පියදාස සිරිසේන නවකථා එකතුව- 02-ඩිංගිරි මැනිකා ii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

10.පරිච්ඡේදය[සංස්කරණය]

ඝ සකැලෑවෙන් වැසුනු කලාතුරකින් මිනිසුන් ආගිය අඩි පාරක හැතැප්ම හයකි පමණ දුර යනුතරු මනුෂ්යියෙකු දක්න්ට නොලැබුනු නමුත් මනුෂ්යි ජිවිතයේ තත්වය හොදින්දත් මට කිසිම භයක් සන්ත්රායසයක් ඇති නොවීය. පක්‍ෂින්ගේ මධුර නාදයත් වඳුරන්ගේ ඝොෂාවත් අසමින් ගමන්කරණ මට කැලේම වාසය කරණ බව සිතිය හැකි මදක් වකුටුවු කාල වර්ණයෙන් යුත් අවුරුදු හතලිස් පහක් පමණ වයසැති මිනිහෙකු දකින්ට ලැබි මදක් නැවතී සිටියෙමි. මේ කැලේ හරස් පාරකින් අවුත් මේ මා ගමන් කරණ පාරට බසිද්දිම මට දකින්ට ලැබුනු බැවින් ඔහුට මා එක පාරටම දැකගන්ට බැරිවිය.මට ඉදිරියෙන් ඔහුට යන්ට ඉඩ ඇර මම ඔහු පස්සේ ගමන් ගතිමි. එසේ බඹ කීපයක් යනවිට ඒ මිනිහාට මගේ අඩි ශබ්දය දැනී මා දෙස හැරි බලා “උඹ කව්ද? කොහේ යනවාදැයි කටුකලෙස ඇසවේය. එවිට මම ඉතා යටත් ලීලාවක් දක්වා “අනේ මම කැලෑ කොරාළ හාමුදුරුවන් සම්භවෙන්ටමි. ඉඳුරු කැලේ මුකලානෙන් ගස්වගයක් ගන්ට කොරාළ හාමුදුරුවන් සමග කථාකර ගන්ට යමි. මම ලී බාස් කෙණෙක්මි”යි කීවාම අඥානවු ඔහුද විශ්වාස




336 ඩිංගිරි මැණිකා


කළේය. ඔහු ඒ පළාතේ ප්රඥයෝගයෙන් කැලෑ කෝරාළ යයි සමහරුන්ගෙන් නම්බු ලබන හොරුන් නිසා ජිවත්වන මිනිසෙකි. ඔහුට කියන්නෙත් කැලෑ කෝරාලතමා ඉතින් මේ මිනිහා මට කථා කොට - “ඉඳුරු කැලේ මූකලානේ ලී දෙන්ට පුඵවනි. උඹ කැලෑ ඵ්ජන්තගෙන් අවසර ගනින්.මේ පළාතේ කැලෑ කොරාළ මම තමයි. මගේ වලව්ව තවත් ඉපිටින්. උඹ එහාට යාමෙන් වැදගැම්මක් නැහැ. එජන්තනැනගෙන් අවසර ගෙණ මා සම්බවෙන්ට ආවොත් හොදය”යි කීවේය. ඉතින් මම තව වරක් ආචාරකොට රාළහාමිගේ වලව්වට යන්නේ දැන් මට සම්භවුන තැන සන්ධියෙන්දැයි ඇසීමි. එවිට කැලෑ කොරාළ දුර දිග කිසිත් නෙසලකා “නැහැ මගේ වලව්ව වැවේ ඉස්මස්තේ දැන් මම මේ පාරට බැස්සේ මගේ මිත්රනයෙක් වන බබාසිඤෙඤලාගේ ගෙදර ඉදිලාය”යි කියේය. “බබාසිඤෙඤය”යි කියන කොටම මගේ මයිල් ප්රාවණවත් විය. පොල්ගහවෙලදි පොඩියා කී “බබාසිඤෙඤා” බව හොඳටමතේරි කැලෑකොරාළට රුපියල දෙකක් දි “ එහෙනම් හාමුදුරුවනේ මම ආපසු යන්නෙමි”යි කියා කැලෑ කෝරාළ පාරට බැස්ස තැනට අවුත් වාඩිවි මගේ ඇඳුම් ලියා පොට්ටනි කර ගෙණ මා අත තිබුනු කඵපාට රබර් සම ඇ‍ෙඟ් දමාගෙණ කැලෑ කෝරාලට මදක් සමාන වන ලෙස වෙස්ගෙන ඒ කැලෑ පාර දිගේ යන්ට පටන් ගතිමි. හැතැප්මක් තරම ඝන කැලෑ පාරෙන් යනවිට පුංචි පැලක් පෙණුනේය. මෙය හොරුන්ගේ නැවතුම් පළය. මිදුලේ වයසක මිනිහෙක් සිටියේය. කැලෑ කෝරාළ මෙන්ම නිසැකව කෙලින්ම ඒ පැළතුළට යන විට ඒ මිදුලේ සිටි මහලු මිනිහාද මා කැලෑ කොරාළ යයි සිතා “ මොකද කෝරාළ මහත්මයෝ-මොකද ආයේමත් ආවේ” කියා අසුවේය. මම කොරළගේ හඬට සමානව දෙයියනේ මට ගෙදර ගොසිනුත් ඉන්ට කම්මැලියි. මේ මැණිකේ සමග කථාන්තර කිය කියා ඉන්ටවත් ආවෙමි” මෙසේ කියා ගේ තුළට වැදුනෙමි. එවිට රෞද්රටවූ දෙකට හරිවයසේ ස්ත්රියයක් මා දෙස බලා කොරාළ මහත්මයාට ගෙදර යන්ටම හිත නැත. ඔන්න ඉතින් ඩිංගිරිමැණිකෙත් සමග කථාන්තර කියන්ටය”යි කියා කලගෙඩියකුත් රැගෙණ වතුර ගෙණෙන පිණිස ටිකක ඈතින් පිහිටි වැවට ගියේය. ඒ ඉක්මනින්ම සුඛුමාලව තැනුනු බලාපොරොත්තු රහිතව සුදුමැලිවූ ශෝකයෙන් වියලුනාවු නමුත් ධෛර්යවත් භවය ඇස්වලින් දක්වන්නවූ ආයුස පිරිහී ගිය දිව්යනප්සරාවක් වැනි කාන්තාවක් එළියේ සිට පැළ තුළට අවුත් මැස්ස උඩ වාඩිවිවුන් මා දෙස බලන්ට පටන් ගත්තේය. මගේ අතේ පින්තූරය තිබෙන ඩිංගිර මැණිකා මෙ කාන්තාව බව දැනගෙන මට තබා මෙය



පියදාස සිරිසේන නවකථා එකතුව 337


කියවන්නාටද අධික ප්රී තියක්වාට සැක නැත. මා දෙස බැලූ හැටියේම මා කැලෑ කොරාළ නොවනබවත් ඒ වේසය ගත් අනිකෙක් බවත් උසස් ධර්මශාස්ත්රස උගත් ඩිංගිරිමැණිකාට එකපාරටම තේරි මට ආචාරකොට “අනේ මහත්මයෝ කොහොම මා සොයාගෙණ ආවෙහිද ? මගේ මව් පිය දෙදෙනාත් රන්බණ්ඩාර මහත්මයාත් ජිවත්ව ඉන්නාහුදැ”යි ලේ වැනි කඳුලුහෙලමින් ඇසයේය. එවිට මම ඩිංගිරිමැණිකේ එකපාරටම සනසමින් මැණිකේගේ මව් පිය දෙදෙනාත් රන්බණ්ඩා මහත්මයාත් සැපසේ සිටිති. මම කෝන්ගොඩ වික්රනමපාල-ගුප්ත පරික්‍ෂක වික්ර මපාලය.මැණිකේ සෙවීමට භාරදෙනලදුව ත්රීු සිංහලේමඇවිද මෙහි ආමියි කීවෙමි. මා සමග අනිකක් කථා නොකොට දවස් එකහමාරකින් ආහාරයක් නැතුව සිටි මට බතුත් දඩමසුත් කන්ටදි මා සුවපත් කළාය. මේ තරම් භයංකර වේලාවකත් කුසගින්නේ මිරිකියෙකුට තමාගේ ගැලවීම ගැන කරුණු නොකියා ආගන්තුක සංග්ර්හ කළ ඩිංගිරිමැණිකා කෙතරම් සියුම් කල්පනා ඇති කුල ස්ත්රිසයක්දැයි මට මහත් පුදුමයක් විය . මා කෝරාළ යයි සිතාගත් ඒ පැලේ සිටි මුරකාර මහල්ලාත් වැඩකාර ස්ත්රීුවන ඇලපිනාත් මා ගැන කිසි සැකක් නැති බැවින් ඩිංගිරිමැණිකා සමග කථා කරන්ට ඉ‍ඩ ඇතිවිය. මේ වෙලාව දහයට පමණ විය. මට ඉතාමත් සැක ඇත බලය නැති තැනක් බැවින් ඉතින් ඩිංගිරිමැණිකේ භයවෙන්ට එපා මැණිකේ මේ සොරුන්ගෙන් නිදහස් කොට මම වලව්වට ගෙණ යන්නෙමි. දැන් මෙහි ඉන්නේ කව්ද? හොරු කොයිගොහිනදැ”යි ඉතා නොඉවසිලිවන්ත ලෙස ඇසුවෙමි. කාරණාකාරණාදත් නිර්භීත ඩිංගරිමැණිකා “මහත්මයානනි. කලබලවෙන්ට එපා. හොර දෙටු බබාසිංඤඤා එන්නේ හවසයි. අනිත් හොරු කැලේ නොයෙක් තැන්වලත් ගස් වලත්ය. නමුත් අපට මොවුන් මෙසේ ඉන්දිදි පැනලා යන්ට නම් බැරිය. දැන් අප දෙන්නා පිටත් වුනොත් මේ ඉන්න නාකියත් මේ ස්ත්රිමන් මීට එහා අර පෙණෙන පැලේ ඉන්න හොරු හතරදෙනාත් අප විනාශ කරණු ඒකාන්තය. ඒ නිසා තමුන්නාන්සේගේ උපක්රතමයකින් මොවුන්ට නොදැනුවත්ම මා නිදහස් නොකළොත් මට දිවි තබාගෙණ එළියට යාගත නොහැක. යම්හෙයකින් පොලීසියෙන් හා මහත්මයා හෝ බලපිරිසක් ගෙණවුත් මොවුන් වටකළත් මොවුහු පළමුකොට මා මරාදාම නැවත කෝලහල කරණු ඒකාන්තය. දැන් මගේ වියලි තිබුනු නහරවල මදක් ලේ ගමන් කරයි. පරාත්ථ්කාමීවු පරාත්ථ ය පිණිස ජිවිත පරිත්යාවග කිරිමට සතුටු වික්රකමපාල මහතානෙනි. පිළවන් නම් මේ රෞද්ර චණ්ඩාල සොරුන්



338 ඩිංගිරි මැණිකා

නොදැනුවත්වම මා ගලවා ගත මැනවයි කියමින් මා ඉදිරියේ බිම වැටුනේය. සැබවින් මගේ හිත චණ්ඩාමාරුතයවන් ඉතා මෘදු ලා කොළ පත්රමයක් මෙන් චංචලවිය. ඩිංගිරිමැණිකෝ-මිවිටිගල කුමාරිහාමිවන මැණිකෝ, භයවෙන්ට එපා-එකොළොස් මාසයකුත් දවස් දහයක් දුක් වින්දල මැණිකේ තව ටික දිනක් එසේම ඉන්ට, බ්රයහ්මදත්ත රජජුරුවන් සහිත ඵක්සියයක් සතුරු රඡවරුන් අත‍ට අසුවූ වේදේභ රඡ්ඡුරුවන් සහිත පිරිස මහෞෂධ නම්වූ බුද්ධාංකුරයානත් වහන්සේ ගලවා ගත්තේ යම්සේද මේ රෞද්රි සොරුන්ට අසුවි ඉන්නා සිංහල කුමාරිකාවක්වූ මැණිකේද මාවිසින් ඒකාන්තයෙන්ම ගලවා ගණුලැබේ. ඉතින් මැණිකේ මේ විපතවුනේ කොහොමද මෙතාක් මොවුන්ගේ වදහිංසාවට පත් නොවී වුන්නේ කොහොමදැයි අසූවිට වරින් වර ඇස්වලින් ඉබේම කඳුඵ වැගුරුණු නමුත් ඉතා ධෛර්යවත් සිංහල කුලංගනාව තමාට සිද්ධවු මේ ආශ්චර්ය අද්භූතවූ විපත්තිය මෙසේ කියන්ට පටන් ගත්තීය.

ම‍ට මේ සිද්ධ වී තිබෙන විපත සම්බන්ධ කෙතරම් කරුණු මහාතා දන්නෙහිදැයි මම නොදැනිමි. මම මිවිටිගල බූදලේට එකම උරුමක්කාරිවෙමි. සිංහල අකුරු ඉගෙණගත් පසු නුවර ලංසි වෙච්ච සිංහල ගෙදරක මා නවත්වනු ලැබ අබෞද්ධ පාසැලකින් ඉංග්රිරසි ඉගෙණගන්ට මගේ මව්පියෝ සැලස්සූහ. දරුවන් සුදුසු තැනක නවත්වා ඔවුන්ට සුදුසු ඉගනැවිම ලබාදෙන්ට නොදත් මව්පියවරු ඒ දරුවන්ගේ සතුරෝ බව මට මගෙන් ප්රිත්ය ක්‍ෂවිම. මා නුවරට අවුත් අවුරුදු දෙකක් පසුවෙන්ට පෙර ලෝකයේ ඇතිතාක් වල්සිරිත් මට පුරුදුවිය. සිංහල නම ගම, චාරිත්රි වාරිත්රක, කුලධර්මන, කෑමබීම ආදි සියල්ලක් මට පිළිකුල් විය. භ්රමෂ්ටයන්ගේ සියලුම දේ මට ප්රිායවිය. කුඩා ළමයෙකුට උගන්වන හොද හෝ නරක ඒ ළමයා ලොකුවූ පසුත් එසේම ප්රිසයවේ. දඩාවතේ ඇවිදිමින් තරුණයන් සමග කථා සල්ලාප ඇතිව විලි බිය නැතිව හැසිරෙණ මා එකදිනක් වැව අයිනේ නටමින් සිටිනවිට අපේ ගමේ රන්බණඩා දිසානායක මහතා දැක මට පුදුම අවවාදයක් කළේය. ඒ මගේ කල්යාාණ මිත්රටයාගේ අවවාදයෙන් පසු අපේ උතුම් කුලධර්මත් ගුණධර්මත් ශාස්ත්ර ත් ඉගෙණීමට මගේ හිත ඇලී නොයෙක් පොත පතින් නොයෙක් දේ ඉගෙණ ගන්නා අතර ඒ රන්බණ්ඩා මහතා වරින්වර කරණ ලද අවවාදයත් නිසා මම උතුම් සිංහල කුල ස්ත්රි්යක් වීමි. උතුම්වු ස්ත්රීප ගුණය මට කෙතරම් ප්රතගුණවිද කියනට මම නොවෙහෙසෙමි. කොටින් වැනි හොරු දහතුන්දෙනෙකු




පියදාස සිරිසේන නවකථා එකතුව 339


මාස එකොළහකුත් දවස් දහයක් මැඩපවත්වා ගෙණ ඔවුන්ගෙන් කිසිම කිඵටකටද නොපැමිණ මෙසේ ඉන්ට පිළවන්වූයේ අපේම ශාස්ත්ර ත් ධර්මත් උගත් නිසා බව තමුන්නාන්සේට නොමසුරුව කියා සිටිමි. ධර්ම ශාස්ත්රීය කෙරෙහිත් ධර්මශාස්ත්රනය ඉගෙණ ඒවු පරිද් පිළිපදින අය කෙරෙහිත් ප්රේමමයක් ඇතිවන්නේ හොදින් ධර්මශාස්ත්රො ප්රරගුණ කළ කෙනෙකුටම පමණකි. මම පරසිරිත්වල නිස්සාර භාවය තේරුම් ගෙණ අපේ කුලධර්ම ඉගෙණගත් පසු මට කල්යාිණ මිත්රවවූ රන්බන්ඩා මහතා කෙරෙහි බලවත් ප්රේ මයක් ඇති කෙළෙමි. එහෙයින් උන්නැහේ මගේ ස්වාමිපුරෂයා හිතින්ම තීන්දු කරගෙණ ඉතා අමාරුවෙන් උන්නැහේගේ වචනයද ලබා ගතිමි. ඉතින් තරුණ රන්බණ්ඩා මහතාත් මාත් අතර සංසාරයේ ඉන්නාතුරු හෙදවිය නොහැකි අවංක සෘජු ප්රේතමයක් ඇතිව එය මුහුකුරා ගොස් ස්ථිර විය. මේ ප්රේයමය හටගත් පසු මා ගෙදරට කැදවා ගන්නා ලදි. රන්බණ්ඩා මහතාද මා නිසාම ගමට ගොස් සිටින අතර අප දෙදෙනා උන්නැහේලාගේ ගෙදරදි රහසි ගතව කථාකරමින් සිටිනු දැනගත් අපේ පියා මට කිපි මා නොකමැත්තෙන්ම නවරත්න නම්වූ ගෙදරදිම විදෙශිවු භ්රිෂ්ටයෙකුට මා සරණකර දෙන්ට සූදානම් කළේය. ඔහු සමග එක්වීමත් රන්බණ්ඩා මහතාගෙන් වෙන්වීමෙත් එක සමාන බලවත් දුක් දෙකක්වු බැවින් මගේම යෝජනාවෙන් රන්බණ්ඩා මහතා සමග සැඟවි යන්ට සූදානම් කරණ ලදි. නවරත්නට මා සරණකර දෙන්ට සිටියේ මාර්තු මස හය වෙනිදාය. රන්බණ්ඩා මහාතාත් සමඟ සැඟවියන්ට සියල්ලම සූදානම් කරගෙණ නියම ප්රිකාර එදා මධ්යාම රාත්රිටයේ මම ‍වලව්වෙන් පිටව තාප්පය ලඟට ආවෙමි. ඝණාන්ධාරයේ සිට කෙනෙක් මා අතින් අල්වා ගෙණ ගොස් කරත්තයක ඉඳුවා ගත්තේය. ඒ රන්බණ්ඩා මහතායයි මම සිතා ගෙණ සිටියෙමි. නමුත් ටිකක් දුර යනවිට වයස්ගත භයංකර සොරෙක් බව දැන ඔහුගෙන් ගැලවි යන්ට දැගලු නමුත් ඒ අධමයා ඉඩ නුදුන්නේය. මා අත තිබුණු රුපියල් දහත් රුපියල් තිස්දාහක් වටිනා ආභරණත් ඔහුට දී මා වලව්වට ගෙණ ගොස් දමන්ට කී නමුත් ඒ අධමයා සතුටු නොවි මගේ කටේ ලේන්සුවක් ඔබා කඩුගන්නාවට ගෙණවුත් රාත්රිය දුම්රියක මා නංවාගෙණ පසුවදා උදේ ගණේවන්තේ දුම්රිය පලින් පස්වාගෙණ මහකැලයකට මා ගෙණාවේය. මා ඒ සොරාට ඇසුවුහැටියේ පටන් දවස් තුන හතරක් වනතුරු ප්ර කෘති සිහිය නැති පිස්සියක්වූ බැවින් ඒ දුෂ්ට මහලු සොරාගෙන් ගැලවීමට උපක්රණමද


340 ඩිංගිරි මැණිකා

යොදාගන්ට බැරිවිය. රන්බණ්ඩා මහතා සමග යන්ට එනවා වෙනුවට සොරෙක් අකල්හි මා වැනි ලපටි ස්ත්රි යක් කෙසේ විකෘතිනොවි ඉන්ටද? ගණේවත්තේ සිට හැතැප්ම දහයක් පමණ ඈත පිහිටි මහා කන්‍දකට මා ගෙණ ගිය විට තවත් සොරු දොලොස් දෙනෙක් එහි සිට මා පිරි වරාගෙණ එකිනෙකා මා කෙරෙහි නපුරු අදහසින් බලන්ට පටන් ගත්තාම කොටි දහතුන්දෙනෙක් මැදට පැමිණි ලපටි මුව දෙනක් වැනි මට කුමක් සිතෙන්ට ඇදදැයි තමුන්නාස්සේට තේරෙණවා ඇති. නමුත් උතුමන්ගේ පොට පත කියවා පුරුදු ඇති මගේ හිතේ මහත් ධෛරයයක් ඇතිවිය. ඒ ‍එසේමැයි. “කා හ ට ත් වැරදි ටික ටිකවත් යෙද ත ලො ස ම ත් දනෝ ඒ ගැන නොසලක ත ආ යෙ ම ත් වැඩක් කෙරුමට තැත් කර ත මෙ ප ස ත් දහම දැනගැණුම යහප ත

එ ක ව ර ක් යමක් වැරදුන කල සත ට දැ ඩි දු ක ක් ගැණුම අනුවන බව සිතා ට නැතසැකක් සුදන එබැවින් සියලුවි ට වැ ඩිතැනක් කරති නිතරම හොද වැඩ ට

ද හ මෙකි වැරදිම කාටත් මෙලොව තු ල න හ මෙක් දුහද වව් ඒ ගැන කිසිම ක ල ප හ කර අලස බැව් වැරදුනු ඒ සිය ල ස හ තොසව් යොදව් දැන නියම පිළිවෙ ල

වි කු මැ ති රජුන්ටත් පඩිදුන්ටත් සම ත නි ම නැ ති කරුණු වැරදුනු බවට සැක නැ ත පි ණ නැ ති අපට සියවර වැරදුනත් සි ත යු තු නැ ති බව පෙනේ දුරුකර ලන්ට තැ ත

දි රි ය ගෙණ කරපු වැඩ වුනමුත් වන ස කා රි ය කිමද වැඩමට කැත බැව් අල ස මි රි ය සත් දහම් ලෙස දෙසුව සමතැ ස වි රි ය කරව වැඩුමට ගුණ නැණ යස ස

මේ ආදිවු කරුණු සිහිවූ මට මහත් ධෛර්යයක් ඇතවිය. මා ගෙණා නාකි හොරා තමාට මා හදිස්සියේ සම්බුවවුන හැටිත් ඔහු අප ගෙරද පියදාස සිරිසේන නවකථා එකතුව 341


සිටි මැගි නම් වැඩකාරිය බලාපොරොත්තුව සිටි නමුත් ඒ වෙනුවට මා සම්භවිම ඔහුගේ කුසලක් බවත් කියා ප්රීරති ඝොෂා කළේය. මා කෙරෙහි බලවත් දුෂ්ට චේතනා ඇත කර සිටින මේ සොරු රැළ හනිකා ආහාර පිස එට කන්ටදි ඔවුහුද කෑහ. මේ රංචුව මගෙන් ටිකක් ඉවතට ගොස් මොකක්දෝ කථාකර ගත් පසු මහඵ මිනිහෙකුත් බණ දහම්දත් ගුරුන්නාන්සේ නමැති මිනිහෙකුත් මා ලඟ ඉදුවා හොරු ඔක්කොම කොහේදෝ ගියාහ. ඔව්හු මාහා ගල්ලෙනකට ගිය බැව් පසුව දැන ගතිමි. ඉතින් ඒ හොරු ගිය හැටියේම අර මා ලඟ සිටි ගුරුන්නාන්සේට කථාකොට “ අනේ පින්වත් ගුරුන්නාන්සේ මහත්මයා මා ආරක්‍ෂා කරගෙන මැනවි. මම දුර්වලවූ අනාථවූ තැනැත්තියක්මි. මට මේ සොරු රැළ යම් කිසි බලත්කාර කමක් කළ හොත් මා එවේලේම මැරේ. මනුෂ්යැ ගුණය මදක්වත් ඇති කෙනෙක් මේ වැනි අසරණ කෙල්ලක් විනාශවෙන්ට ඉඩ නොහරිය. ගුරන්නාන්සේ මහතාට මම කාරණයක් කියන්නෙමි. එය හොරුන්ට අවබෝධකර දුන්නොත් මම ගුරුන්නාන්සේ මහත්මයා සමග කසාද බඳින්නෙමි”යි කිවෙමි. මේ කථාව කෙරෙණවිට මා ලඟ නවතා ගිය අනිත් මහල්ලා ටිකක් ඉවතින් වාඩිවි බුලත්කොමින් සිටියේය.ගුරුන්නාන්සේ මගේ වචනය අසා අභෂේක ලද්දාක් මෙන් සතුටුව “මැණිකේ මා සමග කසාද බඳින බවට ඒකාන්ත නම් සොරුන්ගෙන් කිසි අනතුරකට පත්නොවෙන්ට සලස්වා කැමති කාලයක් නිරුපදෘතව රැකගන්නෙමි”යි කියේය. හොදයි හොරුන් සමග යම්කිසි කථාවක් ඇතිවූවිට මගේ පැත්තට කථාකොට මා ආරක්‍ෂාකර දෙන්ටයයි කියමින් සිටිනවිට හොරු නවැතත් අවුත් මා පිරිවරා ගත්හ. මා රැ ගෙණ ආ මහල්ලා නම් අගෝරිසාය. ඔහු අතේ තිබෙන මගේ මුදල ගැන ඔහු කිසිවෙකුට කිසිවක් නොකීවේය. මමද ඒක මතක්වත් නොකෙළෙමි. හොරු රංචුවේ ඉතා ශක්තිමත් රෞද්රා මිනිසා නම් දැන් මා රැකගෙණ ඉන්නා බබාසිඤ්ඤෙය. ඉතින් මේ සියලුදෙනා මා පිරිවරාගෙණ දැන් මගේ කල්පනාව කිමදැයි ඇසීය. මගේ පිරිසිදු පතිවෘතා ධර්මය සිහිකරමින් මුඵ ශක්තියෙන් මගේ සිත ඔවුන් කෙරේ මෛත්රිද සහගත කරමින් ඔවුන් දෙස බැලුවිට කීපදෙනෙක් අඬන්ට පටන්ගත්හ. මා කුමක් කියන්නේදැයි ආශාවෙන් බලාසිටි ඔවුන් දෙස බලා අඬමින් මෙසේ කිවෙමි. “අනේ සහෝදරවරුනි, මම මව් පියන් ලඟ සිටි අසරණ තරුණියක්මි. මේ දුෂ්ට නාකිමිනිහා මා ගෙයින් පිටතට ආවිට උසසා ගෙණ ආයේය. මම මොහුගේ මිනිබිරියකටත් වඩා ලපටිය. ඉතින් මෙහි සිටින තරුණ සහෝදරයන්ගෙන් කා සමග



342 ඩිංගිරි මැණිකා


උවත් උඹලා නියම කරන කෙනෙකුට මම භාර්යාව වන්නෙමි. නමුත් මගේ කේන්ද්රලයේ හැටියට ලබන මාර්තු මාසේ දෙවෙනිදා වනතුරු දීගයක ගියොත් එදාම මා මැරෙණබව කියා තිබේ. ඉතින් මේ පිරිසේ සිටින සිංහල සහෝදරයන්ගෙන් කිසිවෙක් මා වැනි කෙල්ලක්ගේ දිවි නැතිකොට එක මොහොතක් සතුටුවේයයි නොසිතමි. මගේ තාත්තා මා මෙපමණ කල් දිගයක නුදුන්නෙත් ඒ කෙන්ද්රේයේ අපලය නිසාමය. උඹලාගේ අත්පා මෙහෙවර කරමින් උඹලාට කීකරුව මෙහිම ඉන්නෙමි. නමුත් ලබන මාර්තු මාසේ වනතුරු මා විවාහයට බැදගන්ට සිතතොත් දැන්මම මා මරාදමාපල්ලායයි ඔවුන්ගේ සිත් හුනුවෙන අන්දමට කීවෙමි. මේ වෙලාවේ මා රැගෙණ ආ නාකි අගෝරිසා කිසිත් නොකියා ඔහුට ලැබුනු මුදල නිසා සතුටු සිතින් පැත්තකට විය. බබාසිඤඤෙගේ මාමා සහ එහි සිටි තවත් මහල්ලෙක්ද පැත්තකට විය. අනිත් දසදෙනාම තරුණෝය. මෙයින් අධිපතිය වන බබාසිඤ්ඤෙට මා සරණකර දියයුතු බවත් මෙසේ කළ යුත්තේ ලබන මාර්තු දෙවෙනිදාට පසු බවත් ඒ අතර කාලය තුළ මව් කෙනෙකුට මෙන් මට සැලකිලි යුතු බවත් හීරලු ගුරුන්නාන්සේ ඒ පිරසට කියා එසේ කරණ බවට සෑමදෙනාගෙන්ම දිවුරුම් ගත්තේය. ඉතින් එදා රැ මාත් සමග ඔවුහු මහා ගල්ගේකට වන්හ. එය පුදුම උමගෙයකි. මා එහි කාමරයක නවත්වා මොවුන්ගෙන් කීපදෙනෙක්ද එහි තැන තැනවල සිටියාහ. ආහාරපාන සියල්ලක් මට ගෙණ දෙමින් කෑලමල් රැක ඉන්න හිවලුන්මෙන් මේ හොරු මාරැක වුන්හ. ගුරුන්නාස්සේට හොරු සියලු දෙනාම සලකති. ඔහු කියන වේලා නැකැත් ආදියත් ශාස්ත්ර්ත් හොරුන්ට විශ්වාසය. මේ නිසා මම ඔහු සමග නිතරම කථාකරමින් ඔහු සමග විවාහ වෙන බව කිය කියා හොරුන්ගේ බලහත්කාරකම් වලක්වා ගතිමි. බබාසිඤඤෙට සෑමදෙනාම භයය. ඔහු සමහරුන්ට අඩන්තේට්ටම්ද කරයි. මේ රෞද්රම උමගතුළ දෙමාසයක් පමණ සිටින අතර මා ගෙණගිය අගෝරිස් නැමැති මහල්ලා මළේය. ඔහුගේ මරණය නිසා මා වලව්වෙන් ගෙණ ආ මුදල් වලට හා ඇදුම්වලටද කුමක් වූයේදැයි සිතාගන්ට බැරිවිය. ඉතින් ඒ අගෝරිස් මළ දවසේ මාත් සමග හොරු උමගෙන් එළියට ආවිට තපස්වරයෙකු දැන ඒ ස්ථානේ නොසිට මේ දැන ඉන්නා තැනට ආවෙමු. මා අතේ තිබුනු රන්බාණ්ඩා මහතාගේ පින්තූරයද ඒ අප සිටි ගල්ගෙයිය. මගේ දුක ප්රණකාශිත කවි කීපයක්ද ඒ පින්තූරයේ පිටපැත්තේ ලියා ඇත. මාත් සමග දෙමසකට පසු මේ ස්ථානයට ආහැටියේම බබාසිඤඤෙටත්



පියදාස සිරිසේන නවකථා එකතුව 343


අතින් හොරුන්ටත් වෙන්වෙන් වශයෙන් අධික ප්රේ මයකුත් සැලකීමකුත් දක්වමින් එකිනෙකා ලවා ඔවුන් එකිනෙකාගේ බලාත්කාරකම් මැඩපවත්වා ගණිමින් සිටින මා ගැන ඔවුන්ගේ මහත් අනුකම්පාවද අධිකවිය. ඉක්බිති මට ගෙදර දොර වැඩ කරන්ට බැරියයි කීවිට අර ඉන්නා ඇලපිනාව අනුරාධපුර පැත්තෙන් අඬගසා ගෙණවුත් නවත්වනලදි. දැන් මා ප්රඅයෝගයෙන් ලබාගණිමින් සිටින නමුත් මගේ පොරෙන්දුව මාර්තු මාසේ දෙවෙනිදාට යනු කියනවත් සමගම බබසිඤඥෙ මිදුලට අවුත් කවුද අර ඉන්නේ කියා මිදුලේ සිටි මහල්ලාගෙන් ඇසුවේය. ඒ නිසා ඩිංගිරිමැණිකා ඉවතට විය. මමද මහත් භයට පැමිණියෙමි. බබාසිඤ්ඤෙ “ගෙයි ඉන්නේ කවුදැ”යි ඇසූවිට මහල්ලා “ඒ කැලැකොරළ මහතාය “යි කී වාම බබාසිඤ්ඤෙ කිපී “කව්දෝ ඔත්තුකාරයෙක්-කැලෑ කොරාළ සමග මම මේ කථාකර කර ඉඳලයි එන්නේ. ඔකව අල්ලපියෝ” කියනකොටත් මම පිළිකන්න පැත්තෙන් කැලේට පැන දුවන්ට පටන් ගතිමි. එවිට නාලවත් පිඹින ශබ්දයක් මට ඇසුනේය. හොරු මා ලුහුබැද එනබව නලාශබ්දයෙන් තේරි මා විසින් ගෙණ තිබුන වේසය ඉවත්කොට රෙදදක් බැනියමක් ඇදගෙණ ඝණ කැලෑව යටින් රිංගමින් යනවිට භයින් හා වෙහෙසින් පිපාස අටගත්තේය. ඉතින් සැතැප්මක් පමණ ඈත තිබුනු වැවකට පැමිණ බොරවූ අපිරිසිදු වතුර ටිකක් බොන්විට ගස් වලට නැඟී මා පරිකෂාකරමින් සිටි සොරකුට මා පෙණී ඔවුහු කිපදෙනෙක් මා නොදැනුවත්වම පිටිපසින් අවුත් මා බදාගත්හ. එකෙන් දෙන්නෙක් මට පහර කීපයක් ගැසූහ. නමුත් මම යටත්ව “ අනේ ආයුබෝවන්ඩ, මම වලමත්වි යන කෙනෙකි. ඒ මිස ඔත්තුකාරයෙක් නොවමි”යි බැගෑපත්ව කියනවිට ඒ පිරිසේ සිටි ඩිංගිරිමැණිකා සදහන් කළ ගුරුන්නාන්සේ මා කෙරේ අනුකම්පා කොට මට තලන්ට නොදි බබාසිඤ්ඤෙ එනතුරු මා නවත්වා ගත්තේය. ඔවුන් හූ කීවිට බබාසිඤ්ඤෙ එහි ඇවිත් තමා පැලේදි දක්නාලද්දේ මා වැනියෙක් නොවන බැවින් මගෙන් වචන කීපයක් අසා ගණේවත්තේ දුම්රිය පලට පාරකියාදි මා එලවා දැම්මෝය.

අහෝ මටවූ විපත ! මට මේ විපත සිද්ධවුයේ පෙබරවාරි මස දහ වෙනිදාය. ඩිංගිරිමැණිකාගේ කල්පනාව තිබුනේ බබාසිඤ්ඤෙ පැමිණෙන්නේ හුඟක්ම හවස්වෙලාය කියයි. නමුත් අපේ කරුමයට ඔහු දොළහට පමණ ආවේය. බබාසිඤ්ඤෙ එපමණ ඉකමණට ඒයයි සිතුවමෝ නම් ඩිංගිරිමැණිකාට සිද්ධවූ කරුණු වෙනුවට ඈ ගලවා



344 ඩිංගිරි මැණිකා


ගැණිමට සුදුසු උපක්රිම ගැන කථා කරගන්ට තිබුණේය. අහෝ! නොසිතූ දෙකක්ම සිද්ධවිය “අචිත්ති තම්පි භවිස්සති චිත්ති තම්පි විනස්සති නහි චින්තා මයා භොගා ඉත්ථිවා පුරිසස්සවා” මාස එකොළහකුත් දවස් දහයක් රෞද්ර සොරුන් අතට පත්වී සිටින කුලස්ත්රිකයක් ගලවාගැණිමට ඉඩ ලැබිලත් ඒ නිරාර්ථකවීම මට මෙන්ම මේ කියවන්නාටද සංවේගදායකය. ඒ එසේද උවත් සියල්ලම සිඬවෙන්නේ යහපතටයයි කී ආප්තොපදෙශය මට මෙහිදීද මතක්වි මගේ වීර්යය දෙතුන් ගුණයකින් අධිකවිය. “මුහුද මැදින් පාරක් තැනීමට වඳුරෝ සමර්ථවූය. රාවනා නම් රාක්‍ෂස රාජගේ ආරක්‍ෂාවේ තබා සිටි සිතාප්ර්මෙශ්වරිය සොයාගණීමට වඳුරෝ සමර්ථවූහ. ඉතින් මම වික්රබමපාල වෙමි. මම සිංහලයෙකමි. මගේ පළමුවෙනි සිංහලයා යකුන් මැඩපැවැත් වූයේය. ඊටපසු වාසයකළ මගේ මුත්තෝ කුමක් නොකළෝද? සත් ඇවිරිදි වයසේ සිටි නමුත් රජුගේ අයුතු අණට කීකරුව වධකයාගේ සියුම් කඩුවට බෙල්ල පැවෙත් මගේ මුත්තනු කෙනෙකි. ඉතින් මෙබදු හිමවික්ර්මාතිශය ලෝ දැක්වූ විචිත්රාුනන්ත වික්රාුන්ත සාර සිංහල ජාතියෙන් පැවතෙන මට නීච සොර ජඩයන්ගෙන් උතුම් පතිවෘතා ධර්මය රක්‍ෂා කරණ උසස් ස්ත්රී මායමින් සොරුන් තමාගේ දාසභවයට පමුණුවා ගෙණ සිටින ඩිංගිරිමැණිකේ නම්වු පවිත්රඋ කුලචාරිත්රා භරණ විභූෂිත සිංහල කුමරිය නිදහස්කර ගත නොහැකිදැ”යි මහත් ගර්වයක් සිතේ ඇතිව වාඩිවවුන් ගසමුලින් නැගිට පහරකා තැලී ගියා මගේ ශරීරයෙහි ආලස්යස භාවය දුරුකොට එකචාරි අභීත කේශර සිංහ රාජයෙකු මෙන් කලින් මා නැවතී සිටි පන්සලට සවස හතරට පමණ පැමිණියෙමි. එහි මා එනවිට තවුසා නොසිටියේය. ඩිංගිරිමැණිකේ සූදානම් කර දුන් ආහාර පාන අනුභවකළ මට තව දෙදවසක්වත් නිරාහාරව ඉන්ට පිළිවන්කම තිබුණේය. එනිසා දිරාගිය පරණ පැදුරු කබලත් ඵලාගෙණ සුවසේ නිදාගතිමි. සිත සැහැල්ලුවනතුරා සැප නිදි නොලැබේ. සිතත් කයත් දෙකම අතිශයින් සැහැල්ලු බවට පත්වූවිට සතර මහ සතර ඵලය ලැබෙනබව වදාළ බුද්ධ වචනය විමංසන බුද්ධිය ඇත කාටත් ප්රසත්යබක්‍ෂවේ. “පස්සධි සම්බොජ්‍ක්‍ධංගය” එවේලෙහි මට ප්ර ත්යමක්‍ෂවිය. උදේ හතර වනතුරු සුවසේ නිදාඉද



පියදාස සිරිසේන නවකථා එකතුව 345

නැගිට මට පුරුදු භාවනාවකොට අසහාය පරාර්ථකාමින් වහන්සේට මෙසේ නමස්කාර කෙළෙමි. (1)

කුඵණු බර හිමිසඳ-අපමණ කප් දහස් කල්

ලෝ දා ඇති නැතිව යනතුරු වෙර නොසි ද පෑ දා පෙමැති දේ දන්දි බැතින්ත ද

අපගේ දුක සොයන-සදින් සිවුසස් නම්වූ දු ක ත් සමුදයත් සෙත දුක් නසන ම ඟ නොමැත් සම උවම දැනගත් තිලෝ අ ග

පි රි සිදුකර කෙලෙස් ගිනි නිවන නිවන ට අ රි ය අටම‍ඟෙය හිණිපෙති සදිසි කො ට දි රි යද කුඵණු මෙත දැක්වු හිමිසඳු ට සි රි පා පියුම් නමදිමි ඇදලි බැඳ සි ට (2) දහම් සත්විති වන-හිමිසඳුගෙ සිරිපා සර

පෙ මා දර බැතින් සහ අවනත සදි නි න මා හිස වඳිමි පීතිය පුද දෙමි නි

සදහම් අමා රස-අපටත් පොවනු රිසියෙන්

කෙ දි න කෙලෙස ඇතිවිදැයි නොම ද න් න ස ර ණ සසර සක අප සතු සන ස න් න

වැ ති ර බිම පළමු බුදු රජු දුටු දව සා එ ත ර ලද නිවන් අතහළ අප උදෙ සා




346 ඩිංගිරි මැණිකා

දි ය නෙ ත හිමිසඳුනි මගසෙව් නිවන්පු ර සැ කනැ ත පිහිට බව හිමිසඳ සමර ක ර අ ව න ත බැතින් තෙවරක් මම බිම වැති ර මු දු න ත තබා නමදිමි සිරිපා තඹ ර*

ඉතින් මා විසින් මීට පෙර සඟවනලද රුපියල් හතළිස්දාහත් රන් මුතු මැණික් ආභරණ රාශියත් ඔඩොක්කුවේ සඟවා ගෙණ ගණේවනතේ දුම්රියපලට අවුත් සවස දෙකේ දුම්රියෙන් කුරුණැගලට පමිණ මගේ

  • මේ වනාහි සී.ඒ.හේවාවිතාරණ දොස්තර් මහතානන් විසින් ඉංග්රිරසියෙන් කරණලද රචනාවක් සිංහලට පරිවර්තනය කරණලද්දකි. මේ පොතේ කර්තෘ අතුඵ පිරිසක් බන්ධනාගාරයේ දුකින් පෙළෙන අවස්ථාවක හේවාවිතාරණ දොස්තර මහතා ඉංග්රිාසියෙන් කරණලද එම බුද්ධවන්දනාව ඉංග්රීදසි නොදන්නන්ගේ ප්රගයෝජනයට මෙසේ සිංහල කරණලදි. මෙය කියවන්නන්ගේ ප්රනයෝජනයට ඒ ඉංග්රිමසි පද්ය්පද මෙහි යොදනලදි.

Compassionate! Who whith unccasing zeal Beheld rise and fall of myriad carths, And in the rounds of births gave all. That men Hold dear, for Truth to find, and for our weal That Thuth beyond compare of pain, and Cause Its ceasing, and the Way’ To thee, who showed the active life and calm That lise between the rungs of Eight-fold-path Which leads to Bliss that cooleth passion’s thirst; To Thee, Sole Teacher of the Truth, I bow My lowly head and with a humble heart To Thee I bring and offering of my joy, All-wise! Who spurued the hope of instant Bliss- When first Thou met prostrate, Thy Forerunner- That we may taste the nectar of Thy words To hearten us who tread the wheel of life- Which first began we Know not where nor how- To Thee sweet Lord my humble brow I bend In lowly worship thrise, and at Thy feet In Faith and Trust seek I Thy sure Refuge’ පියදාස සිරිසේන නවකථා එකතුව 347

හිතෛෂි නොතාරිස් රාළහාමිගේ කන්තෝරුවට පැමිණි ඒ මුදල හා ආභරණද මගේ පෙට්ටියේ බහා දවසක්ම විවේක ගැණිම වශයෙන් එහි නැවතියෙමි. කුරුණෑගල පළාතට යම්කිසි රාජකාරියකට පැමිණි ස්ත්රියයක් එක්තරා කරත්තකාරයෙකුගේ මායමකට අසුව ඔහුගෙන් දූෂිතව කවදාවත් කථාබහක්වත් නැති නොතාරිස් කෙනෙකුට ඇතිවූ අභුත චොදනාවක්ද මට දැනගන්ට ලැබුනේය. නමුත් එය විස්තර වශයෙන් කීමට තරම් නොවේ. ආර්ය මායම් නොදත් සිංහලාදි පෙරදිග භාෂා ශාස්ත්ර් නූගත් කුලධර්ම පුරුදු නොකළ ඒ දුෂ්ට ස්ත්‍රිය එක කරත්තකාරයෙකු සමග දෙතුන් දිනක් කථා බස් කළ පමණින් කිඵටට පත්ව අනාථවුවාය. නමුත් අපේ මේ කථාන්තරයේ සදහන් ඩිංගිරිමැණිකේ ආර්ය මායම් හා උතුම් කුලධර්මත් උසස් පෙරදිග ධර්ම ශාස්ත්රිත් ප්රයගුණකළ නිසා රෞද්ර චෞරවයන් දහතුන්දෙනෙකු සමග එක් අවුරුද්දක්ම මහා හිමයේ විසූයේ අලපත දියක් මෙන් බව ‍තේර්ම් ගතයුතුය. අපේ උතුම් ගුණධර්මවල වටිනාකම මෙයිනුත් තේරුම්ගත නොහැකි තැනැත්තා අන්තිම පර්වාකරයායයි කියන මට ප්ර ශංසා කරත්වා! ඩිංගිරිමැණිකා සෙවීමට තවවරක් යායුතු බව සිතමින් සිටින මට ඈ අන්තිමට කී වචනය (එනම්) “මාර්තු මාසේ දෙවෙනිදාට” යන්නෙහි තේරුම සලකාගනු බැරිව මහත් විතර්කයක් ඇතිවිය. මීට පළමු මට සම්භවූ ඇගේ කවි වල දසමාසයක් ජිවත්වන බව කියා තිබුනේය. පෙරයිදා ඈ කියා ගෙණ අවුත් හදිස්සියෙන් නවත්වන්ට වූයෙත් ඒකමය. ඉතින් දෙවියනේ මාර්තු මාසේ දෙවෙනිදාට ඇත්තේ දවස් දහහතකි. මේ කාලයතුළම මගේ දක්‍ෂකම නොයෙදෙව්වොත් මගේ උත්සාහය නිරාර්ථකය. ඈ ගෙදරින් ගෙණ ගිය මුදල ලැබුනත් ඒ උතුම් කානතාව විනාශ වි නම් ඇති ඵලේ කිම්ද? එ හෙයින් සොරුන් සමග සටන් කොටවත් ඩිංගිරිමැණිකා ගෙණ එමියි සිතා මට පුරුදු යුරෝපීය ඇඳුමත් ඇඳගෙන දඩයමට යන්නෙකු මෙන් තුවක්කු ආදි උපකරණත් රැගෙණ පෙබරවාරි මස දහතුන් වැනිදා උදේ දුම්රියෙන් ගොස් ගණේවත්තේ දුම්රියපලෙන් බැස ඩිංගරිමැණිකා සිටි පැත්තට ගියෙමි. අහෝ! ඒ පැලත් ගිනි තබා සොරු පැනලා ගොසින්ය. දවස් තුනක් මුඵල්ලේ හැතැප්ම පහක් පමණ තන් සෙව් නමුත් සලකුණු මත්රසයක්වත් දැන ගත නුහුනු මට කෙතරම් සන්තාපයක් ඇතවීදැයි මේ කියවන්නාට තේරේ. නිසි පරිදි ආහාරපානත් නැතිව තදින් වෙහෙසුනු මට බලවත් ශරීර ක්ලාන්තය




348 ඩිංගිරි මැණිකා

ඇතිව පෙබරවාරි මස දහසය වෙනිදා සවස කුරුණැගලට පැමිණියෙමි. පසුදින උදේ මගේ සිත සනසාගත නොහැකිතරම් කලබල ඇතවිය. කුමකින් කුමක් කරම්දැයි සිතාගත නොහැකිව මගේ පෙට්ටිය ඇර එහි තිබෙණ නොයෙක් දේ බැලීමි. රන්බණ්ඩා විසින් ඩිංගිරිමැණිකා වෙත යවනලද ලියුම් කියවා බලන්ට සිතුයේ වෙන කිසිම ප්රරයෝජනයක් තකාගෙන නොව වික්‍ෂිපත්වූ මගේ සිත එකි භාවයෙහි පිහිටුවා ගැණිමටය. නමුත් රන්බණ්ඩාගේ පස් වෙනි ලියමන කියවූ සිහි ඇති කිසිවෙකුට එය දෙතුන් විඩක් නොකියවා නොහැක්කේය. මේ මා කියන්නේ සත්යකයක්ද යනු කාටත් බලාගණිමට ඒ ලියමන මෙහි යොදන්නෙමි. තමාගේ අභවෘද්ධියට කරදෙන උතුම් ක්රියයාවෙහි ප්රකසන්නවන කෘතවේදි සත්පුරුෂ ලීලාව ඇතිකොට මෙය කීප වරක්ම කියවා උතුම් සිංහල ජාතිය තව වරක් නගාසිටුවන්ට මාගේ පෙම්බර සහොදර සහොදරියන්ගෙන් ඉතා ඔනෑකමින් ඉල්ලා සිටිමි.

11. පරිච්ඡේදය[සංස්කරණය]

(රන්බණඩා විසින් ඩිංගිරිමැණිකාවෙත් යවනලද 6 වෙනි ලියුම.)

ප්රේරමවත් මැණිකා වෙතටයි, මාවෙත එවනලද ලියමන ලැබුනා ප්රේටමිය විසින් අපේ ඉතිහාසයත් පුරාණ විසූ උතම් සිංහල ස්ත්රිතන්ගේ චරිතත් සම්බන්ධව තේරුම් ගෙණ තිබෙන හැටි ඉතාමත් හරි. “නමුත් දැන කාලේ පුරාණමෙන් උතුම් ස්ත්රී වරත් පුරුෂයොත් අපේ රටේ නූපදිත්ය. එසේ වීමට හේතුව කිමදැ”යි අසාතිබේ. සත්තකෙන්ම මේ ඉතා ගැඹුරු ප්ර ශ්නයකි. මේ ප්ර ශ්නය විසදාගණිමට තබා ඇසීමටත් පිළිවන් ස්ත්රිරවරු හෝ පුරුෂයෝ දහපහළොස් දෙනෙක් වත් දැන් ඇතතාහයි මම නොසිතමි. අපේ රටේ උදාර තර අදහස් ඇති වීට පුරුෂයන් ඉපදීම අඩුවූ නිසාම අප ජාතිය පහත බැස්සේය. නමුත් මතුකාලයේ අප දෙදෙනාටවත් පින්වත් පුත්රි දූහිතෲන් ඇතිකර ගැණිම සදහා ප්රේයමියාට ඒ උතුම් ශාස්ත්රව ක්රතමය කියාදෙන්නෙමි. මේ ලියමන හත් අට විඩයක් කියවා තේරුම්ගත මැනවි. උසස් භාවය දෙවදැරුම්ය. එනම් :-සිතේ උසස් භාවයත් කයේ




පියදාස සිරිසේන නවකථා එකතුව 349

උසස් භාවයත් වශයෙනි. උදරතර හිතකුත් ශක්ති සම්පන්න ප්රි:යකරු රූපයකුත් ඇත සත්වයෙක් ඉපදීමට හේතුව මෙසේය. පාප චේතනාවලින් තොරවූ උදරතර අදහස් ඇති නිරොගිවූ දූෂිතනුවු ශරීරයෙන් යුත් අවංක ප්රේ්මයෙන්යුත් ස්ත්රී පුරුෂයන් දෙදෙනෙකුගේ සංවාසය කරණ කොටගෙණම උදාරතර අදහස් ඇති ශක්ති සම්පන්න ප්රිේයකරු දරුවෙක් උපදි. මීට වෙනස් විධියක් ඇත්තේම නැත.මෙය තෘණාදි විද්යාුව උපමාකර තේරුම් ගතයුතුයි.

ඉතා සශ්රීපකව වැඩුනු ගසක හෝ වැලක තරුණකාලේ

හටගත් ඵලයක් බීජය එම වැලක හො ගසක ලපටිකාලේ හටගත බීජය එම එම මහලුකලේ හටගත් බීජය නිශ්රි කව වැඩුණු වැලක හෝ ගසකතරුණකලේ හටගත් බීජය එම එම ලපටිකාලේ බීජය එම එම මහලුකාලේ බීජය

යන මේ බීජ සය ඉතාම හොද සෘතුවක ඉතාම සාර පොළවක රෝපනය කළත් මේ පැල හය එකිනෙකට වෙනස්වූ සාර අසාර භාවයෙන් යුක්තවේ. එකම වැලේ හෝ ගසේ හටගත් ඇට ලපටි-තරුණ-මහලු යන කාල තුනට තුන්ආකාර ගුණයක් ඇතිව තුන් ආකාර වූ පැල හටගන්වති. ඉතින් ඉතාමත් අසාර වැලක හෝ ගසක ඇට ඉතාමත් සාරවූ පොළවක නියම සෘතුවකදි රෝපනයකොට සුදුසු පෝර යෙදු කල්හිත් ඉතාමත් සාර වැලක හෝ ගසක ඇට අසාර පොළවක නුසුදුසු කාලයකදි රෝපනයකකොට සුදුසු පොරනොයෙදු කල්හිත එයින් නියම ශක්තිය ඇත වැල් හෝ ගස් ඇති නොවෙත්. මෙය ඥානය මෙහෙයා කල්පනා කරගත යුතුයි. සත්වයාගේ උත්පත්තිය මීට වඩා සියුම් ගැඹුරු ක්‍රමයකින් තේරුම් ගතයුතුවේ. අචෙතනවූ ගස් වැල් ආදියේ බීජයෙත්, සෘතුවෙන්, පොළවෙත්, හැටියට සාර අසාර බව සිද්ධවෙන නමුත් මනුෂ්ය් උත්පත්තිය කර්මයත් මව්පිය හා කාල දෙශාදියත් නිසා උස් පහත් බවට පැමිණෙන බව සැලකියයුතයි. උපදින සත්වයා උස් පහත් කර්මානුකූලව උත්පත්තිය ලැබීම නියතය. ඉතින් යම් රටක හෝ පවුලක උසස් සත්වයෙක් උපදින්ට ඒ රට හෝ පවුල ඒ තරම් උසස් වියයුතුය. පහත් සත්වයා පහත් පවුලකම උපදි. සුගන්ධ වහනයවන මල්වර නිලමැස්සෝ නොහැසිරෙති. ඔවුන්ගේ වාසය අපවිත්රස කුණුකසලයෙහිමය. ඇන් මෙය ප්රේසමියට පහසු ක්රනමයකින් උගන්වමි. ඔන්න-සුරාපානය, සතුන්මැරීම, සොරකම, පරදාර සේවනය,

350 ඩිංගිරි මැණිකා

බොරුකීම ආදි දුශචරිතවල නියුක්ත පුරුෂයාත් ස්ත්රීකන් යන දෙදෙනගේ ශරිරත් හිතත් එකසමාන නරකය. සුරාවෙන් ශරීරයේ සප්ත ධාතුවම දූෂ්යය කොට වියලා දමයි. පංචෙන්ද්රිනයන් දුර්වල කෙරේ. විෂගතියක් ශරීරයේ ඇතිවන සුරාපානය කරණ පුද්ගලයාගේ සියලුම ධාතු විෂ මිශ්රලව දූෂිතවී පවති. තවද සතුන් මැරිමාදි අනිත් පාප ක්රියයා නිසා සිත ප්රුධාන වශයෙනුත් ශරීරය අප්රයධාන වශයෙනුත් දුෂිතව පවතී. ඉතින් ඵබදු පුද්ගලයෙකුගේ භාර්යාවද ශරීරයත් හිතත් දෙකම දූෂිතවූ දුකින් කනගාටුවෙන් අඥාන කමින් හා අපිරිසිදු භාවයෙන් කල්කවන කෙණෙකි. මේ දෙදෙනාගේ ගෙදරත් එයාකාරම අපිරිසිදු අමනොඥ තැනකි. මේ අධම මව් පියන්ට දාව දරුකමට පැමිණෙන්නෝ සතර අපායෙන් චුතවන අධම පවුකාරයෝය. එය හරියටම අසූවියට නිලමැස්සන් එක් වෙන්නාක්මෙනි. දුර්ගගන්ධවූ කසලට නිලමැස්සා එක් වෙනනාක්මෙන් අධම පියාට දාව අධම ස්ත්රිධය කුස පිළිසිදගත් පවුකාරයා නව මාසයක් මුඵල්ලේ මව් කුස සිටියදි තව තවත් අධම කල්පනා ඔහුට සහජවේ. මක්නිසාද අඥාන පව්කාර අධම මෑනියන් සිතනතාක් දුෂ්ට සිතිවිලි බඩේ සිටින ලපටි දරුවාගේ මොලයේ පිහිටන හෙයිනි. අසංඛාරික, ඥානසම්ප්රොයුක්ත, සොමනස්ස සහගත කුසල චිත්තයෙන් චුතවන සියලුම සත්වයෝ එබදු උසස් කුසල ච්තතයෙන් යුත් මව්පියන්ටම මිස වෙන කිසිවෙකුට දරු නොවෙති. උදාර අදහස් ඇති පිරිසුදු ශරීරයෙන් යුත් මව්පියෙකුට දාව උදාර අදහස් ඇති මවෙකු කුස හටගන්නා පින්වත් දරුවාට තමාගේම පිණින් ඇතිවන උදාරතර ගතියත් ඇර තවත් මහන්තන්ව භාවයක් මව්පියන් නිසාද ඇතිවේ. පියාගේ පිරිසිදු හිතත් ධාතු ගුණයත් නිසා දරුවා ගේ ඇට, මස්, නහර ආදිය ප්ර ණීතව අටගත් ඉක්බිති නව මාසයක් මුඵල්ලේ උගත් සුවිනීත පිරිසිදු මව් හිතන උතුම් කල්පනා සියල්ලක්ම කුසේ සිටින ළමයාගේ මොලයට ඇතුල්වීමේන මේ ගතිය ඇතිවේ. සාරවූ ඇටයක් සාරවූ පොළවක සිටුවා සාරලෙස වැඩෙද්දිත් හිතවූ පෝර හා ජලය යෙදීමෙන් ඒ සාරවු පැලය අතිශයින් සාරවත් බවට පැමිණෙන්නේ යම්සේද, එමෙන්ම ත්රිසහේතුක කුසල චින්තයෙන් පිළසිදුනු සත්වයා මව්පියන්ගේ පිරිසුදු ධාතු ගුණයත් මව්ගේ උදරතර කල්පනාත් ලැබිමෙන් මව්කුසේදිම අතිශයින් වික්රගමාන්විත පරාර්ථකාමි උදාරතර මනුෂ්යකදෙවියෙකව උපදින්නේය. දැන් අප රටේ ස්ත්රීර පරුෂයන්ගෙන් සියේට එකෙක්වත් යහපත් දරුවන් ලැබීමේ ක්ර මය නොදනියි. තිරිසනුන්මෙන් ප්ර්කෘති කාමාලය




පියදාස සිරිසේන නවකථා එකතුව 351

නිසා ගිහිගෙට බැදෙන මොවුන් අතර සුරාපානාදි දුශ්චරිත බහුල බැවින් හදිසියෙන්වත් පින්වත් සත්වයෙකුට දරුවෙක්වීමට ඉඩනැත්තේය. ඉතින් පින්නැති සත්වයෙක් දරුව ඉපදි තිබියදිත් පියාගේ දූෂිතවූ ධාතු ශක්තියත් මව නව මාසයක් මුලුල්ලේ සිතන්නාවූ අල්ප වූ, අඥානවූ, දුෂ්ටවූ සිතිවිලිත් එක්වූවිට ඒ දරුවා අඥානවූ, ජඩවූ, අල්පෙශාක්යුවූ, අප්රිකයකරුවූ, අදක්‍ෂවූ කාලකණ්ණියෙක්වීම පුදුමයක් නොවේ. අසාරව වැඩුනු වැලක මහලු කාලයේ හටගත් ඇටයක් අසාර භූමියක අකාලයේ සිටුවා සුදුසු පෝරක ජලයත් නොවත්කරණලද පැලයක් සමානය. පිරිසිදු උදාරකර ගුණයෙන් යුත් කාවන්තිස්ස රජුටදාව ධර්ම ශාස්ත්රස උගත් අනවරතයෙන් පින් කිරිමේම නියුක්ත විහාරමහා දේවි කුස උපන් පින්වත් රාජ කුමාරයාට පියාගේ පිරිසිදු ධාතු ශක්තියත් නවමාසයක් මුඵල්ලේ ඒ උතුම් රාජබිසව සිහිකරමින් සිටි ශාසන සංග්රයහය සහ ජාති සංග්රඋහයත් මව්කුසේදිම ප්රටග්රුණ වීමෙන් දුටුගැමුණු කුමාරයා යම්සේ වික්ර මයෙන් හා තේජසින්ද, ශ්රශද්ධාවෙන හා ජාත්ය ලයෙන්ද අග තැන්පත්විමද එමෙන්ම ඒ ඒ අදහස් ඇති මව්වරුන්ගේ කුස උපදින දරුවෝද ඒ මවගේ අදහස්වලට සමානව ක්රිදයා කරන්නෝවෙති. පුරාණ අප මුතුන්මිත්තෝ ශාස්ත්රඇයත් ධර්මයත් දැන උතුම් කුල චාරිත්ර් ආරක්‍ෂාකරමින් සැපසේ වසද්දි ඊට ප්රුතිඵල වශයෙන් පින්වත් මිනිස්සුම මෙහි උපන්හ. සුවඳට සුවඳ එකතුක‍ළාක් මෙන් එයින් ජාතිය උද්දිප්තවිය. දැන් ධර්ම ශාස්ත්රප කිසිත් නොඉගෙණ උතුම් කුලචාරිත්රි මදක්වත් ‍පිළිනොපැද වන මෘගයන්ට සමානව ඉන්නා බැවින් ඒ මව්පියන්ටත් වඩා හීන පව් කාරයෝ මෙහි උපදිති. ඉතින් ප්රේමමිය අප දෙදෙනා විවාහවූ පසු පින්වත් පුත්රව දුහිතෲන් ලැබීම ඒකාන්ත නමුත් ඒ දරුන්ගේ ලැබීම මා විසින් ලුහු‍ඬෙන් කී නමුත් ඉතා විස්තරව තේරුම් ගතයුතය. තෘණාදි විද්යාව කිසිත් නොදත් වනචාරයෙකුට උවත් වල්හබරලආදි අප්රයයෝජන පැලවර්ග වැවිය හැක්කේය. නමුත් රෝස, සමන්පිච්ච ඇදි මල් වර්ගත්, රසවත් පලතුරු ගසුත් තෘණාදි විද්යාන නොදත් නෑසු නුදුටු වනචරයෙකුට විවාගත නොහැක්කේය. එමෙන්ම පව්කාර අල්පෙශාක්යන කාලකන්නි කෙල්ලන් කොල්ලන් බෝකර ගැණිමට කෙතරම් අශික්‍ෂිත බේබදු අඥානයනටත් පිළවන. එසේද උවත් පුණ්යනවත්,මහෙශාක්යය පරාක්රඅමාන්විත උතුම් දරුවන් ලබාගැණිමට උසස් ධර්මශාස්ත්ර‍ (මානසික ශාරිරකාදි ශාස්ත්රව) නූගතුන්ට පුඵවන් නොවේ. වැවිලි ක්රනම




352 ඩිංගිරි මැණිකා

නොදත් වනචරයෙකුගේ ඉඩමකත් ඇතැම් විට හදිසියෙන් හොද මල් පැලයක් හටගත්ත් එහි ප්රේයෝජන ලැබීමට තරම් ඔහු දක්‍ෂ නොවේ . එමෙන්ම ඇතැම් අධම ගෙදරක පුණ්යේවන්තයෙක් හදිසියෙන් උපන්නත් ඒ අඥාන අධම මිනිසුන් මව්පියන් නිසා ඒ දරුවා එක්කෝ අකාලයේ මියයි. නැතහොත් කුලයෙන් පරිබාහිර වන්නේය. ලෝකේ ඇතතාක් සියලුම ශාස්ත්රඅ ඉතා ලුහු‍ඬෙන් නමුත් තමන්වහන්සේගේ පොතට ඇතුළත් කළ ශ්රීස රාහුල මහා ස්විමි “සුදාරකොත්පත්තිය” පමණක් කව්සේකරයෙන් ඉවත්කලේ නැත. එයින් කීහ. එ ල දු න් සමගින් එබමුණු දැනුමැ ති ල බ නු ව පුත් රුවනක් රූ පින්ඇ ති පු ද මි න් දෙවියන් යදිමින් කර තු ති ම තු රු දපා බණසා දන් දේ නි ති

අපේ ජාතයේ පින්වන්තයන් අධික කරවීම පෙරදැරි කරගෙණ සමාන කුලදාරියන් සමග මේ “සුදාරකොත්පත්තිය” සම්බන්ධ කථාබස් ඇති කරණමෙන් ආදරයෙන් මතක් කරමි. අපේ හොද අදහස් වලින් අපටත් අනුන්ටත් එකාකාරම යහපත වේවා! දැන් රාත්රිල දොළහයි. සැපවේවා!

පෙම්වත්, ර.බ.දිසානායක.

රන්බණ්ඩාගේ මේ ලියමන කියවාබැලූ ඉක්බිති මගේ හිත වඩාත් සංවේගදායකවී අනේ මෙබදු උතුම් ධර්මශාස්ත්රහ ඉගෙණගත් ඩිංගිරිමැණිකේ නමැති මේ කුලස්ත්රි ය සොරුන්ගෙන් බේරා ගන්ට නොහැකිවුනි නම් මගේ ජීවිතයෙන් ඇති ඵලකිමද? මට වික්රබමපාල කියන්නේ කුමටදැයි සිතමින් සිට මාලඟ තිබුනු බෙහෙත් වර්ගයක් ඉවරවූ හෙයින් පෙබරවාරි මස දහඅට වෙනිදින කොළඹ යන්ට උවමනා වූයේය. පැය හයක් සිහිනැතිවන අන්තරා රහිත බෙහෙතක් මාළග තිබුනේය. එය ගන්ට පිළිවන් වෛද්යිවරයා සිටින්නේ කෙම්පඤඤවීදියේය. ඉතින් ඒ බෙහෙතත් රැගෙණ තවත් මට අඩු පාඩු දේවලුත් රැගෙණ විසිවෙනිදාට පෙර නැවතත් ඩිංගරිමැණිකා ‍සොයන්ට යන කල්පානවෙන් අහඅට වෙනිදා උදේම දුම්රියෙන් පිටත්වීම, ඩිංගරිමැණිකා කලින් සිටි පළාතේ වත් තබා නොගෙණ කොයි ගෙණ යනු ලුබුවේදැයි සලකන මම දුම්රියේදිත් වික්‍ෂිපතවූ‍වකු මෙන් සිටියෙමි. ඒ කාමරයේ සිටි පෙරේරා නමැති මගේ මිත්රබයෙක් මා තුෂ්ණිම්භූතව සිටිනු දැක “මොකද වික්රාමපාල මහත්මයෝ. මහත් අමාරුවකට පත්ව



පියදාස සිරිසේන නවකථා එකතුව 353


සිටින්නේ අලාභයක් කනගාටුවක් සිද්ධවෙලාදැ”යි අසීය. “සත්තකටම මිත්රමය ඉවසිය නොහැකි අලාභයක් කණගාටුවක් නිසා තුෂ්ණිම්භූතව කල්පනා කරමි”යි මම කීවෙමි. “දෙයියනේ ඔය එකක් එකට ලෝකේ කාටද විපතක් වෙලා ඵ් ගැන වික්රාමපාල මහතා තැවෙනවා වෙන්ට ඇති. අනුන්ගේ කරුණු ඒ තරම් දැඩි ලෙස සලකන්නන්ට සැනසිල්ලක් තැත. වික්ර්මපාල මහතා කවදත් අනුන් නිසා ලෙල්ලන්වෙන කෙණෙකි”යි පෙරේරා උන්නැහේ සමච්චල් වශයෙන් කීයෙය්. මෙය මට ඉවසිය නොහැකි කීමක් හෙයින් “ඉතින් මහත්මයා කුණුවී යන ශරීරය නිසාම නම් සෝකවිමත්, තැවීමත්, කල්පනාකිරිමත්, මහන්සිවීමත් ගැන තමුන්නාස්සේලා සමච්චල් නොකරති. අක්කර හත අටක පොල්වත්තක් නිසා නම් පණ කඩාගෙණ වීරිය කරති. උගුල් අදිති. නමුත් අනුන්ගේ විපතක් දුරුකීරිමට අනුන්ට උපකාරයක් කිරිමට, අනුන්ට යහපතක් සැලැස්වීමට මහත්මහාලාට වැඩි උවමනාවක් නැහැ. අනේ කෙස්, ලොම්, අට , නහර, අටමිදුලු, වකුගඩු. හදවත්, කෙල, සොටු, මල මුත්රත ඇදියෙන් පිරුණු කුණුශරිර කබල නොමැරෙණ, නාකිනොවන පිරිසිදු කීර්ති ශරීරය වඩා උසස්වුනු හැටිය”යි මා කී විට පෙරේරා උන්නැහේ සිනාසි “තරහවෙන්ට එපා මහත්මයෝ මම විහිඵවට කීවෙමි”යි කියා මා ඇසුවැසූයේය. නමුත් වේගවත්ව සිටි මට මොහුගේ චපල කල්පනාවට සෙල්ලම් වශයෙන් වත් පහරක් දෙන්ටසිති “පෙරේරා මහත්මයානනි, මම ඇත්තක් කියන්නෙමි, ග්රා“ම සුනඛයා නැතහොත් කම් ඌරා නැතහොත් කපුටා උදේ පටන් සවස්වනතුරුත් වෙන කිසිම කටයුත්තක් නොකොට ඒ සතාගේ බඩටම සපයන්නේය. නමුත් සිංහයා උදේම නැගිට ක්රීාඩාකොට උගේ වික්රතමය ගැන ඌම සතුටුව වතුර නා ලොකු ඇතුන් වසන පළාතකට ගොස් ඇතෙකු මරා රාත්තල් කාලක් පමණ ඇත්මොළ අනුභවකොට තමාමැරූ විශාල ඇතාගේ මළ කුණ කොටි. හිවල් ඇදි නොයෙක් සතුන් විසින් බුදිනු බලබලා ප්රීේතිවෙමින් නිශ්කලංකව කාලයගතකරයි. ඉතින් බලන්ට තිරිසනුත් අතරත් මෙබඳු කොටස් දෙකක සතුන් සිටිනකොට මනුෂ්යතයන් අතර දෙතුන් වර්ගයක අය නැද්ද ? අනේ සුභාෂිත - අනේ පණ්ඩිත කියුම්-අ‍තේ කීර්ති ශරීරය අඥාන වෙන්ට වෙන්ට පහත් වෙන්ට වෙන්ට ආත්රාර්ථකාමි වෙන්ට වෙන්ට අපේ ජාතියෙන් පරිබාහිර වෙන හැටි!




354 ඩිංගිරි මැණිකා

පි රි මෙ ත් සිලිල හද බිම සරුවන දිමු ත අ ට ග ත් පර වැඩට හිත බැව් අකුරු ප ත එ ම හ ත් යසස් ලියවි ලියලා නැව ත දෙනසෙත් පල රහත් නැණ මල් අටගණි ත

ය ස ලිය කින් මලින් හෙබි සෙත් පලෙන් දි ලී ල ස නොව සත් දිනන් බිඟු සෙවන අව ක ලී අ ස ලව එතනෙ කප්තුරු නම් මෙදිය තු ලී තො ස වන පර වැඩෙහි උතුමෝමය ලක ලී

දා න ය කළ වැඩට මෙරමා සිත සිරු ර පි න ය කරයි යසලිය වැළඳ නිරතු ර මා න ය විකුම් ලදුයේ ඔහුය දියතු ර හී න ය මිනිස් බව රැකුමම කුණු සිරු ර

ස ස රේ විසරුකේ අතිවන අමප ල ය නි ත රේ කරණ පරවැඩ පමණකි දු ල ය නො මැ රේ ඔහු මළත් මෙලොවින් කිසි ක ල ය නො හැ රේ පිනිඳු ගිලිමුත් සඳුගෙ සස ල ය

සි ය ව ස් විසුව මුත් පරවැඩ නොකළ ද න සු ප හ ස් යස ලියගෙ නොලබා කිසිම දි න අ ද ඇ ස් ගොඵ බිහිරයෙකු ලෙස ඉඳ දුකි න නි ද හ ස් නැති දුකට ති‍රයේ සැපත් ව න

රි සි වන දිගඹ ඇස යස රසද අ න් ද න දි සි තෙද විකුම් ජයකොඩි දියග බ න ද න හැ සි රෙන මහතුමා වැඩ පිණිස අ න් ද න නි සි වෙයි ලැබීමට ලෙව් හැමගෙ ව න් ද න

සේ රැ ස දිනුව ගුණ පැහැ රත සරට වැ ඩි ලො කු ස සියුල ඉතිරින්ගේ රුසිරු මැ ඩි පෑ ය ස යසස් ලිය සහ පේමයෙන් දැ ඩි වි තෙ ස ඉදිව් නගමින් ලොවෙහි ජය කො ඩි

න ව ත් වා අතට පත් අම නිවන් ස ර ප ස ත් බෝසතානෝ දක්කල් අත ර ම හ ත් පර වැඩට දුක් වින්දාය ගො ර ම ම ත් එලෙස පොහොසත් වෙම්වා සස ර පියදාස සිරිසේන නවකථා එකතුව 355

රස වැහෙන මේ කව්වල අර්ථ හොදින් තේරුම් ගත නොහැකි උවත් පෙරේරා මහතා මහත් ලජ්ජාවට පැමිණ ‘වික්රගමපාල මහත්මයා කීවේ ඇතතකි. පරාර්ථයක් නොකොට මැරෙණ මිනිහා බලිවද්දා තමා, අනේ මට සමානවෙනටය”යි කී බැවින් උන්නැහේත් සමග සතුටු වියයුතු නොයෙකුත් දේගැන කථා කරමින් එදා සවස කොළඹට පැමිණියෙමි. මට උවමනා කරණ වෙදමහතා සිටින්නේ කොම්පඤඤවීදියේ බැවින් එහි ගොස් වෙදමහතා සම්මුඛව මට උවමනාකර තිබුනු බෙහෙත ඉල්වාගෙණ තවත් මට කෙළඹින් උවමනාකරණ සියුලු දේද ගත්තෙමි. ඩිංගිරිමැණිකා කී “ මාර්තු මස දෙවෙනිදාට” තවත් තිබෙන්නේ දවස් දහයකි. මගේ සිත වික්‍ෂිප්ත වූවාක්මෙන් කලබලව පෙබරවාරි මස විසිවෙනිදා උදේම දුම්රියෙන් කුරුණැගලට පැමිණ මා මිත්රබ නොතාරිස් රාළහාමිගේ නිවසට පැමිණ එදා රැ එහි නැවතුනෙමි. පසුදින එනම් විසිඑක් වෙනිදා සාමාන්යන ගම්වැසියෙක් ලෙස සැරසී අනුරාධපුර දිස්ත්රරක්කේ සත් දිනක්ම රැ දවල් අවිද බලවත් පරිශ්රලම දැරු නමුත් ඩිංගිරිමැණිකා සම්බන්ධ වචන මාත්රමයක් වත් අසන්ට නොලබීම මට මෙන්ම මේ කියවන කාටත් සංවේග ජනක වන්නේය. අනුරාධ පුරයට මෙහා තලාවේ පළාතේ ඇවිදිද්දි මට දකින්ට ලැබුනු දේවලින් හා මිනිසුන්ගේන් බොහෝ කරුණු ඉගෙණගත හැක මෙහි ඉඩම් ඉතා සාරය. වැව්ද බොහෝ තිබේ. සමහරක් තවමත් ප්ර කෘතිමත්කොට නැත. මුඵ අනුරාධපුර පළාතේම ධර්ම ශාස්ත්රත දෙකම සම්පූර්ණයෙන් සූන්ය ව ගොස්ය. දියුණුව කුමක්ද කියාවත් එහි ඉන්නා සම්පූර්ණයෙන් සූන්යමව ගොස්ය. දියුණුව කුමක්ද කියාවත් එහි ඉන්නා ගම්වැස්සෝ නොදනිති. තිරිසනුන්ට සමානව සිටින මොවුහු පාතරට ආදි පළාත්වලින් පැමිණ සිටින තත්කඩින් අනුව යමින් සුරාපානය දූකෙළි ආදි දුශ්චරිතද දැන් ඉගෙණගෙණ සිටිති. කොළඹ ආදි ප්ර ධාන නගරවල සිටගෙණ ප්රගසිද්ධ පත්රආවලින් පමණක් ජාති හිතෛෂි පරාර්ථකාමිහු බව අඟවන ධනය ඇති ලොකු මිනිසුන් ගේ යුතුකම මේ පැත්ත පරික්‍ෂාකර බැලීමයි. නමුත් මොටෝ රථ යා නොහැකි මාහැඟි ආහාරපාන නැති පළාතකට යාමටවත් රුචිනැති අපේ ලොක්කන්ට මේ කිසිත් නොපෙනේ-නොඇසේ. ඒ ඒ දේ කළයුතු අය ඵ් ඵ් දේ නොකරණ කල්හි කුමක් කටයුතුදැයි දැන්කල්පනා කිරිම මැදහත් ජනයාගේ යුතුකමකි. අනුරාධපුර පළාතට අනාථ මඩමකුත් පුණ්ය පාඨශාලවකුත් අවශ්යඵවේ. කොළඹ, මොරටුව, පානදුර ආදී ධනවත් මිනිසුන් ගැවසෙන නගරවල ඒ ධනවත් ආත්මාර්ථකාමි ජනයා කා බී ඉතිරිව අහකලන ඉඳුල් වලට යන වියදමින් මේ පළාතේ



356 ඩිංගිරි මැණිකා

අනාථ මඩවක් පිහිටුවා මේ දුක්ඛිත ස්වාජාතිකයන්ට සැනසිල්ලක් දීමට පිළවන්කම තිබේ. පරංගි රෝගය සෑදි නිතර උණ සෑදිමෙන් බඩ මොරා ඉදිරියට නෙරාසිටින වැරහැලි ඇදගත්-හඬුගද ගහන කෙල්ලන් හා කොල්ලන් සදහා අනාථ මඩවක් පිහිටුවා වැඩ නොකරණ ධනවතුන් සිටියදි අපේ ජාතිය කෙසේ දියුණු වේද? මේ පළාතේ සිටින එක ළමයෙකුට දිනකට ශත විසිපහක වියදමින් සංග්රදහ කළහැක්කේය. මේ ගණන අපේ ඇතැම් ධනවතුන්ගේ එක සුරුට්ටුවට යන වියදමවේ. කිසි ප්රමයෝජනයක් නැතිව ශත විසිපහේ සුරුට්ටු දහයක් දොලහක් එක දිනකට උරණ අයෙකුට විනාශ ව යන මනුෂ්යන ප්රාවණයක් උදෙසා එයින් එක සුරුට්ටුවක් අඩුකරන්ට බැරිදි? “පබ්ලික් හෝල්-මෙසොනික් හෝල්” ඇදී අලංකාර ශාලාවල ප්රරසිඬ රැස්වීම පවත්වා එහි මූලාසනය ගැණීමත් ඒ සභාවලදි මොක මොකවත් කියා ඝොෂා කිරිමත් ජාති හිතෛෂිකම්-පරාර්ථකාමිකම් නොවන බව තදින් සලකා ගැණිමට මහජනයාට මතක්කරමි. ඩිංගරිමැණිකේ නිසා වෙහෙසි කායික චෛතසික පීඩාවෙන් පීඩිතවූ මට මේ පළාතේ කටයුතු පරාර්ථකාමි වැඩ සියල්ලම සටහන් කරන්ට බැරි නමුත් තව වරක් මේ පැත්තට පැමිණියොත් ඒ සියල්ලම විස්තර සහිතව කියන්නෙමි. රැ දවල් හතක්ම අතිශයින් වෙහෙසීත් ප්රමයොජනයක් නොලත් මම අධෛර්ය වියයුතු නොවෙමිද? ඔව්-සමහරු එසේ සිතති. නමුත් මගේ සිත බලවත් ධෛර්යයට පැමිණ “ඩිංගිරිමැණිකාත් රැගෙණ සොරු මේ පළාතෙන් ගොසින්ය. ඔවුහු සත්කෝරළේම කොහේදෝ සිටිති. මම තව වරක් කුරුණෑගලට යන්නෙමි”යි සිතා පෙබරවාරි මස විසි අට වෙනිදා සවස කුරුණෑගලට පැමිණියෙමි. මා මිත්රට නොතාරිස් රාළහාමි මට කවටකම් වශයෙන් “ඔය ඩිංගිරිමැණිකාව සොයා ගත්තාද? ගිරිදුර්ග වන දුරගාදියේ ඇවිද බලවත් දුක්විදින්නේ කුමටදැයි මට එදාම කීවෙමි. වික්රදමපාල මහත්මයා ගත් වෙහෙසේ ප්ර්තිඵල නැතැ”යි සිනාසෙමින් කියන්ට පටන් ගත්තේය. මගේ හිතෛෂි මිත්රධ නොතාරිස් රාළහාමි මෙසේ කීවේ දැන් රටේ පවත්නා මතයමය. ටිකක් මහන්සිවි යමක් වැරදුන විටත් අමාරු වැඩක් කරන්ට ආරම්භ කරණ විටත මන්දොත්සාහිවිම අධෛර්යවිම, පාරමි ධර්මයන් නුපුරණ පහත් මිනිසුන්ගේ ගිතයකි. ඒ පහත් ගතිය සිතින් පහ කළ මිනිස්සු දැන් අප රටේ ඉතාමත් විරල හෙයින් මේ කථාවට මා සිතේ කිසිම අප්රතසන්න ගතියක් ඇතිනොකොට නොතාරිස් රාළහාමිට මෙසේ කීවෙමි. “ඩිංගිරිමැණිකා ලැබුනත් නොලැබුනත් මා ගත් වීර්යය නිශ්ඵල



පියදාස සිරිසේන නවකථා එකතුව 357


නොවීය. ඒ මගේ වීරයයෙන් ලැබුනු මහත් ප්ර යෝජන දැන් මම රාළහාමිට නොකියමි. මගේ මනොරථය සම්පූර්ණකරගත් ඉක්බිති ඒ සියල්ලම කියන්නෙමි. යමක් ඉෂ්ට වූනත් නූනත් විර්යකිරිමෙන් අවැඩක් පාඩුවක් නොලබේ. පහත් මින්ස්සු පයට පැගෙණ ධූවිලිවලට වඩා නරකය. ධුවිලිවලට යමෙකු විසින් පයින් හො අතින් හෝ ගැසුවොත් ඒ ධූවිලි ඒ ගැසු අය රජෙක් ඇමතියෙක් උවත් ඔහුගේ ඉසටත් උඩින් නැඟියන්නේය. පහත් සිත් ඇති මිනිහාට යමෙකු විසින් පහරක් දුනිනම් ඔහු එතනම ඇද වැටි වදින්නේය. දුෂ්කර කටයුත්තක් පැමිණිවිටද පහත් මිනිසා භයවන්නේය. නමුත් උදාරතර අදහස් ඇති වීරපුරුෂයා ඒ කටයුත්තතේ දුෂ්කරතාවය දැන දැනම ඉතා ප්රී්තියෙන් ඒ දුෂ්කරවූ කටයුත්ත කරන්නේය. අප සිංහල ජාතිය අවුරුදු හාරසියයක පමණසිට පිරිහෙන්නේ උදාරතර අදහස් ඇති උත්තමයන් නූපන් නිසාමය. අස්සක් මුල්ලක එබදු පින්වතෙක් උපන්නත් ඔවුන්ගේ සූරවීර භාවය දැක්වීමට කරුණු නොඵළඹේ. නමුත් දැන් අතිශයින්ම දුර්භාග්යීවූ කාලය ගෙවීයන්නේය. පහත දිව්යම ලෝකවලින්වත් චුතවන සත්වයෝ මෙහිත් ඉද හිටලා උපදිති. ඒ ධීරවූ පුද්ගලයෝ ස්වකීය ශරිර කබලම රැකගෙණ අවුරුදු සියයක් ඉන්නවාට වඩා අන්යසයන්ට යහපතක්කරදි අවුරුදු තිහ හතලියකින් මැරියාම හොදබව දනිති. මාද නිතරම වීර්ය කරන්නේ අනුන්ට හොදක් සලසා දීමට පිළිවන්නම් මගේ පණ කබල ගිහත් කමක් නැත කියායි. සූර ක්රිටයා-වික්රපමාන්විත ක්රි යා-උසස් ක්රියයා-පශ්වීම ජනයාගේ හෙවත් මතු උපදින මිනිසුන්ගේ දැනගණීමට සෑහෙන ක්රියයා නොකොට බත්බිල්ලෙක්ව මැරියාම මනුෂ්යි නාමයට නින්දාවකි. මට යම් විධියකින් ඩිංගිරිමැණිකා සොයාගන්ට බැරිවුනත් ඈ නිසා මා වින්ද දුකත් ගත් මහන්සියත් සොයගත් පුදුම දේවලුත් මගේ කීර්තිය දීර්ඝ කාලයක් පැවතීමට හේතුවනු ඒකාන්තමය. කර්මයට විපාක නැතැයි කීම අත් දැකපු බොරුවකි. දැන් රාළහාමි ගල්කැටයක් රැගෙණ අහසට දමන්ට, එය යම්හෙයකින් ගසක හෝ වහලක රැදුනත් නො අනුමානව ප්රටමාදවෙලාවත් බිමට වැටේ. යම් කිසිවක නොරැඳුනොත් වහාම බිමට බිමට වැටේ. එමෙන්ම අප කරණ ක්රිකයාවේ විපාක පූර්ව කර්මයකින් මුවාකරණ ලබුවත් ටිකක් ප්රඑමාදවෙලාවත් ලැබේ. දැඩිවූ පූර්ව කර්මයකින් ආවරණය නොවීනම් ඇස් ඉදිරිපිටම විපාක ලැබීම ඒකාන්තවන්නේය. හොදයි රාළහාමි. මම ඩිංගිරිමැණිකා මේ සතිය තුළදිම සොයන්නෙම්ද කියා පරික්‍ෂාකාරිව ඉන්ටය”යි කියා රාළහාමිත් සමගම රාත්රිද භොජන අනුභවකොට නිදාගතිමි. එදා රාත්රිගය සැපසේ නිදාන්ට ඕනෑ යයි සලකා කිසිම දෙයක් ගැන නොසිතා චිත්ත


358 ඩිංගිරි මැණිකා

විවේකය විර්යයෙන් ඇතිකරගෙණ සුවසේ නිදාගතිමි.


12.පරිච්ඡෙදය[සංස්කරණය]

මා ර්තුමාසේ පළමුවෙනිදා උදේ පහමාරට නැගිට ආගම කෘතයය කොට නිමවා කල්පනාකරන්ට පටන් ගතිමි. “ ඩිංගිරි මැණිකා සොයගැණිමට ඒකාන්තයෙන්ම මට පිළිවන. නමුත් මාර්තු මාසේ දෙවෙනිදා හෙවත් හෙට පසුවෙනට ප්ර ථම ඈ සොයාගන්නේ කෙසේද? ඩිංගිරිමැණිකා ගල්ලෙනේ සිටියදි සාදනලද කවි‍යෙනුත් මා සමග කළ කථාවෙනුත් ඈ මාර්තු මස දෙවෙනිදා වනතුරු බබාසඤඤෙ ඇදි සොරුන්ගෙන් පීඩා නොලැබීමට පොරොන්දු කරගත් බවත් ඊටපසු ඔවුන්ට මනාපයක් කරගත හැකි බවත් හැ‍ඟෙන්නේය. ඉතින් ඩිංගිරිමැණිකා වැනි උතුම් කුලස්ත්රිඟයක් පතිවෘතාධර්මය කඩාගෙණ චණඩාල සොරුන්ගෙන් දූෂිතව කිසිකලෙක ජිවත් නොවේ. නොඅනුමානවම තව දසමාසයක් පමණක් ජිවත්වනබව ඇගේ කවියෙන් කීවේ මාර්තු මස දෙවෙනිදාට ප්රපථම ඈ ගලවාගණු නොලැබුවොත් සොරුන්ගෙන් දූෂ්යෙවන්ට ප්රජථම දිවි තොරකර ගන්නා බවය. අහෝ දෙවියනේ දෙමාසයක් මුඵල්ලේ මා ගත් මහන්සිය කෝ! ඩිංගිරිමැණිකේ නැමති උතුම් ස්ත්රීදරත්නය මට සම්මුඛවෙලාත් ඇ ගලවාගන්ට බැරිවූ මම මොකෙක්ද? කවර වික්ර්මපාලයෙක්ද? සත්තකෙන්ම මට ඉතිරිව තිබෙන්නේ පැය හතලිස්අටට අඩු කාලයකි. හෙට රාත්රිි හතට ප්රමථම ඈ සොයාගත නොහැකිවී නම් මා මොලෝකයේ මේ ශරීරයෙන් යුක්තව නො ඉදිමි”යි ඒකාන්ත අධිෂ්ඨානයෙන් යුක්තව උනස්නෙන් නැගිට සාමාන්ය ගම්වැසියෙක් මෙන් රෙද්දකුත් කෝට් එකකුත් ඇදගෙණ උදේම දුම්රියෙන් තවවරක් ගණේවන්තේ දුම්රියපලෙන් බැස ඒ පළාතේම පරීක්‍ෂකිරිමට සිතාගෙණ පිටත්වීම. හිතේ කලබල ඇති මිනිහාට දවස ඉතා දිගය. උදේ දුම්රිය කුරුණැගලින් පටත්වන්නේ නවයටයි. නමුත් මට හයටත් කලින් දුම්රියපලට ඵන්නට සිත්විය. හයේ සිට නවය වනුතුරු යම්කිසි ප්ර්යෝජනවත් කථාබස් ඇදියක් කරන්ටත් උදේට උවමනා ආහාර පාන ගන්ටත් තිබුනු ඉඩ නැති කරගත් මම කෙතරම් මෝඩකමක් කෙළෙම්දැයි මටම චෝදනා කරගණිමන් රියපල මිදුලේ සක්මන් කරමින් සිටින විට පොල්ගහවෙලින් එන දුම්රියට ප්රදථම අනුරාධපුරය පැත්තෙන් එන දුම්රිය ආයේය. මේත අමුතු සිදධවිමකි.




පියදාස සිරිසේන නවකථා එකතුව 359

වෙනදා පළමුවෙන් එන්නේ පොල්ගහවෙල පැත්තෙන් එන රියය. අද අමුත්තක් වූයේ යම්කිසි හේතුවක් නිසා වියයුතුයයි සිතමින් ඒ ආ දුම්රියෙන් බසින මගින් දෙස ඉතා පරක්‍ෂාවෙන් බලනවිට ගෝනිමලු කීපයක් අතින් ගත් මහල්ලෙක්ද බැස එලියට යන්ට ගියේය. මේ මිනිහා මීට පෙර මා විසින් දක්නාලද කෙනෙක් බව හැඟුනු නමුත් ඒ කවදා කොයිබදීදැයි මදක්වේලා කල්පනාකරණවිට “අහෝ. පළමුවෙන් මා ගනේවත්තට ගිය ගමනේදි දුම්රියපලේදි දැක කන්නාඩියෙන්පවා බලා පරික්‍ෂකරගත් මහල්ලාබව” මතක්වී ගනේවත්තට යනවා වෙනුවට දුම්රියපලෙන් එළියට අවුත් ඔහුත්-සමගම නගරයට එන පිණිස ගමන් ගත්තෙමි. දුම්රියපල ලඟ පාලම උඩදී මහල්ලාට එක්වීමි. “ කොහොමද ? ලොකු උන්නැහේ අද යන්තම රේල්ල නියම වේලවට අ‍ාවා. බැහැරක්ද මේ යන්නේ” කියා ඇසූවිට ලොක්කා මා දෙස බලා වැඩි සැලක්ල්ලක් නොකර “මම වීදියට යන්නෙමි. තමුසේ කොහාටදැ”යි ඇසීය. “මමත් විදියට යමි. මම සිල්ලර බඩු වගයක් පටවන්ට ආවෙමි. මම තලාවේ කඩකාරයෙකමි”යි කියමින් අර අතර “මහගුදමද” ඉදිරිපිට පෙනීගියේය. “ එන්ට ලොකු උන්නැහේ පුංචි අඩියක් ගහන්ට” කීවාම ලොක්කාගේ කෙල හැලෙන්නාක්මෙන් ඉතා ප්රී තිව තැබැරුමට අයේය. පණම් හතරක අරක්කු අරගෙණ ඔහුට බොන්ටදි මමද ගේ ඇතුළට ගොස් බොරුවට තොලකට ලෙවමින් එලියට ආමි. දැන් මට මහල්ලා ඉතාමත් හිතෙෂි මිත්රටයෙක් විය. මත්පැන් ටිය ඔහු‍ෙග් ශරීරයට වැටෙනකොටම ප්ර කෘති සිහියත් ලැජ්ජා භයත් නැතිවී දෙඩමඵ කෙනෙක් විය. අහෝ! මත්පැන් පණම්හතරකින් කෙතරම් අනතුරු කළ හැකිද? රන් පවුම් ලක්‍ෂ ‍දහයක් වටිනා පොඩිකරලෑමටත් පරමපරාගත ඔටුන්න විනාශකර ගැණිමටත් ලක්‍ෂ ගණනේ බුදල් දියකරලෑමටත් ප්රානණය හා සමානව සිටි භාර්යාවක් මරාලෑමටත් ජිවිතය සමාන පුත්රරයා මරා මස්කෑමටත්-මව්ට,පියාට, සහෝදරයාට, සහෝදරිට, ගුණවතුන්ට හිංසා පීඩා අඩන්තේට්ටම් පරිභව කිරිමටත් මේ මත්පැන් හා සමාන විසක් ලෝකයේ ඇත්තේම නැත.

දි ඵ ණු තද තෙදින් ලෝකුස ලෙස ලහි රු කු ඵ ණු ගුණ නැණින් යුතු ලත් සව් ඉසු රු ඔ ටු ණු පළන් නිරිදුන් වනසා මහ රු ද රු ණු දුක් ලොවට දුනි මත්පැන් නපු රු



360 ඩිංගිරි මැණිකා

ද හ ස් සියදහස් ගණනේ ඇති ද ණ ය උ ස ස් සිටුවරුන් සැපවිද අපම ණ ය ව න ස් වා දුකට පත්කළ හිඟම ණ ය දෙඇස් ඇර බලව මත්පැනෙහි අගු ණ ය

සි ය ප න විසල රැක පෙම් යදම යෙ න් බැ දි ඇ ස ක න ගහණ ගත සිත කම් සැ ප න් සැ දි පි ය ව න බිරිද මැරුමට යකෙක මෙ න් ත දි රු දු ව න සුරා සලසයි සැක නො ව න් සු දි

ති ‍ රා සර පෙමින් වැඩු සිය දිවි විල ස ම රා පුතුගේ මස් කන්නට නොව අල ස සු රා වට හැකිය එබැවින් මෙදිය කු ස සු රා තනනු විකුණනු බොනුද කොයිල ස

ද ස ම ස කුසේ ලාගෙණ නොමද දුක්වි ද කි රි ලෙ ස ලේ පොවා වැඩු පෙමැති මවි ස ද අ ප හ ස දුකට පත්කොට පුතු ලවා ත ද ලොවකු ස නපුර ඇතකළෙ මත්පැනම ව ද

පි යා දර පෙමිනි ලය හොවමිනි වැ ඩු ව පි යා දුකට පත්කොට ඔහු සිත කැ ඩු ව න යා වැනි කළේ දරුවා ගුණ අ ඩු ව සොයා බැඵව හොත් වෙයි “මත්පැන් බ ඩු ව”

වි ලි බිය ගුණ නුවන යුතු යුතුකම සෑ ම වි ලි වැද දුවන්නෙය මත්පැන් බි වා ම පි ළි කුල් සුරාවෙන් ඇති පල නම බෝම බි ලි වනු පමණි දුක් රකුසුට මෙහි දී ම

ඉතින් මේ රෞද්රිවු සුරාපානයෙන් මුළාවට ලාගත් මහල්ලා ගෙන් උවමනා දෙයක් අසාගන්ට පිළිවන්බව දැනගත් මම තැබෑරුමෙන් බඹ හත අටක් දුරින් පිහිටි හෝටලයටද ගොස් විස්කි වීදුරුවක්ද ඔහුට පොවා මමත් ලැමනෙඩ් බෝතලයක් බි මහල්ලත් සමග මා නැවතීමට සිතාගත් හෝටලයට යමින් “ ඔහු කොහේසිට කුමක් පිණිස කුරුණැගලට පැමිණියේද”යි ඇසුවෙමි. සුරාවෙන් විපිලිසරවූ හෙතම “ මම අපේ බබාසිඤඤෙලාගේ වාඩියේ සිට ආවෙමි. හෙට රාත්රිල ඩිංගිරිමැණිකා බබාසිඤඤෙ සමග සරණවීමට ගිවිසගෙන තිබෙන


පියදාස සිරිසේන නවකථා එකතුව 361

බැවින් ඊට උවමනාදේ ගෙණයන්ට ආවෙමි”යි කීයේය. ඇත්තෙන්ම මේ වචන ඇසු මගේසිත චන්ද්ර රශ්මිය පැමිණි ක්‍ෂීරසාගරය සමාන යයි කීම නොවටනේය. මාගත් විරයයේ විපාක මට ලැබුනේය. හොද හිතින් විය්යව කරණ තැනැත්තාගේ මනෝරථය සමුර්ධනොවි නොයනබව තවවරක් මට ප්ර ත්යනක්‍ෂවූ බැවින් මගේ ශරීරය ප්රීහතියෙන් පිනා ගොස් මා අමුතු මනුෂ්යනයෙක්මෙන් වීමි. මීට පසු මහල්ලා සමග වචන මාත්ර‍යකුදු කථා නොකොට මා නැවතීමට අදහස් කළ හෝටලයට ගොස් මට බොහෝ ගරුකරණ එහි අයිතිකාරයාගෙන් කාමරයක් ඉල්ලුවිට ඔහු වහාම කාමරයක දොරකඇර මට ඉඩ දුන්නේය. මම මහල්ලාව එහි නිදාගන්ට සලස්වා දවල් බත් ලෑස්තිකරන්ට කීවෙමි. තද සුරා මතින්සිටි මහල්ලාගෙන් මට උවමනා තොරතුරු විස්තර සහිතව දැනගැණිම පිණිස බුලත්විටක්දදී “කොහොමද ලොකු උනැනැහේ දැන් ගමටයන්නේ කවදාද, කුරුණෑගල ආවිට මා සම්බ නූනත් මෙන්න මේ හෝටලයට අවුත් මගේ මේ කාමරයේ නවතින්ට, අපේ යාඵකම හැමදාම තිබෙන්ට ඕනෑ”යයි කීවාම මහල්ලාට ඉතා සතුටින් “ අනේ මුදලාලි මම හෙට උදේ නවේ කෝච්චියෙන් යන්ට ඕනැ. අපේ ගම නම් ගාල්ල පැත්තේය. දැන් මේ හොර රංචුවකට අසුවි සිටිමි. ඒ රංචුවේ ප්රඅධානියා මගේ නංගිගේ පුතාවන බබාසිඤඤෙය. දැනට ඔහුත් ඉන්නේ ගනේවත්තේ ස්ටේෂමේ සිට හැතැප්ම නමයක් පමණ ගියතැන පාඵ වැවක ඉස්මත්තේය. ඒක මහා කැලේ! එහි කැලෑකොරාළ කියන හොරෙකුගේ ගෙයද තිබේ. වෙන මනුෂ්ය කටහඬක් නැතැ”යි කීය. මගේ හිත ප්රී.තිවෙමින්” ආ ලොකු උන්නැහේ මොකද හෙට මඟුල්ද” කියා ඇසුවාම “අනේ මුදලාලි සමඟ කීවාට මොකද වෙන කාවත් සමග කියන්ට එපා- මීට අවුරුද්දකට ඉස්සර ඔය හොරර‍ැළේ සිටි අගෝරිස් කොහේදෝ වලව්වකින් ලක්‍ෂනසම්පන්න මැණිකේ කෙනෙකු ගෙණාවා ඒ ලමිස්සිගේ කරුණාවන්ත කමට රාක්‍ෂයෙකුගේ වුනත් පපුව උනුවෙනවා. ඉතින් ඒ ලමිස්ස ගෙණා දවසේ හොරුකාන්ඩය අඩන්තේට්ටම් කරන්ට හැදු නමුත් මමත් ඒ රංචුවේ ඉන්නා හිරලු ගුරුන්නාන්සේත් මැදහත්වෙලා බබාසිඤඤොට භාර්යකමට පාවාදිමට නියමකර ගත්තාම ඒ ලමිස්සිගේ කේනද්රඤයේ හැටියට මාර්තු මාසේ දෙවෙනිදා වනතුරු පුරුෂවසඟයට ගියොත් එදාම මැරෙණ බව කිව් නිසා අවුරුද්දක් මුඵල්ලේ බබාසිඤඤෙ ඒ





362 ඩිංගිරි මැණිකා


ලමිස්සිය ප්රිවේසමේ තබාගෙණ සිට හෙට රැ මගුල් කාලා සිරිත් ප්ර කාර භාර්යාකමට පාවා ගැණීමට සූදනම්කර තිබේ. මම අවේ මස් රාත්තල් භයකුත් බොම්බායේ ලූනු, අර්තාපල්, ලුනු. රතු ලූනු. මිරිස්, තුනපහ, කරවල සහ අරක්කු බෝතල දෙකකුත් අරගෙණ යාමටය. හවස් ඒවා ගෙණත්තබා උදේම කොච්චියෙන් යන්ට “යි කීවාම මට ඒ හොදටම සෑහෙන බැවින් මහල්ලාත් සමග දවාලට බත්කා දොර වසාගෙණ ඔහුටද නිදාගන්ට සලස්වා මමද නිදාගතිමි. දවල් තුන වනතුරු නිදාගෙණ මහල්ලාට කථාකොට තේ වතුර බී “ලොකු උන්නැහේ යමු. තම්සේගේ බඩු ගන්ට යනවා නම් යමු. මමත් කඩේට බඩු පටවන්න වීදියට යනවා. එන්ට තමුසේත් යනවානම්” කීවාම මදක් වෙරිහිදි සිටි මහල්ලාද ඉතා ප්රීාතියෙන් මාත සමග කඩේට ‍ගොස් ඔහුට උවමනා සියලුදේ ගත්තේය. තැබෑරුමටද මා සමගම ගොස් අරක්කු බෝතල දෙකද ගත්තේය. මේ සියලු දේ ගෙණවුත් මඵවල දමා ඉක්බිති ඒ සියලුම මාඵ ගෝනියක දමා මහලා සූදානම් කර තබා ප්රී තියෙන් සිටියේය. රාත්රිහ ඔහුට මත්පැන් පොවා බත් කන්ට දි මගේ කාමරයේ නිදාගන්ට සැලැස්සුවෙමි. ඔහුට නින්ද ගිය පසු ඔහුගේ ගෝනිය ලිහා අරක්කු බෝතල දෙක එලියට ගෙණ මා අතේ තිබෙන මුර්ජා බෙහෙත ඒ දෙකේදමා තිබුනු හැටියට බැද තබා මමද නිදාගතිමි. මට මේ රාත්රි ය දික්විය. නමුත් හිත බලවත් ප්රීමතියෙන් පත්විය. මට පළමුවෙන්ම ගනේවත්තේදි සම්භවු මේ මහල්ලා අද සම්භනූනා නම් කිසිකලෙක ඩිංගිරිමැණිකා මුදාගන්ට නොලැබේ. දැන්නම් මක්කරලාවත් ඈ මුදාගන්නෙමි. බබාසිඤ්ඤො ආදිවු හොරු රැළ ඉන්නේ මා කලින් ගිය බොරු කැලෑ කෝරාළගේ වේශයෙන් මා කථාකරකර සිටියදි එහි පැමිණි බාබාසිඤඤෙ‍ාට සැකඇතිව කලින් සිටි තැනින් ඉවත්ව සිටිති. දැන් මට ස්ථානය තේරේ. එබැවින් මගේ අදහස ඉෂ්ටකර ගන්නෙමි”යි සිතසිතා අමාරුවෙන් රාත්රි.ය ගතකළෙමි.මාර්තු මස දෙවෙනිදාට පහන්විය. මහල්ලාගේ-අමාරිස් අප්පුගේ යාම ඊම හා කට හඬද මට පුරුදුවිය. ඔහුවාගේ වෙස් ගැණීමට උවමනා සියලුම දේ සූදානම් කර තබා ගතිමි. උදේම නැගිට ගැණීමට උවමනා සියලුම දේ සූදානම් කර තබා ගතිමි. උදේම නැගිට අමාරිස් අප්පු මූන සෝදාගෙණ තේ වතුර බී දුම්රියපළට යාමට ලෑස්තිවිය. එවිට මම ප්රීමතියෙන් කථාකරමින් මොකද අමාරිස් අප්පු




පියදාස සිරිසේන නවකථා එකතුව 363


කෝච්චිය යන්නේ නමයට නොවැ. මෙහෙන් අටහමාරට ගියත්මදැ”යි කීවාම ඔහුද “අනේ මුදලාලි ඔය කෝචිචය වැරදුනොත් මා මරාවි. ඒක නිසා ටිකක් කල්තියාම යන්ට ඕනෑය”යි කීය. “හොදයි එහෙනම් යන්ට” ඊයේ රාත්රිර ගෙණා “ විස්කිබාගේ” අපි දෙන්නාටත් ඉවර කරන්ට බැරිවි තිබෙනවා. ඉතින් කලකින් සම්භනොවන නිසා මේ “විස්කිඅඩිය” ගහලා යන්ට හොදයි” මා කීවිට මත්පැනට ගිජු ඒ මහල්ලා ඉතා ආසාවෙන් විස්කි බීමට සූදානම් විය. හය පැයක් මුර්ජාවී සිටින බෙහෙත් මිශ්ර කළ විස්කි වීදුරුව මම ඔහුට දුනිමි. බිලිය සඟවනලද ඇම ගිලින මත්ස්යෙයෙක් ලෙස මුර්ජා බෙහෙත් මිශ්රු මත්පැන් ටික බීපු ඔහු ඉක්මණින් දුම්රියපලට යනවා වෙනුවට රාත්රිහ නිදාගත් බූරුඇද පිටම වැටි “මම ටිකකින් යනනෙමි”යි කියා නිදාගත්තේය. සම්පූර්ණයෙන් සිහිය නැතිවූබව දැන ගෙණ කාටවත් හැදින ගැණීමට නොහැකි තරමටම අමාරිස් අප්පු වාගේ සැරසී ඔහුගේ බඩු ගෝනියද ඉසපිට තබාගෙණ අමාරිස් ලොක්කා කාමරයේ සිටියදීම එහි දොවසා යතුරු සාලේ තිබුනු ඔරලොසුව උඩතබා හෝටලේ සිටි උදවියටද කථාකර දුම්රියපලට අටට පමණ ආවෙමි. ඒ හෝටලේසිටි සැමදෙනමා “අමාරිස් අප්පුමය”යි සිතාගත් නිසා මගේ වෙස්ගැණීම සියලුම අතින් සම්පූර්ණ බව වැටහුනු මට මහත් ප්රීසතියක් විය. ගණේවත්තට ටිකැට් එකක් රැගෙණදුම්රිය නැග එහි ගොස් එකොළහට පමණ තේවතුර කඩයකට ගොස් තේ වතුර බී කලින් මට පුරුදු ‍පාර ඔස්සේම ගමන් කළෙමි. සවස හතරට පමණ පාඵ වැව දිටිමි. කෝරළගේ ගේ තිබුනු පැත්ත මට මතක හෙයින් වැව අයින දිගේ ඉතා අමාරුවෙන් වැව ඉස්මත්තට ගමන්කළෙමි. නපුරු කටුවැල හා මඩවගුරු දාදිය නිසා ගමන දුෂ්කරවිය. නමුත් හයවන විට බොරු කැලෑ කෝරාළගේ ගේ ලඟට පැමිණියෙමි. එහි මුදුලේ සිට කැලෑ කෝරාළ මා දුටුහැටියේම “ මොකද අමාරිස් අප්පු රෑවුනේ. අන්න බබාසිඤඤො කොටියෙක් වාගේ කේන්තියෙන් ඉන්නවාය”යි කීවාම බබාසිඤ්ඤොගේ ගේ කොයි පැත්තෙදැයි නොදත් මට ඊට උපායක් වශයෙන් “ අනේ කෝරාළේ මහත්මයෝ එන්ට මාත්සමග යන්ට අද රේල්ල පරක්කුවීමෙන් මට රැවුනා . ඒබව කියා ඒ ළමයාගෙන් මා ගලවා ගන්ටය”යි කීවාම අමාරිස් කෙරේ අනුකම්පාකළ කෝරාළ




364 ඩිංගිරි මැණිකා


ඉස්සරවිය. ඔහුපස්සේ හැතැප්මකාලක් පමණ යනවිට බබාසිඤඤො ඇතුඵ හොරුන්ද ඩිංගිරිමැණිකාද ඉන්නා පැලදැක මහත් ප්රීබතියට පැමිණියෙමි. බබාසිඤඤො මා දුටු හැටියේම “උඹ මාමා නොවෙනම් ඔඵව පලනවාය”යි බැණ වැදුනේය. එවිට මම මදක් යටත්ව “ අනේ ලමයිනි. උඹලාට මෙහි ඉදගෙණ කියන්ට පුඵවනි රේල්ල පරක්කුවුනාම වෙලා පහින් මට එර්දිවෙන්ට කියනවාදැ”යි ඔවුන් අස්වසා ගෝනිය ලිහා සියලුම තුනපහ එලියට ගෙණ අරක්කු බෝතල දෙක පැත්තකින් තබා උයන්ට පටන් ගතිමි. පැලේ තිබෙන්නේ කුඩා හුඵ එලියකි. නමුත් කාමරයෙක් මෙන් වෙන්කර තිබෙන කොටසේ ඉටිපන්දමක් පත්තුවෙමින් තිබුනේය. මා පැලට ඇතුල්වූ හැටියේම මරණ භයින් බියපත්ව සිටි ඩිංගිරිමැණිකාටද මා අමාරිස්අප්පුම නොවේයයි මදක්වත් සැක කරන්ට බැරිවිය. ගෙදර ඉන්නා ඇලපිනාත් තවත් දෙන්නෙකුත් සමග මස් කපා ලිපේ තබා අලද තැබ්වුවෙමි. මා යන කොට බත් උයා තිබුනේය. රාත්රිැ හතහමාරවනවිට කෑම සූදානම්ය. එකොළොස් දෙනාත් ඇල්පිනාත් බොරු කැලෑකෝරාළත් ඩිංගිරිමැණිකාත් මාත් යන පසළොස් දෙනෙකුගෙන් යුත් පිරිස මඟුල් කෑමට සූදානම්වූ වේලාවක්විය. ඩිංගිරිමැණිකා නිතරම ගෙයින් පිටත බලමින් වරින්වර කඳුඵ හෙලමින් සිටිය හැටි මරණ පිණිස ගෙණ ගොස් කණුවේ බැද සිටි ලපටි ගවදෙනෙකුට සමානබව කල්පනාවිය. බබාසිඤඤෙ ඉතා ප්රීේතියෙන් ලොකු බලාපොරොත්තුවකින් සිටියේය. නමුත් අනිත් හොරු තරමක් වෙරිමතින් අප්ර සන්නව මෙන් වූනහ. හිරලු ගුරායයි සම්මත හොරා සවස්වේලේ ඩිංගිරිමැණිකේ සමග කථාකරන්ට වීරිය කොට බබාසිඤඤෙට හසුව පහර දෙකක් කා පැත්තකට වි තුෂ්ණිම්භූතව වුන්නේය. ඇලපිනාත් මාත් කෑම සූදානම් කොට පැදුරක් එලා එහි වලන් පිටින්ම කෑම ගෙණත් තැබුවෙමු. බබාසිඤඤෙ මෙසේ කථාවක් කළේය. “මැණිකේ, තමුසේ අද කොයිලෙසකින්වත් ශොකවෙන්ට එපාය අපි හොරු නමුත්, නරක චන්ඩි මිනිස්සු නමුත්, මැණිකේගේ අතින් ඇල්ලිම් වශයෙන්වත් මේ වනතුරු කිඵටක් කලේ නැත. මැණිකේගේ කේන්‍ද්රේයේ හැටියට අදවනතුරු සරණ වෙන්ට නාරක බව කී නිසා මැණිකේට ඇත ගෞරවත් ආදරයත් කරණකොටගෙණ මැණිකේට මෙහෙණින්නාන්සේ කෙනෙකුටමේන සැලකුවෙමි. නමුත්




පියදාස සිරිසේන නවකථා එකතුව 365


මැණිකේගේම පොරොන්දුවේ හැටියට අද පටන් මගේ භාර්යාව වෙන්ට ඕනෑය. අපි අපේ කර්මයට කලේ වැදිලා හොරකම් කරමින් සිටිතත් අපි “ වැදගත් “ මින්සසුය. ඉතින් මගේ මිත්ර කැලැකෝරාළේ මහතා ඇතුඵ මේ සියලු දොනාම මේ මඟුල්භෝජන අනුභව කරන්ට ඕනෑය. අඩු පාඩු තිබු‍නත්-සමාවෙන්ට”ය කියා බබාසිඤ්ඤේ සෑම දෙනාටම ආහාර බෙදුවේය. “ කෝ අරක්කු” කියාමගෙන් අහනකොට එය තබා තිබුනේ කාමරයේ බැවින්-ඒ ගෙණෙන්ට මෙන් ගියෙමි. උල්වු පිහියක් අතින් ගෙණ එය බල බලා අඬන ඩිංගිරිමැණිකා ලඟට ගොස් “මැණිකේ බයවෙන්ට එපා-මම අමාරිස් නොව වික්රරමපාලවෙමි පිහිය පැත්තකටලා මා විසින් මේ චන්ඩාල හොරුන්ට කරණ දේ බලා ඉන්ටය”යි හෙමින් කියා අරක්කු බෝතල දෙකත් වීදුරුවත් ගෙණවුත් බබාසිඤ්ඤෙ ඇතුඵ පිරිමි දොළොස්දෙනාට ලොකු වීදුරු දොළහක අරක්කු පෙව්වෙමි. පැත්තකින් සිනාසෙමින් වූන් ඇල්පිනාටද වීදුරුවක්දි “මේ අන්තිම මඟුලයි-බීපන් යෝදියේ” කියා ඈටද පෙව්වෙමි. ඈද බී‍ව්වේය. ඇලපිනාත් ඇතුඵ දහතුන්දෙනාට අරක්කු බෝතල දෙක සම්පූර්ණයෙන් පෙව් පස් මගේ හිතට මහත් ප්රීනතියක් ඇතිවිය. මිනිත්තු තුනකදි මොවුහු මළාක්මෙන් වැටෙනු නිසැක හෙයින්-ඉතින් “ ඩිංගිරිමැණිකේ-මිවිටිගල කුමරි හාමියේ-සිංහල ස්ත්රි න්ගේ පිරිසිදු භාවය හෙවත් උත්කෘෂ්ට ගුණය නමැති සසලාංජනය ලෝක ඉතිහාස නැමති චන්ද්ර්මණ්ඩලයේ ඇනදවූ පින්වත් කුමරියේ දැන් කුමරිය සොරුන්ගෙන් නිදහස්ය. මම වික්රවමපාය-මම සිංහලයෙකි-පිරිසිදු සිංහලයෙකි” යනු කියනකොටත් මා දෙස රවමින් හොරු ඒ ඒ තැන ඔඵව ගසාගෙන වැඩුනෝය. ඩිංගිරිමැණිකා මගේ දෙපතුල බදාගණිමින් “ අනේ බුද්ධාංකුරයානනි, තුච්ඡව තිබුනු මගේ ජිවිතය නැවතත්-ප්රලහෝජනවත්විය. නුඹවහන්සේ කව්ද? දෙවියෙක්ද? වරක් මා සොයා අවුතඑයින් සැකයට පත් හොරු හැකිතාත් අරාක්‍ෂාවේ-රහස්ව තබාගත් මා කෙසේ සොයාගත්තෙහිද? දැන් කුමක් කරම්ද ? කියමින් ප්රීරති කඳුලු ඉසිමින් අඬන්ට පටන්ගත්තේය. මා රැගෙණවුත් අමාරිස්අප්පුගේ වේසය ඉවත්කොට “මැණිකේ-සැක බිය වෙන්ට එපා-ඉංග්රී සි පැයින්-හය පැයක් යනතුරා බොවුහු මළාහු වෙති. දැන් අටයි-රාත්රිහ දෙක වනතුරුත් මොවුහු මෙසේ මය-ඒ හෙයින් මේ ආහාරවලින් රුචි එකක් කමුය”යි කීවිට ඩිංගිරිමැණිකාද බතුත් එලවලු ව්යංවජන ටිකකුත් කෑවාය. මමද බඩපුරා බත්කා-ඇ‍ඟේ ක්ලාන්ත




366 ඩිංගිරි මැණිකා


ගතියත් ගිය බැවින් ඇල්පිනාත් සමග දහතුන්දෙනාක්වූ ඔවුන්ගේ අත් පිටකරට තබා ලොකු වැල්වලින් බැද එසේම කකුල්ද බැද-නැවත හය දෙනෙකුත් හත්දෙනෙකුත් එක එක මිටියට තබා බැන්දෙමි. මේ චණ්ඩාල සොරුන්ගෙන් පීඩාවට පත් සිටි ඩිංගිරිමැණිකා සොයා ගෙණවුත් දුන් ලොකු වැල්වලින්ම ඔවුන් බැදදැමිම බලවත් ප්රීඩතියක් විය. මෙසේ මොවුන් බැද දමා සොරුන් විසින් ගෙණවුත් තිබුනු රුපියල් හත්දායක් පමණ විටිනා රන් රිදි මුතු මැණික් ආභරණ හා මුදල්ද රැගෙණ ඩිංගිරිමැණිකාගේ ඇඳුම් පැළඳුම්ද ගන්ට කියා-ගනේවත්තේ දුම්රියපලට යාමට පටත්විමි. සෞම්යඳකාන්තියෙන් මුඵ වනයම ඒකාලෝක කරමින් සිට චන්ද්රායා-මීටපෙර රාත්රි වල සඟවා සිටි කාත්තිය එදා විහිදුවාක්මෙන් අතිශ‍යින් බැබලුනු බැව් කල්පනා කළ මම “ඩිංගිරිමැණිකේ. මාණිකේ නිදහස්වීම ගැන ප්රීමතිමත් චන්ද්රට දිව්යළරාජයා අද අතිශයින් ප්රිභාමත්වූයේය. මැණිකේ වැනි සුබුමාල වූ කුමාරියකට මේ වනදුර්ගයේ පයින් යානොහැක. මගේ කරඋඩ තබාගෙන මම යන්නෙමි. මා තරුණයෙක් නමුත් එක කුසහොත් සහෝදරයෙකු සමග යන්නෙමියි සැක නැතුව එන්ටය”යි කීවෙමි. උතුම් කුලස්ත්රීසන්ගේ මුදුන්මල්කඩක් හා සමානවූ ඩිංගිරිමැණිකා වැඩිමහල් සොහොයුරෙකු දෙස බලන්නාක්මෙන් මා දෙස බලා “කරුණාවන්ත අයියේ-මගේ ජිවිතයෙන් තමුන්නාන්සේට පූජාකිරිම-ගමන් දිය යුත්තෙකුට සතයක් දෙන්නාක් වැනිය-මගේ සිතේ සහෝදරයනන් ගැන කිසි සැකයක් නැත-එසේද උවත්-මට පයින්යාමට ශක්තිය තිබේ. එබැවින් ඉක්මන්කොට යමු”යයි කී හෙයින් ඩිංගිරිමැණිකාත් ඉස්සර කර ගෙණ රාත්රි් දෙකහමාරට ගණේවත්ත දුම්රියපළට පැමිණියෙමි. දැන් ඩිංගිරිමැණිකාගේ හිත සම්පූර්ණ ප්රීතතියට පත්වූ බව මේ කියවන්නාටද වැඩහෙනු සැක නැත. රාත්රීප තුනට එන දුම්රියෙන් ඩිංගිරිමැණිකාත් සමග කුරුණෑගලට අවුත්-මා කලින් දන්නා අඳුනන-ඉතා ශික්‍ෂිත කුලස්ත්රිඅයක් වන විජේනායක හාමිනේගේ නිවසට ආවෙමි. උදේම දුම්රියෙන් ආ ඩිංගිරිමැණිකා දුටුහැටයේ විජේනායක හාමිනේ ඈ වැළදගෙණ වාඩිවෙන්ටදි-නැවත මූන අතපය සොදා ගන්ට සලස්වා-පිරිසිදු ඇඳුම්ද අදවා-මාද මූන අතපය සෝදාගත් පසු උදේට සුදුසු ආහාර පානයෙන් සංග්රදහකොට අපේ වික්ර මපාල මහත්මයා මා හිතාහිටියාට වැඩිසමර්ථයෙක් බව දැන් දැනගතිමි. අනේ මහත්මයෝ-ඒ චණ්ඩාල රෞද්රත සොරුන් ගෙන් මේ කුමාරිහාමිත් කෙසේ මුදාගත්තෙහිද? දැන්



පියදාස සිරිසේන නවකථා එකතුව 367


ඒ හොරු කොයිබද ඔවුන්ගේන හිංසා පීඩා නොලැබුයෙහිදැ”යි ඇසුයේය. එබස් ඇසූ මම ප්රීේතියෙන් මත්ව පසුගිය දිනකදි මා කොයි ක්රොමයකින්වත් ඩිංගිරිමැණිකේ නිදහස් කරගන්නෙමි”යි කීවිට හාමිනේ සැක කළ බව මට මතකය-අනේ හාමිනේ-සිංහලයා හරිහැටි ඉගෙණගත්තොත්-උසස් ගුණධර්මයේ පිහිටියොත්-ලෝකයේ කිසිවෙකුට දෙවෙනි නොවන බව සැලකුව මැනවි. නිකම්ම සිංහලයා කීවාට පිරිමැස්මක් නැත. සිංහල වික්රඩමයත් කුලචාරිත්රව හා ගුණධර්මත් පුරුදුකළ කෙනෙකුට සිංහල අභිමානයත් ඇතවි නම් ඔහු වීරයෙකි. පුරුෂ සිංහලයෙකි. අවුරුද්දක් මුඵල්ලේ රෞද්රඇ හොරු දහතුන්දෙනෙකුගේ අතට හසුවවුන් මේ සුඛුමාල කුමරිය අන්තිම පැයේදි-එකොළොස්වෙනි පැයේදි මට මුදාගන්ට පුඵවන්විය. මම හොරුන්ගෙන් කිසි පීඩාවක් නොවින්දෙමි. අපේ රාජ්යමය නැතිකළ දුෂ්ට සුරාවෙන් එචණ්ඩාල සොරුන් මුලාකොට සිහි නැතිකරවා ඔවුන් සියලුදෙනාම කුරුමිනි බැම්මෙන් බැද තබා ඩිංගිරිමැණිකේත් සමග ආවෙමි. ඒ හොරදෙටුවාගේ මාමාවන අමාරිස් අද දවල් ගොසින් ඔවුන් ලිහන තුරාම ඔවුහු අප විසින් බදිනු ලැබු හැටියට සිටිය යුත්තාහ. මා පිරිමියෙක්ව ඩිංගිරිමැණිකේ මේ මහා විපතින් මිදවීම ඒ තරම් පුදුමයක් නොවේ. ඩිංගිරිමැණිකේ දොළොස් මාසයක් මුඵල්ලේ මේ හොරුන් දමනය කරගෙණ සිටියා බලවත් පුදුමයකි. ඒ කාරණය හාමිනේට ප්රමයෝජන නම් අසාගන්ටය”යි කියා මම හාන්සි පුටුවක් පිට වාඩි ගතිමි. ඇස් වලින් තුටු කඳුඵ වැගිරෙණ විජේනායක හාමිනේ ඩිංගිරිමැණිකා ලඟට ගොස් හස සිඹ-“ සුරතල් දියනියනි-නුඹ නිසා සිංහල ස්ත්රි න්ට අමුතු ගෞරවයක් ඇතිවිය. ලංකා ඉතිහාස නමැති චන්ද්රන මණ්ඩලයේ නුඹේ කිර්ති නමැති සඝරූපය අඳිනු ලැබේමය. දැනට සති තුනකට ප්ර්ථාම මේ කුරුණෑගලට පැමිණි ඉංග්රිඅසි පන්නේට ඇති දැඩිවු “දොස්තර” සිංහල තරුණියක් තුන් දවසක් පමණක් ටික ටික වේලා කථාකළ කරත්ත කාරයෙකුගේ වසඟයට පැමිණ දූෂිතවිය. නමුත් මිනිස් කට හඩක් නැති වනයක රෞද්රම හොරුන් දහතුන්දෙනෙකු මර්දනය කර ගෙණ දොළොස් මාසයක් පිරිසිදුව කල්ගත කළේ කවර බලය කින්ද? කුමන ඉර්ධියකින්ද ? කෙබඳු විද්යාුවකින්ද ? කිනම් ධර්මයකින්ද ? පින්වත් ඩිංගිරිමැණිකෝ-උතුම් කුමාරිහාමිනි. නුඹේ මේ පිරිසිදු ස්ත්රිි මායම කුමක්දැයි අපටත් කියා දුනමැනවැ”යි




368 ඩිංගිරි මැණිකා


විජේනායක හාමිනේ ඩිංගිරිමැණිකේග් සිරස සිඹිමින් ඇසුවාය. මේ වචනය අසා මහත් ප්රිබොදයට පත් ගුණවත් ඩිංගිරිමැණිකා වරිනවර සතුටු කඳුඵ හෙලමින් මෙසේ කියන්ට පටන්ගත්තාය. “පින්වත් මෑණියෙනි! උතුම් ධර්මයත් කුලචාරිත්රටත් පුරුදුකළ ස්ත්රිනයකට හෝ පුරුෂයෙකුට නැති බලයක්වත්-නැත්තාවූ ඉර්ධයක්වත් -නොපිහිටියාවු විද්යා්වක්වත්-නොතේරෙන්නාවූ ධර්මයක්වත් නැත-මා සම්බන්ධ ප්ර්වෘත්තිය ඉතා දීර්ඝව-ඉතා සං‍‍ෙක්‍ෂපයෙන් මගේ පවිත්රවවූ පතිවෘතාව කියන්නෙමි. මම මව්පියන්ට විරුද්ධව දඩාවතේ ගිය තරුණියක් නොවෙමි. මම ධර්මය පිටිපෑවෙමි නම් මේ ආශ්චර්ය අද්භූත ගැලවිම මට ඇතිවේද? ඇන් අප රටේ ඉන්නා අනිත් බොහෝ මව්පියන් මෙන්ම මගේ මව්පියෝද යුක්තායුක්ත සලකා ගතනොහැකි අඥානයෝය. මම කුඩා කාලේ ඉතාමත් සුවච කීකරු කෙනෙක්ව සිටියෙමි. මට උසස් ශාස්ත්රේ ඉගැන්වීමට සතුටුව මව්පියන් විසින් උසස් දේට වඩා විනාශදායක දේ උගන්වන ස්ථානයක මා නැවැත්වූ පසු මම අන්තිම අශික්‍ෂිත කෙනෙක්වීමි. නමුත් අපරාපරිය වෙද්යව වශයෙන් පැමිණි කුසල කර්මයක බලයෙන් රන්බණ්ඩා දිසානායක නමැති ධර්මශාස්ත්රස උගත් තරුණ මහතෙකුට සම්මුඛව මා එකවරම පුරුදු කරමින් සිටි අශික්‍ෂිත ක්රිකයා කරුණාවෙන් පෙන්වා දුන් බැවින් මම වල් සිරිතට පිළිකුල් කොට උතුම් සිංහල කුලචාරිත්රක පුරුදු කළෙමි. මා ප්ර ජාපති ගෝතමි. යසෝධරා. විශාඛාදි දඹදිව මහෝත්තමාවන්ගේ ජිවිත කථාත්, විහාර මහාදේවි රත්නාවලී දේවි, සුනේත්රාිදේවි ආදි රප රටේ උත්තමාවන්ගේ චරිතත්, මහාවංශ, දීපවංශ, බොධිවංහ, අත්තනගඵවංශ. ඵුපවංශ, පූජාවලි, සද්ධර්මාරත්නාකර, සද්ධර්මරත්නාවලි, ගුත්තිල, කාව්‍යශේඛර, කුසදා ආදි පුරාණ පොතුත් ජයතිස්ස හා රොස්ලින්, අපට වෙච්චදේ, තරුණියකගේ ප්රේආමය, මහා වියවුල ආදි වර්තමාන පොතුන් සම්පූර්ණයෙන් කියවා අවබෝධ කරගත් මම කුල ස්ත්රිපයක විසින් දතමනා ගුණධර්මත්, කුලධර්මත්, චාරිත්රු ධර්මත් ආර්ය මායම ආදියත් ඉතා හොදින් ප්රධගුණකරගතිමි. ආර්ය ධර්මය ප්ර ගුණවූ මට වල්දුසිරිත් අතිශයින් පිළකුල්විය. මේ උතුම් ගුණධර්මක දැනගණීමට පරම ආධාරකාරයාවූ ජාති හිතෛෂි රන්බණ්ඩා මහතා ඇර මගේ ස්වාමිකමට සුදුස්සෙක් උඩරටින් සොයාගත නොහැකි බව දත් මම ඒ මහාත සමග දෙමව්පියන්ගේ කැමැත්තත් රැගෙණ සුදුසු කාලයෙහිදි විවාහවීමට ගිවිස ගතිමි. අප




පියදාස සිරිසේන නවකථා එකතුව 370


නොදැනුවත්වම අපේ ප්රේනමය ඉක්මනින් මේරුවේය. මේ කාලේ හොද නරක විමසා ගත නොහැකි බොරු මාන්නයෙන් හා උඩගු ගතියෙන් යුත් මගේ පියා මා බලවත් ලෙස එපාකරද්දිම නවරත්න නැමැති සිතින්ම පරවෙස්ගත් ආර්ය ධර්මය කුමක්ද කියාවත් නොදත් යුරෝපීය කාමසුඛල්ලිකානුයෝගයේ (Damnable Materialism) ගැලුනු බේබදු අධමයෙකුට මා විවාහ කරදෙන්ට සූදානම් වූහ. මිනිස්ගතිය ගුණධර්මාදියෙන් විමසාගත නොහැකි මගේ මව්පියන් සමග නවරත්නගේ අගුණ කී නමුත්-ඔවුන්ට උවමනා-බොරුනම්බුවත්, කුලයත්, පංක්තියත්, ධනයත් නිසා මගේ බැගෑපත් ඉල්ලීම නොසලකාම මා විවාහකරදෙන්ට සූදානම්වූහ. ඇත්තෙන්ම කේසර සිංහ ධෙනුවක් නරිබල්ලෙකු සමග කෙසේ ඒකකළ හැකිද? උතුම් සිංහල කුලචාරිත්ර පුරදුකොට-අවබෝධයෙන්ම ඒ කුලචාරිත්රනවල අගයත්- “කැරපොතු” සිරිත්වල තුච්ඡගතියත් දැනගත් මට නවරත්න සමග කොයි ක්රැමයකින්වත් විවාහවීමට නොහැකි බව දැන් හාමිනේටම කල්පනා කළ හැක-ඉතින් මට ඒ වේලාවට වැරදි තුනකින් එකක් කරන්ටම සිද්ධවි තිබ්නේය. එනම් :- (1) පරවේශධාරි මත්පැන් බීමාදි දුශ්චරිතවල ගැලුනු නවරත්න සමග විවාහවීම. (2) මගේ ජිවිතය විනාශකර ගැණීම (3) මව්පියන්ට අකීකරුව උතුම් ගුණධර්මයේ පිහිට රන්බණ්ඩා මහතා සමග සැඟවීයාම, යන මේ අපරාධ තුනය. ඉතින් අපරාධ කීපයක්ට මූන පා සිටින තැනැත්තා ඒ අපරාධවලිනුත් ඉතාම සුඵ එක කළ යුතුබව පණ්ඩිත මතය බැවින්-මා ඉදිරිපිට එලඹ තිබුනු අපරාධවලින් ඉතාමත්ම සුඵඑක කිරිමට තීන්දුකර ගතිමි. නමුත් මගේ පූරව කර්මයක් ඉදිරිපිට පැමිණ-රණ්බන්ඩා මහතා වෙනුවට අගෝරිස් නමැති මහලු සොර චණ්ඩාලයකු සමග මට යන්ට සිඬ වූයේය. මාවිසින් ගෙදරින් සඟවා ගෙණ ආ රුපියල් හැත්තෑ දහසක මදුලුත් රන් ආභරණත් ඒ සොරාට අසුවිය. (තවමත් ඩිංගිරිමැණිකා රන්බණ්ඩා මහතා හිරේ වැටුනු බවවත්-ඈ ගෙණගිය මුදල් ආදිය මට ලැබුනු බවවත් දැන්නේ නැත) ඉතින් වැරදුනාට පසු-අ‍ධෛර්යවීම-වැරැද්ද දෙගුණකර ගණිම බැවින්-මේ හොරුන්ගෙන් ගැලවෙන්ට උත්සාහ කරමැයි සිතු මම මන්දෝතාසාහිබව නැතිකොට කල්පනා සහිතවිමි. ශරීර ශක්තියෙන් කළ නොහැකි පුදුමදේ ධර්ම ශක්තියෙන් කළහැකි බව මට ප්ර ත්ය ක්‍ෂව තිබුනේය.




370 ඩිංගිරි මැණිකා


“ධම්මො භවේ රක්ඛති ධම්මචාරි ධම්මෙ සුවින්තො සුඛසංවහාති එතානි සංසෙ ධම්මෙසුවින්නෙි න දුග්ගතිං ගච්ඡති ධම්මචාරි”

යන මේ ගාථා රත්නය මට සිහිව එයම පිහිට කොට ගතිමි. ඇත්තෙන්ම මා වැඩි විය පැමිණියාට පසු රන්බණ්ඩා මහතා කෙරෙහි මිස අන්ය කිසිවකු කෙරේ රාග චේතනාවක් ඇති නොකෙළෙමි. මෙතාක් මම බ්රමහ්මචාරිව ඉදිමි. නමුත් සිතින්වත් රන්බණ්ඩා මහතා මිස වෙන කිසිවෙකුට ආලයක් ඇති නොකෙළෙමි. “මේ පතිවෘතාව- සැබෑනම් මේ රෞද්රආ සොරුන්ගේ කඵගල් වැනි හිත් මෘදුව ඔවුහු මට වසඟවෙත්වා”යි අධිෂ්ඨාන කරගෙණ ඒ සොරුන් දහතුන්දෙනාගෙන් එකිනෙක් වෙන් වෙන් වශයෙන් මගේ රූපයෙකෙරෙහි ලොබ කරවා-මුලාකොට-මගේ කෙන්‍ද්රකයේ ඇතත්වු අපලයක් කියා දොළෙස් මාසයකට ඔවුන් කිසිවකු හා සරණ නොවිමට පොරාන්දු කර ගතිමි. මේ දොළොස් මාසය කල්ගත්තේ මේ කාලය තුළ රන්බණ්ඩා මහතා හෝ අන්කිසිවෙකු විසින් මම ගලවාගෙණ ලබන්නෙමියි නිසැකව සතූ හෙයිනි. මට බොහෝ සොයින් ආධාරව සිටියේ අමාරිස් නමැති මහල්ලාය. ඒ හොර රංචුවේ සිටි හීරලුවෙක් මා‍ කෙරේ කරණලද බලවත් ලෝභය නිසා මා කියන කියන කෝකත් හොරුන්ට අවබෝධ කරවා දුන්නේය. මෙය මට මහත් පහසුවක් විය. වැඩකාර ස්ත්රිරයක් නැති වි මාස දෙක හමාරක් සිටිපසු-නිතරම වදකළ බැවින් වල්ප‍හේ වැඩකාරියෙක්ද ගොනවෝය. එතැන්සිට මගේ උතුම් ගුණ ධර්මත්-පතිවෘතාවත් මෙනෙහි කරමින්ම සිටියෙමි. එකොලොස් මාසයක් මහා හිමයේ සිටියාට පසු මේ මගේ සහෝදරයානන් වික්ර මපාල මහතානන් සමමුබවත් ගැලවීමට මාර්ගය නොලත් බැවින් මගේ ජිවිතාපෙක්ෂාව අතහළෙමි. නමුත් මා විසින් ශුභ සවප්නයක් එනම්:-සුදු ඇතෙක් මාළඟට හදිසියෙන් පැමුණුනා දුටු බැවින් මාර්තු මාසේ දෙවෙනිදා-මගේ කෙන්ද්රුයේ හැටියට අපලය දුරුවන දවසයයි. මා විසින් කලින් හොරුන්ට කියාදුන් දවස වනතුරු ජිවත්වීමට කල්පනා කර ගෙණ සිටියෙමි. වික්රිමපාල මහතා-කැලෑ කොරාළගේ වේශයෙන් පැමිණිදා ඒ රහස දැනගත් හොරු කෝරාළම බව මට මෙන්ම එතන සිටි සිද්දප්පු නම් මුරකර මහල්ලාද කියා සිටි බැවිනුත් මා



පියදාස සිරිසේන නවකථා එකතුව 371


කරෙහි ගිජ‍ුව සිටි හීරලුරාලගේ මැදහත්වීමෙනුත් යන්තම් ගැලුවුනෙමි. සත්තකෙන්ම හාමිනේ මම හොරුන් සමග මාස දොළහක් ගතකල පුරුද්දෙන් කියන මේ කීම පිළිගත මැනවි. පතීවෘතා නොකෙළ-ස්ත්රිනයකට කිලුටත් කරන්ට දෙවි කොනෙකුටත් පිළිවන්නොවේ. මා සමග යමිකිසි රා චේතනාවෙන් කථා කළවිට මගේ හිත පිරිසිදු මෙහෙණියක ගේ හිතමෙන් විරාගවම තබාගතිමි. මේ නිසාත් රැ දාවල් දෙක්හිම ධර්මානුස් මරණයෙන් හා මා ගිවිස ගත් ස්වාමි පුරුෂයානන් කෙරේ බැදුනු ප්රේ මය මදක්වත් චංචල කොකිරිමෙනුත් මට ලැබුනු බලය මෙතෙකැයි කීමට ශක්තියක් නැත්තේය. චපල සිත්ඇති ස්ත්රි යකු දූෂ්යු කිරිමට කාටත් පිළිවන. නමුත් ධර්මශාස්ත්රතයත් ඉගෙණ ප්රරතිපත්තිත් පරමින්-ස්ථිර සාර ගුණයෙහි පිහිටා සිටින කාන්තාවකට අනතුරක් කිරිමට දෙවියෙකුටවත් බැරිබව මගෙන්ම මම ප්රහත්යාක්‍ෂව දැනගතිමි”යි ඩිංගිරිමැණිකා කීවාම.


13.පරිච්ඡේදය[සංස්කරණය]

මේ

කථාබස් අසාගෙණ සිටි විජේනායක හාමිනේත් දියනිවරු දෙන්නාත් මමත්-බලවත් ප්රී තියට පැමිණියෙමු. ඉක්බිති මම ඩිංගිරිමැණිකේට කථාකොට “ඉතින් මැණිකේ මට තව වැඩ රාශයක් තිබේ. මැණිකේ දැන කිසිවකට පසුතැවිලි වෙන්ටත් අඬන්ටවත් වැලපෙන්ටවත් එපා-මැණිකේ අබෞද්ධ පාසැලෙන් , ඉගෙණගණිමින් සිටියදි ඉගෙණගත් දුසිරිත් ඉවත්කොට උතුම් කුලධර්ම ඉගෙණගත් පසු රන්බණ්ඩා මහතා සමග විවාහය සැපවත් පිරිසිදු ජිවිතයක් ගතකරන්ට සිතාගත්තා නම්-ඒ තත්වයට මම පමුණුවන්නෙමි. නමුත් ඉතාමත් ඉක්මනින් එසේ කළ නොහැක. සමහරවිට-අවුරුද්දක් දෙකක් පසුවෙන්ටත් බැරිනැතැයි කීවෙමි. එවිට ඩිංගිරිමැණිකා කඳුඵ සලමින්-මා ගැන සෝකයෙන් තැවි තැවි සිටින මගේ ආදරණිය මෑණියන් හා පියානන්ද මගේ ප්රේ ම වන්ත රන්බණ්ඩා මහතාද මට පෙන්නුවොත් සහෝදර මහතාට බුදුබව ලැබේය යි කීවාය. ඉක්බිත මම ඩිංගිරි මැණිකේගේ හිත විමසන පිණිස මෙසේ කීවෙමි-“මැණිකේගේ මව්පිය දෙදෙනා නම් සැපසේ සිටිති. ඔවුන්වෙතට පමණුවන්නෙමි.




372 ඩිංගිරි මැණිකා


නමුත් රන්බණ්ඩා මහතා ස්ත්රි යක් සරණකර ගෙණ නුවර සිටින්නේය. ඔහු ගැන පැවති බලාපොරොත්තුව නැතිකර ‍ගන්ටය”යි කියනා කොට ඩිංගිරිමැණිකා සිනාසි “අනේ මහතානෙනි, මා ඇර අන්යස ස්ත්රිඔයක් දෙස රාගසිතින්වත් බැලීමට රන්බණ්ඩා මහතාට බැරිය. ඔහු ධර්මය කටපාඩම් කළා පමණක් නොව ධර්මය යොනි‍සො මනසිකාරයෙන් දැන ඉගෙන ප්රකගුණ කළ කෙනෙකි. ප්රමතිපත්තිය අවංකවම පුරුදු කළ කෙනෙකි. රන්බණ්ඩා මහතා නිසාම ධර්මයට අවනතවූ දුර්වල ස්ත්රිියක්වූ මම-චණ්ඩාල හොරුන් මැදටවී තුන්සිය හැටපස් දිනක් රාග චේතනාව දුරුකළ කල්හි-රන්බණ්ඩා මහතා වැනි වීරයෙකුට පිරිසිදු සිංහලයෙකුට ධර්ම ශාස්ත්රක උගතෙකුට වැරැද්දක් කළ හැකිද? ගින්නෙන් නැඟුනු ධර්ම ශාස්ර්හ උගතෙකුට වැරැද්දක් කළ හැකිද? ගින්නෙන් නැඟුනු දුමට කළ හැකි ක්රිනයාව එම ගින්නට කළ නොහැකිද ? ඒ නිසා රන්බණ්ඩා මහතා ජිවිත්ව නම් මා ඔහුගේ හෘදයේ ඇදිලා පවන්නා බව ඒකාන්තය”යි ඒ උතුම් කුලස්ත්රිුය නිසැකවම කී කල්හි මගේ ඇස්වලින් සතුටු කඳුඵ වැගිරෙමින් “ ප්රිතය සොහොයුරිය-නුඹගේ ඉගෙනීම ඉතාමත් සම්පූර්ණය-නුඹලාගේ ප්රේිමය ඉතාමත් අවංකය-නුඹලාගේ පතිවෘතාවද ඉතාමත් පිරිසිදුය-නුඹ නිසා රන්බණඩා මහාත තවමත් හිරගෙයිය. ඔහු ඵළියේ සිටියා නම් නූඹට අවුර්ද්දක් කැලේ ඉන්ට ඉඩහරිද? නුඹලාට පත් විපත මා දැනගත්තේ එය සිද්ධ වී මාස දහකයකට පසුවය-නුඹ නිසාම සිතමින් රන්බණ්ඩා මහතා මළානම් මිස තවමත් හිරගෙයිය. දෙමාසයකට ප්රතථම මම ඔහු සමග කථාකළෙමි. අද මම ඔහු බලන්ට යන්නෙමි. ඒ මා ගොස් එනතුරු නිස්සොකීව-නිර්භයව-උතුම් සිංහල කුමාරියක් මෙන් සිටිනු මැනැවයි-ඩිංගිරිමැණිකා අස්වාස ඈ රැකගැණිම විජේනායක හාමිනේට හා දූවරුවන තරණ විජේනායක හාමිනේලා දෙදෙනාට භාරකොට දවල් දම්රියෙන් නුවරට පැමිණියෙමි. මා නුවටර පැමිණි හැටියේම මගේ හිත මිත්රද කීපදෙනෙක්ම දෙමාසයක් මුඵල්ලේ මාකල පරික්‍ෂණය කුමක්දැයි අසීමාදියෙන් මට කලබල ඇතිවිය. එදා දවසේ කිසිත් කරගනු බැරිව හෝටලයේම නැවති සිටියෙමි. පසුදින උදේ රන්බණ්ඩා ගැන විමසීමට සිතමින්.හිරගෙදරට යන පාරම-මා මිත්‍ර ලියන මහතෙකු සම්භවීම පිණිස ආරෝග්ය් ශාලාවටද ගියෙමි. ඒ යනවිට ශාලාවට ගෙණ ආ බැවින් එහි සිටි කවුරුත් ඒ ගැන කථාකරමින් වුන්හ. එහි වෛද්ය චාර්ය මහතා මා



පියදාස සිරිසේන නවකථා එකතුව 373


මදක් අඳුනන බැවින්-මා දැක “මොකද වික්ර මපාල මහත්මයා, මොකුත් රහසක්වත් මෙහි සොයාගන්ට ආවේද? හිර ගෙදර සිටි තරුණ හිරකාරයෙකුට ලේපාචනය සෑදි ගෙණත් තිබේ. ඔහුට නිදහස ඉල්ලා උතුමාණන්වහන්සේට දෙනලද අයදුම්පතට පිළිතුරු වශයෙන් දැන් ඔහුට නිදහසද ලැබී තිබේ. නමුත් මිනිහා සනීපවේයයි බලාපොරොත්තු විය නොහැකිය. කීවිට-මටද ටිකක් සැක හිති වහාම ඒ ලෙඩා සිටි පැත්තට ගියෙමි. අහෝ පුදුමයකි. මේ ලෙඩා නම් රන්බණ්ඩා දිසානායකය. ඔහුගේ දුක්ඛිතවූ මෑනියන් හා පියානන්ද නැගනියද යන ‍තදෙනාත් තවත් මිත්රතවරු කීපදෙනෙකුත් ඇද වටේ අඬමින් වුන්හ. රන්බණ්ඩාගේ නිරිදෝෂකමත්-බලවත් අසනීපයත් ප්රතකාශාකොට උතුමාණන්වහන්සේට දුන් අයදුම්පතට සතුටුදායක පිළිතුරු එදාම ලැබි තිබුණු බැවින් මව්පියෝ ලොඩා ගෙදරට ගෙණයාමට සූදානම් කරමින් සිටියහ. මමත් රන්බණ්ඩා ලඟට ගියෙමි. එහි ගොස් පැත්තකින් වාඩිගත්විට එහි සිටි මව් හා නැගනියන්ද අඬන්ටවන්හ. මාත් රන්බණ්ඩාගේ මිත්රඩයෙක් බව සිතූ ඔවුහු “මහත්මයෝ, මේ ලමයා හිරේ වැටිලා අවුරුද්දකි. මේ කාලය තුළ ලමයාගේ සැපසනීප පිටතින් ඉදගෙණ විපරම්කරමින් මොහුගේ නිර්දෝෂකම උතුමාණන්වහන්සේ දන්වා සැනසිල්ලක් ලබාගන්ට වෑයම් කළෙමු. ගිය සතියේ මම (අම්මා) ලමයා බලන්ට ආවිට ඩිංගිරිමැණිකේ වතමත් සම්භනූවූබව කීවාම මා සමග කථාව නවත්වා යන්ට ගියේය. එදාම උණ සග පාචනය සැදි බො‍හොම අමාරුය. ඉතින් දැන් අපේ කල්පනාව ගෙදර ගෙණියන්ටයි මහත්මයාට මොකුත් කියන්ට තිබෙනවාදැ”යි ඇසුවෝය. “ඔව් මටත් රන්බණ්ඩාට කථාකරනට ඕනෑය”යි කියා-රන්බණ්ඩාගේ දෙමව්පියන්ට නොතේරෙණ පිණිස ඉංගිරිසියෙන් කථාකරමින්” මිත්රමය. ඔපමණ අධෛර්ය වුනේ ඇයි-මම ඩිංගිරිමැණිකා සොයා ගතිමි”යි කියනවත් සමගම රන්බණ්ඩා ප්රේබොධව මාදෙස බලා මගේ බෙල්ලේ එල්ලීගෙන “අහෝ! මහතානෙනි-මට ඇගේ ප්රිථය මුහුන දැක්වූවොත් මගේ අසනීපයත් මගඇරේය”යි කීය. එවිට මම, මිත්රේය-අධෛර්ය නොවී සිත සනසාගන්ට-මම දෙමාසයක් මුඵල්ලේ අහස ගැටලන්නාක්මෙන් බලවත් දුක්විද ඩිංගිරිමැණිකා නිදහස් කරගතිමි. නමුත් මිත්ර්යා ලෙ‍ඩව ඉදිම දැනගත්තොත්-කබලේ බැදෙන කෙනෙකු ලිපට වැටුනාක්මෙන් ඩිංගිරිමැණිකාට තවත් අමාරුවේ. ඉන්නිසා ලෙඩේ සුවකර ගෙණම එහි




374 ඩිංගිරි මැණිකා

යමු යයි කියා රන්බණ්ඩාගේ හිත සතුටු කළෙමි. ඩිංගිරිමැණිකා සම්භවූ වග කියා පැයක් ගතවන්ට ප්රසථම රන් බණ්ඩාගේ අසනීපය හුඟක්ම අඩුවිය. ඉක්බිති ඔහුගේ මව්පියන්ගේ කැමැත්ත ඇතුව රන්බණ්ඩා වාහනයක තබා ගෙණ තමා ගේ මාමා කෙනෙක්වන කටුකැලේ මැණික් හාමිනේලාගේ ගෙදරට ගෙණ ගොස් සිංහල ප්රවතිකාරකරන්ට පටන් ගතිමි. තුන් දවසකින් රන්බණ්ඩාට සම්පූර්ණ සුවය ඇති විය. ඔහු හිරෙන්ද නිදහස්වී රෝගයෙන්ද සුවපත්වූ බව දැක අතිශයින් සතුටට පත් මව් පිය දෙදෙනාත් අනිත ඤාතිවරයෝත ඔහු සමග ගම්පලට යාමට සූදානම් වූහ. නමුත් මම ඊට විරිද්ධව රන්බණ්ඩාගේ ඇග සනීපවනතුරු නුවරින් යායුතුනොවේ. ගමට සුදුසු වේලාවට එවන්නෙමියි කීවෙමි. මා කවරෙක්දැයි ඔවුහු නොදත් නමුත් රන්බණ්ඩාගේ ඉතාමත් හිතෛෂි මිත්ර.යෙක් බව දැනගත් බැවින් මගේ කිමට සතුටුවූහ. මාර්තු මස හත්වෙනිදා රන්බණ්ඩාත් සමග මා නවතින හෝටලයට අවුත් ඔහුට නොයෙක් සැප පහසු දෙමින් ඩිංගිරිමැණිකා සෙවීමේදි මා විසින් දක්වනලද වික්රණමය කියාදිමාදියෙන් සතියක් එහිම ගතකොට මාර්තු මස පහළොස්වෙනි දින කුරුණැගලට යන අදහසින් සූදානම් විය. රන්බණ්ඩාට උවමනා තරම් ඇඳුම් ඇදිය මස්වාදි “ඉතින් මිත්රයය තමුසේ ගමට යන්ට කැමතිද? ඩිංගිරිමැණිකා බලන්ට යන්ට කැමතිදැ”යි ඇසුවාම කරුණාවන්ත රන්බණ්ඩා මා වැළධගෙණ “ අනේ සොහොයුරානෙනි, වික්රණමාන්විත වීරපුරුෂයානෙනි, මට ඩිංගිරිමැණිකා නමැති මෙගේ ප්රාොණය රැගෙණ ගිය මගේ ප්රේවමියා පෙන්වා දුනමැනවි. ඈ නිසාම මම හිරගෙයි දුක්වින්දෙමි. ඈ නැති බව මීට වර්ෂයකට පෙර දැනගත්තෙමි නම් මා මැරිලා බොහෝ කල්ය. මගේ මෑනියන් මා බලන්ට හිරෙගෙට අවුත් ඩිංගිරිමැණිකේ නැතියයි කී බැවින් මට ලේ අතීසාරය වැළදි අමාරු විය. නමුත් ඒ සමගම මගේ නිදහසද ලැබුනේය. දැන් ඩිංගිරිමැණිකේ නොදැක් ගමට යනවාට වඩා පරලොවට යාමට මම කැමැත්තෙමි,යි කීවිට ඩිංගිරිමැණිකාගෙන් රන්බණඩාගෙන් ප්රේමමිය තවදුරටත් මට තේරුම් ගියේය. ඉක්බිති පසුවදා මාර්තු මස දහසයවෙනිදා උදේ රන්බණ්ඩාත් සමග නුවරින් පිටත්ව කුරුණෑගලට ගියෙමු. ඩිංගිරිමැණිකා නැවති සිටින විජේනායක හාමිනේගේ නිවසට යනවිට දවල් බත් වේලවය. අප යනවිට ඔවුහු බත් කමින් වුන්හ. ඩිංගිරිමැණිකාත්. රන් බණ්ඩාත් දෙදෙන දැකීමෙන් බලවත් කලබලයක් වන




පියදාස සිරිසේන නවකථා එකතුව 375


බව තේරුම් ගත් මම රන්බණ්ඩා ඉස්තොප්පුවේ වාඩිකරව හාමිනේලා සිටින තැනට ගොස් ආහාර කෘත්යමය අවසානවනතුරු නොයෙක් අන්දමින් සතුටු වියයුතු දේ කථාකරමින් සිටියෙමි. ඔවුහු බත්කා ඉවරව මටද ආහාර සූදානම් කොට අනුභව කරන්ට කීවිට තවත් මගේ යාඵවෙක් එළියේ ඉන්නාබව කී‍වෙන් ඩිංගිරිමැණිකේ හෙමින් හෙමින් අවුත් බැලූවිට අවුරුද්දකුත් දවස් පහළොවකට පසු දකින්ට ලැබුනු තමාගේ ප්රේ්මවන්තයා බැවින් දෙදෙනොටම සිහිසන් නැතිව බලවත් කලබලවයක්විය. ඔවුන්ගේ දුක්මුසු කථා සල්ලාපයෙන් පසු කවුරුත් ප්රීලතිවීමු. එහි කීප දවසක් සිටිපසු-ඩිංගිරිමැණිකේට කථාකොට “මැණිකේ දැන ගමට ගොසින් මවිපියන් ළඟදි රන්බණ්ඩා සමග කසාද බදිනවාද නැතහොත් මොහිදි නීතිප්රනකාර කසාද බදිනවාදැයි ඇසුවෙමි. එවිට විජයනායක හාමිනේත් සමග සාකච්ජාකොට කාණ්ඩයම ඉදිරිපිට විඡයනායක හාමිනේ මෙසේ කීවාය. දැන් රන්බණ්ඩාත මහතාත් ඩිංගිරිමැණිකේත් දෙදෙනාම අසනීපයෙන් හා හිරඅඩස්සියේ ඉදිමෙන් ඉතාමත් දුරුවලය. ඉන් නිසා අඹු සැමියන් වශයෙන් කල්යැවීමට තව මාසයක් හමාරක් ගියාවේ. නමුත් ගමට ගියාම ආයේමත් කලබල ඇතනොවන පිණිස මොහදීම නීතිප්රමකාර විවාහ බන්ධනයට ඇතුළත් වියයුතු යයි කී වචනය ඉතාමත් ප්රකඥා ගෝචර බැවින් විශේෂ බලපත්රධයක් කොට ඩිංගිරිමැණිකා හා රන්බණ්ඩාත් සරණ බන්ධනයට ඇතුළත් කොට එහි ඉතා සැප සහසු ලෙස ඉන්ට සලස්වා මම පසුදින උදේ දුම්රියෙන් ගම්පලට පැමිණියෙමි. මා ආවේ නිකම් නොව ඩිංගිරිමැණිකා ගෙණ ගිය රුපියල් හතළිස්දාහක ‍රන් මිණි මුතු ඇඳුම්ද අරගෙණය. මාර්තු මස දහනවවෙනිදාට-මා විසින් ඩිංගිරිමැණි‍කා සෙවීමට පටන් ගෙණ මාස දෙකකුත් දවස් විස්සය. හාරපස්මාසයක් යනතුරු නි‍සොල්මන්ම ඉන්ට කී බැවින් මිවිටිගල නිලමේ හා මැණිකේත් කලබල නැතිව සෝකයෙන් පෙළී පෙළී උන්හ. ඔපඵෑ රන් කැඩපතක්මෙන් ප්රීබතියෙන් බබලන මගේ මුහුණ දැකීමෙන්ම ඔවුහු සතුටුවනබව දත් මම දුම්රියෙන් බැස බක්කි කරත්තක නැඟී මිවිටිගල වලව්වට ගියෙමි. කරත්තයෙන් බැස මිදුලට පැමිණි මා දුටුහැටියේ මහනිලමේත් මැණිකේත් ඉදිරියට දුවමින් “කොහොමද-මහත්මයෝ අපට සැනසිල්ලක් තිබේද? ළමයා සොයා ගත්තෙහිදැයි ඇසුහ. මම මෙහෙදී මොවුන්ට “ ධර්ම ශාස්ත්ර දෙකේ අගයත් බොරු කුලමල නිලතල ආදියේ තොරතුරුත් අවබෝධකර දෙමි”යි සිතා “ඔව්



376 ඩිංගිරි මැණිකා


මැණිකේ මම ඩිංගිරිමැණිකේ සොයගැතිමි. ඉතාමත් ගැඹුරු මුහුදු පතුලේ තිබුණු කුඩා මැණිකක් සොයා ගැණීමවත්, රෞද්ර් රාක්‍ෂසයෙකු අතට පත් කුඩා දරුවෙකු මුදාගැණීමවත්, චණ්ඩවූ කොටියෙකුට හසුවූ වැස්සියක් මුදාගැණීමවත් මා කළ සමර්ථකමට සමානකරුණු නොහැක්කේය. ඉතින් මා ඩිංගිරිමැණිකේ පමණක් නොව ඈ විසින් ගෙණ ගිය වීශාල ධනයද සොයගතිමි”යි කියා-රුපියල් හතලිස්දහත් රන් මිණි මුතු ආභරණ පොදියත් මිවිටිගල නිලමේ අතටදි ඔවුන්ගේ සිත් පහන් සංවේගයට පමුණුවමින් ඩිංගිරි මැණිකේ සෙවීමට කළ පුදුම සමර්ථ ක්රිමයා කෙළෙමි. මේ සියල්ල කියා නිමවෙනවිට රාත්රිත කෑම වේලාවවූ බැවින් සෑමදෙනාම ප්රීාතියෙන් ආහාර අනුභව කෙළෙමු. මිවිටිගල මැණිකේ “කෝ දැන මගේ දියනිය මහත්මයාට මගේ ජිවිතයත් දෙන්නෙමි. මගේ දරුවා මට පෙන්වන්ට, දැන් ලමයා ඉන්නේ කොහේදැ”යි ඉවසුම් නැතුව අඬන්ට පටන් ගත්තාය. එවිට මා සිනාසි “මැණිකේගේ දියනිය එසේ මෙසේ කෙනෙක් නොවේ. ඩිංගිරිමැණිකේ වැනි කුලස්ත්රීඑහු අධිකව වාසය කළ කාලේ අපේ රටෙ දිව්යම ලෝකයට සමාන විය. රණසූරයෝ, වික්රනමවන්තයෝ-පරාර්ථකාමියෝ-ශිල්පියෝ, පණ්ඩිතයෝ, සත් කීර්තියට ප්රිඅය කරන්නෝ ඒ කාලේ උපන්හ. ස්වල්ප කාමසැපට ලාභයට ගිජිවූ ආර්මාර්ථකාමි-අධම පුහු මිනිසුන් මේ රටේ අධිකවූනේ මේ කාලේ නූගත් අඥාන ස්ත්රී්න් අධික නිසාත් අනාර්ය තුච්ඡ චාරිත්ර පුරුදු වූ අධම ස්ත්රීතන් අධික නිසාත බව මට ප්රාත්යතක්ෂරවිය. ඩිංගිරිමැණිකේ හොද මව්පියන්ගේ දරුවෙනක්. නමුත් අනාර්ය පැවතුම් හා කාමාහිවර්ධනයටම හේතු දුසිරිත් පුරුදුවිමෙන් ඈ සමුපූර්ණයෙන්ම අශික්ෂිතතව සිටියහ. ඈ කලින් විසූ හැටියේම හැටියානම් ඈ සොයාගන්ට ලැබෙන්නේවත් යම්හෙයකින් ලැබුනත් ඇගේ පිරිසිදු භාවය ඇතිවන්නේවත් නැත. සමහරවිට ඈ ලමයකුත් සමග මෙහි ගෙණෙන්ට තිබුනි. නමුත් දැන් ඩිංගිරිමැණිකා කෙසේද? රෞද්රුවු සොරුන්ට අසුවු ඒ උතුම් කුලස්ත්රි්ය තමාගේ ජිවිතයත් විනාශකරනොගෙණ ඒ චණ්ඩාල සොරුන් තමාගේ දාසභාවයේ තබාගෙණ සිටින්ට සමර්ථවුයේ ඩිංගිරිමැණිකේ යම්කිසි කල්යාදණ මිත්රියකුගේ සහායෙන් ප්රඩගුණ කරගත් ආර්යමයම් හා ධර්මශාස්ත්රයයේ




පියදාස සිරිසේන නවකථා එකතුව 377

බලයෙන්මයි. ඉතින් දරුවන්ට අපේ කුල චාරිත්ර ත් ආගම ධර්මයත් අපේ පැරණි උත්තමාවන්ගේ චිරිතත් ඉගැන්වීමෙන් ඇතිඵලය කවුරුත් තේරුම්ගතයුතුය. උතුම්වූ සිංහල කුල චාරිත්රව හා ගුණධර්ම ප්රේගුණවූ යහපත් මව්පියන්ගේ දරුවෙකු අයුක්තක යෙදවීමටවත් විනාශකර ලෑමටවත් පිළිවන් ශක්තියක් මෙලෝකයේ ඇත්තේ නැත.දැන් ඩිංගිරිමැණිකා ඉතාමත් සැපපහසු තැනක සිටින්නීය. ඈ ගැන ඉතින් කනගාටුවීමට කාරණයක් නැත. මම ඈ සමග නොවේ ඇගේ ශරීර ක්ලාන්ත භාවදිය ඇරි ශක්ති සම්පන්නවූ විට එන කල්පනාවෙන් බව මතක්කරමි. දැන් ඩිංගිරිමැණිකා මුළානොවන ධර්මවාදි උතුම් ස්ත්රිනයක් බව අපේ නිලමේ හා මැණිකේත් පිළිගන්නාහුදැයි මම ඇසුවෙමි-එවිට නිලමේ සතුටු කදුඵහෙලමින් “මගේ දුව කලිනුත් එසේමය-වරක්වූයේ ඉංග්රිටසි ස්කෝලයට යවන පිණිස අර හ්ර“ෂ්ට ගෙදර නැවැත්වූපසුය”යි කීයේය- එබස් ඇසූමම “ඔව් නිලමේ ඩිංගිරිමැණිකේ උත්පත්තියෙන් යහපත් කෙනෙකි. නමුත් අවුරුදු තුනත් පමණ නපුරු පාපක්රි්යා පුරුදුවීමෙන් අන්තිම අශික්ෂිඇත භාවයට පැමිණියයා. ඉක්බිති ඒ ලමයා-ස්ත්රීුරත්නයක් කළ-රෞද්රඇ සොරුන් දමණයකොට ස්ත්රීා වර්ගයට ගෞරවයක් ගෙණදිමාට තරම් ඩිංගිරිමැණි‍කාට ධර්මශාස්ත්ර් ප්ර්ගුණ කළ තැනැත්තා ගැන නිලමේලා කුමක් සිතන්නාහුද’යි ඇසුවෙමි. එවිට මිවිටිගල කුමාරිහාමි “සත්තකෙන්ම ඩිංගිරිමැණිකා දුසිරිත්වල ගැලී නරක්වීමෙන් වලක්වා උතුම් ආර්ය චාරිත්රිපුරුදු කර දුන් තැනැත්තා කව්රු නමුත් සත්පුරුෂ උත්තමයෙකි. ඒ ඇත්තා ඩිංගිරිමැණිකාට ඒ උතුම් ආර්ය ගුන පුරුදු නොකොට ඈ කලින් සිටි “කැරපොතු” ලීලාවටම සිටියා නම් ඈ අපේ පරම්පරාවට පමණක් නොව මුඵ සිංහල ස්ත්රිනන්ටම නින්දා කොට දරුවන් වදාගෙණ හොරුන්ගේ බලවත් පීඩාද වද මුඵ ලංකාවටම සාපයක් වෙන්ට තිබුනි. ඒක අතකට ඩිංගිරිමැණිකා නපුරු දුසිරිතෙන් වලකා අපේ ගුණ ධර්ම චාරිත්රව ආදියෙහි යෙදවු තැනැත්තාට ඩිංගිරිමැණිකාගේ ජිවිතය පූජා කළත් වැඩියක් නොවන බව මම කල්පනා කරමි”යි කීවාය. මිවිටිගල මැණිකේගේ මේ කථාව ඇසූ මම මහත් ප්රීඩතියට පැමිණ මොවුන්ට දැන් රටේ පවත්නා බොරු කල්පනාවල ඇති නිස්සාර භාවය පෙන්වීමයි සිතා මෙසේ කථාවකට බැස්සෙමි. මම ආ නිලමේ දැන් ඩිංගිරිමැණිකා ගෙණ ආවාම ඈ විවාහකර දෙන්ට ඕනෑ-ඒ




378 ඩිංගිරි මැණිකා

කාටද-කලින් නියම කර ගත් නවරත්නටමද?

නිලමේ - මගේ කල්පනාව එසේමයි. නමුත් ඩිංගිරිමැණිකා විරුද්ධ නම් දැන් අපි ඒ ලමයාගේ දැන උගත්කම අත්දැක තිබෙන බැවින් වෙනිත් සුදුසු කෙනෙකුට විවාහකර දෙන්නෙමු. මම - බොහොම හොදයි. ඩිංගිරිමැණිකා කැමතිනොවන කෙනෙකුට විවාහකර දෙන්නේ නෑ නොවේද? නලිමේ - නැහ-මගේ ලමයාට රුචි නැති රාජකුමාරයෙකුටවත් විවාහ කර නොදෙමි. මම - විවාහයක් කර දිමේද බැලිය යුතු ප්රැධාන කරුණු මොනවාද? නිල - කුලවංශය-ධනය-රූපය-උගත්කම හා ගුණ ධර්ම ආදියයි. මම - හොඳයි-ඔය ඔක්කෝවායින්ම සම්පූර්ණ මිනිහෙකු සොයා ගන්ට පිළිවන්වේද? නිල - ඒක බොහොම දුෂ්කරය. මේ කාලේ ඔය කාරණාවලින් දෙකක් තුනක්වත් සම්පූර්ණවුවෙකු සොයාගන්ට බැහැ-ධනය තිබෙන අය ඒක්කෝ මෝඩයෝ-නැත්නම් පරවේශධාරි අධමයෝ එසේත් නැත්නම් අප්රිූයකරු අවලක්ෂැණඅය-ඒ නිසා සියල්ලෙන් සම්පූර්ණ කෙනෙකු ගැන මගේ කිසිට බලාපොරොත්තුවක් දැන් නැත්තේය. මම - බොහොම හොදයි-නිලමේගේ කල්පනාවට මමත් සතුටු වෙමි. ඉතින් නිලමේ කීයු-කුලවංශය-ධනය,රූපය සහ උගත්කම හා ගුණ ධර්ම යන කරුණු සතරින් පළමුවෙනි දෙවෙනි තුන්වෙනි සතරවෙනි කුමක්යයි සිතන්නෙහිද? නිල - මගේ කල්පනාවල කුලවංශය 1 වෙනියි. ධනය 2 වෙනියි. රූපය 3 වෙනියි. උගත්කම හා ගුණධර්ම 4 වෙනියි. එනම් නොවේද වික්‍රමපාල මහත්මයෝ? මම - අනේ නිලමේ අපේ ජාතිය අතින් අතටම ගිය හැටි ! නිලමේ පමණක් නොව සිංහල කව්රුත් පළමුවෙනි නොම්මරයට ගණින්නේ මලකඩ කා ‍තිබෙන “ වංශකබල”යි-එය බලවත් වැරැද්දකි. මිනිහෙකු සම්බන්ධව ගණන් ගතයුතු කාරණා ගතරක් නොව තුනකි. ඒ තුනට සියල්ලම සම්බන්ධය-ඒ කාරණා තුන නම් (1) උගත්කම හා හික්මීම. (2) රූපලක්ෂ ණය,



පියදාස සිරිසේන නවකථා එකතුව 379


(3) ධණ සම්පත්තිය-යන මේ කරුණු තුනයි-කුල වංශයය කියන්නේ හික්මීමේ කොටසකි. මෙය නිලමේට වැටහුනේය? නිල - මට වැටහුනා මදි, උගත්කම හා හික්මීම පළමුවෙනි අංකයට ගණින්නේ මක්නිසාද? මම - “කිං කිං නසාධයකි කල්ප ලතෙව විද්යහ” කල්පලතාවක් බඳු විද්යාි ‍ෙතබෝ කුමන ධනයක් කීර්තියක් ඇති නොකරනීදැයි බැවින් අනිත් කිසිම මනුෂ්යත ශක්තියකින් නොලැබිය හැකිදේ ලබන උගත්කම හා හික්මීම පළමු වෙනිය. මනා උගත්කමක් හික්මීමත් ඇති කෙණෙකුට කිසිවකින් අඩු පාඩුවක් නැත. ඊට බලවත් නිදර්ශනයක් ලෙස ඩිංගරිමැණිකේ ගණන් ගත මැනවි. ඉතින් උගත්කම හා හික්මීම බැබලීමට ප්රිනයකරු රූපය ආධාරවේ. ඉන්පසු ධාර්මිකව ලැබුනු ධනයද ඇත්නම් හොදය. හික්මීමටම කුලය ඇතුළත් බැවින් මම එය අමුතු එකක් මෙන් නොසලකමි. නිල - ඇයි එහෙම කියන්නේ-රදල පරම්පරාවේ කෙනෙකුට වඩා පහත් පරම්පරාවක කෙණෙක් හොඳද? මම - උගත්කම හා හික්මිම ඇති රදල පරම්පරාවේ කෙනෙකුත් එබදුම පහත් පරම්පරාවේ අයත් පණ්ඩිතයන් අතර එක සමානයි. නමුත් උගත්කම හා හික්මිම නැති රදල පරම්පරාවේ මිනිහෙකු වැදගත් ගෙදරකට වැද්දනොගණී. උග්ත්කම නැති නොහික්මුනු පහත් පරම්පරාවේ අයද ගෙදරකට වැද්දනොගණි. නිල - මට මහත්මයාගේ කීම තේරුනේ නැහැ. මම - හොදයි මම නිලමේට තේරෙණ හැටියටම කියන්නෙමි. රදල පරම්පරාවේ උපන් බේබදු පාදඩයෙකුගෙනුත් පහත් පරම්පරාවක උපන් ශික්ෂිදත සත්පුරුෂයෙකුගෙනුත් වඩා හොද කව්ද? හොදයි-එයිනත් කාරණය නොතේරෙතොත් මම අනිකක් කියන්නෙමි. ඔන්න රදල පරම්පරාවක උපන් මිනිහෙක් කිසිම ධර්මයක් ශාස්ත්රලයක් නොදැන සුරාපානය කිරිමාදි දුශ්චරිතවල ගලී-මව්ට පියාට තලමින් හිංසා පීඩා කරමින් සිටිනු දුටුවිට නිලමේ ඒ මිනිහාගෙනුත් පහත් පරම්පරාවක ඉපිද උගත්කම හා හික්මීම ඇති සත්පුරුෂයෙක් මව්පියාදින්ට වැදීම සත්කාර ගරුකාර ආදිය කරමින් සිටිනු දුටුවිට ඒ



380 ඩිංගිරි මැණිකා


මිනිහාගෙනුත් වඩා හොද අය හෙවත් කුලවත් අය කව්රුය කියා හිතන්නෙහිද? නිල - සත්තකෙන්ම මව්පියාදින්ට බනින නලන බේබදු රදල පුත්ර යාට වඩා මව්පියාදින්ට ගරු බුහුමන් දක්වන පහත් පව්ලක කුලපුත්රරයා උතුම් බව මම පිළිගණිමි. මම - ඉතින් නිලමේ-මම ඩිංගිරිමැණිකේ සම්බන්ධව ඈ විසින්ම ජෝඩුකරගෙණ-සසර පුරුද්දෙන් ඉබේම ජෝඩුකර ගෙණ සිටින මගුල් ගැන කියන්නෙමි. රන්බණ්ඩා ගොවි වංශයේම දෙවෙනි හො තුන්වෙනි පංක්තියේ කෙනෙකි. උගත්කමින් හා හික්මීමෙන්ද රූපශ්රිියෙන්ද පළමුවෙනියි. ධනය දියුණුකරගෙණ ඵන කෙණෙකි. ඒ තරුණයා නිසාම ඩිංගිරිමැණිකා රෞද්රම සොරුන්ගේන ගැලවුනා. රන්බන්ඩාගේ වටිනාකම අපේ පශ්චිම ජනයාට මිස අපට නොතේරේ. ඔහුවිසින් ඩිංගිරිමැණිකේට පුරුදුකළ ආර්යධර්ම නිසා සිංහල ස්ත්රි.න්තරම් ගුණ ධර්මයෙන් හා ස්ථානෝචිය ප්රනඥාවෙන් යුත් ස්ත්රීසහු වෙන ලෝකයේ නැතැයි මේ කථාන්තරෙයේන් උගන්වන්ට පිළිවන් විය. දැනට රදලවරුය කියන මිනිසුන්ගෙන් ඇතැම් අය සංකීර්ණයොයි. ආණ්ඩුවේ සුඵ නිලයක් ලබා ගත්විට මේ කාලේ ඉබේම “රදලවේ” නමුත් ඩිංගිරිමැණි‍කා තෝරාගෙණ සිටින රන්බණ්ඩා සර්වප්රේකාරයෙන්ම “රදලය” ඒ නිසා ඩිංගිරිමැණිකාට සැපසේ ඉන්ට සලස්වනු කැමති නම් ඩිංගරිමැණිකා මේසා විශාල දුකක්විද ලබාගත් ඇගේ ප්රේගමවන්ත රන්බණ්ඩාත් සමගම ගෙදරට ගෙන්වාගෙන යුතුයයි කිවෙමි. මේ කථාව ඇසූ මිවිටිගල නිලමේ හා මැණිකේත් පුදුමයෙන් මාදිසබලා-අනේ මහත්මයෝ-ඩිංගිරිමැණිකේ දැන් ඉන්නේ රන්බණඩා සමගද? රන්බණ්ඩා හිර‍ගෙයි නොවේදැයි ඇසූහ. එවිටි මම ඔවුන් දෙදෙනාගේම ප්රබවෘත්තිය තත්වූ පරිදි කීවෙමි. සතුටු කඳුලෙන් තෙමුනු මුහුණ ඇති මිවිටිගල නිලමේත් මැනිකේත් දෙදෙනා එදිනම මාත් සමගම කුරුණෑගල ගොස්-අඹු සැමියන් මෙන් ප්රේදමයෙන් වසන ස්ත්රීරන්ගේ මුදුන් මල්කඩ බදු ඩිංගිරිමැණිකාත්-රන්බණ්ඩා දිසානායක නම්වු නියම සිංහල මහතාත් ඉතාප්රිමතියෙන් කැදවා ගෙණවුත් ඔවුන් සත්තක මහත් ධනය පාවා



පියදාස සිරිසේන නවකථා එකතුව 381


දුන්ය. මට දෙන්ට පොරොන්දුවූ රුපියල් දසදාහ ඉතාමත් සතුටින් දි මට දවස් කීපයක් තිස්සේ මුව නොසෑහෙන්සේ ස්තුති කළාහ.

ස රො ස දිත් නසා මුලුලෝ පැ සහ ස ව න ස කළ පරංගිත් පොරණ ලක්කු ස දි යැ ස සසුන් සියලුන් රකිමින් සතො ස බ රැ ස සුරිදු සැරදෙත්වා දිනිදු ලෙ ස

සි රි ම ත් ගැමුණු පරකුම් හිමිහු මදෙස ක සි ටි ත ත් තිදස නරඹත්වා දැනුත් ල ක ස සු න ත් ජාතියත් අපෙ නැසෙනු දැක දැ ක ලැ බු න ත් නිවන් නොසිතම් දන් නම් සැපෙ ක

සි ය ලු න් මන කුඹුර දැ පෙම් බිජු වැපු රු කු දි ටු න් ඉබුන් බුන් එකසර කෙසර යු රු සි රි සෙ න් විසින් කළ “සිය දෑ පත” කතු රු ව ඩ මි න් රට පවතු මෙම පබද නිරතු රු


සිද්ධිරස්කු