ම හා වං ශ ය - x

Wikibooks වෙතින්

98 වෙනි පරිච්ඡේදය[සංස්කරණය]

ඉක්ිබිත්තෙන් ඒ රජහු මෙහෙසිය පාල සොහොවුරුවූ ගුණ භරණයෙන් සැරසුනාවු කුමාරයෙක්තෙම රජවුයේය. ශ්රීො විජය රාජසිංහ යන නමින් ප්රයසිද්ධ වූ හේතෙමේ සම්ප්රාතප්ත ‍රාජ්යාරභිෂෙක ඇත්තේම රත්නත්ර යෙහි ප්ර්සන්නවූයේය. සද්ධර්මම ශ්ර්වණයෙහි යෙදුනාවූ ප්ර‍මාද රහිත විචක්ෂ්ණවූයේ යහපත්වූ ආචාර සහිත ජනයන්ගේ සේවනයෙහි නිරන්තරයෙන් ආදර ඇත්තෙක් විය. ස්වකීය (රාජ) වංශය රක්ෂාව කරණ පිණිස ඒ මදුරාපුරයෙන් රාජකන්යා‍වන් ගෙණවුත් අගමෙහෙසුන් කොට සියලු ලක්දිව් වැසි ජනයන් මනා කොට සිවුසඟරා වතින් රජනය කොට යහපත්වූ ඒ පුරයෙහි වාසය කෙළේය. ඒ රජහුගේ මෙහෙසියෝද බොහෝකල් පැවැතාවාවූ මිථ්යාේදෘෂ්ටිය හැර නිර්වාෙණ දායකවූ සම්යසග් දෘෂ්ටිය මොනවට සමාදන්ව ලොකයාට අසහාය නායකවූ සර්වසඥයන්වහස්නේගේ උතුම් වූ සද්ධර්ම මය අසා මෙසේ සතතයෙන් ආදර ඇතිව බුද්ධාදී රත්නයන් පිදූහ. ඒබිසෝවරහු ශ්ර ද්ධාවෙන් සකස් කොට (සර්වඅඥ) දන්තධාතුව දවසක් දවසක් පාසා සමන්මල් ආදීවූ නානාවිධ පුෂ්ප පූජායෙන්ද කපුරු ආදියෙන් යුක්තවූ මිහිරි බුලතින්ද සුවඳතෙල් යෙදූ පහනින්ද සුවඳ සඳුන් ආදියෙන්ද නානාවිධ සුවඳ දුමින්ද ශකීරායෙන් හා මීයෙන්ද අනිකුත් භෛෂජ්යඳයෙන්ද වස්ත්රාමභාරණදියෙන්ද ඛාද්ය් භොජ්යය ලෙයපෙය හි රස විඳිය යුතු දෙයින් මොනවට පුරවනලද රජත ස්වර්ණදණමය පාත්රභයෙන්ද තිර හා ඇතිරියෙන්ද නානාවිධ පරීෂ්කාරයෙන්ද මාහැගි චීවරයෙන්ද මේ ආදියෙන්ද පූදා පුණ්යර රාශියද රැස්කළාහුය. නිරන්තරයෙන් පන්සිල්ද, පොහොයක් පාසා පෙහෙවස්ද සමාදන්ව සධර්මතමශ්රලවණයෙහි යුක්තවූවෝ (වාලධි රක්නා) සෙමරුන්සේ රකිමින් බුධානුස්මෘත්යාශදී භාවනාද වඩන්නෝ සධර්ම මපුස්තකයන්ද


254 මහාවංශය


ලියවා දානානිසංසය කැමැතිවන්නාහු නීති බත්ද යලිත් ගමික ගිලන් බත් ආදින්ගේ විභාගද මනාකොට දැන ලද භොගයෙහි අලග්නව නීති බත් ආදිය දුන්හ. ලදරුවන්ද පැවිදි කරවා බොහෝවූ සඞග්රබහ කොට පය්ය්ේ ්ප්ති ප්ර්තිපත්තියෙහි මනාකොට හික්මවා රුති රුති දෑ දීමෙන් කල්ප ශාඛා සමාන වූහ. ලඞ්කාද්වීපයෙහි (වසන්නාවූ) සකල ජනයා කෙරෙහි හිතව කරුණ ඇති වූහ. පුතුන් මව් සෙයින් සිතමින් ගුණයන්ට උතපතතිසථානව දයා සහිතවූහ. පිළිම හා කරඬුද මොනවට කරවා සියලු පාපයෙහි බියඇතිව සැමකල්හි සකල පුණ්ය යෙහි ඇලුනෝ මේ ආදීවූ නොයෙක් කාරණයෙක් ගුණභරණයෙන් සැරසුනාහු සියලුම ලඞකාද්වීපයෙහි අතිශයින් ප්ර කට වූහ. ශ්ර්ධා ඇත්තාවූ ඒ නරෙන්ර්හි තෙම ඒ ඒ තන්හි ආවාසයන්ද කරවා සාමණෙරයන් වාසය කරවා ඔවුන්ට මහත් ආදර ඇත්තේ සිව්රු ආදී වූ ප්රණත්යරයෙන් බොහෝවූ සඞග්රසහකොට උතුම් වූ සද්ධර්ම්මය අසා ඒ සාමණෙරවරයන් අතුරෙන් උපොසථාරාමයෙහි වාසය කරන්නාවූ ශ්රවද්ධා ඇති ගුණයන්ට ආකරවූ සරණඞකර නම් සාමණෙරයන්ද පිදුයේය. ඒ හෙරණුන්දැම පවරා සතර බණ්වර සන්නයක් සිංහල භාෂාවෙන් කරවා ඒ (නරෙන්ර්ෙ ) තෙම පය්යාසතර ප්ති ධර්මනමයද රැකියේය. ඒ නරෙන්ර් ගුයා අභිනවවූ ධාතු මන්දි රයෙහි ධාතු වඩාහිඳවීමෙන්ද මහත් දොෂයක් වන්නේයයි බුද්ධශාසනයෙන් බාහිරවූ කුත්සිත බුද්ධී ඇත්න්ගේ බස් ගෙණ අන්යබයන් ලවා කරවන්ට නියොග කොට එයින් අන්යදවූ නුවරකට ගොස් වාසයකරණ කල්හි ඉක්බිත්තෙන් ඇමතියෝ එකතුව වත්කරු ආදීන් සමග මහබලැති සියල්ලෝ කරඬුව විවෘතකරන්ට කරණලද උත්සහ ඇත්තාහු මුළුරැය නොයෙක් පරිද්දෙන් වෑයම් කොට විවෘතකිරීම නොලැබූය ; ඇමතියෝ ගොස් ඒ ප්රටවෘත්තිය මහරජානන්ට සැළ ‍කළෝ. මිහිපතිවූ රජ තෙමේ ඒ අසා වේගයෙන් ඒ පුරවරයට අවුත් නානාවිධ සුගන්ධෝ පුෂ්පයෙන්ද පහන් දුම් ආදියෙන්ද පුදා වැඳ යතුරු මුදුව ගෙණ එකෙණෙහි කරඬුව මොනවට විවෘත කෙළේය. පිළිවෙළින් තුබූ ඇතුළු කරඬුද හැර සර්වකඥයන්වහන්සේගේ දෘෂ්ට්රා් ධාතුව දැක “ලැබූ ආත්මය සඵලය” යි ප්රීසතිවාක්යි පහළ කොට නුවර වැස්සන් රැස් කරවා මහ සැණකෙළිද කරවා මහපුද පැවැත්වූයේය. ඒ අද්භූතයද දැක ප්රීසති ප්ර මොද්යරයෙන් බරවූයේ හස්ත්යපශ්වයන් හා මිණි මුතු ආදියෙන් පුදා උතුම්වූ මුනීන්ර්හ දන්තධාතුව හස්ත නැමැති පියුමට ගෙණ දක්වා ඒ පෘථිවිපාලතෙම සියල්ලන් මොනවට සතුටු කෙළේයි. පූර්වි නරෙන්ර්ට ගයන්ගේ කාලයෙහි කරවනලද ධාතුමන්දිළරය සවර්ණධණයෙන් විසිතුරු කරවන ලද්දාවූ නානාවිධ වස්ත්ර‍යෙන් සරසා, නානාවිධ සුවඳ තෙලින් පහන් දල්වා පුන්කලස් තබ්බවා දෙවමන්දිරරයක් සෙයින් විචිත්ර වූ ඒ මැදුරෙහි රිදී අසුන් මත්තෙහි සර්ව්ඥයන්වහන්


98 වෙනි පරිච්ඡේදය 255


සේ‍ගේ දළදාව වඩා ධාතු පූජාකරන්නාවූ හේතෙමේ මුළු නුවර නිරවශෙෂ වශයෙන් ශුද්ධ කරවා සකස් කොට වැලි ඉස ඒ දන්ත ධාතු පූජාවෙහිලා (ධාතු) මන්දි්රය හාත්පස ඒ ඇතුළු මලුවෙහිද පිටත ආලින්දෙයෙහිද මහ රජ මලුවෙහිද ඒ සියලු වීථිවලද දෙපස උස්වූ ඇද නැති යටියෙන් තොරන් නිරතුරු කොට සදවා කෙසෙල් ගස් බැඳ පුවක්මල් පොල්මල් ආදියෙන් මොනවට සැරසුයේය. එකල යටි අක්හි බඳනාලද නානා වර්ණ්ණයෙන් බබලන්නාවූ වස්ත්රස බණ්ධයෙන් නගරාකාසය කොකවැලින් ගැවසුනා සේ දර්ශබණීය වී. ඒ ඒ තැන මනාගොට පුන්කලස් තබ්බවා හාත්පස මන්දි රාලින්දා ඉදිරියෙහ් මණ්ඩපයන්හිද රන්රිදී ආදියෙන් නිමවනලද නානාකර්ම්මයෙන් බබලන්නාවූ වියන්ද බඳවා නානාවිධි කාන්තිමත්වූ ජවනිකායෙන් වට කොට නානාවිධ කර්ම්මාන්තයෙන් බබලන්නාවූ බුමුතුරුණුම එහි මනාකොට අතුරුවා ලදැපසුමල්ද හාත්පස ඉස සියලු පුරය සජ්ජිත කරවා දෙව්ලොව දෙවෙන්ර්ා තෙමේත් මෙසේ පුද කරන්නේයයිද පූර්වතල‍ෙඞකශ්වර මහීපතිවරයෝද මෙසේ පුද කළෝයයි දක්වන්නා සේ ඒ මහීපතිතෙම රාජාභාරණයෙන් සැරසුනේ ඒ පුරයෙහි ලක්දිව වැසි සාමණෙරවරයන්ද යලිත් උපාසක උපාසිකා ජනයාද සියලු නුවර වැස්සන්ද පිටරට වැසි ජනයන්ද රැස් කරවා ඔවුන්ට දයාවෙන් කරුණතත්පට පෘථිවිපතිතෙමේ පෘථිවියෙහි පසඟ පිහිටුවා මුනීන්ර්ඔව යන්වහස්නේගේ දෘෂ්ට්රාිධාතුව වැද හස්තපද්ම මස්තකයෙහි වඩාගෙණ අතිශයින් සතුටු සිත් ඇත්තාහු ඒ නරෙන්ර්ාධාතෙම දාගෙයින් නික්ම රිදී කුඩයෙන්ද රන් කරඬුවෙන්ද මනා සෙමෙර පෙළින්ද රන් රිදී මල් ආදීවූ නානාවිධ පුෂ්ප ජාතියෙන්ද නොයෙක් මිණිමුතු ආදිය හා වස්ත්රාතභරණදිවූ පූජා වස්තුවෙන්ද නොයෙක් පංචාඟ තූය්යාුතු දීයෙන්ද සාගරය සේ නිරතුරු මහපුද පවත්වන්නේ නානාවිධ විචිත්රායලඞකාර ඇති පිටත මණ්ඩපයට ගොස් සිටියේයි. ලඞකාධිපතිවූ ඒ නරෙන්ර්ා තෙම උතුම් දන්තධාතුව දක්වා අවට සිටි අනල්පවූ ජන සමුහයා විශෙෂයෙන් සතුටු කොට එය යථා ස්ථානයෙහිම වැඩුයේයි. එකල මෙසේ ජීවමාන බුදුන් දර්ශසනයෙහි මෙන් සර්ව.ප්රඅකාරයෙන් සියල්ලන් සතුටු කොට බොහෝ කුසල් රැස් කෙළේයි. ස්වර්ණ්ණ මාණික්යල මුක්තා ඵලාදිය හා නානාවිධාභරණයෙන්ද ඇත් අස් දැසිදස් ආදීවූ පූජා වස්තුවෙන් නොයෙක් පරිද්දෙන් පුදා උත්තමාධ්යාසසය ඇත්තාවූ ඒ මහිපතිතෙමසමන් සපු ආදීවූ මලින්ද සුවඳ සඳුන් ආදියෙන්ද පුදා පහන් පුද අනුසස් මහතැයි සිතා ස්වකීය පුරයෙහිද රටවලද ඒ ඒ තැන චෛත්යුයන්හි එක දවසින්ම පහන් පුද කෙරෙත්වයි ආඥා කොට එක රෑම ජනසමූහයා රැස්කරවා සත් ලක්ෂ් අනූදහස් සසියයක් පහනින් පූ‍ජාවක්ද කෙළේය. මෙසේ එකල්හි ලඞ්කාධිපති ‍රජතෙමේ ලඞ්කාද්වීප භූමිය උසස්ව බබලන


256 මහාවංශය


පහනින් තාරකාවන් විසින් ගැවසුනු අහස සේ කෙළේය. තිස් තුන්දහස් අටසියයක් අධික කොට ඇත්තාවූ තුන්කෙළක් පුෂ්ප පූජායෙන්ද පුණ්යයසකන්‍ඇතය රැස්කෙළේයි. බුද්ධරූපයන් කරවීමෙහි ප්ර්සන්නවූ මහගුණැති රජතෙමේ මාතල රට ආලොක ලෙන ආදියෙහිද ඒ ඒ රට ගිරිලෙන්හි ජනයන්ට සැප දෙන්නාවූ බුද්ධශරීර ප්රඒමාණවූ සැතපෙන වැඩසිටින අභිනව බුද්ධරූපයන් හා චෛත්යනයන්ද කැඩුනු බිඳුනු ප්රණතිමා මන්දිඅරයන් බොහෝවූ ප්ර්තිසංස්කරණ කර්මැමයන්ද කරවා ඊට සඞග්රාහද කොට පුන්යවරාශිය තරකෙළේය. නරෙශ්වරතෙම ඒ ශ්රී්වර්ධයන පුරයෙහි පෙර කරණලද ජීර්ණටණව තුබූ බොහෝ රාජමන්දි රාදීන් පහ කොට ශෛලකර්මාරදියෙන් බබලන්නාවූ සිත්කළුවූ මන්දිරරාදීන් කරවා යදොර සහිතවූ මනොඥ ද්වාරයන් යොදා නානාවිධ රූපලතාකර්මද ඇත්තාවූ දෙමහල් මනහරවූ දොරකොටු ගෙයද කරවූයේය. ඒ නුවර වසන්නාවූ ධර්මනශ්ර්වණයෙහි මහත් ආදර ඇත්තාවූ ඒ මහීපති තෙමේ රජමලුව මැද මණ්ඩප කරවා විසිතුරු තොරන් ආදියෙන් නිරතුරු කොට සරසවා වියන් බඳවා අසුන්ද පණවා මහොත්සවයෙන් බොහෝ සද්ධර්මිකථිකයන් වඩාගෙණවුත් චිත්රබවූ විජිනිපත්ගන්වා ඒ ධර්මමකථිකයන් වැඩහින්දවූයේය. මනාකොට අත්ථිච දැක්වීම ආදි ආකාරයෙන් කියනලද හෘදයඞගමවූ සද්ධර්ම යද අසා ප්රිසන්නවූයේ රන්රිදියෙන් හා පහන්දුම් ආදියෙන් ද නානාවිධ විචිත්ර වස්ත්රපයෙන්ද පූජාවස්තුවෙන්ද නොයෙක් පරිද්දෙන් ඇමතියන් සහිතවූ රජතෙම පූජාකොට සේනා සමඟ බොහෝවූ කුසල් රැස්කෙළේයි. ධර්ම දානය මහත්යයි සද්ධර්මරයෙන් අසා එපරිද්දෙන් (කරුණු කැමැත්තෙන්) රාජායතන නොයෙක් රටවල වසන්නාවන්ට වැඩ කැමති වූයේ මහජනයා රැස්වීමට සුදුසුවූ ඒ ඒ තන්හි මහ සෙනසුන් හා ධර්මටශාලාදීන්ද කරවා ඒ ජනෙන්ර්ස්වතෙම බොහෝවූ ධර්ම් කථිකාදීන් ඒ ඒ තන්හි යවා මනුෂ්යයයන් රැස් කරවා සද්ධර්ම‍ය කියවා ධර්මබදානයද දෙවුයේය. පූර්ව යෙහි රාජසිංහ නරෙන්ර්් යන්ගේ කාලයෙහි ඉතිරිවූ ඒ මිථ්යාථදෘෂ්ටික අධාර්ම‍මිකවූ පරඞගි දුර්ජසජනයෝ එකල්හි ඒ ඒ තැන වැස ඔවුන්ගේ දෘෂ්ටිය මිළදීම් ආදියෙන් අනුන් ලවාද ග්ර‍හණය කරවන්ට උත්සහ කරන්නාහු ශාසනයට අගෞරව ඇතිව උපායෙන් යුක්තව වාසය කළහ. නරෙන්ර් තෙම ඒ ප්රකවෘත්තිය අසා වෙගයෙන් කිපී ඇමතියන්ට ආඥා කොට ඔවුන්ගේ ගෙවල් හා පොත් නස්වා ඒ දෘෂ්ඩිය නොහරින්නන් රටින් නෙරපූයේය. ඒ මිහිපතිතෙම සමන්තකූට පර්වනතයෙහි උතුම් සර්වූඥපාදලඤ්ජනයෙහි පහන් පුද ආදී සියල්ල කරවූයේය. අනුරාධපුරයෙහිද මහියඟනාදී ඒ ඒ ස්ථාන‍යන්හිද මහ පුද පැවැත්වූයේය. පූර්වන දිශායෙහි හා පශ්චිම දිශා භාග යෙහිද දුකසේ යායුතු ජලයුක්ත මාර්ගවයෙහි යන එන්නන්ගේ සැප පිණිස ගල්ගෙයද කරවී. ලඞ්කාද්වීපයෙහි වූ බුද්ධශාසනය භික්ෂුග


99 වෙනි පරිච්ඡේදය 257


සඞඝයා නොලැබීමෙන් ප්රයහිණවූ බව දැන කම්පිතවූ රජතෙම භික්ෂුක සඞ්ඝයාට ආරධනා කරන්ට සිතා බුද්ධශාසනය කොයි කොයි තන්හි පවතීදැයි නොයෙක් පරිද්දෙන් විචාර කොට පේගුවය, රකටඞ්ගය, ස්යා්මය, යන ඒ ඒ දෙශයන්හි පවත්නේය යන ඕලන්දයන්ගේ ශුභ වචනය අසා ඒ ඒ රට බුද්ධශාසනයෙහි ප්ර්වෘත්ති විචාරණය කරන්ට මූලභාෂාවෙන් මනාකොට සන්දේශ ලියවා දී රජතෙමේ ඇමති ආදීන් වෙන් වෙන් වසයෙන් පිටත්කොට ඒ අයෙධ්ය රාෂ්ට්රනයෙහි ශාසනය අති නර්මෙලය අතිශයින් යහපත් භාවයෙන් පවත්නේය යන කථාව ඇසුයේය. නරෙශ්වරතෙම ඒ අයොධ්ය යෙන්ම බුද්ධ පුත්රේයන් ලඞකාවට ගෙණ එන්ට පූජොපකරණදීවූ නොයෙක් පඬුරු හා සමඟ හසුන්පත්ද දී එකල්හි ඇමතියන් යැවුයේය. ඒ මිහිපත්තෙම මුනීන්ර් හසයන් වහන්සේගේ දෘෂ්ට්රාහ ධාතුව වඩන්ට එක්රියන් සමාරක් උස්වූ රන්මුවා කරඬුවන්ද කරවා මහඟ මිණිමුතු ආදීන් බඳවා එය නොනිමි කල්හි කළ පින් ගෙවුනේ අට හවුරුද්දක් වැස (මෙළේයි). ශ්රුඬාදී නොයෙක් ගුණනැමැති ආභරණයෙන් සැරසුනාවූ සර්වවඥයන් වහන්සේගේ උතුම් ශාසනයෙහි අතිශය ශුද්ධිය කැමැතිවූ ඒ නරෙන්ර්ාවූතෙම අනන්ත සැප දෙන්නාවූ මහත් කුසල් කොට පසුව මරුවා සමීපයට ගියේය. මෙසේ ලඞකාධිපතිවූ පරාත්ථ යෙහි නිරන්තරයෙන් ඇලුනාවූ පින් කැමතිවූ ජනෙන්ර්ක වූ ඒ උතුම් රජතෙම ආත්මාත්ථිලය හා පරාත්ථිරය සිද්ධකරමින් රාජ්යවය කෙළේය. ලොකයෙහි සැපයද ලොකොත්තරවූ මහත් සැපයද ප්රාථත්ථිරනා කරන්නාවූ තොපිද කුසිත බැව් හැර නානා ප්රවකාර සුඛදායකවූ පුණය රාශිය මොනවට කරව්. මෙතෙකින් හුදීජනයා ප්රබසාදසංවෙග පිණිස කළ මහවස සිරි විජය රාජසිංහදීපන නම්වූ අටානූවන අදියර නිමි. ________________________________________


99 වෙනි පරිච්ඡේදය[සංස්කරණය]

ප්රසවර ගුණවත් රජහුගේ ඇවෑමෙන් ඒ රජු සුහුරුබධුවූ ජන නායක මනොඥවූ රූප‍ශොභායෙන් අග්ර ප්රාජප්තවූ රුචිර සකල ලඞ්කාද්වීපයට පහනක් වැනි උතුම් ශ්රී ඇති සුකුමාර (ක්ෂ ත්රිුය තෙමේ) රාජාධිරාජ විය. ලක්දිව් වැස්සන් වැඩෙහි ඇලුනාවූ ඒ ජනෙන්ර්ති තෙමේ බුදුන් පිරිනිවි දෙදහස් දෙසිය අනූවෙනි අවුරුද්ද පැමිනිකල මනරම් ලක්දිව්හි මහරජුන් වියොවින් සොකාතුර ජනයා එකල්හි වස්වැසී. සියලු දිගුන් බබුලුවා හිරු අසතඞගත කල අඳුරු සෙයින් ශොකාතුර සියලු ජනයා නි‍ෙශශාක කොට එකල් මහත් යසස් ඇති ඒ රජතෙමේ සියලු දිගුන් බබුලුවමින් උදාවන හිරු සේ ලක් රජයට පැමින මොනවට සියල්ලන් සතුටු කෙළේය. බුදුන් ආදී තෙරුවන් කෙරෙහි ප්රනසන්නවූ පැමිනෙනලද රාජ්යාතභිෂෙක ඇති 2L 33-16 258 මහාවංශය පින් කැමැති ඒ රජතෙමේ අප්ර මාදවූයේ මුළු නුවර ශුද්ධකරවා පිළිතොරන් ආදියෙන් අලඞ්කාරකරවා උතුම් හොබනා ඒ නුවර සියලු ලක්දිව් වැසි ජනයා මොනවට රැස්වූකල මහා යසස් ඇති පිණින් පහළවූ මහ රජ තෙමේ රාජඞ්යෙන් යෙමින් නුවර පැදකුණු කොට රජෙක් නැති ලක් රජය සරාජකයයි උන්ට හඟවා, ඒ රජතෙමේ මහ පිණින් යුක්තව ශ්රීජවර්ධඋන නුවර වෙසෙමින්, බුදුසස්න පාලනයට ප්රා ත්ථි්නා කොට ආවාවූ පින් ඇති ඒ කීර්තෙතිශ්රීි රාජසිංහ ශ්රෙසෂ්ඨ තෙමේ මේ කලට පැමින ලඞ්කා රාජ්ය්ශ්රීූ ධරව මනා පැණ ඇතිව ශ්රශද්ධා ධන කොට ඇත්තේ සාරාසාර බැව් මෙනෙහි කොට බුද්ධාදී වස්තු පූජා පටන් ගත්තේය. සැදැහැ ඇති ඒ නරාධිප තෙමේ පවිටු මිතුරන් බැහැර කෙරෙමින් පඬි දනන් සෙව්මින් හුදියන් ඇසිරු කෙරෙමින් උතුම් දහම් අසමින් පැණැතිව කටයුතු නොකටයුතු හැඳින අකර්තරතව්යතයන් හරිමින් කතිතව්යයයෙහි ඇලුනේ සියලු ජනයන් සිවුසඟරා වතින් තුටු කරෙමින් පණ්ඩිත මිනිසුන් විසින් ප්රයශංසා කටයුතු වූයේ දහම් දානයෙහි විපාකය සද්ධර්මත ශ්රිවණයෙහි ඵලය දහම් ලියවීමෙහි හා දහම් පූජාවෙහි පින්ය යන මේ දහමින් අසා ඒ කටයුතුයයි සිතා නොයෙක් තන්හි බණ මඩු කරවා නන් විසිතුරු වතින් වියනුදු බඳවා තොරන් ආදී නොයෙක් දැයින් නානා විභාගයෙන් සපයා පහනුදු දල්වා අසුනුදු පණවා සත්කාර බහුමානයෙන් සදහමි දෙස්නවුන්වඩා ගෙණවුත් ආදර සහිත වූයේම ආරාධනා කොට මොනවට පැණවූ ඒ අසුන්හි වඩා හිඳුවා එම දහම් දෙස්නවුන් ලවා දම්සක් ආදී බොහෝ සූත්රාසනතයන් දෙස්වා ගෞරව සහිත වූයේ මුළු රුය අසා සිරුර දිවි සම්පතුන්ගේ අසාරබැබ් අසාර හෙයින්ද සාරබැව් සාර හෙයින්ද ධර්මස ශ්ර්වණයෙන් දැන ශ්ර ද්ධා ඇති ඒ තෙමේ ප්රධසන්නව ඇමතියන් සෙන් සහිතවූයේ පූජා වස්තුවෙන් මහ පුද නොයෙක් සේ පවත්වමින් ඇතුළු නුවර වැසිවූද පිට නුවර වැසිවූද සියලු ජන සමූහයන්ගේ අභිවෘධිය පිණිස හා සැප පිණිස නොයෙක් වාරයෙහි දහම් දානය දෙවා ඒ නරාධිපති තෙමේ දහම් දන්මුවා පින් කෙළේය. රක්කඞ්ගුවෙන් ආ භික්ෂූදන් කෙරෙහිද නැවත ලක්දිව භික්ෂූවන් කෙරෙහිද පැවිදිවූ නොයෙක් හෙරණ වහන්දෑ විෂයෙහි ආදර සහිත වූයේම සිවුරු ආදී පසයෙන් ඒ වහන්දෑට සඞග්රහහ කොට නර ශ්රෙිෂ්ඨ තෙමේ පිරිත් මඞ්ගලාදිය කියවි, මෙසේ නොයෙක් වර සදහම් පවත්වා පසයද (දන් ) දී පින්රැස් වැඩුයේය. නවදහස් සසීයක් මිළ ශ්රවද්ධායෙන් විසදා උතුම් රන් පොතක් කරවා ඒ රන් පෙත්හි දම්සක් ආදී බොහෝ සූත්රමයන් ලියවා ඒ තෙමේ ධර්මා කථිකයන් ලවා මුළු රුය කියවා නොයෙක් වස්තුවෙන් පුදා නොයෙක් වර උතුම් දහම් ඇසීය. නරශ්රෙෙෂ්ඨ තෙමේ ලියන්නන් රැස් කරවා එක දවස්හිම දික්සඟිය ලියවා බොහෝ සඞග්රුහ කොට එයින් මුළු රැය මොනවට


99 වෙනි පරිච්ඡේදය 259


සදහම් කියවා මහ පුද පවත්වා තෙමේත් අසා (අනුන්ටද) ඇස්වී. සංයුත්සගි ආදී අනික් බොහෝ පොත්ද ශ්රවද්ධාවෙන් ලියවා ලියන්නන්ට වස්තු දුන්නේය. අනික් ගිහි පැවිද්දෝද මනාකොට දහම් පොත් ලියවා තමා දක්වති (එසේ) කල තුටු සිත් ඇත්තේ ඔවුන්ට ධනාදිය දීමෙන් බොහෝ සඞ්ග්ර හ කොට ආදර ඇති හේ තෙමේ ලක්වැසි අන්ය්යන්ගෙන් පින්ගත්තේය. පින් කැමති නරශ්රෙනෂ්ඨවූ ඒ රජ සපිරිවරින් අනුරා පුරවරයට ගොස් වරබොධි චෛත්යරයන් ඇත් අස් ආදීන්ද රන් රිදී ආදීන්ද පුදා අනෙක ප්රොකාරයෙන් පින් රැස් කෙළේයි. මහා යසස් ඇති ඒ ජනෙන්ර්ොධ තෙමේ මියුඟුනු සෑයට හා නිකා සෑයටද ගොස් රාජ තෙජ සින් මහපුත පවත්වමින් වැඳ පින් රැස් කෙළේයි. පැරක්ම් මිහිපල්හු විසින් පොළොන්නරු නගරවරයෙහි කරවනලද සෑම මනා දැකුම් ඇති වෙහෙරද පුදන්ටත් වඳින්ටත් මහ සැදැහැ මහ යසස් ඇති රජ තෙමේ මහ පිරිස සමඟ ගොස් මොනවට පූජා කෙළේය. ශ්රයද්ධාදී ගුණ සම්පන්ක රජතෙමේ රිදී විහාරයද වැඳ පින්රැස් ‍අත්පත් කෙළේය. පෙර ලක්දිව්හි රජුන් සෙයින් ලොකයෙහි මගුලැයි සම්මතවූ නාථය උපුල්වණ යනාදී දෙව පූජා පෙරටු කොට සෙනඟ දක්නා පිණිස මුළු නුවර දෙව් පුරය සෙයින් සර්වාප්ර කාරයෙන් සරසවා ලක්දිව් වැසි සියලු ජනයන් රැස් කොට එපුරෙහි ඔවුන් අතුරෙන් එකෙකී රටින්ද තනතුරෙන් ද ජනයන් වෙන් වෙන්කොට නගනලද කොඩි සලකුණු ඇති කොට ඒ ඒ තැන වස්වා දෙවස්ථානගත ආයුධයන්ද ඇතුන් පිට තබ්බවා නොයෙක් නැට්ටුවන්ගෙන් ආකීර්ණාවූ බෙර මදදලයෙන්ද නොයෙක් ඇත් සමූහයෙන් හා නොයෙක් අස් සමූහයෙන්ද නොයෙක් වස්ත්රලයෙන් අලඞකෘත බඹ වෙස් දරන්නන් විසින්ද නොයෙක් සත් දරන්නවුන් විසින් හා නොයෙන් වන් සෙමෙර දරන්නවුන් විසින්ද නොයෙක් ගැහැනු සමූහයා විසින් හා නොයෙක් පිරිමි සමූහයා විසින්ද නන් පලහ දරන්නාවන් විසින් හා නානා කඩුගත්තවුන් විසින්ද නොයෙක් කුන්නායුධ දරන්නවුන් හා නොයෙක් අවි ගත්තවුන් විසින්ද නන් වත් දරන්නවුන් විසින් හා නන් කොඩි උසුලන්නවුන් විසින්ද නන් දෙසින් ආවුන් විසින් හා නානා භාෂා දන්නවුන් විසින්ද නොයෙන් ශිල්පීන් විසින් හා නොයෙක් කම්කරුවන් විසින්ද මේ ආදී නොයෙක් දෙනා විසින් නොයෙක් පරිද්දෙන් ඇතු පිරිවරා ඉදිරියෙන්ද පස්සෙන්ද යන්ට මෙහෙයා ඊට ඉක්බිතිව රජතෙමේ දෙව්රජහු සෙයින් මහත් රාජර්ධීයෙන් පිටත්ව මුළුනුවර මොනවට පැදකුණු කොට නිම (විය. එසේ) කල නැවත අවුත් සුදුසු පරිද්දෙන් ඇතුල් වෙති. සැදැහැ පැණ ගුණයෙන් උසස්වූ අපගේ අගරජ තෙම අවුරුදුපතා පවත්වන්නාවූ ඒ ඇසළ මහ පෙළහර බුදු පුද පෙරටු කොට පවත්වනුවට සිතා මගුලැතු පිට ‍රන් කමින් මනා කොට නිමවල ලද සිවිගෙය


260 මහාවංශය


සකසා බැද මනා බින්දු හා දෙදළ ඇති අතු අබරණින් සරසවා රිදී කුඩ හා චාමරයන්ද මල් ගත්තවුන් විසින් නැගි ඇතුන්ගෙන්ද අනෙකාකාරයෙන් පූජා වස්තූන් ගත්තවුන් විසින්ද මල් වියන් ඔස වන්නවුන් විසින්ද නොයෙක් ධජ පතාකාවෙන්ද නන් වෙස් ගත්ත වුන් විසින්ද නොයෙක් රජ ඇමතියන් විසින්ද නන් දෙසින් පැමිනියන් විසින්ද ඒ ඇතු සිසාරවා නිම කල නර ශ්රෙිෂ්ඨ තෙමේ බුදු සිරුරුදා වැඩූ බහසුරු වර රන් කරඬුවෙක් සකනා සිවිගෙයි වඩා මලා ඉස්නවුන් ලවා මල් වැසිද වැස්වී. සාධුකාර ‍රවයෙන් හා සක් තාලම් පට හඬින්ද නානා භෙරීන්ගේ හඬින්ද මහොත්සවය කරවන්නේ ආශ්චය්ය්යි අද්භූත සිත් ඇති යම් යහපත් සත්පුරුෂ ජන කෙනෙක් වෙත්නම් කරණ ලද ශීර්ෂාතජලියෙන් ඔව්හු අනවරතයෙන් පුදති. දඬුවැට පහන් ගත්තවුන් ලවාද මගුල් වෙස් ගතුවන් ලවාද අනෙක විධ පූජාවෙන් නරශ්රෙශෂ්ඨ තෙමේ පුදවමින් සු‍රාසුර නරාදීන් විසින් පූජනීයයන් අතුරෙන් අගතැන් පැමිනි ජින ධාතුව පෙරටු ක‍රවා දෙව් මිනිස් ආදී සියල්ලන් පසුපසු කොට යන්ට යොදා තෙමේත් සඟලස්තුති ඝෝෂාදීවූ මහත් රාජර්ධියෙන් මහත් රාජානු භාවයෙන් මහත් පෙළහරින් දෙව්රජ දෙව් ලෙව්හිත් මෙසේ ධාතු පෙළහර කරන්නේයයි මිනිසුන්ට දක්වමින් සෙයින් යෙයි. ශ්රිද්ධා ආදී ‍අනෙක ගුණයෙන් යුක්තවූ යේ බුදුන් දහම් සඞඝයා සෙව්මින් සාරයත් අසාරයත් සිහිකෙරෙමින් සතුටු වූයේ දන් ඈ පින් නිරන්තරයෙන් කෙරෙමින් සැදැහැ පැණ කුළුණු බහුලවූ අතිශයින් උතුම් ගුණ ඇති ලක්දිව් පහන් බඳුවූයේ බුදුන් කෙරෙහි සුපහන් වූයේ දසබලධාරී බුදුහුගේ දහම්හි මොනවට හැසිරෙමින් සතතයෙන් අප්රෙමාදවූයේ ආදර සහිතව ඒ තෙමේ දානාදී පින්කම් කෙරෙමින් සාරාසාරය මෙනෙහි කෙරෙමින් සියලු ජනයා කෙරෙහි හිත වූයේ මෙසේම කෙළේයි. තුණුරුවන්හි ආදර සහිතවූයේ දවසක් දවසක් පාසා මහපෙළහරින් දළදාවහන්සේට මහපුද පවත්වමින් තමන් කාලයෙහි හටගත් සිය සඟහු හැමකල්හි ආදර ඇත්තේ තමන් අයත්සිවුපසයෙන් උපස්ථාන කොට සදහම්හි ඉතා පහන් ඒ තෙමේ නැවත නැවත දහම් අසා හැම කල්හි ආදර ඇත්තේ අනල්පවූ පින් රැස් කෙරෙමින් දිවමනු බුදුන් කල්හි සෙයින් බුදුසසුන් පවත්වන්නේ ලක්වැසි මිනිසුන්ට බොහෝ කොට පින් වඩවමින් පැරකුම්බා ආදී පෙර රජුන් කටයුතු අසා මැනවැයි දැන ඔවුන් කටයුතු අනුගතවූයේත් රජ දහමුදු අසා එහිදු මහා ආදර ඇත්තේ අගතියෙහි බියැතිව සිවුසඟරා වත්හි තමා යෙහෙන් යොදමින් සිය බෑයා ආදී සියල්ලන්ට සුදුසු පරිද්දෙන් ඒ තෙමේ සඞ්ග්ර හයෙන් සතුටු කොට විචාරා ඔවුන්ගේ සිත් මනාකොට ගත්තේය. මෙසේ පරහිත නිතර ජනෙන්ර් ස වූ ඒ ලඞකාධිනාථ තෙමේ බුදුහු සස්නද එසේම ලොකයද අනලස්වූයේ මොනවට පාලනය ක‍රෙමින් පෙර ලක්දිව අධිපතිවූ


99 වෙනි පරිච්ඡේදය 261


නරපල් සමූහයන් පවත්අසා ඔවුන් කටයුතු මෙනෙහි කෙරෙමින් මමද උතුම් රාජධර්මමයෙහි හැසි‍රෙමි මෙසේ නිශ්චය කොට නරෙන්ර් රා තෙමේ සිතමින් මහවස රජුන්ගේද සුලුවස රජුන්ගේද මහාසම්මත රජු පටන් හස්තිශෛල පුරය දක්වා ඒ ප්රගවෘත්තිය පූර්වහයෙහි ගාථා බන්ධිනයෙන් පුරාතන ආචාය්ය්කයදවරයෝ මහාවංශ නම් ඇති ග්රලන්ධයක් පවත් කොට (තැබූද) ලක්දිව පැවති හෙද සියම්රටින් ගෙණ ආ ලක් රජුන්ගේ එම වංශ කථා පොතද යන දෙක පිළිවෙළින් වෙන වෙනම විචාළේ ල‍ෙඞකන්ර්ා තෙමේ අඩුයයි අසා පරාක්රැමබාහු ආදීවූ මෙකල් දක්වා රජුන්ගේ මැත භාගයෙහි අප්රොකටවූ ප්ර වෘත්තියද ලියවා ‍රාජවංශය පැවැත්වී. මෙසේ ඒ රජතෙමේ රාජනීතියද ධර්ම‍නීතියද නොඉක්මවමින් දැහැමෙන් සෙමෙන් රාජ්යාසනුශාසනා කරන්නේ රජදහමට එකඟ වූයේම දානාදී බොහෝ කුසල් දවසක් දවසක් පාසා කෙරෙමින් උතුම් දහම් මෙනෙහි කෙරෙමින් සිවුසඟරාවත්හිද එනම් දාන ප්රිරයවචක අත්ථිෙචාය්යා‍ය්ය සමානාත්මතා යන මෙහි පිහිටියාවූ නර ශ්රෙමෂ්ඨවූ රජතෙමේ සියමල් රජුන්ට සමානබැව් ලොකයාහට දක්වමින් යාන වාහන හා නොඅඩු සම්පත් දී වෙසෙ‍සින්ම යුවරජුන් දෙදෙනා සතොස්වා සතරාකාරයකින් වස්තු සඞග්රෙහයෙහි මොනවට පිරවී. මෙසේ ලබන ලද යසස් ඇති ඒ දෙදෙනා දළදා මහපුද වෙන් වෙන්වම කරන්නෝ බණ පොත් ලියවා ලියන්නන්ට වස්තු දෙති. භික්ෂුෙ සඞ්ඝයා ආරාධනා කොට නිතිබත් ආදී දන් නිරතුරු දෙමින් බණ ඇසීමෙන්ම කටයුතු නොකටයුතු දැන පව්කම්හි පිළිකුල් කරන්නෝ පින්කම්හි මහත් ආදර ඇත්තෝ දක්ෂැවූ ඉතා යහපත් මනා හෙරණ පැවිදි (වහන්දෑ) විචාරා ඒ සාමණෙර (වහන්දෑට) රාජාගි අටපිරිකර දීමෙන් උපසම්පදා දෙවා විනය ධර්මෙයෙහි සහසූත්රාපනතයෙහි මනාකොට හික්මවා මහපිරිකර ඇති ආවාසයන් කරවා එහි භික්ෂූහන් වස්වා සකස් කොට ආදර ඇතිව උපස්ථාන කළහ. ලෙව්සසුන් කිස නොයෙක් පරිද්දෙන් විචාරන්නෝ සජජන සඞග්රසහයද දුර්ජතජන නිග්රසහයද මහාරජානන් සිතට එකඟවම සුදුසු පරිදිදෙන් කෙරෙති. මේ ආදී නොයෙක් නයින් පින්කැමති වූද රජහුගේ චිත්තයට එකඟව වැටෙන්නාවූද ලෙව් සසුන් මාගේම යයි සිතන්නාහු (වූහ.) සමහර පෙර රජදරුවෝ රාජ්යසළාභාදිය කරණ කොට ගෙණ සොහොවුරු ආදීන් නොතකා උනුන් පෙළූහ. ඔවුන්ගේ විවාදයෙන්ම මිනිස්සුද එසේම වූහ. මේ තුන්දෙනා ඒසා රාජ්යස සම්පත්තියක් ලැබත් විවාදය තබා උනුන් සිදුරුද නොදක්වා එම නුවර වසන්නෝත් ඡායා සෙයින් හැමකල් ප්රි යවූහ. මෙසේ රාජ්යසය නිසාත් කෝපමාත්ර යකුදු ‍නොකොට සීලව ජාතකයෙහි බෝ සතුන්ගුණ සමාන(හැසරීම්) කළහ. විසාලා මහනුවර ලිච්ඡවි රජහුම සමගිව විරිද්‍ කනොව රජ කළහ. එහෙයින්ම ඔව්හු ජයලාභද ලැබු ලඞකාගනාශ්රි යෙන් උමත්වූ මද පැණැති කිසි මිහිපල්කෙනෙක් නොකටයුතු කොට නොයෙක් ව්යුසනයට පැමිනියෝය. ලකඟන සිරිසැපත් ලත් පැණැති නරපල්ලු කටයුතුදෑ කොට මහායසස් හිමි


262 මහාවංශය


වූහ. එබඳු ලකඟනට හිමිවූ මේ නරපල්හු තෙදෙනා සමගි බවට පැමිනියාහ. ඒ ආශ්චය්ය්. යයි මම කියම්. මහ ගුණ ඇති මහරජ තෙමේ කුඩ ආදී පම්පත් දී රජපිරිස් ගෙණ ඇවිදිනා සිය මලු දැක සතුටුබවට පැමින නැවත නැවත බලා මෙසේ ඒ තෙමේ හුදු බ්ර හ්ම භාවනාවම වැඩුයේයි. මිහිපල්ගුලඟ සසුන් පිටිවහල් අපමණ ගුණදරවූ ඔව්හු මොන වට දහමෙහි හැසිරෙන්නෝ අගති ගමන් හරිමින් මනා සතුරන් බෙජෙමින් සුගති ගමන් මගම සාදනු කැමැත්තෝය. මෙබඳු මනාගුණයෙන් යුත්වූ සැදැහැ ධන කොට ඇති මිහිපල්හු සැදැහයෙන් ශ්රී.මත් සම්බුදුන්ගේ මේ දළදාවද ධර්මනයද උතුම් සඞ්ඝයාද පූජා කොට අශෙෂ සම්පත් දායක බොහෝ පින් රැස්කොට ගෙණ නිමල් බුදුසස්නද මෙලකද මොනවට පාලනය කළෝයි. ලොවට අසහාය නායකවූ බුදුහු ගුණසාරභාරය මනා කොට මෙනෙහිලා ගෙණ නීතියෙන් සිහිකරන්නාවූ එසේම ඒ බුදුන්ගේ ධර්ම ය හා සඞඝයාත් මෙනෙහි කරන්නාවූ වරගුණ ඇති ලඞකාධිපයා නිරන්තරයෙන් භජනය කෙරෙත්වා. මෙසේ රජුන්ට අධිපති මහරජවූ රාජබලයෙන් යුක්ත මිහිපල් තෙමේ නිමල් මුනිසසුන්ද මේ ලක්දිවද සකස් කොට රක්නේ මහසම්පත් දී සියලු රටවැසි මිනිසුන් සතොස්වා දෙව්මිනිසුන් සතුටු කෙරෙමින් මහා පැණැති පුණ්යැර්ධින ආඥාබල ඇත්තේ විය. මහ තෙද ඇති මහපැණවත් මහ යසසින් යුක්ත (රජු) ලෙව් සසුන් රකිමින් මහනුවර වසනකල රාජසිංහ රජහුගේ කාලයෙහි ලඞ්කා ආරක්ෂා‍ව පිණිස යොදනලද්දාවූ මහත් බල ඇති ඕලන්දෝ යයි නම්වූ ඒ මුහුදු වෙළෙන්දෝ ලක්දිව් හිමි රජුන්ගේ දූත කෘත්ය යෙහි යුක්තවූහු නොයෙක් රට උපන් නොයෙක් වස්ත්රාජදී බොහෝ රාජපරිභොගයට සුදුසු මාහැඟි බඩු මොනවට විචාරා මහත් ගෞරවයෙන් මහ පෙළහරින් ගෙණවුත් පඬුරු කොට අවුරුදු පතා දෙති. එකල්හි ලක්වැසි මිනිසුන්ගේ පෙරකළ කමින් හෝ ලෙව් සසුන් අරකුන්හි නියුක්ත දෙවතාදීන්ගේ ප්රිමාදයකින්දෝ වෙසෙසින් කිපුනු ඉතා කර්කදශ ඔව්හු ලක්වැසි මිනිසුන් නොයෙක් ආකාරයෙන් පෙළූහ. මහා යසස් ඇති මහ‍රජතෙමේ එපවත් අසා ඒ නුසුදුසුයයි සිතා එකල්හි ඇමතියන් යැවිය. එසේ ඒ ඇමතියෝද ලක්වැසි ජනයන් හා ගොස් ඕලන්දයන් හා බිහිසුණු යුද කරන්නෝ පිළිසතුරන් නසන්නෝ ගෙවල් හා කොටු ගිනිලන්නෝ නානා උපායෙන් උන්ට භය එලවූහ. බියෙන් පෙළුන සතුරන් අතුරෙන් ද්රඋර්ව.ව කර්කතශ අධම ආයු ගෙවුනාවූ පවිටු එකෙක් ප්රබධාන බැව්හි සිටියේ තෙමේ ජාවුන් ආදී නානාප්ර කාර මහපිරිස් ගෙණ ඒ ඒ රට හා ගම්ද විහාර දෙවාලද හේදඬු අම්බලම් ආදියද නොයෙක් පරිද්දෙන් විනාස කෙළේය. ලක්හිමියා විසින් අණවනලද ඇමතියෝ වූකලී යුද්ධයෙහි දක්ෂව ශූරයන් හා (ඉදිරියට


99 වෙනි පරිච්ඡේදය 263


ගොස්) ඒ ඒ තැන අනෙකාකාරයෙන් යුද කරන්නෝම සතුරන් ඒ ඒ තන්හිදී මැරීමෙනුත් සර්විප්රාකාරයෙන් ඒ තෙමේ වලකාලිය නුහුනුයේ නුවර බලා ආය. යුද පිණිස සැදුනු මහ ඇමතියෝ නානාප්රනකාරයෙන් මාර්ගකයන් අවුරා වෛරීන්ගේ ඉදිරියෙන් සිට වහා ඊම වැලකූහු. කල් දන්නා ලක්හිමි මහනුවණැති මහරජතෙමේ ලැව්ගිනි සමවූ වෛරීන්ගේ ආගමනයත් වලකන්ට නොහැක්කැයි සිතා දළදාවහන්සේද බිසව්ද නැගණියන්ද සාරවස්තුවද යුවරජුන් දෙදෙනාට සුගොපනය පිණිස භාරකොට පර්වරත වනදුර්ගෙයෙන් දුර්ග මවූ රටට යැවීය. පසුව සියලු වෛරී සමූහයෝ කර්කනශ යක්ෂපසේනා සෙයින් නුවරට පැමින දහම් පොත් ආදිය විනාස කළහ. සෙනෙවිරත් ආදී නොයෙක් මහ ඇමතියන් හා යුද්ධ දක්ෂයවූ තැන් නොතැන් දන්නා වීරයන් විසින් පිරිවරනලද මහ රජතෙමේ මහසෙන් විසින් පෙරටුකෙළේ මහනුවරට නුදුරුවූ අතුනුවරවල ඒ ඒ තන්හි වෙසෙමින් නුවර ඇවිරවූයේය. ලක්වැසි බුදුසසුන් සැදැහැති මිනිස්සුද රජහු සිතට අනුව වැටෙන්නෝ සතුරු පක්ෂේගතයන් අතුරෙන් දුටු දුටු බොහෝ මිනිසුන් ඒ ඒ තැන මැරූහ. රාජදූතාදී මිනිසුන් හා භික්ෂු සඞඝයාද රක්ෂා කළහ. රජහට පක්ෂඒපාතවූ වීරගුණ ඇති බලවත් කිසිධීරයෝ රණකෙළියෙන් ක්රීබඩා කොට බුදුසස්න රක්නා කැමැත්තෝ යුද්ධයෙහි සූරයොධයන් විසින් පිරිවරණලද්දෝ මග ඒ ඒ තැන වසන්නාවුන් හා නොයෙක් පරිද්දෙන් යුද කොට පලවා ඇතුළු නුවර (වාඩිලාහුන්) වෛරීන් හා යුදකරන්ට අරබයා උන් නැවත නැවත මැරුහ. මනුෂ්යහවූවෝ අපගේ රජහු චිත්තානුවර්ත්තීවූහ යනු ආශ්චය්ය්ත මයි නොසිතමු දෙවියෝද එසේවූහ. එහෙයින් එකෙණෙහි වෛරීන් අතුරෙන් මහාඅඥ ප්ර්ධානයාට (එහි) පැමිනි නොබෝ කලකින්ම දෙවානුභාවයෙන්ද රජහු පුණ්යාානු භාවයෙන්ද භය සන්ත්රාපසයෙන් බිහිසුණු උමතුබව පැමින ඒ මනා නුවර හැර නිශ්රීනකවම ගොස් මරණ ගින්නට පැමිනියේය. අඥානයා වසඟව ආවාවූ සියලු ඒ සතුරු සමූහයෝ අනාථ අසරණව ව්යනසනයට පැමිනියහ. කිසිවෙක් රොගාතුරවූහ, කිසිවෙක් ක්ෂුයධාරොගයෙන් පීඩිතවූහ. කිසිවෙක් යුදෙහිදී මරණ ලදහ. කිසිවෙක් පර්වේතදුර්ගෂයට වන්හ. මෙසේ වෛරීපක්ෂ‍ නරාධමයෝ මරණ ලද්දෝද ගියෝද වූහ. මෙසේ දෙවිමිනිසුන් ආදීන් විසින් මේ රජ තෙමේ රක්නාලද්දේවී. මෙසේ මහානුභාව ඇත්තේ අතිශයින්මහපින් ඇත්තේ යයිද (ලොවැස්සෝ) කිවුහු. මෙබඳු ආනුභාව හා මහපින් ඇති ඒ රජහු අණ ඇක්මෙන්ට ලොකයෙහි කවර සමත්ථිභයෙක් වන්නේද, දුරු කරණලද වෛරී සමූහ ඇති මහ යසස් ඇති නරනායක මහරජ තෙමේ සතුරු බලය නොදක්නේ පෙරසෙයින් මුළුනුවර ශුද්ධ කරවා දළදා මැදුරු ආදිය සකසා වෙසෙසින් අලඞ්කාරද කරවී. උතුම් බුදු


264 මහාවංශය


සස්නෙහි පිවිතුරු අදර ඇති ඒ තෙමේ වරබුදුවදන් නීතියෙන් මෙනෙහි කෙරෙමින් බුදුපිතුන් ගුණ මෙනෙහි කිරීමෙන් යුක්තවූයේ සම්බුදු රජු දශනධාතුව නිත්යියෙන් පුදමින් තෙරුවන්හි මෙසේ මොනවට වැටෙමින් නරශ්රෙුෂ්ඨ ඒ තෙමේ දළදා වියොවින් තමහට උපන් දුක් නොඉවසන්නේ එකල පිරින් සහිතව මහදුර්ග වූ රට (ගොස්) මහසැදැහැතියේ ධාතු කරඬුව දැක ආශ්චය්ය්න් අද්භූත සිත් ඇත්තේම සකසා වැඳ හිස බිම තබා භික්ෂුකසඞඝයාද හිසින් වැඳ තමා සිත් දුක් නිවුයේය. හොබනා අස්වස්ලද්දාවූ ඒ තෙමේ දළදාව සහිතව ඒ කරඬුව හිස තබාගෙණ මහපෙළහර පවත්වමින් සාධුකාර රවයෙන් හා පසඟතුරු රැවින්ද මහ සැණකෙළි කොට තමා පුරයට වන. එකල ලක්දිව් වැසි මිනිස්සුද දළදාව සහිත මිහිපලු දැක සතුටුව සාධුනාද කළහ. ඒ පෙර දළදාගෙහි දන්තධාතුව වඩා සියලු පෙර පූජාවිධිය වඩාලා පැවැත්වී. සියලු නුවර ආරම්භි සඟ රජු ආදී බොහෝ බුද්ධ පුත්රියෝද සතුරු භයට වැඩිවූ මහත් සසරභය දක්නාහු පැවිදි බැව් නොහැර පොත් හා ධාතු හා පිරිකර ගෙණ එයින් ගියෝ පිටරට වෙසෙමින්ද සස්න රැක්කෝය. නැවත අගරජ තෙමේද ඒ සියල්ලන් නුවරට වඩාගෙණ වුත් නුවර අරම් ශුද්ධ කරවා එහි භික්ෂූ න් වස්වා දහම්හි පිළිවෙත්හි හික්මෙන්ට යෙදූ කල්හි සමත්ථික ධර්මූකථිකයන් විචාරා ආරාධනා කොට රාජොවාදාදී සදහම් නැවත නැවත අසමින් (ඒ තෙමේ) විසීය. සතුරුවූ නොයෙක් ඕලන්ද(වාසීන් අතුරෙන් යමෙක් දේශචාරය සලකන්නාහු නම් ඒ සියල්ලෝ රැස්ව මන්ත්රතණය කොට ‘මේ ලඞකාව අශෙෂයෙන් ගන්ට නුපුළුවනැ”යි නිශ්චය කොට දැන “මෙහි ‍යමෙක් ලක් නා රජු කෙරෙහි විරුද්ධ වූ නම් ඒ සියලු ජනයෝ විනාසභාවයට පැමිනියෝය. එසේම අපටද වන්නේයි ඒ හෙයින් අපිදු ල‍ෙඞකන්ර්ප යා කෙරෙහි බැතිපෙම් හා ඉතා ගෞරව පෙරටු කොට පුරයෙහිම වසමු නම් ඒ සුදුසුය”යි සිතා නැවත නැවතත් මනත්රමණය කොට රජ පඬුරු හා ‘මහා මොහ’ යා විසින් ගෙන්වා ගෙණ ගිය යහපත් සැයක් සෙයින් බබලන්නාවූ ධාතු ශුන්යම (රිදීමුවා) කරඬුවද රන්සිවිගෙයද ගෞරවයෙන් ගෙන්වා ගෙණ (වුත් භාර කොට) “සිය නෑයන් කළ දොස් ක්ෂදමා කරවා ගෙණ මින්මතු වසන්නෙමුය” යි සිතා ආවාවූ ඔව්හු මිහිපල්හු නොයෙක් පරිද්දෙන් පුදා වැඳ සමඟ සතුටුවූහ. ඉක්බිති ල‍ෙඞකශ්වර රජතෙමේ ඔවුන්ගේ අනල්ප දොෂය ඉවසා ඔවුන්ට නොයෙක් පරිද්දෙන් සම්මාන්ද දුන්නේයි. එසේම අපගේ රජතෙමේ ද මිත්ර්සන්ථසවයෙහි කරුණු තරයේ කොට ඔවුන් හා මිත්රත භාවයට පැමිනියේයි. ඕලන්ද් ජනයෝද ල‍ෙඞකශ්වර නරෙන්ර්ො යා කෙරෙහි මොනවට පැහැද නොයෙක් රට උපන් මාහැගි පඬුරුද රාජ සන්දෙෙශද ගෙණ අවුරුදු පතා දෙති, මනුෂ්ය ශ්රෙැෂඨතෙමේ


99 වෙනි පරිච්ඡේදය 265


මිථ්යා දෘෂ්ටීන්ගේ හස්තයට ගියාවූ මහත් ඒ කරඬුව රණින් ගහා මැණික් බැඳ හිරුරැස් පිඩක් සේ ශොභාමත්කරවා දන්තධාතුව වඩා ශක්රරයා සෙයින් පිදුයේය. මෙසේ දුෂ්ට මිථ්යා දෘෂ්ටි වෛරී සමූහයෝ දුරුකළ එඩි ඇතිවූහ. සම්ය ග්දෘෂ්ටික සිංහල අධිපතිහුගේ කුශලානුභාවය ආශ්චය්ය්ූහයයයි සත්වගයෝ ආශ්චය්ය්‍ට අද්භූත මේ කාරණයද සලදා ආදර සහිතවූවේ සත්පුරුෂයන් විසින් පසස්නාලද අසදෘශවූ ප්රිවර සම්ය ග්දෘෂ්ටි ගුණය මොනවට ඇසුරු කෙරෙත්වා. මනරම් ලක්දිව්හි එක් භික්ෂුහකෙනෙකුන් නැතිකල රාජ්යුභාරය ලැබ ශ්රීාවර්ධ්න පුරයෙහි වෙසෙමින් බොහෝ සාමණෙරවහන්දැද එසේම කුලපුත්ර යන්ද පැවිදි උපසම්පදාවට පමුනුවා (ලීය). ඒ භික්ෂු‍න් අතුරෙන් කිසිවක්හු දහම් දෙසන්නෝද විනයෙහි බුහුටිවූවේද වි‍දර්ශ)කයෝ ද වූහ. එසේම කිසිවෙක් ආරණ්යහකද වූහ. ශ්රයමණ ශුන්යිවූ මේ මුළු ලක්දිව මේ ආදී ගුණයෙහි යෙදුනාවූ නොයෙක් සිය ගණන් භික්ෂූුන් ඇති කරවමින් බබුළුවා ඒ රජතෙමේ දවස්පතා පින් කෙරෙමින් සඞ්ඝයාහට නිති බත් හා ගිලන් බත්ද ආරාධනා කොට දෙමින් භික්ෂුනසඞඝයා කෙරෙහි වැඩ කැමති ඒ තෙමේ භික්ෂූදන් හා සාමරෙණරයන්දැට කායරොග චිත්තරොග වසයෙන්මෙහි රොගයෝ දෙදෙනෙක් වෙති. උන් අතුරෙන් සිතෙහි රොගයන්ට පිළියම් පිණිස දීපදොත්තම තෙමේ විනයදහම්ද සූත්රානන්තයන්ද දෙසූ සේක. විත්තරොගයන්හි රාගාදී රොග නාසනහේතුවූ ඒ විනය සූත්රාූන්තයෙහි භික්ෂුටන් හික්මවා ඒ භික්ෂූාන්ට සිරුරු රොගයෙන් පෙළීම ඇති කල පය්යාෙ ප්ති ප්ර්තිපත්තියෙහි මැනවින් හික්වීම දුෂ්කරයි. එහෙයින් මිහිපල් තෙමේ ජවරාදී රොගයනුදු ශමන පිණිස සඞඝයාට ආරාධනා කොට වෙදකම්හි මොනවට හික්මවා වෙදුන් දෙදෙනෙකු හා පරිවාරක මිනිසුන්ද නියම කොට උන්ටත් ගම් කුඹුරුද වස්ත්රාාභරණදී සම්පත්ද දී බෙහෙත් මිල පිණිස අවුරුදුපතා (රිදී) සිය ගණන් රජගෙයින් දෙමින් ඒ රජතෙමේ ඒ ඒ අරම්හි භික්ෂුර සාමණෙරයන්ගේ සුවදුක් විචාරා උන්වහන්සේලාට කටයුතු උපස්ථාන කරවී. මෙසේ රාජාධිරාජවූ හේතෙමේ සඞ්ඝලාභයද ඒ සියලු ලාභයන් අතුරෙන් ශ්රෙුෂ්ඨවූ ආරොග්යිලාභයද දෙවීය. බද්ධතෙමේ (යමක්) ශ්රෙ‍ෂ්ඨයයි දෙසූසේක් නම් එයිනුදු පූජා කොට සම්බුදුසස්න මොනවට බබුළුවා පැවැත්විය, ශාසනාධාරවූ නරවර ප්රයවරවූ ඒ පූර්වදවික ලඞ්කාධිපතිහු මිථ්යා‍දෘෂ්ටිය හා රිපුජන සමූහයාත් දුරු කොට රාජ්යදභාරය ඉසුලුහ. රජතෙමේ එයද අසා අපමණ යසස් දායකවූ තමා විසින් පසක් කරණලද ධර්මරයද දකිමින් ශාසනොපකාරක වූයේම අලස නොව නිරන්තරයෙන් පින් කෙළේය. මෙතෙකින් හුදීජනයා ප්රයසාද සංවේග පිණිස කළ මහවස අභිසෙක මඞ්ගලාදී දීපන නම්වූ එකුන් සියවෙන් අදියර නිමි. 2M 33-16


266 මහාවංශය


100 වෙනි පරිච්ඡේදය[සංස්කරණය]

ඒ තෙමේ නිරන්තරයෙන් ආදර ඇත්තේ චක්ර රත්නය සෙයින් දළදාව පුදන්නේ සමන් සපු දොඹ කිණිහිරි දුනුකේ පියුම් උපුල් ආදී නන් වගෙහි මලින්ද සඳුන් අගිල් ආදීවූ සුගන්ධුයෙන්ද නන් සුවඳැති දුමින්ද සකුරු මී ආදියෙන්ද යහපත් පුවක් කපුරු බුලත් බෙහෙතින්ද මනා මිහිරි බත් කැඳ පු ආදීවු නනවැදෑරුම් ආහාරයෙන්ද මනා පැහැ ඇති රඹ දඹයෙන් හා පනා අඹ බොරළුදමුනුයෙන්ද තිඹිරි නාරඟ හා ප්රැණීත මනොඥ තැඹිලි හා කසපැනින්ද මනා විලිකුන් දෙළුමෙන්ද ඉඳි මිදි ආදීවූ නන්වැදෑරුම් ඵලයෙන්ද මිහිරි අලදැයෙන් හා නොයෙක් බොඩ ජාතීයෙන්ද නොයෙක් පරිද්දෙන් මේ ආදීවූ පූජා හා පසඟතුරු රැවින් පෙර රජුන් පවත්වා ආ බොහෝ පූජාවෙන් හා ආලුත් පූජාවෙන්ද දිනපතා දළදාවහන්සේ පුදා පින් කැමති මහා යසස් ඇත්තේ පින්රැස් වැඩියේම වඩමින් රන් රිදියෙන් හා මිණිමුතුයෙන්ද යහපත් නන් විසිතුරු කමින් දිලියෙන්නාවූ බොහෝ වස්ත්රුයෙන් (බඳනා ලද) වියනින් හා තිරයෙන්ද සිව්රු හි පිරිකරින්ද නනවැදෑරුම් අබරණින්ද නොයෙක් ඇත් අස් මුලින් හා එසේම ගෙරි මීවුන්ගෙන්ද නොයෙක් දැසි දස්වගින් හා බොහෝවු ග්රානමක්ෂෙ ත්ර්යෙන්ද පුජා කොට ආදර සහිත ඒ නරෙන්ර්් තෙමේ අභිවාදනය කෙළේය. බුදුන් දළදාවහන්සේ බලා සුපහන් මිහිපල්තෙම පෙර රජු දවස කරවා නොනිමියාවූ රන්මුවා කරඬුවද කරවන්ට සිතා සත් නිකක් අධික කොට ඇති රන් දෙදහසෙකින් කරවනලද මැණික්වන් මනහර ඒ කරඬුව මුදුනෙහි මාහැඟි උතුම් මහත් වීදුරක් මනාකොට බැඳවීය. පින්කැමැති මිහිපල්තෙමේ ප්රැසාදාවහ දැකුම් කටයුතු අටසැටක් අධිකවූ එක්සියයක් වර විදුරුමිණි හා මනොහරවූ එක්සැත්තෑවක් අධික කොට ඇති එක්සියයක් පුෂ්පරාග මිණි රුවන්ද බැඳ අසූපසක් අධික කොට ඇති නිල්මිණියෙන් පන්සියයක්ද අටසිය අසූවක් අධික කොට ඇති සාරදහසක් රත්මිණිරුවන්ද බැඳ අට සැත්තෑවක් අධික කොට ඇති මුතු සත්සියයක්ද බඳවා මාහැඟි කරඬුව නිමි කල්හි ඒ ඇතුළෙහි තබන පිණිස කරඬු දෙකක් කරවන්නේ එහි මාහැගි උතුම් යහපත් මිණි බඳවා යසස් ඇති විමලදහම්සූරිය රජහු විසින් කරවනලද මහත්වූ කරඬුව ඒ රජතෙමේ රන් ගහවා මහපුද පවත්වමින් එහිම බුදුරජහු දළදාව වැඩුයේය. ඒ මහපැණැති රජතෙමේ බුදුන් දළදායෙහි ඉතා පහන් වූයේ අකරබඩු නම් මහගම පූජා කෙළේය. රජතෙමේ ඒ ධාතු පෙළහරේදී ලඞකාවාසීන්ට දළදාවහන්සේ දක්වනු පිණිස කරුණ‍ාවෙන් සිතා මුළු ශ්රීාවර්ධුනපුරය මොනවට ශුද්ධ කරවා නන් විසිතුරු කමින්ද පිළිතොරණින්ද කෙසෙල් තොරන්පෙතින් හා තැඹිලිවලු ආදියෙන්ද නොයෙක් ධජපතාකාවෙන් අතුරු නැතිව සරසවා මුළු කල ජනයා එහි රැස් කරවූයේ මිහිපල්තෙමේ නන් අබරණින්


100 වෙනි පරිච්ඡේදය 267


දෙව්රජ සිරින් හෙබියේ නනවැදෑරුම් මහපුද පෙරටු කොට ගෙණ, දළදාගෙට ගොස් නොයෙක් පරිද්දෙන් පූජාකොට බිම පසඟ පිහිටවූ මිහිපල්තෙමේ බුදුන් දළදාවෙහි ගෞරව ඇත්තේ වැඳ දළදා වහන්සේ සහිත රන්පියුම් හස්තපද්ම මස්තකයෙහි වඩාගෙණ ඒ දළදාගෙන් පිටත්ව රිදීකුඩයෙන් හා සෙමෙර වල් විජිනියෙන්ද රන්රිදී මලින් හා ලදැපස්මලින් නොයෙක් මිණිමුතුයෙන් හා රන් රිදියෙන්ද නන් විසිතුරු පිළියෙන්ද නන් අබරණින් හා නොයෙක් සුවඳ මලින් හා බොහෝවූ පහන් දුමින්ද සක් කස්තල ආදීවූ පසඟතුරු පිළිබඳ මනා රවයෙන්ද නන් දහස් සාධුකාරධව නියෙන්ද සයුර තරඟවැල සෙයින් කරණු ලබන පූජා පවත්නා කල මහා යසස් ඇතියේ සක්රුවන සහිත සක්විති රජක්හු සෙයින් ගොස් විවිධ විචිත්රස අලඞ්කාර මස්ත්රා්දියෙන් සරසන ලද දිව්යප මණ්ඩපයක් බඳු යහපත් ප්රතවර මණ්ඩපයෙහි සිටියේය. ජන ශ්රෙසෂ්ඨ රජතෙමේ දෙවසමූහයා විසින් පෙරටු කරණලද දෙව් රජහු සෙයින් කල්ප ලක්ෂර ගණනිනුත් ඉතා දුර්ලෙභවූ යහපත් බුදුන්ගේ වර දළදාව ජනසමූහයනාට දක්වමින් සියල්ලන් සතුටු කරවා කුසල් රැස් රැස් කෙ‍රෙමින් කරඬු ඇතුළට වැඩුයේයි. මෙසේ ජීවමාන බුද්ධ දර්ශසනය සෙයින් සර්වකප්රඩකාරයෙන් ජනසමූහයාද සතුටුව පින්රැස වැඩුයේය. ජනයාහට හිතවැඩකරු රාජමහිම ඇති බුදුසසුන් මනා කොට පිහිටුවීමෙන් හටගත් නන් වැදෑරුම් අපමණ පින් ඇති මිහිපල් කුල අබරණ බඳවූ මනාගුණයෙන් හෙබියාවූ මිහිපල්තෙමේ බොහෝ කාලයක් මුලුල්ලෙහි සියල්ල දිනේවා සියල්ල දිනේවා සියල්ල දි‍නේවා. පුණ්යා ත්‍ථිවූ රජතෙමේ මෙසේ නොයෙක් වර දළදාව දක්වා බොහෝ පින් රැස් කෙළේයි. බුදු රජු දළදාව උදෙසා පෙර ලක්හිමියන් විසින් පිදූ ගම් කෙත් මදකුත් නොනසා ඉතා පහන්වූයේ දවසක් පාසා මහපුද පවත්වමින් බොහෝ ඇතුන් අසුන්ද එසේම ගෙරි මී සරක්ද සමෘද්ධවූ මිනිසුන් සහිත රදාතල නම්වූ එක් ගමක්ද අනිකුත් මුතුගල නම් වූ මහ ගමක්ද පූජා කොට ඒ තෙමේ පුණ්යමසාරය අත් පත් කෙළේය. සාසනසුද්ධී කැමැති ඒ තෙමේ ලක්දිව වරයෙහි පෙර භික්ෂූකන් විද්යාඑමාන කල පැවිදි ලද්දාවූ සියලු හෙරණ පැවිදි වහන්දෑ අතුරෙන් පවට බානසුලු සමහරු මනාසිල් හා පිරිසිදු ආජීව ඇති සදහම් බුහුමන් ඇත්තෝ වුහ. සමහරු පවින් බරවූ දුස්සීල පාපස්වභාව ඇතිව අඹු දරු ආදීන් රකිමින් ගිහිකිස ඇලුනාහුය. නැකැත් වෙදකම් ආදී අයුතු කටයුතුතෙහි යෙදුනාහුය. රජතෙමේ එබඳු අලජ්ජීන්ගේ පවත්ද අසා මොනවට දැන සත්පුරුෂ ලජ්ජ පක්ෂ ගතයන් අතුරෙන් පිරිසිදු ආජීව ඇති ආරණ්ය වාසීවූ බුදුසසුන් වැඩුම් පිණිස කරණලද උත්සාහ ඇති සිල්වත් ගුණවත් බහුශ්රැැ


268 මහාවංශය


තවූ ව්යා කරණයෙහිද බුද්ධවචනයෙහිද විසාරදවූ සරණඞකර නම් ප්ර සිද්ධ ඒ සාමනේරවහන්දෑ මැනැවැයි සිතා උන්වහන්සේගේ ආධාරයෙන් රජතෙමේ දහම්වූ නියායෙන්විචාරමින් ඔවුන්ට නිග්රයහ කොට “මෙතැන් පටන් නැකැත් වෙදකම් ආදීවූද (අන්යනවූද) අකර්තටව්යමයන් හැර පැවිදි සියල්ලෝ හැම කල බුද්ධවචනයන්ද පිළිවෙත්ද රකින්ට” යි මොනවට අවවාදයත්දෙවා ඉතා පසුබැස්සාවූ සස්න වඩනා කැමති ඒ රජ තෙමේ ලජ්ජින්ට බල දී නානා උපායෙන් සස්නට සඞග්රනහ කෙළේය. මුළු ලක්දිව උපසම්පන්න භික්ෂූළන්ගේ අභාවයෙන්මුනි රජහු සුවිමල් සස්න විනාස වන්නේ යයි කම්පිතවූ මිහිපල් තෙමේ “මා වැනි රජක්හු ලක්රජය කරණකල බුද්ධශාසනයාගේ විනාසය යුතු නොවන්නොයයි සිතා පෙර රජහු දවස භික්ෂූධන් ගෙණෙනට ඒ ඒ තැන (ඇමතියන්) යවා නොලත් ඒ ශාසනාවෘධිය මමම කරන්නෙමැයි සිතමින් ජන ප්රසධානවූ මහපිත් ඇති මිහිපල් තෙමේ මහර්ෂි ශාසනයාගේ චිරස්ථිතියම කැමැතිවෙමින් බුද්ධපුත්රවයන් ගෙණ ඊම පිණිස බුදුන් පිරිනිව් තැන් පටන් දෙදහස් දෙසිය අනූ තුන් වස පැමිනි කල නොයෙක් ආකාර පඬුරින් හා නොයෙක් පූජා වස්තුයෙන් යුක්තවූ උතුම් රාජ සන්දේශද දී අයොධ්යෙ පුරවරයට ඇමතියනුදු යැවීය. මෙසේ ලඞකා නායක තෙමේ බුදුසසුන් සුවිශොධනය කරණු කැමැත්තේ තද්වර්ධකනය ආරමභ කෙළේය. ඒ ඇමතියෝ රාජ සන්දෙ ශාදිය ගෙණ මහපෙළහරින් මහත් ගෞරවයෙන් පිටත්වූහ. ලඞකාආරක්ෂාායෙහි නියුක්ත ඕලන්දහ මිනිසුන් හා නැව්නැගි ගොස් සියාම් දෙශයෙහි අයොධ්යාපුරයට ඔවුන් පැමිනි කල එරට මිහිපල් තෙමේ රාජසන්දෙසශාදිය පිළිගෙණ විධිවූ පරිද්දෙන් ඇමතියන්ටද කටයුතු සඞග්රිහ මොනවට කරවා උතුම් රාජසන්දෙපශය බැලීය. නුවණැත්තේ බුදුබැව්ම පතමින් දසපෙරුම් පුරන්නාවූ සස්න මොනවට රක්නාවූ ධාර්මුමික නම් ඒ නරපල්තෙමේ ලක්දිව්හි බුදු සසුන් පිරිහුන් බැව් ආදීවූ සියලු පවත් දැන වෙසෙසින්ම කම්පිත වූයේ “මම වනාහි බුදුසසුන් වැඩුම කරන්ට උපස්තම්භක වන්නෙමි” යි සිතීය. ඒ මිහිපල්තෙ‍මේ සියාම් ජනපදයෙහි සඟරජු ආදී බොහෝවූ බහුශ්රැ ත ධර්මහමධරයන්ද පැවිදිව බොහෝ කල්ගිය (තෙරුන්ද) විනය දන්නා මහතෙරුන් හා ශාසනාකෘත්යදකාරක සමත් (තෙරුන්ද) රැස් කොට මොනවට විචාරා අලේපච්ඡ සන්තුෂ්ට ගුණයන්ට ආධාරවූ ආචාර ශීලාදී ගුණයෙන් යුක්ත ‍උපාලිස්ථවිර ප්රචමුඛ අතිරෙක දශවර්ග ගික සඞඝයා ආරාධනාකොට ලක්දිව්හි නැති ධර්මපමවිනය පුස්තකයන්ද රන් පිළිමයක් හා උතුම් රන් පොතක්ද ලක්දිව් මහරජානන් කෙරෙහි පහන්ව උතුම් ‍රාජ ‍ශන්දෙලසයක් හා නොයෙක් පඬුරුද අයොධ්යනපුර රාජාමාත්යයයන්ද වෙසතුරු රජු වැනි වූයේ ඒ රජ‍තෙමේ ලක්දිව වර දළදා මැදුරට එවීය.


100 වෙනි පරිච්ඡේදය 269


මෙසේ රන්පිළිබිඹු ආදිය සපයා යම් නැවක් එවනලද්දීද ඒ මහ නැව්තොමෝ බොහෝ උපද්රිව ඇති අනෙක භයින් ආකීර්ණනණවූ ගැඹුරු මුහුද උපද්රොව රහිතවම අවුදින් යහපත් උතුම් ලක්දිව්හි ත්රි‍කෝණමලය තොට පැමිනියාය. ලඞකාධිපතිවූ ඒ මහරජ තෙම එපවත් අසා ශ්රීොවර්ධලනපුරයෙහි සියලු නුවරුන් රැස් කරවා මහසැණකෙළි කරවමින් පහන් රජතෙමේ මහමුහුද පටන් ශ්රීු වර්ධහනපුරය යම්තාක් නම් එතෙක් මාර්ගනය ශුද්ධකරවා ඒ ඒ තැන ආරාමයන්ද කරවී. ඒ ජනෙන්ර්ළි තෙම මහසෙනෙවි ආදීවූ ඇමතියනුදු යවා බුදුන් පිළිරූ හා දහම්පොත් බික්සඟන ආදී සිල්ල යථාක්ර්මයෙන් ගෙන්වා මහත් ගෞරවයෙන් හා මහත් පෙළහරින්ද දුරුමග ගෙවා සමනළ ගලින් වැටුනාවූ මහවැලිගඟ වෙත පැමිනිකල ශ්රී වර්ධසන පුරාධිශ්වර පුණ්යිකාමී මහයසැති ජනශ්රෙූෂ්ඨතෙමේ තුනු රුවන් සඳහා පෙරගමනින් උපදනා ඵලය කැමැත්තේම ඇත් අස් ආදියෙන් හා බලසෙනඟන් පෙරටු කරණ ලද්දේ පෙරගමන් කොට ශ්රයද්ධාවෙන් උතුම් වූ මහතෙරුන් ආදී මහ සංඝයා වැඳ එකෙණෙහි සතුටු වි. සමග සතුටුවිය යුතුවූ කථාවද මොනවට කොට නිමවා තුණුරුවන් පෙරටු කොට ගෙණ සියපුරයට අවුත් පුෂ්පා‍රාමයෙහි මනා තැනෙක කරවනලද මනරම්වූ උළුසෙවෙනි ඇති අලඞකෘත සඞඝාරාමයෙහි ප්රරවර ඒ භික්ෂුව සඞඝයා වස්වා ඉන්පසු සකස් කොට (සිවු) පසයෙන් උපස්ථාන කෙරෙමින් දවස් පතා සැපදුක් පිළිවිසිනට ඇමතියනුදු නියෝග කෙළේය. අයොධ්ය්පුරයෙන් ඒ මහරජහු විසින් එවලලද උත්තම රාජ සන්දෙනශාදිය ගෙන්වා ගෙණ ආවාවූ රාජදූතාදී ඇමතියන් සුදුසු තන්හි වස්වා ඇමතියන්ට කටයුතු සඞග්රවහ කරවා බුදුන් පිරිනිව් පසු දෙදහස් දෙසිය සයානූවන ඒ අවුරුද්දෙහි ඇසල මස සපැමිනි පුණු පොහෝ දවස්හි මහබල ඇති ඒ මහිපති මනුජෙන්ර්හි වු මහරජ තෙම මහත් රාජනුභාවයෙන් යුක්තවූයේම ආරාමයට වැද ඊ මැද යහපත් පො‍හෝගෙහි මොනවට අසුන් පණවා ශීලාචාරගුණයෙන් යුක්ත තියුණු උපාය දන්නා මහඋපාලි තෙරුන්ද සියලු සතුන් හිතවැඩෙහි ඇලුනු දෙවෙනි අරියමුනි තෙරුන්ද සඞඝයා සමඟ වඩාගෙණවුත් වැඩහිඳුවා උන්වහස්සේලා ලවාම ල‍ෙඞකන්ර් රජතෙමේ එකල්හි මහපෙළහර පවත්වමින් ලක්දිව්හි හෙරණුන්දැ අතුරෙන් ප්රමධානයන්ට උපසම්පදාව දෙවි. එතැන් පටන් සද්ධර්මර ශබ්දශාස්ර්රමඟයන්හි සමත්වූ හෙරණ පැවිදි ආදීන් ගෙන්වා උපසම්පදා දෙවමින් එසේම අනුක්ර්මයෙන් උතුම් බුදු සස්නෙහි පැවිදි උපසම්පදාවට සුදුස්සන් මොනවට විචාරා ඔවුන්ට මනාකොට පැවිදි උපසම්පදා දෙවා ලක්දිව භික්ෂුාසඞඝයා බොහෝවූ කල උන්වහන්සේලා අතුරෙන් ආගම පිළිවෙත්රැකීමෙහි නිති අදර ඇති සමත්වූ ගුරුතන්හි තැබිය යුතු වහන්දෑ විචාරා අයොධ්යාහයෙන් වැඩි සඞඝයා කෙරෙහි හික්මෙනුවට උන්වහන්


270 මහාවංශය


සේලා මෙහෙයා, බුදුසසුන්කරු ඒ ලජ්ජි භික්ෂූංන් අතුරෙන් ලක්දිව බොහෝ කලක් විනාසද්වාරයට ආවාවූ බුදුසස්න බබුලුවන්ටම යමෙක් තෙමේ බොහෝ කාලයක් කළ උත්සාහ ඇත්තේද, යමෙක් තෙමේ අනලස්වූයේ රෑදෙවෙහි බුදුසසුන් පිළිබඳ දහම් හා පිළිවෙත් නුවන පමණින් බල පමණින් බැබලවීද, එසේම යමෙක් තෙමේ අන්ය්වූත් බොහෝ ශිෂ්ය්යන් දහම පිළිවෙත සකසා හික්මවා මෙහි සස්න බැබලවීද, යමෙක් තෙමේ ස්වාත්ථි්යෙහිත් පරාත්ථිසයෙහිත් යෙදුනේ බුදුන් සසුන් කලක් පවත්වනු කැමැත්තේද එසේම යමෙක් තෙමේ සුද්ධාජීවයෙහි ඇලුනේද යමෙක් තෙමේ ලක්දිව්හි හිතකාමී සියලු බුද්ධපුත්රෙයන්ට ගුණශීල ධුතාභාදියෙහිද කැඩපතක් බඳු වීද, යමෙක් සාමණෙර කාලයෙහි සරණඞකර නම්වීද, උපසම්පදාවූ පසු ශීලාචාර සම්පන්න ඒ ජින්ත්රය ජයන්වහන්සේ සඞ්ඝ‍රාජභාවයෙහි පිහිටුවා උන්වහන්සේ අනුගත භික්ෂූින් අතුරෙන් බුදුසසුන් කටයුත්තෙහි යමෙක් දක්ෂටනම්, එසේම යමෙක් සුපෙසලනම්, විහාර දෙක්හි වැසි එබඳු වහන්සේද විචාරවා උන් වහන්සේලාට තනතුරු දී බුදුසසුන්කරු සියල්ලෝ සමගිව රෑ දෙවෙහි නොමැලිව විනය යම්සේ නම් ධර්මසය යම්සේ නම් එසේම කළ මැනවැයි නියම කොට රජතෙමේ බොහෝ සඞග්රධහ කොට කලක් පැවැත්ම පිණිස මෙසේ මොනවට ලක සසුන් බැබලවී. සියාම් දෙසයෙන් මෙහි පැමිනි රාජදූතාදීහු ද රාජසන්දෙනශාදිය දී රජහු දුටහ. ලක්දිව්නා මහරජ ඒ සියල්ල පිළිගෙණ ප්රීවර රාජ සන්දෙෙශය යෙහෙන්බලා පහන් මිහිපල්තෙම ඔවුන්ට සඞග්රගහද කෙළේය. තමා සඳහාත් අනුන් සඳහාත් නැවත නැවත සසුන් වඩනු පිණිස කළ පින් ඇති දහම් කැමති සසුන් හොබවන යහපත් නැනැත්තේ ආරාමයට පිවිස සඟ මැදට ගියේත් සසුන් පැවැත්මට කරුණු නොයෙක් පරිද්දෙන් විචාරා සසුන්ම බබුලුවන්ට සිතමින් මිහිපල් තෙමේ ප්රනවර උපාලි මහතෙරුන් සකසා ආරාධනා කොට දික්සඟියෙන්ද සංයුත්සගියෙන් (අනිකුත්) සද්ධර්මද සඞග්රුහදීවූ නොයෙකුත් ග්රනන්ථනයෙන්ද දශ ප්රුකාරයෙන්වූ රාජධර්ම්යන් හා සිවුසඟරාවතුන්ද යන මේ ආදිය අසා උපන් සැදැහැ ඇති මහ පැණැත්තේ කටයුතු නොකටයුතුද පින් පව්ද වරද නිවරදද දැන නොකටයුතු පාපධර්මමයන් හා වරද දුරුකොට කටයුතු දහම්හි සහ අනවද්යකයෙහිතමා යෙහෙන් පිහිටවී. දවසක් දවසක් පාසා දානාදී නොයෙක් පින්කම් කෙරෙමින් මුළු නුවර පෙර (කීවාක්) සෙයින්ම අලඞකාර කරවා අයොධ්යළයෙන් ආ ඇමතියන් එසේම ලඞකාවැසි සියල්ලන්ද උපාලි මහතෙරුන් ආදී භික්ෂූඅන්ද එසේම ලක්දිව් වැසි (නවක) භික්ෂූහන්ද සාමණේර ආදීවූ ද සියල්ලන් රැස්කරවා ආදර සහිත වූයේ ඒ සියල්ලවුන්ගේ වැඩ සඳහාත් හිත සුව සඳහාත් රාජාභරණදී නොයෙක් පූජා වස්තුවෙන් පෙර සෙයින් සැණකෙළි පවත්වමින් දළදාවහස්නේ දැක්වීය.


100 වෙනි පරිච්ඡේදය 271


මියුගුණු සෑ ආදීවූ චෛත්යේස්ථාන වඳනා කැමැති රාජදූතාදී ඇමතියනුත් ලක්දිව්හි ඇමතියන් හා ඒ ඒ තන්හි යවා රි‍ස‍ිසේ වඳවමින් ඔවුන්ට කටයුතු සඞග්රවහ මොනවට කරවා යැවී. එසේම ප්රිවර උපාලි තෙරුන් ආදී භික්ෂූ්සඞඝයාත් පූජාවස්තුත් දී ඇමතියනුදු මෙහෙයා, මියුගුනු ආදී ලක්දිව උතුම් සොළොස් (මහා) ස්ථානයන් හා ශ්රීනවර්ධරන පුර‍ාදියෙහි චෛත්ය යන්ද වඳවා බධසීමා කරවා භික්ෂූාන් වැඩෙහි කැමැත්තේ පොහෝ ගෙවල් හා ආවාසයන්ද තන්හි තන්හි කරවී. භික්ෂූිසඞඝයා කෙරෙහි මොනවට පහන් ඒ රජ තෙමේ තුන් අවුරුද්ද ඇතළත අරම්ද කරවා භික්ෂුැසඞඝයා වස්වා වස්කල කටයුතු උපකාරයනුදු කරවා සදහමුත් අසා පොහෝ පෙහෙවස් විසී. සඞඝයා පවාරණය කළ කාලයෙහි ‍නොයෙක් පිරිකරින් හා පිරිවර සිවුරෙන් යුත් කෙළින් සිවුරු දුන්නේය. තුන්හවුරුදු ඇතුළත උතුම් ඒ සඞඝයා කෙරෙහි සත්සියයක් පමණ උපසම්පදා කරවමින් ජනසමුහයා කෙරෙහි හිතකාරී රජතෙමේ තුන්දහසක් පමණ කුලපුත්රමයන්ට උතුම් හෙරණ පැවිදි දෙවී. ලොවට පථ්යතකාරී ජනාධිපති රජතෙමේ මෙසේ ශාසනවෘධිය කෙළේය, එහෙයින් සතුටු සියල් බ්රනහ්ම සුර අසුරයෝ ඒ මහීපතියා හට ශ්රීක ආයු දෙත්වා. ලක්සසුන් ‍වැඩුම්හි බොහෝ උපකාරකරවූ මනාපැණැති ධර්මතමික නම් (සියම්) නරපති තෙමේ බුදුබවම පතමින් සීලාචාර ගුණයන්ට වාසභවනවූ සැදැහැ ආදී ගුණයෙන් හෙබියාවූ මහා විශුද්ධාචාය්ය්සී තෙරුන්ද ගුණකරවූ තියුණු බුද්ධි ඇති වරඤාණමුනිනම් අනු තෙරුන්ද යන දෙදෙනා ප්රණධාන කොට ඇති දශවර්ශාධතිරෙක සුපෙසල සඞඝයා ඒ අයොධ්යාදපුරයෙන් සූකරසංවතසරයෙහි ලකසසුන් වැඩුම් පිණිස නැවත ලක්දිවට එවුයේයි. ඒ සඞඝයා මෙහි පැමිනිකල මහා යසස් ඇති ලක් රජ තෙමේ පෙ‍රසෙයින් මහත් ගෞරවයෙන් නුවරට ව‍ඩා ගෙණවුත් මල්වතු වෙහෙර වස්වා සාදරයෙන්ම දවස්පතා නීති බත් ආදී සියල්ල පෙර යම්සේ නම් පසුත් එසේම දුන්නේය. ප්ර්වර ඒ උපාලි මහාස්ථවීරතෙමේද තුන් අවුරුද්දෙහි ශාසතෘ ශාසනවෘධි පිණිස රෑදෙවෙහි නොපමාවූසේක්ම කටයුතු කිය කොට පින්රැස රැස්කළ කල්හි උපන් නාසිකා රෝගයක් ඇතිව එයින්ම ඉතා මිරිකු‍ණුසේක. ගිලන්බවට පැමිනි ඒ උතුම් මහ තෙරුන්ට සිංහලාඞස්ථර මහ යසැති රජතෙමේ මනා කොට බෙහෙත් හා උපස්ථාන කරවමින් නැවත නැවත ආරාමයට ගොස් රෝගයෙන් බැගෑ මහතෙරුන් දැක කම්පිත සිත් ඇතිතේ අසාධ්ය යයි දැන පූජා වස්තුවෙන් නොයෙක් පරිද්දෙන් බුදුපුද පවත්වා ප්රා්පතිදානයද දෙවී. පසුව කලුරිය කළාවූ තෙරුන්වහන්සේගේ ශරීරයත් මහඟු පිළීගෙයක තබා සකස්කොට මහ පෙළහරින් වඩා ගෙණවුත් නොයෙක් පූජා විධානයන් පවත්වමින් ජනශ්රෙිෂ්ඨ තෙමේ ආදාහන කෘත්යි කරවා පින්රැස් කෙළේය.


272 මහාවංශය


“ ලක්දිව බුද්ධශාසනයාගේ වෘධි පිණිස දෙවරක් භික්ෂු සඞඝයා එවීමෙන් හා මුළු ලක්දිව එක් භික්ෂූාකෙනෙකුත් නැතිකල නොයෙක් සියගණන් භික්ෂූමන් පහල කිරීමෙන්ද මෙහි නොයෙක් පොත් එවීමෙන්ද ස්යා මදෙශ නායක ධාර්මිමික නම් නරශ්රෙෙෂ්ඨ තෙමේ මුනි සසුන් වැඩුම්හි උපකාරකය”යි දැන “ බොහෝ උපකර කළ එබන්දන්හට මමද කටයුතු සඞග්රෙහ මොනවට කරන්නෙමැ”යි සිතා බුද්ධ දාඨා ධාතුයෙහි සටහනක්ද මහඟු මිණි රුවනකින් නෙළූ බුදු පිළිරුවන්ද දකුණට කරකැවුනාවූ සක් ආදී නන් වැදෑරුම් බොහෝ පඬුරුද ප්රපවර රාජසන්දෙරශයක් දී ඇමතියන් නියම කොට සියරට වඩනා කැමති භික්ෂූ සඞඝයාත් ඔවුන් සමගම සියරට යැවුයේය. මහත් ගෞරවයෙන් ඒ සියල්ලනුදු ගෙණ ඒ ඇමතියෝ ගොස් ඒ සියම් දේශයට පැමිනිකල ධාර්ම්මික රජතෙමේ ඉතා තුටුසිත් ඇත්තේ බුදු දළදා ලකුණු ආදිය බලා රිසිසේ බුදු දළදාව ලද්දෙකු සේම පහන්වූයේ දවස් පතා මහ පෙළහර කරවමින් රාජසන්දෙිශයෙහි ප්ර්කාශවූ සසුන් වැඩුම් ආදියෙහි පින්දීම් ආදීවූ බොහෝ වචනයෙන් අසා දැන ලක් රජහට පැහැද ලක්දිව්හි නැති බොහෝ පොත්ද ශ්රීෙපාද ලාඤ්ජනයක්ද මනොඥ බුද්ධ දෘෂ්ට්රා ධාතුවට පූජා පිණිස රන්මඩු කුඩද රාජ පරිභොගයට සුදුසු නන්වැදෑරුම් දැකුම් කටයුතු මනරම් පඬුරුද තමන් විසින් කරවනලද උපසම්පදාදී සියලු පින්කමෙහි පින්ද දී දෙරජුන්ගේ මිත්රවබන්ධලනයට යුතු කාරණයන් ප්රිකාශ කොට ලියනලද උතුම් රාජසන්දෙනශයක්ද යන සියල්ල දී ප්ර වර මනා ලක්දිව් එවී. මහයසස් ඇති ලක් රජතෙමේ ඒ සියල්ල ගෙණ සදහම් පොත් හා මුනි පා සලකුණු ආදිය දැක සතුටුව මහා පූජාද මහ පෙළහරද කරවා සියල්ලන්ට දැක්වී. සන්දොශය බලාත් එහි ප්රයකාශවූ ප්රාශප්ති දානාදී මිත්ර බන්දීන ප්රිකාශ බොහෝ වචනයන්ද මනාකොට දැන පින් අනුමෝදනාවෙන් හා අතිසොම්නසින් යුත් සිංහලාධීශ්වර තෙමේ “සසුන් වැඩුම් ආදීවූ පින්කමින් උපන් ඵල සාන්දෘෂ්ටික වසයෙන්ම දර්ශ නය කෙළෙමැ”යිද “ආයතීභවයෙහි මනාකොට වින්දයුතු ඵලයෙහි කථාම කිමැ” යිද සිතා මෙසේ තුණුරුවන් විෂයෙහි යෙහෙන් පහන් ඒ මිහිපල් තෙමේ ආරාමට වැද දෙවෙනිවර වැඩියාවූ මහතෙරුන් කෙරෙන් සදහම් අසා ලක්වැස්සන් අධිශ්වර තෙමේ පළමු වැඩි සඞඝයා කෙරෙහි උපසපන් භික්ෂූවන් විශුද්ධාචාය්යාා දී භික්ෂුනසඞඝයා කෙරෙහි හික්මෙන්ට නියොග කොට අන්යි වුත් බොහෝ කුලපුතුන් ඒ තෙරුන් කෙරෙහි යෙහෙන් උපසම්පදා කරවී. ඒ ලක්වැසි භික්ෂූ.න් ‍අතුරෙන් ගුණයෙන් හෙබි කිසිවෙක් මහා විශුද්ධාචාය්ය්හි නම් තෙරුන්වෙත නිවන්මංවූ ඒ විවසුන් උගත්හු. සමහරු වරඤාණමුනි නම් අනු‍තෙරුන්වෙත සදහම් විනය අරුත් හා සදසතරද උගත්හ. මෙසේ ලකිසුරු රජ දහම්හිද පිළිවෙත්


100 වෙනි පරිච්ඡේදය 273


හිද ලඞකා භික්ෂූින් නියෝග කොට බුදුසස්න රැක්කෙයි. ඒ ලක්දිව් වැසි භික්ෂූහහුද පමානොව නුවණැතිව ශීලාචාර ධුත අලෙපච්ඡ ආය්ය්ක් වංශයන්හි යෙදුනාහු මැලි නොව අලස නොව බුදුසසුන්හි පිළිපදනෝ රෑ දෙවෙහි නොපමාව ග්ර්න්ථයධූර විදර්ශසනාධූර ඇත්තෝ වූහු. සෙනසුන් දීම් ආදියෙන් ඒ රජතෙමේ උන්වහස්සේලාට සඞග්ර හ කෙළේය. සියරට වඩනා කැමැති දෙවෙනිවර සියාම දෙශයෙන් මෙහි වැඩි භික්ෂූවසඞඝයාත් ඒ රජතෙම ඕලන්ද වෙළදුන්ගේ උපකාරයෙන් වැඩමවී. ශ්රීෂවර්ධානපුරයෙන් නැගෙනහිර දිග ඉතාදුරු නොවූ හොබනාතැන සුපිහිටි ‍ගලෙක ගල්වඩුවන් ආදී දක්ෂුවූ කම්කරු වන් ලවා (වඩු) නවරියන් පමණ උස් උතුම් සිරියෙල් බුදුපිළිරුවක් මනාකොට කරවා ඒ පිළිරුව රත්පටින් වස්වා දිමවනුබුදුන් බඳු ඒ බුදුරුව ඇතුල්කොට උස් ගන මනා ගල්බිත් කරවා මනහර ගල් ටැම් හිඳවා යාපත් දෙමහල් ගෙයක් හා විසාල මලුවක්ද කරවා දැකුම් කටයුතු එහි මහත් මැදුරුදු කරවා පව්රු මඩු ආදියද මනා කොට කරවා නන්විසිතුරු වතින් වියන් තිර බැඳ ඊවටා තොරණුදු අතුරු නැතිකො‍ට බඳවා නානා අලඞකාරයෙන් නොයෙක් පරිද්දෙන් සරසා නානා ධ්වජ පතාකාවන් ඒ ඒ තන්හි නංවා එහි නෙත් තබන පින්කම් දවස්හි පහන් පෙත් දල්වා පුන්කලස් තබ්බවා මංගලසම්මත විවිධ විධානයද එහි කටයුතු සියල්ලද මොනවට සදවා එහි විසිතුරු සිත්තම් කළවුන්ට රිසිසේත් වස්ත්රාලභරණදී බොහෝදෑ දී නොයෙක් පරිද්දෙන් උන් සතුටුකරවා, සක් කස්තල ආදී තූය්ය්ී නයන්ගේ මහහඬ මහසයුරු ගොස සෙයින් මනහරකොට පවත්වා මඞ්ගලසම්මත නැකැත් මොහොත් ඇති මනායයි සිතෙන යහපත් දිනෙක නෙත් තබ්බවා මහපෙළහර කෙරෙමින් නොයෙක් රිදී පාත්රපද බොහෝ රිදී භාජනද මහඟු පිරිකරද මාහැඟි තුන්සිවුරුද පතාක හා ධවලචඡත්ර‍ද වල්විදුනාද මේ ආදී යහපත් හොබනා සියලු පූජාවස්තුන් බුදුපුද අනුසස් මෙනෙහි කෙරෙමින් ජීවමාන බුදුන් හමුයෙහි සෙයින් විශෙෂයෙන් පහන් රජතෙමේ සිතා පින්කැමැත්තේ පිදුයේය. බොහෝවූ මිහිරි ආහාර කැඳ අවුලු ආදී නානා ආහාර වර්ගපගයන්ද සකුරු මී බුලත් සුනු කපුරු ආදියද බෙහෙත් සඳුන් ආදී නොයෙක් සුගන්ධදයන්ද දැසමන් සපුමල් ආදී යහපත් මනරම් පුෂ්පයන්ද මේ ආදී සියලු පූජාවස්තූන් පුදා බුදුපිළිරූකරු ආදීන්ට ඇතුන් ගෙරින් ආදීවූ සචිඤ්ඤාණක අවිඤ්ඤාණක නානා වස්තූන් ප්රීදානයෙන් ඔවුන් සතුටු කෙළේය. ධනයාගේ අසාරය දැන එකල ඒ රජහු ඒ විහාර පූජාහි පරිත්යාඅග කළ ධනය එකසියපණසක් අධිකවූ සොළොස් දහසක් වූහ. ඒ විහාරය මහත්වූ දැකුම් කටයුතුවූද ‍හොබනාවූද මාවැලිගඟ ඉවුරෙහි මනරම් භූමිභාගයෙහි කළහෙයින්ම ගගාරාමයයි ප්රනසිද්ධ විය. රජහු. 2N 33-16


274 මහාවංශය


විසින් කරවනලද හෙයින් රජමහවිහාර නම්විය. මෙසේ මනා කොට කරවනලද සෞභාග්යහශ්රීවන් සංයුක්ත ඒ විහාර‍යත් නුවරට පැමිනි සතුරෝ නැසූහ. රජතෙමේ ඒ විහාරය මොනවට පියවිකම් කරවා පූර්වෙනෙත්රපපින්කම්හි සෙයින්ම මහපෙළහර කරවා නෙත්රි පින්කම්ද කරවා සිත්තර ආදීන්ට වස්ත්රා භරණදී වස්තූන් අනල්ප කොට දීමෙන්ද ජනශ්රෙතෂ්ඨ තෙමේ නොයෙක් පූජා වස්තුවෙන් පුදා ඒ වෙහෙර වෙත මනරම් සගරමකුත් කරවා දහම්හි පිළිවෙත්හි යෙදුනු නීතිආදර ඇති බික්සඟහු වස්වා නොයෙක් පසයෙන් රත්නත්ර්යෙහි ආදර සහිත ඒ තෙමේ උපකාර කෙරෙමින් පෙරකී ක්රනමයෙන්ම බුදුපුද පවත්වා දහම් හා සඞඝයාත් එකවටම පුදා තමන්ටත් ලොවටත් පින්රැස වැඩී. මෙසේ කරවල ලද මනා දැකුම් ඇති සිත්කළුවූ විහාරය (නිමවා) එහිම පවත්වනලද අනල්පවූ සියලු පූජාවිධියද සඞඝදානාදිවූ බොහෝ පින්කම්ද කලක් පවත්වන්ට මිහිපල්තෙමේ වෙහෙර සමීපයෙහි අරුප්පලයයි නම්වූ එක් ගමෙක්ද අන්ය්වූත් බොහෝ ග්රාපමක්ෂෙලත්ර යන්ද යන මෙය හා උයනුද නියමකොට මායාදුනු නම් රට “මිනිසුන් සහිත දියගම්ය’යි නම් මහගමක්ද දී එහිම සිත්කළු පව්වෙක අකුරුද කොටවා ස්ථිරකොට පැවැත්වී. මෙසේ ශ්රී්ධරවූ ගුණවත්වූ ‍රාජාධිරාජ තෙමේ ලද සම්පත්හි අසාරය දන්නේ බුද්ධපුත්රෙවූ ප්රකවර සඞඝපූජාද මොනවට කරවා සැදැහැත්තේ නිරන්තරයෙන් සියලු පින්සාරය අත්පත් කෙළේය. එහෙයින් තෙපි සියල්ලෝද නිරන්තරයෙන් අනලද වූවෝ පින්කම් කරව්.

	කුඩසාල නම්වූ යහපත් ශාඛානගරවරයෙහි සිත්කළුවූ උයන්හි ප්රාකකාරමඬපයෙන් යුක්තවූ යහපත් දැකුම් ඇති විහාරයක් මොනවට සර්වමඥධාතු (පිහිටුවල ලද) පිළිමද කරවා එහිම කොස් අඹ පොල් ආදී පලතුරින් හෙබියාවූ අළුත් උයනක් හා බොහෝ ගම් කෙත් හා ආරාමිකයන් පුදා ආහාරපූජාදී සියලු පූජාවිධියද පින් කැමති රජතෙමේ දවස්පතා පැවැත්වී.

සීතාවක් නුවර රාජසිංහයයි ප්රේසිද්ධ වූ යම් පවිටුරජෙක් තෙම පිතෘ ඝාතක කර්මවය හා බුද්ධශාසන හානියත් කටයුතු නොදැන කෙරේද මිථ්යාතදෘෂ්ටි ගෙණ ( එම) මිථ්යාධදෘෂ්ටින් කෙරෙහි භක්ති ඇත්තේ සුමන කුටයෙහි සමුබුදුන් උතුම් පාදසටහන්හි උපදනා ලාභය ගන්ට ඒ (මිසදිටුවන්) යෙදී, එතැන් පටන් ඒ සියල්ල මිථ්යාදදෘෂ්ටිහු විනාස කළෝය. මහා යසස් ඇති මහ රජ තෙමේ එපවත් අසා (ඒ) අයුක්තයයි සිතන්නේ බුදුන් කෙරෙහි ගෞරව ඇති ඒ තෙමේ “මෙතැන්පටන් නහමක් එසේ කෙරෙත්ව” යි මිථ්යාඇදෘෂ්ටින්ට ආඥාකොට සකසා එහි කටයුතුවූ බොහෝවූ පූජාවිධිය පවත්වන්ට බුද්ධ පුත්රමයන් මෙහෙයා මිනිසුන් සහිතවූ ඉතා සමෘද්ධවූ කුටටාපිටිනම් මහගමද පුදවා පා සලකුණෙහි වැසි අව් වලකන්ටත් මස්තකචඡත්ර


100 වෙනි පරිච්ඡේදය 275


යෙන්* හෙබියාවූ වියන් සහිත මඩුව කරවා යදමින් බැද පූජාවිධිය පවත්වා බොහෝ කුසල් රැස්කෙරෙමින් එහි උපදනා ලාභයත් සසනෙහිම යෙදිය. මෙසේ අඥාන රජහු විසින් උතුම් බුදුන් ගුණ නොදැන යමක් කරණලද නම් අපගේ සිංහලෙන්ර්ව ශ්රී ධරප්රරවර තෙමේ ඒ අයුක්තියයි සිතා ඒ අක්තිභව්යඬය දුරලා බුදුන්පිත් නිමල් බික්සඟහු යොදා ප්ර වරාමෘතදායකවූ බුද්ධපූජාවා ඒ ‍ජනෙන්ර්ඒ තෙම පැවැත්වී. තවද වළගම්බා අබා මහීනායක රජු විසින් කරවනලද විනාශබවට ගිය ප්ර සිද්ධ මැදවෙල විහාරය හා එම විහාරය පිළිබඳ සෑයද මෙන වට කරවා ශෘඞ්ගස්තල ගමද පුදා දවස් පත් එහි මොනවට පූජාද පවත්වා ආයතිගමනීයවූ ඒ ස්වර්ගලග මාර්ගපගයද හෙලි කෙළේයි. දෙවනගල විහාරය සතු රන්දෙණි නම්වූ පූර්වරයෙහිම වෙන්ව ආවාවූ ගම පින්කැමති මහා යසස් ඇති නරශ්රෙනෂ්ඨතෙමේ ගල්අකුරු සටහනින් දැන පුදා පූජාපැවැත්වීය. නරශ්රෙරෂ්ඨතෙමේ මැද්දේපල විහාරය කරවන්ට සඞඝරක්ෂිුත වහන්සේට මොනවට සඞග්ර්හකොට සැතපෙන මහපිළිම ආදිය කරවා නිමි කල මහපෙළහර පවත්වා එහි නෙත්රරපින්කමද කරවා පූජාවිධානය පවත්වන්ටත් මල් ගමු නම් ගම පුදවා දවස්පතා මොනවට පූජා පැවැත්වීය. මෛත්රෙැය මුනීන්ර් ් යන්ගේ අග්ර ශ්රා වකවරය පතා ආ දුටුගැමුණු රජු විසින් කරවනලද මහත්වූ ඒ රිදීවිහාර රජතෙමේ සිද්ධත්ථ නම් හෙරණුන්දැට දී ඒ හෙරණුන්දැ උපසම්පදා කරවා ල‍ෙඞකන්ර්් තෙමේ ඒ වහන්සේට හා උපොසථාරාමවාසී සියලු බුද්ධ පුත්රේයන්ටත් තනතුරුද දී නොයෙක් පරිද්දෙන් සඞග්රාහ කෙළේය. කලක් ජරා වාසවූ ඒ වෙහෙර කරවන්ටත් නොයෙක් කමකරුවන්ද බොහෝ සිත්තර ආදීන්ද බුදුරුවෙහි ගානට යහපත් වර්ණකණ ඇති බොහෝ රන්ද හස්තකර්ම්මාදී සියල්ලද ලක්දිව් නාරනාතෙමේ දිනි. ඒ සියල්ල ලැබුවාවූ ඒ සිද්ධත්ථත නම් යතිනා තෙමේද ජරාජීර්ණේණාදී සියල්ල සකසේ බැහැරකොට සෙල්මුවා ගනතුගු බිතු හා ගෙබිමත් බැහැර මඩුවත් හොබනාකොට කරවා උඩගලෙහිත් මාරයුධ සහිතවූ බුදුපිළිරූ හා නොයෙක් මල්වැල් ආදියද මොනවට ( සිත්තම්) කරවා යහපත්වූ උළින් සූණීන් මැටියෙන් සැතපෙන මහපිළිරුවක් හා එසේම උන් සිටි බොහෝ මුහුර්ත්තමුනි ආදී පිළිරූත් කරවා ඇතුල්බිත හොබනා දහසක් පමණ බුදුපිළිරූ විසිතුරු සිත්තමින් මනාකොට කරවා සැතපෙන මහපිළිමයෙහි පාමුල යථාක්ර මයෙන් බුද්ධෝපස්ථායක ධර්මරමභාණ්ඩාරික අනදතෙරුන්ගේද මෙතේ බෝසතුන්ගේද නාථදෙව්වරයාගේද ගැමුණු රජුගේද හොබනා රූ කරවා පස්මහ බුදුරූ රණින් ආලෙපද කොට නොයෙක් පරිද්දෙන් ඇතුළ කටයුතු කම් කරවා බැහැර බිතද පූජා පිණිස ආවුන් වැනි මල්ගත් අත් ඇති භාස්වරවූ දෙව්බඹ රූ පෙළද දැකුම්

  • ඊයටඝතිස් තෝ


276 මහාවංශය


කටයුතු සිත්කළු මහත් තොරණක්ද දොරදෙපස සිංහරූ දෙකක්ද සෙසු බිත් ඇතුළත අමනුෂ්යු රූපයන්ද කරවා මියුගුනු සෑ ආදී උතුම් සොළොස්තැනද සච්චබඩ පර්ව්තයෙහි විසිතුරු පදසලකුණද දශප්ර කාර පාරමී හා ත්රිළවිධචරියා පංචමහාපරිත්යාුගාදී ධර්මතමප්‍රකාශිත බොහෝ ජාතකයන්ද, විසිතුරු සිත්තමින් කරවී, සිංහපෙළය, ඇත්පෙළය, හංස පෙළය, මණ්ඩපය, එසේම නොයෙක් ආකාර ඇති මල්වැල්ය, (යන මේ) කරවා පසුව එම ගලඋඩ සිත්කළු ලෙන්හි දැකුම් කටයුතු යහපත් ප්රයවර මහපිළිම ගෙයක්ද කරවා සකස්කොට බොහෝ ගල්කම් ආදිය (කරවා) එහි වැඩහුන් හොබනා දිවමනු බුදුන් වැනි මහත්වූ දර්ශමණීයවූ එම පිළිරුව හා දැලයෙහි මනාදැකුම් ඇති උස් සිටිපිළිම දෙකක්ද මෙතේ බෝසතුන්ගේත් උපුල්වන් දෙව්රජහුගේත් පිළිරූද එහි කරවා අන්යිවූ බොහෝවූත් බුදුපිළිරූ හා නොයෙක් සියගණන් රහත් රූද එසේම සූවිසි බුදුන්ද එතෙක් බෝධිද සියලු සූවිසි විවරණයද සොළොස්මහතැන්ද භූතරූපාදීන්ද යහපත්වූ පංචප්රූකාර සහිතද දැකුම් කටයුතු අන්යපවූත් විසිතුරු සිත්තම නොයෙන් පරිද්දෙන් කරවා එහිම බුඬධාතූන් වඩා සෑයකුදු කරවා රන්කොතින් අලඞකාර කෙළේය. ඒ උතුම් මතුලෙනෙහි පිළිමගෙයක්ද සැරියුත්මහතෙරනුවන් ආදී පන්සියයක් පිරිවර සහිත වැඩඋන් පිළිමයක්ද දැකුම් කටයුතුව කරවා ඒ ඒ මිදුල්හි පව්රු හා මඩුද එසේම නොයෙක් දොරකොටුද හිණිපෙතිද ඒ ඒ තන්හි අනිකුදු යහපත් කර්මාඩන්තද බොහෝවූ ජරාවාසයට ගියදැ පිළියම්කිරීම් හා අලුත් බොහෝදෑද මනොහර සියලු කර්ම මාන්තයන්ද කරවා එහි නෙත්රි තබන පෙළහරෙහි රජහු වස්ත්රාිභරණාදීවූ බොහෝදැදී ඇමැත්තන් එවුකල නන් තොරන්පෙත් අතුරු නැතිකොට සරසවා එහි කටයුතු බොහෝවූ අලඞ්කාරද කරවා උතුම් මඟල විධියද කරවා සකස්කොට මහ පෙළහරද පවත්වා යහපත් නකත් මුහුර්තඟයෙහි එහි නෙත්රම පින්කම් කොට එතැන් පටන් මුළු රටවැසි බොහෝ ජනයෝ ගොඩගමන් ගත් සමුදුරසේ ඒ ඒ දිගින් අවුදින් රැස්වූහ. සියලු ජනයෝ එහි කරණලද්දාවූ බොහෝවූ රන්කම් ආදී නොයෙක් දෑ දැක ඉතා පහන් සිත් ඇත්තාහු යමකප්රාෝතිහාය්ය්යෙ යෙහි බුදුන් දුටුවාසේ පහන් ඔදවැඩි සිත් ඇත්තෝම සාධුනාද පෙරදැරිකොට මහපුද පවත්වමින් ස්වර්ග්මාර්ගෙය පිරිසිදු කළෝ. ඒ වෙහෙර පෙළහරෙහි භික්ෂුදසඞඝයා නිමන්ත්රනණය කොට ඇතුල් විහාරගෙයි අසුන් පණවා සද්ධර්මෂකථික භික්ෂූ‍න් වඩාහිඳවා උන් වහන්සේලා ලවා මඞගලසූත්රා්දී ශ්රෂවණිය උතුම් දහම් දෙස්වා සකසා දහම්පුද පැවැත්වීය. දුටු ඇසූ සියලු ජනයෝ බුදුන් දැක්මද ධර්මය ශ්රමවණයද එකප්රාහාරයෙන් ලැබ එකල්හි ජීවමාන බුදුන්ගේ දහම් දෙසුම්හි සෙයින් නොයෙක් පරිද්දෙන් මහත් ප්රිාතිප්ර්මොද්යන ඇත්තෝ වූහ. දවස්පතා මෙබඳු විලාසද දෙසනා ලීලාවද දැක්වී.


100 වෙනි පරිච්ඡේදය 277


බැහැර මළුවෙහිත් මනහර ගල්ටැම් හිඳවා මඩුවක් තනවා අසුන් පණවා මඩුව හාත්පස මහජනයා රැස්වූකල පන්සිල් ආදී සිල්හි ඒ සියල්ලන් පිහිටුවා දවස්පතා බොහෝවූ දහම් අස්වා ධර්ම කථිකයන් නිමනත්ර ණය කොට නොයෙක්වර තුන්යම් රෑ දහම්ද සාදරයෙන් කියවි. බුදුන් පිරිනිව් තැන් පටන් දෙ‍දහස් තුන්සිය එක්වන හවුරුදුයෙහි රිදී විහාරය කරවා මහපෙළහර කෙළේය. ඒ වෙහෙරින් දකුණු දිග හොබනා සිත්කළු විසල්වූ ගලතල මතුයෙහි කරණලද ඒ උතුම් සෑයක් නටුයේ පස්ගොඩක් සෙයින් (තුබුයේ) ප්රනකාශයට ආයේය. (එය) කරවන්නට සිතා සුණ ග‍ඬොල් ගල් ආදිය ඒ ඒ අතින් රැස් කොට සිත්කළු සතරැස් අස්න මනා කොට බඳවා එහි ශ්රීසමත් සම්බුදුන්ගේ ධාතු තබා දාගැබත් කරවමින් ඒ වෙත ඉතා හොබනා භුමිභාගයෙක්හි සඞඝයා පවරා යහපත් කොට බඩසීමාවකුදු කරවා පොහෝ ගෙවල් ආදියද උළුසෙවෙනි ආදිය ඇති සඞඝාවාසයකුදු කරවමින් හාත්පස භූමි භාගයෙහිත් නන් මල්තුරින් හා නොයෙක් මල්වැලින්ද අනෙක ඵල වෘක්ෂාසදියෙන්ද සමලඞකෘතවූ බොහෝ පොකුණින් යුත් මහ උයනකුදු කරවමින් එහි පෙසල බුද්ධපුත්රලයන් වස්වා උන්වහන්සේලා දහම්හිද පිළිවෙත්හිද මහත් ආදරයෙන් යෙදුයේයි. මෙසේ රාජ බලයෙන්ම කරවනලද මහරහතුන් විසින්සෙව්නාලද ඒ ස්ථානය පූර්වව ලඞකාධිපතියන් විසින් පිදූ පවත් අසා මහා යසස් ඇති රජ තෙමේ එසේම විහාර සීමාවද නියම කොට පුදා එහි සියලු පූජාවිධියද බො‍හෝවූ සඞඝ දානාදියද වැඩි කොට පවත්වමින් පින්රැස් කෙළේයි. පුවක් දොඹ නා ආදී තුරු පෙළින් හෙබියාවූ කෙළවරක් නැති සියලු ලිහිණියන් විසින් රැව්පිළිරැවින් හඬනලද සිහිල් නිමල් සුදු අතළහලින් යුක්තවූ නොයෙක් මුවගණ විසින් ගහණවූ දොළුගල් පව් වෙත වරාවළ නම්වූ ඉතා සිත්කළු අරම්හි රජු අනුදන්නාලද ඇමතියෙකු විසින් බිදුපිළිම ගෙයක් කරණ ලද්දේය. ස්වර්ණාග්රාුම මන්ත්රී න් විසින් ගල්ටැඹ හිදුවා පොහෝ ගෙයක් කොට සඞඝයා වි‍ෂයෙහි පුදනලදී. ඒ තෙමේම ටැම් ආදී දාරුසම්භාර එක් කොට එකල්හිම ඒ වෙහෙර බොහෝ ගෙවළුදු කරවී. රජතෙමේ එහි විසූ භික්ෂූරන්ගේ සැමදා පස පිණිස නොයෙක් ගම් කෙත් ආදිය පිදීය. එකල්හි නර‍ශ්රෙෂෂ්ඨතෙමේ මේ සියල්ල කරවා පහන්සිත් ඇත්තේ ධර්මයරක්ෂිතත මහතෙරුන්ට පැමිනවී. මෙසේ රජතෙමේ නනවැදෑරුම් පින් රැස් කොට පන්තිස්වැනි අවුරුදුයෙහි මෙ‍ලොවින් කම්වූ පරිද්දෙන් ගියේය. භොගයෙහිද දෙහයෙහිද අයාරබැව් සලකා නුවනැත්තෝ ආසාව ඉතා දුරුකොට හරිතී ; තෙපිදු තුණුරුවන්ම සේවා කොට ලොකොත්තරාදී (සැප දෙන) කුසලයම භජනය කරව්.


278 මහාවංශය


මෙතෙකින් හුදීජනයා ප්ර සාද සංවෙග පිණිස කළ මහවස කිතති සසිරි රාජසිංහදීපන නම්වූ සියවෙනි අදියර නිමි.


101 වෙනි පරිච්ඡේදය[සංස්කරණය]

ඒ රජු ඇවෑමෙන් උහු බාල සහෝදරවූ ශ්රී. රාජාධිරාජසිංහ තෙමේ ලක්දිව රාජාභිෂෙකයට පැමිනියේය. තුණුරුවන්හි පහන්වූ‍යේ අප්රංමාදවූ විචක්ෂෙණවූ සද්ධර්මෙශ්රයවණයෙහි යුක්තවූ පැමිනි රාජ්යාිභිෂෙක ඇත්තෙම නරශ්රෙචෂ්ඨ තෙමේ බෑයා විසින් කරවනලද යම් ලෙව්සසුන් ආරක්ෂාතවෙක් වී නම් ඒ සියල්ල නොනසා පෙරසේම කරවී. මහායසස් ඇත්තේ දළදාවරයටත් පුදන්නාවූ ආහාරපාන දිය නොපිරියෙලා පෙරසේම පිදීය. පූර්වටයෙහි බුද්ධපුත්රෙයන්ට තැබූ දන්වැට (පෙර) රජු විසින් දුන් ක්ර්මයෙහි එසේම දෙන්ට නියෝග කෙළේය. දෙටුබෑ රජු දවස සියම් රටින් වැඩි උපාලිතෙරුන් ප්ර ධාන කොට ඇති භික්ෂු්හු ශ්රීබවර්ධමන පුරයට පැමිනියාහුය. පසුව උපාලි ස්ථවීරාදී ඒ භික්ෂු‍හු නුවරින් දකුණු දිග පුෂ්පාරාම නම්වූ ඒ විහාරයෙහි ඤත්තිදුතියකර්මරයෙන් සීමා බැන්දාහුය. එකල්හි කීර්තමති ශ්රීෙ නම් රජහු විසින් කරවනලද දිරාගිය ඒ පොහෝගෙය ඒ තෙමේ බලා සීමාන්තයෙහි පටන් හාත්පසින් උස්කොට බොහෝ ගල් යෙදී මෙන් ඇතුල් සීමායෙහි බිතු ඔසවා ඉඳිකොට පින්කැමති නරපල් තෙමේ කරවී, ඒ රජතෙමේ ගල්ටැබ් හිදුවා පොහෝගෙය කොට චාතුද්දිසික භික්ෂුනසඞඝයාට පිළිගැන්වී. මාගධි සංස්කෘත ආදීවූ නොයෙක් ශාස්ත්ර්යන්හි දක්ෂෝවූයේ නීත්යැදානයෙහි ඇලුනේ රුවින් මලවියා බඳවූ ඒ තෙමේම ශබ්ද ශාස්ත්රනයෙහි විසාරද වූයේ අසදෘශ ‍ජාතකය සිංහල නිරුක්තියෙන් කවි කොට ලියවී. පිරිසිදු සිත් ඇතිතේ එකරැයක පහන් ලක්ෂරයකින් එළිය කොට ලා ශ්ර ද්ධායෙන් දළදාව වැඩුයේය. සියලු දන් අතුරෙන් කඨිනදානයාගේ මහා අනුසස් අසා ඒ තෙමේ අවුරුදු පතා සඞඝයා විෂයෙහි කඨීනයන් දන් දුන්නේය. ඒ රජහුගේ දෙහ ප්රරමාණ කොට බුදුපිළිරුවක් බුදුබව පතන්නේ ලොහොයෙන්කරවීය. මැනවැයි සම්මතවූ ගඟාරාම විහාරයෙහි මනහර දැකුම් කටයුතු වූ දාගැබක් කරවී. ඒ මිහිපල් තෙමේ අටළොස් වර්ෂ යෙක්හි මේ ආදී පින් රැස් කොට කම්වූ පරිද්දෙන් මෙලොවින් ගියේය. (අනන්තරව) රාජාධිරාජසිංහ රජහුගේ බෑනාවූ ජනනායකතෙමේ ශ්රීප වික්රැම රාජසිංහ යන නමින් ධෛය්ය්ා ඇතිව රජවුයේ බුදුන් විසින් වදාළ ධර්මයය අසා සතුටු විය. මිහිපල් තෙමේ දළදා වහන්සේට මිණිමුතු ආදියද එසේම නොයෙක් ගම් කෙත්ද පිදුයේය. බුදුන් ප්රවධාන සඞඝයාට ප්රදණීත ආහාරද බොහෝවර දන්දී අනන්ත සම්පත් පැතුයේය. ඒ මිහිපල්තෙමේ මේ ආදී වූ බොහෝ කුසල් රැස් කෙ‍ළේය. පසුව අසත්පුරුෂ සමාගමයට පැමින විපය්යාල් රසයට පැමිනියේය


101 වෙනි පරිච්ඡේදය 279


මන්ත්රීමශ්වර මහාමාත්ය යන්ද එයින් අනික් බොහෝ ඇමතියන්ද හේතෙමේ ගෙන්වා ගෙණ රකුසෙකු සේ කරුණ රහිත වූයේ ඒ ජනයන් නැසුයේයි. එකල්හි නොයෙක් සියගණන් මිනිසුන් ගෙන්වා මරහු සේ දයා නැත්තේ ඒ ඒ තැන උල හිඳවී. ඒ මිනිසුන්ගේ පරම්පරාගත බොහෝ සම්පත්ද ඒ රජතෙමේ ගම්පහරණ සොරෙකු සෙයින් කොල්ලකැවී. මිහිපල්හු මෙසේ නොයෙක් අදහම්හි හැසිරෙණ කල දැඩියේ කිපියාවූ උඩරට වැස්සෝද කොළොම්පුර වැස්සෝද ඒ සියල්ලෝ මෙහි අවුත් දුෂටසවභාව ඇති ඒ රජහු උහුගේ අභිෂෙකයෙන් අටළොස්වස පැමිනි කල්හි ජීවග්රාතහයෙන් ගෙණ මුහුදින් එතර ලූහ. ලොව පෙළූ රජහු පරතෙර යවා ඉංග්රීජසි නම් ඇත්තෝ සියලු රාජ්යනය හස්තගත ‍කළෝය.


සිඬිරස්තු.

"https://si.wikibooks.org/w/index.php?title=ම_හා_වං_ශ_ය_-_x&oldid=5654" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි