ගිරා සන්දේශ විස්තර වර්ණනා-20
191
අන්වය - පහසුය.
අර්ථය - ග්රීයෂ්මය දුරු කරන පිණිස සලන්නා වූ මැණික් විජිනි පත් මෙන් දෙපියා පත් ගසමින් යන්නාවූත් එන්නාවූත් ස්වකීය පක්ෂීන් (ගිරවුන්) සමූහය දකින්න.
විස්තර - නිසා - සඳහා
තල් වට - වටාපත
සිය සියොතුන් - තම පක්ෂීන්, ගිරවාට තම පක්ෂීන් වනුයේ ගිරවුන්ය.
192
අර්ථය - මිත්රටය, ශරත් ආකාශයෙහි තාරකා සමූහය මෙන් බොහෝ කොඳ කුසුම් පිපිලතා මඬුලු තුළ ඉඳ පල රස වින්දනය කොට සතුටුව (ම. ස.)
විස්තර - සරද නුබ - ශරත් (වප් ඉල් දෙමස) ආකාශය. මෙකල ආකාශය ඉතා පැහැදිලාය.
කොඳ - ඉද්ද, සමන්පිච්ච වැනි මල් විශේෂයකි.
ලියමඬු - ලතා මණ්ඩප; වැල් එකට එතීමෙන් සෑදුණු මඬු
193
අන්වය - කොවුල් නොකමසේ කුල්නා තුරු හිසේ සුපුල්, මල්, කමල් විල් වෙත මුව රැසේ රැඳි විසල් වල් තොසේ දැක ගොස්...
අර්ථය - කෝකිලයන් කෙළවරක් නැතිව නාද කරන ගස් මුදුන්හි හොඳින් පිපුණු මලුත්, නෙළුම් විල් අසල මුව රංචුත් හොඳින් රැඳි විශාල වනය සන්තෝෂයෙන් දැක ගොස්
විස්තර - නොකමසේ - අතරක් නැතිව
කුල්නා - කූජනය කරන, නාද කරන
කමල් - නෙලුම් මල්
විසල් වල් - විශාල කැලෑ
194
අන්වය - සිඳු මැදට බැස දිය ගෙන ඇවිටුව ලා නුබ කුස යනු බැරිව වෙරළ අවලා සිටි නොමඳ වලාකුළු ලෙස ඇම දවස දිසි මුහුදු වලා තුරු පෙත වැද සතොස ඉඳ
අර්ථය - මුහුද මැදට බැස ජලය ගෙන ආශා වී ලා අහස් ගැබට යා නොහැකිව මූදු තීරයෙහි ආකූලව සිටි බොහෝ වලාකුළු ලෙස සියලු කල්හි පෙනුණා වූ මුහුදු කැලෑවෙහි ගස් සමූහයට වැද සතුටින් ඉඳ
විස්තර - අතිරික්තයක් සේ පෙනෙන මෙම කවිය ඒ තරම් ව්යෙක්ත නිබන්ධයක්ද නොවේ. ‘ඇවිටුව ලා’ යන්නට හැම දෙනාම දී ඇති තේරුම ‘ආවිෂ්ටව හෙවත් පිරී’ යන්නය. සෝරත හිමියන් ධම්පියා අටුවා ගැට පදය ප්රකමාණ කර ගනිමින් දක්වන ‘ආශා වී’ යන්න වඩා සුදුසු අර්ථයකැයි සිතමු. කෙසේ වුවද ‘ව’ ‘ලා’ යන පූර්ව ක්රිසයා දෙකින් ‘ලා’ යනු ගිරාකරුවාට එතරම් හුරු පුරුදු යෙදුමක් නොවේ. ‘මුහුදු වලා’ යන්නට ‘මුහුදු බඩ කැලය’ යන තේරුම දීමද එතරම් ප්රවශස්ත නොවේ. එය තුරුපෙත් සමගද නොගැළපේ. ‘මුහුදෙන් වට වූ’ යන තේරුම මෙයට දිය හැකිද?
195
අන්වය - මිතුර, දෙතෙර හැසිරෙන සියොතුන් පා පහරින් නිති කම්පා වන තුරු මල් රොන් පැතිර එන දිය දහර ලැබ තද ගිම් පා කර මහ දම්පා මෝදර දැක යව.
(ගිම් පා කර මහ දම්පා මෝදර දැක යව කිවද මහ දම්පා මෝදර දැක...ගිම් පා කර යව කිවද වරදක් නැති සේ පෙන්. ගිරවා ගොඩබිමින් පියාසර කරන නිසා ගිම් නිවා ගෙන අහසට නැඟුණු පස් මෝදර බලන්නට සැලසීම වඩාත් සුදුසුය.)
අර්ථය - යහළුව, ඉවුරු දෙකෙහි සංචාරය කරන කුරුල්ලන්ගේ පාද ප්ර හාරයෙන් නිතර සෙලවෙන ගස්වල මල් රේණු පැතිරී එන්නා වූ ජල ධාරාව ලබා තද ග්රී ෂ්මය පහ කොට මාදම්පා මෝදර දැක යන්න.
විස්තර - සියොතුම්පා - සියොතුන් + පා = කුරුලු පාද
ගිම් පා කර - ග්රීාෂ්මය දුරු කොට
මෝදර - මුවදොර; ගඟක් මුහුදට වැටෙන ස්ථානය
196
අන්වය - වෙරළ වැද වැද දෙන විහිගුම් සිඳු ගොස ආයෙන් සල සිත්ව බා නොගොසින් තො කසායෙන් සෙද ගොසින්....
අර්ථය - වෙරළෙහි වැදි වැදී දෙන්නා වු මහත් සමුද්ර් ඝෝෂාව පැමිණීම නිසා චංචල වූ සිත් ඇතිව භයට පත් නොවී ඔබ කහවෙන් ගොස්
විස්තර - විහිගුම් - මහත්
ගොසායෙන් - ගොස + ආයෙන්, ඝෝෂාව පැමිණි නිසා; මෙතැන මෙය මනහර ලෙස යෙදී නැත
සල සිත්ව - සිත චලිතව
බා නොගොසින් - භයට පත් නොවී
කසාය - අද මෙ පෙදෙස ‘කහව’ නමින් හැඳින්වේ. ගොසායෙන්, කසායේන යනු ‘ගොසාවෙන්’ ‘කසාවෙන්’ යැයි ගත්තේ නම් වඩා මැනවි.
197
අන්වය - විහිගුම් සමුදුරු වෙරළ අත හමුව විදි බිම් බට සුර පුර මෙන් අළ මුව වඩවන, විසිතුරු පල අරම් ගෙවුයන් සුමුව සැදි සව් සිරි පිරි මනරම් තොටගමුව දකු.
අර්ථය - මහත් වූ සාගර වෙරළෙහි කෙළවර දක්වා විහිදී, බිමට පැමිණි දිව්යෙ ලෝකය මෙන්, අයා ගත් මුවවල් වැඩි කරන්නා වූ විචිත්රව වූ පලතුරු උයන්, ගෘහෝද්යා,න සමූහයෙන් අලංකාර වූ සියලු සම්පත්තීන් පිරි තොටගමුව දකින්න. විස්තර - වෙරළත හමුව - වෙරළ අත හමුව. වෙරළෙහි කෙළවර හමු වනුයේ නගරය සමුද්රනය දක්වා විහිද තිබුණොතිනි.
අළ මුව වඩවන - පුදුම දෙයක් දුටු විට මුව විවෘත වීම ස්වාභාවිකය. එසේ විවෘත වන මුඛ ගණන තොටගමුව වැඩි කරයි.
සුමුව - සමූහය
198
අන්වය - වෙන් තමා උදුළ තරළ මිණි හැර ගතැයි පුවළ නතිඳු හට පමුණන ලෙසින් තරළ නැබළ රළ බමා ගොස පහළ කර දමා වෙරළ වතළ සිඳු රඟ නෙත් යොමා බලග.
අර්ථය - විෂ්ණු තමාගේ බබලන ප්රිධාන මැණික ඇර ගත්තේ යයි ප්රෞලඪ වූ නාථ දෙවියන්ට පැමිණිලි කරන ආකාරයට චංචල වූ මහත් තරඟ භ්රධමණය කොට ශබ්ද නඟා වෙරළෙහි වැතිර ගත් මුහුදෙහි ආකාරය ඇස් යොමු කොට බලන්න.
විස්තර - තරළ මිණි - ප්රොධාන මධ්යය මාණික්යෞය; ලොකුම මැණික, කිරි මුහුද අළලන විට පහළ වූ කෞස්තුභ නම් මාණික්යණය ගැන කළ සඳහනකි. කිරි මුහුදට අයත් වූ මැණික ගැන කීමට සාමාන්යණ සාගරයට අයිතියක් නැත.
නතිඳු - නාථ දෙවියා; මහායාන දෙවියෙකු වූ මොහු හින්දු විශ්වාසයට අනුව නම් විෂ්ණුට වඩා බලවතෙකු සේ සැලකීමට ඉඩක් නැත. එහෙත් මහායානයට ගරු කළ අය මොහු වඩා බලසම්පන්න සේ සැලකූ බව මේ පද්යායෙන් පෙන්.
වෙන් - විෂ්ණු
තරළ නැබළ රළ - සෙලවෙන මහත් වූ තරඟ; මෙතැන තරළ යනු ‘සෙලවෙන’ යන තේරුම දේ.
199
අර්ථය - ඉතා නිල් පොල් වනය නමැති පියාපතින් විරාජමාන වන සිත්කලු විහාරය නමැති ගුරුළු රාජයා විශාල වූ සාගරය තුළින් ගත් නාගරාජයෙකු වැනි පිරිසිදු වැල්ලෙන් අලංකාර වූ අඩි පාරට පැමිණ.
විස්තර - (1) තොටගමු විහාරය මෙහි ගුරුළෙකුටත් එයට යන සුදු වැලි අතුළ අඩි පාර නාගයෙකුටත් සමාන කර ඇත. ගුරුළාගේ පියාපත්, විහාරය දෙපස පිහිටි පොල් වතුය.
නාලොව පිහිටා ඇත්තේ සමුද්රරය යට යැයි කියනු ලැබේ. ගුරුළා නාගයා මුහුදෙන් ඇද ගත්තේ ඒ නිසාය.
නෙරළු - පොල්
වොරඳනා - වැජඹෙන, බබලන
සයුරතින් - සාගරය තුළින්; අත යනු ඇතුළ යන තේරුව දේ (රුවන්මල 690)
පුලින - වැලි
පෙත් මඟ - අඩි පාර, විහාරය කොතරම් විශාල වුවත් එයට යෑමට තිබී ඇත්තේ අඩි පාරකි. රියෙන් පැමිණෙන ජනයා වුවද ගෞරවය නිසා ඈත රිය නතර කොට පයින් එහි ගියා විය හැකිය.
200
අන්වය - මිතුර, පළමු කොට වෙහෙර අතුරට සෙද නොගොසින් අවට පවර සුරිඳු නඳුන් එව් දිසි, වනපෙතට පිවිස නිතොර මල් පල සුසැදි අරම් සිත සතුටු කොට නරඹව.
අර්ථය - මිත්රයය, ප්රපථමයෙන් විහාරය තුළට ඉක්මනින් නොගොස් වටේට, උතුම් සුරේන්ද්ර යාගේ නන්දන නම් උයන මෙන් පෙනුණා වූ කැලයට ඇතුළු වී නිතරම මලින් හා ඵලයෙන් සජ්ජිත වූ ආරාමයන් (උයන්), සිත සතුටු කර බලව.
විස්තර - වෙහෙර’තුරට - වෙහෙර + අතුරට, වෙහෙර තුළට නඳුනුයන - නන්දන උයන, ශක්ර-යාගේ උයන
ආරාම - උයන