ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-සිරිසඟබෝ චරිතය (1903)

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

සිරිසඟබෝ චරිතය


(ක්‍රි.ව. 1903)


Airs by Visvanat Lavjee Pandit.


සංඥාපනය


ලක්දිව පෙර සිංහල රජදරුවන්ගේ කාලේදි සංගීත ශාස්ත්රදය ‍මනාසේ පැවතුන බවට සාක්ෂියක් නම් දැනට අප අතරේ පවතින සිංහල කාව්ය ප්රාබන්ධයන්ගේ වෘත්ත කොහෙන් අරන් තිබෙන ඒවා දැයි පරීක්ෂාකර බලනකල ඒ ‍වෘත්ත උතුරු ඉන්දියාවේ හින්දු ජනයා අතරේ අද දක්වා මහැගිසේ පවතින විශාල මධුරමනෝහර සංගීත ශාස්ත්ර යට අයත් රාගතාල බලා සාදා තිබෙන බවයි. මීට උදාහරණ වශයෙන් සැලලිහිණි සන්දේශ‍ෙය් සමුද්රාඝෝෂා නමින් ප්රවකටවූ වෘත්තය දක්වමි. මෙම වෘත්තය හින්දු සංගීත ශාස්ත්ර යෙහි පෙණෙන ‘පිලූ’ නම් රාගයයි. එය කියවීමේදී දක්වන කාලය ‘තාල’ නමින් ප්රිකටයි. මෙම සමුද්ර ඝෝෂා වෘත්තය පිලු රාගයට අයත් ‘ඛ්යාවල’ නම් තාලයයි. මෙසේ අපේ කව්පොත්වල දක්වන සියලු කව් හින්දු සංගීත ශාස්ත්රවයේ පෙණෙන රාගතාල දෙකට පිටින් නොයන බැවින් අපේ පුරාණ සිංහල ජනයා හින්දු සංගීත ශාස්ත්ර ය හොඳාකාර දැන ගෙණ සි‍ටි බව හැගීයයි. ඒරෝපාකාරයන්ගේ සංගීත ශාස්ත්රදය හින්දු සංගීත ශාස්ත්ර යෙන් අරන් තිබෙන බව සංගීත ශාස්ත්රකය දුන්නේ හින්දුජනයා බව සක්සුදක්සේ පෙණීයයි. මේ උතුම් ශාස්ත්රරය සිංහල ජනයා අතරේ පිරිහෙන්නට බලා තිබේ. එය සිංහල ජනයා අතරේ යළිත් පුරුදුවේයයි සිතා අප සිංහල ද්විපයේ දැනට අවුරුදු 1609 ට පමණ පූර්වයෙහි රජකම් කළ දැහැමි සිරිසඟබෝ නම් උතුම් සිංහල රජු‍න්ගේ ජීවිතකථාව සිංහල ජනයාගේ අභිවෘධිය පිණිස පළමුවෙනිවරට ප්ර සිඬකරණලදි. මෙම සගබෝ චරිතයේ පෙණෙන සින්දු හින්දු සංගීත ශාස්ත්ර්යේ මනාසේ පුරුදු ඉන්දියවේ කටිවාර් ප්රචදේශයේ බහුනගරි නම් නුවර උපන් විශ්වනාත් ලවුජි පණ්ඩිත විසින් දෙන ලද රාගතාල බලා සිංහල භාෂාව කඩාබිඳ නොදමා ප්රුබන්ධකර තිබෙන අථිරසායන කණිරසායන සින්දුබව සිංහල භාෂාව උගත් ජනයාට පෙණියනවා ඇත. තවද මෙම සඟබෝ චරිතය කියවන ජනයා ලංකාවේ සිංහල ජාතියගේ ආගම වූ බුද්ධාගමද පුරාණ පැවතුන සිරිත් විරිත්ද ඇතුළුවු නොයෙක් කරුණු දැන ‍ගන්නවා ඇත. ඇදුම් දී පැලඳුම් ආදිය මෙම සඟබෝ චරිතය නැටුම් දක්වනකල සියලු දෙනාටම දැනගන්න හැකිවන්නේය.


මෙම දැහිමි සිරිසඟබෝ චරිතයේ කථාශරීරය ලුහුඬින් දක්වමි. මහියංගණ නම්වු මහා විහාරයට නුදුරුව එක්තරා ගමෙක්හි වාසය කළ සෙලාභය නම් වූ ක්ෂත්රි ය රජෙකුගේ පුත් සිරිසඟබෝ කුමාරයා මයිල් නන්දමහතෙරුන් වහන්සේගෙන් ත්රිරපිටක බුඬ වචනයන්ද බාහිර ශාස්ත්රමද මනාසේ ඉගෙණ වැඩිවයසට පැමිණියේය. සදාචාර ගුණසමුර්ධියෙන් යුතු මෙම කුමාරයා වැඩිවයසට පැමිණිසඳ මයිල් නන්දමහතෙරුන් වහන්සේ ඕහට මෙසේ ‍වදාරණසේක් ‘මහත් භග්යු ඇති කුමාරයෙනි, යෞවන විලාසයෙන් සැරහුනාවූ ශරීරය මොක්ෂ සැපත ලබාගැණීමට බධාවන්නේය. ස්ත්රිමසංවාසයෙන් ලැබෙන සැප වණේ කසන කල ලැබෙන සැප හා සමානය. තොපේ මෙහි විසීමට වඩා අනුරාධපුරයේ රුවන්වැලි මහසෑයට වත් පිළිවෙත් හැසිරීමෙන් මහත්වූ කුශල රාශියක් කරගන්නට හැකි බැවින් එහි විසීම යහපතය. මීට සඟබෝ කුමාරතෙම කැමතිවිය. සඟබෝ කුමාරයා සමඟ එකට වැඩුණු රාජකුමාරවරු දෙදෙනෙක්ද එනම්, සඞ්ඝතිස්ස නම්වූද, ගොඨාභය නම්වූද, කුමාරයෝ දෙදෙනා සඟබෝ සමඟ අනුරාධපුරයට යන කල්හි වැඩිමහලුවූ සඞ්ඝතිස්ස කුමාරයා පළමුවෙන්ද සංඝබෝධි කුමාරයා මධ්ය යෙහිද ගොඨාභය කුමාරයා පස්සෙහිද මෙම පිළිවළින් අනුරාධපුරයේ තිසාවැවේ පාලම පසු කරයති. ඒ පාලමේ නැගු ශාලාවෙහි උන්නාවූ දෑස්නැති නුවණැති බමුණෙක් ඒ කුමාරවරුන්ගේ පතුල් තබන ශබ්ද අසා ශාස්ත්ර්ලක්ෂණයට අනුව කල්පනාකර මොහු තුන්දෙනම සිංහලද්විපයෙහි රජවෙතියි ශාලාවේ උන් අයිනට කීයේය. ඒ වචන හැමට පස්සෙහි යන්නාවූ ගොඨාභය කුමාරයා අසා වැඩිවිස්තඑ එය ගැන බමුනාගෙන් දැන ගත්තේය. අනුරාධපුරයේ එවකට රජකම්කළ විජයරාජනම් ක්ෂත්රීෙය රජතෙමෙ සඞ්ඝතිස්ස කුමාරයානන් සෙනෙවිරත් තනතුරට පැමිණ වූයේය. සඟබෝ කුමාර වනාහි නන්ද මහතෙරුවන් වහන්සේගේ අනුශාසනා පමණකින්ම රජහට සේවය කරණකල අනුව හැසිරීම් පමණක් කර සවස මහතෙරුන්වහන්සේගේ විහාරයෙහිම ඉඳ රුවන්වැලි මහසෑයට කළමනා උපස්ථාන ගිලනුන්ට උපස්ථාන කිරීම් ආදිවූ ධර්මයෙහි හැසිරෙමින් දවස් අරින්නේය. ඒසමයෙහි සඞ්ඝතිස්ස නම් සෙනෙවිරත්තෙම විජයරාජ ඇතුළු රාජ ගෙයිදීම ගොඨාභය කුමාරයන් ලවා මරවා රාජ්යෙයට පැමිණියේයි. සඟබෝ කුමාරයාගේ අකමැත්තෙන් සෙනෙවිරත් තනතුරෙහි පිහිටුවා ගොඨාභය කුමාරයා භාණ්ඩාගාර නායකවිය.


මෙසේ විජයරජුන් මරා රජකම ලැබු සංඝතිස්සරජ දියදඹ කෑමට අමාත්යියන් හා සේනාව පිරිවරා නැගෙණහිර දිසාවට ගොස් දඹ අනුභවකරණකල වැසියෝ දඹ ඵලයෙහි විෂ යෙදුහ. මෙසේ විෂයෙන් මිශ්රක දඹ කා සංඝතිස්ස නම් රජ කාළක්රිියා කෙළේ. දෑස්නැති බමුණා කී වචන මතක්වී ගොඨාභය කුමාරයා විගස සඟබෝ කුමාරය‍න් කරා පැමිණ ලක්දිව රජකම ගන්ටයයි ආරාධනා කෙළේය. ඊට සඟබෝ කුමාරයා අකමැතා වුනුකල නන්දමහතෙරුන්වහන්සේගේ අවවාදපිට ඊට කැමතිවී සිංහල රජකම ඔටුනු පලඳවනු ලැබීය. මෙසේ රජකම පැමිණිකල ලක්දිව වර්ෂාව නැතිවී සාගතයක්ද සිංහල ගම් හතක් පාලුකරපු රක්තාක්ෂිනම් යකෙක්ද පැමිණ වැසියාට අන්තරා සිදුවිය. එවිට සඟබෝ රජුන්ගේ අධිෂ්ඨාන බලයෙන් වර්ෂාව ලැ‍බී රක්තාක්ෂි නම් යකා සිංහල රටින් නික්ම ගියෙන් වැසියාට සෙත් ලැබ‍ුනේය. මෙසේ දශධර්මයෙන් රාජ්යි කරණ සඟබෝ රජුන්ට ඊර්ෂ්යා‍වෙන් ගොඨාභය කුමාරයා කැරලි ගැසීමට අදහස් කෙළේය.සඟබෝරජ මාලිගාවෙන් පැනලාගොස් පෙරහන්කඩය පමණක් අරන් වේයන්ගොඩට නුදුරු අත්තනගල්ලේ ආරණ්යමයෙහි කොළ පොතුකා ජීවිතය රක්ෂාකරගනිමින් සිටියේය. ගොඨාභය කුමාරයාද සඟබෝ රජු ර‍ටේ ඉදීමෙන් තමාට අන්තරා පැමිණේයයි යන භයින් සඟබෝරජුගේ හිස ගෙණදුන් අයට කාවණු දහසක් තෑගි දෙමියි කියා අණබෙර රටේ ගැස්සෙව්කල මිනිඔළු දහසකට වඩා රජු ඉදිරියේ දක්වන බව එක්තරා මගියෙක් සඟබෝරජුට කියා සිටිකල ඒ මගියාට තමාගේ හිස දන් දෑ කාවණු දහස ලබා ගණු කියා විධාන කර මේ මා‍ගේ හිස නොවෙයි කියා ගොඨාභය කුමාරයා කීවොත් ‍එවෙලෙහිම අහසට විසිකරන්න. එවිට මම තට සාක්ෂි වන්නෙමි. කියා මඟියාට හිස දන්දුන්නේය. මෙසේ මඟියා කාවණු දහස තෑගි ලැබුවේය. සඟබෝරජුගේ අගබිසව මෙය අසා තද ශෝකයෙන් පෙලී මෘතදේහය සොයන්නී අත්තනගලු වනයේදි එය සම්භවී සිරස නැති දේහය බදාගෙණ හඬා මළාය. මේ නාටකයේ කථාශරිරය ලුහුඬින් මෙසේ කීවෙමි. නාටකය අලංකාරවීමට ඒකාලේ පැවතුන සෙල්ලම් ආදිය දක්වා ඇත. මෙම පොත ප්රලසිද්ධ කි‍රීමේ හා නැටීමේ සම්පූර්ණ බලය මටම තබාගත් බවට සියලු දෙනාම දත යුතුයි.


ජෝන් ද සිල්වා

වර්ෂ 1918 සැප්තැම්බර් මස 22 වෙනි දින

කොළඹ මැන්සරග් ඇවනියුවිථියේ

පිහිටි සිරිගහ මැදුරේදීය.




නාට්‍යකරුවෝ


රාජගුරු (මයිල් නන්දස්ථවිරයෝ),සිරිසඟබෝ (එනම් සිංහල රජ), විජයරාජ (එනම් සිංහල රජ), සංඝතිස්ස (එනම් සිංහල රජ), ගොඨාභය (එනම් සිංහල රජ), විජයරජුගේ බිසව, සඟබෝරජුගේ බිසව, ක්ෂත්රී ය කුමාරිකාව, පොට්ට බමුණා, රාජාභිෂේකයට පැමිණෙන බමුණා, වෙළඳ කුලපුත්ර යා, රක්තාක්ෂි (එනම් යකා), මන්ත්රීස (සංඝතිස්සරජුගේ මන්ත්රි ), සෙනවි (යුද්ධහමුදාවේ ප්රඑධානයා), බලි ඇදුරෝ, වැසියෝ. බම්මන්නා, උඩැක්කිකාරී, උඩැක්කිකාරයෝ, නළාකරයෝ, හක්පිඹින්නා, කසපුපුරන්නෝ, දරකඩන ස්ත්රීිවරු දෙදෙනෙක්,එ‍ඬේරු දෙදෙනෙක්, මගියෙක්, ලී කෙළිකාරයෙක්, කලගෙඩි සෙල්ලම්කරන්නෝ.


පුවත

සිංහල ස්ත්රියක් පොඩි රබානක් ගසමින් කියයි.

අමිර් කල්යාන් - පංජාබ්.

සෑසිගේ සමයේ විසුම පෙර පේවී, විසුම පෙර පේවී - විසුව පෙර පේවී - සෑසිගේ සමයේ විසුව පෙර පේවි.

සෑදුදිවාගේ දම්සිරිසඟබෝ, චරිතා පානෙමු තේරෙණකාරේ සෑසිගෙ සමයේ විසුව පෙර පේවි.

මේවා බලාලා සිංහල ජනයා, උගණිව් ලක් ඉතිහාස පුරාණේ සෑසිගේ සමයේ විසුව පෙර පේවි

(නික්මයයි.)


1 වෙනි අංකය[සංස්කරණය]

1 වෙනි ජවනිකා - මහියංගණ විහාරස්ථානය.[සංස්කරණය]

රාජගුරු ඉදිරියේ සඟබෝ කුමාරයා දනගසා වැඳගෙන සිටියි.

ජිංජුට් පහඩි- දීප්වන්දී

රාජගුරු - දහම්තේරි, තිලෝනාගේ - නිමල ගුණාපා, සි‍ටින බෑනා ඇහුම්කන්දි, අසන් මෙවදන් - රාගෙන් වේ. නොයෙක්

දෝෂා - වනේ කසනා, කලේ වාගේ - සැපාසංවාස, ස්ත්රි න්ගේ - දහම් යොවුන් පත්වූ, තොපේ මේ කයා - බාධා වේ,නිවන් යන්ටා- මනෝපුබ්බංගමා ධම්මා - මනෝසෙට්ඨා, මනෝමයා - දහම් - බුදුන්ගේ දම් ‍නොරක්නා දනෝ - සංසාරේ, විඳිත් දුක් බෝ - ගැලි පාපේ, එපා ඉන්ටා - පතා නිර්වාණ, සිටින් බෑනා - දහම්තේරී.

මේ ලෝකයෙහි සියලු සත්වයන්ගේ විය්ය-ර්‍ සැප පිණිස කරුණු ලැබේ.කුශල ධර්ම හැර වන්නාවූ සැපයෙක් නැත. එබැවින් කුශල ධර්මයෙහි තත්පරව පවතු.

(සඟබෝ කුමාරයා නැගිට සිට කියයි.)

මාඩි - ලාවනි.

සඟබෝ - තුතිබෝ දෙන්නෙමි දුන් අවවාද නෑරා ලෝකේ කල් අරිණෙමි - රාග රජස් ලම් හදයේ සෝදා

පුණ්යජකර්ම ජලයෙන් - නිමලවන - පුණ්යුකර්ම ජලයෙන්-

මාගේ ස්වාමි කිව ප්රෝකාරෙ, පවු නස්නා පින්දම් - පවු නස්නා පින්ධම්, කරමි ලොව - පවු නස්නා පින්දම්- මාගේ ස්වාමි කීව ප්ර්කා‍ෙර්, පවු නස්නා පින්දම්.

මෝක්ෂ සැපා සෙව් රහතුන් පාරේ, යන්ට පේවි සදහම් - පුරුදු වෙමි, යන්ට පේවි සදහම් - මාගේ ස්වාමි කීව ප්ර කාරේ, පවු නස්නා පින්දම්-

පවු නස්නා පින්ධම්,කරමි ලොව - පවු නස්නා පින්දම් - මාගේ ස්වාමි කීව ප්ර්කාරේ - පවු නස්නා පින්දම්.

රාජගුරු - කුමරුවෙනි මෙහි වාසය කිරීමට වඩා අනුරාධපුරයෙහි විසීම සර්වාකාරයෙන්ම යෝග්යර වන්නේය. එහි රුවන් වැලි මහසෑයට වත්පිළිවෙත් හැසිරීමෙන් මහත්වූ කුශල රාශියද සමෘධ වන්නේය. එබැවින් එහි යන්ට සූදානම් වෙනු.

සඟබෝ - ඔබවහන්සේ අණ පිළිපදිමි.

(සංඝතිස්සද, ගෝඨාභයද, පැමිණ රාජගුරුට දන ගසා නමස්කාර කරති.)

රාජගුරු - සඟබෝ කුමාරයා අනුරාධපුරයෙහි නවත්වනු පිණිස කැඳවාගෙණ යමි. පොඩිකාලේ පටන් ඔහු යාලුව සිටි නූඹලා දෙදෙනත් එහි යාමට පිටත් වෙව්.

සංඝතිස්ස - හොඳයි ස්වාමිනි, ඔබවහන්සේ ඉස්සරවෙලා වඩිනු

ගොඨාභය - මැනවි. අපි තුන්දෙනා ටිකක් පසුවී එන්නෙමු. (සියලු දෙනාම නික්මයති.)


ii.ජවනිකා විථියක්[සංස්කරණය]

(බම්මන්නා සහ ඔහුගේ ‍සොඳුර ගමන් කරති)

මබ්මන්නා - ප්රිේය සුන්දරිය අප දෙදෙනා හරියට ජාඩියට මූඩිය වාගෙයි.

සොඳුර - ඒක මම නොදනිමි. හරියටම තැඹිලි ගෙඩියක වහපු කපුටෙක් වාගෙයි

බම්මන්නා - නෑ නෑ නෑ තිබ්බොටු ගහට ගිය කරිවිල වැල වාගෙයි.

සොඳුර - මොකද මා කරිවිල වාගේ තික්ත වෙලාද.

බම්මන්නා - නෑ සීදේවි අප දෙදෙනා හොඳ ජෝඩුව බවයි මා කීවේ.

සොඳුර - හොඳ ජෝඩුවතමා. පූර්ව කර්මයක් තිබී පඩිසන් දුන්නා.

බම්මන්නා - ඇයි සීදේවි ඔහොම කියන්නේ - පූර්ව කර්මෙ හැටියට නොවෙන්නම් සරණය සිද්ධ‍වන්නේ.

සොඳුර - සරණය දැන් අසරණය වෙලා. රක්ෂාවක් නැතුව කරණ සරණය කුමක්ද.

බම්මන්නා - ඇයි කට ඇති පුතත් රුව ඇති දුවත් වදන්ට කී පුරාණ කීම මතක නැද්ද. සොඳුර - එහෙනම් ඔහේගේ ලක්ෂණය කටද?

බම්මන්නා - කටෙයි කීවේ මගේ උගත්කම - ඊට වඩා පුරුෂයෙකුට ඇති වස්තුව කුමක්ද.

සොඳුර - කටෙන් ලැබෙන වස්තුව මොකක්ද.

බම්මන්නා - ඇයි විජයරජුගේ මාලිගාවෙ කවට ධූරය ලැබුනාම උඹටයි මටයි අගහිඟ නැතුව අතමිට ඇතුව හිතට කයට සැප ඇතුව ඇහැට කනට පෙණීම ඇතුව ඉන්ට බැරි වෙන්නේ නෑ.

සොඳුර - ඒ රක්ෂාව කවදා ලැබේද.

බම්මන්නා - හෙට ලැබෙයි.

සොඳුර - එහෙනම් බුලත් විටක් දෙන්ටකෝ.

බම්මන්නා - ඉඳා අම්ම‍ා කාපන්කෝ.

අම්මාපා සුන්දර බාරී සිඹ සිඹ ඉන්ට හැකී දුක් නොයෙදේ - මූන දිලේ චන්ද්රා ලෝකසේ රත්තරනේ ඉන්ට හැකි දුක් නොයෙදේ.

සොඳුර - ලක්ෂණේ කන්ටද වාහේ - විකාරදෝ - ලක්ෂණේ කන්ටද වාහේ - මෝඩයෙකු වාගේ මේ ඇන්නෑ විකාරදෝ ලක්ෂණේ කන්ටද වාහේ.

බම්මන්නා - සිත් දයාවෙන්ම කීමි තීගේ සුබා මෝඩකම් ඉන් නොපෙණේ - මාගේ ප්රිුය සිදේවි දෙන්නෙමි හාදු මගේ කිට්ටු වී මුන හපම් - හායි හායි කිට්ටුවී මූන හපම්.

සොඳුර - නොදකින් නොදකින් නොදකින් මිනිමළ කතරගමේ මේ යෝදයා මගේ මූණ විකුවා.

(නික්මයති.)



iii.ජවනිකා විථියක්[සංස්කරණය]

මගි‍ෙයෝ - බෝ සෙන් අනුරාධපුරයේ - සිටිනා - පෙණේනා ගජ අශ්ව සේනා රැදි විදී සොබනා - බෝ සෙන් - මිහිබට සුරපුරමෙන් දිලී මේ පුර - ගල් රූපයෙන් සෝබන පේනා - ලෝවාමහාපායි ඉර පායා - දිලිසේයා - බෝ රැඳි විදි සොබනා බෝ සෙන්


ජවනිකා - තිසාවැවේ ලැලිපාලම සහ එහි නැගු ශාලාව

(මිනිසුන් කීපදෙනෙක් පැමිණ සිටින කල පොට්ට බමුණෙක් පැමිණේ)

පහඩි - ත්රිකතාල

බමුණා - ශාස්ත්රියෙන් මාගේ, දිවි රැකගන්නාවූ, මම අන්ධවීමි බෝ, කර්මද කළායින් - ශාස්ත්රණයෙන් මාගේ, දිවි රැකගන්නාවූ - තිලොවට අග මුනිඳු , දුන්න උතුම් දම්, මෙදා බැබලි තිබේ. දානේ ලැබෙන්නා.

මගියෙක් - ගුරුන්නාන්සේ, අව්ව බසින කල් මේ ශාලාවේ නැවතී සිට යමු.

බමුණා - ඒක හොඳයි : අද අව්ව බොහොම සැරයි.

(බමුණාද ශාලාවේ ඉඳ ගණියි.)

මගියෙක් - ඔය ඇස් අන්ධ වූයේ කොහොමද?

බමුනා - පූර්ව ජාතියේදී අසරණ සතෙකුගේ ඇස් උගුල්ලා දමා මේ ජාතියේදි එය මට පඩිසන් දී තිබේ. ඇස් දෙක නැතුව ලොව සිටිනවාට වඩා එකපාරටම මියයන‍වා හොඳයි.

(සංඝතිස්ස, සඟබෝ,ගොඨාභය යන කුමාරයෝ තුන්දෙන මෙකී පිළිවලින් ලෑලි පාලම පසුකර යති.)

සංඝතිස්ස - දන්නෝ බුදුන්ගේ ශ්රීේ ධර්මස්කස්ධා පේවී රකිති සොඳ සීලනිබන්දා ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ රහතුන් නිවසනා පාය ප්ර කාසේ.

සඟබෝ - බූලෝ මතේ මේ දෙව්ලෝ පෑවා සේ පේනා මෙපුර මුනි ශාසන වාසේ එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ සෙවනැල්ලෙනි හිරු රශ්මිය හංගේ.‍

ගෝඨාභය - මානෙල් නෙලුම් හා ඕලු පුෂ්පාදී ඇත්තේ පොකුනුවල බෝ ජල පෑදී සේරු පංතී පංතී පීනති බෝ සේ අනුරාධ නගරය දැන් පෙනේ ඔස්සේ.

බමුණා - (අඩිශබ්ද ශ්රබවනය කරයි) ඔය පාලමේ දැන් යන තුන් දෙනාම ලංකාද්විපයේ රජකමට පත් වෙනවා ඇත.

මගියා - ඒ කොහොමද දන්නේ.

බමුනා - ඔවුන්ගේ පාද තැබීමෙන් උපන් ශබ්දයෙන් මම දනිමි. මවිසින් උගත් ශාස්ත්රඔයේ කියා තිබෙන ප්රශකාර මට එය පෙණීයයි.

(ගොඨාභය අනික් දෙදෙනා යන්ට ඇර බමුණා කරා පැමිණ එය ගැන වැඩිදුරටත් කරුණු විමසයි.)

ගොඨාභය - ගුරු විසින් දැන් කී කතාව ශුද්ධකරගැණිමට කැමැත්තෙමි. ඔය කී තුන්දෙනාගෙන් පළමුවෙන් කවුරු රජ වන්නේද?

බමුනා - පළමුවෙන් ගිය අය පළමුව රජවෙයි. මැදින් ගිය අය දෙවනුව රජවෙයි. පසුවී ගිය අය තුන්වෙනුව රජ වෙයි. තුන්වෙනියා දීර්ඝකාලයක් රජකම් කරන්නේය.

ගොඨාභය - (බොහොම සන්තෝෂ වී කියයි.) ගුරුට සුළු තෑග්ගක් තිබේ. එය පිලිගන්ට හොඳා.

(තෑග්ගක් දී නික්මයයි.)

බමුණා - පින්සිඬවේවා!

(සියලුදෙනාම නික්මයති.)


iv. ජවනිකා - අනුරාධපුර රාජමාලිගාව.[සංස්කරණය]

විජයරාජ, සේනාපති, මන්ත්රීල සහ බම්මන්නා සිටිත්.

(සියලුදෙනාම රජුට ප්රාශංසා කරති.)

කමාජ් - පංජාබ්.

මුනිඳු සසුන ලක සුරකින නරණා, සැරද යසහර දිගුලිය ගෙල වට බැඳ සොදිනා - යුදෙනා, නොමිනා, රුපුඔද බිදිනා, මෙදීපේ අණසක තිබෙනා, සැමදෙනා, ඊට තොස්ව පපසති හට පැනසර නරණා.

මුනිඳු සසුන ලක සුරකින නරනා - ගුණෙනා, දිලෙනා නිලඹර තුරුණා, සමනා - සිරිඋර විමනා, වාසවෙනා, ඊට වෙන්සුර කිපෙවිද නොදනිමු ඔබහට ඉසිනා.

ව්ජයරාජ - ආහාරය නිසා සියලුම සත්වයන් ජීවත්වෙන බැවින් පළමුකොට අප රාජ්ය_යේ වී ගොවිතැන් කරවිය යුතුයි.

මන්ත්රීය - වැහිවතුරෙන් පොළොව සශ්රීවකවන බැවින් ලංකා භූමියෙහි වසින වතුර සාගරයට නොයන සේ වැ‍ව් පොකුණු ඇලදොලවල් රට වටේටම සාදලනවානම් කදිමයි.

සෙනෙවි - බොහොමයක් එසේ සාදා තිබේ.

බම්මන්නා - වැහිවතුරෙන් ‍පොළව සශ්රීඇකවෙන නොවෙන එක කොහොම වෙතත් මගේ හ‍ාමිනේ වැහිවතුර බීලා තිඹිරි ගෙඩිය වාගේ තරවෙලා ඉන්නවා.

මන්ත්රීන - එහෙනම් අගමුල සොයාගන්ට බැරිනොවේද?

බම්මන්නා - හ: හ: හ: ශරීරයේ අගකොහොද මුලකොහෙද. ඔය දෙක තෝරාදුන්නොත් එය සොයන හැ‍ටි මම කියඤ්ඤා.

සෙනෙවි - අගකියන්නේ ඉහටිය හරියයි මුලකියන්නේ පහටිය හරියයි.

බම්මන්නා - ඒක හොඳ බෙදිල්ල, ඔය දෙකේ මැද සීමාවක් එතකොට තිබෙන්ට ඕනෑනවද?

මන්ත්රි - ඔව් මැද සීම‍ාවට තමා ඉහටිය කියන්නේ.

බම්මන්නා - ඉගටිය නම් මාගේ මිටෙන් අල්ලන්ට පුලුවනි. දවසක් මා ගෙදර යනකොට හාමිනේ හිනහවෙවී ඉදිරියට ඇවිත් අනේ මාගේ රන්කඳ කියා මූණ ඉම්බාම එකපාරට ඉබේම වාගේ මේ කවිය කියවුනා.

බැරෝ - ලාවනි.

වැ හි පො ද මගෙ ලඳ නළලත වැටි සඳ ලිස්සාගෙන ගොස් එසැණෙකි නා ම න න ද කරවන පියයුරුවල හැපී පොඩිවී ගොස් නැබයේ රැඳු නා ත රි ඳු ද ඇගෙ සොද උවනත දිටුසඳ විළිවැද රාහුගෙ මුව වැඳු නා බ ම රු ද ගුමු ගුමු නදදෙති ඇගෙ පා සඟල අසල නිතරම සර ණා

විජයරාජ - (සිනාසිසී කියයි) බම්මන්නාගේ ගෑනි උමයංගනාවටත් වඩා ලක්ෂණ බව ඔයින් හැගෙන්නේ

බම්මන්නා - දේවයන්වහන්සේ, උමයාංගනාවට නැති ලක්ෂණ මගේ සොඳුරට තිබෙනවා.

විජයරාජා - ඒ මොකක්ද?

බම්මන්නා - ඇසිපියහෙළීම.

විජයරාජ - (හිනහවෙයි) හරි, හරි, ඒකත් ලක්ෂණයක් තමා.

(රන් උඩැක්කියක් ගසාගෙණ තරුණ ස්ත්රිඇයක් පැමිණේ.)

උඩැක්කිකාරී - පස්වාන්දහස‍ක් බුදුවන්ඩ ලංකේශ්වර දේවයන්වහන්ස, සිරිත් ප්රකකාර කරණ මා‍ගේ සෙල්ලම දක්වන්ට වාසල‍ට ආමී.

විජය රජ - බොහොම හොඳයි. අද බම්මන්නත් ඉන්න වෙලාවේ නුඹ පැමුනුන එක. දෙදෙනොගෙන් කවුරු දිනාද කියා දතෑකි.


පීලු - දීප්වන්දි.

උඩැක්කිකාරී - කස්තුරි ලෝමානි ලෝකවරී වන්ද ම් රිවිදණ්ඩ මලබ්ර ෂ්ට ඒකපටබන්ද ම්

බම්මන්නා - පරදන්ට නුඹලන්ද උඩපැන්න අන්ද ම් දුටුවන්ට පුදුමක්වී රජිඳුන්ට සෙල්ල ම්

උඩැක්කිකාරි - කවිදන්න හැඩපෙන්වමිනි ඉන්න මූ න්දා ජයගන්ට හිතුවාද අඟනෙක් වු හි න්දා

බම්මන්නා - නකහේම පුටවන්ට දැනගත්ත හි න්දා පරදන්ට හිතුවාද නුඔ මාව ල න්දා

උඩැක්කිකාරී - පෙරලන්ට පද මන්ද හිතුවේ සකි න්දා පරදින්ට ලකුණක්ය ලබතෑකි නි න්දා

බම්මන්නා - නියපොත්ත කහපාට වඩවාපු හි න්දා නකහේම පුටවන්ට පද කිමි ල න්දා


විජයරාජ - බම්මන්නා පෙරලී පදයක් යෙදුවා තමා.

බම්මන්නා - නකහේම පුටවන්ට යන්නේ තේරුම් රන්පාට නියපොත්ත වඩාවාපු යන අර්ථයි. මෑගේ නියපොත්ත දිගට වඩාගෙන තිබෙන බැවින් එම පදය මට කියවුනි. අනිත් අතට බැලුවත් බොරුනොවේ.

විජයරාජ - (හිනහවෙයි) ස්ත්රිිය තව කවියක් කියාපන්.

පීලු - ලාවනී.

උඩැක්කිකාරී - ලකවට බැඳි සවරන්... තෙයිය තෙයිය ලකවට බැඳි සවරන්... තෙයිය තෙයිය

බම්මන්නා - නිකවට රැවුල බලන්... අයියො මගෙ නිකවට රැවුල බලන්... අයියො මගෙ

උඩැක්කිකාරී - කටමැත නරිවාදන් - ඇත්තෙ ඇත්තෙ කටමැත නරිවාදන් -

බම්මන්නා - ඔටවනහැටි බලපන් ... තෙයිය තෙයිය ඔටවනහැ‍ටි බලපන් -

උඩැක්කිකාරී - තකතිරු අමනමොටා - මක්කකීවෙ තකතිරු අමනමොටා

බම්මන්නා - ඔටවනහැටි බලපන් - තෙයිය තෙයිය ඔටවනහැටි බලපන්


විජයරාජ - ඔය ඇති. බම්මන්නාටත් බැරි පදයක් නෑ (සෙනෙවිට කියයි.) මෙම ස්ත්රී_ට තෑගිබෝග දී යන්ට අරිණු.

සෙනෙවි - හොඳයි දේවයන්වහන්ස.

(සේනාපති සහ උඩැක්කිකාරි නික්මයති)

බම්මන්නා - දේවයන්වහන්ස, තෑගිබෝග දෙන්ට ඕනෑ මට නොවෙද?

විජයරාජ - වාසල නිතරම සිටින තොපට කොයිවේලාවේ දෙන්ට බැරිද?

(සේනාපති පැමිණේ.)

සේනාපති - දේවයන් වහන්ස, රාජකුමාරයෝ තුන්දෙනෙක් පැමිණ ඔබවහන්සේ දැකගැණීමට අවසර ඉල්ලති.

විජයරාජ - මෙහාට කැන්දාගෙන වරෙන්. (සේනාපති ගොසින් සංඝතිස්ස, සඟබෝ,ගොඨාභය කැන්දාගෙන එයි.)

(කුමාරයෝ තිදෙන රජුට නමස්කාර කරති.)

විජයරාජ - කාගේ කවුද නම ගම කොහොමද?

ශුඬකල්යාරන් - ගසල්

සංඝතිස්ස - කැත්කුලේ වූ සංඝතිස්සා සංඝබෝධි මේතමා මේ කුමාරයාගෙ නාම ස්වාමි ගෝඨාභය වේ රම්යස - මෙදා ආවේ රැකීරක්ෂාව වාසලෙන් සොයාගෙනා.

සඟබෝ - බුඬප්ර තිමා බෝධිවෘක්ෂ - ඇත්තෙ නගරේ ස්වාමිදක්ෂ මා රක්නා සිල් වැඩිවීයන්ට - ආමි වන්දනා සදා.

ගොඨාභය - වාසනා සිංහාසනේහී විද්යාසමානවී බොහෝ - රාජසේව වෙන්ට ප්රීභතිඇත්තෙ මගේ සිතෙහි බෝම - රැකීරක්ෂා ලැබුනොත් රාජමාලිගාවේ බෝ සොඳා

දිණ්ඩි - දාදරා

විජයරාජ - බොහෝ ප්රී තිවෙමි ප්රයකාශ කළෙන් ජාති - අහෝ රාජ කුලේ මෙදිපේහි දීප්ති - බොහෝ ප්රීෙතිවෙමි ප්ර කාශ කළෙන් ජාති - නියෝග සේ මා ප්ර ධාන සෙනෙවිධූරේ සංඝතිස්සරාජ පුත්රක ලබනු දීපේ - බොහෝ ප්රීධතිවෙම්.

මහෝපකාරා රැකීම නිතර සීලේ - සංඝබෝධි රාජ පුත්රු සැරද දීපේ.

බොහෝ ප්රීරතිවෙම් ප්ර-කාශකළෙන් ජාති.

(සියලුදෙනාම නික්මයති)


2 අංකය[සංස්කරණය]

1 ජවනිකා - අනුරාධපුර විථියක්.[සංස්කරණය]

(සිංහල මිනිස්සු දෙදෙනෙක් ගහගනිති.)

1 සිංහල මිනිහා - මා නැති තැන ඵරුෂ වචනයෙන් උඹ මට බණිනවාය කියා ආරංචියි.

2 සිංහල මිනිහා - උඹ නැති තැන නොවෙයි ඉන්නතැන බණින්ටත් මම බය නෑ.

1 සිංහල මිනිහා - එහෙනම් ඉඳා උඹට (ගසයි)

2 සිංහල මිනිහා - සිංහල ජනයා ගහගැණීමේදි පවත්වන විධි කඩ කරන්ට එපා.

1 සිංහල මිනිහා - උඹේ නාභියෙන් පාතට වැටුනාමවත් නොගසන බව දැණගනින්.


(දෙදෙනාම ගහගණිති. දෙවනි සිංහල මිනිහා වැටුණුකල පළමුවෙනි සිංහලයා ඔහුව උස්සා ආචාරකර යාලුවි දෙදෙනාම වීථියේ යති.)

(සංඝතිස්ස සහ ගෝඨාභය පැමිණෙති.)

සංඝතිස්ස - කවුද වීථියේ සණ්ඩ්කරන්නේ? ගෝඨාභය, සිංහල ජන‍යා මට එකතුයි. සෙනෙවිරත් ධූරයට වඩා රජකමට මට හිතවැටී තිබෙනවා.

ගෝඨාභය - සිතෙහි ආශාවලට සීමාවක් නෑ. රජකම ලබුනොත් තව ඊටත් වඩා වෙන එකකට හිතවැටේවි. ඔහොම තමා මනුෂ්යමස්වභාව.

සංඝතිස්ස - මේ වචන හිතට ගණිත්

(මෙසේ කියයි.)

කාලිංගඩා - ත්රිිතාල්.

සංඝතිස්ස - දැරිකිරිට ලකබුවිපාල් දැරුකිරිට ලකබුවිපාල මරපන් රජවෙතෑකි වෙතෑකි වෙතෑකි.

ගෝඨාභය - මිනිමරාලෑම පවුබෝ - මිනිමරාලෑම පවුබෝම නරකමයි කුමාර කුමාර කුමර.

සංඝතිස්ස - ඒ ගැන කෝලහාල නොවෙවා - පරාණහානිකරපන් - සේසත මාගේ ලක්දිව නංවමි - නිල තල තොපටත් දෙතෑකි දෙතෑකි දෙතෑකි එතකොට දෙතෑකි දෙතෑකි දෙතෑකි

ගෝඨාභය - ඒ රජු ප්රා ණේ හානිකරන්නෙම් - මෙකීවකාරී උදෙසා මෙලෝක ලාබේනිසා කරන්නට - පිටත්ව යන් යන් කුමාර කුමාර කුමර.

(නික්මයති.)


ii. ජවනිකා -විජයරජුගේ මාලිගාවේ ඇතුල් මැදුරක්.[සංස්කරණය]

විර‍යරජ යහනේ හාන්සිවී සිටියි - බම්මන්නා පැත්තකින් හිටගන සිටියි.

විජයරාජ - බම්මන්නා! සිංහල පාඨශාලාවල සපලත්වය දැන් කොහොමද?

බම්මන්නා - දේවයන්වහන්ස, සිංහල පාලි සංස්කෘති ආදි භාෂාද, ව්යගක්ත ගණිතයද, නක්ෂත්ර , ව්යාංකරණ, ඡන්දස් අලංකාර ආයුර්වෙයද ආදී මෙකී නොකී නොයෙක් ශාස්ත්රතයන්ද සිංහල බාලයන්ට මනාසේ පුරුදුකරති.

විජයරාජ - බුඬධර්මරය උගන්වන්නේ නැද්ද?

බම්මන්නා - එහි බාලයෝ තුන්පිටකේ අර්ථ අස්වා ගණිති.

විජයරාජ - බොහොම හොඳයි. උඹ ඉගෙණගත්තේ ඔයින් මොනවාද?

ජිල්ලා - හිංචි

බම්මන්නා - එළුපාලි සාරසකුභාෂාද දන්නෙම් හෝරාශාස්ත්රි ඡන්දස් මාගේ ස්වාමි ගණිතේද රම්යු රසවිද්යාදදි ශාස්ත්රත මම් දත්තෙම් ස්වාමි පුංචිකාලේ සිත්සේ - තෙවලාද කාව්යය නළු තර්කාදි සත්සැමා - දන්නෙම් ‍බෝසේ පින්වත් ලංකා රාජා - එළුපාලිසාර.


විජයරාජ - හොඳාකාර ශාස්ත්රල පුරුදුබව ඔයින් පෙණේ.

බම්මන්නා - මා දන්නා ශාස්ත්රල තව හුඟක් තිබේ. දැන් රෑ බෝවුන බැවින් එය කියන්ට කල්නෑ.

විජයරාජ - හොඳයි එය පසුව දැනගතහැකි. මටත් නිදිමතයි. බම්මන්නාට යන්ට අවසර තිබේ.

බම්මන්නා - ‍ෙහාඳයි ස්වාමිනි.

(විජයරාජ නිදාගණි. බම්මන්නා නික්මයයි.)


iii ජවනිකා - අනුරාධපුර විථියක්.[සංස්කරණය]

(වැසියෝ දෙදෙනෙක් ගමන් කරති.)

1 වැසියා - සංඝතිස්ස කුමාරයාගේ කීමපිට ගෝඨාභය කුමාරයා අපේ රජ්ජුරුවන් මැරූබව සියලුදෙනාම කියති.

2 වැසියා - රාජ්ජය ගැණීමට කළ අපරාධයවද.

1 වැසියා - සංඝතිස්ස කුමාරයා දැන් රජවෙලා. සිරිසඟබෝ කුමාරයා සෙනෙවිරත් ධුරයෙහිද ගෝඨාභය භාණ්ඩාගාරික ධූරයෙහිද පත්ව සිටිනසේක.

2 වැසියා - රජකම් කළත් කළකම් පඩිසන් දෙනවා.

1 වැසියා - ඔය කළාවූ කර්මය මේ ආත්මයේ දී පඩිසන් දෙනවා සත්තකයි.

පීලු - ලාවනී.

වැසියෝ - අපරාදේ අපේ බුවිපාල මරාලාපි, නෑරා - මරලාපි ක්රෑනර ජනා - අප‍රාදේ - ශෝකවැදි බිසෝ - කෑගැසුවා බෝ, වෙන්නෙ අධර්මෝප්ර කාශ - භයංකාරයි, බෝම භයංකාරයි, ඒක අහෝ අපරාදේ.

ප්රාදණ නසා දමා - රාජසැපා ලෝ - සෙව්වා විකාර කුමාර - භයංකාරයි, බෝම භයංකාරයි. ඒක අහෝ.

(නික්මයති.)


iv. ජවනිකා - දියදඹ උයනක්.[සංස්කරණය]

(සිංහල වැසියෝ දෙදෙනෙක් සිටිති.)

1 වැසියා - මේ ගමේ ජම්බුගෙඩියක් ඉදෙන්ට අරින්නේ නෑ. සංඝතිස්ස රජ්ජුරුවෝ තම පිරිස කැටුව ඇවිත් එය කඩාගණිති.

2 වැසියා - මගේ වත්තේ තිබුන ජම්බුත් කම්මුතුයි වැසියාගෙ දුක් සැප නොදන්න අධර්මිෂඨ රජෙක් බව පෙණේ.

1 වැසියා - හොඳ රජෙක්නම් තමාව සෙනෙවිරත් ධූරයට පත්කළ විජයරජු මරාවිද.

2 වැසියා - රජ්ජ්රුව්ට එහෙම කළානම් අපට අනුකම්පාවක් පෙන්නාවිද - ඔයාගේ ඉඳිමෙන් වැසියාට හානියක් මිසක් යහපතක් වන්නේ නැත.

1 වැසියා - රජ මට්ටුවෙන්ට‍ හොඳ උපායක් කියඤ්ඤා එය අසාපන්.

ජිල්ලා - ලාවනි.

1 වැසියා - වසලාමුගෙඩියේ - නැගලාවෘක්ෂේ, වෙන්නේ ඉන් අන්තරා - දඹවෘක්ෂේ බෝ - ඇත්තේ ජම්බු, කන්නේ ඒවා සංඝාතිස්සා, වෙන්නේ පාඩු - වැසියානස්නා, ඇන්නෑ රාජා නැතිකරලාමු - දැන් වසදීලා - ලංකාවේ පීඩා සි‍ඳේ පීඩා සි‍ඳේ වසලාමුගෙඩියේ.

2 වැසියා - දෙඤ්ඤා ජම්බු - ඒ වල්රාජා, කාලා මකබාවෙයි නෑ සංකා, නැගලා වෘත්ෂේ මම් වසලාමි. ජම්බුකෑවොත් උන්දැයාවී පස්සේ සත්තයි පාඩූ, රාජා මෝලා හින්දා නින්දා වෙන්නේ කාටත් ලංකාදීපේ, කාලාගෙඩ් දිවි හානිවේ ඒ හානිවේ - වසලාමු.

(දෙවෙනි වැසියා ජම්බුගහට නැග ගෙඩිවල වස යොදයි.)

(හක්ගෙඩියක් ඈත පිඹිනවා ඇසෙයි.)

1 වැසියා - විගහට බැසපන් එකත් එකට ඔය එන්නේ රජ්ජුරුවොයි.

2 වැසියා - ඔව්, කස පුපුරණවත් ඇසෙනවා.

(වැසියෝ නික්මයති.)

(සංඝතිස්සරජ, තම මන්ත්රීක, හක්පිඹින්නෙක්, කස පුපුරවන්නෝ ආදී පිරිසක් පැමිණෙති.)


සංඝතිස්ස - මේ උයනේ දියදඹ ඉදිලා තිබෙන්නා.

මන්ත්රිස - එහෙයි: සෑහෙන්ට කඩාගතෑකි මේ එක උයනෙන්ම,

සංඝතිස්ස - (කස පුපුරවන්නන්ට කථාකර කියයි.) ගසට නැගිලා ඉදිච්ච ජම්බු පමණක් කඩාපියව්.

කසපුපුරවන්නා- එසේ යහපති දෙවයන්වහන්ස.

(ගසට නැග ජම්බු කඩයි.)


සංඝතිස්ස - (ජම්බුකකා මෙසේ කියයි.)

අධානාකාඳරා - පංජාබ් දාඳරා.

ජම්බු මීපැනි ලෙස රසමයි කන්ට හොඳා මන්ත්රී.සූර ජම්බු මීපැනි ලෙස රසමයි කන්ට හොඳා මන්ත්රී.

බෝරස ජම්බු ඉදිලා - කෑවෝතින් ප්රී ති ප්රී ති - රටවැසියා වැව් ජම්බු කන්නෙම් මන්ත්රීට සන්තෝසෙන් උයන්හීි - පේන ජම්බු මීපැනි ලෙස රසමයි කන්ට හොඳා මන්ත්රී්-

මන්ත්රීබ - වැසියා වචනන මෙදඹකන්නට - පැමිණෙනා රජින්දා අපේ හිරිහැර ගෙණ දෙනවයි කියයි - ඉන් බෝ වරද ඇත් රජින්ද - දුක්සැප දන්නා - ඔබතුම කන්නා - වැසියගෙ ජම්බු - එයනැත නම්බු - පේනජම්බු මීපැනි ලෙස රසමයි කන්ට එපා රාජාවීර -


සංඝතිස්ස - මන්ත්රීජ ජම්බු කනකොටම වාගේ මගේබඩ දගලා ඉස කරකැවෙන්ට පටන් ගත්තා.

මන්ත්රී් - එහෙනම් හුඟක්කෑහින්දා වෙන්ට පුළුවනි.

සංඝතිස්ස - නෑ ජම්බුගෙඩි තුණයිකෑවේ. අපොයි ක්ලාන්තය සෑදී වැටෙන්ට යනවා.

මන්ත්රීස - එහෙනම් හාන්සිවෙන්න (මන්ත්රීය රජුන් හාන්සිකරගණී)

සංඝතිස්ස - මාගේ දිව පණනැතිවීගෙණ එනවා. අහෝ මරුවාලඟයි.

මන්ත්රීස - දේවයන්වහන්ස මොකද අසනීපය.

සංඝතිස්ස - මම දන්නේ නෑ. තව මොහොතකදී මගේ පණයාවි.

මන්ත්රීස - අ‍හෝ වෙදෙක් ගෙණෙක්ටවත් කල්නෑ (නාඩිඅල්ලා බලයි.)

(සංඝතිස්ස මෙසේ කියා නසියි)


බැරෝ.

කරුම පඩිසන්දුනි - වසවී ජම්බු - ලංකාරජින්දා දිවිනැසි සෙයිනි - පාප සිද්ධවී - මාගේ මරණේ හදිස්සි.

(නසියි)

මන්ත්රීය - (කසපුපුරවන්නෙකුට කථාකර කියයි) තෝ වාසලට විගස ගොස් රජ්ජුරුවන්වහන්සේ ස්වර්ගස්තවූ බව දන්වා වර.

කසකාරයා - හොඳයි ස්වාමිනි.

(කසකාරයා නික්මයයි.)

මාඩි - ගසල්.

මන්ත්රීා - පුදුමා තමා - මේ ජම්බුකාපු ඒ ක්ෂණේ මළේ- රජිඳා මැරෙව්වා බූපති - ඒ පාප සාපවී - පුදුමා තමා මේ ජම්බුකාපු ර් ක්ෂණේ මළේ - ප්රාඒණ නසනා පාපිහු - නිර්මපලවූ බුදුදම් - කඩතී වෙන්නේ අන්තරා - මෙයාකාරෙන් ලෝ - පුදුමා තමා - ද්රි ෂ්ටධර්මෙ වේදනීය කර්මරරහා මෙලෙසේ - අපගේ බූපල් මේ ‍මළේ - ඒ කර්මේහින්දා - පුදුම තමා - මෛත්රීනකරුණා පා සිටිව් - ලෙව්වැසියා කෙරෙහි කිපිලා ක්රො ධෙන් ඉන්ටෙපා මේවා තේරීලා.

(සියලුදෙනාම මිනිය රැගෙණ යති.)

(හක්පිඹින්නා හක්ගෙඩිය පිඹියිත)


3 අංකය.[සංස්කරණය]

(රුවන්වැලිසෑය දාගොබ සුදුවස්ත්රත පැලඳ සඟබෝ කුමාරයා මල් පූජා කරයි.)

ජිංජුට් ජිල්ලා - ගසල්

සඟබෝ - ලෝකානන්ද තිලෝනා නමා මල් මේ පුදම් - ශ්රීමපාද පත්ම ශාක්යටසිංහ සාදරෙන් වඳිමි - රම්ය-වූ පංසිල් රකින්ට ලෝකයේ බැතින් - වේවා මට වාසනා දැන්මේ පූජා බලෙන්.

මිථ්යා ධර්ම විකාරේ පෙනෙන්නාවූ සුදම්- මෝහාන්ධකාර සූන්ය වෙන්ට සාදරයෙන් වඳිමි - රම්යපවූ පංසිල් රකින්ට ලෝකයේ බැතින් - වේවා මට වාසනා දැන් මේ පුජාබලෙන්.

තෝරා ධර්මරබුදුන්ගේ ලොවේ ඉන්නා උතුම් - ශ්රී. සංඝ රත්න සාදරෙන්ම ප්රී්තිවී වඳිම් - රම්ය-වූ පංසිල් රකින්ට ලෝකයේ බැතින් - වේවා මට වාසනා දැන් මේ පූ‍ජා බලෙන්.

(ගෝඨාභය පැමිණ දාගොබට නමස්කාරකොට දෙවනු සඟබෝ කුමාරයාට කථාකර මෙසේ කියයි.)

ගෝඨාභය - සංඝතිස්ස රජ්ජුරුවන් ස්වර්ගස්තවූ බැව්න් තමුන්නාන්සේ රජකමට පත්වෙන්ට ඕනෑ.

සඟබෝ - රජකම ගැන මට කිසි ආශාවක් නෑ. එයින් වැඩි වැඩි යම අකුසල් කෙරෙණවා මිසක් කුසල් කරගන්ට ලැබෙන්නේ නෑ.

ගෝඨාභය - සියලුම වැසියෝ තමුන්නාන්සේ පත්වෙනවාට කැමැත්තෙන් සිටිති.

සඟබෝ - ඒ කෙසේ වෙතත් සංසාරසාගරෙන් එතරවෙන්ට වීය්ය්ර්දිරණ මට රජකම කුමටද?

ගෝඨාභය - රජකමේ ඉඳගෙණ සිල්රකින්ට බැරිමන්ද?

සඟබෝ - විවේකය වඩා සැපතක් මනුෂ්ය්යාට ඇත්තේ නැත රජකම්කරණ අයට එය අහසට පොළොව මෙන් දුරයි.

ගෝඨාභය - එම විවේක සැපත රජකමේ ඉඳන් ලබන්ට බැරිනෑ.

සඟබෝ - රටේ වැසියාගේ දුකසැප හරියාකාර බලන්ට බැරිවූ නාම තිබෙන විවේකයි කුමක්ද. එබැවින් සංසාරදුකට හේතුවන ඔය රජකම මටනම් එපා.

(රාජගුරු පැමිණේ. සිරිසඟබෝ සහ ගෝඨභය රාජගුරුට වඳිති.)


ගෝඨාභය - මොන විකාරදෝ මේක ස්වාමි - සංඝබෝධි කුමාර විකාර දොඩාවි ස්වාමි මේරටේ ඔටුන්න ගන්ට නෑලි - රජවෙන්ටෑකි දේසවාසි බෝසේ - යැද ඉන්නාවූ සංඝ බෝධිගෙන් මේ - ඊට කැමතිනොවනකාරී හාරදූර වැඩකි බෝම නොමැති සිද්ධිතේරි.

රාජගුරු - රජනොවන්නේ ඇයි සංඝබෝධි - සිංහලුන්ගේ මෙදීපෙ කිරිට දැරීම සෑහේ - සීලධර්මනදාන වෙද හානි - දශධර්මෙන් කළාම ආණ්ඩුදි‍පේ - සිදුවන්නේද සංඝබෝධි පාපේ දෝෂනොමැත ලකකිරීට හිසදැරීම සොඳා කුමාර නොවෙය බුද්ධිහානි.

සඟබෝ - රජවුනාම කෝ ස්වාවිසීලේ - ක්රෑ-ර අච්චුකරන්ට ගියාම තිබේද සීලේ - ඒනිසා තමාය ඊට ‍කෝලේ - හිත විවේක හේමවේද ස්වාමි - ලොක බාධාවී දානසීල හානි - ඒක හිතට කයට බෝම බෝම දුක්ඛ පමුණුවාය. ස්වාමි බුස්ධිසාරා.


රාජගුරු - රජවුනාම ‍කෝ ස්වාමිසීලේ - ක්රෑ ර අච්චුකරන්ට ගියාම තිබේද සීලේ - ඒනිසා තමාය ඊට කොලේ - හිත විවේක හේමවේද ස්වාමි - ලොක බාධාවි දානසීල හානි - ඒක හිතට කයට බෝම බෝම දුක්ඛ පමුණුවාය. ස්වාමි බුද්ධිසාර.


රාජගුරු - මහත්වූ භාග්යසඇති කුමරයෙනි යම්සේ තනපුඩුවෙහි එල්ලුනාවූ කූඩැල්ලා ලේම ඇදගණීද කිරිබොන දරුවා වනාහි කෝමලවූ මුවෙන් වැදූමෑනියන්ට සැපසංඥාව උපදවා කිරි යම්සේ ඇද‍බෝද එපරිද්දෙන්ම රාජ්යී සම්පතටද පැමිණියාවූ අඥානතෙම බොහෝ වූ අකුශලයන් රැස්කෙරෙයි. ප්රිශස්තවූ ප්රූඥාඇති ධීරපුරුෂ වනාහි ආයුසංස්කාරයාගේ දුර්වලබවද ධනසමූහයාගේ නැසෙනසුලුබවද ප්රසඥාවෙන් පරීක්ෂාකොට දශකුශල කර්මයන් පුරන්නේය. එහෙයින් තොප කරණ ලද කුශල්ඇත්තේ දැහැමෙන් සෙමෙන් ලෝකය රක්ෂා කර සර්වඥශාසනයට සංග්ර්හකර ගෘහානිෂ්ක්රකමණයද කර සත්තිස් බෝධිපාක්ෂිකධර්මයන් රක්ෂාකරව.

සඟබෝ - ස්වාමිනි රජකමලැබීමට කිසිම කැමැත්තක් නැති නමුත් දැන් ඔබවහන්සේ දුන් අවවාද පිළිපදින්ට වීරියකරන්නෙමි. කුශලධර්මය ජනයා කෙරෙහි පිහිට වනු කැමැත්තෙන් රජකම ගන්නෙමි. (සියලුදෙනාම නික්මයති.)


ii. ජවනිකා - අනුරාධපුර විථියක්.[සංස්කරණය]

(බම්මන්නා ප්රජධානව වැසියො නොයෙක් සෙල්ලම් ඇතුව රාජාභිෂෙක මංගල්ය‍ය බැලීමට ගමන්කරති.)

කාපි ජිල්ලා - ලාවනි.

බම්මන්නා - හ: හා මට හිනාවෙවි උන්නෑකි - ක්ෂත්රි කුලරාජාභිසෙස් දැක්කෑකි - සංඝබෝධිගේ - බම්මන්නා නිලේ ලබලා - රාජමනබෝ ප්රී-තිදීලා - සිටියහැකි කාබී කවි කියාලා - රක්ෂාව දේයි බූවිපාල් - ලැබේ වී හාල් - මගෙ අඹුවට සොඳසේ - තරිකිට තරිකිට තෙයි තෙයි තෙයි - කකා බිබී උන්නෑකිදෝ - හ: හා මට හිනාවෙවී උන්නෑකි.

(උඩැක්කිකාරයෝ දෙදෙනෙක් පැමිණෙතිග)

කාලිංගඩා - දීප්වන්දි

උඩැක්කිකාරයෝ- සිරි ලිය උරතල ර න්දා අප සිරි සඟබෝ යහපත් කුමරි න්දා සිරි ලක කිරුළ පල න්දා අද සිරි සැප වැසියට ගෙණදෙන හි න්දා

ද ක් වන්නට යමු සෙල්ල ම් අපි ඉ ක් මන්කර නොතකා ඇති ලෙල්ල ම් දු ක් සන්සිඳවන පින්ක ම් කර ල ක් කුස බල ඔහු රජවෙන අන්ද ම්

බම්මන්නා - උඹලාත් ඔටුනුපලඳන මංගල්ය ය බලන්ට යන‍වාද

උඩැක්කිකාරයේ- ඔව් ලක්දිව නොයෙක් පලාත්වලින් අද වැසියෝ පැමිණෙති.

බම්මන්නා - හොඳයි අපි සියලුදෙනාම එකතුවී යමු.

(නළාකාරයෙක්ද හක්පිඹින්නෙක්ද පැමිණෙති.)


කාලිංගඩා - දිප්වන්දි

නළාකාරයා හක්පිඹින්නා ‍ෙද න දෙ න දනයෙනි අකුසල දුරල න ස න ස න සැමදන මඳහස උවනි න ගු ණ නැ ණ අබරණ නිතරම පලඳි න ම න පි න වන සිරිසඟබෝ දනුමැ න

(ලීකෙලිකාරයෝ සහ කලගෙඩි සෙල්ලම්කාරයෝද පැමිණෙති.)

බම්මන්නා - උඹලාත් රාජාභිෂෙක‍ මංගල්ය ය බලන්ට යනවාද?

ලීකෙලිකාරයෝ- අපේ සෙල්ලම් අරන් යන්ට වාසලෙන් අණ ලැ‍බී තිබෙන බැවින් එහි යන්නෙමු.

බම්මන්නා - එමෙනම් ප්රලමාදනොවී යමු.

කමාජ් - හිංචි චල්ති.

සෙල්ලක්කාරයෝ- දීපේ කිරිට රන් ‍සංඝබෝධිතුම් - පලඳා ශ්රීිලංකා සිංහලවංස දියුණුදෙයිබෝම - සාසනෙහි පේවි - වැසියා බෝ සන්තෝෂවෙයි ඊට ලක්දිවේ දම් සඟබෝ, දම් සඟබෝ දැන් වැජඹේ සිංහරාජසේම ලංකාවේ සිංහලයා බෝම ප්රී තිවෙයි.

බම්මන්නා - සිරියාවි මාගේ ආවානම් පිරියාවේ සිත්සේ- දැක ආනන්ද බහුරූ - පාදේ කදිමට බැඳලා ගෙජ්ජි - තම් දෙන තාන තාන තාලපූරණ නාට්ය් බාරියන් - මාගේ බාරිට මේවා පෙන්නා සිටියොත් වෙන්නේ බෝ ප්රේබමේ - දීපේ කිරීට රන් සංඝබෝධිතුම්.

හක්පිඹින්නා - මේ යෝදයාගේ බණේ කොච්චරවත් අඹුවගැනයි.

(සියලුදෙනාම නික්මයති.)


iii. ජවනිකා - අනුරාධපුර රාජභවන.[සංස්කරණය]

සිරිසඟබෝ උදුම්බරා ආසනයක වාඩිවි සිටී. උදුම්බරා පත්ර් ඇද තිබෙන මණ්ඩපයක මැද ආසනය තිබේ.දෙදනෙක් වාමර සලති. ක්ෂත්රියය කුමාරිකාවක් සුදු හක්ගෙඩියක පැන් දමාගෙණ සිටියි.බ්රා හ්මණයෙක් රිදි හක්ගෙඩියක පැන් දමාගෙණ සිටියි. වෛශ්යෙ පුත්රතයෙක් රන් හක්ගෙඩියක පැන් දමාගෙණ සිටියි. නොයෙක් කෙලි සෙල්ලම් ඇතුළු පිරිසක් පැමිණ සිටිති. ගෝඨාභය කුමාරයා ඇතුළුවු පිරිසක්ද සිටිති. ඔටුන්න සඟබෝකුමාරයා ළඟ ආසනයක තිබේ. රාජාභිෂෙකමංගල්ය්ය පටන්ගණු ලබයි.

ක්ෂත්රිෙය කුමරියද, බ්රාඔහ්මණයාද, වෛශ්යබපුත්රදයාද මෙසේ කියති.

බූපකල්යා‍න් - පංජාබ්

හෙලසිව නුබකුස පෑවු රජසිසි - පෑවුමේරජසිසි - හෘදයකෞමද හෙලදිව නුබකුස පෑවූ රජසිසි - තුතිනිති ලැබෙවිය ලැ‍ෙබවිය - හිසේ මකුට රන් පළදින මඟුලකි - ලෝකේ තේජරැස් යයි නරපති - හෙලදිව නුබකුස පෑවු රජසිසි - හෘදය කෞමද පිපි - මඩී රුපුදන සුගුණෙනි - රකී සවණදම් නිරතුරු ලකකකුස - තේරි සීල පුරාවී නරපති.


ගෝඨාභය - ක්ෂත්රි ය වංශාභිදාන කුමරිය අභිෂේක මංගල්ය_ය පටන් ගනු මැනව. එසේකළකල්හි ඔබවහන්සේට පක්ෂපාතව ඔව්හු ක්රියාකරන්නාහුය.

(බ්රා‍හ්මණයා රිදිහක්ගෙඩියක පැන්ගෙණගොස් රජුගේ හිසේවක්කර මෙසේ කියයි.)

බ්රා හ්මණයා - ස්වාමිනි බමුණුකුලයට අයත් ජනයා පාලනයකළ මැනව. එසේ කළ කල්හි ඔබ වහන්සේට පක්ෂපාතව ඔව්හු ක්රි යාකරන්නාහුය.

(වෛශ්ය පුත්ර යා රන්හක්ගෙඩියක පැන්ගෙණගොස් රජු‍ගේ හිසේවක්කර මෙසේ කියයි.)

වෙළඳපුත්ර යා - ස්වාමිනි වෙළඳකුලයට අයත් ජනයා පාලනය කළ මැනව. එසේ කළකල්හි ඔබවහන්සේට පක්ෂපාතව ඔව්හු ක්රිහයාකරන්නාහුය.

සිරිසඟබෝ - තොපවිසින් ශ්රීනලංකාද්වීපයේ රජකමට අභිෂෙක කරනලද මවිසින් කටයුතු සියල්ලක්ම නීතියේ ප්රලකාර ඉෂ්ටකරන්නෙමි.

(මෙසේ කියා ඔටුන්න හිසේ තබාගණී.)

පහඩි - දිප්වන්දි

දැරී රාජා මකුට ප්රපමාද නොවී - බොහො ප්රීනති ඇතී - දැරීරාජා සැරද නිරිඳුනි ලංකා නිවාස - ජනද තුතිදිදී - ඉන්නා සිනාසී ලංකාව පාලන දෙයියෝ රකිත් - අපෙ රාජා - අපෙ රාජා!

රටට සෙතා වේ - සාගත සුන් වී - නිතර නිමල සිල් රක්ෂා කෙරේවි - ලංකාව පාලන දෙය්යෝ රකිත් - අපෙ රාජා! අපෙ රාජා!

ගෝඨාභය - බම්මන්නා මෙහි පැමිණසිටින නළුවන් ලවා සෙල්ලම් දක්වනු.

බම්මන්නා - එසේ යහපති ස්වාමිනි. (බම්මන්නා සින්දුවක් පටන්ගණියි.)

දනාසරි - ලාවනි.

‍තේයි, තාතාතෙයි, තාත්තාතෙයි, තාත්තෙයි, තවගන් ගන්, තනගන්ගන් ,තනගන්තෙයිතා, තනගන්ගන්, තනගන් ගන්, තනගන්තෙයිතා, තකතතෙයිතා, තකතකතෙයිතා, තකතකතෙයිතා, තෙයි.

(බම්මන්නාගේ සින්දුවට නැට්ටුවෝ නටා මෙසේ කියති.)

ලංකාරජින්දේ බුවිතලේ - සැරද දිගාසිරිවී -සරණ තිලෝනා නිරතුරේ - සෙව් ඔබගුණ පැතිරි - සියරට නීති - දනහද ප්රී ති - ශ්රීමසංඝ බෝධි - තෙයි, තනාතෙයි.


iv ජවනිකා - සූරියගම්පාළුව.[සංස්කරණය]

(රක්තාක්ෂි නම් යක්ෂයා සංචාරණය කරයි.)

ආසාවරි - දිප්වන්දි

රක්තාක්ෂි - ආමිලංකාවේ, මිනිකුණුරීරි - හොදහැටි කාබී විසිමට පේවී නෙත්ඔරවාලා මාගේ බැලීමෙන් - රටගම පාලු වේවි පණහානි ගිනිවගේ මගෙ දෑස රතාවී - ඒ දැක්ක දීපවාසී බෝ පීඩාවී වෙව්ලා උණගෙණ යක්ෂ මැරිලා ඒකුණුකාලා බොන්නෙමි රීරි නිවුනිපිපාසේ බීලා මිනිලේ කුසගිනි නිවුනි - මිනිකන සෙයිනි. (වැසියෙක් පැමිණේ.)

1 වැසියා - අපොයි අම්මේ මානැතෝ. (මෙසේ කියා අපහු දුවයි.)

(2 වැසියා පැමිණේ.)

2 වැසියා - (රක්තාක්ෂි දෙසබලා වෙවුලයි.) මේ කවුද? බලන්ට පවා භයානකයි.

(වෙවුලා වැටී නසියි.)

රක්තාක්ෂි - මේකාගේ ඇට මස් කා ලේබින්දුවක් ඉතුරුනොකර බොමි. (නික්මයති.)


v.ජවනිකා - සඟබෝරජුගේ මාලිගාව.[සංස්කරණය]

සිරිසඟබෝ, ගෝඨාභය, සහ මන්ත්රීන සිටිත්. ‍‍ ගෝඨභය - රටේ අපරාධ වැඩිවීතිබෙන බව පෙණේ. හොරකම් මිනිමැරුම් මේ ආදී අපරාධ දැන් බහුලව පවතී.

මන්ත්රීඅ - රටේ නීතියේ ප්රෙකාර රජ්ජුරුවන්වහන්ස, වැසියාට දඬුවම් නොකලොත් රට නොහැදේ.

සඟබෝ - යහපත් ධර්මයෙහි මනුෂ්යහයා පිහිටුවා මිස ඔය දඬුවම්දි රටේ අපරාධ කෙසේ නැවැත්විය හැකිද? සුචරිත වැසියාට පුරුදුකලාම සියලුම දුසිරිත් දුරුවෙයි.


ගෝඨාභය - මනුෂ්ය යා දඬුවමට බයේ අපරාධ නොකර සි‍ටින එක ස්වභාගතියෙකි. එබැවින් දඬුවම් කෙරීමෙන් අපරාධ නවතියි

සඟබෝ - අපරාධ ක්රි යාවලින් මනුෂ්යමයාට පැමිණෙන දුක ධර්මානුකූලව ඕහට තෝරාදි හික්මවා හැරියොත් ඔය දුසිරිත් වහාම නැතිවේ.

මන්ත්රීා - ඔබවහන්සේ දැන් එහෙම නොවෙන්නම් කරන්නේ.

(වැසියෙක් පැමිණේ.)

ජිල්ලා - දීප්වන්දි.

වැසියා - රජින්දේ අපේ ග්රා මෙ, රක්තාක්ෂි නම් - යකෙක් ක්රෑ ර ඉන්නේය ගම්මු නසිත්.

මෙසේ පාළුවුනු ගම්, හතක් දැන් මෙදීපේ - තිබෙන එය දන්වන්ට, මෙහි ආමි බිතේ.


සඟබෝ - ගම් හතක් පාළුවුණාද?

වැසියා - එහෙමයි දේවයන්වහන්ස.

සඟබෝ - ඒ යක්ෂයා මොකද කරන්නේ.

වැසියා - ඌ ගමේ ඇවිදින කල ගම්මු ඌ දෙසබලා රක්තාක්ෂමාරක නම් වූ ජ්වර රෝගයෙන් පීඩිතව මැරෙති.

සඟබෝ - ඊට වෙදකම් අසන්නේ නැද්ද?

වැසියා - දේවයන්වහන්ස, වෙදකම් නොඅසන බැවින් ගුප්තවිද්ය් උගත් ශාස්ත්ර වක්තයන් විසින් බලියාග නියම කරණලදී. ඉන් සමහරෙකුට ගුණලැබේ. වැඩිදෙනා මැරීයති.

සඟබෝ - ඒගැන මවිසින් කටයුතු කුමක්දැයි කල්පනා කරන්නෙමි. තොපට යන්ට අවසර තිබේ. (වැසියා නික්මයයි.)


ආශාවරී ටෝඩ් - පංජාබ්

සඟබෝ - ධර්මනොසලකා පාපක්රි යා, මන්ත්රි මෙමරටේ වේය එනිසා බිතිකරණ යක්ෂදෝෂ සිදුවී නිතර නිතර, නපුරු ලෙඩද සැදෙවි අස - එදුරලන විදි ඇද්ද තේරී - මේක පුදුමෙකි ග්රාදම පාලු - වෙන්ට ඇ‍රියොතින් බෝලෙස පාඩු, ඊට සොයමු දැන් උපාය මන්ත්රී‍, දීපවැසියාට ශාන්ති සදාමි.


මන්ත්රී_ - රටේ අධර්මය වැඩිවි මේ කාරණා සිදුවෙනබව සත්තකයි.

ගෝඨාභය - තවද නියගය පැවති කෙත්වතු පාළුවී වැසියාට ලොකු පාඩුවක්වී තිබේ.

සඟබෝ - මා රකින අෂ්ටාංග ශිලනුභාවයෙන් වර්ෂාව රටට ලැබී රක්තාක්ෂිතනම් යක්ෂයා මා ඉදිරියට පැමිණ ‍රටෙන් පිට යෑමට රුවන්වැලිසෑය දාගැබ්වහන්සේ කරා පැමිණ අධිෂ්ඨාන කරන්නෙමි. (සියලුදෙනාම නික්මයති.)


4 අංකය.[සංස්කරණය]

i ජවනිකා - රුවන්වැලි‍සෑය දාගැබ.[සංස්කරණය]

(සිරිසඟබෝ රජ්ජුරුවෝ ඊට නමස්කාරකොට මෙසේ කියති.)

පරජ් කාලිංගඩා - ලාවනි.

සඟ‍බෝ - නිවාසිහු සංසාර නිරන්තර, කර්මෂනිසා බෝ පීඩාවී පාපකර්මයෙන් මෝරති භවයේ, මෝහපටල මන් නෙත් රැන්දී.

දීපේ සිංහල වංස මෙජනදැන්, පාපෙගැලීලා වෙතිහානි - සාගත සිද්ධවුනි නෑ වර්ෂා, බෝම හානිවී මේ කාලේ - නිවාසිහූ සංසාර නිරන්තර.

මා රක්නා අටසිල් අනුහසයෙන්, වැස්ස මෙකාලේ පැමිණේවා - සිංහල ග්රාුම නැසූ යක් බිල්ලා සම්බවෙන්ට මා පැමිණේවා.

(අහස ගොරවා විදුලිකොටා තද වර්ෂාව පටන්ගණියි.)

                                        සඟබෝ රජ නික්මයයි.


ii .ජවනිකාව - අනුරාධපුර විථියක්[සංස්කරණය]

(ගෝඨාභය කුමාරයා තනියම කථාකරයි.)

අහෝ සඟබෝ ධර්මිෂ්ඨ රජෙක් බැවින් දීර්ඝායුෂ තිබේ. පොට්ට බමුණාගේ කීම කවදා සිද්ධවේද? නාකිවෙලා මට රජකම කුමටද? මම සේනාව එකතුකරගෙණ මාලිගාව වටලා රජ්ජුරුන් මරා මුළු ලංකාද්වීපයට රජවෙන්නෙමි.

පීලු - ත්රි තාල්

සිරි සංඝබෝධි මාලිගාවෙදි මම් - දැක ප්රාණ හානිවෙන්ට බැට දෙමි - අල්ලා, බන්දා, රැන්දා, බින්දා, උන්දෑ, කොන්දා, ලාමි සින්දා, සැන්දා කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා.

ධර්මෙ සීලේ රක්නා රාජා ලාමි දිවිනසා - කර්මේ වෙන්නේ පස්සේ හින්දා කිම්ද දෝෂයා - කෝලහාල සිද්ධවෙන්ට කාලේ බෝ සොඳා

තේජසාර සීලවන්ත ධර්ම සංඝබෝධි රාජ භංගකරලාමි නෑර මාළීගා සොයා

සිරි සංඝබෝධි මාලිගාවෙදි මම් - දැක ප්රාණ හානිවෙන්ට බැට දෙමි.

(නික්මයයි.)


iii ජවනිකා - සඟබෝ රජුගේ මාලිගාවේ උඩුමහල් මැදුර[සංස්කරණය]

(සඟබෝ රජ සහ අගබිසව සිටිත්)

ජංගලා - ලාවනි

බිසව - අපරාදේ කිපීයේ ගොළුඅබා - මගෙ ස්වාමි මෙකාරි දැන් සැල වියේ - ඇත කෝපේ කුමරාගේ, සැමි බේරි. මෙදිපේ ආණ්ඩු කරන් - අපරාදේ කිපියේ ගොළුඅබා.

මෝහවිකාරෙන් සීලෙද සුන්කර, නිර්දෝෂවූ මා සැමියා කෙරේහි, ක්රෝිධෙන් සිටි ඒ ක්රෑැරකුමරා, සැමිබේරි මෙදිපේ ආණ්ඩුකරන් .


සඟබෝ - ගෝඨාභය මට විරුද්ධව කැරලිගසනබම මටත් ආරංචියි.

බිසව - ඔබවහන්සේ එයින් බේරෙන්ට බලාගන්න එක හොඳයි.

කාපි ජිල්ලා - ලාවනී

සඟබෝ - රාජසැපා එපා මගෙ දේවි. මෝහ අන්ධකාරේහි, බෑ මගේ සිටී ගැලී අයියෝ, අහෝ ඇයි මම ආලවී මීට ඉන්නේ, වාස හැර යන්නෙමි, මට එපාය කී රජකම් දී.

පේවීමරණ සේ ම‍ා, මල්ලි දැන් ඉන්නෙද ක්රෝරධයෙන්, කුමටා මෙසැපා මබිසෝ අසන් මෙම අල්ලාදමලා යන්.


බිසව - රාජ්ජය අතහැර යන්නේ මන්ද? ඔබවහන්සේගේ පරාක්රනමය පෙන්නා මෙහිම වසනු මැනවි.

සඟබෝ - මාගේ රම්යව බිසව මේසියල්ලක්ම නිෂ්ඵලයි. සසරදුකින් බේරෙණවාට වඩා ලොකු සැපයක් මෙලොව කවරේද?

(රක්තාක්ෂි පැමිණේ.)

එමන් කල්යකන් - ගසල්.

රක්තාක්ෂි - සිහල බූපති දැන් මාගෙ බියා හදා, මිනී කකා ලේ බිබි ජීවිතේ රකිම් සදා.වෙවුලා සර්වාංග දැන් ‍බීතෙන් ගැස්සී මේ ළයා, සම්භ වෙන්ටාමි උතුම් බූපති වේවා දයා- සිහල බූපති.

මෙලකේ උන්නෙමි මම් ලේ මස් කාබී බෝ ජයා, ඉන්ට දැන් ස්වාමි නොභි ආමි මේ වේවා දයා - සීහල බූපති.


සඟබෝ - තොපි කවුද?

රක්තාක්ෂි - දේවයන්වහන්ස රක්තාක්ෂිනම් යක්ෂයා මමය. ග්රාසම වල මිනිකකා සිටිනාතර හදිස්සියෙන්ම වා‍ගේ මාගේ සර්වාංගය බියෙන් වෙවුලා ඔබවහන්සේ සම්භවෙන්ට හිතක් පහළවිය.

සඟබෝ - මේ ලංකාද්වීපයේ ගම් හතක ජනයා තෝ කා නාස්ති කළෙහිද?


රක්තාක්ෂි - දේවයන්වහන්ස, කිසිවෙකුට මම අන්තරා නොකෙළෙමි. මාගේ නේත්රර දිටු ජනයාගේ ඇස් රතුවී උණෙන් නැසීයති. එසේ මැරෙණ අයින්ගේ මෘතශරීර කනවා මිසක් වෙන කිසිවක් මම නොකරමි.

සඟබෝ - අහෝ පාපිෂ්ට යක්ෂයා. මාගේ වැසියන්ට ‍තාගෙන් පැමිණ තිබෙන හානිය එසේ මෙසේ නොවේ වහාම මේ ද්වීපයෙන් පිටවී යනු.

රක්තාක්ෂි - ලංකේශ්වර දේවයන්වහන්සෙ, මාගේ කුසගින්න සහ පිපාසය නිවාගැණීමට වෙසමුනි රජුගේ අවසර ගෙණ පැමිණියෙමි. ලංකාවේදී මාගේ හිතේ හැටියට ආහාර ලැබුනේය. මට මේ ද්වීපයේ සිටින්ට අවසර දුනමැනවි.

සඟබෝ - වහාම මින් පිටවී යනු.

රක්තාක්ෂි - දේවයන්වහන්ස, සියලුම සත්වයෝ ආහාරය නිසා ජීවත්වන්නාහුය. මාගේ ජීවිතයද ආරක්ෂ‍ලාවෙන්නේ ආහාරයෙන් බැවින් මිනීමස් නොකා මිනී ලේ නොබී මට ජීවත්වෙන්ට බැරිය. ඔබවහන්සේ දවසකට වරක් එක මිනිය බැගින් කන්ට මට වරම් දුන මැනවි.

සඟබෝ - පාපිෂ්ට යක්ෂයා. මාගේ මේ රටේ වැසියාට කිසි අන්තරාවක් නොකරණු.

(සඟබෝ රජ කරනැවෑමියාට අඬගසයි.)

(කරනැවෑමියා පැමිණේ.)

සඟබෝ - මෙහෙවර කරනැවෑමියා. මාගේ මේ සුරතේ මස්කපා මේ රක්තාක්ෂියාට කන්ට දෙනු.

(කරනැවෑමායා දැලිපිහියෙන් සඟබෝ රජුගේ දකුණත මස්කපා දෙන්ට යනතැන රක්තාක්ෂි වෙවුලා මෙසේ කියයි.)

මාඩි - ලාවනි.

රක්තාක්ෂි - බූපති මට එපාය මාංස ඔබේ, රාජා වෙසමුණි ලාවි මා මරා, කෑවොත් හේම මාංසා - බූපති මට එපාය මාංස ඔබේ.


සඟබෝ - මගේ මාංසදානේ දෙම් කා - එපා ඉන්ටා දීපේ, නැතකාරි කනු මාංස මාගේ - රැකේ දිවි තාගේ.

රක්තාක්ෂි - බූපති මට එපාය මාංස ඔබේ, බොහෝ සීලරක්නා නිමල්වූ, ඔබේ - ලංකාදීපේ හැරලා මම යමි කී ප්ර,කාරේ.පමානොවී මේ දැන් - බූපති මට එපාය මාංස ඔබේ.

(නික්මයයි.)


5 අංකය[සංස්කරණය]

i.ජවනිකා - කැන්දේලියද්ද පාළුවේ සිංහල ගෙයක්.[සංස්කරණය]

බලිරූපයක් තනා ලෙඩෙක් ඒක ඉදිරියේ ඉන්දවා යාගයක් කෙරේ.

(බලිඇදුරෝ යාගය කරති.)

1 ඇදුරා	-	කිසි බේතක් නොඅසන රෝගද තිබේ.

2 ඇදුරා - එබඳු රෝගවලට ශාන්තිකිරීමෙන් පහසු ලැබේ.

1 ඇදුරා - රක්තාක්ෂි යකාගෙන් සිදුවූ මෙම ලෙඩට අපවිසින් කරණ මෙම ශාන්තියෙන් සැප ලැබෙනවාට සැකනැත.

2 ඇදුරා - එසේ ප්රාසර්ථනාකරගෙණ යාගය පටන්ගණිමු.

පිලු - සුරපාග

1 ඇදුරා - පො ර ණ එක සැණෙකින පලග දපහළ අප මුනිඳු සඳු අනුහසි නා ම ර ණ පමුණන මෙම රුදුරු ලෙඩ දුරු වෙනු රතැසි යකු කළ මෙදි නා

න ර ණ මෙම අය අද නපුරු ලෙඩ පහවෙනු නොරැඳ ගත කිසිම තැ නා


ආයුබෝවා !


ප ත න බුදුබව සොඳ රකින හෙලදිව මුනිසත වෙන්සුර මෙක ලා වි දි න දුක මෙම අය රකින සුවකර රුදු රකුසු කළ ලෙඩ සිඳ ලා පෙනෙන දෙනුවන රතු ඔලිඳ ඇට ලෙස ඇත උණෙනි සියොගත වෙවු ලා සි ටි න මෙම අසරණ අයට සෙත කර දෙන මැනවී මෙම ලෙඩා දුර ලා

ආයු‍බෝවා!

(සියලුදෙනාම නික්මයති.)


ii. ජවනිකා.[සංස්කරණය]

සිරිසඟබෝ රාජාහරණ නැතුව වෙස්මාරුකරගෙණ පෙරහන්කඩයක් පමණකි රැගෙණ මාලිගාවෙන් පලායයි.

මාඩි- ගසල් දීප්වන්දි වල්ති.

සඟබෝ - තේරී නිර්මල ධර්ම තිලෝනාගේ, සීලෙට ආලේ මගේ වී ලෞකික සම්පතා, ඕනෑ නෑ දීපේ ඇත්තේ නිමල් සීලසම්පතා ඒ ඇති මාහට දැන් - යමිවනේ - ඒ ඇති මා හට දැන් - දැන් මගෙ ‍සොහොයුර රුපුවුනු හැටි මට - තේරී නිර්මල ධර්ම තිලෝනාගේ - සීලෙට ආලේ මගේ.

(නික්මයයි)

ගෝඨාභය මන්ත්රීහ සහ වැසියෙක් පැමිණෙති.

ගෝඨාභය - සඟබෝ මාලිගාවෙන් පැනලා වනවාසයට ගියයි කියා ආරංචියි. ඔහු රටේ සිටියොත් මගේ රජකමට වරදිනවා සිකුරුයි.

මන්ත්රීි - එහෙමයි. වැසියෝ උන්නාන්සේට බොහොම කැමතිව සිටිත්.

‍ගෝඨාභය - මවිසින් පළමුවෙන් කටයුතු තිබෙන්නේ සඟබෝ රජු මැරීමයි. ඔහුගේ හිස කපා ගෙණත්දුන් කෙනෙකුට කාවණු දාහක් දෙන්ට ‍රටේ ප්ර කාශකරමු.

මන්ත්රිි - සඟබෝ රජ්ජුරුවෝ ඉතා අනුහස් ඇති උත්තමයෙකි. උන්නාන්සේගේ හිස කිසිවෙකුට කැපියහැකි යයි නොසිතමි.

ගෝඨාභය - ඒ කෙසේවෙතත් අපේ ‍ආඥාව රටේ ප්රිකාශකර බලමු. (වැසියාට කියයි) තෝ ගොසින් ‍රටේ තොටේ සෑම තැනම මා‍ගේ ආඥාව ප්රෙකාශකර මා සම්භවෙන්ට වාසලට වර.

වැසියා - හොඳයි ස්වාමිනි.

(සියලුදෙනාම නික්මයති.)


iii. ජවනිකා - අත්තනගලු ආරණ්ය ය.[සංස්කරණය]

සඟබෝ රජ්ජුරුවෝ සිටිනසේක.

පහඩි - ලාවනි.

සඟබෝ - සිඳී ආශා ළයේ ප්රී)ති,රුචිවුනි මෙවනේ වාසේ- සිඳි ආශා, දඹ නා මී දෙහි පනා, තිපලා හා තිඹිරි, ඇත්තේ බෝසේ මෙම වනේ - සෑසී සිලරකිමි - මෝහ සිඳලු තලා පේවි,පෙනේ නිවනා මන් නෙත් පෑදී - සිඳි ආශා ළයේ ප්රීිති, රුචිවුනි මේ වනේ වාසේ.

හැරලා සෑම මෙලෝ සැපා, කොල කා බි වතුරා, පේණා මේ ගස්වල පොතු, වස්ත්රපමෙන්ම අඳිමි, මොක්ෂරසාසේ රසා ලෝකේ, අහෝනොපෙණේ, මාසිත්ප්රීමති - සිඳී ආශා.


iv. ජවනිකා - ‍ගෝඨාභයගේ මාලිගාව[සංස්කරණය]

ගෝඨාභය සි‍ටියි.


දනාසරි- දාදරා.

‍ගෝඨාභය - හිතා උන්නසේම රාජධූර අත්වි දීපේ, අත්වි දිපේ, අත්වි දීපේ,අත්වි දීපේ, ඔහො අත්වි දීපේ- හිතා උන්න සේම රාජධූර - අත්වි දිපේ - හොඳහැටි කා බිබි - සැප ලබතෑකි, හිත ප්රී තිවේය මාගෙ, බෝ දැන්, බෝ දැන් - හිතා උන්න සේම රාජධූර අත්වි දිපේ - මොකටද ආගමා සැප හැර මෙලෝ - හිත ප්රීූතිවේය මාගෙ, බෝදැන්, බෝදැන් - ඔහො බෝදැන්, බෝදැන්.

(මන්ත්රීි පැමිණේ.)

ගෝඨාභය - මන්ත්රීණ සඟබෝ රජුගේ ආරංචියක් තවම නැද්ද?

මන්ත්රීත - ආරංචියක් නෑ. මේ වැසියන් කීපදවදක සිට ගෙණෙන මිනිස් හිස් එකක්වත් සඟබෝ රජුගේ හිස වාගේ නෑ.

ගෝඨ‍ ාභය - දැන් හිස් දාහක් පමණ ගෙණෙන්ට ඇතිහේමා.

මන්ත්රීක - මෙන්න තව හිස් දෙකක් අරන් තව දෙදෙනෙක් එනවා.

(වැසියෝ දෙදෙනෙක් හිස් දෙකක් අරන් එති.)

වැසියා - දේවයන්වහන්ස, දැහිමි සි‍රිසඟබෝ රජ්ජුරුවන් වහන්සේ හිස කපා ගෙණාවෙමි.

ගෝඨාභය - (පරීක්ෂාකර බලයි) මේක සඟබෝ රජුගේ හිස නොවෙයි. හරිහිස අරන් ආවාම කහවනුදහස තෑගිදෙන්නෙමි.

(වැසියා පැත්තක‍ට වෙයි.)

2 වැසියා - කහවණු දහස මටදෙනු මැනවි, මෙන්න හරි හිස

ගෝඨාභය - මේ වෙනකාගේද හිසක් මාගේ සහෝදරයාගේ හිස මට අඳුනන්ට බැරිද?

(2 වැසියාද, 1 වැසියාද නික්මයති.)


මන්ත්රීස - ස්වාමීනි ඔබවහන්සේගේ මේ ආඥාව නිසා රටට අපරාධ වන්නේය. රක්තාක්ෂියාගෙන් සිදුවූ හානියට වඩා ඔබ වහන්සේගේ ආඥාවෙන් වැසියාට හානිවන්නේය.

ගෝඨාභය - ඒ කෙසේ වෙතත් මාගේ ප්රාදණය ආරක්ෂාකරගෙණ රජවී සිටීම පළමුවෙනි වැඩකි.

මන්ත්රීළ - ඔව්, රජෙක් අඹු ගණීනම් දුගියෙක් කාට පවසයි.

(බම්මන්නා කුරුල්ලෙක් රෙද්දකින් වසා කිහිල්ලේ හංගාගෙණ පැමිණේ.)

ජිල්ලා - කැමිටා.

දැන් ගත්තෑකි තෑගි ගෙණාමි එරාජ හිස - දුන්නොත් ඒ තෑගි හිස පෙන්නඤ්ඤා - මම පෙන්නඤ්ඤා - වාසිවෙයි තෑගිමට දේයිහේ බූපති - ඉම්බා මාඑද්දී මගේ ආදරී - මට වාසිවේ - මා බාරිගෙ ස්නෙහ

ප්රෙමාණ නොවේය අද - ඉම්බා මාමූණ ගෙදරින් එද්දී - සොඳ සීදේවි - දැක්කා මා බාරී ශීර්ෂ එරාජගේ - පැන්නා හයියෙන්ම උඩ ඩුංඩුංගා - මගේ සීදේවි - දැන් ගත්තෑකි තෑගි ගෙණාමි එරාජ හිස.

‍ගෝඨාභය - කෝ එළියට ගණින් බලන්ට.

බම්මන්නා - බෑ ඉස්සෙල්ලා කාවණුදහස දුන්නාම ඔළුගෙඩිය පෙන්නඤ්ඤා.

ගෝඨාභය - නොබලා කොහොමද තෑගිදෙන්නේ.

බම්මන්නා - දීලානොවෙද බලන්නේ.

ගෝඨාභය - මන්ද මා විශ්වාස කරන්ට බැරිද?

බම්මන්නා - කිසි රජෙක් කෙරෙහි මාගේ විශ්වාසයක් නෑ.

ගෝඨාභය - එහෙනම් මටත් උඹ විශ්වාස නෑ.

බම්මන්නා - සඟබෝ රජුගේ හිස ඕනෑනම් මා විශ්වාදකරන්ට හොඳා

ගෝඨාභය - මන්ත්රීු බම්මන්නාට ඒ තෑගි දීපන්.

මන්ත්රීෝ - හොඳයි ස්වාමීනි.

        (බම්මන්නා රෙද්දකින් වසා කුරුල්ලෙක් ගෝඨාභය අතටදෙයි. ගෝඨාභය අතටගෙණ බලනකල කුරුල්ලා ඉගිලීයයි. රජු හිනාවී බම්මන්නාට මෙසේ කියයි.)

ගෝඨාභය - මොකද මා රවටන්ට ආවෙහිද?

බම්මන්නා - ශිලවන්ත ධර්මිෂ්ඨ සඟබෝ රජුගේ හිස කාට කපා ගෙණෙන්ට පුළුවන්ද? ඔබවහන්සේ මෝඩ ආඥාවෙන් රට වැනසෙන්නා. ඔය කුරුල්ලා මියෙන් ගියා වාගේම සඟබෝ රජ්ජුරුවෝ ගැලවී යනවා ඇත. ප්රාිණඝාතය කරන ඔබවහන්සේට පරලොවක් ඇද්ද.

ගෝඨාභය - හොඳයි මම බලඤ්ඤා.

බම්මන්නා - හොදයි මම බලඤ්ඤා.


v . ජවනිකා - අත්තනගලු ආරණ්යණය.[සංස්කරණය]

සිරිසඟබෝ රජ ධ්යාජනයෙන් සිටිනකල මිනිහෙක් බත්මුලක් රැගෙණ පැමිණේ

මගියා - (වතුරකඩක් ළඟ නැවතී බතමුල ලිහා කන අතර සඟබෝ රජුන් දැක ළඟට ගොස් මෙසේ කියයි.)මාගේ බත්මුලෙන් කොටසක් පිළිගණු මැනවි.

සඟබෝ - මට එපා.

මඟියා - මම හීන ජාතියක උපන් ප්රාතණවධකොට ජීවත්වන්නාවූ අයෙක් නොවෙමි. උතුම් වංශයක උපන් අයෙකි.

සඟබෝ - ගස්වල සෙවනැල්ලෙන් මට ගෘහයද අත්තෙන් ආසනයද සුඹුලෙන් වස්ත්රවයද ගෙඩි හා කොළවලින් මට ආහාරයද සිද්ධකෙරෙති. එබැවින් අනුන්ගේ දේගැන කිසිම තෘෂ්ණායක් නැත. තාගේ ජාතිය ගැනත් මගේ ගැරහීමක් නැත.

(මගියා භූමියේ වැටී නමස්කාරකර කියයි.)

මගියා - උතුමානන්වහන්සේ මාසතු ආහාරය අනුභවකරන්ට ආදඑ ගෞරවයෙන් ඉල්ලමි.

සඟබෝ - තොපේ ඇවිටිලිය වළකන්ට නොහැකි බැවින්ද ආදර ගෞරවයෙන් මෙය මට දුන් බැවින්ද එම ආහාරය වළදා මාගේ පෙරහන්කඩින් පෙරූ පැන් බොමි.

(බත් කා පැන්බොයි.)

තොපට මවිසින් කෙබදු ප්රපත්යුඑපකාරයක් දැන් කරම්ද?

මඟියා - බත්ටිකක් දීලා උපකාර බලාපොරොත්තු ‍නොවෙමි.

සඟබෝ - අනුරාධපුරයෙහි ආරංචි කවරේද?

මගියා - පළමුසිටි සඟබෝ රජුන් එලවා ගෝඨාභය නම් ක්රෑිර රජෙක් දැන් රජකම් කෙරේ. සඟබෝරජුගේ හිස යමෙක් ගෙණත් දුන්නොත් ඕහට කාවණු දහසක් තෑගිදෙමියි කියා රට සෑමතැනම බෙරගසා ප්ර සිද්ධයක්කර තිබේ. ඒ නිසා දවසගානේ මිනිඔළු අරන්ගොස් සඟබෝරජුගේ හිසයයි කියා මිනිස්සු දක්වති.

සඟබෝ - මම තට උපකාරයක් කරමි. ඊට විරුද්ධනොවී මවිසින් කියන ක්රෝමය පිළිපදුව. සඟබෝ රජ මමය. මාගේ හිස ධර්මාධිෂ්ටාන තේජසින් සන්ධියෙන් වෙන්කොට දෙමි. ඒ හිස ගෙණගොස් ගෝඨාභය රජුටදී කාවණුදහස ලබාගණු. ඒ මාගේ හිසනොවෙයි කියා ගොඨාභය රජ කීවොත් මාගේ හිස ආකාශයට දමණු. එතැන්දි මම තාහට සාක්ෂි කියන්නෙමි.ත‍ාගේ දෑත දිගුකර එකට තබා අල්ලානු.

       (මගියා සඟබෝරජු ඉදි‍ර‍ියේ දනගසා දෑත දිගුකර සිටිනකල සඟබෝ රජ එරමිණිය තදකොට බැඳ පෙරහන්කඩින් වතුර රේඛාවක් බෙල්ලේ ඇඳ දකුණතින් කෙස්වැටිය උස්සා හිසගලවමින් මෙසේ කියයි.)


ජංගලා - ලාවනි.

සඟබෝ - සිරසා පුදලා පාරමි දම් පුරමී දානේදි කාවණු දහසා ගත්තෑකී තෝ රක්ෂාවී සැරදේ. කුණුපුවක තරම්වත් හිස් මළාවූ කෝ වටිනාකම් යාලුවේ සිරසා පුදලා පාරමි දම් පුරමි දානේදි.

ලෞකික ආශා සුන්වී බෝසේ ප්රීදතිසාරවුනි ලබනට සව්නේ දත් ඤාණ දානේ දෙම් මහිසා ‍ගන් දෝතිනේ.

(සඟබෝරජ හිසගලවා මඟියාට දෙන කල දෙවිවරු සාදුකාර පවත්වති. මල් වර්ෂාව වහින්නේය. මගියාද පුවක්පතක හිස තබාගෙණ මල්වලින් සරසා ගොඨාභය රජුකරායයි.)


iv. ජවනිකා - වැන්දඹු වනය.[සංස්කරණය]

ස්ත්රී යෝ දෙදෙනෙක් දර කඩති.

1 ස්ත්රීය - හුඟක් දර මෙන්න මෙහෙ තිබෙනවා.

2 ස්ත්රීය - ඒ සපු ගහ වේලිලා වැටීතිබෙන්නා.

1 ස්ත්රීය - වහින්නට මත්තෙන් ඉක්මන්කර කඩාගෙණ යමු.

2 ස්ත්රීය - අපේ පුරුෂයෝ දැන් එළුවන් දක්කාගෙණ මෙහෙන් යන්ට එනවා ඇති.

1 ස්ත්රීය - වහින්ට එනහින්දා විගහට ඒවි.

(පුරුෂයෝ දෙදෙනෙක් එළුවන් දක්කාගෙණ එති.)

පහඩි - හිංචි

1 පුරුෂයා - කිරි දෝමු බොන්ට යාලු එරිලා ඇත්තේ - එරිලා ඇත්තේ මේ එරිලා ඇත්තේ - කිරිදෝමු බොන්ටයාලු - එරිලා ඇත්තේ

2 පුරුෂයා - දලුකාලා කිරි - බෝසේ එරි යාලු - දෝතැකි බොන්ටා - වෙන්ටා සිත් ප්රී-ති

(ස්ත්රී්ට කියයි.)

1 පුරුෂයා - තදවර්ෂාව ඒවිදැන් මේ යමු කෝ බාරී - යමුකෝ බාරී මා - යමුකො බාරී - තද වර්ෂා ඒවිදැන් මේ - යමුකෝ බාරී.

1 ස්ත්රීා - කඩාගත්තා දරත් - යන්කෝ වාහේ මාගේ - වර්ෂාව ඒවි යන් මාගේ වාහේ.

2 පුරුෂයා - මගෙ බාරී සීරු මාරු - කැඩුවා කෝටු - කැඩුවා කෝටු මේ කැඩුවා කෝටු - මගෙ බාරී සිරුමාරු - කැඩුවා කෝටු

2 ස්ත්රීා - සෙනේපාවි මගේ වාහේ - ඊට තොසේවි - නෑ කෝලාහාලා උන්නෑකි කාබී.

(පුරුෂයෝ හඩක් ඇසි මෙසේ කියති.)

පුරුෂයෝ - කවුද හඬනවා - කන්දීපල්ලා.

         (සඟබෝරජුගේ අගබිසව හඬහඬා රජුන් සොයා පැමිණෙයි.)

මාධි - ලාවනි

බිසව - දරා සොඳ සීලේ දීප මේ ආණ්ඩුකළේ - මසංඝබෝ සැමි අය්යෝ ඉන්නේ කොහේ - ශෝකෙන් පෙලී හදා මාගේ ස්වාම් දක්නාසේ - ආමිවනේ දැන්සොයා මාප්රා්ණේයයි මේ සැනේ වැටී හැපී ශක්ති නැතේ ශෝකාන්ගි දිලේ - අත්වේ කුසල බෝමා පෙන්නාදෙන මා සැමි.


1 පුරුෂයා - ඔබවහන්සේ මේ තනියම වනාන්තරේ යන එක හොඳ නෑ

බිසව - මාගේ සංඝබෝධි රාජපුරුෂොත්තමයා හිස දන් දුන්බව ආරංචි වී මෘතදේහය සොයා කණගාටුවෙන් ආමි. එය නුඹලා දැක්කානම් මට පෙන්නාපල්ලා.

2 පුරුෂයා - (ස්ත්රීතන්ට කතාකොට කියයි) උඹලාහේම මේ කැලෑවේ මෘතශරීරයක් දුටුවාද?



ස්ත්රිබයෝ - අපි දිටුවේ නෑ. එහෙම ආරංචියක්වත් දැන්තමා කනේ වැටුණේ.

බිසව - එහෙනම් මම යඤ්ඤ මේවනේ ඔස්සේ සොයා බලන්නෙම්.

(සියලුදෙනාම නික්මයති)



vii ජවනික - අත්තනගලු ආරණ්යාය[සංස්කරණය]

(සඟබෝරජු‍ගේ හිස නැති මෘතදේහය සිටගණ සිටී)

(බිසව කුරුල්ලන්ට කථාතරයි.)

පරජ් - ලාවනි.

බිසව - දිදි - රැව් වනයේ ඉන්නාවූ මොනරුනේ මාගේ සැමි කෝ කෝ - මහද දුකිනා දෙදරා යයි - සැමිදේහේ කොහේ දැයි පෙන්නා දෙව් - ගෝරවු දුකා කෙලෙසා වානෙමි - මපණහානිවේ මින් - සෙනේ පාපු ස්වාමි නොදැක කෙසේදෝ ඉන්නෙ මෙලෝ කුසයේ


මේ වෘක්ෂවල වාසයකරණ දේවතාවරුනි. මාගේ යහපත් පුරුෂයාගේ මෘතශරීරය මට පෙන්වා දුනමැනවි. අහෝ ගිරා පෝතකය මාගේ ස්වාමියාගේ මෘතශරීරය දිටුවේද? අහෝ ඔබ මොබ දුවන රිළවුනි. මාගේ පුරුෂයාගේ මෘතදේහය තිබෙනතැන මට පෙන්නාදියව්. (බිසව ඉකි ගසා අඬ අඬා වනයේ යනකල ‍මෘතශරීරය දැක දුවගොස් බදාගෙණ හඬා මෙසේ කියයි.)

මාඩි - ගසල්

රජිඳාගේ දේහේ - ඇසට පේනා - කඳකි පමණා - කඳකි පමණා - කඳකි පමණා - කඳකි පමණා - කඳකි පමණා - රජිඳාගේ දේහේ ඇසට පේණා කඳකි පමණා - දානෙට සිරසාදි මගෙ සැමියා ලෝකාශා කෙ‍ෙළ් සුන් - මේ උදෙසාම ප්රාසණමාගේ - දේහේ ළඟම නසී.සීලේ රැකලා - ධර්මේ දැනලා - උන්නා මහිම් නසිවි මෙතනා.



viii ජවනිකා - අනුරාධපුර ගෝඨාභය රජුගේ මාලිගාව.[සංස්කරණය]

(ගෝඨාභය සහ මන්ත්රී සිටිත්.)

ගෝඨාභය - මන්ත්රී කළදේ පලදෙනවානම් අංගුලිමාල නිවන් ගියේ කොහොමද?

මන්ත්රීා - අංගුලිමාල වාගේ නිවන් යන්ටද ඔබවහන්සේ සිරිසඟබෝ රජුගේ හිසකපා ගෙණෙන් ටෙයි කියා රටේ අණබෙර ගැස්සෙව්වේ. ඔබවහන්සේගේ ආඥාවෙන් දැන් කීදෙනෙක් නැතිවුනෝද?

(මගියා සඟබෝ රජුගේ හිස අරන් එයි.)

මගියා - දේවයන්වහන්ස සිරිසඟබෝ රජදරුන්ගේ හිස මේ පුවක්පතේ තබාගෙණ ආමි.

ගෝඨාභය - මන්ත්රී බලාපන්. මේහිස ගැනත් මට ශංකා තිබේ.

මන්ත්රීේ - (මන්ත්රීනද පරීක්ෂාකර බලයි) මේක සඟබෝ රජුගේ හිසය කියන්ට බෑ.

මගියා - මේ ගැන කිසි සැකක් ගන්ට ඕනෑ නෑ. හිස දෙස්කියන හැටි බලත්වා!

(මගියා හිස අහසට දමපුකල හිස අහසේ නැවතී සිටි. දොහොත් මුදුන බැඳ ආකාශය දෙස බලා නමස්කාරකොට මෙසේ යාච්ඤාකර කියයි.)

සිරිසඟබෝ රජ්ජුරුවන්වහන්ස , මෙතැන්හි මට සාක්ෂිවුව මැනව!

කාලිංගඩා (මරාටි) ලාවනි.

ඔබහට යාලු සඟබෝ රාජා - ශිර්ෂ දුනි දන් තො‍ස්වී සිත් සැක දුරලා දෙන මගියාටා - නොවී මැලි ඔබෙ තෑගි මෙලොවේ ධර්මර ක්රි යා කරව් සුන්කර ‍ද්වේෂ දෝෂා


ගෝඨාභය - (බියෙන් වෙවුලා මෙසේ කියයි.)ස්වාමිනි මා අතින් සිදු වැරුද්දට ඔබවහන්සේ සමාවී මෙහාට වඩිනු මැනවි. (නික්මයති.)

සියලු නැට්ටුවෝම කියති.

එමන්කල්යා්න් - ලාවනි.


සිරිලක ආණ්ඩුකළ සහබෝධි, දුරහැර සැම ආශා සිත්පෑදී දුනි දානේ. ආගම තේරී - සාදුකාරය දෙමු එක්වී - සිරිලක.


අධිගම දැන දක්වා ඇති සෑසි - නැණ එළියෙනි තුන් දොස් තමරාසී සිඳපි සඟබෝධි, තුන්ලොව වාසී - සාධුනාදය දෙන්නාහු ප්රීිතිඝොෂාවී සාධු සාධු - ධර්මස දනු මින් සිතු පෑදි.


            .............. //...............