Jump to content

ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව/ශ්‍රී වික්‍රම රාජසිංහ (1906)

Wikibooks වෙතින්

ශ්‍රී වික්‍රම රාජසිංහ

(අපේ අන්තිම රජ)

(ක්‍රි.ව. 1906)


TO Donald Obesekera Esquire, B.A. Barrister – At – Law and Advocate Of The Hon’ble the Supreme Court of The Island of Ceylon This Drama is Respectfully Dedicated by Its Author.

ශ්‍රී ලංකාද්වීපයේ ගෞරවාර්භ ශ්රේෂ්ඨාධිකරණ ශාලාවේ අද්වකත් ධුරන්දර ඩොනල්ඩ් උභයසේකර මැතිතුමාණන්ට ‍මෙම නාටකය එහි කර්තෘා විසින් සාදර ගෞරවයෙන් ඔප්පු කරන ලදී.


නි ම ල යස හර දිගඹු ගෙල බැඳ පාන සිහ රද සේ විකු ම් දෙකු ල සක කිරි විලස පිරිසිදු මැතිඳ සංගීතය සියු ම් මෙක ල අප සිය බසිනි නැති බව පෙණී කළ මෙම ගත් උතු ම් සි හ ල ජන තුඩ තුඩ තිබෙන්නට ඔප්පුකරණෙම් ඔබට ම ම්


නාට්‍ය කරුවෝ


ශ්‍රී වික්‍රම රාජසිංහ (අන්තිම සිංහල රජ), පිළිමතලව්වේ (මහ අදිකාරම), ඇරැව්වාවල (දෙවෙනි අදිකාරම), දඹගොමුවේ දිසාපති (එනම් දිසාපති), ලෙව්කේ දිසාපති (සිංහල යුඬ සේනාපතියෙක්). ඇහැළේපොල (මහ අදිකාරම), මොල්ලිගොඩ (දෙවෙනි අදිකාරම), මිල්ලෑව නිලමේ (එනම් නිලමේ), මීගස්තැන්නේ නිලමේ (එනම් නිලමේ),දියවඩණ නිලමේ (දන්තධාතුන්වහන්සේ භාරව සිටි නිලමේ), සළුවඩණ නිලමේ (රජුගේ ඇඳුම් පළඳවන නිලමේ), පුස්වැල්ලේ (එනම් නිලමේ), දුල්වැවේ (එනම් නිලමේ), රත්වත්තේ (එනම් දිසාපති), දවුලගල (රටේ මහත්මයා), ඉලංගෙයි මොහොට්ටාල (සිංහල සෙල්ලක්කාර මඩුවේ ප්රුධානියා) නෝර්ත් උතුමාණන්වහන්සේ (ඉංග්රීලසි ආණ්ඩුකාරයෙක්), සර් රොබර්ට් බ්රාවුන්රිග් (ඉංග්රීලසි ආණ්ඩුකාරයෙක්), බොයිඩ් (ඉංග්රීෙසි මහලේකම), මේජර් ඩේවි (ඉංග්රීතසි යුඬ සේනාපතියෙක්),ඩොයිල් (ඉංග්රීෙසි යුඬ සේනාපතියෙක්), ලුවීද සරම් (එනම් මහමුදියන්සේ), ඇහැලේපොල කුමාරිහාමි (පුස්වැල්ලේ දිසාවගේ භාය්ය්්රාව), පුස්වැල්ලේ කුමාරි (මෙම දිසාපතිගේ දුව), ලොකුබණ්ඩා (ඇහැලේපොලගේ වැඩුමල් පුතා), මද්දුම බණ්ඩා (ඇහැලේපොලගේ දෙවෙනි පුතා), ඩිංගිරි මැණිකා (ඇහැලේපොලගේ අත දරුවා), රණරාල (සිංහ‍ෙල් රජුට විපක්ෂ වූ සිංහලයෙක්), මුද්දුසාමි (සිංහලේ රජුට විපක්ෂ වූ රජුගේ නෑයෙක්),මහඔය ආරච්චි (කටුබුල්ලේ ප්රුධානියෙක්), පලිපාණ දිසාව (එනම් දිසාපතියෙක්), එක්නැලිගොඩ (එනම් මොහොට්ටාල),පුස්වැල්ලේ (ගබඩා නිලමේ), කිරි අම්මා (ඇහැළේපොල වලව්වේ දාසියක්), දාසි (ඇහැළේපොල වලව්වේ වැඩකාරියක්.) දෙමළ වෙළෙන්දෙක්, ගහලයෝ, වැසියෝ, ලියුම්ගෙණ යන්නෙක්, මරක්කල, වෙළෙන්දෝ, හොරෙක්, සිංහල යුඬ සේනාව, කටුඹුල්ලේ මුලාදෑනි, සූත්ර ධාරී, නාටිකාංගනාව, ලීකෙළිකාරයෝ,කලගෙඩි සෙල්ලම් කරණ ස්ත්රීටයෝ, උඩැක්කිකාරයෝ.


පුවත


(සූත්රරධාරී පැමිණ කියයි.)


කල්යාූන්.

සව්නේදත් පින්වත් උතුම් ශාක්යක මුනින්දාගේ පාසර සාදා මා හිසේ කරම් ‍දොසා බංගේ

ශ්රරඬාවෙන් මේගත් ගෙතු නීතිය දත් දුල්වා සව්සුර, සෙත්දීලා රකිත් කිවින්දු ජේ සිල්වා

ඒවාගේ මේ නාටකේ නාට්යසකරුවන් සැමා වස්දොස සින්දාලා දමා රකිත් සුරෝ සැමා

විශ්වනාක් ලව්ජි නමැත් හින්දු එසංගීතේ දත් අප ආචාරීන් රකිත් සුරෝ නොදී බිතේ

එමන්කල්යාාන් - දඳරා

සුදන උතුම් රැස්වූ මෙහි පෙර කථාවක් අද සිත්සේ අසනු මෙකල සිදුලෙසේ - සුදන සිංහල ද්වීපේ හේවාපන්නේ ඇතුව විසුව සිංහාසනේ ශ්රී වික්රනම රාජසිංහ - නම් චරිතය අසනු දැන්

(නාටිකාංගනාව පැමිණ සූත්රිධාරීන්ට වඳි.)


සූත්රාධාරී - ප්රිරය ‍ෙසාඳුර ශ්රීත වික්ර ම රාජසිංහ නමැති අන්තිම සිංහල රජු ගැන අප කිවිසර නීතිඥ ජොන්ද සිල්වා මහතුන් විසින් සිංහල ආය්ය්ප ක සුබොධ නාට්යන සභාවට නාටක කරදී තිබෙන එම මධුර නාටකය අද රාත්රිීයේ මෙම ශාලාවේ දක්වන්ට අපට අවසර ලැබී තිබෙන බැවින් රාග තාල නොබිඳ සින්දුවක් කියා රැගුම් දක්වා එම නාටකය පටන් ගණු මැනවි.

නාටිකාංගනාව - එම ඉල්ලීම සන්තෝෂයෙන් ඉෂ්ටකරමි.


ජිංජොට් - කැමිටා

සිරිසාරබෝ - සිරිසාරබෝ මෙ දීපෙ ඉන්නාවූ ජාති - සිරිසාරබෝ සියරටේ කථා - දැන් දැන් නොදත් නිසා - පරකථාම සොයායත් - ඉන් දෝෂ බෝවෙමැය් ලංකාභි වාසි - ඇන්නෑවේ තෝස්වී බලත්වා බලත්වා බලත්වා අපේ නාට්යේ දත්තෑකි - පූර්වන මේ කථාන්තරා සිරිසාරබෝ ________________

සූත්ර_ධාරි - සොඳුරගේ සින්දුව අසා ප්රී තිවුනෙමි. දැන් මකියන සින්දුවට නටන හැටි බලන්ට කැමැත්තෙමි. එබැවින් එය අසා ශාස්ත්රා නුකූලව නටනවා ඇතැයි බලාපොරොත්තු වෙමි.


සොරට් - පංජාබ්.

පතීව්ර තා රක්නා සුන්දරී සහාතුලේ ඉන්න සැමා නටාකරනු සන්තෝසේ - පතීව්රේතා - ලංකාද්වීපේහි සිංහල වංසේ උතුමෝ මේ ශාලාවෙ ඉන්නාහූ සැමා සිත් ප්රිෙයවෙන්ටා පානු ශෘංගාරා - පතීව්රිතා - මාපාධානිසා - නිධපනිසා තරිකිට ධා - ධා තරිකිට තකධා සීදේවි ලබා ගන්නට තෑගි - ‍දක්වන් ශෘංගාරා - පතීව්ර තා

(දෙදෙනාම නික්මයති)


1. අංකය

[සංස්කරණය]

i. ජවනිකා - පිළිමතලව්වේ මහඅදිකාරම්ගේ වලව්වව.

[සංස්කරණය]

රාජාධිරාජසිංහ රජු මළබව වැසියට දැනගන්ට ලැබුනොත් වියවුල් ඇතිවෙන්ට පුළුවන. එබැවින් රජතුමන් ලෙඩින් සිටිනවා යයි හගවා සිංහලේ පාලනය පිණිස නිස්සෙක් තෝරාගන්ට ප්රනස්තාව පැමිණ තිබේ. නුමුත් සිංහල රාජධානිය සිංහල රජදරුවෙක් විසින් පාලනය කරනු ලබනවා මිසක් දෙමළ වංශයට අයත් රජෙක් විසින් පාලනය කරණු ලැබීම අපට නින්දාවකි. එබැවින් සිංහල රජකම ලැබීමට වෑයම් කරන්නෙමි. නුමුත් අපේ සිංහල නිලමවරුන් අතුරෙන් ඇරැව්වාවල දෙවෙනි අදිකාරම් තැනද දඹගොමුවේ දිසාපති තැනද මාගේ අදහස් ඉෂ්ටකරගන්ට ඉඩ නොදෙති.මෙය නිසා ස්වර්ගස්ථ වූ රජුගේ දෙවෙනි බිසව වන උපෙන්ද්රඩම්මාගේ සහෝදරිගේ පුත්රගයාවූ කන්නසාමි නම් අවුරුදු 18 ක් වයසැති තරුණයා රජකමට පත්කරවාගෙණ දෙවනු මට ඕනහැටියට රජකම ලබාගන්ට ක්රිැයාකරන්නෙමි. වහාම සිංහල නිලධාරීන් කැඳවා ඔවුන්ගේ කැමැත්තත් ඇතුව එකී කන්නසාමි රජකමට පත්කර ගන්නෙමි.


ජිල්ලා ජිංජෝට් - ලාවනි.

මෙහි වහාම නිලධාරින් කැඳවා මම් තෝරාගෙන ඒ කුමරා සිතසේ අප දීපේහි රජකම් අරගෙණ දීලා ඒකාව මරා ලන්නෙමි මම ඊට පසු ලංකාවෙ කිරීටය අරන් හිසේ ලන්නෙම්.

මට හතුරෝ බෝසේ සිටින්නහූ අන්තරා සිදුවෙය් -

උන් සේරම මරවමී නෑරා රජ වෙන්නට සිත් ප්රි්යසාරා රට පාලනයට යන්නෙම් - රජවී මම්

සිරිලකේහි ඉංග්රී්සින් - කොඩිදා දැන් මූදුබඩෙහි සිටිති යුදෙහි නිතිපේවී පා මැරකම් සමගිව උන් හා මේකාගෙ නිලේ ගන්නෙම් උපකාර ලබාගත්තෑකි පරාජයනොවී රජාවෙන්නෙම් රජකම්දීලා කන්නසාමිටා

අන්තරා කරණෙමි මම් සිංහල රජකම ගන්නෙමි දෙමළුන්හට ඒ නොමදෙන්නෙමි සියවංශය ලොව නංව‍ා තබමි මම්

(නික්මයයි.)

ii . ජවනිකා - කන්නසාමිගේ නිවස

[සංස්කරණය]

(කන්නසාමි වාඩිවි පුස්කොල පොතක් කියවමින් සිටිනකල පිලිමතලව්වේ මහඅදිකාරම පැමිණෙ.)

පිළිමතලව්වේ - ඊයේ රෑ 9ට අප රජ්ජුරුවන්වහන්සේ ස්වර්ගස්ථ වූ බැවින් රජකමට නිස්සෙක් වහාම තෝරාගන්ට කාලය පැමිණ තිබේ. මුද්දුසාමි බංගරුසාමි කන්නසාමි සින්නසාමි අප්පුසාමි රාමසාමි යන මොවුන් අතුරෙන් කවුරු හරි නිස්සෙක්වාට අනුමාන නෑ


කන්නසාමි - ඔව් අප ස්වර්ගස්ථ වූ රජුගේ පළමුවෙනි තුන්වෙනි බිසෝවරු වන අලමේලු අම්මා සහ රෙංගනායගී අම්මාගේත් ඔවුහු සහෝදරයෝ වෙති.

පිළිමතලව්වේ- ස්වර්ගස්ථ වූ රජුට දරුවෙක් නැතිබැවින් අප සිංහල නිලධාරීන් වහාම කැඳවා ඔබ වහන්සේ රජකමට නිස්සායයි පත්කරවා ගණිමි. ඔබවහන්සේ මට හිත ඇතුව ක්රිණයා කරණවා ඇතැයි බලාපොරොත්තු වෙමි.

කන්නසාමි - මහ නිලමේගේ අවවාද පිට ක්රි යාකරන්නෙමි.

බූපකල්යා්න් - දාඳරා

පිළිමතලව්වේ- කැන්දවා දිසාපතින් මේ ගැන කතා තරන්නෙම්

කන්නසාමි - මාන්සිගන්ට නිලමේ සෑහේ ඊට වාසිවේ බෝ

පිළිමතලව්වේ- කැන්දවා දිසාපතින් මේ ගැන කතා කරන්නෙම්

කන්නසාමි - මා කෙරේ විශ්වාසවෙන්ට වාසනාවක්මය් සිංහලුනගෙ දීපෙ ආණ්ඩු ධර්මයෙන් කරන්නෙම්

පිළිමතලව්වේ- කැන්දවා දිසාපතින් මේ ගැන කථාකරන්නෙම් මේ ඔබේ පත්වීම වාසනාවකි කාගෙත් ඊට මාර්ගයක් සොයන්ට ඉක්මණින්ම යන්නෙමි. (නික්ම යයි.)

iii . ජවනිකා - විථියක්

[සංස්කරණය]

(ඉලංගෙයි මොහොට්ටාල පැමිණේ.)

සින්ධුරා - ලාවනි.

පිනවන්ට සවන් ඇසුවන්ගේ සොදින් සංගීත සිංහලද්වීපේ මාවාගෙ උගත් මේ කාලෙ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ -මහ මෝඩකමක් තව ඇද්ද රටේ මා ‍එක්ක අනේ ඇය් කෝපේ- ඇන්නෑ ඊර්ෂ්යාක මුන්ගේ මෝඩකම් පේනා - පිනවන්ට සංගීතකාරයෝ බෝමය් - පුප්පන්ට ඉතා සමතෝමැය් ජෝන් ද සිල්වා 289

දැනගත්ත ශාස්ත්ර යක් නැත්මය් - නොදකින් නරිවාදම් පෙරෙන්නා දැන් - පුරා පල්ලෙන් - ඉලගෙය්රංගේ මාගෙන් තේරේ.

iv . ‍ජවනිකා - සෙංකඩගලනුවර මඟුල් මඩුව

[සංස්කරණය]

(පිළිමතලව්වේ මහ අදිකාරම ඇරැව්වාවල දෙවෙනි අදිකාරම දඹගොමුවේ දිසාපති මිල්ලෑවේ නිලමේ මීගස්තැන්නේ නිලමේ දියවඩණ නිලමේ සළුවඩණ නිලමේ සිටිත්.සිංහල වැසියෝ ඉන්පිටත සිටිත්.)

පිළිමතලව්වේ- දිසාපතිරුනි, අපේ රාජාධිරාජසිංහ රජතුමන්ට රෝගයක් වැලදී තිබේ. එය සාධ්ය, නොවේ යයි සිතිය හැකිය. එයින්ම රජතුමා ස්වර්ගස්ථ වී නම් ඒ පුවත ර‍ටතොට පැතිර ගියකල රජ කෙනෙක් නැත්තම් වියවුල් ඇතිවෙන්ටට පුළුවන. එම නිසා රජතුමා ජීවත්ව සිටියදීම රාජ්ය්ය පාලනයට නිස්සෙක් තෝරා ගැනීම මෙහි රැස්ව සිටින තැනැත්තන්ට භාරය.

දඹගොමුවේ දිසාපති- ඔටුන්න හිමිකෙනෙක් නැතිබැවින් මේ සභාව විසින් නිස්සෙක් තෝරාගත යුතුය. එසේද වුවත් රජබව ලබන්ට නිස්සා අසවලාය යන බව අපට වඩා හොඳින් අදිකාරම්වරුන්ට දැනෙන්නේය.

මීගස්තැන්නේ- රජ්ජුරුවන්ට ජාතක කුමාරයෙක් නැතිබැවින් රජුගේ පළමුවෙනි බිසව වන අලමේලු අම්මාගේ සහෝදරයාවන මුද්දුසාමි සෑහෙයි කියා සිතමි.

මිල්ලෑවේ - ඒ කෙසේ වෙතත් අපේ අදිකාරම්වරුන්ගේ කල්පනාව පිට සුදුස්සෙක් තෝරාගන්නවා නම් හොඳයි.

දියවඩණ නිලමේ - අප නිර්මල බුද්ධධර්මයට පිටුනොපා ක්රිඩයාකරන්නෙක් පත්කරගතයුතුයි.

සළුවඩණ නිලමේ - එසේම සිංහල විරිත් වලට පයින් නොගසන යහපත් බුද්ධියක් ඇති කුමරෙක් වියයුතුයි.


පිළිමතලව්වේ- මාගේ කල්පනාව කන්නසාමි කුමාරයා තෝරා ගන්ට නිස්සා බවයි.

(නිලමවරු එකිනෙකා සමග හෙමින් කතා කරති.)

දඹගොමුවේ දිසාපති - අපි සියලුදෙනාම ඊට කැමතිය. නුමුත් මෙහි රැස්ව සිටින වැසියන්ගේ කල්පනාව කෙසේදැයි දැනගන්ට සෑහෙයි.

පිළිමතලව්වේ- රට වැසියනි කන්නසාමි කුමාරයා සිංහලේ රජකමට පත්වෙනවාට නුඹලා කැමතිද?

වැසියෝ - දෙයියෝ බුද්වන්ඩ අපි සියලුදෙනාම ඊට කැමතිය.

පිළිමතලව්වේ- මේ කුමරා රජකමට සම්මතකරණ ලද්දේ මෙහි රැස්වී සිටින තැනැත්තන් විසින් බව හොදින් හිතේ තබා ගතයුතුය. ඒ අපේ කැමැත්තට එකඟවෙමුය. අපද ඊට දෙන කැමැත්ත මතු අවලංගු කළහැකි නොවේය.

බිහාග් කමාජ් - දාදරා.

සියලුදෙනා - දන්න වම්හුම් අප කන්නසාමි රාජධූරයේ - රාජධූර - රාජධුර - රාජධුරයේ - දන්න වම්හුම් -

රකී බුද්ධ ධර්ම සීලෙ පූර්වේ රජුන් ලෙසේ - අධර්මිෂ්ඨ නීචක්රිලයා යය් මැකී ලකේ - යය් මැකී - යය් මැකී - යය් මැකී ලකේ

දනී සිංහලුන්ගෙ ශාස්ත්ර් ආගම් මනාලෙසේ ඉතින් ප්රීනතියෙන්ම යමව් ඒතුමා වෙතේ - ඒ තුමා ඒතුමා ඒතුමා වෙතේ. දන්න වම් හුම්


(නික්මයති.)


2. අංකය

[සංස්කරණය]

i. ජවනිකා - පත්තිරිප්පුව.

[සංස්කරණය]

කන්නසාමි කුමාරයා රාජාභරණ පැළඳ දන්තධාතුන්වහන්සේ ඉදිරියේදී පඤ්චශීලයෙහි පිහිටා මල්‍ පහන් පුදා පත්තිරිප්පුවට පැමිණ එහි ඇදතිබෙන තිරයට මුවාව වැඩ ඉඳිනසේක. පිළිමතලව්වේ ඇරැව්වාවල දඹගොමුවේ දිසාපති මිල්ලෑවේ නිලමේ මීගස්තැන්නේ නිලමේ දියවඩණ නිලමේ සළුවඩන නිලමේ ආදී නිලධාරීහු රැස්ව සිට සුබ මොහොත පැමිණ විට තිරය ඉවත්කරති. එවිට ජනයෝ වෙඩි ශබ්ද පවත්වත්. සියලු නිලධාරීහු ප්රී.තිඝෝෂා පවත්වති. ඉලංගෙයි මොහොට්ටාල කෙළිසෙල්ලම් පවත්වති.

ජිල්ලා - ලාවනි.

නිලමවරු - කිරීටය ලංකා ද්වීපේහි දාරණ රාජාසැරදේ තොස්වී දැන නීති මේ ලක්දිව තිබෙනා ආණුඩු කරන් ‍රාජා සංසාරේ දුක තේරීලා බෝ අධර්ම පැහැර හරින් - කිරීටය ලංකා අප දීපේ මේ සිංහල වැසියෝ පක්ෂව ඉන්නාහු උන්ගෙන් නෑ කිසි අන්තරා හා විපත්ති බූපතිනි - කිරීටය ලංකා පරදේශීන්ගේ දර්පය බිඳලා රාජ්යය කරන් ස්වාමි ශ්රීය ස්වෛරීබල සිංහලුන්ගේ නොසින්දනු නරසී - කිරිටය ලංකා

(මෙසේ කියා සියලුම නිලමවරු පසඟ පිහිටුවා නමස්කාර කරති. පිළිමතලව්වේ මහඅදිකාරම් රැස්ව සිටින නිලධාරීන් රජුට හඳුන්වා දෙයි. එවිට රජ්ජුරුවෝ මෙසේ කියනසේක.)


ශ්රීර වික්රංම රාජසිංහ - අපේ රාජධානියේ නිලධාරින් හැඳිනගත් එක ගැන ප්රීියට පැමුණුනෙමි. ස්වර්ගස්ථ වූ රජුන් ජීවත්ව සිටියදී පක්ෂපාතව ක්රිණයාකළා වගේම සියලුම නිලධාරින් අපටද පක්ෂපාතව ක්රිණයාකරණවා ඇතැයි විශ්වාස කරම්හ.

නිලමේවරු - පස්වාදහසත් බුදුවන්ඩ දේවයන්වහන්ද ඔබ වහන්සේගේ කැමැත්ත ප්ර කාර අපි සියලු දෙනාම ක්රි්යා ක‍රන්නෙමු.

ඉලංගෙයි මොහොට්ටාල - දේවයන්වහන්ස මහ නිලමේ මෙහි සිටින සියලුම නිලධාරීන් ඔබවහන්සේට අඳුන්වා ‍දුන් නුමුත් මා අඳුන්වා දෙන්ට බැරිවුණු එක පුදුමයි.

පිළිමතලව්වේ- ඒක මට බැරිවුනා.

ඉලංගෙයි මොහොට්ටාල - මහතැනින් බැරිවුනාම මහබැරිකම කියා කිව්වොත් වරදක්ද?

පිළිමතලව්වේ- හා හා ඔහොම කියන්නේ ඇයි.

(රජ සිනාසෙයි)

ඉලංගෙයි ‍ෙමාහොට්ටාල - ‍හෝ හෝ එහෙනම් මෙහෙම කියන්ටද?

පිලූ - කැමිටා

දමාගන්ට හමස්පෙට්ටියේ මා මුන්නැහේ උන්නු ර‍ඟේ මේවරා එපා ඔහොම නිගදෙන්ට ඔබේ තේජ සාරවෙන්ට කියා සින්දු සිත් තොස්වෙන්ටා බෝ ලෙසේ මළානිකවි නොඉන්ට සහා පිරියා කරන්ට සිඳාලන්ටා සිත් දුක් පිනාගන්ටා මේ කන් අපේ සංගීත ඕනෑ තමා ඇයි දන්නේ නැද්දෝ ඉලංගෙයි පති


අහෝ කෝප කළේ ඇය් දැන්වත් මාව මතක් වෙය් කොකියන්නා බෝ ලෙස්නෙන් දන්ත යුක්ත මුව මේ ඉන්නා පින්සාරා අප රාජා සෙතදේය සදා බෝලෙසා ලෝකෝපකාරීව සිංහාසනේ ඉන්ට දිගා දෙන් සුරා මන්ද ‍රාලේ දුප්පත් මාවත් ඒ පින්වත් බූපල්වෙත් දැක්කුවෙ නැත් කාටත් ඒ තේරේ දැන් ඊට හිත දුක් බොහෝ ___________________

පිළිමතලව්වේ- මොහොට්ටාලට තරහා ගියා වගෙයි.

ඉලංගෙයි මොහොට්ටාල - නෑ තරහ ආවා

පිළිමතලව්වේ- ආවානම් දැන් ඉතින් යන්ට අරින්ට හොඳා

ඉලංගෙය් මොහොට්ටාල - ඇඬුවාමලු කිරි එරෙන්නේ

පිළිමතලව්වේ- දේවයන්වහන්ස අප ස්වර්ගස්ථවූ රජ්ජුරුවන් වහන්සේ ගේ ඉගංගෙයි ප්රොධාන මෙම මොහොට්ටාල අඳුන්වා දෙමි.

ශ්රීෙ වික්රරම රාජසිංහ- දැනගන්ට ලැබුනාට බොහොම සන්තෝෂයි.

(ඉලංගෙයි මොහොට්ටාල පසඟ පිහිටුවා නමස්කාරකර සෙල්ලම් පැවැත්වීමට අවසර ඉල්ලාගෙණ පළමුවෙන් ලීකෙලිකාරයන් ලවා සෙල්ලම් දක්වයි.)

මාඩි පිලු (රාසඩෝ) දාදරා හිංචි

ලීකෙළිකාරයෝ- වාසනා දිනේකී මේ පාමු තුටි ස‍ිතේ පාමූ තුටී නටමු මේ ලී දරා අතේ වාසනා දිනේක ඔහෝ වාසනා දිනේක මේක පාමු තුටි සිතේ


කෝමල මධුර බසිනී මෙ ගී සාදා පවසමු දැන් නටමු පේලි පේලි ගැසී රජිඳු තුටු වන මෙන්

සිරියා වාසය උරේ අසාවි බූපති තේජසා තිබේය දීප ආලෝකවී ආලෝකවී රජිඳු බෝ ප්රීවතිවේ අපේ

නට නට කිංකිනා නාද දිමෙනි යමු පාරේ තුතිදිද බොහෝසේ බූපති ලක වැජඹේවා නිතිනා නිරොගිවේවා රාජා මේ සිංහලේ වාසනා දිනේක මේක පාමූ තුටී සිතේ (මේ කණ්ඩායම නික්ම යනකල කලගෙඩි සෙල්ලම්කරණ ගෑනු කණ්ඩායම පැමිණෙති)

පිලූ - හිංචි

කළගෙඩිකාරියෝ - කියා ගීත අප බූපතින්ගේ බූපතින්ගේ පාමු රංගේ දිලී තාරපතිසේ ගුණාංගේ සිංහලුන්ගේ දෝෂ බංගේ නටා ලාමු උඩ දෝත සෙම්බු දෝත සෙම්බු ගන්ට නම්බු තබව් පාදලෙස රාගතාලේ රාගතාලේ නෑර ලෝලේ සිඳීයාය දුක සව්සතන්ගේ සව්සතන්ගේ තේජ නැංගේ

                     (මෙම කණ්ඩායම නික්ම යනකල උඩැක්කිකාරයෝ පැමිණෙති.)

පීලු

උඩැක්කිකාරයෝ -

දෙ කු ල නිමල් සකුතුළෙහි රඳන කිරිලෙස පෙළපත් ඇති කුමරින් දා මෙ ක ල විපුල් තෙදරැසිනි යුතුව ලක රජකමගෙණ අප දුක් සින් දා සි හ ල දනන් තුටුවඩන විලස අද ලක්කිරුළය හිස සුපැලන් දා ල ක ල නමින් සිරිවිකුම් රදසි ලොව පසිඳුඋනිය රුපුනොද බින් දා ජෝන් ද සිල්වා 295

ප ව ර නිමල් බුදුදහම් විලස සිරිලක පාලනයට අප රජි ඳා මෙවර සියල් සම්මත අනුව දැරි මකුට හිසේ සත සිත පහ ඳා නි ත ර පුලූල් උරවිමන වසයි සිරිලිය සියසැමි උරතල නොයි ඳා ස ත ර දහම් සඟරුවන් බෙලෙනි නිදුකින් වැජඹෙනුමැන සිය නිරිඳා

(නික්මයති.)

බූපකල්යාමන් - ගසල්

ශ්රීල වික්ර ම රාජසිංහ - මාහදේ ආනන්දවේමැය් දුකා නැතේ මේ දීපේ රාජාණ්ඩු සෑදීවෙය් සෙතේ සිංහලේ මන්ත්රීඩවරුගෙන් උදව් ලැබේ ලෝකෝපකාරීව ආණ්ඩු දැන් තැබේ මෙරටේ සිංහාසනේ දුන්නිසා මටා දුක්වෙන්ට නෑ කාරී කාටත් මේවිටා ________________

නරි සූකර සූනක වානර ආදී මෘගයින්ට සමානව මනුෂ්ය යෝ ‍ෙලාව සිටිති. සිංහල වැසියනි. නුඹලා එසේනොව මෘගරාජවූ සිංහයාට වික්රතමකමින් හා නිර්භීතකමින් සමානවන බැවින් ඒ උතුම් වංශයෙහි රජෙක්වී සිටීමට මම ආඩම්බරවෙමි. එබැවින් මාහැගි ශිෂ්ටාචාරයක් ඇති කෙරෙහි අධිකලෙස පවතින ජාත්යාසලය සහ රාජපාක්ෂිකභාවය තුනීවෙන්ට නෑර තමන්ගේ ජම්මභූමියවූ සිංහලද්වීපය තරයේ ආරක්ෂාකරගතයුතුයි.

මමද පෙරපටන් ලක්දිව පවතින නීතියේ ප්රමකාර යුතු අයුතු කම් බේරා ආණ්ඩුකෙරීමට වීය්ය්න කරන්නෙමි.

බයිරවි - ත්රි‍තාල

නිලමවරු - ගුණයුරු සිංහල බූපතී වාසනා පින්ඇති දැනමිති වචනැති යහපති නරපති ගුණසරු සිංහ බූපති - ජනතව තුංග එ අණ්ඩර වංසේ පරසිදුවිය ලකේ

සුන්දර සරසවි මුව සර සර සර සිරිලිය පුලුලුරැති සැමදේශ ප්රලදේශ ස්වදේශ විදේශ විශේෂ කීර්තියක් ඇති

(සියලුදෙනාම නික්මයති.)

ii. ජවනිකා - වීථියක්

[සංස්කරණය]

(පිළිමතලව්වේ අදිකාරම් සහ තලත්ත අල්ලාගෙණ යන දාසයාද හොරෙක්ද ගමන්කරති.)

බනජාරා - ලාවනි.

පිළිමතලව්වේ - මගෙබලේ මගෙබලේ මගෙබලේ ප්රයමාණය තේරේ බෝ ඉලව් හැපේ මේවාරේ

හොරා - ඇයි සැරේ ඇයි සැරේ ඇයි සැරේ මෙසේ නිලමේගේ වල්කමක් ඇද්ද මේ මාගේ

පිළිමතලව්වේ - මෙම දීපේ කෝලාහාලේ සිදුවෙය් දනු මා බලසාරේ තගේ වාරේ - හොරෙක් වාගේ - කියන් වාහේ නොහංගා පාදා - බෝ ඉලවි හැපේ මේවාරේ

හොරා - නිකරුණේ - නිකරුණේ - නිකරුණේ - කිපී සැරවෙන්නේ මාදොසක් නැතේ ස්වාමිනේ මගෙ වාරේ කීවා වාගේ නොමරන් නිලමේ පණමාගේ හොරා කාලා - රකිම් පව්ලා - නොවී කෝලා සමාවී ස්වාමි - ඒ අසන් මකිව් බස් තේරේ

පිළිමතලව්වේ - භයනොවෙන් - භයනොවෙන් - භයනොවෙන් බොලේ ලොකු වාසී පෙන්නමි ලබාගත්තෑකි මෙහි කාබී සිත්සේ ඉන්ටා මරපන් කියනා නිලමේලා මුදල් දෙඤ්ඤා - ඇඳුම් දෙඤ්ඤා - බතුතු දෙඤ්ඤා ම කී මේ කාරී ඉක්මණින් කරන් සිත් පෑදී __________________


‍‍හොරා - දෙයියෝ බුදුවන්ඩ අවසර ලැබෙන කොයි එක නුමුත් කරඤ්ඤා

පිළිමතලව්වේ - මාගේ සතුරන්වූ ඇරැව්වාවල දෙවෙනි අදිකාරම සහ දඹගොමුවේ දිසාපතින් යන මේ දෙදෙන සතියක් යන්ට මත්තෙන් මරාදමාපිය. කොළම නොර්ත් උතුමානන් වහන්සේ සම්භවෙන්ට මම ගොසින් දහදවසකින් පමණ එන්නෙමි.

හොරා - දෙයියෝ බුදුවන්ඩ ඇරැව්වාවල අදිකාරම බුදුකඳක්ය. උන්නැහේ මරනු ලැබුවොත් රටට ලොකු පාඩුවක් නොවෙද?

පිළිමතලව්වේ - උන්නැහේගේ මරණෙන් වැසුයන්ගෙන් වැඩි පාර්ශවයට ජයසිඬවෙන බැවින් ඒ ගැන පසුබටවෙන්ට එපා.

හොරා - දෙයියෝ බුදුවන්ඩ ‍ඔබ වහන්සේ කියනවා නම් ඒක කරඤ්ඤා. නුමුත් උන්නැහේගේ මරණය ආරංචි උන හැටියේම සිංහලේ එක හෙලා මිනිමල ගෙයක් වෙනවාට සැකනෑ.

පිළිමතලව්වේ - සිංහල වංශයට හිතනැති එවුන් අනික් අතින් කොපමණ හොඳ උනත් ඇතිකාරීය මොකද? ඒ නිසා අදිකාරම් මරන්ට පසුබට වෙන්ට එපා.

හොරා - දෙයියෝ බුදුවන්ඩ ඔබවහන්සේ කියන හැටියට අපේ වංශයට පිටිපා උන්නැහේ ක්රි්යාකාරණවානම් මරුවාට දෝෂයක් නෑ. වැඩි දෙනාගේ අභිවෘර්ධිය පිණිස උන්නැහේගේ ජීවිතය හානිකරන්නෙමි. ඔබවහන්සේ ප්රනමාදවෙන්ට කමක් නෑ. ඒ වැඩය හත්දවසක් යන්ට මත්තෙන් කරඤ්ඤා.

පිළිමතලව්වේ - එහෙම හිතට ගණින්. සියලුම උපකාර පොරොන්දු ප්රිකාර කරන්නෙමි.

(නික්මයති)


iii ජවනිකා - කොළඹ ඉංග්රී සි උතුමානන්වහන්සේගේ නිවස.

[සංස්කරණය]

(නෝර්ත් උතුමාණන්වහන්සේද මහලේකම් ධූරන්දර බොයිඩ් මහතාද ලුවීද සරම් මහමුදලිතුමාද සිටිත්.)

නෝර්ත් - ලංදේශි ආණුඩුව කාලයේදී තිබුනාවූ රෝම ලංදේශී නිතියේ ප්ර කාර මුදුබොඩ සිංහල වැසියාගේ උරුම බෙදී යන්ට නෑර ඉංග්රී සි නිතියේ ප්ර කාර බෙදෙන්ට ඇරියොත් ලොකු වියවුල් සිදු වෙන්ට හැකියයි මට කල්පනාවෙයි. පාතරට සිංහල ජනයාගේ සිරිත් විරිත් ශිල්පශාස්ත්ර ආදිය දැන ගත් මහ මුදලි තුමාගේ කල්පනාව දැනගැණීමට කැමැත්තෙමි.

මහමුදලි - ඔබවහන්සේගේ කල්පනාවට එකඟවෙමි. නුමුත් කටු පීප්ප ආදියේ දමා දෙන වද සුදුසුයයි මට කල්පනා නොවේ.

බොයිඩ් - අපරාධකාරයන් විසින් කරන ලද වරද ඔවුන්ගේ කටින් කියනතුරු ලංදේශීන් විසින් කටුපීප්ප ආදියේ දමා දුන් වද කිසිසේත් සුදුසුයයි මටද කල්පනා නොවේ. මහමුදලි තුමාගේ කල්පනාවට මමද එකඟවෙමි.

නෝර්ත් - ඒ සම්බන්ධව නීතියක් පනවා වදදීම අවලංගුකර දමමු.

(පිළිමතලව්වේ පැමිණේ. මහමුදලිතුමා පිළිමතලව්වේ අඳුන්වා දෙයි.)

මහමුදලි - ශ්රීණ වික්රමම රාජසිංහ රජුගේ පළමුවෙනි අදිකාරම් තැනවූ පිළිමතලව්වේ මන්ත්රීී තුමා ඔබවහන්සේ සමඟ කථාකර යන්ට පැමිණ සිටිනසේක.

නෝර්ත් - අඳුනාගන්ට බොහොම කැමැත්තෙමි. (නෝර්ත් උතුතමානන්වහන්සේ පිළිමතලව්වේ කථාකරයි. පිළිමතලව්වේ මෙසේ කියයි.)

පහඩි - ගසල්

පිළිමතලව්වේ - දැන් මෙහි ආ කුමක්ද කාරී පාදලා කියා දෙන්ට සෑහෙ ඊට ස්වාමි වී සමා අසවා සිංහලුන්ට පාත වංසේ වල් රජෙක් මෙදා

ජෝන් ද සිල්වා 299

                                         පත්ව ඉන්න කාරණාවෙන් දුක් යෙදේ තදා

දැන් සිටිනා එ නීච ‍රාජා ලක්දිවෙන් පිටා ලන්ට ඉංග්රී සින්ට හැක්කි කල් නොලා මෙවිටා රාජ්යඉ ගන්ට සිංහලුන්ගේ ස්වාමිනේ ඉතින් හාදවෙන්ට එක්ක මා හා ඉල්ලමි බැතින්

           _____________

මහමුදලි - ස්වාමිනි අදිකාරම්තුමාගේ ඉල්ලීම ඉෂ්ටකරන්ට ගියොත් අප හා මිත්ර භාවයෙන් සිටින රජෙක් සමග නිකරුණේ යුද්ධකරන්ට සිදුවෙයි. එබැවින් මේ ගැන පරීක්ෂා කර බලන්ට වටී.

සීහානා කාඳරා - දීප්වන්දි

නෝර්ත් - කීව මෙකාරී නොසෑහෙයි මන්ත්රීක ඊට මගේ සිත කැමති නොවේමැය් කීව මෙකාරී නොසෑහෙය් යුතුකම් තේරී සිටිනා මෙමාගෙන් ඔයටික කරවීමටා බැරිවේමැය් ඊට මගේ සිත කැමති නොවේමැය්

බොයිඩ් - සම්මතයෙන් දීපවාසින් තෝරා ගත් රජිඳා කළ වරද කියාදෙන් සම්මතයෙන් දීපවාසින් සියවංසේහි සුදුසු කෙනෙක් නෑ රජකම ලැබගන්ට මේ හෙලදිව්හීෑ ඒක සැබෑබව මෙමට පෙනීයයි

මහමුදලි - ගන්ට සිංහාසනේ ලංකාවේ සම්මතයෙන් මිස බැරිය ජනන්ගේ ගන්නට සිංහාසනේ මේ වඩුගෙක් පත්වී මෙරට කැමැත්තෙන් හරිනැත නෙරපීම ඉන්පසු රාජ්ජෙන් සම්මතයෙන් මිස බැරිය ජනන්ගේ __________________

පිළිමතලව්වේ - අප සිංහල වංශයට නොහොබිනා නායක්කර් ග්රෝමත්ර_යේ අයෙක් රජවීම ආය්ය්ායක අපට මදිකමක් බැවින් සිංහල වංශයට අයත් උතුමෙකුට සිංහල ඔටුන්න දීම

සර්වානකාරයෙන් ම සුදුසු බැවින් ඔබවහන්සේගේ උපකාර සොයා ආමි. ඊට ලැබුනු පිළිතුරුවලින් එබඳු උපකාරයක් නොලැබෙන බව පෙණී යයි. නුමුත් ඔබවහන්සේ මේ ගැන දෙවනුත් කල්පනාකරණවානම් මැනවි.

(වැඳ නික්මයයි.)


3. අංකය

[සංස්කරණය]

1. ජවනිකා - සිංහලේ රජුගේ මාලිගාව.

[සංස්කරණය]

(රජ්ජුරුවෝ සිංහාසනේ වැඩ ඉඳිනසේක. ඇහැලේපොල මොල්ලිගොඩ මිල්ලෑවේ ලෙව්කේ ආදී නිලමවරු සිටිත්. ඉලංගෙයි මොහොට්ටාල සහ ක්රීේඩා පිරිසක් මාලිගාවේ රුඟුම් දක්වති.)

පිලු බරවා - ත්රි තාල් වල්ති.

නිල‍මවරු - සිරිසිලි නරණ අපේ ශ්රී් ශක්රදයාගේ ආදිත්යරයාගේ රශ්මිසේ තෙදිනි ප්රරකාශේ දනමන තුටුවී තුණ්ඩ සෑදී තුතිගී සිරිසිලි නරණ අපේ ශ්රීී ශක්රණයාගේ ආදිත්යලයාගේ රශ්මිසේ තෙදින් ප්රරකාශේ ශාන්තාවෙය් ශාන්තිවෙය් සිරිලකතුම් සිරිලකතුම් දියුණුවයය් දියුණුවයය් නෘත්යු ගී බෝ තුතී දෙත් නිතී තුටුවී රජින්දා සුරින්දා ලෙස්සිරි සුදැරී සකල ඉසුරු තුල් - ඇතිකර ලකතුල් සිරිසිලි නරණ අපේ ශ්රීස ශක්රකයාගේ ආදිත්යලයාගේ රශ්මිසේ තෙදින් ප්රතකාශේ මුනිබණ දැනගෙණ කරආණුඩු පූරණසීල රුපු වැඳුම් පිදුම් - බෝමලත් ලකිඳුන් විදුරත බරනෙත බ්රමහ්මයුරගහණත සෙත් දිදී විරුති - ආයුරක්ෂා කරත්වා නිතී

දුක් නොවේවා සැම සිරින් උතුම් නිරිඳ වෙසෙවා සව්රුපුනොද බිඳහැර ලක ජයකොඩි දිගඇර මෙබූපති - ලැබ තුති ප්රීපතිසාර වෙනමෙන් පතව් සිරිසිලි නරණ අපේ

බූප්කල්යානන් - චල්ති.

ඉලංගෙයි මො‍හොට්ටාල - සන්තෝෂයි - සන්තෝෂයි දැන් රජින්දා - සන්තෝෂයි

නිලමවරු - සෙත්වේවා - සෙත්වේවා සුන්වී දුක් සුන්වී

මොහොට්ටාල - කාටත් දැන් - සන්තෝෂයි හ: හා හා හා හා හා හා හා කාලානෑ - බීලා නෑ සන්තෝෂයි හෝ හෝ

පහඩි ජිංජොට් - ගසල්

ශ්රී වික්ර ම - වාසලේ මගෙ මන්ත්රි යෝ ප්රී තිඝෝෂා දෙත් නොමින් රොම්මලේ බිගු ගන්නසේ ගැන්ම ආදායම් සෑහෙය් දීපවාසින් රිද්දවා ගැන්මා බදු වාරේ නොවෙය් මේ පුරේ වැව බන්දවා වීථි සාදා ලන්ටා මන්ත්රී මා සිත්හි තිබේ දැන් කල්පනා ඕනෑ මටා වාසලේ මගෙ මන්ත්රි යෝ ___________________

ඇහැළේපොල - දේවයන්වහන්සේ වී බද්දෙන් ලැබෙන ආදායමෙන් කොටසක් අගනුවර අලංකාරකෙරීමට කැපකළාම හොඳා සීරුවට වැඩය කරන්ට පුලුවනි.

ලෙව්කේ - රාජංකාරිය තවම පවතින බැවින් වැසියා එකතුවී ඔය වැඩය කරන්ට බැරිවෙන්නේ නෑ.


මොල්ලිගොඩ - වැසියාට අමාරු පැමිනෙනමෙන් ප්ර සිඬ වැඩ කටයුතු නොවේ.

මිල්ලෑවේ - ශ්රායවස්තිපුර හාත්පස පලිඟු තාප්පයක් තිබුන බව පොතෙන් පතෙන් පෙණේ. එසේවූ තැන අපේ අගනුවරට රජ්ජුරුවන් වහන්සේ කරන්ට අදස්කර තිබෙන වැඩ එපමණ විමදම යන වැඩ නොවේ.

ශ්රීන වික්ර ම රාජසිංහ - ඇහැලේපොලේ නිලමේ සබරගොමු දිසාවට විගස පැමිණ එහි බද්ද එකතුකර දැනට පවතින කැරලි කෝලාහල නවත්වා සමාදානය එහි පවතින්ට සලස්වනු මැනවි.

බූප්කල්යාැන් - ත්රිුතාල්.

ඇහැළේපොල - ලංකා රජින්දා මේ - ඔහො - ලංකා රජින්දා මේ - කීසේ නික්මයමි සන්තෝසේ - ලංකා රජින්දා මේ - මේරටවාසී දෙත් ඔතුපේවි - රාජකාරී ඇත මෙම දීපේ - ලංකා රජින්දා මේ - පෙරලිය නැතිකර ‍මම එහි - ඔතුගෙණ බදුඑවනෙමි මෙහි - ලංකා රජින්දා මේ.

මේ පුර ලක්ෂණයෙන් තැබූකල්හි සිංහලුන්ට සිදුවෙය නම්බු මහජන වැඩ‍ගැන නරපති වෙහෙසෙන එක හොඳ ලකුණකී ලංකාරජින්දා මේ - ඔහො - ලංකා රජින්දා මේ - කීසේ නික්මයමි සන්තෝසේ

(ඇහැළේපොල නික්මයයි.)

ශ්රීඇ වික්රේම රාජසිංහ - නිලමෙවරු සැමදෙනාම වැසියන් කැඳවා අප විසින් අදහස් කළ නගර අලංකාරකිරීමේ වැඩය ප්රසමාද නොවී පටන්ගත යුතුයි.

මොල්ලිගොඩ - වාසලෙන් අවසර ලැබුන ප්රාකාර ඒ වැඩ කරවීමට අපි සියලුදෙනාම වෙහෙස ගන්නෙමු.

(වැසියෙක් පැමිණේ.)


ජිංජොට් - ජිල්ලා දිප්වන්දි.

වැසියා - මරාදෙන්නෙක් මුලාදෑනින් බෝ හානි රටට වියා රජස්වාමි එදන්වා දී මෙහි ආමි යනසේ දුක්වී - මරා දෙන්නෙක් අදිකාරම් දිසා දෙන්නා මරාලාපිසතුරු සේනා - මරා දෙන්නෙක් නිලධාරින් මැරුම්කද්දී අපේ ප්රා්නේ කෙලෙස බේරේ - මරා දෙන්නෙක් _____________________

ශ්රී_ වික්ර_ම රාජසිංහ - අපේ මේ සභාවට ඇරැව්වාවල අදිකාරම සහ දඹගොමුවේ දිසාපතින් නෑවිත් සිටින්නේ මේ අන්තරාව නිසායි. මහනිලමේ මේ ගැන සෝදිසිකර බැලුවාද?

මොල්ලි‍ගොඩ - දේවයන්වහන්ස මේ ගැන මට කිසි ආ‍රංචියක් මේ වනතුරු ලැබුණේ නෑ - එය විභාගකර බලන්නෙමි. (සියලු දෙනාම නික්මයති.)


ii. ජවනිකා - කැකුනකැලේ.

[සංස්කරණය]

(ඉංග්රී සින්ට යටත් මරක්කාල වැසියෝ කීපදෙනෙක් පුවක් අමුණු 292ක් මිලට ගෙණ තවලම් බැඳගෙන පුත්තලමට යති.)

1.වෙනි මරක්කලයා - අපි මෙහි නැවතීඉඳ බත්උයාකා පාන්දරින්ම පිටත්වෙමු- හරකුන්ට වතුරබොන්ට කොච්චරවත් මෙහි තිබෙන්නා.

2.මරක්කලයා - ඒ කල්පනාව ‍ෙහාදයි.

3. මරක්කලයා - රුපියල් 12000 ක පමණ පුවක් අපි මේ වතාවේදී මිලයට ගතිමු - පාතරටට ගොසින් මෙය විකුණා දෙවනුත් මෙහි පැමිණ පුවක් එකතුකරමු.

(රාජපුරුෂයෝ තුන්දෙනෙක් පැමිණෙති.)

1. පුරුෂයා - තොපි මෙහි මක්කරණවාද?

1. මරක්කලයා - අද රෑට මෙහි නවතින්ට අදහස්කර තවලම්ලිහා කෑම ටිකක් උයාකන්ට නැවතුනෙමු.


2. පුරුෂයා - අපේ සිංහල රාජ්ය යෙහි ඉංග්රී සියන්ට යටත් තොපට නවාතැන්දෙනට බෑ - විගස තොපගාවා තිබෙන බඩුමුට්ටු දියව්.

2. මරක්කලයා - අනේ දුප්පත් අපට හිංසාකරන්ට එපා.

2. පුරුෂයා - පැ: කුණු තට්ට මගෝඩියෝ. බඩු වහාම ගෙණෙයන්ට නුදුනුනොත් ඉලදැට බිඳ තට්ට පොඩිවෙන්ට තඩිගසමි.

(මරක්කල වැසියන්ට තලා බඩු කොල්ලකති.) මාඩ් කාඳරා - ලාවනී.

මරක්කල වැසියෝ - අප දෙය්යෝ සාක්කි - දුන්නේ නෙක්බැට අප තට්ටේ බෝ රිද්දේ. අපගේ සැමදේ මේ සැණයේදී තක්කඩි එක්වී ගත්තෝ පුදුමේ. මේවා පවසා ලකිඳා වෙත්ගොස් මූදුබොඩෙහි ඉන්නා පලිගම්මු මුන්ගේ රිස්සායය් අයකරතෑකි මේ පාඩු. ඇන්නෑ වල්කම් මෙහෙම නෝබිනා වෙන්නා දැන් දැන් ක්රෑබර සිංහලේ වෙන්නා කොල්ලේ රාජධානියේ රාජා දන්නේ නැද්ද මේ හෙණේ හයිහයි හයිහයි හයිහයි හයිහයි

(ඉලංගෙයි මොහොට්ටාල පැමිණේ.)

මොහොට්ටාල - තම්බි අයියාලා මොකද විලාප කිය කියා ඉන්නේ

මරක්කලවැසියෝ - අයියා අපේ පුවක් කොල්ලකාලා අපට හොඳටම ගහල. මිනිසුන්වගයක් දැන් පැනලා දිව්වා.

මොහොට්ටාල - අපරජු හා ඉංග්රීැසින් කෝපකෙරීමට පිළිමතලව්වේ අදිකාරම කර තිබෙන දඟ‍යකි.

මරක්කල වැසියෝ - දුප්පත් අපෙන් අනුන්ගේ ක්රොතධය පිරිමසා ගන්නා එක හරි නෑ.


සින්ධූරාග් - හිංචි

මොහොට්ටාල- ‍(මේ නිසා බෝ කෝලාහාලවේ) 2 මේ නිසා - සිංහලේ බූපල්ට නග්ගාවි දෝෂා මේ නිසා එකන්හකන් තමා දැන් මේ නිසා රජිඳත් ඇද්දෙය් බෝම යුද්දත් කෙරේමැය් මේනිසා අදිකාරම් සිත්තො‍ස්වේ - මේනිසා (කෝපවී ඉංග්රීසසින්ගෙසේනා )2 නෑවිදින් ඉන්නෙනෑ අල්ලන්ට මේ රාජධානී

මේ ගැටේ ලිහන්නේ කොය්ලෙසේදෝ මේලෙසේ කණකන්නා අංමත්තේ ඉන්නා එමන්ත්රී ඒක නෑ අප රාජාට තේරී _____________

මරක්කල වැසියෝ - අපි වහාම මින් පිටත්ව යන්නෙමු. මොහොට්ටාල කී කථාව හිතට ගත්තා.

(සියලුදෙනාම නික්මයති.)


iii ජවනිකා - ඇහැළේපොල වලව්ව

[සංස්කරණය]

(ඇහැළේපොල කුමාරිහාමි ගෑනුදරුවා තොටිල්ලේ නලවනකල ලොකුබණ්ඩා සහ මද්දුමබණ්ඩා පුස්කොල පොත් කියවමින් වාඩිවී සිටිති.)

රාමකලිරාග

ඇහැළේපොල කුමාරිහාමි -

දොය් දොය් කුමාරි නාඬ මේ තොටිල්ලේ මාතා ලඟම බුදියනු තුරුල්ලේ මනපිනවන පිය නැත පරමාදේ කිරිබොන කුමරි දැන් නාඬමේ - දොය් දොය් සෑසී දෙසූ දම් ඤාණෙන් යුක්තවී මා දරුවෝ රක්ෂාකරත්වා කුමරෝ ද කුමරී මේ මාගේ

අප සිංහල භාෂා මෙකාලේ දැන ශිල්ප ශාස්ත්රා ඤාණෙන් වැඩිදියුණුවෙන්ට වෑයම් බෝම කරුණු සන්තෝසෙන් දොය් දොය් නාඬනු පියා දැන් එනවාය කුමරි ඉඳු නාඬාමේ - දොය් දොය් කුමරි

තුංග අපේ මේ ලංකාද්වීපයේ

                              සිංහලයෝ ජාත්යා ලයෙන් බෝ

මැරුවෝය සතුරු අන් සේනා. රණභූමියෙ නංවා මනාසේ ජයකේලි ශක්ති පෑමෙන් රට රැකපු රංග ඥාණෙන් දැක්ක හැකිය ඉතිහාසේ. දොය් දොය් නාඬනු පියා දැන් එනවාය කුමරි ඉඳු නාඬාමේ - දොය්දොය් කුමරි

(ලොකුබණ්ඩා සහ මද්දුම බණ්ඩත් මව්වෙත පැමිණ පැදවැඳ ශ්ලෝක කියවාගණිත් - කුමාරිහාමි කියවනකල බණඩලාත් ඒ අනුව කියති.)

බණ්ඩලා - මෑනියන්වහන්ස මේ ශ්ලෝකය කියවනහැටි පෙන්නලා දෙනුමැනවි.

කුමාරිහාමි - දරුවනි මේ ශ්ලෝකය මන්ද්රනක්රාදන්ත වෘත්තයයි. ඒ වෘත්තයෙන් සාදාපු ශ්ලොකයි මෙම පොතේ තිබෙන්නේ මා කියන විධියට කියාපල්ලා.

කශ්විත්කාන්තා විරහගුරුනා ස්වාධිකාර: ප්රනමත්ත: සාපෙනාස්තංගම්තමභිමා වර්ෂා‍භොග්යෙනන භර්තුං යක්ෂශ්වක්රෙම ජණකතනයා ස්නාන පුණ්යෝදෙකෙෂු ස්නිග්ධච්ඡායා තර ෂුවසතිං රාමගිය්යාුණ ශ්ර්මේෂු (ඇහැළේපොල නිලමේ පැමිණෙයි කුමාරිහාමි දෙපාවැඳ සමාචාරකරයි.)

ඇහැළේපොල - කලින් එන්ට පොරොන්දුවී ගියමුත් එසේ එන්ට බැරිඋනේ රජ්ජුරුවන්වහන්සේගේ වැදගත් වැඩ රාශියක් පිළිබඳව සාකච්ඡාකරගැණීමට ප්රැමාදවුණු බැවින්ය.


කුමාරිහාමි - ගෙයින් පිටගිය සැමියා ආපහු ගෙදර ආවාම ‍කොහෙද ගියේ මන්ද ප්ර මාදවුනේ කියා ඇසීම සිංහල කුලාංගනාවන්ගේ චාරයක් නොවන බව තමුන්නාන්සේ දන්නවා ඇත. කාƒපි ජිල්ලා - ත්රි තාල.

ඇහැළේපොල - සිරියාවී කීවදේ හරි මා සිත් සතොසාවුනී සිරියවී කීවදේ හරි ස්නෙහ මෙමා කෙරේ ‍බෝලෙසා පානා මේ මගේ ප්රිසය සුන්දරී හරි - සිරියාවී

කුමාරිහාමි - මම ස්වාමිපාදචාරිකා ඒ බැව් නොකියා බැරි මම ස්වාමිපාදචාරිකා පව්ල බලාගෙණා ගෙයි නිවසීමා වේ පිට වැඩ බාර නෑ මටා

                                        මම ස්වාමිපාදචාරිකා

ඇහැළේපොල - ‍සොඳුර, රජ්ජුරුවන්වහන්සේගේ ප්රාකාර සබරගොමු දිසාවෙහි පවතින කැරැල්ල මැඩපවත්වා එහි බදු එකතුකරනු පිණිස මට යන්ටවීතිබේ - දරුවන් බලාගෙණ ප්රිවේසමෙන් සිටිනලෙස අවවාද දෙමි.

කුමාරිහාමි - ප්ර්වේසම්වීසිටීම මාගේ ජම්මස්වභාවකි. අපේ මාන්නය රඳන්නේ මාගේ ප්රමවේසම්වීම පිටබව තමුන්නාන්සේ මා‍වාගේම දන්නවා ඇත.

ඇහැලේපොල - ප්රි්ය ‍ෙසාඳුර සංකාකර යමක් කීවා නොවෙයි.

කුමාරිහාමි - එබඳු මෝඩයෙක් නොවේබව දනිමි - කුඹුරේ වී වපුරා කුරුල්ලන්ට නේන්ට වැටවල් බඳින මෝඩයෝ එමට සිටිති. නුමුත් ඒ සංඛ්යාසවට තමුන්නාන්සේ ඇතුළත් නොවන්නේය.

ඇහැළේපොල - මට ඉතින් අවසර.

                                            (නිලමේ පොඩිදරුවා අතටගෙණ සිඹි.)


එමන්කලයාන් - කැමිටා.

බණ්ඩාලා - තාත්තා රාජකාරි නිසා ගියාම නෑදොසා යුඬනවතා දිසාවෙ එන්ට කල්නොලාහැකිය රාජකාරීනිසා ගියාම නෑදොසා අපේ මව් ප්ර වේසම්වී බලාගණීසැමා එහින්දා ශෝක ඇය්වෙන්නේ පිතුරා රාජකාරී සොඳින් කළාම වෙය් සෙතා ප්රීාතාඝෝෂා සැදේය රටේ ඒනිසා සිත්සේ කීකෝරුවී මව්ගෙ ආධාරයෙනා වාසවෙන්නෙමු මෙහි එපා පියා ශෝක රාජකාරීනිසා ගියාම නෑදොසා

බූප්කල්යාසන් - ලාවනි.

කුමාරිහාමි - සැමියා ඇහුනද මෙපුතුන්ලේ ඒ අවවාද මෙපුතුන්ගේ ඒ අවවාදා - සිංහපැටව්සේ එඩිපානා මා සැමියා ඇහුනද මෙපුතුන්ගේ ඒ අවවාදා මට පාඩම්දී දිනගානේ - දැන් දන්නාහු සිංහලභාෂා හොඳට කියතැකි නෙක විරිතැන ශ්ලෝකා සැමියා ඇහුනද මෙපුතුන්ගේ ඒ අවවාදා

               ___________________

ඇහැළේපොල - මගේ හුරතල්පුත්ර_ දෙදෙනා කී වචනවලින් හිතට ධෛය්ය්ොල ලැබුනි - සොඳුර වැඩි ප්රනමාදවීම නුවණට හුරුනැති බැවින් මට යන්ට අවසර දුනමැනවි.

ධවලදනාසරි - ත්රි තාල්.

කුමාරිහාමි - සැමි මාගෙන් වෙන්වී අනේ ඈතක යන්නා වේදුක්විරහා රාජපනතලෙස නික්මයනු සෞම්ය සැමි විගස ලැබියහැකි ඉසුරු අපට සැමි මාගෙන් වෙන්වී අනේ

ඇහැළේපොල - රාජ පනත් කඩකරන්ට බෑ ‍මම් ඉක්මනින් ගොස් එන්නෙම්


කුමාරිහාමි - කර්මේලෙස කල යයි මේ ලෝකේ පෙණේ ඒක මෙම වාරේ සැමි මාගෙන් වෙනවී අනේ

ඇහැළේපොල - සබරගොමු ගොසින් එන්ට ප්රලමාදේ නොවෙය් මගෙ සීදේවි

කුමාරිහාමි - රක්නා රාජ්ජය උතුම් බූපති කීප්රිකාර ගොස් එන්නේ සැමි මාගෙන් වෙන්වී ‍අනේ

(නිලමේ සියලුදෙනාම සිඹ නික්මයයි.)


iv ‍ජවනිකා - විථියක්.

[සංස්කරණය]

(මේ ඩේවි මුද්දුසාමි සහ රණරාලත් හිරගණනේ අල්ලාගෙණ මොල්ලිගොඩ නිලමේ හේවා කැටුව සිංහලේ රජුවෙත ගමන්කරයි.)

මුද්දුසාමි - මගේ පාඩුවේ මට ඉන්ට නොදී සිංහලේ රජකම ඉංග්රීසසින් විසින් මට පවරා මේ කරපු හදිකම අහස පොළව උහුලන්නේ නැත.

මේජර්ඩේවි - ඔබවහන්සේ පාවානුදුන්නානම් ඉංග්රි සි හේවාපිරිස සහමුලින්ම විනාශයට පත්වෙනවාට අනුමානනැත. වැඩිදෙනාගේ ගැලවිල්ලට තනි අයගේ ජීවිතය පිදීම සිරිතකි.

මුද්දුසාමි - ඒක යසයි මිත්රපද්රොැහිකම ඔයවිධියෙන් නිර්දෝෂකරන්ට යනඑක මට පුදුමයි - මා පාවාදීමෙන් ඉංග්රීෂසි හේවායෝ බේරුණෝද - වාගොල්ලේදී සියලුදොනාගේම හිස් ගහදැම්ම බව මතකනැද්ද - අනුන විශ්වාසකරන්ට ගොසින් මර උගුලේ වැටුනෙමි.

බයිරවි - ත්රි තාල්

රණරාල - රජිඳුගෙ කෝපේ - ගින්දරසේ දැන් ඌට මූට එක්වී - දිවි - හානි හානිවෙන්නා රජිඳුගෙ කෝපේ - ගින්දරසේ දැන් මුද්දුසාමි නෑර හාදවූ කරුණෙන්

පූජාවේදෝ මෙමගෙ ප්රාිණේ දීපේ අපේ රාජද්රෝ්හී නාමෙන් නින්දා ලැබෙන්නා දෙමළා හින්දා රජිඳුගෙ කෝපේ - ගින්දරසේ දැන් වෙච්ච අන්තරාව ලේසි පහසුනෑ පාවාදුන්නා මෙඅප සැමා බේරාදමාගන්ටා ඉංග්රීාස් හේවායන් ‍ඩේවී මැතින්දා නිදැලියෙක්මෙන් රජිඳුගෙ කෝපේ - ගින්දරසේ දැන් __________________

මොල්ලිගොඩ - අප දේවයන්වහන්සේට විරුද්ධව ක්රි යාකරපු මුද්දුසාමි රණරාල යන දෙදෙනාගේත් ප්රාරණය රාජපනතසේ හානි කරණවාට අනුමානනෑ - මේජර් ඩේවි හිරඅඩස්සි කරනු ලබනවාට සැකනෑ - වහාම රජවාසල කරායමු.

මේජර්ඩේවි - අප ආන්ඩුව යටතේ සිටින මරක්කල වැසියන්ගේ පුවක් කොල්ලකාලා ඊට නිසි වන්දි නොගෙවූ බැවින් ඉංග්රීකසි ආන්ඩුව සිංහලේ රජුගේ රාජධානියට යුද්ධකිරීමට සේනා එව්වාමිසක් වෙන කරුණක්පිට නේවුබව නිලමේ දැනගන්ට හොඳා.

මොල්ලිගොඩ - අප රාජධානිය ඔපමණ පහසුවට අල්ලාගන්ට ආ එක පුදුමයි - පිළිමතලව්වේ නිලමෙගේ කපටි ක්රි යා රජ්ජුරුවන් වහන්සේට සැලවී සියලුම නිල ඔහුගෙන් පැහැරගෙණ තිබේ. අ‍ඟේ ඉඳගෙණ කණ කන්ට වෑයම්කරණ ‍කාටත් ඔහොමතමා වෙන්නේ.

මුද්දුසාමි - මේ උගුලට මා පත්කළෙත් උන්නැහේ තමා. මොකද කරන්නේ - රජකම් කළත් කළකම් පඩිසන්දෙනවා.

බයිරවි - පංජාබ්.

මැරුම්කෑම වෙච්චි මිත්රජද්රෝකහි හින්දා මාගේ නෑයා මරවාවි මාදැන් - මැරුම්කෑම පිළිමතලව්වගේ මරඋගුලේහි මේපොටේ අය්අය්යෝ අසුවුනු රංගා මාගේ නෑයා මරාවාවි මාදැන්

ජෝන් ද සිල්වා 311

අනුවනකම් ‍ලොවේ කෙරුවම මෙහෙමා ජීවිතේ හානිවේ අකලට හ: හා මාගේ නෑයා මරවාවි මාදැන්

(නික්මයති.)


4 අංකය

[සංස්කරණය]

i ජවනිකා - විනිශ්චයශාලාව (මගල්මඩුව)

[සංස්කරණය]

(මොල්ලිගොඩ දුල්ලෑවේ පුස්වැල්ලේ යන නිලමවරු විනිශ්චයාශනයේ සිටිති.)

(පිළිමතලව්වේ සිටපු අදිකාරම රත්වත්තේ දිසාපති පුස්වැල්ලේ ගබඩානිලමේ දවුලගහ රටේමහත්මටා විත්තිකාරයන් මෙන්ද ශ්රීල වික්රිම රාජසිංහරජ පැමිණිලිකාරයාමෙන්ද පැමිණන සිටිති.)

මොල්ලිගොඩ - අප ලංකේශ්වර දේවයන්වහන්සේගේ සාධාරණ ආණ්ඩුව විපය්ය් ර සකර දැමීමට කැරලිගසා කුමන්ත්ර)ණ කළාට විත්තිකාරයින්ට විරුද්ධව ගෙණත්තිබෙන නඩුවට වරද කාරයෝද? නැද්ද?

විත්තිකාරයෝ - අප නිවැරදිකාරයෝය.

රජ්ජුරුවෝ - පිළිමතලව්වේ මහනිලමේ ඉංග්රීුසිකාරයන්ට එකතුවී අපේ ආණුඩුව විපය්ය්ළි සකෙරීමට වීය්ය්ි ගන්න බව හොඳාකාර දත් අප විසින් ඔහු නිලතලවලින් අහක්කර හොඳින් කල්ඇරීමට අවවාදකළ නුමුත් මාගේ ජීවිත හානි කෙරීමට අනික් විත්තිකාරයන් සමග එකතුවී උපා යෙදුයේය. ඒ බව හොඳාකාර දත් කීපදෙනෙක්ම මෙහි සාක්ෂි කීමට පැමිණ සිටිති.

විනිශ්චයකාරයෝ - සාක්ෂි විභාගකර බලමු.

1 සාක්ෂිකාරයා - පිළිමතලව්වේ මහනිලමේ අප රජ්ජුරුවන් - වහන්සේගේ ප්රාිණය හානිකරන්ට වාසල සිටින මුරකාරයන්ට අල්ලස් බඳිනවා දුටිමි. ඊට දවුලගල රටේමහත්මයා සහ රත්වත්තේ දිසාපතින් අනුබල දුන්නෝය.

විනිශ්චයකාරයෝ - පුස්වැල්ලේ ගබඩානිලමේ ගැනන කියන්ට තිබෙන්නේ මොනවාද?

1 සාක්ෂිකාරයෝ - උන්නැහේ ඊට බැඳී නැත. (නික්මයයි.)

2 සාක්ෂිකාරයෝ - මහනිලමේ වාසලේ සිටි ජාමුලාදෑනින්ට එකතුවී රජ්ජුරු‍වන් මරන්ට උපා යෙදුයේය. රත්වත්තේ දිසාපති සහ මෙම දවුලගල රටේ මහත්මයාත් ජාමුලාදෑනින්ට ඒ සම්බන්ධව අනුබල දුන්නෝය. මටත් ඒ ගැන කතාකළෝය.

විත්තිකාරයෝ - නුඹට කතාකළේ මොනවාද?

2 සාක්ෂිකාරයා - රජ්ජුරුවන් වහන්සේ සක්මන්කරන්ට යන කොට වෙඩි තියන්ට ඔබවහන්සේලා තුන්දෙනාම මට කීවෝය.

(නික්මයයි.)

විනිශ්චයකාරයෝ - පුස්වැල්ලේ ගබඩානිලමේට විරුද්ධව සාක්සියක් නැතිබැවින් නිදහස්කරම්හ. අනික් තුන්දෙනාම රාජ ද්රෝබහිකම් කළබැවින් හිස්ගසාදමන්ට නියමකරම්හ.

(නික්මයති.)


ii. ජවනිකා - සබරගොමුව.

[සංස්කරණය]

(ඇහැළේපොල නිලමේ ගමන් කරයි. වැසියෙක් තල අත්තක් පස්සෙන් අල්ලාගෙණ යයි.)

මාඩි - ගසල්

ඇහැළේපොල - අහෝ කොලහලා රටේ එන්නා සැදී සැදී බෝ දනෝ කෝපවී මෙදා ඉන්නාහු රාජා හා අණ්ඩර වංසේ වල්ක්රෑඉර රාජා‍ගේ බලේ බින්දදමා මාගේ ආණ්ඩු කරණෙම් ලකේ

දැන් මෙදිසාවේ ඉන්නාවූ දනන් ගෙන්නවා හාදවෙලා මගේ සිත්සේ කරණෙමි යුදා අහෝ කොලහලා රටේ එන්නාසැදී සැදී

සිංහල වංසේ කල්නෑර මෙලෝ නංවලා යුද්ධ දිනා කේලිබන්දාලම් දිවිතුළා අහෝ කොලහලා රටේ එන්නා සැදී සැදී

(දෙමළ වෙළෙන්දෙක් පැමිණේ.)

දෙමළ වෙළෙන්දා - මහඅදිකාරම් තුමානනි, රත්නපුරේදී මගේ බඩු පැහැරගන්නා ලද්දේය. ඔබවහන්සේ මේ පලාතේ අදිකරණයෙහි යෙදී සිටිද්දීත් මෙබඳු අපරාධ සිද්ධවෙන්ට අරිණ එක පුදුමයකි.

ඇහැළේපොල - තොපේ බඩු කවුරු විසින් පැහැරගන්නා ලදීදැයි නොදනිමි. නුමුත්ව එය විභාගකර වැරදීකාරයනට නිසි දඬුවම් දෙන්නෙමි.

වෙළෙන්දා - මේදිසාවේ වැසියෝ අප රජ්ජුරුවන් වහන්සේට විරුද්ධව කැරළිගසා සිටිති. මේක එච්චර හොඳවැඩක් නොවේ.

ඇහැළේපොල - ඒ කැරළිගැසීම හැකිතරමින් මැඩ පැවැත්වීමට කටයුතු සම්පාදනය කරමි.

වෙළෙන්දා - මේ දිසාවේ වැසියන්ට දෙමළ ජාතියේ මිනිහෙක් රුස්සන්නේ නැතිබව පෙණියයි.

ඇහැළේපොල - එහෙම කිසිවක් දැනගන්ට ලැබුනේ නෑ.

වෙළෙන්දා - ඇයි දැන්වත් ඔබවහන්සේට පෙණෙන්නේ නැද්ද. මේබව අප රජ්ජුරුවන්වහන්සේට දන්වන්නෙමි.

(නික්මයයි.)


iii. ජවනිකා - ගන්නොරුතැන්නේ පිට්ටනියක්

[සංස්කරණය]

(ගහලයෝ පිළිමතලව්වේ රත්වත්තේ සහ දවුලගල යන නිලමවරුන් කැන්දාගෙණ හිස ගහදැමීමට වධබෙරේ ගසමින් ‘අප දැක රාජ අපරාධයක් නොකරෝ’ කියමින් කෑගසා පැමිණෙති. නිලමවරුන්ගේ හිසේ පතඟි මල් දවටා තිබේ. ගහලයෝ අතින් කඩුගෙණ හිසේ රත්මල් පැලඳ රතු ඇස් ඇතුව බීගෙණ පැමිණෙති.)


ශුද්ධපහඩි - දීප්වන්දි රත්වත්තේ සහ දවුලගල -

දුක බෝවී ප්රාලණය හානි කෙරේ බේරී මෙතෙක්කල්කෙරූ ඒ කම් පලදීපී සේරම මේ වාරයේ මෙහි රාජාද්රෝේහිකම් බෝසේ කෙරීමෙන් මැරුම්කන්ටා අය්යෝ සිද්ධවී - රජ කෝපාවියේ දුක බෝවී ප්රායණය හානී කෙරේ

                ___________________

ගහලයෝ - දැන් ඔය දුක්වීමෙන් ඇති පලක් නෑ. රාජපණතසේ හිස ගහදැමීම වහාම කරනු ලැබේ. එබැවින් ආගමේ කටයුතු සිහිකරණවා හොඳයි.

පීලූ - දාදරා

රත්වත්තේ සහ දවුලගල -

මේ ලෝකේ ආලය යය් තුනීවී ත්රෛෝලෝකාචාය්යා-ේමෙනන් දෙසූ ශ්රීෝ ධර්මානුසාරයෙන් වේවා වේවා ශුන්යධ දුක්ඛවේ කර්මය පඩිසන්දී අන්තරාවුනේ මේ ලෝකේ ආලය යය් තුනීවී සුන්දර සිල් නිමල් අපේ ආගමේ ලෙසේ රැකගෙණ ලොව කල්ඇරියානම් නෑ විනේ කර්ම පඩිසන්දී අන්තරාවුනේ

(ගහලයෝ එකවිට මෙම දෙදෙනාගේ හිස් ගහදමති.)

පිළිමතලව්වේ - තොපේ කඩුව බලන්ට දියව්

(ගහලයෝ කඩුව දෙති.)

මේ කඩුව දැන් මා අතේ තිබේ. මින් සියලුදෙනාම කපා දමන්ට මම හරඹ ‍දනිමි. නුමුත් මරණයට දැන් යටත්වෙමි. එකපහරට බෙල්ලේ මෙතනට කඩුවෙන් ගසව්.

(බෙල්ල ලකුණුකර දෙයි. ගහලයෝ හිස ගහදමති.)


iv ජවනිකා - කඩවත (විථියක්)

[සංස්කරණය]

(මොල්ලිගොඩ නිලමේ කඩවතේ සිටිනකල ඇහැළේපොල නිලමෙගේ ලියුම ගෙණයන අය පැමිණේ.)

මොල්ලිගොඩ - ඇහැළේපොල නිලමේට මහ අදිකාරම් නිලය ගොසින් තිබේ. මට ලැබී තිබෙන දෙවෙනි අදිකාරම් නිලයෙන් පළමුවෙනි අදිකාරම් නිලයට යන්ට ලැබුනොත් බො‍හොම වාසි ගන්ට හැකිවේ. (ඇහැළේපොල නිලමේගේ ලියුම් ගෙණයන්නා පැමිණේ.)

මොල්ලිගොඩ - තෝ කොහේසිට එන්නෙහිද?

ලියුම් ගෙණයන්නා - දෙයියෝ බුදුවන්ඩ මම හබරගොමු දිසාවේ ඉඳලා රජ්ජුරුවන්ට ඔප්පුකරත්ට ලියුමක් අරන් යනවා.

මොල්ලිගොඩ - ලියුම දුන්නේ කවුද?

ලියුම් ගෙණයන්නා - ඇහැළේපොල නිලමේය.

මොල්ලිගොඩ - ලියුම මෙහෙ දිය. වාසලට මම ඒක අරින්නම් ඇහැළේපොල නිලමේ එහි මක්කරණවාද? (ලියුම දෙයි.)

ලියුම්ගෙණයන්නා - බටුගෙදර ජරාවට ගොස් තිබෙන වලව්වේ ප්රනකෘතිමත් කරමින් එහි තිබෙන විශාල කුඹුරු යායට වතුර ගැණීම පිණිස ඇලක් තනයි. තවද රජ්ජුරුවන්ට එවීම පිණිස අනර්ඝ ඔටුන්නක් සහ කඩුවක්ද සාදවයි.

මොල්ලිගොඩ - ඔහෝ මම රජ්ජුරුවන් වහන්සේ‍ට මේ ලියුම දෙන්නෙමි - තෝ ආපහු ගමට පල.

(ලියුම දී ආචාරකොට නික්මයයි.)

(මොල්ලිගොඩ නිලමේ ලියුම ඇර බලා මෙසේ කියවයි.)

පස්වාදහසක් බුදුවන්ඩ ශ්රීම ලංකේශ්වර අප මහ රාජෝත්තමයාණන්ට ගෞරවයෙන් සැලකර එවන වගනම් මහ වාසලෙන් මට එවන ලද ලියමු ලැබුනේය. ඔබවහන්සේට


පිළියෙලකරණ රන් ඔටුන්න සහ කඩුවත් තවම කම්මුතුකරගන්ට බැරිවුනු සෙයින් වැඩි නොවී එය අරන් මහ වාසලට නොබෝ කලකින් පැමිණෙන්නෙමි - එතකොට එකතුවී තිබෙන ආදායමද අරන් එන්නෙමි. මෙසේ සැලකර එවුවේ, පක්ෂපාත කීකරු ඇහැලේපොල මහනිලමේය. සොරටි - දාදරා ලියුම හංගා මන්ත්රීංගෙ ඉංගා - සුන්වෙන රංගා - හා බූපති කෝපකරවලා - ගත්තැකි වාසී - ලියුම හංගා මෙම අත්සණ - එව් ලෙස හසුන - එදැක කෝප නොවෙද රාජා අවනම්බුකර යසා - නැතිකර නිලතල කරවමි තෑජා හා බූපති කෝපාකරවලා - ගත්තෑකි වාසී - ලියුම හංගා එනිල ගන්නෙමි - මන්ත්රීි නැතිකර මෙමට ඉන්ට හැකිය ලෝකේ - ධන හම්බුකර - නසා රුපුදන - ඔසවමි ජයකොඩි දීපේ - හා බූපති කෝපා කරවාලා (නික්මයයි)


v.ජවනිකා - රාජමාලිගාව

[සංස්කරණය]

ශ්රී. වික්ර-ම රාජසිංහ සිංහාසනාරූඪව සිටිනසේක. ඇමති මණ්ඩලය රැස්ව සිටිති. (මොල්ලිගොඩ, දුල්වැවේ, පුස්වැල්ලේ)

ශ්රීම වික්රටම රාජසිංහ - මන්ත්රී් වරුනි ඇහැළේපොල මහ නිලමේ අපට විපක්ෂව ක්රිරයාකරණ බව ඔහු විසින් එවා තිබෙන ලියුමකින් පෙණේ. ඔහුගේ මාමාගේ අඩිපාරේ

                                         ගමන්කරණ හැඩයි.

මොල්ලිගොඩ - එහෙනම් මාමා ගිය තැනටම මහනිලමේටත් යන්ට බැරිවෙන්නේ නෑ.

දුල්වැවේ - දේවයන්වහන්ස රට කැළඹී තිබෙන මේ කාලයේදී සියල්ලක්ම සිහිපරීක්ෂාවෙන් කරනු මැනවි.


පුස්වැල්ලේ - තිස්දෙකක් වධ නියම කරලත් රටේ අපරාධ දියුණුවී යන එක පුදුමයි. (දෙමළ වෙළෙන්දා පැමිණේ.)

ආශාවරී - දීප්වන්දි

දෙමළ වෙළෙන්දා - පුණ්යනවන්ත ‍තුම් ලංකේන්ද්රය ස්වාමි කොල්ලකෑවෝ මා බඩු දේශවාසී ආණ්ඩුකාරැහළේපොල ඊට පිටි පාපී - වෙන්නේ අපරාධ.

පුණ්යපවන්ත තුම් ලංකේන්ද්රප ස්වාමි කොල්ලකෑවෝ මා බඩු දේශවාසී කොල්ලකෑව දනන්හට අච්චු අදිකාරම් දුන්නේ නැත ස්වාමි

කඳරා දනාසරි - වල්ති.

ශ්රී වික්ර-ම - (මොල්ලිගොඩය කියයි.) හිතුවක් කරන්ට ඉඩනෑර නික්මගොසින් වහාම නගරෙන් අල්ලගෙණනු දුෂ්ට අදිකාම්.

කුණු තක්කඩින්ට වෙය පක්ෂ ඉන්න කෘතෝපකාර නොදැනා දුෂ්ට නිලමෙ බංගකරවාපන් ඉන්න කෘතෝපකාර නොදැනා.

පරවාදියන්ට අප දේශ දෙන්ට ඉලව් මන්ත්රීන වෙහෙසේ පූනු හරිමි මොල්ලිගොඩ උගේ බෝම කිපෙන්ට හේතුනකි මේ.

මොල්ලිගොඩ - ඔබෙ පක්ෂවාදී මැතිගොල්ල භංගකරන්නට දුෂ්ට සතුරන් ඉන්න බවට සාක්ෂි ඇත බෝමා කිව්ව ප්රසකාර නික්මයමි මම්

(මොල්ලිගොඩ සහ වෙළෙන්දා නික්ම යති.)


ශ්රීම වික්ර ම - දුල්වැවේ. සිංහල නිලමවරුන් කෙරෙහි මාගේ විශ්වාසය දිනෙන් දින අඩුවී යයි.

දුල්වැවේ - දේවයන්වහන්ස සිංහල හිංගල කියා දෙවර්ගයක ජනයෝැ සිටිති - සිංහල වර්ගයේ ජනයෝ උතුම් සිංහලයාට සමානවී ජාත්යාවලයෙන් ක්රි්යාකරති. හිංගල කොට්ඨාසයට ඇතුළත්වෙන ජනයෝ සිඟල් හෙවත් නරීන්ට සමානවී ‍ජාත්යා ලය නැතුව ජාතිය නැසීමට ක්රි්යාකරති. ඇහැළේපොල මේ සිඟල් පංක්තියට අයිති බැව් පෙණීයයි.

පුස්වැල්ලේ - දේවයන්වහන්සහ ජාතියට පිටිපා ක්රිකයාකරණ අය මොහොතක්වත් ඉන්ට අරිණ එක රටට හානියකි.

කාලිංගඩා - දාදරා

දුල්වැවේ - රුපුනසා සිංහල ජාතිය ආණ්ඩුකෙරේ යසා හරා දිසා ලියා ගෙලේ ලා සරා බූපතින්දා දිනේවා රෝබියෙනි බේරී - බියෙනි බේරී අපේ සිංහල ජාතිය ආණ්ඩුකෙරේ ලංකාව පාලන මහාරාජා ධර්ම නිමල තේරී තේරී රක්ෂාකෙරේ සෑම නීති රටේ දැන් කෝපාග්නි දල්වාපි මෝඩයා ________________ රාජසිංහ - කෙලෙහිගුණ නොදත් මෙම අමන ගුණමකුවන්ට න‍ිසි දඬුවම වහාම පමුණුවන්නෙමි. ‍(නික්මයති.)


5. අංකය.

[සංස්කරණය]

i ජවනිකා - හත්කෝරලේ වනාන්තරයක්.

[සංස්කරණය]

ලෙව්කේ දිසාව අශ්වයා පිටඋඩ ඉඳන් සිංහල හේවා පිරිසට අවවාද දෙයි.

ලෙව්කේ - අපේ රාජධානියට පරසතුරන්ගෙන් උපද්රාක පැමිණිගෙණ එන බැවින් වහාම නුඹලා යුඬයට සැරසී සිටියයුතුයි.


හේවාපිරිස - එහෙයි දෙයියෝ බුදුවන්ඩ.

ලෙව්කේ - පිළිමතලව්වේ ආදී කපටියන්ගෙන් අපේ සිංහල වංශයට සිදුවී එන හානිය අප්රේමාණයි. අවුරුදු 2000කටත් වැඩි කාලයක් මුලුල්ලේ සිංහල ස්වෛරීබලය පැවතුණේය. දැන් වියවුල් පැමිණීගෙණ එන බැවින් ජාත්යලලයෙන් සියලු දෙනාම ක්රිණයා කළ යුතුයි.

හේවා පිරිස - දෙයියෝ බුදුවන්ට අණප්ර්කාර අපි ක්රි යාකරන්නෙමු.

ලෙව්කේ - මාගේ දකුණතින් කඩුව රැගෙණ යුඬ භූමියෙදී හරඹ කරණ කොට දිව්යිස්ත්රීනන්ගේ වමැසත් සතුරු ස්ත්රීටන්ගේ දකුණැසත් ලෙලදෙති.

හේවා පිරිස - දෙයියෝ බුදුවන්ඩ ඒ ‍මක්නිසාද?

ලෙව්කේ - මා කැටුව යන හේවා පිරිසගෙන් යමෙක් යුඬභූමියේදී මළොත් ඔහු එකවිටම දිව්යුලෝකයේ ඉපිද දිව්යෙ ස්ත්රීඔයෙකුට පුරුෂයා වෙන්නේය. පුරුෂයෙක් ලැබෙන්ට තිබෙනවානම් දිවය ස්ත්රිේයගේ වමැස නටනවාය. එසේම සතුරාගේ ස්ත්රි යගේ දකුණැස නටන්නේ ඇගේ පුරුෂයා අප හා යුඩයට ඇවිත් යුඬභූමියේදී අපේ අතින් මැරුම්කන බවට පූර්වභලකුණක් වශයෙන් ය. එබැවින් පක්ෂපාත මාගේ ජනයෙනි යුඬභුමියේදී මරණය ගැන පසුබටවෙන්ට එපා. දිනුවොත් මෙලෝ සියලුම යසඉසුරු ලැබෙති. මැරුණොත් දිව්යස ස්ත්රි යක් ලැබේ. නිර්භීතව යුඬකරව්.

හේවා පිරිස - දෙයියෝ බුදුවන්ඩ රටගැන දිවිපිදීම සිංහල අපේ පුරාණේ පටන් පැවතෙන අංගයකි. එබැවින් ඔබවහන්සේ දුන් අවවාද අපේ හිතේ හයියෙන්ම පදිංචිකරගෙණ යුඬයට සැරසෙන්නෙමු. බූප් කල්යාණන් - දාදරා

හේවා පිරිස - දැන් යමව් සන්තොසින් මේ සැමා යුඬයෙන් පා විකුම් සව් රුපුන් සුන්කරව් අන්තරා වෙයි තිරා


උන්නොතින් දැන් නිකම් සිංහලේ පාලුවේ ඉන්නිසා දැන් දැන් දැන් ඉන්නාවූ සේක මේ ජාත්යාැලෙන් අන්දනන් සුන්කරව් යුඬයෙන් පාවිකුම් සිංහයන්සේ ලොවේ නිර්භයෙන්

ලෙව්කේ - මාගේ සේනා බෝ දක්ෂයි අන්ජාතින්ගේ දප් බින්දෙයි ආගම් භේදාදී සුන්වෙයි දිනීමෙන්.

සියලුදෙනා - අන්තරා වෙයි තීරා උන්නොතින් දැන් නිකම් සිංහලේ පාලුවේ ඉන්නිසා දැන් දැන් දැන් ඉන්නාවූ සේනා මේ ජත්යාදලෙන් අන්දනන් සුන්කරව් යුඬයෙන් පාවිකුම් - සිංහයන්සේ ලොවේ නිර්භයෙන්

(නික්මයති)


ii ‍ජවනිකා - සබරගොමුවේ විථියක්.

[සංස්කරණය]

(ඇහැළේපොල නිලමේ සහ වැසියෙක් ගමන් කරති.)

ඇහැළේපොල - රජු මහා කෝලවී මොල්ලිගොඩ අදිකාරම් යටතේ යුඬසේනාවක් පිටත්කර එවූබව ඊයේ රෑ දැනගන්ට ලැබුනා.

වැසියා - අසුවුනොත් පිළිමතලව්වේ මහනිලමේට සිදුවුනු මරණයම සිඬකරණවාට සැක නෑ.

ඇහැළේපොල - මෙහි නොසිට කොළඹට පැමිණ ඉංග්රීිසින්ගේ උපකාර සොයා මෙම වඩුගරජා සිංහාසනයෙන් නෙරපා දැමීමට වීරිය කරන්නෙමි.

වැසියා - දෙයියෝ බුදුවන්ඩ ප්රනමාදනොවී යමු.


මාඩි - දාදරා

ඇහැළේපොල - රාජාහිස් ගහලන්නා - කරණා නොපෙන්නා උනේ විනේ මෙදැන් - මට භයසිතුනා - යන්නෙම් සැණිනා - කොළඹ රජානන් වෙතා සිතේ දුකින් මා දරු ශ්රිුයා රූබරී දමායන්ටත්වී අහෝ මේ දුක ගින්දර බෝ පත්තුවී නිවාගන්ට බැරි මටදැන් ම‍ාගෙ පවුල ගැනා - හද පැලෙනා කරුම දොසිනා - උනේ විනේ නොමින්. ඉංග්රීොසියන් හා හාදවී උදව් උන්ගෙන්මම් ලබා - ගන්නෙමි නෙරපා මේ රජා රටින් ලාමි කර අවමන් - බෝ දෙමල ජනා රට නසනා නොහැකි එ වානා - පපු පැලේ දුකින් (නික්මයති.)

ii. ජවනිකා - ඇහැළේපොල වලව්ව.

[සංස්කරණය]

(ඇහැළේපොල කුමාරිහාමි, කිරිමව්, දාසි, ලොකුබණ්ඩා, මද්දුම බණ්ඩා සහ ඩිංගිරි මැණිකා සිටිත්. ජිංජොට් ජිල්ලා - දාඳරා

ඇහැළේපොල කුමාරිහාමි- සිංහල වංසේ විද්යාවදන්න දනෝ ඉන්නාහු පාලන මායා - දේශ අපේ - පාලන මායා නරසී දෝෂ දන්නාහු ඔව්හු බෝම.

කිරි අම්මා - රජ්ජුරුවන්ගේ දෝෂා කීම නොසෑ‍හෙය් ලෝකේ - ඉංග්රීමසියන් හා ඔබ සැමි එකතුවිය - ඉන් දෝෂ වේදෝ නැද්ද.

ඇහැලේපොල - හාදව ස්වාමි ඉංග්රීුසින්ට මෙහි නාවාලු පව්ලට මාගෙ අනතුරා - පව්ලට මාගෙ අනතුරා රජුඳු කෝපා වෙන්ටෑකි වෙය් බෝ දෝෂා.

දාසි - පව්ලට ආලේ ඇත්නම් මන්ද කරන්නේ ඒවා මින් සිදුවෙන්නේ අනතුරා - මින් සිදුවෙන්නේ අනතුරා ගිරහදෝෂ වෙන්නාය අය්යෝ බෝම


(මහඔය ආරච්චි සහ කටුබුල්ලේ මුලාදෑනි දෙදෙනෙක් නමාපු රිදීමිට ඇති වේවැල් බැගින් අතින්ගෙණ පැමිණෙති.)

ආරච්චි - රජ්ජුරුවන් වහන්සේගෙන් අපට ලැබීතිබෙන ආඥාවනම් කුමාරිහාමි ඇතුළුව මහනිලමේගේ පවුල වහාම රජවාසලට කැඳවා ගෙණ යන්ටයි.

ඇහැළේපොල කුමාරිහාමි- මේ හදිස්සි පණිවිඩය කුමක් නිසාද?

ආරච්චි - එය දැනගැණීමට වාසලට පැමිණිය යුතුයි.

කුමාරිහාමි - කවදාවත් නැති පණිවිඩයක් අද මොකද?

ආරච්චි - ඔබවහන්සේගේ මහනිලමේ ඉංග්රී්සිකාරයන්ට එකතුවී ක්රිචයාකරණ බව අප රජ්ජුරුවන්වහන්සේට සැලවී තිබේ.

කුමාරිහාමි - ඒ නිසා රජ්ජුරුවෝ අපට මක්කරන්නද?

ආරච්චි - සිංහල නීතියේ ප්‍රකාර සුදුසු දඬුවම් පමුණවනවා ඇත.

(කුමාරිහාමි මුරුඡාවී වැටේ, මද්දුම බණ්ඩා හැර අනික් සියලුදෙනාම මෙසේ කියති.)

පිලූ - ලාවනි.

සියලුදෙනා - පවුල විනාශ හා හා හා හා කෝපාවී රජිඳු ඔහො හෝ හෝ‍ ‍හෝ මීට කමාව නෑ නෑ නෑ නෑ සිද්ධ වූ වරද බෝ බෝ බෝ බෝ

මද්දුම බණ්ඩා - (මවුට කතාකරයි) එපා භයව ඉන්ටා මා මාතා පූරුව කරුම නිසා මේ වෙන්නා

(මව්ට කතාකර නැගිට්ටවයි.)

පිලු - ගසල්

ඇහැළේපොල කුමාරිහාමි -

සූර මා ස්වාමි මෙකෙරුවේ මන්ද අය්යෝ දේවනේ මන්ද අය්යෝ දේවනේ - හෝ - මන්ද අය්යෝ දේවනේ පුත්රඅ පුත්රක ‍මව්ගෙ ආලේ කම්මුතුය් දැන්ස්වාමිනේ යන්ට පා මා නෑ වලංගු බෝ බියෙන් වෙව්ලා අහෝ. ස්නෙහ පෑ මාගේ පුරුෂයා දන්නේ නැද්දෝ මේ හෙණෙ - හෝ දන්නේ නැද්දො මේ හෙණෙ මාගෙ පව්ලත් අන්තරාවේ දැම්මේ අය් මා ස්වාමිනේ හෘද දැන් මේ ශෝකයෙන් බෝ යය් පැලීලා දේවනේ. __________________

ආරච්චි - වැලපි වැලපි ඉන්ට කමක්නෑ මම කුමක් කරම්ද - ඉක්මණට පිටත්වී යමු.

(කිරිඅම්මා සහ දාසි හැර අනක් සියලුදෙනාම නික්මයති.)


iv ජවනිකා - විථියක්

[සංස්කරණය]

කටුබුල්ලේ මුලාදෑනි දෙදෙනෙක් පුස්වැල්ලේ කුමාරිහාමි සහ දියණියන් රජවාසලට කැඳවාගෙන යති.

කාලිංගඩා - දාදරා

දියණිය - කෝපවුනා රාජ ස්වාමි - කරුමේකි දේවනේ පියාගේ දෝෂ මෑනියේ - එ - පියාගේ දෝෂ මෑනියේ අපේ හිසේහි ලා ගියේ - කෝපවුනි &c රාජාද්රෝහහි පියානන්දෑ - ඉංග්රී සින්ට පක්ෂවී රාජකෝප අග්නි ජ්වාලේ - ලාපි මාද ‍මව් අල්ලා

කාලිංගඩා - ලාවනි.

පුස්වැල්ලේ කුමාරිහාමි - දෙය් දෙය් රජිඳු සිව්හානී - කිපී දෙය් දෙය් රජිඳු දිව්හානි

ඒ යෙදේ අපට කර්මේනි නාඪා දුවේ බීත ශෝක මුදා දමා තී මා වගේ සාරා නිමල්දම් භක්තියෙන් සිත්හි දරන් අප සෑසිගේ එපා ශෝක වෙන්ට ප්රිිය දෝනි අපේ දිව්පුදා නිවමූ කෝපාග්නී

         _____________

මුලාදෑනි - පුස්සැල්ලේ දිසාපතිතුමා අපේ රජ්ජුරුවන් වහන්සේට විපක්ෂව රාජඅපරාධ කරන්ට ඇහැළේපොල අදිකාරමට එකතුවුනායින් මේ විපත්ති ඔබ වහන්සේලාට සිඬවිය. ප්ර්මාද නොවී වාසලට වඩිනු මැනවි.

(නික්මයති.)

v. ජවනිකා - පත්තිරිප්පුව.

[සංස්කරණය]

(ශ්රීම වික්ර-ම රාජසිංහ, මොල්ලිගොඩ අදිකාරම, සළුවඩන නිලමේ පලිපාන දිසාව සිටිත්. වධකයෝද කඩුරැගෙණ සිටිති. වංගෙඩියක් සහ මෝල් ගසක්ද තිබෙත්)

මොල්ලි‍ෙගාඩ - ඔබවහන්සේට විපක්ෂවූ ඇහැළේපොල අදිකාරම සහ පුස්ඇල්ලේ දිසාවත් ඉංග්රී-සින්ට එකතුවී සිටින බව සැලයි.

ශ්රීි වික්රගම - සිංහල නීතියේ ප්රසකාර ඔවුන්ගේ පවුල්වලට දඬුවම් දියයුතුයි.

සළුවඩන නිලමේ - දේවයන්වහන්ස පැනලාගොස් සි‍ටින රාජ අපරාධකාරයන්ට නිසි දඬුවම් නම් ඔවුන්ගේ දරුවන්ගේ හිස් ගහදමා ස්ත්රීමන් දියේ ගිලවා මැරීමයි.

ශ්රීන වික්රසම - ඒ හරි.

පලිපාන දිසාව - එසේ නොකර හිර අඩස්සිකර දමනවා නම් හොඳයි කියා සිතමි.

ශ්රී වික්ර ම - නීතිය කාටත් පොදුයි. ඒ ප්රපකාර ක්රිදයාකළාම දොසක් නෑ.

ඇහැලේපොල කුමාරිහාමි,ලොකුබණ්ඩා, මද්දුම බණ්ඩා, අතදරුවා, පුස්ඇල්ලේ කුමාරිහාමි සහ දියණියන් කැඳවාගෙණ මහඔය ආරච්චි සහ කටුබුල්ලේ මුලාදෑනිවරු පැමිණෙති.

කමාජ් අලෙයියා - ලාවනි.

ශ්රී් වික්ර-ම - නීතියේ ‍ෙසාඳාකාරෙන් - පේන මේ දැන් අච්චු මාගෙන් - ලැබෙයි නෑ බාධා හිස් කප්පාලා කඩුවෙන් - පුතුන් මරාවී දැන් බෝගම්බර වැව වෙත ගොස් - මරව් ඉතිරින් ගිල්ලවා දැන් - රටේ මේ සැමා - මට්ටුවෙති දැක්කොතින් - මගේ බලේ ලකසාරා.

                        ___________________

රාජද්රෝ හිකම් කළ ඇහැළේපොල අදිකාරම්ගේද පුස්ඇල්ලේ දිසා‍වගේද පිරිමි දරුවන්ගේද සිරස්ඡේදන කොට භාය්යාදි වන් සහ ගෑනු දරුවන් වැවේ ගිල්වා මරාදමන්ට වධකයන්ට නියෝග කරණු.

මොල්ලිගොඩ - එසේ යහපති දේවයන්වහන්ස! (වධකයන්ට කියයි)

අප රජ්ජුරුවන් වහන්සේගේ අණප්රයකාර වහාම පිරිමි දරුන්ගේ හිස් ගහදමව්.

වධකයෝ - දෙයියෝ බුදුවන්ඩ කීප්ර කාර කරන්නෙමු.

             (වධකයන් ලොකුබණ්ඩාගේ අතින් අල්ලනකල ඔහු මරහැඬුම්දී

හඬා මව්ගේ අතේ එල්ලී මෙසේ කියයි.)

ලොකු බණ්ඩා - අයියෝ අම්මන්ඩි අම්මන්ඩි මා ගලවාගන්ටා කෙනෙක් නැද්ද?

ඇහැළේපොල කුමාරිහාමි- පූර්විජාතියකදී ප්රාටණඝාතය අප විසින් කර තිබෙන බැවින් මේ අකාල මරණය අපට සිඬ‍වන්නේය. එබැවින් දුක්නොවී බයනොවී තුණුරුවන් කෙරෙහි සිත් ඇලුම් කරගෙණ රාජනි‍යෝගයට යටත්වෙනු.

ලොකු බණ්ඩා - මාතා මාතා මාතා


බයිරවි - දීප්වන්දි

පියාගේ වැරැද්දෙන් සිරස්ඡේදනේ කෙරේ බූපති කෝපවී දෙය්යනේ දොසක් නෑ කළේ මා අනේ මෑනියේ මෙයින් මා මුදාදැම්මොතින් පින්ලැබේ. ගලා ලේ සැලීයය් ඉතින් බෑ අනේ.

                          ___________________

මද්දුම බණ්ඩා - අයියන්ඩි භයවෙන්ට එපා. මැරෙණහැටි මම නුඹට පෙන්වන්නෙමි.

(මෙසේ කියා ඉස්සරහට පැමිණ වධකයින්ට කතාකරයි.)

වධකයිනි මේ ම‍ාගේ අන්තිම ප්රාටර්ථනාව කියා නිමවෙනකොට එක කඩුපහරින් මාගේ සිරස ඡේදනය කරව්.

ඉ‍තෝ වුතෝහං වර ජම්බුදීපේ හිමාලයේහේම මයා හී කුටේ කප්පායුකෝ දේව පතීව හුත්වා මෙත්තෙයිය නාතස්ස සුනොමි ධම්මං

(වධකයා සිරස කපයි.)

පලිපාන දිසාව - අයියෝ අයියෝ අයියෝ

(මුර්ඡාවී වැටේ)

ශ්රීම වික්ර)ම - සිත් ධෛය්ය් කමක් නැති නුඹ දිසාපති නිලයට නොහොබින්නේය. එබැවින් එම නි‍ෙලන් මෙතැන් පටන් අහක්කළ බව දැනගණින්.

පහඩි - දිප්වන්දි.

ලොකුබණ්ඩා - මරුවා බියපායි මාතා සහෝදරයා මළේ සංසාරේ දුක බෝ පෙණෙනා සැපා නැත ලෝකයේ උපකාරෙට ඇත්තේ ලෝකේ


තිලෝගුරු දුන් දහම් මාතා මාහට දැන් නොමැතා භයක් මරණෙ ගැනා. ________________

වධකයිනි මවිසින් පන්සිල් අරන් නිම වූ කෙණෙන් මගේ හිස ගහදමව්. (සන්සිල් හෙමින් ගණියි)

වධකයා - ආගමේ කටයුතු කම්මුතු නම් ප්රෙමාදවෙන්ට බෑ.

ලොකුබණ්ඩා - කම්මුතුයි.

(වධකලා හිස ගහ දමයි) (සියලුදෙනාම ඉකිගසා හඬති.) ජිල්ලා - දාදරා

ඇහැළේපොල කුමාරිහාමි - අනේ මේවුනේ දේවනේ කිමාකාරී අනේ මේවුනේ දේවනේ කිමාකාරි අනේ මේවුනේ කිමාකාරී මරා පුතුන් රජි‍ඳේ කෝපනිවාගණී අනේ මේවුනේ දේවනේ කිමාකාරී මරාදැමී දරුවන් ක්රෑමරරජා මගේ අනේ මේවුනේ දේවනේ කිමාකාරී ________________

මාගේ ස්වාමිපුරුෂයාණනි, නුඹවහන්සේ යම්තැනකද එතැනට මේ දේවාලම් සැලවුකල්හි මෙල්ලනොවී වැඩි ධෛය්‍ර්‍ය ගෙණ අපගේ මේ රාජධානිය නුඹවහන්සේටම අත්කරගත නොහැකි නම් යුරෝපීය තුන්වර්ගයෙන් එකවර්ගයකට පාවාදෙනු ලැබේවා නුඹ වහන්සේට සතරවරම් දෙයියන්ගෙන් පිහිට ලැබේවා. (ශ්රීු වික්රමම රාජසිංහ හුනස්නෙන් නැගිට වෙවුලමින් මෙසේ කියයි.)

ශ්රීශ වික්රිම - ලදරුවාත් මරා වන්ගෙඩියක ලා මව් ලවා කොටපියව්.

(ගහලයා කිරිබිබී සිටි ලදරුවා උදුරාගෙණ හිස කපා වන්ගෙඩියේ ලයි. කුමාරිහාමි මෝල්ගස අතට නොගෙණ සිටියි.)


ශ්රීර වික්රංම - වහාම ලදරුවා නොකෙටුවොත් කුමාරිහාමි පදුවෙකුට පාවාදෙන බව දැනගන්ට හොඳා.

(කුමාරිහාමි ඉතා තද ශෝකයෙන් මෝල්ගහ අතට ගෙණ වන්ගෙඩියට අතහරිමින් මෙසේ කියයි.)

ජිල්ලා - දීප්වන්දි.

ඇහැළේපොල කුමාරිහාමි - කා බලා මම් වාමි - දුෂ්ට නරවරා වනේ දරු ලා මා ලව්වා කොටන්ට කී කා බලා මම් වාමි - දුෂ්ට නරවරා ලක්දිව්වාසි මෙය දැක සැනසීමක් නොදී නීචයාට ලීලාදුන්නෝ දෙය්යනේ කා බලා මම් වාමි - දුෂ්ට නරවරා.

(මුර්ඡාවී වැටේ)

ශ්රීම වික්ර)ම - විගස මෙම හිත්දැඩි ගෑනුන් වැවේ ගිල්වා මරව්.

ගහලයෝ - එසේ යහපති දෙවි ස්වාමිනි.

(ගහලයෝ ඇහැළේපොල කුමාරිහාමිද පුස්වැල්ලේ කුමාරිහාමිද ඇගේ දියණියද කැඳවාගෙන බෝගම්බර වැව කරා ගමන්කරති.)


vi. ජවනිකා - සෙන්කඩගල නුවර විථියක්

[සංස්කරණය]

වැසියෝ ගමන්කරති.

මාඩි - හිංචි

ක්රෑ ර නීච රාජාගේ ක්රිබයා පාපිෂ්ඨා බෝ චී - චී ක්රිායා පාපිෂ්ඨා බෝ හිරුපවා කම්පාවෙලා ආලෝකේ නෑ නීච රාජාගේ ක්රිලයා පාපාෂ්ඨ බෝ. බුද්ධධර්මයේහි පෑදී කුමරි ලේ පිපාසේ රාජාගේ නීචපී ක්රෑිර රංගේ දිටුවාද මේවාගේ ලෝකේ නීච රාජාගේ ක්රි යා පාපිෂ්ඨ බෝ.


කාලකන්නි දුෂ්ට රාජාගෙ චාරේ කාට කාටත් මෙදීපෙහි තේරේ යක්ෂරංගේ ඔහු පාපි හෘ‍ද නෑ ව‍ාගේ නීච රාජාගේ ක්රිපයා පාපිෂ්ඨා බෝ

(නික්මයති.)

vii. ජවනිකා - බෝගම්බර වැව.

[සංස්කරණය]

ඇහැළේපොල කුමාරිහාමි පුස්වැල්ලේ කුමාරිහාමි සහ දියණියද වධකයෝද සිටිත්.

ඇහැ‍ළේපොල කුමාරිහාමි- යහලුවනි ‍අපේ ආගමේ කටයුතුකර ගණිමු. එබැවින් මේ මොහොතේදී ත්රෛමලොකාචාය්ය්වනි බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙන් සිත් පහදාගෙණ සංසාරේ වසන තෙක් මෙබඳු දුකක් අප කිසිවෙකුට නොවේවා කියා ප්රාමර්ථනා කරගෙණ මෙහි ගිලෙමු.

පුස්ඇල්ලේ කුමාරිහාමි- බරගල් බැඳගෙණ පනිමු.

පුස්ඇල්ලේ දියණිය - අපේ පාපකර්ම ගෙවන්ට තිබෙන බැවින් මෙසේ අපේ මරණය සිඬවෙයි.

(වධකයෝ ලඟට පැමිණෙති.)

ඇහැළේපොල කුමාරිහාමි- තොපි අපේ ඇඟට අත නොතබව්. අපිම මෙම ගල් බැදගණිමු. ඈතින් සිටිවි.

(තුන්දෙනා ගල් බැඳගණිති.)

ශුඬපහඩි - දීප්වන්දි.

පුස්ඇල්ලේ කුමාරිහාමි සහ දියණිය -

බවේ දුක් බෝ බැව් දැක්කු තුන්ලෝ පියා නමා මෙහි පනිමු නොවී සිත්බිය - මේ - බවේ දුක් බෝ බැව් දැක්කු තුන්ලෝ පියා මේ ගැන සෝකා වෙන්නටා


ඕනෑ නැතේ හඬමින් කර්මය සිඬවෙන්නටා කාලේ අපේ පැමිණී

(දෙදෙනා පනිති.)

ඇහැළේපොල කුමාරිහාමි -

සෑසී දෙසු ‍දම් - සෑසී දෙසූ දම් සිත්ගෙණ දීපේ - සිංහල වංශික ගෑනු සියල්ලෝ පතිවත රක්ෂාකරව් මේලෝකේ සෑසී දෙසූ දම්

(ඇහැළේපොල කුමාරිහාමි පනී.)

6. අංකය

[සංස්කරණය]

i. ජවනිකා - කොළඹ ඉංග්රීයසි උතුමාණන්වහන්සේගේ නිවස.

[සංස්කරණය]

(සර් ‍රොබර්ට් බ්රවව්න්රිග් සහ ඩොයිල් සිටිති.)

බ්රීවුන්රිග් - අපේ ආණ්ඩුවට යටත් වැසියන් ‍දහදෙනෙක් අල්වා සිංහලේ රජ ඔවුන් ඔත්තුකාරයන්යයි සැකකර අත් කන් නාසා කප්පවා අත් ‍කරේ එල්වා මෙහාට එවා සිටින බැවින් ඉංග්රී සිආණ්ඩුවට සිංහලේ රජු විසින් කර තිබෙන අපහසක් බැව් පෙණේ.

ඩොයිල් - ඒ රජුගේ ක්රෑ.රක්රිරයි නිසි උඩරට මහත් වංචාලභාවයකින් පවතී. උඩරට අල්ලාගන්ට හොඳ ප්රාස්තාව දැන් තමා.

(ඇහැළේපොල පැමිණේ.)

ආශාතෝඩි - දීප්වන්දි.

ඇහැළේපොල - පාලා සෙනේ උන්නා කුටුඹා - නසාදැමී පාලා සෙනේ උන්නා කුටුඹා ක්රැ රක්රිුයාවෙන් යුක්තවූ රාජා ස්වාමි එපාවී සිංහලයින්ටා නාසාදැමී පලා සෙනේ උන්නා කුටුඹා.


ප්ර්කාශකෙරුවොත් යුඬය ඔහු හා මම් වෙමි උපකාර ඔබටා නසාදැමී පාලා සෙනේ උන්නා කුටුඹා. විරුඬ කරමි සිංහල ජනයා ලබතැකි උපකාර සොඳසේ නසාදැමි පාලා සෙනේ උන්නා කුටුඹා. ___________________

බ්ර_වුන්රිග් - මහනිලමේට කරතිබෙන අපරාධය හොඳකාර පෙණීයයි. මොල්ලිගොඩ නිලමේ හාදවුනොත් උඩරට රජු අල්ලා ගැණීම අමාරුනෑ.

ඇහැළේපොල - මොල්ලිගොඩ නිලමේ හරවාගන්ට මට බැරිවෙන්නේ නෑ.

ඩොයිල් - බැද්ද වනසන්ට බැද්දේ ගහක් ඕනෑවාගේම සිංහලේ රජු සිංහාසනයෙන් පහකිරීමට සිංහල මන්ත්රීේවරු අපට එකඟ වුනොත් එය ඉෂ්ටකිරීම පහසුයි.

පීලූ - වල්ති.

බ්රූවුන්රිග් - මෙ සූර මන්ත්රීක කිව්විලසින් නෙරපාලාමු රජු කල්නෑරා යුදකර සිංහලරජ එඩිබල බිඳ මෙ සූර මන්ත්රීඑ කිව්විලසින් නෙරපාලාමු රජු කල්නෑරා

ගෝරා දුක දෙන, අවනඩුකරණ, පපුවනැති, නපුරු නරණගති, මෙකල සැලවි ඇති, වහම යුධටයමු, රජබල බින්දලමු, ජඩගති වනසමු, ඔදබිඳ සිඳලමු, උඩරට බබලමු. සැමජන තුටුකර, යුක්තකර ධර්මලෙස - මේ සූර මන්ත්රීක

(නික්මයයි.)

ii. ‍ජවනිකා - විථියක්

[සංස්කරණය]

(ඩොයිල් යටතේ හේවා පිරිසක් සෙංකඩගලනුවරට ගමන් කරති. ඇහැළේපොල සහ එක්නැලිගොඩ මොහොට්ටාල උන් කැටුව යති.)

ඩොයිල් - මහනිලමේ. මොල්ලිගොඩ අදිකාරම යටතේ සිංහල යුද්ධ සේනාවක් හත්කෝරලේ සිටින බව සැලයි.

ඇහැළේපොල - හත්කෝරලේ හරහා යනකොට ඒ සේනාව සම්භවෙන්ට පුලුවනි - මොල්ලිගොඩ අදිකාරම අපට එකතුකරගන්ට බැරිවෙන්නේ නෑ.

එක්නැලිගොඩ - ඉංග්රීරසින්ගේ අදහස් රජුසිංහාසනයෙන් පහ කෙරීම පමණක් නම් මොල්ලිගොඩ අදිකාරම අපට එකතු වෙනවා ඇත. නුමුත් සිංහල රජු නෙරපා දමා උඩරට අල්ලාගන්ට අදහසක් ඇත්නම් මොල්ලිගොඩ අදිකාරම අපට එකතුවෙයි කියා කියන්ට බෑ.

ඇහැළේපොල - එහෙම අදහසක් ඉංග්රීෑසින්ගේ නැති බව අර ප්රහසිද්ධ කර තිබෙන ප්ර-කාශපත්රඉයෙන් හොඳාකාර පෙණේ.

ඩොයිල් - ඉතින් යුද්ධ සේනාව නික්ම යෑමට අණදෙමි. පිටත් වෙමු.

කමාජ් - චල්ති.

හේවාපිරිස - හෝ ඉන්නා දැන් අරමයාදෙස් රාජාදප් බුන්කරවා කෝලහාලත් බෝසංසින්දා ‍ලොසත්වෙත සෙත්පාදැන් සතොසින් අල්ලාගම්මු බූපල්

(නික්මයති.)

ii. ජවනිකා - යුඬ භූමියක්

[සංස්කරණය]

මොල්ලිගොඩ අදිකාරම් යටතේ හේවා පිරිසක් සිටිති.

මොල්ලිගොඩ - (හේවාපිරිස‍ට) මා යටතේ යුද්ධ කෙරීමට පැමිණි සිංහල ජනයිනි ඉංග්රීයසි හේවාපිරිස කැටුව ඇහැළේපොල මහ නිලමේ එන බව සැලයි. ඉංග්රීොසින්ගේ අදහස සිංහල රජු සිංහාසනෙන් පහකර අප සිංහල වංශයටම

උඩරට ආන්ඩුකෙරිම භ‍ාරදෙන්ට බැවින් අප විසින් ඔවුන්ට විරුද්ධතාවයක් නොපෙන්නාන අපේ ක්රෑඅර රජු ඔවුන් අත‍ට පාවාදෙමු.

හේවා පිරිස - දෙයියෝ බුදුවන්ඩ එහෙම නම් ඊට අපි ඉඩදෙන්නෙමු. එසේ නොවේ නම් එකාපිට වැටෙනකල් අපේ රට වෙනුවට යුඬ කරන්නෙමු.

(ඉංග්රී සි හේවා පිරිස පැමිණේ.)

ඇහැළේපොල - මොල්ලිගොඩ නිලමේ අප සමග එකතුව වඩුග රජුන් අල්ලා ඉංග්රි-සින්ට භාරදෙන්ට හේවාපිරිසක් සමග සෙංකඩගල නුවරට පැමිණෙනවා යහපති.

(මොල්ලිගොඩ ඩොයිල්ට අතට අතදී කථාකරයි.)

මොල්ලිගොඩ - මහනිලමේ කී ප්ර කාර වඩුගරජු නෙරපාදමමු. නුමුත් අපේ රට අප අතේ තිබෙන්ට ඕනෑ. ඒ පොරොන්දුවපිට හත්කෝරලේ ලේකම් මිටිය සහ කොඩියත් ඉංග්රීතසින්ට භාරදෙමි.

ඩොයිල් - එය ප්රසසන්නයෙන් භෘරගණිමි රජු අල්ලා ගැණීමට සෙංකඩගල නුවරකරා යමු.

(නික්මයති.)

iv. ජවනිකා - මැදමහනුවර සිංහල ගෙයක්

[සංස්කරණය]

(සිංහලේ රජ, වැසියෙකුගේ ගෙයක සැගවී සිටි.එක්නැලිගොඩ මොහොට්ටාල සහ පිරිසක් පැමිණ රජු අල්ලා ගණිති)

එක්නැලි‍ෙගාඩ - උඩරට උතුම් පවුල් වනසාදමා සිංහලේ එකහෙලා මිනිමළගෙයක් කළ වල් වඩුගරජා විගස එලියට නාවොත් අතපය බැඳ කුදලා ගුටිබැටදී හොදටම තෙරෙක්කු කරණබව දැනගන්ට හොඳා.

(දොර කඩාගෙණ ඇතුල්වෙයි.)

ශ්රීද වික්රවම - තොපේ රජුගේ ඇඟට අත නොතිබව්.

එක්නැලිගොඩ - රජකම් කළත් කළකම් පලදෙන බව දන්නෙ නැද්ද.

ශ්රීැ වික්රරම - මාගේ දරුවනි තොප කරන්ට යන වැරුද්ද මතු සිංහල පරම්පරාවටත් අන්තරාවකි. එබැවින් සිහිනුවනින් ක්රිැයා කරව්.

එක්නැලිගොඩ - විසකුරු සර්පයා දිටුතැන නෑර මරාපිය මෝඩයා කීවාවාගේ අදමිටු ක්රෑවර රජා වහාම රටින් නෙරපාදැමීම සියලු දෙනාටම සැපතකි.

(මෙසේ කියා රජු අල්ලා බඳිති.)

පීලු - ගසල්

ශ්රී වික්ර්ම - සිංහලේ අල්ලා දෙවා ඇයි මෙසේ නිගාකළේ මෙදා ඉංග්රීසසින්ගේ තරම තේරේ රාජා ආණ්ඩු නැති සඳා මෙ අපේ මන්ත්රීසවරුනගේ දොසා නිසා විනේ උනා දන්නෝ ඒ දනිත් මැයි මනාමෙනා මා වැරැද්දක් නොමැත නීතියේ අච්චු දුනිම් ‍රාජද්රෝිහි ඒ පවුල් නසා ඊට මහා කිපෙනු දොස්වේ සිංහලුන් දැන් කෙලත් ගසා

(ඩොයිල් පැමිණේ.)

ඩොයිල් - ඔබවහන්සේ සිංහල රජකමෙන් අහක්කළ බව දැනගෙණ අප භාරේ හිරගණනේ කොළඹට යන්ට පිටත්වෙනු මැනවි.

ශ්රී් වික්ර.ම - හොඳයි මගේ වැසියන්ට හොඳනම් මට මොකද. නුමුත් මාගේ අත්පා බලා මෙය රජෙකු විසින් ලැබිය යුක්තක්දැයි කියනු මැනව.

ඩොයිල් - ඒ ගැන කණගාටුයි. මින්පසු කළයුතු සියලුම උපකාර කරණ ලෙසට පොරොන්දුවෙමි. මෙවක් පටන් ලංකාද්විපයේ උඩරට නමැති ප්රරදේශය ඉංග්රීංසි ආණුඩුව යටතේ පාලනය කරනු ලබන බව දතයුතුයි.


ශ්රී වික්ර ම - ඒගැන මට කියන්ට දෙයක් නෑ. බැද්ද වනසන්ට බැද්දේ ගහක් ඕනෑලු - සිංහල ජනයාගේ ඊර්ෂ්යා්ව නිසා ජාත්යා ලය නැතිවී මේ අන්තරාසිදුවිය.

ඩොයිල් - ඉතින් ප්රවමාදනොවී නික්මයමු. (සියලුදෙනාම නික්මයති.)

v. ජවනිකා - නුවර වීථියක්.

[සංස්කරණය]

මොල්ලිගොඩ සහ ඇහැළේපොල ගමන්කරති.

මොල්ලිගොඩ - අවුරුදු 2357 ක් මුළුල්ලේ නොකඩවා පැවතා සිංහල රාජ්යිය නිෂ්ඨාවට පැමිණියේය.

ඇහැළේපොල - අපි සියලුදෙනාම රැවටනෙමු. මාගේ පවුලත් නෑ සිංහල ස්වෛරීබලයත් නෑ. මෙහෙම මෝඩකමක් කෙරුණේ නෑ.

මොල්ලිගොඩ - අපේ නුනුවනකමින් මේ වැරැද්ද සිදුඋනා. මතු උපදිනා සිංහල ජනයා අපට වෛරකරණවා ඇත.

ඇහැළේපොල - අප විසින් යොදන ලද උපා සියල්ලක්ම අපට වහවුනා සිංහල ජාත්යා-ලෙන් ක්රිලයා කරන්ට ගොස් ජාතියට නිගාවුනා කරන්ට දෙයක් නෑ. (දෙදෙනා බදාගෙණ හඬති.)

කල්යාෙන් - ලාවනි.

දෙදෙනා - ශෝකා බෝවේ බෝවේ - වැටුනා මේ ජාතී ශෝකා බෝවේ බෝවේ - වැටුනා මේ ජාතී සිංහල වංශෙට දැන් හානිවෙච්චි ඒ ගැන බෝ බැණුම් කරත් දනෝ මේ නරණා මරණා නෙරණා කෙරුණා අපදීපේ රාජධුර අහෝ නෑ. හොරේ දැන් පෑදිලාම තිබේ මේ

කාටකියමුදෝ වැටුනි මෙවංසේ යෙදුනේ මෙවිනේ කරුමේ කරුමේ සිංහලයන්ගේ බලේ බිඳියේ.

සියලුම නාට්යලකරුවෝ කියති

සුරපදා - දාදරා.

සිය වංශේ ජනා. සොඳ ඉංග්රී සි ආණ්ඩුවේ පක්ෂපාත ශාස්ත්රබවන්තවූ, වැසියොව බබලා තෙදින්ලොවේ පොරණ සිල්ප සිහලශාස්ත්රද ආදිමේ සොයා නිවසව් ජාත්ය් ආලයෙන්, ජය අත්තේ සෑදේ. පුණ්යසවන්ත ඇඩ්ඩුවඩ් රජුන්, සහ ලකිසුරු මෙ අපේ උතුම් රකිති ආයු දෙමිනි බෝම සව්සුරෝ ලොවේ අපගේ නාට්යද බෝ කලා, පවතිවා ලකේ.