග මෙහෙසියන‍ ගේ දරුවනට පමණක් හිමි වූවෙකි. රාජ පුත්රියෝ ආදිපාද යන නාමයට හිමියෝ ය. රාජ දුහිතෲහු “රාජිනී” යන ගරු නාමය ලැබිමෙහි හිමි බව ඇත්තියෝ වූ. රාජිනි යනු හුදෙක් රජු ගේ භාර්යාවට ව්යාවහාර වු නාමයෙක් ම නො වේ. එය ආදිපාද යන ගරු නාමයට සමාන වූ ස්ත්රීටන්ට ලැබෙන ගරු නාමයෙක් ද‍ වේ. (1) උදරය රජ ස්වකීය පුත්රරයන ගෙන් වැඩි මහල් කුමරු හට යුවරාජ පදෙවිය පැවැරී. සෙසු පුත්රායනට ආදිපාද තනතුරුදු දූන් හට “රාජිනි” තනතුරුදු දිනි 3. (1) සේන රජ ස්වකීය දූන් “රාජිනි” තනතුරු දී සැලැකි 4. (4) මිහිඳු රජ ස්වකීය පුත්ර යනට ආදිපාද තනතුරු දු දියැණියනට රාජිනි තනතුරුදු පැවැරි 5.

අප දන්නා ප්රිථම ආදිපාදයා අනුරාධපුර පරිහානි කාල‍යට අයත් වේ. හෙතෙම නම් පසු කලෙක දෙවැනි මුගලන් නමින් රජ වූ සිලාකාලයන ගේ වැඩි මහලු පුත්රපයා ය 6. මෙම ගරු නාම ලබන්නෝ රාජ්යහයට හිමියෝ ය. ඔවුනට උත්පත්තියෙන් ම එම නාමය හිමිය. එ හෙයින් ඔවුනට ඒ



1. ම:ව: XXXVIII, 6 2. පොතුගල් වෙහෙර සෙල් ලිපිය (පොළොන්නරුව) 3. ම:ව: XLIX, 3 4. L, 58 (ම: ව:) 5. LIV, 11 (ම: ව) 6. ම: ව: XLI, 34







(83)

පැවැරීම ද රාජයා ගේ යුතුකම් ඉටු කිරීමෙකි. (2) දප්පුල රාජයා ස්වකීය වැඩිමහල් සොහොවුරා ගේ පුත්රේ මහින්ද කුමරා හට ආදිපාද තනතුරු නො පැවැරී 1. ස්වකීය පුත්රුයාට රාජ්යුය හිමි කරන අදහසක් රජු ‍ගේ සිත්හි පැවැති බව එයින් පෙනේ. එසේ වුවත් ඒ පෙර සිරිතට (පූර්ව චරිතයට) විරුද්ධ වූවෙකි. සොහොවුරා ගේ පුතුට උත්පත්තියෙන් ම හිමි වූවක් වැලැක්වු හෙයිනි. පළඹු වැනි සේන රාජයා ගෙන් පසු රාජ්යයය හිමියන් විය යුත්තන් වශයනේ උහු ගේ බාල සොහොවුරන් වූ උදය කුමාරයා ද, කාශ්ය්ප කුමාරයා ද පිළිවෙලින් ආදිපාද තනතුරු දැරූ 2. ඒ පූර්ව චරිතානුකූලව ම ය. (3) දප්පුල රාජයා ගේ සොහොවුරු වූ දප්පුල (4) දප්පුලා කුමාරයා ද 3. (4) දප්පුල රජු ගේ බෑන වූ උදය (3) උදය කුමාරයා ද 4. මෙසේ ම රාජ්යයයට හිමියන් වශයෙන් ආදිපාද ධුරය ඉසුලු. රාජ්යවයෙහි අභිෂේකය ලද පදු ආදිපාද නාමය නැති වේ. රාජ්යයපාල‍නයෙහි නියුක්ත වූව ද අභීෂේකය නො ලද හොත් ආදිපාදයා ම‍ වේ. මෙසේ (1) මහින්ද තෙම අභිෂේකය නො ලබා ආදිපාද ව ම සිට රට පාලනය කෙළේය 5. පූර්ව චරිතයේ නියමයේ හැටියට රාජයා ගේ වැඩිමහල් පුත්රපයා රාජ්යේය‍ට හිමියා ය. උහු අනුව බාල සොහොවුරෝ රාජ්ය යට හිමියෝ ය. ඔවුන ගෙන් පසු වැඩි මහල් සොහොවුර‍ා ගේ පුත්ර යෝ ද ඉන් පසු බාල සොහොවුරා ගේ පුත්රවයෝදැයි යන පිළිවෙලට රජ බවට හිමියෝ ඇතිවෙත්. ඌ ආදිපාද බව ලැබීමට සුදුස්සෝ ද වෙත්. මේ සිරිතට ඉඳුරා වෙනස් වූ උරුමයෙක් මහා වංශකාරයන ගේ පුවතකින් එලිදරව් වේ. (6) අක්බෝ රජු ගේ සොහොවුරියක ගේ පුත් වූ දප්පුල කුමරා ආදිපාද නමින් ප්රරකට වී 6. උහු ගේ සොහොවුරියක ගේ පුත්රවයෝ දෙදෙනෙක් ම ආදිපාද නමින් රුහුණේ වුසු 7. සාමාන්යියෙන් ප්රපකට ව පවත්වා චාරිත්රිය අනුව දප්පුලයනට රාජ්ය යෙහි හිමි බවක් දක්වා ඉදිරිපත් වන්නට අවකාශයක් නොමැති. එසේ වුවද දප්පුල තෙමේ රාජ්යයයට හිමියා යැ’යි තරයේ අදහස් කෙරේ. උහු ගේ බෑනනු දෙදෙන ද උහුගෙන් පසු රාජ්යායට හිමියෝ යැ’යි ආදිපාද නමින් ඉදිරිපත් වූ. ඒ වනාහි වඩාත් පැරැනි වූ




1. ම:ව: XLIX, 34 2. ම:ව: L, 8 – 25 3. ම:ව: LIII, 1 4. ම:ව: LIII, 4 5. ම:ව: XLVIII, 31 6. ම:ව: XLVIII, 90, 93 7. ම:ව: XLVIII, 116







(84)

සොහොවුරියනට ඇති විශේෂ හිමි බවක් ප්ර කාශ කෙරෙන තැනෙකි. ආදිපාදයන් අතුරෙහි ප්ර ධාන තෙමේ මහාදිපාද වේ. මෙසේ (1) සේන රජු ගේ තුන් සොහොවුරන ගෙන් වැඩි මහලු මහින්ද තෙම මහාදිපාද නමින් දන්නා ලදී 1. බාල වූ උදය ය කාශ්යවපය යන කුමරුවෝ ආදිපාදියේ වූ. මහාදිපාද තෙමේ ම යුවරාජයා ‍ද වේ. යුවරාජයා නම් මහාරාජයා ගේ අභාවයෙන් පසු රජ බවට පත්වන්ට නියම වූ තැනැත්තේ වේ. මහා රජායා ගේ බාල සොහොවුරුන් නැති තැන වැඩිමහලු පුත්ර යා යුවරාජයා වේ. මේ යුවරාජයාත් මහා ආදිපාදයාත් එකෙක් ම ය. (1) සේන රජු ගේ බාල සොහොවුරන් තිදෙන ගෙන් වැඩිමහලු මහින්ද කුමරුන් යුවරාජ පදෙවිය ලත් බව මහාවංශකාර ධර්ම කීර්තිපාදයෝ කිහ 2. නැවත ඒ තෙමේ මහාදිපාද නමින් ඒ හිමියෝ ම දකිති 3. මහා ආදිපාදයාත් යුවරාජයාත් එකකු ම බව මෙයින් පැහැදිලි ව පෙනේ. යුව රජ තෙමේ මහා රාජයා ගේ කාලයේ දී දක්ෂිණ දේශාධිපතියා ය. එසේ වුවත් උහුගේ වාසය දක්ෂිණ දේශයෙහි ම නො වේ. අග නුවර වූ අනුරාධ පුරයෙහි ම උහු ගේ වාසය වුවත් දක්ෂිණ දේශයේ භාරකාරයා වශයෙන් හෙතෙම ප්රුකට ය. එය උහුට හිමි වූ ප්රේදේශය හෙයින. මේ බව දක්ෂිණ දේශය භාරකාරයා වූ යුවරාජ මහින්දයන් මහ රජු ‍ගේ මාලිගයේ ස්ත්රීභ ගබඩා වේ වරදකට බැඳි ඒ බව ප්රවකාශ වූ විට මලය දේශයට පලා යෑමෙන් පැහැදිලි වේ 4. යුවරාජයා දක්ෂිණ දේශයේ විසී නම් මේ වරද නො විය හැක. එසේ වුවත් යුව රාජයන් දක්ෂිණ දේශාධිපතියන් බව නිසැකයෙන් ම කිව හැකි කාරණයෙකි 5. යුව රාජ මාන තෙමේ ද මෙ බඳු වූ ම (රජුගේ බිසෝ ගබඩාවේ) වරදකට හසු ව ඇමතියන් විසින් නසන ලදී‍ 6. යුව රාජයා ගේ දේශය වූ දක්ෂිණ දේශය මහාදිපාද රට නමින් ප්රනකට ව අද දු පවතී. එයින් මහාදි




1. ම: ව: L, 10 2. ම: ව: L, 6 3. ම: ව: L, 10 4. ම: ව: LI, 8 5. ම: ව: XLII, 6, XLV, 25, L, 44, 49 6. ම: ව: XLIV, 123










(85)

පාදයාත් 1. යුව රාජයාත් එක ම පුද්ගලයකු බව පැහැදිලි වේ. (2) උදය රජ සිය සොහොවුරු කාශ්ය ප කුමාරයා හට මහාදිපාද පදෙවිය පැවිරී 2. ඒ අනුව හෙතෙම (2) උදය රජු ගෙන් පසු (2 කාශ්යපප නමින්) රජ වී 3. රාජ්යදයට හිමි අන්ය යකු නො දක්නා (1) අග්ර බෝධි රජ ස්වකීය බෑන වූ කුමාරයකු මහා ආදිපාද පදෙවියට පත් කෙළේ ය 4. ඒ අනුව හෙතෙම (1) අග්රවබෝධි රජගෙන් පසු රජ තන්පත් වී 5. (1) දාඨෝපතිස්ස රජුට ද ස්වකීය බෑන වූ රතනදාඨ නම් මහා ආදිපාදයෙක් සිටියේ ය 6. එසේ වුවත් (1) දාඨෝපතිස්ස රජු ගෙන් පසු යුවරාජ කාශ්ය ප (2 කාශ්යLප) තෙමේ රජ වී. ඒ කවර හෙයින් ද? (1) දාඨෝපතිස්ස රජ (3) අග්රකබෝධි රජු පලවා හැර එකාවැල ද නැතිව රට පාලනය කළ තැනැත්තෙකි. නියතයෙන් රට හිමිවූ තැනැත්තේ නම් (3) අග්රනබෝධි රාජයා යත එහෙයින් (1) දාඨෝපතිස්ස රජු ගේ මහා ආදිපාදයනට රාජ්යතයෙහි උරුමයෙක් නැති. ඒ අනුව නියම රාජයා ගේ සොහොවුරු වූ කාශ්යරප යුවරාජ තෙම රජ බව ලදි 7. මේ නයින් බලන රාජ්ය යට හිමි බව ඇති කුමාරයා යුවරාජයා බවත් ඒ යුවරාජ පදෙවිය ලබන තැනැත්තා ආදිපාදයකු බවත් එහෙයින් උහු ම මහා ආදිපාදයා බවත් පෙනීයේ.



1. ම:ව: L, 6 සහ 10 නිලධාරීන් ගේ හෝ නිලයන ගේ නාමයන් සඳහන් කරන නිකාය සංග්රදහකාරයෝ අධිකාර, සෙනෙවිරත්, ඈපා, මාපා, මහලෑන ඈ විසින් (නි:ස: 18 පිට) දක්වත්. සද්ධර්ම රත්නාකරකාර ධර්මදින්නාචාර්ය විමලකීර්ති පාදයෝ ද එසේ ම දක්වත්. (ස: ර: 290 පිට). මේ පිළිවෙළින් මාපා පදෙවිය ඈපා පදෙවියට පහත් යැ’යි නිගමනයකට බැස ගත හැක. එසේ වුවද ඒ නිලයෙන් උසස් පරිදි සලකා කරන ලද නාම මාලාවක් නොව පැවැසිමේ පිළිවෙළක් යැ’යි කිව හැක. එසේ නැතහොත් යුද්ධ කාර්යයයෙහි ඇති බලය සලකා සම්පාදිත සටහන් විය හැක. මාපා යනු “මහයා” යැ’යි ව්යඈවහාරයට පත් බව ඉතා පැහැදිලිව පෙනේ. “ප” වෙනුවට “ය” පැමිණීම සිංහලයෙහි දැන් අවිද්යවමානවුව ද ප්ර ධාන තැනැත්තා යන අදහස ගෙන ධීමෙහි මහයා යැ’යි යෙදීම සිය බසෙහි දක්නට ලැබේ. මේ “ඈපා මහයා සිරිවින්දා” අයිපය මහපය සිරිවින්ද ඈ සෙල් ලිපි පාඨයන ගෙන් ස්ථිර වේ. (E, Z, I 25, 91, 221, 234) මහයා ගේ පෙදෙස වූ දක්ෂිණ දේශය මායා රට නමින් ප්ර කට වීමෙන් ද මේ පැහැදිලි වේ. 2. ම: ව: LI, 91 3. ම: ව: LII, 1 4. ම: ව: XLII, 38 5. ම: ව: XLII, 40 6. ම: ව: XLIV, 136 7. ම: ව: XLV, 1








(86)

උප රාජයෝ යුව රාජයන ගෙන් අන්යLයහ. යුව රාජ පදෙවිය උත්පත්තියෙන් ම රාජ්යජය හිමියා හට උරුම වූවෙකි. එසේ වුවත් උප රාජ පදෙවිය මහා රාජ පදෙවිය හෝ අග්රය මහේෂි පදෙවිය මෙන් අභීෂේක ප්රෙදානය සහිත ව ලැබිය යුත්තෙකි. උපරාජ යුවරාජ යනු එක ම අර්ථය ගෙන දෙන නාමයන් සේ සැලකීම සාවධ්ය් වේ. මේ වරදවා ව්යථවහාර කිරීම නිසා සිදුවිය හැකි මුළාව අති මහත් යත උපරාජ යනු වෙනුවට යුවරාජ කියා ද යුවරාජ යන්න වෙනුවට උපරාජ කියා ද සඳහන් වුවහොත් එයින් මහා අවුලෙක් සිදු වේ. මහා වංශකාර ධර්මකීර්තිපා යෝ “කණිඨං භාතරං මාණං - ඕපරාජේ ‘භිසිඤ්චි ය” 1. “.......... ඕපරජ්ජේ කුමාරඤ්ච - අභිසිඤ්චිත්ථ භූපති” 2. “.......... ඕපරජ්ජේ ‘හිසිඤ්චිත්ථ - මහින්දං පුත්ත මත්තනෝ” 3. “.......... ඕපරජ්ජේ ‘හිසේචයි 4. “.......... ඕපරජ්ජේ ‘භිසිඤ්චිත්වා ........5ග යි උපරාජ පදෙවියට අභීෂෞකයක් දැක්වූහ. උත්පත්තියෙන් රාජ්ය යට හිමි බව ඇත්තහුට අත්වන යුවරාජ පදෙවියට කිසි විටෙකත් මෙබඳු අභිෂේකයක් දෙන දෙන බවක් ධර්මකීර්ති හිමියෝ නො කියති. ඒ වනාහි සාමාන්ය. නිලයක් පවරන ලද්දෙකි. නැතහොත් නිලයකට පත් වන සේ වූ පත්වීමෙකි. එහෙයින් “යුවරාජ වී” “යුවරාජ පදෙවියෙහි පිහිටැ වී.” “යුවරාජ පදෙවිය දිනි” ඈ විසින් ඒ පැවැසේ. මෙසේ :- “අදාසි යුවරාත්තං - ජෙට්ඨ පුත්තස්ස අත්තනෝ” 6........ දප්පුලස්සාදි පාදස්ස - යුවරාජ පදං අදා 7........ උදයස්සාදි පාදස්ස යුවරාජ පදං අදා 8. “මහින්දස්සාදිපාදස්ස - යුවරාජ පදං අදා” 9......... ඨපතේවා යුවරාජත්තේ - දේසඤ්චාදාසිදක්ඡිණං” 12 යි. “යුවරජ වී. “යුවරාජත්වයෙහි පිහිට්වා දකුණු දෙසද දිනි” ඈ විසින් ඒ පැවැ සේ. අභිෂේකය ගැන නො සඳහන් කොට උපරාජ පදෙවි පැවැරු අයුරු දැක්වෙන තැන් කිහිපයෙක් මහාවංශයෙහි දක්නට ඇත්. ඒ වනාහි සාමාන්යන ප්රකවෘත්තිය තේරුමි ගත් පසු ලුහුඬි.න් පැවැසි තැනි විය යුතු 5. ඉනිඳු එක් තැනක් යුවරාජයාත් උපරාජයාත් එකම තැනැත්තකු නො වන බවට කදිම නිදසුනෙකි. එතන්හි




1. ම: ව: XLIV, 84 2. ම: ව: XLVII, 42 3. ම: ව: XLVIII, 69 4. ම: ව: LI, 7 5. ම: ව: LI, 12 6. ම: ව: XLIX, 3 7. ම: ව: LII, 42 8. ම: ව: LIII, 4 9. ම: ව: LIV, 1 10. ම: ව: LIV, 58 11. ම: ව: LIII, 28 12. ම: ව: XLV, 23







(87)

“මාතුලං උපරාජව්හේ - භාතරං යුවරාකේ, භාගිනෙය්යIඤ්ච මලය රාජඨානේ ඨපේසිසෝ” (හේ මයිල්හු උපරජයෙහිදු බෑයා යුවරජයෙහි දු බෑනා මලය රජ තන්හිදු පිහිටැ වී) යි පැවැ සේ 1. උපරාජ බව හා යුවරජ බවත් එකක් ම නො වන පරිදි මින් පැහැදිලි වේත උපරාජ පදෙවියට අභිෂේක.යක් වුවමනා ය. මේ යුවරාජ පදෙවියට අභිෂේකයක් වුවමනා ය. මේ යුවරාජ පදෙවිය විෂයෙහි කිසි තැනෙකින් නො දක්නා ලැබේ. කවර රාජයකු ගේ කාලයෙක්හිත් යුවරාජයතු සිටි බව දැනගත හැක. රාජ්යමහිමියා යුවරාජයා ම ය. එසේ වුවත් උපරාජයෝ සියලු රාජයන ගේ ම කාලයන්හි නිවු ම සමහර මහා රාජයෝ උපරාජයන් පත් කළහ. සමහර රාජයෝ උප රජුන් පත් කළහ. එ හෙයින් උප රාජ පදෙවිය පමණක් ලැබුවන් ගේ ගණන අධික නො ‍වී. උපරාජ පදෙවියෙන් රාජ්යණයට හිමි බවෙක් ද ප්ර කාශ නො වේ. එහෙත් මහා රාජයා හට පමණක් දෙවැනි වූ පාලන බලයක් උහුට පැවැති බව ප්රතකාශ වේත එහෙයින් රාජ්ය යට හිමි බවක් නැතත් උපරාජ පදෙවිය .යුවරාජ පදෙවියට වඩා තාවකාලික වශයෙන් උසස් වේ. මේ නිසා බොහෝ යුවරාජයෝ ද උපරාජ පදෙවියත් ලැබූ. එසේ උපරාජ පදෙවියට පත් වීමෙන් කාලින පාලන බලය මුත් රාජ්යියට හිමිබවෙක් ප්රසකාශ වීයැ’යි නො කියා හැක. මතු රාජ්යනය හිමි වන බව ප්ර්කාශ වූයේ යුවරාජ පදෙවියෙනි. (3) අග්රැබෝධි රජතෙම තමා ගෙන් පසු රාජ්යහය හිමි කුමරුව සිටි මාන නම් සිය සොහොවුරු උපරාජ බව්හි අභිෂේක කැරැවී 2. එසේ වුවත් රාජ්යියට හිමි තැනැත්තා වශයනේ හේ යුවරාජ නමින් ද ඇඳින්විණි 3. මාන කුමාරයා‍ ගේ මරණයෙන් පසු ඒ ළඟට රාජ්යහයට හිමියා වූ කාශ්යධප කුමාරයන් (3) අග්රනබෝධි රජ තෙම උප රජ බව්හි අභිෂේක කැරැ වී 4. එසේ වුව ද


1. ම: ව: XLI, 93. XLII, 6. XLVIII, 32

2. කණ්ඨං හාතරං මාණං 3. අමච්චා තස්ස මාරේසුං

 	ඕපර්ජ්ජේ’භිසිඤ්චිය 	මාණව්හං යුවරාජකං 

තස්සාදා දක්ඡිණං දේසං අන්තේ පුරෝ පරජ්ඣිත්වා සයොග්ග බලවාහණං දත්වාපි සමමෙත්ති කං (ම: ව: XLIV, 84) (ම: ව: XLIV, 123)


4. තතෝ කස්සප නාමං සෝ කණිඨං සක භාතරං පාලෙන්තෝ සන්තතිං රාජා ඕපරජ්ජේ’භිසේවයි. (ම: ව: XLIV, 124)






(88)

හෙ‍තෙමේත් රාජ්යම හිමියා වශයෙන් යුවරාජ නමින් ම දන්නා ලදී 1. මෙසේ ම මහේන්ද්ර‍ කුමාර තෙමේ සිය පිය වූ (7) අග්රිබෝධි රජු ගේ උපරාජයා වී 2. හෙද රාජ්යද හිමියා හෙයින් යුවරාජ නමින් ම ප්ර්කට වී 3. (2) මහේන්ද්රමයන ගේ පුත්රර යෙක් ද මෙසේ ම දෙපදෙවියක් දැරී 4. මේ කාරණයන් ගැන සලකා බලන කල්හි බෙහෙවින් ම උපරාජ පදෙවියෙහි අභිෂේක ලබන්නන් යුවරාජයන් ම වන බව පෙනියේ. එ හෙයින් උපරාජයෝ මහාරාජයා ගෙන් පසු මහාරාජයෝ වූ. ඒ උපරාජ පදවියෙහි බලයෙන් නොව යුවරාජයකු වශයෙන් ඇති වූ උරුමයේ බලයෙනි. යුවරාජයන් මුත් අන්යෙයන් උපරාජ පදෙවියට පත් වූ වාර ඉතා ස්වල්පයෙකි. (1) අග්රනබෝධි රජ තෙම සිය මව ගේ සොහොවුරකු උපරාජ පදෙවියට පත් කෙළේය. රාජ්ය්යට හිමි යුව රාජයා උහු ‍ගේ සොහොවුරා ම වි 5. දෙවැනි සේන රජ තෙම සිය සොහොවුරු වූ මහේන්ද්රට කුමාරයා අප රජ බැවෙහි අභිෂේක කැරැ වී 6. එකල්හි යුවරාජයා ඔහු ම වී 7. මහේන්ද්ර කුමරයා බිසෝ ගබඩාවේ වරදකට මලය දේශයට පළාගිය කල්හි (2) සේන රජ තෙම ස්වකීය පුත්රේයා වූ කාශ්යයප කුමාරයා හට එ ම උප රාජ පදෙවිය පැවැරී. ස්වකීය පුත්ර‍යා හට රාජ්යේය හිමි කිරීමට (2) සේන රජු අදහස් කළ බවක් මින් නො පෙ‍නේ. මහේන්ද්රඩ කුමාරයා ගේ උපරාජ පදෙවිය කාශ්යාප කුමාරයා හට පවරන ලද්දේ වුව ද යුවරාජයා නම් නම් මහේන්ද්රය තෙමේ ම වී. රජු ගේ මරණින් පසු රට හිමි වූයේ උහු මලණුවන් වූ උදය කුමාරයා හට ය. එයින් (2) සේන රජු ගේ පුත් කාශ්යිප කුමරුන් උප රාජ වුව ද යුවරජ බව හිමි වූ උදය තෙමේ ම රජ තන් පත් වූ බව පැහැදිලි පෙ‍නේ 8. මේ සියලු ම කාරණයන් කැටි කොට සලකා බලන කල්හි යුවරාජයා නිත්යා්නුකූලව රාජ්යියට හිමියා බව පෙනීයේ. උපරාජයා ගනම් මහා රාජයා හට සහකාරයකු වශයෙන් රට පාලනයෙහි හා සම්පත් විඳීමෙහි යෙදි වසන්නෙකි. තමහට සහකාරයකු වශයෙන් උපරාජයකු



1. අග්ගබෝධිම්හි සම්පත්තේ රජ්ජං යුද්ධ බලේ නව කස්සපෝ යුවරාජායෝ සේනං රක්ඛිතු මත්තනෝ (ම: ව: XLIV, 137)

2. ම: ව: XLVIII, 69 3. ම: ව: XLVII, 75 4. ම: ව: XLVIII, 158 5. ම: ව: XLII, 5 6. ම: ව: EI, 7 7. ම: ව: LI, 13 8. ම: ව: LI, 63






(89)

පත් කොට ගැනීම හෝ එසේ නො පත් කොට ගැනීම හෝ මහා රාජයා ගේ අභිමතය පරිද්දෙන් වේ. යුවරාජයකු විෂයෙහි නො එසේ වේ. මහා රාජයා ගෙන් පසු ව රජ බව් ලබන්නා යුවරාජයා ම ය.

මේ යුවරාජ පදෙවිය පූර්ව චරිතානුකූලව පැමිණෙන්නෙකි. පිළිවෙල නොසිඳ ඒ පැමිණියේ නම් නීත්යාානුකූල ය. එකල්හි ඒ ක්රවමාගත 1. පදෙවියෙකි. ක්රතමාගත නො වි නම් පූර්ව චරිතය බිඳීමෙකි. එකල්හි රාජ්යියේ කැලැඹීම් හට ගැනීම ද අලුත් රාජ පරම්පරාවෙන් පැන නැඟී ම ද වේ. ප්රැකටවත් බලතරවත් බැවැති කුමය නම් පිය පක්ෂයේ උරුමය වී. වඩා පැරැනි වූ මවු පක්ෂයේ විශේෂ හිමි කම් මෙවකට යටපත්ව පැවැති බව පෙනේ. එ හෙයින් රාජයා ගෙන් පසු උහු ගේ මල්හු පිළිවෙලින් රාජ්ය යට උරුම ඇත්තෝ වෙත්. ඔවුන ගේ අවසානය වූ විට වැඩිමහලු සොහොවුරා ගේ දරුවන ගෙන් දෙවැනි පරම්පරාව ඇරැඹේ. ඔවුනට ඉක්බිතිව දෙවැනි සොහොවුරා ගේ දරුවෝ ඉදිරිපත් විය යුත්තා හ. මේ වනාහි ප්රිකට ක්ර මය වේ. මෙසේ :-

(5) අග්ර බෝධි (3) කාශ්යපප (1) මහේන්ද්රි යන සොහොවුරෝ පිළිවෙලින් රජ රට රාජයෝ වූ. සියල්ලන ‍ගෙන් බාල වූ (1) මහේන්ද්ර් රාජයා ‍ගේ අභාවයෙන් පසු රාජ්යිය හිමි විය යුත්තේ වැඩිමහලු වූ (5) අග්රාබෝධි රාජයා ගේ දරුවනට ය. එසේ වුවද සමවංශයයෙහි මෙහෙසියක ගෙන් උපන් රාජ්යධයට හිමි පුත්රයයෝ (5) අග්රසබෝධි රාජයා හට නුවු. එ හෙයින් ඒ ළඟට වැඩිමහල් (3) කාශ්යසප රජු ගේ පුත්රගයා වූ (6) අගුබෝධි තෙමේ රජ වී. (6) අග්ර‍බෝධි රජ හට සොහොවුරු කුමරුවෝ නුවු. එ හෙයින් ප්රඟථම පරම්පරාවේ බාලයා වූ (1) මහේන්ද්ර රජු ගේ පුත්ර (7) අග්රනබෝධි තෙමේ රජ වී 2. මෙයින් පූර්ව චරිතානුගත හෝ ක්රුමාගත රජ බව හොඳින් පැහැදිලි වේ. මෙසේ ම :-

(2) සේන රජ හට මළණුවෝ තිදෙනෙක් වූ. ඔවුන ගෙන් දෙටු මහේන්ද්ර) තෙමේ යුවරාජ වී 3. සෙස්සෝ ආදිප‍දයෝ වූ. මහේන්ද්රර තෙම (2) සේන රජුට ප්ර‍ථමයෙන් මෙළේය.



1. “කමාගතං” ක්රවමානුගත රාජ්යිය යැ’යි මහා වංශකාරයෝ කියති ම:ව: LIV, 1 2. ම:ව: XLVII, 2, 20, 42, 68 3. ම:ව: LI, 13






(90)

ඒ නිසා උහු ළඟට වැඩිමහල් සොහොවුරු වූ (2) උදය තෙමේ රාජ්යෝය හිමියා වී 1. (2) උදය රජුගෙන් පසු බාල මළණු වූ (4) කාශ්යයප තෙමේ රජ වී 2. උහු ගේ අභාවයෙන් පසු දෙවැනි පරමුපරාව (2) සේන රජු ගේ දරුවන ගෙන් ඇරැඹිණි. පිළිවෙළින් දෙවැනි සේන රජු ගේ (5) කාශ්යුප (3) දප්පුල (4) දප්පුල යන පුත්රධයෝ රජ බව ලදහ. ඔවුන ගෙන් පසු ඔවුන් පියා ගේ ප්ර ථම සොහොවුරු මහින්ද යුව රාජයා ගේ (3) උදය (3) සේන (4) උදය යන පුත්රරයෝ රාජ්ය ය පාලනය කළහ. ඉන්පසු රාජ්යදය හිමි දෙවැනි උදය රජු ගේ දරුවනට ය. උහු ට දරුවෝ නුවු. එ හෙයින් සිව්වැනි කාශ්ය ප රජු ගේ දරුවනට රජ බව අත්විය යුතු. උහුට ද රජ බවට සුදුසු දරුවෝ නුවු. එයින් පසු තවෙැනි පරමිපරාව අරැඹිණි. වැඩිමහලු වූ දෙවැනි සේන රජු ගේ වැඩිමහලු පුත්රඑයා වූ පස්වැනි කාශ්යැප රජුට පුත්රහ වූ (4) සේන තෙමේ අනුරාධ පුරයෙහි රජ වී 3. ඒ ක්රූමාගත පූර්ව චරිත පරිපාටිය අනුවය 4. සිව් වැනි සේන රජුගෙන් පසු උහු මල් (4) මහේන්ද්රතයනට රාජ්යිය හිමි වී. (3) මහේන්ද්ර ය (8) අග්රරබෝධිය (2) දප්පුලය යන සහෝදරයෝ පූර්ව චරිතානුකූල ව කුමාගත රාජ පදෙවිය ලදහ. 5 ඔවුනගෙන් පසු රාජයය හිමිවිය යුතු වැඩිමහගු සොහොවුරු රාජයා ‍ගේ පුත්රතයනට ය. ඒ නොතකා ස්වකීය පුත්රහයනට රාජ්ය(ය හිමිකර තබනු රිසි වූ (2) දප්පුල රජ තෙමේ තම වැඩිමහලු සොහොවුරා ගේ පුත්ර් මහේන්ද්රා කුමාරයා ආදිපාද තනතුරට නො පත් කෙළේය. මේ වනිහා පූර්ව චරිතය බිඳීමෙකි 6. එ හෙයින් මහේන්ද්රො කුමාර තෙමේ එයට විරුද්ධ ව ක්රිචයා කරනු සඳහා දේශයනේ උපකාර සෙවී.

සාමාන්‍යයෙන් රටේ බලවත් ව පැවැති කුමය මේ වුව ද වඩා පැරනි වූ සිරිතක් ද වරින් වර සිදු වූ කරුණු අනුව සලකා බලන කල්හි පෙනී යේ. සොහොවුරිය ගේ දරුවනට ඇය සොහොවුරාගෙන් ඇති විශේෂ හිමි කම් ආදියේ සිට ම ප්ර කාශව පැවැත්තේ ය. මව ගේ සොහොවුරු තෙමේ ඇයගේ දරුවනට ඇවැස්ස මයිලා යත සොහොවුරිය ගේ පුත්රගයෝ තුමු සොහොවුරාට ඇවැස්ස බෑනහු ය. මේ “ඇවැස්ස”


1. ම:ව: LI, 63, 90 2. ම:ව: LI, 91, LIII, 1 3. ම:ව: LIV, 1 4. “ලඬ්කාභිසේකං කාමාගත” 5. ම:ව: XLIX, 38, 43, 65 6. ම:ව: XLIX, 84









(91)

බව අන්යමයනට නැත්. සොහොවුරිය ගේ මේ විශේෂත්වය ඇය දරුවනට “භාගිනේය” න නාමය ව්ය8වහාර වීමෙන් ම පෙනේ. සොහොවුරා ගේ දරුවෝ පුත්ර් නාමයෙන් ම දක්නා ලදහ. එසේ ද වුවත් සොහොවුරිය ගේ පුත්ර්යෝ භාගිනේ ය යෝ වූ. මේ භාගිනේය යෝ විශේෂයෙන් උසස් තනතුරු ලද්දෝ ය.

ධාතුසේන රජු ගේ සොහොවුරිය ගේ පුත්රේයා රාජ දියැණියන් හා සේන‍ාපති තනතුරුත් ලදි 1. (2) දප්පුල රජ දේවා නම් සිය දැයැණියන් කීර්තිඅග්ර බෝදි රජ තෙම ස්වකීය බෑනා හට මලය රාජ පදෙවිය හා දාඨා නම් සිය දියැණියන් ද දිනි 3. පසුව ඒ බෑන තෙමේ මාහ ආදිපාද ව (2) අග්රයබෝධි නමින් රජ වී. 4. මවු පාර්ශ්ව‍ යේ උරුමයෙන් මෙසේ රජ බවට ඇති අයිතිවාසිකම් ඉදිරිපත් කිරීම මෙතන්හි පූර්ව චරිත බිඳීමක් නො වේ. (1) අග්රනබෝධි රජ තෙම ප්ර4ථහයෙන් ස්වකීය සහෝදරයකු යුවරාජ තනතුරෙහි පිහිටැ වි. අභාග්ය යකට දෝ ඒ යුවරජ මහරජුට පළමුව මෙළේ ය. එ හෙයින් සොහොවුරිය ගේ පුත්රගයාට වඩා අසල් අන්යර නෑයෙක් (1) අග්රරබෝධි රජහට නො වී. මේ මෙස් වුවද :-

ථූපාරාමාදිය බිඳි දෙවැනි කාශ්යබප රජුට බාල සොහොවුරකු නුවූවත් පුත්ර් යෝ සිටිය හ. ඔවුන ගෙන් මානක නම් වැඩිමහල් කුමර තෙමේ පියා ගේ ඇවෑමෙන් රාජ්යියට හිමියා ය. ස්වකීය පුත්ර යන් බාලවියෙහිසිටි හෙයින් (2) කාශ්යනප රජ තෙම රුහුණු දේශයේ සිටි තම සොහොවුරිය ගේ පුත්රර මාන කුමාරයා හට රාජ්ය‍යදු දරුවනුදු භාර කෙළේ ය. එසේ වුව ද මාන තෙමේ ස්වකීය පියා වූ දප්පුලයනට තමන් ලත් රජය පැවරී. මෙසේ (2) කාශ්ය ප රජු ගෙන් පසු උහු ගේ සොහොවුරිය ගේ හිමියා රාජ්යවයට හිමියා වී. එය මහත් වියවුල් රැසකට ඒත වී 5. මවු පක්ෂයෙන් ඇති උරුමය ඉදිරිපත් කිරීමෙහි දැඩිව ම ක්රියයා කළවුන් ගෙන් කාලවාපී ප්ර්දේශයේ වුසු දප්පුල ආදිපාද තෙම ප්රකධාන වේ. හෙතෙම සිලාමේඝ නම් (6) අග්රරබෝධි රජු ගේ සොහොවුරියක ගේ පුත්රරයෙකි. හෙතෙම (6) අග්රයබෝධි රජහට පුත්රරයකු වූ (2)



1. ම: ව: XXXVIII, 81 2. ම: ව: XLIX, 71 3. ම: ව: XLII, 6, 10 4. ම: ව: XLII, 33, 40 5. ම: ව: XLI, 5







(92)

මහේන්ද්රම රාජයාට රාජ්යෝයට ඇති උරුමය කිසිසේත් අනුමත නො කෙළේ ය. රාජ්යදය සඳහා තමහට පැවැති උරුමය වඩා බලතර යැ’යි තරව මහේන්ද්රක තෙම මයිල් රාජයා ගෙන් පසුව රාජ්යවලාඵය බලාපොරොත්තු වී. ඒ වැද ගියෙන් හෙතෙම තමන් සේ ම තමන්ගෙන් උරුමය බලාපොරොත්තු වූ සිය භාගිනේයයන් දෙදෙනෙකු ගේ ත් සාහාය්යනය ලැබ මහත් අරගලයක් ඇති කෙළේ ය. මෙසේ වරින් වර මවු උරුමය පිය උරුමයට බාධා පමුණුවාලීමෙහි ඉදිරිපත් වූ බව ද පෙනේ 3. එක් කාරණයක් විෂයෙහි නම් දප්පුල යන ගේ මතය සත්ය වේ. එනම් පැරැනි නියම ය අනු ව අග්ර්බෝධි රජු ගේ දියැණියන් කෙරෙහි උහුට පැවැති හිමි බව අන්ය යනට පැවැති හිමි බවට වඩා බලවත්ය යන මතයයි. ඒ බව (6) අග්රරබෝධි රජු ගේ පළමු භාගිනේය යකු වූ අග්ර බෝධි කුමාරයා ගේ ක්රිහයාවෙනුත් ප්රමකාශ වේ 2.

රජ රට නම් වූ උත්තර මහා සමබිම ළඟට ඉත‍රා වැදගත් ප්ර දේශයක් වශයනේ සලකන ලද්දේ දක්ෂිණ දේශය වේ. ප්රවති චීන පර්වත පඬ්ක්තියෙන් ඔබ්බෙහි සමුද්රද තීරය තෙක් මෙම ප්ර‍දේශය වේ. වඩා අපරාධීන ස්වභාවයෙක පැවැති රෝහණ ජනපදයටත් වඩා දක්ෂිණ දේශය ආඪ්යබ හෙයින් එය වැදගත් කොට සලකන ලදී. මේ දක්ෂිණ දේශය යුව රාජයා හට හිමි ප්ර්දේශය වී 3. එ හෙයින් එය යුවරාජ රට යන නාමයෙන් ප්රදකට ව පැවැත්තේ ය 4. යුවරාජයා බෙහෙවින් මහා ආදිපාද නමින් දැක්ම නිබද ව ම සිදුවූයෙන් යුවරාජ රට මහා ආදිපාද රට හෝ මාපා රට නමින් ප්රමකට වී. මාපා යන නාමය සිංහලයෙහි මහයා හෝ මායා යනු වෙනුදු ව්යමවහාර වේ. ඒ අනුව යුවරාජ රට මායා රට නමින් ව්යමවහාරයට පත් වී.

අප දන්නා ප්රයථම ආදිපාදයා වූ සිලාකාල රජු ගේ පුත්රු මුගලන් තෙමේ දක්ෂිණ දේශය නොලදී. එකල්හි දක්ෂිණ දේඹය දෙන ලද්දේ මලය රාජ ධූරය ලැබ සිටි දංෂ්ට්රාය ප්රලභූති තෙමේ යි. මේ කාලයේදී යුවරාජයා හට හෝ ආදිපාදයා හට දක්ෂිණ දේශය පවරා දීමේ සිරිත නො සම්මත ව පැවැත්



1. ම: ව: XLVII, 90, 98 2. ම: ව: XLIVIII, 58 3. ම: ව: XLII, 6, XLV, 23, L, 49, LI, 19, LII, 1 4. ම: ව: LXVII, 26, LXXIX, 60








(93)

තේ දෝ’යි මින් අනුමානයට සිතත හැක. නැත හොත් සිලාකාල රජ දංෂ්ට්රා ප්රIභූති කුමාරයා හට වැඩි ඇල්මෙකින් සිටින්ට ඇතැ’යි සලකත හැ. එසේ වුවත් වැඩිමහල් පුත්රයයාට රාජ්ය්ය අහිමි කිරීමේ අදහසක් රජු කෙරෙහි පැවැති බවකුත් පෙනෙන්ට නැත.

මලය රාජ පදෙවිය ද ප්ර්ථම වරට අසන්ට ලැබෙන්නේ සිලාකාලයන ගේ ප්ර වෘත්තිය ප්ර‍කාශ වන තන්හි ය. එ හෙයින් අප ද්නනා ප්ර්ථම මලය රාජයා සිලාකාල රජු ‍ගේ දංෂ්ට්රා ප්ර්භූති නම් දෙවැනි පුතුයා ය. මලය දේශයෙහි පාලනය උහු භාරයේ වී. මේ උසස් ධූරය රජු ගේ ඉතා ම අසල් නෑයන්ට ම හිමි වී 1. (5) කාශ්යාප රජු ‍ගේ සිද්ධාර්ථ නම් පුත්ර්යකු මෙම තනතුරට පත් ව එම ප්ර5දේශ පාලනය කෙරෙමින් සිට මළ බව සඳහන් වේ. (4) කාශ්යයප රජු ගේ සිද්ධාර්ථ නම් පුත්රදයකු මෙම තනතුරට පත් ව එම ප්රඳදේශ පාලනය කෙරෙමින් සිට මළ බව සඳහන් වේ. (4) අග්රපබෝධි රජු ගේ සමයේ දී බෝධි තිස්ස නම් මලය රාජයකු වු සු බව සඳහන් වතු දු මහා රාජයා හට උහු ගේ පැවැති නෑ බවක් කිසි තැනෙකත් දක්නට නැත් 2. (3) මුගලන් රජු තමහට උපකාරී වූ ද්රෝනහී සේනාපතියකුට මෙම නිලය පැවැරු බව සඳහන් වී මෙන් මෙය බොහෝ උසස් තනතුරක් බව ප්රපකාශ වේ 3. ඒ වනාහි රාජකීය ඥාති සම්බන්ධ කමක් නිසා නො ව කළ මනා මෙහෙයකට සැලැකීමක් වශයෙන් සලකා දෙන ලද ධූරයක් ය. (3) මුගලන් තෙමේ ද එක් කලෙක සේනා පතියෙක් ව විසී. අසිග්රාාහක ධූරයෙහි සිටි සංඝ තිස්ස යනට රජ බව අත්වීම පූර්ව චරිතයට නො එකඟ වන බව සැලැකූ හෙතෙම ඒ රජු නෙරපා හැර අලුත් රජ පෙලපතෙක ආදි කර්තෘවරයා වී 4. පොලොන්නරු කාලය වන විට දමිළයන ගේ ආශ්රතය අධික වීමෙන් මෙම මලය රාජ නාමය “මලයරායර” යනු වෙන් ප්රරකට වී.

පොලොන්නරු කාලයේ දී අනුරාධපුර පරිහානි කාලයට වඩා නානාප්රදකාර නිලධාරිහු වූ. අනුරාධ පුර පරිහානියෙන් පදු සේශ වැස්සන ගේ සම්මිශ්රනණය ද ප්රධභූත්වය ද බල තර වී. චන්ද්ර වංශි‍කයෝ යැ’යි සම්මත සොළී ජාතිකයෝ සිංහල රාජයෝ වූ. අනුරාධපුර පරිහානි කාලයේ දී දේශ වැස්සන ගේ ආශ්රසය හා මිශ්ර වීම බලවත් ව ආරම්භ වී. එයින් ම




1. අප දන්නා ප්ර.ථම මලය රාජයා සිලාකාළ රුජ ගේ දෙවැනි පුත්රය දඨාපභූති කුමරා ය. (ම:ව: XLI, 35) 2. ම:ව: LII, 68, 29 3. ම:ව: XLIV, 43, 53 4. ම:ව: XLIV, 2






(94)

මහා නගරයා ගේ පරිහානිය ද සිදුවිය. එසේ වුවත් දේශීහු තුමූ රාජයන් මෙන් ඉදිරිපත් නුවුවෝ ය. ඒ බව පොත්ථ කුට්ඨයා ගේ ක්රිහයා කලාපයෙන් පෙනේ 1. පොලොන්නරු කාලයේදී අධික ව සිටින මණ්ඩලිකයන් අනුරාධපුර පරිහානි කාලයේ ද වුසු බව පෙනේ 2. මණ්ඩලිකයෝ නම් එක් එක් ජනපදයෙක්හි කුඩා ප්රයදේශයන් පාලනයෙහි නියුක්ත වූවෝ වෙති. රට නමින් ප්රහකට වූ එක් ප්රාදේශයක් මණ්ඩල කීපයෙකින් යුක්ත වී. ඒ මණ්ඩලයන් පාලනය කළාහු මාණ්ඩලිකයෝ ය. එක් එක් භට හමුදාවක් භාරයේ සිටි ප්ර්ධාන නිලධාරීහු “නායක” යෝ වූ. (3) දෙටුතිස් රජු ගේ මයිල් සිරිනාග තෙමේ නායකයෙක් වී 3. වජ්රා ග්රෝ තෙමේ (2) උදය රජු සමයේ සිටි නායකයෙකි 4. රාක්ෂ (ඉලංග) 5. තෙමේ (4) කාශ්ය ප රජු ගේ භට සමූහයෙක නායකයෙකි 6. මුළු යුද්ධ සේනාවට ම නායක වූයේ සේනාපති තෙමේයි. මහා වංශකාරයෝ අනුරාධපුර පරිහානි කාලයේ සිටි සේනාපතීන් කීපදෙනෙකුදු දක්වත්. එසේ වුවත් ඔවුනගෙන් බොහෝ දෙනකු ගේ රජ පවුලට පැවැති ඥාති සම්බන්ධත්වය නො සඳහන් කෙරෙති. ඒ කෙසේ වුවත් රාජයා ගේ භාගිනේය යනට බොහෝ විට මේ සේනාපති ධූරය අත්වූ බව සිතීමට සැහෙන පමණ අවකාහ ඇත. ධාතු සේන රජ ස්වකීය බෑනා සේනාපති ධූරයට පත් කෙළේය 7. (2) මහින්ද රජ ස්වකීය පුත්රබ උදය කුමාරයා 8. සේනාපති පදෙවියට පත් කෙළේ ය. (2) මහින්ද තෙමේ ද අග්රුබෝධි රජු විසින් සේනාපති පදෙවියට පත් කරන ලද්දෙකි 9. මේ දෙදෙනගේ ම සේනාපති ධූරයනට පත්වීම වි‍ශේෂ දක්ෂ තාවය නිසා ම වූ බව පෙනේ. සෙසු සේනාපතීන් ගේ රජ පවුලට ඇති සම්බන්ධත්වය අපි නො දනිමු. මෙසේ (1) කාශයප රජු ගේ මිගාර සේනාපති 10. (1) මෞද්ගල්යා යන රජු ගේ උත්තර සේනාපති 11. (12) දප්පුල රජු ගේ වජ්රන සේනාපති 12. (1) සේන



1. ම:ව: XLVI, 39 – 40 2. ම:ව: XLVI, 31 3. ම:ව: XLIV, 10 4. ම:ව: LI, 105, 118

5. පුස්කොළ පොත්හි පෙනෙන පරිදි මුහු ගේ නාමය “රුක්ඛ” විය යුතු බව උගත් ගයිගරයෝ කියති. (මෙහි අන් තැනෙක ඇති මේ පිළිබඳ සටහන බලනු)

6. ම:ව: LII, 81 7. ම:ව: XXXVIII, 81 8. ම:ව: XLVIII, 154 9. ම:ව: XLVIII, 78 10. ම:ව: XXXIX, 6 11. ම:ව: XXXIX, 58 12. ම:ව: XLIX, 80





(95)

රජු ගේ බුද්ධ සේනාපති 1. (2) සේන රජු ගේ කුට්ඨක සේනාපති 2. (4) දප්පුල රජු ‍ගේ රාක්ෂස ඉලංග සේනාපති 3 (4) මහේන්ද්රක රජු ගේ සේන සේනාපති 3 යන මොවුනුදු රජ පවුලට නැ සම්බන්ධ කම් ඇත්තවුන් වූ බව සිතිය හැක. (4) කාශ්ය ප රජු ‍ගේ සේන ඉලංග සේනාපති යා රාජ වංශිකයකු බව පමණක් මහා වංශකාරයෝ කියති 5. (5) කාශ්යණප රාජයා ගේ පුත්රකයා හට සක්ක සේනාපති පදෙවියක් දෙන ලද බවත් උහු ගේ මරණින් පසු එම ධූරය මළ සක්ක සේනාපතියා ගේ පුත්ර යාට දෙන ලද බවත් මහා වංශකාරයෝ කියති 7. මේ නාමය සක් සෙනෙවි යනුවෙන් සිංහල සෙල් ලිපියෙක සඳහන් වේ 8. සක්ක සේනාපතියකු ගේ මෙහෙය කිමෙක්දැයි කීම අපහසු වේ. මීටත් වඩා තේරුම් ගැනීමට අපහසු වනුයේ ආන්ධ සේනාපති පදෙවිය යි 9. ආන්ද යනු සංස්කෘත භාෂිවේ ආන්ධ්ර යන්න වෙනුවට පාවිච’චි කරන ලද බවත් එ හෙයින් ආන්ධ සේනාපතියා නම් “ආන්ධ්ර් සේනාවට අධිපතියා ය” යනු සිතිය හැකි බවත් උගත් ගයිගරයෝ සිතති. මේ නිගමනය පිළිගැනීමට මෙන්ම නො පිළිගැනීමට ද සෑහෙන පමණ කරුණූ මේ තෙක් නො දක්මු.

රාජකීය යනට ලැබෙන තවත් උසස් පදෙවියක් නම් අසිග්රූහාක ධූරයයි. ඡත්රම ග්රාීහක ධූරය ද මෙයට සමාන වේ. මේ තනතුරු දෙකට ම පත්වන්නෝ රජු ‍ගේ ළඟ ම නෑයෝ ය. නැත හොත් උසස් රාජවංශිකයෝ ය. මහානාම රජු ගේ දියැණියන් සොත්ථිසේනයා .මරා ඇය ගේ සැමියා වූ ඡත්ර.ග්‍රාහකයා රජ බවට පත් කැරූ 10. එයින් ඡත්රගග්රාතහකයා රාජවංශිකයකු බව පෙනේ. (1) මුගලන් රජ තෙම සිලාකාල නම් අසිග්රායහක හට සිය සොහොවුරිය දිනි 11. හේ ලැමැනි වංශිකයෙකි 12. කේශ ධාතු ආරක්ෂකයා වශයෙන් ද මේ තෙම පත්කරන ලදී. එ හෙයින් ප්රයථම කේශධාතු නායකයා නම් සිලාකාල තෙමේයි. එම පදෙවිය පසු කලෙක ඉතා අසස් බවට පත් වී. (2) අග්ර බෝධි රජ සිය මෙහෙසිය ගේ සංඝතිස්ස නම් නැයතු අසිග්රා හක පදෙවියට



1. ම:ව: L, 82 2. ම:ව: LI, 88 3. ම:ව: LIII, 11 4. ම:ව: LIV, 18 5. ම:ව: LII, 16 6. ම:ව: LII, 52, 64, 72, 74 7. ම:ව: LII, 79 8. ම:ව: E Z II, 40 (බිලිබැව සෙල්ලිපිය) 9. ම:ව: XLI, 87 10. ම:ව: XXXVIII, 1. 3 11. ම:ව: XXXIX, 54, 55 12. රා:ව: 53 පිට






(96)

පත් කෙළේ ය 1. (2) අග්ර බෝධි රජු ගේ සේනාපති තැන ගේ විරුද්ධත්වය ඇති වුව ද හේ රජ බවට ද පත් වී. ඒ අසිග්රාබහක සංඝතිස්ස රජු ගේ ද්රෝගහී වූ සෙනෙවියා ගේ පුත්රවයා ද අසිග්රා හක පදෙවියකට පත් වී 2. හෙතෙමේ ද මුගලන් රුජ මරා සිලාමේඝවර්ණ නමින් රජ වී 3. තවත් විශේෂයෙන් සැලැකිය යුතු උසස් නිලයක් නම් මහා ලේඛක ධූරය වේ. එසේ වුව ද අනුරාධපුර පරිහානි කාලපරිච්ඡේදයට අයත් මහා ලේඛකයනගෙන් අපට දදක්වත හැක්කේ (4) කාශ්යිප රජු ගේ සේන නම් මහා ලේඛකයන් පමණෙකි 4. ද්වාර පාලකාදී 5. සාමාන්ය් නිල හැර විශේෂයෙන් සැලැකිය යුතු තනතුරු මහත් රාශියක් අපට විස්තර කළ හැක්කේ පොලොන්නරු පුර නැගීමේ කාල පරිච්ඡේදයෙහි ඇතුළත් කිරීමෙනි.

ජන සමාජය :- අනුරාධපුර පරිහානි කාලයේ බෙහෙවින් රජරට වැස්සෝ සිංහලයෝ වූ. එසේ වුවත් ශ්රීා සම‍ෘද්ධ කාලයේ පැමිණි ද්රතවිඩයෝ ද ක්ර මයෙන් අධික වෙම්න එහි වුසූ. ඔවුන ගේ ආශ්රමය ද ක්රයමයෙන් අධික වි. එ හෙයින් බොහෝ සිංහලයෝ දමිළයන් හා මිශ්රඑව ගතු. සිවුරු හැර ගිහි බවට පැමිණ තමන් උදෙසා සිය සැමියා නැසූ බිසෝවක මෙහෙසිය කොට ගෙන රජ වූ මහා නාම රාජයා ද දෙමළ ස්ත්රිනයක හා මිත්රයව සිටියේ ය 6. රාජයන ‍ගේ දෙ‍ෟර්වල්ය ය දත් දේශ වැස්සෝ වරින වර මෙහි පැමිණ ස්වකීය බලය දියුණු ව දක්වමින් රජ රට වාසය කළහ. කරල් සොරු ගේ කාලයේ පැමිණි ද්ර්විඩයෝ විසිහත් වසකට වැඩි කාලයක් මුළුල්ලේ රට පාලනය කළහ 7. ඒ කාලයේදී දමිළයෝ සිංහලයන් හා මිශ්රයව ගතු. එසේ මිශ්ර වූවෝ ද සිංහල බවට පත් වූ. ධාතුසේන රජු දමිළ රාජයන් පරාජිත කොට රජ රට අත්කෙළේ ය. එසේ වුවද රජ රට වුසු දමිළයෝ පෙරලා දේශයට නො ගියහ. (1) කාශ්යුප රාජයා පරාජය කරනු සඳහා (1) මුගලන් කුමරාද දේශයෙන් සේනාවන්



1. ම: ව: XLII, 42 2. ම: ව: XLIV, 43 3. ම: ව: XLIV, 64, 65 4. ම: ව: LII, 2, 33 නාලාරාමය ගොඩගැනීම මෙම සෙනෙවියා විසින් බව මහකලත්තෑව සෙල් ලිපියෙහි දැක්වේ. එහි “මහ ලෑ සෙන්” යැ’යි දැක් වේ 5. ධාතුසේන රජු ගේ කාලවාපී ගමනෙහි රිය පැදවූයේ මුගලන් රජුගෙන් මෙම නිලය ලැබී. 6. ම: ව: XXXVII, 1 7. ම: ව: XXXVII, 11, 34








(97)

ගෙනැ ආයේ ය 1. සිංහල රාජයන් දෙදෙනකු ගේ සටනක් වූ විට පරාජය වූ තැනැත්ත හු භටයන් ගෙනෙනු සඳහා දේශයට පලා යාම නියත වී. ඓස් ගොස් ගෙනෙනු ලබන සේනාව නට රිදි සේ රජ රට වැස්සන් පෙළීමට ද අවකාශ ද ඇති වී. එ හෙයින් දේශයනේ පැමිණි ද්රපවිඩ භටයෝ රජවාසින්ට වඩා බලවත්හු වූ. රාජයා පවා ඔවුන ගේ සහාය්යේ ය පිහිට කොට ගෙන වසන්නේ වී. මෙයින් මහා නගරයා ගේ පමණක් නොව මහා සම බූමියේ ද සිංහල බලය පිරිහෙන්ට වනි. ක්රයමයෙන් උත්තර දේශයේ දමිළයන ගේ බලය දියුණු වී. වරෙත සසර කලකිරී ගිය කාලංග රාජයා ද මෙහෙසිය ද ඇමැතියා ද මහණ වව පතා කඩමත්ත තරණය ‍කොට අනුරාධපුරයට පැමිණිය හ 2. ඔවුන් අනුව කලිඟු රට වැස්සන් ද මෙහි පැමිණි බව සිතිය හැක. අනුරාධ පුර රාජයා හට විරුද්ධ ව සටන් කිරීමට සිරිනාග තෙමේ දෙමල සේනාවන් කැටි ව මෙහි පැමිණියේ ය 3. මෙසේ ම (3) අක්බෝ රජු ද 4. දාඨෝපතිස්ස රජු ද 5. වාරයෙන් වාරයට දේශයෙන් දෙමළුවන් ගෙන්වා උන් උතුරු සම භූමියෙහි ආපරාධීන යන් කළ බව පෙනේ 6. මෙයින් රජ රට වාසි දමිළයන ගේ බලය කොපමණ වැඩි වී ද යත් ඔවුන් හට පෙර පැවැති බලය අඩු කොට ලීමෙහි උත්සාහ ගත් සිංහල රාජයාට විරුද්ධ ව සටන් කිරීමට පවා ඌ ඉදිරිපත් ව නායකයකු කැඳැ වූ 7. ඒ දත් හත්ථ දාඨ නම් කුමර තෙමේ තවත් මහා දමිළ මුලක් ගෙන මෙහි බටි 8. ඒ වර පැමිණි දමිළයෝ ද මෙහි ම වුසුම් ගතු. අනුරාදපුර රාජයා ඔවුනට වැඩි අවනත බවක් දක්වා සිටි නිසා රජ රට සිංහලයෝ දමිළයනට විරුද්ධ ව සිටීමෙහි නො සමත් වූ, එයින් බොහෝ දමිළයෝ ප්රිභූන් වශයෙන් ද රාජයා හට අනුශාසකයන් වශයෙන් ද රාජයා ගේ ආරක්ෂක යන් වශයෙන් ද විශාල ඉඩම් හිමියන් වශයෙන් ද මහා සම භූමියේ වාසය කළ හ. එහෙයින් බොහෝ සිංහලයෝ ඔවුන් හා මිශ්රා ව ගතු. ඔවුන ගේ සිරිත් හා ඇදැහීම් තමන්ගේ සිරිත් හා ඇදහීම් සමඟ මිශ්ර කොට ගතු. ඔවුන ගේ බස් තමන් ගේ බසට බෙහෙවින් මිශ්රහකොට ගතු. දමිළ මවුන ගේ හා සිංහල පියන ගේ ද දමිළ පියන ගේ හා සිංහල මවුන ගේ ද දරුවෝ



1. ම: ව: XXXIX, 20, 21 2. ම: ව: XLII, 44, 47 3. ම: ව: XLIV, 71 4. ම: ව: XLIV, 105, 5. ම: ව: XLIV, 125, 52 6. ම: ව: XLIV, 129, 125 – 134 7. ම: ව: XLV, 12, 13, 15 8. ම: ව: XLV, 18








(98)

සම සම සේ සිහල බස හා දෙමළුව මිශ්ර2 කොට ව්යිවහාර කළහ. රජ රට සිංහලයෝ වෙසෙස නො දක්නා තරමට දෙමළුවන ගේ ස් වභාවයට පත් හ. එසේ වුවත් සිංහලයන් හා මිශ්රම වූ දෙමළුවෝ සිංහල බව ම ප්රංකාහ කළහ. රජ රට රාජයා ගේ ආරක්ෂකයන් වශයෙන් ප්ර‍කට වූව ද ඌ තුමු සිංහල රාජයා හට කිසි සේත් ඇලුම් නො කළහ. දේශයෙන් සතුරුකමට සේනාවන් පැමිණි වහා ම සිංහලයන් මෙන් මෙහි පෙනී සිටි දෙම්ළුවෝ අමුත්තන ගේ පක්ෂය ගතු. සාමයෙන් මෙහි වසන තාක් සිංහලයන් මෙන් පමණක් නොව බෞද්ධයන් වශයෙන් ද ඌ මෙහි කටයුතු කළහ. මෙසේ සිංහල රාජයකු ‍හට අනුශාසකයකු වශයෙන් ඉදිරිපත් ව සිටි පොන්ථ කුට්ඨ යාද 1. සේනාපතියකු වශයෙන් සිටි පොත්ථ සාමයා ද 2. ප්ර්භූවරයකු වශයෙන් සිටි මහා කන්දයා ද 3. බෞද්ධ විහාර කරණයෙහි පවා යෙදි සිටිය හ. අන්තිමට පොත්ථ කුට්ඨ නම් දමිළයා කොතරම් බලවත් වී ද යතහොත් හෙතෙම පඹයන් බඳින්නා සේ සිංහල රාජයන් පත් කොට සිටුවා රිසි සේ රට පාලනයෙහි දු සමත් වී 4. මෙසේ දමිල සිංහලයන ගේ බලය අධිකවත් ම මාන වම්ම තෙමේ දෙවාරයෙක් හි ම දමිළ භටයන් මෙහි කැඳවා ගෙන ආවේ ය 5. සිංහල රාජයා හට විරුද්ධ ව මුත් මෙහි සිටි දමිළයනට විරුද්ධ ව ඌ තුමූ ක්රිනයා නො කළ හ. පොත්ථ කුට්ඨයා ප්රෙමුඛ දමිළයෝ ප්ර ථම වාරයෙහි මාන වර්මයන් කැඳවා ගෙන ආ දමිලයන් පෙරලා සිය රට යැවිමට පවා පොහොසත් වූ 6. දේශයෙන් පැමිනෙන දමිළ යන ගේ හැඟීම් මෙයින් පෙනේ. අඅනුරාධ පුරයෙහි සිංහල රාජයා හට විරුද්ධ ව ක්රිඟයා කිරීමත් මෙරට වාසින් ගේ ධනය පැහැර ගැනීමත් ඔවුන ගේ පරමාර්ථය වී. ඔවුන් කැඳවා ගෙන පැමිණි සිංහල රාජයෝ ද ඔවුන ගේ සාහසික ක්රිථයාවන් මැඬැලීමෙහි ධෛර්යවත් නුවු. කොතරම් උසස් ලෙස ඔවුන් තමන් ගැන සිතා සිටින්ට ඇත් ද යනු තේරුම් ගැනීමට කරුණු නොයෙක් වාරයන්හි දක්නා ලදී. වතාවෙක සිංහල රාජයා (2 මහේන්ද්රම) පිළුනට වාහන වශයෙන ගවයන් ප්රලදානය කෙළෙ ය. දූගී පිළු දමිළයෝ අශ්වයන් විනා ගවයන් ලැබිමට නො කැමැති වූ. ඒ හෙයින්



1. ම:ව: XLVI, 19 2. ම:ව: XLVI, 22 3. ම:ව: XLVI, 23 4. ම:ව: XLVI, 39, 44 5. ම:ව: XLVII, 35, 36, 53, 58









(99)

සිංහල රජ තෙමේ සිංහල පිළුනට ගවයනුදු දමිළ පිළුනට අශවයනුදු ප්රෝදානය කෙළේ ය 1. මෙසේ දමිළ යන ගේ උදාර බවත් බලයත් ගණනත් වැඩිවත් ම රජ රට සිංහල යන ගේ ඒ සියල්ල පිරිහෙන්ට වනි. ජන සමූහයා ගේ සමගිය ද අඩු වී. ඒ වත් ම දමිළ යන ගේ බලය වඩ වඩා මහත් වී. වරෙක සිංහල රාජයා මහා නගරයෙන් පලවා හැර නගරයේ ධනය ද විහාරාමයනුදු කොල්ලකා නැවත සිංහල රාජයා ගෙන්වා උහුගෙන් තවත් ධනය ලබා ගෙන උහු රාජ්යතයෙහි පිහිටුවා යාමට පවා සොළි රාජයා පොහොසත් වී 2. සමහර විටෙක දේශයෙහි සටන් සඳහා සිංහල භටයෝ ද ගියහ. එසේ වුව ද ඒ වූයේ දේශයෙහි දෙ රටෙක රජුන් සටන් කොට ගන්නා විට ඉන් එක් රජකු හට උපකාර වශයෙනි 3. එ හෙයින් එබඳු අවස්ථායන්හි මෙහි සිටි දමිළ භටයන් ද ගිය බව විශ්වාස කළ හැක. පිට රටින් භට සේනාවන් ගෙන්වීම පිට රට සටන් සඳහා භටයන් යැවීම යන ක්රිමයට දේශාශ්ර යෙන් ඇතිවූ තවත් විපාකයක් නම් දේශයෙහි වූ වසංගත රෝග බෝවීමයි. මෙසේ ගිය එක් එක් වතාවක් පාසා ම මෙහි වසංගත රෝග හට ගත් බව පෙනේ 4. මෙබඳු වසංගත රෝග බෝ වූ කල පිරිත් දෙස්වා පැන් ඉස්වා ලීමෙන් ඒ රෝගයන් දුරු කොට ලීමට සිංහල රාජයෝ උත්සාහ ගත්හ. මෙහි විසුම් ගත් දමිළයෝ ද බෞද්ධයන වශයෙන් පෙනී සිට ඒ සිරිත අනුගැමු. සමහර දමිළයෝ මෙහි සසුන් වැද මහණ ව ගෙන වුසු. මෙසේ දමිළ බලය වැඩිවත් ම සොළී ආදීන් ගේ මෙහි ගොඩ වැසීම අධික වී 5. ඔවුන ගෙන් සමහරෙක් මෙහි ම විසුම් ගතු. සමහරකේ ධනය පැහැර ගෙන පෙරලා සියරටට වනු. සිංහල රාජයා දමිළ බලයට අවනත ව විසි. උහු ගේ අල්ප වූත් පමාවෙක් නමුදු ඔවුන් විෂයෙහි වී නම් රජුට විරුද්ධ ව කැරැලි ගැසීමෙහි මඳ කුදු ඌ පමා නුවු 6. කේරළ කර්ණාට ආදි භට හමුදාවන් සිය ජනයන් මැඬලනු සඳහා සිංහල රාජයා විශාල ධනස් කන්ධයක් ගේ වියදමින් රඳවා ගෙන සිටියේ ය. ඒ භටයෝ තමනට අභිමත පරිදි කල් ගෙවූ. විහාරස්ථානයන් පවා සමහර විට ඔවුන ගේ ලැගුම් හල් වී 7. සිංහල රාජයා



1. ම: ව: XLVIII, 145 2. ම: ව: L, 12, 42 3. ම: ව: LI, 27, 48 4. ම: ව: LI, 79, 81, LII, 80, 81 5. ම: ව: LIII, 42, 46, LIV, 12 6. ම: ව: LIII, 9 7. XLIV, 135 (පොලොන්නරු සමයේ LXI, 56)








(100)

හට ඔවුන ගේ ඇති දයාව උහු ගෙන් ලැ‍බෙන ධනය පිට රඳා පැවැත්තේ ය. ධනය නැති වූ විට එ ම රාජයා ගේ අවසාන අවස්ථාවය වේ. (5) සේන රජු ගේ මව කාලිංග කුමරියක් වූ. නොහික්මුණු ඕතොමෝ සේනාපතියා ගේ සොහොවුරකු හා පෙම් බැඳ ගතු. මේ දත් (5) සේන රජ ඒ සෙනෙවි සොහොවුරු මරවාපී. ඉන් කිපී ගිය කලිඟු මෙහෙසිය සෙනෙවියා එක් කොට ගෙන සිය පුත් රජුට විරුද්ධ ව මහත් දමිළ සේනාවක් ගෙන්වා අනුදාරධපුරය ඔවුනට වාසභවනය කොට ලූ. තොමෝ පුත් රජු රුහුණු පලවා සෙනෙවියාත් කැඳවා ගෙන පොළොන්නරු වනු. ඉන්පසු උතුරු සම භූමිය සම්පූර්ණයෙන් දමිළ යන ගේ බල මණ්ඩලයක් වී. එහි වුසු සිංහලයෝ ද ඔවුන් අනු ගැමු. අන්තිමට කේරළ කර්ණාට ආදි දේශ භටයෝ මෙහි වූ අසරණ රාජයකු මිල සඳහා පෙළන්ට වූ. සිංහල ද්වීපල භටයෝ ද ඔවුන ගෙන් වෙනස් නුවු 1. මේ ආකාර වියවුල් හටගැන්නෙත් ම සොළී ජනයෝ සම්පූර්ණයෙන් ම උතුරු සම බිම නතු කොට ගත් හ 2. ඉන් බොහෝ දුරට සිංහලයෝ දමිළයන් හා මිශ්රබව ගත් හ.

ඇදැහීම් :- අනුරාධ පුර පරිහානි කාලයෙහි දු රජ රට සිංහලයෝ බෞද්ධයෝ වූ. බොහෝ දමිළයෝ ද බෞද්ධයන වශයෙන් කටයුතු කළහ. එයින් ඔවුන ගේ පළමු ඇදහීම් පිළිබඳ යම් යම් කරුණු දු බෞද්ධ ඇදැහීම් හා මිශ්රෝ වි. විශේෂයෙන් රෝග පීඩාදී අන්තරාය කර කරුණකට මූණ පාන්ට‍ සිදු වූ විට ශිෂ්ට සම්මත හෙයින් අමුතු ව පිළිගත් ප්රකතිපත්ති නො තකා පරම්පරා ගත පිළිවෙත් වශයෙන් තමහට අත් වූ ‍ඇදහීම් ක්ර මයෙන් පිහිට සෙවීම සිරිත වී. සිංහලයනට ද බෞද්ධ ශිෂ්ඨාචාරය දේශයෙන් අමුතු ව ලද්දෙකි. එ හෙයින් උයිත් පළමු ඇදැහීම් පෞද්ගලිකවත් අමුතු ව ලත් ශිෂ්ට සමාජ සිරිතැ යි සම්මත ඇදැහීම පොදු වශයෙන් අනුගමනය කළහ. ආදි සමයේ සිට පුරුදු වු යක් ඇදහීම් ඌ නො හළ හ. ඒ බෞද්ධ ඇදැහීමට පිටිපසින් තබා ඌ රැක ගත්හ. ප්ර කට සමාජයේ බෞද්ධ ඇදහිම් ක්රෞමය පිළිපදිමින් ලෙඩ දුක් ආදිය පැමිණි විට යකුන් පිදීම් කපුවන් ප්ර්ලය කැරැවීම්, බිලී පිදීම් ආදිය කළහ. දේශයෙන් පැමිණ බෞද්ධ


1. ම:ව: LV, 1, 12 2. ම:ව: LV, 14 – 32










(101)

වූවෝත් සම‍ාජයෙහි බෞද්ධ පිළිවෙත් අනු ගැමු. අන්තිම අවස්ථාවයේ දී යාග හේම සෙත් වැඩීම දෙවියන් යැදීම් ආදිය කලහ. මඳ කාලයෙකින් මේ සියලු ම ක්ර ම මිශ්රෙව ගති. එයින් සිහින් වලා රොදින් සඳ මුවහ වන සේ නියම බෞද්ධ ශිෂ්ඨාචාරය වැසි යන්ට පටන් ගති. සිංහල රාජයෝ ද කපුවන් ප්රනලය කැරැවීම් 1, දෙවියන් පිදීම් 2, ආදිය කළහ. ‍පොලොන්නරු කාලය වන විට බෞද්ධ ශිෂ්ටාචාරයැ’යි පැවැති යම් ශිෂ්ඨාචාරයෙක් වී නම් ඒ මිහිඳු මහ තෙරුන් වහන්සේ විසින් පිහිටුවා ලූ ශිෂ්ටාචාරයෙන් අනිකෙක් ම වී. එසේ වුවත් අනුරාධ පුර පරිහානි කාලයේ දී බෞද්ධ ශිෂ්ටාචාරය අන්ය් ඇදැහීම් හා අන්යා්ර්ථයෙන් මිශ්රරව නො ගොස් මීදුම් වලාවෙකින් ඔබ්බෙහි පෙනෙන කන්දක් සේ වෙනස්ව පැවැත්තේය. රට වැසියෝ එය අන්යෂ පිළිවෙත් හා මිශ්රන කොට නො ගෙන අන්යි වූ පිළිවෙත් හා වෙන් වෙන් වශයෙන් තබා රැකගෙන ඇදැ හූ. උගත් ජනයෝ බෞද්ධ ශිෂ්ටාචාරයෙහි අදහස දැන ඒ අනු ගැමූ. පරමාර්ථය නො දත්තන ගේ අද්භූත බල මහිමය පිළිබඳ විශ්වාසයන් නැති කීරීමට උත්සාහ කිරිම නිෂ්ඵල බව දත් උගත්හු ඒ පිණිස උත්සාහ නො දැරූ. ඒ පිණිස කළ යුතු එකම ක්රිියාව නම් රට වැසියන් උගතුන් කොටලීම බව අවබෝධ කළ බොහෝ රාජයෝ රයට සුදුසු උපක්රිම යොදා ලූ 3. සමහර විටෙක භික්ෂූන් වහන්සේත් වරදක් කළහ. ඒ නම් රටවාසී නූගත් ජනයන් ඇලුම් වඩවන අද්භූත බල මහිමයන් බුද්ධ ධර්මයෙහිත් ආරෝපණය කොට ප්රාලතිහාර්ය පානවුන්ගේ ප්රධතිපත්ති ශ්රාොවකයන් විෂයෙහි දු ඇතිවු සේ දැක්වීමයි. පරමාර්ථය මේයැ’යි දක්වන්නට ගිය හොත් උත්සාහය නිෂ්ඵල වේයැ’යි උන් වහන්සේ අධෛර්යවන්ට ඇතුවාට සැක නැති. මේ කරණ කොට ගෙන සෑහෙන කාලයක් ගතවත්ම බුද්ධ ධර්මය ඇදැහූ වෝ බුද්ධ ශාසනය දේවතාවන ගේ පාලනය පිට පවත්නා ආණ්ඩුවකට සමාන කොට ගතු 4. අද්භූත බල දැක්වී‍ම්, ප්රාාතිහාර්ය දැක්වීම්, එහි නොතකන්නට දඬුවම් පැමිණවීම්, ආදියෙන් යුක්ත ව



1. ම:ව: XXXIX, 22 2. රා: ර: 27 ම:ව: XLVIII, 148

3. එක් සිංහල රාජයෙක් ළමයිනට සංග්රනහ කෙරෙමින් දහම් ඉගැන්වී. 4. මෙ‍ම ආණ්ඩුවේ නීති ධර්මයන් පහළ කළ මුනිවරයා‍ණෝ බුදුරජාණන් වහන්සේ ය. මහා රාජයා නම් ශක්ර දේවේන්ද්රමයෝ ය. ලක්දිව භාරව සිටින ආණ්ඩුකාර නම් උත්පල වර්ණ දිව්ය රාජයා ය. විධාන රාජවරු නම් තිස්තුන්කෝටියක් දේවතාවෝ ය.





(102)

පවත්නා බල මහිමයක ස්වරූපයෙන් ජනයා ඉදිරියෙහි බෞද්ධ සමය දැක්වෙන්නට වී. මුලින් විද්යාිනුකූල වූ ධර්මය පසුව මූලික ඇදහීම් පිලිබඳ ජනයා මවිතයට පත්කැරැවීමේ ප්රියෝගයන් ගෙන් හා ධෛව සමය පිළිබඳ විනිශ්චයකින් ද දේවසමායානුගත දඬුවම් පමුණුවාලීම් හා තෙදස් පෑම් ආදියෙන් ද වැසී ගියේය. ශ්රීම සමෘද්ධ කාලයේ පවා අල්ප වශයෙන් වත් මේ දූෂණයේ ආරම්භය වීයැ’යි සිතීමට අවකාශ ඇත්. මෙසේ බෝධි වෘක්ෂයක ගේ අත්තක් උඩුකුරුව නැමීම ආදි ප්රාතතිහාර්යයන් ද 1, ථූපාරාමයේ චෛත්යඇ බඳවා සම්පූර්ණ කරන ලෙස සිහිනෙන් රාජයා හට දෙවියන් දන්වා සිටීම ආදී පාලන බලය දැක්වීම් 2 සඟනට පහර දෙනු රිසින් අත එසෙවු ආදිපාදයන ගේ අතෙහි ගඬක් නැගී උන් මියයාම 3 සඟන ගේ නො සමගිය නිසා කිපී සඟනට තදින් දෙඩූ රජහට උන් වහන්සේ නො කැමැති වූ හෙයින් මරණය පැමිණීම 4 ආදි දඬුවම් පැමිණැවිම් ද ඇදැහීමෙන් මේ ජනයා විස්මය පත් කරවන - උන් යද වන - බිය ගන්වන - ඒ නිසා ම අනුන්ගෙන් පිහිට සොයවන ඇදැහීමක් බවට බුදු සසුන පත් වී. එ හෙයින් අනුරාධ පුර පරිහානි කාලයේ දී බෞද්ධයනට ඇදහීම් ක්රීම කිහිපයක් ඇති වූ බව කිව හැක. අනුරාධ පුර රාජයන් දේශයෙන් භාර්යාවන් ගෙන්වීම දැඩි ඇල්මෙකින් පටන් ගත් බව පෙනේ. එසේ කල්හි අමුතුව ලත් බිරිඳ ගේ ඇදැහීමට ද අවකාශ ඇති කැරැවිය යුතු හෙයින් ‍විහාරයෙහි ම පසෙකින් දේවාලයයක් ද ගොඩ නගන්ට වුවමනා විත සමහර විට ප්ර‍තිමා ගාහයන් හි දේවයන ගේ ප්රගතිමාවෝ ද වූත දෙවියන ගේ බලය කොතරමි දුරට වැඩි ගියේ ද යතහොත් එක් දෙවියෙක් තමන් කඳක් වශයනේ මුහුදු තරණය කොට සමුද්ර තිරයට ගොඩ බස්නා බව අනුරාධපුරයේ රාජයා හට සිහිනෙන් දැන් වීල! 4. දේව වැස්සන් වැඩිවත් ම - ඔවුන ගේ බලය වැඩි වත් ම - දේව බලය හා දෙවියන් ඇදැහීම අධික වී. බෞද්ධ ශිෂ්ඨාචාරය කෙසේ පැවැත්නත් - දේශීන ගේ හා දෙවියන ගේ බලය කොතරම් වුවත් සිංහලයෝ මුල් වැස්සන ගේ යකුන් ඇදහීම් නම් නො අත් හළහ. එ හෙයින් අනුරාධ පුර පරිහානි කාලයේ චී මෙහි පැවැත්තේ ගැලවීම පිළිබඳ දෛවසමය යන් ගෙන් හා යක්ෂ ප්රරතිපත්තීන් ගෙන් ද චාරිත්රේ ධර්මයන්



1. ම: ව: LI, 53 – 59 2. ම: ව: XLII, 51, 59 3. ම: ව: XLII 35 – 37 4. ම: ව: XLIV, 74, 81






(103)

පිළිබඳ වේද ධර්මයන් ගෙන් ද ගොතා වියන ලද සිහින් තිරයකින් වලඳනා ලදුව ක්රිමයෙන් වැසී යන්නා වූ බෞද්ධ හිෂ්ඨාචාරයක් බව කිව හැක. එසේ වුවත් අනුරාධපුර පරිහානිව වන තෙක් නියම බෞද්ධ ශිෂ්ඨාචාරයේ සමහර ලක්ෂණයන් ඉතා පැහැදිලිව ම දක්නට හැකි සේ පැවැති බව සැලකිය යුතු කාරණයෙකි. එයින් පෙනි යන්නේ මඳින් මඳ වෙනස්වීම් ඇති වුවත් අනුරාධ පුර පරිහානි කාලයේදීත් ශ්රී සමෘද්ධ කාලයේ බලවත් වූ බෞද්ධ ශිෂ්ටාචාරයේ හරය නො දිරා ශක්තිමත් ව පැවැති බවයි. අනුරාධ පුර පරිහානියෙන් පසු නියම බෞද්ධ ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන් අතුරුදහන් වී.

අනුරාධපුරයේ පිරිහීම ආරම්භ වුව ද ධර්ම ඥානය පිළිබඳ වූ ඉගෙනීම් ආදිය පිරිහී ගිය බවක් නො පෙනේ. බෞද්ධ ධර්මය පිළිබඳ ව මනා දැනීමක් ඇති රජුන් එකල්හිත් සිටි බව දැන්ගන්ට ලැබේ. සමහර රාජයෝ ගිහි පැවිදි දෙපක්ෂයට ම උසස් ධර්මයන් විස්තර කොට දීමෙහි පවා පොහෙසෙත් වූ 1. පාලන ව්ය වස්ථාවන් පවා ධර්මානුගතව පැනැවිමෙන් සමහර රාජයෝ ශාසනය රැක්මෙහි යෙදුනු. භික්ෂූන් වහන්සේ නුවුව මනා අද්භූත බල පරාක්රාම‍යන් ආරෝපණය කරන අතරත් ධර්ම තත්වාබෝධයෙහි දක්ෂ උගත් ගිහියන් සිටි බව මින් පෙනේ. ධර්මපාල තෙරුන් ගේ වාද දිනීම යුක්ති සහගත නො වේ යැ’යි ආදිපාදයකු කි බස කටට ආවක් ම නො පැවැසුවා විය හැක. එය යම් යම් කරුණු සහිතව ම කිවක් විය යුතු. එතරම් ගැඹුරු වාදයෙක්වරද නිවරද කිමට තරම් වනසේ දෙපක්ෂයේ ම ධර්මයන් පිළිබඳ දැනීමක් උහු කෙරේ පවතින්ට ඇති බව නිසැකය. එහිදී ධර්මපාල තෙරුන් වහන්සේට පහර දෙනු සේ කොට ඔසවාලු අතෙහි එහි විපාකය වශයෙන් ග‍ඬෙක් නැංගේ ල. එසේ වුව ද දුශ්ශීලයනට නිග්ර හ කැරැ වූ බෝධි තෙරුන් මරාලුවනට 2 - විහාර කොල්ලකමින් සේනා සංග්ර්හය කළ වුනට 3 - පිළිමයන්හි නෙත් උපුටා ගත්තවුන්ට 4 - එබඳු අද්භූත‍ බල මහිමයනගෙන් හෝ ශාසනය භාර දෙවියන ගෙන් හෝ පැමිණි දඬු‍වමෙක් නො දැක්වේ ! සිය දිවි නසා ගැන්ම බෞද්ධ



1. ම: ව: LII, 48, 49, LIV, 4 2. ම: ව: XLIV, 74, 81 3. ම: ව: XLIVI, 131, 134, 138, 141 4. ම: ව: L, 33 – 36








(104)

ධර්මයෙහි පරම අපරාධයක් කොට ඉගැන්වුවන ද තමහට පැමිණෙන නින්දාවට නො කැමැත්තෝ ද රාජ භයින් පෙළුණූ ජනයෝ ද දිවි තොර කොට ගැන්මෙහි නො මැලි වූ 1. ද්රදවිඩයන ගෙන් පැමිණිය හැකි නින්දාවට නො කැමැති වූ එක් රාජයෙක් ආගම ද සිහි කොට තමහට පින් පැමිණවීමට ක්රිමයක් ද මෙහෙසිය හට කියවා යවා දිවි නසා ගති 2. බෞද්ධ රාජයන් විසින් වුව ද රාජ අපරාධ කාරයනට හා අල්වා ගනු ලැබූ සතුරු රජුන ගේ බෑයනට ද දෙන ලද දඬුවම් ආදිය අසුරයන ගේ දඬුවම් හා සමාන වි. අත් පා කන් නාසාදිය සිඳවා ලීම බෙහෙවින් අසන්නට ලැබේ 3. වරක් රට හිමි කොට ගත් රජකු බිලිඳකු ගේ අත්පා සිඳුවා ලූ තිරිසන්නු ද විලිගන්වාලන දුෂ්ට ක්රිහයාවක් පිළිබඳ පුවතක් වංශකාරයෝ දක්වති 4. සමහර දෙනෙක් දරුණු වධයෙන් මිදී දිවි රැකැගැන් ම උදෙසා ද පූජ්යක වේශය යැංයි සම්මත මහණ‍ වෙස් දුරූ 5. සාමාන්යැ අපරාද කාරයන් දඟ ගෙහි ලන ලද කල්හිඳු ඔවුනට ආහාර දිය ඔවුනගෙන් ම සැපැයීම සිරිත වූ බව පෙනේත එසේ නැත හොත් එක් රජකු ගේ පුණ්ය ක්රි්යා සංග්රතහයෙක්හි සිරකරුවනට ආහාරයෙන් සංග්රොහ කිරිම සඳහන් විමට කරුණු නැත් 6. බෞද්ධ ශිෂෟඨාචාරය පැවැති මුත් මත් පැන් පානය හා මාංශ පිණිස සතුන් මැරිම කැරැණූ බව ද සැලැකීමට සැහෙන පමණ කරුණු ඇත. එක් රජෙක් මත් පැන් පානයෙන් විනාශ වී 7. තවත් රජකේ පොහෝ දින රජ ගෙට මත් පැන් හා මාංශාදිය ගැන්ම නැවැත් වී 8. සමහර රජ කෙනෙක් සතුන් මැරීම තහනම් කොට ආඥාවන් පනවාලූ 9.

ඥාති සම්බන්ධයන් හෝ විවාහාදිය පිළිබඳව ව්යාවස්ථා වන ගෙන් රටේ තත්වයට ඔබින අයුරු ජනසමාජයේ පැවැති සම්මතවනට අවකාශ තබනු විනා ඒ පිලිබඳව අමුතු ව්යරවස්ථාවෝ බුද්ධ ධර්මයෙහි නො දැක් වෙත්. ඒ කරුණු ලෝකෝත්ර ධර්මයක් පිළිබඳව නො වන හෙයිනි. සින්ධු සමබිමට බට සුදු වීරයන ගේ චාරිත්ර්විධිය වෙධ ධර්මයන්හි



1. ම: ව: XXXIX, 27, XLI, 23, 24, 58, XLIV, 109 – 113 2. ම: ව: XLIV, 109 – 113 3. ම: ව: XXXIX, 35, XLIV, 25, 27 4. ම: ව: XLIV, 54 5. ම: ව: XLIV, 29 6. ම: ව: LIV, 31 7. ම: ව: LIV, 70 – 71 8. ම: ව: XLIX, 48 9. සිලාකාල (3) කාශ්යගප (ම: ව: XLI, 30, XLVIII, 23)






(105)

දැක්වේ. දක්ෂ ආචාර්යයන් මෙන් ප්රXකට බ්රා2හ්මණයන ගේ ආශ්රයයෙන් ශ්රී සමෘද්ධ කාලයෙහි වේදාගත චාරිත්ර් ධර්මයෝ මෙහි පතළ වූ. එ හෙයින් ලෞකික කාර්යයන්හි වේද චාරිත්රරයනුදු ලෝකෝත්තර කාර්යයන්හි බෞද්ධ ප්ර්තිපත්ති නුදු රජ රැටියෝ පිළිපන්නු. ගිහිබන්ධනය මංගල සම්මත ක්රිධයාවක් වශයෙන් වේදකාරයෝ දක්වති. එ හෙයින් මෙහිදු ඒ ක්රිකයාව මංගල්යපයක් ම වී. සෘග්වේදකාරයන ගේ චාරිත්රාඑනුකූලව ස්ත්රීේ පුරුෂයන ගේ අඹුසැමියන් වශයෙන් බැඳීමට නො ඉඩ දෙන ඥාතී සම්බන්ධය දැන් අප කෙරෙහි සම්මත ව පවත්නා ඥාති සම්බන්ධයට විරුද්ධ වේ. එක්කුස හොත් හෙයින් සොහොවුරුයැ’යි ගණන් ගන්නා තැනැත්තිය ද තමන් වැදූ මව ද පාවාගැන් ම වේද ශිෂ්ටාචාරයට විරුද්ධ වේ. අන්යන නැයන ගේ අඹූසැමියන් වශයෙන් වන සම්බන්ධයක් මංගල ක්රිුය‍ායෙහි කිසි සේත් විරුද්ධ නො වේ. ස්වකීය පියා ගේ අන්ය. භාර්යාවක ගේ දූන් පුත්න් පාවාගැනීම පවා චාරිත්රව විරෝධී නො වේ. එක් පියකුට භාර්යාවන් කිහිප දෙනෙකු වූ කල්හි ඒ භාර්යාවන ගෙන් අපන් දරුවනට මවු නොවුන් පාවා ගැන්මෙහි කිසි ම බාධාවෙක් නැති. සුළු පියා ගේ දූන් පුතුන් හෝ මහපියා ගේ දූන් පුතුන් හෝ සොහොවුරා ගේ දූන් පුත්න් පාවා ගැනීම දැන් සිරිතට නො ගැළ‍ැපෙතුදු අනුරාධ පුර පරිහානි සමයේ හෝ පොළොන්නරු සමයේ රාජවංශිකයන ගේ සිරිතට මදකුදු නොගැළපුනේ නොවේ. එක් පුරුෂයකුට භාර්යාවන් කිහිප දෙනෙකු පාවා ගෙන සිටිමට ද අවකාශ ඇති වි. ස්ත්රීයන් ගේ අහස ගැන කිසිත් නො විචාරා ඔවුන් තමන් සතු ධනය ලෙස සැලැකිමෙන් ම මේ පක්ෂයෙහි නම් බෞද්ධ ශිෂ්ඨාචාරය අසලින් වත් නුවූ බවට සාක්ෂියක් දැක්ක හැක. බෞද්ධ ශිෂ්ඨාචාරයෙහි විශේෂ ලක්ෂණයක් නම් ස්ත්රීක පුරුෂ දෙපක්ෂයට ම සම හිමි කම් ඇති බවයි. ස්ත්රීණන් තම ධනය කොට සැලැකීම බමුණු ශිෂ්ටාචාරයේ ලක්ෂණයෙකි. තරුණියක ගේ අප්රධසන්න තාවය කෙ‍ාතරම් බලවත් වුවත් මවුපියනට කැමැති පුරුෂයකුට ඇය පාවා දිය හැක. සමහර විටෙක සටන් වැලැක්වීම සඳහා ගිවිසිම් ඇති කොට ගෙන පඬුරු වශයෙන් ද දූන් පාවා දීම සිදු වූ බව පෙනේ 1. මේ පිළිබඳ ව එක්කුස ඔත් බවත් තමන් වැදූ බවත් විනා අන්කිසිවක් බාධක නු වූ බව රාජ වංශිකයන්




1. ම: ව: LIV, 69





(106)

විෂයෙහි ඉතා ම පැහැදිලි ව පෙනේ. තමන් කැමැති පුරුෂයනට නො ව මවුපියන් පාවා දෙන පුරුෂයනට භාර්යාවන් වන්ට සිදුවීම බොහෝ විට ස්ත්රීෂන් කැමැති පුරුෂයන් හා සොරා පලායාමට ද කාරණ වේ. එසේම නොයෙක් අවුල් වලට ද එ කරුණ හේතු වේ. තරුණ තරුණියන ගේ සැඟැවී යාම පසුව කමවාගත හැකි වරදක් වුව ද පර පරුෂ හෝ පරදාර කර්මය නම් අසු වූ විට මරණීය දඬුවම දීමට සියල්ලනට ම අවකාශ ඇති වරදෙකි 1. මේ සිරිත මෑත කාලය වන තෙක් ම පැවැති පව ද පෙනේ 2. බහු පුරුෂ සේවනය කාලයේ පැවැත්තේ යැ’යි සිතීමට සෑහෙන පමණ කරුණු නැත්. පැවැතුන ද මේ කාලයේ දී ඒ බහු භාර්යා සේවනය පමණ බලතර නො වි. බහු පුරුෂ සේවනය අනුරාධපුර පරිහානි කාලයේ පැවැති බව දැක්වීමට කරුණු නැතත් සින්ධූ දේශයේ ඉතා පෙර සිට ඒ පැවති බව පෙනේ. ඒ හෙයින් ලක්දිව් වැස්සන් ඒ නොදැන සිටියායැ’යි නො සිතිය හැක. ලක්දිව පරිහානි සමයේ “රාජකාරිය” නම් මෙහෙයට යාමේදී ඇති වූ අපහසු කම් නිසා ඒ සිරිත දියුණු ව ගිය හෙයින් ද අනුරාධපුර කාලයේ ජනයනුත් ඒ දැන සිටින්ට වත් ඇතැ’යි සිතිය හැකි. එසේ වුව ද චාරිත්රනය ක්රිියායෙහි යෙදුණු බවක් නම් දක්නට නැති.

සහෝදර සහෝදරියන‍ ගේ දරුවන් උන‍ුත් සරණ පාවා ගැනීම දැන් සේ එකල්හිඳු පිරිතට අවිරුද්ධ වි. භාගිනේයයෝ මයිලන ගේ දූන් භාර්යාවන් වශයෙන් ලබාගත්හ. ඒ දැන් පවත්නා චාරිත්රයයන් අනුවයැ’යි සිතීමට අන්යි කරාණයක් ගෙන් නම් අවකාශයෙක් නො ලැබේ. ඒ හෙයින් එද එක් කුස නො හොත් බව හා තමන් නො වැදූ බව සැලැකීමෙහි ම ලා ගිණිම වටී.

අසිග්රා හක සිලාකාලැ යි ප්ර කට වූ ලැමැනි අඹ හෙරණ සල මේවන් කුමරුන් ගේ භාර්යාව (1) මුගලන් රජු ‍ගේ සොහොවුරියක් වූ 3. ලැමැනි උපතිස් (3‍ උපතිස්) තෙමේද (1) මුගලන් රජු ගේ සෝවුරියක ගේ පුරුෂයෙකි 4. එ හෙයින්




1. ම: ව: XLIV, 123 2. අසුකොටැ ගත නො තබති ආදාරය, වදකොට මැරුවත් නැති එ විචාරය (ලෝවැඩ සඟරා) 3. ම: ව: XXXIX, 55 4. ම: ව: XLI, 6







(107)

ඌ දෙදෙන විවා නැකමින් දෙ බෑයෝ වෙත්. උපතිස්සයන ගේ දියැණියෝ නැකමට සිලාකාලයනට ද දියැණියෝ ය. එසේ වුව ද උපතිස් තෙමේ සිය දියැණියන් සිලාකාලයනට බිරිඳ කොට දිනි 1.

අභාග්යයවත් සංඝාව ගේ ප්රිවෘත්තිය මෙයට වඩා බොහෝ කරුණූ හෙලි කෙරේ. සිය මයිලණූවන ගේ පුත්රතයකු හට භාර්යාවීමේ මහත් ආශාවක් ඇති ‍කොට ගෙන සිටි ඇය හට කිසි කලෙකත් අදහස් කරන ලද්දක් ඉටු කැරැ ගැන්මට අවකාශයෙක් නො ඇති වි.

සලමේවන් (6) අක්බෝ රජ (3) කාශ්යවප රජු ගේ පුත්ර යෙකි 2. උපරාජ අක්බෝ (පසුව 7 අක්බෝ රජ) (3) කාශ්යපප රජු ගේ මල් (1) මිහිඳු රජු ගේ පුත්ර යෙකි 3. එ හෙයින් සලමේවන් (3) අක්බෝ රජු උපරාජ (7) අක්බෝ රජු හට නෑකමින් බැයකු බව පෙනේ. සලමේවන් (6) අක්බෝ රාජයා ගේ දියැණියට උපරාජ (7) අග්බෝ තෙම නෑකමින් සුළු (හෝ මහ) පියෙකි. එසේ වුව ද සලමේවන් (6) අක්බෝ රජ තෙම උහු ගේ සංඝා නම් දියැණියෙන් ඇය හට නැකමට (සුළු හෝ මහ) පියා වූ උපරාජ (7) අක්බෝ කුමරුනට පාවා දිනි 4. මෙයින් පවුලේ සාමයක් ‍නො ඇති වූ බවත් ඉන් ඇය ගේ පිය වූ සලමේවන් (6) අක්බෝ රජු පසුව දියැණියන් මහණ කම්හි පිහිටුවන්නට සිතා සිවුරු පොරවාලු බවත් එහිදී ඇය සිය මයිල් පිත් කුමරකු හා පලාගිය බවත් මහා වංශකාරයෝ කියති. පලාගිය පසුදු ඕතොමෝ අල්වා ගෙනන ලදු ව උපරාජ (7) අක්බෝ කුමරු හට ම නැවතත් භාර්යා වූ. ඇය හා පලාගිය බැන තෙමේ ද නසන ලදී 5.

(2) මහේන්ද්ර. තෙමේ සලමේවන් (6) අක්බෝ රජු ගේ පුත්රකයෙකි 6. (7) අක්බෝ රජු ගේ මෙහෙසිය වූ සංඝා තොමෝ ද සලමේවන් (6) අක්බෝ රජු ගේ දියැණි කෙනෙක් වූ 7. ඒ නයින් ඕ තොමෝ (2) මහේන්ද්ර යන ගේ බූනණීයෝ ය. (7) අක්බෝ රජ තම සුළු පියා හෙයින් උහුගේ මෙහෙසිය වශයෙන් බලත් හොත් ඕතොමෝ (2) මහේන්ද්රායන ගේ සුළු මවෙකි 8. එසේ වුව ද (2) මහේන්ද්ර)



1. ම: ව: ‍XLI, 7 2. ම: ව: XLVIII, 32 3. ම: ව: XLVIII, 39, 68 4. ම: ව: XLVIII, 54 5. ම: ව: XLVIII, 58 – 62 6. ම: ව: XLVIII, 76 7. ම: ව: XLVIII, 54 8. මේ පුදුමයෙකි !






(108)

තෙමේ සිය පියා ගේ දියැණියන් වූ ද සිය සුළු පියා ගේ මෙහෙසිය වූ ද සංඝාවන් ‍ඇය නො කැමැති සේ ම තමහට මෙහෙසිය කෙළේ ය 1. මේ වරත් ඇය තම මයිල් පිතක් හු හට වඩා කැමැති වූ බව සිතීමට කරුණූ ඇත් 2.

මහේන්ද්ර උපරාජයා (2) සේන රජු‍ ගේ බාල සොහොවුරෙකි 3. එ හෙයන් හෙතෙම (2) සේන රාජයා‍ ගේ පුත්රේ ද්වයාභිෂික්ත ව ජාත කාශ්ය ප කුමරුන් ගේ සුළු පියෙකි. කාශ්යකප කුමරා ගේ මෑණියෝ මහේන්ද්ර් උපරාජයා ගේ කීර්තිය නම් මෙහෙසියට සොහොවුරිය වූ ද්වයාභිෂික්ත සංඝාවෝ ය 4. එ හෙයින් මහේන්ද්රන තෙම දැතින් ම කාශ්යවපයනට සුළු පියෙකි. එක් අතෙකින් සිය පිය ගේ මලනුවන ගේ ද අනිත් අතින් සිය මව ගේ නැගෙණියන ගේ ද දූ වූ හෙයින් දෑතින් ම තමහට බූනණියන් වූ සංඝා කුමරිය 5. කාශ්ය්ප කුමරා භාර්යා ව වශයෙන් පාවාගති 6.

මහා ආදිපාද කාශ්ය.ප තෙමේ දෙවැනි උදය රජුගේ සොහොවුරෙකි 7. දෙබිසෝ වැදා කසුබු (5 කාශ්යිප) තෙමේ ඔවුන් දෙදෙන හට ම වැඩි මහලු සොහොවුරු වූ (2) සේන රජු ගේ පුත්රයයා ය 8. එ හෙයින් මහා ආදිපාද කාශ්යොපයෝ ද (2) උදය රාජයා ද ද්වයාභිෂික්ත ජාත කාශ්යාපයනට සුළු පියෝ වෙත්. මහා ආදිපාද කාශ්ය2පයන ගේ දරුවනට (2) උදය රජ මහ පියා ය. ද්වයාභිෂික්ත ජාත කාශ්යදපයන ගේ පියා වූ (2) සේන රජ ද මහ පියෙකි. එ හෙයින් ද්වයාභිෂික්ත ජාත කාශ්යදප තෙමේ මහ පියා ගේ පුත් හෙයින් උන්ට බෑයා ය. එසේ වුවත් (2) උදය තෙමේ සිය සොහොවුරු වූ කාශ්යාප මහා ආදිපාදයන ගේ තිස්ස නම් දියැණියන් කුමාරයාට පාවා දිනිත මේස දෙ සොහොවුරියන ගෙන් එකියක් මහ පිය හට ද එකියක් මහ පියකු ගේ පුත්රමයකු හට ද භාර්යා වූ 9.

(2) උදය රුජ ගේ මල් වූ මහා ආදිපාද කාශ්යාප නමින් ප්රයකට ව සිටි (4) කාශ්යයප රජ ද්වයාභිෂික්ත ජාත (5) කාශ්ය ප යන ගේ සුළු පියා වේ. (4) කාශ්ය්ප රජු ගේ සේනා නම්



1. ම: ව: XLVII, 113 2. ම: ව: XLVIII, 87 – 90 3. ම: ව: L, 7 4. කීර්තිය ගේ හා මහේන්ද්ර යන ගේ දුව 5. ම: ව: L 57, 60 6. ම: ව: LI, 18, 91 7. ම: ව: LI, 18 9. ම: ව: LI, 92, 93






(109)

දියැණියක් ද්වයාභිෂික්ත ජාත කාශ්යLපයනට බිරිඳ වූ 1. ඒනිසා මවු පිය දෙපසින් ම (4) කාශ්යතප රජ ද්වයාභිෂික්ත ජාත කාශ්ය:පයන ගේ දරුවනට මුත්තණුවෝ ය. එසේ වුව ද ඒ මුත්තණු තෙමේ ද්වයාභිෂික්ත ජාත කාශ්ය පයනට දූ වූ තිස්ස නම් මිනි බිරිය භාර්යා කොට පාවා ගති 2. අනික් අතට ඒ මුත්තණු තෙමේ තමහට මුනුබුරු වූ මහේන්ද්රභ 3 කුමරා හට තම දියැණියන් පාවා දිනි 4.

(5) මහේන්ද්ර‍ රජ තෙමේ සිය සොහොවුරු රාජයා ගේ වැන්දඹු මෙහෙසිය පාවාගති. ඇය ගේ මරනින් පසු සොහොවුරා ගේ දියැණියන් භාර්යා කොට ගත්තේ ය 5.

මේ කරුණු සලකා බලත් හොත් එක් කුස ඔත්තවුන් හා වැදූ මවුන් හැර සෙස්සවුනට අඹු සැමියන වශයෙන් විසීමෙහි බාධාවක් නො පැවැති බව පෙනේ. මේ චාරිත්රඅය පොළොන්නරුව නැගි කාලයේ ද පැවැති බව සැලකීමට සැහෙන පමණ කරුණු ඇත. මේ කුමරියෝ තමන ගේ අභිරතිය කිමෙක් වුවත් තමන් පාවා දුන් සමුණන් හා සමහරෙක් දුක සේ සමහරෙක් සැප සේ ද කල් ගෙවූ. ඔවුනට ලැබිය හැකි ඉතා උසස් තනතුර නම් “රාජීනි” බවයි. රාජනී යන්නෙන් රජු ගේ මෙහෙසිය යනුම පමණක් අදහස් නො කැරේ. ඒ රාජ කුමරියනට අභිෂේකයෙන් පමුණුවනු ලබන ගරු නාමයක් ද වේ 6. මෙසේ (5) කාශ්යණප රජු ගේ මව වූ සංඝා කුමරිය ඇය පිය වූ (1) සේන රජු විසින් රාජිනි (මහිෂි) යන ගරු නාමය දී 7. අභිෂේක කරන ලදු. නැවත ඇය සැමියා වූ (2) සේන රජු විසිනුදු මහිෂි බව්හි අභිෂික්ත වූ 8. එය ඇයට මහත් ගෞරවය වී. ඇය ගේ පුත්ර යා ද දෙවරක් අභිෂේක ලද්දෙකි. ඒ ඉතා මහත් ගෞරවයක් වශයනේ සලකන ලද හෙයින් ඇය පුත් වූ (5) කාශ්‍යප රජ තෙම ද්වයාභිෂික්ත ජාත (දෙබිසවැජා 9) යැ’යි සඳහන් කිරීමට කැමැති වී 10.





1. ම: ව: LI, 92 2. ම: ව: LII, 2 3. ම: ව: LI, 91, 19, 99 4. ම: ව: LII, 9 5. ම: ව: LV, 8, 9, 6. ම: ව: XLIX, 3, L, 58, LIV, 11 7. ම: ව: L, 58 8. ම: ව: LI, 6 9. දහම්පියා අටුවා ගැටපද සන්නය හා (5) කසුබු සෙල්ලිපි, ද්වයාභිසේක සංජාත (ම:ව: LLIල 37) “දෙබිසෙව්හුදා (මැදිරිසෙල්ලිපි) “දෙබිසෙවැදි” (බිලිබෑවු සෙල්ලිපිය) 10. “දුනු සැණැහිම යුවරජ බිසෙව් සිරි පැමිණැ” යනුදු අනුරපුර සෙල් ලිපියෙක දැක් වේ. එද මේ රජුට ගරු නිලයක් කුඩා කලැ ලැබීමෙකි.





(110)

පූජ්ය1යන් හා පූජකයෝ :- අන්රාධ පුර පරිහානි කාලයේ දී ද රජ රට බෞද්ධ ශිෂ්ඨාචාරය සම්පූර්ණයෙන් නො වෙනස් ව පැවැත්තේ ය. ඒ රැක ගැන්මෙහිඳු වර්ධනය කොට ලීමෙහිඳු භාරය භික්ෂූන් වහ්නසේ අතෙහි වී. උන් වහන්සේ ද මේ සමය උදා වන විට භේදව ගෙන තුන්පක්ෂ යක් කතඳුවුරු බැඳගෙන සිටියහ. මේ භේදය අනුරාධපුර පරිහානි කාලපරිච්ඡේදයෙන් පූර්වයෙහි වූවකි. උන් වහන්සේ ගේ භේදය රාජවංශිකයන ගේ භේදයට වඩා අල්ප නො වී. මත භේදයෙන් වෙනස් වූ උන් වහ්නසේත් ඔවුනොවුන් වහන්සේ මිත්ථ්යාටදෘෂ්ටීන් සේ සැලකූහ. මහා මේඝ වනයේ තූපාරාමය, මහාබෝධි විහාරය, රුවන්වැලි විහාරය, ලෝහ ප්රාවසාදය, මිරිසවැටි විහාරය යන තන්හි වුසූ භික්ෂූන් වහන්සේ මහා විහාර වංශිකයෝ ය’යි පුකට වූ. උන් වහන්සේ ගේ ධර්මය ථේරවාදය යැ’යි සම්මතය. එ හෙයින් ථේරවාදීන් යන නමින් ද උන් වහන්සේ මෙහි දැක්වෙන සේක. මහායාන ධර්මවාදි භික්ෂූන් වහන්සේ ධර්ම රුචික නමින් ප්රකකට වූ අභය (උත්තර) විහාරය නම් වූ අභය ගිරි විහාරය උන් වහ්නසේ ගේ බල මණ්ඩලය වී 1. උභයුත්තර විහාර වාසී භික්ෂූන් වහන්සේ ද නැවත ‍භේද ව සාගලිකයැංයි තවත් නිකායක් ඇති කොට ගෙන සිටියහ 2. ප්රරථමයෙන් දක්ෂිණ විහාරය කඳුවරු කොට ගත් සාගලික භික්ෂූන් වහන්සේ පසුව ජෝතිවන ආරාමය බල මණ්ඩලය කොට ගත්හ 3. මේ සියලුම භේදයන් අනුරාධපුර පරිහානි කාලයට පූර්වයෙහි වී 4. උන් වහන්සේ භේදව ගත් අයුරු සද්ධර්ම රත්නාකරකාරයෝ ද නිකාය සංග්රූහකාරයෝ ද මැනැවින් විස්තර කෙරෙති. මේ තුන් පක්ෂයෙහි වූ භික්ෂූන් වහන්සේ ගේ ගණනද අල්ප නො වී. උන් වහන්සේ ද යථෝක්ත බල මණ්ඩල තුනෙහි කඳුවුර බැඳගෙන මහත් සටනක් කළහත සටනින් ජයගත් වහන්සේ විහාරාරාමයන් ද ධනය ද කොල්ලකා ගත්හ. අනුරපුර රාජයන් රාජ්යරය පිළිබඳ සටන් හිදි දේශයේ රජුනගෙන් උපකාර සෙවූ සේ ම උන් වහන්සේත් මේ සටන් හි රාජයන ගේ හා අමාත්යනයන ගේ




1. මේ නිකාය භේදය මේ රටේදී වු බව මහා නාම හිමියෝ කියති. (ම:ව: V, 13) අභය උත්තර විහාරය නම් දැන් ජේතවන දාගැබයැයි වරදවා ව්ය වහාර කරනු ලබන මහ මෙවුනා උයනින් උතුරු දෙස වූ විහාරය වේ (ස: ර: 282 පිට) 2. ස:ර: 283ල 284 3. නි: ස: 14 3. ලක්දිව නිකාය භේදය වන්නට පළමු සින්ධූ දේශයේ අටළොසෙකිනුත් අධික වූ නිකායයනට භික්ෂූන් වෙන්ව සිටි බව පෙනේ. (ස: ර: නි: ස: මහානාම ම:ව)





(111)

සාහාය්යඋය සෙවූ. රාජයන් සාමයෙන් සංසිඳවිය හැකි වූ මුත් උන් වහන්සේ කිසිකලෙකත් සාමයකට නො පත් සෙක. රටේ ශිෂෟටාචාරයෙහි වර්ධනයත් සාහිත්යක සංග්ර්හයත් භාර ව සිටි අන් වහන්සේ මෙසේ කඳවුරු බැඳ ගැනීම මහාජනයා ගේ දියුණුවට මහත් බාධාවෙක් වී. සාහිත්යනයට ද මරු පහරෙක් වී. භාග්යයයකට දෝ අනුරාධපුර පරිහානි සමයේදී උන් වහ්නසේ ගේ සංග්රාමමය අත්යුමග නො වී පැවැත්තේය. ධාතුසේන රාජයා ගේ කාලය වන විට මහා විහාරය ද ධර්ම රුචික පක්ෂයේ භික්ෂූන්ට අයත් ව පැවැත්තේ ය 1. මුළු ලක්දිව ම භික්ෂූන් වහන්සේ මෙසේ තුන් පක්ෂයක් ව අනුරාධ පුර පරිහානි කාලපරිච්ඡේදය මුළුල්ලේ ම වුසුහ. උන් වහ්නසේ සාමයකට පත් කොට ගත නො හෙන බව දත් රාජ්ය්යෝ ඒ ගැන බලවත් ව උත්සාහ නො දැරූ හ. තුන් පක්ෂයේ ම භික්ෂූන් පක්ෂ කරවා ගැන්ම රාජයා ගේ අදහස වී. රාජයා තම තමන ගේ පක්ෂයට වඩා ඇලුසම් ඇත්තකු කොට ගැන්ම භික්ෂූන් වහන්සේ ගේ අදහස වී. උන් වහන්සේකට ද බොහෝ ගම්බිම් කෙත්වත් වී. උන් වහන්සේ සන්තක ගම්වාසීහු දු බොහෝ වූ. එ හෙයින් භික්ෂූන් වහන්සේ සේනා සම්පත්තියෙන් ද අනූන වූ සේක. එසේ වුව ද ඒ සේනාවෝ එඩිසුන් භග්නමාන දාසයන් රණසූර භටයෝ නු වූ. ධන සම්භාරයෙන් ද උන් වහන්සේ මැඬීගත්හ. එ හෙයින් දේශ යෙන් පැමිණි ධන ලෝභින ගේ අවධානය විහාරස්ථානයන් කෙරෙහි වී. ‘මඟ මේය නොමඟ මේයැ’යි දක්වන නායකයන් වශයෙන් ද ශික්ෂණය හා අධ්යාේපනය කරවන ආචාර්යවරයන් වශයෙන් ද ගැලැවීම ලබා දෙන උත්තමයන වශයෙන් ද උන් වහන්සේ පූජ්යආ වූ. රාජයා ගේ පටන් දුගියා දක්වා සියලු ම රටවැස්සෝ උන් වහන්සේට අවනත වූ. එ හෙයින් අන් වහන්සේ නො සතුටු කරවා ගැන්ම රාජයා ගේ ද විනාශයට හේතු වේ. එසේ වුවද එක් පක්ෂයක භික්ෂූන් වහන්සේ නො සතුටු වූ විට ඉතිරි දෙපක්ෂයේ භික්ෂූන් වහන්සේ ගෙන් පිහිට ලැබී ම රාජයා ගේ සැනැසීමට කාරණයෙක් වී. ඒ කෙසේ වුවත් තුන් නිකයෙහි ම භික්ෂූන් සතුටු කරවා ගැන්ම රජු ‍ගේ පරමාර්ථය වී 2.



1. ම:ව: XXXVIII, 75 – 76 2. ම:ව: XXXIX, 30, 33 XLI, 97, XLVI, 3 XLIX, 33 LI, 133 LII, 12 – 84







(112)

ථේරවාදී මහා විහාර පක්ෂයේ 1 භික්ෂූන් වහන්සේ ද ධර්ම රුචික නම් අභයුත්තර විහාර පක්ෂයේ භික්ෂූන් වහන්සේ ද 2. සාගලික නම් වූ ජෝතිවන විහාර පක්ෂයේ භික්ෂූන් වහන්සේ ද 3. එකසේ ම අනුරාධ පුර රාජයන් විසින් සලකන ලදහ. යම් විටෙක හදිස්සි නො මනාපයක් නිසා තදින් කථා කිරීමට සිදුවුව හොත් එයට විරුද්ධව ක්රි්යා කිරීමට ද උන් වහ්නසේ වැඩි වේලා නො ගත කළහ. කවර අයුරින් භේදව ගෙන සිටිය ද බෞද්ධ ශිෂෟඨාචාරයේ විශේෂ ලක්ෂණය වූ සර්ව සාධාරණ බව නම් සමානාත්මතාවයේ ඵලය අනුරාධපුරයා ගේ පරිහානිය තෙක් ම පූජ්යබ සමාජයේ පැවැති බව කීමට අවකාශ ලැබීම මහත් සතුටට කාරණයකි. පූර්ව යෙහි කරන ලද අකුසල් ඇත්තවුන් යැ’යි සලකා ස්ත්රීින් ඔවුන ගේ අයිතිවාසිකමින් පලවාහැර ඒ අත් කොට ගැන්මට උන් වහන්සේ ඉදිරිපත් නු වූ බව පෙනේ. එ හෙයින් මෙම කාලයේදී ස්ත්රි්හුදු බුද්ධ ශාසනය සමයේ හිමිකොට ගෙන භික්ෂූණීන් වශයෙන් ගෞරයාදර ලැබූ. අනුරාධ පුර පරිහානිටය තෙක් ම භික්ෂූණින් 4 හා ‍ථෙරවාදි භික්ෂූන් 5 ගැන මුත් ධර්ම රුචික භික්ෂූණීන් පිළිබඳව වැඩි දුර යමක් අපට අසන්නට නො ලැබේ. කලිඟු රජ මෙහෙසියක මෙහි දි ජෝතිපාල ස්ථවීර යන ගෙන් මහණ කම ලැබූ බවත් 6 (3) දෙටතිස් රජු ගේ මෙහෙසිය මහණව අබිධර්මය උගත් බවත් 7 දැක්වේ. සමහරවිට මුන්වහන්සේ ගේ මහණ වීම ථේරවාදී නිකායේ විය හැත. සංඝා කුමරිය ගේ මහණවිමත් 8 කවර නිකායෙක්හිදැ’යි නො දනිමු.

ප්රාති පත්ති අනුව පූජ්යම සමාජයේද නොයෙක් පඬ්ක්ති ඇති වූ බව පෙනේ. තුන් නිකායෙහි ම ඒ පඬ්ක්තීන් එක සේ ම වී. ලාභවාසීහුය 9 ආරඤ්ඤවාසීහුය 10 පාංශුකුලිකයෝ ය 11



1. ම: ව: XXXVII, 76, XLIV, 80, 81, XLV. 30, 32, XLVI, 8, LI, 68, LII, 16, 46, 61, 63, 64 2. ම:ව: XXXVII, 75, 76 XXXIX, 15, 41. XLVIII, 2 LII, 17, 18 3. ම:ව: XXXIX, 41, 43, XLII, 17 4. ම:ව: XXXIX, 43 5. ම:ව: LII, 24 – 63 LIV, 47 6. ම:ව: XLII, 47 7. ම:ව: XLIV, 114 – 116 8. ම:ව: XLVIII, 57 9. ම:ව: XLVIII, 57 10. ම:ව: LII, 22, 64 11. ම:ව: XLVIII, 16, 73 XLIX, 80




(113)

යෝගී භික්ෂූහුය 1. යන පඬ්ක්තීනට අයත් භික්ෂූන් වහන්සේ ඒ ඒ පඬ්ක්තියට ගැළැපෙන සේ සිල් දහම් රැක්කාහ. අභයුත්තර විහාරවාසි භික්සූන් වහන්සේ ගේ ද භේදයක් අනුරාධපුර පරිහානි සමයේ දී ඇති වූ බව පෙනේ. මහණ බව පතා එයට වුවමනා කරුණූ සම්පූර්ණ වන තෙක් විහාර ගත ව වූසු පණ්ඩුපලාස නම් කොටසක් පිලිබඳ ව ද වරින් වර කරුණූ අසන්ට ලැබේ 2. බෞද්ධ පූජ්යසයන් මෙසේ වසන විට ජනසමාජයේ නානා කටයුතු සඳහා ව්යා පෘත වූ බ්රා්හ්මණ පූජකයෝ ද වුසු 3. ඌ තුමු ගුරුන් වශයෙන් ද යාග කරන්නන් වශයෙන් ද නැකැත් ශාස්ත්රනය පිළිබඳ කටයුතු කරන්නන් වශයෙන් ද බුහුමන් ලදහ. පරාතන ඇදැහීමේ ලක්ෂණයක් වශයෙන් කපුවෝ ද පූජක සමාජයේ වූ 4.

මේ ආකාරයන් වූ පූජ්යය පූජක සමාජයන්හි භික්ෂූ සංහතිය ම ප්ර්බල වී. අ‍ාගම ධර්මය පිළිබඳ කටයුතු විෂයෙහි පමණක් නො ව දේශපාලන කටයුතු විෂයෙහි දු උන් වහන්සේ ගේ බලය ඉතා මහත් වී. එසේ වුවත් පරිහානි කාලයේ භික්ෂූන් වහන්සේ අනුරාධ පුර වර්ධන සමයේ සිටි භික්ෂූන් වහන්සේ පමණ දේශපාලන න්යාවයයෙහි දක්ෂ නුවූ හ. දුටුගැමුණු සමයේ සිටි භික්ෂූන් වහන්සේ දේශපාලන කටයුතු පිළිබඳ ව ඉතා දක්ෂ වූ සේක. ඒ කරුණු කෙසේ වුවත් පරිහානි සමයෙහි දු රාජකුමාරයන් දේශපාලන ධර්ම යන්හි ප්රකගුණ කරවා ලීමෙහි භික්ෂූන් වහන්සේ යෙදී සිටි සේක් ම ය. මෙසේ ධාතුසේන කුමාරයා දික්සඳ සෙනෙවියා පිරිවෙන් වැසි මහා නාම හිමියන් විසින් පුහුණු කරවන ලදී. එසේ වුවත් මහා නාම ස්වාමිපාදයන් දේශපාලන ධර්මයන්හි අති විශාරද ව සිටි බවක් එතුමන ගේ කෘතියක් යැ’යි සැලැකෙන මහා වංශයෙන් නො පැනේ. උන් වහන්සේ ධාතුසේන කුමාරයනට රට අත්පත් කොට ගැන්මෙහි බොහෝ උපකාරී වූ සේක. දාතාසීව නම් තෙර කෙනකුන් වහන්සේ රාජයා හට දේශපාලනයෙහි අනුශාසකයකු වශයෙන් වුසු බව සිතිමට කරුණු ඇති 5. එසේ ම රාජවංශිකයන් හෝ රට වාසීන් හෝ රාජ්යුන් හා භේද ව කලහ. වඩාගත් කල්හි ඒ ස‍ංසිඳුවා ලිමෙහි තුන්පක්ෂයෙහි භික්ෂූන් වහන්සේ එක් ව ගත් කල


1. L, 63. 78, LI, 52, LII, 21, 27, LIII, 26, 48, LIV, 18, 23, 25 2. ම:ව: XLV, 5 3. ම:ව: XLVIII, 23, 144, L, 5, LI, 66 4. ම:ව: XXXIX, 22 5. ම:ව: XLII, 22






(114)

පොහොසත් වූ සේක් ම යත මෙසේ මහින්ද යුවරජු හා (2) සේන රජු සමගි කරවා ලිමෙහි තුන් නිකායයෙහි භික්ෂූන් වහන්සේ එළැඹි සේක 1. උන් වහන්සේ ආදිපාද මහේන්ද්රායන් හා (4) කාශයප රජු සමගි කරවා ලූ 2. තපෝවෙනෙහි කරන ලද අරගලයන් නිසා කිපී ගිය රටවාසීන් ගේ උදහස සංසිඳුවා ගැනීමට (3) උදය රජ හට භික්ෂූන් වහන්සේ ගේ පිහිට සොයන්නට සිදුවී 3. තමන ගේ රජ බව නීත්යා්නුකූල ව පෙර සිරතට ගැළැබෙන බව ප්ර කාශ කරවා ගැන්මෙන් දප්පුල ආදිපාදයන් කරන අරගල සංසිඳුවා ලීම සඳහා සටන් කිරීමට භික්ෂූන් වහන්සේ ගේ අනුමතිය ලැබ ගැන්ම (2) මහේන්ද්ර රජ හට වුවමනා කෙළේ ය 4. මෙසේ ම රාජයන් නො සතුටු වූ කල්හි උන්වහන්සේ ඔවුනට දඬුවම් ද කළ සේක. (2) දාඨෝපතිස්ස රජ අභයුත්තර විහාරයේ භික්ෂූන් සඳහා තිපුත්ථූල්ල නම් ආවාසය ගොඩ නංවන්නට පටන් ගත් කල්හි ඒ ගොඩ නගන්ට තෝරා ගත් බිම තමනට අයත් කොටසේ සීමාව ඇතුළත යැ’යි මහා විහාර භික්ෂූහු එයට විරුද්ධ වූ. රජ තෙම ඒ නො සලකා ආවාසය ගොඩනැංවි. එයින් කිපි ගිය මහා විහාර පක්ෂයේ භික්ෂූහු “පත්ත නික්කුජ්ජන කර්මයෙන්” 5 රාජයාට දඬුවම් කළහ6.

මේ කරුූණ මෙසේ වුව ද භික්ෂූන් වහන්සේ භේද ව‍ ගත් කල්හි රාජයාගේ උපකාරය උන්වහන්සේටත් වුවමනා වී. සමහර විටෙක රාජයාගේ උපකාරයෙන් ද පිහිටක් නැතිවන තැනට කරුණු බලතර වේ. උන් වහන්සේ ගේ භේදයෙන් හට ගන්නා අර්බුද නැති කිරීමට නොයෙක් වර රාජයෝ ශාසනය පිරිසිදු කළහ. ඒ පුණයක්රි්යාවක් වශයෙන් දැක්වේ. ධාතුසේන, කුමාර ධාතුසේන, සිලාකාල ආදි බොහෝ රාජයෝ මෙබඳු ක්රිකයාවන්හි යෙදුනාහ. සමහර විටෙක පරාජිත වූ පක්ෂයේ ග්ර න්ථයන් ගිනි මැලයෙහි ලන්ට සිදු විමෙන් සාහිත්යහයට ද මරු පහරක් ඉන් වැදී ගියේ ය. ථෙරවාදිහු අන්යස නිකායික භික්ෂූනට වෛතුල්යමවාදිහු යැයි කියත්. ඒ වෛතුල්යිවාදීනගේ පොත් කීපවාරයෙක්හි පුළුස්සන ලද බව පෙනේ. එයින් සාහිත්ය යට



1. ම: ව: L, 14 2. ම: ව: LII, 9 3. ම: ව: LIII, 14 – 27 4. ම: ව: XLVII, 126 – 129 5. මේ වර්ජන ක්රවමයෙකි. තමන් වර්ජනය කළ තැනැත්තහු සමුහයෙහි දී පාත්රයය මුණින් නැමිම (මේ යමක් නො පිළිගැනීමේ අදහස යි) මින් කැරේ. 6. ම: ව: XLV, 30 - 31






(115)

වූ පාඩුව ඉතා මහති. අඹහෙරණ සලමේවන් යැ’යි ප්රහකට සිලාකාල රජු දුශ්ශීලයෝයැ’යි පෙනි ගිය භික්ෂූන් දුරු කෙළේ ය 1. ජෝතිපාලයැ’යි ප්රුකට ව ස්තූපාරාමයේ වුසු මහතෙර කෙනකුන් වහන්සේ 2 මහත් වාදයෙකින් වෛතුල්යයවාදීන් පරාජය කල සේක්ල. එසේ වුවත් උන් වහ්නසේ ගේ ජයග්රයහණය යුක්ති සහගත නො වන බව “දාඨාපභූති” නම් ආදිපාදයකුට පෙනී ගියෙන් උහු කෝප ව උන් වහන්සේට පහර දෙනු සඳහා අතක් නැඟූ බව මහා වංශකාරයෝ කියති. ධර්මයෙහි විශාරද ඥානය ඇති උගත් ගිහියනුදු එකල්හි සිටිබව මින් පෙනේ. “බෝධි” නම් භික්ෂූවක ගේ උපකාරයෙන් වරක් අනුරාධපුර රාජයාට දුශ්ශීල භික්ෂූන් ‍මහත් රාශියක් තෝරා ගෙන නිග්රයහ කිරිමට හැකි වි. එසේ වුවත් නිග්රීයලත් භික්ෂූහු එක්ව ගෙන ඒ “බෝධි” නම් භික්ෂුව මරාලූ හ 3. එයින් නො සතුටුවු (සාලිමේඝවර්ණ) රජතෙම තවත් දුශ්ශීලයන් රටින් පිට යවා “ඉතිකින්වත් ශාසනය ශූද්ධ වූයේ නො වේ දැ”යි සියලු භික්ෂූනට සමගියෙන් පොහෝකර්මාදිය කිරිමට ආරාධනා කෙළේ ය. එකල්හිදු මහාවිහාර පක්ෂයේ භික්ෂූහු රජු ගේ ආරාධනයට එකඟ නුවු. එයින් රජු හට ආක්රෝහශ බසින් සඟුන් අමතන්නට සිදු වී. රජු හා මහා විහාර භික්ෂූහු නො සතුටු වූ. (1) සේන රජු සමයේ භික්ෂූ සමාජයේ තවත් භේද ඇති වී. එකල විරාංකුරාරොමයේ 4 වුසු භික්ෂුවක් සේන රජු ගේ උපකාරයෙන් තෙරවාදීනට විරුද්ධ ව ක්රිරයා කෙළේ ය. රාජරත්නකාර කාරයෝ ඒ භික්ෂූව තීර්ථක මහණෙකැ’යි යෙති 5. මුහු වජ්රු පර්වත නම් නිකායයට අයත් බවත් ඒ නිකායවාදින ගේ දහම වාජීරිය වාදය බවත් ඒ කාලයේදි ම රත්න කූටාදී ශාස්ත්රවයන් මෙහි දියුණු වූ බවත් පෙනේ 6. නීපලට දර්ශනය පිළිබඳ කරුණු ද මේ කාලයෙහි මෙහි ප්රරකට වූ බව සිතිමට ඉඩ ඇත් 7. මෙයින් (2) සේන රජහට තුන්නිකාය ම පිරිසුදු කිරීමට සිදු වි 8. තුන්නිකාය වාදීන් ම වාජීරිය වාදීනට විපක්ෂ වූ බව එයින් පැහැදිලි වේ. අභයුත්තර විහාරයේ පාංශුකූලික භික්ෂූණ් ගේ භේදය ද මේ කාලයේ



1. රා: ර: 26 පිට 2. ම:ව: XLII , 35 මේ ස්ථවීරයන් දේශයෙන් පැමිණි බවට නිකාය සංග්රකහකාරයෝ කියති. (නි: ස: 14) සද්ධර්මරත්නාකර කා‍රයෝ ද එසේ පවසත්. (ස: ර: 287) 3. ම: ව: XLIV , 74, 81 4. මේ අභයගිරි විහාරයේ අරමෙකි. 5. රා: ර: 28 පිට 6. නි; ස: 16, ස: ර: 288 7. රා: ර: 30 8. රා: ර: 28






(116)

ම වී 1. කොපමණ වෙහෙස වි (2) සේනරජ තුන් නිකාය පිරිසිදු කළත් (4) කාශ්යමප රජු ගේ සමයේ දී නැවතත් වියවුල් ඇති වී. එයින් දුශ්ශීලයෝයැ’යි පෙනී ගිය භීක්ෂූන් තෝරා පිට කිරිමට සිදු වී 2. මේ කාලයේ දී බොහෝ උගත් රජුන් ඇතිවූ හෙයින් ඒ කරුණු වඩා අපහසු නොවීයැ’යි සිතිය හැකිය. රජුනගෙන් ලත් මහත් භොගයන් නිසා භික්ෂූන් වහන්සේ ඉතා බලවත් වූථ සමහර විටෙක රාජයනට කරදර ඇති වීමෙන් භික්ෂූන් වහන්සේට භෝග හිඟ වී ගියේය. එකල්හි උන් වහ්නසේ පූර්වයෙහි තමහට අත්ව පැවැති ගම් විකොට ඉන් රැකුණූ සේක. සමහර විටෙක සැදැහැවත් රාජාදීන් විසින් මිලදී ගත්තවුන් ගෙන් පරෙලා රැගෙන උන් වහන්සේට පුදන ලදී 3.

මෙම කාල පරිච්ජේදයෙහි රාජයෝ තුන්නිකායයයෙහි ම භික්ෂූන්ට සංග්රගහ කිරිම විශේෂයෙන් සලකා කළහ. එසේ වුව ද තම තමනගේ පක්ෂයට වඩා උපකාර ගැනීමට උන්වහන්සේ උත්සාහ කළහ. මහා සේන මහා රාජය‍ා ගේ සමයෙහි කරන ලද සංග්රා මයෙන් මහා විහාරය ද අභයගිරි පක්ෂයේ ධර්ම රුචික භික්ෂූන් අත්කොට ගෙන සිටි හෙයින් ධාතුසේන රජ අඹතල විහාරය කරවා ථේරවාදිනට දෙන්නට අදහස් කෙළේ ය. ධර්මරුචිකයෝ එද තමනට ඉල්ලා ගතු ග 4 (1) කාශ්යනප රජු හා ථෙරවාදීහු නො කැමැතිව සිටියහ 5. (1) හෙතෙම රජ ධර්මරුචිකයනට සිය නමින් විහාරයක් කරවා දිනි 6. (1) කාශ්යකප රජුට සතුරුව පැමිණි (1) මුගලන් රජ ජය ගෙන නගර ප්ර6වේශනය කරන විට මහාවිහාර භික්ෂූන් වහන්සේ උහු පිළිගැන්මට සැදී පැහැදි සිට ගත් සේක 7. උන් වහන්සේ වෙතට පැමිණි මුගලන් රජතෙම ඒ පක්ෂය ම ගෙන නො සිට ඉතිරි දෙ නිකායයයේ භික්ෂීනු වහන්සේ ද දැකීමට ගියේ ය 8. හෙතෙම ධර්මරුචිකයනට විහාර පූජා කොට 9 සාගලික භික්ෂූනට ද 10 භික්ෂූණීන්ට ද 11 විහාර පිදි. රාජිනි විහාරය මුගලන් රජු විසින් සාගලික භික්ෂූණීන්ට පුදන ලද්දෙකි.

මේ කාල පරිච්ජේදය තුළ ආගම ධර්මය දියුණූ කිරීමෙන් ද රට වාසින් හා රාජ්යලයන් හික්මැවීමෙන් ද සාහිත්යූයේ දියුණූවට කටයුතු කෙරෙමින් ද වුසු භික්ෂූන් කීපදෙනකුන් වහන්සේ



1. ම: ව: LI, 52 2. ම: ව: LII, 10 3. ම: ව: XLIX, 26 4. ම: ව: XXXVIII, 75, 76 5. ම: ව: XXXIX;, 12 6. ම: ව: XXXIX, 15 7. ම: ව: XXXIX, 30, 33 8. ම: ව: XXXIX, 32 9. ම: ව: XXXIX, 41 10. ම: ව: XXXIX, 41 11. ම: ව: XXXVIII, 25, 42






(117)

ගැන අපට අසන්නට ලැබේ. ධාතුසේන රජහට උපකාරි වූ මහා නාම ස්ථවීරයන් වහන්සේ ඉන් ප්ර ධාන වන සේක. ධාතු සේන රාජයා ගේ පුත් වූ මුගලන් රජු ගේ කාලයෙහි දු මුන්වහන්සේ වුසු සේක. කාලවාපිය බැඳිම උන්වහන්සේගේ නියමයෙන් කැරැණූ බව ධර්ම්කීර්තිපාදයෝ පවසත් 1. (1) අක්බෝ රජු දවස වුසු මහාසීවහිමියින් ගැන වැඩි යමක් දැනගන්නට නැත්. එම කාලයෙහි ම වුසු දාඨාසිව හිමියෝ (1) අග්රදබෝධී රාජයා හට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනය කළහ 2. එ සමයෙහි ම ස්ථූපාරාමයේ වැඩවුසු ජෝතිපාල හිමියෝ වෛතුල්ය වාදීන් හා වාද කිරීමෙන් ප්රූකට වූහ 3. උන්වහන්සේ ස්තූපාරාම ප්රවතිසංස්කරණයෙහි හා එම පූජෝත්සවයෙහිත් ඉදිරිපත් ව ක්රිහයා කළහ. මුන් වහන්සේ දේශයෙන් පැමිණි ස්ථවීර තුමෙකැ’යි නිකාය සංග්රනහ කාරයෝ කියති 4. ‘දීපවාසි භික්ෂූන් පැරැදැවුහ” යන මහාවංශ කාරයන ගේ ප්රංකාශය ද ඒ පිළිගැනීමට සාක්ෂියෙකි. මේ කාලයෙහි ම වුසු මහා ධර්මකීර්ති නම් තෙර කෙනකුන් වහන්සේ පූජාවලී කාරයෝ ද රජාවලී කිරයෝ ද සඳහන් කෙරෙති 5. සිලාමේඝවර්ණ රජුට දුශ්ශීල භික්ෂූන් ගැන දැනුම් දී සිටි බෝධි තෙරුන් වහන්සේ බාලවියෙහි සිටි ව පෙනේ. දුශ්ශීලයන් විසින් පමුණූවන ලද අකාල මරණය නිසා උන් වහන්සේට ඉන් වැඩි යමක් කිරීමට අවකාශ ඇති නො වී. (2) කාහයප රුජ සමයෙහි ධර්ම ශාස්ත්ර ඥානයෙන් විශාරද වූ ධර්ම කථික තෙරුන් වහන්සේ නාගසාලායෙහි වැඩ වුසුහු 6. එකල්හි ම කටන්ධකාර වැසි හෙයින් එ නමින් ප්රලකට වූ හිමියෝ පෙළදහමෙහි විශාරද වූහ 7. (4) අක්බෝ රජු දවස නාගසාල‍ායෙහි දාඨාසීව නම් මහ තෙරපාණෝ වැඩ වුසු 8. උන් වහන්සේ ධර්ම දේශනයෙන් ජනයා හක්මැවු සේක. අභිධර්මමයෙහි විශේෂ නෛපුණ්ය් යෙන් ප්රනකට වූ ධර්ම මිත්ර ස්තවීරපාදයෝ සිත්තගාම පිරිවෙන්හි වැඩැ සිටියහ 9. එකල්හි ම වැඩ වුසු වනවාසි දාඨානාග හිමියෝ ද අභිධර්ම දේශනයෙහි අතිසමත් වූ 10.



1. ම:ව: XLII, 11 – 16 2. ම:ව: XLII, 22 3. ම:ව: XLII, 45, 47, 51, 60 4. ම:ව: 14 (පිට) 5. පූජා: 686, රා: ව: 54 6. ම:ව: XLV, 2 7. ම:ව: XLV, 3 8. ම:ව: XLV, 6, 11 9. ම:ව: XLIV, 35 10. ම:ව: LIV, 36 (භික්ෂූන් වහන්සේ පිළිබඳ තොරතුරු දනු රිසියනට සද්ධර්ම රත්නාකරය හා නිකාය සංග්රමහය ප්ර්යෝජනවත් වේ.)







(118) සාහිත්යයය. අනුරාධපුර පරිහානි සමයේ සිංහල සාහිතය වර්ධනයට ඇතිවූ බාධාවෝ බොහෝ වූ. ශාස්ත්රලගම පුහුණූ කැරැවීමෙහි දු ග්ර න්ත සම්පාදනයෙහි දු බෙහෙවින් භික්ෂූන් වහන්සේ යෙදී සිටි සේක. ශාස්ත්රහ උගන්නෝ පිරිවෙන් වැසි භික්ෂූන් වහන්සේ කරා පැමිණියහ. උන් වහ්නසේ ද්වීප භාෂාව කෙරෙහි මේ කාලයේ දි වැඩි ඇල්මෙකින් ක්රිමයා නො කළහ. ස්වකීය මවු සාහිත්යායක් නැත්තේ - උදාර වු සියබසක් නැත්තේ - කිසි ම ජාතික හැඟීමක් නැත්තෙකි. ජාතික ‍ඖදාර්යය - ජාතික හැඟීම - ජාතික ප්රෞැඪ භාවය - ස්වදේශාලය - යන මේ සියල්ල සාහිත්යැ පිට රඳා පවතී. එබඳු උදාර වූ ගුණයෙන් හෙබි පිරිසක් ඇති කිරීමට උන් වහන්සේ ගේ අදහසෙක් නො වීය. ජන්ම භාෂාව දියුණූ කොට නො ගත්තේ නිර්මාණ ශක්තියෙන් පිරිහෙයි. ජන්මයෙන් සිංහල වූයේ සිංහලයනට යෝග්යම වන සේ අන්යි භාෂාවෙකින් කෙසේ නිර්මාණ ශක්තියක් ලබා ද? කරුණූ මෙසේ වුවත් පරිවේණ‍ාධිපතීන් වහන්සේ සියල්ල ම දේශභාෂායෙන් උගන්වන්නට සැරැහුණූ සේක් ය. එය සිංහල සාහිත්ය්යට වූ බරපතළ පාඩුවෙකි.

පක්ෂ වශයෙන් බෙදී ගිය භික්ෂූන් වහන්සේ කඳවුරු බැඳ ගෙන සංග්රාාම ආරම්භ කොට ඒ ඒ පක්ෂයනට අයත් ග්ර නාථයන් දවාලීමෙහි යෙදුනු සේක. මෙසේ මේ ග්රකන්ථ දවාලන ලද වාර කිහිපයෙකි. එසේ ම දේශයෙන් පැමිණි සතුරන ගේ වියවුල් නිසා ගිහියනට ග්රදන්ථ සම්පාදනයට හෝ ඉගෙනීමට අවකාහ මඳ වි. මේ ආදී බොහෝ අපහසු කම් ඉවසා ගෙන ලද ලද අවසරින් ග්රටන්ථ සම්පාදනයෙහි යෙදි ක්රිබයා කළ ගිහි පැවිදි දෙපක්ෂයේ ම පඬිහු දු සාහිත්යන වර්ධනයෙහි ධෛර්ය දී ක්රිදයා කළ රාජයෝ ද ප්රයශංසාර්හයෝ වෙත්.

මෙම කාල පරිච්ඡේදයේ දී ග්රරන්ථ රාශියක් ම නිපදවා ලන ලද බව පිළිගැනීමට සාක්ෂි ඇත්. එසේ වුව ද ඉන් වැඩි කොටසක් ධර්ම ග්රදන්ථ වී. සාමාන්යී කරුණූ පිළිබඳ ව සිය බසින් ග්ර න්ථයක් සම්පාදනය වූ බවක් තදැනගන්නට නැත. සිය බස මෙතරම් නො තකා හැර දේශභාසාවන් මුදුන් මල් කළප් කළ ජනසමූහක් ජාතියක් වශයෙන් මෙපමණ කාලයක් මුත් පැවැතීම සතුටට කාරණයෙකි.









(119)


අනුරාධ පුර වර්ධන සමයෙහි බුද්ධධර්මය සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට වුවමනා සිංහල අටුවා සම්පාදනය කැරුණූ බව ප්ර කට කාරණයෙකි. එසේ වුව ද මුල් ධර්මය මගධ භාෂායෙන් පැවැති බව විශ්වාස කළ හැකි වේ. ඒ ප්ර ථමයෙන් මගධ භාෂායෙන් ම දේශීත හෙයිනි. ඒ සියල්ල සිංහලයනට තේරුම් ගැනීමට වුවමනා පමණට සිංහල අටුවා සම්පාදනය කරන ලදී. අනුරාධපුර ශ්රීැ සමෘද්ධිය පශ්චිමාන්තයේ ගැලෙත් ම දේශයනේ පැමිණි බුද්ධඝෝෂ මාහිමියෝ මෙහි පැවති සිංහල අටුවා පෙළ බසට නගා ලූහ. ඒ ප්රමශංසාර්හ ක්රිසයාවෙකි. එයින් සිංහල සාහිත්යටයට පහරක් වැදිණි’යි සැලකිම යුක්ති සහගත නො වේත කවර හෙයින් ද? බුද්ධඝෝෂ මා හිමියන් විසින් සිංහල අටුවා පෙළ බසට නගන ලද්දේ සිංහලයනට ප්ර්යෝජනයට ගැනිමට නො වේ. දේශයේ සිට උන් වහන්සේ මෙහි වැඩියේ ද්වීප වාසින් වෙත පැවැති ද්විප භාෂායෙන් වූ අටුවා දේශවාසින් ගේ ප්රවයෝජනය සඳහා දේශබාෂාවට නඟා ගෙන යාමට ය. ද්වීපවාසීන් මගධ භාෂාව උගැන්වීමට උන්වහන්සේ මෙහි නො වැඩියහ. කවර භාෂාවකට වුවද සිංහලයෙන් වූ ග්රවන්ථ‍යන් යම් කිසිවකු නඟාගෙන ගියාට ඉන් සිංහලයට වන හානි‍යක් නැති. දෝෂය නම් ද්වීපවාසී භික්ෂුන් වහන්සේ මගධ ‍භාෂායෙන් ම සිංහලයනට දහම උගන්වන්නටත් ග්රභන්ථ සම්පාදනය කිරීමටත් සැරැහිමයි. දේශ භාෂායෙන් වූ ග්ර්න්ථයන් බුද්ධඝෝෂ හිමියන් කළ සේ අනුගමා - ද්වීප භාෂාවට නඟනු වෙනුවට දේශ භාෂාවන් ගෙන් ම ග්රදන්ථ සම්පාදනයට සැරැසීම සිංහල සාහිත්යදයට මහත් පාඩුවක් වී. කොතරම් දුරට උන් වහන්සේ දේශ මාමක වූ සේක් ද යත් මෑත භාගයෙහි වූවනට සිංහලය සංස්කෘතයෙන් හෝ පාළියෙන් හෝ හට ගත් භාසාවක් යැ’යි සලකන්නට සිදු වන තැනට ඒ පත් වී. එහි විපාක වශයනේ නවින කාලයෙහි පඬිවරයෝ පෙළ වියරණින් හා සකු වියරණින් හෙළ බස උගන්වන්නට පවා නිර්භය ව ඉදිරි පත් වූ. ඒ කො තරම් හාස්යවජනක ද යනු ඌ ම නො දත්හ.

කරුණූ මෙසේ වුවත් අනුරාධපුර කාලපරිච්ඡේදය අවසාන වන තෙක් ම ශ්රීස සමෘද්ධිය පැවැති කාලයේ කැරැණු සිංහල අටුවා පැවැති බව විශ්වාස කිරීමට කරුණු පැනේ 1.



1. දහම්පියා අටුවා ගැටපද සන්නක ර (3) කසුබුරජ තෙමේ හෙල අටුවා වක් හා අදන් අටුවාවක් සඳහන් කෙරෙති. (අ: ද: ගැ: I , 103 පිට) (ජයතිලක මුද්රෙණය)






(120)

පරිහානි කාලපරිච්ඡේදයේ දී ගොතනලදැයි අප දන්නා ප්ර ථම ග්රබන්ථය දික් සඳ සෙනෙවියා පිරිවෙන් වැසි මහා නාම හිමියන ගේ මහාවංහය’යි. ධාතුසේන රජු ගේ බාල අවස්ථාවයෙහි දු එම පිරිවෙන් වැසි වූ මුන් වහ්නසේ (1) මුගලන් රජු සමයේ ද වැඩැ වුසු. එහෙයින් මහාවංශය මුගලන් රජු ගේ රාජ්යබකාලයේ දී ගොතන ලද වව සිතිය හැක. හෙළදිව් වැස්සනට ද්වීපවංශය උගැන්වීමට අදහස් කළ මහානාම හිමියෝ ද ඒ මගධ භාෂායෙන් ගෙතු. එකල ලක්දිව වුසු සිංහලයෝ කීදෙනෙක් මාගාධී බාෂාව දැන සිටියෝ ද? මහාජනයා ගේ ප්ර යෝජනය සඳහා සම්පාදනය කරන ග්රබන්ධයක් උගතුන් කීපදෙනෙකුට පමණක් කියවා තේරුම් ගත හැකි පර භාෂාවෙකින් ගෙතීම පුදුමයෙකි. මහානාම මාහිමියන් සිංහලයකු බවට නම් කිසිමි සැකයෙක් නැති. මෙයින් පෙනී යන්නේ සිය බස මඳකුදු නො තකා මගධ ‍භාෂාව කිරුළු කොට ගැන්මෙහි එකල පඬුවන් ආශායෙන් සිටි බව ය. එසේ කල සිංහල සාහිත්යවය කෙසේ දියුණූ වේ ද? මගධ දේශයෙන් ලත් ආගම අදහන හෙයින් භාෂාව ද මගධ බවට පමුණුවා තමනුදු මාගාධියන් ‍වන්නට මොවුන් අදහස් කළ බව මින් පෙනේ. මේ මාගාධීය ව්යධවහාරය බුද්ධඝෝෂ මාහිමියන ගෙන් බෝ වී යැ’යි සිතීමට අවකාශ නැති. එකල දේශවාසී වූ ද ද්වීපවාසී වූ ද භික්ෂූන් වහන්සේට අ‍න්යොටන්යග ආශ්රලයෙහි මගධ භාෂාව ඉවහල් ව පැවැත්තේ යැ’යි සිතිය හැක. බුද්ධඝෝෂ මාහිමියන ගේ දක්ෂ තාවය විමසනු සඳහා ද්වීපවාසි භික්ෂූන් වහන්සේ ගාථාවන් දුන් සේක. පළමු දු මාගාධීය ව්ය යහාරය නො පැවැත්තේ නම් ඒ නො විය හැක. එ හෙයින් මහානාම හිමියන ගේ මහාවංශ කරණයෙහි මගධ භාෂාව බුද්ධඝෝෂ අටුවා ආචාර්යයන් වහන්සේ ‍ගෙන් පහළ වී යැ’යි නො කිව හැක.

මහානාම මාහිමියනට අදහස් කළ පරිදි ස්වකීය ග්රගන්ථය අවසාන කොට නො ගත හැකි වූ බව පෙනේ. උන්වහන්සේ ගේ අවසාන කාලයෙහි මේ ආරම්භ කරන ලද බව ඉන් සිතත හැක. පරිච්ඡේද තිස්හයෙකින් හා අවසාන නුවු තිස් හත් වන පරිච්ඡේදයක අර්ධයෙකින් ච යුත් එය වටහා ඉතිහාස ග්රින්ථයෙකි. එහෙත් සිංහල භාෂාව පමණක් දත්තවුනට එම ග්රයන්ථයෙන් ප්ර‍යෝජන ගැනීමට නො හැකි විම මහානාම මාහිමියන ගේ උත්සාහයේ ප්රවතිඵල අල්පවීමට කාරණයක් බව කීමට තනගාටු වමු.








(121)

ධාතුසේන රජු ‍ගේ පුත්රපයකු වූ සීගිරි කාශ්යාප නමින් ප්රහකට (1) කාශ්යැප රජ ග්රුන්ථයන් ලියැවිම කළ බව සඳහන් වේ 1. එකල්හි සෑහෙන පමණ ග්රහන්ථයන් පැවැති බව ඉන් පෙනේ. ඒ ග්රනන්ථයන ගෙන් කිහිපයක්වත් සිංහල ග්රගන්ථ විය හැකි. එ හෙයින් දුෂ්ටයෙකැ’යි ඉතිහාසකාරයන් විසින් සම්මත වුව ද (1) කාශ්යවප රජ සාහිත්ය් වර්ධනයට උපකාරී වූ හෙයින් ප්රසශංසා ලැබිය යුත්තෙකි. (1) මුගලන් රජු ධර්මය සහිත ශාසනය ශූද්ධ කෙළේ ල 1. දර්මය ශුද්ධ කිරීමේදී හෙල අටුවා ආදිය ද ඉදිරිපත් කැරෙන්නට ඇත. මෙබඳු කුරුණු දු සාහිත්යැ වර්ධනයට හේතු වේ. (1) මුගලන් රජු ගේ පුත්ර් කුමාර ‍ධාතුසේන රජු ද සංගීතියෙන් ධර්මය පිරිසිදු කෙළේ ල 2. මේ රජු ජාණකීමරණ නම් සංස්කාත මහා කාව්යනයක් කළ බවක් සිංහල ග්රලන්ථකා‍රයෝ කියති. එසේ වුව ද ඌ සියල්ලෝ ම කුමාරදාස නමින් රජු ගේ නාමය දක්වති. පුදුම වෘත්තාන්තයක් සහිත මෙම පුවත කෙතෙක් දුරට සත්යසදැ’යි මේ තෙක් විසඳා නො කිය හැකි. මෙම ශ්රේකෂ්ඨතර ග්රතන්ථය පවා සම්පූර්ණයෙන් දක්නට නැති වීම බලවත් පාඩුවෙකි. මහා නාම හිමියන් මහාවංශය මගධ භාෂායෙන් ගෙතු සේ ම කුමාරදාසයෝ ද ජාණකීහරණය සංස්කෘතයෙන් ගෙතූ හ. ඒ බමුණනට රස විද ගැනිමට හෝ බමුණනට සංස්කෘත භාෂා නෛපුණ්යෘ මහිමය දැක්වීමට හෝ ගොතන ලද දැයි නො දනුමු. මෙහි රසයෙන් මතු වූ කාලිදාස නම් බමුණූ කිවියකු කුමාරදාසයන් දක්නට මෙ රටට ගොඩබට බවත් තෙටෙහි සිට නුවරට එන අතර ම‍ඟ සිංහල ස්වේච්ඡාචාරි ලියක ගේ රස පහසට ලොබින් ගොස් ඇය ගෙන් දිවි තොර කරවා ගත් බවත් ඒ දත් කුමාරදාසයන් උහු ගේ සොහොන් ගින්නට වැ ද මළ බවත් වෘත්තාන්තයන ගෙන් ප්රාකාශ වේ. එසේ වුව ද මහා වංශකාරයෝ මේ ගැන කිසිත් නො කියා නිසොල්මන් වෙති. අප විසින් ඇසීමට ඉතා ආයාශයෙන් කන් යොමා සිටින සමහර කාරණයන් ගැන මඳ කුදු නො පවසා මහාවංශකාරයන් නිශ්ශබ්ද වීම පුදුමයට කාරණයෙක් නො වේ. නමුත් කුමාර ධාතුසේන යැ’යි මහාවංශකාරයන් මේ රජු ගේ නාමය වරදවා ලියති’යි සිතීම නම් පුදුමයෙකි. එබඳු වැරැදිමක් ධර්මකීර්තිපාදයනට වීමට කාරණයෙක් නොමැත්. මුත්ත



1. ම: ව: XXXIX, 18 2. ම: ව: XXXIX, 57 3. ම: ව: XLI, 2








(122)

ණුවන ගේ නාමය ධාතුසේන ය. (1) මුගලන් රජ ස්වකීය පුත්රොයාට පෙම්වත් පියා ගේ නාමය තබන්නට ඇතැයි විශ්වාස කළ හැක. එ හෙයින් මේ රජු ‍ගේ නාමය කුමාරදැස’යි සිතීමට ඉ‍ඩෙක් නැති. එපමණකුත් නො වේ. අපට අවශ්යකයෙන් ම වුවමනා කරුණු දු ධර්ම කිර්තිපාදයෝ නො කියා ද හළහ. එසේ වුවත් අසත්යන වූ පුවතකුත් උන් වහන්සේ නො ද සඳහන් කළහ. අනෙක් අතට (1) මුගලන් රජ දේශයට ගොස් නිගණ්ඨයන් ආශ්රා්යහි සිටි හෙයින් සිවකීය පුත්රහයා හට සංස්කෘත භාෂාව මැනැවින් උගන්වන්නට ඇතැ’යි ද අටළොස් වසක් ම එහි වුසු හෙයින් එයට වයුවමනා පරිදි අවකාශ ඇතිවීයැ’යිද සිතිය හැක. මෑත කාලයෙහි දිඹූලාගල ධර්මකීර්ති හිමියන ගේ රූපාවතාර නම් සංස්කෘත ව්යාකකරණය ඉතා උසස් කොට දේශයෙහි පඬුවෝත් පසසිත්. බමුණන ගේ සංස්කෘත භාෂාවට බමුණන ගෙන් ම පැසැසුම් ලැබීමට සුදුසු ව්යා.කාරණයක මෙහි වැසියකු කළ හැකි නම් කාව්ය්යක් ගෙතිමට සංස්කෘත ඥානය දේශයට යැමෙන් පමණක් නො ව මෙහි දීත් ලබා ගන්නට නො හැකි යැ’යි සිතීමට අවකාශ නැත. ජාණකීහරණ කාරයෝ ද තමා කුමාරදැසැ’යි යෙති. රජබවක් නො සඳහන් කෙරෙති. අන්යල කාලිදාසයකු විනා මහා කවි කාලිදාසයෝ ද මෙකල්හි නුවු. කෙ සේ වුවත් සිංහල සාහිත්යවයට ප්රියෝජනයක් නුවු. මෙම ග්රුන්ථකාරයන් ගැන කරුණු පැවැසීමට මෙහි ලා අපට මෙපම‍ණෙකු දු අවසර නැති.

අඹහෙරණ සලමේවන් යැ’යි ප්රසකට සිලාකාල රජු දවස කසීරට බමුණෙක් දහම් ධාතුවක් මෙහි ගෙන ආවේල 1. දහම් ධාතු නම් ධර්මය ලියවූ ග්රණන්ථයෝ ය. එසේ වුව ද මේ සිංහල ග්රමන්ථයෙක් නො වේ. බරණැසින් ගෙන ආ හෙයින් සංස්කෘත හෝ මාගාධි ග්රනන්ථයක් විය හැක. අමුතු අමුතු ධර්මයන් අමුතු අමුතු මතයන් පහලවීම සාහිත්ය් වර්ධනයට හේතුවෙකි. අලුත් ශාස්ත්රරයන් නිපදවා ලීම හෝ ඉගෙනීම ද එසේ ම සාහිත්ය වර්ධනයෙහි කාරණාය. ඒ ඒ ධර්මයන් හෝ විද්යා වන් පිළිබඳ ව ග්රආන්ථ සම්පාදනයෙන් භාෂාව පෝෂ්යත වේ. කරුණූ එසේ වුව ද සමහර කලෙක අමුතු ව යම් දහමක් ලියැවුණ ද වෛතුල්යද විසින් නසන ලදී. සිලාකාල රජුත් පොත් දැවු බව අසන්නට ලැබේ 2. මේ සාපරාධ ක්රිහයාව පින්කමෙකැ’යි



1. ම:ව: XLI, 37 නි: ස: 14 පිට 2. රා: ර: 28, 27 පිටු






(123)

අනෙක් පක්ෂයේ භික්ෂූන් වහන්සේ සිතා වදාළහ. තමන් ගත් මග ම - තමන් උගත් දහම ම - තමන් දුටු නය ම - පරමැ’යි සිතීම ගැන දෝෂයෙක් නො කිය හැක. එහෙන් අනුන් ගත් මග - අනුන් උගත් දහම - අනුන් දුටු නය - අන්නටත් එසේම පරමැ’යි වැටැහෙන බව නො සිතිම වරදෙකි. කවරක් නිරවද්ය වුවත් වරදෙක් නැති. උගත්තෝ විමසා බලා සරු ‍දැයක් ම තෝරා ගනිත්. නිසරු දැය ඒ රිසියනට ශේෂ වේ. ඒ නිසා තමන් ගත් දහම බෙලෙන් අනුන් ගන්වන්ට සැරැහීම යෝග්යැ නො වේ. ථෙරවාදිහු තම න්යාතය නිරවද්ය් සේ සිතති. වෛතුල්යි යෝ ද තමන ගේ නය ගැන එසේ ම සිතති. වෛතුල්ය යෝද තමන ගේ නය ගැන එසේ ම සිතති. එ හෙයින් එක කුදු නැස්ම මහා අපරාධයෙකි. එමෙන් ම ඒ පිළිබඳ වූ ග්ර න්ථ යන් පිළිස්සීම සාහිත්යුයට මරු පහරෙකි. ‍මහා සතුරු කමෙකි.

සිලාකාල රජු ගේ පුත්ර‍ (2) මුගලන් රජ තෙම අටුවා සහිත තුන්පිටකය කියැවිමෙන් ද තුන්පිටකය ලියැවීමෙන් ද කාව්යායන ගොතා ඇතුන් පිට නැඟුන වුන් ලවා නගරයේ වීථියක් පාසා ධර්මදේශනාවසානයෙහි කියැවීමෙන් ද පුණ්යලකර්මයත් හා සාහිතය සංග්ර්හයක් කෙළේ ය. ගිහියන් බොහෝ දුරට ස්වභාෂාව මැඬීමට උත්සාහ ගත් බව මින් පෙනේ.

පලමුවන අක්බෝ රුජ ‍ගේ කාලය සිංහල සාහිත්ය යට භාග්ය වත් වී යැ’යි සිතීමට අවකාශ ඇති. ඒ කාලයේදී බොහෝ කිවියෝ නානා ප්රයකාර ධර්මයන් සිය බසින් ගෙතූ. කාව්ය යනගෙන් ප්රකකාශ කළහ. අභාග්යරයකට මෙන් ඒ කාලයේ කැරැණු එක ද කාව්ය යෙක් වත් අද දක්නට නැත්. සතුරන් විසින් නසන ලද හෙයිනි. සිංහල සාහිත්යායට හිතැත්තෝ (1) අක්බෝ රජුගේ කාලයට ගෞරවාදර දක්වත්. මේ කාලපරිද්ඡේදයේ සිටි මහා කිවීන් අතුරෙහි 1 සිංහල




1. පළමුවන අක්බෝ රජු සමයෙහි දොළොස් මහ කිවියන් විසු බව සිංහල ග්රයන්ථකාරයෝ කියති. එසේ වුවද ඔවුන ගේ කෘතීන් තබා නාමයන් වත් වියවුල් නො වන සේ නො සඳහන් වේත පූජාවලිකාරයෝ එක් අයුරෙකින් පැවැසු. නිකාය සංග්රොහකාරයෝ ද සද්ධර්මරත්නාකර කාරයෝ ද රාජවලිකාරයෝ ද අන් අන් ලෙසෙකින් පවසත්. එ හෙයින් මහත්ව්යාලකූල ස්වභාවයෙකින් ඒ නාම ලේඛනයෝ පවතිත්. එයින් පූජාවලීකාරයන ගේ ලේඛනය පිරිසිදු කොට නිරවුල් කොට ගත් කල්හි බොහෝ දුරට නිරවද්යක නාමයන් සොයා ගත හැකි වේ. දැනට මුද්රිහත ග්රදන්ථයන්හි කිවියන් දොළෙ‍ාස් දෙනකු ගේ නාම වුවමනා හෙයින් ලුහුඬින් පැවැසුණු තැන්





(124)

කාන්තාවනුදු ඇති වීම මහත් සතුටට කාරණයෙකි. අග්ර බෝධි රාජයා ගේ දූ වූ මලයරාජ භාර්යා තොමෝ ද මහා කිවීන් අතුරෙහි බැබළුණු. එකල ශාස්ත්රාගගම ඉගෙනීම‍භට සිංහල ස්ත්රිතනට කො තරම් අවකාශ ඇති වී ද යනු මින් පෙනේ. මෙම කාලයේ දී නියම බෞද්ධ ශිෂ්ඨාචාරයේ ප්රරධානාංගයන් නො නැසි පැවැති බවට මේ කිදම නිදසුනෙකි. අභාග්යර නම් ඇය ගේ කාව්ය යනගෙන් එකකුදු මෙකල නොමැති වීම’ය. එක් කවක් නමුදු විනම් ඒ අපගේ කොත තරම් බුහුමනකට භාජන වේ ද? ජෝතිපාල හිමියන් හා අවුලක් කොට ගත් දංෂ්ට්රාම ප්රවභූති ආදිපාදයන් ‍ද මෙකල සිටි මහවියතුන් අතුරෙහි ප්රුකට කෙනකුන් වුසු බව සැලැකිය හැක. කිවියකු වශයෙන් සැලැකෙන ධාර්මික මහ තෙරණුවෝ ද මෙකල වැඩවුසු. (3) මුගලන් රජු ගේ ශාසන ශුද්ධියෙන් 1 කෙතෙක් දුරට සාහිත්ය යට වැඩ හෝ අවැඩ වි දැ යි නො කිය හැකි. (3) දෙටුතිස් රජු ගේ මෙහෙසිය මහණ ව අර්ථ සහිත අභිධර්මය උගත් බව මහාවංශ කාරයෝ කියති. එයින් එකල්හි දු ස්ත්රීය පක්ෂයේ ඉගෙනීම උසස් ව පැවැති බව පෙනේ. (2) කාශ්ය ප රජ සාර සංග්ර හයක් සහිත පෙළ ලියවා දුන්නේ ල 2. ඒ කාන්තයෙන් මේ සාරසංග්ර හය ස්වභාෂායෙන් කැරුණක් විය හැකි. එහෙයින් ඒ සිංහල සාහිත්‍යයට කරන ලද සංග්රාහයක් විය යුතු. ධර්මමිත්රළ නම් හිමියෝ අර්ථ වර්ණනා සහිත අභිධර්මය ලියූ. අර්ථ වර්ණනාව නම් සිය බසින් කරන ලද්දක් විය යුතු.



නො බලා නම දොළොස සම්පූර්ණ කිරීමට එක නමෙකින් ‍කොටසක් තවත් නමකය එක් කිරීම්, නාමයන් කොටස් දෙකට තුනට කැඩීම් ආදියෙන් දූෂිත වූ ලේඛන ම දක්නට ලැබේ. සියලුම ලේඛනයන් බලන්න හුට ඒ බොහෝ දුරට පිරිසිදු කර ගත හැක. නිදර්ශනයක් වශයෙන් කාශ්යුප කාට ඈපාණන් ගේ නාමය ‍එක් පොතක කසුබුකොට ඈපා යැ’යි දැක් වෙත තවෙකක කසුබු, කොට ඈපායැ’යි නම් දෙකක් ව සඳහන් නේ. තවෙකෙක සුබු කොට ඈපායැ’යි නම් තුනක් වශයෙන් දැක්වේ. ලහෙත් “සක්දා මල් නම” ඈ විසින් “තම” යන්නක් යෙදීමේන මෙ බඳු අව්ලකට ඉඩ නො තබා සද්ධර්ම රත්නාකර කාර ධම්මදින්න ආචාරය හිමියෝ නාම මාලාව පැහැදිලි ව ප්රබකාශ කළහ. පූජාවලී මුද්රහණ කාරයෝ තෙ මල් යනු එක් නමක් කොට ගෙන ඉන් වූ පාඩුව පිරිමැසීමට කසුප් කොට ඈපා යනු තුනකට කඩා දක්වති. රාජාවලීකාරයන ගේ ප්ර්කාශය ආකූල ව්යාිකූල ය. වන්නි රාජාවලීකාරයන ගේ ප්ර කාශය ද එසේ ම ය. (රා: ව: 54 නි: ස: 15 පු: ව: 686 ස:රඥ 288)

1. ම:ව: XLIV, 47 2. ම:ව: LV, 3








(125)

මේ කාලපරිච්ඡේදයා ගේ අවසාන භාගයෙහි දි නානා ශාස්ත්රකයන්හි දු ධර්මයෙහි දු දක්ෂවූ ගිහියනුත් වුසු බව අසන්නට ලැබිම සතුටට කාරණයෙකි. භික්ෂූන් වහන්සේට ධර්මය තෝරා කියා දීමෙහි පවා දක්ෂ අගත් රාජයෝ මෙම කාලයේ වුසු. (5) කාශ්ය ප රජු ද (4) සේන රජ් ද භික්ෂූන් පිරිවරාහිඳ දහම් දෙසූ බව මහා වංශකාරයෝ පවසත් 4. (5) කාශ්යුප රජ සාහිත්යක වර්ධනයට මහෝපකාරී ව ක්රිවයා කළ බව පැහැදිලිව ම පෙනේ. ධම්මසංඝනි නම් ග්රින්ථයක් මේ රජු ගේ මහත් සම්මානයට හේතු වී ල 2. එපමණක් නො ව අභිධර්ම පිටකය ද මේ රජු විසින් ලියවා පුදන ලදි 3. (5) කාශ්යභප රජු ගේ කෘතියක් වන දහම්පියා අටුවා ගැටපද සන්නය ප්රනස්තුත කාලපරිච්ඡේදයේ ලියන ලද ස්වභාෂාමය ග්රේන්ථයන් ගෙන් දැනට අපට දක්නට ඇති එක ම ගද්යක ග්රනන්ථය වේත අවරගිරි කසුබුවන් ගේ ආරාධනයෙන් සලමේවන් නිරිඳුන් කළැ’යි පැවැසෙන සියබස් ලකර නම් පද්ය ග්රුන්ථයෙක්ද වේ. 4. අලඬ්කාර හාස්ත්රපය උගන්වනු පිණිස දණ්ඩ්යා‍චාරය යන ගේ කාව්ය් දර්ශනය නම් සංස්කෘත ග්ර්න්ථය සියබසට නගා එය කළ බව පෙනේ.

ධර්මශාස්ත්ර ය පමණක් නො ව සෙ‍සු විද්යාපවනුදු ඉගෙනීමට ග්රයන්ථයක් සියබසින් සම්පාදනය වී යැ’යි සිතීමට අවකාශ ඇති. එසේ වුවත් නැකැත් ශාස්ත්රිය. වෛද්යිශාස්ත්රනය ආදී ශාස්ත්රන උගතුවෝ බෙහෙවින් සංස්කෘත ග්රින්ථාශ්ර.යෙන් ම උගත් හ 5. එ හෙයින් සංස්කාත ග්රීන්ථයනට අර්ථ විවරණ ආදිය සැපැයෙන්නට ඇතුවාට සැක නැති. ඒ නවින කාලයෙහි සන්න ලිවීම සේ විස්මය ජනක නුවු බව දහම් පියා අටුවා ගැටපද සන්නයෙන් පෙනේ. “මම පද බැඳැ කියමි” යන්නට “අස්මත්වාච්ය යා පද්යාපන්ධනය කොට කථනය කෙරෙමි” යි එ වකට විසුවෝ අරුත් නුබුණ.



1. ම: ව: LII, 48, 49 හා LIV, 4 2. ම: ව: LII, 50 3. ම: ව: LII, 50‍ මේ රුජගේ උගත් බව මහා වංශකාරයෝ වර්ණනා කෙරෙති. (ම: ව: LII, 82) 4. මේ පළමුවැනි සේන රජුගේ කෘතියෙකැයි සියබස් ලකර මුද්රඋණ කාරයන ගේ ප්රකකාශය පිළිගැනීමට සැහෙන කරුණු නො පෙනේ. 5. බුජස් රජුන් සාරාර්ථ සංග්රසහයක් ශ්රීග සමෘද්ධ කාලයේ කළ බව පැවැසෙතු දු ඒ කවර බසින් දැයි නො දනුමු. (අන්මානයෙන් නම් එය සිංහල ග්රයන්ථයෙකැයි කිව හැක)








(126)

සත්වැනි අග්ර)බෝධි රජ ඕෂධීවිද්යාිව මැනැවින් උගත්තේ යැ යි මහාවංශ කාරයෝ කියති 1. රටවැසියා ‍ගේ යහපත පිණිස කවර කවර පැළෑටීන් ගෙන් ප්රයයෝජන ලැබේ ද කවර කවර පැලෑටීහු අන්තරාය කාරීහු වෙත් ද යනු දැනැ ගැන්මට ඒ රාජයා වුවමනා කෙළේය. මේ ශාස්ත්රරය පිළිබඳව සිය බසින් ලියැවුණු ග්ර්න්ථයක් අද දක්නට නැති. මෙම කාලයේ ගණිත ශාස්ත්ර යෙහි උගත්තෝ ද වුසු 2. එද සියබසින් වීයැ’යි සිතීමට සැහෙන පමණ කරුණු මේ තෙක් නොදක්මු.

පළමු වන උදය රජ තමන ගේ විනිශ්චය ග්රසන්ථයන් ක්රණමානුකූලව පිළි‍යෙළ කොට රජ ගෙහි තැබූ බව ප්රිකාශ වේ. 3 මේ ග්රූන්ථ සිය බසින් ම සම්පාදනය කරන කද බවට නම් සැකයෙක් නැති. තමන් විසින් දෙන ලද විනිශ්චයයන් පොත්හි සටහන් කොට තැබීම රාජයකු ගේ කො තරම් වටනා උසස් ක්රි යාවෙක්ද? එදේ වුව ද එම පොත් සතුරන් අතින් විනාශ වී යෑම අභාග්යනයෙකි.

ලිපි ද්ර්ව්යන :- මෙම කාල පරිච්ඡේදයේ දි ලිවීම පිණිස භාවිත වූයේ තලපත් හා පන්හිඳ නමින් ප්රරකට උල්කටු ය. ග්ර න්ථ සම්පාදනයෙහි විශේෂයෙන් තල පත්රව ම භාවිත වුව ද සාමාන්යය ලිපියක් සඳහා තල්පත්ර‍යක් භාවිත වී. ධාතුසේන රජ වැටකේ පතෙක ලියු හසුනක් පුත්ර යාට දක්වනු පිණිස රියදුරා අතට දිනිල. බොහෝ කල් පවත්නා පිණිස ත් මහා ජනයා ගේ දැන ගැනීම පිණිස ත් අදහස් කරන ලද ලේඛනයන් සෙල්පුවරු, සෙල්ටැම් යන තන්හි කොටවා තැබීම සිරිත වී. විශේෂයෙන් ම රාජකිය ප්රනකාශයන් සෙල් ලිපියෙන් දැක්විණි. මෙම කාල පරිච්ඡේදයේ අවසාන භාලයට අයත් සෙල් ලිපි මහත් රාශියක් ඇති වීම ඉතිහාසය උගන්නනට ප්රීවතියට කාරණයෙකි.

නානා ප්රපකාර වූ විද්යාණවන් මෙවකට සිංහලයන් දැන සිටි බව සැක රහිත ව ම සිතිමට සැහෙන පමණ කරුණූ ඇති. ජ්යොවතිශශාස්ත්රිය වෛද්යඡශාසත්රේය ඕෂධීවිද්යාමව ආදිය පිළිබඳ ඔවුන ගේ දැනීම විශේෂයෙන් සංස්කෘත භාෂාවගේ ආශ්රමයෙන් විය හැක. එසේ වුව ද මෙම විද්යාෙවන් පිළිබඳ ග්ර න්ථ‍යන් සිය බසට නගන ලද බව ද සැලැකීමට හැකි වේ. අලඬ්කාර



1. ම: ව: XLVIII, 72 2. ම: ව: XLIX, 21






(127)

ශාස්ත්රබය පිලිබඳ සංස්කෘත ග්රLන්ථයක් එක් සිංහල රාජයකු විසින් සියබස් ලකර යන නමින් සිංහලයට නගන ලද නම් අන්ය් ශාස්ත්රනයන් පිළීබඳ ග්රුන්ථයන් එසේ සියබසට නො නගන ලදැයි නිසැකව කිය නො හැක. ඒ ඒ තැන චෛත්යපයනට වීදුරු සුබුළු තැබැවීමෙන් විදුලිය පිළිබඳ ව සිංහලයන් දැනැ සිටි බව ප්රනකාශ වේ. එ සේ වුව ද ඒ පිළිබඳ ග්ර න්ථයන් පැවැති බවෙක් නම් නො පෙනේ. එ හෙයින් ඒ දැන්ම පරාම්පරාගත ව හිමි වූවක් විය හැක. පාලිභාෂාව ගේ ආශ්රයයෙන් ධර්මඥානය විනා අන් කිසිවක් බලාපොරොත්තු වූ බවක් විශ්වාස කළ නො හැක. ගොඩනැගිලි කර්මානතයෙහි සිංහලයන් විශේෂයෙන් දක්ෂ වුව ද ඒ පිළිබඳ ව සිය බසින් ලියන ලද ග්රතන්ථයන් පැවැති බවක් කිය නො හැක. වැව් කර්මාන්තය සඳහා සිංහල කාර්මඥයන් කාශ්මීර දේශයට ද කැඳවන ලද බව රාජ තරංගණී කාරයෝ කියති. මහා උමං තැනිමෙහි දු සිංහලයෝ දක්ෂ ව වුසු. මෙම ශිල්ප ශාස්ත්රයයන් පිළිබඳ ව සම්පාදිත ග්රමන්ථයන් නො වනීම සාහිත්යකයේ අසම්පූර්ණ බවට කාරණයෙකි.

නාගරික වාසය හා ග්රා ම වාසය :- රට වැස්සේ බෙහෙවින් ගැමියෝ වූ. ඔවුන‍ගේ බොහෝ දෙනෙක් ගොවීහුය. නාගරිකයෝ කාර්මිකයෝ වූ. වෙළෙන්දෝ ද නාගරිකයෝම වූ. ප්රාථ‍මයෙන් නාගරිකයන්ගේ ගණන අතිවිශාල වුවත් අනුරාධපුර පිරිහීම් සමය අවසන් වන විට ඒ ක්රථමයෙන් හීන වූ බව පෙනේ. මහා නගරය අනුරාධපුරය වි. එහි නානා ප්රඒකාර කර්මාන්තයන්හි නියුක්ත වූවෝ වෙන් වෙන් වීතීන්හි වුසු. එහෙයින් ඒ ඒ දැය මිලදී ගැන්මට හෝ ඒ ඒ කැමෙහි වුවමනා වූවකු සොයා ගැන්මට හෝ අපහසු නො වී. පිට පෙදෙසින් පැමිණි වෙළෙදෝ ද එහි ඒ ඒ තැන වුසු. නගරයේ පසෙක ළං ළං වම පැවැති විහාරාරාමයන ගෙන් ගැවැසි මහාමේඝ වනෝද්යාවනය වේ. අනෙක් පස්හි ක්රීාඩා උද්යාාන නහන පොකුණු නෘත්යෝශාලා දර්ශනශාලා - ගිමන්හල් - වෙදහල් - දන්හල් ආදිය වී. අන්ධ ගොළු බිහිරි ජනයනට පිහිට පිණිස තනවන ලද ශාල‍ාවෝ ද නගරාසන්නයෙහි වූ. වෛද්යි ශාලාවන්හි මිනිස්නට පමණක් නොව තිරිසන් සත්නට ද පිළියම් කිරීම සිරිත වී. තිරිසනුන්නට සංග්රිහ කිරිම වටිනා ක්රි යාවක් වශයෙන් සැලැකිණි. ඇතුළු නගරාකාශය නානා ප්රනකාර ගොඩනැගිලි කොතින් හා ධජයන ගෙන් ආකූල වි. විහාරාමයන ගේ කොත් හා සත්යට








(128)

දිලියෙන උස් වූ දාගොප්හි කොත් බොහෝ දුරෙහි පෙනේ. වීථීහු දද වැලින් සැරැසි තොරණින් යුත්වී. වීථීන්හි දෙ පාර්ශවයෝෙ කළු වැල්ලෙන් ද මධ්යි භාගයෙහි සුදු වැල්ලෙන් ද අතරන ලදහ. වීථී පාර්ශ්වයන්හි පුෂ්ප පුරා ලු බඳුන් හා පහන් ගත් අත් ඇති ප්රඅතිරූප යෝ වූ දුනුවායන් ගෙන් හා කඩුසරමයෙහි පුහුණු වූවන ගෙන් යුක්ත වූ රාජකීය භට හමුදාවෝ වීථීන්හි නිබඳ ව සඤ්චරණය කළහ. ඇත්, අස්රිය, ආදි වාහනාරූඪ වූ ද පාගමනෙහි යෙදුනා වු ද පරායන ගෙන් විථිහු ගහණ වූ. නානා දේහයන්හි වූ නෘත්යූ ගීතයන් දක්වන ක්රීරඩාකරුවෝ ඒ ඒ තන්හි රැඟුම් කෙරෙති. සදවක් වීථිය, සිඟුරුවක් වීථීය, රජමහ වීථිය, මහවැලි වීථිය ආදි ප්රිධාන වීථීන් ගේ දෙ පස ඒකාබද්ධ වම ගොඩනැගිලි වී. සඳවත් වීථිය බද ගාහ එකොළොස් දහසක් බවත් ඉන් බොහොමයක් දෙමහල් පහයන් බවත් සටහන් ආශ්රවයෙන් දත හැකි. ප්රා සාද මත්තෙහි වූ කාන්තාවෝ මාර්ගයෙහි වූ නානාප්ර කාර බලමින් ද ඔවුන් ප්රාශංසායෙන් සනහමින්ද තුටු වූ. බෞද්ධ ශිෂ්ටාචාරය බලවත් වූ කල්හි නාගරික කාන්තාවෝ සම්පූර්ණ නිදහස ඇතිව ක්රිතයා කළහ. සුළු වීථි දෙ පස නානා ප්රනකාර කර්මාන්ත කාරයන ගේ වාසස්ථානයන ගෙන් ගැවැසියේ ය. එහි ස්ත්රීස පුරුෂ දෙපක්ෂයේ ම ජනයෝ නානා භාණ්ඩ සම්පාදනයෙහි යෙදී සිටියහ.

නගර මධ්ය යෙහි වූ රාජ මාලිගය අති විශාල මන්දර පඬ්ක්තියක් ය. ඉන් සමහර තුන් මහල් සිව් මහල් ගබඩාවෝ වූ. භූම් ගර්භ ගත විශාල ගබඩාවෝ ද එහි වූ. රාජ මාලිගයේ සිට සැම පසට ම සමතල වූ සෘජු වූ වීථීහු වූ. ඒ අසල්ව ම අධිකරණ නායකාදි ප්රජභූ ජනයන ගේ වාස භාවනයෝ වූ. පිට රටින් පැමිණි වෙ‍ළෙ‍ඳෝ ද ඇතුළු නගරයේ ම එක් පසෙක වුසු. ගොඩනැගිලි බෙහෙවින් ගඩොළුයෙන් නිමැවිණි.

රථ වාහන නගරයේ පමණක නොව පිටිසර පෙදෙස්හි දු වෙළෙඳ බඩු ගෙන යැම සඳහා ගමන් කිරීම දක්නට හැකි වී. මලය පෙදෙස්හි වන මාර්ගයන්හි පවා රථ ගමනාගමනය පැවැති බව පෙනේ. අසුන් පිටැ නැඟී යෑම යාචකයනට පවා පුරුදු වූ සිරිතෙකි.









(129)

ඇඳ - පුටු - පාපුටු ලෝහයෙන් තැනූ පහන් ආදිය සාමාන්යි ගෘහ්යු භාණ්ඩයෝ ය. මේ භාණ්ඩයන් හින්දු බමුණනට සාධාරණ නො වන හෙයින් වඩා පෙරදිග වූ බෞද්ධ පෙදෙස් වැස්සනට සාධාරණව සිංහලයන් භාවිත කළ බව පෙනේ. වටනා ඇඳ, පුටු, ලොම් පලස්, බුමුතුරුණු ආදිය ප්රිභූ ජනයෝ ප්ර‍යෝජනයට ගතු. ඇත් දතින් කළ භාණ්ඩයෝ බොහෝ වූත දිළිදු ජනයෝ පොල් කටුවෙන් බොහෝ ප්රනයෝජන ලැබූ. මැටියෙන් කළ බදුන් හා තඹ හෝ පිත්තල පැන් බඳුන් - තෙල් බඳුන් - සියලු ගෙයක් පාසාම වී. ඉඳිකටු දැලි පිහියා අ‍ාදිය නිබඳ ව ම සඳහන් වේ.

රථවාහන ගෙන යා නො හැකි පෙදෙස්හි බර ගෙනයාම සතුන් පිට පටවාලීමෙන් කැරිණි. පුවක් දඬුයෙන් කළ කත් ලීය ද එබඳු පෙදෙස්හි ප්රායෝජනවත් වී. සමහර ජනයෝ කත්ලීයෙන් බඩු ඔබ මොබ ගෙන යෑම ම රක්ෂාව වශයෙන් කළහ. සමහරෙක් කද කර තබා බඩු ගෙන ගොස් වෙළඳාම් කිරීමෙහි යෙදී සිටියහ. ප්ර භූජනයනට මෙහෙකරුවෝ වූ ඌ තුමූ වහලුන් මෙන් මෙහෙ කළහ. එසේ වුව ද ඔවුනට නිදහස ද ඇති වී. එ‍සේ හෙයින් පැළදිගු පෙදෙස්හි සේ අනුකම්පා රහිතව ගත් වහල් මෙහෙයක් මෙහි නොවු බව කිව හැක. බොහෝ වහල්හු තමන් ණයට ගත් මුදල් නිසා මෙහෙයට පත්වූවෝ ය. මුදල් පෙරලා දුන් විට උහුට නිදහස ලැබේ. ණය මුදල පෙරලා දෙන තෙක් උහුට නිදහස නැති. එහෙත් මෙහෙකිරීම වූයේ සම්මත කොට ගත් කාල සීමාවක් ඇතුළත පමණෙකි.‍ මෙහෙය දිනකට මෙපමණ වේලැවකැ’යි ඈ විසින් ඒ සම්මත වීත ණය ගැතිව වහල් මෙහෙයෙහි එසේ නියමිත කාලයක් යෙදුනහුට වැඩියෙන් ණය මුදලක් ද ලබා ගත හැක. ඒ පිණිස අහු ගේ මෙහෙවර කාලය වඩා දික් කළ යුත් වේත දවල් මෙහෙයට බැඳි ණය ගෙන වහල්වූවහුට රෑ මෙහෙයටත් බැඳීමෙන් නැවත ණය මුදලක් ලබාගත හැකිවී. සමහර විටෙක එක් වර්ගයෙක මෙහෙයට පමණක් බැඳි සමහරෙක් වහල් වෙති. වහලුනට ද එක් ප්රරමාණයෙක නිදහසක් පැවැති බව ඉන් සලකත හැක.

ගැමියා සාමාන්යසයෙන් ගොවියෙකි. ගොඩ මඩ දෙක්හි කල්යලා බලා කැරෙන ගොවිතැන උහු ගේ ජීවනෝපාය වී. නානා ප්රමකාර පෙදෙස්හි නානා අවස්ථාවයන්හි ගොවිතැන්








(130)

කිරීමට සුදුසු ධාන්යන හෙතෙම දනී. ගොඩ මඩ දෙක්හි ම ගොවිතැන් කිරීමෙන් ධාන්යි රැස්කරන ‍ගොවියා රටේ ඉතා පොහොසතෙකි. ද්රරව්යධ හුවමාරුවෙන් තම තමනට වුවමනා දැය ලබා ගැන්ම ගැමියනට පුරුදුයත එ හෙයින් ඔවුනට මිලයෙන් වුවමනා ඇති වන්නේ කලාතුරෙකිනි. බොහෝ දෙනෙක් වස්ත්ර පවා තමන් ම වියාගතු. එසේ වුව ද වස්ත්රි මිලදී ගැනීමේ සිරිත ද පැවැත්තේය. පුරුෂයකු ගේ අගය ගොවිතැනෙහි දක්ෂ තාවය පිට ද ස්ත්රිොයක ගේ අගය ගෘහ්ය කර්මයෙහි හා ගොවිතැනෙහි පුරුෂයාට උපකාරී විමට ඇති දක්ෂතාවය පිට ද රඳා පැවැත්තේය. ගොවිතැන්හි අලස වූ කිසි ජනකෙනෙක් වනගතව සතුන් දඩයම් කිරීමෙන් ජීවත් වූ.

පාලනය :- රට පාලනය රාජයා ගේ නියමය පරිදි වී. රජහට අමාත්යෙයන් සිටිමුත් ඔවුනගෙන් වූයේ රාජයා ගේ පෞද්ගලික අපහසුකම් අඩුකිරීම ය. ඒ විනා අමාත්යා්දීන් ගේ බලය රාජයා ගේ උදහස මැඬලීමෙහි ප්රීමාන නො වී. සමහර පෙදෙස් උපරාජයන ගේ ද ආදිපාදයන ගේ ද පාලනය පිට පැවැත්තේ ය. සියලු තන්හි ම ගම්සභාවන ගේ පැවැත්ම වි. එහි සභිකයෝ ගොවිතැන් කිරීමෙහි යෙදි සිටි ගැමියෝ වූ. ඌ තුමු රැස්ව ගෙන සිය ගම් පෙදෙස්හි දියුණුව සඳහා වුවමනා කරුණු විසැඳු. එසේ ම පරමිපරාගත උරුමය පිලිබඳ සියලු වියවුල් විසඳා ලූහ. ඌ මෙහෙයෙන් ද අයින් ද පාලක මණ්ඩලයට දියයුතු ආධාරෝපකාර හා බදු පිළිබඳ කරුණූ විසඳු. අපරාධ පිලිබඳ විනිශ්චය දිමට ඔවුනට බලයෙක් නොමැති. ඒ පිණිස අධිකරණ නායකයෝ වූ.

අය :- රාජයා ‍ගේ ආදායම වැඩි වශයෙක් ම බදු රැස් කිරීමෙන් ලබන ලදී. ගොවී තැනින් අපදවන දැයින් කොටසක් රාජසන්තකය. ගොවිතැන් සඳහා ජලය සැපැයීම අමුණු වැව් ආදිය පවත්වා ගැන්ම ආදි කරුණු නිසා ඒ කොටස රාජයා හට දීම සුදුසු වේ. එක් එක් වැවකට එක් එක් අමුණකට එක් එක් ඇලකට එයින් එයින් දිය ලබන කෙත්හි ගොවිතැනින් කොටසක් දිය යුතු වේත සමහර රාජයෝ මෙම බදු අධික කොට ජනයන් පෙළූ. භූමිගත ධනය සම්පූර්ණයෙන් ම රාජසන්තකය. වෙනෙහි ඇත් ආදී සත්හු ද රාජසන්තකයත ගම්හි අයින්









(131)

කොටසක් ද පානය සඳහා රාජයා හට ලැබිය යුතුවේ. මේ බදු නියමය ඒ ඒ ගම්හි සරු නිසරු බව බලා නියම කරනු ලැබේ. වනගත ඇතුන් අල්වා හීලෑ කොට පිටරට යැවීමෙන් ද මැණික් පිටරට යැවීමෙන් ද රාජයා හට විශාල ධනයක් අත් වේ. රට පාලනය පිණිස වැය වන කොටස් හැර පෞද්ගලික ප්රහයෝජනය සඳහා ඉතිරි වන ධනය නිදාන් ගත කොට තබන ලදී. නිධාන්ගත කිසිම වස්තුවක් ප්රරයෝජනයට ගැනිම සාමාන්යබ රට වැසියනට තහනම්ය. ඒ රාජ අපරාධයක් වශයෙන් සලකන ලදී.

යුද්ධභට පිරිස් හා නාවික පිරිස :- නිබඳ සේවයෙහි යෙදි සිටින භට හමුදාවන ගේ ගණන වඩා විශාල නුවුවත් සංග්රාටමයක් වූ විට රැස් කොට ගත හැකි භටයන ගේ ගනන සැලකිය යුතු පමණ විශාල වී. නිබඳ මෙහෙයෙහි යෙදි සිටි භටහමුදාවන් ද ආරක්ෂක භට හමුදාවන් ද අනුරාධපුර පරිහානි සමයේදි බෙහෙවින් දේශයෙන් ගෙන්වන ලද බටයන්ගෙන් යුක්ත වූ බව පෙනේ. ඔවුනට විශාල ධනයක් දිය යුතු වී. එයින් දේශීන් ගේ මෙහි ඇදි ඒම දියුණු වී ගිය බව පමණක් නොව රජ රට රාජයන ගේ ධනයෙන් විශාල කොටසක් ඔවුන් සඳහා වැය වූ බවත් පෙනේ. එපමණක් ද නොව සාරවත් ගම් බිම් ඔවුන ගේ ප්ර යෝජනයට දෙන්ට ද සිදුවී. සමහර විටෙක මේ භටයෝ සාහසිකව ද ක්රිරයා කළහ. ඔවුනගේ බලය මැඩලා විසීමෙහි ස්වදේශීය භටයෝ බොහෝ විට නො පොහොසත් ව ඔවුන් හා එක් ව සිය රාජයා හට විරුද්ධ වූහත තමනට ලැබිය යුතු වැටුප් හිඟවූ විට රාජමාලිගය වටලා ගැන්මට දු ඌ මඳක් වත් පසුබට නුවුහ. වේලක්කාරාදි සමහර භට හමුදාවෝ රජුට නො කීකරු වීමට ද බොහෝ විට මැලි නුවු. හින්දු රාජ චරිතාශ්ර යෙන් සිවුරග සේනගක‍ගෙන් යුත් භට සමුදාවන් සඳහන් වතුදු සටනෙහි බෙහෙවින් යෙදී සිටි ප්ර යෝජනවත් භයහමුදාවෝ පඬ්ක්ති තුනෙක්හි පමණක් වෙත්. ඇත් සේනාව අස් සේනාව හා පාබල සේනාව යන පඬ්ක්ති තුනෙහි භටහමුදාවන් මුත් රථ හමුදාවෙකින් ප්ර යෝජනයක් වූ බවක් නො පෙනේ. අශ්වාරෝහක භටයෝ විශේෂයෙන් දේශීහුයුත සොළී, පාඬි, කර්ණාට, කාරළ, කේරළ, වේළක්කාර යන දේශීය භට හමුදාවෝ සිංහල රාජයනට වූශ. එසේ වුවදඅආරක්ෂක භටයන් වශයෙන් ප්රකකට ඔවුන









(132)

ගෙන් සිය දනන් පෙළීම හැර ඉන් වැඩි ප්රරයෝජනයක් සිංහල රාජයනට අනුරාධපුර පරිහානි සමයේදි අත්වූ බවෙක් නො පෙනේ.

අනුරාධපුර‍ පරිහානි සමයේ සිටි සිංහල රාජයනට විශාල නෞකා සමුදාවක් ඇති වූ බවක් ද නො පෙනේ. දේශීන්ගෙන් වන හැකි වැලැක්වීමට මුත් දේශයන් ජය ගැන්මට අනුරාධ පුර රාජ්යටයෝ අදහස් නො කළහ. එසේ වුව ද වුවමනා වූ විටෙක ප්රැමාණවත් නෞකා සමුදාවක් ඇති කොට ගැන්මෙහි සමුද්ර තීරය ආරක්ෂා කරනු සඳහා නෞකා සමුදාවන් ඇති කොට යොදවා ලී. කීප රජ කෙනෙක් ම දේශයෙහි රාජයනට උදව් පිණිස මෙහි භටයන් යැවූ. ඔවුනට නෞකා සමුදාවන් ඇත් වූ බව ඒ අනුව සිතිමට අවකාශ ඇති.

මුහුදු සටන්හිදු ‍ගොඩ සයන්හිදු වෙසෙසින් භාවිත වූ අවි හා උපකරණ නම් කඩු. දුනු, හී නන් අයුරු අනින හුල් අවි හා පලිස් බව පෙනේ. විෂපෙවූ හී භාවිතය ද පැවැති බව කිව හැකි. දේශයෙන් පැමිණි සමහර සතුරු සේනාවන් සපුන් ගේ විෂ පෙවූ හී භාවිතයට පුරුදුව සිටි බව පෙනේ. ගල්, යගුලි හා මුගුරු ආදිය වේගයෙන් සතුරු සේනාවන් වෙත යැවිමෙහි යන්ත්රෙ භාවිතය ද පැවැති බව සිත‍ීමට සෑමෙන පමණ කරුණු ඇත්.

ධර්මාධිකරණය :- ප්රා‍දේශීය යුක්ති පසිඳැවීම ඒ ඒ පෙදෙස්හි අධිකරණ නායකයනට පැවරි ඇත්තේය. එසේ වුව ද රාජද්රෝපහීන් ආදි බරපතළ අපරාද කාරයෝ රජු ඉදිරියට පමුණුවන ලදහ. ඔවුනට දෙන ලද දඬුවම් ඉතා දරුණු වී. සාමාන්යජ අපරාධ කරුවන ගේ සිරුර විරූප බවට පමුණුවා ඔවුන් උයන් පල්ලන් පොකුණු රක්නවුන් බවට පත්කිරිම ද යම් යම් ලකුණු ශරීරයෙහි නිවරණය කොට රටින් පිට යැවිම ද පැවැති බව පෙනේ. එසේ වුව ද රාජද්රෝලහී වූ මහා අපරාධකාරයෝ අත් පා කන් නාසා කැප්පවීමෙන් හෝ හිස් සිඳ‍ැවීමෙන් හෝ උල හිඳුවීමෙන් හෝ ඇතුන් ලවා පාගවාලීමෙන් හෝ නස්වන ලදු. ඔවුන ගේ අපරාධ ඉතා මහත් වුව දිවියෙන් දවා මැරැවීම ද කැරේ. දරුණු දඬුවම් දිම සින්ධූ දේශයේ දක්ෂිණ භාගයෙහි ජනයා ගේ ආශ්රාරයන් පුරුදු වූ බව සිතීමට සැහෙන කරුණු බොහෝ ඇත්. සමහර සිංහල රජ කෙනෙක් දේ දරුණු වද දීම තමනම් කළහ.