වන වර්ණනා
වන වර්ණනා
[සංස්කරණය]169. සඳ රස් වතුරු ලොව පිරෙමින් බසින සඳ
තුරු හිස් අතුරු රැඳි පෙණ පෙළ ලෙස විහිද
එ දවස් උදය වන කුසුමන් දැක නොමඳ
සිත තොස් වඩා මඳ තැන් තො ගොසින් සබඳ
170. ස ම ග ප බ ළ කැල රැඳි පෙණ පෙළ ලකළ
ත ර ඟ වි සු ළ නිල් සිඳු පළ කළ පුවළ
සු ළ ඟ ටලෙළ දළු මල් තුරු වැළ වතළ
බ ල ග උ දු ළ පෙර මග වන ගළ නැබළ
171. සිකි පිල් සත් කෙළේය ගිරි කුළේය
රොන් සක් සක ‘ඹළේය තුරු බෙළේය
බිඟු දැල් වමු’දුළේය ගජ රළේය
රජ සිරි අත් කෙළේය වන ගෙළේය
172. දිලි හෙන ග ඟු ලැ ලි ය ඇද - හැලිය
ගිලි මල් රොන’වුලිය සුදු වැලිය
ම ද ම ත් හස කැලිය වන විලිය
දැ ක ය ව මන කලිය වන මලිය
173. අතු අතිනැ’ද ග සා ය තුරු රැසාය
කෙළන පන්දු ලෙසාය සහ තොසාය
පැන - ගෙන වන හිසාය මග අසාය
යන වඳුරන් නිසාය නොව ලසාය
174. අඹ දළු තඹ පබා සිඳ නොතබායා
ගෙන තම පිය අඹා තුඩ’ග තබායා
සිඹ සිඹ රති ලොබා දෙපිය ගබායා
උන් පරපුටු සුබා සකි නරඹායා
175. ඉඳුනිල් කොළ ‘තුරා එපැහැ ‘යුරායා
විලිකුන් අඹ ‘වුරා තුඩගිනි’රායා
එන රස උරා උරා ලොබ නොහැරායා
නරඹ රඳන ගිරා පෙළ ඉඳුරායා
176. එන රිවි බිඹු දුලා ගිර’ග බලායා
ගිරි නිල් මල් තුල දිගු හඬ සසලායා
දිගු කර නිල් ගෙලා දිගු හඬ ලායා
රඟන මොනර බලා නොසිට පලායා
177. දුනුකේ පෙති ගොතා වරල ඉතායා
පිපි මල් රොන් ගතා තවර ගතායා
වියොවග යුද පතා එවන පෙතායා
එන වන සර කතා නොකර කතායා
178. ව න සර දුක තම සිත බිය සලසා
ග න ගැබ ලෙළ දෙන විදුලිය විලසා
ව න ගැබ ඔබිනො’බ පැන යන නොලසා
තැන තැන මුව රළ දැක යව සතොසා
179. ව න විල් වැද බොල් සෙවෙලැ’ඟ තවරා
ග න වල් කැල ඇර ගෙන අතිනු’දුරා
දි ගු උල් සිඟු යොමු කර කර අඹරා
පි ළි මල් වන මීවුන් දකු නුදුරා
180. වි ල් තෙර වළ බිඳ හෙව මඬ තවරා
බොල් කර හෙළ නෙළුඹ’ල කමිනු’දුරා
බොල් කෙළ පෙණ පිඬු දෙකොළින් වගරා
ව ල් වැද යන ඌරන් බල ඉඳුරා
181. වැ ද සෙද උනුනට පසු නොබසිමිනේ
බි ඳ බිඳ අඹ කැන් ගෙන අතිනේ
ඇ ද ඇද තුරු වැළ ගළපන ලෙසිනේ
රොද බැඳ එන රිළවුන් බල තොසිනේ
182. නිති වැළලා ගෙන තුරු හිමියනි
එන බමරුන් දැහැ පලු පතතිනි
සිටි පිපි ලිය දැක කුල’ඟන මෙනි
සකි ලස නොව යව තොස වඩමිනි
183. ලොබ කොට දුන් ගිරවුන් තුඩු පබා
අසු කොට නොහැරම ඇතුළත තබා
පිට තට පෑ යුරු බිඹු වැළ සුබා
ත - නෙතට පෙනෙනුය මහ වන ගැබා
184. නික සළ වැලි තල පිටුවල වෙනේ
පිල ‘ඹල සිකි කෑන් ලෙස වෙන වෙනේ
රොනදොළ බිඟු මුළු රැඳි තැන තැනේ
පැ හැ දු ළ මල් කස තුරු වැළ පෙනේ
185. දි සි නි ම ල් වන දෙව් කලා
මි ණි මෙවුල් ලෙස මන කලා
රැ ඳි මි දෙල් මල් කැන් බලා
යව කොෙඬාල් මිනි සිරි සුලා
186. ව න දෙවඟන සරණත ලා
තැන තැන වැකි ලෙස උදුලා
ව න තුරු හිස රැඳි ළ දලා
ම න තොස කර බල එකලා
187. ගු ව න පැතිරි රවි රැසිනේ
එ ව න බියෙන් සැඟවෙමිනේ
සැලෙන අඳුරු කැටි ලෙසිනේ
එලෙ න වවුලු කැලන් පෙනේ
188. එ ව න රජුගෙ තද තෙද මුළු
බ ම න විලස පෑ සුලකුළු
ස ර න විලස විලිකුළු මුළු
ත මන ලෙසට බලඟ යහළු
189. නොමඳ රසින් රැඳුණු අවට
ක ර ඳ කුසුම් දැක තුරු යට
වි ල ඳ වෙදැයි සිත සැක කොට
ස බ ඳ ගොසින් නොවන් නිවට
190. වි සි ර ගෙන ගඟුලැලි වැෙඳ්
ත ව ර ගෙන මල් මුවරෙඳ්
බ ම ර රැවු ඇද මඳ මෙඳ්
පැ තිර රන මඳ නල විෙඳ්
191. ගි ම න දුර පලවන නිසා
ස ල න මිණි තල් වට ලෙසා
යනෙ’න යුග පියපත් ගසා
ද කි න සිය සියොතුන් රැසා
192. ස ර ද නුල තුරු වැළ ලෙසේ
නොමඳ පිපි කොඳ මල් රැසේ
ස බ ඳ ඉඳ ලිය මඬු කුසේ
පැ හැ ද විඳ වන පල රසේ
193. කොවුල් කුල් නා නොකමසේ
සු පු ල් මල් රැඳි තුරු හිසේ
ක ම ල් විල් වෙත මුව රැසේ
වි ස ල් වල් දැක ගොස් තොසේ
194. ඇ වි ටු වලා දිය ගෙන සිඳු මැදට බැස
වෙරළ වලා සිටි යනු බැරිව නුබ කුස
නොමඳ වලා කුළු ලෙස දිසි ඇම දවස
මු හු දු වලා තුරු පෙත වැද ඉඳ සතොස