Jump to content

ගිරා සන්දේශ විස්තර වර්ණනා-15

Wikibooks වෙතින්

141, 144

අන්වය - (141) තම තෙද අණට සතර දලනිඳු උදු හිම් කර, සැඬ විරිදු පිම්බූථ පසිඳු රුදු කන්නඩි නිරිඳුගේ

(142) ගිරි දුදුළු දස අටක් ජය ගෙන, රුපු අමුළු විකුම් තෙද රළු දප හළ, මරසෙන් අයුරු දරුණු බළ මුළු

(143) මෙර මත වැද අඹළ වෙරළ ගල සිඳු දිය කඳ ලෙස නොමඳ ගොස කර අවුත් එක යුදට වන් කල

(144) යුද ඔද පසින්දා ඔවුන් ලුහුබන්දා බිඳ යස දස අත අන්දා මුළු දඹදිවට නින්දා කෙළේ.

අර්ථය - (141) තමාගේ තේජසටද ආඥාවටද සතර සාගරය කෙළින්ම සීමා කර, චණ්ඩ වූ විරුදු ගායනා කරන්නට සැලැස්වූ ප්රතසිද්ධ රෞද්රස කණ්ණඩි රජුගේ

(142) ගිරි දුර්ග දහ අටක් ජය ගෙන විරුද්ධ රාජ සමූහයාගේ වික්රමමය, තේජස, (සහ) චණ්ඩ වූ දර්පය දුරු කළා වූ මාර සේනා වැනි දරුණු භට සමූහය.

(143) මහ මෙර වැදී ඇඹරුණා වූ වෙරළට ගලා ගිය සමුද්රණ ජලස්කන්ධය මෙන් මහත් වූ ඝෝෂා කොට අවුත් එක සේ යුද්ධයට වැදුණු කල්හි

(144) සටන් එඩි ප්රදච්ඡින්න කොට ඔවුන් ලුහුබැඳ පරදවා කීර්තිය දශ දිශාවෙහි අඳවා මුළු ජම්බුද්වීපයටම නිග්රඩහ කෙළේය.

විස්තර - උදා හිම්කර - සෘජුව සීමා කොට - අතර මග නතර වීමක් නැතිව සතර මහා සාගරය දක්වා යන අර්ථයයි.

සතර දලනිඳු - පැරණි විශවාසයට අනුව මහ මෙර සතර පැත්තේ සතර සාගරය පිහිටියේය. මෙහි ගණන් ගැනෙනුයේ ඒවාය.

සැඬ විරිදු පිම්බූ - සාමාන්යඒ තේරුම ‘ආඩම්බරයෙන් හඬ නඟා කියවූ’ යන්නයි.

කන්නඩි - කර්ණාට දේශය, වර්තමනා කන්නඩ ප්රාබන්තය

පසින්ද‍ා - සිඳ යනු කඩා යන අර්ථයි. ‘පසිඳ’ යනු විශේෂයෙන් කඩා හෙවත් බිඳ යනුයි.


145, 146, 147

අර්ථය - පූර්වයෙහි සිට මේ ලංකාවේ රජුන් හට යටත් නුවූ ආර්ය චක්ර‍වර්තිට (එරෙහිව) යුද්ධයට බොහෝ භට සේනා යවා වේදනා ඇති කොට ඒ රජු එලවා ගොස් ඔහුගේ එඩි මැඩ මාමා, ඤාති සහෝදරයා හා බාල සහෝදරයාද බැඳ මන්ත්රීර සේනාව යොදා වහා යාපන රාජ්යාය අල්ලා නෙ අවුරුදු පන්දහසකට කීර්තිය තබා ලීය.

විස්තර - ආරිය සක්විති - දහතුන් වැනි ශතවර්ෂයේ සිට යාපනයෙහි රජ කළෝ ආරිය සක්විතිවරුය. මොවුන් බලය අල්ලා ගත් තැන් සිට යාපනය සිංහල රාජ්යසයට අවනත වීමෙන් වැළකී සිටියේය. ‘මෙලක නිරිඳුන්හට අවනත නුවූ පෙර සිට’ යැයි කීයේ ඒ නිසාය.

මයිල් නා බෑ මලුන් - මාමා, ඥාති සහෝදරයා හා බාල සොහොයුරා ‘මයිල්නා’ යනුවෙන් ඇතැමුන් ගන්නා යෙදුමෙහි අර්ථයක් නොමැත.

පස්වා දහස් - අවුරුද පන් දහසක්


148, 149, 150

අර්ථය - ප්රෙවර වූ මෙරජු විසින් බඩු පුරවා හරින ලද නැව් අතර මගදී මලවර (ජාතිත) උදුර ගත්තේයැයි ඉන්දියාවේ සොළී රටෙහි අදිවිරරාම නැව් තොටට වහාම මහා නෞකා පිටින් මහා සේනාව යුද්ධය සඳහා යවා නිරන්තරයෙන් යුද්ධයට ආශා කළ දෙමළ භට සේනාවන්ගේ මානය නැති කොට ජම්බුද්වීපය නිහඬ කොට ශ්රී ලංකාද්වීපයට ජය (ගෙන දෙන) වැඩ කෙළේය.

විස්තර - රාමන් මලවරායා - පැරකුම්බා සිරිතෙහිද මොහු ගැන සඳහන්ය. මලබාර් ජාතිකයෙකු විය යුතුය. රාමන් යනුද මලයාලම් නමකි.

පටන - නැව්තොට යන අර්ථ ඇති ‘පට්ටනම්’ යන දෙමළ වචනයෙන් බිඳී ආවකි.

යුද සොඩ - යුද්දයට කැමති

දියවැඩ - මෙහි දිය යනු ජය යන අර්ථය දේ.