ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-04-සිංහල පරාභව ප්රකරණය (1912)

Wikibooks වෙතින්

සිංහල පරාභව ප්රපකරණය (ක්රිල.ව.1912)

නාමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

පුවත

සූත්ර ධාරි පැමිණ කියයි.

පහඩි - ත්රිරතාල්

සූත්ර ධාරි - ත‍ාලේ රාගේ ගීත සත් සේ දැන ගන් නාට්යධ මගින් මේ කාලේ දැන් අනේ විකාරේ එ සරස්වතිගේ ආධාරේ දැන් ගන් නාට්යා මගින් මේ

වඳිමි ගෙණ මදෝත හිස්මතේහි මුනිඳු ‍ලෝක දිවාකර නමදිමි එසේම ධර්මි සංඝ විස විකාර සුන් කර සර්වං ජන සර්ව ජන ප්රිධතියට පත්වෙන්ට හැකි ප්ර බන්ධ නාටක සොඳ ජම්ම බසින් දුනි නීති උගත් අප කිවිඳු ජෝන් ද සිල්වා සිත් ලෙස දැක

කාලේ දැන් අනේ විකාරේ ඒ සරස්වතිගේ අධාරේ දැන ගන් නාට්ය මගින් මේ

තේරේ රං‍ගේ සිංහලුන් ගේ කියවව් නාට්ය‍ කිවින්ගේ දීපේ උන් දනෝ පුරාණේ රැකගත්තු ශාස්ත්රාණගමක් මේ කියවව් නාට්ය් කිවින්ගේ

180 සිංහල පරාබව ප්රිකරණය අසව් අප කිවින්දු බැන්ද මේ ප්රේකරණ සිංහලෙන් ‍සොඳ ජන මත ප්රිබෝධ වෙන්ට සින්දු ඇත සිලෝ ද කවි පද ජම්ම බස රම්ය‍ වන සේ බලා ජන පරම්පරාවටද බැඳ දුන්න මෙ නාටක කාට උනත් රුචි නොවෙද

රාග තාලත් භ්ර්ෂ්ට නොකොට දිපේ උන් දනෝ පුරාණේ රැකගත්තු ශාස්ත්රාටගමක් මේ කියවව් නාට්යත කිවින්ගේ

(විරිදුකාරයෙක් රබානක් අරන් පැමිනේ) සූත්රිධාරි - නුඹලා පිළිමතලව්වේ අදිකාරමට විරිදු කී අය‍ගේ පරම්පරාවෙන්ද?

විරිදුකාරයා - තමුන්නාන්සේ මටත් ම‍ගේ හෙවනැල්ලටත් කථා කරන හැඩයි.

සුත්රුධාරි - ඒ මොකද?

විරිදුකාරයා - තනි මට නුඹලා කියා බහ‍ුවචනයකින් කථා කළේ මන්ද

සූත්රුධාරි - ඒක ගෞරවාර්ථය බහුවචනය බව දැන ගණින්. මගේ ප්ර්ශ්නයට උත්තර දීපන්.

විරිදුකාරයා - පිලිමතලව්වේ අදිකාරමට විරිදු කී‍වේ මගේ මුත්තාය. අපේ පරම්පරාවේ කවුරුත් පාහේ විරිදු කියන්ට දනිති.

සූත්රරධාරි - අද මෙහි ආවේ මොකද

විරිදුකාරයා - අප නිතිඥ‍ ජෝන් ද සිල්වා මහතුන්ගේ විජය රංග සභාවේ සිංහල පරාභව ප්රරකාරණය දක්වන්ට යන බව ප්රිකාශ කෙරිමටයි.

සූත්රටධාරි - ඇයි උන්නැහේගේ සිංහල ආය්ය්ල්ව සුබෝධ නාට්ය සභාවට මක් උනාද ජෝන් ද සිල්වා 181

විරිදුකාරයා - ඒක දැන්ම කියන්නේ නෑ - පසු පස්සේ දැනගන්ට පුළුවනි.

සූත්රනධාරි - ඔය සිංහල පරාභව ප්රලකාරණ කියන්නේ මොකක්ද

විරිදුකාරායා - දැන් සිටින සිංහල ජනයාගේ පිරිහිම සිදු වි තිබෙන හැටි විස්තර කර පෙන්වන ප්රදබන්ධයෙකි.

සූත්රරධාරි - එබඳු ප්රබබන්ධ වලින් රටට වැඩැති බව පෙනියයි. ඔය රබාන තට්ටු කර විරිදුවක් දෙකක් කියා සභාව සතුටු කරපන්.

විරිදුකාරයා - නළු සතරට රිසිවෙන්ට, සියබස ඔපකර ලන්ට සුසිරිත දියුණුව යන්ට අප අතරේ නළු සබ ඇතිකර ගන්ට, නිසා බව අද දැනගන්ට, මෙහි ඇති කරුණු පෙනෙන්ට, අස මිතුරේ කළු සුදු කර දක්වනට, කපටි වු අයතිවයන්ට සිදුවුනු එක ජනයන්ට මෙදිය තුරේ ගොළු ජනහට පවසන්ට, නොහැකිය ලොව පවතින්ට අප සරසවි දෙවඹුන්ට හැකි මෙවරේ

අටපහ අද නැතිවෙන්නා, සුනිමල දහම ද යන්නා මුළු වැදි මෙය නොරකින්නා ‍ලොකු අපලේ අද මෙහි නළු දක්වන්නා, රට දියුණුව ගෙණ දෙන්නා වරදැත එය නොම ගන්නා ජය මෙසලේ

සූත්ර ධාරි - බොහොම හොඳ වන්නමක් තමා - ඒවා දැන් කියන්ට දැනගත් සිංහලයෝ කි දෙනෙක් සිටිත්ද

විරිදුකිරයා - ජාත්යාිලය ඇති සිංහලයන්ට බැරි නෑ - ජාතිය මකන හිංගලයන්ට තමා බැරි

සුතධාරි - හිංගල කියා කොටසකුත් සිටිනවාද

විරිදුකාරයා - ඇයි නැත්තේ - මත්පැන් බොන්නෝ ජාතිය පාගන්නෝ අනුන්ගේ දේ කඩා කන්නෝ - කාසා පයිය බහාගෙණ දඟ 182 සිංහල පරාභව ප්ර්කරණය ලන්නෝ බොරුමාන්න ‍සොයන්නෝ සියබස නොදන්නෝ බොරු තපස් වෙස්ගන්නෝ මේ ආදි සියලුදෙනාම හිංගල කොටසට ඇතුළත් වෙති.

සූත්රදධාරි - එහෙනම් වැඩි කොටස හිංගල බව පෙණියයි.

විරිදුකාරයා - ඒ නිසා තමා සිංහල ජනයාගේ පිරිහිම සිදුවි ගෙණ යන්නේ

සූත්රුධාරි - තව විරිදුවක් කියා නික්ම යමු.

විරිදුකාරයා - අවසර

‍ලොව ට වැඩැති අය රැකගණු නරි දඟ අත් ඇර ලා අ ත ට මිටට මිල ආවට උඩ නොපනිනු කොල් ලා හි ත ට කයට සැපගෙණ දෙන දහම අනුව සිට ලා ඇ ඟ ට නොදැනි සසර ගමන කළ හැකි දනු ‍මෙකලා

(නික්මා යති)

1 අංකය i ජවනිකා - ශක්රන භවන

ශක්රනයාද ඉන්ද්රා වති ද වාඩි වී සිටිත් උරුවිසි මේනක රම්බා තිලෝතිමා නම් නාටිකිංගනාවෝ ගී කියා නටති - කල්ප වෘක්ෂ, කාමධේනු ධවල හස්තියාද මෙහි ඇත

කල්යාසන්

උරුවිසි - ඉන්ද්රාානි නම් දෙව්ලඳ ශක්ර් සුරිනදාගේ සුන්දර දේවි බැව් පෙණේ රුවින් මනා රංගේ

මේනක - හස්තෙන් ගත් වජ්රාරයුධෙ ශක්රර සුරින්දාණෝ කම්සැප බෝසේ මේ ලොවේ ලබා විකුම් පානෝ

රම්බා - කම් ලෝ සංගි‍තේ උතුම් ශාස්ත්රෙය කී සාරා ඉන් අප රාජා මන් පිනි නොවි අහංකාරා ජෝන් ද සිල්වා 183 තිලෝතිමා - වීණා සාරංගත් වයව් ගීත කියා සිත්සේ ශක්රත සුරින්දාගේ සබේ රැගුම් දිදී ‍‍බෝසේ

(මෙසේ කියා උරුවිසි, මේනක, රම්බා, තිලෝතිමා විනාඩි පහක් පමණ සබේ නටන කල අත් දෙකකින් වීණාව රැගෙණ තවත් අතක දකුණට කරකැවුන හක්ගෙඩියක්ද අනික් අතේ ඒක මුඛරුද්රාරක්ෂිඩමාලාවත් අරන් හිම මෙන් ධවල වස්ත්‍ර පැලඳ සරස්වති දිව්යාංඩගනා පැමිනේ.)

බුප්කල්යා න් - ත්රිාතාල්

සරස්වති - පාලන මේ සක් ලො ඉන්ද්රං දෙවිඳු‍හගේ මේක විමානේකි වාස නළඹු ගේ බඹ‍ලෝ කම් සැප නෑ මෙ විලා සේ සුර ලෝ රජුගේ කම් සැප සුදිසේ පාලන මේ සක් ‍ලෝ &c.

දාස නෙතා පාණ්ඩුකම්බල අසුනා දෝෂ නැතේ ලන්දු බෝම නාවසනා පාලන මේ සක් ‍ලෝ

සැරදේ සක්දෙවි ආමි විමානේ ඔබගේ සුවදුක් අන්වනු සොඳිනේ පාලන මේ සක් ලෝ

ශක්ර යා - වායන මේ වීණා කාකත බඹ ලෝ ආවට ම චිත්ත ප්රිවති මෙ සුර ලෝ හෙල පත්මාසන මෙන්න වඩින්නේ සුවපත් මට නෑ දුක්ඛ මෙ විමනේ වායන වීණා &c. (සරස්වති හෙල පත්මාසනේ වැඩ සිටින සේක.)

ඉන්ද්රසනි - මහාබ්රාටහ්මයාගේ ශක්තියක් වු සරස්වති කාන්තා. තී වචනයට අධිපතිය. මේ සභාවට තිගේ පැමිණිමෙන් අප සියලුදෙනාගේ සිත් ප්රේබෝධ විය. 184 සිංහල පරාභව ප්ර්කාරණය සරස්වති - මෙම සක්දෙවිඳුගේ ප්රිණයදේවි මා ගැන කී වචන සතුටින් සවන් දී ඇසිමි ශක්ර යා - සරස්වති වීණා වයන්ට දනි.මෙම නාටිකාංගනාවන්ට නටන්ට ඔය වීණා වයන ලෙස ඉල්ලමි. සරස්වති - මාගේ දැහැනවලදි මෙම වීණා වයනව‍ා මිසක් මෙබඳු රැගුම් සභාවල එය වයනු නොකරමි.

ශක්රමයා - මෙම සභාවේ සුරවරඟනනන් ගී කියා නටන රාග ටික වේලාවක් බලනු මැනවි.

සරස්වති - සක් දෙවිඳුගේ ඉල්ලිම ඉෂ්ට කරමි.

ශක්රවයා - (උරුවිසි නම් වරඟනට කියයි.) නටනු ගනු වයනු

නාටිකාංගනාවෝ- ‍එසේ යහපති. (නාටිකාංගනාවෝ මෙසේ ‍කියා නටති) ජිංජෝටි - හිංචි වැජඹෙන්නා මේ ඉන්ද්රස සබේ නෙත් දාසක් යුත් සුරිඳා ආනන්දවෙන්නි සරස්වති තුම් ලැබගත්තෑක් ඤාණ සියුම් ආනන්දවෙන්නි සරස්වති තුම් ලැබගත්තෑකි ඤාණ සියුම් කාකත් පුදා සතතින් ප්රතඥා මෙන් වස්තු කො‍හේ තිබේ දැන් සව්ර් ‍ ලෝක රක්නා බඹාගේ සුරාංගනා වැඩ ඉන්නා දැන් පත්මාසනේහි සතොසින් සංඛ වීණා දැරි දේවි ඉන්නා පිනි තුති දෙව් බෝ නටාලා - ප්රි ති පාලා, ප්රි ති පාලා..... මෙම කාකත් නම් දේවි උතුම් බුලෝහි ආදි කාලේ උන්සේක සම් සත් පිනා ජෝන් ද සිල්වා 185 ඇය් යන්නේ නැත්තේ ඒ දී‍පොටා දැන් සිංහලුන්ට පාඩු‍ය් වැටෙන්නා ඒ ජාති තුම් එහි ගොස් එන්නේ දෙවිඳු ප්රුමාද නොව දැන් ප්රිගති ඝෝෂා කරත් ගීත සත් දත් එසත් හෙල දිව්හි වෙසේවා - ප්රී ති පිලා, ප්රී ති පාලා

ශක්රදයා - සිංහලද්විප‍යට බො‍හෝ කලකින් සරස්වති දිව්යාංපගනා නොගිය බව මෙ වරාංගනාවෝ ප්ර්කා්යද කරති එය සැබෑද. මාලනි වෘත්තය සරස්වති - එ මුදලිඳු ඉලංගක්කෝන් තුමානන් වහන්සේ ‍ෙහලදිව වසනා කල්හි බුදුන්ගේ දහම් සේ මම බජන කළෙම් ලක්දිව් කිවින් ඊට පස්සේ නොගියෙම් එහි අන්දම් බෝ වෙනස් වි සැලැස්සේ

කිවිමඩුව තබාලා මා දිවා රෑ පුදාලා සිහලබස තනාලා නෙක් සියුම් සත් සොයාලා බුදු දහම ලියාලා කව් බසින් ඒ තබාලා බැඳිය මගෙ ගෙලේ ලා කිත් හරා දුක් සිඳාලා

එබඳු අය ලකේ නෑ මේ කලේ සක් දෙවින්දේ සිහල රට වැටෙන්නා මන්මුලාවි නිබන්දේ බටහිරට හැපෙන්නා ලක් නිමල් බස පසින්දේ මෙම කරුණ නිසාමය් ඉන් තුරන් වි ඇවිද්දේ

ශක්රකයා - මෙසරසවි සු ර ම් බා කි පුවත් දැන් සැබෑ නම් සතර පහන පි ම් බා ඉක්මණින් ඒ නිවාන්නේ සිහල රටඹ ල ම් බා ඉන්න ‍පෝසත් දනන් බැව් හැගුන මට මෙරම්බා ඒ දනි සක් සුදක් සේ

රම්බා - එය කොහොම වෙතත් පින්වත් උතුම් දෙව්ලියේ දැන් වඩිනු මැන යලිත් නැත්තම් ‍යෙදෙන්නේ විනාසේ සිහල ජන බුදුන්ගේ ඒ උතුම් දම් සොයාලා මුව ‍ලොවට උගන්නා දුන් නිසා උන් බලාවා 186 සිංහල පරාභව ප්ර කරණය

සරස්වති - එම කරුණ නිසා යන්නෙම් යලිත් දිව් කරා මම් පෝසත් දනන්ගෙන් නෑ උදව්වක් මෙකල්හි එමුදලිඳු ඉලංගක්කෝන් තුමානන් වහන්සේ වැනි අය ලක නැත්තේ සිංහලුන්ගේ විනාසේ

(සරස්වති ලංකාවට නික්ම යයි.)

ii ජවනිකා කොළඹ වේල්ල විථිය

විරිදුකාර සූරසේන හා ඔහුගේ ප්රිනය සොඳුරවු රත්නාවලි ම‍ුඩන් ගසමින් ගමන් කරයි.

සූරසේන - ප්රිගය සොඳුර, අර අද්වකත් උන්නාන්සේගේ වලව්වට ගිය කල අ‍පේ සෙල්ලම් බලනව‍ා තියා දකිනකොටම පලයන් පලයන් කියා එලෙව්වාද?

රත්නාවලි - උන්නැ‍හේලා මේවා බලන්ට අසන්ට කැමති නෑ - බෑන්ඩි පියානෝ විකොති කපිරිඤ්ඤා නම් බොහොම ආදරෙන් සලකති.

සූරසේන - ඒක හරියට මස්කකා බොන්ට පුරුදු වුනු මිනිහාට එලවලු කන්ට කියන්නා වාගෙයි. රට පන්නේ පුරුදුවුනු මිනිහාට මේ සිංහල පන්නේ කොහොම අල්ලනවාද

රත්නාවලි - අර අනුරාධපුරේ පාතරට සිංහලයෙකුට ‍‍පොළඟෙක් දෂ්ටකරලා, දොස්තර මහත්මයෙක් ඊට බේත් කර මැරුණා. ආරංචිද අර එහි ඉන්න නයි මහත්මයාට දැන්නුවානම් ඔය පොළොන් විස බස්සනවාට සැක නැත.

සූරසේන - නයිමහත්මයා සිංහල වෙදෙක්වද - ඉංග්රිමසි වෙදෙක් වුනානම් ඔහුගේන් වෙදකම් ගන්නාවා ඇත.සිංහල ශාස්ත්ර වලට පයින් ගසන සිංහලයන්ට එබඳු අකාල මරණ සිදුවෙන එක පදුමයක් නොවේ. අහෝ මේ ‍මෝහ පටලය ජෝන් ද සිල්වා 187

බිඳින්ට හැකි වෙන්නේ සිංහල භාෂාව හොඳාකාර ඉගණ ගැන්මෙනි.

රත්නාවලි - ඔව් ඔව් සිංගල ශාස්ත්රණය දන්න මිනිහා ඔය තරම් මෝඩකම් කරන්නේ නෑ - ‍නොකැපිය යුතු තුන් දොස්තරවරු තමන්ගේ ශාස්ත්ර යේ බේත් නැතුව කපාදමා සමහරුන්ට මෙම මගුල් සක්වල උපන් ප්ර්යෝජනය නැතිකර දමති.

සූරසේන - ඒ ටික ඇති ඔය රට ශාස්ත්ර්යේ තරම දැනගන්ට

රත්නාවලි - පසුකර යන්නේ බුලත් කඩේ පැත්තයි - මෙහි අපේ සිංහල වෙද මහත්තැන් අපේ සෙල්ලම බලන්ට කැමති ඇති - රබන් තට්ටුකර විරිදුවකි දෙකක් කියා බලමු.

සුරසේන - සහපත් කල්පනාවකි

රත්නාවලි - දු ම් ම ල කෝපිද තේකොල කොහුලනු හක්ගෙඩි සෙල්ගාර ද තිබෙනා කම් ම ල සාදන හිරමොණ තල හා බටපෝතු පෙට්ට්ද මට පෙණෙනා සිං හ ල තාලෙට ඇඳගෙණ සොඳ ලෙස වෙලඳාමය පුරුදුව සිටිනා සිං හ ල මහතුනි දෙනුමැන මොකවත් සියබස කවි අසමින් මෙදිනා

සූරසේන - ඉං ග්රිි සි පන්නෙට තව පෙරළුනෙ නැති සිංහල මහතුන් ඇති මෙරටේ අන්නසි මි පැණි මෙන් රස සියබස නම්බු දිදී සලකති අවටේ ලංදෙසි තාලෙට පරබස දැනගෙණ තම බස නසනා ජන මෙරටේ මම්කිසි කාලෙක කව් නොකියමි දනු එබඳු දනන්හට සිහල රටේ 188 සිංහල පරාභව ප්රපකරණය

රත්නාවලි - සං ක ර වෙනකොට සිංහල හම නම ලංසි අතට පෙර‍ෙළන කරුමේ සුං ක ර සියබස ආගම සිරිතාද පජාතිවෙන හැටි බල පුදුමේ ලං ක ර ගෙන අර දවල් ලියන් අප ජාතිය පෙරලන ජඩ දනමේ බුං ක ර ලති මෙහි සුසිරිත කැරපොතු සිරිත් ප‍ුරුදුකර සියලු ගමේ

සූරසෙන් - කු ඩු ක න වානම් කිරිත්තමට කනු කී ලෙස පොරෙණේ මෙම ජනයා උ ඩු කු රු වෙන්නට ඔයහැටි හිතනම් රටගොස් එහි නවතිනු මැනයා තුඩු කර දුන්කල දුසිරිත ඔය ලෙස බාලජනට කරදෙන විනයා න ඩු ව ට නැති ඔය මුඩුම සිරිත් තව ‍බෝ නොකරනු සිංහල ජනයා

(ගුණරතන පැමිණේ)

ගුණරත්න - සූරසේන කිවු කවිය කීයත් වටිනවා. එවැනි සංකර යන්ගෙන් පැමිණෙන හානිය අප්ර මාණයි - මේ රුපියල් පහ අරගෙණ යනු මැනවි.

සූරසේන - තමුන්නාන්සේට බොහොම ස්තූති - සොඳුර තව ටිකක් දුර ගොසින් වටම හැරිලා ජිනදාස උන්නැහේ‍ගේ වලව්වට යමු. (දෙදෙනා යති)

රත්නාවලි - උන්නැහේ සිංගල ශාස්ත්රතවලට අනුබල දෙන බව ආරංචියි. නමුත් නෝනයි දරුවොයි අනික් අතලු.

සුර‍සේන - කමක් නෑ - ගොසින් බලමු.

රත්නාවලි - එහි යන්ට මත්තෙන් ඔය නාගරික සභාව සමිපයේ තිබෙන ජෝන් ද සිල්වා 189 සුරියගහ ලඟට වෙලා බලන්ට රබාන තටුටුකරමු - තව මෙකවත් සොයාගන්ට පුළුවන්.

සූරසේන - ඒකත් හොඳ කල්පනාවකි - ම‍ගේ සොඳුරට ඒ ඒ ප්රසස්තාවලට සුදුසු කදිම ඤාණයක් තිබෙනවා.

රත්නාවලි - සරස්වති පුදන අයට නිතරම එහෙම තමා. කුණුහරුප නොකියා යහපත් හරුප කිවාම වාග් සිද්ධියද පවතිනවා.

සුරසේන - එහෙනම් මෙහි ඉඳන් අමුත් වෘත්තයකට විරිදු සාදා කියමු.

ස ව න පිනන මියුරු තෙපුල් ඔන්න ඇහෙනවා ම ද න වසන අරුම ගෙවල් අන්න තිබෙනවා ත රුණ දනන උවදුරු ලෙඩ සිදු වී යනවා ප ර ණ සිරිත් නැතිකර ගෙණ ගෑණු නටනවා

ක ට් ටි පනින පටිසර ලිය වරඟන වෙනවා ව ට් ටි අරන් යන එන ලිය බොහො වෙහෙ සෙනවා කු ට් ටි හරක් මස් තම්බා සුරාව ‍‍බොනවා මු ට් ටි පුරා රා ගෙණ කොලු පෙල දැන් බොනවා

රත්නාවලි - ඉ ග ණ ගැන්ම ගැන ආණ්ඩුව දෙන වියදම් අඩුමයි සි ටි න බාල ජනයද රාබොන්ට පුරුදු වි මයි මෙදින අ‍පේ ලකියුරු සැදු රෙගුලාසි කදිමයි සොඳින ‍බොන්ට රාසැල් තැබු හැටි එක ලොකු පුදුමයි

සුරසේන - ත ර ම සොයා බොන්ට කියන පිරිසක් ඇත මෙවරා උ රුම කලේ බේබදුකම අප පිරිහෙන නිතරා අ ද ම එජන බව කාටත් දැන ගන්නට ලොතරා පු දු ම ලෙසට කරුනු තිබෙන බව දැන ගන් මිතුරා

රත්නාවලි - බේබදු යනු පුර්තුගිසි බසේ වචනයක් මයි බේබදු කම ලකට පුරුදු කෙරුවේ ඒ රොඩි මයි ඒ බුදු සමිඳු‍ගෙ සදහම් පවතින රට හොඳ මයි මේබඳු මත්පැන් විකුණා ගැන්ම රටට ‍වින මයි 190 සිංහල පරාභව ප්රරකරණය

සූරසේන	-	ඇ ත් ත කියන ලීඩර් පත බලමැන	සිංහලයා

යු ක් ත බජන් තර කර අවැඩට දෙති ගුටිබැටයා ම ත් ත ට සිංහලා ජනයට සිදුවෙන ලොකු විනයා අ ත් පි ට දැන බැටදෙන කතු සැරදේ ලක් කුසයා

රත්නාවලි - ගෑ ණු මගින් රැකෙන පිරිමි රටතොට වැඩි වෙන්නා පු නු ගෙවෙනකල් වට්ටිය අරන් වෙහෙස වෙන්නා කා නු ‍පල්ලේ වැටි වැටි බිගෙන උන් දඟලන්නා මූ ණූ සයක් අත් ‍දොලසක් ඇති සුර රැකදෙන්නා

සූරසේන - සුරා පාන කරන අදම ජන ජාතිය නසනා සුරා පාන නොකරව් රට පිරිහෙන බව පෙණෙනා සුරා අපට හොඳනම් එය බුදුරජ දැන කියනා සරා කරක හින්දයි තහනම් කෙරුවේ දියනා

රත්නාවලි - කා ට ත් එය දැනෙන එකකි සුරාබිම වරදයි මෝගත් තත් දැනුමුත්තා වඩා වරද නැතිලුයි මේ කත් දැනගෙන සමහර ජන අවැඩට පෙරළෙයි බි ම ත් කම නිසා සිහල ජන ලොව වඳ වියයි

සූරසේන - ජා ති ය රැකගන්ට හිතේ ඇත්නම් සිංහලයා වා සි ය නැත සුරාබිම අත්හරු මංගලයා කාසි ය බොහොමත් ඉතුරුව ඇඟපත ලක්සනයා ‍දෝසය අප මහජන දෙති බිමට අනුබලයා

රත්නාවලි - පා ත ඉන්න අයට ඉහළ සිටින දනෝ මෙරටේ ගෝත කරුම සිරිත් උගන්නා දෙති රට රැවටේ ‍පේ ත ලොවට යන්නට මහ කොටන දුදන මෙරටේ ජා ත ජනට අවැඩ නොකර සිටුමැන රට නැගිටේ

සූරසේන - සුන්දරි අපට වැටුනා මුදල මදි - ජිනදාස මහත්මයාගේ වලව්වට ගියොත් කෑමබිම සියල්ලක්ම ලැබි හොඳ තෑගි ගන්ට පුළුවන් වේ. ජෝන් ද සිල්වා 191

රත්නාවලි - කෑමබීම කොහොම වෙතත් අප තරම් අයට ඔහොම තැන්වලදි ලැබෙන්නේ හුනසාල් බතුයි කුම්බලා කරෝලයි

සුරසේන - ජිනදාස උන්නැහේ එහේම කරන්නේ නෑ - උන්නෑහේ කන කෑමෙන්ම අපට සංග්රාහ කරණවා ඇති.

රත්නාවලි - හොඳයි ගොසින් බලමු. (නික්ම යත‍ි)

iii ජවනිකා - උඩුමහල් ගෙයක් (කොළඹ) ජිනදාස, සෝමාවති, ගංගාධර හැමිල්ටන් පෙරේරා සහ ක්ලේරා සිටිත් ජිංජුට් - ලාවනි

ජිනදාස - ප්රේලමණිය රම්බරිය බල, දි‍පේ ජන පෙරළිය අද පර දෙස් බාසේ රට ගත දෝසේ සිංහල බාසේ වෙය් වනවාසේ දැන් කව්රුත් ඉංග්රිවස් පොත් පාඩම් දෙත් ගම් අස්සෙත් - ප්රේරම්ණිය රම්බරිය බල &c.

සෝමාවති - ඉංග්රිිස් ඕනෑ කාටත් නැත්නම් ජාති පෑගෙත් රක්ෂා වෙන්නේ ආයත් ඉංග්රිවස් දන්නා හින්දත්

ඒ නිසා, මා පුරුසා, කී බසා, වේ දොසා ඕනෑ සිංහල කාටත් ඉංග්රි ස්

ගංගාධර - රාජආණ්ඩු ඉංග්රි්සිගේ ඇත රක්ෂා ලැබුමට ඉංග්රිආසි බස ඇත &c.

192 සිංහල පරාභව ප්රුකරණය සියබස් දන්නා දුප්පත් වෙන්නා ඉංග්රි්සි දන්නා පෝසත් වෙන්නා ඉංග්රි්සි බස් නෑ දැන් ‍දොස් මේ දිව් බස් නෑ ඒ ලෙස් - රාජ ආණ්ඩු ඉංග්රිවසිගෙ ඇත &c

හැමිල්ටන් - ඉංග්රිසස් ‍බෝම දන්නා රක්ෂා වෙන්ට දෙන්නා සේනා දීපෙ ඉන්නා සිංහලයෙන් නෑ කිසියම් වාසි දැන් ඒ දැන්මෙන් කාලේ නිෂ්ඵල වෙය් මව් කී ලෙස

ක්ලේරා - සිංහලුන්ගේ ජම්ම බස අද කෙල්ලෝ. නොදන්ති ඉංග්රි ස් බස මිස ඇඳුමත් ඉංග්රිවස් කන දේ ඉංග්රිගස් බීම ද ඉංග්රිවස් ගීතෙද ඉංග්රිවස් මේවා දැන් බෑ බේරුම් ඕනෑ මයි ඉංග්රිිස් දැන් - සිංහලුන්ගේ ජම්මබස අද &c. පොල්කා ආද් බයිලා ඔනෑ යන්ට ලජ්ජා නැට්ටුකාර ලන්දා

ජෝන්ද සිල්වා 193

ඉක්මන්කරා බැන්දා බී සුරා නෙයිනාඩම් ඇත්තේ දැන් දිපේ දැන් ඇත නෙය්යාඩම් නෙක

ජිනදාස - මේ පවුලේ මගේ සොඳුරත් දරුවොත් සියලුදෙනාම ඉංග්රිැසි භාෂාවටත් ඒ ඇඳුම් පැලඳුම් වලටත් සිරිත් විරිත් නැටුම් ගැයුම් වලටත් කැමතිවා මිසක් සිංහල භාෂාව සිංහල කිරිත් විරිත් ආදිය පිළිකුල් කරති.

සෝමාවති - දේසේ හැටියට බාසේ පවතිනවා මිසක් බාසේ හැටියට දේ‍සේ පවතිනවාද? මේක ඉංග්රිහසි දේසේ. ඒ නිසා ඉංග්රිාසි බාසේ ඉංග්රිිසි ඇඳුම් පැලඳුම් ඉංග්රිරස් සිරිත් විරිත් ආදිය රැකිම රක්ෂාවට ඕනෑ කරයි.

ජිනදාස - සොඳුර මේක ඉංග්රි සි දේසේ නෙවෙයි. සිංහලද්විපය. මෙහි නිවසන ජනයෝ සිංහලයෝ ය. ආගම්, කුලභේදාදියෙන් සිංහලයාගේ සමගිය කැඩිගොස් තිබෙන මේ කාලේදි ඔවුන් අතරේ සමගිය දෙන්ට තිබෙන එකම ම‍ාර්ග්ය සිංහල භාෂාවය. ඒක ඉගෙණ නොගත්තොත් ජාතිය පජාති වෙනවාට සැතයක් කොයින්ද?

සෝමාවති - ඒක හරි.

ජිනදාස - ඒ ඇරත් අවුරුදු 2400ක් පමණ කාලය මුළුල්ලේ අපේ මුතුන්මුත්තන් සොයාගත් සත්ය ය පුරාණ පොත පතේ ති‍බේ. එය සිංහල ඉගෙණ නොගෙණ කෙසේ දනිමුද - සිංහල වෛද්ය ශාස්ත්රයයට කිට්ටු කරන්ට ශාස්ත්රනයක් තවත් ‍ලෝකේ තිබෙනවාද ඇත්තටම නැත - නාක්ෂුත්ර්ය එසේ මෙසේ ශාස්ත්රෙයක්ද - මේ අවිශ්වාස කරණවා නම් පලදා වල්ලියේ නැකතකට යමකි ‍පොළවේ හිටවා සැකදුරු කරගන්ට හොඳා.

194 සිංහල පරාභව ප්ර්කරණය ගංගාධර - පිය‍ා කිව්ව වචනවල බරකම මට දැනුයි හැඟුනේ. ජාතිය ආරක්ෂාවිමට ඒ ජාතියේ භාෂාව මනාසේ දතයුතු බව මට දැනුයි තේරෙන්නේ.

ජිනදාස - ඉංග්රිෂසි ඉගණගන්ට ඕනෑ නැතෙයි කියනවා නොවෙයි- ඉංග්රි සි ඉගණ ගණිල්ලා - ඒ එක්කම සිංහල දැන ගණිල්ලා - සිංහල කාව්යණ ශාස්ත්රනය පාත නොදමල්ලා - සිංහල ඉතිහාසය බලාපල්ලා.

හැම්ල්ටන් - සිංහල කාව්යා ශාස්ත්රයය මතක් කළාම මට මතක් උනා අර ලෝක්කෙක් උන්නැහේ ගැන කළ ප්රාබන්ධවලට රුපියල් දහයේ පටන් විස්ස දක්වා කිවින්ට ගෙවුබව.

ක්ලේ - යම් භාෂාවක කිවියරෙක් ඇත්තම් ඔහු එසේ මෙසේ කෙනෙක් නොවේ. ඒ භාෂාව සහ ජාතියක් නකක අයෙකි ඔහුට අපේ පෝසත් ජනයා රුපියල් 10 ක් විස්සක් ප්රෙබන්ධයකට දෙනවා නම් ඉන් හැ‍ඟෙන්නේ අර පෝසතාගේ මසුරුකමක් හෝ ආඥානකමක්ය.

ජිනදාස - අපේ කාව්යකශාස්ත්ර යේ සියුම් ගුරුකම් තිබේ - ඒවා දැන් දැන් නැතිවි ගෙණයයි - මිරිපැන්නේ හාමුදුරුවන් ‍ගාවා ඉගණගත් දලුවත්තේ සාමි කොග්ගල කොලු කාලේද් වැරැද්දක් කර ඔහුට කී වස් කවියෙන් අන්තරා සිදුවනු කල මිරිපැන්නේ හාමුදුරුවන් එය සෙත් කවියක් කියා සනිප කළ බව අහලා නැද්ද?

ගංගාධර - අහලා නෑ. තාත්තා කීවොත් හොඳයි

ජිනදාස - රෑ ක කා මදිනි පන්සල් කැත කර න ලාමෙකා ඉතා තද රළු ගුණ අර ණ ‍බෝමකා රණා ඇති කරනා කිය න මු ම කා දමන් තෙදැතොත් හුතැස් ‍යො න

මේ කවිය දලුවත්තේ සාමි, බෝගසක එල්ලු කල කොග්ගල සිහි නැතිව බෝගහ ලඟ වැටි ඉන්න බව ජෝන් ද සිල්වා 195

මිරිපැන්නේ සාමිට ආරංචි වී දලුවත්තේට තරවටුකර මේ කවිය කියා කොග්ගල සනීප කළේය.

ප සි ඳු කානනා යුත ‍ෙ‍සාමිගුණ දරණ මෙබඳු මේ මහා පන්සල්හි ම වසන ප සි ඳු තා මෙ මොහු හට සෙත සලසමි න ය ස දි නා කරනු මැන සක යොන් හර ණ

ක්ලේරා - ඔය වස්කවි සෙත්කවි හැබැ ද

හැමිල්ටන් - ඒ ශාස්ත්ර ය මමද ව්ශ්වාස කරමි.මන්ත්රව ශාස්ත්රාය සැබෑනම් වස් සෙත් කවි බොරු නොවේ.

ජිනදාස - ස්වර ශාස්ත්ර.ය ඉගණ ගත් ජනෝ එය අවිශ්වාස නොකරති. ඒක මැහැගි ශාස්ත්රයයකි. අ‍පේ පොතප‍තේ හැට හතරක් කලා දක්වා තිබේ. ඉන් එකක් වත් අපේ බාල පරම්පරාව ඉගෙණ නොගෙණ සිංහල දැන් මොටද කියා නොමග යති. ඒවා ඉගෙණ ගත්තාම ඕනෑ හැටියට රැකෙන්ට පුළුවන.

(සූරසේන හා රත්නාවලි පැමිණෙති)

සූරසේන - ආයුබෝවන් හාමුදුරුවෝ - ඉඳහිටලා මෙහි එන පුරුද්දට ‍මගේ සොඳුරත් සමඟ පැමිණියෙමි.

ජිනදාස - අපි ඒ ගැන ප්රිතතිවෙමු. අපේ සෙල්ලම් ආදිය දැන් රටේ නැති වි ගෙණයයි - ඒවා නැතිවෙන්ට නෑර රැකගැනිම සිංහල හම නම දරන අ‍පේ යුතුකමකි - විරිදු කියා රැකෙන තමුසෙට සහ තමුසේගේ ස්ත්රිනටත් තෑගි ‍බෝග දීම යුතුකමක්මයි - ඒ නිසා මේ මගේ සොඳුරට පළමුවෙන් අඩව්වක් අල්ලාපන්

සූරසේන - රු වි න් දිලෙන තරුණඟනකි සෝමවති ළමා එතන ග වු න් පැළඳ බොනැට් දමා ජාතියටත් නිගා කරන මු හු න් වෙන්ට යන ලෙස හැගුණිය පරවෙස් ගත් ඇඳුමෙන මෙව න් ලියගේ අනුවණකම් පලයන් ඔහෙ දැන් ගහගෙන

196 සිංහල පරාභව ප්රනකරණය

‍‍ෙසා්මාවති	-	ඔහෙම කියලා මගෙන් තෑගි ලබන්ට බෑ.

සූරසේන - තෑ ගි නැතත් කිව් ටික මා ඇත්තකි සොඳ ළමා එතන පෑ ගි ගියා සිංහල රට මේ කෝලම් නිසා මෙදින රෝ ගි ව ඇත ලකඟන අතමිට හිඟ වී ගොස් සතතින තෑ ගි ඉතින් දෙනුමැන මා වෙහෙස නොකර ළමා එතන

සෝමාවති - මගේ ඇදකුද කියලා කොහොම තෑගි ගත්තැකිද රත්නාවලි නුඹ මොකවත් බලන්ට කියාපන්.

රත්නාවලි - සා ය පෙනේ දියවන්නා පැන් රැළි නැගුනා විලසින ගා ය අනේ පුයර සුවඳ බිඟු රැල තම වෙත කැන්දන පා ය සෙනේ දුගි දනහට කප්රුක මෙන් දෙන දනයෙන ‍බෝය ගුණේ අප පින්වත් ළමා එතන සැරද සැපෙන

සෝමවති - අන්න ඒක කීයත් වටිනවා - තව එකක් කියපන්

රත්නාවලි - නි ල ට තිබෙන සාය බොඩිය දියවන්නා හොය විලසය ර ත ට පෙණෙන මූණ පියුම ඊ පිට පිපුනා විලසය සැ මි ට ලැබුන ළමා එතන හරියට සිතුමිණ විලසය හි ත ට කයට සැප ඇත මට සැරසේ විහිදාය යසස

සෝමාවති - ක්ලේරා අර පෙට්ටිය ඇරලා රුපියල් වලින්ම පහක් මේ රත්නාවලිට ගෙණත් දීපන්

ක්ලේරා - ‍ම‍ගේ අතේ තිබෙව කාසිවලින් රුපියල් පහක් දෙඤ්ඤා

සෝමාවති - හොඳා දීපන් (ක්ලේරා රත්නාවලිට රුපියල් 5ක් දෙයි - රත්නාවලි එය ලබා ක්ලේරාට කියයි)

න ළ ල අඩිඳු බැම නිඹපත් මු හු ල විදුලි ගන කුල්පත් සු නි ල මිණක සිරි නිතිගත් - යුවලැසිනා දෙතොල රතට බිඹු ලෙසපත් ජෝන් ද සිල්වා 197

ද ව ල දසන මුතු සිරිගත් සි හල ලියට නිස ගහණත් - ඇති සොඳිනා ප ලල ‍උරෙහි ඇති සිරිකත් උ දු ල දෙතන කුඹු ලෙසයුත් ල කල ගෙලකි සක සිරිගත් වි පු ල දනැති මෙ තරුණකත් මෙකල අපට කර අදරත් - දෙයි තිලිණා

ක්ලේරා - මෙපමණ හොඳ වන්නමක් අහලා මොකවත් නොදි බෑ. රත්නාවලි මේ රුපියල් පහත් තියා ගණින්.

සූරසේන - මා‍ගේ සොඳුරට පමණකි සියලු දෙනාම තෑගිදෙති හැමිල්ටන් පෙරේරා මහත්මයාටවත් මොකවත් කියා තෑගි ලබාගන්ට පුළුවන්ද කියා බලන්නෙමා

කු කු ළ ල ගෙඩියට මුල් ඇද්දා සේ රැවුල දුරාවරේ ක ම් මු ල කෙස්නැති සුන්දර පෙරේරා මැතිදුට ආවාරේ තු න් ක ල තොරතුරු තේරෙන මැතිසඳ වෙනුමැන ආදාරේ සිං හ ල බස බඳු සුමිහිරි බස නැත දනුමැන වැවහාරේ

හැමිල්ටන් - උඹ මොකවත් කිවොත් ඒ ඇනුම් පදයකි. කොහොමද තෑගි දෙන්නේ. වෙන උපමාවක් යොදා කියපන්.

සූරසේන - තෙල් බෝතලයට පොල් මුඩුවක් ගැසු විලස රැවුල නිකටේ සබ්බා බුසලක් දවසට බුදානා ජහරි කමක් දැවටේ සම්මා සම්බුදු දම් සඟ යන සොඳ තුණුරුවන්ගෙ පිහිටේ නිම්මා නැති යස ඉසුරු ලැබේ මුදලින් වෙනු මැන පිහිටේ

හැමිල්ටන් - සූරසේන ඔ‍හොම උපමා උපමේය මම් කිසි කල නෑසිමි මගෙන් මුදල් ගන්ට ඒ හැටි පහසු නෑ. තම හොඳට කියන්ට දැනගෙණ වරෙන්.

සූ‍රසේන - එහෙනම් අපට අවසර (දෙදෙනාම නික්ම යති) 198 සිංහල පරාභව ප්ර කරණය

ජිනදාස - පුතා ගංගාධර. එළු පාලි සංස්කෘත ඉගණගන්ට හෙට පටන් පිරිවෙණට යන්ට ඕනෑ.

ගංගාධර - මටත් ආශාවක් උපන්නා - හෙට යන්නෙමි (සියලු දෙනාම නික්ම යති)

2 අංකය i ජවනිකා පාණදුරා වෙරළ - සැන්දැකාලේ හඳපායා තිබේ - ගුවනේ සරස්වති වීණාව වයන්නී - ඒ දැක සිංහල තරුණි‍ොය් දෙදෙනෙක් නමස්කාර කරති

රාමකළි රාග - ලාවනි

සරස්වති - වීණා වයමි දේව පුජාවෙදි සැන්දැක‍ාලේ චන්ද්රදයා පායද්දී දහැනද කර කර ශිව දෙවිඳාගේ මනරම් සිංහල් දිව් බූ ලෝකේ වීණා වයමි දේව පූජාවේදි

කෑම හරක් මස් ‍බෝ දොස්මයි අනේ බීම සුරා පැන් එලෙසේ දොස් වේ ඒ ‍නොදැනා බෝ ගොන් මරන්නේ නෙක රෝග සෑදුනි මේ දීපේ ගව වාහන ඇත්තේ ශිවා‍ෙග් මෙම වංස හීන ඤාණෙන් පණ නසති කන්ට මස් දැන් මේක නරක බැව් තේරෙය් සාපේ වාහන ශිවගේ නොතැකීම බැවිනි ජන මෙදිපේ වීණා වයමි දේව පූජාවේදි සැන්දෑ කාලේ චන්ද්රූයා පායද්දි

ජෝන් ද සිල්වා 199

දැහැනය ක‍ර කර ශිව දෙවිඳාගේ මනරමි සිංහල දිව් බූ ලෝකේ

(සිංහල ස්ත්රි යෝ දෙදෙනා සරස්වතිට වැඳ කථා කරති.)

සිංහල ස්ත්රිතයෝ - ඹබ වහන්සේගේ පිහිට ආශිර්වාද අපට ලැබේවා

සරස්වති - නුඹලා‍ගේ ජම්ම භාෂාව කොපමණ දුරට දන්නාහුද

සිංහල ස්ත්රි-යො - අපි ඉංග්රිමසි භාෂාව දනිමු - සිංහල කියවන්ට ලියන්ට ඉගෙණ නොගනිමු.

සරස්වති - ලෝකේ ශිෂටාචාර ජාතින්ගේ 18 භාෂාවක් ඇත්තේය. එයින් එකක් වු සිංහල භාෂාව නොදත් තොපට කෙසේ මම ආශිර්වාද කරමිද

සිංහල ස්ත්රිකයෝ - මේ ‍අපේ කාලේදි සිංහල කාව්යහ ශාස්ත්රයය දැනගත් ස්ත්රිසයෝ දිටිති. ඔවුන්ට ඔබ වහන්සේ ආශිර්වාද කළෙහිද

සරස්වති - රටට වැඩැතිව විසු ධනවත් සොවිසා මහතුන්ගේ ප්රිිය නන්දනියෝ ජම්ම භාෂාව මතක නැති නොකළෝය. ඒ නිසා මගේ ආශිර්වාද ඔවුන්ට දී ඔවුන්ගේ කීර්ති ශරිරය මෙම සිංහල ද්වීපයේ පවතින්ට තැබුවෙමි.

සිංහල ස්ත්රිවයෝ - දැන් ඔබවහන්සේ කොයා දිශාවට වඩින් ‍සේක්ද

සරස්වති - ලංකාද්විපයේ විද්යානව අලංකාර කරන කැළණි ගංතෙර පිරිවණක් ඇත. එහාට යන්නෙමි.

සිංහල ස්ත්රි-යෝ - අ‍පේ ප්රංශංසාව ඔබවහන්සේට පුදකරමු. එය පිළිගණු මැනවි.

‍(මෙසේ කියා නටති)

200 සිංහල පරාභව ප්රිකරණ මාඩි පිලු - දාදරා. හිංචි

වස්ත්රි මේ තුසාර වාගෙ වීණා දරා අතේ වීණා දරා ගගන වාස මෙදා ඇතේ වස්ත්රර මේ තුසාර - අහෝ - වස්ත්ර මේ තුසාර ඔහෝ වස්ත්රර මේ තුසාර වාගෙ වීණා දරා.

සංකය රුදැස වැලකි අතේ පත්මේ සුදු නැගුණි අහස පේන වාග්දේව තුම් වඳිමු මෙදා බැතියෙන් ‍නොමිනා ලැබේය උදව් ලංකා විසාන්හට වාසනා කරන්නි දේවි වීණා අතින් වීණා අතින් දැහැන බෝ ගායනා - මුවෙන් අපහට ආදර පාන දෙව්ලිය මෙහි ආවේ රට සදාලන සේ බෝ තුති ඔබ හට වේවා

අපගේ මෙදිප ජනා වෙන්නා දැන් වාසනා වස්ත්‍ර මේ තුසාර වාගෙ වීණා දරා අතේ &c.

සරස්වති - නුඹලා මේ කාලේ දී නොමග නොගොස් පුරාණ ආර්ය සිංහල ස්ත්රි- පක්ෂලය ක්රි්යා කළ විධියට මෙම දීපේ කල් අරින්ට සිතට ගත යුතුයි - නුඹලාගේ යහපත් ඇඳුමක් පුරාණ කිබුණාය - එම ඇඳුම තවම උඩරට ඇත. ඔය සාය හැට්ට අඳින උඹලා කරේ දිග රෙදි පටියක් එල්ලා ගෙණ තිබෙන්නේ මොකද?

සිංහල ස්ත්රිදයෝ - ඒක අප අතරේ දැන් අලුතෙන් බෝ වුන මෝස්තරයකි.

සරස්වති - ඔය කෝලම් ඇඳුම් පුරුදු කරගන්ට එපා. මන්ත හැ‍ට්ටේ සාරිය කොපමණ ලක්ෂඔණද

සිංහල ස්ත්රිලයෝ - ඔබවහන්සේට බොහොම ස්තුතියි - එය සිතට ගතිමු. ජෝන් ද සිල්වා 201 සරස්වති - සිහල බස සොයව් දැන් ආගමත් ඒ බුදුන්ගේ ඉගෙණ ගෙණ වසව් මත්පැන් නොබී ‍වල් මියන් සේ පිසුම දැන ගණිව් ඉන් ‍බෝ වැඩැක්මැයි මෙදීපේ තොපට සෙත ලැබේමැය් ඒ අසා කල් අරින්නේ

(නික්ම යයි)

1 සිංහල ස්ත්රි - මංගනෝනා මෙහෙම පුදුමයක් දැක්කාද?

2 සිංහල ස්ත්රි ය - එංගල්තිනා ඇත්තටම මම පුදුම වුනෙමි.

1 සිංහල ස්ත්රි - අප විසින් ඉගණ ගතයුතු කුමක්ද කියාත් අපේ ඇඳුම වරද බව කියාත් අපට දුන් දැනමුතුකම් ටික රටේ ප්රපකාශ කරමු.

2 සිංහල ස්ත්රිැය - ඇත්තටම අපේ සිංහල ගෑණුන්ට ඔය ටික දක්වාදි අපේ රට දියුණු කරගන්ට විරිය කරමු.

(දෙදෙනා නික්ම යති)

එල වලු පිසලා කෑ බත් නිදොස් බැව් දනිව් දැන් පර පණ නසලා කෑ බත් - සදොස් බැව් අසව් දැන් සිය සිරි’ තැරලා ගොස් වල් සිරිත් පාර පස්සේ විළි බිය නොහරිව් ගෑනුන්ගෙ අපගේ විනාසේ

ද ව ල ලිය නටන්නා බී සුරාපැන් මුලාවි සි හ ල ලිය බලන්නා ඒ ‍හොඳක් සේ පෙණේලු මෙකල රට නැසෙන්නා බිම හින්දා ලියන්ගේ අ ප ල නෙක යෙදෙන්නා බේරියව් ඉන් මෙදිපේ

ii ජවනිකා ‍බොරැල්ලේ සිට කෝට්ටේ යන පාර වැලිකඩ තැබෑරුම

දෑස නැති පොට්ටයෙක් පාර අද්දර වාඩි වි අ‍ඳෝනා කවි කියමින් හිඟමන් ඉල්ලයි. නොයෙක් ජනයෝ ගමන් කරති 202 සිංහල පරාභව ප්ර කරණය දෑස්කනා - පෙ ර කල පවෙන් දෙනුවන ‍මගෙ පොට්ට වුනේ න ර ලොව උතුම් සැප විඳිනා පින්වතු නේ ක ර මෙත් පිනට මොකවත් දෙනු මැන තුටි නේ න ර ලොව උපන් සැප නැත මට කිසිත් අ නේ

ය නෙ නා මෙ මග දෙනුවන ඇති සුදිටු ද නා ක රු නා කර ම කුසගිනි නිව දමනු මැ නා නි ව නා පතන සුනිමල සදහම බජ නා සු ද නා හඟමනක් දා සැප ලබනු මැ නා

ක රු ම ය සෙවනැල්ල වාගේ සත සම ග ග ම න ය කරන බව දෙසි මුණිඳු තිලොව ග ද හ ම ය දැන පිනට දෙන අය ඉසුරු ස ග නි සැකය ලබන බව දනු ජනය නෙත ම ග

කු ස ල ට වඩා මොනවද මෙලොව ඇති ප‍ලේ ක රුමෙට වඩා අපලක් කොද මෙදිය තුලේ පි න ක ට යමක් දෙන අය ඉසුරු සැම ක‍ලේ ලැ බු ම ට සුදුසු වෙයි දනු මැන කුසල් බලේ

ම ළ ගි ය දෙමව්පිය නෑදෑයින් නම ට කළමැ න පිනක් දී මොකවත් දුගි ම ට කළ පෙර කරුම පඩිසන් දි හිඟමන ට බ ල මැන වැටුන මගෙ දුක සුදනෙනි මෙවි ට (ලංසි මහත්තැන් දෙන්නෙක් ගමන් කරති. හිඟන්නා දැක මෙසේ කියති)

පන්බියුරන් - ඇමෙරිකාවේ උපදින කොරුන් පොට්ටයන් ‍බීරන් ගොළුවන් ආදි දුබල ජනයන් මරා දමන්ට යෝජනාවක් තිබෙනවා යයි සැලයි. අංකල් හැරි - මටත් ඒක ආරංචි. මසේ කරන්නේ ඇමරිකන් ජාතිය ‍ලෝකේ සෙසු ජාතින්ට වඩා ලක්ෂංණව බලසම්පන්නව සිටින්ටලු.

පන්බියුරන් - මේ සිංහල ‍රටේ කර්මය කියා එකක් විශ්වාස කරන බව අංකල් හැරි අහලා තිබෙනවාද? ජෝන් ද සිල්වා 203 අංකල් හැරි - ඇයි නැත්තේ එකපාරටම මේ ලෝකෙට ඩොඃ ගාලා ඇව්ත් බඃ ගාලා යනවද?

පන්බියුරන් - ඉපිද මැරි යන සත්වයා නැවත නැවත ඉපිද මැරි සංසාරේ හැසිරෙනවාලු. මේ සත්වයාගේ කුසල් අකුසල් කර්ම ඔහු උපදින කොටම ඔහු සමග ගමන් කරනවාලු.

අංකල් හැරි - මටත් ඒක දැන් විශ්වාසයි - දණ ගෙවෙන කල් යාච්ඤා කළත් මොකවත් ලැබෙන්නේ නෑ - ‍ලබ්බ මහමුදේ දැම්මත් වතුර අල්ලන තරමයි අල්ලන්නේ

පන්බියුරන් - ඔය තිබෙන්නේ වැලිකඩ තැබෑරුමයි - ගෙන්නවා ගම්මු බෝතලයක්.

අංකල් හැරි - ඔය පට්ට අරක්කු මම බොන්නේ නෑ - බොනවා නම් අපේ සර් සලමන් ‍ඔබේසේකර මන්ත්රිොවරයානන් කී පොට්ට රා තමා පන්බියුරන් - හැබෑටම රා එච්චර හොඳ එකක්ද?

අංකල් හැරි - මළ ඉලව්වේ ගිනියම් ‍රෝගෙට ඔයිට වඩා ඖෂධයක් කෝ - මාන්දමටත් බො‍හොම හොඳලු

පන්බියුරන් - බලපන් වැලිකඩ තැබෑරුමට සිංහල ගෑනු පටන් රිංගන හැටි.

අංකල් හැරි - සිංහල වංස නමැති පිච්චවැල බුද්ධාගම නමැති බෝ ගහේ වෙලි මෙපමණ කල් ම යහපත් මල්දරා ‍ලෝකේ පැවතුනාය - මේ වැලේ මුදුන් මුල් සුරාපානයෙන් වැලකි සිටිමයි - දැන් ඉතින් සිංහලයා එම මුදුන් මුල කපන්ට රා අරක්කු නමැති ‍පොරව අතට අරන් තිබේ - මේ මුදුන් මුල කැපෙන් දාට වැල මැරෙනවා ඇත.

පන්බියුරන් - සිංහලයින්ට ඔය ටික තේරෙන්නේ නැද්ද?

අංකල් හැරි - තේරෙණ උදවිය තමා එහෙ මෙහෙ දුව දුව බොන්ට එපා කියා රොදදෙන්නේ. 204 සිංහල පරාභව ප්රෙකරණය පන්බියුරන් - මේ සිංහලයන් වෙනුවට අපිත් ‍බීම අත් හරිමු.

අංකල් හැරි - ඒක බොහොම ‍හොඳයි. අද පටන් අප දෙදෙනා බිම අත් අරිමු.

පන්බියුරන් - ඇත්තටම අත්හරිමු - ම‍ගේ නළලේ අංකල් හැරි අත තබා මම අංකල් හැරිගේ නළලේ අත් තබා දෙදෙනාම ‍පොරොන්දුවක් වෙමු.

අංකල් හැරි - බොහොම හොඳා( දෙදෙනා පොරොන්දු වෙති)

බුප් කල්යින් - දාදරා දෙදෙනාම කියති - මත්පැනින් සිංහලුන් සුන්වෙනා බැව් දනිව් රා ‍නොබොව් විස්ක් රම් බ්රැොන්ඩි ජින් පට්ටරක්කුත් නොබොව් මොට්ට වෙයි ඤාණ තුම් ඉන් නැසේ ජාත්යත් ඉක්මණින් මෙ දිපේ ඉන්නා වු ‍ සේනා මේ එක්සත් වී පට්ටරක්කුත් නොබොව් මොට්ට වෙය් ඤාණ තුම් ඉන් නැසේ ‍ජාතියත් ඉක්මණින් මත්පැනින් සිංහලුන් &c.

(දෙදෙනා නික්ම යති. ගංගාධාර කෝට්ටේ දිසාවට ගමන් කරයි.)

ගංගාධාර - මේ පලාතේ ප්රණභූ මහතුන් කිසිවෙක් තමන් උපන් ‍ගම් දියුණු කරගන්ට වෑයම් නොකරන එක පුදුමයි. ගමේ වැසියා වැටෙන්ට ඇර තමුත් පමණක් නගින්ට විරිය ජෝන් ද සිල්වා 205

දරණ බව පෙණේ. දාන සීල භාවනා මෛත්රිනය ප්ර්ඥා සත්යබය ආදි අශ පාරමිතා පිරූ මුතුන්මුත්තන් විසු මේ පලාත වැටි ගෙණ යන්නේ ඒ වෙනුවට උඩගුව ඊර්ෂ්යාමව ක්රෝ ධ ආදි මලකඩ පහළ වී තිබෙන හෙයිනි. මේවා දුරුකර ගන්ට පුළුවන් ඉගෙණ ගැන්මෙනි. ශ්රි‍ පැරකුම්බා පිරිවණ ජයවර්ධුන පුර කෝට්ටේ පිහිටවා ගත් එකෙන් මේ අහල පහල සියලු ගම්වලට ම‍හොපකාරි වේ. වැසියෝ ඉන් ප්ර යෝජන ලබත්වා.

මාඩි - දාදරා

ඉන්නා ස්වභූමියේ සිංහල සේනා භාෂාව පාගා දමත්, දමත්, දමත්, දමත්, දමත්, දමත් සුන්ය වුනේ විද්ය, සිව්සැට කලා අපගේ ම‍කොරණෙන් මත්පැන් බීලා වැටෙන් දීපේ නගි‍දෝ ලෝකේ යලිත් ඊර්ෂ්යා ව ක්රෝයෂෙන් යුත් නෙක් වාසින් හින්දා දී‍පේ දැන් හානි මෝහෙන් වෙන්නා බෝ අසව් අහෝ යොමා තුම් සවන්, සවන්, සවන්, සවන්, සවන්

(නික්ම යයි)

iii ජවනිකා

ජයවර්ධනපුර කෝට්ටේ ශ්රිා පැරකුම්බා පිරිවණව.රාජගුරු ආසනාරූඪ වී සිටින සේක. ශිෂ්යුයෝ එළු පාලි සංස්කෘත පොත් පාඩම් කරති. ගංගාධර බුලත් හුරුල්ලක් අරන් ඇවිත් රාජගුරුට ඔප්පුකර නමසකාර කොට ශාස්ත්ර්ය උගන්වා දෙන්ට අයැද සිටි - රජගුරුතුමා ඊට සතුටු වී කාලිදාසයන්ගේ මේඝ දූත කාව්යටය උගන්වන සේක.


206 සිංහල පරාභව ප්රේකරණය

ගංගාධාර - කශචිතකානතා වරහ ගුරුනා ස්වාධිකර ප්රසමත්තඃ ශාපෙනා, සතං ගමිත මහිමා, වර්ෂ්හෝග්යෙුණංහතුඃ යක්ෂනශ චක්රෙසජකතනයා ස්නානපුණෙයාවර්ද කෙෂු ස්නිගධචඡායා තරුෂුවසතිං රාම ගිය්යාණෙයා ශ්රෂමෙෂු

මාර්ගහතාවචඡණු කථයතස්ත්වස්ප්රසයාණනු රූපං සන්දගශං මෙ තදනු ජලද ශ්රොංෂ්ය්සි ශ්රොරත්රෙපෙයම් ඛිනනඃ ඛිනනඃ ශිඛරිෂු පදං න්යිස්යය ගනතසි යත්ර‍ ක්ෂිගණඃ ක්ෂිනණඃ පරිලඝ්රරපයඃ ස්රෝතසාං චොප යුජ්ය‍

ප්රාගප්යා්වන්තිනුදයන කථා කොවිදං ග්රා‍ම වෘඩාන් පුර්වොචද්දිෂ්ටා මනුසර පුරිං ශ්රිද විශාලාං විශාලාම් සවල්පිභූතෙ සුචරිතළුලෙ සවර්ගිණාං ගාංගතානාම් ශෙෂෛඃ පුණ්යෛඃච හෘතමිව දිවා කාන්තිමත් ඛණ්ඩ කම්

1 ශිෂ්යචයා - පිපි සමන් කුසුමන් පටින් තන රත් හසුන් මන් මෙන් බැ‍ඳේ ලඹ සවන් දිගු රත් පසින් දන නෙත් නුවන් බඳිමින් තදේ මද පවන් වැද ලෙල පහන් සිළු මෙන් රැඟුම් දෙන රන් බදේ දිලි ඔවුන් රූසිරි නුවන්වන් බඹ උවත් දැහැනින් මිදේ

2 ශිෂ්යවයා - බජනුයෙ පෙරෙවිබත් - නොවෙ සිසිපද උතුවන එකබස වි අ‍ාවනුයේ - යල ඕනුවේ බුහු බස

3 ශිෂ්යවයා - වනන් සවාය තල හැම වී සිත්නා සියොද දල පෙම වී වනන් සවස නල හැම වී සිතින් සියොද දල පෙම වී ගත නිල් නව සදල ලකල වන කල් ලද කදල විකල

4 ශිෂ්ය යා - සි සි වන උවන ඉඟ සුඟ ගතහැකි මිටින නි සි පුලුවකුල රිය සක යුරු තිසර තන දි සි රණලියෙව් රූ සිරි යුත් මෙ පුරඟන ඇ සි පිය හෙලන පමණින් නොවෙති දෙවඟන ජෝන් ද සිල්වා 207 රාජගුරු - ලංකාද්විපයේ පුරාණ ඉගැන්විමේ පිළිවලට මේ වර්තමාන කාලේදි ඉගැන්විම කළ යුතුයි. වැල්ලේ ලිවීම පුස්කොල ලිවිම මේ කාලේදි පුරුදු නොකෙරිමෙන් අන්තරා සිදුවන්නේය. පොත්පත් අච්චු ගැසිමෙන් අ‍පේ පුරාණ පොතපත නැතිවෙන්ට හැකි බැවින් මෙම පිරිවෙණේ ඉගෙණගන්නා ශිෂ්යනයන් පුස්කොල පොත් ලියා තබා ගන්ට සිතට ගත යුතුයි.

ගංගාධර - ඒ කල්පනාව හරි බව මටද වැටහි ‍ගොස් ත‍ිබේ.

රාජගුරු - සියලුම පිරිවෙන්වනල පොත්ගුල් තබා ගතයුතුයි. සිංහල භාෂාවේ සියලුම පොත්ද පාලි භාෂාවේ සියලුම පොත්ද සංස්කෘත භාෂාවේ දැනට තිබෙන සියලුම පොත් ද එකතු කර තබා ගැනිමෙන් ශාස්ත්රිය දියුනු වන්ුනේය. ඊට ලොකු මුදලක්ද ඕනෑ කරයි. එය ජාතියට ශාස්ත්රයයට හිතැති පෝසත් ජනයා විසින් කටයුතු වැඩකි.

ගංගාධාර - සිංහල වෛද්යඩ ශාස්ත්රයය දියුණු කරගන්ට අපේ ප්රාධඥමහතුන් දැන් ඉදිරියට ඇවිත් සිටින බව පෙණියයි උන්නැහේලාට තුණුරුවන්ගේ සහ සියලුම දෙවිදේවතාවුන්ගේ ආධාර ලැබේවා.

රාජගුරු - අපේ වෙදකම නැතිවුනුදාට ජාතිය හිඟමනට බහිනවාට සැක නැත.යහපත් ඖෂධ දක්වා තිබෙව මෙම උතුම් ශාස්ත්රතය ආරක්ෂා කර ගැනිම සිංහල වං‍සේට බා‍ර වැඩකි. දොස්තර වෙදකමෙන් බිම පුරුදු වන්නේය. කුකුල් පැටව් මරාකන්ට සිදුවන්නේය. අපේ රටට මේවා හරියන්නේ නැත.

ගංගාධර - අපේ සිංහල ශාස්ත්ර ප්ර කෘතිමත් කර ගැනිමට කාලේ දැන් පැමිණි තිබේ. සිංහල හම නම දරණ ලොකු කුඩා සියලු දෙනාට මේ මාහැඟි වැඩට අවුරුද්දකට වරක් ශත දහය බැගින් දුන්නොත් රුපියල් තුන්ලක්ෂවයක් පමණ ලැබේ. මෙන්න මේ අදහසට ප්රාුඥමහතුන්ගෙන් යුත් 208 සිංහල පරාභව ප්රරකරණය

සමාගමක් තැබුවොත් මෙම මුදල එකතු කර අපේ උතුම් ශාස්ත්ර යල්ති දියුණු කරගන්ට බැරි වෙන්නේ නෑ.

රාජගුරු - ඉන්දියාවේ ප්රුභූ ජනයා ව‍ාගේ අ‍පේ ප්රනභූජනයා ඉදිරි‍යට ආ‍වොත් මේවා එපමණ අමාරු වැඩ නොවේ.

ගංගාධර - ස්වාමිනි සිංහල වංසේ ඇති දැඩි කළේ ඔබවහන්සේලා යි. ඔබ වහන්සේලා හිතට අරන් මේ වර්තමාන සිංහල වංසේ දියුණු කර හැරිය යුතුයි. ඔබ වහන්සේලාව සහ ග්රා මවල බුඩාගම්කාර ජනයා සිලෙහි පිහිටවා ගතයුතුයි. මෙසේ කළොත් සුරා පානයෙන් වැලකි අපරාධ නඩුවලට අසු නොවි ජනයා දියුණු වෙනවාට නිසැකයි.

රාජගුරු - ඒක හරි - අපි සියලුදෙනාම විරිය දරා මෙම ගමේ පළමුවෙන් සිල් සමාගම පිහිටවා ගම්මු. එසේ කළොත් ජයවර්ධනපුර කෝට්ටේ පෙර කාලේ මෙන් දියුණුවකට පැමිණෙනවා ඇත්.

ගංගාධර - සාධු.....සාධු..! (සරස්වති දිව්යාංුගානා අහසේ වැඩ සිට රාජගුරුට කථා කරන සේක.)

සරස්වති - හේ රාජගුරු - තොටගමුවේ ශ්රි රාහුල ස්වාමි‍න්වහන්සේ මෙම පුරේ වසන කාලේදි මෙහි පැමිණියෙමි. ඉන්පසු මෙම ග්රා මයට ආ දෙවෙනි ගමනයි.

රාජගුරු - ඔබවහන්සේ මෙහි වැඩියාට ස්තුති කරමි. අපේ සියලුම ශාස්ත්රා නැතිවෙන්ට ගොස් තිබෙව මෙම කාලේ ඔබවහන්සේගේ පිහිට අපට ලැබුනොත් යල්ති මෙම ග්රානමය පුරාණ කාලේ මෙන් ශාස්ත්රෙයට ප්රයසිද්ධ වෙනවාට සැක නැත.

සරස්වති - මම මෙහි ස්වල්ප කලක් නමතිමි. ඒ අතරවාරේදි මා පුදන අයට නුවණ දෙන්නෙමි.

ජෝන් ද සිල්වා 209

රාජග‍ුරු - මේ පිරිවෙණේ ඉගෙණගන්නා සියලුම ශිෂ්යියන් ඔබවහන්සේ‍ගේ පුදනවා ඇත. ඒ සියලුදෙනාටම ආශිර්වාද කළ මැනව.

කාඳරා - දිප්චන්දි

සරස්වති - විද්යාප සිල්පේ හා කලා නෙක් බුදුබණ බෝසේ උගන්නා මෙදිපේ මෝහ නසනා රාජගුරුනේ ශාස්ත්රා පවති මෙහි සිත් ලෙසා

ඉන්නා දැන් සිලේ යෙදීලා මෙම ගම වාසි ඉලන්දාරි සෑම බිමෙ නොවැටි ධර්මෙ හැසිරී ශාස්ත්රව උගණිවි නොවි මන්මුලා

මත්පැන් බිව්වොත් වේ විනාසේ අරගෙන සි‍ලේ සව්වෝ බ‍දුන්ගේ මෝඩ ජනගේ වාර නොම‍ගේ බිම නොබොව් කටේ සිල් සිඳා

(නික්ම යයි)

3 අංකය i ජවනිකා - ජිනදාස වලව්වේ

ජිනදාස, සෝමවති, හැමිල්ටන් පෙරේරා සහ ක්ලේරා සිටිත්:

ජින්දාස - දරුවනි, ලංකාවේ අපරාධ දියුණු වී යන්නේය. රට ගොසින් ඉගෙණ ගෙණ ඇවිත් සිටින සිංහලයාද තණ්හා නමැති මලකඩ නිසා තමන්ගේ චරිත රටට පළිකුල් වනසේ පවත්වයි. යුක්තිය යනු කුමක්ද නොදැන වස්තු තණ්හාවෙන් අල්ලස් අරන්අධර්ම කරයි. 210 සිංහල පරාභව ප්ර කරණය හැමිල්ටන් - සර් ඇලෙක්සැන්ඩර් ඇස්වෝර් මෙරට ජනයා ගැන මනා දැනගැම්මක් ඇතුව ඉහළ තනතුරු මොවුන්ට දීමෙන් රටට විපත්ති පැමිනෙණ බව කීවේ අපරට ජනයා යුක්තිය භජනය නොකරන නිසා නොවේද?

සෝමවති - ගරු කටයුතු රාමනාදන්තුමා මන්ත්ර ණ සභාවේදි නොබෝදා ‍පොලිස් භටයින්ට වැඩි බල දිමෙන් පැමිණෙන හානිය ගැන විරුද්ධව කථා කළෙත් ඔය හින්දා තමා.

ක්ලේරා - අනේ අපේ උගත් ජනයා යුක්තියා භජනය නොකර ක්රි යා කරන්ට ගියාම කෙසේ සිංහල ජාතිය හැදෙද. යුක්තිය යනු සර්ව සාධාරණ දේවත්වය බව කවදා අපේ ජනයාට වැටහි යයිද?

ජිනදාස - කොළඹ ‍ෙලයාර්ඩ් බ්රො ඩ්වේ කියන විර්ථකයේ සිංහල ගෑනු දෙදෙනෙක් සණ්ඩු කරගත්තේය. සණ්ඩුව නිවාඩු උනාට පසු බිට්ටු‍වේ සිටි පොලිස්භටයෙක් ලඟට මොවුන් ගෙන් එක්කකෙනෙක් පැමිණ ඔහුට බොන්ට අරන් දි අනිත් ස්ත්රිගය කඩේ බඩුගන්න කොට පොලිස්භටයා ඇවිත් ඇ‍ෙග් ඉසකෙසෙන් අල්ලා අසරණ ස්ත්රිටට තලා පොලිසිටය ඇදගෙණ ගියේය. ස්ත්රිතට කොපමණ තඩි ගැසුවාද කීවොත් ඈට ලේ මුත්රාඅ යන්ට පටන්ගෙන බොහොම අමාරු අඩියක සිටිනවාලු. මේ සිංහල ගෑනිට ගැසුවේ සිංහල කොස්තාපල් කෙනෙකි. මෙයින් පෙණෙන්නේ අපේ ජනයාට සුලු බලයක් ලැබුනාම ඒක අපේ සිංහල වංසේ විනාශයට පාවිච්චි කරන බවයි.

හැමිල්ටන් - මගේ කල්ප‍නාවේ හැටියටත් මේ රට් උපන් ජනයාට උසස් නිලතල දිමෙන් රට නැසෙන බවයි.

සෝමාවති - ඒක එහෙම තමා. භාෂාව ඉතිහාසය ආගම සිරිත් විරිත් ඇඳුම් පැලඳුම් යම් ජාතියක මාරු වී ගෙණ යන කාලයක් පැමිනුනොත් එම ජාතියේ ජාත්යායලය තුනි වී මෙබඳු විකාර භාවයකට එම ජාතිය පැමිණෙන එක පුදුමයක් නොවේ.


ජෝන් ද සිල්වා 211

(ගිත ශික්ෂ ක පුරුදු තරුණ කාන්ඩයක් සංගිත භාණ්ඩ යක් කැටුව පැමිණෙති)

ජිනදාස - හින්දු සංගිත කදිම ශාස්ත්රකයකි. අපේ ජනයා අතරේ දැන් ඒක පුරුදු වී යනවා දැකිම ප්රි තිදායක කරුණකි.

තරුණ කාන්ඩය - අපේ බාලපරම්පරා‍වේ ප්රියොජනය මුදුන්පත් කර ගෙණ වෙහෙස දරා සංගිතඥයෙක් ගිත ශික්ෂාක ප්රිසිද්ධ කර දුන්නේය. ඒ මගින් අපට සංගිත ශාස්ත්රකයේ ප්රදධාන ගුරුකම් පහසුවෙන් දැනගන්ට ඉඩ ලැබි තිබේ.

ජිනදාස - මමද ඒ පොත බැලිමි - අප සිංහල භාෂාවෙන් සංගිත සඳහා අච්චුගසා ප්රමසිද්ධ කර තිබෙන යහපත් පොතකි. ‍පණ්ඩිත් පරාක්රදමබාහු මහරජාණන්ට “සව්ඥ්භාෂ” නම පටබැඳුනේ සංගිත ශාස්ත්රපයේ මනා දැන ගැම්මක් තිබුන නිසායි. නුඹලා ශාස්ත්රරය ඉගෙණගෙන සෙල්ලම් පවත්වා මහජනයාගෙන් පදක්කම් ගන්ට විරිය කටයුතුයි. එසේ නැතුව දැන් ‍රටේ පවතින විධියට නුඹලාම පදක්කමක් සාදා ලොක්කෙක් ලවා ඒක කරේ එල්ලා ගැනිමෙන් නුඹලාගේම අහංකාර මලකඩ භාවය ලෝකයා ඉදිරියේ ප්රලකාශ වෙනවා විනා එබඳු පදක්කම් ලබන නුඹලාටවත් එය දෙන අර ලොක්කාටවත් පයිසෙක මොලේ ඇති කිසිවෙක් සලකයි ද - ඇත්තටම නැත. ඒ නිසා ඔය මලකඩ කල්පනා දුරුකරගෙණ යහපත් කල්පනා ඇතුව ශාස්ත්ර්ය ඉගෙණ ගෙණ එය රටේ පුරුදු කරපල්ලා.

තරුණ කාණ්ඩය - මුදලිතුමා කි දැනමුතුකම් ටික කීයත්ම වටිනා. ගුරැස්ද ගහක කොපමණ රන් පදක්කම් එල්ලුවත් එය සඳුන් ගහකි නොවෙන්නා ව‍ාගේ ‍කොපමණ පදක්කම් මෝඩයෙකුගේ කරේ එල්ලුවත් ඔහු ශාස්ත්රතඥයෙක් නොවන්නේය.

සෝමාවති - අර ගිත ශික්ෂකයේ 39 වෙනි පිටේ පෙණෙන “ජබ්කෙ කලන්දර ධන ධන” කියන සින්දුව ව‍ාගේ සිංහලෙන් සින්දුවක් කියන්ට නුඹලාට පුළුවන්ද. 212 සිංහල පරාබව ප්රදකරනය තරුණ කාණ්ඩය - ළමා එතන. එම සින්දුව වාගේ සිංහල නාටක පොත් වල සින්දු තිබෙනවාය. ඒ කොයි හැටි උනත් අපට අමුතුවෙන් ප්ර්බන්ධ කර කියන්ට බැරිකමක් නැත. අසනු මැනවි. පිළු - ලාවනි

දැක්ක සොඳන් තර හරකෙකු එලෙසට වෙන්නට ගෙම්බකු පුප්පා අනේ - දේහ පැලිලා මරුමුව පැමිණුන දෙස් ජනයෝ නිවසන්නෝ ‍රටේ

‍මෝඩයන්ටත් ලැබේ මෙදිපේ බෝම නම්බු ලොක්කන්ගෙන් රාජකිය දැන් මාර්ගග ඇත්තේ සිල්පේටත් ගන්නා මාන්නේ රවටා ලෝකේ හොල්ලා කාසි පය් ‍මෝඩයන්ටත් ලැබේ මෙදිපේ බෝම නම්බු ‍ෙලාක්කන්ගෙන්

හැමිල්ටන් - ‍බොහොම ලක්ෂණ සින්දුවක් තමා - රටේ පුහු කල්පනාවෙන් ක්රිැයා කරන කාටත් හැදෙන්ට ගුරුකම් පෙණෙන සින්දුවකි. සිල්තපේට රාජකීය මාර්ගමයක් නැතෙයි කිවේ‍ පෝසතාත් දුප්පතා ‍ෙද‍ෙදනාම එකතරමට මාන්සි නොවි ශිල්පශාස්ත්රෝ ඉගණ ගන්ට බැරි ‍බවයි. ඒ නිසා යමෙක් පදක්කමක් ලබවා ගත්තාට ඕහට සරස්වති පහළවුනයි කියා හිතන්ට එපා.

ජිනදාස - පදක්කම් දැන් බිබික්කම් ගණනට ‍රටේ ලාභ වී තිබෙන්නා

‍සෝමාවති - අර හොඳට පැනිරස බිබික්කම් වගෙ නොවෙයි. කොස් ඇට මුල්ලේ හදන පොල්කුටු බිබික්කම් තරමට ‍ගොසින්ය. අනේ ඔහේ පලයන් අජිර්ණය....!

හැමිල්ටන් - තරුණයිනි නුඹලා සමග ඇවිත් සිටින නාටිකාංගනාවට නටන්ට ‍හොඳ සින්දුවක් කියාපල්ලා. ජෝන් ද සිල්වා 213

තරුණ කාණ්ඩය - හැමිල්ටන් මහත්මයා මනාප ඉංග්රිිසි තාලෙකටද කපිරිඤ්ඤා සින්දුවකටද - චිකොතිවලටද එහෙම නැතුව හින්දු සංගිත ශාස්ත්ර යේ රාගයකටද

හැමිල්ටන් - මම දැන් ඔය වල්බූත වලට මනාප නෑ. රාවණාගේ සහෝදරි ලක්ෂතමණ දැකලා කිවු සින්දුවේ රාග ත‍ාලේ දන්නවා නොවේද

තරුන කාණ්ඩය - හරි - රාමායණේ පේණ සින්දුව ගැන නොවෙද තමුන්නාන්සේ කිවේ.

හැමිල්ටන් - ඔව් ඔව් අන්න ඒ රාගෙට සින්දුවක් කියා නුඹලාගේ වාරාංගනාට නටවපල්ලා. ජිංජෝටි - කැමිටා

තරුණ කාණ්ඩය - පින් පාට ‍බෝම පේණා - අද පේණා මුදලිඳු‍ගේ දරුවන්ගේ - දරුවන්ගේ සන්තෝසවෙන්නි - අප - ගිත අසා යෞවනී සොඳ ක්ලේරා දිගැසි සාධු ! පින් පාට ‍බෝම පේනා...අද පේණා මුදලිඳු‍ෙග් දරුවන්ගේ - දරුවන්ගේ දැක්කාම මූණා - බඩ බෝම පිරේ වාසනා වැජඹේවාය සිතා දිපේ පින් පාට බෝම පේණා - අද පේණා මුදලිඳුගේ දරුවන්ගේ - දරුවන්ගේ

(ගංගාධාර පැමිණේ) ජිනදාස - පුත ගංගාධර උඹ ඉගෙණගන්නා සංස්කෘත භාෂාවේ සින්දු යමක් දන්නවා නම් මොවුන්ට වයන්ට එය කියාපන්

ගංගාධර - සංගිත ශාස්ත්රටය උපන්නේ සංස්කෘත භාෂාවේය.මම ගීත ගෝවින්දයේ සින්දු පාඩම් කළෙමි.

හැමිල්ටන් - බලන්ට එයිත් එකක් කියපන්. 214 සිංහල පරාභව ප්රයකරණය වසන්ත රාග - රු‍පක තාල ගංගාධර - (1) ලලිත ලවංග ලතා පරිශිලන කෝමල මලය සමීරේ මධුකර නිකර කරම්බිත ‍කෝකිල කූජිත කුඤ්ජ කුටිරේ විහරති හරිරිහ සරස වසන්තේ නෘත්යකති යුවති ජනෝන සමං සඛි විරහි ජනස්යක දුරන්තේ

(2) උන්මද මදන මනෝහර පර්ථ‍කව ධුජනජනීත විලාපේ අලිකුල සංකුල කුසුම සමූහ නාරාකුල බකුල කල්පේ &c.

(3) මෘගමද සෞර හරභසව සංවදන වදල මාල තමාලෙ යුව ජන හෘදය විදාරණ මනයිජ නඛරුචිකිංසුක ජාලේ &c.

(4) මදන මහිපති කනක දණ්ඩරුවි ‍කේසර කුසුම විකාසේ මිලිතශිලිමුණ පාටලපටලකෘතස්මරතූණ විලාසේ &c.

(5) විගලිත ලජ්ජිත ජගද ව‍ලෝකන තරුණ කරුණ කෘත හාසේ විරහිනි කෘන්තන කුන්තමුඛා කෘති කේනක දන්තුරිතාසේ &c.

(6) මාධවිකාපරිමලලලිතේනව මාලති ජාත් සුගන්ධො මුනි මනසා මපි මෝහන කාරිණි තරුණා කාරණ බන්ධො&c.

(7) ස්ඵුරදති මුත්කල තාපරිරම්බණ මුකුලිත පුලකිත චුකේ වෘන්ද්රස වන විපිනේ පරිසරපරිගතයමුනාජල පූතේ &c.

(8) ශ්රිර ජයදේව භණිතමිදමුදයති හරිචරණස්මෘති සාරම් සරස වසන්ත සමය වන වර්ණන මනුගත මදන විකාරම් &c.

තරුණ කණ්ඩායම - ගංගාධර මහතුන්ගේ සින්දු බොහෙමා ගැඹුරුයි. මෙම සින්දු දැනට සිංහල රට් ව්යංවහාරවෙන සින්දුවලට ‍බොහොම වෙනස්ය - සිංහල රටේ නාට්යන පොත්වලට අන්තර්ගත කර තිබෙන සින්දු නාට්යව සිංදු බව පෙනි යයි.

ගංගාධර - නාට්යි සින්දුත් මිහිරි තමා - දැනට ඉන්දියාවේ නොයෙක් භාෂා වලින් නාට්යු සාදා තිබේ - ඒ සියල්ලටම වඩා මිහිරි නාටක ගුජරාති භාශාවෙන් තිබේ. ජෝන් ද සිල්වා 215

තරුණ කණ්ඩායම - මහත්මයා ගුජරාති නාටකේක සින්දුවකි කියන ලෙස ඉල්ලමි. කමාජ් - හිංචි

ගංගාධර - මහා කුමාරිකා චේරුපාලි ආදසූදි බැටිචෙ කුමාරිනිහාලිදාරි රූපනෝනිදාන චුප බාලි ඇනෙ ජෝතාජමාහ මොහපාතෝ ච‍ලො ආවේ චෙ චන්ද්ර සූය්යමර්‍ සාමෝ ජාක ජමල වදන බාල බෙයිටි බාල උපජවාල චතුර බුද්ධි සාලි - මහා කුමාරිකා වේරුපාලි &c.

ජිනදාස - ඇත්තටම ඉතා කර්ණ රසායන සින්දුවකි. මෙපමණ ලක්ෂණ සින්දු අපේ භාෂාවල තිබෙද්දී මේ සිංගල කොල්ලන් කෙල්ලන් ප‍ුරුදු කරගන්නා වල් සිනුදු මොනවාද?

හැමිල්ටන් - අඩි ගහගෙණ කියන්ට හොඳ සින්දු තිබෙන්නේ පුර්තුකෙස් භාෂාවෙන්ය. ඔන්න අසන්ට හොඳා

කපිරිඤ්ඤා

යොවුන‍ෙfප්රා.න්ති ‍බොස්ත‍ෙfප්රා්න්ති මිඤබාගුදරුමන් ‍‍යොවුජබෙබේ ආතුකීයාලවා බොසමාන් රෝසන රෝසේරරෝ සේරනසන වාන් f ප්රි මෙරුන විස්ත සිගුන්දුන කොරසාන් මස්කි බො සෙනන් ලෝංජි ඕරු‍ෙfප්රාතදමිඤාබ්රාාසු යොවි අමාfපා වොරස්කි ලැයිපේසි අමා ආගු


තරුණ කණ්ඩායම - රට වෙස්ගත්ත සිංහලයාට මේවා තමා කදිම

216 සිංහල පරාභව ප්රවකරණය

හැමිල්ටන් - ආප්ප සූරපාටි වලට ගියාම ඕවා බොහොම හොඳට අහගන්ට පුළුවනි.

සෝමාවති - ‍මොනවද පුත් ඔය ආප්ප සූරපාටි.

හැමිල්ටන් - මාතා එය අහලා නැද්ද

සෝමාවති - නෑ

හැමිල්ටන් - ඉඳිආප්පම් තම්බා ගෙණ රා කලගෙඩියක් තරම අරන් හඳපානේ මූදූ වෙරලට පැමිණ තුප්පහි නෝනාවරුයි මහත්තැනුයි කකා බිබි සින්දු කියමින් ඇගපත බදාගෙණ නටති.ඒකට තමා ආප්ප සූර පාටි කියන්නේ.

සෝමාවති - අපේ සිංහල ජනයා අතරෙත් මේක පවතිනවාද

හැමිල්ටන් - මොකද නැත්තේ රට වෙස් අග තැන්පත් පැරිස් කොටුව පැත්තේ ‍‍බොහොම තිබෙනවාලු

‍සෝමාවති - පුත සිංහල ගෑනුන් දැන් රා බොතිද

ගංගාධර - ඔය ආප්ප සූර පාටිවලට යන ගෑනු රාබොන්ට පුරුදු වි සිටිති. රා අරක්කු පමණ සැර නැති නුමුතු රා බිපු මිනිසුන් ගැන මිරිපැන්නේසාමි කියා තිබෙන්නේ මෙහෙමයි.

පි ට පට ගසමින් ඇවිදින් සුරාපාන සාලා ව ට වැද කටගන්නත් රා ‍බොමින් මත්ව මූලා ක ට කෙල රැවුලේ ‍හොස්සේ කොණින් වැක්කෙරිලා කොට කොට ඇවිදිමෙන් ගෙන් ගෙටත් කෝලහාලා

ක්ලේරා - ‍අනේ මම්මා ඔය ශ්ලෝකය පාතරට අප වෙනුවට මන්ත්රොණ සභාවේ පෙනි සිටින මන්ත්රි වරයානන්ට ලියා ඇරියොත් රා අරක්කු දෙක ඤාණ තරාදියේ ලා කිරා බලා ගන්න උන්නැහේට පුළුවන් වේ.

ජෝන් ද සිල්වා 217 සෝමාවති - අපි අරිමු මක්කියයිද කියා බලන්ට.

තරුණ කණ්ඩායම - ඇවිත් දැන් හුඟාක් කාලේ ගතවුනි - අපට යන්ට අවසර

ජිනදාස - නුඹලාගේ සෙල්ලම ගැන බොහොම ප්රිවතිවුනෙමි. යන්ට මත්තෙන් තව සින්දුවකි දෙකක් නාටිකාංගනාවට නටන්ට කියාපල්ලා.

පිලු - හිංචි

තරුණ කණ්ඩායම - බොහෝ ප්රිටතිවුනි - මුදලින්දේ මුදලින්දේ - වස්තු ලද්දේ නටා සින්දු කියව්වේ වලව්වේ - මේ වලව්වේ-ඉන්ට අව්වේ සුරාබිම නැත මුදියන්සේ - මුදියන්සේ - තුංග වං‍සේ රකි ධර්ම තිලෝනා බුදුන්ගේ - ඒ බුදුන්ගේ - දේශනා සේ වේවා රෝග සිදි සැපශාන්ති - සැපශාන්ති - පුණ්යුවන්තී වැටි කාන්ති දිලේ කුණ්ඩලාමේ - කුණ්ඩලාමේ දීප්තිවන්නේ

(නික්ම යති)

ii ජවනිකා - විර්ථලයක් (රාත්රාාකාලේ) (මිකෝ නෝනා,පන්බියුරන්, අංකල් හැරි ගමන් කරයි.)

පන්බියුරන් - ටයිටනික් නැව සමග ගිලුන ‍ලෝකප්රහසිද්ධ ස්ටැඩ් මහත්මයා ජූලියාගේ පේන කියන මැදුරේදි කථා කළයි කියන්නේ සැබෑද

අංකල් හැරි - සැබෑ බවට පත්රියක ප්රතසිද්ධකර තිබෙනවා දිටිමි.

මිකෝ නෝනා - සැබෑනම් මරණින් පසු පැවැත්මක් නැතෙයි කියා දොඩන අයින්ගේ කල්පනා වැරදි බව ඔප්පුවෙයි.

පන්බියුරන් - පැවැත්මක් තිබෙව බවට ‍ලෝකේ සිටින වැඩිදෙනා විශ්වාස කරති - දේවාගම්කාරයෝද බුදධාගම්කාරයෝද පැවැත්මත් ඇති බව විශ්වාද කරති. 218 සිංහල පරාභව ප්රදකරණය

අංකල් හැරි - ඔය පවතින්නේ මොකක්ද?

මිකෝ නෝනා - ඒ ටික තමා කාටත් බේරගන්ට බැරි - සදාකාලික ආත්මයක් ඇතිබව දේවාගම්කාරයෝ විශ්වාස කරති - බුද්ධාගම්කාරයෝ එහෙම එකක් නැතැයි කියති.

පන්බියුරන් - නැත්නම් ‍මොකද්ද පවතින්නේ

අංකල් හැරි - යමෙකු‍ගේ ඡායාරූපය ගත්තාට ඔහුගේ ශරිරයෙන් යමක් අර ඡායාරූපයට නොයන්නාසේ මනුෂ්යයයාගේ කර්මය ‍ෙහ්තුකොටගෙන මරනය සිදුවෙනකොටම තවත් සත්වයෙක් මැවෙනවාලු - ඒ සත්වයා මැරුන අයක් නොවේලු වෙන අයෙකුත් නොවේලු.

මිකෝ නෝනා - ඔය පටලැවිලි කාට බේරන්ට පුළුවන්ද - ජිවිතය කොටයි. ඒ නිසා ඒ කොට ජිවිතටය පුළුවන් පමණ වාසනාවන්ත කරගෙණ පසුකරණ එකයි නුවනට හුරු. කමු බොමු නටමු. මේ කාම සැප අත්හරිණ ‍මෝඩයා හරියට දහයියා පොත්ත තිබෙනවා යයි කියා වි ඇයට විසි කරන්නා වාගෙයි.

පන්බියුරන් - මිකෝ කියන ටික තමා බොහොමයක් මේ රටේ දැන් කරන්නේ. වපුල විධියට කපාගන්ට ලැබුනොත් ඔය කුමේ බෙබේ කරලා අනික් පැත්තේදි වෙන්නේ ලොකු රස්තියාදුවයි.

අංකල් හැරි - කෑජරකම මුදුන්පත් කරගෙණ මිකෝගේ ජිවිතය ගත කරන්ට කල්පනා කර සිටින හැඩයි. ගෑනු ඔහොම තමා බඩ ජඩරිකමට තහනම් ගෙඩිය අර දුප්පත් අපේ මුත්තාට කැව්වෙත් මුන්දලාගෙන් එක්කෙනෙක් තමා

මිකෝ - ගෑනු කියන හැටියට මන්ද නටන්නේ මෝඩ පිරිමි


ජෝන් ද සිල්වා 219

පන්බියුරන් - ස්ටැඩ් කථාකළයි කියන එක ප‍ුදුමයක්ද - මේ රටේ කපුරාලලාට ආරූඪ වි නොයෙක් දේවතාවන් ‍යකුන් කථකරණ බව අහලා නැද්ද?

අංකල් හැරි - කපුවෙක් පේන කියනවා මම දිටිමි. ඕවා ගැන කියා තිබෙව කවියක් මට මතක් වුණා.

රෑ ට රතට දිලුනාට ක‍දෝපැනියාට දෙන්ට ගිනි එද ඌගෙන් ඌට ත් වැඳලා කියති ගොසින් බල්ලෙක් සොලවා නම් නකුට තදින් ඌට තිබෙන ලෙඩ කාට කියමදෝ කියා ගැහෙයි ඌ වියරු මතින් මී ට පිහිට වෙනවාට අනේ දැන් ඌට වඳින අයවද මරි ගොන්

මීකෝ - අංකල් හැරි දුටුවාද අර අරුමෝගන් නම් දෙමළ කොල්ලා

අංකල් හැරි - ඌ නම් පුදුම ගණන්කාරයෙකි. ඌට ගණිතය පිළබඳ තිබෙන ධාරණශක්තිය විස්මයට හේතුවකි.

පන්බියුරන් - අනික් අයට නැති එකක් ඔය කොලුවාට පමණක් තිබෙන්නේ මොකද?

අංකල් හැරි - ඒකතමා ශාස්ත්රටඥයින්ට තෝරාගන්ට බැරි - පෙර උපතකද් මේ කොලුවා ධාරණ ශක්තිය දියුණුකරගත් බැවින් මේ උපතේදි ඒක පෙණෙන්ට ත‍ිබෙනවා යැයි සමහරු කියති.

මිකෝ - ධාරණ ශක්තිය මේ කාලයේ ජනයාගේ වැඩිය නැත පෙරකාලේ ඉගණගන්න ළමයි සියලුම පොත් කටපාඩමෙන් දැන ගත්තෝය. දැන් කාලේ පොත බලාගෙණ කියති.

අංකල් හැරි - බුදුන් නිවන් හොසින් අවුරුදු 400 ක් ගියාට පසු අළු විහාරේදි ධර්ම ‍‍ෙපාතප‍ෙත් ලියනු ලැබුවාලු.

පන්බියුරන් - එතකල් ධර්මය කොහෙද තිබුනේ

අංකල් හැරි - රහතුන්ගේ හි‍තේ මිසක් පොතේ නොවෙයි. 220 සිංහල පරාබව ප්රෙකරණය මිකෝ - තුන්පිටකේම හිතේ තිබුනාද

අංකල් හැරි - තුන්පිටකෙටත් වඩා එහා තබාගන්ට ධාරණ ශක්තියට හැකි බව අරුමෝගන්ගේ ගණිතයෙන් පෙණේ.

මිකෝ - කෝටි ප්රණකෝටි ගණන් ඇසිපිය හෙළන කාලය ඇතුලතදි සදා උත්තර දෙන්ට පුළුවන් ධාරණ ශක්තියක් මෙම ‍කොලුවාට පිහිටියා නම් රහතුන්ගේ ධාරණශක්තිය ගැන කුමට කියමුද

පන්බියුරන් - අර ජිනදාස මුදියන්සේගේ දරුවන්ගෙන් හැමිල්ටන් කියන අය බොහොම ඉංග්රිඅසියට සමර්ථයි. ගංගාධර එළු පාලි සංස්කෘතට බොහොම සමර්ථයි.

අංකල් හැරි - හැමිල්ටන් හම්බකරන එක ඔහුගේ වියදමට මදි. ගංගාධර දැන් අක්කර විස්සක් තරම වව‍ාගෙණ එලදෙනුනු පස්දෙනෙක් එහි තබාගෙණ කිරි අරන් ‍මෝරු වෙඩරු එලගිතෙල් ආදිය ලබාගෙණ ඔහුගේ කුඹුර වපුරා වී ලබා වත්තේ එලවලු ලබාගෙණ කිසිහිඟත් නැතුව කෑමබිම ලබා කාලය ගත කරයි. හැමිල්ටන් නාට්ටන්ගේ තොන්ඩුවට අහුවලො සිටින්නා.

මිකෝ - දැන් හැදෙන සිංහල තරුණයෝ ඔහොම තමා. බූට්ස් කුට්ටම රුපියල් 18යි. මේස් කුට්ටම රුපියල් 5යි. වැවිලි කිසිවක් නෑ - හැමදාම බංකොලොත්.

පන්බියුරන් - මුන් අපෙන් ගුරුකම් අරන් සිටින හැඩයි.

අංකල් හැරි - අපෙන් නොවෙන්නම් උන් ඕවා පුරුදුවෙන්නේ නැත්නම් සිංහල ගෑනු කවදා බයිලා නැටුවාද

මිකෝ - ගංගාධරගේ අඩිපාරේ යන එක නුවණට හුරුයි. කන්ට වී ටික එලවලු ආදිය තමාගේම ඉඩමෙන් ලැබෙනවානම් බොන්ට කිරිටික ‍මෝරු ආදිය තමාගේම එලදෙනගෙන් ලැබෙනවා නම් ඉන්ට ‍ගේදොර තිබෙනවානම් ‍මොකද ජෝන් ද සිල්වා 221

ඇති හිඟය. ටිප්ටොප් එකට මේ ජිවිතය ගත කරන්ට පුළුවන්ය.

අංකල හැරි - ගංගාධර ලගදි කසාද බඳින්ට යන බව ආරන්චියි.

පන්බියුරන් - මටත් අරන්චියි බිම ගන්නේ නැතිලු. පුරාණ සිංහල විධියේ මගුලක්ලු - අපිත් ‍ගොසින් බලමු.

මිකෝ - බිම නැති මඟුල මොකක්ද? ෂෝක්වෙලා එන්නේ අඩියක් දෙකක් ගැසුවාම තමා

අංකල් හැරි - ඔය‍ ෂෝක් කරන්ට ගොස් සිංහලයන් අතරේ මිනිමැරුම් ‍බොහොම වෙන්නා - ආණ්ඩුවේ ‍පෝරකේට නිවාඩුවක් නෑ,

මිකෝ - ඒක හරි - සිංහල ලොකුලොක්කෝ උත්සව වලදි බිම නොගණිත් නම් සෙසු අයද එලෙස ක්රි්යාකරණවාට සැක නෑ. කේක් වයින් කියා එකක් පුරුදු කරගෙණ පොඩි ළමයින්ට පටන් බිම පුරුදුකර ගණිති.

පන්බියුරන් - ලොක්කන්ගේ තමා සිංහල ජාතිය පෙරළෙන්නේ.රට සිරිත් බෝ කර කර ජාතිය ග්රනෂ්ටකර දමති.

අංකල් හැරි - අපේ මිනිසුන් මුන්ට කියන්නේ සිංහලයා මෝඩයා - කැවුම් කන්න යෝධයා

මි‍කෝ - උන් අපට කියන්නේ ලංසියාට ඇද්ද කද වාගේය කියා.

පන්බියුරන් - ඒ මොකද

මිකෝ - ඒකෙන් තේරෙන්නේ උන්ගේ ගුණේ නැතිකමයි. කද ගේණකොට පමණක් ‍බොහොම ආදරෙයි. එය ලබා ගත්තාට පසු මතක නෑ.

අංකල් හැරි - ඒක නම් ඇත්තයි. අපේ මිනිසුන් වාගේ අල්ලස්මරුවෝ තවත් ඇද්ද. (නික්ම යති)

222 සිංහලා පරාභව ප්ර.කාරණය iii ජවනිකා ජිනදාස වලව්ව

ගංගාධර සහ ප්රිවයම්වද පෝරුවේ සිටිති ජිනදාස, සෝමවති,හැමිල්ටන්, ක්ලේරා ආදි මහත් පිරිසක් රැස්ව සිටිත්. කිරිබත්, කැවුම්, අළුවා, අග්ගලා, කෙසෙල් කැන්, සව්දොදොල්, බිබික්කම් ආදි රසකැවිලි බන්දේසිවල ආවතේවකාරයෝ අල්ලති. කපුවා පොරුවේ සිටින දෙදෙනා ගැන මෙසේ කියති.

සාරසාර ගුණ ධාරධාර ද්රිෙත වීරවීර සුවිසාර ධ ම් රූපරූප කල ආධිආධි කප තේජ තේජවර දේසන ම් දේවදේව නර නාගනාග සුර කේලිකේලි මකුටාසන ම් ‍ලෝකලෝක ගුරු ර‍ාජරාජ සිරි පාදපාද ප්ර්ණමා මහම්

යනුහෙයින් ශක්රුබ්රාහ්ම විෂ්ණු මහේෂ්වර ගරුඩ ගාන්ධර්ව සිද්ධ විධ්යා්ධරාදි වු නොයෙක් දෙවියන්වහන්සේලා සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ විවාහ මංගල්යොය පිණිස මඟුල් මණ්ඩපයක් කරම්බයි සිතා දිග සොළොස්පුලුල පසළොස් රියන් මඟුල් මණ්ඩපයක් කරම්හයි සිතා දිග සොළෝපුලුල පසළොස් රියන් මඟුල් මණඩපයක් කරවා රන් උළු සොයවා රන් කොත් පිහිටුවා රන්සුණු නිල්කළු පට වස්ත්රායදියෙන් උඩුසෙත් බඳවා පසළොස් පරසතු කඩුපුල්මල් මදාරා ඇඹුල උපුල ඕළු, නෙළුම් සපු නා පනා කොබෝලිල සව්කෙන්දාදියෙන් මල්දම් පිහිටවා කස්තුරි කපුරු මාලාමැලි පුෂ්පාදියෙන් පතුරුවා ද්‍රතරාෂ්ට විරූඪ, විරූපාක්ෂා, වෛශ්රවවනයයි යන සතරවරන් දෙවි රාජෝත්තමයානන් වහන්සේලා සතර දොරටුවේ කඩුගත් අතින් සිටුවා විශ්වකර්ම දිව්ය පුත්ර යානන්වහන්සේ එරන් පෝරුවක් පනවා රන්රිදි මුතු මැණික් යනාදිත් පිහිටුවා සිව්කොණ පූර්ණඝට මහරුක්මල් සරහා රන්පහන් දල්වා කිවි, චන්ද්රර කුජ බුද ගුරු ශක්රා, සැණි, රාහු කෙහෙතු යයි යන නවග්ර,හයින් නවදෙනා වහන්සේලාව වට පිරිවරා සිද්ධාර්ථ කුමාරයන්වහන් සේ හා සමඟ යසෝධරා ජෝන් ද සිල්වා 223 දේවියන්වහන්වසේ එසේ පෝරුව මස්තකයෙහි වැඩසිටුවා දෙදෙව් ලොව අධිපති ශක්රේදේවෙන්ද්රකයානන්වහන්සේ විසින් එරන් සළුවක් මවා යසෝදරා දේවින්වහන්සේගේ හිස පටන් පාදාන්තය දක්වා සර්වා භරණයෙන් සරසා ඊශ්වර මහා රාජෝත්තමයාණන්වහන්සේගේ එරන් කරඩුවේ සඟවා තිබුන දිව්යය පිරිත් නූල ගෙණ දෙදෙනාගේ දෙසුලැගිල්ල බැඳ සහම්පති නම් මහාබ්ර හ්ම රාජෝත්තමයානන්වහන්සේ එරන් කෙණ්ඩියෙන් පැන්ධාරා වත්කොට ඒ දෙදෙනාට පිහිටවෙමු ජයමංගල්ය යි අදත් මොව‍ුන් දෙදෙනාට පිහිටුවන්නේ ජයස්තු ජය මංගල්‍යයක් වේවා

(දෙදෙනාගේ සුලැඟිලි අල්ලා නූල බැඳ මෙසේ කියයි.)

වධකේ දේවදත්තම්හි ‍චොරේ අංගුලිමාලකේ ධනපාලේ රාහුලොවාපි සිද්ධත්ත සම්මානසෝ ඒතේන සච්චවඡඡේන හෝතු තේ ජයමංගලම්

    	යනුකී හෙයින් ශ්රිිමත් පංකඩ සුගන්ද මකරන්ද කීර්ති පුංජපිංජලිත විතත විචිත්ර් සත්ත පත්රාවසනාරූඪව වැඩ උන්නාවු විෂ්ටරෝ මහා බ්රිහ්මයාදි හරින් ඊශ්රයානන් වහන්සේද හරෝස්ථා මුතුපති යුක්තවු මහේශ්වරයානන් වහන්සේද වායො වායුදේවතාවාද අනෙලඃ - අග්නි දේවතාවාද චන්ද්ර :චන්ද්ර දිව්යනරාජයාද හාස්කරඃ සූය්යාර්‍ දිව්යවරාජයාද ප්රේරතා දීපඃ යමරාජයාද දිග්ග්රතහඃ ඉන්ද්රහසෝම අග්නි නෙරුක්ත්යජ වරුත්යාපදි අෂ්ට දිග්පාලයෝද හෙවත් මන්මතයාද නලකුමරඃ වෙශ්රරවනයා ද සුරගජඃ ඓරාවන හස්තිරාජයාද චින්තාමනිඃ චින්තානුකූලවු මාණික්ය යද කෞස්තුහං ගෝපාල වක්ෂනස්තල කවුස්තුභ මාණික්යසයද ස්වාමශක්තිධරඃ කන්දකුමාරයෝද බලධරඃ බලබද්රුයෝ

224 සිංහල පරාභව ප්රබකරණය

ආදිකොට ඇති මෙකීනොකී දිව්යිසමුහයානන්වහන්සේලා විසින් මෙම පෝරු මස්තක පිට වැඩසිටින යුවතිපති දෙදෙනාට සකලඓශ්චර්යාහිවෘද්ධිවර්ධටනය කෙරෙත්වා.

(කපුවා නුලෙන් බැඳි දෙසුලැගිල්ලට කෙණ්ඩියෙන් දිය වක්කර කියයි.)

බඹමහිසුරුවෙත් දෙව්සෙත් සලස්වා දිගා දී මෙයුවතිපති රෑදාවල් රකිත්වා සිඳා දුක් යස ඉසුරු ලබා පින්වත් සුතන්ගෙන් පිනි මන් හෙලදිව වැජඹෙත්වා සව් රුපුන් දප් බිඳිමෙන්

(මිටපසු ගංගාධර සහ ප්රිනයම්වද පැමිණ සිටින ජනය‍ාට බුලත් හුරුලු දෙති)

(මනමාල මනමාලි දෙදෙනා තැලිපිළි හුවමාරු කරගණිති.)

ප්‍රියම්වදගේ පියා - මාගේ ප්රි ය නන්දනිය.නුඹ මේතාක් ම‍ාගේ නිවසේ දෙගුරුන්ගේ බාරේ තැනි අද දවසේ අපේ බාරෙන් තුරන් වී මහ බඹා ඉසේකෙටුසේ නුඹට ලැබුනු ප්රි්ය පුරුෂයා බාරේ නුඹේ ඉතුරුකාලය ජිවිතාන්තය දක්වා ගත කෙරිමට අද පටන් සංසාර ව්යතවහාරය අනුව මෙම බන්ධනයෙන් සිදුවු බව හිතේ තරයේ පදිංචි කරගෙණ තම හිමියාට කීකොරුව හිමියාගේ නෑ මිත්රාිදින් තමාගේ නෑ මිත්රාීදින් මෙන් නිතරම හිතේ තබාගෙණ දැන්කාලේ ඉංග්රිිසි පන්නෙට හැදෙන සිංහල ස්ත්රි යක්මෙන් පුරුෂයාට නමින් කථා නොකොට පුරැෂයාගේ පාදචාරිකාව බව මතක නැති නොකොට තරහගිය කල මුවෙන් නොබැණ සංසුම් ලීලාවෙන් තම හිමියා කෙරෙහි පැවති ඔහුගෙන් යම් උවමානාවක් කරවාගන්ට ඕනෑවු විටක කෛකෙයී බිසව දශරථ රජුගෙන් ගත් පොරොන්දුව කෙබඳු ප්රවස්තාවකදි ලබගත්තා දැයි මෙනෙහිකොට එබඳු ප්රවස්තාවකදි හිමියාගේ සිත සතු‍ටුකර එම උවමනා ඉෂ්ට කරගන්ට සිහියේ තබාගෙණ අසල්වාසි ජනයන්ගේ සිත්

ජෝන් ද සිල්වා 225

යහපත් ගුණෙන් දිනාගෙණ කල්සිරිත් නොඉක්මවා පතිව්රගතාවේ ඇති යහපත් උතුම් ලක්ෂපණ කිසිසේත් පලුදු නොකර ඔය නැටුම් ගැයුම් අප වංසේ කුලාංගනාවන්ට කැපනැති බව කල්පනාකර සැක නැමති පනුවා පුරුෂයාගේ හෘද නමැති පත්මයෙහි මැවෙන්ට ඉඩනොදි අප පුරාණ යහපත් ඇඳුමෙන් වසාගතයුතු ශරීර අවයවයන් සිරිත්සේ වසාගෙණ හුස්ම යන්ට අපහසු කරන බොස් තොරොක්ක අල්ලා දමා එසේම කරක්ගෙඩි බඳු ක්රි තොලයින් කිසිකලෙක නෑඳ එච්. පී කියන බොරු කොට්ට කිසිකලක නොපැලඳ අර්ධිපයෝධරයන් පෙණෙනාකාර පලල් හැට්ටවලට පිළිකුල්කර පත්තින් පටියමෙන් දැනකාලේ පාතරට ස්ත්රිුයන් රුපියල් විස්සක් තිහක් වියදම්කර දමන අර බොරුපට කරේ දමා නොගෙණ රත්නවල ඇති ගුණ කුමක්ද කියා දැනගෙණ නවරත්න බැදි රන්ම‍ුදු කුණ්ඩලාකුරු ආවලි වලලු ආදියට වියදම්කරන මුදල කැලේ නොයනබව දැන එබඳු ආයිත්තම් රැස්කරගත් කල පරම්පරාවකට ප්ර යෝජන වෙන බව ද නුවනින් දැන රටහිටන් ගෙනෙන ඔය බොරු පිද‍ුරු තොප්පි කහල ‍ගොඩට දමා කිසිකලක එය හිසේ පැලද නොගෙණ ඔය පිද‍ුරු තොප්පි නිසා පෙර පටන් ලක්දිව පැවති උතුම් රන්රිදි කැටයම් ශිල්පය අද නැතිවෙන්ට ඇවිත් තිබෙන බව හිතේ තබාගෙණ සුරාපැන් කිසිකලක කටේ නොතබා එළවළු ගිතෙල් මිශ්රැකර උයා ප‍ුරුෂයාට කන්ට දී බොක්ක පිරිසිදු කරවා මෝරු සාදාගෙණ බී ඇපැණිඩිසයිටිස් කි ගුල්මරෝගය සෑදෙන්ට හේතු මස්කෑම, සුරාබීම පුරුදුකර නොගෙණ යෝග විද්යාතවේ පෙණෙන හුස්ම ආශ්වාස ප්රාදශ්වාස කෙරිම දන්නා කෙනෙකුගෙන් අසා භාවිතකර ලෙඩ හැකි තරමින් දුරු කරගෙණ ඉන්ට මේ ප්රවස්තාවේදි නුඹට මාගේ මේ අවවාද දෙමි. එබැවින් දියණිය මව්පිය දුන් මේ ඔවා බස කිසිකලක මතක නැති නොකර තම පුරුෂයාව දැන්

226 සිංහල පරාභව ප්රරකරණය

		කාලේ ඉංග්රිරසි පන්නේට හැදෙන සමහර සිංහල ස්ත්රිලන්මෙන් බොස්තොරොක්ක ආණ්ඩුව යටතට නොගෙණ තම හිස් පැලඳි මල් කලඹක් මෙන් සලකි දවසරිණ මෙන් අවවාද කරම්.

ජිනදාස - මාගේ ප්රිලය ගංගාධර පුතනුව නුඹ එළු පාලා සංස්කෘත ආදි පුර්වදිග භාෂාවද විද්යා ශිල්ප කාලදියද දැනගෙණ දැන්ක‍ාලේ හැදෙන් ඉලන්දාරිමෙන් කාමසුකල්ල්යාි නුයෝගය මුදුන්පත්කර නොගෙණ මධ්යරම ප්රලතිපදාවේ ගමන්කර අප පුරාණ සිරිත් පරදි කේන්ද්ර වල පෙරොන්දම් බලා සරණ පාවාගත් මෙම යෞවන කුලඟන අද පටන් නුඹේ සොඳ‍ුර බව සැලකිය යුතුයි.ස්ත්රිේන් වනාහි දුර්වල අයින් බව දැනගත් අපේ ම‍ුතුන්මුත්තෝ ඔවුන්ට බබලත් යන නාමය ව්යනවහාර කළෝය. එබඳු දුර්වල අයින්ගෙන් පැමිණෙන වරද පූර්ව පණ්ඩිතයෝ සිතට නොගත්තෝය. එබැවින් ම‍ාගේ පුතනුව නුඹේ සොඳුරගෙන් යම් වැරැද්දක් සිදුව් නම් ඊට නොකිපි සමාවි ආදරයෙන් ඈට කථා කරනවා මිසක් ඈ වාලට ලියවුනායයි නොසිතිය යුතුයි ඇතැම් ප‍ුරුෂයෝ රුපියලක් සමභකර ශත 75ක අරක්කු ‍හෝ රටබිම පානය කර තම සොඳුරට සහ දරුවන්ටත් කෑමට ශත විසිපහක් පමණක් ගෙනත් දෙති. මෙම බඩජහරි පිරිමින් නිසා දැන් කාලේ සිංහල ගෑනු සිංහල පිරිමින්ට අප්රිියවි කොච්චින් වඩා හො‍ඳෙයි කියා උන් සැමිකමට ගණිත්.මෙයින් අප වංශය මිශ්රච ‍වී ගොස් ලටපට අච්චාරුවක් වෙලා තිබේ. අහෝ පුතනුව නුඹ උගත් ශාස්ත්රවය හැටියට සුරාපානය න‍ුඹට පුරුදු නැති බව මම දනිමි. එබැවින් එබඳු අවුලක් නුඹේ පවුලේ සිදුවේ යයි නොසිතමි. ඇඟිල්ලේ තරමට ඉදිමුම ගන්නවා මිසක් ඉන් එහා නොගන්නා බව මේ අපි දනිමු. එබැවින් කිසිකලක නුඹේ අතමිට හිඟවේයයි නොසිතමි.තවද මගුල්කාලා දෙතුන් දවසෙන් අර හිසමුඩුකළ නාට්ටන් නුඹේ නිවසට පැමිණෙන්ට ඉඩතියාගෙණ නැති කරුණද ජෝන් ද සිල්වා 227

මේ ප්ර ස්තාවේදි කොනියාම බැරිය නුඹේ සොඳුරට යම් අසනිපයක් සිදුවු කලක ඔය දොස්තර බේත් බිලා බ්රැටන්ඩි ටිකක් බොන්ටෙයි කියා දොස්තරවරු නියමකර ඉන් බිමට වැටුන ගෑනු මේ රටේ බො‍ෙහාම සිටිති. වතුර පිපාසවු විටක බැ‍රිවෙලාවත් නම් සොඳුරට ඔය හොඳයි කියන රා ‍බොන්ට දෙන්ට එපා. ඒවා අර එංගලන්තේ පොරකන ස්ප්රැ‍ගටස් කියන් ගෑණුන්ට හොඳවා මිසක් විළිබිය ඇති අපේ ගෑනුන්ට හොද නැතිබව නුඹ දන්නවා ඇත. මුන්හේම රා බොන්ට පුරුදු වුනොත් රට පෙරළෙනවාට සැක නැත. අහෝ පුතනුව. මෙබඳු ප්රළස්තාවකදි රා ගැන මට මතක් වුනේ දැන් රා බොන්ට අපට දැනමුතුකම් දෙන දොස්තරවරුද මන්ත්රිවවරු ද එමට සිටින නිසායි. ප්‍රිය පුතනුව. දීර්ඝය කථාවක් කෙරිමෙන් මෙහි පැමිණ සිටින ජනයන්ට එය රුචිනොවන බැවින්ද මේ ප්රැස්තාවේදි සෙල්ලම් අරන් ඇවිත් සිටින උදවියට ඔවුන්ගේ සෙල්ලම් දැක්විමට ඉඩදිය යුතු බැවින්ද ම‍ෙ‍ග් මේ, සුලු දැනමුතුකම් ටික ‍හ‍ිතේ ධාරණය කරගෙණ ‍සොඳින් පවුලේ සමාදානය නිතරම පවත්වාගෙණ චිරාත්කාලයක් සිරින් යසසින් නිදුකින් දෙදෙනා තුණුරුවන්ගේ පිහිටෙන් වෙසෙත්වා යන ප්රාෙර්ථනාවෙන් මාගේ කථාව කොට කර මෙහි පැමිණ සිටින් නාගසලම් කණ්ඩායමට පළමුවෙන් සෙල්ලම් දක්වන්ට නියම කරමි.

(නගසලම් කණ්ඩායම සෙල්ලම් දක්වති. ඊ ගාවට ලි කෙළි කාරයෝ සෙල්ලම් දක්වති.)

මෙසේ නොයෙක් සෙල්ලම් පවත්වා නිමවු පසු මනමාලය‍ා සහ මනමාලි සියලුදෙනාගෙන්ම අවසර අරන් තමන්ට සුදානම් කර තිබෙන මැදුරට නික්ම යති. ඔය අස්සේ කථාකරණ යන්ත්රනයක් ගෙණත් නොයෙක් රාගතාල වලට බඳිනලද මිහිරි නාට්යථසින්දු දක්වති. ඊටපසු සියලුදෙනාම නික්ම යති.

228 සිංහල පරාභව ප්ර්කරණය

4 අංකය i ජවනිකාව පිටකොටුවේ රා සැලක්

අඟුරු අදින කුලිකාරයෝ කීපදෙනෙක් රැස්ව පොල් රා බොති. කල්යුන් - දාදරා

1 කුලිකාරයා - සිංහලුන්ට බොන්ට සිත්සෙ ඇත්තෙ රා මෙහි ‍බෝතලයක් පැන්ස තුණයි බොන්ටමය් රිසි

2 කුලිකාරයා - බොන්ට’රක්කු කාසි ඕනැ බෝම ‍ මෙකාලේ බේරෙණවා කාසි පණම් රා ම් බිව් කලේ

3 කුලිකාරයා - දේහ ශක්ති වෙන්ට මේ රා බීම බෝ ‍හොඳා ඒක දෙසු දොස්තරයෝ ඉන්නවො මෙදා

4 කුලිකාරයා - ධර්මමරාජ දන්නවනම් රාහි මේ ගුණේ බොන්ට එපා කී එ පදේ දෙන්නෙ නෑ අනේ

1 කුලිකාරයා ‍- ධර්මඅර‍ාජ දන්නෙ මක්ක ඉන්න දැන් රටේ ‍දොස්තර සර්වයඥ තමා රා අපේ කටේ

2 කුලිකාරයා - රා අරක්කු සිංහලුන්ගෙ ජම්ම බිම වේ විස්කි බ්රැිණ්ඩි ආදි සුරා ඉංග්රිලසින්ගෙ වේ

3 කුලිකාරයා - විස්කි බොන්ට කාසි ඕනැ රා එසේ නොවේ බෝතලයක් පැන්ස තුණයි ම‍ාගෙ යාලුවේ

4 කුලිකාරයා - කෑමගන්ට කාසි නැත්තේ ඒ ගණන් වැඩි බොන්ට මෙ රා ලාබ හොඳා දැන් ගසව් අඩි

1 කුලිකාරයා ‍- (රා තඹලේරුවක් පුරවාගෙණ අනික් අයින්ට කියයි) ම‍ගේ යාලුවනි. උඹලා අපි කව‍ුරුත් ගාලුපලාතෙන් මේ කොළඹට රක්ෂාව පිණිස පැමිණ සිටින කිසි ශාස්ත්ර‍යක්

ජෝන් ද සිල්වා 229

නූගත් සිංහල ජනයොයි. අපි උදේ හිටන් සවස වෙනතුරා පණකඩාගෙණ අඟුරු ඇද ඇද පැයින් පැයට මේ රා සැලට ඇවිත් රා බෝතලේ බැගින් බොමින් හැන්දෑවට ලැබෙන රුපියලෙන් ගෙදර ගෙනියන්නේ කීයද.අරක්කු බොනකාලේ සවසට ගෙදර යනපාර ශත විසිපහක අඩියක් ගහගෙණ යනවා. රිදි පහක් ඉතුරුවෙනවා. මේ මළදානයක් අඟුරුමඩුව ලගම අටවලා අවසට රිදීපහක් පමණ යන්නා. මට නම් පෙණෙන්නේ මේක අපට අටවා තිබෙන රා සැල නොවෙයි රා උගුලයි.

2 කුලිකාරයා - යාලුවා කී එක ඇත්තයි. මළඋලව්වේ රා බොනකොට පැයින් පැයට නොබි ඉන්ට බෑ. මහ වස පිපාසයක් ‍එනවා. එත‍ෙකාට නොබි බෑ. මම අද රා බෝතල පහක් බීලයි මේ ඉන්නේ.

3 කුලිකාරයා - බීපු තරමට ඇඟට හයියයි. ඒ හින්දා තමා අපේ දොස්ත‍ර මහත්තැන්ද කවුන්සලේ මන්ත්රිපවරුන්ද මේක වඩා ‍හො‍ඳෙයි කියා අපට ලඟටම ගෙණත් දී තිබෙන්නේ.

4 කුලිකාරයා - මට නම් දැන් ‍බතෙන් කමක් නෑ. රා බබී ඉන්න ඇත්නම් බත් මොකටද

1 කුලිකාරයා - යාලුවනි. මේ රා හරියටම කඩුවේ මුවහත් පැත්තේ ගාපු මී පැනි වාගෙයි. බොන්ට බොන්ට රසය. ඒ මීපැණි ලෙවකන්ට ගියාම දිව කැපියන්නා ව‍ාගේම මේක ටිකෙන් ටික පුරුදු වුනාමඅන්තිමට ජිවිත ක්ෂ ය වන බව මට දැනේ.

2 කුලිකාරයා - හාල් තුණපහේ ගෙවල් කුලි දර පොල් සියල්ලක්ම ගණන් ගොසින් තිබේ. රුපියලක් සම්භ කරලා දෙතුන් දෙනෙක් ඇති පවුලක් නඩත්තු කරන්ට බෑ. ඒ නිසා රා බීලාවත් අ‍ෙප් පණකෙන්ද ගැටගසා ගම්මු.

230 සිංහල පරාභව ප්රඅකරණය 3 කුලිකාරයා - අපේ දුක කාට කියමුද? වස්තු සපයාගත් සිංහලයා තනියම බුදුවෙන්ට හදනවා. ඉතින් අපි රා බීලාවත් මේ ජිවිතයෙන් දොක්කම් වෙමු.

4 කුලිකාරයා - අපොයි වස්තුකාර සිංහලයා ගැන මොකට කියනවාද? උන්ගේ වස්තුව බලු පුකේ බැන්ද මීයට සමානය. අර පෝසත්යයි කියන වඩු මුදලියා‍ගේ ‍කොල්ලන් කරන විගඩම් පෙණෙන්නේ නැද්ද?

1 කුලිකාරයා - ඔව් ඔව් උන්ගේ සු‍රතේ බණ පොත - වමතේ අනුන්ට දෙන වහබේත - කථකරන කොට ‍බොහොම සාන්ත දාන්තයි - ක්රිකයාව බැලුවාම නීචයන්ගේ ක්රිදයාවයි. අපේ ජාතිය නැසෙන්නේ මෙබඳු න‍ීචයන් රටේ වැඩිවුනාමයි.

2 කුලිකාරයා - මොකද කරන්නේ මුන්ට අභයදෙන මුන්ගේ මුදලට වඳින නිචයන් තවත් රටේ සිටිනකොට.

3 කුලිකාරයා - එක නොවෙන්නම්. හෙණේ - යුක්තිය නොදත් ජනයා කලියු‍ගේදි අපරාධ කරන බව අහලා නැද්ද

ගංගාධර පැමිණේ

4 කුලිකාරයා - ආයුබෝවන් රාලහාමි ‍මොකද අද මෙහෙන් යන්ට ආවේ

ගංගාධර - අ‍පේ ගෙ‍දර සිටින කොලුවා කඩේ එව්වා. තවම ග‍ියේ නෑ. ඌ රා සැලට ආවයි කියා ආරංචියි.

1 කුලිකාරයා - කොල්ලෙක් දැන් මෙහි ඇවිත් ශත 5ක රා බීලා ගියා. මට හිතෙනවා ඌ රාලහාමගේ කොලුවයි කියා

ගංගාධර - අර තරබාරු කළු මිටි කොලුවා නොවේද

2 කුලිකාරයා - ඔව් ඔව් ඌ තමා.

ගංගාධර - ඌ ගොසින් බොහොම වෙලාද

3 කුලිකාරයා - දැන් පෑ බාගයක් පමණ වෙනවා ජෝන් ද සිල්වා 231 ගංගාධර - ඕකා මෙහාට දෙවනුත් ආවොත් හයියේන් ටොක්කක් දෙන්ට ඕනෑ 4 කුලිකාරයා - ඒක අපි කරඤ්ඤා

ගංගාධර - උඹලා මේ වසංගතය පුරුදු කරගත්තේ මන්ද

1 කුලිකාරයා - අපේ උගත් දොස්තර මහත්තැන්ද මන්ත්රිෙරුන්ද රා බිම බොහොම හොඳයි කියා කියා පාරට්ටු කළ නිසා මේක පුරුදුවුනා. අපේ බඩවල්වල හැටි. ගංගාධර - ඔය දොස්තර මන්ත්රිවශ්වරයන්ලා අපේ සර්ව‍ඥ ගෞතම බුදුරජුන්ට වඩා ශාස්ත්ර්ඥයොද. උන්වහන්සේ නරකෙයි කියා තහනම් කළදේ මුන්නැහේලා කීවාට ඇයි බොන්නේ

2 කුලිකාරයා - ඒක නොවෙන්නම් අපේ බලුකම. බුදුහාමුදුරුවන් කී ටික පිළිපදිනවා නම් මේ හැටි මහත්වෙද්ද.

ගංගාධර - නුඹලා ගැන මට බොහොම කණගාටුයි.මාගේ බේත් සැප්පුව දන්නවාද.එහාට ආවොත් රා බීම එපාවෙන්ට නිසි ඖෂධයක් දෙන්නෙමි

3 කුලිකාරයා - අනේ රාලහිමාට බුදුබව අයිති වෙයි. මේ ගොහොදු බිමක් පුරුදුවෙලා අපට වී තිබෙන අනතුර එසේ මෙසේ එකක් නොවේ.

ගංගාධර - එනකොට දියලබු මලකුයි හා පිතකුයි අරන් ‍වරෙල්ලා

4 කුලිකාරයා - ඒ මොටද

ගංගාධර - බීම අප්රි ය කරන බේත් ගුලියක් සාදන්ටයි

1 කුලිකාරයා - හොඳයි රාලහාමි ගංගාධර - පරණ සිංහල ව‍ංසේ ලක්දිවේ දැන් නසාන් නේ පවර මුණි රජුනගේ දම් නොරැක්මෙන් අසන් නේ අපර මිසදුටන්ගේ වල් සිරිත් බෝ වෙමින් නේ මෙවර බුදු රජුන්ගේ දම් කෙමෙන් කොන් ගැසෙන් නේ (සියලුදෙනාම නික්මයති) 232 සිංහල පරාභව ප්රනකරණය ii ජවනිකා විථියක් පන්බියුරන්, අංකල් හැරි ‍ගමන් කරති. පන්බියුරන් - මනුෂ්යකයා වඳුරාගෙන් පෙරී එන සත්වයෙක් යයි කියා ඩොක්ටර් ඩාවින් කියා තිබෙන බව අංකල් හැරි අහලා තිබෙනවාද

අංකල් හැරි - ඩොක්ටර් ඩාවින් කියන්ට මත්තෙන් හින්දුවරුන්ගේ පෝත්වල කියා තිබෙන බව අසා තිබෙනවා.

පන්බියුරන් - එහෙමද - ඒක මම අදයි පළමුවරට ඇසුවේ.

අංකල් හැරි - අපි දන්නේ ඔය ඉංග්රිමස් පොත පතේ තිබෙන ටික මිසක් වෙන මොනවාද. දකුණු අප්රියකාවේ රටක වැස්ස නැතුව වැස්ස ලබාදෙන කෙනෙකුට ලොකු තෑග්ගක් දෙන බව ඉංග්රිලසි ආණ්ඩුව ප්රෑකාශ කලාම එම තෑග්ග ලබා‍ගන්නේ කවුද කියා දන්නාවාද?

පන්බියුරන් - ඔව්. දැනට අවුරුදු විස්සකට පමණ පෙර ස්ටැඩ්ගේ රිවියු ඔfප් රිවියු කියන සඟරාවේ ටිබැටන් ජාතියේ දෙදෙනෙක් ගත් බව උන්නැහේ ලියා තිබුනා මට මතකයි.

අංකල් හැරි - බුද්ධාගමේ ධ්යා න අනුව ගොස් එය කළ බව ස්ටැඩ් කියා තිබුනා.

පන්බියුරන් - මටත් මතකයි. දැන් ඉන්න ශාස්ත්රයඥයින්ට මුළු රටකට වැස්ස ලබවා දෙන්ට දැනගැම්මක් නෑ. බැලුන් එකකින් අහසේ නැගි ඩයිනමයිට් පත්තු කලාම ස්වල්ප පලාතකට පමණක් වැස්ස ලබා ගන්ට ඔව්හු දනිති.

අංකල් හැරි - අපේ මිනිස්සු බොහොම සමර්ථයොයි සමහරු කල්පනා කරති. ඔවුන් ගැන මට කියන්ට තිබෙන්නේ අර ශේක්සිපියර්ගේ හැම්ලට් නාටකයේ ‍ෙහාරේසියෝට කී ටිකයි.

ජෝන් ද සිල්වා 233 පන්බියුරත් - ඒ මොකද?

අංකල් හැරි - අහස පොළොව දේකේ කරුණු හොර්සියෝ ඇත බොහොමට දිවැස සදිසි නුඹෙ විදු එලියට නොපෙණි දනු කදිමට

පන්බියුරන් - ඒක බො‍හොම හරි.

අංකල් හැරි - පන්බියුරන් අපි පොළවෙන් පිටත්ව එක මිනිත්තුවකට හැතැප්ම ප්‍ නකෝටියක් අහසේ කෙළින්ම ගමන් කළොත් කී අවුරුද්දකින් ඔය අහසේ සීමාව කරා යන්ට පුළුවන්ද

පන්බියුරන් - අහසට සීමාවක් කොයින්ද, යන්ට යන්ට අනන්තාපරිමාණ ‍ලෝකධාතුයි. (අඟුරු කුලිකාරයෙක් පැමිණේ)

කුලිකාරයා - මහත්මයාලා දන්නවාද අර ගංගාධර රාලහාමිගේ බේත් ගේ.

පන්බියුරන් - අර ආයුර්වේදකාරයාද

කුලිකාරයා - ඔව් ඔව්

අංකල් හැරි - කෙලින්ම ගොස් පළමුවෙනි හන්දියෙන් වමට හැරියන් වමට හැරිලා ටිකක් දුර ගොසින් වමතටත් දකුණටත් හරි මැදින් පලයන්

කුලිකාරයා - එහෙම කොපමණ දුර යන්ටද

අංකල් හැරි - වමතටත් දකුණටත් හරි මැදින් ‍ගොසින් පිටිපස්සට හැරිලා නාහේ කෙලින් පලයන්.

කුලිකාරයා - නාහේ කෙලින් කොපමණ දුර යන්ටද

අංකල් හැරි - අර කිවු හන්දිය තෙක් පලයන්

කුලිකාරයා - ඉතින් ගංගාධර රාලහාමි සම්භවේද 234 සිංහල පරාභව ප්රිකරණය

අංකල් හැරි - සම්භවෙන කල් පලයන් (කුලිකාරයා නික්ම යයි)

පන්බියුරන් - අංකල් හැරි. සිංහලයාගේ බේත් පයිය ආයිත් එලියට දමන්ට වාගෙයි. අංකල් හැරි - කො‍හොම කරයිද දන්නෙ නෑ. සිංහල ලෙඩ්ඩු දාහක් එක ඉස්පිරිතාලෙක ලැග්ගොත් කසාය හැලි දාහක් ලිපේ තියන්ට වෙනවා නොවෙද

පන්බියුරන් - රස වෙදකමට ඔය කසාය හැලි ඕනෑ නෑ.

අංකල් හැරි - රස වෙදකම දන්නෙ කවුද.

පන්බියුරන් - දන්න සිංහල වෙද්දු රටේ සිටිති

අංකල් හැරි - එහෙම පුරුදු කළොත් අමාරු නෑ.

පන්බියුරන් - සිංහල බේත කවියෙන් අහලා තිබෙනවාද

අංකල් හැරි - බලන්ට කියාපන්

පන්බියුරන් - කොල්ලෝ කුළු තුක්ෂක් ගෙන මුලක්ක නා නාගර දන්න සුද්දත් රට හිටන් එ නා බිලේ සැඟුලකි සහිඳව සහය ව නා පුප්පන රදව යයි දෙන් සතුරු තෙල් ගෙ නා

අංකල් හැරි - මටත් එකක් මතකයි. බලා වදකරන කොල්ලො ඌ මූ ලූ බරබැඳ තලා අට වතුරේ දමා පී ලූ සතකු බැස එකකු මදුයේ පීනා ලූ හද දා හා පුප්පන රදවන්නේ ලූ

පන්බියුරත් - ඔය පුප්පන රදවා කියන්නේ කවුද?


ජෝන් ද සිල්වා 235

අංකල් හැරි - බැවිල වදකහ කොල්ලු උදු මුං ඇට කලං 12ක් ගෙන වතුර අට එකට සිඳ මීපැණි දමා දුන් කල පුප්පන රදවා ග‍මේ නොසිට දුවයි. පපුවේ දැවිල්ල, බඩේ පිපුම, බඩේ රුදාව පුප්පන රදවා බව තේරුම් ගන්ට හොඳා. පන්බියුරත් - සිංහල වෙදකම කරක එකක් නො‍ෙව්. අර අපේ මිසි නොනාගේ කකුල කැඩි දොස්තර කපන්ට ගියාම ඊය ඉඩ නොදි සිංහල වෙදෙක් ගෙන්වා කකුල සනිප කරවා ගත්තා. අංකල් හැරි - කාසි ඇති සිංහලයෝ රට වෙදකම පාරේ යති.මරුමුවට පැමුණුනාම සිංහල වෙදාව ගෙන්නවති ඔහොම සනිප වුන අය ගණන් නෑ. නුමුත් නම්බුව දොස්තර වෙදකම් කළයි කීවාම තමා. පන්බියුරන් - සිංහල‍යා බොරු අඩම්බරකාරයා බව තේරෙයි. අංකල් හැරි - බොරු ආඩම්බරකාරයෝ තමා. යම්තම් කලිසම් සපත්තු අඳින්ට අපෙන් ඉගෙණගෙණ උන්ගේ ජාතියත් ආගමත් භාෂාවත් කෑමත් බීමත් වෙදකමත් සියල්ලක්ම පාගා දමා අපේන අඩි ගහන්ට ඉගෙණ ගෙණ සිටිති. පන්බියුරන් - දැන් උණ්ගේ ගෙදරකට ගියොත් අඩියක් වරදින්නේ නෑ. අංකල් හැරි - විස්කි, බ්රැ න්ඩි, ජින්, රම්, ඕල්ඩ් ටොම් ස්තප්ජින්, වැයින්, චැම්පින් සහ අරක්කු ඕනෑ පමණ අපේ විධි පුරුදු සිංහලයන්ගේ ගෙවල්වල තිබේ. පන්බියුරන් - මුන්ගේ ගෑනුත් දැන් බො‍හොම හොඳට නටති. අංකල් හැරි - සිවිලයිස් වෙච්ච ගෑනු නටන්ට කෝලේ නෑ පන්බියුරන් - මොන ඉලව් කොලයක්ද, අඩියක් දෙකක් ගැසුවාට පස්සෙ අංකල් හැරි - අර ගංගාධරගේ මගුල් ගෙදර තිබුන කිරිබත් පන්බියුරන් කෑවාද


236 සිංහල පරාභව ප්රාකරණය පන්බියුරත් - මම කෑවා. ‍‍ෙබාහොම රසයි. අංකල් හැරි - ඒවා හදන හැටි දන්නවාද පන්බියුරන් - දන්නේ නෑ - දන්නවා නම් කියපන් අංකල් හැරි - නිදිමත සෙම් දොස් නැතිකර ලේ නැණ දා වඩන කිරිබත් කදිමා සුදුදුරු කුරුඳුත් කරපිංචත් සුදුලූනු මෙ සිව් වහ එක පදමා අරගෙණ හැලියක ලා ලිප තබලා පොල්තෙල් ටිකකින් බැද මෙසැමා පුස්ඹ ගහන කොට පොල්කිරි වත්කර ඊට දමනු හාලුත් ‍‍නොපමා මෙසේ ඉදිගෙණ එන වේලාවට බත උතුරන්නට ඉඩ නොදෙනු උතුරා ගියොතින් එහි ඇති සරු ගති නැතිවි යන බව සිතට ගනු පදමට ගෙණ සියඹලා ඇඹුල් ලුණු දමා මෙ කිරිබත සාදගනු බාල මහලු සැම දෙනට ඔබින සැප දෙන සොඳ කෑමකි සාදකුනු පන්බියුරත් - කිරිබත් මුන්ට දැන් මතක් කරන කොට හරියට ‍යොනාට ඌරුමාලු මතක්කරන්නා වාගෙයි. අංකල් හැරි - මෝඩයන්ගේ හැටි ඔහොම තමා - වහලේ ගෑවෙන්ට උස කේක් ගෙඩියක් හසාගෙණ වැයින් ටිකක් ගෙණත් මගුල් කති. උන්ගේ ජාතික භෝජන කුමක්ද කියා නොදනිති. මගුල් කන්ට ඇවිත් බඩගින්නේ ගෙදර යති. කානුපල්ලේන් වැටෙති. පන්බියුරන් - ඒක නොවෙන්නම් අ‍පේ මිනිසුන් උන්ට සිංහලයා මෝඩයා කියා ව්යටවහාර කරන්නේ


ජෝන් ද සිල්වා 237

අංකල් හැරි - මෙබඳු පිස්සන් ඇති ජාතියක් මම කිසිකලක නුදුටිමි. පන්බියුරන් - අපි නම් කකුකුස් පිගුස් සත් - උන් නම් රා කොස්සන් (තුන්දෙනාම නික්ම යති.)

iii ජවනිකා ආයුර්වේද භෛෂජ්යි ශාලාව නොයෙක් ලෙඩ්ඩු පැමිණ සිටිති. ගංගාධර උන් පරික්ෂා කර බලා නිසි ඖෂධ නියම කරයි. (මව් කෙනෙක් පොඩි ළමයෙක් ගෙණත් පෙන්නයි)

ගංගාධර - ‍මේ පොඩි දරුවාට සෑදි තිබෙන්නේ උල්ලෝගම් අතිසාරයයි. මව් - අනේ රාලහාමි මේ දරුවාට ‍‍දොස්තර බේත් හත අටක් දුන්නා. බඩ යෑම නවත්වන්ට බැරිවුනා. ගංගාධර - මේ දැන් නියමකරන බේත සාදවා ඉක්මණට දීපන් බඩයෑම නැවති සුව ලැබේ. සස්සඳ දලු, කොහොඹ දලු, දෙහි දලු, කුඹුරු දලු යන හතරවර්ගසයෙන් කලං දෙක බැගින් අරගණින්. රතුලූණු, වලඟසාල් යන දෙවර්ග යෙන් කලඳ බැගින් අරගණින්. මෙකි බේති දෙහි ඇඹුලෙන් අඹරා දෙහි ගෙඩියක ලා උණු අළුවෙන් තම්බා මදටිය ඇටයක් තරමට දෙහි ඇඹුලෙන් දීපන්. උල්ලොගම් අතිසාරය සුවවෙනවා සත්තයි. මව් - අනේ රාලහාමි පින්සිද්ද වේවා. ගංගාධර - අපට පින්ටික. දොස්ත‍ර්ට ගිනිටික - කමක් නෑ ‍ඔය බේත දීලා ලමයා අරන් වරෙන් (මව් ළමයා රැගෙණ යයි) (අඟුරු කුලිකාරයා පැමිණේ) 238 සිංහල පරාභව ප්රිකරණය

කුලිකාරයා - රාලහාමි දියලබු මල්සහ හා පිත අරන් ආමි. ගංගාධර - දියලබු මලද හා පිතද කුකුකරුමාන්ද එකට අඹරා ගුලිකර එක ගුලියක් රැගෙණ තමා බොන අරක්කුවේ හෝ වෙන යම් බීමක හෝ දියකර බොනු. බීම එපාවේ, මේක අත්දුටු බේතකි අමිර්කල්යීන් - කැමිටි

මෙරටවාසි තමන්ගේ ශාස්ත්රා- කරන්නෝ හානි නො‍තේරි කිසිත් ඉංග්රි ස් බේතම පස්සෙ - යන්නාහු එල්ලි එල්ලී සිය ශාස්ත්ර ය පාගාලන්ට පේවි සිටිත්. මෙරටවාසි තමන්ගේ ශාස්ත්රාා කරන්නෝ හානි නොතේරි කිසිත් ලංකාද්වීාපේ උන් පුරාණේ - නෙක් සතර දත්තෝ ‍පොත ලියා ජාථ්යාේලයෙන් බෝ - තැබුහ දැනගන්ටා එ ‍පොත් ‍බෝම දිරායන්නා මේක අනේ කාට පෙනේ ‍පොට්ට වුනේ දෑස අනේ ලක්දිව් වැස්සන්ගේ මේ කලේ.


කුලිකාරයා - අප වැනි කුලිකාරයින්ට ඕවා කියලා. ඇති කාරිය මොකද. අතමිට ‍ඇති සිංහලයින්ට ඔය ශාස්ත්රල එපානම් දුප්පත් අපි මක්කරමුද ගංගාධර - ඒක එහෙම තමා - දැන් සිංහල රටේ ජාතියට ආගමට හිත ඇතුව සිටින්නේ දුප්පත් ජනයාමයි. කුලිකාරයා - රාලහාමි කිසිකලක දිටුවාද පෝසත් උගත් මහතුන් සිල්ගන්ට යනවා

ජෝන් ද සිල්වා 239

ගංගාධාර - අනේ නෑ - පෝයදාට සිල්ගන්ට යන්නේ දුප්පත් උදවිය. කාම සැප සොය සොයා කාලේ අරිති. උඹ ඔය බේත හරි ගස්සාගෙන කී ලෙස බීමේ දමා බීපන්. අනික් යාළුවන්ටත් එක එක ගුලිය දීපන්. එසේ නොකළොත් උඹලා ඉක්මණටම රා බීලා නැතිවෙන්ට පුලුවනි. කුලිකාරයා - ඒකී ප්ර්කාර මම කරන්නෙමි

(කුලිකා‍රයා නික්ම යයි)

1 ලෙඩා - රාලහාමි මම දැනට අවුරුදු දෙකක් වේලේ පටන් අසනිපෙන් සිටිමි - ගැහෙන උණ හැදිලා බොහොම දොස්තර් බේත් කෑ නුමුත් සනිප නෑ, ගංගාධර - මඟුල් කරඳ ගසක් ලඟටා සැන්දෑ‍කාලේ කිරි සහ කහ පැන් ගෙණහොස් ගහ වටේ සුද්ධ කර එය ඉස වෘක්ෂාෙධිපති දේවතාවාට යැද ගෙදර ‍‍ගොස් පසුවදා උදේ නැගිට කථා නොකර ගහමුළට ගොස් ගහේ උතුරුපැත්තට ගිය අත්තක හෝ මුලක හෝ මහක‍ඳේ හෝ පොත්තක් ගලවා ගෙණ කථා නොකර ඇවිත් ලෙඩාගේ ඉනේ බඳිනු. ඔය ගැහෙන උණ කැලෑ උණ සුව වේ. 1 ‍ලෙඩා - ඔහොම කළාම උණ සනිප වෙන්නේ කොහොමද? ගංගාධර - අපේ ශාස්ත්රායේ ලෙඩ සනිප කරන විධි බොහොමයි කෙම් කිරිමෙන් මන්ත්ර ගුරු කමින් යනාදි වශයෙන් ලෙඩ සනිප කළ හැකිබව දැනගණින්. 2 ලෙඩා - රාලහිම මට ලේ හිදන් පාචනය වෙනවා. ගංගාධර - කී දවසක හිටන්ද 2 ‍ලෙඩා - තුන් දවසක් වෙනවා.


240 සිංහල පරාභව ප්රහකරණය

ගංගාධර - උලුහාලුත් රතුලූණූ දෙවග අතලොස්ස බැගින් ගණු මිතුරු සාදා කාරහාල බැදලා අතලොස්සක් එයිනුත් අරගණු සැක පසිඳා මේ තුන්වගයම හැලියක දමලා තම්බා තුන්පත් එකට සිඳා සූකිරි කුඩ දමලා ‍බොනු මැන අර රොඩ්ඩ පෙරා හැර මිතුරු සඳා (ගුණසේකර මහත්මයා පැමිණ්) ගුණසේකර - වෙදරාලහාමි සමග යන්ට මොටර්කාර් එකක් ගෙනාවෙමි. අපේ අයියාට බො‍හොම අමාරුයි. ‍‍ෙදාස්තර වෙදකම කරලා සනිප න‍ෑ. ඉක්මණට එක්කරයන්ට කීවා. ගංගාධර - මහත්මයාගේ ඉල්ලිම ඉෂ්ටනොකර බෑ (ලෙඩුන්ට කථාකරයි) නුඹලා තව පැයකි පමණ මෙහි සිටපල්ලා මම ගොසින් ඉක්මණට එන්නෙමි. (නික්ම යති.)

5 අංකය i ජවනිකාව ගුණසේකර නිවාසය රෝගි වු ගුණසේකර සහ සොඳුර සිටිත්. දොස්තර ශරිරය විභාග කර බලයි. ගංගාධර - දොස්තර මහත්මයා මට නින්ද යන්නේ නෑ දොස්තර - නින්ද යන්ට බේතක් විදින්ට ඕනෑ ‍සොඳුර - බේත් විදලා යන නින්ද ස්වාභාවික නින්දක් නොවේ.

ජෝන් ද සිල්වා 241

දොස්තර - නින්ද යෑමටත් එක්ක බේත නියම කළෙමි.ඊට නින්ද නොගියා නම් බේතක් විදවලාවත් නින්දගෙණ දෙන්ට ඕනෑ. සොඳුර - බේත් විදලා නින්ද ගෙණදෙනවාට මම කැමති නෑ දොස්තර - අපේ ශාස්ත්රදයේ පෙණෙන විධියට වෙදකම ගන්ට අමනාප නම් මම යමි. සොඳුර - ඔය කිවු විධිය ශාස්ත්රෙයේ පෙණෙන ක්රවමයක් නම් ඊට ඉඩ දෙන්ට බෑ දොස්තර - එහෙනම් මට වෙදකම් කරන්ට බෑ සොඳුර - ඒක දොස්තර මහත්මයාගේ කැමැත්තක්. මෙන්න ගාස්තුව (ගිනියක් දෙයි) (දොස්තර මහත්මයා නික්ම යයි) ජිල්ලා - හිංචි ගුණසේකර - කෝපවි දෝස්තර මැතින්දා - ජිවිතේ අවසානේදි ‍කෝප වී දොස්තර සොඳුර - දීපෙ දැන් ඇත්තේ වෙද්දු මගේ සැමි ගංගාධරාදි සූර ඒ නිසා බියක් නොවේවා ගුණසේකර - කේන්ද්රය දත් වෙද්දු ඇත්තෙන්ම බෝ සොඳා හෝරා ශාස්ත්රෙ න් පේණ - මාරකත් විභාග වෙන්නා සොඳුර - ජ්යෝරතිශාස්ත්රෙමහි බෝ දක්ෂයෙක් ලවා මම බැලෙව්වෙමි ඒ කේන්ද්රය - මාරකේ පෙණි නොමැත්තේ ගුණසේකර - ආවොතින් කාලේ වසන්ට බෑ ලොවේ පිටත් වී යන්ට ඕනෑ - සේසත දමා තමාගේ


242 සිංහල පරාභව ප්රිකරණය

සොඳුර - මාරකේ ඇත්තම් ඒ බේරගන්නටා බේතකින් බෑ මා ස්වාමි කර්මඒයෙන් යෙදේ විනාසේ

ගුණසේකර - ප්රිමය සොඳුර දැන් මට සෑදි තිබෙන රෝගය කොයිතරම් දුක්ඛදායකද කී‍ෙවාත් මරණය වඩා ‍හොඳයි කියා හැගි යන්නේය. සොඳුර - යම් පුරුෂයෙකුට පැමිණෙන ඒරාෂ්ටක දෙකක් තුණක් ඕහට ඉවසගන්ට බැරිනම් ඔහු මනුෂ්යෂයෙක් යයි කිය නොහැකිය. ගුණසේකර - සෙනසුරාගේ ඒරාෂ්ටකය ‍එසේ මේසේ එකක් නොවේ. සොඳුර - ඇයි අර රන් පුහුලේ කථාව අහලා නැද්ද ගුණසේකර - ඒක අහලා නෑ. ‍සොඳුර - එක්තරා මිනිහෙකුට සෙණසුරා‍ගේ ඒරාෂ්ටකය ලබන්ට එනබව ඔහුගේ දෛවඥ කේන්ද්ර ය බලා කීකල සියලුම ඔහුගෙ වස්තුව විකුනා රත්රන් පුහුලක් වක්කර යාලුවෙක් කරා ගොස් එය ඔහුට බාරදි මිත්රුය යම් කලක මෙම පුහුල ඇවිත් ඉල්ලන්නෙමි. එතකොට නුම මට මේක බාරදෙන්ට ඕනෑය කියා සෙණසුරු අපලය ගෙවෙනතුරු විදේශිව ඇවිද්දේය. අපලය ගෙවි රන්පුහුල ඉල්ලන්ට ගියාම වෙන පුහුලක් අර යාලුවා දුන්නේය. එවිට රන් පුහුල හිමි අය අනික් අයගේ දරුවා අරන් ගොස් ගෙදර නවතාගෙණ සිටින කල රන්පුහුල ගත් දරුවාගේ පියා දරුවා සොයාගෙණ ඇවිත් දරුවාව ඉල්ලු කල ඕහට වඳුරෙක් ගෙණත් දුන්නේය. මේ වඳුරා මගේ දරුවා නොවේයයි ඔහු කිවාම රන් පුහුල නිකම් පුහුලක් වෙන්ට පුළුවන් නම් දරුව වඳුරා වෙන්ට බැරිද කියා ඇසිය. රන් පුහුල නඩු ගොසින් අත් විය. ඒරාෂ්ටක අපලේ ගෙවුණාම යළිත් ඔහුගේ වස්තුව ලැබුනේය.

ජෝන් ද සිල්වා 243

ගුනසේකර - ඒක හරි. ඉවසාගෙණ ඔපමණ කල් ඉන්න එක බොහොම අමාරුයි. සොඳුර - අමාරු උනත් මොකද කරන්නේ. සියල්ලකටම කාලයක් තිබේ. ඒ කාලය පැමිණෙනතුරු අත්මිටි කාගෙණ ඉන්ට.කොකාට වාරයක් ආවොත් තිත්තයාටත් වාරයක් එන බව මගේ ස්වාමියා අහලා නැහැ. ගුණසේකර - ඒක නම් ඇත්ත. සොඳුර - රජකම් කළත් කළකම් පඩිසන් දෙනබව ඇත්තකි. ඒ ටික හි‍ෙත් තබාගත යුතුයි. (ගංගාධර පැමිණේ) ගුණ‍සේකර - ආයුබොවන් වෙදරාලහාමි ගංගාධර - මොකද මහත්මයාගේ අසනිපය ආයුබෝවන්. ගුණසේකර - අනේ රාලහාමි නින්ද යන්නේ නෑ. දැන් හයමාසයක් මුලුල්ලේ නින්ද නැතුව බොහොම දුක්විඳිමි. ගංගාධර - මහත්මයාගේ දකුණත දෙන්ට

(දකුණත දික්කරයි - ගංගාධර දකුණත අල්ලා නාඩි බලයි)

ස්වල්ප කලකට පෙර මහත්මයා වැටුණාද ගුණසේකර - දැන් තුන් අවුරුද්දකට පෙර වැටුණෙමි. මගේ පපුව බිම හැපුණේය. ගංගාධර - ඒ පපුව තැලිමෙන් හෘද වස්තුවේ ලේ ගමන් කෙරිම බාධා වී මෙම අසනිපය සෑදි ත‍ිබේ. දැන් මේ ලෙඩට කොපමණ වියදම් ‍ගොසින් තිබෙනවාද?


244 සිංහල පරාභව ප්රමකරණය

ගුණසේකර - රුපියල් තුන්දාහක් පමණ කම්මුතුයි ගංගාධර - මහත්මයාට පොල්වතු තියෙන හින්දා හොඳයි. මෙම රෝගය දුප්පතෙකුට හැදුනා නම් රුපියල් තිහකට වඩා යන්නේ නැහැ. ගුණසේකර - ඒ කොහොමද ගංගාධර - දුප්පතා සිංහල වෙදකමක් කරගන්නාවා ඇත. ගුණසේකර - ඔව් ඔව් සිංහල වෙදකමට එපමණ වියදම් වෙන්නේ නෑ. හරි සිංහල වෙදෙක් නෑ නොව. ගංගාධර - එහෙම කියන්ට එපා. හරි සිංහල වෙද්දු තවම සිටිති. හරි සිංහල වෙදුන් හදාලන්ට මහත්මයාලා මෙපණකල් දුන් අනුබල මොනවාද? ගුණසේකර - කිසිම අනුබලයක් නෑ. අර ජාතියට ශාස්ත්රතයට හිතැති ඩොනල්ඩ් උභයසේකර මැතිතුමා ආදි මහතුන් ප්රජධානව දැන් සිංහල වෛද්යක ශාස්ත්රආය පිළිබඳව කටයුතු කෙරිගෙන යයි. ගංගාධර - එබඳු ප්රයභූ මහතුන් හිතට ගත්තෝත් මෙබඳු වැඩ දියුනු කරන්ට බැර නෑ, කලල ගිලුනු මත වරණිඳු ‍ෙ‍ගාඩ ගණි ත තුමුල බලැති ගිජි‍ඳෙක් මිස අන් කෙව ත ගුණසේකර - මගේ රෝගය රාලහාමි සනිප කළොත් රුපියල් පන්සියයක් තෑගි දෙමි. ගංගාධර - කාසි බලා මම වෙදකම් නොකරමි. අපේ ජාතිය ආරක්ෂාය කරගැනිම අපේ යුතුකමකි. ඔය රට ගොසින් ඉංග්රිිසි වෛද්යි ශාස්ත්‍රය පුරුදු කරගත් සිංහල ‍ඉංග්රිෂසි දොස්තරලා සිලිම අඩුකරලා ගිනිය දුන්නොත් අනේ එය නොගෙණ තම ජාතියේ අසරණ ලෙඩාට ප්ර තිකාර නොකරති. ඔන්න


ජෝන් ද සිල්වා 245

මහත්මයා අර දශපාරමිතා අත්තිවාරම් කර නොගත් ශිෂ්ඨාචාරයේ හැටි. මුන්නැහෙලා කුණුකම් කර කර එකතුකරණ කාසි වලින් ස්වර්ගනයට යන්ට හිතනවා වෙන්ට ඇති. ගුණසේකර - රාලහාමි මේ ලෙඩට රුපියල් තුන්දාහක් ගියේ ඔහොම තමා. කොරේ පිටට මරේ සිංහලයාට සිංහලයාම පමුණුවා ගන්නේය. ගංගාධර - මෙම නින්ද නොයන අසනීපයට මුදවපු මී කිරි මම නියම කරමි. බත්කාලා නිවාඩු පසු මුදවපු මිකිරි කිතුල් හකුරු සමග කනු. මෙහෙම සුමානයක් කරගෙණ එනකොට ගුණ නොමැත්නම් රස වෛද්යහ ශාස්ත්රගයේ නියම කර තිබෙන ගුලියක් දෙන්නෙමි. ගුණසේකර - මුදවපු මිකිරි සහ කිතුල් හකුරු කන්ට පහසුයි. ඒක සනතෝසයෙන්ම කරන්ෙනෙමි. සොඳුර - රාලහාමි ඒක මටත් හොඳද ගංගාධර - කාටද නරක. සෙම්ප්රතතිෂ්යාපව තිබෙන කොට කන්ට නරකයි. සොඳුර - මෙ බ ඳු පහසු ඔසු පෙණෙනා සිහල මෙ වෙද සතරේ අ වි දු දනාගෙ වරද නිසා මෙකල වැටුනි ලොතරේ පු රු දු අපට ඔසු සොඳිනා මෙරට වැවෙති නිතරේ ප ලු දු වෙන්ට කැමති ජනා නොතකයි සිය ගොතිරේ ගංගාධර - මො ට්ට කමට තම සතරට අනුබල නොම දෙන්නේ ලො ට්ට වෙලා ඉන්නට ‍ලොව අන් ජන උඩ යන්නේ ත ට් ට ඇතුළෙ මුන්ගේ අද ගොමරිටි දිසි වන්නේ කොට්ට උනා සිංහලයගෙ මොලේ මෙකල දන්නේ ගුණසේකර - රාලහාමි ඇත්තටම අපි සිංහල පණ්ඩිතයන් ආශ්රපය නොකළෙමු. එබැවින් අපේ මේ අඥානකම අද බොහොම ලොකුවට පෙ‍ෙ‍ණ්.


246 සිංහල පරාභව ප්ර කරණය

ගංගාධර - මහත්මයා සියලුම සිංහල පවුල්වලට අර්ථයෙන් ධර්මයෙන් අනුශසනා කරන්නාවු ගුරුවරයෙක් ඉන්ට ඕනෑ. ඒ වෙනුවට දැන් සිංහල පවුල්වල ඉන්නේ කවුද. විකාර ඇඳුම් නැටුම් ගැයුම් උගන්නන්ට ලංසි ගෑනියෙකුයු ගොජ දම දමා බොන්ට උගන්වන ලංසියෙකුයි තමා. මුන්දැලා තමා සිංහලයන් නොමග හරින්නේ. සොඳුර - ඒක නම් සත්තකයි. සිංහලයාට පිස්සු තමා. සිංහල කටකලියාව ලංසියාගේ අතේ. උන්ට ඕනෑ ඕනෑ හැටියට සිංහල ජාතිය කරකා ගණිති. උන්ගේ විධිය තවම තේරිලා නැති පාටයි. බො‍හොම හොඳට කථා කර කර හීන්සැරේ උගුල් අදින් පිරිසක් තවත් සොයන්ට එපා. ගංගාධර - මහත්මයා ඔය බේත් කරලා බලන්ට හොඳා. දෙවනුත් මම ඇවිත් බලන්නෙමි. ගුනසේකර - හොඳයි රාළහාමි එන සුමානේ පමණ ඇවිත් යන ලෙස ඉල්ලමි. සොඳුර - මාන්සියට මොකවත් අරන් යන්ට හොදා ගංගාධර - ලෙඩේ සනිප උනාම බැරියැ. ගුණසේකර - රාලහාමි නොවරදවා එන සුමානේ ඇවිත් යන්ට ඕනෑ (ගංගාධර නික්ම යයි) ii ජවනිකා පිට්ටනියක් (සැන්දෑකාලේ) සරස්වති වීණා වයමින් ගීත ගායනා කරයි

පිලු කමාජ් - ලාවනි සරස්වති - සැන්දෑකාලේ - බොන්ට රා යන්නෝ නෑ නිම්මා බොන්ට රා යන්නො නෑ නිම්මා - මේ සැන්දෑ‍කාලේ බොන්ට රා යන්නෝ නෑ නිම්මා - ජෝන් ද සිල්වා 247

වැනසේ ජනයා ලක්දිවේ නපුරු සුරාබීලා නොරැකා සදහම් දීපයේ ඤාණෙන් දුන් සෑසී සැන්දෑකාලේ බොන්ට රා යන්නෝ නෑ නිම්මා බොන්ට රා යන්නෝ නෑ නිම්මා - මේ සැන්දෑකාලේ බොන්ට රා යන්නො නෑ නිම්මා වඳ වී ‍ගොතිරේ යයි අහෝ අහක දමව් මත්පැන් වැලකි සිටියොත් ඉන් ලොවේ නැග්ගැකි යන්තම් සැන්දෑකාලේ බොන්ට රා යන්නො නෑ නිම්මා බොන්ට රා යන්නෝ නෑ නිම්මා - මේ සැන්දෑ කාලේ බොන්ට රා යන්නෝ නෑ නිම්මා

(ගංගාධර පැමිණ වඳි)

ගංගාධර - මගේ අත වරදක් ඇතත් ඊට කමා වී ඔබවහන්සේට කථා කරන්ට මට අවසර දුන මැනවි. සරස්වති - ප්රිනය ගංගාධර නුඹ යහපත් සිංහලයෙකි - නුඹේ ආගම ජාතිය ශාස්ත්ර අත්තැර නුවණින් ක්රිඹයාකරණ බව මෙම ද්වීපයේ මා නැවතුන කාලේදි දැනගතිමි. නුඹ සමග කථා කරන්ට මමද කැමැත්තෙමි. ගංගාධර - දෙව්ලිය තුමනි, අප සිංහල රට නොබො කලකින් පිස්සන් කොටුවකට සමාන වන්නේය. මෙහි මතු උපදින ජනයා සුරා පැන නිසා උමතු භාවයකට පැමිණ නොයෙක් අපරාධ කර විනාශවෙනවාට සැක නැත. සරස්වති - ජාතිය රැකගන්ට කැමති සිංහල ප්රකභූ මහතුන් රැස්වි සිංහල ජනයාට අවවාද කරන්ට සිතට ගතයුතුයි. ගංගාධාර - මිථ්යාිදෘෂ්ටි සිංහල ප්ර භූ මහතුන් සුරා බීවාට වරදකි නැත කියා මොරදෙති. මේ නිසා බොහොම අවැඩ සිද්ධ වී තිබේ.


248 සිංහල පරාභව ප්ර කරණය

සරස්වති - ඒක බොහොම වරදයි. ඒ ගැන මවිසින් කියයුත්තක් ශක්ර දේවනේද්ර යානන්ට දන්වමි. බුද්ධාගමේ ජනය සීලෙහි පිහිටවා ගන්ට කාලේ දැන් තමා, ප්රණමාද නොවි එය කරන්ට පටන් ගණු මැනවි. ගංගාධර - අපේ සංඝයා වහන්සේලා විරිය කළොත් ඔය ටික කර ගන්ට බැරි නෑ. සරස්වති - සංෂයාවහන්සේලාට එය තෝරා දී කරවාගන්ට ගම්වැසියා සිතට ගතයුතුයි. මට ප්ර මාද වෙන්ට බෑ. ශක්රය භවනට වඩි‍න්නෙම්. ඉන්ද්රෙ දෙවියන්ට මේ බව සැලකර දුප්පත් සිංහල රට ගැන යමක් කරවන්නෙමි. මගේ ආශිර්වාද ප්රිැය ගංගාධර නුඹට ලැබේවා! (නික්ම යයි) ගංගාධර - සරසවි සුර අම්මා දුන් ඔවා බස් කදිමය් සුතනට ලක ඉන්නා ඉන් වැඩැක්මය් සදාකල් බුදු සමය රැකගත්තෝ සිල් නොගත්තොත් මෙකාලේ නැසෙත් විගස බීලා රා සුරා හත් උලව්වේ

බුදු පුතුන් අසක් වා දුන් ඔවා බස් එදෙව් දු ගම ගම තබවත් වා සිල් සමාගම් බුදුන්ගේ සියරට රැකදෙත් වා මේ විලස්නෙ න් මේ වත්මන් අපට පිහිට වෙත් වා ඒ තිලෝනා නමින්වත්

රකිනට අප සීලේ දැන් තමා කාලසිමා අප සියරට ආලේ පෙන්නවව් රා නොබිලා පොවනට සිට බාලේ රා කඩත් ගම් තුළේහි ඇත අද සැම කෝලේ යය් ලියන්ගේ සිඳිලා

(නික්ම යයි)


ජෝන් ද සිල්වා 249

iii ජවනිකා ශක්රස භවන ශක්රකයා පාණ්ඩුකම්බලාසනයේ වැඩ සිටින සේක. සුරවරඟනෝ ගී කියා නටති.

ජිංජෝටි - කැමිටා වරාංගනෝ - මෙම ඉන්ද්රල ලෝ - මෙම ඉන්ද්රැ ලෝකපාල තෙව්නා සුරේන්ද්රම - මෙම ඉන්ද්ර් ලෝ අපි නටා මෙසේ - සංගිත සත් ලෙසේ ගයමු ගීත පිනා මන් - සන්තෝෂ වෙත් ඉන්ද්ර් දේවේන්ද්රලයානෝ

ජිංජෝටි කැමිටා මෙ රාගේ මෙ රා‍ගේ මෙ රාගේ ඇසුවාම දෙන්නාහු තෑගි

මෙම ඉන්ද්ර් ලෝ - මෙම ඉන්ද්රර ලෝකපාල තෙව්නා සුරේන්ද්රර - මෙම ඉන්ද්රල ලෝ පද තබා සොඳින් - සිත් ප්රිනතියෙන් සබේ නටමු තාල දැනිමෙන් - පින්සාර දේවේන්ද්රෙ දැන් ප්රිදතිවෙන්නා ජිංජෝටි කැම්ටා මෙ රාගේ මේ රාගේ මෙ රාගේ ඇසුවාම - දෙයි‍ තෑගි බෝම මෙම ඉන්ද්රු ලෝ

ශක්රඉයා -‍ මේ වරඟනන්ගේ ගීතය කදිමයි. නැටුම ද එසේමයි මාගේ පාණ්ඩුකම්බලාසනය රත්විගෙණ එන්නා

වරාංගනෝ - ඒ මක් නිසාද

ශක්රගයෝ - අහෝ සිංහල ද්විපය එකහෙලා සුරාසැලක් වීගෙණ යන්නා පිටිසර ගම්වල දුප්පත් සිංහල ස්ත්රියයොද කොල්ලෝද රා බිබි විනාශයට පත්වෙති.


250 සිංහල පරාභව ප්ර කරණය

වරාංගනෝ - සාධාරණ ඉංග්රිණසි ආණ්ඩුව ඊට කිසිකලෙක ඉඩ නොදෙයි.

ශක්රගයා - ඒක මමද දනිමි. ප්ර දේශභාර මහලේකම්තුමා යුක්තිය බජනය කරන උත්තමයෙකි. රට නසා බදු අය කරන්ට ඉඩ නොදෙයි. වරාං‍ගනෝ - ඒක ඔබවහන්සේට පෙණි යනවාද? ශක්රොයා - එහෙමයි. උන්නැහේ ‍මොකද කරන්නේ. බුද්ධාගම්කාර සිංහලයා ගොජදමන රා බොන්නා. බුදධාගම්කාරා සිංහලයා බීම සාප්පු මගින් ජිවිතය නැති කර ගන්නා වරාංගනෝ - ඔවුන්ටන මේ විපත්තිය පෙණෙන්නේ නැද්ද. කො‍හොමද ඔය බිමට වැටුණේ. ශක්රියා - අතමිට ඇති සිංහලයෝ තමන්ගේ වෛද්යං ශාස්ත්ර ය නොතකා ලෙඩක් හැදුනාම දොස්තර වෙදකම් ගණිති. දොස්තර ඇවිත් උපන්තේකට බීම කටට ‍නොගත් අයට බ්රැතන්ඩි ටික ටික බොන්ට නියම කරයි. මෙහෙම ගෑනු පිරිමි දෙපාශ්ව්් යටම බීම පුරුදු විය. අර නොබි සිටිය මරක්කල මිනිසුන්ටත් බිම පුරුදුවුනේ ඔහොම තමා. වරාංගනෝ - නිර්මමල බුද්ධධර්මමයේ එල්ලි සිටිනතුරු සිංහල ජාතිය ආරක්ෂාෝවවෙනවා ඇත. එය නොසලකා ගියදා ජාතිය භ්ර්ෂ්ට වි විනාශයට පැමිණේ. ශක්රෂයා - දැන් මනුෂය‍ෙලාකයේ සිටින ජනයා යම් ජාතියක් බලසම්පන්නව සිටිනකොට ඔවුන්ගේ භාෂාවද සිරිත් විරිත්ද ආගම ද පිලිගන්නේ‍ ය.තමන්ගේ සිරිත් විරිත් ඇඳුම් පැළඳුම් භාෂාව ආගම ආදිය ක්රිම ක්රආමයෙන් අත් හරින්නේය. මේක වරදයි.ලෝකයේ සියල්ලක්ම අනිත්යි බව කල්පනා කොට යම් ජාතියක බලයද අනිත්යේ බව කල්පනා කටයුතුයි. එබැවින් තමන්ගේ යහපත් කුලසිරිත් යහපත් ආගම යහපත් භාෂාව මරා නොදැමිය යුතුයි.


ජෝන් ද සිල්ව 251

වරාංගනෝ - ඔබවහන්සේ වදාළ වචන සත්යේ වචනයි. සියල්ලක්ම අනිත්ය් බැවින් සිංහල ජාතියද පෙර සිටි ස්වභාවෙන් අමුතු ස්වභාවකට පෙරළි යන්නේය. ශක්රායා - ඒ අමුතු ස්වභාව හොඳ නැති එකක් නම් ඊට නොපෙරළෙන්ට ජනයා සිතට ගත යුතුයි. (සරස්වති පැමිණේ) ඉන්ද්රස - හේ සරස්වති. මෙපමණ කල් කොහේ සංචාරණය කළ සේක්ද? සරස්වති - සුරින්ද. සිංහල ද්විපයෙහි සංචාරණය කෙළෙමි.එහි වනාහි ආය්ය් සිංහල ජනයා බිමට ලොල්ව මත්පැන් බිබි මරුමුවට පැමිණ සිටින්නේය. ඉන්ද්රට - මාගේ පාණ්ඩුකම්බලාසනය රත්වි ඒ කුමක් නිසා වී දැයි බැලු තැන සිංහල ජනයා රා බීමට වැටි සිටින බන පෙණිගියේය. සරස්වති - මමද සිංහල නරනාරින්ට ඔය ගැණ තරවටු කෙළෙමි. ඔබවහන්සේ උපායක් ‍යොදා උන් දැන් වැටි සිටින් මත්පැන නමැති අපායෙන් මුදාගන්නා ලෙස අයදිමි. ඉන්ද්ර - සුරලිය. පෘථුවිලෝකයේ නිර්මල ධර්මවය අල්ලාගෙණ සිටින සිංහලයා මෙබඳු නීච අඩියකට වැටි සිටින බව දැන් අර තවුතිසා දිව්යීලෝකයේ වැඩ සිටින ඔවු‍න්ගේ වික්ර මවන්ත දුටුගැමුණු රජ දරුවන්ට දැනගන්ට ලැබුනොත් කොයි තරම් ශොකයක් එතුමන්ට උපදින‍ු ඇද්ද? සරස්වති - ඒක මමද පිළගණිමි. හිත ගැණ කරුණු දැන් සිටින සිංහලයා පරික්ෂා නොකරන්නේය. ඉන්ද්රා - දෙව්ලිය. කණගාටු නුන මැනව සිංහලයාගේ මත්පැන් බීම මම් නොබෝ කලකින් නවත්වා දමන්නෙමි. සරස්වති - සාධු. සාධු. සාධු

252 සිංහල පරාභව ප්රදකරණය නාටිකාංගනාවෝ - ඔබ වහන්සේට පින්සිද්ධ‍වේවා. මේ ගැන අ‍පේ ප්රිිතිය ගීතිකාවක් කියා නටා දක්වන්නෙමු.

සුරා බිබී නිරා දුකා - පත්ව නිති සදම් මකා ලකේ ඉන්න සිංහලයා - බේර ගනි මෙ ශක්රදයා සුසිරිත සින්ද දමා - දුසිරිත නොවිපමා ගත්තේ අර සිංහල ජන බිබි සුරා මුලාවෙලා

වේවා තුති සදා කලා ඉන්ද්රු දෙවි ඒ දුක් බලා ලකේ ඉන්න සිංහලයා බේර ගනි උපායොදා

නුනුවණ මෝඩ ජනා ‍බොනවට සුරා පැනා බුද්ධාගමෙ සිංහල ජන නොබොව් නොබොව් සුරා පැනා

(සිංහල පරාභව ප්රපකරණ නිමි)

.........//........