ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව/උත්තර රාම චරිතය (1906)
උත්තර රාම චරිතය
(ක්‍රි.ව. 1906)
Airs by Visvanat Lavjee Pandit
ප්‍රස්තාවනා
උත්තර රාමචරිතය නම් රාමකුමරුන් විසින් රාවණා මරා සීතා දේවින් නැවත අත්පත් කරගෙන කල් ඇරිය හැටි දක්වන මාහැගී කථාන්තරයකි. මෙහි කතා ශරීරය ලුහුඬින් මෙසේ දත යුතුයි.
රාම රජ අයොධ්යය දේශයේ රජකම් කරන සමයෙහි රටේ තොටේ වැසියන්ගේ දුක් සැප විභාගකර තමන්වහන්සේට දන්වනු පිණිස පරීක්ෂකයන් අරිණ සිරිතක් පැවතුනේය. මෙම පරීක්ෂකයන් අතුරෙන් දුර්මුඛ නම් අයෙක් එක්දිනක් වැසියන්ගේ දුක් සැප විභාග කෙරීමට පිටිසරට ගියකල එක්තරා රදාගේක රදවා රදවිට තඩිගසා දොට්ටපන්නා සිටිහෙයින් රදවාගේ මව් ඕහට අවවාද කර තම සොඳුරව නැවත අඬගසාගෙ සමාදානයෙන් ඉන්ටෙයි කියා තම පුත්ර යාට කීවාය.පුත්රගයා කිපී දොට්ට ගිය බාරී මම වැද්දා නොගණිමායයි මව්ට කීකල ඕතොමෝ කියන්නී ‘පුත නුඹ රාමරජුන්ටත් වඩා ලොක්කෙක්ද, රාවණා විසින් අරන් ගිය සීතාදේවින් රාම්රජ බාර ගත්කොට නුඹට නුඹේ ස්ත්රිතව භාර ගත්තාම ඇති කැලල කුමක්ද’ මීට පුත්රනයා කියන්නේ ‘අම්මේ පතිව්රවතාව කැඩූ සීතා ඔය මෝඩ රාමා බාරගත්තත් මම නම් මගේ ගෙයින් දොට්ට ගිය බාරිව වැද්ද නොගන්නෙමි’ දුර්මුඛ මේ දෙබස අසා රාමරජුට දැන්නුවේය. රාම රජ්ජුරුවෝ මේ ප්රෙවෘත්තිය ඇසූකල සිය සොඳුර වූ සීතා දේවින් ගැන සැකසිතී ක්රිඅයා කෙරීමෙන් පැමිණෙන අනතුර සේක්ස්පියර් නම් ඉංග්රීදසි නාටකාචාය්ය්ක්ර විසින් ප්රීබන්ධකරනලද ඔතැලෝ නම් නාටකයේ ඉයාගෝ නම් අය කියන්නේ මෙසේය.
ය මෙ ක් ගෑනි සැකකර සිටිතොත් හින්දා රා ගේ
ලෙ ඩ ක් සෑදේ පච්ච පාට ඇස් ඇති බිල්ලා ගේ
ම ත ක් කරමි බේරෙන්නට ඉන් සමිඳුනි මා ගේ
දො ස ක් ඇතොත් සමාවෙලා අස මැන එහි රං ගේ
ක න් ට තිබෙන මසට නිගා දෙයි නිතරම පා හේ
වෙ න් ට තිබෙන අනතුරු දැන කප්පා කන වා හේ
ඉ න් ට නිකම් සිතට ගණී පුප්පා ගෙන නා හේ
ග න් ට වරද කීවත් ගෑනිගෙ ඕහට නෑ හේ
එ හෙ ම නොවෙයි සොඳුරව සැකකර සිටිනා පුරු සා
බොහො ම හිතට දුක් ගණී තම කාලකන්නි විල සා
ක දි ම රුවට පෙම් බැඳ බැඳ සැකකර ගණි දිගැ සා
ක රු ම ලෙඩක් මෙහෙමට නැත ගෑනු සැකය සදි සා
මෙසේ සීතා දේවින් සැක කළ රාමරජ ලක්ෂමණ නම් තම සහෝදරයා සමඟ දණ්ඩකවනයට පිටත්කර ඇරියේය. ලක්ෂමණ ඈව වනයේ තනිකරදමා ගියේය. බඩගැබ්බරෙන් සිටි සීතාදේවි ළයේ අතගසා දුක්මුසු විලාපයෙන් හඬ හඬා සිටිනකල රාමායණය නම් මහාග්ර න්ථය ප්රළබන්ධකළ වාල්මික නම් සෘෂින්වහන්සේට ඈව මුණගැසී තමන්වහන්සේ ආරාමයට කැඳවාගෙණ ගොස් පිය කරුණාවෙන් ඈට සත්කාර කළේය. නොබෝකලකින් සීතා දරුවෙක් වැදුවාය.සීතා දේවි වතුර ගෙණෙන්ට ගිය කල වාල්විකසෘෂින්වහන්සේ දරුවා සිටිතැනින් හංගා ඊතණගසකින් ඒවාගේම දරුවෙක් මවා දරු දෙදෙනාම එකතැනම බෑවූ සේක. වතුර ගෙණෙන්ට ගිය සීතා පැටියක් බඩේ දවටාගෙණ යන වැඳිරියක් ගසින් ගසට පැන යනවා දැක තම දරුවා අරන් යනවායයි සැකසිතින් විගස ගෙදරට පැමිණ දරුවා නොදැක සෘෂින්වහන්සේගෙන් තම දරුවා කොහෙදැයි කියා විභාගකළාම එකදරුවාට මෙන්න දෙදෙනෙක් සිටිති කියා දරුවන් පෙන්නුවේය. දරුදෙදෙනා දිටු සීතාට තම දරුවා කවුදැයි කියා හැඳිනගන්ට බැරිවූයේය. මෙසේ දරුදෙදෙනා වාල්මික සෘෂින්වහන්සේගේ ආරාමයේ තැනී නොයෙක් ශිල්පශාස්ත්රව උන්වහන්සේගෙන් ඉගෙණ ගත්තෝය.යෝගවිද්යාේව රාමරජුට පුහුනු කෙරෙවූ වශිෂ්ට සෘෂින්වහන්සේ අශ්වමේදය යාගය කරන්ටෙයි කියා රාමරජුට නියෝග කලසේක. මෙම යාගය කෙරීමෙන් රාමරජුට පත් ගිරහ අපල මගැඇරේයයි කියා වශිෂ්ට සෘෂින්වහන්සේ කී නිසා පඤ්චවර්ණනයෙන් යුතු තුරගෙක් ගෙන්වා උගේ නළලේ රන්පටියක් බැඳ පෙරමුනේ ඇර රාර රජ ඇතුළුවූ යුද්ධසේනාව ඌට පස්සෙන් ගියාය. යම් රටක් මැදින් මේ ගුරඟා යන්නේද එම රටේ වැසියෝ රාම රජුට යටත්වී කප්පම් දෙති. සීතා සිටිය ආරාමය පිහිටා තිබුන ප්රජදේශය මැදින් මේ තුරඟා සහ යුද්ධසේනාව ගමන් කෙරීමට ගියකල සීතාගේ දරුදෙදෙනාට මුනගැහී ඔව්හු උන් හා යුද්ධකර රාම ලක්ෂමණ ආදී පිරිසක් මරා හණුමාව කුදලා ගෙණ තම මෑණියන් සිටි ආරාමයට ගෙණාවෝය. මෙය දිටු සීතාට තම පුත්රගයන්ගේ අතින් සිදු වැරැද්ද වාල්මික සෘෂින්වහන්සේට දන්වා සිටිකල වාල්මික සෘෂින්වහන්සේ යුද්ධභූමියෙහි මැරී සිටිය රාම ලක්ෂමණ ආදී පිරිස මරණින් නැගිටවා සීතාදේවින් සහ දරුවන්ද ඔවුන්ට හඳුන්වාදී සියලුදෙනාම රාමරජුගේ අගනුවරවූ හස්තිනපුරයට පැමිණ පංච වර්ණවයෙන් යුතු අශ්වයා ගින්නෙහිලා අශ්වමෙදා යාගය පවත්වා සියලුම ගිරහ අපල ගෙවීගොස් දෙවනුත් රාමරජ්ජුරුවෝ සීතා දේවීන් භාරගෙණ සාමදානයෙන් රාජ්යජය කළසේක.
ජෝන් ද සිල්වා
නීතිඥතැන
වර්ෂ 1917 ක්වූ අප්රේ්ල් මස 25 වෙනි දින
කොළඹ සංජෝසොප් වීථියේ පිහිටි විජය මන්දිරයේදිය.
නාට්‍යකරුවෝ
රාමා (අයෝධ්යයදේශයේ රජ), ලක්ෂමණ (රාමරජුගේ සහෝදරයෙක්),භරත (එසේමයි), ශතෲක (එසේමයි), හණුමා (වානර සේනාපතියෙක්), සීතා හෙවත් ජානකී (රාමරජුගේ බිසව), දුර්මුඛ (රටතොටේ තොරතුරු දන්වන්නෙක්), වාල්මික (එනම් සෘෂියෙක්),වශිෂ්ට (එනම් සෘෂියෙක්), ලව (සීතාගේ දරුවෙක්),කුසල (එසේමයි), වන දේවතාවියෙක් , මන්ත්රීර සෙනෙවි, චාමර හලන්නෝ, රදවෙක්, රදාගෑනියෙක්, රදාමව්, වඳුරු සේනාව, සූත්රසධාරී, නාටිකාංගනාව.
පුවත
සූත්රාධාරී පැමිණේ.
එමන්කල්යන් - පංජාබ්.
සූත්රලධාරී - සිරිජයවේ ලැබ සැපතා සැපතා
මන් දෙනෙතා වෙත් සන්තොස නියතා
දේවාධාරා ලැබ සෘංගාරා
ශ්රීධ රාමචරිතය දක්වමු සාරා
ශාන්ති සැප යෙදෙ බෝමා බෝමා
සාධුජනයිනි, අද රාත්රි යේ මෙම නාට්ය මණ්ඩපයෙහි ඉතා පුරාණ කථා වස්තුවක්වූ උත්තර රාමචරිතය නමැති මධුර මනෝහර නාටකය දැක්වීමට අප විසින් අදහස් කර තිබෙන බැවින්
කිවියර හා අප නළුවන් නිතිනා වස් දොසිනා බේරෙන්නට සොඳිනා දේවාධාර යැද සංගිතා සාදා දෙසවනත තොස්වේවි සෑමා මාන්සි නිදිමත වෙන්නේ නෑ නෑ
(නික්මයයි)
1 අංකය
[සංස්කරණය]i ජවනිකා - රදාගෙයක්
[සංස්කරණය](රදාමව්ද රදවිද සිටිත්.)
රදාමව් - උඹට දැනමුතුකම් දෙන කට බිම අතුල්ලා ගන්නවා වඩා හොඳයි.
රදවි - ඇයි ඇයි.
රදාමව් - වාහෙට කීකරුව ඉන්ට දන්නෙ නැද්ද.
රදවි - වාහෙඋනු පලියට මේ නෙරෙක්කු විඳගෙණ ඉන්ටද.
රදාමව් - නෙරෙක්කු විඳින්ට බැරිනම් මේවා දැනගණින්. පිලූ බරවා - ලාවනි.
රදාමව් - ගුටි බැට කාවී කෙඳිරිගාවී මිනිහට සැරවෙන බාරී - සැමදින මිනිහට සැරවෙන බාරී මේ -
ඉවසුම නැතිවී සණ්ඩුද සිදුවී දෙදෙනා අතරේ හානී නිතරම දෙදෙනා අතරේ හානීවේ.
රදවි - අනෙ අම්මේ වරදා මගෙ අතනම් නෑ ඇන්නෑවේ කාට අනඩු කියමි කාරි
කැතවේ දීගෙන් මෙමගේ දිවිත් හානිවේ
බොහොම තරහවේ නැන්දත් මේ
මට ඇත්තේ නැතා සැපා මෙලොවේ
සමාදානෙන් කෙසේ සිටිනෙම්
සදා කල්හි දුකින් ඉන්නෙම්.
(රඳවා පැමිණේ.)
කාƒපි - දනාසරි - දිප්වන්දි, දාදරා, චල්ති.
රදවා - දුෂ්ටපරට්ටිය මක්කීවාද හීන්සැරේ, හීන්සැරේ, මේවරේ - ප්රේ ම කා කෙරේ - කා කෙරේ - කා කෙරේ - දුෂ්ට පරට්ටිය - මාන්සි නොවී සිටිගෙදර නිකම් - ඇද්ද මෙහෙම මෝඩකම් - සිදිමි තිගේ හිසකෙස් - ඉරාදමා ඇඟමස් - දුෂ්ටබාරී කාලකන්නි මොට්ට චාරයෙන් පට්ටපඳුරිගෙ පණ යයි අද එකවිට - නිකම් කකා ඉඳ මනුමුනුගාය බලු වේසාවි - වල්බාරී පල්කාර වේසාවි චි: චි: - නෑ සෙනේ, තීකෙරේ තීකෙරේ.
(රදවාද රදාමව් ද නික්මයයි. රදවි හඬා මෙසේ කියයි)
ජිංජුට් ජංගලා - දාඳරා
රදවි - කෝපෙන් අහෝ දීපි දීපි වාහෙ බැට හැරී - දීගෙන් අයියෝ අන්තරාය කන්ට බැට බැරි - අම්මා.
ගෑනිට ගහන මෝඩවාර - පුරුෂයා කෙරේ - අදර බැන්ද බාරී මා වාගෙ සිටිද මේපුරේ - අම්මා.
ස්නේහෙන් මෙමා බැන්දෙවාහේ - දෙන්ට ගුටිබැටා දීගෙන්වෙන්නේ අන්තරාය ඉන්ට බැරිමටා - අම්මා.
ලෝකෙහි මෙහෙම කාලකන්නි පුරුෂයෙක් නැතේ - සිඳපි මාගෙ කොණ්ඩ ඌ එක්ක වාස බෝ කැතේ - අම්මා.
(නික්මයයි.)
ii ජවනිකා - රජුගේ මාලිගාව.
[සංස්කරණය](රාම,ලක්ෂමණ, භරත, ශතෲක, හණුමා, වශිෂ්ට, මන්ත්රී , සෙනෙවි සිටිත්. රාමරජ සිංහාසනයේ වැඩසිටිනකල අනික් සියලු දොනම මෙසේ කියති.)
ජිංජෝට් - ලාවනි
සියලුදෙනාම - තේජසාර ශූර මහරජ - මේලෝජන අභිවෘද්ධිය සූපතන - ඔබේ කීර්ති - මෙලොවේ දීප්ති - සේරමජාතී ඒ ගැන ප්රී ති, බෝවාකල්, මේ ලෝතුල්, සව්සම්පත්, වෙන් අත් පත් - තේජසාර ශූර දන්නා යෝග විද්යාල රක්නාධ්යාමන සාරා - පින්වත් බූපල් සත්දත් - දැක්මෙන්ප්රීමති කාටත් - මේනිසා - ලෝ වැසියා - මීපල් වෙත් - ස්නෙහපා - ඉන්නා ස්තුති බෝලෙස් දෙය් නිති - තේජසාර ශූරමහරජ.
රාමා - ලක්ෂමණ මාගේ ගුරුවර වහිෂ්ට සෘෂින්වහන්සේ යොගවිද්යා ව මට හොඳාකාර පුහුණුකරන සේක.
ලක්ෂමණ - ඒ උතුම් විද්යා වකි - එය ඉගණගන්නා අතරම රට ආණ්ඩු කරන විධියත් ඉගෙණගතයුතුයි. වැසියාගේ තොරතුරු නොදැන ආණ්ඩුකරන්ට පහසු නෑ.
වශිෂ්ට - යොගවිද්යාිව, න්යා යතර්ක, යුද්ධශාස්ත්ර යන මේ සියල්ලක්ම දතයුතුයි. සත්යා මේ සියල්ලටම වඩා උතුම් බව කල්පනා කටයුතුයි.
මන්ත්රීි - සත්යය සුළුකොට සලකන අයට වඩා කාලකන්නියෙක් තවත් නැත.
හණුමා - මාගේ මේ මුවඇරලා කිසිකලක බොරුවක් නොකීවෙමි. ඒ හින්දා තමා මගේ කට මෙපමණ සුවඳ.
කාƒපි - ලාවනි.
රාමා - අන්දම්, අන්දම් - කොහොමද රටතොට වැසියගේ මාගේ මේ පෙදෙසේ - බෝ ප්රීමති නොවෙන්ටා හේතු කිම්දෝ සිතසේ - රන් මකුට දරා හිස පාලන මේ රට මාහට ඒ පැවසේ.
ලක්ෂමණ - පින්දම්, පින්දම් - කර කර නිවසති අප මහීපාලගේ වැසියෝ - ශ්රීම රාමරජින්දා ප්රී තිවෙන්ටා යුතුවේ - රෑඅඳුර බිඳාලන පූරණතාරණසේ යස ලෝ ඇතිවේ.
ශතෲක - ලංකා, ලංකා - රජකම කරකර සිටි දසිස්රාවණාමැරුවේ - ශ්රී- රාම රජින්දා - තේජසපෙන්නා මෙලොවේ - පව් නිතර සිඳාලන මෝරණසිල්ඇති - තාපස සේ වැජඹේ.
භරත - ධර්මෙන්, ධර්මෙන් - සැම සත තුටුකරවන මහීපාලගේ වරුණේ - මේ ලෝකනිවාසේ ප්රීනතිශබ්දෙන් ඉතිරේ බෝ කුඹුර උයන් යස සශ්රීරකවී ඇත සාගත නෑ මෙදෙසේ.
හණුමා - දස්කම්, දස්කම් - කෙරුවෙමි කඳු බිඳ බිඳ මහීපාලගේ අණසේ - සාධාරණ නීති ප්රී,තිවෙන්නා වැසියා - බෝ මධුරකථා දෙන ජානකී - පාලන තේජස බෝ ඔබගේ.
(දුර්මුඛ පැමිණේ.)
රාමා - දුර්මුඛ රටේ තොටේ සුවදුක් විභාගකොට කෙසේදැයි අපට දන්වනු.
දුර්මුඛ - එසේ යහපති දේවයන්වන්ස.
(දුර්මුඛ නික්මයති.)
2 අංකය
[සංස්කරණය]i ජවනිකා - රදාගේ.
[සංස්කරණය](රදාමව් සහ රදවා සිටිත්) හමිර්කල්යවන් - ත්රි්තාල.
රදාමව් - අඬගහගණු මා දරුවබාරී - අඬගහගණු මා දරුවබාරී යෙදුනේ උලව්වේ හානී- පවුලවිනාසේ - දැන් වෙච්චි විපරිත කාරී - අඬගහගණු මා දරුවබාරී.
රදවා - ගෑනි ආවොත් දෙම් බැටේ - මදීද ඈගෙන් දුක් - දොට්ට ගියාවූ බාරිමා - ගන්නේ අම්මේ ඇයි - කළාය නෙහිංසා කෝපෙන් - පරවේසි අම්මේ - සරණේ තිත්ත වෙච්චි බෝසේ - මොකටද මට ඒ වදකබාරී.
(දුර්මුඛ පැමිණ කන්දි අහගෙනසිටි.)
රදාමව් - ඒ දුප්පත් හැතිරිය අඬගහගෙන සමාදානෙන් සිටපන්.
රදවා - ඔය සැරයක් ගම්මැද්දෙහි ගිය වල්ගෑනියෙක් මම දෙවනු වැද්දනොගණිමි.
රදාමව් - උඹ මොකද රාමරජ්ජුරුවන්ටත් වඩා ලොකුද. සීතාදේවින් රාවණා ගෙණගියාට පසු නැවතත් රාමරජ ඈව බාරගත්තේ නැද්ද.
රදාවා - ඒ මෝඩ රාමා බාරගත්තට මමනම් බාරනොගන්නෙමි රාවණාගෙන් කැලැල් සිදුවුණු සීතාදේවීන් රාමරජ භාර ගත් එක ලොකු පුදුමයකි. (දුර්මුඛ මේ කතාව අහගෙන ඉඳ ඇඟිලි විිකාගෙන නික්මයයි)
ii ජවනිකා - විථියක්
[සංස්කරණය](දුර්මුඛ ගමන්කරයි.)
ගර්මුඛ - ඒකත් එහෙමද, රදාගෙදරත් සීතාදේවිගේ පතිව්ර තාව නැතෙයි කියා පලවෙන්නා.
මාඩි - ලාවනි.
රජිඳුට මේවා දන්වම් - පතිවත බින්ද සීතා ගැන පවසම් - මට යන්තම්වත් - ඉඩ ඇත්නම් ගොස් - මෙය ප්රසකාශ කරණෙමි කිය කිය කිය - රජිඳුන්ට මේවා දන්වම් - පතිවත - බින්ද සීතා ගැන පවසම් - රට වැස්සන්ගෙන් ගැරහුම් වෙය් දැන් - පතිව්රසතාව නැතිබව සැලවිය විය.
(නික්මයයි.)
iii ජවනිකා - රාමරජුගේ මාලිගාව.
[සංස්කරණය](රාමා, ලක්ෂමණ, භරත, ශතෲක, හණුමා සිටිත්. රාමරාජ වාඩිවී සිටි, රජුහැර සියලුදෙනාම කියති.
ජිංජොට් - ලාවනි.
සුනිමල දෑරඟ සේ ප්ර ඥා ගම්භීර - අප රජතුමාගේ ගුණ අලංකාර. රුපුමත පාසර සාදා මේ රාජෙන්ද්ර - දියකුස වැජඹේ තෙද දරා ඉන්ද්ර . රණබිම සිංහයෙකුසේ රාජා නිර්භිත - දෙන ධනයෙනි කප්රුක ලෙසේ දෑත.
(නාටිකාංගනාව පැමිණ නමස්කාර කරයි.)
රාමා - සංගීත ශාස්ත්ර්ය උගත් ස්ත්රී ය. මිහිරි සින්දුවක් කියා නටා මේ සභාවේ සිටින අපගේ සිත් ප්රීකතිකරනු.
නාටිකාංගනාව- එසේ යහපති දේවයන්වහන්ස.
බිහාග් කමාජ් - දාඳරා
බූපති බෝ ප්රීපති - බූපති බෝ ප්රී ති - තෑගිදෙයි බෝසේ- මධුර රාගතාල - සින්දුකීම සෑහෙ සීරුලෙසින - තෑගි බෝග ගත්තෑකී - තෑගි ගත්තෑකී - තෑගිදෙයි බෝසේ මධුර රාගතාල - නට නට මම කියමි ගීත - මිහිරි ගීත තාල අල්ලා - මිහිරිගීත තාල අල්ලා - රජුට තේජසාර - දැන් මම ප්රී තිවී - තුතිදෙම් - ප්රීමතිදෙම් - ප්රීරතිවී - තෑගිදෙයි බෝසේ - මධුර රාගතාල.
(නළඟනගේ නැටුම් දිටු හණුමා කුලප්පු වී මෙසේ කියයි.)
කල්යාළන් - හිංචි.
හණුමා - සිත්බැඳුනි, සුන්දරී - සෘංගාර දෙය් හාද හාදවී ඉන්ට සෑහෙනා.
නාටිකාංගනාව- ලජ්ජකෝල හේම නුඹේ නෑ වගේ- වාර වාර බෝ නීච වේ තගේ -
හණුමා - හාදවී වාසවේමු - තිරසාරවී සෙනේ මාව රූබරී බාරගන්. රස කෑම බෝසේ දෙන්ටහැකි තිස්සේම - මා එක්කා සුන්දරී යන්
වානරයෙක්යයි සිතා රූබරි වී මුලා -
කෝල වුනේ ඇයි ඇයි - හාදවී වාසවේමු.
රාමා - මේ නාටිකාංගනාවට හණුමා තෑගි බෝගදී යන්ට හරිණු.
හණුමා - දේවයන්වහන්ස එය සන්තෝෂයෙන් ඉෂ්ට කරමි.
(නාටිකාංගනාව සහ හණුමා නික්මයති.) (දුර්මුඛ පැමිණෙයි.) කාපී - දීප්වන්දි.
දුර්මුඛ - මහාරාජ මේ දේශවාසීවූ සත් පතිව්රඛතාව ඔබදේවි කැඩුවයි කියත් පෙලී බෝ දුකින් මාගේ හෘදේ එයින් අන්න ඒක දන්වන්ට ආමි සැනින්.
(හණුමා පැමිණේ.)
රාමා - හ: මොකද කීවේ - මාගේ දේවි පතිව්ර තාව කැඩුවයි කියා රටේ වැසිය කියනවාද.
දුර්මුඛ - අහෝ ස්වාමිනි රට සෑමතැනම ඒක හෝයිගාලා ගොසින්. මගේ කණේ ඒ ආරංචිය වැටුන හැටියේම ඔබවහන්සේට එය දන්වන්ට දුවගෙණ ආමි.
රාමා - අහෝ මාගේ ජීවිතය තික්තවිය- මේ නින්දා විදිනවාට වඩා නහිනවා යහපති.
හමිර්කල්යාතන් - ලාවනි.
දේවි ගැන දැන් සංකා මට බෝසේ - මේ නීච නින්දිත තතු පරකාසේ - ලොවේ- නීච නින්දිත තතු පරකාසේ - සංකා මට බෝසේ - දේවි ගැන දැන්- ප්රාදණ හානි දෙම් - මාම මරා - මා දේවිනිසා දිව් දැන් හානි - ලොවේ.
(රාමා බෙල්ල කපාගන්ට යනකල ලක්ෂමණ ආදී සහෝදර පිරිස එය නවත්වා මෙසේ කියත්.)
හමිර්කල්යා්න් - වල්ති.
ලක්ෂමණ - ස්වාමි කර කර කෝලාහාලා ඇයි මෙම නෙයියාඩම් කිව් මෙම කාරී ඇයි විශ්වාසේ වෙන්නේ ඉන් කෝලම්.
භරත, - ගෞරව ඇත්තී සිතා දේවි ශතෲක යාපත්වේ අන්දම් හණුමා
ලක්ෂමණ - පාරට්ටුයි නැතේ වල්කම්.
රාමා - ලක්ෂමණ මාගේ කෝපාග්ගිනිය නිවෙනතුරු ජානකී සමග වාසය නොකරන්නෙමි - ඈ දණ්ඩක වනය බලන්ට යන්ට ආශාවෙන් සිටින බැවින් වහාම ඈ සමග එහිගොස් ඈව තනිකර දමා වරෙන්.
ලක්ෂමණ - ඒක ලොකු අපරාධ වැඩක් නොවෙද?
රාමා - කාරියක් නෑ - නුඹ ඒක කරන්ට ඕනෑ.
භරත - සීතාප්ර මේශ්වරි දැන් බඩින් සිටින බැවින් වනාන්තරයට ඇරීම නොසෑහෙයි -
ශතෲක - ඒක හොඳ නෑ - සහෝදරයා තවදුරට කල්පනාකර බලන්ට හොඳා.
රාමා - නුඹලාගේ අවවාද මට අසන්ට බෑ - සීතා මා සමඟ ඉන්ට ගියොත් මට වෙන්නේ අන්තරායකි - ඒ නිසා ලක්ෂමණ වහාම අඬගහගෙණ පලයන්.
හණුමා - (දුර්මුඛට කියයි) මේ පෙරේතයා කට ඇරියොත් කියන්නේ කාගේවත් ඕවා දුපයි - හිටපිය කුණු පර ගෙඩියා (දුර්මුඛ දුවනකල හණුමා ඔහුපාරේ එලවා යයි.)
(ලක්ෂමණ හැර සියලුදෙනාම එය බලන්ට නික්මයති.)
ජිල්ලා - ලාවනි.
ලක්ෂමණ - සිතේ සංකාව උපන්නේ රාමාගේ බිසෝඅතේ නැත දෝෂා- කෝපේ බොහෝසේ - අග්නිවිලාසේ - සංකාවෙන් සොඳුර මාරවි එරාම්- වනේ දමා මම් සීතා එහින්දා එන්නෙමි මගෙදුකබෝ අයි අයියෝ - දෝෂ නොවේ මට ඒකෙන් - බිසෝ අතේ නැත දෝෂා.
3 අංකය
[සංස්කරණය]i ජවනිකා - මල්උයනක්.
[සංස්කරණය](සීතා මල්නෙලා මල්මාලාවක් ගොතයි.)
අමිර් කල්යා්න් - ලාවනි
සීතා - පිපීලා දැසමන් කුසුමන් බෝ පිපීලා දෑසමන් කුසුමන් බෝ- පුෂ්ප නෙලාලා - ස්නේහ බෝම පාලා සාදා මෙමාලා - පලඳවම් මගේ ස්වාවිදේහේ - භෘංග නාද පානා - රක්ත පත්ම පේනා - මාල ගොතාලා ස්වාමියා ගෙලේ - ලාමි සැන්දෑ කාලේ.
(ලක්ෂමණ පැමිණේ.)
ලක්ෂමණ - මේ මක්කරණවාද.
සීතා - මාගේ පුරුෂයාගේ කරේ දැමීමට මල්මාලා සාදමි.
ලක්ෂමණ - පුරුෂයාට ආදර තිබෙන බව පෙන්වන්ටද.
සීතා - නෑ. එකම ස්වාමියෙක් පතා සිටින ස්ත්රී තමපුරුෂයාට ආදර ගෞරව ඇතුව පවතින බව දන්නේ නැද්ද?
ලක්ෂමණ - ඒක කදිමයි - දණ්ඩක වනය බලන්ට නුඹ සමග මට යන්ටෙයි කියා අයියා අනදුන්නේය.
සීතා - බොහොම හොදා. මගේ තද ආශාවක් ඒ ගැන පැවතුනා.
ජිංජොට් ත්රිාතාල.
සීතා - සීත ප්රීරතිවේ මගේ - යමුදැන් - සැණෙකින් - අරුම පුදුම දැක්කා රාම රජිඳා - දණ්ඩක නම්වූ ඒ වනයේදී - ඉක්මන් වී දැන් - යන් යන් සිත ප්රීසතිවේ මගේ
(දෙදෙනාම නික්ම යති.)
ii ජවනිකා - විථියක්.
[සංස්කරණය](දුර්මුඛපාරේ හණුමා එලවායයි.)
හණුමා - අපේ රජතුමාගේ පවුලේ සමාදානය නැතිකළ ජඩයා දිටුවාම මගේ ඇඟේ මාළු නටනවා.
දුර්මුඛ - මගෙන් වුනුවැරැද්ද මොකද?
හණුමා - අප්රි්යදායක කථා මොකට කියන්ට ගියාද?
දුර්මුඛ - ඇත්ත ප්රකාශකරණ එක නරකද?
හණුමා - ඇත්තවුනත් ප්රිවයදායක නොවෙනවානම් මොකට කියනවාද?
දුර්මුඛ - රටේතොටේ තිබෙන ආරංචි රජතුමන්ට දන්වන එකවද මගේ වැඩය - ඉතින් ඔය ආරංචිය රජතුමන්ට නොකියා සිටියානම් මම යුතුකම් ඉෂ්ටකරන්නෙක් නොවෙමි.
හණුමා - නොදකිම් යුතුකම් ඉෂ්ටකරන්ට ඉගෙණගත්හැටි - දුර්මුඛ කියා නම වැටිලා තිබෙන්නේ කටහොඳහින්දා තමා.
ගර්මුඛ - කටේ වැරැද්ද මොකද?
හණුමා - කට පියපිය.
පිලු බරවා - චල්ති.
හණුමා - දැක්කම මේකගෙ වල්කට පල් ගඳ කාපු කෑම ඔක්කාරේ එයි ඕපාදූප කියා ලෝ නස්නා කාලකන්නි වාහේ - තු: තු:
කාලකන්නි වාහේ මේ දැක්කම -
ගම්මැදිහෑල්ල දන්වා නිකරුණයේ -
සිත් සැක වෙන්ට කිව්වා ගතු අටියේ -
දුප්පත් දේවිගේ - දොස් කිව් මේකගේ -
වාර නීචයාගේ සේ - තු : තු : චාර නීචයා ගේ සේ වේ.
(හණුමා ගසයි.)
දුර්මුඛ - මිනීමරණවෝ - කවුරුත් නැද්දෝ ! (හඬා පලායයි.)
හණුමා - කටහැකරයන්ට හොඳ අච්චුව - මේ ලෝකේ පළමුවෙනි හතුරා තමාගේ කට තමා - මානෙල් සුවඳයි - කුඩම්සුන් පිළිගඳයි - මේ දෙවර්ගයම උපදින්නේ වතුරෙයි - ඒවාගේම හොඳනරක දෙකටම මුළ කටයි. ඕකාට තම එකක් දෙකක් දුන්නොත් මගෙ තරහ නිවෙයි. (නික්මයයි - සීතා ද ලක්ෂමණද පැමිණෙති.)
ආශාවරී - ලාවනි.
ලක්ෂමණ - ශ්රීලරාම කීව ප්රමකාරා කරවමි - සීතා තිරසාරා - රාමාගෙ ගුණ ගම්භීරා.
සීතා - මොනවා රජිඳා කීවදෝ අහෝ ලක්ෂමන් - කියාපන් දැන් - දුරාහැර සංකා.
පක්ෂමණ - කීවෙය බැද්දෙ යන්ට රාම් - මේ මටා තී එක්කා දැන් දණ්ඩකනම් වනයාට - යාගම්මූ අක්කා නෙක කීරපක්ෂි කවුඩෝද - මොණර නිල්පාට කොබෝ දෙත් නාද වනේ එවිසාලා. ___________________
සීතා - ලක්ෂමණ. පූර්වනිමිති හොඳ නෑ - මාලිගාවෙන් පිට වෙන කොටම හිස් කලයක් අරන් යන ගෑනියෙක් ඉදිරියට එනවා සම්භවුනා.
ලක්ෂමණ - සුබ නැකතටත් වඩා පූරුවනිමිති ගමන් යාමේදි සැල කිය යුතුයි - නමුත් දැන් දිටු ලකුණෙන් නරකක් වේයයි සිතන්ට බෑ.
සීතා - ඒ මන්ද පූර්වනිමිති නරකනම් ගමන සපල වෙන්නේ කොහොමඳ?
ලක්ෂමණ - හොඳයි සපලවේද අපලවේද කියා අපට බලාගන්ට පුළුවනි - යමු-
සීතා - රජු මා අනුමාන කරලා තිබෙනවා නොවෙද?
ලක්ෂමණ - පතිව්රමතා නැතෙයි කියා රටේ වැසියන් අතරේ කථා වෙන බව ආරංචියක් රජුට ලැබිලා තිබෙනවා.
සීතා - ඒක රජ්ජුරුවෝ විශ්වාස කළසේක්ද?
ලක්ෂමණ - ඒක නොදනිමි - සීතාදේවි වනයට යන්ට ආශාවෙන් සිටිනවයි කියා මට එක්ක යන්ට කීවා.
සීතා - ඔව් දණ්ඩක වනය බලන්ට යන්ට මට තද ආශාවක් උපන්නා - රාම රජුගෙන් අවසර ඉල්ලුවාම එහි යන්ටෙයි කීවේය.
ලක්ෂමන් - හොඳයි යමු.
(නික්ම යති.)
iii ජවනිකා දණ්ඩකවනය.
[සංස්කරණය](වාල්මික සෘෂින්වහන්සේ ගමන්කරයි.) නට්කේදාර - දුර්පත් - දාදරා.
දේවේන්ද්රාකධාර වේවා ආරාමේ ඉන්නාවූ මා හා හා හා හා හා - භක්තිධාරි - සිඬාන්ත වේදාන්ත මීමාංස මට තේරි නරනාරි වෙති ප්රී ති - පාපෙන් සිටිකල බේරී - ලෝකෙන් වේ ෙහාඳ කාරී - ධර්ම-ද තේරී තේරී තේරී - රකිමි සීල ආලෙන් - මම ලබම් සුපලයාගෙන් දැහැන තේරී පරසිදුවන - කරමි හෝමා යාගත් දැන
(නික්ම යයි.)
(ලක්ෂමණද සීතාස පැමිණෙති.)
සාරංග - දාඳරා
ලක්ෂමණ - දේවදාර වෘක්ෂ චම්පකාශෝක වන්දනා - පූගතාල මූන මල්ද ඛදිර මෙවන නන්දනා - බූරු ගෝන හස්ති අශ්ව - මේ වනේ පෙණෙත් විශාල - පෙනේ මෙතන වෘක්ෂ සාල - ගුමුනද දෙති භෘංගලෝල - ජානකීට මාන්සි ඇතිවූ පාට දැන් පෙනේ පෙනේ - හාන්සි වෙන්ට මෙහි හොඳා නින්දයාවි මනමෙනේ.
සීතා - පුෂ්ප මඤ්ජරී තිබේ පිපී ලතා රුකේ වෙලී - භෘංග නාද කර්ණ යේ සැදී මගේ මනා ලොලී - වුනේ මාන්සි දැනේ බෝම - හාන්සි වෙන්නෙමි වහාම - මාගේ මල්ලි මා ලගින්ම වාඩිවී මැනාවනේ - නින්දයාය බෝසැරෙන්ම කූද්දනු මෙමා අනේ
(සීතා නිදාගන්ට හාන්සිවෙයි.)
ලක්ෂමණ - අක්කාට නින්දයන්ට මම සින්දු කියඤ්ඤා.
සීතා - ඒක බොහොම හොඳයි.
(සීතා නිදාගණී)
ආශාවරි - ලාවනි
ලක්ෂමණ - සීතා කෝකිල නාද මධුරස්වර - සීතා කෝකිල නාද වේය සවන දැන් විඩාමුද්රෝගණු - සීතා කෝකිල නාද සොඳින් නින්දයයි ආරණ්යද මැද්දේ - රාජභවනහි ඇද්ද මෙලෙස සැප - සීතා කෝකිලනාද - පවනරම්යි එයි ආරණ්ය්හී මේ - නින්ද හොඳට යයි දේවි නිදනුමැන - සීතා කෝකිලනාද
(ලක්ෂමණ සීතා නිදාගන්නකල් ඉඳ පලායයි.)
(සීතාද පිබිද ලක්ෂමණව සොයා නැතුව මෙසේ හඬාකියයි)
සීතා - ලක්ෂමන් - ලක්ෂමන් - ලක්ෂමන් - ඔහෝ මටතේරුනා. ලක්ෂමණ මාගේ පුරුෂයාගේ කීම පිට මා තනිකර වනාන්තරේ දමා පලාගියේද? අයියෝ අයියෝ අයියෝ නිර්දෝෂවූ මා අනුමානකර පුරුෂයා මෝඩවී සිටින හැටි - බඩේ ඉන්න දරුවා ගැනවත් කරුණාකලේ නෑනව - අහෝ ! අහෝ ! අහෝ !!!
ආශාවරි - ලාවනි.
සීතා - දුකා වෑවුම් බැරිය මාගේ - හෘද යන්නේ පැලීමාගේ - දුකා වෑවුම් බැරිය මාගේ - සොඳ ස්වාමි මාගැන විද සංකා - අර රාවණානිසා අර රාවණානිසා - යෙදී මේ දෝෂා - නසිමි අම්මා.
(සීතා ක්ල්න්තවී වැටේ - වාල්මික සෘෂින්වහන්සේ පැමිණේ.)
වාල්මික - හා කවුද මේ ! දිව්යංකගනාවක්ද?
පිලූ බරවා - දාඳරා
වාල්මික - නේත්රුක්ලාන්ත වේවි දැන් - රූප ශ්රී යාකාන්ත මෙන් - කාගෙද මේබාරි ඇන්නෑවේ බැද්දේහි - ඉන්නේ කිම කාරී රූසිරින් ඇද්ද මෙහෙම ගෑනු දැන් ලක්ෂණේ චන්ද්ර්සේ වෙනා තිගේ පින්වන්තියේ - ආවෙ කොයි දේසිනේ පාදාදුනොත් සෑහෙය ලියේ - දේදුනුසේ බැම නාස රන් - අංකුස නේත්රාේද මේ සියුම් කෝපා නොවී කිය ශෝකයෙන්
මේ වනේහි ඉන්නේ ඇයි
(සීතා පිබිද මෙසේ කියයි)
සීතා - මාගෙ නාම ජානකී - රාමසැමී මා රැකී කාගෙදපල්කාර බින්නාබස් විශ්වාසෙන් රාමා මට පාපී දුෂ්ටකම් ඇද්ද මෙසේ මෝඩකම් මාගෙ නාම ජානකි. බින්දාලු ස්වාමිනේ පතීව්ර තා නිර්දෝෂ මා - ඊට සංකා සිතී නින්දාකරයි නෑ බේරුමා - මා අත නෑ දොස් ස්වාමිනේ - පින් ඇත ආධාරවී මැනේ - ගර්භෙ මගෙ ඇත දැන් දරූ - දුක් තදින් වෙය් බෝසරූ
වාල්මික - දුව නුඹට සිදුවි තිබෙන දුක ඉවසිය නොහැකි මුත් පූර්වම කර්මුය පඩිසන්දෙන බව දැනගණින් - නුඹ මාගේ දියනියයි කියා සිතාගෙණ මා සමග ආරාමයට ගොස් නැවතී ඉඳින්.
සීතා - අනේ ස්වාමිනේ මට පිතා වී ක්රි යාකළ මැනව. ඔබවහන්සේගේ දියනියයි සිතා දරුප්රේ මයෙන් මා ආරක්ෂාකර ගණු මැනව.
(දෙදෙනාම නික්මයති)
iv ජවනිකා - විථියක්
[සංස්කරණය](ලක්ෂමණ ගමන් කරයි)
ලක්ෂමණ - අයියෝ - අක්කා තනිකර වනාන්තරයේ දමා යන්ට මගේ පය නගින්නේනෑ - මොකද කරන්නේ අයියාගේ අණප්රයකාර මෙසේ කළේ ජීවිතහානිකරගන්ට ගිය නිසයි - අයියා බේරාගන්ට අක්කා අන්තරායට පැමිණෙව්වෙමි - ස්ත්රීබන් අවිශ්වාස කෙරීමෙන් සිදුවෙන විපත්ති මෙයින් පෙණේ - අයියාගේ හිත නමැති නෙළුම් මලේ සංකා නමැති විසඝෝර පණුවා ඉපදෙවු දුරුමුඛ අඥාන අලජ්ජික කෛරාටික දුෂ්ට පුද්ගලයෙකි - දේවපිහිට අක්කාට ලැබේවා!
මාඩි - දාදරා
සීතාප්රෙමේහ්වරී ඒවන ලා දැන් රාමාට දන්වා සිටිම් සිටිම් සිටිම් සිටිම් සිටිම් සිටිම් - නින්ද අනේ සින්දු කිව්ව හැටියේ සොඳ සේ ගියා සැරෙන් - රාමා කීසේ සොඳුර දමලා දුවමි හෘදදුකින් - දේවෝපාකාරයෙන් දැන් සීතා ගේ දුක්සුන්වී ලෝ රක්නා දෙය්යෝ ආරක්ෂාකරත් සුරෙන්ද්රගයානන් වඳිම් වඳිම් වඳිම් වඳිම් වඳිම්
(නික්මයයි) v ජවනිකා - වාල්මික සෘෂින්වහන්සේගේ ආරාමය. කල්යාින් - ලාවනි.
වාල්මික - දියණී සීතා මෙමලෝවාසී - පාපේ ගැලිලා ඉන්නාහු තන්හාමුල්වි දෝෂාවේවි - මායාදනු මේ සංසාරේ - දියනී සීතා -
ලෝසැප මායා බව සිත් ගෙණ නුඹ කල් ඇර නිවසන ආරාමේ - මාගේ අණසේ වාසේ වුනොතින් විරහාදුක නෑ අත්වෙන්නේ - දියනී සීතා -
කර්මේවෙන්නේ කාටත් පාහේ - සින්දාලන්නේ ධර්මෙන් දන්නේ - දියනී සීතා.
මාඩි - දාඳරා.
සීතා - මගෙ අම්මා හෝ පිතා හෝ නැත්තේ රාමරජුනිගාදුන් රඟ ස්වාමිනේ - ඔබපින්සාර ආචාර ආධාර සත්කාර ආරාවෙ වී ආදරෙන් - තුතිඝෝෂාව වෙයි ස්වාමි අනුමාන නැත්තේය මා භාර ගත්ත බැවින්.
වාල්මික - සූර ආධාර වී සාර දුක්ඝෝර සුන්වේය මාරම්යත සීතා කෙරෙන් - අපි ආරාමෙ දේවෙන්ද්රා වැඳගම්මු ශ්රේඬාව හා භක්ති පූර්ණක සිතින්
(දෙදෙනාම දනගසා යාච්ඤා කරති)
(ඊට පසු වාල්මික නැගිට මෙසේ කියයි.)
වාල්මික - දුව තිගේ දරුවා නාවන්ට පැන් අරන් වරෙන්
සීතා - හොදයි ස්වාමි.
(නික්මයයි)
vi ජවනිකා - දණ්ඩක වනේ තව කොටසක්
[සංස්කරණය](සීතා කළගෙඩියක් අරන්යයි.)
මාඩි - හිංචි.
සීතා - පොඩි දරුවා නාවමි සෘෂි කීව සේ පැන් අද්දා - මේ කලේ පුරාමම් පේණ ඒ ලිඳට ගොසින් දැන් මේ - මගේ සැමියගේ රූවාගෙ කුමරගෙ රූපේ මේ - සිහිවුනා සැමි වැදුවාම බිලිඳුන් මේ බැද්දේ - අන්න අහෝ යන්නා රිළා රැගෙණ බඩේ බන්දා ආරාමේහි උන් පුතා - සිදු විපතා බෑ අනේ වානු මා හදේ වන් ශෝකා - දැන් කියන්නේ කාටද සෘෂි වෙත් පැමිණ දන්වන්නෙම්
(නික්මයයි.)
viii ජවනිකා දණ්ඩක වනයේ ආරාමය.
[සංස්කරණය](වාල්මික සෘෂින්වහන්සේ සිටිනසේක.)
වාල්මික - සීතාගේ දරුවාමෙන් මෙම කුසතණ ගසින් දරුවෙක් මවා දෙදෙනාම එකට බාවා තබමි - සීතා ඇවිත් තමාගේ දරුවා කවුදැයි කියා තෝරාගත්තාවේ -
(වාල්මික ඊතණ ගසින් දරුවෙක් මවයි)
(සීතා පැමිණේ)
සීතා - ස්වාමිනි මාගේ දරුවා කෝ - රිළවෙක් මාගේ දරුවා අරන්යනවා දිටිමි -
වාල්මික - නෑ තිගේ දරුවා අන්න ඉන්නවා - එක දරුවාට ඔන්න දෙන්නෙක් සිටිති.
(සීතා දෙදෙනාම බලා පුදුමවෙයි)
සීතා - දෙදෙනාම එකවාගෙයි - මාවැදූ දරුවා කවුදැයි තෝරා ගන්ට බෑ.
වාල්මික - එහෙනම් දෙන්නාම ඇතිකරගන්ට හොඳා.
සීතා - අහා මගේ වාසනාවන්ත දරුවෝ!
(නික්මයති)
4 අංකය
[සංස්කරණය]i ජවනිකා - රාමරජුගේ මාලිගාව.
[සංස්කරණය](රාම ලක්ෂමණ භරත ශතෲක හණුමා සිටිත් - රාම රජ වාඩිවී සිටින කල අනිත් සියලු දෙනාම මෙසේ කියති)
පීලු තිල්ලාන - ත්රි)තාල.
සියලුදෙනම - රජිඳු තේජ රැස දරණ සුරෙන්ද්රවලෙස - රුසිරුබිසම ගැන ශෝක නැතුවාහේමා - රාම් රාම් රාම් රාම් - ස්නේහෙන් ප්රේනමෙන් උන්නා සීතා ශ්රීා ශ්රී ශ්රීව ශ්රීර - දෝසා ඇගේ නෑ ස්වාමිනේ - රජිඳු තේජරැස
රටතොට පළවුන - ලටපට තතුගැන - රජසැක හිතුවා - එය හොඳ නැතුවා - මෝඩවිය රාම් - ශෝකවේය ඉන් - ජානකීගෙනම් - දොසානැතේ ශ්රීැ රාම් - දොසා නැතේ ශ්රීෙ රාම් - දොසා නැතේ ශ්රීන රාම් - රජිඳු තේජ රැස
(වශිෂ්ට සෘෂින්වහන්සේ පැමිණෙයි.)
(වශිෂ්ට පැමුණුන කෙණෙහිම සියලුදෙනාම නැගිට ආචාරකරති. රාම රජ කතාකර මෙසේ කියයි.)
රාමා - ගුරුතුමන් මෙහි පැමිණීමෙන් මාගේ හිත බොහෝ ප්රී.තිවිය - මාගේ රාජභවන ඔබගේ පාද තැබීමෙන් පවිත්ර්විය - වැඩ ඉඳිනු මැනවි.
වශිෂ්ට - දීර්ගායුෂවේවා ! ජයස්තු ජයස්තු.
මාඩි - චාල්.
ශිෂ්යට ඔබේ තේජස තිබේ තලේ පෘථුවි බෝලෙස් නෙදේශ දිනලා වසන සේ දෙමි මාගේ ඔවාබස්
අසුන් පඤ්චවර්ණේන් යුතු ගෙන්නවා ලලාටේ බන්දා සොඳ රන්පටි අරිව් යාගේ මෙම සෑහේ
දේශ තුලේ අස් යන කලේ දෙති වැසියෝ කප්පම් මෙසේ පෙරමුණේ ඇර අසූ ඔබේ සේනා යවනූ
(හණුමා වශිෂ්ට සෘෂින්ගේ දැනමුතුකම අසා රාම රජුන් කථාතරන්ට මත්තෙන් උඩපැන මෙසේ කියයි.)
හණුමා - රාමස්වාමිනි. පඤ්චවර්ණෙ)න් යුතු අශ්වයෙක් මම් ගෙණෙඤ්ඤා. වහාම මෙකී අශ්වමේධ යාගය කරමු.
රාමා - මගේ මිත්ර හණුමා. පඤ්චවර්ණ යන් යුතු අශ්වයෙක් නුඹ ගෙණෙන්නේ කොහොමද?
හණුමා - සස් පස් ගා තුරඟා කැලේ අල්ලඤ්ඤා දුවලා මම් ටික ටික ටික ටික දස්කම් මාගේ ඇයි ඇයි දන්නේ නැද්ද මේ - අහා හහා ඇයි ඇයි දන්නේ නැද්ද මේ සස් පස් ගා තුරඟා කැලේ අල්ලඤ්ඤා දුවලා මම් උගෙ පිටඋඩ නැගලා මම් එඤ්ඤා පම් පම ගාලා ස්වාමිනේ - අහ හහා සස් පස් ගා තුරඟා කැලේ අල්ලඤ්ඤා දුවලා මම් උගෙ පිට උඩ නැගලා මම් එඤ්ඤා පම් පම ගාලා ස්වාමිනේ - අහ හහා සස් පස් ගා තුරඟා කැලේ අල්ලඤ්ඤා දුවලා මම්
රාමා - හොඳයි හණුමා එකි අශ්වයා අල්ලාගෙණ අරන් වරෙන්.
(හණුමා නික්මයයි. රාමා ශතෲකට කතාතර කියයි.)
සාරංග - ගසල්.
රාමා - සූරකම් පාලා වර්ධනේ - කෙරුම් සඳහා දේශා කරමු කියපු යාග මේ ම මල්ලී ශතෲකේ
සූරකම් පාලා වර්ධනේ - කෙරුම් සඳහා දේශා හනුමා මෙහාට අශ්වයා ගෙණේ - ඕනෑ යන්ටා
ශතෲක - මාගෙ රාම් අයියා කීවසේ - කරම් දයා බෝවි හනුමා මෙහාට ආ කෙනේ - පිටත්වී මම් යන්නෙම්.
රාමා - සූරකම් පාලා වර්ධනේ - කෙරුම් සඳහා දේශා
(ලක්ෂමණ, භරත, වශිෂ්ට සියලුදෙනාම මෙසේ කියා නික්මයති.)
එමන් කල්යා්න් - දාදරා.
නෙක්බදු මේ දෙසේ ගන්නවා රාම් - භෘංගයන් ගන්න මෙන් රොන් මලින් නෑ තැළුම් - මේ දෙසේ වාසීහූ ප්රීොතියෙන්ම දැන් - ඉන්නාහු පක්ෂවී රජුටා රම් රම් රම්
(සියලුදෙනාම නික්මයති.)
ii ජවනිකා - වනාන්තරේ අඩිපාරක්.
[සංස්කරණය](වාල්මික සෘෂින්වහන්සේ සිටි) මාල්කෝස් - ත්රි තාල්.
වාල්මික - සියුම් ධර්මට දැන යෝගදී - සොයමි එමෝක්ෂ සැපා පේවි - පමානොවී මා පුතුන්ට වේදේ - සාරා පාදා පාමි යුද සතරද මම් ඔවුන්ට තෝරා - කරමි ශාස්ත්රසය ධාරී
(ලව කුසල දෙදෙනා පැමිණෙති.)
වාල්මික - සුභමස්තු! මෙපමණවේලා ප්රරමාදවුනේ මන්ද - කොහෙ ගොසින් සිටියාහුද.
ලව - ස්වාමිනි, අපි වනාන්තරයේ තිබෙන පොකුණක් බලන්ට ගියෙමු.
කුසල - ඒ අසල ඉතා භයානකවූ පිඹුරෙක් සිටිනවා දුටිමි.
වාල්මික - සුඬ ජීවිතයක් ගතකරණ ජනයාට වල්මෘගයන් ගෙන් පවා අනතුරක් නැත.
මාඩි වාල් - ලාවනි.
(කුසල සහ ලව කියයි)
කුසල ලව - ශිල්පසැමා දුන්නේ උගන්නා සෘෂිතුමානෝ - සොඳ - සෘෂිතුමානෝ තෝරා දම් සිව් වේෙද් - දුනි මේ සෘෂිතුමානෝ - සොඳ සෘෂිතුමානෝ ඒ ගැන තුතිබෝ ස්වාමිට දෙම්මෝ
යුඬහරඹා දීපි උගන්නා - බඩ්ගධනු සිල්පාදියදන්නා - ලෝක සුබා සත් දත් - ඉසින්ගේ පාද වඳිම්මෝ -
(සියලු දෙනාම නික්මයති.)
iii ජවනිකා - දණ්ඩක වනේ කොටසක්.
[සංස්කරණය](පඤ්චවර්ණොන්යුතු අශ්වයා පෙරමුණේ ඇර ශතෲක හණුමා සම්භව ඇතුළුවූ ලොකු යුඬසේනාවක් ගමන්කරති - වඳුරුසේනා මෙසේ කියන්නීය.
සාරංග - කැමිටා.
වඳුරුසේනා - යාගකරමු රංචුගැසී පේවී - රම්රජුගේ සංග්රුහ ලැබේවි බැද්දේහි ඉන්නා අපි - තෑගි ගත්තෑකි - යාගකරමු - සම්පත් අත්පත් වෙයි - යාගේ නිසාමේ - රාම සැමි.
තෑගිබෙදා - සංකා නෑ දෙයි දෙයි - යාගෙනිසා තෑගි ලැබේ - යාගෙනිසා තෑගි ලැබේ හා: හා:
(ලව පැමිණ යුඬකරයි.)
ලව - මාගෙ මේ ආරණ්ය යෙහි ගමන්කරන තොපිකවුද?
ශතෲක - රාමරජුගේ අණපිට අපි මෙහි ගමන්කරම්හ
ජංගලා - ත්රිිතාල්
ලව - ඔද හරිමි මම් රාජගේ - ඒ රාම් පරද්දමි මම් - වැනසේ රාම් රජ එවනා සේනා - මගෙ හරඹද දැන් බලතැකි පානා - පාගා මෙසෑමා - මරාදමාලා - රිහී හරිම් තොපේ මෙමම් නොවී බිරම්
(ශතෲක ලව අල්ලා කුදලා බැඳගණී - වනදේවතාවියෝ මෙදැක සීතාට දන්වන්ට යති.)
iv ජවනිකා - වාල්මික සෘෂින්ගේ ආරාමය
[සංස්කරණය](සීතා සිටි - වනදේවතැවියෝ දෙදෙනෙක් පැමිණ මෙසේ කියති)
බයිරවි - ගසල්
වනදේවතාවියෝ- සොඳුර තිගෙ පුත් අනේ - කරයුද්ධා පරාදවි - කෑගැසුවේ හඬා අහෝ - මූණ පුරාම ලේ පෙරී - අනේ පුතුන් සේනා බිරම් - අල්ලගති දිදී බැටේ - දැක්ක අපේ ලයා සැලුම් - සාමිදු ආවෙමු මෙහි
(නික්මයති - සීතා හඬා කියයි)
බයිරවි - දෝරා. සීතා - දයාවී දේවනේ මා බේරදේවා පුතාකී හා හා හා
බයිරවි - දීප්වන්දි
දුක හෘදහි ගිනිසේ පුතෝ - විනාශවෙයි මාතා අහෝ - හඬා මාපුත් ගුටිමුරේ - කෑවාලු වෑවුම් නෑ හදේ - ලෝක මවාලු දේවනේ - කරුනාව පෙන්වනුමැනේ - වැදුමවු දනී මේ සුදු දූකා - වහාමවෙයි හානි පණා- ඉතා ස්නේහෙන් සිටි පුතේ - මේ ශෝක වෑවුම් කොයි ලෙසේ - ලෝක මවාලු දේවනේ - කරුණාව පෙන්වනූ මැනේ
(කුසල සීතාගේ හැඬීම ඇසී පැමිණේ.)
බයිරවි - ත්රිීතාල්.
කුසල - නොහඬනු මෑණී දුක් නසමි - ගලවගණිමි විගස ලව මෙවර - කරයුද මම - නොහඬනු මෑනි - මොකට ඉඳිමි මාගෙ මල්ලි නොබේරා - මම් උන් ඔද බිදදමමි මෙවර - නොව ශෝකමව් - නොහඬනු මෑණී
(නික්මයයි.)
5 අංකය
[සංස්කරණය]i ජවනිකා - දණ්ඩක වනේ කොටසක්.
[සංස්කරණය](ශතෲක ලව බැඳගෙන හණුමා ඇතුළුවූ පිරිස සමග ගමන්කරයි. ශතෲක ලවට හිරිහැරකර මෙසේ කියය.)
ශතෲක - අපේගමනට බාදාකළ තොපේ මරණයට සූදානම්වෙනු.
ලව - මා කුදලා ගුටිදී මරණඑක පිරිමිකමක් නොවේ.
ශතෲක - උඹට විනාඩි පහක් පමණක් කල්දුන් බව තේරුම් ගෙණ විගස උඹේ ආගමේ කටයුතු කරගණින්.
(ලව දුකින් මෙසේ කියයි)
මාලනී චන්දස් - කල්යාකන්.
ලව - වුණේ හානා හානි - පුදුම මරු ලංවී මෙසැනේ - සිඳා මේ ආශා ලෝගියහැකි පරලෝ ඒ නැතබියා - මගේ මාතා ගේ සිත් මගැන දුකවේවි ළය පැලී - අනේ මා මාතා ගේ දුක සිහිවී ශෝකේ ඉපදුනි - මගේ අත්පා බන්දා තැබිද ගොරබිරම් මරුමුවේ - අහෝ ප්රාඅණේ හානි වුනාට නැත ශෝකා මෙමවරේ - දුකා මාතා සිහිවී එපමණකී මාදුක් දෙවියනේ - මගේ මාතා මාතා රකිනුමැන ස්වාමි නිදුකිනේ.
(කුසල පිරිසත් සමග පැමිණේ.)
කුසල - හිටපන් හිටපන්.
කාඳරා - ත්රි්තාල්.
තිබේද තව - තිබේද තව - තිබේද තව - දැන් දස්කම් - දස්කම් - දමපන්බේරා - මාගේ මල්ලී - නැත්නම්වෙන්නේ හානී හානී - තිබේද තව -
පෙම්බර මාගේ මෙසුන්දර මල්ලී - ලිහනු විගස වානර රැළ එක්වී - මගෙ සැර බල දනුමේ - පලදුනි තොප කරුමේ - ජයගෙණ ගලවමි බෑ - සැර පා පා මා.
(ලව මුර්ච්ඡාවී වැටේ. කුසල කැටුව ආ පිරිස ශතෲක හණුමා සහ සම්භව අල්ලාගණිති. කුසල ලවට කථාකරයි.)
කුසල - ලව! ලව!! නැගිටපන් භයවෙන්ට එපා.
(ලව හීනෙන් වාගේ කථාකර මෙසේ කියයි.)
ලව - අහෝ මාමරන්ට එපා - නිරාර්ථකයේ මගේ පණ නසන්ට එපා.
කුසල - මල්ලී මල්ලී මම උඹේ අයියා - කුසල.
ලව - අහා! කුසල උඹ මෙහි කොහොම ආවෙහිද?
බහිරව - කැමිටා.
මා හිතේ මරුවා ආවයිකියා - නින්දආවා බියෙන් ඇඟ වෙවුලා මා - මාහිතේ මරුවා ආවයිකියා - අයියාට බෝතුති ප්රාමණේ ගැලෙව්මේ - සුන්වියාය මා මව්ගෙ දුක් රැසා -
කුසල - වරෙන් මව් දැකෑකි - ඉන්නේ ආරාමේ - සිත් ප්රීවතිව නෑ ඉන්ට මේ ලොවේ.
(දෙදෙනා පිටත්වී යන අතර රාමරජු තම පිරිස සමඟ පැමිණ යුදකරයි.)
බයිරවි - ලාවනි.
රාමා - මා සේනා පරදීද යුද්ධයෙන් මෙසඳේ - තොපයනු නාරිමි දෙමි දිවිහානි බැද්දේ - නෙක්දේශ පාලන මා - නෙක්දේශ පාලනා - මාගෙ සුරකම් බෝසේ දැනගන්ට ජීවිත නසමි තාගෙ ඇත දෝසේ.
(ලව සහ කුසලත් තම පිරිස විගස එකතුකරගෙණ රාම ගෙන් බොහෝ දෙනෙක් මරා රාමරජුගේ කොඩියද පඤ්ච
වර්ණ තුරඟාද පැහැරගෙණ හණුමාව කුදලාගෙණ අරන්යති. හණුමාව ලීයක දමා කරගහගෙණ යනකල මෙසේ හඬා කියයි.)
කල්යාවන්.
හණුමා - ආවේ යුද්දේ විය විනාසේ - දැන්මටතේරී බෝම දුකය් කුදලා මා බැඳ දේයි ගුටිමුරේ - අහෝ ස්වාමිනේ බෝ රිද්දෙය්.
(රණබිමේ මලකුණ සහ මුර්ච්ඡාවී සිටින අයත් කුසල තම පිරිසත් අරන් නික්මයයි.)
ii ජවනිකා - වාල්මික සෘෂින්ගේ ආරාමය.
[සංස්කරණය](සීතාදේවි කණගාටුවී මෙසේ කියයි.)
සීතා - කිම්ද මගේ දුක යන්නෙ නෑරී - දෙවියන්ගේ මක්වීදමේ පුත්තු ආවේ නෑ අහෝ මේ - මක්වුනාදෝ ස්වාමිනේ කිම්ද මගේ -
මොන කරුමෙද මේක බෑ බෑ - වානු බෑ මා ස්වාමිනේ ප්රේ ම මා පුත්තුන් නැතේ දැන් - ප්රේ ම මා පුත්තුන් නැතේ දැන් - මා ස්වාමි රාමත් දැන් නැතේ.
(ලව සහ කුසල පැමිණෙති)
ලව - සැරද මාතා - කුසල නොයන්ට එදා මාගේ ආලේ කම්මුතුයි.
සීතා - පුත නුමේ උවන් සඳුගෙන් මාගේ හද කොඳ නදන් විය - මාගේ කණගාටුව දැන් ඇරුණේය.
(මෙසේ කියා මූණ අතගා ආදරය පෙන්නයි.)
කුසල - මාතා! මම නොගියානම් අසරණ මල්ලිව හතුරා මරණවා ඇත - පූර්ව හේතුවකින් කලින් පැමුණුනා - නැත්නම් මල්ලි කම්මුතුයි.
(කුසලගේ පිරිස හණුමා කරගහගෙණ අශ්වයා සහ කොඩියත් අරන් පැමිණෙති.)
ලව - අපේ සතුරන්ව මරා උන්ගේ කොඩියද අශ්වයාද මේ වඳුරුසේනාපතියාද අපි රැගෙණ ආවෙමු.
සීතා - කවුද ඔය වදුරු සේනාපතියා.
(හණුමා සීතාදේවින්ව අඳුනා නමස්කාරකර මෙසේ කියයි)
හණුමා - පින්ගන්නා සාමිදු - ඔබවහන්සේගේ රාමරජුද ලක්ෂමණ, භරත, ශතෲක යන කුමාරවරුන්ද යුද්ධභූමියේ දී මැරුම්කෑවෝය. මම යන්තම් බේරුණෙමි - මේ තරුණයෝ දෙදෙන රුදුරු යුද්ධයක් කළෝය.
සීතා - අපොයි! අපොයි!! දරුවනි මොකද මේ ! උඹලාගේ පියා සහ බාප්පාලාත් මරා දැමුවාහුද - අනේ කාට කියම්ද? කුසල මොකද උඹ මේ කළ අකුසල!
කුසල - මාතා මම රාමරජු පියාබව නොදනිමි. මාගොසින් ලව බේරානොගන්ට සැණේදී ලව මැරුම්කනවා - දැන් ඉතින් මොකදකරන්නේ.
හණුමා - අහෝ මේ ජීවිතේහැටි! දුකපිට දුක - කෝ අපේ සෘෂින්වහන්සේ.
හණුමා - සාමිදූ. ඔබවහන්සේ සොයා අශෝකවනයට ගිය මටත් මේ තරුණයෝ දෙදෙනා ගුටිබැට දුන්නෝය.
සීතා - මාගේ හිතේසි හණුමා - මේවා හදිස්සි අන්තරායි - දැන් ඉතින් මේ අපරාධය මග අරවාගන්ට අපේ සෘෂිතුමාණන්ගේ පාද නමස්කාරකර ඉල්ලාසිටිමු - අහෝ මාගේ ළය දෙදරායයි. දුක!! දුක!! දුක!!
(සීතා කණගාටුවෙන් සිටිනකල වාල්මික සෘෂින්වහන්සේ පැමිණේ.)
වාල්මික - (හණුමා දෙස බලයි) මේ කවුද - කුසල! මොකස මේ - සීතා ඇයි ශෝකෙන් සිටින්නේ?
සීතා - ස්වාමිනි අනේ මාගේ මේ දරුදෙදෙනෙ මාගේ පුරුෂයාවූ රාමරජුද ඔහුගේ සහෝදරයන්ද මරාදමාලා ඇවිත් සිටිති.
කුසල - පිතා ලව අල්ලා මරන්ට යනකොට මාගොසින් ඔහු බේරාගෙණ යුද්ධකරණ අතර හතුරන්ට අනතුරුවිය රාමරජුවත් ඔහුගේ සහෝදරයන්වත් මම නොදනිමි එබැවින් මේ අන්තරාව සිද්ධවිය.
වාල්මික - සීතා කණගාටුවෙන්ට එපා - මොවුන්ගේ අත්වැරැද්දෙන් සිදුවුනු එකට කරන්ට දෙයක් නෑ - මොවුන් යුද්ධහරඹ උගන්නා තිබෙන්නේ ඔහොම ප්ර ස්තාවක ඉන් ප්රයයෝජන ලබන්ටයි.
තිලංග - ත්රි තාල
ලව, කුසල - පිතාගෙ කීර්ති ලෝකුසේ කාන්ති චන්ද්ර සේ - අපේ අත දෝෂා නැත. සනසනු ස්වාමි සිඳාලනුමැන ගෝර දුකද සිදුමේ
පිතාගෙ කීර්ති ලෝ කුසේ කාන්ති චන්ද්රදසේ - මෙ මාතගෙ දුකා බෝවෙය් - රම්යා ගුරු ඒ වුනේ හානී - බේරන් රාමන් ලක්ෂමන් මරුවාගේ බැම්මෙන් ස්වාමිනේ ඒ පරාණ දිගාද දී සිඳලන්න සිදු දුක්ඛ අප සූර බෙලෙනා - පිතාගෙ කීර්ති. _________________
වාල්මික - දරුවනි කණගාටුවෙන්ට එපා - දේවෝපකාරෙන් මම ඔවුන් මරණින් නැගිටවමි.
(සීතාට කියයි) සීතා නුඹලා සියලුදෙනාම මා කැටුව දැන් රාමරජු සහ පිරිස වැටී සිටින ස්ථානයට යන්ට ඕනෑ.
(සියලුදෙනාම නික්මයයි)
iii ජවනිකා - රාමරජු සහ පිරිස වැටී සිටින යුද්ධ භූමිය
[සංස්කරණය](රාමරජ, ලක්ෂමන්, භරත, ශතෲක සහ තවත් බොහෝ දෙනෙක් මැරී වැටීසිටිති - වාල්මික සෘෂින්වහන්සේ සීතාදේවි, ලව, කුසල, හණුමා පැමිණෙති - වාල්මික ශුද්ධපැන් මළඅයින්ගේ ශරීරවලට ඉසීමින් මෙසේ කියයි)
කඳරා - දීප්වන්දි (ඉංග්රීණසි)
වාල්මික - සිරසා කිරීටා දරාලා වැඩඹුන දේසේ රජින්දා ද සේනා දේව අණ සේ ප්රාඅණ ඇතිවී දේහ නැගිටා සිටිව් මේ සැණා.
(සියලුදෙනාම නැගිට කියති.)
බයිරවි - ත්රිාතාල්
මන පිනවන ගුණ නිලඹර දිලෙන තාරණ මෙන - ඉසිමතුනි ඔබට වේතුති - ගම්භිර සැම සතර ද තේරී - සිටින සත්පුරුෂ ඔබට දෙන්නෙමු තුති තුති - මන පිනවන -
වාල්මික - දෝෂ සිඳිලා ගියා - කර්මෙගෙවී අද - රෝග නිරෝගවුනී - සාන්ති සැදී - අහෝ දෙයියෝ රකිත් - සැම දෙයියෝ රකිත් - කර්මේ යන්තම් විය හමාරා - සීතාදේවි සීලාචාරා - දෝෂා නගාලා මෝඩ විකාරා - දේහ සෝබනා සීතා නෑරා - හාදවෙලා දැන් වාසේවීමෙන් - දුක් මැකිලා යනවා නම් සත්තයි සිය නුවරට දැන් නික්මී යනසේ - ඉල්ලන්නෙම් මම් සිත්සන්තෝසේ.
(සියලුදෙනාම නික්මයති.)
iv ජවනිකා - විථියක්.
[සංස්කරණය]රාමා, ලක්ෂමණ, භරත, ශතෲක , සීතා , ලව, කුසල, වාල්මික සහ හණුමා ගමන්කරති.
වාල්මික - රාමනරේන්ද්ර ඔබේ සීතාදේවින් අනුමාන කරගෙණ සිටි වැරැද්ද දැන් තේරී ගොසින් ඇත - පතිව්රනතාව නමැති ආභරණය ඕතොමෝ සදාකල්හි පැලඳසිටින්නීය - ඇගේ දරුදෙදෙනාත් ළංකරගෙණ සමාදානයෙන් වසනු සඳහාද සියලුම දේශවලට අගරජුවී ඔටුණුපැළඳිම පිණිසත් හස්තින පුරයට අපි වහාම පිටත්වෙමු.
රාමා - ස්වාමි - මාගේ කර්මය පඩිසන්දී මේ අන්තරාව සිදුවිය -මාගේ ප්රි්ය ජානකීට මවිසින් දෙනලද දුක්ගැන කණගාටුයි - මින්පසු ආදර ප්රේමයෙන් වසන්නෙමි.
බූපාල කල්යාණන් - දීප්වන්දි.
රාමා - වුණේ මේවා - මගේ දෝසෙන් අහෝ දේවි - අහෝ දේවි.
සමාවිදැන් සෙනේ පෙරසේ වඩාගම්මු මගේදේවි.
පවුල් නාස්තිවෙ සංකාවෙන් සොඳුරුදේවි සොඳුරුදේවි. __________________
සීතා - ඔහොම තමා සංකානමැති පණුවා හෘදපත්මයෙහි ඇතිවුනාම වෙන්නේ - පතිව්රමතාවට වඩා යහපත් ආභරණයක් සරණ බන්ධනයකට ඇතුළත්වූ ස්ත්රී්න්ට තවත් ලෝකයේ ඇද්ද? ඒ ආභරණය පැළඳ සිටිය බැවින් අපේ ආදරය දෙවනුත් උපන්නාවද?
සුරපදා - දාදරා
සීතා - සුන්දර සැමි පෙම්බරගුණ නිතර පානෙමි - මාන්න මකන නීච කිරීය මාකෙරේ නැතී - ස්වාමිවිනා මෙමට ලෝකෙ කවුද පුරුෂයා - රකිම් තුටුවී මහීම් පූජනීය පතිව්රාතාව - ඉන්නකල්ම මෙජීවිතේ යෙදී.
කාලිංගඩා - දාදරා
දුකා මැකී ගියා ගියා සිද්ධ වෙවා ජයා ජයා ඉතා ප්රීවතියෙන්ම අපී සෑම දෙනා යමූ යමූ ලැබී මහා දේව දයා දුරුවුනි ශෝක ළයා සීතා ගැන පාපු සැකය සිඳී සිඳි ගියා ගියා.
(සියලුදෙනාම නික්මයති.)
v ජවනිකා - හස්තිනපුර රාමරජුගේ මාලිගාව.
[සංස්කරණය](වශිෂ්ට සෘෂින්වහන්සේද බ්රාසහ්මණයෝ කීපදෙනෙක්ද අශ්වමේදයාගය සූදානම් කරති.)
කල්යාශන් - ලාවනි.
වශිෂ්ට - වේදේ පෙනෙන මෙ යාග උතුම් රාම්රජුට සෙත්වෙන්ටා නොහිම් පේවී කරලමු දෝෂ බිරම් නෑ සංකා අහෝ යායි දැන්
(රාම, ලක්ෂමණ, භරත, ශතෲක, හණුමා, වාල්මික, සීතා, ලව, කුසල ආදී තව ලොකු පිරිසක් පැමිණෙති.)
රාමා - මාගේ ගුරුවර කීව ලෙසින් - ශාන්ති දෙන දැන් යාග කරව් - ප්රීතතිවෙයි හද බෝම මෙදැන් - ඒ හින්දා ගුරු ස්වාමි.
(බ්රා හ්මණයන් පොල්, වී, එලගිතෙල් ගින්නට දමන කල වශිෂ්ට, වාල්මික යන සෘෂින්වහන්සේලා දෙදෙන මෙසේ කියා යාගය කරති.)
හරිගිත චන්දස් - දීප්වන්දි
හේදේවෙන්ද්රසනේ මෙම යාගතුම් කරුණාව පෙන්නා ගම්බි රා ශ්රීව රාම බූපල් ජානකී දරුවන්ද මේ රකිනා යු රා
යැද ශාන්තිදී පිලිගන්නසේ දැන් වඳිමි පේවී භක්තියෙ න් සැම දෝෂ සුන්වී ශාන්තිවේවා අප සියල්ලන්ටා ඉති න්
(අශ්වයා ගින්නට දමති)
(සියලුදෙනම කියති.)
බෝවේවා සැපා කිසියම් දුකා නොවෙවා මේ ඉන්නා සජ්ජනා දේවෝපකාරෙන් සෙත් ලබා සතතින් වෙසෙත් සිරියෙන් මනා සිත් නේත්ර් තිත්තේ පිනනලෙස දැන් නාට්ය් දැක්කු මේ සැමා රකිවා සදා සෙත්දී දිගා මේ ලකට රග්ගත් දෙව්තුමා.
............ // .............