ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව/සිංහල පරාභව නාටකය (සිරිත් කාණ්ඩය /1902)

Wikibooks වෙතින්

සිංහල පරාභව නාටකය


(සිරිත් කාණ්ඩය)


A SATIRE ON THE MODERN SINHALESE


(ක්‍රි.ව.1902 )


සංඥාපනය


මෙම නාටකයේ කථා ශරිරය සංක්ෂේපයෙන් මෙසේ දතයුතුය. ඒරෝපා ශිෂ්ටාචාරයට අයත් කෑම බීම, ඇඳුම් පැළඳුම්, සිරිත් විරිත් අනුව ගිය දෙරණසේකර නම් අයගේ ලියනෝරා නමැති දුව එසේම ඒරෝපා ශිෂ්ටාචාරය පිළිගත් හැරී කොල්විල් ජෙරමායා අමරනායක නමැති තරුණා සමග සරණ බන්ධනයේදී දෙරණසේකර අනුවන කමින් තමාගේ මුදල් වියදම්කොට වස්තු භංගත්වයට පැමිණ කාලන්නිකමට පත්වී අන්තිමයේදී හිරේවැටුනේය. වර්තමාන කාලයේ සිංහල ජාතිය අතරේ පුරුදු වී ගෙණ එන නොයෙක් දෝෂ සහිත සිරිත් මෙම නාටකයේ පෙණෙන වනසිංහගේ කියමන් වලින් අතැඹුලක් මෙන් පෙණී යනවා ඇත. සිංහල ජාතිය පිරිහෙන්ට ප්රකධාන කරුණ ඔවුන්ගේ ජන්ම භාෂාව ඉගණ නොගැණීම බව පෙණීයයි.

වර්තමාන කාලික සිංහල ජනයා ජම්ම භාෂාව පාගාදමා බඩ රැකගණු අටියෙන් පර බස පමණක් ඉගෙණ තමන්ගේ මුතුන් මුත්තන් කළ කී දේ කුමක්දැයි නොදැන මන්මුලාවට පැමිණ සිටින බැවින් මි‍රිඟුව පාරේ දුවන මුවන්ට සදිසි මොවුන්ට සිතට ගන්ට සෑහෙන යහපත් කියුම් මෙම නාටකයේ අන්තර්ගත වී තිබෙන බැවින්දෙමව්පියන් විසින් තම දරුවන්ට මින් එක එක පොත බැගින් දී කියවා බලන්ට අවවාද කටයුතුයි.

ස්වකීය රට ගැණ දැන් හැදෙන සිංහල ජනයාගේ කිසිම ආලයක් ඇත්තේ නැත - ඒරෝපා ශිෂ්ටාචාරයේ නරක කොටස පමණක් මොවුන් විසින් පිළිගෙණ සුරා බීමෙහි ලොල්වී දෙලොවටම වැඩනැති ජාතියට අවැඩවන්නාවූ දේ බොහෝ සේ කෙරී ගෙණ යන බව මෙම නාටකය බලන කාටත් පාහේ පෙණී යනවා ඇත.

නාටක ශාස්ත්ර යේ ප්ර ධාන අර්ථය නම් යම් ජාතියක් අතරේ පවතින දුශ්චරිතවලට පහරදීමයි - මෙම පරාභව නාටකයේ ප්රමධාන අංගය නම් වර්තමාන කාලික සිංහල ජනයා අතරේ බෝවීගෙණ යන දුෂ්චරිතවලට පහරදීම විනා විශේෂ වශයෙන් යම් පවුලකට ගරහණ අටියෙන් ප්රවබන්ධකර තිබෙන පොතක් යයි කිසිවෙක් කල්පනා නොකළයුතුයි - සිහල සමය නමැති පත්රොයේ වරින්වර මෙම නාටකය මාවිසින් කොටස් වශයෙන් ප්රලසිද්ධ කරණ ලදී. බොහෝ දෙනා පොතක් වශයෙන් එකතු කොට ප්රිසිද්ධ කරන්නටයයි මගෙන් අයද සිටි බැවින් දැනට මෙම කාණ්ඩය ප්රොසිද්ධ ‍කළෙමි. මේ විකිණෙන හැටි බලා අනික් කාණ්ඩද ප්රටසිද්ධ කරන්නෙමි. මෙම නාටකය ප්රසසිද්ධ කි‍රීමේ අයිතිවාසිකව මටම තබාගත් බව සියලු දෙනාම දනිත්වා.


ජෝන් ද සිල්වා

වර්ෂ 1902 කේ මැයි මස 08 වෙනි දින

කොළඹ සංජෝශප් වීථියේ විජය මන්දිරයේදීය.



නෘත්යමකරුවෝ


වනසිංහ - (එනම් සිංහල සිරිත් විරිත් පුරුදු සිංහලයෙක්), තාරකාජනී - (වනසිංහගේ ස්ත්රිීය), ලීලාවතී - (වනිසිංහගේ දුව), රොමෙල්සියා - (සිංහල මහල්ලෙක්), ආතර් ගෝර්ඩන් විල්මට් දෙරණසේකර - (ඉංග්රීදසි වෙස්ගත් සිංහලයෙක්), රෙජිනා වික්ටෝරියා අංජලිනා (ඔහුගේ භාර්යාව), ලියනෝරා මැටිල්ඩා වෙල්හෙල්මිනා ( ඔහුගේ දුව), පන්දර්කීසල් - (ලංසියෙක්), හෝමර් ගොර්දියානු විලිස් පෝර්ඩ් අමරනායක - (එනම් ඉංග්රීීසි වෙස්ගත් සිංහලයෙක්), ඇලැක්ෂැණ්ඩ්රිනා (ඔහුගේ ස්ත්රිකය), හැරීකොල්විල් ජෙරමායා අමරනායක (ඔහුගේ පුතා), මිස්ඩන් - (ලංසිනෝනා කෙනෙක්), ජොරණිමුස් නානායක්කාර - (බීමවෙළෙන්දෙක්), විසෙන්ති පෙරේ‍රා - (බීමවෙළෙන්දෙක්), පන්බියුරන් (ලංසියෙක්),, සතරසිංහ - (එනම් සිංහලයෙක්), හෙලේනා - (ඔහුගේ ස්ත්රියය), ක්රිලස්පිනු - (ඔහුගේ පුතා), මිස්ක්ලේරා, මිස් රෝදේ, සිංඤ්ඤෝර් පිතර් - (කළුතර ලංසිපවුලක්), කර්පන් වෙට්ටි - (එනම් මුදල් නයට දෙන නාට්ටෙක්), නඩුකරයෙක්,හිරගේ මුලාදෑනියෙක්, නීතිඥමහතුන්, හිරකාරයෝ, සෙකරතාරිස්, තෝල්ක මුදියන්සේ, පණිවිඩකාරයෝ.


පළමුවෙනි අංකය[සංස්කරණය]

පළමුවෙනා චිත්ර වස්ත්ර ය - මාතර සිංහල ගෙයක්[සංස්කරණය]

වනසිංහද, තම ස්ත්රී තාරකාජනීද, දූ ලිලාවතිද සිටිත්.

(ලායසයා දේකොමයි.)

වනසිංහ - සාරසිරින් ලක්දිව මේ, නෙක් පවුල් පෙණේ - තේජ රැසින් සූර්ය රශ්මි, මෙන් ඇතැම් පෙණෙ.

තාරකාජනී- බෝම සැබැයි අප්පුහාමි, කීව එකාරී - පාත රටේ සිංහලයා, අන් වෙසුත් දැරී.

ලීලාවති - ඒක මටත් දැන් සිහිවේ, නම් ගමුත් රටේ - මාරුවෙලා ලංසි ප්රං ගි ආදි නම් වැටේ.

තාරකාජනී- සිංහල නම් බෝම කැතයි,ප්රං්ගි නම් හොදයි - දෝන රබෙල් පොත්තනෝන, බෝම ලක්ෂණයි.

ලීලාවතී - දැන් හැදෙන සිංහලයා, නම් මකා ගනී - ලංසි වෙසින් ඉන්ට හැපේ, දොස් නොමැත් මෙනී.

වනසිංහ - මේක ඉතා දෝෂ තමා, ඉන් අවුල් යෙදෙයි - බෝම කුමේ බෝම බෙබේ,බෝම මුරේවෙයි.

තාරකාජනි- මීට අපේ සිංහලයා, දැන් අසුවෙලා - බෝ රැව‍ටී ඉන්න හැඩයි, විද මන් මුළා.

ලීලාවතී - කොන්ඩ කපා ලන්සි ඇඳුම්,දාති බෝ දෙනෙක් - සිංහල යය් ඒත්තුගන්ට, ලැජ්ජවෙත් හුඟක්.

වනසිංහ - ලංසි සිරිත් ‍පාරෙ දුවත්, මෝඩ සිංහලුන් - කොංචිකෙරුම් බෝම ත‍ිබේ. එන්ට එන්ට දැන්.

තාරකාජනී- ඉංග්රීිසි භාෂාවෙ දෙසක්, හින්දදෝ අනේ - සිංහලයා යන්නේ මෙසේ, වල්වැදීගනේ.


ලීලාවති - සිංහල පොත්පත් කිසිවක්, දැන් අපේ ලමො - නූගති ඒ හින්ද තමා, යන්නේ හුරස් බෝ.

වනසිංහ - ඒක සැබැයි ලක්දිව මේ, ඉන්න වියත්තෝ - ප්රින්ස ලතින් ඉංග්රීදසි ඈ, බෝම උගත්තෝ.

තාරකාජනී- සිංහල භාෂාව අහෝ, දාති පාගලා - ජාති සෙනේ ඉන් නැති වී, ලංසි වෙස් බලා.

ලීලාවතී - මේක ඉතා හානියකි, ලක්දිවේ මෙදා - සිංහලයා ඉන්ට නැනින්, ගන්ට සිත් සොඳා

රොමෙල් සීයා පැමිණෙයි.

(වාසගම)

රොමේ - වනසිංහ උඹේ ලමයා කොයි ස්කෝලෙටද යන්නේ?

වනසිංහ - මේ ලඟ තිබෙන ඉංග්රී්සි ස්කෝලෙටයි.

රොමෙල් - අනේ මොකද අපේ ලමයින්ට වීගෙණඑන්නේ. උ‍ෙඕ ලමයා අර සුදු කඩදාසිවලින් ඔතා තිබෙන සුරුට්ටු බිබී යනවා මට සම්භ උනා.

ලීලාවතී - තාත්තේ ඔය කියන්නේ සිගරැට් කියන වර්ගය ගැණයි.

රොමෙල් - අපි ඔය ව‍යසේදි කවදාවත් සුරුට්ටු බීවේ නෑ. මම පළමුවෙනි වරට සුරුට්ටු බීවේ මාගේ මගුල්දායි. දැන් මට අවුරුදු 95 ක් වෙනවා.

තාරකාජනී- සීයේ ඔය සිගරැට්වලට පපුව තැම්බෙනවා නොවේද?

රොමෙල් - අහලද, ටිකක් දවස් යනකොට සයරෝගය හැදෙනවාට අනුමාන නෑ. පුළුවන් ඉක්මනට නවත්වාපන්.

ලීලාවතී - මොකද සීයේ කරන්නේ, රට පෙරළෙනවයි කියන්නේ ඕක නොවේද.


රොමෙල් - රට පෙරළුනාම උඔලා මොනවට පෙරළෙනවාද? සිංහල මනුෂ්ය යා උතුම් ආර්යවංශයට ඇතුළත් ශිෂ්ටාචාර ජාතියක්වූ කොට ඔය කොහොලම් අතට මොනවට පෙරළෙනවාද?

වනසිංහ - ඉතා හොඳ පලතුරු ජාති තිබෙද්දීත් තහනම් ගහේ ‍ගෙඩිකාපු අපේ ආදී දෙගුරුන්ගේ ඕරාවට සිංහලයා නොයයිද?

රොමෙල් - ඒක මම දන්නේ නෑ. හංසයා වාගේ සිංහලයා ක්රි යා කළ යුතුයි.

තාරකාජනී-මොකද සීයේ ඒ උපමාව.

රොමෙල් - වතුර කිරි දෙක මිශ්ර කර හංසයාට දුන්කල හංසයා කිරි ටික පමණක් බොන්නා ව‍ාගේම අප සිංහල ජාතිය ඉදිරියේ ඔය රට ශිෂටාචාරය තැබුවාම එහි හොඳ කොටස පමණක් බාර ගන්ට දන්නේ නැද්ද?

ලියුමක් අරන් පනිවිඩකාරයෙක් පැමිණෙයි.

පනිවිඩකාරයා- අප්පුහාමිට ලියුමක් තිබෙනවා.

(ලියුම දුන් පසු වනසිංහ කියවයි)

වනිසිංහ - හිමිනේ මොරටුවෙන් පනිවිඩයක් ඇවිත් තිබෙනවා. මම එහි යන්ට ඕනෑ.රොමෙල් සීයාට බත් හරිගස්සා කන්නට දෙන්ට හොඳා. සීයේ, මම ගොහින් එඤ්ඤා.

(වනසිංහ නික්මයයි)

දෙවෙනි චිත්රි වස්ත්ර ය - මොරටුවේ සිංහල ගෙයක්.[සංස්කරණය]

ආතර් ගෝර්ඩන් විල්මට් - දෙරණසේකරද, තම නෝනා වූ රෙජිකා වික්ටෝරියා අංජලිනාද දූ ලියානෝරා මැටිල්ඩා වෙල්හෙල්මිනාද ඉංග්රීේසි ඇදුමෙන් සිටිත්.

(වාසගම)


දෙරණසේකර- දුව කවදාද පාඩම් විභාගය.


ලියනෝරා - කේම්බ්රි ජ් ඇක්ෂවිනේෂන් එක ලබන සුමානෙයි.

නෝනා - උඹට පාස්කරන්ට පුළුවන්ද?

ලියනෝරා - මියුසික්, ඩ්රො?යින්, ප්රං ශ,ලතින්, ඉංග්රීෝස්, හොඳාකාර පුලුවනි.

‍දෙරණසේකර- ඇයි ලමයා යුක්ලීඩ්, ඇල්ජිබ්රා , මැන්සරේසන්, ටිරිගනොමැටිරි දන්නේ නැද්ද?

ලියනෝරා - ඇයි පප්පෙ නොදන්නේ?

නෝනා - හය දවසක් පමණ ඇක්ෂමිනේෂන් එක තිබෙනවා නොවේද?

ලියනෝරා - ඔව්, මගේ ඇඳුම් ලෑස්ත කරන්ට ඕනෑ.

නෝනා - ඔස්ටිරව් පැදර්ස් තිබෙන බොනැට් එක දමා නේවි බ්ලුස්කර්ට එකට රොසපාට සිල්ක් බ්ලවුස් එක ඇඳ රසියන් ලැදර් බූට් කුට්ටය දමාගෙණ සිල්ක් පැරසෝල් එක අතින් රැගෙණ 1 වෙනි දවසට ගියෑකි.

ලියනෝ‍රා - කොහොදද මම්මේ බ්රැදක්පාස්ට් එකට

නෝනා - ඇයි කට්ලැට්ස්,බිප්ස්ටේක්, මටන් චොප්ස්, අර්තාපල් පාන්, මේවා හරිගස්සාගෙණ ක්ලැරැට්පයින්ටුවක් අරන්ගියාම මදෑ. ලී ඇන් පැරීන්ස් සාස් නැත්නම් ගවුඩර්ගේ සාස් ටිකකුන් අරන් ගියෑකි.

දෙරණසේකර-දුව, ස්මැලින් සෝල්ට් ටිකකුත් අරන් පලයන් හැඩ්ඩේක්හේම හැදුනොත් එය උරන්නට පුළුවනි.

(මින්ටර් පන්දර් කීසල් පැමිණෙයි.)

පන්දර් - ගඩ් මෝනින් දෙරණ.

දෙරණසේකර- ගුඩ්‍ මෝනින් ටූයූ, වොන්ඉන්, දිස් ඉස් මිසිස් දෙරණ. දිස් ඉස් මිස් දෙරණ.

පන්දර් - අයෑම් වැරි ග්ලෑඩ් ටු නෝ දෑම් යුවර් ‍ඩෝටර් ගොයින් පෝර්දි ක්රේරම්බ්රි්ජ් ‍ලෝකල්.


දෙරණසේකර - ඉයැස්, ෂි ඉස් එ ක්ලැවර් ගර්ල්

පන්දර් - නොතිංලයික් සිවිලිසේසන්.

දෙරණසේකර - බෝයි. බ්රිනන්ග් දැට් බොටල් ඔප් ස්කොච් ක්රී ම් විස්කි ඇන් සෝඩා.

පන්දර් - දැට් ඉස් වැරිගුඩ් විස්කි. නව් ලියනෝරා ප්ලේ එ ගුඩ්පීස් ඔන් ද පියානෝ.

(ඔක්කොම එක්ක විස්කි බොති.)

ලියනෝරා - අයි සැල් ප්ලේ පොල්කා.

පන්දර් - දැට්ස් ගුඩ්, ගැට් ඕන්,වි විල් ඩෑන්ස්

(පන්දර්කිසල් දෙරණසේකරගේ නෝන් අල්ලාගෙණ නට නටා සින්දු කියයි)

වෘත්තය - සෝල්ජර්ස් ආර් වි

1. විස්කි දැන් බී - බෝ වෙරි වි

   ප්රේවමෙන් මම් සිඹිනට දැන්	-වරෙන්කො ආදරී
   ලඹ තම, ලඹ තම, ලම් තම් තම්	- ලම් තම්, ලම් තම්,ලම්,තම්
   ලඔ තම, ලඹ තම, ලම් තම්	- ලඹ තම්, ලම් තම්, තම්,තම්

2. කායත් පාහේ - බීමත් සෑහේ

   ප්රේකමෙන් මම් නටන්ට දැන්	- වරෙන්කො ආදරී
   ලඹ තම, ලඹ තම, ලම් තම් තම්	- ලම් තම්,ලම් තම්,ලම්,තම්
   ලඹ තම, ලඹ තම, ලම් තම්	- ලම් තම්, ලම් තම්,තම්,තම්

(වනසිංහ පැමිණෙයි.)

(වාසගම)

දෙරණසේකර - මම උඹට එන්ටෙය් කියාඇරියේ ලොකු උවමනාවක් ගැණයි,ටිකක් හිටපන් වනසිංහ - මොකද මහත්මයෝ තමුසේගේ නෝනාට ඔය සුද්දා එක්ක නටන්ට ඉඩ අරින්නේ


දෙරණ - ඒකට මක්වෙනවාද බාන්, සුදු චාරිත්ර රටේ පුරුදු වෙන එක කොච්චර හොඳද

වනසිංහ - ඒරෝපේ පෝසත් වෙන්නා,ලංකාව බංකොලොත් වෙන්නා. ඕක බොහොම ඇදයි. සුද්දන්ට සුදු සිරිත්, අපට කළු සිරිත් තිබුනාම හෙනද.

දෙරණ - ඉන් කමක් නෑ කියාපන් සින්දුවක්. (වනසිංහ සින්දු කියයි)

ඔහොයියා ඔහොයියා සුන්ද්ර කාරණා දොචිචිත් එක ගෑණියෙක්ද - පකිරත් එක පිරිමියෙක්ද දොච්චිට මොන බලිඅරුම්ද, පකිරට මොන දෙහි කැපුම්ද ඔහොයියා ඔහොයියා සුන්ද්ර කාරණා.

දෙරණ - මොන වල් සින්දුවක්ද ඔය, කියාපන් කපිරිඤ්ඤා.

(වනසිංහ සින්දු කියයි)

ස ම් බු කරණ කාසිපණම් රටට අරින් නා ලොම්බු කොයන නාකි පවා වෙස් පෙරළෙන් නා

ක න් ඩ බැරිය බත් මාළුත් සිංගිලි නෝ නා බොන්ඩ විස්කි ක්ලරැට් ආදී පුරුදුව එන් නා

හැ ට් ට සාය දොට්ට දමා බොනැට් අදින් නා මොට්ට සිරිත් වැඩිකරගෙණ රටේ තිබෙන් නා

සා ස් පෑ න ශාස්තරේ මුල්ලට යන් නා කුවිල් පෑන අරන් බෝම ලියුම් ලියන් නා

එ න් ඩ එන්ඩ ගෑනු අපේ ඔතෑනි වෙන් නා ක න් ඩ ගණන් ප්රං ස ලතින් බර පැටවෙන් නා

වංගෙඩි මෝලෙන් වැඩ දැන් නැත කෙරෙන නේ සුන්දර අත් පා ටික ටික හීන් ගැසෙන් නේ ලෝ න් ටැනිස් ක්රිටකැට් බොහොම රටේ කෙරෙන් නා හී න් සැරේ සිංගිලි නෝනා එ පුරුදු වෙන් නා


ප වු න් ගණන් දිදී ගෙණත් පියානො ගාන් නා මු ඩ න් තාල රබන් පදත් කිඳා බසින් නා

සිං හ ල කොයි එකත් බොහොම කැතට පෙණෙන්නේ ඉං ග්රී සි හම තමයි ඉතින් අඩුව තිබෙන් නේ

ඇ ඳු ම් කපා මහන්ට බෑ නිකම්ම දැන් ඩී පි සු ම් බැරිය කන්නෙ බොන්නෙ හැම්ද බ්රැීන් ඩී

ඉක්මණටම සිංහලයා මින් වදවෙන් නා ලක්ෂණටම කෑම බීම් දෙකම කෙරෙන් නා

                              __________________

දෙරණ - ඔය ඇති මම උඹට එන්ටෙයි කියාලා ඇ‍රියේ අර කතා කරපු මගුල් ප්රලස්තාව ගැණයි.

වනසිංහ - උන්නැහේ මට ඊට පස්සෙ සම්භවුනේ නෑ. සම්භවුනු හැටියේම එය කතාකර දන්වඤ්ඤා, මට අවසර. (වනසිංහ නික්මයයි)

තුන්වෙනි චිත්ර් වස්ත්ර ය - කොළඹ කුරුඳුවත්තේ සොල්දර ගෙයක්.[සංස්කරණය]

හෝමර් ගොර්දියානු විලිස්පොර්ඩ් අමරනායකද, තම ස්ත්රීක

ඇලැක්ෂැන්ඩ්රිනාද, පුත්රන කොල්විල් ජෙරමයා අමරනායකස සිටිත්.

‍‍හෝමර් - බන්දවමු ඔබිරින්ද පුතා ලියනෝරා හොඳයි මොරටූ සිරි ලන්දවගේ රුසිරිරෙන්ද සිටී කිරියාවද නෑ කිලුටූ.

ඇලැක් - සිද්දවුනොත් දැවද්ද හුඟක් ලැබගන්ට හැකී එතනින් පරසිද්ද කෙණෙක් තව ඇද්ද ‍රටේ දෙරණේට සදිස් නෙදනින්.

හැරී - ඉංග්රීදසි ප්රංටශ ලතින් මි‍යුසික් ලියනෝ‍රා දනී සොඳසේ අප ලංසි සිරිත් දැනගත් ගෑනුන් තව ඇද්ද එසේ මෙදෙසේ.


‍හෝමර් - සේද ගවුන් සොඳ දැන්ඩි බොනැට් සහ ලේඩි ග්ලවුස් ඇඳලා යනවාද ලියෙක් වෙන සිංහල ජාතියේ ඈට සදිස් මෙකලා

ඇලැක් - ප්රීාමා ඩොනා කෝර්සැට් ඇඳලා ඉඟ බොහොම තුතියි ඈගේ පම්ප්ස් දමා පයේ යයි ක්රිඈස් ගා සොඳ ඉංග්රි සිකාරී වාගේ

හැරී - ගන්නේ පවුන් දී සිල්වගෙ සාප්පුවෙ බෝම හොඳා සුවඳයි තවරන්නේ ලේන්සුවේ සැන්ට එක පාරට පවුන් ගණන් ඒවයි

හෝමර් - ලංසි නැටුම් යස දැන්ඩි ලෙසින් දැන බෝම රටේ පසිඳු අර පැන්සි ඇඳුම් බාලක් ඇත දැක්කද ඈගෙ නැටුම් පුරුදු

ඇලැක් - සිංහල ඒ ලඳ කතා කරන්නට කොහෙත්ම නෑ පුරුදු සොඳ ඉංග්රිඇසි බස් දැන සාප්පු යයි රෙදි ගන්ට අතින් වෙළඳූ

හැරී - පවුන් සීයෙ අසූ අයන්ග්රේ බැඳ වික්ටෝරියා පේටන් යන නමින් තිබෙන අර රතේ නැගී යයි ඒ ලඳ තනිව ඉඳන්

හෝමර් - තබා ඩොංකා ප්රි න්ජස් සොඳ ඒ ළඳ කොහෙත්ම නෑ කෝලා තම සුබා ගතිය පෙන්නයි දුටුවන් සිත් බොහොමට ලෙලදීලා

වනසිංහ පැමිණෙයි.


‍වෘත්තය - ගර්සෙයියා.

වනසිංහ - ආයුබෝවන් සැපසේ ඉන්නවද මා මිතුරා ඉන්නවාද මා මිතුරා බැන්දහැකී කල් නොයවා ලක්ෂණ වු ලියනෝරා.

හෝමාර් - දෙන්නෙ දැවැද්ද සකී කොච්චරදැයි කියනු මැනා කොච්චරදැයි කියනු මැනා ගෑනු අගේ වෙන්නෙ රටේ කාසි පයියෙන් බව පෙණෙනා.

ඇලැක් - කාසි නැත්නම් බැඳලා දුක් විඳිති ඒ දෙදෙනා දුක් විඳිති ඒ දෙදෙනා දැන්ඩි ලෙසින් ඉන්ට රටේ බෝම අමාරුයි මෙදිනා

හැරී - ආදරේ රෙන්ඩු මොලොම් කාසි නැතොත් ඔන්නු මොලොම් කාසි නැතොත් ඔන්නු මොලොම් ඇයි අසලා නැද්ද අපේ මිත්ර් වනසිංහ උතුම්.

වනසිංහ - බෝම බාල්දුයි මිතුරේ කාසි බලා ගෑනු ගැනුම් කාසි බලා ගෑනු ගැනුම් ඒක ඉතා දෝසයකි සිංහලයා වෙයි පිරිහුම්

දුන්නොතින් යම් මුදලක් ගැන්ම නිසි බැව් කියමී ගැන්ම නිසි බැව් කියමී ගෑණු කිරා ගන්නේ රටේ පවුන් බරෙන් දැන් පිරිමි.

හෝමර් - වංස බෝමත් ඉහලයි මාගේ මුතුන් මුත්තන්ගේ මාගෙ මුතුන් මුත්තන්ගේ කාර බැඳුම් වෙන්නේ නැතේ ඒක නැතොත් අපෙ වාගේ.

වනසිංහ - වංසවත් වෙන්නේ සකී සත් දැනුමෙන් හා කිරියෙන් සත් දැනුමෙන් හා කිරියෙන් කාසි ඇතොත් ඊට උඩින් නෑ උතුමෙක් මට තේරුම්

ඇලැක් - ඒකනම් බෝමහරි ඉන්ට සිරින් මෙලක් කුසේ ඉන්ට සිරින් මෙ‍ලක් කුසේ කාරබැඳුම් වීම සොඳා මා පුතුගේ සිත් විලසේ.


හැරී - මිත්ර යා මාගෙ දයා මේ ගැණ වෑයම් කරණු මේ ගැණ වෑයම් කරණු ඊට ලැබෙයි බෝම කොමිස් ඉෂ්ට ‍උනොත් එය අසනු

(වාසගම)

වනසිංහ - මම ඔය කොමිස් බලා මගුල්කපුකමට ආවා නොවෙයි තමුසේලාට තිබෙන සැලකිල්ල ගැණ ආ බව හිතට ගණ්ට ‍හොඳ. මම ලබනමාසේ හරියේදී ඇවිත් යන්ට එඤ්ඤා.

හෝමර් - නරකද විස්කි, බ්රැරන්ඩි, වැයින් මොකක්වත් ටිකක් ගන්ට.

වනසිංහ - එය පාවිච්චිය මගේ නෑ. සිහිය ඇතුව එන මිනිහාව සිහිය නැතිකර අරින්ට ඔය සිරිත බොහොම හොඳයි.

ඇලැක් - එහෙනම් කෝපි ටිකක් බොන්ට

වනසිංහ - අනේ වාසනාවන්, ඒක ‍කොච්චර හොඳද, අපේ සිංහල ගෙවල්වල බීම වෙනුවට කෝපි පුරුදුකරකන්නවානම් කොපමණ රුවද.

හැරී - වනසිංහ උන්නැහේ නොබොනවට මොකද දැන් ලංකාවේ සිටින මරක්කල මිනිස්සුත් ඔය රට බීම බොනවා ‍මම දැකලා තිබෙනවා.

වනසිංහ - මොකද මහත්මයා. තට්ට බූ ගාන ‍ෙ‍මාට්ට මරක්කලයා ගෙන් අපි සිරිත් ඉගෙණගන්ටද ‍ හෝමර් - එමු ‍කෝපි බොන්ට යන්ට

(නික්මයති)


දෙවෙනි අංකය[සංස්කරණය]

1 වෙනි චිත්රක වස්ත්ර්ය - මාතර වනසිංහගේ ගෙදර[සංස්කරණය]

තාරකාජනීද, ලීලාවතීද, රොමෙල් සීයා ද සිටිත්.


‍ වෘත්තය - මයි උන්දනගර්කුරාති මොහොකාරානී.

‍රොමෙල් - දැන් ඉංග්රී්සි යන්තම් දන්න අයින් ලංකාවේ අයින් ලංකාවේ කුකුළාට කපාපන් කියා දොඩත් ඇන්නෑවේ.

තාරකා - ඉන් නම්බුව ඇත්මැයි බෝම දනෝ ‍දැන් සිතතී දනෝ දැන් සිතතී හෙණ ගහගන යන්නේ මෙසේ තමයි මේ ජාති.

ලීලාවතී - ඇයි සිංහලයන්ගේ ජාති සෙනේ දැන් හානී සෙනේ දැන් හානී කිසි සිංහල පොත්පත් බලා නොමැති ඒ සෙයිනී

රොමෙල් - ඕරං කියනා ඒ බැද්දෙ සතා වාගේමැයි සතා වාගේ මැයි අප සිංහලයා දැන් අනුන්ගෙ පාරේ යයි යයි.

තාරකා - ඉංග්රීුස් දැනගත්තෝ සිංහල සංගම්වලදී සංගම් වලදී සිය සිංහල බැරි බැව් කියත් ගොනුන් සේ හඬදී.

ලීලාවති - අය්යෝ තම අම්මා පෙව්ව කිරිත් දැන් තිත්තයි කිරිත් දැන් තිත්තයි තම මවට නිගාදෙත් නොදත් දනෝ සිංහල බස්

රොමෙල් - ඇයි සිංහල ‍ලොක්කෝ නැද්ද ‍රටේ මේ කාලේ රටේ මේ කාලේ සිය ජාතිය ආලේ මන්ද වුනේ දැන් බාලේ.

තාරකා - වල්වීගෙණ යන්නා වල්ම සිරිත් බෝවෙන්නා සිරිත් බෝ වෙන්නා අප සිංහලයා දැන් මඩේ එරිලා ඉන්නා

වනසිංහ පැමිණෙයි

අත්දෙක එකට තබා සමාචාරකරයි. (වාසගම)


වනසිංහ - අපොයි රොමෙල් සීයේ කොළඹ, මොරටු ආදී පලාත් දැන් පෙරළිලා. කිසි සිංහල චාරිත්රෙයක් ඒ රටවල පුරුදු නෑ.

රොමෙල් - ඒක තමා අපි මෙච්චරවෙලා කථා කරකර සිටියේ.

වනසිංහ - එහි කොච්චරවත් කුමේ බෙබේ බයිලා. දෙරණසේකර උන්නැහේගේ නෝනා අතට අත දුන්නාම පන්දර් කීසල් අල්ලා කසා අලි කොලොප්පමක් තිබුනි.

රොමෙල් - ඔය අතට අත දෙනවාට වඩා අපේ සමාචාරය කොපමණ හොඳද? බෝවෙන රෝගයක් හේම අතේ තිබුනොත් බෝවෙනවාට අනුමානද.

වනසිංහ - මෝඩ සිංහලයාට දැන් කොපර් වැඩිං, සිල්වර් වැඩිං, ගෝල්ඩ්වැඩිං, බර්ත්ඩේපාට්, ටොඩිපාටි, ඇට්හෝම් ආදිය හරියටම පුරුදුවී තිබෙන්නා.

රොමෙල් - ඕවා තමා නරලොව හොල්මන් කියන්නේ

තාරකා - මුළු සිංහල සෙනඟ තමන්ගේ ජාතිය සම්බන්ධව මංගල්යියක් අවුරුද්දකට වරක් පැවැත්තුවොත් ඔයිට වඩා කොපමන රුවද?

ලීලාවති - ඔව් විජයරජු ලංකාවට ගොඩබැසපු දින සිංහල වංසේ උපන් දිනයි හිතන්ට හැකි බ‍ැවින් එම දින නියම කරගෙණ සම්මුති පවත්වා කාබී සම්පූර්ණ‍ වෙනවානම් සිංහල ගම් නම් දෙකම දියුණුවෙයි කියා හිතන්ට පුළුවනි

රොමෙල් - ඉස්කොට්ලන්තෙන් මෙහි පැමිණ සි‍ටින මහතුන සන්ත අන්දුරුගේ දින එහෙම පවත්වන බව මම සිංහල පත්රෙයක දිටුවා

තාරකා - ඔව් ඒ වාගේ අපේ සිංහල ලොකුලොක්කෝ දිනක් නියම කරගෙණ පවත්වා කාබී සමුපූර්ණගවී සිංහලයාගේ වැඩිදියුණුව ගැණ සාකච්ඡාකර ගන්නවානම් සිංහලයා මේ තරම් පාත වැටේද.

රොමෙල් - මම වැලිගම සංගමයට යන්ට ඕනෑ - ගොසින් එඤ්ඤා

(රොමෙල් සීයා නික්මයයි)


2 වෙනි චිත්ර වස්ත්ර ය - මොරටුයේ කොරළවැල්ල.[සංස්කරණය]

(හඳපානේ ‍ටොඩි ප‍ාටියක් ඉදිආප්ප සහ රා කළයක් පිළියෙල කරගෙණ දෙරණසේකරගේ පවුලද ලංසි මහතුන්ද ‍නෝනාවරු කීපදෙනෙක්ද බංජො රවිකිඤ්ඤ රැගෙන සෙල්ලම් කර කර කාබී සතුටුවෙති)

දෙරණසේකර - හොඳ මූන් ලයිට් නයිට්

රෙජිනා - මෙහෙම රෑක තමා ජැසිකා ‍ලොරැන්සෝ එක්ක හැංගිලා ගියේ

ලියනනෝ‍රා-මම්මා සේක්ස්පියර්ගේ නාටක කියවා තිබෙන හැඩයි.

රෙජිනා - මම මර්වැන්ට් ඔfප් වැනිස් කියන නාටකය කියවා තිබෙනවා

මිස්ඩන් - ඩූ යූ රිමැම්බර් පෝර්සියාස් ස්පීච් ලියනෝරා.

ලියනෝරා - යැස් දි ක්වලිට් ඔfප් මර්සිඉස් නොට් ස්ට්රෙ නඩ්.ඉට් ඩ්රො පැත් ලයික් දි ජැන්ටල් රේන් ප්‍ෙදිාම් හැවන් එබවි.

මිස්ඩන් - ඉස්න්ට් දැට් වැරි නයිස්?

ලියානෝරා- වැරිගුඩ් ඉන්ඩීඩ්.

දෙරණසේකර - මේ පොල්ගහ යට ඉඳගණ කාබී සම්පූර්ණබ වෙමු.

(සියලු දෙනාම ඉඳගෙණ කාබී සතුටුවෙති)

(විකොති කියා වෙරළේ නටති)

දෙරණසේකර- රත්තරනින් මුදුව දමයි ගල් අතකුත් එක්ක දැන් ඒක ගන්ට කැමතිකෙණෙක් එනවද මා එක්ක

රෙජින් - එන්නෙමි මම් මුදුව මටයි කිස් එකකුත් දෙන්ට ඩියර් බෝම බොන්ට හැකිය ඉතින් නැටුමට දැන එන්ට

ලිය‍නෝරා - තිරාන තිරාන තිරාන තිරාන ලෙල් ලේ මට පුරාණ සිත දුත් මතකයට එයි මෙ ඇසිල් ලේ


මිස්ඩන් - සන්ත කොරසන් තිරාන ජනේල පෙරේ රිබර් අසි සන් තාද වේ සන්තිරාන සංත මිඤරිබර්

අලා උතුරු වද තිරාන ඔවි රැල කෝක්කු අසි අදා කුසේ කන්නි තිරාන පර්මිත මිපොක්කු

දෙරණ - කම්මයි ඩියර් කම් මයි ඩියර් මෙහාට වරෙන්කො දැන් කිස් මයි ඩියර් කිස්මයි ඩියර් දීලා නටාපන්කෝ

රෙජිනා - දාරී මනන්දාත අමෝ දාරිකොම්පොං චීන අයි ආප්පවුඩන් බාව අමෝ ඩුවා කොම්පොං චීන

(වැඩකාරයෙක් පැමිණ වනසිංහ මහත්මයා ගෙදර ඇවිත් ඉන්න බව දන්නයි)

දෙරණ - මාව සම්භවෙන්ට මාතර වනසිංහ ඇවිත් ඉන්නවාලු ඉතින් ගෙදර යමු.

(සියලු දෙනාම නික්මයති.)

3 වෙනි චිත්රකවස්ත්රාය - මොරටුවේ දෙරණසේකරගේ ගෙය[සංස්කරණය]

(වනසිංහ තනියම හාංසිවි සිටී)

වෘත්තය - ඩගරිනු හාරිරේ හරේ මො‍රි.

වනසිංහ - ලොව ඇති මේ කාලේ - සැම බඩු, ඇත හොඳ මේ ශාලේ උස් කවිච්චි දැන්ඩි මේස ප්රංරශ ලාම්පු රාමු රම්ය .

අතමිට ඇත්තෝමයි - මෙහි අය, ඇදනැති පොහොසත්තුයි ප්ලෑනෙ ඉංග්රීිසින්ගේ වාගේ කෑම බීම ලංසි වාගෙ.

ගෙය දොර පාරට්ටුයි - බිමලන, තුර්කිය කාර්පැවීමයි රම්පවුන් දෙතුන් දාහක ඉස්තරම් බඩුත් තිබේය.

‍ දෙරණගෙ පෝසත්කම් - පෙණෙවිය, බැලු කල මේ අන්දම් බෝවතී පුරත් පරාදවේය ලාම්පු දැල්ලුවාම. (දෙරණසේකරගේ පවුල පැමිණෙයි.)

(වාසගම)


දෙරණ - බොහොම වෙලාද වනසිංහ උන්නැහේ ඇවිත්?

වනසිංහ - නෑ ආයුබොවන්ඩ පැය භාගයක් පමණ හිටී. තෙහෙට්ටු බැවින් ටිකක් හාන්සිවෙලා හිටියා.

රෙජිනා - බඩගිනි ඇතිනොවේද?

වනසිංහ - බත් ටිකක් ඇත්නම් හොදයි මම මස් කන්නේ නැ, එලවළු මොකවත් ‍ෙහාදයි.

රෙජිනා - මක්වෙනවාද බේකන් ඇන්ඩ් එග්ස් ටිකක් කෑ‍වාට

වනිසංහ - ඒවා එලවලු වර්ගයක්ද?

ලියනෝ‍රා - ඒවා රට ඌරු මසුයි, කිකිල් බිජුයි

වනසිංහ - අනේ මට එපා. සිංහ‍ලයාගේ දත් කොපුවෙන් ඔය ඉක්මණටම ඇදිලා තිබෙන්නේ ඔය ලටපට කාලා තමා.

රෙජිනා - ලියනෝ‍රා උම ගොසින් කෝකියාට කියාපන් කෑම ටිකක් සාදා වනසිංහ උස්නැහේට කන්ට දෙන්ටෙයි කියා

(ලියානෝ‍රා කුස්සියට යයි)

වෘත්තය - ප්රාුන්කුනෙයියා සජනී

දෙරණ - මාංසි වෙන්නා මිතුරා - අප ගැණ, මාංසි වෙන්නා මිතුරා දුව දෙන්ටා, කෝමද කතාකළකාරී සාරවේද නොවේද කිය මැන.

වනසිංහ - ජාඩියේ මූඩියසේ - එ දෙදෙන, ජාඩියේ මූඩියසේ - කර දුන්නොත්, ජෝඩුව හොඳා හෙණපාරහේම යදීද ඔබ දුව.

රෙ‍ජිනා - දෝෂයක් නෑ නුඹටා - එය ගැණ, දෝෂයක් නෑ නුඹටා මිතුරින්දා, කාරිය සදාලනු බෝමා බෝමා තුතිලැබේය සැමදින


දෙරණ - කාරියෙන් නෑ වරදා - කරවනු කාරියෙන් නෑ වරදා, දූ බන්දාදීමේදි, ලියා දෙමි ඕනෑ ඕනෑ දෙය මෙකාලෙ සිරිතට

වනසිංහ - ගෙන්වමු ඒතරුනා - දැකුමට, පෙන්නමු, මේ අගනා සිදුවන්නේ, මාබඹු හිසේ කෙටුදේකි මාගෙ ප්රිාය සකින්ද දනුමැන

රෙජි - එංගලන්තෙන් ඇඳුමක් - මඟුලට ගෙන්නමි දී මිළ නෙක්, ගෙන්වඤ්ඤ, සේරම අගේ ඇති බෝම බෝම ‍හොඳ එරෝප බඩු මම. ________________

දෙරණ - හොඳයි වනසිංහ උන්නැහේ මනමාල මහත්මයත් සමග එන ඉරිදා ඇර අනිත් ඉරිදාට ඇවිත් යන්ට එන්ඩ.

වනසිංහ - කීයට වාගේ එන්ටද?

රෙජිනා - සවස ටිපින් වෙලාවට හොඳයි.

වනසිංහ - මොකද නෝනා ඒ වෙලා‍ව.

රෙජිනා - ඇයි අපි ලංච් ගන්න වෙලාව.

වනසිංහ - හැබෑටම හෝරා ශාස්ත්රෙයේ පේණ වේලාවක්ද?

දෙරණ - නෑ නෑ, දෙකට පමණ එන්ට.

රෙජිනා - බත් ලෑස්තියි කාලා යන්ට පුළුවනි.

වනසිංහ - හොඳයි කාලා ඒ පැත්තෙන්ම මම යඤ්ඤා (බත් කා නික්ම යයි)

හතරවෙනි චිත්රක වස්ත්ර ය - කොළඹ පිටකොටුවේ බිම්සාප්පුවක්[සංස්කරණය]

ජොරනිමුස් නානායක්කාරද විසෙන්කි පෙරේරාද සිටිඤ ත්.

‍වෘත්තය - ක්යාකකටන් කලේ ජාතේරා

ජොරා - බෝතලෙත් අරන් දැන් දාපන් - ලේබල් වෙනස් කරවාපන්. අඩු ගණන් දමා ඇති විස්කි - කළවම් කලොත් මිළ ගතෑකි. බෝතලේට ‍ලොසන් විස්කී - දමලා තබන් වෙන විස්කී


විසෙ - ලයිසන්ස් කඩායයි රාලේ - ඒකෙන් වැරැද්දයි වෙ‍න්නේ සුලු ලාබ බලා ඒ කෙරුවොත් - වෙළදාම නරක්වෙයි බෝමත්

ඒ ක්රිකයාව බෝසේ දොස්මයි - නොනිසි වැඩෙන් නිති පාඩුයි.

මිස්ටර් පන්බියුරන් සහ හැරී කොල්වින් ජෙරමයා අමරනායක බොන්ට පැමිණෙති.

(වාසගම)

පන්බියු - මොනවද ‍ගහන්නේ

හැරී - විස්කි හාප් ග්ලාස් ඇති

පන්බියු - ඩොන්ඩි බී ඇන් ඇස්. ටේක් වන් පුල් ග්ලාස් - අයිසේ විසෙන්ති, බ්රිින්ග් ටු ග්ලාසස් ඔ‍fප් විස්කි ඇන්ඩ් සෝඩා.

(විසෙන්ති ගෙණෙයි)

හැරී - මා ගණනේ තව එකක් ගහමු.

පන්බියු - හොඳයි.

(දෙවනුත් බී සිගරැට් දෙකක් පත්තු කරගණ ඉඳගණිති.)

හැරී - ඉතින් යමු.

පන්බියු - වට් නොන්සන්ස්, තව එකක් මා ගණනේ ගහමු.

හැරී - මට නම් දැන් හොඳ තරම්.

පන්බියු - විසෙන්ති තව විස්කි ග්ලාස් දෙකක් අරන් වරෙන්. (විසෙන්ති ගෙණෙයි.)

හැරී - අයිසේ පන්බියුරන් බැකස් හෑස් ඩ්රෙවුන්ඩ් නැප්චූන්.

පන්බියු - නව් ගුඩ්ලක් ටූ යු.

හැරී - ගුඩ් ලක් (දෙදෙනම වීදුරු හප්පා බොති) 96 සිංහල පරාභව නාටකය

පන්බියු - විසෙන්ති බිල අරන්වරෙන්.

විසෙන්ති - මොනවද මහත්මයා බිලක්, රුපියලයි ශත 50 යි.

පන්බියු - හැරී යූ බැටර් පේ දැට්.

හැරී - ඉයැස්, ඉඳා විසෙන්ති ඔය රුපියල් දහය මාරුකරලා අර ගණින්

(විසෙන්ති මාරුකර ඉතුරු කාසි දුන්පසු දෙන්නා වෙරී වි යති)

ජොරමුනිස් - බලපන්, පන්බියුරන් මෝඩ හැරී මහත්මයා ලවා කාසි ගෙවෙවූහැටි.

විසෙන්ති - ඒක ඔහොමම තමා



තුන්වෙනි අංකය[සංස්කරණය]

1 වෙනි චිත්ර වස්ත්ර ය - කුරුඳුවත්තේ සොල්දර ගේ[සංස්කරණය]

හෝමර් අමරනායකද තම ස්ත්රීර ඇලැක්සැන්ඩරීනාද සිටිත්.

වෘත්තය - නාවගාවො බස්කුසියෙ

‍හෝමර් - තාම ආවේ නැද්ද පුත්රය බෝම රෑවෙලා තමා විස්කි බ්රැයන්ඩි ආදි බොන්ට යාම දැන් වැඩි තමා මේවා මේවා දැන් සිරිත් තමා

ඇලැක් - කෑමබීම නම්බුකාරයන්ගේ දැන් රටේ පෙණේ දෝෂ කිම්ද මාගේ පුත්රම බීපුවාම මත්පැන් ඒවා ඒවා වල්සිරිත් නොවේ.

හෝමර් - මිස් පැනී එවා ඇතේ ලියුම් මගේ පුතා වෙතේ කිස් ලබන්ට යන්ට ඇද්ද නැද්ද තේරුමක් නැතේ මේවා මේවා දැන් සිරිත් තමා.

ඇලැක් - කිස් කළාම දෝෂ කිම්ද ආදරෙන් මගේ පුතා කිස්කරන්ට බෝම සුද්දියෝ රටේ තොටේ ඇතා ඒවා ඒවා වල්සිරිත් නොවේ.

හෝමර් - සීලචාර බෝම ගෑනු යූනියන් පෙලෙස් එකේ ඉන්නවාලුඒබලන්ට යත්ද සිංහලුන් ලකේ මේවා මේවා දැන් සිරිත් තම‍ා


ඇලැක් - ඒක බෝම එංගලන්ත ආදිහී තිබේ තිබේ මේක දැක්ක සිංහලුන්ට සිංහලත් එපා ‍වගේ ඒවා ඒවා වල්සිරිත් නොවේ.

(හැරී වෙරීවී වැනි වැනි ගෙදර එයි.)

හෝමර් - මොකද හැරී උඹ පරක්කුවුනේ.

හැරී - මම පැන්බියුරන්ගේ නංගිගේ බර්ත්ඩේ එක නිසා එහි ගියා. හොඳට බීලා නැටුවා.

ඇලැක් - කවුද උඹ එක්ක නැටුවේ.

හැරී - මිස් පැනී එක්ක පොල්කා නැටුවා.

හෝමර් - ගොහින් ඩිනර් ගනින්.

හැරී - මම්මා අර ඩ්ර යිමොනපෝල් පයින්ටුවක් අරවාපන්.

ඇලැක් - බෝයි මෙහෙවරෙන්. අන්න සයිඩ්බෝඩ් එකෙන් සැම්පින් පයින්ටුවක් ඇරලා මේ හැරී හාමුට බොන්ට දීපන්.

(බෝයි සහ හැරී නික්මයයි.)

හෝමර් - ඩියර් මන්ද හැරීට තව බොන්ට දුන්නේ. හැරීට හොඳටම වෙරි නෙවද.

ඇලැක් - මොකද ඔය කියන්නේ, ‘හිලැරිට්’ උපදින්නේ බීවාම නෙවද.

වනසිංහ පැමිණෙයි. වෘත්තය - අයේ සපානෙයාර් සපසේබි.

වනසිංහ - ඉතා හොඳා ගමන් මට ප්රීේතියක් වුනි සිත් ලෙසේ මගුල් කන්ට නෑ දොසක් පෙණී.

හෝමර් - හුරා හුරා මගේ වනසිංහ මිත්රබයා. දක්ෂයෙක් තමා බාරගත් වැඩේ ජයා. ඇලැක් - අපේ පුතා හැරී හොඳ දැන්ඩිකාරයා. ලක්ෂණ බලා තෝරගන්නවා ලියා.


වනසිංහ - උසස් මිටිත් නැත්තේ ලියනෝරා අංගනා, ලක්ෂණත් රුවින් නේත්ර ලු රසාංජනා.

හෝමර් - කැපේ කැපේ පුතා අමනාපයක් නැතේ, රන්රසේ ලෙසා ඉන්ට ඒ ලඳා ඇතේ

ඇලැක් - හිසේ කෙටූ බඹා කෙටුවා හොඳයි ඉතා, කල් නොදා මගුල් ගැන්ම ඉන්නෙමි සිතා.

වනසිංහ - ලැබේ දෙතුන් දහක් හොඳ රත්තරන් පවුන්, ඉන් නයක් ඇතොත් බේරගන්ටැකී සොඳින්.

(වාසගම)

හෝමර් - මොකද එය ඇනුම්පදය. තමුසේ හිතනවාද අපි නය වෙලයිකියා.

වනසිංහ - නෑ ඒක ඇනුම් පදයක් නොවෙයි. දැන් රටේ ඉලන්දාරී රුපියල් සියයක් පඬිකනවානම් රුපියල් දෙතුන්දාහක් නය වෙලයි. මේ නය ගෙවගන්ට බලාපොරෙත්තුවෙන්නේ ලොකු දෑවැද්දක් අරගෙණයි. හැරී මහත්හත්තයත් එහෙම කියා මට හිතුනා.

ඇලැක් - වනසිංහ අපි හාර්ඩප්කාරයෝ නොවේ.

වනසිංහ - නෝනා මහත්මයා සිංහල කථාකරණකොට මට‍ තේරෙන්නේ නෑ. රයිගම්කෝරලේ ගෑනියෙක් කොළඹ ලංසි ගෙදරක ආයාවැඩේ සිටලා ‘අපි කොපි බිබී රතමලාන පාරේ ගමට’ ආවයි කීවා වගෙයි.

ඇලැක් - ඉන් කමක් නෑ. හැරීහාමු එක්ක මොරටු ‍ෙගාසින් එන්ට යන්ට නරකද

වනසිංහ - එන ඉරිදා දෙකට යන්ට සූදානම් කරන්ට ඕනෑ. මම ඒක දන්වායන්ටයි මෙහි මේ අවේලාවේ ආවේ. මම ගොසින් එඤ්ඤ

(වනසිංහ නික්ම යයි)



දෙවෙනි චිත්රා වස්ත්ර ය - මොරටුවේ දෙරණසේකරගේ ගෙදර[සංස්කරණය]

දෙරණසේකර, රෙජිනාද, ලියානෝරාද සිටිත්.

වෘත්තය - මෙරේ පියාරේ බුල් බුල්.

දෙරණ - මගේ රම්යම දෝනී දැන් එයි හැරී තිගේ දැන්ඩි ඇඳුමෙන්ම උන්නොත් සරී.

රෙජිනා - නෙවිබ්ලූ ඉස්කර්ට් හා, රෝස සිල්ක් බ්ලවුස් තැවී නිදි අඳිනු, එලේඩි ග්ලවුස්.

ලියනෝරා - පවුන් හාරසීයේ, නැක්ලේස් එකයි රණින් සෑදූ දියමන්ති, ඉයර්රිංග්ස් දෙකයි.

අරන් ආව සිල්වා, ජ්වැල්ලර් කෙරෙන් බලන් මුද්ද වලලුත් දිලෙයි දැන් නොමින්.

දෙරණ - බොනැට් හේම ගත්තේ, නැද්දෝ දුවේ රැකැට් ‍කෝර්ට් අසල මැල්ගෙ, ඒ සාප්පුවේ.

රෙජිනා - පතාවිස්සෙ කෝර්සැට්, ගත්තා ම දූ නෙතා ක්ලාන්ත වෙය, දැක්කොතින් රං මුදු

ලියනෝරා - මෙදැන් කී නොකී නෙක්, ආයිත්තමින් සිටින්නේ ඇඳ බෝම ජේත්තු වෙමින්.

(ලියනෝරා අඳින්ට කාමරේට යයි)

දෙරණ - ඉතා ඉස්තරම් වූ, සැම්පින් දෙමූ කතාවෙන්ට සබකෝල, සින්දාලමු.

රෙජිනා - තිබේ දැන් පැටිස් හා, සැන්විච් නෙකා බෙබේ බෝම කළ හැකි, ඒවා කකා.

දෙරණ - මැනිලා සිගාර්ස් දැන්, ගෙන්නාපියව් මැනී සිංහලීස් ඩූ ලයික්, දැම් ටු හැව්.

(වාසගම)


රෙජිනා - අන්න ඒගොල්ල එනවා, ම ලියනෝරා ඇඳලා නිවාඩුද කියා බලන්ට යඤ්ඤා. ඩියර් මනමාල මහත්හයාවපිළිඅරගෙණ කතා කරකර ඉන්ට.

(කාමරේට යයි.)

වනසිංහ සහ හැරී අමරනායක පැමිණෙති.

වෘත්තය - මුවේ ගිංගිංමාරෝ ජුට්.

වනසිංහ - ආයුබෝවන් දෙයියො රක්ෂාකර දෙත්වා ම යාලු.

දෙරණ - බෝවේ දැන් මා සිත්හි ප්රීාති දෙදෙනා දැන් ආහින්දා.

වනසිංහ - යාලු කැන්දා කීසේ ආමි සුබ සිද්දිම වේවා.

දෙරණ - වාඩිවෙන්නේ නැත්තේ ඇයි දැන් එනකල් මාගේ නෝනා

(වාසගම) වනසිංහ - හැරී හාමු. ඉඳගන්ට.

(සියලු දෙනාම ඉඳගණිති)

දෙරණ - කොහොමද වනසිංහ උන්නැහේ කොළඹ පලාතේ තොරතුරු

වනසිංහ - කොළඹ මොකද මහත්මයෝ නියම මගුල් සක්වළනෙවැ

දෙරණ - හැරී මහත්මයා මේ වනසිංහ මහ කටකාරයෙකි.

හැරී - උන්නැහේට දැන් රටේ සිරිත් විරිත් වඩා තේරෙන්නේනෑ.

වනසිංහ - මට තේරෙණ තරම මහත්මයාලා දැනගන්නට තව අවුරුදු පණහක් අල්ලයි. (රෙජිනා සහ ලියානෝරා පැමිණෙති.) ‍ දෙරණ - හැරී මහත්මයා මේ මාගේ වයිෆ්, මේ ම‍ාගේ ඩෝටර්. (ස්ත්රි සහ දුව අඳුන්වාදෙයි.)

හැරී - මම බොහොම සන්තෝෂවුනා. දෙන්නාට ඉන්ට්රොපඩියුස් වෙන්ට (සියලුදෙනාම ඉඳගනිති.)


දෙරණ - බෝයි අර හැනැසි ත්රී ස්ටාර් බ්රැ න්ඩි බෝතලෙයි සෝඩා සමග සැන්විච් පැටිස් ගෙනත් අල්ලාපන්. (බෝයි ගෙණෙයි.)

(සියලුදෙනාම සැංවිච් පැටිස් කා බ්රැීන්ඩි බොති. වනසිංහ පමණක් නිකම්ඉදි)

රෙජිනා - ඇයි වනසිංහ උන්නැහේ නැද්ද මේ පාවිච්චියක්.

වනසිංහ - නෑ නෝනා මහත්මයා. පිටිසර කජු පුහුලම් මිසක් ඔය තාරුකා බ්රැංන්ඩි කොයින්ද

ලියනෝරා - මම්මා වනසිංහ උන්නැහේට ‍ කෝපි තමා බීලා පුරුදු

වනසිංහ - මට හොඳයි කෝපි

රෙජිනා - බෝයි කෝපි අරන් ඇවිත් අල්ලාපන්.

(බෝයි කොපිගෙණෙයි. වනසිංහ කෝපිබොයි)

(හැරීද ලියනෝරාද කථාකරකර ඉස්තෝප්පුවේ ඇවිද ඇවිද සිටිති.)

රෙජිනා - ලියනෝරා හැරී මහත්මයා ආ ප්රී තියට පියානෝ එක ගාපන්කෝ.(ලියනෝරා පියානෝඑක තට්ටුකරණකල හැරී ප්රී්තියෙන් මැනිලා සුරුට්ටුවක් බිබී බලාඉඳී)

වනසිංහ - දෙන්නා කැමති නිසා දැන් ඉතින් දෑවැද්ද කොපමණද කියා මට දැන්නුවොත් හොඳා

දෙරණ - මගුල්දාට පවුන් දෙදහක් දෙන බව අමරනායක උන්නැහේට දන්වන්ට.

වනසිංහ - හොඳයි එහෙනම් ලබන මාසේ හරියේදී මගුල් ගන්ට ලෑස්තිකරවඤ්ඤ.

රෙජිනා - ඊට ඉස්සෙල්ලා සොලිසිටේසන් එකක් එවන්ට ඕනෑ.

වනසිංහ - ඒ මොකක්ද. කොළඹ මොරටු ආදී පලාත්වල සිංහල තේරුම්ගන්ට අමුතු ආකාරාදියක්වත් ප්රදසිද්ධ කරණවානම් හොඳයි


දෙරණ - සොලිසිටේසන් කියන්නේ අසවල් ස්ත්රීහ අසවල් අය බඳින්ට කැමති කියා ස්ත්රිහයගේ පියාගේ මවුගේ කැමැත්ත අසා එවන ලියුමකි.

වනසිංහ - ඔහොම කියන්ටකෝ. ඒක මම කරවාලන්නෙමි.

(හැරී සහ වනසිංහ නික්ම යති)

වෘත්තය - බජී බන්ගරානි ගින්නගරා නම් රතන්හරා.

දෙරණ - මෙම ලක්දිවේ - සොඳ - මෙම ලක්දිවේහි ඉන්න ඉතා පෝසතෙකු හැරී - දෙන්ඩ ම දූ ගන්ඩ අයෙක් නෑ මිසක් හැරී - මඟුලට ගන්ඩ මුදල් යන්ඩ යෙදේ රම්යඩ ආදරී.

රෙජිනා - මිළ ඕනැවේ - බොහො - මිළ ඕනෑවේය කන්ට මඟුල් දැන් සිරිත් ලෙසේ - ගන්ඩ වැඩින් කේක් පවුන් තුන්සියයක් දීයන් රට සිට - විස්කි වැයින් බ්රැ්න්ඩි සැම්පිං ගෙන්නවා දියන්.

ලියනෝරා - මට කාසි දැන් - දෙනු - මට කාසි දැන්ම ගන්ට සදා මයි වැඩින් ගවුන් - දෙන්ඩ සැනින් පප්පෙ ඉතින් තුන්සියක් පවුන් - ගතහැකි වැඩින් ට්රැනසෝ දැන්ඩි ඇඳුම් ඒ මුදල්වලින්.

(වාසගම)

දෙරණ - නෝනා මාගාව ඔපමණ කාසි නෑ. දැන් දෑවැද්දට පවුන් දෙදාහක් තව පවුන් දෙදාහක් තරම් මේ වියදම්වලට ඕනෑ කරණ හැඩයි.

රෙජිනා - කාසි නැතෙයිකියාලා පුලුවන්ද? අර අමරසේකරලාගේ මඟුලට වඩා මේක ඉස්තරමට ගන්ට ඕනෑ. කරපන් වෙට්ටියාගෙන් පවුන් හාරදාහක් නෝට්ටුවක්පිට ගන්ට.


තුන්වෙනි චිත්රු වස්ත්රිය - කුරුඳුවත්තේ ‍සොල්දරගේ.[සංස්කරණය]

අමරනායකද ඇලැක්ෂැණ්ඩිරිනාද සිටිත්.

වෘත්තය - ජෙඩියාරජානි.

අමර - මගෙ ප්රේජම ඩාර්ලිං අපෙ ඉන්න නෑයෝ, කලිසන් නො ඇඳ බෝම වල්ලු මෙන් දැන් ඉන්නෝ. සුදු වාරය කිසිසේ දැනගැන්ම නැත්තේ, අමුඩේ පිටින් එන්ට බැරිනෑ ඔවුන්ගේ

ඇලැක් - මොනවාද නෑකම් කලිසන් නොමැත්නම්, දමපන් එ අය දොට්ට වැද්ද ගැන්මෙන් දොස්නම්. රට වාරය නොදැන ඔය ඉන්න කජ්ජන්, තමුසේ මෙහාට ගෙන්නවනු බෝ මදිකම්.

අමර - රට වාර වාගේ හොඳ වාර ලෝකේ, නුදුටිම් අපට ඒක දැණ්ඩිමයි දැන් කාලේ. පුතු කාරය බඳිනාකල මිත්රැ ලංසි, කැඳවා ම බන්දු එක්ක වෙමු තෝස් සුරාබී.

ඇලැක් - මට බෝම ලජ්ජයි නුඹෙ බන්දු නෑයෝ, නොදනින් මෙ අප ලංසි වාර ලක්දිව් අයියෝ. කැදවීමට නරකා ඔය අස්සේ නෑ‍යන්, තිබෙනා එනම්බු යාය අපගේ එයින් දැන්.

වනසිංහ සහ හැරී පැමිණෙති. (වාසගම) අමර - ආයුබෝවන්.

වනසිංහ - දෙයියො රක්ෂාකර දෙත්වා.

ඇලැක් - ගමන සපලද

වනසිංහ - ඔක්කොම හරි. ජෝඩුවනම් ජාඩියට මූඩියවාගේ. පවුන් දෙදහක් දෑවැද්ද දෙනවයි කීවා.

අමර - එහෙනම් කල්දමන්ට ඕනෑ නෑ.

වනසිංහ - ලබන මාසේ 9 වෙනි දිනට මඟුල් ගතෑකි. ඊට ඉස්ලෙස්ලා මොකක්ද පොලිසිටේසන් එකක් අරින්ටෙයි කීවා.


අමර - පොලිසිටේසන්ද සොලිසිටේසන්ද?

වනසිංහ - ඔන්න ඔහොම රට පදයක් ඇහුනා. මොකක්ද මට තේරුම් නෑ.

අමර - වනසිංහ උන්නැහේගේ කල්පනාව මම දැනගන්නට කැමතියි. දැන් මේ කොළඹ ආදි සිදාදියේ මඟුලක් ගන්ට ගියාම එය කලඑලිකරන්ට පුළුවන් හොඳ දැන්ඩිකාර නෝනාවරුන් මහත්වරුන් කැඳවීමෙනුයි. අපේ පිටිසර නෑයන් ඒ නිසා ගෙන්වන්ට එපයි කියා මගේ වලව්වේ මහත්මයා කියනවා.

වනසිංහ - ඒ විකාරය මට තේරෙන්නේ නෑ.

ඇලැක් - මොකද වනසිංහ තේරෙන්නේ නැත්තේ. සපත්තු අඳින්ට බැරි ගාරුප්පුවක් අල්ලන්ට නොදන්නා ඔය වල් පිටිසරයන් අපේ නෑයන් බව මේ ඉන්න ලංසි මහතුන් දැන ගත්තොත් අපේ නෑයන් බව මේ ඉන්න ලංසි මහතුන් දැන ගත්තොත් ඔපය ගියානෙවේද.

වනසිංහ - වලව්වේ මහත්මයාලා ඔපය දැන්මම ඇරගෙණවාගෙයි

ඇලැක් - ඒ කොහොමද?

වනසිංහ - සිංහලයා සිංහලයා එක්ක ඉන්නතුරු ඔපය තිබෙනවා. කළු සිංහලයා සුද්දන් එක්ක ඉන්ට ගියාම සුද්දාට මිසක් කල්ලාට කොයින්ද ඔපයක්.

අමරනායක - හ: හ: හ: වනසිංහගේ කටේ මසුරන් දමන්ට වටී.

ඇලැක් - වනසිංහ උන්නැහේගේ කීම මට වැටහුනේ නෑ.

වනසිංහ - වලව්වේ මහත්මයා කිරෙන් අඟුරු දියකර සුදුකරන්ට වෑයම් කරණ හැඩයි.

ඇලැක් - තවම මට තේරෙන්නේ නෑ.

වනසිංහ - සිංහල මඟුල් ගෙවල්වල සිංහල චරිතයෙන් සිංහලයා සිටියාම ඔහොම ලජ්ජා උපදින්නේ නෑ. ඔය පුහු ලජ්ජිව උපදින්නේ සුදුහම ගාගන්ට ගියාමද.


ඇලැක් - සුදු හම නැතුව දැන් රටේ විධියට ක්රි යාකරන්ට බෑනව.

වනසිංහ - ඒකතමා. තමුසෙලාට පුංචි ලකේ මිනිස්සුයි කියා නමක් රටේ දැන් ව්යිවහාර කරන්නේ. මහලකේ සිංහලයා ඔය රට සිරිත් පාරේ දුවන්නේ නෑ.

අමර - වනසිංහ උන්නැහේ ඔයින් කොයි ලකට අයිතිද.

වනසිංහ - ඇයි මහත්මයා මගෙ විධිය දන්නකොට ඕකත් අහන්ට ඕනෑද. මට ඔය රට සිරිත් හරියට යොනාට ඌරුමාලු‍ පේන්නාවගෙයි. ඒ නිසා මම මහලකේ මිනිහෙක් බව දැනගන්ට හොඳා.

ඇලැක් - අපි එහෙනම් පුංචි ‍ලකේ.

වනසිංහ - ඔව් පුංචිලකේ මිනිසුන්ගේ කල්පනාව බොහොම පටුයි. එංගලන්තෙට ‍ෙගාසින් ආවොත් තිබුනටත් වඩා පටුවෙනවා.

අමර - ඒකට මොකද සාක්ෂිය.

වනසිංහ - ඇයි කලිසමට උඩින් රෙදිකෑල්ල තිබුන අය රෙදි කෑල්ල කඩාදමා ගන්නේ කල්පනාම පලල්වුණු නිසාද. මට මේවා විස්තර කරකර ඉන්ට වෙලාවක් නෑ. ගමට යන්ට ඕනෑ. මඟුල් දවසක් තියා ඇවිත් යන්ට එඤ්ඤ

(වනසිංහ නික්මයයි.)


හතරවෙනි චිත්රක වස්ත්රගය - පානදුරේ සිංහල ගෙයක්.[සංස්කරණය]

සතරසිංහද තම ස්ත්රීි හෙලේනාද දූ එමලියාද පුත්ර්වූ ක්රියස්පීනුද සිටිත්.

වෘත්තය - ගුලාපිරෝගී එහිජමිනා.

සතර - කියාපු දේ තී අසා නොඉන්නේ ගුටි කන්නට බැවු මෙදා පෙණෙන්නේ. සුමානගානේ ඇඳුම් සදන්ටා පවසයි මේ ඔලමොට්ට බිරින්දා


හෙලේනා - බණින්ට ඕනෑකමක් නැතේ දැන් දුවටත් පුතුටත් මටත් ඇඳුම් දෙන්.

සුමානගානේ ඇඳුම් නොසාදා මඟුලක් කන්නට යන්නේ කෙසේදා

සතර - ඇඳුම් සදාලා දවස් අටක් නෑ අළුතෙන් දෙවනුත් ඇඳුම් සොයන්නා.

පැෂන් කියා මේ එකක් සැදිලා ඔද යයි දැන් මගෙ කාට කියම්දා

හෙලේනා - අඳින්ට ඕනෑ අලුත් ඇඳුම්මයි තමුසේ දෙඩුවත් සිරිත් සිරිත්මයි.

නොදන්නවා නම් පැෂන් මෙකාලේ අසපන් මේ දුවගෙන් නොවි කෝලේ.

එමලියා - එපා එපා දැන් නිකම් කිපෙන්ටා අළුතෙන් නිසිමයි ඇඳුම් සදන්ටා.

ෆැසන් බලාමයි ඇඳුම් අඳින්නේ මෙමටත් දැන් අලුතෙන්ම සදන්නේ.

ක්රිතස්පීනු - අළුත්ම බෝල් ඩ්රැස් මටත් සදාදෙන් රුපියල් සියයක් තරම්ම සෑහෙයි.

ගියාට කාසි කමක් නැතේ දැන් බලපන් මේලක ලංසි fපැසන් දැන්.

(වාසගම)

සතර - මට රුපියල් අනූවයි පඩිය. උඹලාට ඇඳුම් සාදාදීලා මම දැන් නයයි.

හෙලේනා - යුද්දෙට නැති කඩුව කොස්කොටවන්ටද, දෙරණසේකර ගේ දුවගේ මඟුල් එන හඳුදයි. එහි නොගොස් ඉන්නේ කොහොමද?


එමලියා - අනේ පප්පා යන්ට ඕනෑ, ලියනෝ‍රා මාගේ ස්කෝලේ යාලුවෙකි.

සතර - යන්ට එපයි කියනවා නොවෙයි. උඹලාට අළුත් ඇඳුම් සදාදුන්නේ ගියසුමානෙයි. ඒවා ඇඳගෙණ යන්ට බැරි මොකද.

ක්රිුස්පීනු - පප්පා ඒක fපැසන්එකට විරුද්ධයි.

හෙලේනා - පුතා පප්පා එක්ක ඔය පන්දර් පුටන්ලාගේ ගෙදෙට්ට ගොසින් පප්පාගේ කල්පනාව හරිද අපේ කල්පනාව හරිද කියා දැනගණින්

සතර - ඔය පුටන්ලා තමා මේ වසංගතය රටේ පුරුදුකරන්නේ. කාසි නැතුව මේවා කරන්ට පුළුවන්ද.

එමලියා - මම පප්පා වෙනම වැඩින් ප්ර සැන්ට් එකක් අරින්ට ඕන.

හෙලේනා - කේක් බාස්කට් බටර්ඩිස් පිකල්ජාර් ආදී මොකවත් අරන් ඇරපන්.

සතර - අලි මදිවට හරක්, උඹලාගේ ඇඳුම්වලට රුපියල් දෙසීයක් තරම ඕනෑ.ඉතින් මේවා කරන්ට කාගෙන්වත් කාසි හොරකම් කරන්ටයි වෙලාතියෙන්නේ. මේ fපැසන් බෝකරපු මෝල් වහන්සේ පණපිටින්ම ස්වර්ගයට යාවි.

එමලියා - අශ්වයන් දෙන්නා දමන ලැන්ඩෝ එකකුත් සොයගන්ට ඕනෑ.

හෙලේනා - මුතු දෙපටකුත් සොයා ගෙණත් දෙන්ට.

සතර - මුතු කොහෙන් ගෙණෙන්ඩද

හෙලේනා - අන්න එදිරිසිංහ වලව්වේ තිබෙනවා.

සතර - මම දන්නේ නෑ. බලන්ට යඤ්ඤ. නොදකින් fපැසන්! fපැසන්! fපැසන්!

(නික්ම යයි.)



පස්වෙනි චිත්ර වස්ත්ර ය - මොරටුවේ දෙරණසේකරගේ ගෙදර.[සංස්කරණය]

(මනමාලයාගේ පාර්ශ්වයද මනමාලිගේ පාර්ශ්වයද ලංසි දෙමළ ආදි නොයෙක් පිරිසක්ද, පාදලි පාර්ක් උන්නාන්සේද පැමිණ සිටිත්. උස කේක්ගෙඩියක් සැංවිච් පැටිස් සැම්පින් විස්කි බ්රැ්න්ඩි ක්ලරැට් ආදි රට බීමද මැනිලා සුරුට්ටු ආදියද එහි තිබේ. අළුත් මනමාල කුට්ටම කේක්ගෙඩිය ලඟට පැමිණ කපා ඉඳගණිත්. මනමාලි කැටුව ගිය බ්ර්යිඩ් මේඩ්ස්ද මනමාලයා කැටුව ගිය බැස්ට් මෑන්ද කේක් කපා අල්ලති. එසේම සැම්පින්ද අල්ලති. රැස්වි සිටින ජනයා කේක් කා සැම්පින් බොති. පාදිලි පාර්ක් අළුත් කුට්ටම සම්බන්ධව කතාවක්කරයි. ඊට මනමාල මහත්මයා උත්තරයක් දෙයි. ඊට පසු බැස්ට් මෑන් කතාවක්කරයි. මෙසේ කථා නිවාඩු වුනායින් පසු කුට්ටම ඇඳුම් මාරුකර හනිමූන් එකට යාමට පිටත් වෙති. රැස්වී සිටින ජනයා පරණ සපත්තුවලින් දෙදෙනාට තලා එලවති. මේවා කෙරෙණ අතර බෑණ්ඩ් තූය්ය්ර්‍ නාදය පවත්වති. මනමාලයයි මනමාලියි ගියාට පසු බොහොමයක් පිටත්ව යති. කොටසක් නැවතී සිට බිබී කකා නැටුම් පටන් ගණිති. සතරසිංහ සහ තවත් කීපදෙනෙක් වෙරී වී සණ්ඩුකරගෙණ බෝතල වීදුරු කීපයක්ම පොඩිකර දමති.)


හතරවෙනි අංකය[සංස්කරණය]

1 වෙනි චිත්රමවස්ත්ර ය - කළුතර ලංසි ගෙයක්.[සංස්කරණය]

මිස්ක්ලේරා, මිස් රොදේ සහ සිංඤ්ඤෝ‍ර් පීතර් සිටිත්.

(වාසගම)

මිස් ක්ලේරා - මිස් රෝදෙ හියර් ඉස් ඇන් එකවුන්ට් ඔෆ් ලියනෝරාස් වැඩිං

මිස්‍ රොදෙ - වට් ඉස් දැට් පේපර්?

මිස්ක්ලෝරා - ඉට් ඉස් ද ඉන්ඩිපැණ්ඩැන්ට්.

සිඤ්ඤෝර්පීතර්- ක්ලේරා රීඩ් ඉට් සෝ දැට් අයි මේ හියර්.

එƒපැෂනේබල් වැඩින්ග්

අමරනායක - දෙරණසේකර

දි මැරේජ් ඔෆ් මිස් ලියනෝරා දෙරණසේකර දී ඔන්ලි ඩෝටර් ඔƒප් මිස්ටර් දෙරණසේකර විත් මිස්ටර් හැරී අමරනායක් ඔƒප් කළොම්බු කේම් ඕƒප් ඔන් දි නයින්ත්, ඉන් ස්ටැන්ට් ඇට් ඉමෑනුවෙල්ස් චර්ච් මොරටු දි රැවරැණ්ඩ් පාර්ක් ඩිƒපිෂියෙටැඩි වයිල් දී රැවරැණ්ඩ් හියුගෝ සැට් ඉන් ද කොයර් දි චර්ච් වෝස් මෝස්ට් ටේස්ට්ලි ඩැකොරේටැඩ් ඇන්ඩ් දි සර්විස් වෝස් ƒපුලිකෝරල් දි බ්ර්යිඩ් වෝස් ඇටැන්ඩඩ් බයි දි මිසිස් ස්ක්රා්දර්, පන්ක් ඇන්ඩ් ඊබර්ට් දෙයර්වර් ටුවැන්ට් ƒප්ල්වර් ගර්ල්ස් ඇන්ඩ් පේජස් දි බ්රරයිඩ්ස් ඩ්රැ,ස් වෝස් ඔƒප් හැන්ඩ්සම් ප්රිනන්සැට් සැටින් ඉන් රිචි ඩීප් අයිවරිෂේඩ් කෝර්ට් ට්‍රෙන් බින්ග් මේඩ් ඔƒප් ද සේම් රිච් මැටිරියෙල් ස්කර්ට් ඇන්ඩ් බොඩිස්වර් ඇන් ටයර්ලි කොවර්ඩ් විත් ටක්ඩ් චිƒප්පොන් ƒපිනිෂ්ඩ් විත් ටයිනි චිƒප්පොන් ප්රි්ල්ස් දි ටයිනි ප්රි‍ල්ස් බින්ග් චිƒපොන් ƒපිනිෂ්ඩ් විත් ටයිනි චිƒපොන් ƒප්රිඩල්ස් දි ටයිනි බින්ග් එජ්ඩ් විත් සැටින් බිබි රිබන්,ඉට් වුඩ් බි එ හර්කුලියන්ටාස්ක්ටු ගිව් දි නේම්ස් ඔƒප් ඕල් ප්රැදසැන්ට් ඇන්ඩ් දි ƒප්ලෝ ඉන්ක්වර් එƒපියු ඔƒප් දෝස් හු වර් ප්ර සැන්ට්.


මිස්ටර් ඇන්ඩ් මිසිස් පන්දරස්ත්රාඑතන්, මිස්ටර් ඇන්ඩ් මිසිස් පන්දර්පුටස්, මිස්ටර් ඇන්ඩ් මිසිස් පන්දර් කිසල්, මිස්ටර් ඇන්ඩ් මිසිස් පන්බියුරන්, මිස්ටර් ඇන්ඩ් මිසිස් රෝදෙ, මිස්ටර් ඇන්ඩ් මිසිස් ඊබර්ට්, මිස්ටර් ඇන්ඩ් මිසසිස් පන්ගාස්තර්, මිස්ටර් ඇන්ඩ් මිසිස් සුමාකර්, මිස්ටර් ඇන්ඩ් මිස් සලමොන්ස්, මිස්ටර් ඇන්ඩ් මිසිස් ද හුට්, මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්කාදර් ඇන්ඩ් අදර්ස් ටු නියුමරස් ටු මැන්සන්.


මිස්ටර් ජයසූරිය ඉලැක්ට්රොසපෙල් ටැඩ් කේක බාස්කැට්, මිස්ටර් ඩැනියෙල් පිකල් ජාර්, මිස්ටර් ‍ලෝස් බිස්කට් බොක්ස්, මිස්ටර් ද මැල් බටර් ඩිස්, මිස්ටර් සෙනෙවිරත්න ඩිනර් ගොං, මිස්ටර් පීරිස් අයිස්පේල්,මිස්ටර් ජයවර්ධන ලිකියර් ස්ටෑන්ඩ් විත් ත්රීො බො‍ටල්ස්, මිස්ටර් සම්පායො ටෝස්ට් රැක්, මිස්ටර් ජේම්ස් නොරීස් සිගරැට් ට්රෙො, මිස්ටර් සිල්වා ක්ලැරට් ජග්, ඩොක්ටර් සිල්වා ක්රැසයැට් ස්ටැන්ඩ්, මිස්ටර් ද සොයිසා සිල්වර් ට්රේ්, මිස්ටර් ඩින්පකීර් අහමත් තුවාන් ඇන් එග් ස්ටැන්ඩ් ඇන්ඩ් මිස්ටර් වනසිංහ එ කොකන්ට් ඉස්ක්රෙරපර්


සිඤ්ඤෝර් පීතර් - ක්ලේරා යු සී වට් ඇන් ඉමිටේට්ටින් නේෂන්ද සිංහලිස් ආර්.

මිස් ක්ලෝරා - යැස් දෙයර් එඩියුකේටැඩ් මෑන් ආර් ලයික් මන්කීස්

මිස් රෝදේ - දේ නෝ දැට් ඉමිටේෂන් ඉස් දි බැස්ට්ƒපෝරම් ඔƒප් පලැටරි ඇන්ඩ් දි ඉංග්ලිෂ්මෙන් හැව් නො රිගාර්ඩ් ටු දැම්.

සිඤ්ඤෝර් - දේ හැඩ් ඔන්ලි වන් ග්රෙ ට් මෑන් එමන්ග් දෑම් හූ ඩිඩ් නොට් කෙයාර්ටු ඉමිටේට් දි ඉංග්ලිෂ්. දැට් වස්ද ලේට් ඔනරේබල් මිස්ටර් ජේම්ස් ද අල්විස්. හි වෝස් එ ටිපිකල් සිංහලීස් මෑන් හු ඩිඩ් ජස්ටිස් ටු හිස් මදර් ටන්ග්.

මිස් ක්ලෝරා - යැස් අයි හෑව් හර්ඩ් ඔƒප් හිම් ඇන්ඩ් මැක්ස්මුලර් ස්පීක්ස් වැරි හයිලි ඔƒප් හිම් ඉන් ද ප්රේහස් ටු හිස් සැන්ස්ක්රි්ට් ග්රැුමර්.

මිස් රෝදේ - දි ප්ර්සැන්ට් ඩේ සිංහලීස් ආර් කිලිං දෙයාර් ලැන්ග්වේජ් ජස්ට් ඇස් වී කිල්ඩ් අවර්ස්.

සිඤ්ඤෝර් - යැස් බිවෙයාර් ඔƒප් සච් මෑන් දේ ඩූ ඉට් විත් දි ඔබ්ජැක්ට් ඔƒප් ඇමල්ගමේටින්ග් විත් අස් ඇන්ඩ් මේක් ඔƒප් අස් ඕල් වන් ලව් ලව් අච්චාරු.

(සියලු දෙනාම නික්ම යති)


2 වෙනි චිත්රක වස්ත්ර ය - මොරටුවේ දෙරණසේකරගේ ගේ.[සංස්කරණය]

දෙරණසේකර, රෙජිනා සහ වනසිංහ සිටිත්.

දෙරණ - වනසිංහ උන්නැහෙ බොහොම අලංකාරයට අපේ මගුල කෙරුණා නොවෙද.

වනසිංහ - එහෙමයි. මම එදා බඩගින්නෙ.

රෙජිනා - ඇයි කොච්චර කෑම බීම තිබුනාද.

වනසිංහ - ඒ කෑම බීම සිංහලයාට ‍ෙනාව සිංහල ලංසින්ටවද.


දෙරණ - මොකද සිංහල ලංසි කියන්නේ.

වනසිංහ - සිංහල ලංසි කියන්නේතමුසෙලාවාගේ සිංහලයන්ටයි. හමයි නමයි සිංහල. පංගුවක් වෙලාවට හම පමණක් සිංහල සමහරෙකුගේ නම පමණක් සිංහල ඇඳුම් පැදැඳුම් කෑම බීම ඉඳුම් සිටුම් නැටුම් ගැයුම් යාම් ඊම් මේ ආදී සියල්ලක්ම පොන්ත නෝනාගේ ජාතියට අයිතියි.

රෙජිනා - ඔහොම නැතුව දැන් කාලේ හැටියට වැඩකරන්නට බෑ. සිංහල තාලෙට ඉතින් කොස් කකා කෙස් විදාගෙණ අමුඩේ ගහ ගෙණ ඉන්ටද.

වනසිංහ - අනිච්චං දුක්ඛං සිංහල තාලේ වලව්වේ මහත්මයා දැන ගත් තරම හොඳා සිංහල ඇඳුම අමුඩෙද. ඕවා නොදැනතමා පර වෙස් අරගෙණ දඟලන්නේ. කොස් කකා කෙස් විදාගෙණ හෑ; සිංහල පොත් පත් නොබලන එකේ තිබෙන වැරැද්ද.

දෙරණ - හැබෑටම වනසිංහ උන්නැහේ අපේ වලව්වේ මහත්මයාට සිංහල තාලේ ඇඳුමක් කියන්ට

වනසිංහ - උඩරට සිංහල මැණිකේලා අඳින ඇඳුම කොච්චර පංකාදුද. කොච්චර ආඩම්බර ඇඳුමක්ද.

රෙජිනා - ඕවා අපි දැන් කොහොමද අඳින්නේ.

වනසිංහ - ඔහොම කියන්ටකො. සිංහල ඇඳුම අමු‍ෙඩයි කීවා.වලව්වේ මහත්මයා සිංහල ජාතියට පර ඇඳුම් මාර්ග යෙන් අපහස කරණ එක අපූරුවක්ද.

දෙරණ - හොඳයි සිංහල තාලෙට අඳින්ට සිංහල පිරිමින්ට තිබෙන්නේ මොනවාද.

වනසිංහ - කලිසමයි රෙද්දයි පුරාණ පටන් සිංහලයා ඇඳ තිබෙන බව දැනගන්ට හොඳා. අපේ හුළුගල්ලේ මන්ත්රිංස්වරයන්ගේ ඇඳුම මහත්මයා දුටුවේ නැද්ද.


දෙරණ - මම දිටුවා ඒක බෝම ලක්ෂණයි.

කර්පන් වෙට්ටි පැමිණෙයි.

වෘත්තය - බෝලෝජි ජෝගිබනුවා ලූකිය කියා කුච් අල්ලාමෙ බතියා.

දෙරණ - ඇයි යාලු. මාංසි නොබලා, මෙ අප ‍ෙසායා ගෙණ ආවාද මෙකලා - කාසි කාසි දෙන්ට නොමැත්තේ. දෙනු මැන කල් මට මා යාලු

කර්පන් - කල්දෙන්ට. දැන්ම පොලී දෙන් - ඔහොම දොඩා ගැලවෙන්ටා නොහැකි දැන් - ගත්තේ කාසි දෙන්ට පොලී බෝ ගෙදරට එන්නට කීවෙ ඇයි.

දෙරණ - මාකීවේ, කාසි ලැබුනු, හැටියේ ගෙවා පොලී දානා බව, දනු - දැන්නෑ කාසි, දෙන්ට ම යාලු - නොකිපෙනු මාහට වෙට්ටියාර්.

රෙජිනා - ඇන්නෑවේ තට්ට ගෙඩිය, කියන කතා මට රිස්සුම් නොමැතියා - දාපන් දාපන් දොට්ට මෙ නාට්ටා, පොලිගෙණ යන්ටා ආ රංගා.

කර්පන් - යඤ්ඤා මම්, දොට්ට ඉතිනා, කරපු කතා හිත රිද්දිය මෙදී තා- ගත්තා කාසි බෝම දොඩාලා, ගුණමකුවන්ගේ අන්දම් මේ.

වනසිංහ - වෙට්ටියා කෝප නොවනු, තිබෙන තරම් නය ගත්තෑකි එදනු- පෝසත් මාගෙ සකින්දා, දෙනවට කාසි නෑ සංකා.

(වාසගම)

කර්පන් - මඟුල් පසුවුනු සුමානෙන් පවුන්ඩ් හාරදාහේ පොලිය ගෙවගවයි කීවා ඒ හින්දාතමා මම අද ආවේ.

දෙරණ - මම කීවාතමා. එහෙම කීවේ මඟුල්කන්ට එන අය කාසියෙන් තෑගිබෝග දෙයිකියා සිතාගෙණයි.ලැබුනේ කාසි නොව මේ ලටපට බඩු වාගෙකුයි. මෙම වනසිංහ උන්නැ‍ෙහ් දුන්න හිරවනේ පමණක් පොල්ගාන්ට ප්රෙයෝජනයි. තව ටිකදවසකට කල්දෙන්ට.


කර්පන් - මොනවද අයියා ඔය කියන්නේ. අපි පොලියෙන් රක්ෂාවෙන මිනිස්සුනවද. මම හෙට මැක්උන්නැහේට නඩුදමන්නට නෝට්ටු බාරදෙනවා.

(කර්පන් නික්මයයි)

වනසිංහ - මහත්මයා නයවෙලා ඉන්න බවක් අද දැනගන්නාතුරු දන්නෙ නෑ.

දෙරණ - ඉංග්රීතසි ආණ්ඩුව පටන් නයවෙලා තිබෙනකොට මම ටිකක් නයවුනාට මොකද.

වනසිංහ - දැන්කාලේ පෝසතා කවුද දුප්පතා කවුද කියා සොයන්ට බෑ. ගේ දොර හොඳට තියාගෙණ අශ්ව කරත්ත‍යකින් ගමන් කළොත් මේ මොට්ට නාට්ටන් රවට්ටන්න පුලුවනි.


පස්වෙනි අංකය[සංස්කරණය]

1 වෙනි චිත්රට වස්ත්රතය - කුරුඳුවත්තේ සොල්දර ගේ.[සංස්කරණය]

අමරනායකද ඇලැක්සැන්ඩ්රිනාද සිටිත්.

වෘත්තය - අර්ථදුල් මර්තුහුයා.

අමර - එව්ව බිල් කාර්ගල් මෙදා - දුටුවද මාගේ ලඳා,දුටුවද මාගෙ ලඳා - මෙහෙමට සැම්පිං කඳා - බොත්ද මේසිංහලයෝ, ලක්දිවේ ඉන්නා මෙදා.

ඇලැක් - එක්කෙනා බෝත‍ල් දෙකයි - බොනකොට බොන්නේ දනිව්, බොනකොට බොන්නේ දනිව් - වියදම වෙන්නේ හුගයි - බොන්ට මේ සිංහලයෝ, ලොල්ව ඉන්නෝ දැන් රටේ.

(වනසිංහ පැමිණෙයි)

අමර - ආයුබෝවන්

වනසිංහ - දෙයියෝ රක්ෂාකරත්වා.


ඇලැක් - කොහොමද දෙරණසේකර උන්නැහෙලාගේ සැපසනීප.

වනසිංහ - උන්නැහේ නාට්ටන්ට අසුවෙලා හැඩයි.

අමර - මොන බොරුද උන්නැහේ වාගේ පෝසතෙක් නයවෙයිද.

වනසිංහ - මටත් පුදුම හිතුනා, කර්පන් වෙට්ටියා ඇවිත් පවුන් හාරදාහක පොලි ඉල්ලා අලි කොලොප්පමක් තිබුනි.

ඇලැක් - වනසිංහ උන්නැහේ කවටකම් කරණවා.

වනසිංහ - වලව්වේ මහත්මයාගෙයි මගෙයි මොන කවටකම්ද - මම කීවේ සිඬවුනු එකයි.

ඇලැක් - ඩියර් මේක පුදුමයකි.

අමර - කයිමාත්තුවට ටිකක් ඉල්ලගන්ට ඇති - උන්නැහෙගේ අර දවටගහ වත්ත වික්කාම ඔය නයවාගේ හතරගුණයක් ගෙවන්ට බැරුවයැ.

වනසිංහ - ඔහොම තමා අපි කවුරුත් හිතුවේ. රටට පරකාසේ ගෙදරට මරගාතේ.නට්ටා ඩංඩුං කියා ගස්සවයි මට හිතෙනවා.

අමර - එහෙමනම් අපට ආරංචි නොවේයැ.

ඇලැක් - ආරංච්වෙලා අපි කරන්නේ ‍ෙමාකද.

වනසිංහ - මොකද වලව්වේ මහත්මයාලත් අයිස්ටෙන් ගෑ‍ටිද.

අමර - මොකද වනසිංහ ඒ කථාව.

වනසිංහ - ඕවා මම කොළමදී ඉගණගත්ත කතාවල්ය. නෝරොක් තොතිං නොකිරණමිරිස් නොසිරාබෝල් රොංහෝල් අයිස්ටෙන් ගෑටි මේ ආදිය ‍ෙකාළඹ පාවිච්චිවෙනවා.

ඇලැක් - ඒ පාවිච්චි උනාට අපි අයිස්ටෙන් ගෑට් වෙන්නේ කොහොමද.


වනසිංහ - ඇයි වස්තු බංගත්වය නමැති වළකටේ සමීපයේ ඉන්නවා නම් වලව්වේ මහත්මයාලා අයිස්ටෙන් ගෑට් නෙවෙද.

අමර - වනසිංහ උන්නැහේ අපව රොංහොල් එකක තබන්ට යන හැඩයි.

වනසිංහ - ඕවායින් කමක් නෑ. ආරංචිවුනාම ඔය දැනගත්තෑකි. මම ගමට යන්ට ඕනෑ.

ඇලැක් - කවදාද ඇවිත්යන්ට එන්නේ.

වනසිංහ - ඒක කියන්ට බෑ. මට අවසර.

(නික්මයයි.)

දෙවෙනි චිත්ර- වස්ත්රඑය - දිස්ත්රියක් උසාවිය.[සංස්කරණය]

විනිශ්චයකාරතුමාද. සෙක්ර තාරිස්ද, තෝල්ක මුදියන්සේද, අද්වකත් පෙරකදෝ‍රුවරුද රැස්වි සිටිත්

(වාසගම)

(සෙකරතාරිස් මෝෂන් රෝල අඬගසයි)

සෙකර - නම්බර් 15760 මිස්ටර් වීරසිංහ.

වීරසිංහ - අයි ඇපියර් ඉන් දිස් කේස් ‍ෙƒපාර් දි පිටීෂනර්. දිස් ඉස් ඇන් අප්ලිකේෂන් ටූ ඇ‍ෙපායින්ට් ඒ ගාඩියන් ඇඩ්ලයිටැම්

විනිශ්චයකාර - ආර්ද මෛනර්ස් ප්රගසැන්ට් ඉන්කෝර්ට්.

වීරසිංහ - යැස්.

විනිශ්ච - ඇන්ටර් ඕඩර් ඇපොයින්ටින්ග් ඤණාබරණ ඇස් ගාඩියන් ඇඩ්ලයිටැම් ඔƒප් දි මෛනර්ස් ලිලියන් පෙරේරා ඇන්ඩ් විලියම් පෙරේරා.

සේකර - නම්බර් 874 මිස්ටර් බෲක්ස් (සෙකරතාරිස් නඩුකාර තැනට කියයි) දිස් ඉස් එ වැරි ඕල්ඩ් කේස්, දි ඇක්ෂන් හෑස් ඇබේටැඩ්.


‍බෲක්ස් - අයි ඇපියර් සර් ‍‍ ෙfපාර් දි ප්ලේන්ටිප් ඇන්ඩ් මූව් දැට් ඇක්ෂිකියුෂන් ඩූ ඉෂූ

විනිශ්ච - යූ ෂුඩ් මූව් ටු හෑව් දි ඕඩර් ඇබේටින්ග් ද් ඇක්ෂන් සැට් එ සයිඩ් බි‍ෙƒපාර් යූ ටේක්‍ ඇනි ස්ටැප්ස් ඉන් කේස් මෝෂන් ඩිස් ඇලොව්ඩ්.

(පිස්කල් පියොත් දෙරණසේකරව වරෙන්තුවට අල්ලාගෙණ උසාවියට ගෙණෙයි.)

සෙකර - හියර් ඉස් එ මෝෂන් බයි මිස්ටර් මැක්ටු කොමිට් දෙරණසේකර ටූ ජේල්.

විනිශ්ච - වැල් මිස්ටර් දෙරණසේකර කැන් යූ ෂෝ ඇනි කෝස් වයි යූ ෂුඩ් ‍නොට් බී සැන් ටු ජේල්

දෙරණ - යැස් සර් මයි කවුන්සල් විල් ෂෝ ගුඩ් කෝස්

විනිශ්ච - හූ ඉස් යුවර් කවුන්සල්.

දෙරණ - මිස්ටර් රැඩ්වීට් සර්,

(රැඩිවිට් උන්නැහේ සහ පෙරකදෝරු විෂ්ණුස්වාමි පැමිණෙති.)

රැඩිවිට් - අයි ඇපියර් ‍ෙƒපාර් දෙරණසේකර ඉන්ස්ට්රනක් ටැඩ් බයි විෂ්ණූ ස්වාමි.

විනිශ්ච - වට් කෝස් හැව් යූ ටූ ෂෝ.

රැඩිවිට් - අයි ප්ලිඩ් පොවර්ටි හියර් ඉස් ඇන් ඇපිඩේවිට්.

(නඩුකාරතැන කියවා බලයි)

විනිශ්ච - අයි ඩූ නොට් සී වයි යුවර් ක්ලයන්ට් ෂුඩ් නොට් බි සැන්ට් ටු ජේල් හී හෑස් බීන් රැක්ලැස්ලි ස්පැන්ඩිං දි වෙට්ටිස් මනි.

රැඩිවිට් - නොට් රැක්ලැස්ලි.


විනිශ්ච - වයි නොට් හි හෑස් ස්පැන්ට් පොර්තවුසන්ඩ් පවුණ්ඩ්ස් ඔƒප් දිස් වෙට්ටි ඔන් එ වැඩින්ග්, හී ඩිසර්ව්ස් නෝ මර්සි කොමිට් හිම් ටූ ජේල්.

(දෙරණසේකර හිරගෙට අරන්යනු ලැබේ.)

තුන්වෙනි චිත්රි වස්ත්රලය - හිරගේ.[සංස්කරණය]

නයට අල්ලා ගෙණත් සිටින හිරකාරයෝ කීපදෙනෙක් සිටිති.

1 වෙනි හිරකාරයා - 1899 දී මිනිරන් ගණන හයියෙන්ම නැග්ගා. තලගොයි හාරන්නාවගේ සැමතැනම ලංකාව හාරන්ට පටන් ගෙණ මිනිරන් හුඟක් ගොඩගැසුවා. මට බොහොම පාඩුවුණා.

2 වෙනි හිරකාරයා - මටත් උනේ ඒකයි. සියේට හැ‍ට බැගින් පොලි ගෙවන්ට විශ්වනාදන් වෙට්ටියාගෙන් කාසි ගත්තා.ගෙවාගන්ට බැරිඋනා. දැන් 21 දවස පැන්නාම බංකලොත් ගන්ට ඕනෑ.

1 වෙනි හිරකාරයා - මොකටද 21 දවසක් වෙන කල් ඉන්නේ

2 වෙනි හිරකාරයා - ඒක වර්ෂ 1853 නොම්මර 7 ආඥාපනතේ නියම කර තිබෙන කාලයයි.

(පිස්කල් පියොන් දෙරණසේකරව හිරගෙදට්ට බාරදීයයි.)

වෘත්තය - බුලාවෙකානමෛකු

දෙරණ - යුරෝප ශිෂ්ටාචාරේ - ගැන්ම බෝම දෝෂ වේ පෙනේ අහෝ අන්තරාව - දැන් කාලේ වාර පාරෙ දිව්වෙමි නෑර නෑර - වස්තු භංගවියේ වස්තු භංගවියේ - නිගා ලබා ඉන්ටවිය.

2. යුරෝප ශිෂ්ටචාරේ - කෑම බීම දෝෂවේ අපේ මුදල් යාය බෝම - ලංකාවේ සිංහලුන්ට මුත්තන්ගේ පාරෙ යන්ට - මේක සිඬවියේ මේක සිඬවියේ - සොයා බලා වාර සෑහේ.


3. යුරෝප ශිෂ්ටාචාරේ - ගත්ත මෝඩ මා වගේ රටේ තොටේ නැද්ද බෝම - කල්නෑර සිංහලුන්ට දැත්තෑකි මට්ටුවෙන්ට - මෝඩ ගොන්නු සේ දැන් මෝඩ ගොන්නු සේ දැන්- ගැලි වාසවෙත්ද.

4. යුරෝප ශිෂටාචාරේ - සූත්රෙ යන්ත්ර බෝ හොඳා බලා දනිව් හස්ත කර්ම- වල් වාර නැස්ම සෑහෙ. ඉන් දෝෂ සිඬවිය - නැසී ජාති යාය නැසි ජාති යාය - නොයව් නොයව් ඒක පාරේ.

........... //.............