සන්ධ්යා වර්ණනා
සන්ධ්යාව වර්ණනා
[සංස්කරණය]92. ප බ ඳ දිලෙන දිනමිණි මැද මිණිනි බඳ
නොමඳ වොරැඳි සඳ වෙල අබරණ පැළඳ
පැ හැ ද සොබන පැළ දිග’ඟන දුට සබඳ
එ ස ඳ සිතෙයි තුඬු රසිනු’දුල තගෙ ළඳ
93. අ ව ර ඇදුරු මෙහෙසුරු රිවි දළ නෙතින
නොහැර දිනත දින මින්දදහු වෙසෙසින
පැ ති ර නැඟුණු නල සිළු ගිනි රොන් ලෙසින
එ ත ර පෙනේ සඳ වෙල තුරු මඳ-මඳින
94. වි දා සිනිඳු සුදු රැස් දිගු පිය පතර
නඳා සුපුන් හිමකර පියකර තිසර
ස ඳා සිත’බ සියපත් නුබ තඹර’කර
උ දා දෙසෙන් වැද එන රඟ බල මිතුර
95. වි ය ත උදුල කිරණ’ව රළ පැහැ පැහැස
දි ග ත විසුළ සුර ගඟුලැලි දිසි විලස
දි ය ත පතළ පිරිසුදු සඳ රැස් වෙසෙස
තනෙත පුරා දැක දැහැ ගතෙහි සරතස
96. පලඟ ගහණ කළ සඳ විහිදුණු විස ද
සමග කලා වැද නොහැසුණු මැද හිර ද
මතඟ ඉසිහු බට මග තව නොමැකුණෙ ද
බලග මෙබඳු සැක බඳ සඳලප සබ ඳ
97. තුරු වැළ උදුල සඳරැස් පිරි නුබ ගැබ ද
බිඟු රැළ මුමන පිරි පුල් මල් වන හිස ද
ලෙළ රළ වතළ පෙණ පිඬු සැදි සමුදුර ද
වන දොළ වඩා දැක දැක උන් සඳ සබ ඳ