ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-III-‍මහානාම චරිත

Wikibooks වෙතින්

මහානාම චරිත

( ක්‍රි.ව. 1913)


ප්‍රස්තාවනා[සංස්කරණය]

මහානාම රජ මෙම සිංහලද්වීපයේ බුඬවර්ෂේයෙන් 953 දී රාජ්ය යට පැමිණ අවුරුදු 22ක් රජකම් කළේය. දෙවෙනි උපතිස් රජ මො‍හුගේ සහෝදරයායා. එම රජුගේ බිසවගේ කීමපිට උපතිස් රජු මරා මේතෙම සිංහල රජකමට පත්විය. ඊට ප්රාථම සිවුරු පෙරවා සිටියේය. මෙම කාලයේදී ශ්රී. ලඬකාද්වීපයේ අගනුවර අනුරාධපුරය බව පෙණීයයි. එහි විසිතුරු අලඬකාර මෙම නාටකය බලන අයට පෙණීයනවා ඇත. මහානාම නරදේවගේ චරිතය නාටක කරන්ටයයි උගත් ආතර් ද සිල්වා සමාදාන විනිශ්චයකාර මැති තුමන් විසින් අයැද සිට ඊට ධෛය්යයර්‍ දෙනලදින් සිහල සමය නම් සිංහල ප්රසවෘත්ති පත්රරයට මෙම නාටකය ලියා ඇර එහි වරින්වර ප්ර්සිඬ කළෙමි.

සිංහල භාෂාව මෑතකාලේදී සිංහල ජනයා විසින් ඉගෙණ ගැණීමට රුචිවඩන ප්රහකාර නොයෙක් ග්ර න්ථලයන් කළ නාමශෙෂ භාවයට පත් ලෝකප්රඅසිඬ ජෝන් පෙරේරා මහතුන්ගේ ජ්යෙකෂ්ඨ පත්රනවූද සමාදාන විනිශ්‍චයකාර ධුරන්ධතර ගෞරවාර්හස ශ්රෙනෂ්ඨාධිකරණ ශාලාවේ නීතීඥකෙනෙක්වූද අප උතුම් බුදු සමය පිළිගත් උගත් ජේ.ඊ. රිචර්ඩ් පෙරේරා මැතිතුමන්ට මෙම නාටකය මවිසින් ඔප්පුකරණලදී. මෙහි කථාශරීරය මහාවංසය බුඬ‍ඝෙ‍ාෂොත්පත්තිය විනයවිනිශ්චය ටීකා ආදියෙන් උපුටා අරන් උගත් ධම්මංරත්න ලක්මිනිපහන් කර්තෘ තුමන්ගෙන්ද එසේම හිතවාදී සිංහල පත්ර යේ කර්තෘරභූත තෝමස් කරුණාරත්න පඬිතුමන්ගෙන්ද කරුණු විමසා දැනගෙණ නාට්යීකලා අනුව මවිසින් ගොතනලදී.

යම්කලක මෙම නාටකයේ රැඟුම් දක්වනකල අපේ සඬඝයා වහන්සේලා නියම ඇඳුමෙන් නොපෙන්නා තවුස්වෙසින් පෙන්වන්ට විධානකරමි. බුඩඝොෂ ස්ථවිරයන්වහන්සේ ගැන සියලුම බුඬාගම්කාරයන් විසින් දතයුතු කරුණු මෙහි අන්තර්ගොතකර ඇත. මෙම නාටකය කියවිමෙන් සහ එහි රැඟුම් බැලීමෙන් පුරාණ ලඬකාව ගැන නොයෙක් කරුණු මහජනයාට ඉගෙණගැණීමට පහසුවේ.


මවිසින් පිහිටවනලද සිංහල ආය්ය් සුබොධ නාට්ය සභාවෙන් සිංහල ජනයාට ගන්ට තිබුන ප්රනයෝජන දෙලෝ වැඩ නොදත් ජනයන් විසින් නැතිකර දැමූ බැවින් යළිත් එම නා‍ට්ය සභාව වෙනුවට අප සිංහල ජනයාගේ දියුණුව පරමාත්ව්කොටගෙණ විජයරංග සභාව පටන්ගන්ට අදහස් කළෙමි. අපේ නරනාරීන් විසින් බැලිය යුතු අපේ රටේ රජ දරුවන්ගේ කථා නාටකකර දැක්වීමෙන් විපුල ප්රෙයෝජන රටට ඇතිබව පෙණීගිය වැදගත් මහතුන් විසින් එම නාට්යවසභාව යළිත් පිහිටුවා ලංකා ඉතිහාසයෙන් උපුටා ගන්නා ලද ඉතිහාස නාටක දක්වන්ටෙයි කියා මට ආරාධනාකර තිබෙන බැවින් ලංකාද්වීපයේ අගනුවර වූ කොළඹ සුදුසු ස්ථානයකින් විශාල ඉඩමක් මිලදී ‍අරන් එහි එංගලන්තයේ සාදාතිබෙන නාට්යස මණ්ඩප ප්රවකාර නාට්යිශාලාවක් තැනීමටද ලක්දිව නොයෙක් පලාත්වලට පැමිණ වරින්වර නාට්ය දැකිවීමටත් නොබෝකලකින් වැඩ පටන්ගන්නා බව මහජනයා මෙයින් දතයුතුයි.


ජෝන් ද සිල්වා නීතීඥතැන

වර්ෂ 1913 ක් වූ මැයි මස

16 දින කොළඹදීය.



ශ්රී ලංකාද්වීපයේ ශ්රෙවෂ්ඨාධිකරණ ශාලාවේ නීතිඥ ධුරන්ධ ර සමාදාන විනිශ්චයකාර නිලයලත් උගත් ජේ.ඊ. රිචර්ඩ් පෙරේරා මහතුන්ට මෙම මහානාම චරිතය එහි කර්තෘ් විසින් සාදරයෙන් ඔප්පුකරණලදී.


සිහල බස සිය දියුණුකළ ජෝන් පෙරේරා මැතිසඳුට දා වන්

සිහල රට නැගු ලකල් කොඩියක විගස්ගත් යසසින් නිමල් වන්

මෙකල අප බුදුසසුන පිළිගෙණ දෙලොව වැඩකර දෙන මනා වන්

පතල කුළුණැති රිචර්ඩ් පෙරේරා නමැති මැතිසඳ වාසනා වන්


උතුම් සිංහල නිරි‍ඳෙකුගෙ වරිතයත් නළුකර සියබ සින්

දැනුම් පමණින් මෙපොත ලිව්වෙමි නැටුම් දක්වන අදහ සින්

ගෙතුම් කොහොමට තිබුනමුත් පෙරදිව් කතාවක් සොඳලෙ සින්

උතුම් සියබස උගත් ජනහට දතැකි මෙය කිය‍ව‍ා තො සින්


පවර හෙළදිව සියල අටුවා පාලියට බුදුගොස තෙරි න්දා

සතර සදහම් සොඳින් දැනගෙන දැමිය සැකඇති තැන් පසි න්දා

මෙවර අප ජන සෙ‍ාඳින් දතයුතු එතතු ඇති මෙම නළු පබ න්දා

මිතුර මෙලෙසට ඔප්පුකරනෙමි සිහලජන තුඩ තුඩෙහි ර න්දා


මේවගට,

නීතිඥ ජෝන් ද සිල්වා



නාට්ය කරුවෝ.

සූත්ර ධාරී, බහුබූතයා, මහානාහ (එනම් සිංහල රජ), බිසව (රජුගේ බිසව), මහනිගම (රජුගේ අමාත්යජයෙක්), සුරසේන (රජුගේ අමාත්ය(යෙක්), චේතිය (එනම් කුමරියක්), ඉලංගසේන (රාජ කව‍ටයා), මුක්තාවලිය (ඔහුගේ ස්ත්රි්ය - චේතිය කුමරියගේ දාසිය), ස්වර්ණනතිලකා (එනම් දාසිය), රෝම තානාපතියා සහ භාය්යාේ ස්ව, ග්රීමක් තානාපතියා සහ භාය්යා ව,ශක්රකයා (එනම් දෙවියෝ), සංඝපාල (අනුරාධපුර සංඝරාජ), බුද්ධරක්ඛිත (එනම් සංඝයාවහන්සේ), රෙවත (එනම් සංඝයාවහන්සේ), උපතිස්ස (එනම් සංඝයාවහන්සේ), බුද්ධදත්ත (එනම් සංඝයාවහන්සේ), බුද්ධඝෝෂ (අ‍ටුවාචාරීන්වහන්සේ), සිංහල ස්ත්රිධයෝ දෙදෙනෙක්, හිඟන්නෝ, සංගීතකාරයෝ, නැවියෝ, රථාචාරියෝ, නාටිකාංගනාවෝ, වැසියෝ, උඩැක්කිකාරයෝ, ලීකෙළිකාරයෝ, කලගෙඩිකාරයෝ, හේවිසිකාරයෝ, නලාපිඹින්නෝ, වෙස්මූණු බැඳ නටන්නෝ, සංඝයාවහන්සේලා


නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස


පුවත.

(සූත්රසධාරී පැමිණ කියයි.)

ජිල්ලා - ලාවනි.


සූත්රාධාරි - සව්නේදත් ඒ ශාක්ය, මුනිඳුගේ පාසරවැඳ මහනාම චරිතමේ - සව්නේ දත් ඒ නා‍ට්යර සදාලා පානෙමි තොස්වි ඉතිහස තේරියය් පෙරදිව්හි ෴

සද්ධර්මෙ මම් දැන් කරපිණිපා සිංහල ජනයගෙ දියුණුව සඳහා - සද්ධර්මෙ මම් රංගසභාවේ දක්වමි මේරෑ චරිතය දැන් කී ඒ රජිඳ‍ුන්ගේ ෴

පින්කෙත් වන්වූ සංඝ නමදිමි වැන්දෙමි තෙරුවන දෝත මුදුනදී - පින්කෙත් වන් වූ දෝස සිඳලා කාව්යාු තනාලා දුනි අප ජෝන් සිල්වා කිවිඳානෝ ෴

සෑසි සස්නේ ලක්දිව රකිනා වෙන්සුර රැකමැන නාට්යිකතුරිඳ‍ ා - සෑසි සස්නේ නාට්යුකරුන් හා රංගසභාවත් රැකමැන සෙත්දී වස්දොස සින්දා ෴


සිංහල වංසේ මහතුනි, අප නීතිඥ ජෝන් ද සිල්වා මහතුන් විසින් සිංහල ජනයාගේ දියුණුවට පිහිටෙවූ සිංහල ආය්ය්ිඥ සුබොධ නාට්ය සභාව උන්නැහේගේ කළමනාකාර කමෙන් අත්ඇරී ගොස් අනුන් අයිතිකරගත් බැවින් යළිත් උන්නැහේගේ වීය්ය් න යෙන් විජයරංගසභාව නමැති නාට්ය සභාව පිහිටෙව්වේය. එහි නැටුම් දැක්වීමට ජේ.ඇස්. වෝල්ටර් ද සොයිසා මහතුන් විසින් අනුබල දෙනලදී, මින්මතු ලක්දිව ජනයාට යහපත් නාටක මෙකී සභා මගින් දක්වනවා ඇත. අද රාත්රි යේ දක්වන මහානාම චර්තය සිංහලද්වීපයේ රාජාවලියෙන් උපුටා ගත් මාහැඟි කථාවකි. එය ලොකුකුඩා සියලුදෙනාම දතයුතු ඉතා ප්රපයෝජනවත් කථා වස්තුවකි. වරද ඇතත් එය ඉවතලා ශ්රකවනයකළ මැනවි.

(නික්මයයි.)

(නාට්යය මණ්ඩපයේ ඇතුළේ ඉඳන් ‍අයෙක් කියයි.)


දනාසරි - සාකි. පානා රෑපේ රෑ සබේ නොයෙක් විලාසෙන් දැන් එන්නා ඒ බහුබූතයා සිනදා දෝෂ ප්රනබන්ධ


දනාසරි - වල්ති. තෙරුවන සරණින සැමදොස් සිනදි සෙත්වේවා සැමකාලේ නැට්ටුවන්ටත් මේ ගත් සෑදූ ඒ මන්ත්රීාන්ටත්


නාටකා සිංහලුන්ගේ ලක්ෂණා වේය දීපේ මේ බලා සජ්ජනා ලිස්සා හරිව් දොස් ඇත්නම් (බහුබූතයා පැමිණේ.)

කල්යා න් - හිංචි

බහුබූතයා - රංගසලේ ඇත්තෙ නෑ ශෘංගාර දැන් දොට්ට දොට්ටලා මාව කොන්ගසා ගෑනු ප්රී්තිවෙන්නෙ බලා මා රැඟුම් දීපෙ ඇද්ද මාවාගෙ නැ‍ට්ටුවෙක් රූබරී මූන මාගේ ඉඹ නා‍ට්යු මන්ඩපේ දක්කවන්ට කී මා රැඟුම් මට ඌරුමාලු කන්ටදීපි බත් එක්ක පාරට්ටුයි ‍භෝජනා දුන් ඈ වගේ ඇත්නම් ලියන් සූප උගත් දීපේ කාලා නටය් කව්රුත් - හෝ රූබරී සුන්දරී මාගේ බාරී බඳු අංගනා ලොවේ අම්මපල්ල නෑ මේ ක‍ෙල් මගෙ බෙල්ලේ එල්ලිලාම හාදුවක් දුන්නි ස්නේහෙන් බෝ ප්රීලතිවී මන් ඈ ව‍ෙග ඇත්නම් ලියන් දීප අලංකාරයේ කාලේ හොඳයි කාගත් - හෝ සුන්දරී මාගේ බාරී

හඃ හඃ හඃ හඃ හඃ හඃ අළුත් විධි පුරුදු කරගෙණ මා මතකනැති කළෙහිද මා රංගමණ්ඩලෙන් මෙපමණකල් නෙරපා දම‍ා සිටියා නොවෙද. මැණික කහලගොඩේ තිබුණත් එය අඳුනන්නා දි‍ටු කෙණෙහිම අත‍ට අරන් ඔපදමා ගන්නාවගේ අර මුල්ලට දමා සිටිය මගේ අරැමය දත් අපේ කිවිඳුතුමා මාවත් මේ නාටකේට ඇතුළත් කළේය. ම‍ා‍ගේ බාරිට පින්ඬවෙන්ට බඩපිරෙන්ට කන්ටදී එව්වාය. (බඩ හොලවයි) ගෑනියෙක් නොවෙයි රන්කඳක්. මේලෝකේ ඉන්න සියලුම ගෑනු තරාදියේ එකතට්ට්ටුවක හිටවා අනික් තට්ටුවේ මගේ සීදේවි හිටෙව්වාම ඕතොමෝ වඩා බරයි. අනේ වාසනාවන්-හුනරවාල වතුකැනක් ඉදවා


එහෙන්පිටින්ම මට කන්ට දෙනවා-බුරිකැවුම් උයන්ට දස්සියෙක් ඒවාගේ නුදුටිමි. ඒවා මතක්වෙනකොට කටට කෙල උනනවා. (ඇඳුමේ එල්ලා තිබෙන කැවුම් කෙසෙල්කැන් කඩාකයි) අපොයි රස. ඉතින් අළුත් තාලෙකට නටන්නට පුළුවන.

කාලිංගඩා-දිප්වන්දි.

හෙළදිව සිංහල බා සේ-අද වළලන්නට යති වැසියෝ මෙදෙ සේ වැසියෝ මෙදෙ සේ ජාතිය ඉන් ලොව වැන සේ සිහියට ගණුමැන එකඑක මිනි සේ එක එක මිනි සේ ෴

අනුබල දෙනු මෙම වැඩ ‍ටා-රට පුබුදු කරන සත‍රකි නළු මෙවි ටා සතරකි නළු මෙවි ටා කුමට පදක්කම් අප ටා-සිය ගොතිරෙට වියහැකි තවමත් පිහි ටා හැකි තවමත් පිහි ටා ෴

කාසි බලෙන් මෙහි ජන යා-නෙක වාසිගන්ට දඟලති කර වින යා දඟලති කර වින යා දෝෂ සැද ඉන් ජන යා-අව ලාද කියත් රටතොට තැන තැන ය‍ා රටතොට තැන තැන යා ෴

අල්ලස් බැඳ බැඳ පුප් පා-අපෙ නම්බුව රැකදෙමු සුසිරිත තප් පා දෙමු සුසිරිත තප් පා ලොක්කන් බව ලොව දප් පා-අපි දස්කම් කරවමු ගිරියද පුප් පා අප ගිරියද පුප් පා ෴


ඔන්න ඉතින් මම දොක්ක ම්-මට කන්ට ඇතොත් දෙනු කොණ්ඩකැවු ම් දෙනු මැන කොණ්ඩ කැවු ම් ඉන්න සබේ මෙම සෙල්ල ම්-මහ තුන්ට සලාම් දමලා මම යන්නෙ ම් ෴ දමලා මම යන්නෙ ම්


1 අංකය[සංස්කරණය]

1 ජවනිකා - අනුරාධපුර මාලිගාව.[සංස්කරණය]

මහරජ සිංහාසනාරෑඪව සිටිනසේක. ග්රීවක් රෝම තානාපතිවරුද සුරසේන ආදිකොට ඇති ඇමතිමණ්ඩලයද රැස්ව සිටිත්. චාමර හලන්නෝද සිටිත්.

පිලූ - ත්රිටතාල.

ඇමතිමණ්ඩලය - පසිඳු ලෝකතුළ තිලකනුරාපුර සගය පොළය පිට බැස්ස ලෙසිනා දිස්නා - ශ්රිමන් ශ්රිින් ශ්රිෝන් ශ්රිරන් - කෑමෙන් බීමෙන් සේනා තොස්වී ඉන්නා ඉන්නා මත්පැන් සාලා මස්සල් නෑ නෑ පසිඳු ලෝකතුළ තිලකනුරාපුර සගය පොළව පිට බැස්ස ‍ෙලසිනා දිස්නා. හෙළදිව නරවර-මුනිරජ ගුරුකර දම්සඟ කෙරෙහි-පෙම්කර පැහැදී දිපපාලනා-බුද්ධදෙශනා-මන් සවන් පිනා වඳිව් අපේ රාජා-වඳිව් ‍අපේ-වඳිව් අපේ රාජා ෴


මහානාම - අපේ මේ රාජධානියේ වැසියාගේ දෙලෝවැඩ පිණිස සියලුම කටයුතු හොඳාකාර කෙරෙන්නා. පළමුවෙන් අප විසින් කටයුතුව ත‍ිබෙන්නේ වැසියාට හිඟනැතුව කෑම ලැබෙන්නට වැව් පොකුණු ඇල දොලවල් අභාවයට යන්ට නෑර තබා ගැණීමයි. පරලෝ වැඩ පිණිස බුද්ධධර්මිය ආරක්ෂා කර ගැන්මයි.


ඇමතිමණ්ඩලය - දේවයන්වහන්ස ඔබවහන්සේගේ ආන්ඩුව ය‍ටතේ වැසියා දියුණු අඩියක සිටින්නේය. අපරාධ රටේ වඩා නොමැත්තේය.


මහානාම - දැනට ලෝකේ ප්ර සිඬ රාජධානි දෙකක් ඇත. එනම් රෝම ග්රී ස් යන දෙරටයි. එහි රජදරුවන් විසින් මෙම අගනුවරට එවා සිටින තානාපතිවරුන් අප විසින් ‍ෙගෟරවයෙන් පිළිගත යුතුයි.


ඇමතිමණ්ඩලය- ශිෂ්ඨාචාරය ජාතියක්වූ සිංහලවංසේ නම්බු කළයුතු අයින්ට ඒ නම්බුව නිතරම දෙයි. එබැවින් මෙම තානාපතිවරු ලක්දිව නවතිනතුරු ඔබවහන්සේගේ අදහස් ලෙස සිංහල වැසියා ඔවුන්ට නම්බු දෙනවා ඇත.


මහානාම - (රෝම තානාපතියාට කියයි) රෝම රජු විසින් අපට එවා තිබෙන මිදිරස දැමූ කුසලානය සතුටින් පිළිගත් බව දන්වනු මැනවි. මෙම මිදිරසෙහි මත්ගතියක් නැතුව එය සාදා එවා තිබෙන්නේ අප විසින් පිළිපදින බුඬධර්මකයට එකඟවන පරිද්දෙන්ය.


ඇමතිමණ්ඩලය- මත්බීම අපට රුචි නැත. තිලෝගුරු මුනිරජුට වඩා ශාස්ත්රමඥයෙක් ලොව උපන්නේ නැත. උන් වහන්සේ එය මනුෂ්ය.යාට තහනම් කළේ දෙලෝ වැඩ පිණිසයි.


රෝමතානාපති- අපේ ර‍ටවල මත්පැන් බීම ජනයා අතරේ බහුලව පවතී. නුමුත් මෙම සිංහල රටේ ජනයා මත්පැන් නොබී හොඳ සිහියෙන් සිටිනවා දැකීම ප්රීලතිදායකයි.


ග්රීලක් තානාපති - ග්රීයස් දේසේ වැසියන්ගෙන් සමහරෙක් මත්පැන් පානය කරති. සංසාරය පිළිබඳ ඉගැන්වීම් පිළිගත් ජනයෝ මෙම සිංහල වැසියා වාගේම බීමට පිළිකුල් කරති.


මහානාම - මනුෂ්යතයා යනු උසස් කල්පනා ඇති අයෙකි. සිහිවිකල් කරන මත්පැන් පානයෙන් මනුෂ්යමයාගේ උසස් කල්පනා පාතවැ‍ටී මෘගසංඛ්යා වට හේතෙම පෙරළෙන්නේය. මත්පැන් පානයකරන අය කිසිකලක විශ්වාස නොකළයුතුයි.


රොම තානාපති- දේවයන්වහන්ස ඒ මක්නිසාද?

මහානාම - සුරාපානය කරන අය නකු‍ට නැති බල්ලා ව‍ාගෙයි. කොයිවේලාවේ ඌ කෝපව සිටීද කෙ‍ායි වේලාවේ ආදරය පෙන්වයිද යනු බල්ලාගේ වල්ගෙන් පමණක් දැනගන්ට පුළුවන. වල්ගේ නැත්නම් එය දැනගන්ට බැරිය. ඒනිසා බොන අය වල්ගේ නැති බල්ලාට සමානය.


ග්රීඅක්තානාපති - ඔබවහන්සේ රාජධානියේ පවතින සිරිත් විරිත් ඉතා යහපත් බව කියමි. මේ මනුෂ්ය් ශරීරය අරන් අහසේ ගමන්කරන සිංහල රහතුන් ඇතුව සිටින්ට හැකිවී තිබෙන්නේ ඉතා සියුම් මාහැඟි ධර්ම යක් මෙරට පවතින බැවින්ය.


මහානාම - ඒ ධර්මේය නම් අප තිලෝගුරු බුදුරජුන් විසින් ලෝවැසියාට මෛත්රීහ කරැණාවෙන් දුන් නිර්ම්ල ධර්මඅයයි. ඒ ධර්මවයට අටුවා සිංහල භ‍ාෂාවෙන් ලිපිකර තිබේ. මිහිඳු මහතෙරුන්වහන්සේ ලක්දිවට ගෙණා ඒ උතුම් ධර්මකය සිංහලට නගා දැන් රටේ පවතින්නේය.


ග්රීකක්තානාපති- මෙම රටේ පවතින ධර්මගය ගැන අපේ රජුටද දන්වමි. එසේ කළාම අපේ ජනයාද ඒ ගැන පරීක්ෂාකර බලනවා ඇත.


මාඩි-ලාවනී.

රජුහැර සියලුදෙනා - රජුගේ සත්ගුණ සව් නරනාරී ලෝකේ දන්නාහු මනමෙන්-පාප සිඳා දම් පතුරා ලෝකේ පුණ්ය-කර්ම සලසාය්-සතට සෑම පුණ්යදකර්මද සලසාය්-සීලේ පේවී තුන්පිටකේ දත් ඉන්නෝ රහත් පින්වත්-ඉන්නෝ රහත් පින්වන්ත-සිහලරට-ඉන්නෝ රහත් පින්වත්-සිහලරට-ඉන්නෝ රහත් පින්වත්-සීලේ පේවි තුන් පිටකේ දත් ඉන්නෝ රහත් පින්වත් ෴

කායසැපා දැන් සතටා ඇත්තේ කෑමබීම හිඟ නැත්-මෙසිරිලක-කෑමබීම හිඟනැත්. ඉන්නා බෝවී සිංහලසේනා ර්ශී ලඬකාද්වීපේ - ශ්රීීලඬකාද්වීපේහී -පසිඳුලොව - ශ්රීාලඬකාද්වීපේ - පසිඳුලොව - ශ්රීකලඬකාද්වී‍ෙප් ඉන්නා බෝවී සිංහලසේනා ශ්රී ලඬකාද්වීපේ ෴


මහානාහ - ඇමතිවරුණි, මෙම නුවර චන්ද්රිවංක වීථියේ පෙණෙන සත්මහල් ප්රාාසාදවල නිවසන ජනයාගේ ගණන බොහොමයි. ඔවුන්ගේ සනීපවර්ධ‍නයට ආණ්ඩුව විසින් කටයුතු වැඩ මෙම නුවර නගරගුත්තික හරියාකාර කරනවාදැයි විභාගකළ යුතුයි.


ඇමතිවරු - නගරේ සනීප ආරක්ෂාකර ගැන්ම නගරගුත්තිකට බාරයි. කුඩා කාලේ පටන් ද‍වල්ට බුදියන රාත්රිායට නිද්රගනොගන්න පන්සියයක් පුරුෂයෝ වීථි ශුඬකර වසුරු නගරයෙන් පිට ගෙණගොස් දමති. ඔවුන්ට නිසි වැටුප් ‍ලැබේ.


මහානාම - නගරය ශුඬව තබාගැණීම සනීපාරක්‍ෂාවට ඕනෑමයි. මෙහිවැසි ජනයාට වතුර හිඟනැති බව දනිමි.

සූරසේන - දේවයන්වහන්ස මාගේ මඬගල්යවප්රමස්තාව තව හාරමසකින් සිඬවන්නේය. ඒ හාරමාසයට මට නිවාඩු ලැබුනොත් මැනවි.

මහානාම - ඒ ගැන සතුටුවෙමි. තොපට හාරමසක් අද පටන් නිවාඩු දුන් බව දතයුතුයි.

(සියලුදෙනාම නිකමයති.)


II ජවනිකා-චන්ද්රිවංක වීථිය.[සංස්කරණය]

වැසියෝ මල් රැගෙණ මහ විහාරය දෙසට ගමන්කරති.

සාරංග-දාදරා


1 වැසියා - ලෝකනාථ බුඬරාජනම් මුනිශ්වරා තු මා දෝත මස්තකේහි සාද වඳිමු හිස් න ම‍ා


2 වැසියා - ධර්මන සඬ්‍ඝ භක්තියෙන්ම ඒවගේ වඳිම් සොඳින්ම ලොවේ කුදිටු ‍අන්‍ධකාර සිඳි මුනි රිවි තේජසාර


3 වැසියා - භාග්ය වන්ත ශාක්යයමුනි වදාළ ධර්ම මේ දෙ සේ සිංහලුන්ගෙ පෙර පිණෙන් භාවිතාවි නැත දො සේ


4 වැසියා - බුඬ ධර්මැ සඬ්‍ඝ නම් උතුම් මෙ රත්නයා කෙ රේ


භක්තිවන්ත සිංහලුන්ගෙ දෝස භංග ලෝතු රේ බලා ධර්මත සිඳා රාග මොක්‍ෂ සම්පතා අනර්ඝං ගන්ට පුණ්ය කර්මඝ දීපයේ කෙරේ නිරන්ත රේ දිව්ය්ලෝකයේකී මේ උතුම් අපේ විසල්පු රේ


1 වැසියා - දේවයන්ද ප්රී තිදුන්න තිස්ස නම් රජුන් ක ලේ සංඝමිත්ත භික්ෂුණීද මිහිඳුමහ තෙරත් ලො ලේ බුඬධර්ම සිංහලුන්ට දේශනාකළෝ දැනෙන්ට තිබේ වෙහෙර සෑය බෝධි පුරවර මුනි ධාතු ආදි වන්‍දනාකරන්නට යමු මෙ ලෝකනාථ දම්ර දා පුණ්ය කර්මන නැතිවුනොත් සාප තාප ඇති එ දා


2 වැසියා - ප්රානණඝාත මද්ය්පාන ආදි පව් නැතේ පු රේ බුඬ භක්තියේහි ඉන්න සිංහලුන්ට පින් පි රේ කෙලෙස් සින්ද රහත් ඉන්න බුඬධර්මස බෝම දන්න සජ්ජනන්ගෙ භූමියක් තමා මෙමනුරාපු රේ ලෝකෙ ඇද්ද මේවගේ පුරෙක් තවත් සිරින්බ රේ


3 වැසියා - සත්මහල් වලින් ප්රේසිඬ පායො බෝ තිබෙත් පු රේ උස් සුනිල් අහස්කුසේහි සැලෙති කොඩි නිරන්ත රේ රම්යස ලන්දු පන්දු බෝම උස් මහල් ඉඳන් ගසත්ය දිලේ සවන කුණ්ඩලාද ගෙලෙ බැඳි මුක්තාවලීද කෝවිධාර පුෂ්ප මුහුල රැන්දුවෝ නෙයෙක් ස රා හංසයන්ගෙ සිරිසිලී ඒ ලියන්ගෙ පියයු රා


4 වැසියා - රාග තාල දන්න ලන්දු සින්දු ග‍ායනා කර ත් රුද්ර් වීනා ඊට එක්ව බෝ සමත් ලෙසින් වය ත් සොඳින් ඇන්ද උතුම් වස්ත්ර් නෙත්පිනී දුටන් විචිත්ර් වන් කොඳන් දසන්ද යුක්ත මේ ලියන් දුටොත් බ ඹා ධ්යාකන සිනදිලා ගොසින් ගණී එශක්රබයා සු බා



1 වැසියා - ශ්වේතවර්ණ පත්ම පිපිල ගී සරස්වතී ස රා රක්ත පද්මයන්හි වාසවුනිය එසිරි දෙව් ස රා සේරු පංති හංස ස්වර්ණන මේපුරේ තටාකයන්හි පෙණෙත් නගර වාසියන්ගෙ දෙනුවන පිනි නේක රංගෙ කෝකිලාදි පක්‍ෂි මධුර භෘඬගනාද වී ක ණේ ධර්මවධාරි නිලඹරේ යන්නො ධ්යාගන බල පෙ ණේ


2 වැසියා - කෝවිධාර නා කුසුම්ද මල්ලිකා සුපුල් උපු ල් විද්යනමාන වීය මේඝ නම් උයන් තුළේ විපු ල් මහාමේඝ උයන් රම්ය නන්‍ද නම් උයන් ලෙසින්ම නෙත් පිනී දුටන්ගෙ ශක්ර දෙව් වනේ මෙලෝත රේ පෙන්නුසේක ඒ උයන් මගින් මෙමා නුරාපු රේ


3 වැසියා - හස්ති කුඤ්චනාද අශ්ව හේසරාව දෙත් පු රේ අශ්වයන් බැඳී රියන්ද දුවති එහි නිරන්ත රේ හේවපන්න වීථියන්හි ආවුධත් අරන් අතේහි සිටිත් නොමැත කෝලහාල පිළිවල ඇත සෑමකාල සිංහලුන්ගෙ අග්රලපුර හැතැක්ම දහසයක් දිගි න් ඒතරම්ම ඇත පලල් මාගෙ මිත්රප අස සොඳි න්

4 වැසියා - වීද වේල ගන්ට බෑ උදේ වඩින්නහූ රහ ත් දාන කන්ට නිල් අහස් කුසේ සොඳින් ගමන් කර ත් ජනෝ කෝටිගණන් වාස වෙත්ය මේපුරේ විශෙෂ බෑ කියන්ට සිනදුවෙන් මෙසේ වනන්ට දොස් සි ඳා බ්රකහ්මයාට හැක්කි මේ ලොවේ සමත් අයෙක් කො දා

සංගීත කණ්ඩායමක් හොරණෑවලින් සිංහල ජාතික සින්දුව පිඹගෙන එන්නෝය.

ශබ්ද පූජා ඇතුව දාසියන් විසින් පිරිවරනු ලැබූ චේතිය කුමරි දෝලාවෙන් ගමන්කරනසේක.


සිංහල ජාතික ගීතිකාව


සංගීත කණ්ඩායම


ප තල මෙලෝකුස නිමල යසස්රැස රුපු ‍දන ඔද සිඳබිඳ ද‍ම ලා

ල කල මෙලක්කුස රදනිය පිහිටෙවු සිංහල දරුවනි ඉදිරි බ ලා

වි කල නොවී යස හරය යළිත් බැඳ ලන්නට අර දික්වමිය ගෙ ලා

මෙකල වරෙව් බැස සතර මගට සියරට ආලය නම් හුය කැට ලා


එක් සත් කම යන රුවල ගසමු අපි සිංහල ජාතිය නැමැති නැ වේ

යට ප ත් සැම සිප්සතර නමැති බඩු පටවමු නිති වැඩවන මෙලො වේ

පලු දු ත් නැති සියරට ආලය නම් පළුපත අල්ලපු කලට ලො වේ

දුරුවෙ ත් රුපුසැඩ පහර බලව් පෙර පටන් තිබෙන ඉතිහස මෙදි වේ


පි බිද සිටිව් සිංහල දරුවණි අද සියවිකුමය සිහියට රැගෙ ණා

වෙ රිද නොවව් ඔය ල‍ටපට බීගෙණ ඉන් පිරිහෙනබව සිතටගෙ ණා

ලොව ද මවිත කරවමු අප සිහගති යලිත් ලොවට පෙන්නා සොඳි නා

මෙපද සිතටගෙණ එකඑක අය වැඩ කළොත් නැගෙයි ජාතිය කෙමෙ නා


ප වර රජුන්පෙර අපට තබාගිය සිප්සතරද අපි රැකග ම්මූ

මෙවර ලෙවන් දෙන සතරද සෝදිසි ඇතුව බලා අපි දැනග ම්මූ

නොහැර උතුම් කුලසිරිත් විරිත් ‍අපි පවත්වමින් සිහියට ග ම්මූ

ක ත ර මිරිඟුදැක ජලය තමයි සිතු මුවන් විලස අපි නුදුව ම්මූ


අත මි ට නැති අය මෙලොව නිවට වන බව දැනගෙන වතුපිටි කුඹු රු

සැ මවි ට දිවුණුව කරගෙණ වෙළඳාමද ගණුමැන තම අතට සු රු

මෙලෙසට සැමදෙන හිතට අරන් වැඩකළොත් අපේ නම්ගම් මහ රු

හනිකට පරසිදුවන බව දනුමැන ජන සිංහල හම නම සුදැ රු


චේතිය - ඔය මල් දෝවනය කර තිබෙනවා. බිම නොලා ප්ර වේසමෙන් අරන් යන්.


මුක්තාවලිය - එය ප්ර වේසමෙන් ගෙණයමි. බුදු රජුන්ට පුදන මල් ශුඬ ඇතුව තබාගතයුතු බව දනිමි.


ස්වර්ණුතිලකා - මගේ අතේ තියෙන්නේ පහන්පූජාවට ඕනෑකරන ගිතෙල් සහ සුදු පාන්කඩත්ය. ඒවා බොහොම පිරිසිදුවට තබාගෙණ අරන්යමි.


චේතිය - අද බොහෝ දෙනෙක් බුදුන් වඳින්ට යති. මුක්තාවලිය අර එන්නේ මා හා සරණබන්‍ධනයට ගිවිසුම්, අරන් සිටින සුරසේන මන්ත්රිා නොවෙද.


මුක්තාවලිය - එහෙයි ස්වාමිදූ


චේතිය - හෙමින් හෙමින් යමු. (සුරසේන මන්ත්රීය පැමිණේ)


මාඩි-හිංචි


සුරසේන - අපේ බුදුන් වන්දනාවේ යනා මේ ම‍ාගේ කුම‍ාරි බෝ සිල්වතී අරන් නොයෙක් පුෂ්ප ශබ්දාදි පූජා දෝලා මගින් යය් පෙම්වතී ෴


චේතිය - ම‍ාගේ හදේ ප්රීවති බෝසේ සැදීලා පූජා අරන් වන්දනා යමි සීලේ යෙදීලා බුදුන්ගේ දහම් සේ උන්නොත් තමා මෝක්‍ෂ සම්පතා ෴


සූරසේන - මගේ නුවන් අංජනා ලූ විලාසේ තීගේ මෙ මූන මා දැක්කොතින් උවන් පියුම් දැක්ක මීලොල් කැලන්ගේ නාදේ ඇසෙය් දැන් ගුම්ගගා ෴


චේතිය - කාලේ හොඳයි බුඬ ධර්මේ අසන්ට් රාගේ තුරන්වෙන්ට සිත්තුළෙන් මෝහේ ලෙවන්ගේ සි‍ඳෙන්නේ මගින් දම් පින්වත් අපේ ශාක්යි සිංහගේ ෴


සුරසේන - මාගේ කුමාරී බෝ ප්රී්තිව ගොස් දැන් ත්රෛේලෝකාචාරි බුදුන් වඳී ෴


දෙදෙනාම - බෝ සියුම් දම් බජනා දිව්වාසී රක්නාහු සිල් බුඬ ශාසනේ ථූපාරාමේට බෝම සේනාව යන්නා දෙන්නා යමු ඉක්මණින් එහි ෴


(සියලුදෙනාම නික්මයති.)


III ජවනිකා - මහවිහාර පන්සල.[සංස්කරණය]

තෙවළා දහම් පාරාප්‍ ාප්ත සංඝයාවහන්සේලා සිව් නමක් සිටිත්.

කල්යා න් - ලාවනි


1 සංඝපාල - අපදීපේ තිබෙන්නේ තුන්පිටකේ-අටුවා සිංහලෙන් ලිව් ‍විස්තර දක්වා-සියවංසේ ජනයන්ගේ දැනගැන්මා වඩන්නේ ඉන් සොඳසේ - ධර්මංබුදුන්ගේ මේලෝකේ සජ්ජන ඇත්තෙන්ම ආලෙන් රකිතී සැදෑවෙන් - තේරීගිය‍ායින් දැන් අටුවාවෙන්


2 සංඝයා - මෙම ලෝකේ උතුම් සම්පත් අටුව‍ා-එය ඇත්තේ මෙ ලක්දිව් සිංහල ‍බාසේ - මුනිඳුන්ගේ සොඳ ධර්මේ දැනගන්නේ නිදොස් සේ ඒ මගිනේ - සිංහලයන්ගේ ජාතිකනම්බුව-නිත්තෙන්ම ලෝකේ පවතී. මෙහින්දා-ධර්මේ බුදුන්ගේ දැන් බබලන්නා


3 සංඝයා - රහතුන්ගේ නිවාසේ මේනගරා-මුනිඳුන්ගේ උතුම්දම් ධාරණවෙන්නා - තෙවළාදම් දැනගත් තුම් එරහත් දැන් සිටිත් ලක්දිව්කුසයේ

හින්දුවරුන්ගේ වේදේද කොන්ගැසූ - සඬම්දීපේ පවතී මෙකාලේ - සෑසි තිලෝනා දුන් එවිලාසේ


4 සංඝයා - පිටකත්රෙ උගත් තේරාත් මිහිඳු - අටුවා සිංහලෙන් ලිව්වේ තෙරිඳා ඒ - අප වංසේ ලොව නංවා තබවන්ටය් - එවිද්යාිවේ බලයෙන් -

ශාස්ත්රද මෙලෝකේ ඒවාගෙ නැත්තෙය - සඬර්ම ශාස්ත්රෙි වටිනා එකක් වේ.

ගන්නේ න‍ිවන් සම්පත් දැනුමෙන් ඒ ෴


1 සංඝපාල - මහණෙනි කුරුන්දිය පච්චරිය සහ මය අට්ඨකථා යන සිංහල අටුවා තුණ අප ලඟ දැන් තිබේ. අන්ධ අට්ඨකථා ආණ්ඩු හෙවත් තෙලඟ භාෂාවෙන් ලියා තිබේ. එය අ‍ප ලඟ නොමැත.


2 සංඝයා - කුරුන්දිය නම් සිංහල අටුවාව කබොක්ගල් පර්ව තයක ඉඳ ලියන ලද්දකි.


3 සංඝයා - පච්චරිය නම් සිංහල අටුවාව පහුරක ඉඳන් ලියන ලද්දකි.


4 සංඝයා - මහ අට්ඨකථා යනු සිංහලෙන් ලියන ලද ලොකු අටුවාවකි. මේ සිංහල අටුවා එක එක තුන්පිටකේ පෙණෙන ධර්ම යන්ගේ අටුවා බව දනිමි.

(බුඬරක්ඛිත ස්ථවිරයන්වහන්සේ ඉන්දියාවෙන් පැමිණ සංඝයාට වැඳ මෙසේ කියයි.)


මාඩ් - වාල්


බුඬරක්ඛිත - සූරියගේ රශ්මිය ලෙසේ තිබේ පෘථුවි තේජස් මෙදීප රකිනා රජිඳුගේ අස ස්වාමි මෙම බස් මෙලංකා බලා ආමි මම් පාලියෙන් ලියන්ටා දැන් සිංහල භාෂා අටුවා දෙන්නේ මට ඒවා ෴


සංඝපාල - සිංහල අටුවා පාලියට නගන්ට මත්තෙන් ඔබතුමන්ගේ ප්රාමාණය පරීක්ෂාමකටයුතුයි. එබැවින් සිංහල භාෂාවෙන් දැන් තිබෙන මහබොධි වංසය පාලියට පරිවර්තුනය කළ මැනව.


බුඞරක්ඛිත - හොඳයි ස්වාමීනි. එය පාලියට නගලා ස්වල්පකලකින්ම ගෙණෙන්නෙමි. (නික්මයති)

සංඝපාල - මහණෙනි මෙම සිංහල ‍අටුවා ලෝකේ කථානොකරන මළභාෂාවකින් ලිය‍වා තැබිය යුතුයි.


2 සංඝයා - ඒ මක්නිසාද. ‍

සංඝපාල - කථාකරණ භාෂාව මැරී මැරී ලියලන්නේය. කලකදී සිංහල වචන අභාවයටගොස් අමුතු වචන ව්යාවහාරයට


එන්නේය. එබැවින් සාරාසංඛ්ය කල්පලක්‍ෂයක් මුළුල්ලේ පෙරුම්පුරා බුඬත්‍වයට පැමිණි තිලෝගුරු බුදුහාමුදුරුවන්ගේ ඒ උතුම් නිර්ම ල ධර්මෙය අපේ සිංහල භාෂාවෙන් තිබෙන්නට ඇරියොත් අනාගතේදී උපදින සිංහලයාටම එය තේරුම්ගන්ට බැරිවෙන‍වා ඇත. ඒ නිසා එම අවගි ධර්මෙය මළභාෂාවක්වූ මගධ භෂාවෙන් ලියා තැබිය යුතුයි. එහි වචන ලියලන්නේවත් මැරෙන්නේවත් නැත.


3 සංඝයා - මළභාෂාවේ වචන මැරෙන්නේ නැතැයි කියන කීම පරස්පර විරුඬ බැව් හැඟීයයි.


සංඝපාල - මළභාෂාවයයි කීවේ ලෝකේ දැන් සිටින කිසියම් මනුෂ්යප ජාතියක් විසින් කථානොකරණ භාෂාවයි. එහි වචන යම් අර්ථයකට ව්යිවහාරවීනම් එම අර්ථයට සදාකල් ඒ ව්යැවහාර වන්නේය. මගධ හෙවත් පාලි එබඳු භාෂාවකි.

(උපතිස්ස ස්ථවිරයන්වහන්සේ ඉන්දියාවෙන් පැමිණ මහා විහාර සඬයාට ආචාරකොට මෙසේ කියයි.)


පීලූ - බරවා.


උපතිස්ස - ධර්ම.දන්න සංඝයා - ඉන්නෙ මෙදා දීපෙයා

මම් ආම් තුම් ස්වාමි ලංකාවේ භාෂාවෙන් සෑදු අටුවා ලියන්ට දැන් - දෙන්ට සොඳා ඒ ඉතින් - ධර්මසදන්න

සංකා නෑ ස්වාමිනේ මෙදා දනිම් පාලි බ සා ලොව්තුරා දම් හා සෑසි දෙසූ ලෙවන් නි සා සිංහල භාෂය මේ ලොවේ යය් පෙරළී ධර්මල නාස්ති වේ මගද බසින් ලමු ඒ දහම් දුන් අපේ සෑසී බුදුන් ෴


සංඝපාල - දැන්කාලේ ලෝකේ තිබෙන ඉතා වටිනා වස්තුව මෙම සිංහල ‍අටුවාවය. එය මගධ භාෂාවට නැගීම සර්වාකාරයෙන්ම යුතු වැඩකි. නුමුත් ඔබතුමන්ගේ ප්ර මාණය අපට නොදැනෙන බැවින් පළමුකොට ජිනාලංකාරය පාලියෙන් ලියාගෙණ එනුමැනව.


උපතිස්ස - ස්වල්ප දවසකින් එය ප්රිබන්ධ කර ගෙණෙන්නෙමි.

(නික්මයයි)


සංඝපාල - මහණෙනි අපේ රජිඳුන්ගේ අවසරයක් නැතුව මෙම සිංහල අටුවා කිසිකෙනෙකුට නොදිය යුතුයි. දැන් මෙහි පැමිණි බුඬරක්ඛිත උපතිස්ස යන දෙනමගෙන් සුදුස්සා කවුරුදැයි අපට පෙනී ගියාම රජුගේ අවසර ඇතුව පාලි භාෂාවට නගන්නට මෙම සිංහල අ‍ටුවා ඕහට දෙමු.


සංඝයා - එහෙයි ස්ව‍ාමිනි. (සියලුදෙනාම නික්මයති)


IV ජවනිකා - චන්ද්රසවංක වීථිය.[සංස්කරණය]

චේතිය කුමරි, මුක්තාවලිය, ස්වර්ණතතිලකා සහ සුරසේන මන්ත්රී බුදුන් වැඳ නිමවී ආපසු ගමන් කරති.


සාරංග - හිංචි

සුරසේන - තිලෝනාගේ සඬර්මෙි දන්නා සීදේවි පොහොය නෑර සිල්ගන්නි ම‍ාගේ සීදේවි - මෙමාගේ සීදේවි.


චේතිය - කාමලෝකවාසීහු විකාර වන්නෝ සියුම් ධර්මි ඕනෑ එහින්දා බුදුන්ගේ - එහින්දා බුදුන්ගේ ෴


මුක්තාවලිය - ජනෝ බුඬධර්මයෙහි පේවී ඉන්නාහු නගරවාසී කාබී රකින්නෝ සිල් බෝසේ -

ප්රා ණඝාත ආදී පව් මෙකාලේ නැත්තේ. ඇලී බුඬධර්මේ වසන්නෝ දිව්වාසි - වසන්නෝ දිව්වාසි


ස්වර්ණඬතිලකා - අපේ සාමිදූගේ දයාවෙන් පිනසිදදේ අපි ද පුණ්යාක‍ිර්මෙ යෙදිලා ඉන්නම්මෝ - යෙදීලා ඉන්නෙම්මෝ

පෝය නෑර සීලෙහි සිටින්ට කීවා මසිත් ප්රීලතිවෙන්නා කුමාරි පින්වන්තී - කුම‍ාරි පින්වන්තී ෴


චේතිය - මගේ සෞම්ය ප්රේ මේ ලබාගත් මේ මන්ත්රී පවර බුඬධර්මා- මනාසේ දන්නාසේක් - මනාසේ දන්නාසේක්. පඤ්චකාම සම්පත්ති ප්රමමාණ දන්නා එහි නෑ ගැලීලා යොවුන්පත් මුත් මන්ත්රීන - යොවුන් පත් මුත් මන්ත්රීග ෴


සුරසේන - ‍ෙබාහෝ ආල බැන්දෙම් කුමාරි කිව් සත්තේ මෙවර මාගෙ කර්ණෙ෴ වැ‍ටීලා සන්තෝසේ - වැටීලා සන්තෝසේ. කාමලෝක දීපේකී මෙජම්මභූමි මැකී දෝෂයන්නා බුදුන්ගේ සඬර්මෙ න් - බුදුන්ගේ සඬර්මෙෝන් ෴


චේතිය - මාගේ රම්ය මන්ත්රීාතුමා. මේ කාමලෝකයේ අධික වශයෙන් පඤ්චකාම සැප අනුභව කරන්නට යන අය කාම සුඛල්ලිකානුයෝගය අනුව ක්රිඅයාකරන්නේය. එම පඤ්චකාමසැප සහමුලින්ම අත්හැර ශරීරයට දුක්දී ක්රිඅයා කරන අය අත්තඛිලමත‍ානුයෝගය අනුව ක්රි්යාකරන්නේ ය. අපි වනාහි මධ්යකම ප්රයතිපදාව අනුව ක්රිගයාකරන්නෙමු. වී ඇටේ දහයියා පොත්ත තිබෙනවායයි කියා එය විසිකරණ මොඩයා කවුද.


සුරසේන - මාගේ මන්නුවන් පිනන කුමරිය කී වචන බොහොම ගැඹුරුයි. මගේ හිත කාගෙන වැදුනි. ඒගැන විවේකව ඉඳන් කල්පනාකර බලන්නෙමි.

ආය්ය් වැ අෂ්ටාගික මාර්ගය මඬ්යාම ප්රොතිපදාව තමා.

(නික්මයති.)


2 අංකය[සංස්කරණය]

1 ජවනකා - දඹදි‍ව විහාරයක්.[සංස්කරණය]

රේවත නම් මහා ස්ථවිරයන්වහන්සේ වැඩ සි‍ටිනසේක.

බ්රා හ්මණ මානවකයෙක් වූ බුඬඝොෂ පාතංජලමතය සම්පූර්ණරයෙන් හදාරයි.


බුඬඝොස - ක්ලේශ කර්ම විපාකාශයෛර පරා මෘෂ්ට පුරුෂ විශෙෂ ඊශ්වරඃ තද්ර ද්රචෂ්ටුඃ ස්වරූපෙව ස්ථානම් යොගශ්මිත්ත වෘත්තිනිරෝධඃ වෘත්ති සාරුප්ය් මිනරත්ර වෘත්තයඃ පඤ්වත්යඃම ක්ලිෂ්ටා අක්ලිෂ්ටාඃ ප්ර්මාණ විපය්ය්‍රතය වික්ල්ය නිද්රඃ ස්මෘතයඃ


රෙවත - මේ කොටලු හඬින් හඬන්නේ කවරෙක්ද


බුඬඝොස - කිමෙක්ද කොටලු හඬ අර්ථෙ දන්නෙහිද


රෙවත - මම දනිමි - සබ්බධම්මානු පතිතෝ - ඒකධමේමෝහි මානව සබ්බධම්මා ඔතරන්ති - එකධම්මොහිකොනුසෝ


බුඬඝොස - මේ කාගේ මන්ත්රෝයක්ද


රෙවත - මේ බුඬමන්ත්රමය බව දනු මැනව


බුඬඝොස - එය මට දෙනු මැනව


රෙවත - එය පිළිගන්ට අප වාගේ සිව්රු පෙරවිය යුතුයි.


බුඬඝොස - වේදය මනාසේ උගත් මට ඔබවහන්සේ ‍අභිධර්මෙයෙන් දැමූ ප්ර ශ්නය හේතුකොටගෙණ මාගේ දැනගැන්මේ තිබෙන ලුහුඬුභාවය පෙණීගියේය. තිලෝගුරු බුදුහාමුදුරුවන්ගේ ධර්මුය ඉතානිර්මිලය, ගැඹුරුය, එය ඉගෙණීමට මා මහණකළමැනව.


රෙවත - තොපේ ඉල්ලීම ඉතා සතුටින් ඉෂ්ටකරන්නෙමි.

(දෙදෙනාම නික්මයති.)


II ජවනිකා - රාජමාලිගාව.[සංස්කරණය]

මහානාම රජද බිසවද සිටිත්. රාජ කවට ඉලංගසේනද නාටිකාංගනාවෝද පැමිණෙති.


ජිංජුට් - හිංචි 1 නාටිකාංගනාව - නිරිඳුන්ගේ මේදීප තුළේ ඉන්නාවූ සිංහලයෝ පාක්ෂික භාවේ පෙන්නා සිටිත්මැය්


2 නාටිකාංගනාව - සිරිකල් ඉන්නා ප්රී තිවෙලා බූපල් පුලුල්උරෙහි කාකත් නම් දෙව් දූ මුවේ වසන්නා


1 නාටිකාංගනාව - කල්පවෘක්ෂ මීපත් නිරින්දා මෙදීප පත් රැකදෙන්නා දිව්වාසින් නිරෝගි කරමින්


2 නාටිකාංගනාව - දානසීලේ සොඳින් භාවනාවේ නොමින් යෙදී ඉන්නේ රජින්දා වාසනාවන් - වාසනාවන්


1 නාටිකාංගනාව - වැඩඉන්නා සිංහාසනයේ ඉන්ද්රා්නීවන් එබිසෝ පින්වන්තභාවේ පෙන්නා සිනාසී


2 නාටිකාංගනාව - අප සිත් තොස්දී තෑගි බෙදා දෙය් දෙය් ලකල් එබිසෝ සෙත් වේව‍ා බෝසේ මෙ මාලිගාවේ


1 නාටිකාංගනාව - දේශ දේශ කිත් ගොස් දුවන්නා පිනා ලෙවන් පින්වන්තී බැව් දීපේ පුකාශ ඇත දැන්


2 නාටිකාංගනාව - දීපවාසී නොමින් ප්රීවතිඝොෂා දෙමින් තුති දෙන්නෝ කියා බස් වාසනාවන්- වාසනාවන් ෴


මහානාම - හේ ඉලංගසේන දැන් මේ වරහන් කීවේ සත්යනයක්ද


ඉලංගසේන - දේවයන්වහන්ස සත්යම කියන්නේ කුමක්ද


මහානාම - සත්යන කියන්නේ සැබෑවක්ය


ඉලංගසේන - සැබෑව කියන්නේ මොකක්ද


මහානාම - සැබෑව කියන්නේ ඇත්තක්ය.


ඉලංගසේන - ඇත්ත කියන්නේ මොකක්ද


මහානාම - නැත්ත නොවන දේ ඇත්තය


ඉලංගසේන - නැත්ත නොවන දේ ඇත්තක් නම් අගක් මුලක් සීමාවක් ප්ර්මාණයක් නැති එක ඇත්තක්ද


මහානාම - අගමුල සීමා නැති එක ආකාශ ධාතුවයි


ඉලංගසේන - ආකාශ ධාතුව සැබෑවක්ද


මහානාම - ආකාශ ධාතුව සැබෑවක් නොවේ. එය තිබෙන පවතින බව සැබෑවකි.


ඉලංගසේන - අගක් මුලක් සීමාවක් නැති දෙයක් සදන්ට පුළුවන්ද


මහානාම - අගක් මුලක් සීමාවක් නැති දෙයක් සදන්ට බැරිය. සැදුව හැටියේ අග මුල සීමා ඇති වන්නේය.


ඉලංගසේන - එහෙනම් ආකාශ ධාතුව සදනු ලැබූ එකක් නොවේ.


මහානාම - සැදුවා නම් අග මුල සීමා තිබෙන්නට ඕනෑය


ඉලංගසේන - හඃ හඃ හඃ නත්ති ලෝකේ රහෝනාම. දේවයන්වහන්ස ලෝකේ රහසක් නෑ රහස නොවන දේ සත්යහයයි.


මහානාම - ඒක නොදනිමි.


ඉලංගසේන - මෝහ පටලයෙන් වැසී තිබෙන තැන රහස පවතින්නේය. විද්යා එලියෙන් අර පටලය බි‍ඳෙන කෙට රහස නැතිවන්නේය, සත්ය.ය මතුවන්නේය.


මහානාම - එහෙනම් විද්යා මගින් සත්ය දැනගතයුතුයි.


ඉලංගසේන - නැතුව කොහොමද, වතුරාය්ය්සත් සත්ය ය තිලෝ ගුරුතුමානන්වහන්සේ දැන ගත්තෙත් එහෙම තමා.


මහානාම - මේ වරඟනන්ගේ නැටුම හරිද


ඉලංගසේන - මම සෝදිසි ඇතුව බැලිමි. තාලශාස්ත්රදයට හරි.


මහානාම - මුන්ට නටන්ට කියපන් සින්දුවක්


ඉලංගසේන - සංගීතකාරයෙනි මගෙන් දැන් කියවෙන්නේ පීලු රාගේ චල්ති තාලයට අයත් සිනදුවකි. එය ගයන වයන කල දේවයන්වහන්ස මෙම වරඟනන් නටන හැටි බලනු මැනවි.


පිලූ - චල්ති

මෙම දීපේ රජුගේ භවනේ සිත් සේ පෙන්නව් ශෘංගාර බෝ සිත තොස්වී බෝ දිස්නේ තේජස් ලඬකාරාජා ශක්රාාකාරා ඉන්ද්රාානීගේ සිරියා පානා දේවී ඉන්නා කක කක ගාලා කෙ‍ාක්හඬ දෙන්න් දක්වව් දැන් ශෘංගාර බෝ-ශෘංගාර බෝ-මෙම දීපේ ෴

					දික්කල් බෙල්ලේ ලක්දිව් ‍රාජා

ත්රෛදලෝකාචාරින්ගේ ධ‍නෙර්ම න් මෙවරේ බැන්දා කිත් මාලා තුම් ලංකාවාසී දික් සංසාරේ ලොප් දෙත් ධ‍ෙර්ම න් සෑසී දුන් ඒ රාගේ ත‍ාලේ දන්නා සත් සේ ලංකාදීපේ නැට්ටුක්කාරි රංගේ හපනී සවාමිනේ මා ස්වාමිනේ ෴


බිසෝ - ඉලංගසේන මේ නැටුම් ගැයුම්වලින් ඇති ප්රනයෝජනය මොකද


ඉලංගසේන - සනීප වර්ධේනයට බොහොම හොඳ එකකි. චිත්තපත්මය මුකුලිත වූ කලට සංගීතය මගින් එය ප්රපබෝධ කර අරින්ට හැකිය සැපැති ගතේ සැපැති හිත රඳන්නේය.


බිසෝ - ඔපමණ හොඳ එකක් නම් ‘නච්චගීතවාදිත’ යන්නෙන් බුඬාගමේ තහනම් වී තිබෙන්නේ මන්ද


ඉලංගසේන - කාමසැප අනුභව කරන සත්වයාට හොඳ නුමුත් ලෝකෝත්තර ගමන යන අයට ඉන් අවැඩ වන්නේය. ඒ නිසා තයනම්කර තිබේ. මෙම කාම ලෝකයේ පවත්වන උත්සවවලදී සංගීතය නැත්නම් ජනයාගේ ප්රීරතිය හඟවන්නට අමාරුයි. ශබ්දපූජා කියන්නේ සංගීතයෙන් ඔප්පුකරන පූජායි.

බිසෝ - ඔව්. අපේ විහාරස්ථානවල ශබ්දපූජා පවත්වන බව පෙණීයයි. සංගීතය උනත් හිත ප්ර ධාන කරගෙණ බුදුන්ට කරන පූජාවෙන් අවැඩ ඇතැයි නොසිතමි.

මහානාම - ඉලංගසේන, අපේ රාජභවනට මේ වරඟනන් කැටුව තොපේ පැමිණීම ප්රීාතිදායක විය. ප්රීඅතිවෙලා සිටියාට මදි. පරලොව යනකොට හිස් ‍අතින් ගියොත් වෙන්නේ අන්තර‍ායයි. ඒ නිසා පිණ නමැති වස්තුව අරන් යන්ට සූදානම් විය යුතුයි.

අපි මහාපාළි නම් බත්හලද ලොහොදොර, රලගමුව, කෙළපසවන යන තුන් වෙහෙරද ඉක්මණට තනන්ට අදහස් කර සිටිනනෙමු. ථෙරවාදි භික්‍ෂුන්ට දුම්රක්කන්දෙහි විහාරයක් කරවා ලන්නෙමු. තොපිද ඒ වැඩ ආරම්භ කරනකොට වාසලට පැමිණි එහි පංගුකාරයෙක් වී පින් අනුමෝදන් වෙන්ට සිහිකටයුතුයි.

ඉලංගසේන - සාධු සාධු! අප දේව චිරාත්කාලයක් විජෘම්භමාන වේවා කෙල්ලෙනි ඒ ප්රීසතියට සින්දුවක් කියා නටා නික්මයමු.

පහඩි - හිංචි

නාටිකාංගනාවෝ - අපදීපේ නරනාරි වඳිනෝ සෑසී වඳිනෝ සෑසී-ඒ-වඳිනෝ සෑසී අප දීපේ නරනාරී වඳිනෝ සෑසී යසා මුක්තාවලියක් බන් දික්කල් බෙල්ලේ දික්කල් බෙල්ලේ ලක්දිව් බූ පල්ලේ ෴


අප දීපේ නරනාරි වඳිනෝ සෑසී වඳිනෝ සෑසී-ඒ-වඳිනෝ සෑසී පුරා සීලේ රකින්නා මේ මීපල් තොස්වී මේ මීපල් තොස්වී දත් ධර්මේ සෑසී අප දීපේ නරනාරී වඳිනෝ සෑසී වඳිනෝ සෑසී-ඒ-වඳිනෝ සෑසී ෴

(නික්මයති.)


III ජවනිකා - වීථියක්.[සංස්කරණය]

සිංහල ස්ත්රිකයෝ දෙදෙනෙක් වතුර ගෙණෙන්ට කලගෙඩි අරන් යති.

පීල ජිංජොට් බරවා - හිංචි දීප්චන්දි චල්ති

1 ස්ත්රිංය - පුරවා සෙම්බු සොඳ පැන් අරන් යමු දෙදෙනා ගේ කම් පල නැති ගම්මැදි හෑල්ල දැන් නවතමු මාර් ගේ ලෝ නසන්නේ ඕපාදූපයෙන් බව තේරෙ න්නේ සමාදානේද නැතිවී සණ්ඩු බෝ ලොව ඉන් වෙන් නේ

2 ස්ත්රිීය - සණ්ඩුවෙන්නට ගරහා කිව්වේ ඇය් දො සා බැන්නේ ඇය් මට නිකම් කේලම් අ සා

1 ස්ත්රිනය - ඒ ගැන කෝප නොවෙනු මාගෙ යාළු වේ සණ්ඩුව හොඳ නැති එකකි මෙ මාර් ‍ගේ

2 ස්ත්රිිය - දැන් ‍තේරී ඇත තිට තීගේ එදෝ සේ

1 ස්ත්රිිය - මා කෙරෙහි කිව්ව දෝෂා නොමැතේ-කෝපනොවෙන්තී

2 ස්ත්රිිය - ලජ්ජ උපනන්ද දැන් තිට තේ රී හොර වාහේ ඇති හේමා තිට මාන්නකා රී රජ්ගේ වාසල යන්නෙම් දඬුවම් දෙන්ට ඉල්ලා දැ න්

1 ස්ත්රිනය - පුරවා සෙම්බු සොඳ පැන් අරන් යමු දෙදෙනා ගේ කම්පල නැති ගම්මැදි හෑල්ල දැන් නවතමු මාර් ගේ ෴

2 ස්ත්රිමය - තී මට මගුල් ජෝඩුකරන්ට සිතුවෙහිද

1 ස්ත්රිමය - තිට ජෝඩුකරන්නේ මට එකක් ජෝඩුකරගෙනවද


2 ස්ත්රි ය - තිට ජෝඩුකරගත්තට මට ඉන් කම් කිම. අහක ඉන්න මට අර කන්‍දුල අල්ලා මොනවට කථා කළෙහිද

1 ස්ත්රිිය - මම කථා නොකළෙමි

2 ස්ත්රිිය - කථා නොකළානම් අර මල්ලිකා මට ඇවිත් කිව්වේ

1 ස්ත්රිිය - ඒක මල්ලිකාගෙන් අහගණින්

2 ස්ත්රි ය - මල්ලිකාගෙන් අහන්ට ඈ !

(මෙසේ කථාකොට 1 ස්ත්රී ට ගසයි. දෙන්නාගේ සෙම්බු බිම වැටී පාරේ ඩබර කරගණිති. බ්ර ඬඝොෂ ස්ථවිරයන්වහන්සේ මේ දැක දෙදෙනා පාවිච්චි කළ වචන සහ සණ්ඩුවේ විස්තරත් ලියා සිංහල රජුට අරිණ සේක. සිංහල ස්ත්රි යෝ දෙදෙනා රාජවාසලට නික්මයති.)


IV ජවනිකා - නඩුශාලාව.[සංස්කරණය]

(මන්ත්රීිවරු දෙදෙනෙක්ද සිටිත්.) (වැසියෝ කීපදෙනෙක්ද සිටිත්.)

මහානාම - අදට නියමවූ නඩු කීයක් තිබේද

1 මන්ත්රීක - දේවයන්වහන්ස නඩුහතරක් අදට නියමවී තිබේ.

2 මන්ත්රීක - පැමිණිලි විත්ති දෙපාර්‍ශවයේ ජනයෝ පැමිණ සිටිති. (සිංහල ස්ත්රි‍යෝ දෙදෙනා පැමිණෙති.)

1 ස්ත්රිරය - දේවයන්වහන්ස මේ සොබනි මට නිකරුණේ වීථියේදී අඩම්තේට්ටම් කළාය.

2 ස්ත්රිරය - දේව. පස්වාදහසක් බුදුවන්ඩ. මගේ කන්යකභාවයට පලුදුවන ප්රගව‍ෘත්ති මේ ස්ත්රී තොමෝ රටේ තොටේ ප්රපකටකර ඇරියාය. එය ඇසූ නිර්දෝෂ මට තරහගොස් වීථියේදීම මෑට ගැසිමි.

මහානාම - තොප දෙදෙනාගේ ඩබරය දිටු බුඬඝෝෂ ස්ථවිරයන්වහන්සේ මට ඒ ගැන විස්තර දක්වා හසුනක් එවා තිබේ. බුඬඝෝෂ ස්ථවිරයන් වහන්සේ ඒ දිටුවා නොවෙද


1 ස්ත්රිිය - වීථියේ ස්ථවිරයන්වහන්සේ කෙනෙක් සිටින‍වා දිටිමි. මම නම නොදනිමි.

මහානාම - තොපි දෙදෙනාම වීථියේ සණ්ඩුකළඑක සැබෑද

ස්ත්රි යෝ දෙදෙනා - එහෙයි දේවයන්වහන්ස

මහානාම - වීථිය අපට අයිති එකකි. මහජනයාගේ ප්ර්යෝජනයට තිබෙන වීථියේ තොපි දෙදෙනා කෝලහල කරගත්තාට එකාට මස්සක් බැගින් දඩ ගසමි. මින් පසු වීථියේ අන්තැනක සණ්ඩු නොකරන්ට හිතටගතයුතුයි. (දඩේ ගෙවා නික්මයති)


3 අංකය[සංස්කරණය]

I ජවනිකා - මහා විහාරය.[සංස්කරණය]

සංඝපාල ප්රනධානකොට ඇති සංඝයාවහන්සේලා සිව්නමක් සිටිති.

කමාජ් - හිංචි

සංඝපාල - ලොකු සමර්ථයා දන්න පාලි - බෝධිවංසේ ප්ර බන්ධ කළේය. ඒවාගේ රම්ය සංස්කෘතේ - තිබේය ශ්ලෝකපේලි - අටුවාලීම බාරදූරකාරී - එහි භාෂාව ගුඪවෙන්ට නෑරීලීම මගද බසිනි සෑහෙ - තේරියන්ට සැම අයින්ට නොකරබුද්ධි හානි ෴

2 සංඝයා - නොවමුලා මෙලෝජාති උස්සා - පෑදිධමේකෙරේහි සිටින්ට ලියන්ට ආමි පාලියෙන් එභික්ෂු උපතිස්සා - තෙරිඳානන්ද ගුඪගුන්ථ සාරා - අද - ඇත්තේය පාලියෙන් වදාරා - ඒද ගැඹුරා බසිනි ලිය ලොකයාට ඉගණගන්ට පහසු නැත්තේ සුවාමි ෴

3 සංඝයා - අප තිලෝනගේ රම්යග ධ‍ෙර්මග - ආදරෙන් බෝ මහෙන්ද්රස කුමාර තෙරින්ද සූර

දීපයේ තැබිය සිංහලෙන් මේ - එය දන්නාවූ සිංහලුන්ට දේසේ - සෙත -


වන්නේය ලෝකුසේහි බෝසේ - ලෝක සකල ජනට ගන්ට දෙන්ට රම්ය නිමල ධර්මක

මෙවර ඇත්තේ දීපේ ෴

4 සංඝයා - මිසදුටන්ගෙ දප් බින්‍දලන්නෝ - ධර්ම යෙන් තුම් බුදුන්ගෙ මෙ ලෝකවාසි සෑම

සජ්ජනෝ එ සාදරෙන් සොයන්නෝ -

මෙම ධර්මෙසන්ම සිංහලුන්ගෙ රංගේ - අද -

දිස්නේය සර්ව‍පාප බංගේ - කාම ඉසුරු සොයන මෝඩ පව්කරුන්ට නිමල ධර්ම නොමැත තේරී ස්වාමි ෴

(බුඬඝොෂ ස්ථවිරයන්වහන්සේ පැමිණේ)

කල්යාුන් - ‍ගසල්

බුඬඝොෂ - දේසනා බුදුන්ගෙ තේරී වාස මේ විහාරයේ සංඝපාල ධර්ම ධාරී සිංහලුන්ගෙ අටුවාබාර බල‍-ාගන්ට් අටුවා දීප ආමි දුක් දරා බොහෝ -

සංඝපාල - සිංහලටුවා මේ විහාර-ඇත්තේ තෙරීඳ මීපල්බාර දෙන්නෙම් ඉල්ලා තොපගේ සූර භාව පෑවෝතින් බොහෝ ෴

බුඬඝෝෂ - දේසනා බුදුන්ගෙ තේරී වාස මේ විහාරයේ ෴

(වචනය) ස්වාමිනි පාතංජල මතය මනාසේ පුරුදු මම දඹදිව රේවත ස්වාමීන් කෙරෙන් බුඬධර්මනය ඉගණ පැවිදිව සිංහල අ‍ටුවා පාලියට නැගීමට මෙහි පැමිණියෙමි. එය මට ලැබුනොත් මැනවි.

සංඝපාල - මී‍ට ප්ර්ථම බුඬරක්ඛිත උපතිස්ස යන දෙනමද මෙහි පැමිණ අ‍ටුවා පාලියට නැගීමට ඉල්ලා සිටියෝය. එය කෙරීමට සුදුස්සන්ද නැද්ද යනු පරීක්‍ෂාකර බැලීමට බුඬරක්ඛිත නම් තෙරිඳාට ජිනාලඬකාරය පාලියෙන් ලියන්නට කීමි. එය මෙහි සාදා තිබේ. එම ප්රලබන්‍ධය යමක ප්රෙබන්‍ධාදියෙන් සමලංකෘතයි. සිංහල අටුවා ඒවාගේ පාලියට පෙරළුවොත් තේරුම් ගැණීම අමාරුවන්නේය. උපතිස්ස නම් භික්ෂු මහාබොධිවංසය


ප්ර්බන්ධ කළේය. ඒවන්හි දශ කුමාර චරිතය මෙන් ගුඪ ප්ර බන්ධයෙකි. එබැවින් තොපෙගේ සමර්ථරකමත් පරීක්ෂාකර බලන්ට කැමැත්තෙමි. පළමුව මේ ගාථාව‍ට ටීකා ලියනු.

සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො ච්ත්තං පඤඤංච භාවයං ආතාපි නිපකො භික්ඛු සො ඉමං විඩටයෙ ‍ජටන්ති

බුඬඝොෂ - සපඤ්ඤො පිළිසිඳ නුවනින් නුවන ඇතිවූ ආතාපි විය්ය්මු ඇතිවූ නිපකො පාරිහාරික නුවනින් නුවන ඇතිවූ භික්ඛු සංසාර භය දක්නාවූ යොනරො යම් සත්ව කෙනෙක් ඇද්ද සො හේතෙම සීලෙ පතිට්ඨාය සීලයෙහි පිහිටා චිත්තං සමාධියද පඤ්ඤංච විදර්ශේනාවද භවයං වඩමින් ඉමං ජටං මේ තෘෂ්ණා නමැති අවුල විජටයෙ කපන්නේයි (කපන්නට පොහොසත් වන්නේයි.)

සංඝපාල - ‍අන්තෝජටා බහිජට් ‍ජටාය ජටිතා පජාතංතං ගොතම පුච්ඡාමි කො ඉමං වි‍ජටයෙ ජ‍ටං

යන ගාථාවෙන් එක් දේවපුත්රඅයෙකු විසින් කරනලද ප්රපශ්නයට අප තථාගත වූ සර්වාඥයන්වහන්සේ විසින් “සීලෙ පතිට්ඨාය නරෝසපඤ්ඤො” යනාදී ගාථාවෙන් විසඳා වදාළ ධර්මවය විස්තර කෙරීමෙන් තුන්පිටකය අලලා සංග්රවහ අර්ථව කථා වශයෙන් කටයුතුයි.

බුඬ‍ෙඝාෂ - එහෙයි ස්වාමිනි අතිශයින් පිරිදුවීමේ මාර්ගගය විශුඬි මාර්ගනයි. මවිසින් මෙම ගාථා දෙකට ලියන විස්තර විශුඬි මාර්ගම යන නාමයෙන් ලොව ප්රාකට වන්නේය.

සංඝපාල - දුරසංකර ග්රාන්ථාකර පිරිවෙන ඉඳන් මෙකී ග‍ාථා දෙකට විස්තර ලිපිකර එකී පොත සම්පූර්‍ණකර ගෙණෙනු මැනවි.

(සියලුදෙනාම නික්මයති.)


II ජවනිකා - වීථියක්[සංස්කරණය]

ආශාවරී - ලාවනී ඉලංසේනද මුක්තාවලි නම් තම සොඳුරද චේතිය කුමරිගේ මංගල්ය යට යති.

ආශාවරී - ලාවනී

ඉලංගසේන - මා වාගේ ‍වාගෙ මෙදීපේ සිටිනෙද මාගේ බිරිඳ‍ානේ දෙන්නා රන්රස සේ ආලේ එබඹා කෙටුවා මාහිසේ මගේ සීදේවී පරාණේ වාගෙ එදා සිට මේතෙක් මා ව‍ාගේ වාහෙ මෙදීපේ -

මුක්තාවලි - වීථියෙ ඉන්නා ඒජනෝ දකිනා මේ කෝලම් ඇන්නෑවේ සිනාසෙති ව‍ාහේ ඇය් පාරේ හොල්මන් -

ඉලංගසේන - ග්රීඇවේහි බැන්ද රන්දාම - දිලිසියේ බෝම කණේ රන්තෝඩු - දිලේ සොඳ ජෝඩු ෴ සීදේවි මාගෙ කිපීදෝ වැනුවට ප්රේ මේ තරහාදෝ ප්රේවමේ පෑ එක කෝලම්දෝ

මුක්තාවලිය- මොනවා සැමියා විථියෙ දොඩා යන්නේද මෙයාකිරේට - කිමා මළ කෝලම්-

ඉලංගසේන - සීදේවී ම‍ාගෙ කිපීදෝ රූබර කාන්තා සේ ලකල් අඟනෙක් නෑ දීපා කිව්වාම මැගේ වරුණ මා රොස්වෙන්නී පුප්පා ඉන්ද්රා නි වගේ රූසා ර අඟන මා දා ර පෙණේ මේ වා ර පණේ සිඹගඤ්ඤා ෴

(මුක්තාවලීව සිම්බකල ඈට තරහගොස් මෙ‍සේ කියයි.)

මුක්තාවලී - මේ මිනිහට පිස්සුද - ලජ්ජානැති මළකෝලම්


ඉලංගසේන - සොඳුර තරහවෙන්ට එපා. ලෝකේ තිබෙන තරමක් බහුරු කෝලම් තමා

මුක්තාවලිය - ඒ තිබුනට මෙහෙමත් කෝලම් අද්ද

ඉලංගසේන - නොදකින් නොදකින් ඔමරි

මුක්තාවලිය - මාගේ මාලු න‍ටනවා

ඉලංගසේන - ඔච්චරම තරහා ගියාද පණේ

මුක්තාවලිය - කොච්චර නොයයිද - ගෙදර ගියාම නොවැ ඔය කවටකම් - පාරේ මට ලජ්ජා නැද්ද.

ඉලංගසේන - ඔහෝ ඔහෝ යමන් යමන්.

කල්යාේන් - හිංචි

දිල්ලි ග්රිදවා සුන්දරී - රත්නදාම බන් බන් රත්නදාම බන් බන් - කුණඩලාද කන් කන්

මුක්තාවලිය - බොහොම ලජ්ජය මම මිරිජ්ජය බීලා නසින්නෙම් මෙම පාරෙ යද්දි කෝලම් පෑම කාට රුචිද දැන් ෴

ඉලංගසේන - කෝ‍ප වෙන්නි රූබරී චුම්බනේ කරම් මම් චුම්බනේ කරම් මම් - ඉක්මනින්ම යන් යන්

මුක්තාවලිය - කුමට මෙච්චර මෙමගෙ විස්තර පාරේ ‍දොඩන්නේ මහපාරෙ යද්දි ඉම්බේ මූණ ඇයිද මෙලෙසිනේ ෴

ඉලංගසේන - කාරබැන්දේ ආදරේ තී කෙරේ පපා මම් තී කෙරේ පපා මම් - බෝසැරේ ලොබින් මන්

මුක්තාවලිය - මෙමට ලජ්ජය නොව විළිත් බිය ‍වාහේ දොඩන්නේ මනමාල පිස්සුවක් ව‍ාගෙය මේක මොන හෙනේ ෴


ඉලංගසේන - මොකද රත්තරන් පන්දුව ඔහොම තරහායන්නේ

මුක්තාවලිය - මොකද මම පන්දුවක්ද

ඉලංගසේන - පන්දුවක් වාගේ තමා

මුක්තාවලිය - ඇයි ඇයි ඇයි

ඉලංගසේන - දොයි දොයි දොයි

මුක්තාවලිය - මළ කෝලමි

ඉලංගසේන - කෝලම් නොවේ ජාලම්

මුක්තාවලිය - ඔය ජාලම් කමක් නෑ. යමු මගුල්ගෙදර

(නික්මයති)

(දුම්රක්කන්දෙහි විහාරය තැනීමට රජ අණ පරිද්දෙන් වැසියෝ ගමන්කරති.)

කමාචි - හිංචි චල්ති.

1 වැසියා - බූලෝ ප්ර.සිඬ මානාම දේවයන් සදනා දුම්රක්කන්දෙහි විහාරමුණි තිලෝනගේ සංඝයාගෙවාස යමුකෝ දැන් ඒ සදාලා ගන්ට පින් නොමින් ෴

2 වැසියා - පින්පිඬතුම් - පින්පිඬතුම් ලක්නරසී ශාක්ය්සිංහ ධර්මි අත්තර්‍හාානේ නොකරයි වර්තමානයේ ෴

3 වැසියා - අප රාජාවාගේ සෑසීදම් රකිනා මේලෝකේ නැත අන්දේශ නරසී ලංකා මුනිඳුගෙ දහමෙන් දීප්ති සිල්රැක දීපවාසි මෝහ සුන්කර ප්රී තියෙන් ඉන්නා පින්කම් දීපෙහි වෙන්නා තැන් තැන් ලෙඩදුක් සිනදිලා යන්නා ෴

1 වැසියා - ලංකා නරේන්ද්රද පින්වන්ත බූප්තීල මුනිඳා දුන් සද්ධර්මලය වදාරවන අපේ රටේ සිංහලුන්මගෙ ග්රා ම නැගිලා යන්නාහු ලොවේ දුෂ්ට පව් සිඳී ෴

2 වැසියා - පින්පිඬතුම් - පින්පිඬතුම් ලක්නරසී ශාක්යාසිංහ ධර්මඅ අන්තර්ඬාතනේ නොකරයි වර්තමානයේ ෴


3 වැසියා - නෙක තෑගිබෝගා දෙන්නා පින් කරනා බූපල්ලේ මෙම දිව්වාසි තුති දෙත් බින්දා රුපුනොද දහමෙන් පෑදී ලක්දිව ශාසනේහි පේවී පින්කර පාලනාදීපා පින්කම් දීපෙහි වෙන්නා තැන් තැන් ලෙඩදුක් සින්දිලා යන්නා ෴

(නික්මයති.)


III ජවනිකා - දුරසංකර ග්රතන්ථාකර පිරිවෙණ.[සංස්කරණය]

(බුඬඝොෂ මහාස්ථවිරයන්වහන්සේ විශුඬිමාර්ගනය ලියයි.)

දනාසරි - ලාවනි. බුඬඝොෂ - බුඬධර්මස මනුලොවේ පාලි බසිනා තෝරා දෙන්නෙම් සාදරෙන් - මෝහ සිඳී නරනාරින් තුටුවී මිථ්යාි සුන්වන දම් - ලිවීම සෑහේ නැතිවෙන්නේ නෑ දැම්මොත් පාලිබසින්- ධර්ම් මනුලොවේ පාලි බසිනා තෝරා දෙන්නෙම් සාදරෙන් ෴ බුඬධර්මෝ මනුලොවේ පාලි බසිනා තෝරා දෙන්නෙම් සාදරෙන් - ලෝකවිදූ මුනි සංසාර සතන් දැක්කුසේක නිවන් - අනර්ඝ ‍ධර්මෙ රැකගත්තොත් සෙත් වෙන්නා ඉන්නියතින් ධර්මස මනුලොවේ පාලි බසිනා තෝරා දෙන්නම් සාදරෙන් ෴

(මහල්ලෙක් මෙන් ශක්රයයා පන්හිඳක් අරන් පැමිණේ.)

ශක්රමයා - සැරදේ බුඬඝොෂ

බුඬඝොෂ - සුවපත්වේවා

ශක්රොයා - මේ වෙලාවේ මෙහි පැමිණියේ ඔබතුමන්ට තෑග්ගක් දී යන්ටයි.

බුඬඝොෂ - ඒ කුමක්ද

ශක්රොයා - මට දැනගන්නට ලැබුනා සිංහල අ‍ටුවා ඔබතුමන් පාලියට නගන්නට යන බ‍ව. ඒ නිසා පුස්කොලවල ලියන්ට පහසු මේ පන්හිඳ අරන් ආමි. ඒක පිළිගනු මැනව.


බුඬඝෙස - මා ගාවා තිබෙන පන්හිඳවලත් මේකෙත් ඇති වෙනස මොකද

ශක්රෙයා - මේ මවිසින් දෙනලද පන්හි‍ඳෙන් වචනයක හෝ වාක්ය යක මුල් අකුර ලියනකොට තව වැඩිපුර ඒ සමග තිබිය යුතු අකුරු 15ක් ලියවේ. ඒ කෙසේදයත් ඔබතුම‍ා ‘නමොතස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස’ යන වාක්ය‍ය ලියන්ට යන තැනේදී න යන්න ලියනකොටම ඒ සමග තිබෙන අකුරු පහළොවත් එකවිටම ලියවේ. එනම් ‘නමෝතස්ස භගවතෝ අරහතො සම්මා’ යන්න දක්වා ලියවේ.

බුඬඝොෂ - ඒක මට බොහොම ප්රමයෝජනයි. මේ පුදුම පන්හිඳ ගෙණා නුඹ කවුද?

ශක්රොයා - මම ශක්රිදේවේන්‍ද්රේයාය. මගේ ආයුෂ ගෙවී මා නසින්නට යන වෙලාවේදී දීර්ඝා යුෂ ලබ‍ාදුන් තිලෝගුරු මුනිරජුන් විසින් වදාළ නිර්මේල ධර්මය ලෝකසත්වයාගේ ප්රනයෝජනය පිණිස ආරක්‍ෂා කටයුතුයි. එබැවින් ඔබතුමන් විසින් ආරම්භකර තිබෙන මේ උතුම් වැඩය සියලුම මනුෂ්යමජාතීන්ට ඉතා ප්රනයෝජනවත් වැඩකි. මගේ ආධාර ඊ‍ට ඔබතුමන්ට ලැබෙනු නිසැකයි.

බුඬඝොස - ඔබතුමන්ට පින් සිඬවේවා මේ මන්රයෂ්යව ආත්මය ලත් අප විසින් කටයුතු වැඩය නම් නිවන් සැප ලබාගන්ට පුළුවන් එකම මාර්ගජය හැකිතරමින් පෙන්වාදීමයි.

බූපකල්යානන් - ත්රිළත‍ාල්


ශක්රලයා - පායන සේ පූර්ණ චන්‍ද්රහ අඹර නිල් සෑසිගෙ සද්ධර්මා දීප්ති මෙලොව තුල් බිඳිලා යය් කුදිටුන්ගෙ මුසාදම් ලියලා තුබුවොත් ශාක්යෙ මුනිඳු දම් ෴

බුඬඝොෂ - කාමසැපා ලෝභී මෝහ මගිනි වේ ඒක නසා ලෑම ර්ධ ම මගිනි වේ


අටුවා මම් මගදෙන් ලියලා මේ සුරි‍ඳේ තබලා යන්නෙම් දඹදිව් ෴

ශක්ර‍යා - ලෝකවිදූ සෑසි දුන්න පවර දම් සජ්ජනයෝ ලෝභි බාර ගණිතිමැය් සසරේ කම්සැප පාරෙ දුවන්නෝ පෙරළී සිටිති මෝහ කසලයේ ෴

බුඬඝොෂ - සාගරයේ වස්තු සම්භකෙරුවමුත් මාරයගේ පාසෙ කව්ද නොවැටී ඇත් සසරේ දුක් ගොර දන්න මෙලෝ සත් දහමේ එලියෙන් බේරී ගමනයත් ෴

ශක්ර යා - (වචනය) බුඬඝොෂ තෙරින්ද දැන් මේ කරන වැඩෙන් ලෝකසත්‍වයාට මහත් ප්රේයෝජනයක් අත්පත් වෙනවාට සැක නැත. ධර්ම ය නැතිනොවී පවතින්නට ඔබතුමන් ගන්න උත්සාහය ප්රසශංසනීයයි. මාගේ ආශීර්වාද ඔබතුමන්ට වේවා. (නික්මයයි.)


4 අංකය[සංස්කරණය]

I ජවනිකා - මහාමෙඝ උයන.[සංස්කරණය]

මහානාම රජ බිස‍ව ග්රීපක් සහ රෝම තානාපතිවරුන්ගේ භාය්‍ර්‍යාවෝ සහ වාසල ‍දාසියෝ කීපදෙනෙක් සිටිති.

ස්ත්රී පාර්ශ‍වයේ පන්දුක්රී ඩා කරත් රජ්ජුරුවෝ උයනේ තිබෙන නොයෙක් වෘක්ෂලතාදිය පරීක්ෂාකර ඇවිදිති.

පිලූ - හිංචි. දාසියෝ - ගසා පන්දු කරව් මේකෙ සෙල්ලම් මේකෙ සෙල්ලම් නැත්තෙ ලෙල්ලම් මහාමේඝ උයන් භෘංගනාදේ භෘංගනාදේ කර්ණෘසෑදේ කෙබෝලීල කුසුම් දෑසමන් මල් දෑසමන් මල් සෑමතැන් පුල් තළා සේරු සිටිත් හංස පීනා හංස පීනා මාලු කන්නා නෙළුම් ඕලු උපුල් පස්පියුම් පුල්


පස්පියුම් පුල් නෙක් තළාතුල් සඳුන් පූග දොඩන් චම්පකාදී චම්පකාදී මැද්දේ බෝදී ගසා හුලං නිවය් ගිම් සතන්ගේ ගිම් සතන්ගේ වීය බංගේ කොවුල් නාද ඇසේ මේ උයන්හී මේ උයන්හී සිත් සතොස්වී කොබෝ ලිහිණි නොයෙක් කීරපක්ෂී කීරපක්ෂී වාස රුක්හී රිළව් නැග්ග තුරන් මේ තිබෙන්නා මේ තිබෙන්නා සිත් පිනෙන්නා මුවෝ ගෝන්නු සිට්ත් හීලෑ වී බෝ හීලෑ වී බෝ ඒ බලව් බෝ කියා සින්දු පදිත් ඔංචිලි මේ ඔංචිලි මේ - ගෑනු ග්රාබමේ ෴

බිසව - අර ජලයන්තුයෙන් නගින වතුර ගොබය ඉතා ලක්ෂණයි.

ග්රී ක් ස්ත්රි්ය - මේ භූමිය යට තබා තිබෙන නලවලින් එන වතුරයි.

රෝම ස්ත්රිුය - මේපුරේ සිටින ලක්ෂ ගණන් ජනයාගේ සනීපවර්ධ නයට රජතුමා විසින් පිහිටුවා තිබෙන ජලයන්ත්රය කදිමයි.

බිස‍ව - ගෑනු පදින ඔංචිල්ලා කීපයක් මෙහි තිබේ.

දාසියෝ - එසේම පිරිමින්ටද ඔංචිල්ලා මේ උයනේ සාදා තිබේ.

ග්රීයක් ස්ත්රිමය - අර පොකුණ ලඟ තිබෙන ප්රේතිමාව බලනු මැනව. ගල්වැඩ කරන්ට සමත් සිල්පියෙක් විසින් කරතිබෙන බව පෙණීයයි.

රෝම ස්ත්රිිය - අපේ රටේ සිල්පියන්ට මෙම සිංහල සිල්පියෝ දෙවෙනි නොවෙති.

(රජ පැමිණේ.) මහානාම - සුය්ය්ින රාජයා අවරගිරට මුවාවෙන වේලාව දැන් පැමිණ ති‍ෙබ්. පොකු‍ෙණ් නෙළුම්මල් මුකුලිතවී යන රඟ බ්ලිත්වා.

බිසව - ඔව් දැන් ගොම්මන් වෙලාවයි වාසලට යමු.

රෝම ස්ත්රිිය - අහසේ තරු දීප්තිමත්ව බබලති. අර පෙණෙන්නේ


මේෂරාශියය්. බෘහස්පති තරුව චන්‍ද්ර යා සමග එහි පෙණේ.

ග්රීාක් ස්ත්රිපය - නක්‍ෂත්රඑයේ දක්වන කදිම යෝගයකි. ඊට සිඛිධර බුවිපාල යෝගයයි දෛවඥයෝ කියති.

බිසව - තාරුකා ශාස්ත්රතය ගම්භීර එකකි. පූර්වහකර්මකය දක්වන ශාස්ත්ර යයි.

මහානාම - සසර සරණ සත්‍වයෝ තමන්ගේ ජම්මපත්රුයේ ග්රේහයන් තමන්ම පිහිටුවා ගණිති. කළදේ පලදෙයි. එබැවින් පින්කරන අයගේ කේන්දරේ ගහයන් අනික් උපතේදී යහපත් තැන්වල සිට්නවා ඇත.

ග්රීදක් ස්ත්රිේය - අ‍පේ රටේ ජොතිශ්ශාස්ත්රේය බොහොම පුහුණුවීතිබේ. කේන්‍ද්රි දෙර්කාණ ආදි වචන එම ශාස්ත්ර යට අරන් තිබෙන්නේ අපේ ග්රී ක් භාෂාවෙන්ය. (නික්මයති.)


II ජවනිකා - අනුරාධපුර මහබෝමළුව[සංස්කරණය]

බුද්ධසමයෙහි බුහුටි සංඝයා රැස්වී සිටිති. බුඬළඝොෂ ස්ථවිරයන්වහන්සේ විශුද්ධිමාර්ගිය ලියා නිමකර කියවන්ට ගෙණෙනසේක.

2 සංඝයා - ලෝකේ සියලුම භාෂාවලට එය කථාකරන ජාතියක් ඇත. මූලභාෂාව හෙවත් පාලිභාෂාවට එසේ ස්වභාවයෙන් ජාතියක් නොමැත. පාලිභාෂාව වනාහි බ්රභහ්මයාගේ භාෂාවයි. ඊට මූලභාෂා කියන්නේ ඒ නිසායි. යම් දරුවෙක් මනුෂ්ය් ක‍ටහඬ නොවැටෙන තැනක වැඩුනොත් ඔහු කථාකරන්නේ මෙම මූලභාෂා හෙවත් පාලිභාෂාවෙන්ය.

බුඬඝොෂ - තිලෝගුරුතුමන් විසින් පාලිභාෂාවට ජාතියක් සාදා ඇත. ඒ ජාතිය මහණුන්නාන්සේලායි. උන්නාන්සේලාගේ භාෂාව මගධ හෙවත් පාලිභාෂාවයි.

3 සංඝයා - එහෙයි. බුද්ධාගය කියන්නේ පාලිභාෂාවෙන් ලියනලද ධර්මයයන් අඩංගු පි‍ටකත්රුයයි. එබැවින් බුද්ධාගම පවතින්නේ පාලිභාෂාවෙන්ය. ඒ මගින් අප තිලෝගුරු බුදුහාමුදුරුවන්ගේ ධර්මාය ඉගෙණගන්ට පුළුවන්වා මිසක්

ලෝකේ පවතින වෙනයම් භාෂාවකින් බැරිබව අපට කල්පනාවේ.

බුඬඝොෂ - ඒ එසේමයි. මවිසින් ලියනලද විශුඬිමාර්ග ය පාලිභාෂාවෙන් ලියා ඔබවහන්සේලාගේ සභාවේ කියවන්ට මෙහි ගෙණාවෙමි.

4 සංඝයා - එය අසන්නට කැමැත්තෙමු.

බුඬඝෙ‍ාෂ - (පොත සොයයි. ශක්ර යා පොත හංගාගෙණ පලායයි.) අහෝ මවිසින් බොහෝ මාන්සිදරා ලියනලද විශුද්ධිම‍ාර්ග ය නම් පුස්තනය මෙහි ගෙණාවෙමි. එය කවුද අරන් ගොස් තිබේ.

මාඩ් - දීප්චන්දි.

කව්ද රැගෙණා පුස්තකේ පුස්තකේ පුස්තකේ ගිය-කව්ද රැගෙණා පුස්තකේ දම් පිටකත්රෙග ඇති ලිපිකර ටීකා ලිය‍ා මම් ගෙණ ආමි පුස්තකේ කෝ අනේ කෝ අනේ කෝ අනේ අනේ ෴ කව්ද රැගෙණා පුස්තකේ පුස්තකේ පුස්තකේ ගියා-කව්ද රැගෙණා පුස්තකේ මින් මට ටීකා ලියා ඒ පොත පාමි මේ සබේ මේ සබේ මේ සබේ පිනා මනා ෴

2 සංඝයා - මේ දැන් තිබුන පොත කොහොම නැතිවුනාදැයි සිතන්නටවත් බැරිය. මෙපමණ මාන්සි දරා ලියූ පොත දැන් නැතිවුනාට ධෛය්ය් ම අඩුකර නොගෙණ දෙවනුත් ලිපි කර ඔප්පුකරනසේ ඉල්ලම්හ.

බුඬඝොෂ - සත්‍වකරුණාව බුඬාගමේ අත්තිවාරමය. අප ගෞතම බුදුහාමුදුරුවන්ට බෝධිසත්‍වකාලේදී නිවන්යන්ට පුළුවන්කම තිබුන නමුත් සත්වකරුණාව නිසා සසරේ තව නැවතී සිට ධර්මවය දේශනා කළ සේක. ඒ උතුම් ධර්‍මය ලියා පදිංචිකර තැබීමෙන් ලොකසත්‍වයාට විපුල ප්ර්යෝජන අත්යවෙන බැවින් මට කොපමණ මාන්සි ඇතත් මගේ


වීය්ය් ස ය අඩුකර නොගෙණ එම පුස්තකය යළිත් ලියන්නෙමි. දැන් ඉතින් මෙහි ප්ර මාදවීම යෝග්යන නැත. මට යන්ට අවසර. (බුඬඝොෂ ස්ථවිරයන්වහන්සේ නික්මයයි.)

3 සංඝයා - මේ පොත තය සොයා බලමු. නැතිවුනඑක ලොකු පුදුමයකි. (සියලුදෙනාම නික්මයති.)


III ජවනිකා - මලිවත්තේ ඔයේ ගල්පාලම.[සංස්කරණය]

චේතිය කුමරිය සහ සුරසේන මන්ත්රී විවාහයෙන් පසු සැන්දෑකා‍ෙල් නගරසඤ්ච‍ාරණයට අශ්වයන් දෙදෙනෙක් බැඳි රථයෙන් ගමන්කරති. හිඟන්නෝ පාලම අසල ඉඳගෙණ මගීන්ගෙන් හිඟමන් ඉල්ලති.

කාලිංගඩා - දීප්චන්දි. හිඟන්නෝ - ස ස රේ වැද අප විඳි නා - දුක මෙ වරේ දැක කුසගිනි අප නිව නා කුසගිනි අප නිව නා ලො ත රේ ඇත තව සුද නා - බණ පැ ති රේ මුනිඳුගෙ හෙලදිව මෙදි නා හෙලදිව මෙදි නා ෴ පො ත බල සත් ඉසි වැකි යා ඇ ත සව්සෙත කම්පත් සොඳ සකි යා කම්පත් සොඳ සකි යා සත කම් දැන නොවලැකි යා - කල් ගත කර මෙම බව සිඳලනු හැකි යා බව සිඳලනු හැකි යා පෙර කම් පඩිසන් දෙ න් නා - ඉන් ගොර තර දුක් ලොව සතහට වෙන් නා ලොව සතහට වෙ න් නා කර පින් සසර ගෙව න් නා පෙර දුන් සදහම් මෙනෙහි කර න් නා දම් මෙනෙහි කර න් නා සිල් නැති රට වැනසෙ න් නා - ජන වල් කම් සැපතම අනුව දුව න් නා සැප අනුව දුව න් නා


දුල් සදහම් නෙබල න් නා - ඉන් කල් වැඩියෙන් සසරේ නිවස න් නා සසරෙ නිවස න් නා ෴ පින් කර ගණු මැන සුද නා - නිති දන් දෙනු දුගි අප දුක බිඳලමි නා අප දුක බිඳලමි නා දැන් අපෙ මුනිඳුගෙ සසු නා මන් මෙන් පවතිය සුනිමල ලෙසි නා සුනිමල ලෙසි නා (සුරසේන චේතිය කුමරි දෙදෙනා රථයෙන් ගමන් කරනවා දැක හිඟන්නෝ මෙ‍සේ කියති.)

හිඟන්නෝ - මෝහ පටලය බිඳින උතුම් සද්ධර්මදය ලෝකසත්වයාට වදාළ සකලඤෙය්යේ මණ්ඩලය අතැඹුලක්සේ දැනගත් අප තිලෝගුරු බුදුහාමුදුරුවන්ගේ නිර්මයල ශාසනය ලක්දිව පවතින සේක. ඒ උතුම් ධර්මහය දැනගත් දැන් මේ රථයේ ගමන් කරන පින්වතුනි. අපේ දුක බලා තමන්ගේ පරලොව සුගතිය පිණිස ‍‍අපට යමක් දී පින් නමැති වස්තුව රැස්කර ගණිත්වා. (රථය නවත්වති.)

පීලු - දාදරා.

සුරසේන - පඩිසන් දෙන්නා දෙන්නා පඩිසන් දෙන්නා දෙන්නා පෙර කළ කර්මො - කුසල කර්ම් ලොවේ වාසනාවෙන්ට බවේ ඕනෑ බැව් සෑසී කීවේ දැනගෙණ සව්නේ සවිනේ දැනගෙණ සව්නේ -

හිඟන්නෝ - පාප කරුම බෝම නරක බැට් පෙණියේ කොරව බීරි පොට්ටවීම සිඬවියේ පවර මුනිඳු දුන්න ධර්මඬ ලොව දිලීයේ -

චේතිය - සිඳින මෝහ ශාක්යි සිංහ ධර්මය රාජ දෙසුව ධර්මහ


දන්න සත්වයන්ට සෑම සැපතවස්තු පංචකාම අගේ ඇද්ද ස්වාමි රම්ය දෙමි ගෙල මාලේ මාලේ දෙමි ගෙල මාලේ ෴ (ග්රී වාදාමය ගලවා හිඟන්නන්ට වීසිකරයි.)

සුරසේන - සිඳිනා තන්හා තන්හා සිඳිනා තන්හා තන්හා සුගතිඳු ධර්මෙ - බැබලී දීපතුළේ ඒ මගින් ඤාණබලේ ලත් ජනෝ බෝ මෙකලේ දෙමි මුදු ද‍ානේ දානේ දෙමි මුදු දානේ ෴ (අතේ මුද්ද ගලවා හිඟන්නන්ට වීසිකරයි.)

හිඟන්නෝ - ලෝහ නසන දාන බලය වාසනාවන් කුමරි මන්ත්රි දුන්න දාන රැස්කෙරේ පින් දෙදෙන රකිත ශක්රල බ්රදහ්ම උවිඳු නිත්තෙන්

චේතිය - සසර යන්න තේරුණාම සව්සතුන්ට කුළුණු පෑම දාන සීල භාවනාව කුසල කර්මායේ යෙදීම කෙරේ බුඬ ධර්මවසේම හිමිසඳ මාගේ මාගේ හිමිසඳ මාගේ ෴ (නික්මයති.)

හිඟන්නෝ - අපට මේ ලැබුන මුද්ද සහ මාලේ බෝ වටිනා දෙයකි. මෙය විකුනා මුදලි බෙදා ගණිමු. දෙතුන් අවුරුද්දක් කෑම බීම ලබාගන්ට පුළුවනි. මසුරුමල දුරුකරගත් ජනයාගේ හැටි. සාධු! සාධ්ර !! බුදුහාමුදුරුවන්ගේ ධර්මග නමැති කැඩපතන් සසර දුක පැහැදිලිව පෙණේ. (නික්මයති)



5 ‍අංකය[සංස්කරණය]

I ජවනිකා - අනුරාධපුරයේ මහබෝමළුව.[සංස්කරණය]

බුඬසමයෙහි බුහුටි සංඝයා රැස්වී සිටිති.

සුඬකානරා - දාදරා.

1 සංඝයා - නිරිඳ ලක්දිවේ - කෙරෙය ආණ්ඩු දසදහමිනි සකල ජනගෙ මෙමලොව පරලෝක යුක්ති ඉෂ්ට කෙරෙය මසුරුමල හරා - තිලොවග මුනි දෙසු දහ ම් රැක තෙරුවන වැඳ උතු ම් තෙද සිරි සුදැරී විලාස රශ්මි භාෂ්කරා ෴

2 සංඝයා - නිරිඳ ලක්දිවේ-කෙරෙය ආණ්ඩු දසදහමිනි සකල ජනගෙ මෙම ලොව පරලෝක යුක්ති ඉෂ්ට කෙරෙය මසුරුමල හරා - වැසියගෙ සුචරිත න සා බදු අය නොකරන නි සා හෙලදිව වැසියා පතාය දිර්ඝස ආයුෂා ෴

3 සංඝයා - නිරිඳ ලක්දිවේ-කෙරෙය ආණ්ඩු දසදයමිනි සකල ජනග මෙම ලොව පරලෝක යුක්ති ඉෂ්ට කෙරෙය මසුරුමල හ‍රා - පරපණ සියපණ ලෙ සේ රැක කුළුණෙනි මෙම දෙ සේ තෙද යස පැතිරේ මෙලෝක කුක්‍ෂියේ පුරා ෴ (බුඬඝොෂ ස්ථවිරයන්වහන්සේ තුන්වෙනිවරටත් විශුද්ධිම‍ාර්ගමය ලියා ගෙණෙන සේක.)

ම‍ාඩ් - දාදරා බුඬඝොෂ - පොත සාදා ගන්නට බාදා වුනිය මෙදා අස සමිඳා දැන් මෙහි පුදා තබමි පුස්තාකේ - ලියා තැබූ දෙපොත් හංගා ගතිය මේරටේ - මේ පොත ලිව්වේ සංඝසභාවේ කියනාශාවේ දොස් ඇත පහවේ දැන් දැන් දැන් ෴

සංඝපාල - තෙරිඳාගේ ග්ර න්ථයෙ රංගේ දකිත අගේ ලොවට හැ‍ගේ

ජෝන් ද සිල්වා 67

කිත්ගොස සගේ පැතිරියාය ඉන් - තිලෝනගේ උතුමි ධර්මේ කොහොම තේරුවේ - කියවලා දැන් බෝම සැදෑවෙන් පහදනමෙන් ඉල්ලමු ප්රේ්මෙන් ඒ ඒ ඒ ෴ (ශක්ර්යා නැතිවුන විසුඬිමාර්ග පොත් දෙකත් අරන් පැමිණ අහසේ ඉඳන් මෙසේ කියයි.)

කමාජ් - දොහරා

ශකුයා - ගෙණාවෙමි මම මාන්සිවී මෙ පොත් දැන් දක්වන මෙන් තෙරි‍තඳේ ඒ හංගා ගතිම් සංකා සිංදේ ඉතින් පුස්තක දැන් තුණකි මෙහි ඒ‍වා දැක්කෑකි සන්සන්දනයෙන් දොස් පැහැර අරිතැකි ඇත්නම් ෴

කමාජ් - පංජාබ්. බුඬධර්මෙය දේශ ගානේ දේශනාවෙන් වෙයි පිණානේ දුන් බුදුන් දම් සව් ලෙවන්ගේ සිද්ධි හින්‍ද‍ය් දැන් ලියන්නේ මෝහ පටලයෙන් විකාර වෙනවා දම් දැනීමෙන් ඥානවඩන‍වා සාධුකාර දෙති තුන්ලොව වැසියෝ ලිව් නිසා ධර්මෙන බුදුන්ගේ බුඬධර්මො දේශ ගානේ ෴ (සංඝයා ප්රීෙතියෙන් අහස දෙස බලා මෙසේ කියති)

2 සංඝයා - ඔබතුමන් විසින් දැන් ගෙණෙනලද විශුඬිමාර්ගැ පොත් දෙක අපට දෙනුමැනව.

බුඬඝොෂ - මවිසින් ලියනලද පොත් දෙකදැයි දැනගන්නට මට එය බලන්ට ඉඩදෙනු මැනව. (සංඝයා පොත්දෙක පෙන්නති.) මෙ පොත්දෙක තමා නැතිවුනේ. මවිසින් ලියනලද පොත් දෙක මේ තමා.


3 සංඝයා - එහෙනම් ඔබවහන්සේගේ අතේ දැන් තිබෙන පොත මේ පොත් දෙක සමග කියවා බලමු. බුඬඝොෂ - ඒ කල්පනාව කදිමයි. මෙන්න මාගෙණා පිටපත. (සංඝයා එය අතට ගණිති. පොත් තුණම මුලපටන් කිය‍වා බලා මෙසේ කියයි.)

4 සංඝයා - අර්ථයෙන් ග්‍රන්ථයෙන් ද පූර්වාාපරවසයෙන්ද ථෙරවාදයෙන්ද පෙළින්ද පදයෙන්ද ව්යංයජනයෙන්ද පොත් තුණෙහිම භින්නත්‍වයක් නැත. ඔබවහන්සේ මෙතේ බෝසත්යයි අපට නිසැකින්ම හැඟීයයි. සාධු සාධු. දැන් ඉතින් සිංහල අටුවා කථා සියල්ලන්ගේ මුල් භාෂාවූ මාගධ නිරුක්තියෙන් පවත්වන්ට මහාවිහාරබද දූරසංකර ග්‍රන්ථාකර පිරිවෙණට වඩින‍වා සොඳයි. මෙන්න අපේ සිංහල අටුවා කථා. (බුඬඝොෂ ස්ථවිරයන්වහන්සේ එය අතටගන්නාසේක.)

සංඝපාල - පුරාණ ලංකාවේ සිංහල අකුරු කියවන්නට පුළුවන්ද?

බුඬඝොෂ - මාගේ ජම්මභාෂාවූ තෙලඟ භාෂාවට මෙම සිංහල භාෂාව ‍බොහොම කි‍ට්ටුයි. බුඬම්ත්ත නම් භික්ෂූන්ගෙන් මම සිංහල ඉගෙණගතිමි. මෙම සිංහල අ‍ටුවා කියා තේරුම් ගන්ට මට පුළුවනි.

2 සංඝයා - පුරාණ ලංකාවේ විසූ රාවණාගේ භාෂාවත් තෙලඟභාෂාවයි. අපි වනාහි එය පුරුදු නොකළෙමු.

බුඬඝොෂ - අන්‍ධ අට්ඨකථා අපේ ආණ්ඩ්රේ හෙවත් තෙලඟභෂාවෙන් තිබේ. ඒ වනාහි මුළු පිටකත්රරයට ලියනලද අටුවාවකි.

3 සංඝයා - එකී අටුවා බලා පුරුදුනම් මෙම සිංහල අටුවාද තෝරා ගන්ට පහසු වෙනවා ඇත.

බුඬඝොෂ - ඒ මට අමාරුවෙන්නේ නැත. දැන් ගොසින් එම වැඩය ඉක්මණටම කරන්නෙමි. (බුඬඝොෂ සිංහල අටුවාකථා අරන් නික්මයයි.)

4 සංඝයා - මෙම විශුඬිමාර්ගුය තුන්පිටකේ අරිණ යතුරකි. මේ වනාහි මතු උපදින මනුෂ්යමයන්ට බුඬධර්මැය මනාසේ දැනගැණීමට මහොපකාරීවේ. එය ප්රමවේසම්කර තබමු. (නික්මයයි.)



II ජවනිකා - වීථියක්.[සංස්කරණය]

ඉලංගසේන තම ස්ත්රී) මුක්තාවලිය සමග ගමන් කරයි.

කල්යාේන් ඉලංගසේන - නොසිටින බුකවා බොලඳ බාරී නොසිටින බුකවා බොලඳ බාරී ඔමරි කරන්නී මාහා පුදුව විලාසේ මා සිත්වේ නිතරම ප්රීුතී -

මුක්තාවලිය - ගෑනි නැත්නම් මේ වහේ නොකාය බත් මාලු පිස්සු විකාර බස් දොඩා පාරෙ බුරා එතී බලු (බල්ලෝ බුඃ බුඃ ගගා බුරාගෙණ එති.)

ඉලංගසේන - නවත්තා දමඤ්ඤා බිරුම් සුවකාගෙ මන්ත්රෙුන් සොඳුරි ඔන්න වේවා සාක්කි මතුරමි සුනකා නොබුර ඉන්ට් ෴ ‘ඕං නමෝ ඉදිරිපත් නුවර උපන් ගජසිංහ කික්කිගේ කුක්කා පුතා නොකා නුබුරා සිටු පොල සිටු’ (බල්ලෝ නුබුරා වල්ගේ සොලව සොලවා සිටිති)

මුක්තාවලිය - පුදුමයි මන්ත්රස ශාස්තුය. බල්ලන්ගේ කට වැහුන රඟ.

ඉලංගසේන - මාගේ මුක්තාවලිය සීදේවි, රත්තරණ, පණකෙන්‍ද, බබලතා, සුරතලී, නිලුපුලැසි, මියුලැසි, දිගැසි, පාද චාරිකා, සුන්දරී, සොඳුරී, බාරී, මායියා, ගෑනි, ඉතිරී යන මේ නාමපද වලින් තී මනාප කොයි එකටද.

මුක්තාවලිය - මාගේ සැමියා මනාප ඔයින් කොයිඑකටද

ඉලංගසේන - ඔය සියල්ලම මට එකයි.

මුක්තාවලිය - සියල්ලම එකද

ඉලංගසේන - සියල්ලම මට එකයි

මුක්තාවලිය - මට තේරුනේ නෑ ඉලංගසේන - ඇයි නොතේරුණේ, ඒ සියලුම නාමපදවලින් මාගේ එකම ස්ත්රීුට කථාකළහැකි බැවින් ඒ සියල්ලම මට එකයි.


මුක්තාවලිය - එහෙම හිතතත් අර සීදේවි යන නාමයට මම මඩා මනාපයි.

ඉලංගසේන - ඔහෝ විෂ්ණුගේ භ‍ාය්යානාම වට සීදේවි යන නාමය ව්ය වහාරකරති. තිට සීදේවි කීවොත් මට කුමක් කියන්නෙහිද.

මුක්තාවලිය - ඉලංගහේනයා කියන්නෙමි.

ඉලංගසේන - සීදේවි. ප්රවකෘතියෙන් හිටින සයනු හයනු දැනගණින් සයන්න තිබෙන පලියට හයන්න යොදන්ට හෝ හයන්න තිබෙන පලියට සයන්න යොදන්ට හෝ යන්ට එපා. ඉලංගහේන වුනොත් මාගේ සීදේවි රිසිනැන්දා වෙනවාට සැක නෑ.

මුක්තාවලිය - අනේ අනේ එහෙම වෙන්ට මම මනාප නෑ.

ඉලංගසේන - අපේ සිංහල අටුවා කථා පාලිභාෂාවට පෙරළන්ට සමර්ථයෙක් ඇවිත් ඉන්න බව ආරංචිද.

මුක්තාවලිය - ඔව් බුඬඝොෂ ස්ථවිරයන්වහන්සේ නොවෙද. අර බෝධියෙන් දකුණට මහනිගම සාමි විසින් ප්රාුසාදයක් උන්වහන්සේට සාදා පිදූ බවත් ආරංචියි.

ඉලංගසේන - පාලිභාෂාවට ඉතා මිහිරි භාෂාවකි. එය හුඟක්දුරට දනිමි.

මුක්තාවලිය - පාලි ගාථාවක් බලන්ට කිව්වොත්

ඉලංගසේන - ජෙයතංග සුගතංදාය ලොකානං පරමා‍සමො කංජරී පුරිතෙන්ද්රාවම මයුදාලි සදාලිකා

මුක්තාවලිය - පුදුමයි පුදුමයි

ඉලංගසේන - ඇයි පුදුම

මුක්තාවලිය - අගහිටන් මුලට කීහැකි

ඉලංගසේන - බලන්ට කියපන්

මුක්තාවලිය - මොසමාරපනං කාලො යදාතං සුගතං යජෙ කාලිදාස ලිදායුම මන්ද්රාලතෙරි පුරීජකං

ඉලංගසේන - සීදේවි මේලෝකේ ප‍ාලිභාෂාවට දිනන්ට භාෂාවක් සොයන්ට එපා. සිංහල අප විසින් එය ඉගණගත යුතුයි.

මුක්තාවලිය - ඒ මන්ද



ඉලංගසේන - සත්ය වූ ධර්මය ඒ මගින් දැනගන්ට හැකි බැවින්ය.

මුක්තාවලිය - එහෙනම් සිංහලයන් පමණක් නොවෙයි සියලුම මනුෂ්යියන් විසින් ඉගණගතයුතු භාෂාවකි.

ඉලංගසේන - ඔව් ඔව් ඔව්

මුක්තාවලිය - මාගේ ස්වාමීනි. ස්ත්රීින්ට පුරුෂයන් වෙන්ට පුළුවන්ද පුරුෂයන්ට ස්ත්රීවන් වෙන්ට පුළුවන්ද

ඉලංගසේන - මොකද සීදේවි එහෙම ප්ර.ශ්නයක් මගෙන් ඇසුවේ

මුක්තාවලිය - පුරුෂයෙක් වෙලා මට උපදින්නට ඇත්නම් සිත්රීු වෙලා උපන්නාට වඩා හොඳයි.

ඉලංගසේන - මේ උපතේදී එය කරන්ට බෑ. පතිව්රසතාව රැක පින‍ කෙරීමෙන් අනික් අතට පෙරළෙන්ට පුළුවනි. පරදාර සේවනයෙන් පුරුෂයා ස්ත්රී් වෙලා උපදින්නේය.

මුක්තාවලිය - මේ කර්ම නියමය හොඳහැටි තේරුම් ගන්නාතුරු මෝහය දුරුනොවන්නේය.

ඉලංගසේන - අනේ වාසනාවන්. මගේ සීදේවි බ්ර හ්මයානලන් එහා නල්පනාව අරිණ හැඩයි.

මුක්තාවලිය- මනුෂ්යස කල්පනාව නමැති රැළ බ්රුහ්මයා නමැති වෙරළේ වදින්ට ඇරියාම ඉන් එහා ඒක දුවන්නේ නැත.

ඉලංගසේන - එපමණ දුරට දිව්වාට මොහප‍ටලය බි‍ඳෙන්නේ නැත. බ්රරහ්මජාල සූත්රවය මගේ සීදේවි අහලා නැද්ද.

මුක්තාවලිය - අහලා තිබෙනවා පුදුම තමා

ඉලංගසේන - හැබෑටම මගේ සීදේවි මට ලැබුනේ පෙරජාතියේ කුසලයක් නිසාය. ආනේ වාසනාවන් වාසනාවන් තකට තක (හාදුවක් දෙයි)

මුක්තාවලිය - ඔන්න මට විඳින්ට බැරි ඔය ටික තමා. මේක මහ පාරය කියලා මතක නැති වුනාද.

කල්යාවන් - දාදරා ඉලංගසේන - රූපශ්රිනයාවන්ත මගේ පාදචාරි කා මූන සිපාචාර කළෙමි යයි මැකී දු කා


මුක්තාවලිය - ප‍ාරෙ එපා මූන සිඹුම් ඉන් ලෑබේ නි ගා දැක්ක ජනෝ ඊට සිනා සෙත් හඬත් න ගා

ඉලංගසේන - දෑස දිලේ සුන්‍දරිගේ ඉන්ද්රනනීල සේ කේශකලාපේකි වලාකුල් අහස් ලෙ සේ

මුක්තාවලිය - මාගෙ අගේ මන්ද මෙසේ කීවෙ ස්වාමි නේ ගෑනු තවත් නැද්ද වඩා අංග ලක්‍ෂ නේ

ඉලංගසේන - නාස ගිරා තුණ්ඩ තමා මූන පත්ම සේ කොණ්ඩෙ කොබෝලීල කුසුම් දෑසමන් දි සේ

මුක්තාවලිය - ගෑනු කෙරේ කෑජර වී ඉන්න හාද යා උන්ගෙ අගේ බෝම කියය් සිත් බැඳි ද යා

ඉලංගසේන - පෙම්බර මා සුන්දරිගේ අංග ලක්‍ෂ නේ දැක්ක දනෝ ආදරවී පෙන්නතී සෙනේ ෴

මුක්තාවලිය - අපොයි අපොයි මේ මිනිහා වාගේ කටවාචාලයෙක් මම නුදුටිමි. තමාගේ ස්ත්රීෙ මේ හැටි වර්ණානා කරන මෝඩයෙක් ලෝකයේ තව ඇද්ද

ඉලංගසේන - කාගේ ස්ත්රිැය වුනත් වර්ණානා කරන්ට ඊට වඩා සුදුසු වස්තුවක් තවත් ඇද්ද

මුක්තාවලිය - ස්ත්රී් ඒ තරමට උතුම් වස්තුවක්ද

ඉලංගසේන - ස්ත්රී් රත්නය බව අහලා නැද්ද

මුක්තාවලිය - අපොයි අපොයි යමු යමු ඔය ඇති ඔය ඇති.

ඉලංගසේන - යමන් මයන් හෙමින හෙම්න (මූන ඉඹ ඉඹ යයි.) (දෙදෙනා නික්මයති.)


III ජවනිකා - රජමාලිගාව.[සංස්කරණය]

මහානාම රජ සිංහාසනාරූඪවී සිටිනසේක. සුරසේන මහනිගමාදී මන්ත්රීරවරුද රෝම ග්රීික් තානාපතියෝද රැස්වී සිටිති. තරුණාංගනාවෝ දෙදෙනෙක් චාමර හලති. රජු හැර අනික් සියලුදෙනාම මෙසේ කියති.

ජිංජුට් - ලාවනි.

සිලුදෙනාම - සිංහලුන්ගෙ දීප රැකදෙන


ධර්මෙන් මහජන පාලන සතතින මහානාම නරසී නාම ලෝකුස බෝමයය් සැමදාම සෑසී දුන් ඒ සද්දම් සර්ධාවෙන් පොත් ලිව්වෙන් - සිංහලුන්ගෙ දී‍ප රැකදෙන ධර්මෙන් මහජන ප‍ාලන සතතින ධර්මාචාරි දම්පොත් ලිව්වා තේරී නෙක්සත් සව්සත් ඊට තොස්පත් නිත්තෙන් දේව පින්දෙත් පාලියෙන් දම් ලිව්වෙන් කල්යාමෙන් ඒ දැන්මෙන් ලෝකේ සව්සත වෙත අත්පත් සෙත ෴

මහානාම - මන්ත්රීනවරුනි සියලුම දානවලට වඩා ධර්මදානය ලොකු බව අහලා තිබෙනවා නොවේද,

මන්ත්රී වරු - එහෙයි දේව. සබ්බදානං ධම්මදානං ජිනාති සබ්බං රසං ධම්ම රසො ජානාති සබ්බං රතිං ධම්ම රතී ජිනාති තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති.

මහානාම - බුඬඝෙ‍ාෂ මහ ස්ථවිරයන් වහන්සේ සිංහල අ‍ටුවාකථා පාලි භාෂාවට නගා කම්මුතු කළ බව සැලයි. උන්වහන්සේ දඹදිවට නොබෝ කලකින් වඩින වාසලට දන්වා එවා තිබේ.

මන්ත්රීකවරු - දේව. අප විසින් ලොකු පෙළහරකින් උන්වහන්සේ නැව්තොට දක්වා වැඩමවාගෙණ ගොස් ඇරලනවා නම් හොඳයි කියා අපට කල්පනා වේ.

මහානාම - අපේ කල්පනාවත් එසේමයි. රටතොට වැසියන් විසින් තමන්ගේ සෙල්ලම් ආදිය රැගෙණ තුන්දවසකින් පෙළහර යෑමට මහවිහාරයට රැස්වෙන්ටද අණ බෙර ගස්සවනවා හොඳයි.

මන්ත්රී්වරු - එසේ යහපති දේවයන්වහන්ස. (රාජකවට ධූරන්‍දර ඉලංගසේන පැමිණේ)


ඉලංගසේන - පස්වාන්දහසක් බුදුවන්ඩ දේව. ඔබවහන්සේ මේ හැටි පින්කරන්නේ මක්නිසාද මේ පඤ්චස්කන්‍ධයෙන් මැරෙනකොට මොකවත් අනික් උපතට නොයන කොට ඔය පින්කරලා ඉන් ප්රවයෝජන ගන්නේ කව්ද

මහානාම - මමත් නොවෙයි. වෙනකෙනෙකුත් නොවෙයි. ‘නච සෝ නච අඤ්ඤො’

ඉලංගසේන - එහෙනම් කව්ද

මහානාම - ඉලංගසේන මේ සියුම් ධර්ම ක්රතමය තේරුම් ගැණීම පිණිස උදාහරණයක් දෙන්නෙමි. තට කිරිකලයක් මම පාන්දර දී හෙට ඒක ගෙණියන්ට එන බව කියා ඒක ප්රේවේසම්කර තබන්ට අණකළෙමියයි සිතනු. කිරි කලය තෝ අරන් ගොසින් ප්රෙවේශමෙන් තබන්නෙහිය. හෙට වෙනි දින මම තා කරා පැමිණ කිරි කලය ඉල්ලන්නෙමි. එවිට කිරිකලය තෝ මට දෙන්නෙහිය. එය මිදී තිබෙන බව දුටු මම මෙසේ කියන්නෙමි. මේ මවිසින් දෙනලද කිරිකලය නොවෙයි. මා දුන් කිරිකලය මිදිලා තිබුනේ නැත. මේක මිදිලාය. එබැවින් මෙම කලය මම නුදුන්නෙමියයි කීවොත් තෝ කුමක් කියන්නෙහිද.

ඉලංගසේන - දේවයන්වහන්ස ඔබවහන්සේ දුන් කිරිකලය ඒකම බැ‍ව් කියන්නෙමි.

මහානාම - අප දෙන්නාගේ කීම් දෙකම සත්යක බව කාටත් පෙණෙනවා නොවෙද.

ඉලංගසේන - එහෙයි දේවයන්වහන්ස මහානාම - ඒ නිසා තමා මේ උපතෙන් අනික් උපතට යන අය පිළිබඳව ‘නචසෝ නච අඤ්ඤො’ කියා දේශනාකර තිබෙන්නේ.

ඉලංගසේන - සාධු සාධු. දැන් මට වැටහී ගියා. පින්කෙරීමෙන් ප්ර යෝජන මහත් රාශියක් ඇත. කර්මුය නිසා සත්‍වයා උපදී.

මහානාම - ඔය නිසා යන සකර්මමක ක්රිහයා පදය බොහෝදෙනෙකුට තේරුම් නැත. එහි තේරුම ආශ්‍රයකරගෙණ යනුයි. කර්මය ආශ්රගය කරගෙණ සත්වයා උපදින්නේ ය. කොටින්ම සත්වයා උපදිනකොට ඔහු සමග කර්මයත් එකට එන්නේය.


ඉලංගසේන - සාධු සාධු දැන් මට තේරුණා. පූර්වාපර උත්පත්ති ඇති සත්වයාගේ උත්පත්ති නැමති තන්හා නමැති නූලේ අමුනා කර්මණ නැමැති සායමෙන් වර්ණත වී තිබේ. ඔය උත්පත්ති මාලය සිඳා දමන විද්යාතව තිලෝගුරුතුමන් විනා අන්කිසිවෙක් දක්වා නෑ. මෝහය ක්‍ෂය කළ තැන නිර්වාමනය බව තේරීයයි. (සියලුදෙනාම නික්මයති.)


IV ජවනිකා - චන්ද්ර වංක වීථිය.[සංස්කරණය]

බුඬඝොෂ මහා ස්ථවිරයන්වහන්සේ දෝලාවකින් නැව්තොට කරා පෙරහරින් ගෙණියනුලැබේ. රජ්ජුරුවෝ මන්ත්රීතවරු ග්රීගක් රෝම තානාපතිවරු පෙරහැර සමග යති. නොයෙක් විධියේ නැටුම් ඇතුව සංගීතකාරයෝ සින්‍දුකියමින් නලා පිඹිමින් බෙරගසමින් ගමන්කරති. පළමුවෙන් නාගසලාම් කණ්ඩායම ගමන්කරති.

ජිංජෝට් - හිංචි (මේ රාගතාලයට නලා පිඹිති)

නාගසලාම් කණ්ඩායම - සමතැස් දුන්තුම් ධර්ම‍කඳා - ලිව්වේ දැන් පාලි බසින් - වේදෙද දන්නා මේ ස්වාමිභික්ෂු - රජිඳා තොස්වී ඊට බොහෝ - දෝලාතුලේහි තබා - උන්නාන්සේ දැන් මේ පිටත් කරන්නා - සාධු සාධු දිව් දැන් - දිලෙන්නා බුදුන්ගෙ දම් - අටුවා ලිව්වා පාලි නිරුක්තියෙනි තුම් - තාලරාගේ බලා පිම්බ පිම්බා නලා - බුදුගොස්ගේ ප්ර ශංසා - පාමු පාමු - පාමු (මේ ලඟට උඩැක්කිකාරයෝ නට නටා මෙසේ කියමින් ගමන්කරති)

උඩැක්කිකාරයෝ - ති ලො වග මුනි දෙසු දම්ම සතහට වැටහෙන මෙන්ම ලිපිකර තැබි මගදින්ම - මෙම තෙරි ඳා අ ප අග රජ මහනාම කුළුණෙනි වෙත සත සෑම ලිපිකරවපි එම දම්ම - සැක පසි ඳා ම න රඟ පෙරහැරයෙන්ම ගෙණියමු නැව්තොට තෙක්ම බුදුගොස මහතෙරිඳුන්ම - සිතුපැහැ ඳා ර ඟ ර ඟ යමු පිරියෙන්ම අප මුනිදුගෙ සදහම්ම ලොව පවතින විලසින්ම - ඇත මෙස ඳා


(මේ ලඟට ලීකෙළිකාරයෝ මේස් කියා සෙල්ලම්කරකරයති.)

ලීකෙළිකාරයෝ - සතර දහම් සඟ, නිතර නැමද අපි, හරිමු දුසිරි රැස, නො තබ ර ටේ පවර මෙපුර අප,තිදසපුරට නැත, දෙවෙනි සිරිනි සොඳ බලනකො ටේ සසර ගෙවන සත, මුනිඳු බණට ඇත, අදර නිතර මෙම සිහල ර ටේ ලොතර පසිඳු අප, තෙරිඳු එබුදුගොස දකින ජනගෙ තුති ගොසැත ක ටේ (මේ ලඟට කලගෙඩි සෙල්ලම්කරන්නෝ මෙසේ කියා ගමන්කරති)

කලගෙඩිකාරයෝ - පාලිබ සේ මෙබුදුගොසේ සාමිතොසේ දත් අතැඹුල රංගේ සෑමදෙ සේ නිමලයසේ කැන් සඳ සේ යය් ලොව මන රංගේ දීපකු සේ පවතිනසේ දම්ම රැ සේ ලීයප මුනි ඳුංගේ සාස ඇසේ සකලදොසේ මන්විල සේ ලන්දුර තෙරි ඳුංගේ (මේ ලඟට වෙස්මූනුකාරයෝ න‍ට නටා මෙසේකියා ගමන්කරති.)

වෙස්මූනුකාරයෝ - සස ර ගමනකොට කරදෙන මනර ම් පව ර මුනිඳු දෙසු පෙරකල සදහ ම් මෙව ර මගදබස ගෙණ ලිවු කර පෙ ම් නිත ර වඳිම් බුදු ගොස මහ තෙර ම ම්

(මේ ලඟට හේවිසි ගසා කණ්ඩායමක් ගමන්කරති ඒ ලඟට පිරිසක් බුඬඝොෂ ස්ථවිරයන්වහන්සේ පවන්ගසමින් දෝලාවෙන් අරන්යති. ඊට පසු හස්තියෙක් පිට මහානාම රජ ඇමතිමණ්ඩලය පිරිවරාගෙණ ගමන්කරයි. බෙ‍ාහෝ දෙනෙක් වරින්වර සාධුකාර පවත්වති.) (නික්මයති)


V ජවනිකා - මුද[සංස්කරණය]

රුවල් නැවකින් බුඬඝොෂ ස්ථවිරයන්වහන්සේ දඹදිවට යනසේක. නැවියෝ මෙසේ කියා නැව පදිති.

පීලු - ලාවනි. නැවියෝ - මූදේ ගොකන්නම් රැල්ල නගින්නා පොල්ගසසේ උස්වී - මේ මූදේ - පොල්ගස සේ උස්වී


මෝරු කිපිලා කෑම සොයායත් ඊට බියවන්නා ඝොෂා සමුද්රෙ හයියෙන් තිබෙන්නා මාරුත හින්දා මේ - බුම් බුම්ගා - මාරුත හින්දා මේ - පින් ඇති ස්වාමි සිටී නැවේ දැන් සිඬ නොවේ හානී ෴ (දඹදිව ඉඳලා තව රුවල් නැවක බුඬදත්ත ස්ථවිරයන් වහන්සේ ලක්දිව කරා එනකල බුඬඝොෂ ස්ථවිරයන් වහන්සේ යන නැව සමීපයේ හදිස්සියෙන් වගේ නැවතුනාම බුඬඝොෂ ස්ථවිරයන්වහන්සේ මෙසේ කථා කොට කියයි.)

පහඩ් - චාල්.

බුඬඝොෂ - සැරදේ තෙරි‍ඳේ නිබ‍ඳේ විහිදේ ධර්මකගුණේ ලෝභික්‍ෂූන්ගේ - යන්නේ ලංකාදීපේද දැන් ධර්මර සෙවීමේ සෑසිගේ - මම සිංහල අටුවා මගදෙන් ලියලා දමා දඹදිව් යමි - රැගෙණා මෙන්න යනු මාගෙ පන්හිඳ ද්වීපේ ශ්රීම ලංකා - (පන්හිඳ අතට අරන් බු‍ඬදත්ත හාමුදුරුවෝ‍ මෙසේ කියති.)

(දක්‍ෂිණි - ලාවනි) මාඩ් - දාදරා. බුඬදත්ත - ඔබතුමා නිසා සද්ධර්ම ලෝකේ දීප්ති වේ - දැනෙ‍න ධර්ම මුනිඳු දුන්න මගධ සිංහලත් බසා - ඤාණෙනී ලෝ පිනීගියේ - පන්හිඳ දුන් මෙසේ - ස්ථවිර ලෝකුසේ - ලියමි සත්ය ධර්ම ශාක්ය-සිංහගේ - යන්නෙමි දිවුකරාම - ඤාණෙනි ලෝ පිනීගියේ ෴

බුඬඝොෂ - මම අටුවාකථා පාලියට දැමුවෙමි - ඔබතුමා ලංකා වීපයට පැමිණ ප්රමකරණ ලියනසේ ආරාධනා කරමි.

බුඬදත්ත - එහෙයි ස්වාමීනි මම පාලිභාෂාවෙන් ප්රසකරණ ලියා දඹදිව එන්නෙමි. ශුභමස්තු

බුඬඝෙ‍ාෂ - සිඩි රස්තු.

(නික්මයති.) සියලුම නාට්යාකරුවෝ පැමිණ කියති. සුරපදා - දාදරා.


ජයවේවා දෙසේ - නිදුකින් ඉන්ට සන්තොසේ - පුණ්යබවන්ත ජෝර්ජ් නරපති - නිදුකිනි වෙසෙවා සිරින් නිතී - මෙඅප නා‍ට්යන බලනසේම පත් සියල් ජනා - නිවසත්වා සිරින් මනා - ජයවේවා දෙසේ ෴