Jump to content

පරිශීලක:කොස්ගොඩ විමලවංශ තිස්ස හිමි

Wikibooks වෙතින්

අමරපුර නිකාය බිහිවූ බලපිටිය අම්බරුක්‌ඛාරාමය

අහුන්ගල්ලෙන් බලපිටියට පා නඟන අපට තවත් වැදගත් විහාරයක්‌ මුණ ගැහෙනවා. ඒ තමයි අඹගහපිටිය අම්බරුක්‌ඛාරාමය. මේ අමරපුර නිකාය බිහිකළ විහාරය. මෙහි නිර්මාතෘ වරයාණන් වහන්සේ වැලිතර ඥdනවිමලතිස්‌ස හාමුදුරුවෝ. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව මතුවූ නිකාය ප්‍රශ්නයක්‌ මත මෙම හිමියන් බුරුමයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරා 1803 වසරේදී ලංකාවට පැමිණ අමරපුර නිකාය බිහිකළ බව කියන්නේ. අඹගහපිටිය සහබන්දු මුදලිගේ උදව් ඇතිව මුදලිවරයාගේ වලව්ව විහාරස්‌ථානයක්‌ බවට පිදුම් ලබමින්. ඒ අඹගහපිටිය වලව්ව අද අම්බරුක්‌ඛාරාමයයි.