එළිදරව්ව - iii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

8 වෙනි පරිච්ඡෙදය ලංකාවේ වෛතුල්යර වාදය

‍ වෛතුල්යල වාදය නම් බුද්ධ ධර්මඇය ම මුල් කොට ගෙන උපදවා ගත් - බුද්ධ ධර්මවයේ ස්වරූපයෙන් පෙනී සිටින ධර්මතයකි. වෛතුල්ය වාදීන් කියන්නේ පිරිසිදු බුද්ධ ධර්මයය එය බව යි. ටිබැට්, චීන, තුර්කිස්ථාන, සයිබීරියා, ජපන් ආදී රටවල බුද්ධාගම නමින් ඇඳිනෙන්නේ මෙ රටුන් විසින් වෛතුල්යම වාදය නමින් ඇඳින්වෙන බුද්ධ ධර්මෙය යි.

බුදුන් පිරිනිවී වැඩි කල් යන්නට පෙර දඹදිව භික්ෂූයන් අතර මත භේද හට ගැනිණි. සමහරු තමන්ට ලාභ, පහසු විදියට ශික්ෂාදපද, විනය නීති ආදිය පෙරළා ගත් හ. ධර්මාමශොක, කාලාශොක ආදී රජුන් ගේ කාලවල ධර්මද සංගායනා පැවැත් වූයේ මෙසේ වැද්ද ගත් වැරදි මත දුරු කර නියම බුද්ධ ධර්මආය ආරක්ෂාල කිරීමට හිතුවකට ධර්මදය වෙනස් කර ගත් භික්ෂූබන් මේ සංගායනාවල දී බැහැර කර ලූහ. මොවුනතර ලාභ ප්ර යෝජන තකා මහණ ව සිටි වේද ශාස්ත්රන ආදිය හදාළ මහා දක්ෂ. බ්රානහ්මණයෝ ද වූහ. මෙසේ බැහැර කරනු ලැබුවහු තමනු ත් සංගායනා පවත්වන්නට ත් අමුතු නිකායයන් ඇති කරන්නටත් පටන් ගත් හ. කොසඹෑ නුවර සංගායනාවේදී බැහැර කරනු ලැබූ භික්ෂූ්හු නිකාය නවයක් ඇති කළහ. පසු කාලයක මේ නිකාය ධර්මහ කීපයක් එක්ව වෛතුල්යන, වාජිරිය, අන්ධෂක ආදී කීපයක් ලංකාවට ත් ගෙනා හ. ඒ කවර නිකායයත් විශෙෂයක් නැතුව වෛතුල්යක ධර්මරය යි. මෙහිදී හඳුන් වන ලද්දේ ය.

නිකාය භෙදය මේ රටේ මුලින් ම ඇතිවූයේ වළගම්බා රජුගේ කාලයේ දී යි. බැවහාර තිස්ස රජුගේ කාලයේ දී මෙය බොහෝ දියුණුව පැවතුණේ ය. ථෙරවාදී භික්ෂූරන් මීට විරුද්ධව පැමිණිලි කෙළෙන් රජුගේ විධානයෙන් වෛතුල්ය පොත් පත් ගිනි තබා ථෙරවාදී බුද්ධ ධර්මකය ආරක්ෂාධ කිරීමට උත්සාහ කළ හ. මීට පසුත් ගොඨාභය, මහසෙන්, සීලාකාල ආදී රජුන්ගේ කාල වල වෛතුල්ය වාදය පැන නැගිණි. ඇතැම් රජුන් වෛතුල්යආ පක්ෂුය ගෙන එහි දියුණුවට ක්රිූයා කළ නමුත් ඇතැමෙක් ඊට විරුද්ධව එය මැඩ


8 වෙනි පරිච්ඡෙදය 39

පවත්වන්නට උත්සාහ කළ හ. වෛතුල්යතය මැඩ පවත්වන්නට කෙළේ ඒ පොත් පත් ගිනි ලැවීමත් ඒ භික්ෂූ න්ට දඬුවම් කිරීමත් ය. මේ පිළියමින් වෛතුල්යෙය නැති වුණේ නැත. තාවකාලිකව යට පත් ව නැවත නැවත නැගී සිටියේ ය. පන් විලක් - උණ පඳුරක් ගිනි ලූ කල නැවත වඩා හොඳට ලියලන්නාක් මෙන් වඩා හොඳට දියුණු වුණේය. කොයි තරම් දියුණු වී දැයි කියතොත්, පිරිසිදු බුද්ධධර්ම්ය යි කියා ගන්නා ථෙරවාදීන් ගේ පොත් පත්වලට පවා වෛතුල්යී මත ඇතුළු විය. ථෙර වාදීහු පවා වෛතුල්ය පිළිවෙත් භාර ගන්නට පුරුදු වූහ.

වෛතුල්යප වාදිහු බුද්ධ ධර්මභය පමණක් නොව නා නා ශාස්ත්රර උගත් මහා දක්ෂලයෝ ය. ඔවුන් පොතක් පතක් ලියූ කල එහි අදහස් වැරදි බව පෙන්නා පිළිතුරු පෙතක් ලියන්නට තරම් ථෙරවාදීහු සමර්ත්ථල නො වූහ. ඔවුන්ට ශක්තිය තිබුණේ රජුට ගතු කියා ඒ පොත් පත් පුළුස්සවා දැමීමට පමණයි. මෙසේ පොත් පත් ගිනි බත් කරවීමෙන්, ථෙරවාදීන් අපේ සාහිත්ය යට කෙළේ බලවත් හානියක් බව කනගාටුවෙන් නමුත් කියන්නට සිදුවී තිබේ. ඔවුන් කෙළේ ආගම පිරිසිදුව රැක ගන්නා උත්සාහයක් නම් එය වත් ඉටු නො වූ බව ද කිය යුතු යි. කීප වතාවත් පොත් කඳු ගසා ගිනි තැබූ නමුත්, වෛතුල්යය මහණුන් හනිවර ගසා පිටමන් කළ නමුත්, දැනුත් අපේ බෞද්ධ පොත්වල වෛතුල්යෙ අදහස් හා මත තිබේ. ථෙරවාදී භික්ෂූනන් විසින් වෛතුල්යය මත පිළිගෙන සිටින බවත්, එම ප්රේතිපත්ති රකින බවත් පෙනේ. මහා කවි තොටගමුවේ ස්වාමීන් පවා වෛතුල්යත මත ගරු කළ බව කිව යුතුය. බෞද්ධයන් විසින් බොහෝ ගෞරවයෙන් සලකන, මිලින්ද ප්රවශ්නය ආදී පොත් කීපයක් වෛතුල්යෞයන් විසින් නිපදවන ලද ඒවා යි. ගිහි පිරිත ජය පිරිත, ආදී පිරිත් වෛතුල්යනයන්ගේ බැඳුම් බව දැන ගැනීමට ලොකු මොලයක් ඕනෑ නැත. හින්දි බමුණන් ගේ යාග ශාන්ති අනුගමනය කොට, මඩු බැඳ ගෙන පිරිත් ශාන්තිය අපට පුරුදු කරන ලද්දේ වෛත්රනල්ය,යන් විසිනි. අද ථෙරවාදීහු එය කෙතරම් ආශාවෙන් පිළිපදිද්දැයි අප කිය යුතු නොවේ. අපේ මහා ව්ය ක්ත ථෙරවාදී ඇතැම් භික්ෂු්න් විසින් පවා බුදුන්ට ත් වඩා උසස් කොට සැලකිලි දක්වන දෙවියන් අදහීම අප අතරට වැද්ද දුන්නේ ද වෛතුල්යඋයන් විසිනි. කොටින් ම හින්දු දේවතාවන් ඇදහීමත් හින්දු ආගමික චාරිත්රඋ බෞද්ධ චාරිත්රෙ අතරට රිංගා ගැනීම ත් වෛතුල්ය්යන්ගෙන් සිදු වූ දේය.

වෛතුල්යඋය යි කියන විට මහ පොළව නූසුලන තරම් අපරාධයක් මෙන් භය වෙන්නට ඕනෑ නැත. ථෙරවාදීන් කෙරෙන් දැන් මුළුමනින් ම තුරන් ව තිබෙන ධ්යාඕන වැඩිම් ආදී ප්රීතිපත්ති අදත්




40 එළිදරව්ව

වෛතුල්ය්යන් අතර තිබෙන බව කියති. පිරිසිදු බුද්ධ ධර්මිය ඇඳින ගැනීමට මේ ථෙරවාද, වෛතුල්යබ දෙකම සසඳා බැලිය යුතු යි. ඒ දෙකේ ම නියම බුද්ධ ධර්මේය ත් බුද්ධ ධර්ම යෙන් පරිබාහිර දේත් තිබේ. මේ දෙකේ ම ඇති ‍රොඩු - කුණු බේරා හැර දමා පිරිසිදු බුදු බණ අඳුනා ගැනීම, සියුම් නැණවතුන් විසින් කළ යුත්තකි. අපට මෙහි නියම තත්වුය අවබොධ කර ගන්නට බැරි, පටන් ගැන්මේදී ම පක්ෂමග්රාවහිව (පැත්තකට බරව) විවේචනය කරන්නට යෑම නිසා යි. මධ්ය්ස්ථ ව විවේචනය කරන පුරුද්ද අප අතර හිඟ ය. ආගම පමණක් නොව කවර කරුණක වුවත් නියම තත්වුය තෝරා ගන්නට නම් මධ්යකස්ථ විවේචක ශක්තිය තිබිය යුතුයි.

වෛතුල්යිය මහා යානය නමින් ද, ථෙරවාදය, හීන යානය නමින් ද අඳුන්වති. මේ දෙක අතර ඇති විශාල පරතරය කුමක් ද? බුදු වීමෙන් හෝ ‍පසේ බුදුවීමෙන් හෝ රහත් වීමෙන් හෝ නිවන් අවබෝධ කර ගැනී‍මට ථෙරවාදයේ හෙවත් හීනයානයේ උපදෙස් දෙයි. මහා යානය, මේක්රෙමය හෙළා දකියි. පසේ බුදු බව හෝ රහත් බව පැතීම දුර්ව ල කමක් ලෙස සලකන ඔවුහු බුදුවීමෙන් ම නිවන් පතන්නට උගන්වති. ඒ නිසා ම ඔවුන්ගේ ධර්මඔය, මහා යානය - එනම් ලොකු රථය ය යි නම් කර ගෙන සිටිති. මේ නිසා ඔවුන් මුලදී පුද පූජා කෙළේත්, ගෞරව කෙළේත්, බුදු වරුන්ට පමණයි. කල් යෑමෙන් බොධි සත්ව, වරුන්ට ත් වැඳුම් පිදුම් කරන්නට ඇබ්බැහි වූ හ. විහාර වල බුදු පිළිම අතර බොධිසත්වන රූප තනන්නට වූයේ මින් පසුව යි. ථෙරවාදීන්ගේ විහාරවල ද මේ මහායාන චාරිත්රබය දක්නා ලැබේ.

මහායානික බොධි සත්වහවරුන්ගේ ගණන අප්රිමාණ යි. ටිබැට් රටේ පිදුම් ලබන ඉතා ප්රධකට බොධි සත්වගවරයා ‘අවලොකිතෙශ්වර’ යි. ලංකාවේ ‘නාථ’ දෙවියන් නමින් හඳුන්වන්නේ මොහු ය. මේ නාථ දෙවියන් මෛත්රී් නමින් අනාගතයේ දී බුදු වන බව මතුවන බුදු රදු - සැරද තොටගමු වෙහෙර තතිඳු”යි මහා කවි තොටගමුවේ හාමුදුරුවෝ ද කීහ. අද හැම ථෙරවාද විහාරයකම පාහේ මේ රූපය තනා තිබෙනු දක්නා ලැබේ. ඌව පළාතේ බුදු රුවගල, වැලිගම කුෂ්ටරජා කල ආදී තැන් වලින් පෙනෙන්නේ පුරාණයේ පටන් ම මේ වෛතුල්යා මතය මෙරටින් බැහැර නො කළ හැකි තරමට වැදී තිබෙන බව යි. අවලොකිතෙශ්වර පමණක් නො ව ඔහු ගේ භාර්යාීව වූ ‘තාරා’ දේවිය ද අප රටේ උගතුන්ගේ පවා සම්මානයට භාජන වී සිටි.

භූත විද්යාවවෙහි ඇතැම් මන්ත්ර වල බුදු නමත් බුදු ගුණත් ඇතුළත් ව තිබේ. මේ මන්ත්රා බැන්දෝ වෛතුල්යත භික්ෂූබහු යි. වෛතුල්යබයන් ගේ ආදි කර්තෘ න්‍ වේද පාර ගත බමුණන් බව මුලින්



8 වෙනි පරිච්ඡෙදය 41

කීමු. භූත විද්යාෛව හින්දු සාමයිකයන්ගේ ප්රුවෙණියකි. ඔවුහු මහණ වූ පසුත් මිනිසුන් සිත් ගැනීමට, භූත විද්යාභවෙන් ප්රයයෝජන ගන්නට සිතුවෝ, බුදු ගුණ ඇතුළත් මන්ත්ර බඳින්නට පටන් ගත්හ. බුදුන් විසින් තිරශ්චින විද්යාෝ ය යි නම් කරනු ලැබුවත්, භූත විද්යා ව ප්රෙගුණ කරණ ථෙරවාදීහු දැනුදු බොහෝ සිටිත්.

වෛතුල්යබය නිසා ‍අප රටේ භික්ෂු න් අතර බොහෝ අරගල ඇති විය. සිය ගණන් විහාර බිඳ වැටිණ. මෙය වූයේ වෛතුල්යෂය අපිරිසිදු නිසා වත්, ථෙර වාදය පිරිසිදු නිසා වත් නො වෙ යි. දෙපක්ෂෛයේ උනුන් අතර පැවති මාත්සර්ය්ය නිසා යි. මේ දෙපක්ෂනය නිතර ම තැත් කෙළේ තම පක්ෂකයට රජුනුත් හරවා ගැනීමටයි. ථෙර වාදීන්ට බලය ලැබුණු කල වෛතුල්යළයන්ගෙනුත්, වෛතුල්යායන්ට බලය ලැබුණු කල ථෙරවාදීන් ගෙනුත් පලි ගැනීමට මේ දෙපක්ෂයය තැත් කව කවා සිටි බව ඉතිහාසයෙන් පෙනේ. රජ වරු අවස්ථාවත් කාලයත් බල බලා යම් කිසි එක් පක්ෂායකට බැඳි හෝ මධ්යජස්ථව වැඩ කළහ.

බැවහාරතිස්ස කල පොත් ගිනි ලැවීමෙන් ථෙරවාදීන් කළ විනාශයට වඩා විනාශයක් මහසෙන් රජ කාලයේ වෛතුල්යැයන් නිසා සිදුවිය. ඉතා සමර්ථම භූත විද්යාකධාරීයෙක් වූ සංඝ මිත්රම නම් භික්ෂුයව රජු පහදවා ගෙන, මහා විහාරය ඇතුළු විහාර 360 ක් පමණ කඩවා දැම්මේ ය. කලින් සිටි ගොඨාභය රජු කාලයේ වෛතුල්ය් යන්ට කළ නින්දාවට පලි ගත් හැටි තමා ඒ.

වෛතුල්ය්ය නිසා ලංකාවට වූ ලාභ ගැන ද අප සලකා බැලිය යුතුයි. වෛතුල්ය් පොත් පත් ලියා තුබුණේ සංස්කෘත භාෂාවෙනි. ඒ ධර්මකය මෙහි පැතිර යෑම නිසා මෙරට ජනයාට සංස්කෘත භාෂාව ඉගෙන ගන්නට ලැබුණේය. මහා හින්දුස ග්රටන්ථභ කර්තෘටන් ගේ පොත පත සිංහලයන්ට ඉගෙන ගන්නට ලැබුණේ ඒ හේතුවෙනි. කාලිදාස භවතුති මාඝ ආදින්ගේ ග්රේන්ථත ආශ්ර ය නිසා සිංහල සාහිත්යනයට වූ ලාභය අප්ර.මාණ යි.

ආයුර්වෙ දය තවමත් සිංහලයන් විසින් ගරු කරන වෛද්ය් ක්ර මයකි. එය අපට ඉගෙන ගන්නට ලැබු‍ණේ ද මහා යාතිකයන් නිසා ඉන්දි‍යාවෙනි.

නක්ෂඉස්ත්රුය අප රටේ දහස් ගණනකගේ ජීවනොපාය සලසා දෙන්නෙකි. එය ද අපට ඉගෙන ගන්නට ලැබුණේ මේ සංස්කෘත ආශ්රකය නිසා යි.

නිඝණ්ටු - අලංකාර - ඡන්දස් ආදී ශාස්ත්රා ද මේ නියායෙන් අපට ලැබුණු බව සලකන විට මහායානයට කෘතඥ නො වී නො හැකි යි.



42 එළිදරව්ව

වෛතුල්ය භික්ෂූඥන්, ථෙරවාදීන්ට වඩා දක්ෂ ලෙස පොත පත සම්පාදනය කළ බව පිළි ගත යුත්තකි. උතුරු ඉන්දිදයාවේ තුබුණු නාලන්දා වික්රයමශීලා ආදී විද්යාපලයයෝ වෛතුල්යන ශාස්ත්රද ශාලාවෝ ය. එහි ඉගෙනීමට සිංහල භික්ෂූින් ගිය බවට නිසැකව ශාක්ෂිෝ තිබේ. අශ්වඝොෂ, නාගාර්ජුන, ආදී මහා පඬිවරයෝත්, බුද්ධ, ජන්ම, දිව්යාතවදාන ආදී ග්රුන්ථරත් වෛතුල්ය යන්ගේ දක්ෂ් කම අඳුන්වන ලකුණු යි. ඉන්දියාවේ පැතුරුණු කීර්තයතියක් ඇති ව සිටි තර්කි විශාරද ආර්යඬදෙව භික්ෂුයව වෛතුල්යද ධර්ම ය පිළිගත් සිංහල භික්ෂුටවකි. අප රටේ ගෞරවයෙන් සලකන මිලින්ද ප්රශශ්නය වෛතුලයන් විසින් නිපදවුවකි. ඔවුන්ගේ විශාරද කම දැන ගැනීමට මේ පඬිවරු ද ග්ර්න්ථන ද ප්රුමාණ වත් වේ.

‘ලෝවැඩ සඟරා’ නම් සිංහල කාව්ය අප හැම බෞද්ධයාම පාහේ කියවා ඇත. කොතරම් රමනීය ධර්මාංවවාද ද එහි ඇත්තේ! විදාගම මෛත්රි ය හාමුදුරුවන් ලෝවැඩ සඟරාව නම් කළේ සද්ධම්මොපායනය නම් පොත ආශ්ර යෙනි. සද්ධම්මොපායනය වනාහි ශාසනයෙහි උකටලී වූ භික්ෂු‍වක් උදෙසා අභය ගිරි විහාරයේ ආනන්දා නම් භික්ෂු ව විසින් ලියන ලද්දකි. අභය ගිරිය වෛතුල්යි පාර්ශයවයට අයත් ස්ථානයක් බව ප්රීකට කරුණකි. වෛතුල්යිය බුද්ධාගමට පරම සතුරු ධර්මවයක් නොව, යම් යම් මත භෙද නිසා වෙනස් වූ බුද්ධ ධර්ම යේ ම ශාඛාවක් බව දැන් අප තේරුම් ගත යුතු යි.

වෛතුල්ය භික්ෂූුන් වීර ක්රිමයාවන්හි ද පසු බට වී නැත. ලංකාවෙන් චීනයට බුද්ධාගම ගෙන ගියේ ඈත අතීතයේ සිටි ධර්මව ගුප්ත නම් වෛතුල්ය නිකායේ මෙහෙණින්නාන්සේ ය. මේ ආදියෙන් පෙනෙන්නේ වෛතුල්ය වාදීන් ථෙරවාදින්ට වඩා සූර වීර ක්රි යා කලාපයක් අනුගමනය කළ බව යි. ________________________________________

9 වෙනි පරිච්ඡෙදය සිරිසඟබෝ රජ කාලය

තුන් වන ශත වර්ෂයයේ සිදු වූ සිහි කටයුතු කරුණු කීපයකි මෙහි සඳහන් වන්නේ, විජයිඳු නම් රජ අනුරාධ පුරයේ රජ පැමිණි ළඟදී ම එතුමා ළඟ රාජ කාරිය සඳහා කුමාරවරු තිදෙනෙක් අනුරාධ පුරයට පැමිණිය හ. ඔවුන් ගේ ගම මහියඞගන ප්රකදේශයේ යි. මහියඞගනය නම් දැන් බිම් තැන්න ය යි නම් කරන පළාත යි. සංඝතිස්ස, සංඝ‍බොධි, ගොඨාභය යන මේ තුන් දෙනා ලම්බකර්ණන ගෝත්රයයේ කුමාරවරු ය. රාජ සේවයට පැමිණි නො බෝ දිනකින් ම කුමන්ත්රතණ කර, විජයිඳු රජු මරා සංඝතිස්ස කුමාරයා රජ ‍කම ලබා ගත්තේ ය.



9 වෙනි පරිච්ඡෙදය 43

මේ සංඝතිස්සගේ රාජ්යෙ කාලය අවුරුදු හතරකි. ඔහු දඹ කෑමෙහි ලොල් වූවෙකි. නගරයෙන් නැගෙනහිර ප්රිදෙශයට ඒ සඳහා නිතර නිතර යෑම මේ රජුගේ සිරිත විය. නිතර නිතර රජ කෙනෙකු යම් පළාතකට යන්නට වීම ඒ පළාතේ වැසියන්ට මහත් හිරිහැරයකි. රජුට ආවතේව සඳහා වැසියන් කාලය මිඩංගු කළ යුතු හෙයිනි. මේ හිරිහැරය කොතෙකුත් දරා ගන්නට නො හැකි ගම් වැස්සෝ, දඹ වලට විෂ දමා රජුට කැවුහ. එයින් ඒ රජු මළේ ය.

ඉන් පසු රජ වුයේ සංඝ බොධි කුමාරයා යි. ලංකාවාසීන් අතර සිරිසඟබෝ නමින් ප්රජසිද්ධ වූයේ මේ රජ තුමා යි. අපේ ඉතිහාසයෙහි සඳහන්, ඉතා ම ධාර්මික රජ, මෙතුමා බව සිහි කට යුතු යි. මේ රජුගේ ගුණ යහපත් කම ඉතිහාසයෙහි පමණක් නොව සාහිත්යෙ පොත් වලත් බොහෝ සෙයින් වර්ණමනා කර තිබේ. අත්තනගලු විහාර වංශය නම් පොත ලියන ලද්දේ මේ රජුගේ ජීවන චරිතය මුල්කොට ගෙන යි.

මේ කුමාරයාට ශිල්ප ශාස්ත්රො උගන් වන ලද්දේ ත්, ඔහු ආරක්ෂාඉ කරන ලද්දේ ත් ඔහු ගේ මාමා වන නන්ද නමැති මහාස්ථවිර කෙනකු විසිනි. ඔහු රජ වීමට හේතු සම්පත් ඇති බව ජන්ම පත්රියෙන් දැන ගත් නන්ද මහා ස්ථවිරයන් විසින්ම, ඔහු අනුරාධපුරයට පමුණුවා කලින් රාජ සේවයෙහි යෙදෙන්නට සලස්වන ලදි. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ අකාල මරණයට පත් වූ හෙයින් මොහුගේ රාජ්යකකාලය පැවැත්තේ අවුරුදු දෙකක් පමණි. මෙතුමා රජ වන බව ජන්ම පත්රුයෙන් දැන ගත් හාමුදුරුවන්, ඒ රාජ්යය කාලය අවුරුදු දෙකකින් නිම වන බවත් දැන ගත්තා දැයි නො දනිමු.

ඒ කොයි හැටි වුනත් මේ සුළු කාලය තුළ ලංකාවේ වැදගත් සිදුවීම් කීපයක් ම විය. මෙතුමා රජ පැමිණි ළඟදීම වාගේ ලංකාවේ මහත් නියඟයක් ඇති විය. රජ තුමා පෙහෙවස් සමාදන් වී රුවන්මැලි සෑ මිදුලට ගොස් ගොස් “වැසි දියෙන් මා ඉල්පෙන තුරු නො නැගිටිමි” යි අධිෂ්ඨාන කොට නිදා ගත්තේය. අධිෂ්ඨානය, සත්යලක්රි යාව ආදියෙහි මහත් බලයක් ඇතිබව මේ අවධියේ මිනිසුන්ගේ විශ්වාසයක්ව තිබුණු බව පෙණේ අධිෂ්ඨාන බලයෙන් විශාල වැස්සක් ඇතිවුණ නමුත් තමා ඉල්ප නොගිය හෙයින් රජ තුමා නො නැගිටියේය. ඇමතියන් සෑ මිදුලේ අගල් අහුරා වතුර පිරෙන්නට සැලැස්සුවායින් පසු යි එතුමා නැගී සිටියේ. නියගින් වූ විපත මෙසේ මැඩ පවත්වා වැඩිකලක් යන්නට පෙර තවත් විපතක් පැමිනිය. එනම් රක්තාක්ෂිඩ නම් යකකු පැමිණ මිනිසුන් මරන්නට පටන් ගැනීමයි. මේ යකු දුටු මිනිස්සු ඇස් රතු වී උණ රෝගයක් හැදි මැරෙන්



44 එළිදරව්ව

නට පටන් ගත්හ. ගම් කීපයක් මෙසේ විනාශ වන විට මේ බව රජුට සැල විය. රජ තුමා සිල් සමාදන් ව, රකුසා තමා කරා පැමිණෙන ලෙස අධිෂ්ඨාන කළේය. රකුසා පැමිණි කළ, ඔහු කරන විපත ගැන ඔහුගෙන් විභාග කර, ඔහුට ඉන් වලකින්නට අවවාද කළේය. “ස්වාමීනි, අපි මිනීමස් කන වර්ගටයක් වෙමු. ඔබ වැනි ධාර්මික උතුමකුගේ රටකට පැමි‍ණත් කුස ගින්නෙන් ඉන්නට වුණොත් එය ලොකු අපරාධයක් නොවේ ද? එහෙයින් මගේ ආහාරයට එක් පළාතක මිනිසුන් භාර දෙන්න, නැත්නම් දින පතා මිනිස් බිල්ලක් බැගින් වත් දෙන්නැ” යි යකා යාඥා කළේය. අනුන් බිලි දෙන්නට නො හැකි බව කියා රජතුමා තමාගේ ඇඟ මස් රකුසාට දෙන්නට සූදානම් විය. රකුසා බිය පත් ව, එය ප්රරතික්ෂෙයප කොට, රට වැසියන් නො පෙ‍ළන බවට ද පොරොන්දු වී යන්නට ගියේ ය. තමා බිලි වී රට විපතින් මුදා ගන්නට ඉදිරිපත් වීමෙන් මෙ තුමා ගේ කරුණා වන්ත භාවය මැනැවින් පෙනෙයි. මේ රකුසාගෙන් ගම් හතක් විනාශ වුණු බවත්, සියනෑකෝරළයේ කැන්දලියද්ද පාළුව, සියඹලා පාළුව, නාරන්ගොඩ පාළුව, සූරිය පළුව, පාළු ගම, ආදි ගම් ඒ නිසා නම් ලද බව ත් මුඛ පරම්පරාවෙන් අසන්නට ලැබේ. රාගම, බෙම්මුල්ල, යකුන්කෙළිය, ආදී ගම්මානවල් ද මේ ප්ර්වෘත්තියට ඈඳී තිබේ.

මෙතුමා අපරාධ කරුවන් හික්මවීමට යෙදූ ක්රි්යා පිළිවෙළ පසුව තමාට ම විපතට කරුණු විය. සොරුන් අල්ලා ගෙන ආ කල රජතුමා ඔවුන්ට අවවාද කොට භාණ්ඩාගාරයෙන් වස්තුව දී රහසින් පිටත් කර හැර සොහොනින් මෘත ශරීර ගෙන්නා පුළුස්සා, සොරුන්ට දඬුවම් කළ හැටියට මහජනයා අතර ප්ර කට කෙළේය. රජුගේ මේ කරුණාව, සාහසිකයන්ට ලොකු වාසියක් විය. ඔවුහු වඩ වඩා සොර කමට පෙළඹුණාහ. සොරුන්ගේ ගණන ද වැඩි විය. තමාත් රජ වෙන්නට ඕනෑයයි සිතා සිටි, මෙතුමා සමග ම ආ ගෝඨාභය කුමාරයා මේ ප්ර්ස්ථාවයෙන් ප්රරයෝජන ගත්තේය.

හෙතෙම නුවරින් පිටත් ව උතුරු දෙසට ගොස්, සොර පිරිස එකතු කොට ගෙන සිරිසඟබෝ රජුට විරුද්ධව සටනට ආයේ ය. රජකම නිසා දෙදෙනකු සටනට පැමිණීමෙන් නිරපර‍ාධ මිනිසුන් රාශියක් විනාශ වන බව දත් සඟබෝ රජ, ගොඨාභයට රජකම ගන්නට ඉඩ ඇර කිසිවකුට නො දන්වා නුවර දකුණු දොරටුවෙන් පිටත් විය. ඔහු සියනෑකෝරළේ අත්තන ගල්ලේ වනයට පැමිණ තපස් ජීවිතයක් ගත කරන්නට අදහස් කළ නමුත්, වැඩි දවසක් එසේ ඉන්නට ඉඩ ලැබුණේ නැත.

පහසුවෙන් ම රජකම ගත් ගොඨාභය කුමරු සඟබෝ රජ නැවතත් ඒයයි සිතා ඔහු මරවන උපායක් කල්පනා කොට, සිරිසඟබෝ රජුගේ හිස ගෙනා කෙනකුට මසුරන් දහසක් තෑගි දෙන බව ප්රබසිද්ධ


9 වෙනි පරිච්ඡෙදය 45

කළේය. මේ ප්රගතිඥාව ඇසූ බොහෝ දෙනා සඟබෝ රජු සොයන්නට පටන් ගත්හ. එතුමා දකුණු දෙසට ආ හෝඩුවාව දැනගත් ඒ පළාත් වල වැසියන් අතර මේ කලබල වැඩි වැඩිව දියුණු විය. මෙසේ රජු සොයා වල් වැදුණු එක් දුප්පත් මිනිසකුට අත්තන ගලු වනයේ තපස් වෙසින් සිටි රජු මුණ ගැසුණේය. එහෙත් ඔහු ඒ රජු බව නො දැන, තපස් වරයෙකැයි සිතා, තමා ගෙන ගිය බතින් කොටසක් පිළිගැන්විය. තවුසා සංග්රයහ විඳි ඉක්බිති, රටේ තොරතුරු ගැන ඒ මිනිසාගෙන් විචාළේය. ඔහු අනුරාධ පුරයේ තත්වහයත්, ගොඨාභය රජුගේ ප්රිතිඥාවත් කී කල, සිරිසඟබෝ රජු නම් තමා බවත්, තමාගේ හිස ගෙන ගොස් දී ගොඨාභය රජුගේ තෑග්ග ලබා ගැනීමට ඔහුට පුළුවන් බවත් කීවේ ය. වඳින්නට ගිය දෙවියන් ඉස්සරහට ආවාක් මෙන් දුගියා ඊට බොහෝ සතුටු වෙන්නට ඇත. එහෙත් ඔහු රජුගේ හිස කැපීමට බියවූ බවත්, රජු පෙරහන්කඩයෙන් ගෙල වටේ දිය රේඛාවක් ඇඳ කෙස් වලින් අල්ලා උස්සා, ඉස ගලවා දුගියාගේ අතේ තිබූ බවත් අත්තන ගලු වංශය කියයි. මහා වංශයෙහි මේ සිද්ධිය එතරම් පැහැදිලිව කියා නැත. එහි සඳහන් වන්නේ, රජු ඒ දුගියා නිසා මළ බව පමණි. ඒ කෙසේ වුවත්, සිංහල බෞද්ධයන් බොහෝ දෙනාගේ විශ්වාසය, සිරිසඟබෝ රජු සිය අතින් ම හිස ගලවා දුන් බවයි. මේ විශ්වාසයෙන් අපේ ඉතිහාසයට වන ලොකු හානියක් නැත. ඇරත් අද්භූත ප්රාවෘත්ති ඇසීමට කැමැත්තන්ගේ ප්රී තියටත්, ශ්රිද්ධාවන්තයන් ගේ ශොකාකූල කරුණාව දියුණු වීමටත් මේ කීම උපකාර වෙ යි. එහෙයින් මේ අදහසට පළුද්දක් කිරීමට අපි කැමති නො වෙමු. එහෙත්, අපේ වෑයම සැක තැන් විවේචනය බැවින් මෙය එබඳු තැනක් බව සඳහන් කටයුතු යි.

දුගියාට ඉස කපා ගන්නට රජු කැමැත්තෙන් ම ඉඩ හැරියා විය හැකි යි. ධාර්මික රජකු බැවින් ප්රුමාණය ඉක්මවා ගිය කරුණාවන්තයකු බැවින් ඔහුට එබඳු පරිත්යා ගයක් කිරීම අමාරුවක් නො වෙයි. දුගියා වනයට පැමිණියේ, මේ කාරණය නිසාම බැවින් රජු නො කැමැත්තෙන් වුවත් ඉස කපා ගන්නට තැත් කරනවාට අනුමානයක් නැත. “රජු සියතින් ම ඉස ගලවා දුන්නේ ය” යන කථාව මුලින් ම ඉපද වූ තැනැත්තා මේ දුගියා ම විය නොහැකිද? එය ඔහුගේ ආරක්ෂාිව උදෙසා කියන ලද්දක් විය නොහාකිද? ඔහු එසේ නො කීවේ නම් නිරපරාධ රජ තුමකු මැරූ ඔහු අනුන්ගෙන් මැරුම් කනවා ඇති. එක්කෝ වස්තු ලොභ සාහසිකයන් ඔහුගෙන් ඒ ඉස උදුරා ගන්නවා ඇති.

ගොඨාභය රජුට හිස ගෙන ගොස් දුන් විට, ඔහුට එය අඳුනා ගත නො හැකි වූ බව ත්, එහි දී හිස අහසට පැන නැගී සාක්ෂින කී බව ත් අත්තනගලු වංශයේ වැඩි දුරට ත් සඳහන් වෙයි.



46 එළිදරව්ව

කුඩා කල පටන් එක්ව වැඩුණු මිත්ර යා ගේ හිස ගොඨාභය විසින් අඳුනා නො ගැනීම පුදුමයකි. ඇතැම් විට, කපා දෙතුන් දිනක් ගත වී ඉදිමී විකෘත ව තුබුණු බැවින් අඳුනා ගැනීම දුෂ්කර විය නො හැකි නො වෙයි. එහෙත් එය කථා කළ බව විශ්වාස කිරීම විවේචනය කළ යුත්තක් නොවේ.

සිරිසඟබෝ රජුගේ චරිතයෙන් උපුටා ගත හැකි ගුරුකම් රාශියක් තිබේ. නිහත මාන බව සැහැල්ලු පැවතුම් ඇති බව, අල්පෙච්ඡ බව, අනුන්ට හිරි හැර පැමිණෙනුවාට නො කමැති බව ආදිය ඒ ගුණධර්මගයි. සත්පුරුෂ ධර්මිෂ්ඨ මනුෂ්යනයකු වශයෙන් උසස් කොට ගිනිය හැකි නමුත්, රජකු වශයෙන් එතුමන්ගෙන් රටට වූ උදාර මෙහෙයක් කිය නො හැකි යි.

මේ යහපත් මනුෂ්යවයා මැරීමට අනුබල දුන් ගොඨාභය රජු ජීවිතාන්තය දක්වා ම හෘදය වේදනාවෙන් පෙළෙන්නට ඇත. ඔහු එහෙයින් බොහෝ සිද්ධස්ථාන තනා ආගම දියුණුවට වැඩ කළේය. විශෙෂයෙන් ම අත්තනගල්ල විහාරාරාමයන්ගෙන් පොෂිත කළේය.

ගොඨාභය රජුගේ කාලයේ වෛතුල්ය වාදය නැවතත් උත්සන්න විය. රජ තුමා, වෛතුල්යල පොත් පත් විනාශ කර ඒ මහණුන් රටින් පිට දැම්මේය. එසේ පිටුවහල් කළ එක් භික්ෂුයවකගේ ගෝලයෙක් වන සංඝ මිත්රහ, කාවිර පට්ටනවේ සිට ලංකාවට පැමිණ රජු රවටා ගෙන ඔහුගේ දරු දෙදෙනාට ඉගැන්වීම භාර ගත්තේ ය. ඒ දෙදෙනාගෙන් බාලයා වූ ම‍හසෙන් කුමරු, තමන්ගේ අදහසට නමා ගන්නට ඔහුට හැකි විය. ගොඨාභය රජුගේ අභාවයෙන් පසු, වැඩිමල් පුත් දෙටුතිස් රජ වූ පසු, සංඝමිත්රග පිට රට ගොස් මහසෙන් කුමරු රජ වූ පසු නැවතත් මෙහි ආයේ ය. එසේ පැමිණි ඔහු රජු ලවා මහත් විනාශයක් කරවිය. ථෙරවාදීන්ගේ විහාර 360 ක් පමණ බිඳ ලැවීය. ථෙරවාදීන්ට දානයක් පවා නො දෙන හැටියට රජු ලවා ආඥා පතුරුවා ඔවුන් අනුරාධ පුරයෙන් පිට මං කරවා ලීය. ථෙරවාදීන්ගෙන් පලි ගන්නට ඔහු තනන උපායයන් ක්රිුයාවේ යෙදූ මේ රජුට විරුද්ධව කැරැල්ලක් හටගත්තේය. මේ කැරැල්ලේ නායකයා වූයේ, රජුට ඉතා හිතවත් ව සිටි මෙඝ වර්ණාතභය නම් ඇමැත්තෙකි. යුද්ධ භූමියේ දී මේ රජ - ඇමැති දෙදෙනා මුණ ගැසී සාකච්ඡාවක් වී රජ තුමා වරද පිළිගෙන නැවත එබඳු අපරාධ නො කරන ලෙස ගිවිසියෙන් කැරැල්ල නැවතිණි. රජ තුමා බිඳවූ විහාර ප්රවතිසංස්කරණය ‍කළේය. මෙයින් සංඝමිත්රල ‍ගේ බලය පිරිහිණි. රජුගේ බිසෝ කෙනෙකු විසින් සංඝමිත්ර මැරැවිණි. රජුගේ ක්රිගයා පටිපාටියට විරුද්ධ පිරිසක් මාලිගය ඇතුලේ පවා සිටි බව මින් පැහැදිලි වෙයි. සංඝ මිත්රපගේ අනුචරයෝ ද වැසියන්



9 වෙනි පරිච්ඡෙදය 47

අතින් මැරුම් කෑහ. මේ කාලයේ වෛතුල්ය - ථෙරවාද දෙපක්ෂවයටම ඇල්ම කල බලවත් දෙපිරිසක් සිටි බව මින් මනාව පෙනේ.

මේ ආරවුල් සංසි‍ඳීගන යද්දී මහසෙන් රජ, ජේතවනාරාමය නම් ප්ර සිද්ධ විහාරස්ථානය තැනෙව්වේ ය. අනුරාධ පුරයේ තිබෙන විශාල දා ගැබ් තුනෙන් දෙවැන්න වූ, මේ විහාරයට අයත් දාගැබත්, විශාල පෙදෙසක පැතිර සිටි ගොඩනැගිලි වල නටබුනුත් රුවන් මැලි සෑය අසල ඊට පෙර දිගින් දක්නා ලැබේ. රජුගේ ක්රිවයා සූරත්වයට මේ නටබුන් සාක්ෂි දෙයි. බුදු රජුන් ගේ පටී ධාතුවෙන් සතරඟුල් කැබෙල්ලක් ශක්රූයාගෙන් ලබා ගෙන මේ චෛත්යෂයේ නිදන් කළ බව සඳහන් ව තිබේ. නිධානොත්සව වේලාවේ දී ශක්රතයා පටී ධාතුව ගෙනැවිත් රජුට පෙනෙන්නට අහසෙහි එල්ලා ගෙන සිටි බවත් ලොකු කොටසක් කපා ගන්නට සිතා රජ, කඩුව රැගෙන අසූ රියනක් උඩ පැන ගැසූ නමුත් කපා ගන්නට ලැබුණේ සතර අඟලක් පමණ බවත් කියනු ලැබේ. රජ මේ විහාරය පිදුවේ සාගලික නිකායයේ භික්ෂූ න්ට යි. සංඝමිත්රේ ආදීන් මළ නමුත් මේ රජ අවසානය තෙක් ම මහා විහාර පක්ෂ‍යට ලැදිව නොසිටි බව මෙයින් පෙනෙයි.

මේ රජු සදානුස්මරණය වන්නේ අන් හැම දෙයකට ම වඩා මැව් තැන වීමෙන් රට සුභික්ෂය කරවූ තැනැත්තා වශයෙනි වළගම්බා රජ ලෙන් විහාර තැන වීමෙහි යම් සේ ප්රි ය කෙළේ ද, භාතිය රජු මල් වැවීමෙහි යම් සේ ප්රිේය ‍කළේද, මහසෙන් රජු වැව් තැනවීමෙහි එ සේ ම ප්රිෙය කෙළේ ය. මොහු විසින් තැනවූ වැව් රාශියකි. ඉන් විශාල ම වැව් මින්නේරිය යි අක්කර සාරදහසකටත් වඩා විශාලවූ මේ භාරදූර කර්මා න්තය කරවූ රජුගේ ධෛර්යරය ත් එකල සිටි ශිල්පීන්ගේ දක්ෂ් කමත් ගැන පුදුම නො වී නොහැකි යි. ලංකාව සුභික්ෂ කිරීමෙහි ප්රදධාන මාර්ගසය වශයෙන් සලකන වර්තීමා‍න මින්නේරි ගොවි ජනපද ව්යා පාරය රඳා සිටින්නේ ද මේ වැවේ උපකාරය පිටයි. එහෙයින් ලක්වැස්සෝ මහසෙන් රජුට හැම කල්හිම කෘතඥ විය යුත්තෝ ය.

බොහෝ සෙයින් ජලය හිසවූ තමන් කඩු පළාතට මේ වැව නිසා වූ ශාන්තිය අප්රජමාණ ය. එහෙයින් පළාත් වැස්සෝ මේ රජුට මින්නේරි දෙවියෝය යි නම් කළහ. රජු මළ පසු එතුමන් නමින් දේවාලයක් ද තනා පුද සත්කාර කරන්නට වූහ. තවමත් ඒ පළාත් වැස්සෝ, හත්රජ්ජුරුවෝ, මින්නේරි දෙවියෝ ආදී නම් වලින් මේ රජු අදහති. මේ දෙවියන්ගේ හාස්කම් මේ තාක් පවතින බව වැසියන් ගේ විශ්වාසය යි. එහෙයින් ඔවුහු අවුරුදු




48 10 වෙනි පරිච්ඡෙදය

පතා නො වරදවා දේව පූජා කරති. මහසෙන් රජු මෙසේ පිදුම් ලැබීමට හොඳට ම සුදුස්සෙකි. හාස්කම් නැතත් මින්නේරි වැව තිබෙන තුරු මේ රජුගේ නම නො නැසෙයි. ________________________________________

10 වෙනි පරිච්ඡෙදය පස් වන ශත වර්ෂරය

පස්වන ශත වර්ෂෂය ලබන විට රජ පැමිණ සිටියේ කීර්තිමත් වෛද්යුවරයකු වූ බුද්ධදාස රජුගේ පුත්රල උපතිස්ස කුමාරයායි. උපතිස්ස රජ බොහෝ නිහතමාන බොහෝ කරුණාවන්ත රජ කෙනෙකි. එතුමා ගේ කාලය ගෙවුණේ පින්කමින් ම යි. මෙතුමාගේ කාලයෙහි අත්තන ගල්ලේ දී සංඝයා වහන්සේ නමක්, අහස පොළව ගුගුරුවා රහත් වූ බැව් සඳහන් වෙයි. ඉන් පසු රහත් නමක් ගැන සඳහන් නො වන හෙයින් මේ ලංකාවේ විසූ අන්තිම රහතුන් වහන්සේය යි විශ්වාස කළ හැකියි. ලක්දිව අන්තිම රහතුන් වහන්සේ මලියදේව ස්ථවිරයන් වහන්සේ යයි මිනිසුන් අතර විශ්වාසයක් පවතින හෙයින් උපතිස්ස රජ කාලයේ රහත් වූයේ උන්වහන්සේ යයි සිතිය හැකියි.

උපතිස්ස රජ, බිසොව අතින් මැරුම් කෑය. බිසොව, රජුගේ මලණුවන් වූ, එවකට මහණ වී සිටි මහානාම කුමරු නිසා සිය හිමියා මැරුවාය. මහානාම සිවුරු ඇර තම සහෝදරයා මැරූ බිසොව සරණ පාවා ගෙන රජ විය. ඔහුත් බොහෝ පින් කම් කළ රජෙකි. උපතිස්ස රජු මෙන් ම මොහුත්, ථෙරවාද - වෛතුල්යව දෙපක්ෂමයට ම සත්කාර සම්මාන කළහ. මේ කාලයේ වෛතුල්යා පක්ෂුයත් ථෙරවාදීන් මෙන් ම බලවත් ව සිටි බව මෙයින් පෙනේ.

පාහියන්, බුද්ධඝොෂ යන ප්රයසිද්ධ අමුත්තන් දෙදෙන ලංකාවට පැමිණියේ මේ රජුගේ කාලයේ යි. මුලින් ආයේ පාහියන් භික්ෂූුන් වහන්සේ යි. චීනයේ පීකින් නුවර අසල ජාන්ගාන් නම් ගමේ සිටි උන්වහන්සේ මහා වීර පුරුෂයෙකි. චීනයේ බටහිර බලා ගමන් කොට භයානක කාන්තාර කඳු, හෙල්, ගංගා වනාන්තර ආදිය පසු කරමින් නො සිතිය හැකි තරම් දුෂ්කර මාර්ග්යකින් ඉන්දියාවට පැමිණ එහි කලක් සැරි සරා ලංකාවට ද ආයේ ය. පාහියන් පැමිණියේ ආගමික පොත් පත් සෙවීමට යි. මහායානිකයකු බැවින් උන්වහන්සේ ලක්දිව විසුම් ගත්තේ අභයගිරි විහාරයේ බැවින් ඒ අදහස වඩාත් ස්ථිර වෙයි. දැවුරුද්දක් පමණ මෙහි නැවතී සිට පොත් පත් රාශියක් සපයා ගෙන ජාවා රට ඔස්සේ චීනයට ආපසු ගිය එතුමා ස්වකීය ගමන් විස්තරය ද ලියා තැබීය. එය අගනා ඉතිහාස ග්රුන්ථ්යක් සේ දැන් ලෝකයාට ප්ර යෝජන වත්ව පවතී. ලංකාව ගැන ද ප්රාමාණවත් විස්තරයක් එහි සඳහන් වෙ යි.


එළිදරව්ව 49

සියැසින් දැක ලියූ කරුණු එහි ඇති හෙයින් එකල ලංකාවේ තොරතුරු දැන ගැනීමට අපට එයින් ලද හැකි ප්රඇයෝජනය කුඩා නො වෙයි.

පාහියන් භික්ෂුනව ගේ පැමිණීම ගැන කිසිවක් ලංකාවේ පුරාණ සාහිත්යට ග්රින්ථ එකකවත් සඳහන් නො වෙයි. එතුමන්ගේ ලංකා ගමනය ගැන දැන ගන්නට ලැබුණේ මෑත භාගයේ ඉංගිරිසියට පෙරළූ වන පොත්වලිනි. අපේ පොත්වල මේ වැදගත් අමුත්තා ගැන සඳහන් නොවීමට හේතු දෙකකි. එකක් නම් මේ භික්ෂු ව පොත් පත් සෙවීමටත් - උගෙනීමටත් ආ විදෙශිකයෙකු වශයෙන් විනා අද දක්වන ගෞරවය මෙන් ගෞරවයක් - ප්රතසිද්ධියක් නැති අප්රනකට කෙනෙකු වශයෙන් සිටීම ය. අනෙක නම්, ඔහු ප්රතසිද්ධ කෙනෙකු වශයෙන් සිටියත් මහා යාතිකයකු බැවින් එබන්දන්ට ගරු සැලකිලි දැක්වීමට එකල අපේ ග්රින්ථ කර්තෘැන් සැදී පැහැදී නො සිටීම ය.

මහානාම රජු කල පැමිණි අනෙක් අමුත්තා අප අතර අතිශයින් ප්රකකට යි. එනම් දඹදිවින් පැමිණි බුද්ධඝොෂ ස්ථවිරයන් වහන්සේ යි. මුන්වහන්සේ විසින් කළ ආගමික ග්ර්න්ථ සංඛ්යා්ව බොහෝ යි. මිහිඳු තෙරුන් වහන්සේගේ කාලයේ සිට ලංකාවේ තුබුණු සිංහල අටුවා පොත් මාගධි භාෂාවට පෙරළුවේ මුන්වහන්සේයි. උන් වහන්සේ ගේ මේ ක්රිවයාවෙන් ආගමට මහත් සේවයක් සැලසුණු අතර, සිංහල සාහිත්යහයට වූයේ නො පිරිමැසිය හැකි හානියක් බව ද කිය යුතුයි. සිංහල අටුවා පොත් හා වෙනත් දහම් පොත් අභාවයට යෑමටත් කලක් යන තුරු සිංහල භාෂාව නොනැගිටීමටත් එය හේතුවූ හෙයිනි.

බුද්ධ ඝොෂ තෙරුන් වහන්සේ ගේ ප්රිඥා ශක්තිය මහාවංසයේ කුඩා කථාවකින් දැක්වෙයි. උන්වහන්සේ අනුරාධ පුර මහා විහාරයට පැමිණ, අටුවා කරන්නට තමා පැමිණි බව සඞඝයා වහන්සේට සැළකළ සේක. සඞඝයා වහන්සේ, උන්වහන්සේගේ තරම විමසීමට,

“ අන්තොජටා බහි ජටා - ජටාය ජටිත පජා තං තං ගොතම පුච්ඡාමි කො ඉමං විජටයෙ ජටං”

යන ගාථාව දී ඊට අටුවා ලියන්නට කීහ. බුද්ධඝොෂ ස්ථවිරයෝ ඊට අටුවා වශයෙන් ත්රි පිටකයට අළලා විශුද්ධි මාර්ග ය නම් ප්රරශස්ත ග්රයන්ථනය කළහ. පොත නිමවා සඟ මැදට ගෙන යන්නට පෙර දෙවියන් එය අන්තර්ධාජන කළ බැවින්, දෙවනු පොතක් ලියන්නට උන්වහන්සේට සිදු විය. එය ද දෙවියන් විසින් සැඟවූ හෙයින් උන්වහන්සේ තුන් වැනිව ත් පොතක් ලියූ හ. එය සඟ මැදට ගෙනා කල දෙවියෝ සැඟවූ පළමු පොත් දෙක ද ඉදිරිපත් කළහ. පොත් තුන ම, පදයෙන්

4

50 10 වෙනි පරිච්ඡෙදය

අර්ථ යෙන්, වාක්යියෙන් යටත්පිරිසෙන් අකුරකින් පවා වෙනසක් නැතිව එක සමානව තිබුණු හෙයින් වහා සඞඝයා‍ වහන්සේ සැක නැතුව සිංහල අටුවා පොත් උන්වහන්සේට භාර දුන්සේක. උන්වහන්සේ ද ඒවා මාගධියට පෙරළා අටුවා පොත් රාශියක් නිම කළහ.

පාහියන් ලංකාවෙන් ගෙන ගිය විමුක්ති මාර්ගවය නම් මහායාන ග්ර න්ථ යක් චීන භාෂාවට නගා තිබී දැන් ඉංගිරිසියට පෙරළා තිබෙන බව ත්, එය මේ විශුද්ධි මාර්ගායට සම්පූර්ණයෙන් සමාන බවත් සැළව තිබෙ යි. එය සැබෑ නම් බුද්ධ ඝොෂ ස්ථවිරයන් වහන්සේ විමුක්ති මාර්ගනය විශුද්ධි මාර්ගයයට පෙරළීමේ ගෞරවය ලැබිය යුත්තා බවත්, එකසේ විශුද්ධි මාර්ගව තුනක් ලිවීම ආශ්චර්යමයක් නො වන බව ත් කිය යුතු යි. උන් වහන්සේ අති දක්ෂා පඬිවරයෙකු බව නම් පිළිගත යුතුයි. පැවිදිවීමට කලින් ම ත්රි.වේද පාරප්රාාප්ත බ්රාරහ්මණ පඬිවරයෙක්ව සිටි හෙයිනි. අටුවා කථාවන්හි, සමහර තැනෙක හින්දු සමයානුගත යම් යම් විස්තර තොරතුරු සඳහන් වීමට හේතුව උන්වහන්සේ ගේ ඒ පාණ්ඩිත්යාය යි.

මහානාම රජ මෙතුමා උදෙසා‍ වෙහෙරක් තනා දී මෙහි වසන තුරු මනා කොට සංග්ර හ කෙළේය. අට‍ුවා නිමා වූ පසු උන්වහන්සේ නැවතත් දඹදිවට වැඩි සේක.

මහානාමගෙන් පසු රජ වූයේ, ඔහුගේ දෙමළ බිසොවගේ පුත් සොත්ථිගසේන කුමාරයා යි. රජ පැමිණි දින රෑ ම ඔහු මහානාම රජුගේ දියණිය වූ සංඝා කුමරිය විසින් මරා දමන ලදි. ඔටුන්නේ හිමි කමට මව් පක්ෂ යේ වැදගත් කම ද සලකන සිරිතක් එ කල තුබුණු බවට මෙය ශාක්ෂිඔයකි.

මීට පසු රජ වූයේ සංඝාටගේ ස්වාමි වූ ඡත්ත ගාභක කුමාරයා යි. ඡත්ත ගාහක නමින් දක්වන්නේ, රාජකීය නිලයකි. එනම් රජුගේ සේසත භාරකාර කමයි. මෙය ආදී ලංකාවේ තුබුණු උසස් තනතුරක් බව ත්, එය උසුලන ලද්දේ රාජ වංශිකයන් - විශෙෂයෙන් ම රජුගේ කිට්ටුවර නෑයන් විසින් බවත් මේ ඡත්ත ගාහකයේ රජ වීමෙන් හැ‍ඟේ.

ඡත්ත ගාහක රජ අවුරුද්දකින් මළේය. ඇමතියෝ මේ බව පිටතට නො දන්වා ඇතුළු උයනෙහි ම ආදාහනය කරවා මිත්සෙන් නම් තැනැත්තකු රජ බවට පත් කළහ. මිත්සෙන් රාජ වංශිකයකු විය හැකියි. එහෙත් ඔහු ප්රතසිද්ධව සිටියේ සොරකු වශයෙනු යි. සොරෙකු වූ නමුත් රජ බව ලබන්නට තරම් බලයකු ත් උපාය ශක්තියකුත් ඔහුට තිබුණාට අනුමාන නැත. පසු ගිය කාලයේ අප්පගතිස්ථානයේ අමනුල්ලා රජු පළවා, බවාසැකෝ නම් හොර


එළිදරව්ව 51

දෙටුවකු රජ කම ගත් බව අපි අතිමු. එසේ හෙයින් මේ සිද්ධිය අවිශ්වාස කිරීමට හේතුවක් නැත. මිත්සෙන් රජුගේ බල මහිමය දක්වන පුවතක් ඉතිහාස ග්රාන්ථේවල පෙනේ.

ඡත්තගාහක රජු මළ බවත්, අමුත්තකු රජ ව සිටින බවත් කනින් කොනින් දැන ගත් නගර වැස්සෝ සැණකෙළි දිනක මාලිගය කරා රැස්ව, “අපේ රජු ජීවත් ව ඉඳින් නම් අප සමග සැණකෙළියට අව මැනවැ”යි ඝොෂා කළහ. එපිට මිත්සෙන් රජ සැණකෙළියට සැරසී, වාසල ළඟට පැමිණ ඇතු ගෙනෙන ලෙස ඇමැතියන්ට විධාන ‍කළේය. ඇමතියන් මගුලැතු සරසා ගෙනා කල, “මේ ඇතා මට සුදුසු නැතැ”යි බැහැර කරවා, ගඩොලින් තනා තුබුණු විශාල ඇත් රූපයක් දෙසට අත දිගුකොට “තෝ මට පිට නො දෙන්නෙහිදැ?” යි ප්රාශ්න කෙළේය. එවිට ගඩොළු ඇතා දුවැවිත් රජුට පිට දුන්නේ ය. රජු ඌ පිට නැග නුවර පැදකුණු කොට මාලිගාවට ආහ. මේ විෂ්මය ජනක ප්ර වෘත්තිය, රජු කෙරෙහි වැසියන් පහදවන්නට කළ යම් කිසි ප්රරයෝගයකින් පැන නැගුණු එකකැ යි නො සැලකිය යුතුද?

මේ කාලයේ රට අතිශයින් දුර්වුල ව තිබිණි. ඒ බව දැන ගත් පඬි රටේ ද්රසවිඩ නායකයෝ සත් දෙනෙක් යුද සෙනගක් හා පැමිණ මිත්සෙන් රජු මරා රජ කම ගත්හ. ගඩොළු ඇතුන් එළවන්නට තරම් බල මහිමයක් ඇතිව සිටි මිත්සෙන් රජුට මේ ද්රදවිඩ නායකයන් එළවන්නට නොහැකි වූයේ ඇයි දැයි ප්ර්ශ්න කරන්නට කෙනෙකු නැති හෙයින් අපි නිශ්ශබ්ද වෙමු.

පාඩි දෙමළුන්ගේ ආංඩුව අවුරුදු 27 ක් පමණ පැවැතුණේය. නැවතත් රට මුදා ගත්තේ ධාතුසේන නම් කුමාරයෙකි. ධාතුසේන කුමාරයා මහානාම නමින් ප්රාසිද්ධව එකල අනුරාධ පුරයේ සිටි ව්ය ක්ත ස්ථවිරයන් වහන්සේ ගේ බෑනා කෙනෙකි. ඔහු මෞර්යධ වංශයේ කුමාරයෙකි. රාජ බලය ඇතිව සිටි දෙමළුරාජ වංශිකයන් සොය සොයා මරණ හෙයින් මහානාම තෙරහු, මේ කුමාරයා තමා ළඟ පැවිදි කරවා ගන සිටියාහ. උන්වහන්සේ මේ කුමරු රජ බවට සුදුස්සකු වන සේ පුහුණු කරවූ සේක. මහානාම ස්ථවිරයන් මහා ව්යදක්ත පඬිවර‍යකු මෙන්ම දේශපාලනයෙහි සෑහෙන තරම් හුරු බුහුටි කෙනෙකු වශයෙන් ද ගිනිය හැකියි. නන්දා මහ තෙරුන් විසින් පුහුණු කළ සිරිසඟබෝ රජුගේ රාජ්යැයට වඩා සේන රජුගේ රාජ්ය ය වැසියන්ට හිතවත් වූ බැවින් එසේ කිය යුතුව තිබේ.

ඒ කෙසේ වුවත් ධාතුසේන කුමරු මහත් පින් බල සහිත මහත් ඉවසීම සහිත කෙනෙකු බව කුඩා කාලයේ ම පෙනිණි. දිනක් එක් පැවිද්දෙක් ධාතුසේන සාමනේරයන්ගේ හිසට ‍කසල භාජනයක් හැළූ නමුත් සාමනේරයන් ඔහු කෙරෙහි කිසි කෝපයක් නො කොට


52 10 වෙනි පරිච්ඡෙදය

ඉවසා සිටි බව දැක මහ තෙරුන් වහන්සේ ඔහු කෙරෙහි වඩාත් පැහැදුලෙ‍ුණ් පසු කාලයක සතුරු බිය ළං වනු දුටු මහ තෙරුන් වහන්සේ ධාතුසේන සාමනේරයන් රැගෙන මායා රටට දක්ෂිුණ දෙශයට පැමිණ එහි ප්ර්ධානීන්ට ඔහු අඳුන්වා දුන්හ. සිවුරු හළ ධාතුසේන කුමරු බළ පිරිස් රැස් කොට ගෙන අනුරාධපුරයට ගොස් තිරිතර, දාඨිය, පීඨිය, යන දෙමළ රජුන් තිදෙනා සමග වරින් වර සටන් කොට ඔවුන් මරා රජ කම ලබා ගත්තේය. දෙමළුන් නිසා කලක් තිස්සේ පිරිහී තුබුණු රට සශ්රිජක කරන්නට ධාතුසේන රජ විසින් කළ යුතුව තුබුණු වැඩ බොහෝයි. එතුමා වෙහෙර රාශියක් තැනැවීමෙන් ආගමේ දියුණුවට බොහෝ උත්සාහ ගත්තේය. විජිත පුරය අසල අව්කොන විහාරය නමින් දැනට ප්රෝසිද්ධ කලා ගල් විහාරය මේ රජුගේ කෘත්යවයන්ගෙන් එකකි. තැන් තැන් වල අරොග්යතශාලා තැනැවීමෙන් මෙ රජ මිනිසුන් සුඛිත කළහ. මේ රජ කළ මහත් ම රාජ්යය සංග්රැහය නම් විශාල වැව් 18 ක් බැඳවීමයි. විජිත පුර අසල තිබෙන අක්කර 4400 කටත් විශාල වූ කලා වැව ද මේ රජුගේ කෘත්යකයකි. දැනට කරත්ත පාරක් වශයෙන් පාවිච්චි කරන මයිල හතරක් පමණ දික් වූ විශාල වෑකන්දත් අනුරාධපුරයේ තිසා වැව ආදී වැව් වලට කලා වැවෙන් ජලය සපයන මයිල 54 ක් පමණ දික් වූ යෝධ ඇලත්, මේ වැව මෙන් ම එකල සිංහල ශිල්පීන්ගේ දක්ෂීකම් පෙන්වන කර්මායන්ත යි.

ධර්මව ග්රලන්ථ්යක් වශයෙනු ත්, සාහිත්යී ග්රපන්ථරයක් වශයෙනු ත්, ඒ දෙකට ම වඩා, ඉතා ප්ර්ශස්ත ඉතිහාස ග්රතන්ථපයක් වශයෙනුත් පිළිගත යුතු මහාවංශය රචනා කරන ලද්දේ ද මේ රජුගේ මයිලණුවන් වූ ඉහත සඳහන් කළ මහානාම ස්ථවිරයන් විසිනි. උන්වහන්සේට එය ලියන්නට ලැබුණේ මුල පටන් මහසෙන් රජු තෙක් පමණක් හෙයින්, ධාතුසේන රජුගේ තොරතුරු අපට දැනගන්නට ලැබෙන්නේ පසුව සිටි ග්රයන්ථධ කර්තෘොන්ගෙනි.

ධාතුසේන රජුගේ මරණය වූයේ අතිශය සංවෙගදායක ක්රතමයකිනි. මේ රජුට පුතුන් දෙදෙනෙකු හා දුවක් වූහ. පුතුන් දෙදෙනා බිසෝවරුන් දෙදෙනෙකුගේ යි. වැඩූ මහල් කාශ්ය ප කුමරුගේ මව අන්ය්තර බිසොවකි. අග බිසොවගෙන් ලත් පුතා මුගලන් නමි. රජතුමා දරු ‍තිදෙනාට ම එක සමාන ව ප්රේවම කෙළේය. හෙතෙම සිය දියණිය සහෝදරියගේ පුතුට ඇවැස්ස බෑනා‍ට සරණ කර දී ඔහුට සේනාපති තනතුර ද භාර කෙළේය.

දිනක් මේ සේනා පතියා යම් කිසි කරුණක් නිසා සිය බිරිඳට කසයකින් තැළීය. කුමාරි, තැළුම් නිසා පුපුරා වැගුරුණු ලේ සහිත වස්ත්රන ඇතිව පිය රජු වෙත ගොස් තමාට හිමියා කළ අතෝරය කියා සිටියාය. ධාතුසේන රජ කෝපයෙන් උමතුව සේනාපතියාගේ



එළිදරව්ව 53

මව - එනම් සිය සොහොයුරිය අල්ලා නිර්වාස්ත්රන කොට පුළුස්සා මැරෙව්වේය. සේනාපතියා බිරිඳට තළන්නට ඇත්තේ, නැන්දාත් ලේලිත් අතර හටගත් අවුලක් නිසා වෙන්නට ඇති. ඒ කෙසේ ‍වුවත් රජ තමා කළ මේ දඬුවම නම් ප්රසමාණය ඉක්මවූවකි. දුවණියට තමා බෙහෙවින් ආදරය කළ තරමින් ම, සැමියකු විසින් බිරිඳකට තැළීම නිසා සිය සොහොයුරියට මෙතරම් දරුණු දඬුවමක් දීම කල්පනා රහිතව ඉක්මන් වීමෙන් කළ ක්රියයාවක්සේ ගිනිය යුතුයි. කලකට ඉහත කසල බඳුනක් හිසට හැළු කෙනෙකු කෙරෙහි පවා තරහ නොවී ඉවසා සිටි කෙනෙකු මෙසේ කිරීම පුදුමයකි. ඒ පරණ ඉවසීම ප්රාකෘති ගතියක් නොව පන්සලේ සිටි නිසා බැරි කමට ආරූඪ කර ගත් ගතියක් බව නොසිතීමට හේතු නැත.

ඒ කෙසේ වුවත් මෙයින් වූයේ බලවත් විපතකි. සේනාපති තැන. රජු ගෙන් පලි ගැනීමට ක්රෙමයක් කල්පනා කෙළේය. ඔහු කාශ්ය ප කුමරු සමග මිත්රි විය. මව් පක්ෂගයේ අඩුකම නිසා ඔහුට රජය නො ලැබෙන බව කියා බලයෙන් රජකම ලබා ගැනීමට ඔහු පෙළැඹුවේය කාශ්ය ප කුමරු ඔහුගේ බසට නැමී, ඔහුගේ උපකාර ඇනිව පියාට පක්ෂඹව සිටි ප්රකධානීන් රාශියක් මරවා, පියා අල්ලා සිර කර තබා සේසත් නැගීය. ඔහු සමග සටන් නො කළ හැකි මුගලන් කුමරු ඉන්දිුයාවට පලා ගියේය. සේනාපති තැනගේ කෝපය මේ තරමින් සංසිඳුණේ නැත. ඔහුට ඕනෑ කෙළේ රජු මරවන්නටමය. එහෙයින් රජුගේ බොහෝ වස්තුව නිධාන කොට තිබෙන බවත්, ඒවා මුගලන් කුමරු උදෙසා රකින බවත් කියා කාශ්ය ප රජු උසි ගැන්විය. කාශ්යවප රජ සිර ගෙට දූතයන් යවා නිධාන ගැන විමසූ නමුත් එබන්දක් තමා ළඟ නැති බව රජ කියා එවිය. එයින් නො නැවතී නැවත නිධාන ඉල්ලා සේවකයන් යවන විට “මගේ නිධාන ඇත්තේ කලා ‍වැව අසල ය. මා එහි ගෙන ගියොත් ඒවා දෙන්නට පුළුවනැ”යි රජ කීය. කාශ්ය ප රජ සතුටුව පියා සමග දූතයන් කලා වැවට පිටත් කළේය.

ධාතුසේන රජු ගේ නිධානයක් එහි තුබුණේ නැත. ඔහු කල්පනා කෙළේ, තමා ඉතා ආදරය කළ කලා ‍වැවේ ගිලී දිවි හානිකර ගන්නට යි. එහෙත් එතැන දී තම මයිල් මහානාම තෙරුන් හමු වී, උන්වහන්සේගේ අවවාද නිසා ඒ නපුරු අදහස අත් හැර දමා, නිධාන ගෙන යන්නට ආ සේවකයන් අමතා, කලා වැව දෙසට අත දිගු කොට “මේ තිබෙන්නේ මගේ නිධානය තමා ඇර ගෙන පල යල්ලා”යි කීහ. සේවකයන් ආපසු විත් මේ පුවත කාශ්ය ප රජුට කී විට අතිශයින් කිපුණු ඔහු පියා මරන ලෙස සේනාපතියාට අණ දුන්නේය. හෙතෙම ඉතා තුටුව හිරගේ කරා ගොස් රජුට පෙනෙන සේ සක්මන් කරන්නට විය. මොහු මගේ ගත පමණක්




54 10 වෙනි පරිච්ඡෙදය

නොව සිතත් රිදුවන්නට තැත් කරන්නේයයි සිතූ රජ, “කාශ්යමප කුමරුට ත් මුගලන් කුමරුට ත් තොපටත් මම එකසේ ආදරය කරන්නෙමි”යි කීහ. සේනාපතියා, ඒ අසා, “හා! එහෙම ද?” අසන්නකු මෙන් හිස සොලවමින් මඳ වේලාවක් සිට රජු අල්ලා මාංචු ලා නිර්ව“ස්ත්රත කොට බිත්තියකට තබා මැටි ගැස්සී ය. ධාතුසේන රජුගේ සංවේග දායක අවසානය වූයේ මෙසේ යි. ________________________________________

11 වන පරිච්ඡෙදය කාශ්ය ප රාජ සමය

ධාතුසේන රජුගේ සංවෙග දායක මරණය ගැන පසු ගිය පරිච්ඡෙදයේ සඳහන් විය. මෙහි මුලින් ම දැක්වෙන්නේ ඒ රජු මැර වූ ඔහුගේ ම පුතා වන කාශ්ය ප රජු ගැනයි.

ධාතුසේන, දෙමළ සතුරන්ගෙන් රට මුදා ගත් වීරයෙකි. පිරිහී ගිය රට සරු කරන්නට කලා වැව ආදි වැව් 18 ක් බැන්ද වූ ජනහිත කාමියෙකි. ආගම දියුණුවට විහාර 18 ක් තැන වූ උපාසකයෙකි. පොත් පත් ලියවා ශාස්ත්රමය දියුණු කිරීමෙහි උත්සාහ ගත් සාහිත්ය් රසිකයෙකි. මෙතරම් වටිනා රජකු මෙසේ සාහසික ලෙස මැර වූ විට රටවැසියා නොකිපුණේ ඇයි? කාශ්යෙප කුමරුට විරුද්ධව නැගී නොසිටිනේ ඇයි? යන ප්රිශ්න මතු වේ. ධාතුසේන රජුගේ මරණය ගැණ පලි ගන්නට ඉඩක් නැති නිසා ඔහුගේ බාල පුත් මුගලන් කුමරු ඉන්දියාවට ගියේ ය. ඔහුටත් මෙහි සේනා බලයක් නො තුබුණු බව මින් පෙනේ. ධාතුසේන කොතරම් හොඳ රජකු වුවත් ඔහු කෙරෙහි අමනාප වූ බලවත් පිරිසක් මෙහි එකල සිටි බව මෙයින් සැක නැතිවම සිතා ගත හැකියි. ධාතුසේන රජ පැමිණි පසු කලින් දෙමළ ආණ්ඩුවට හිතවත්ව සිටි සිංහලයන්ට බොහෝ ගිරිහැර කෙළේ ය. බොහෝ දරුණු දඬුවම් ද කළේ ය. රටවැසියා ඔහුගේ මරණය ගැන පලි ගන්නට එකහෙළා ම මුගලන් කුමරුට උදව් වෙන්නට ඉදිරිපත් නූනේ ඒ හෙයිනි.

එසේ වූවත් තමා කළ අපරාධය රට වාසීන් සමාදන් වන්නක් නො වන බවත් කවදා නමුත් මුගලන් කුමරු තමාගෙන් පලි ගන්නා පවත් කාශ්යබප කුමරු දැන සිටියේ ය. එහෙත් ඔහු, තම පියාමෙන් තමාට පක්ෂම නො වූ අයගේ සිත් තළන්නට අදහස් කළේ නැත. ඔහු කාගේත් සිත් ගන්නට උත්සාහ කෙළේ ය. වැසියන්ගේ සිත් ‍ගන්නට එකල තුබුණු ඉතා හොඳම මාර්ග ය තමා පින්



එළිදරව්ව 55

කම් කිරීම. කාශ්යනප රජ බොහෝ වෙහෙර පන්සල් කරවා සඟසතු කර පිදී ය. ඉසුරුමුනි, වෙස්සගිරි, දෙ විහාරය අළුත් වැඩියා කර (තම දූන් දෙදෙන නමින්) බෝය උපුල්වන් කසුප්ගිරි විහාරය යයි නම් කර, විශාල ගම් බිම් සහිත ව පිදූ නමුත්, “පියා මැරූ අපරාධකරුගේ පන්සල ය” යි ථෙරවාදී භික්ෂූූන් එය පිළිගත්තේ නැත.

සංඝයාගේ සිත බෙහෙවින් රජු කෙරෙහි කලකිරී තුබුණේ ය. උපාය දක්ෂී රජ, සංඝයා නො පිළිගත් වෙහෙර බුදු පිළිමයට පිදුවේ ය. එවිට සංඝයා බුදුන් සන්තක දේ තමන්ට හිමියයි එහි වාසයට ආහ. පීතෘ ඝාතකයකුගේ දානයක් පිළිගැනීම ගැන චෝදනාවක් වෙතොත් බුදුන්ට මිස, ඒ සංඝයාට නො වන හෙයිනි!

සැහැල්ලු පැවතුම් එනම් චාන් බව, ආඩම්බර නැති බව මේ රජුගේ තිබුණු තවත් ගුණයෝ යි. ඒත්, මිනිසුන් සිත් ගැනීමටම ඇති කරගත් ගුණයක් විය හැකි යි. මෙතෙම සාමාන්ය ස්ත්රිසන් විසින් පිස දුන් දුප්පත් ආහාර පවා භුක්තිවින්දා පමණක් නොව ඊට ස්තුති ද පැවැත්වීමට තරම් නිහතමානව සිටියේ ය.

හෙතෙම ථෙරවාද, ධම්මරුචි, සාගලික ආදී පක්ෂසයන්ට සම සේ කාර කිරීමෙන් මධ්යසස්ථව සිටියේ ය.

මේ රජුගේ වීරභාවය මැනවින් පෙනෙන්නේ සීගිරිය ගැන කල්පනා කිරීමෙනි. සීගිරිය මොහුගේ රාජධානිය යි. අවුරුදු 900 පමණ නො කඩව පැවත ආ අනුරාධපුර රාජධානිය අතහැර මොහු සීගිරියේ වාසයට ආවේ ආරක්ෂාමව සලකා ගෙනය.

රජුන් හැට හැත්තෑ දෙනෙකු විසින් හැදූ - වැඩූ අනුරාධපුරයත් මේ එකම රජු විසින් ගොඩනැගූ සීගිරියත් ගැන සිතනවිට, සීගිරිය උසස් කොට සැලකිය හැකියි. මෙය සමතලා බිමින් කෙලින් ම ඉහළ නැග සිටි අඩි 400 ක් පමණ උස් වූ පර්වයතයකි. ඈත සිට බලන විට “කුරක්කන් පිට්ටු ගෙඩියක” හැඩහුරුකම ඇති මේ ගල පහසුවෙන් නැංග හැකි තැනක් නොවෙයි.

කාශ්යසප රජ ගල වටේ සෝපාන මාර්ගල යොදා සිංහ රූපාකාර දොරවල් තනා ගල මතට නගින්නට පිළියෙල කෙළේ ය. මට සීගිරිය යන නම ලැබුණේ මෙකී සිංහ රූප නිසා යි. මේ සිංහ රූපයක නෂ්ටාවශෙෂ දැනුත් දැක්ක හැකියි. පර්ව තය මුදුනේ මාලිගා ආදිය තැනුවේ ය. පර්වතතයේ හා ඒ හාත්පස රාජකීය ගොඩනැගිලි තනා ඒ ව‍දටා ප්රාතකාර බන්දා නගරය නිර්මිත කෙළේ ය. දෙවැනි ආලකමන්දාවක් මෙන් නගරය ඉදි කෙළේය යි මහාවංශයේ සඳහන් වෙයි. දුටුවන් පුදුම කරවන නටබුන් දේ සීගිරිගේ අදත් දකින්නට තිබේ.


56 11 වෙනි පරිච්ඡෙදය

සිංහල රජකුගේ හපන්කම බැලීමට කැමති අය සීගිරි යා යුතුම යි. රජය මගින් ආරක්ෂා විධි සලසා තිබෙන නිසා දැන් සීගිරි ගලට නැගීම දුෂ්කර නො වෙයි.

මේ රජු වීරයෙක් පමණක් නො ව මහා කලා රසිකයෙක් බවද කිය යුතු යි. සීගිරි ගලේ බෑවුම්වල ඇන්ද වූ ස්ත්රිා චිත්ර රූපවලින් ඒ බව මැන ගත හැකියි. මුලදී මේ චිත්රල රූප 500 ක් පමණ තිබුණු බව සිතිය හැකි නමුත් අව්, වැසි, සුළං හා කාලය සමග සටන් කිරීමෙන් මැකී ගොස් දැනට ඉතිරිව ඇත්තේ ගුහාවක ඇඳි රූප ස්වල්පයක් පමණයි. ඉතා දක්ෂ චිත්රඳ ශිල්පීන් මෙ රට සිටි බවත් ඉතා හොඳ චිත්ර් ශිල්පයක් මෙරට තුබුණු බවත් මේ රූප ස්වල්පයෙන් පෙන්නා දෙයි. දඹදිව අජන්තා චිත්රර සම්ප්රතදායයට නෑකම් කියන මේ චිත්රනයන්ගෙන් එකල දෙරට අතර සම්බන්ධචය ද සිතා ගත හැකියි.

යුරෝපා, ඇමෙරිකාදී රටවල කලාකාමීහු මේ චිත්රත නැරඹීමට දුරු කතර ගෙවා එති. මේවාට බොහෝ ප්ර ශංසා කරති. ඉස් සරත් මේවා නැරඹීමට විදෙශයන්ගෙන් පිරිස් පැමිණි බව සීගිරි කැටපත් පවුරේ යම් යම් අය කළ සටහන් ශාක්ෂි කියයි. මොහු සෞන්දයය්ය්කළ යට මෙතරම් ඇලුම් කළේත් තමා කළ අපරාධය නිසා නිතර විඳින හෘදය වේදනාවෙන් සැනසිලි ලබන්නටත් විය හැකියි.

මෙසේ සීගිරිය ආරක්ෂාඳස්ථානයක් කරගෙන සිටින මේ රජු සමග සටනට දඹදිව ගොස් සිටි මුගලන් පැමිණියේ ය. ඔහු එහිදී නිඝණ්ඨ පිරිසකගේ උපකාර ලැබ යුද පිරිස් සපයා ගෙන ලංකාවට ගොඩ බැස්සේ ය. මුගලන් කුමරු ගොඩ බැස්සේ කොළඹට යයි ද කොළඹ ගැන ලංකා ඉතිහාසයෙහි ප්රිථම වරට සඳහන් වන්මන් මෙතැන යයි ද ඇතැමෙකුගේ කල්පනාවයි. කාශ්යථප රජ තමාගේ බලකොටුවෙන් බැස සහෝදරයා පෙරට යුදට ආවේ ය. කුරුණෑගල අසලදී දෙදෙනා අතර සටන සිදුවිය. රජුගේ පිරිස මුළාවකින් පසු බැස ගියා ය. තමාට පරාජය නියත බව වැටහුණු කාශ්යආප රජ සිරිදා ගෙන සියතින් ම තමාගේ ගෙල සිඳගෙන මළේ ය. සහෝදරයා අතින් මැරුම් කෑමට පවා ලජ්ජා වූ මේ රජුගේ අභිමානය දත් දුටු දුටුවන් අතින් බැනුම් අසන්නටත් - පහර කන්නටත් ලජ්ජා නො වන ඇතැම් සිංහලයන් විසින් සිතා බැලිය යුත්තකි. මුගලන් කුමරු ජය ලබා ගැනීමෙන් සුර රජෙකුගේ පමණක් නො ව අශ්වර්යය රාජධානි‍යකත් අවසානය සිදු විය.

මේ කාල යේ ලංකාවේ ශිල්පීන් හා ශිල්ප ගැන කරුණු දැන ගැනීමට සීගිරියේ නටබුන් උපකාර වෙයි. සීගි‍රියේ තිබී හමුවූ යකඩ හා වානේ ආයුධවල නටබුන් රාශියක් කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. ගොවි උපකරණ, වඩු උපකරණ,



එළිදරව්ව 57

ගෙවල් උපකරණ ආදී සියලුම වර්ගැවල උපකරණ එහි ඇත. සීගිරි කාලයේ ලංකාවේ භාවිතා කළ යකඩ ආයුධ වැනි ඒවා එංගලන්තයේ භාවිත වූයේ ඊට අවුරුදු දාහකට පමණ පසු යයි සටහනකුත් එහි ඇත. අතීත සිංහලයන් ගැන ආඩම්බර වීමට මෙයම කොතරම් වටිනා කරුණක් ද?

පිටරට සමග එකල ලොකු සම්බන්ධියක් ද පැවති බව පෙනේ. විශෙෂයෙන් ම එකල යුරෝපයේ ප්රුකටව පැවති රෝම අධිරාජ්යවය සමග සම්බන්ධආකම් පැවතියේ ය. මීට ඉහත සිටම රෝමය සමග ලංකාව වෙළ හෙළඳාම - ගනු දෙනු පැවැත් වූ බව සැබෑමුත් මේ කාලයේ දී එය වඩාත් දියුණු විය. සීගිරියේ තිබී හමු වූ කාසි 1200 කින් 12 ක් පමණ හැර අනෙක් ඒවා රෝමකාසි යි. රෝමය සමග ගනුදෙනු තිබුණා පමණකුත් නො ව, එ රට කාසි - විශෙෂයක් නැතිව මෙරට ද වළංගුව පැවති බවට මෙය ශාක්ෂිලයකි. මේ රෝම කාසිවලට සමානව තැනූ බොරු කාසි රාශියක් ද දකුණු ලංකාවේ සම්භ වී තිබේ. හොර කාසි තනන කපටි පුද්ගලයන් ද එකල සිටි බව මෙයින් කිය හැකියි.

මුගලන් කුමරුට උදව් පිණිස දඹදිවින් ආ සෙනඟ සිංහලයන්ට හිතවත් ව ක්රිගයා කළේ නැත. එය වැසියන්ගේ දොමනසට ලොකු හේතුවක් විය. සටනින් දිනූ මුගලන් කුමරු අනුරාධපුරයට ගමන් කළේ ය. ස්වාභාවික රක්ෂකස්ථානයක් වූ සීගිරිය එක රජකුගෙන් ම සෑහීමට පත් විය. අනුරාධ පුරයට එන මුගලන් කුමාර පිළිගන්නට සංඝයා වහන්සේ මළු පෙත් මං හැමද මනා කොට හැඳ පොරවා පෙළ සෑදී සිටි බව මහාවංශය කියයි. කාශ්ය ප රජු කෙරෙහි ලොකු අමනාපයකුත් මුගලන් කුමරුගේ මුහුණ ලොකු කිරීමේ මහත් කැමැත්තකුත් උන්වහන්සේ තුළ පැවතියේ ය.

මුගලන් කුමරු සේසත් නැගු ඉක්බිති කෙළේ තම පියාට අහිතවත් ව සහෝදරයාට හිතවත් ව සිටි බලවතුන්ගෙන් පලි ගැනීම යි. ඇමතියන් දහසකට වඩා හිස් කප්පා මැරෙව්වේ ය. බොහෝ දෙනා තනතුරුවලින් ද, ධනයෙන් ද, රටින් ද බැහැර ‍කළේ ය. මේ ක්රිනයා කලාපය කොතරම් බිහිසුණු වී ද කිවහොත් රටවැස්සෝ ඔහුට “රකුසු මුගලන්” යයි නම් කළහ. දෙමළ ආණ්ඩුවට පක්ෂතව සිටියන් මුගලන් රජු විසිනුත් තළන්නට පෙළන්නට වූ ඒ අතීතයේ ලංකා‍වට වූ විපත්තියේ තරම ගැන කණග ටු නො වී නො හැකියි. දුෂ්ට සේනාපතියකුගේ පෙළැඹවීම නිසා, පියා මැරවීමට අනු දන්නා ලද නමුත් කශ්යනප රජු අතින් නම් මෙබන්දක් සිදු වූයේ නැත.




58 11 වෙනි පරිච්ඡෙදය

ඔහු තමා කළ අපරාධය ගැන සිතින් දඬුවම් වින්ද අතර ම අනුන්ට දඬුවම් කළයුතු තන්හි ද ඉවසුවා විය යුතුයි.

මුගලන් රජ ද කාශ්යසප රජු මෙන් ම ථෙරවාදී ආදී තුන් නිකායිකයින්ට ම සත්කාර සම්මාන කළේ සීගිරි ගලෙහිත් විහාරයක් කරවා මහානාම තෙරුන්ට පැවරුවේ ය. මහාවංශය නැමැති සිංහල ඉතිහාස ග්රුන්ථය රචනා කෙළේත් ධාතුසේන රජුට රාජ්යසය ලබාදුන්නේත් මෙ මහානාම තෙරුන් බව සිහි තබා ගත යුතුයි.

මුගලන් කුමරු සමග පරතෙර ගොස්, එහි මහණව සිටි “සිළා කාළ” නම් කුමරුවෙක් කෙශ ධාතුවත් රැගෙන මේ කාලයේ ලංකාවට ආ ය. මේ ධාතුව සම්බන්ධක විස්තර ඇතුළත් කෙශ ධාතුවංශය නැමැති පොතක් ද එකල ලියන ලද නමුත් එය දැන් නාමශේෂව තිබේ. මුගලන් රජු සිළාකාළයන් ගෞරවයෙන් පිළිගෙන ඔහුට ‘අසිග්රාුහක’ තනතුර පැවරුවේ ය. ඡත්රන ග්රාිහක තනතුර මෙන් මෙයද සිංහල රාජාවලියේ ගරු නිලයකි. අසිග්රාුහක යනුවෙන් තේරෙන්නේ රජුගේ කඩුව භාරකාර කමයි. හෙවත් ආරක්ෂගක අමාත්යෙ පදවිය යි. එය ද රාජකීයයන් විසින් ම දැරූ තනතුරකි. මේ තනතුර පමණක් නොව මුගලන් රජු ඔහුට සිය සොහොයුරියද පාවා දුන්නේ ය.

ධාතුසේන රජුට සිටියේ එකම දියණියක් බවත්, සේනාපතියාට පාවා දී, ඔහුගෙන් තැළුම් කා, මහත් විපත් රාශියක් සිදුවුයේත් ඈ නිසා බවත් අපි කලින් කීවෙමු. සිළාකාළයන්ට දෙන ලද්දේ ඈ විය යුතුයි. එකල ඈගේ පෙර සැමියා මළා හෝ ඈ ඔහුගෙන් වෙන්ව සිටියා හෝ විය යුතුයි.

මුගලන් රජුගෙන් ඉක්බිති රජ වූයේ ඔහු පුත් කුමාර ධාතුසේන යි. ඇතැම් සාහිත්යර පොත්වලත් මෑත ඉතිහාස පොත්වලත් මොහුගේ නම කුමාරදාස යයි සඳහන් වෙතත් මහාවංශයේ දැක්වෙන්නේ කුමාර ධාතුසේන යන්නයි. ධාතුසේන රජුගේ සීයාගේ නමත් ධාතුසේන යි. මේ මුනුපුරාගේ නමත් ධාතුසේන යි. එහෙයින් මොහුට ඒ නම පරම්පරාවේ හැටියට තබන ලද්දකි. කුමාර ධාතුසේන ‘කුමදෙස්’ යයි බිඳිය නො හැකි බැවින් මෙය භ්රතමයක් විය හැකියි. මොහු ජානකී හරණය නම් මහා සංස්කෘත කාව්යිය කෙළේය යි ද, කාලිදාස සම් කවියාගේ සොහොනට පැන මළේ යයි ද ජන කථාවක් තිබේ. පැරකුම්බා සිරිතෙහි ද:

“ වෙහෙර දස’ටක් පුරා කරවා දස අටක් මහ වැව් බැ ඳී ව ස ර එකදා බිසව් අබිසෙස් මහණුවම් තෙ මඟුල් යෙ දී ඇ ජ ර කිවියර පිණින් ජානකිහරණ ඈ මහ කව් බැ ඳී කු ම ර දස් රජ කාලිදස් නම් කිවිඳුහට සිය දිවි පි දී ” යනුවෙන් මේ පුවත දක්වයි. එළිදරව්ව 59

මෙය විසඳා ගැනීමට දුෂ්කර ඉතිහාස පුවතකි. ජානකීහරණයෙහි කර්තෘ කුමාරදාස නැමැත්තකු බව එහිම සඳහන් වෙතත් ඔහු රජකු බව නො කියයි. ඔහු සිංහලයකු බවත්, රාජවංශිකයකු විය හැකි බවත් සිතිය යුතුයි. කවියේ සඳහන් කුමාරදාස යයි ගන්නා කුමාර ධාතුසේන දහ අට අවුරුද්දක් රජ කළෙත් නැත. 18 ක් වැව් කළ බවක් සඳහන් ව නැත. එහෙත් මොහුගේ සීයා මුගලන් රජුගේ පියා වන ධාතුසේන රජ නම් අටළොස් වසක් රජ කළබවත්, විහාර 18 ක් කළ බවත්, වැව් දහ අටක් බැඳවූ බවත් ඉතිහාසය ස්ථිරව කියයි. එහෙත් ඔහු කවියකු බව නො කියවෙයි. ජානකිහරණය ධාතුසේන රජු කල අන්ය තර කවියකු විසින් කළ බවත් කල් යාමෙන් පුවත අවුල් වී ගැටළු ජන කථාවක් වූ බවත් සිතිය හැකියි. කාලිදාසගේ කාලයද කුමාරදාස කාලයට වඩා ධාතුසේන කාලයට ගැළපේ. ජානකිහරණ කර්තෘ් තමාගේ කාව්යය නායිකාව වශයෙන් ජානකීය - සීතා ඇදගැන්මට හේතුවක් තිබිය යුතුයි. ධාතුසේන රජුගේ දුවණිය ගේ ක්රියයා කලාපය ඊට තුඩු දෙන ලද්දක් නම්, මේ කාව්යසය කරන ලද්දේ ධාතුසේන කාලයෙහි ම බව ඉඳුරා කිය හැකියි.

මෙයින් පසු ලංකාවේ පරිහානිය ඉක්මන් විය. නැවත ලංකාවේ දියුණුව ඇති වූයේ තවත් වර්ෂප 600 ක් පමණ ගිය පසු යි. ________________________________________

12 වෙනි පරිච්ඡෙදය ආදියේ සිංහල සාහිත්යෙය

මුල් අවධියේ ලංකාවේ භාෂා සාහිත්යනය පිළිබඳ විවේචනයක් ඇතුළත් වෙයි. සාහිත්ය ය ගැන ලොකු උනන්දුවක්, ලොකු පිබිදීමක් අද රටේ තිබේ. සාහිත්යධ සභා, කලා සංගම්, කවි මඩු ආදිය බොහොමයි. සිංහල හෝඩිය ලුහුඬු කරන්නට ද සමහරු කල්පනා කරති. සමහරු භාෂාව ලිහිල් කිරීමට ඕනෑය කියති. තවත් පෙළක් එබඳු කිසි වෙනසක් කළ යුතු නොවේය කියති. මේ කොයිවාත් හොඳ ලකුණුයි. වැඩක් වෙතත් නොවෙතත් සිංහලයන් ප්රා්ණවත් ජනකායක් බව මෙයින් පෙනේ. සිය බස රජයේ බස කරනු වස් මුල් පියවර තබන්නට යන මේ දවස්වල, ආදි කාලයේ මෙරට භාෂා සාහිත්ය යේ තත්වය ගැන සොයා බැලීම සතුටක් විය යුතුයි.

රාවණ ආදී රජුන්ගේ කාලවල ලංකාවේ සාහිත්යෂය ගැන වැඩි දුර යමක් කියන්නට ඉඩක් නැත. රාවණ රජ මහ උගතකු බවත්, පොත් කීපයක් කළ අයකු බවත් සඳහන් වේ. ඔහු කළ නාඩි තන්ත්රක, කුමාර තන්ත්රක, අර්කල ප්ර කාශ ආදී වෙද පොත් දඹදිව දැනුත් භාවිත වන බව කියති. ඒවා සංස්කෘත පොත්, රාවණ රජු විසින් විරචිත යයි සලකන ශිවතාණ්ඩව ‍ස්තොත්රතය ආදී බන්ධනන ද තිබේ.



60 12 වෙනි පරිච්ඡෙදය

ශීවතාණ්ඩවස්තොත්රවය නවන ඊශ්වර දෙවියන්ට තුති පූජා පිණිස කළ කන්කලු පද පෙළකි ඉන් දෙකක් පමණක් මෙහි දක්වමි.

ජටාටවි ගලජ්ජලප්ප්ර්වාහ පෘවිත සථලෙ ගලෙ වලම්බා ලම්බිතා මභුජඞග තුඞග මාලිකාම් ඩමඩ් ඩමඩ් ඩමඩ් ඩමන් නිනාද වඩ්ඩ මව්යං චකාර චණ්ඩ තාණ්ඩ වං තනොතුනඃ ශිවඃ ශිවම්

ජ‍ටා භුජඞග පිඞගල ස්ථුරත් ඵණා මණි ප්ර භා කදම්බ කුංකුමද්රා ව ප්රඵලිපන දිග්වධු මුඛෙ මදාන්ධක සිනුධුරා සුරත්ව් ගුත්තරීය මෙදුරේ මනොවිනො ද මද්භූතං බිහර්ත භූත භතිරී

සිංහල නොවෙතත් මේ පද්යත දෙක කන්කලු බව, ඇසූ පමණින්ම වැටහේ. අර්ත්ථො විමසා බලන කල, මෙහි කර්තෘව ඉතා සමර්ථපයකු බව ඉබේම වාගේ තේරුම් යයි. රාවණගේ සීයා, පුලස්ති, තුන් වේදයේම සමර්ථ ව සිටි බව කියන හෙයින් රාවණාගේ උගත්කම ගැන සැක කළ යුතු නො වෙයි.

රාවණගෙන් පසු අපට ලැබෙන නිසැකවුත්, සැලකිය යුතුවූත් ඉතිහාස සිද්ධිය විජය කුමරුගේ පැමිණීම යි. විජයගෙන් මේ රට සාහිත්ය දියුණුවට කිසි ලාභයක් නුවූයේ ය. රාවණ කාලයේ තිබුණ ඔපයත් එකල නැතිව තිබුණි. පඬුවස් දෙව් කාලයේ කාබේල දේව, පණ්ඩුල ආදී වේද උගත් බ්රනහ්මණ පඬිවරයින් සිටි බව ඉතිහාස පොත්වලින් පෙනෙතත්, එකල සාහිත්ය ය ගැන අනුමාන සාක්ෂිහයක්වත් දීමට නුපුළුවන.

ඉතිහාස ගත හේතු සහිතව අපට මුලින්ම ලැබුණු සාහිත්යිය ලෙස පෙන්විය හැක්කේ පාලි ත්රි පිටක ධර්ම ය යි. දෙවන පියතිස් නිරිඳු කාලයේ ක්රිහස්තු වර්ෂයෙන් යට තුන්වන ශත වර්ෂියේදී එය ලැබුණි. අළුත් ආගම නිසා ලංකාවේ බොහෝ දෙනා මෙය ඉගෙනීමට පෙළඹුණාහ. එපමණක් නොවෙයි. මිහිඳු හාමුදුරුවෝ ඉත ප්රනඥාගෝචර වැඩක් ද කළහ. බුද්ධ ධර්මආය සිංහලයන්ට ඉගැන්වීමට ඉතා හොඳ ක්ර මය සිංහලෙන්ම එය තේරුම් කර දීම බව උන්වහන්සේට ප්රහත්ය‍ක්ෂල විය. ඒ නිසා උන්වහන්සේ තුන්පිටකයට අටුවා කථා සිංහලෙන් ලියූ සේක. මෙය තමා මුලදීම අපේ භාෂා සාහිත්ය්යට ලැබුණු ලොකුම රුකුළ. පාළියෙන් මිස වෙන බසකින් නිවන් දකින්නට බැරිය යි සලකන උදවිය මිහිඳු හාමුදුරුවන්ගේ මේ ක්රි යාව ගැන සිතා බැලිය යුතුයි. උන්වහන්සේගේ මේ ක්රිඳයාවෙන් අපේ භාෂාවට වූයේ අගය නිම කළ නො හැකි ලාභයකි. බොහෝ දෙනා ඒ අනුසාරයෙන් ධර්මප නූගත් සිංහල පොත පත ලියන්නට ඇති. අවුරුදු දෙදහසකටත් පැරණි, එකල ලිවූ පොතක් පතක් අද දකින්නට නැති


එළිදරව්ව 61

හෙයින්, එකල, භාෂාවේ තත්වකය දැන ගැනීමට ඉඩක් නැත. එසේ වුවත් ඒ භාෂා ස්වරූපය අදට වඩා බොහෝ සෙයින් වෙනස් බව දත යුතුයි. මිහිඳු තෙරුන් ලියූ හෙළ අටුවාව අද නැතත් එහි සමහර වචන ‘ධම්පියා අටුවා’ ගැටපදයේ සඳහන් වන බැවින් තිස්ස රජු කාලයේ භාෂා ස්වරූපය යම් තමින්නමුත් සිතා ගන්නට අපට පුළුවනි. වෙස්සගිරි, කෝනීගල ආදී තන්හි ගල් ලිපිත් මීට උදව් වේ. “නගපුත දෙවහ ලෙන, අගත අනගත වතුදිය සගස” යනු එකල එක් සෙල් ලිපියකි. එහි අදහස “නාගයා ගේ පුත් දේවගේ ලෙනයි. පැමිණි නො පැමිණි සිව්දිග සංඝයාටයි” යනුයි. මාගධ වචන ඔවුන් හෙළුවට හුරු වන සේ තනා තිබෙන හැටි මෙයින් පෙනේ. මහාප්රාේණ අකුරු, ගල් අකුරු ගුරු අකුරු, එනම් දික් අකුරු එකල පාවිච්චි නොවූ බවද පෙනේ. භාෂා රූපය පමණක් නොව, අකුරුවල රූපාකාරය ද දැනට වඩා බොහෝ වෙනස් ය. ඒ අකුරුවලට “බ්රා,හ්මී” අකුරුය යි දැන් පඬුවෝ නම් කරති. අල් අකුරු හා දික් අකුරු භාවිතය ඇති වුණේ මීට අවුරු අට සියයකට පමණ පසුව බව පුරාණ ලිපි පරික්ෂාා කිරීමෙන් දැන ගත හැකියි. පොත පතින් නිසැක ශාක්ෂිබ දෙන්නට ඉඩ නැතත් මේ ඈත අතීතයේ සිංහල සාහිත්යනය ප්රබමාණවත් දියුණුවකින් තුබුණ බවත්, එය සම්පූර්ණටයෙන් ම වාගේ ආගම ධර්ම්ය ඇසුරු කළ සාහිත්ය යක් වූ බවත් කිය යුතුයි. වෙන්වී ගිය හිමියාගේ ගමට යනු පිණිස මුහුදේ පීනමින් සිටි හේමා නම් කාන්තාවක් ගැන සද්ධර්මා්ලංකාරයෙහි සඳහන් ව තිබේ. මුහුදේ පිහිනන ඇගෙන් නාගයෙක් මෙසේ ඇසුවේ ලු.

වීචි සතරෙ වෙණ විකිණ්ණො - සලිල මගාධෙ වන්දහ සම වත්තා. තුවමභි රූපා නීල කරක්ඛී ජලධී තරන්ති කාසි තුවං”

තරු මැද සඳක් මෙන් මේ පෙණ බුබුළු මැද දිලෙන මුහුණක් ඇති, නිල් ඇස් ඇති තී කවකේ ද? යනුයි එහි ලුහුඬු අදහස. මීට ඈ දුන් පිළිතුර මෙසේ ය:-

“උරග පතිත්වංන ජීව චීර කාලං - තව වනිතායො සාධු රමන්තු වචන පථං මේ නාග සුණ සම්මා - ජලධි තරන්ති චිත්ත වසභා හං

“නාගරාජය, බොහෝ කලක් දිනේවා! තොප බිරියෝ තොප මැනවින් තළවන්ව.: නාගරාජය, මගේ බස අසව. මම සිතට වසඟව පිහිනම්” යනු එහි සාරාංශයයි. මොවුන්ගේ මේ දෙබස ගාථාවලින් දක්වා ඇත. එය සිදුවූයේ සිංහල කවියෙන් බව නොසිතීමට හේතුවක් නැත. වැඩිදුරටත් නාගයා කථාකරමින් ලංකාවාසීන් කවුරුනුත් පාහේ යම්කිසි ධර්මා කොට්ඨාශයක් දන්නන් බැවින් ඔබත් බණ දන්නවාදැයි ඇසූ විට දම්සක් පැවතුම් සූත්රොය අර්ත්ථැ කථා සහිතව දන්න බව ආ කීවාලු. මේ කථාව අතිශයොකිති සහිතය යි සලකතත් ප්ර මාණවත් ඉගෙණීමක් ඇති ස්ත්රිැන් පවා එකල සිටිබව සිතා ගැනීමට බාධාවක් නැත.


62 12 වෙනි පරිච්ඡෙදය

ලෝ වැඩ සඟරාවේ තිබෙන,

“ ද හ ම ට සරිකොට එළුවෙන් පෙර කී ක වි ය ට සිත පහදා සිට නිසැ කී සිහිකොට කඳ පිළිවෙළ දොස් නොයෙ කී නි ව න ට සපැමිණි සග සැට නම කී ”

යන කවෙන් කියැවෙන්නේ ධර්මාොනුගත සිංහල කවි වශයක් අසා සැට නමක් සංඝයා රහත්වුණු බවයි. මේ සිද්ධිය වෙන්නට ඇත්තේ වළගම්බා කාලයේ පමණ හෙවත්, ක්රිධස්තු වෂර්යෙයන් ඉහත ප්ර්ථම ශත වර්ෂ්ය හරියේදී විය යුතුයි. සැට නමක් නිවන් පැමිණවූ මේ සිංහල කවි ටිකේ සිද්ධිය ලුහුඬින් මෙසේ යි:-

දිනක් කුඹුරක කුරුල්ලන් එලවමින් සිටිතරුණියක් පිපී තුබුණු නෙළුම් මලක් කඩා ගත්තාය. එහි සුන්දුර තාව ගැන සතුටු වුණු ඈ කවියක් කීවාය. එහායින් කුඹුරේ ගොයම් රකිමින් සිටි තරුණියකට මෙය ඇසී ඈත් කවියක් කීවාය. මේ දෙන්නා මෙසේ කවි හයක් කීය. මේ දෙන්නා මෙසේ තරඟ සිවුපද කියන අතර, පිඬු සිඟායන සංඝයා සැට නමක් ඒ කුඹුර අසල වන රොද පාරෙන් යන්නට ආහ. උන්වහන්සේ කැලෑ රොදේ නැවතී මේ කවි වලට ඇහුම් කන් දුන් හ. එහි ගැබ් වී තිබුණු ධර්මාොනුගත අදහස් කොයිතරම් සාරවත්දැ යි කියතොත් උන්වහන්සේ, ඒ නිමිති කොට ගෙන එතැන දීම කෙලෙසුන් නසා රහත් පලයට පැමුණුනාහ. මේ වාසනාවන්ත සිංහල කවි ටික අද දකින්නට නැත. එහෙත් සිංහලෙනුත් නිවන් දකින්නට පුළුවන් බවත්, මිනිසුන් නිවන් පැමිණවු සිංහල කවි තුබුණු බවත් දැන ගැනීම අපට උදම් වීමට හේතුවකි.

මේ හෙළ කවිවලට වූයේ කුමක්ද? පසු කාලයක පස්වන ශත වර්ෂවය පමණේදී අපට පාළි පිස්සුව හැදුණේය. සිංහල පොත පත පාළියට පෙරළුණේය. මේ කවිවලට ඒ දසාව ලැබුවායින් දෝ සිංහලෙන් නැතත් මේ කවි ටික පාළියෙන් නම් අද තිබේ. ප්රීදති - සංවේගය පිණිස ඒ ටික සඳහන් කරමු. පළමුවන ස්ත්රිනය නෙළුම් මල අතට ගෙන කීවේ මෙසේ යි.

“ පස්සථිමං පදුමං සුමනුඤ්ඤං - පණ්ඩර කෙසර වාරිත කිණ්ණං සාව මිලාන පමද්දති එතා - සොගති තාව පවාති සුගන්ධංණ”

කසාවන් රේනුයෙන් ගැවසුණු ඉතා සිත් කලු වූ මේ පියුම බලව. යම්තාක් කල් නො මැළවෙ ද, ඒ තාක් ම මෙය හොබනේ ය. සුවඳ හමන්නේය.

අනිත් තරුණිය දුන් පිළිතුර මෙසේයි:-

“ එත්ථුව පස්ස ඉම්පි සරීරං - යොබ්බන රූප ධරං සුමනුඤ්ඤං යාව ඡරාන පමද්දති එතං - සොභතිතාව කරොතිව ලීළහං

එළිදරව්ව 63

තරුණ රුවින්හෙබි සිත්කලුවූ මේ සිරුරත් එසේම බලන්න. යම්තාක් ජරාවට නොපැමිණ සිටීද, එතෙක්ම හොබියි එතෙක් ම ලීලා කෙරෙයි.

ප්රැථමයා නැවත:-

“ පස්සශි සස්සරිකං රමණීයං - කොමළපත්ත විභූසිත රූපං සාව මලාන පමද්දති එතං - සොභති තාව‍ වොති සුගන්ධං ”

යන්නද, දෙවැනියා ඊට උත්තර වශයෙන්

“ සුජ්ජති මජ්ජති රූප මදෙන - සොකුසලං නගවෙසති ලොකෙ යාච ජරාන පමද්හති එතං - සොභති තාව කරොතිවලිළ්හං

යන්නද කීවා. ඉන්පසු දෙදෙනා පිළිවෙලින්

“ උට්ඨිත සුච්ත්ත රේණු පවුද්ධං - පීතිකරං භමරෙහි පනීතං යාච මිලාන පමද්දති එතං - සොභති තාව පවාති සුන්ධෙංප “ පාකව ඵුල්ලිත කොකනු දන්තං - සූරියා ලොකා සත්තජ්ජය තෙ එව මනුස්ස ගතොයං සත්තො - ජර‍ා හිවෙගා සත්තජ්ජය තෙ”

යන ගාථාවලට පෙරැළුන කවි කීය. මේ කවි හයෙන් තමා අර සැට නම රහත් වුණේ. මෙසේ නිවන් සුව දුන් නිදහස් සුව දුන් - සොම්නස් සුව දුන් හෙළු කව් කෙතෙකුත් තිබෙන්නට ඇති.

බුද්ධාගම ලංකාවට ලැබුණු ඉක්බිති, ධර්මු සාස්ත්රම ඉගැන්වීම භික්ෂූහන් අතට පත්විය. නානා නිකායවල භික්ෂූ න් අතර හටගත් භෙද නිසා යම් යම් අවස්ථාවල හානි පැමුණුනත් නොකඩව පැවතුණු ශාස්ත්ර් පරම්පරාවක් අපට තිබුණේය. මේ අතර වළගම්බා රජු කාලයේ තුන්පිටකම පොත්වල ලීහ. ඉක්බිතිව පස්වන ශත වර්ෂවය හරියේදී බුද්ධඝොෂ තෙරහු පැමිණ සිංහල අටුවා මාගධියට පෙරළූහ. ඉන් සිංහල සාහිත්යයයට වුණේ ලොකු පාඩුවකි. පාළිය උසස් කොට සලකා එකල, උගත්තු පාළියෙන්ම පොත් කරන්නටත්, සිංහල පොත් පාළියට පෙරළන්නටත් පටන් ගත්හ. පුරාණ සිංහල පොත් අභාවයට යෑමට මේ ක්රිායා පටි පාටිය හේතුවක් විය. එහෙත් හෙළ අටුවාව වැනි පොත් එකවරම නැති නොවී දසවන ශත වර්ෂය වන තුරුත් රැඳී තුබුණු බව පෙනේ.

අපට තිබෙන තවත් පුරාණ සාහිත්යණ ග්රවන්ථ දෙකක් තම දීපවංශය හා මහා වංශය යි. මේ දෙකමත් පාළි පද්ය් රචනායි. ලංකා ඉතිහාසය ඉගෙනීමට මේ දෙකින් ලැබෙන වහල ඉතා බොහෝයි මහා වංශය ලියන ලද්දේ පස්වන ‍ශත වර්ෂනයේදී යි දීපවංශය ඊට කලින් රචනා කරන ලද්දකි. මහාවංශයේ කර්තෘස මෙහි ඉහත පරිච්ඡෙදයක සඳහන් වූ ධාතුසේන රජුගේ මයිලණු වන මහානාම තෙරුන් වහන්සේ යි. දීප වංශයේ කර්තෘග අවිනිශ්චිතයි. මේ පොත් දෙක සංඝ පරම්පරා දෙකකට අයත් බවත් දීපවංශය යටතේ කරන්ට මහා වංශය රචනා කරන ලද බවත් සිතිය හැකියි. 64 12 වෙනි පරිච්ඡෙදය

මහාවංශයට කලින් රචනා කරන ලද, සිංහල, මහාවංසය දළදා වංශය, බෝධිවංශය යන සිංහල පොත් ඊට පසුව ලියූ කේශ ධාතු වංශය මෙන්ම අද නාම ශෙෂව පවතී. ප්රඊථම තුන පාළියට පෙරළන ලදින් අභාවයට ගිය නමුත්, පසු වකි පොත කුමක් නිසා අභාවයට ගියේදැ යි ස්ථිරව කියන්නට නුපුළුවන. ඒ පොත ලියන ලද්දේ වෛතුල්යව මත ගරු කොට ගත් ‍කලෙක තියා එයත් ඒ ගණයෙහිම ලා සැලකීමෙන් විනාශ විය යි සිතන්නට ඉඩ තිබේ.

පළමුවන අග්බෝ රජ කාලයෙහි - එනම් සවන සියවසෙහි සිංහල සාහිත්යඅය බොහෝ දියුණුව පැවතුණි. ඒ කාලයේ සක්දාමල් අසක්දාමල් - දැමි - බැබිරි - දළබිසෝ - අනුරුත් කුමරු - දළගොත් කුමරු - දළසල කුමරු - කිත්සිරි කුමරු - පුරවඩු කුමරු - සූරිය බාහු - කසුප්තොට ඈපා යන මහා කවීන් දොළොස් දෙනකු සිටි බවත් ඔවුන් නොයෙක් පොත් තැනූ බවත් ඉතිහාසය කියයි. ඒ පොත් එතකුත් අද දකින්ට නැතිවීම බලවත් කණගාටුවකි.

මේ කිවීන් අතර රාජ වංශිකයන් කීප දෙනකු වූ බව ඔවුන්ගේ නම්වලින් ම දැනගත හැකියි. පිරිමින් පමණක් නොව මහා කවි ගණයෙහි ලා සැලකූ ස්ත්රී්න්ද සිටි බව ‘දළ බිසෝ’ යන නමින් පෙනේ. එම අග්බෝ රජුගේ බිසවගේ නම ද “දාඨා” හෙවත් ‘දළ’ නම් වූ බව මෙහිදී සිහිකට යුතුයි. මේ මහා කිවිවරිය ඇය නොවිය හැකිද? සිදත්සඟරා සන්නයෙහි නම සඳහන් වන අසක්දා කව මේ කලින් කී අසක්දාමල් කවියාගේ කෘතියක් නොවිය හැකි ද?

අද අපට දකින්ට තිබෙන පුරාණතම සිංහල පොත සියබස් ලකරයි. එය නවවන සියවසේ සිටි සේන රජු විසින් කාව්යාසදර්ශසය නම් සංස්කෘත අලංකාර ග්රනන්ථය සිංහලට පෙරලා ලියූ ගී පොතකි. මීට ඉහතත් සිංහල අලංකාර ග්රනන්ථ තුබුණු බව සියබස්ලකරින් පෙනේ. නමුත් ඒ එකකුත් අද දක්නට නැත.

අතර කාලයේ සිටි ඇතැම් රජුන් සිංහල සාහිත්යනයෙහි බලවත් ඇලුම් කළ බවට ශාක්ෂිස බොහෝ යි. දෙවන මුගලන් රජ, ධර්ම.ය කවියට පෙරලා, ලමයින්ට කැවුම් කන්නට දී ඒ උගන්වා නගරයෙහි කියවූ බව ඉතිහාස ගතව තිබේ.

දශවන ශතවර්ෂටයේ පස්වන කසුප්රජු ලියූ දම්පියා අටුවා ගැටපදය හා ඒ සමීප කාලයේම කිසියම් පැවිදි පඬිවරයකු විසින් ලියූ සිඛවළඳ හා සිඛවළඳ, විතිය අද, ඉතිරිව තිබෙන තවත් පරණ සිංහල පොත්ය. පුරාණ භාෂාවේ තත්ව ය දැනගැනීමට මෙ පොත් බොහෝ උදවු වේ.



එළිදරව්ව 65

මේ කාල පරිච්ඡෙදයේ භාෂා සාහිත්යෙය ගැන දැනගැනීමට සීගිරිකව බොහෝ උපකාර වෙයි. සීගිරි කව් නම් සීගිරිය බලන්නට ගිය ඇතැම් අය විසින් එහි කැටපත් පවුරේ සටහන් කළ කවි යි. 5 – 10 ශත වර්ෂ අතර නා නා කාල වලට අයත් කව් එහි තිබේ. පුරාවිද්යා කොමසාරිස් ආචාර්ය ඇස්. පරණවිතාන මහතා විසින් මේ කවි 400 ටත් වැඩි ගණනක් පිටපත් කරන ලදී. අගය නිම කළ නොහැකි සාහිත්ය සංග්රවහයක් වන මේ පද්යි පඞක්තිය මේ තාක් ප්රිසිද්ධ නොකිරීම සිංහල භාෂා රසිකයන්ගේ මහත් අභාග්ය‍යකි. මහත් අවාසනාවකි. උන්නැහේ මේ කෘත්යෂය කරන ලද්දේ මහත් උත්සාහයකින් බව සැක නැත. ඇතැම් විට එහි අඩු පාඩු ඇති විය හැකි යි. එහෙත් එය ප්ර්සිද්ධ කිරීමෙන් එන ශාස්ත්රඑ සංග්රකහය සුළු පටු නො වෙයි. ආචාර්යහ පරණවිතාන මහතා විසින් රාජකීය ආසියාතික සමිතියේදී කියවන ලද ලිපියකින් උපු‍ටා ගත් සීගිරි කව් දෙකක් තුනක් අසන්නන්ගේ විනෝදය සඳහා මෙහි පළ කරනු ලැබේ.

“ මනකා නොගන්නී - ලයු බැලු සන්දෑ සිහිගිරි වියොවුන් වූ යූ සියොව් - සියොවුන් වතුන් කුම් කියන්නෙයි”

“ මත්බමර වැළ අමළ කමල් ලෙළ යූ හූ මූ ගුමමතී මල් කෙසූර් නමියු කිසුක් ගේ හැ මූ කුමුන්දි වන විද්හෙමින් සරා සිසි රැස් හැ මූ නුයුළැහී අනු නැති එයි තොජනනින් ය මූ “

මේ කවින් අතර කාන්තාවෝ ද සිටියහ. බතී නම් එක් කාන්තාවක් ලියූ කවියක් මෙසේයි.

“ කැලුම් බැලුම් මුත් - සභා මන නැත්තෙන් හය් ලතද් ගල කළ සම ජතිම් - නො තොප අසද් බන්දෙනන්” ________________________________________

13 පරිච්ඡෙදය සිංහල රාජ්යචයේ පරිහානි යුගය

ස වැනි - දස වැනි ශත වර්ෂඅ අතර කාලයේ ලංකාවේ ඉතිහාස තොරතුරු ස්වල්පයක් මෙහි සඳහන් වෙයි. අවුරුදු 600 ක් පමණ වූ මේ කාලය තුළ රජුන් 50 ක් පමණ මේ රටේ රජ කළ නමුත්, ඉතිහාස ගත සිද්ධි අනුව සැලකිය යුතු රජ වරුන් ඇත්තේ ටික දෙනෙකි. මේ කාල පරිච්ඡෙදය තුළ ලංකාව පිරිහී තුබුණු බව සලකා ගැනීමට මෙ කරුණ ම පමණ වේ. අවුරුදු දෙදහස් පන්සියයක් පමණ දික් වූ ලංකා ඉතිහාසයේ අතිශයින් ම දුක්ඛ දායක කාලය, මේ ශත වර්ෂ කීපය යි. ඉනුත් 6, 7 වැනි ශත වර්ෂ වඩාත් අවාසනාවන්තව පැවති බව කිව යුතු වේ. මේ ශතවර්ෂ දෙකේ සිටි රජුන් අතරෙන් සත් 5 66 13 වෙනි පරිච්ඡෙදය

දෙනෙක් සතුරු උපක්රනම වලිනුත් දෙදෙනෙක් සියතින් දිවි නසා ගැනීමෙනුත් විනාශ වූහ. දවස් කීපයක්, මාස කීපයක් හෝ අවුරුදු තුන හතරක් මිස ඊට වැඩි කාලයක් රජ සිරි වින්ද රජුන් ඇත්තේ ඉතා ටික දෙනෙකි. ඔටුන්න උදෙසා උනුත් අතර නිබඳව ම වාගේ සටන් ඇතිවිය.සිංහල කුමාරයන් දෙදෙනකු අතර රජකම් නිසා සටනක් වූ විට දුර්වසලයා උපකාර සොයා ඉන්දියාවට පැන යෑම මෙ කල සිරිතක් විය. මේ මුල අවුරුදු 200 තුළ, මෙසේ ඉන්දිියාවෙන් උපකාර ලබා ගෙන පැමිණි කුමරුවන් හත් ‍අට දෙනෙකු ම නම් කළ හැකියි. වරින් වර ඉන්දියාවෙන් උපකාර පතා යෑම නිසා සිංහල රජුන්ගේ නිවට කමත්, සිංහල රටේ දුර්වනල කමත් ඉන්දිායානුවෝ දැන ගත්හ. මේ උපකාර පැතුයේ ආදි අතීතයේ මෙන් උතුරු ඉන්දියාවෙන් නොව දකුණු ඉන්දියාවේ ද්රතවිඩ රැලෙනුයි. මෙසේ පැමිණි යුද හමුදා ලංකාවටත් ලක් වැසියන්ටත් මහත් හිරිහැරයක් විය. නගර ගම් කොල්ල කෑම් ආදිය නිසා කීප වරක් දුර්භික්ෂත පවා ඇති විය. ඒ තරමින් නො නැවතුණු ඔවුහු උතුරු සම භූමියේ ක්රිම ක්රහමයෙන් තම බලය තහවුරු කර ගත්හ. කල් යෑමේදී ඔවුන්ගේ බලය කොතරම් මහත් වීදැයි ගත හොත්, අනුරාධපුර රාජධානිය සුරක්ෂිගත තැනක් නොවන බව ඇතැම් රජුන්ට පෙනුනි. ඔවුහු සමහරෙක් ද්රරවිඩ අධිපතීන්ට අවනතව රජ කළ හ. ඇතමෙක් වෙන තැන්වල රාජධානි පිහිටුවා ගත්හ. මින් කෙනකු වන 4 වන අග්රුබෝධි රජ පොළොන්නරුවේ වාසයට මුලින්ම ගිය තැනත්තායි. ඒ කාලයේ අනුරාධපුර පෙදෙස ආංඩු කෙළේ පොත්ථිකුට්ඨ නම් දෙමළ ඇමතියායි. පොත්ථ කුට්ඨ ඇමතියා මහ බලවතෙක් විය. තමා ද්රනවිඩයකු නිසා සිංහල ඔටුන්නට හිමිකම් කියන්නට බැරි හෙයින් ඔහු රජ කම ‍ගත්තේ නැති නමුත්, අග්ර බෝධි රජ මළ පසු හෙතෙම හත්ථනදාඨ, දත්ත යන කුමරුවන් දෙදෙනකු පිළිවෙළින් රජ කරවා රූකඩ මෙන් තබා ගෙන තමාට රිසි ලෙස රාජ්යතය කළේය.

මේ කාලයේ සිටි රජුන් සාමාන්යතයෙන් ම දුර්වනල වූ ආත්මාර්ත්ථරකාමීන් බව කිය යුතු නමුත් සුරවීර ගති ඇති කීප දෙනෙක් ද අතරින් පතර සිටියාහ. 2 වැනි මුගලන්, 1 අග්බෝ, මාණවම්ම, 1 සේන, 2 සේන, 5 කාශ්යැප, 4 මිහිඳු, යන රජවරු ඔවුන් අතර ගැනෙති. මේ මුලින් කී මුගලන් රජ උගතෙකි. යුක්තිය ගරු කළ, රට වැස්සාට ආදරය කළ, උතුමෙකි. පියා මළ පසු බැහැර පෙදෙසක සිටි ඔහුට නොදන්වා ඔහුගේ මලණු දාඨප්පභුති රජකම ගත්තේය. මීට විරුද්ධ වූ බාල ම මළණුවන් ඔහු විසින් මැරෙව්වේය. මුගලන් කුමරු මේ අසා රැහැතිව යුදට ඇහ. දෙසෙනග යුදට මූණ ලා සිටි කල, මුගලන් කුමරු දාඨප්පභුති රජුට කථා කොට, “රජකම අයිති කාටදැයි තීරණය කර ගත යුත්තේ අපි දෙදෙනා යි. නිරපරාධ රට වැසියන් ඊට හවුල් කරගෙන මරා දැමීම යුක්තියක් නොවෙයි.




එළිදරව්ව 67

ඒ නිසා සෙනග සටනෙහි. නොයොදා අපි දෙදෙනා පමණක් සටන් කරමු” යි කීය. දාඨප්පභුති මීට එකඟ වූයෙන් ද්වන්ද් යුද්ධයක් ඇති විය. දාඨප්පභුති පැරදී මුගලන් රජු විසින් එපා කියද්දීම සියතින් හිස සිඳ ගෙන මළේය.

1 අග්බෝ රජු කාලයේ මහා කවීන් දොළොස් දෙනකු සිටි බවත්, ඔවුන් විසින් නොයෙක් පොත් තැනූ බවත් ඉහතින් සඳහන් කෙළෙමු. ඒ පොත් පත් අද දකින්නට නැතත් එකල ශාස්ත්රව දියුණුව තිබුණාට සැක නැත.

මාණවම්ම බොහෝ සැලකිය යුතු රජ කෙනෙකි. පියා ථුපාරාමය ආදී විහාර කඩා පැහැර ගත් කෙනෙකු නමුත් මේ පුතා එබඳු දුෂ්ට කම් කළේ නැත. අනුරාධ පුරයේ ප්රගභූ රාජ බලය පතුරා ගෙන සිටි පොත්ථකකුට්ඨ, මහාකන්ද ආදීන්ගේ බලය සිඳ නැවතත් රාජ්ය‍ය යථා ස්ථානයෙහි තැබුවේ මොහු යි. මොහු තරුණ වියේදී දකුණු ඉන්දි්යාවට පැන ගොස් නරසීහ වර්මේන් නමැති පල්ලව රජු හා මිත්රන ව ඔහුගෙන් උපකාර ලබා ගෙන විත් ලංකාවේ රජ කම ගත්තේ ය. මේ කාලයේ දඹදිව පල්ලව අධිරාජ්යනය දියුණුව තිබුණේය. ලංකාවේ පල්ලව ශිෂ්ටාචාරය පැතුරුණේ මාණවම්ම - නරසිහවර්මවන් දෙදෙනාගේ මිත්රකකම මුල්ව යි. මාතලේ පලාතේ නාලන්දේ ගෙඩිගේ විහාරය, ඉසුරුමුනි විහාරයේ, ගලක කොටා තිබෙන අශ්ව හිස හා මිනිහාගේ රූපය ආදිය පල්ලව ශිෂ්ටාචාරයේ ලකුණයි. මාණවම්ම රාජ්යස කාලය අවුරුදු 35 ක් පමණ විය. ඒ කාලය රට නිරවුල් කරන්ටත්, පින්කම් කරන්නටත් යොදා ගත්තේය.

ඊළඟට සඳහන් කළ 1 සේන රජ‍, රජකු වශයෙන් දුර්වකල නමුත් උගතෙකි. සියබස් ලකර නම් පොත තැනුයේ මේ රජු යි. මේ කාලයේ දකුණු ඉන්දි‍යාවේ පල්ලව බලය හීන වී පඬි රජවරු උසස්ව සිටියහ. පඬි රජෙක් ලංකාවට සටනට ආවේය. අනුරාධපුර පෙදෙසේ බලවත්ව, විශාලව, පැතිරී සිටි දෙමළ පිරිස ද ඔහුට එකතු විය. යුද සෙනග සමග පැමිණ සිටි පඬි රජ වෙනුවට ඔහුගේ පිරිස දිවි නොතකා සටන් කළහ. සහෝදරයන් දෙදෙනා යුදට යැවූ මුත් සේන රජ ඉදිරියට ගියේ නැත. මෙයින් මන්දෝත්සාහි වූ සිංහල පිරිස පරාජය විය. සේන රජ රුහුණට පැන ගියේ ය. පඬි රජුට ඇතුන්, මැණික්, ආදී බොහෝ පඬුරු පාක්කුඩම් පිරිනැමුවායින් පසු පඬි රජ ආපසු යන්නට ගියේ ය. සේන නැවතත් අනුරාධපුරයට ආය.






68 13 වෙනි පරිච්ඡෙදය

ලංකාවට වූ මේ නින්දාව මකා දැම්මේ ඉන් පසු රජ වූ 2 සේන රජු යි. මොහු නම් 1 සේන රජුගේ සහෝදරවූ පඩීන් හා යුද කොට වැටුණු කාශ්ය.ප කුමරුගේ පුතෙකි. සියතින් හිස සිඳ ගෙන මළ ඒ කාශ්යනප මෙන් මේ රජුත් නිර්භීත වූ, අභිමානවත් වූ, තැනැත්තෙකි. ඔහු පඬි රජුගෙන් පලිගන්නට සූදානම් වන විට, පඬි රටේ සටනකින් පැරදුණු බඬි කුමරෙක් උපකාර බලාපොරොත්තුවෙන් මෙහි ආවේ ය. සේන රජ වහාම යුද සෙනගක් දී තම සෙනෙවියා පඬි රටට යැම්මේය. සිංහල සෙනඟ පඬි රජු මරා උපකාර සොයා පැමිණි පඬි කුමරාට රජය දී ලංකාවෙන් ගෙන ගිය ‍සාර ධනයත් තවත් බොහෝ වස්තුවත් රැගෙන මෙහි පැමිණියෝය. ‘නීල පටධර’ නම් මිථ්යාස ධර්ම ය ලංකාවේ පැතුරුණේ මේ කාලයේ යි. නීලපටධරය සම්බන්ධප ප්ර වෘත්තිය විනෝදාත්මක කථාවක් බැවින් එය ලුහුඬින් මෙහි සඳහන් කරමු.

මේ ධර්මබය මුලින් ඇතිවුණේ ඉන්දියාවේයි. ලංකාවේ කුමාරදාස රජු සමයේ දඹදිව හර්‍ෂ නම් රජ කෙනෙක් සිටියහ. ඒ රජුගේ රටෙහි දුශ්ශීල වූ, එහෙත් බොහෝ උගත්, බොහෝ ශූර, මහණෙක් සිටියේ ය. ඔහු ගෝලයන් ‍රාශියකව ඉගැන්වූ කෙනෙකි. දිනක් රූ මේ මහණා ගණිකා ගෙයකට ගොස් නිදා හිඳ එළිවන කිට්ටුව පන්සලට ආය. ඔහු අමතක වීමෙන් සිවුර වෙනුවට ස්ත්රීඑයකගේ නිල් රෙද්දක් පොරවාගෙන ඇවිත් විහාරය අමදින්නට විය. තමා පොරවා ගෙන සිටින්නේ නිල් වස්ත්ර යක් බව මතක් වූයේ ගෝලයන්විත් “ස්වාමීනි, මේ නිල් වස්ත්රනය පෙරවූයේ ඇයිදැ?” යි ඇසූ විට යි. ඒ භික්ෂු,ව මුසුන් මිට අල්ලා ගත් ගමන් ම නිල් සිවුරේ ගුණ ගථා දහසකින් කියා ඒ අනුව ධමියක් කළේය. ඔවුන්ගේ රත්නත්රේය ගණිකාව, සුරාව, කාම දෙවයා යන තුනයි.

“ වෙශ්යාග රතනං සුරා රතනං - රතනං දෙවො මනො භවං එතත් රත්නත්රයයං වන්දෙ - අන්යොත් කාම මණිත්රවයම්”

යන ශ්ලොකය එස පහදා දෙයි.

“ නකිං පිබසි දුම්මෙධ - නරකං ගන්තු මිච්ඡසී ලවණොදක සංයුක්තා - සුරා ස්වර්ගෙතථි දුලීහං”

යනුත් ඔවුන්ගේ බණකි. “අයි මෝඩය මක්නිසා නොබොන්නෙහිද? නරකයට යනු කැමැත්තෙහිද? ලුණු දිය කවලම් වූ සුරාව ස්වර්ගියේ පවා දුර්ල භ ය.” යනු මෙහි අදහසයි. මෙය වගාවුනු ධර්මමයක් නොවෙතත්, කලක් යන තුරු එහි ඇලුම් කළ පිරිසකුත් සිටි බව අසන විට, කොතරම් අන්ධව බාලයන් ලෝකයේ ඇද්දැ යි පුදුම සිතේ. සේන රජු කාලයේ නීලපමධර නමින් ලංකාවටත් ගොඩ බෑමේ මේ ආගම ය. ලංකාව කොතෙක් පිරිහී තුබුණත්, මේ තරම් විහිළුවක්, ධර්ම යක් ලෙසින් පිළිගන්නට සැදුණු පැහැදුණු වැඩි පිරිසක් නො සිටි

එළිදරව්ව 59

හෙයින් මේ දහම මෙහි වගා වුණේ නැත. සේන රජ නීලපටධර පොත් පත් ගෙන්නා පුළුස්සා එය එතැනම වඳ කර දැම්මේ ය. මේ පොත් ටික රැකුණා නම් අපට තව ටිකක් වැඩි පුර හිනා වෙන්නට ඉඩ තුබුණි.

5 වන කාශ්යිප රජ හොඳ උගතෙකි. දම් පියා අටුවා ගැට පදය නමින් ඔහු ලියූ පොත ඔහුගේ උගත් කමට සාක්ෂිහ දෙයි. මේ රජුගේ කාලයේ ශාස්ත්රහය, ආගම දෙක හුඟක් දුරට දියුණු විය. සිඛ වලඳ නම් පොත ලියැවුණේ ද මේ වකවානු වෙයි. 5 වැනි මිහිඳුත් සැලකිය යුතු රජෙකි. බොහෝ පින් කම්හි නියුක්ත මේ රජු වැසියන්ට ද හිතවත්ව කටයුතු කළේය. මේ කාශ්යෙප - මිහිඳු දෙදෙනාගේ සෙල් ලිපිවලින් වැදගත් ඉතිහාස තොරතුරු පැහැදිලි කර ගත හැකියි.

බොහොම නරක ‍රජවරු ද මේ කාලය තුළ සිටියහ. දෙමළ භටයන්ට වැටුප් දීමට විහාර දැගැබ් බිඳ ධනය පැහැර ගත් දාඨොප තිස්ස, කාශ්යභප, බේබදු කම නිසා පිරිහී රටත් අවුල්කර අකාලයේ වැනසුණු 3 උදය, 5 සේන, ආදී රජවරු ඔවුන් අතර ගැනෙති.

බොහෝ ගුණවත් රජවරු ද මේ අතර සිටියහ. 4 අග්බෝ රජ කොතරම් ගුණවතෙක් ව සිටියාද කියතොත් ඔහු ආදාහන කළ සෑයේ අළු මිනිසුන් විසින් බෙහෙත් පිණිස තබා ගන්නා ලදී. 8 වැනි අග්බෝ රජ ද එබඳු ගුණවතෙකි. දිනක් ඔහු දාසයකුට දාස වාදයෙන් බැණ, ඒ ගැන පසුතැවිලි ව ඔහු කමා කරවා ගත්තේය. ලංකා ඉතිහාසයෙහි පෙනෙන රජුන් අතරින් ඉතාම මාතා භක්තිය ඇති රජ මොහුයයි කිය යුතු. දිනපතා සිය අතින් මව් නහවා, සිය අතින් හඳවා සිය අතින් කවා පොවා වැඳ සමුගෙන යි ඔහු රාජ සභාවට ගියේ. මෑණියන්ගේ වස්ත්රව සියතින් සෝදා ඒ ජලය ඉසෙහි ලා ගන්නා ඔහු කිසි දිනෙක මවුට පිට පා නොගොස් නො පෙනෙන තෙක් ම පස්සෙන් පස්සට ගොස් වැඳ හැරී යන සිරිත පැවැත්විය.

මේ කාලයේ රජුන් ටික දෙනකු ඇර සියල්ලෝම නො යෙක් පින් දහම් කළහ. නානා ප්ර කාර දාන පූජා පැවැත්තුවාහ. ගම් කුඹුරු පිදීම - තුලා භාරදීම සතුන්ට ආහාර දීම ආදී වැඩ ඉමක් නැතුව කළහ. එක් රජෙක් කිරි වැදුණු කිරිය දහසක කුඹුරු ගොනුන්ට කෑමට දුන් බව කීමෙන් මොවුන්ගේ ඇතැම් පින්කම් වල තරම තේරුම් ගත හැකියි. සීමා රහිත මේ පින්කම් රටේ පිරිහීමටත්, විදේශීය සතුරන් කැඳවීමටත් හේතු විය. දෙමළ කොරුන්ට අසුනුත්, සිංහල කොරුන්ට ගොනුනුත් තෑගි කළ රජ වරු මේ අතර සිටිති. පර දේශීන්ගේ බලය කොතරම් තරව තිබුණේදැයි මැන ගැනීමට එය ද සාක්ෂිෙයකි.



70 13 වෙනි පරිච්ඡෙදය

මේ අතර ලංකාවේ දුර්භික්ෂි භය ද පැන නැගුණි. පිට පිටම යුද්ධ කෝලහාලත් රජ ඇමැති ආදීන්ගේ සීමා රහිත අයථා පින් කමුත් පවතින රටක දුර්භික්ෂර හට ගැනීම පුදුමයක් නොවෙයි. 7 වන ශතවර්ෂධයේ දුර්භික්ෂත භයින් සිය ගණන් භික්ෂූ හු දකුණු ඉන්දියයාවට ගියහ. හියුංසාන් නම් චීන භික්ෂු‍වගේ මාර්ග් විස්තරයෙහි ලංකාව ගැන සඳහන් කර තිබෙන්නේ, ඒ ගිය භික්ෂූ.න්ගෙන් අසා දැනගත් කරුණුයි. සිංහලයන් නපුරු කුඩා මනුෂ්යභ වර්ගරයක් බවත් ඉගෙනීමට ආශා බවත් ඔහුගේ විස්ත‍රයෙහි සඳහන් වේ. බුද්ධාගම ගෙනා මුල් අවධියේ පටන් නොකඩව පැවතුණු මහා පාළි දන් ශාලාවේ දානය නැවැති එවකට අවුරුදු දහයක් පමණ වන බවද හියුං සාන් සඳහන් කළ තවත් පුවතකි. මෙහි තුබුණු දුර්භික්ෂ යේ තරම මෙයින් ද සිතා ගත හැකියි.

ක්ර මානුකූලව රට පාලනය කළ රජකු වශයෙන් 2 දප්පුල ගණන් ගත හැකියි. ආරෝග්යා ශාලා, විශ්රාහම ශාලා, අනාථ ශාලා ආදිය කරවා රට වාසීන්ගේ යහපතට මාර්ගද සැලසූ මේ රජ නීති පොත් තනා ආණ්ඩුව හොඳින් කරගෙන යෑමට උත්සුක වූ බව පෙනේ.

දැනට මායා රට යයි කියන පෙදෙසට ඒ නම ලැබුණේ මේ කාල පරිච්ඡෙදය තුළ යි. කලින් මේ පෙදෙසට තුබුණු නම දක්ෂිනණ දේශය යි. කලා ඔයටත් බෙන්තර ගඟටත් අතර පෙදෙස මීට ඇතුළති. මේ පෙදෙස සිරිතක් වශයෙන් ම ආණ්ඩු කෙළේ ඔටුන්න හිමි කුමාරයා යි. මහාදිවාද යනු ඔහුගේ තනතුරු නමයි. මහාදිපාදයන්ගේ රට - හෙවත් මාපාගේ රට - මායා රටය යි. පසු කාලයේ නම් විය.

මේ කාලයේ සිටි උදාර ගුණවත් වැසියන් කීපදෙ‍නකු ගැන ද සඳහන් කළ හැකි යි. සංඝතිස්ස නම් රජුගේ ඇමතියා ඉන් කෙනෙකි. දළ මුගලන් හා කළ යුදෙන් පැරදි සංඝතිස්ස රජ පුතකුත් ඇමතියාත් සමග මහණ වෙස් ගෙන රුහුණට යෑමට පැන ගියේය. බින්තැන්නේ දී මොවුහු දළ මුගලන්ගේ චරයන්ට අසුවූහ. චරයෝ රජුගේත් කුමරුගේත් ඉස් කපා අළුත් රජුගේ ඇමති කම ලබාගන්නට අවමැනවැයි ඇමැතියාගෙන් ඉල්ලා සිටියහ. “තොපි උමතුවෝද, මගේ ස්වාමියා මරා, ඔහුගේ සෙවණැල්ල ගෙන යෑමට තැත් කරන්නහුදැ’යි අසමින් අගමැතියා රජුගේ මළ කඳ වැළඳ ගත්තේය. කොයි ලෙසකින් වත් නමා ගත නොහැකිවූ චරයෝ ඔහුගේ ද හිස සිඳ හිස් තුනම රැගෙන ගියහ. මේ ඇමතියාගේ රාජ පාක්ෂිුක භාවය කොතරම් දැ යි බලනු මැනවි.




එළිදරව්ව 71

මානවම්ම කුමරුගෙන් පැරදුණු පොත්ථයකුට්ඨ ආරක්ෂානව සොයා ගෙන මේරුකන්දර දෙස එනම් මාතලේ ප‍ළාතේ අධිපතියෙකුගේ ගෙට ගියේය. අභය සොයා පැමිණි මිතුරා පාවා දීම මිත්රක ද්රෝිහී අපරාධයක් බවත් රජුගේ සතුරකු රැකගැනීම රාජද්රොරහිකමක් බවත් සැලකූ ඒ සිංහලයා මේ වැරදි දෙකම නොකොට විෂ අනුභව කොට මළේ ය. මේ සිංහලයාගේ උදාර චරිතය ද සිහි කටයුත්තකි.

3 වැනි දෙටුතිස් රජුගේ ඇමතියා ද මෙසේ සඳහන් කළ යුත්තෙකි. අග්බෝ කුමරු සමග සටන් කර පරාජය ළඟ බව පෙනුණු දෙටුතිස් රජ ඇමතියාට කථා කර “මහණ වී අභිධර්මනය ඉගෙන බණ කියා මට පින් පමුණු වන්නට බිසවට කියව” යි විධාන කොට සිරිය ඇද සියතින් හිස කපා ගෙන මළේය. ඇමතියා ගොස් බිසවට පණිවුඩය කීය. ඈ ද, මහණව අභිධර්ම.ය ඉගෙන පිරිස මැද බණ කියා ආසනයෙන් බැස ඇමතියාට කථා කොට රජු මළ හැටි පෙන්ව”යි කීවාය. ඇමතියා සිරිස අතට ගෙන “‍මෙ සේ හිස කපා සිරිය කොපුවේ ලා ගත්තා” කියමින් තමාගේ හිස කපා සිරිය කොපුවේ ලා ගත්තේය. මෙහෙසිය ළය පැළී මළාය.

"https://si.wikibooks.org/w/index.php?title=එළිදරව්ව_-_iii&oldid=5793" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි