Jump to content

ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව/නාට්‍ය කර්තෘවර ජෝන් ද සිල්වා

Wikibooks වෙතින්

නාට්‍ය කර්තෘවර ජෝන් ද සිල්වා


නාට්‍ය කලා‍ව පිලිබඳ ප්රායමාණික පඬිවරුන්ගේ මතය ප්ර්වේශය නම් සිංහල නාට්යල වංශයෙහි පැනෙන ආදිතම අංග සම්පූර්ණ දෘශ්යට කාව්යක විශේෂය, නාඩගම් යන නමින් හදුන්වනු ලබන නාට්යි ගණය බවයි. ඉන් අනතුරු ව එළඹෙන නාට්යන යුගය නූර්තා යුගය යන නමින් හදුන්වනු ල‍ැබේ. මේ වනාහි ඉන්දියාවේ පාර්සි (Parsee) නාට්යද කණ්ඩායම් විසින් මෙහි රඟ දක්වන්ට යෙදුණ හින්දුස්තානි සංගීත නාටක පූර්වාදර්ශයට ගනිමින් තැනූ සිංහල නාටක වි‍ශේෂයක් වේ. මෙම නාටක වර්ගයෙහි සමාරම්භකයා වූයේ සි. දොන් බස්තියන් (1852 -1921) නමැතා නාට්යි කරතෘවරයා ය. ඔහු විසින් රචනා කරන ලද නාට්යො සංඛ්යාකව 16 කි. සිය නාටක හැඳින්විම සඳහා ඔහු යෙදුවේ සංස්කෘත භාෂාවෙහි ‘නැටුම’ යන අරුත නගන ‘නෘත්යක’ යන පදයයි. තමන්ගේ නාටක,නාඩගමෙන් වෙසෙ‍සා දැක්වීම සඳහා බස්තියන් මෙම පාරිභාෂිත පදය භාවිත කරන්ට ඇතැයි කියනු ලැබේ. ‘නෘත්යස’ යන පදය ‘නූර්ති’ යනුවෙන් විපරිත වුයේ පොදු ජන වහරනු සෙරෙනි. ජෝන් ද සිල්වා (1857 – 1922) සහ චාල්ස් ඩයස් (1878 – 1944), සී.දොන් බස්තියන්ට අනතුරු ව නුර්ති යුගය නියෝජනය කළ ප්රරධාන පෙළේ නාට්යෙ කර්තෘවරු වූහ. සිංහල නාට්යය ක්ෂේත්රධය තුළ ජෝන් ද සිල්වාගේ කාර්ය සාඵල්ය ය කෙබඳු ද යන්න යට දැක්වෙන විචාරක මතිමතාන්තර ඔස්සේ පාඨකයාට ප්රඳත්යදක්ෂ කර ගන්ට පුළුවන.

විචාරක මත මහාචාර්ය එදිරිවීර සරච්චනද්ර  : සී.දොන් බස්තියන් මහතාටත් වඩා තම කෘතින්ගෙන් නාඩගම් ලක්ෂණ බැහැර කරන්ට තැත් කළ කෙනෙකි,ජෝන් ද සිල්වා. ඔහු නාඩගම් සංගිතය මුළුමනින්ම ඉවත දමා ස්වකීය නාට්ය,යන්හි යෙදු සංගිතය ක්රුමවත් කිරිමට යත්න දැරුවේය. ඔහුට කලින් නූර්ති රචනා කළ ලේඛකයෝ හිතුමතේ ඕනෑම තැනකින් රාගතාල උපුටා ගෙන, ඒවායේ උචිත බව නොසලකා තම කෘතීන්හි බහා ලුහ.රාග තාල තේරීමේ දී ඔව්හු කිසියම් සිද්ධාන්තයක් අනුගමනය නො කළහ. ජෝන් ද සිල්වා භාරතීය ශාස්ත්රීිය සංගීතයෙහි රසවාදය.අනු ව තම නාට්යීයන් සඳහා රාග තෝරන්ට වෑයම් කළේය. යම් යම් රාගවලින් යම් යම් රස න‍ිපදවිය හැකි යයි ශාස්ත්රී ය සංගීතයෙහි එන සිද්ධාන්තයක් ඇත. බොමබායෙන් මෙහි ගෙන්වා ගත් විශ්වනාත් ලව්ජි නම් ගාන්ධර්වරයාගේ උපදෙස් ගෙන ජෝන් ද සිල්වා තම නාට්යවයන්හි අවස්ථාවට උචිත රසය ඉපදවීම සඳහා එම රසය නිෂ්පාදනය කිරීමේ ශක්තිය ඇති රාගය යෙදුවේය.


ජොන් ද සිල්වා මහතාගේ කෘති සම්බන්ධයෙන් නම් කිව යුත්තේ දුර්වල තැන් ඇති නමුත් මේ දොස් අභිභවා සිටින විශිෂ්ට ලක්ෂණ ද තිබෙන බව ය. උසස් වටිනා පරමාර්ථයක් සඳහා එකල වූ නො දියුණු නාට්යා කලාව උපයෝගී කොට ගැනීමට තැත් කළ ඔහු අතින් නාටකයටත් සංගීතයටත් වූ සේවය අමරණීය එකක් ලෙස සැලකිය යුතුය.


අද්යතතනයෙහි සංගීත නාට්යෙයේ පුනරුත්ථාපනය පහසුවෙන් කළ හැකි වූයේ ඔහු විසින් සිංහල නාට්යැ කලාව සම්භාවනීය තත්ත්වයකට පමුණුවන ලද නිසාත් ගීත නාටක මාධ්යටයට ඇලුම් කරන ප්රේතක්ෂක සමුහයක් ඔහු විසින් බිහි කරන ලද නිසාත්යයි කීම අතිශයෝක්තියක් නො වේ. ඔහුගේ නාට්යි සියැසින් දුටුවන් මෙකල විරල වුවද සිංහල සාහිත්යකය හා ඉතිහාසය සමඟ වෙළී පැවතුණු එම කෘතිවල ඇතැම් ප්රවකට චරිත හා අවස්ථා ද ‍‍එබඳු අවස්ථා ප්රැජා ස්මෘතියෙහි තැන්පත් කොට තැබීමට ආධාර වන ගී සින්දු අසා ඇති අය අද්යවතන ප්රේහක්ෂකයන් යය කිව හැකි ය. වර්තමාන පුනරුත්ථාපනයට පදනම වූයේ සම්ප්රකදායේ මේ ශේෂ මාත්රිය ය.

(සිංහල ගැමි නායකය, 1986, කොළඹ, 186 -187 සහ 192 පිටු)


මාර්ටින් වික්රරමසිංහ :- මනමේ, සඳකිඳුරු කිවිනළු, කෝලම් නැටුම්, නාඩගම්,ජෝන් සිල්වාගේ නාටක යන මේ සියල්ල සිංහල නාටක යන මේ සියල්ල සිංහල නාටක වංශයෙහි අංගයෝ ය.ඒ නාටක සන්දර්ශන මෙහි ම උපන්නේ ද නො එසේ නම් ණයට ගන්නා ලද දේ සංකලනයෙන් නිපදවූ සංකර නාටක ද යන ප්ර්ශ්න නඟන ලද්දේ බටහිර සාහිත්යන සහ සංස්කෘතිය අවිචාර ලෙස පිදු අල්පඥයන් විසිනි. මනමේ,සඳකිඳුරු කිවිනළු බෞද්ධ ජනනාටක සම්ප්රසදාය නිසා පහළ වූ හොඳ නාටක‍ වෙයි. නාඩගම් සංකර ජන නාටකයකි. කෝලම් නාටකයක් නොව තොවිල් පවිල් හා ජන ඇදහිලි ද ඇසුරින් වැඩුණු සංකීර්ණ ජන නැටුමකි. ජෝන් සිල්වාගේ නාටකය වූ කලි කිවිනළුව, නාඩගම් බටහිර ගීත නාට්යරය හා සකු නාටකය ද ඇසු‍ෙරන් උපන්නකි.එහි ස්වාධීන සන්දර්භයක් ඇත. එය ණයට ගන්නා ලද දේ සංකලනයෙන් හා ප්රෙතියෝජනයෙන් නිපදවන ලද්දකි... ජෝන් සිල්වාගේ සිරිසඟබෝ නාටකය කල්පනා ශක්තිය ඇති නාටක ඇදුරකුට දැනුදු උසස් නාටකයක් ලෙස කරලියට නැගිය හැකි ය..... රස ජනනය කරන අවස්ථා සිල්වාගේ නාටකවල නැතැයි යන දෝෂ දර්ශනය සදොස්ය. ශ්රීා වික්රිම රාජසිංහ, රත්නාවලී, සිරිසඟබෝ යන නාටකවල රස ඉක්ම‍වා වමත්කාරය උපදවන අවස්ථා ඇත..... ඔහු තෝරාගත් කථාවන්ගෙන් එකක් දෙකක් හැර අනික් සියල්ල ම ඔහුගේ විචාර බුද්ධියත් හොඳ රුචියත් හෙළි කරයි. ග්රාලම්යි අර්ථ නගන කථාවලට හෝ පුවත්වලට හෝ ඔහුගේ සිත ඇදී නො ‍ගියේය........ ඉන්දියානු නාටකයන්ගෙන් ශාකුන්තලය, රත්නාවලිය, උත්තර රාම චරිතය යන නාටකයන් තෝරාගෙන සිංහලට නැගීමෙන් ඔහු තම විවේක බුද්ධිය ප්රතකට කළේය. නාටක බලන්නවුන් තුළ සංවේග දනවන අනුචිත අවස්ථා, ක්රෑරර දුෂ්ට කියුම් හා ක්රිනයා තම නාටකයන්ගෙන් බැහැර කිරීමට ඔහු පරෙස්සම් වුයේය. නාටකයන් සඳහා ඔහු තෝරාගත් කථා වස්තුන්ගෙන් සමහරක් මනුෂ්ය් ජීවිතයෙහි සරු අරුත් හා ඇතැම් විට මිනිස් සිතෙහි ගුප්ත දහම් ද හෙළි කරන පුවත්වලින් තොර නො විය. ඒ කථා නාටකයන්ට හැරවීමේ දී පමණක් ඔහු නොමඟ ගියේ ඔහුගේ කාලයෙහි පැවති නාට්යි කලාවෙහිත් සිංහල නාටකයෙන් ආස්වාදය ලැබුවන්ගේත් අඩු පාඩුත් නිසායැයි සිතමි. (සිංහල නාටකය සහ සඳකිඳුරුව, 1970, කොළඹ, 23, 24, 39, 85 පිටු,)

මහාචාර්ය තිස්ස කාරියවසම් : ප්රේ,ක්ෂකයා මනෝ ලෝකයකට ඇතුළත් නො කරන ලද ප්රතමුඛ රචකයා ජෝන් ද සිල්වා ය. විශ්ව න‍කාට්යය සාහිත්ය්යේ ආභාසය ලත් ප්ර්ථම නූර්ති රචකයා ද ඔහු ය.‍ෙශ්ක්ස්පියර් ‍‍ෙග් කෘති තුනක් ද කාලිදාස‍ෙග් කෘතියක් ද ශ්රීු හර්ෂ දේවගේ කෘතියක් ද මහාභාරතයේ නලෝපඛ්යාතනය ද භවභූතිගේ උත්තර රාම චරිතය ද ඔහු නූර්තියට නැඟුවේය. ඔතැලෝ, වැනිසියේ වෙළෙන්දා සහ හැම්ලට් ද මුල් ‍ෙපළ සමඟ සසඳන විට පෙනී යන එක් කරුණක් නම් ජෝන් ද සිල්වා සමහර කාව්යටමය කොටස් සිංහල පෙළට ඇතුළත් කර නො තිබීමයි. ඉංග්රි සි සහ සංස්කෘත‍ සාහිත්යියේ නාටක කෘති එලෙසින් ම නූර්තියට නැගුවේ නම් විශාල සේවයක් විය හැකි ව තිබුණි. නූර්ති සම්ප්ර දාය එවැනි බැරෑරුම් කාර්යයක් දරා සිටින්නට ශාක්යැතාවක් හිමි ව නොසිටිම අභාග්ය යකි. ජෝන් ද සිල්වා සිංහල ඓතිහාසික සම්ප්රවදායන්හි විශිෂ්ට චරිතයක් සිරිසඟ‍බෝ සිරිතෙහි ද සිංහල‍යන්ගේ ඓතිහාසික ජීවිතයෙහි සන්ධිස්ථානයක් වන ලක්දිව ඉංග්රීිසින්ට යටත් වීම ශ්රීී වික්ර්ම රාජසිංහ නාටකයෙහි ද වර්ණිතයි. මේ දෙකම සමකාලීන ජාතික අව ශ්යාතාවක් විය. මෙරට පාලනය කළ අධිරාජ්ය යට විරුද්ධ‍ව තදබල තරගයකට ඇතුළු නොවි සීතල සටනක් මෙම ශත වර්ෂයෙහි මුල දී අප රටෙහි ජාතික‍ නායකයෝ ඇති කරගෙන සිටියහ. එය සටනක් නො ව සුහදතා ප්රළදර්ශනයකි.එම නිසා එකී නායකයන්ට තම පාලක පක්ෂයට මෙරට වැසියන් රජකුගෙන් බලාපොරොත්තු වන හර පද්ධතිය ඒත්තු ගැන්වීමට අවශ්යන විය. සිරිසඟබෝ සිරිත එයට දෙස් දෙයි. ශ්රීය වික්ර‍ම රාජසිංහ නාටකයේ කියැවෙන පරිදි ‘බැද්ද වනසන්ට බැද්දේ ගහක් ඕනලු. සිංහල ජනයා‍ගේ ඊර්ෂ්යා ව නිසා ජාත්යා්ලය නැති වි මේ අන්තරාය සිදු විය. අන්තරාය නම් වර්ෂ 2357 ක් නො කඩවා පැවැති සිංහල රාජ්ය ය නැති වීමයි. ඇහැලේපොල වීර‍යකු ලෙස දැක්වීමට ‍ජෝන් ද සිල්වාට අවශ්යව නොවීය. එමෙන්ම බ්රි තාන්යන පාලකයෝ සාධාරණ පිරිසක් වූහ. මේ නිසා බ්රිාතාන්යය අධිරාජ්යීයෙහි ගුණ පක්ෂය දක්වමින් ඔවුන් යටතට දැන් පත් වී ඇති ජාතියෙහි වීරත්වය පැවසීම ද කතුවරයාගේ පරමාර්ථය වි යයි මම හගිමි. අද බොහෝ දෙනා පිළිගන්නා අන්දමේ මහා ජාතික ව්යාවපාරයක් තබා එහි බීජවත් මෙම අවධියෙහි මෙරට තුළ නො වී ය. (සිංහල නාට්ය යේ විකාශනය 1867 – 1911, 2 මුද්රේණය, 1981, කොළඹ, 232 පිටුව.)


මහාචාර්ය ඩී.වී.හපුආරච්චි : ජෝන් ද සිල්වාගේ නාටකවල ස්වාධීන ලක්ෂණ කැපී පෙනෙන්ට වූයේ 1903න් පසු ව ය. සංස්කෘත නාට්යීයන්හි ‍එන ප්රේස්තාවනාවට සම කළ හැකි පූර්ව රංගයක් තිබීම,අවස්ථාවට උචිත වන පරිදි උත්තර භාරතීය රාග තාල අනු ව මෙහි ම ප්රීබන්ධ කරන ලද තනු එම නාට්ය්වල භාවිත කිරීම, ලංකා ඉතිහාසයෙන් ගන්නා ලද කතා උපයෝගී කර ගනිමින් දේශමාමක හැඟීම් ප්රාකට වන අයුරින් නාට්යඋ රචනා කිරීම, එකි නාට්ය සමකාලීන ප්රේකක්ෂකයන්ගේ අත්දැකීම්වලට හා අපේක්ෂාවන්ට සමීප වීම,කතා ‍ව්ය වහාර භාෂාව ගද්ය් සංවාදයෙහි වැඩි වශයෙන් යොදා ගැනීම ආදි කරුණු මීට හේතු වශයෙන් දැක්විය හැකිය. නමුත් මේවා අතුරෙන් සමහර ලක්ෂණ මීට පෙර රචනා කරන ලද නාට්යයවල අඩු ‍වශයෙන් හෝ දක්නට තිබෙන බව අප විසින් අමතක නො කට යුතු ය.


සන්දර්භය, භාෂාව ආදි ලක්ෂණ අතින් ජෝන් ද සිල්වාගේ නාට්යියන්හි ඌනතා ඇති බව සැබෑ ය. එසේ වුව ද සාමුහික ව ගත් කල ඔහුගේ කෘතිවලින් සිදු වූ සේවය අගය කොට සැලකිය යුතු ය. කලාත්මක ලක්ෂණ අතින් නාට්යක කලාව ඒ සා දියුණුවකට පත් ව නොතිබු යුගයක උත්කෘෂ්ට පරමාර්ථයන් ඉටු කිරීම සඳහා නාට්යව කලාව මෙහෙයවු මොහු නිසා අඛණ්ඩ වූ නාට්යඅ සම්ප්රසදායක් මෙරට පවත්වා ගෙන ආ හැකි විය. (සිංහල නාට්යත ඉතිහාසය 1860 – 1911, 1981, කොළඹ,, 232 සහ 236 පිටු.)


මහාචාර්ය විමල් දිසානායක : ජෝන් ද සිල්වා මහතා නූර්ති නාට්යර සම්ප්රාදාය අනුගමනය කළ බව සැබෑ ය. එහෙත් ඒ අතර ම ස්වකීය ප්ර්තිභාවට, දෘෂ්ටියට හා රුචියට අනුව ඊට ඇතැම් නවාංග ඇතුළු කිරීමට ද ඔහු පසුබට නොවූයේය. සංස්කෘත රංග කලාවට ආවේණික වූ රංග ලක්ෂණ නූර්ති නාට්ය සම්ප්රාදායට ප්රලවිෂ්ට කරවීමට ඔහු දැරූ වෑයම මෙහි ලා විශේෂයෙන් සඳහන් කළ මනා ය.. ආකෘතිය හා ශෛලිය අතින් පමණක් නො ව වස්තු විෂය අතින් ද තත්කාලීන නාට්ය්කරුවන් අනුගමනය කළ ක්රිහයා මාර්ගයෙහි සසීමිත්වය පසක් කොට පෙර විසූ නාට්යයකරුවන් මෙන් ඔහ‍ු හුදෙක් විනෝදය සඳහා පමණක් නාට්යව නිෂ්පාදනය නො කළේ ය. ඔහුගේ අරමුණ වූයේ ප්රේහක්ෂකයන් කුල්මත් කරමින් මුදල් ගරා ගැනීම නො වේ. එවක සිංහල සමාජයෙහි හා සංස්කෘතියෙහි අබල දුබල තැන් ද සිංහලයන්ගේ අවිචාරවත් අනුකාරක චෛතසිකය ද දුටු ඔහු ඒවා තුරන් කිරීමේ අදහසින් සිය නාට්ය සම්පාදනය කළේ ය. පාරම්පරික සංස්කෘතියෙහි සාරවත්කම ‍පෙන්නුම් කරමින් දේශභිමානය දැල්වීම සඳහා ඔහු නාට්ය ය අනගි මාධ්යකයක් කර ගත්තේය. (ජෝන් ද සිල්වා හා සිංහල නාට්යහය, 1974, කොළඹ, 11 සහ 19 පිටු.)

‍ ආචාර්ය ගුණදාස අමරසේකර : ...... ජෝන් ද සිල්වාගේ චින්තන ලෝකය එක්තරා සංස්කෘතික අරගලයක් කේන්ද්රජ කොට නිර්මිත වූවක් බව ඒවාඑක් දෙස බලන අපට එකවර ම පෙනී යන්නක්. ඒ සංස්කෘතික අරගලය නම් මෙහි සිටි සුද්දන්ටත් ඊටත් වඩා ඒ සුද්දන්ගේ ගති සිරිත්, ආගම, සංස්කෘතිය වැළඳ ගෙන මෙරට උන් කලු සුද්දන්ටත් විරුද්ධව ගෙන ගිය අධිරාජ්යය විරෝධි අරගලය යි.... ජෝන් ද සිල්වාගේ අධිරාජ්යත විරෝධි සටන බොහෝ අය අනගා‍රික ධර්මපාලතුමා මෙහෙය වු සටනට සමාන කර දැක්වීමට තැත් කරන බව අපට නොයෙක් විට පෙනී යන්නක්. මතු පිටින් බැලුවොත් මේ සටන් දෙක තුළ යම් යම් සමානකම් ඇති බව පෙනෙන්නට ඇති නමුදු මේ සටන් දෙකෙහි මූලික වෙනසක්, බලවත් වෙනසක් ඇතැයි යන්න මගේ හැගීම යි. ජෝන් ද සිල්වාගේ සටනට කේන්ද්රත කොට ගත්තේ මෙරට විසු ජාතික ධන හිමි පන්තිය හා නැගී එන සුළු ධන හිමි පන්තිය යි. ඔහු ඒ පන්තිවල සේවකයෙකුයි. අනගාරික ධර්මපාලතුමා එවැන්නෙක් නොවෙයි. ඔහුගේ සටන කේන්ද්රු කො‍ට ගත්තේ මේ රටෙහි ගම් නියම්ගම්වල විසු දුගි ගැමි ජනතාවයි..... ජෝන් ද සිල්වාගේ නාට්යනවලින් ප්රුදර්ශනය වන ඕලාරික ගොරහැඩි කලා විඥානය - රසඥතාව - භාරතයේ පැවති සම්භාව්යර සංස්කෘත නාට්යඩ කලාව ආශ්ර යෙන්වත් උපන්නක් නොවෙයි. ඊට මූලාශ්රග වූයේ එකල ඉන්දියාවේ ව්යාකප්ත ව තිබූ පාර්සි - බලිවාලා සංකර නාටකයයි. බලිවාලාගේ ඒ නාට්යා සම්ප්රතදාය ගැන සරච්චන්ද්රව මහතා විසින් කරන ලද නිගමනය මෙහි ලා දක්වනු වටී. ‘පාර්සි නාට්ය කලාව වූ කලි නියම භාරතීය නාට්යර සම්ප්ර දායේ විකාශනයක් නොව භාරතීය සංස්කෘතිය හා යුරෝපීය සංස්කෘතිය යන මේ දෙකේ නො මනා සංසර්ගයෙන් හට ගත් අවජාතක ඵලය ලෙස හැදින්විය හැක්කකි. මේ නිසරු අවජාත නාට්ය මේ කාලයේ ඉන්දියාවේ පහළ වූ සැටි ද සිහි කළ යුත්තකි. එය ආරම්භ කරන ලද්දේ බොම්බායේ විසූ සංකර මුදලාලි පන්තියක් විසිනි. මෙය මොවුන්ගේ නිසරු අධ්යබත්මයන් බොරු විසිතුරකින් පිරවීම සඳහා තනා ගන්නා ලද්දකි. මේ වන විට සම්භාව්යස සංස්කෘත නාට්යර සම්ප්ර දායක් භාරතයේ නොවී ය. 12 වන සියවසින් පසු භාරතයෙන් අතුරුදහන් වූ ඒ සම්භාව්යය නාටකයේ තැන ගන්නා ලද්දේ ගැමි නාටකය මඟින‍ි. ඒ ගැමි නාටකය ද මේ වන විට නාගරික ශිෂ්ටාචාරයේ හා කාර්මිකත්වයේ බලපෑම නිසා අතුරුදහන් වී තිබිණි. පාර්සි න‍ායකය බිහි වූයේ මෙවැනි වඳ වු බිමකයි. ජෝන් ද සිල්වා‍ගේ නාටකවලින් ප්රාදර්ශනය වන කලා විඥනයට සෑම අතින් ම නෑකම් කියන තවත් කලා විඥනයක් අප සතුව තිබේ. එනම් චිත්රම කලා විඥනයයි. - සාර්ලිස්ගේ චිත්රරකලා සම්ප්ර දාය යි. එය ද අපේ පාරම්පරික බිතු සිතුවම් ඇසුරෙන් හෝ අපරදිග චිත්ර කලාව ඇසුරෙන් උපන්නක් නො වේ. ඇතැම් විට එය ද ඒ දෙකෙහි අනිසි සංසර්ගයෙන් උපන් අවජාතකයෙකු විය යුතුයි. මෙවැනි කලා විඥානයක් කුමන සමාජ ප්රාස්තාරයක් හා ගෙන ගිය සංවාදයක ප්රිතිඵලයක් ද?.... මේ කොටස වනාහි මෙරට නැහී ගෙන එමින් සිටි නාගරික - සුළු - ධන හිමි පන්තිය යි..... ජෝන් ද සිල්වා‍ අතින් සිදු වූයේ මේ පන්තිය සත ඕලාරික, ‍ ගොරහැඩි රසඥතාව කලා විඥනය පුනරුච්චාරණය කිරීම - ප්ර තිරාවය කිරිම පමණි.... ජෝන් ද සිල්වාගේ නාට්යු හරයක් නැති, නිසරු, අධිරාජ්ය වි‍රෝධි අරගලයේ දී එක්තරා නැගී එන ධන හිමි පංතියකට සිය ආධිපත්යරය තහවුරු කර ගැනීමට පිටුවහල් වූ අවියකි....(සිරිසඟබෝ ටවර්හෝල් සම්ප්ර දාය පුනරුත්ථාපනයෙන් වැඩක් ඇත් ද? සංවාද කේන්ද්ර ය මෙහෙය වූ දේශන මාලාවක ප්රකථම දේශනයෙහි මුද්රිේත පිටපත. මුද්රිාත වර්ෂය නො සඳහන් ය. තිසර මුද්රකණාලය. 5, 8, 9, 10 පිටු)

අපදානය මාකලන්දාවගේ ජෝන් ද සිල්වා, ක්රි9.ව. 1857 ජන‍වාරි 13 වන දා ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ,තෙලඹුගහවත්ත නමැති ග්රා ම‍යේ දී උපත ලැබීය. පියා, මාකලන්දාවගේ දොන් බැස්ටියන් ද සිල්වා නම් විය. මව,නාවල දොන් මනුවෙල්ගේ දොන් ඉසබෙලා හාමිනේ නම් වූවා ය. ප්රවකට පැවි දි පඬිවරයකු වූ බත්තරමුල්ලේ ශ්රී සුභූති හිමියෝ පිය පාර්ශ්වයෙන් ජෝන් ද සිල්වාගේ ඥාති සහෝදරයෙක් වූහ.


ද සිල්වා මූලික අධ්යිපනය ලැබු‍ෙව් කෝට්ටේ ක්රිිස්තියානි විද්ය්ලයෙනි. උපතින් රෝමානු කතෝලිකයකු වූ හෙතෙම 1865 මාර්තු 22 වන දා තෝමස් හිගින්ස් නම් මිෂනාරිවරයා විසින් බවුතීස්ම කරන්ට යෙදුණි. වැඩිදුර අධ්යහපනය සඳහා එවක කොළඹ ඇකඩමිය නමින් හැදින්වුණු රාජකීය විද්යාරලයට ඇතුළු වූ ඔහු එතැනින්, ගුරුවරුන් පුහුණු කිරීම සඳහා කොළඹ පිහිටුවා තැබූ නෝර්මල් විද්යාහලයට බැඳුණේ ය. බටුවන්තුඩාවේ ශ්රීා දේවරක්ෂිත පඬිතුමා, ජෝයන් පෙරේරා, පණ්ඩිත හෙන්රි පෙරේරා, ශාස්ත්රාතචාර්ය ජෝර්ජ් ටොඩ් වැනි පඬිවරුන්ගෙන් ගුරුහරුකම් ලැබීමෙත් ප්රාතචීන සහ ප්රජතිචින භාෂා ශාස්ත්රන ඥනය ලබා ගැනීමෙත් අවස්ථාව ද සිල්වාට ලැබුණේ පූර්වෝක්ත ආයතන වල දීය.


විසි වන වියෙහි දී ගුරු වෘත්තියට ප්රචවිෂ්ට වූ ජෝන් ද සිල්වා කොළඹ සාන්ත ජොසප් විද්යාවලයේ සහ වෙස්ලි විද්යා ලයේ ඉංග්රීකසි ගුරුවරයකු ලෙස කලක් සේවය කළේ ය. ඔහු ලක්මිණි පහන, කවටතිලක ආදි පුවත්පත්වලට ලිපි සම්පාදනය කරන්ට පටන් ගත්තේ මේ අවධියෙහි දීය.


ක්රිප.ව. 1879 දී ලියා පළ කළ කව්ගෙලදම නොහොත් ජෝනස් දිවස් ප්රපසාදිගේ කථාව නමැති කවි පෙළ, ජෝන් ද සිල්වා‍ෙග් කුළුඳුල් සාහිත්ය් කෘතිය ලෙස සලකනු ල‍ැබේ. 1881 දී ප්ර්කාශයට පත් වූ සිංහල සිරිත් පෙරළිය හෙවත් සර්පින‍ා කථාව නමැති කවි පොත ද ජෝන් ද සිල්වාගේ කෘතියක් බව ඇතැම් විචාරකයන්ගේ කල්වනාව යි. එහි කර්තෘවරයා ඇම්.ජේ.ඇස්. නමැත්තෙකි. මේ වනාහි මාකලන්දාවගේ ජෝන් ද සිල්වා යන නම කෙටි කර දැක්වීමකැයි කියති. (සිංහල නාට්ය1 ඉතිහාසය 1860 – 1911,227 – 228 පිටු.) 1882 දී A Compendium of the History of Ceylon නමින් ඉතිහාස පොතක් ද ජෝන් ද සිල්වා විසන් ලියා පළ කරන ලදී. මේ පොත් කිසිවක් අද දවසේ ජාත‍ික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේවත් ඉතිරි වී නැත.


ජෝන් ද සිල්වා 1883 දී කොයහේනේ රෝමානු කතෝලික පවුලකට අයත් ලියනගේ සෙලෙස්තිනා ප්රේ රා සමඟ විවාහ විය. පීටර් ද සිල්වා , ඇලිස් ද සිල්වා සහ ජෝසප් ද සිල්වා ඔහු ඒ විවාහයෙන් ලද දරුවෝය.


ක්රිෝ.ව. 1886 දී සිලෝන් ඔරියන්ටල් ඩ්රැ්මටික් කොම්පැනි ලිමිටඩ් හෙවත් සීමාසහිත පූර්වදිග ලංකා නෘත්ය් සමාගම පිහිටවූ ජෝන් ද සිල්වා 1886 මැයි 31 වන දා කොළඹ, වැල්ලවත්තේ ෆ්ලෝරල් හෝල් හෙවත් පුෂ්ප ශාලාවේ දි රාමායණය නමැති සිය කුළුඳුල් නාටකය වේදිකා ගත කළේය. 1886 ජුනි 5 වන දා රාමායණය දෙවන වරට වේදිකා ගත කරද්දී (ජෝන් ද සිල්වා මෙම දිනය මැයි 31 යැයි වරදවා සඳහන් කර ති‍බේ. මෙම කෘතියෙහි 167 වන පි‍ටුව බලන්න.) ජෝන් ද සිල්වා‍ිෙග් විරුද්ධකාරයන් විසින් පුෂ්ප ශාලාවට ගිනි තබන ලදී. මෙම ගින්න හේතු කොගෛන සමාගම සතු ඇඳුම් පැළඳුම්, සිතුවම් සහිත පසුබිම තිර, රංග භාණ්ඩ ආදි සියල්ල විනාශ වූ බැවින් සිල්වාගේ නාට්ය ව්යාතපාරය ඇණ හිටියේ ය. ද සිල්වා මේ නිසා හට ගත් කම්පාව තුනී කර ගත්තේ ගිනිහටන හෙවත් පුෂ්ප ශ‍ාලාවට හනුමාගේ පැමිණීම නමැති නාටකය රචනා කිරීමෙනි. ගිනිහටන ලිවීමේ පරමාර්ථය ඔහු එහි ලා මෙසේ සදහන් කළේය. ‘සීමාසහිත පූර්වදිග ලංකා නාටක සමාගම විසින් රාමායණය නමැති ලෝක ප්ර සිද්ධ කථාව කොළඹ පිටකොටුවේ පුෂ්ප ශාලාවෙහි නටන කල ඊට ඊර්ෂ්යාපවෙන් කිපුණා වූ සඳට බුරන සුනඛයින් බඳු බෙලහීක නො හික්මුණු ජඩ ජනයා විසින් එම සමාගම නැතිකර දමන අටියෙන් තිබ්බ ගින්න අරබයා මෙම ගිනිහටන කරන ලදී’ (මෙම නාටකය පිළිබඳ ප්රටශස්ත විග්රරහයක් තිස්ස කාරියවසම් මහතාගේ සිංහල නාට්යයයේ විකාශනය 1867 -1911 කෘතියෙහි 198 -205 පිටුවල එයි.) ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ විස්තරවලට අනුව ලක්මිණි පහන යන්ත්රා්ලයේ මුද්රුණය කොට 1886 අගෝස්තු 12 වන දා නිකුත් කරන්නට යෙදුණු මුද්රිාත පිටු 16 කින් සමන්විත මෙම කෘතිය ශත 12 ½ කට අලෙවි කර ඇත. තවත් සිවුමසක් ඇවෑමෙන් ඉහත කී ‘ගිනිගත් රාමායණය’, සීතාහරණය ‍හෙවත් ගිනිගත් රාමායණය නමින් ප්රනකාශයට පත් කර තිබේ. ශාස්ත්රා ලෝක ප්රෙගස්හි මුද්රපණය කරන ලදු ව 1886 දෙසැම්බර් 12 වන දා නිකුත් කරන්ට යෙදුනු එහි මුද්රි්ත පිටු 20 කි.ශත 50 කට අලෙවි කරන ලදී. (පූර්වෝක්ත කෘති දෙකෙහි ම පිටපත් ජෝන් ද සිල්වා නාට්යය කෘති එකතුවේ හතර වන කාණ්ඩයේ පළ කර ඇත.)


1886 දී නල රාජ චරිතය ද 1888 දී දස්කොන් නාටකය ද මුද්රනණද්වාරයෙන් නිකුත් විය. 1902 පටන් ඇම්. සී. ඇෆ්. පෙරේරා කර්තෘත්වය දැරූ සිහල සමය පත්ර්යට කොටස් වශයෙන් නාටක පන්තියක් ලියන ලදී. සිහල පරාභව නාටක නමින් හැදින්වුණු මෙම නාටක පන්තියෙහි කාණ්ඩ 8 කි: 1902 -1906 අතර කාලය තුළ ඒවා සිහල සමයෙහි පළ විය. සිය කුළුඳුල් නාටකය ගිනි තැබීම නිසා උපන් කලකිරීම නිසාදෝ එම කාල වකවානුව තුළ තමා විසින් රචිත නාට්යා වේදිකා ගත කරන්ට තරම් දිරියක් ජෝන් ද සිල්වා තුළ නො පැවති බැව් පෙනේ.


නීති විද්යා ලයට බැඳුණු ජෝන් ද සිල්වා එහි අධ්ය යන කටයුතු නිම කර ක්රි .ව. 1890 සිට දිස්ත්රිකක් උසාවියේ නීතිඥවරයකු ලෙස සේවය කරන්ට පටන් ගත්තේය. දොළොස් වසක විවාහ ජීවිතය නිම කරමින් 1895 දී සිල්වා මැතිනිය - සෙලෙස්තිනා ප්රේවරා - කළුරිය කළාය. ඉන් අනතුරු ව ජෝන් ද සිල්වා ජෙනට් ප්රි-සිලා ගුණතිලක හා විවාහ විය. එම විවාහයෙන් ලත් දියණිය ග්ලැඩිස් ද සිල්වා නම් වූවා ය. ජෝන් ද සිල්වා 1902 දී කොළඹ, ග්රෑදන්ඩ්පාස්හි ‘විජය මන්දිරය’ නම් වු නව නිවෙසක් තනා එහි පදිංචි වූයේය.


රාමායණය ලියා නිෂ්පාදනය කොට දර්ශන වාර දෙකක් ප්රාදර්ශනය කළා වු ද තවත් නාට්යශ කිහිපයක් ලියා මුද්රනණය කළා වූ ද 1886 -1902 අතර කාලය, ජෝන් ද සිල්වා‍ගේ නාට්යප ජීවිතයෙහි ප්රළථම භාගය ලෙස සැලකිය හැකි ය. ඔහුගේ නාට්යව ජීවිතයෙහි වඩාත් දීප්තිමත් යුගය ඇරඹෙන්නේ ක්රිත.ව. 1903 මැයි 3 වන දා සිරිසඟබෝ චරිතය රඟ දැක්විමත් සමඟ ය. මෙම නාටකය නිෂ්පාදනය කරන ලද්දේ ඔහු විසින් පිහිටුවා ගන්නා ලද ආර්ය සුබෝධ නාට්යය සභාව වෙනුවෙනි. මේ වන විට ඔහු බුද්ධාගම වැළඳ ගෙන උන්නේ ය. හෙතෙම දේව භක්තිකයකු ද වු බවට සාක්ෂ්යන ත‍ිබේ. ඇහැලේපොළ නායකයෙහි අත් පිටපත් අග්ගිස්සේ දකින්ට ලැබෙන පාඨය ඊට නිදසුනකි. වර්ෂ 1906 පෙබරවාර මස 27 වෙනි දින රෑ 1, 15 ට නිම කළෙමි.මේ නාටකය වර්ෂ 1907 ජූලි මස 6 වෙනි 8 වෙනි 10 වෙනි සහ 13 වෙනි දිනවල නටා නිම වූ කෙණෙක් කතරගම දෙවි හාමුදුරුවන්ට මල් වට්ටි 10යි පාන් 10 යි රතු තිරය යි. මහා විෂ්ණු දෙවි හාමුදුරුවන්ට මල් වට්ටි 50 යි පාන් 50 යි නිල් තිරයයි ඔප්පු කිරීමට වර්ෂ 1907 ජුනි මස 22 වෙනි සැනි දින මම භාරවුණෙමි’

(ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ 25; 30 දරන ලිපි ගොනුව.)


ජෝන් ද සිල්වා‍ෙග් නාටකවල සංගීතය ගැන එදාමෙදාතුර විචාරකයෝ ප්රාශංසා මුඛයෙන් කතා කරත් විශේෂයෙන් විශ්වනාත් ලෞජි නමැති ඉන්දියානු සංගිතඥයා, සිල්වාගේ නාටකවලට සැපයු මධුර තනු ඔවුන්ගේ පැසසුමට ලක් වී තිබේ. ජෝන් ද සිල්වා - විශ්වනාත් ලෞජි දෙපොළගේ එම සුසංයෝගය ආරම්භ වූයේ ද පූර්වෝක්ත සිරිසඟබෝ චරිතය නාටකයෙනි. 1903 සිට 1909 දක්වා ජෝන් ද සිල්වා රචනා කළ සෑම නාටකයකට ම ගී තනු සම්පාදනය කලේ විශ්වනාත් ලෞජි ය. එනම්, සිරිසඟබෝ චරිතය, රාමායණ නාටකය,ශකුන්තලා, උත්ත‍රරාම චරිතය, ශ්රීස වික්රයම රාජසිංහ, රත්නාවලි ආදී නාටකවලට යි. අද දක්වාත් ජනප්රිටය ජෝන් ද සිල්වාගේ ගීත බොහොමයක් මෙම නාට්යටවලට අයත් ව ඒවා වේ. 1909 දී ලෞජි පෙරලා ඉන්දියාව බලා යෑමෙන් පසු වෙනත් සංගීතඥයන් සමඟ එක් වී නිර්මාණය කළ ගී අතරින් ජනප්රි යත්වය නුසුන් ව අද දක්වාත් පවතින්නේ ගීත අතළොස්සක් පමණි. ‘සුවඳ පත්ම ඕළු ආදි’ (දුටුගැමුණු රාගතාල: අබ්දුල් අසීස්, අමීර් ඛාන්), ‘සිරි ඝන ධර්ම සංඝ නමදිම් මෝ’, ‘අද වෙස්සන්තර රාජ පුතා’, ‘ම‍ගෙ මද්රිඅ නම් බිසෝගේ’, ‘බුදු නංගි බිත ළයේ’ (වෙස්සන්තර , රාගතාල : මොහොමඩ් ගවුස්, අමීර් ඛාන්,කේ.ඩී.ජෝර්ජ්), ‘සිත් සේ නෑමෙහි ලියෝ’, (කුස ජාතක දෘශ්ය කාව්යේ, රාගතාල : ඛාංජි මහාරාජ්) එ බදු ගී කිහිපයකි. සිරිසඟබෝ චරිතයෙන් ප්රාීරබ්ධ ජෝන් ද සිල්වාගේ නාට්ය ජීවිතයෙහි ද්විතිය භාගය ඔහුට මහත් කීර්තියක් හා ප්ර්සිද්ධියක් ලබා දුන්නේ ය. ‘සිංහල ශේක්ස්පියර්’ ‘ලංකා කාලිදාස’, ‘සිංහල නාට්යදයේ පියා’ යනාදිය ඔහු ලත් විරුදාවලීන් වේ.


ජෝන් ද සිල්වා තමාගේ ඇතැම් නාටක හැඳින්වීම සඳහා ‘ප්රසකරණ’ යන පදය භාවිතා කළේය. මරණානුස්මෘති ප්ර කරණය, සුරාසොඬ ප්ර්කරණය ආදී වශයෙනි. සිල්වා, සමාජ නාට්යස හැදින්වීම සඳහා මෙම ‘ප්රාකරණ’ නමැති පදය යොදා ගත් බැව් සුරාසොඬ ප්රපකරණය ආරම්භයෙහි දක්නා ලැබෙන සූත්ර ධරගේ වාසගමකින් පැහැදිලි වේ. ‘යම් රජෙක් ගැන විස්තර දෘශ්ය කාව්ය කර දක්වනවා නම් එය නායකයෙකි. මේ රටේ පවතින සිරිත් පරීක්ෂා කර බලා ඉන් කථා ශරීරයක් මවා නාට්ය ශාස්ත්රපය අනුව ‍‍ගොස් කරන ප්රශබන්ධය ප්ර කරණයකි. එහෙත් සිහල සමයෙහි පළ වූ පරාභව නාටක පන්තිය හා පසු ව මුද්රඉණයෙන් පළ කළ පරාභව නායක සිරිත් කාණ්ඩය සමාජ නාට්යත වුව ප්ර්කරණ නමින් හඳුන්වා නැති බව ද මෙහි ලා සඳහන් කළ යුතුවේ.


ජෝන් ද සිල්වාගේ දෙවන බිරිය ද කළුරිය කළේ ඔහු ශ්රීි ලංකාවේ ජනප්රිගය ම නාට්යි නිෂ්පාදකවරයා බවට පත් ව සිටියදී ය. පසළොස් වසරක විවාහ ජීවිතය නිම කරමින් ක්රි .ව.1920 ජනවාරි මාසයේ දී ජෙනට් ප්රිසසිලා ගුණතිලක මහත්මිය මිය ගියා ය. සිල්වා තෙවන වරට ද විවාහ විය. ඒ ෆෙනී ඒකනායක සමඟ යි. ජෝන් ද සිල්වා ශ්රෙවෂ්ඨාධිකරණයෙහි නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ ද මීට සමාසන්න කාලයක ය. එනම්, 1920 අගෝස්තු 22 වන දා ය.


1921 දෙසැම්බර් 16 වන දා විවෘත කරන්ට යෙදුණු කොළඹ, මරදානේ ටවර් රංග ශාලාව නිසා සිංහල නාට්යන කලාව ‍වෘත්තිය මට්ටමකට පත් වුයේ ය. මෙම අලුත් තත්ත්වය ජෝන් ද සිල්වා‍ෙග් නාට්යත ජීවිතය කෙරෙහි ද බලපාන්ට වූයේ ඔහු‍ගේ නළු කණ්ඩායම බිඳී ගොස් ටවර් රංග ශාලාවේ සේවයට බැඳුණු බැවිනි. මෙම දෙදරා යෑමෙන් ඉක්බිති අලුත් නළු කණ්ඩායමක් සමඟ විජය රංග සභාව පිහිටවූ සිල්වා එහි ප්රමථම නිෂ්පාදනය වශයෙන් මහානාම චරිතය රඟ දැක්වි ය. මහානාම චරිතයෙන් ඇරඹෙන නාට්යනවලිය ජෝන් ද සිල්වා‍ගේ නාට්යය ජීවිතයෙහි තෘතිය නොහොත් අවසාන භාගය ලෙස සැලකිය හැකි ය. ටවර් රඟහල පිහිටුවා වසර ගණනාවක් යන තුරු ජෝන් ද සිල්වා සිය නාටක එහි රඟ දැක්වූයේ නැත. ටවර් රඟහල එවක තවත් තරගකාරී නාට්ය කරුවකු වන චාල්ස් ඩයස් ඇසු‍ෙරහි පැවතිම ඊට හේතු වී යැයි කියනු ලැබේ. 1919 දී රචිත නාගානන්ද නාටකය ජෝන් ද සිල්වාගේ අවසන් නාට්යඑ කෘතිය වේ.


1922 දෙසැම්බරයේ දවසක මුහුදේ නාන්ට ගොස් කකුල ගලක හැපීම නිසා හට ගත් සුළු තුවාලයක් ඔඩු දිවීම හේතු කොට ගෙන ලෙඩ ඇඳට වැටුණු ජෝන් ද සිල්වා, 1922 ජනවාරි 28 වන දා කොළඹ, බුලර්ස් පාරේ පිහිටා තිබුණු ආර්.එල්. ස්පිට්ල් දොස්තර මහතා‍ගේ පෞද්ගලික රෝහලේ දි අභාවප්රාිප්ත විය. මිය යන විට ජෝන් ද සිල්වාගේ වයස අවුරුදු 66 කි. (1857 – 1922): නාට්ය ක්ෂේත්රවයෙහි ගත කළ කාලය අවුරුදු 36 කි. (1886 – 1922)


ජෝන් ද සිල්වාගේ නාටක ඔහු‍ගේ මරණින් මතු ද අඛණ්ඩ ව වේදිකා ගත විය. විවිධ නාට්යම නිෂ්පාදකයන් විසින් විවිධ නළු කණ්ඩායම් යොදා ගත වූ වසර 70 තුළ ව‍රින් වර ඔහුගේ නාටක අලුතින් නිෂ්පාදනය කර තිබේ. ජෝන් ද සිල්වාගේ නාටකවල නව නිෂ්පාදන ඉතා මෑත දී ඉදිරිපත් කරන ලද්දේ ටවර් රඟහල පදනම මගිනි. ටවර් ශාල‍ාවේ පසුකාලීන අයිතිකරුවන් වු සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගම විසින් එවක අග්රාතමාත්යක ධුරය දැරූ ආර්.ප්රේතමදාස මහතාට පරිත්යා ග කරන්ට යෙදුණු ටවර් රඟහල, 1978 සැප්තැම්බර් 15 වන දා මහජනතාව සදහා අලුතින් විවෘත කරන ලද්දේ ජෝන් ද සිල්වාගේ සිරිසඟ‍බෝ චරිතය රඟදැක්වීමෙනි. එය, හෙන්රි ජයසේන විසින් නිෂ්පාදනය කරන ලදී. එමෙන්ම ටවර් රඟහල පදනම, අධ්ය,පන අමාත්යංනශය සමඟ එක් ව සමස්ත ලංකා අන්තර් පාඨශාලීය නූර්ති නාට්යු තරඟයක් 1990 සිට වාර්ෂික ව පවත්වාගෙන යනු ලැබේ. එහි දී පාසල් ශිෂ්යත ශිෂ්යාාවෝ ජෝන් ද සිල්වාගේ වෙස්සන්තර, ශ්රී වික්ර ම, රාමායණය වැනි නූර්තිවල නව නිෂ්පාදන ඉදිරිපත් කරත්, ජෝන් ද සිල්වා නාමයට ගරු කිරීම් වස් කොළඹ කලා භවනෙහි පිහිටි එළිමහන් රඟමඬලක් බවට පත් කරන ලදුව 1974 දී ජෝන් ද සිල්වා සමරු රඟහල යනුවෙන් නම් කරන ලදී.මෙම නාම යෝජනාව එවක සංස්කෘතික අමාත්යංුශයේ සේවය කළ ප්ර වීණ නාට්ය්වේදී බන්දුල ජයවර්ධන මහතා විසින් කරන ලද්දකි.


ජෝන් ද සිල්වා ලියු පොත පත අතර ජුබිලි වර්ණනාව (1855), කෙවුල් පාලිය (1904), මත්පැන් පානය (1904), සියබස්ලියගේ විලාපය (1906), ශ්රීල පාද ශතකය (1912), Coronation Ode (1918),ක්රීනඩා ගීත (1919) ආදී ගද්යි පද්ය කෘති ද ‍වෙයි. ඒවා ද මුද්ර ණද්වාරයෙන් නිකුත් වූ නාට්යී පිටපත් ද පාඨක ලොකයෙහි ඉතා ජනප්රිපයත්වයට පත් වූ බැව් මුද්රි5ත පිටපත් ප්රකමාණයන්ගෙන් සහ නැවත මුද්රපණ සංඛ්යාතවෙන් පැහැදිලි ව පෙනේ. ශ්රීන පාද ශතකයේ ප්රෙථම මුද්රහණය පිටපත් 10,000 කි, සිරිසඟබෝ චරිතය, 1903 සිට 1950 දක්වා 7 වරක් මුද්රතණය වි ඇත්තේ පිටපත් 3000 හෝ 4000 බැගිනි. උත්තර‍රාම චරිතය, 1906 -1925 අතර පිටපත් 3000 හෝ 4000 බැගින් 3 වරක් මුද්රටණය වී ඇත. මුද්‍රණය කොට පළ කරන ලද නාට්යප පිටපත් බොහොමයක දෙවන, තෙවන, සිවූ වන මුද්රණණ දැකිය හැකි වේ.


ප්ර්භූ චරිතය ජෝන් ද සිල්වා ජනප්රි යත්වයට පත් වූයේ හුදු නාට්ය කරුවකු වශයෙන් පමණක් නොවේ. රටේ ප්රවභූවරයෙකු ද වශයෙනි. 1915 දී ඉංග්රී සි ආණ්ඩුව විසින් ඔහු සිරගත කරන ලදී. ඒ, සිංහල - මුස්ලිම් කෝලහලය අවස්ථාවේ දී ඉංග්රීණසි ආණ්ඩුවේ සැකයට තුඩු දෙන රැස්වීමේ චෝදනාව මත ය. ජෝන් ද සිල්වා සමග දගගෙයි වැටුණු අය අතර ශ්රීතමත් ඩි.බී. ජයතිලනක, ඩී.ඇස්. සේනානයක,ඩබ්ලිව්.ඒ.ද සිල්වා ව‍ැනි ප්ර භූවරු ද වූහ. ඔහු සිය නාට්යස කලාව කැප කෙළේ ජාතිනක පුනරුදය, බෞද්ධ ප්ර බෝධය, පරසිරිත් පරවම්ගනය.‍ අමද්යාප ව්යා ප‍ාර ස්ථාපනය වැනි අභිමතාර්ථ සාධනය සදහාය. සුරා පානයෙහි සහ ධූම පානයෙහි නියැළුණු උදවිය ඔහු සිය නළු කණ්ඩායමයවත් බඳවා නො ගත්තේ ය. (ශකුන්තලා නාටකයට ජෝන් ද සිල්වා තෝරා ගත් නළු කණ්ඩායම ඔහුගේ අත් අකුරින් මෙසේ ලැයිස්තුගත වී ‍ඇත. සූත්රුධාරී :- මර්තේලිස් ‍අප්පු, දුස්මාන්තා :- එල්.එම්.සිල්වා, රියදුරු : මය්අප්පු, තපස්වරයෝ :- සේන‍ානයක, පාවුළු අප්පු, සකුන්තලා : ජෝන් , අනසුයා : මාර්ෂල්,ප්රි,යංවදා : බේබි, මාඨව්යස :ඩේවිඩ් ප්‍ේ රා, දුර්වාසස්: පෑලිස් අප්පු, දිව්යංතගනාව : ඇලෝසියස්, කුම්භීලක : චාල්ස් අප්පු) (ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ 25.30/11 දරන ලිපි ගොනුව) නළු කණ්ඩායමට බැදෙන අය ආගමේ ගුරුවරුන්ගේ සහතික පත්රව රැගෙන ආ යුතු විය. (සිහල සමය, 1906 මාර්තු 22)


ශ්රී ලංකාවේ ජාතික රංග පීඨයක් පිහිටුවිම පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ ජෝන් ද සිල්වා විසින‍ි. නාට්ය කලාව ජාතික ව්යානපාරයක් වශයෙන් වැඩි වර්ධනය කළ යුතු බවත් ඒ සඳහා ‘සිංහල ජාතික නාට්ය් සභා’ යනුවෙන් ආයතනයක් පිහිටුවිය යුතු බවත් රු. 100/- කොටස් 250 ක් විකුණා ඉන් ලැබෙන ආදායමෙන් රු. 20,000/- ක් ව‍ැය කොට කොළඹ නගරය තුළ නාට්යල ශාලාවක් ඉදි කළ යුතු බවත් ඔහු පැවසීය. (සිංහල සමය, 1905 ඔක්. 5)


වෙස්සන්තර ජාතකය නාට්යදකාරයෙන් දැක්වීම ගැන ඇතැම් බෞද්ධ භික්ෂුහු ජෝන් ද සිල්වා සමඟ උරණ වූහ. එසේ උරණ වූ කරඳන ජිනරතන හිමියන්ට ජෝන් ද සිල්වා සැපයූ පිළිතුරු, නාට්යරකලාව වෙනුවෙන් ඔහු කළ කැප කිරීම ඔහුගේ ම වචනවලින් පළ කිරීමක් වැන්න”..... මේ ක‍ාලේ නාටක ගොතන උදවිය අලිබබ‍ ා, ඇලඩින් ආදි බොරු කථා නාට්යකයට ගොතා මිනිසුන්ගේ සිත් කිළුටු වන පරිද්දෙන් න‍ැටුම් පෙන්නා දුශ්චරිතයට පහර නොදී ජම්ම භාෂාව ද නැති වෙන පරිද්දෙන් ක්රිෙයා කරන කල මසකට රුපියල් එක්දාස්

පන්සීයක් තරම් පෙරකදෝරු වැඩෙන් සපයමින් සිට් මම සිදු වී යන අන්තරාව පෙනි අපේ රජදරුවන්ගේ ජීවිත කථා නාටක කර දැක්වීම යෝග්ය යි සිතා අපේ බාල පරම්පරාවට පහසුවෙන් එය ඉගෙන‍ීමට රාජ චරිත කිපයක් ම නාටක කළෙම්. නොයෙක් විකාර සිරිත් නැව‍ැත්වීමට සිංහල පරාභව ප්ර්කරණ ලියා අච්චු ගස්වා රැගුම් පෙන්නා එම සිරිත්වල පෙනෙන දෝෂ දැක්කුවෙමි. අපේ සිංහල ස්ත්රීර පක්ෂය ගවුන්, තොප්පි ආදියට පුරුදු වි පුරුෂයන් සපයන මුදල් නිකරුණේ වියදම් කරගෙන එද්දී ඔහොරියට ඔවුන් බැස්සේ මවිසින් ලියන ලද නාටක නිසා බව ඔබවහන්සේ කල්පනා කරනු මැනව. දැන් හැදෙන බාල පරම්පරාව අපේ රටේ කථාන්තර නො බලා අපේ මුතුන් මිත්තන් කළ කී දේ කුමක්දැයි නො දැන දුවන්නන් වාලේ දුවන කොට ම විසින් පෙන්නා දුන් නාටක නිසා දැන් කවුරුත් පාහේ තමන්ගේ සිංහල භාෂාව ඉතිහාසය සොයන කියන බව තමුන්නාන්සේ නොදන්නෙහිද ? .... මේවා පෙන්වීමට බොහෝ මුදල් රාශියක් ඕනෑ කරන්නේ ය. එය ‍ටිකැට් විකුණා ලබා ගන්නා මුදලෙන් කෙරෙන බව දත යුතුයි. මේ මගින් ඉණ බඩ වඩා ගන්නවා තබා පෙරකදෝරුකමෙන් සපයා ගෙන සි‍ටි ඉඩම් ද විකුණා නාටක දැක්වීමට වියදම් කළ බව කරුණාවෙන් අසනු මැනව (දිනමිණ, 1920 පෙබ. 9)

රචනා කළ නාට්යි සංඛ්යා ව ‍‍ජෝන් ද සිල්වා‍ැනෙග් නාටක පිළිබඳ ලිපි ලේඛන රාශියක් ලියැවී ඇතත් ඒ එක ද ‍ෙල්ඛනයක හෝ ඔහු රචනා කළ නාට්යැ සංඛ්යාළව කෙතෙක්දැයි හරිහැටි සඳහන් වී නැත. නීතිඥ ජෝන් ද සිල්වා නාට්යා ඉතිහාසය නමැති ග්රහන්ථය ලියු ඇල්.ඩී.ඒ. රත්නායකට අනුව සිල්වා රචනා කළ නාට්ය‍ සංඛ්යාැව 42 කි. ජෝන් ද සිල්වා ජීවන චරිතය සහ නාටක කෘතිහු නමැති පොතෙහි කර්තෘවර ඩී.ආර්.ජයවර්ධන අනු ව ද සිල්වා ලියු නාටක සංඛ්යාතව 21 කි. වර්තමාන සිංහල කවීන්ද්රජයෝ නමැති කෘතියෙහි සංස්කාරක ජේ.ලයනල් ඩබ්ලිව් ද සිල්වාට අනුව සිල්ව‍ාගේ නාට්යර 27 කට අධික ය. ජෝන් ද සිල්වා ලියූ නාට්යව සංඛ්යා‍ව 50කට ද අධික බව ජෝන් ද සිල්වා සහ සිංහල නාට්ය්ය නමැති කෘතියෙහි ලා විමල් දිසානායක පෙන්වා දෙයි. ඩී.වී හපුරාචිචි, සිංහල නාට්යය ඉතිහාසය 1869 -1911 නමැති කෘතියෙහි ලා දක්වන්නේ ද සිල්වා රචනා කළ නාට්යක සංඛ්යා6ව 40 ක් පමණ වන බව යි. නාට්යච ශූරී ජෝන් ද සිල්වා නමැති කෘතියෙහි ලා විලිප්රයඩි ඇම්. ගුණසේකර ඉදිරිපත් කරන ලැයිස්තුවට අනුව ජෝන් ද සිල්වා

ලියු නාට්‍ය සංඛ්යා ව 48 කි. ජෝන් ද සිල්වා ලියූ නාට්ය සංඛ්යා‍ව ගැන එක් එක් ලේඛකයා අතර පවත්නා මතභේද මින් පෙනේ. ඉහත කී ලේඛකයන් අතරින් ස්වකීය සංඛ්යාත ලේඛනයට අනුරූප නාම ලේඛන ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ ඇල්.ඩී.ඒ. රත්නායක සහ විල්ප්ර ඩ් ඇම්.ගුණසේකර යන දෙපොළ විසින් පමණි. එහෙත් ඒ සංඛ්යා හා නාම ලේඛන ද සහමුලින් නිවැරදියැයි කිව නො හේ. එ‍වැනි නිගමනයකට එලඹිම සදහා අප පොලඹවන හේතු සාධක කිහිපයක් යට දැක්වේ.

පාර්සි නාට්ය. කණ්ඩායම් මගින් මෙරට රඟ දක්වන ලද නාටක අතරින් වඩාත් ජනප්රිකය වූ නාටකය - ඉන්දර් සහා, ජෝන් ද සිල්වා විසින් 1888 දී සිංහල අකුරින් මුද්රකණය කරන්ට යෙදුණි. ඇල්. ඩි. ඒ. රත්නායක දක්වන ජෝන් ද සිල්වා නාට්යද ලැයිස්තුවට මේ කෘතිය ද ඇතුළත් කර ඇත. ජෝන් ද සිල්ව‍ා ලියා නිම නො කළ බව පැවසෙන දිනතර, විධුර ජාතක දෘශ්ය කාව්යව වැනි කෘති ද ඔහු විසින් ලැයිස්තුගතයි. එමෙන් ම දස්කොන් නාටකයේ දෙවන සංස්කරණය ද දුටුගැමුණු චරිතයේ දෙවන සංස්කරණය ද අභිනව කීතින් ලෙස ලැයිස්තු ගත කොට ඇත. විල්ප්රරඩ් ඇම්.ගුණසේකර සකස් කර ඇති නාට්ය නාමාවලියෙහි දෙතැනක මහිලා නාටකය, නාටක දෙකක් ලෙස ලැයිස්තු ගත කර තිබේ. එමෙන් ම එක ම නාටකය නමි දෙකකින් දෙපොළක් දක්නා ලැබේ. දෙවැනි රාජසිංහ සහ පරංගි හටන වශයෙනි. මේ වනාහි ජෝන් ද සිල්වා විසින් රචනා කරන ලදුව 1914 අප්රේිල් 20 වන දා සිට සිහල සමය පත්රැයෙහි කොටස් වශයෙන් පළ වූ දෙවෙනි රාජසිංහ චරිතය හෙවත් පරංගි හටන නම් වූ නාටකය යි. මේ අනුව බලන කල ඇල්.ඩී.ඒ. රත්නායක,විල්ප්රරඩ් ඇම්.ගුණසේකර දෙපොළගේ නාම ලේඛන කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබීම අසීරු වේ.


සිංහල නාට්ය ඉතිහාසය හා ජෝන් ද සිල්වා ගැන ලියූ ලේඛනවල ජෝන් ද සිල්වාගේ නාට්යය ලෙස වාර්තා ගත වී ඇති එහෙත් අද අවිද්ය මාන, අප්ර‍කට කෘති ද රාශියකි. ඉන් සමහරක් ජෝන් ද සිල්වාගේ බවට සහතික කෙරෙන සාධක ද නො දක්නා ලැබේ. විල්මට් පී.විජයතුංග මහතාට අනුව ජෝන් ද සිල්වා තරුණ අවදියෙහි දී බුවනෙකබාහු නාඩගම නමින් නාටකයක් ලියා තිබේ.(ස්වර ලිපි සහිත නෘත්යා ගීත, 1966, කොළඹ, පී.xvi) විල්ප්ර ඩ් ඇම් ගුණසේකර මහතාට අනුව ජෝන් ද සිල්වා පරාක්ර්මබාහු සහ සේතන් නාටකය යනුවෙන් නාටක දෙකක් රචනා කර ඇත. තිස්ස කාරියවසම් මහතාට අනුව හයවැනි ශ්රීට පරාක්රරමබාහු චරිතය


(විසිවසරක සිංහල නාට්යෘ හා රංග කලාව,23 පි.) විජය රාජ චරිතය (- එම-. 46පි.), මාලවිකා (එම-, 92පි.) ආදිය ද ජෝන් ද සිල්වාගේ නාටකය. ඩී.වී.හපුආරච්චි මහතාට අනුව ජෝන් ද සිල්වා සිහල සමය පත්රආයට පරාභව නාටක 8ක් ලියා තිබේ. මෙහි ආරම්භක කාණ්ඩය සිරිත් කාණ්ඩය යි. වඩාත් ප්රකසිද්ධියට පත් වූයේ එම සිරිත් කාණ්ඩය සහ සු‍රා කාණ්ඩය යි. (සිංහල නාට්ය ඉතිහාසය, 355 පි.) අනෙක් කාණ්ඩ 5 ගැන විස්තරයක් කරන හපුආරච්චි මහතා ඒ එක් එක් කාණ්ඩ පිළිබඳ විමර්ශන ඉදිරිපත් කර ඇත. සිංහල පරාභව නාටකයේ සිරිත් කාණ්ඩය පොතක් වශයෙන් මුද්රිඉත යි. සුරාසාඬ ප්රසකරණය නමින් ප්රකචාරයට පැමිණියේ සු‍රා කාණ්ඩයේ සංස්කරණයක් බව ඇල්.ඩී.ඒ. රත්නායක මහතා පෙන්වා දෙයි. (නීතිඥ ජෝන් ද සිල්වා නාටක ඉතිහාසය 142 පි.) පරාභව නාටකයේ ‍මෝහ කාණ්ඩය, 1907 රචනා වූ බව කාරියවසම් මහතාගේ අදහස යි. (සිංහල නාට්යදයේ විකාශනය, 69 පි.) මේ කරුණුවල ඇත්තේ ව්යාවකූලත්වයකි.


ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අංක 25.30 දරන ලිපි ගොනුවෙහි ඉහත නම් වශයෙන් නො සඳහන් තවත් නාට්ය කිහිපයක් අසම්පූර්ණ අත් පිටපත් දක්නා ලැබේ. ඒ, (1) ප්රණභූ ප්ර කාරණය (2) සාගත ප්ර්කරණය (3) ප්රනඥා ප්රිකරණය (4) කුඩම්මා නමැති මධුර ප්රතකරණය (5) මහලු පරාක්රරමබාහු චරිතය ආදිය යි. ජෝන් ද සිල්වා රචනා කළ සෑම නාටක පිටපතක් ම මුද්ර්ණයෙන් ප්රදකාශයට පත් නො වූ අතර මුද්ර ණයෙන් ප්රරකාශයට පත් වූ සෑම කෘතියක්ම වේදිකා ගත කර නැති බව ද සඳහන් කළ යුතු වේ. නල රාජ චරිතය, ගිනි හටන, දස්කොන් නාටකය, ඔතැලෝ, හැම්ලට්, වැනාසියේ වෙළෙන්දා,මිම්මට මිම්ම ආදිය නිසැක වශයෙන් රඟ නො දැක් වූ ජෝන් ද සිල්වා නාටක ය.


ජෝන් ද සිල්වා ජෝන් ද සිල්වාගේ නාට්ය නාමාවලියක් නිවැරදි

නූර්ති නාට්යා එකතුව ව - නිරවුල් ව - පිළියෙල කිරිමේ අසීරුතා


ඉහත සඳහන් කරුණුවලින් පැහැදිලි වනු ඇත. එමෙන්ම ජෝන් ද සිල්වාගේ නාට්යි කෘති සියල්ල ශ්රීට ලංකාවේ කවර ආයතනයක හෝ කවර පුද්ගලයකු වෙත හෝ සංරක්ෂණය වි‍ නොමැති බැව් ගත වූ සත් වසරක පමණ කාලය තුළ ජෝන් ද සිල්වාගේ කෘති එකතු කරන්ට වෑයම් කළ අපට ප්රණත්යනක්ෂ වූ කාරණාව යි. සිය මුද්රනත නාට්යෙ පිටපත් හම් බැම්මෙන් බැඳ 1920 නොවැම්බර් 24 වන දා ජෝන් ද සිල්වා විසින් ඊ.ඩබ්ලිව්.ජයවර්ධන මහතාට පරිත්යනග කරන්ට යෙදුණු බව පොත පතෙහි සඳහන් ව ඇත. මෙම පිටපත අද ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ජනාධිපති ලේඛනාගාරයේ තැන්පත් කොට තිබේ. මෙහි ඇත්තේ නාට්යි පිටපත් 19 කි. 1920 වන විට මුද්ර ණයෙන් පළ වී තිබුණු නල රාජ චරිතය, ගිනි හටන, සීතාහරණ හෙවත් ගිනිගත් රාමායණය වැනි නාටක පිටපත් එහි නැත. ඉන් පෙනෙන්නේ ජෝන් ද සිල්වා, තෝරා ගත් කෘති සමූහයක් එකට බැඳ ජයවර්ධන මහතාට පරිත්යාජග කළ බව යි.


ජාතික කෞතුකාගාර පුස්තකාලයේ නාට්ය පිටපත් 15 ක් ද පේරාදෙණිය විශ්වවිද්යාාලයීය පුස්තකාලයේ නාට්යර පිටපත් 14 ක්ද ශ්රී. ජයවර්ධනපුර විශ්වවිද්යාාලයීය පුස්තකාලයේ නාට්යර පිටපත් 19ක්ද බලගල්ලේ සරස්වතී පිරිවෙන් පුස්තකාලයේ නාට්යස පිටපත් 15ක් ද සංරක්ෂණය වී තිබේ. මේ සකල ව්ධි නාට්යු එකතු හා පෞද්ගලික පුස්තකාල ‍රාශියක් පීරා බැලීමෙන් ඉක්බිති ජෝන් ද සිල්වාගේ නාට්යා පිටපත් 24 ක් එක් රැස් කර ගන්ට ලැබීම අප ලත් ජයග්රදහණයක් ලෙස සලකමු. එම නාට්ය නාමාවලිය යට දැක්වේ.


(1) නල ‍රාජ චරිතය (2) දස්කොන් නාටකය (3) සිංහල පරාභව නාටකය (සිරිත් කාණ්ඩය) (4) සිරිසඟබෝ චරිතය (5) රාමායණ නාටකය (6) ශකුන්තලා (7) උත්තරරාම චරිතය (8) ශ්රීය වික්රයම රාජසිංහ (අපේ අන්තිම රජ ) (9) රත්නාවලී නාටකය (10) වළගම්බා චරිතය (11) ඔතැලෝ (12) දුටුගැමුණු චරිතය (13) මහානාම චරිතය (14) අලකේශ්වර චරිතය (15) කිංග්ලියර් විකට නාටකය (16) දේවානංපියතිස්ස චරිතය (17) විහාරමහාදේවී චරිතය (18) මරණානුස්මෘංති ප්රාකරණය (19) සුරාසොඬ ප්රීකරණය (20) වෙස්සන්තර ජාතක (21) මිම්මට මිම්ම (22) කුස ජාතක දෘශ්යග කාව්ය් (23) කැප්පෙටිපොළ ( ශ්රී( වික්රවම රාජසිංහ අපේ අන්තිම රජ දෙවනි භාගය) (24) න‍ාගානන්ද නාටකය.මෙම නාටක සුවිස්ස, කාණ්ඩ කිහිපයකින් ප්රකකාශයට පත් කෙරේ.


ජෝන් ද සිල්වාගේ නාට්යු කෘති මෙහි ලා සංග්රාහ කිරීමේ දී ඒවායෙහි අඩංගු වූ ප්රාස්තාවනා, භූමිකා විස්තර, පිළිගැන්වීඒමේ වාක්යළ හා කාව්යර ආදියද ඒ හැටියෙන් ම බහා ලන ලදී. එමෙන් ම වියරණනය බුන් තැන්, අක්ෂර වින්යානසයෙහි සහ පද බෙදීමෙහි සදොස් තැන් එසේම තිබෙන්ට හැරියෙමු. එබැවින් ‘රජ්ජුරුවෝ නමස්කාර කරයි’ වැනි ‍වාක්යක ද ‘හන්ෂයා’, ‘ශක්රය’, ‘ලැය’, ‘පුරුෂයානණි’, වැනි පද ද මෙහි දකින්ට ලැබෙනු ඇත. අප විසින් නිදොස් නො කරන ලද බැවින් පාත්රජ වර්ගයාගේ නම් ගම්වලද උච්චාරණ දෝෂ දැකිය හැකි වේ. ‘හිමා’ (හිම), ‘වාල්මික’ (‍වාල්මිකි), ‘දුස්මාන්ත’ (දුෂ්යැන්ත), ‘ප්රි යම්වද’ (ප්රි.යංවදා), ‘කුශල’ (කුශ) ආදි වශයෙනි. එවක ගීත රචනාවල පේළි වෙන් කර ලිවීමේ හෝ මුදණය කිරීමේ සිරිතක් නොවූ බව පෙනේ. ඒ නිසා මෙහි බොහෝ විට දක්නා ලැබෙනුයේ එක දිගට මුද්රි ත ගීත රචනා ය. භාරතීය රාග නාම හා තාල නාමවල දැකිය හැකි උච්චාරණ දෝෂ ද එමට ය. යමන් රාගය ‘ඒමන්’ කියා ද ධනාශ්රීැ රාගය ‘දනාසර’ කියා ද හෛරවි රාගය ‘බයිරවි’ කියා ද මෙහි දක්නා ලැබේ. මේ සියල්ල ශුද්ධ කිරීමෙන් තොර ව මුද්රෛණය කරන්ට යෙදුණේ සිංහල නාට්යරයෙහි ප්රාදථමික අවධියේ භාෂා සාහිත්යය සංගීත කලාවන්හි තත්ත්වය පාඨකයාට වටහා දීමේ හිතාධ්ය්ශයෙනි.


මෙහි ලා අප නාට්යේ පෙළ ගස්වා ඇත්තේ ජෝන් ද සිල්වා විසින් ලියා පළ කරන ලද අනුපිළිවෙල හැකි තාක් දුරට ආරක්ෂා කර ගනිමිනි. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ජෝන් ද සිල්වා මුද්රරණයෙන් ප්රතකාශයට පත් කළ මුල් ම නාට්යා කෘතිය නල රාජ චරිතයයි. ඒ, 1886 ජූනි 25 වන දාය. එය මෙම ‘ජෝන් ද සිල්වා නාට්යය කෘති එකතුවෙහි’ මුලින් ම දක්නා ලැබේ. 1886 අ‍ගෝස්තු 12 වන දා ගිනි හටන නාටකයත් 1886 දෙසැම්බර් 12 වන දා සීතාහරණ හෙවත් ගිනි ගත් රාමායණයත් ප්රවකාශයට පත් කර තිබේ. එම නාට්යා පිටපත් යුග්මය අපට සොයා ගත නො හැකි වූ බැවින් අප දෙවනුවට පෙළ ගස්වා ඇත්තේ 1888 දී ප්රුකාශිත දස්කොන් නාටකය යි. අප ළග දැනට තිබෙන නාට්යා පිටපත් සූවිස්සට අමතරව ගිනි හටන වැනි පැරණි පිටපත් ලැබුණ ‍හොත් ඒවා අවසාන කාණඩයට ඇතුළත් කරන්ට බලාපොරොත්තු වෙමු.*


_______________

  • මේ කෘතියෙහි දෙවැනි මුද්රාණය නිකුත් කෙරෙන 2008 වර්ෂය වනවිට ගිනි හටන ඇතුළු තවත් නාට්යන පිටපත් 06 ක් සොයා ‍ගත හැකි විය. ඒවා නාට්යත කෘති එකතුවේ චතුර්ථ භාගයට ඇතුළත් කර ඇත. ජෝන් ද සිල්වා රචනා කළ,මුද්රෘණය කළ, වේදිකා ගත කළ සකලවිධ නාට්යල සංඛ්යාරව 35 නො ඉක්මවන බව අපගේ මතය වේ. එයින් 30 ත් අපගේ නාට්යා එකතුවේ ඇත.