පියදාස සිරිසේන නවකථා එකතුව- 02-අෂ්ට ලෝක ධර්ම චක්‍රය iii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

15. පරච්ඡෙදය[සංස්කරණය]

මේ
ලියමනත් ජයසිංහ මහත්මයාගේ කේන්ද්රපයත් ලැබුනු මුක්තාලතාගේ සිත නිමි ගියේය. ඉතා ලපටි වියේ පටන් තමා බලාපොරොත්තු වු පූර්ව කුසල බලයෙන් මිස අන් කිසිම බලයකින් එක්විය නොහැකි උසස් මහතෙකු තමාට ස්වාමිකමට ලැබීම ගැන අට ගත් ප්රී තිය නිසා මුක්තාලතාවගේ ශරීර ප්රවභාව ද අතිශයින් වැඩි ගියේය. ජයසිංහ මහතා අන්යය ජාති හිතෛෂි මහතුන් සමග රටේ අභිවර්ධනයට වැඩ කරන්නට පටන් ගත්තේය. පහත් යයි සම්මත කුලවල මිනිසුන් සමග එකට හැසිරෙන්නටත් ඔවුන් සමග එකට ආහාර

පියදාස සිරිසේන නවකථා එකතුව 167

අනුභව කරන්නටත් සමානයන් ලෙස සලකන්නටත් පටන් ගත් විය ජාතිය ප්රභබෝධ විය. නොයෙක් ගම්වල සත්පුරුෂ පරාර්ථකාමි මවුපියන්ට දා වු උසස් පවුල්වල මහත්තැන් ද , මධ්ය.ම පංක්තියේ උගත් ජනයා ද, අන්ධකාරයේ ගිල්වා ගෙන සිටි පහත් පංක්තියේ ජනයා ද ප්රතබෝධ ව-එකතුව සමාගම් ආරම්භ කරන්නට විය. මේ ප්ර්බෝධය ආණ්ඩු ක්රඅම පරිශෝධනයට ආරම්භ වූ ඵකක් නොවේ. කුල ධර්ම පරිශෝධනයත් ජාති මමත්වය ඇතිවීමට පමණක් මේ ප්රොබෝධයෙන් සිංහලයන්ට ඇති වූයේය. පරාර්ථකාමි උතුමන්ට බලවත් ගෞරවාදර අක්වන අතර ආත්මාර්ථකාමි අධම බලවත් අයගේ සිත් මේ නිසා අතිශයින් කිපි ගියේය. මීට වර්ෂ දහයකට දොළහකට ප්ර ථම ගම්වාසි අසරණ අයගෙන් තෑගි බොගත් ලබා ගෙන බැලමෙහෙයත් ලබා ගෙන “හාමුදුරුවනේ”යයි කයිවා ගත් මිනිසුන් දකින කොට අහක බලා ගෙන යන්නට මහජනයා වෙනුවෙන් වැඩ කරණ මධ්ය්ම පංක්තියේ අයට දෙවිවරුන්ට මෙන් ගරු බුහුමන් ලැබෙන බව ද රටේ ප්ර කට රහසක් විය. මෙසේ වීමෙන් ආත්මාර්ථකාමි අධම ලොකු අයගේ සිත් දෙයාකාරයකින් වේදනාවට පත් විය. ඒ දෙයාකාරය නම්-කිසි උත්සාහයක් වියදමක් නොකොට තමාට පරම්පරාගත ව ලැබුනු ගරු බුහුමන් නැති විමත්, තමන්ට වඩා පහත්ය කියා ඔවුහු සිතා ගෙන සිටි මධ්යමම පංක්තියේ අයට බලවත් ගෞරවාදර ලැබීමත් යන මේ දෙකාරණයය. ජාතිමමත්වයත් ප්රංබොධයත් ඇති වීමට මූලික වූයේ මධ්ය්ම පංක්තියේ උගත් ජනයා නමුත්-පරාර්ථකාමි උසස් පවුල් කිපයක ශ්රේිෂඨයෝ ද ඉදිරිය ආහ. තාරකාවන්ගේ ආලෝකයෙන් මද මද අඩු වෙමින් පැවැති සනාන්ධකාරය පූර්ණ චන්ද්ර යා පහළ වීමෙන් සම්පුර්ණයෙන් අතුරුදන් වූවාක්මෙන් විය. ඉතින් කුහක ආත්මාර්ථවාදි ලොක්කන් අතර අප්රෙසන්නය මෙන් ම රටේ සමෘර්ධත්වය ද ඇති විය. ජාතියට වැඩ කරණ උසස් මහතුන්ට අමාරුකම් පමුන්වන්නට ඔවුහු ඉඩක් බලමින් සිටියා පමණක් නොව පිළවන් තරම් වීර්යය ද කළහ. ජයසිංහ මහතා එක් ඉරු දිනක සභාවකට ගොස් වාසස්ථානයට පැමිණි හැටියේ උසස් මුදලි කෙනෙකුගේ පුතෙක් උන්නැහේ සම්භවෙන්ට ආයේය. ජයසිංහ මහතා,”විලි හාමු” යයි සුරතල් වශයෙන් කතා කරණ ඒ මහතා දැක,”ආයුබොවන් විලි, කොහොම ද සැප සනීප? මොකද බොහෝ කාලයකින් මේ පැත්තේ? වාඩි වෙන්න” කියා තේ වතුර කෝප්පයක් ද ගෙන්වා බොන්ට දි කථා කරන්නට පටන් ගත්ය. විලි හාම් පැමිණියේ ජයසිංහ මහතා‍ට තමාගේ බාප්පාගේ



168 අෂ්ටලෝක ධර්මට චක්ර්ය

දියණියක් කසාද බඳින්නට කථා කරණ පිණිසය. ඔවුහු ක්රිහස්තු භක්තික නමුත් ආගම භක්තියෙන් නැති නමින් ක්රි ස්තියානිකාරයන් නිසා ජයසිංහ මහතා බෞද්ධයෙක් වුවත් ඔවුන්ට කාරණයක් නොවීය. ජයසිංහ මහතා දැඩි ශ්ර්ද්ධාවෙන් යුත් ප්රරතිපත්ති රක්‍ෂා කරණ බෞද්ධයෙක් බව දැන ගෙන ඔවුන්ට සම්බන්ධ කර ගන්නට සිත් වූයේ උන්නැහේගේ ධනයත් තත්වයත් නිසා ම පමණක් නොව මහජනයාගේ දියුණුවට රැ දෙවෙහි ගන්නා වීර්යය වලක්වන්නටත් අදහසක් ඇතුවය.ඉතින් විලි හාමු ජයසිංහ මහතාත් සමග කල කථාව මෙහි යෙදිමෙන් කියවන්නාට මහත් ප්ර යෝජන ලැබේ. “ ආ සිසිර්, උඹලා දැන් පහත් මිනිසුනුත් සමග ගම්බදව සමාගම් පවත්වමින් මේ කරණ විකාර කුමක්ද?” “මොකද විලි උඹට පිස්සුද? අපි කිසි විකාරයක් නොකරමු. අප විසින් කරනු ලබන්නේ ලංකාවේ සිටින දුක්ඛිත මිනිසුන්ට හොද නරක කියා දී ඔවුන්ව සුරැපානය කිරිමෙන් වලක්වා සොරකම් ආදි දුශචරිතවලින් වලක්වා අලස කම්මැලි කමින් වලක්වා ඒඒ මිනිසුන්ට කුසගින්නේ නො ඉද මොකවත් සපයා ගෙන කමින් සුව සේ සිටින්නට මග පෙන්වීම පමණකි.” “ඔව්! උඹලගේ ඒ ක්රිගයාව නිසා දැන් සමහර ගම් බොහොම දියුණු තමයි. එහෙත් ඔය පහත් මිනිසුන් සමග එකට සමාගම් පැවැත්තුවාම උඹේ ගෞරවය අඩු වෙනවා නොවේද?” “මොන බොරුද? මහජනයාගේ දියුණුවට වැඩ කරණ මිනිසුන්ගේ ගෞරවය වැඩි වෙනවා. උඹ ම බලාපන් ගිය මාසේ උඹලගේ මාමා මැරි භුමදාන කරන්නට ගෙන ගියා. කී දෙනෙක් ඒ මිනිය සමග කනත්තට ගියාහුද? අද්වකාත්වරු දෙදෙනෙකුත්,දොස්තරවරු තුන් දෙනෙකුත්,පෙරකදෝරු මහත්මයකුත් තවත් මුදලි මුහන්දිරම් කීප දෙනෙකුත් උඹලාගේ පවුලේ හත් අට දෙනෙකුත් යානාදි වශයෙන් 25 ක් පමණ ඒ මිනිය සමග ගියාහ. එහෙත් බලපාන් කොළඹ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමාගේ මිනිය ආදාහන කරද්දී පන්දාහකට අධික ලෙකු කුඩා මහත් සමූහයක් ආ හැටි! බොතලේ සේනානායක මදලිතුමාගේ ශරීරය දවා එයින් අඵ ටිකක් බොතලේ වලව්වට පෙරහැරින් ගෙන ගියා. ඒ පෙරහැරට සිය කැමැත්තෙන් පැමිණි මහජනයා දසදාහකට අධිකය, ඉතින් ඔය විධියට පරාර්ථය සදහා වැඩ කරණ මිනිසුන්ට සියලුම පංක්තිවල ජනයා කරණ ගෞරවයත්, එසේ නොකරණ අය ගැණ මහජනයාගේ කිසි සැලකිල්ලක් නැති



පියදාස සිරිසේන නවකථා එකතුව 169

හැටිත් උඹට ම පෙණෙනවා නොවේද?” “එතකොට උඹ කියන්නේ මහජනයා සමග වැඩ කොකර ගරු බුහුමන් නොලැබෙන බවද?” “සත්තකට ම ඒක තමයි. එහෙත් මහජනයාගේ දියුණුවට වැඩ කරණ සත්පරුෂ ජනයා ගරු බුහුමන් බලාපොරොත්තුවෙන් වැඩ නොකරති. එසේ ද උවත් පරාර්ථකාම් සත්ක්රිුයාවට ඉහාත්මයේදි ම විපාක වශයෙන් මහත් ගරු බුහුමන් ලැබේ.” “පරාර්ථයට නොව ප්ර”සිද්ධ වීමට වැඩ කරණ මිනිසුන් උඹලාගේ සමාගමවල නැද්ද?” “සත්තකට ම එහෙම මිනිස්සුන් ඇති-මත්පැන් බීමේ වැරැද්ද ලොවට කියමින් සිටියදි ම එක්තරා දේශනාකාරයකු ගේ ඔඩොක්කුවේ තිබුනු අරක්කු බෝතලය කාල පිටකොට්වේ බෝගහ යට දි බිම වැටුනු බව විලී ඇහුවේ නැද්ද? ඉතින් එහෙම කුහක ඡනයා ඵමට ! ඵ්ක කාරණයක්ද ? ”

“ ඉතින් සීසර් ! උඹලා ඔය විධියට ‘ සමානාත්මතා ‘ ධර්මය දියුණු කරන්නට ගියොත් උඹලාට විරුද්ධව වැඩ කරන්නොත් ඇති වේ.  සමහරවිට උඹලාට අනතුරු පැමිණෙන්නට ද බැරි නැත”.

“ ඔව් සත්තකටම ඵහෙම වෙන්නට පිළිවන. ඒ නමුත් කාරියක් නැහැ.”

“ඉමං සරත්තං පිසිතං සරීරං ධාරෙමි ලොකස්ස හිතත්ථංමෙව”

“ලේ හා මසින් පිරුණු මේ කුණු ශරීරය පාරාර්ථය පිණිස ම ධරමි”යි අපේ බුද්ධාංකුරයෙක් කියා තිබේ. අපේ පරාර්ථකාමි වැඩට අධමයෝ විරුද්ධ වෙති. ඒක පුදුමයක් නොවේ. අධමයාගේ ගතිය තමා ම නැති වෙලාවත් අනුන්වත් නැති කිරීමයි. එහෙම මිනිස්සු අපේ රකෙත් සිටිති.”

“තමා ම නැති වෙලාවත් අනුනු නැති කරණ මිනිස්සු කව්ද? අත්තට ම එ තරම් අධමයොත් ලෝකේ සිටිත් ද?”

“අනේ විලී, උඹ ලෝකයේ තොරතුරු දන්නේ ටික බව පෙනේ. ඵහෙනම් උඹට දඹදිව සිද්ධ වු කරුණක් පළමු කොට කියා නැවත ලක්දිව සිද්ධ වු එකකුත් කියන්නෙමි. දඹදිව වනගත ප්රාදේශයක කාලිපද නම් සොරෙක් විසුයේය. මොහු නොයෙක් විට මිනි මරා අනුන්ගේ


170 අෂ්ටලෝක ධර්ම. චක්රොය

වස්තුව පැහැර ගත් අයෙකි. දීර්ඝ කාලයක් මොහු බලවත් අපරාධ කරමින් සිට වයස් ගත වු පසු බලවත් අපරාධ කරන්නට ශක්තිය නැති වූ බැවින් රෞද්රධ වූ කොටින් ගෙන් ගැවසි ගත් වනයකට ගොස් එහි ගසක් යට නිදා ගත්තේය. ඒ කැලේ සිටින තපස්වරයෙක් යම් හෙයකින් මොහු නිදා සිටිනු දැක ඔහුට කථා කොට, ‘මනුෂ්යහය, කොටින්ගෙන් ආකුල වූ මේ වනයේ සිටින්නේ අයි? වහාම මිනිස් පිහසකට යව’යි කීය. එවිට සොරා සිනාසී “ මම නිදාගෙන ඉන්නේ කොටින් විසින් කා දමනු පිණිස වෙමි. යම් කොටියෙක් විසින් මා කෑවොත් මට ඊට වඩා සැපතක් නැත්තේ’යි කීය. එබස් ඇසු තවුසා පුදුම ම ‘ඒ කිමදයි’ ඇසීය. එවිට අධම වු සොරා නිර්භීතව මෙසේ කියන්නට පටත් ගත්තේය. “මට දැන මිනීමරන්නට ශක්තියක් නැත.කොටියෙක් මගේ මස් කෑවොත් ඌට මිනීමස්වල රසය දැනි අසල් ගම්වලට පැමිණ මින්සුන් අල්ලා ගෙන කන්නේය. මගේ මස් කවා පුරුදු කරවා ගෙනවත් මිනිසුන් අල්වා කන්නේ නම් මම සතුටු වෙමි’යි සොරා කීය . තපස්වීතුමා, “අහෝ ලෝකයක හැටි! කියා මිනිස් පියසට කවදාවත් නොඑමි’යි තරයේ සිතමින් හනික හිමාල වනයට ම ගියේය. ඉතින් අපේ රටෙත් මෙබඳු අය සිටිති. ලක්දිව එක් පළාතක එක්තරා මුලාදෑනියකුට අයිති කුඩා හේනකට යාව ගමේ මිනිස්සු හතර පස් දෙනෙකුට විශාල හේන් හත අටක් තිබුනේය. මුලාදැනිය ඒ ගම්මුන්ගේ හේන් ඉතා ලාභයට මිලයට ඉල්ලුවේය. කිසිවෙක් ඊට සතුටු නොවිය. එවිට කෝපයට පත් මුලාදෑනියා ඒ මුලු කන්දම ආණ්ඩුව සත්තකය මිනිස්සු හොරෙන් හේන කොටා ගන්නවාය”යි රපෝරුතු කළේය. එවිට ආණ්ඩුව ඒ බව පිළිගෙන ගැස්ට් කර මුඵ කැලෑව ම ආණ්ඩුව සත්තක කර ගත්තේය. ඉතින් ගම්මුන්ට අයිති හේන් කට්ටියත් සමග ම මුලාදෑනි‍යාගේ හේන ද අහිමිව ගියේය. තමාට අලාභ කරගෙනවත් අනුන් වනසන්නට කැමැති මිනිස්සු කොයි රටවලත් සිටිති. එමෙන් ම තමා විනාශ වෙලාවත් අනුන්ට යහපත් කරණ මිනිස්සු ද සිටිති. මගේ උත්තාහය මට කුමක් උවත් අනුන්ට යහපත කිරිමට”යි. “හොදය!සිසිර්! මම අවේ උඹට අපේ බාප්පගේ දියණිය වන අයිවි ගැණ කථා කරන්නටයි. උඹ ඒ පවුල ගැන දන්නවා ඇති. පවුම් සියක් දාහකට අධික බුදලයක් ඇති පවුලකි-උඹ ගැන බාප්පා නිතරම කථා කරයි-උඹලාගේ “පප්පා” ගේ ද ගජ මිත්රඹයෙකි” “අපේ පප්පා නොවේය-මට සිටියේ “තාත්තා’යි-පප්පා ය කියා



පියදාස සිරිසේන නවකථා එකතුව 171


මගේ ප්රේිමවන්ත තාත්තාට අගෞරව කරන්නට මම කැමති නැහැ. ඉතින් ඒ කොයි හැටි උනත් විලි, උඹ බලාපන් උඹලාගේ බාප්පාගේ බූදලය පවුම් සියක් දාහක් විතර තිබේ. මට තිබෙන ධනයත් පවුම් විසි තිස් දාහක් විතර වේ. උඹලගේ බාප්පා හුඟාක් ධනය නැති-ලොකාර්ථදායි සත්පුරුෂ දුප්පතෙකුට ඒ ධනයත් සමග ඒ දුව දුන්නොත් එසේම මමත්, හැදිච්චි දුප්පත් පවුලකින් තරුණියක් කසාද බැන්දොත් අප දෙ ගොල්ලගේ ම ධනයෙන් මහත් යහපතක් සිදුවේ. නිර්ධන මිනිස්සු කෙළවරක් නැතිව සිටි බලබලා ධනවත් මිනිස්සු ම එකතු වෙමින් අධික පංචකාම සැප විඳීම තුච්ඡ ක්රිනයාවකි.” “සිසිර්, උඹ මොනවා කියනවාද? ධනයත් උඹට නරකවා වගේයි.” “සත්තකෙන් ම ධනය හොඳයි. ඒ හොද සිද්ධවෙන්නේ ධනයෙන් ලොකාර්ථදායි වැඩ කරණකොට පමණකි. මත්පැන් බීමට-වෙන වෙන දුසිරිත් කිරිමට-නැතහොත් තමාගේ ම ප්රයයෝජනයට පමණක් ගැනීමට නම් ධනය කොහෙත් ම හොඳ නැත. ධනය ත්යාඒගවන්ත උතුමන්ට ලැබුනු විට ‘ධනය’ වේ.ආත්මාර්ථකාමී අධමයන්ට ලැබුනු ධනය ‘නය’ වේ.” “ඉතින් උඹට බාප්පාලාගේ ධනය ලැබුනා ම ඒ ධනය ‘නය’ කර නොගෙන ‘ධනය’කරගෙන පරාර්ථදායි වැඩ කරන්නට බැරිද?” “ඔව් පුඵවනි-නමුත් මට නිකම්ම ධනය දෙයිද? මට ඒ ධනය දෙන්නේ ‘අයිවිත්’ සමග ම නොවැ!” “සත්තකට ම ඒය කියන්නත් ඔ්නෑද? ‘අයිවි’ කසාද නොබදිනවා නම් උඹට ඒ ධනය දෙන්නේ පිස්සුවටද?” “ඉතින් විලි’ සල්ලි සමග දුන්නොත් ‘මහාමාරිය’ ‍වැළඳ ගන්නට උඹ කැමැතිද?” “හරි, උඹ කැයන්නේ ‘අයිවි’ මහාමාරිය තරම් කරකය කියාද?” “ සත්තකටම ස්වකීය කුල ධර්ම නොදත්, ස්වකීය ධර්ම ශාස්ත්රම නූගත්, අනාර්ය තුච්ඡ පැවතුම් පුරුදු කරගත් ස්ත්රීි මහාමාරියටත් වඩා නරකයි. මහාමාරිය වැළදුනා ම එක පාරට ම මැ‍රෙන්නට පිළිවනි. එහෙත් අනාර්ය සිරිත් පුරුදු වු ස්ත්රිායක් වැළදුනා ම ඒ මිනිහාට පහසුවේන මැරෙන්නටත් බැරිය.” “හොදයි! මම යනවා-උඹලාගේ පුදුම අදහස් දියුණු වූණොත් හොද”කියා විලි හාමු යන්නට ගියේය. ප්රින්සප්පු ජහසිංහ මහතාගේ කෑම පෙ‍ට්ටිය ගෙන ආචිට එහි මුක්තාලතාගෙන් ලියමනක් ද තිබුනේය. ජයිසිංහ මහතා ආහාර



172 අෂ්ටලෝක ධර්ම් චක්රංය

අනුභව කොට මුක්තාලතාවගේ ලියමන කියවා බලා මහත් පුදුමයට පැමිණියේය. ඒ මෙසේයි:-

සි සි ර ක ර හරණ සොමි ගුණ සහ යස ස නි ත ර ස ර සවිය රැදි මුවසර පිවි ස සි සි ර ව ර කුමර ජයසිහ මැති සතො ස ස ත ර ක ර සුරිදු රැක දේ සියක් ව ස

දි වි දු න් පර වැඩට මැතිසිඳිනි ගරුත ර ඇ ති න ත් මෙහි දොසක් කුඵනෙත් බැහැර ක ර පි ය ව න් මුතුලතාගේ ‍ෙමම වදන ස ර ස තු ටි න් ඇසු මැනැවි ඔබ නුවණ යෙමු ක ර

අ ස ර ණ නමුත් රුසිරෙන් තරුණ වයසි නි ස පි රු ණ බැවින් තරුණන් නෙක් නෙක දෙසි නි ස පැ මි ණ සරණ ගැනුමට දඟලන බැවි නි කු ම කි න කුමක් වේදැ යි නොදැනෙයි ඉති නි

අ න තු ර ක් වුණත් මගෙ දිව වැනසේ න් න ඔ බ මි ස ක් කෙනෙක් නොසිතමි සැබැවි න් න පි රි ය ස ක් සදිසි මැතිදුනි එබැවි න් න උ ප දෙ ස ක් කිවොත් මැනැවිය ගැලවෙ න් න

ද න ව ත් ලොකු කෙනෙක් ඔබ කෙරෙහි පෙම් ඇති රු ව යු ත් ඔහුගෙ දියණිය ඔබට දෙන යු ති ක ර තැ න් බැරි වුවෙන් ඇති කර අමන ග ති සොයව ත් ඔබගේ පෙම්බරියක් ඇතැයි සි ති

දැ න ගෙ න කෙලෙසකින් මුත් ඔහු මෙ මා ගැ න වි ම ස න බව ගැ‍ඟෙයි මගෙ තොරතුරු සොරෙ න ම ර මි න මෙ මා ඔබ හට ඔහුගේ දුව දෙ න සි ත කි න තැත් කරයි මැතිදුනි එ දනු මැ න

එ බැ වි නි පමාදය අපහට අවැඩ වෙ ති මැ ති ඳු නි මෙම‍ා නැසුනත් මට කමක් නැ ති ඔ බ වැ නි පෙමාදර උතුමෙකුට වැඩ ඇ ති ප ව ති න අමාරුව යෙදුනොත් දුකක් වෙ ති මේ වගට-කීකරු වු, මුක්තාලතා

පියදාස සිරිසේන නවකථා එකතුව 173


ජයසිංහ මහතා ලියමන කියවා බලා මහත් පුදුමයට පැමිණ මා නිසා මුක්තාලතාවට වන්නේ මහත් විපතක් බව පෙනේ. මම විලීලාගේ බාප්පාගේ දියණිය වන “අයිවි” විවාහ කර ගන්නට බැරිය කී බැවින් ඊට පළිගැනීමක් වශයෙන් මුක්තාලතාට අනතුරක් කරන්නට සූදානම් වෙන්නා වාගේ පෙනේ. මෙම පරික්‍ෂා කරමි. මුක්තාලතාට යම් හානියක් වි නම් ඊට සර්වප්රකකාරයෙන් වග කිය යුක්තා මම වෙමි. මා විසින් වුණා වු පොරොන්දුව රක්‍ෂා කිරිමක් වශයෙන් මේ උතුම් කානතාව දුක් විඳිමින් දීර්ඝ කාලයකි අවිවාහයට සිටි බව පෙනේ. ඈට දැන් කාලේ ඉන්නා මධ්යාම තරමේ පො‍හොසතෙක් සහග විවාහ වී සැප සේ කල් ‍යවන්නට තිබුනාය. එහෙත් උතුම් වූ සත්යවවාදි සිංහල කුලාංගනාවක් නිසාත්-උසස් පැවතුම් හා අදහස් ඇති නිසාත් සිතට කයට ලැබුනු බලවත් පීඩා ගැන මදකුත් සිත චංචල කර නොගෙන ඒ සමග සුචරිත මාර්ගයෙන් මඳකුදු පිට නොපැණ මේ තාක් වාසය කළෝය. එබදු වූ උතුම් කාන්තාවකට අනතුරක් වෙන්නට ප්ර ථම විවාහ කර ගනිමි”යි සිතා මුක්තාලතාවගේ සිත සතුටු වන පිණිස මේ කවි පංක්තිය ලියා යවන ලදි.

දි ලි ව තා සුවදවල සුපිපි රතස ර යු ග නෙ තා පුඵල් දිගු පැහැති ඉදුව ර මු තු ල තා රුසිරු පියපදිනි පෙම්බා ර සැ ප යු තා ඉදින් සිත දුක් බැහැර ක ර

දු ටු ස ද පළමු සසරෙහි පුරුදු පෙම් ගි නි සෙ ද හ ද ඇවිල තිර බස් දුනිමි සැබැවි නි එ ම සො ද වදන් රැකි සිය පණ කර දෙවැ නි නු ඹ ව ද ලියන්ගෙන් අග පැමිණි ගුලඟ නි

ති ර බ ස මුවැ’ති කුල දම් අබරණ පැළ දි සි ය බ ස දහම් දත් පිළවෙත් රැකි දිවි දි ම ගෙ ඇ ස රස අදුන්වත් මුතුලතා සු දි ස හ තො ස නුඹ නිසා මගේ දිවි දුනත් ම දි

පැ ළ ද ගුණ බරණ සුරඟන මෙන් සිට න බොළද නුඹේ මියුරු රස බස් කර සව න වැ ළ ද ගෙන ඉන්ට සිරි සිරි හිමි ලෙසි න මෙ ල ද වසරෙහි ම සලකමි පියබදි න



174 අෂ්ටලෝක ධර්මි චක්රවය

ස තු රු දන ඇතත් අප වනසල සිතැ ති ම හ රු ගුණ දහම් අපෙ අප රැකි ගනි ති ක වු රු මක් කළත් සිංහල දන පිනැ ති ස පි රු පන් දහස් වස් මෙලක වැජඹෙ ති

එ බැ වි න් සෝ නලින් නොතැවි පියබ දිනි ස තු ටි න් වසනු මැන තෙමසක් කල් ඉ තිනි ම වි සි න් තතන ගේ දොර නිම වු ‍සැ නිනි සැ බැ වි න් වවා සුමඟුල් සිදු වෙයි සො ඳිනි

මේ වගට-කරුණාවන්ත වූ. සී. ජයසිංහ.

මේ ලියමන ලැබුනු හැටියේම මුක්තාලතාවගේ සිත සතුටට පත් විය. ජයසිංහ මහතා වැනි උගත් පංඩිතයෙක් මේ අන්දමට වුණා වු පෙ‍ාරොන්දුවක් කිසි කලෙක් වෙනස් නොකරණ බව සලකා ගත් මුක්තාලතා ජයසිංහ මහතා සම්මුඛව කථා කරන්නට මහත් ආසාවක් ඇති වූ නමුත් තමා පදිංචිව සිටින කුඩා ගෙයට ජයසිංහ මහතා කැදවීමට ඇති අමාරුවටත් වඩා ජයසිංහ මහතා සමග විවාහ වන තුරු සුවකීය මෑණියන්ටවත් දැන්වීමට අසතුටු විය. මක්නිසාද කාරණය දනගත් හැටියේ ම ඒ ගැන මහත් ප්රීවතියට පත් වන මවු-තමාගේ ප්රීාතිය ධරා ගත නොහැකි ව දන්නා අඳුනන කා සමගත් කී විට කාරණය ප්ර සිද්ධ වූවොත් මුක්තාලතා වැනි අසරණ කෙනෙකුට ලැබෙන්නට යන මහතා ගැණ ඊර්ෂ්යාක කොට එය වැලැක්වීමට බොහෝ දෙනා වීර්ය කරණු ඒකාන්ත බවත් දන්නා මුක්තාලතා ස්වකීය මනොරථය මුදුන්පත් කරගන්නා තුරුම කිසිවකුට තමගේ අදහස නොදන්වන්නට කල්පනා කළාය.

16.පරිච්ඡෙදය[සංස්කරණය]

මාගේ මෙනොරථය සම්පූර්ණ වනතුරු පංඩිත ජනයා අදහස් කරණ ලද කාරණය කිසිවකුට නොදන්වන බැවින් මුක්තාලතාවද ජයසිංහ මහතාත් තමාත් අතර පවත්නා දැඩි ප්රේවමය කිසිවකුටත් නොකීවාය. එසේ ද වුවත් ජයසිංහ මහතාට තමාගේ රූපය තත් වු පරදි දර්ශනය කරවීමට මුකතාලතා තුළ බලවත් අභිලාසයක් ඇති විය. දෘඪ වූ සිතින් අධිෂ්ඨාන කරණ නිරිදේෂ පුද්ගලයාගේ සිතැඟි


පියදාස සිරිසේන නවකථා එකතුව 175


වහා ම සමුර්ධ වන්නේය. ජයසිංහ මහතා කුරුදුවත්තේ ඉතා ලක්‍ෂණ මන්දිරයක් තනවා ඒ ගෙට වුවමනා ඇද පුටු මේසාදි ගෟහ භාණ්ඩ ගෙනවා ඒ සුදුසු තන්හි තබ්බවමින් සිටි එක් ඉරුදිනක මුක්තාලතාත් ඇගේ මෑණියන් වන සමරසේකර හාමිනේත් මුක්තාලතාවගේ සහෝදර බුද්ධදස සමරසේකරත් බුරුම රටින් ගෙන්වා මහජනයාගේ දර්ශනය පිණිස තබා තිබුනු විශාල බුද්ධ ප්රුතිමා වහන්සේලා බලන පිණිස කුරුදුවත්තට ගියහ. ඔවුහු බක්කි කරතත්තයෙන් ගොස් ආපසු එන ගමන් ජයසිංහ මහතාගේ සිසිර නම් වු අභිනව අලංකාර මන්දිරය ඉදිරිපිටින් එන්නට ආවේය. මේ ඒම මුක්තාලතා සිතාගෙන කළ එකක් නොව කරත්තකාරයාගේ කැමැත්තෙන් ම ආ ගමනකි. කරත්තය ඒ ගේ ළඟට එන කොට ම ජයසිංහ මහතා ළඟ ලිපිකාර ධුරයක් දරණ මුක්තාලතාවගේ සහෝදරයා “මෙන්න අම්මේ! මේ අපේ ඉංජිනේරු මහතාගේ ගේ ය. මෙහි වැඩ සියල්ලක් ඉවර වී දැන් ගෘහ භාණ්ඩ ද තැන්පත් කරලාය. මේ දර්ශනීය මන්දිරයේ පදිංචිය පිණිස මහත්මයා තවමත් ඇවිත් නැතැ”යි කීවේය. එවිට මුක්තාලතා කවට වශයෙන් කියාන්නාක් මෙන්, “අම්මා-මේ අපට පදිංචියට හදන මන්දිරයකි. මා කවදා නමුත් පදිංචි වෙන්නේ මේ “සිසිර” මන්දිරයේ යයි කීවේය. එබස් ඇසු බුද්ධදාසත් මෑණියොත් සිනාසුනාහ. එතකොට ම ජයසිංහ මහතා තාප්පයේ දොරටුව ළඟට ආවේය. බුද්ධදාස ජයසිංහ මහතා දැක හිසෙන් තොප්පිය ඉවත්කර ආචාර කෙළේය. ජයසිංහ මහතා මුක්තාලතාවගේ රූපශ්රීතයාව දර්ශනයට ගිජුව සිටි බැවින් මේ ඊට සුදුසු ප්රාස්තාව යයි සිතා, “බුද්ධදාස-කර්ත්තෙන් බැසලා මෙහි ඇවිත් ගියොත් හොඳය” දන්නා නමුත් නොදන්නා මෙන් “මේ නුඹේ මෑණියන් සහ සොහොයුරි නොවෙත්දැ”යි අසා ඔවුන්ව බස්වාගෙන දිව්යො ප්රාිසාදයක් බඳු වූ තමන්ගේ මන්දිරයට කැඳවා ගෙන ගියහ. සමරසේකර හාමිනේත් මුක්තාලතාත් අතිශයින්පුදුම වන විවිධ කැටයම් වැඩවලින් යුත් කඵවර , කඵමැදිරිය ආදි අනර්ඝ ලී වලින් කරණ ලද මහැගි ගෘහ භාණ්ඩ ද එසේ ම ගෙයි නොයෙක් තැන්වල තබා තිබෙන පින්තුර, කන්නාඩි, මල් පෝච්චි ආදියද රත්රන් මේන් දිලිසෙන පිත්තල පඩික්කම් හා පුන් කලස් ද දැක තෘප්තියකට නොපැමිණි ඇස් ඇති වූහ. මව සහ දියණිය ගිනිහල් (කුස්සිය) ගේ පැත්තට ගියහ. එහි තැන්පත් කර තිබෙන සැලිවලින් පිඟන් කෝප්ප හැදි පිහායා ආදි ගෘහඋපකරණයෙන් දෙස ද සැතපෙන කාමරවල තබා තිබෙන සයනාවරණ (නැට් කරටේන්ස්) ආදිය ද අලංකාර වූ සුව පහස්



176 අෂ්ටලෝක ධර්මන චක්රේය

ඇති ඇතිරිලි ද කොට්ට මෙට්ට ආදිය ද බලා තෘප්තියකට නොපැමිණියාහ. මේ සියල්ල ම පෙන්වා අන්තයෙහි විචිත්රය වූ දැව භාණ්ඩ තබා තිබෙන ශාලවට ඔවුන් කැදවාගෙනවුත් එහි වාඩි කරවා වත්තේ ගසකින් තැඹිලි වෑවර තුනත් කඩවා බොන්නට දි මද වේලාවක් කථා කරමින් වුන්හ. මේ වේලෙහි සමරසේකර හාමිනේත් බුද්ධදාසත් වත්තේ මල් ගස් ආදිය බල්නනට ගියහ. මුක්තාලතා ජයසිංහ මහතා සමග සම්මුඛයේ වචනයක් කථා කිරිමට කරගත් අධිෂඨානය ඇත්තේ වී නමුත් විලියෙන් පිසු නෙකුපුල් ඇති මුක්තාලතාව තමාට ලඟ දී ලැබෙන්නට තිබෙන අලංකාර මන්දිරය සහිත සම්පත් ද රසුවංශයේ දක්වන අර්ඝ කුමාරයාට සමාන වූ ස්වාමි පුරුෂයා ද දැකීම නිසා කිසිත් කථාකර ගැනීමට සමර්ථ නුවුවාය. ජයසිංහ මහතා ඒ ස්ථානයෙහි කිසිවෙක් නැති බැවින් මුක්තාලතාව ගේ දකුණත ගෙන සිඹ ස්වර්ණමය මුදුවක් දමා, “අපට පදිංචියට මේ ගේ හොද ද”යි ඇසීය. මද මද පවන් සැලෙන විදුලි පංකාවක් යට සිටි නමුත් ස්වභාව ගතියෙන් ඇති වු ලඡ්ඡාව නැමැති උෂ්ණය කරණකොට නලල් තෙලෙහි අටගත් ඩහ බිදු පිසිමින් ඒ සුබුමාල වූ මුක්තාලතා තොමෝ,”ස්වාමිනි, මෙහි පදිංචියට මම අවාසනාවන්තියක් නොවෙමි. එහත් ඒ කවදා සිදුවන්නේ ද”යි බිම බලාගෙන කී‍වාය. එවිට ජයසිංහ මහතා ප්රී්යාවගේ සිරස අතගාමින් “ලබන ජුනි මාසේ 15 වැනදාට ප්රිථම එය ඉටු කරන්නෙමි”යි කියන කොට ම මුක්තාලතාවගේ මවු සහ අයියංඩිය ද එතැනට පැමිණයෙන් ඔවුන්ගේ අනුරාග කථාව නැවත්වුහ. ඉක්බිති සමරසේකට හාමිනේ ජයසිංහ මහතා ගේ මෘදු වු කරුණාවන්ත භාවය ගැන අතිශ‍යින් පුදුමුව, “අපට හාමු මහතාගේ පිහිටයි. මේ අලංකාර මන්දිරය දකින්නට ලැබීමත් පිනැකැ”යි කීවේය. “ජයසිංහ මහතා ඒ මෑණියන්ගේ අදහස තමා සිතා සිටින තරම් අභ්යැන්තර ගත නොවන බව තේරුම් ගෙන “දැනට බලාපොරොත්තු වෙනවාටත් වඩා මගෙන් පිහිට ලැබෙන්නේය”යි කියා වැදිමෙන් ආචාර කොට ඔවුන්ගේ යන්නට සමු දුන්නේය. මක්තාලතාව නිසා ම “අයිවි” නොනා කසාද බැඳීමට ජයසිංහ මහතා අසතුටු වීයයි කල්පනා කොට අයුක්තේ මුක්තාලතා කෙරෙහි අසාත බැදි ගත් විලි හාමු කෙටහේන පැත්තට ගොස් මුක්තාලතාවලාගේ තොරතුරු විමසුවේය. මකුතාලතාගේ පියා වන ජිනදාස සමරසේකර මහාතා ළඟ පිඩියට සිට උන්නැහේ මළායින් පසු උන්නැගේ කළ වෙළඳාම් හා අනිත් සියලුම දේත් තබා සන්තක



පියදාස සිරිසේන නවකථා එකතුව 177

කරගත් කලින් සමරසේකර ආර්ච්චිගේ ජේමිස් වු-දැන් ජේ.සමරසේකර නම් දරණ තැනැත්තා විලි හාමුව අඳුනන බැවින්, පාරේ එහාට මෙහාට යද්දි කතා කොට, “මොකද හාමු මහත්මයා මොනව ද සොයන්නේ”කියා ඇසුයේය. විලී හාමු ඊට පිළිතුරු නොකියාම ජේ.සමරසේකරගේ ගෙට අවුත් වාඩි වි “ආ ජේමිස් මේ අසල මුක්තාලතා යන නමින් ලක්‍ෂන තරණියක් ඉන්නවාදැ”යි ඇසුයේය. මුක්තාලතා කෙරෙහි බලවත් වෛරයෙන් සිටින ජේමිස්ටත් ඔහු‍ගේ භාර්යාව වන ඩේසිටත් මේ ඇසීම ම අසතුටට කාරණයක් ව,”මොකද හාමුමහත්මයෝ, මේ ළඟ එහෙම ගෑණියෙක් සිටියි. ඈ නොයෙක් තරුණන් සමග මිත්රට ව ඔවුන් එකිනෙකාට අඹු වෙමැයි කියමින් හත් අට දෙනෙකුගේන් “ක්පපං” කමින් ඔවුන් අයියත් සමග අන්න අර පෙනෙන වත්තේ පුංචි ගෙයක සිටිනවාය”යි කීය. “උඹලා ඒකිගේ තොරතුරු හොඳින් දන්නා බව පෙනේ. බලාපල්ලා-ඔය හැතිරි නිසා අපේ මමා වන කෙනෙකුගේ තරුණ හැමු කෙනෙක් ද විනාශයට පත් වෙන්නට යනවාය. මේ තරුණියගේ මායාවට බැඳි ජයසිංහ නමැති අපේ තරුණ ඉංජිනේරු මහතත්-අපේ බාප්පාගේ දියණියක් කසාද බැඳින්නට කථා කළ නමුත් බැරිය කියයි. ඉතින් මේකට කුමක් කරමු දැයි දැන් අපි සාකච්ඡා කර ග්නනට ඕනැය”යි කීය. ජේමිස් “හොදයි භය වෙන්නට එපා. ඔකට කටයුත්තක් කරමු”යි කියමින් සේප්පුවෙන් විස්කි බෝතලය ගෙන සොඩා ටික ටික දමා විදුරු දෙකකට විස්කි පුරවා ගෙන විලි හාමුට එකක් ද තමා ද එකක් බීවේය. විලි හාමු විස්කි වීදුරුව බී සුරුට්ටුව දල්වා ගනිද්දි ‍ඩේසි තම ස්වාමිය වන ජේමිස්ට කුස්සිය පැත්තට කථාකොට මෙ‍සේ කීවේය. “මුක්තාලතා දැන් බොහොම ආඩම්බර වොල බව ‘ මටත් ආරංචියි.එකත් එකට ම ජයසිංහ ඉංජිනේරු මහතා මුක්තාලතාව කසාද බඳිනු නොඅනුමානයි. ඇ‍ගේ උගත්කමක් ගුණවන්කමක් ර‍ෑප ලක්‍ෂනයත් දැනගත් මුක්තාලතාවට පළමුවැනි පංක්තියේ ධනවත් උගත් මහතෙක් සමග යන්නට ලැබුනොත් අපට වෙන්නේත් මහත් අනතුරකි. අනේ ඒ නිසා මක්කරලාවත් ඔය ඇවිත් සිටින අන්තෝනි අප්පුටවත් ඕකිව හොරකම් කරගෙන යන්නට සලස්වන්නට ඕනෑයයි කීවාය. භාර්යවගේ කීමෙන් හිතට ක්රෝනධය හටගත් ජේමිස්ට මත්පැන් දැඩි භාවයත් ඊට ම එක්වීමෙන් මහත් ධෛර්යයත් ඇති විය. ඉතින් විලි හාමුට කථා කොට, “ආ හාමු! දැන් මේ මුක්තාලතා කියන ගෑණි ගැන මක්




178 අෂ්ටලෝක ධර්මග චක්රිය

කරන්නට ද කල්පනාව!”

“මගේ කල්පනාව ඔකිව චණ්ඩි පාහේ කාටවත් රුපියල් දෙතුන් දාහත්වත් ‍දි හොරෙන් අරගෙන යාමට සලස්සන්නටයි.” “එහෙම නැතුව කාටවත් කියා විසක් දි ඔකිව ‍මරවන්ට නරකද?” “අනේ ඒක මහා අපරාධයක්! මිනි මරවන්ට නම් බැහැ’ “එහෙනම් අපේ හිතේසිවන්ත මැරයෙක් ඉන්නවා, අන්තෝනි අප්පය කියා-ඔහුට රුපියල් 2000 ක් විතර දුන්නොත් නොඅනුමානව ඈත පළාතකට කොහොම නමුත් අරගෙන යනවා ඇති” “එහෙනම් ඒ මිනිහාව ගෙන්වා ගනිමු” ජේමිස් (අන්තෝනි අප්පුට පණිවිඩයකි යවා ගෙන්වා) “මෙන්න හාමු මහත්මයා, අන්තෝනි අප්පු-මෙයා ඒකකම කාරණය කතාකර ක්ටකො!” “අන්තෝනි අප්පු! උඹ මාව අඳුනනවාද?” “ඇයි මම හාමු මහත්මයාව දන්නවා! අපේ මුදියන්සේ හාමුදුරුවන්ගේ අයියාගේ පුතනුවො.” “ඔව්! උඹ මාව දන්නා හැඩ පේනවා-ඉතින් රහසේ වැදගත් වැඩක් කරන්න තිබේනවා. හැබැයි! ඒක හරියට නො‍කළොත් උඹට අමාරු වේවි. සමහරවිට අපටත් අමාරු වෙන්න පුඵවනි” (අඥානයා ජලයේ ගැඹුර නො විමසා දියට පනින්නාක් මෙන් මොඩයාද තමා කරණ ක්රිුයාවේ තත්වය නොසලකන බැවින්) “මට උවමනා එකක් කරන්න පුඵ්ව්නි! වංඩි අතේ වැඩක් උවත් උවමනා විදියට කරන්නෙමි.” “ජේමිස් උඹ ම කාරණය කියාපන්කෝ.” “අන්තෝනි අප්පු. උඹ දන්නවා ඇති මාත් සමග වෙළඳාම් කළ ජිනදාස සමරසේකර මුදලාලිගේ ඉතාමත් ලක්‍ෂණ දුවක් ඉන්නවා. උඹ කොයි විධියකින්වත් ඈව අරගෙන ‍ෙගාස් කසාද බැදගත්‍‍ ‍තොත් උඹට දෑවැද්ද වශයෙන් මේ හාමු මහතාගේන් රුපියල් 1000 ක් ලැබේවි. ඒ සදහා වෙනත් වියදම් ද අපි ම ගෙවන්නෙමු” (මුක්තාලතාවගේ රූපශ්රිවයාව ගැන දන්නා අන්තෝනි අප්පුගේ සිත ප්රීරතියෙන් පිරි ඉතිරි ගොස්) “අනේ ජේමිස් අප්පු අයියේ, ඉතා ම හොඳ කල්ක්රිීයාවේ ගෙදරින් දොරටවත් නෙබසින ඒ ලමිස්සිව ගෙන යන්නේ කොහොමද?”




පියදාස සිරිසේන නවකථා එකතුව 179

“උඹ මෙනවා කියනවාද? ඔහෙම වැඩ ද කරන්නේ?උඹ පසුගිය කාලේ මොදර මෙරායාව ගෙනිච්චේ?” “ඒක කරන්න පුඵවන් වුණේ ඈ එහෙ මෙහෙ නිතර ම ඇවිදින කෙනෙක් නිසා-ඉතින් මුක්තාලතාත් එහෙම අප්රිසිද්ධ තැන්වලට යනවා ද, තනියම යනවාද?” “හොදයි-මේ මහවත්තේ කිරිහාමිලාගේ ගෙදරට සවස් භාගයක ගෙන්නා දුන්නොත් උඹට වැඩේ කරන්න පුඵවන්ද?” “ඔව්-එහෙම කළොත් ඒ ගැන කටයුතු කලින් සූදනම් කර ගන්න මට පවුම් 25 ක් දුන්නොත් කරන්නෙමි” මේ වෙලාවේ විලි හාමුගේ හිත සතුටුව අන්තෝනි අප්පුට පවුම් 25 ක් දී ජේමිස්ට මෙසේ කීවේය. “ඔන්න ජුනි මාසේ ලබන්නට ප්ර ථම මෙය ඉෂ්ට කරන්න ඕනැ. අද මැයි මාසේ 10 යි. තව 20 දිනක් තිබේ. මේ 20 දවස ඇතුලතදි වැඩේ කරනන් ඕනෑ. අන්තෝනි අප්පු ‘මුක්තාව’ රැගෙන ගිය හැටියේ ම ඔහුට රු 1000 උඹ දීපන්-මම එය ගෙවන්නමි. මෙන්න ඊට චැක් එකක්! මෙය මාරු කරන්න පුඵවන් පොරොන්දුව ඉෂ්ට කළාට පසුවයි. ඉතින් අන්තෝනි අප්පු උඹ කාරණය ඉෂ්ට කළොත් උඹට පදිංචියට ගේකුත් මම දෙන්නෙමි”යි අන්තෝනි අප්පුව තවදුරටත් ධෛරයමත් කොට විලි හාමු යන්නට ගියේය. ජේමිස් අපපුටත් ඔහුගේ ස්ත්රිඅය වන ඩේසිටත් මුක්තාලතාව උසස් තත්වයකට යා නොදිමට කෙනෙක් ඉදිරියට ඒම ගැන මහත් සන්තොපයක් ඇති වි අනික් සියලුම වැඩපල අල්ලා දමා මේ ගැන ම ක්රිතයා කරන්නට පටන් ගත්හ. ජේමිස්ලාගේ ඉතා ම හිතේසිවන්ත වූ කිරිහාමි නම් කපටි ගැණියෙක් අල්ලපු වත්තේ සිටි. ඈ මුක්තාලතාගේ මෑණයන් සමග ද ඇතැම් විටක කථා බස් කරයි. එහෙත් තමන්ගේ සතුරා වූ ජේමිස් අපපුලාගේ ඉතා හිතේසිවන්තියක් බව දන්නා නිසා මුක්තාලතා කිරිහාමිව ජේමිස් අප්පු හා ඔහුගේ භාර්යව වන ඩේසිවත් වඩා පැතිරියක් හැටියට සලක්නනීය. ජේමිස් අප්පු එදා රෑම කිරිහාමිව ගෙදරට අඬ ගසා අන්තෝනි අප්පුත් ඉදිරියේම තමත් කරන්නට අදහස් කළ කාරණය විස්තර වශයෙන් කියා දි, කොයි විදිහකින් නමුත් මුක්තාලතාව රැ හනෙත් පසු උඹලගේ ගෙදරට පමුණුවා ගනින්නැ”යි කියා කිරිහාමිට රුපියල් 50 ක් ද දුන්නේය. කිරිහාමි මුදල භාර ගනිමින් “මම වීරිය කරන්නමි-මේ පුංචි හාමිනේ එසේ මෙසේ කෙනෙක් නොවෙයි. මගේ දුව-අන්ජලාගේ කටයුත්තක් පිට ගසා කොයි විධියකින්වත් ගෙන්වා ගන්නට උත්සාහ කරන්නෙමි”යි



180 අෂ්ටලෝක ධර්ම” චක්ර්ය


කියා යන්නට ගියේය. අන්තෝනි අප්පු සමග ‍බේබදු පාහේ මිනිස්සු බොහෝ දෙනෙක් මිත්රිය. තමාට සිනෙන්වත් අඹුකමට ලැබේයයි සිතිය නොහැකි සිතා ප්රෙමේශ්වරි වැනි මුක්තාලතාව රුපියල් 1000 කුත් සමග ලබාගන්නට පොළඹවන අය සිටින බැවින් මහත් ප්රීිතියට පැමිණ පසුදින උදේ අනුරාධපුරයට යන දුම්රියේ නැගි එහි සිටින ඔහුගේ මිත්රැයෙක් සම්භවෙන්නට ගියේය.

අන්තෝනි අප්පු අනුරාධපුරයට ගොස් එහි සිටින තමාගේ මිත්රරයෙක් වන චාර්ලස් සිඤ්ඤෝ නම් මිනිහා සම්භවිය. ඵ් චාර්ලිස් සිඤ්ඤා වනාහි උපාසක් අප්පුහාමි නම් ශ්ර ද්ධාවන්ත වූ තලතුනා උපසක කෙනෙකු විසින් ඇති දැඩි කරගත් පුත්ර්යෙකි. උපාසික අප්පුහාමි අනුරාධපුරයේ චන්දනා කාලයට හෝටලයක් තබා ගෙන අනික් දවස්වලට එළවඵ වෙළඳාම් කොට රැකෙන කෙනෙකි.වෙසක් පොයට අනුරාධපුර සිද්ධස්ථාන වැදීමට 30000 කට අධික පිරිසක් පැමිණෙන බැවින් උපාසක අප්පුහාමිගේ හෝටලය විවෘත කරන්නට සූදනම් කර තිබුනේය. මේ අවුරුද්දේ වෙසක් පොය් පැමිණන්නේ මැයි 28 වැනිදාට බැවින් හෝටලය විවෘත කරන පිණිස ගේ සුද්ධ කිරිමාදියේ යෙදී සිටියේය. අන්තෝනි අප්පුගේ මිත්රු වූ චාර්ලිස් සුරාපානය කරණ අධම මිනිහෙකි. උපාසක අප්පුහාමි ඔහු ගැන කිසිම ප්රචසන්නයක් නැති නමුත් හෝටලයට පවත්වන කාලයට ඔහුට එහි කටයුතු කිරීමට ඉඩ දීම පුරුද්දක්ව පැවැත්තේය. ඉතින් අන්තෝනි අප්පු චාර්ලිස් සිඤ්ඤෝත් සමග දවාලට බත් කා තිසා වැව් ජලය වැදි එන සීතල සුලං විදිමින් මෙසේ කීයේය. “චාරලිස් සිඤ්ඤෝ සම්භවෙන්නට අ‍ාවේ උපකාරයක් ලබාගන්නටයි. ඒ ගැන සතුටු පඬුරක් වශයෙන් සුඵ උදව්වකුත් කරන්නෙමි. මා සමග පෙම් බැදි ගෙන ලක්‍ෂන තරුණියෙක් ඉන්නවාය. මම මත් පැන් බොනවාය කියා ඇගේ මවුපිය සහෝදරයෝ ඈ මට නොදෙති. නමුත් ඒ ලමිස්සි මා සමග ඒනනට එක පයින් සිටි, ඒ නිසා ඇ මා සමග හොරෙන් අවුත් අනුරාධපුරයේ ‍ටිකක් නැවති සිටින විට උන්ගේ මවුපියෝ ද සතුටුව කසාද බැද දෙති. ඒක නිසා තමුසේලාගේ හෝටලයෙන් කාමරයක් 5 දිනකට මට දෙන්නට ඕනෑය. හැබැයි, ඒ ලමිස්සි මොටෝ රථයකින් වෙනිත් දෙන්නෙකුත් සමග ඵනවා ඇති. මම ඊට ඉස්සරින් හො ටිකක් පසුවෙලා හො ඒනනෙමි. ඉතින් තමුසේ මගේ හිතේසිවන්තයෙක් වශයෙන් ඒ ලමිස්සිට ඒ කාමරයේ ඉන්න සලසා දෙන්නට ඕනෑ. ඉතින් කාමරයකට පස් දවසකට කුලිය දැන මම දෙන්නෙමි”යි කියා. “ හොදයි ඕකත් කාරියක්ද?



පියදාස සිරිසේන නවකථා එකතුව 181


ඕක තබා ඔයිට වඩා ලොකු උපකාරයක්වත් අන්තෝනි අප්පු වෙනුවෙන් කරන්නට බැරි ද”යි කිවාම අන්තෝනි අප්පු මහත් සතුටට පැමිණ චාර්ලිස් සිඤ්ඤෝට තෑගි වශයෙන් රුපියල් දහයක් ද දී හෝටලේ කාමරයට දිනකට කියදැයි ඇසීය. චාර්ලිස්ට ඒ ගැන යමක් කියන්නට බැරිය කි බැවින “හොදයි අපට කාමරය ඕනෑ 25 වැනිදා පටන් 30 වැනිදා දක්වා දවස් 5 කටය. මෙන්න ඊටත් රුපියල් 25 ක් කොහොම නමුත් ඔය 5 දවසට කාමරය වෙන්කර තබනු මැනැව”යි කියා දෙදෙනාම අවුත් තැබෑරුමෙන් අරක්කුත් බී අන්තෝනි අප්පු කොළඹ එන පිණිස දුම්රියපලටත් චාර්ලිස් හොටලයටත් ගියහ. චාර්ලිස් සිංඤා උපාසක් අප්පුහාමිට රුපියල් 25 ක් දි “මේ කාමර 3 නෙන් එකක් පස් දවසකට වෙනෙකුට දුන්නා 25 වැනිදා සිට 30 වැනිදා දක්වා මේ කාමරය කාටවත් දෙන්නට එපායයි” නියමකර ගත්තෙය්. උපාසක අප්පුහාමි ඒ ගැන වඩාමත් ප්ර්සන්න නූන නමුත් “ ඒ කාමරය උඹ පොරොන්දු කරගත් හැටියට දෙන්නෙමි. මේ හොටලේ ම තිබෙන්නේ කාමර තුන බැවින් හදිසියෙන් වැදගත් කෙනෙක් ආවොත් දෙන්න ඒක තිබෙන්නට ඕනෑය. මින් පස් දින ගණනකට කාමරයක් දෙන්නට පොරොන්දු වෙන්නට එපා”යයි කීය. මුක්තාලතාව හිතේසිවන්ත කරගන්නා පිණිස 12 වැනිදා කිරිහාමි මුක්තාලතාගේ ගෙදරට ගියේය. ඒ යද්දි ගෝවා ගෙඩි 2 කුත්, ලොකු බෝංචි ටිකකුත්, තවත් එලවඵ වර්ග කීපයකුත්, ලොකු අන්නාසි ගෙඩි දෙකකුත්, හැට්ටයක් මස්සවා ගැනීම පිණිස රෙදි හා ඊට උවමනා රේන්ද පටි ආදියත් රැගෙන තමාගේ දුවනිය වන ඇනජිලාත් සමග ගියාහ. ඒ යන විට මුකතාලතාත් ඇගේ මෑණියෝ-සමරසේකර හාමිනේත්, මුකතාලතාට නිතර අපකාර කරණ නෝනොහාමි උපාසිකාවත්,අගේ බෑණා වන අර්නෝලිස් අප්පුහාමි බාස්උන්නැහේත් එහි සිටියහ. මෙය මුක්තාලතා ජයසිංහ මහතාට දවල් කෑම පිළියෙළ කර යැවු හැටියේ ම විය. සමරසේකර හාමිනේ වඩා දුර දිග කල්පනා නොකරණ කෙනෙක් බැවින් කිරිහාමිට හා අගේ දුවටත් වාඩිවෙන්නට කියා අ‍රගෙන ගිය එළවඵ ද භාරගෙන, “මොකද කිරිහාමි, අද අපට තෑගි බෝගත් අරගෙන ආවේ මොක ද ජයක්වත් වෙලා ද?” කියා ඇසුවේය. එවිට කපිටි කිරිහාමි, “තලවකැලේ ඉන්න අපේ ළමයි එළවඵ ටිකක් එවා තිබුනා. ඉතින් පුංචිහාමිනේ (මුක්තාලතා) ලවා මේ ඇන්ජිලාට හැට්ටයකුත් මස්සවා ගන්නට තිබෙන බැවින් හිස් අතින් නෑවිත් මේ එළවඵ ටිකකුත් අරගේන ආවෙමි”යි කීවාය. මේ



182 අෂ්ටලෝක ධර්මි චක්රඑය

ගැන කිසි අමුත්තක් නොසිතූ සමරසේකර හාමිනේ, “ පුංචි හාමිනේ, මෙන්න මේ කිරිහාමිට මේ හැට්ටය මසා දිපන්. අපේ සතුරන් ආශ්රමය කරණ නමුත් කිරිහාමි කවදත් අපට වෙනස් කමක් කළ කෙනෙක් නොවේ”යයි කියන කොට මුක්තාලතා ඉදිරියට අවුත්, ‘අම්මට ඔවා තේරෙන්නේ නැහැ-මට හැට්ට මහන්නටත් බැහැ-එළවඵත් එපා” කියා කිරිහාමිට කථා කොට, “පලයන් කිරිහාමි උඹේ එළවඵත් අරගෙන පලයන-මට මගේ ම වැඩවත් කර ගන්නට නිවාඩු නැහැ. අර එහා වීදියේ ඇඳුම් මහන තැනට දි මස්සවා ගනින්නැ”යි කියා මවු විරුද්දව සිටියදි ම කිරිහාමිවත්-අ‍ැගේ දුවවත් පන්නා දැමුවාය. මේ ගැන මවු කෝප විය. නෝනොහාමි උපාසිකාවත්, අර්නෝලිස් අප්පුහාමිත් පුදුමව බලා සිට අර්නොලිස් අප්පුහාමි මුක්තාලතාවගේ ප්රඅඥාවන්ත භාවය දන්නා නිසා මේත් ඒකතරා අදහසක් යයි සිතා, “මොකද පුංචි හාමිනේ අද ඉතාමත් තරහෙන් මෙන් කිරිහාමිට එලෙව්වේ මොකද කාරණය” කියා ඇසීය. මදකින් ම කෝපය සංසිදවා ගැනීමට ඥාන ශක්තිය ඇති මුක්තාලතා සිනාසි, ‘අනේ බාස්උන්නැහේ! ඔය හැතිරි පැමිණයේ මොකක්දෝ බලවත් කුමන්ත්ර,ණයක් ඇතිවය. අ‍පේ ඉඩකඩම්, ගෙදර දොර, සල්ලි පණම් ආදි සියල්ලක්ම කොල්ලකාගෙන අප අතරමං කළ ජේමිස්ලාගේ කුලුපග ගෑණියකි. ජේමිස්ලාටත් වඩා ඔය ගෑණි අපට සතුරුය. සතුරෙකුගේ උදව් සහ හොද හිත ගැන සතුටු වන මිනිස්සු අන්තිම අඥානයෝය. යම් කෙනෙකුගේ දියුණුව නැති කරණ සතුරෙත් හෝ ඒ සතුරාගේ පක්‍ෂපාත කෙනෙක් සිනාසුනත් උපකාරයක් කළත් කිසි කලක එය විශ්වාස නොකළ යුතුයි. සතුරා සතුරා හැටියට සෑම වෙලේ ම සලකා ගත යුතුය. සතුරා තමාගේ අදහස් ඉෂ්ට කරගන්නා තුරු මොහොම කරුණාවක් පෙන්වමින්, යටත් පහත් ගතියක් පෙන්වමින්, උපකාර කරමින් ආශ්ර ය කරයි. ඉතින් මෝඩ උදවිය සතුරන්ගේ ඒ ඉව්චා සහගත සිනාවටත්, කරුණාවටත්, උපකාරයටත්, යටත් පහත් කමටත් රැවටි සහමුලින් ම විනාශයට පත් වෙති. මෙන්න බලන්න මාඝ නම් මහා පංඩිතයා කියා තිබෙන හැටි-

“උපාකර්තාරිණාසන්ධිර් - න මිත්රෙමණාපකාරිණා උපකාරාපකාරෞහි - ලක්ෂ්යං් වෙතයො”

සතුරෙකුගෙන් ලැබෙන උපකාරයත් මිත්ර්යෙකුගෙන් ලැබෙන අපකාරයත් යන දෙක ම සුදුසු නොවේ. උපකාර අපකාර දෙකේ ලක්‍ෂණය හෙවත් ස්වාභය හොදින් සලකා ගත යුතුව තිබේ. මිත්රෙයාගෙන් අපකාරයකුත් සතුරෙකු ගෙන් උපකාරකුත් ලැබීම හරියට දෙකන්


පියදාස සිරිසේන නවකථා එකතුව 183

තුනත් 4 ය - දෙකත් දෙකත් 5 යයි කියන්නෙ වැනිය. අපේ දියුණුවට හිතෛෂි යම් සත්පුරෂ උත්තමයෙක් තදින් අවවාදයක් කළොත් අපට මදක් පීඩා එලවන දෙයක් කළොත් ඒ අපකාරයක් හැටියට පිළිගැනීමක්- අපේ සතුරු වූ යම් කිසිවෙක් සිනා මුහුණ දැක්විම, සුඵ දෙයක් දීම, බොරු ප්රිශංසාවක් කිරීම උපකාරයක් හැටියටත් මේ රටේ මිනිස්සු සැලකීමට පටන් ගෙන තිබේ. ඒ අඥාන කම නිසා රට පිරිහේ, සතුරෙකුගේන ලැබෙන උපකාරයත් මිතුරෙකු ගෙන් ලැබෙන අපකාරයත් යන දෙකම පංඩිත ජනයා පළිනොගනී. ගින්නෙන් සිසිලත් හිම ජලයෙන් උෂ්ණයත් බලාපොරොත්තු වන්නාක් වැනිය. අපේ සතුරා සතු‍රා යයි සෑම වෙලේම සිත්හි තබාගෙන ඔහු සතුරෙකු ලෙස ම සලකා-සතුරාගේ අපරාධය ලැබීමට ම සැරසී සිටය යුතුයි. ඒ නිසා පිළිවන් තැනදි සතුරා පිටුදැකීමට උත්සාහ කට යුතුයි. මිතුරා සෑම වේලේ ම මිතුරු බවත් මිතුරාගෙන් යම් අපකාරයක් ලැබුනත් එය උපකාරය සංඛ්යා ත ක්රිතයාවක් බවත් සලකා ගත යුතුයි. දැන සතුරාගේ උපකාරයේ ඇති භයානක් භාවය තේරුම් ගන්නට ඇතැයි සිතමි, මේ නිසා අපේ සතුරු ජේමිස්ලාගේ අනුවර කිරිහාමි එලවා දැමුවෙමි”යි මුක්තාලතා කීවාය. මක්තාලතාගේ කීම අසා සෑම දෙනා ම අතිශයින් පැහැදුනාහ. මුක්තාලතා ජයසිංහ මහතා සමග සරණ වීමට ගිවිස ගෙන සිටින බව ඇගේ මෑණියෝ තවමත් නොදනිති. එහෙත් උන්නැහේට කෑම යැවීම නිසාත් උන්නැහේට යටතේ බුද්ධාගම වැඩ කරණ නිසාත් ජයසිංහ මහතා සමරසේකර හාමිනේ හා ළමයින් කෙරෙහිත් අනුකම්පා කරණ කෙනෙක් බව දැන ගත්තාය. මක්තාලතා ජයසිංහ මහතා සමග සරණ වීමෙන් වැලැක්වීමට වලි හාමුත් ජේමිසුත් ක්රිකයාකරණ බව මුක්තාලතාවට දැන ගන්නට ලැබුනාය. එ් කෙසේ ද යත්-විලිහාමුත්,ජේමිසුත්, අන්තෝනි අප්පුත් ඊට පසු කිරහාමිත් කළ කථාබස් එතැනින් අසා ගන්නට ලැබුනු ජේමිස් අප්පුලාගේ ගෙදර වැඩ කරමින් සිටින මධ්ය්ම වයසේ ස්ත්රිැයක් වන එන්සොහාමි මුක්තාලතාව සමග කීවාය. එන්සොහාමි කලක පටන් මුක්තාලතාවගේ උතුම් ආර්ය චාරිත්රව කෙරෙහි ප්රිසන්නට සිටින කෙනෙකි. ඒ නිසා ඒ උත්තමාවට කරන්නට ආරම්භ කළ විනාශය ගැන ඉවසා ගත නොහි මුක්තාලතාව සමග කාරණය රහසින් කීවාය. මුක්තාලතා තමාගේ ම ඥා‍නයෙන් මීට කවර උපක්රටමයක් යොදදැයි සිතා ගත නුහුනු බැවින් ස්වකීය ස්වාමි භාවයට බලාපොරොත්තු වන ජයසිංහ මහතාට දැනුම් දීමට කල්පනා කොට මේ ලියමන ලීවාය.



184 අෂ්ටලෝක ධර්ම් චක්රයය

ප්රේටමනීය මැතිතුමනි,

දුකින් පිරි ගිය මේ ලෝකයේ සැප යයි සම්මත් සුඛ වේදනාව ලැබෙන්නේ ඒ ඒ පුද්ගලයන් සම්බන්ධව දුක ටිකක් ඉවත් වුණු වේලාවට පමණකි. මගේ උත්පත්තියේ පටන් 13 වර්ෂයක් පමණ සුඛවේදනා අධිකවත් දුක්ඛ වේදනා අඩුවත් කාලය ගත කරන්නට විය. එතැන් පටන් අවුරුදු 19 ය වන තුරු බලවත් දුකින් ම කාලය ගත කොට ඔබ වහස්සේගේ පිරිසිදු ප්රේකමය නිසා ටික කලක පටන් දුක්ඛ වේදනාවෙන් මිදි සුවසේ ඉඳිමි. දැන් ඊට වෙනසක් වෙන්නට මග පෑදිගන යන බව දැන ගතිමි. ඔබට මඟුලක් ඇසූ විලිහාමු නැමැති තැනැත්තා ඔබගේ අප්රගසන්නය මා නිසා ඇති වු ඵකකැයි මා කෙරේ ආඝාත බැද අපේ ප්ර්කෘති සතුරා වු ජේමිස් සමග එකතුව මා විනාශා කිරීමට උපක්රදම යොදන බව ආරංචියි. වන්නියට සුළඟ එකතු වූ කල පැසිගිය හැල කෙතක් යම් තරම් පහසුවෙන් දා භෂ්ම කළ හැක්කේ ද-එමෙන් ම ඔබගේ සතුරාට අපේ සතුරන් සමග එක් වූ විට දුර්වල වූ මා විනාශ කිරීම ඉතා පහසුවෙන් කළ හැක්කකි.

ලෝකයේ සතුරන් සිටිතත් ඔවුන්ට බියව ලෝකය අත්හරින්නට බැරිය. එහෙත් සතුරාට ඉඩ දි නිසොල්මනේ ඉඳීම සැපසිය යුත්තකැයි මම නොසිතමි. ලබන මස 15 වැනි දාට ප්රපථම මට ඔබගේ ආරක්‍ෂාවක් පිහිටත් ලැබෙනු ඒකාන්තය. එහෙත් ඒ අතර කුමකින් කුමක් වේ දැයි කියනු අමාරුය. සතුරා ප්රනස්ථාව ලැබෙන තුරු මිතුරෙක් වාගේ සිටි. ප්රීස්තාව ලැබුනු තැන අප විනාශය. ඒ නිසා දැන් ඉවසීම සුදුසු නොවේ. සත්රීේන්ට ලැජ්ජාවක් , පුරුෂයන්ට ඉවසීමක් ආභරණ තමාය. එහෙත් මාඝ නම් මහා පංඩිතොත්තමයා ප්රවකාශ කර තිබෙන්නේ කුමක් දැයි සැලකුව මැනවි. “අන්ය දා භූෂණං පුංසා-ක්ෂමාලජ්ජෙව යොෂිත: පරක්රනමා පරිභව-වෛයාත්යංං සුරතෙෂිටිව”

ඉ ව සු ම විලි මෙ දෙක පුමතිරි හට බර ණ පැ ස සු ම් නොවේ එනමුත් ඒ සියලු තැ න පැ ර කු ම් යෙදිය යුතු තැන ඉවසුම නොමැ න නොතැකුම් ලබන වැනි ලිය සුරත විලි ව න

මේ වගට - කීකරු වූ, මුක්තාලතා

ජහසිංහ මහතාට මේ ලියමන ලැබනු හැටියේ මහත් අමාරුවක්


පියදාස සිරිසේන නවකථා එකතුව 185

හට ගත්තේය. මුක්තාලතාවගේ ශ්රේතෂ්ඨ වූ අදහස් එසේ නොවේ යයි කීමට ජයසිංහ මහතා වැනි උගතකුට බැරිය. ඉවසීම සෑම තැන දීම සුදුසු නොවේ- සුදුසු ප්රාස්තාවයේ දි සතුරා පිටු නොදැක ඉවසන තැනැත්තා ඉවිසිලිවන්තයෙක් නොව බියසුල්ලකි. එබදු බියසුල්ලන්ට සැපයවත්, අභිවෘද්ධියවත් අයිති නැත්තේය. මම ජුනි 15 වැනිදා වන තුරු ප්ර්මාද නොකොට පුනි 2 වැනි බුද දින ශුභ දිනක් බැවින් එදින මුක්තාලතා විශේෂ බලපත්රවයක් පිට කසදා බැදගෙන එන්නෙමියි නියම කරගෙන් මුක්තාලතාට ඒ බව 28 වැනිදා තරම දන්වන්නෙමි සිතා ගත්තේය. මේ දවස් වල ජයසිංහ මහතා වැඩ අධික වූ කාලයක් විය. ස්වකීය කර්මාන්ත ශාලව සම්බන්ධ වූ ඈත පළාත්වල කටයුතුත්,කුරුණැගල පළාතේ තමා‍ගේ ඉඩමක් මුදලට ගැනිමට නියම කරගෙන තිබුනු බැවින් එය බලන්නට යාමත්, ඒ ඒක්කම නොයෙක් පළාත්වල අමද්යකප සමාගම් වල හා තවත් සුචරිතවර්ධන සමාගම්වල වැඩත්, තමාගේ මංගල්ය‍ය හා අභිනව ගෘහයට අඩුපාඩු දේ සම්පාදනය කිරීමේ කටයුතුත් නිසා කොහෙත් ම අවකාශයක් නැති විය. ලක්දිව අමද්ය ප සමිති පිහිටුවීමට අපහසු පළාත් තිබේ. ඇතැම් ගම්වල සිටින බලසම්පන්න, ආත්මාර්ථකාමින් ද‍, ගම්මුලාදැනින්ද, රේන්දරාළල ද , සුරා පෙරන්නන් ද නිසා බොහෝ ගම්වල අමද්යාප සමිති තබන්නට අමාරුය. එබදු ගම්වල සිටින සත්පුරුෂ ටික දෙනා සමාගම් ආරම්භ කරණ නමුත් වහා ම කැඩි බිදි යන්නට ළං වූ විට එය පටන්ගත් මධ්යසම පංක්තියේ සතුපුරුෂ ජනයා-තව වරක් එක්ව කොලඹ මහත්වරු කීප දෙනෙකුම කැදවුහ. ජයසිංහ මහතාද ඉන් එක්කනෙකි. ජයසිංහ මහතා ඒ සභාවට ගොස් මද්ය පානයේ ඇති බලවත් දොෂත් මත්පැන් පානය වැලකීමෙන් මෙලෝ පර‍ලෝ දෙකට ම ලැබෙන මහත් යහපතත් ගම්වාසින්ට අවබෝධ කර දි සමාගම ප්ර කෘතිමත් කොට ආයේය. එම සමාගමේ ලේකම් වන ජයරත්න මහතා දෙතුන් දිනකට පසු ජයසිංහ මහතාට ලියුමක් ලියමින් සමාගම ගම් ප්රදධානිහු විනාශ කරණ හැටිත් මධයම පංක්තියෙහි වු ජයරත්න ආදි කීප දෙනෙකුට සමාගම දියුණුකර ගන්නට බැරි බවත් දන්වා එවුයේය. ජයසිංහ මහතා ලියමන කියවා බලා මහත් කනගාටුවට පැමිණ,”අනේ අපේ මිනිස්සු පුරුෂ ධෛරය නැත්තෝය. පුරාණ මහා පංඩිතයන්ගේ වචන නැමැති අමෘත පානය නොකොට දුරුවලව සිටින්නෝය. ඒ මහා පංඩිතයන්ගේ සාර වු සුභාෂිත සංඛ්යාටත දිව්යක භෝජනය නිතර අනුභව කරත් නම් අප රට ජනයාට පුරුෂ පරාක්රතමය



186 අෂ්ටලෝක ධර්මඅ චක්රරය

නමැති ශක්තිය ඇතිවන්නේ යයි සලකා ජයරත්නට ලියන ලියමනක පුරුෂ ධෛර්යය උපදවන පිණිස තමා විසින් රචනා කරණ ලද සිංහල කවි පංක්තියක් ද යවන ලදි -ඒ මෙසේයි-

ස ව න ට මිණි බරණ සදහම් ඇසි ම ය දෙ අ ත ට රන් වලලු නම් පිනට දි ම ය දි ඵ ම ට ගත සඳුන් විලවුන් නොවේ ම ය ප ර න ට වැඩ කරණ සුදනා දිලේ ම ය

දු ක ප ත් සද දිරිය සැපතෙහි පහත් ග ති ස බ ප ත් සද මියුරු බස් යුදෙහි තෙද ඇ ති සි ත යු ත් පර වැඩට කිත් සිරුරට පෙමැ ති ගු ණ ව ත් මහතුනට මේ වෙති උරුම ග ති

එ ක රට උපන් එක බස දෙඩන එක බ දු එ ක ජාතියක මිනිසුන් අතර අනුබ දු දු ක පත් අයට වැඩ නොකරණ අය පසි දු සැ ක නොව සිතට ජාතියෙ සතුරොය රු දු

පි රි ග ත් මළ මුතුරු ඈ තිස් දෙකක් කු න එ ක යු ත් මැටි බදුන වැනසෙන සිරුර ගැ න යු තු තැ න් තදින් සැලකුම ලොකු සැපක් මෙ න ස ල ක ත් නො මැරෙණා යස සිරුර ම සුද න

ඉ ව ර ක් නැතුව කුණු වෑහෙන නැති සු ද්ද සි රු ර ක් කරණකොට ගෙන ලොව පරසි ද්ද ය ස ස ක් ලබන්නට හැකි නම් සුවිසු ද්ද පැ ණ ස ක් ඇති කෙනෙක් පර වැඩ නොකර ද්ද

සි රු ර ත් සුගුණයත් දෙක ගති දෙකක් වෙ ත වැ න සෙ ත් සිරුර මැටි බඳුනසෙ සැකක් නැ ත ප ව ති න් කප් හිමට කළ ලොවට හප ත නැ ණ ව ත් දන පනනු යුතු කවරද දිය ත

අ ති න් ගැසුව පන්දුව උඩ ගොස් නැව ත සෙ දි න් බිම වැටෙන බව සැමට ම පෙණෙ ත එ මෙ න් දනය ඇති වි යලි නැතිවය ත ඉ ති න් මෙර සදිසි යසසම සොයනු යු ත පියදාස සිරිසේන නවකථා එකතුව 187 උ තු ම ත් ගේ දිරිය දිවි ඇති තෙක් ඒ ක ය උ තු ම න් ගේ තරහ නො පවති මොහොත ක ය උ තු ම න් දෙන තිලින දෙති නිති නො වැල ක ය උ තු ම න් ගේ ගතිය විසු පඬිහු නිසැ ක ය

වි රි ය නොම කරණ කම්මැලි හට දිය ත කා රි ය කිසිත් සිදු නොම වේමය සත ත නා රි ය තරුණ මහලුට සිත සතුටු නැ ත සූ රි ය ලෙස පතල පඬි බසෙකි සැක නැ ත

සි ය දි ව් දියුණුවට විරිය නො කර න ඇ ති ස ව සතුරු බිය පහ කොකරම සිටි න මු ඵ ලෙ ව යසස් වැඩුමට අයුරු නොසිත න නොවදව මවුවරුනි දරුවන් මෙබදු ව න

ම ද සුළඟට නැමෙන්නේ කිම ද මෙ දිය ත ම ද කුදු හරය නැකි වු තණ ගස ම වෙ ත තෙ ද බල මිනිස් ගුණ නැති අමන ලෝ ස ත වි ද විද නිගා සැම තැනදි ම යටත් වෙ ත

වි කු මැ ති මහතුමන්ැ වැස සිටියත් දුර ම තෙ ද ඇ ති දනෝ සලකති ඇසු විටත් න ම ලොව ඇ ති සියලු ගිනි සලකන පඬිහු පෙ ම ස ල ක ති රිවි මඬල දුර වුණමුත් බොහො ම

ග ස මි න් පයින් නින්දා කළ මුත් නොමි නි හෙ ව මි න් බිම සිටිති බියසුඵ දන නිති නි ප ය ව ත් රජස් නැග යයි ඉසටත් උඩි නි මි නි සු න් රජයටත් අඩු බව මින් පෙණි නි

මු දු ගු ණ දන පෙළති සතුරා වහ වහ ම ද ඩි ගු ණ දනා නො පෙළති එ ලෙස නිතර ම සොමිගුණ තරිදු ගිලිනා රාහු ඒ ලෙස ම ද ඩි ගු ණ රිවි ළඟට නො එනා කරුණු කි ම

ජයසිංහ මහතා එම ලියුමත් තැපැල් කොට “සිසිර” නම් ස්වකීය අභිනව මන්දිරය තමාගේ හිතෛෂි මෙහෙකරුවන්ට රැක ගැනීමට භාර දි වෙසක් පෝය දිනයෙහි දළදා මාලිගාවේ දි අටසිල් සමාදන්වන අදහසක් ඇතුව කීප දිනකට වුවමනා ඇදුම් ආදිය ද රැගෙන 26 188 අෂ්ටලෝක ධර්ම චක්ර ය

වැනිදා උදේ ස්වකීය මොටෝ රථයෙන් කුරුණැගල අසල නාරම්මල පිහිටි තමාගේ වත්තට ගියේය.අලුත එලිකර පොල් වවන ඒ වත්තේ වැඩකරුවන්ට පඩි දීමට ද තිබුනු බැවින් මැයි මස 26 වැනිදා උදේම එහි ග‍ියේය. එදින ජයසිංහ මහතා තමාගේ වත්තේ වැඩ කරණ සියඵ දෙනාගේ පඩි ගෙවා-සියලු දෙනාට ම වෙසක් මහෝතසවය හොදින් පවත්වන්නට අවවාද කොට වෙසක් සදහා එකිනෙකාට සුදුසු පරිද්දෙන් සතුටු පඬුර් ද දී 27 වැනිදා උදේ මහනුවර යාමට පිටත් විය. තමාට කීකරු වු හිතෛෂි වු දක්‍ෂ මොටෝරියකරු වන විලියම් කොළඹ දි නියම කර ගත් ලෙස නුවර නොගොස් පාර වැරදි පොලොන්නරුව පැත්තට යන්නට ගියේය. නැවත් ඔහුට එය දැනි රථය නුවරට ගමන් කරවන්නට සූදානම් විය. එවිට ජයසිංහ මහතා ඔහුට කතා කොට. “විලියම්. කොළඹ දි නියම් කර ගත් එක දැන් වෙනස් ‍විය. ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසාම සිතිවිල වෙනස් වේ. දැන් මගේ කල්පනාව පොලොන්නරුවට ගොස් කොළඹ එනනයි. මේ පෝයට අටසිල් සමදන් වෙන්නටත් බැරිය. අපි 29 වැනිදා වනතුරු පොලොන්නරුවේ සිද්ධස්ථාන වැදගෙන 30 වැනිදා පිටත්ව ලබන බදදා මගේ විවාහය සම්බන්ඛ කටයුතු කරන්නට ඕනෑය”යි කීයේය. මෙසේ නියම කළ ප්රවකාර විලියම් පොලොන්න්රුවට රථය පැදගෙන ගියේය. අපගේ ශ්රීැ පරාක්ර මබාහු මහ රජතුමාණන් විසින් කරවල ලද (මෙහි 13 වැනි පර්චචේදයේ සදහන්) ගොඩනැගිලි ආදියෙන් ශෙෂව තිබෙන දේ බලමින් මහත් සංවේගයට පත් වු ජයසිංහ මහතා “රූපං ජරති සත්තානං නාමගොත්තං න ජරති” රූපදි සියල්ල දරයි-කීර්ති නාමය පමණක් නො දරයි-සිතා දෙදිනක් ම එහි ගත කළේය.

17. පර්ච්ඡේදය[සංස්කරණය]

වෙ

සක් පෝය මැයි මස 28 වැනිදාට යෙදි තිබුනු බැවින් මුඵ ලක්දිව ම උනන්දු විය. ගෙදර දොරවල් ෂට් වර්ණ කොඩි ආදියෙන් සරසන්නෝ ද-වන්දනාමානාදියට ඈත පළාත් වලින් පැමිණෙන ජනයාට ආහාර පානාදිය දීමට “දන්සැල්” පිළියෙල කරන්නෝ ද නැති එක ම නගරයක් ලක්දිව ඇති නොවීය. බෞද්ධ වෙළද ශාලා නනාවිධ වෙසක් භාණ්ඩයන්ගෙන් සමාකීර්ණ වූහ. බුද්ධ දාසත් වෙසක් සැරසිලි බඩු ආදිය ප්රධසිද්ධ වෙළෙද ශාලවකින් ගෙන ගොස් ඔවුන් පදිංචි කුඩා ගෘහයත් ඒ ඉදිරිපිට මහ මාර්ගයත්





පියදාස සිරිසේන නවකථා එකතුව 189

සරසා බුද්ධ මංගල්ය ය පවත්වන්නට සූදානම් විය. කොළඹ නගරයේ පිහිටි පන්සල්වලටත් කැළණි විහාරයටත් යන එන වන්දනාකාර ජනයා සිය දහස් ගණන් වූ නමුත් කුරු කුහුඹුවකුට පමණක්වත් හිංසාවක් පීඩාවක් නොවි-“සාධු සාධු” යන මධුර නාදයෙන් මුඵ ලක්දිව එකතින් නාද වෙමින් පවත්නා දිනය මේ වෙසක් මඟුල් දිනය වේ. එයින් කීය-

ක ප් කෙ ළ අදික වන සිව් අසකට පොරෙණ වි ප් කු ල මිණි වැලග මිණි රුවනය හරණ ලොප්ක ළ දුසිරි සුමේදය පඩි සද වරණ ඔ ප් ක ළ රන් කමල් එක සිරි වන ස රණ

බි ය ක රු කුදිටු ගණදුරු දුරු කළ මි තු රු දි ව කු රු මුනිඳු දැක වැද හෙව මඩ අ තු රු මොකැදු රු බුදු බවට විවරණය විසි තු රු සි ත යු රු ලද බැවින් වි තිලොවෙක මි තු රු

අ ත ප ත් අමා මොක් හැර අප වෙත් පෙමිනා සි දු ප ත් සසර හිමි සද දුක් යුතු නොමිනා දු ක ප ත් අප නිසා ඇස් ඉස් දන් දෙමිනා අ ග ප ත් විය පුරා දස පෙරුමන් දමිනා

බොස ත් සුමේද ව දිවිකුරු මුනි වෙතිනි ඒ ප ත් විවරණය තැන් පටනෙත් නිතිනි පොසත් වෙසතුරු ව දිනි මෙ අතර සිතිනි නැ අ ත් හැරි දිනක් පෙරුමන් දම බැතිනි

පු ව ත ර සමතිසක් පෙරුමන් දම ස පු රා සි රි බ ර දෙවි රදුව වුන් සද තුසි පු රා බ ඹ සු ර අයදමින් කළ සිතු බැති ස පු රා හි මි ව ර කල් බලා අත් හැර එ සුර පු රා

ලො ව තු ළ සකල සිරි පිරි පුර කිඹුල් ව ත ස ක කු ල පියුම් වන පොබ කළ ගුවන් ව ත සි රි ක ළ උර සුරැදි සරසමි මඬල ව ත ගු ණ දු ල සුදොවුන් අග රජිදුට පැ ව‍ ත



190 අෂ්ටලෝක ධර්ම චක්රිය

මා යා වන ලොවට රුසිරෙන් අග පැ මි නි මා යා බදු බසැති නිමසන ගුණ ද මි නි මා යා මහ නැමති අග මෙහෙසිය පෙ මි නි මා යා සසර වනසන හිමිනු දකි මි නි

පි ළි සි ද එ මවු ගැබ පුණු පෝ දින ඇසලේ ම න න ද නිමිති පෙන්වා මිහි කර සසලේ වි දි ලෙ ද එකඩ දස මස පත් සද තොසලේ ය න ලෙ ද බිසව නික්මිනි සිය පුර නිසලේ

පු රා ලොව සසක් කැඵවැති වු නේයා හැ රා දුක පසක් සැප සැම තැ නේ යා තු රා මල් ගසක් නැත නොපිපු නේ යා වි රා ජි ත වෙසක් සුමඟුල් දි නේ යා

පි රි ව ර ඇමති කුලඟන මෙහෙසිය කැ ටු ව ය න ව ර අතර මග සිරි පිරි නොව ප ටු ව පු ව ත ර ලුම්බිනි නම් රජු යන දු ටු ව එ ම ව ර එහි වඩින ලෙස එ බසව තු ට ව

ස පැ මි ණ සුපිපි සල් රුක සල සිසිල් වන සු ර ති නි රැගත් සද සල් සා සුපුල් වන බු දු ව න තිලෝ ගුරු හිමි සද විපුල් වන බි හි වු න මහ බඹුගේ සුර’තට විමල් වන

පි පු නා සුවඳ මල් මුඵ ලොව මඟුල් වියේ තෙ වු නා සුර පුරය අව පුර අගුල් වියේ දි වු නා සතුට ආ සුර සෙන් ව්පුල් වියේ දි ය නා තිලෝ ගුරු බෝසත් උදුල් වියේ

බැ ස ලා එසත් පියරක් වැඩ දෙස උ තු රු ක ර ලා අබිරු සී නද හිමි මර ස තු රු නි ස ලා ව ම සිටින සිය පිරිවර උ තු රු පෙ ර ලා කපිලවත් පුර පැමිණි විසි තු රු

උ ප න් දින පසින් සත දත් පඬි පැමිණ ඇ සි න් සිය බලා හිමි උතුමා පෙමින යෙහෙන් ලොව’ග පත් වෙමය බුදු වෙමින එ යි න් පළ කළෝ සිදුහත් යන නමින පියදාස සිරිසේන නවකථා එකතුව 191


පෙ ර පස සඳ ලෙසේ දින දින වැඩෙමි න් දා ප ර සිදු දිය කුසේ සිය යස කොඩි බ න් දා ත ර වරඟන ඇසේ රු රසදුන අ න් දා සු ර රජු එකලෙසේ වන සැප විදිමි න් දා

ර ම ම ය සුරම්මය සුබ යන තෙ පහ තු ළේ ර ම ම ය යසෝදර කුමරිය හා ල තු ළේ පො ම ම ය වඩන විද විද සැප ති ලො තු ළේ නි ම් න ය කර එ හළ හිමි වුදු සිරි ප තු ළේ

දැ ක තු න් නිමිති සසරට කලකි රි ලා සු ප ස න් මහණ රුව දැන තොස පි රි ලා ව ර ඹු න් කරණ රඟ දෙස නොම හැ රි ලා ය න මෙ න් මහබිනක්මනට ම සැ රි ලා

ගො සි න් එදිනු’පන් රාහුල පුත් සො ඳු රා ඇ සි න් දැක නො අල්වා සියතින් ඉ දු රා ල සි න් එලිපතින් ගත් සිය පා උ දු රා හි සි න් නිති වදිව් තිලොවග මොක් ඇ දු රා

පු නු පියයුරු තිසර පැහැසර වන ක ම ලි ප න් සර යසෝදර සිය බිසව ද කො ම ලි ව න් සුර පුර සැපත් රජ සැප හැර නි ම ලි ස න් මැති සමග අස’රා ගොස් සිතු පෙ ම ලි

අ රු ණට මළමුවෙන් ගොස් හිම ගඟිනෙ ත ර ග රු කොට මහණ වි නෙකි දුක් විද ල ත ර ස රු වෙන සුජාතා දුන් කිරි පිඬු ප ත ර පි රු මහ මෙතින් වළදා හිමි සද එ ත ර

සු ප ස න් දුමිදු ළඟ සුපවර විදුර සු න අ ර මි න් බුදු වෙමැයි වඩවමිනි විද සු න කෙ ලෙ සු න් සමග කරමින් මර බල පෙ සු න ගෙ ව මි න් එ රැ රිවි එත පෙරගිර අ සු න

දැ න ග ත සියලු තතු සව්නේ ගෙ වා ලා පි ණ මි න මොක් සැපෙන් බව දුක් නි වා ලා බු දු වු න හිමි තුමා කෙලෙසුන් ද වා ලා අ ද දි න බව අසව් දෙ සවන් පො වා ලා

192 අෂ්ටලෝක ධර්මස චක්රලය


ව ස් වා දහම් වැසි මිසදුටු ගිම සි න් දා ලි ස් වා බව බැදුම් නිරයෙහි දොර බ න් දා බ ස් වා මොක් ලොව සුදනන් කැ න් දා න ස් වා දැඩි සතුන් එඩි පැ මෙත් ක න් දා

ප ළ ක ර සුවාසු දහසක් දම් ක ද ය හෙ ලි ක ර කුදිටු දොස වෙසෙසින් පිරිසි ද ය පු ව ත ර සුර බඹුන් පුද සිරි ලැබ සො ද ය මු නි ව ර තිලෝ ගුරු දසඹුල් හිමිස ද ය

ස ක් රජ යසැති මල්ලව නිරිදුන් නු ව ර එ ක් ලෙස පිපි දෙසල් තුර යහනත ප ව ර එ ක් වුණ බුදු පුදට මැද අමර පිරි ව ර මො ක් පුර වැඩියෙ මෙ සසර කර ඉ ව ර

අ ද ය හිමි තුමා මෙ දියත දිනු දි න ය අ ද ය හිමි තුමා කෙලෙසුන් දිනු දි න ය අ ද ය හිමි තුමා මොක් පුර දිනු දි න ය අ ද ය ලෙව පෙමා වන සුමඟුල් දි න ය

න ස නා පිණිස පත් දනපල් ඇතු හ ට ද න ද නා රහල් පිය සුදොවුන් රජු හ ට ද මෙ ති නා එක සදිසි ඔබ ගුණෙහි අප ට ද නි ති නා සැපත වේවා කුදිටු දන ට ද

දො ස ක් කිසිවකුට දෙ ලොවම නොම වේ වා වි ස ක් බදු කුදිටු සමයම් දුරු වේ වා ස ස ක් අද දිලි සෙ ලක සුදිඵම් වේ වා වෙ ස ක් සුබ මඟුල් මුඵ ලොවට ම වේ වා

මුක්තාලතාව සොරකම් කරගෙන යාමට නම් ‍උත්සව දිනයෙහි දි නොලැබුනොත් කිසි විටක බැරි බව ජේමිස් අප්පුට කල්පනා විය. ඊට වඩා ඉක්මණින් මුක්තාලතාට අනතුරු නොකලොත් ජයසිංහ මහතා සමග සරණ බන්ධනයට පත්වෙන් බැව් දැන ගත් ජේමිස් අප්පුගේ භාර්යාව වන දුෂ්ට ඩේසිට අස්වසක්වත් නැතිව ගොස් මුක්තාලාගේ පලහිලව්ව ම කියමින් ස්වාමියාට කරදර කරන්නට විය. ජේමිස් අප්පු විලිහාමු සම්භවෙන්නට ගොස් ඔහුත් සමග ස්වකීය නිවසට අවුත් අන්තෝනි අප්පුව ද කැදවා මේ දුෂ්ට ක්රි යාව කරණ හැටි කථා පියදාස සිරිසේන නවකථා එකතුව 193

කරගත්හ. අන්තෝනි කථා කරමින් මෙසේ කීය. “මුක්තාලතා මාලිගාකන්දෙ පන්සලට හෝ කැලණයට හෝ ගියොත් බලහත්කාරයෙන් ඇරගෙන යන්නට පුඵවනි. එසේ ගෙන ගොස් නැවැත්වීමට අනුරාධපුරේ හෝටලයකින් කාමරයක් ද ගෙන තිබේ. ඉතින් මගේ මිත්රව “ඇඩි- (මෝටර්කාර් ඩ්ර යිවර් කෙනෙක්) ඒ ‍හෝටලේත් -කළමනාකාර චාර්ලිස් සිංඤඤෝවත් දන්නවා. ඇඩිගේ මෝටර් කාර් එකෙන් මුක්තාලතාවත් ඇගේ ප්‍රවේසමට සියනේරිස් අප්පු මාමාවත් යවන්නටත්- ඊට පසු මොටොකාර් එකකින් මමත් මගේ මිත්රට පොන්නසාමිත් යන්නට සූදානම් කර ගෙන ඉදිමි. මුක්තාලතාව ගෙන යන මොටෝකාර් එක මම ලෑස්ති කරගන්තා. ඉතින් මට යාමට හාමු මහත්ගේ මොටෝකාර් එක දුන්නොත් හොදයි” කිවාය. එවිට විලිහාමු. “අන්තෝනි, කාර් දෙකක් කුමටද? මුක්තාලතාව ගෙන යන කාර් එකේන් ම උඹට යන්නට බැරිද? තවත් කාර් එකක් කුමටදැ”යි ඇසුයේය. “අනේ හාමුමහත්මයෝ! මේ මක්කියනවාද? අපි බලහත්කාරයෙන් මුක්තාලතාව අල්ලා මොටෝකාර් එකේ දමාගත් නමුත් කොළඹ දි ම ඒ කාර් එකත් සමග අප කංඩායම අල්වා ගත්තොත් මක්කරන්නටද? යම් විධියකින් කාර්එකේ ඩ්රතයිවරත්, සියනේරිස් අප්පු මාමාත් සමග මුක්තාලතාව අල්ලා ගන්තත් වැඩි බරපතල අපරාධයකට අසු නොවි ගැලවෙන්නට පිළිවනි. අපි ඒ ගැන යොදා ගෙන තිබෙන ප්රායෝගය මෙසේය!-ඇඩිගේ මොටෝකාර් එක සවස 6 ට සිංහල තරුණ නෝනා කෙනෙක් කුලියට ගත් බවත් ඒ නෝනා කැළණයට හෝ මාලිගාකන්දට ගොස් නැවත් අවුත් මොටෝකාර් එකේ නැග යන්නට කීවාම ගිහ බවත්-මුක්තාලකාව වලෙන් කාර්එකේ නොදැම්ම බවත්-ඒ මොටෝකාර් එක කුලියට ගත් නෝනා ම මෙහි අවුත් නැගුනායයි කියා සිතාගත් බවත් කියන්නට ඇඩීට උගන්වා තිබේ. ඉතින් ඒ නිසා මුක්තාලතාව බලහත්කාරයෙන් මොටෝ රථයේ ඉඳුවා මම පසුව හාමු මහත්මයලාගේ ගෙදරට එන්නෙමි. එවිට ඒ කාර් එක මටත් මා සමග යන්නට ඉන්නා වු පොන්නසිමිටත් යාමට දුන මැනවැ”යි කීයේය. විලි හාමුත් ජේමිසුත් මේ අන්තෝනි අප්පු යොදාගෙන තිබෙන උපක්රනමය ගැන සතුටු වි තුන්දෙනා ම විෂ්කි ටික ටික බි ගත්හ. ඉක්බිත් අන්තෝනි අප්පුට තවත් පවුම් 25 ක් වුවමනා බව කී බැවින් ජේමිස් අප්පු එය ද දුන්නේය. කිරිහිමිට මුක්තාලතාව යාලුකරගෙන රවටන්නට බැරි වු නමුත් වෙසක් උත්සව දවස් වලදි ඈ පන්සලකට යන් ඒකාන්ත හෙයින් එබදු තැනක දි ඔවුන්ගේ අදහස ඉෂ්ට කරගන්නට ලැබේයයි නිශචිත බලාපොරොත්තුව ඇති විය.






194 අෂ්ටලෝක ධර්මල චක්රිය


18.පරිච්ඡේදය[සංස්කරණය]

මු ක්තාලතා 28 වැනිදාවත් 29 වැනිදාවත් පන්සලකට වත් ගෙදරින් පිට වෙන කොහාටවත් නොගියේය. එහෙත් 30 වැනිදා දවාලට මුක්තාලතාවගේ ගෙදරට අමුත්තෝ කීප දෙනෙක් පැමිණියාහ. නොනාහාමි උපාසිකාවත්, උන්දැගේ දියණිය වන මැණික් හාමිත්, ඇගේ පුරුෂයා වන අර්නෝලිස් අප්පුහාමි බාස් උන්නැහේත්, ඔවුන්ගේ තරුණ දියණියන් දෙදෙනා‍ත්, කුඩා පුත්රනයෝ දෙදෙනාත් නොයෙක් රස කැවිලි ආදියත් අරගෙන වෙසක් මඟුල් සදහා සමරසේකර හාමිනේලාගේ ගෙදරට සිරිත් ප්රගකාර පැමිණියාහ. සිංහල අවුරුද්ද නැකැත් ක්රීිඩාවක් වශයෙන් පවත්වන නමුත් සිංහලයන් ‍ෙග් ආදී පුරුෂ විඡය කුමාරයා ලක්දිවට පැමිණි දිනයත්, සිංහල මිනිසුන්ගේ ශාස්තෲන් වහන්සේ වන ශාක්ය් මුනින්ද්රියාණන් වහන්සේ උපන්නා වු ද-බුද්ධ රාජ්ය්යට පැමිණි වදාළ වු ද, අනුපාදිශෙෂ පරිනිර්වණ ධාතුවෙන් පිරිනිවන් පෑ වදාළ වු ද දවස මේ වෙසක් දිනය බැවින් එදින තරම් උත්සව පැවැත්විය යුතු අන්ය දිනයක් සිංහල ජනයාට ඇත්තේ ම නැත. මක්තාලතාගේ ගෙදරට පැමිණි සියලු දෙනා ප්රීලතිමත්ව රබන් ගැසීමාදි ක්රීතඩාත් කොට දවල් බත් අනුභව කොට සර්වඥයන් වහන්සේගේ ගුණ පිළිබද කථාවෙන් කාලය ගත කළහ. බුදුරාජාණන් වහන්සේගේ අසම සම වු ප්ර ඥාදි ගුණ මහිමය සම්බන්ධව පුරාණ ආචාර්යවරයන් විසින් කර තිබෙන විස්තර දත් මුක්තාලතා ‍ලෝකනාථ වු ස්වාමි දරුවන් වහන්සේ ජනිත වු මංගල දවසෙහි තමන්ගේ පුංචි නිවසට පැමිණියා වු පිරිසට බුදු ගුණ කියා දෙන්නට පටන් ගත්තේය.

“අනන්ත සත්තේසු ව ලොකධාතුසු- ‍එකොපි සබ්බෙපි සමාගතෙන දිසාසු පුබ්බා දිසු වක්කමවාල- සහස්ස සංඛායපි අප්පමෙය්යා යෙ තෙසු දෙවා මනුජාව බ්රාහ්මා- එකත්ථ සංගම්මහිම න්තයන්තා අනාදිකාලාගත නාමරූපනං- යථා සකං හෙතුඵලත්න චුත්තිනං තබ්භාව හාවින්න මසම්කුණන්තා-


පියදාස සිරිසේන නවකථා එකතුව 195

නානාවිපල්ලාස මනුප්පවිට්ඨං කම්ම පප්වත්තං ව ඵලප්පවත්තිං- එකන්ත නානත්ත නිරිහ ධම්මතං විඤ්ඤත්ති සන්නාන සනෙන ජන්න්තො- සිවඤජ සම්මාභණිතුං සමත්ථො එකොව සො සත්ති කරො පහංකරො- සංඛාය ඤෙය්යාිනි අසෙසිතානි තෙසංහි මජ්‍‍ ‍ෙක්ධ පරමාසහිං වදං- සිවඤ්ජ සං දිජයිතුං සමත්ථො සො ගොතමො සක්යු සුතො මුනින්දෝ- සබ්බස්ස ලොකස්ස පදිපභූතො අනන්ත සත්තෙ භවබන්ධනම්හා- මොචෙසි කාරඤ්ඤ බලා නපෙක්ඛි යො සංසාරෙසු දුක්ඛං අමතමිවභජං සබ්බසහතෙ දයාය තෙසං දොසග්ගිජාලං කමල සලිලතො සාධු නිබ්බාපයනේතො බුද්ධො බොධිංවපත්තො සකලමතිවසිප්පත්ත සබ්බඤ්ඤදුභාවං නඤ්වහං තස්ස බෝධිං පමුදිතමනසා අබ්බකාලං නමාමි”

අනන්ත ලෝකධාතුවෙහි අනන්ත වූ අප්රමමාණ වූ සත්වයන් අතරෙහි ද අපගේ සර්වඥ සම්ය ක් සමබුද්රජාණන් වහන්සේ සමාන වූ සත්වයෙක් නැත්තේය. අනන්ත ලොකයෙහි වූ අනන්ත සත්වයන් සියලු දෙනා ම එකම සත්වයෙක් ලෙස සැලකු කලුහිත් ඒ තථාගතයන් වහන්සේට සමාන නොවේ. පූර්ව දිසාවය, උත්තර දිසාවය, අපර දිසාවය, දක්‍ෂිණ දිසාවය, සතර දිසාවය, උඩය,යටය යන දස දිසාවෙහි පිහිටියා වු අප්රමමාණ ලොක ධාතුවල වාසය කරණ බ්ර හ්මයෝ ද, දෙවියෝ ද, මනුෂ්යකයෝද යන මේ සියල්ලෝ ම එක්ව සාකච්ඡා ‍කොට සොයා ගැනීමට ප්රටයත්න කළත් ඔවුන්ට නොහැකි වු දුක්බර, සමුදය,නිරොධය,නිරොධ මාර්ගය යන චතුරාර්ය සත්යොය තමන්වහන්සේ විසින් ම අවබෝධ කළ බැවින් අනන්ත අප්රයමාණ ලෝකධාතුන්හි වෙසෙන දිව්යහ බ්ර්හ්ම මනුෂ්යා දිහු එකෙක් ම වුවත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට සම නොවේ. ඒ ඒ සත්වයන් සම්බන්ධව පවත්නා හේතු ඵල සම්බන්ධ කොට ගෙන පූර්ව කෙළවරක් නොදන්නා වූ උත්පත්කි පරම්පරාවෙන් පැවත ඒන්නා වූ කෙළවරක් නොදන්නා වු උත්පත්ති පරම්පරාවෙන් පැවත එන්නා වු ස්කන්ධ පඤ්චකයයි කියන නාම රූප ධර්මයන් ද අවිද්යස දි ප්රපත්යහ ධර්මයක් නිසා විඥානාදි ඵල උප‍දනා බවද - නිත්යව, සුබ ශුභ,

196 අෂ්ටලෝක ධර්ම‍ චක්රරය

ආත්ම වශයෙන් සලකන විපරිත හැඟීම නිසා නැවත් නැවත් ඉපදිමාදි දුක් විදිමට සලසන්නා වූ කර්මයාගේ පැවැත්මද, ඒ සමග ම කර්ම ඵලයද, ඒ දෙක එක්ව පවත්නා බවද, වෙන් වූ බවද, නිරුත්සාහි බවද, ලොකස්වභාව ද යන කරුනු සය ද, කයින් සිත වෙනස් කොට පවත්වන්නට නොහැකි බවය-යන මෙයින් වැසී තිබෙන නිර්වාන මාර්ගය ද තථාගත සම්මා සම්බුදු රාජාණන් වහන්සේට මිස අන් කිසිම සත්වයෙකුට ප්රයකාශ කරන්නට නුපුඵවන් විය. ඇති ව නැති වන බැවින් අනිත්යෙවු ද, තමා මසඟයේ නො පවත්නා බැවින් අනාත්මවූ ද, භය සන්ත්රාරසාදින් උපදනා බැවින් දුක්වු ද, සංසාර ගත දෙවි මිනිස් ආදින්ට නිවන් මග පෙන්නා දෙන්නට සමත් එක ම මෙහෝත්තමයාණන් වහන්සේ අපගේ ස්වාමිදරු වු බුදුන් බැවින් ඒ සාන්තකාර වූ, පහංකර වූ, අද්විතීය වූ ඒ මහා පුරුෂයාණන් වහන්සේ ම සංස්කාර, විකාර, ලක්‍ෂණ, නිර්වාන, ප්රපඥප්ති වශයෙන් පංච විධ වු ඥෙය්ය ධර්මයන් නිරවශෙෂකොට දැන සියලු දිව්යා බ්රණහ්මාදින් අතරෙහි අතිශයින් උතුම් වූ මිශාරධ බවට පැමිණි අෂ්ටංග සමන්විත මධුර දේශනාව ප්රපකාශ කොට නිර්වාන මාර්ගය හෙලිකරන්නට පොහොසත් වන සේක. ගුරු ගොත්ර යෙන් ගෞකම නම් වු ශාක්යමවංශොත්භූත සුද්ධොදන මහරජාණන්නගේ පුත්රය හෙයින් ශාක්යය පුත්රත වූ, මුනිශ්රෙබෂ්ඨ වූ, සමස්ත සත්වයාට ප්රජදීපයක් වූ ඒ මහා පුරුෂයාණන් වහන්සේ ස්වාසනා සකල ක්ලේශයන් නැසු හෙයින් චතුර්විධ ප්ර ත්යුයක් ලැබිමෙහි හා සත්කාර ගරුකාරාදින ලැබීමෙහි අපේක්‍ෂා නැත්තේ මහා කරුණා බලයෙන් නෙයෙක් සත්වයන් සංසාර බන්ධනයෙන් මිදවු සේක. සකල සත්වයන් කෙරෙහි පතළා වූ මහා කරුණාවෙන් සංසාරයට පිවිස සාරාසංඛ්යන කප් ලක්‍ෂයක් මුඵල්ලේ ලැබූ දැඩි දුක් අමෘතයක් මෙන් සිතා ලෝක සත්වයන්ගේ රාග ද්්වේෂාදි ක්ලෙශාග්නි ජාලාව තමන් වහ්නසේගේ නිතර කම්පා වෙන කරුණා නමැති සිතල ජලයෙන් මනා කොට නිවාපණය කරමින් සමුබුද්ධ රාජ්යතය ලබනු පිණිස බෝධි වෘක්‍ෂය කරා පැමිණ වතුස්සත්යාබවබෝධ කළ සේක ද, ඒ උත්තම දිපදුත්තමයාණන් වහන්සේ ද උන්වහන්සේගේ බොධිය ද ප්රැමොද්ය වූ සිතින් සෑම කල්හි ම සකසා වදිමි.” මුක්තාලතා මෙසේ බණ කියා සවස 4 ට පමණ තේ වතුර බි සතුටුව සිටින විට නොනොහාමි උපාසිකාව ආදි අමුත්තන් වශයෙන් පැමිණි පිරිස ද ස්වකීය මෑණියෝ ද තමත් ඒ අසල පදිංචි තරුණියන්



පියදාස සිරිසේන නවකථා එකතුව 197

කීප දෙනෙක් ද එක්ව කැළණි විහාරයට යාමට කථා කර ගත්ය. මුක්තාලතා අකමැති බව හඟවා,”පෝය තිබුනේ ඊයේය. පෝය ඉවර වූවාට පසු අද කැළණි යන්නට උවමනා මොකද”යි කී නමුත් අර්නෝලිස් අප්පුහාමි, “අනේ පුංචි හාමිනේ මේ ළමයි වද කරණවා. සෙල්ලමට මශයෙන් බක්ති කරත්ත 3 ක් අරගෙන කාංඩයම කැලණි ගොසින් එමු”යයි ඉතා ඕනෑ කමින් කීයේය. පිනත් ක්රීනඩාවත් එක් වූ තරුණ වියේ පිහිටි කොතරම් පංඩිත ජනයාත් ඊට ප්රිසය කරණ බැවින් මුක්තාලතාද සතුටුව රෑට ආහාරත් නො ගෙන ම කැලණි යන්නට පිටත් වූය. මේ බව ඔත්තු බලමින් සිටි ජේමිස් අප්පුලාගේ වැඩකාරයා ඔහුටු කීවේය. ජේමිස් අප්පු වහාම අන්තෝනි අප්පුව ගෙන්වා.”අන්න මුක්තාලතාලා බක්කි කරත්ත තුනකින් කැලණි යන්නට පිටත්වුණා. උඹ ඇඩිගේ කාරඒකේ නැගී සියනේරිස් අප්පුත් සමග තවත් වුවමනා කරණ හිතේසිවන්තයෙකු සමග ගොස් කැලණි විහාරයට යන අය කරත්ත වාහන ලිහන තැන දි මුක්තාලතාගේ ප්රැමාදයක් බලා මොටෝ කාරු පාරට අවුත් සිටපන්. උඹට යාමට විලි හාමුගේ මොටෝ රථයත් රැගෙන හරියට 6 ට මම ඒනනෙමි”යි කීයේය. එසේ කියා අන්තොනිට විස්කි විදුරුවක් ද බොන්නට දුන්නේය. අන්තෝනි අප්පු තමාගේ මිත්රඹ පොන්නසාමි සහ සියනේරිස් අප්පුත් කදවාගෙන ඔවුන්ට ද හොදට ම බොන්නට දි- ඇඩිගේ මො‍ටෝකාර් එකෙන් කැලණියට ගියේය. අඩිටත් බොන්නට කථා කළ නමුත් ඔහු දක්‍ෂ මිනිහෙක් නිසා-බිගත්තොත් මේ කරන්නට යන මර උගුලට තමාත් පැටලේ ය කියා සිතා ගෙන “මට පවුම් 25 ක් දුන් නිසා උඹේ අපරාධ ක්රිරයාවට සහභාගි වෙන්නට වූ නමුත් උඹලා අහුවෙන මර උගුලට අහුවෙන්නට ඔනෑ කමක් ක් නැත. උඹ මගේ කාර් එකට නංවන කාව නමුත් අනුරාධපුරයට ගොසින් දමා රැ දෙකට ඉස්සරන් මම කොළමට පැන ගන්නෙමි”යි සිතා දැඩි හොද සිහියෙන් ම ඔවුන් සමග කැලණියට ගොස් බක්කි කරත්ත ආදිය ලිහන ගාලට කිට්ටුව කාර්එක නවත්වාගෙන සිටියේය. අන්තෝනි අප්පුත් ඔහුගේ අනුචරයන් වන සියනේරිස් හා පොන්නසාමිත් වෙරි පිට කිසි භයක් චකිතයක් නැතුව කෝපි කඩයක වාඩිවි සිටියෝය. මක්තාලතාලාගේ කාණඩය 6 ට මින්ත්තු 15 ක් පමණ තිබිය දි අවුත් කරත්ත වලින් බැස්සෝය. මේ වෙල්ව පාර ජනයාගෙන් අතුරු සිදුරු නැති විය. එකිනෙකාගේ ඇගේ ඝෂ්ටනය වෙමින් හැසුරුණු ස්ත්රීැ පුරුෂයන් නිසා බොහෝ




198 අෂ්ටලෝක ධර්මඑ චක්රතය

හිරිහැර ඇති විය. අර්නෝලිස් අප්පුහාමි සහ බුද්ධදාසත් සමරසේකර හාමිනේත් මල් ගැනීමට කඩයක් ළඟට හියහ, එවිට මුක්තාලතා කු‍ඩා ගෑණු ළමයිනුත් සමග මහපාර අද්දරින් ද අනිත් පිරිස ඊට ටිකක් වත්තට ඇතුළෙන්ද වුන්හ, මේ වෙලාව බලා සිටි අන්තෝනි සෙනඟට ගැටෙමින් ම අවුත් උකුස්සෙක් කුඩා මස් වැදැල්ලක් පැහැර ගත්තාක් මෙන් මුක්තාලතා උස්සා ගෙන ගොස් මොටෝ කාර් එකේ දමා ගත්හ. අන්තෝනි ද අතින් අනුචරයෝ දෙදෙනා ද එහ ම නැග ගත්හ. ගමනට සූදානම් ව සැර දමා‍ගෙන වුන් මො‍ටෝ රථය ඇසිල්ලකින් නොපෙනී ගියේය. මුක්තාලතා සමග සිටි ගෑණු ළමයි දෙදෙනා හා එහායින් සිටි පිරිසත් “මෙන්න පුංචි හාමිනේට රැගෙන ගියෝ” කියමින් මර හඬ දෙන්නට පටන් ගත්හ. රූප සම්පන්න තරුණියන් බලහත්කාරයෙන් මොටෝ රථයක ලාගෙන ගිය බව දහස් ගණන් සෙනඟ කියමින් වැලපුනාහ. මුක්තාලතාවගේ මවුට මේ බව ඇසුනු විට සිහි නැතුව මුරුජා වී සිටියේයඅර්නෝලිස් අප්පුහාමිත් බුද්ධදාස ඇතුඵ අනිත් පිරිස බියපත්ව මේ කුමක් වුණාදැයි සිතා වහාම තොටළඟ පොලීසියට අවුත දැන්වීය. ඔවුන් පොලීසියට දැන්වූ නමුත් තරුණිය රැගෙන ගියේ අසවල් පාරෙන් අසවල් පැත්තටයයි කියන්නට නොදත් බැවින් කිසිවත් කර ගත නොහි සිහි නැතිව සිටින සමරසේකර හාමිනේත් කරන්තේ ලාගෙන කොටහේනට අවුත් නීති මාර්ගයෙන් මේ ගැන ක්රි්යා කරන්නට පටන් ගන්හ. මක්තාලතාව ගෙන ආ මො‍ටෝ කාර් එක නුවර පාරෙන් කැලණියට හැරෙණ මංසන්ධියට එන්තුරු ඉතාමත් වේගයෙන් අව්ත් ඒ සන්ධියේ දි නවත්වා අන්තෝනි අප්පුත්, සොන්නසාමිත් බිමට පැස්ස පසු, නැවතත් ඉතා වේගයෙන් නුවර පාරේ ගමන් ගත්තතේය. පැය භාගයක් පමණ ක්ලාන්තව සිටි මුක්තාලතා සිහි අවුත් ඇස් ඇර බැලු විය-රිය එලවන අය ඇර මහත් මහලු මිනිසෙක් ඉස්සරහ ආසනගේ වාඩිවි සිටින බවත් මේ කොයි පළාතකට ගෙන යනවා ද-එසේ ගෙන යන්නේ කා විසින් ද- කා සදහා ද යනු සො දැන රථය එලවන්නාට කථා කොට සහෝදරයා, උඹ මා අරගෙන යන්නේ හොහාට ද මේ කළේ කුමන අපරාධයක් ද’යි ඇසුවාය. එවිට ඇඩි ඉතා ශාන්තා දැන්ත කෙනෙක් මෙන්, “අනේ” නෝනා මහත්මයා-මම මොකුත් නො දනිමි. අනුරාධපුරයට යාමට මගේ කාර්එක කොටහේනේ අන්තොනි අයියා කුලියට ගත්තා. රුපියල් 250 ක් කුලියක් ලැබෙන් නිසා මමත් කැමැති වුණා. එහෙත් නෝනා





පියදාස සිරිසේන නවකථා එකතුව 199


මහත්මයාව බලෙන් කාර් එසේ දමා ගත්තාට පසු කරන්නා වු අපරාධය දැන ගතිමි. ඉතින් දැන් මට එය වෙනස් කරන්නට ද බැරිය. මම දැන් අනුරාධපුරයට ගොසින් උපාසක අප්පුහාමිලාගේ හෝටලයට නෝනා මහත්මයා ඇරලා අද රෑම හැරි එන්නෙමි. මා ගැන අමනාපයක් නො සිතා කාර්එකේ ඉන්න-නෝනා මහත්මයාට අනුරාධපුරයට ගිය හැටියේ ම මේ අධම මිනිසුන් ගේ අතින් බේරේන්නට පුඵවනැ”යි කීයේය. “යමක් සිද්ධ වූ විට කණගාටුවීම අප්රියොජනය. පිළිවන් වුණොත් මේ චංඩාලයන්ගෙන් ගැලවෙමි-බැරි වුණොත් දිව නසා ගනිමි”යි සලකාගත් මුක්තාලතා -රාවණාගේ අහස් නැවේ ලා ගත් සීතා කුමරිය මෙන් බලවත් චිත්තසන්තාපයෙන් යුක්තව මුවෙන් නොබැණ සිටියාහ. අන්තොනිට යාටම විලි හාමුගේ මොටෝ රථයක් රැගෙන හරියට හටය ජේමිස් අප්පු නුවර පාරේ රැකගෙන වුන්නේය. විලී හාමුගේ මොටෝරථය එලවන්නා ද තද බේබද්දකි. ඔවුහු කොළඹින් ඒදදි ම ජින් ආඩම්බරයෙන් වැනි-වැනි එන අන්තෝනි අප්පුව දුටු ජේමිස් අප්පුට අප්රනමාණ ප්රීවතියක් ඇති වී, “කොහොම ද වැඩේ හරි ද-අන්තෝනි උඹ වගේ පින්වන්තයෙක් කොයිද? -දෙවඟනක් වැනි ළමිස්සියකුත් පවුම් දෙසීයක් තරම සල්ලිත් ලැබුනා නොවේද? ඔන්න ඉතින් ඔය උදව් සිහි‍යේ තබා ගනින්නැ”යි කියා-හතරදොන ම එකතුව ජින් බෝතලයක් බී ඉතුරු මගදි බොන්නට ද ජේමිස් අප්පු තිරික්කලයකින් ගෙද ර ගියේය. අන්තෝනිත්, පොන්නසාමිත්, විලි හාමුත් රථය ඵලවන්නාත් යන හතර දෙනා ම වෙරිමතේ සිංදු කියමින් පිළිවන් ඉක්මණින් රථය එලවාගෙන අනුරාධපුරය පැත්තට ගියේය. මහනුවරට කැරොල් පෙරහැරේ කෝලාහලය මෙන් ම මුක්තාලතා කොල්ලකාගෙන ගිය කථාව ද කොළඹ සෑම තැන ම ප්රෙසිද්ධ විය. ජේමිස් අප්පු ගෙදර ආ හැටියේ ඩේසි දුවගෙන අවුත් “ මොකද මුක්තාව අන්තෝනියාට ‍ගන්නට ලැබුනාදැ”යි අසුවා ම, ඔව් ඒවා ඔක්කොම හරි දැන් ඔවුන් හැතැප්ම විස්සක් තිහක් දරයි”කීය. මුක්තාලතා නම් උතුම් කුලස්ත්රිවයගේ විනාශය ගැන ඇසූ ඩේසිගේ ප්රීලතිය ධරාගත නොහැකි වී අල්ලපු වත්තේ සිටින කිරිහාමිත් තවත් අනුවර ස්ත්රී‍හුත් කැදවාගෙන රබන් ගැසීමාදී ක්රීිඩා කරන්නටත් ඔල්වරහඬ දෙන්නටත් පටන් ගත්හ. එහෙත් ඊට ආසන්නට පිහිටි මුක්තාලතාවලාගේ ගෙදර මිනිමල ගේකට වඩා සතසහශ්ර්වාරයකින් දුක්ඛිත ස්වභාවයක් පැවැත්තේය. මුක්තාලතාව අඳුනන වැදගත් සුත්රීා පුරුෂයෝ අවුදින් දුක්ඛිත ප්රැවෘත්තිය අසා කඳුඵ වගුරුන්නට


200 අෂ්ටලෝක ධර්මර චක්රඳය

පටන්ගන්හ. වැදගත් කීප දෙනෙක් පොලිසිය මගින් මේ ගැන කටයුතු කළහ. විපතක් පැමිණෙන විට එය වැලැක්විමට පිළිවන් වූ කෙනෙක්වත් ස්ථානයක්වත් නැති බව සුවිනීත ගුණ සම්පන්න ගැඹුරු ප්ර ඥාවෙන් යුත් මුක්තාලතාවට සිද්ධ වූ විපතින් ඔපුපු වේ.

19. පරිච්ඡේදය[සංස්කරණය]

මැ යි මස 20 වැනිදා දවල් 3 ට ජයසිංහ මහතා පොළොන්නරුවෙන් පිටත් විය. පැය දෙකක දී තරම් එතුමාගේ කාර්එක අනුරාධපුරයට ළඟා ව්නනට පිළිවන් වූ නමුත් පොළොන්නරුවට හැතැප්ම තිහක් පමණ මෙහා දි යුරෝපිය නොනාවරු සහ මහත්තැන් කීප දෙනෙක් ගිය මොටෝ රථයක් කැඩි ගොස් අමාරුවට පත්ව සිටි බැවින් එය හරි ගස්සා දීමෙන් ආධාර කරන්නට නැවතීමෙන් ජයසිංහ මහතා ගේ ගමන ප්රගමාද විය. ජයසිංහ මහතා හරියට 6 ට පමණ අනුරාධපුරයට අවුත් එහි මහා හෝටලයට ගොස් එදා රෑ නවතින්නට ඉට තිබේ දැයි බැලීය. වන්දනාකාරයන්ගෙන් සහ සුද්ධනුවර බලන්නට අවුත් සිටි යුරෝපිය මිනිසුන්ගෙන් ද හෝටලය පිරි තිබුනු බැවින් කොහෙත් ම ඉඩක් නැති විය. එවිට උන්නැහේ විශ්රාුම ශාලවකට ද ගොස් එහි ද ඉඩ නැති බැවින් අද රෑ නවතින්නේ කොහොම දැයි සිතමින් 6-30 වන තුරු නොයෙක් තැනවලට මො‍ටෝරථයෙන් ම ගොස් සුදුසු තැනක් නොලැබුනු බැවින්-කෙළින් ම කොලඹ එන කල්පනාව පිට දුම්රියපල පැත්තට ආයේය. ඒ එනකොට තමා ගේ මිත්රර දෙමළ මහත්මයෙක් එවෙලේ ම ආ දුම්රියෙන් බැසි නගරය පැත්තට යනු දුටු ජයසිංහ මහතා රථය නවත්වා ආචාර කොට, “කෙයිබ’ ගොස් එනවාද, ඇයි අද මෙහි පැමිණියේ?” කියා ඇසීය. එවිට ඒ ද්රයවිඩ මහතා තමගේ ඥාතියෙක් සම්බ වන්නට බැස්ස බවත් මහනුවට සිට තමා එන බවත් කියා, “ ජයසිංහ මහත්මයා නුවර පෙරලිය ගැන ආරංචිදැ”යි ඇසුයේය. “ඔව් මිත්රයයාණනි, නිකම් දූසමාන ආරංචියක් අද හයෙන් පසු අනුරාධපුරයේදි දැන ගන්නට ලැබුනා. කොහොම ද එහි විස්තර දන්නවා නම් කියන්න” ටය කියා ජයසිංහ මහතා රථයෙන් බැස මහපාරේ අද්දරින් සිටනගෙන දෙමළ මහතාත් ජයසිංහ මහතාත් කථා කෙළේ ඉංගිරිසි භාෂාවෙන්ය. මේ දෙදෙනාගේ කථාව ඉතා ඕනෑ කමින් අසාගන්ට සතුටු වැදගත් පෙණුමක් ඇති තලතුනා සිංහල




පියදාස සිරිසේන නවකථා එකතුව 201

මනුෂ්ය යෙක් ද පාරේ යමින් සිට ඒ තැන නැවතුන බැවින් ජයසිංහ මහතා සිංහලෙන් ම කියන්ට යයි දුවිඩ මහතාට කී බැවින් ඉතා හොදින් සිංහල කථා කරන්නට පිළිවන් ඒ මහතා සිංහලෙන්ම කාරණය කීයේය. ජයසිංහ මහතාගේ හිතට නුවර කලබලය ගැන මහත් කණගාටු ඇති විය. ඒ එක්කම එදා රෑට නැවති සිටින්නට සුදුසු තැනත් සූදානම් කරගන්නට ද නොහැකි වූ බැවින් මහත් කනස්සල්ලක් විය. උන්නැහේ නැවත්ත නගරයට යන පිණිස මො‍ටෝ රථයේ නගින කොට ඒ ළඟ සිටි වැදගත් පෙණුමක් ඇති මහලු මනුෂ්ය‍යා ඉතා යටත්පහත් ව”මහත්මයෝ-මේ රැ බෝවෙලා කොයිබටදැ”යි ඇසීය. එවිට ජයසිංහ මහතා මේ යහපත් මනුෂ්යැයා අදුනන බව පෙනේ. මොහුගෙන් වත් නැවතීමට තැනක් අසා ගැනිමිය් - අපේ රටට සුබ වැඩකර දුන් ජයසිංහ මුදියන්සේ රාළහාමිගේ පුතතුවෝ වන ජයසිංහ ඉංජිනේරුතුමාය. අනේ තමුන්නාස්සේලාට මහජනයාගේ හිත මිත්රේයන්ව කරණ වැඩ නිසා දැන තමුන්නාන්සේලාට මුඵ ලක්දිව ම සෙනඟ දෙවිවරුන්ට මෙන් ගරු කරති”යි කීය. එවිට ජයසිංහ මහතා සිනාසි, “ආ ලොකු උන්නැගේ අපි තවම වැඩ කරන්නට පටන් ගත්තා පමණකි. ඉතින් මහජනයාගේ ගෞරවයට නියම ම උරුමක්කාරයෝ නොවෙමු. ඒ කොයි හැටි වුණත් මට අද රැ නැවතීමට තැනක් සොයා දෙන්නට පිළිවන්ද”යි ඇසීය. එවිට ඒ ගුණවත් මනුෂ්යටයා, ‘අනේ මහත්මයෝ, මගේ දුප්පත් හෝටලක් තිබේ. එවිට ජයසිංහ මහතා ඉතාමත් කැමතිව ලොකු අන්නැහේවත් තමාගේ කාර්එකේම නංවා ගෙන ඔහුගේ හෝටලයට අවුත්-ඉතාමත් සතුටුව-අද හැටියට මෙය මාලිගාවකැයි කියා එහි කාමරයට ගොස් ඇදුම් ඉවත් කර අත පය සෝදා ගෙන රැ ඇදුම් ඇඳගෙන ඒ මහලු අප්පුහාමි විසින් ඉතා ප්රපණීත ලෙස පිළියෙල කර දුන් ආහාර අනුභව කොට තමාගේ රථය එලවන්නා වන විලියම්ට ද කෑම දෙවා-ඔහුට රථය ගෙන ගොස් රුවන්මැලි සෑය අසල පිට්ටනියේ තබන්ටත් එය හරියට ම උදේ 4 ට ගෙන ඒනනටත් කියා පිටත් කර හැරියේය. ඉක්බිති ජයසිංහ මහතා මහලු අප්පුහාමිට කථාකොට,” කරුණාවන්තඅප්පුහාමි අද මට කළ උපකාරය ඉතා වටිනා එකකි. මේ කාමරය නොලැබුනා නම් රැ මුඵල්ලේ ගමන් කරන්නට වෙනවා-අද අපට කළ සංග්රේහයට මෙන්ම මේ මුදල ගන්ට. උදේ මා සම්බවීම අමාරුය. මම උ‍දේ 4 ට මෙහෙන් පිටත්ව




202 අෂ්ටලෝක ධර්මය චක්ර ය

යන්නෙමි”යි කියා රුපියල් 15 ක් දුන්නේය. උපාසක අප්පුහාමි ජයසිංහ මහතාගෙන් කිසිවක් නොගන්නට උත්සාහ කළ නමුත් බලවත් කරදරය නිසා ඒ මුදල ගත්තේය. ජයසිංහ මහතා කීප දිනක් ම වෙහෙසුනු බැවින් කාමරයට ඇතුල්වි දොර වසාගෙන අටට පමණ නිදා ගත්තේය. මක්තාලතා රැගෙන ඇඩි ඉතාමත් ප්රහවේසමෙන් ද ඉතා වේගයෙන් ද තමාගේ රථය එලවාගෙන අවුත් රැ 11 ට අනුරාධපුරයට ළඟාවී උපාසක් අප්පුහාමිගේ හෝටලයට අවුත් තමා කලින් දැන සිටි චාර්ලිස් සිංඤෝ නැමැති උපාසක් අප්පුහාමිගේ හදා ගත් පුතාට මුක්තාලතාව භාර කළේය. තමා සමග ආ සියනේරිස්ව ද කාර්එකෙන් බස්සවා වතුර උගුරක්වත් බීමට අනුරාධපුරයේ නොනැවතී අඩී කොළඹ එන පිණිස ඉතා වේගයෙන් ආයේය. මුක්තාලතාවගේ රූපශ්රී යාව දුටු චාරලිස් සිංඤාගේ සිත විකල විය. එතැනත් එදින චන්දනාකාර ස්ත්රීී පුරුෂයන්ගෙන් හෝටලයත් මිදුලත් සෑම තැන ම පිරි තිබුනු බැවින් ඔහු උපාසකයෙක් මෙන් මුක්තාලතාවට වෙන්කර තිබු කාමරය පෙන්වා එහි යවා ලෙනෝහාමි නම් වූ මාතර පළාතෙන් වන්දනාවට අවුත් ඒ හෝටලේ ම නැවතී සිටි තලතුනා වයස් ගත උපාසිකාව සමග කථාබස් කිරිමාදි සංග්රනහ කරන්නට කීයේය. මුක්තාලතාවට බලවත් පිපාසය තිබුනු බැවින් ලෙනෝහාමිට කතාකොට, “අනේ අම්මේ, මට තේවතුර කෝප්පයක් ඉල්ලා දුන මැනැවැ”යි කීයේය. ලෙනෝහාමි ගෙනත් දුන් තේ වතුර කෝප්පය බි තමා ඇද තිබුන් පට රෙදි ඔසරිය උනා තබා මූණ අතකට සෝදා ගෙන එහි තිබුනු ඇද උඩ හාන්සිවි “ඉතින් කුමක් කරමිද”යි කල්පනා කරන්නට පටන් ගත්තේය. මෙවිට වේලාව රැ දොළහට පමණ විය. ඒ කාමරයේ ම කුඩා කවිච්චියක් පිට සිටි ලෙනෝහාමි උපාසිකාව මහත් ගැඹුරු කල්පනාව ඇත්තියක් නිසා සෝකයෙන් හා භයින් මැලවි ගිය මුහුණත් ඇති නමුත් දිව්යාප්සරාවකගේ ශ්රිනයාව උසුලන මුක්තාලතා දෙස බලමින්. මේ තරුණ නෝනා තනියම ඇවිත් ඉන්නේ යම්කිසි කාරණයක් පිටය. ඒ නිසා මෙහ සොයා ගනිමි”යි සිතා “නෝනා මහත්මයා, මොකද මේ අවේලාවට තනියම ආවේ? මහත්මයා දැන් ඒවිද? එසේ නැත්නම් ඒක්ක ආ අනිත් මහත්තැන් අවිදින්නට ගියාදැ”යි ඇසීය. ලනෝහාමි උපාසිකාව ඇසු කිසිවකට පිළිතුරු නොදි- ටි වේලාවක් කල්පනා කළ මුක්තාලතාවට මෙසේ කල්පනා වූවාය. මට වූණාවු විපත්තිය නොකිය සිටිමෙන් කිසි පිළි සරණක් නොලැබේ. සමහරවිට එය කීමෙන් මොවුන්ගේ අනුකම්පාවවත් ලැබෙන්නට පිළිවන. දැන් මා සොයාගෙන




පියදාස සිරිසේන නවකථා එකතුව 203


එන අන්තොනියාගෙන් ගැලවීමට මේ උපාසිකාවත් වන්දනාවට අවුත් සිටින වෙන යම් කෙනෙකුත් ආධාර විය හැකිය. ඒ නිසා මට වු විපත නොසඟවා කියන්නෙමි. එහෙත් එය එකපාරටම එලි නොකර ටිකින් ටික ප්රතකාශ කරන්නෙමියි කල්පනා කරගෙන, “උපාසක අමමේ මට අනතරක් සිදුවි තිබේ. මට පමණක් නොව ලෝකේ සෑම දෙනාට ම අනතුරු පැමිණෙති. අෂටලොක ධර්මය කාටත් එසේය”යි කීයේය. “නෝනා මහත්මයා කොහේද?” “මම කොලඹයි” “මේ රාත්රිමයේ මෙසේ තනියම ආවේ ඇයි?” “මම නො ආවෙමි. එන්න සිදුවුනා” “අනේ නෝනා මහත්මයා මා සමග ඇත්ත කියන්ට-මා සමග වන්දනාවට ආ පිරිස 20 ක් සිටිති. නෝනා මහත්මයාට යම් උපකාරයක් උවමනා නම් මම එය සලස්වමි.” “නමුත් මගේ කර්මයට අනුකූලව උදව් උපකාර මිසක් අන්යන කිසිවක් ලැබිය නොහැකියි. අෂට ලොක ධර්මය නමැති රිය චක්රයය පැයකට වරකුත්, දිනකට වරකුත්, සත්යකට වරකුත්, මාසයකට වරකුත්, අව්රුද්දකට වරකුත්, යානදි වශයෙන් කර කැවෙමින් පවතී. මේ නිසා පූර්වයෙහි කළ කුසලාකුසල කර්මවල ප්රනමාණයට ඒ අෂ්ටලොක ධර්ම චක්ර යේ අට වැදෑරුම් දත්වල ඒ ඒ ලාභාදි විපාක අඩු වැඩිව සලකුණු වී තිබේ. ඉතින් ඒ විපාක නොවිද ඉක්මන්නට පිළිවන් දෙවියෙක් බ්ර හ්මයෙක් මිනිහෙක් ලෝකයේ නොමැතියි. ඒ නිසා මට සිදුවිය යුත්ත සිදු වන්නේමය. “නොනා මහත්මයා වැනි කාරණා කාරණා දත් උගත් ගුණවත් කෙනෙකු දකින්නට ලැබුනු එකක් මගේ පිනකි, “ අෂ්ටලොක ධර්මය” ය කියනවා මිස ඒ කුමක් ද කියා මම නොදනිමි. කරුණාකර මට එය විස්තර කර දෙන්න?” ඉතා කණගාටුවට පත්ව සිටිතත් පුරුද වූ මධුර ස්වරයෙන් මේ ගථාව හෙමින් කීයේය. “ලාභො අලාභො අයසො යසොව- නින්‍දා පසංසාව සුඛංච දුක්ඛං එතෙ අනිච්චා මනුජෙසු ධම්මා- මාසොකමා පජ්ජහි පොට්ඨපාද”



204 අෂ්ටලෝක ධර්මප චක්රරය

මෙවිට වේලාව රාත්රි් එකට පමණ විය. ජයසිංහ මහතාට ඉතා තද නින්දක් ගොස් මේ ගාථාව කියන විට ම වාගේ ඇහැ ඇරි ඒ ඉතා ආසාවෙන් අසා සිට, “ මේ ගාථාව කියන ලද්දේ මෘදු වූ ස්ත්රිඇයක් විසිනි. මට නින්දා ගොස් තිබුනු බැවින් මොවුන්ගේ විටිනා කථාබස් අසා ගන්නට බැරිවිය. තමාගේ මේ කාමරයට අල්ලපු කාමරයේ ඉන්නේ යමක් කමක් දත් වටිනා සුත්රී හු බව සලකා අවදිව කල්පනාවෙන් සිටියේය. “ඉතින් නෝනා මහත්මයා, ඔය කථාව කී කරමින් මට අෂ්ටලොක ධර්මය තේරුනේ නැහැ. කරුණාකර එය විස්තර කොට මට අවබෝධ කරවන්න” “උපාසක අම්මට බණ කියන්නට ඉඩ ලැබේද? මගේ සතුරා දැන ළඟ ඇද්ද නොදනිමි”යි කියා මෙසේත් කීය. අධර්මයට ඇස් ඉදිරිපිට ම වාගේ විපාක ලැබේ. ඉතින් ධර්මයටත් විපාක ලැබිය යුතුය. ඒ නිසා බාගවේලාවට මගේ හතුරාට එලිවනතුරු මෙහාට එන්ට නොලැබෙන්නට පිළිවන. එසේ වුණොත් මට සැපය කියා අෂ්ටලොක ධර්මය විස්තර කරණු සදහා “තුන්ඩිල” ජාතකය කියන්නට පටන් ගත්තාය. ( මේ කරුණු කියනකොට ජයසිංහ මහතාට මහත් පුදුමයක්ව ඉතා ඕනෑකමින් අසාගෙන සිටියේය. මුකතාලතා ඉන්න ඇදත් ජයසිංහ මහතා ඉන්න ඇදත් එකම බිත්තියේ දෙපැත්තේ කාමර දෙකේ තිබෙන බැවින් ඉතා හෙමින් කියන කරුණක් නමුත් පිරිසිදු ලෙස අසන්නට පුඵවන් විය) ඔන්න උපාසක අම්මේ අෂ්ටලොක ධර්මය අපේ බෝධි සත්වයන් වහන්සේ පළමුවෙන් දේශනා කළ අවස්ථාව මෙසේයි. යට ගිය දවස බරණැස් නුවර බ්රළහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්යිය කරණ සමයෙහි-පුරණ ලද බෝධිසම්භාර ඇති අප මහබෝසතාණන් වහන්සේ හිමාල වනයේ එක් ගස් බිලයක ගිරවෙක්ව උපන්නේය. ඒ ගිරවා කුඩා කාලේ ම එනම් පියාපත් ශක්තිමත්ව පියාඹන්ට බැරි අවස්ථාවේ දි එක් දිනක මහත් හුලඟක් හමා වනාන්තරයේ තිබුනු දිරා පත් ගසු සියල්ලක් කැඩි සුනුවිසුනුව ගියේය. මේ ගිරාපෝතකයා සිටි බිල සහ ගස ද කඩා ගියෙන් පියඹන්නට නොහැකි රන්වන් ගිරාපෝතකයා කුඩා පය දෙකෙන් පැන පැන ගොස් පඳුරක සැඟවෙන්නට යන විට එම පදුරේ තමාට සමාන වයසේම තවත් ගිරාපෝතකයෙක්ද සිටින බව දුටුයේය. ඔවුන් දෙදෙනා චණ්ඩ මාරුතයටත් තද වර්ෂවටත් ආවරණයක් වශයෙන් ඒ කුඩා පඳුරේ සැඟවී සිටින විට මුව දඩයමට අවුත්,තදබල වර්ෂාවත් සුලඟත් නිසා කිසිවක් දඩයම් කරගන නොහැකිය සිටි වැද්දෙක්




පියදාස සිරිසේන නවකථා එකතුව 205

ඒ ගිරා පැටවුන් දෙදෙනා දැක, “ අද මට දඩයමකුත් නැත. ගෙදර ගොස් කරන්නට දේකුත් නැත-එබැවින් රන්වන් පාට වු අර ගිරා පැටවුන් දෙදෙනා, අල්වා ගෙන ගොස් නුවර කාටවත් විකුණා මුදලක් ගනිමැ”යි සිතා පිහාටු වැඩිගෙන එන කුඩා ගිරා පැටවුන් දෙදෙනා අල්වා ගෙන නගරයට ආයේය. “රන්වන් ගිරවු” කියමින් වැද්දා විථිවල ඇවිද්දේය. ඒ නුවර මහා සිටාණන්ට දරුවෝ නැත්තාහ. සිටු දේවිය දරුවන්ට ඉතා ආදරය ඇති නමුත් දරුවන් නොලැබෙන බැවින් මහත් සෝක‍යන් සිටින්නීය. වැද්දා “රන්වන් ගිරා පැටවුන්ය”යි කි ශබ්දය සිටුදේවියට ඇසි ඔහු මාලිගාවට ගෙන්වා සිටාණන්ට පෙන්වා ඒ ගිරවුන් ගන්ට කියා සිටියාය. සිටානෝ ගිරවුන් බලා ස්වර්ණවර්ණමය වූ තුඩින් හා පැදයෙන් යුත් පින්වත් ගිරා පැටවුන් දෙදෙනාට වැද්දා කී මිලටත් වඩා මිල ගෙවාඵක් ගිරවකුට “තුන්ඩිල” කියා ද අනික් ගිරවාට “ පොට්ඨපාද” කියා ද නම් තබා දෙදෙනාට ම රන් කුඩු දෙක්ක සාදා-දිනපාතාම මී හා විළද කවමින් ආරක්‍ෂා කළේය. මාස ගණනකින් ගිරවු දෙදෙනා ලොකුව මිනිස් භාෂාව කථා කිරිමට අතිශයින් දක්‍ෂව ලෝකයෙහි ප්රෙකට වූවෝය. සිටාණන්ට පියාය. සිටුදේවියට මෑණියොය කියමින් නොයෙක් කථාබස් කරණ මේ ගිරවුන් බැලිමට දිනපතාම සෙනඟ පැමිණෙන්ට පටන් ගත්තාහ. ඒ එන මිනිස්සු විළද, මී පැනි, රස ඵල වර්ග, බෙහෙත් තෙල් වර්ග ද ගෙනවුත් ගිරවුන් දෙදෙනාට කවා සතපාක සහශ්රෙපාක තෙල් වර්ග ඇඟේ හා පිරිමැද ඉතා කරුණාව දක්වා ගිරවුන්ව ගේ මධුර ගීතිකා හා බුහුටි සුරතල් කථාත් සතුටුව යෙති. සිටාණන් හා සිටු දේවිය ද ස්වකීය දරු දෙදෙනෙකුට මෙන්ම මහත් ආදරයෙන් ගිරා පෝතකයන් දෙදෙනාට සංග්රාහ කරන්නාහ. ඈත පළාත් වලින් ද නිතරම සෙනඟ අවුත් ගිරවුන් දෙදෙනා බලා ප්රීවතිව නොයෙක් සංග්ර හ කොට යති. මෙසේ කාලයක් මුඵල්ලේ ගිරා පෝතකයන් දෙදෙනාට ලැබුනු ගරු බුහුමන් ආදර සැලකිලි සහ සැප පහසුත් නිසා ඔවුන්ගේ ප්රීෝතිය ද අධිකය සුවසේ වාසහ කරන්නාහ. “ඉක්බිති මේ ගිරවුන් අල්වා ගෙන ආ වැදි පුත්රනයා ම ව‍නයේ ඇවිදින විට ඔහුට රන්වන් හංසපෝතකයන් දෙදෙනෙක් අසුව-ගිරවුන් මිළයට ගත් සිටුගෙදරට පැමිණ හංස පැටවුන් දෙදෙනා පෙන්විය. ස්වණවර්ණප වූ තුඩ හා පාද ඇති ඒ ස්වර්ණමහංසපොතකයන් දුටු සි‍ටානෝ අතිශයින් සතුටුව මසු රන් දහසක් දි හංසයන් මිළයට ගෙන රන් කූඩු දෙකක් සාදවා එහි ඔවුන් ද ඉඳුවා කවා පොවා සංග්රමහ කරන්නට පටන් ගත්තේය. ගිරාපෝතකයන් දෙදෙනා එක පැත්තකිනුත් හංස පැටවුන්




206 අෂ්ටලෝක ධර්මු චක්රතය

දෙදෙනා එක පැත්තකිනුත් සිටු මාලිගාවේ ඉස්තෝප්පුවේ ඉන්නාහ. ටික කලක් යන අතර ගිරවුන් බලන්නට එන මිනිස්සු ගිරවුන්ට ගෙන ආ සංග්ර හ ආදිය හංසයන්ට දි ඔවුන් බාල සතුටු වෙති. සිටු දේවිය හා සිටානෝ ද තුන්ඩල පුත්රහයා, පොටඨපාද පුත්රෙයා, කියමින් ගිරා පෝතකයන්ට දමසක් දස දොළොස්විටක් කථා කරමින් උකුලට ගෙන සුරතල් කරමින් පිරිසුදු මී පැණියේ බහාලනලද විළද කැවූ නමුත් හංස පොතකයන් දෙදෙනා මුහුකුරා ගිය පසු ගිරවුන් දෙස බලන්නටවත් මතක නැතිව හංසයන් සමග දරු සුරතල් කරති. මාලිගාවේ වැඩකරුවන් විසින් ගිරවුන්ට දිනකට දෙවරක් දෙන ආහාරය මිස පිටතින් පැමිණෙන ජනයාගේවත් සිටාණන්ගේ හා සිටුදේවියගේවත් බැල්මක් පමණකුදු ගිරවුන්ට නැතිව ගියේය. හංසපෝතකයන් දෙදෙනාට කලින් පැවතුන සියලු ලාභ සත්කාරදියත් ගරු බුහුමනුත් ලැබෙන්නා වු බැවින් ඒ බලබලා ඉවසාගත නොහැකි වූ පොට්ඨපාද නම් වු ගිරාපෝතකයා ශෝකාතුරව පිහාටු පොරෙවා ගෙන කිසිම ආහාර පානාදියක් නොගෙන නො මළ නමුත් මළ කෙනෙක් මෙන් ඇස් පිය ගෙන තමාගේ කූඩුවේ වැදහොත්තේය. ඒ ලඟම සිටි තුන්ඩිල නම් වු ගිරාපෝතකයා පොට්ඨපාදියාට කථා කොට, “ඇයි සහෝදරය, නුඹට අසනීපයක් ද, උඹ කීප දිනක සිට කථාකරන්නේවත් කන්නේ බොන්නේවත් නැතිව ඉතාමත් ගිලන්ව ශෝකාතුරව ඉන්නේ යම් කිසි රෝගයක් ද, එසේ නැති නම් නුඹට ඇති වු කලකිරිම කුමක්දැ”යි ඇසුයේය. එවිට මලානික වු හඬින් පොට්ඨපාදියා, “අයියංඩියනි, තුංඩිල නම් වු ගිරා පොතකයාණනි, අර ඉන්නා වූ හංස පැටවුන් දෙදෙනා ආ දිනේ පටන් අපේ ‍ලාභසත්කරත්, ගරුබුහුමනුත්, සියල්ලක් ම ක්රෙමයෙන් ඔවුන්ට ගියහ. ඔවුන් අවුත් වැඩි කලක් ගත වන්නට ප්රදථම මෙසේ අපට වුණි නම් ඉදිරියට, බලු කපුටන්ට ලැබෙන සත්කාරයක් පවා අපට නොලැබෙන්නේය. සිටි දරුවන්ගේ, සිටු කුමරියන්ගේ මෘදු වු අත්වල ස්පර්ශය ලබමින්-සතපාක සහශ්රිපාක සුගන්ධ තෛළ ආලෙප කරවා ගනිමින් මධුර වූ මධු හා සුවඳ හැලවීයෙන් නැනු විළඳ අන්භව කරමින් සිය ගණන් ජනයාගේ තෙත්රා ශ දැකුම් නමැති පවන් ලබමින් සිටි අප දෙදෙනාට මෙබදු දුකක් අගෞරවයක් වූ කල්හි කුමට ජිවත් වෙමිදැයි සැලකු මා ජිවිතක්‍ෂ කරගන්නා පිණිස මෙසේ නොකා නොබි ශෝකාතුර විමි”යි කීය. එබස් ඇසු තුංඩිල නම් වූ මගේ ස්වාමි දරුවු තිලෝගුරු බෝධිසත්වයන් වහන්සේ පියාපත් ගසා නාද කොට, මධුරස්වරය විහිදුවා මෙසේ කීයේය:-



පියදාස සිරිසේන නවකථා එකතුව 207

“ලාභො අලාභො අයසො යසොව- නින්‍දා පසංසාව සඛංච දුක්ඛං එතෙ අනිච්චා මනුජේසු ධම්මා- මාසොකමා පජ්ජහි පොට්ඨපාද”

එම්බා පෙට්ඨපාදිය, ලාභය, අලාභය, අයසය, යසසය, නින්දාවය, ප්රගසාසාවය, සැපය, දුකය යන මේ අටවැදෑරුම් වූ අනිත්යභ වූ ධර්මය හෙවත් පෙරලීම වශයෙන් පවන්තා ධර්මය මනුෂ්ය යන් සම්බන්ධ වූ ශ්රෙදෂ්ඨ ධර්මතාවයකි. එහෙයින් ‍ශෝකයෙන් හෘදය දල්වා නොගනුව නොහොත් ඒ අෂ්ට ලොක ධර්ම ස්වභාව පැමිණීම ගැන ශෝක නොවවයි කීයේය.

20. පරිච්ඡේදය[සංස්කරණය]

මේ තුංඩිල නම් ගිරවාණන්ගේ මධුර ධර්මදේශනාව ඇසු සිටාණෝ ඉදිරියට දිව අවුත්, “ පුත තුංඩිලය, තොපට අපගෙන් යමි ප්රුමාදයක් විනම් සමා වේව”යි කියා ගිරා පෝතකයන් දෙදෙනා ම සතපාක සහස්ර පාක තෛලය හා පිරිමැද මීපැණි හා විළද කවා ඉක්බිති සිටාණො “පුතුණිවනි, තුංඩිලයෙනි, තොප ‍කළ ධර්ම දේශනාව නැතතත් කරව”යි ආරාධනා කළේය. එවිට ඔද වැඩියාවූ සිත් ඇති ඒ තුංඩිල නම් ගිරා පෝතකයාණෝ. “එසේය පියමහාසිටාණනි, මම ධර්මදේශනා කරන්නෙමි, බරණැස් රජතුමා සහිත නුවර වැස්සන් රැස් කරව”යි කීයේය. සිටාණෝ ද ගිරවාණන්ගේ බස් අසා, ‘බරණැස සිටාණන්ගේ පුතණු වු-මඪරගොත්රණයේ උපන් තුංඩිල නම් සුවපොතකයාණෝ අද සවස් භාගයේ ධර්ම දේශනා කරති”යි නුවර බෙර හසුරුවා තමා ම රජ ගෙදරට ගොස් රජ්ජුරුවන්ට ආරාධනා කෙළේය. රජතුමා අමාත්යාරදි පිරිවර ජනයා හා සමග අවුත් ගිරවාණන්ගේ ධර්මය අසන්නට සූදානම් වූහ. රටවාසීහු, “ගිරවෙක් ධර්මදේශනා කරත්, යමු, බණ අසන්නට” කියමින් දහස් ගණන් සෙනඟ සිටාණන්ගේ මාලිගාවට එක්වූහ. අපගේ ශ්රී මහා බොධිසත්ව තුංඩිල ගිරවාණෝ ද-තමා තිරිසන්ව උපන් නමුත් ලොකාචාර්ය බවට පැමිණෙන මහොත්තමයාණන් බව දක්වමින්- “ලාභො අලාභො අයසො යසොච- නින්‍දා පසංසාව සුඛං ච දුක්ඛං



208 අෂ්ටලෝක ධර්මද චක්රමය

එතෙ අනිච්ච මනුජේසු ධම්මා- මාසොකමා පජ්ජහි පොට්ඨපාද”

යන මේ ගාථාව කියා සියලු සත්වයෝ ද ලාභය, අලාභය, අයසය, යසසය, නින්‍දාවය, ප්රචසංසාවය, සැපය, දුකය යන මේ අට වැදෑරුම් වු ධර්මයට යටත් බවත්- මේ ධර්මයට යටත් නුවූ කිසිවෙක් ලෝකයේ නැති බවත්-මේ අට වැදෑරුම් වූ ධර්මය යටත් බවත් - මේ අට වැදෑරම් වු ධර්මය චංචල නොවි විදීම පංඩිත ජනයාගේ ධර්මතාවයක් බවත් - සංසාරගත සත්වයා මේ අෂ්ටලෝක ධර්මය යයි නම් ලත් පෙරළෙමින් පවත්නා ලෝකස්වභවය නැති කොට පරම සාන්ත වූ නිවන් සැපතට පැමිණිමට අප්රපමාණව දාන සීල භාවනා දි කුසල ක්රි්යා කළ යුතු බවත්- උත්තම සත්ව සංඛ්යා වට බසිනු කැමැති සත්පරුෂ ජනයා මේ අටලෝ දහමින් අකම්පතව පරාර්ථසාධනයෙහි තත්පර විය යුතු බවත් ඒ රජමහ සභාවේදි මධුර ස්වර විහිදුවා දේශනා කළේය. ගිරවාණන් විසින් දේශනා කළ ඉන්පෙර ඒ කාලේ මනුෂ්යවයන් විසින් නොදැන තුබු මේ අෂටලෝක ධර්මයාගේ විස්තර ඇසු රජතුමා පුදුමයට පැමිණ ඒ තුංඩිල නම් ගිරාපෝතකයාණන්ට බරණැස් නුවර රජකම පූජා කළේය. ඉක්බිති ගිරවාණෝ තිරින් වූ මට රාජ්යළයෙන් කිම්දැයි රජතුමාට අවවාද කොට තමන්ගේ පිය වු සිටාණන්ට යස ඉසුරු සලස්වන මේන රජතුමාගෙන් අයැද සිටාණන් හා සිටු දේවිය ද වැඳ අවසර ගෙන තමාගේ මිත්රජ වූ පොට්ඨපාද නම් ගිරවාත් සමග හිමව්පියසට වැද ඉතිරි කාලය ගත කළේය. ඉතින් උපාසක අම්මේ, මේ අෂටලෝක ධර්මය වු පරිදි මට ද කාරණ සිද්ධ වී තිබේ. අද දවල් අපි අපේ ගෙදර ක්රීිඩා පවත්වමින් ප්රීනතිවෙවි සිට සවස කැලණි විහාරය වන්දනාවට ගියෙමු. එහි දි මගේ ප්රේිමවන්ත මෑණියන්ගේන හා සහෝදරයාගෙන් ද අනිත් හිතෛෂින්ගෙන් ද මා වෙන් කොට අධමයෙක් විසින් මෙසේ ගෙන එන ලදි. සැප ළඟට දුක හෙවත් ප්රීිතිය ළඟට සෝකය පැමිණියේය. එහෙත් මම ඊට කම්පා නොවෙමි. ඒ එසේ ද උවත් මා ගැන බලවත් බලාපොරොත්තුවක් ඇති මාගේ ස්වාමියා-සිසිර කුමාර මහාත-කෙසේ සැනසෙද්ද-මා නැති වුණත් රටට පාඩුවක් නැත්තේය. එහෙත් කාලකණ්ණි වූ මා නිසා මගේ ප්රේමමවන්ත මහතා අමාරුවට පත් වි නම් අසරණ අපේ ජාතියට වැඩ කරන්නේ කවුද? මහජනයාගේ දින භාවය, මහජනයාගේ අසමගිය, මහජනයාගේ අඥාන භාවය නැති කොට සිංහල මහජනයා නගා සිටුවීම පිණිස දිවා රාත්රිා දෙක්හි අනන්ත වෙහෙස ගන්නා ටික දෙනාගෙන් ප්රිධාන කෙනෙක් වූ සිසිර කුමාර ජයසිංහ


පියදාස සිරිසේන නවකථා එකතුව 209

මහතාට අමාරුවක් වි නම් මහත් පාඩුවකැ”යි කියා සුසුම් ලෑවාය.

ජයසිංහ මහාත මේ සියල්ලම ඉතා පරීක්‍ෂායෙන් අසා ගෙන සිට, “සියල්ල ම සිද්ධවෙනනේ හොදටය”යි කී කථාව සත්යරයෙනුත් සත්ය්ය. මම කුරුණෑගලට අවුත් එතැනින් නුවර යන්නට සිටියෙමි. එහෙත් ඒ ගමන වලක්වා පොලොන්නරුවට ගොස් එතැන සිට කෙළින් ම කොළඹ යන්නට සිතාගෙන සිටි නමුත් එය ද වැලකී- අනුරාධපුරයට එන අතර කාගේදෝ මොටෝ රථයක් අතරමග කැඩී තිබුන් නිසා ‍ඊට උදව් කිරිමට මග නතර වීමෙන් රෑ වු බැවින් මහ හොටලේ නැවතීමට මට ඉඩ නොලැබිමත-ඒ නිසාම උපාසක අප්පුහාමිගේ මේ හෝටලයට ඒනනට සිද්ධවිමත් පුදුම සිද්ධිවිමය. සියල්ල ම සිද්ධ වන්නේ හොඳටය. සිද්ධවන දේ හොදක් පිණිස ම සිදධවෙතත් එවේලාවට අපට සලකා ගන්නට බැරි නිසා නරකක් සිද්ධ වූ විට දුකවෙති. එහෙත් ඉවැසිල්ලෙන් සිටිමු නම් සියල්ල ම සිදුවන්නේ හොදට බව ඒකාන්තය. මට මේ ගමනේදි සිදු වු යම් යම් හදිසි එසේ නූනා නම් අද මගේ ප්රේදමිය රූපශ්රීමයෙන් අගපත් මක්තාලතාව-සිංහල ස්ත්රි්න්ගේ තිලකයක් බඳු වූ මගේ ප්රි්යාව මට නොලැබේ. එහෙත් මගේ මනෝරථය ඉෂ්ට විය. මුක්තාලතාවට අනතුරු කරන්නට උපක්රටම යෙදු අධමයන්ට මෙලොව ම අනිෂ්ට විපාක නියතය. ගුණ ධර්මය ජිවිතයට වඩා ආදරයෙන් රක්‍ෂා කළ මුක්තාලතා අද සතුරෙකුගේ බලවත් ප‍ීඩාව හො මරණය බලාපොරොත්තු වුණ නමුත් ඊට ඉඳුරා ම වෙනස් වූ ප්රීනති සහගත සැපතක් ඈට අත්වන්නේය. එය මුක්තාලතාවට පමණක් නොවේ. ස්ථිර අදහස් ඇති, ගුණ ධර්මයේ පිහිටි, පරාර්ථය උතුම් කොට සලකන කාට උවත් විපත්තියක් සැලසුනත් එය වහාම සැපතට පැමිණෙන්නේය. මේ නිසා ධර්මය අධර්මයට වඩා ශක්ති සම්පන්න බව පණඩිතයෝ කියති”යි සිතා ජයසිංහ මහතා නිදාවුන් ඇදෙන් නැගිට තමාගේ ඇඳුම් ඇඳගන්නට පටන්ගන්නේය. දැන් වේලාව රාත්රී දෙකහමාර පමණ විය. මුක්තාලතාවගේ මධුර වූ කථාව අසමින් සිටි ලෙනෝහාමි උපාසිකාවට ඇගේ දියණියක් විසින් කථා කළ බැවින් ඒ උපාසිකාව මුක්තාලතාවට “‍නෝනා මහත්මයා දොර වසාගෙන නිදා ගන්න. මම සහ අපේ කණ්ඩායම මේ දොර පටන් දිගට ම මේ ශාලයේ නිදන්නෙමි. උවමනාවක් වුණි නම්, ‘ලෙනෝහාමි’ කියා මට කථා කරන්නය”යි කියා ලෙනොහාමි උපාසිකාව ගියේය. මක්තාලතා ද දොර වසාගෙන ඇද උඩට වී නිදා ගන්තාය. සුපිෂ්පිත දිව්යේ සුගන්ධය වහනය වන පරසතු පුෂ්පයන් නෙලමින් හුන් කොමල දිව්‍යප්සරාවක් යම්හෙයකින්



210 අෂ්ටලෝක ධර්මල චක්රලය


බිමට වැටි වනලැහැබක වාසය කරන්නේ යම් සේ ද එබඳු ලීලාවකින් මේ සුඵ කාමරයේ කුඩා සයනට පිට මුක්තාලතාව ද නිදා ගන්තේය. ජයසිංහ මහතා ඇඳ පැළඳගෙන වෙලාව බැලු විට දෙකහමාරත් පසු වී බැවින් ඉතින් මුක්තාලතාට කථාකරමියි සිතා ඔවුන් සිටි කාමරවලින් එහාට මෙහාට යාමට තබා තිබෙන දොර වසන අඟුල තිබෙන්නේ මුක්තාලතාව සිටින කාමරයේ නිසා දොර ඇ‍රගෙන එන විට ම මුක්තාලතාවගේ කාමරයට යා නො හැකි බැවින්, “ප්රේවමිය, මුකතාලතාවෙනි, අපේ පැවැත්ම ඉතිහාසයේ ලියවිය යුත්තකි, එසේ ම අපේ එක්වීමත් ඉතිහාසයේ ලියවෙන්නේය. කර්මය ඒ ඒ සත්වයන්ට පළ දෙන ආකාරය පුදුමයකි. නුඹේ පරම සතුරෙකු විසින් නුඹේ පරම සුමිත්ර යා අතර නුඹ පමුණුවා තිබේ. දොර අරිනු මැනිවි. නුඹේ ප්රේසමවන්ත සිසිර කුමාර මෙහි ඉන්නේය”යි කීය.මුක්තාලතා මහත් පුදුමයට පැමිණ වහා ම නැගිට ඇද උඩ ම වාඩි වි මෙසේ කල්පනා කළාය” මේ මට ආමන්ත්ර ණය කොට මෙබඳු අර්ථාන්විත වචන පංක්තියක් කියන ලද්දේ මා රැගෙන ආ අන්තොනියා නම් වූ අධමයා නොවේය. ඒ අධමයාට එබන්දක් කිය නොහැක්කේය. මගේ ප්රේ්මිවන්ත සිසිර කුමාර ජයසිංහ මහතා නුවර ගිය බව ඇසීමි. ඒ නිසා මේ කථා කරන්නේ එතුමාත් නොවේය. මේ මට පැමිණි තවත් සතුරෙකැ”යි සිතා “අනේ අමාරැව ඇති තැනට ම තවත් ඇති තාක් ම අමාරු පැමිණිම ධර්මතාවයකි.මෙබදු සසර වසන මිනිස්සු ආර්මාර්ථකාමි වෙන් නම්-ධර්මය නොසලකත් නම් කොතරම් අඥානකමක්දැයි සලකා මුවෙන් නොබැනම සිටියාය. මුක්තාලතා ජයසිංහ මහතා අ‍ඳුනා ගත නොහැකිව භයින් කථා කොනරන බව සලකා තමාට මුක්තාලතාව විසින් ඵවන ලද ලියමනක සදහන් මුක්තාලතාවගේ කවියක් කියා, “ප්රේනමිය.මම ජයසිංහ, නුඹ සතුරෙකුට අසුව මේ ස්ථානයට එන බව දත් නුඹේ ඉෂ්ට දේවතාවා කලින් මා මේ ස්ථානයට පමුණුවා තිබේ. අපි අද දහයට ප්රනථම කොළඹට පැමිණිය යුත්තම්හ. ඒ නිසා සැක නැතිව දොර ඇර මෙහාට එන්න”යයි කීයේය. මුක්තාලතා ජයසිංහ මහතාගේ කටහඬ අසා ඇත්තේ දෙතුන් දවසකි. එසේ ද උවත් තමා විසින් එතුමාට යවන ලද කවිය කී බැවිනුත්. කථා කරණ වචනවල අර්ථවත් භාවය නිසාත් නොඅනුමානව ම මේ කථා කරන්නේ මගේ මහතාණොය-මම ‍මනෝරථය සඵල විය. මෑණියන්ට හා පියාණන්ට-මා ධර්මයෙහි හික්ම වූ මගේ මෑණියන්ට හා පියාණන්ට නිවන් සැප ලැබේවා යි සිතා ඉවත්කර තිබුනු තමා‍ගේ ඇඳුම් ඇඳගෙන සෙමින් දොර ඇර බලනවිට දොර ළග ම සිටි ජයිසිංහ මහතා



පියදාස සිරිසේන නවකථා එකතුව 211

මුක්තාලතාව වැළද ගත්තේය. සිහිල් වු පිණිදියට සුදු සඳුන් කල්කය ලූ කලක් මෙන් ද, කුමුදු මල්වියට පූර්ණ චන්ද්ර කාන්තිය වැටුනු කලක් මෙන් ද, නිශ්චල වූ ක්‍ෂිර සාගරයට සරත් සඳරැස් පහළ වූ කලක් මෙන් ද, චන්‍ද්රමකාන්ති පාෂාණය පිට සඳරැස් හෝ තරු රුස් වතළ වූ කලක් මෙන් ද මුක්තාලතාවගේත් සිසිර කුමාරගේත් වැළඳ ගැන්ම ඔවුනොවුන්ගේ ශරීරයට දැනුනේය. ප්රීාතියෙන් හිරිත වූ මුක්තාලතාවට කිසිත් කියාගත නෙහි ස්වකීය ස්වාමියාණන්ගේ ගෙලෙහි ලා ගත් මාදු වු අත් යුවල ද මුදා ගත නොහී රනින් කළ ස්ත්රීහ රූපයක් මෙන් සිටිනු දුටු ජයසිංහ මහතා ස්වකීය සයනට පිට ඇය ඉඳුවා, “ප්රේරමිය, මේ කුමක් වූයේද? මෙබඳු ආශ්චර්යමත් සිදුවීමක් මීට පෙර ඇසුයේ ද, නීලොත්ඵල පරයන දිගු පුඵල් නුවන් ඇති මා ප්රියයාව, ශ්රීු මුක්තාලතාව, මේ සුද්ධ නුවර දි මා හා විවාය වීමට සැලසුයේ කවරෙක්ද? තථාගත සම්මා සම්බුදු රජාණන්වහන්සේට නම්ස්කාර වේවා. උනවහන්සේ දේශනා කළ ධර්මයක් ප්රේත්යේක්‍ෂ භාවය:-

“ධම්මො භවෙ රක්ඛිති ධම්මවාරි- ධම්මෙ සුචින්නො සඛමාවහාති එතානිසංසො ධම්ම සුචින්නො- න දුග්ගතිං ගච්ජති ධම්මචාරි”

යනු බලනු මැනවි, ප්රේ”මිය, නුඹ විසින් ආරක්‍ෂා කළා වූ උතුම් ධර්මය ම නුඹව ආරක්‍ෂා කළේය. එහෙත් ධර්ම ශක්තියෙන් නුඹ අනතුරෙන් ද වලකා නුඹ බලා පො‍ෙරාන්තු වූ බලවත් සැපත අද සලසා දුන්නේය” කියා මුක්තාලතාවට කොළඹ යන්නට සූදානම් වන්න යයි කියා කොළඹින් ඒද්දි ගෙන ආ විස්කෝතු ආදි රස කෑම දෙදෙනාම අනුභව කොට සූදානම් වූහ. එතකොට ම ජයසිංහ මහතාගේ මොටෝ රථකරු රථය ගෙනවුත් කථා කෙළේය. ජයසිංහ මහතා තමාගේ අඩුවැඩිය ද රඡයෙහි දම්මවා මුක්තාලතාවත් සමග ගොස් රථයෙහි නැග ගත්ය. සත් රජුන් පරදා ප්රමභවතිය රැගෙන කුසාවත් පුරයට නික්මුණු කුසරජතුමාත් සතුරන් පරදා ඉන්දුමතිය රැගෙන සිය නුවරට එන අජකුමාරයාත් සමාන යයි කිව යුතු ජයසිංහ මහතාගේ මුක්තාලතාවත් දුටු උන්නැහේගේ ම රියකරු වන විලියම් පුදුමව භය සහිතව ජයසිංහ මහතාගේ මුහුණ දෙස සොරෙන් සොරෙන් බලමින් ම රථය පදවන්නට පටන් ගන්තේය. ජයසිංහ මහතා මුක්තාලතාව විපතකින් මුදවා ගෙන ඒන්නාක මෙන් නොව ස්වකීය ප්රි යාව සමඟ අපේ සුද්ධ නුවරට ගොස්, උතුම් සිද්ධස්ථාන වැද පුදාගෙන සිය


212 අෂ්ටලෝක ධර්මව චක්රධය

සිවසට යන ගමනක් මේන සලකා ප්රී ති සහගත සිතින් සිටියේය. දඹුල්ලට හැතැප්ම තුනක් පමණ වූ අනුරාධපුරය පැත්තේ මහපාර අයිනේ මොටෝ රථයක් පෙරලී තිබෙනු ඈත දී ම ජයසිංහ මහතාගේ රියකරු දැක එ බව කීය. අතරමගදි අනතුරට පැමිණියන්ට ආධාර කිරීම අපේ යුතුකමකි. අපට කොතරම් ඉක්මනින් යන්ට වුවමනා නමුත්-කොතරම් අපහසුකම් තිබුනු නමුත් අතරමග සිටිනවුන් ගැණ සලකිය යුතුය. ඒ නිසා රථය එතැන දි නවත්වන්න”යයි කීවේය. ඒ කැඩි ගිය රථය ළඟට අවුත් ජයසිංහ මහතාගේ රථය නැවැත්විය. ඒ කවර රථයක්ද? මුක්තාලතා බලහත්කාරයෙන් - යවා ඇය සරණකර ගැනීමට සිතු අන්තෝනි අප්පු නැගි ගිය රථයය. විලී හාමුට අයිති රුපියල් 8000 ක් වටිනා මේ රථය මේ අධම ක්රි යාව කිරිමට අන්තෝනිට භාර දුන්නේය. අන්තෝනියත් ඔහුගේ මිත්රර පොන්නසාමිත් විලි හාමුගේ රියකරුවාත් මුක්තාලතාව පිටත්කර යවා ඒ කළ දක්‍ෂකම නිසා හටගත් ප්රීලතිය සදහා මග දිගට මත්පැන් බිබි රථය ඵලවාගෙන ඒදිදි සිහි විකල වූ රියකරුට රථය නිසිලෙස හසුරුවා ගන්නට බැරිව මහා අගලක වැටි එය සුනු විසුනුව ගොස් තිබුණේය. එහි සිට අන්තෝනියා රථයට යටවි මරු මුවට පත්වි ද පොන්නසාමිගේ අතක් කැඩි ද රථය එලවන්නාගේ ඔඵව පැලී ද තිබුණේය. මේ බලවත් විපත කර ගත් මොවුහු කවරහුදයි මුක්තාලතාවට එක පාරටම දැනී. “අනේ ස්වාමිනි, මේ අනිකක්හු නොවෙත්, මා කලින් අනුරාධපුරයට යවා මා පස්සේ ගිය අධමයා සහිත පිරිසය. ඇර මැරි සිටින්නේ මට අනතුරු කරන්නට සිතූ අධමයාය. මේ ඔහුට සහභාගි වූ අනුචරයෝය”යි කී විට ජයසිංහ මහතාගේ සිත මහත්සේ ක්රිායා කරන්නට විය. “අහෝ අපරාධයට විපාක තැන. මොලොවදිම විපාක නැතැයි අඥානයෝ කියති. අපරාධකාරය දුර්වලයෙක් නම් ඔහු කරන අපරාධ ඉතා බරපතල නම් මෙලොව දීම විපාක දේ, අපරාධ කරන්නා බලවන්තයෙක් නම් හෙවත් අපරාධකාරයෝ මහත් සමූහයක් නම් ඔවුන්ට විපාක දීමට ටිකක් ප්රමමාද වේ. ඒ මිස අපරාධයට විපාක මොලොව දීම නැතැයි සිතීම අනුවණ කමකි. මුක්තාලතාවට අනතුරු කරන්නට ප්රායත්න කළ අධමයන්ට ලැබි තිබෙන විපාකය මේ රටේ සිටින අපරාධකාරයන්ට හෙවත් ජාති ද්රොයහින්ට යස පාඩමකැ”යි සිතමින් ජියසිංහ මහතා මුක්තාලතාවත් සමග මුක්තාලතාව දිව්යරප්සරාවක් මෙන් රන් මිණි මුතු ආභරණ වලින්ද කාසි දේශයේ වියන ලද ස්වර්ණ කෙඳි මිශ්රම පට රෙදි ඔසරිය ආදි ඇඳුම්වල්න් ද සරසවා ගෙන කෙළඹ කච්චේරියට පැමිණ විශේෂ බලපතුයක් පිට




පියදාස සිරිසේන නවකථා එකතුව 213


කසාද බැන්දේය. ඉක්බිති බලවත් ප්රීබතියට පත් මුක්තාලතා තමාගේ මෑණියන් හා සහෝදරයාත් මුක්තාලතා කුමක් වූවාදැයි නෙදැන මහත් ‍ශෝකයෙන් පෙළෙන බැව් කී නිසා ඔවුන් දෙදෙනාද ස්වකීය නිවසට කැදවා ගෙන එන පිණිස ජයසිංහ මහතා දිව්ය්ප්සරාවක් සමග ගමන් ගත් තරුණ දිව්යෙරායකු සෙයින් කොටහේනට ගියේය. මුක්තාලතාව ඇදි සිටි ස්වර්ණවර්ණ පට ඔසරියටත් මුක්තාමාණික්යා්දි ආභරණ වලටත් සූර්ය රශ්මිය වැදිමේන් දියුණු වි ගිය වරණය නිසා ඈ දිව්යංාගනාවක් නොව් යයි සලකන්නට පිළිවන් අය ටික වූය. ඉතින් මේ පුණ්යගවන්ත ජයසිංහ මහතා හා ප්රිවයවත් නිරාවරණය කළ මොටෝ රථයෙන් යනු දුටු දනෝ පුදුම වූය. මුක්තාලතාලාගේ බලවත් සතුරු වු ජේමිස් අප්පුලා මුක්තාලතා අන්තෝනි අප්පු රැගෙන ගිය බැවින් මහත් ප්රීුතියෙන් මගුල් කන දවස් විය. ඔවුන් එසේ ප්රීබති වන විට ම මුක්තාලතා ස්වකීය ස්වාමිපුරුෂයාණන් වන සිසිර කුමාර මහතාත් සමග ගමන් කරන මොටෝ රථයෙන් ඔවුන්ගේ ගෙදර පැත්තට එන බව දුටු ජේමිස් අප්පුහාමිගේ දුවනිය ගෙට දුව ගොස්, “අන්න! ‘මම්මේ’ මුක්තාලතා බොහොම ලක්‍ෂණ මහත්මයෙකුත් සමග එන ආකාරය බලපන්න, ඔවුන් දෙන්නා බැලීමට ඇසි කන් පහක් උවමනාය”යි කියන කොට ජේමිස් භාර්යාව වන ඩේසි දුව අවුත් පාර අයිනේ සිට බලා ඉන්නා විට ජියසිංහ මහතා හා මුක්තාලතාවත් සිනාසෙමින් ඔවුන්ගේ ‍ගේ ඉදිරියෙන් ම ගේ පසුකර ගියහ. මුක්තාලතාව විනාශ වි යයි ප්රීේතිව මඟුල් කන ඩේසිගේ සිත අතිශයින් විකල විය. මුක්තාලතාව පංගාර්තු කළේ අන්තෝනි අප්පුට ද නැතහොත් ඈ බලාපොරොත්තු වූ කුමාරයාට දැයි කියමින් ඩේසි දුවගෙන අවුත් ඇ‍ගේ ස්වාමියා වන ජේමිස් අප්පු ඉදිරිපිට කොතරම් වේගයෙන් පොලොවේ හැපුනාද කිවහොත් ඒ ඊර්ෂාවෙන් භරිත වූ දුෂ්ට ස්ත්රි ය එතැනම මැරි වැටුනේය. අහෝ ඊර්ෂිවක භයානක ස්වභාවය! ස්වකීය භාර්යාවගේ මරණයට වඩා සතසහශ්රසවාරයකින් මුක්තාලතාවගේ උසස්විම දුක් සහිත වූ ජේමිස් අප්පු තමා ම කෙරෙහි ඊර්ෂා කරන අධමයා මොලොවදිම භයානක දුකට පත්ව විනාශ වන බව නුවණැත්තන්ට ඉගෙනීමට මේ සිදුවිම ම හේතු වේ. මුක්තාලතා ජයසිංහ මහතා අඬමින් වැළවෙමින් සිටින සමරසේකර හාමිනේගේ නිවස ළඟට පැමිනිවිට ඔ වුන්ව දුටු මවුට හා සහෝදරයාට කුමක් සිතෙන්නට ඇද්ද? සැබැවින් එය විස්තර කිරිම ප්රියෝජන නොවේ.



214 අෂ්ටලෝක ධර්මත චක්රටය


ප්රේරමයෙන් හා නීතියෙන් අඹු සැමි වු මුක්තාලතා හා ජයසිංහ මහතාත් තමන් සම්බන්ධ ප්රටවෘත්තිය ලුහුඬු වශයෙන් ස්වකීය මෑණියන්ටද සහෝදරයාටද කියාදි ඔවුන් ද මොටෝ රථයේ වාඩිකරවාගෙන ජයසිංහ මහතාගේ “සිසිර”නම් නිවසට පැමිණ එහි සුවසේ විසූහ.


21.පර්ච්ඡේදය[සංස්කරණය]

ඉ ත්නි චන්‍ද්රෙදාස, ඒ ජයසිංහ නමැති මටත් මුක්තාලතා නමැති ඒ මගේ ප්රි යා භාර්යාවටත් එක්වි ඉදිමට අට දිනක් පමණක් ඉඩ ලැබුනු හැටියේ අනියම් විධියෙන් කැරකුනු අෂ්ටලෝක ධර්ම චක්රණයේ දුක නමැති රිය දත හදිසියෙන් මතු වි අද මේ ඉන්නා තැනට පැමිණෙන්නට වි මම දුක සේ ඉදිමි. මගේ තරුණ භාර්යාව දිවි නසා ගන්නට ඇත.නැත්හොත් උමතු භාවයට පත් වේනනට ඇත කියා මම දෙතුන් දිනක් කල්පනා කරමින් සිටින විට ඒ මගේ ප්රේටමවන්ත භාර්යාව ගෙන් - ධර්ම ශාස්ත්රම ස්ථිර සිංහල ගුණයෙහි පිහිටි මගේ භාර්යාවගෙන්-මට අද උදේ ලියමනක් ලැබි තිබේ. ඒ ලියමන බැලු විට ඇති වු ධෛර්යය. ප්රීදතිය . සැනසීම , මෙපමණ යයි කීම අගහටය, ඒ ම‍ගේ භාර්යාවගේ ස්ථානෙචිත ප්ර ඥාවත්, ධෛර්යමත් භාවයත්, අන්යම සිංහල ස්ත්රීපන්ට දක්වන පිණිසත්-අමාරුවට පත් ව සිටින අප කාටත් සැනසීමට වන පිණිසත් ඒ ලියමන සම්පූර්ණයෙන් කියවන්නෙමි, එයි සාවධනව ඇසිය යුත්තේය. “ප්රේ්මවන්ත් ස්වාමිනි, මනුෂ්යර ජිවිතයේ තත්‍වය තේරුම් ගැනීමට මීට වඩා හොද ප්ර ස්තාවත් නොමැතියි. කල්ප ගණනක් පෙරුම් පුරා ලබා ගත් අමෘතය ක්‍ෂණයක් දී අතුරුදහන් වී ගිය කලක් මෙන් මේ ජිවිතයේ මුල පටන් බලවත් අධිෂඨානයෙන් හා සුචිරිත බලයෙනුත් ලබා ගත් ඔබ වහන්සේ හා එක්ව විසිම අට දිනකින් කෙළවර විය. ඔබගෙන් වියෝවීම නිසා මම ශෝකාග්නියෙන් තැවෙමියි නොසිතුව මැනිවි. ඔබවහන්සේ ගෙන් එක පැයක් වියෝවීම සැබැවින් ම බලවත් දුකකි. එහෙත් මේ වේලාවේ මම එ තරම් ළපටි නූවෙමි. අප විසින් කිසිම වරදක් නොකරණ ලදි. දුක් හෝ දඬුවම් ලැබිය යුත්තේ වරදටයි. වරදක් නොකොට දුක් හෝ දඬුවම් ලැබේ නම් ඒ පූර්ව කර්මයකි. අප විසින් යම් පාප කර්මයක් කරන ලද නම් එහි විපාක කටුක නමුත් සතුටින් වින්ද



පියදාස සිරිසේන නවකථා එකතුව 215

යුත්තේය. අප විසින් කරණ ලද සුචරිත ක්‍රියා-පරාර්ථකාමි ක්රියයා නිසා මේ අනියම් දුක් ලැබුනා යයි නොසිතනු මැනැවි. සුචරිත ක්රි්යාහි නියුක්ත නැනැත්තා දුකක් ලැබිම ඉදිරියට බලවත් සැපක් ලැබෙන බවට පූර්ව නිමිත්තකි. අපේ අධෛර්යමත් භාවය සත්ය ධර්මය ප්රිත්යඅක්‍ෂ නැතිකම නිසා නොවේ නම් සැප දුක් ආදි කොයිවත් සමාන බව සිතා ගත හැක්කේය. අපේ මේ පංචස්කන්ධය කුමක් දැයි තේරුම් ගත් ඵක ම උත්තමයා අසරණ සරණ වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේය. “ථෙන පිණඩුපමං රූපං - වෙදනා බුබ්බුලුපමා මරිවි කුපමා සඤ්ඤා - සංඛාරා කදලුපමා මායුපමාව විඤ්ඤාණං- දෙසිතාදිවච බන්ධුානා

යනුවෙන් සූර්ය බන්ධු වූ තථාගතයන් වහන්සේ දේශනා කර තිබෙන්නේ - රූපය පෙණ පිඬක, වේදනාව දිය බුබුලක, සංඥාව මිරිගු දියක, සංස්කාරය කෙසෙල් කදෙක, විඥානය මායාවක කියාය. ඉතින් සැප වේදනාව හෝ දුක්ඛ වේදනාව දිය බුබුලක් නම් පරමාර්ථ වශයෙන් සැපක් හෝ දුකක් නැත. ඒ එසේ ද වුවත් මේ නිශ්ශාර පංචස්කන්ධය කරණ කොට ගෙන නොදිරන්නා වූ-නො මැරෙන්නා වු නාමයකුත් සැපයකුත් ඇති කළ හැකි බැවින් මේ නිසරු ශරීරය රුක්ම අපේ යුතුකමක්. “රූපං ජිරති සත්තානං-නාම ‍ගොත්තං න ජිරති”

සත්වයන්ගේ රූපය දිරන්නේය-එහෙත් (කීර්තියට පැමිණි) නාමය නො දිරන්නේය. තුච්ඡ වූ පංචස්කන්ධය නිසා පරම සුන්දර වූ නිරවාණ ධර්මයකුත් නොමැරෙන නාමයකුත් ඇති කළ හැකි බැවින් ජිවිතය පිළිකුල් කරන්නට යුතු නැත. එසේ පිළිකුල් සහිතව ජිවත්වන අපි අෂ්ටලෝක ධර්මය කියා ඉක්මවිය නොහැකි ලෝක ධර්මයට යටත්ව සිටිමු. ඒ අෂ්ටලෝක ධර්ම චක්රයය වනාහි එක එක පුද්ගලයාට දිනයක වරකුත්, සතියකට වරකුත්, මසකට වරකුත්, වර්ෂයකට වරකුත්, දස වර්ෂයකට වරකුත්, විසිපස් චර්ෂයකට වරකුත් පණස් චර්ෂයකට වරකුත් මුඵ ජිවිතයට ම වරකුත් යන ආකාරයට අටවැදෑරුම්ව පෙරලේන්නේය. ලාභ, අලාභ, යස , අයස, නින්දා, ප්රෂශංසා, සැප , දුක් යන මේ කාරණා අට ම එක දිනකදි ම සත්වයාට ලැබේ සතියකට වරක් ද ලාභ ආදි කාරණා අට ම සෑම පුද්ගලයාට ම ලැබේ. මසකට වරක්ද, අවුරුද්දකට වරක්ද, දස අවුරුද්දකට වරක් ද, විසිපස් අවුරුද්දකට වරක් ද, පණස් අවුරුද්දකට වරක් ද, මුඵ ජිවිතයට ම වරක් ද



216 අෂ්ටලෝක ධර්මත චක්රසය

කැරකෙණ මේ අෂ්ටලෝක ධර්ම නැමැති රථ චක්රු අට අයිති පුද්ගලයාට ලාභ, අලාභ, අයස, යස, නින්දා, ප්රටශංසා, සැප. දුක් යන කරුණු අට නොලැබෙන එකම දිනක් නැත්තේය. ඒ එසේ ද උවත් මුඵ ජිවිතය සම්බන්ධ චක්ර යේ ලාභ නැමැති රිය දත මතුව තිබෙන කාලේ, ක්රඵමයෙන් එකිනෙකට කුඩා වන අනිත් චක්රත හත කරකැවි ගියාට ඒ පුද්ගලයාට ලාභය මිස අලාභයක් ලැබුනු බව නොදැනේ.එහෙත් ඇත්ත වශයෙන් නම් සෑම වේලේ ම චක්රා අට ම කැරකෙණ බැවින් අටවැදෑරුම් ධර්මය සිදු වීම පවති. ඔර්ලෝසුවක තත්පර කටුවත්, සති කටුවත්, අවුරුදු කටුවත් යන මේ අට ඒ ඒ ප්රයමාණයේ රෝදවල සවිකර තිබේ. ඉතින් තත්පර කටුව සවිකර තිබෙන ‍රෝදය සම්පූර්ණයෙන් ම එක වරක කැරකුණ විට මිනිත්තු කටුව සවිකර තිබේන රෝදය එක දතක් පමණක් ගමන් කෙරේ. මිනිත්තු කටු රෝදය වරක් කැරකි ගිය විට පැය බාගයේ රෝදය එක දතක් ද-පැය බාගයේ රෝදය සම්පූර්ණයෙන් කැරකුණු විට පැය රෝදයේ එක දතක් ද-පැය රෝදය සම්පූර්ණයෙන් කරුකුණු විට දින රොදය එක දතක් ද- දින රෝද සම්පූර්ණයෙන් කැරකුනු විට සති රෝදය එක දතක් ද- සති රෝදය සම්පූර්ණයෙන් කරකුණු විට මාස් රෝදයේ එක දතක් ද-මාස් රෝදය සම්පුර්ණයෙන් කරකුණ විට අවුරුදු රෝදයේ එක දතක් ද කැරකේ. මේ ආකාරයෙන් අෂටලෝක ධර්ම සම්බන්ධ චක්රද අටේ දිනපතා චක්රේය ආදි චක්ර්ය ක්රරමයෙන් පෙරලෙන බැවින් ලාභ ආදි කරුණු සිදුවීම සාමාණ්යආ ජනයාට සුව සේ තේරුම් ගැනීම උගහටය. ඔර්ලෝසුවේ අවුරුදු කටුවේ 26030400 වරක් කැරකැවේ. ඉතින් අවුරුදු කටුව දෙස බලා ඉන්නකුට තප්පර කටුවේ සීඝ්රණ ගමන සැලකිය යුත්තක් නොවන නමුත් ඒ තත්පර කටුව ගමන් කරණ බව නම් සැබෑවක්ය. එමෙන් ම මුඵ ජිවිත කාලය සම්බන්ධවු ලෝක චක්ර්යේ ලාභ නැමැති දත මතු වි එහි විපාක ලැබෙන කෙනෙකුට දින, සති, මාස ආදි කාල සම්බන්ධ චක්ර වලින් සිඝ්ර ව ලැබිගෙන යන අලාභ ආදි කරුණු සැලකිය යුත්තක් සේ නොදැනේ. එහෙත් ඇත්ත වශයෙන් මේ ලාභාදි අටවැදෑරුම් ධර්මය මොහොතක් පාසා ම සත්වයන්ට පමුණුවමින් මේ අටවැදෑරුම් අෂ්ටලෝක ධර්මචක්ර ය ධර්මය කරකැවෙමින් පවතී. මේ ලෝක ධර්මය තථාගතයන් වහන්සේ දේශනාකර වදාළේ මෙසේය- “අට්ඨමේ භික්ඛවෙ ලොකධම්මා ලොකං අනුපරිවත්තන්ති ලොකොව අට්ඨලොක ධමෙම අනුපරිවත්තනි. කතමේ අට්ඨ? ලාහොව




පියදාස සිරිසේන නවකථා එකතුව 217

අලාභොව අයසොව යසොව නින්‍දා පසංසාව සුඛංච දුක්ඛංච ඉමෙ බො භක්ඛවේ අට්ඨලොක ධම්ම ලොකං අනුපරිවත්තංති. ලොකෝච ඉම අට්ඨ ලෝක ධම්ම අනුපරිවත්තනි, අස්සුතවෙතො භික්ඛවෙ පුථුජ්ජනස්ස උප්පජ්ජති ලාභොපි අලාභොපි අය‍සොපි යසොපි නින්‍දාපි පසංසාපි සුඛම්පි දුක්ඛමාපි. සුතචතොපි බො භික්කවේ අරිය සාවකාසය උපපජ්ජති ලාහොපි අලාහොපි අයසොපි යසොපි නින්දාපි පසංසාපි සුඛම්පි,දුක්ඛමිපි තත්රි භික්ඛවේ කො විසෙසො කෙඅධිප්පා යො කිං නානා කරණං සුතවතො ආරිය සාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙනාති භගවං මුලාකා නො හත්තේ ධම්මා භගවං නෙත්තිකා භගවං භගවන්තං යෙඡ පටිහාගු පටිසරණං, සාධුවත හන්තේ භගවන්තං යෙව පටිහාතු එතසස භාසිතසස අ‍ෙත්ථාා, භගවතො සුත්‍වා භක්ඛු ධාරෙස්සන්තිති, තෙනෙහි භික්ඛවේ සුණාථ සාධුකං මනසිකරොථ හාසිස්සාමිති එවං හන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං භගවා එතදවොච,අස්සු වතො භක්ඛවෙ පුථුජ්ජනස්ස උප්පජ්ජති ලාභො. සො න ඉති පටිසංචික්ඛිති උප්පන්නො බො මෙ අයං ලාභො සොව බො අනිච්චො දුක්ඛො විපරිනාම ධම්මොති යථාභූතං නප්පජනාති, උප්පජ්ජති අලාභො, උජ්පජ්ජති යසො, උප්පජ්ජති ආයසො, උප්පජ්ජති නනිදා,උප්පජ්ජති පසංසා,උප්පජ්ජති සුඛං, උප්පජ්ජති දුක්ඛං, සොන ඉති පටිසංවික්ඛිති, උපපන්නං බො මෙ ඉදං දුක්ඛං, තංච බො අනිච්චං දුක්ඛං විපරිනාම ධම්මන්ති යථාභුතං නප්පජානාති, තස්සලාහොපි ච්ත්තං පරියදාය තිට්ඨාති, අලාභෙපි ච්ත්තං පරියදාය තිටිඨති, යසෙපි චිත්තං පරියාදාය තිට්ඨති, අයසොපි චිත්තං පරියාදාය තිට්ඨති, නින්දාපි චිත්තං පරදාය තිට්ඨති,පසංසාපි චිත්තං පරයතිට්ඨනි, සඛංපි චිත්තං පරියාදාය තිට්ඨාති, දුක්ඛංපි චිත්තං පරියාදාස තිට්ඨති, සො උප්පන්නා ලාභං අනුරුජ්ක්ධටති අලාභො පටිවිරුජ්කධති උපපනං යසං අනුරුජ්කධති. අයසේ පටිවරුජ්කධති උපපන්නං පසංසං අනුරුජ්කධති නින්‍දාය පටිර්ජකධති උප්පන්නං සුඛං අනුර්ජ්ක්‍ධති දුක්ඛේ පටවිරුජ්කධති, සො එවංඅනුරොඛ විරොධ සමාපන්නො න පරිමුච්චති ජාතිය ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපාසයෙහි, න පරිමුච්චති දුක්ඛස්මාති වදාමි. සුතවතො බො භික්ඛවේ අරියසාවකස්ස උප්පජ්ජති ලාභො.සොපති පටිසංවික්ඛති. උප්පන්නේ බො මේ අයං ලාභො සොචබො අනිච්ච, දුක්ඛො විපරිනාමධම්මොහි යථාභුතං පජානති උප්පජ්ජති අලාභො, උප්පජ්ජති යසො, උප්පජ්ජති අයසො, උප්පජ්ජති පසංසා,



218 අෂ්ටලෝක ධර්ම, චක්රජය

උප්පජජති නින්‍දා, උප්පජ්ජති සුඛං, උප්පජ්ජති දුක්ඛං, සො ඉති පටිසංවික්ඛති උප්පන්නං බො මෙ ඉදං දුක්ඛං සො ඉති පටිසංවික්ඛති උප්පන්නං බො මෙ ඉදං දුක්ඛ තච බො අනිච්චං දුක්ඛං විපරිනාම ධම්මන්ති යථා භූතං පජානාති, තස්ස ලාභොපි චිත්තංන පරියාදාය තිට්ඨති යසාපි චිත්තං න පරියාදාය තිට්ඨති අයසොපි චිත්තං නින්දාපි චිත්තං න පරියදාය න පරියදාස තිට්ඨති පසංසාපි චිත්තං න පරියදාය තිට්ඨත සඛංපි චිත්තං න පරියාදාය තිට්ඨති දුක්ඛම්පි චිත්තං න පරියාදාය තිට්ඨති, සො උප්පන්නං ලාභං නානුරුජ්ක්ධ ති අලාභො න පටිවිරුජ්කඛති උප්පන්නං පසංසං නානුරුජ්කධති නින්දාය න පටිවිර්ජ්කධති උප්පන්නං සුඛං නානුරුජ්කධති දුක්ඛෙ න පටිවිර්ජකධති සො එවං අනුරොඛ විරොධ විප්පහීනො පමුච්චති ජාතියා ජරාමාරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි පමුච්චති දුක්ඛසිමාති වදාමි, අයං බො හික්ඛවේ විසෙසො අයං අධිප්පායො ඉදං නානාකරණං සුතවතො අරිය සාවකස්ස අසසුතවතා පුථුජ්ජනොති”

අදහස:- මහණෙනි, මේ ලෝක ධර්ම අටක් හෙවත් අෂ්ටලෝක ධර්මයෝ ලෝකයා නොහැර පවතිත්, ලොවැසි තෙමෙත් මේ ලෝක ධර්ම අට හෙවත් අෂ්ටලෝක ධර්මයන් නොහැර පවතියි. ඒ කවර අටක් ද යත්? ලාභය ද, අලාභය ද, අයස ද, යසස ද, නින්දාව ද, ප්රයශංසාව ද, සැපය ද, දුක ද යන මේ අටයි. මහණෙනි, මේ අෂ්ට ලෝක ධර්මයෝ ධර්මයන් නොහැර පවතිත්.ලෝ වැසි ‍ෙතමේත් මේ අ‍දෂ්ටලෝක ‍‍ධර්මයන් නොහැර පවතියි. මහණෙනි, අශෘතවත් පෘථග්ජනයාට හෙවත් ආගමාධිගම රහිත පෘථග්ජනයාට ලාභයත් උපදියි. අලාභයත් උපදියි, අයසත් උපදියි, යසසත් උපදියි, නින්දාවත් උපදියි, ප්රිශංසාවත් උපදියි. සැපත් උපදියි. දුකත් උපදියි. මහණෙනි, ශාතවත් ආර්ය ශ්රායවක‍යාටත් ආගමාධිගම සහිත ආර්ය ශ්රා වකයාටත් ලාභයක් උපදියි. අලාභයත් උපදියි අයසත් උපදියි, යසසත් උපදියි, නින්දාවත් උපදියි, ප්රභසංසාවත් උපදියි, සැපත් උපදියි, දුක්ත් උපදියි මහණෙනි, අශෘතවත් පෘථග්ජනයා හා ශාතවත් ආර්ය ශ්රා වකයාගේ ඒ කාරණයෙහි වෙනස කවරේද? අභිප්රායය කවරේද, පෘථක්කරණය ක‍වරේද? ස්වාමිනි භාග්යනවතුන් වහන්ස, අපගේ ධර්මයෝ භාග්යවවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්ය්වතුන් වහන්සේ නායක් කොට ඇත්තාහ. භාග්ය්වතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. ස්වාමිනි භාග්ය්වතුන් වහන්ුස, මේ භාෂිතය සම්බන්ධ අර්ථය භාග්යහවතුන් වහන්සේට ම



පියදාස සිරිසේන නවකථා එකතුව 219

වැටහේවා, ඒ මැනැවි, භික්ෂුහු භාග්ය වතුන් වහන්සේගෙන් අසා දරා ගන්නාහුය. මහණෙනි, එහෙනම් අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමියි වදාළ සේක. එසේය, ස්වාමින් වහන්ස කියා ඒ භික්ෂුහු භාග්යනවතුන් වහන්සේ කියා ඒ භික්ෂූහු භාග්යමවතුන් වහන්සේට පිළිවදන් ඇසසු හ හෙවත් උත්තර දුන්නාහු ය. භාග්ය වතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, අශෘතවත් පෘථග්ජනයාට ලාභය උපදි, හෙතෙම මෙසේ කලපාන නොකරයි. මට මේ ලාභය උපන, හෙද වනාහි අනිත්යමය.දුකය, පෙරලෙන ස්වභාව ඇත්තේ වේ යයි තතු සේ නොදනී. අශෘතවත් පෘථග්ජනයාට අලාභය උපදියි, හෙතෙම මෙසේ කල්පනා නො කෙරෙයි, මට මේ උපන, හෙද වනාහි අනිත්ය ය, දුකය, පෙරලෙන ස්වභාව ඇත්තේ යයි තුතු සේ නොදනී. අශෘතවත් පෘථග්ජනයාට අයස උපදියි. හෙතෙම මෙසේ කල්පනා නො‍ කෙරෙයි. මට මේ දුක උපන, හෙද වනාහි අනිත්ය,ය,දුකය ,පෙරලෙන ස්වභාව ඇත්තේ යයි තතු සේ නොදනී. අශෘතවත් පෘථග්ජනයාට නින්දා උපදයි. හෙතම මෙසේ කල්පනා නොකරයි.මට මේ නින්දා උපන හෙද වනාහි අනිත්යය දුක්කය පෙරලෙන ස්වාභාවය ඇත්තේයයි තතු සේ නොදනි.අශෘතවත් පෘථග්ජනයාට ප්රෙසංසාව උපදියි. හෙතෙම මෙසේ කල්පනා නොකරයි.මට මේ ප්රටශස්සාව උපන හෙද වනාහි අනිත්ය.ය දුකය පෙරළෙන ස්භාවය ඇත්තේයයි තතු සේ නොදනි. අශෘතවත් පෘථග්ජනයාට සැප උපදියි. හෙතෙම මෙසේ කල්පනා නොකෙරෙයි. මට මේ සැප උපන, හෙද වනාහි අනිත්යකය, දුකය, පෙරලෙන ස්වභාව ඇත්තේ යයි තතු සේ නොදනී. අශෘතවත් පෘථග්ජනයාට දුක උපදියි. හෙතෙම මෙසේ කල්පනා නොකෙරෙයි. මට මේ දුක උපන, හෙද වනාහි අනිත්යමය, දුකය, පෙරළෙන ස්වභාව ඇත්තේ යයි තතු සේ නෙදනී. ලාභයත් ඔහුගේ හිත හාත්පසින් අල්වාගෙන හෙවත් යටපත් කරගෙන සිටියි.අලාබයත්,අයසත්.නින්දාිවත්,ප්රීශසංසාවවත්, සැපත් ,දුකත්, ඔහුගේ සිත යටපත් කරගෙන සිටියි. ඔහුගේ සිත යටපත් කරගෙන සිටියි. හෙතෙම උපන්නාවු ලාභය ගැන සතුටු වෙයි.අලාභයෙහි ප්රකතිවිර්ද්ධ වෙයි. හෙවත් අසතුටු වෙයි. උපන් යසස ගැන සතුටු වෙයි. අයසෙහි අසතුටු වෙයි. ප්රතශංසාව ගැන සතුටු වෙයි. නින්දාවෙහි අසතුටු වෙයි. උපන්නාවූ සැපය ගැන සතුටු වෙයි. දුකෙහි අසතුටු වෙයි. හෙතෙම මෙසේ ලාභාදියෙහි සතුටට සහ අලාභදියෙහි අසතුටටත් පැමිණියේ ජාතියෙන්ද හෙවත් උත්පත්තියෙන් ද, ජරාවෙන් ද, මරණයෙන් ද, ශෝක කිරිමෙන් ද, විලාප කිරිමෙන් ද, කායික දුකෙන් ද, චෛතසික දුකෙන් ද, දැඩි වූ ආහාසයෙන් ද නො මිදෙයි සසර දුකෙන්




220 අෂ්ටලෝක ධර්මච චක්රදය


නොමිදේයයි කියමි. මහණෙනි. ශෘතවත් අර්ය ශ්රා‍වකයාට ලාභය උපදියි. හෙතෙම මෙසේ කල්පනා කෙරෙයි. මට මේ ලාභය උපන, හෙද වනාහි අනිත්ය.ය, දුකය, පෙරළෙන ස්වභාව ඇත්තේ ඇත්තේ යයි තත් වු පරිද්දෙන් දැන ගනියි. අලාභය උපන-පෙ-යසස-පෙ-අයස-පෙ නින්දාව-පෙ-ප්රසශංසාව-පෙ-සැපය-පෙ-දුක උපදියි. හෙතෙම මෙසේ කල්පනා ‍කෙරෙයි. මට මේ දුක උපන, හෙද වනාහි අනිත්යපය, දුකය, පෙරලෙන ස්වභාව ඇත්තේ යයි තතු සේ දැන ගනියි. ලාභයත් ඔහගේ සිත යටපත් කරගෙන නො සිටියි.අයසස් සිත යටපත් කොට නො සිටියි. යසසත් සිත යටපත් කරගෙන නො සිටයි. නින්‍දාවත් සිත යටපත් කොට නො සිටියි. ප්රිශංසාවත් සිත යටපත් කරගෙන නො සිටියි. සැපයත් සිත යටපත් කොට නො සිටයි, දුකත් සිත යටපත් කොට නො සිටියි.හෙතෙම උපන්නා වූ ලාභය ගැන සතුටු නො වෙයි. අලාභයෙහි අසතුටු නොවෙයි. උපන් යසස ගැන සතුටු නො වෙයි.අයසෙහි සතුටු නො වෙයි. ප්රෙශංසාව ගැන සතුටු නො වෙයි. දුකෙහි අසතුටු නො වෙයි. හෙතෙම මෙසේ ලාභාදියෙහි සතුටුවීම හා අලාභදයෙහි අසතුටු විමත් ප්රතහීණ කළේ ජාතියෙන් ද,ජරා මරණ දෙකින් ද, සෝක කිරිමෙන් ද, විලාප කීමෙන් ද, කායික දුකින් ද, චෛතසික දුකින් ද, දැඩි වු ආයාසයෙන් ද මිදේ සසර දුකින් මිදේ යයි කියමි. මහණෙනි, මේ කාරණයෙහි අගෘතවත් පෘථග්ජනයා හා ශෘතවත් ආර්ය ශ්රාිවකයාගේ මේ වෙනස යයි මේ අධිප්රාථය යි මේ පෘථක්කරණය යි වදාළ සේක. “ලාහො අලාහෝ අයසෝ යසො ච- නින්‍දා පසංසා ච සඛංච දුක්ඛං එතෙ අනිච්චා මනුජෙසු ධම්මා- අසස්සතා විපරිනාම ධම්මා එතෙව ඤත්වා සතිමා සුමේධො- අවෙක්ඛති විපරිනාම ධම්මෙ ඉට්ඨස්ස ධම්ම නමථෙන්නි චිත්තං අනිධ්ධිතො නො පරිසාතමෙහි තස්සානුරොධා අථව විරොධා විධුපිත අත්ථගතා න සන්ති පදඤ්ව ඤත්‍වා විරජං අසොකං- සම්මප්පජානාති භවස්සපරාගුති


පියදාස සිරිසේන නවකථා එකතුව 221

ලාභො, ලාභය ද: අලාභො,අලාභය ද: අයසො, අයස ද හෙවත් අපකීර්තිය ද, යසොව, යසස ද, නින්දාස, නින්‍දාවද: පසංසාව, ප්ර ශංසාව ද, සුඛංත, සැපය ද: දුක්ඛං, දුක ද, (යන) එතේ. මේ අෂ්ටලෝක ධර්මකයෝ මනුජේසු, මනුෂ්යසන් කෙරෙහි. අනිච්චා,අනිත්යොයොය: අසස්සතා, අසාස්වතිකයොය හෙවත් සවකාලික නුවුවෝය. පෙරළෙන ස්වභාව ඇත්තාහුය. සතිමා, ස්මෘතිමත් වූ: සැමේධො, පංඩිත තෙම, මේ අෂ්ට ලෝක ධර්මයන් ද, ඤත්‍වා,දැන: විපරිණාධම්ම,පෙ‍රලෙන ස්වභාව ඇත්තන් කොට, අවෙක්ඛති, දක්නේය, තස්ස, ඔහුගේ, චිත්තං, සිත:ඉට්ඨධම්මො, ඉෂ්ටධර්මයෝ: නමථෙත්ති,නො කළඹත්: අනිට්ඨතො, අනිෂ්ඨ ධර්මයන් හේතුකොට ගෙන පටිඝාතං, පීඩාවඩ: න එති, නො පැමිණෙයි. තස්ස, ඒ ආර්ය ශ්‍ාෂ වකයාගේ: අනුරොධ: සතුටු වැව් ද:අථාවා, යලිත්: විරොධා: අසතුටු වැව් ද: විධුපිතා, නැසුනාහ: අත්ථාපගතා, අස්තගතවූහ, නසත්ති, නැත්තාහ: හවස්සපාරගු, භවයාගේ පරතෙරට ගියා වූ ආර්ය ශ්රාාවකතෙම:අසොකං, සොක රහිත වූ, වරජං, පහ වු රාගාදි රජස් ඇති, පදඤ්ව, නිර්වාුන පදය ද, ඤත්‍වා, දැන: සම්මප්පජානාති, භවයාගේ පරතෙරට ගිය බව මනාකොට දැන ගත්තේය. භාවය-ලාභය, අලාභය, අයස, යස, නන්දා,ප්ර ශංසා, සැප , දුක යන මේ අටවැදෑරුම් ධර්මය මනුෂ්යයයන් කෙරෙහි අනිත්යටව හෙවත් එක ස්වභාවයක් නැතිව පෙරළෙමින් පවත්නාහ. මේ අෂ්ටලෝක ධර්මයට පරිනාම ධර්මය හෙවත් පෙරලෙන සුලු ධර්මයයි කියනු ලැබේ. සම්යරක් සිහියෙන් යුත් පංඩිත ජනයා මේ අෂ්ටලෝක ධර්මය හොදින් දැන සියලු සංස්කාර ධර්මයන් ම පෙරලෙන-වෙනස් වන බව සලකා ගත්තේය. ඒ පංඩිතයා හිතට අප්රි ය කාරණයක් ලැබුනු විට ද පීඩාවට නො පැමිණේ. ඒ ආර්ය ශ්රාිවක පුද්කලයා කෙරෙන් නැති වි යන්නේය. සංසාර සාගරයෙන් ‍එතරව ගිය වූ ඒ ආර්ය ශ්රාැවකතෙම ශොක රහිත වු දුරු කරණලද රාගාදි කෙලෙස් ඇති උතුම් වූ නිර්වානයට පැමිණෙන්නේය. මේ උතුම් ධර්මය තන් වු පරිදි දැන ලාභ අලාභදියෙහි එකසිත් ව උට්ඨාන විර්යයෙහි යෙදි සිටි බැවින් අප සිංහල ජාතියත්, අප රටත් දියුණු විය. එකකුට දෙන්නෙකුට හො දෙ තුන් සියයකට අමාරු පැමිණි







222 අෂ්ටලෝක ධර්ම චක්රපය

නමුත් පැරණි සිංහල ජනයා කිසිසේත් අධෛර්යය නොවි ජාතිය හා රටත් උතුම් ධර්මයත් ආරක්‍ෂා කළහ. ජිවිතාලයත් හැර සත්පරුෂ ගතියෙන් ක්රිකයා කළ බැවින් පුරාණ සිංහල රටත් ජාතියත් පැවැති උතකෘෂ්ට භාවය වණීනීය වේ. අපේ රටත් ජාතියත් භාෂාවත් සම්බන්ධව මදක්වත් මේ වේලෙහි සිහි කර ගත යුතුව තබේ. ශ්රීය ලංකාද්විපය මනුෂශවාස ව පැවති කාලය නිශ්චය කොට දැක්වීම නොපිළිවන් කාරණයකි. ලෝකයේ නා නා ජාතීන් අතර ප්ර කට වු මේ ද්වීපය සම්බන්ධ තොරතුරු සදහන් වන ඉතාමත් පැරණි ග්ර න්ථය වාල්මිකි සෘෂින් විසින් කරණ ලද “රාමායණ” නම් සංස්කෘත කාව්යැය වේ. රාක්‍ෂස වර්ගයේ මිනිසුන්ගේ වාසභවනය ව පැවැති අතීත කාලයක රාවණා නම් බලවත් නරේන්ද්රායෙක් මෙහි වාසය කළ බවත්-ඒ කාලයේ දි ලක්දිව විශිෂ්ටතර දියුණුවකින් පැවැති බවත් පෙනේ. රාම යුද්ධයෙන් රාවණා රජුගේ ජාතියත් සමගම රාක්‍ෂස වර්ගයේ මනුෂ්යවයන්ගේ පිරිහීම ද පටන් ගත්තේය. ඉක්බිති දීර්ඝ කාලයකට පසු සිංහල ජනයාගේ පැමිණීම නිසා ලංකාද්වීපය තව වරක් සර්වෝත්කර්ෂයෙන් බැබලි තිබේ. “ශ්රී් ලංකා, ලංකාද්විපය, සිංහලද්විපය, තාම්බ්ර්පර්නි, සිරැන්ඩිබ්, ලංකා, සෙයිලන්, සිලෝන්’ ආදි නානා නාමයන්ගේන ප්රංකට වූ මේ රටට “ රත්නද්වීපය, ධර්මේ මන්දිරය” යනාදි අන්වර්ථ නාමයන් ද මෑත කාලවල ව්ය වහාර කරනු ලැබූහ. ලෝකයේ පවත්නා ෂට් සෘතු ගුණය මේ දිවියිනේ එක් සෘතුව්ක් තුළම පැවතීම අද්භූත කාරණයක් ලෙස සැලකිය යුත්තේය. සියලු රටවල අටගන්නා වෘක්‍ෂලතාදියත් සශ්යූ වර්ගයත් මේ කුඩා දිවයිනේ වැඩෙන බැවින් මෙහි අගය ලෝකයා අතර සුප්රතසිද්ධය. පොළේ ගර්භයෙහි රන් රිදි මිනිරන් ආදි ලෝහ වර්ගත්, නීල රක්ත පද්මරාගාදි මාණික්යය වර්ගත් අධික වශයෙන් හටගනී. වෙරළට නුදුරුව පිහිටි මුතුපරවල අගනා මුතු බහුලය. චණ්ඩවූ සුළඟින් ද, භූමිචලන, අග්නිභූචදරාදි භයංකර විපතින් ද විනිර්මුක්ත වූ මේ දිවයින මනුෂ්යූයන්ගේ වාසයට අතිශයින් ම යොග්ය වන්නේය. සිතින් නො හැකි තරම් දීර්ඝ කාලයක පටන් මේ ලංකාද්වීපය පෙ‍රදිග රටවල සුප්ර්සිද්ධ වෙළද ස්ථානයව ද පැවැත්තේය. ජම්බුද්විපය, චීනය, පර්සියාව, අරාබිය, ආදි රටවල වනික් ජනයාගේ නිරන්තර ගමනාගමනය ඇතිවිය. කාසි කොසලාදි දේශවල ඇතිකරණ ලද පටදුහුල් හා රන් කමින් කළ වස්ත්රදත්-අනර්ඝ භුම්යාිස්තරණත් සඳුන් කපුරු හා රථවාහනත් ලක්දිවට ගෙනෙන ලද වෙළඳ බඩු වූහ. ලක්දිව ඒ ඒ





පියදාස සිරිසේන නවකථා එකතුව 223

වරායන්හි නවත්වා තිබු වෙළද නෞකා පංක්තිය කිසි කලෙකත් මෙ රටට උවමනා දේ පමණක් ගෙනවුත් දි නො ගියේය. විදේශවල රාජ කුමාරවරුන් හා කුමාරියනුත්-ධනවත් අන්යු ජනයාත් අතිශයින් ප්රිදය කරණ මුක්තාමාණික්යාභදි ලක්දිව උපදනා අගනා වස්තුන් ගෙන යාමට ද වෙළද ජනයා සැරසි උන්හ. ප්රහකෘතියෙන්ම සාරවත් වූ ලක්දිව සියලු සශ්යන වර්ග ම අධිකතර වශයෙන් ඇතිවූහ. එබැවින් සුලභ වු අන්නපාන වර්ග ඇති රටක් මෙන් ද ලක්දිව ප්රධකට ව පැවැත්තේය. ලක්දිව ස්වර්ග ඛණ්ඩයක් සමාන කොට දක්වා තිබෙන කිවින්ගේ යෙදුම් ගුඵැපාමායයි දැක්වීම උගහටය. ශිතොෂ්ණදි සෘතු ගුණයෙන් ද-භුමියෙහි හටගන්නා අනගි ‍ලොහ වර්ගියන්ගෙන් හා මාණික්යණරත්නයන්ගෙන් ද, දර්ශනීය වූ ගා හෝ ගල් පර්වතාදියෙන් ද, සාරවත් ‍ෙක්‍ෂස්ත්රනවස්තුන්ගෙන් ද, ප්රි යකරු වලින් හා මධුර ඵලයෙන් හරිත වෘක්ෂ ලතාවෙන් යුත් උද්යෙනයන් ගෙන් ද, මොණර කෙවුල් ආදි පක්ෂින්ගෙන් හා හස්ත්යුස්වාදි සිවුපාවුන්ගෙන්ද හෙබියාවු මේ ශ්රි, ලංකාද්විපය විචක්ෂණ කිවිවරයන්ගේ වර්ණනාවිෂයාතික්රාෙන්තව පවත්තේමය-

ම න ක ල සිහිල් දල පිරි ගං හො දිවෙ න ස ම න ළ පිදුරු තල ඈ උස් කදු පෙළි න ලොවතුළ තිබෙන සැම දෙස් ගුණ යුත් කල න ස ම ක ළ හැකි ද සිරි ලක්දිවට වෙන තැ න

සු ර ලො වි න් වැටෙන් මුතුවන් පිණි බඳුය ම ඳ සු ලං සුරඹ සෙමෙරෙහි නළ බඳුය නැ න තැ නි න් නිකුත් පිරිසුදු දිය කඳුය මොලොව අ න් රටක් මෙ සිරි නොම ලදුය

වි ස ල් වන රොදින් යුතු කඳු අවට දි ලි සු පු ල් මලු තුරන් සහ පුල්ලිය මඬු ලි වි ම ල් පලතුරෙන් දිසි අඹ දඹ ජිවු ලි සි ය ල් සිරින් අග බැව් සිරි ලක කිය ලි

ස ද කැ න් පියුමරා නිල් රතු වෙරඵ වි ණි මි ණි ර න් කසුන් තැන තැන කළ නිදන් වැ නි නු දු රි න් වෙරළ සිදු තුළ දිසි මුතු පරෙ නි ස ත කි න් රුවන කර මෙන් සිරි ලක තෙවු නි



224 අෂ්ටලෝක ධර්මර චක්රසය


ත ල් පොල් කිතුල් කොස් දෙල් අඹ තුරන් යු තු කු ල් මත් එහි සරණ කෙවුලන් ඈ සියො තු නි ල් පත් සෑම දනන් සිත් ගත් කුරුඳු ව තු දු ල් විය මේ සිරි ලක රජ උයනෙව් දිමු තු

පැ යු තු රන් කරල් බර ඇල් කෙත් වලි න තේ ව තු රබර් තැන තැනෙහි අපම න ලෝ ස තු සියලු ඉසුරෙන් අග පත් බැවි න මේ යු තු රටක් නැත සිරි ලකට සම ව න

මේ ආදි වශයෙන් වර්ණනා කළ යුතු ලක්දිව ඉතා පුරාණ කාලයේ වාසය කළ බලසම්පන්න මනුෂ්ය වර්ගය රාක්ෂසයන් බව මෙහි දක්වන ලදි. ඔවුහු පිරිහි ගිය පසු ඔවුහු ම හො ඔවුන් හා මිශ්‍ර ව බො වූ අන්යය ජනයා “යක්ෂ” යන නාමයෙන් ප්ර කටව ඊට මෑත භගයෙහි ලක්දිව වාසය කර තිබේ. ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ දිනයෙහි හෙවත් මීට අවුරුදු දෙදෙහස් හාරසිය නවපණසකට පෙර දඹදිව බෙංගාල පළාතේ පාට රටින් සිංහ ගෝත්රරයේ පිරසක් ලක්දිවට පැමිණ සිංහල ජාතිය පටන්ගෙන තිබේ. සිංහබාහු නම් රජු‍ගේ ජ්යෙපෂ්ඨ පුත්ර් වු විජය කුමාරයා ප්ර්ධාන පන්සියයක් පමණ වූ ඒ සිංහල පිරිස-ලක්දිව තාම්බ්රරපර්ණි නම් තොටට ගොඩ බැස, මෙහි විසූ යක්ෂ ගොත්රියේ කිවේනි නම් කුමරියගේත් ආධාර ඇති ව යක්ෂයන් අභිභවනය කොට රට අත්පත් කරගෙන් සිංහල ජාතිය වර්ධනයට පමුනුවා ගන්හ.විජය කුමරුන් හා පිරිසක්-ලක්දිව ම විසු යක්ෂ නම් ජනයාත්-ඉන් ඉක්බිති නොයෙක් කාලවල දඹදිවින් පැමිණි නානා ජාති ගොත්රවවල ජනයාත් සම්මිශ්රගවිමෙන් සිංහල ජාතිය විශාල වූ බව ද පෙනේ. විජය රජුගේ රාජවංශය මුල් බැස ගත් ලක්දිව සිංහලයන්ගේ වාසස්ථානයව සිංහල නමින් අමුතු භාෂාවක් ද ඇති කර ගන්නා ලද්දේ විය. සිංහල ජාතිය දඹදිවට අයත් නානා ජාති ගොත්රුවල ජනයා මිශ්‍්නවීමෙන් තැනුනාක් මෙන් ම ඔවුන්ගේ භාෂාව ද නානා භාෂා සමිමිශ්ර ණයෙන් ඇති වු බව පෙනේ. විජය කුමරු ආදි ලාට රටින් ආ පිරිසක් මාතෘ භාෂාව “ලාටි” නම් ප්රා.කෘත විශේෂයක් විය යුත්තේය. ලක්දිව විසු යක්‍ෂ නම් මනුෂ්යලයන්ගේ මාතෘ භාෂාවත් මිශ්රාව මුලින් ම සිංහල භාෂව තනා ගන්නා ලදි, ඉකිබිති මහා රාෂ්ටු ද්ර විඩාදින්ගේ පැමිණිම නිසා ඒ භාෂාවලින් ද සිංහල භාෂාවට ආධාර වි තිබේ. දෙවැනි පෑතිස් මහ රජාණන්ගේ කාලයේ ලක්දිව බෞද්ධාගම ප්ර තිෂ්ඨාපනය කළ මහාමහෙන්‍ද්රග මහරහතන් වහන්සේගේ වැඩවීමෙන්



පියදාස සිරිසේන නවකථා එකතුව 225

පසු සුද්ධ මාගාධි භාෂාව සිංහල භාෂාවට අධික වශයෙන් මිශ්රග විය. ඉන් ඉක්බිති සංස්කෘත භාෂාව උගත්තන් රටේ ඇතිවීමෙන් ඒ භාෂාවේ වචනද සිංහල භාෂාවට ඇතුළත් කර ගන්නා ලදි. මෑත කාලයෙහි පැමිණි ප්ර තිකාල් ඔලන්දාදි බටහිර රටවල ජනයාගේ භාෂාවල වචන ද සිංහල භාෂාවට මිශ්රහව තැනුනු සිංහල වචන නිෂ්පන්ත වශයෙනුත් - ඒ මනම සංස්කෘතාදි භාෂාවන්ගේම වචන තත්සම වශයෙනුත්- යන මේ තුන් ප්රදකාර ශබ්දලින් යුත් සිංහල භාෂාව ඉතා විශිෂ්ට වූ සකලාංගයන් ගෙන් පරිපූර්ණ වූ ප්ර ශාද ජනක උතුම් භාෂාවක්ව පවත්නීය. සිංහල භාෂාව නොයෙක් භාෂා මිශ්රපව තැනුනේ යම් සේ ද-සිංහල ජාතයේ මිනිසුන් ද නා නා ගොත්රාවල මිනිසුන් ගේ සම්බන්ධතාවයෙන් ඇති වූ බව විවාද රහිතව පිළගත් යුත්තක්ය. ආර්ය වර්ගයට අයත් නොයෙක් ගොත්රිවල මේ ජනයා “සිංහල” යන නාමයෙන් එකම ජාතියක්ව ක්රිගයා කිරිමට තරම් ඉතා පූරාණ කාලයේත් ඥානා ශක්තියෙන් හා ශික්ෂිත භාවයෙන් යුක්ත වූහ. එහෙයින් විජය රජුගේ පටන් මේ දක්වා ‍ම ලෝක වැසීහු සිංහලයෙන් “ජාතියක් “ වශයෙන් සලකති, සිංහල ජාතිය මුල් කාලයේ පටන් ම ස්වකීය නාමයට යොග්ය ලෙස ක්රි,යා කළ උසස් මනුෂ්ය් වර්ගයකි. ඵ් ඵසේ බැව් කීම අධික වර්ණනාවක්ද නොවේ. ඉතිහාස ගත වූ ද-ගල් සන්නස් ආදියේ සදහන් වූ ද ප්ර වෘත්තින් දෙස බලන විටත්, මේ දක්වා නොනැසි පවත්නා ශිලාකර්මාන්තදිය දෙස බලන විටත් සිංහලයන්ගේ තත්වය මොනවට ප්රසකාශා වේ. “බ්රි ටන්” නම් වු වර්තමාන ඉංග්රි්සින් ගේ මුල් මනුෂ්යේ වර්ගයා වනචරව වාසය කළ කාලයෙහි සිංහලයෝ සියලු සැපතින් ආඩ්යනව සත් මහල් නව මහල් ආදි අලංකාර ප්රා්සදයන්හි වාසය කළෝය. ආණ්ඩුක්ර‍ම අතින් ද, රණසූර භාවයෙන්ද , ශිල්ප කර්මාන්තයෙන් ද, ධර්මශාස්ත්රව විජානනයෙන් ද, ධනොපායන ක්රපම අවබොධයෙන් ද, ආඪ්යධ වු උපභොග පරිභොග සම්පන්තියනේ ද පතලා වු යසසින් හා කීර්තියෙන් ද සිංහල ජනයා ශ්රේපෂ්ඨ ස්ථානයකට පැමිණ සිටි බව නිශ්චය කොට කියා යුත්තේය. පණ්ඩුකාභය රජතුමා විසින් ඇති කළ නාගරික සභා ආදි ආණ්ඩු ක්ර මත්, දේවානම් පියතිස්ස රජතුමා විසින් ඇතිකළ ශ්රොද්ධා මහිමයත්, දුටුගැමුණු මහරජතුමා විසින් පෙන්වන ලද රණසුර භාවයත්, ඡෙට්ඪ තිස්ස රඡතුමා විසින් දියුණු කළ ශිල්ප කර්මාන්තයෙහි දක්ෂ භාවයත්,





226 අෂ්ටලෝක ධර්මව චක්රකය

කුමාරදාස රජතුමා ඇතිකළ ශාස්ත්රක වර්ධනයත්, බුද්ධදාස රජතුමා විසින් දියුණු කළ වෛද්යත පිළියමුත්, මහා පරාක්රමමබාහු රජතුමා විසින් කරණලද පරශස්තෘ මථනයත්, තම නොයෙක් රජදරුවන් විසිත් දන්වන ලද විශිෂ්ට දක්ෂ කමුත්-සිංහල ජාතියේ සත්කීර්තිය නොනැසි පැවැත්වීමට සමර්ථව තිබේ. ලක්වැසියන් සුඛිත බවට පැමිණිවීමට දිවා රැ දෙක්හි වෙහෙස ගත් ඊශ්වර ජානයා ද, මේ උතුම් සිංහල ජාතියේ මෙපමණ ගණනක් ඇති වූයේ යයි සංඛයා කළ නොහැක්කේය. රටවාසින් සුඛිත කරණු පිණිස මහා සාගර වැනි වැව් ද, පුණ්යෘ වෛද්ය්ශාලා ද, ධර්මශාලා ද, අනාථශාලා ද, ඇති කොට මහජනයාට පිහිට වූ රජවරුන්ගේන හෙබියා වූ සිංහල ජාතිය උතුම් ශික්ෂිත ජනයාගෙන සමන්විත විය. සත්ව ඝාතනය, සොරකම, කාම මිථ්යාතචාරය, බොරු කීම, සුරා පානය යනාදි ගර්හිත පාප ක්රිහයා වලින් තොරව විසු සිංහල ජනයා දේහ ශක්තියේන හා රූප ‍සෞන්දයයෙන් ද ඥාන බලයෙන් හා මහේශාක්යු ගතියෙන්ද කිසිම මනුෂ්යග වර්ගයකට දෙවෙනිව වැජඹුනු බව පෙනේ. මෛත්රිහය, කරුණාව, ත්යා්ගවන්ත භාවය,කෘතඥතාවය ආදි උතුම් ගුණ ධර්මයට හා රන් රිදි මුතු මැණික් වි සහල් වස්ත්රාවභරණ ගෘහොද්ය්න ඇත අස් ගව මහිෂාදි ධනයටත් ස්වාමි වූ සිංහලයෝ සියලු සැපතින් කාලාතික්රආමාණය කළෝය. ඒ ඒ කාලවල උපන් පින්වත් ජාතිහිතෛෂි රාජාදි උතුමන්ගේ සම්යකක් ව්යාකපාරයන් ශිෂ්ටාචාර භාව සංඛ්යාඋත මුදුන් හිනි පෙත්තේ තබාගෙන සිටි සිංහල ජාතිය-පැමිණි පරසතුරු පීඩා නිසා පිරිහි පාත බැස්සේය. මාස නම් දෙමළ රජුගේ පටන් සිංහලයන්ගේ පිරිහීම සීඝ්රන වූයේය. කිස්තු වර්ෂ 1505 දී පමණ ලක්දිවට පැමිණි ප්රනතිකාල් දේශිහු ලක්දිවට සාපයක් වූහ. මුදුහු බඩ පලාත් අල්වාගෙන සිංහලයන්ට සර්වප්රාකාරයෙන් අහිත දේ කළ ප්ර්තිකාලුන්ට රාජසිංහ රජ ආදි බලවත් සිංහලයන් විසින් කීප වරක් පහර දි ඒ සතුරන් ගේ පීඩා නැතිකළ නමුත් ලන්දේශින්ගේ පැමිණීම නිසා කිසිම යහපත්ක් අත් නූවුයේය. ප්රතතිකාලුන් ‍හා ලන්දේශින් විසින් පුරුදු කළ සුරා පානය සිංහල ජාතියේ විනාශයට විශෙෂයෙන් ඉවහල් වූයේය. ක‍බලේ සිටි අය ලිපට වැටුනු කලක් මෙන් උඩරට ආණ්ඩු කළ රජ දරුවන්ගේ නොපෙනත් ක්‍රියා හේතුකොටගෙන ද රටවාසීන්ට අමාරු පැමිණියේය. ශාස්ත්රා‍ගම් හා උතුම් ආණ්ඩු ක්රනම දත් ජනයාගේ විරල භාවය කරණකොට ගෙන රටේ අභ්යාන්තර ගත කෝලහාල අධික විය. අන්තිමේ දි අවුරුදු දෙදෙහස් තුන්සිය සත් පණසක් පැවති සිංහල රාජ බලය ශ්රි. වික්රදම



පියදාස සිරිසේන නවකථා එකතුව 227

රජසිංහ රජතුමාගෙන් අවසාන වි සිංහලයෝ අරාජික ජාතියක් වූහ. ඉක්බිති මුලු සිංහල ජාතිය ඉංගිරිසි ආණ්ඩුව කෙරේ ප්ර සන්නව ඒ ආණ්ඩුවේ ආරක්‍ෂාවෙන් ඒ තැන් පටන් වාසය කරන්නාහ. ඉතා දීර්ඝ කාලයක් අනභිභවනීය ව උසස් දියුණුවේ සිටි සිංහල ජාතිය සතුරු වියවුල් ආදිය නිසා ශාස්ත්‍රාගම දැනීමෙන් ද, සමගියෙන් ද, සිරිත් හා ගුණ ධර්මයෙන් ද යටත් පිරිසෙයින් ස්වජාතික නාමයෙන් ද පවා පරිහි ගියහ. දැන් වනාහි ජාතියක් වශයෙන් සිංහලයන්ගේ ස්වභාවය පසු ගිය ශත වර්ෂයේ තරම් සංවේගජනක නොවේ. එහෙයින් කොතරම් දුක් පීඩා පැමිණියත් සිංහල වීරයින් විසින් ජාතිය ආරක්ෂා කර ගැනිමට වීර්ය කටයුතුය. දුකක් හො අමාරුවක් පැමිණි විට මන්දෝතසාහි නොවිය යුතුය. තමුන්නාස්සේ නිසා මා මෙන් ම දුක් වන්නෝ බොහෝය. පුනරුත්පත්තියක් ඇති බව සත්යසයකි. ධෛර්යයෙන් යුක්තව මැරෙණ පුද්ගලයා ධිරයෙක්ව උපදි. ඒ හෙයින් ශොක නොකර බොධිසත්ව ලීලාවෙන් කල් ගත කළ මැනිවි. මහා පණ්ඩිත ‘මාඝ’ කිවිහුගේ ශ්ලෝක තුනක් මට මතක තිබේ.

“ස්වයං ප්රතණම තෙල්පෙපි පරවායා වුපෙයුෂි සිදර්ශවන මසාරානං ලඝුබුහු තෘණං නාරා”

ම ද ලෙ ස හමන සුළඟට වත් නිරතුරු ම ත ණ ග ස නැවෙන බව වැඩි දුර කියුන කි ම එ ම ලෙ ස අදම බියසුඵ පවුකරුහු හැ ම සි ය හි ස දෙයත් බැද බැද වැතිරෙතිය බි ම

“ පාදහතං යදුත්තාය- මුර්ධානමධිරොහති සවසථාදෙවා පමානෙපි-දෙහිනස්තත්‍වරං රජ”

කි සි ය ම කෙනෙකු පය වන් දූලි නොනැවැ ත සැ නෙ කි න් ඔහුගේ ඉසටත් ඉහලින් නැගි ත අ ව ම න් විද විදන් තුටු වන දන දිය ත සැ බැ වි න් දුලිවලටත් වැඩි නිසරු වෙ ත

“තුල්යේ පරාධෙ ස්වභානුර්-හානුමන්තං විරෙනයත් ඉමාංසුමා සුග්රධසතෙතං - මෘදින කෘතංථලං”



228 අෂ්ටලෝක ධර්ම් චක්ර ය

තෙ ද ඇ ති දිනිඳු සහ සොමි ගුණ යුත් තරි ඳු එ ක යු ති වයිර කරණා රාහු අසුරි ඳු නො ගි ලි ති දිනිඳු නිතර ම විලසට තරි ඳු වැ ඩි වෙ ති සතුරු පීඩා ලෙව් සතට මු ඳු

ඉතින් සවාමිනි, සොක නූන මැනැවි-ධෛර්මයත් වුව මැනවි. අප එක් කෙනෙක් දෙන්නෙක් හො දෙතුන් සියයක් හෝ හත් අට දාහක් අෂ්ටලෝක ධර්මය වූ පරිදි දුක්ඛිත කාලයකට පැමිණ සිටිතත් සිංහල ජාතිය සම්බන්ධ අෂ්ටලෝක ධර්මචක්රුය අනිකකි-එය පටන් ගත්තේ ශ්රී් බුද්ධ වර්ෂ 1 දීය. එතින් සිට අවුරුදු තුන් සියයක් ලාභමය රිය දත මතුව පැවැත්තේය. ඒ ක්රීමයෙන් අවුත් ශ්රීු බුද්ධ වර්ෂ 2400 යේ දි දුක් නමැති රිය දත යටපත් වී ලාභමය රිය දත නැවතත් (දෙවැනි වරට) මතු වි පවති, අටවැදෑරුම් වූ චක්රප අටේ පෙරලීම නිසා වහවහා ඇති වන දුක් සැප ආදිය සැලකිය යුතු නොවේ. මේ මතු වි තිබෙන මහා චක්රියේ ලාභමය රිය දත පවත්නා අවුරුදු තුන් සියය අප ජාතිය ඒකාන්තයෙන් දියුණු වන්නේය. ජාතියක් වනාහි ගලා බසින ගඟකට සමාන ය. කොතරම් මිනිස්සු විනාශව ගියත් ඒ ජාතියේ අපදින්නෝ අඩු නොවෙති.ඒ හෙයින් සෝක නොකළ මැනැවි-පශ්විම ජනතාවට හෙවත් මතු ඇති වන සිංහලයන්ට ආදර්ශවත් වන ලෙස ක්රිනයා කරණ මෙන් පමණක් ඉල්ලමි. ස්වාමිනි. වර්තාමාන අප ජාතියේ ධනවත් ලොකු මිනිස්සු ද සිටිති. ලොකු තනතුරු හා බලපිළිවන්කම් දර්නනෝ ද සිටිති. එහෙත් ඒ අයගෙන් සීයේට අනූනව දෙනෙක් ම සිංහලව ඉපදීම ගැනත් කනගාටු වෙති. පරාර්ථකාමි භාවයෙන් හීන වූ සවජාතිය ගැන කිසිත් නොදත් අපේ ඒ ලොකු මිනිසුන්ට ලැජ්ජා භය හෝ පහන් සංවේග භාවය හෝ ආත්ම ගෞරවය හෝ ඇත්තේ නැත. උතුම් සිංහල ජාතිය කෙබදු ජාතියක් ද යන බව නො දත් කෙනෙකුට ඒ ජාතියේ ඉපිදීම ගැන සිතට රුචියක්වත්-ජාතිය ජාතියක් වශයෙන් නො පැවතුනාට ඇති කණගාටුවක්වත් - ඇති නොවේ.ප්ර බල ජාතියක්ව ඉපදීමේ ඇති ප්රතයොජනය අඥානයන්ට අවබෝධ නොවේ. සවභාව ධර්මව බලයෙන් බලු කපුටු ආදින්ට පවා ඇති වෙන සමහර යහපත් ගුණයවත් ආර්මාර්ථකාමි අධර්ම මනුෂ්ය යන්ට ඇති නොවේ. අපේ උතුම් ජාතිය ගැන පිටරට වලින් පැමිණෙන සත්පුරුෂ ජනයා සංවේගයට පැමිණෙයි. ලක්දිව දීර්ඝ කාලයක් රාජකාරිය කළ ශාස්ත්රා චාර්ය ඇස්.ඇම්.බරොස්



පියදාස සිරිසේන නවකථා එකතුව 229

මහතා පැරණි සිංහලයන් ගැන මෙසේ කියා තිබේ. These voluble vendors of tortoise shell and fallacious gems are not fair representatives of a nation which hagd build a City of gigantic monoliths, carve a mountain into a greaceful shrine and decorate its pious monuments with delicate pillars that would have done credit to a Gracian Artist”

(තේරුම)- “මහා ශිලාස්ථම්භයන්ගේන යුත් නුවරක් නිර්මානය කළ හැක්කා වූ ද - විශාල ගල් පර්වත හාරා විචිත්රක කැටයම් සහිත දර්ශනීය විහාරයන් තැනවිය හැක්කා වූ ද - ඒ විහාරයන්හි ග්රී ක් ශිල්පියකු විසින් කරණ ලදැයි සැලකිය යුතු තරම් වූ කැටයම් යුතු කණුවලින් අලංකාරත්‍වයට පැමිණවිය හැක්කා වූ ද මනුෂ්යූ ජාතියක් හඳුන්වා දීමට වර්තමාන කාලයේ නැව් වලට ගොස් කැස්බෑ ලෙලි බඩුත් බොරු මැණිකුත් විකුණා රැකෙන කට හැකර වෙළෙන්දෝ සමර්ථයෝ‍ නොවෙති” යනුයි. උතුම් සිංහල ජාතිය හැදින ගැනිමට කටහැකර ප්ර්යොග වෙළෙන්දෝ තරම් නොවෙත් යයි සත්දත් බරෝස් මහාත කියා තිබේ. කට හැකර මෙවැනි වෙළෙඳුන් තබා සල්ලි ඇති සුරා වෙළෙන්දොත්-ආර්මාර්ථකාමි වතුකාරයෙත් අනුන් තලා පෙළා ධන රැස්කරණ මුදලි මහන්දිරම්වරුත්-ස්වජාතිකයන් පිළිකුල් කරණ රදල පවුල්වල ‍උදවියත් විචිත්රා්න්ත වික්රාාන්සාර වූ උතුම් සිංහල ජාතිය හැඳින්වීමට සුදුස්සෝ වනාහි ස්වජාතීන්ගේ අභිවර්ධනය සදහා වැඩ කරන්නෝය. තමන් දුක් විදිමින්වත් අනුන් සුව පත් කරන්නෝය- අනුන්ගේ යහපත පිණිස කිසිවක් නො කළ දවස දුරුභාග්ය වූ දවසක් හැටියට සලකන්නෝය-පරාර්ථය පිණිස හෘදයමාංශය පවා පුද කරන්නෝය- ඒ බැවින් ස්වාමිනි,ජාතියේ අභිවර්ධනය සදහා වැඩ කරණ ඔබ වහන්සේත් අනික් මහත්තැනුත් ‘සිංහල ජාතිය’ හැදින්වීමට අතිශයින් ම සුදුස්සෝය. සමානාත්මතා ධර්මය හොදින් දැන ඒ වූ පරිදි ක්රිීයා කරතත් සිංහල ජාතියට දැන් ඒ උතුම් වූ සමානාත්මතා ධර්මය මතක නැතිව ගොස් තබේ. ඉතින් ස්වාමිනි. ප්රතශස්ත සිංහල ග්රතන්ථයන්හි දක්නා ඒ සමානාත්මතා ධර්මය තමුන්නාන්සේට මතක් කරන්නට අවසරද? ශ්රී් රාහුල සංඝරාජ මහා සවාමි මෙසේ දක්වා තිබේ.




230 අෂ්ටලෝක ධර්ම චක්රාය

දහමත් ඇසුරු ක ර ස වග සතුරන් දුරු ක ර ඉඳුරන් විසි ක ර පවතු මහ රජ නො හැර ගුරුව ර

කරව දෙවියන් පු ද දෙවියන් මෙන් ගුරුය ද විමසා දෙයක් සො ද කරන් මහ රජ දෙලොව නිවර ද

පැරණි කල් දේක ට‍ කිසි අනතුරක් නොම කො ට සිය සදහන් ලෙස ට පවතු කුඵණෙන් දුගි සතහ ට

‍සබා ගුණයෙන් යු තු මිතුරන්ගේ නමා සි තු අදරිනි සියන් සි තු වසී කර මතු පවතු දැන තැ තු

පෙමින් ලිය සිත් ගෙ න දීමෙන් වහල් සිත් ගෙ න සෙසු සත රිසි ඇඳි න පවතු මුඵ ලොව සදව යසසි න

එක්ව නෑයන් ත ම දෙවසැර වෙමින් දළ පෙ ම මෙ වියන ගුණෙන් ඇ ම විසි කර ලොව පවතු රජ තු ම

සියල්ලන් තුටු ව න ලෙස පිය තෙපුල් කියමි න ඉතයන් හට සිත න දිවිදු දෙන සේ පවතු නිතියෙ න

දැක ගෙට පැමිනි ස ත දියුණු කරවා යහප ත දිමෙන් දෙමින් ඈ ත වරද ඉවසව නොවව කුල්ම ත


පියදාස සිරිසේන නවකථා එකතුව 231 පරවැඩ කරණ ස ද නො කැමති නොවව සිතු න ද තැවෙන ලෙස බස් ත ද නිසැක නොකියව උගණු බණ ප ද

බස් රොස ලොබ සස ල නොව රඵ මසුරු කෙළි ලෙ ල සෙවනා ගුණ නිම ල රජුන් පැමිණෙන ලොව මඟුල් හ ල

අතු පතර කපමි න මොර කන්නවුන් විලසි න අන්නැයෙන් කර න නසා රට තොට නූපයන් ද න

රොන ඇරගෙන මලි නි මි බදින බමරුන් මෙ නි ලොව නොපළා යෙහෙ නි එයින් දුන රැස් කරන් නිරිදු නි

ලොව කවුරුන් උව ත් අවමන් නො කර බස් දෙ ත් අසමින් යුතු පව ත් රැගෙන නිස්සක් කරේ පැනව ත්

තවද ස්වාමිනි, කටයුත්තක් තිබේ. යම් ජාතියක ඉපද සිටින ශ්රේනෂ්ඨ ජනයා ස්වකීය සැප පහසුව ම සලකමින්, ස්වකීය මහත්තත්වය සලකමින් පහත් ජනයාට ඒඒ අවස්ථාවන්හි දි පිහිට නොවෙත් නම් පහත් ජනයා නිසා දුක් නො විදිත් නම්, පහත් ජනයා සමග එක්ව ක්රිපයා නො කරත් මුඵ ජාතියේ ම දුක, මුඵ ජාතියේ ම බර, මුඵ ජාතියේ ම පැවැත්ම ඒ ප්රවභූන් විසින් ඉසිලිය යුතු තැනට පැමිණේ. එවිට සිදුවන්නේ අශ්වරාජයාට සිදු වු එකය. ඒ කුමක් ද යත්-යට ගිය දවස බරණැස් නුවරට බොහෝ දුරු වූ අප්රවසිද්ධ ගමක් වැසි එක්තරා ගෘහපතියකුට බලසම්පන්න අශ්වරාජයෙකුත් කොටලුවෙකුත් සිටියහ. මොහු මේ අශ්වයාට කෑම බිම දි කිසි වැඩක් නො ගෙන .තැනුවේ වැඩි මිලට තබා ගෙන සිටියේ මිලට විකුණා ගැණිම පිණිසය. කොටලුවා තබාගෙන සිටියේ තමාගේ නොයෙන් වෙළෙඳ ද්රකව්යග, නගරයට ගෙන ගොස් විකුණා ගැනිම සදහාය. මෙසේ වාසය කරණ කල්හි එක් දවසක


232 අෂ්ටලෝක ධර්ම චක්රණය

තමාගේ ඇලසහල් යව මෙනේරි ආදි ද්රචව්යර රාශයක් විකුණනු පිණිස නගරයට ගෙනයාමට සිදුවිය. එදාම අශ්වයාත් විකුණා ගන්නට සිතා ඌ ද නගරයට ගෙන යාමට සරසා ගත්තේය. කොටලුවාට ගෙන යාමට බැරි තරම් ද්ර ව්යන තිබුනු නමුත්-ශක්ති සම්පන්න අශ්වයා පිට කිසිත් පටවා නොගෙන අසරණ කොටලුවා පිට සියලු සේ ම පටවා ගෙන අශවයාත් දක්කා ගෙන ඒ ගෘහපතියා නගරයට යන පිණිස ගමන් ගන්තේය.මෙසේ දෙතුන් ගව්වක් යන කල කොටලුවාට ඉතාමත් අමාරු විය. උගේ තුනටිය කැඩි යන්නාක් මෙන් දැනුනේය. අධික වූ බර තව දුරටත් ගෙන යා ගත නො හැකි කොටලුවා තමා සමග නිදහස්ව සැප සේ ගමන් කරණ තරුණ අශවයාට කතා කොට, “පින්වත් අශ්ව රාජය, දැන් මට බොහොම අමැරුය. මගේ පිට කොන්ද කැඩුනාක් මේන් දැනේ. නිතර ම වැඩ කරමින් සැපවත් ආහාර පානාදියකුත් නැතිව දුක සේ සිටි වයස් ගන මා පිට මේසා බරක් පටවාගෙන යන නමුත්-හොද ආහාර පාන කමින් බොමින් කිසිම වැඩක් පලක් නොකර සිටින තරුණ වු තමුනන්නාන්සේ දැනුත් නිකම් ම ගමන් කර්නනේය. මට නම් බො‍හොම අමාරුය. මගේ පිට උඩ තිබෙන බරෙන් ටිකක් තමුන්නාන්සේත් පටවා ගන්තොත් මට මේ ගමන යන්නට පිළිවන. එසේ නොකළොත් තව බඹ කීපයක් යන්නට ප්රගථම මා ‍මැරේය”යි කොටලුතෙම අශවරාජයාට කීයේය. ඒ බස් ඇසු තරුණ අශ්වරාජයා මහත් සේ කිපි, “මම අශ්ව රාජයෙකි. මම රාජාදි උත්තමයන්ගේ රථ වාහන අදිනු මිස වී සහල් ආදි බර අදින කෙනෙක් ද, කොටලුවන් විසින් කටයුතු නීච වැඩ කරන්නට කියන්නෙහිද? තො මැරුණත් හිටියත් මට ඇති කාරියක් නැත. එම්බා චණ්ඩාල කොටලුව. කට පියා ගනෙ වහා ගමන් කරව”යි කීයේය. කොටලුවා ද කිසිත් කීමට අපොහොසත් බැවින් අධික වේදනාවෙන් කෙදිරිගගා බඹ හත අටක් යන විට මැරි වැටුනේය. කොටලුවා මෙරි වැටෙනු දුටු ගෘහපතියා, “ සිදුවුණේ විපතකි, කොටලුවා නැතිවීම පාඩුවකි, නමුත් අසවල් ගමේ උදවිය කොටලු මස් අනුභව කරති. ඒ නිසා මස් ටිකවත් විකුණා කොටලු කුණෙනුත් ප්රොයොජන ගනිමැ”යි සිතා කොටලුවා ගෙන ගිය සියලු ම වී සහල් ආදිය අශ්වරාජයා පිට පටවා-ඊට උඩින් කොටලුවාගේ කුණද පටවා අශ්වයා දක්නාගෙන යන්නට පටන්ගත්තේය. අශ්වයාට ගෙන යා හැකිය තිබෙනේ කොටලුවා ගෙන ආ බඩු පමණකි. එහෙත් කොටලු කුණ පැටවු පසු ඒ ඉවසිය නො හැකි තරම් බරක් වූයේය. තමාගේ සවාමියා ඒ කිසිත් නො සැලකු බැවින් ගව් තුන හතරක් අධික බර



පියදාස සිරිසේන නවකථා එකතුව 233

උස්සා ගෙන ගොස් ඉක්බිති අශ්වයාද සිහිසන් නැතිව වැටි මළේය.

ඉතින් ස්වාමිනි, මේ කථාවට අටුවාවක් උවමනා යයි නො සිතමි. කොටලුවාට අමාරු වූ වේලේ අශවයාත් යන්තම් දෙයක් උසුලා ගෙන ගියා නම් දෙදෙනාට ම අමාරුවක් නැතුව සුවසේ යා හැකිය තිබුනේය. එහෙත් අශ්වයා තමාගේ උසස් භාවය පෙන්වා අධික සැපවතේකුව ගමන් කළ බැවින් වැඩි දුර යන්නට ප්ර්ථම කොට ලුවා උසුලා ගෙන ගිය බර පමණක් නොව කොටලුවාගේ මෘත ශරීරය ද පිට උඩ තබා ගෙන ගොස් දුක් විද අන්තිමේදි තමා ද කොටලුවා මළක් මෙන් අනාථ මරණයෙන් මළෝය. අප ජාතියේ ඉන්නා මිනිස්සුත් මේ අන්දමට කල් ගත කරති, අසරණ දුක්ඛිත රටවැස්සන්ගේ අමාරුකම් කිසිත් නොසලකා ප්ර ධාන අය තම තමගේ ම සැප පහසු ගැන සිතමින් කල් ගත කරති. එහෙත් වැඩි කලක් යන්නට ප්රමථමයෙන් ඔවුන්ට ත් අශ්වරාජයාට ගිය කල දසාව යන්නට බැරි කමක් නැත. ඒ නිසා ස්වාමිනි, ආත්මාර්ථකාමි අධමයන්ට නින්දා වන පිණිසත්-ඔවුන්ට ඔවුන්ගේ ක්රි්යාව ම විනාශ දායක වන නිසාත්-ඔබ වහන්සේ පරාර්ථය පිණිස විදිනා දුක ගැන ශෝක නුවුව මැනවි. මම ද ශෝක නොවෙමි. සර්වඥ ශාසනය පන් දහස් වස් කාලයක් ආර්ක්ෂා කිරිමට විවරණ ශ්රීම ලත් සිංහල ජාතිය ස්වොත්කර්ෂයෙන් බැබලේවායි ප්රාකර්ථනා කරමින් මගේ ලියමන මෙයින් සමාප්ත කරමි.

මේ වගට-සුවච කීකර්.මුක්තාලතා

පැ ර ද ගිය අසුර බිහිසුණු යුදට වැ ද ව ර ද කළ සතට දඬුවම දෙන නිබ ද සැ ර ද ගුණ රාජසිහ රජ රැකි සුහ ද සැ ර ද කදකුමරු ලකඹර දිනිදු ලෙ ද

ස ද හ ම් දියත වැඩුමට වැඩ කළ සත ත අ ද හ ම් සතුරු බල නැසු පතල තෙ දිය ත පැ ර කු ම් බුජ හිමිහු විදිතත් සුර සැප ත ක ර පෙ ම් අප දෙසත් බලතොත් කුසල් ඇ ත

පි රි සි දු මුවතඹර රැදි සරසවිය ල ද සු පු රු දු කරණ බුදුකුරු දහම හැම ස ද ප ර සි දු පියදාස සිරිසෙන් නම් සුහ ද ක තු රි දු සිහල දෑ පත ‍කෙළෙ මෙම පබ ද