පියදාස සිරිසේන නවකථා එකතුව- 02-ඩිංගිරි මැනිකා i

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

ඩිංගිරි මැනිකා

හෙවත් වික්‍රමපාලගේ පලමුවෙනි වික්‍රමය

(ක්‍රි.ව. 1918)


සංඥාපනය[සංස්කරණය]

අප පියාණන් වන පියදාස සිරිසේන මහතා විසින් ලියන ලද නවකථා අතුරෙන් ඩිංගිරි මැණිකා නම් මේ ප්රසබන්ධය ප්ර ධාන කොට සැලකිය යුතු වන්නේ අනික් නවකථා කීපයකටම අත්තිවාරම වූයේ එය බැවිනි. 1919 දි ඩිංගිරි මැණිකා නම් මෙම ප්රථබන්දය කරන සමයෙහි “පරික්‍ෂක ප්රරබන්ධ” අතින් ලංකාවේ ඉතා දුප්පත්ව පැවති බව කිව යුතුය. “වික්රයමපාලගේ වික්ර ම” නමින් දැක්වෙන ඩිංගිරි මැණිකා, විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය, වලව්වක පලහිලව්ව, ඉෂ්ට දෙවියා, මහේශ්වරි ආදි ප්රිබන්ධ පළවීමෙන් මේ අභිනව ක්රනමයේ නවකථා ගැන මහජනයා අතර මහත් උනන්දුවක් ඇතිවිය. පියදාස සිරිසේන යන නමාය මෙන්ම කොන්ගොඩ වික්රකමපාල යන නාමයද මහජනයාගේ තුඩක් පාසා ලෙළ දෙන්ට වූයේය. මේ අවදියේදි තවත් කීප දෙනෙකු විසින්ද පරික්‍ෂා ප්ර බන්ධ ලිවිමෙහි ප්රනයන්නයක් දරන ලද නමුත් ඒවා පියදාස සිරිසේන මහතා විසින් ලියන ලද වික්රිමපාලගේ වික්රාම මෙන් ජන ප්රි ය නොවු බව එම පොත් පිළිබද සංඥා මාත්ර යක්වත් ඇනට මහජනයා අතර නොපැවතීමෙන් ප්රපකාශ වේ. අප පියාණන් රෝගාතුර විමෙන් පසු ලියනලද වික්රොමපාගේ අන්තිම වික්රතමය වන ඩෙබර කෙල්ල ද නොබෝදා අප විසින් මුද්රලණය කොට ප්ර්සිද්ධ කරන ලදුව මහජනයා විසින් සමාදරයෙන් පළිගන්නා ලද බව ප්රවකාශ කිරිමට ලැබිම අපට මහත් ප්රීසතියකි.

          අප පියාණන් විසින් වික්රනමලාගේ වික්ර ම ඇතුඵ තවත් ප්රිබන්ධ කථා රාශියක්ම ලියන ලද්දේ දේශපාලනය. අර්ථසංවර්ධනය, සදචාරය, ජාති මමත්වය, ආගම භක්තිය ආදි උසස් ධර්මයන් සාමාන්යද ජනයාට ඉගැන්විමට ඇති උපායත් වශයෙන් සලකාගෙන බව එතුමා විසින් පොත්පත්වල ලියන ලද සංඥාපනයන්හි ඇතුළත් වේ. කථා රසය අඩුවේය යන භිතියෙන් වර්තමාන ප්රනබන්ධකාරයන් තමන්ගේ පොත්වලින් එබදු උසස් ධර්මයන් ඉගැන්වීමෙහි උත්සහයක් නොදරන ලද නමුත් “ඩිංගිරි මැණිකා” කියවීමෙන් කථා රසයටත් කිසිම හානියක් නොවි කර්තෘගේ යථාර්ථයද කොතරම් දුර සාර්ථකව තිබේදැයි සලකා ගැනිම පාඨකයාටම පැවරීමට අපි කැමැත්තෙමු.

“ඩිංගිරි මැණිකා” පමණක් නොව අප පියාණන් විසින් ලියන ලද සියලුම නවකථා නාට්යපයට නැඟීම, පරිවර්තනය කිරිම ආදි සියලු අයිතිවාසිකම් අප පියාණන් සතු බව මෙයින් දන්වා සිටිවු.


අරියපාල සිරිසේන.

“සිංහල ජාතිය”

කොළඹ, 24 4 45



01. පරිච්ඡේදය[සංස්කරණය]

මා ගැන වැඩි විස්තරයක් මෙහිදි නො කියමි. නමුත් සත්කෝරළේ කොන්ගොට නැමැති ගමේ විසු රජපස්ස මුදලිගේ ඩිංගිරි අප්පුහාමි හෙවත් කොන්ගොඩ රාළයයි මගේ පියා ප්රසසිද්ධව සිටියේය. මෙගේ මව් මා ළදරු කාලයේම මියගිය බැවිනුත් මට සත් හැවිරිදිවූ හැටියේම පියා කාලක්රි්යා කළ බැවිනුත් වෙන කිසිම සහෝදර සහෝදරයක් නැති බැවිනුත් වෙන කිසිම සහෝදර සහෝදරියක් නැති බැවිනුත් මම අනාථවිමි. අනාථ දරුව්නට සංග්රළහ කරන සිංහල මිනිස්සු දැන් අප රටේ විරල හෙයින් වෑත්තෑවේ හාමුදුරුවන්ට පින්සිද්ධවෙන්ට යන්තම් මොකුත් ඉගෙනගෙන වැඩිවිය පැමිණි පසු ත්රිසසිංහලයෙහිම අවිද්දවූ මට මගේ ජන්ම භාෂාවට ටිකක් අඩුවෙන් ඉංගිරිසි සහ දෙමළ භාෂාද ඉගෙනගන්ට පිළිවන්විය. මගේ පියා මරණාසන්නට පිටියදි මා ළඟට කැදවා “වික්රටම, නුඹේ කේන්ද්රායේ හැටියට නුඹ හොරෙක් විය යුතුය. නමුත් වීර්ය කළොත් හොරෙක් නොව හොරු අල්ලන්නෙක්ද විය හැකැ”යි කීයේය. මගේ කරුණවන්ත පියාගේ අන්තිම වචනය මම කිසිදිනක සිතින් අස් නොකළෙමි. දැන් මගේ වහස අවුරුදු තිහකි. මේ කාලයතුළ මම කිසිදිනක අල්පෙනෙත්තක් පමණවත් සොරකම් නොකළෙමි. මා ධර්ම ශාස්ත්රක උගත්තාට පසු මගේ පියා ගේ කීම වැඩිදුරටත් මට ප්රුත්යමක්‍ෂා වූයේය. යම් මිනිහෙක් හොරෙක් හෝ තක්කඩියෙක් හෝ අසරණයෙක් හෝ අඥනයෙක් වීමට පූර්වකර්මයේ හේතුව ඇතිවුණත් ධර්මයට කීකරුව උට්ඨෘන වීර්යයෙන් යුක්තව කල් ගතකළොත් ඔහුට අපරාපරිය වේදය වශයෙන් පැමිණෙන කර්මය පවා වලක්වාගත හැක්කේය. ඒ බව තථාගත ධර්මයේ මෙසේ ප්ර කාශිතය. පටිසම්හිදා පාලියෙහි “උපධිසම්පත්කිය කම්මවිපාකානි පටිබාහත්ති, කාලසම්පත්තියා කම්මවිපාකානි පටිබාහන්ති, පයොග සම්පත්තියා කම්මවිපාකානි පටිබාහන්ති” යනාදි වශයෙනි. හොරෙක්වීමට හේතුකයෙක්ම උපන් මම කල්යිණමිත්රි සේවනයෙනුත් ධර්මය ශ්රෙගෂඨකොට සිතා ඒ ධර්මයට අනුව සෑමවේලේම ක්රිහයාකළ හෙයිනුත් දැන් පමර්ථ “රහස් පරිකෂකයෙක්” විමි. මා විසින් පරික්‍ෂාකොට නීතිප්රයකාර අල්වා දි ත්යාරගලත්,සොරකම්, කපටිකම් ආදිය සිය ගණනකි. ඒ සියල්ලම මේ එක පොතකින් දැක්වීම උගහටය. පළමුකොටම ඩිංගිරි මැණිකාගේ කතාන්තරය කියන්නෙමි. මේ නිශ්ඵල කතාවැකැයි නොසිතා සාවධානව අසන මෙන් කරුණාවෙන් මතක්කරමි.





240 ඩිංගිරි මැණිකා

මට විශාල ධනයක් නැතත් සැපසේ ජිවත්වීමට තරම් කාරණා තිබේ. මා බොහොවිට දුම්රියේ තුන්වැනි පංක්තියේ ගමන්කරන්නෙක්වු නමුත් මගීජනයා අධික දිනවල දෙවැනි පංක්තියේ ගමන්කිරිමට පුරුදුය. එක් වර්ෂයක නොවැම්බර් මාසේ දෙවැනිදා මිත්රනයෙකු සම්භවෙන පිණිස නානුඔයට යාමට මරදානෙන් පිටත්විමි. එදින මා ගමන්කරන්නට අවසර පත්රාය ගත්තේ දෙවැනි පංක්තියටය. එදින බොහෝ සෙනඟ ගමන් කරන දිනක්වූ බැවින් දෙවැනි පංක්තියේ කාමරයකවත් නියම ගණනට වඩා හත්අට දෙනෙක් නොසිටි කාමරයක් නැතිවිය. මා කලින්ම දුම්රියට නැගුණ බැවින් හොද හැටි වාඩි ගත් නමුත් දුම්රිය පිටත්වෙන්ට මිනිත්තු තුනකට ප්රිථම බවලතුන් හතර දෙනෙකුත් පිරිමි තුන්දෙනෙකුත් අප සිටි කාමරය අවුත් වන්හ. මාත් සමග අප සිටි කාමරයේ තරුණයන් පස්දෙනෙකුත්, මාලානික මුහුණෙන් යුත් උඩරට රදළ කෙනෙකුත්, අන්තිමට පැමිණි හත්දෙනා යන මේ පිරිස දහතුන්දෙනෙක් වූහ. කාමරයේ වාඩිවීමට නියමකර තිබෙන්නේ අටදෙනෙකුටය. මහලු දුර්වුල පිරිමි හතරදෙනෙකුත් වූහ. ඉතින් බලවත්තු කාමරයට ඇතුල්වුණු හැටියේම, මම නැගිට අයින්විමි. ඒ ඉඩමේ එක බලවතෙක් වාඩි විය. කලින් වාඩි වී සිටි තරුණයන්ගෙන් මා හැර අන් කිසිවෙක් නො නැගිටි බැවින් එහි පැමිණි දුර්වල මහල්ලන්ටත් අනිත් බලවතුන් තුන්දෙනාටත් ඉඩ නැතුව නැගිටි සිටිනු දුටු මට මහත් ලැජ්ජාවක් හා කනගාටුවක්ද ඇති විය. තද කෝපයෙන් මෙන් ම ඒ තරුණයන් දෙස බලමින් සිටින විට දුම්රියද පිටත්වි ගියේය. එවිට මම තරුණයකුට කතාකොට “මිත්රිය තමුසේලාත් මවුපිය සහෝදරියන් ඇති අය වැයහැක. මේ ස්ත්රිින් තුන්දෙනෙකුත් මහලු දුර්වල මිනිසුනුත් මෙසේ සිටගන ඉන්දදි තමුසේලා වැඩිවි සැපසේ ඉන්නේ ලැජ්ජා භය කොහොත්ම නැති නිසාද? නැතහොත් වෙන කුමන බලයක් පිටදැයි ඇසුවෙමි. ඒ අසු තරුණයා “ තමුසේ ගේ කාරණය පමණක් බලාගතයුතුය, මා වාඩිවි සිටින්නේ මුදල් දි ගත් අවසර පත්රකයේ බලය පිටය. දුම්රියකට නැගිය යුතු ඉඩකඩ බලාගෙනය. මේ මිනිස්සු ඉඩ නැති කාමරයට නැගුනේ ඔවුන් ගේ වරදිනුයි. තමුසේගේ ඉඩම් අන්න්ට දීල තමුසේ මෝඩයෙක් වුනා මදිව අපත් අඥානයන් කරන්ට හදන්නේහිදැ”යි හයියෙන් කීයේය. මේ තරුණයාගේ කතාව අසු මගේ මයිල් කෙලින් සි‍ටියේය. “අනේ මේ තරම් ආත්මාර්ථකාමි අධමයන් උපන් මේ රට ගිනි නොගෙණ



පියදාස සිරිසේන නවකථා එකතුව 241

තිබෙන්නේ ලෝකයේ උපන් අසහාය පරාර්ථකාමින්වහන්සේ තුන් වරක් වැඩි නිසා විය යුතුය. නැතහොත් දැන් මේ රටේ සිටින ආර්මාර්ථකාමි අධමයන්ගේ බරින් මෙය ගිලියන්නට හෝ ගිනිවදින්ට සෑහේය”යි සිතමින් ඒ තරුණයාට මෙසේ කීවෙමි, “ ආ, මනුෂ්යටයෝ තමුසේ කෙතරම් අධම ආත්මාර්ථකාමියෙක්ද? දුර්වල ස්ත්රිටයකට සැපදෙන පිණිස පැයක් පැය බාගයක් නැගිට සිටින්ට බැරි කෙනෙක් යම් අසරණයෙකුට බත් කටක් හෝ සතයක් දෙයිද? හැබෑ මිනිස්සු අනුනගේ යහපත පිණිස තමන්ට ඇතිතාක් සියලු සැපසම්පත් පමණක් නොව උවමනා නම් ජිවිතයත් පරිත්යාිග කරති. මෙහි මේ හිටගෙන ඉන්නේ දුර්වල ස්ත්රීනන්තුන්දෙනෙක් හා මහල්ලෝ තුන්දෙනෙකුත්ය.තමුසේ ශක්ති මත් තර්ණයෙකි. පැයක් හමාරක් හිටගෙන සිටියාට කිසි අමාරුවක් නැති නමුත් තමුසේ වැනි තරුණයෙක් මොවුන් මෙසේ සිටිනු බලා ඔය අන්දමට සැපසේ වාඩිවි ඉදීම තමුසේට කෙසේ වෙනත් මනුෂ්යේ නාමය දරන වෙන අයට නින්දාවකි”යි කියනකොටම ඒ කාමරයේ සිටි අනිත් තරුණයෝ නැගිට්ටෝය. එකල්හි බවලතුන්තුන්දෙනාත් මහලු මිනිසුන් දෙන්නාත් වාඩිගත්හ. දුම්රියද රාගමට පැමිණියේය. එහි සිටි ස්ත්රී න් සතරදෙනා හා පුරුෂයන් තුන්දෙනෙක්ද රාගමින් බැස ගියෝය ඉන් පසු මමද සැපසේ වඩිගෙන මෙසේ කියන්ට පටන්ගතිමි. “තමුසේලා අපි කවුරුත් කලිසම, මෙස්,සපත්තු ආදි ඉංගිරිසි ඇදුම් ආදින්ටත්, ජින් බ්රැන්ඩි ආදි මත්පැන් බොන්ටත් තවත් නොයෙක් දුසිරිත් කරන්ටත් ගජ හපන්නු. නමුත් උතුම් ඉංගිරිසි මනුෂ්යයයන් තුළ පවත්නා ගුණයවත් නැතහොත් අපේම පැරණි මුතුන්මිත්තන්ගේ මාහැගි ගුණධර්මවත් පුරුදු නොකළ අධම පුහු මිනිස්සුය” මෙසේ කියනකොටම පැත්තකින් වාඩිවි සිටි උඩරට රදළ මහාතා මා සමග කතාවට බැස්සේය- නිලමේගේත් මගේත් කතාව මෙසෙ විය.

නිලමේ - මොකද තමුසේ ඔහොම කතාකරන්නේ තමාගේ මුදල් දීලා දුම්රියේ යනවිට අනුන් නිසා සිටගෙන යන්ට ඕනැකම මෙකද? තමුසේ උන ආසනයෙන් නැගිට අර ස්ත්රි යට වාඩිවෙන්ට දෙනවා බලාගෙන සිට මට තමුසේ පිස්සෙක්යයි වැටහැණා. මම - අනේ නිලමේ කරුණාකර මට තමුසේගේ නම කියා දුන්නොත් හෙදා?තමුසේ කොයි පළාතක කෙනෙක්ද? නිලමේ - මගේ නමෙනුත් පළාතෙනුත් ඇති පලේ මොකද? මා



242 ඩිංගිරි මැණිකා කියාපු ‍ඒකට උත්තර දෙනව‍කෝ. මම -එහෙනම් කරුණාකර මට තමුසේගේ ජාතියත් ආගමත් කියා දෙනවා හොදා? නිලමේ -මගේ ජාතියෙනුත්, ආගමෙනුත් කමක් නැහැ. මා කියාපු කාරණයට පිළිතුරු කියන්ටකො. මම -අනේ ආයුබෝවන්ඩ තමුසේ කියාපු එකට උත්තර කියන්ට මට කොහෙත්ම බැරිකමක් නැහැ. නමුත් තමුසේ‍ගේ තත්වය තේරුම් ගෙන උත්තරදීම සදහා තොරතුරු පරික්‍ෂා කළෙමි.හොදයි ඒ කොයිහැටි උනත් මනුෂ්යරයා කියන්නේ කාටද? නිලමේ - මනුෂ්ය්යා කියන්නේ අප වගේ උදවියටයි. මම - ඒ බොරුවකි. නිලමේ - ඇයි බොරුය කියන්නේ අපි මිනිස්සු නො‍ෙවමුද? මම - සත්තකටම බොරුවකි. දිලිසෙන සියල්ලමි රත්රන්ද? නිලමේ - දිලිසෙන සියල්ලම රත්රන් නොවේ. සර්වපිත්තලත් දිලිසේ.එසේම සායම් කළ වීදුරු කැබලිත් දිලිසේ. නමුත් ඒවා රත්රන් නොවේ. මම - අනේ ආයුබොවන්ඩ. අපේ නිළමේගේ කතාව බොහොම හිරි!හොද උත්තරය!! දෙයියෝ රකදෙන්ඩ!!! හරි පිළිතුර දීපි. ඉතින් නිළමේ, දිලිසෙන සියල්ලම රත්රන් නොවේ නම් ඔඵගෙඩියකුත් ඇස්.කන්,නාසා,අතපය ආදියත්,බඩගෙඩියකුත්,දෑඟලක් පමණ වූ කටකුත් තිබුණාට ඔක්කොම මිනිස්සුවෙන්නේ කොහොමද?

නීතිශාස්ත්රසයෙහි- යෙෂාං න විද්යාර න තපො න දානං ඥනං න සීලං න ගුණං න ධර්ම‍ තෙ මත්යධලොක භුවිභාරභුත: මනුෂ්යසරූපෙන මෘගාශ්චරන්ති

යනුවෙන් යම් කෙ‍නෙකුට උතුම් ශාස්ත්රප දැනීමක් හෝ තපසක් හෝ දන්දීමේ පුරුද්දක් හෝ, උසස් ඥනයක් හෝ, සිලයක් හෝ, පරාර්ථකාමිභාවදි ගුණයක් හෝ, පාරමි පිරිමාදි ධර්මයක් හෝ, නැද්ද ඒ තෙම පොළවට බර මනුෂ්ය රූපයෙන් හැසිරෙන තිරිසනායයි කියා තිබේ. ඉතින් දිලිසෙන සියල්ලක්ම රත්රන් නොවන්නාක් මෙන්ම මිනිස් රූපය ඇති


පියදාස සිරිසේන නවකථා එකතුව 243

පමණින් සියල්ලෝම මිනිස්සු නොවෙතියි යන මේ කීම නැලමෙට වැටයුනාද?

නිල - මට හොදට වැටහුනේ නැහැ. මිනිස් රූපයෙන් යුත් සියල්ලෝම මිනිස්සු බව මගේ කල්පනාවයි.

මම - එය වැරදි කල්පනාවකි. කපුටොත් කොවුලොත් රූපයෙන් එක සමානවෙති. සර්වපිත්තලත් රත්රනුත් දිලිසීමෙන් එකසමානයි.ඉතින් මේවා සමහර කරුණුවලින් එක සමාන වු පලියට මේවා එකම දේයයි ධර්මශාස්ත්රක උගත් කවරෙක් පිළිගණිද?

නිල - (ටිකක් දුර්මුඛව) තමුසේ නියම මනුෂ්යෙයාය කියන්නේ කාටද?

මම - නියම (හැබෑ) මනුෂ්ය යෙකුට ඇති ගුණංග බොහොයි. එයින් ඉතාම ශ්රේගෂ්ඨ ගුණය එනම්, නියම මනුෂ්යසයකු තුළ ඇතිවන පළමුවෙනි ගුණය නම් - තමා දුක්විද අනුන් සුවපත් කිරීමට ඇතිවන ආසාවයි හෙවත් පරාර්ථකාමි භාවයයි.

නිල - ඉතින් එහෙම මිනිස්සුත් ලෝකේ සිටිත්ද?

මම - අනේ නිලමේ. මම පළමුවෙන්ම තමුසේගේ නම ගම හා ජාතයත් ආගමත් විභාගකළේ මේ ප්රමශ්නයට පහසුවෙන් පිළිතුරු දෙන පිණිසයි. ඔන්න අහන්ට - අපේ බුදුරජාණන්වහන්සේ තමන්වහන්සේම බුදුව නිවන් සැප සොයාගන්ට සාරාසංඛ්යේ කල්ප ලක්‍ෂයකට පෙර ලැබුනු අමෘත මහා නිර්වාණ සැපය සංසාරගත සත්වයන්ට පරිත්යටග කොට ඔවුන්ද නිවන් දක්වන පිණිස සංසාරයට බැස අනන්ත අප්රැමාණ කාලයක් මුඵල්ලේ ඉඩම් කඩම් ගෙවල් දොරවල් වතුපිටි ආදි නොයෙක් ධනයද, ඇත්, ගව, මහිෂාදි සචෙතන වස්තුද, දාසි දැස පුත්ර්ද්රකරාදීන්ද සුවකීය ඇස්.ඉස්.මස්.ලේ හා ප්රාුණයද දන්දීමාදියෙන් පරිත්යාසගකොට සමත්රිං සත් පාරමිධර්මයන් පිරූසේක. අන්තිම අත්බැවේ සද්ධාර්ථ කුමරුව ඉපිද දඹදිව ශ්රේමෂ්ඨ රජකමත්, ප්රාිණය හා සමාන එකම අග්රුප්රා ප්ත තරුණ බිසවත්, තමාගේ ආත්මය හා සමාන එකම පුත්රවයාත් අනන්ත අප්රතමාණ ධනසම්පතුන් අත්හැර මහභින්ෂ්ක්ර මණය කොට පැවිදිව සාවුරුද්දක් මුඵල්ලේ ආශ්චර්යවත් අත්භූතවූ දුෂ්කර ක්රිියාවෙහි යෙදි නිර්වානය සෙවීමට විර්යකළ සේක. මේ ලෝකවාසි කාටත් සාධාරණ මහෝත්තමයායි. නමුත් නිලමේ මා මෙන්ම සිංහලයෙක්ය කියා සිතන බැවින් සිංහල ජාතියේ උපන්


244 ඩිංගිරි මැණිකා

පරාර්ථකාමින්ගෙන්ද, තුන්දෙනෙකු පමණක් මතක් කරමි. ලක්දිව දෙමළ බලය පැතිර ගොස් බුද්ධශාසනයත්, සිංහල ජාතියත් පිරිහෙනු දුටු දුටුගැමුණු කුමාරයා දෙමඵන් විනාශකරමින් සිතුවේ ඒ පාපයෙන් නරකාදි දුක් ලබන්ට වුනත් ශාසනය වර්ධනයකොට ජාතියට සැප සලස්වා තමා නරකාදි දුක් වින්දත් පරාර්ථකාමි භාවය සැපකැයි සිතාගෙනය. තමාගේ ඉස ගෙන ආ කොනෙකුට මසුරන් දහසක් දෙන බැව් දුගි මගියෙක්ගෙන් ඇසු ශ්රීක සංඝබෝධි රජතුමා ඒ දුගියට මසුරන් සහසක ලාභය සලස්වනු පිණිස ස්වකීය සිරස .තමා අතින්ම ගලවා ඔහුට දුන්නේය. “ලෝවැඩ නොකෙට සිය අතට පැමිණියත් අනුභවකොට විසීම මා වැන්නන්ට යුතු නොවේය”යි ශ්රීො පරාක්‍රමබාහු මහරජතුමා මුඵ ජිවිත කාලයම පරාර්ථය සදහා ගතකළේය. උන්වහන්සේ කළ වැඩ ඉතිහාසයත් කියවා පො‍ළොන්නරුවට ගියවිට දැන ගත හැක්කේය. ඔය පිරණි සිංහලයන්ගේ වගයි. දැන් අප විසින් අඳුම් පැළඳුම් සිරිත් විරිත් ගැනීමට ගුරුවරුන් මෙන් සලකනු ලබන ඉංග්රීසසි ආදි යුරෝපීයයන්ගේ උසස් මිනිසුන්ගේ තත්වය දනිමුද? සත්තකෙන් නැත. ඉංගිරිසි ආදි යුරෝපිය ජාතිවල ඉපිද සිටින පාදඩයන්ගේ වල් සිරිත් ටික! එනම් මත්පැන්බිම. ගෑනුන් සමග අත්වැල් බැදගෙන නැටීම, ප්රිමාණය ඉක්මවා සැප පහසු ගැනිම, තරුණියන් සමග දඩාව‍ටීමතේ අවිදීම ආදිය මිස උසස් ඉංගිරිසින්ගේ මාහැඟි ගුණධර්ම කිසිවක් ආදර්ශයට නොගනිති. නොබෝදා ඉංගිරිසින්ගේ ඉතාමත් විශාල “ටයිටැනික් නම් නැව අමරිකාවට යාත්රාසකරන අතර ඇට්ලාන්ටික් සාගරයේදි අයිස් කන්දක හැපි තුවාලවිය. එහි සිටි දහස් ගණන් මගින් අතර මහ සිටුවරුද ප්රලභූ මහත්වරුද බොහෝ වූහ. නමුත් ඒ කිසිවෙක් ජිවිතාපෙක්‍ෂාවක් නොකොට නැවේ සිට ස්ත්රීතන් හා ළමයින් ආරක්‍ෂක බෝට්ටු වලට නැංගවුය. යම් පිරිමියෙක් ප්රා්ණය ගලවාගන්න අදහසින් ස්ත්රීයන්ගෙන් පිරුණු බෝට්ටුවකට නැඟීමට විර්යකලේ නම් ඒ බියසුල්ලා නෙරපා හළෝය. ඒ නැවේ සිටි ස්ත්රීකන් හා ළමයින් මෙසේ ගලවා එහි සිටි නිර්භිත විරපුරුෂයෝ මහා සාගරයේ ගිලි මළාහ. එංගලන්තයේ ප්රරසිද්ධ කරනු ලබන “රිචිව් ඔප් රිව්චිස්” නම් බලවත් සාඟරාවේ කර්තෘවන ස්ටෙඩ් තුමාද මේ මළ පිරිසට අයිතිය. ඉතින් මහත්වරුනි. අපි දැනි ආශ්රායට බැස


පියදාස සිරිසේන නවකථා එකතුව 245

සිටින ඉංගිරිසි ජාතියේ උසස් මිනිසුන්ගේ ගතිගුණ හො අපේම පැරණියන්ගේ උත්කෘෂ්ඨ ගුණධර්ම හෝ කිසිවක් අපට නැතිබව පෙනේ. දොඩම් ගසක් හටගත් දොඩම් ගෙඩිය කඩා අඹගොඩක දමා තිබි ගත්විට ඒකකෝ දෙඩම්වල රසය නැතහොත් අඹවල රසය එහි ඇතිවිය යුතුය. ඒ දෙකම නැත්නම් පුදුම කරුමයකි. දැන් සිංහලයන්ට නම් ඒ කරුමය පලදි තිබේ. ආර්මාර්ථකාමි භාවය හෙවත් තමාම, තමාගේ පවුලම, තමාගේ කුලයම පමණක් දියුණුවුණොත් ඇත යන කල්පනාවෙන් යුත් පුද්ගලයා යටත්පිරිසෙයින් ගොණෙකු තරම් නොවටනේය. ආත්මාර්ථකාමි මනුෂ්යරයාට වඩා ගොණා ලොකයාට වැඩදායකට. අපි පරික්‍ෂාකර බලමු. ආත්මාර්ථකාමි මිනිසා, අසල පසල සිටින දුර්වල අයට හිංසා පීඩ කරමින් බොරු නඩු ආදියට පටලවමින් ඔවුන්ගේ ඉඩකඩවම්ද තමා අත්පත් කරගෙන ධනවතෙක්වේ. රටේ පොදු වැඩකට හෝ සුචරිත දියුණු වට හෝ කිසිම ආධාරයක් ඔහුගෙන් නොලැබේ. ආත්මාර්ථකාමි භාවය වනාහි දැඩි ලොභයෙත්, මොහයේත්. ද්වේෂයේත් ප්රභතිඵලයයි. මේ දරුනු පව්මුල් තුනෙන් හරිත පුද්ගලයා මත්පැන් පානය, අයුතු කාම සේවනය සත්වඝාතනය ආදි ගර්හිත පාප ක්රිනයා කරන්නෙකි. එබදු පව්කාර පුද්ගලයාට ඇතිවෙන දරු පරම්පරාවද ආත්මාර්ථකාමි අධම කාලක්නනීහු වෙති. යකිනාරන් ගස්වල මිහිරිවූ දොඩම් ගෙඩි හටනොගන්නාක් මෙන් අධඹ ආත්මාර්ථකාමින්ට පරාර්ථකාමි පින්වත් දරුවෝ නොලැබෙති. ඉතින් එකම ආත්වාර්ථකාමියා නිසා ආත්මාර්ථකාමි අධමයන් රැළක්ද ලෝකයේ බෝවි ගමක පළාතක අසරණ සමූහයකට බලවත් තාඩන පීඩනදි හිරිහැර ඇතිවන්නේය. ඉක්බිති ඒ ආත්මාර්ථකාමි අධමයා රසවත් ආහාර වර්ග ටොන් ගණනක් කා දමා අවුරුදු සියයක්ට අඩුකාලයක් ජිවත්ව ඉඳ මරණාසන්නවු විට අසල්වාසින්ටද කරදර පමුණුවන භයංකර මරණයෙන් මැරියයි. ඉතින් අප්රකසිද්ධියේම ඔහුගේ මළකුණ-අන්න්ට කිසි යහපතක් නොකොට රසවත් ආහාර වර්ග විනාශ කළ ඔහුගේ කුණු ශරිර කබල-වත්තෙන් පිටතට ගෙණගොස් වළලා දමනු ලැබේ. දැන් ගොණෙකු ගැනත් කල්පනාකර බලමු. ගොණා ළදරු වියේ පටන් මනුෂ්යගයන්ට කිසි ඵලක් නැති තණකොල ආදිය කා වැඩි ලොකු වුන දවසේ සිට බර ඇදිම, සීසැම, ආදිය කොට පවුලකට හෝ කීප



246 ඩිංගිරි මැණිකා

දෙනෙකුට කෑමබීම සපයාදෙමින් ඌ සපයන දෙයින් හතරෙන් කොටසක් වත් උගේ ප්රායෝජනයට නොගත්නේය. ඒ ගොනා ලැගපු තැනත්, ඌ මුත්ර කළ තැනත්, ඌ පැහැරූ තැනත් සාරවිම වශයෙන් ලෝකයාට ප්රමයෝජනවේ. මෙසේ කලක් ඉද මියගිය පසු උගේ හමද ලෝකයාට වටිනා වස්තුවක් වන්නේය. ඒ හම ගසාගත් පසු උගේ මෘතශරීරයද වත්තේ කොනක වළලාගත්විය ඒ භුමියද සාරවත් වේ. මේ නිසා අධම ආර්මාර්ථකාමි මිනිසාට වඩා සියදහස් වාරයකින් ගවයා යහපත් බව නිශ්චිතය. මනුෂ්යි දෙවියාය, මනුෂ්යව මනුෂ්යනයාය, මනුෂ්යම තිරිසනාය, මනුෂ්යහ ප්රෙුතියායයි මිනිසුන් සතර කොටසට බෙදනු ලැබේ. මනුෂ්යම දෙවියා නම් - තමාගේම යහපතටත් වඩා අනුන්ගේ යහපත සලකන මහා වීරපුරුෂයාය. මුනුෂ්ය මනුෂ්ය යා නම් - තමාගේ යහපතත් අනුන්ගේ යහපතත් එක සමානව සලකන සත්පරුෂයාය. මනුෂ්‍ය තිරිසනා නම් - අනුන්ට කොහොම වුනත් කමක්නැත. මගේ කාරිය පරණක් ඉෂ්ට වුනොත් ඇතැයි සලකන සනඛයෙක් වැනි අධමයාය. මනුෂ්ය් ප්රෙතතයා නම් - තමාටවත් අනුන්ටවත් කිසිම යහපතක් කළනොහැකිව දුකෙන් පිළිපෙළි ඇවිදින කාලකන්නියාය”යි මා කී විට ඒ රථ කාමරයේ සිටි වික්රදමසිංහ නම් තරුණයා මට ස්තුති කරමින් “සැබැවින්ම මහත්මයාගේ කතාව ඉතාමත් අගේය ඉතාමත් සත්ය ය, එසේම ප්රමයෝජනවත්ය මහත්මයා වැනි පරාර්ථකාමින් ටිකදෙනෙක්වත් මේ රටේ ඉදිම පුණ්යරයකි”යි කියා පරාර්ථකාමිභාවය පුරුදුවෙන්නේ කෙසේදැයි මගෙන් ප්ර්ශ්න කළේය.

මිට පිළිතුරු දීමට සිතු මම, සත්වයාගේ මුල අසවල් තැනයයි කිව නොහැකි නිසා - පරාර්ථකාමිභාවයේ පටන්ගැන්මද අසවල් තැනයයි කිවනොහැකිව මෙසේ කීවෙමි. ‘මිනිහෙක් කවදා නමුත් යමක් පුරුදු කලහොත් එදා සිට ඉදිරියට ක්රාම ක්රේමයෙන් ඔහු ඒ ක්රිමයාවට දක්‍ෂයෙක් වේ. පිනුම්ගසන්නට පුරුදුකළ මිනිසාට දවසින් දවස වඩ වඩා හොදින් පිනුම්ගැසිය හැක. නමුත් උසස් රාජකුමාරයෙකුටවත් කලින් පුරුදු කිරිමක් නැතිව පිනුමක් ගැසිය නොහැක්කේය. එමෙන්ම මෛත්රිතය නොවැඩු තැනැත්තාට පරාර්ථය කිරිමට සිත යොමුකළ නොහැක. බුද්ධාදි උතුමන්ගේ ධර්මශාස්ත්රප කියවීමෙන් ආත්මභාවයේ තත්වය


පියදාස සිරිසේන නවකථා එකතුව 247

තේරුම් ගියවිට පිරිසුදු ප්ර ඥාවක් ඇතිවේ. එවිට ඒ ප්රිඥාව නැමැති පහන්තිරය දිලිසිමට තෙලක් මෙන් මෛත්රිහ ගුණය වැඩෙමින් පවත්නේය. මේ මෛත්රිර නමැති තෙලේ ආධාරත් ඇතිව දිලිසෙන ප්රයඥ නමැති පහනින් අනුන්ගේ දුක් නැමැති ඝනාන්ධකාරය දුරුකිරිමක් සමාන වු පරාර්ථකාමිභාවය අටගන්නේය. තවත් ලුහු‍ඬෙන් කියාතොත් යහපත් මව්පියන් ගේ දරුවෙක් විමෙන් හෝ කළ්යාලණ මිත්ර සේවනයෙන් ඥනවත් මනුෂ්යෙයෙක්වීම නිසා උසස් ධර්මශාස්ත්රන ඉගෙනීමද, උසස් ධර්මශාස්ත්රර ඉගෙනීම නිසා මෛත්රි‍ය වැඩිමද, මෛත්රිරය දියුණුවීම නිසා පරාර්ථකාමි භාවයද, ඒ අකුසල් තුන දුරුවිම නිසා නිරොධ නම් වු උතුම් සැපතද සිද්ධවන්නේය. තව ක්රඅමයක් නම් තමාගේ මව්පිය සහෝදර අඹුදරු ආදින්ට - තමාගේම ශරීරය වඩා සැප පහසු දෙන්ට කැමතිවීම පරාර්ථකාමිභාවයේ පටන් ගැන්මවේ. එසේ මව්පිය කුලදෙටු ආදින්ගේ සැප තමාගේ සැපයට වඩා ගරුකරන තැනැත්තා වඩා ගරුකිරිමට පටන්ගනි. ඉන්පසු ගම්වාසින්ගේද, ඉන් ඉක්බිති රටවාසින්ගේද, ඊටත් පසු මුඵ ලෝකවාසින්ගේද, අන්තිමේ සකල ලෝකවාසි සත්වයන්ගේ ද සැපත තමාගේ සැපතට වඩා අවශ්ය් බව සැලකීමට සමර්ථවන්නේය. මෙය දවසකින් දෙකකින් හෙවත් ආත්මයකින් දෙකකදි පුරුදුකොට ස්ථිරකරගතහැකි එකක් නොවේ. දීර්ඝ කාලයකි අනන්ත අප්ර මාණ කාලයක් පරාර්ථකාමිභාවය පුරුදුකළ උත්තමයාට තමන්ගේ ජිවිතය ඉතාම පහත් තිරිසනාට වූවත් දි ඌ සුවපත් කිරිමට ශක්තියක් ඇතිවේ. මේ උත්කෘෂ්ඨ ගුණය ඇතිව්නනේ අනන්ත අප්රමමාණ කාලයක් මුඵල්ලේ නොකඩවාම පරාර්ථකාමිභාවය පුරුදුකිරිමෙන් පමණකි. ඒ බව අපගේ ස්වාමිදරු වු අසරණ සරණ වු සරණගන වජ්ර‍පඤ්ජරවු තුන්ලොවට අසහාය පිහිටවු බොධිසත්වයන්වහ්නසේ සම්බන්ධ පරාණ කතා ප්ර්වෘත්තියකින් පෙනේ - එය උගතුන්ට රුචිවන පිණිසත් නුගතුන්ට කඩ පාඩම් කරගෙන උගතුන් අර්ථය අසා ගැනීමට පහසුවෙන පිණිසත්, රසවත් කවියෙන් කියමි, ඒ මෙසේය.

ස ස රෙ න් සතුන් ගලවන මහ කුඵණු බ ර පෙ රු ම න් පුරණ මහ බෝසත් සද පව ර බ මු ණ න් කුලෙක ඉපදි බරණැස් නුව ර වෙ සෙ සි න් ඉගෙණ ලොව ඇති සියලුම සත ර




248 ඩිංගිරි මැණිකා

ගි හි ගෙ ට කලකිරි මහ හිමයට පැමි ණ ය ට කො ට කෙලෙස් රකිනා සද තවුස් බ ණ ව ට පි ට එවනසිටි පන්සියයක් පම ණ ස හ තු ට තවුස් පිරිසක් ඔබට එක්වු ණ

සො ‍ඳේ තවුස් තුන්දෙනෙකුන් සහ විම ල න දේ වෙමින් නෙලනා පිණිස පලවැ ල වි දේ මද පවන් වැද එන සඳුන් දෙ ල උ දේ එක දිනට බෝසත් වඩින ක ල

ව ද සත් දවසකට පෙර ගල් ගෙය ක න දා දරුන් රකිමින් නැතිව ගොදුර ක ද ද බඩ සයින් සිටි රුදු වග දෙන ක එ දු අපගෙ මහසත් සිය ඇසින් දැ ක

බ ඩ ස යි න් එදින පසුකර ගන් බැ රු ව ත ම ද රු න් කන්ට තනනා නොමසු රු ව එ ව ග දෙ න් ගෙ අදහස හිමි දැන සු රු ව මෙ ම ලෙ සි න් කිහ තවුසන්ට මියු රු ව

ත ව සු නි තෙල බලව් පුවතක් ඇසවේ තැ ති කු ස යෙ නි තමා වැදු දරුවන් සෙනේ ඇ ති කු ස ගි නි දැඩි මවක් දැන් කන්නට තන ති බ ල මි නි මෙය ඉන්ට අපහට යුතු නොව් ති

වැ දු මව් නැතුව සත් දවසක් ගොදු රු මු දු නමුත් කන්නට තනති සිය ද රු රු දු මෙම සසර හැටි බලව බියක රු ඉ දු ගුණැති තවුසෙනි ගොසිනි ලස් යු රු

ම ළ කු ණ ක් සොයාගෙන තැනකින් දුර නු දි නි ති ය ක් සුතන් කෑමෙන් වළක්ව නු මෙ වි ල ස ක් පැවුසු සද හිමි මෙත් පිරු ණු ම ළ කු ණ ක් සොයන මෙන් උහු වල් වැදු ණු

ද රා ගනු බැරිව මගදෙනට කුසගි නි ම රා වහම පැටවුන් මස් කන සිති නි ත රා ලෙස බලන තද බැල්මෙන් යෙහෙ නි ති රා සර නැණැති බෝසත්හට දැනු නි පියදාස සිරිසේන නවකථා එකතුව 249

ත ව සු න් රැගෙන එනකොට මළකුණු මෙත න ද රු ව න් මරා කා නිමවෙයි මෙවග දෙ න ඉ ති කි න් එ මළකුනු ගෙනුමෙන් පල කුම න මෙ ලෙ සි න් සිතිය බොසත් පරවැඩ පත න

ම ට ඇ ති මේ කයත් තැනුනේ කසලයෙ නි ප ණ නැ ති විනම් මෙය මළකුණකි සැබවි නි කි ම ඇ ති පලය වෙන මළකුණු සෙවිමෙ නි යු තු වෙ ති මෙ මළකුණ දෙනු වගම සිතමි නි

ඉ ව ති න් සෙමෙන් විත් ගල්ගේ මුදුනත ට ද රු ව න් කන්ට තනනා වගදෙන කට ට ප ණි මි න් ඔවුන් ගලවනු පිණිස සහතු ට වැ ඩ වු න් තිලෝගුරු බෝසත් සද එවි ට

ඉ න් නේ සත් දිනක් බඩසයිනි වගදෙ න එ න් නේ කටින් සෙම රත්කඳඵ දෙයැසි න උ න් නේ එදුක හැර පැටවුන්ට දි ප ණ පැ න් නේ හිමි තුමා ඈ වෙතට ගොදුර මෙ න

ත ර වා සෙම වැහෙන රුදු මුව විදහමි නි ගො ර වා එබෝසත් ළය පිටට පිනිමි නි එ ර වා යවුල් වැනි දත් හදවත ළඟි නි පු ර වා මස් කටක් කැ ලේ වගුරමි නි

ස යි නි සිට බැවින් නොබලා වටපිට ද දෙ වැ නි වරට කම්මුල බිද කැය සෙ ද මෙ ති නි සපිරි හිමි සදුගේ පණනල ද සෙ දි ති දුරුව දිනියේ බඹලොවෙහි සෙ ද

ව ග දෙ න් පැටව් දෙපසට දෙන ලෙස සැප ත වි ල සි න් තණපතක් දිවිදුන් තිලෝ තෙ ත උ තු ම න් පුරුදු කළ පර වැඩ සහිත මෙ ත සි ත මි න් උසස් වව් මහ ‍බෝසතුන් යු ත

ම හ ණෙ නි එද්රස මගෙ හදවත කඩාගෙ න හෙ ළ මි නි ලේ බුදින සද රුදරු වගදෙ න කෙ ලෙ සි නි හැ‍ඟෙනුදැයි මුනිරජ ඇසු තැ න ව දි මි නි මහ සඟහු පැවසුහ මෙ ලෙසි න



250 ඩිංගිරි මැණිකා

ම කු ණෙ ක් මදුරුවෙක් පණ ඇතියකු සප ත ප ම ණ ක් නොමැති දුක් සිය සිරුරට දැ‍ෙන ත ක රු ණ ක් එසේ නම් හිමිසදිනි දියනෙ ත තැ ත දු ක් ඉමක් ඔබහට වුණු ඒ මොහො ත

යු තු තැ ත එලෙස සලකුනු මහණෙනි සුහ ද ව ග ක ත ඉරාගෙන හද මස් කෑ සද ද ප බ ව ත සුපුන් තනපහසය ලද සද ද එ ක යු ත වේදනා ලැබුවේය මෙමගෙ හ ද

මෙ ලෙ සි න් ස ස ර අපමණ අනත කල් තු ළ පු ද මි න් ඇසිස් මස් දිවි සම්පත් සිය ල වෙ න අ න් සතට සැප දුන් මිනිඳු දස බ ල සි ත මි න් සැනසියව් සිහලුනි සියලු ක ල

ති ය ණු ද ත් වලින් සැපුමත් එවග දෙ න සු ර ඹ යු ත් කුමරියක පහසත් සොබ න එ ක ම යු ත් හැඟිමට පුරුදු සමිදු න නො ව ඳි තො ත් යමෙක් ඔහු උමතුවෙකු ව න


02.පරිච්ඡේදය[සංස්කරණය]

ම ම මේ කාරණය කියනවිට දුම්රියේ වුන් අයගෙන් දෙදෙනෙකුගේ ඇස්වලින් සතුටු කඳුලු වැගිරෙන බව මට පෙනුණේය. ඒ දෙදෙනා මා කී කවි විසිඑක ලියාදෙන මෙන් අයැදි බැවින් ඉතා සතුටින් එසේ කළෙමි. ඒ වෙලා‍වට දුම්රියේ සිටි අනිත් තරුණයන් දෙදෙනාට මගේ කතාවවත් කවිවත් ඇසීමට පවා ප්රිඒය නුවු බවද මට දැනුණේය. ඒ එසේද වුවත් පරාර්ථය ගැන වරක් මා සමග කතාකල උඩරට නිලමේ ද බලවත් ප්රගබෝධයකට පත් වූවක් මෙන් නැඟුනේය. මේ වෙලාවට දුම්රිය පොල්ගහවෙලට ළඟාවූ බැවින් මහලු නිලමේත් මාත් සිටියදි අනිත් සියල්ලෝම දුම්රියෙන් බැස යන්ට ගියෝය. මෙහිදි තැඹිලි බීමට සිතා තැඹිලි වෙළෙන්දෙකුට අඬගැසුවෙමි. මහලු නිලමේටද පැන් පිපාස බැව් කී හෙයින් ඔහුටද තැඹිලිගෙඩියක් රැගෙන දෙදෙනාම තැඹිලි බී බුලත්විටක්ද කෑවෙමු. ඉක්බිති මහලු


පියදාස සිරිසේන නවකථා එකතුව 251

නිලමේ මෙසේ කියන්ට පටන්ගත්තේය. “අනේ මහත්මයෝ මහත්ම‍යාගේ මධරවූ කතාව අසා මම අමුතු මිනිහෙක් විමි. මම මේ ලෝකේ කිසිවක් නොදත් කහරකෙක්යයි සිතමි. මහත්මයා සමඟ පළමුවෙන් කතාකළේ මමත් මිනියෙක්මියි සිතාගෙනය. නමුත් මම නමින් පමණක් මිනිසෙකි. අනේ ආයුබෝවන්ඩ, මට කාරණයක් කියාදෙන්ට-දැන් බොධිසත්වයන් වහන්සේගේ පුදුම චරිතය කියද්දි මෙහි සිට මගේත් ඒ කවිටික ලියවාගත් තරුණයන් දෙදෙනාගෙත් ‍ලොමු දැහැගැනුනා. ඇස්වලින් සතුටු කඳුඵ වැඟුරුණා - නමුත් එහා කොනේ සිටි මිනිසුන් තුන්දෙනාට ඒ කිසිවක් රුචි බවක් හැඟුනේ නැත. ඔවුහුත් සිංහලයන් බව පෙණත්. එතින් එසේ වෙනට හේතුව කුමක්දැයි නිලමේ ඇසුයේය. කාරණය මට තේරි මෙසේ කීවෙමි. “ ඔන්න නිලමේ සිද්ධමන්ත්රක ජපකරන විට නාගයෝ දපනයවෙත්. නමුත් ගැරඬින්ට හැඟීමක්වත් නැත. වීනා ශබ්දයට ඇත්තු දමනයවත්, එහෙත් බිරිඅලියාට එය ගණනක්වත් නැත. දැන් මගේ කතාවෙන් සිද්ධවුණෙත් ඒකමයි. පහත් උත්පත්තියක් ඇති අඥානයාට උත්තම කතාවලින් ප්රතයෝජනයක් නැත. චන්ඩාලයාගේ ලබුගෙඩියේ ආකාශගංගාවේ වතුර නැත්තාක්මෙන්ම”යි කීවෙමි. එවිට නිලමේ මහත් සතුටට පැමිණ මාත් සමඟ කථාකරන්නට පටන් ගත්තේය. නිල - මහත්මයා ඈතකටද? මම - මම නානුඔයට යන්නෙමි - නිලමේ බැහැරක්ද ? නිල - මම ගමට යාමි. මගේ ගම ගම්පල මීවිටිපොලයි. මම ගමින් ගොස් මාසයක් වෙනවා. මා මේ එන්නේ හම්බන්තොට තිස්සමහාරාමය ආදි පළාත්වල ආවිදගෙනයි. සෝකයෙන්, කණගාටුවෙන්,දුක්විදිමින් මේ එක අවුරුද්ද තුළදි අනු අවුරුදු වයසැති මිනිහෙක් මෙන් විමි. මම - නිලමේ ගේ වයස කීයද ? ශරීරය ඔපමණ ජරාවට පත්කරන තරම් පැමිණියාවු බලවත් ශොකය කුමක්ද ? නිල - මගේ වයස අවුරුදු හතලිස් පයයි. මගේ තොරතුරු ඇසවොත් මහත්මයා පුදුමවෙනනෙහිය. නමුත් ඒ සියල්ලම මෙහෙම තැනකදි කීම අමාරුයි. මම - මොකද ආයුබොවන්ඩ - කියනොහැකි තරම් රහසක් නම





252 ඩිංගිරි මැණිකා

කියන්ට එපා. නමුත් ජරා මරණය නම් අප කාටත් සාධාරණ උතුම් ධර්මයේ මෙසේ දක්වා තිබේ.

අප්පායුකස්සමරණං සුලභං භවෙසු දීඝායුක්ස්සව ජරා ව්යංසනංවනෙකං එවං භවෙ උභයතොපිව දුකඛමෙව ධම්මං සමාවරථ දුක්ඛවිනාසනාය

ඉ දි තො ත් බෝකල් ජරයෙන් වැති රේ නැ ත හො ත් වැදයෙයි මරවුව කුහ රේ මෙ ම හ ත් ජරමර දෙදෙනා අත රේ මෙ සැ ප ත් සැපකැයි සිතනුද කව රේ

සංසාරයේ හැටි මෙසේයි - කනගාටු වෙන්ට එපා.

නිල - මහත්මයා කියාදෙන ධර්මය නම් ඉතාමත් අනර්ඝ බව මට පේනවා. නමුත් විකෂිප්තවු සිත ඇති ශොකයෙන් පෙළෙන්නාවු ම‍ට එයින් පලක් නැත්තේය. මම - ඒ සැබෑ තමයි. වික්‍ෂිප්ත සිත් ඇත්තාට ධර්මය තේරුම් ගත නොහැකි නමුත් ඒ වික්‍ෂිපත් භාවය පවා දුරුකර ගත හැක්කේ ධර්මය ඇසීමෙන්මයි. ගිනි ඇවිලෙන ගෙයක් වතුර ඉසීමෙන් නිවා ගතයුතවා මිස ඒ ගැන සිතා සිටිමෙන් පලක් නැත. ලෝකයේ ඇතිතාක් සියලුම විපත්වලට ප්රෙතිකාර තිබේ. ඒ නිසා නිලමේගේ අමාරුව මට කීවොත් ඊට හොද ප්රටතිකාරයක් මම කියා දෙන්නෙමි. නිල - ඔව් තොටගමුවේ ස්වාමිත් එසේ කියා තිබේ. තියුණු නුවණැ ත්තෝ සියලු කරණි ද ත්තෝ කුඵණෙන් ළතෙ ත්තෝ සතුන් දුක් දුරලන්ට ව ත්තෝ ඒ හෙයින් දුක්ඛතයන්ගේ දුක් දුරුකිරිමට මහත්මයලා වැනි පණිඩිතයෝම සමර්ථ වෙති. කරුණාකර මහත්මයාගේ තොරතුරු මට පළමුකොටම කියාදෙන්ටයයි කිය. මේ වේලාවේ නිලමේ මා ගැන බොහෝ දුර පැහැදි සිටින බැවින් මටත් ඔහුටත් යම්කිසි ප්රියෝජනයක් ඇතිවේයයි සිතා හොදයි මගේ වතාගොත සියල්ලක්ම නිලමේට කියාදෙන්නෙමි. කරුණාකර

පියදාස සිරිසේන නවකථා එකතුව 253

නිලමේගේ තොරතුරු මට පළමුකොට කියාදෙන්ටයයි කීවෙමි. නිලමේ - ඇනුම් ඇර සුසුම්ලා “ අනේ මහත්මයා මම දිසාපති කෙනෙකුගේ පුතෙකිමි. මම ගම්පල පළා‍තේ මිවිටිගල වලව්වේ පුංචිබණ්ඩා මිවිටිගලය. මට තිබුණු ලොකු බුදලයත් සැපපහසුත් මගේ බලාපොරොත්තු සියල්ලත් නැතුව ගොස් ශොකාග්නියෙන් මගේ ශරීරය දිරාගොස් දැන් මරුවාගේ කට ළඟට පැමිණ සිටිමි. මගේ පූරුව කරුමයට මේ පුදුම පණනල පමණක් තවමත් රැදි තිබිම ඉවසිය නොහැක්කේය. අදම මැරෙනවා නම් මම එපමණට සතුටුවෙමි”යි නිලමේ කීය. ඇත්තේම නිලමේට ඉවසිය නොහැකි තද විපතක් පත්ව තිබෙන බව මුහුණෙන්ම ගැඟිගිය මගේ සිතද චංචලව “නිලමේගේ අමාරුව සැක නැතුව මා සමග කියන්ට, මමත් එක විධියක මිනිහෙක්මි, මම සත්කෝරළේ කොන්ගොඩ වික්රකමපාලයි. රහස් කරුණු සොයාදිමෙන් කිර්තියක් උසුලන ගුප්ත පරික්‍ෂයෙකිමි. නිලමේට පැමිණි තිබෙන අමාරුව කිවවොත් මගෙනුත් ප්ර්යෝජනයක් ගන්ට පිළිවන්වේය”යි කියනකොට නිලමේ පුදුමයෙන් මෙන් මා දෙස බලා “අ‍නේ මහත්තයෝ මම මේ ගමන යාමට පිටත්වෙනකොටම සුදු කුඩයක් ඉසලා ගත් තරුණ කාන්තාවක් පෙරමගදි සම්මුඛවිය. ඉතින් මගේ කාරණය ඉෂ්ටවේයයි සිතා තිස්සමහාරාමය හම්බන්තොට ආදි දුර පළාත් වලත් මාසයක් මුඵල්ලේ සෙවිමි. එයින් පලක් නැතිව බලවත් කරදර දුක් මහන්සි ලබා දැන් නිකම්ම ගෙදර යන පිණිස ගාල්ලෙදි දුම්රියට නැඟුණු මම - ‘සුභාසුභ නිමිති බැලීමත් බොරුවක’ සුදු කුඩයක් ඉසලා ගත් තරුණියක් පෙරමගට සම්මුඛව අවුදිනුත් සිතට කිසිම සැනසිල්ලක් ඇතිනොවීය”යි සිතමින් එන අතර අපේ මේ මහත්මයා සම්මුඛවීමෙන් සුභාසුභ නිමිති බොරුයයි සිතු මගේ සිතිවිල්ල වැරදි බව දැන් කල්පනාකරමි. මක්නිසාද මහත්මයා වැනි කෙනෙකු සම්මුඛවිමත් සැපතක් හෙයිනි”යි නිලමේ කීය. නිලමේට සම්භවූ සුභ නිමිත්ත කී නමුත් ඔහු සොයන්නේ කුමක්දැයි මට නොවැටහුණු බැවින් තව දුරටත් නිලමේගේ විශ්වාසය මා කෙරෙහි දක්වන පිණිස මම මෙසේ කිමෙමි. යම් වැදගත් කටයුත්තක් සදහා කෙනෙක් ගෙදරින් පිටව යනවිට ඒ කාරණය ඉෂටවීම හෝ නොවිම හඟවන ලකුණු කාටත් පෙරමගදිම පෙනේ. නමුත් බොහෝදෙනා ඒ නොසලකන බැවිනුත් සමහරුන්ට සුභාසුභ නිමිති විනිශ්චය කරන්ට බැරි බැවිනුත් මේ ශාස්ත්රසය ටික දෙනෙකු අතරේ පමණක් පවත්නා එකකි. උගතුන් මේ ශාස්ත්රේය සත්ය් බැව් කියති ගමනක් යනවිට සුභ නිමිත්ත දැකීම නිසාම අමුතු යහපතක් නොවේ. ගමන් ආරම්භයේ



254 ඩිංගිරි මැණිකා

පෙරමගට හදිසියෙන් පැමිණෙන සුභාසුභ නිමිතිවලින් ඒ ගමනේ ඵලාඵල මෙසේයයි අවබෝධ කරගැනීමට ආධාරවන්නේය. තමාට ඒ ගමනේන් ලැබෙන ඵලය මෙයයි දක්වන දූතයන්යයි මේ සුභාසුභ නිමිති වලට කිවහැක්කේය.

න ල මුදු සුවද පිරිදුඹු මුයුරු අඹගෙ ඩි දු ල හෙළ කුසුමලිය පියතෙපළ රන්කෙ ඬි ස ල සුදු සෙමර සේසත් ගිජිඳුනෙද වැ ඩි බ ල සුබ නිමිති පෙරමග නැකතටත් වැ ඩි

යනාදියෙන් තොටගමුවේ ෂටභාෂා පරමේශ්වර ශ්රීව රාහුල සංඝරාජ ස්වාමි පාදයන් විසින් ද මේ සුභා සුභ නිමිති ගමන් ආර්ම්භයේදි දැක්ම ඉතා යහපත් බව දක්වන ලදි. ඉහත කි සුභනිමිති මෙන්ම අසුභ නිමිති ද තිබේ- එනම්-

සු න් බ ඳු න් දුසිල් මහණුන් කඵ පි ළිය යො න් ද න් මැහැලියන් ඇදි වැරහැ ළිය ගි න් ද ර ත් සුරාසොඬුනුත් නැති වි ළිය ය න් න ට ත් එපා පෙරමග දුටු ක ලිය මේ කාරණාත් කී පසු නිලමේ මා කෙරෙහි තවටිකක් ප්රමසන්නව මහත්මයා යන්නේ නානුඔයටයයි කීයෙහිය. දැන්නම් ගම්පල දුම්රියපල ළඟයි. මගේ දුකත් කණගාටුවත් ගම්පලට යන්ට පෙර කීම අමාරුයි. කර්ණාකර මහත්මයා අද ගම්පල දුම්රියපලෙන් බැස මාත් සමග අපේ වලව්වට ගියොත් හොදා! මගේ ප්රගවෘත්තිය කියා මහත්ගෙන් පිහිටක් ලබාගැනිමට මා තුළ ආසාවක් තිබේ. මහත්මයා සිතුවොත් මා සනසන්නටද හැකිවේයයි සිතමි - එසේ මට සැනසිල්ලක් ලබා දුන්නොත් මහත්මයාගේ මහන්සියද නිශ්ප්රේයෝජනම නොවන්නේය”යි නිලමේ මහත් ආසාවෙන් කීවේය. මේ වේලාවට දුම්රිය පේරාදෙනියේ මංසන්ධියේය. මම නිලමේත් සමග ගමපලින් බැසිමට සිතාගතිමි. මදක්වෙලා කල්පනා කරමින් සිටි නිලමේ නැවතත් කතාකොට “මහත්මයා උඩරට කෙණෙක් නිසා මගේ තද විශ්වාසයක්ද ඇතිවිය. පාතරට මිනිස්සු තද කෛරාටික ප්ර්යෝගකාරයෝය. එනිසා මගේ අමාරුවේදි එබදු පාතරට ප්රරයොගකාරයන්ටත් එබදුම උඩරට කීපදෙනෙකුටත් නිරාර්ථකයෝ රුපියල් හත්අටදාහක් දුනිමි. මේ වචනය ඇසු හැටියේ මම සිනාසි “අනේ නිලමේ තමුසේට සිද්ධවෙලා තිබෙන විපත නම්




පියදාස සිරිසේන නවකථා එකතුව 255


භායනකයි, පාතරට ඉන්නා සිංහල මිනිස්සු ඔක්කොම කෛරාටික ප්රනයෝගකාරයෝ නොවෙති. එමෙන්ම උඩරට ඉන්නා ඔක්කොම හොද සත්පුරුෂයෝද නොවෙති. ඇත්ත නම් පාතරට මිනිසුන්ගෙන් බොහෝදෙනා ලෝකයේ තොරතුරු දත් අයයි.එ අය අතර සිටින ධර්මය පිළිනොපදින අධමයෝ ප්රතයෝගකාර හොරුය. ලෝකයේ තොරතුරුත් හොද නරකත් දත් උඩරට මිනිස්සු ඉතා ටිකදෙනෙකි. ඔවුන් අතර සත්පුරුෂයෝ ඉදිතත් වැඩිදෙනෙක් මුලාවන බියසුල්ලෝය. උඩරැටියන් අතර ඉන්නා හොර තක්කඩිද බොහෝය. නමුත් පාතරට හොරු තරම් දක්‍ෂ නොවෙති. ඉතින් අදක්ෂ හොරුන්ට වඩා දක්ෂා හොරුන් වියසුඵ සත්පරුෂයන්ට වඩා නිර්භිත සත්පුරුෂයාත් හොදය. මම උඩරට මිනිහෙක්මි. නමුත් මා දක්‍ෂයෙක් වූයෙත් සත්පරුෂයෙක් වූයේත් පාතරට මිනිසුන්ගේ ආශ්ර්යෙන් හා ඔවුන් අනුව ක්රිතයා කිරීමෙන්ය”යි කිවෙමි. මගේ මේ කතාව ඇසු නිලමේ තවදුරටත් මා සමග සතුටුව මාත් සමග ගම්පල දුම්රියපලෙන් බැස කුලි කරත්තයක නැගි, ඔවුන්ගේ වලව්වට ගියහ. දුර්වලලවු ශරිරයෙන් යුත් අවුරුදු තිහක් තරම වයසැති රූපසම්පන්න ස්ත්රි යක් අප ගෙයි ස්තෝප්පුවට ගොඩ නැගුණු හැටියේම “අනේ ඩිංගිරි මැණිකා ගැන ආරංචියක් ලැබුණාද අනේ අපටත් සැනසිල්ලක් තිබේනවාදැ”යි කියමින් අඬන්ට පටන්ගන්තාය. මෙහිදි කාරණය මට ටිකක් තේරුම් ගොස් “මටත් වැඩක් ලැබෙන්ට වාගේය”යි සිතමින් වාඩිවිමි. නිලමේ කෙලින්ම ගේ ඇතුලට අවුත් මට සංග්රඩහ කරන්ට පටන්ගත්තේය. බුලත්විටක්දි ඉක්බිති තේවතුරද ලෑස්තිකර බොන්ටදි මෙසේ කීය. “දැන් වික්ර මපාල මහත්මයෝ. අප දෙදෙනාටම වෙහෙසයි.එහෙයින් රාත්රිි බතට පසු මම කතාන්දරය කියන්නෙමි. මා පැමිණි ආරංචියට වටපිට සිටින සෑමදෙනාමෙ මා බලන්ට එන්ට පටන්ගතිනි. එවිට නිසකලංකව ඵතත වු පරිදි අපේ කතාන්තරය කියාගන්ට බැරිය” නලමේගේ මේ කතාවෙනුත් එතන වලව්වේ කාගේ මුහුණුවලත් ඇති මලානික භාවයෙනුත් ඒ අයවලුන්ට පැමිණි තිබෙන විපත්තියේ භයංකර භාවය මට තවදුරට්ත අවබෝධවිය. රාත්රිි හතහමාරට ආහාර සූදානම් බව කියා මට වතුර වීදුරුවක් ගෙණවුත් දී කෑමට අඬගැසීය. මමත් මිවිටිගල නිලමේත් උන්නැහේ ගේ මැණිකේගේ පියාවල විජයසුන්දර බණ්ඩාර මහතාත් කෑමට වාඩිවිමු. මත්ස්යේ මාංසාදිය නැතත් එහි සුදානම්කර තිබුණු කෑම ඉතාමත් අගේය.



256 ඩිංගිරි මැණිකා


මා උඩරට උපන් කෙනෙක් නමුත් මුඵ ජිවිත කාලයම වාගේ පාතරට සිංහලයෙක් මෙන් ආහාරපාන අතින් පුරුදු බැවින් මට එදා මිවිටිගල වලව්වේදි ලැබුණු ආහාර විශේෂ රාසයෙන් යුත් බව හැඟුණේය. වංකොස් අඹුල, අලකොල ඇඹුල යන මේ ව්යංයජන දෙන ඉතාමත් රසය. මස් මාංස නැතුව ඉතා රසවත් ලෙස එලවලු ව්යාං ජන සැදිමට උඩරට සිංහල කුලස්ත්රිාහු පහතරට සිංහල කුලස්ත්රි න්ට වඩා දක්‍ෂ බව මට වැටයුනේය. අහාර අනුභවයෙන් පසු බුලත් කද්දි මත්ස්යන මාංස සම්බන්ධ සුලු කතාවක් ද ඇතිවිය. “මත්ස්යද මාංස ශරීරයට නුවමනා එකක් බව කිවහැක. නිතරම අධිකව මස් කෑමෙන් මනුෂ්ය යාගේ හිත රෞද්රා විය හැක.සතුන් කෙරෙහි මෛත්රි යක් ඇති කිරිමට සතුටු අය සම්පූර්ණයෙන්ම මත්ස්යක මාංස අත්හැරිය යුත්ය”යි මා කියන‍විට - විජයසුන්දර බණඩාර මහතා අනේ ආයුබෝවන්ඩ එහෙනම් බුදුහාමුදුරුවෝ මත්ස්යි මාංස තහනම්කර නැත්තේ කිමදැ”යි ඇසුයේය. එබසට මම සිනාසි “බුදුහාමුදුරුවෝ සියල්ල දත් මහා කාරුණික උත්තමයාණොය. එනිසා උන්වහන්සේ ත්‍ිබුකොටි පාරිසුද්ධ මත්ස්යම මාංසය පිළිගන්ටය”යි භික්‍ෂුන්ට අවසර දි තිබේ. ඒ ත්‍ිජයකොටි පාරිසද්ධ මස් දැන් අප රටේදි ලැබේ නම් ඒ ඉතා කාලාතුරකින් හදිසියෙන්යයි කීවාම ‍විජයසුන්දර බණ්ඩාර මහතා අනේ මහත්මයෝ ත්රිදයොටි පාරිද්ඛ මත්ස්ය්මංසය කියන්නේ කෙබඳු එකකටදැයි ඇසිය. “ ත්රිායොටි පාරිසුද්ධයයි කියන්නේ අදිට්ඨ. අසුත. අපරිසංකිත” කියන නොදුටු, නොඇසු, සැක නැති මසටයි-එයින් දක්වන්නේ, මරණ බවත් නොදිටු, මරණලද බව නොඇසු, මරණ ලද්දෙයයි සැක නැති මත්ස්යඅ මංසවලටයි. ඉතින් දැන කාලේ මස් කඩෙන්, මාඵ කඩෙන්, දැල් වැල්ලෙත් තබාගෙණ විකුණන මස් මාංසවල තුන්විධියේ පිරිසිදු කමක් තබා එක විධියක පිරිසුදු කමක්වත් ඇත්තේ නැත. මේ කාලේ කන විධියක මස් කෑමට බුදුහාමුදුරුවෝ අනුදැන නෙවදාළ සේය. අපේ මජරකමට මස් කකා නිර්දොෂි වූ බුදුහාමුදුරුවන් අනුදැන වදාළයයි කියා ඒ මහා කාරුණිකයාණන් වහන්සේත් අපේ අයුතු වැරැද්දට සම්බන්ධකර ගැනීම තවත් වැරැද්දක්ය “ගව විලාපයේ” ගවයෝ පවා මෙසේ කියත්.

“ගෙ ණෙ න් නේ කඩෙන් මුත් මස් අත මිල ට නො ව න් නේ මන්ද පව් බුදුන අය ට බු දු න් නේ බණේ නැති පල් බොරුවල ට ක ර න් නේ මොකද තිරිසන් අපි නිව ට”



පියදාස සිරිසේන නවකථා එකතුව 257

ඉතින් බුදු බණේ නැති පල් බොරු කියා කියා මස් කෑමට නිදහස ගැනීම තදබල වරදකැයි කීවාම, මා කෙරෙහි විජයසුන්දර බණ්ඩාර මහතාත් උන්නැහේගේ දියණියවන මිවිටිගල මැණිකේත් අතිශයින් පැහැදුණාහ. මිවිටිගල නිලමේද අතිශයින්ම ප්ර සන්නට ශාලාවේ දෙරවල් වසාගෙන ඔවුන්ගේ සිද්ධවී තිබෙන විපත්තිය ඉතාමත් රහස් වූ කාරණයක් මෙන් මිවිටිගල නිලමේ විසින්ම මෙසේ කියනලදි. “ඔන්න වික්ර්මපාල මහත්මෙයෝ මගේ පියා දිසාමහතෙකි. මේ ඉදිරිපිට සිටින්නේ මගේ මෑණිය්නගේ එකම සහෝදරයාය. මගේ මව්පියන්ට උපන් ද රුවා මා පමණකි. දෙමව්පියන්ගේ නින්දගම වතුපිටි මහත්රාශියකි. අපේ වල්ව්වේ තිබුණු මුදල් හදල් අහකින් තැබුවත්, රිදි රත්රන් මුතු මැණික් ආභරණ පමණක් පවුන් තිස්දාහ කට වඩා වටිනවාය. පසුගිය කාලේ පො‍හොසත් වල්ව්වල ළමයින්ට උසස් ශිල්ප ශාස්ත්රප නොඉගැන්වීම සිරිතක්ව පැවති බැවින් මගේ මව්පියෝ මටද කිසිම උසස් ශිල්පශාස්ත්රකයක් නුගැන්නුවෝය. යන්තම් සිංහල අකුරුත් ඉංගිරිසි හතරවැනි ප්රගමාණයටත් ඉගැන්නුවෝය. මේ විධියට ලොකුවුණ මට විසි ඇවිරිද්ද පිරුණු හැටියේ ම මාමාගේ එකම දියණයවන අප ඉදිරිපිට ඉන්නා මේ මැණිකේ සරණ පාවා දි ගිහිගෙයි ඉන්ට සැලැස්සුවෝය. ඉතින් මගේ මැණිකේගේ දෙමව්පියන් සත්තක ධනයටද වෙතින් හිමිකාරයෙක් නැති නිසා ඒ සියල්ලමත් අයිති අපටය. උවමනාවාටත් වඩා ඉඩම් කඩම් දේපල ඇති අපට විවාහ වි පස් අවුරුද්දක් යනතුරුත් දරුවෙක් නොලැබි ඉදි අන්තිමේදි ගෑණු ළමයෙක් ලැබුණාය. ඒ ළමයාද රූපයෙන් දිව්යංැගනාවක් වාගේය. ඉතින් එකම ළමයා නිසා පණටත් වඩා ප්රේපමයෙන් ඇති දැඩි ‍කළෙමු. අපේ මුත්තා කෙනෙකු ගෙදර නවත්වාගෙන ළමයාට සිංහල අකුරු ඉගැන්නුවෙමු. ළමයාට අවුරුදු දොළහ වනවිට සෑහෙන තරම් සිංහල ඉගෙනගත් බැවින්, ඉංගිරිසිද උගන් වන්ට උවමනා බව මැණිගේ බලවත් ලෙස කී බැවින් මහනුවර “වැදගත්ය”යි රටේ ප්‍රසිද්ධ එක්තරා ගෙදරක නවත්වා ක්රිමස්තියානි පාඨශාලාවකට යැවිමු. ඉතින් එහිදි ළමයාගේ සුවිනීත ගතිය අඩුවිය. කලින් මටත් මව්ටත් අප්පොච්චිය අම්මා‍ය කිය කියා සිටි අපේ ඩිංගිරි මැණිකා අපට පප්පයි මම්මයි” කියන්ටද පටන්ගත්තේය. පියානා ගහන්නටත්, සැර්පිනා ගහන්ටත්, සිංදු කියන්ටත් ඩිංගිරි මැණිකා ඉතා සමර්ථ බව ඒ ළමයා නැවති සිටි ගෙදර ලංසි නෝනාද මා සමග කීයේය. ළමයාට අවුරුදු දහසය වුනවිට මැණිකේගේ ඕනෑකම පිට



258 ඩිංගිරි මැණිකා


ළමයා එක්ක ආ‍ෙවමි. නමුත් පුදුමයක් නම්- ගෙදර එන්ට ටික කලක සිට ළමයා අමුතුවුනාක් මෙන් විය. නුවට යන්ට ඉස්සර ඇතිව තිබුනාටත් වඩා අමුතු සුවිනීත චාන් ගතියක්ද පර සිරිත්වලට මහත් පිළිකුලක් - දෙමව්පියන්ට හා වැඩිහිටියන්ට පුදුම යටහත් පහත් ගතියක්ද ඩිංගිරි මැණිකාට ඇතිව තිබුනේය. නුවර පාඨශාලාවට යන්ට පටන්ගෙන අවුරුදු තුනක් යනතුරුම, පරසිරිත් ආදියට බලවත් ආසාවක් තිබුනු මේ ළමයා අවුරුද්දක වේලේ පටන් ඒ පරසිරිත් ගැන අතිශයින් පිළිකුල් කරමින් උතුම් සිංහල කුල චාරිත්රස ජිවිතය මෙන් ආරක්‍ෂා කිරිමට පටන්ගත්තා දුටු මමත් මැණිකෙත් මහත් පුදුමයට පත්වීමු. මේ ළමයාට මේ වෙනස්ගතිය ඇතිවුනේ කෙසේදැයි අපට සලකාගන්ට බැරිවිය. මේ කාලේ අපේ ගමේ පහත් පවුලක කොල්ලෙක් ඉංගිරිසි ඉගෙනගනිමින් නුවර සිටියේය. ඔහුත් සමග අපේ ඩිංගිරි මැණිකා කොයි ක්ර මයකින්දෝ මිත්රේවි සිටි බව ඩිංගිරි මැණිකා ගෙදර ආවාට පසු දැනගතිමි. ළමයා ගෙදරට ගෙන්වාගෙන උසස් රදල පවුලකට විවාහකර දීමට කටයුතු සූදානම් කරමින් සිටියෙමු. ඒ අතර මීට ඉහතින් කී අපේ ගමේ තරණයා වන රන්බණ්ඩාද හොදට ඉගෙන කියාගෙන ගමට අවුත් සිටියේය. ඔහුත් සමග ඩිංගිරි මැණිකා රහසින් කතාබස් කරණ බවත් ලියුම් ගණුදෙනු කරන බවත් දැනගන්නට ලැබි, ඒ ගැන තර්ජනයකොට ආරක්‍ෂා තැබුවෙමු. මේ කාලයේ දි ගෙදර තිබුනු මුදල්වලින් රුපියල් දහක්ද නැතිවිය. ඒ මුදල ගෙදර වුන් අප්පුහාමි නමැති ළමයා විසින් සොරකම් කරන ලද්දෙයයි නඩු පවරා ඔහු අවුරුද්දකට දඟගෙට යැවුවෙමු. නමුත් ඒ බලවත් අයුත්තක් බව නැවත දැනගතිමු. ඩිංගිරි මැණිකා විසින් ඒ මුදල තමාගේ ප්රේ්මවන්තයා වන රන්බණ්ඩාට දෙනලද බව නිසැකය. රන්බණ්ඩාත් ඉංගිරිසි විධියට හෙදට ඇදපැළදගෙන මුදල් ඇති ධනවතෙකුගේ පුතෙකු මෙන් කල් කළේ වරින්වර රහසින් ඩිංගිර මැණිකා ඔහුට දුන් මුදලෙන් වියයුතුය. මෙසේ අවුරුද්දක් පමණ කල් පසුවෙනවිට අපේ ළමයාගේ අදහස් හොදටම නරක බව අවබොධවි නවරත්න බණ්ඩාර මහතාගේ පුතාට දියණිය ‍ජෝඩුකර සරණ පාවාදෙන මංගල්යේයද නියමකරගෙන ඒ සදහා මඟුල් ලියුමද අච්චුගස්වා ඥාතිමිත්රමයන්ටද දැනුම්දි සියලු කටයුතු සූදනම් කෙළෙමු. මේ අතර අපේ ගෙදර කුස්සියේ වැඩට මසකට රුපියල් පහක් පඩි දීමට ස්ත්රිදයක්ද කැදවාගතිමු. ඉතින් මහත්මයෝ, ඩිංගිරි මැණිකා ඒ අප විසින් පෝඩුකරණලද මඟුලට අප්රකසන්න ගතියක් ද පෙන්නුවේ නැත.



පියදාස සිරිසේන නවකථා එකතුව 259


මගුල් හතර දිනකට ප්රාථම ගෙදර තිබුනු තරම් රන් මුතු මැණික් ආභරණ රුපියල් තිස්දාහක් තරමක්, මුදලෙන් රුපියල් හතලිස්දහකුත් රැගෙන අප කාටවත් දැනගන්නට බැරි‍ලෙස ඩිංගිර මැණිකා සැඟවී ගියාය. (මෙසේ කියනකොටම මිවිටිගල මැණිකේ ඉකි බිඳිමින් හඬන්ට පටන්ගන්තාය.) තම පුදුමයක් නම් - අපේ ගෙදර අඵතෙන් කැදවාගෙන සිටි කුස්සි අම්මාද ගෙදර තිබුනු රිදි මල්පොච්චි රිදි හැදි මැණිකේගේ ඇට දෙවැලක් සහ තවත් සුඵ බඩු රාසියක් සොරකම් කරගෙන සැඟවි ගිය බැවින් ඒ මැගීගේ උපක්රසමයෙන් අපේ ළමයාත් එකතුකරගෙන ගියායයි කල්පනාව පිට රන්බණඩා නමැති අපේ ළමයාගේ යහඵවා ගැනද සැක කොට පොලීසියට දන්වා රට මුඵල්ලේම සෙවිමට පටන්ගතිමු. මැගි නමැති ගෙදර සිට වැඩකාරිය ඈ ගෙණගිය බඩුත් අල්වාගනිමු. රන්බණ්ඩා මේ කාරණව ගැන කිසිත් නොකී නමුත් මැගීගේ කීම හැටියට රන්බණ්ඩාගේ මෙහෙසිමෙන් මැගී බඩු රැගෙණ ආ බව ඔප්පුවුයෙන් රුපියල් දාහක් පමණ වියදම්කොට රන්බණ්ඩා තුන්අවුරුද්දකට හිරගෙට යැවිමු. මැගි නමැති ගෙදර තුන්මසකට හිරගෙට යවනු ලැබිය. ඉතින් රන්බන්ඩා තමත් හිරේය. මේ කාරණය සිද්ධ වි දහමාසයක් පසුවි ගිය නමුත් ඩිංගිරි මැණිකා කොයි ගියාද, ජිවත්ව ඉන්නවාද, මළාද යන කිසිම ආරංචියක්වත් දැනගන්ට බැරිවිය. නොයෙක් සමර්ථයන්ටත්, රහස් පොලිසියටත් රුපියල් දහස්ගණන් දිලත් කිසිම ප්රඉයෝජනයක් ඇතිනොවිය. ළමයා නැතිවු දසමාසය තුළ මමවත් මේ මැණිකේවත් බඩපුරා කෑ දිනක්වත්, ඇසපුරා නිදාගත් දිනක්වත්, ඉනපුරා ඇදපු දිනක්වත්, සතුටින් ගතකරපු දිනක්වත් නැත. අපේ ප්රතමාණයටත් වැඩිතරම් දේපලවල එකම උරුමක්කාරිවුද, අපේ එකම දරුවවුද, නොයෙක් කාරණා හොද හැටි ඉගෙනගත්තාවුද, කලකදි කෙසේ වෙනත් අනත්මේදි පුදුම සුවිනීත ගුණයක් පෙන්නුවාවුද - රූපයෙන් දිව්යං්ගනාවකට සමකළ හැකි තරුණ ඩිංගිරි මැණිකා නැතුව ඉදිමෙන් අපට පලක් නැත. මේ දසමාසය තුළ ඩිංගිරි මැණිකා නොසෙව් එක දවසක් නැතතේය. මේ ළමයා සොයාගත නොහැකි වීනම් නොබෝ කලකින් මා මැරේ. දිව්යාාප්සරාවක් මෙන් රූපයෙන් අග්රමප්රාරප්ත ලක්‍ෂණන් ධනයට හිමිකාරිය වූ අපේ එකම දියණිය නැතුව අපේ ඉඳීම කුමන වැඩකටද ? අනේ මහත්මයා,






260 ඩිංගිරි මැණිකා


ඈ රැගෙන ගිය රුපියල් හැත්තෑ දහසක තරම දේ නැතිවුනත්, ඈ නීච කුලයක අයෙකු විසින් ගෙනයන ලද්දේ වුනත්, දැන්වත් ඈ අපට ඇත්නම් මුඵ ලෝකයේ රජ ඉසුරු අයිතිවුනාට වඩා සැපතක්ය. ඈට හිමිවන දේපල පරම්පරා හතඅටකට - කිසිවක් නූපයා සිටියත් - ඉවරකරගන්ට බැරිය. මහත්මයාට හැකිනම්, අපේ ඩිංගිරි මැණිකා සොයා දුන්නොත් අපට තිබෙන මුඵ වටිනාකමෙන් දෙකෙන් කොටසක් මහත්මයාට දෙන්නෙමුය”යි මිවිටිගල නිලමේත් මැණිකේත් අඬමින් කීවාහුය.


03.පරිච්ඡේදය[සංස්කරණය]

පැයක් පමණ ඔවුන් කී කතාව සාවධානව අසාගෙණවුන්, මට කාරණය වැටයුනේය. මගේ සමර්ථකම පළමුකොට කියා ඩිංගිරි මැණිකා ලැබේය යන බලාපොරොත්තුවක් ඔවුන් තුළ ඇතිකොට ඉක්බිති ඔවුහු ස්වකීය දියණියට කළ අපරාධය අනිත් සිංහලයන්ටවත් පාඩමක් වන පිණිස කියන්ට සිතාගෙන මෙසේ කීමි. “අපේ නිලමේ ඩිංගිරි මැණිකා සොයන පිණිස මේ වතාවේ පිටත්වෙද්දි සුදු කුඩයක් ඉසලාගත් තරුණ කාන්තාවක් පෙරමගට අවේ නිලමේට මා මුනගැසෙන බවට සාක්‍ෂියක් වශයෙනුයි” “විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය” “වලව්වක පලහිලව්ව” “ඉෂ්ට දෙවියා” “ මහේශ්වරි” “‍ඩෙබර කෙල්ල” යන මේ ආදින් සම්බන්ධ ඉතා විශාල රහස් සහ කුඩා තරමේ පැටලිලි සහිත ගුප්ත කරුණු සොයාගන්ට බැරිකමක් නැත. එනිසා ඩිංගිරි මැණිකා ජිවත්ව ඉන්නී නම් හමාසයකට පෙර මේ වලව්වටම ගෙණවුත් නිලමේට හා මැණිකේටත් භාරදෙන්නෙමි. නමුත් තරහ නොවෙතොත් මේ කාරණය තව දුරටත් පැහැදිලිවන පිණිසත් රටට යහපතක් වන පිණිසත් මම කාරණා ටිකක් කියන්නෙමි. තරහ වෙන්ට එපා - ඩිංගිරි මැණිකාට ඉංගිරිසි උගන්වනු සදහා නුවර එක්කයන්ට ඉස්සරින් ඒ ළමයා සුවච කීකරු කලබල නැති ළමයෙක්ව සිටියා නොවේද?

නිලමේ - අනේ මහත්මයෝ රත්රන් සීදේවි - මගේවත් අම්මාගේවත්


පියදාස සිරිසේන නවකථා එකතුව 261

මූනබලාගෙන කවදාවත් කථාකළේ නැහැ. උදේ සවස තුනුරුවන් වැද මට සහ මවුටද මේ මුත්තා සිටියොත් උන්නැහේටද වැද ගෙදර දොරේ වැඩපල කරගෙන සිටි කදිම ළමයෙකි. ඉතින් අතරතුරේදි වැඳුම් පිදුම් යටහත් පහත්කම් නැතුව සිට අන්තිමේදි අර කලින් සිටියාවත් වඩා පුදුම සුවච කීකරු ළමයෙක් වුනා - ඉලව්වේ එබදු සුවිනීත ගුණසම්පන්නියක්ව මෙබදු විපතකට අසුවුන එකවද දරා ගන්ට බැරි ! කියමින් අඬන්ට පටන් ගත්තෝය. මම - දැන් ඇඬීමෙන් පලක් නැහැ. බලන්ට සිංහල ගෑණු දරුවන්ට කරණ අපරාදේ! සිංහල කුලචාරිත්රන අසුවිමෙන් පිළිකුල් කරණ විදේශින් ළඟ හෝ - සංකීර්ණයන් ළඟ සිංහල ගෑණු දරුවෙකු නැවැත්වූ විට - ඈ සිංහල කුලචාරිත්රඬවලට කෙසේ සතුටු වෙයිද? මත්පැන් බොන්ට, රාගික නින්දිත පොත්පත් කියවන්ට, දඩාවතේ අවිදින්ට, තරුණන් සමග ටැනිස් ආදි ක්රිතඩාවල යෙදෙන්ට පුරුදුවිම පියානාගාන්ට, රවිකිඤඤගාන්ට, සර්පිනාගාන්ට සහ සින්දු කියන්ට පුරුදු කරවීම ඇවිලෙන ගින්නට දර දමන්නා වැනි ක්රිනයාවකි. කාම සේවනයෙන් පීඩාවට පත් දුර්වල අයට කාම රාගය වැඩිවීමට නියමකළ බෙහෙත් මේවායි-

සෘතුසංහාරයේ :- සුවාසි තං හර්‍ ය තලං මනොරමං ප්රිසයාං මුබොව්වාස විකම්පිතං මධු සුතන්ත්රිි ගීතං මදනස්යක දිපනං සුවෞ නිසිතෙනු භවන්ති කාමිනාඃ

සුචන්‍දනාම්බුව්යි ජනොද්භවා නිලෛඃ සහාරයෂ්ටිස්තන මණ්ඩලාපිණෛඃ සවලිලකිකාකලි ගීත නිස්වතෛඃ ප්රිබොද්ධ්ය්තෙ සුප්ත ඉවාද්යොමන්මථඃ

සිත්කඵ උඩුමහල්හි වාසයත්, ප්රිායාවගේ කටින් වහනය්‍ වන්නා වු සුවදත්, යහපත් වීණා නාදයත්, ග්රිවෂ්ම කාලයෙහි කාම වර්ධනය පිණස සේවනය කටයුතුය.

සුදුන් දිය සහිත විජිනිපතින් නැගි සලඟින්ද, මුතුවැල් සහිත වූ


262 ඩිංගිරි මැණිකා

තනමඩුඵ හැපීමෙන්ද, විණානාද සහිතවූ මධුර ගීනාදයෙන්ද, අද (මේ ග්රීුෂ්ම කාලයේ) අනංගයා නොහොත් කාමය, නිද්රදවුන් තැනැත්තෙක්මෙන් ප්රඩබොධවෙයි. ග්රීුෂ්ම කාලය වනාහි කාමාසාව නැති ශරීරය ක්ලාන්ත බවට පමුණුවන ඉතාමත් නපුරු කාලයකි. ලැජ්ජා භය නැති කාමුක ස්ත්රී පුරුෂයන්ට පවා රාග චේතනාවක් ඇති නොවන මේ කාලයේ-සිහිල් සුවද වැදිමෙන්ද, වීණා නාද ගී නාද එනම් රවිකිඤඤ, සර්පිනා, පියානා, ආදි ගායනා ශබ්ද ඇසිමෙන්ද-ග්රීඑෂ්මයෙන් පීඩාවට පැමිණ සිටි අයටත්-නිදා සිටි කෙණෙක් නැඟුටානක් මෙන් කාම රතිය නැගේ නම්-මේ පියානා රවිකඤඤ ආදි ගීතයෙහි ඇඵනු තරුණයෙකුට හෝ තරුණියකට - සිතාදි අනිත් හොද සෘතුවල කෙසේ ගුණධර්ම කුලධර්ම රක්‍ෂා කරන්ට පුඵවන් වේද-සත්තකෙන්ම බැරිය. මේ ග්රී ෂ්ම සෘතුව කෙතරම් ශරිරයට ක්ලාන්තද කිවහොත් නයා මොනරාගේ ඇඟ යටට වදිනමාඵ-මොනරාගේ ගොදුරවූ නයා ග්රියෂ්මය නිසා මරණ භයවත් නොසලකා ග්රිඵෂ්මය සංසිදවා ගැණිමට මොනරාගේ ශරිර සෙවන සලකයි-කෙතරම් ලොකු ඇතෙක්වත් මරාකන්ට පිළිවන් සිංහයා ග්රිසෂ්ම සෘතුවේදි ශරීර ක්ලාන්ත ගතියෙන් කැලේ වැටි සිටිනවිට ඇතුන්ගේ පාදයට යට වෙනවාඵ-ඉතින් මෙබදු නපුරු කාලයකත් රාග වර්ධනය කරණ විණා රවිකිඤඤ සර්පිනා පියානා ආදිය ගායනා කරන්ට තරුණ තරුණියන්ට උගන්වා ඉක්බිති ඔවුන්ගේ ගුණධර්ම කුලධර්ම පරික්‍ෂා කිරීම වක්කඩේ හකුරු සඟවා තබාගොස් හත්අට දවසකට පසු එම හකුරු ගෙණයන්ට ආවා වැනි ක්රි යාවක් බව සැලකිය යුතුය. ඉතින්ත කාම රාගය ඉබේම වැඩෙන අභිනව යෞවන භාවයෙහි සිටි ගෑණු ළමයෙකුට අධික නිදහසත් අනංගයාගේ ආවුධ වන පියානා රවිකිඤඤ, සර්පිනා, සින්දු, ආදියත් ලඟටම දුන්නොත් කුමක් වේද?

“අ ඟ ල ක් වානේ නැතුවම හාරණ ඌ රු වි ය න ක් වානේ ලැබුනොත් දෙරණත ගෝ රු”

      කි එක සිද්ධ නෙවේද ? ඉතින් ඩිංගිරි මැණිකාට ඔය අනංගයාගේ තූර්ය භාණ්ඩත් ලැබි සෙල්ලම්කරණ කාලේ නිලමේලා විපරම් කළෙ නැද්ද?

නිල - අනේ ආයුබෝවන්ඩ. මට දැනගන්නට ලැබුනේ අවුරුදු තුනකටත්


පියදාස සිරිසේන නවකථා එකතුව 263

පස්සේය. ළමයා නැවතීවුත් ගෙදර නෝනාලාටනම් ඒවා බොහොම හොදා! මම - ඔවු-නෝනාට නම් ඕනැ නෙයියාඩමක් නැටවත් “හොනිමුන් ගිහැකි!” නමුත් පිරිසිදු කුලචාරිත්රත ආරක්‍ෂාකරණ සිංහල කුලස්ත්රීැන්ට නම් වසවැරැද්දකි. හොදයි ඩිංගිරි මැණිකේ ගෙදරට ආපසු ගෙන්වාගන්නවිට නොහොත් ඊට ටික කලක සිට ඈ කලින් සිටියාටත් වඩා සුවච කීකරු නැනැත්තියක්ව අපේ කුලචාරිත්රඈ කෙරෙහි බලවත් ඇල්මක් ඇතිකලේ මක්නිසාද කියාත් විපරම් කළෙහිද ? නිල - ඒක අපට දැනගන්නට ලැබුනේ නැහැ-කාගේවත් අවවාදයකට නැතහොත් තමාගේම දැනීමෙන් නරකදේ ඉවත් කොට හොදදේ කෙරෙහි කැමැත්තක් ඇතිකළාද යනු කියන්ට අමාරුයි. මම - සත්තකෙන්ම ඩිංගිරි මැණිකා යහපත් කාන්තාවකි. කුඩා කාලේ නිලමේලා නපුරු ගෙදරක නැවැත්වුවායින් ඔවුන් ගේ අනාය්‍ර්‍ය පැවැතුම් ඒ ළමයාට පුරුදුවේගන ආවා-ඒ අතරට කව්දෝ කල්යාවණ මිත්රළයෙක් ඒ ළමයාට මුනගැසී යහපත් ලෙස කරණලද අවවාද නිසා නැවත ඒ ළමයාට මුනගැසි යහපත් ලෙස කරණලද අවවාද නිසා නැවත ඒ ළමයා සුවච කීකරු කුලස්ත්රිරයක් වුනා හොදයි ඒ ළමයා සමඟ පෙම්බැදගෙණ සිටය-දැනට හිරගෙයි සිටින රන්බණ්ඩාට ඩිංගිරි මැණිකා විවාහකර නොදි වෙන කොනෙකුට ජෝඩු කළේ කුමටද ? ඈ අයුත්තේ නමුත් ජෝඩු කරගෙන පෙම්බැදවුන් අය අතහරිණලද්දේ මන්ද ? නිල - අනේ මහත්මයෝ මොනවා කියනවාද ? ඒ රන්බණ්ඩාය කියන්නේ අපේ නින්දගමේ අපට මෙහෙකරණ කපුරුහාමි ගේ පුතාය. එබදු පාත පවුලකට අපේ ළමයෙකු දෙන්නේකොහොමද ? මම - බොහොම හරි-හොදයි රන්බණ්ඩා රටේ මහත්මයෙක්වුනා නම් නැතහොත් සිවිල් නිලධාරියෙක්වු නා නම් - ඒ අයගේ කිසිම පැත්කමක් නැ නොවේද ? මමත් උඩරට කෙණෙක්මි. ඒ නිසා මේ උස්පාත්කම ගැන කියනකොට නාලමේ තරහ වෙන්ට එපා. ඒ අතින් පාතරටත් සම්පුර්ණයෙන් හොදයයි මම නොකියමි. නමුත් උඩරට කුලමල සම්බන්ධව දැන් පවත්නා අදහස කිසිම ශිෂ්ටාචාර රටක ජාතියක නැති වැරදි අදහසකි. ඉන්දියාවේ කුලභේදය සලකන හින්දු ගෙදරකට නොව වත්තකට ආවත් ගොමදිය ඉස ඒ කිඵට පවිත්රන කරගන්නා


264 ඩිංගිරි මැණිකා

ධනවත් හම්බයෙක් අපේ රටේ මහත්මයකුගේ හෝ නිලමකෙණෙකුගේ ගෙදරට ආ හැටියේම සිනීප පුටුවක් දි, තේ වතුර දි, බුලත් දි සංග්ර හකරති. නමුත් සිංහල ජාතියේ එකම කුලේ දුප්පත් පවුලේ අයට වාඩි වෙන්ට වත් ඉඩ නොදෙති. ඒ ගැන මහා රාශියක් කියන්ට තිබේ. ඩිංගිරි මැණිකා සොයාගත්විට ඒ සියල්ලම කියන්නෙමි. ඩිංගිරිමැණිකා මුදලින් රුපියල් හතලිස්දාහක් රැගෙණ ගියේ ඔපමණ මුදක්ය කුමට ගෙදර තබාගෙණ වුන්නාද? නිල - ඔය මුදලෙන් විසිදාහක් පමණ අපේ අප්පොච්චි සඟවාගෙණ වුන් මුදලයි-අනිත් විසිදාහ වතුපිටිවලින් ලැබෙන ආදායමෙන් ඉතුරු වු ගණනයි. මම - අනේ නි‍ලමේ අපි වගේ හරක් ! රුපියල් හතලිස් දාහක් ගෙදර නිකම් තබාගෙණ ඉඳිම කෙතරම් අමනොඥ ක්රිරයාවක්ද? මේ මුදල බැංකුවේ තැන්පත් කළත් සියේට හතරේ පොලී ගන්ට තිබුනා-මුදලත් ප්රනවේසම්වුනා. ඉඩකඩම් බැදගෙණ දුන්නානම් පහසුවෙන් ඉතා සුරක්‍ෂිත වන පරිදි සියේට දොළහේ පොලියට දෙන්ට තිබුනි. එසේ කළනම් මසකට රුපියල් හාරසියයක් හෙවත් අවුරුද්දකට රුපියල් හාරදාස් අටසියයක් ලැබෙනවාය. යහමින් මුදල් ගෙදර සඟවාගෙණ ඉන්නේ මුදල්වල අගය නොදත් අඥානයාය. උගත් ඥානවත් මිනිසුන්ගේ ගෙදරක කිලින් නොකීවොත් උවමානවකට වත් රුපියල් සියයක් ගන්ට නැත්තේය. ඔවුන්ගේ මුදල් බැංකුවලය. කටයුතුවලට යොදලාය. නිලමේලා මොකුත් නොදත් නිසා නෝට්ටු කොළත් පරණ වෙවි ඔහේ නිකම් තිබි ඩිංගිරිමැණිකේට හෝ වෙන ‍හොරකුට අයිති කරපි ! හොදයි දැන ඔය පරණ මොඩකම්වලට අවවාද කිරිමෙන් පලක් නැහැ. ඩිංගිරිමැණිකා සොයාදුන්නොත් මට දෙන තෑගි මොනවාදැ”යි ඇසුවෙමි.

එවිට මිවිටිගල නිලමේ හා මැණිකේත් ඔවුන්ගේ පියාවන විජේසුන්දර බණඩාර මහතතා එකමතිකව, ඔවුන්ගේ අයිති සියලුදෙයින්ම දෙකෙන් කොටසක් දෙන බව කීහ. එබසට මම සිනාසි, මට අපමණ ලොකු ධනයක් උවමනා නැත. මට රුපියල් දසදාහක් දුන්නොත් ඈ සොයා දෙන්නෙමියි කීමි. නිලමේ අතිසයින් සතුටුව, ඩිංගිරිමැණිකේ සිටින ස්ථානයක් සොයා දුන්නත් ඒ ගණන දෙන්නෙමියි මගේ අතර අත තබමින් කීවේය. ඒ අසුවාම, හොදයි නිලමේ, ඩිංගිරි මැණිකා



පියදාස සිරිසේන නවකථා එකතුව 265

පණ පිටිනි සිටිතොත්-කොයි දේසේක සිටිතත් සොයා ගොණවුත් දෙන්නෙමි. එසේ කළාට පසු මට පවුම් දාහක් දෙන බවට පොරොන්දු ඔප්පුවක් හෙට උදේම ලියවා දුනමැනවැයි කීවෙමි. මේ කතාවට ඔවුහු ටිකක් “කනුකුනුගානු” දුටු මම මෙසේ කිවෙමි. අවංකව යම් කටයුත්තක් කරන්ට කැමති නැතැත්තා එය නීතිප්රසකාරම කරයි. කෙතරම් හිතමිත්ර යෝ වුනත් නීතිප්රසකාර කටයුතු නොකරන්නෝ වංක කපටියෝය. අප රටේ බොහොමදෙනා “විශ්වසය” පිට වැඩකර අන්තිමේදි දුකට හා පසුතැවිල්ලට පැමිණෙති. කොටින්ම කොයිම දෙයක්වත් විශ්වාස මාත්රායෙන් පිළිගන්නා අය පල් මෝඩයකි. *Belief is only Blind Faith - විශ්වාසය වනාහි අඥාන භක්ති මාත්රකයකි” ආගමක් අදහන අය කෙණෙක් කීවාට හෙවත් පොතක ලියා තිබුනාට විශ්වාසකරයි නම් ඔහු මෝඩයකි. ඒ නිසා අපේ බුදුහාමුදුරුවෝ තමන්වහන්සේගේ ධර්මය “ස්වාකඛාතො භගවතො ධමෙමා. සන්දිට්ටිකො,අකාලිකො, එහිපස්සිකො, ඔපනයිකො, පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤුහිති” - යනුවෙන් දෙසනාකොට නැවත තමන්වහන් සේගේ භික්‍ෂුන්ට වෙන ලෝකයේ තිබෙන පරසමයවාදි ධර්ම ගැන - “ සුඤඤත භික්ඛවෙ පරප්පවාදා - සීහනාදං නදථ” - මගේ ධර්මය හැර ලෝකයේ තිබෙන අනිත් සියලුම පරසමවාදින්ගේ ධර්ම නින්දිතවු විශ්වාස මාත්රෙයක-එහෙයින් ඒ සියල්ලම සුන්යශවු ව්ය ර්ථ වු ධර්මයයි- සිංහනාද කරවිය”යි වදාලසේක. බුදුහාමුදුරුවන්ගේ ධර්මය පමණක් විශ්වාස මාත්රමයෙන් පිළිගන්ට ඕනෑ නැත. මක්නිසාද උන්වහන්සේ දේශනාකළ ධර්මය සාන්රි්ට ෂ්ටිකය- අකාලිකය- එහිපස්සිකය-උපනයිකය-ප්රදත්යේක්‍ෂය-ඥනවන්තයන් විසින් පමණක් දැන ගතයුතුය. මේ නිසා විශ්වාස මාත්රසයට මම වැඩකරන්නෙක් නොවෙමි. ඩිංගිරිමැණිකා සොයාදුන්නොත් මට ඇස් ඉදිරිපිටම කල් නොගොසින්ම, රුපියල් දසදාහක් ලැබෙන බව ප්රතත්යික්‍ෂ වෙන්ට ඹ්නෑය. ඒ මුදල මට ලැබෙන බව ප්රරත්යහක්‍ෂ වන්නේ නීති ප්රයකාර බලයක් දුන්විට පමණකි. කටින් පමණක් කියන පොරොන්දුවෙන පොරොන්දු ඉෂ්ටකරණ තරම් ස්ථිර ගුණ ධර්මයේ පිහිටි මිනිස්සු මේ කාලයේ බොහොම ටිකය. නිලමේලා ගෙන මට මුදල අයිතිවන්නේ ඩිංගිරි මැණිකේ සොයාගෙණ ආවාට පසුය. මාස ගණනක් බාගවේලාවට අවුරුද්දක් දෙකක් භයානක් අනතුරු ලබා, නොයෙක් හිරිහැර විද අතින් පවුම් දෙතුන් සියයක් වියදම් කරගෙණ ඈ සෙවිමට බැරිවෙන්ටත් නොහැකි නොවේ. එසේ වුනොත් සියලුම අලාභහානි




266 ඩිංගිරි මැණිකා

මටය.ඒ සෙවීමෙන් නිලමේලාට කිසිම පාඩුවක් නැත. ඩිංගිරිමැණිකේ සොයාගත්තොත් මගේ මහන්සියත් වියදමත් වෙනුවට රුපියල් දසදාහක් ලැබේයයි කීවෙමි. මගේ මේ සෘජු කථාවට අතිසයින්ම සතුටට පත් මිවිටිගල මැණිකේ හොදයි. හෙට උදේම වික්රමමපාල මහත්මයාට පොරොන්දු ඔප්පුවක් ලියවා දෙන්නෙමියි කීවාය. ඉක්බිති සූදානම්කර තිබුනු කෝපිත් බීලා රැ දොළහට පමණ නින්දට ගියෙමු. කොපමණ මහනසිව රැබොවි නිදන්ට ගියත්, මට සජ්ක්ධානයනා කිරිමට පුරුදු ගථා හතර නොකියාම නොහැක්කේය. එබැවින් ඇද උඩ හාන්සිවි ටිකක් හයියෙන් මෙසේ කීවෙමි-

“සො දුක්ඛ බින්න ජනදස්සන දුක්ඛ බින්නො කාරුඤ්ඤ මෙව ජනතාය ආකාසි නිච්චං තෙසංහි මොචන මුපාය මිදන්ති ඤත්වා තාදි පරාධමපි අන්ත නිරොධයිසො”

“දා නාදි නෙකවර පාරමි සාගරෙසු ඔගළ්හතායපි පදුට්ඨ ජනෙන දින්නං දුක්ඛං තථා අතිමහන්තො තරම්පි කිඤ්වි නාඤ්ඤාසි හත්ත හිතමෙව ගවෙස යනෙතා”

“ජේත්වාන සීසම්පි සකං දදන්තො මංසං පවිත්වාන සයං දදන්තො සො ජත්තගත්තො පණිධාන කාලෙ දුට්ඨසස කිං දුස්සති ජෙදනෙන”

“ඉති ගහිත මහන්තං බොධි සම්භාර සාරං ගණන පථ මතීනං පාරමි පූරිතත්තං කර වරණ සිරාදි දින්න දානනිදානං පරහිත නිරතං තං බොධිසත්තං නමාමි.”

මේ පරහිතනිරත මහාකාරුණිකයානන්වහන්සේගේ විරවු චරිතය මෙණෙහිකොට නිදාගන්නා මට උදේ වනතුරු සැප නින්ද ඇතිවිය. ඉක්බිති උදේම නැගිට පැය බාගයක් පමණ ඇද උඩම බද්ධපර්යාවාංකයෙන් ඉදගෙණ මෛත්රිැ භාවනාව භාවනා කොට නැගිට මූන කට අතපය සෝදාගෙණ උදේ ආහාරගෙණ මිවිටිගල නිලමේත් හා මැණිකෙත් සමග නගරයට ගොස් රණසිංහ නොතාරිස්

පියදාස සිරිසේන නවකථා එකතුව 267


මහතා ලවා නීතිප්රවකාර පොරොන්දු ඔප්පුවක් ලියවා අත්සන් ගතිමි. ඩිංගිරි මැණිකේ සොයාගෙණවුත් භාරදෙනතුරු ඔවුහු මට සතයක්වත් දීමට බැදි නැති නමුත් මිවිටිගල මැණිකේ දියණිය කෙරෙහි - ඇත්තාවු බලවත් ප්රේංමය නිසා මා අතට රුපියල් පන්සියයක්ද දී “ මේ මහත්මයාට අතිරේක සතුටු පඬුරකි. අනේ මගේ ප්රාලණය වැනි දුව මගේ ඇසට පෙන්නුවොත් වික්ර මපාල මහත්මයාට මෙලොවදි ලැබෙන අපේ තෑගි ආදිය පැත්තකින් තබා, නිවන් දකින්නට හේතුවන කුලසක් වන්නේය”යි කඳුඵ හෙලමින් කීවාය. එවිට මගේ හිතද අතිසයින් සංවේගයට පැමිණ මුදල් භාරගණිමින් “මගේ සිංහල සූරභාවයත් වික්රංමයත් මෙහිදි සම්පූර්ණයෙන් යොදන්නෙමි. මැණිකේලා කලබල නැතුව, මේ කාරණය කිසිකෙණෙකුට නොදන්වා හාරපස් මාසයක් ඉවසිල්ලෙන් ඉන්ටය”යි ඔවුන්ට කීවෙමි. ඉක්බිති වැදිමේන අචාරකොට ඔවුහු ගෙදර යන්ට ගියහ. මම ගම්පල දුම්රියපලට අවුත් එකහමාරේ දුම්රියෙන් නුවර යන්ට සිතාගෙණ මදක්කල් තිබුනු බැවින් දෙවෙනි පංක්තියේ බංකුවක්පිට වාඩිගිතමි. මෙසේ ටිකවේලාවක් සිටිනවිට දුම්රියපල භාර දෙවෙනියා තවත් පැටික්කියන් දෙදෙනෙකුත් සමග මා සිටින බංකුව ලඟට අවුත් සිංහලෙන්ම කථාකොට “උඹට මේ බංකුවපිට වාඩි වෙන්ට අවසර නැත. නැගිටිලා පලයන්නැ”යි කීය. එවිට මමත් මිනිහෙක් නිසා, “ආ මනුෂ්ය”යෝ-අඹ ඇස් ඉදිරිපිට මුසාවාද කියන්නේ මන්ද? දෙවැනි පංක්තියේ මගීන්ට”යයි මෙහි ලියා තිබියදි මට අවසර නැත කීවේ කවර බලයක්පිටද? රුපියල් තිහහතලියක් පඩිකන උඹවාගේ සුඵ මිනිහෙක් ඔය තරම් ඉක්මන්ව, “උඹ,අර‍ෑ,මූ” කියා වැදගත් උදවියට කථා කරන්ට සිතිම උඹේ පහත් උත්පත්තියේ ලකුණකි. උඹ මට ඔහොම කථාකළ නමුත් උඹෙ ස්වාමිවරු නම් වඩා ටිකක් ශිෂ්ටාචාරලෙස කථාකරණවිට අනුමාන නැත”යි කීවෙමි. මේ වෙලාවට ලඟම තවත් මිනිස්සු කීපදෙනෙක්ද සිටි බැවින් “බුකිංක්කලාර්ක්ගේ” සිතට අමාරුව “පලයන් මිනිහෝ” කියා මට ගහන්ටමෙන් ඉදිරියට ආයේය.එවිට මා අතේ අවසර පත්රහයද තිබුනු බැවින්, “පලයන් අමානුෂ්යායෝ යන්ට-මම දුම්රිය එනතුරු උඹේ අප්පොච්චි කිවත් අහකට නොයමි”යි කියා බුකිංක්ලාක් ගොයියා මට එක් ලෑවොත්, ඔහුට පොලිත් සමග බෙදන්ට සිතාගෙණ මමද නැගිටිටෙමි. මේ පෙරලිය ඈතින් ඉදගෙණ බලාවුන් දුම්රිය‍පල භාරකරු මහතා මා ලඟට අවුත් ඉතිමත් ශික්‍ෂිත කෙණෙකුමෙන් මට



268 ඩිංගිරි මැණිකා

ඉංග්රි සියෙන් කථාකොට කාරණය ඇසීය. එවිට මට සිද්ධවු ප්රතවෘත්තිය කීවෙමි. ඒ ඇසූ ඒ කරුණාවන්ත මහතා බුකිංක්ලාර්ක්ට තරවටු කළ බැවින් ඔහු යන්තම් මා අත්හැර-ඔහු කැටුව ඇවිත් වුන් සංකර කෙල්ලන් දෙදෙනත් සමග නොනාවරුන් නවතින කාමරය පැත්තට ගියේය. මේ හාදයාවැනි නැහැදිච්ච වල් මිනිස්සු අපේ රටේ දුම්රිය‍පලවල එමට සිටිති. නමුත් රප රටේ මිනිස්සු කරණා නොදත් බියසුල්ලන් නිසා බොහෝවිට මොවුන්ගේ නෙරෙකුකු විද දරාගනිති. මේ කලබලයෙන් මිනිත්තු ගණනකටපසු දුම්රිය පැමිණි බැවින් එහි නැගි නුවරට යාගත්තෙමි. මට උවමනා කරන්නේ හිරගෙයි සිටින රන්බණ්ඩා සම්මුඛව ඔහුගෙන් ඩිංගිරි මැණිකා සම්බන්ධ තොරතුරු දැනගැනීමමයි. ඉතින් හිරගෙයි සිටින මිනිහෙකු සමග කොහොම කථා බස් කරන්ටද? මිට උපාසක සිතමින් රොයල් හෝටල් නම් විශ්රාොම ශාලාවට පැමිණ එහි කාරමයක් ගෙණ මගේ ඇදුම් පෙට්ටිය ආදි බඩු තැන්පත්කොට රාත්රිණයෙහි එහිම නිදාගතිමි. පසුදින උදේම මට නිතර පුරුදු මේස් සපත්තු ආදි ඇඳුම් නැද රෙද්දකුත් කොට්එකකුත් ඇදගෙණ හිරගෙදර තරමකනිලයක් දරණ සිල්වා උන්නැහේ සම්මුඛවෙන පිණිස යාමට ඵලුගාතයකුත් ගෝවා ‍ගෙඩියකුත් අරගෙන මා විසින්ම ඒ උසුලාගෙණ ඔවුන්ගේ ගෙදරට ගියෙමි. ඵලුගාතය දුටු නිසාදෝ සිල්වා උන්නැහේ සහ හාමිනේත් මා කෙරෙහි එක්විධියක සැලකීමක් ඇතිකර ‘වාඩිවෙන්න, උඹ කෙහෝ ඉදලදැ”යි අසා මට බුලත් විටකුත් දෙන්ට සැලැස්සුවෝය. ‘බත්මූනෙන් ඇත්මූන බිදිනවාය”යි කී කථාව මෙහිදි මට මතක්විය. සිල්වා උන්නැහේ රාජකාරියට යාමට ඇඳිමින් සිටි බැවින් ඒ ඉවර වූ වහාම එලියට අවුත්, මගේ වතගොත ඇසුවාම, මම වේයන්ගොඩ මිනිහෙක් බවත්, මගේ නම මාරුක්කු ප්රොනාන්‍දු බවත් හිර ගෙදර ගාඩ්වැඩක් අබෑර්තුව තිබෙන බව ආරංචිච එය ලබා ගැනීමට ආ බවත් කීමෙමි. එවිට සිල්වා මහතා සිනාසී “කොහොමද බාන්, දැනට ඔය වැඩේ ඉල්ලාගෙණ පස්දෙනෙක්ම ආවාහ. උම උදේම තැගිබෝගත් අරගෙන ඇවිත් තිබේ. නමුත් රුපියල් දහයක් නුදුන්නොත් වැඩේ උඹට ලබාගන්ට බැරිය”යි කීයේය. “ඔව් මහතාණෙනි, මා ලඟ තිබෙන්නේම රුපියල් දහයයි. තමුන්නාන්සේට මනාපයක් කරන්ටය”යි කියමින් රුපියල් දහයේ කඩදාසිය අතට දුනිමි. ඉතින් සිල්වා මහතාද කිසිම අනුකම්පාවක් නැතුව මාලඟ තිබෙන්නේම රුපියල් දහය පමණක්මය”යි කියද්දි-මට එක රුපියලක්වත් නොදි මාගෙණා රුපියල්



පියදාස සිරිසේන නවකථා එකතුව 269

පහත් වටිනා ඵලුගාතය හා ගෝවාගෙඩිය ගැනද කිසිවක් නොසිතා රුපියල් දහය භාර්යාව අතටදී “හොදයි හෙට උදේ හිරියට හයාමාරට බෝගම්බර හිරගෙට වරෙන්” නැයි කියා යන්ට ගියේය. මමද සුසුමලා මා සිටි හෝටලයට එමින් මෙසේ කල්පනාකළෙමි. අනේ දැන්කාලේ යමක් කමක් කරණ මිනිස්සු කුඩැල්ලෝ වාගේමය. මිනිහාගේ අමාරුව කුඩැල්ලාට කොහෙත්ම නොතේරි උගේ බඩපුරාම ලේ බී-නැවත් නැවතත් වමාරමින් තව තව ලේ බොන්නාක්මේන් කිසිවෙකුගේ කිසි අමැරුවක් නොබලා දුප්පතුන්ගේන් අත්ලස් ගැණීම නියම කාරණයක්වුණහැටි ! පියුන්ගේ පටත් දෙපාර්තමේන්තුවක අත්ලස් නොගන්නා කෙනෙක් සම්බවිම වල්ග‍ා තරුවක් දකින්ට ලැබිමවැනි ආශ්චර්ය අද්භූත අද්භූත් කරණයකි. මේ කාලයේ යුක්තියක් ධර්මයක් කෙසේ ඉෂ්ටවේද? දවසකට සත හතලිහකවත් කුලිලැබෙන රක්‍ෂාවක් රුපියල් දහකට දෙළහක අත්ලසක් නොදි ලබාගන්ට බැරි මේ කාලය කොතරම් දුරුභාග්යා කාලයකි වියයුතුද? සාමාන්යමයෙන්ම අනුන් යටතේ බැලමෙහෙයට සූදනම් මිනිස්සුන්ට ආත්ම ගෞරවයක් නැත. පැරණි සිංහලයන්ට මෙන් ආත්ම ගෞරවයක් තිබේනම් ශරීර ශක්තිය තිබේනම් සුරාපානය නිසා ඥාන ශක්තිය හීනනුනා නම් අනුන් යටතේ -අත්ලස් දි සුඵ වැඩ ලබා නොගත්තාට‍ මේසා විසාල ලක්දිව ඉඩ මදිද? අක්කර ලක්‍ෂගණන් භූමිය වල්බිහිව තිබියදි සිංහලයෝ වහල් මෙහෙයේ ඉන්නා හාටි! යයි හිතමින් හෝටලයට අවුත් වතුර නා දවල් බත් අනුභවකොට හෝටලේ ඉස්තෝප්පුවේ තිබෙන හාන්සි පුටුවක වාඩිවි “ඩිංගිරි මැණිකා” ඉක්මනින් සොයන පිළිවෙළ මෙනෙහි කිරිමට පටන්ගතිමි. මෙසේ සිටින මා ලඟින්ම හෝටලයට ආ අමුත්තෝ දෙදෙනෙක්ද වාඩිවි උන්හ. මම සැමවේලෙම මගේ හිත කරදරවලින් විනිර්මුක්ත කරගෙන හිත ප්රීඅතියෙහි යෙදිවීමට පුරුදුකරන්නෙක් බැවින්-පැටලිලි සහිත විතර්ක- හිතේ හටගත් විට වැඩි වේලාවක් ඒකම කල්පනා නොකොට වරින්වර ප්රීකති සහගත කවටකම්ද කරන්නෙක්මි. එසේම කවට කථාන්තර හා කවිත් කීමෙන්ද හිතෙහි දෙම්නස්ගතිය හෙවත් මහන්සිය පහකර ගන්නෙක්මි. ඩිංගිරි මැණිකා ගැන වැඩිදුරටත් හිතෙනකොට මේ ආපහුබාසේ කවියද මට මතක්වි එය තරමක් හයියෙන් කීවෙමි.

“ක න් ද ර ඇලේ දරලීයේ මිරිකු නියා ම න් න ර බිලේ නැඩතුරම ගන්රො නියා මැ න් ග ර ඩිණිකෙ බඟවුන සැවවුල සැ නියා ලෙ න් ති රි ගසන තස ඇඬුවේ මිරිකු නියා”


270 ඩිංගිරි මැණිකා


එවිට මා ආසන්නයෙන් වාඩිවිවුන් වැදගත් පෙණිමක් ඇති මහත්මයා මට කථාකොට “ කරුණාකර තවවරක් ඒ කවිය කියන්ට” කීවාම මමද සිනාසෙමින් තවවරක් කීවෙමි. දෙවැනි වර කීවිටත් උන්නැහේට තේරුම්ගත නොහැකිව “ මොකක්ද මහත්මයෝ, ඔය කවිය මහා ගැඹුරු එකකි. එහි තේරුම කිම දැයි ඇසීය. එවිට මම සිනාසි, “යමක් හදිසියෙන් ඇසුවාමත් උවමනාවට වඩා ගැඹුරු එකකි. එහි තේරුම කිම දැයි අසීය. එවිට මම සිනාසී, “යමක් හදිසියෙන් ඇසුවාමත් උවමනාවට වඩා ගැඹුරුලෙස සැලකුවාමත් ඒ දේ ඇතුවාටත් වඩා අමාරුවීම සිරිතකි. එක්තරා සංසයාවහන්සේ නමක් ඇබිත්ත කොඵවත් සමග ගමක් මැදින් යනවිට, ඒ මග අසල කලපුවවන කුඹල්පට්ටලයක ගිනිදල්වද්දි ඒ බලාසිටි ගමේ කොල්ලෙක් “පුලකච්චන්නා, පුලකච්චන්නා”ය කියමින් උන්නාන්සේ ලඟින් දිව්වේය. මේ වචනය ඇසු හාමුදුරුවෝ මග දිගටත් කල්පනා කරමින් පන්සලට පැමිණ රාත්රි්යේ නිදිබර වෙනතුරු කල්පනා කළ නමුත් මේ වචනයේ අර්ථය තේරුම් ගත නොහැකිව, පසුදින උදේ බණපොතේ, අටුවාපොත්, නිඝන්ටු, ශබ්දකොශ, ආදිය පෙරළි ‍ෙපරෙළා හවස්වනතුරු විරියකරලත් මේ වචනය සොයා‍ගත නොහැකිව සිටිනවිට සවස ගිලන්පස ලෑස්තිකොට ඇබිත්ත ළමයා හාමුදුරුවන්ට ඒබව දක්වන පිණිස ආවේය. ඉතින් හැමුදුරුවෝ පොත් රාසියක් පෙරලමින් මේ කරණ විරය දුටු ඇබිත්ත ලමයා “මොනවාද හාමුදුරුවනේ ඔය සොයන්නේ” කියා ඇසුවාම, “ආ කිරිහාමි ඊයේ අපි කුඹලුගම උඩින් යද්දි අර කොඵවෙක් දුවමින් කී වචනය උඹට මතකදැයි ඇසීය-එසේම ස්වාමිනි, කොඵවා “පුලකච්චන්නා, පුලකච්චන්නා,” කියමින් දිව්වේය. “ඉතින් ඒක උඹට තේරුනාදැ”යි නැවතත් උන්නාන්සේ ඇසීය. එසේය, කල පුච්චන බව ඔහු කීවේයයි ඇබිත්තලමයා කියවිට හාමුදුරුවන්ට සිනාගොස් තමා අස්ථානයේගත් වෙහෙසගැන ලජ්ජා විය. දැන මේ මා කි කවියත් එබදු එකකි. ඒ නිසා මහත්මයා ලුහු‍ඬෙන් සැලකුවොත් තේරේයයි කීවෙමි. ඒ මහත්මයා ටිකක් වෙලා කල්පනාකොට සිනාසෙන්ට පටන්ගත්තේය. ගුණසේකර නැමැති ඒ බදුල්ලේ නැවතීසිටින කෙනෙක් බැවින් ඩිංගිරි මැණිකා සෙවීමට ඇවිදින වේලාවක ප්රනයෝජන ගන්නා පිණිස උන්නැහේ පදිංචි ස්ථානයද අසාගනිමි.




පියදාස සිරිසේන නවකථා එකතුව 271


04.පරිච්ඡෙදය[සංස්කරණය]

ප සුවදා උදේ සිල්වා මහතා කී ප්රපකාර බොගම්බර හිරගේ ලඟට ගියවිය-සිල්වා මහතා මා ඔවර්සියර් කෙනෙකුට භාර කළේය. ඔහු මාසමග ප්රාලකාරය ඇතුලේ කන්තෝරුවට ගොස් මා විසින් හිරගෙය තුළදි පිළිපැදියයුතු අන්දමට හිරකරුවන්ගේන වැඩගැණීමෙදි හැසිරියයතු අන්දමත් විස්තර වශයෙන් කීයේය. ඒ සියල්ලම, මට තේරුණබව පිළිගත් ඉක්බිති “යුනිපෝර්ම” නැමැති ගාඩ්වර්න්ගේ ඇඳුමද මට දුන්නේය.ගොරෝසු ඇඳුම ඇදලා පුරුදුනැති මට මෙය ඇදීම අමාරු නමුත් රන්බණ්ඩාදැක කථාකරගැණීමට මීට වැඩි හිරිහැරයක් වත් විදින්ට උවමනාබැවින් ඉතා ප්‍රීතියෙන් ඒ ඇඳුම ඇදගතිමි. ඉතින් එදා උදේ පටන්ම තවත් ගාඩ්වරුන් හා එක්ව හිරකාරයන් මුරිකිරීම ආදී බොහෝ වැඩකළෙමි. මේ අන්දමින් සතියක් වැඩකළපසු හිරකරුවන් කණ්ඩායමක් මටම භාරකරණලදි. මගේ පිණකට මෙන් මට භාරදුන් ඒ කණඩායමටම රන්බණ්ඩාද ඇතුලත්විම මේ කියවන්නාට සතුටු උපදවනු නිසැකයි. මගේ කාණ්ඩයේ දසදෙනෙකි. ඒ කාන්ඩේ නම්ලැයිස්තුවද මට දුන් බැවින් “ගම්පොල රන්බන්ඩා”නැමැති අය කව්දැයි කිසිවෙකු ගෙන් නාසා මටම දැනගත හැකිය. මේ කාණඩයලවා කඩාපු ගල්ගොඩක් මැනවිමේ වැඩේ මට භාරවිය. මම ඔවුන්ගෙන් වැඩ ගන්නා අතරම රන්බණ්ඩා දෙස මිනිත්තුවකට වරක් දෙකක් බැලීමි.සුඛුමාලව ඇතිදැඩිවු, රූපත්ශ්රි්යෙන් යුත්-මනා හික්මිමක් ඇති මේ උගත් තරුණ මිලින වු මුහුනින් යුක්තව ඉතා ධෛරයවත්වූ සිතින් යුක්තව වැඩ කරණබව පෙණුනේය. කුඩයට උදැල්ලේන් ගල්පුරවාදිමේ නියුක්ත රන්බණ්ඩාගෙන් මම මෙසේ ඇසුවෙමි.”ආ. රන්බණ්ඩෝ, උඹ හිරගෙයි වැටුනේ සොරකමක් කරලාද-නැතහොත් බොරු නඩුවකට අසුවෙලාද?” යන මගේ මෙවචන කීපය ඇසෙනවත් සමගම ඔහුගේ ඇස්වලින් කඳුඵගලන්නට පටන්ගත් නමුත් ධෛර්යවත් ඒ සිංහල තරුණ අතින් කදුඵ පිසදමාගෙණ මාදෙස ඉතා ඕනෑකමින්බලා.”අනේ රාළහාමි, මාකළ අපරාධයේ විස්තරය කියන්ටගියොත් ඉතා දිගය. මට දැන්මේ පළදිතිබෙන්නේ මේ ජාතියේකළ වරදක් නොව පෙර ජාතියේ කළ වරදකි. අනේ රාළහාමි මාගැන ඇස්වේ කුමක් නිසදැ”යි ගල්පුරවමින්ම කීවේය. තදඅව්වේ බැවිනුත්, අප අනිතක් මුලාදෑනීන්ට නොපෙණෙන බැවිනුත්, රන්බණ්ඩා කරණ වැඩේ වෙනකෙනෙකුට පවරා මම ඔහු ටිකක් ඉවතට කැදවා මෙසේ කීමි.”බණ්ඩෝ උඹ විදින දුකගැන මගේ


272 ඩිංගිරි මැණිකා


හෘදය කකියන්නේය-නමුත් මක්කරන්ටද? නුඹේ තොරතුරු විමසන්ටම මම මේ ගාඩ්කමට ආවෙමි. ඒනිසා උඹත් ඩිංගිරි මැණිකෙත් සම්බන්ධ තොරතුරු සියල්ලම කියාපන්නැ”යි කියන කොට විශෙෂයෙන් “ඩිංගිරිමැණිකා” යනවචනය කියන කොටම ඒ තරුණ මුර්ජාවි වැටුනේය. එවිට මමද ටිකක් භය පත්ව බෙලෙක් තැටියකින් ඇල්වතුර ගෙණවුත් ඔහුට පොවා සිහි ආපසු දවල් කෑමට වැඩ ඇරුනු බැවින් මගේ හිරකරු කාන්ඩයත් සමග කෑමදෙන ස්ථානයට ආවෙමි. ආහාර කා පැයක් ගියපසු නැවතත් කාණ්ඩය ඒකකර‍ෙගණ වැඩට ගියෙමි. උදේ මා දකිද්දිට වඩා මෙවෙලාවේ රන්බණ්ඩා අතිශයින් මැලවී සිටියේය. ඔහුට මදක් අවකාශදීම සුදුසුයයි මම ඉහළ මුලාදෑනියාගෙන් ඇසුවෙමි. ඒ කරුණාවන්ත මනුෂ්යුයාද සතුටුවූ බැවින් ගෙයක බිත්තිය අයිනේ සෙවනැල්ලේ රන්බණ්ඩාට වාඩිවෙන්ට සලස්වා, මම වැඩපල බලාගෙණ ඉන්නාක්මෙන් හිටගෙණ ඉඳිමින් රන්බණ්ඩාට කථාකොට නැවතත් මෙසෙකීමි. “මම ඩිංගිරිමැණිකා සොවිමේ නියුක්ත රහස් පරික්‍ෂකයෙක්මි. ඈ සම්බන්ධව තමුසේ දන්නා සියල්ලම මට කියනු මැනවි, හැබැයි අධෛරයවත් චපලයෙක්වාගේ අඬන්ටත් වැලපෙන්ටත් කමක්නැහැ. ඇඬිමත් වැලපීමත් දුකට ප්රවතිකාරයක්නොවේ. ඉවසීම සංඛ්ය ත වීර්යයෙන් හා ප්ර,ඥවෙනුත් දුක නැතිකරගත යුතුය. මට වහාම කාරණය තත්වූ පරිදි කිවමැනවැ”යි පහත් හිරකාරයෙකුට නොව වැදගත් මහත්මයෙකුට කථාකරණ පරිද්දෙන් ඔහු සමග මේ විඩේ කථා කළෙමි. එවිට රන්බණ්ඩා මා කෙරෙහි බලවත් සැලකිල්ලක් ඇතිකොට මගෙන් ඔහුට මහත් සැලසිල්ලක් ලැබේයයි වැටහි ඔහු සම්බන්ධ මුඵ ප්රුවෘත්තියම මෙසේ කියන්ට පටන්ගන්තේය. “අනේ රාළහාමි, මම මිවිටිගල දසනායක රාළලාගේ කිරිහාමිගේ පුත්රනයාය. මගේ මව්පියන්ට ඇත්තේ මාත් නංගිත් පමණකි. අපේ තාත්තා පාතරට මහත්තැන් ආශුයෙන් ඇති දැඩි වු කෙණෙක් බැවින්ද, “සිංහලජාතිය” සඟරාව හා පත්ර්ය ආදිය කියවිමෙන්ද-මදක්දුර හොදනරක දැන ඒවූපරිදි පිළිපැද්ද කෙණෙකි. අපට වැඩිවත් පොහොසත්කමක් නැති නමුත් ධර්මශාස්ත්රෙදෙකේ අගය දත් අපේ තාත්තා මට ඉංග්රිරසි ආදිය ඉගැන්වීමට සැලැස්සුවේය. මම ධර්මරාජා කොලීජියේ ඉගෙණ සමර්ථවිමි. ඒ අතර ජාතිහිතෛෂි උගතුන්ගේ පොත පත කියවීමෙන් හා සොනුත්තර ස්වාමිපාදයන් වෙතින් සිංහල ව්ය්කරණ හා කාව්යතලංකාරත් බුද්ධධර්මයත් ඉගෙන ගනිමින්



පියදාස සිරිසේන නවකථා එකතුව 273


තවදරටත් ඉංග්රී සි භාෂාව ප්ර ගුන කර ගැණීම සදහා මහනුවරම නැවති සිටියෙමි. මේ කාලයේ එක්දිනක සනවස්භාගයේ වැව අයිනේ පරේ ගසක්යට බංකුවක්පිට වාඩිව සිටිනසද, අපේ ගමේ ප්ර ධානියාවන මිවිටිගල නිලමේගේ දියනිය-ඩිංගිරිමැණිකා ගැටවුන් දෙතුන්දෙනෙකුත් ලංසිකෙල්ලන් දෙන්නෙකුත් සමග අශික්ෂිතලෙස කථාකරමින් දුවමින් පණිමින් ඒ පාරේ හැසිරෙනු දැක මහත්සේ කලකිරි උසස් කුලාංගනාවක් වීමට හැම අතින්ම යුතුකම ඇති මේ කාන්තාව අනාචාරවීමගැන අනුකම්පා උපදවා මම බංකුවෙන් නැගිට ඒ කාන්තාවට කථා කළෙමි. ඩිංගිරි මැණිකා ග‍මේදිත් මා අඳුනන බැවින් මා කථා කළ හැටියේම මාලඟට ආයේය. ලංසිතරුණියෝද ඒ අසල ගසක්යට වාඩිගත්හ. ඉතින් ඩිංගිරි මැණිකාට මෙසේ කීමි. “අනේ මැණිකේ, මැණිකේලාගේ දෙමව්පියන්ගේ උසස් පරම්පරාවත්, අපේ උතුම් ජාතියත් නොතකා ඔය විධියට හැසිරෙන්නේ ඇයිද? තරුණ කාන්තාවන්ට දුවපැන ඇවිදිමත් අශික්ෂිත රාගනිශ්රිඇත කථාබසුත් සුදුදු නැත. මැණියේක මිවිටිගල පෙළපතට ඉන්නා එකම කුමාරිය. සිංහධෙනුවෝ නරිබැල්ලියන් මෙන් උඩුබුරුලන්ටවත් මංමාවත්වල දුවපැන ඇවිදින්ටවත් නෙකැමත්තාහ. සිංහධෙනුවක් ක්රීංඩාකරතත් තමාට අතිසයින් සුදුස්සෙකු සමග සුදුසු ස්ථානයකදිය. එමෙන්ම, උතුම් කුල ස්ත්රිමයක්වූ මැණිකේට මේ සංකීර්ණ කෙල්ලන්මෙන් ගිය ගිය තැන ඔල්වරහඬ දෙන්ටත්, දුවපැන ඇවිදින්ටත් සුදුසුනොවේය”යි කීවාම, ඒ ළමයා මහත් ලජ්ජාවට පැමිණියාලෙස කරබා ගෙණ මගේ වචනය අසාඉඳ-“හොදයි , මම තමුසේගේ වචනය කිසිකලක මතක නැති නොකරමි. දැන් මහත්මයා නැවති ඉන්නේ කොහේදැයි මගෙන් ඇසීය. මම තවමත් කොලීජියේ විශ්රාහමශාලාවේ ඉදිමි”යි කීවිට “මම යමක් ලියා එව්වොත් එය කල්පනා කරන්ටය” කියා ලංසි කෙල්ලකුත් අඬගසාගෙන එවෙලේම එතනින් යන්ට ගියාය. මෙම සිද්ධවි ටිකදිනකට පසු මට තැපැලෙන් ලියමනක් ලැබුනාය. එය ‍ඩිංගිරි මැණිකේ විසින් ඉංග්රිිසියෙන් ලියා එවනලද ඉතා හොද අදහස් ඇති ලියමනකි. ශිෂ්ටාචාර කෙණෙකු විසින් ලවියයුතු පරිදි මමද ඊට සුදුසු පැළිතුරු තැලෑලෙන්ම යැව්වෙමි. ඊට පසුත් එක්දිනක තවත් කීපදෙනෙකු සමග දළදා හාමුදුරුවන් වදින්ට ගොස් එන ගමන් පන්තිනි දේවාලය ලඟදි මා සම්මුඛව මා සමග ඉතා හිතෛෂිභාවයෙන් කථා කරමින් සිට ආචාරකොට ගියාය.මීට දවස් හිතෛෂිභාවයෙන් කථාකරමින් සිට ආචාරකොට ගියාය. මීට දවස් කීපයකට පසු අප දෙදෙනා කසාද බැන්ද යුතුය”යි යෝජනා කොට ඩිංගිරි මැණිකා විසින් මාවෙත් ලියමනක් එවනලදි. අපේ පව්ලේ



274 ඩිංගිරි මැණිකා


ප්ර මාණයෙන් මිවිටිගල පව්ලේ ප්රෙමාණයත් සලකා බලන විට නුවරකට ගමක් උපමාකිරිම හා සමාන බැවින්-ඩිංගිරිමැණිකේ සරණකර ගැනීමට මගේ කැමැත්තවත් අකමැත්තවත් නොහැ‍ඟෙන්ට-ඉතා වැදගත් අවවාදවලින් යුත් දීර්ඝ ලියමනක් සිංහලයෙන්ම ලියා ඩිංගිරිමැණිකේට යැව්වෙමි. අවබෝධ. ඒ මගේ ලියමනෙන් අපේ උතුම් ජාතිය කෙරෙහි බලවත් ඇල්මක්ද අටගෙණ සිංහල කුලචාරිත්ර වල ඇති අගයද අවබෝධ කරගත් ඩිංගිරිමැණිකා මා සමග කොයිලෙසින්වත් විවාහ වෙන්ටම ඕනෑ බවත්-ඊට මා අසතුටු වුනොත් මා නිසා ඈ තේරුම් ගත් කුලචාරිත්රාටනු කූලව කල්යැවිමට ඈට රුචි පුරුෂයෙකු ලබාගැණීමට නොලැබෙන වවත් මගේ රූපලාවන්යාකදිය කෙරේ ඇඵනු අගේ හිත කොයි අන්දමකින්වත් වෙනස් කළ නොහැකි බවත් කියා මගේ වචනය ඉතා බැගැපත් ලෙස ඉල්ලා ලියමනක් එවාතිබුණේය. විර්යකරලාවත් ලබාගත නොහැකි වස්තුවක් නිරායාසයෙන් ලැබෙන්ට එනවිට ඒ මග අරින්නෝ අඥනයෝයයි මට හැඟුනේය. ඉබේම වැටෙන දෙයක් තල්ලුකළාක් මෙන් ඩිංගිරිමැණිකා කෙරේ ස්වාභාගතියෙන්ම ඇතිවිය හැකි මගේ ප්රේ මය ඇගේ බලවත් මෙහෙයිමෙන් කෙසේ ප්ර බොධ නෙවේද? ඉතින් සත්තකට ඩිංගිරි මැණිකා කෙරේ මගේ හිතද බැදුනේය. ඈ සතුටුනම් ඇගේ මව්පියනුත් සතුටු කරවාගණු හැකිවීනම් ඈ කසාදබදින්ට සතුටු බව කියා යැව්වෙමි. ඉතින් අප දෙදෙනා නොයෙක් තැනවලදි සම්මුඛව කථාබස් කිරිමෙන් හා ප්රේවමාන්විත ලියුම් ලියාගණීමෙනුත් අපේ ප්රේ මය අතිසයින් දැඩිව, ජිවිත විනාශයෙන් මිස අන්ක්ර මයකින් කඩාගත නොහැකි තැනට වැඩිගියේය. මේ අතර ඩිංගිරිමැණිකේ ගෙදර කැදවානනු ලැබිමේන මටත් මට මෙන්ම ඩිංගිරි මැණිකාටත් අප දෙදෙනා නොදැක ඉඳිම දුෂ්කරවූ බැවින් මගේ ඉගෙණිමද නවත්වා ගමට ගියෙමි. මගේ මව් සහ පියාත් මගේ සච්චරිතයෙහි අතිශයින් ප්ර්සන්නවූ බැවින් මට අත්ය්ර්ථයෙන් ප්රේචමකළහ. ඩිංගිරිමැණිකේලාගේ මුත්තානුවන්ගේ ගෙදරට යායුත්තේ අපේ ගේ පසුකරගෙණ බැවින් නොයෙක්විට ඈ අපේ ගෙදරට අවුත් මා සමග ප්රි යාවමෙන් කථාබස් කරමින් සිට යන්නේය. මගේ මව්වද ඇගේ අදහස කියාතිබේ. අම්මා මෙගැණ කියනොහැකි තරම් සතුටු නමුත්,ගමේ අධිපති නිලමේගේ දියණිය නිසා ටිකක් භයෙන් සිටියාය. ගෙදර නිකම් මුදල් තිබෙන බව කියා ඩිංගිරි මැණියේක එක්දිනක් රුපියල් දාහේ නෝට්ටුවක්ද කෙණත් මට දුන්නේය. මම ඒ මුදලෙන් රබර් අක්කර දහයක්ද ඉන්දුවෙමි.දැනට ඒ ඉඩම් හොදින් වැවිගෙණයේ. මෙසේ අවුරුද්දක් තරම පසුවෙන අතරට යම් යම් අපේ



පියදාස සිරිසේන නවකථා එකතුව 275


මිත්රසධර්මය තේරුම්ගෙණ ඩිංගිරි මැණිකේගේ දෙමව්පියන්ට කියන ලදින් ඔවුහු ඈට තරවටු කොට ඉක්මනිණ් ඈ සරණපවාදෙන්ට සිතා මිථ්යෙදෘෂ්ටියට ගිය මුඵ සිතින්ම පරවෙසධාරිවූ නවරත්න නමැති තරුණයෙකුට ‍ජෝඩු කරණලදි. මෙගැන අතිශයින්ම පිළකුල් කරණ ඩිංගිරි මැණිකේ මඟුල ඉෂ්ටවෙන්ට ප්රකථම ඈත් සමඟ දුරස්තර පළාතකට යායුතුයයි රැදාවල් දෙක්හි මට කරදරකරන්ට විය-ඉතින් රාළහාමි, මා විසන් කුමක් කළයුතුද?

“කැ ලේ ත් ගිජිදාය සිටියොත් වනසා ය ලි දෙ ත් පිනදාය වැටුනොත් ඌ කා ය අ ක කි න් කරවැලෙක අතකින් දඬුබැ ය මරණ තුනක් ඇති මිනියෙක් පැනි කෑ ය

මට වුයේත් මෙබදු කාරණයෙකි. තුන්පැත්තකින් මරණ තුනක් දැක දැක ඩිංගිරිබැණකේ සමග සැප විදින්ට සිද්ධවිය. ඈ ඇගේ දෙමව්පියන් විසින් නවරත්නට පාවාදෙන්ට ප්රවථම ඈ සමග නොගියොත් දිවිනසාගන්නාබව ස්ථිරව කියාසිටි බැවින් ඩිංගිරිමැණිකාගේ ජිවිතය රැකදීමට මගේ ජිවිතය පූජාකිරිම මට සැපකැයි සිතුන බැවින් මඟුල් දිනට හතර දිනක්තිය සැඟවි යන්ට අපේ ගෙදරදි යෝජනා කරගතිමු. එදා රාත්රික දොළහට ඈ අප්රගසිද්ධ වේසයෙන් සැරසි සිටින බවත් මහ‍පාරේ මොටෝ රථය නවත්වා. ඈට ගෙයින් එලියට එන පිණිස නලාවකින් ශබ්දයක් කළයුතු බවත් අප දෙදෙනාගේ සම්මතයෙන් නියම කරගතිමු.එවිට මගේ ප්රේඅමවන්ත ඩිංගිරිමැණිකා.මා වැළදගෙණ අතිසයින් සතුටුව, “මම කීප්ර‍කාරම එන්නෙමි-ඒ මා එන කොට නිකම්මනොඑන්නෙමි. අපේ මව්පිය්නගේ කොපය සංසිදි නැවත අප ගෙදරට කැදවාගන්නාතුරු තබා වුඵ ජිවිතකාලයම සැපසේ ගතකිරිමට තරම්-මුදල් හා රන් මුතු මැණික් ආභරණද රැගෙණ ඒනනේමි”යි පොරොන්දු ගියාය. අපේ මේ කථාව ඇතිවුයේ පෙබරවාරි මස 28 වැනිදාය. සැඟවියායුතු දවස මාර්තු මස දෙවෙනිදාය. මේ විධියට කටයුතු නියමකරගෙණ මාතර පළාතේ ඉතා අප්රලසිදධ ගමක මිත්රටයෙක්ගේ ගෙදර නැවතී ඉදිමටද සූදානම් කරෙගෙණ අපේ මව්පියන්ටද මේ කිසිවක් නොදන්වා, රපියල් 250 ක් ගෙවීමට හිතෛෂි මිත්රමයෙකුගේ මොටොර් රථයක්ද රැගෙණ අවුත්, නයම වෙලාවනට වලව්ව පිටිපස්සෙන් ඉදගෙණ නළාවෙන් ශබ්දකළෙමි. මගේ නළා ශබ්දය නික්මුණු ඉක්මනින්ම-මහත් ඝනාන්ධකාරයෙන් යුත් මධ්යිම රාත්රිළයේ ඔඵවේ සිට වසාගත් “ඩිංගිරි මැණිකා” ලොකු


256 ඩිංගිරි මැණිකා


පොට්ටනියකුත් රැගෙණ දුවගෙණ අයේය. ඉතින් මරභයේ බැවින් කිසිම වගවිභා‍ගයක් නැතුව ආවරණය කරණලද පහන් ආලෝකයක් නැති මොටෝ රථයට නංවාගෙණ මගේ හිතෛෂවූ රියකරුවාට එය ප්රෝවේසමෙන් හා වේගයෙන් පැදගෙණ යන්ට කීමි. ඔහුද පිළිවන් ඉක්මනින් රථය එලවාගෙණ යන අතර හැතැප්ම දෙකක් පමණ ගියපසු රථයේ ඉන්නේ ඩිංගිරිමැණිකේ නොව ගෙදර සිටි “මැගී” නැමැති කුස්සි අම්මා බව දැනගත් මගේ ප්රාැණය එවෙලේම හානිනූනේ මේ වද විඳින්ටය. ඉතින් උගුරු කට වේලිගිය මම. “මේ ඩිංගිරිමැණිකාගේ ප්ර යෝගයක්ද නැතහොත් ඩිංගිරි මැණිකේටත් මටත් දෙන්නාටම වැරැද්දුවාදැ”යි තේරුම්ගත නොහැකිව,මැගීගෙන් තොරතුරු ඇසුවෙමි. ඈ අතේ වලව්වෙන් සොරකම් කරගත් රිදි භාජන ආදි රුපියල් දෙතුන් සියයක් වටිනා බඩු පොට්ටනියක්ද තිබුනේය. මගේ මිත්ර රියකරුවාටද මේ සිද්ධ වු “පුදුම කරුමය” කිවිට ඔහුද මහත් භයට පැමිණ, අනේ මහත්මයෝ. දැන් මම මක්කරම්ද-ප්රරමාද වුනොත් මාත් තමුසේ වැටෙන මර උගුලේ වැටේයය් කියා රථයේ ලාම්පු දල්වාගෙන කඩගන්නාවේ දුම්රියපල ලඟට ගොස් මාත්,මැගී නමැති අධම සෙරත්, රථයෙන් බස්වා ඔහු ඔහුගේ රථයත් රැගෙණ යන්ට ගියේය. ඉතින් මම මැගීගෙන් බස්වා ඔහු ඔහුගේ රථයත් රැගෙණ යන්ට ගියේය. ඉතින් මම මැගියෙන් මේ කුමන අපරාධයක් කළදැයි ඇසු නමුත් ඒ දුෂ්ට හැතිරි සත්යි ප්රිවෘත්තිය කිසිත් නොකියා, “තමුසේ අඬ ගැසු නිසා ආවෙමියි මා ඉදිරියේදිම, කිසිම සැකක් බියක් නැතුව කියන්ට පටන්ගන්තේය. ඉතින් මේ අපරාධ කථාව මට අසන්ට සිද්ධවිම-තදින් රත්වු යකඩ තැ‍ඒ.ටියේ බැදි බැදි සිටියෙකු බුරබුරා ඇවිලෙන ගිනිමැලයකට දමාපු කලක්මෙන්විය. මෙවු විපත කොයි දෙයියන්ට කියම්ද සිතමින්, ලජ්ජාවෙන් මිරිකි සොකයෙන් පීඩිතව සිටින මට අස්වැසිල්ලක් නැතිවිය. ඉතින් මා සමග අවුත්වුන් මැගි නැමැති අධම හැතිරි මට කථාකොට අනේ බණ්ඩාර මහත්මයෝ,දැන් රේල්ලක් එනවාය. ඒකෙන් මා නාවලපිටියට පිටත්කළමැනව”යි කීවාය. ඒ අධම හැතිරිගෙන් වෙන්වීමත්-ඒක්තරා සැපතක් හෙයින් බොහෝ සතුටුව ඒ වේලාවේම යන දුම්රියෙන් ඈ නාවලපිටියට පිටත්කරවා මමද එහිම නැගී නුවරට යාගත්තෙමි. මගේ ප්රිකෘති සිහිය සම්පූර්ණයෙන්ම නැතිවගොස්-ප්රෙමාණය ඉක්මවා ගිය සංවේගය ඇතිවු බැවින් -තද රතෙන් ඔබ්බට රත්කල යකඩය මේන උපෙක්ෂා සහගතවූ මම එදා රෑ කොහේදෝ නිදාගත්තෙමි. පසුදින උදේ මිවිටිගල වලව්වේ බලවත් කලබලයක් ඇති වූ බව කුමට කියමුද? ඩිංගිරිමැණිකා රුපියල් හැත්තෑ දාහක මුදල් හා


පියදාස සිරිසේන නවකථා එකතුව 277


ආභරණ රැගෙන මා සමග සැඟවී ගියබවත් වලව්වේ සිට කුස්සි අම්මාවන මැගීද රුපියල් දාහක තරමදේ රැගෙණ පැනලා ගිය බවත් ලක්දිව සෑමතැනටම දන්වා යවනලදින් නුවර සිට මටද ආරංචිය. මගේ තාත්තාත් අම්මාත් මා බලන්ට අවුත් මේ ගැන තොරතුරු මගෙන් ඇසූහ. මගේ ප්ර්කෘති සිහිය නොතිබුනු බැවින් “මම දන්නා දෙයක් නැත” කීවා මිස කිසිවෙකු සමග වෙන කිසිවක් නොකීමි. මේ සිද්ධ වූ පුදුමය කුමක්දැයි තේරුම්ගත නොහැකිවු මම සම්පූර්ණ උන්මත්තකයෙක් විමි. නඩුවෙන් ගැලවීමට හෝ ඩිංගිරිමැණිකාට මක්වුනා දැයි කියා සෙවීමට හෝ මම කිසිම උත්සායක් නොකොට වැව අයිනේ බංකුවක් උඩ බලවත් උපෙක්‍ෂාවෙන් යුක්තව වුනිමි.මම එදා දොළහට පමණ පොලිස් භටයෙක් විසින් අල්වා සිරකරණු ලැබුයෙමි. එදාම නාවලපි‍ටියේ මැගි සොරබඩුත් සමගම අල්වා නඩු විහාගතකරනලදි. “ රංබණ්ඩාගේ කීමට මම බඩු ‍සොරකම්කරගෙන ආවෙමි”යි ඒ දුෂ්ට හැතිරි කියා සිටියේය. මගෙන් විභාග කළ කිසිවකට වැඩි විස්තරලෙස මොකුත් නොකියා- “මම කිසිවක් නොදනමි”යි යන්න පමණක් කීවෙමි. එවේලාවට සත්තකෙන්ම මම කිසිත් නොදත් උත්මත්තකයෙක්මි-ඒ හෙයින්ම එසේ කීවා මිස නැත්නම් මගේ නිදහසට කරුණු කියන්ටද තැබුනේය. ඉතින් ඩිංගිරිමැණිකාගේ නැති වීමත්-මැගිගේ සොරකමක් මා පිටටම ආරෝපනය කොට නඩුව ඔප්පුකරණලද බැවින් වැරදිකරයා වූ මම දඟගෙට පත්කරණ ලැබුවෙමි. මැගි නමැති හැතිරිද තුන්මාසයක් හිරගෙදර සිට නිදහස්වි ගියාය. ඉතින් රාළහාමි, මගේ ප්රේගමවන්තීවන ඩිංගිරිමැණිකා ගෙදරින් සැඟවී ගියාය යන ප්රිවෘත්තිය මම හිරගෙයි වැටෙන තුරු විශ්වාස නොකළෙමි. මා සිතාවූන්නේ ඩිංගිරිමැණිකා ගෙන් මගෙත් පලායාම දැනගෙන-ඩිංගිරිමැණිකාට මුරතබා ඒ වෙනුවට මැගි එවා-මා දඟගෙයි වැටෙන තුරුත් මම එසේ සිතාවුනිමි-නමුත් මා දඟගෙට එද්දි මගේ ප්රේුමවනත මැණියෝ අඬමින් දුක්වෙමින්, නුඹ නිසා ඩිංගිරිමැණිකාක් නැත-ඩිංගිරි මැණිකා නිසා නුඹත් නැතැ”යි -මා සමග කීහ. ඩිංගිරිමැණිකා නැතිවු බව සත්යමවශයෙන් දැනගත් දින සිට අනේ! මා වියලේ ඩිංගිරිමැණිකාගේ පුදුම නැතිවීම සම්බන්ධවව මට මීට වඩා කිසිවක් කිව නොහැක්කේය. නමුත් නාවලපි‍ටියේ බත්කඩයක් දමාගෙන අනාචාරිව කලයවන මැගී




278 ඩිංගිරි මැණිකා


නමැති හෙරගෙන් රාළහාමිට තවදුරටත් කරණු දැනගෙන හැක්කේය.මගේත් ඩිංගිරි මැණිකේගේත් පවකින් මේ විපත වුනා මිස මම වැරදිකාරයෙක් නොවෙමි. මම මේ හිරගෙයි විදින දුක ගැන කණගාටු නොවෙමි. නමුත් මගේ ප්රාමණයත් රැගෙණ ගිය ඩිංගිරිමැණිකා දකිනතුරු මට මගේ ප්රමකෘතිය ඇතිනොවේ. මගේ ‍ප්රේිමිය සිහිවන විට මගේ උගුර කට වේලේ ඈ මා කෙරේ දැක්වු ප්රේිමයත් , ඇගේ අනුරාග බැල්මත්, මොලකැඩි රස වචනත් සිහිවන විට ගින්නේ දවාපු එකතු තද අව්වට පෙරලු කලක්මෙන් මට ‍දැනේ. ඩිංගිරිමැණිකා අතරමංවි කාට අසවුනාද? ඈ දිවිනාසා ගත්තාදැයි නොදැනිමි. ඈ සුදුසු පුරුෂයකු සමග ගොස් සැපසේ වස්නනීනම් මේ සිරගේ මට ඉතා සැපදායකය. ඩිංගිරිමැණිකා මගේ අවවාද අනශාසනාවෙන් උතුම් සිංහල කුලස්ත්රිරයක්වි සිටියාය. ඇගේ දිවි තිබුනොත් ඈට මා විසින් අවබෝධකරදුන් උතුම් වික්රායමන්විත ගතිය කිසිදිනකත් අත්හරින්නේ නැත. ඉතින් රාළහාමි වැඩිදුර කරුණු කියන්ට මට ශක්තියක් නැත්තේය. ඩිංගිරිමැණිකේ විසින් මා වෙත් එවනලද ලියුනුත්, මා විසින් ඈ වෙත යවනලද ලියුම්වල කෙටුම්පතුත් ඇගේ හා මගේ පින්තූර දෙකත් මගේ ඇඳුම් පෙට්ටියේ ඇත. ඒ ඇඳුම් පෙට්ටිය කටුකැලේ මැණික්හාමි වෙදමාමලාගේ ගෙදර තිබේ. මගේ ප්රේුමිය සෙවිමට ඒ ලියමු හා පින්තුරු ප්රදයෝජන වියහැක. ඒ අරගත වැනවයි ලියම් කැබැල්ලක්ද ලියාදි පැය එකහමාරකින් රන්බණඩාගේ කථා ප්රිවෘත්තිය අසුවන්ගේ සිත් සංවේගවන පරිද මා සමග කියා නමකළේය.


05.පරිච්ඡේදය[සංස්කරණය]

ඉක්බිති කාරණය මට තරමක්දුර අවබොධව රන්බණඩාගේ අතුම් චිරිතය හා පිරිසුදු අදහසුත්-දැනට ඔහුට පත්වි තිබෙන දුකත් ගැන මට මහත් කනගාටු උපන. රන්බණඩාදෙස හැබෑ සැලකිල්ලෙන් බලා මෙසේ කීමි. “මිත්රඋය. මම. කෝන්ගොඩ වික්රුමපාලවෙමි. මා අතට පමුණුවනලද කෙතරම් ගුප්ත සොර කමක්වත් තවම එලිනොවි ගියේනැත. ඩිංගිරිමැණිකා ජිවත්ව ඉන්නිනම්. නොඅනුමානව සොයාන්නෙමි, නොසඟවා මා සමග මේ කරුණු කිමගැනත්-තමුසේගේ උදරතර සිංහල ගති ගැනත්, ජාතිහිතෛෂ භාවය ගැනත්,-කලින් සිතාවුන්නාටත් වඩා මගේ හිත ප්රනසන්නවිය. ඒ හෙයින් පිළිවන්වුනොත් ඩිංගිරිමැණිකේ හා විවාහවීමටද සලස්වන්නෙමි,”යි



පියදාස සිරිසේන නවකථා එකතුව 279


යන මේ වචන කියන කොටම රනබණ්ඩාගේ ඇස්වලින් තමා නොදැනුවත්වම කඳුඵ ගලන්ට පටන්ගත්තේය. ඉක්බිති ඔහුගේ ඉනේ තිබි කව් දහයක් අඩංගු කඩදාසි කැබැල්ලක්ද මට දුන්නේය. මේ රන්බණ්ඩා රාත්රි යට ඇති විවේකයේදි කරුවලේම ඉදගෙණ තැනු රසවත් කිවි දහසකි. එය පරණ හිරකාරයෙකුගේ සහායෙන් මෙසේ කඩදාසියක ලියාගෙණ තිබි තමාට කඩපාඩම් පසු මට දුනේන්ය. මේ කාරණා කථාබස්කර ඉවරවෙනවිට සවස තුනහමාර විය. රන්බන්ඩා මා සමග කථාකරමින් සිටි බැවින් වැඩකරණ අනිත් හිරකරුවන් ගැන මට සිහිනොවිය. පේලර් තැන එහි අවුත්, මා වැඩපලෙන් ඈත්ව සිටිනිසා. මා කෙරෙහි කොපව තදින් කෑගසා, එවේලේම රක්‍ෂාවෙන් අහක්කරණබව ක‍ියේය. බොහෝවිට එසේ තර්ජනය කරන්නේ අසරණ ගාඩ්ගෙන් රුපියලක් දෙකක් නෙලාගන්නා පිණිසඵ. නමුත් දැන් මට උවමනාකර තිබෙන්නේ මගේ අතින් රුපියල් විස්සක් තිහක් දිලවත් මේ මේ “වැදගත් රක්‍ෂාවෙන්” අහක්විම බැවින්, පේලර්ට කොහෙත්ම යටහත්කමක් නොදන්වා, හොදයි මා අහක්කර තොත් එසේ කරන්ට, මට මේ වැඩේ හොදත් නැතැයි කීවෙමි. ඔහු එවිට මදෙස රවාබලා මට දි තිබුනු ඇඳුම ගලවාදි වහාම හිරගෙදරින් දුවන්ටයයි කීය. “තා දියට දමන්නෙමි”යි කීවට ඉබ්බා ‘මියයන්නෙමි’යි කී කථාවමෙන් මටද මගුලක්විය. ඩිංගිරිමැණිකේ සම්බන්ධව රන්බණ්ඩාගෙන් දැනගතයුතු කරුණු දැන ගැණිමට, මට වියදමිවූයේ රුපියල් විස්සකුත් දවස් දහයකුත් පමණය. මෙයින් මගේ හිත මහත්සේ ධෛර්යයට පැමිණ සවස්භාගයේ මා නැවති සිටින හෝටලයට අවුත් වතුර නා, මගේ පුරුදු කලිසම සපත්තු ආදි ඇඳුම් ඇදගෙණ තේවතුර බී වනාහි ප්රීේති‍යට පැමිණ, රන්බණඩා දුන් කවිකොලය බලන්ට ගතිමි. ඒ වානාහි ඩිංගිරිමැණිකාගෙන් වියෝවටපත් ඔහුගේ දුක ප්රුකාශකිරිම වශයෙන් ලියන ලද්දකි. ගෘංගාරය, හාස්යකය, කරුණාය, රෞද්ර ය, විරය,භයානකය, බිභත්සය, අද්භූතය, ශාන්තය, යන මේ රස නවයකින් හෙබියාවු කාව්යිශාස්ත්ර.ය නූගත් මනුෂ්ය,යා. ගොලුවු බිහිරෙක් හා සමනාවේ. ඒ හෙයින් හිතකය සවයට කැමති සියල්ලොම උතුම් කාව්යයශාස්ත්රහය ඉගෙණ ගත යුත්තෝමය. රන්බණ්ඩාගේ කවි දහය අසන ‍කාට කාට උවත් සිංවේග උපදිමය-ඒ මෙසේයි.




280 ඩිංගිරි මැණිකා වැ නේ සුනෙර සසලස තරිදුගෙන් මැ කේ පෙ නේ දවල් තරු එද නොසිතමි නොහැ කේ සෙ නේ අපෙ කැඩෙනු බැරිමය නැතිය සැ කේ වු නේ මේ කිමද මගේ ඩිංගිරිමැණි කේ

රූ බ ර සුරඹ සම මුත් රසබසින් මැ ඩි පැ ද ර පබල දල පිය පියයුරන් දැ ඩි ආ ද ර පියබදිති ලිය මැණිකටත් වැ ඩි මා ඇ ර ගියේ කෙලෙසද පෙමයදම කැ ඩි

ග ණ නි ල් වලාසද නිලුපුල් මුතුවැලෙ කා සු හු ඹු ල් කෙසෙල් පැල රන්කුඹු සිරිවැස කා මෙ සි ය ල් සියගතින් දැරු ඩිංගිරි මැණි කා අ කු ස ල් දැඩි බැවින් මෙ‍මගෙන් ගිය වැල කා

ඉ ඳු ව ර දෙකක් ඇත්නම් සද සම වති නී මු ව ස ර නිතර පිරි රසබස් මුව ‍රදි නී පි ය ත ර මගේ මැණිකේ පණවැනි දෙවෙ නී ම ට හි ර ගේ හොදයි නුඹ ඉදිකොත් සැපෙ නී

කො ද ව න් මහද ඔදකළ මද මද හසි නි සු ප ස න් නුඹෙ උවන දැකුමට නැති බැව් නි එ උ ව න් සම තරිදු සෙව්මුත් පෙර පව් නි *සැ බ වි න් සදද දසමසකින්ම නොපෙනු නී

සි හි ලැ ල් දියෙසෙ තෙපළන බස රසා ව න ගු ණ දු ල් මගේ මැණිකේ දිගු ඇසා ව න ක ඵ ග ල් දැවෙන ගිනි හදතුල වසා ගෙන ක ඵ ග ල් තලමි දැන් නුඹ නිසා වෙන

මේ සැ ටි ද ළ කිමද හඬ කොවුල ලෙස ය කා පෑ හැ ටි බ ල අහෝ පෙරදින කළ පවෙ කා ඒ කැ ටි ක ළ කඳුඵ රෑ දෙවෙහිම දෙස කා ම වි ටි ග ල කුමරි මගේ ඩිංගිරිමැණි කා

  • බන්දනාගාරයේ වැටෙන මිනිසුන්ට එහි සිටනතුරා රාත්රි යට ගෙයින් පිටයාමට ඉඩනැති සද බලන්ට නොලැබෙන බවද මෙයින් හඟවයි.

පියදාස සිරිසේන නවකථා එකතුව 281

දි ය ර ම ජනක දුව වෙන්විය රුදුරු ව නේ එ ත ර ම බලය ඇතිනම් කරුමයට අ නේ මෙ ත ර ම අපට වුන දුක පුදුම තැන ප නේ වි ප ර ම කර බලන් මා ගැන නොබිද සෙ නේ

නු ඹෙ ව ත සදපහන් ඇද ඇතරිලි පහ ස ර ස යු ත බොජුන් පසතුරු පියඹ රසභ ස නැ ති නෙ ත ගත දිවද සවනට මෙ දසම ස ම ගෙ සි ත ඉතින් කෙලෙසට සැනසෙද දිගැ ස

වැ න සු ම නො වේ දුක සසරෙහි සරණ තු රු උ නු සු ම නො වේ ගත ගඟ බැස සිටින තු රු පැ ස සු ම නො වේ රස කවි පඬි අසන තු රු සැ න සු ම නො වේ මගේ සිත නුඹ දකින තු රු

මේ කවි කයවු වේලේ පටන් මගේ හිත තදින් ප්රරබෝධවිය. රන්බණඩා එසේ මෙසේ කෙණෙක්නොව අලංකාරදි ගැඹුරු ශාස්ත්ර උගත් උපන් පණඩිතයෙක් බව සිතා “ඩිංගිරිමැණිකා මෙබදු තරුණයෙකු කෙරේ පෙම්බැදිම පුදුමයක් නොවන්නේය. මොහු සමග ඈ විවාහ විමද අයුත්තක් නොවන්නේය”යි වැටයුනේය. ඩිංගිරිමැණිකා සෙවිමට මගේ ධෛර්යයද දෙගුණයක් විය. ඉක්බිති පසුදින උදේ දුම්රියෙන් මම නාවලපි‍ටියට ගියෙමි. මැගි නැමැති ස්ත්රිනය ඉන්නා තැනත් ඇගේ තොරතුරත් දැන ගණීම මට පළමුවෙන්ම උවමානා කාරණය බැවින්. මගේ කලිසම මේස් සපත්තු ආදිය ගලවා පෙට්ටියේලා, රෙද්දකුත් කොට්එකකුත් ඇදගෙණ-මගේ පෙට්ටිය බස්තියන් සිල්වා නමැති මගේ මිත්රය වෙළද මහතෙකුගේ සාප්පුවේ තබා නගරයේ “ බත්කඩ” තිබෙන පැත්තට ගොස් වල්පාහේ කොලුවෙකු සමග කථාකරමින් සිට ඔහුට ශත පහක්දදි මිත්ර්ව මැගිලාගේ බත් කඩේ කෝනදැයි ඇසුවෙමි. “කොඵවා මා දෙසබලා “මගා මැගිගේ කඩේදැ”යි ඇසුවේය. මේ වචනය ඇසු මා පිපිරෙන්ට තරම් සිනා ආනමුත් විරයයෙන් එය ඉවසාගෙණ, “ඔව් ඒ කඩේ තමාය”යි කීවාම කොඵවා මට කඩේ පෙන්නුවේය.මමද මැගිගේ කඩේට ගොස් වාඩිව් මට “කෑම” දෙන්ටයයි ඉල්විමි. එවිට ඉතා ඉක්මණින්ම මැගී කෑම ගෙණත් මේසේඋඩ පිළියෙළ කළේය. එහි තවත් තරුණියකුත් කෙල්ලන් දෙ‍න්නෙකුත්, සුරාපානයෙන් දුර්වර්ණවු වයසක මිනිහෙකුත් උන්නාය. මැගී රැවටිම පිණිස මමත් සුරා බොන්නෙකැයි හැඟවිමට


282 ඩිංගිරි මැණිකා


කෑම මේසය ලඟට ගොස්, “ කොහොමද නිකම්ම කන්නේ පුංචි අඩියක් ඇතනම් හොදය”යි කීවෙමි. ඒ වචනය අමෘතයක් මෙන් ඇසුනු මැගි මාදෙස නුරා බැල්මෙන් බලා “ දෙන්ට මහත්මයෝ පණම් හකරක්, මම ගෙන්වා දෙන්නෙමි”කීවාම, ඈට පණම් හකරක් දුනිමි, මැගී ගෙදරවුන් කෙල්ලක් තැබෑරුමට යවා පණම් හතරක අරක්කු ගෙන්වා-ඒ මට දුන්නාය. මම එයින් කොටසක් රැගෙණ “ස්ක්රී්මට” මුවාවි ඒ කොටස බිම වත්කොට පිළිකුල් කටයුතු ඇගේ ආහාර පිළිකුල් නොකොට කෑවෙමි. මා බත්කා ඉවර වු පසු මේසය අස්කරන්ට ආ මැගිට ඉතිරිව තිබෙන අරක්කුටික පෙනී. අතිශයින් සතුටුව මොකද මහත්මයෝ මේ මගේ කොටසදැයි ඇසුවාය. “ඔව් ඒ උඹේ කොටසය, බීපන්නැ”යි කීවාම මැගී සිනාසි එය අමෘතයක් මෙන් කටේ වක්කරගත්තේය. මට උවමනා කරණ කරුණු පහසුවෙන්ම මැගීගෙන් දැනගතහැකැයි සතුටටපත් මම, බුලත් විටක්ද ගෙන්වාගෙණ කා එහි තිබුනු “බූරු” ඇද පිට නිදාගන්ට ලෑස්තිව්නෙමි. ඒ දුටු මැගි ඉක්මණින් අඵත් පැදුරක් එලා පිරිසිදු කොට්ටයක්තබා ඇද ලෑස්තිකරදි. මා ලඟින් පුටුවක් උඩ වාඩිවී මගේ තොරතුරු ඇසුවාය.එවිට මම එසේ කීවෙමි. “මම අම්බලන්ගොඩ බාස් කෙනෙක්මි. ඌරු ගල වත්තේ ස්ටෝරුවක් හැඳීමට කොන්ත්රාමත් අරගෙණ ඒ වැඩ පටන්ගන්නට මම ආවෙමි. වඩුරාළලා හා මේසන්වරු එනතුරා මට මෙහි නවතින්ට‍වී තිබේ. සමහරවිට හත්අට දවසක්ම මෙහි නවතින්ටවේවි. ඉතින් රෑටත් මෙහි නවතින්ට පුඵවන්දැ”යි ඇසුවෙමි. මැගි ඊට මහත්සේ සතුටුව -“අනේ මගෙත් හොද කාලයක් වගයි බාස් උන්නැහේගේ වැඩේ ඉවරවෙන්ට හත් අට මාසයක් ගතවේවි. ඒ කාලයතුල අනිත් වඩුරාළලාට කෙසේ වෙනත් බාස්උන්නැහේට ඉදුම් හැටුම් කෑම බීම සියල්ලම, මම දෙන්නෙමි”යි කීවාම. මමද බොහෝසේ ස්තුතිකොට මැගී අතට රුපියල් පහක්දි රැකෑම හොදින් ලෑස්තිකරන්ට කියා ටිකවේලාවක් නිදාගතිමි. සුරාපානය මනුෂ්ය යන්ගේ ලැජ්ජාභයත්, ප්ර කෘති සිහියත් නැතිකරණ විෂවර්ගයකි. ඒ පානය කරණ තැනැත්තා තමාටත් ලෝකයාටත් එකාකාරම අපරාධ කරන්නෙකි. සුරාපානය කිරිමට අනුබලදීමත් යුතුනොවේ. නමුත් සුඵ අපරාධයක් කරලාවත් විශාල යහපතක් කිරිම පණ්ඩිතයන්ගේ සිරිතකි. මහා සමූහයකට සැපදෙන පිරිසිදු අදහසින් ඒ මහා සමූහයක් පෙළන අධමයකු තරනුකිරීම කිසිසේත් අයුතුනොවේ. මේ ආදිය කල්පනා කිරිමෙන් හා “අවශ්යේ වු උවමනාවේදි නිතියක් නැත - Necessity has no law” යන යුරෝපීය මතයද’ මකත් වී මේ දුෂ්ට ඈට පුරුදු සුරා විෂෙන්ම



පියදාස සිරිසේන නවකථා එකතුව 283

මත්කොට ඩිංගිරිමැණිකා සම්බන්ධව මේ හෙර දන්නා සියලු තොරතුරු දැනගනිමියි නිශ්චයකරගතිමි. ඉක්බිති රැවු හැටියේම-රටබීම සාප්පුවකට ගොස්, විෂ්කි නමැති ගිනි වතුර බෝතල බාගයක් රැ ගෙණවුත්, මැගී සමග ප්රීනතියෙන් මෙන් දෙඩමින් සිට එයින් විෂ්කි වීදුරුවක් ඈට දුනිමි. මැගීට අමෘතයක් ලැබුනාක්මෙන් එය බීගත්තාය. මීට පසු බත්කන්ට වාඩිවූවිට මැගීත් අවුත් මාලගින්ම වාඩිවිය. ඈ මාත් සමගම බත් කෑමට පැමිණියයා. ඇගේ ඊම මගේ අදහසට වඩාත් හොදවිය. මාලඟ තිබුනු වතුරු වීදුරුවක්ට විෂ්කි බෝතලය නවා, ප්ර යෝගයෙන් විෂ්කි වත්කලාක්මෙන් හඟවා -මම නිකම් වතුර ටිකක්බී මැගීට ඉතුරුව තිබුනු විෂ්කිවලින්ද කොටසක් දුනිමි. ඉතින් මැගීත් මමත් දෙදෙනාම හොදහැටි බත්කා නොයෙක් ප්රෙලාප කථාකරමින් නිදාගන්ට සුදානම්වීමු. එවිට වෙරිමරාගතේ කියනබව ගැ‍ඟෙන්ට මේ කවියද මම කීවෙමි. “දැන් දැන් වලව්වේ මහතුන් රුසිරු ඇ ති අඩිගහගෙණ පිරිමින් සමගින් නට ති ඒක දකිනකොට දූලත් සලිතවේ ති ලැජ්ලා බයත් කුලසිරිතුත් කැලේය ති”

මේ කවිය ඇසූවිට හැබෑවටම “සූර්” වෙලා ඉන්නා මැගි වාඩිවි වුන් පුටුවෙන් නැගිට මෙසේ කියමින් නටන්ට පටන්ගත්තේය.

“නාවලපියෙ කඩහන්දියේ අචචා රු සිංහල ගෑනු දෙමඵන් හා කව්චෝ රු කුලමල සිරිත් වතුරේ යති ලෙස පා රු දැන දැන් ජාතියත් වෙන්නා මඩගෝ රු”

මීට පසු මැගීට “හොදටම සූර්” බව පෙනී- ඉතින් මට උවමනා කරුණු මැගෙන් දැනගණිමියි සලකා ඈට කථා කොට. “මැගී නෝනා. මගේ වාඩිවෙයනි-උඹලා මිවිටිගල වලව්වේ අර සමර්ථකම කරද්දි. මම ගම්පොල සිංහයාපිටිය වත්තේ වැඩක් කරවමින් සිටිය නමුත් උඹලාකළ හපන්කමේ විස්තරය හරි හැටි දැනගන්ට බැරිවූනා- උඹලා ඩිංගිරිමැණිකා අරන්ගොසින් මක්කළාදැ”යි ඇසුවෙමි. එවිට මැගි සිනාසි මගේ ඇදඋඩින් වාඩිවි මෙසේ කියන්ට පටන්ගත්තාය “මේ බාස් උන්නැහේ අසන්නේ කොයිකාලේ කරපු වැඩක්ද ? එක් සිද්ධවුනේ මීට මාස දහයකවත් ඉස්සර නොවැ! මිවිටිගල



284 ඩිංගිරි මැණිකා


නිලමේට හෙනගහන්ට මමත් තුන්මාසයක් හිරගෙයි උන්නා නොවැ!1යි කීවාය. “අනේ මැගී‍ නෝනා, මුල්හිට ඒ කතාන්තරය මට කියාපන්කෝ. මම ඒ කාරණය හොඳහැටි දැනගන්ට බොහොම කැමතිය”යි කීවාම. මා සතුට කරණ අදහසිනුත්, සුරාමතින් විකෘතව ලජ්ජා භය නැතිව සිටි නිසාත් මැගී මෙසේ කියන්ට පටන්ගත්තාය. “ඔන්න මගේ යාඵවෙක් වුන්නා. අගෝරිස් අප්ප්ය කියා, හැබෑ වීරිය කාරය. මිනීමරුවා, කිසි අමාරුවක් නැතුව එක පාරට අරක්කු බෝතලය එහෙමපිටින්ම බොනවා. ඒ වගේම මහා සූරා හොරා. නිතරම ඉන්නේ කොහේදෝ වනාන්තරයක, මා සමගනම් කීවේ අනුරාධපුර පළාතේ මහා කැළේක පාඵ විහාරයක් ලඟ ඒ මනුෂ්ය යත්. හොරු කට්ටියත් ඉන්න බවයි. ඉස්සර ඉදිහිටලා නාවලපිටියට එනවා, ඒ ආවාම මාසයක් දෙකක් මෙහි ඉදලා යනවා. ඒ මිනිසා මෙහාට එද්දි ඕනැ වෙලාවක මා අතෙත් පවුන් විස්සක් තිහක් ! අනේ අගෝරිස් අප්පු නේන්ටවුනදා පටන් තමයි මටත් කාසි නැතිවුනේ ! ඔන්නා ඉතින් මීට දසමාසේකට වාගේ ඉස්සර අගෝරිස් අප්පු මෙහි ඇවිත් රාත්රි නිදාගනිද්දී මට රහසින් මෙහෙම කීවා “මැගී නෝනා බොහොම ලොකු වැඩක් කරන්ට තිබේනවා, මිවිටිගල වලව්වේ පුස්කකා පවුන් නෝට්ටු හැට හැත්තෑ දාහක් තිබෙනවාලු. ඒ වගේම රත්රන් මුතු මැණික් ආභරණ කුරුනි ගණනේ මනින්ට තිබේ. ඉතින් එතන ටික දවසක් හිටියොත් උඹේ ආධාරයෙන් පොදියක් ගහගෙන ඒනට පුලුවනි. හැබැයි ගේ බිදිලා හොරකම් කරන්ට අමාරුයි. මක්නිසාද මුරකාරයොත් නපුරු බල්ලොත් ඉන්නවා.ගෑණුකෙනෙක් මාසයක් හමාරක් හිටලා පුරුදුවුනාම. ඒ ආධරයෙන් රාත්රි යේ මැණිකේලාට නින්දගිය හැටියේ ගෙට ඇතුල්වී අල්මාරියඇර,පවුන් නෝට්ටුත් රන්රිදි බඩුත් තවත් පුලු පුලුවන් දේකුත් පොදිබැද ගෙණ එන්ට පුඵවනි. මෙසේ කරන්ට පිළිවෙළක් යොදා ගත්තොත් -මම පාරේ රැ කගෙණ ඉදලා උඹට නලාවකින් සබදකළාම රැ ප‍හලොස් පැය වෙලාවට උඹට දොර අරින්ට පුඵවනි-ඊට සුදුසු කරත්තයකුත් අරගෙන අවුත් මම වැඩේ කරන්නා මේ විධියට කටයුතු කරගත්තොත් මාත් සමග උඹට කරන්තයේ නැඟී ගම්පල ස්ටේෂමට අවුත් එලිවෙනජාමේ එන රේල්ලෙන් අපට නාවලපිටියට එන්ට පුඵවනි. මක්කරලාවත් මේ වැඩේ කරගත්තොත් අපේ වැඩ ඒකකොම හරි! මිටිටිගල වලව්ව ලඟ ඉන්නා මගේ මිත්ර්යෙකුගෙන් මේ වැඩේ කරගන්ට පුලුවන් කදිම ආරංචියක්ද ඇසුවා-ඒ වලව්වේ පුංචි මැණිකේ නුවර සිටලා ඉංග්රී්සි


පියදාස සිරිසේන නවකථා එකතුව 285


ඉගෙණගෙන ගෙදර ඇවිත්. හොදට කෑම උයන්ට පුඵවන් කුස්සිඅම්මා කෙනෙකුන් සොයමින් ඉන්නවා උඹ බොරු සහතික පත්ර යකුත් ලියාගෙණ එහි ගොස්, කුස්සි අම්මා වැඩේට පත්වුනොත් මාසයක් දෙකක් එහි සිටියොත් වැඩේ හරියටම කරන්ට පුඵවනි. අනේ මැගීනෝනෝ. ඒක කරගත්තොත් ලෙල්ලන්නොවි පණ තිබෙනකන් අපට කන්ට අදින්ට පුඵවන්ය”යි අගෝරිස් අප්පු ඉතා ඕනෑකමින් මා සමග කියා සිටියේය. ඇත්තෙන්ම මටද ‍මේ කාරණයේ ඇති පහසු කම තේරි පසිදින උදේ සිල්වේස්ත්රිෝ ගුරාට කියා වට්සන් මහත්මයාලගේ ගොදරින් කෑම ඉවිමගැන ලැබුනු සහතික් පත්රකයක් හැටියට හොර ලියමනකුත් ලියවාගෙණ අගෝරිස් අප්පුත් සමඟ ගම්පලට රේල්වෙන් ගොස් එතනින් මිවිටිගල වලව්වට පැමිණිකුස්සි අම්මා වැඩේ ඉල්ලුවෙමි. ඩිංගිරිමැණිකේ නමැති ඒ වලව්වේ පුන්චි මැණිකේ හරියටම දිව්යාං ඟනාවක් වැනි කෙණෙකි-ඒ මැණියේගේ දීර්ඝ වූ නීලවර්ණවත් කේසකලාපයත්, අර්ධ චන්ද්රාණකාරවූ පටු නළනත්. එල්ලෙන්නාවූ කන්සඟලත්, දිගු පුඵල්වූ නීලාකාන්තියෙන් දිලිහෙන ඇස්දෙකත්, දෙමට මලක් මෙන් කෙලන්සිටි හින් නාසයත්, මුතු හා සමාන සමව පිහිටි දාතුත්,ලාකඩමෙන් පාටඇති රතු තොල්දෙකත්, පිපිගිය රතුනෙලුම් මලකටබඳු මුහුනත්, ස්වර්ණ හංසයන් බදුවු පියයුරුත්. මල්දම් දෙකක්වැනි අතදෙකත්, සිහින්වූ ඉඟටියත්, පුලුල් උකුලත් යනාදි පුදුම ශරීරය දුටු මට සිහිනැතිවිය. සිනා මුහුනෙන් යුත් ලදබොලද ඒ මැණිකේ මා ගෙණගිය ලියම බලා. “ හොදයි මාසෙකට කීයක් උඹ පඩි වශයෙන් බලාපොරොත්තුවෙනවාදැ”යි ඇසුවාම “රුපියල් ‍දහයක්ය”යි කීවෙමි. මහනිලමේ මට සැරවී රුපියල් පහේ පඩියක් සතුටුනම් හිටපන්නැයි කීවාම මමද සතුටුව නැවතුනෙමි. ඉතින් මට ගෙදරදෙර හොදර පළපුරුදු වුනාටපසු හොරුන් ගෙන්වන දවස නියමකරගත හැකැයි පාරට අවුත් එහි රැකගෙණවුන් අගෝරිස් අප්පට කීවෙමි. “ උඹෙන් පනිවිඩයක් ලැබෙනතුරු මම නාවලපි‍ටියේ සිටිමි”යි කියා අගෝරිස් අප්පුද යන්ට ගියේය. ඉතින් මම එහි මාසයක් සිටියෙමි. හිතු හිතු හැටියට දඩාවතේ ඇවිදිමින් කල් යවන මට වැදගත් ගෙදරක ඉදිම හරියටම හිරගෙයි දැමුවා වාගේ මහත් කරදරයක්විය. ඒ නිසා පිළිවන් ඉක්මනට එතනින් අහක්වෙන්ට සිතාගෙණ වැඩකළෙමි . ඒ ගෙදර ඇති අනන්ත වැඩකිරිම මදිවාට එහි සිටි පුන්චි මැණිකේ‍ගේ දක්‍ෂ පක්‍ෂභාවය නිසා ලේසි පහසුවෙන් යමක් සොරකම් කිරීමට නුපුඵවන් බව මට පෙනුනේය. නමුත් ඵලිය පහලියේ තිබෙන දේ රුපියල් හාර පන්සියයක කොයිවේලෙත් ඒ වලව්වෙන්



286 ඩිංගිරි මැණිකා

සොරකම්කරනගන්ට බැරිකමක් නැත. මේ අතර පුන්චි මැණිකේ කසාද බැදවාදිමේ මංගල්යනයද නියමකරගෙණ මඟුල් කලබලයක්ද ඇතිවිය. ඉතින් මඟුල්වලදි මට වැඩිදුරටත් හිරිහැර විදින්ට වනබව වැටහී. උවමනාවකටය කියා ගම්පලට අවුත්-අගෝරිස් අප්පුට එන්ට කියා නාවලපිටියට ලියමනක් තැපැල්කොට ආපසු වලව්වට අවුත්. අතට අසුවන දේ මුල්ලක තැන්පත් කරමින් සිටියෙමි. දෙ‍දවසකට පසු අගෝරිස් අප්පු මිවිටිගලට අවුත් මා සම්බවිය. මට වැඩිකලක් වලව්වේ ඉන්ට බැරිබව කීවෙමි. ඉතින් එදා රෑ පහළොස් පැය වෙලාවට කරත්තයකුත් රැගෙණ අවුත් ඔහු ආ බව වලව්වේ පිටිපස්සා පැත්තේන් ඉදගෙණ නලා ශබ්දයකින් දැනුන්දෙන්ටය කියා නියමකරගෙණ මට පුඵ පුඵවන් දේ රැගෙණ යන්ට සිතාගතිමි. එදා රැ ඩිංගිරිමැණිකා සම්බන්ධව කලබලයක් ඇතිව වෙනදාටත් වඩා රෑබෝවි වලව්වේ උදවිය නිදාගත්හ.ඒ කලබලය නම් ඒ ගමේම ඉන්නා කපුරුහාමිගේ පුතා වන බව රන්බණ්ඩා සමග ඩිංගිරිමැණිකේ කතාකරමින් සිටි බව ආරංචිවිමය. මේ කරදර නිසා මට පොට්ටනිකර ගන්ට ලැබුනේ රිදි මල්පෝච්චි. ඔසරි දෙකක්, අටදෙපටක් ආදි බඩු ටිකකි. ඉතින් මම ඒ බඩු ටිකත් බැදගෙණ කුස්සියේ පැත්තේ ඉන්නවිට කලින් නියමකරගත් ලෙස නලාසබ්දය ඇසුනු බැවින් මොට්ටක්කිලිය ලාගෙණ බඩු පොට්ටනියත් කිහිලි ගන්නාගෙණ පිටිපස්සා පැත්තේ තාප්පය ලඟට යනකොටම මා අතින් අල්වා තාප්පයෙන් පන්වාගෙණ ගොස් එලියක්නැති මො‍ටෝරථයක නංවාගත්තේය. එකක් දුර යනතුරුම මම භයේ කිසිවක් කතානොකර ඉද “අනේ ඕයි මට යහමින් මෙකවත් ගන්ටත් බැරිවුනා, අද වලව්වේ මහා කලබලය” කැයි කියන කොට ගිනිකූරක් දල්වා තරුණෙක් මා දෙස බලා “අනේ මා නැතිවුනා, තී කාලකන්නි හැතිරිය”යි කියා මට ඉතා තදින් පහර කීපයක් ගැසුවේය. එවිටම රථය ඵලවන්නා රථයේ ලාම්පද දල්වා බැලූවිට මා ඇවිත් ඉන්නේ අ‍ගෝරිස් අප්පු සමහග නොව දැනට හිරේ ඉන්නා රන්බණ්ඩා නමැති තරුණා සමග බව පෙනුනේය. ඉතින් ඔහු කඩුගන්නාවේදි මාත් සමග මොටෝරථයෙන් බැස මට නාවලපිටයට ටිකට් එකක් අරන්දි, රන්බණ්ඩා පිස්සෙක්මෙන් අඬ අඬා ඒ රේල්ලෙන්ම නුවරට ගියේය. පසුවදා පොලීසියෙන් මාව අල්වා නඩු ඇසූවිට සියලුම බර රන්බණ්ඩා පිට පටවා මම නිදහස් වෙන්ට වීරියකළ නමුත්, මාව තුන්මාසයකටත් රන්බණ්ඩා තුන්අවුරුද්දකටත් හිරේට නියම විය. ඉතින් අපකළ හපන්කම නිකම්ම “ගොමච:” වී ගියහැටිය”යි මැගී පැයක් පමණ මුඵල්ලේ කීවාය. කාරණය මට දැන් අවබෝධ විය. ඩිංගිරි මැණිකේට



පියදාස සිරිසේන නවකථා එකතුව 287

පලදුන් හදිසි කරුමය මේ කිය වන්නාටත් දැන් තේරෙන්ට ඇතැයි සිතියහැකි නමුත්, මගේ මේ අද්භූත කථාන්තරයේ වචනයක් වචනයක් පාසා මහත් ප්රතයෝජන ලැබියහැකි බැවින් සාවධානව අසනමෙන් ඉල්ලිමි. ඉතින් මම නැවත්ත් මැගීට කථාකොට “ ආ මැගීනෝනෝ උඹ නඩුවට ගියවේලාවේවත් මිවිටිගල වලව්වේ කලබල ගැන ආරංචියක් නැද්දැ”යි ඇසුවෙමි. එවිට ඈ තරහෙන්මේන් “ඇයි ආරංචිනැත්ත, ඒ වලව්වේ පුන්චි මැණිකේ-මා කලින් රූප ලක්‍ෂණය වර්ණා‍නාකළ රෝසමලක් වැනි මුහුනක් ඇති ඩිංගිරි මැණිකේ කවුදෝ තරුණෙකු සමග රුපියල් හත්තෑදහසක තරම මුදල් හා රන්බඩුත් අරගෙන පැනලා ගියබව දැන් සෑම තැනම ප්ර සිද්ධය. නුමුත් මුලදි සැකකරු තිබුනේ මාත් සමග හිරේ වැටුනු රන්බණ්ඩා ගැනය. අනේ ! ඒ කාලකණ්ණි තරුණයා යම්කිසි අහේතුවකින් මාව ඔවුන්ගේ මොටෝකාර් එකට නංවා ගෙණ ගොසින් නිරපරාදේ හිරෙන් වැටුනයයි කීවාම, ඉතින්, මැගීනෝනෝ, මේ සොරකම වූනාට පසු උඹට අගෝරිස් අප්පු සම්බවුනේ නැද්දැයි මම ඉතා ඔනෑකමින් ඇසවෙමි. “ඒක නොවෙන්නත්, අගෝරිස් අප්පු මගේ රන්කද! ඒ මනුෂ්යෙයා මෙහාට ආවානම් මටත් සල්ලි ! ඔය ගම්පල පලහලව්වෙන් පසු ආවේමනැහැ, මිනිහා මළද-ගමට ගියාද-මක්වුනාද නොදනමි. අගෝරිස් අප්පුගේ යාඵවෙක් පොල්ගහවෙල ඉන්න බව ආරංචියි. මම ලඟදි ඒ මනුෂ්යවයාවත් බලන්ට ගොසින් අගෝරිස් අප්පුගේ ආරංචියක් අසාගන්ට ඉන්නවා-පොල්ගහවෙල ඉන්න අගෝරිස් අප්පුගේ යාඵවාවන ඖෂධහාමි බොහොම ඉස්සර එක දවසක් මෙහාටත් අවිත් ගියාය”යි කියනකොට මට ඒ තරමින් මැගීගේ කථාව සෑහි, “දෙයියනේ මැගි නෝනෝ, උඹලගේ පරණ යාලුවන්ගේ පලහිලව්වලින් අපට කැ‍රියක් නැත-දැන් රෑබෝවුනා-මට නිදාගන්ට ඉඩ ඇපන්නයි කියා මැගි ඉවතට යවා එලිවෙනතුරු “බූරු” ඇපපිය නිදාගතිමි. පසුදින එලිවෙනකොටම තිබුනු දුම්රියෙන් නුවරට ආවෙමි. නුවරදි මා නවතින හෝටලයෙන් දවල් බත් කා. මගේ පෙට්ටිය ඇර රන්බණ්ඩාත් ඩිංගිරි මැණිකේත් ගණදෙනු කරගත් ලියුම් බලා මහත් පුදුමයට පැමිණියෙමි. රන්බණඩා සැබවින්ම සිංහලයෙකි. ඔහුගේ උතුම් උදහස් පිළිගෙණ ඒවු පරිදි පිළි පදින්ට පටන්ගත් ඩිංගිරිමැණිකා කෙතරම් උතුම් කාන්තාවක් වියයුතුද? නමුත් අපරාපරිය වේදනීය වශයෙන් ආ කර්මයක් ඔවුන්ට පලදි බලාපොරොත්තු නූනාවූ බලවත් විපතක් පැමිණියේය. රන්බණ්ඩාගෙන්-ඩිංගිරිමැණිකාගෙන් අදහස්


288 ඩිංගිරි මැණිකා


මදක්දුර තේරුම් ගැණිම පිණිස එයින් එක ලියමණක් මෙහි සදහන් කරමි. ඒ වනාහි ඩිංගිරිමැණිකාගේ රන්බණ්ඩා විසින් යවන ලද දෙවෙනි ලියමනය හෙවත් ඩිංගිරිමැණිකාගේ දෙවෙනි ලියමනට යවනලද පිළිතුරුය. “තිසරණාධාර වේවා, කරුණාවත් මැණිකේ වෙත ස්තුති පරස්සරව ලියා එවමි. මාවෙත් පළමුවෙන් එව් ලියමනට පිළිතුරු වශයෙන් කියා ඇත්තේ අපේ කුලචාරිත්රා දිය අත්නොහැර උතුම් කුල ස්ත්රිුයක් වන පිණිස අවවාදයකි. අද මා වෙත මැණිකේ එවා තිබෙන ලියමනෙන් මා සමග සරණවීමට “මුඵ හිතෙන්ම තීන්දුකරගත්” බව කියාතිබේ. මා මේ ලියමන ලියන්නේ ඉතාමත් අමාරුවෙනි-මක්නිසාද මැණිකේගෙන් එබදු වචනයක් මා කිසිකලක බලාපොරොත්තු නූන හෙයිනි. මැණිකේලා අපේ ගමේ ප්රකධානීහුයි. පුරාණ සිරිත්වල හැටියට නම්, මගේ පවුල දෙවෙනි පංක්තියටත් ගතනොහැකි තරම්ය. මා ස්වාමි තනතුරට පත්කර ගන්ට සිතීම මට පුදුමයක්. හොදයි දෙවෙනි පංක්තියේ තබා තුන්වෙනි පංක්තියේ කෙණෙකුට උවත් පළමුවෙනි පංක්තියේ තබා තුන්වෙනි පංක්තියේ කෙණෙකුට උවත් පළමුවෙනි පංක්තියට නැගගන්ට බැරිකමක්නැත. දැන් අපරටේ කුලභෙදය හා උස් පහත්කම් වරදවා තේරුම් ගෙණ තිබෙන නිසා නොවේ නම් මමත් ඉතාම උසස් කුලයේ පළමුවෙනි පංක්තියේ කෙණෙකි. ශාස්ත්රා නුකූලවත් ධර්මනුකුලවත් කල්පනා කළාම ‍ලෝකයේ කුලදෙකක් පමණක් බව පෙනේ-එකක් උසස්ය-අනික පහන්ය. ඒ උසස් කුලයේ උපන් සියල්ලෝම පරාර්ථකාමි සත්පුරුෂයොයි. පහත් නීචකුලයේ උපන් සියල්ලෝ ආත්මාර්ථකමි-(තමා ගැනම පමණක් සලකන) අධම අසත්පුරුෂයෝයි-පංක්තිත් ඇත්තේ දෙකකි. ඉහළම පංක්තියේ මිනිහානම තමා උපන් ජාතිය කෙරෙහි භක්ත්යා්දරයක් ඇති තැනැත්තාය. ඉතාම පහත් පංක්තියේ මිනිසානම් ස්වකීය ජාතිය ගැන කිසිත් නොතකන-ජාත්යාංභිමානය නැති මනුෂ්යය තිරිසනාය. ඉතින් මැණිකේ ශාස්ත්රාානුකූලව පළිගතයුතු කුලදෙකෙන් හා පංක්ති දෙකෙනුත් මම ඉහළම කුලේ ඉහළම පංක්තියේ සිටිමි. වැරදි ලෙස සම්මත කරගෙණ තිබෙන උසස් කුලේක ඉහළ පංක්තියක ඉන්නා මැණිකේ කසාද බඳින්ට බැරිකමක් නැත. නමුත් ගිහිගෙට බැදෙන්ට සතුටුවන්නේ මට සුදුසු භාරයාවක් සොයා ගත්කාට පසුය. මා බලාපොරොත්තුවන




පියදාස සිරිසේන නවකථා එකතුව 289

භාර්යාව තුළ මෙන්න මේ ගුණ ධර්ම ඇතිවිය යුතුය- එනම් - (1) ස්වකීය ජිවිතයටත් වඩා තුනුරුවන්ට ප්රේගමකිරිම (2) සිංහලකුලචාරිත්රා ගරුකිරිම (3) එම කුලසිරත් දිනපතාම පිළිපැදීම (4) නිරහංකාරවීම (5) ලදදෙයින් සතුටුවිම (6) නිතරම සන්තෝෂයෙන් කාලය ගතකිරිම (7) තමා දුක්විද අනුන්ට සැපදීම (8) දුසිරිත් පිළිකුල් කිරිම (9) ස්ථානෝචිතව ඇඳීමට පුරුදුවීම (10) රූපශ්රීකයෙන් යුක්තවීම (11) බොහෝ පොත්පත් කියවා පුරුදු ඇතිවීම (12) අපේ ජන්ම ශාෂාව ඉතා හොදින්ම දැනගැණීම, යන මේ කාරණා දොළසින් එකක්වත් අඩු ස්ත්රිඉයක් සමග කලගතකිරීමට වඩා නරකාදියේ විසීම හොදයයි මට අවබෝඛව තිබේ. තවද එකම ස්ත්රියය ස්වාමියාට හයදෙනෙකු වෙනුවට හැසිරිය යුක්තිය. එසේ හයදෙනෙකු වශයෙන් හැසිරිය යුතු බව දන්නා ස්ත්රිටයොත්, හැසිරෙන ස්ත්රිදයොත්, මෙකල ඉතා විරලයහ, එසේද ස්ත්රිවය තබාගේ ස්වාමිපුරුෂයාට හය දෙනෙක් වන්නේ කෙසේදැයි-වැඩිදුර පූර්වදිග ධර්ම ශාස්ත්රසය නොදත් මෑණිකේට සිතන්ට පුඵවන-ඒ මෙසේය- (1) මව (2) ශ්රිපයාකාන්තාව (3) ගුරුවරිය (4) මිතුරිය (5) භාර්යාව (6) දාසි යන මේ සදෙනාගේම කටයුතු එකම ස්ත්රිතය පිට රදා තිබේ. මෙය ප්ර්තිලෝම වශයෙන් විස්තර කරන්නෙමි (1) හැබැ කුලස්ත්රි ය-අහංකාර කමින් දුරුවු සුවච කීකරු ද්ර්සියක්මෙන් ගෙදරදොරේ වැඩපල හා ස්වාමියාගේ අත් පා මෙහෙකිරිමට පුරුදු පුහුණුවූ සතුටුවූ දාසියක් වානි කෙනෙක් වියයුතුය.(2) අවංක ප්රේ මයෙන් හා මධුර රසවත් වචනයෙන් සිත ප්රනලෝහනය කරවා ස්වාමියාගේ හිතත් කයත් දෙකම පීනනයකරවීමට තරම් කාරණා කාරණා දත් ප්රිවයාවක්වැනි කෙනෙක් වියයුතුය. (3) මේ යහපතය, මේ අයහපතය, යදාදි වශයෙන් ස්වාමියාට අර්ථානවිත රසවත් වචනයෙන් කථා කිරිමෙන් හා අ‍වංකව මුඵ ශක්තියෙන්ම හා ඕනෑකමින්ද සැලකිල්ලෙන්ද ඔහුගේ කටයුතුවලට සහභාගිවන උතුම් මිතුරියක් වැනි කෙනෙක් විය යුතුය. (4) ස්වාමියා පව්කරන්නේනම්, ධර්ම ශාස්ත්රය දෙකට යටත් නැතිව ක්රියයා කරන්නේනම්, නැතහොත් නූගත් අඥානයෙක් නම්, ධර්ම ශාස්ත්රතනුකූල අවවාද ඉතා ගරුබුහුමනින් යුක්තව කියාදි ස්වාමියා ගුණධර්මයෙහි යොදවන ගුරුවරියෙකු වැනි කෙනෙක් වියයුතුය. (5) ගෙදරදොර වත්ත පිටිය ශුද්ධ පවිත්රයව තබාගෙණ බඩු මුට්ටු ලක්ෂණව පිරිසිදුව ඒ ඒ තැන තබාගෙණ, ස්වකීය ගෙදර දුශ්චරිතයක් අසුභ




290 ඩිංගිරි මැණිකා


වචනයක් කියන්ට කරන්ට ඉඩ නොතබා, වත්කමේ තරමට පිරිසිදු ඇදුම් ඇද, දිනපතා වතුර නා දිනකට දෙවරක් දත්මැද මූන කට අතපය සෝදාගෙන දවසකට දෙවරක් හිස පීරා, පිරිසිදු නිස්කලංක හිතෙන් යුක්තව, පරාර්ථකරණයෙහි හෙවත් අනුන්ට යහපත් කිරිමට සිතමින්, රත්නත්රඇය, මව් පිය වැඩිහිටයන් ගෞරවයෙන් සලකන-බාහිර අභ්යමන්තර පිරිසුදු භාවදිය කරණකොටගණ ත්රි්හේතුක කාමාවචර කුසල චිත්තයෙන් යුතුව දිව්යස මනුෂ්යණ ලොකවලින් චුතව ඇවිත් උපදින ධිරවූ පින්වත් දරුවන් වදදීමාදි වශයෙන් කුලය බැබලවීමට ශ්රීපයාකාන්තාව වැනි කෙනෙක් විය යුතුය, (9) මෙත්තාමුදිතා කරුණා උපෙක්‍ෂා යන උතුම් සතර බ්රිහ්ම විහරණය ස්වාමියා කෙරෙහි අනවරතයෙන් පැවැත්වීමෙන් මවෙකු වැනි කෙනෙක් වියයුතුය. මෙ මා කියනලද්දේ ලොකයේ සිටින උත්තම ස්ත්රි න්ගේ ගතියයි. ඉතින් කවදා නමුත් මෙබදු ගුණයෙන් යුත් ස්ත්රිතයක් සොයගත නොහැකි විනම්, මම මගේ මව්පියන්ට හා දැන් අනාථව සිටින අපේ තේජවන්ත ජාතිය උදෙසාත් දිවි ඇතිතාත් වැඩ කරන්නෙමි. මඩේ සිටවූ ඉන්නමෙන් අනිස්ථිර චපල හිත් ඇති හෙවත් එකදවසකට සියඅතක හැරෙන චපල හිත ඇති, සැපේදි, ස්වාමිය දෙවියෙකුමෙනුත්-දුප්පත් වුනවිට යාචකයෙකුමෙනුත් සලකන, ස්වාමියාට අගෞරවකරන, “උඹ වරෙන්,පලයන්” යනාදි වශයෙන් කතාබස්කරන, ගෙදරදොරේ කටයුතුවලට අලසවූ, පොතපත නොකියවන, ධර්මශාස්ත්රා ගරු නොකරන, ස්වාමියාගෙන් පිටත් කිසිවකු‍කෙරේ මදක්වත් ඇල්මකරන, තමා‍ෙග් ප්රාමාණයට ඉහළින් සැප විදින්ට හා අදින්න‍ට පළදින්නට හදන ස්වාමියාගේ හා දරුවන්ගේ කුල දෙටුවන්ගේද සැපයට වඩා තමාගේ සැපය සලකන, ස්වාමියාට ලැබෙන ආදායම සලකා‍ගන්ට බැරි, අලස්වාසින් සමග සමාදනයෙන් කලයවන්ට බැරි, කටයුතු නොකටයුතු තබාටම බෙරාගන්ට ඥානයක් නැත-යනමේ ආදි දුර්ගුණයෙන්යුත් ස්ත්රී හු දැන් අප‍රටේ පිරිලා සිටිති, මේ රටේ කාලකන්නි පව්කාරයන් අධිකවීමටද මේ දුර්ගණයෙනුයුත් ස්ත්රී හු හේතුවි සිටිති. ස්ත්රි යක් ගැන මගේ අදහස් මෙසේ ලුහු‍ඬෙන් කී නමුත්, තවත් කිව යතු කරුණු මහත් රාශියක් තිබේ. මැණිකේ මට භාර්යාව වීමට කැමැතිනම් මේ මාකී ගුණධර්ම ඉගෙණ,නැවත නැවත සිතින් වචනයෙන් හා ක්රිධයාවෙන්ද පුරුදු පුහුණුකොට පරිසුද්ඛ සිංහල කුලස්ත්රිතයක් වියයුතුය. ඒ නිසා ඉක්මන් නොවි ඥානයෙන් යුක්තව අපේ සරණ ගිවිස ගැණීම කරගණිමු. දැන



පියදාස සිරිසේන නවකථා එකතුව 291

රැ‍බෝවූ බැවින් මෙයින් නවත්වමි-සැප වේවා! මෙ වගට-කරුණාවත් දසනායක


06.පරිච්ඡේදය[සංස්කරණය]

මේ ලියමන කියවා රන්බණ්ඩා හා ඩිංගිරිමැණිකා ගැණ නැවතත් කණගාටුවි එද්ර සවස දළදාසාමින් වැද කතරගම දේවාලයට ගොස් කන්දේශ්වර දිව්යළරාජයානන්ටද පින්දි මා මේ කරන්ට පොරොන්‍දුවී සිටින භාරදූර කටයුත්තට අධාරවේවායි යාඥාකොට රාත්රිම හෝටලේ නැවතීමට පසුදින උදේ දකුණු පළාතේ මහඵ යකුදුරෙකුමේන් සැරසී වෙස් මාරුකරගෙණ, මගේ ඇඳුමේ ආදි නොයෙක් රහස් දේවල් තිබෙන මගේ පෙට්ටිය මගේ තොරතුරු ‍හොදින්දත් මගේ හිතමිත්ර් කරුණාරත්න මහතා‍ගේ සාප්පුවෙතබා දුම්රියෙන් පොල්ගහවෙලට යාගත්තෙමි. එහි ටිකවේලවක් අවිදිනවිට ඖෂධහාමිලාගේ ගෙදර සොයාගන්ට පිළවන්විය. කඩේකින් දාවලට බත්කා දෙකට විතර ඖෂධහාමිලාගේ ගෙදරට ගියෙමි. වාසනාවකට මෙන් මා යන වෙලාවට ඖෂධහාමි ගෙදර නොසිටියේය. මා වැනි දුප්පත් විධියේ මහල්ලෙකුට කවුරුත් වැඩි සැලකිලි නොකරති. ඖෂධහාමිගේ මහලු මව් මට වාඩිවෙන්ට පුන්චි බංකුවක් දුන්නේය. මම එහි වාඩිවි අඬමින් මෙසේ කීවෙමි. “අනේ හාමිනේ කො මේ ගෙදර අප්පුහාමි, මගේ මල්ලි අගෝරිස්අප්පු මැරුණා යයි අපේ පළාතට ආරංචිය.දැන් අවුරුදු දෙකකින් පමණ මල්ලිව දැකින්ට බැරිවුනා බැවින් මම, මාතර සිට පයින්ම මාසයක් මුඵල්ලේ එනවාය. අගෝරිස් අප්පු මෙහි ආගිය කෙනෙක්යයි ආරංචිය-හාමිනේලාවත් ඔහු ගැන දන්නවාදැයි විමසන්ට ආවේමියි ඉකිබිදිමින්”කීවෙමි. නූගත් ස්ත්රිින්ට තමා දන්දේ නොකියා ඉදීම අමාරු වැඩකි. ඒ නිසදෝ ඒ මහලු අම්මා මදක් කනගාටු වුනාක්මෙන්- “අනේ මේ හොර අගෝරිසාගේ අයියා කෙනෙක්ද? අපේ ඖසධයත් සමග අගෝරිසා යාඵතමයි. මීට මාස දහයකට පමණ පළාතේ ලොකු නිලමකෙනෙකුගේ දුවකුත් සමග ලොකු මුදලකුත් හොරකම්කරගෙන ගොහින්, ඊට පස් ඒ හොරකාන්ඩෙ සිටි තවත් හොරෙක් ඒ ළමිස්සිව කොල්ලකාගෙණ ගියබවත්, අගෝරිසාට මක්වුනාදකියා ආරංචි නැති




292 ඩිංගිරි මැණිකා


බවත් ඖෂධයා පොඩියා සමග ඊයේ හවස කියනවා මට ඇහුනා, පොඩියත් ඉස්සර ඒ හොරු කාන්ඩේ මිනිහෙකි. දැන් උඹ ස්ටේසමට ගියොත් පොඩියා සම්බවේවි - ඔහු එතන කුලි උස්සනවාය”යි මැහැල්ලි කීය. ඖසධහාමිලාගේ ගෙදරින් මීට වඩා යමක් දැනගන්ට බැරියයි සිතූ මම වහාම දුම්රියපලට අවුත් බංකුවක්පිට වාඩිවි සිටින අතර පෝටර්නම් මෙහෙකරුවෙක් “පොඩියෝ” කියා කථාකර බීමසාප්පුවට දුම්රියෙන් එවා තිබෙන පෙට්ටියක් ගෙණගොස් දෙන්ට කීබැවින්, නොඅනුමානව මේ මා සොයන පොඩියායයි සිතා, බීමපෙට්ටිය රැගෙණ යන ඔහුපස්සේ මමද ගියෙමි. මම බීමසාප්පුවට ගොස් ලැමනෙඩ් බෝතලයක් බී ඉවරවෙනකොටම බීම පෙට්ටිය ගෙණා කුලිය ගැණිමට පොඩියා “කවුන්ටරය” ලඟට ආවේය. මම ඔහුට පනම් හතරක් ජින් අරන්දුනිමි. “මේ උපකාරය” නිසා මා කෙරෙහි පැහැදුනු පොඩියා “මොකද ලොක්කෝ මා අදුනනවාද ලොක්කා කොහේදැ”යි ඇසුවාම, “අනේ ආයුබොවන්ඩ, පොඩිඅප්පු, මම තමුසේව අඳුනමි, දැන් තමුසේට මතක නැතුවා වෙන්ට ඇති, මගේ මල්ලි අගෝරිසත් සමග මිත්රව නොවේද? එකදවසක් අර එහායින් පෙනෙන කැන්ටිමේදි තමුසේත් අගෝරිසත් මමත් අඩිගැහුවා මතකනැද්ද”යි මම කීවෙමි. “එහෙනම් ලොකුඋන්නැහේ අගෝරිස් අයියාගේ සහෝදරයෙක්! එන්ට මම රහසක් කියන්නෙමි”යි මාත් අඬගසාගෙණ රේල පාර අද්දරට අවුත් මෙසේ කීය. “අනේ ලොක්කෝ අගෝරිස් අයියා මළාය කියා ආරංචියි-ඒ මිනිහා නෝබිනා වැඩක් කරලා වැදගත් නිලමේ කෙනෙකුගේ දුවත් රුපියල් ලක්‍ෂයක් පමණ සල්ලි පණමුත් සඟවාගෙණ වනාන්තරේට ගියාම එයාගේම හොරකාණ්ඩයට අයිති දක්‍ෂ හොරාවන බබාසිඤෙඤා ඒ ලමිස්සිව අරගෙන මාතර පළාතට පැනලා ගියායයි අරාංචියි. ලොකු උන්නැහේ දැන් අඬන්ට කමක් නැහැ. බබාසිංඤො කොපමණ අමාරුකාරයෙක්ද කීවොත් දැනට ඒ ලමිස්සි නැතිවි මාස දහයක් පමණ වෙනවා. පොලීසියටවත් වෙන කිසිම කෙනෙකුටවත් ඒ ගැන ආරංචියක් දැනගන්ට බැරිඋනා. අනිකෙකුටතබා හොරකම් ඇල්ලීමේ ගජහපනෙක්වන කෝන්ගොඩ වික්රනමපාලටවත් දැනගන්ට බැරිවුනාය”යි ඔහු කියමින් අගෝරිස්ගේ මරණය ගැන ශොක ප්රවකාශ කළේය. මමද ටිකක් මූන ඇඹුල්කර අඬමින්, “ආ පොඩිඅප්පු, ඔය හොර රංචුව කාටවත් දැනනොගන්ට සැඟවී සිටින්නේ කොහේද? ඒගැන උඹ කොහොමද දැනගත්තේ කියා නකමට පාහේ ඇසූවිට, ‘සූර්පිට’ සිටින පොඩියා” ඇයි එක වතාවක් අගෝරිස් අයියා මාත් සමග ගනේවත්තේ



පියදාස සිරිසේන නවකථා එකතුව 293


ස්යටේෂමෙන් බැස හැතැප්ම තුනක් පමණ ගොස්, එහි මා නවත්වා හොර ගුහාවට ගියා-මා එක්ක එතනට ගියේ නැහැ. නමුත් ස්ටේෂමේ සිට හැතැප්ම හතක් පමණ දුර පිහිටි මහා වනයෙන් වැසුනු විශාල ගල් පර්වත ඇති කන්දක තිබෙන පුරාණ විහාරස්ථානයක ඔවුන් සිටින බව අගෝරිස් අයියා මා සමග සෙල්ලමට පාහේ කීවේය”යි පොඩියා කීවිට “අනේ ඉතින් මම බොරුවට අ‍ගෝරිස් සොයා වෙහෙසෙන්නේ කුමටද’ කියා පොඩියාත් සමගම ඉක්මණින් දුම්රිය පලට අවුත්, සවස දුම්රියෙන් නුවරට ගොස් මගේ විකාර ඇඳුම් ගලවා එදා රැ එහි නැවතී සිට පසුදින උදේ දුම්රියෙන් කොළඹට අවුත්- එහිදි දවල් බත කා, සවස හයාමාරට ගාල්ලට යන දුම්රියේ දෙවෙනි පංක්තියේ නැගුනෙමි. මේස් සපත්තු මගේ පුරුදු ඇඳුම් නමුත් එදා මම කලිසමට උඩින් රෙදිකැල්ලක්ද ඇඳගතිමි. මෙසේ කළේ දකුණු පළාතේ තවමත් මේ විධියේ විකාර සංකීර්ණ ඇඳුමට ගරුකරණ නිසා “හාමු” කෙණෙක් බව පෙන්වීමටය. ඉතින් මා නැගුනු දෙවෙනි පංක්තියේ කාමරයේ ස්ත්රීම පරුෂ හත්අට දෙනෙක් සිටි බැවින් එහිදි වැදගත් කථාවක් ද ඇති විය. මෙය කියවන්නාට ප්ර යොජනවනු සදහා ඒ අප කළ කථාබස්වලින් ටිකක්ද කියන්නෙමි. ඊට පළමු ටිකක් පණ ඇති වීමට රන්බණ්ඩා විසින් ඩිංගිරිමැණිකේට යවනලද හත්වෙනි ලියමන කියන්නෙමි. “සු සි රි ය දිරිය සපිරිය හදතුළ පිවි ස ඔ ස රි ය ඇදිකලට සිරගත් සුර දිගැ ස කු ම රි ය රුසිරු දැරු මිවිටිගල පිය ස මි හි රි ය මේ කවි අසතොත් දුරුවේ දොම්න ස

ගා න ස ක රසඳ රුව පිය බදු න් නේ පා න ය ක දැකුම මගෙ නෙත් බිඟු න් නේ මා න ය ක සමර කර කර සිට න් නේ සි න ය ක වගයි මා මේ කිය න් නේ

ගො තා දිඟුවරළ පිට සලුපටි න් බැ ද නෙ තා ඉදු වරන් යුගරස ඇදු න් ඇ ද ර තා දර කළා වැනි ලා රසි න් ත ද ව තා රත සරෙව් සිනැහැති මදි න් ම ද



ඩිංගිරි මැණිකා 295

මොලො ක් යුවල අත්මල්දම් වැනි සොඳු රූ කල ක් තව වැඩෙන පියයුරු රණ තිස රූ වැ ල ක් මුතු උදුල ගෙලවටව පියක රූ නි ල ක් බැදි කොඩොල් යුගසවනතින් දැ රූ

ස පි රි වැඩෙන පියයුරු බර අසුලමි නී වැ හැ රි ගිය මේන බබලන සිහිනිඟ නී ල දැ රි රන් කෙසෙල් එකසරි දෙවටොරි නී ඉ ති රි සියල් ලකුණෙන් යුතුව වෙසෙසි නී

ඇ ද සු දු සිනිදු පට ඔසරිය සහ බ ර ණ ඉ ද වැ ව අසල බලමින් මින් එහි ස ර ණ ම ද ම ද හසින් පෙන්නා තුටු වැව් ස ර ණ ල ද සෙ ද පියබදක් දනමන තුටු ක ර ණ

අ ව ත් නැවත අප නිදමින් සිටි තැන ට හා ලො ත් ඔය සිටින සරසවිය ඉවත ට ම ම ත් ඔබ සමග නිදනට එමි ඇද ට ර සැ ත් බසින් කී පොණෙමින් ඉදිරිපි ට


ආ යේ කොයිබ සිට කුමකට කවුද නු ඹ සී යේ නැතුව ඇසුවෙමි මම වඩා ලො බ මී යේ රසය ලෙස ලොබවන් බසින් සු බ “ඊ යේ සවස පෙම්බර මැතිසදිනි ඔ බ

දො ඩ න සද මැණිකේ ඩිංගිරි සමග පො ම සො බ න එපියබද ගතරැස් වැද වහ ම වෙ ම න සුරඹ මෙන් කැතබැව් දුරුව හැ ම සි ටි න කාලිනම් වූ යකඟන”යි ම ම

නොගි වි ස ඇගේ බස මම සිහිනෙන් නැගි ට දි ග ඇ ස “පොටෝ”රුව බැලුවෙමි මෙසේ පි ට හ ද කු ස මගේ ඇදි තිබෙනා රුවද සෙ ට එ ක ලෙ ස පෙණුනි යකිනිද මේ තුන එවි ට

ය කි න් නගෙ ඇඟට සෙවනැල්ලක් වැඩි ලා මෙ ව න්රුසිරු ලදනම් පියබදිනි දු ලා කි ය න් නට හැකිද නුඹෙ රුසිරු මනක ලා එ තැ න් සිට නින්ද නැත මට එරැතු ලා

පියදාස සිරිසේන නවකථා එකතුව 295


ඇ ඟ වැ ද සෙවනැල්ල යකඟනා සුරඹ ක ළ පි ය බ ද සදහැල්ල බුදු සොමිගුණෙනුදු ළ පි රි සි ද ලතැවිල්ල සපුරා ම මන දො ළ ඇ ති වෙ ද සැලසිල්ල අප එක්නොවන ක ල

ලැ ව් පෙම කෙසර තෙල්හද රන්බඳුන් දෙ කේ ය වි දෙවිනෙත් බමරු වත්සර බලා රැ කේ දෙ වි ලිය පැරදු රුසිරැති පසිදු සිරිල කේ ක වි රස මෙහි විදිනු මගේ ඩිංගිරිමැණි කේ

ගාල්ලට යන රාත්රිු දුම්රියේ සමහරදාට බොහෝ අවකාශ තිබේ. මා සිටි කාමරයේ එක්කෙණෙක් “හාමුමහත්මයා මේ කොයිබටද” කියා අසමින් මට සුරට්ටුවක් දෙන්ට ලෑස්තිවිය. හාමු-යනු සුවාමිදරු ශබ්දයෙන් බිඳී ආ වචනයකි. ඒ වචානය කියමිනුත් “මහත්මයා” යන්නකුත් යෙදීමටත් වඩා ඇතැමි නූගත් අය “හාමු හාමුදුරුවෝය”යි කියන බව මට මතක්ව කලිසමට උඩින් රෙදි කෑල්ල ඇදීමේ විපාකය වශයෙන් කිසිම හාමුකමක් අයිතිනැති මට “හාමුමහත්තැන්” නමක්ම ‘අයේය’යි මදක් සිනාසී-මා සුරුට්ටු නොබොනබව කියා එම සුරුට්ටුව ස්තුති සහිතව ප්රමතික්‍ෂේපකෙළෙමි. මා තරුණෙක් බැවින් මාදෙස නිතර බලමින්සිටි තරුණ කාන්තාවක් සිනාසි (Non Smoking League) “ධුමපාන විරති” සමිතියක කෙණෙක්දැයි මගෙන් ඉංග්රීgසියෙන් ඇසූවාය. (අප කථාව ඉංග්රීාසියෙන් නමුත් මෙහි සිංහලෙන්ම යොදනුලැබේ.) “සමාවෙන්ට තරුණ නොනා, මම සිංහල මහා සමිතියේ හෙවත් සිංහලජාතියේ අවංක සාමාජිකයෙක්මි. ඒ හෙයින් රා අරක්කු ජින් බ්රැහන්ඩි ආදි මත්පැන්වත් සුරුට්ටු සිගරට් ආදි දුම්වත්-අබින් තෛලම ආදියවත් පාවිචචි නොකරමි”යි කීවෙමි. මුලින් මට කථාකළ මහතා ඉදිරියට අවුත් තරුණියගේ කථාව නවත්වා “රා අරක්කු හා ජින් බ්රැින්ඩි ආදියත් සිගරට් සුරුට්ටු ආදියත් පමණ දැන පාවිච්චි කිරීමෙන් බොහෝ ප්රියෝජන තිබෙන බැව් කීයේය. එවිට මම සිනාසි - “ඒ පාවිච්චි කරණ අයට ප්රතයොජනය කෙසේවෙතත් ප්ර තිඵලනම් තිබේය”යි කීවෙමි. ඒ වචනය ඔහුට හරිහැටි නොතේරි “මොකද එවායේ ප්රේතිඵල මහත්මයා දන්නේ ‘දැයි ඇසීය.“ ඔව් මම හොඳටම දනිමි. සුරාපානය නිසා රටේ මිනීමැරුම් ඇතිවීම, මංපැහැරීම බහුලවීම. ගෙවල් උමන්කෑම අධිකවීම-හරක්හොරකම පැතිරයාම යනාදිය සමහර ප්රරතිඵලයි. ඒ එක්කම හිඟන්නන්, කාලකන්නීන්, දුඛ්තයන්, අසරණයන්, කනුන්, කොරුන්, ගොඵවන්, බිහිරන්, උම්මත්තකයන්,


296 ඩිංගිරි මැණිකා

මිමැස්මොරකායන්, ප්රයමෙහ රෝගීන්, උපදංශ රෝගීන්, ලාදුරු රෝගීන් අධිකවීමද සුරාපානයේ ප්රපතිඵලවේ. ක්‍ෂයරොගකාරයන්, සිහියමදවුන්, නහර දුර්වලවූවන් අධිකවීම සුරුට්ටු සිගරට් බීමේ ප්ර තිඵලවේ. ඉතින් ඔපමණ නොවෙයි-අවුරුද්දකට සුරාව සදහා රුපියල් දෙකෝටි පණස්ලක්ෂයක් (2,50,00,000) පමණත් සුරුට්ටු සිගරට් දුම්කොල පයිප්ප ආදිය සදහා රුපියල් හැත්තෑලක්‍ෂයක් පමණක් වියදමි වේ. ශරීරටය අතිශයින්ම අභිත වූ මේ විෂ දුව්යි පමණ දැනගෙණ බොන්ටයයි ධර්ම ශාස්ත්රූ නූගත්කාලේ යුරෝපීය මිනිස්සු පුරුදුකරගත් හෙයින් ඒ අනුව යන ධර්මශාස්ත්රො නොදත් අප රටේ මිනිස්සුද තදින් පිළිගෙණ තිබේ. දැන් යුරෝපීය මිනිස්සු උසස් ධර්මශාස්ත්ර් ඉගෙණීමට පටන්ගත් බැවින් ඔවුහු ඔවුන්ගේ රටවලින් සුරා හා දුම්බීම නැතිකීරිමට වීරයකරන්නාහ-මත්පැන් හා ධූමපානයට තදින් විරුද්ධව මාස්පතා ප්රවසිද්ධකරුණු ලබන පොතපතද බොහෝය. “මෙහාට මෙහෙමවාට මොකද ‍දෙහිගම්පලට මහදවල්ය” කීවා මෙන් යුරෝපයට එපාවෙනතාක් වල්සිරිත් සියල්ලක් අපේ රටේ ඉන්නා අඥානයන්ට ඉතා හොදා! අනේ අපට වෙච්ච දේ” කියා මම සුසුම්ලෑවෙමි. මගේ මේ කථාව අසාගෙණවුත් කවුරුත් ගොලුවන්මෙන් නිශ්ශබ්ද වූහ. මීට පසුත් වෙන නොයෙක් දේවල් කථාකරමින් රාත්රි් එකොළහට පමණ ගාල්ලට පැමිණියෙමි. ගාල්ලේ මගේ නැවතුම් පලනම් කරුණාවන්ත වූ ජාති හිතෛෂි සිංහල මහතුන් කීපපලකට අයිති “ නැෂනල් ඩ්රෙෂපරි ස්ටෝර්ස්” වෙළද ශාලාවයි. ඇදීමට පැළදීමටය උවමනා සියලුම රෙදිපිළි ආදියෙන්ද, රන් මුතුමැණික් ආභරණ ආදියෙන්ද, සිංහලයාගේ මෝඩකමේ අංගයක්බව දැක්වීමට පාවිච්චිකරණ කවලන්නැති අගනා නැවිපනා ආදියෙන්දයුත් මේ වෙළඳ ශාලවේ සෑම සිංහලයා විසින් සැලකිය යුත්තකි. එදා රැ ඒ වෙළඳ ශාල‍ාවේ කටයුතු කරණ මහතුන්ගෙන් සත්කාරලබා පසුවදා උදෑසන, ඩිංගිරිමැණිකේ සඟවාගෙණ ගිය බබාසිංඤෝ ඉන්නේ මාතර කොයිපළාතේදැයි සිතමින් බලවත් විතර්කයෙන් මා සිටිනවිට දෙකටහිරි වයසේ මුදලි කෙනෙක් අශ්වරථයකින් අවුත් ඒ වෙළද ශාලවේ කළමනාකරන්නෙකු සමග මොකක්දෝ රහසින් කියන බව මමද දුටුවෙමි. ටිකවේලාවට පසු ඒ කළමනාකාර මහතා මාත් සමග සොල්දරේ උඩට ගොස්, මුදියන්සේ රාළහාමිට වෙලාතිබෙන ලොකු අලාභයක් ගැන කියා එය සොයාදෙන්ට අවකාශ තිබේදැයි මගෙන් ඇසුයේය. මම උන්නැහේට මෙසේ කීම-උඩරට රදළකෙණෙකුගේ



පියදාස සිරිසේන නවකථා එකතුව 297


දියනියක් නැතිවී දැනට මාස එකොළයක්වී තිබේ. ඒ කාරණය මා අතට පැමිණිලාත් දැනට මාසයක් පමණවිය. ඒ ගැණම කල්පනා කරමින් සිටින මට හුඟක් ප්ර්මාදවියයුතු කටයුත්තක් නම් කළනොහැක. පහසු වැඩක්නම් බාරගන්නේමි-ඒ කරන්නෙත් මහත්මයාට සැලකීමක් වශයෙන්ය. හෙදයි බලන්ට මුදියන්සේ රාළහාමිට අඬගසන්ටය”යි මා කීවාම, මුදියන්සේ රාළහාමිද වහාම සෙල්දරය උඩට ආයේය. කථාකළ නොහැකි තරමට උගුර කට වියලී තිබුන මුදියන්සේ රාළහාමිට, මගේ සූරභාවය වෙළද ශාලවේ මහත්තැන් කියාදි තිබුන බැවින් මා කෙරේ මහත් ගෞරවාදරයෙන් යුක්තව මුදියන්සේ රාළහාමි මෙසේ කියන්ට පටන්ගත්තේය- “මහත්මයෝ, අපේ වලව්වේ ඊයේ රෑ ලොකු හොරකමක් සිද්ධවී තිබේ. පොලීසියට මම දැනුම්දුන් නමුත්. ඒ සොරකම සිද්ධවී තිබෙනහැටි බැලුවාම පොලීසියට මගේ කීම විශ්වාසකරන්ට බරිතරම් විය. ඉතින් ඒ හොරකම නම්-ඊයේ උදේ මට ලැබුනු චැක් එකක් මාරුකොට, රුපියල් පන්සියයක් කොටුවේ මහත්මයෙකුට ගෙවා, ඉතුරු රුපියල් හාරදාය අපේ වලව්වේ යකට අල්මාරියේ තැබුවෙමි, රුපියල් හාරදාහම, රුපියල් දහයේ නෝට්ටුය. ඉතින් යකඩ අලමාරිය නොකඩා, ගේත් නොබිද, ඒ යකඩ අල්මාරියේම තිබුණු වෙන රන් මිණි මුතු නොගෙණ මේ රුපියල් හාරදායේ නෝට්ටු මිටිය පමණක් සොරකම් කීරීම සිතාගන්ට බැරිතරම් පුදුමයකි. ගෙදර සිටින සියලුදෙනාම මට විශ්වාසයි. යකට අල්මාරිය අතුරුත් මගේ අතේය. වෙන කෙනෙකුට තබා මගේ වලව්වේ මහත්මයාටවත් ඒ යතුරු දෙන්නේ නැත. ඉතින් මේ තරම් මුදලක් මීට පෙර නැතිනූන නමුත්,රුපියල් සියය, දෙසියය,ආදි වශයෙන් සුඵමුදල් මීට ඉස්සරත් ඔය යකඩ අල්මාරියේම තිබි නැතිවුනා මට මතකයි. ඒ සුඵ ගණන් මට බැරිවීමෙන් වැරදි ගැණෙන්ට ඇතැයි සිතා වැඩි පරික්‍ෂාවක් නොකළෙමි. දැන් මේ රුපියල් හාරදාහ ගැණනම් මට ඉවසාගන්ට බැරිය. මේක හොරකම්කළ අය සොයා දුන්නොත් මුදල නොලැබුනත්, මහත්මයාට තෑගිවශයෙන් රුපියල් දාහක් දෙන්නෙමි”යි කීයේය. මුදියන්සේ රාළහාමිගේ කාරණය වැඩි අපහසු එකක් නොවන නිසා “හොදයි මම සොයාදෙන්නෙමි. මාත්සමග දැන් වලව්වට ගියමැනවැ”යි කියා එවලේම මුදියන්සේ රාළහාමිගේ කරත්තයේම නැගී වලව්වට ගියෙමි. එහිදි ලමාඵතනිනත්. ටිකක් ලොකු ගෑණු ළමයි දෙන්නත්, පුන්චි පිරිමි ලමයාත්, අනිත් වැඩකරුවන් හා වැඩකාරියන්ද සමග කථාකොට දැනගතිමි. වලව්වේ ඒ ඒ කාමරවල හා ශාලාවලද ඇවිද පරික්‍ෂාකොට බැලුවෙමි. වලව්වේ මහත්මයාගේ



298 ඩිංගිරි මැණිකා


කාමරේ සිට මුදියන්සේ රාළහාමිගේ කාමරයට යන එන දොරක් ඇති බවත් එය වසන්ට අරින්ට පිළවන් වලව්වේ මහත්මයාගේ කාමරයේ සිට බවත් පෙ‍නී තවත් වලව්ව සම්බන්ධ කරුණුත් පරීක්‍ෂාකළ විට කාරණය මට හොදින්ම වැටහුනේය. “හොදයි රාළහාමි මම මේ ගැන වීරිය කරන්නෙමි”යි කියා උන්නැහේගේම කර්ත්තයෙන් මා නවතින සාප්පුවට ගොස් එහි මිත්රකයෙකුත් සමග වතුර නාන පිණිස ලිදකට ගියෙමි. ගාල්ලෙදි නෑමට වතුර ඇදදෙනු ලබන්නේ ස්ත්රීපන් විසිනි. මෙය ඉතාමත් ආසෝභන ක්රි යාවකි. අසරණ නමුත් ස්ත්රී හු මෙබදු විලිබිය දුරුවන රක්‍ෂාවල් කිරිම සංවේග දායකය,මේවාට ප්රසතිකාර යෙදීම සිංහල ප්රුභූවරයන්ගේ යුතුකමක්යයි මට හැඟුනේය. නාගෙණ අවුත් දහවල් බත් කා දෙකට විතර මගේ ස්වහා ඇඳුම් ඉවත්කර මහලු වේසයකින් සැරසී ඔලගුවක්ද කරේලාගෙණ ගොස් දවල් තුනහමාරට තරම වලව්වට පැමිණියෙමි. එහිදි, ශාස්ත්ර කියන්ට පුඵවන් කේන්ද්රා බලන්ට පුඵවන් මහල්ලෙක් ඇවිත් ඉන්නා බව ලමා එතනීට දන්වන්ටයයි වැඩකාරියකට කීවෙමි.මුදියන්සේ රාළහාමි එවෙලාවට වලව්වේ නොසිට බැවින් ලබාතැනී මා ගෙන්වා පුංචි පුටුවක් දි වාඩිවෙන්ට කියා”කොහේද ලොක්කෝ ගම, හොදට කේන්දර කියනට පුඵවන්දැ”යි ඇසීය. මමද,”වලව්වේ හාමුදුරුවෝ සමාවෙන්ට, මගේ ගම මාතර පඹුරණ. මට හොදට කේන්දර බලන්ට පුඵවනි-හැබැයි වැඩේ ඉතා හෙමින් හොදින් කරන්ට ඕනෑ”යයි කීවෙමි. “ඒකට කාරියක් නැහැ-හෙමින් හොදටම බලා කියාපන්-මගේම කේනදරය පළමුකොට දෙන්ට ඔනෑ”යයි, සතවිසිපහේ කාසියකුත් දුඹුඵවැදි කඵවගිය දිරච්ච කේනද්රත කබලකුත් දුන්නාය. මේ කේනද්ර ය දිගඇර බැලු හැටියේම. “සෞරාර‍ෙක්‍ෂ ලග්නගෙසෙන්දු ශුක්රෙේ මාත්රාදසාර්ධං බන්ධිකී පාපදෘෂ්ටෙ-

යානාදි වශයෙන් වෘහජ්ජාතකයෙන් දක්වන ශාස්ත්රෙනයින් මේ කේනද්ර ය අයිති ස්ත්රි ය ස්වකීය මව වාගේම අවකල්ක්රිදයාවේ හැසිරෙණ ස්ත්රි්යක් බව නිශ්චිතව තේරුම්ගතිමි, මේ හැතිරිය මෝඩ මුදියන්සේ රාළහාමිව රවටමින් පර පුරුෂයෙකු සමග හැසිරෙමින් උන්නැහේ දුකසේ සපයන මුදල් ඒ හොරාට දෙනබව නිශ්චිතකොටම සිතාගතිමි. ජ්යෙේතිස් ශාස්ත්රරය හරි හැටි දන්නා කෙනෙකුට කාගේ ස්වශාවගතිය උවත් නිසැකව දැනගතහැක. මේ ලබාතැනී ඉතාම දුෂ්ටවූ. සුරාපානයෙහි හා පරපුරුෂ සේවනයෙහි ගිජුවූ කෙනෙක්බව කේනද්රෂය නොබැලුවත් ඇගේ දරුවන්ගේ නොහික්මුනු


පියදාස සිරිසේන නවකථා එකතුව 299


චන්ඩගතියෙන් හා මුදියන්සේ රාළහාමිට අසමාන වූ දුර්වර්ණයෙන්ද අවබොධ වේ. ඒ එසේමැයි-තොටගමුවේ ශ්රීා රාහුල මහාස්වාමි

“නොවනහිමි හර ණේ දරුවැදු ගැහැණු නුගු ණේ රඟින් පුතු මුහු ණේ රහස තම කළ වරද පමු ණේ”

කේන්දුය වනාහි යමෙකුගේ අභ්යුන්තර චරිතය දක්වන මාහැඟි කැඩපතිකි. දරුවෝද එසේම වෙති. මෙසේ සලකා, රැබොවනතුරු මේ කේන්ද්රියේ අවිද්ය මාන ගුණ මහා රාසියක් කියමින්-ලමාතැනිගේ දිවිගතහැකි තරම් ඇලමක් ඇතකර ගෙණ එදා රැ වලව්වේ නවතින්ට කරුණු සලස්වාගතිමි. මුදියන්සේ එවේලාවේ ටිකක් ඈතකට ගොස් බැවින් වලව්වේ එන්නේ රෑ දොළහට පමණය. ලමාතැනීගේ “ගුණකදම්බය” රාළහාමි ඉදිරියේත් මා ලවා කියවාගන්නා අදහසින් ලමාතැනී මට බො‍හොම සංග්රදහද කළාය. රාත්රිියේ මට රුපියලක්ද දී “උදේට තව කේනද්රට බලන්ට ඕනෑ-තෑගිත් දෙනවා” කියා ම සතුටු කොට වලව්වේ පිටිපස්සේ ඉස්තෝප්පුවේ නිදාගන්ට මට පැදුරක් හා කොට්ටයක්ද දුන්නේය. මට පැදුරේ වැටුනු හැටියේම “ගොරවමින්” තද නින්දේමෙන් සිටියෙමි. මේ අතර කුස්සියට අල්ලපු කාමරයේ පිටිපස්සේ ජනේලයට අතින් ගසමින් කරණ ශබ්දය මට ඇසී වඩ වඩාත් හයියෙන් “ගොරව්වෙමි” එවිට ලමාතැනී මේ පාඵපැත්තට අවුත් ඒ කාමරය ඇර එහි ඇතුල්ව-පිටපැත්තේ ජානේලය ලඟ එලියේ ඉන්න කෙණෙකු සමග කතාකරන්ට පටන්ගත්තීය. ඝනාන්ධකාරයේ බැවින් මමද බඩගාගෙන මෙන් ගොස් කාමරයේ දොරකඩට පැත්තකින් ඉදගෙණ මේ කථාව අසාගතිමි. “මොකද, අද සියසැරයක් ජනේලයට ගහලත් නොවේ ම එපාවෙලාදැ”යි පිටින් ඉන්නා මිනිහා ඇසුයේය. එවිට ලබාතැනී, අනේ ඩියර් මගේ පන තමුසේ අතේ ! අද කේන්දර කියන මහල්ලෙක් අවුත් එහායින් නිදි. ඒ මිනිහාගේ “ගොරොද්දේ” නිසා මට ඇහුනේ නැහැ-ඇහුනු හැටියේම තමයි මේ අවේ.තවම ලමෝත් හොදට නිදි නැහැ. දැන් රාළහාමිත් ඒවි. බල්ලන් ලිහන්ටත් ලඟයි. ඇයි මේ හදිසියෙන් ඇවේ කියා,” ලමාතැනී ඉතා ගරුබුහුමනින් කීයෙය්. එවිට ඒ පිටතින් සිටි අමුත්තා “ඒක නොවෙයි ඩියර්, අනිද්දා අර මම කී කඩේ වෙන්දේසි කරණුලබේ. ‍ඊයේ මට දුන්හාරදාහමදි, තව රුපියල් දහකටත් වඩා ඕනෑ-වැඩිපුර කොහොමවෙතත් තව දාහක්වත් හරිගන්සා දුන්නොත් හොදය”යි කීවේය. ලමාතැනීද-“අනේ ඩියර් දැනට

300 ඩිංගිරි මැණිකා


ඒ දාහ නයකටවත් ගන්ට, ඊයේ දුන් රුපියල් හාරදාය ගැන ගිනිමරේට සොයනවා, පොලීසියට කරන්ට කිසිවක් නැත කීවාම, රහස් පරිකෂක වික්රාමපාල මහත්මයා සමග රාළහාමි අද උදේ වලව්වට අවුත් ඔක්කොම විස්තර කිය දුන්නා. නමුත් ඒ “යකා” අපේ රහස් කොහොම අල්ලන්ටද-ඒ හොරා රාළහාමිගෙන් පවුමක් දෙකක් රවටාගෙණයාවි” කියා ලමාතැනි කීවාම, “එහෙනම් ඩාර්ලින් මම කවදා එන්ටදැ”යි අමුත්තා ඇසුවේය. “අනේ මගේ පණ, රාළහාමි රැට නේනතරම් දුරක ගිය එකදිනකවත් ඩියර් මතකනැති කළාද- හෙට ගියත් දන්වන්නෙමි”යි ලමාතැනී කීවාම අමුත්තා යන්ට ගියේය. ඉක්මණින්ම, මමත් මගේ පැදුරටවී ගොරවන්ට පටන්ගතිමි. මේ “වැදගත්” ලමාතැනීද පිටිපස්සා පැත්තේ දොරවසා ස්වකීය කාමරයට වැදි නිදා ගත්තාය. පසුවදා උදේ මම නැගිට “නගරයට ගොසින් එන්නෙමි”යි ලමැතැනීගෙන් අවසරද ගෙණ මා නැවතී සිටින තැනට ගොස් මගේ මහලු වේසය ඉවත්කෙට ස්වහා ඇඳුම් ඇඳගෙණ “ඩිංගිරි මැණිකා සෙවීමට ඇනිද්දා උදේම යන්නේමි”යි සිතමින් සිටිනවිට මුදියන්සේ රාළහාමි මා සම්බවීමට ඇයේය. මම උන්නැහේත සමග සාප්පුවේ සොල්දරය උඩට ගියෙමි. එවිට රාළහාමි, “කොහොමද මහත්මයෝ, අපේ වලව්වේ සිද්ධවු හොරකම ගැන ආරංචි මාත්ර යක්වත් නැද්ද?”යි ඇස‍ුයේය. එවිට මම සිනාසී “රාළහාමි හෙරක් ගෙණවුත් ගෙයි තබාගත්තාම ගෙදර හොරකම් සිද්ධනොවේදැ?”යි කීවාම “කව්ද ඒ හෙර” කියා රාළහාමි පුදුමව මගේ මූණ දෙස ඉතා තදින් බැලුවේය. “ඒ හෙර, රාළහාමිගේ ‘සීනිබෝලේ ළමාඑතනා!ය”යි මම සිනාසෙමින් කීවෙමි. ළමාඑතනි පත්තිනි දෙයියන් මෙන් සිතාගෙණ සිටි රාළහාමිට මා කිසි සැකක් බියක් නැතුව අගෞරව ලෙස කියන කථාවට ඉවසුම් නැතුව “ තමුසේ ඔය මොනවා දොඩනවාද? මගේ ළමාඑතනි තමර් පතීව්රාතාව රක්‍ෂාකරණ සැකසුරුවම්කරණ වැදගත් ස්ත්රි යක් මම නොදනිමි. හොදයි, මහත්මයා මගේ ලමාතැනීගේ ඉතාමත් සුඵ වරදක්වත් මට පෙන්වාදුන්නොත් තවත් රුපියල් පන්සියයක් දෙන්නෙමි. අනිකත් තබා, ඊයේ රැ අපේ වලව්වට පැමිණි මාතර පළාතේ දක්ෂ කෙන්ද්රිකාරයෙක් ළමාතැනීගේ කේන්ද්ර ය බලා කියා තිබෙන වර්ණානාව පුදුමයි- “නම්බුකාර හොද කක්ක්රියයාවේ පින්වත් උත්තමියක්ය”යි ඒ උගත් මිනිහා ‍කේන්ද්ර්ය බලාත් කියා තිබේ. ඉතින් එබඳු කෙණෙකුට මහත්මයා චෝදනාකලේ මොන කටකින්දැ?”යි මුදියන්සේ රාළහාමි කියනකොට සිනාසීමට මගේ මුඛය මට මදිවිය. “ළමාතැනීගේ ‘සීලාචාරකම’ අද රෑම පෙන්වා දෙන්ට රාළහාමි මා


පියදාස සිරිසේන නවකථා එකතුව 301


කියන හැටි කරන්නෙහිදැ”යි ඇසුවෙමි. රාළහාමි ඊට අතිශයින් සතුටුවු බැවින්, රාළහාමිට දුරබැහැර ඉඩම් කඩම් තිබේ නම් ඒ ඉඩම් බලන කාගේ හිරි නමක් කියන්ට යයි කීවාම. රන්නේ බබානිස්ගේ නම කීබැවින්. “ඉඩමකට ලොකු ආරාවුලක්ය. ඒ නිසා මුදියන්සේ හාමුදුරුවෝ මක්කකරලාවත් අද දිනම මෙහි යහපත්වෙන්ටය”යි බබානිසා විසින් එවනලද හැටියට ලියමන්ක ලියාදි-“ මේ ලියමන වලව්වේ මහත්මයාට පන්වා-රාළහාමිගේ ඇඳුම් පෙට්ටිය ආදි කළමනාත් අරගෙණ දෙකට ගාල්ලෙන් පිටත්වෙන කොච්චියෙන් මාතර යන බව කීයා එකට විතර වලව්වෙන් පිටත්ව එන්ටය”යි නියමකර රාළහාමි යැව්වෙමි, රාළහාමිද මා කී ලෙස වලව්වට ගොස් ළමාතැනීට ලයමන පෙන්නූ හැටියේ ඇගේ ඉසේ මලක් පිපියාක්මෙන් ප්රීසතිව කඩිමුඩියේ කෑම ලෑස්තිකර මුදියන්සේ රාළහාමිට පෙරැත්තකර කර කවා, බොරුවට කණගාටුවකුත් පෙන්වා, “එහෙනම් නොගිහින් කොහොමද? වැඩිප්රවමාද නැතුව එන්ටය”යි පිටත්කර එවන ලදි. රාළහමි මා සිටි සාප්පුවට එනටත් ප්රරථම ළමාතැනීගේ රහස් පණිවිඩකාරයා අත “රෑ නවයට ප්ර ථම එන්ටය”යි හොර මිනිහාට ලයමනක් යවනලදි. මම ඉතාමත් ප්රීරතියෙන් රාළහාමි සමග නොයෙක් කාථා පැවැත්විමි.තුච්ඡ කාම සැපයම පරමාර්ථකරගෙණ පවත්වන මෙලේච්ඡ සිරිත් පුරුදු පුහුණුවූ කව්රුත් යන්තම් ඉඩක් ලැබුන හැටියේ අනාචාරිවන බව රාළහාමිට ධර්මානුකූලව කියා දෙමින්-රෑ වනතුරුම සාප්පුවේ සිට රැ නවයට පමණ එහිදීම රැ බතද අනුභවකොට, සපතුතු මේස් ඇදිය නැතිව දහයට පමණ වලව්වට ගියෙමු. එහි නපුරු බල්ලන් දෙන්නෙක් ඉන්නා බැවින් ඔවුන්ගේ ඝොෂාව නවත්වා ඔවුන් බැද තබන පිණිස රාළහාමි පළමුකොට තාප්පය ඇතුළට යවා. නැවත මමද ගියෙමි. අප යන වේලාවට ළමාතැනීත් ඇගේ යාලුවාත් නිදන කාමරය තුළ පුටු දෙකක් පිට වාඩිවි ‘මස්කට්’ හා කොලිකුට්ටු කොසෙල්ගෙඩි ආදිය කා කිරිතේවතුර බොනවෙලාව බැවින් පහන් ඇලෝකයෙන්ම මිනිහා ඇදිනගන්ට ඉඩ ඇතිවිම මගේ වාසනාවක් විය. එදා වලව්වේ ළමයි රාළහාමිගේ කාමරයේය. ඉතින් ළමාතැනීටත් යාලුවාටත් නොදැනගන්ට ඔවුන් බලාගැණීමට තිබෙන එකම උපාය නම්-ඒ කාමරයේ තිබෙන ලොකු ජනේලයේ කටයම් ලෑලි සිදුරය. මම ‍එසේ කරන්ට විරියකළ නමුත් ආධාරයක් නැතිව නැගී සිටින්ට බැරි බැවින් රාළහාමි බිත්තිය අද්දරින් සිටුවා. ඔහුගේ කරට එක පයකුත් ජනේල කන්ඩියට එක පයකුත් ගසා ඇස් දෙක පුරාම හොද හැටි බලාගතිමි. ඉක්බිති මම



302 ඩිංගිරි මැණිකා


හෙමින් බිමට බැස රාළහාමි මගේ කර පිට නංවා රාළහාමිටත් ‘ලමාතැනීගේ ‘සීලාචාරකම’ පෙන්වීමි. දියෙන් ගොඩ ගත් මසෙකු මෙන් ගැහෙන රාළහාමි කෑගසාය යන භයින් ඔහුත් උසුලා ගෙණ තාප්පෙන් පිට මහපාරට අවුත්, ක්රොාධයෙන් දිලිහෙන රාළහාමි අස්වැසුවෙමි. “රාළහාමි” මම රහස් පරික්‍ෂාකර අල්වාදිමට උපන් සමර්ථයෙක්මි. අප රටේ මේ කාලේ උසස්ය කියා සිටින ධනය ඇතිවූද, නිලතල කරන්නාවූද පවුල් සියයක් ඉදිරියට ගත්තාම, පවුල් අනූපහක්ම ඔබදු නීච දුසිරිත්වල නියුක්තය. ශිෂ්ටාචාර ලෙස හැසිරෙණ මිනසුන් සියේට පස් දෙනෙක් පමණ ඇතැයි සිතියහැක. ඒ ටිකදෙනා නම් ධර්මශාස්ත්ර උගත් දුසිරිත් පිළිකුල්කරණ සත්පුරුෂයොයි. ඊටත් වඩා ඒ හොද මහත්තැන් ටිකදෙනා ආත්මාර්ථයට වඩා පරාර්ථය ගරුකරමින් රටේ සමානාත්මතා ධර්මය පතුරුවා-රටවාසීන් දියුනුකිරිමට වැඩකරණ ඇත්තෝය. හැබෑ ශිෂ්ටාචාර ගුණ ධර්මය පවත්නේ මධ්යවම පංක්තියේ උගත් මිනිසුන්ගෙන් යුත් පවුල්වලය. ඉතාමත් අසරණ මිනිස්සු ජිවිකාව කරගණීම සදහා දුසිරිත් වල යෙදෙති. ඉතාම සැප පහසු ඇති නූගත් අධමයා ලොකයේ තිබෙනතාක් පංච කාම සැප විදින්ට සිතාගෙන නොයෙක් දුසිරිත්වල ගැලේයි. මධ්යපම පංක්තියේ උගත් මිනිස්සු අධික පංචකාමයටත් ගිජුනොවි-ආත්මාර්ථ පරාර්ථකාමිව දැහැමෙන් සෙමින් කල්යවති. ඒ නිසා රාළහාමිලා වැනි ධර්මශාස්ත්රක නූගත් ආත්මාර්ථකාමි රදළාවරුන්ගේ අඹුවෝ වාඩිවශයෙන් නීචයන් සමග කල්යවති”යි මම කීවෙමි. “ඔව් මහත්මයෝ, කීවා බොහොම හරි, දැන් මගේ හැතිරි වැතිරි ගෙණ සිටියෙත් ගල්වඩුවෙක් සමග නොවැ, අනේ! මට ඔය හැතිරිය මරන්ට ඇත්නම්!” කියා රාළහාමි කෝපයෙන් කියන විට මම සිනාසි “ඇයි රාළහාමි, හූ කියා කටපියාගත්තාට ඇති පලේ කිමද? දැන් ඉවසන්ට, ළමාතැනී දුෂ්ට හැතිරියෙකි. ඈ එසේවුයේ දුශ්චරිතයෙහි ගැලුණු මවකගේ කුසයේ ඉපදිමෙනි-නැතහොත් කුඩා කාලේ පටන් අනාර්ය මෙලේච්ඡ සිරිත් පුරුදු වීමෙනි. දැන් රාළහාමිගේ දරුවොත් එසේමයි. ඔවුන් මදක්වත් සුසිරිතෙහි යෙදවවීමට නම් දැන්ම උතුම් බුද්ධ ධර්මයත් ආර්යාකූල චාරිත්ර ත් පුරුදු පුහුණුකරවන තැනක නැවැත්වියයුතුය”යි මා කීවිට රාළහාමි සුසුම්ලා, “මහත්මයා කිව් කාරණයත් හැබෑ තමයි - මගේ ලොකු ගෑණු ළමයා දැන් ඉතාමත් නරක බව හැ‍ඟෙනවා-හතරට ගෙදරින් ගියාම නොයෙක් තැන්වල දඩාවතේ ඇවිද ගෙදර එන්නේ රැ අටටයි. මගේ කොල්ලොත් විනාශයි-මාත් විනාශ”යි කියමින් තුන්වෙනි 298


පියදාස සිරිසේන නවකථා එකතුව 303


වරටත් රාළහාමි සුසුම්ලෑවේය. එවිට මම නොයෙක් කාරණා කියා රාළහාමි අස්වසා “ හෙටම ගල්බාස්ගෙන් රුපියල් හාරදාහද අරන්දේන්නෙමි”යි කීවෙමි. රාළහාමි පුදුමව, “මහත්මයා දෙවිකෙනෙක්දැ?” ඇසුවේය. මම සිනාසි-ඉංගර්සොල් පඬිතුමා කියන්නේ “උගත් මිනිසා නූගත් මිනිසාගේ දෙයියා”යි කියායි. සත්තකෙන්ම උසස් ධර්මශාස්ත්රන ඉගෙණ ඒ ධර්මයවූ පරිදි පිළිපදින මනුෂ්යොයා දෙවිකෙනෙකුටත් වඩා හොදය. ඉතින් රාළහාමිගෙන් නැති වුන පවුන් නෝට්ටු කීපයකවත් නොම්මර පො‍ලීසියේ පැමිණිලි පොතේ ලියාතැබුවේදැයි ඇසුවාම ඒ කිසිත් නොදන්නාබව කීවේය. වලව්වට උදේවත් ගියොත් මගේ කටයුත්තට බාධා පැමිණෙන නිසා රාළහාමි සාප්පුවේම නවත්වාගතිමි. උදේ දහයට මරක්කල මිනිහෙකුගේ වේසය ගෙණ පටසරමක්ද චීනපට කෝට් එකක්ද ඇද, සෙරෙප්පු දෙකකුත් දාගෙන පුරන් තොප්පියක් ඉසේ පැළදගෙණ පෙට්ටිගලවත්තේ කඩේ වෙන්දේසි කරණ තැනට ගියෙමි. වෙන්දේසිකාරයා තවමත් ඇවිත් නොසිටි බැවින් වෙන්දේසිකරන්ට යෙදෙන ගේ ඉදිරිපිට සිටින විට ඊයේ රැ ‘ලමාඑතනි’ සමග තේවතුර බීමාදිය කළ ගල්බාස් මා සිට තැනට අවුත්-“මොකද මුදලාලි, මේ ‍ෙක‍ාහේ සිටලාද? මේ කඩේ ඉල්ලන්ටවත් ආවේද?”යි ඇසීය. එවිට මම- “ඔව් රාළහාමි. මමෙ කොළඹ ඉදලා තමයි ආව, යපේ මමා කීවා මේ කඩේ ගන්ට-යේක නිසා මමත් ඉල්ලන්ටයි යින්නේ” කීවාම , අනේ තම්බි, මට මේක බොහොම ඕනෑකරලා තිබෙනවා, මේක ඉල්ලන්ට සිටි සැමදෙනාටම නිකම් ඉන්ට කීවා, දැන් තමුසේ විතරයි ඉන්නේ, කරුණාකර තමුසේගේ මහන්සියට මොකුත් අරගෙණ මට ඉඩදෙන්ටය”යි ගල්බාස් කීයේය. එවිට මම පවුන් විස්සක් ඉල්ලුවෙමි. ගල්වඩුරාළ ඔඩොක්කුවේ දවටා ගෙණ වුන් රපියල් හාරදාහේ නෝට්ටු කොල මිටියෙන් දහයක් මගේ අතේ තබා, “ඔන්න මුදලාලි, ඔය පවුන් දහය අරගෙණ ගමට යන්ටය”යි කී‍විට මම ඒකත් අරගෙණ ටිකක් ඉවතට ගොස් ඒ දහයේ නොම්බර ලියා සාක්කුවේ ලාගෙන නැවතත් ගල්වඩුරාළ ලඟට අවුත් “අනේ ඕයි, යෙපේ මාමා මේ මුදල ගන්ට යෙපයි කියනවා, තමුෂේ ගේත් ගන්ට, මේ මුදලත් ගන්ට, මෙම අයුතු ලාබගැණීම යෙපේ ආගමට හොද නෑ” කියා ගල්වඩුරාල අතට ඒ පවුන් දහයක් දි වහාම ගොස් පවුන් දහයේ නොම්මර රාළහාමි අත යවා පොලීසියේ පොතේ ලියා තැබුවෙමි. ඉක්බිති මම කොන්ගොඩ වික්රාමපාල මෙන් මගේ පුරුදු කලිසම මේස් සපත්තු ආදිය ඇදගෙණ රාළහමි සමග වෙන්දේසිපලට එන ගමන් සන්ධියේ සිටි පොලිස් භටයෙකුද අඬගසාගෙණ අවුත් පැත්තකින්


304 ඩිංගිරි මැණිකා


සිටියෙමු. එතකොටම වෙන්දේසිකාරයාද ආයේය. විසි තිස්දෙනෙක් පමණ එතන වුන්හ. මම ගල්බාස් ඉදිරියට ගොස්, “පෙරේදා රෑ උඹත් ‘ලමාතැනීති’ ජනේලයට අස්සෙන් කතාකරදිදි මතක්කල ‘වික්රදමපාල හොරා’ මමයි. ගුටි නොකා හොද හිතින් උඹේ ඔඩොක්කුවේ තිබෙන මේ මුදියන්සේ රාළහාමිට අයිති රුපියල් හාරදාහ මෙහෙ දීපන්” යයි කියනකොට ගල්වඩුවා භය ගින්නෙන් දැවී ඔහු ගේ මුඵ ශරීරයම දාඩියෙන් තෙමි ගියේය. අවටවුන් මිනිස්සු පුදුම වූහ. ගල්වඩුවා වචනයක්වත් නොකියා වෙව්ල වෙව්ලා පවුන් හාරසියය දුන්විට එය රාළහාමි අතටදී, ඔන්න මූටයි ‘ලමාතැනී-සීනි බෝලයට’යි කැමැත්තක් කරගන්ට, මම දැන් මාතරට යමි”යි කීවෙමි. මා පස්සේ එන පිරිස ටිකක් නතරකොට රාළහාමි මාත් සමග සාප්පුවට පැමිණ මට මුව නොසෑහෙනසේ ස්තුතිකොට රුපියල් දෙදාහක් දි මගේ අත සිඹ ගත්තේය. මම එයින් දාහක් අරගෙණ ඉතුරු දාහ රාළහාමිටදි කුලී මොටෝ රථයක් ගෙන්වා එහි නැගි ඩිංගිරි මැණිකා සොයන අදහසින් මාතරට පැමිණියෙමි. මාතරට පැමිණි මට මිත්රර රාජා, සේපාල, රත්න, සිල්වා ආදි මතුරන්ද සම්බවූහ. නමුත් තමව කිසිවෙකු සමග ඩිංගිරි මැණිකාගේ විත්තිය නොකීවෙමි. භක්ත්යාමදරයෙන් ඉල්ලා සිටිතොත් මට පිහිටවන මගේ ඉෂ්ටදෙවි කෙනෙකුවූ කතරගම දිව්යභ රාජයානන්ට ස්තෝත්රස වශයෙන් බදිනලද කව් කීපයක් මට මතක්වී සේපාලලාගේ නවාතැනේදි රාත්රිට කෑමට ප්රදථම කීවෙමි. ගාල්ලේදි මා කළ හපන්කම ඇසූ මගේ මිත්රායන්ගේ සිත් ප්රදබොධවනු සදහා ඒ කව් කීපයක් මෙහි සදහන් කරමි. ස ත ත යස පතළ සුර ගඟ රඟ දිමු ත ස ම ත රුපු ඇසුර එඩි මැඩි විකුම් යු ත වි ප ත දුර හරින බැතියෙන් යදින ස ත ස ව ත සුරඅදු සද සැරදේ මුඵ දිය ත

දි ය ර ම උපුල්වන් සුර රද මෙ ඔබහ ට න ර ද ම සැරි සසුන් රැකුමට බාරකො ට ක ර පෙ ම පැවරු දින සිට ඔබ කළ හොද ට පැ ස සු ම කරමි පින් දෙමි සුරිදුනි ඔබ ට




පියදාස සිරිසේන නවකථා එකතුව 305


සු රා සහ දුසිරි ගෙණ ආ සිරිලක ට ගො රා තර පරංගිත් බල වැනසුම ට වි රා ජිත රාජසිහ කුමරුන් අත ට ත රා රන් කඩුව දුන් හිමි ඔබය සෙ ට

රු පු දි ත් ලියන් වත් සර කඳුලෙන් තෙ ම් මා දි සි කි ත් ලියන් ලියලෙව් බඹ කළ හි ම් මා ස සු න ත් සිරිලකන් සුරකින කර පෙ ම් මා සැ ර දෙ ත් කදකුමරු සහ වල්ලිය අ ම් මා

ඔ බෙ ක ඩු වට නොකැපි රුදු පිළිමලෙක් තැ තේ නැ ත අ ඩු වක් සෙනේ සිහලුන්ගේ ඔබ වෙ තේ අ ව න ඩු මේ රටෙහි මෙතෙකැයි ඉමක් නැ තේ කි ම ක ඩු වට වුනේ දැන් සුරුදුනි සව තේ

ස ම හ රු දුගින් වනසා දන රැස්කර ති ස ම හ රු සුරා විකුණා දනවතුන් වෙ ති ස ම හ රු දුසිරි සැඩපාරේ බැස ඉදි ති මෙ රු දු රු දුදන ඔබහට කැප කරමි ඉ ති

බ ලෙ න් ගම ගමෙහි රාසැල් තබන ද නා ප ස න් බර නෙතින් සිරිඳුනි බලනු මැ නා අ නු න් ගැන කිසිත් නොතකන දනැති ද නා මෙ යි න් සිරනිඳුට කැපකර දෙමි බැති නා

කෝ ම යු රු ලදොත් නිලයක් හො මුද ල හා මු දු රු වෙන්ට බෝ දන කරත් ලො ල ‍සා මි ද රු වලේ වනාසා මොවුන් බ ල සො ම තු රු රජිදු දින ලෝ අඹරත ල

ක න බො න සියල අඩුවී රැකෙන මං නැ ති අ ස ර න දනන් නොතකන ලොකු දන දනැ ති ස ම ගි න නපුරු නිලදාරින් වැඩක් නැ ති වි ග මැ න සුදුස්සක් කළමැන වඩා පෙ ති


මො ලෙ සි න් යදින්නේ හිමි සඳුට හිස න මා දැ කු මේ න් මෙහැම මගේ ලේ උණුවෙලා ත මා එ බැ වි න් සුරරජුනි ඔබේ බර නුවන් යො මා වි ග සි න් සුදුස්සක් කළමැන වඩා පෙ මා 306 ඩිංගිරි මැණිකා

මගේ හිතේ කනස්සලුභාවය දුරුවීමාදි ප්රීකති වර්ධනයට හේතුවූ මේ කවි කියන කොට ඒ අසා ගෙනවුත් සුරා වෙළෙන්දෙක් මදක් කිපියාක් මෙන් ඉදා- “දෙයියනේ කතරගම දෙවියොත් තමුසේලාත් අපේ වෙළඳාමට හානිකරත්-තමුත් වෙන රටේ කරණ වැරදි ගැන කිසි කථාවක් නැතැ”යි කීවේය. මම මදක්වත් නොකිපී, “මිත්ර ය. සුරා වෙළදාම පවතිනා රටේ තිබෙන අතින් වැරදි දුරුකරන්ට කතරගම දෙවියන්ට තබා කාටවත් බැරිය-අතීසාරයට බෙහෙත් නොකොට නියම රෙදි වලින් තබා පටරෙදිවලින් අමුඩගැස්සු‍වත් බඩ යාම නොනවතී සිංහල ධනවත් අය මෝඩ නොවෙත් නම් සුරා වෙළදාම නොකළාට ඊට වඩා ලාභ ලැබිය හැකි ධාර්මික රක්‍ෂාවල් එමට තිබේ. අඥානයා පයට පෑගුනු රන් මල්ලවත් නොබලා හිසට ගත් හන මිටියම රැගෙණ යන විට අතර මගදී වැස්සක් වැස හන පෙඟී බර අධිකවී කුලල කඩාගත්තක් මෙන්-කොපමණ හොද ධාර්මික කටයුතු තිබුනත් අපේ මිනිසුන්ට සුරා පෙරීම හා වෙළදාම අත්හරින්ට බැරිව දඟලති. නමුත් අන්තිමට වෙන්නේ විපතකි. තව අවුරුදු විස්සක් තිහක් යන විට මේ රටේ සුරා බොන්නෝ ඉතා පහත් මිනිස්සු වෙති. ඒ අඩියට ලක්දිව පමුණ වනතුරු කතරගම දෙවියන්ගේත් අපේත් වීරිය අත්අරින්නේ නැතැ”යි මා කීවාම සුරා වෙළෙන්දා කෙදිරි ගගා යන්ට ගියේය.

පසුවදා උදේ ඩිංගිරි මැණිකා සෙවීමට සිතාගෙණ කුලී මෝටෝ රථයක් රැගෙණ තිස්සමහාරාමය පැත්තට යන්ට පිටත්වීමි. මාතර සිට හැතැප්ම කීයක් යන විට අපේ මොටෝ රථයේ ටයර් නම් රබර් වලල්ල පිපුරුවේය. ප්රකවේසමට තුබුනු අනිත් ටයර් එක සවිකරගෙණ නැවතත් හැතැප්ම හතරක් විතර ගමන්කරණවිට කරුමයකට මෙන් තවත් රෝදයක ටයර් එක පිපිරි ගියේය. ඉතින් කුමක් කරන්ටද? මොටෝ රථය පාර අයිනට ගෙණ යන්තම්වත් හරිගස්සාගෙණ ආපසු මාතරටවත් එන්ට පිළවන්දැයි වීරිය කළ නමුත් එසේත් බැරිවිය. අලුත් ටයර් ගාල්ලෙන් මිස ගන්ටද නැත. කරත්තයකින් එනටත් අපහසුය. ඉතින් මගේ ගමන යාමටද මෙය මහත් බාධාවක් විය. ඔයින් මෙයින් එදා දාවලටද කෑමට කිසිවක් නැතිවිය. දවල් දෙක වන තුරත් මගේ රියකරු රථය හදාගන්ට විරියකර අන්තිමේදි නොහැකි බව කීය. අපේ රථය නැවතුනු ගම ඉතාමත් අශිකෂිත අසරණ මිනිසුන්ගෙන් යුත් කුඩා ගමකි. හඩු ගද ගහන වැරහැලි ඇදගත් කුඩා කොල්ලන් හා කෙල්ලන් දැක ඔවුන් සමග කථාකෙළෙමි. ඔවුන්ට ශිල්පයක් ශාස්ත්ර යක් උගන්වන්ට හෝ වෙන කිසිම ආධාරයක් කරන්ට කවුරුත් නැති බව කීවෝය. එක



පියදාස සිරිසේන නවකථා එකතුව 307


කොලුවෙකුට පණම් හතරක් දි කුරුම්බා ගෙඩි දෙකක් සොයාගෙණ එන්ට කීවෙමි. ඔහු ඉතා ඈතකට ගොස් කුරුම්බා ගෙඩි දෙකක් ගෙනත් දුනනේය. මම එයින් එකක වතුර බී මද කා යන්තම් කුසගිනි නිවාගතිමි. අනික රියකරුට දුනිමි, ඔහුද එය කා. “ඉතින් කුමක් කරන්නෙමුදැ?”යි ඇසීය. “උඹ විදුලි පණිවුඩ කන්තෝරුවකට ගොස් ටයර් දෙකක් එවිමට ගාල්ලේ වෙළද සමගමට ටැලිග්රෑනම් කරපන් මුදල් තැපැල් කන්තෝරුව මගින්ම යවාපන්’ කියා ඔහු අතට රුපියල් තුන් සියයක් දුනිමි. ඒ තරුණයාද “අනේ මහත්තයෝ, මෙහි සිට විදුලි පණිවුඩ කන්තෝරුවකට හැතැප්ම දහයකටත් වඩා දුරය. දැන් වෙලාව හතරට පරණ ඇත. ඉතින් ටයර් ලැබුනත් නොලැබුනත් අද අප යවන ටැලිග්රෑහම් එකට පිළිතුරුවත් ලබාගන්ට බැරිය. හෙට උදේ වනතුරු නවතින්ට වෙනවා.ඉතින් මහත්මයාට රෑට කෑම කෝ. නවතින්නේ කොහේද?” කීවේය. “කමක් නැහැ, ඩ්ර්යිවර්, මට බඩගින්නේ ඉන්ටත් පුඵවනි. වෙන තැනක් නොලැබුනොත් මේ මොටෝ රථයේම රෑටත් ඉන්නෙමි. උඹ මා ගැන ගණගාටු නොවී තැපැල් කන්තෝරුවට පලයන්නැ”යි ඔහු පිටත්කොට මම රථයේ වාඩිගතිමි. එවිට අසරණ මහලු මිනිහෙක් එතනට ආයේය. “ආ ලොක්කෝ, මේ ගමේ වැදගත් පොහොසත් මිනිස්සු නැද්ද? හොද ගෙවල් දොරවල් නැද්ද? මට එහෙම තැනක් ‍සොයාගෙන අද රෑට නවතින්ට බැරිද?”යි ඇසවෙමි. එවිට මහල්ලා “අනේ හාමුදුරුවනේ, ආං අර පෙනෙන්නේ බස්නායක හාමුදුරුවන්ලාගේ වලව්ව! එහාට යහපත්වුනොත් හොද හැටි කෑම බීම ඉදුම් හිටුම් ලබන්ට පුඵවනැ”යි කියා-ටිකක් දුරින් පොණෙන ලොකු ගයෙක් පේන්නුවේය. මොටෝ රථයේ වටිනා කිසිත් නැති බැවිනුත් මගේ එකම ඇඳුම කුට්ටම තිබෙන බෑග් එක රගෙණ යා හැකි බැවිනුත් බස්නායකලාගේ ගෙදරට යන්ට සිතා ලොක්කාට පණම් හතරක් දෙන බව කීයා මොටෝරථයලඟ නවත්වා හෙමි හෙමින් බස්නායකගේ ගෙදර වත්තේ තාප්ප දොරකඩට ගොස් ‍ඈත මෑත බලමින් සිටියෙමි. මම එවේලාවේ යුරෝපීය ක්රවමයේ වටිනා ඇදුමකින් සැරසී සිටි නිසාදෝ බස්නායකගේ දියණියක් තරුණ මා දැක ඒ බව පියාට කී බැවින් ඔහු වහාම පණිවිඩකාරයෙකු එවා මා ගෙදරට කැදෙව්වේය. බස්නායක මහාත සැලකිලි සහිතව මට අතට අත දි ආචාරකොට වාඩිවෙන්ට කීවේය. නොදන්නා තැනකට පැමිණි වාඩිනොවිම කථාකළ යුතු නැති බැවින් මමද වාඩිවි ගතිමි.මාගේ තොරතුරු බස්නායක නිලමේ ඇසුවේය. එවිට මම කොළඹ,,, වික්ර මසිංහය වන්දනාවට තිස්ස මහාරාමයට යන්ට ආවෙමි. මොටෝ රථයේ රබර් පට්ටම


308 ඩිංගිරි මැණිකා


(ටයර්එක) නරක්ව මගේ රියකරු එයින් එකක් එවන්ට ගාල්ලේ සාපුප්වකට විදුලි පනිවුඩයක් යවන පිණිස ගියේය. ඒ එනතුරා මම මෙහි නිකම් පාහේ ආවෙමි”යි කීවෙමි. බස්නායක නිලමේ මට වඩාත් සැලකිලි ඇතකොට රෑ එහි නවතින්ටත් කීය. තේවතුරද සූදනම් කරණබව මට දැනුනේය. නමුත් ඔහුගේ තොරතුරු දැනගන්නා පිණිස “රාළහාමි මේ පළාතේ කව්ද? රාළහාමිගේ නම කුමක්ද?” කියා ඇසවෙමි. එවිට “මම.......දේවාලේ බස්නායක නිලමේය. මගේ නම ....... සිංහය-අපේ පරම්පරාවට මේ දේවාලය උරුමයක් වාගේය”යි කියනකොට දුරුවල වූ තරුණියක් ස්වකීය පියා ලඟට අවුත්-‍තේ වතුර ලෑස්ති බව කී බැවින් මට තේවතුර බීමට බස්නායක තැන කථාකළේය. “රාළහාමි මට සමාවෙන්ට මම රාළහාමිලාගේ ගෙදරින් තේවතුර බීමට තබා ගෙදරට පැමිණියටත් කණගාටුවෙමි, දේවාලයක බස්නායක නිලයක් කරණ කෙනෙකු‍ත් හෝ විහාරස්ථානයක් භාරකාරයෙක් හෝ මට රුචි නොවේ. එබදු අයගේ දේ පලත් ඉතා භයංකරය. දේවාල පන්සල් භාරකාරයන්ගේ දේ කන බොන මිනිසුන්ට පරලොව වශයෙන් කෙසේ වෙනත් මෙලෝ වශයෙන්-පරංගි ආදි භයානක රෝග සැදේ. මේ නිසා මේ ගෙදරින් කිසිවක් නොකමි-නොබොමි”යි කීවාම බස්නායක තැන හා ගෙදර සියල්ලෝම මහත් පුදුමයට පැමණ මගේ මුහුණ දෙස බලන්ට පටන්ගත්තෝය. ඉක්බිති බස්නායක තැන මා දෙස බලා “බස්නායක නිල ආදි නිල පුරාණ හිට ගරුතර වැදගත් ඒවා හැටියට සලකන්නේමන්දැ?” කීයේය. “ඔව්, සත්තකටම ඒවා උසස් නිල තමා, නිස්සරණාධ්යනසයෙන් ඒවා පාලනය කරතොත් උසස් තමයි. නමුත් ඒ සිද්ධස්ථානවලින් යම් කිසි ලාභ ප්රනයෝජන ගන්නා ලැබෙන දරුණු ලෙඩ රෝග ආදි ව්ය සනත් සලකා බලන විට භය හට ගනී. දේවාල පන්සල් විහාර භාරකාරාදින් සම්බන්ධ එක් කථාන්තරයක් රාළහාමිට කියනනෙමි. යටගිය දවස රුහුණු ජනපදයේ ඉතා ධාර්මික කුමාරයෙක් රජ කළේය. සාධාරණ යුක්තිය රට වාසි කාටත් සලසා දීමට එතුමා කෙතරම් වීර්ය ගත්තේද කිව ‍හොත්-රජතුමා නිදන කාමරයේ සීනුවක් එලුවා-එහි ලනුව මාලිගාවේ තාප්පය දොරකඩ බැද කාට උවත් ඔනෑම වේලාවක මේ සීනු ලනුව ඇදිමෙන් රජතුමා සමග කථාකරන්ට පිළිවනැ’යි දැන්වීමක්ද තිබුනේය. මේ කාලයේ එක්තරා ගමක් අසරණ බල්ලෙක්-දෙතුන් දිනකින් ආහාරයක් නොලැබ වෙන ගමකට යන පිණිස දහවල් මහා අව්වේ වේලක් මැදින් ඇති පාරක් දිගේ යන අතර කුස ගින්නෙන් හා පැන් පිපාසයෙන්ද මිරිකී සිටි



පියදාස සිරිසේන නවකථා එකතුව 309


සුනඛයා තව දුරටත් යාගත නොහැකිව පාර අයිනේ පඳුරක් යට සෙවනේ නිද්රබ ගත්තේය. මේ පා‍ෙර් ගොන් කරත්තයක් දක්කාගෙණ ගිය මිනිහෙක් සුනඛයා දැක නිකරුණේ ඌට පාර හත අටක් කෙවිටෙන් ගසා යන්ට ගියේය. බඩ සයින් හා පිපාසයෙන්ද-ගමන් විඩාවෙන් හා තද අවුවෙන්ද මිරිකී සිටි දුක්ඛිත බල්ලා මේ කෙවිට පහර කා ඉතා බැගෑපත් ලීලාවෙන් හඬ හඬා, රජ්ජුරුවන්ගේ මාලිගාව ලඟට අවුතු-පැමිණිලි දන්වන සිනු ලනුව උගේ කටින් අල්ලා තදින් ඇද්දේය. ඒ කථාකරන්නේ කවරෙක්දැයි බලන්ට රජතුමා දුකයෙකු යැවිය-දූතතෙම බල්ලා සිටි නමුත්-ඌ ගැන නොසලකා රජතුමා සමක කිසිවෙක් නැති බව කීයේය. ඉක්බිති දෙවෙනි වරක්ද සුනඛයා සීනු ලනුව ඇද්දේය. එවිට රජතුමා ලියන්නෙකු පිටත් කර යවා සුනඛයා මාලිගාවට ගෙන්වා-තිරිසන් භාෂාව දැන රජතුමා, බල්ලා පැමිණිලිකර සිටින්නේ කුමක්දැ?යි ඇසීය. එවිට බැගෑපත් සුනඛයා හඬමින්, මහ රජතුමිනි, නිරාහාරයෙන් පිපාසයෙන්-තද අව්වෙන් හා ගමන් විඩාවෙන් යාගත නොහැකිව වුන් දුර්වල මට කරත්තකාරයෙක් ලොකු කෙවිටකින් පාර හත අටක් නිකරුණේ ගැසුවේය. ඔහු අල්වා දඩුවම් කිරීම සාධාරණ නීතිය රක්‍ෂාකරණ ඔබවහන්සේගේ යුතුකමකැ’යි කීයේය. රජතුමාද සේවකයන් යවා ඒ අධම කරත්තකාරයා ගෙන්වා-‍තොරතුරු ඇසුවිට ඇතත් කියා සිටියේය. ඉක්බිති නීති ප්රාකාර ඒ දුෂ්ට කරත්තකාරයා උල තබා මරාදමන්ට රජ්ජුරුවන්ගෙන් තීන්දුව ලැබුනේය.මේ තීන්දුව ඇසු සුනඛයා නැවතත් හඬමින්, ‘දේවයන් වහන්ස., ඔබවහන්සේගේ නඩුව අසාධාරණය. නිරපරාධයේ මට මේසා දුකක් දුන් මොහු මරාදැමීම යුතුනැත. මොහුට දිය යුතු එකම දඬුවම නම් විහාරයක හෝ දේවාලයක භාරකාර ධූරයකට පත්කිරිමයි. එසේ නොකොට මොහු මරා දැමීමෙන් ඇති ඵලක් නැතැයි කිය. ‘සුනඛයාගේ මේ වචන ඇසු රජතුමා පුදුමව, ‘එම්බල සුනඛය, තොපට අයුත්තේ හිංසා කළ මේ අධම පුරුෂයාට විහාරයක හෝ දේවාලයක භාරකාරකමක් දුන් විට ඔහුට කරණ ලද්දේ දඬුවමක් නොව මහා යස ඉසුරු දීමක්ය - ඉතින් තගේ අදහස කුමක්දැ?’යි ඇසීය. අනේ දෙවියන් වහන්ස, දැන් මා මේ කියන්නේ ජාතිස්මරණ ඥානය ඇතුවය. ඔය කරත්තකාරයාට ඉතාම සුදුසු දඬුවම නම් විහාරයක හෝ දේවාලයක භාරකාර ධුරය දීමයි. මම මේ භද්රන කල්පයේ මුල අතුරු කපේ කකුසඳ බුදුන්ගේ ශාසනය පවතිද්දී නුවර පළාතේ ප්රවසිද්ධ දේවාලයක බස්නායක නිලමේව සිටියෙමි. ඉතින් ඔජර රෝගය හැදි කටෙත් බඩෙත් වේවැල් කරම



310 ඩිංගිරි මැණිකා

මහා පනුවන් කාවැදි දෙතුන් මාසයක් කිව නොහැකි තරම් දරුණු දුන් විද-මැරි ගොස් අවීචි මහා නරකායේ උපන්නෙමි. ඉතින් නුවර මනුෂ්යුයෙක්ව සිටියදි වුන් මගේ මැණිකෙත් දරුවොත් කුණු පණු කා මළාහ, හත් පරම්පරාවක්ම ‍එසේ කුණු පණු කා මැරි ගොස් සංඝාතය, කාලසුත්රහය, කටුඉඹුලය, ලොකාතංතරකය-ආදි නරකවල උපන්හ. මම අවිචියේ පටන් එකිනෙකට කුඩා වු එක්සිය තිස්හයක් ගණන් ඇති නරකවල අතුරු කල්ප ගණනක් දුක් විද-බලු යෝනියේ සියක් වරක් උපන්නෙමි. මේ සියක් වාරේම කුස පුරා ආහාර පානයක් නොලබා නිකරුනේ උවත් අනුන්ගෙන් කැට මුගුරු පහර කමින් දුකින් පීඩිතව උනිමි. මේ අන්තිම වාරයෙන් පදුරක් යට කුසගින්නේ නිදද්දි මේ දුෂ්ට කරත්තකාරයා මට කෙවිටෙන් තළා දුරවල කෙළේය. මේ නිසා මේ අධමයාට දියයුතු එකම දඬුවම ඔහු විහාරයක හෝ පන්සලක හෝ භාරකාර ධූරයට පත්කිරිමය’යි කියා අසරණ සුණඛයා මළේය. ඉතින් රාළහාමි, විහාර පන්සල් දේවාලවල නිලකරණ-එයින් ඵල ප්රෝයෝජන ගන්නටත් දන්කුමක් හිතේද? නමුත් පරලොවක් විශ්වාස නොකරණ කර්ම ඵල නොදත් අයට ඕවා කොපමණ කී වත් ගණනක් නැත. මට පරලොව තිබෙන බවත්-කර්මඵලය හැබෑ බවත් ප්රගත්යලක්‍ෂය. ඒ නිසා මට රාළහාමිගේ තේ වතුරත් සංග්රසහත් කමක් නැතැ”යි කියා කැඩුනු මොටෝරථය ලඟට අවුත් එය රැක බැලගෙනවුන් මහල්ලාට‍ සත පණයක්දි මම එහි වාඩිවි බඩගින්නේම සිටියෙමි. මගේ රියකරු මධ්යලම රැ අවුත් ගාල්ලෙත් ටයර් නැති බව කියා මගේ මුදල් ආපසු දුන්නේය. රිය කරුට මම මුදල් ටිකක්දි පසු දින උදේ තිස්සමහාරාමයට බරකරත්ත වලින් වන්දනාවට යන පිරිසකට එක්ව ඔවුන් සමග ගමන් ගතිමි. තංගල්ලේ සිට තිස්සමහාරාමයට යනතුරු ‍ගම් නියම් ගම් ඇතත් වතුර හිඟ බැවින් මිනිස්සු දුක්විදිති. පුරාණ කාලයේ වැව් වල ආධාරයෙන් උවමනා තරම වතුර ලබාගත් මේ රටවාසින්ට දැන් ඇති අමාරුව උවමනා තරම වතුර ලබාගත් මේ රටවාසින්ට දැන් ඇති අමාරුව අප්රවමාණය. රටේ ප්රිධානින් ලෙස සිටින බොහෝදෙනා අග්නිභුදර වැනි අධමයෝයි. අසරණයන්ගේ යහපතට නුගතුන්ට ධර්ම ශාස්ත්රධ ඉගැන්වීමට පරිශ්ර්ම දරන්නෝ මේ පළාතේ ඉතාමත් විරලයහ. මා අතේ ඩිංගිරි මැණිකාගේ පින්තූරය තිබෙන බැවින් ඈ දුටුවොත් කෙබදු වේසයකින් සිටියත් මට හදුනා ගන්ට පිළිවන් නිසා තිස්සමහාරාමයට යන වන්දනා කාරයන්ට ඒ ඒ නවතැන් පළවලදි අවවාදන්විත කථා පවත්වන්ට පටන්ගතිමි. ඩිංගිරි මැණිකාත් ඒ පළාතේ සිටිය නම් වන්දනාවට යනු නො අනුමාන හෙයින්ද එදා ඈ



පියදාස සිරිසේන නවකථා එකතුව 311


ඒ වන්දනා පිරිසේ සිටියා නම් උගත් ස්ත්රි යක් නිසා මගේ කථා අසන්ට පැමිණියා ඒකන්ත හෙයින්ද මගේ ප්ර්සිද්ධ කථා ප්රනයෝජන කිපයක් සලකා ගෙණ මා විසින් කරණලදි. හම්බන්තොට පටන් මේ වන්දනාකාර පිරිස ගේ විශාලත්වය හොදින් තේරුම් ගත හැක. තථාගතයන් වහන්සේ සංසාරයේදි පරාර්ථය පිණිස කළ උතුම් ක්රිහයා තේරුම් ගැණී‍මට මේ වන්දනාකාරයන් රැස්වන තැනදි ඉතා පහසුවෙන් පිළිවන. කිසිම ධර්ම ශාස්ත්රවයක් නූගත් මහා ජන සමූහයා අතුරක් සිදුරක් නැතුව මෙසේ බලවත් ශ්රරද්ධාවෙන් ගොස් ඒ බුදුරාජාණන් වහන්සේට සත්කාර පවත්වන්ට හේතුව උන්වහන්සේගේ අගදාසවු පරාර්ථකාමි ක්රිකයාවන්හි විපාකයම වේ. ස්වකීය ගම්වලදි නොයෙක් දුශ්චරිත කරමින් සිටින ධර්ම ශාස්ත්ර් නූගත් මේ විශාල පිරිස ඒ ඒ සිද්ධස්ථානවලදි හෝ අතර මගිදි හෝ මෙබදු සුවිනීත ගතියක් කෙසේ පෙන්වද්ද? මමත් මේ පිරිස සමගම තිස්සමහාරාමය දක්වා ගොස් වැද පුදා ඉක්බිති හුදකලාව නොයෙක් ගම් වල ඇවිද පරික්‍ෂා කළ නමුත් ඩිංගිර මැණිකා සම්බන්ධ කිසිත් දැනගත නොහැකිව ආපසු මාතරට පැමිණියෙමි. මාතරන් හෙට උදේ යමැයි සිතමින් සිටින විට සිල්වා මහත්මයා නැමති එක්තරා මිත්රයයෙකු විසින් රාත්රිි කෑමට ආරාධනා කළ බැවින් එහි ගියෙමි. එහි කීපදෙනෙක් වුන්හ. කෑම වේලාවට පැයක් පමණ කල් තිබුන බැවින් මගේ මිත්රී සිල්වා මහතා එහි සිටි තරබාරු තලතුනා කෙනෙකුට මා අඳුන්වාදි, “මේ ඉතාමත් දක්‍ෂ රහස් පරීක්‍ෂකයෙකැ”යි මා ගැන වර්ණාන වදක් කරණලදි. එවිට තලතුනා මහත්මයා මගේ මූණ දෙස ඉතා ඕනැ කමින් බලා “මහත්මයා ඉතා හොදකෙනෙක් බවත් දක්‍ෂයෙක් බවත් මට තේරෙනවා”යයි කියා නොයෙක් කරුණු සම්බන්ධව කථාකරණ අතර පුරාණ කාලයේ මාතර සිටි වීරපුරුෂයෙන් ගැනද කථා කළේය. එසේ කියනවිට මම සිනාසි “පුරාණ නම් මාතර මහා වීර පුරුෂයන් විසූ බව පොත පතින් පෙනේ. නමුත් දැන් ඒ උත්තමයන්ට කොයි ආකාරයකින්වත් සමාන කෙණෙකු සොයාගැණීමට නැතිවිම කණගාටුවක්ය”යි කීවෙමි. එවිට ඒ තලතුනා මහතාට ටිකක් ලැජ්ජා ඇතිවි ඔහුත් පුරාණ උසස් පෙළපතකින් පැවතෙන්නෙකැයි සිතා ගෙන ඉන්නා බැවින් මා කෙරේ කීපියාක් මෙන්. “ තමුසේ හරි හැටි අප ගැන නොදැන ඔහොම කථාකරන්නේ ඇයිදැ?”යි ඇසීය. ඔබදු ස්ථාන වලදි වලදි මොලේ සිහිල්වම තබා ගන්ට දත් මම තව වරක් සිනාසි, “අනේ!ආයුබෝවනඩ, තරහ වෙන්ට එපා



312 ඩිංගිරි මැණිකා


ගමරාළට කුරහන් ඇති බව දනෙත් පෙණෙනවාය”යි කීවාම තලතුනා මනුෂ්යාකට මනුෂ්යපයා වඩාත් කෝපව, “මාතර පළාතේ උසස් වීර පුරුෂයන්ගෙන් පැවතෙන අය දැන් ඉතාම විරල බවට තමුසේට පේන ලකුණු මොනවාදැ?”යි හයියෙන් ඇසීය. “හොදයි ඉක්මන්වෙන්ට එපා එබඳු වීරපුරුෂයන්ගේ සූන්ය බවට දැක්විය යුතු කරුණු අප්ර මාණය. එකක් දෙකක් කිවොත් මහත්මයාට ඇදදැ”යි මම ඇසුවෙමි. “ඔව්, කියමු කෝ බලන්ට” කී බැවින් මෙසේ කීවෙමි -“මාතර බෞද්ධ සිංහලයන්ගෙන් පරිපූර්ණ පළතකි. නමුත් ඔවුන්ගේ දරුවන්ට ඉංග්රී“සි භාෂාව උගන්වන්නේ ක්රිළස්තියානි මිෂනාරි වරුන්ගේ පාඨශාලාවල ඒ ක්රිාස්තු භක්තිකයන් විසිනි. ලක්දිව සෑම පළාත්වලම පාහේ අමද්ය්ප සභා. සුචරිත වර්ධන සමාගම. ජාතික වැඩකරණ සමාගම පිහිටුවා නොයෙක් පරාර්ථකාමි වැඩ කරති. නමුත් දෙයියන්නේ නාමෙට මාතර එකම එකක් තිබේද? පෙරකදෝරුවෙක්, දොස්තරෙක්, මද තරමේ ධනවතෙක් වුන හැටියේම මුදලුත් සමග ස්ත්රිරයක් ලබාගැනීම සදහා පරම්පරා ගතව අදහා ගෙණ ආ බෞද්ධ සමය අත් ඇර ක්රි්ස්තියානි හෙවත් ‘ස්ත්රිධයානි’ වන මිනිස්සු මේ පළාතේ පමණ වෙන කොහේවත් ඉන්න බවත් මම නුදුටිමි-නෑසිමි. ඉතින් මහත්මයෝ, තමුන්ගේ පවුලේ දෙතුන් දෙනෙකුට ඉදිමට මහා විශාල ගෙවල් දොරවල් තනාගෙණ, තමන්ගේම ගමනට බිමනට මොටෝ රථ තබා ගෙණ, තමන්ගේ මගුල් ගෙදරට රුපියල් දහ පහළොස් දාස් ගණනේ මැත්පැන් ආදි දුසිරිත් සදහා වියදම් කරන මිනිස්සු තමන්ගේ භක්තියටත් කුල චාරිත්රා දියටත් විරුද්ධ නොවන ඉගැන්වීමක් ස්වකීය දු දරුවන්ට ඇතිකරනු දු ශාලාවක්වත් තබාගෙන නොහැකිව සිටියදි-නූගත් පහත් මිනිසුන් නගා සිටුවිම සදහා සමාගමක් සම්මුතියක් ඇති කරගත නො හැකිව සිටියදි-සුඵ යස ඉසුරක් නිසා පරම්පරා ගත ‍කරගත නො හැකිව සිටියදි-සුඵ යස ඉසුරක් නිසා පරම්පරා ගත නෛර්යානික ධර්මය අත් අරින චපල අධමයන්ගෙන් ගහනව සිටියදි-මාතර දැන් ඉන්නා වීර පුරුෂයන් ගැන කුමට වර්ණ කරන්නෙහිද? කෝලම් නටන මිනිස්සු කෝලම් ඔටනු ‍ඉසේලා ගෙණ කරලියට අවුත් “අපි රජවරු වම්හ’යි කීවාම කවුරු අදහද්ද? මාතර මිනිසුන්ගේ විස්තර කියන්ට මගේ අනිත් කථාන්තරයෙදි මිස දැන් අවකාශයක් නැත-දැන් ඒ ගොල්ලගේ තරම ලුහුඩෙන් තේරුම් ගත යුතුය” මම කිවෙමි. ඵවිට මා මිත්රු සිල්වා මහාත සිනාසි. “අද අපේ රාළහාමි ගිලින්ටවත් වමාරන්ටවත් අමාරු ගුලියක් ඩැහැ ගත්තේය. මීලඟට අප විසින් පිළියෙලකර තිබෙන



පියදාස සිරිසේන නවකථා එකතුව 313

අහාර අනුභව කරමුය”යි කියා සිල්වා මහතාත් තරබාරු තලතුනා මහතාත් මමත් බත් කෑවෙමු. ඉක්බිති තරබාරු ඒ මහතා මගෙන් ලැබුනු ‘වජ්රරගුලිය’ ගිලින්ට හෝ වමාරන්ට බැරිව සිටියදි සිල්වා මහතා මෙසේ කීය. “වික්රීමපාල මහතානෙනි! මාතර මිනිසුන්ගේ අසමගිය නිසා මෙහි උසස් ඉංග්රී.සි බෞද්ධ පාඨශාලාවක් පිහිටුවා ගන්ට බැරිය. මගේ ළමයි දෙන්නාත් අබෞද්ධ ශාස්ත්ර ශාලාවකට යවමි. ඉතින් අප්පේ, ඒ ළමයින්ට මක්වේද? ඵවිට මම සුසුම්ලමින් “මහත්මයානනි මම හෙට උදේම යන්නට ඉදිමි. ඒ නිසා මහත්මයාට මේ සම්බන්ධ වැඩිදුර කරුණු කියන්ට ගියොත් මට නිද්රදගන්ට කාලයක් ලැබෙන්නේ නැහැ. නමුත් මම දැන් පරික්‍ෂා කිරිමේ නියුක්ත ඩිංගිරි මැණිකේ නමැති අතතුරට පත් ගෑණු ළමයෙකු විසින් සිංහලයාගේ විනාශයට හේතුවූ කරුණු ප්රුකටවන ලියමනක් ඇගේ හිතෛෂිවත් තරුණයාට ලියා යවන ලදුව මට සම්බවී තිබේ. ඒ ලියමන බෞද්ධ දරුවන්ටත් වඩා ඔවුන්ගේ දෙමව්පියන්ට හෙවත් සිංහල බෞද්ධයන්ට අතිශයින් ප්රනයෝජනවත් ලියමනකි. එබැවින් ඒ ලියමන මම කියවන්නෙමි. එහි අර්ථ‍ යෝනිසො මනසිකාරයෙන් පරිකෂාකොට ඉගෙණ ගත මැනවි.


08.පර්ච්ඡේදය[සංස්කරණය]

(ඩිංගිරි මැණිකා විසින් රන්බණ්ඩා වෙත යවන ලද හතරවෙනි ලියමන) “ති ස ර ණා ධා ර‍ වේ වා. ප්රේතමවත් මහතානෙනි!

මගේ යෝජනාව අකමැත්තෙන් උවත් පිළිගැණීම ගැන ස්තුති කරමි. ධර්මයේ අගය දැනෙන්නේ ඒ ඉගෙණ‍ගන ඒ වු පරිදි පිළිපැද්ද විට පමණකි. කසාය දෙස බැලුවාට ලෙඩේ සුව නොවේ. කසායත් බී පත්තියමුත් ඇල්ලුවිටම හරි ගුණය ලැබේ. අනාර්ය චාරිත්රා සියල්ලම රස මිශ්රව විෂයක් වැනිය. අපේ කුල සිරිත් රස මිශ්රැ අමෘතයක් වැනිය. නමුත් දහස් ගණන් සිංහල දරුවෝ මේ කිසිත් නොදැන මුළාවේ වැ‍ටි විනාශා වෙති. මීට වරද කාරයෝ අපේ දෙමවුපියන් ඇතුලු මේ රටේ ඉන්නා ධනවත්තුය. පරාර්ථකාමි භාවයක් නැති අපේ ධනවතතු ස්වකීය චාරිත්රාවලත් ගුණ ධර්මයේත් වටිනාකම නොදනිති. ලෝභකම ආර්මාර්ථකාමි භාවයේ මුල්ම කොටසයි. ධනය වියදම් වේය යන



314 ඩිංගිරි මැණිකා

භයෙන් ස්වකීය දූ දරුවන උදෙසාවත් බෞද්ධ ශාස්ත්රණශාලා නොපිහිටුවති. ‘ලෝභියාගේ දේ කෝබයෝ කත්ය’ - කීවක් මෙන් ආත්මාත්ථ.කාමී ධනවතුන්ගේ දරුවෝද-ගෙදරදීම විදේශීව, පාදඩයෝව, භ්රිෂ්ටයෝව, බේබද්දෝව, කෙලතොල්ලෝව, විනාශාවෙති. ඉක්බිති ඒ වල් දරුවෝ, ලෝහකම්කොට උපයා තුබු මහා ධනස්කන්ධය පමණක්නොව වංශපරම්පරවද විනාශ කරති. දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝද විනාශාවෙති. බොහෝ සේ එසේ වෙන්නේ ඒ දුප්පතුන්ගේ දිළිදුකමත් අඥාන කමත් නිසායි. මට තමුන්නාන්සේගේ යහපත් අවවාද නො ලැබුනා නම් මා විනාශයි. මා වැනි තරුණ වියෙහි පිහිටි ගෑණු දරුවන්ට රවිකිඤඤගෑම, සින්දුකීම, තරණත් සමග නිදහසේ දුව පැන ඇවිදින්ට ලැබීම, ප්රිතිපත්තියකින් බැදි නොසිටිම, ආදි ක්රිදයා අතිශයින්ම විෂ බව මට දැන් තේරේ. ප්රටකෘතියෙන්ම හටගන්නා විසට පිටතිනුත් විස ලෑවොත් ඒ විස දෙගුණයක් වන්නේය. රාග චේතනාව යටපත් කීරීමෙන් ගුණධර්ම දියුණු වනු මිස ඉස්මතු කිරීමෙන් ගුණ ධර්ම කෙසේ දියුණු වේද? අබෞද්ධ ගුරුවරු ගුරුවරියන්ගේ ආශ්රමයෙන් හා මා සිටි ස්ථානයේ තරුණ තරුණියන්ගේත් හැසිරීම ආදර්ශයට ගැනීමෙන් මා විනාශයට වැටි ගෙණ ආයේය. අනේ! අපේ ලොකු මිනිස්සු සිංහල ගෑනු පිරිමි දරුවන් නොතකන හැටි! දුව්යනයක් තවත් දේකින් තැනිය හැක. 1 x 1 = 2. නමුත් අද්රකව්ය!යකින් ද්ර ව්ය්යක් තැනිය හැකිද? 0 x 0 = 0 බින්දු දෙකක් තබා පණහක් එකතු කළත් එකක් වත් නො ලැබේ. නමුත් අප උතුම් ජාතියේ දරුවන්ට-කිසිවක් නැතිව මේ මහා ලොකයේ හැමදාම හිටි කෙනෙකු විසින් මීට අවුරුදු පන්දායකට පමණ පෙර තැනූ බව උගන්වති. බින්දු කීයක් එකතු කළත් බින්දුවක්ම මිස එක දෙක ආදි වටිනා ගණනක් නොලැබෙන බව සලකා ගත හැකි කිසිවෙකුට අද්ර ව්යටයකින්-වචන මාත්රයයකින් මේසා විශාල ගල් පර්වත සාගර ඇළ දොළ ගංගා ආදිය ඇති ලෝකයක් කොතරම් සමර්ථයෙකුට උවත් සාදන්ට පිළවන් බව අවබෝධ කරවන්ට බැරි නමුත් දැන් දැන් අපේ දරුවන්ට ඒ අඥාන කථාව පිළිගැණීමට තරම් ඔවුන් අඥාන වීමට ඉඩ ඇර අපේ රටේ ප්රඥධානීහු උපෙක්‍ෂාව සිටින්නාහුය. ඉතාමත් කුඩා කාලයේ පටන් ළමයෙකුට, එකක් දෙකක් හතරයි’ කියා ඉගැන්නුවොත් ඒ පුරුදු වූ ලමයාට ඒ වැරදි බව ලොකුවූ පසුත් නො දැනෙන්නාසේම-මේ පුහු මැවිල්ලත් අනාර්ය සිරතුන් යම් ළමයෙකුට පුරුදු කරණු ලැබුවොත් ඔහු ලොකුවුනාට පසුවත් ඒ කුඩා




පියදාස සිරිසේන නවකථා එකතුව 315

කාලේ පුරුදු පුහුණු වු දේ කෙරෙහිම ප්රි යවන්නේය. ‘අවිජ්ජා පච්චයා සංඛාර, සංඛාරා පච්චයා විඤ්ඤාණං. විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සලායතනං, සලායතන පච්චයා ඵසේසා, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා භවො, භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණ සොක පරිදෙව දුකඛ දෙමනස්සු පායාසා සම්භවතති’යි යන මේ තර්කානුකූලවු උසස් ශාස්ත්රාිනුකූලවූ මේ ප්ර ත්ය, සමුත්පන්න ධර්මය ප්රයගුණ කළාවූ ප්ර ත්ය‍ක්‍ෂ කළාවු සිංහල ජාතියෙන් පැවත එන්නන්ට හේතුවක් නැතුව බලයක් ඇතිවේයයි කියන අශාස්ත්රියයවූ අඥාන සිතිවිලි මාත්ර්ය අදහන්ට ඉ‍ඩ හළ සිංහල ප්ර ධානීන්ට සාපවේවා! තමාගේ සන්තානයේ පවත්නා රොගාදි චේදනා මැඩපැවැත්වීමට ස්වකීය ශරීරයේම පවත්නා කෙශ ලොම ආදි කුණප කොට්ඨාශ සිහි කිරිමටත්-තමා‍ගේ සන්තානයේ පවත්නා ද්වේෂාදි චේතනා මැඩ පැවැත්වීමට- මා මෙන් අන්යායෝද සැපට කැමතිය-මට මෙන් ඔවුන්ටද සැපවේවා’යි මෛත්රියය වැඩිමටත්-තමන්ගේ සත්තානයෙහි පවත්නා මමය මගේය යන ආත්ම දෘෂ්ටිය සහගත මොහු චේතනාව මැඩ පැවැත්වීමට අනිත්යයය දුකඛය අනාත්මය යන අනිත්යො භාවනාකිරිමටත් පුරුදු කරමින් උන් සිංහල දරුවන්ට - සවර්ගයේ වැඩසිටින පියානන් වහන්ස මගේ කෑම මට දෙන්ටය’ මා ගලවා ගන්ටය’ මගේ සියල්ලක් ඔබවහන්සේගේ කැමැත්තය. කියා-තමාගේ කටයුතු අනුන්ගේ පිට පටවා බො‍රු සැනසිල්ලක් ලබාගන්ට පුරුදුවූයේ අපේ ප්රේධානීන්ගේ වරදිනි. උදේ සවස මව්පිය කුල දෙටුවන්ට වැදීමත් අත්පා මෙහෙවර කිරිමත් වෙනුවට ඒ මව්පියාදි කුලදෙටුවන්ගෙන් තමා ගරු බුහුමන් කිරිමත් තමගේ අත්පා මෙහෙ ග මව්පියාදි කුලදෙටුවන්ට නියම කිරීමත් සිද්ධවුයේ අපේ ජන ප්රෙධානීන්ගේ වරදිනි. ලජ්පා භය දෙක ස්ත්රී න්ගේ මහාර්යහරණයයි කී උතුම් ඉගැන්වීම අන්තිම මෝඩ කථාවක් කොට ලජ්ජා භය තැතිවිය ‘සීලාචාර’ ස්ත්රිීන්ගේ රන් ඔටුන්නකැයි අප රටට පුරුදුවූයේත් අපේ ප්රාධානීත් කුඩා දරුවන් ගැන නොසැලකු වරදින්ය. රත්තාවලි, ස්වර්ණතිලකා, සුමනා, නන්දා, පද්මා, පද්මිණි ආදි අර්ථාන්විත නාම වෙනුවට, අයිවි, කලරන්ඩා, නෙල්ලි, ඩේසි ආදි පුදුම නාම බෝවුනෙත් අපේ‍ ලොක්කන්ගේ වරදින්ය. නාබිය පටන් බොලට දක්වා රෙදි ඇද ඌර්ධව වඩාත් කාය සම්පූර්ණයෙන් වැසෙන සැට්ටය ඇද ඉක්බිති මුලු ශාරීරය වඩාත් සුරක්‍ෂිත ලෙස වැසීමට ඔසරිය නම් ඇඳුම් භාවිතා




316 ඩිංගිරි මැණිකා

කළ කුල ස්ත්රිරන්ට අධ:කායට බරු දැලක් වැනි ආරක්‍ෂා විරහිත සායක් ඌර්ධය කායේ තුනෙන් දෙපංගුවක් නිරාවරණයවන කොට හැට්ටයත් ඇඳීමට පුරුදු වූයේත් අපේ කල්පනා රහිත ප්රවභූන්ගේ වරදිනි. මේ ආදි වශයෙන් අනාර්ය කථා බහ, කෙළි සෙල්ලම්, ගමන් බිමන් ගනු දෙනු, ඇඳුම් පැළදුම්, නම ගම ආදි සියල්ලක්ම අපට අනර්ථකාරි ලෙස පුරුදුවීමට අත්යඳර්ථයෙන් ආධාරවන අබෞඬ ඉගැන්වීම රටේ පැතිරෙන්ට ඉඩ ඇර නි‍සොල්මන්ව-තම තමාට ඇති මහත් ධනස්කන්ධය තව තවත් තරකර ගනිමින් සිට හදිස්සියෙන් මිය යන සිංහල නාම ධාරි ධන වතුන්ට කුමක් කළයුතුදැයි කල්පනා කිරිමට කාලය පැමිණ තිබේ. සිංහල දරුවන්ට සිංහල කුල චාරිත්රා නුකූල ඉගැන්වීමක් ලබාගණීමට මාරගය ඇත නොකෙට යම ගමක් තිබේද, ඒ ගම සිංහල ප්රගභූන්ගෙන්-පරාර්ථකාමින්ගෙන්-හැබෑ මනුෂ්යපයන්ගෙන් සූන්යගවූ කුග්රාසමයක්ම වන්නේය. ඉතින් මහතානෙනි. ඔබ නිසා මට ඇතවූ උතුම් ආර්ය ගතියට ඔබ වෙනුවට දිවි දිමත් ප්රතමාණ නොවේ. වැඩිදුර නොලියමි-සැප වේවා!

මෙවගට-පෙම්වත්, ඩිංගිරි මැණිකා.”

මම මේ ලියමන කියවා සිල්වා මහතාට මෙසේත් කීවෙමි. “මාතර පළාත සම්බන්ධව මහා රාශියක් කරුණු කියන්ට තිබේ. ඒ සියල්ලක්ම මීලඟට ප්රබසිද්ධවන මගේ දෙවෙනි වික්රේම ක්රිියාවේදි එලිදරව්වේ. එයි ප්රනසිඬ වෙන්ට පෙර මාතර ධනවතුන්ගේ ඇස් නෑරුනොත් එවිට බලන්නෙමි. දැන් රැබෝවු බැවින් නිදමි”යි කියා සිල්වා මහතා සූදානම් කර දුන් ඇදේ නිදාගතිමි. පසු දින උදේම දුම්රියෙන් කොළඹට ආවෙමි. එහි අවුත් පෑලියගොඩ පැත්තේ තොරතුරු සොයන පිණිස රික්‍ෂා රථයකින් එහි ගිය විට පිරිවෙනේ මගේ මිත්රු උගත් ස්ථවිර පාදයන් වහන්සේ නමක් දැකීමට යන්ට උවමනා විය. උන්වහන්සේ ලක්දිව දැන් වාසය කරණ භික්‍ෂුන් අතර ශබ්දශාස්ත්රඋය දැනීමෙන් හා සීලාචාර භාවයෙන් සැලකිය යුතු කෙනෙකි. එදා රාත්රිබ පිරිවෙනේම නැවති සිටියොත් මැනවැයි කීයේය. මට රෑ කෑම උන්වහන්සේගේ කුලුපග වැදගත් දායක මහතෙකුගේ ගෙදරක සූදානම් කරණ බවද කීවේය. ඉතින් සවස පන්සිල් සමාදන්ව මල් පහන් පුදා බුදුන් වැද රාත්රි කෑම ගත් පසු නොයෙක් කරුණු ගැන කථාකරමින් අප සිටින තැනට වයස්ගත එක් පළාතක නායක තෙරකෙණෙක්ද පැමිණ යම් කිසි




පියදාස සිරිසේන නවකථා එකතුව 317

හෙයකින් කථාවට බැස්සේය. මෙය කියවන්නාට මහත් ප්ර යෝජන ලැබිය හැකි එම කථාව මෙහි නොයෙදා නොහැකියි.

නායක - දැන් අපේ මේ සොහිත තැන මහත්මයා ගැන කී තොරතුරු අසා මහත් ප්රීෙතියට පැමිණියෙමි. මමත් උඩ රට කෙණෙක් නිසා මහත්මයා ගැන ආඩම්බරවෙමි. මම - නායක හාමුදුරුවන් වහන්සේ උඩරැටියෙක්වූ මා ගැන ආඩම්බර වෙතත්-මම උඩරට සංඝයා ගැනත් ප්ර භූ මිනිස්සු ගැනත් කොපමණ කලකිරි සිටිනවාද කිවහොත් බොහෝ තැනවලදි මම උඩරට කෙනෙකු බවත් නොකීයමි. නායක - ඒ මොකද මහත්මයෝ? උඩරට උන්නාන්සේලාත් ප්ර භූහුත් නරකද? මම - අනේ! ඒක මොකට කියනවාද? ගරු කළ යුතු හාමුදුරුවරු දෙතුන් නමකුත් ප්ර්භූ මහතුන් හත් අට දෙනෙකුත් නැත්තාහයි කිව නොහැකියි. නමුත් ජාතිය-ආගම-ශාස්ත්රහය-පොදු ජනයාගේ දියණුව-සමගිය ගැන මින්තතුවක් වෙලා කල්පනා කරණ-සත පහක් වියදම් කරණ කෙණෙක් දකින්ට ලැබිම වල්ගා තරුවක් දැකීම වැනි වැඩකි. නායක - ඒ මොකද එහෙම කීවේ? පාතරට මහත්තැන් වාගේ ශාස්ත්රරශාලා-සමගම-ආදිය තබා ගෙණ වැඩකරණ ප්ර භූ ජනයා උඩරට විරල තමා. ඉතින් අන්නෑවේ සංඝයා මක් කරන්ටද? මම - පරාර්ථකාමි වැඩ කරණ මිනිස්සු හිඟවුනෙත් සංඝයාගේ නූගත් කම්ක-අධර්මාදිකමක්-අසමගියත් නිසාමයි. නායක - උගත් සංඝයා උඩ රට අඩුතමයි.නමුත් අපේ අසමගිය කුමක්ද? මම - තමුන්නාන්සේලාගේ අසමගිය මහමෙර සමානයි. බොරු නම්බුවත්-කුලමලත්-නිකාය හෙදත්-සියලුම අනර්ථවල මුල්වි තිබේ. නායක - සංඝායා අතරත් ලෝකයේ පැවතුනු ජාති භෙදය හා කුල භෙදය පවති. ඒක පාතරටත් එසේමය. තමුත් ඊට දොස් කිම යුතුද? මහත්මයා ‘අඩු ජාතියේ’ මිනිසුන් සමග සම්බන්ධ වෙන්ට කැමතිද? මම - ‍ලෝකයේ පැවතුනු කුලභෙදාදි දුශ්චරිත දුරුකොට කාටත්




318 ඩිංගිරි මැණිකා

සාධාරණව නිවන් සැප දෙන පිණිස උපන් බුදුහාමුදුරුවන්ගේ ‘පුත්රට’ මහාසංඝයා උඩරට උවත් පාතරට උවත් බුදුහාමුදුරුවන් වහන්සේ විසින් තුචජකොට හැරියාවූ කුල භේදය සැලකීම යුතුද? බුදු හාමුදුරුවන් එපාකළ ඒ භෙදය මුඵ රටටම අවැඩව තිබියදීත් සංඝයා විසින් පවත්වාගෙණ යාම කෙතරම් අපරාධයක්ද? මම ‘අඩු’ ජාතියක කෙනෙකු සමග තබා සිංහල ජාතියෙන් පිට කෙතරම් උසස් ජාතයක කෙණෙකු සමගවත් විවාහදි සම්බන්ධතාවයෙන් සම්බන්ධ නොවෙමි. නමුත් සිංහල ජාතියේ උසස් කුලයේ කෙණෙකු සමග නම් සම්බන්ධවීමට අදහස තිබේ. නායක - මහත්මයා කියන සමගිය ඇත කරන්ට පුඵවන් වුනත් උසස් ජාතිවල මිනිසුන් මිස පහත් ජාතවල මිනිසුන් මහණ උපසම්පදා කරන්ටයි බුදුන් අනුදැන වදාරා නැත. මම - සත්තකටම ඒක හැබැයි. ආර්ය චරිතය ආදි ශිෂ්ටාචාර රටවල උපන් මිනිසුන් මිස කාපිරි ආදි අතිශයින් මෙලච්ඡවු තිරිසනුත් හා සමාන මනුෂ්යන ජාතීන් මහණ කිරීමට තථාගතයන් වහන්සේ අවසරදී නැත. එසේ කළේ ඒ මෙල්ච්ඡ ජාතින්ට සියුම් ක්රතම ඇති චාතුරාර්ය සත්යඋ ධර්මය තේරුම් ගත නොහැකි බැවිනි. නායක - මහත්මයා ඉතාමත් අමාරුකාරයෙක් හැඩයි. මහත්මයාගේ ජාතිය සිංහල බව මටත් පෙනේ. නමුත් මොන ගොත්රයයේද? මම - ඇතතෙන්ම ස්වාමිනි. අද අපි ප්රනයෝජනවත් කථාවකට බැස්සෙමු. මම ලක්දිව පවත්නා ගොයිගම ගොත්ර්යට අයත් උසස් කුලයේ මිනිහෙක්මි. නායක - මහත්මයාත් කුල භෙදය සලකන බව ඔය කථාවෙන් පෙණෙවා නොවේද? මම - ඇත්තෙන්ම, මම කුල භෙදය සලකමි. නීච කුලේ මිනිහෙකු දැකීමටවත් මගේ හිත ප්රිකය නැත. නායක - එතකොට නීච කුලයෙන් මහණ කරන්ට හොඳද? මම - හොද නැහැ. දැන් සාසනයටත් සිංහල ජාතියටත් අන්තරාය වී තිබේන්නේත නීච කුලයේ මිනිස්සු මහණවිමයි. නායක - මේ මහත්මයා කියන්නේ අන්ඩර දෙමළයක! කුල භේදය සලකන්ටත් නරකලු. නීච කුලයෙන් මහණ කරන්ටත් නරකලු-



පියදාස සිරිසේන නවකථා එකතුව 319

ඉතින් මේකේ තේරුම මෙකද? මම - වැඩිදුර ලෝකයේ තොරතුරු කල්පනා නොකරණ අයට මගේ කථාව අන්ඩර දෙමළයක් වාගේ තමා. ඒ නිසා එය පැහැදිලිවීමට ජාති භෙදයත්-ගොත්රම භෙදයත්-කුල භෙදයත්-යන තුන පළමුකොට විනිශ්චය කරගත යුතුවේ. ස්වාමින්වහන්සේ ජාතියය කින්නෙත්-ගොත්ර්යය කියන්නෙත්-කුලයය කියන්නෙත් එකටමද? නැතහොත් තුනකටද? නායක - (ටිකක් තතනමින්) මහත්මයාත් ‘සිංහල ජාතිය’ පත්ර්යේ කර්තෘ කියන හැටියට ජාතිය තෝරාන්නෙක් හැඩයි . ඒ නිසා ඔහෙන්ම විස්තර කරන්ට හොදා. මම - හොදයි. අවසර. ඔන්න මාතෘ භාෂාව වශයෙන් එකම භාෂවක් කථා කරණ එක සමාන හැඩහුරුකම් ඇති එකම චාරිත්ර් වාරිත්රෙ සමාන්යා වශයෙන් පිළිපදින මිනිස්සු එකම ජාතියකට අයිතියි. සිංහල, දෙමළ, පාර්සි, බංගාලි, මරාති, ගුජරාති, ඉංග්රීකසි, ප්රංෙශ, ජර්මන් ආදිහු ජාතියි. ගොත්රියය කියනු ලබන්නේ එක පරම්පරාවෙකින් පැවත එන්නන්ටයි. කුලයය කියනු ලබන්නේ පවුලටයි. ඉතින් මේ ජාති අතර ආර්ය අනාර්ය කීයාත්-ගොත්රේ අතර පුරාණ හැටියට නානා කටයුතු කරන්නන්ය කියාත්-කුල අතර උස් පහත්ය කියාත් භෙදයක් පවති. අප රටේ වැරදි ව්ය වහාරය මුල් බැස තිබෙන නිසා කුලයට ජාතියය. ගොත්රරයය-ජාතියට ගොත්රබයය කුලයය-ගොත්රතයට ජාතියය. කුලය-කියාත් ප්රතකට නිසා මගේ කථාව මුළා නොවී තේරුම් ගතයුතුයි. නායක - එතකොට ලක්දිව හෙවත් සිංහල ජාතියේ පවන්නේ කුල දෙකද? මම - ලක්දිව හෙවත් සිංහල ජාතියේ පමණක් නොව කොයි රටවල හෙවත් කොයි ජාතිවලත් ඇත්තේ කුල දෙකක් පමණකි. නායක - හොදයි මහත්මයා කියන කුල දෙක මොනවාද? මම - උසස් කුලය-නීච කුලය යන දෙකය. නායක - උසස් කුලය කෝකද? පහත් කුලය කෝකද? මම - ගුණ ධර්මයෙහි පිහිටි සත්පුරුෂයන්ගේ කුලය උසස් කුලයයි. අධර්මවාදි අසත්පුරුෂයන්ගේ කුලය නීච කුලයයි. තමුන්නාන්සේලා මේ උසස් කුලයේ මිනිසුන් මහණ




320 ඩිංගිරි මැණිකා

නොකොට බොහෝවිට නීච කුලයේ අය මහණ කරති. සාසනයත් ජාතියත් විනාශවුනේ ඒ වැරැද්දෙනි. නායක - මට මහත්මයාගේ කථාව පුදුමයි. අපේ නිකායේ මහණ කරන්නො ‘‍ගෙයිගම’ මිනිස්සු පමණකි. ඉතින් ඒ නීච කුලයේ මිනිස්සුද? මම - මට ඕනෑකර තිබෙනෙත් ඔය වචනයම තමයි. ගොයිගම කියන්නේ කුලයක් නොව ගොත්රනයකි. එම ගොත්ර.යෙන් කරාව, දුරාව ආදි ගොත්ර්වලත් උසස් කුලය. පහත් කුලය කියා කුල දෙක දෙක තිබේ. කොටින්ම සියලුම ගොත්රසවල මිනිස්සු උතුම්ය-නීචය-කියා අනිත් ලෝක වාසින්ගෙන් වෙනස්වූ එක ජාතියක්විමු.ඊලඟට ගොයිගමය, කරාවය, දුරාවය ආදි වශයෙන් ගොත්රු රාශියක් බෙදුනෙමු. ඊට පසු නා නා ගොත්රෙවලට අයත් අපි සියලුදෙනාම උතුම්ය.නීචය කියා කුල දෙකකට අයිතිවිමු. නායක - නමුත් කීර්ති ශ්රී රාජසිංහ රජතුමා ගොයිගම මිනසුන් ඇර වෙන ගොත්ර යකින් මහණ කරන්ට එපා කර තිබේ. ඒ නිසා ඒක අපේ නිකායේ තවමත් පවති. මම - කීර්ති ශ්රීි රාජසිංහ රජතුමා ඔය විධියටම කීබව මම නෑසිමි. බුදුහාමුදුරුවන් විසින් අනුදැන වදාරණලද්දේ ‘කුලප්රටත්ර යන් මහණ කිරිමට’යි. එයින් ප්රතකාශ වන්නේ උසස් කුලයේ හෙවත් උතුම් කුලයේ දරවන් මහණ කිරිමටයි. ඒ අනුව ක්රි්යා නොකොට දැන්වාගේම සරණංකර සංඝරාජ ස්වාමින්වහන්සේගේ කාලයේත් පහත්-නීච කුලවල මිනිසුන් මහණ කිරිම නිසා සංඝ ගෞරවය නැතිවන බව දුටු ශ්රලද්ධාවන් කීර්ති ශ්රීක රාජසිංහ රජතුමා ‘කුලපුත්රදයන්ම පමණක්’ මහණ කිරිමට ආඥාවක් ඇති කොට තිබේ. ඊට හේතුව අනුන්ගේ ගේවල දර දිය අදිමින් සිටි වාලෙක් මහණකරණු ලැබ සිට රජු දැක බියපත්ව අවුත් රජුට වැදිමය. ඉතින් ඒ රජතුමා බුදු හාමුදුරුන්ගේ නියමයවූ (උසස්) කුලපුත්රරයන් පමණක් මහණ කළ යුතුයයි ශාසනාලයෙන් ඇති කළ පණත කඩකොට ඇන් ඇනිත් ගොත්රේ වලට අයත් උසස් කුල දරුවන් මහණ කොකොට ගොයිගම ගොත්රකයේ උස් පහත් කුල දෙකේම දරුවන් පැවිදි කරති.




පියදාස සිරිසේන නවකථා එකතුව 321


නායක - දැන් මහත්මයා කියන්නේ සෑම ගොත්ර වලම කුලපුත්ර2යොත් නීචයොත් ඉන්නා බවද? මම - අනේ ! නමස්කාර වේවා ! මම සැමදාම සෑම තැනදීම කියන්නේ ඒක තමයි. නායක - එතකොට මහත්මයා කියන්නේ අපේ මහණ කිරිම වැරදි බවද? මම - සත්තකෙන්ම, බුද්ධ නියමයටත් රාජ නියමයටත් යන දෙකටම විරුද්ඛව ඔබවහන්සේලා මේ මහණකම කරති.සර්වඥයන් වහන්සේගේත් රජතුමා‍ගේත් වචන තත්වු පරිද අවංක තෝරා ගන්ට කාටත් මේ කාරණය මෙසේ බව මට මෙන් වැටනේ. යම් ගොත්රදයක මිනිස්සු ඔවුන්ගේම වාසියට යමක් සම්මත කර ගෙණ තිබුණු පලියට අපත් ඒ ගොත්රසයටම අයත්ව උපන් පලියට ඇත්ත දුටු හැටියේ ඒ ගැන කථා කිරිමට කොහොත්ම බිය විය යුතු නැත. සිංහල ජාතයේ කොයි ගොත්රියක උපන් නමුත් සෘජු ගතිය ඇති විය යුතුයි. සැඟ වී තිබුණු වරදක් නමුත් එලිවුනුදාට පිළිගැණීම අභිවෘද්ධිකාම සත්පුරුෂයන්ගේ යුතුකමකි. නායක - හොදයි මහත්මයාගේ පුදුම කථාවට මමත් ‘හා, හු’ කියන්නෙමි. ගොයිගම කුලේ නීචයන් සිටින හැටිත් අනිත් ගොත්ර්වල කුල පුත්රැයන් සිටින හැටිත් මට තේරුම් කරදුන්නොත් හොදා. කුලයත් නුකුලයත් හෙවත් උසස් කුලයක් නීච කුලයත් දෙකද කියන්ට කෝ.

මම - බොහොම හොදයි, ස්වාමින්වහන්සේට ඒ කාරණය නමස්කාර පෙරටු ව විස්තර කරන්නෙමි. කුලයට හෙවත් උසස් කුලයට අයත් මිනිස්සු නම්:-ධාර්මික නිවහල් රැකිරක්‍ෂා වල්-එනම්-ගොවිකම වෙළදාම ආදිය කරන්නාවූ, මුදලි මුහන්දිරම් ආදිවූ ආණුඩුවේ වැදගත් කටයුතු කරන්නාවූද, නිවහල්ව දැව, යකඩ, රන් , රිදි,ආදි නිවහල්ව දැහැමෙන් සෙමෙන් කල්යවන්නාවූද මිනිස්සු කොයි ගොත්රණයකට අයිත් නමුත් කුල ප‍ුත්ර යෝ වෙති. හෙවත් උතුම් කුලයේ මිනිස්සු වෙති. අනුන්ගේ දාස මෙහෙ කරන්නාවුද, සතුන් මැරිමාදියෙන් ජිවිකාව කරන්නාවූද, සුරා විකීණිම සුරා පෙරීම ආදියෙන් ජීවත් වන්නාවූද, අනුන් පොළා තළා ධන උපයා ගෙණ ජිවත්වන්නවූ මිනිස්සු කොයි



322 ඩිංගිරි මැණිකා

ගොත්ර්යකට අයිති නමුත් කුල පුත්රඋයෝ නොවෙති. හෙවත් නීච කුලයේ මිනිස්සු වෙති. මේ මා කියනලද්දේ උස් පහත් කුල දෙකේ මිනිස්සු දැන ඇදින ගැනිමට ඔවුනොවුන් කරණ කියන බාහිර කටයුතුය. ඔවුන්ගේ අභ්යනන්තර ගුණ ගති මෙසේ දතයුතුයි. උසස් කුලයේ මිනිසා සෑම වේලේම ප‍රාර්ථකාමිවේ. තමා දුක් විදලාවත් අනුන් සුවපත්කිරිමට සතුටු වේ. පර හිංසාවට කැමති නොවේ. තම ජාතියේ මිනිස්සු අතර සමානාත්මතා ධර්මය ඇත කිරිමට වීරය ගණි. සිය ජාතික පරණයන් කෙරේ භක්ත්යාාදරයක් දක්වයි. ස්වකීය ජාතික ආගම හා කුල චාරිත්රක දිවි ගියත් වෙනස් නොකරයි. මාතෘ භාෂාව කෙරේ මහත් ආදරයක් දක්වයි. සෑම වෙලේම ස්වජාතිකයන් සදහා වැඩකරයි. මේ උසස් කුලයේ මිනිසාගේ ගුණාංගයි. නූකුලවතා හෙවත් නීච කුලයේ මිනිසා දැඩි ආත්මාර්ථ කිමියෙකි. තමා කෙතරම් සැප විදිතත් සැප විදින අන්යියන්ට ඊෂියා කරයි. අනුන් නිසා කිසිවෙහෙසක් මහන්සියක් වියදමක් නොදරයි. සතුන් මැරිමාදි දුශ්චරිතයට ඉතාමත් සතුටුය.තම ජාතියේ මිනිසුන් අතර සමානාත්මතා ධර්මය නැතිකොට තමාම උසස් වීමට වීර්ය දරයි. සිය ජාතික පැරණියන්ට පිළිකුල් කරමින් අවමාණ කරයි. ස්වකීය ජාතික ආගම හා කුල චාරිත්රළ අත් හැර දමයි.මාතෘ භාෂාව ඉතාමත් අගෞරව එකක් හැටියට සලකයි. කිසි දිනක ජාතියේ දියුණුවට වැඩක් නොකරයි. මේ නුකූලවතාගේ හෙවත් නීච කුලයේ මිනිහාගේ ගුණාංගවේ. ගෙයිගම ගොත්රේයේ නීචයන්ද ඉන්නා අතරම අන්ය ගොත්රගවල කුල පුත්රමයන් ඉන්නා බවත් ස්වාමින්වහන්සේට ඔප්පු කරන්නෙමි. ඔන්න ධාර්මිකව කාලය ගතකරණ උගත් ධනවත් කරාව ගොත්රටයේ මුදලි කෙණෙකුට ස්වාමින්වහන්සේ ආමන්ත්රඋණය කරන්නේ කොහොමද? නායක - රාළහාමි කියාය. මම - උන්නැහේගේ පුත්රෙයාට? නායක - හාමු කියාලයි. මම - ඒ මුදලිතුමා‍ගේ ගෘහය කුමක්ද? පැලද-වලව්වද? නායක - වලව්ව. මම - බොහොම හරි, හාමුදුරුවොත් ඇත්ත කියති. දැන් මගේ හිත


පියදාස සිරිසේන නවකථා එකතුව 323

ප්රීාතිවුනා. ඉතින් කරාව ගොත්ර යේ උපන් උගත් ධනවත්, ධාර්මික මුදලි තුමාට රාළහාමි-(රදළ ස්වාමි) යයිද උන්නැහේගේ පුත්ර?යාට හාමු (ස්වාමි දරු) යයිද උන්නැහේගේ ගෙට වලව්වයයිද-කියනු ලැබේ. ඉතින් එතුමාත් එතුමාගේ පුත්රඋයොත්-උසස් කුල පුත්රයයෝද? නායක - (තුෂ්නිම්භූතවෙයි) මම - හොදයි . තුෂ්නිම්භූතව ටිකක් ඉන්ට-ඉතින් කරාව ගොත්ර?යේ මදලිතුමාගේ වලව්වේ දොරටු පාල වාඩේ කරණ පුවන් අප්පු සුරා බීම, සතුන් මැරිම, ආදයත් කරණ මසකට රුපියල් දහයේ පඩි ලබන කෙනෙකි. පුවන් අප්පුගේ ස්ත්රිආයද ඒ වලව්වේම දර දිය ඇදිමාදියෙන් මොකවත් ලබා ගනී. ජුවන් අප්පුගේ කොඵවා වන අබරාද, වලව්වෙ හාමුලා කා ඉතුරු කරණ දේ කා රැකේ. නමුත් ජුවන් අප්පු ගොයිගම ගොත්රායේ මිනිහෙකි. ඉතින් පුවන් අප්පු කුලපුත්රගයෙක්ද? නායක - (ඈනුම් අරි) මම - බොහොම හොදයි ඈනුම් අරින්ට-ඉතින් අරකී අදල ස්වාමි වන මුදලිතුමාගේ පුත්ර හාමු (ස්වාමිදරුවා) ගෙනුත්. දාසයෙක් වන පුවන් අප්පුගේ පුත්රු අබරාගෙනුත්-තමුන්නාන්සේලාගේ නිකායේ මහණ අපසම්පදාව දෙන්නේ කාටද? නායක - (උගුර කට වේලි බලා ගෙණ ඉදි) මම - අනේ හාමුදුරුවනේ-ගොයිගම ගොත්ර්යට අයත් නීච කුලයේ අබරාට මහණකම දෙන්ටත් කරාව ගොත්ර යේ උසස්කුලයේ හාමුට මහණකම නොදෙන්ටත් පිළියෙල කර ගත්තාට වඩා අයුත්තක්-අනර්ථයක්, අධර්මක් තවත් ලෝකේ ඇද්ද? සර්වඥයන් වහන්සේත් කීර්ති ශ්රීන රාජසිංහ රජතුමාත් නියම කර තිබෙන්නේ ‘කුලපුත්ර්යන්’ මහණ කිරිමටයි. මක්නිසාද යත් ත්රීත හෙතුක කුසල විත්තයෙන් උත්පත්තිය ලබන සියලු දෙනාම කොයි ගොත්රතයක නමුත් උසස් කුලයකම උපදින හෙයිනි.ශ්ර මණ ධර්මය හොඳින් පිරිය හැක්කේ ත්රිකහෙතුක කුසල චින්තයෙන් උපදින පින්වතුන්ට පමණකි-කොයි ගොත්රමයක උවත් සුරාපානාදි දුසිරිත් කරණ නීච කුලයේ උපදින්නෝ සතර අපායෙන් චුතවන කාලකණ්ණිහුය.




324 ඩිංගිරි මැණිකා

එබන්දන් මහණ කළ විට ශාසනයත් ජාතියත් පිරිහෙත්. මගේ අනිත් වික්රනමය ප්රරකාශවන දෙවෙනි පොතේ-හෙවත් “විමල තිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය” නමැති පොතේ යහමින් කරුණු අඩංගුවේ. හෙට උදේම යන්ට තිබෙන බැවින් නිදිමරන්ට අමාරුය”යි කියා කාමරයට වැදි නිදාගතිමි. පසු දින උදේ නැගිට පන්සිල් සමාදන්ව බුදුන් වැඳ-මා මිත්ර ස්වාමින් වහන්සේගෙන්ද අවසර ගෙණ මරදානේ-දුම්රිය පළෙන් දුම්රියට නැඟී එදා දවල් බතට නුවරට යාගත්තෙමි. ඒ මා යන දුම්රියේ ගිය මහතෙකුගෙන් අසනලද කවි තුනක්ද මෙය කියවන්නාගේ ප්ර යෝජනයට ලියමි.

“ අ හ සි න් යනෙන දෙවියේක් මහ ඉදු බැලැ තී දු ටි ත න් යම් තැනක මත්පැන් අවැඩ ඇ තී එ ත නි න් සියක්ගව් දුරුවි වහා ය තී එ බැ වි න් සුරා බොන මිනිසුනි නුවන නැ තී

සු ර ලො වි න් බසින උතුමෙක් දරුකම ට කො යි ලො සි න් ඒද තොපගේ ගෙදරක ට ප වු බ රි න් බරවු තිරිසත්තු හැමවි ට ද රු වෙ මි න් ඉපද දුක් දෙති සියලු වි ට

එ නි සා සුරා බොන අය දිවි තිබෙන තු රූ ස ල සා ගන්ට නුසුදුසු වෙත්ය අඹුද රූ ස දො සා සුරා බොන හිමියෙකු අවැඩක රූ උ දෙ සා වෙහෙස නොවිදව් ලඳුනි පියක රූ”


09.පරිච්ඡේදය[සංස්කරණය]

නු වරට ගොස් අඩු පාඩු ඇඳුම් වගයක්ද ලෑස්ති කරගනිමින් ශරීර කලාන්තය දුරුවන පිණිස දෙතුන් දවසක් එහිම සිටියෙමි. රන්භණ්ඩාගේ තොරතුරු විමසූ නමුත් කිසිවක් දැන ගන්ට බැරි විය. ඩිංගිරිමැණිකා සෙවීමට පොඩියා කී පැත්තට යන්ට සිතා රියෙන් කුරුණැගලට පැමිණියෙමි, මා මිත්ර තොතාරිස් රාළහාමි කෙණෙකුගේ ගෙදරට පැමිණ නවාතැන්ද ගතිමි. මා කෙරේ අවංක හිතෛෂි භාවයක් ඇති ඒ රාළහාමි සමග මා කෙරගෙණ යන ගුප්ත පරික්‍ෂණය සම්බන්ධ තො‍රතුරු කීවිට උන්නැහේ පුදුමව “ඔය කියන

පියදාස සිරිසේන නවකථා එකතුව 325

ඩිංගිරිමැණිකේ සෙවීම-සුරා පානය කරණ අයෙකු තුළ උතුම් ගුණධර්මයක් සොයාගැණීම වැනි දුෂ්කර ක්රිකයාවකි. නපුරු වනාන්තර සහිත පළාත්වල ඇවිද අන්තරායට පත්වෙන්ට එපාය”යි මට හිතවත් කම නිසා කීයේය. එවිට මම සිනාසී “අනේ රාළහාමි, මේ කුණු ශරීරයේ ඵලය හුඟක් කල් ජිවත්වීම නොවේ.පරාර්ථකාමි ක්රිීයා වික්ර මවත් ක්රි යා-සූර ක්රිසයා කිරිම පමණකි.

“ද හ ස ක් වසක් විසුවත් රජ සැපත් වි ද පි හි ට ක් පරලොවට එම විසුමෙන් කිම ද සැ ප ත ක් අනුන්හට සලසන සත සුහ ද ද ව ස ක් එකම විසුවත් එපමණ මදි ක”

යනු මට ප්ර ත්යකක්‍ෂවී තිබෙන කීමකි. ඩිංගිරිමැණිකා ජිවත්ව සිටින්නීනම් නොඅනුමානවම ඈ සොයන්නෙමි”යි කීමි. කුරුණෑගල නැවතී සිටි දවස්වල නගරයේත් අවට ගම්වලත් හැම තැනම වාගේ ඇවිද්දෙමි. බොහෝ අශික්‍ෂිත ස්ත්රී්හු මේ නගරයේ වෙසෙති. වැදගත් මව්පියන්ගේ දරුවන් බොහෝදෙනා පාප මිත්රව සේවනයෙන් සුරාපානාදි දුශ්චරිතවලට වැටී විනාශවන අයුරු ඉතා කනගාටුදායකය. මෙහි පොලීසියේ ඉන්නා සාර්ජන්ට කෙණෙකුගේ නිර්භීත කමක් තම රාජකාරිය ඉෂ්ටකිරීමේදි ජිවිතාපෙක්‍ෂවකුදු නැතිව ඉදිරියට යාමත් ඇසු මම අතිශයින් සතුටුවීමි. සුරාපානය නැති කිරිමට රැ දෙවෙහි වීර්ය කරණ මහත්වරු තුන් හතර දෙනෙකු සම්මුඛව ඔවුන්ගේ ධෛර්යවත් භාවය දුටු මට පිරිසිදු සිංහ ලේ ඇතියෝ අතරින් පතර තවමත් ඉන්නාහයි ජාති මානනය හටගත්තේය. ඉතින් කුරුණෑගල ඉදිමෙන් මගේ කාරණයට කිසි පලක් නැති බව පෙනී මගේ වටිනා නොයෙක් බඩු සහිත පෙට්ටිය නොතාරිස් රාළහාමිගේ ගෙදර තබා මහල්ලෙකු ලෙසත් ස්ත්රිහයකු ලෙසත්‍ වෙස් වලාගත හැකි ඇඳුමද-අකුලන ලොකු පිහියත්-පතරොන් සහ පිස්තොලයත් විදුලිසැර පුරවනලද අත් ලාම්පුවත් මුදලෙන් රුපියල් විසිපහකුත් ඉටිපන්දම් ගිනිපෙට්ටි ආදි තවත් අවශ්යම සුලු දේවලුත් රැගෙණ මේස් සපත්තු ලිහා තබා රෙද්දක් හා කෝට් එකකින් සැරසී උදේ නවයට පමණ කුරුණැගලින් අනුරාධපුර පැත්තට යන දුම්රියේ නැඟී ගොස් ගණේවත්තේ දුම්රියපළෙන් බැස්සෙමි. මේ වෙලාවට පහළට එන දුම්රියක් එතනදි මාරුවෙන බැවින් මිනිස්සු දුම්රිය පලේ පිරි සිටියහ. මම දුම්රියෙන්



326 ඩිංගිරි මැණිකා


බැස ඒ මිනිසුන් දෙස පරික්‍ෂා‍කර බලනවිට මා දෙස සැක සහිතව බලන මිනිහෙක් දුටුවෙමි. මේ වයසක මිනිසා අතේ මාඵ කීපයක්ද තිබේනේය. ඔහු යම් යම් දේ ගෙණෙන පිණිස කුරුණෑගල යන බව හැඟුනේය. දුම්රියපලේ වැසිකිලියට වුවාවි-මා අතේ තිබෙන සුඵදේ විශාලකර පෙන්වන කන්නාඩියෙන් ඔහු දෙස හොදින් බලා ඔහුගේ හැටි හිතේ ඇද ගතිමි. ඉක්බිති තේ වතුර කඩයකට ගොස් පාන් කෙසෙල් ගෙඩි කා තේ වතුර බී පාන්ගෙඩි දෙකක් හා කෙසෙල් කැන් ඇවරියක්ද රැගෙණ ඒවා කඩදාසි කොළයක දවටා ඇඳුනුත් සමග පොට්ටනි කරගෙණ නැගෙණඉර අතට තිබෙන අඩිපාරේ ගමන් ගතිමි. හැතැප්ම තුනක් විතර යනවිට මීහරක දක්කාගෙන එන කොලුවෙකු සම්මුඛව මේ කිට්ටුව පුරාණ පන්සලක් තිබෙන්නේ කොහේදැයි ඇසුවාම ‘අං අර පේන කන්දේ තිබෙනවා මහා කැලේ-එහි යන්ට බැහැය’යි කොඵවා කීවේය. තද අව්වේ වේල්ල උඩින් ද කැලෑමැදින් ද ගොස් සවස තුනට ඒ කන්ද පාමුල පිහිටි-දිරාගිය ගෙවලින් යුක්ත පන්සලට යාගත්තෙමි. ඒ වේලාවට එහි කිසිවෙක් නොසිටියේය. පන්සලේ මුල්ලක ලිප බැද ගිනි පත්තු කරණ බවට ලකුණු තිබුනේය. එහි කුඩා වලන් කීපයක්ද තිබුනේය. මේ දැකීමෙන් මගේ හිතට මදක් සතුටු ඇතිවි-ඒ තිබුණු මුට්ටියක් රැගෙණ ගොස් පන්සල අසල තිබෙන කුඩා වැවෙන් වතුර ගෙණවුත් මා අතේ තිබුනු පාන් ගෙඩියකින් කැබෙල්ලක්ද කෙසෙල් ගෙඩි දෙකක්ද කා වතුර බී මුල්ලක තිබුනු දිරා ගිය පැදුරු කබලත් ඵලාගෙණ ටිකක් හාන්සිවි කල්පනාකරමින් සිටියෙමි. සවස හයවන තුරත් කිසිවෙක් පන්සලට නාබැවින් මගේ සිත විතර්කවලින් පිරි ගියේය. කාන්තිමත් සද එළියෙන්ද ප්රිවයාවූ කොකිල නාදයෙන්ද මදක් දොම්නස් අඩුකර ගත්තෙමි. මෙබදු වනාන්තර වල හා ජනසූන්යක ස්ථානවල ඉදිමට හෝ වෙන අනතුරු ගැනත් කිසි භයක් නැති මම ටිකක්වෙලා නිදා ගතිමි. රාත්රි තුනට පමණ වල් ඌරු රැළක් අවුත් කරදර කරන්ට විය. ඔවුන් එලවාදමන්ට අවදිවුවායින් පසු නැවත් නිදාගන්ටද බැරිවිය.එදා පහන්විය. මේ එළිවූයේත් සිකුරාදාටය. මගේ පාන්‍‍ ගෙඩි ඵකහමාරෙන් හමාරත් කෙසෙල් ගෙඩි දෙනෙකුත් කා බී පන්සල් වත්‍‍‍‍ ‍ෙත්ම ඔබ මොබ හැසිරෙමින් සිටියෙමි. ඒ අතර මදක් කසාවන් පාට කිලිටිවු රෙද්දක් එකාංශකොට පොරවාගත් හැට අවුරුදු පමණ වයසැති පැසීගිය දික්වූ රවුලක් ඇති සිංහල මනුෂ්යතයෙක් පොට්ටනියකුත් අතින් ගෙන එනු දැක මම එවලේම එහි පැමිණියකුමෙන් හැ‍ඟෙන්ට සිටියෙමි. ඒ තපස්



පියදාස සිරිසේන නවකථා එකතුව 327

රකින මිනිසා මා දෙස ඉතා පරිකෂාවෙන් හත් අට වරක් බලා ‘උඹ කොහේ යනවාදැ’යි ඇසීය. මම කුමක් කියම්දැයි පිළිතුරු පමා කරණවිට තපස්වරයා කිපියාසේ ‘උඹත් හොර රංචුවේ එකෙක්දැ’යි ඇසීය. එවිට මගේ හිත මහත්සේ ප්රිබෝධව තපස්වරයාට මහා භක්තියක් ‍පෙන්වා, ‘අනේ පින්වතානෙනි, මම වල්මත්වී යන මිනිහෙක්මි, ගණේවන්තේ සිට අන්දරගමුවට යන පිණිස ආමි. පාර වැරදි අහගන්ට කෙනෙක් නොලැබ මේ පන්සල දැක මෙහි පැමිණයෙමි. මම හොරෙක් නොවෙමි’යි කියා මා අතේ තිබුණු පානගෙඩියත් කෙසෙල්ගෙඩිත් තපස්වරයාට පිළිගන්වා මට සමාවෙන්ටයයි ඇයැදියෙමි. පරහිංසාවෙන් හා දැඩි ආත්මාර්ථකාමි භාවයෙන් තොරවූ සත්පුරුෂයන් කෙරෙහි කෙබන්දෙකුගේ උවත් ඇල්මක් ඇතිවිය ඒකාන්ත හෙයින් ටිකවේලාවක් යන විට තවුසා මගේ තොරතුරු ඇසුවේය. මා කඵතර පළාතේ කෙනෙක් බවත් ලී ඉරීමට පුරුදු බවත්, අන්දරගම්වේ ලී වගයක් ඉරණ බාස් කෙනෙකුගේ කීමට කළුතර හිටලා ආබවත් කීවාම ඔහු ඒ විශ්වාසකොට, ‘හොදයි, දැන් උඹට අන්දරගමුවට යන්ට බැරිය. ඒ ගමට යන පාර පසු කොට හැතැප්ම පහක් පමණ මෙහාට ඇවිත් තිබේ. ගණේවත්තේ සිට හැතැප්ම හතක් ගොස් උතුරට තිබෙන පාරෙන් තවත් හැතැප්ම හයක් පමණ ගියවිට උඹ කියන ගමට යාගත හැක. අද දවල් වුන නිසා මේ කට්ටඅව්වේ යන්ටත් බැරිය. හෙට උදේ රැයින්ම පලයන්නැ’යි කීයේය. මමද ඉතා ගෞරවයෙන් එය පිළගෙණ තවුසාගේ තොරතුරු ඇසුවෙමි. ඔහු පාතරට මිනිහෙකි. දිර්ඝ කාලයක් හස්තකර්මාන්තය කරමින් සිටි ලොකු පවුල්කාරයෙකි. දූවරු දෙදෙනෙකුත් පුත්තු හතරදෙනෙකුත් ඇති හෙතෙම ඒ දූ දරුවන්ට ආවාහ විවාහ කර දුන් පසු වයස් ගත ස්වකීය බිරිද තවත් පුරුෂයෙකු කෙරේ ආලයෙන් කල්ගත කරණ බැව් දැන ගැණීමෙන් ගිහිගෙට කලකිරි මහණවීමටද රුචි නැතිව මේ පාඵපන්සලේ තපස් රකින කෙනෙකි. ඔහු ලඟ සහල් ආදි කෑම උපකරණ තිබුණු බැවින් දවාලටත් බත් පිසන්ට සූදානම්ව මට වතුර ගෙණෙන්ට කීය. කොහේදෝ සඟවා තිබී ගෙණවුත් දුන් කලගෙඩියෙන් වතුර ගෙණවුත්දි දරද කඩාදි තවුසාට ආහාර පිසීමට ආධාර කෙළෙමි. බත් හා එක හොද්දක් හද මටද බඩපුරා කන්ටදි තපස්වරයාද ආහාර අනුභව කළේය. ඉක්බිති පන්සලට දකුණු පැත්තෙන් පෙණෙන මහා කන්දදෙස බලමින් ‘අනේ පින්වතුනි’ අර පෙණෙන කන්‍ද කුමක්ද? එහි පුරාණ දේවල නැද්දැ’යි ඇසුවෙමි. එවිට තපස්වි තැන මාදෙස බලා- “අන්න මිත්රහයාට පිළවන්නම් ගොසින් බලන්ට සුදුසු නැත! ඔය



328 ඩිංගිරි මැණිකා

කන්‍ද එහෙම පිටින්ම විහාර, ගල්ගෙවල්, උමං, ලින්, පොකුණු ආදියෙන් යුත් පුදුම තැනකි, මම මීට සති දෙකකට පළමු එහි ගොසින් ආවෙමි. කොටි ආදි රෞද්ර සත්තුන් එමට සිටිති! මිට මාස හත අටකට ඉස්සර නිතරම පාහේ දවල් දවසේ ඔය පර්වතයේ තිබෙන රම්යස ගල්තලාවක් උඩ ඉදගෙණ භාවනා කළෙමි. නමුත් ඔය ගල්ගේක ඉන්නා සොරු රංචුවක්-කොහේදෝ පළාතකින් ලක්‍ෂණ තරුණියක් ගෙණවුත් එකළොස් දෙනෙක් පමණවු ඔවුන් අතරේම හෙද ඇතිවි මටත් ඒ පළාතට යාම තහනම් කොට මහා ගිනිමර කෝලහල ඇතුව තුබුනේය. දැන් කලක සිට ඔවුන් දකින්ට නැත. මට ඒ තරුණිය පෙනුන නිසා මගෙන් ලෝකයාට ආරංචිවේය යන භයෙන් ඔවුහු වෙන පළාතට සැඟවී ගියාට සැකනැත. මාහා මිනීමරු හාදයෝ කීපදෙනෙක් ඒ පිරිසේ උන්නාහ. පුදුම යහපත් මිනිහෙක්ද ඒ හොරු රංචුවේ උන්නේය. ඒ මිනිහා සිටි නිසා මමත් යන්තම් ගැලවුනෙමි”යි තපස්වරයා ලුහු‍ඬෙන් කී කිරණය මම ඉතා විස්තරයෙන් තේරුම ගතිමි. මේ ඇසු මට ඉතාමත් සංවේගයක් ඇතිවිය. මෙබදු රංචුවකට ඇසුවන ගෑණූ ළමයෙකු කෙසේ ගලවා ගතහැකිද? ඈට වැඩිකලක් ජීවත්වන්ටද ලැබීම දුෂ්කර කාරණයකි. ඒ කොයි හැටි නමුත්-වෙන පළාත්වල නිකරුනේ ඇවිද්ද දවස් විස්ස මේ පළාතේම ගතකරණ ලද්දේ නම් මොකවත් දැනගන්ට තිබුනේය’යි සිතමින් තපස්වරයාට නැවතත් කථාකොට “පින්වතුනි. ඒ කන්දට ගොස් එහි තිබෙණ පිළම, විහාර, දැගැබ්, ගල් ගෙවල්, ලිං, පොකුණු ආදිය බලන්ට ඇත්නම් මට මහා ලාභයකි. තමුන්නාන්සේත් එන්නෙහි නම්-මමත් යන්ට කැමැත්තෙමි”යි කීවෙමි. තපස්වරයා මගේ ශ්රමද්ධාව ගැන සතුටුවූ නමුත් ඔහු අනුරාධපුරය, මිහින්තලාව ආදි ස්ථානවලට ගොස් කීප දවසක් වන්දනාවේ ඇවිද ආබැවින්-ශරීර ක්ලාන්තය නිසා කන්ඳට නැග ගන්ට අමාරුබව කීවේය. ‘එහෙනම් මම ගොසින් එන්ටදැ”යි ඇසුවාම, ‘ඔව් භය නැත්නම්-ශ්රුද්ධාව තිබේ නම්-ඉක්මනට ගියොත්-හවස්වෙන්ට ඉස්සරින් එන්ට පිළිවනැ”යි කීයේය. එවිට මගේ කළමනා සියල්ලත් රැ ගෙණ-දවල් දොළහට පමණ යාපහු කන්දට නගින්ට පටන් ගෙණ පන්සලේ සිට හැතැප්ම පහක් පමණ දුරවූ ඒ ස්ථානයට සවස දෙකට පැමිණියෙමි. කැලේ යටින් යාහැකි ඉතා කලාතුරකින් මිනිස්සු ගිය ආ පාරක්ද තිබුනේය. කීප පලකදීම, මට වලු ඌරන් හා වලසුන් දකින්ට ලැබුනේය. ටිකක් ලොකු හැරමිටියකුත් පතරොන් සහිත ලොකු




පියදාස සිරිසේන නවකථා එකතුව 329

පිස්තෝලයකුත් අතේ තිබුනු මට ඒ සතුන් ගැන භයක් ඇතිනොවීය. කන්ද මුදුනටම නැඟ ගතිමි. සන කැලෑවෙන් වැසුනු මේ රම්ය වු ගල් පර්වතය පුරාණ කාලේ මහරජුන් විසින් ඉතා ශොභමාන ආරාමයක් කොට තිබුනු බව පෙනේ. රජවරුද යම් යම් අවස්ථාවල වාසය කළ බවට ලකුණු තිබේ. තවමත් ජරාවාස නුවු විශාල බුද්ධ ප්රථතිමාවක් මෙහි ගල්ගේක තිබේ. වවුලන්ගෙන් ඝනවු සමහර විශාල ගල්ගේවලට අන්ධකාරය නිසා යාගත නොහැකිය. පැයක් පමණ ඒ ඒ තැන ගල් ගෙවල් හා පැත්තකින් තිබුණු පොකුණක්ද පරික්‍ෂාකොට බැලුවෙමි. ඉක්බිති ටිකකි විඩා සංසිදුවාගන්ට පිණිස ගල්තලාවක් මත වාඩිවි වටපිට බලනවිට ගල් දෙකක් අතරේ දිලිසෙන දෙයක් දැක ඒ කුමක්දැයි අතට ගෙණ බලා-කපා ඔපඵෑ රතු කැටයක් බැවින් සතුටුව ඒකත් සාක්කුවේ ලාගෙණ එහ තිබුන් ගල් දෙකට අතරෙන් ටිකක් දුර පහළට ගියෙමි. එහි විශාල උමගෙයක්ය. ඒ උමංදොරකඩ රෙදිකෑලි, පුවක්ලෙලි, පොල්කටු ආදි මනුෂ්යණයන් ගැවසුනු තැනක තිබිය යුතු දේවල් දුටු බැවින් තපස්වරයා කී හොරු රංචුව නොඅනුමානවම මේ උමගෙයිම සිටන්ට ඇතැයි හැඟුනු මට උමගේ දිගේ යන්ට සිත්විය. කොපමණ දුරද, මොන මොන රෞද්රු සත්තු ඉඳිද්ද,මෙහි ඇතුළට ගොස් ආපසු එන්ට ලැබේද යන විතර්කයෙන් ඈත මෑත බලන මට තව බඹ හත අටකට එහා කදිම පිරිසුදු ගල්ගෙයක් පෙනුනේය. එහි ගොස් බැලුවිට ඉතාම ලඟදි උයා පිහාගෙණ කාපු ස්ථානයක මෙන් සියලුම දේ තිබුනේය. හැලිවලන්ද, දරද, හාල් සහ පොල් ගෙඩියක්ද ඵෑනු මිරිස් ලුනු හා කරවල ඔලුවක්ද-කැති තලයක්ද, එහි තිබෙන හෙයින් මගේ හිතට මහත් ධෛර්යයක් ඇතිව මේ උපකරණවලින් දෙතුන් දවසක්ම මෙහි නතරවීමට මට පිළවන. ඩිංගිරිමැණිකේ සම්බන්ධ සතුටුදායක කරුණුද මෙහිදි දැනගන්ට ලැබේ යයි මහත් ප්රීංතියක් ඇතිව, එම ගල් ගෙයින් දකුණු දෙසට බඹ විස්සක් පමණ යනවිට-විශාල ගල් ගෙයක් යට ගලේම හාරනලද විශාල ලිදක්ද තිබෙන බව දුටිමි. මේ ලිදේ පතුල කෙතරම් ගැඹුරුදැයි පරික්‍ෂාකිරිමට සනාන්ධකාරය නිසා මගේ කන්නාඩියෙන්ද බැරිවිය. ඉතින් පළමුකොට ලිදට බසිමිද-නැතහොත් උමග පරික්‍ෂාකර බලමදැයි මදවේලාවක් විතර්කකරමින් සිට ඔර්ලෝසුව බැලුවාම වෙලාව තුනහමාර බැවින් කුමක් වෙනත් පළමුකොට උමගෙය ඔස්සේ යමැයි සලකා ඇඳුම ගලවා තබා අමුඩයක් ගසා ගෙණ ඉටිපන්දමක් පත්තුකර ‍පොල්කටුවක සවිකර එය එක අතකිනුත්-හැරමිටිය අනිත් අතිනුත්



330 ඩිංගිරි මැණිකා

අ‍රගෙණ රතනත්රතය මෙනෙහිකරමින් ඉතා පරික්‍ෂාවෙන් ගල් ගුහාව ඔස්සේ ගියෙමි. මෙය පුදුම වැඩකි. හරියනක් පමණ උසැති හතර රියනක් පමණ පුඵලැති මේ උමග තනි ගලේම කපනලද්දකි. බඹ හත අටක් ගියපසු පඩි බැගින් ක්රෙමයෙන් යටට බැස තිබේ. මෙබදු පඩිපෙලවල් දහයක් පසුකර ගිය පසුත් ඝනාන්දකාරය මිස වාතයේ අඩුවක් නොදැනුනේය. දසවෙනි ගල්පඩි පේලිය පසුකළ තන රෙදි පොට්ටනියක් තිබුනේය. එය එතැනදිම ලිහා බැලූවිට පට සරොම්, කම්බා, චීත්ත ඇදි අඵත් රෙදි කැබලි පහළෙවක් ලේන්සුවක ඔතනලද්දකි. එය එතනම තිබියදි තවත් ඉදිරියට ගියෙමි. යන්ට යන්ට ගල්ගේ පහළට බැස තිබේ.තවත් ගල් පඩි පේළයක් පසුකළ තැන උමගෙයි දකුණු පැත්තෙන් විශාල ශාලාවක් වැනි එකක් තිබුනේය. මෙය කාමරයක් ලෙස පාවිච්චි කළ බව සිතන්ට පිළවන. මෙහි මෑතදි ඉටිපන්දම් පාවිච්චිකළ බවට සලකුණු තිබුණු නිසා සොරු විසූ බව හිතට ගතිමි. වත දුරටත් පහළට යන කල්පනාව ඇතවූ නමුත් වෙලාව පහ නිසා ආපසු එළියට ආවෙමි. ඒ එන ගමන් මට සම්භවුන රෙදි පොදියද ගෙණ ආමි. මම ගල් උමගෙන් එළියට එනකොට හයකුත් කාලය. ඉතින් මා කලින් කී ගල්ගේ ළඟට ගොස් අසලම තිබෙන ගල්පොකුණෙන් වතුර ගෙණවුත් බත්පිස කරවල ඔඵවෙන් හොද්දක් හදාගෙන අනුභව කොට නිදා ගතිමි. මේ කට්ටකැලේ සතෙකුගෙන් හෝ වෙන ක්රභමයකින් මට කිසි හයක් සනුත්රාැසයක් ඇතිනොවිමට හේතුව මා නිරතුරුවම සිහිකරණ රත්නත්රකයේ ආනුභාවයෙන් හා මහා බෝධිසත්වයන් වහන්සේගේ පරාර්ථකාමි භාවය සැලකීමෙන් හටගන්නා ප්රීවති‍යත් වියයුතුයි. මගේ ඉෂ්ට දේවතාවන කතරගම දිව්යැ රාජයානන්ද මට සිහිනැතිවන වේලාවක් නැත. මෙසේ ඒ රාත්රි ය නිරුපද්රජව ගතකොට එළවූ හැටියේම උදේට කටයුතු ශරිරකෘත්‍ය කොට ඉක්බිති ආගම කෘත්ය ද කොට-හැලියේ ඉතුරුව තිබුණු හීල්බත්ටිකක් කා දැන් කුමක් කරමදැයි සිතුවෙමි. කල්ගේදිගේ ඉස්සරින්ද ගොස් එහි කෙළවර සොයාගත නුහුනු බැවින් අද ලිදට බසින්නෙමියි සිතාගෙණ කැලේ දෙස බැලූවිට වැල්වර්ගයක් තිබෙනු දැක එකක් කපා පරික්‍ෂාකර බැලුවෙමි. ඒ ඉතාමත් ශක්ති සම්පන්න බව පෙණුන හෙයින් දිග වැලක් හරිගන්සා එහි ගලක් බැද ලිදට බෑ වෙමි. ලිදේ ගැඹුර බඹ තිහක් බව පෙණුනේය. ඉක්බිති වැල් හතර පොටක් එකට ගෙණ ලි‍ද අද්දර තිබුනු ලොකු ගලක ඒ වැල්පට හතර බැද වැල් ලිදට දමා එහි එල්ලි විදුලි අත් පහනේ ආලෝකයෙන් ඒ විශාල




පියදාස සිරිසේන නවකථා එකතුව 331


ලිදේ හැටි බලමින් පතුලටම බැස්සෙමි. දැන් බඹ තිහක හතලිහක මිනිරන් පතලයක් බහින්නේ පිළවෙළකට ගල මට්ටම්කර ගෙණ නොවේ. නමුත් මේ කවාකාරවූ ලිදේ ගල හොදටම මට්ටම්කර තිබේ. ලිද පතුලට බැස්සාට පසු දුර්ගන්ධයක් දැනුනේය. නමුත් ගල්පතුරු හා කොළ රොඩු ටිකක් මිස වෙන කිසිත් එහි නොතිබුනේය. මේ දුර්ගන්ධය කෙසේ ඇතිවිදැයි කල්පනා කළ නමුත් සිතාගත නොහැකිවිය. පැය භාගයක් පමණ වේලා ලිද ඇතුලේ පරික්‍ෂා කොට බලා ගොඩනගින්ට සිතා වැලහතරපොට අල්ලා ඇද බැලූවිට දෙපොටක් කැඩි අතට ආයේය. මෙහිදි මට ලොකු භයක් උපන් නමුත් මට ඊමට අනිත් දෙපොට ‍හොදටම සෑහේ යයි සිතා එය එය අල්ලා ලිදේ ඉවුරට පය ගැසු හැටියේම ඒ දෙපොටද කැඩි ලිදට වැටුනේය. මට බලවත් භයක් ඇතිවිය. මගේ ජිවිතක්‍ෂය මේ ලිද තුළමදැයි සිතමින් ඒ වැල් හතරම කැඩෙන්ට හේතුව කුමක්දැයි පළමුකොටම කල්පනාකොට ඒ වැල්කොන් බැලුවිට ගලේ ගැටිමෙන් බව පෙනුනේය. ඉතින් මකකරන්ටද? සියල්ලම සිද්ධවෙන්නේ හොදටයයි කියන නමුත් බඹ තිහක් ගැඹුරුවූ මේ පාලු ගල්ලිදේ බැස්ස මට ගොඩ ඒමට යොදාගත් උපක්රනමය නැතිවීමත් හොදකටම සිද්ධවුනා නම් කොයිදේත් හොදටම විය හැකිය. මම ධෛර්යවත්ව රසවත් පැරණි කවියක්ද කියමින් තවත් ඉටිපන්දමක් පත්තුකර තව වරක් පැරණි කවියක්‍ද කියමින් තවත් ඉටිපන්දමක් පත්තුකර තව වරක් ලිද වටේ පරික්‍ෂා කළෙමි. බලවත් ඝණාන්ධකාර නිසා මුලදි නොපෙණුන නමුත් ලිද පතුලේ උතුරු පැත්තේ ගල් පඩි පෙළක් තිබුනේය. අත්තෙන්ම එය දුටු හැටියේ මට මහත් ප්රීිතියක් ඇති විය. එහි ගල්පඩි අටකි. විදුලි පහනත් ඉටිපන්දමත් දෙකම දල්වා ගෙණ ඒ පඩි නැඟී බැලූවිට මෙහි තිබෙන්නේ උමගෙයකි. මා ඊයේ ඇතුල්වුන උමගෙයි කෙළවර මේ ලිදය.උමගෙයට වාතය ලැබෙන පිණස ලිද හාරා තිබේ. දැන් කාරණය හොදින් අවබෝධව සියල්ලම සිඬවන්නේ හොදටම බව තව වරක් ප්රයත්යණක්‍ෂ කර ගෙන හෙමින් හෙමින් ගල්ගේ දිගේ යන්ට පටන් ගතිමි. බඹ හතරක් පමණ යන විට උමග මැද මළකුණක් දුටුවෙමි. ටිකක් පිළිකුල් සහිතව එය පරිකෂා කෙළෙමි. මීට මාස ‍දහයකට පමණ ප්රරථම මළ අයෙකුගේ කුණකි. මස් දියව ගොස් ඇට සැකිල්ල පමණක් තිබුනේය. ලිද පතුලේදි මට දුර්ගන්ධයක් දැනුනේ මේ මළකුණ නිසා බව වැටහුනේය. ඉක්බිති ඉටිපන්දම් ආලෝකයෙන් ඒ මළකුණ කෙබන්දක්දැයි සිතමින් ඩිංගිරි මැණිකාගේ ශරිරයදැයි ඉතා ඕනෑ කමින් පරික්ෂා කළවිට මහලු පරුෂයෙකුගේ බව


332 ඩිංගිරි මැණිකා

දැනී හිතේ පැවති දෙම්නස් ගතිය දුරුවිය. සරමක් ඇද තිබි එය දිරා ගොසින්ය. නමුත් ඉනේ තිබුනු පොට්ටනියක් පැත්තක තිබුනේය. එය ඉවතට අර ගෙණ ඔතා තිබුනු රෙද්ද ලිහා බැලූවිට කුඩා පොට්ටනි දෙකක් එහි තිබුනේය. ඒ දෙකම නොදිරා කයල මිශ්රර නොව හොදට තිබුනේය. ඉතින් ඒ දෙකත් රැගෙණ මළකුණ තිබුනු තැනින් බඹ තුන හතරක් ඉදිරියට ගියවිට උමගෙය දකුණු ඉවුරේ ඉතා විශාල ශාලාවක් පෙණුනේය. එහි කොට්ට පැදුරු සහ පොල් තෙල් පත්තුකරණ ලාම්පුවක්ද රෙදි කෑලි කීපයක් ආදි නොයෙක් දේද තිබුනේය. මේ ශාලාව දිගින් දොළෙස් රියනක්ද පුඵලින් දස රියනක්ද පමණවු අට රියන් උස් කදිම ගෙයකි. එහි නොයෙක් තැන්වල ගලේම කොටනලද සිදුරුත් පෙණුනේය. මාස කීපයක්ට පෙර මෙහි මිනිසුන් පදිංචිව සිටි බව නිසැකය. ඉතින් එහි තිබුනු පැදුරක් උඩ වාඩිව කොට්ටයකට හාන්සිවුනාම කොට්ටය යට කඩදාසියක් තිබෙන බව මට දැනී එහ බැලූවිට රන්බණ්ඩාගේ කැබිනට් ප්රඩමාණයේ පින්තූරය අලවනලද ඝන කඩදාසිය බව පෙණී මහත් ප්රීනතියට පමිණියෙමි. එහි පිට පැත්තේ පැන්සලෙන්-ලියනලද ඉතාමත් හීන් අකුරුද තිබුණ නමුත් එය එලියට අවුත් කියවා බලන්ට සිතා මළ මිනිය ලඟින් ගෙණ ආ පොට්ටනි දෙක ලිහා බැලුවෙමි. ආශ්චර්යයකි! එකක රුපියල් දාහේ පවුන් නෝට්ටු තිස් අටක්ද, රුපියල් සියයේ නෝට්ටු විස්සක්ද, තිබුනේය. අතිශයින් ප්රීතතියට පත් මම අනිකත් ලිහා බැලුවෙමි. එහි ඉතාමත් අගනා රන් මිණි මුතු ආභරණ රාශියක්ය. අහෝ මේ ඩිංගිරිමැණිකා තමන්ගේ වලව්වෙන් සොරා ගෙණ ආ මුදලත් ආභරණත් අඩු පාඩු නැතුව ලැබුන මට කොතරම් ප්රී තියක් හටගන්ට ඇද්දැයි කී මේ කථාව තව දුරටත් සලකන්ට මේ ප්ර්ස්තාවය සුදුසුය. ඉතින් මට ලැබුණු මුදුලුත් ආභරණත් හොද හැටි ඔතා බැදගෙණ ඉතා ප්රුවේසම් සහතව උමග දිගේ ගමන් ගතිමි. ඊයේ ගමන් කොට නැවතුනු තැනට පැමිණමට උමගෙයි ප්ර මාණයද දැන වැටහි කිසි භයක් චකිතයක් නැතිව පැයකින් පමණ උමගෙයින් පිටවී එළියට ආවෙමි. දැන් වේලාව දහයට පමණ විය. ඉතින් කුමක් කරම්දැයි මදවේලාවක් කල්පනාකොට ගල්ගෙයි ඉතිරිව තිබුණු හාල් ටිකත් උයා පොලුත් ලුනුත් සමඟ බත් ටිකක් කා ඊයේ සම්භවු පට සරොම් ආදි රෙදි පොට්ටනියෙත් අද සම්භවු මිවිටිගල වලව්වේ මුදල හා ආභරණත් මගේ කලමනාත් යන මේ සියල්ලම් රැගෙණ තවුසා සිටි පාඵ පන්සලට දෙකට පමණ පැමිණයෙමි. මා එහි පැමිණෙනවිට තවුසාකොහේ දෝ ගොසින්ය. මම ඒ ගැනත් ප්රීමතිව පන්සලට බඹ විස්සක් පමණ එහා




පියදාස සිරිසේන නවකථා එකතුව 333


තිබෙන විශාල ගලේ පැත්තකින් වලක් සාරා මට සම්භවු පටසරොන් ආදිය පන්සලේ තිබුණු පැදුරු කබලක ඔතා එම වලේ ලා හොඳට පස් තදකර වසා ඊපිට දිරාගිය තණ පත්රා ආදිය දමා පන්සල ඇතුළේ තවුසා නොයන පාඵ පැත්තක බිත්තිය අයිනේ වලක් කපා පන්සලේ තිබුණ් වලන් කබලක් තුළ රුපියල් හතලිස් දාහේ නෝට්ටු පණස් අටත් රන් මිණි මුතු ආභරණ පොදියත් තබා තවත් වළධකින් වසා ඒ කපනලද වලේ එය තැන්පත් කොට එළියට අවුත් මට ලැබුණු රන්බණ්ඩාගේ පින්තූරය බලන්ට ගතිමි. එම පින්තූරය නිතරම අතේ තිබි කිලුටුව ගොසින්ය. එහි පිට පැත්තේ ඉතාම සියුම්ලෙස් පැන්සලෙන් ලියනලද කවි පංක්තියක් තිබූනේය. කීප දිනක් බලවත් කායික චෛකසික මහන්සි දැරූ මට මධුර රසයෙන් යුත් කාව්ය.යක් ලැබීම පිපාසයෙන් මිරිකීයෙකුට ආකාශ ගංගාවේ වතුර ටිකක් ලැබුනාක් මෙනි. ඒ හියින් දුකින් දීන භාවයට පැමිණි සිටි ඩිංගිරි මැණිකේ නමැති ලඳ බොළඳ කුමරිය විසින් තනන ලද ඒ කවි ඇසීමට කව්රුත් සතුටුවනු

ඒකාන්තය- ඒ මෙසේය.

“ලො ව සෙ ට සතර දත් යුතු ගුණ යො න් සා ර ස හ තු ට කළ මහද කොද පති පු න් තා ර සැ බ ව ට සහ තොසින් දිවිකර දු න් බා ර කි ම ම ට වුනේ මැතිදුනි රන් බ න් ඩා ර

පෑ වේ මොන පවක්දෝ හිමිසඳිනි අ නේ කී වේ මා රැගෙණ එන්ටද මෙදුරු ව නේ ආ වේ සොරෙකි ඔබ වෙනුවට එරැ දි නේ නෑවේ මහද කඳුලෙන් මේ මොකද වු නේ

සු ප ස න් මිනිබිරිය මැතිඳුගෙ දි සා වේ වි ල සි න් පිපි තඹර ගම්පල දි සා වේ සැප ත් න් විසුව ඔබ රණහස මු වා වේ ම ම දැ න් වැලහින්නියෙකි ගල් ගු හා වේ

දෙ න නි සා දුදනෙකුට බැද කර කා ර ස හ තො සා දෙගුරු අත්හැර පෙම් බා ර ඔ බ නි සා අවුත් මැතිඳුනි බන් ඩා ර මෙ වි ල සා ලදිමි දුක් වෙසෙසින් ගෝ ර


334 ඩිංගිරි මැණිකා

මු ළා වෙ න් සොරුට අසුවි එරැ දි නේ බ ලා ග න්ට බැරි විය ඔබ සිටපු තැ නේ දු ලා ගු ණ රුසිරු බණ්ඩාර මැතිඳු නේ ම ළා දො අනේ! ඔබ මා නිසා අ නේ

රු දු ගු ණ යු ත් සො‍රුන් මැද හිමයේ දුකි න කො ටි මැ ද ප ත් ලදරු මුවදෙනෙක විලසි න ඔ බ මෙ හි ප ත් වේය යන මේ අදහසි න ම ම ත ව ම ත් ඉඳිමි දිවි තොරකර නොගෙ න

රැ වෙ න එලිවෙනා වග මෙ මට නොදැන න මා ම න මෙ ගල්ගෙයි ගණදුරට සමව න මේ වු න විපත කීම හිමිසදිනි ගුණ නැ න පා ය න වදෝ තවමත් හිර සඳ දෙදෙ න

දි ය ඇ ස දහම් ඔබගෙනි මා දැන ග ත් තේ නි ද හ ස එයිනි ලැබ පතිදම රැක ග ත් තේ උ ද හ ස සොරුවෙන්ට පෙර නාවොත් ස ත් තේ ත ව ද ස මසක් පමණයි ඇයුස ඇ ත් තේ

සු ර ර ද ගෙන්වන්ට පතිවන සමති ය න බ ස අ ද සැබැනම් හිමිසදිනි සසොබ න ඔ බ ට ද මටද සැපතක් නියතම බැවි න එ ක ලෙ ද කෙසරදෙන මම ඉදිම නිසැකි න

ඳු ක් විඳගෙණ සොරුන්ගෙන් පතිවත රකි මි වි ක් මය සිහල කුලඟන ඇසෙහි අදව මි ල ක් ඉතිහස දපණ යස පිළිබිඹු යොද මි දු ක් බව නසන තුරු ඔබමය මගේ හි මි“

මේ කවි දසය කියවූ හැටියේ මගේ ඇසවලින් සතුටු කඳුඵ වැගිරෙන් ට විය. ඩිංගිරිමැණිකා සොරුන්ගේ අතට අසූවූ නමුත් ඇගේ සූර ඥානය නිසා සොරුන්ගෙන් බලවත් අනතුරක්වත් කිලිටි භාවයක්වත් නොලබා ධෛර්යයෙන් බලාපොරොත්තු සහිතව ඉන්නා බව පෙණේ. පතිවෘතා බලයෙන්ම ඇගේ ස්වාමි භාවය නියම කරගත් රන්බණ්ඩා ඈට ලැබේමයයි ඇගේ සිතේ තිබෙන බවත් තව ඉදිරියටත් සො‍රන්ගෙන් ඇගේ පතීවෘතා ධර්මය ආරක්ෂාකොට සිංහල ස්ත්රීඉන්ට ඇගේ වික්රමමය දක්වා ලංකා ඉතිහාස නමැති දර්පණ තලයෙහි ඇගේ යසස් ශරිර සංඛ්යාාත ප්ර තිබිම්බය අන්දන බවද නිවන් දක්නාතුරු රන්බණ්ඩා ඇර අන්යොයෙකු ස්වාමි භාවයට නොගන්නා බවද ඇගේ කවි වලින් හැගේ. ඒ එසේද වුවත් ඈ තව දසමාසයකින් නිදහස් කර නොගන්තොත් දිවි තොරකර ගන්නාබව කියා තිබෙන්නේ කවදාසිට දස මසකින්ද? ඇනට ඈ සොරුන් අතට පත්වී මාස එකොළසකි. මේ කවි හදා තිබෙන්නේ කවදාද? මෙහි අදහස් කරණලද්දේ කවි තැනුවදා සිට දසමසක් වියයුතුයි. නමුත් කවි සෑදුවේ කවදාද? යනු මට කල්පනා කරගත නොහැකිව ටිකක් සංවේගයට පැමිණියෙමි. ඩිංගිරිමැණිකා සොරුන් අතට පත්වූ හැටියේම මේ කවි තනන්ට බැරිය. ඔවුන් ලඟ මාස දෙක තුනක් සිට පුරුදුව නිර්භයට පත්වූ විටකදි මේ කවි තැනිය යුතුය. ඉන් නිසා ඩිංගිරිමැණිකා සොරුන්ගෙන් කිඵටකටද නොපැමිණ ඇ සොයා රන්බණ්ඩා ඒය යන බලවත් බලාපොරොත්තුවේන කොහේ නමුත් සඟවනුලැබ ඉන්නීයයි නිශ්චයකරගත් මම මේ පළාතේම අවිදින්ට ඕනෑයයි පන්සලෙන් එලිබැස නැගෙණහිර දෙසට තිබෙන අඩි පාර දිගේ ගමන් ගතිමි.