ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-දස්කොන් නාටකය (1888)

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

දස්කොන් නාටකය

(ක්‍රි.ව. 1888)


සංඥාපනය


ලංකාද්වීපයේ සෙංකඩගල රජකම් කළ දෙවෙනි රාජසිංහ රජුගේ කාලේදී ඇතැම් අයගේ කල්පනාවේ හැටියට ප්රිතිකාල් ජාතියෙන් පැවත ආ දස්කොන් හෙවත් ගැස්කොයින් නමැති අය එම රජු ය‍ටතේ අදිකාරම් නිලය ලබා රජුට පක්ෂපාතව කල් අරිණ සමයෙහි ප්ර තිකාල් යුඬසේනා තොමෝ ලක්දිව නොයෙක් කොටුපේත්රැි අල්ලාගෙණ රට වැසියන්ට හිරිහැර කළාය. එවකට ජාවා ද්වීපය ආණ්ඩුකල ලන්දේසීන් මෙහි ගෙන්වා ගෙණ ප්ර්තිකාල්වරු හෙවත් ‘පරංගිකාරයෝ’ මුළු ලක්දිවෙන් නෙරපා හරිණ ලද්දෝය. මෙසේ පරසතුරන්ගෙන් ජයගෙණ රට සමාදාන අඩියකට පමුණුවා නිමවෙන්ට ළඟදීම රජුගේ බිසව විසින් ස්වකීය පවුලේ සමාදානය නැතිවීමට හේතුවන පලුද්දක් පතීව්රබතාවට කරණ ලදී- එනම් මෙ‍ම බිසව ස්වකීය සැමියා පතා ක්රිතයාකරණවා වෙනුවට රූපාලංකාරයෙන් යුතු දස්කොන් අදිකාරම් සමඟ ‘හාද බැඳ’ විසුවාය - මෙබඳු රහස් මුනින් නැවූ හිස් කලය දියයට ඇරියක් මතුපිටට පැන එන්නා සේ ලෝකයාට මෙහි පහත දකවන ප්ර කාර ප්ර කාශ විය - මෙම බිසවට රෝගයක් වැළදී ඇගේ කේන්ද්රකය රාජගුරු පණ්ඩිත මුදියන්සේ විසින් බලා ග්ර හ දෝෂයක් බව දැන්නෙවූ බැවින්ද එය සමනය කර ගැණීම පිණිස බලියාගයක් කිරීම සෑහේයයි කී බැවින්ද දස්කොන් අදිකාරම් බාරේ එම වැඩය කරනට රජු විසින් නියමකරණලදී - දස්කොන් අදිකාරම් තෙමේ බලි ඇදුරන් කැඳවා එකලට තිබුන සිරිත් ප්ර කාර රෝගාතුරයාගේ රූපය අන්දවා බලි අඹන්නන් විසින් රූපය සාදා නිමවූ පසු මෙම රූපය රජ්ජුරුවන්ගේ දේවින්වහන්සේ මෙන් පෙණීම පිණිස කලවෙහි උපන් ලපයක් තැබිය යුතුයයි කියා බලි ඇදුරන්ගේ අතින් දැලිකූර රැගෙණ එම රූපයෙහි කලවේ ලපයක් ලකුණු කළේය. මේ දිටු රාජසිංහ රජ්ජු‍රුවෝ කෝපවී දස්කොන් උලතබා මරන්ට ආඥා කළසේක - මෙම නාටකයේ කථාශරීරයෙහි මේ දැක්වූ කරුණ ප්ර්ධාන අංගයක්වේ - නාටකය අලංකාර කිරීම පිණිස ඒ කාලෙදී විසූ ප්රරධාන ජනයාද ඊට අන්තර්ගතකර ඇත. මෙම මධුර කථාවෙන් පුරාණ ඇඳුම් චාරිත්රා දිය පෙණීයන අතරම පතීව්රුතා නොරකිණ ස්ත්රීචන්ගෙන් පැමිණෙන විපතද හොඳාකාර පෙණීයනවා ඇත.

මේ වගට

නීතිඥ ජෝන් ද සිල්වා


නෘත්ය කරුවෝ


දෙවෙනි රාජසිංහ (ලංකාවේ රජ්ජ්රුවෝ),අටුපැල්ල, (එනම් දිසාපති), දස්කොන් (එනම් අදිකාරම්), බිසව (රාජසිංහගේ බිසව), අමරකෝන් (එනම් මුදියාන්සේ), ලමාඑතන (මුදියන්සේගේ භාය්යාසවීයව), පණ්ඩිත මුදියන්සේ (රාජගුරු), වැස්ටර්වෝල්ඩ් (ලන්දේසි අත්මිරල්), අන්තොනි ද සෝස කොංතිඤ්ඤ (ප්ර්තිකාල් ආණ්ඩුකාරයා), සෙනෙවි (ප්රතතිකාල් සෙනෙවි), මුළාදැනියා (හිරගෙදර බාරකාරයා), රොබර්ට් නොක්ස් (එනම් ඉංග්රීතසිකාරයෙක්), ජාකෝමේ ගෙන්සාල්විස්, (එනම් ගුරුප්රොසාදීන්වහන්සේ), බලිඇදුරෝ, දාසියෙක් සහ ගහලයෝ.


1. අංකය[සංස්කරණය]

පුවත කාවියන් මෙන් කියා මේ සමගම පොඩි රබානක් ගැසිය යුතුය.


සු සි රි මගෙහි නිති සරණා සුදන මෙම වදන් කරණු සව ණා

මෙසි රි ලකෙහි පෙර විසුව පසිඳු දස්කොන් මැතිඳුගෙ වරු ණා

ඉ ති රි නොකර දැන ගතැකි ලෙසට සොඳ වහර සිහල බසි නා

මි හි රි විරිත ගෙණ පබඳ කෙළෙය අප ඇදුරිඳු මේ ලෙසි නා


ක ණ පි න නා නෙක වදන ගෙණා මන රිසිවඩ නා සොඳ විරිතයෙ නා

ප ද ක ර ණා මෙම හටන ගැනා මහ කිවිවර ණා නොකිපෙව් මෙදි නා

ල කපොර ණා විසු මැති හපනා වද යුතු යයි නා දස්කොන් නමි නා

අ පි මෙ දි නා ඔහු දිවි වරුණා රඟ සබෙහිමනා පතුරමු තොසි නා


පොර රණ සිරිත් සහ මතක නැතුව ඇති සිහල පොරණ පැළදු ම්

සොදින මෙසබ අද පැමිණ සිටින සැමදෙනට දතැකි මනර ම්

සු ර ණ සරණ අප කිවිඳු තුමට සහ අපටද යැද කර පෙ ම්

හ ට න මෙ දස්කොන් මෙතන සිටම අසමැන කියමින් යමිම ම්



1 ජවනිකා - ශ්රී වර්ධනපුර මාලිගාවක්[සංස්කරණය]

(රාජසිංහ, අටුපැල්ල දිසාපති සහ දස්කොන් සිටිති.)

වෘත්තය - ජෙඩියාරජානි.


රාජසිංහ - සිරිසාර ලංකා - තුළ බෝ පරංගි යුදයෙන් කැටුව බෝසෙ - ඉන්නාහු දැන් මන්ත්රීස කොඩි ලාගෙණ සිටිති වෙරළද්දරේහි පැරදි දුවන්ට යුද්ධ කරමු මන්ත්රිලනී


අටුපැල්ල - ප්රකතිකාල දෙසේ සිට ආ පරංගි වනසන්ට සමතෝලු කිත් සාර ලන්දේසි උපකාරය ගණිමු - නිරි‍ඳේ ඔවුන්ගේ සතුරා නසන්ට දක්ෂ අයැති ඕලන්දේ


දස්කොන් - මෙදිසාපති කී - වචනේ සැබෑවේ ගෙරිමස් කන පරංගි පැන්නීම දැන් සෑහේ අපෙ සිංහල සෙනගා බෙලහීන වෙන්නේ එකසිත් නැති නිසාය නිරි‍ඳේ දැන් කාලේ



රාජසිංහ - ඕලන්දේ රජුට හසුනක් ඇර යුද්ධ සේනාවක් ගෙන්වා ගණිමු.

දස්කොන් - එහෙනම් තානාපතියෙක් ඇරින්ට වෙයි.

රාජසිංහ - දිසාපති අමරකෝන් මුදියාන්සේට එන්ටෙයි කියා පනිවිඩයක් ඇරපන්.

අටුපැල්ල - හොඳයි ස්වාමිනී.

(අටුපැල්ල නික්ම ගොස් දාසයෙකු පිටත් කර අරී.)


ii ජවනිකාව - අමරකෝන් මුදලිගේ වලව්ව[සංස්කරණය]

මුදියන්සේ සහ ලමා එතන සිටිත්.


වෘත්තය - ලායස්යා

අමරකෝන් - සිංහල ද්විපේහි මේ - කෝලහාල දැන් කරන්නො අහෝ බෝ ලෙසින් හේවා පරංගියන්.


ලමාඑතන - සිංහලයා දැන් අනේ - උන්ට හාද වී ප්රඑසිඬ ලෙසේ මේ රජින්දා හා එදිරි වී


අමරකෝන් - පාතරටේ සිහලුන් - මෝඩ බැව් පෙණේ පරංගියගේ ආණඩුවෙන් මේ ද්විපෙ හානිවේ


ලමාඑතන - කාලතුවක්කු කඩු - ලන්ස ඈ අවි තිබේද අපේ සිහලුන්ට උන්ට මෙන් සැමී


(පණිවිඩකාරයා එයි.)


පණිවිඩකාරයා - රාජතුමා කීවේ මේ - රාලහාමි දැන් ප්රවමාද නොවී කැන්දවන්ටා ඊ ‍ගසේ සැරෙන්.


අමරකෝන - කාරි කිමා ඉක්මණින් - කැන්දවන්ට මා පරංගි හටන් හින්දවත්දෝ රම්බරි කිමා.


ලමාඑතන - එක් පණසේ ආල මා - රාලහාමිනී ප්රඑමාද නොවී දැන් ගියොත් දත්තෑකි කාරී කී.

(අමකෝන් සහ පණිවිඩකාරයා නික්මයති.)



iii ජවනිකා - රාජසිංහගේ මාලිගාව.[සංස්කරණය]

රාජසිංහ, අටුපැල්ල දිසාපති සහ දස්කොන් සිටිත්.

වෘත්තය - ‍රාජාහුමය්.


රාජසිංහ - නීලාකාශේ පායනා පුන්සඳ සේ දුල්වන් ලක්ෂණ සේනාවක් තමා පරංගි හේවායන් ඊයම් මුණ්ඩෙන් හෙල් කඳු සුන්කර හේවායෝ සිංහල සේනාවල් පරාජයේහි ලාගන්නෝ


දස්කොන් - මේලෝ නම් සේනාපති ස්වාමි වලානේදී මුණ්ඩ අරන් ආ මුත් මැරී වැටී ඒ යුද්දේදී මේලෝගේ හේවා සැමා සිංහල හේවායෝ ගල් පෙරළා කන්දේ ඉඳන් විනාශයේ ලෑවෝ.


අටුපැල්ල - ගල් වර්ෂාවක්සේ වැටී හිස් පොඩිවී යය් නම් ගත් පල කිම්දෝ මුණ්ඩයෙන් පරංගියාගේ දැන් මේ ලංකාවේ හෙල් කඳු යුද්දෙට ආධාරයි ලක්ෂ ගණන් ආවත් පරංගියා පරාදේ වෙයි.

(අමරකෝන් පැමිණෙයි.)


වෘත්තය - ගර්සෙය්යා කොනකුදා


අමරකෝන්- පින් ගන්නා රාජතුමා - මාව ගෙන්නු කාරි කි මා සංවලයෙන් ආමි මෙදා - ස්වාමිවෙතේ වි නොප මා


රාජසිංහ - ලක්දිව්හි මූදූ බොඩේ - ඉන්න සුද්දන් නැස්ම ස දා ලන්දෙසියන් කැන්දවමූ - කල්නොදමා මන්ත්රීඉ ස දා


දස්කොන් - කස්තානේ දැම්ම අපේ - රාලහාමි සෑහෙ මෙ දා යන්ට බෙතාවිය බලා - තානපති මෙන් මෙස දා


අටුපැල්ල - ලන්දේසියාගෙ තමා - තුංග බෙතාවී නග රා ඉක්මණකින් එන්ට හැකී - නැව් නැගිලා මන්ත්රිගව රා


රාජසිංහ - ලන්දේසි සේනාපති - සම්භ වෙන්ට ගොස් එපු රා දෙන්ට සොඳය් හස්න මගේ - ගෞරවූ ප්රේෙමේ පතුරා


(හස්නක් දෙයි.)


අමර‍කෝන්- ජාවානම් ද්විපෙ තමා - ඇත්තේ බෙතාවී නග රා යන්නෙමි දැන් නැව්නැගිලා-රාජතුමා කල් නොහැරා

(අමරකෝන් නික්මයයි)



2. අංකය[සංස්කරණය]

i ජවනිකා - සක්මන්මලුව.[සංස්කරණය]

(බිසව සක්මන් කරණ කල දස්කොන් පැමිණේ.)

‍වෘත්තය - මෙරේපියාරිබුල්බුල්


බිසව - කොහේ ආවාදෝ දැන් දස්ාකොන් මැ තී

දස්කොන් - බිසෝ සම්භවෙනසේම ආමි සි තී

බිසව - මගේ සම්භවිමෙන් කිම්දෝ ප ලා

දසකොන් - නුරාගින්න නිවාගන්ටමය් සිත් තු ලා

බිසව - මගේ ස්වාමි දැක්කොත් වෙන්නේ වි නේ

දස්කොන් - විනේ කිම්ද බැඳුනාට පස්සෙ සෙ නේ


බිසව - සෙනේ බැන්දෙ ඇය් මා ස්වාමි සි ටී අ නේ ලෝක නසනාමෙ රාගේ හැ ටී


දස්කොන් - පනේ සාගරේ නැව් කීයක් ගිය ත් අනේ ඉන් කිසිම දෝෂයක් නම් නොමැ ත් මගේ ආදරේ නම් සත්තයි ල ‍ඳේ අගේ වන් මෙපණකෙන්ද ඉන්නම් සි ‍ඳේ


බිසව - අ හෝ රාගයෙන් මත්වූ බැව් පෙ ණේ බොහෝ දෝෂ මට සිධවෙයි ඉන් අ ණේ


දස්කොන් - කෙසේ දෝෂ වේදෝ මා රම්බ රී ඇසේ ගාණ රසඳුන්සෙ රූපෙන් සි රී


බිසව - එපා මායමෙන් මා අල්ලන්න ටා උපා බෝම යොදලා එ නින්දාව ටා


දස්කොන් - පණේ බෑ පමා වී ඉන්ටා මෙ හී සෙනේ බැන්ද අය ආදරෙන් දැන් න හී


බිසව - නසින් ටා එපා මා හින්දා ස කී ගොසින් එන්න හෙට සම්භ වෙන්ට හැ කී


දස්කොන් - පමාවත් නොවී මම් එන්නෙම් ප නේ නිමාවක් නොමැති ප්රීවති දැන් අත් උ නේ


(දස්කොන් නික්මයයි.)


ii ජවනිකා - රාජසිංහගේ මාලිගාව[සංස්කරණය]

රාජසිංහ බිසව සහ රාජගුරු පණ්ඩිත මුදියන්සේ සිටිත්.

වෘත්තය - මෙරාදිල්ලෙවාතාහෙ.


රාජගුරු - බොහෝ කාලයක් ‍රෝග පීඩාවලින් මිදී ඉන්ට නම් මේ බිසෝ සිත් සැපෙන් බලි යාගයක් දැන්ම ගෙන්වා ගුරුන් කලොත් සෑහෙ ස්වාමිනි දොස් අත්හැරේ


රාජසිංහ - ග්ර හ දෝෂයන් අත් හැරෙන්ටා හැකි උපායක් තමා කී බලි යාගයක් ගුරුන් ගෙන්වලා ඒ සලස්වා ලමි මගේ ආදරී ඊට සන්තෝස නම්

බිසව - පුරාණේ පඬින්ගේ කියුම් සේ කළොත් බලි යාගයෙන් සත්තකයි සෙත් සැදේ රටේ දක්ෂ වූ දැන් ගුරුන් ගෙන්වලා වැඩේ ඒ කෙරේ නම් මනාප‍ය් මමත්


(දස්කොන් පැමිණේ)

දස්කොන් - ස්වාමිනි මූදුබොඩ සිංහල‍යන් ප්ර තිකාල්වරුන්ට එකතුවී නොයෙක් ගම් කොටු අල්ලාගත් බව සැලයි.


රාජසිංහ - ඒ ගැන විභාග කිරීමට රාජගුරු කැටුව මම පිටත් වෙමි. නුඹ බලිඇදුරන් කැඳවා නියෝගකර තිබෙන ප්රිකාර බලියාග කරවාපන්.

(දෙදෙනාම නික්මයති.)

දස්කොන් සහ බිසව අතරේ කථාවක්

‍වෘත්තය - ජිගසමරමාබුබකාදිල්.


දස්කොන් - නෙතු ඉඳුනිලා සේ වලාකුල් ලඳගෙ කේසා වටොර රම්බා සේ වක්ත්රාඉ පියුම් සේයා අත්පත් රන් පාටෙන් ‍මෝහනී මෙන් වේ තිගෙ රූපා ශ්රිතයාවී දැන් මා හට අත්පත් වේද කියාවා


බිසව - අද සොඳ තමා වාසනාවන් සිතසෙ කාරි සිතසෙකාරිම වේවා - සිතසෙකාරි - අද සොඳ තමා දස්කොන් දැන් රාගෙන් පාර වි ඉන්නේ මා හා බින්දා ලාමු පන්සැරයාගේ දර්ප සැනිනා


(දෙදෙනාම ගෙට ඇතුල් වෙති)


iii. ජවනිකා - හඟුරන්කෙත විටියක්[සංස්කරණය]

(අටුපැල්ල දිසාපති ඇතුල් වෙති)

වෘත්තය - දිල්මෙරාතුජේ.


අටුපැල්ල - තල් පනා දඹා යුත් විශාල උයන් පෙණේවි රන්පාට ඇති පක්ෂියන්ගේ නාද ඇසේවි පිල් වනා සිකී ප්රී්තියෙන්ම නටා ‍බෝසේ ‍රොන් ගන්ට මලින් භෘංගා ගුම් ගුම් නාද කරන්නේ


(රාජසිංහ සහ රාජගුරු පැමිණේ)


රාජසිංහ - සිංහලේ අපේ ඉන්නවාද පරංගි හේවා වණ්ඩාල ක්රි යා සිංහලුන්ගේ බෝම පෙණෙන්නා


අටුපැල්ල - සිංහලේ නොවේ මීගමුවේ ඉන්නේ පරංගී දැන් පාතරටේ සිංහලයා උන්ට බැ‍ඳේවි


රාජසිංහ - ලක්දිවේ අපේ කාලකන්නී කමක් උනාදෝ විශ්වාස මෙදා නැත්තෙ අය්යෝ සිංහලයාදෝ


රාජගුරු - ලක්දිවේ දනෝ හාදවෙත්ද පරංගියාටා ඉන් උන්ගේ ගෙලේ තොණ්ඩුලලා දෙත්ද අනුන්ටා __________________


අටුපැල්ල - පාතරට ජනයා පරංගියාට එකතුවා මිසක් උඩරට ජනයා නැත.

රාජසිංහ - ඒක හරි, දිසාපති අප සමග යමු.

(තිදෙනාම නික්මයති)


iv. ජවනිකා - රාජමාලිගාව[සංස්කරණය]

(බිසව තනියම සිටි)

‍වෘත්තය - අර්ථදුල්මර්තුහුයා.

බිසව - ජානකී මෙන් රුවින් - යුතු මට වෙන්නේ මෙදා යුතු මට වෙන්නේ මෙදා- අසනීප වෙව්ලා ඇගා ශාස්ත්ර කීවා නම් සැබෑ - රාජගුරු සිප් දන්නා හන්දිපත් බෝම රිදී - හිස කකියන්නා මගේ හිස කකියන්නා මගේ - ඇග උණ ගන්නා වගේ මල්මදා පුම්බා දමා මන්ත්රීව ජයගත් රංගා ____________________


(දසකොන් අදිකරම් බලිඇදුරන් කැටුව එයි) දස්කොන් - ඔබ වහන්සේගේ අසනීපය මග ඇරෙන්ට නිසි බලි යාගය මොවුන් කළෑකිය.


බිසව - එහෙනම් හොඳයි.

දස්කොන් - තොපි බිසවුන්වහන්සේගේ රූපය අඳීව්බලිඇදුරෝ - කී ප්රකකාර එය කරන්නෙමු. (දස්කොන් නික්මයයි)


3. අංකය[සංස්කරණය]

1. ජවනිකා - මන්ත්ර ණසභාව[සංස්කරණය]

(රාජසිංහ අටුපැල්ල දිසාපති සහ රාජගුරු සිටිති)

‍වෘත්තය - සවෛරාජබංගලාමෙ.

රාජසිංහ - මෙ ලංකාවෙ සිංහලුන්ගෙ ජඬ වාරයෙන් පරදේශවාසී ගණිතී දැන් වාසී ඔවුන් නැස්ම සෑහේය මන්ත්රීකනි දැන්.


අටුපැල්ල - යෙදෙය් පාඩු සිංහලුන්ට මතු ‍බෝ ලෙසින් ප්රපතිකාල පංගම් - ලෙස වේ දැන් සුංගම් අපෙන් ගැන්ම මේ දේශ බෑ උන්ට නම්


රාජගුරු - බදුල්ලේ හි යුද්ධයේදී පැරදී ‍ගියේ බදුල්ලේ ඔවුන්ගේ නමිනි කොන්ස්තැන්තීන් මැරුම් කෑවේ ස්වාමිනී හේවා රුපුන්.


අමරකෝන් මුදලා ලංදේසි අත්මිරල්වූ වැෂ්ටර්වෝල් සමග පැමිණේ.

වෘත්තය - බෝතිදිනුම්කා.


අමරකෝන් - ජාවා බෙතාවී නගරා කරා මේ - ගොස් ආමි මම් සොඳ අත්මිරල් හා - සේනා සිටිති නැව්හි යුද්දෙට යන්ටා ස්වාමිනි වැනසී යත්මැයි පරංගි.


රාජසිංහ - ලංදේසි සේනා සමගා ගොසින් මේ - ද්විපේ ඉන්නා සතුරු පරංගි - නෑරා මරණු යාලු දෙන්නෙමි - තෑ‍ගි විශ්වාස කරණූ මාගේ පොරොන්දු.


වැෂ්ටර් - ලංකාව ආණ්ඩු - කරණ ලකින්දා- කිව් මේ කාරී කරණෙම් මනා සේ - හේවා පිරිස උන්ගේ සින්දා මම ලාමි ඕලන්දෙ ජනයා යුදදෙන් දිනාවි.


රාජසිංහ - මේ යුද්ධයට යන වියදම් මවිසින් දරණ බවත් කොටු පේත්රැ මට බාරදෙන්ට ඕනෑ බවත් දැනටන්ට හොදා.

වැෂ්ටර්වෝල්ඩ්- මෙම ගිවිසුමට මම කැමතියි.

(නික්ම යයි)


ii ජවනිකා - කොළඔ මාලිගාවක්[සංස්කරණය]

අන්තෝනිදසෝස කොංතිඤ්ඤ සහ ඔහුගේ සෙනෙවි සිටිත්.

‍වෘත්තය - උමරමානිවි කොතිඤ්ඤ - ලකට ආවෝ - ඕලන්ද වාසී - යුදෙහි සූරයි එජන මන්ත්රී - ‍රටේ රජිඳා කැඳවා එජනා - පන්නා අප ලාවී අවිවාරේ

සෙනෙවි - කරමු යුද්දේ ලංදේසියන් හා - වනසා ලාමු ඔදය බින්දා- අපේ සමුදා කැඳවා මෙවරා - යුද්දේ කරණා සේ දෙමු ආඥා

කොංතිඤ්ඤ- සෙනෙවි මාගේ යුද්දේට දක්ෂය් - කරනු ඤණෙන් මෙකල යුද්දේ - අපේ සතුරු රජිඳා මෙ‍ලකේ - ගෙන්වා ගති ඔලන්දේසි හේවා. ‍ සෙනෙවි - මේ අපෙ සේනා ඕලන්දයාගේ - පසිඳු හේවා මරදවාවි යුදේ කරමු මැති‍ඳේ නොහැර - සින්දා මම ලාමි රුපු හේවා


කොංතිඤ්ඤ- ලන්දේසි යුධ සේනාව මඩකලපුවට එන බව සැලයි. නුඹේ සමුදාව අරන් ගොස් යුධය කරපන්

‍(සෙනෙවි නික්මයයි)


iii.ජවනිකා - රාජසිංහ මාලිගාව.[සංස්කරණය]

(බිසව වාඩිවී සිටි. බලි ඇදුරෝ රූපය සාදනකල දස්කොන් පැමිණේ)


දස්කොන් - මෙම රූපය බිසවුන්නාන්සේ වාගේමයි- නුමුත් ටිකක් අඩුයි. කෝ දැලිකූර.

(දැලිකූර අතට ගෙණ කලවෙහි ලපයක් ලකුණු කරයි)

බලි ඇදුරො යාගය පටන් ගණිති.

යක්බෙරයක්ද මිණිගෙඩියක්ද තට්ටු කරනු ලැබේ. ‍වෘත්තය - කොග්ගල කිවින්ගේ සත්සතියේ ‍වෘත්තයයි.


ති ල ක ගන සොඳ සිරිවඩනපුර නළලත තිලකයුරු අගමෙහෙ සී සු රැ ක ගෙණ සිරිසෙත සුරණකරදෙනමෙන මෙබලි කරණට නර සී මෙල ක සරසිඳු සොඳ නැකති වන අප අද කැදවි ගණිසුරු සදි සී සු රැ ක මැන සැමමුරු ගිරහදෝස බිඳහැර ගුණෙනි සොමියුරු මෙහෙ සී


ආයුබෝ වේවා!

ප ල ඟ යගෙ ඔද බිද පුවළ බල පළ කළ එමුනිඳුගෙ අනුහසි නා වෙද ඟ සකු මගදෙලු නිපුන මෙහෙසිට සිදු ගිරහ දෝස යනු සැනණි නා කු ල ඟ නට සැදි ලෙඩ කතරගම දෙවියනි බිදනු මැන ඔබ බෙලෙ නා සු ර ඟ නසෙ පෙත සැප විදින ලෙස හළ මැන ගිරහ දෝස සිඳ සෙදි නා


ආයුබෝ වේවා!


ප ව ර ලකඹර දිලි උලිඳු සරී සරසිඳු මෙහෙසි ලකිඳුගෙ රද සී මෙවර ලෙඩ කළ සැම ගිරහ දෙවියනි අද එසැම දොස බිඳ නොනි සී නි ත ර රැක මැන සිරි සෙතද කර සැණෙකිනි මෙවර යොමුකර මෙතැ සී ප ත ර ලොව මැව් මහ බලැති ලොවැදුර සඳ රකින සුවකර මෙහෙ සී


                                                                                   ආයුබෝ වේවා!

රාජසිංහ - මෙම රූපය බිසෝ වාගේමයි - කවුද ඇන්දේ

බලිඇදුරා - ඔබවහන්සේ‍ෙග් දාසයෙක්වූ මමයි.

රාජසිංහ - මේ ලපය ලකුණු කලේ කවුද.

බලිඇදු‍රා - දස්කොන් මන්ත්රීවතුමාය.


රාජසිංහ - නුඹ මේක ලකුණු කළෙහිද.

දස්කොන් - එසේය ස්වාමිනි.

රාජසිංහ - වඤ්චාකාර ‍දස්කොන්.තා‍ෙග් දිවි හානි කරණු ලබනතුරු මෙවක් පටන් හිර අඩස්සියේ කරනු ලැබේ. තොපි මොහු සමඟ හිරගෙදර මුලාදෑනියාට බාරදී වරෙව්.

(ඔවූහු දස්කොන් කැටුව නික්ම යති)

වෘත්තය - මය්උන්ඩ ගර්කුරානි මොහානාරානි.

රාජසිංහ - දැන් පව්කළ බාරී තිගෙ පරානේ හානී කරණෙමි කිය දස්කොන් ලපේ කෙසේ දැන්නේදැය්’

බිසව - මා පෙම්බර ස්වාමි මේක ඇසුවේ මාගෙන් සැකවී බව තේරෙය් දුකා කෙසේ වාගන්නෙමි.

රාජසිංහ - දස්කොන්හා දේවි හාද නොවී උන්නා නම් කලවේ ලප ඇන්දේ අහෝ කෙසේදැය් ‍මන්ත්රීන

බිසව ‍- ඒ සුන්දර මන්ත්රී‍ ඒක කෙරෙව්වේ මාගේ අණ සේ බව දැන්වත් අසා දනීවා ස්වාමි.

රාජසිංහ - සිත් බින්දුනි මාගේ බාරී කෙරේහි බෝසේ පතිදම් බිඳු බැව් පෙනේ ලපේ ඇන්දායින්.

බිසව - මේ භූමියෙ දෙය්යෝ රාජ පුතාලා වෙත්මැය් සැම නීතිය උන්ගේ සිතේ පරිද්දෙන් වේමැය් දුප්පත් බිරිඳා වූ මගෙ පරානේ හානී නොකරන් සොඳ ස්වාමි ලපේ නිසා රූපේහි


රාජසිංහ - තී මට අවිශ්වාසයි. මගේ පලිය තිගේ හොර හිමියා ගෙන් ගණිමි.

(නික්මයයි.)


iv. ජවනිකා - හිරගෙයක්[සංස්කරණය]

මුලාදෑනියා හිරකාරයින් බා‍රේ සිටී

(බලිඇදුරෝ පැමිණ දස්කොන් බාරදෙති)

බලිඇදු‍රෝ - රජ්ජුරුවහන්සේගේ අණප්ර කාර මෙම දස්කොන් මැතිඳු හිරඅඩස්සි කළ මැනව.

මුලාදෑනියා - මේක පුදුමයෙකි. මන්ත්රී කුමන වරදක් ‍කළෙහිද

(දස්කොන් කණගාටු වී කියයි.)

වෘත්තය - අජජ්වේරා.

1. මතක්වෙන්නා සිදු දෝෂා - ලපේ හින්දා විනේ වෙන්නා පවක් මාගේ

2. බලී රූපෙ බිසෝගේ මේ - ගුරුන්නාන්සේ තනා දුන්නා ලපේ ඇන්දෙමි ඒ රූපේ - එයින් සංකා කලේ රාජා.

3. සියල් ලෝකා මවා රක්ෂා - කරන්නාවූ දෙවි ස්වාමි රජින්දාගේ කෝපාග්නි - නිවාලා මා මුදාලාවා.


මුලාදෑනියා - රාජා අණලෙස හිරගෙට ඇතුල්වෙනු.

(බලි ඇදුරෝ නික්මයති.)


4. අංකය[සංස්කරණය]

i. ජවනිකා - මඩකලපුවේ යුඬභූමියක්[සංස්කරණය]

(ලංදේසි වැෂ්ටර්වෝඩ්ගේ පිරිස සහ ප්රාතිකාල් සෙනෙවිගේ පිරිසත් යුඬකරති.)


වැෂ්ටංර් - නෙක දෙසෙහි යුද්ධ ජයගෙණ ප්ර්මාණ නැති එදිරිකාර සැම මැරු මෙමාගෙ කඩුවෙහි පරාණ අද වැවසෙය තගෙ.


ප්ර්තිකාල්සෙනෙවි - මෙපරංගි සෙනග - ඕලන්දිකයාට බයවෙන්නේ නැත කිසිකල හේවාධිපති දෙන්නා යුදකර බලමුකො අද.


වැස්රේවෝල්ඩ්-කට මැත දොඩාවි දැක දැක

මේකඩ්ග - යුද හරඹ බෝම මම දනිමි සුර - දිවි කරමි හානි එක කඩුපහරට ප්ර තිකාල සෙනඟ පුම්බාලන මාගේ - බල පාමි අද තට ජය පානය කර - හේවා පිරිසඳ කපනෙමි තගෙ මම ‍(දෙදෙන කඩු හරඹ කරණ කල පිරිසද යුද කරති.)


(ප්රපතිකාල් සෙනෙවි මැරී වැටේ.පරංගි දුවති.)


ප්ර_තිකාල්සෙනෙවි- ප්රායණෙ සැඟවේ මාගේ තේජ රැස කෝ අනේ ප්රා_ණේ අහෝ - අන්තිම වේලාවේදී - දෙන්ට අවත්තේ මෙහි - නැත රෝමානු සභාවේ ගුරු පූජකයා.

(ප්ර_තිකාල් සෙනෙවි මැරේ.)


ii. ජවනිකා - රාජසිංහගේ මාලිගාව.[සංස්කරණය]

(බිසව සහ දාසියෙක් සිටිති.)

(බිසව මේ කවිය කියවා ලියුමක් දාසීට දෙයි.)

තු න් ක ල තුමුල වනයේ මල් රස නොවි ඳ ක න් ත ල ගජන් කොපුලත බිඟු රොණට වැ ඳ ක න් ත ල පහර වැනි නිරිඳුට අසුව ඉ ඳ පි න් ක ල හිතනුවනි දැන් තැවෙනු කුමට ඳ

ස ක් ම න් කරණ මලුවේදී බැදි හා ද සි ත් ස න් තොසින් දුන් මුව මී බීවා ද ඉ ක් ම න් ගමන් හිමි ඔබ අද යනවා ද ද ස්කොන් මගෙ නමට ජීවිත දෙනවා ද


බිසව - තී මේ ලියුම රැගෙණ ගොස් මාගේ හෘදය වේදනාව දස්කොන් මැතිට දන්වා එනු.

(දාසි නික්මයයි.)


iii. ජවනිකා - හිරගේ[සංස්කරණය]

(මුරකාරයෝද දස්කොන්ද සිටිත්)


වි කු ම් තෙද යස හරය පුවතඑ දිගඹු ගෙල පැළදෙවු ලක ල් ද හ ම් දිව අග රඳන අප මුනි නැණිනි ගණිසුරු යුරු නිම ල් නොහිම් ලෙස රුපු ගජන් ඔදහළ කෙසර වැනි රද සිහ බූප ල් උ තු ම් මුනිඳුගෙ නමට වෙනු මැන කමා නමදිමි පා කම ල්


නි බ ඳ සිරි ලිය වසන පුලුලුර දෙවඹු සරසවි මුව ලක ල් නොම ඳ සතහට දෙවන දනයෙහි පවර සුරතුර බදු නිම ල් ප ර ද වන රුපු මෙලක් රණබ්ම නැඟුව දිය දදයුරු මිප ල් ව ර ද ඇතිමුත් පිහිවෙනු මට මෙවර නමදිමි පා කම ල්


දස්කොන් - මේ කාව්යිප්රෙබන්ධය මා දුන්නායයි කියා රාජෝත්මයානන්ට දීපන්.


(මුරකාරයෙක් එය අරන්යයි)

(දාසි පැමින බිසවගේ ලියුම දස්කොන්ට දෙයි)

දස්කොන්ද මේ කවිය කියමින් ලියා දාසි අත බිසවට අරින්නේය.


වි සැ ස් කමලාව රද පහස නොවිඳ මා ද සි ස් දුනි පොරණ ඇසු දුටු පමණට මා වෙ‍ෙසස් නුඹේ අමයුරු පහස ලත් පෙ මා ම හි ස් එකක් ගි‍ෙය‍ නම් නු‍ෙඔ නමට කි මා


(දාසි නික්ම යයි.)


iv. ජවනිකා -මහනුවර විටියක්[සංස්කරණය]

රොබර්ට් නොක්ස් ගමන්කරයි.

‍‍‍්වෘත්තය - රජය ජගාකේ ජෝබනලුටා.


මම හිරබාරේ උන්නෙමි දේසේ - යමි මෙදැන් හැංගී මෙදැන් හැංගි - මෙදැන් හැංගී - මම හිර බාරේ පාර මතක නෑ - යමි ගග එල්ලේ එංගලන්තයේ දුර බෝවේ - අය් අය්යෝ එංගලන්තයේ දුර බෝවේ - හිරබාරේ - හිරබාරේ උන්නෙමිදේසේ


(ජාකෝමේ ගොන්සාල්විස් ගුරුප්රඑසාදීන් වහන්සේ පැමිණේ)

වෘත්තය - ගර්සෙය්යා කෞනකුදා


ගුරුප්රෝසාදි - ඒරෝපාකාර සකී මාව දන්නේ නැද්ද තමා ජාකොමෙ ගොන්සල් නමැති දේවගැතියාය මෙමා


නොක්ස් - ලංකාවේ වාස ක්රි ස්තියානි ධර්ම කෙරේ යම් ඇදහිල්ලක් නොතබා ධර්ම රකිත් සෑසිහුගේ


ගුරුප්රිසාදි - මිථ්යතදෘෂ්ටිය තමා සින්දවන්ටා ඕනෑ මටත් ලක්දිව ආලෝක කළෑකීය සුදිටු එලියෙන්


නොක්ස් - ආරංචි නැද්ද පියෝ මන්ත්රීය දස්කොන්ගේ විපතා සිංහල රාජාගේ අනිත් ඉන්නෙ හිරේ නැස්ම පතා


ගුරුප්රාසාදි - ආරංචියක් නොමැතේ කිව පුස්පස් මිත්රා තුමා දෙව් සරණා ගත්ත අපි නෑ බියගන්නේ එහෙමා


_________________

නොක්ස් - ස්වාමිනි මට ප්රඑමාදවෙන්ට බෑ. මම හිරේ ඉඳ සැඟවී යමි. දෙවියෝ රකිත්වා!

ගුරුප්ර_සාදි - මගේ ආශිර්වාදය නුඹ කෙරේ වේ‍වා.

වෘත්තය - ‍සබා මේ ආමදේනි.

අහෝ මේ ද්විපයේහි - ක්රිමස්තියානින්ටා මහෝපද්රා් කරය් රාජා - අවිවාරේ පරංගිකාරයාගේ - දෝෂයෙන් රාජා


කිපී ඉන්නා කොටියෙක් සේ - මෙ ලංකාවේ නොසෑහෙය් මාගෙ වාසේ - මේ පලාතේහි උතුම් ධර්මේ වදාරන්ටා - යමි නික්මි


5.අංකය[සංස්කරණය]

i. ජවනිකා - මන්ත්ර ණසභාව[සංස්කරණය]

රාජසිංහ අටුපැල්ල සහ ගහලයෝ සිටිත්.

‍වෘත්තය - අරිහෝ පරිසප්ස.


රාජසිංහ - මරාලෑම සෑහේ දස්කොන් මැති ක්රිියාකාරකම් මෘගයාගේ මෙනි


අටුපැල්ල - සැබෑවය් අපේ ස්වාමි කීවේ මෙදැන් මරාලෑම සෑහේය දස්කොන් මැතින්


රාජසිංහ - හිරේ ඉන්න දස්කොන්ව කැන්දා තොපී උලේ ඉන්දවා නැස්ම දෙවු දැන් කිපි


ගහලයෝ - අපේ ස්වාමි දුන්නාවු ආඥා ලෙසේ මරුවාට බිල්ලක් දෙමු සන්තොසේ


(ගහලයෝ නික්මයති)


රාජසිංහ - පරංගින්ගෙ යුද්දේ ප්ර වෘත්ති කිමා එලන්දේසියන් දක්ෂ හේවා තමා


(අමරකොන් පැමිණේ)


අටුපැල්ල - මුදියන්සෙ එන්නාය යුද්දේ තතු සොඳාකාර දත්තෑකි දැන් මේ ඇසූ

                           __________________


අමරකෝන් - දේවයන් වහන්සේ අල පෙති ගැසුවා සේ සියලුම පරංගියන් වැස්‍‍ටර්වෝල්ඩ් විසින් කපල ලදී. රාජසිංහ -ඒක ප්රී්තිදායක ආරංචියකි. ඒ ගැන වැඩිදුර විසඳීමට මා කැටුවයන්ට එනු .

(සියලුදෙනාම නික්මයති)


ii. ජවනිකා - හිරගේ[සංස්කරණය]

(දස්කොන් සිටි - ගහලයෝ පැමිණෙති)

වෘත්තය - ලායසයා.

දස්කොන් - ආවෙ කිමා මේ සැමා - කඩ්ග අරන් දැන්

ගහගයෝ - ආවේ අපි තාගෙ දිවි හානි දෙන්ට දැන්

දස්කොන් - රාජතුමා මා මරා - ලන්ට කීවාදෝ

ගහලයෝ - කීවා තමා රාජතුමා කෝපයෙන් කිපී

දස්කොන් - මා ඇරී කව් නැද්දනේ - සම්භවී මෙදා

ගහලයෝ - සම්භඋනා නම් රජිඳා වෙය් ‍අනේ කමා

දස්කොන් - රාජ අනිත් බේරලා - ලානු මා අනේ

ගහලයෝ - ඒක අපේ රාජතුමන්ගේ කැමැත්තකී එන්ට සොඳා ඉක්මණින් දැන් පමා නොවී කාලෙ ටිකය් ඉන්ට ලොවේ මන්ත්රී නි මේ දැන්


(දස්කොන්ව ඇදගෙණ යති.)


ගහලයෝ - රජුගේ අණ ලෙස වද දී මැරීමට උල ලඟට එනු.


(වදකයෝ උල තබති.)


(දස්කොන් වේදනාවෙන් හඬා මෙසේ කියයි.)


(ගම්වැසියෝද බලා ඉඳිති.)


වෘත්තය - කෝනෙනි ප්ර ථමප්රඟමජාන්.


දස්කොන් - කෝපෙනී නරනිඳු දැන් - තැබේවා උලේ මා

නොපෙන්නා කරුණා - කෝපෙනී

ජීවිත මාගේ දැන් වේය හානි

ලෝක මවා පෑව දේවෙන්ද්රෝ ස්වාමි

හාද වී විසුවෙමි මම් - රජින්දාගේ දේවි

මසිත් බෝ කැළැම්බී - හාද වී

මා අත දෝෂ ඇත්තේය ස්වාමී

ඊට කමාවීම දේවාංගයේකි


(දස්කොන් මැරේ.)


වැසියෝ සහ ගහගයෝ නික්මයති.

බිසව පැමිණ දස්කොන් බදාගෙණ කියති.

වෘත්තය - කියාබලා ඉස්කුෂරාම්


බිසව - මෙමා නිසා දස්කොන් සැමී - ජීවිතේ මේ දැන් පිදී මා හදා යය් මේ පැලී දේවනේ මන්ත්රීම නිසා


මගේ දුකා වානූ කෙසේ- මේ උලේ මන්ත්රීා තබා පුල් පියුම් වන් මේ උවන් මැලවී ප්රා නේ ගියා


උනේ විනේ රාගෙන් තමා - ස්වාමිනේ මාගෙත් දොසා ජීවිතේ ‍මා වෙත් පිදී - මේ නිසා දිවි මා නසී.


(බිසව දස්කොන්ගේ පා දෙක අල්ලාගෙණ වැටේ.)