ශිෂ්‍ය නායක ප්‍රතිඤා
පෙනුම
දහම් පාසල් ශිෂ්‍ය නායකයකු වන මම පන්සල ඇසුරු කරමින් උතුම් වු බුදු දහම ලැදියාවෙන් හදාරමි. නිති පන්සිල් සුරකිමින් බෞද්ධ වතාවත් වල සැලකිල්ලෙන් යෙදෙමි. දිනපතා තෙරුවන් පුද කර භාවනාවේ යෙදෙමින් උදේ සවස දෙමාපියන් වදිමින් සංඝරත්නයට, ගුරු දෙගුරුන්ට හා වැඩිහිටියන්ට කීකරුව හා ගෞරවයෙන් යුක්තව හැසිරෙමින් හැකි පමණින් අනුන්ට උපකාර කරමින් සෑම දෙනා සමග සමගියෙන් ජිවත් වෙමින් මගේ දහම් පාසලේ උන්නතිය උදෙසාත්, මව් බිමට හා මව් බසටත්, ජාතියට හා ආගමටත් දිවිහිමියෙන් ගෞරව ආදරය කරමි.