පියදාස සිරිසේන නවකථා එකතුව- 02-අෂ්ට ලෝක ධර්ම චක්‍රය i

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

අෂ්ටලෝක ධර්ම චක්‍රය


(ක්‍රි.ව.1916)


සංඥාපනය[සංස්කරණය]

වර්ෂ 1915 දී ඉංග්රී සි ආණඩුව විසින් පනවණ ලද යුධ නීතිය නිසා සිංහල ‍බෞද්ධ ප්ර ධානීන් කීප දෙනෙක් සිරභාරයට ගනු ලැබුහ. ඔවුනතුරෙන් “සිංහල ජාතිය” පත්රදය අයිතිකාර කර්තෘව සිටි පියදාස සිරිසේන මහතා ද කෙනෙකි. බන්ධනාගාර ගතව සිටි කාලයේදී සිරිසේන මහතා අෂටලෝක ධර්ම චක්රනය” නැමැති ග්රාන්ථය ලියා සිංහලයන් ගේ ප්ර යෝජනය පිණිස පසුව ප්‍රකාශයට පමුණුවන ලදි.

එවකට විසූ සිංහලයන් ගේ අත්යතත්ත ප්රයසාදයට පාත්රප වු මේ ග්රශන්ථය නැවතත් ප්රටකාශයට පමුණුවමින් අප විසින් දැන් පස් (5) වැනි වරටත් මුද්රපණය කර සිංහල කියවන්නවුන් ඉදිරියෙහි තබමු.

මේ ග්රින්ථය පිළබද සියඵ අයිතිවාසිකම් අප සතුය.මෙහි ඇතුළත් කිසිවක් උපුට ගැනීම හෝ ‍අන්ය භාෂාවකට පරිවර්තනය කිරීම හෝ නාට්යසයට නැගීම හෝ නීති විරොධි බව සැලකිය යුතුය.


ආරියපාල සිරිසේන

24-2-63

සේනානි

නාවින්න,

මහරගම.


01. පරිච්ඡොදය[සංස්කරණය]

“චද්රදදාස,චන්ද්රයදාස,සෝකයෙන් නො තැවී සිටුව. සොකාග්නියෙන් තැවීමෙන් තොපගේ හෘදය වස්තුව කාෂ්ටක වනු මිස අන්ය ප්රයයොජනයක් නැත්තේය.

‘ක‍ෘතස්යව කරණං නාස්ති - මෘතස්යෙ මරණං න හි පිෂ්ටස්යය පේෂණං නාසිති - ද්විතියේ ක්රි යං න හී’

කළ කටයුත්ත තවත් කරන්නට නැත්තේය. මළ අය මළාමය. ඇඹරු දේ අඹරුවාමය. දෙකෙහි තුනක් නැත්තේමය. පැමිණි දුක පිළිවන් තරම් සැපතට පමුණුවා ගැනීමට හෙවත් ඉවසිල්ලෙන් විද දරා ගැනීමට වඩා අමුත්තක් මේ ප්රණස්තා‍වයෙහි තොපට කරන්නට නැත්තේය”යි ඉතා මිහිරි හඬින් කියන ශබ්දය මකුණන්ගෙන් පීඩා විඳිමින් සිටියා වු මට ඇසුනේය. මගේ කුඩා කාමරය ඉතා ශක්තිමත් දොර යතුරු සහිත එකක් නිසාත් පිරිසිදු අඵත් වාතය ලැබීම සදහා සර්ජිත කර තිබෙන ජනේලයෙහි ලොකු යකඩ පොලු සවිකර තිබෙන නිසාත් කිසිවකුට කාමරයට එන්නට පිළිවන් කමක් නැත. එහෙත් මට ඉහත සඳහන් වචන ප්රටකාශ කළ අය කෙසේ මගේ කාමරයට පැමිණියේ දැයි මම පුදුමයට පැමිණ වහා ම අවදිව වානේ කඳක් වැනි ලී ඇඳ උඩ වාඩි ගත්තෙමි, ඵසේ වාඩිවී කාමරය සෑම තැන ම බැලීමි,පහත් ආදි කිසිම ආලෝකයක් නැති නමුත් කාමරය ඉතාමත් කුඩා බැවින් එහි තුළ කෙනෙක් සිටී නම් මට දැන ගන්නට පිළිවන්කම් තිබුණේය. එහෙත් කැරපොත්තන් මිස වෙන කිසිවකු ‍එහි සිටින බවක් දැන ගන්නට බැරි විය. ඉතාමත් ප්ර යෝජනවත් වු වචන ටිකක් මට අසන්නට ලැබුන නමුත් ඒ කවරෙකු විසින් ප්රාකාශ කරණ ලද දැයි සිතා ගත නොහැකි වු මම එය සිහිනයක් ය යි සිතාගෙන මගේ කිලුටු වු ඇඳ ඇතිරිල්ල නැවතත් ගසා දමා ඇඳ උඩ එලා ගෙන නිදා ගතිමි. මෙසේ නිදා ගෙන මා ඇසු වචනවල අර්ථ සෝනියෝ මනසිකාරයෙන් කල්පනා කරන්නට පටන්ගතිමි. එයින් මට ඇති වු සැනසිල්ල ඉතා මහත් විය. දුක් විඳීම විරපුරුෂයන්ට මිස චපල පහත් සත්වයන්ට පිළිවන් නො වේ. ඒ එසේමැ යි. හණගලට අල්ලන මැණික් දිප්තිමත් වෙති. මැටිගල් කැටයක් හණගලේ ඇල්ලු හැටියේ ම ගෙවී යන්නේ ය. මේ කාරණය සිහි වු මට දුක් විඳිමට පුරුදු



30 අෂ්ටලොක ධර්මම චක්රවය

කිරීමෙන් මටත් වීරපුරුෂයෙක් - මහාත්මයෙක් වන්නට පිළිවනැයි මහත් ප්රිමතියක් ඇති විය. මේ ප්රීෙති සහගත කල්පනා ඇති විමත් සමග ම මට නින්ද ගියේය. සුවසේ නිදාගැනීමට නොහැකි බාධාව ශරීර ගත අසනීප වලටත් වඩා සිතහි පවත්නා නොසන්සුන් ගතිය බව මෙහිදී සිතට ගැනීමට මෙය කියවන්නාට ‍මත්ක් කරමි. මගේ සිත ප්රුසන්න වීමෙන් ලැබු සැප නිද්රානවෙන් දෙ පැයක් ගත වන විට නැවතත් “චන්ද්ර්දාස. චන්ද්රනදාස” කියා කතාකර මෙසේත් කීයේ ය. එම්බල. භාරයාව ගැන නුඹට දුක ද? නුඹේ දරුවන් ගැන දුක ද? නුඹේ සහෝදර බන්දු මිත්රා දින් ගැන දුක ද? නුඹේ ගෙදොර ‍දොර වතුපිටි ආදිය ගැන කනගටු ද? දැනට නුඹ විදින්නා වු දුක ගැන දුකද? එසේ නම් නුඹේ මහත්මයක් නො වේ. මහතුන් ගේ හැටි මෙසේ ය:-

‘අ මි ත ගුණ නුවන යුතු උතුමෝ පබ ඳ අ න ත වෙහෙස ලදුවත් නොම වෙති දුහ ඳ දි ය ත පතල සුවඳැති සොඳ සඳුන් ක ඳ සි ඳි ත මඩිත එකලෙස පැතිරෙයි සුව ඳ

ඉතින් චන්ද්රිදාස,නු‍ඹ දුක් ලැබීම ගැන කනගාටු නොවෙතොත් මම තව ටිකක් වෙලා නුඹ සමග කථා කරනනෙමි”යි කීයේ ය.මම පුදුමයට පැමිණ මා මේ දකින්නේ සිහිනයක් නො වේ ය. පළමුවෙන් මා ඇසු වචනත් සිහිනයකින් කී එක්ක් නොව මේ තැනැත්තා විසින් ම කියන ලද්දකැයි සිතා. “මා සමග මේ කථා කරනනේ කවරෙක්ද? කරුණා පෙරදැරිව මට පෙණි සිටිය මැනවැ”යි කිවෙමි. එහෙත් ඔහු මට නො පෙණුණේය. එසේ ද උවත් මා ලගින් සිට ගෙන කථා කරන්නා වු කෙනෙක් බව නිසැකව දැන ගතිමි. දෙවියන් සම්බන්ධ තොරතුරු දැන ගෙන සිටි මට මේ කථා කරන්නනේ දෙවි කෙනෙකැයි සිතා ගන්නට පිළිවන් විය. එසේ ම කල්පනා කරමින් ඉතා ගරු බුහුමනින්, නමුත්නාස්සේ මා සමග කථා කරන්නට පැමිණිම මගේ වාසනාවකි. ඉතාමත් දුක්ඛිත භවයෙට පැමිණ සිටින මට අභය දුන්නාක්මෙන් වැටහී ගියේ ය. “නුඹවහන්සේට පින් සිද්ධ වේවා”

“අත්තාහි අත්තනො නාථො - කොහි නාථො පරොසියා” යනු සවඥයන් වහන්සේ දේශනා කර තිබේ. දෙවියනගේ පුසන්නයෙන් ඇතැම් විටක අවවාද ඇදි සුළු සංග්රාහයක් මිස දෙවියකු



පියදාස සිරිසේන නවකථා එකතුව 31

විසින් මනුෂ්යනයකුට කිසි ම උපකාරයක් කළ නො හැක්කේය. යම් මනුෂ්ය ජාතියකට හෝ සමූහයකට හෝ එක ‍මිනිසකුට හෝ උසස් වීමට, බල සම්පන්න වීමට,දියුණු වීමට උවමනා නම් ඒ ජාතිය හෝ සමුහය හෝ ඒ පුද්ගලයා ම යථා විධියෙන් උත්සාහ කොට දියුණුවනු මිස දෙවියෙකුගේවත් අන්යග කිසිවකුගේවත් උපකාරයෙන් කර ගත නොහැකි බව ඒකාන්තයෙන් සලසා ගත මැනැවැ”යි කියා නිශ්ශබ්ද විය.මේ කථාව තව දුරටත් කියන්නේ නැතිව නිශ්ශබ්දව සිටි නමුත් ඉන් පසු කිසි ම වචන මාත්රියක්වත් අසන්නට නොලැබුනු බැවින් රාත්රීමයෙහි ඉතිරි කාලය නිදා ගන්නටද නොලැබීමෙන් රාත්රිනය අවුරුද්දක් මෙන් ගත කර ගත්තේ ය. මා මෙන් දුකට පත් මගේ හිතෛෂි මිත්රරයෙක් වන ජයසිංහ ඉංජිනේරු මහතා වෙන දා මෙන් එදා උදේ ද මා සිටි කාමරයට අවුත් ලුනු කැද ටික බොන්නට පටන් ගත්තේ ය. උකටලී නුවු සිතින් ධෛර්යමත්ව මෙතෙක් කල් සිටි ජයසිංහ ඉංජිනේරු මහතා එදා මහත් කනගාටුවෙන් සිටිනු දු‍ටු මට මහත් පුදුමයක් මෙන් විය. “මොකද ජයසිංහ මහතාණනි. අද වෙන දා මෙන් නොව මහත් කනගාටුවෙන් සිටින්නාක්මෙන් හැ‍ඟේ. දුක් විඳීමට පිළවන් ශක්තිය ඉක්ම යියේ ද? දස පාරමි. දස උපපාරමි. දස පරමාර්ථ පාරමි යන සමත්රිං සත් පාරමි ධර්මයන් පිරීමට ඔය තරම් ඉක්මණින් අධෛර්ය වන අයටත් පිළිවන් දැ”යි මම ඇසුවෙමි. ඊට ජයසිංහ මහතා ඉතාමත් ප්රිසන්න භාවයෙන් නො වන නමුත් මඳක් සිනාසී, “‍අනේ චන්ද්රමදාස, ශාක්ය මුනි වු තථාගතයන් වහන්සේ ලෝ පහළ වු දිනයෙහි ‍රෞද්රන වූ නිරාවල වාසය කළ තිරිසතුන්ට පවා මහත් සැනසිල්ලක් ඇති වි තිබේ. එහෙත් අපේ කරුමයක මහත ඒ උත්තමයන් වහන්සේගේ උත්පත්ති දිනයේ ම අපට වුණු විපතක මහත”යි කියමින් සුසුම් ලෑවේ ය.සර්වඥයන් වහනසේ උපන් දවසෙහි ලෝකයෙහි පහළ වු ආශ්චර්යමත් සුබ නිමිති විස්තර කරණ ලද කවි පංතියක් මට මතක තිබුන‍ු බැවින් එය කියවන්නට පටන් ගතිමි.

“අ ට තුරු සිය සුබ ලකුණෙන් සිරිම ත් ය ට කර බව දුක් බුදුන් බුදු වේ ත් ව ට සිය යොදුනක ගණ ගිනි දල්ග ත් අ ට මහ නරකය වියවුල් සිය ප ත්



32 අෂ්ඨලොක ධර්මව චක්රනය ගෝත ම නම් එ බුදුන් උපදින ස ඳ ජෙ ත ලොවේ සා ගිනි දුක් මුල් සි ඳ බි ත කරණ ලෝ දිය උන් මුව වැ ඳ සී ත අමා මියු රස විය හැම ස ඳ

අ වි ග ත් යම්පල් දුද න න් ද න ව න බ ල ව ත කම්කටුලෙන් න න් ද න ව න අ සි ප ත් වන බිය පත් න න් ද න ව න සි රි ග ත් සුරසෙන් කෙළි න න් ද න ව න

ස ත් වග වෙන මහ මෙතට ස මා ව ට ප ත් වත උන් බුදුබවට අ මා ව ට ස ත් තිරිසන් මුවට ද මා ව ට ප ත් විය දිලි රත් යවට අ මා ව ට

බි ය ක රු ගිනි දැල් විසුරු තුමුල් ව න නි ර තු රු කටු සොළසඟුළින් තුල් ව න නි ර තු රැ ඔසුපත් පිහිටි ඉඹුල් ව න සු ර තු රු විය සත සතොස උපුල් ව න

ක ර වැ ල් අවුලෙන් තිරිසන් වන ද ඟ ය ම ප ල් බිලියෙන් අදනා ළඟ ළ ඟ ඇ ම ක ල් දලවුල් වේතරණි ඟ ඟ සි හි ලැ ල් දිය විය විලසින් සුර ඟ ඟ

ග ණ බො ල් යකබල් නිති ගිනි ගෙන ර ත් ඇ ම ක ල් සිහිලැල් මෙන් සිහිලැල් ව ත් ගි නි දැ ල් ගොදිය ලොකුඹු නිරය ත් ම න ක ල් මලවුල් පිරිකුඹු සිරිග ත්

ද රු ණු ව දස දහසක් සක්වල තු ර දු රු නොව සිටි එක රඟට ම ඇම ව ර දු රු වි ය ලොවැදිරි නිරයේ ගණදු ර ඉ ර ස ඳු සුවහස් පෑමෙන් එකව ර

හි ම වන මෙරගිරි කුලගිරි සිර සේ හැ ම දිවයින සක්වල දස දහ සේ බි ම සිට තුරු සිරට ම එක බද සේ හැ ම තැන හැම මල් පිපුනේ එම සේ


පිහදාස සිරිසේන නවකථා එකතුව 33

මි නි ස ත් බව තිරිසන් අත් බව ල ද හැ ම ස ත් වග විදිනා හැම දුක් ත ද බැ ලු ව ත් දස දහසක් සක්වල වැ ද ම ද කු ත් නැන එ බුදුන් උපදින ස ද

යන ආදිය මා කී විට විජයසිංහ මහතා නැවතත් සුසුම්ලමින්,“ඉතින් චන්ද්රයදාස මේ උතුම් දවසේ අපට මේ බලවත් දුක් පැමුණුනා නො වේ දැ”යි කියමින් තුන් වැනි වරටත් සුසුම් ලෑවේ ය. ජයසිංහ මහතාගේ දුකඛිත භාවය දැක කනගාටු වෙනවා වෙනුවට මට සිනා පහළ වී “මහත්මයා‍ණනි. ප්රා ණය මෙන් සිටින ප්රිාය භාර්යාව සිහි විමෙන් මේ තරම් චංචල භාවයට පත් වුයේ දැ’යි ඇසුවෙමි.”චන්ද්රරදාස,මගේ භාරයාවගේ ත් මගේ ත් තොරතුරු හොදින් දන්නෙහිද”යි ම‍ෙගන් ඇසුයේ ය. එවිට මම මදක් දන්නා නමුත් ජයසිංය මහතා සහ උනනැහැගේ භාරයාවගේ ත් ආශ්වර්යමත් විවාහ බන්ධනය හොඳින් දැන ගන්නා පිණිස කරුණාකර එය මට කියනු මැනවැයි කීවෙමි.එවිට ජයසිංහ මහතා, “මම චන්ද්රකදාස පරික්ෂා කරනු පිණිස මදක් කනගාටු බව දක්වුවා මිස මෙබඳු දුකකට තබා මිට සතසහශ්රය වාරයකින් අධික දුකකටවත් මා සෙලවිය නො හැක්කේ ය. මා තබා පිරිසිදු සිංහල ලෙයින් ජනිත වු උතුම් කුලධර්ම දන උගත් සිංහල කුලස්ත්රි යක්වත් මෙ වැනි දේට චංචල නෙ වන්නේ ය. විසි ඇවිරිදි වයසේ සිටි මගේ භාර්යාවගේ චරිතය ඇසුවොත් චන්දුදාස පුදුමයට පැමිණ මා කනස්සල්ලෙන් සිටින්නෙකැයි සිතනවා වෙනුවට අනිකක් සිතා යි”යි කියා උනනැහේගේ සහ භාරයාව‍ගේත් තොරතුරු ඉතා සවිස්තරව මා සමග මෙසේ කියන්නට පටන් ගත්තේ ය.

“මා වනාහි ජයසිංහ මුදලිතුමාට උපන් එකම දරුවා වෙමි.මගේ මෑණියෝ - රූපවති ලමාඑතතී සිංහල කුල සිරිත් හොඳින් දැන ඒ වු පරිදි පිළිපැද්දා වු කෙනෙකි. සර්වඥයන් වහන්සේගේ උතුම් ධර්මය දැන ශ්ර ද්ධාවෙන් යුක්තව දාන සීලාදි කුසල ක්රිඥයාවෙහි තත්පරව විසු මගේ මෑණියනට අප පියාණන් හා සරණවීම ක්ෂිර සාගරයට පූර්ණ චන්ද්රර රශ්මිය එක් වූවාක් මෙන් විය. සවකීය බඩ වියත ම නිසා ජිවත් වන මනුෂ්ය්යා කකුල් දෙකෙන් අවිදින තිරිසනෙකැයි කීම අපේ පියාණන්ගේ මුඛයෙහි අනවරතයෙන් පැවැති කීමකි. ස්වකීය ජාතියත්,ස්වකීය ආගමක්,උතුම් කුල චාරිත්ර්,සවකීය ප්රාකණය ලෙස ආරකෂා කළ මගේ වවු පිය දෙදෙනා ම ආත්මාර්ථයට වඩා පරාර්ථය සැලකු උත්තම‍යෝ බව කීම මට මහත් අඩම්බරයකි. අප



34 අෂ්ටලෝක ධර්මි චක්රාය

පරම්ප‍රාවේ තාන්තා ඇතුලු මුත්තත් පනස් දෙනෙක්ම මුදලිනාම දැරු ධනවත් අය වූ නමුත් මගේ පියා මහ ජනයාගේ හිත මිත්රකයෙක්ව රටේ සියලු දෙනා ම සමානාත්මතාවෙන් සැලකු බැවින් .සමහර මුදලිවරුන්ට මෙන් අප පියාට විරුද්ධ වු කිසිවෙක් ඇති නොවීය. යම් කෙනෙක් දෙන්නෙක් විරුද්ධ ව උන්නා නම් ඒ සංකීරණව උපන් සිංහල නාමධාරිව සිටි අය පමණකි.

අප පියාණන්ට මුඵ සිංහල ජාතියෙන් ම මහත් ගරු බුහුමන් ලැබුනු බව කිව හැක්කේය. ඉතින් මගේ උත්පත්තියෙන් පසු මගේ මවු පිය දෙ දෙනාගේ හස ඉසුරු තවදුරටත් අධික වු බැවින් මා පින්වතෙක් ලෙස මවුපියන්ගෙන් ඵ්ත්තු ගන්නා ලද්දෙමි. සැබැවින්ම චන්ද්රමදාස මේ ප්රතත්ය කෂ සත්යනයකි. සුහන්ධ වයනය වන පුෂ්පය කරා ඉතා ඈතින් පවා බමරු පැමිණෙති. එමෙන්ම දුර්ගන්ධය වහනය වන අසුවිය කරා නිලමැස්සෝ පැමිණෙත් ම ය.ගුණ ධර්මයෙන් යුත් දාන සීලාදි සුචරිත ක්රිැයාවෙහි නියුක්ත අවංක ප්රේ්මයෙන් යුත් මවු පිය දෙ දෙනෙකුට පව්කාර කාලකන්නියෙක් කිසි කලෙකත් දරුකමට නො පැමිණේ. අනික් අතට මත්පැන් පානය කරමින් සතුන් මරමින් සොරකම් කරමින් පරඳාර කර්මයෙහි යෙදෙමින් බොරු කියමින් වාසය කරණ පුරුෂයෙක් නිසා හට ගන්නා දරුවා කිසි කලෙක හේතුවන්තපයෙක් නො වන්නේ ය. මත්පැන් බිම ආදි දුසිරත්වල යෙදෙන පරුෂයෙකු ආශ්රයය කරණ ස්‍ත්රිබය ද කිසි වි‍ටෙක සතුටෙන් කල් යවන පරුෂයා ‍කෙරේ අවංක ප්රේේමයෙන් කල යවන කෙනෙක් නොවන්නේය. මේ නිසා එබඳු දුසිරිත් කරණ ගෙදරක පින්වත් දරුවෙක් ඉපදීම සිද්ධ විය නෙහැකි කාරණයකි.අශ්ර පංචකාමයෙන් හා සමගියෙන් ද අන්යොෙන්යි ප්රෙණමයෙන් ද පිරිසිදුකමින් හා ගුණ ධර්මයෙන් ද යුත් පවුල්වල ම හේතුවන්ත මනුෂ්යියෝ උපදිත් යයි යන මේ නිරවශේෂ වචනය සිංහල මිනිසුන් තේරුම් ගන්නා තුරු අපේ ජාතිය පර්වදකාර කාලකන්ති දුක්ඛිතයන්ගෙන් තොර නො වන බව මම නිතර ම සිතමින් කනගාටු වෙමි. ‍එ‍ෙහත් ‍ෙමි කාරණය මහජනයාට උගන්වා දීමට සුදුසු උගතුන් පෙළක් තවම ඇතිනුන බැවින් අප එක්කෙනෙකු දෙන්නකු විසින් මේ කාරණය ගැන ලීවත් වැඩි පලකි නො වේ.

ඉතින් ‍මගේ ජීවිත කථාවේ ඉතා රසවත් කොටස චන්දුදාසට කියන්නෙමි. ඒ මනාව ඇසුව මැනැවි. මම ඉපදි දස අවුරුද්ද පමණ වන විට මගේ මෑනියන් ඇර යම් කිසි ස්ත්රි්යක් මගේ ඇඟට අත




පියදාස සිරිසේන නවකථා එකතුව 35

තැබුවොත් මට එය මහත් පිළිකුලක්ව පැවැතතේ ය. අපේ මාමා කෙනෙකුගේ දියනියක් අප ගෙදර නැවත‍ී සිටිමින් පාඨශාලාවෙට ගියේ ය. මට වඩා තුන් හතර අවුරුද්දක් වයසින් වැඩි ඒ ගෑණු ළමයා මගේ ක්රීෙඩා භාණඩයක් හෝ පොතක්වත් ඇල්ලුවොත් නොයෙක් විට මම ඈට තැළුවෙමි. නිතර ම මගෙන් පීඩා ලබන්නට වු බැවින් ඒ ගෑණු ළමයා ද අප ගෙදරින් ඉවත් කොට වෙන තැනක නැවැත්වුයේ ය. අපේ ගෙදර අසල සිටින ගෑණු ළමයෙක් පවා යම් කිසි විදියකින් පිරිමි ළමයින් සමග මා සෙල්ලම් කරණ තැනකට අවා නම් මගේන් පහරක් දෙකක් නො ලැබ ගියේ කලාතුරකිනි. මේ නිසා මම ස්ත්රි න්ගේ විරුද්ධ කාරයෙකැයි කුඩා කාලේ ම ප්ර සිද්ධ විය. මා කුඩා කාලේ පටන් ඉගෙණ ගතතේ ආනන්ද ශාසත්රක ශාලාවෙහි ය. ගුණධර්මයත් සමග විවිධ ශාස්ත්ර උගන්වන මේ ශාස්ත්රා ශාලාවෙහි ශිෂ්ය‍ ගණයාට මනා හික්මීමක් ද ඇතිවන බැවින් බෞද්ධ සිංහල දරුවන් මිථ්යාහ ධර්ම ප්රෙගුණ කරවන ශාසත්රව ශාලාවලට නොයවා බෞද්ධ විද්යාමලවලට ම යැවීම සිංහලයන්ගේ යුතුකමක් බව කුඩා කාලයේ ම මට අවබෝධ විය. ස්ක්රීමන් කෙරෙහි ඉතාමත් පිළිකුල් ස්වභව‍යක් ඇති ළපටි මම එක් දිනක් ශාසත්රමශාලවේ සිට සවස 4.10 ට ගෙදර යන අතර සිද්ධ වූ පුදුම ප්රසවෘත්තිය මට කියන්නට පවා අමාරුය. එහෙත් එය කීමෙන් භවය නැමැති අඵවලින් වැසී තිබෙන ප්රේාමය නැබති ගිනිඅඟුර දරශන නමැති වාත වෙග‍යෙන් ඒ අළු ටික ඉවත් වීමත් සමග පූර්වෝක්ත ප්රේනම නැමැති ගිනි අඟුරු බබලන හැටි ප්රවත්යිකෂ වීමට මෙය කාරණයක් වන්නේය” මෙ සේ ජයසිංහ මහතා කථා කරණවිට කාව්යම ශාස්ත්රරය හොඳින් දැන සිටි මිත්රානනන්ද ද අප කතා කරමින් සිටි ස්ථානයට පැමිණ. “මොකද මහත්වරුනි, රහසක් ද? මා මෙහි ඵ්ම තමුන්නාසේලාගේ කතාවට බාධාවක් ද”යි ඇසුයේ ය.එවිට චන්ද්රකදාස සිනාසී” නැත මිත්රසය. ඔබ‍ෙග් පැමිණිමෙන් අපේ කථාවට කිසි බාධාවක් නැත.අප මේ කිය කියා ඉන්නේ අපට පැමිණි විපත යි. පරාර්ථය සදහා වැඩ කරන්න යන මිනිසුන්ට සෑම තැනම අමාරු පැමිණීම ගැන කනගාටුවෙන් නොව එය සැබැවක් නිසා අපි කතා කරමින් සිටිමු”ය යි කීවේය. එවිට මිත්රාඅනනද ප්රාබොධ වූවක් මෙන් “no pains no gains” අමාරුවක් නැත්නම් ප්රඑයෝජනයක් නැතැ’යි සාමාන්‍ය යුරෝපීය කීම සිහි කරණු මැනැව කියා. “මහතුනි. පරාර්ථය නො කළ කිසිම කෙනෙක් ලෝකයේ උසස්




36 අෂටලෝක ධර්මෙ චක්ර ය

බවටත් කීර්තිමත් බවටවත් පැමිණීයේ නැත. කෝටි ගණන් ‍මිනිස්සු අවුරුදු පතා මැරෙති. එහෙත් ඉතිහාස නැමැති කැඩපතේ ස්වකීය ප්රාතිබිම්බය තැන්පත් කොට මැරෙන්නෝ ඉතාමත් සවල්ප දෙනෙකි. ඒ සවල්ප දෙනා කවරහු ද? පරාර්ථය පිණිස ජීවිත පරිත්යා.ග කිරිමාදියෙන් වැඩ කළ උත්තමයෝ ය. මේ අන්ත කල්පයේ මුල භා‍ගයේ මැරුණා වු වඳුරෙකුගේ කීර්ති ශරීරය අදත් ලෝක ඉතිහාසය නමැති කැඩපතේ බබලන්නේ ය . එහෙත් පසු ගිය අවුරුද්දේ පසු ගිය මාසේ, පසු ගිය සතියේ, ඊයේ මළ බොහෝ ධනවතුන් ගේ, සිටුවරැන් ගේ, රජ කුමරුන් ගේ ශිලපීන් ගේ, යුද්ධ දක්ෂයන් ගේ නාම පවා අපි නො දනිමු. ලෝක‍යාත් ‍නො දන්නේ ය. එහෙත් පරාර්ථය පිණිස ස්වකීය ප්රාුණය පරිත්යාගග කළා වු මේ කල්පයේ මුල් භාගයේ වාසය කළ වඳුරා ගේ කීර්ති ශරීරය අවුරුදු කෝටි කීපයක් ම අවිචිඡින්නව ඊයේ සිද්ධ වු කාරණයක් මෙන් ලෝක ඉතිහාස නමැති පූර්ණ චන්ද්රන මංඩලයෙහි මුඵ ලෝකයාට ම සුව සේ දැක්ක හැකි පරිදි සටහන්ව තිබේ . ඉතින් මහත්වරුනි, පරාර්ථය නො කොට තමන් ගේ ප්රපමාණයේ තරමට ඉතා ස්වල්ප වශයෙන්වත් පරාර්ථය සඳහා කය සිත නො වෙහෙසා තමන් ගේ බඩ වියත නාසා ජීවත් වන මනුෂ්යථයාට නින්දා වේවා”යි කීවේ ය.

ජයසිංහ මහතා මිත්රා නන්ද මතක් කළ වඳුරු රාජයා ගේ කථා ප්ර්වෘත්තිය අසන්නට ඉතාමත් සතුටු ව, ‘මගේ කතාන්තරය පසු ව කියන්නෙමි. කරැණාකර මිත්රා නන්ද විසින් සඳහන් කළ ඒ කථාව කියනු මැනවැ”යි ආරාධනය කළ බැවිනි සිංහල කාව්යකයට නගන ලද මහාකපි ජාතාකය මෙ සේ කියන්නට පටන් ගත්තේ ය.

02. පරිචඡෙදය[සංස්කරණය]

තුන් ලොවට ගරැවන් නම් කර උතුම් තෙරුවන්

මෙ අප 			        		    බුදුකුරුවන්
කියම් සිරතක්		            ලොවැඩකරුවන්

දැක සිය සියන් දු ක සිහ දිවි පිදු නො සැ ක

බුදුකරුහු දිය ස					ක
විරිය පරමිත් පෙරුම් දහමෙ		         ක


පියදාස සිරිසේන නවකථා එකතුව 37

කෙදිනක කෙලෙසකි න ඇතිවී ද යනු නො දැනෙ න සසරෙහි සරසර න සතුන් වෙත පෑ මහත් කුඵණෙ න

දිවකුරු මුනිඳු ස ඳ දුටු කෙණෙහි ම ලබන ල ඳ මොක් සැපත මනන ඳ පුදා අප වෙත් සසර සිදු වැ ඳ

සියලු සත පියව න දේ දන් දෙමින් අපම න දස පෙරුමන් පුර න මෙ අප බෝසත් ලෝ නුවන් ව න

වඳුරු ව හිමව තේ දැක්වූ විකුම් සම තේ සිහලුන් සවන තේ වැකෙනු යුතු වෙයි හෙයෙන් සත තේ

පෙ රැ ම න් පරණ අප මහ බෝසත් කලෙ ක ව ඳු ර න් හට රජ ව ඉපදුනි හිම වෙන ක ග ණ නි න් අසු දහසට අදික පිරිසෙ ක ස තු ටි න් අසවු එහි සිදු වුන තොරතුරෙ ක

අ ඹ ද ඹ දිවුල් සල් සපු නා තුරු පෙ ළෙ හි ඔ බ මො බ හැසිර කෙළිමින් තුරු සෙවන ලෙ හී ප ය අ ඹ සමග කල් හවනා සිය කු ලෙ හී දැ ක ලො බ වඩති මෙම වඳුරන් කැල කැ ලෙ හි

දි ව නා සිහිල් ගං හෝැ කඳුරු පැන පැ න න හ නා වඳුරු පොව්වන් එ වන තැන තැ න බ ල නා සිඳ ගණන් ඉඳ තුරු සෙවන ව න දි ලෙ නා විදුලි වැනි රන් ගිරි බෙය ද තැ න

පැ න පැ න තුරන් හිස බඩ බැද ‍ගන සුත න ය න ර ඟ වැඳිරියන් දරු සෙනෙහස පමි න දෙ න ය න දකින එයසන නරයන් විසි න

           ප   න මෙ   න 	සිය සුතත් රැකියත් වැඩි නො ව 				   න    
  

38 අෂ්ටලෝක ධර්මප චක්රසය ම න් නා අදර උනුනුන් කෙරෙහි රැන් දු ව පෙ න් නා රස බසින් තැන තැන උනත් දු ව ඉ න් නා වඳුරු සෙන් එ වනෙහි පසින් දු ව ද න් නා වැනි මිනිස් ගති කර තීන් දු ව

එ ක කු ට පැමිණි දුක දැක පිටු නො පා නා වි ප ත ට සතුරු සමගි ව බලය පා නා ස හ තු ට වඳුරැ සෙන් රැඳි එ වන නූ නා ස රි ය ට පොරණ සිරි ලක විය පමා නා

සමගි දම් රැකු මෙ න් වැඩිසිටියන් සැලකු මෙ න් තොර නො වී දහ මෙ න් වඳුරු රැළ එහි වසති පේ මෙ න්

බමන බව සිඳු වැ ඳ අසරණ මෙ අප දැක හ ද සපිරි මහ මෙත් ක ද පවර මහතුන් තුමා දිහබ ද

දස පෙරුමන් පු රා සැරි සරණ සඳ සස රා අකුසලකින් පෙ රා උපති වඳුරු ව එ වන පව රා

ඇත් පොව්වකු පම ණ වෙරැති සිරුරින් බබල ණ මහ බෝ සත් කල ණ ලදි රජ බැව් කුලෙහි වඳුර ණ

එ බව සෙද පළ වි ය සියලු වඳුරන් තුටු වි ය ‍ වන දෙව් තුති දෙ වි ය එ දා හිම වන මගුල් ගේ වි ය

මහ බෝසත් පව ර මහ කිවි තුමා ගුණ ස ර වඳුරන් සපිරිව ර සුදුසු තැනකට පැමිණ විදියු ර


පියදාස සිරිසේන නවකථා එකතුව 39 අසු දහසට වැ ඩි වඳුර් පිරිසට ඔද වැ ඩි බොසත් නුවණ දැ ඩි ඔසවනා ලෙස දහම් ජයකො ඩි

වඳුරන්ට මෙලෙව ද පර ලොව සැපත් වන ලෙ ද මහ පඬිතුමෙකු ලෙ ද පටන් ගති දෙසුමට දහම් ප ද

දහමෙන් තොර කිසි ම සැපතක් නොවේ දෙ ලෙව ම එබැවින් සත් දහ ම සිතව් මුල් සැපට සිහලු ම

අනිකෙකුට දුක දී ලැබම සම්පත් වැර දි විරියෙහි ම යෙ දි බලනු මැන සැප ගුණෙන් සුසැ දි

මුඵ වඳුරු පිරිස ම සලකව් සොයුරන් සෙ ම අනිකෙකු විපත ත ම විපත ලෙසටම සිතව් නිතර ම

තොප අතර අඩු වැ ඩි කුලයන් ඇතත් නොව එ ඩි මුලු ජාතියට ද ඩි අදර වඩවව්ද පින් නො මෑ ඩි

සැපත ඇති යමෙකු ට තනිව ම විඳ ගැනීම ට සිතන අය හැම වි ට නිසරු වුවෙක් වේය දෙ ලොව ට

සිය දෑ වැඩට සො ඳ තැන් නො කරණ සනත් හ ඳ ගුණ දම් නැතොත් කිසිසෙ ද යකඩ දැ ගෙයි පුඵන් නැති ලෙ ද


40 අෂ්ටලෝක ධර්මත චක්ර ය

පොහොසත් බලව තුන් සහ මේ ලොවෙහි සම තුන් සිහ දැ රැකි ස තුන් පමණකැයි පැවසුහ විය තුන්

අසරණ සියන් දු ක දැක දැක නොවී පිහිටෙ ක සිටින දැන නොව සැ ක කැල මල් වැනි නිසරු වූවෙ ක

මට ලැබුනු රජ සැ ප නො සිතමි මිසක් ගැන තො ප දැඩි ලොබිනි කම් සැ ප නො සිතමි ගුණ දහම් කර ලො ප

සිය දැ වැඩුම දෙ වි සතවෙන් සතන්ගේ දෙ වි එබැවින් මෙ ම‍ඟෙ දි වි උවත් පුදනෙමි බැතින් නොමඳ වි

ඉති වඳුරු පිරිස ට බොසත් තුමා දිය සෙ ට ‍දෙසා සදහම් ඉ ට කරයි රජ කම් දහම් විලස ට න දු න් වන නදුන් වන සිරිසර පත ල ස දු න් ලදල වැද වැද හමන මදන ල නු දු න් තසිත දුක් එම වනෙහි පැහැදු ල යො දු න් ගණන් තැන නිවසති සඳුරු රු ල

බ ක් මී සපු පනාතුරු සලෙල තරැ සු රු රු ක් මත හඬන පරපුටු ගී යුතු මිහු රු කො ත් තන වැලි තලා පුලුලුකුලැතඅ සොඳු රු සැ ක් වී බාරුසි ගඟ වෙසෙඟනක යු රු

සේ දි සිඳගණන් තන කොතුමගර දු ල පැ දි වැහෙන දිය ලෝ සත ගිමන් හ ල බේ දි සුර ගඟින් එන මඟ ගඟ අස ල

   සැ දි	      පැවති මී අඹ තුරෙක මනක		  ල	



පියදාස සිරිසේන නවකථා එකතුව 41 අ ට ග ත් අඹ පැසි ඉදෙමින් අම ලෙස ට සු ව ‍ඳො ත් සදෙහි එක්වී වඳුරු රැල තු ට සි ත යු ත් බුදින සද ඉන් ගෙඩියක් ගඟ ට වි ය ප ත් එය රැගෙන ගියේ ජලය පහල ට

බ ර ණැ ස් නුවර ළඟ ගඟ දැල ලන දැන ට ස හ තො ස් ඒ අඹ පල අසුවුයෙන් දැල ට ගෙ ණ ගො ස් පැවැරු සඳ බඹදත් රජු අත ට අ ම ලෙ ස් එ මී අඹ වළදා වි සතු ට

පු ව ත ර මෙම කසී රට සියලු ම ඉසු රු ස ම ක ර ලන්ට යුතු පරසිදු මෙ අඹ තු රු ව න තු රු කො තැන ඇති වී දැයි සොයන ය රු මැ ති ව ර හට කීය බඹදත් එ නරවි රු

බලවත් නරවර ණ විසින් බැතිහට කළ අ ණ මුදුනෙන් සුපිළිගෙ ණ සැරසු මහසෙන් හිමය යන මෙ ණ

දුනු සිප් උග ත්තෝ කඩු සරඹ දන ග ත්තෝ යුදයෙහි සම ත්තෝ යන්ට වනයට සැරසි හ ත්තෝ

දත් වෙනෙහි තොරතු රු වැද්දන් විසින් පිරිවැ රු රජ සෙන් සහ මහ රු පවර බඹදන් රජ ද විසිතු රු

නැවක නැග තො ස් සේ සෙවනින් සිහිල් ග ස් සේ සුර සෙනග ලෙ ස් සේ ගියෝ උඩහට එ ගඟ ඹ ස් සේ

නව තඹ දල අද ර රණහස සුපුන් පියව ර කොවුලු හඬ පසස ර බලා ගඟ බඩ වනය පියස ර


42 අෂ්ටලෝක ධර්ම චක්රනය මුල මුව කෙළන ලැදි වෙළපෙහි හා මුවින් රැදි සියොත් කැල රැවු දිදි රඳන අතු අග තුරන් මන් බැදි

පියකරු හිම පිය ස බලබින් නිරඳු සහතො ස ගොස් සමගින් පිරි ස දිටි ගඟබඩ එ මි අඹ ග ස

එ මී අඹ රුකෙහි ද අවට තුරුවල මුදුන ද සතුටින් විසු සුහ ද අසු දහසක් වඳුරු පිරිස ද

මැදි කර ගෙන විග ස අරක් ගති රජ එ පිරි ස ඒ බැව් දත් විග ස මරණ බිය පත් වු වඳුර් රැ ස

බඹදත් නර පව ර සිය ඇමතියන් රස් ක ර එකෙකුදු අත් නො හැ ර කීය මරණය වඳුරු පිරිව ර

එදින විය සම සා පසු දින උදය විග සා වඳුරු රැළ වන සා ලමු ය සම්මත විය නොල සා

ඒ බසසා වඳුර න මරණ බිය වැද තැවෙමි න මහ සත් කිවි තුම න වෙතට රැස්වුහු කඳුලු සලමි න

ස ර සා තඹර විල්ලිය බිඟු මුතුහරි නී දි යැ සා අහස සිට මේ විපත නරඹමි නි මෙලෙ සා නපුරු වන මිනිසුන් ගෙන් ගිහි නි

ස දො     සා         ලොව වසනු යුතු නැත සලකමි	         නි          


පියදාස සිරිසේන නවකථා එකතුව 43 වා දේ නිදොස් වඳුරන් කෙරෙහි බැද ත දේ පැ දේ ඔවුන් නැසුමට සැරසුනෙන් සෙ දේ මේ දේ බලා යුතු තැන ඉදිව් කි ලෙ ‍ දේ මු දේ පැන නැසුනි දිනරද සොවින හ දේ

කෙ න කු ට පැමිණි දුල කෙනෙකුට වෙයි සතු ට ස ත හ ට පවසෙනව් දදරද පෙර හිර ට දි ගි කොට කිරණකර මෙ ලොව බලනවි ‍‍ට ස හ ක ට නිසඹ සැරසිනි සමහන් සැප ට

එ ත ර තඹර කර ලිය හිමි ගියෙන් පෙ මා බ ම ර දිමුතු මුතු හර ඉවතකින් ද මා ව ගුර වා කඳුලු පිණි බිදු උවින් තෙ මා නොහැර වැළපුනිය රුදු මැඩි හඬින් ත මා

එ ස ර ත් සද රැසින් තිරසිඳු ඔද විය ව න ය ත් කොවුල් නදයෙන් කුල්මන් විය එ න මු ත් වඳුන්ට මර බිය පත් විය සැ ප ත ත් තද දුකත් බල එක තැන් විය

එ දා රැ වන තු රු මුරට පත් සෙබලුන් සු රු දැක බිය පත් වඳු රු සෙනඟ රැස් වු යටට අඔතු රු

අඬමින් වැළපෙ මින් දරුවන් වැළද ගනි මින් උනුන් දුක කිය මින් උනන් වඳුරන් දෙස තරඹ මින්

මඟ සත් කිවි තු මා දක්වා මහත් විකු මා තෙපි වැළපෙනු කි මා කෙනෙක් සිටියදි සදිසි මෙම මා

ඉර පායන්ට පෙ ර සියලු ම වඳුරු පිරිව ර කරණෙමි ගඟිනෙත ර නෙවව් මඳකුත් බියක් හදන ර


44 අෂ්ටලෝක ධර්මර චර්ක ය මම තොපට හිම වෙ මි තෙ‍ාපගේ සුවදුක් සලක මි විපතෙදි පිටු නොප මි ම දිවි ජාතිය නිසා පුදනෙ මි

අප මැරුමට පැමි නි මිනිසුන්ට නො දැනෙන මෙ නි පුඵලැති මේ ගඟි නි එතෙර කරනෙමි සහෝදරය නි

ලො ව ස ත් සසර සයුරෙන් එතර කෙරුම ට වි දි යු ත් දස පෙරැම්දම් පුරණ දිය සෙ ට ස රි ම ත් ඒ බෝ සත් වානර රඡු සත ට ර ස ව ත් බසින් සනසා වදුරන් ඵවි ට

ගැ ඹ ර දිගු පුඵල මහ සසර මුහු දි නි එ ත ර පනින හැටි විමසා බලන මෙ නි දෙ තෙ ර තිස් රියන් පුඵලැති මහ ගඟි නි එ ත ර පැන ගතිය එකසර කෙසර මෙ නි

දි ඩා හද ඇවිල දිලි ජාති ආල ය ව ඩා ලොවට දැනුමට සියලු කාල ය මැ ඩා සිත පැවැති සිය පණට ආල ය ක ඩා වැල් පටක් බෝසත් එ කාල ය

ග ස ක් උඩට නැග එම වැල් පට රැගෙ න කො ණ ක් එහි බැලැති අත්තක බැඳ සොදි න කොණ ක් තම ඉගටියෙහි බැද ගෙන තදි න උ ද ක් සැලකුවේ පර වැඩ මේ ලෙසි න

මෙ ස ර ණ සසර ඉම තැන ලැ‍බෙන සැප දු ක අ ස ර ණ සතට දිවි දෙනු පරම සැපතෙ ක අ ස ර ණ සරණ නම මට ඇති වනු යෙයෙ ක මෙ දෙ ර ණ නැත පිනක් සම වන පර වැඩෙ ක

ද හ ස ත් වසක් විසුවත් රජ සැපත් වි ද පි හි ට ක් පෙර‍ ලොවට එම විසුමෙන් කිම ද සැ ප ත ක් අන්න්හට සලසන සත සුහ ද

        	ද ව ස ක්   	      එකම විසුවත් එපමණ මදි	      	ද		


පියදාස සිරිසේන නවකථා එකතුව 45 ගු ණ ව ත් පිනැති උතු‍මෝ එක වරම මි ස නො මැ රෙ ත් එකම අත් බැවකදි කිසිම ලෙ ස ගු ණ නැ ත් අදම බිය සුඵ දන මෙදිය කු ස බි ය වෙ ත් සිය වරක් මර බියෙනෙක් දව ස

නැ ණ යෙ න් හින වු මගේ වඳරන්ගේර හ ද සැ‍ ලෙ මි න් දැන් පවති නල පත් ළපන් ලෙද එ බැ වි න් ඔවුන් දිවි දි සනසමි මේ ස ඳ සි ත මි න් තිලෝගුරු බෝ සත් වඳුරු ස ද

නි ත ර ඈ‍ ජරා මර සතුරු පිරිවැ රු ස ස ර කැලෙන් සපිරුණු කෙලෙසුන් අඳු රු ප ව ර සද්දහම් හේදඬු ලා මහ රු අ ජ ර මර නිවන් පුර සත ලන අයු රු

එ න් නේ පෙරුම් පුරමින් සසර දුර සි ට ඉ න් නේ නමුත් වඳුරු ව සමිඳු දියසෙ ට ව න් නේ අනතුරකි නො සිතා සිය පණ ට පැ න් නේ සිය පිරිස රැක වුන් අඹ ගස ට

දි ය ස ත් ඒ බෝසත් මහ මඳුරු රජ එ දා ප ව ණ ක් ලෙසින් පැණ අඹ සා ගතිය බ දා රි ය න ක් පමණ කොට විය තිබුන වැල බැදා කි සි ව ක් එ ගැන නොසිතා සියත නොම මු දා

ව ඳු ර නි ඉතින් ගැලවී යව් මෙ වැල දි ගේ ම ද කි නි දුක නොවව් දැක බැදි බැම්ම දි ගේ මෙලෙසිනි කියා වඳුරන් එතර කළ ගඟේ ස මි ඳු නි ඔබට පිදුවත් දිවි මදිය ම ගේ

ස පු ර ණ දස පෙරුම් මතු සමුබදු ව න් න අ ස ර ණ සරණ බෝ සත් සඳ පුපස න් න පැ තු රු ණ සෙනෙහසින් සිය දැ ගලව න් න වැ තු රු ණ පිට උඩින් වඳුරන්හට ය න් න

ව ඩ ව ඩා රැගෙන සුරතල් පිය සුත න ව ඩ ව ඩා සොක සිටි වඳුරෝ සැනි න ත ද වි ඩා පැමිණි බො සතු නරඹබි න අ ඬ අ ඬා ගියෝ හිමිසඳ පිට උඩි න



46 අෂ්ටලෝක ධර්මහ චක්රරය ව ඳු ර න් අසු දහස ම බෝ සතු පිටි නි හ ඬ මි න් සෙමින් ගිය මුත් තද සො දුකි නි රු දු ව න් එ දෙව්දත් වඳුරා පසු පැමි නි සි ත මි න් පෙර වයිර වැල උඩට පැණිමි නි

ත ද ත ර පයින් බෝ සත් සඳුගේ පිට නැ ග දු රු ක ර කුඵණු ගුණ කැඩුවේ ය සිහිනි ඟ සි ත යු ර මහු ගඟින් එතර ට වනු සම ග දි න ක ර බැබලිනිය සපැමිණ පෙරගිර ග

බෝ සත් සඳ පව ර අසු දහසක් පරිව ර වඳුරන් බිය දුරැ ර සිතුව විලස ම ගඟිනෙතරක ර

කැඩි තුනටිය දු ක් විදිමින් සිතුව මෙ ලෙස ක් සිය දනහට වැඩ ක් ‍වඩා මැරුණත් නොවේ අවැඩ ක්

අඹ සා ඇල්ලු අ ත දිග ඇරුමට නො පොහාස ත මර දුක් පැමිණි හ ත සිහිය මද වන සදෙහි බො ස ත

බඹදත් නර පව ර අඹ ගස දෙස බලන ව ර බැදි වැල ගඟනෙත ර දිටිය බොසත් කොනක සිටිය ර

වැටහි කළ විකු ම පුදුම ව රජ පිරිස් සැ ම මුදමින් වැල වහ ම ‍ගසින් බා බෝ සත් වඳුරු තු ම

සිහින් කඵ ඇතු රූ යහනක තබා සොඳු රූ සැම තැන ම සිරු රූ බෙහෙත් තෙල් ගල්වමින් මියු රූ


47 පියදාස සිරිසේන නවකථා එකතුව

කොමලකිනි මැඩ ග ත හෙළමින් කඳුඵ නොනැව ත බලා මහසතු ව ත මෙසේ පැවසි එ රජ බැති යු ත

බඹ සුර නර නර න අතරෙහි ‍කෙදිය වෙන වෙ න බැලුවත් දිව ඇසි න කෙනෙක් නම් නැත ඔබට සරිව න

තමා දිවි රැකුම ට මරයි පිය පුතු වි තු ට පැවැති ලොව මෙලෙස ට කවුද සිය දිවි පුදනු අනය ට

ඔබ වඳුරෙක් නොව ති මහ බඹු ය කිය සරි නැ ති ඔබ ලොවට හිමි වෙ ති මෙ ඔබ වැනුමට මට බලය නැ ති

සිය ජාතිය රකි න පිණිස තම දිවි පුදමි න දැකුවූ විකුම ගැ න දුතත් ඔබයට ම දිවි මද ව න

දෙටුව ජාතියක ට සිටි යම් කෙනෙක් සහතු ට විපතකදි පසුබ ට නොවී මේ ලෙසින් විත් ඉදිරය ට

තම දිවි පිදි මට සිය ජාතිය රැකී මට වැඩි දස්කමක් මට නොම හැ‍ඟේමය කියා පැ මට

පින්වත් වඳුරු ර ද වදිනෙමි ඔබගේ සිරි ප ද ඇති නම් මගෙ වර ද සමා වනු මැන කී සදෙහි ර ද


48 අෂ්ටලෝක ධර්ම චක්ර ය සමතිස් පෙරුම් ද ම පුරණ බො සත් දියර ම බලා රජු කර පෙ ම මෙසේ පැවසි තෙපුල් මනර ම

මුඵ ලොවට අග ප ත් පවර නිරිඳුනි බඹද ත් සැක නො කළ මැනසි ත් ඔබට වරදක් මෙයින් නොම වෙ ත්

මම වඳුරු පිරිස ට රජ ව සිටියෙමි සහතු ට පත් වුණ සද දුක ට ඔවුන් රැක ගැනුම බාරය ම ට

පැපතෙදි මගේ පිරි ස ගරු ක‍ළො මට නිසි ලෙ ස විපිතෙදි එම පිරි ස රැකුම මගෙ යුතුකමකි අසදි ස

එ බැවින් එ යුතුක ම් සතුටින් ඉටු කෙළෙමි ම ම් මහ රජ තුමනි පෙ ම් දොසක් නැත ඔබ අතෙහි කිසිය ම්

අනුන් වැඩ පිණි සා සිය දිවි සමග හස සා පුද කෙරුම් සදි සා පින්ක නම් නැත පඬිත් පව සා

තණ අග පිණි සදි සි දිවි ගැන සිතනු තැන නි සි මෙරමා වැඩ සැල සි දනා උතුමැයි පැවසු මග ඉ සි

සිය ජාතිය නි සා දිවි දුන් බැවින් මෙලෙ සා පවති මගෙ යස සා එයින් තුටු වෙමි මේ මම වෙස සා


49 පියදාස සිරිසේන නවකථා එකතුව මෙසේ බස් පව සා බොසත් තුමා දියැ සා නිරිඳුන් අබිය සා වැටී මැරුනේ ලො වැඩ සල සා

ජා ති ය නිසා දිවි දුන් වඳුරැ රජ තු මා බි ති ය වි බලා රජ රජපිරිස් සැ මා රි ති ය ලෙස සිරුර ගෙන ගොස් නැවෙන් ත මා පී ති ය පළ කෙළො එ හිමිගේ ගුණ මගි මා

රැ ගෙ න ගොස් සිරුර බරණැස් පුරවර ට සො බ න රන් දෙනක තබවා විදි ලෙස ට නොමි න සුවද දුම් සහ කුසුම් පුද කො ට යෙ හෙ න සත් දිනක් දක්වා ලෙව් සත ට

ස ඳු න් දරසැයක් කොට ගිනි ලා සිරු ර එ යි න් අඵ තබා මහ දා ගැබක් ක ර එ තැ න් සිට පැමිණි රජ පරපුර එ පු ර යෙහෙන් පුද කළෝ වඳුරුට කපත් තු ර

ව ඳු රෙ ක් වුණ නමුත් සිය දැ වැඩ පිණි ස ස තු ට ක් වෙලා පිදුවෙන් දිවි නොව අල ස ප ම ණ ක් නෙමැති කල බඹ සුර නර පිරි ස දි ය ස ක් ලෙසට සැලකු රඟ බල ඇරැ ස

ජා ති ය රකින ලෙස දිවි දුන් වඳුරු රජ ජා ති ය ජාතියෙහි දිසි විලස තුරු රජ ජා ති ය ඉවර කර ලැබ පදවි මොක් රජ ජා ති ය සියලු සත්හට වුහ බුදු රජ

බෝවා කලක් රැකි විදුඋදය පිරිවෙ න පා වා දනය දුන් දියුණට සිහල ද න සා වා නොමැති සඳ ලෙස ලකඹර තෙවු න හේ වා ‍විතාරණ මුදලිදු නදන ව න

වි ස් ත ර සතර සිදු දුටු කරම ති ර ණ අ ස් ත ර දුසිරි ද පෙම් සතත දා ර ණ දොස්තර මැතිසඳුනි හේවාවිතා ර ණ බ ස් යු ර කව් බසින් පළ විය මෙ කා ර ණ


50 අෂ්ටලෝක ධර්ම් චක්රයය


පි බි දා සියන් දුක දැක එය සිද ලා න ල ය දා වැඩ කරණ සිත පිරි දිරි මා න පැ හැ දා ලබනුවස් මතු නැණ මහ සේ න මෙම දා සරස කෙළෙ බුදුකුරු ගුණපා න


03. පරිඡේදය[සංස්කරණය]

“බෝධි සත්වයන් වහන්සේ ස්වකීය ජාතිය වෙනුවෙන් කළ ජීවිත පරත්යා ගය ඉතා විස්තර ව මෙහි දක්වා තිබේ. මිත්රාුන්ද මහතා අපේ සිත් සැනසිමට කරණ ලද සංග්ර්හයට අනේක වාරයක් ස්තුති කරමු”ය යි. චන්ද්ර දාසන් ජයසිංහ මහතාත් කීවෝය. මෙවුන් මෙසේ කථා කරමින් සිටින තැනට ජෝන් මහතා ද පැමිණියේ ය. ජෝන් මහත්මයා කවදත් මිනිසුන් සතුටු කිරීමට සමර්ථ වැදගත් කවටයෙක් බැවින්. “මොකද මහත්වරුනි, කතාකරකර ඉන්නේ හොඳට ම අමාරු වෙලාඳ”යි ඇසී ය. “නැහැ මහත්මයා, අපට අමාරුවක් නැත. ලෝකයේ කවදාවත්, කාටවත් සිද්ධ නුවු දෙයක් අපට සිදුධවෙලා නැත. මින් ඉදිරියට කවදාවත් කා‍ටවත් සිද්ධවන්නේත් නැත. ඒ නිසා දැන් අපටත් වෙන වෙන අයටත් සිද්ධ වන සියල්ලක් ම මීට ප්රනථමත් සිද්ධවෙලා තිබෙන පැරණි කරුණු ම ය. එනිසා කලින් සිද්ධ වු දෙයක් නැවත නැවත සිද්ධ වුවාට අපේ හිතට ඇති අමාරුවක් තැත්තේය”යි කීහ. පෝන් මහතා ස්වභාවෙන් ම වාද කරන්නට කැමති කෙනෙක් බැවින්. “ අඵත් දේ වල් මොකුත් නැද්ද”යි ඇසුවේ ය. ඊට පිළිතුරු දීමට මිත්රා”නන්ද සුදානම ව. “කිසිම දෙයක් අලුත් නැත. මීට ප්රපථම ලොකයේ සිද්ධ නුවු කිසිවත් කිසිම කාලයක සිදුධ වන්නේ නැතැ”යි කීයේ ය. මේ කථාව ඔවුන් අතර ප්රනශ්නෝත්තර වශයෙන් කෙරුන බැවින් මෙහි එසේ ම යෙදිය යුතු ව තිබේ.

“විදුල් බලයෙන් වැඩ ගැනීම මේ ශත වර්ෂයට ඉස්සරින් තිබුනාද?”

“මිත්ර්යා කී අලුත් කාරණය ඕකද? විදුලි බලයෙන් වැඩ ගැනීම විදුලියෙන් වැඩ ගැනීම ලෝකයේ කවදත් පැවති බව රටේ ස්ත්රීඉන් පවා දන්නා කාරණයකි. උමංදාව කියවු කවුරුත් මහෞෂට පඬිතුමාගේ උමගෙයි විදුලි බලයෙන් ආලෝක කර තුබුන බවත් - එහි




පියදාස සිරිසේන නවකථා එකතුව 51


කාමර ආදියේ දොරවල් විදුලි බලයෙන් වහන්නට අරින්නට යොදා තුබුනු බවත් දනිති. විදුලියෙන් වැඩ ගැනීම මහත් ආශ්චර්යයක් බව මිත්ර යා සිතා සිටියේද?”

“එහෙනම් මට කාරණය වැරදුනා, අහස් යාත්රාමත් ඉස්සර තිබුනාද?” අනේ මිත්ර ය. මේ මොනවා කියන්නෙහිද? අපේ ලක්දින වාසල කළ රාවණා රජ තුමා සීතා කුමරිය සොරකම් කරගෙන් ආවේ අහස් යාත්රාෙවකින් බව අහලාවත් නැද්ද? “‍ඔව්! මට වැරදුනා. ඉතින් වැඩිපුර අහන්නේ නැහැ. අහසින් යට කිසිද අඵත් දෙයක් නැති බව පෙණෙයි. අපට මෙවා අලුත්වා වාගේ පෙණෙන්නේ කලින් කල අභාවයට යමින් අමුතු අමුතු ක්රරමවලින් ඒ ඒ දේ ලෝකයේ ඇති වන නිසා ය. අඵත් ය කියන නමුත් ඇත්ත ‍වශයෙන් නම් කිසිම අඵත් දෙයක් නැතිවා ව‍ාගේ ය.” “ලෝකය ඉතාමත් පරණ ය. අවුරුදු සියක් කොටියකට වඩා පරණ ය. ඒසා දීරඝ කාලයක ඇති නූනු කිසිවක් අද ඊයේ ඇති විය හැකි දැ යි ප්ර ඥව ඇති කාටත් සිතිය හැක්කේ ය. මහත්මයා එසේ නො සිතුවේ ජෝන් නිසාද?” අනේ මහත්මයෝ ඇයි මගේ ජෝන් කමට ඔය තරම් ඔච්චන් කරනනේ? හොදයි ජෝන් මළාට රැවුල කැපු කතාන්තරය මම නැවත කියන්නෙමි. එහෙත් මේ ලෝකය අවුරුදු සියක් කොටියකට වඩා පරණ ය යි කීවේ මොන බලයක් පිටද? අපේ බයිබලයේ හෙවත් දේව වේද පුරාණයේ හැටියට නම් මේ ලෝකය මවා අවුරුදු 5919 කි. කතෝලික පංඩිතයනගේ ශිඛා මාණික්යේය වු ජාකොමේ ගොන්සල්විස් තුමාගේ පොත බැලුවාම මේ මගේ කීම සත්යේ බව වැටහේ. ඔය අන්ධකාර කාලේ සිට මනුෂ්යජයන් ගේ සිතිවිලි මාත්රතය ශාස්ත්රාාලෝකය පවතින මේ කාලයට තරම නො වේ. මේ අප වාසයකරණ ලංකාවේ රාවණ රජතුමා රජකම තිබෙන්නේ මීට වෂර්‍ 7000 කට පෙර බව පෙනේ. ඒ නිසා ඔය මැවිල්ල ගැන කතා නොකර වෙන කාරණයක් ගැන කියන්ටේකෝ!” “ ඔන්න මම නැවැත්තුවෙමි. ඉතින් චන්ද්රිදාස මහත්මයාත් ජයසිංහ මහත්මයාත් තුෂ්ණිමභූතව ඉන්නේ ඇයි? සත්තකට ම මිත්රාරනන්ද මහතා කීවාත්මෙන් මගේ නම ජෝන් විම මට මහත් විහිලුවකි. දැන් මෙතැන සිටින අප හතර දෙනාගේ නම් මෙ සේ ය. ජයසිංහ, චන්ද්රෙදාස,මිත්රා‍නන්ද, ඡෝන්’ අනේ ඇනිච්චා මගේ නමේ හැටි! හරියටම හංසයන් මද්ධ්යරයේ කපුටෙක්



52 අෂ්ටලෝක ධර්ම චක්රාය

වාගේ නම කියවේ. චන්ද්රේදාස, ජයසිංහ, මිත්රාුනන්ද කියන කොට කොපමණ මධුර ද? කොපමණ ගරු ද? නමුත් මගේ නම නිකම්ම ජෝන්. අපොයි එකේ තිබෙන සැහැල්ලු කම! අපේ තාත්තා කළ මෝඩ කම මා විසින් වෙනස් නො කිරීමේ වැරැද්ද! කමක් නැහැ. මින් ඉදිරියටත් මෙබඳු මෝඩකම් නො කරන්නට සිතට ගනිමු”ය යි ජෝන් මහත්මයා කියා නිස්ශබ්ද විය.

ඉක්බිති චන්ද්ර්දාස ජයසිංහට කතා කොට “මහත්මයාගේත් මහත්මයාගේ භාරයාවගේත් ජීවිත කතාව කියා ගෙන ගිය නමුත් මිත්රා නන්ද මහතාගේ රසවත් කාව්යල කියවන්නට ඉඩ දුන් බැවිනුත් අතරකදි පැමිණි ජෝන්ගේ ලටපට කථාවෙනුතු එය මතක නැති වී යන්නට වුණා වාගේ පෙණේ. කරුණාකර එය කියන්නට” ය යි ජයසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේ ය. ජයසිංහ මහතා ද පළමු කථාව කියන්නට පටන් ගත්තේ ය.

“මම පාඨශාලාවේ සිට ගෙදර යන විට කුඩා ගෑනු ළමයෙක් තනිව ම හෙමින් හෙමින් යනවා දුටුවෙමි. ඒ ළමයා ගේ ‍වැඩකාර කෙල්ල යම් කිසිවක් ගෙනෙන්නට කඩේකට ගොසින් සිටි බැවින් ඇ එසේ යන බව පසුව දැන ගතිමි. මෙ සේ මට ඉදිරපිටින් යන ඒ කුඩා ගෑනු ළමයා කෙරෙහි මගේ සිතේ කොතරම් බලවත් ප්රේසමයක් ඇතිවිද කිවහොත් මතු වෙනස් නොකළ හැකි ඇලමක් එදිනම ඇති වුයේ ය. ඉතින් ඒ අපේ මිත්ර වීමක ඒ සම්බන්ධ විස්තරත් මේ කථාන්තරයේ අග’දී ප්රඒකාශ වන බැවින් මෙහි දි නො කියමි.

“මුක්තාලත” නැමැති මේ කුඩා ගෑනු ළමයා කාගේ කවුද යනවෙන් මම එවකට නොදත්තෙමි. මා සම්බන්ධව ඒ ළමයා දන්නේ ‘ජයසිංහ හාමු’ යන්න පමණකි. මේ කාරණය සිදුවී ටික දිනකට පසු අපේ පියා කාලයාත්රා කළ බැවින් අපේ විශාල වතුපිටි ඉඩකඩම් සම්බන්ධ මහත් කලබල ඇති ව අපට බාප්පා වන කෙනෙකුගේ පුතෙක් ඒ සියල්ල ම අයිති කර ගත්තේ ය. මේ නිසා ම‍ගේ මෑණියනට මහත් චිත්ත වෙදනා ඇති විය යුතු බව කාටත් තේරේ

මගේ මෑණියන්ට පියාණන්ගේ මරණය ගැන මහත් සොකයක් ඇති වුනා මෙන් අප සන්තක ධනය නාස්ති නෙවී ආරක්ෂා කර ගැනීමට බැරි වීමත් කනගාටුවටත් බලවත් දුකටත් හේතු වූයේ ය. එනම් අප පියාණන් විසින් කුඩා කල පටන් ස්වකීය සහෝදරයකු මෙන් කෑම බීම දි ශාස්ත්රාවදිය උගන්වා ඇතිදැඩි කළ පියාණන්ගේ සහෝදරයෙකු‍ගේ පුත්රරයෙක් වන සිරිල්ට පිට පළාත්වල තිබුනු අපේ


පියදාස සිරිසේන නවකථා එකතුව 53

වතුපිටි සියල්ලේ ම කටයුතු කිරිමට සම්පුර්ණ බලය පවරා තිබුනු බැවින් ඔහු ඒ සියල්ලක් ම පියාණන් මැරි සතියක් දෙකක් යන්නටත් ප්රවථමඅත්කර ගැනීම ය. මෑණියන්ට මේ කාරණය කීප විධියකින් ම මහත් අමාරුවක් විය. කෙළෙහි ගුණ නෙදත් මිනිසෙක් ඇති දැඩි කෙළෙම යයි බලවත් පශ්චාත්තාපයට පත් වු මෑනියෝ දුර්වල ව ‍රෝගතුර වූය. මුදල් හදල් ආදියෙන් රුපියල් හැට හැත්තෑ දාහක දේපල තමා අතේ තිබුන නමුත් මගේ ආරකෂාව ගැන නිතර ම කල්පනා කරණ මෑණියන්ගේ සිත වඩ වඩාත් නරක් විය. පියාගේ මරණයවත්, අපේ විශාල වතුපිටි නැතිව යාමවත් මට කිසි අමාරුවක් නො වීය. අම්මා අසනීපවීම හිතට කරදරයක් ව තිබුනු නමුත් එය වැඩී ගියේ නැත. වෙන දා මෙන් ප්රීකතියෙන් සෙල්ලම් කිරීමත් පාඨශාලාවට යාමත් අතපසු නොකෙළෙමි. මෙසේ ටික දිනක් යන විට ම වාගේ අසනීපය බලවත් විය. අපේ මෑණියන් ගේ පියාණන් මගේ සීයා එවකට ජීවත් ව සිටි බැවින් ඒ සීයා ගෙන්වා මා ඔහුට බාරදි දේපල ආදියත් සීයාට භාර කොට මා ගැන බොහෝ ‍සෝකයෙන් සිට මෑණියෝ ද තුන් මාසයක් තුළ දි පරලොකප්රාොප්ත වුහ. පියාණන්ගේ මරණයෙන් තුන් මාසයකට පසු මෑනියන්ගේත් මරණය සිදුවිම අවුරුදු 12 ක් පමණ වයසැති ළමයෙකුට මහත් දුකක් බව කීම උවමනා නො වේ. ඒ පවුලේ වෙන කිසිවෙක් නො සිටීම ඒ දුක අධික වීමට කාරණය වන්නේ ය. ධර්මය හොදින් දන්නා කෙනෙක් නූන නමුත් ධර්ම ශාසත්රම දත් පියාණන් හා මෑණියන් ආශ්රෙයෙන් වැඩුණු කෙනෙක් නිසාදෝ මට මෙබඳු කල්පනාවක් ඇති විය. ලෝකයේ සිදු විය යුත්තක් එසේ ම සිදු විය යුතුය. සිදු විය යුත්තක් වලක්වන්නට පිළිවන් ශක්තියක් ඇත්තේ නැත. සිදුවන යමක් වලක්වන්නට උත්සාහ කිරීම යුතු ය. එහෙත් ඒ වලක්වන්නට බැරි ව සිදුවුණි නම් ඉන්පසු කනගාටුවීම අඥන කමක් ය. මේ ලෝකයේ මටත් වඩා අනාථ වු දරුවෝ සිටිති. ඒ නිසා මම සෝක නො වෙමි යි සිතමින් සිටින විට මගේ සීයා, මට කථා කොට. පුතා උඹ බොධි සත්වයන් වහන්සේගේ චරිතය නිතර ම කියවන්නට ඕනැ. කවදා කොයි ආකාරයකින් පටන් ගත්තාදැයි නො දන්නා මේ සසර වසන අපගේ දුක දුටුවා වු ඒ උත්තමයාණන් වහන්සේ දීපංකර පාද මූලයේ දි ලැබුනු අමෘත මහා නිරවාණ සැපය අප නිසා අත් හැර උනවහන්සේ සංසාරයට බැස අනන්ත අප්රමමාණ කාලයක් මුඵල්ලේ කළා වු වික්රැමය



54 අෂ්ටලෝක ධර්ම් චක්රාය දැන ගැනීම අපේ බලවත් යුතු කමකි. සංසාරයේ දැඩි දුක් විඳිමින් ස්වකීය ආත්ම භාවය උසස් බවට පමුණුවා ගන්නා කොටසකුත් දැඩි දුක් විඳිමින් පංචාකාම සැපතට ම ලොල් ව ඒ සංසාර දුක අධික කර ගන්නා කොටසකුත් යන දෙ කොටසක් ලොකයේ සිටිති. මේ දෙකොටසන් මුල කී කොටසට නුඹ ඇතුළත් විය යුතුයි. භවය මලකට උපමා කළ හැකිය. මලේ මකරන්දයත් විසත් යන දෙකම පවතී.මලකින් සත්වයෝ දෙන්නෙක් ප්ර යෝජන දෙකක් ගනිති. බමරා මලේ තීබෙන මකරන්දය උරා බි නැවත් මධු ( මි පැනි) වශයෙන් ලෝකයාට දෙයි. එසේම මකුඵවා මලේ තිබෙන විස උරා ගෙන එය උගේ ශරීරයේ තැන්පත් කර තබා ගෙන සිට උගේ දැලේ පටලැවෙන් මැස්සන් ආදි සතුන් මැරීමට ඒ විස පාවිච්චි කරයි. ‍ෙම‍යාකාරයෙන් ම භවය නැමැති මලේ වසන සත්පුරෂ ‍ෙශ්ර ෂ්ඨ පුද්ගලයා උතුම් වු නිර්වාන නමැති අමෘතය උකාගෙන එය ලෝක සත්වයාට ද දෙයි. එමෙන් සංසාරයේ තිබෙන විෂ නැමැති අධික පංචකාමය අධම ගර්හිත පුද්ගලයා එකතු කරමින් තමන්ගේ වසඟයට පත්වන අන්යා සත්වයන්ට ද ඒ විෂ දෙමින් අනන්ත අප්රසමාණ කාලයක් සංසාර ගත ව හැසිරෙයි. ඉතින් පුතා.උඹ ලොවුතුරා බොධිසත්වයන් වහනසේ මෙන් සංසාර නැමැති සාගරය භය නැතුව එතර වෙන්නට සිතට ගත යුතුයි. ඒ සංසාර සාගරයේ අෂටලෝක ධර්මය නැමැති ස්ථාන අටක් තිබේ. සංසාර සාගරයෙහි ගමන් කරණ අයට ඒ ස්ථාන අට ම නො අනුමානව ම පසු කරන්නට ලැබේ. නැවත් නැවතත් ඒ ස්ථාන අටට ම පැමිණෙන්නට ලැබේ. ඇතැම් අයට ලෝක ධර්ම අට එක දිනකදීත් සමහරුන්ට සතියකදීත් සමහරුන්ට මසකදීත් සමහරුන්ට වර්ෂයකදීත් සම්භ වේ. ඇතැම් අයට ලෝක ධර්ම අට නැමැති ස්ථාන අටෙන් දෙක තුන හරත පහ හය හත වශයෙන් එක ජීවිතයක දී ලැබේ. මේ සංසාර නැමැති කාන්තාරයේ කිසිම සත්වයෙකුට එතර කළ නො හැක්කේය. මෙය ගම් අටකට නොහොත් අම්බලම් අටකට සමාන වේ. අෂ්ටලෝක ධර්මය වනාහි බේදයට පැමිණ දුකින් පෙළි පෙළි වුන් පොට්ඨපාද නම් ගිරා පෝතකයාට සංසාර සාගරයට මදකුත් බිය නොවී එහි එතර තමා ම සොයමැයි ඒකාන්ත අධිෂ්ඪානයෙන් පැන්නා වු මහා වීර පුරුෂයා වන මාගේ ස්වාමි දරු තිලෝගුරු බෝධිසත්වයන් වහන්සේ තුණඩිල නම් ගිරා පෝතකව ඉඳගෙන දේශනා කළ එකකි. කාශ්ය ප සවඥයන් වහන්සේගේ ශාසන අත්තර්ධානයෙන් පසු අෂ්ට ලෝක ධර්මයයි කියන ස්වාභාවික ධර්මය ලෝකයාට ප්රාකාශ කාළේ මේ තුණඩිල නම් වු ගිරා




පියදාස සිරිසේන නවකථා එකතුව 55

පෝතකයාණෝ ය. එහි විස්තර පුතාට මම නැවත් කියන්නෙමි. දැන් වනාහි ඒ තුණ්ඩිල නම් වු ගිරවාණන් විසින් ප්ර කාශ කළ ගාථා ධර්මය කියන්නෙමි.

“ලාභෝ අලාභෝ අයසෝ යසොව නිනද්රභ පසංසාව සුඛංච දුකඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා මාසෝක මා පජ්ජහි පොටඨපාද”

ඉතින් පතා, නුඹ ලපටි නිසා නුඹට මම මෙය දනට විස්තර නොකරමි. එහෙත් ක්රනමයෙන් ධර්ම ශාස්ත්රස උගත් පසු මේ උතුම් ගාථා රත්නයට පරිච්ඡේද සිය ගණනකින් යුතු විශාල ග්රමන්ථයක් ලිවීමට උඹට ම පිළිවන් වන්නේය. මා විසින් මගේ පුංචි පුතාට දැන් දෙන අවවාදය නම් නුඹ බොධිසත්ව ලීලාවෙන් සංසාර සාගරයේ ගමන්, කළ යුතු බවයි. භවය නමැති මලේ තිබෙන තුච්ඡ වු පංච කාමය නමැති විෂ ටික නොබි ඒ භවය සංඛ්යාවත පුෂ්පය කරණකොට ගෙන ම හටගත් නිර්වාන නමැති අමෘතය සෙවීමට වීර්ය කළ යුතුය. සංසාර කාන්තාරයේ ගමන් කරණ විට අට විධියකින් සැදි අට ක්රුමයකින් වේදනා සලස්වන අට වැදැරුම් වු විපාක දෙන අෂ්ටලෝක ධර්මය නම් වු ශාලා අටේ ම ලැගුම් ගත යුතු නමුත් එක එකේ දි නුඹේ ස්වභය වෙනස් නො කළ යුතුයි. මේ ස්ථාන අටේ දී අට විධියකට සැපදුක් ආදිය ලැබෙනු ඵ්කාන්තය. එහෙත් නුඹේ ප්රාකෘති ගතිය එකක්ව ම තබා ගත මැනවි. ස්ථාන අ‍ටේ අට විධියක් පැවති නමුත් බුද්ධාංකුර ගුණයෙන් හෙබියා වු උත්තමයා ඒ ස්ථාන අට ම එකම ස්ථිර ගුණයෙන් සිටගෙන පසු කළ යුතු ය.

දැන් නුඹේ මවුපියන් නැත. නුඹට අයිති විය යුතු ධනයෙන්ද වැඩි කොටසක් මිත්ර් කමින් සිටි එක් සතුරෙකු විසන් පැහැර ගන්නා ලදි. නුඹේ සහොදරයෙක්වත් මහලු මා ඇර වෙන යම් කිසි හිතෛෂි ඤාතියෙක්වත් නැත. එහෙත් නුඹ සිංහලයෙක් බැවින්, යකුන් මැඬ පවත්වා ලක එක සේසත් කළ විරපුරුෂයන් ගෙන් පැවතෙන්නෙක් බැවින්, ධර්මයට ජීවිය පරිත්යා ග කළ ධීර වු සිංහලයන්ගෙන් පැවතෙන්නෙක් බැවින්, පරාර්ථය පිණිස හෘදය මාංසය පවා දුන් සිංහලයන්ගෙන් පැවතෙන්නේක් බැවින්, බත් වේලට ප්ර්ති උපකාර වශයෙන් ස්වකීය සිරස ගලවා පරිත්යානග කළ උතුම් සිංහලයන්ගෙන් පැවතෙන්නෙක් බැවින්, ස්වකීය නාමයට නින්දා නො එළවා




56 අෂ්ටලෝක ධර්මි චක්රවය


ලපටිවත් සිටගෙන ඉදිරියට පැන රජ අණට කීකරුව ස්වකීය ග්රි වය වධකයාහට පෑ නිර්භීත සිංහලයන් ගෙන් පැවැත එන්නෙක් බැවින්, තථාගත සම්මා සමුබුදුරජාණන් වහන්සේගෙන් ශාසනය පන්දහස් කාලයක් ආරක්ෂා කරණ බවට විවරණ ශ්රී ලැබු සිංහලයන්ගෙන් පැවතෙන්නෙක් බැවින්, පන්සාළිස් වර්ෂ‍යක් තුන් ලෝකයට සාන්තිය දි විශාලා මහනුවර උපවර්තන නම් ශාලවනොද්යා‍නයේ පිරිනිවන් මංචකයේ වැද‍ෙහාත් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ දිවැසින් දැක වදාළ උතුම සිංහල ජාතියෙන් පැවැතෙන්නෙක් බැවින්, මගේ පුත්රියාණනි. සිසිර කුමාරයාණනි, තිලකරත්න ජයසිංහ මුදලාලිගේ පුත්ර්යාණෙනි ශොක නොවෙව භය නොවෙව, අධෛර්ය නෙවේව”යි මගේ මහලු සීයා මට කීවේ ය. මගේ සීයා විසින් කරණ ලද අවවාදය මගේ සිතෙහි තදින් ඇඳි ගියේ ය. කුඩා කාලේ පටන් ම පවට ඇර අන් කිසිවකට භයක් නැති මට මගේ පියාණන්ගේ හා මවුගේ මරණය අධෛර්යයට කාරණයක් නොවීය. මෑණියන්ගේ මරණයට මාසයකට පමණ ප්ර ථම අප පියා සමග ගනුදෙනු කළ වැදගත් ඉංගිරිසි මහතෙකුට මා රැක බලා ගැනීමට මවු විසින් පවරණ ලද්දේ වුයෙමි. මැණියන්ගේ මරණයෙන් සතියකට පසු ඒ මහතා අපේ නිවසට අවුත් ගෙදරදොර තිබුණු බඩුමුට්ටුත් විකුණා ඒ මුදලුත් රන් මිණි මුතු ආදි ආභරණත් ලේඛණයක් ලියා ඒ සියල්ල ම බැංකුවක තබා වයස 21 සම්පූර්ණ වූ පසු මට ඵ් සියල්ලම දෙන ලෙස පවරා මාත් සමග එංගලන්තයට යන්නට පිටත් විය. මේ මහතා ලපටි වු මා කෙරෙහි දැක්වු ප්රේයමය සැබැවින් තමුන්නාස්සේලාට කීවා ම පුදුම් වනු නිසැක යි. එය මම නැවත කියන්නෙමි. ඒ මහතාත් ඒ මහතාගේ මැතිනියත් මට ටිකක් වැඩි වහස් වු ඒ මහතාගේ පුත්ර්යාත් යන අපි සතර දෙනා ම එංගලන්තයට යන පිණිස නැව් නැග්ගෙමු. මා විසින් “පප්පා” කියන ඒ මහතාට කල්කටාවට ගොස් යන්නට උවමනාවක් තිබුනු බැවින් අපි කල්කටාවට පැමිණියෙමු. වර්තමාන කල්කටාවය කියන බෙංගාලේ අගනුවර “ කලිකාට” යන හින්දු නාමය ඉංගිරිසියට පෙරලා ගෙන කරණ ව්ය වහාරයකි. ප්රුසිද්ධ කාලි කොවිලක් තිබෙන බැවින් මේ නාම ව්ය වහාරය ඇතිවී තිබේ. ඉන්දියාවේ 15 දිනක් ම නවතින බව අපේ “පප්පා”කී බැවින් දඹදිව සිද්ධාස්ථාන බැලීමට යාමට බලවත් ආසාවක් ඉපදුනේ ය. ඒ බව පප්පාට සහ මම්මාටත් කී විට ඔවුන්ගේ පුත්රටයා‍ වන “විලී” ද මාත් සමග යන්නට සතුටු වු නිසා ර‍ටේ



57 පියදාස සිරිසේන නවකථා එකතුව තොරතුරු හොඳින් දත් බෙංගාලි මහතෙක් අපට පවරා දුන් බැවින් ඔහුත් සමග නොයෙක් තැන්වල 12 දිනක් ම ඇවිද්දෙමු. අපේ ඇතැම් සිංහල මවු පියවරු දරුවන් කෙරෙහි නො වුවමනා ආදරයක් දක්වා ඒ දරුවන් බියසුඵ අඥනයන් කරති. ළමයෙකුට පිට රටක දැවිදින්නට, ආශ්චර්යමත් දෙයක් බලන්නට ඉඩ දීමට සිංහල මවුපියවරු බියවෙති.නිතර ක්රීඒඩා බැලීම, නරක සමාගම්කාරයන් සමග එක්වීම, රාත්රිකයේ තනියම හෝ නුසුදුසු මිනිසුන් සමඟ ඇවිදීම ආදි පහත් ක්රිඑයා කිරීමට දරුවන්ට ඉ‍ඩ දීම යුතු නොවේ. එහෙත් දරුවන් සියලු ම ක්රිඑයාවෙහි දි ආවරණය කොට බියසුල්ලන් කිරීම මහත් අයුත්තකි. ඉංගිරිසි මහත්වරු එසේ නො කරති. වැදගත් උගත් ඉංගිරිසි මහත්තැන්ගෙන් අපට ඉගෙණ ගන්නට තිබෙන් දේ ඉතා බොහෝ ය. ස්වකීය දරුවන්ගේ ප්ර්කෘති ධෛර්යය යටපත් කිරිමට උගත් ඉංගිරිසි මහතෙක් සතුටු නො වේ. නාවිකයෙක් වීමට අභිලාෂි වු දරු‍වකු දුටු විට ඒ දරුවාට නාවික ශිල්පය උගන්වා ඔහුට තමාගේ ප්ර කෘතියෙන් අටගත් අභිලාෂය මුදුන් පමුණුවා ගැනීමට ඉඩ දේ. මනුෂ්යප වර්ගයක් දියුණු වීමට කුඩා කාලේ ම එකිනෙකාට වඩා රුචි වු ක්රිේයාවෙහි යෙදවීමත් ඒ ඒ කටයුත්තෙහි ඔවුන් සමර්ථයන් කිරීමත් ඉතා අවශ්යන වේ. අප රටේ පවත්නා නක්ෂත්රයයෙන් අදහස් කරණ ලද්දේ ඒ ඒ පුද්ගලයාට උත්පත්තියෙන් පිහිටන සමර්ථතාවය දැන ගෙන ඔහු එහි සමර්ථ කිරිම ය. එහෙත් මේ කාලේ බොහෝ දෙනා කේන්ද්‍ර බලන්නේ ලෙඩක් දුකක් පැමිණි විට බලියක් තොවිලයක් කර ගැනීමට පමණකි. නක්‍ෂස්ත්ර ය උතුම් ශාස්ත්රවයකි. ඒ ඒ පුදගලයන්ගේ පුණ්යක ප්රසමාණයත් ඹහුගේ දක්ෂ පක්‍ෂ භාවයත් ඔහුගේ ශරීරයේ ධාතු ගුණාදියත් ඹහුගේ ඤාති මිත්ර යන්ගේ හා පුත්ර් කාලත්රාඔදින්ගේ ස්වභාවයත් ඔහු කුමකට දක්‍ෂයෙක් වන්නේ ද යනුත් දැනගැනීමට සොයා ගති ඉතා උතුම් ශාස්ත්ර ය දැන අනික් අතකට යොදා ගෙන ඇතැම් අය මෝඩයෝ වෙති. බලිය කියන්නෙත් තොවිලය කියන්නේත් අඥානයන්ගේ නින්දිත ක්රි යාවකි. නවග්ර හයන් යයි සම්මත තාරකා වෙනුවෙන් බලි කරන්නා තරම් අඥානයෙක් තවත් ඇති නොවීය හැකිය. කේන්ද්රේ යයි කියා සාදන රාශි චක්රදයේ ද්වාදස ස්ථානයෙන් ඒ ඒ මිනිසුන්ගේ ආත්ම භාවය සමුබන්ධ සියල්ලක් ම කිව යැක්කේය. මෙසේ කියන විට ජයසිංහ මහතාගේ කථාව අසා ප්රකයෝජනවත් දෙයක් අසන්නට ලැබුනේ යයි සතුටුව,





58 අෂ්ටලෝක ධර්මි චක්රතය

මහත්මයාණනි, කරුණාකර කේන්ද්රයයේ ද්වාදස ස්ථානයෙන් මනුෂ්ය‍යා සම්බන්ධ සියල්ලම දක්වන හැටිත් ඒ භාව දො‍ළසේ ඒ ඒ ග්රාහයන්. සිටීමෙන් ඇතිවන සුභාසුභ ගුණයත් මහත්මයා හොඳින් දන්නා බැවින් අපට කිවහොත් යෙහෙකැයි චන්ද්ර දාස සහ එහි සිටි මිත්රානනන්ද ද ජෝන උන්නැහේ ද කීහ. “ඔව් මම මෑත කාලයේදි එය හොදින් දැන ගතිමි. ජ්යොරතිශ් ශාස්ත්රසයෙන් අපට යත යුතු ප්රායෝජන මිස ඒ ඒ කාලවල සිටි කපටින් විසින් ඇති කර තිබෙන බලිබිලි තොවිල් ආදිය සැලකීම පිරිහීමට ‍‍හේතුවකි. කේන්ද්ර යේ ද්වාදස භාවය විස්තරව දැන ගත් විට ඒ භාව දොළසේ සිටින ග්ර‍හයන්ගේ පලාඵල දැන ගත් විට මේ මිනිහා මෙබන්දෙක. මේ තරම් දියුණුවිය හැකියෙක යනාදී වශයෙන් සියලු තොරතුරු දැනගන්ට පිළිවන. ඒ නිසා ඒ භාව දොළසේ විසුතරයක් කියමි.

1 වැනි භාවය - හෝරාය, ආත්මය,තනුය.අංගශෘද්දය,සිරසය, කාල්යරය, මූර්තිය යන මේ නම් වලින් ප්රවකාශයි. මේ නාම වලින් ම ඒ සත්වයා සම්බන්ධ කෙබඳු ආත්මයක් ‍ෙකබෙඳු තත්වයක් ප්රයකාශ වන්නේ දැයි තේරේ. 2 වැනි භාවය - දිවය,වචනය,මුඛය,සත්යෘ වචනය,සව්ය. නේතර බ ය, විද්යාධය,මාමාය, පාත දත් පංක්තිය,ධනය,කටුම්බය.(පවුල) නාසය, කාව්යෝය, පුරාණය, ශාස්ත්රාය යන දෙවැන්නෙන් ප්රමකාශ වේ. 3 වැනි භාවය - සේනාවය, වික්රුමය, සහොදරයෝය,ධෛර්යය, අභයය සව්‍යකණිය, කන්ඨය, සත්වයොය, උරය, ගාත්රෛය,අතය,වීර්යය යන මේ සියල්ල තුන් වැනි භාවයෙන් ප්රනකාශ වේ. 4 වැනි භාවය - කෙත්වතුය, වාහනය, නෑ‍යෝය, භූෂණ(සැරසිලි)ය, සැපය, ගෙවල්ය, රාජ්යකය, ගවයෝය, මාතෘය, හෘදය යනාදිය සතර වැනි භාවයෙන් ප්රිකාශ වේ. 5 වැනි භාවය - රාජ්යාය, පුත්රවය, ඇමතියෝය, නාභියය, බඩය, පිණය, පූර්වකභවය, ඉවසීමය, ඥානය යනාදිය පස්වැ නි භාවයෙන් ප්රදකාශ වේ. 6 වැනි භාවය - ලෙඩ, සතුරෝ, වණ, සතුරු,ගෘහ,ඤති, සොරු.කටිප්රරදේශය, බ‍ඩගින්න, තෘෂ්ණාය, අරුණය, රසය, ශාස්ත්රාකපණය යනාදිය සවැනි භාවයෙන් ප්රරකාශ වේ. 7 වැනි භාවය - මිත්රවය, මදනය, කලත්රතය, මාර්ගසය, මෛථුන(ක්රීාඩාදිය), වස්තිය, ස්ත්රිේන්ගේ වැලැක්මය යනාදිය සත් වැනි භාවයෙන් ප්ර කාශ වේ.





පියදාස සිරිසේන නවකථා එකතුව 59


8 වැනි භාවය - ඉක්‍ෂුය, ක්‍ෂීරවිතාරය, රන්ධ්ර්ය, බන්ධනය, ආයුෂය, ආපදය, මරණය, නිධානය, මංගල්යිය, සත්රී න්ගේ පරිභවය, ජීවය ව්යං,ජනය යනාදිය අට වැනි භාවයෙන් ප්රේකාශ වේ. 9 වැනි භාවය - ස්වාන්තය, භාග්යංය, තපසය, ගුරුන්ට ඇලීමය, ධර්ම ය, පිණය, පරමය, පිදිමය, ශුභය, පිතෘස්ථානය, ඖෂධය,කලවය, පුත්ර ය යනාදිය නව වැනි භාවයෙන් ප්රේකාශ වේ. 10 වැනි භාවය - කර්ම ය, ගහණය, පැවැත්මය, ප්රාකාශය, ව්යාිපරය,නාභිය, දෙදෙනය, ජිවනය දස වැනි භාවයෙන් ප්ර්කාශ වේ. 11 වැනි භාවය - ලැබිමය, වැඩිමල් සොහොයුරාය, සමාගමය, දෙකෙන්ඩාය. ප්රා-ප්තිභයය යනාදිය එකොළොස් වැනි භාවයෙන් ප්ර කාශ වේ. 12 වැනි භාවය - සතුරුය, වියදමය, පාපය, පා දෙකය, සයනය, වම් ඇසය යනාදිය දොළොස් වැනි භාවයෙන් ප්රිකාශ වේ.

මෙසේ දක්වන ලද භව දොළසේ මනුෂ්යයයාගේ අංගප්ර,ත්යංයගත් ඔහු සම්බන්ධ වු සියලු ගති ක්රිුයාදියත් හොඳින් ප්ර‍කාශ වේ.ඉතින් ඒ ඒ භාවයෙහි සිටියා වු ද ඒ ඒ භාවයන් දුටුවා වු ද ඒ ඒ භාවයන්ට අධිපති වු ද ග්රාහයන්ගේ සුභාසුභ වශයෙනුත් ඵලාඵල වශයෙනුත් ඵ් ඵ් භාවවල ඵල විපාක දෙන්නේ වේ. මෙසේ උත්පත්තියෙන් ම ලැබූ ඵ් ඵලාඵල ගතිගුණාදිය මේ මේ යයි දැන ඒ ඒ ක්රි.යාදියෙහි පුරුදු කරවිමෙන් මනුෂ්යායා උසස් බවට පැමිණවිමටත් උත්පත්තියෙන් නොලැබු දක්ෂහකම් ආදිය පරශ්ර්මයෙන් වැඩි දියුණු කර ගැනීමටත් ජ්යෙනතිශාස්ත්රදය සාදා තිබේ. ඒ මිසක බලිබිලි යාගහෝමාදිය කිරිමට උවමනාවක් මෙහි නැත්තේය. යාග හෝමාදියෙහි යම් ප්රවයෝජනයක් පවත්නේ නම් ඒ චිත්ත බලය කරණකොටගෙන මනුෂ්යහයන්ට යම ප්රජයෝජනාදියක් ඇති කර ගත හැකි වෙනත් ඒ මේ ඡ්යොුතිඃශාස්ත්ර්යට උවමනා වු ඊට සම්බන්ධ වු එක්ක් නො ව‍න්නේය. සිංහල මිනිස්සු දෙවියන්ට සමාන ව කල් ගත කොට තිබෙන්නේ මෙබඳු කාලවලදීය . මෙසේ කියන විට මිත්රා්නන්ද කථාකොට, “මහත්මයාණනි, කරැණා ‍පෙරදැරිව සිංහල මිනිසුන් දෙවියන්ට සමානව කල් යැවු කාලවලුත් ඒ සම්බන්ධ සුලු විස්තරයකුත් කිවමැනැවැ”යි කීවේය. එය දැක්වීමට සතුටු වු ජයසිංහ මහතා මෙසේ කියන්නට පටන් ගත්තේය.



60 අෂ්ටලෝක ධර්මස චක්ර ය


04.පරිච්ඡේදය[සංස්කරණය]

ක්රි.

ස්තු වර්ෂෂයෙන් හාරසියේදි පමණ ලක්දිවත් සිංහල ජාතියත් සම්බන්ධ තොරතුරු ටිකක් කියවා බැලීමෙන් වර්තමාන කාලයකත් මීට අවුරුදු 2000 කට පමණ පුරාණ කාලයක් ගැන සිතා ගත හැක්කේය. පාහියන් නම් චීන භික්‍ෂුන් වහන්සේ විසින් ලියන ලද තොරතුරු සං‍ෙක්ෂ පයෙන් මෙසේයි- “ උන්වහන්සේ විශාල වෙළෙඳ නැවකට නැග්ගේය. එම නැව මුහුදේ යාත්රා- කරන්නට පටන් ගෙන ග්රි ෂ්ම ඝෘතුවේ අඵත් සුළඟ ලැබ ගැනීම නිසා නිරිත දෙසට යාත්රා කරණ ලදි. එවුහු රැ දාවල් කුදුසක්ම යාත්රා කොට සිංහයන් ගේ රටට හෙවත් සිංහල ද්විපයට ළඟා වුහ. (දඹදිව) තාම්බුලාවිති නම් ‍රටේ සිට ලක්දිවට යොදුන් 700 යකැයි කීවෝය. මේ සිංහයන්ගේ රාජධානිය ලොකු දිවයිනක පිහිටා තිබේ. නැගෙනහිර සිට බස්නාහිරට එහි දිග යොදුන් 50කි. දකුණේ සිට උතුරට තිස් යොදුනකි. එහි හාත්පසම කුඩා දූපත් පිහිටා තිබෙත්, ඒවායේ ගණන සියයක් පමණ වේ. ඒ දූපත් ලයි විස්සේ සිට 200 දක්වා ඈතින් එකිනෙක පිහිටා තිබේ. ඒ සියල්ල ම ලොකු ද්වීපයට අයත්ය. ඒ දුපත්වලින් බොහොමයක මුතු හා මැණික් බහුලය. එක පළාතක මාණික්යද රත්න තිබෙත්. ඒ සම්භවන භූමිභාගය ලයි දසයක් පමණ හරියේය. මේ ස්ථානය මුර කිරිමට රජතුමාගේ මුරකරුවෝ යවනු ලැවෙත්, එහි යම් තරම් මාණික්ය රත්න සමග වෙන් ද ඉන් දහයෙන් තුනක් රජුට අයිති විය. මේ රට (ලංකාව) මුල් කාලයේ මනුෂ්ය වාසයක් නොවීය. යක්කුන් හා රාක්‍ෂයෝ විසුහ.(ඒ කොයි හැටි උවත්) නොයෙක් රටවල වෙළෙද ජනයා මෙහි වෙළෙදාම් පිණිස පැමිණියෝය. වෙළෙදාම කෙරෙණවිට යක්‍ෂයෝ (වැද්දෝ දැනුත් එසේයි) ඉදිරිපිටට නොපැමිණ ස්වකීය බඩුවේ වටිනාකම සටහන් කොට ඒ බඩුව පමණක් දක්වති. එවිට වෙළෙද ජනයා නියම කර තිබෙන වටිනාකම තබා ඒ බඩු ගනියි. මේ පිටරට වාණිඡ ඡනයාගේ ගමනා ගමනය කරණකොට ගෙන මේ රටෙහි ප්රිිතිදායක ස්වභාව අසා බොහෝ රටවලින් සෙනඟ පැමිණ මෙය බලවත් රාජධානියක් වූයේය. මේ රටේ ග්රීාෂ්ම ගීතාදි ඝෘතුවල වෙනස් ස්වභාවයක් නැතිව යහපත් ඝෘතු ගුණයක් පවත්නේය. තෘණ හා වෘක්‍ෂලතාදිය සැම වෙලේම(ශ්යාඝමාය මානය) බීජ වාපනයට නියම කාලයක් නැත. ගොවින්ට කැමැති විටක වපුරති. ‍‍යෙරෟද වු නාග



පියදාස සිරිසේන නවකථා එකතුව 61

රාඡයකු දමනය කීරීම සදහා බුදුරජාණන්වහන්සේ මේ රටට ‍වැඩම කළ සේක. උන්වහන්සේ ගේ ඝෘද්ධි බලයෙන් රජ ගෙදර සිට යොදුන් 15 ක් දුර කන්දකට එක පියවරක් තබා වැඩම කළ සේක. ඒ පාද ලංජනය පිහිටියා වු අග නුවරට උතුරු දිගින් පිහිටි කන්ද මුදුනේ අඩි 470 ක් උස කොතක් ගොඩ නගන ලදි. ඒ කොත රන් රිදි ආදි වටිනා ද්රඩව්යනයන්ගෙන් අලංකාර කරණ ලදි. මේ ‍ෙකාතට එක් පසෙකින් සංඝාරාමයක් ද තනා තිබේ. ඊට අභයගිරියයි කියති. එහි සංඝයා වහන්සේලා 5000 ක් වාසය කරති. මෙහි රන් රිදි කැටයමින් කළ විසතුරු වැඩ අලංකාරය. මේ විහාරයේ අඩි 22 ක් උස ඇති බුදුන්ගේ (සිටි) පිළිමයක් ඇත්තේය. මේ පිළිමයේ සම්පූණි ශරීරය සප්තවිධ මාණික්ය යන්ගෙන් බැබලේ. තවද බුදුන්ගේ විවිධ මංගල්යස කොතරම් ආශ්චර්යමත් ලෙස පෙන්වා තිබේද කිවහොත් ඒ දැක්වීමට වචන නැත්තේය. වටිනාකම මෙ පමණ යයි සංඛ්යාබ නො කළ හැකි මුතු ඇටයක් දකුණු අතේ අල්ලේ සිවිකර තිබේ. පාහියන් ස්වකීය ජන්ම භූමිය වු හාන් රටින් ගොස් බොහෝ කාලයක් ගත වූ බැවින් (එවකට) එතුමා ආශ්රනය කරමින් විසු ලක්වස්සන්ගේ චාරිත්ර් වාරිත්රාපදිය අතිශයින් නුපුරුදුව පැවැත්යතේය. උන්වහන්සේට දකින්නට ලැබුනු නගර,මිනිස්සු, කඳු, තැනිතලා, ගස් කොළන් ආදිය ඊට කලින් ඇසුරු කළ දේට අසමාන විය.ඊටත් වඩා උන්වහන්සේගේ පිරිවර ජනයාගෙන් සමහරෙක් වෙන රටවල නැවතීමෙන් ද උන්වහන්සේ ගෙන් වෙන් වූහ. උනවහන්සේට පසු වු කරුණු ගැන කල්පනා කරමින් කනගාටු වෙන්නට පමණක් ලැබුනේය. එක් දිනක් උන්වහන්සේ ඉහත කී ආශ්චර්යමත් සිටි පිළිමය ළග සිටින විට චීනයේ සාදන ලද පවන් පතක් යම් කිසි වෙළෙදකු විසින් පිළිමයට පූජා කරණ ලදි. එවිට උන්වහන්සේට ශෝක හටගෙන ඉබේම කඳුලු වැගිරෙන්නනට විය. මේ දිවයිනේ කලින් සිටි රජතුමෙක් (දෙ වැනි පෑතිස් රජතුමා) දඹසිව ශ්රී මහා බොධියෙන් ශාඛාවක් ඉල්ලා රාජ දූතයන් යවන ලදි. මේ වෘක්ෂ අඩි 200 ක් පමණ වැඩුණු විට නිරිත දෙසට ඇලවිය. රජතුමා බොධිය බිම වැටේය යන භයින් කරු තබන ලද්දහ. තබන ලද කරුවල ළගින් ශාඛාවක් හටගෙන එය බිමට නැමි එයින් මුල් ඇද ඒ අත්ත වැඩි ගොස් අඟල් 20 ක වට ප්රෙමාණය ඇති ගසක් විය. කරු කරණකෙටගෙන ගසේ මැද සිදුරු වුන නමුත් තව ම ගස නොවැටී තිබුනේය. කරු ද ඉවත් නොකර තිබුනාහ. මේ ගස යට විහාර ගෙයි වැඩ සිටින බුද්ධ ප්ර තිමාවක් තිබේ.




62 අෂ්ටලෝක ධර්මබ චක්ර ය

අතරක් නැතිව ගිහි පැවිදි ජනයා මේ පිළිමයට පුද පූජා පවත්වයි. අගනුවර ම දළදා මන්දිරය නතා තිබේ. මේ මාළිගාව තැනීමට සප්තිවිධ රත්නය ම ගෙන තිබේ. රජතුමා මේ දළදාවට පූජා කිරිම සදහා බ්රාතහ්මණ චාරිත්රාබනුකූලව අතිශයින් සුපිරිසිදුව යයි. රට වැස්සෝ ද පිළිවන් තරම් පිරිසිදු ව දළදා පූජාව කරති.මේ රාජධානි (අනුරාධපුරය) ආංඩුව පිහිට වු තැන් පටන් ම දුරභික්ෂක යකින්වත්, විපතකින්වත්, ආංඩු විපර්යාසයකින්වත් පීඩාවට පත් නොවීය. මෙහි භික්‍ෂුන්ට ලැබෙන වස්තුවෙහි මිළ කළ නොහැකි තරම් අගනා මාණික්යක රත්න ද ඇත්තාහ, එක් දිනක් මේ සංඝ සන්නක වස්තුව පරික්ෂා් කළ රජුට එහි තිබෙන මාණික්යත රත්න දැක ඒවා ඇරගැනීමට සිතක් පහළ විය. මේ කල්පනා ඔහු තුළ තුන් දිනක් ම පැවැති නැවත යුක්තිය වැටහුනේය. එතුමා කෙළින් ම සංඝ සභාවට පැමිණ සංඝයාට නමස්කාර කොට තමා තුළ අටගත් ‍අදහස ප්ර කාශ කොට ඒ ගැන කනගාටු විය. ඉක්බිති රජතුමා සංඝ සභාව මධ්යඅයේ මෙසේ අයදුමක් කළේය. “ මේ සංඝයා සන්තක භාණඩාගාරයට මේ තැන් සිට කිසි කලෙක රජ කෙනෙකුට එන්නට නුපුඵවන. එසේ ම 40 ඇවිරිදි වයස් ගත නුවු හික්‍ෂුවකට ද ඇතුඵවීමට ඉඩ නොදිය යුතුය” යනුයි. මේ නගරයෙහි උසස් රාජමාත්යඇයෝ ද ධනවත් ගෘහ පතියෝ ද බොහෝ සිටිති. සාබෝ නම් වාණිජයන්ගේ මන්දිර අත්යාපලංකාරය. විථි සහ මිනිසුන්ගේ ගමනාගමනයට තනා තිබෙන කයුරු(පේව්මන්ට්) ඉතාමත් මටසිලුටු සමතලාය. ප්රකධාන විථි සතරේ කෙළවරේ ධර්මශාලා තනා තිබෙත් . අටවක් පසළොස්වක් අමාවක් මේ ධර්ට ශාලාවල උස් ධර්මාසනය බැගින් තනා සකර පේරුවට අයත් සියල්ලෝ ධර්ම ශ්රාවණයට පැමිණෙති. මේ ර‍ටේ භික්ෂුන් වහන්සේලාගේ ගණන පණස් දාහක් නොහොත් හැට දාහක්ය. සියලු දෙනා වහන්සේ ම මහා ජනයා දෙන දානයෙන් යැපෙති. ඒ ඇර නගරයේ වාසය කරණ භික්‍ෂුන්ගෙන් පන්දාහකට ‍නොහොත් හයදාහකට පමණ මහ රජුගෙන් දානය ලැබේ. මේ භික්‍ෂුන් වහන්සේලා ආහාර වේලාව පැමිණි විට පාත්රාෙ අතින් ගෙන ඒ ඒ ස්ථානවල පිඩු පිණිස හැසිර පාත්රන පිරුණු විට ඒ රැගෙන ආවාස වලට එති. වෂර්යේි තුන් වැනි(පොසොන්) මාසේ පොහෝදා දළදා වහන්සේ එළියට වැඩමවති. දළදා වහන්සේ එළියට වැඩමවන්නට දස දිනකට ප්ර‍ථම රජතුමා



පියදාස සිරිසේන නවකථා එකතුව 63

විසින් මුඛරි වු ඇමතියකුට රාජාභරණ අන්දවා සියලු හස්ත්යා භරණයෙන් සරසන ලද ඇතකු පිට හිඳුවා හේරිනාදය පතුරුවමින් මෙසේ කියන්නට සලස්වයි. (එනම්) ‘තුන් අසංඛ්යෙ කල්පයක්’ *මලුල්ලේ බෝධිසත්වයන් වහන්සේ පාරමී පුරණය කළ සේක. උනවහනසේ තමන් වහන්සේගේ රාජ්යලය අතහළේය. ප්රිකය භාරයාව අතහළේය. පුත්රපයා අත්හළේය. එපමණකුදු නොව උනවහන්සේ අනුන්ගේ යහපත පිණිස ඇස් උපුටා දුන් සේක. අනුන්ගේ ගොදුරු පිණිස උන්වහන්සේ ස්වකීය ශරීර මාංසය කපා දුන් සේක.අනුන්ට ස්වකීය සිරස ගලවා දන් දුන් සේක. කුසගින්නෙන් පෙළෙනු දුටු රෞද්රි කොටින්ට තමන්වහන්සේගේ ශරීරය ගොදුරු කොට දුන් සේක. උන්වහන්සේ ඒ ගැන සෝක නොවු සේක. වත ද සම්මා සම්බුද්ධ රාජ්යෝයට පැමිණි උන්වහන්සේ සතළිස් පස් අවුරුද්දක් මුලුල්ලේ ශ්රීම සද්ධර්මධ දේශනාවෙන් ලෝකයාට යහපත සැලසු සේක. දුකින් පීඩිත වූවන්ට අභය දී සංසාර බන්ධනයේ බැදි වුන් සත්වයන් මිදු සේක. අනන්ත අප්රටමාණ කාලයක් සැරිසරමින් ලෝක සත්වයාට වැඩ කොට උනවහන්සේ නිවන් පුර වැඩි සේක. ඒ උතුම් සිද්ධිය වී දැනට වර්ෂො 1497 කි. ඒ උන්වහන්සේගේ පරිනිවාණය මුඵ ලෝකය කම්පා කරවීය. මෙයින් දස දිනක් ඉකුත් වු පසු ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දන්ත ධාතුව (දළදා මැඳුරේ සිට) පෙරෙහරින් අභයගිරි මහා විහාරයට වැඩම කරවනු ලැබේ. එබැවින් මේ නගර වාසි පින් කැමැති ශ්ර ද්ධාවත් ගිහි පැවිදි සියල්ලෝ ධාතුන් වහන්්සේට ගෞරව කිරිම් වශයෙන් විථි හා මාර්ග සරසත්වා! මාර්ගවල මල් හා විළඳ ඉසිත්වා! සුවඳ දුම් ජූජා පවත්වත්වා! යන මේ රාජ ප්රාකාශය නිකුත් කොට විථියක් පාසා ප්රසසිද්ධ කළ පසු රජතුමා විසින් පෙරහැර යන මාර්ගයේ දෙපස පන් සිය පණස් ජාතකයෙහි බෝධිසත්වයන් වහන්සේගේ චරිතය රූපවලින් තබා පිළියෙල කරණු ලැබේ. සාම ජාතකය. ඇතෙක්ව උපන් ජාතකය යනාදි වශයෙනි. මේවා බදාමකින් තනා ප්රවකෘති පාට දක්වන විවිධ සායමෙන් සිත්තම කරණ ලද අතිශයින් ම ජීවමානාකාරය දක්වන රූප වෙති. මෙසේ සජ්ජිත කළ ප්රඅධාන විථිවල දළදා පෙරහැර ගමන් කරයි. මේ පෙරහැර කරණ විට මහා ජනයා නොයෙක් පුද


  • සාරාසංඛ්යර කල්ප ලක්ෂයක් විය යුතු නමුත් ඉංගිරිසි පොතේ තිබෙන හැටියට ම මෙහි යොදන ලදි.


64 අෂ්ටලෝක ධර්ම. චක්රෂය

පුජා පවත්වයි. පෙරහැර අභයගිරයට ළඟා වු විට ධාතුන් වහන්සේ විහාරයට වැඩම කරවා, ගිහි පැවිදි දෙපක්‍ෂය දස දහස් ගණන් රැසි කතා දිවා රෑ දෙක්හිම සුවඳ මල්, සුවඳ දුම් හා පහන් ආදියෙන් අතරක් නැතිව පූජා කරති. දවස් අනුවක් අභයගිරි විහාරයේ පූජා පැවැත් වු පසු නැවතත් අගනුවර දළදා මාලිගාවට පෙරහැරෙන් ‍වැඩම කරවති. මේ දළඳා මාළිගව සෑම පෝය දිනවල ම වැඳුම් පිඳුම් කර ගැනීමට විවෘත කර තිබේ. අභය ගිරියේ සිට ලයි 7ක් දුරින් නැගෙණහිර දෙස කන්දක් තිබේ. ඒ මුදුනේ “බෝධි” නමින් පන්සලක් තිබේ. එහි භික්ෂුන් වහන්සේලා 2000 ක් වාසය කරති. ඒ භික්‍ෂුන් අතර ධර්ම්ගුප්ත නම් සුප්රිසිද්ධ ස්ථවීර තුමා වැඩ වාසය කරන්නේය. මේ සියලු දෙනා ම උන්වහන්සේට බොහෝ ගෞරව කරති. උන්වහන්සේ මෛත්රි. භවානාව කොතරම් පුරුදු කෙළේ ද කිවහොත් ඒ ගුහාවේ වසන මීයන් හා සර්පයෝ මිත්ර්ත්වයක් ඇති ව ඔවුනොවුන්ට අනතුරු නොකළහ. අගනුවරට ලයි 7 ක් දකුණෙන් මහා විහාරය නමින් ආරාමයක් තිබේ. එහි භික්ෂුන් වහන්සේලා 3000 ක් වැඩ වාසය කරති. එහි ඉතා ප්ර සිද්ධ සුපෙශල ශික්‍ෂාකාමී ස්ථවීර තුමෙක් වැඩවසති. උන්වහන්සේගේ ගුණ මහිමතාවය කෙතරම් ද කිවහොත් මුඵ රට වාසීන් විසින් උනවහන්සේ රහතන් වහන්සේ නමක් මෙන් සලකති. උන්වහන්සේගේ කාලක්රිතයාව ආසන්නයේදි ගිලානෝපස්ථානාදියට පැමිණි රජතුමා හා භික්‍ෂුන් වහන්සේලාත් උන්වහන්සේ රහත් ථලයට පැමිණිසේක් දැයි විචාළ කල එසේ යයි උත්තර දුන් සේක.උන්වහන්සේ කාලක්රිියා කළ පසු රජතුමා දහම් පොත් පරික්ෂා කොට රහතන්ගේ මෘතදේහයට කටයුතු ගරු බුහුමන් කොට ආදාහනයට පටන් ගත්තේය. මහා විහාරයට ලයි කීපයකට නැගෙණහිරින් දර සෑයක් පිළියෙල කරවන ලදි. එය සතරැස් අඩි 3 ½ ක් පරණ උස් වු සැයකි. එහි මුදුනේ සඳුව් සඳුන් හා වෙනත් දර විසුරුවන ලදි. සතර පැත්තේන් සැයට නැගීමට හිනිමං තනන ලද්දාහ.ඉක්බිති ඉතා පිරිසිදු කපු පිළිවලින් දර සෑය සම්පූර්ණයෙන් වසන ලදි. ඊට පසු මෘතදෙහට ගෙනයාමට වාහනයක් තනන ලදි. එය මේ රටේ (චීනේ) මිනී කරත්තයට සමානය. ඉක්බිති ආදාහන කරණ අවස්ථාවට රජතුමා සතර වංසසේ මිනිනුන්ගෙන් සමන්විත මහා සේනා සුවඳ මල් සුවඳ දුම් ආදි ද්රාව්යේ ඇතිව





පියදාස සිරිසේන නවකථා එකතුව 65

විහාරයට පැමිණ මෘත දේහයත් රැගෙන පෙරහැරින් දර සෑය ළඟට පැමිණියේය. එහිදී රජතුමා පළමු කොට සුවඳ මල් හා දුම් පූජා කොට නමස්කාර කළොය. (අනික් ජනයාත් නමස්කාර කළ) ඉක්බිති මෘත දෙහය සහිත දෙන දර සෑයේ තබන ලදි. ඊට පසු දර සෑයේ සතර දෙසින් ම කුරුඳු තෙල් ඉසින ලද්දේය. ඉක්බිති සෑයට ගිනි දල්වන ලදි. සෑයට ගිනි ඇවිල ගත් කල මුඵ සමූහයා අනිත්යා දි භාවනාවෙහි සිත් යොමු කොට නිශ්චලව උන්නේය. ඊට පසු මහාජනයා පැළද සිටි අතිරේක සැට්ට (කෝට් ) හා උතුරැ සඵ ආදියත් ඉසලා ගෙන සිටි කුඩත් පූජාවක් වශයෙන් දර සෑයට විසි කෙළේය. මේ අදාහන කෘත්යදය නිමවු පසු ඉතා ප්රශවේසමෙන් ධාතු (ඇට) සොයා ඒ තබා සැයක් බැඳීමට සූදානම් කර ගන්නා ලදි. පාහියන් ස්වාමින් වහන්සේට මේ රහත් උතුමා දකින්නට ලැබී නැත. ඵහෙත් උන්වහන්‍‍ සේගේ ආදාහනයට පැමිණ තිබේ. මේ කාලේ සිටි රජතුමා ඉතාමත් සැදැහැවතෙකි. එතුමා විසන් සංඝයාගේ පහසුව පිණිස අභිනව විහාරයක් තනන්නට සූදානම් කරණ ලදි. ඒ සඳහා පළමු කොට ම මහා සංඝයා රැස්කොට විශාල දානයක් දෙන ලදි.ඊට පසු ශක්තිමත් වෘෂභ රාජයන් දෙදෙනෙකු තෝරාගෙන ඹවුන්ගේ අං හා ග්රි්වා රන් රිදී මුක්තා මාණික්‍යාදි ආභරණ වලින් සරසා රන් නඟුලක යොදා උවමනා කරණ භූමිහාගය වටේ රන් නගුලෙන් මායිම් ගසා සංඝ සන්නක කරණ ලදි.(මේ භූමිභාගය අක්කර 15 ක් සියෙන් දහතුනක් යයි අධෝ ලිපියක දක්වා තිබේ.) ඉක්බිති රජතුමා විසින් මෙසේ තඹ සන්නසක් ද දෙන ලදි. “මේ භූමිභාගය මෙතැන් සිට මතු එන පරම්පරාලදිත් සංඝයා ගෙන් සංඝයාට ම අයිති විය යුතුය. එය වෙනස් කිරීමට හෝ ප්ර භේද කිරිමට කිසිවෙකුටත් නොහැක්කේය”යනුයි. පාහියන් ස්වාමි මේ රටේ වාසය කරද්දි ඉන්දියාවෙන් භික්‍ෂුන් වහන්සේ නමක් වැඩියේය. උන්වයන්සේ (ඒ දඹදිව භික්ෂුාන් ධරමාසනාරූඪ ව කළ දේශනාවක් මෙසේය. “සර්වඥයන් වහන්සේ‍ෙග් පාත්ර ධාතුව පළමුවෙන් වේසාලි නුව‍ර තිබුනේය. එහෙත් දැනට එය ගන්ධාර රට සී‍මාවේ තිබේ. එතැන කලක් තිබුනාට පසු එම පාත්රු ධාතුව සුවි නම් රටේ බටහිර පළාතට ගෙන යනු ලබන බවත්, ඉන් පසු කෝටන් රටට ගෙන යනු ලබන බවත් ඉන් ඉක්බිති කවුවේ රටට ද එ තැනින් හන් (චීන) රටට ද ඒ තැනින් සිංහලයන් ගේ රටට‍ හෙවත් සිංහල ‍ද්වීපයට ගෙන යනු ලබන බව ද එයින් ඉක්බිත දඹදිව මධ්යට දේශයට ගෙන යනු ලබන බවද ඵ තැනින් තුසිත දිව්යන ලෝකයට ගෙන යනු ලබන බව ද කීවේය. එහි (තුසිත




66 අෂ්ටලෝක ධර්මග චක්ර ය

භවනයේ) වැඩ සිටින මෛත්රි්ය බෝධි සත්වයන් වහන්සේ ඒ පාත්රි ධාතුව බලා ශාක්යන මුනින්ද්රියාණන් වහන්සේ‍ෙග් පාත්රඒය බව ප්ර කාශ කළ විට සියලු දිව්යග පිරිස එම ධාතුවට වන්දනමානාදිය කරන්නට පටන් ගන්නා බවත් ඒ වන්දනමානාදිය නිම වු ඉක්බිති එම පාත්රන ධාතුව නැවතත් දඹදිවට පැමිණ මුහුද මැද නාග රාජයෙක් මෙන් ගමන් කොට මෛත්රිනය බොධිසත්වයන් වහන්සේ උපදින තුරු එහි තිබි උන්වහන්සේ බුදුධ රාජ්යධය ලබන්නට ආසන්න වු විට එම පාත්ර ධාතුව පාත්රඋ හතරකට බෙදි ඒ හතර පින්න නම් පවතයට නැගෙන බවත් කියන ලදි.(මේ පින්න - යන්න- අන්න හෝ සුමන විය යුතු යයි චීන පොත ඉංගිරිසියට නැගු මහතා අධෝ ලිපියකින් දක්වා තිබේ) ඒ කාලයෙහි මෛත්රි ය බෝධි සත්වයන් වහන්සේ බුද්ධත්වයට පැමිණෙන සේක. එවිට අප බුදුන්ට මෙන් ම ඒ මෛත්රි ය බුදුරජාණන් වහන්සේ ට සතරවරම් දෙවියන් විසින් මේ පාත්රම හතර ගෙනවුත් පිළිගන්වනු ලැබේ. මේ මහා භද්රි කලපයේ බුදු වූ සියලු බුදුවරයන් වහන්සේලා ම මේ එකම පාත්රව ධාතුව පරිහරනය කළ සේක. මේ පාත්රර ධාතුව ( මෛත්රිතය බුදුන්ගෙන් පසු) නැති වන විට ම බුදුධ ධර්ම‍ය ද කුමයෙන් ලෝකයෙන් අතුරු දහන් වන්නේය. එතැන් පටන් මනුෂ්ය් ආයුෂය පිරිහීමට පටන්ගෙන පස් ඇවිරිද්ද පරමායුෂ කාලයට පැමිණෙන්නේය. මනුෂ්යාටයුෂය දස ඇවිරිදි කාලය වන විට බත් සහ වෙඬරු ලොකයේ නැති වෙති. එවිට මනුෂ්ය යෝ අතිශයින් කෲර වන්නාහ. ඒ කාලයේ මිනිසුන්‍ ගේ සැරයටි ආයුධ හා පොලු මුගුරු වන්නාහ. එයින් එක එකා ඇන කොටා ගෙන මිය යන්නාහ. මේ අතර මඳක්වත් ගුණ ධර්ම පුරණ මිනිස්සු වන පව්ත ආදියට පළායති. දුෂ්ට මිනිසුන් ඔවුනොවුන් ම විනාශ කර ගත් පසු වන දුර්ගාදියේ සැඟැවී උන් මිනිස්සු නගරවලට පැමිණ මෙසේ කතිකා කර ගන්නාහ. “ පුරාණ මිනිස්සු දීර්ඝ කාලයක් ඡීවත් ව වුන්හ . ඵහෙත් දැන් දුෂ්ට ක්රිනයා කර‍ාණ මි ණනකාට ගෙන ධර්මය යටපත් කර දැමීමෙන් අපේ ආයුෂය දස අවුරැද්දක් පරමායු‍ෂ කොට වී ඇත්තේය. ඵබැවින් අපි ධාර්මිකව යහපත් පුණ්ය‍ක්රිකයාවන්හි යෙදෙමු., “ඉතින් මේ නියායෙන් මනුෂ්යඅ වර්ගයා ධාර්මික වන්නට පටන් ගත් විට ඔවුන්‍ ගේ ආයුෂ ද ක්ර මයෙන් වැඩි ගොස් අන්තිමේදි අවුරුදු 80000 ක් වන්නේය. මේ කාලේ මෛත්රිමය බුදුරජාණන් වහන්සේ පහළ වන්නේය. උන්වහන්සේ ධර්ම දේශනාව පටන් ගත් විට පළමුවෙන් ඒ ධර්මය අසා නිවන් දක්න්නෝ නම්,ගෞතම බුද්ධ ශාසනයේදි භික්‍ෂු භාවයෙන් පැවිදි වු වෝද, රත්නත්රසය මාමක කොට වාසය කළ උපාසකයෝ ද, පඤව ශිලය



පියදාස සිරිසේන නවකථා එකතුව 67

නො කඩව රක්ෂාේ කළෝ ද, රත්නත්රරය විෂයයෙහි ආමිස ප්ර තිපත්ති පූජා කළො ද වන්නාහ. ඉන් පසු ඒ බුදුන්ගෙන් ධර්මට අසා නිවන් දකින්නෝ මේ ශාසනයට පළමු පින් දහම් කළ සත්වයෝ වන්නාහයි (ඒ දඹදිව) භික්‍ෂුන් වහන්සේ මේ ධර්ම දේශනාව කළ සේක. දේශනාව අවසානයේදි පාහියන් හාමුදුරුවන් විසින් එම ධර්මය අඩංගු පොතෙන් එය පිටපත් කර ගැනීමට ඉල්ලු විට මේ ධර්මය පුස්තකාරූඩ වූවක් නොව මා විසින් මගේ ආචාර්යයන් වහන්සේගෙන් අසා දැන ගත් එකක් යයි එම (දඹදිව) භික්ෂුන් වහන්සේ ප්ර කාශ කර තිබේ.

මින් පසු ටික කලකින් පාහියන් ස්වාමින් වහන්සේ ඉන්දියාවට ගොස් තිබේ.

ඉතින් පැරණි කාලයේ සිංහල රට සම්බන්ධ ව ඇසින් දැක විජාතික කෙනෙකු විසින් ලියන ලද තොරතුරු වලින් අපට ඉගෙණ ගත හැකි කරුණු බොහෝය. පාහියන් ස්වාමි ලක්දිවට පැමිණියේ බුදුධ වර්ෂ 1497 තේ දීය. එවකට රජ කම් කළ සිංහල රජතුමා 2 වැනි සේනා රජුය. මේ ලක්දිව දියණු වෙන් අග තැන්පත් කාලයක් නොවන නමුත් ඒ කාලයේ විසු සිංහලයන්ගේ තත්වය. ඉහත දැක්වු සංක්‍ෂප විස්තරයේන් තේරැම් යනු නිසැකය. දොළොස් දහසක් භික්ෂුන්ට සිවුපසයෙන් උපස්ථාන කිරිමත්, සප්තවිධ රත්නයෙන් නිර්මිත විහාරත්, කයුරුවලට විචිත්රක කැටයම් සහිත කිරිගරුඬ ගල් අල්වා තනවන ලද වීර්ථ්ත්, රාජ රාජ මහාමාත්ය‍ හා ගෘහපති ආදින්ගේ විශාල ප්රාලසාදත්, දර්ශන පථය ඉක්මවා අස්වැද්දවු කුඹුරුත්, සුගන්ධ වහනය වන මල් උයනුත්. වීර්ථම සන්ධියක් පාසා ධර්ම දේශනා පවත්වන ශාලාත්, රූප සම්පන්න සුත්රී් පරුෂදීනුත් නා නා දේශවලින් රැස්වන වණික් ජනයාත්, ගුණවත් උතුමන් ගේ මෘතදේහවලට පවා දක්වන ගරු බුහුමනුත්, අලංකාර පෙරහැරවලුත්, මහජනයාගේ ශ්රමද්ධාවර්ධනය සදහා කරණ රාජප්රනකාශත්, ඒ ඒ විහාරදියේ හා මහ දෙපසෙහි දක්නට ලැ‍බෙන විවිධ කර්මාරන්තත් ගැන සලකන විට පැරණි සිංහලයන්ගේ තත්වය මැනැවින් අවබෝධ කර ගත හැක්කේය.





68 අෂ්ටලෝක ධර්මක චක්රනය ගු ණ ද ම් මිණි කිරුළ හිස පැළද ඇමදි න න ර ද ම් සැරි බුදුන් වෙත දළ පෙම් බැති න ම න ර ම් සිරිත් ලෙස වැජඹුන සිහල ද න නොතරම් කමක් නො කළෝ පොරණ කිසිදි න

ම ව් පිය දෙ දෙන දෙවියන් ලෙස සලක න්න දි වි තුරු ඔවුන් හට සැප සිරි සල ස න්න කි වි බස බුදුන් ගේ නිති ගරු කරමි න්න දි වි තුළ සිහල විසු සත් දන බෙහෙවි න්න

කු ල දෙ වි ය න් බැවින් මඟ සඟනට නිත ‍ර ස ල ස ව මි න් සිවුපස නොමඳ ගරු ක ර බ ල දෙ ව මි න් සසුනට සුසරි ඇතික ර දු ල වි ය ඉ න් සිහල දන දියත එම ව ර

ර ජු ට ත් පබු දනන්ටත් කීකරු වෙමි නි මැ ද හ ත් සිතින් උනුනුන් සමගි වඩමි නි දු සි රි ත් දුරින් දුරු කොට සුසිරි පුරමි නි අ ග ප ත් ජාතියක් විය සිහලු වෙසෙසි නි

ස පු රා පිහිටි මායා රුහුණු තුන් රට ව පු රා කුඹුරු එක කෙත විලස හැම විට නි ත රා සුලබ කර ගෙන අහර පැන තුට එ ව රා සිහලු විසු බව බලව සිහි කොට

සු රා පැන් වසුරු විලසින් සැල කීය ද රා සිත දිරිය අදහම් වැල කීය වි රා ජිත යසස් ජාතියෙ බල කීය පු රා තන අපට මුඵ ලොව සැල කීය

ගො සි න් සුර ලොවට සුර පහ බලා සොද ලො සි න් එම සැදු මහ පහ සුරන් ලෙද වි සි න් ගුණ දහම් ඇති විය එ තද තෙද අ සි න් එය බලව් සිහලුනි දුකින් අද

සා ග ර ලෙසින් වැව් බැද සියලු සිරි ලක බෝ ක ර අහර පැන් ආදිය නැතිව දුක ලෝ තු ර යසස් තෙද අණ පළ කෙළෙ ඵ වක පා ක ර දුසිරි හිටියායිනි නො වව් සැක


පියදාස සිරිසේන නවකථා එකතුව 69

බ ල ව ත් සැපවතුන් වෙන්නට නම් දිය ත අ ග ප ත් සද්දහම් රැක ගත යුතු සත ත ගු ණ ව ත් මුතුන් මිත්තන් විසුවෙන් එ යු ත සි රි ම ත් විය ලොවෙහි ඒ ගැන සැක නො සි ත

ඉ සු රු මත් බවත් තෙද බල සහ යස ස රු සි රු කය බලත් දෙන දහම අසදි ස ඇ සු රු කළ පොරණ මුත්තන් ගැන නිදො ස පැ තු රු සෙනෙහසින් නරඹව නෙව අල ස

මෙසේ ඔවුන්ගේ මේ කථාව නිම වන්නට පෙර ඔරලෝසුවේ හතර වැදුනු වැවින් ඔවුන් ස්වකීය වාසස්ථානවලට යන්නට වූයෙන් ජයසිංහ සම්බන්ධ තොරතුරු කීම පසු දිනට කල් තබන්නට විය.

05.පරිච්ඡේදය[සංස්කරණය]

ඉතින් චන්ද්රනදාස මට වේලාපහින ම ලැබුනු කටුක ආහාර ටික අමෘතයක් මෙන් සිතමින් අනුභව කොට මෛත්රිා භාවනාව කරමින් රැ නවය වනතුරු සක්මන් කෙළෙමි. මනුෂ්ය යකුගේ කයට ලැබෙන්නා වූ බලවත් දුක් නිසා ශරීරය ක්ලාන්ත භාවයට පමුණුවා නොගැනීමට ද පිළිවන් බෙහෙතක් තිබේ. ඒ බව මා කලින් අසා තිබුන නමුත් ප්ර්ත්යබක්‍ෂ වූයේ නොබෝදාය. තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මපය ප්රබත්ය‍ක්‍ෂ විමට නම් - දුක් විදින්නටත්, යෝනිසෝමනසිකාරයෙන් කල්පනා කරන්නටත් තමා ම යම් යම් කරුණු පුරුදු කිරිම් වශයෙන් අත්හදා බලන්නටත් ඕනෑය. කටුක ආහාර ගැනීම නිසාවත්, සැප පහසු ඇති ආහාර නැති නිසාවත්, මකුණන් මදුරුවන් ආදි සතුන් නිසාවත්, ශරීරයට ලැබෙන පීඩාවලින්, ශරීරය කෘශ නොවීමටත් දුර්වණි නොවීමටත් එකම බෙහෙත් සිත පිරිසිදුව සිසිල්ව තබා ගැනීම බව මට ප්රිත්යතක්ෂ් විය. ඵ් සිත සිසිල්ව තබාගැනීම සුඛිත වූ මිනිසකු විසින් කරතොත් මනුෂ්ය‍ ශක්තිය ඉක්මවා දිව්යි ගතියට ද පැමිණිය හැකි බව මට වැටහුනේය. මක්නිසා ද, සැප සේ නිදි නැතුව-මදුරුවන් මකුණන් ආදින්ගෙන් පීඩා විදාමින් කටුක වූ ඕජා රහිත වු ආහාර පානයෙන් යැපුනු මගේ ශරීඑය දුර්වර්ණ් ‍විය නොදී ප්රතකෘති ගතියේ ම තබා ගැනීමට සිතේ සිසිල ගතිය නිසා පිළිවන් වුණා නම් සැප සේ නිදාන්නටත් වු රසවත් ආහාර

70 අෂ්ටලෝක ධර්මණ චක්රටය පාන ගන්නටත් ඇති කෙනෙකුට සිතේ සිසිල් ගතිය ඇති කර ගත් විට අමුතු බලයක් ඇති විය යුතු හෙයින්ය.

සිතේ සිසිල් ගතිය කරණකෙටගෙන සිද්ධ විය යුතු දෝෂයන් වලකා ගත හැකි නම් එම සිසිල් ගතිය කරණකොට ගෙන දෝෂ විරහිත කෙනෙකු තුළ අමුතු බලයක් ඇතිවීම නිසැක බව මේ කියවන්නාට තේරුම් යා යුත්තේය. බලවත් චිත්ත සන්තාපයත්, ඒ සමග ම කටුක ආහාර පානාදියත් ලබන මනුෂ්යචයා දර අකුලක් මෙන් වියලී ශුෂ්ක ව දුර්වර්ණව මරණ මුඛයට පැමිණෙන බව දුටුවා වූ මම ශරීර පීඩාව සිතට එකතු නොකරමියි අධිෂ්ඨාන කරගෙන මා විසින් චින්තය සිසිල් ව තබා ගැනීමට පුරුදු කළ මෛත්රිප භාවනාව නම් මෙ පමණය. “මම වෛර නැත්තෙමි’ නිරොගි වූ‍යෙමි. නිදුක් වූයෙමි. සුව ඇත්තෙමි. මෙසේ මාගේ කය පවත්වමි. (මා මෙන් ම) සකල සත්වයෝ ම වෛර නැත්තාහු වෙත්වා . නිරෝගි වෙත්වා, නිඳුක් වෙත්වා, සුවපත් වු ආත්මභාව පවත්වත්වා, සකල ප්රානණිහු වෛර නැත්තාහු නිරෝගි වූවාහු සුවපත් වුවාහු ආත්මභාව පවත්වත්වා, සකල භූතයෝ වෛර නැත්තාහු නිරොගි වුවාහු නිදුක් වුවාහු සුවපත් වූවාහු ආත්මභාව පවත්වත්වා. සකල පුදගලයෝ වෛර නැත්තාහු නිරෝගි වුවාහු නිදුක් වූවාහු සුවපත් වුවාහු ආත්මභාව පවත්වත්වා. සකල ආත්මභාව පර්යාපන්නයෝ ‍ෛවර තැත්තාහු නිරොගි වූවාහු සුවපත් වූවාහු ආත්මභවය පවත්වත්වා. මේ භාවනාව ලෝකයේ ම තිබෙන ඉතාමත් මධුර වු භාෂාවෙන් කියතොත් සිතතොත් මෙහි අදහස ‍වඩාත් හොඳන් අවබෝධ වේ. ඒ මෙසේයි:-

“අහං අවෙරො අබ්ය්පජ්ඣ අනීඝො සුබි අත්තානං පරහරාමි. සබ‍ෙබ සත්තා අවෙරා අබ්යාගපජ්ඣා අනීඝා සුබි අත්තානං පරිහරන්තු.

සබ්බේ පාණා අවෙරා අබ්යා්පජ්ඣ අනීසා සුබි අත්තානං පරහරන්තු සබ‍ෙබ භූතා අවෙරා අබ්යා පජ්ඣා අනීඝා සුබි අත්තානං පරිහරන්තු

සබ්බෙ පුග්ගලා අවෙරා අබ්යතපජ්ඣා අනීසා සුබි අත්තානං පරහරන්තු සබ්බෙ අත්තභාව පරයාපන්නා අවෙරා අබ්යාබපජ්ඣ අනීඝා සුබි අත්තානං පරහරන්තු” යනුයි


පියදාස සිරිසේන නවකථා එකතුව 71

මෙහි අර්ථය හරි හැටි තේරුම් නොගෙන භාවනා කළාට වැඩි ඵලයක් නොලැබේ. ඊටත් වඩා සැලකිය යුත්තක් නම් අපිරිසිදු (කිඵටු) වස්ත්රලයකට සායමක් පෙවුවාට ඒ සායම අල්වා නො‍ගන්නාක් මෙන්ම මෙහි මුලින් කී පරිදි භාවන කරණ පුද්ගලයාගේ සන්තානය තුළ වෛරි භාවයක් පැවැතියොත් කිසි විටෙක මෙහි ප්ර යෝජනය ලැබ ගත නොහැක්කේය. කොටින් ම තබා අවෛරි වු නිරොගි වු නිදුක් වු සුඛිත වු ආත්ම භාවයක් ඇත්තෙක්ව ම මේ මෛත්රිතය ලෝක සත්වයන් කෙරේ පැතිර විය යුතුය.

එසේ පැතිර විම ද ක්රතමයෙන් පැතිර විය යුතු ව තිබේ. පළමුකොට තමා කෙරෙහි ද, ඊ ළඟට තමාගේ ඉතාම හිතෛෂි මවුපියන් කෙරේ ද, අඹුදරුවන් කෙරේ ද, සහෝදර සහෝදරියන් කෙරේ ද, ඤාති මිත්රදයන් කෙරේ ද, අසල් වාසින් කෙරේ ද, ගම් වාසින් කෙරේ ද, අසල් ගම්වාසින් කෙරේ ද, ස්වකීය රටවාසීන් නොහොත් ජාතිය කෙරේ ද, මෛත්රිිය පැතිරවිය යුතුතේය. තමාගේ පටන් තමා අයත් ජාතිය දක්වා ඒ අතරෙහි කියන ලද සියල්ලන් කෙරේ මෛත්රිමය පතුරුවා ඔවුහු සියලුදෙනා ම අවෛරි වූවාහු නිරොගි වූවාහු නිදුක් වූවාහු සුවපත් වූවාහු ආත්ම භාවයෙන් යුක්තවීමට සිතින් මෛත්රි්ය වැඩිය යුතුය. ඵසේ ම තමාගේ ශක්ති තරමින් වචනයෙන් ද ක්රි්යාවෙන් ද ඔවුන්ගේ සුවය සදහා වැඩ කළ යුත්තේය. තමාගේ ම පමණක් සුඛිත භාවය පැතීමෙන් ලෝක සත්වයන්ට වෛර කොට තමාගේ සුඛිත භවය පමණක් තැකීමත් සමාන වැරදි දෙකකි. යම් මනුෂ්යතයෙක් තුළ කෝපයක් හටගත් ක්‍ෂණයෙහි ම ඔහුට උකුර කට වේලීම, අත පය පණ නැති වීම, ඇඟ චංචලවීමාදිය ඔහුට ම දැනේ. ඉතින් එබඳු කෝපය නිතරම සිතෙහි පැවැත්තේ නම් ඒ අටගත් ශරීර චලනාදි අසනීප ගති ශරීරයෙහි පැතිර ගොස් ලේ ගතව නහර ගතව ඇට මිදුලු ගතව ගොස් ඔහු විකෘති භාවයට පමුණුවන්නේයයි යන බව විස්තර නොකළාට කාටත් ප්රකත්යුක්‍ෂ විය යුත්තේය. ඉතින් උපදංශාදි නපුරු රෝග හටගත් මනුෂ්යසයා යම් සේ දුෂ්යව ද ඒ උපදංශාදි ගර්හිත රෝග ඇති මිනිසා නිසා උපදින දරුවෝ යම් සේ ඥාන වීර්යාදියෙන් හීන වෙද්ද එමෙන් ම නිතර ද්වේෂ සිත හෙවත් ක්රෝසධය පවත්නා පුද්ගලයාත් දුක්ඛිත ගර්හිත පුද්ගලයෙක් වන්නේය. ඔහු නිසා උපදින දරුවෝ ද කාලකණ්නි වෙති යනු ප්රගත්යයක්‍ෂ කාරණයකි. ජාතියක් වශයෙන් වර්තෝමාන සිංහල මිනිසුන් පිරිහී ගියේ ඔවුන් අතර පැතිර ගිය බලවත් දුශ්චරිත නිසා බව සැලකිය යුතුව තිබේ යයි කල්පනා



72 අෂ්ටලෝක ධර්මබ චක්රවය

කරමින් චන්ද්රෝදාස රාත්රික කාලය ඉක්ම වූයේය. පසු දින උදේ ම චන්ද්රරදාස ජයසිංහ මහතාගේ කාමරයට ගොස් උන්නැහේගේ ජීවිත කතාවේ ඉතුරු කොටස කියන්නට යයි අයැද සිටියේය. ජයසිංහ මහතා තමාගේ කථාව පටන්ගෙන “ඉතින් අපි බුදධගයාව, කපිලවස්තු පුරය ආදි ස්ථාන බලා එහි‍ චෛත්යාතදිය වැඳ පුදා පුරාණ දඹදිව ඉතිහාස ගත තොරතුරුවල සත්ය තාවය සිය ඇසින් ම දැක ප්රතත්යඳක්ෂ කරගෙන නැවතත් කල්කටාවට පැමිණ එංගලන්තයට පැමිණයෙමු. එසේ එංගලන්තයට ගිය විට එහි පවත්නා උසස් දියුණුව දුටු මගේ හිත චංචල විය. මනුෂ්යතඥානය යථා ස්ථානයෙහි යෙදවු විට ඇති කර ‍ගත නොහැකි උසස් භවයක් නැතැයි මට වැටහී ගියේය. විවිධ ශිල්ප ශාස්ත්රාකදිය උගන්වන මහා ශාස්ත්රපශාලාත් මහජනයාගේ දියුණුව සදහා අවංකව ක්රිධයා කරණ බලසම්පන්න ප්රදභූජනයාගේ අධිකත්වයත් නිසා එංගලන්ත ආදි යුරෝපීය රටවල මේ උදාරතර දියුණු භාවයට පත්වි තිබෙන බව නිශ්චය කළ හැක්කේය. ඉංගිරිසි ජනයා අතර සිටින ශාස්ත්රතධාරි සත්පුරුෂ ජනයා සැබවින් ම ආදර්ශයට ගත යුතු පූර්ව දිග රටවල මිනිසුන් කියන හැටියට දෙවියන් ලෙස සැලකිය යුතු උතුම් කොටසකි. ඔවුන් අතර දුශ්ශීල, අධම, ආර්මාර්ථකාමි මිනිස්සු එමට සිටිති. එහෙත් බලවත් සත්පුරුෂයන්ගේ මැදහත් කම නිසාත් ප්රැශස්ත ලෙස පිහිටුවා තිබෙන නිදහස ආංඩු බලය නිසාත් අධර්මවාදි ව සිටින අයට හිතුමනාපයක් කිරිමට ඒ රටේ ඉඩ නැත්තේය. සාමාන්යවයෙන් එ රට වාසින් ගැන මේ වචන දෙක තුන කීවා මිස එංගලන්තයේ විස්තර තොරතුරු කියා චන්ද්ර දාසට පීඩා කරන්නට කැමැති නොවෙමි. ඉතින් මා දරුවකු මෙන් ආරක්‍ෂා කිරිමට භාරගත් ඉංගිරිසි මහතා සහ මැතිනියත් උනනැහේලාගේ පුත්රදයා “විලි” ත් මාත් දෙදෙනා ම ශාස්ත්රහ ශාලාවකට යවනු ලැබුවෙමු. එහිදි මම විලීට වඩා සියල්ලෙන්ම උසස් වීමි. අපි දෙදෙනා ම බී.ඒ.නම් විභාගයට සිටිය නමුත් විලි සමර්ථ නොවීය. මම ඉතා උසස් ලෙස සමර්ථ වීමි. ඉන් පසු අප දෙදෙනා ම ඉංජිනේරුවන් කරනු පිණිස අපේ ජ්යෙ ෂ්ඨ පියා ඉංජිනේරු කර්මානන්තය අගන්වන ශාස්ත්රනශාලාවකට පත් කෙළෙන් එහිත් අවුරුදු තුනක් ඉගෙන ගන්නට පටන් ගතිමු.

මෙහි දි කියවන්නාගේ ප්ර්යොජනය පිණිස “මුක්තාලතා” සම්බන්ධ කරුණු ටිකක් කිය යුත්තේය. මුක්තාලතාගේ පියාණෝ මද්ධ්ය ම තරමේ පොහොසත් වෙළෙන්දෙකි. සමරසේකර සහ



පියදාස සිරිසේන නවකථා එකතුව 73

සමාගම යන නමින් පිටකොටුවේ විශාල රෙදි වෙළඳ ශාලාවක් තබා ගෙන වෙළෙඳාමේ කළ කෙනෙකි. ඔහුගේ භාර්යාව වු සීලවතී වරතමාන කාලේ ආදර්ශයට ගත යුතු තරම් ගුණවත් සුත්රිරයකි. ස්වාමි පුරුෂයා පවුන් විසි තිස් දාහක පොහොසතෙක් නමුත් ස්වකීය ගෘහයේ කටයුතු දාසියක් මෙන් තමා ම කරගනිමින් ඔවුන්ට සිටි පුත්ර යාත් දියණියත් ආර්ය ගුණ ධර්මයෙහි මනා ලෙස පිහිටුවා ඇති දැඩි කළාය. ආගම භක්තියත් ජාත්යා ලයත් වචනයෙන් පමණක් නොව සිතින් ද ක්රි යාවෙන් ද පුරුදු පුහුනු කළා වූ සීලවති. ජිනදාස සමරසේකර මහතාට ලැබුනු කලපලතාවක් මෙන් වූවාය. ජිනදාස සමරසේකර උන්නැහේ කලින් වෙ‍ෙළඳ ශාලාවක ලිපිකරුවෙක් ව සිට සීලවති හා විවාය වූ පසු නිවහල් ව වෙළෙඳාම් කිරිමට බැස එයින් දියුණුවට පත් වු කෙනෙකි. මුල් කාලේ දුප්පත් අන්දමට විදි සැප පහසුවට වඩා සැප පහසුවක් ධනවත් වූ පසුත් ඔවුන්ට උවමනා නොවීය. ඉතාමත් කිලිටි වස්ත්රධ අඳිමින් දර දිය ඇදිමාදි මෙහෙ කරමින් සිටි ඇතැම් ස්ත්රිහන්ට ධනය ඇති ස්වාමියෙක් ලැබුන විට මුල දි තමා සිටි තත්වය සම්පුණර්යේන් සිහි නැතිව යන නමුත් සමරසේකර උන්නැහේගේ භාරයාව - සීලවතිට එසේ නොවීය. ඈ සැමවේලේ ම තමාගේ මුල් කාලය සිතමින් ක්රි-යා කෙළේය. ධනය ලැබෙන්නට ලැබෙන්නට රත්නත්රලය කෙරෙහි ශ්රමද්ධාවත් ජාතිය කෙරෙහි ප්රේධමයත් කුල චාරිත්රත කෙරෙහි භක්තියත් දියුණු කළාය. වර්තිමාන කාලේ බොහෝ දෙනාට සිද්ධවන්නේ එහි අනික් පැත්තය. සීලවති හා ඇගේ ස්වාමිපුරුෂයා මුල දි නිර්ධන ව සිට විවාහ වී හත් අට වෂීයක් වන විට රුපියල් හාර ලක්ෂියක් තරම් වටිනාකම ඇතිවීම ඔවුන්ට ම පුදුමයට කාරණා විය. ඔවුහු ඒසා මහත් ධනය ලැබීමට අධර්මවාදිව අනුන් පෙළා කිසිම කටයුත්තක් නොකළය. ධර්මවාදිව විධි වු සේ කරණ ලද වෙළෙඳාමෙන් ඔවුන් ළගට ධනය පැමිණයේය. මේ ලෝකයේ බොහෝ දෙනා ධනය පස්සේ දුවති. එහෙත් ඉවසිලිවත් නැණවතා ධනය තමා ළඟට ම සෙමින් ම ගෙන්වා ගන්නේය. මෙවා නො දත් අය ධනය පස්සේ දුව ගොස් ඇතැම්විට මෙලොවදි ම දුකට ද පත් ව මරණින් මතු අපායට ද යති, නිවරද වු කටයුත්තක් ඉතා ඕනැ කමින් උත්සහවන්තයත් ව කරණ තැනැත්තා කරා ධනය අවශ්යවයෙන් ම ආ යුත්තේය. මේ බව දත් ජිනදාස සමරසේකර මහතා ධාර්මිකව වෙළෙඳාම් කරන්නට පටන්ගෙණ අනලස්ව ක්රිසයා කළ හෙයින් ධනවතෙක් විය.




74 අෂ්ටලෝක ධර්මව චක්රයය

ධන සපයන තැනැත්තා “ කාලය නො කැ යුතුය” යන්න තදින් සිත තබා ගැනීම කාටත් යෝග්යරය. සමරසේකර මහතා මුලු කාලය ස්වකීය වෙළඳාම් සදහා ගත කළ නමුන් දන් දීම සිල රැකීමාදි කුසල ක්රිුයා ප්රළමාද කෙළේවත්, ස්වකීය දරුවන්ගේ සදාචාරය සදහා කටයුතු කිසිවක් අතපසු කෙළේවත් නැත. මේ ප්රිදයකරු පවුල ඉඩකඩම් ඇතිව දැකුම් කටයුතු ගේ දොර ඇතිව සැපසේ කල් යවන නිහතමානි පවුලක් විය. සමරසේකර මහතාගේ වෙළෙඳාමෙහි කළමනාකාරයෙක් වශයෙන් සමරසේකර ආරච්චිගේ කෙනෙක් සිටියේය. මුලු වෙළෙඳාම තමාට අයිති නමුත් වැඩි ප්ර්සිද්ධයක් ඇති කරනු පිණිස සමරසේකර සහ සමාගම නමින් වෙළඳාම කරගෙන ආයේය. ජිනදාස සමරසේකර අවංක ධාර්මික කෙනෙක් බැවින් පඩියට වැඩ කරණ තමාගේ කළමනාකාරයා පෙන්වන ගුණයට වැඩියක් ඔහු සම්බන්දව පරික්‍ෂා නොකෙළේය. මෙසේ කල් යවන අතර සමරසේකර මහතා හදිසියෙන් ම මළේය. මරණය වනාහි අසවල් දිනයේ අසවල් අන්දමට සිද්ධ වේ යයි කිසිවෙකුට නියම කර ගත නොහැක්කෙය. ඒ බව සර්වඥයන් වහන්සේ විසින්, “ජීවිතං ව්යාදධි කාලෝච - දේහ නික්ඛෙපනං ගති”

යන ආදි වශයෙන් වදාරා තිබේ. මේ නිසා සියලු දෙනාම තමාගේ මෙලෝ - පරලෝ කටයුතු නිරවුල් ව කර ගත යුතුව තිබේ. සමරසේකර මහතා පරලෝ සම්බන්ධ කටයුතු අඩු පාඩු නැතිව කළ නමුත් තමාගේ ධනය සම්බන්ධව නීති මාර්ගයෙන් නිරවුල් භාවයක් නොකර ම මිය ගිය බැවින් ස්වකීය භාර්යාවට හා දරු දෙදෙනාටත් මහත් අමාරුකමට පත් වූයේය. විශේෂ වශයෙන් අසරණයන්ගේත් සාමාන්යෙ වශයෙන් සිංහලයන්ගේත් හිතෛෂියකු ව සිටි සමරසේකර මහතාගේ මෟත දෙහය සම්බන්ධ ආදාහන කටයුතු නිම වු පසු පසළොස් අවිරිදි වු බුදධදාස නැමැති ඔහුගේ පුතාත් මුක්තාලතා නැමැති දියණියත් සීලවති සමරසේකර හාමිනේත් ඔවුන්ගේ ධනය අධික නිසා ඔවුනට සුවසේ ඉන්නට පිළිවන් වේ යයි සිතූහ. එහෙත් නොසිතූ දෙයක් සිද්ධ විය. ඔවුන් සම්බන්ධ අෂ්ටලොක ධර්මචක්රකයේ ‘සුබ’ නැමැති රිය මතු වි පැවැත්තේ සත් අවුරුද්දකි. දුක් නමැති රිය දත මතු විමත් සමගම සමරසේකර මහතා මළේය. එපමණක් ද නොව සමරසේකර ආරච්චිගේ ජේමිස් අප්පු නැමැති සමරසේකර මහතාගේ කළමනාකාරයා ඔවුන්ට අයත් සියල්ල ම අත්පත්කර




පියදාස සිරිසේන නවකථා එකතුව 75

ගැනීමට බලවත් උපායක් යොදා තිබුනේය. හෙට්ටියෙකුට සමරසේකර සමාගමෙන් රුපියල් ලක්‍ෂයක් ණය ගන්නට තිබුණු හැටියට නෝට්ටු කීපයක් පිළියෙල කර තිබි මරණයෙන් තුන් මසකට ප්රණථම නීතිය මගින් ඒවා අයකර ගැනීමට සැරසුනේය. වෙළඳ ශාලාවේ තිබුනු වටිනා බඩු මුට්ටු කලින් ඉවත්තරගෙන ඉක්බිති හෙට්ටියාගේ මාරගයෙන් සමරසේකර හාමිනේ සහ දරුවන් පදිංචි ගේ දොර ද තවත් තිබුනු ඉඩම් කඩම් සියල්ල ද විකුණන ලදින් දරු දෙදෙනා සහිත සමරසේකර හාමිනේට මගට බසින්නට සිදුවූයේය. මේ කාලයේ මුක්තාලතාගේ වයස 12 ඇවිරිදි වු නමුත් ධර්මයත් ශාස්ත්රඉයත් බොහෝ දුර උගත් බැවින් මවුගේ කණගාටුව සංසිඳවිමට ඈ මහත් ආධාරයක් විය. ගෙදර තිබුණු බඩුත් රන් රිදි ආදි ආභරණත් ඇර ඔවුන්ටත ඉතිරි වූයේ රුපියල් පන්සියයක් පමණ වු මුදල් ටික පමණකි.ගුණධර්මයෙහි පිහිටි කාරණා කාරණා දත් සමරසේකර හාමිණේ වැදගත් මිනිසුන් පදිංචි පළාතකින් කුඩා ගෙයක් කුලියට ගෙන ඵහි පදිංචිව ස්වකීය නිවාසය තමන්ගේ කලමනාකාරයාට විකුණා ගන්නට ඉඩ ඇර අස්විය. දරු දෙදෙනාට ඉගැන්වීම ‍කොහෙත්ම අත පසු නොකෙළේය. අසල බෞද්ධ ගෑණු පාඨශාලාවට ගෑනු ළමයා යවමින් උගත් වැදගත් සිංහල නෝනා කෙනෙකු ගෙදරට ගෙන්වා ඉංගිරිසි භාෂාවන් මැහුම් ගෙතුම් ආදියත් උගන්වන අතරම තමා විසින් ගෙදර දොරේ ‍වැඩපළ හා සුප ශාස්ත්රඋය ද දියණියට ඉගැන්නුවාය. බුද්ධදාස ඉගෙණිමට වැඩි දක්‍ෂයෙක් නොවන නමුත් ඔහුට ද ඉංගිරිසි සිංහල භාෂා උගන්වන ලදි. මෙසේ අවුරුද්දක් පමණ පසු වන විට සමරසේකර හාමිනේ ළඟ තිබුණු මුදල් සියල්ල ම වියදම් ව ගියේය. ඊට පසු රන් රිදි ආභරණාදියත් විකුණා තවත් අවුරුද්දක් පමණ අමාරුවෙන් කල් ගත කර ගත්තාය. ඊට පසු දරු දෙදෙනාට වියදම් කිරිම අධික වන්නාක් මෙන්ම තමන්ගේ දිළිදු භාවය ද අධික විය. පියා මැරි දෙවර්ෂමයක් ගත වන විට ඔවුන් සන්තකව රුපියල් පහක් වටිනා දෙයක් ඉතුරු නොවි සියල්ල ම විකුණා දමන්නට විය.






76 අෂ්ටලෝක ධර්මව චක්රවය

06. පරිච්ඡේදය[සංස්කරණය]

මේ කාලයේ ම සමරසේකර හාමිනේගේ පුත්රන බුදධදාසට උණ සන්නිපාත ‍රෝගය වැළඳුනේය. කබලේ බැදි බැදි සිටියකු ලිපට වැටුනාක් මෙන් ඔවුන්ට පැමිණි තිබුනු බලවත් දුක්ඛය කිප ගුණයකින් ම අධික විය. සමරසේකර හාමිනේ ඉවසිලිවන්තියක් නිසා තමාගේ අමාරුකම් විද දරා ගත් නමුත් ඔවුන්ගේ ජීවත් වීම ඉතාමත් ආශ්චර්යමත් කරුණක් විය. ජිනදාස සමරසේකර මහත්මයා ජීවත්ව සිටියදි හෙවත් මේ පවුල පොහොසත් කාලේ මිත්රමව සිටියා වූ ද නොයෙක් උපකාර ලැබුවා වූද පිරිස ඉතා අධිකය. එහෙත් ඔවුන්ගේ මේ අන්තිම අමාරු අවස්ථාවේ කවරෙක් පිහිටවී දැයි පරික්‍ෂා කිරීම මෙය කියවන්නාට පාඩමක් වේ. යම් කෙනෙකුගේ මිත්රරයන්ගේ හෝ හිතෙසිවන්තයන්ගේත් හැබෑ තත්වය පරික්ෂා කරගැනීමට ඉතාමත් පහසු වේලාව බලවත් විපතක් පැමිණි අවස්ථාව බව සැලකිය යුතුය. මේ බව සමරසේකර හාමිනේ ගේ දියණිය වන මුකතාලතා හොදින් දැනගෙන සිටියාය. උණ සන්නිපාතයෙන් පෙළෙන සහෝදරයාට උවමනා කසාය බෙහෙත් දි රැ දහයට පමණ මෑණියන්ට කතා කොට,”අම්මේ අපේ තාත්තා රටට ජාතියට බොහෝ කටයුතු කළ කෙනෙකි. අසරණයන්ටත් විපතට පැමිණි බොහෝ දෙනාටත් උපකාර කළ කෙනෙක්ය. එමෙන් ම නොයෙක් දෙනාටත් වෙළඳාම් ආදි රැකී රක්‍ෂා කරගෙන දියුනු වන්නට ණයට තුරහට මුදල් හදල් දුන් කෙනෙකි. ඉතින් මේ තාත්තා උදව් කළ අය අතර කෙළෙහිගුණ සලකන යමෙක් ඇත්නම් අපේ අමාරුව කි විට උදව් නොකර නෙසිටි. අද අයියාට ගෙනා කසායට ගෙවිය යුතු සත 9 ය ගෙවන්නට බැරි වූ නිසා වෙද මහත්මයාගේ කඩෙන් ඒ බෙහෙත් කිරුවාට පසුත් දෙන්ට බැරිය කීවේය. අපේ තාත්තාගෙන් නොයෙක් උපකාර ලැබු ඒ වෙඳරාල සත 9 ක ණයක් අපට දුන්නේ නැත. මා විසින් විල්ලුද රෙද්දක මසන ලද මල් පොකුරක සටහන සත 25 කට විකුණු නිසා කසාය දෙන්නට පිළිවන් විය. දැන් අපි අපේ තාත්තා ආශ්රනය කළ මහත්තැන් හා ගනු දෙනු කළ සිහලු දෙනාට ම ලියුම බැගින් ලියමු. ඒවා තැපැල් කිරිමට මුද්දර ගැනිමට මුදල් නැති නමුත් අපට නිතර ආධාර කරන අර්නෝලිස් අප්පුහාමි බාස් උන්නාහේට කියා ඒවා තැපැල්කර ගනිමු. ඒ ලියුම් ලියන්නට සිතාගෙන සිටින 20 දෙනා


පියදාස සිරිසේන නවකථා එකතුව 77

අතර කෙළෙහිගුණ දත් දෙතුන් දෙනෙක්වත් සිටයොත් අයියාට සාත්තු කරන්නට ලැබෙනවා ඇතැයි කීවාය. සමරසේකර හාමිනේ දහතුන් ඇවිරිදි දියණියගේ ප්රවඥාන්විත කල්පනාව ගැන පුදුම ව, “ හොඳයි, පුතා තාත්තාගේ පරණ ගණන් පොත් ආදියේ නම් සදහන් මිත්රදයන්ය කියා කල්පනා වන අයට අපේ මේ අමාරුව කීවාට වරදක් නැත. උඹට සුදුස්සක් කරපන්නැ”යි කීවාය. එවිට මුක්තාලතා ම පොත් පත් වලින් විසි දෙනෙකුගේ නම් තෝරාගෙණ මේ ලියුම ලියුවාය.

‘පින්වත් මහතාණනි, අපේ තාත්තා (ජිනදාස සමරසේකර අප්පුහිමි) මීට අවුරුදු 2 කට ප්රතථම කාලයාත්රාා කළ බව නමුන්නාන්සේටත් දැනුම් ඇතැයි සිතමි. ඒ තාත්තා ජීවත්ව සිටි කා‍ලේ තාත්තාගෙන් රටට ජාතියට ආගමට ලැබුනු ප්රසයොජන තමුන්නාන්සේත් දන්නවා ඇති. පුද්ගලික වශයෙන් තමුන්නාන්සේටත් තාත්තාගෙන් යම් යම උදව් උපකාර ලැ‍බෙන්ට ඇතැයි සලකමි. තාත්තා සම්බන්ධව තිබුනු ධන සම්පත් සියල්ලක් තාත්තාගෙන් ම වැ‍ඩිදියුණු වු අධමයකු විසින් කොල්ලකා ගන්නා ලදින් මවු සහිත අපි දරු දෙන්නෙක් ඉතාමත් දුකින් කාලය ගත කරමු. අපට මේ වෙලාවේ මුදල් හදල් ආදියකින් ආධාර කිරීම කෙළෙහිගුණ දත් සත්පුරුෂ උතුමන්ගේ යුතුකමකි. සැප වේවා! මේ වගට, අනාථව සිටින ජිනදාස සමරසෙකර අප්පුහාමිගේ ලපටි දියණියන් වන මුක්තාලතා සමරසේකර වන මමය.

මේ ලියුම් ලියා ලියුම් කවරවල දමා ඒ විසි දෙනාගේ නම් ගම් ද ලියා තබාගෙන සෑමදාම උදේ සවස ස්වකීය නිවසට පැමිණ දුක සැප සොයන අර්නෝලිස් අප්පුහාමිට දි ඒවා තැපැල් කරන්නට කීවාය. අරනෝලිස් අප්පුහාමිත් රුපියලක මුද්දර අරගෙන උදේ ම ඒ ලියුම් විස්ස තැපැල් කෙළේය. මුක්තාලතා කුඩා නමුත් මැහීමෙන් හා‍ රේන්ද පටි ගෙතිමෙන් දිනකට සත 20 ක් 30 ක් සපයන්නට පටන් ගත්තේය. ඔවුන් ධනවත් කාලේ නොයෙක් උදව් ලැබු නොනෝහාමි උපාසිකාව නම් ශ්රෙදධාවන්ත ගුණවත් මහලු ස්ත්රි ය ඔවුන්ට නිතර ම උපකාර කරන්නියක් වූවාය. දුටුවන්ගේ සිත් අතිශයෙන් විකල භාවයට පමුණුවන රූපශ්රිරයෙන් යුත් මුකතාලතා මේ කාලයේ දිරාපත් වි මිලිනව සිටියාය. උණ සන්නිපාතය වැළදි සිටි බුද්ධදාස තවමත්



78 අෂ්ටලෝක ධර්ම. චක්රයය ලෙඩින් නමුත් කෙළෙහිගුණ දත් පෙරේරා නම් වෙද මහතා නිතර පැමිණෙමින් ඉතා පරික්‍ෂාවෙන් නොමිලයේ කරණ වෙදකම් නිසා ඔහුගේ අසනීපය සුව අතට හැරි තිබුණේය. මුක්තාලතා ලියුම් යවා දෙ දවසකට පසු තැපැල්කාරයා ලියමනක් ගෙනැවිත් දුන්නේය. එය සීලවති සමරසේකර හාමිනේ නමට එවන ලද්දක් විය. ඒ හාමිනේ ලියමන කඩා බැලීමට දියණියට (මුක්තාලතාට) කීවාය. එය කඩා බැලු හැටියේ මුක්තාලතා පුදුම ව ටිකක් වෙලා කථාකර ගත නොහැකිවාක් මෙන් උනනාය. ඒ බව දුටු මෑණියන් හා ලෙඩින් සිටින සහෝදරයාත් “මෙකද ලමයා මුරජා වුණක් මෙන් ඉන්නේ,කාගේ ලියුමක්ද? කාරණය මොකද”යි ඇසුහ. “අනේ අම්මේ මෙහි තුළ රුපියල් 500 ක් චැක් එකක් තිබේ. එය දැක මම මුරජා විමි”යි කිවාය. එවිට මෑණියෝ ප්රී5තියෙන් පිනා ගොස් ලියමන කියවන්නට යයි කීවාය. ඒ මෙසේයි. “පිනවත් හාමිනේ වෙතටයි, සමරසේකර අප්පුහාමි ළඟ කලක් මෙම වෙළදඳාම් කරමින් සිටියෙමි.ඒ වුන් අවුරුදු දෙක තුළ මට නියම පඩිය රුපියල් 600 ය වැඩිපුරත් සමග දුන් නමුත් මගේ පියා නැති බැවින් අසරණව සිටි සහෝදරිය විවාහකර දීමට අපහසුව සිටි නිසා මට ඒ අප්පුහාමි තවත් රුපියල් 250 ක් වැඩිපුර දීමෙන් ද ඊටපසු බදුල්ලට අවුත් මේ වෙළෙදාම් කරන්නට ආධාර දීමෙන් ද කළා වු උපකාර මගේ මුඛයෙන් කියා නිම කරන්නට අමාරුය. එහෙත් මට හාමිනේගේ ලියමන ලැබෙන විට මගේ කඩේ සිටිය අයගෙන් බලවත් විපතක් පැමිණි නිසා කඩේ බක්කි රාක්කත් ඉතුරුව තිබුනු දේත් විකුණා රුපියල් පන්සිය පණහක් ලබා ගතිමි. ඒ මට පැමිණි විපත නම් මම යම් කිසි කරණයක් සදහා මිට සතියකට ප්රබථම ලුනුගලට ගොස් දවස් දෙකක් නැවති සිටියෙමි. ඒ අතර මගේ කඩේ සිටි අය ඔත්තුකාරයා වි හොරුන් ලවා කඩේ බිදුවා කොළඹ ගෙන ඊමට ලෑස්ති කර තුබු රුපියල් 2000 ක මුදල් හා සියලුම වටිනා බඩුත් මගේ ඇඳුනුත් අස්කරගෙන තිබුනු බැවින් මින් ඉදිරියට වෙළෙඳාම කරගත නොහැකි නිසා කඩේ ඉතිරිව තිබන සියල්ල ම රුපියල් 550 කට විකුණා දමා ගමට යන්නට සූදානම් වන වේලාවට ම හාමිනේගේ ලියමන ලැබුනාය. ඉතින් මට ඉතිරි ව තිබුනු මුදල හාමිනේලාට දියයුතු නමුත් රක්‍ෂාවක් සොයන පිණිස යාමට රුපියල් පණහ ඉතුරු කර ගෙන මේ සමග අනිත් රුපියල් 500 ය එවා ඇති. ඇත්තෙන්ම මේ හැර වෙන




පියදාස සිරිසේන නවකථා එකතුව 79

කිසිවක් මා සන්තකව තිබෙනාවා නම් සමරසේකර අප්පුහාමි වෙනුවෙන් දෙනවා නියත යි. දැනට කරුණාකර මේ මුදල භාර ගත මැනැවි. මම වෙන යම්කිසි රක්‍ෂාවක් කර මුලලක් සපයාගත්තොත් හාමිනේලා මතක නැති නොකරමි. සමරසේකර අප්පුහාමි මගේ සහෝදරිය විවාහකර දීමෙන් මට කළ ආධාරයට ජීවිතය පිදුවත් මට තරම් නොවේ. තමුන්නාස්සේලාට දැන් සිදුවී තිබෙන විපත ගැන ශොකයෙන් තැවෙමි.

මේ වගට - යටහත් කීකරු, රත්නායකගේ ධර්ම දාස වන මම ය” මේ ලියමන කිය වු හැටියේ සමරසේකර හාමිනේගේ ඇසි වලින් කඳුඵ ගලන්නට පටන් ගත්තේය. “රත්නායකගේ ධර්ම දාස” අනේ මේ ඇත්තා මට දකින්නට ඇතතම්! තමා සන්තක දේ හොරු පැහැරගෙන අන්තිම අමාරුවට පැමිණි වෙලාවේ තමාගේ සියල්ලටම ඉතුරුව තිබුන රුපියල් පන්සියය අපට එව් මේ සිංහලයා! අනේ සිංහල ලේ වල හැටි! අනේ අධම පාහර ජනයා අප ජාතියේ සිටිතත් තවම සිංහල ජාතිය මනුෂ්ය ගුණය අත්හළේ නැ නොවේ දැයි කියමින් අඬන්නට පටන් ගත්තාය. මුක්තාලතාගේ හා අසනීපයෙන් සිටින බුදධදාසගේ ද සිත මහත් සංවේගයට පත් විය. රත්නායකගේ ධරමදාස විසින් එවනලද තමාගේ මුඵ වටිනාකම වු රුපියල් 500 ම නොගෙන එයින් කොටසක් ඔහුට යැවීමට මුක්තාලතා මවුට කීවාය. එහෙත් ඔහු බදුල්ලෙන් කෙයිබ යියේ දැයි දැන ගත නොහැකි වු හෙයින් ඵසේ කළ නොහැකිවිය. ඉන්පසු ඒ රුපියල් 500 ය මාරු කරගෙන සමරසේකර හාමිනේ අතමාරු වශයෙන් ඉල්ලාගෙන තිබු ණය ද ගෙවා උවමානා රෙදි පෙරෙදි ආදියද ගෙන බලවත් අසනීපව වුන් පුතුයාට ද හොදින් සාත්තු සප්පායම් කර ගනිමින් විසුවාය. මුක්තාලතා ලියන ලද ලියුම් විස්සෙන් එකකට පමණක් එනම් මේ රුපියල් පන්සියය එව් ධර්මතදාස ගෙන් පිළිතුරු ලැබුනු නමුත් අනිත් 19 යට ම දස දිනක් යන තුරු කිසිම පිළිතුරක් ලැබුනේ නැත. ඔවුන් ඒ ගැන එසේ සිතසිතා සිටින විට දස දිනකට පසු තවත් ලියුමක් ලැබුනේය. ඒ වනාහි සමරසේකර අප්පුහාමිට රුපියල් 1500 ක් ණය එන්නට තිබෙන අන්තෝනි සිල්වාගේ ලියමනකි. මුක්තාලතා ඔවුන්ගේ අමාරුව කියා මොහුට යවන ලද ලිමයන කියවා බලා “මෙන්න මේ ගෑනිට රැපියල 5 ක් යවාපන්” යයි ස්වකීය ලියන්නාට පවරණ ලදින් ඔහු දස දිනකට පසු




80 අෂ්ටලෝක ධර්මල චක්රිය තැපැල් ඕඩරයක් සමරසේකර හාමිනේ නමට එවා තිබුනේය. මේ අන්තෝනි සිල්වා සමරසේකර අප්පුහාමි ලඟ කලක් වැඩ කළ කෙනෙකි. ඉක්බිති හලාවත පැත්තට ගොස් කොප්පරා වේලන්නට පටන් ගෙන ඊට ද උවමානා ආධාර සමරසේකර උන්නැහේගෙන් ලබාගෙන අන්තිමේ දි ණයට දි රුපියල් 1500 ක් ඉල්වා ගෙන එයින් පොල් ඉඩම් බදු කර ඉක්බිති විශාල ධනවතෙක් ව ඉඩම් හිමියයෙක් ව කල්යවන මෙහු තමාගේ උපකාර ස්වාමියාව සිටි සමරසේකර හාමිනේ ඇතුඵ අනාථ වු පවුලකට කළ උපකාරයේ මහත බැලුවා ම මොහුට මිශ්රේව තිබෙන සිංහල ලේ කෙතාරම් ටික දැයි කියවන්නාට තේරේ. පවුන් හතළිස් දාහක දේ ති‍ෙබන කෙනෙක් තමන්ට උපකාර ව සිටි කෙනෙකු‍ෙග් බලවත් විපතකදි රැපියල් පහක් දීම ගර්හිත ක්රිුයාවකි. හිඟන්නෙකුට සතයක් දීම තරම්වත් මොහුගේ මේ ක්රිපයාව නොවටනේය. එහෙත් අප රටේ සිටින ත්යාතගවන්තයන්ගෙන් වැඩි කොටස මෙබඳු අය වෙති. මොහු විසින් එවන ලද රුපියල් පහ සමරසේකර හාමිනේ භාර‍නොගෙන යැවීම යුතු නැතැයි සලකා තුෂණිම්භූත විය. සමරසේකර හාමිනේලාට ලැබුනු බලවත් ආධාරයක් මෙහි මෙහි සදහන් කළ යුතුව තිබේ. මුකතාලතාගේ ලියුම් විස්සෙන් එකක් ලියන ලද්දේ අමරසිංහ ආරච්චිගේ ජේමිස් නමැති කෙනෙකුටය. ඒ ජේමිස් අප්පුහාමි ජිනාදාස සමරසේකර අප්පුහාමි ජීවත් වන කාලේ උන්නැහේගෙන් බොහෝ උපකාර ලබා එයින් දියුණු වූ කෙනෙකි. ඒ බව තමාගේ භාරයාව හා දරුවෝ ද හොදින් දැන සිටියෝය. මුක්තාලතා පේමිස් අප්පුහාමිට ලියුම යවන විට ඒ අප්පුහාමි බොරු නඩුවකට පැටලි අවුරුදුදකට දඟගෙට යවන ලැබ සිටි කාලයකි. මේ ලියමන ‍‍ජේමිස් අප්පුහාමිගේ හාමිනේ අතර ලැබුනු හැටියේම ස්වාමිපුරුෂයා හිරගෙයි දුක විඳිමින් සිටිතත් සමරසේකර පවුලකට වි තිබුන විපත ගැන මහත් කණගාටුවට පැමිණ ඔවුන්ට මේ වෙලාවේ පුඵවන් උදව්වක් කිරිම යුතු යය් සලකා රුපියල් 200 ක් මුදලුත් ලෑස්ති කරගෙන තවත් එළවලු පළතුරු ආදි දේත් රැගෙන සමරසේකර හාමිනේලාගේ ගදරට අවුත් අඬා වැලප තමාට පැමිණි තිබෙන හානිය කියා ඒ එසේ නමුත් අපට කළ උපකාරයට අපේ ළමයෙක් විකුණා හාමිනේලාට උදව් කළ යුතු යයි ජේමිස් අප්පුහාමිගේ භාර්යාව ප්රණකාශ කළාය. සමරසේකර හාමිනේ මේ ගුණවත් කුලස්ත්රිවයගේ කෘතඥතා ගුණය ගැන කල්පනා කරමින් මහත් පුදුමයට පත් ව ඔවුන්ට කටයුතු සංග්රාහ කොට පිටත්කර යැව්වාය.




පියදාස සිරිසේන නවකථා එකතුව 81

මුක්තාලතා විසින් යවන ලද ලියුම් විස්සෙන් තුන කට පමණක් පිළිතුරු ලැබුනේය. ඒ පිළිතුරු එව් තුන් දෙනා ගෙන් දෙන්නෙක් පමණක් කෙළෙහි ගුණ දන්නා නියම සිංහලයන් බව සලකමින් මුක්තාලතා සිටින විට නෝනෝහාමි උපාසිකාව සිරිත් ප්ර කාර එහි ඇවිත් “ ඇයි දුව ගැඹුරු කල්පනාවකින් මෙන් ඉන්නේ මොකදැයි” ඇසුවාය. නැත ආච්චියේ ජාතිය පිරිහි ගිය ප්රනමාණය කල්පනා කරමින් සිටිමි යි කීවාය. “අනේ දුව මටත් එය කියා දුන්නොත් මැනැවැ”යි කි බැවින් ඔවුන් අතරේ දෙ බසක් ඇති වුයේය. “ උපාසක ආච්චියේ අපේ තාත්තා ජීවත්ව ඉන්න කාලේ උපකාර කළ මිනිසුන්ගෙන් 20 දෙනෙකුට අපේ දුකඛතකම කියා මම ලියුම යැව්වෙමි. එයින් දෙ දෙනෙක් පමණක් කෙළෙහි ගුණ දන්නා අයව සිටිති. ඉතින් අපේ ජාතිය පෙර පැවැති උසස් භාවයෙන් සියේට අනු කොටසක් පිරිහි තිබෙන බව මම කල්පනා කෙළෙමි” “ ඒ කියාපු කාරණය මට තේරුම් මදි. පුංචි හාමිනේලා ගෙන් උදව් ලබාපු උදවිය දැන් නොසලකා සිටියාට සිංහල ජාතිය පිරිහුනාය කියන්නේ කොහොමද?” “ආච්චිට කාරණය තේරුම් ගිහින් නැහැ. ජාතියක් පිරිහුනු බව තේරුම් ගන්නට පිළිවන් වන්නේ ඒ ජාතියේ ගුණධර්මල පරිකෂාකර බැලීමෙනුයි. ගුණ ධර්මටවලින් ඉතාමත් ශ්රෙුෂ්ඨ එක පිරිහුනා නම් අනික්වා ගැන කියන්නටවත් උවමනානොවේ. කෙළෙහි ගුණ දැනීම ලෞකික ගුණධර්මු අතින් අග්රනස්ථානයේ තැබිය හැකිය. දැන් අප ජාතියේ කෙළෙහි ගුණ දන්නන් සියේට 10 ක් පමණ සිටින නිසා සීයෙන් 90 කොටසක් සියල්ලෙන් ම පිරිහුනා යයි කිව හැකිය.” “අනේ පුංචි හාමිනේ මම නොදන්නවාට අහනවා තරහ වෙන්නට එපා, කෙළෙහි ගුණ දැනීම ප්ර ධාන ගුණය හැටියටත් ඒ ගුණය දියුණු වු උසස් මනුෂ්ය යන්ගේ අංගයක් බවටත් මට කරුණු කියා දෙන්ට.” “ඇයි උපාසක ආච්චිට තේරුම් නැද්ද? බුදුහාමුදරුවෝ බුද්ධත්වයට පැමිණි හැටිගේ කුමක් කර වදාළා ද?” “උන්වහන්සේ බුදු වු සතියේ විමුක්ති සැපයෙන් වජ්රාමසනයේම ‍වැඩ සිට,දෙවැනි සතියේ අනිමිස ලොචන පූජාව කර වදාළ බව මා විසින් අසා තිබේ” “ඔව් බොහොම හරි.තමන්වහන්සේට සකල කලේශයන් නසා බුද්ධ රාජ්යියට පැමිණිමට එවෙලාවේ ආධාර වුයේ කුමක්ද? ශ්රී මහා බෝධි රාජයායි . ඉතින් අවේතන වු නමුත් ඒ වෘක්‍ෂ



82 අෂ්ටලෝක ධර්ම‍ චක්රනය

රාජයාණන්ට කෙළෙහි ගුණ දැක්විමක් වශයෙන් ඉන්ද්රමනීල මාණික්ය යුග්මයකට සමාන වු තමන්වහන්සේගේ දිගු පුඵල් නේත්රන දෙකින් සත් දවසක් මුඵල්ලේ ඇසි පිය නොහෙළා වැඩ සිටි අඩියේ ම වැඩ සිටගෙන ඒ ශ්රීම මහා බෝධි රාජයාට ඒ උතුම් නේත්ර කාන්තියෙන් පූජාකොට කෙළෙහි ගුණ දක්වා වදාළ සේක.”

“අනේ සාදු තුන් ලොකාග්ර ව ඉඳගෙන ස්වාමි දරුවාණන් වහන්සේ අවේතන වු වෘක්‍ෂ රාජයාට පුජා කර වදාළේ අපට කුමක් උගන්වන පිණිසද?

“ ආච්චියේ අපේ ස්වාමි දරුවාණන් කෙළෙහි ගුණය ලෝකයාට උගන්වන පිණිස එසේ කළ සේක. මනුෂ්යණයෙක්, තිරි‍සනෙක් ආදි සචේතන සත්වයෙක් කළ උපකාරය පමණක් නොව අවේතන වු ගසකින්, අවේතන වු ගඟකින්, භූමිභාගයකින්, යම් ප්ර්යොජනයක් ලැබුවත් ඊට ද කෙළෙහි ගුණ දැක්විම උත්තමයන්ගේ චාරිත්රව ධර්ම‍ය බව අපගේ ස්වාමිදරුවන් වහන්සේ අපට උගන්වා තිබේ.” “අනේ පුංචි හාමිනේ නිවන් දකින්න! මට ඔය ගැණ දැනීමක් නැහැ. කරුණාකර බුදුහාමුදුරුවන් වහන්සේ අවේතන වු වෘක්‍ෂ රාජයෙකුට කෙළෙහි ගුණ පෙනවීමෙන් උගන්වා වදාළ කාරණයෙන් අප විසින් ඉගෙණ ගත යුතු දේ මොනවා ද කියා කියන්ට.” “උන්වහන්සේ පෙනවා වදාළ ඒ සත් චාරිත්රවයෙන් අප ඉගෙන ගත යුතු දේ අනන්තයි. බුදුහාමුදුරුවන්ගේ ධර්මඅයේ ම ඒ කෘතඥතා ගුණයට දක්වා තිබෙන අනුසස් ඉතාමත් මහති. ඔන්න ටිකක් තේරුම් ගන්න ස්වල්ප වේලාවක් සෙවනින් ආධාර කළ අවේතන වෘක්‍ෂ රාජයකුට තුන් ලොකාග්ර් වු උත්තමයෙක් සතියක් මුඵල්ලේ නේත්රත සඟලින් පූජාකර වදාළා නම් දස මසක් කුක්‍ෂියේ තබාගෙන සිට සිතිය නොහාකි දුක් විඳ ප්ර්සුත කොට ස්වකීය රුධිරය කිරට හරවා ජීවිතය මෙන් ආරක්‍ෂා කොට දරුවකු තනන මෑණියන්ට ඒ දරුවා විසින් කොතරම් කෙළෙහිගුණ දැකිවිය යුතුද? එසේම කුස පිළිසිඳ ගත් දවසේ සිට මෑනියන් සහිතව ආරක්‍ෂා කරමින් පෝෂ්යක කරමින් සිට උපන් පසු සිඹිමින් වැළඳ ගනිමින් ආහාර පාන දෙමින් ලෙඩට දුකට බලමින් ශිල්ප ශාස්ත්රර උගන්වමින් වැඩි දියුණු භාවයට පමුණුවන ලද ළමයෙක් ස්වකීය පියාට කෙතරම් කෙළෙහි ගුණ දැක්විය යුතුද? එසේ ම තමාගේ විපතේ දි පිහිට වු කල්යා්ණ මිත්ර යාට, තමාගේ දියුණුවට ආධාර කළ මිත්රයයාට, හෝ ඤාතිවරයාට තමාට රැකීමට මාරගය සලසා දුන් ස්වාමියාට, තමාට ශිල්ප ශාස්ත්රි ඉගැන්නු ගුරුවරයාට



පියදාස සිරිසේන නවකථා එකතුව 83

එසේ ම තමාගේ යහපතට අනුශාසනා කරණ සත් පුරුෂයාට, එසේ ම තමගේ ජාතියේ මිනිසුන්ගේ පැවැත්මට හා අභිවෘද්ධියට වැඩ කරණ පින්වතාට කෙළෙහි ගුණ දැක්විය යුතුද? එසේ ම තමා උපන් ජාතිය දියුණු කොට සත් චාරිත්රග වරධනය කොට. ජාතියට කීර්ති ප්රදශංසා බහුමාන ඇති කළ මුතුන් මිත්තන්ට කොතරම් කෙළෙහි ගුණ දැක්විය යුතුද? යන බව අචේතන වෘක්‍ෂයකින් ස්වල්ප වේලාවක් ප්ර්යෝජන ලැබු නිසා තමන් වහනසේ තුන් ලොකාග්රටව අප්රෙතිපුද්ගලව ඉදගෙනත් සතියක් මුඵල්ලේ විවෘත කළ ඇස් දෙකින් පිය නොහෙළා පූජා කිරිමෙන් ම අපට තේරුම් ගත හැකි නොවේද?”

“අනේ පුංචි හාමිනේ මට කාරණය තේරුම් ගියා. දැන් සිංහල මිනිස්සු ඔය විධියට කෙළෙහි ගුණ නොදන්නා බව නම් හැබැතමා. අනේ ඉතින් අපි කුමක් කරමු ද?” “උපාසක ආච්චි අධෛර්ය වෙන්නට එපා. යහපත සිද්ධවන විට ප්රකසන්න වීමත් අයහපතක් වන විට සංවේග වීමත් යුතු නමුතු කොයි එකටවත් අධෛර්යවීම යුතු නොවේ. උතුම් මිනිස්සු දුක සැප දෙකේ දි එකාකාරම ධෛර්ය වෙති. බලන්න අපේ තාත්තා මැරුණු වේලේ අම්මලා ආදි කවුරුත් ඇඬුවා , වැලපුනා , බොහොම සැප විදපු අපි දැන් අන්තිම දුක්ඛිත බවට පැමිණ ඉඳිමු. නමුත් මම කවදාවත් නැඩුවෙමි. වරින් වර හිතට කනගාටු ඇති වෙන නමුත් ධර්මිය සිහි කිරිමෙන් සිත හදා ගත්තෙමි.”

“මරණයකදි ඇඪීම වැලපීම අයුතු ක්රිනයාවක් ද දුව?”

“සත්තකට ම ඒ තරම් මෝඩ ක්රිනයාවක් තවත් නැත්තේය. ඇඞීම වනාහි අධෛර්මයත් චපලයන්ගේ ක්රි යාවකි. අනක්, පයක් කඩා ගියත් ධෛර්යවත් මිනිසා ඉවසා දරා ගනී. මරණය වනාහි ස්වභාවධර්මයකි. ඉතින් එය වැලැක්විය හැකි කිසිවෙක් ඇත්තේ ද නැත. එබඳු ලෝක ධර්මයක් සිද්ධ වු විට අඬන තැනැත්තා හෝ තැනැත්තී ලෝක ස්වභාව නොදත් අන්තිම මොඩයෝය.”

“ඵතකොට දැන් බොහෝ දෙනා මරණයක් විපතක් පැමිණියාම අඩන්නේ ?”

“ කවදත් එහෙම අඬන මිනිස්සු කොයි රටවලත් සිටිති. නමුත් ඒ අඬන අය අධෛර්යමත් චපලයන් බව මෙයින් ප්ර ත්යික්‍ෂ වේ.”

“ප්රොථක්ජන ගතියට ඇඬනවා. එහෙම නොවේද?” “ඔව් එහෙම වෙන්නට පුඵවනි. නමුත් සිහි එලවා ධර්ම”ය ගැන


84 අෂ්ටලෝක ධර්ම චක්ර ය

සිතා බැලීම එවේලාවට අවශ්යමයි. ඇඬිම කුඩා කාලේ පටන් ම පහත් ක්රිියාවක් හැටියට රටේ සම්මත කර ගත්තොත් උගත් නූගත් කව්රුත් අඬන්නේ නැතුව සිටිති. දැන් ජපන් රටේ ඇඬිම ඉතා ම විරලය. ඔවුන්ගේ රටේ කුඩා ළමයෙක්වත් අඬනවා දැකීම ඉතාමත් ආශ්චර්යමත් කාරණයකි.”

“ඒ මොකද දුව? එසේ වෙන්නට කාරණය කුමක්ද?

“ඒ රටේ ඉගැන්වීැමේ හොඳකම! අඬීම සෝක කිරිම අධෛර්යමත්වීම යනාදිය උසස් ධර්මයට පිළිකුල් දේ වෙති. ජපන් රටේ ළමයින්ට ඉවසන්නට අමාරු සියල්ලක් ඉවසාදරා ගන්නට මවුගේ උකුලේදි ම උගන්වති. අපේ ‍ර‍ටේ මවු පියවරු වැටි අඬන ළමයාට වැටුන වැරැද්දට බැන වැදි සමහරවිට තලති. ඒ ළමයා වැටීමේ වේදනාවත් තැලීමේ වේදනාවත් යන දෙකින් ම පීඩිතව අධික ව අඬති. නමුත් ජපන් රටේ ඵසේ නොවේ. ළමයෙක් හදිසියේ වැටී අඩතොත් ඔහු‍ෙග් මවු හෝ පියා ළමයා වඩාගෙන ඹහුට අභය දි, “ඇයි පුතා අඬන්නේ ඇඬීම උඹ වැනි උතුම් ළමයෙකුට යුතුද? වැටි රිදුන නමුත් ඒ වේදනාව ඉවසා ගන්නය’යි ළමයාට ධෛර්ය වචන කියා ඔහු සනසනු ලැබේ. මෙබඳු ඉගැන්වීම ක්රනම මුල පටන් පුරුදු වු ජාතිවල මිනිස්සු යමෙක් මැරුණත් මොන උලව්වක් වුණත් නාඬති . නොවැලපෙති. අධෛර්ය නොවෙති.”

“හරි මගේ දුව හරි - පුතාට තාත්තා ඉගැන්නු ධර්ම ශාස්ත්රල වලින් අරගෙන තිබෙන ප්ර යෝජන!ඉතින් පුතාලාගේ වස්තුව ප්ර යෝගයෙන් අත්කර ගෙන පුතාලාට මෙබඳු දුකක් විදීමට සැලැස්සු ජේමිස් යන අයටත් ඔහුගේ අනුචරයන්ටත් කුමක් වේය කියා හිතෙනවාද?”

“ඒ ගැන උපාසක ආච්චි විමසුවේ අප විසින් ඔවුන්ට ‘සාප’ කරණ ලද්දේ” යයි සිතා ගෙනද? “නෑ, අනේ සතුරාටත් මෛත්රී කිරිම පුංචි හාමිනේලාගේ ධර්මතාමය බව මම දනිමි. නමුත් ලෝක ධර්මය වශයෙන් පවුලක් පරම්පරාවක් ජාතියක් විනාශ කරණ දුකට පත් කරණ අධමයන්ට කුමකින් කුමක් වේද? ඉහාත්මයේදි ම ඔවුන්ට යම් කිසි විපතක් වේද යනු දන ගන්නට මම ඇසුවෙමි.” “ඔව්, උපාසක ආච්චියේ නීති ශාස්ත්රසයේ ඒ සම්බන්ධව උගන්වන්නේ මෙසේය”.


පියදාස සිරිසේන නවකථා එකතුව 85

උද ත් සමින් පිඹ ලූ පමණින් බැර ම ප ස ක් ලෝහ දා අලු වෙයි වෙන වෙන ම දු ක ක් පැමිණි ගුණවත් දන ලූ සුසු ම

   ව ග ක් නසිනු විසිතුරු කොට කියනු කි	ම

යනුවෙන් මෙහි දක්වන්නේ උදුනේ දමා අප්රාොණික වූ සමෙන් පිඹිමෙන් ඉතා දැඩි වූ යකඩ වානේ ආදි ලෝහ වර්ග ද විනාශා වෙත් නම් ගුණවත් මනුෂ්යූයකුට අයුත්තේ කරණලද තාඩන පීඩනාදියක් නිසා ඔහුගේ හෘදයේ බලවත් දුක් ඇතිව ඔහු විසින් හෙලන්නා වූ සුසුමෙන් තවත් මනුෂ්ය් වර්ගයක් දා භෂ්ම වේ යයි කීම විස්තර කොට කියන්නටත් උවමානාද? යනුයි. ඉතින් එක පුද්ගලයකුට හෝ පවුලකට හෝ ගෝත්රනයකට හෝ ජාතියකට හෝ අයුත්තේ යම් කිසි අවැඩක් අලාභයක් පමුණවනලද නම් මයිනහමට වඩා බලවත් වු ඔවුන්ගේ හිත්වලින් හටගන්නා උෂ්ණයෙන් යකඩ වානේ ආදියට වඩා මෘදු වු සචේතන සත්වයෙකුට හො සත්වයන්ට අධික සන්තාපයක් ඇති නොවී නොයන්නේය. අපට ජේමිස් විසින් කරණ ලද අපරාධය ඔහුට ඉහාත්මයේම පල දෙනු ඒකාන්තයි.”

“පුංචි හාමිගේ කියන කතාව නම් හරි තමා. නමුත් අයුතුකම කරණ, අනුන්ට දුක් දි ඔවුන්ගේ දේපල කඩා වඩාගෙන, අනුන් අයුත්තේ පෙළමින් ඔවුන්ගෙන් ද්ර ස මෙහෙ ගන්න. අන්නුගේ ගම කුඹුරු කොල්ලකාගෙන ජීවත්වන මිනිස්සු එමට සිටිති. ඉතින් ඔවුන් විනාශවි යන කියන නමුත් අප ඇස් ඉදිරිපිට එහෙම දකින්නට නැති කොට!”

“මොනව ආච්චියේ? අධර්මවාදින්ට. අනුන්ට දුක් දෙන අයට. අනුන් අයුතු අන්තරායට පත්කරණ අයට, අනුන්ගේ ගම් බිම් වස්තුව කොල්ලකාගෙන රැකෙන අයට ඉහාත්මයේම අනිෂ්ට විපාක ලැබෙන්නේ නැ කියනවා ද?”

නෑ දුව,මම කීවේ එහෙම අයුතු අධර්මවාදි ක්රිවයා කරණ අය අප ඇස් ඉදිරිපිට ම ඉතා සැපසේ බලසම්පන්නව කල් යවන බවයි. අර අමාරුවට පත්වන අසරණයාට ම තව තව වඩා දුක් වේදනා අමාරුකම් පැමිණෙනවා මිස අධර්මවාදි අසත්පුරුෂ බලවතාට කිසිම අමාරුවක් වෙන බවක් දකින්නට නැති බවයි.”

“ආච්චි ඉක්මන් වුණා වැඩියි. කිසවව්ව තාපසයාගේ කථාව මම පළමු කොට කියන්නේමි.” යට ගිය දවස බරණැස් නුවර බ්රාහ්මදත්ත



86 අෂ්ටලෝක ධර්ම” චක්ර ය

නම් රජජුරුකෙනෙක් රාජ්යවය කරණ සමයෙහි උග්ර වු තපස් ඇති පිරිසුදු සීලයෙන් යුත් මහලු තපස්වරයෙක් නුවර අසල ආරණ්ය යක වාසය කෙළේය. උන්වහන්සේගේ ගුණයට ප්ර්සන්න වූවෝ බොහෝය. එක්තරා රාජාමාත්ය.යෙක් උන්වහන්සේට අතිශයින් පැහැදි දවස දේවෙලේ තවුසාණන් කරා පැමිණ සංග්ර හ කරයි. මෙසේ පසු වන අතර ඒ නුවර ප්ර්ධාන වෙශ්යාස ස්ත්රින යම් කිසි රාජ අපරාධයක් කරණ ලදින් අගේ වෙශ්යාම ධුරයෙන් නෙරපණු ලැබුවාය. ඈ වෙශ්යා ස්ත්රිහන්ගේ ප්රයධාන ස්ත්රිෙ බැවින් ඒ ධුරයෙන් පහකරනු ලැබීම බලවත් පාඩුවක් විය. මේ වෙශ්යාරවිය එක් රැයක් නුවරින් පිට යම් කිසි ස්ථානයක ලැගුම් ගෙන සිට උදයම නැගිට දැහැටි කරකුත් හපමින් නගරයට එන්නේ පළමු කොටම කිසව්ව්ව නම් වු ඒ නුවර අසල ආරණ්යමයෙහි රුකක් යට වුන් තපස්වරයාණන් දැක කිපී” අද උදේ ම මේ කුට තවුසා දැක්කෙමි. මට වූයේ මහත් හානියෙකැ”යි ඵරුෂ වදනින් බැණ තමාගේ මුඛයෙන් හැපීම නිසා කුණු කෙළ මිශ්රි වු දැහැටි දංඩෙන් තපස් වරයාණන්ගේ මුහුණට ගසා ඉක්බිතව හොදට කාරා කෙළපිඩක් ද උන්වහන්සේගේ මුහු‍ඩෙ ණට ගසා යන්නට ගියාය. වෙශ්යාාවිය වයස් ගත ගුණවත් තාපසයාණන් වහන්සේට කෙළ ගසා තම නිවසට පැමිණ දුටුවන්ගේ සිත් පොළඹවන අයුරු ඇඳ පැළඳ ගෙන රාජ විථිය ළඟින් යන්නේ රාගයෙන් දූෂිත සිත් ඇති රජ විසින් දක්නාලදි. එසේ ඇක ඈ කැදවා නැවතත් ඈට තිබුනු වෙශ්යා්වියන්ගේ අධිපති ධුරය දුන්නේය. වේසිය බලාපොරොත්තු නුවු තමාගේ ධුරය නැවතත් ලැබුනේ තාපසයාණන් වහන්සේට කෙල ගසා දැහැටි දං‍ඩෙන් ගැසීමේ ආනිශංසයෙනැයි ද තදින් සලකා ගත්‍ තේය. මේ කාරණය සිද්ධවී කීප දිනක් ගිය පසු ඵ් රටෙ මහා ඇමතියාගේ යම් කිසි ප්රිමාදයකට නොසතුටු වූ රජ ඔහුව ඒ නිලයෙන් පහකරනු ලැබුයේය. බලවත් අමාරුවට පත් ඇමතියා තමාගේ ද මිත්රි වූ පෙර කී වෙශ්යාප ස්ත්රියයගේ නිවසට ගොස් තමාට පත් විපත කීයේය. එබස් ඇසු වෙශ්යීවිය ඈ නිලයෙන් පහකරනු ලැබ දුකින් සිටින විට නුවර ආසන්න ආරණ්ය.යේ සිටින මහලු තාපසයාගේ මුහුණට දැහැටි දංඩකින් හා කුණු කෙලපිඬකින් ගැසීමෙන් එදිනම රාජ ප්ර සාද ලැබ ඈට පෙර තිබු නිලය නැවතත් ලැබුනු බව කියා ඇමතියා ද එසේ කළහොත් නො අනුමානවම රජතුමාගේ කරුණාව ලැබෙන බව කීවාය. මෝහයේන් මුළා වු මේ ඇමතියා ද වේසා ස්ත්රිවය කී පරිදි එදා රැ පහන් වෙනකෙට ම දැහැටි දංඩක් විකමින් ආරණ්යමයට ගොස් එහි





පියදාස සිරිසේන නවකථා එකතුව 87

ගසක් යට භාවනා කරමින් උන් වයොවෘද්ධ තපස්වරයාණන් වහන්සේගේ මුහුණට දැහැටි දංඩෙන් ගසා කුණු කෙල පිඬකින්ද ගසා ඵරුෂ වචනයෙන් බැණ යන්නට ගියේය. මේ අහිංසක වූ නිරපරාධි වු පිරිසුදු සීල ගුණයෙන් යුත් උත්තමයා වෙසියගේත් අමැතියාගේත් දුෂ්ට ක්රි යා විද දරාගෙන ඔවුන්ට මෛත්රත කළේය. එසේ ද උවත් ලෝකයේ අධර්මය වැඩෙන විට සංවේග වඩන්නාවූ ද ධර්මය වැබෙන විට ප්ර්සන්න භාවය වඩන්නාවුද පුදුම බලයක් පවතින බව පෙ‍නේ. ඉතින් ඇමතියා මේ දුෂ්ට ක්රිදයාව කොට අඵත් වතුර නා පිරිසිදු වස්ත්රාැහරණ ඇඳගෙන සිටන විට රජුගේ පරණ කටයුතු වගයක් අවුල්වි පරණ ඇමතියා ම උවමානා වූ බැවින් ඔහු කැදවා ඒමට දුතයකු යැවිය. මේ දුතයා ගිය හැටියේ ම තපස් වරයාට කළ අයුක්ත තමාගේ නිලය ලැබීමට කාරණය වු බව නිශ්චය කර ගෙන තමා කළ අපරාධය ගැන ප්රියතියට ද පැමිණියේය. රජු ඇමතියාට නැවතත් නිලය දි ටික කලක් පසු වන අතර ඒ රටට ආසන්න රටත් සමග යුද්ධයක් කරන්නට සැලසුනේය. ඊට බියපත් වු රජු ඇමතියන් රැස්කොට කුමක් කටයුතු දැයි සාකච්ඡා කළහ. එවිට අග්ර අමාත්ය යා කියනුයේ දේවයන් වහන්සේ සැක නොකළ මැනවි. යුද්ධයෙන් ඉතා පහසුවෙන් ජය ගැනීමට ඒකාන්ත ගුරුකමක් මම දනිමි. එනම් මේ නුවර ආසන්න ආරණ්යනයේ මහුලු කුට තවුසේක වසන්නේය. යුද්ධයට යන අපේ සියලුම මිනිස්සු නින්දෙන් නැගිටිනු හැටියේ මහා උදයම කුණු කෙල ඇති මුවවලින් යුක්තව ගොසින් තවුසාගේ මුහුණට කෙල පිඬ බැගින් ගසා දැහැටි දඬුවලින්ද ගසා ගිය කල නොඅනුමානව යුද්ධයෙන් ජය ලැබෙන බව කීවේය. මුග්ධ රජා ද එය පිළිගත් නිසා දහස් ගණන් යුද්ධ භටයෝ නිර්දෝෂවු තවුසාණන් වැසි බඹ ගණන් උස් ගොඩක් වනතුරු කෙළත් දැහැටි දඬුත් ගසා ගියහ. එසේ ඔවුන් ගිය පසු තවුසාණන් කෙරෙහි භක්තිය ඇති වෙනින් ඇමතියෙක් වහාම අවුත් තාපසයාණන් කෙල ගොඩෙන් ඉවතට ගෙන උණු පැනින් නහවා සාත්තු කළ නමුත් උන්වහන්සේ නොපිරිහුනු ධ්යා නයෙන් යුක්තව මිය ගොස් බඹ ලොව උපන්නේය. ඒ ඇමති සත්පරුෂයා තමා‍ෙග් පවුලත් සමග දුෂ්ට රාඡාදින්ගෙන් යුත් ඵ් නුවරින් වහාම පළා ගියහ. තපස්වරයාණන්ට කළ බලවත් අර්ධර්මය ගැන කලකිරැනු දෙවියෝ මුලු නුවර ම වනසන අදහසින් දුෂ්ට රඡුට යුද්ධයෙන් ජය ලැබෙන්නට සැලැස්සුහ. ඉතින් යුද්ධයෙන් ජය ගත් රජ සහිත පිරිස තවුසාණන්ට කළ නිග්රබහය ගැන අතිශයින්




88 අෂ්ටලෝක ධර්මස චක්රසය

සතුටුව සත් දිනක් සැණකෙළි පැවැත්වූහ. ඉකිබිති සත් වැනි දිනයෙහි ඒ නුවරට සත්රුවන් වසින්නටද පටන්ගත් බැවින් මුලු රටවාසි සියලු දෙනාම තවුසාණන්ට කළ දඬුවම යහපත් යයි ඒ පාපය සමාදන්වු විට මුඵ රට ම සේනා සහිත ව යට වි සත් බඹයක් උසට නගිනතුරු බලවත් උනු අඵ වරෂාවක් වැස්සේය”යන මේ පුරාණ කතාව උපාසක ආච්චි තේරුම් ගත් විට කාරණය අවබෝධ වේ. යම් මිනිහෙක් අධර්මයක් කරණවිට ඔහුට වඩ වඩා සැප පහසු හා දියුණුවක් ලැබෙන්නාක් මෙන් ස්වල්ප කලක් පෙනේ. අධම ක්රි යාවෙන් සැපතක් නොලැබේ. ඒ කොයි හැටි ද කීවෙත් වර්ෂාවෙන් ග්රි ෂ්මය නැවතුනාක් මෙනි. නමුත් අධර්මය කරන්නට පටන්ගත් හැටියේ ම හෙවත් අධර්මය කරමින් ටික කාලයක් පසු වනතුරු සැප ව‍ාගේ පෙනේ. එය හරියට ම වර්ෂාව පටන් කන්නට කිට්ටුව අධික උෂ්ණය ඇතිවන්නාක් මෙනි.

“මධුවා මඤ්ඤති බාලා-යාව පාපං න පච්චති යාදා ව පච්චති පාපං - අථ බාලො දුක්ඛං නිගච්ජති,”

යම්තාක් පාපයේ විපාක දීම පටන් නොගනීද. එතාක් ඒ පව් කරණ පුද්ගලයා මිපැණියක් මෙන් ඒ අධම ක්රිදයාව ගැණ කල්පනා කරයි. නමුත් පවට විපාක පලදෙන්නට පටන් ගත් විට අතිශයින් දුක්ඛිත බවට පැමිණේ. ආච්චියේ අධර්මයත් ධර්මයත් යන දෙක දුකත් සැපත් යන්න යයි සැලකිය යුතුයි. දුකේ සැනසිල්ලක් නැත. එමෙන් ම අධර්මයේත් සැපක් නැත. නමුත් ඥානයේ ලුහුඬු භාවය නිසා අධර්ම ක්රි.යා කරණ අයටත් සැප ඇති බව අපට පෙනේ. සැපත පටන් ගන්නේ විත්තක්‍ෂණයේ සිටයි. සිතේ ඇති වු සැපත දියුණු වන තුරා ශරීරයට සැප යයි සලකන ක්රි‍යා හැබෑ සැපත නොවේ. මරණයට නියම වූ මිනිහෙකුට කොතරම් රසවත් ආහාර පානත් ඇඳුම් පැළඳුනුත් යාන වාහනත් ලැබුන නමුත් ඔහුට සැපක් ඇත්තේ,ද කිසිසේත් නැත. එමෙන් ම හිතේ නිදහස් පිරිසිදු ප්රතසන්න භාවය නැති තැනැත්තාට කෑම බිමාදි සියලුම දේ තිබුනත් ඔහුට සැපතක් නැත. අධර්මය කරණ පුද්ගලයාගේ විනාශය ඔහුට ම නොඅනුමානව පැමිණේ. එය කරණ සියලුම ක්රිායා යම් යම් තැන්වල නොඅනුමානව සලකුණු වේ. අප කථා කරණ ශබ්දත්, අතින් පයින් ගැසීමත් ආදි කොට ඇති අපේ සියලුම ක්රිොයා පෘථිවියේ හෝ සටහන් වෙති. ඒ ඒ ක්රිආයාවල ප්රයතිඵල ඒ ඒ පුද්ගලයාගේ ඉපදීම සංඛ්යෘත පුනර්භවයට


පියදාස සිරිසේන නවකථා එකතුව 89

ගෙන යන්නේය. අපේ කථාබස් ආදි සියල්ලක්ම යමක සලකුණු වන බව සැබෑ වු විට එවායේ ප්රඑතිථල ඒ පුද්ගලයාගේ මතු උත්පත්තියට ගෙන යන බව ඒකාන්තය. අප කරණ ක්රිගයා යමක සලකුණු වන බව වර්තමාන කාලේ පවත්නා ශබ්දවාහිනි (සිනොමැටැග්රැගප්) යන යන්ත්රත ශාක්‍ෂියි. ශබ්දවාහිනි යන්ත්ර යකට ශබ්ද එකතු කරණ යන්ත්ර්ය අභිමුඛයේ සිට යමක් යම් විදියකට කීවේ නම් එය එවේලේ ම ඒ යන්ත්රතයෙන් ප්රිකාශ කරන්නේය. ඉතින් ඒ යන්ත්රමයේ (Reproductive Power) නැවත් අටගන්වන ශක්තිය ඇති ඖෂධ යොදා තිබෙන බැවින් එහි සලකුණු වන අප කථා කරණ වචන එවේලේ ම කියන්නට පිළිවන. අපේ කථාවේ ශබ්දය ‍‍ප් ඝෂ්ටනය වන ගස් ගල් ආදි අනික් දේවල ද ඒ ශබ්දය සලකුණු වෙතත් එහි නැවත් උපදවා පෙන්විය හැකි ඖෂධ සංයොගය නොමැති බැවින් එවෙලේ ම දැක්විම අමාරුය. එහෙත් ගස් ගල් ආදිය පවා සලකුණු විම නම් ඒකාන්තය. යම්කිසි අකුසල කර්මයක් කරණ පුද්ගලයාගේ ඉපදීම සංඛ්යාිත පුනර්භව නැමැති යන්ත්රමයේ ඔහුගේ ක්රිකයාවල ඉෂ්ටානිෂ්ට විපාක සලකුණුව යථා කාලයෙහි ඒ සියල්ල ඒ විදියට පළ දේ. “ අනේ දුව, ඔය කාරණ මට මඳක් දුර තේරුනා. ඉතින් අපට මේ කාලයේ පළදි තිබෙන්නේ පූර්ව ජාතියේ කළ කර්මයි. දැන් අප කරණ සියල්ලම පරලොවදිම ලැබිය යුතුය. ඒ නිසා මේ කාලේ අපරාධ කරණ. අයුතු කම් කරණ, රට ගම කොල්ලකන, ජාතීන විනාශ කරණ, නඩු අනඩු කරණ, යුක්තිය අයුක්තිය කරණ අයටත් ඒ දුෂ්ට ක්රිවයා වල විපාක දෙන්නේ මතු උපන් කාලයක නොවේද? එසේ නම් පුංචි හාමිනේලගේ ධනය අයුත්තේ පැහැර ගැනීමාදියෙන් අපරාධ කළ පේමිස් අප්පුට හා ඔහුගේ අඹුදරු ආදින්ටත් ඔවුන්ගේ ක්රිරයාවල විපාක දෙන්නේ මතු ආත්මයේ විය යුතු යයි මට අවබෝධ වුනා.” “ආච්චියේ, කර්ම විපාකයේ ‍විස්තර බොහෝයි. පූර්ව කර්ම විපාකයෙන් උත්පත්තිය ලබාදීම ඒකාන්තයි. ඒ කියන්නේ හොඳ කුසල ක්රි යා කොට සුව සේ මළ නැතැත්තා උසස් මහේශාක්යය ගතිවල උපදි. නමුත් ඒ උපන්නාට පසු තමා කරණ කර්මය,(ක්රි‍යාව) පූර්වකර්මයට එක් වන බව දත යුතුය. කර්මය සම්බන්ධ විශෙෂ විස්තර ධර්මයෙහි ඉතා හොඳින් ප්රකකාශව තිබේ. මම මෙහිදි ඒ කර්ම විභාගය විස්තර කරණවා නොව උපාසක ආච්චිට පූර්ව ජාතියේ කර්මයත් වර්තමාන ක්රිරයාවත් එකට මුණගැහෙන හැටි දැක්වීමට සුඵ උපමාවක් පමණක කියන්නෙමි. සියලු මිනිසුන්ට ම අනන්ත අප්රකමාණ



90 අෂ්ටලෝක ධර්ම. චක්රමය

කාලයක් සංසාරයේ දි රැස්වෙවි ආ කුසල කර්මත් අකුසල කර්මත් මහා රාශියක් තිබේ. ඒ සියල්ල ම එක ආත්මයකදි පලදෙන්නට හැටියක් නැත. අකුසල සහගත සිතකින් පහත්ව උපන් සත්වයා ඒ ඉපදුනු ආත්මයේත් පාප ක්රිලයාම කරන්නේ නම් ඔහුට සංසාරගතව ආ කිසිම කුසලක් පල නොදි පාප කර්ම ම පළ දෙන්නේය. අනික් අතට කුසල සහගත සිතින් උසස්ව උපන් සත්වයා ඒ උපන් ආත්ම භාවයේ කළ්යා ණ මිත්රග සේවනාදිය නිසා කුසල් ම කරන්නේ නම් සංසාර ගතව ආ කිසිම අකුසල කර්මයක් ඔහුට පල නොදී කුසලකර්ම විපාකය ම විද මිය යන්නේය. එහෙත් මීට වඩා පුදුම විදියක් නම්, සමහර මිනිස්සු කුසල සහගත සිතින් පුණ්ය.වත්තව ඉපිද නැවත කාලකණ්ණි පව්කාර භාවයටත්, අකුසල සහගත සිතින් පවිකාරව උපන් සමහර මිනිස්සු නැවත පුණ්යයවන්ත භාවයටත් පත්වන බවයි. මෙසේ වීමට හේතුව මෙලොවදි කරණ පාප ක්රිතයාව හා කුසල ක්රිපයාව බව පෙනේ.මෙලොව කරණ කුසල් හෝ අකුසල්වල විපාක සම්පුර්ණ වශයෙන් මෙහිදි නොලැබෙනත් පූරාණ කාලවල කර තිබෙන කුසල් හෝ අකුසල් කර්ම නමැති ගබඩාවල දොර ඇර ගැනීමට ඒ වර්තමාන කර්මය යතුරු බවට පැමිණෙයි. සංසාරයෙහි වාසය කරණ මිනිසුන් කුසලාකුසල කම් රැස් කරණ ගබඩා පේලි දෙකක් තිබේ. එක පේලියක කාමර දහය බැගින් තිබේ. එයින් (1) දන් දුන් කුසල, (2) සිල් රැකි කුසල, (3) භාවනා කළ කුසල,(4) පින් දුන් කුසල, (5) අනුමෝදන්වු කුසල,(6) බණ ඇසු කුසල,(7) දේශනා කළ කුසල,(8) පූජනීය යන් පිදු කුසල, (9) වතාවත් කිරීමේ කුසල,(10) ගුණවන්තයන්ගේ ගුණ කීමේ කුසල යනාදි වශයෙන් සංසාරගත සත්වයා අනන්ත අප්ර0මාණ කාලයේ කරණලද කුසල් ඵලදි ශේෂ වන ඒවාත් ඵලදෙන්නට ඉඩ නොලැබි අපරාපර්ය වශයෙන් එන සියලුම කුසලුත් මේ ගබඩා දහයේ වෙන් වෙන් වශයෙන් රැස්වෙති. ඉතින් අකුසල එකතුවන ගබඩා පේලියේ ද කාමර දහයක් තිබේ. ඉන් එකක (1) ප්රාබණඝාත අකුසල, (2) අදත්තාදාන අකුසල, (3) පරදාර සහ සුරාපාන අකුසල,(4) මුසාවාද අකුසල, (5) ප්ර ලාප කී අකුසල,(6) කේලාම් කි අකුසල, (7) ඵරුෂ වචන කි අකුසල, (8) අනුන්ගේ වස්තුව දඩි ලෝභ සිතින් සිතු අකුසල ,(9) අන‍ුන් නසීවායි සිතු අකුසල, (10) මිථ්යාකදෘෂ්ටි ගත් අකුසල යන මේ ගබඩා දහයේ ඉහත කී කුසල කර්ම මෙන් ම මේ අකුසල කර්ම රැස්වෙති. මෙසේ සංසාරයෙහිදි කරණලද කුසල කර්ම පුරවන ලද ගබඩා




පියදාස සිරිසේන නවකථා එකතුව 91

පේලි දෙකක් අයිති නොවන එකම සත්වයෙක්වත් නැත්තේය. අර්හත් ඵලයට පැමිණෙන තුරුම මේ කුසලා කුසල ගබඩා පේලි දෙක සියලු දෙනාට ම අයිතිය පවති. ඉතින් ජනකර්මය හෙවත් එක ආත්මයකින් තවත් ආත්ම භාවයකට පමුණුවන කර්මය කුසල් වූවොත් මහේශාක්ය පුණ්යක වන්තව උපදනා අයට අයිතිය තිබෙන කර්ම ගබඩා පේලි දෙකෙන් කුසල කර්ම ගබඩා පේලියේ දොර විවෘතව ම තිබේ. එසේ ම අකුසල කර්මයක් මුල්ව උත්පත්තිය ගෙන දුන් පුද්ගලයාට තම‍ාට අයිතිව තිබෙන අකුසල කර්ම පුරවා තිබෙන ගබඩා පේලියේ දොර විවෘතව ම තිබේ. ඒ එසේ ද උවත් උත්පත්තියෙන් පසු ඔහු කරණ කර්මවලට අනුව ඒ ගබඩා පේලි දෙකේ දොරවල් වැසීමත් ඇරීමත සැලකෙන බව සැලකිය යුතුයි. විදුලි පංකාවක් ක්රිසයා කරවන්නට අදින ලනුවකුත් එය නවත්වන්නට ලනුවකුත් වශයෙන් දෙකක් තිබේ. විදුලි පංකාවක ලනුව යම් පුද්ගලයෙක් ඇද්දොත් එය ක්රිකයා කරන්නට පටන් ගෙන පවන් ලැබෙන්නේය. එමෙන් ම විවෘත වි තිබෙන කුසල කර්ම ගබඩාවල විපාක ලබන ඒ පුද්ගලයා සත්ව ඝාතන සුරාපානාදිය පාප ක්රිෙයා කරන්නට පටන් ගත්තොත් පවන් වැදෙමින් තිබුනු විදුලි පංකාව නැවතුනාක් මෙන් ඔහුට පලදෙමින් පැවැති කුසල කර්ම ගබඩාවල දොරවල් පියවෙන්නේය. අනික් අතට විවෘත වි තිබෙන අකුසලකර්ම ගබඩාවල විපාක ලබමින සිටි පුද්ගලයා කල්යාිණ මිත්රු සේවනාදියෙන් දාන සිල භාවනාදි කුසල ක්රි යා කරණ විට ඒ අකුසල් කර්ම ගබඩාවල දොර වැසි කුසල කර්ම ගබඩාවල දොර ඇරි විදුල පංකාව ක්රිමයා කරවීමට ලනුව ඇඳි පුද්ගලයාට මෙන් සැප නමැති පවන් ලැබේ. ලෝකයේ සියලුදෙනාට ම පුරාණයේ පැවැති කුසලාකුසල කර්මවල විපාක ලැබෙන්නේ මෙලොව තමා කරණ කුසලාකුසල කර්මවලට අනුවම වේ. මීට වෙනස්ව දෘඪ කර්ම ‍වශයෙන් කුසල් අතිනුත් සත්‍වයාට විපාක ලැබේ. එය අවිද්ය මාන වශයෙනුයි. ප්ර්කට වශයෙන් නම් මෙලොවදි තමා කරණ කර්ම වශයෙන් ම පෙර කුසලාකුසල කර්ම ඉදිරියට එළඹෙන බව පෙනේ. ඉතින් මා මෙහිදි උපාසක ආච්චිට කියා දෙන්නට උත්සාහ කෙළේ අපට දුක් දී අපේ දේපල ආදිය කොල්ලකා ගැනීමෙන් අයුතු කම් කළ උදවියට කලින් ඉදිරියට පැමිණ තිබුනු කුසල කර්මය ආවරණව අද හෝ මාස තුන හතරකින් හෝ අවුරුදු හත අටකින් ඔවුන්ගේ අකුසල කර්ම ගබඩාව විවෘත වෙනවා ඒකාන්ත බවය. අපට ඉවසිය නැති නිසා යමක් නුවණින්



92 අෂ්ටලෝක ධර්මඉ චක්ර ය

සලකා ගන්නට අමාරුයි. නමුත් කල්පනාකර බලතොත් සියල්ල ම කර්මය වූ පරිද ඉෂ්ට වේ.”

යනාදි වශයෙන් මුක්තාලතා විසින් කියනලද වැදගත් ධර්ම කථාව අසා සිටි නෝනොහාමි උපාසක අම්මා මහත් ප්රීදතියට පත් වූවාය. කටින් කිරි සුවඳ නොගිය පසළොස් ඇවිරිද්දේ සිටි මුක්තාලතාවගේ මුහුකුරා ගිය ඥානය සැබැවින්ම ආශ්චර්ය වේ. සඳුන් ගස ළපටි කාලේ ම සුවදින් යුක්තය. මුහුකු‍රා ගිය කල අධික සුවඳ හමනු සැබෑ නමුත් සඳුන් පැලේ සුවඳ නැති දවසක් නැත්තේය. එමෙන් ම ලෝකයේ උසස් ස්ත්රිව පුරුෂයන්ගේ ගතිය ඉතාමත් ළපටි වියේදි ම දැන ගන්නට ලැබේ. දුටුගැමුණු කුමාරයාගේ වීරවික්රේම භාවය සත් ඇවිරිද්දේදිම දැන ගන්නාලදි. පරාක්රමමබාහු කුමාරයාගේ ඉවසිය නොහැකි තේජවන්ත භාවය කුඩා කාලේ ම ප්ර.කටව ගියේය. වර්තමාන කාලයේ ද උසස් බවට පැමිණෙන ගුණවත් දරුවන්ගේ චරිත ඉබේම වාගේ ප්ර කාශ වේ. ශ්රීඋ මුක්තාලතා සිංහල කුලස්ත්රීරන්ගේ උත්කෟෂ්ට භාව ය ලෝක වාසින්ට දැක්වීමට උපන් කෙනෙක් මෙන් වූ බව මේ කථාන්තරය සාවධානව කියවන අයට තේරේ.


07.පරිච්ඡේදය[සංස්කරණය]

යු රෝපයට ගොස් ඉංජිනේරු කර්මාන්තය ඉගෙණ ගනිමින් සිටින ජයසිංහ මහතාගේ කටයුතු සම්පූර්ණ විය. යුරෝපයෙ නිවැසි ජනයා සාමාන්‍ය වශයෙන් ක්රිගස්තියානි කාරයෝ නමුත් පුදුම ගුණ ධර්ම ඇති මහත්වරු ද සිටිති. වර්තමාන කාලේ පුකට ව පවතින නානාවිධ ශිල්ප කර්මාන්ත හා ධර්ම ශාස්ත්රඇත් පරතෙරට උගත් මිනිස්සුත් වැදගත් භාවයෙන් ලෝකයේ පවත්නා උසස් ආගම් දැන කියා ගත් පණ්ඩිත ජනයාත් මුලු ලෝකවාසි මුනුෂ්ය්යන් වර්ණ දෘෂ්ටි භේදාදියක් නොතකා සමානාත්මතාවයෙන් සලකන සත්පුරුෂ ජනයාත් සාධරණ යුක්තිය කාටත් සලසා දීමට වීරිය කරණ නීතිවේදිහුත් යුරෝපයේ එමට සිටිති. යුරෝපයේ සිටින කාලේ ජයසිංහ මහතා‍ට සම්මුඛ වූ උගතුන්ගෙන් ජෝන්ස් නම් මහතෙක් ජයසිංහ මහතා සමග නිතර ම කථාවට සතුටු කෙනක් වූහ. උන්නැහේ ජයසිංහ මහතාගේ හැසිරීමටත් ඉරියාපථ වලටත් අතිශයින් සතුටු වු බැවින් එක් දිනක් සම්මුඛ වු විට මෙසේ ඇසීය. “ජයසිංහ මහතාණනි, තමුන්නාස්සේ අහිංසක වූ බැටඵ පැටඑවකුටත්



පියදාස සිරිසේන නවකථා එකතුව 93


වඩා අහිංසකය, නිතර ප්රී3තියෙන් කාලය ගත කරණ තමුන්නාස්සේ බලවත් බලාපොරොත්තු ඇති උත්තමයෙක් මෙන් වාසය කරන්නේ කොහොමද? තමුන්නාස්සේව ‘දෙවියන් වහන්සේගේ කරුණා මහිමතාව ඇත්තේත් නැත. දෙවියන් වහන්සේ ගැන කිසිම ඇදහිල්ලක් නැති-බයිබලය කොහෙත් ම විශ්වාස නොකරණ තමුන්නාන්සේට මේ තරම් පිරිසිදු ජිවිතයක් ගත කරන්නට පිළිවන්වි තිබෙන්නෙත් කුමක් හේතුකොට ගෙනදැයි”යි ඇසුයේය. එවිට ජයසිංහ මහතා සිනාසි “ජෝන්ස් මහතාණනි. අපගේ ස්වාමිදරු වූ ශාක්යස මුනින්ද්රතයාණන් වහන්සේගේ ධර්මය දත් ඒ ධර්මය පරිදි පිළිපදින සියල්ලෝම මා මෙන් ම බලවත් බලාපොරොත්තු ඇති පිරිසිදු චරිතයකින් යුත් ඉතාමත් ප්රිෙතියෙන් කාලය ගත කරන්නෝය. දෙවිකෙනෙකුගේ කර්ණාවෙන් ගැලවීමත් සැපතත් බලාපොරොත්තු නොවී නිවහල්ව ගැලවීමත් අපේ සැපතත් අප විසින්ම ලබාගත හැකි මාර්ගය අපේ තථාගත ශාක්යඅ මුනිසද්රියාණන් වහන්සේ උගන්වා දි තිබේ. ලෝකයේ යම්තාක් ප්රසශස්ත ගුණ ධර්ම ඇත්ද,ලෝකයේ යම් තාක් උසස් පැවතුම් ඇත්ද, ඒ සියල්ල ම උගන්වා තිබෙන සත්යහ ධර්මය අපට උරුම වී තිබේ. අපි කිසිවක් විශ්වාස නොකරමු. එහෙත් ප්රලත්යඋක්‍ෂ වශයෙන් දනිමු. අපේ ධර්මය අපේ චාරිත්රිත් දෙවියන් පවා නොදත් දෙවියන්ට පවා නැත්තා වූ පිරිසුදු උතුම දේ වෙති. ඒ නිසා මගේ ගුණධර්මයත් පැවතුනුත් ගැන පුදුම වන ජෝන්ස් මහතා අපේ ස්වාමිදරු වූ තථාගතයන් වහන්සේගේ ධර්මය තරමක් දුරට දැන ගත්තොත් සැබැවින් ම අමුතු පුද්ගලයෙක් වෙනවාට සැක නැතුතේය.

“තමුන්නාස්සේලාගේ බුදුරජාණන් වහන්සේ ගැන මම අසා තිබේ. උන්වහන්සේ නාස්තික දෘෂ්ටිය දේශනා කළ කෙනෙකි”

“අපේ බුදුරජාණන් වහනසේ ගැන මහත්මයා අසා තිබෙන්නේ බුද්ධාගමට විරුද්ධව සිටි යමුකිසි මුග්ධ පංඩිත‍යකු ගෙන් වෙන්නට ඇති. ආත්ම දෘෂ්ටියටත් නාස්තික දෘෂ්ටියටත් යන දෙකට විරුද්ධකාරයෙක් ලෝකයේ උපන්නා නම් ඒ අපේ බුදුරජාණන් වහන්සේ පමණකි. අප බුදුන‍ගේ ධර්මය තත්වූ පරිද තේරුම්ගත් කෙනෙකුගේ මිස ඒ තැනින් මේ තැනින් බණ ‍පදයක් ඉගෙණ ධර්මයට විරුද්ධව ලියු මිථ්යානවාදින්ගේ පොත පතින් අප බුදුරජාණන් වහන්සේ ගැනවත් උන්වහන්සේගේ ධර්මය ගැනවත් කිසිත් දැනගන්නට බැරිය. මහතාණනි, තථාගත වූ සම්මා සමුබුදුරජාණන් වහන්සේ ලෝකයෙහි



94 අෂ්ටලෝක ධර්ම. චක්රිය

ඇති තාක් ශාස්වත හා උච්ඡේද යන දෘෂ්ටි දැක වදාරා ඒවා විස්තර කොට වදාරණ ලදි. ඒ දෙසැට දෘෂ්ටියට ඇතුළත් නොවන දෘෂ්ටියක් තවම ලෝකයේ කිසිම කෙනෙකුට ඇති කරගන්නට බැරිවිය. වර්ණ තුනකින් යුත් කොයි විදියක වචනයක් හැදුවත් එය අෂටගණයෙන් ඵකකට ඇතුළත් වන්නේ යම්සේ ද එමෙන් ම කොයි විදියේ දෘෂ්ටියක් ඇති කළත් එය සර්වඥයන් වහන්ලසේ දේශනාකර වදාළ වු දෙසැට විථ්යළදෘෂ්ටියට ඇතුළත් වේ. තදින් රත් කලා වූ යකඩ උල තණ පරණල් ගොඩක ඇන්න කල්හි පැකිලීමක් නැතිව ඒ තණ පරණල් භෂ්ම කර ගෙන යම්සේ විනිවිදව යන්නේ ද එපරිද්දෙන් සකල ඥෙය්යල මණ්ඩලය දැරඟමිණි රුවනක් සෙයින් දැන ගත් අප බුදුන්ගේ බුද්ධඥානයට නොපෙණුන දෘෂ්ටියක් ලෝකයේ නැත්තේය. එබැවින් සංක්ෂනපයෙන් ඒ දෙසැට දෘෂ්ටිය මෙසේ මා දත් තරමින් කියන්නෙමි.මේ දෘෂ්ටි අතුරෙන් 55 ක් ශාස්වත සංඛ්යාෂවට හෙවත් ආත්ම දෘෂටියට ඇතුළත්ය. අනිත් හත උච්ඡෙද පක්‍ෂයට ඇතුළත්ය. බ්රවහ්මජාල සුත්ර්යෙහි දි දෙසැට දෘෂ්ටියක් ද මහාතීර්ථායතන සුත්රටයේදි තුනක් ද වශයෙන් දක්වා මේ ශාස්වත උච්ඡේද දෙක ලොවට පුකාශ කළ සර්වඥයන් වහන්සේ නාස්තිය දෘෂ්ටියක් දේශනා කළ කෙනෙකැයි ජෝන්ස් මහතා කීවේ කාරණය නොදත් නිසා බව පෙණේ. මේ දෙ සැටක් ප්රෙභේද ඇති ආත්ම දෘෂ්ටයත් නාස්තික දෘෂ්ටියත් මෙසේ බෙදා තිබේ. ආත්මවාදීහු කොටස් 4 යි එකච්චශාස්වතවාදි‍ීහු 4 යි අන්තානන්තවාදීහු 4 යි අමරාවි‍ෙක්ෂ් පවාදීහු 4 යි අධිච්චසමුප්පන්නවාදිහු 2 යි සඤ්ඤිවාදීහු 16 යි අසඤ්ඤිවාදීහු 8 යි නෙවසඤ්ඤිනාසඤ්ඤිවාදිහු 8 යි දෘෂ්ටි ධර්මනිර්වානවාදීහු 5 යි උච්ජෙදවාදීහු හෙවත් නාස්තිය දෘෂ්ටිකයෝ 7 යි 62 යි

ඉතින් මහතාණනි, මේ දෙසැට දෘෂ්ටි විස්තරය ඉතාමත් අමාරු එකකි. සාමාන්යෙ වශයෙන් බලන විට ශාස්වත හෙවත් ආත්ම දෘෂ්ටියට උච්ඡේද හෙවත් නාස්තිය දාෂ්ටියට ද යන දෙකට මේ සියල්ල ම



පියදාස සිරිසේන නවකථා එකතුව 95

ඇතුළත්ය. එහෙත් මේ දෘෂ්ටි ජාලයේ ඇත්තා වූ බලවත් කම නිසා තථාගත සම්මාසම්බුදු රජාණන් වහන්සේ ලොකානුකම්පාවෙන් එය විස්තර කොට වදාරා තිබේ. පාලි ධර්මයාගේ දැනීම අඩු වූවෙකුට මෙහි විශේෂ විභාග දැන ගත නොහැක්කේය. එසේ ද උවත් මහත්මයා ධර්මධරයකුගෙන් ඉගෙණ ගැනීමට සිත යොමු කරවන පිණිස ඒ දෙසැට දෘෂ්ටිවල නාම පමණක් මම කීවෙමි. “ඉතින් මෙ‍ දෙ සැට දෘෂ්ටියෙන් කිසිවකට බුද්ධාගම ඇතුළත් නැත්ද?” “බුදධාගම පමණක් මේ දෙ සැට දෘෂුටියට ඇතුළත් නොවේ.” “එය කර්මවාදි නොවේද?” “ඔව්, බුද්ධාගමේ කර්මය උගන්වයි. එහෙත් සියල්ල ම පූර්ව කර්මය වර්තමාන කර්මය දාදි සියල්ලෙන් ම සත්වයාට වැඩ අවැඩ සිද්ද කරගත හැකි බව බුද්ධාගමේ උගන්වයි. බුද්ධාගම උතුම් ප්රබතිපත්ති රාශියක් ආරක්‍ෂා කිරිමෙන් තමා ම තමාගේ පිරිසුදු භාවය ඇති කර ගත යුතු යයි උගන්වන ධර්මය වේ.

“සබ්බ පාපසස අකරණං - කුසලස්ස උපසම්පදා සචිත්ත පරියොදපනං - එතං බුද්ධානුශාසනං”

යනුවෙන් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම වේ. මෙහි තේරුම් නම් සියලු පව් දුරු කිරිමත්, සියලු කුසල් කිරිමත්, තමාගේ සිත දමනයකර ගැනීමත් යනු බුද්ධානු ශාසනය වේ. දැන් අපේ ලක්දිව බෞද්ධයෙන් දෙස ම බලන්න. අපේ රට කලින් කල දකුණු ඉන්දියාවේ දෙමළ කුමාර වරුන්ට යටත් වි තිබේ. ඒ කාලවල ඉන්දියාවේ පැවැති නොයෙක් මිථ්යා සිරිත් විරිත් අප රටට ද බෝවි තිබේ. පළමුවෙන් ඒ සිරිත් බෞද්ධාගම නො දත් නුගත් අඥනයන් අතර පමණක් පැවැති නමුත් කල්යාමක දි යමක් කමක් දත් උදවිය විසිනුත් භාවිතාවට පටන්ගත් බව පෙනේ. “ඔය මහත්මයා කීවේ මොනවා ගැනද?” “මා කියන්නට ලෑස්ති වූයේ බලි කිරිම,යකුන් නැටීම ආදිය ගැනයි.” “ඔහෝ!මම ඔය කාරණය අසා තිබුනා. ලංකාවේ බුද්ධාගම්කාර ජනයා බලියාග පවත්වන. යකුන් අදහන, මිනිස්සුය කියා, ඒ බව ක්රිනස්තියානි මිෂනාරිවරුන් විසින් පොත් පත් සඟරා ආදියේ ද බොහෝසේ ලියා තිබේ.”




96 අෂ්ටලෝක ධර්මප චක්රආය

“ඔව්, ඒක එහෙම තමයි,ලක්දිව ගැන එක්තරා පාදිලි කෙනෙක් ලියමින්,’සියල්ල ම හොඳය, එහි වාසය කරණ මනුෂ්යදයා පමණක් වනචරය’යි කියා තිබේ. දැන් හා මීට ඉතා ආසන්න අතීත කාලයේත් පාදිලිවරු අප රට ගැන ඔහොම අභූත තොරතුරු ලියතත් ජෝන් ද ඉවැලියන් ආදී පැරණි විදේශික ජනයා අප රටවාසින් දිව්යත කුමාරයන් ලෙස සලකා තිබේ. ඉතින් මට මෙහිදි කියන්නට වුවමනා කෙළේ, නූගත් අඥානයන් විසින් පමණක් සලකන බලි බිලි යකුන් නැටවිම ආදිය දීර්ඝ කාලයක් ම රටේ භාවිතාවට පැමිණිම නිසා වර්තමාන කාලේ යමක් කමක් දත් ජනයාත් ඒ නිරර්ථක අමනොඥ චාරිත්ර් පවත්වන්නේ යම්සේ ද, එමෙන් ම ඉතාමත් අශිෂ්ටාචාර නූගත් මිනිසුන් වාසය කරණ කාලේ යුරෝපීයයන් විසින් පිළිගෙන රටේ භාවිතයට (සම්මතයට) පැමිණි මැවිල්ලත් මැවුම්කාර ගැලවුම්කාරාදින් සම්බන්ධ දෘෂ්ටියට දැන නොයෙක් ශිල්ප ශාස්ත්රල උගත් ජනයා අතරත් ඇදහිල්ලක් වශයෙන් පවත්නා බව පෙනේ.” “ඔව්, ජයසිංහ මහතාණනි,එසේ තබා මැවිම-එනම් බයිබලයේ පෙණෙන මැවිම වර්තකමාන ශාස්තුවලට ඉඳුරාම විරුද්ධයි.එහෙත් මුලක් තිබෙන්නට ඕනැ.”

“මහත්මයාණනි. මුලාව ඔතනයි. මුලක් නැති බව දැනෙන්නේ සර්වඥතාඥානයට පමණයි. ඒ දැනගත් උත්තමයා පූර්ව කෙළවරක් නැත කියා දේශණා කර තිබේ. ඉතින් කෙළවරක් ඇති යම් ධර්මතාවකයක් අපට පෙනෙන්නට තිබේ නම් ඒ තර්කයෙන් ම අපට නොපෙණෙන කෙළවරක් නැති අන්යත ධර්මයක් තිබෙන්නට බැරිද?” “ඔව් එක් විදියක කාරණයක් පෙන්වු විට ඊට විරුද්ධ කාරණයක් හො ඊට සමාන කාරණයක් විද්යිමාන බව නිසැකය.” “ඔව්,මහත්මයා. තේරුම් ගත යුතු එක් ක්ර්මයකි. මම තවත් ක්රටමයක් කියන්නෙමි. දුර්ගන්ධය කියා දෙයක් ලෝකයේ තිබේ නම්,ඊට විරුද්ධවු සුගන්ධය කියා දෙයක්ද ඇති වි ය යුතු ය. ඉතින් ඒ දුර්ගන්ධය ඉපදීමට යම්කිසි හේතුවක් යම් සේ ඇතිවේ ද, එමෙන් ම ඒ දුර්ගන්ධය නැති කිරිමට උපක්රයමයක් ද ඇති විය යුතුය. ඒ නයින් ම අනාදිමත් සංසාරයේ සැරිසැරිමත්, ඊට ප්රතතිවිරුද්ධ වු නිර්වාන ධර්මයත් සංසාර දුක් නැති කිරිමේ මාර්ගයත් ඇති විය යුතු බව ඥානයට වැටහෙනවා නොවේද?” එහෙත් මැවුම්කාරයෙක් ගැන කල්පනා කිරිම ඊට වඩා පහසු නොවේද?”




පියදාස සිරිසේන නවකථා එකතුව 97

“ඔව්, ඉතා ම පහසුයි! ඉතාමත් පහසුයි!! එහෙත් ඥානයට එය අශෝචරයි. බලමු. මේ පුටුව වඩුවා විසින් තනන ලදි. වඩුවා කා විසින් තනනු ලැබුවේද? දෙවියන් වහන්සේ විසිනි. ඉතින් මැවුම්කාර දෙවියන්වෙහන්සේ කා විසින් තනනු ලැබුවේ දයි ප්රනශ්න කළ විට ‘උන්වහන්සේ සදාකාලික සර්වබලධාරි උත්තමයෙකැයි කියති.” “ඔව්,අපේ පාදිලිවරු අපට කියා දෙන්නේ එහෙම තමයි.”

“ඉතින් මහතාණනි, ඔය කීම ඥානයට අතිශයින් ම අ‍ගෝචර වූ පහත් කිමකි. ලීවලින පුටුවක් තැනීමට වඩුවකුට පිළවනි. සචේතන වු වඩුවකු තැනීමට දෙවිකෙනෙකුට පිළිවන් වුණත්, නොසාදා යමක් සිද්ධ නොවන බව වඩුවාගේ පුටුව හැදිමෙනුත්, දෙවියන්ගේ වඩුවා හැදිමෙනුත් ඔප්පුවන බැවින් දෙවියන් මැවීමටද ඊට වඩා බලවතෙක් උවමනා බව නිසැකය. ඒ අන්දමට බලනවිට මැවිල්ලේ කෙළවරක් ඇත්තේම නැති එකකි. ඒ නිසා මැවිල්ලේ හෙවත් සත්වයන්ගේ උත්පත්කියේ මුල ‘අවිද්යාකව’ බව තේරුම් ගත්තොත් ඊට හේතුවන අනික් ධර්මතා තේරුම් ගත්තොත් දෙවියෙකුගේ මැවීම විහුලුවක් බව වැටහෙනු සැක නොවේ. අනික් අතට සංචස්කන්ධයකින් යුත් දෙවියෙකුට සදාකාලිකව ඉන්නට පුඵවන් නම්, පංචාස්කන්ධයෙන් යුත් මනුෂ්යු, තිරිසන් ආදි සත්වයන්ට සදාකාලිකව ඉන්නට බැරිකමක් නැත්තේය. ඒ නිසා මැවීම අඥාන විශ්වාස මාත්රඉයකි. “මහත්මයා කරුණාකර ඔය තරමින් නවත්වන්ට. මහත්මයා අපටත් වඩා හොදින් බයිබලය සම්බන්ධ තොරතුරු දන්නෙක් බව මට වැටහුනා. ඒ නිසා එයින් කමක් නැතා. කරුණාකර ඒ කථාව නවත්වා වෙනින් ප්රටයේජනයත් කථාවක් කියන්ටකෝ.” “මහතාණනි, අපේ කථාව තව දුරටත් කිරිමෙන් බොහෝ ප්ර යෝජන ලැබිය හැක්කේය. එහෙත් මට අද නිවාඩු නැත. අද සවස (ලන්ඩන් නුවර) කැන්ටන් හෝල් නම් ශාලාවේ පවත්වන ‘අමද්යතප සමිති සම්බන්ධ රැස්වීමට’ මට ද කැඳවිම පත්ර යක් ලැබි තිබේ. එබැවින් එහි යන්නේමි. මහත්මයා සතුටු නම් වෙන දිනක මෙහි පැමිණියොත් බුද්ධාගම සම්බන්ධව තව දුරටත් කථා කරන්නට පිළිවනැ”යි කි විට ජෝන්ස් මහතා ද සතුටුව නැවත් එන්නෙමයි කියා ගියේය. ජහසිංහ මහතා අමද්ය ප සභාවට පැමිණි විට එහි සිටි නානා ජාතික මහතුන්ගේ සිත් ප්ර බෝධ විය. විසි ඇවිරිද්දේ සිටි මේ සිංහල තරුණයා-යුරෝපිය, ඉන්දියන්,කාපිරි අදි නානා ජාතින් නැමැති



98 අෂ්ටලෝක ධර්මඉ චක්රැය

ස්වේතාදි පියුම් මධ්යකයේ බබලන රක්ත පද්මයක් මෙන් පෙණුනේය. ඒ සභාවේ මූලාසනයට මහජන මන්ත්රඉණ සභාවේ සාමාජික මහතෙක් පැමිණ සිටියේය. ඇමෙරිකාව, අප්රිණකාව, ඉන්දියාව ආදි නොයෙක් රට වලින් පැමිණ සිටි නියෝඡිතයන් විසින් ඵ් ඵ් රටවල පැතිර යන මද්ය්පානයේ භයානක භාවයත් ඒ නිසා ඒ ඒ රටවල සිටින කන්නු, කොරු,ගොඵවන්,බිහිරන්,අපස්මාර,රෝගින්,පිස්සන් ආදින්ගේ සංඛ්යාිවත් කියමින් සභාවේ සියල්ලන් ගේ සිත් කම්පා කරවූහ. ඉක්බිති ජයසිංහ මහතා අඳුනන ඉංජිනේර් මහතේකුගේ කීම නිසා ජයසිංහ මහතා දෙස බලා සභාපති තුමා මෙසේ කියේය.

“ජයසිංහ මහතාණනි, තමුන්නාස්සේ ඉතා තරුණ වයසේ පිහිටියෙක් බව මට පෙනේ. එසේ ද වුවත් “ඉන්දියා සාගරයේ මුතු ඇටය-ලෝකයේ ධර්ම මන්දිරය” යන උතුම් නම් ලත් ශ්රීස ලංකාද්විපයේ උපන් කෙනෙකි. එපමණකුත් නොව “යක්‍ෂයන්” සමග සටන් කොට ජය ලත් - ධර්මය ජීවිතයට වඩා ගරු කළ උතුම් සිංහල ජාතියෙන් පැවත් එන්නෙකි. ඒ නිසා තථාගත සර්වඥයන් වහන්සේගේ ධර්මානුකූල වූ පෙරදිග මහා පංඩිතයන්ගේ කීමවලට ද අනුකූල වූ කථාවක්- එනම් මත්පැනේ දොස් ප්රසකාශ වන්නා වු කථාවක් මේ සභාවේ දි කළහොත් මැනැවැයි මට ආරාධනා කළේය. සැබැවින් මට මේ ආරාධනය ලැබීම මහා ගෞරවයක් විය. මෙබඳු පංඩිතයන්ගෙන් යුත් මහා සභාවකදි මීට පෙර මා විසින් කථා නොකළ නමුත් මට “සිංහ” ගතිය මතක් වී සිංහපෝතකයන් හස්තින්ගේ කුම්භස්ථල පලන්නේ කලින් පුරුදු වීමක් ඇතිව නොවන නිසා සිංහ ගෝත්රතයේ උපන් මට ද නො පැකිළ ඉදිරියට යා යුතු ප්රනස්ථාවකැයි හැඟුනේය. සභාපති තුමාට තුති වශයෙන් මඳක් කථා කොට මද්ය පානය සම්බන්ධව කළ මගේ කථාව මෙසේය:-

“සභාපතිතුමනි,නෝනාවරුනි,මහත්වරුනි,

මද්යසපානය සම්බන්ධව ඉතා දීරඝ කථාවක් කළ හැකිය. අනික් බොහෝ දුශ්චරිත මෙන් ම මත්පැන් දුශ්චරිතය ලංකාව ආදි පෙරදිග රටවලට බෝවුණේ යුරෝපීය රටවලින්ය. පෙරදිග රටවලින් මත්පැන් කියන විෂ වර්ගය ගැන බොහෝ දීර්ඝ කාලයක සිට දැනගෙන සිටන නමුත් ඒ මනුෂ්යැයා විසින් අන්ය ආහාර පාන වර්ග ‍ෙමන් නිතර පාවිචචියට ගත යුතු දේකැයි පුරාණ කාලයේදි කල්පනා කළේ නැත. එහෙත් යුරෝපිය මිනිස්සුන්ගේ බලය වර්ධනයවී ඔවුන් පෙරදිග රටවලට පැමිණියායින් පසු ආහාර සහ පැන් වාගේ ම මනුෂ්ය යා


පියදාස සිරිසේන නවකථා එකතුව 99

විසින් මත් පැන් පානය කළ යුත්තකැයි ඒ යුරෝපීය ජනයා සලකනු දුටු පෙරදිග වාසීහු ද මත් පැන් අධික සැප සහසුව සදහා භාවිතා කළයුත්තකැයි පිළිගෙන සිටිත්, දැන් මේ මද්යසපානය පුර්වාපර දෙදිග ම මනුෂ්යවයන්ගේ ගුණ ධර්ම හා ශරීර ශක්තිය විනාශකරමින් මුඵ ලෝකයාට ම සාපයක්ව පවති. පෙරදිග විසු පංඩිත ජනයා මත්පැන් වල ඇති බලවත් දෝෂය මුලදි ම දැනගත් බැවින් ඒ පෙරදිග රටවල මද්ය්පානය පුරාණ කාලයේ තදින් පැතුරුනේ නැත. යුරෝපීය රටවල පංඩිතයන්වත් ප්ර‍ශස්ත වෛද්යයවරයන්වත් මුල් කාලයේ නොවිසු බැවින් මද්යයපානයේ දොස් දක්වන්නට කෙනෙක් සිටියේ නැත. එහෙත් මත්පැන් පානය යුරෝපාදි අපරදිග ලෝකයේ රටක්, නුවරක්, ගමන්, ගෙදරක් පාසා තදින් පැතිර ගොස් පැන් පානයත් මත්පැන් පානයත් එක සමාන, නිවැරදි වූ ස්ත්රීප පුරුෂ බාල මහලු කා විසිනුත් අවශ්යේයෙන් ම කළ යුතු දෙයක් යයි සම්මත වුවාට පසු යුරෝපයේ පංඩිතවරුන් ප්ර ශස්ත වෛද්යතවරුත් ඇති වූ බැවින් මත්පැන් මනුෂ්යර ශරීරයට විෂයෙක,මනුෂ්යඅයන් විසින් පානය නොකළ යුත්තකැයි මෑත කාලයේ සිට ප්රරකාශ කරති. මත්පැන් පානය වලක්වන පිණිස උගත් සත්පුරුෂ‍යන්ගෙන් යුත් බලවත් සමිති ද පටන්ගෙන දැන ක්රිියා කරණ බව පෙනේ . එහෙත් දැන් කරණ උත්සාහය ‍රෝගය අසාධ්ය අතට හැරුණාට පසු කරණ ප්රේතිකාරයක් මෙනි. මත්පැන් බීමට පුරුදුව දැනට ජීවත් වන මිනිසුන්ට ප්රරයෝජන නැතත් මත්පැන් නැති කර දැමීමට කරණ උත්සාහයේ ප්ර‍තිථල ‍මින් මතුවට ඇතිවන මනුෂ්යදයන්ටත් ලැබෙනු නිසැකයි. මේ නිසා තමුන්නාස්සේලාගේ මේ උත්සාහයට මම මුඵ හෘදයෙන් ම පසසමි. අපගේ ශාස්තෘ වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මද්යමපානය සම්බන්ධව දේශනා කර තිබේනනේ මෙසේයි:- “ජබෝ මේ ගහපතිපුත්ත ආදිනවා සුරාමෙරය මජ්ජපමා දට්ඨානානුයොගෙ සන්දිටඨිකාධනඤ්ජානි කලහප්පවඩිඨ නිරොගානං ගායතනං අකිත්ති සංජනනි කොපිනංනිදංසනි පඤ්ඤයා දුබ්බලි කරණිත්වෙ, ඡට්ඨපදං භවති ඉමේ බො ගහපති පුත්ත ප ආදිනවා සුරාමෙරය මජ්ජපමාදට්ඨානානු යොගෙති” - මත්විමට හේතු වු රහමෙර පානය නිසා දෝෂයෝ සදෙනෙක් වෙති එනම් - (1) රන් රිදි මුතු මැණික් ආදි වස්තුව විනාශවිමය. (2) කොලාහල වැඩිමය. (3) ඇස් රෝග ක්‍ෂය රෝගාදි ‍නොයෙක් රෝග ඇතිවිමට. (4) නින්දා අපකීර්ති ඇති වීමය. (5) ලජ්ජා භය දෙක නැති




100 අෂ්ටලෝක ධර්ම2 චක්රලය

කිරිමය. (6) ප්රාඥව හීන කිරිමය. යන මේ කාරණා වෙති. ගොවියා පුත මේ ලොවදීම මත්පැන් පානය නිසා ඇතිවන ආදිනව වන්නාහුයයි මෙලෝ වශයෙන් සුරාපානය නිසා ඇති වන දුක් දක්වා පරලොව වශයෙන් ඇති වන දුක් විපාක ද දක්වා වදාරා තිබේ. ‘සුරාමෙරය පානං භික්ඛවේ ආසෙවිතං භාවිතං බහුලීකතං නිරයසංවත්තනිකංහොති තිරච්ඡානයොනී සංවත්තනිකංහොති යො සබ්බහුලසො සුරාමෙරය පානස්ස විපාකොමනුස්සභූතස්ස උම්මත්තකහාව සංවත්තනිකො හොති” - මහණෙනි, නැවත් නැවත සුරාපානය සේවනය කීරීමේ නියුක්ත පුද්ගලයා මරණින් මතු නරකයෙහි දුකට පැමිණෙන්නේය. තිරිසන් අපායට පැමිණෙන්නේය. මෙසේ නරකාදි සතර අපායේ ඉපිද නොයෙක් දහස් ගණන් අවුරුදු දුක් විඳ යම් කිසි කුසල කර්මයක් මතු වි අවුත් මනුෂ්ය්යෙක්ව උපන්නත් (අර) සුරාපාන විපාකයෙන් (ශේෂව) ඉතුරු වු අකුසල කරණ කොට ගෙන උම්මත්තකයෙක් (පිස්සෙක්) වන්නේ යයි සියල්ල දත් තථාගතයන් වහන්සේ ප්‍රකාශ කර වදාරා තිබේ. පෙරදිග වෛද්ය ශාස්ත්ර යෙහි- යතාවිෂං ප්රා ණහරං වියොගාත් යොගෙනතං චාප්යම මෘතං වදන්ති තනා සුරා යොග යුතා හිතාස්යංත් අයොගතශ්වාරභතෙ මතික්‍ෂයම්” - ආත්රෙ ය මහාර්ෂි.

අදහස - විෂ වර්ග වෙන ඖෂධ වර්ග සමග සංයොග නොකොට (විෂ පමණක් තනිව) දීමෙන් ප්රායණය හානි වන්නේ යම්සේ ද එමෙන් ම වෙන ඖෂධ වර්ගයක් සමග සංයොග නොකොට සුරාව පානය කිරිමෙන් ද දිවි නැසේ. තව ද විෂ වර්ග සුදුසු ඖෂධ වර්ග හා සංයෝග කිරිමෙන් ශරීරයට හිතවන්නේ යම්සේ ද මද්යව වර්ග ද වෙන ඖෂධ වර්ග සංයෝග කොට බෙහෙත් තැනීමෙන් ශරීරයට හිතවේ. “මද්යාතමොහො භයං ශොක: ක්‍ොමදධො මෘත්යුයශ්වසං ශ්රීවතා: සොන්මාද මද මුර්ජ්යම සාපස්මාර පතානකා:” - වාග්හටාචාර්ය.

සුරාපානය කරණකොටගෙන - මෝහය, භය, ශොකය, ක්රෝ්ධය,


පියදාස සිරිසේන නවකථා එකතුව 101

අකාල මරණය, පිස්සුව, මුර්ජාය, අපස්මාරය,අප තානක යානදි වූ දරුණු ‍රෝග සැදෙත්. සැප පිණිස මද්ය පානය මනුෂ්ය1යන් විසින් සේවනය නොකටයුත්තක් බව පූර්වදිග ධර්මයෙහි හා වෛද්යය ශාස්ත්රයයෙහි ඉතා හොඳින් දක්වා තිබේ. එහෙත් ඉතා මෑත කාලය වනතුරු යුරෝපීය මිනිසුන්ට එහි ඇති දරුණු භාවය වැඩහි නොතිබුණේය. මේ නිසා ලෞකික කාම සැපයට හේතුවන කරුණු ම වැඩි දියුණු කළ යුරෝපීය මිනිසුන් අතර පාපයට ආකරය හෙවත් උත්පත්තිස්ථානය වූ සුරාව පානය කිරිමෙන් එය අධික භාවයට පැමිණිමෙන් රටේ බහුල වීමෙන් බලවත් විනාශයට ලෝකවාසීන් මුණ පෑ පසු යුරෝපීය පංඩිත ජනයා ද පංඩිත වෛද්යලවරු ද සුරාවට විරුද්ධ ව දැන් නැගිට සිටින බව පෙනේ. මනුෂ්ය් ශරීරයට සුරා පැන් බිඳක්වත් වුවමනා නැති බව කියන යුරෝපීය උසස් වෛද්යුවරු බොහෝය. වෛද්යි ශාස්ත්රැය පිළිබද මහා පංඩිතයන්ගේ සාමාන්යු අදහස නම් සුරාපානය කරණකොටගෙන සන්නිය, අපස්මාරය (මීමැස්මොරය) වෙව්ලීම,ආමාසයේ රෝග, ඇස් නොපෙනීම, වාත රක්තය, නහර දුර්වල කිරිම, සෙංගමාලය, ජඨරාග්නිය වැලකීම, ජලොදරය, හනු පූට්ටුව, අංශභාගය,පිස්සුව, අකාල ජ‍රාව ආදිය සැදෙන බවත් මේ කියන ලද රෝග අධිකය සුරාපානය කරණ අයට පමණක් නොව ඔවුන්ගේ දරු මුනුබුරන්ට පවා වැළදෙන බවත් මේ වෛද්ය වරුන් ‍ගේ මතය වේ. සුරාපානයෙන් යුරෝපාදි රටවල සිදුවි තිබෙන විපත තමුන්නාන්සේලාට කීම වුවමනා නොකෙරේ. එහෙත් අපේ රටට වි තිබෙන හානි ය කාව්යා භාෂාවෙන් මෙහි දක්වමි.

පි වි ස මෙලකට සෙනග ප්රෂතිකල් පුරුදු කරදුන් බැවින්නේ ඇ වි ස මත්පැන් මහ ලෙඩේ දැන සියලු ලක්දිව පෙළන්නේ දි වි ස තුටු නම් සියල ජනයනි බලා තොරතුරු නිතින්නේ මෙ වි ස මුසු මත් පැනට ලොබවී අනේ කිමදෝනසින්නේ


පු රා සිරි ළක තිබුනු වස්තුව අයිතිකර ගති අන් ද නා දි රා පත් වි සිහල දන දැන් සිටිති සැඩි දෙමඵන් මෙ නා පු රා තන සිටි උතුම් සිහලුන් හටත් නින්දා පැමිණෙ නා සු රා පානය මන්ද අත් හැර ගන්ට බැරි සිතුවෝති නා



102 අෂ්ටලෝක ධර්මහ චක්රසය

ම හ ල් නව ඇති මාලිගාවල විසුවො පෙර දින මුත්ත ලා ක බ ල් ගත් අත් ඇතිව දුක්වෙති ටිකෙන් ටික දැන් සිංහ ලා සි ය ල ලම දුක් සැලසුනේ මත් පැන් නිසා බව සලක ලා කු හු ල් නොව කුල දම් රකිව් සිත් තුළින් මත්පැන ඉවත ලා

ඉතින් මහත්වරුනි, රාජ රාජ මහාමාත්යා දීන්ගෙන් යුත් තමුන්නාන්සේලාගේ ජාතිය පමණක් නොව දැන් අනාථව සිටින මගේ සිංහල ජාතියද සුරාපානයෙන් ගලවා ගැනීමට තමුත්නාන්සේලා විසින් උත්සාහ කරණු මැනවි, මෙතකින් මගේ කථාව අවසන් කරමි” - ජහසිංහ මහතා වැනි ළපටියකු විසින් කරණ ලද මේ සාරවත් කථාව ගැන සභාවේ වුන් බොහෝ දෙනා ප්රීනතිවූවා පමණක නොව ජයසිංහ මහතා ඒ රටේ ප්රෝසිද්ධ බවටද පැමිණියේය. ශස්ත්රාකචාර්ය නම් පටබැදි නාමයත්-ශිල්පාචාර්ය (Civil Engineer) යන පටබැඳි නාම‍යත් සිසිර කුමාර ජයසිංහ මහතා විසින් ලබාගන්නා ලද නමුත් තව දුරටත් කර්මාන්ත සම්බන්ධ පුරුද්දක් ඇති කර ගන්නා පිණිස ලන්ඩන් නුවර උසස් කර්මාන්ත ශාලාවකට බැදි කටයුතු කරන්නට පටන් ගත්තේය. මේ කාලේ ජයසංහ මහතාගේ වසහ අවුරුදු 20 ක් විය.