ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-නල රාජ චරිතය (1886)

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

නල රාජ චරිතය (ක්‍රි.ව. 1886) නෘත්ය්කරුවෝ


නල (නිශද දෙශයේ රජ), පුස්කර (රජකෙණෙක්), රිදුවර්ණ (අයොධ්ය දේශයේ රජ), හිමා (විදර්ධ දේශයේ රජ), හිමාදේවි (හිමාරජුගේ බිසව), දමයන්ති (හිමාරජුගේ දුව), වීරසේන (දමයන්ති‍ෙග් පුතා), වීරසේනා (දමයන්තිගේ දුව), හන්ෂයා (එනම් පක්ෂියෙක්), ඉන්ද්රම (ශක්ර)දෙවි), (වෙසමුණි), නාරද (සෘෂිවරයෙක්), කලියුගය (සැනි), තපස්වරයෙක්, දාසියෙක්, වැද්දෙක්, ඇමතියෝ.


පළවෙනි ක්‍රියාව[සංස්කරණය]

පළමුවෙනි චිත්රෂවස්ත්රුය - මල් උයනක්


නල කුමාරයා සිටි

බරුවා වෘත්තය - හෝලි (සබාමේ ආමදේනි)

නල - රතීසේ - රූපශ්රිමයා - සුන්දරී මාගේ - ලබ‍ා ගන්ඩා - ලඳා සිත්සේ හැකිවේදෝ. විදීවි - රාග ඊයා - මල්මදා මාවතේ- දරා ගන්නේ - කෙසේ මම් මේ - අහෝ රාගේ දුවාවී - මාගේ ආලේ - රම්බරී පාරේ - සරත් කාලේ - සඳා මෙන් වේ - ඇගේ රූපේ.

(හන්ෂයෙක් ඇතුල් වෙයි)

නල, හන්ෂයා අල්ලා ගණිය‍ි

පරස් වෘත්තය - දාදරා (වෙරමත මයිලානහෝ)

හන් - කුමරුනි ඇල්ලුවේ මා අනේ - වනේ යන පක්ෂියා - වනේ යන පක්ෂියා - දැ න් මාව බේරා යන්ඨා හරිණු - හිමාගේ දෝනි වූ දමයන්තිගේ - ආදරේ ලබා දෙමි සිත්ලෙසේ.


තල - නුඹ මට කිව් දේවිගේ - ආදරේ ලබාදෙනු පක්ෂියේ - ලබාදෙනු පක්ෂියේ දැන් තාව බේරා, යන්ඩා හරිම් - කීසේම ඒ ක‍ාරී - කර වාලාදෙන් - ඈ වෙතේ මගේ සිත යයි සැරේ - මගේ සිත යයි සැරේ.


(හන්සයා යයි)


දෙවෙනි ප්ර තිරූව චිත්ර- වස්ත්රයය - විදර්ධදෙශයේ මල් උයනක්

දමයන්ති සහ දාසි සි‍ටිත්.

ජින්ජු‍ටි ‍වෘත්තය - හෝලි (ලායසයා)

දම - මේ උයනේ පේණ මල් - දැන් නෙලා ගම්මු - සුනිල්දියේ නෙළුම් - මල් බෝ පිපී තිබේ.

දාසි - කෝකිල කූඩුත් ලකල් - කීර පක්ෂියොත් - ස්වර්ණ හන්සයොත් වත්තේ පෙණෙත් මටත්, නාදලලා මේ ගසේ සා මුවෝ සි‍ටිත් - සවස්වෙලා තිබෙයි - සාමිදුවේ යමන්.

දම - ඒ පෙණෙනා හන්සයා - බෝ රුවිනේ දිලේ - මෙදැන් ගොසින් එහස් - අල්ලන්නෙමි මෙමම්.

(දාසි නැවතී සි‍ටිනාතර දමයන්ති හන්ෂයා පාරේ එලවායයි.)


හන්ෂයා නලරජුගේ වර්ණනාව කියයි.

පරස් වෘත්තය - ‍හෝලි (බෝතාදිනුෂිකා)

හන් - රූසාර කාන්තා - අසනු බසා මේ - නිලාකාසේ - දිලි තාරණ මෙන් පානා රුචිනි නෙත්සිත් - මේ ලෝලායන්ගේ - ප්රී-තිය දෙවනා - කුමරෙක් සිටින්නේ

ඒ ශ්රීන පුතුන්ටා - සරිවූ රජෙක් නෑ - ඡායාරූපේ - මිස ඒ තුමන්ගේ ශ්රීස පාද සෙවනේහි - සතුරු නරින්දෝ වාසේව තුති දෙත් - ඉල්ලා දිගාබෝ.


නිශාද දේ‍ශේ - නිරිඳා නලා වේ - මා කීවේ මේ - ඔහුගේ වරුණෙය් -තිගේ පුරුෂයා මෙන් - පාවා ගණිනම් - සෑහේය සවණා - දීමේ අසන්න.


(දමයන්තා මූර්ඡාවී වැටෙන කල හන්ෂයා නික්ම යයි)

දාසි පැමිණීම

පරස් ‍වෘත්තය - චාල් (චලො චලොරෙදෙකිනිජාං)

දාසි - අහෝ අහෝ මෙදේ කිවදැන් - කුමරි ගත වෙයි ශීත - අහෝ අහෝ - මූන මැලවී ඩාබිදු නළලේ - පූර්ණසොමිසේවූ මේ - පූර්ණ සෙ‍ාමිසේවූ මේ - කුමාරි ගත වෙයි ශිත.

‍(දෙදෙනා නික්මයති.)


තුන්වෙනි ප්රනතිරූප චිත්ර වස්ත්රයය - හිමාරජුගේ මාලිගාව

හිමාරජ සහ බිසව සිටිති.

සාරුන් ‍වෘත්තය ගෂල් (සෙයියෙන්සා)

හීමා - දූ බන්දාදීම සෑහෙනා - යෞවන වූ වයසේ - ශ්රීල කල් සේ රුවිනෙත් ලකල - බිරිඳි ම කී බසසන්.

බිස - දූලන්දා සෞම්යස තාරණා -මෙන් රුචිනා වැජඹේ - මිපල් කීබස

 දාස්වථී - කුමරි මනාප වෙතොත්.

හීමා - සිත්ගන්නා රූප සොබනා - වෙන් දුව ලෝ පසිඳු - මානෙල් සේ ඇගෙ නෙත් සුනිල් - වරලේ වලාකුල මෙන්

දාසි ඇතුල් වෙයි.

		ජින්ජුට්		‍වෘත්තය - හෝලි

දාසි - ගුවන්හි ගමන්ගත් සරත්කල් ස‍ඳෙව් - උතුම් රූපාලංකාරියේකි ලොවේ - දීගේට සතුටුවෙලා දැන් සිටි - ඇගේ සිත් ලෙසේ කාර බන්දාලමි 32 නල රාජ චරිතය

හීමා - නිමල් වූ ගුණෙත් මගේ දූ ලඳු - උතුම් රූපාලංකාරියේකී ලොවේ - දීගේට සතුටු වෙලා දැන් සිටී - ඇගේ සිත් ලෙසේ කාර බන්දාලමි.

බිස - දෙනෙත් මෙන් බලාවුන් මගේ දෝනිගේ - නිමල් බන්දනේ වෙන්ට කව්දෝ නිසී - මේ කාරි සොඳසේ සොයලා මිසක් - මගේ දූ නොදෙන් දීග ස්වාමීනි තුම්.

(තිදෙනම නික්මීයති.)


හතරවෙනි ප්රනතිරූප චිත්ර. වස්ත්රමය - හිමරජුගේ මාලිගයේ ඇතුල් මැදුරක්.

දමයන්ති සිටියි

දනාසරි වෘත්තය - චාල් (හම්ජෝයි බනකර ආයරේ.)

දම -පණමාගේ පෙණුනිය සීනේනි - හද දනවා ලෙයි ගිනි බෝ වියේ -නින්දෙනි දැන් දුටුවෙමි කුමරු - කේසා පීරණ‍වා මාගේ - හිස - කේසා පීරණවා මාගේ

පණ මාගේ පෙණුනිය සිනේනී - හද දනවා ලෙයි ගිණි බෝ වියේ පූර්ණසොමි සිඳු තුල් දිසිසේ - මාගේ මෙ ඇඳ ආලෝකේ - විය - මාගේ මේ ඇඳ ආලෝකේ -

පණ මාගේ පෙණුනිය සීනේනී - හද දනවා ලෙයි ගිණි බෝවි යේ- සිත් මැඳුරේ දිලි පාන තමා - මාගේ ආදර ලත් ශ්රී යා - සකි - මාගේ ආදර ලත් ශ්රීදයා.

හීමා ඇතුල්වෙයි.

දනාසරි ‍වෘත්තය - හෝලී (ජෙඩියාර)

හීමා - සුනිලාම්බරේහි - පෙණෙනා සඳා සේ - ගුණයෙන් සපිරි සෞම්යු

 	  ධිතෘනි ඇයි සෝකේ - කැඳවීමට කුමරුන් ඇරියේමි හස්නා - සිත     
 සේ එකෙක්ම තෝරාගනු උන්ගෙන් ශ්රිලයා.

දම - මපියානනි මේ සිත වේය ප්රී‍ති - ඔබ දැන් කියාපු කාරී - හින්දාම වෙයි. ප්රීාති - ඉටි සූරිය හමුවේ - උනුවි යනා සේ මෙමගේ එදුක්ඛ සෑම මැකිලා දැන් යාවි. (දෙදෙනාම නික්මායති.)


දෙවෙනි ක්‍රියාව[සංස්කරණය]

පළමුවෙනි ප්ර‍තිරූප චිතුවස්ත්ර ය - නිශදදේසේ මාලිගාවක්

නල රජ සිටි

පරස් ‍වෘත්තය - චාල් (උමරමානි)

නල - සුරඹුසේ වෙයි - ඒ ලඳ රූපෙන් - සලෙළුන්ගේ මන් - කැලඹේ ඒකෙන් - ඈගේ රුව සේ - ර‍ැවැති මෙවරේ- ලන්දා තැන ලෝකේ- බුවිලෝකේ.

දෙනෙත මානිල් - රන්පන්දු සේ තන් - මුතුසේමයි දත් - බිඹු සේ වේ තොල්- ඇගේ වරලා - මයුරු පිල සේ- කොයිකාලෙහි ශ්රීවයා මට වේදෝ

(පණිවිඩකාරයෙක් ලියුමක් ගෙණදෙයි)

(නල ලියුම කියවයි)

නෛනශ්රීලන් විරාජමාන නිශද දේශයේ සිංහසනාරූඪවූ ශ්රීො නල රාජෝත්තමයානන්ට ලිපිකර එවන වගනම්, දමයන්ති නම් මාගේ ප්රිනය නන්දනීගේ ස්වයම්වරය ලබන මස පළමුවෙනි බුද දිනේ පවත්වන බැවින් එහි පැමිණෙන ලෙස සැලකර එව්වේ,

විදර්භ දෙශාධිපති, හීමා මහරාජෝත්තමයාය.

පරස් ‍වෘත්තය- වාල් (සකිරෙමයි ජෝගනබනබයිට්)

නල - පිපීගියාසේ හිස මත මල් දැන් - සිත ප්රීනතිවෙයි මාගේ - දැකලා කුමරි- ආදර මට පාවී.

යමි මෙමම් සෝබන ලිය දැක්මේ -ඒ කුමරි ඉන්නාවූ නිවසා වෙත දැන් - ප්රීැතිව කර ඉක්මන්

(නල නික්මයයි)


දෙවෙනි ප්ර්තිරූප චිත්රරවස්ත්ර ය - ශැක්රිභවන

ඉන්ද්ර සහ කුවෙර සිටිති.


‍වෘත්තය - ගෂල් (සබාගෙම දෝස්තෝ)

ඉන්ද්රත - සබාහි මාගේ - නිත්තෙන් තුතීගොසා දෙනු - කුවේර මා දැන් කී බස් සිත් තුළා ගණු සොදේ- බස් සිත් තුළා ගණු සො‍ඳේ - සිටිවි භූමියේ රුවින් ශ්රීස ලඳුන් වන්කල් - ශරීර රන් සේ දිලේ නිත්තෙන් ලඳා ‍මගේ සිතේ - නිත්තෙන් ලඳා මගේ සිතේ.

කුවෙර සුබවෙන් ශ්රි-යා - මෙන් කල් සිටි බුවිතලේ - ශරීර රූපෙන් ඈ මා නෙත් රසාංජනා වගේ - මා නෙත් රසාංජනා වගේ - එ රූපලන්කාරි- මහීකාන්තගේ හිස් පත් - කිරීම මෙන්වෙ අහෝ එන්නාය නාරදා මෙහි.

නාරද ඇතුල්වෙයි

බයිරවි වෘත්තය-හෝලි. (මෙරාදිල්ලෙ වාතාහේ ගානාවසිර්) නාරද - බුවිලෝකෙ හීමාගෙ දෝනී ලකල් - සොමිමෙන් දිලෙන්නීය

 	රූපශ්රීහයෙන් - කුමාරිගේ මංගල්ලේ ලංවී තිබේ - එ දන්වන්ට මම් ආමි ස්වාමිනි දැන්

ඉන්ද්‍ර - පුරා ධ්යාලණ ශිලාදි ධමේ උතුම් - දිවාගේ සැදූ නාරදා නම් ඉසි -මගේ මේ සුදම් නම් සබේදී දෙසු - තතු බිව්වෙමි මා සවන් දෝතිනි.

සරත් චන්ද්ර් සේ වක්ත්රා පානා ‍රුවින් - නලා නම් නිරින්දාට ඒ දු වටී - අපි මේ සියල්ලෝම දැන් ගොස් එහි - පරීක්ෂා කරම්මෝ නිරින්දාගේ සිත්.


තුන්වෙනි ප්රිතිරූප චිත්ර- වස්ත්ර්ය - වනාන්තරයක්.

නල සිටි.

දනාසරි ‍වෘත්තය වාල් (රබියල් අවල්කෝනාරික තුය්යමේ)

නල - යමි මම් රජුන්ගේ මාලිග වෙත් මෙදා - මාලිග වෙත් මෙදා මාලිග වෙත් මෙදා - යමි මම් -

ශ්රි යා ලඳු බඳු - එලන්දුගෙ සැමියා - වෙන්ටා හැකිනම් - සුන්වෙය මෙදුකා- සුන්වෙය මෙදුකා - සුන්වෙය මෙදුකා - යමි මම් -


ඉන්ද්ර සහ කුවෙර ඇතුල්වෙයි.

බරුවා ‍වෘත්තය - ගෂල් (ඌරොංගියෙ උසතුඩුතියෙ)

ඉ - සුරංගන බඳු රුසිරෙන් දමයන්ති නන්දනා- සොඳ දමයන්ති නන්දනී - නීලම්බරයේ වාස අපේ නෙත් පිනා ලව‍ය්.

න -ඒ රම්බරිහට පිය රජ පුරුෂයෙක් සොයය් මෙදා - සොඳ පුරු‍ෙෂක් සොයයි මෙදා - ආලෙන් මම ඒ දේවි කරා දැන්යමි තොසින්.

කු - මා සිත් සුනිමල මැදුරක දිලි පාන වන් එකල් - සුදිලෙන පාන වන් එකල් - බෑ අත් ඇරලා ඉන්ට ‍අනේ මාහටා මෙකල්

ඉ - දැන් රන් රස ලෙස එකතට බැදි ආලෙ මා විපුල් - සිතෙ බැඳි ආලෙ මා විපුල් - ඒ රම්බරිගේ ආලේ ලබා දෙන් සකී මවෙත්. එර්සිබල දෙමි සකි නොම පෙණී ඒ ලඳා වෙතේ- ගොස් ඈ සිතේ මාවෙත් හරවාපන් නොවී සරොස්.

(තිදෙනම නික්මොයති)


හතරවෙනි ප්රොතිරූප වස්ත්රේය - මල්උයනක්

දමයන්ති සිටිති

ජින්ජුට් ‍වෘත්තය - ‍ගෂල් (අට්දුලිමර්තුහුයා)

දම් - භෘංග පුල් පත්මේ තුළා - වැදිගෙන ගන්නා රොණා - වැදි ගෙණ ගන්නා රොණා - මට සිහිවෙන්නා නලා - පත්තුවේ දැන් ලෙයි ගිනි - නිවනෙමි කොයි රංගා, ස්වර්ණද හන්ෂෙකු තමා - මට ගිනි දුන්නේ මෙදා මට ගිනි දුන්නේ මෙදා - කුමරුගෙ අංගේ කියා - සිද්ධවූ දුක් මේ ලහී - ‍නිවනෙමි කොයි රංගා.


නල රජ ඇතුල් වෙයි. (ඉන්ද්ර් සහ කුවේර හැගි බලා සිටිත්)


කම්මාව වෘත්තය-ගෂල් (දිල්ලගායාරසරස්)

නල - පංච කල්යා ණි විමල් ගත්හී දැරූ ශ්රී යාවි - දැක්මෙනා චිත්ත පිනා ගන්ට හැකිදෝ දැන් දැන් - කුන්ද බඳු දන්ත ලකල්- හන්ෂ පැටී සේ තන රන් - හස්ත නුඹේ ස්වර්ණකලතාසේම පෙණේවී දැන් දැන්

දම - නිල්වූ ආකාශ කුසේ දිස්නකලා ආගස්ති - පෑදිලායයි පොළවේ පැන් නොමිනා ඒ වාගේ - සුන්ද්රද කුමරුන්ව මෙ දැන් දැක්ක නිසා මා නෙතින් - විත්ත කැලඹීම සිඳිලාමගියා ඒ පෑදී.

නල - නින්ද නෑ මා යහනේ - රමබරී සිනෙන් ද‍ැක්කොත් - දැන් අනේ සිත් සනසාගන්නට ලැබුනා යන්තම් - ඉනද්රම දෙවි සුන්ද්ර ලඳා ගන්ට සිතින් විත් මවෙතා- කිව්වේ මට තීට කියා ලන්ට එදෙව් ආලේ දැන්.

දම - හන්ෂයෙක් මා වෙතැවිත් සුන්ද්රය නලාගේ රංගේ - කිව් නිසා කල් බැදලා උන්නෙමි මම් මේ දැන් තෙක් - ඉන්ද්රට දෙවි එක්ක නොවෙයි සුන්ද්රන නලා හා සමගයි - බැන්දෙ මගෙ ආලේ අහෝ ම‍ාගේ සඳාවේ දුක් දැනේ.

නල - ශක්ර.යා බෝ උදහස් වෙයි අමනාපේ පෑවොත් - ඒතුමා කප්රුකිනා ගෙන්න ගණීවි ලන්දුන් - සුන්ද්රම දමයන්ති තිගේ ආල එදෙව් වෙත් බදිනු - ශක්ර් දෙවි බෝම බලේ ලත් කෙණෙකී මේ ලෝකේ.

(නල නික්මයයි.)

පරස් ‍වෘත්තය - හෝලි (අක්මෙබාරපියා.)

දම - පත්තුවේය බෝම ලෙයිගිනි මෙවරේ - සර්වාංතග මැලවී මෙදැන් යයි මෙම‍ාගේ - ශක්රියාගෙ ආලෙහින්දාම කුමරා අත් ඇරියෙද මාව සිත් දුක් දෙවාලා - මල්මදාගෙ සේම රූපේකි ඔහුගේ උම්මාද කරවයි හදන් නෙක් ලියන්ගේ.


(නික්මයයි.)


පස්වෙනි ප්රසතිරූප චිත්ර වස්ත්ර ය - වනාන්තරයක්

ඉන්ද්රි සහ කුවෙර සිටිත්.

ඒමන් ‍වෘත්තය - දුර්පත් (රුම රුම)

ඉන් - සාර සාර වී සිත ආලේ - දේවිගේ බැඳී දයා බෝසේ වේ නල රාජාහට සෑහේ - කුමරි කාර බැඳීමා - සාර සාර -

කුවේ - රූපෙ රූපෙ ශ්රීක ලියගේ සේ - දේවිගේ නුරා සැපා කාටා ‍වේ- රූපෙ රූපෙ

කුමරි ආදර පාවී - නලාට සෑම වෙල‍ාවේ

නල රජ ඇතුල්වෙයි

ටෝමරි (රාජහුමය්)

නල - හිමාගේ දූ පුන්සඳා ගුණ පාවී දැන් -ඔබ - දුන් අණ සේ මම් ගොස් එහි පනිවිඩේ කීවෙමි - අසනුමැන - පනිවිඩේ කීවෙමි.

ඉන් - තාගේ අන්දම් සිත් ලෙසා දන්නෙමි මේවාරේ - එම - සුන්දර ලන්දු කාරෙටා - සකී මෙදා සෑහේ - සපිරි ගුණ - සකී මෙදා සෑහේ

කුවේ - ඉන්ද්රා නි සේ දෙවි ලොවේ ඒ ලඳ ලංකාරේ - නුඹ බැන්දට නෑ දොස් ගොස් ස්වයම්වරේට දෝනීගේ - ගොස් ස්වයම්වරේට දෝනීගේ.

ඉන් - තාගේ සිත් සේ හීම්ගේ සුන්දර දෝනියන් - බැඳ ගත්තට බාදාවක් නැතේ දනු මෙමාගෙන් දැන් - නිරිඳුතුම - දනු මෙ‍මා‍ ගෙන් දැන්.

නල - ඉන්ද්රා නම් දෙව් ස්වාමිනි - කිව් බස් සේ මේ දැන් - ‍මම - යන්නෙමි සන්තෝසෙන්ම බෝ එහි ඉතා ශීග්රෙරන් - සුරිඳුතුම - එහි ‍ඉතා ශීග්රෙෙන්.


(තිදෙනාම නික්මයති.)



තුන්වෙනි ක්‍රියාව[සංස්කරණය]

පළ‍මුවෙනි චිත්රවවස්ත්ර්ය - හිමාරජුගේ මාලිගාව


හීමා, බිසම, දමයන්ති, පුෂ්කර, රිදුවර්ණව සහ නල සිටිති.

වෘත්තය - (කල්යා ණි) (කහුම්ක්යා )

හීමා - රිදුවර්ණ නම් ලත් උතුම් මේ නිරින්දා - යුදේහි නිර්භීතෙන් සිංහාකාරයි - කරයි ආණ්ඩු අ‍ායෝධ්යන දේසේ මෙදා හොබිදෝ දුවේ මේ රාජා තුම් වූ.

රිදු - උතුම් මාගේ දේසේ ඉතා ලක්ෂණෙන් යුත් - ලඳුන් බෝ ඉන්නා මුත් පින්වන්තිවන් - නොදැක්කෙම් ල‍ඳෙක් තීගෙ රූපේ සදිස් - මෙමා තෝරාගත්තොත් සෑහේ ශ්රි යා.

හී - සියුම් ඤාණයෙන් හා මෙලෝ රාජ ධර්මෙන් - දෙස් වාසින් ගේ දුක් සන්සින්දා ලු - උතුම් පුස්කරා නම් නිරින්දා සිටි - හොබිදැයි කියන් මා වෙත් මේ රාජා.

පුෂ් - මවා බ්රඤහ්ම රාජා රතී නම් සුරම්බු - බලාලා සිත්හි සංකාසුන්දීලා දමයන්ති නම් දූ මවාලු මෙනා - හැගේවි ල‍ඳේ තිගේ රූ දැක්මෙන්

හී - රුවින් සිත් සැලුම්වන් නැතින් දෙවි ගුරාවු - නලා නම් බූපල් වෙත් නෙත් ලා තිගේ - කැමැත්තක් ඇතොත් දැන් නොවී බෝ පමා - කියන් මා වෙතේ දූ කෝලේ නොවී.

බිස - උතුම් වේද ශාස්ත්රෙඇදී වාගේ සදාලු - දිනු අස්විනී ‍බෝ රූපශ්රීීයෙන් සිටත් නෙක් නිරින්දෝ දුවේ මේ සබේ - එකෙක් තී සැමී මෙන් තෝරාගන්නේ.

පිලු ‍වෘතය - ගෂල් (මහමුර්හුංසොකිසෙසරා)

දම -පිනාණ මන් ගුණෙන් සොබනා සුන්ද්රම නලා නම් - රජිඳා මගේ සැමියා ‍ෙමන් ගැන්ම නිසී දැන් - මා හි‍ස් මතේ පුෂ්ප පිපුනු ලෙසේ ම හැගේවි - මේ මල්දම ගෙල රන්දන මම් අඹු වෙමි දැන්


නල - ගුවනේ පුන්සදුන් ලෙසිනා රම්බරි තී දැන් - මගෙ මන්කොඳා නදන් දුන්නෙන් ස්තුති වේමැයි - මේ තෙක් අනේ සුන්දරී පතා උන්නෙම් මාගේ - වුඩාමණි ලෙස රම්බරී මම් සලකමි දැන්.

හි - සරණේ වෙන්නෙ ලෝ ඇදුරා හිස්හී කෙටු සේ - එබැවින් නොවී රොසා ප්රීාතියෙන්ම බුවිපල් - මේ දෙස් හැර ගොස් සිය රටා වර්ධන දීමෙන් - වාසේ වෙන ලෙස ඉල්ලමි මම් දෙදෙනගෙන් දැන්.

(පුස්කර සහ රිදුවර්න නික්ම යති)

(වාසගම)

හෙට මගුල්කෑම ගන්ට ඕනෑ බැවින් ඊට ඕනෑ උපකරණ පිළියෙල කරන්ට යමු.


දෙවෙනි චිත්ර වස්ත්ර්ය - ශක්රන භවන

ඉන්ද්ර සහ කුවෙර සිටිත්.

පරස් ‍වෘත්තය - වාල් (උමරමානිව්)

ඉන්ද්ර - එනල බුපල් හිමාගේ දු හා - සරණේ වී දැන් - සපල වේ නිත් - සකේ කිරි සේ නිමලා දෙකුලෙන් - දෙන්නා වෙති වාසේ බුවි ලෝකේ.

කුවෙර - නිතර මාන්නෙන් - ලෝතුල්හි වාසේ - කරණ ඒ දූ - පසිඳුවේ දැන් - රුකේ වැල සේ - බැඳිලා කුමරි - පෙන්නාවිය ආලේ සැමියාගේ වෙත්.

කලියුගය (ශැනි ) පැමිණෙයි.

බරුව‍ා ‍වෘත්තය - ගෂල් (ගර්සෙයියා)

ඉන්ද්රය - ඉක්මන් වී ඩාබිදු ලා යාලු යන්නේ මේ ‍කොහෙන්දෝ- කිම්ද මෙදැන් මාගේ සබා පාරෙ දුවන්නේ හතිදා.

සැනී - දමයන්ති නේත්රද පිනා රූප ලංකාරෙන් සොබනා - යන්නෙමි දැන් ඈට මගේ ආලේ කියා දීම සඳා


කුවෙර - පින්වන්තී දීග ගියා රාග ගංගාහී මෙ ස‍ඳේ - සුන්ද්ර නිමල් රාජ නලා එක්ක නනා සන්තොස වේ.

සැනි - ජම්බුද්වීපේහි නලා වාසවෙන්නා බැව් දනිමි - උන්දෑගෙ රිස්සා හරිමි ඈට දයාවෙන් නොමිනි.

(ශැනී නික්මයයි.)


තුන්වෙනි චිත්රය වස්ත්ර ය - වනාන්තරයක්.

ශැනි ඇතුල්වෙයි.

බයිරවි ‍වෘත්තය - ටප්පා (දින්දිනොමි දෝෂදිනොමි)

සැනි - ලක්ෂණෙන් පූර්ණන සඳුන් සේ ඇගේ වතා අහෝ - දේදුනු වගේ බැමා - මනා පිනේ දිටු සැනේ - රූබර දමයන්ති - හින්දා සිත බෝ තැවේ - එනිමල් ලන්දු අත්පත් වෙන්න කොය් ලෙස්නෙන් අහෝ.

බැන්ද දැන් ආලේ නිමල් ඒ ලඳා කෙරේ මෙමා - පත්තුවේ මගේ හදේ - ගිනිමෙනා - අහෝ අහෝ - බැන්ද දැන්.

ඒ නල කාලකන්නායෙක් මෙන් කරවා ලමි - මම කල්බැන්ද උන්නෙම් සුන්ද්රක ලන්දුන්ගේ කෙරේ - ලක්ෂණෙත් -

(නික්මුයයි)

හතරවෙනි චිත්ර් වස්ත්ර ය - පුස්කර රජුගේ මාලිගාව.

පුස්කර රජ සහ ඇමති සි‍ටිත්.

බයිරවි ‍වෘත්තය - පින්ත් (රෙකසම්ජෝ)

පුෂ්කර - නුවණින් බෝ - සදන රටේ ආණ්ඩු - නරණා වන මාගේ මේ දේසේහි නොව හානී - නුවනින් බෝ - යුදසෙන් ආදී - දක්ෂ සේනා මේ - නිවසකි දෙස් තුළා මනා සේ - නරණා වන මාගේ මේ දේසේහි නොවේ හානි. ඇමති - බුවිපල්ලෝ - සි‍ටිති ලො‍වැ බෝසේ-නරණා වැනි රාජ පුත්රෙ කුද නැත ලෝකේ - බුවිපල්ලෝ - තුතිගොස් බෝසේ- දෙස්හි වාසිහු දෙති තොසාවෙලා දැන් -නරණා වැනි පුත්රෙ-කු ද නැත ලෝකේ.


ශැනි ඇතුල්වෙයි.

ජින්ජුට් ‍වෘත්තය - ටෝමරි

ශැනි - අස මැන රාජා - නලරාජාට ‍බෝ - දන තිබෙනා බැව් - මේ වාරේ චන්ද්රට රුවිනි දුල් - බැන්ද කුමාරී - සිරිදේවි ලෙස පින් සාරේ

පුෂ්කර - නල මහරජා - දෙන දානෙනි වේ - සුරතුර සේ තුම් මේ ලෝකේ සුන්ද්ර් කුමරිගේ පුණ්ය ක්රිනයා බෝ- පැතිරේ සේ රිවි ආලෝකේ.

ශැනි - නිරිඳුනි සුදු -කෙළිනු නල හා - දන පරදී ඒ රාජාගේ බැන්ද අදර දමයන්ති කුමරි කඩ වේ අන්තිමයේදි ඉන්

ඇමති - නොව අමනාප - සැනි කිව් ලෙස මේ - කෙළ මැන සූදු මේ වාරේ - ඉන්ද්රි අඟන සේ - සුන්ද්රි‍ සුබාවෙන - සසිරි ඒ ලියා ගත්තෑකි.

පුෂ්කර - කෙළිනම් සූදු නලරාජා‍ෙග දේපොල දිනනා කල් මා සිත් සේ - සුන්ද්ර මිතුර දැන් - යන්න මෙ කාරී - කරණෙම් කී ලෙස සන්තෝසෙන්.

(තිදෙනම නික්ම යති)



හතරවෙනි ක්‍රියාව[සංස්කරණය]

පළමුවෙනි චිත්ර් වස්ත්ර ය - නල‍රජුගේ මාලිගාව


පුස්කර සහ නල සූදුකෙළිති.

සාවරි වෘත්තය - තිල්ලානා (තුතකංජන)

පුෂ්කර - මෙම රං මසුරම මෙම ‍රං මසුරම - දිනනෙම් සොහොයු‍ර මේවා‍ෙර්.

නල - සොඳ ත්රෝංයිද ඒ - සොඳ ත්රෝ යිද ඒ - කියපන් පෙරළුණෙ දාදු වේ. (නල බම්මුව ගණී) ඔට්ටුයි සියළුම - ඔට්ටුයි සියළුම - මසු රන් දහසම මේ සැරේ.


පුෂ්කර - පෙරළී තිබෙන පෙරළී තිබෙනා - පැරදිල්ලම මෙම දාදුවේ පෙරළෙන් තව සොඳ - පෙරළෙන් තව සොඳ දිනුමක් මට මෙම දාදුවේ.

නල - හය පහ පෙරළී - හය පහ පෙරළී - තිබෙනා මෙ‍ම ගෙරී සුදුවේ.

පුෂ්කර - ඔට්ටු නුඹේ රටේ - ඔට්ටුද නුඹේ රට බල ත්රෝ යියක හැටි නෙත් පාලා.

නල - මගේ සේසත නැත - මගෙ සේසත නැත - පැරදිල්ලක හැටි ඇන්නෑවේ

පුෂ්කර - මට දැන් හිමිවෙයි - මට දැන් හිමිවෙය - මෙම රාජ්ජය සොඳ රාජාගේ

(පුෂ්කර දිනා යයි.)


නල - ප්ර මාණා නැති මාගේ - වස්තු මේ - දමාලා දාදු අයියෝ- අයියෝ සින්දීලා ගියේ අයියෝ - ප්ර මාණා - සුන්ද්රල කුටඹුන් මා - අත්හැර ලාම මේ වාරේ - යන්නට විය කාරී - හැ‍ඟෙන්නා ඇති දෝෂය සූදුවේ - දමාලා දාදු අයියෝ- අයියෝ සින්දීලා ගියේ.

(නික්මයයි.)


දෙවෙනි චිත්රම වස්ත්රාය - මල් උයනක්.

දමයන්ති සහ දරු දෙදෙනා සිටිත්.

ඒමන් ‍වෘත්තය - වාල් (ආවුරෙ බය්යා ආවුරේ.)

දමයන්ති - මේ උයනේහි මල් තිබේ - සාල රණෝරා ගස් අස්සේ නාද දෙති බෝ මීමැස්සෝ- ගුම් නද දී මේ සැන්දෑහී.

ඉන්ද්රැසේන - මා හට මේ වරේ - දෙන් කඩලා මානෙල් මල් මේ - රෑණ ගිරව් මේ කුමාරයා අස්සේ - ඉන්ට රහේ උන්ගේ සිත්සේ.


ඉන්ද්ර සේනා - නීලකොබෙයි මේ පෙණේ - ඌව කෙසේදෝ අල්ලන්නේ - හන්ස කුමාරි පැ‍ටියෙක් පීනන්නා - ලක්ෂණ ඌගේ රන්වන් වේ.

නල ඇතුල්වෙයි.

ජින්ජුට් වෘත්තය - වාල්-

නල - අහෝ බාරී අසන් මාගේ - දදා යයි ලෙයියා - දදා යයි ලෙයියා - අහෝ බාරී අසන් මාගේ -

සේසත මාගේ - සැනින් නැති වියේ - කෙළ සූදු තබා ලොකු ඔට්ටු - අහෝ බාරී -

දමයන්ති - නැත කාරි එයින් ස්වාමී - නිවා ගණු ලෙයියා - නිවාගනු ලෙයියා - නැත කාරී-

පූරුවෙ කමා - ගෙවෙයි යෙදී දුක්ඛා - නොව සෝකා නිවා ගණු දෙයියා - නැත කාරී

නල - ප්රි-ය දේවී මෙදැන් කී දේ - අනේ සැනසිල්ලා - අනේ සැන සිල්ලා ප්රි ය දේවි -

මාහද දයියා - මතක් වෙවි අයියෝ - මගේ දේසෙත් මෙදා නැතිවියා.

දම - මට කාරි මෙදැන්විදෝ - රටා හැර යන්ටා - රටා හැර යන්ටා - රටා හැර යන්ටා - මට කාරී -

සූදුව හින්දා - පවුල් නැතිවෙන්නා - අහෝ ස්වාමි සිගාකමු දෙන්නා -මට කාරී-

නල - යමු බාරි සැනින් දේසේ - හැර දුර බැද්දේ - හැර දුර බැද්දේ හැර දුර බැද්දේ - යමු බාරී

මේ ලය ගින්නා නිවන්ට බෑ අයියෝ - මට කව්දෝ ඉතින් උපකාරා.

(සිව්දෙනම නික්මයති.)



තුන්වෙනි චිත්ර වස්ත්ර ය - වනාන්තරයක්.

වැසියෙක් පැමිණීම.

බයිරවි වෘත්තය - සින්ත් (රෙකසම්ජෝ)

ගම්වැසියා - කිඳුරන් බෝ හඬන මෙන නාදේ - ඇසෙන වනයේහි ගෝෂා බෝසේ මෙම වාරේ - කිඳුරන් බෝ - මෙම සැන්දෑහී බැද්දේ නාදෙන් බෝ - මට නැත තේරුමා මෙ කාරී - යෙදුනා ලෙස ශෝක හඩාවී මෙ වනයේහි‍ - කිඳුරන් බෝ

නල සහ සිය පවුල ඇතුල්වෙති.

ජින්ජ්ට් වෘත්තය - හෝලි (මෙරාබේටා)

නල - මගේ දේසේ වැසියෙකු සේ - පෙණේ යාලු කොහේ යන්නේ - නොහිම් වූ වස්තු ගියා හිස් වී - සිඟාකන්ටයි වුනේ දැන් මේ- දරූ දෙන්නා මගේ මාමා - කරා ගොස් දැන් දෙනු බාරේ.

වැසියා - මගේ ස්වාමි දරු දෙන්නා - අරන් ගොස් මම්- දෙමි බාරේ.

ඉන්ද්රතසේන- කිරි දී වැඩු අම්මේ - නොවී ශෝකා - ලයේ බෝසේ- අරින්ඩ සෑහෙයි කුමාරයා මෙමයි අක්කයි - අපේ සීයා කරා මේ දැන් කුසේ ගින්නා නිවේ කෑමෙන් - වනේ උන්නොත් විනාසේ වේ.

ඉන්ද්ර සේනා - අහෝ අම්මේ වරෙන් යන්ටා - අපේ සීයා ඉතා පෝසත් - නසින්ට කුමරි වේමැයි මෙහේ උන්නොත් - පලා කාලා කෙසේ ඉන්නෙම් - පියා ලජ්ජා උනත් බෝසේ- යමු සීයා බලා දැන්මේ.

දමයන්ති - මගේ ප්රා ණේ වැනී ස්වාමී - දමා යන්නේ කෙසේදෝ දැන්- දරන්ඩ බෑ දුක් නුමුත් දාසා - පුතත් මාගේ දුවත් තෝ දැන් - අරන් ගොස් පිය බාරේ - දුවේ නාඩා පිටත් වෙන්නේ.

(දරු දෙදෙනා සහ ගම්වැසායා යති)


තෙහෙට්ටුයා බෝ පයින් ආවෙන් - සැමී මාගේ නිදාගම්මු.


නල - විදින්ට පාපේ බඹා හිස්හී - කෙටුවාදෝ මෙසේ අයියො නොවී මාන්සි උකුලේ දැන් - නිදාගන් මා පනේ සිත්සේ.

(දමයන්ති නිදාගණී.)


හතරවෙනි ප්ර තිරූප චිත්ර ය හිමා රජුගේ මාලිගාව.

හිමා සහ මන්ත්රීා පැමිණිම.

වෘත්තය -ඒමන් හෝලි (ගුලාජිරෝගි)

මන්ත්රී - මෙ දේසවාසී දෙති ප්රෝසංසා - රජුගෙන් සෙතා විය - රාජ්ජේ දුගින්ටා - මෙ දේසවාසි දෙති තුති ගෝසා - හගමින් ආදර - ස්වාමි අසාවා

හීමා - මේගැණ මාගේ - සිතේ තොසා වේ- රාජ නියෝගේ කාට නොහෝබි- මේ දේසවාසි වෙති තොසායා - මෙමගෙන් සෙතාවිය රාජ්ජේ දුගින්ටා.

(ගම්වැසියා දරුදෙදෙනා කැටුව ඇතුල් වෙයි.)

වෘත්තය - බයිරවි - හෝලි (මරාදිල්ලෙ වාතාහෙ)

ගම්වැසි - පුරා - කර්ණ රාජේන්ද්රර මාගේ වදන් - ඇසුවොත් යෙහේ - මෙ බිලින්දන් උතුම් - වනේ වාස බෑනණ්ඩි සහ දු ඔබේ - ගෙනත් බාර දෙන්ට කීවෝ මෙ සැණේ.

හීමා - වනේ ඉන්ට මා දෝනි කාරි කිමෙක් - සැමිගෙන් වෙනස්කම් සිදුවිද දැන් - මේ මාලිගෙ සිත්සේම කා බී තොපි ඉදිව් මා ලමයිනී නොවී දොම්නසී.

(සියල්ලෝම නික්මයති)


පස්වන ප්රකතිරූම චිත්ර වස්ත්රාය - වනාන්තරය.

(දමයන්ති නිදා සි‍ටින කල නල රජ වැලි කොට්ටයක් සදා ඇගේ හිසට තබා පලායයි - ඈද නින්දෙන් පිබිද මෙසේ විලාප කියයි)


				වෘත්තය - ශ්ර රාග්. නෂල් (නෙහීත‍ානකත්)

දමයන්ති - සාමි මාගේ මෙහි උන්නා - අහෝ විස්මේකි මේ කෝ මාගේ ස්වාමියා - ඉබාගාතේ කෙසේ මෙ දැන් මම් - යමි මේ වනේ තිරිසනුන් මැදා.

භයංකාරෙන් සැලේ මා හදා - ලොමැව් දෙය්යනේ මා දුකින් දැන් මුදා - කොහේ දුප්පක් සැමී මෙ ම‍ා දා - ගියාදෝ අනේ සරණ සන්සිඳු.

වැද්දෙක් පැමිණීම.

වෘත්තය - ජින්ජුට් - (ටෝමරි)

වැද්දා - අමරාංගන සේ පෙණෙ කව්ද මෙලඳ - දෙනුවන පිනවාමි මාගේ කව්ද මෙලඳ? අමරාංගන

මාගේ බාරි දැන් - වීමට හොබිය - රූපේකී සුරම්බු හරණ තිගෙ දැන්.

දමයන්ති - සපලා නොවෙමැය් අදහාස මෙ තොපෙ - මගෙ සැමි නැති ශෝකේ මට වානු බැරිය - සපලා නොවෙමැය්

ආලෙන් කිව බස් දීපි මෙ මට දුක - පාපේකී අසන්ට වුනේ මේ නොසරුප්.

වැද්දා - සුරඹා සදිසි ලඳ තේට්ටු නොවම - වරමගෙ නිවසේදී මට කුට්ටු වෙතැකි - සුරඹා.

තී දැන් ආවොතින් - මාගෙ නිවෙස වෙත - කොන්වියෙන්ම ඉන්ට හැකිවේ අපටත්.

(තපස්වරයා පැමිණිකල වැද්දා පලායයි.)

‍වෘත්තය - බයිරවි ටප්පා (යෙහිරෝ රෝතු).

දමයන්ති - තපසෝ,සෝදුකිනේ-කකියයි හෘද මගේ- පින් බොහෝ වේ‍විඅනේ - ම දුකක් නිවා ලෑවොත් සාමි- විශ්වාස සැමී- නැත්තෙ මෙ දැන් කාවබලා- (වාමි මේ සෝකකඳා) 2 තපස් - සිදුවේ දෝස ලොවේ- පඩිසන් දෙයි කරුමේ- දුක් නොවී කිව වටි- දෙමව්පියන්ගේ නම් තිගෙ- ඒ විස්වාස සැටි- ඇයිද ගියේ තිව දමා- (මේ වනේ වාසේ හැරා) 2

දමයන්ති - සැමියා මාව ගෙණත් - දමලා මේ වනයේ - අයිඅයියෝ හැංගී ගියා- පියා මගේ හිම නම් වේ- දුප්පත්විය සැමි සූදු කෙළියේහි යෙදී - (ඒ නිසා මේ යෙදුනා) 2

තපස් - නොහඬන් ශ්රීමකුමාරි - ලොව රක්නා සුරිඳා - දුක් තිගේ ලයි නිවලා - විපත්ති ලෝ කායත් වේවි - ලෝකේ ධම් අටෙන් ඒක එකක්වේය දනු- (යන් පියාගේ ගෙදරා) 2

(දෙදෙනම නික්මයති.)


හයවෙනි ප්ර තිරූප චිත්රු වස්ත්රනය - වනාන්තරය.

නලරජ ගමන්කරයි.

වෘත්තය - පරස් හෝලි (කුබරජායා)

නල - ශ්රී කත ශ්රීරයා.. රූපේනි පෑවේ - කව්දෝ ලෝකෙ මා දේවි මිසක් ඒ- නැතිවී මෙ මගෙ දේපොල අයියො බෝසේ යෙදුනේ හානි දමා යන්ට බාරී.

මා ලැය ගින්නා බෝ වේය දැන් මේ - දෙය්යනේ මා දේවි රකින්නේ - රුදුරූ උරගයෙක් ගිනිමැල්ලේ ඉන්නා මෙවරේ ඌ මම් මුදා ලමි ලංවී.


(නාගයා දෂ්ට කළ කල නලගේ රූපය වෙනස්වෙයි.) වෘතය - දනාසරි (හෝලි) (යාරිරක්තු)

නල - (වටුක) - කාපී උරග අත මාගේ අවිචාරයේ - ක‍ාපී අහෝ - ගින්දර දැම්මා ලෙසේ - දයි ලය මාගේ අනේ - ගිනි දා පිච්චු විලසා දැනේ මා සැරීරේ- කාපී අහෝ -

පෑවේ අගුණ උගෙ ක්රෑුර ගතියේ සැටි - පෑවේ නයා - සර්‍ේ ාංග අත් පාට වේ - නෙත් ඇඳිරි වෙයි මගේ - පඩිසන් දුන්නා තමාය කළ කම් මෙවරේ. (නික්මයයි)



පස්වෙනි ක්‍රියාව[සංස්කරණය]

1 වෙනි ප්ර‍තිරූප චිත්ර වස්ත්රසය - හිමාරජුගේ මාලිගාව


හිමා සහ බිසව සිටිත්.

හීමා - මාගෙ දයාවන්ත වූ- සුන්දරී උතුම් - කර්ණ යොමා මේ වදන් සංක්ෂෙපයෙන් අසන් - ආල අපේ දෝනි දැන් වල්වැදී දුකින් ඉන්න බවා සත්තකයි කමේ සැටි බලන්.

බිස - පූරුවෙ කර්මෙ. තමා - වල්වැදි ගියේ - අන්න අපේ දූ උතුම් එන්නා මෙහේ දුකින්.

(දමයන්ති කැටුව බිසව ගේ ඇතුළට යයි.)

(තපස්වරයා රජුට කරණු කියයි.)

වෘතය - දනාසරි (තිල්ලාන ) (අරමේදුකි.)

තපස් - රජුනේ මෙදා - තනිවෙලා - වනයේඋනී-ශෝක මේ බෝ වි-ලාසේ වනයේ උනී - හැංගී ගියා ස්වාමි - වනයේ දමා මෑ ඒක ඇසු මාගේ හෘදේ අනේ - පැලුනා සෝවැදී - නිබොරු වේ මේ - පැලුනා සෝ වැදී - ශෝක මේ බෝවී දෝනී වනයේ උනී.

හීමා - කෙරුවේ සැමී - හදිකමා - කෙරුවේ සැමි - කෝ අනේ ඈ ගේ- ස්වාමි - මෙවරේ අහෝ - සණ්ඩුඋනාදෝ ඈ - වරද කිමැවේ - මේක මගෙ නාකි කාලෙටවු - හෙනපාරක් තමා - කෝ අනේ ඇගේ - ස්වාමි - මෙවරේ අහෝ.

වෘත්තය - දනාසරී (හෝලි)

හීමා - උතුම් වේද ශාස්ත්රෙයේහී අතිදක්ෂ වූ- සමිඳුනි තේරේ - දුක මේ සංසාරේ - සොයන් මාගෙ බෑනණ්ඩි ඉන්නාවූ තැන්. තපස් - නිමල් තේජසින්ම දේසකරණාන්ඩු දැන් - නිරිඳාගෙ ආඥ කිසිසේ නොඉක්මා - සොයන්නෙමි බෑනන්ඩි ඉන්නාවූ තැන්. (තාපසා නික්ම යන කල හීමා නික්මයයි)


දෙවෙනි ප්ර්තිරූප විස්ත්ර වස්ත්ර - රිදුවර්ණගේ මාලිගාව

රිදුවර්ණ සහ මන්ත්රිර සිටිත්.

වෘත්තය - සින්ත් බයිරවි - වාල්

රිදුවර්ණ - කී කාරි දැන් මන්ත්රී නී - පනවන්නට බද්දක් බෝ සෑහේ මයි කිව්වේ ඇය් කාරි - කී කාරි දැන් - සුංගම ගන්ටා සෑහෙන්නේ වන බඹරා රොන් ගන්නා සේ තැළෙන්ට නෑරා - අයොධ්යං දේසේ මිනිසුන් මේ මාගේ.

මන්ත්රී් - සොදින් බෝදැන් කල් යාවී - වැසියන්හට සිත්සේ කාබී ඉන්ටා ඇත්තේමැයි වස්තු - පොදි දත්තැකී ස්වාමි ජාතියේ බල ගොව් කර්මේන්තේනි - ඒ- ‍ෙසාඳින්ම ඇත්තේ අයෝධ්යා දේසේ - ගැණුම් නිසි බද්දක්.

නල පැමිණීම.

වෘත්තය - පරස් තිල්ලාන (මෙරිජාන් පංච)

නල - දහමින් ආණ්ඩු කරවන්නා - දසදහමින් ආණ්ඩු කරවන්නා නිරින්දා තේජසින් මා - දහමින් ආණ්ඩු කරවන්නා මට රක්ෂාවකි ඕනෑ - උගත්තේ අස්ගොව් වැඩ ස්වාමි.

රිදුවර්ණස - සිටපාන් - දෙන්ටහැකි රක්ෂා - සිටින්නාබෝ තුරංගා - මෙහි දැන් දෙන්ටහැකි රක්ෂා -රියැදුරා ලෙස මාගේ ගොසින් තෝ ඉන්නේ වැඩබාරේ.

තපස්වරයා පැමිණීම

වෘත්තය - පරස් (හෝලි)

තපස් - අහෝ මේ කලියුගෙ වෙන්නා අවුල්- අඹුන් අත්හැර යත් සැමියෝ රුදු- නලා නම් රජින්දා දීලා ගිනි - තමන්ගේ අඹුදා ගියා සැංගිලා.

රිදුවණර්‍ - මෙහි ආවෙ නෑ ස්වාමි බුපල් නලා - කොහේ ඉන්නවාදැයි නොදන්නෙමි මෙදා- තමාගේ උතුම් වූ දේවි දමා - ගියානම් වැරැද්දය් අසන්ටත් දුකය්.

(තපස්වරයා නල දෙස බලා ඇඳිනුවා සේ නික්මයයි)

(වාසගම)

රිදුවර්ණම - මාගේ අශ්වයින් බලාගෙණ තාගේ රක්ෂාව ප්ර වේසම් කර ගණු.

නල - එසේ සිතට ගතිමි.

(දෙදෙනම නික්මයයි)


තුන්වෙනි ප්රිතිරූප චිත්ර. වස්ත්රේය - හීමා රජුගේ මාලිගාව

හිමා, බිසව සහ දමයන්ති සිටිත්.

‍වෘත්තය - සොරොට් හෝලි (අම්මේසා)

හීමා - අය්අය්යෝ - මාගේ බෑනා තුම් - කිකල් සිත්සේ දකිම්ද අනේ - දුක් දීලා තී වනේ දාලා - ගියේ ඇයිදැයි කියන් මගෙ දූ

දමයන්ති - ඇන්නෑවේ -සූදුවෙන් ස්වාමී - බොහෝ දුප්පත් වෙලා සරොස් - කිව්වා මෙහි වාසවෙන්ටා විත් - නුමුත් නෑ මම් මනාප වුනේ.

බිසව - තී දාලා- ස්වාමියා පැන්නේ - එහින්දාමයේ - දැනුයි හැඟුනේ කිව් දේ තී නෑසුවායින් දැන් අවුල් වෙච්චි පවුල් බොහොසේ

තපස්වරයා පැමිණීම

වෘත්තය - බයිරවි තිල්ලාන (දිල්කුවේනෙක)

තපසු - දිල්ලියේ සිට ගංතරේ මම බෝම සෙව්වෙමි ඒ රජුනෑ කොහේවත් බෑනගේ යම් - හෝඩුවාවක් ස්වාමිනේ- දිල්ලියේ සිට - අශ්වයින්ගෙන් සාර සම්පත් - රිදුවර්ණමගේ සමත් දාසෙකු බෝ රැව්ව මා වෙත - දෝෂ කීවෙන් බෑනගේ.

හීමා - සන්තොසේ සි‍ටි රන් රසේ ලෙස ආලයෙන් තුම් ස්වාමියා මේ වරේ දාසෙක් මෙන් - සිත් වෛරයෙන් ඉන්නේදනේ - සන්තොසේ - මේ තතු විස්වාස නෑ දැන් කීකරු මා දූ අසන් - රූප ලංකාරෙන්ම ඒ නල ලෝක සත් සිත්හී වෙසේ.

(වාසගම)

දමයන්ති - පියානනි දෙවනුත් ස්වයම්වරයක් පවත්වනවයි කියා රිදුවර්ණ රජු මෙහාට කැදෙව්වොත් හොඳයි- බාගවෙලාවට ඒ රජු ගාවා දාස වැඩේ සිටින්නේ මාගේ පුරුෂයා වෙන්ට පුළුවනි.

බිසව - ස්වාමිනි එසේකළ මැනව.

හිමා - හොඳයි මේ ලියලා දෙන ලියුම රැගෙණ ගොස් රිදුවර්ණ ට දී එනු.

(සියළුදෙනාම නික්මයති)


හතරවෙනි ප්රනතිරූප චිත්ර වස්ත්රරය - රිසුවර්ණ ගේ මාලිගාව.

වෘත්තය - සාමිකල්යාතනි (තිල්ලාන)

රිදුවර්ණප - අසුන්පිටින් ගමන් තදින් සොඳින් යනා උතුම් - මා දාසගේ පඩි මාස්පතා බේරමි බලා

නල - නිමල් දහම් ලෙසින් පණත් නැණින් සදානිතින්- මේ දේසෙහි වැසියාහටා සාද දී සෙතා.

වෙසෙස් තෙදින් යසින් උතුම් මිපල් තුමා මෙදෙස් - මා‍ගේ පඩී කොහොමත් ලැබේ නෑ කිසි සැකා.

රිදුවර්ණල - විපුල් විකුම් බෙලෙන් නිතින් දවස් යැවූ උතුම් - රජ්ජුරුවෝ නල රොස් වෙලා දේවි දා ගියේ.

ගලක් තමය් ලැයක් නොවෙය් නිරින්දගේ ලැයා - බාරී කැලේ දමාලා ගියේ ක්රෑ ර වු රජා.

නල - සකක් ලෙසින් සතන් සැපත් දුකත් ලොවේ නිතින් බෝසේ තිබේ පෙරළී එයින් නෑ යමෙක් මිදී


(තපස්වරයා පැමිණ ලියුම ගෙණදෙය්.)

(රිදුවර්ණ ලියුම හෙමින් කියයි.)


වෘත්තය - බයිරවි තිල්ලානා (දිල් කුවේනෙක.)


රිදුවර්ණ - දෙව්ලොවේ රති ලන්දගේ සිරි රූපයෙන් දුල් පානිතී - ශ්රීි නලා කල්බැන්ද ඒකල ගන්ට ම‍ම් දැන් යන්නෙමි- තෝ ගොසින් ඉක්මන් කරන් දැන් - සීරුවේ බන්දා රියක් - හීමගේ දූ ගන්ට මේ විඩෙ යාම ඉක්මන් වී නිසි.

(නල නික්මයයි)


පස්වෙනි ප්රමතිරූප චිත්රන වස්ත්ර-ය - හිමාගේ මාලිගාව.

හීමා, බිසව සහ දමයන්ති සිටිත්

වෘත්තය - පරස් හෝලි (අක්මෙධාරෙපියා.)

හීමා - දුන්නෙ දීග මාගෙ දූ ලෝකෙ සැපසේ- කල්ඇර නිවසීමටය් හත් උලව්වේ - සූදූක‍ාරයේකු අත්විය සැමි සේ- පව්කාර දුවටා බඹා හිස් කෙටු සේ.

රිදුවර්ණ පැමිණීම

වෘත්තය - සින්ත් බයිරවි (ඊස්කුකාකින්)

හීමා - ආන්තරා දැන්විය මාගේ - සුන්ද්රක දෝනි වී තනි - සුන්ද්රන දෝනී වී තනි- අස- සුන්ද්රව දෝනී වී තනි- ආන්තරා

ජාතියේ චාරිත්ර් සේ දුන් - දු දමා වාහේ ගියේ - දැන් මෙමාගේ දුක් බොහෝ - ක්රොරධෙ සැමීගේ නෑ දැනුම්.

රිදුවර්ණ- - සිත් තුළා දැන් වේය සෝකා- සිඬවූ කාරී නිසා - සිඬවූ කාරී නිසා - රජ - සිඬවූ ක‍ාරී නිසා - සිත් තුළ -

ස්වාමියෙක් දෝනිට මේ දැන් - තෝරගත්තෑකී අහෝ - පුන් සොමිසෙ දුල් යසස් - ලෝකෙ පැතිරේ මාගෙදැන් (වාසගම) හීමා - නරේන්ද්ර-, ගොසින් ගිමන් හරිණු. (දෙදෙනම නික්මයති) ජෝන් ද සිල්වා 53


හයවෙනි ප්ර්තිරූප චිත්ර වස්ත්ර ය - අස්ව මන්දිරය

නල උය උයා සිටී.

(ඉන්ද්රසසේන, ඉන්ද්ර සේනා සහ දාසි එති.)

‍වෘත්තය - කනුඩා හෝලි (කෙයිසේකබරියා.)

නල - කාගේද දරුවෝ - සුන්දර දාසී - දැන්මට පහදාලා - දෙන් සිරියාවී හෘදය මාගේ - අහෝ උනු වේ‍වි - සිඹලා දෙදරු සැනසීමා වෙමි.

දාසි - ඉන්ද්රාරන් විලසා - ලක්ෂණ දේවි - අත්හැර රජ නලා හැංගුණි යාලු - පෙම්බර දු හා බොළඳ පුතා මේ - නල රාජ දරු බව සිත්හී ගන්නේ.

ඉන්ද්ර සේන - අම්මාගෙ කරුමේ - දැන් පෙණී යාවී - විස්තර නැතිලෙසා ලෙයි ගිනි වේවි - සුන්දර පිතෲ - නොම දැක දෑසේ - පිරිලා කඳුලු - පණ යාවී මාගේ.

ඉන්ද්ර සේනා - පව්කාර අපට පෙම්බර පීතෲ- කොයිකල මුණ ගැහේ දැයි නොම තේරේ- පන්සැර සේමා - රුවඅපෙ පීතෲ කවදා මෙ දුක මකලා දාවිදෝ

(දරු‍වෝ නික්මයති.)

සැනි පැමිණීම.

වෘත්තය - කල්යාතණී

සැනි - කාලකන්නීව උන්නේද රාජ - ශ්රී නිරින්දා- නිරින්දා-නිරින්දා- කාලකන්නි- ශාන්ති සාදා සියල් දෝෂ බින්දා - දමමි දමමි රජුන්ගේ - රජුන්ගේ - වේවි ආසිරිවාදේ මෙ මාගේ.

(සැනි නික්මයයි)


හත්වෙනි ප්රකතිරූප චිත්රද වස්ත්ර.ය - හිමාගේ මාලිගාව.

හීමා, බිසව, දමයන්ති සහ රිදුවර්ණ සිටිත්.


වෘත්තය - පරස් (හෝලි)

හීමා - ඉතා ප්රීපතියෙන් දීග කෑම සඳා- යොවුන් පත් දනෝ ගෑණූ බෝ සේ සොයත් - බොහෝ සේ පවුල් දුප්පත් වී ඇතත් - සමාදාන බැම්මෙන් සවි වෙත් පවුල්.

දාසි පැමිණීම

වෘත්තය - සින්ත් බයිරවි (ගෂල්)

දාසි - දැකලා අහෝ දරූ - අස්මඩුවේ දී දසා - ප්රේසමෙනී ඉම්බා වතා චිත්ත දුකින් බෝ තැවී

ඉන්ද්ර සේන - ඉඹලා මෙ මාගෙ මූණ - දුන්නා අග්ගලා - කරුණා බෝ‍‍ පෙන්නුවා- සුරතල් කළා.

දමයන්ති - සැමියා තමා මගේ - ඉන්නේ එ අස්ගොව් වැඩේ - කැන්දවනු පීතෲනේ- ඇත්ත දතෑකි සොඳින්.

හීමා - ගොසිනා එ දාස කැන්දා - දාසී‍ෙය් වරෙන් - පුදුමේකි සංවල් වේ සිත දැන් මගේ (දාසි යයි)

රිදුවණර්‍ - තරුණා ඉතාහොඳ - ඇත්ත මටත් හැංගුවා - දාස වැඩේ උන්නටා - චිත්ත මගේ වේ දුකා.

බිසව - නොදැන තමාය බෑනා-ඇන්නෑවේ මෙහි - කැටුවා ආවේ රාජා- සිත සන්තොසේ.

නල පැමිණීම.

‍වෘත්තය - කාන්වි. (වාල්)

රිදුවර්ණත - බෝ කදිමා- දාසගෙ සෝබනා රුව දැන් - නලවද මාගේ දාස මෙන් සිටියේ - තේරුනෙ - නෑමට සුන්දරී- බෝ කදිමා- විජ්ජාවෙන් වෙස් - පෙරළෙයිදෝ නල ‍- මේ පුදුමක්ය- ලොවේ අපූරු - දාසගේ සෝබන රුව දැන්.


හීමා - ශ්රී නිරිඳා - වෙත් ඇගෙ ආදර දැන් පෙණෙය්- නිකරුණෙ සූදුවේහි සිත් බැඳුනේ- පාපෙකි පූරුවෙ බෑනාගේ - ශ්රී නිරින්දා- අල්ලා දමලා යටගිය කාරය- දෙන්නගෙ ආලෙ වඩා වසත්වා සෝබන බෑන ද දූ උතුම්.

නල - මා බිරිඳා මා හට ආදර පෙන්නුවා - මගෙ දෙස ලෝකේ සෑම දෙස් පතුරා - මා හට ආදර පෙන්නුවා.

මාගේ නම්බු මකිපි ලදා මෙම - ආදර ස්නේහ ඇති තිගේ දැන් - කාටද මේ කත ඕනෑ දැන් - මා නොතැකූ - කාටද

වෘත්තය - වන් (ටෝමරි)

දමයන්ති - ඇය්මා සුන්දර නලරාජා - අනේ මා දාලා - අනේ මා දාලා- අත්හැර ගියේ මට පානා ආදර හේමා - ආ ආදරහේමා

එක්වී පෙම්බර සැමි ප්‍ සාණේ- ලෙසේ මා වාසේ - ලෙසේමා වාසේ දැන් වෙමු දුරාහැර දෝසා - වූ සැම දෝසා- සැමදෝසා.

නල - වස්තු හිස්වුණු එමකාරි- නිසාමයි සෝකා - නිසාමයි සෝකා සිත් තුළා වැදී සැම හානි - වී සැම හානී - සැම හානී.

හීමා - එක් වී සුන්දරිහට බෑනා -වෙසේවා බෑනා - වෙසේවා බෑනා අත්හැර සිතේ සෑම වෛරා - බෝ සොද බෑනා - සොඳ බෑනා.

බිසව - සූදුවෙන් වුනු අපරාදේ - මෙසේදැන් ගෙවුනා- මෙසේ දැන් ගෙවුනා - රන් රසේ ලෙසේ- නිවසේත්වා- මාදරු දෙන්නා දරු දෙන්නා.


රිදුවර්ණය - එක් වී සුන්දර නල රාජ - වෙසේවා මෑ හා - වෙසේවා මෑ හා- යන්නෙමි ඉතින්- දෙදෙනාටා- ශාන්තිය වේ‍වා- සිදුවේවා.


............ // ...........