ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව/රාමායණ නාටකය (1904)
රාමායණ නාටකය
(ක්‍රි.ව. 1904)
ප්‍රස්තාවනා
රාමායණය නම් වාල්මික සෘෂින් විසින් සංස්කෘත භාෂාවෙන් ලියන ලද රාම රජු පිළිබඳ කථාවකි. හින්දු දේශවාසින් විසින් අද දක්වා ගරුකොට සලකන මෙම මධුරමනෝහර ප්රාබන්ධ දෙමළ කිවිවරණවූ කම්බ නම් අයවිසින් දෙමළ භාෂාවට නගා තිබේ, මෙම දෙමළ රාමායණය ලක්දිව මෑතකාලයක විසූ සීනිගම ස්ථවිරයන් වහන්සේ විසින් පළමුවෙනිවරට සිංහලට නගන ලදැයි ඇතැම් අයගේ මතයකි. මෙම සිංහල රාමායණය සී. දොන් බස්තියන් මහත්මයා විසින් අච්චුගස්වා ප්රහසිද්ධකරනලදී. පුරාණ ලංකාව සම්බන්ධව නොයෙක් කරුණු රාමායණෙහි පෙණේ. එය දැනගැණීම සිංහල ජනයාට වටිනා බැවින් වාල්මික සෘෂින්ගේ රාමායණය නමැති මහාසමුද්රැයෙන් ගත් දියදෝතක් බඳු මෙම රාමායණය නමැති දෘශ්යැ කාව්යැය සිංහල භාෂාවෙන් මධුර රාග තාලවලට ගොතා ප්රාසිද්ධ කරමි.
මෙහි කථාශරීරය සංක්ෂේපයෙන් දක්වමි. අයොධ්යෙදෙශයේ දශරථ නම් රජුන්ට දාව උපන් රාම, ලක්ෂ්මණ, භරත කියා කුමාරයෝ තුන්දෙනෙක් සිටියෝය. මොවුන්ගෙන් වැඩුමලාවන රාමකුමාරයා එක් දිනක පියහඹන පක්ෂියන්ට තමාගේ දුන්නෙන් විදීමට කැමතිව උයනටගොස් සිටිනකල ඒ උයනපාරේ යන්ට ආ මහලු කුසියෙක්වූ කුණීට තම චාපෙන් විද්දේය. මේ කරණකොට ගෙණ ඇගේ කුදේ දිගඇරීගිය නමුත් ඊට ඇගේ සිත කෝපව භරත කුමාරයාගේ මව්වන කෛකෙයි බිසව කරා පැමිණ කියන්නී රාමකුමාරයා දශරථ රජු විසින් අයෝධ්යෛ දේශයේ රජකමට පත් කරණු ලැබුවොත් ඔබවහන්සේට සහ පුත්රනවූ භරත කුමාරයාටත් සිඟාකන්ට සිදුවන්නේය. එබැවින් ප්රීයය සැමිවූ දශරථ රජුගෙන් භරත කුමාරයාට රාජ්ය ලැබ දෙන්ට විය්ය්.සේදරන්නැයි කීවාය. එය ඇසූ කෛකෙයි බිසව පළමුවෙන් අමනාපවූ නමුත් දෙවනුව කුණීගෙ වචනය සිතට ගෙණ දශරථ රජුගෙන් පොරොන්දුක් ලබාගන්ට වීය්ය්ු කළාය. මීට ප්රනථම විශ්වාමිත්රර නම් සෘෂින් ධ්යානනභාවනාවෙන් තමන්ගේ මල් උයනෙහි සිටිනකල තරකානම් රකසි විසින් ඔහුට හිරිහැර කරනලදී. විශ්වමිත්ර තෙමේ දශරථ රජුකරා පැමිණ ඒ සැලකර එම රකුසිව මරාදැමීමට රාමකුමාරයා පිටත්කර අරින්ටෙයි කීවේය. ඊට දශරථ රජ පළමුවෙන් අමනාප ව දෙවනුව වශිෂ්ට සෘෂින්ගේ අවවාදයපිට රාම ලක්ෂමණ යන දෙදෙනොටම විශ්වමිත්ර කැටුව යෑමට අවසර දුන්නේය.
මොවුන් තිදෙන මුලින් කී උයනට පැමිණිකල තාරක නම් රකුසි එම උයනේ මල් ආදිය කඩා විනාශකරණවා දැක රාම කුමාරයා තම දුන්නෙන් රකුසිට විද්දේය. මෙසේ තාරකාගේ දිවි හානි කර ආපසු සිය රටට යෑමට මිථිලදේශයේ පාරේ රාමකුමරුන් එද්දි එම දේශයේ ජනක නම් රජුගේ දියනියවූ ජානකී හෙවත් සීතා නම් රූපාලංකාර ස්ත්රීේව දැක රාමකුමරුන්ගේ සිත සැලුම්වී ඈ ගැන තොරතුරු තම ගුරුවරවූ විශ්වමිත්රසගෙන් විචාළේය. විශ්වමිත්රැද ඊට නිසි පිළිතුරුදි රාමා සහ ලක්ෂමණත් කැටුව ජකන රජුකරා පැමිණ රාමකුමාරයාව එම රජුට අඳුන්වාදී සීතා සමඟ සරණබන්ධනයට ඇතුල්වීමට සුදුස්සෙක් බව කීවේය. ජනක රජ්ජුරුවෝ ඊට සතුටුව දුන්නක් එහි ගෙන්වා එම දුන්න නැව්වොත් රාමකුමරුන්හට අපේ දියනියන් සරණ පාවා දෙන්නෙමුයි කීසේක. රාමකුමරුන් විසින් ඉතා පහසුවෙන් දුන්න නමනලදේදේ ජානකී තොමෝ ඔහුගේ ප්රිේය භාය්ය් ඉ ව වුනාය. මෙසේ සිදුවෙන ලද සරණමංගල්යායට දශරථ රජද පැමිණියේය. කලක් පසුවෙන අතර රාම ලක්ෂමණ දෙදෙනා සීතා දේවිත් කැටුව තමන්ගේ සිය රටට යෑමට නික්මවී එහි ගියකල කෛකෙයි බිසව විසින් තම පුතනුවන් වන භරතට රාජ්යිය ලබා දෙන්ට උත්සහකරණ බව රාමකුමාරයා අසා ඒ ගැන ඉතා සතුටුව රාජ්යය මල්ලිටම බාරදෙන්ටෙයි කියා පිය රජුගෙන් ඉල්ලා අවසර රැගෙණ සීතාදේවි සහ ලක්ෂමණත් කැටුව ඉන්දියාවේ දක්ෂිණ පලාතේ පිහිටි ඉතා විශාල වනයක් වූ දණ්ඩක නම් වනයට ගියේය.
මෙසේ වනාන්තරගතවූ පුතනුවන් ගැන දශරථ රජ මහත් ශෝකයෙන් පෙලී එම ශෝකය නිසා නාමශෙෂ බවට පැමිණියේය. දණ්ඩක නම් වනයෙහි ධ්යා නභාවනාවෙන් විසූ අගස්ති නම් සෘෂින්වහන්සේ කියනසේක මෙම වනයෙහි යක්ෂ උපද්රාය බොහෝ තිබේ.ලංකාවේ රාක්ෂයින් විසින් වනය පාලුකරනු ලබයි. මගේ ආශිර්වාද තොප සියලුදෙනාටම වේවා කියා එර්දියෙන් ගියේය. මෙසේ රාම ලක්ෂමණ සීතා එම වනයෙහි විඩාහැරගැණිමට වාඩිවී සිටින කල එවකට ලංකාද්වීපයේ රජකම්කළ රාවණා නම් රාක්ෂයාගේ සහෝදරී වන සුපණීඛා තොමෝ දණ්ඩක නම් වනයට මල්නෙලා ගැණීම පිණිස පැමිණ රාම කුමරුන්ව දැක ඔහුගේ රූප ශෝභනාවෙන් තම සිත කැලඹ් කියන්නී කුමරුවනි ඔබගේ දේවි මෙන්මා පාවාගණුමැනව. රාමකුමාරයා ඊට අසතුටුව ලක්ෂමණ ඈට අදුන්වාදී ඔහු හා සරණවෙන්ටෙයි ඈට කිකල නුණුවන ස්ත්රී්තොමෝ දෙනුවන යොමා ලක්ෂමණ කුමරුන් දෙස බලා මා සරණපාවා ගන්ටෙයි ඔහුට කීවාය. ඤාණසාර ලක්ෂමණ ඊට කිපී සුපණිඛාගේ පයෝධර නාසාදිය කපා පලාගියේය. අසරණ ස්ත්රීමතොමෝ වේදනාව ඉවසිය නොහැකිව සිරිලකට පැමිණ රාවණාකරා ගොස් බොරු ගතුවක් යොදා කියන්නි සහෝදරයානනි, දණ්ඩකනම් වනයෙහි රූපශෝබනාවෙන් විරාජමානවූ දිව්ය ස්ත්රිලයක් බඳු අගනක් සිටිනවා දැක ඈට නුඹට ජෝඩුකර මෙහි කැඳවාගෙණෙන්ට මා වීරියකරද්දී ලක්ෂමණ නැමැති අය මාගේ නාසාදී ශරීර අවයවයන් කැපුවේය. රාවණා මීට කිපී මාරිව නම් තම අමාත්යගයාට මුවවෙස්ගෙණ එහි යන්ට නියමකර තමාර හිඟන්නෙක් මෙන් එහි නික්මයන්ට සුදානම් විය.
මෙසේ මාරිව මුවවෙස්ගෙණ දණ්ඩවනයට පැමිණ සීතා දේවි, රාම, ලක්ෂමණ යන තිදෙන සිටිය සමීපයෙන් යනකල මුවා දිටු ජානකී කියන්නී, ප්රිමයවඩණ පුරුෂයානණි. අර යන මුවා මට අල්ලා දුන මැනව.ලක්ෂමණද තම සහෝදරයාට ඌව අල්ලන්ට යන්ට එපාය රාවණාගේ දඟයක්යයි කී නුමුත් එය කණට නොගෙණ රාමතෙමේ මුවාපාරේ ලුහුබඳවා ගියේය. ටික වේලාවකට පසු ‘ලක්ෂමණ’ යන නම ශබ්දවෙනවා ඇසු ජානකී කියන්නී, ‘ලක්ෂමණ රාමකුමරුන් බලන්ට පලයන් මක්වුනාද නොදනිමි’ ලක්ෂමණ ඊට පිළිතුරුදී කියන්නේ යන්ට එපයි කියද්දි ගියානම් මට යන්ට බැරිය’ එවිට ජානකී මෙසේ කීවාය. ‘අයියා නැතිවුනාම මල්ලිට සෙතේවද. ඒ නිසා තමා යන්ට බැරිය කියන්නේ’ මේ වචන ශ්රවවකය කළ ලක්ෂමණ එහි නොසිට රාමකුමරුන් සොයන්ට ගියකල රාවණා හිඟන්නෙක් මෙන් තමාගේ ගුවන් රථයෙන් පැමිණ රථය ඈත නවත්වා තනිවී සිතාකරා පැමින කුසගින්න නිවාගැණීමට බොජුන් ටිකක් දෙන්ටෙයි කියා ඇගෙන් ඉල්ලුවේය. සීතාද බොජුන් ගෙණත් රථය ලඟට පැමිණකල රාවණා ඈව රථයෙන් රැගෙන ලංකාවට පැමිණියේය. රාමා සහ ලක්ෂමණ නැවත එහි පැමිණ සීතාදේවි නැතිබව දැක කණගාටුවෙන් සිටිකල අංජනන්දේවිගේ පුත්රමවූ හණුමා පැමිණ රාමකුමාරුන්ට හාදවී ඔහුගේ මුද්දරැගෙණ සීතාදේවි සොයනු පිණිස ලංකාවට නික්ම ගියේය. මෙසේ ලංකාවට යන ගමනේදී මුරකාරයෙක් සම්භවී ඔහුව මරා ජයපානය කර ලංකාවේ අශෝක නම් වනයට ප්රරවිෂ්ටව සීතාදේවි සම්භවී රාමකුමරුන්ගේ මුද්ද, ඈට දී ඇගේ මුද්ද රැගෙණ රාමකුමරුන්කරා ගියේය. රාවණා සීතාදේවි අශෝක වනයෙහි විභීෂණගේ දුව වූ ත්රි ජටා බාරේ තබා රාගයෙන් මත්ව ඇගේ පහස ලැබීමට වීය්ය්ක කළ නමුත් පතිව්රරත සීලය රැක්ක ඒ ස්ත්රීෙතොමෝ ඊට අමනාපවුනාය. හණුමා සීතාදේවිගේ මුද්ද රැගෙන රාමකුමරුන්කරා පැමිණ එම මුද්ද බාරදී යුද්ධයට සූදානම් වෙනවා සොඳෙයි කියා ලොකු පිරිසක් කැටුව රාම ලක්ෂමණ සමඟ ලංකාවට පැමිණියේය. යුධසේනාව දිටි ගම්වැසියෙක් විගස රාවණා කරා පැමිණ සාගරය ගලාඑන විලසින් ඉතා බලසම්පන්න සේනාවක් ලක්දිවට පැමිණ යුඬයට සූදානම් වෙන බැවින් ඒ බව ඔබවහන්සේට දැනුම්දෙන්ට ආමි කියා ගම්වැසියා නික්මගියේය. ඊට පසු රාවණාගේ සහෝදරවූ විභීෂණ සමාදානය පැවැත්වීම යෙහෙකැයි සිතා හතුරන් සමඟ සමාදානයෙන් වෙසෙමුයයි රාවණාට කීවේය. ඊට රාවණා, අසතුටුවුනු බැවින් විභීෂණ රාමාගේ පාර්ශවයට එකතුවෙන බව කිවූකල රාවණා ඔහුට පයින් ගැසුවේය. කිපුනාවූ විභීෂණ රාමකරා පැමිණ ඔහුට එකතුව සහෝදරයාට විරුඬව ක්රිණයාකළේය.
තවද ශක්‍රදෙවියන් පවා පරාජයකළයි කියන රාවණාගේ පුත්රමවූ ඉන්ද්රෝජිත් ලංකාපුර යුද්ධභූමියට පැමිණ හණුමා සමග යුද්ධ කරනකල හණුමා කීපවිටක්ම මැරී උපදින බව දැක සීතාගේ හිස වැනි බොරු හිසක් රැගෙණ යුද්ධභූමියට ආවේය. ඒ දිටු හණුමා කණගාටුවෙන් හිසේ අත්ගසාගෙණ රාමකුමරුන් වෙතගොස් ඒ බව සැලකළකල්හි රාම දිවි හානිකරගැණීමට සිතට ගත්තේය. එවිට විභීෂණ ඒ ගැන කරුණු තෝරා දුන්නාට පසු ලක්ෂමණ හනුමාගේ පිරිසක් කැටුව යුධ භූමියට ගියෝය. මේ වතාවේ කරනලද යුද්ධයෙන් ඉන්ද්රසජිත් මරුමුවට පැමිණියේය. මේ බව ඇසූ රාවණා කිපී එම යුද්ධභූමියට පැමිණ යුද්ධකර රාම කුමරුන්ගේ ඊතලෙන් විදුම් කා මළේය. මෙසේ රාම කුමාර තෙමේ ලක්දිවැ රාවණාගේ බලය මැඩපවත්වා ඔහුගේ සහෝදරවූ විභීෂණට ලංකාද්විපයේ රජකම භාරදී සීතාදේවින් කැටුව ස්වකීය රාජ්යංයට ගියේය. මේ නාටකයේ කථාශරීරය ලුහුඩු කර කියනලදී. සීතාදේවින් රාවණාගෙන් බේරාගෙණ ඉන්දියාවට ගොසින් රාම කුමරුන්ට එවක්පටන් සිදු කරුණු මවිසින් විරචිත ‘උත්තර රාම චරිතය’ නමැති මධුර නාටකය දතයුතුයි.
මේවගට.
නීතිඥ ජෝන් ද සිල්වා.
වර්ෂ 1886 ක්වු මැයි මස 31 වෙනි දින
රාත්රි යේදි කොළඹ මල්වත්තේ පුෂ්ප ශාලාවේදී මෙම නාටකයෙහි රැගුම් දක්වනකල එම ශාලාව සතුරන් විසින් ගිනිතියා මහත් අලාභයක් සිදුකළ කරුණෙන් අපේ ජනයාගේ ඊර්ෂ්ය වේ ප්රජමාණය කාටත් තේරීයනවා ඇත.
නාට්‍යකරුවෝ
දශරථ (අයෝධ්යරදෙශයේ රජ),කෛකෙයි (දශරථරජුගේ බිසව,භරත කුමාරයාගේ මවි), රාමා, ලක්ෂමණ, භරත (දශරථ රජුගේ දරුවෝ),සීතා හෙවත් ජානකී (ජනකරජුගේ දූ, රාමකුමරුන්ගේ දේවින් වහන්සේ), වශිෂ්ට (එනම් සෘෂින්වහන්සේ), විශ්වාමිත්රා (එනම් සෘෂින්වහන්සේ), අගස්ති (එනම් සෘෂින්වහන්සේ), තාරක (රාක්ෂසියක්), රාවණා (ලංකාවේ රජ්ජුරුවෝ), ඉන්ද්රවජිත් (රාවණාගේ පුත්රෂයා), විභීෂණ (රාවණාගේ සහෝදරයා), හණුමා (වානර සේනාපතියා), ත්රිුජටා (විභීෂණගේ දුව), සුපර්ණෝඛා (රාවණාගේ සහෝදරී), කුණී (මහලු කුදියක්), මුරකාරයෙක්, වඳුරු සේනාවක්, යුද්ධසේනාවක්.
නමොතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස
(පුවත)
1 අංකය
[සංස්කරණය]i ජවනිකා - විථියක්.
[සංස්කරණය]බුප්කල්යාවන් - දීප්වන්දි
සූත්රලධාරී - සවන්දී පෙර රාමචරිතේ අසව්! පොරණ ලක්දිව උන්න රාවණා ආලවී ජානකී - ගෙණගියේ - තම රියේ කියමි එය සංගීත බසිනා - පෙර රාමචරිතේ අසව්! සවන්දී පෙර රාමචරිතේ අසව්!
ජනට සිංහල හැගෙන සේ දැන්
පෙරකතා - ගෙණ ගොතා - කිවියරා දුන්නිසා
දතැකි පෙර රාමායණේ අද - පෙර රාමචරිතේ අසව්!
ii ජවනිකා - මල් උයනක්
[සංස්කරණය](විශ්වාමිත්රි සෘෂින්වහන්සේ ධ්යතනයෙන් සිටිනකල තාරකා නම් රකුසී ඇවිත් මල්උයන පාලුකරදමා ඔහට හිරිහැර කර පලායයි. සෘෂින්වහන්සේ මෙසේ කියයි.)
කමාජ් - දොහොරා
විශ්වාමිත්රේ - පලාගියා ඒ රාක්ෂසී - කුසුම් පාගා කිපෙමින් කලඹා ධ්යා්නේ උන්න මා - නාස්තීවේ පෑගු මල් ලක්ෂණවී තිබුනා පිපී නාස්තිවේ පෑගූ මල් පේවී වඩනා ධ්යා න සිඳ - රකුසි දිව්වා දැන්.
කමාජ් - පංජාබ්.
රිස්සායයි ඒ තාරකාගේ - ධ්යා න හානිවිය මාගේ - ගම් බොහෝ දැන් නාස්තිවෙන්නේ - රාක්ෂසීගෙන් දෝෂා වන්නේ බීතකරන ඒ විකාර රකුසී - ඉන්න බැව් නෑ දන්නේ නරපති - පාඩුවී වැසියෝ බෝම කොදුරති - තාරකාගේ දෝස බෝවී- රිස්ස යයි ඒ තාරකාගේ.
(විශ්වාමිත්රන නික්මයයි.)
iii. ජවනිකා - වනාන්කරයක්.
[සංස්කරණය]රාමා පක්ෂියන්ට විද විද සිටි.
රාමා - මේ වනාන්තරේ සිටින පක්ෂියන්ගේ මිහිරි නාදයෙන් මාගේ කන් පිනීයයි - උන්ගේ ලක්ෂණ පිහිටුවලින් මාගේ ඇස් ප්රීපතිවෙයි - අල්ලාගන්ට බැරිබැවින් මුන්ට විදිමි.
සොරට් - දාදරා.
මිරිනාද කෝකිලාද පක්ෂියන්ගේ - ඇසිලා ප්රී ති බෝ වෙම් මම් - විදිමි උන්ට සීරුවේ -
දේදුනු වර්ණන් යුත් මේ කුරුල්ලෝ රැව්දී පියාඹති දැන්- ඇසිලා ප්රීාති බෝ වෙම් මම් - විඳිමි උන්ට සීරුවේ.
(කුණී පැමිණේ.)
(රාමා කුණිට කථාකොට කියයි.)
රාමා - මේ කුරුල්ලන්ට විදිනකල මෙහෙන් යන්ට ආවේ මන්ද?
කුණී - ඇයි කුරුල්ලෙක් වාගේ මා පෙණිලා අත්වැරැද්දක්වේද?
රාමා - ප්ර වේසම්වෙලා පලයන්.
(කුණී පිටිපා යනකල රාමකුමාරයා ඈට දුන්නෙන් විදී. කුණිගේ කුදේ දිගඇරී තරහගොස් මෙස් කියයි.)
කාලිංගඩා - වල්ති.
කුණී - විද්දේ කොන්දට මේ මළදානේ - ඇයි නොදනිදෝ නාකි ප්රාංණේ - කොන්දා රිදිලා ලාපී මේකා - කොන්දා රිද්දාලා මේකා - පක්ෂින් මරණා දුන්නෙන් විද්දේ මෙමටා- නාකි මා හා ක්රීාඩා කුමටා - වාද හිතේ තිබුනාදෝ මෙවිටා- මේ ගැන වෙයි බෝ පාඩූ - වෙයි වෙයි මේ ගැන බෝ පාඩූ. (කුණී ඉසකෙස් කඩාදමා නික්මයයි.)
iv. ජවනිකා - දශරථරජුගේ මාලිගාවේ ඇතුල් ගෙයක්.
[සංස්කරණය](කෛකෙයි බිසව ඇතුල්වෙයි.)
මාඩි - දාදරා
කෛකෙයි - හිමිසඳ තේජසාර රාජා එන්ට මා කරා- වෙලාව දැන්ය, පුෂ්පදාම මම් ගෙලේ රන්දාලමි - මාගේ උවනත සිඹිය බූපති - ස්නේහ බෝම පා -
තදේ බැඳිඇත ස්නේහ මෙමට මා ස්වාමියා -
වෙලාව දැන්ය - පුෂ්පදාම මම් ගෙලේ රන්දාලමි -
පෑ සෙනේ බෝම ඇති - වාසනා පින්සාර රාජා -
බෙල්ලේ එල්ලාගෙණ මේ කුසුම්,සිඹිය මා උවන් බෝ ප්රේඑමෙන් යහනේ වැදී - සණ්ඩු බණ්ඩු නෑ අනේ තේජවන්ත සෞම්ය් නිරින්ද එන්ට මාකරා වෙලාව දැන්ය. පුෂ්පදාම මම් ගෙලේ රන්දාලමි -
(කුණී පැමිණෙයි.)
කුණී - මට තරහ අවසර නොලැබෙනවානම් ඔබවහන්සේට යහපත් දැනමුතුකමක් කියඤ්ඤා.
කෛකෙයි - ඇයි තරහවෙන්ට කාරිය, වයසක උදවිය යමක් කීවාම ඒක ඇසීම බාල අපගේ යුතුකමක්වද?
කුණී - දැන් ඔබවහන්සේගේ රාජපුරුෂොත්තමයානන්ට බිසෝවරු කීපදෙනෙක්ගෙන් දරුවෝ සිටිති. ඔවුන් අතුරෙන් රාමකුමාරයාට රජ්ජුරුවෝ වඩා ආදරය ඇතුව සිටින සේක.
කෛකෙයි - එහෙමද?
කුණී - එහෙමයි. ඔබවහන්සේගේ පුතණුවන්ට වෙන්නේ අන්තරාවකි.
කෛකෙයි - මොකද ඒකට කරන්නේ.
කුණී - ඔබවහන්සේ කරන්ට ඕනෑ මෙන්න මේකයි.
සින්ධඹයිරවි - ලාවනි.
කුණී - රජු ආවම ආලේවි - සිඹිය මූණ යහනේදි- බලා ඒ වේලාවේදි - තී පොරොන්දුවෙන්ට ඉල්ලව් මේ, කිරීටා රාජ්යනසම්පත් දැන් - දෙන්ටා ඉල්ලනු ඤාණෙන් - ඔබේ පුතා වාසනාවේ ඉන් - දනීවා කිව මේ කාරී -
කෛකෙයි - හරි. කුණිගේ දැනමුතුකම ගන්ට වටිනවා. එය මම හිතටගත්තෙමි. කුදුගැසී සිටිය නුඹ දැන් දිගඇරී සිටින්නේ මොකද?
කුණී - මාගේ කුදය දිගඇරුණා වාගේම ඔබවහන්සේගේ පුතාගේ ඇදය මා කිවූ දැනමුතුකම පිළිපැද්දොත් ඇරෙණවාට සැකනෑ.
(දෙදෙනාම නික්මයති.)
v. ජවනිකා - දශරථරජුගේ මාලිගාව.
[සංස්කරණය](දශරථ රජද, මන්ත්රීො ද, සෙනෙවිද . වශිෂ්ට සෘෂින්වහන්සේද, භරත ශතෘක යන කුමාරයෝ දෙදෙනාද, වාමරහලන්නෝද සිටිත්.)
(දශරථ රජ්ජුරුවෝ සිංහාසනේ වැඩසිටිති. වශිෂ්ට සෘෂින් වහන්සේ ලඟ වාඩිවී සිටියි,රජුහැර අනික් සියලුදෙනාම මෙසේ කියති.)
එමන් කල්යරන් - ලාවනි.
ජයකොඩි ලොව නංවා ඉන්න රජින්දා- නෑරා රැකගණි සත උවදුරු සින්දා - දශරථ දශධර්මෙන් රාජ්යුකරන්නා - කෝලාහල රටතොට අඩුවී තිබෙන්නා - තුතිගොස වැසියන්ගේ තුණ්ඩෙ සැදෙන්නා - දීර්ඝායුෂ රජිඳුට නිතර පැතෙන්නා -
දශරථ - වශිෂ්ට සෘෂින්වහන්ස, මාගේ පුත්ර රාමකුමරුන්ගේ ඉගණගැන්ම කොහොමද?
වශිෂ්ට - යෝග විද්‍යාව හොඳාකාර පුරුදුකෙළෙමි. බාහිර ශාස්ත්ර්ද මනාසේ හේතෙම දන්නේය.
දශරථ - එහෙමනම් රජකම ලැබීමට සෑහෙන තරම් උගත් කමක් තිබෙනවා නොවෙද?
වශිෂ්ට - එහෙයි ස්වාමිනි. ඔබවහන්සේගේ නමට පලුදු නොවනසේ ශාස්ත්ර දැනගෙණ සිටියි. (විශ්වාමිත්රම සෘෂින්වහන්සේ රාමා ලක්ෂමණ කැටුව පැමිණෙයි.)
පහඩි - වාල්.
විශ්වාමිත්රය - සැරදේ රජිඳේ විහිදේ ඔබගේ - කීර්තිරැසා මේ ලෝකේහි - වේවා දේවාශිර්වාද යම් රෝග නොසෑදී මායා ලෝ දැන සේ සත නරසී - සැරසී ඔසවා වෙසේ වැසියා පිනා - වචනේ බින්න නොමවේය සූරිය වංසේ රාජාගේ.
(දශරථ රජ්ජුරුවෝ කියයි.)
දක්ෂිණ - ලාවනි. මාඩි - දාදරා.
දශරථ - සිත පිනිගියා - දැක්කාම සෘෂින් මේ වරේ- වචන බින්න නැත ප්රථසන්න මෙමට සත්ය වේ ප්රිසයා - වාරේකි ඒ මෙමා කෙරේ - සූරියවංසේ රාජපුත්රමයෝ ලොවේ - රකිති සත්යරධර්ම බින්න බස් සිඳා - සත්ය බොහෝ ප්රේසන්න - වාරේකි ඒමෙමා කෙරේ.
විශ්වාමිත්ර_ - දේවයන්වහන්ස, සූය්ය්යර වංශොද්භූත රජදරුවෝ බොරු නොකියති. එබැවින් ඔබවහන්සේද බොරු නොකියන බව දනිමි.
වශිෂ්ට - බොරුව කාටත් පිළිකුල් එකකි. සත්යමයට වඩා ලක්ෂණ ආභරණයක් මෙලොව නොමැත.
විශ්වාමිත්ර් - ස්වාමිනි තාරකා නම් රකුසියක් දේශය පාලුකර සිටිනබැවින් ගම් තොටු සියල්ලකටම හානිය පැමිණී තිබේ.
දශරථ - එය මට ආරංචියක් නෑ. ඇගෙන් පැමිණෙන අන්තරා පැහැර හැරීමට පුළුවන් දෙයක් කරන්නෙමි. මවිසින් කුමක් කටයුතුද?
විශ්වාමිත්රව - ඔබවහන්සේ පොරොන්දුවුනොත් මට ඇති. තාරකා වැනසීමට කරන්ට හැකි යමක් ඇද්ද එය කරණලෙස පොරොන්දුවුනු මැනව.
දශරථ - ඇයි සැරයක් එය කරණබවට මවිසින් පොරොන්දු වුනුබව මතකනැද්ද?
විශ්වාමිත්රව - එහෙනම් ඔබවහන්සේගේ පුත්ර මේ රාම කුමාරයා ලවා තරකා මැරිය යුතුයි.
දශරථ - අහෝ මට ඉෂ්ට කරන්ට බෑ.
විශ්වාමිත්රි - සූය්ය් ඔ වංසේ රජදරුවන්ගේ හැටි ඔහොමද? පොරොන්දුවෙලා කටගන්ට මත්තෙන් පොරොන්දුව කඩකරන්නෙහිද?
(දශරථ මුර්ච්ඡාවී වැටේ.)
ගීතිවන්දස් - සොරට් - ලාවනි.
විශ්වාමිත්රර - කෝ අහෝ ඔබගේ සත්තේ - මූර්ච්ඡාවීද පොරොන්දු හින්දා මේ - කැලඹුනාද රාජා දැන් - බින්නබසට සැරසුනා සූරිය වංසේ.
හිරු කළු වී අඳුරේ ලෝ - සීරුමාරු ඤාණ අහෝ නැත්තේ - කැලඹුනාද රාජා දැන් - බින්නබසට සැරසුනා සූරිය වංසේ.
(විශ්වාමිත්රර කිපි යන්ට හදනකල රාමා වස්ත්රඅයෙන් අල්ලා මෙසේ කියයි.)
රාමා - ස්වාමිනි තරහඅවසර නොලැබී ප්ර මාදවුව මැනව. සූරියවංසේ රජදරුවෝ බොරු නොකියති. මාගේ පියාද බොරු නොකියයි. ලක්ෂමණ විගස පියා සිහිකරගණින්.
ලක්ෂමණ - පියානන්වහන්ස, පියානන්වහන්ස, නැගිටෙනු මැනවි -
(දශරථ සිහිවි නැගිට මෙසේ කියයි.)
දශරථ - අහෝ විශ්වාමිත්රම ගුරුතුමනි, මාගේ පොරොන්දුව කෙසේවෙතත් තාරකා සමඟ රාමා ලක්ෂමණ කොහොම යුද්ධකරත්ද, මට සමාවී මාගේ පුතුන් දෙදෙනා නවත්වාගන්ට ඉඩදෙනු මැනවි.
විශ්වාමිත්රඉ - දෙවනුත් පොරොන්දු කඩකරන්ට යන්නෙහිද?
පීලු - ලාවනි.
දශරථ - රකුසිගේ කෝපවේග පාලා බෝ - මගේ පුතුන්ට දෝෂය වේදෝ - රාමා ලක්ෂණ මේ දමලා යයි අයියෝ - ඉන්නේ කෙසේ මම් ජීවිත හානිවේ - බේරාවා පරාණය මේ මාගේ.
රකුසීගේ කෝප වේග පාලාබෝ - මගේ පුතුන්ට දෝෂය වේදෝ - හෘද භංගව මා යයි යයි ශෝකෙන් බෝ- ක්රෑදර යකින්නී කවිද ලක්ෂමන් රාම් - බේරාවා පරාණය මේ මාගේ.
රාමා - පියානන්වහන්ස - අපගැන කනගාටුවෙන්ට එපා.
දශරථ - අපොයි පුතේ නුඹලාව ඇරලා මටනම් ඉන්ට බෑ.
වශිෂ්ට - තාරකා නම් රාක්ෂසී මැරීමට රාමකුමරුන්ට බැරි වෙන්නේ නෑ. එබැවින් ඔබවහන්සේ කනගාටු වෙන්ට ඕනෑනෑ.
මන්ත්රී_ - දේවයන්වහන්ස මේ ගුරුතුමානෝ රාමකුමරුන් ගේ තරම අපට වඩා දන්නාසේක.
සෙනෙවි - එහෙමයි. ගුරුවරයා ගෝලයාගේ තරම පිටඅයට වඩා නොදනීද.
ලක්ෂමණ - පියානන්වහන්ස, සූරියවංසයේ අපට ලොකු කැලලක්ය මේ පොෙරාන්දුව ඉෂ්ටනොකළොත්.
රාමා - මන්ද ඉෂ්ටකරන්ට බැරි. තාරකා දෙපලුකර මම එන්නෙමි.
දශරථ - විශ්වාමිත්රන ගුරුතුමනි. කරන්ටදෙයක් නෑ. රාමා ලක්ෂමණ යන දෙදෙන කැටුවගොස් ඔවුන්ට අන්තරා නොවන ලෙස බලාගෙණ තාරකා විනාශ කරදමා එන්ට හොඳා.
විශ්වාමිත්රා - ඒක හරි. අපි වහාම යමු.
(විශ්වාමිත්රන, රාමා, ලක්ෂමණ නික්මයන්ට මත්තෙන් සියලුදෙනාම කියති.)
(දශරථ සිංහාහනයෙන් බැස රාමා, ලක්ෂමණ දනගසා සිටිනකල හිසට අතතබා ආශිර්වාද කරති.)
අහලෙයියා - දාදරා
සත්යය වචන කියන මෙබුවිපාල් - පාපහරණ - පාපහරණ - සත්යය වචන කියන මෙබුවිපාල - තාරකාගෙ දර්ප භංග වෙන්ට රාම ඇර වෙසේය - බෝම ජයා වෙයි - ශෝක නොවී එයි.
(නික්මයති.)
vi. ජවනික - මිථිලදේශයේ මල් උයනක්
[සංස්කරණය]තාරකා මල්පාගා විනාශ කරයි.
රාමා, ලක්ෂමණ, විශ්වාමිත්රන පැමිණෙති.
විශ්වාමිත්රග - රාමකුමාරයානනි,ධ්යාරනයෙන් මා සිටින උයන මේ තමා. මේ ධ්ය්නයෙන් සිටිනකල තාරකා පැමිණ හිරිහැර කර දුවයි.
රාමා - ඔබවහන්සේ අදත් ධ්යරනයෙන් සිටිනු මැනවි - තාරකා පැමුනුනොත් කුමක් කටයුතුදැයි බලාගන්නෙමි.
විශ්වාමිත්රක - හොඳයි මම ධ්‍යානයෙන් සිටිමි.
(තාරකා එබිකම්කර බලා පැමිණ මල්පාගාදමා විශ්වාමිත්රය සෘෂින්ට හිරිහැර කරයි. එවිට රාමා පරීක්ෂාකර බලා මෙසේ කියයි.)
කමාජ් - වල්ති.
රාමා - තාරකා රකුසී - තිගෙ ඔද හරිමි - අනතුරුකරන්ට ආවාද දැන් - මම විදලාමි - ඔදය දැන් යාවී - දැන්ම දැන්ම නික්ම යන්ට වරම ලැබේ.
ලක්ෂමණ - රකුසිගේ නෙත්දෙක අග්නිසේ රතුපාටව අයියාගේ ඇඟට පනින්ට බලාගෙණ ඉඳී. ප්ර වේසම්වෙයන්.
සුඬකල්යබන් - වල්ති.
තාරකා - ශෝබන ශරීර තගෙ කාගෙන විනාශකර රිහිබොමි මම බෝ සන්තොසිනේ - බෝ සන්තොසිනේ.
ලක්ෂමණ - කාටද උජාර බොල පානට විකාර අද පැමුණුනෙහිද තී රාක්ෂසියේ තී රාක්ෂසියේ.
විශ්වාමිත්රී - ධ්යානබලේ හානිකළේ ඉන්නාවූ පර රාක්ෂසි මේ - බිඳලාමි ඔදේ.
රාමා - උඩපැනගෙන ආවෙ මරුමුව වදිනට - බල විකුම් මෙමග රකුසියේ - අහෝ රකුසියේ අහෝ.
(රාමා තාරකාට විද්දකල තාරකා වැටි මරහඬතියා කෑගසා නසි.)
(සියලුදෙනාම නික්මයති.)
vii. ජවනිකා - ජනකරජුගේ මාලිගාවේ උඩුමහල් මැදුරක්.
[සංස්කරණය]මෙවාඩෝ - දාදරා
සීතා - බන්දා මා දෙත්දෝ පියාණෝ - චාප තවම නොනැමියේ බන්දා මා දෙත්දෝ පියාණෝ - වයසා සපිරි මම - මාලා තුළෙහි මම - පේවී සාදරේන ඉන්නෙම් - පේවි සාදරේන ඉන්නෙම් - බන්දා මා දෝත්දෝ පියාණෝ - චාප තවම නොනැමියේ - බන්දා මා දෙත්දෝ පියාණෝ
නමලා එදුනුකඳ පාවාගැණුමවද - නැද්දෝ කව්රුවත්ම ලෝකේ - නැද්දෝ කව්රුවත්ම ලෝකේ - බන්දා මා දෙත්දෝ පියාණෝ.
(විශ්වාමිත්ර් රාමා සහ ලක්ෂමණ පැමිණෙති. විශ්වාමිත්රස රාමාට දුන්න පෙන්වා කථාකරයි.)
විශ්වමිත්රව - රාමකුමරුවනා මෙහි තිබෙන අර දුන්න දන්නෙහිද.
රාමා - මම නොදනිමි.
විශ්වාමිත්රා - ජනක රජුගේ මෙම දුන්න නමාපු අයෙකුට ඔහුගේ රූපාලංකාර සීතානම් දුව සරණපාවාගන්ට පුලුවනි.
ලක්ෂමණ - තාරකා මරාපු අපේ අයියාට ඔය දුන්න නමන එක අමාරුවක්ද.
රාමා - අර ඉන්නේ සීතාද.
විශ්වාමිත්රව - එහෙමයි.
ජිංජුට් - ලාවනි.
රාමා - ශ්රී යා මනමත්වි මාගෙ දැකල උම්මාදවෙයි හෘදේ - සනසාපන් මාව කල්නෑර පින්සාර රන් ලන්දේ - සිඹගන්ටා තිගෙමූණ දෙනවානම් බෝම පින් අත්වේ මාගේ මනාපේ ප්රූසිඬෙ මම් කීවෙමි ලන්දේ පොඩි දන්ත මුතුසේම දිලිසේ - කල්යාවණ ලන්දාගේ - පෑවු ආකාසේ සඳාසේ දිස්නේ වත තීගේ - ශ්රි යා මන මත්වී මාගෙ - දැකලා උම්මාද වෙයි හෘදේ.
(සීතා මේ කන්දි අසා හිනාවී ඇතුළට යයි.)
විශ්වාමිත්ර - කුමරුවනි මේවා ලෝක මායා බව දැනගන්ට හොඳා.රාගයට වඩා මනුෂ්යරයා මෝඩකරන නීචකරන එකක් නැති බව දැනගණු මැනවි.
රාමා - අහෝ ස්වාමිනි ඒ ස්ත්රි ගේ රූපාලංකාරකම දිටු මට ඔබවහන්සේ ඉන්නා බවවත් මතකනැතිවී මාගේ හිතේ අදහස් කීවෙමි.
ලක්ෂමණ - ඒකතමා රාගෙට ඇස් නැතෙයි කියන්නේ - නමුත් ඒ ස්ත්රීඉ හා විවාහ වීමට කැමතිනම් අපේ මේ ගුරුතුමන්ගේ අවවාද අසා ක්රිහයාකිරීම සෑහේ.
රාමා - ස්වාමිනි - මේ ගැන කුමක් කටයුතුද.
විශ්වාමිත්රක - ටිකක් ඉවසන්ට හොඳා - ජනක රජු දැන් මෙහාට පැමිණෙනවා ඇත. එතකොට රාම ලක්ෂමණ දෙදෙනා මම උන්වහන්සේට අඳුන්වා දෙන්නෙමි. ඊටපසු ඔයගැන කථා කළහැකි.
ලක්ෂමණ - අයියා කළ මේ මෝඩ වර්ණ්නාව නිසා ඒ ස්ත්රිකය ලජ්ජාවී ගොසින් දැන් දකින්ටත් නෑ.
(ජනක රජ්ජුරුවෝ මන්ත්රීම සහ සෙනෙවි පැමිණෙති)
(විශ්වාමිත්ර සෘෂින් දැක රජ්ජුරුවෝ නමස්කාර කරයි.)
විශ්වාමිත්රි - සුබමස්තු.
ජනක - ගුරුතුමානෝ අද මෙහි පැමිණියේ කුමක්නිසාද.
විශ්වාමිත්රි - තාරකා නම් රකුසි මැරීම පිණිස දශරථ රජුන්ගේ පුත්ර යන්වූ මෙම රාම ලක්ෂමණ යන කුමරුන් සමඟ ගොසින් ගමට යනපාර ඔබවහන්සේත් දැකකියා යන්ට පැමිණියෙමි.
ජනක - මේ දෙදෙනා දශරථ රජ්ජුරුවන්ගේ පුත්රමයෝද, තාරකා නම් රකුසීව මැරුවේ මේ දෙදෙනාගෙන් කවුරුද.
විශ්වාමිත්රව - මේ රාමාකුමරයාය.
ජනක - එය ඇසීමට මට ප්රීාතියි.
විශ්වාමිත්රය - ඔබවහන්සේගේ දියනියන් විවාහකර දෙනවානම් මේ කුමාරයාට වඩා සුදුස්සෙක් ඇතැයි නොසිතමි.
ජනක - මාගේ දුවට පුරුෂයා වෙන්ටනම් ඔය තිබෙන දුන්න නමන්ට ඕනෑ - නැව්වොත් තමා ඈව සරණ පාවාගන්ට පුළුවනි.
ලක්ෂමණ - තාරකා මැරුව අයියාට ඔය දුන්න නමන එකත් කාරියක්ද.
රාමා - දුන්න නැව්වොත් පොරොන්දුව ඉෂ්ටවෙන බැවින් මම එය නවමි.
(රාමා දුන්න රැගෙණ නමයි, ඊට සියලුදෙනාම ප්රී්තිවෙති. (ජනක රජ මෙසේ කියයි.)
ගාරා - දාදරා
ජනක - රම්යද රාම රම්යො රාම - රම්යවවිය ජානකීට - කිව්ප්ර කාර දියනියන්ව දෙන්නෙමි ප්රාසන්නයෙන්ම - රාකෂසීගෙ දර්ප බින්දා - රාම මාගේ බෑනවෙන්ට - හේතුභුත විශ්වමිත්රද - දැන් මගේ ප්ර සන්න විත්ත.
ජනක - මන්ත්රී මල්මාලාවක් රැගෙන මාගේ දියනියන්ට විගස මෙහාට පැමිණෙන්ට ආරාධනා කරපන්.
මන්ත්රීස - එසේ යහපති දේවයන්වහන්ස.
(මන්ත්රී් නික්මයයි.)
විශ්වාමිත්ර් - දේවයන්වහන්ස, සරණ මරණ දෙක පූර්ව නියම පරිද්දෙන් සිදුවන්නේය. එබැවින් ඔබවහන්සේගේ ස්තුතිය මට කැප නෑ.
(සීතා මල්මාලාවක් අතින් රැගෙණ මන්ත්රීේ සමග පැමිණේ.)
ජනක - දුව මේ රාමකුමරු දුන්න නැවු බැවින් තිගේ පුරුෂයා මෙන් තෝරාගෙණ ඔය මල්දාම ගෙලේ පලන්දනු.
සීතා - පියාගේ අණ පිළිපදිමි.
(මල්දාම රාමාගේ ගෙලේ දමයි.)
සුඬකල්යාාන් - දාදරා.
සියලුදෙනාම - ප්රී-ති අපේ හිතට මේ සිද්ධවුනි මෙදා බොහෝ සිද්ධවුනි මෙදා බොහෝ - ලඳ - සිද්ධවුනි මෙදා බොහෝ ප්රීධති අපේ හිතට මේ සිද්ධවුනි මෙදා බොහෝ.
රාමා - තාරපතිසේ ගුණෙන් මා සෞම්යන සීතාදේවී දුල්වන් - ගෙලේ පුෂ්පාදාමා ලා, මා ගණී ඇගේ පුරුෂ මෙන්.
සියලුදෙනා - සරණවේ ජයා බොහෝ - ආදරවි සිටිවි මෙලෝ - සිත - ආදරවි සිටිවි මෙලෝ - ප්රීගති අපේ හිතට මේ සිද්ධවුනි. මෙදා බොහෝ- සිද්ධවුනි මෙදා බොහෝ - ලඳ - සිද්ධවුනි මෙදා බොහෝ.
2 අංකය
[සංස්කරණය]i ජවනිකා - දශරථ රජුගේ මාලිගාව.
[සංස්කරණය](කෛකෙයි බිසව ශෝකෙන් සහ කෝපෙන් වාඩිවී සිටින කල දශරථ රජ්ජුරුවෝ පැමිණෙති.)
සීකරනි - චන්දස්.
දශරථ - බිසෝ කෝපෙන් ඉන්නේ මොකද පාදාදෙන් මේවරේ- වුනේ දෝෂා කාගෙන් කියනු ස්නේහෙන් තී මා කෙරේ- විදා කොණ්ඩේ තීගේ මෙවැනි කෝපාගන්ටා සැරේ - කුමක්දැයි තේරුම් නෑ කියනු සීදේවි මේවරේ.
කෛකෙයි - රජ්ජුරුවන්ට මා කණගාටුවුනාට ඇති පාඩුව මොකද. ඇයි තව බිසෝවරු නැතුවාද.
දශරථ - ඇයි ඇයි මොකද මගෙන් උන වැරැද්ද. කිසිවෙක් මාගේ ප්රි ය බිසෝට බැන්නා නම් උගේ දිව මම කපමි තරහනොවී මම කියාපන්.
කෛකෙයි - ඔන්න ඔහාට යන්න (තරහගොස් අතින් ගසා ඈත් වෙයි.)
දශරථ - අහෝ සීදේවි මෙහෙමත් විදියක් ඇද්ද. ඔහොම තරහ ගත්තාම කොහොමද.
ජිංජුට් ජිල්ලා - ත්රිිතාල.
කෛකෙයි - හාදවෙන්ට හාදවෙන්ට හාදවෙන්ට ආවාහේමා බොරුකීව රාජා - බොරුකීව රාජා ආවා - බොරුකීව රාජා භරතට දෙන්ට කිරළ සන්තොසවි - සිටියේ නැද්ද ඇොඳේ රජින්දා - හාදවෙන්ටා, හාදවෙන්ට ආවහේමා බොරුකීව රාජා.
දනාසරි - ත්රිෙතාල
දශරථ - නොකිපේවා මා බිසෝ - එපොරොන්දු මගේ නෑ යන්නේ කැඩී- නොකිපේවා මා බිසෝ - සූය්ය්මග වංසයේ ප්ර යෝග ෙනාමැතේ - කිවුබස් කිසිකල බින්නනොව ඇතේ - ඔටුන්න දෙන්නෙම් කී සේ බිසෝ.
කෛකෙයි - දෙනු ඔටුන්න කිවු ප්රකකාර මබූපති - රාමට ඒ නොදී මපුතා කදිමා - තරහා මගේ දැන් නිවේ - සමාදානේ වේ ඉන් අපේ - දෙනු ඔටුන්න කිව් ප්රතකාර මබූපති.
දශරථ - අන්තරාව වෙච්චි මේ විඩේ - මකිව් වචන නොකැඩේ - රාමකුමරා කිපේද - කිම්ද ඉලව් හැපුනිමේ.
(රාමා ලක්ෂමණ සීතා භරත ශතෲක පැමිණ දශරථ රජුන්ට දනගසා ආචාරකරති.)
දශරථ - මාගේ ප්රි ය පුත්රැ රාමා නුදෙඕ ප්රිිය සොඳුර සීතා සමඟ මෙහි පැමුනුන හෙයින් සිත ප්රිීති වෙන අතරම දුකටද කරුණක් සිදුවී තිබේ.
රාමා - අහෝ පියානනි දුකට කරුනු කිම්ද.
දශරථ - පුත මාගේ කෛකෙයි බිසව මේරටේ රජකම මාගේ භරත පුත්රුයාට දෙන්ටෙයි කියා කරදර කළ බැවින් එසේ දීමට පොරොන්දු වුනෙමි. ඒ නිසා දැන් නුඔ ගැන මට කනගාටුයි.
භරත - මගේ අයියාට කැපවූ රාජ්ය ය මට එපා. මාතාට පිස්සු වැටිලා. මේ ඕනෑ නැති පොරොන්දු පියා ලවා කරවා ගෙන අපේ සමාදානය නැතිකළාද?
කෛකෙයි - පුතා පියා පොරොන්දුවෙලා එම පොරොන්දුව ඉෂ්ට කරන්ට ගියාම නූඹ මට වරද පවරන්නෙහිද?
සිහානාකානරා- දීප්වන්දි
රාමා - උතුම් මා පියේ ඒ ගැනා ශෝකවෙන්ට එපා මේ වරේ මම් යමි වනේ ඉන්ට - මගේ රම්යම සිතා දමාලා මම් යන්නෙම් - පියාගේ නිවාසේ නවත්වා මෙකල්හි - ගොසින් ඒ වනේ මන් පිනී ඉන්ට හැක්කී - උතුම් මා පියේ දැන් එපා වෙන්ට ශෝක.
ශතෲක - අපේ පියානනි. අපේ අයියා වනවාසවීමෙන් අප කාටත් බොහොම දුකයි.
භරත - මේ සියල්ලකටම කර්තෘෝ මේ අපේ මාතා තමා.
ජංජුට් කාෆි - දාදරා
ලක්ෂමණ - රම්ය රාම අයිය නැතුව මෙහි වසන්ට බෑ පියේ - බෝය ශෝකා - නැත සංකා - රාම් සමඟ බැද්දේ ඉන්ටා - යන්ට දැන්ම අවසර සිය මනාප වී පියේ.
සීතා - මාත් දාලා, සැමිලෝලා, යන්ට හදනවාද බැද්දේ- රාම් රාජපුත්රා මමද එමි වසන්ට ඒ වනේ.
රාමා - ප්රි_ය සොඳුර නුෙඕ පියාගේ නිවසෙහි සිටිනු මැනවි - මා සමඟ වනාන්තරගතවීමෙන් නිසි වේලාවට ආහාර නැතුව දුක් විදින්ට වෙයි.
සීතා - මගේ පුරුෂයාට සිදුවෙන කැමති විධියක යම් දුකක් ඇද්ද එහි පංගුකාරියක් වෙන්ට ඉතා සතුටු වෙන්නෙමි.
දශරථ - රාමා ලක්ෂමණ සීතා නුඔලාගේ වනවාදය පිණිස නික්ම යාමෙන් මාගේ දුක් වැඩිවෙයි.
රාමා - පියානන්වහන්ස සන්තෝෂයෙන් සිටිනු මැනවි - අපට යන්ට අවසර දුනමැනවි- (රාමා ලක්ෂමණ සීතා නික්මයති.)
(දශරථ ශෝකෙන් පෙලි මෙසේ කියයි.)
සෝභනී - ගසල්
දශරථ - රාම ලක්ෂමන් පුත්රක දෙදෙනා නෑ ඉතින් - සිත් සංවලේ - ඉන්ට නොහැකි මාලිගාවේ ශෝකයෙන් මා මන් පෙලේ - යෙසුනේ හානි මේ බිසෝගේ දෝෂ හින්දා ශෝක බෝවි නාකි කාලේ මේ විපත්ති වෙයි - පවෙන් මා පූරුවේ.
(නික්මයති.)
ii. ජවනිකා - දණ්ඩක වනය
[සංස්කරණය]අගස්ති සෘෂින්වහන්සේ ධ්යා නයෙන් සිටි.
පිලු - දාදරා. රාමා,ලක්ෂණ, සීතා ගමන්කරති.
ලක්ෂමණ - වනයේ ඉන්නා රැව්දී - වනයේ ඉන්නා රැව්දී - රුව ඇති පක්ෂි - පිපෙන පුෂ්පතුළේ භෘංගයෝ නාද දෙති - මෘගයෝ වාසේ වෙති - කර කර ක්රී ඩා ක්රීමඩා - කර කර ක්රීිඩා.
වනයේ ඉන්නා රැව්දී - වනයේ ඉන්නා රැව්දී රුව ඇති පක්ෂි.
සීතා - සීත ජලය පූර්ණීපොකුණ බෝය දේසේ- කදිම හංස ධෙනු පීනති මනාසේ - අරුම පුදුම දැක්ක හැක්කී මෙම නිවාසේ.
රාමා - සොඳුරු ජානකීගේ ශෝක - සූන්ය වෙන්ට මෙවන බෝම - පක්ෂි රැව්දෙත් ප්රීජතියෙන්ම - අපට ඉන්ට කන්ට බොන්ට - මෙහි ඇත්තේ ගස්කොලන්ද - සොඳ ජල ධාරා ධාරා - සොඳ ජලධාරා.
(අගස්ති සෘෂින්වහන්සේ ධ්යා නයෙන් සිටිනවාදැක රාමා ලඟට පැමිණ කතාකරයි.)
රාමා - ශුඬ ජීවිතයක් ගතකරණ ඔබවහන්සේ මේ වනාන්තරයේදී දකින්ට ලැබුන එක අපේ වාසනාවකි.
අගස්ති - මේ තුන්දෙනා මේ කොහේ යන්නාහුද.
ලක්ෂමණ - අපි තුන්දෙනා ස්වාමිනි වනාන්තරයේ ඇවිද බලා යන්ට ආවෙමු.
අගස්ති - මාගේ ආශිර්වාදය නුඔලාට ලැබේවා.
(සෘෂින්වහන්සේ නොපෙණී යයි.)
රාමා - හා සෘෂින්වහන්සේ රාත්විගියේය, ලක්ෂමණ ඒමොන බලයක් පිටදැයි දන්නෙහිද?
ඒමන් කල්යැන් - ත්රියතාල.
ලක්ෂමණ - ධ්ය න බලපාවී යෝගාදිය තේරී - පෙණේබෝලෝක සැණෙකින්ම ගියෑකි - සාක්ෂි නොවේද මෙහි උන් සෘෂි මවිතව සිටිදෝ ජානකී - බලාපාවි යෝගාදිය තේරි.
සීතා - යෝගවිද්යා ව මෙපමණ උතුම් ශාස්ත්ර යක් බව මට දැනුයි පෙණුනේ.
රාමා - මේ වාඩිය ලග අපි ටිකවේලාවක් ඉඳගෙන පහසු ගණිමු. (සීතා ඈතින් ඉඳගණී) (සුපර්ණ කා පැමිණෙයි.)
ජිංජෝට් - කැමිටා.
සුපර්ණ්ඛා - පත්මේකි පේණ මූණා - සොඳ මූණා - දිලි සඳකි සරත් කාලේ - මෙම කාලේ - උම්මාදවෙන්නා සිත මූණබලා වාසනා - අහො පාවාගණිදෝ මේ මා
පත්මේකි පේණ මූණා - සොඳ මූණා - දිලි සඳකි සරත් කාලේ - මෙම - කාලේ.
අත්පාද වාත්තු - කළ සේම ඉතා ලක්ෂණා - ලෙස රූපේකි රණින් සෑදූ. පත්මේකි පේණ මූනා - සොඳ මූණ - දිලි සඳකි සරත් කාලේ - මෙම කාලේ.
(සූපර්ණසකා රාමා ලගට පැමිණ කියයි.)
සුපර්ණපඛා - මේ වනාන්තර ආකාසේ පායාපු චන්ද්රයා බඳු පුරුෂය. මා පාවාගන්න මෙන් ඉල්ලමි.
රාමා - ස්ත්රීලය මාගේ සොඳුර සිටියි. නුෙඕ ඉල්ලීම ඉෂ්ට කරන්ට මටබෑ. ඒ ඇරත් ඔය පිළිකුල් පාපයට මම නොසැරසෙමි. මාගේ මේ ලක්ෂමණ මල්ලිට කථාකර බලාපන්.එයා බැඳපු පුරුෂයෙක් නොවේ.
(සුපර්ණනඛා ලක්ෂමණ ළගට ගියාම ලක්ෂමණට තරහයයි.)
සාරංග - වල්ති.
ලක්ෂමණ - රාගවියේ මේ විකාර ගෑණි පානලෙසේ අාවේ - මේකිගෙ නාසේ දැන්ම කපාලම් යනාස් ලේ ගලලා බොහෝ - මේ පරවේසාවි කැත ගෑනී.
සුපර්ණ ඛා - ආවෙ අනේ ඒ විකාර සෑදීලාම නොවේ ලක්ෂමණ් -
මා ගණු පාවා නාස නොරිද්දා
සිතසේ උන්නෑකි මේ වනේ
රාග විකාරේ නෑ මන ආලේ.
ආලවෙලා මා කරාම ආවා නීච පරට්ටි දැන් - මේකිගෙ වාහේ කවුද කියා මම් හගවාදෙමි කපලා නාහේ - වී පර වේසාවි ජඬ බාරී.
(ලක්ෂමණ සුපර්ණකඛාගේ නාසේ කපා රාමා සීතා සමග පලා යයි. සුපර්ණ ඛා නාහෙන් ලේ ගලගලා මෙසේ හඬාකියයි.)
සුපර්ණ ඛා - ඉතින් බෑ ඉන්ට අයි අයියෝ - නහේ සින්දාපි අල්ලා මා - ලොවේ ඉන්නාවූ වල්ගෑනු - මෙසේ මට්ටුවෙති අයියෝ - ඉතින් බෑ ඉන්ට අයි අයියෝ-නහේ සින්දාපි අල්ලා මා - උනේ උම්මාද බැද්දෙහි - මෙසේ නාසේ නැතිවෙච්චි. ඉතින් බෑ ඉන්ට අයි අයියෝ - නහේ සින්දාපි අල්ලා මා - මගේ අයියාට මේ දන්වා - පලිගන්නෙම් යෙදේ හානි.
(නික්මයයි.)
3 අංකය
[සංස්කරණය]i. ජවනිකා - රාවණාගේ මාලිගාව.
[සංස්කරණය](රාවණා, විභීෂණ, ඉන්ද්රවජිත් සහ මාරිව සිටිත්.)
(රාවණා සිංහාසනේ වැඩඉඳි.අනික් සියලුදෙනාම මෙසේ කියති.)
අමිර් කල්යසන් - ලාවනී.
සිහසුන පිට නරණා - ඉන්නා ලංකාපුරෙහී - සිහසුන පිට නාරණා- සාගත නෑ සෙතවි - හද ප්රීසති - පා වැරකම් - සීරුවෙ කෙරුවා බෝ යුධත් - වාසී ලැබ මෙදීපේ වැජෙඔයි.
(සුපර්ණෑකා අඬ අඬා පැමිෙණයි) රාවණා - මොකද නංගි අඬා අඬා ලේ පෙරී පෙරී එන්නේ.
සුපර්ණ කා - දණ්ඩකවනේදී ලක්ෂමන් නැමති අයෙක් මාගේ නාසේ කපා දැමුවා.
(සියලුදෙනාම පුදුම වී බලති)
රාවණා - මන්ද එහෙම කළේ.
සුපර්ණ ඛා - රුවින් ශ්රී යාකාන්තාවටත් වඩා ලක්ෂණවූ ස්ත්රී යක් මා එහිදී දැකලා අයියාට ජෝඩුකරන්ට ගියාම ලක්ෂමණ මේ ක්රෑාර ක්රීායාව කළේය.
රාවාණා - (කිපි කියයි) නංගි උඔ අඬන්ට එපා - මේ ගැන පලිනොගත්තොත් මම රාවාණා නොවෙයි.
පහඩි - දීප්වන්දි.
රාවණා - ලක්ෂමණ දස්කම් පෑවේ ගෑනුන්ටය් - මගේ නංගි නාඬන් උන්දැගෙ යය් දප් - මන්ත්රීි මාගේගොස් උන් ඉන්නා පැත්තේ - දරා මෘගයාගේ වෙස් පානු සත්තේ.
මාරීව - ඒක මේ බූපල් කිසේ වේ යන්නෙම් - මුවෙක් මෙන්ම ඉන්නෙම් දැක්කෑකි දස්කම්.
විභීෂණ - නාසෙ නංගියේ සින්දාපු හින්දා - එපා කෝපවෙන්ටා ඉන්වේය යුද්දා - යුඬ වේනම් මේකිව් කාරි හින්දා - අනික් පැත්ත ගන්නෙම් අයියාට රිද්දා.
ඉන්ද්රනජිත් - නාසෙ නැන්දාගෙ සින්දාපු ලක්ෂමන් - මරාලන්ට සෑහේ කල්නෑර ඤාණෙන් - සාමදානේ නැන්දාගෙ නාසේ - කපැලාපු හින්දා මුක්කම්වී ඉන්නේ.
රාවණා - මාරීව නුඔ විගස මුව වෙසින් ලක්ෂමණ ඉන්න දණ්ඩක වනයට ගොස් මුවන් ඉන්නා මණ්ඩියෙන් ගමන් කරපන්.
මාරීව - ඔබවහන්සේගේ අණප්ර්කාර එහි විගස මුව වෙසින් යන්නෙමි.
(නික්මයති.)
ii ජවනිකා - දණ්ඩක වනය.
[සංස්කරණය]රාමා ලක්ෂමණ සීතා සිටිත්.
ශුඬකානර - දාදරා.
රාමා - රකිනු ඊශ්වරා - මෙ අප සෑම සකල අපල දුරැර නොහැර - සිරසැප සලසාද බැද්දෙ ඉන්ට අපට, සකල දුක හැරා - රකිනු ඊශ්වරා. නිදුකිනි රැක අප සියල් - දෙනුමැන සෙත සිරිවිපුල් - ඔබ ගුණමහිමේ ප්ර කාශවේය ඊශ්වරා - රකිනු ඊශ්වරා.
ලක්ෂමණ - අයියා බලාපන් අර මුවාගේ ලක්ෂණ - උගේ අමුතු ලක්ෂණයක් තිබෙනවා.
(මුවෙක් පැමිණේ.)
(සීතා මුවාදැක මෙසේ කියයි.)
ජිංජොට් - ත්රි තාල.
සීතා - දිටුවාද ස්වාමි - මගෙ ස්වාමි - ලක්ෂණ මුවයාය - ලක්ෂණ මුවයාය්- වව්පුල්ලි පේලි සෑදී - නේත්රිමාගේ ප්රී්තිවේවි - වම්පුල්ලි පේලි සෑදී - නේත්රද මාගේ ප්රී්ති වුනි - රැගෙණ උගේ හම රන්වන් - සාදනු මට හැට්ටේ ස්වාමි - සිත ආශාවේ බොහෝ මාගේ - වයිරන් පුල්ලිලාපු - වයිරන් පුල්ලි ලාපු - ලක්ෂණ මුවයාය්.
ලක්ෂමණ - ඔය මුවාට රැවටෙන්ට එපා.
සීතා - අනේ ඌ මට අල්ලාදියන්.
රාමා - මම ඌ පාරේ එලවාගොසින් අල්ලා ගෙණෙඤ්ඤා
ලක්ෂමණ - ඔය මුවා රාවණාගේ මායමක් බව දැනගන්ට හොඳා
සීතා - මොන බොරුද. අපේ ප්රිවය සැමි . ඌ මෙහාට අල්ලා ගෙන එනුමැනවී.
රාමා - මම ගොසින් ඌ අල්ලා ගෙණෙඤ්ඤා (රාමා මුවාපාරේ යයි.)
(සිතියමෙන් පිට ලක්ෂමන් ලක්ෂමන් කියා හඬක් ඇසේ.)
සීතා - මාගේ පුරුෂයා කෑගසයි. අනේ ලක්ෂමන් විගස ගොසින් බලාපන්.
ලක්ෂ්මණ - මම යන්ට එපයි කීවෙමි - ඒක නොඅසා ගියානම් මට යන්ට බෑ.
සීතා - හා හා අයියා නැතිවුනාම මල්ලිට සෙත්වද - ඒකතමා යන්ට බැරිය කියන්නේ.
ලක්ෂමණ - එහෙම හිතනවානම් මෙන්න යමි.
(ලක්ෂමණ නික්මයයි.)
(රාවණා ආඬියෙක් මෙන් පැලඳ රථයෙන් පැමිණ සීතා ලගට ගොස් මෙසේ කියයි.)
රාවණා - පායන මේ බැද්දෙ තාරපතිද මේ - ආලනොවී ඉන්ට කාටහැකිද මේ - දිලිසේ දත් මුතුසේම සුබාවී වරලේ රඳවා පුෂ්ප සුදිලිසේ පායන මේ බැද්දෙ තාරපතිද මේ.
නාස නැමී ස්වර්ණ අංකුස ලෙස වේ - දෑස ඇගේ ඉන්ද්ර නීල මැණික සේ - පායන මේ බැද්දේ තාරපතිද මේ ලෙලදේ පුන්තන සෞම්යු ලඳාගේ - කැලෙඕ දැකලා ඈව මහද බෝ පායන මේ බැද්දෙ තාරපතිද මේ.
(රාවණා සීතා ලඟට පැමිණ කියයි.)
රාවණා - පුණ්යටවන්ත ස්වාමිදු. මාගේ කුසගින්න නිවාගන්ට කෑම ටිකක් දෙනු මැනවි.
සීතා - නූඔ කවුද?
රාවණා - මම අසරණ හිගන්නෙකි.
සීතා - මේ වනේ කෑම නැත - නමුත් අපට කන්ට තිබෙන කෑමවලින්වත් ටිකක් ගෙණත් දෙනකල් හිටපන්.
(සීතා කෑම අරන්ඇවිත් දෙයි.)
රාවණා - බොහොම පින් ලැබේවා - මා කවුදැයි තිට දැනගන්ට ලැබේ.
(සීතාව රැගෙණ රථයෙන් රාවණායයි.)
(රාමා සහ ලක්ෂමණ පැමිණෙති.)
රාමා - ලක්ෂමන් කෝ මගේ සොඳුර.
ලක්ෂමණ - ඕතොමෝ මෙහි වාඩිවී උන්නා.
රාමා - සීතා, සීතා, සීතා.
(රාමා දුක්වි මෙසේ කියයි.)
පහඩි - ගසල්
රාමා - ජානකී කෝමා සොහොයුරා නෑ මෙහි - මන්ද දිව්වේ ලා ම මල්ලී ඈ මෙහී - සත්තකයි මා දිව් නැසේ දැන් ශෝක බෝ - මේ නුඈෙඕ දෝසෙන් උනා සේ යය් පෙණී - ජානකී කෝ මා සොහොයුරා නෑ මෙහි.
ලක්ෂණ - කෑ ගසා අයියා මගෙ නමා කී කලා - යන්ට කීවා ඈ මටත් අයියා බලා - රාවණා සීතා ගෙණිච්චා නෑ සැකා - ඊට බෝ ශෝකා උපන්නා මා ළහි - ජානකී දේවි සොහොයුරා නෑ මෙහි
(හණුමා පැමිණෙයි)
අමිර් කල්යපන් - කැමිටා.
හණුමා - අඹ දඹ නාරන්, කෙසෙල් දෙල් පනා - කකා මේ වනා සැපා ලබනෙම් - ගංගාවේ ඕලු ඇත්තෙ. ඒ වාගෙ කෑම නැත්තෙ, ඈත පුෂ්ප අත්තෙ අත්තෙ ඒවා පිපෙයි අඹ දඹ නාරන් කෙසෙල්
පක්ෂිනාදේ රෑත් ඇසේවි, හීන් හඬම දෙත් නයි - මල්ලිකා වැල් බෝ තිබෙන්නා - විශාල මෙවනේ මම්, ප්රකවේසම් බෝම වෙලා ඉන්නෙම් - වාස සොඳා බැද්ද මෙදා ප්රී,ති හදා, වෙයි නිබඳා - බෝ මාදන් ඇත්තෙ මේ ගහේ - අඹ දඹ නාරන්.
(හණුමා රාමා ලක්ෂමන් දෙදෙනා දැක නමස්කාර කරයි.)
රාමා - කර්ණයේ කුණ්ඩලා ඇති නූඹ කවුද?
හණුමා - ස්වාමිනි මම අඤ්ජනන් දේවිගේ පුත්ර?යාවූ හණුමාය.
ලක්ෂමණ - ඔහෝ ! හණුමා !
රාමා - මාගේ ප්රිමය ෙසාඳුර සීතා රාවණා අරන් ගොස් මට තද දුක් පැමිණී තිබේ. - නුඹ ගොසින් ඈ ඉන්න පලාත දැනගෙණ එන්ට ඕනෑ.
හණුමා - ලංකාද්වීපයේ ඈ තබා ඇතුවාට අනුමාන නෑ - මට සොයන්ට බැරිවුනොත් වෙන කාටයත් බැරිබව ඔබවහන්සේ දන්නවා ඇති.
රාමා - මාගේ මේ මුද්ද ඈට දී මවිසින් නූඹ පිටත්කර එවූ බව කියාපන්.
හණුමා - එසේ යහපති.
අමිර් කල්යාවන් - ලාවනි.
හණුමා - සොයමි නොව පමා මෙකී බිරිඳා, තිබෙන කැලෑහි ලංකාවේ- අර තිබෙන කැලෑහි ලංකාවේ - සීතා ප්රීිති වේවි - මෙම මුද්ද දුටොත් ශ්රීල රාමාගේ - සොයමි නොව පමා - කීසේ කාරී ඉෂ්ටකරඤ්ඤා ලක්දිව ගිනි ලා මම එඤ්ඤා.
(හණුමා නික්මයයි.)
4 අංකය
[සංස්කරණය]හණුමා ගමන් කරයි.
කාලිංගඩා - වල්ති දාදරා.
හණුමා - නොතකා බෝසේ ඔදැති රාවණා - සීතාව සොයමි මෙලක්දිවේ - කුමරිගෙ ස්වාමි රාමා රජ අපේ - තදිනි හදේ පෙලෙය දුක් දරා - මෙලක දැන්ම ගිනි ලා - හංගා ජානකී ඉන්න සමීපේ - සොයමි මුද්ද දෙතෑකි.
(රාවණාගේ මුරකාරයා පැමිණෙයි)
රාවණාගේ මුරකාරයා- කවුද මේ මාගේ මුරවාඩියේ කෑගසා යන්නේ.
හණුමා - තොගෙ අප්පොච්චි. මොකද මාව දන්නේ නැද්ද?
හණුමා - මගෙ අප්පොචිචි මම දන්නවා - තෝ මගේ අප්පොච්චි නොවෙයි. හණුමා - තොගෙ අප්පොච්චි කවුද කියා අම්මගෙන් අහපන්.
මුරකාරයා - මොකද කවටකම්කරණවාද? මම රාවණාරජුගේ මුරකාරයා බව දැනගණින්.
හණුමා - රාවණාට රවන්ට පුළුවන් කෙණෙකි බොල මම - තව කටදෙඩ්වොත් ලොටවෙන්ට වෙයි.
මුරකාරයා - තොගෙ ඉලඇට බිඳ සුනකයින්ට කන්ට මෘතශරීරය දෙමි.
හණුමා - ජඩ කොල්ලා කාගෙද ඉලඇට බිඳෙන්නේ කියා බලපිය.
(හණුමා මුරකාරයා පොළවේ ගසා මරාදමා නික්මයයි.)
ii. ජවනිකා - අශෝක වනය.
[සංස්කරණය]රාවණා, සීතා සහ ත්රි-ජටා පැමිණෙති.
රාවණා - ත්රිසජටා මේ ස්ත්රීට තනිවට මේ වනේ උඹත් සිටපන්.
ත්රිාජටා - මහප්පාගේ අණප්රීනාර සීතා සමග සිටින්නෙමි - මාගේ පියා විභීෂණ මාව සොයනවා ඇති.
රාවණා - විභීෂණට මම උඹ මෙහි ඉන්න බව දන්වමි - ඒ ගැන බයවෙන්ට එපා.
(සීතාට කථාකර කියයි.)
සොඳුර මම නැවත එනකල් මේ ත්රිඋජටා සමග හිටපන්. නුඹව දමා යන්ට පය නැගේන්නේ නෑ
(රාවණා නික්ම යයි.) සීතා හඬා මෙසේ කියයි.
රාමග්රීන - දීප්වන්දි
සීතා - ඉන්දාශෝක වෙන්හි මා - දෙයි - බෝ දුක රාවණා විලාප කියා ඉන්නෙම් මේ වරේ - හෘදය යාවී පැලී රාජා රාම සැමී මගේ - අය්යෝ නොදැකා දුකයි රාජා රාම සැමී මගේ - අය්යෝ නොදැකා දුකයි පරාණ යතත් මාගේ ස්වාමියා - පතමි පේවී වනේ.
ත්රි ජටා - ප්රි_ය සිතා අඬන්ට එපා - නුෙඕ රාමකුමාරයා දැකගන්ට ලැබේවි.
(හණුමා පැමිණෙයි. සීතා දැක මෙසේ කියයි.)
කාƒපි - ලාවනි.
හණුමා - වැලපේ ශෝකා තාප වී - ඈ - වැලපේ ශෝක තාප වී පෙණෙ දෑස සේ මානෙල් - අගෙ කේශ පිල් සිකිසේ රූපේ ලක්ෂණට පේණා. වැලපේ ශෝක තාප වී - ඈ -වැලපේ ශෝක තාප වී -ලඳේ නාම කිම් තීගේ- මට පාදාදෙන්. සිරියාවී මේ තෑජ කර කෝලා.
සීතා - අරුම වානරය, මාගේ නම සීතා හෙවත් ජානකිය - මාගේ පුරුෂයාවූ රාම කුමාරයාගේ තොරතුරු කිසිවක් දන්නෙහිද?
හණුමා - (දනගසා නමස්කාරකර කියයි) ඔබවහන්සේගේ රාමකුමාරයා මා අත මුද්ද එවා තිබේ- ඒක බාරදී ඔබවහන්සේගේ සුවදුක් කෙසේද කියා දැනගෙණ යන්ට කීවේය. (මුද්ද සීතාට දුන්කල ඉඹ ඇගේ මුද්ද රාමාට බාරදෙන්ට හණුමාට දෙයි.)
සීතා - මාගේ මේ මුද්ද රාම කුමරුන්ට බාරදී මා කැටුව යාමට එන්ටෙයි කියාපන්.
හණුමා - සාමිදු භයනොවී සිටිනු මැනවි - පතිව්රටතාව පමණක් ආරක්ෂා කරගෙණ මෙහි සිටිනු මැනවි - රාමකුමරුන් ගේ පිරිස මෙහි පැමිණ යුද්ධකර ඔබවහන්සේ රාවණාගේ තොණ්ඩුවෙන් මුදා ගෙණයනවා ඇති.
සීතා - ඒ ප්රීනති දින කවදා පැමිණේද?
හණුමා - විගස පැමිණේ - ප්ර මාද නොවී මම යන්නෙම්- මට අවසර.
(නමස්කාරකර හණුමා නික්මයයි.)
සීතා ප්රීාතියන් කියයි.
මාඩි - දාදරා.
සීතා - සැමි රාමා - ඒවිද බේරා - දමනයුරා මේදුක දරා - ඉන්නවු සරා - ත්රිසජටා යාළුවේ- මරයි සැමි මෙසේ ක්රි්යාකරපු රාවණා - මෙම වෙලාවේ මාව සොයාවේ සුමිතුරාවූ ඒ හණුමාවේ - තී තී ති නොකියාවා - ඒවිද බේරා.
ත්රි ජටා - මාගේ යාළුවාගේ රහස් කාටවත් නොකියමි.
(රාවණා පැමිණෙයි.)
රාවණා - අහෝ සුන්දරී කෝපනොවී මා සනසා දමනු මැනවි.
සීතා - පතිව්රනතාව රක්ෂාකරණ මාගේ සාපය නොලබා නික්ම යනු.
රාවණා - කිසියම් ස්ත්රිායක් මට කිසිකලෙක ඔහොම කතාකළේ නැත.
ත්රිාජටා - මහප්පා මේ හැසිරෙණ විදිය බොහොම කැතයි.
රාවණා - උඹට ඇතිකතාව මොකද. මගේ සුන්දරී සමග මා කථාතළාට වුණු පාඩුව මොකද?
ජිංජොට් - ලාවනි.
රාවණා - ඉඳුසෙව් බැමාය මානෙල් දෑස - කුන්දා දන්ත මගේ ශ්රීුයා - මා සනසන් අදදීලා ප්රේවම - වචනාසෞම්යු නොවිහදරොස් - ප්රී්තිවේ හද දිටුකල තීගෙ මූණා - කෝපනොවී කන්දී - මා බස සිත්ගෙන මා හා ප්රීලති වෙනසේ මාගෙ යැදීමවේ දැන්.
සීතා - රකිමි පතිව්ර්තාව මම් නෑරා - රාගෙන් දෝෂ බොහෝ වේමැය් - මාදිවි දැන්යන නමුත් මේ බැද්දේ - රකිමි නෑර පතිව්රරතා මම්.
ත්රිාජටා - ඇන්නෑ ආදර - මෙම පර වාර - අන්ය.ගෑනු කෙරේ ඇය් ඇය් - බෝ පිළිකුල් පරදාරේ වේය - වැනසේ බෝ පවුල් ලොවේ ඉන්.
(රාවණා නික්මයයි.)
iii ජවනිකා - දණ්ඩක වනය.
[සංස්කරණය]රාමා දුකින් පෙළෙයි.
මාඩි - ලාවනි
රාමා - සීතා මා ශ්රී යා ඉන්නේ කොහේදෝ අනේ මෙකලා - බෝවි ශෝකා මාගේ දෙදරා හදා - මෙවර යාවී නිසැකා ඈව නොදැක මාගේ මෙහි මැරීයාම වේදැන් - රාවණා කළේ මෙවින් - බෝවී ශෝකා මාගේ දෙදරා හදා මෙවර යාවී නිසැකා.
(ලක්ෂමණ සහ හණුමා පැමිණෙති.)
ලක්ෂමණ - අපේ මිත්රෙ හණුමා සුභාරංචියක් අරන් ඇවිත් තිබේ.
රාමා - සීතාදේවි ඉන්නවාද. ජිංෙජාට් - වල්ති.
හණුමා - පණයාවී සොඳුරගේ අයියෝ - බොහෝ ශෝකා වෙය් ඉන්නා එලක්දිව බැද්දෙ වැලපී - ගෙණත් දෙන්ට කිව්වා මේ - මුදු - කෑග හැඬුවා - හා හ හා හා හා - පණ යාවි සොඳුරගේ අයියෝ.
(හණුමා සීතාගේ මුද්ද රාමාට දෙයි.)
රාමා - (මුද්ද අරන් ඉඹ මෙසේ කියයි) හනුමා මාගේ සෞම්යෝ දේවි වෙන මොකද කීවේ.
හණුමා - ඔබවහන්සේ සමග යන්ටෙයි කීවා.
ලක්ෂමණ - අපි යනවානම් යුද්ධෙට සූදානම්ව යමු.
රාමා - මල්ලී කී ලෙස අපේ සේනාවද හණුමාගේ පිරිසද කැටුව ගොස් රාවණා මරා සීතා නැවත අරගෙණඑමු. (නික්මයති.)
5 අංකය
[සංස්කරණය]i ජවනිකා - රාවණාගේ මාලිගාව.
[සංස්කරණය](රාවණා, විභීෂණ, මාරීව සහ ඉන්ද්ර ජිත් සිටිත්.)
විභීෂණ - අයියා විසින් කරණලද ඔය තක්කඩි වැඩය නිසා යුද්ධයක් වෙනවාට සැකනැත.
රාවණා - මල්ලී යුද්ධකරන්ට ඕනෑ තැනේදී යුද්ධකළ යුතුයි. අපේ නංගිගේ නාහේ කැපූ පලිය ගණිමි.
ඉන්ද්ර ජිත් - යුද්ධවෙනවාට භයේ ඉතින් කොයිඑක කළත් නිකම් ඉන්ට ඕනෑ - නැන්දාගේ නාහේ කපලාත් අපේ බාප්පා නිකම් ඉන්ටෙයි කියනහැටි
මාරීව - අප රජුවිසින් කරණලද වැඩේ කදිමයි - නාහේ වෙනුවට යස ස්ත්රිියක් අරන් ඇවිත් තිබේ.
(වැසියෙක් පැමිණේ.)
මාධි - දීප්වන්දි.
වැසියා - රාජා මෙදීප විනාශවේ යුද සේනා බෝ එති - හෝගා වානර රංචු සිටිත් රොස්වී බෝමේ - සීතා ගෙණාව නිසාලු මේ හැටි කෝපා බෝ - මුරවාඩියේ - සිටි මල්ලී මැරුම් කෑවේ අයියෝ - බේරී විසීම මෙදීපයේ බැරිවේ රාජා තේරී මෙකාරී කියන්ට ස්වාමිනි ආමී මම්. ___________________
විභීෂණ - මා කීව එක බොරුද? ඔන්න ඉතින් බලාගන්ට හොඳා මම අනිත් පාර්ශ්වයට එකතුවෙන්නෙමි.
රාවණා - මේ බයගුල්ලාගේ කතාව නුඹලාට ඇසුනාද? ලංකේශ්වරවූ මාගේ බලය මේකි බොහොම පාත් කර සලකා කථාකරයි. සීතා රැගෙණ ආමට මේ යුද්ධයත් කාරීයක්ද.
ඉන්ද්රැජිත් - බාප්පා පිරිමියෙක් නොවේ ගෑනියෙකි - ඔය හැටි භයවෙලා ලෝකේ ක්රිණයාකරන්ට බෑ.
විභීෂණ - හැම විජ්ජාවටම ලොකුලු ගැලවිජ්ජාව, ඒ නිසා රාමා ගේ පාර්ශ්වයට එකතුවෙන එක නුවණට හුරුයි.
මාරිව - ගැලවිජ්ජාව නොවෙයි ඔය බය විජ්ජාව.
ජිංජෝටි - වල්ති.
රාවණා - මේ දීපේ ඉන්නා මාගේ සේනා බීත නැත්තේ - බියෙන්ම ඉන්නේ බල්ලා ලෙස වී මේකා බු: බු: ගා සතුරා එක්කා බැඳීසිටිනවා - දෙමි බැට පයින් - මෙදා පොටේ - මේ දීපේ ඉන්නා මාගේ සේනා බීත නැත්තේ - කරන්ට යුද්දේ කව්දෝ බය ඒ රම්ගේ සේනා හා - දොඩවා පිස්සා වගේ තකතීරු කෙරුවද නිගා මටත් ලකේ.
(රාවණා විභීෂණට පයින් ගසා එලවයි.)
ii ජවනිකා - විථියක්.
[සංස්කරණය](හණුමා පෙරටුවේ ගමන්කරණ අතර ඉන්ද්ර්ජිත් සීතාගේ හිස වාගේ හිසක් රැගෙණ එලවා ඇවිත් මෙසේ කියයි.)
කමාජ්- දීප්වන්දි
ඉන්ද්රිජිත් - යොමාලා නෙත් දැක්ක හැක්කි සීතාගේ හිස මේ - මෙතොප හින්දා ඇගේ ඡෙසනය විය හිස මේ - බලා මේ දුවව් දැන් තොපේ ජානකීගේ - සැමිට දන්වා වර මේක දැනගන්ටම රගේ.
(හණුමා පපුවට ගසාගෙන කණගාටුවෙන් දුවයි.)
iii. ජවනිකා - ලංකාවේ වනයක්.
[සංස්කරණය](රාම ලක්ෂමණ සහ හේවා පිරිස සිටිත්.)
රාමා - හණුමා යුදධයට ගොසින් ඉන්න බැවින් තොපින් යුද්ධයට පිටත්වෙයවි. හේවාපිරිස - එසේ යහපති දේවයන් වහන්ස.
(හේවා පිරිස නික්මයති)
(විභීෂණ පැමිණෙයි. දනගසා නමස්කාර කරයි.)
රාමා - තොපි කවුද?
බූපකල්යා-න් - ත්රිාතාල.
විභීෂණ - මම සොහොයුරු රව්ලාගේ - පින් ගන්නා මා ස්වාමි - අයියා මාගේ රාජා රාවනා ගැලී රාගේහි - හාදවෙලා මේ ඔබේ පිරිස හා ඉන්ට මම් ආමි - මම සොහොයුරා රව්ළාගේ
රාමා - ඉන්න මෙදීපෙ නපුරා මගෙ සොඳ දේවි අරන් පැන්නා ඒ ගැන මම් සේනා ගෙන්වා ලංකා ගිනිලාමි.
ලක්ෂමණ - රාවණාගේ නම මතක්වෙනකොට මගේ ඇගේ මාලු නටනවා.
(හණුමා පැමිණ සීතාගේ හිස ඉන්ද්රනජිත් කපා ගෙණා බව රාම රජුට කියයි.)
ජිංජෝට් - හිංචි
හණුමා - අර රර රර රරර ගගා රාවණාගේ පුත්රියා - දේවිගේ බෙල්ල කපාලා එල්ලා ගත්ති ගත්ති අතින් සත්තකා- ඒක බලා මාගෙ ළයා ශෝක පිරිලා ගියා - ස්වාමිනේ සාක්ෂිවෙන්නේ මා දෑසා - දැක්කාය හිස නෑ මුසා.
රාමා - අයියෝ මේ විපත්තිය මොකද?
විභීෂණ - ස්වාමිනි ඉන්ද්රතජිතුගේ මායමකි - ඔබවහන්සේගේ දේවි සමග මගේ දුව අශෝකවනේ සිටි.
ලක්ෂමණ - විගස යුද්ධකරමු.
රාමා - රාවණා තවත් සිංහාසනේ ඉන්ට නාරිමි.
(නික්මයති.)
iv ජවනිකා - ලංකාපුර විථියක්.
[සංස්කරණය](හණුමා පාරේ ඉන්ද්ර ජිත් එලවා යයි. ඉන්ද්රුජිත් පාරේ ලක්ෂමන් එලවායයි.)
ඉන්ද්රුජිත් - හිටපන් මොකද පස්ස බලබලා දුවන්නේ.
ලක්ෂමණ - මාගේ මිතුරුපාරේ එලවන මේකා කවුද. (බෙල්ල ලගින් ඉන්ද්රුජිතුව අල්ලාගෙණ සිටිනකල හණුමා ආපසු ඇවිත් ඉන්ද්රුජිතුට ගසයි.)
හණුමා - ඉඳා කාලාවරෙන් (ඉන්ද්රකජිත් නසී)
ලක්ෂඔණ - හණුමා මේකාගේ මෘතශරීරය රාමාට පෙන්නාපන්.
හණුමා - ඒක බොහොම ප්රීාතියෙන් කරඤ්ඤා.
(නික්මයති.)
v. ජවනිකා - රාවණාගේ මාලිගාව.
[සංස්කරණය](රාවණා කල්පනාවෙන් යුක්තව ඇවිද සිටින අතර පණිවිඩකාරයෙක් පැමිණ ඉන්ද්ර ජිත් මරණලද බව කියයි.)
පණිවිඩකාරාය - දේවයන් වහන්ස ඔබවහන්සේගේ පුතා ලක්ෂමන් විසින් මරණලදී.
රාවණා - මාගේ පුතා මැරුණා!
බයිරවි - ලාවනි.
රාවණා - ශෝකා මේ මගේ බෝවි - හදිකළා රාම් - එක්වී සේනා ලක්ෂමන් ආවා - යාය උන්ගෙ පණ යුද්ධ භූමියේ - මාලු කමි බිබී රීරී - රීරී බොන්නෙම් මරා සේනා - හදි කළා රාම් - ශෝකා මේ මගේ බෝවි.
(නික්ම යයි.)
vi. ජවනිකා - යුද්ධ භූමිය
[සංස්කරණය](වනාන්තරයක්.)
(හණුමා සහ වඳුරුසේනාවද රාමා ලක්ෂමණද පැමිණෙති.)
බිහාග් කමාජ් - කැමිටා.
වඳුරුසේනා - ටොක්කා ටොක්කා සේරෝම දෙමුකෝ රාම් -
හණුමා - රාවණාගේ හිස් දහස - යාවී පැලී ඒකෙන් - ටොක්කා ටොක්ක සේරෝම දෙමුකෝ රාම් - හේතුවේය වැටී යුද්දේදි දසියා - පාගා ලාමු රාගවිසේ යය් - දීපේ පාප වැඩි රවිළාගේ දෝසා ඒකාගෙ රාගේ වැනසිලා යය්.
රාමා - මාගේ අණසක තිබෙන මෙම ලංකාද්වීපයට පැමිණ මා ගේ පුත්ර_ ඉන්ද්රකජිත් මැරුවේ තොපිද.
හනුමා - ඇයි ඇන්නෑවේ අපේ මේ එක නහයකට සෙම්ප්ර.තිෂ්යාදව හැදුනාම තිබෙන අමාරුව මෙච්චර නම් මේ නාස් දහයකටහේම සෙම්ප්රතතිෂ්යාචව සෑදුනොත් කොච්චර අමාරු ඇද්ද.
රාවණා - හහා උඹත් මෙහෙද, වරෙන්කො එහෙනම් බලන්ට.
(රාවණා හණුමා ළගට යයි.)
හණුමා - මොනවද බලන්ටද අඬගහන්නේ.ඔලුගෙඩි දහයම පැලිලා යන්ට තඩිගහන බව දැනගණින්.
(රාවණා කිපී හණුමා සමග යුද්ධකරණ අතර රාමා මෙසේ කියා අතරට පැමිණ රාවණාට විදි.)
දේශ් - කැමිටා.
රාමා - ගෑනුහොරා දුෂ්ටවාරේ කෝ - දැරීද දැන් - තෝ අද විනාශවෙයි - යුක්ති කෝ දැන් අවනඩු - අන්න්ගේ ගෑනු අරන් - මට්ටුකරම් රාමසැරේ - දත්තෑකි පර - වාරේ තෝ දැරීද දැන් ගෑනු හොරා.
(රාමා රාවණාට විද්දකල රාවණා මරහඬදී වැටී නසියි.)
vii ජවනිකා - විථියක්.
[සංස්කරණය](රාමා , ලක්ෂමන් , හණුමා, විභීෂණ සහ වඳුරුසේනාව ගමන් කරති. පළමුවෙන් හණුමා යයි)
රාමා - මිත්රන හණුමා උඹ කල්ඇතුව ගොස් මගේ රම්යහ සීතාට මා එනබව දන්වාපන්.
හනුමා - ඔබවහන්සේ රාවණාව මරා සීතාව ගෙණියන්ට එනබව කියඤ්ඤා.
ජිංජෝට් - වල්ති.
රාමා, ලෝකේ නසනා රව්ළා - කෑගා මළා කරයුද්දේ - ඒ ලක්ෂණමණ, - ගැන අපි සන්තෝසේ - නික්ම යම්මෝ අශෝක වන විභීෂණ එල්ලේ.
හනුමා - රාගේ දොස් බැව් දැක්කා - ලෝකෙට රව්ළා ලොක්කා නැසුනි ජානකී හින්දා නීචරාගේ නිසාම මරු ආවා.
(නික්මයති.)
vii. ජවනිකා - අශෝක වනය.
[සංස්කරණය](සීතා සහ ත්රිජජටා සිටිත්.)
සීතා - හණුමා මාගේ මුද්ද අරන් ගියා ගියාමයි තවම ආරංචියක් නෑ.
ත්රිසජටා - ඔහු විගස එනවාට සැක නෑ.
සීතා - හණුමාගේ කටඅඬ ඇසෙන්නා. එකත් එකට ජයවෙලා එනවා.
(හණුමා පැමිණෙයි)
හණුමා - සාමිදු ඔබවහන්සේට සුභාරංචියක් ගෙණාමි. රාවණා මරා ජයපානයකර රාමකුමාරයෝ විගස එති - කලින් දන්වන්ට ආමි.
සීතා - හණුමා බොහොම ස්තුතියි. යම්තම් දැන්තමා මගෙ හිත ප්රී තිවුනේ.
ෙසාරටි - දාදරා.
සීතා - මගෙ දුක අද සුන්වි ගියේ - ශ්රීට රාමකුමර පැමිණ මා - දකී මගෙ දුක අද සුන්වි ගියේ - රාවණාෙග රාගදෝස බෝ විය විකාර ලෙස් - මෙසේනසී ජනා සැරේ - ශ්රී රාමකුමර පැමිණ මා දකී
ත්රි_ජටා - මගෙ දුක අද සුන්වී ගියේ - ශ්රීම රාමකුමර පැමිණ මා දකී මගෙ දුක අද සුන්වී ගියේ - රාවනාගෙ රාගදෝස බෝ විය විකාර ලෙසේ - මෙසේනසී ජනා සැරේ - ශ්රීෝ රාමකුමර පැමිණ මා දකී
ත්රි_ජටා - අනේ මාගේ මහප්පා මැරුවාට කණගාටුයි.
රාමා, ලක්ෂමණ, විභීෂණ පැමිණෙති.
(රාමා සීතාව දැක ඉතා ස්නේහෙන් සිපාචාර කරයි.)
ජිංජෝට් - වල්ති
රාමා - ලැබුනද අද මගෙ සිරියාවි - සිඹ මූණ සනසපන් දේවි දැන් මා පනේ නාඬන් - රුදු රව්ළගෙ දොස් මම් සින්දෙම් - පලිගන්ට මෙහිමම් ආවෙමි - දැන් ප්රීොතිව දෙදෙනා යමු දේවි - ලැබුනද අද මගෙ සිරියාවි - සිඹ මූණ සනසපන් දේවි මා පණේ නාඬන්.
සීතා - දුක යාය මැකි මා දැන් මා දැන් - පණ ආය මැරී උන්නෙම් මම් - සන්තෝසය මෙමටා ඇත බෝසේ - හිරිහැර කළ අර රුදු රව්ළා - මගෙවාර නොදැන දුක්දුන්නා - ඉන්දා වනේ රාගෙන්.
ලක්ෂමණ - පරදාර ක්රි යාවේ ලොල්වී - සිටි රාවණාගෙ දප් සින්දී දැන් ජානකී ලැබිලා සිතප්රීරති - අපි රජකමදෙමු මෙලංකා. මේ විභීෂණට මගේ අයියා - දෙන්ට වටී ප්රේිමෙන්.
(විභීෂණට කියයි.)
රාමා - උපකාර ලැබේවා නිත්තේ ලක ආණ්ඩුකරන් මින් මත්තේ ලංකාවට රජවී මගෙ යාලු මට එකතුව කළ උපකාරී සිහිවේය නිතර ඉන්ප්රී්ති - ලංකා කරව් ආණ්ඩු
විභීෂණ - තුති බෝලෙස දී ඒ ගන්නෙම්
ලක ආණ්ඩු ෙසාඳින් සාදන්නෙම්
නෙක් සාගත වලකා දෙමි ශාන්ති
ඔබ ගුණ මහිමය ඇත තේරී.
ලොව සෑම ජනට මා ස්වාමී
දැන් බෝ දිගා වේවා.
(ත්රිදජටාට කියයි.)
සීතා - මට යාලුව උන් සීදේවි මගෙ ශෝක හදේ බෝ වේවි දැන් තී මෙහි දමලා යමි නික්මි මතකට ඇත කළ උපකාරී මම මූන සිඹිමි සිත් තොස්වී උන්නා සෙනේ පාමින්.
ත්රිාජටා - හිත ශෝක සිඳීලා යය් යය් සැමි එක්ක පිටත්වී යෑමෙන් සන්තෝසය සිදුවෙයි සිරියාවී ඔබ මට කල තුති ඇත සෑහී ගුණ පාන ඔබට සෙත්වේවා වේවා දිගා ශ්රී යා.
හනුමා - අර ගෑනු හොරා ලංකාවේ නැතිවෙච්චි මෙදා ඇන්නෑවේ ඉන් ජානකි ලැබුනා සිත ප්රීලතී ජය පාන කරමු ගොස් රැස්වී වේවා ජයා සෙත්වි.
............. // ............