පියදාස සිරිසේන නවකථා එකතුව- 02/විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය ii
09.පරිච්ඡේදය
[සංස්කරණය]ර ටේ මහතා උදේ දුම්රියෙන් යන්ට ගියේය. මම ද තේ වතුර බී සති කිහිපයකට උවමනා ඇඳුම් ආදියත් ෙවස්වලා ගන්න නානාවිධ උපකාරත් පෙට්ටියක දමා ප්රනකෘති වේශයෙන්ම කලිසම් මේස් සපත්තු ඇඳගෙන “හැන්රි” නමැති ගැටයා සොයන පිණිස කඵතරට යන උදේම දුම්රියේ නැගී ගමන් ගතිමි. මා අතේ උවමනා තරම් මුදල් තිබුණු නමුත් එදා තුන්වෙනි පංක්තියේ ගමන් කිරීමට සිත්විය. සියල්ලම සිද්ධවෙන්නේ හොදට බැවින් අතේ මුදල් තබාගෙණත් වැඩි වශයෙන් දෙවෙනි පංක්තියේ ගමන් කරන්නෙක් උවත් එදා තුන්වෙනි පංක්තියේ ගමන් කරන්ට වීම හොඳටම සිද්ධ වු කරුණකි. මක්නිසාද, මා නැගුනු කාමරයේ “හැන්රි” සිටි බැවිනි. කලින් මා නාදුනන මේ ගැටයා ඒ කාමරයේ සිටි නමුත් ඉක්මණින් දැනගන්ට ලැබීම පුදුමයකි. මා යන්නේ කොහාටදැයි ඔහු ප්ර ශ්න කළේය. කඵතරට බව කීවිට ඔහුත් කඵතර යන බව කීවේය. ඔහු කඵතරම කෙනෙක් ද නැතහොත් එහි යම්කිසි කරුණක් සදහා යන කෙනෙක්දැයි ඇසූවිට ඔහගේ වංහුං හුඟක්ම කීවේය. එවිට ඒ හැන්රි බව මට දැනගන්ට ලැබුනෙත් මා නොබොන නමුත් මෝඩයන්ට දි ඔවුන් රවටා ගන්නා පිණිස මගේ සාක්කුවේ නිතරම තිබෙන සිගරැට් එකක් හැන්රිට දුනිමි. සිගරැටය දුන්විට මා සමග මිත්රව වූ හැන්රිගෙන් දැනගත යුතු කරුණු දැනගන්ට නම් ඔහුට විස්කි අඩියත් දිය යුතු බව හැගුනේත් ඔහුත් සමග කඵතර දුම්රිය පලෙන් බැස බිම සාප්පුවකට ගොස් ඔහුට විස්කි නමැති ගිනිවතුර අඩියක් අරන් දි මමද ලැබනේඩ් බෝතලයක් බී නැවත් මට පුරුදු හෝටලයට ගියෙමි. එහිදි හැන්රිට හොද හැටි කෑමද දෙවා අතිශයින් මිත්රලවිමි. බිමෙන් පසු විකල් වූ සිහිය ඇති ඔහුගෙන් විමිලතිස්ස හාමුදුරුවන්ගේ පන්සලේ තොරතුරු ඇසුවෙමි. බීමත් වූ තැනැත්තා වාචාල වන බැවින් හැන්රිගේ කථාන්තරය මෙසේ කියන්ට පටන්ගත්තේය. “මගේ පප්පා පීරිස් උන්නැහේ. මට ඉංග්රිුසි උගන්වන්ට කොලජියකට යැව් නමුත් මගේ සෙල්ලම් වැඩිය කියා විමලතිස්ස හාමුදුරුවන්ගේ පන්සලේ සිටින ධම්මරතන හාමුදුරුවන්ට මා භාරකොට එඵ පාලි සංස්කෘත ඉගෙණගන්ට මට නියම කළේය. ඉතින් මහත්මයෝ
පියදාස සිරිසේන නවකථා එකතුව 473
දෙතුන් දවසක් මම ඉන්නාකොට එහි ඉන්නා පුංචි හාමුදුරු නමක් වන සරණපාල උන්නාන්සේ මගේ හිතේසි මිත්රායෙක් විය. මේ තරුණ රූප සම්පන්න උන්නාන්සේ ඒ පන්සලේ ලොකු හාමුදුරුවන් වන විමලතිස්ස තෙරුන්නාන්සේගේ බෑනා කෙණෙකි. ඒ නිසා පන්සල ගිනි තැබුවත් සරණපාල උන්නාන්සේට කිසි අමාරුවක් නැත. මේ සරණපාල සමග ඒ ගමේ විදානරාලත් ඔහුගේ මායියත් බොහොම මිත්ර ය. ඉතින් මිත්රේවුනු හැටිත් ඔවුන්ට කළ උපකාරත් මා සමග කීවේය. කලක් මෙසේ මිත්රසව සිටින අතර. විදානරාලගේ දියණිය සුසානා නෝනා සමගද මිත්ර ව මව්පියන්ගේද දැනීම ඇතිව නිතරම කතාබස් කිරිමාදියෙන් කල් ගත කරණ කාලයේදි මම පන්සලට ආවෙමි. ඉතින් සුසානා නෝනාට උවමනා ඇඳුම් පැලඳුම් මුදල් හදල් සියල්ලක්ම සරණපාල උන්නාන්සේ දෙන්නේය. ඉතින් මේ කාරණය මා සමග නොසඟවා කී බැවිනුත් මේ මිත්රනකම දියුණු ලෙස පවත්වා ගැනීමට පන්සලේ ඉන්න ගිහියෙකුගේ උපකාර උවමනා බැවිනුත් මා නොදැනුවත්ම කිසිවක් නොකළේය. “සරණපාලට අවුරුදු විසිතුනක් පමණ වූ හැටියේ සිවුරු හැර සුසානා නෝනා කසාද බදින පොරොන්දුව නිසා විදානෙගේ පවුලට පන්සලේ ආදායම සියල්ලම දෙන්ට ඒ පුද්ගලයා පටන් ගත්තේය. මේ කලේම විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය තැනිවිය. එය සරණපාල උන්නාන්සේ ගත් බව මටවත් තවම දැනගන්ට බැරිවිය. ඒ ගැන සරණපාල උන්නාන්සේගෙන් මම ඇසු නමුත් තමා කිසිත් නොදන්නා බව කීවේය. ටික දිනකට පසු නම් සරණපාල උන්නාන්සේ නොගත්තත් ඔහුගේ දැනුම් ඇතුවම මුදල් පෙට්ටිය නැති වූ බව මටකල්පනා කළහැකි තරමට කතාබස්වලින් හැඟී ගියේය. ඉතින් මෙසේ පසුවන අතර පන්සලේ පින්කමක් කෙරුණේය. ඒ පින්කම්පලට පැමිණි ලක්ෂණ තරුණියක් දැක ඈ කෙරේ පිළබද සිත් ඇතිකළ සරණපාල උන්නාන්සේ මේ තැනැත්තිය සමග කොයි ක්ර මයකින් දෝ මිත්රකරුව ලියමු ගණුදෙනු කරන්ට පටන්ගත්තේය. මෙසේ ලියුම් තුනහතරක් ගණ්දෙනු කරන අතර විදානරාලගේ දියණිය වන සුසානා නෝනා කෙරෙහි තිබුණු ආලය අඩුවු බව මට දැනුනේය. ඉතින් අඵත මිත්රා වූ තරුණිය නම් මේරි ද සිල්වාය. ඈ ඉන්නේ මීට එහැ ගමේය. මේරි ද සිල්වා තරුණිය සරණපාල හා මිත්රණ වූවාට පසු ඒ මාසය තුළඹ ඇගේ මවත් සමඟ සතරවතාවක්ම පන්සලට ආයේය. දෙවතාවක්ම මට දකින්නට ලැබුණේය. ඒ මේරි ද සිල්වාත් සරණපාලත් දෙදෙනාගේ ලියමු රැගෙණ ගිය ආ කරෝලිස් නයිදේ නමැති මහලු මිනිසා දැනට පසළොස්
474 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
දිනකට ප්ර ථම මළේය. ඉතින් ඒ තරුණියට ලියුමක් යවන්ට හැටියක් නැතිව මට කාරණය කියා රුපියල් දහයක් මුදල් දි ඒ තරුණියගේ ගෙදර විස්තර ආදිය කියා දි මා එහි පිටත්කර යවන ලදි. අනේ අප්පේ සරණපාල හාමුදුරුවන්ගේ ලියමනක් රැගෙණ ඒ කියාපු ගමේ මේරි නොනාලගේ ගෙදර සොයාගෙන පසුගියි සොනසුරාදා මම ගියෙමි. මට කී ගෙදර හැතැප්ම දෙකක් පමණ දුරය කී නමුත් හැතැප්ම කනු නැති ඒ පාරේ ටිකක් දුර යනකොට මම පන්සලේදි දෙවරක්ම දුටු මේරි නෝනා නමැති තරුණිය එක් ගෙදරක මිදුලේ ගසකින් පැපොල් ගෙඩියක් කඩනු දුටුවෙමි. “ඉතින් ඒ මේරි නෝනා යයි සිතිගෙන ඔවුන්ගේෙ ගෙට වැදුනෙමි.ඒ ගෙදර සැලකිය යුතු වැදගත් ගෙදරකි. ඒ වේලාවේ එලියේ පිරිමි කෙනෙක් සිටියේ නැත, “මේරි නෝනා”යි මා ඇඳිනගත් ඒ තරුණියත් වැඩකාරියක් වැනි කෙණෙකුත් කුඩා ළමයෙකුත් පමණක් ඉස්තෝප්පුව පැවතේ වුන්හ.මම ඉස්තෝප්පුවට ගොඩවුනු හැටියේ ඒ තරුණිය පැපොල් ගොඩිය කැඩිම නවත්වා මා කොයිබ සිට අවේදැයි අසුයේය. ඉතින් මම ටිකක් රහසින් මෙන් “පන්සලේ සිට ආවෙමි”යි කීයා ඒ තරුණිය අතට ලියමනක් දුනිමි. ටිකක් අකමැත්තෙන් මෙන් ඒ තරුණිය ලියමන අතට ගෙණ මට කිසිත් නොකියා ගේ ඇතුළට ගියේය. ඉතින් ලියමන ගැන කියන්නේ කුමක්දැයි අසා ගැණිමට ඉස්තොප්පුවේ ටිය වේලාවක් සිටියෙමි. මිනිත්තු පහකට පමණ පසු මධ්ය ම වයසේ ස්ත්රි යකුත් තරුණයෙකුත් ගෙයින් එලියට අවුත් මා අල්වා ගත්හ. තරුණයා මට කම්මුල් දෙකට පහර දෙකක් දි පයින් තද පහරක් ගසා “ඵම්බල ජඩය තෝ ගේවල ඇතිවන තරුණ කාන්තාවන්ට අශික්ෂිත ලියුම් ගෙණාවෙහිද ? තෝ කොයිබ සිට ආ ජඩයෙක්ද කියා නොදත් නිසා ඔය කරපු දඬුවම පිටින් යන්ට අරිමි”යි මට නොසෑහෙන අන්දමට බැන එලවා ගත්තේය. මම ලියමන දුන් “මේරි නෝනා” ලියමනත් රැගෙන ගෙට ගියා මිස තවත් දකින්ට බැරි විය. ඉතින් මම පණ බයේ ඒ ගෙදරින් පාරට පැන එක පිම්මට දිවගතිමි. මම හති දාගෙන පන්සල ඇතුළට වැදුනාම සරණපාල උන්නාන්සේ දුවගෙන අවුත් “මොකද හැන්රි මොකද උඹ දිව්වේ මොක්ද උඹ අඬන්නේ මොක් උඹේ මූණ රතු වී තිබේන්නේ” කියා ඇසුවේය.පහරකාපු වේදනාවත් දුවපු වේදනාවත් නිසා මට මා මතක නැතිව “ ඔහෙම තමයි හාමුදුරුවනේ තමන්ගේ තත්වයට නොහොබිනා ජඩ වැඩ කරණ අයට යන්තම්වත් සම්බන්ධවන අයගේත් ඇස් රතුවීම මූණ රතුවීම සිරිතකි”යි කියමින් බිම බලාගතිමි. ඉතින්
පියදාස සිරිසේන නවකථා එකතුව 475
සරණපාල උන්නැන්සේ මගේ ඉස අත ගා මා සනසා මට මක්වුනාදැ”යි ඇසුයේය. ඉතින් මේරි නොනාට ලියමන දුන්නාම ඉලන්දාරියෙකුත් මධ්යවම වයසේ ස්ත්රිැයකුත් මා අල්වා මට හොඳටම ඇන නිග්රකහකොට බැනලා එලවා ගත්තේය. ඉතින් තමුන්නාන්සේගේ යහඵ තරුණිය කිදිම ගෑණියකැ”යි කියමින් එතන සිද්ධ වු සියල්ලම කීවෙමි. මගේ කථාව ඇසූ හැටියේම සරණපාල ඉසට ගසාගෙන “අනේ මා නැතිවුනා මට මෙලෙවත් නැතිවුනා - පරලොවත් නැතිවුනා පය ගැසු අනතත් නැතිවුනා අල්ලාපු අත්තත් නැති වූනා” කියමින් මිනිත්තු දහයක් පමණ ඒ කාමරයේ තිබුණු ඇදට ඔඵව ගසාගෙන අඬමින් සිට නැගිට තමාගේ මේස ලාච්චුව ඇර එහි තිබෙණ ලියුම් වලින් හතරක් පහක් මට පෙන්නුවේය. ඒ සියල්ලම මේරි ද සිල්වා නෝනා විසින් එවන ලද ලියුම්ය. මෙබඳු ලියුමක් ලියන ලද ස්ත්රි යකගෙන් මට එදා ලැබුණු “සැලකිල්ල” ලැබේයයි මොහොතකටවත් සිතිය නොහැක්කේය. ඉතින් වික්රැමපාල මහත්මයා නමැති රහස් පරීක්ෂකයෙක් විමලතිස්ස හාමුදුරුවන්ගේ රුපියල් තිස්පන්දාහේ මුදල් පෙට්ටිය සොයන්ට වීරිය කරන බවත් ඊට දෙතුන් දිනකට පසු ආරංචි වූ බැවින් සරණපාල උන්නාන්සේට සිහි මිදි උනා මේන පොනුණු බැවිනුත් මම පන්සලේ නොසිට කොළඹ පිරිවනේ ඉන්න මගේ මිත්රන හාමුදුරු නමක් සම්බවෙන්නට ගියෙමි. එතන පිරිවනේ ද ඉදීම අමාරු බැවින් මම ගමට යමි. “මහත්මයා මේ කොයිබ යනවා දැ “යි හැන්රි ඔහුගේ දීර්ඝ කථාව කියා මා යන තැනැත් අසා සිගරැට් එකක් පත්තුකරන්ට පටන් ගත්තේය. ඇත්තෙන්ම විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය සොවීමට මාර්ගය පෑදුන් බැවින් මගේ හිත ප්රීුතියෙන් පිනාගොස් “ඉතින් ළමයා තමුසේට සරණපාල උන්නාන්සේ පෙන්නු ලියුම වලින් එකක්වත් ගත්තේ නැද්දැයි ඇසුවෙමි. “ඔව් මම එකක් ගනිමි.” යි තමා ලඟ තිබුණු මේරි ද සිල්වා විසින් සරණපාලට එවන ලද කුඩා ලියමනක් මා අතට දුන්නේය. “ඇත්තෙන්ම ඉතින් හැන්රිගෙන් මට පලක් නැත. මට උවමනා කාරණය සම්බ විය. විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය සෙවීමට භාරගෙන අදට දාහතර දිනකි. යන්තම් සලකුණු මාත්රේයක්වත් ලැබුනේ අදය”යි තව වරක් ප්රීමතිව හැන්රිට හාන්සිපුටුව උඩ ඉන්ට කියා ඒ ලියමනත් රැගෙණ හෝටලේ මට පවරා තිබෙන කාමරයට ගොස් ඒ ලියමන බැලිමි. ඒ මෙසේයි.
ඉතා ආදාරයෙන් ලියා එවමි,
මා කෙරෙහි හාමුදුරුවන්ගේ යම් ආදරයක් තිබේද, ඒවාගේ දසගුණයක්
476 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
හාමුදුරුවන් කෙරෙහි මා තුළ පවතී. අම්මත් මාත් සමග එදා කථාකරගත් හැටියට කටයුතු ඉෂ්ට කළොත් ලබන මාසේ මුලදී කසාද බදින්ට කැමති වෙමි. පන්සලෙන් ඊට පසු යම් කිසි ආධාරයක් බලාපොරොත්තු වෙන්ට බැරිය. ඒ උනත් අපට කියාපු දේ කියාපු අන්දමට ඉෂ්ට කළොත් අම්මා එක පාරටම සුතුටුයි. අම්මා සතුටු නම් මම මගේ පණවත් දෙන්නෙමි. මීට පිළිතුරු ඉක්මනට එවන මෙන් ඉල්ලමි. අපි සනීපෙනි. කරෝලිස් නයිදේ ගෙනා රෙදි කච්චි දෙක ලැබුනා.
මේ වගට, මේරි ද සිල්වා මේ ලියමන මගේ සාක්කුවේ දමාගෙන නැවතත් හැන්රි ඉන්නා තැනට අවුත් ඔහුට කථාකොට “මිත්ර්යා, මම නෑබොඩ වත්තේ කොන්දොස්තර කෙණකි. මම දැන් යමි. ඉතින් තමුසේට කම්මුල් පාර දුන් “මේරි ද සිල්වාගේ ගෙදර, මහපාරෙන් කොයි පැත්තේදැ”යි ඇසීමි, හැන්රිද එහි විස්තර සියල්ලම කියා මගෙන් රුපියල් දෙකකුත් ඉල්වාගෙන යන්ට ගියේය. මම එදා රාත්රිහයේ හෝටලේ නැවතී සිටියෙමි. මේ සුඵ ලියමනේ උපකාරයෙන් මේරි ද සිල්වා සොයන්ටත් ඕනැ, ඈ සමග මිත්රස වෙන්ට ඕනෑ. මේවා කොයි අන්දමකින් කරගණිම් දැ”යි මහා කලබලයක් මගේ හිතේ ඇතිවිය. සිතිවිලි අධික වූ විට ඒ සියල්ලම සිහි නැති කොට අනික් කටයුත්තක් කරිම මගේ සිරිත බැවින් එලිවනතුරාම අනිකක් කල්පනා නොකරමියි සිතාගෙණ රාත්රිි බත් කා නිදාගනිමි. සිරිත් වශයෙන් මගේ වැඩවල නැවැත් වූ තැන් පටන් ඒ අතර තථාගතයන් වහන්සේගේ ගුණයත් ධර්මයත් ගාම්භිරත්වයත් මහා සංඝරත්නයේ පරිශුද්ධ භාවයත් සිතන නිසා ඒ දිනද එසේ කල්ගත කරමින් සිට මෙසේ සිතුවෙමි. “ තමන් වහන්සේට සාරාසංඛ්යේ කල්ප ලක්ෂයකින් ඔබ්බෙහි ලැබුණු නිර්වාණ අමෘතය මා ඇතුලුවු ලෝක සත්වයා වෙනුවෙන් අත්හැර දමා ඒ මහා කාරුණික ස්වාමිදරුවානන් වහන්සේ දිපංකර බුදු රජානන් වහන්සේගේ කාලයේ දි සංසාරයට පිවිස වෙස්සන්තර නම් රජව ප්රි ය පුත්රමයන් හා ප්රිේය භාර්යාවන් යම් දවසක දන්දුන් සේක් ද, ඒ මේ අතර වූ කාල ප්රසමාණය සතර මහා සාගරයේ ජලය බින්දු ගණටව ගෙණ සලකා බැලුවත් ඒ කාල සීමා නොගෙවි ජලය සීමා වන්නේමය. එබඳු වූ දීර්ඝ කාලයක් අතර උපන්නා වූ අනන්ත වූ අප්ර මාණ වූ ජාතිවල පරහිතානුකම්පාවෙන් තොර වූ එකම ජාතියක් උන්වහන්සේට ඇති නොවීය. එබඳු වූ උදරතර පරාර්ථචර්යාව ප්රිකාශකර වදාල අසරණ සරණ වු වජ්රතපඤජර වූ ස්වාමි
පියදාස සිරිසේන නවකථා එකතුව 477
දරුවානන්ගේ සරණගත වූ වර්තමාන සිංහලයා මේ තරම් ආත්මාර්ථකාමි වූයේ කෙසේ ද? මේ තරම තුච්ඡ වූයේ කෙසේද ? මේ තරම් නින්දිත වූයේ කෙසේද ?”යි සිතමින් පරාර්ථය පිණිස මහා බෝධි සත්වයන් වහන්සේ පුරණ ලද දශපාරමි ධර්ම කල්පනාකොට සුවසේ නිදාගතිමි. පසුසදින උදේම නැගිට මගේ ස්වභාව ගතිය වෙනස් කොට යුරෝපිය ඇඳුමෙන් සැරසුනු අන්යග තරුණයෙකු මෙන් විමලතිස්ස හාමුදුරුවන්ගේ පන්සල තිබෙන ගමට ගියෙමි.එදින පසළොස්වක පෝය දිනයෙකි. මේ නිසා විශාල පින්කමක් කරන්ට සූදානම් කරණ බවත් බොහෝ පළාත් වලින් විශාල පිරිසක් පන්සලට රැස්වන බවත් පසුදින දාවලට පන්සියක් නමකට විශාල සංඝික දානයක් දෙන බවත් ඒ ගමට ගිය හැටියේම මට දැනගන්ට ලැබුණි. මගේ අදහස මස්තකප්රාවප්තවන්ට එනවාදෝයි සතුටක් ඇතිවුන නමුත්, මගේ කටයුතු වලට ආධාර කර ගැණිමට අතවැසියෙක් නැතිව අමාරු බැවින් මා නැගී ගිය තිරික්කල කාරයා ගෙන් දෙතුන් දිනකට වැඩකරුවෙක් අල්වාගන්ට පිළිවන්දැයි ඇසුවෙමි. ඉතින් ඒ කාරත්තකාරයා මට බොහෝ ප්රනසන්නව සිටි නිසා “මහත්මයාට වැඩකරුවෙකු උවමනා කරන්නේ කුමකටදැ”යි ඇසුවේය. “මම මිණිරන් බ්රෝටකර් කෙනෙක්මි. මා සමග ටිකක් එහේ මෙහේ ඇවිදින්ටත් මගේ පණිවිඩයක් කරවා ගන්ටත් මිස අනික් බර වැඩකට නොවේය.නමුත් විශ්වාස කටයුතු නිර්භය අවංක කෙනෙක් මට උවමනාය. මම ඔහුට දවසට රුපියලක් වැටෙන්ට පඩි ගෙවන්නෙමි. කෑම බීමත් මගේ අනින්ම දෙන්නෙමි. හැබැයි ගැටයක් නම් බොහොම හොඳයි”යි කීවෙමි. තිරික්කලකාරයත් ඒ ගමේම කෙනෙකි. ඔහු වැදගත් මිනිසෙකි. මිණිරන් කප්පවා ණයවී, දුප්පත්ව කරත්ත දැක්කීමට පටන්ගත් මිනිහෙකි. ඔහුගේ ගේ පන්සලට හැතැප්ම බාගයක් පමණ දුරය. ඔහු මාත් සමග ඔහුගේ ලඟට ගොස් කරත්තේ නවත්වා තමාගේ ගොදරට මා එක්ක ගොස් මගේ අතවැසිකමට යොදා ගැනිමට ඔහුගේ පුත්ර යා හොද දැයි අවුරුදු දහඅටක් පමණ වයසැති සිරිල් නමැති ළමයා පෙන්නුයේය. ඇත්තෙන්ම මගේ අදහසකට ගැලපෙන අවංක, නිර්භය, ස්ථානෝචිත ඥානයෙන් යුත් කෙනෙක් බව සිරිල්ගේ රූපයෙන්ම මට දැනුනේය. කරත්තකාරයා වන සන්දෝරිස් අප්පු මට ඔහුගේ ගෙදර දි තේ වතුර කොප්පකකින් සංග්රරහ කළේය. සන්දෝරිස් අප්පුගේ වයස්ගත මෑණියෝත, භාර්යවත් යන දෙදෙනාම ඉතාමත් ශික්ෂිත කරුණාවන්ත කුල ස්ත්රිතන් බව මට හැගුණු බැවින් මගේ කටයුත්ත ඉෂ්ටකර ගන්නාතුරු ආ ගිය විටක එහි නැවතීම ඉතාම සුදුසු යයි සලකා සන්දෝරිස් අප්පුට
478 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
කතාකොට “දැන් මගේ වැඩ පණිවිඩ කරවා ගැනීමට තමුසේගෙම ළමයා බදවාගත් බැවින් ඉදහිටලා ආ ගිය විට උවමනා වුනි නම් මෙහි නැවතීමට ඉඩ දෙන්ට පිළිවන් දැ”යි අසීමි. ඔහු ඉතාමත් සතුටුව මගේ සියලු සැප පහසු සලකා දෙන බවත් කියා ඔහුගේ ගෙයි ඉස්තෝප්පුවේ තිබෙන කුඩා කාමරය මට භාරදුන්නේය. ඉතින් සන්දෝරිස් අප්පුට රුපියල් දෙකක් කරත්ත කුලිය වෙනුවට දි සිරිල් ලඟට කැදවා ටිකක් වෙලා කථා කෙළෙමි. ඔහු යමක් සිතට ගත හැකි සුවච කීකරු ළමයෙක් බව වැටහුනු හෙයින් ඔවුන්ගේ අසරණකම දත් නිසා රුපියල් පහක් ඔහු අතටදි දවල් බත් මටත් සූදානම් කරන්ට සලස්වා සිරිලුත් සමග ගොස් නාගෙන අවුත් දාවල් බත් කා ටිකක් නිවාඩු ගතිමි.
සිරිල්ගෙන් විමලතිස්ස හාමුදුරුවන්ගේ පන්සලේ තොරතුරු ගැන අසුවාම ඔහු ඒ ගැන කථා කරන්ට ප්රනථම ඔහුගේ ආච්චි මෙසේ කියන්ට පටන්ගත්තේය. “අනේ මහත්මයෝ, ඔය පන්සලේ විකාර ඇසුවොත් මහත්මයා පුදුම වෙනවා ඇති. පන්සලේ ප්ර ධාන දායකයෙක් වෙන විදානරාලත් ඔහුගේ භාර්යාවත් අනිත් සියලුම දායකයන්ට වඩා නිතරම පන්සලේ කටයුතු කරති. එසේ කරන්නේ පිනක් දහමක් නිසා නොව වෙන කාරණයක් නිසාය. ඒ විදානරාලගේ රතුපාට ඇති තරුණ දුවක් ඉන්නවා. ඒ පන්සලේ ඉන්නා ලොකු හාමුදුරුවන්ගේ බෑනා කෙණෙක් වන සරණපාල උන්නාන්සේ ඒ ලමිස්සි සමග මිත්රුවෙලා පන්සලේ තිබෙන තරමක් දේපොල ගෙදරට ඇදගන්නාව. මේ විධියට ඉදිලා සරණපාට උන්නාන්සේ සිවුරු අරින්නේ නැත කියා දැන් ටික දවසක සිට වෙනින් ඉලන්දාරියෙක් ඒ ලමිස්සිව කසාද බදින්ට එනවා. ඒ ඉලන්දාරියා ගෙදරට එන්නේ ලොකු දෑවැද්දක් දෙන නිසාලු, ඉතින් අද පින්කමත් ඒ ඉලන්දාරියා ගණනේ බොහොම ජයට කරණවාඵ, සරණපාල උන්නාන්සේට විදානේ මායියාගේ බෑනාගේ පොහොසත්කම පෙන්වන්ට මේ විධියේ “උජාරුවට” පින්කම් කරණ බව අපට ආරංචිය.ඉතින් ඒ ලමිස්සි අවුරුදු දෙකක් පමණ සරණපාල උන්නාන්සේ සමග මිත්රන වි කොල්ලාකා ගත් මුදල් බොහොමලු, රුපියල් තිස්පන්දාහක මුදල් පෙට්ටියකුත් පන්සලේ තිබි නැති වුනාලු, ඒකත් විදානේ මායියලාට අයිතිවුනුවග බොහෝ දොනා කියති. මහත්මයාත් ගියොත් හොද”යි මැහැලිය කීවාය. මහලු ස්ත්රීිහු බොහෝ සේ දන්නා නොදන්නා හැබෑ
පියදාස සිරිසේන නවකථා එකතුව 479
බොරු කථා කියතත් මට උවමනා කරුණු රාශියක් උන්දගේ කථාවේ අඩංගු වූ බැවින් මහත් සතුටට පැමිණ “ඔව්, පින්කම කා ගණනේ කරතත් අපිත් බලන්ට යමු ය”යි කියා මෙසේ කල්පනා කළෙමි. දැන් කාරණය පෙණෙන හැටියට සරණපාල විදානගේ දූ වන සුසානා නෝනා සමග මිත්රදකමත් නැත. හැන්රි ලියමන රැගෙන ගොස් ගුටි කා ස්ත්රිාය සමග මිත්රක වුනත් ඇගේ සහෝදරයෝ හෝ මෑණියෝ ඊට විර්ද්ධව සිටිත්, සරණපාල යම් විධියකින් මුදල් පෙට්ටිය සොරකම් කළත් දැනට ඔහු ලඟ නැත. එක්කෝ විදානේ මහගේ රවටා ගන්ට ඇත. නැත්නම් වෙන කෛරාටිකයෙකුට අසුවෙන්ට ඇත. මේ මහණ උන්නාන්සේ මහණකම් නැතිකර ගත්තාක් මෙන්ම මුදල් පෙට්ටියද විනාශ කරගෙන තිබේ. ඒ කොයිහැටි වුනත් මා පැමිණි ප්ර ස්තාව නම් ඉතාමත් අගේය. සරණපාලගේ දැනටත් යාඵ වූ ස්ත්රිමයක් සිටියි නම් නොඅනුමානව අද පන්සලට පැමිණෙනු නිසැකය. එහෙයින් අද ඉතාමත් අප්රසසිද්ධ වේශයකින් පන්සලට යන්නෙමි.”යි සලකාගෙන එවේල්ම කරත්තය බදවා ගෙන සිරිල් සමග කඵතරට අවුත් මගේ නොයෙක් විධියේ ඇඳුම් තිබෙන පෙට්ටියත් රැගෙන නැවතත් රාත්රි හතට සිරිල්ලාගේ ගෙදරට ආවෙමි. එහිදි රාත්රීි බත් කා “මමත් පන්සලට එන්නෙමි උඹ යතොත් දැන්මම පලයනනැ”යි සිරිල් එහි පිටත් කොට යවා මට දුන් ඉස්තෝප්පුවේ කාමරයේ දොර වසාගෙන ඉතාමත් දුක්ඛිත හිඟන මහල්ලෙකුගේ වෙශයෙන් සැරසී කාමරයේ දොර වසා යතුරත් ඉනේ තබාගෙණ මමද පන්සලට ගොස් බැලූ විට එය “දිව්යනලෝකය” මෙන් සරසා තිබුණේය. නානා පළාත්වලින් පැමිණි දහස් ගණන් ස්ත්රිද පරුෂයන්ගෙන් අතුරු සිදුරු නැතිවිය. ප්රලසිද්ධ ධර්ම කථික ධම්මාරාම ස්වාමි ධර්ම දේශාන කරණ බව් ප්රයසිද්ධ නිසාත් එදා සෙලග අධික වු බව කිවහැක.
10. පරිච්ඡේදය
[සංස්කරණය]ඉ තින් මම සියලමු විස්තර බලාගෙන සරණපාලගේ කාමරය ලඟ පැත්තකින් කොස්ගසක් මුල වාඩිවි සිටියෙමි. ධර්මදේශනාව පටන් ගන්නට පැයකට පමණ ප්රඩථම අවුරුදු හතලිස් පහක් පමණ වයසැති ස්ත්රිායක් ඒ කොස්ගහ ලඟට අවුත් සරණපාල සාමිගේ කාමරය දෙස එබි බලනවා දුටු මට මහත් ප්රීනතියක් විය. ඒ නැතැන්තිය දෙතුන්
480 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
විටක් එබි බලන විට ඒ බව දුටු සරණපාල වහාම එලියට අවුත් අතුරු සිදුරු නැතුව ජනයා ගැවසෙන පන්සලේ භූමියේම ඒ ස්ත්රිඅය සමග කථා කරන්නට පටන්ගත ඉතා කණගාටුවෙන් මෙන් ‘නැන්දා අද මෙහි නාවා නම උදේ එහාට යන්ට උනිමි. ගිය සුමානේ මම මෙරිට මෙහි සිටි හැන්රි අත ලියමනක් යැව්වා. ඒ ලියමනත් රැගෙන ගිය ඒ ගැටයාට එහිදි කවුද හොදටම තලා ලියමනත් කොල්ල කා ගෙන එලවා දමා තබේ .ඒ ගැටයා ගුටිකාපු කේන්තියට මා සමගත් තරහවෙලා පන්සලෙත් නොසිට ගොසින්ය “ කියනකොටම සරණපාල” .’සරණපාල’ කියා ලොකු හැමුදුරුවන් කථා කළ බැවින් “මම ඉක්මනින් එන්නමි’යි සරණපාල ලොකු හාමුදුරුවන් ඉන්න පැත්තට ගියේය. හිගන්නෙකු වූ මා ඔවුන් ලග සිටි නමුත් ඔවුහු කිසිවිටක ගණන්නොගත්ත.සරණපාලට ලොකු කටයුත්තක් කරන්නට වු බැවින් “නැන්දා” කොස්ගහ ලඟ ඉන්න විට සැමදෙනාම බල බලා යන බැවින් ධර්ම ශාලාව පැත්තට යන්ට ගියාය. මමද ඒ පස්සේ ගියෙමි. ඈ ශාලාව තුළට ගොසින් තරුණියක් ලඟ වාඩි වි මොනවාදෝ කියන්ට පටන් ගත්තේය. ඒ “නැන්දාගේ” දුවගේ රූපය හොදින් හිතේ ඇදගෙන ධර්මශාලාවේ වෙනින් පැත්තක ශාලාව අයිනට විමි. එතනට ගියවිට ශාලාවේ පැලැල්ල අයිනේම කලින් මා දුටු තරුණිය සිටින බව පෙණුනේය. නමුත් නැන්දා එහි නොසිටියේය.දුව පමණක් සිටියදි “නැන්දා” නැවතත් සරණපාල සමග කථාවට ගිය බව සිතන බැවින් මහත් කණගාටුවට පැමිණ නැවත්ත කලින් සිට කොස්ගහ ලඟට ගියෙමි. නමුත් ඈ එහි නොසිටියේය. සරණපාල කොයිබදැයි සොයන විට ලොකු හාමුදුරුවන්ගේ ගෙයි ආගන්තුක සංඝයා වහන්සේලා කීප නමකට ගිලන් පසින් සංග්රවහ කරන බව පෙණුන බැවින් “නැන්දත්” සරණපාලත් තවම කථා නොකළ බව මට දැනුනේය. ඉක්බිති නැන්දත් දුවත් කලින් සිටි පැත්තේ ධර්ම ශාලාව තුළ බලන විට පුදුමයට මෙන් එතනම මවුත් දුවත් උන්නාහ. ඉතින් පුදුමයට පත් මම ඒ කලින් මා දුටු තරුණියත් මවුත් එතනම සිටි නිසා ඊට පසු ධර්මශාලාව ඇතුලේ බිත්තියට හේත්තුවි ඉන්නා තරුණිය බලන්ට ආවෙමි. ඇත්තෙන්ම ඒ තරුණියක් “නැන්දාගේ” දුවත් දෙන්නාම එකතැන හිටෙව්වොත් ඈලාගේ මව්වරුන්ටවත් මේ අසවලි යයි නිශ්චය කරගනීම උගහටය. රහස් පරීක්ෂකයෙක් වූ මටවත් ඔවුන් දෙදෙනාගේ මද වෙනසක් වත් පරික්ෂා කරගත නොහැකි නම් අනික් කෙනෙකුට කෙසේ පිළිවන් වේද ? මේ එක සමාන තරුණියන් දෙන්නා නිසා
පියදාස සිරිසේන නවකථා එකතුව 481
සරණපාලත් මුළාවට පත්වුනාට අනුමාන නැත. හෙන්රි ගුටි කෑවෙත් මේ එකසමාන තරුණියන් දෙන්නා නිසාමය යි මට අවබෝධය මහත් ප්රී තියක් ඇතිවිය. මම අදම හුගක් දුර කරුණු දැන ගණිමි යි සිතා, ධර්ම ශාලාවේ බිත්ති අයිනේ තරුණිය ලඟින් තාප්ප බිත්තියෙන් පිටිපැත්තේ වාඩිගතිමි. මේ වේලාවට බණ පටන් ගත්තේය. රාත්රිත දොළහ වනතුරුම ධර්ම දේශනා කරණ ලදි.ඇත්තෙන්ම එදින දේශනා කළ ධර්මය ඉතාමත් විස්තර කොට මදක්වත් ධර්මය අසා පුරුදු ඇතතන්ට අවබෝදවන පරිදි දේශනා කරණ ලදි. “භාග්ය වත් සම්යවක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහනසේ සැවැත් නුවර සමිපයෙහි වූ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙක හික්ෂුන්ට ආමන්ත්රනණය කොට මෙසේ වදාළ සේක. මහණෙනි, තොපට ආර්ය ධර්මය දේශනා කරමියි ප්රරතිඥා දි ඒ ඇසීමට ප්රී තියෙන් වැඩවූන් උතුම් භික්ෂුආ සංඝයා වහන්සේට මේ ජජක්ක සුත්රට සංඛ්යාසත ධර්මය දේශානව කළ සේක. අධ්යාේත්මික් වූ ආයතනයේ සයක් වෙති. එනම් ඇසය, නාසය ය, දිවය, සිරුරය, සිතය යන මේ සයයි. බාහිර වු ආයතනයෝ සයකි. එනම් රූපය, ශබ්දය, ගන්ධය, රසය, ප්ර ෂ්ටාව්යසයය, ධර්මය යන සයය, විඥානයෝ සයක් වෙති, එනම් චක්ෂූර් විඥානය, ශ්රොබත විඥානය, ඝ්ර්ණ විඥානය, ජිහ්වා විඥානය, කාය විඥානය, මනො විඥනය යන මේ සයය. ස්පර්ශයේ ද සයකි. එනම් චක්ඛු සම්ඵස්සය, සෝත සම්ඵස්සය, ඝාණ සම්ඵස්සය, ඡිහ්වා සම්ඵස්ස, කාය සම්ඵස්සය,මනෝ සමඵස්සය යන මෙ සයය, වේදනාවෝද සයකි. එනම් චක්ඛු ස්පර්ශ වේදනාවය, ශ්රොෙත්ර ස්පර්ශ වේදනාවය, ඝ්රසණ ස්පර්ශ වෙදනාවය, ජිහ්වා ස්පර්ශ වේදනාවය, කාය ස්පර්ශ වේදනාවය, මනඃ ස්පර්ශ වේදනාවය යන මේ සය ය, තෘෂ්ණාවෝ ද සයකි. එනම් රූප තෘෂ්ණාවය, ශබ්ද තෘෂ්ණාවය, ගන්ධ තෘෂ්ණාවය, රස තාෂ්ණාවය, ස්පර්ශ තෘෂ්ණාවය, ධර්ම තෘෂ්ණාවය. මෙසේ ඇස ආදි අධ්යණත්මික ආයතනයෝ සදෙනෙක් ද රූපය ආදි බාහිර ආයතනයෝ සදෙනෙක් ද චක්ඛු විඤ්ඤාණය, ආදී විඤ්ඤාණය සදෙනෙක් ද චක්ඛු ස්පර්ශය ආදී ස්පර්ශයෝ සදෙනෙක් ද වේදනාදී වේදනායතනයෝ සදෙනෙක් ද රූප තෘෂ්ණාදි තෘෂ්ණායතනයෝ සදෙනෙක් ද යනුවෙන් සය සයදෙනා බැගින් එක් වූ ධර්ම සයක් ලෝකයේ පවතිත් යයි ද, ඒ නිසා සත්වයා සංසාරයේ බැදි සිටින බවද ඉතා විස්තරව දේශනා කරණ ලදි. ධර්ම දේශනාවෙන් පසු දහම් පඬුරු පුදා පින් අනුමෝදන් කරවීමට
482 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
පටන් ගත්තේය. එවේලාවේ පින්කම්පලවල කලබලයි. මේ කලබලය පවතිද්දි සරණපාලගේ ඇබිත්ත ළමයෙක් ලියමන්ක රැගෙන අවුත් මේරි සිල්වාය යි සිතිගෙන මා වුන් තැන සිටි “මේරි සිල්වාට “ම සමාන අනිත් තරුණියට දීමට ඉඩක් ඉලමින් ධර්මශාලාවේ තාප්පය අද්දර උන්නේය. ඔහු අතේ ලියමන තිබෙන බැව් දුටු මම මා මහඵ හිඟන්නෙකුගේ වේශයෙන් සිටි බැවින් කොඵවාට කථාකොට “මොකද ළමයෝ මේරි සිල්වා හාමිනේට දෙන ලියමනක් නම් මම දෙන්නෙමි. මම ඒ ගෙදර ඉන්න වැඩ කාරයෙක්මි”යි හෙමින් කොඵවාට කිවෙමි. ඇබිත්ත කොඵවාද මට ලියමන දි යන්ට ගියේය. මට බලවත් ප්රීෙතියක් ඇතිවිය. මගේ මනෝරථය ඉෂ්ටවීමට මග පෑදුනේය යි ප්රීලතිමත්ව ලියමනක් ඔඩොක්කුවේ සඟවාගෙන මහපාරට විත් බලා සිටියෙමි. මේරි ද සිල්වා යයි රැවටි සිටින “ශ්රිෙයාවතී” නමැති ගෑනු ළමයා ඇගේ මවු සහ පියාද තවත් කීපදෙනෙක් ද සමග යන බව දුටුවෙමි. ඔවුන් ගොස් මිනිත්තු දහයකට වාගේ පසු මේරි සිල්වාත් ඇගේ මවු “නැන්දත්” තවත් ගෑණු කීප දෙනෙකුත් යන බව දුටුමි. ඔවුන් ගිය පසු මම නවතින්ට සූදානම් කරගත් කරත්තකාරයාගේ ගෙදරට ගොස් මගේ විකාර ඇඳුම ඉවත්කොට නිදාගතිමි. උදේම ශරිරකෘත්යෙය කොට මිණිරන් බ්රෝඉකර් කෙණෙකුගේ වේශයෙන් සැරසී මා කුලියට අඬගසාගත් සිරිල් ද සමග මේරි නෝනාලාගේ ගෙදර යන්ට සූදානම්ව මේරි නෝනාට සරණපාල විසින් එවන ලද ලියමන කියවා බැලිමි. ඒ මෙසේය.
ආදරයේන ලියා එවමි, ලබන මාසේ පහළොස්වෙනදා මම සිවුරු හරින්නෙමි. රුපියල් 35,000 හේ මුදල් පෙට්ටිය ලැබෙන තුරු මා සමග ස්ථිර පොරොන්දුවට බැදෙන්ට බැරිය කී නිසා අම්මාත් දැනුවත්ව නෝනාලාගේම ගෙදර අල්මාරියේ තැබූ බව මතක නැද්ද ? අල්මාරියේ යතුර මා අතේ තිබේතත් එය ප්රමවේශම් කරන්නේ උඹලාමයි. මා උඹ කෙරෙහි මේ තරම් විශ්වාසයක් තැබූ කල උඹ ඒ විශ්වාසය කඩකළාක් මෙන් දැන් වැඩිපුර ලියම්වත් නේවන එක හරිද ? ඒ කොයි හැටි වූනත් තව විසි දවසකින් මම සිවුරු අත්හැර එන බැවින් කණගාටු නැතුව සිටිනවා හොදයි. ලැබුනොත් අනිද්දා මම ඔය පැත්තේ එන්නෙමි. මේ වගට, ආදර සරණපාල ඇත්තනේම මේ ලියමන කියවූ හැටියේ මට තවත් අමාරු විය.
පියදාස සිරිසේන නවකථා එකතුව 483
මක්නිසාද මුදල් පෙට්ටිය මේරිටත් ඇගේ මවු වන ජුලිහාමිටත් අසුවිමය. දැන් ඔවුහු ඊට කුමක් කරන්ට ඇද්දැයි සිතමින් මගේ වැඩකාරකමට සලසාගත් සිරිල් සමග මේරි නෝනාලාගේ ගෙවල් පැත්තට යන කල්පනාවෙන් පිටත්ව ගියෙමි. ඒ යන ගමන් මට ටිකක් මිත්රනකම ඇති විදානරාලගේ ගෙදරටද ගියෙමි. ඒ මා යනකොට විදානරාලගේ දුව බදින්නට ඉන්නා මනමාලයා එහි සිට ගමට ගිය හැටියේම විය. රාත්රිඉ විශාල පින්කමක් කරළ ලද්දේ ද ඔහු විසිනි. විමලතිස්ස හාමුදුරුවන්ගේ බෑනා වන සරණපාල විදානගේ දුව සුසාන නෝනා කසාද බැදින්ට පොරොන්දු සිටි ඉක්බිති ඒ කල්පනාව දුරකළ බැවින් ඒ බව දැනගත් කපටි විදාන මායියා බොහොම ධනවත් මුදලාලි කෙනෙකුගේ පුතෙක් වන ජේමිස් පෙරේරා නැමැති මේ තරුණයා ජෝඩු කරගෙන තිබේ. ඉතින් මම එතනට ගිය හැටියේම විදාන මායියා ලොකු උදාරම් කමකින් මෙන් මට වාඩිවෙන්ට සලසා ඒ ගමේ කොඵවෙක් වන සිරිල්ටත් ඇසෙන පිණිස “දුටුවද මහත්මයේ අපේ බෑනාගේ පින්කමේ හැටි ඊයේ රෑ මේ ගමක කෙනෙක් කවදාවත් ඔහොම ලක්ෂණ පිළිවෙලට වැඩක් කළ බවක් මම ඇසුවේ නැත. ඒ ඉලන්දාරියා දැනුයි ගියේ. හිටියා නම් මහත්මයාටත් අඳුන්වා දෙන්ට තිබුණාය”යි කීයේය. මම එබසට “ඊයේ පින්කම බලන්ට මමත් ආවෙමි. බොහොම හොදයි පින්කම! ඉතින් ධනවත් පොහොසත් වැදගත් මහත්මකු බෑනා වෙන්ට එනවා. කොහොමද අල්ලාගත්තේ කොයිබ ළමයෙක් දැයි ඇසුවෙමි. “ඔය අර කරෝලිස් මුදලාලිගේ පුතා, මොනවද මහත්මයෝ සල්ලි ඇතනම් කොයිතරම් මිනිහෙක්වත් අල්ලාගන්ට බැරිද ? අපට ඉන්නේ ළමයි දෙන්නෙකි. බාල පිරිමි ළමයා තවමත් ඉස්කෝලයට යනවා. මේ ලොකු ගෑණු ළමයා හොද තැනකට දීගත්තොත් ඒ ළමායටත් එයින්ම හැදෙන්ට පුඵවනි. මම මුදලෙන් ම රුපියල් තිස්දහසක් දෙන්ට පොරොන්දුවෙලා ඔය “හිරේ” තීන්දු කරගත්තේ, එහා ගමේ ගෙදරකින් ඔය ළමයාට මගුලක් ජෝඩුවි තීන්දුකරගෙනත් හිටියා. ඒ ගොල්ල දෙන්න පොරොන්දු වූනේ රුපියල් දෙදහකි. ඉතින් මගේ දුවට ඒ “ශ්රිරයාවති” නම් මනමාලි කවටකම් වශයෙන් තමාගේ මනමාලියාගේ විටිනාකමත් රූපලක්ෂනයත් කිවාම සුසානා නෝනා අඬ අඬා මා සමග කීවා, මා මේ කොයි එකෙකුටවත් දෙවෙනි වි ඉන්න කෙනෙක් නොවන නිසා හිටපන් සුසානා ඔය සිරියාවති වර්ණානකරණ මනමාලයාව උඹට ජෝඩුකර කසාද බදවා දෙවමි”යි කියා එවෙලේම සින්චිනයිදේ පිටත්කොට කාරෝලිස් මුදලාලි ලඟට යවා මගේ දුව ජෝඩුකරවිම. ඉතින් රුපියල් තිස්දාහක් දෑවැද්ද දෙන බව කී හැටියේ
484 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
එකපාරටම ඔවුහු සතුටු වූහ. ගිය සුමානේ නමද ප්රපසිද්ධ කළා. නම් ප්රාසිද්ධ කළ දවසේම මම මුදලෙන් රුපියල් දෙදහක් පමණ වටිනා ඇඳුම් වගයක් ළමයාට තෑගි කෙළෙමි. ඉතින් බදිනදාට රුපියල් තිස්දාහක් දීමට ඔක්කොම සූදානම්. අපේ මිනිහා විදානෙ මහත්මයාට මොනවා සපයන්ට පුඵවන් කෙනෙක්ද ? මගේම වීරයයෙන් දැන් ළමයාගේ බරෙනුත් නිදහස් වෙන්ට වැඩකර ගතිමි. මහත්මයා මේ දැන් යන්නේ බැහැරක් ද”යි ඇසුයේය. “දන්නේ නැද්ද හාමිනේ අපි ඉතින් මිණිරන් ටිකක් සොයන්ට පුඵවන් දැයි බලන්ට යන්නෙමු. වෙන කොයිබ යනවාදැ”යි කියා සිරිල් ද සමග එතනින් පිටත්ව මේරි සිල්වාගේ ගෙවල් පැත්තට ගියෙමු. දැන් මා අතට ලැබුනු සරණපාලගේ ලියමනෙන් හැඟෙන්නේ රුපියල් තිස්පන්දාහේ මුදල් පෙට්ටිය ඔවුන්ගේ ගෙදර අල්මාරියේ තබා තිබෙන බවයි. නමුත් විදානේ මායියා ලඟත් රුපියල් තිස්දාහකට අධික මුදලක් තිබෙන බව ඇගේ කථාවෙන් පෙනේ. ඉතින් මේ මුදල මෑට කොයින්ද, විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදලම මිස ගමේ විදානරාල කෙනෙකුට කිසි රැකිරක්ෂා වක් නොකොට අනුන් පෙලා තලා රැකෙන මොහු වැනි විදානෙ කෙනෙකුට මෙතරම් මුදලක් කොයින්ද? යන මේ කල්පනාවෙන් යුක්තව මේරි සිල්වාගේ ගෙදර පැත්තට ගියෙමි. ඉතින් මේරි සිල්වාගේ ගෙදර මුදල් පෙට්ටිය තිබෙනොත් ආණ්ඩුවේ බලයක් පිටනම් මට ගන්ට පිළවනි. නමුත් නොතිබුනොත් මක්කරන්ටද ? අනිත් අතට විදානේ මායියලාගේ ගෙදර තිබුනත් එය පරීක්ෂා කිරිමට කිසිම බලයක් නැත යන මේ ආදි විතර්ක වලින් ආකූල ව්යායකූල වූ මගේ සිත කොයි විධියකින්වත් නිරවුල් කරගත නොහැකිව මගේ අතවැසියා වන සිරිල්ට කථා කොට “ආ සිරිල්, අප දැන් මිණිරන් බලන්ට යන්නේ එහා ගමේ කන්දෙ පතලටයි. ඒ ගමේ නැත්නම් ඊට අල්ලපු ගමේ “මේරි සිල්වා ය” කියා ලක්ෂණ තරුණියක් ඉන්නා බව උඹ දන්නෙහිදැ”යි ඇසුවෙමි. සිරිල් ටිකක් කල්පනා කොට “ඔය කියන්නේ අන්තෝනි සිල්වා උන්නැහේගේ දුව ගැන වෙන්ට පුඵවනි. ඊටත් වඩා පුදුමයක් නම් ඔය මේරි සිල්වාටම සමාන වූ ශ්රී්යාවතී නමැති ළමයෙක් ද ඔයිට මෙහා ගමේ සිටි. බොහෝ දෙනා ඔය තරුණියන් දෙන්නට රැවටෙත්, මහත්මයාත් ඔය කවුරු දැක කථාකරනවාද තේරෙන්නේ නැහැ. ඉතින් මේරි සිල්වා නම් ඉස්කෝලේ ගුරුවරියන්ගේ විභාගය පාස්කළ සිංහලෙන් කවි පවා හදන්ට පුඵවන් උගතියකි. සමරසේකර නැමති කඵතර තරුණ මහත්මයෙක් සමග කසාද බැදින්ට තීන්දු
පියදාස සිරිසේන නවකථා එකතුව 485
කරගෙන ඉදිලා අවුරුදු දෙකක් පමණ නිතර යමින් එමින් ඉදලා සමරසේකර මහතා දැන් එන්නේ නැහැ. පෙරේරා මුදින්සේ රාළහාමි කෙණෙකුගේ පුතෙකුට කථා කරලා තීන්දුව කියා ආරංචියි. අන්තෝනි සිල්වා නම් දස අතේ ණය වී සිටින අමාරුකාරයෙකි. නමුත් දැන් මේරි සිල්වා බොහොම ධනවත් මුදලි කොනෙකුගේ පුතෙකුට ජෝඩු කරගත්තේ කොහොමදැයි කියන්ට බැරිය”යි සිරිල් කීයේය. ඇත්තෙන්මට සිරිල්ගේ කථාවෙන් පසු මට මේරි සිල්වලාගේ ගෙදරට යාම නොව කඵතර සමරසේකර සම්භවිම ඉතාමත් අවශ්යේ බව සලකා සමරසේකර දැන් ඉන්නේ කොයිබදැයි ඇසුවෙමි. ඔහු දැනට බේරුවල පාඨශාලාවක ප්රඉධාන ආචාර්ය ධුරය ලබාගෙන එහි ඉන්නා බව කීය. ඇත්තෙන්ම සමරසේකර සම්මුඛවීම ඉතාමත් අවශ්යඑ බව පෙණුන හෙයින් යන්ට ගිය ගමන නවත්වා ආපසු සිරිල්ලාගේ ගෙදරට ආවෙමු. එහි අවුත් මගේ ප්රටකෘති වේශයෙන්ම කඵතරට අවුත් දවල් දෙකට යන දුම්රියෙන් බේරුවලට ගියෙමි. සමරසේකර ස්වභාවයෙන්ම කරුණාවන්ත, ත්යායගවත් මහතෙක් බැවින් අමුත්තන් කෙරෙහි විශේෂ ගරු බුහුමන් දක්වන්නෙකි. මා පාඨශාලාවට ගියහැටියේම මා පිළිගෙන තේවතුරෙන්ද සංග්රුහ කොට මා ආගිය තොරතුරත් මගේ වතගොතත් ඇසුවේය. මගේ නම ඔහුට කීවොත් මගේ අදහසට බාධා විය හැකි බැවින් මම කොළඹ විල්මට් පෙරේරා බවත් මිණිරන් වෙළදාම කරන්නෙක් බවත් කීමි. ඉතින් මා එහි පැමිණියේ කුමක් නිසා දැයි අසූ බැවින් මෙසේ කීමි. “මිත්රටයා” මම තමුසේට ඇත්ත කියන්නෙමි. මම මිණිරන් ගැනීමට ලක්ෂණ තරුණියක් දැක ඈ කෙරෙහි පිළිබද සිතක් ඇති වී ඈ කසාද බඳින්ට කල්පනා කළෙමි. මේරි ද සිල්වා නමැති ඒ තරුණිය සමරසේකර මහතා සමග කලක් මිත්රකව සිටි බව දැනගතිමි, ඉතින් ඒ තැනැත්තිය කෙරෙහි මහත්මයාගේ බලාපොරොත්තුව තිබෙනවාද යන බවත්, එසේ නැති නම් ඈ සමග මිත්රයව සිට අත්හැර දැම්මේ කුමක් නිසාද යන වගත් දැනගන්නා පිණිස ආවෙමි. කරුණාකර ඇත්ත නොසඟවා මට කිවමැනැව”යි කිවෙමි. එවිට සමරසේකර මදක් කනගාටු වූවක් මනේ සිට “ හොදයි අද රාත්රිස මෙහි නවතින්ට, මම මහත්මයාට සම්පූර්ණ තොරතුරු කියන්නෙමි. එසේ කියන්නේ මේරි ද සිල්වා සමග ක්රෝ ධයකින් නොව මහත්මයාට ඈ සම්බන්ධව සම්පුර්ණ විනිශ්චයකට පත්වෙන්නට පිළිවන්වන පිණිසය”යි කීවේය. සමරසේකරගේ මේ කරුණාවන්ත
486 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
අවංක වචන ගැන මම මහත් සතුටට පැමිණ එහි නැවතුනෙමි. සමරසේකර ස්වකීය අතවැස්සා ලවා මටත් සමග ආහාර පිසවා රාත්රිේ අටට පමණ ආහාර අනුභව කළෙමු. ඉක්බිති සමරසේකර මෙසේ කියන්ට පටන් ගත්තේය. “මහත්මායාණනි, ස්ත්රීරන්ගේ ප්රේ මය ගැනිම හරියටම දැලින් සුලං බැදිම වැනිය.
ආකංඛමානා විසිඛා සමිපං පරම්මුඛායෙව සදාපවත්නා දුරම්පි ගච්ජන්ති ගුණං විහාය පවත්තතං තාදිස මෙවථනං
ලඟට ඇදි නමුත් දුනුදිය සැරය ත බා දුරට යනු සිරිත මෙයි දනුව කර වි බා සොදට කව පොවා සිටියත් වෙතහි ත බා හිමිට වැඩි ලෙසින් ලිය වෙන තකිය ලො බා අසන්ථුතං කා පුරිසම්පි අන්තො කරොත්ති ආදාස කතාවහිත්තී නෙත්තිංසවල් ලී වියහත්ථීගාපි දිසායු සබ්බාසු ව සංකනීසා
සුතුට මෙයි කලින් නොම දුටු හටත් සි ත ඇසට දුටු සැනින් කළ බිතු විලස් වෙ ත අතර ගත් දෙපැතම මුවහතැති කඩු ප ත ලොසටනිතර සැක කටයුතු කෙනෙකි ක ත
මානසං පාප සන්නිත්තං - අපායා විවටානනා සමන්තා පාපමිත්තාච - මොකෙඛා සබ්බ භායකථං
ද න න් සිතු නමන අකුසලටම රුදු රු අ ති න් ගෙණ සිටින නිරයේ දොර යතු රු ව ටි න් පවිටු මිතුරන් නිතර පිරිවැ රු ලි ය න් සේවනය කළ ගැළවෙති කවු රු
පියදාස සිරිසේන නවකථා එකතුව 487
යනාදි වශයෙන් උත්තමයෝ ස්ත්රීරන්ගේ අගුණ කීවාහුය. ඒ එසේමැයි. අපි තරුණ වයසේදි ඔවුන්ගේ ලද බොලද වචනයටත් අනුරාග බැල්මටත් රැවටි මුලාවම්හ, නමුත් උත්තමයන්ගේ කියමුවල අගය අපට තේරෙන්නේ දෙතුන් විටක් මෝඩකම් කොට ඥානයත් මුහුකුරා ගිය පසුවයි. මම මුලදී මෙරි ද සිල්වා ට රැවටි ඈ සමග පෙම් බැඳගෙන ඇය විවාහ කරගන්නට සිතා සිටියෙමි. නමුත් යම්කිසි හදිසියකින් ඈ ලොකු ධනයක් ලැබිලාදෝ දැන් මුදලි කෙනෙකුගේ පුතෙකු හා සරණ වෙන්ට සූදානම් වේ. අවුරුදු දෙකක් පමණ මා සමග මිත්රපව සිට මිත්ර යෙකුටවත් පෙන්විය නොහැකි තරම් “ආදර ලියම්” ලියමින් සිට අන්තිමේදි මා එක පාරටම මතක නැති කළේය. නමුත් මට ඈ ඒ තරම් ඉක්මනින් මතක නැති කළ නොහැකිව මේ ඉස්කොලයේ ඉගැන්වීමට පැමිණත් මාස හතරක් පහක් යනතුරු ඈ කෙරේ බැඳුනු ස්නේහයෙන් සෝකාතුරව සිටියෙමි. දැන් නම් මගේ සිතෙහි ඈ කෙරේවත් අන්යප කිසිම ස්ත්රිරයක් කෙරේවත් කිසිම ඇල්මක් නැත. මේරි ද සිල්වා මා සමග මිත්රස වි මා සමග විවාහ වෙන්ට එක්න්තයෙන්ම පොරොන්දු ඇගේ මව්පිය සහෝදරාදින්ගේ කැමැත්ත ද ඇතුව නොයෙක් ලියුම් කියුම් ආදිය හුවමාරු කරගනිමින් සිටි බව හැබෑය. ඊට පසු ඈ විමලතිස්ස හාමුදුරුවන්ගේ පන්සලේ මහණුන්නාන්සේ කොනෙක් සමග මිත්ර යයිද ආරංචියක් පැවතුනා . ඒ ආරංචිය ඒ උන්නාන්සේගේ හතුරෙකු විසින් හැදු බොරු ආරංචියක් වෙන්ටත් බැරි නැත. නමුත් දැන් ධනවත් පෙරේරා මුදියන්සේගේ පුත්රැයෙකු සමග සරණ ගිවිසගෙණ ඉන්නා බවත් ඒ මංගල්යසය ඉෂ්ට වන බවත් ආරන්චිය. එය එසේ පවතිද්දිම මහත්මයා සමගත් විවාහ වෙන්ට ඒ තරුණිය සතුටුවා නම් ඇත්තෙන්ම පුදුමයකි”යි සමරසේකර ස්කෝලේ මහතා කීයේය.
උන්නැහේ අවංකව කථා කරණ අහිංසක සත්පුරුෂයෙක් බව වැටහී මගේ සිතේ මහත් අනුකම්පාවක් ද ඇතිව “මහත්මයා මේරි ද සිල්වාගේ අයුතුකම් නිසා මුඵ ස්ත්රීි වර්ගයා සමගම කලකිරුණානම් ඒ නුවණට හුරු ක්රිුයාවක් නොවේ. ස්ත්රීගවර් සමාන්යමයෙන් පුරුෂයන්ට වඩා චපලයයි කියති. එසේ වීමට හේතු බොහෝය. ඔවුන්ට අප රටවල දැන් කාලේ හරි ඉගෙණීමක් නොදෙති. උගත් පණ්ඩිතයන්ගේ පොත්පත් කියවන්ට නොලැබෙති. ස්වකීය කුලධර්ම පුරුදු පුහුණු නොකරවති. කොටින්ම වර්තමාන කාලේ අප රටේ ස්ත්රීමන් කරන නොපණත් කම් ආදියත් ඔවුන්ගේ චපල ගතියත් ගැන දොස්කීමට ඉඩක් නැත. මක්නිසාද ඒ ස්ත්රී් ආදි කාගේත් උත්පත්තියේ පටන්ම දූෂිත හෙයින්ය”යි මා කීවාම
488 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
සමරසේකර මහතාට මගේ ගැඹුරු අදහස එකවිඩේම තේරුම් ගැනීමට අපහසු නිසාදෝ මෙසේ කීයේය. “ස්ත්රීැන් අතර ගුණවත් යහපත් ඇත්තන් නැතැයිම කියන්ට බැරිය. නමුත් මම නම් එකෙක්වත් නුදුටුමි. ඔවුන් මුළ පටන්ම නරක්වෙන්නේ කෙසේදැයි කරුණා පෙරදැරිව මට විස්තර කර දෙන්ට “, “ඔන්න ඒ සම්බන්ධ විස්තරයක් කරන්නෙමි. එයින් මහත්මයාට පමණක් නොව මේ කථාන්තරය කියවන කාටත් ප්ර්යෝජන ඇතිවිය හැක.දාරකෝත්පත්තිය සම්බන්ධව ශාරීරක මානසික ධර්ම ශාස්ත්රයය අනුව කල්පනා කළොත් පමණක් මා කියන කාරණය වැටහේ. ඒ ශාරීරික මානසික ධර්ම ශාස්ත්ර දෙකේ සම්බන්ධතාවය ප්රටත්යමක්ෂ වන විට “කර්මය” ද හොඳිීම න් වැටහේ. සර්වඥවූ තථාගතයන් වහන්සේ උගන්වා වදාල කර්ම ශක්තිය තේරුම් ගැනීමට බාහිර ශාස්ත්රඥ ඉතාමත් ආධාරයි. ඒ බාහිර ශාස්ත්රග නූගතුන්ට බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙහි ගම්බීරත්ව පවා තේරුම් ගනීමට අපහසුය. දැන් බලමු, රසායන ශාස්ත්ර්ය දන්නෙකුට දෙවියන් විසින් ලෝකය මවන ලද බව අදහන්ට බැරිය. ධාතු ශාස්ත්රරය දන්නෙකුට මේ ලෝකය සහිත සත්වයා හේතුවත් ඵලයත් බව කදිමට වැාටහේ. ලෝකයේ පවත්නා තාක් මිථ්යාය මත ඇතිවූයේ උසස් ශාස්ත්ර උපදවාගන්ට ප්රෙථමය. සර්වඥ බුදුවරයන් මිථ්යඇ මතයෙහි බැසගත් මිනිසුන්ට ඒ බුදුවරයන් වහන්සේලාගේ උතුම් ධර්මයේ ප්රලයෝජන ලබන්ට නොලැබේ. ඒ නිසා දැන් අප රටේ බුදුහාමුදුරුවන්ගේ නෛර්යානික වූ ධර්මය ප්රැකට කරන්නටත් උන්වහන්සේ වදාල ධර්මයෙහි මනුෂ්යේයන් යොදවන්ටත් නම් බලවත් උත්සාහයෙන් ධර්ම ශාස්ත්ර දෙක කුඩා කාලේ පටන්ම සිංහල දරුවන්ට ඉගැන්විය යුතුය. “ඉතින් වර්තමාන සිංහල මනුෂ්යුයන්ගේ පහත් ගතිය උත්පත්තියෙන්ම ඇති වූ හැටි මම ලුහුඬෙන් කියමි. ළමයෙකුගේ උත්පත්තියට ප්රපධාන වශයෙන් මවුපිය දෙදෙනාත් ඒ සත්වයාගේ කර්මශක්තියත් යන කාරණා තුන ප්රධධාන වේ. පැලේ හට ගැනීමට බීජයත්, පෘථිවියත්, රෝපනයත් යන තුන ප්රපධාන වන්නක් මෙනි. මනුෂ්යනයාගේ උත්පත්තියට ස්වකීය කර්මයන් මව්පිය දෙදෙනාත් ප්රනධාන හේතු නමුත් කාලය, ආරක්ෂාය, ඉගැන්වීම, ආශ්රයය ආදියත් අතිරේක වශයෙන් උපකාරවේ. බීජයත්, පොළවත් , රෝපනයත් නිසා පැලය හටගත් නමුත් ඒ ආරක්ෂා කිරිමට ජලය, පොහොර යෙදීමාදියත් ඒ වර්ධනයවීමට හේතු වන්නාක් මෙන්ය. දැන් අප රටේ පිරිමින් දෙස බලමු. සියයට අනූවක් තරම සුරාපානය කරණ, දූෂිත රෝග සාදාගත්තා
පියදාස සිරිසේන නවකථා එකතුව 489
වූ විෂම වූ ශරීර ඇත්තෝය. ලෙඩ රෝග,විෂම ධාතු ගුණ ආදිය ඇතිවීමට ප්රවධානම හේතුව සුරාපානය වේ. තවත් අප්රධධාන පළත්වල වනචාරිය ඉදිමාදියයි. ඉතින් සප්තධාතුන්ගේ විෂමත්වයට ප්ර ධාන හේතු වූ විෂ පානය හෙවත් සුරාපානය දැන් දුසිරිතක් හැටියට අප රටේ බොහෝ දෙනා නොසලකති. අනික් අතට මඟුල් ආදියෙදී අවශ්යටයෙන්ම ගතයුත්තක් හැටියට නූගත් අඥාන ධනවත් ප්ර ධාන උදවිය පවා සලකති. නමුත් ස්වල්පයක්වත් මත්පැන් බොන මනුෂ්යඅයා මනුෂ්යීතවය ඉක්ම වූ තිරිසන් ගතියට පැමිණියෙක් බව මහා ශාස්ත්රතඥයන් අත්දැකපු කාරණයකි.*ඉතින් මෙනපුරු මද්යහපානය භාවිතාකරණ මිනිහාගේ සප්ත ධාතුවම දූෂිතව පවතී. මේ මනුෂ්යය ගතිය ඉක්මවූ කාලකන්නියා නිසා හටගන්නා දරුවාගේ ශරිරයද ඔහුගේ ධාතුගුණවලට අනුව දූෂිතව දුර්වල වන්නේය. දැන් කාලේ මේ රටේ බෝවි සිටින ගෑණු පිරිමි දරුවන්ගෙන් දහයෙන් නව කොටසක් පමණ මේ සුරාපානය කරන මිනිසුන් නිසා හටගත් අය වෙති. ඉතින් ශාරීරක වශයෙන් මොවුන්ගේ ස්වභාව මෙසේ භයංකරය, මානසික වශයෙන් කෙසේදැයි බලමු. දරුවෙකුගේ ශරීර ශක්කති, නිරොගිකම, බලය,සෘජු ගතිය, වික්ර ම වන්න භාවය ආදිය පියාගේ ධාතුශක්තියෙන් ඇතිවන අතර මානසික ගතිගුණ, යුක්තායුක්ත සිතීමේ බලය, අභිමාන ආදි උතුම් ගුණ හෝ අයුතු කල්පනා, නීච පහත් කල්පනා, දුශ්චරිතයෙහි කැමැත්ත ආදි පහත් ගුණ මව් නිසාද ඇතිවන්නේය. මක්නිසාද පියාගේ ධාතු ශක්තියෙන් හටගත් කලල රූපය නවමාසයකුත් දින පසළොසක් මාතෘ ගර්භයේ වැඩේ. මේ දීර්ඝ කාලය තුළ දරුවා වෙනුවෙන් ආශ්වාස ප්රා ශ්වාස කරන්නේ මවය. ඒ ක්රිුයාවේද මවගේ චිත්ත ධාතුව ආශ්රිතත වන්නේය. ඉතින් දුශ්චරිතයෙහි හෝ පහත් කල්පනාවෙහි යෙදුනු නූගත් අශික්ෂිත අපිරිසිදු ස්ත්රිදයකට හෝ පරසිරිත් ඔගයෙහි වැටි කුලසිරිත් වලින් පරිබාහිර වු ස්ත්රිතයක ශ්ර්ද්ධා ශිලාදි ගුණ සම්බන්ධ චේතනා මාත්රනයක් හට නොගණි. ඉතින් එබඳු වූ ස්ත්රිදයක් නිසා ඇතිවන මානසික පහත් ගතියත් කලින් කී සුරා පානාදියෙන් දූෂිත වූ පියා
- Intemperance does not necessarily mean only obvious and palpable drunkenness’ From the very moment which alcohol hea disturbed the healthy exercise of the mental faculties,or has imp;aried the moral sense by unduly exceiting the animal passions, or has in any way unfitted a person for discharging his duties in the proper struggle for survival from theat moment has there been guilt of interperance- Dr J.B.hyslop,M.D.
490 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
නිසා හටගත් ශරීරයත් එක්විම හරියට අසුචියට මුත්රාේ එක් වූ කලක් වැනිය. මෙබඳු නූගත්,පහත්, අශික්ෂිත, අපිරිසිදු, අවකල්ක්රිලයාවේ යෙදුනු ශ්රඳද්ධාභක්ත්යාමදි උතුම් ගුණයෙන් හීන වූ ස්ත්රී.න්ගේ ගනන සියේට අසූවක් පමණත් මද්ය්පානාදියෙන් දූෂිත වූ පුරුෂයන්ගේ සංඛයාව ඒ තරමටවත් පවතින මේ රටේ උපදින දරුවන්ගෙන් සියේට අසූවකටත් වඩා තිරිසන් අපායට සමාන පහත් චුතිචිත්තයෙන් ප්ර්තිසන්ධිය ගන්නා පව් කරුවෝය. පින්වත් සත්වයන්ට ඉපදිමට උදාරතර අදහස් ඇති පිරිසිදු ශරීර ධාතු ගුණ ආදියෙන් යුත් මව පියෝ සිටිය යුතුය. “මේ නිසා දැන් අප රටේ ඉපදි සිටින කාලකන්නි පිරිස උපක්ර මයෙන් හා වීර්යයෙන් උගන්වා හික්මවා වැඩි දියුණු බවට පැමිණ වූවොත් ඔවුන්ගෙන් හටගන්නා පශ්විම ජනයා ස්වශක්තියෙන්ම දියුණුවිමට තරම් කායික මානසික බලයෙන් යුත් පුණ්යය ශක්තියෙන් ද යුත් පිරිසක් වනු නිසැකය. දැන් අපි ස්ත්රී න්ගේ වැරදි ගැන කලකිරෙතත් පුරුෂ පක්ෂසයේ වැරදි ඉතාමත් අධික බව නොදනිමු. පුරුෂයන් අතර ඉතාමත් අධමයෝ සියේට හැත්තෑපහකට වඩා අඩු නැත. අධම ස්ත්රීනන්ගේ ගණනද ඊට වැඩි නැත. ඉතින් රටේ බෝවිම මේ අන්දමට සිද්ධවන්ට ඉඩ ඇරියොත් “ධර්ම මන්දිරය” යි ප්රබකට ලක්දිව අධමයන්ගේ ගෙදර කැයි කිය යුතුය. ඉස්කොලේ මහතා ස්ත්රීතන් ගැන කලනොකිරෙනු මැනවි. නමුත් අයුතුකම් කළ මෙරි ද සිල්වා ගැන කලකිරිම ගැන මම විරුද්ධ නොවෙමි.යි කිවෙමි. මගේ කථාවට පැහැදුනු උගත් ස්කෝලේ මහතා මගේ මූන බලා මදක් සිනාසි මෙසේ කීයේය. “මේරි ද සිල්වා නිකම් ස්ත්රිපයක් නොවේ. ඇගේ පියා සුරාපානාදි දුසිරිත්වල ගැලී උන් කෙනෙක් උවත් ඒ තරුණි පාඨශාලාවට ගොස් ගුරුවරියන්ගේ විභාගය දක්වා ඉගෙන ගත්තේය. මගේ ඕනෑ කමට පාඨශාලාවක ආචාර්ය ධුරයට නොගොස් ගෙදරම උන්නේය. මා සමග විවාහ වන්ට ගිවිසගෙන සිටියේය. මට එවන ලද පුදුම ලියුම්ද තිබේ. ඇගේ මව්පියන්ගේ බලවත් කැමැත්තත් ඇතුවම ඒ අපේ සරණ ගිවිසුමත් ඇතිවිය. ඉතින් අවුරුදු දෙකක් පමණ වු කාලය තුළ අපි ඉතා මිත්රවව සිටියෙමු. නොයෙක් දේ සම්බන්ධව කථාබස් කළෙමු. ලියුම් කියුම් ගණුදෙනු කරගතිමු. ඉන් පිටත් අන්යම අපිරිසිදු භායවක් අප සම්බන්ධව කියා නොහැක්කේය.මෙසේ සිටිනා අතරට මම ඒ ගමේ පාඨශාලාවෙන් මේ ඉස්කෝලයට පත්වි ආවෙමි. ඒ ආවායින් පසු ඔවුන්ට විශාල ධනයක් ලැබී තිබේ. ඒ කොයිහැටියෙන්
පියදාස සිරිසේන නවකථා එකතුව 491
ලැබුනොදැයි නොදනිමි. ඒ ධනය ලැබුනු පසු මේරි ද සිල්වා මට වඩා උසස් කෙනෙකුට දියහැකැයි සැලකූ මව් පිය දෙදෙනා, මගේ නැති වැරදිත් පහත් කමත් ස්වකීය දුවට කියා මා කෙරෙහි ඇගේ තිබුණු ප්රේුමය කඩා දමා ධනවත් මුදලි කෙනෙකුගේ පුතෙකුට දෙන්ට ජෝඩු කරගෙන තිබේ. ඒ මිස ඒ ලමිස්සිගේ අවකල් ක්රි යාවක් හෝ වෙන කිසිවක් මම නොදනිමි. මහත්මයා මේ ලමිස්සිව ගැන විමසන්නේ ඒ මුදලිතුමාගේ පුතා වෙනුවෙන්ද? නැතහොත් මහත්මයාගේ උවමනාවක් සදහාද?” කියාත් ඉස්කෝලේ මහතා ඇසුවේය. “මුදලි තුමාගේ පුත්රතයාගේ උවමනාවකට මේ කරුණු විමසමි “යි කි බැවින් උන්නැහේ සතුටුව “හොඳයි මහතාණනි, දැන් කාලේ සමහර මිනිසුන්ට මුදල් ලැබෙනකොට කලින් මිත්ර“ව සිටි මිනිසුන් නරක් වෙති. එමෙන් සමහර මිනිසුන්ට යහමින් මුදල් ලැබෙතොත් කෙතරම් පහත් මිනිසුන් සමග වුවත් ඤාති සම්බන්ධතා ආදියෙහි බැදිමට සතුටුවත්, ඉතින් මේ ගුණධර්ම ආදිය තබා ප්රේ මයත් මුදල් දුටු හැටියේ මුඵගැන්නෙන දේ වේ. අනේ කලියුග කාලේ හැටි ඉතින් මේ බව කියා මේරි ද සිල්වා ට මා විසින් අන්තිමට යවන ලද ලියමන තමුන්නාන්සේට කියවන්නෙමි”යි තමාගේ ලාච්චුවේ තිබුණු පොතක් අරගෙන මේ කවි අට කියෙව්වේය. කමලි ය මුව සුසැද නම් නිලුපුල් ගල්වා රදලි ය අදර ගත් පෙර මා දර ඉල්වා සිරිලි ය දිනු රුසිරු සර මෙරි ද සිල්වා මෙමලි ය මන බලනු මැන යුග නෙත් දල්වා
මහ බා මහතුමෙන් වැණු මහරු ගුන ද මා නො ත බා වෙන සිතෙහි පිරු නොමද දැඩි පෙ මා පොළ ඹා සිතු රැගත් ගෙන වදන බඳු අ මා පිය ඹා ගියහ දන යක්රජ දුටු වහ මා
ලු වා නම් ගලෙක තුල අප බැදි අද ර ද වා යනු නියති ගිනිවත් පුඵන් යු ර අ වා සනා කලියුග කාලෙහි නපු ර ලොවා සිත් දනය මයි සිතනු මුල් ත ර
ගුණය ත් සතර දැනුමත් සැදැහැ බැතිසි ත නැණව ත් දන සිතත් ලොව හැමට වැඩි යු ත දනව ත් කම නුඹගෙ මවුපිය ගරුකර ත එමයු ත් අයට නොබැඳුනු මට සැපම වේ ත
492 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
දි ලා තිර වදන් ලෙස නඩු ති න්දුව පා ලා සෙනෙග වැසි අඹු සැමිහු බ න්දුව දා ලා ඉවත ඒ සැම සිත නොරැ න්දුව ති ලා වැනි ලියෝ නොදනිත් පොරො න්දුව
නැති වේ දනය සොර රජ විය ගිනි ජලෙ නී නොනිවේ ලොවම ලැබුනත් දන ඇඵම් ගි නී නැල වේ සිත දහම් සත දත් දන නිති නී ගැල වේ මෙලෝ පරලෝ ඔවුහු සැබවි නී
දිවිතෙ ක් බැඳි අදර යදමද කඩා තද ලදඉ ක් මැණික් දනයක් එඩි වඩා හද මිනිසෙ ක් වෙනින් පිළිගත් බස දොඩා සොද අඟනෙ ක් නුඹ සදිසි යකිනට කුඩා වෙද
අ ප සේ නිවන් සත දත් දම් සෙව් දන ට තො ප සේ සසල සිත් ඇති ලිය නැත සතු ට මොලො සේ සිඳලුවන් බැඳි අදර එවක ට සැ ප සේ සිටින් බොබැඳි තුන්වෙනියෙකු ට මේ මගට, ජේ.සමරසේකර “ඉතින් මහත්මයාණනි, මගේ මේ ලියමන ලැබුණු දවසේ මේ කවි හොද හැටි තේරෙන මේරි ද සිල්වාට කුමක් සිතෙන්ට ඇද්දැයි නොදනිමි. ඈ මට පැවති ප්රේනමය දැක්විම වශයෙන් එවන ලද ඇගේ මේ ලියමනෙන් ඈ කාව්යි ශාස්ත්රිය කෙතරම් දුර උගත් ස්ත්රි යක්දැයි මහත්මයාට තේරුම් ගතහැකි”යයි මේරි ද සිල්වා විසින් එවන ලද කවි ලියමනක් ද කියවන ලදි. පරසි දු කවීන් මුවසර රඟන මිහි ලො ල එකබ දු සර බසැති සත් සත් දම් හස ල හිමිස දු සමර සිඵමිණි මදිවි එකතු ල අනුව දු සිහි කරමි දිව රැ සියලු ක ල
ත මා සරණ වැද රුසිරැති ලියක තැ නූ ර මා සිරි රැගත් හිමි සත කළ පුහු නූ අ මා ඔබේ බසයි සුපසහ කිම කිය නූ ෙම මා දිවි රැගෙන ගොස් කිම ගම ඉදි නූ
පියදාස සිරිසේන නවකථා එකතුව 493
නු ව නේ රුසිරු රසඳුන් හා සතුටු කොට ස ව නේ රස වදන් මී බිඳු වැකුම් කොට රැ ගෙ නේ වදිවි දිවි දි හුවමාරු කොට ගොසි නේ ඉදිනු කෙලෙසද මා සිහි නො කොට
තේ රි අප දෙදෙන එන සසර පුරු දුව වෑ රි නොයයි පෙම් මරු අවද මිරි දුව නා රි බව උතුම් ඔබ කෙරෙහි පැහැ දුව මේ රි මෙලී දැකුමට ලෙබව සමි දුව
සමරසේකර ඉස්කෝලේ මහතා මේ කී කථාවෙන් හා ලියුම් වලිනුත් මේරි ද සිල්වා ඒ තරම් අයුතු ස්ත්රි්යක් නොවන බවත් සරණපාල සමග මෙබඳු ස්ත්රි යක් මිත්රුවීම පුදුම බවත් කල්පනාවි රැ බෝවු බැවින් දෙදෙනාම ප්රීහතියෙන් නිදාගතිමු. පසුදින උදේද ඉස්කෝලේ මහතා මට සංග්රාහ කොට මා පිටත් කළේය.
11.පරිච්ඡේදය
[සංස්කරණය]මේ රි ද සිල්වා ගේත සමරසේකර ගේත් මිත්ර්කම දැනගතිමි. එයින් මට මහත් ප්රදයෝජන ඇතිවිය. ඉතින් කඵතරට පැමිණ එහිදි මා සම්මුඛවීමට කරත්තයක් රැගෙන සිරිල් අවුත් සිට බැවින් ඔහුත් සමග ඔවුන්ගේ ගෙදරට දාවල් බතට පැමිණියෙමි. එහි එදා ගතකොට මේරි ද සිල්වා දැන් කසාද බැද දීමට සූදානම්ව ඉන්න මුදලි තැනගේ පුත්ර යා සම්භව ඔහු සමග මිත්රැවීම මට ඉතාමත් අවශ්ය කාරණය වූ බැවින් සිරිල් ඔවුන්ගේ ගෙදර දන්නා බැවින් සිරිලුත් සමග එහි ගියෙමි. මුදලිතැනගේ කැලෑ ඉඩම් රාශියක් රන්තපුර දිස්ත්රි ක්කයේ තිබේ. ඔහු එහි රාජකාර්ය කරණ කාලේ නූගත් අසරණ ගම්වැසියන් මුලා කොට ලියවා ගත් ඉඩම් අක්කර වශයෙන් බලතොත් දෙතුන් දාහක් තරම් ඇත.දැන් මේ ඉඩම් වතු සමාගම්වලට අක්කරයක් රුපියල් දෙසිය තුන්සිය ය ගණනේ විකිණිම ඔහුගේ ප්ර්ධාන රක්ෂාව විය. ඔහු මහත් රාශියක් ධනය ලබාගෙන තිබෙන්නෙත් මේ ඉඩම් වලින් ය. ඉතින් ඒ සම්බන්ධ සියල්ල හොදින් දැනගත් මම ඉංග්රිබසි කොම්පැනියක බ්රෝකකර් කෙනෙක් මෙන් යමි යි සිතා සිරිලුත් සමග එහි ගියෙමි. මම යුරෝපීය වේශයෙන් උජාරුවට ගිය බැවින් මුදලි තැන මට හොදින් සලකා ආ ගිය තොරතුරු ඇසුවේය. එවිට අක්කර
494 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
පන්සියයකට වැඩි ගණනක් ඉඩම් ගැනීමට කථාකරන්ට ආ බව කීමි. මටත් සියේට දෙක ගණනේ කොමිස් දෙන බව කියා අක්කරයක් රුපියල් තුන්සිය ය ගණනේ විකුණන්ට හොදින් සංග්රබහ කෙළේය. මම සිරිල් ආපසු ගෙදර එවා මුදලිතැනගේපුත්රයයා වන ජොනීත් සමග ඉඩම් බැලීමට රත්නපුරයට යන්ට සූදානම් විමි. මුදලි තැනට මොටෝ රථයක් තිබෙන බැවින් ජොනීත් මමත් උදේ දහයට පිටත් වී ගියෙමු. නම්බාපාන තානායමේදි දවල් බත් කෑමට කථාකරගෙණ ගොස් එහි නැවතුනෙමු. ජොනී තද අඩිකාරයෙකි. තානායමට ගිය හැටියේම ජොනීත් විස්කි බොන්ට උවමනා බවකියා මටත් සමග විස්කි වීදුරු දෙකක් ගෙන්වන ලදි. ඔහුගේ වීදුරුව ඔහු බීවේය. මටද බොන්ට කී නමුත් මම ඊට ඉස්සරින්දා රස බෙහෙතක් කෑ බැවින් විස්කි බොන්ට හොද නැති බව කියා ඔහු සතුටු කෙළෙමි. එවිට ජොනී ඒ විදුරුවක් බීගත්තේය. නැවත් ආහාර ගණිද්දී ද ජොනී තව වීදුරුවක් බීවේය. ඉතින් මගේ සිටත මහත් ප්රී.තියක් ඇතිවිය. මක්නිසාද ජොනීගෙන් මට දැනගන්ට ඕනෑ සියලුම දේ දැනගන්ට පිළවන් වන හෙයිනි. අපි කෑම කෑ හැටියේම අපේ ගමන පිටත්වීමු. ජොනී මොටෝකාර් එකේ නැගුනු නමුත් ඔලුව කෙලින් තබාගෙන ඉදිමට අමාරු තරම් වෙරිවි සිටියේය. ඉතින් අපි කථාවට බැස්සෙමු. එවිට ඔහු ලජ්ජා භය නැති අඥාන ගතියට වැටි සිටි බැවින් කිසිවක් නොසඟවා මෙසේ කියන්ට පටන් ගත්තේය. “මිස්ටර් පෙරේරා - මගේ විවාහ යෝජනාව සම්බන්ධව තමුසේ අසුවොත් පුදුම නොවි නොසිටින්නෙහිය. මම ඉස්කෝල යන කාලේම අපේ මාමා කෙනෙකුගේ දුවක් කසාද බදින්ට සිතාගෙන අවුරුදු පහක් පමණ නොයෙක් විධියට මිත්ර කම පවත් වමින් සිටියෙමි. ඒ මගේ නෑනා වන “ගර්ල්” පුදුම “ජොලි ගර්ල්” කෙනෙකි. මා සමග පමණක් නොව ඈ තවත් දෙන්නෙකු සමග “ලව්මේකිං” කරමින් උන්නා. ඒ ළමයා ලංකාවෙන් කාටවත් දෙවෙනි නොවන තරම ඉහලින් “මියුසික්” ගායානා විභාගයෙන් සමර්ථවුනා. නමුත් අපේ මාමාට වැඩි දේපලක් නැත. ඒ නිසා “පාප්පා” ඒ කසාදයට සතුටු නැතුව ඒක අත් ඇර දමන්ට කීයේය. ඉන්පසු කඵතර පෙරකදෝරු මහතෙකුගේ දුවක් ජෝඩු වි අවුරුදු දෙකක් පමණ අපි “ලව්මේකිං” කරමින් ලබන මාසේදි කසාද බදින්ට තීන්දු කරගෙන සිටියෙමු. ඒ අතර ඒ අපේ ගමට එහා ගමේ අන්තෝනි සිල්වා උන්නැහේ රුපියල් තිස්පන්දාහක් දෙනවියි කියා ඔහුගේ දුව ජෝඩුකරණ ලදි. ඉතින් එකපාරටම අර පෙරකදෝරු
පියදාස සිරිසේන නවකථා එකතුව 495
තැනගේ දුවත් අත් හැර ඒකට සතුටු වීමි. දැන් මට ජෝඩුවී ඉන්නා මනමාලිත් වැඩි වරදක් නැත. මේරි ද සිල්වා නමැති ඒ තරුණි සිංහල භාෂාව හොඳට දන්නවා. බුද්ධාගමත් හොදට දන්නවා. නමුත් එයින් අපට වැඩි පලක් නැත. අපි නම් නමින් බුද්ධාගම්කාරයෝ තමා, නමුත් අපට ඔය ආගම ඇදහීමට බැරිය. දැන් අපි පළමුවෙනි පංක්තියේය. පළමුවෙනි පංක්තියේ මිනිසුන්ට මොන ආගම් ද? හොඳට කා බී සෙල්ලම් කරන්ට තිබෙන කාටවත් ආගමකින් වැඩි පලක් නැත. මේ නිසා මේරි ද සිල්වාගේ ආගම, ශාස්ත්ර දැනීම, අපට වැඩි අගයක් නැති නමුත් රූප ලක්ෂණයෙනුත් වැඩි වරදක් නැති කදිම ගෑණියෙකි. රූප ලක්ෂණය නරක්වූවත් රුපියල් තිස්පන්දාහක් මුදලෙන්ද දැවැද්ද ලැබෙනකොට මක්කරන්ට බැරි ද? ඈ කසාද බැදලා වෙන මට උවමනා හැටියකට “ඇන්ජොයි” කරන්ට බැරිද ?
මෙසේ කියන කොට මම “ආ මහත්මයා ඔය මේරි ද සිල්වා සමග කථාබස් කරලත් පුරුදු ද? එහාට කීප වරක් ගොසින් තිබෙනවාද ? කොහොමද ප්රීසතියෙන් කල්යවන්ට තරම් හැදිච්ච ළමයෙක් ද?” යි කියා ඇසුවෙමි.
“මිස්ටර් පෙරේරා. මේ මක්කියනවාද, පෙරේදා රෑත් මම එහිය. මම මගුල ජෝඩුවුනාට පසු මම විසිදිනකටත් වඩා ගියෙමි. මේරි ගේ මම්මා බොහොම හොඳයි. මට දරුවෙක්ටත් වඩා ආදරේය. මම කොයි වෙලාවක මහ රැක ගියත් හොඳට ක්නට බොන්ට දී ඔවුන්ගේ පුරාණ කාලේ විශාල අල්මාරිය ආදි පරණ වටිනා බඩු තිබෙන කාමරයේ ඇඳ සරසා නිදාගන්ට දේ. ඒ කොයිතරම් ආදර සංග්රිහ කළත් රුපියල් තිස්පන්දාහ දෙන නිසා බඳින්ට කියා පප්පා කීයේය” යි කියන විටත් ජොනීට හොදට සූර් බැවින් හෙෙතම කාර් එකේම නිදන්ට විය.
දවල් දෙකට තරම රත්නපුරයේ සිට හැතැප්ම හතරක් පමණ ඈතින් තිබෙන ඔවුන්ගේ ඉඩම මට පෙන්වන ලදි. එය බැලුවායින් නොබැලුවායින් කාර් එක හරවා ගෙන නැවතත් අපි වලව්වට පැමිණියෙමු. එහිදි මුදලි තැන සතුටුවන අන්දමට කරුණු කියා රුපියල් තුන්සියයට ගන්ට කැමති නම් ඒ බව ලියමනකින් දන්වමියි ද කියා එදින සවස සිරිල්ලාගේ ගෙදරට ගියෙමි. එහි ගොස් එදා රැ එහි නැවතී මම මුදල් පෙට්ටිය සම්බන්ධව කල්පනා කරමින් සිටියෙමි. මේ වේලාවට කඵතර හෝටලේ පණිවිඩකාරයෙක් විදුලි පුවතක් රැගෙන මා සොයා
496 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
අවේය. ඒ විදුලිපුවත එදා මා සම්භවෙන්ට අවුත් ගිය රටේ මහතා විසින් එවන ලද්දකි. ඉතින් ඒ කටයුත්තත් අවශ්ය්යෙන්ම පරීක්ෂා කළ යුත්තක් බැවින් සිරිල්ගේ පියා වන සන්දෝරිස් අප්පු ලවා කරත්තය බදවාගෙන කඵතරට අවුත් රාත්රීග දුම්රියෙන් කොළඹට පැමිණියෙමි.
මා කොළඹ එනවිට මගේ මිත්ර යෙක් වන විජයසේකර මහතා මා සම්භවිමට අවුත් මගේ නැවතුම්පලේ සිටියේ ය. උන්නැහේ පැමිණ සිටියේත් බලවත් රහසක් කියන්ට හෙයින් මම අඟපත සෝදාගෙන ඇඳුම් මාරුකර උන්නැහේ සමග කථා කරන්ට පටන් ගතිමි. එදා රාත්රී උන්නැහේ මාත් සමග නවතින්ට සූදානම් වූ බැවින් මට ටිකක් කථා කරන්ට ඉඩ ලැබුණේය. “ විජයසේකර මහතාගේ රහස නැවත කියන්ට මම තුන් දවසක් ලෙල්ලන්වෙලා දැනගත් කරුණු වජයසේකර මහත්මයාට කියනටදැ”යි ඇසුවෙමි. ඇත්තෙන්මට, මගේ වික්ර ම ක්රිටයා ඇසීමට අසතුටු වන්නේ අඥානයෙක්ම නිසා බැවින් උන්නැහේ ඉතාමත් සතුටුව “කියන්ට මහත්මෙයෝ, එලිවෙන තුරත් අසන්නෙමි “යි කීය.
ඉතින් දැන් රටේ පවත්නා විෂම ගතිය මෙසේ කිවෙමි. “අනේ විජයසේකර මහත්මයා මේ කාලේ මුදල්වලට මුඵ ලෝකයම වාල්වෙලා! කොතරම් ස්ථිරලෙස වුනා වූ පොරොන්දුවක් උවත් මුදල් බලයෙන් වෙනස් කළ හැක. කෙතරම් පහත් මිනිහෙකුට උවත් ඉතා ඉහළ මිනිහෙකු සමග ඤාති සම්බන්ධයෙන් බැදිය හැක්කේය. කෙතරම් දුෂ්ටයෙකුට උවත් මුදල් ඇත්නම් ගරු බුහුමන් ලබාගන්ට පුඵවන. ප්රේුමයෙන් විසූ තරුණ තරුණියන් භේද කිරිමටත්, පණ්ඩිතයන්ට වඩා ගොන් මෝඩයන්ට සභා මධ්යෙයට පැමිණෙන්ටත් මුදල් බලයෙන් පුඵවන. කොටින්ම මේ ලෝකයේ තිබෙන්නාක් අධම අයුතු ක්රි යා සියල්ලටම මුදල් මූලිකව පවතී. මේවිධියට කරුණු සිද්ධවුනොත් අපේ රටත් මිලේච්ඡ මුදල් මූලිකව පවතී. මේවිධියට කරුණු සිද්ධවුනොත් අපේ රටත් මිලේච්ඡ රටක් බවට පැමිණෙනවාට කිසිම සැකක් නැත. ඒ නිසා ධර්මශාස්ත්රච ඉගැන්වීමෙන් හා සමාගම් මගින් මනුෂ්ය යෝ සදාචාරයෙහි යෙදවිය යුත්තාහ. මුදල්වල බලයෙන් සියල්ලම කරන්ට බලාපොරොත්තු වන අධමයන්ට ගරු නොකරන්ට රට වාසීහු පුරුදු කරවා ගතයුත්තාහ. ධර්මයත්, ශාස්ත්රරයත්, සදාචාරයත්, පරාර්ථකාමි භාවයත් යන ආදි උත්තම ගුණ මුදල්වලට වඩා වටිනා බව රටවාසින්ට උගන්වනතුරා රටවාසිහු සුඛිත නොවත්, පසුගිය දවස් තුන තුළ දි මට දිකින්ට ලැබුණු කරුණු වලින් අපේ රටේ වැඩි පිරිසක් බැස සිටින පහත් භාවය ගැන ඇතිශයින් කලකිරුණෙමි. ඔය කරුණු කා සම්බන්ධවදැයි
පියදාස සිරිසේන නවකථා එකතුව 497
දැන් මම නොකියමි” යි කීවෙමි. විජයසේකර මහාත ඒ සම්බන්ධව කිසිත් ප්ර්ශ්න නොකර තමා කියන්ට ආ කාරණ්ය කියන්ට පටන් ගත්තේය. ඒ කාරණ්යම නම් භක්තිමත් රෝමානු කතෝලික ස්ත්රි යක් සම්බන්ධවය. විවාහ වී අවුරුදු දහඅටක් වඳව සිටි ඒ ස්ත්රිුය සන්තානම් පල්ලියට තවත් කාණ්ඩයක් සමග ගොස් අවුත් පුත්රියෙක් ලැබුනා වූ ප්රතවෘත්තියකි. එහි විස්තර මගේ කථාන්තරය අසන්නන්ට ප්‍ටියෝජන නොවෙතත් කොයි ආගමික උවත් අඥාන අධික භක්තිය ඉතාමත් අනතුරුදායක බව පමණක් මෙහිදි මතක් කිරමි. මේ සම්බන්ධව හුඟක්වෙලා කතා කරමින් සිට අපි නිදාගතිමු.
12.පරිචඡේදය
[සංස්කරණය]ප සුදින උදේම සැරසී මගේ ඇඳුම් පෙට්ටියත් රැගෙන මා ගැන බලාපොරොත්තුව උන් රටේ මහතාගේ ගෙදරට යාමට පිටත්වීමි. මම දුම්රියේ නැගි යනවිට මගේ මිත්රටයෙක් මා යන ගමන ඇසුවේය. “මම රටේ මහතෙකු සම්බවීමට යමි” යි කීවෙමි. “හොඳයි, වික්ර මපාල මහත්මයා සම්භවීමට යන රටේ මහතා කවුරුදැයි අපට කියන එකක් නැත. නම්ත් පළාත්වත් කීවොත් මැනවැ”යි කීවේය. “මිත්රඑයානනි, පළාත කීවොත් එක පළාතකට ඉන්නේ එකම රටේ මහතෙක් බැවින් මිත්රයාට ඒ දැනගන්ට බැරිකමක් නැත. කොළඹ ආවිට නිතරම මැට්රො පොලිටන් හෝටලේ නැවතී සිටින රටේ මහතෙක් ඉදි. ඔහු අඩිගහන වේලාවට කවුරු ගියත් කිසි ලෝභකමක් නැතිව ශත පණහක හැටක අඩියක් නම් කාට වුනත් දෙයි. මේ පුද්ගලයා එක දවසක් හෝටලේ ඉදිරිපිට මහපාරේ හිටගෙන ඉන්නාවිට ඉතා දුඛිත මහලු හිඟන්නෙක් අවුත් “හාමුදුරුවනේ පිනට ශතයක් දුන මැනවැ “යි ඉල්විය. නමුත් අඩිගැහීමට මිනිසුන්ට නිතරම ආධාර කරන මේ “පුදුම අධිපතියා” හිඟන්නාට ශාතයක් නොදි” පලයන් නාකියා උඹලට බෙදන්ට කාසි ම ගෙණත් නැහැ”යි කීයේය. ඒ කිම අසා ලඟම සිටි සිංහල රික්ෂොකාරයෙක් ඔඩොක්කුවේ තිබු සතපහ හිඟන්නාට දී “අනේ මනුමෂ්යියෝ උඹ පිනට ඉල්ලන්ට ඕනැ මිනිහෙකුගෙනි - ඔයත් මිනිහෙක්ද? ඔයගොල්ලන්ගේ ධනය කක්කුස්සිවලේ බැඳි මීයට සමානය යි කීයෝය. රික් ෂෝ රථකාරයාගේ වටිනා කථාව ඇසු රටේ මහාත බිම බලාගෙණ හෝටලය තුළටම රිංගා ගත්තේය. ඉතින් දැන් මා බලන්ට යන්නේ ඒ මනුෂ්ය යා නොවේ. තාත්තාත් පුතාත්, අයියාගේ පුතාත් යන අධිපතියන් තුන්දෙනම එකම නීච ගෙදරක
498 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
එක කාමරයක සිටින විට කටුගස්තොට මිනිස්සු කීප දෙනෙකුට අසූවූහ. මා දැන් සම්භවෙන්ට යන්නේ ඒ අධිපතින්ගෙන් කෙණෙක් ද නොවේ. ස්වකීය මාමා වන කොරාළට පිල උඩ වාඩිවෙන්ට දි හම්බ මුදලාලිට හාන්සි පුටුව වාඩිවෙන්ට දි සිංහල යන්ට තෝ තා කියමින්ද, හම්බ මරක්කල ආදින්ට මුදලාලි තමුසේ යන ආදි වශයෙනුත් කථාබස් කරණ රටේ මහතා සම්භවී තමුසේ යන ආදි වශයෙනුත් කථාබස් කරණ රටේ මහතා සම්භවීමටද නොවෙය. මා යන්නේ ඔය කී මිනිසුන්ට වඩා වෙනස් ගති අති රටේ මහතෙක් සම්භවීමටය”යි කීවෙමි. ඉන්පසු මගේ මිත්රියා ඒ කාථාව නවත්වා වෙනත් නොයෙක් දේ ගැන කථා කරමින් ගොස් මිරිගමින් බැන්සේය. මගේ මිත්රනයෙක් සම්බවීමට මටත් උපමනා බැවින් මා අදහස් කළ දුම්රියපලෙන් බැස එහිදි දවාලට බත් කා, ප්රනකෘති වේශය මාරුකර වන්දනාකාර මහල්ලෙකුගේ වේශයෙන් ගමන් ගතිමි. මා බලන්ට ආ රටේ මහතාගේ වලව්ව ලඟට යන්තම් රාත්රි හතට පැමිණියෙමි. වලව්වට හැතැප්ම කාලක් පමණ දුරින් තිබුණු බත්කඩේකින් රෑට බත්කා වලව්ව ලඟට ගියෙමි.ඵ් වෙලාවේ වලව්වේ කවුරුත් නිදිගන්නට සූදානම් වන වේලාවය. වලව්ව ලඟම තිබෙන වඩුපට්ටලයක්ට ගොස් රාත්රීම එහි නිදාගන්ට අවසර ඉල්වීමි. ඇත්තෙන්ම එහි අධිපති බාස් ඉතාමත් කරුණාවත් මනුෂ්යලයෙකි. හෙතෙම මට කෑමත් දි හොදහැටි නිදාගන්ට සැලැස්සුවේය. වලව්වේ ඉන්නා වැඩකාරයෙක්ද ඒ වෙලාවට ඒ මඩුවේ උන්නේය. බාසුත් ඒ වැඩකාරයාත් දෙදෙනා “දිසා මහතාගේ” විත්තිය කථා කරමින් සිටි බැවින් මම ඒ වැඩකාරයාට කථාකොට “මේ ළමයා දිසා මහතුවන්ගේ වලව්වේ ඉන්නා කෙනෙක් ද? කොහෙමද, බොහොම හොද කෙනෙක්ද ? රටවාසින්ට අනුකම්පාකරණ කෙනෙක්දැ”යි ඇසුවෙමි. එවිට බාසුත් වලව්වේ වැඩකාරයාත් දෙන්නාම සිනාසි පෙරේදා මෙහි සිටියා නම් උන්නැහේගේ පුදුම හොඳකම දැනගන්ට ලොක්කාටත් ඉඩ තිබුණා. මේ උන්නැහේලාගේ විත්තිය කියන්ට ගියහොත් ලොකු උන්නැහේට අද නින්දක් නැතැ”යි කීය. මම එවිට පැදුර උඩම වාඩිවි “අනේ බාස් උන්නැහේ පෙරේදා සිද්දවෙච්ච එක පමණක්වත් මට කීවොත් ලොකු උපකාරයකි. මම මේ වන්දනාවේ ඇවිදිනා කෙනෙකි. මේ උඩරට රදලවරන්ගේ තොරතුරු දැන ගැනීමට ඉතාමත් ආසා ඇති කීවෙමි. එවිට වැඩකරුවාටත් ප්රනථම බාස් මෙසේ කියන්ට පටන්ගත්තේය. “ලොකු උන්නැහේ අප රටේ මුදලිවරුන්ගෙන් තොරතුරු හරිහැටි නොදන්න බව පෙනේ.
පියදාස සිරිසේන නවකථා එකතුව 499
අතරෙන් පතර මනුෂ්යක ගුණයෙහි පිහිටි අනුකම්පා පරවශ මහත්වරුන් සිටිති. නමුත් වැඩි කොටසක් මාපිලුන්ට සමානය. මාපිලා ලේ බොනකොට මිනිහාට නින්ද යයි. නමුත් ලේ උරන්ට පටන් ගත්නේ ලොකු මාපිලෙක් නම් පැයක් දෙකක් යනකොට මිනිහා එතන මැරිලාය.පෙරේදා අපේ දිසා මහතාගේ ගෙදර කංකාරියක් තිබුණාය, එහි කටයුතු සියල්ලම කොරාළ, ආරච්චි, විදාන ආදින් හා ඔවුන්ගේ ගම්වල ඉන්නා මිනිසුන් විසින් කරණ ලදි. මඩුකුඩම් තැනීමට පවක් ගස් උණගස් වැල් ලනු පොල් අතු පවා එක එක්කෙනා විසින් ගෙණ එන ලද්දාහ. එසේ ගෙණත් ඒ මඩුකුඩම් ආදිය තැනීමට පැමිණි අසරණ මිනිසුන්ගෙන් සමහරුන්ට බඩගින්නේ ඉන්ටත් සිද්ධවිය. සමහරුන් අතේ මුදල් තිබි බත් කඩවලින් කෑම කෑහ
“දවස් කීපයක් මෙසේ නිරහාරව කුලියකුත් නැතුව දිසා මහතාට මඩුකුඩම් හදා පෙරේදා රැ මේ පළාතේ සියලු දෙනාම පාහේ කද මල්ල බුලත් හුරුලු රුපියල් පහේ දහයේ නෝට්ටු කොළ රැගෙන වලව්වට ගොස් ඒවා ඔප්පු කොට දොහොත් මුදුන් දි නමස්කාරකොට එලියට යන නමුත් බුලත්විටත් වත් කිසිවෙකුට දෙන බවක් නොපෙනුනේය. හැබැයි රටේ මහතා ඒ තෑග්ග ගෙනා මිනිහාගෙන් එය භාරගනිමින් “ඔව් උඹලාට දැන් අමාරුතමා, තෑග්ග සුඵ වුනාට මක්කරන්ටද ?” යන මේ වචනය කාටත් පාහේ කීවේය. එක කෝරාළ කෙණෙක් පැහිදුම් කදකුත් රුපියල් පණහකුත් ගෙණත් පිලිගැන්නුවේය. ඔහුටත් “ඔව් උඹහේට දැන් අමාරු තමා, තෑග්ග සුඵ වුනාට මක්කරන්ටද “ කියා කියේය. ඇත්තෙන්ම කෝරාළට ඉවසිය නොහැකිව තැන. හාමුදුරුවනේ “ඔතන රුපියල් පණහක්ය”යි කිය. “හොදයි කෝරාළ, උඹට ජය කාලයක නම් මෙහෙම කංකාරියකදි රුපියල් සියයක් හමාරක් ගෙණාවත් වාඩි නෑ නෙවේද”යි කීය. කොරාළ ඊට වඩා කථාකරනට බැරිව යන්ට ගියේය. ඉතින් ලොකු උන්නැහේට මේ කාරණය සම්බන්ධව විශේෂයෙන් කිවයුත්තේ පෙරේදා දාවල් සිට රැ නවය වනතුරු ඔය වලව්වට කෑම කත් හා කැවිලි කෙසෙල්කන් කන් සිය ගණන් ලැබිලත් එතන වැඩ කරන ගම්වල මිනිහෙකුටත් බත් කටක් නොදි ඔය තරම් විශාල කෑමගොඩට මක්කළාද? යන්තම් කංකාරියට ආ ඇඳුරන්ට බත බුලත දෙන්ට ඇති.නමුත් වරින්වර ඔවුන්ගෙන් කීපදෙනා බැගින් අවුත් අර පෙණෙන තේ වතුර කඩෙන් තේවතුර බොන බව දුටිමි. ඉතින් ඔයින් හැඟෙන්නේ ඔවුන්ටවත් තේවතුර ටිකක් නුදුන් බවය. පෙරේදා කංකාරියන් පමණක් මුදල් සහ පොල් ආදි දේ පවුන් තුන් හාර සියයකට අඩුනොවන්ට
500 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
අපේ දිසා මහතාට ලැබුනා. කංකාරි ආදියේදි කෙතරම් උපකාර කළත් ඊට පසුදින රාජකාරියකට ගියොත් මිනිහා නාඳුනයි. “වලමේ” නැතුව කථාවත් නොකරයි. අනේ අප්පේ අපේ රටේ මහත්ගේ තොරතුරු ඇසුවොත් ලොකු උන්නැහේ භයවේය”යි බාස් කීයේය. මේ කථාව අසා මගේ ඇඟ හිරිවැටි, ආ බාස් උන්නැහේ, මේ රටවල මිනිසුන් තවමත් ඔය තරමට අඥනද? ඔයි විධියට මිනිසුන්ට සලකද්දි ඔවුන්ගේ මගුල් කංකාරි ආදියට තෑගිබෝග ගෙනෙන්නොත් ඒවායේ වැඩපල කරන්නොත් එසේ නොකලොත් ඔවුන්ට රටේ ඉන්ටවත් බැරිවෙත් යයි සිතන්නාහුද?”සත්තකටම ලොකු උන්නැහේගේ කථාව හැබෑ තමයි. නමුත් කොරළාගේ පටන් කවුරුත් කරන්නේ ඔය විධියටයි. යමක් කමක් ඉගෙනගත් මිනිසුන් දෙතුන් දෙනෙක් මෙහි ඉදිත්, ඔවුන් නම් එබඳු නැත්වලට යන්නේවත් ඒ කිසිවක් සලකන්නේවත් නැති”යි බාස් කීය. ඉතින් මට දිසා මහතාගේ පවුලේ තොරතුරු ටිකක් දැනගන්ට උවමනා බැවින් “කොහොමද,බාස් උන්නැහේ’ දිසා මහාතගේ පවුලටත් උසස් බවට පමිණෙන පුණ්යාවත් දරුවන්ගෙන් යුත් එකක්දැ”යි ඇසුවෙමි. එවිට බාස් හයියෙන් සිනාසි “අනේ ලොක්කෝ යකිනාරම් ගස්වල පැණිදොඩම් පළගන්නා බවක් “අරාබියන් නයිට් එකේ” වත් කියා තිබේද? අනුන්ගේ ගිනි කන,අනුන් තලපෙලා ජිවත් වන මනුෂ්යියන්ගේ පවුල්වල පින්වත් දූ දරුවන්ගෙන් යුක්තවිය හැකි නම් ඒ පුදුමයක් නොවේ දැයි”කීය. රටේ මහතා අතිශයින්ම අයුතු මිනිහෙක් බව දැනගනු මිස ඔහුගේ රහස් කරුණු මොවුන්ගෙන් දැනගැනීම අපහසු බව හැඟුනෙත් මගේ කථාව එපමණින් නවත්වා නිදාගතිමි. එසේ නිදාගෙන ඉතාමත් උදයෙන්ම නැගිට බාස්ට කියා එතනින් පිටත්ව පාර අයිනේ මුවාවකට වී මගේ මහලු වේශය ඉවතෙකොට තරුණ ගම්වැසියෙකු ලෙස සැරසී ඇඳුම් පොට්ටනියක් කිහිලි ගන්නාගෙන වලව්ව පසුකර සැතැප්ම බාගයක් පමණ දුර ගොස් එහි තිබෙන තේවතුර කඩයකට ගියෙමි. එතනදි මූනකට සෝදාගෙන තේවතුර බීලා ටිකක් වේලා කල්පනා කරමින් සිටින විට මධ්යදම වයසේ ස්ත්රි යක් ද පැමිණ ආප්ප වගයක් මීලේට ගත්තේය. මේ ස්ත්රීත වනාහි මා ලග සිටින අප්පුහාමි නමැති වැඩකාර ලමයාගේ මවය. ඵක දවසක් පමණක් ඵ් ස්ත්රිඅය දුටු බැවින් නිසැකවම ඇයට තේරුම් ගනු බැරිව ඵ් තැනැත්තිය කඩයප්පන් රැගෙණ පාරට ගියාටත් පසු ඈ පස්සෙන් ගොස් ඇගේ පුත්ර යෙක් කොළඹ ඉන්නෙදැයි ඇසුවෙමි. එවිට ඒ තැනැත්තිය “ඔව් ළමයෝ කොන්ගොඩ වික්රණමපාල මහතා ළඟ මගේ පුත්රටයා නැවතී ඉන්නේය. මම වික්රොමපාල මහත්මයාට
පියදාස සිරිසේන නවකථා එකතුව 501
ලියුමනක් ලියා තිබෙනවා. එය තැපැල් කරන්ටයි දැන් යන්නේ. මේ මගේ ළමයා හෝ වික්‍රමපාල මහත්මයා ගැන දන්නවාද? කොහොමද මා ඇඳින ගත්තේ” කියා ඇසුවේය. එවිට ඒ ස්ත්රි්යගේ සිත මා කෙරෙහි නමා ගැණිමට කුමක් කිව යුතුදැයි කල්පනා කරමින් ඈත් සමග ඇගේ ගේ දිසාවට ගියෙමි. ඒ ගෙදර මිදුලේ තරුණියෙක් ද සිටින බව දැක ඒ මේ තැනැත්තියගේ දුවක් බව ද වැටහී මම මෙසේ කීමි. “මම මේ කෝන්ගොඩ වික්රුමපාල මහතාගේ උවමනාවක් සදහා යන ගමනකි. මම උන්නැහේගේ වැඩ පිණිවිඩ කරණ කෙණෙක්මි. එතන සිටින නුඹේ පුත්ර යා “අප්පුහාමි” මගේ අති මිත්රවයෙකි. මම ඔහුත් සමග මෙහි එන්ට සිටියෙමි. මේ වෙනින් කටයුත්තකටයි. එය නැවත කියන්නෙමි”යි කියා ගෙදරටම ගොස් එහි වාඩිගතිමි. රන්එතනා නමැති ඒ ස්ත්රීෙ ඉක්මනින්ම මට තේවතුර ආදිය ලෑස්තිකරදි සංග්ර.හ කළේය. ඉක්බිති ඇගේ පුත්ර්ය වන “අප්පුහාමි” මාත් සමග එන්ට සිටි වෙනින් කටයුත්ත කුමක්දැයි ඇසුවේය. එවිට මංගල්යතයක් සම්බන්ධයයි කීවෙමි. ඒ අසා ඒ තැනැත්තී සිනාසුනාය. ගේ තුල සිටි ලමිස්සි ද ඒ වචනයට මදක් සිනාසී ගෙයින් පිට ගියේය. මෙසේ ටික වේලාවක් අප කථාකරමින් සිටින විට “රන්එතනාට එන්ට කීවා” යයි කෙල්ලක් දුවගෙන අවුත් කීය. ඒ වලව්වෙන් ආ පණිවඩයක් නිසා එතනා එහි ගොස් එනතුරා මට ඉන්ට කියා කෙල්ලක් සමග ගියේය. ඒ අතර මම ගෙයින් පිටතට අවුත් පාර දෙස බලා ඉන්නවිට ලක්ෂ ණ සම්පන්න අවුරුදු හතලිහක පාහේ වයසැති ශක්තිමත් මිනිහෙක් ඒ ලඟින් යමින් මා දෙස බැලුවෙමි. එවිට රන්එතනාගේ දූ වන මැණික් හාමි මට ඇසෙන්ට මෙසේ කීය. “ඒ යන්නේ එහා ගමේ දූරයා යි. ඔයා වලව්වේ විරුද්ධකාරයෙකි. දිසා හාමුදුරුවෝ ඔයා සමග බොහොම තරහයි. නමුත් ඔය මිනිහා නම් නිතරම වලව්වේය”යි කීවේය. වලව්ව සම්බන්ධ තොරතුරු මොහුගෙන් දැනගන්ට පුඵවනැයි සලකා ටිකක් දුර ඔහු පස්සේ ගොස් “ දුර අයියා සම්බවීමටත් සිතාගෙන මම ආවෙමි. මම සිතාකොරළේ උඩුගහ පත්තුවේ කෙනෙක්මි. ඉඩම් කෑලි දෙකක් තුනක් බදුගන්නා කල්පනාවෙන් මෙහි පැමිණියෙමි. මෙහි එද්දි අපේ ගමට අල්ලපු ගමේ උඹලාගේ වැදගත් කෙනෙක් උඹේ තොරතුරු කියා උඹෙන් උපකාර ගන්ට පුඵවන් බව දන්නා තිබුණේය. උඹ සම්බවීමට යන්ට සිතාගෙන ඉන්නකොට උඹත් මෙතනින් යනවා දැක මේ ගෙදර ළමයා මට පෙන්නා දුන්නාය” කීවාම දුරයා සිනාසී මට ඔලුව පාතකොට “කවුද ආයුබෝන්ඩ මා ගැන කීව්වේ. වෙලේ ගෙදර අපේ මාමාදැ”යි ඇසුවේය. “ඔව් එයි තමාය”යි කීවාම දුරයා විශ්වාස
502 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
කොට මාත් සමග ඔහුගේ ගෙදරට ගොස් මට බුලත්විටකින්ද සංග්ර්හ කොට මම සොයන්නේ කුඩා වතු බැවින් බදු දෙන්ට තිබෙන එකක් දෙකක් පෙන්නමින් මා සමග ඇවිද ගියේය. ඒ යද්දි අපට තැබෑරුමක් සම්භ විය. දුරයාට අඩියක් අරන් දුන්නොත් ඔහුගේ සිහිය නරක්තොට මගේ අදහස ඉෂ්ටකරගන්ට පුඵවන. නමුත් මොහු බේබද්දෙක්දැයි නොදත් බැවින් මමත් කථා නොකර ඔහු සමග ගියෙමි. දුරයාට තැබෑරුම පසුකරන්ටම බැරිවිය. මා දෙස බලා කොහොමද අප්පුහාමි, පුංචි අඩියක් නොගහා මට නම් යන්ට අමාරුයි. මට සුඵ මුදලක් දෙන්ටයයි මගෙන් ඉල්ලීය. එවිට මම ඔහුට රුපියලක් දි දුරයියේ උඹට උවමනා තරමක් බීපන්, මම උදේම අඩියක් ගැහුවා, ඉතින් මම රැට මිස දැන නොබොමියි කීමි. දුරයා බීමට ඉතාමත් ගිජු මිනිහෙකි. රපියල ලැබුනු බැවින් ඔහු සිතු දිහාවට නොව මට උවමනා දිහාවට ඔහු කැඳවාගෙන ආවෙමි. එසේ අවුත් ප්රදසිද්ධ කඩමන්ඩියට ආවෙමි. එහිදි රටබීම සාප්පුවකට ගොස් මම ලැබනේඩ් බෝතලයක් බී දුරයාට රුපියලක විස්කිද අරන් දුනිමි. ඉක්බිති ඔහුත් සමග කෑම දෙන ස්ථානයකට ගොස් කෑම ද දී මම ද කෑම කා මේ පුද්ගලයාත් එකතු කරගෙන විශාල පොල්වත්තක් මැද ගසක් මුලටවී කථාවට පටන් ගතිමි. මේ වේලාවට දුරයාට සම්පූර්ණ වෙරිමත් අවුත්ය. ඔහු දන්නා කෙතරම් තදබල රහසක්වත් නොහඟවා කියන නපුරුම ගතියට ඔහු, පැමිණ සිටියේය. “ආ දුර අයියේ උඹවාගේ හැඩහුරුකම් ඇති සක්ති සම්පන්න මිනිහෙකුට කොහේගියත් හොඳට රැකෙන්ට බැරිද ? මොකද ගමට වී නිකම් ඉන්නේ, අපේ ගම් පළාතට ආවොත් මම හොඳ කටයුත්තක් යොදවන්නෙමි” කීවෙමි.”අනේ අප්පුහාමි මම මෙහි ඉන්නෙත් දිසා හාමුදුරුවන්ට අඩුවෙන් නොවේ. අනික් අයගෙන් කෙසේ වෙනත් දිසා හාමුදුරුවන්ගේ වලව්වෙන් මට ඇති සැලකිලි අප්පුහාමි දන්නවා නම් පුදුමවේය”යි කියා ඔහුත් වලව්ව සම්බන්ධ විස්තර සහිත කථාවක් පැය එක හමාරක් පමණ මා සමග කීයේය. දිසා මහතාත් මැණිකේත් පුත්රියාත් දූවරුත් සම්බන්ධ සියලුම කථා කීවාට පසු මට ඔවුන්ගේ චරිත ඉතා හොඳින් තේරුම් ගිය බැවින් මීට පසු රටේ මහතා අභිවුඛයේදි සියල්ල ප්රොකාශ කරන්ට පුඵවන් බැවින් දුරයාත් සමග මහ පාරට අවුත් ඔහු ගෙදර යන්ට සලසා මම කුළී කරත්තයක් රැගෙන එහි නැගී ඊයේ දාවල් ආහාරගත් මිත්ර්යාගේ ගෙදරට ගියෙමි. එහි ගොස් එදා රාත්රීු එහි නැවතී සිට පසු දින උදේ ප්ර්කෘති වේශයෙන් වික්රයමපාල මෙන් ඇඳගෙන කරත්තයක නැගී වලව්වට පැමිණියෙමි. මා දුටු හැටියේම රටේ
පියදාස සිරිසේන නවකථා එකතුව 503
මහතා ඉතාමත් ප්රනසන්නව මා පිළිගෙන වාඩිවෙන්ට දී තේවතුරෙන්ද සංග්රඉහකොට මා ප්රරමාදවුනේ මන්දැයි ඇසුවේය. එවිට මම සිනාසී “මම ප්රිමාද නූනෙමි. මා මේ පළාතට අවුත් කීප දිනකි. නමුත් මේ වේශයෙන් ආවේ නම් අද පමණයි. දිසා මහත්මයාලා අවුරුදු ගණනක් කරපු කටයුතු සොයා ගැනීමට ගත් අට දිනක්වත් නොගොස් බැරිය. ඒ කොයිහැටි වූනත් මම කරුණු ටිකක් සොයා බලා ගතිමි. ඊට කළයුතු ප්ර කාර කල්පනාකර ගතිමි. විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය සොයන්ට භාරගෙන මාසයකටත් වැඩි විය. ඒ සම්බන්ධ තොරතුරු සොයමින් සිට අපේ දිසා මහත්මයා සතුටු කරණ පිණිස මෙහි පැමිණියෙමි. මේ කටයුත්ත ඉවරකොට අද බැරිවුනොත් හෙට නොවරදවාම මම යා යුතුය. අද අපට කථාබස් කරන්ට නිවාඩු තිබේද”යි ඇසවෙමි. එවිට දිසා මහතා ඉතා කරුණාවෙන් පිටට අත ගසා “අනේ වික්රිමපාල මහත්මයෝ , අද රාත්රිප මෙහි ඉන්ටම ඕනෑ, මගේ ළමයා දෙන්නෙක්ම ඉන්නේ නුවරයි. ඔවුන්ට එන්ට කියා මම දැන් විදුලි පුවතක් යවන්නෙමි. මාත් සමග අද දවාඵත් රාත්රිමත් කථාබස්කර සතුටුවෙන්ටම ඕනෑය”යි කීයේය. දිසා මහතාගේ මැණිකෙත් දූවරු තුන්දෙනෙකුත් එවේලාවේ වලව්වේ උන්හ. ඔවුහු මා දැක මහත් සතුටට පත්වුන බැව් ද මට ගැඟුනේය. දිසා මහතා එදා ප්ර සිද්ධවූ පත්ර යක් පෙන්වා “බලන්ට දැන අපේ රටේත් ප්රාසිද්ධ මිනිස්සු සිටිති. මේ මහතුන්ට පත්ර් කර්තෘවරු කර තිබෙන ප්රගශංසා බලන්ට. මේ උදවියට ප්රිශංසා කරණ පත්ර් කර්තෘවරු මේ කරණ ප්ර ශංසාව යුතු ද අයුතුද මම නොදනිමි. නමුත් මුදලි මුහන්දිරම්. සමාදාන නඩුකාරකම් හා දිසාපති කම් ආදිය ලබන මිනිසුන්ටත ආණ්ඩ්වෙනුත් ගරු බුහුමන් ලැබේ. පත්රපවලින් කවිවරයන් විසින් කථිකයන් විසින් කරණ “පාරට්ටු” දකින් දකින මිනිසා මක්කරලාවත් ධනවත්, වෙමින් ඒවා ලබා ගනියි.” “පරාර්ථකාමි ධනවත් මිනිස්සු බොහොම ඉන්නා අපේ රටට දැන් ඇති හිඟේ මොකදැ”යි රටේ මහතා කියමින් මා අතට පත්රාය දුන්නේය. මම ද පත්රහය බැලුවෙමි. එක්තරා දොස්තර කෙනෙකුට “පඵපැලෙන” ප්රලශංසාවක් කර තිබුණේය. “මේ දොස්තරගේ තොරතුරු කියන්ට ගියොත් මගේ කාලය මද වේ. නමුත් දිසා මහත්මයා උපදවාපු නිසා අප රටේ පරත්ථාකාමි භාවයෙන් වැඩකරන්නන් ගැන මොකොවත් කථා නොකර නොහැකිය. ඇත්තෙන්ම පරාර්ථකාමිව වැඩ කරණ කීප දෙනෙක් අපේ රටේ සිටිනු බොරු නොවේ. නමුත් දැන් පත්ර වලිනුත් කවිවරයන්ගෙනුත් කථිකයන්ගෙනුත් පැසසුම් ලබන්නාවුද සියලුදෙනාම පරාර්ථකාමිහු
504 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
යයි දිසා මහතා මොහොතකවත් බාරනොගත මැනවි සුරා වෙළදාම කොට නොහොත් “ක්රිවස්තියානිවි” ලොකු බූදලයක් ලබාගෙන නොහොත් අන්නුට උගුල් ඇදලා කාගේවත් ධනයක් කඩාගෙන හෝ දොස්තර පෙරකදෝරු අදවකාත් ආදි වැඩ ඉගෙන පරානුකම්පා මාත්රසයක් නොකොට අසරණයන්ගෙන් හා නිතර නඩු කියන මෝඩයන්ගෙන් “ගිනි” රැගෙන හෝ බ්රෝයකර් වැඩ ආදි නොයෙක් කට යුතු කොට, සුඵ නිලයක් ලබාගෙන ඒ පලාත්වාසි අඥාන නූගත් අය මුලා කොට ඔවුන්ගෙන් ඉඩ කඩම් ලබාගෙන ඔවුන්ගෙන් පර වැඩ ගැනීමෙන් හෝ අධම වෙලදාම් ආදිය කිරිමෙන් ධනවත් වුන මිනිසුන් අප රටේ බොහෝය. ඔවුහු ධනවත් වූ ඉක්මණින් ජනප්ර ධානියෙක් මෙන් ලොකු සභාවකට දෙකකට පැමිණිලා හෝ ආණ්ඩුවේ කටයුත්තකට රුපියල් හතඅටදාහක් දීලා හෝ ආණ්ඩුවේ උසස් නිලධාරියෙකුට බාලයක් දීලා හෝ එසේත් නැත්නම් ගම්වාසින්ගෙන් හේ පිටගම් වාසින්ගෙන් රුපියල් දෙතුන්දාහක් එකතුකොට එයින් එක්දාහක් වියදම් කොට පාඨශාලා ගෘහයක් තනා අනික් දාහ හමාර තමාගේ සාක්කුවේ ලාගෙන පාඨශාලාව ගෙවදිමට විශාල සභාවක් සූදානම් කරවා ගම්වාසින්ලාවා ඉස්කොලේ සරසවා, තොරන් දෙකතුනකුත් බඳවා, ඒ පළාතේ ඒජන්ත මහතාවත් ප්රසසිද්ධ ඉගැන්වීම දෙපාර්තමේනුවේ අධ්යසක්ෂඒක මහතා හෝ වෙනිත් නිලධාරියෙකුවත් කැදවා උන් නැහේගේ මූලිකත්වයෙන් ගෙවදීමේ මංගල්ය ඉෂ්ටකරයි.ඉතින් ඒ නිලධාරියා සමග “මේ ගමේ ළමයාගේ දියණුව සදහා මගේ වියදමින් රුපියල් පන්දායක් වියදම් කෙළෙමි. මම අර පාරට මෙපමණ වියදම් කෙළෙමි. මේ ගමට පැමිණි හානියේදි මෙපමණ දුනිමි”යි කියා අර මුලාදෑනියා සතුටුකොට මුහන්දිරම් නමක් හෝ මුදලි නමක් ලබාගැනීමට තැත්කරන්තොත් එසේ කොට එබඳු ගරුබුහුමන් ලබාගත්තොත් අපේ රටේ සිටිති. දොස්තරවී අන්තිම අසරණයාගෙන් උවත් ගිනි දෙක තුන වශයෙන් ගාස්තුව ලබාගෙන ධනවත් වූ පසු සභාවලටත් යමින් එමින් ආණ්ඩුව මගින් කටයුතු යම් කිසි වැඩක් දෙකක් කිරිමට මුදල් දි එයින් ජේ.පී. කමක් ලැබුනත් මදිව තව තවත් ආණුඩුවට පක්ෂව මහා ජනයාට අමාරු එලවන අන්දමින් ක්රි.යා කොට ඉදහිටලා මහජනයා සමගත් අභාවක් දෙකක් පවත්වා මහා අධිපතිකම හෙවත් “සර්” නම් ගැනීමට දඟලන්තොත් අපේ රටේ සිටිති. තමත් මුදල් ලැබුනුවිට “මිලඟට කටයුතු ප්රනසිද්ධවිමටය”යි සලකා දනන් පිනත් ශාස්ත්රට ශාලාවක් පිරිවෙණක් පිහිටුවිමාදියට අසරණයන් වාගේ සුඵ උදව්වක් කොට එහි ගෞරවය
පියදාස සිරිසේන නවකථා එකතුව 505
එහෙම පිටින්ම තමන් පිටට ආරූඪ කර ගනිමින් ආණ්ඩුවෙන් ගරු නමකුත් මහජනයාගෙන් සැලකිලිත් ලැබුවා වූද ලැබීමට දඟලන්නාවූද පිරිසකුත් අපේ රෙටේ සිටිති. ඉතින් මෙබදු ලාමක කුහක ආත්මාර්ථකාමි ප්රවධානීන් අතර කිසිවකුටත් නොදන්වා ආණ්ඩුවෙන් හෝ අන්යතයෙකුගෙන් කිසි ගරු බුහුමනක් බලාපොරොත්තු නොවී හුදු පරාර්ථකාමි අධඹයන්ට ප්රශංසා කරණ පත්රබ කර්තෘවරයොත්, කිවිවරයොත්, කථිකයොත් බොහෝ සිටිති. පත්රර කර්තෘකම වනාහි ධර්ම ශාස්ත්රු උගත්, නිර්භිත අවංක, යුක්තියට දිවි පුදන, සතර අගතියෙන් සම්පූර්ණයෙන් තුරන් වු සත්පරුෂ උතුමෙකුට අයිති වැඩකි. නමුත් දැන් අප රටේ එහෙම පත්රය කර්තෘවරු සිටිත් නම් ඒ එක අතක ඇඟිලිවලින් ගණින්ටත් මද තරම පිරිසකි. අනික් එය රුපියල් දහයක් පහක් දුන්නොත් ඕනෑම කුහක අධමයෙකුව “පඵ පැලෙන්ට” වර්ණනා කරනු නිසැකය. දැන් අපේ ඇතැම් කවි කාරයෝත් එසේම වෙති. ස්වාභාවයෙන් ම කවිකාරයන්ගෙන් වැඩිදෙනා බොරුකාර චපලයෝයි. එබඳු “කටහැකරයන්ට” සුඵ ලාභයක් ලැබුණු විට කාට නමුත් පසසා පොත් පත් තැනිම දැන සිරිතකි. වර්තමාන කථාකාරයන් ගැන කියන්ටම දෙයක් නැත. හරි කථා කාරයෝ හරි කිවිකාරයක්ටත් වඩා අපේ රටේ හිඟය. සුරා බීගත්විට ලජ්ජා භය නැතිව ඕනෑ සභාවක අනම් මනම් දොඩවන්ට පිළවන් මිනිස්සුද, තිස් පැයක් ඕනෑ සභවක අනම් මනම් දොඩවන්ට පිළවන් මිනිස්සුද, තිස් පැයක් කථා කළත් අර්ථාන්විත වචන පහක් නොකියන තබා කියනදේ තමාටම නොතේරන කටහැකරයෝ ද, තුන්සිය හැටපස් දවසේම සියලුම සභාවලදි එක කථාවම ප්ර කාශ කරණ කථිකයෝද ශතපහ බැගින් සම්මාදම් කරගැනීමට හන්දික හන්දිගානේ අඩු බුරුලන දේශනාකාරයෝද දැන් අප රටේ කථිකයෝ වි සිටිති. ඉතින් මෙබඳු මිනිසුන්ගෙන් ප්රෝශංසා ලැබීමට බැරි ධනවතෙක්වත්, මුදලියෙක්වත්, රටේ මහත්මයෙක්වත්, මුහන්දිරමෙක්වත්, ආරච්චියෙක්වත්, විදානයෙක්වත් ඇත්තේ නැත. ශත පණහේ පටන් ඉහල ගණනකට ඕනෑ කෙනෙකුට ප්ර්ශංසා කරණ “කථිකයෝ” දැන් අප රටේ සිටිති. අනේ දිසා මහතා දැන් අපේ රටේ සියුලුම දේ විපර්යාස වී පවතී. අහෝ අන්යත රටවල් දෙස බලනවිට හටගන්නා සංවේගය කාට කිවහැකිද? නමුත් දිසා මහතාලා වැනි නිලධාරිහු ඒ කිසිත් නොබලති. ඉතින් දැන් කාලේ සියලුම පත්රැ කර්තෘවරුන්, කිවිවරුන්, කථික වරුන් යන මොවුන් විසින් ප්රදශංසා කරණු ලබන සියල්ලෝම ඇත්තෙන්ම ප්රනශංසා ලැබියි යුත්තෝය යි නොරැවටෙනු මැනවි. සැබෑ පරාර්ථකාමියා යයි කියනු ලබන්නේ ධනවත්කමට වත්
506 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
උසස් තනතුරක් දරීමටත් නොවේ. තමා දුක් විද අනුන් සුවපත් කරණ තැනැත්තා හැබෑ පරාර්ථකාමියා වේ. රාජ මාත්යාිදින්ගෙන් ගරු බුහුමන් ලබා ගනීමට වැඩ කරණ කිසිවෙක් හැබෑ පරාර්ථකාමිහු නොවෙත්. බැහෑ පරාර්ථකාමියාට හෝ හෑබෑ මනුෂ්ය යාට අනුන්ගේ පට බැඳි පරාර්ථකාමියාට හෝ හැබෑ මනුෂ්යාෝයට අනුන්ගේ පට බැඳි නාමයක් උවමනා නොකෙරේ.උතුම්වූ මාණික්යඅ රත්නයට සායම් පොවන්නේ කුමටද? පිරිසුදු රත්රනට පිලිප්පු නොදැම්මාට වරදක් නැත. මහා සාගරයට වතුර කොප්පයක් ගෙන ගොස් වත්කළත් නොකළත් ඒ සාගරයට ඇති පාඩුව කීම? හැබෑ පණ්ඩිතයාට, හැබෑ පරාර්ථිකාමියාට, හැබෑ සත්පුරුෂයාට, එ තමගේ ප්රතකෘති ගුණය හා සමාන ගෞරයක් තවත් නැත්තේය. මොනරෙකුගේ පිල් වලට කෙතරම් හොද රත්රන් ආභරණ පැළඳුවත් උගේ සඳැස් පිල් පමණ ලක්ෂ ණද? සත්තකෙන්ම නැත. කාගේවත් පටබැඳි නාමයක් ලබාගන්නට වැඩ කරන්නා ආත්මාර්ථකාමින්ගෙන් අන්තිම කුහකයාය. කාගෙවත් ප්රකශංසාවක් ලැබීම සදහ කටයුතු කරන්නා දෙවෙනි තරම ආත්මාර්ථකාමි කුහකයෙකි. අනුන්ගේ ප්රුශංසා කිසිවක් නොකතා ශරීරයම සතපන්නා තුන්වෙනි පංකිතියේ ආත්මාර්ථකාමි කුහකයෙකි. ඉතින් හැබෑ පරාර්ථකාමිහුත් හැබෑ පණ්ඩිතයොත් හැබෑ සත්පුරුෂයොත් (මෙහි තුන් දෙනෙක් වශයෙන් දැක් වූ නමුත් හැබෑ පරාර්ථකාමියා තුළ හැබෑ පණ්ඩිත බවත් සත්පරුෂ බවත් පවතී. එසේම හැබෑ පණ්ඩිතයා තුළ හැබෑ සත්පරුෂයා තුළ හැබෑ පරාර්ථකාමි ගතියත් පණ්ඩිතත්වයත් පවතී. මේ නිසා තුන්දෙනෙකි. එමෙන්ම ත්රිතවිධ ගණයෙන් යුතු එක් කෙනෙකි) කීර්ති ප්රාශංසාදියට සතුටු නැද්ද? ඇත්තෙන්ම ඒ ඇතතෝද අසතුටු නොවෙති. නමුත් ඒ තමන්ගේ හැබෑ සත්පුරුෂාදි ගති ඇතිකරණ ලද්දේ කීර්ති ප්රෙශංසාදිය ලැබීමට ලෝකයාට පෙන්වන්ට නොවේ. සූර්ය උදාවීමේ ප්ර්ධාන අදහස සනාන්ධ්කාරයා දුරුකිරිමයි. නමුත් ඒ උදාවීම නිසා පියුම් ආදි මල් පිපෙත්. එසේ හෙයින් පුෂ්කරණි තඩාගාදිය අලංකාර වේ. එපමණකුත් නොව රජදරු ආදි උත්තමයන්ද බඹරුන් ආදි සතුන්ද සතුටුවන සුවඳ මල් මකරන්ද ආදියද ඇතිවෙත්. එමෙන්ම සත්පුරුෂ පරාන්ථුකාමියාගේ පරාර්ථය තමා දුක් විඳලාවත් අනුන් සුවපත් කිරිම වේ. ඒ උතුම් ක්රිියාව කරණකොටගෙන තවත් ලෝකයේ ඉන්නාවූ සත්පරුෂ යන්ගෙන් හා මධ්යනස්ථ ජනයාගනේ බලවත් ගෞරව ආදරදිය ද ලැබෙනු ඒකාන්තය. මල් පිපෙනකොට නිරායාසයෙන්ම සුවඳ විහිදි
පියදාස සිරිසේන නවකථා එකතුව 507
බඹරුන්ගේ ගායානාවද ඇතිවන්නේය. සත්පුරුෂ පරාත්ථ කාමි පණ්ඩිතයාගේ සත්ක්රිායාවට නිරායාසයෙන් ගරු බුහුමන් ආදිය ලැබෙන්නේය. ඉතින් තමාගේ ප්රුකෘති උසස් බවට අනුන්ගෙන් ලැබෙන පටබැදි නාම සම්බන්ධව නොකරන්නෝ පසුගිය කාලවල මෙන්ම දැනුත් අපේ රටේ සිටිති. ක්රිව.ව. 1892 දී කාලයාත්රාග කළ දොන් අන්ද්රිිස් ද සිල්වා ශ්රීන දෙවරක්ෂිනතාහිධාන බටුවන්තුඩාවේ පඬිතුමාට සර් ආතර ගෝඩන් ලංකේශ්වර තුමා “මුදලි” නාමය ප්රරධාන කරන්ට සූදානම් වූ නමුත් “ඒ මගේ පණ්ඩිත නම වැසීමට ආවරණය” කැයි එතුමා ප්රාතික්ෂේඩප කළ බව මම ඇසීමි. තවත් මා නොදන්නා උතුමන් පසුගිය කාලේ ඉන්ට ඇත. දැන් ඉන්නා එබඳු උත්තම පරාර්ථකාමින් කීපදෙනෙකු ගැන මම දන්නා නමුත් මෙහිදි නොකියමි.
“අපේ රටට වඩා මෙබඳු උත්තම ජනයා දඹදිව සිටිති. ජම්බුද්වීපය වනාහි සැබෑ පරාර්ථකාමි බොධිසත්වවරුන්ගේ ජන්ම භුමිය වේ. දඹදිව මහා ජනයාගේ අභිවෘද්ධය පණිස වැඩකළ නොබෝදා ස්වර්ගස්ථ වූ ගෝපාල ක්රිගෂ්ණා ගොක්ලේතුමාට ඉතා උසස් නාමයක් දීමට ආණ්ඩුව සුතුටු විය. නමුත් එතුමා එය ප්රරතික්ෂේමප කළේය. නාරයන් අයියන්ගර් රවින්දහනාථ තාගෝර් තුමා ආදීහු නිරායාශයෙන් ලැබී තිබුණු “සර්” නාමය ප්ර තික්ෂේමප කොට මහජනයාගේ වැඩමට කැමති වූහ. ශ්රේුෂ්ඨ නිතයාචාය්ය වරයෙක් වන මහත්මා ගාන්ධිෂතුමා ගොවියෙක් හා පේසකාරයෙක්ව මහජනයාට ආදර්ශ්මත් ලෙස රට වැස්සන් වෙනුවෙන් වැඩ කරයි. තවත් සිය ගණන් උත්තමයේ උත්පත්තියෙන්ම ලැබූ ධනයත් වීය්යඩයෙන් උගත් ශාස්ත්රතත් කරණකොටගෙන ලැබිය හැකි මහත් සැපත් නොවිද රජදරුවන්ගෙන් ලැබගත හැකි උසස් තනතුරු හා ගුරු නම්බුත් ප්රතතික්ෂේප කොට පරාර්ථය පිණිස වැඩ කරති. අපේ රටේ එතරම් නැතත් එබඳු ගුණැති ඉතා ස්වල්ප දෙනෙක්වත් සිටිම අපට ද බලවත් සැලසිල්ලකි. නමුත් ගරු බුහුමන් බලාපොරොත්තුවෙන් වැඩ කරණ මිනිස්සු බොහෝය. ඔවුහු හරියටම “මල් වෙඩිල්ල”වාගේය. මල් වෙඩිල්ල සාදා සුරක්ෂිත කර තබා තිබෙන තෙක් මිළ ගණනක් වටි. එය පත්තු කරන බව ප්ර සිද්ධ කළාම ටික දෙනෙක් එය බැලීමට පැමිණෙත්, නමුත් එය පත්තු කළ හැටියේ ටිකක් මල් විහිදි මිනිසුන් සතුටුකොට නිෂ්ප්රිභාවේ. ඉන්පසු ඉතුරුවන්නේ “බම්බුකොටේ” පමණකි. එය කිසිවෙකුට උවමනා නැත. එමෙන්ම ආණ්ඩුවෙන් ගරු නමක් බලාපොරොත්තු වන මිනිහාත් එය ලබා ගන්නාතුරු කරණ ක්රි්යා ටිකක් අගේ කොට මහජනයා සලකති. ඉක්බිති ඔහුට මුහන්දිරම්කම ලැබෙන
508 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
දිනයේ ගෙඩි ගෙවල් ආදිය සෑදීමෙනුත් ස්තුති පත්ර් දීමෙනුත් ගෞරව කිරීමට ඤාතිහුත් තව ටික දෙනෙකුත් පැමිණති. එදා ස්තුති පත්රුදි මගුල් කෑවාට පසු ඔහු ලෝකෙට කිසි වැඩක් නොකොට බම්බුකොටේ මෙන් වලව්වේ වෙසේ ය” යි කී විට දිසා මහතා මගේ කථාවට අතිශයින් ප්රලසන්නව “ඇත්තෙන් මහතාගේ තර්කානුකූලවූ සත්යම කථාවට කෙතරම් ස්තුති කළත් මදිය” කියා මට මුව නොසෑහෙන සේ ප්රතශංසා කළේය. මේ මගේ කථාව අසාගෙන වුන් උන්නැහේගේ මැණිකේ හා ළමෝත් අතිශයින් මා කෙරෙහි පැහැදුනාහ.
13.පර්ච්ඡේදය
[සංස්කරණය]මේ වේලාව දවල් එකොළහ පමණ වූ බැවින් දිසා මහතාගේ මාත් වතුර නාගෙන අවුත් දවල් බත් අනුභව කළෙමු. දිසා මහතා සම්බන්ධ කථාව රාත්රිනයට කල් තැබූ බැවින් ද ප්රීභති සහගතව කාලය ගතකිරිමට උවමනා බැවින්ද රසවත් කවි කීපයක් කියන්ට යයි මගෙන් ඉල්ලා සිටියේය. උදේ වරුවේ අපේ කතාව අප රටේ ඉන්නා බොරු පරාර්ථකාමින්ට අයත් එවුන්ට ප්රේශංසා කරණ පත්රර කර්තෘවරාදීන් සම්බන්ධව හෙයින් ඒ කුහක පාර්ථකාමිනුත් ඔවුන්ට ස්තුති ප්රතශංසා කරණ කුහක උගතුනුත් බාර ගන්ටයයි “කලුකුමාරය” වෙත යන ලද “මීහරක් සනේදශය” මට මතක්ව එය කීවෙමි. ඒ මෙසේයි.
01 “සැරද මීහරකා කලුකුමරාට සුමිතුරු පෙර “සමතෙක්” තරගෙට රජුට කවි බැද ලැබිය ගමක් නුඹ සන්දා මිතුරු සද එ කවිය කීමට සෑහේ නුඹ වැණිමට
02. ක ර ග ල ගා එනවා මම නොදනමි ද ක ර ග ල ගා එනවා මම නොදනමි ද ක ර ග ල ගා එනවා මම නොදනමි ද ක ර ග ල ගා එනවා මම නොදනමි ද
03. මෙ ප ම ණ වැණුම් ලත් සුමිතුරු මි හර ක කො ප ම ණ මෙදින නෑවද නුඹ මඩ වල ක තො ප එ න අතර මග ආවෙද නොවි දු ක සැ ප ත කි ඉන්ට ඇත්නම් මෙනුඹ දැක දැ ක
පියදාස සිරිසේන නවකථා එකතුව 509
04. නොමදි න් තද දුකට පත්ව සිටින ම ට වෙනඅ න් කෙණෙකුගෙන් නොලැබෙ මය පිහි ට එබැවි න් ලොවට වැඩ වන පණිවිඩයක ට සැරසෙ න් අඵත් නුවරට අද යන ලෙස ට
05. ද න ව ත් දන හොඳට කා බි සැප ලෙසි න සි ටි ත ත් මෙරට නොතකති අප දුගි ද න එ හෙ ම ත් සිටින උන්හට දැන් පත් මගි න ප ස ස ත් උත්මන්ය කියමින් යුතු සුගු න
06. තමුන් ගේ පාඩුවේ සැප විඳින ද න උතුම් බවට පැමිණෙන්නේ කොයි ලෙසි න මෙවන් කරුණු දැන දැන කුහක ගතියෙ න ඔවුන් හට කරති සැපසුම් අමන ද න
07. එබැවින් මිතුරු මීහරකෝ ගුණ නැණැ තී තගොසින් අඵත නුවරට විගස නොනැව තී දකිමින් කලු කුමරු නම් යක්ෂැ සෙන් ප තී පවසන් මේ අවනඩු මුඵ ලොවට වැඩ වෙ තී
08. ඉතින් නුඹ කොළඹ මරදානෙන් ගොසි නී දකින් කැළණියද පෑලියගොඩ හොදි නී එයින් පසුව හුණුපිටියද රාගම නී ගොරෙන් හොරෙන් යව මඩ වගුරු අතරෙ නී
09. ගනේමුල්ල හෙනරත් ගොඩ බෙම්බු ල්ලා පත්තලගෙදර වේයන්ගොඩ සිරිදු ල්ලා පල්ලේවෙල මිරිගම පොල්තුරු නි ල්ලා පසුකර අඹේපුස්සට යව නෙව මැ ල්ලා
10. අලව්වේ වලව්වල නොම නැව ති ලා වලකුඹුරේ කුඹුරකට බැස දිය බී ලා පොල්ගහවෙල රඹුක්කන ගම පසු කර ලා කඩගන්නාවේ කන්දට නගිනු සැරසි ලා
11. බලනේ විලස දක්වා සිහලුන් පො රණ බලෙන් පරංගිත් වැනසුව පැමිණි රණ බලෙන් කන්ද නැග සුමිතුරු නොව උ රණ බලෙන් නම් කෙහෙකි ඒ ලේ වැකි දෙ රණ
510 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
12. එතනින් ගොසින් අනතුරු නොව කඳු අඩි නී පලයන් අලුත් නුවරට ගරුසරු සිති නි පසෙකින් දැඩිමුන්ඩ දෙවියන් සිට බැති නි නමදින් සතර ගාතෙන් බිම පෙරලෙමි නි
13. පුරා තන පටන් සිරිලක රැක ග ත්තු විරා ජිත පවර එසුරිඳු සිරිම ත්තු සුරා වනසන්ට වීරිය පෙර ග ත්තු හැරා සිටිනු කිමදැයි විමසිය යු ත්තු
14. අඵ කර තෙද නලින් දුදනන් රුදු ව න්ඩ ඇඵ මිය කරණ සුදනන් සැප සලස න්ඩ දිඵ යස විකුම් දෙවිඳුන් වැද දැඩි මු න්ඩ කඵ කුමරා සිටින දෙවොලට රිංග න්ඩ
15. නැග මීහරකෙකුගේ පිට රුදු යකා ලෙ ස සිටිනා කඵ කුමරු සඳ දැක වඩා තො ස වැඳලා හතර ගාතෙන් නුඹ නොවි ල ස මෙලෙසින් තුනි කරන් ඒ යකුට නිසි ලෙ ස
16. රි රා මහ සොහොන් දහඅට එසමය මේ ගෝ රා අබිමාන යකු මහ සුනිය මේ නෑ රා මේ සැම සහ වසනා මිතුරුව මේ තෝ රා ගතැකි පහනා කඵකුමරුය මේ
17. තුන්ම න් සලේ රැක ඉද ලෙඩ කරණ යකා ගොම්ම න් වෙලාවට දිස්ටිය හෙලන යකා යන්න ම රුවැති ලියටත් බැල්ම ලන යකා පන්ද ම එළිය දැක නටනා රුදුරු යකා
18. මෙලෙසින් තෙද විකුම් යුත් කඵ කුමරු හ ට මබසින් සතර ගාතෙන් නැමද තුති කො ට පෙරවුන් උතුම් සිංහලයන්ගේ නම ට සතුටින් සවන් දෙන්නට කිය මේ බස ට
19. දැනට සිරලකේ සිටිනා බොහෝ දෙ න සුරා පෙරා විකුනාලා විදි ලෙසි න මුදල් බොහොම සපයාගෙණ සුරත් මෙ න කන්නන් අදින්නන් බොන්නන් රිසි ලෙසි න
පියදාස සිරිසේන නවකථා එකතුව 511
20. තවත් සමහරෙක් ඉංග්රීසසි සත ඉගෙ න ලොකු නිලතල ලබා මුදලිත් සපය ගෙ න ලොකු ලොකු වලව්වල ඉන්නන් සුරන් මෙ න මෙලෙසින් දැන ඉන්න අයගේ තැන ගණ න
21. මොවුන් මෙලෙස ඉන්නා මුත් සිරි සැප න සුරා බිබි වැනසෙති කොටසක් අම න සිප්සතරක් ඉගෙණ ගැනූමට නැති කම් න යකුන් ලෙසට ලොකු වෙති දරුවෝ දුකි න
22. කරන්නට රැකී රක්සා නැති බැව් න හිඟන්නන් වෙලා තව කොටසක් සිටි න වෙළඳාම් සියලු වෙන රට අයට අත් වු න හිඟා නොකා අපි හිඟමනට පත් වූ න
23. අනුරාපුර කුමුරු තැනුමට ඇතත් ඉ ඩ නොතකති දනවතුන්හට ඒ නොවේ වැ ඩ සියලුම ලක් දනට සැපසේ ඉන්ට ඩ ඩ තිබෙතත් දනවතුන් නොතකති රටේ වැ ඩ
24. බිබි ජින් බ්රැ න්ඩි ෂැන්පින් මත් කර න කකා මස් පාන් ආදිය රස වැහෙ න මොටෝ කාරවල යන එන සිතු ලෙසි න වලව්වල දෙවෙනි මාලෙහි සැප විඳි න
25. මිනිසුන් උතුමන්ය කියමින් කපටි ද න උතුමන් හටන් කරහති සුනක ගතියෙ න එබැවින් කල යකානනි තද තෙදැති ව න බලමින් ඔබේ කුරිරු ඇස් දෙක නෙරවමි න
26. වැඩක් රටට නොකරන ලොකු ලොකු අය ද ඔවුන් උත්මන්ය කියනා කපටින ද නරඹා කලුකුමරු මරු අවතාර ල ද කළ මැන සුදුස්සක් ලේ වැඩ වැඩෙන ලෙ ද
27. කියා ලා මෙවග කලු යකුට නමක ර අයා මුව රටේ සතුරන්ට දෙස්ක ර සොයා ගෙණ ගොසින් නුඹෙ වනගත කුඹු ර දයා වෙන් වසනු මැන වී ගොන් මුතු ර
512 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
මා මේ රසවත් කවි පංක්තිය කිවූ විට රටේ මහතා ප්රීලතිවුනා පමණක් නොවේ. ටිකක් භයටද පත්විය. රටට කිසි වැඩක් නොකරන අධමයන්ට ඔවුන් වර්ණනා කරණ පත්රට කර්තෘ වරුන්ටත්, කවිවරයන්ට හා කථිකයන්ටත් කඵකුමාරයා මොකුත් නොකර නිකම්ම නොසිටි”යි වැටහුණු රටේ මහතා මට ස්තුති කළේය. රටේ මහතාගේ විදුලි පණිවුඩය ලැබුනු දූවරු දෙන්නාද බෝඩිං ඉස්කෝලේ සිට පැමිණියාහ. මාත් සමග රටේ මහතා රාත්රිා කෑම අනුභවකොට නිමවූ පසු බුලත් ආදියද කා සාලයට අවුත් වාඩි වි අපේ කථාව පටන් ගත්තේය.
රටේ මහාත - මගේ පුත්රසයන් හා දූවරුන් මට අකීකරුව හිතුවක්කාර තක්කඩියන් වීමටත්, දූවරුන් අශික්ෂිත අකීකරු තැනැත්තින් වීමටත්, මැණිකේ මා කෙරෙහි කිසි ගෞරවාදරයක් නැති අවකල් ක්රිවයාවෙන් යුත් කෙනෙක් වීමටත් හේතුව කුමක්දැයි අපේ වික්රිමපාල මහතා දැනගත්තෙහිද? මම - ඒ කාරණය මා දැනගත්තේ මෙහි පැමිණෙන්ටත් ප්රිථමයි. මෙහි පැමිණ විභාග කළේ එහි විශේෂ විස්තර හොදහැටි දැනගනීමටයි. ඉතින් අපේ දිසා මහතා පමණක් නොව බොහෝ දෙනා සීය අඹුදරු ආදින්ගේ නොපණත්කම් නමැති බලවත් රෝගයෙන් පෙළී පෙළී ඉදිති. ඒ ගැන දිසා මහතාට කියාදෙන ප්රයතිකාර ඒ අමාරුවට පත්වි සිටින අන්යායන්ටද ප්ර්යෝජන වනු නොඅනුමායය. රටේ මහතා - මහත්මයාගේ පරීක්ෂවණවලින් මට මේ පැමිණි විපත කා නිසා සිද්ධවුනාදැයි කියහැකි ද? මම - මගේ පරික්ෂණවලින් දැනගන්ට ලැබුනෙත්, සත්ය වශයෙන් සිද්ධ වී තිබෙන්නේත් දිසා මහතාගේම වරදින්ය. කොයි ගේවලත් මුල් වැරදි කාරයා ඒ ගෘහයේ මූලිකයායි. ඇතැම් තැනක ගෘහ මූලික ස්ත්රියයගේ වරදින් පවුල්වලට අන්තාරාය වි තිබේ. රටේ මහාත - මගේ වරදින් මගේ අඹු දරු ආදින්ගේ පැවැත්ම නරක් වු බව කියන්නේ කුමන බලයක් පිටද? මම - සියල්ලක්ම මම හරිහැටි පරික්ෂාකර බලා දැනගතිමි. රටේ මහතා - කරුණාකර ඒ විස්තර කර කියන්ට. මම - රටේ මහතාගේ පියාණන් විසින් දුසිරිත් සියල්ලක්ම රටේ මහතාට ලදරු කාලේම පුරුදු කළ බව මතකද? රටේ මහාත - හොඳයි ඒ මොනවාද ? ඒ පුරුදු වන්නේ කොහොමද?
පියදාස සිරිසේන නවකථා එකතුව 513
මහත්මයා එපමණ දුර සිට මේ කාරණා පරික්ෂා කෙළෙහිද? මම - සත්තකටම පණ්ඩිත ජනයා යමක් කල්පනා කරණ විට ඒ නිරවශේෂයෙන්ම කල්පනා කිරිම සිරිතකි. මහලු බ්රා හ්මණයා මරණ භයින් බියපත්ව සේනක පණ්ඩිතයන්ගේ සභාවට පැමිණියේය. ඔහුට හෝ ඔහුගේ භාය්යායපත්වට මරණය පැමිණෙන බව දෙවියෙකු විසින් කියන ලද්දේ යයි ඒ මහල්ලා සේනක පණ්ඩිතයන්ට මෙසේ කියේය. තොටගමුවේ මාහිමියන්ගේ මධුර වචනවලින්ම ඒ මෙසේයි.
“ අ ස න් ගුණ මුහුදු මහසෙන් පඬි ස ද දෙ ස න් තර ඇවිද මා මොබට එන ස ද ප ස න් තුනු කැඵම් බබලන ලහිරු බ ද ව ස න් බරණ සැදි තුරු දෙවිතුමෙක් සො ද
නොකිවෙයි නොකියා අප දත් දේ බමුණ අ ද නොරැකෙයි බැමිණි ගෙට ගිය මග ලැග්ග තො ද පැවසිය එයින් බිය ගෙන දුක් විදිම ත ද තෙපළව මෙ තතු නුවණින් කෙණෙක විනිවි ද
මෙසේ කී විට ප්රවඥා සාගර වූ මගේ ස්වාමිදරු වූ සේනක නම් වූ බුද්ධාංකුරයානන් වහන්සේ ඒ බ්රාූහ්මණයාට කුමක් නිසා මරණය සිද්ධවේ දැයි කල්පනා කරගන්ට මෙසේ ලෝකයේ ඇතිතාක් මරණය සිද්ධවිමට හේතු වූ අනතුරු මෙනෙහි කරණ ලදි. තොටගමුවේ මාහිමිතුමා මනෝහර භාෂාවෙන් ඒ මෙසේ දක්වා තිබේ. “මහ සමුදුර සිලි ල වැටෙමින් කෙණෙක් ගංව ල මෝරුන් කිඹුල් කැ ල බත්ව වැනසෙති කෙණෙක් වැදල ල
හුණුවද දහන් දැ ල සොලිනුත් රිකින් හුණුක ල ගෙලෙහි වැල් ලූ ක ල කෙනෙක් වැනසෙති ඇති හුල්ව ල
වැටෙමින් නරාව ළ ගොර වස විස කමින් ය ළ ගන සීතෙන් හැකි ළ පිසස් සිවුපා විසින් පලක ළ
514 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
කා විතර නොම දැ න නොයෙක් රෝදුක් වැදගෙ න රොසින් දිව ඇද ගෙ න කෙනෙක් වැනසෙති සපුන් විසයෙ න
යුද මැද වැද නො බා දිවි දිවි උනුන් පසු බා නන් අවි මුණ ලැ බා කෙණෙක් වැනසෙති සතන් කල ඹා
දා දොස් මල විසි න මෝරා දොස් වැඩි මේ න වැනසෙත් නොදනමි න කෙණෙක් රජ සොර සතර බියයෙ න
මේ ඈ නරලොව තු රු විමසා සියුලු උවදු රු කුමකින් මේ අතු රු වෙදොයි සිතමින් කෙණෙක පඬිව රු ඉතින් බ්රාමහ්මණයාට සිද්ධව තිබුණු විපත මේ යයි නිශ්චය කරන්නට පෙර ලෝකයෙහි ඇතතාක් විපත් අග්රත පණඩිත මහා සේනකතුමා කල්පනා කළා මෙන්ම දැන් පණ්ඩිත ජනයාත් එක විපතක් ගැන සොයන විට එහි මුල පටන්මත් ඊට උපස්තම්භක වූ අන්යන කරුණත් විමසති. තමුන්නාන්සේගේ භාර්යාවගේ සහ දරුවන්ගේ නොපෙනත්කම් ඇතිවීමට ඇතිවූ හේතු ඉතා දුර සිටම මම පරික්ෂාවෙන් දැනගනිමි.
රටේ මහතා - මම ආණුඩුවේ වැදගත් තානාත්තරයක් ලබාගෙන ඉඩකඩම් සම්පත් ඇතිකරගෙන ඉඳිමි. නමුත් මගේ ළමයි ඒ කිසිවක් නොසලකා බේබද්දෝව, සුදුකාරයෝව, සල්ලාලයෝව, විනාශ වෙති.ඉතින් මා සම්බන්ධව කුඩා පටන් මහත්මයා දොස් වශයෙන් පෙන්වන්ට යන්නේ කුමක්ද? මම - දිසා මහතාගේ පියාත් දිසාපති කෙනෙකි. උන්නැහේගේ චරිතය කුඩා වියේදිම තමුන්නාන්සේට පුරුදු වී තිබේ. ඒ කුඩා කාලේ නිතර දැකපු අහපු කිසිම දෙයක් නපුරු හැටයටවත්, ලැජ්ජා භය සහිත දෙයක් හැටියටවත් නොවැටහීම ලෝක ස්වභාවයකි. දිසා මහතාවත් පියා සුරාපානය කළා නිතරම දැක්කා නොවේද? එමෙන්ම පියා රට වාසින්ට තර්ජනය කොට බලවත් උඩගු
පියදාස සිරිසේන නවකථා එකතුව 515
ගතියෙන් ක්රිේයා කරනු දැක්කා නොවේද? නිතරම චණ්ඩ පරුෂ වචනයෙන් කථා කරුණු ඇසුවා නොවේද? පහත් වැඩකාර පවුල්වලත අහල පහල පවුල්වලත් ස්ත්රී න් සමග නිතරම අනාචාරිව කල්ගත කරනු දකින්ට ලැබුනා නොවේද? සත්තකෙන්ම තමුන්නාන්සේ කුඩා කාලේ යම් කෙනෙක් හිස් අතින් වලව්වට පැමිණියොත් ඔහුගේ රාජකාර්ය ඉෂ්ටකර නොදෙන බවත් යම්කිසි වැඩිහිටියෙක්ව තමුන්නාන්සේගේ පියා සම්භවෙන්ට ආවිට “හාමුදුරුවෝ”ය නොකීවොත් ඔහුට බැන වදින බවත් දුටුවා නොවේද? එමෙන්ම ගෙදරට පැමිණෙන කිසිවෙකුට ගරු බුහුමන් නොකරණ බවත්, කිසිම සංග්රසහයක් නොකරණ බවත් තමුන්නාන්සේ දුටුවා නොවේද? නමුබුවම වශයෙන් ඒ සියල්ලම එසේ යයි දැන් නොකියතත් සත්යව වූ කරුණය. ඉතින් අවුරුදු තුන හතරෙ පටන් පියා විසින් කරන ලද අයුතු ක්රි යා දුටු තමුන්නාන්සේ ලොකු වුනාට පසු පොත පතින් ඒ සමහර ක්රි්යා වැරදි බව දකින්ට ලැබුවත් ඒ කුඩා කාලේ බහුලිකෘත වශයෙන් පුරුදු වූ බැවින් කිසිම සැකයක් බියක් නැතිව ඒ අපරාධ ක්රි්යාවල නියුක්ත විය. තමුන්නාන්සේ සුරාපානය කරන්ට පටන් ගත්තෙත්. පරස්ත්රීින් සේවනය කරන්ට පටන් ගත්තොත්, වැඩකාරයන්ට හා අලස්වාසින්ට තෝ,තා,අරූ,මූ ආදි වශයෙන් නිග්ර,හකොට කථාබස් කරන්ට පටන් ගත්තෙත්, අනුන්ගේ සල්ලි පණම් කොල්ල කාගෙණ කන්ට බොන්ට සෙල්ලම් කරන්ට පටන් ගත්තොත්, කිසිවෙකුට කිසි අනුකම්පාවක් නොකරනට පටන් ගත්තෙත් පාඨශාලාවට යන කාලෙම නොවේ ද? රටේ මහතා - ඔව්, මම කුඩා කාලේ වස මුරණ්ඩු කෙනෙක්ව සිටියෙමි. වික්රයමපාල මහතාට ඇත්ත සැඟවීමෙන් පලක් නැත. මම - ඇත්තෙන්ම දිසා මහතාණෙනි, දැන දැනම ඇත්ත සඟවන තැනත්තා තමාටම හොරෙකි. තමාටම තමා හොරනම් මුඵ තුන් ලෝකේ කාටත් ඔහු පල්ම හොරෙකි. දිසාමහතා මවුගේ උකුලේදි පටන්ම ලෝකේ ඇතිතාක් දුශ්චරිත අසා දැක කරලා පුරුදුව සියලුම දුසිරිත් ගැන භයක් චකිතයක් නැතිව දුසිරිතට භාජනය වූ කෙනෙකි. ඉතින් ඒ අන්දමින් කල්ගත කරණ අතර ලොකු බූදලයක් ලබාගන්ටත් රටේ චාරිත්රතයක් වශයෙනුත් මේ මැණිකේ කසාද බැඳින ලදි. නමුත් ඒ මැණිකේ කෙරෙහි අවංක ප්රේකමයක්, ගෞරවයක්, සැලකිල්ලක් ඇතුව එසේ කසාද බැන්දා
516 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
නොවේය. රටේ මහ - එහෙම කියන්ට එපා. මම මුල් කාලේදි මැණිකේට බොහොම ආදරයෙන් සැලකිල්ලෙන් සිටියෙමි. නමුත් ඒ මගේ ආදිරය නැතිවුනේ දුර විදානයා සමග මිත්රස බව දැනගත් පසුයි. මම - ඇත්තෙන්ම දිසා මහතා දැන් කී කථාව තේරුම් නැතිකමින් කී එකකි. යම් මිනිහෙක් ස්වකීය භාර්යාවට අවංකව ආදරේ නම් කිසි කාලයක ඔහුට අන්යම ස්ත්රීවයක් වෙත රාග සිතින් බලන්ටවත් බැරිය. ස්වකීය භාර්යාව කෙරේ ගෞරව කරන්නෙක් නම් ඒ භාර්යාව සෑම වේලේම සතුටු කරන්ට වීර්ය කරන්නේය. ස්වකිය භාර්යාව කෙරේ සැලකිල්ලක් පවතී නම් ඒ භාර්යාව තමා සන්තක සියල්ලෙහිම එකම හිමිකාරිකොට ඇය කෙරෙහි බලවත් විශ්වසායක් තබන්නේය. ඉතින් දිසා මහතා එහෙම කළ බවක් මට නොපෙනේ. ස්වකීය බිරින්ද ගෙණෙන විටත් වලව්වේම් වල් ස්රී බලනන් තුනදෙනෙක් නතර කරගෙන වුන්නේය. ඒත් මදිව මැණිකේගේ ඇස් දෙකටම පෙනි පෙනි බත්ගමාදි පයත්ය කියන කුලවල ස්ත්රිේන් සමග කල්යවා තිබේ. මැණිකේට පෙණෙන්ට දැන ගන්ට පමණක් නොව දිසා මහතාගේ දියණිවරන් ලොකු වුණාට පසුදා එබදු දුසිරිත් විලින් මේ ස්ථානය පිළිකුල්ව පැවැත්තේය. ඉතින් මැණිකේගේ සිතේද භය ලැජ්ජා නැතිව ගොස් ඈ සිටියදි අන්ය. ස්ත්රීණන් සමග කල් යැවීම ගැන කේන්ති ගොස් දුරයා සමග මිතුරුව මැණිකේද අනාචාරි විය. දිසා මහතාට “විස්කි අඩි” ගැසු පසු මේ මව්ය. මේ පියාය. මේ භාර්යාවය, මේ දුවය, මේ පුතාය ය යනාදි කිසිම වග විභාගයක් නැතිව ඕනෑ නීච දුශ්චරිතයක් කරන්ට පිළිවන් විය. තමුන්නාන්සේ විසින්ම මත්පැන් බීමට පුරුදු කරණු ලැබූ මාණිකේද මත්පැන් බීගත් පසු කිසිම බියක් නැතිව නින්දිත දුශ්චරිත කරන්නට පටන් ගත්තීය. මවුපිය දෙදෙනා තරඟෙට මෙන් කරන්නාවූ මේ දුසිරිත් දුටු දූවරුත් පුත්රෙයොත් කුඩා කාලේ පටන් ඒ දුසිරිත් කරන්ට පුරුදු වූහ. කිසිම ප්රතතිපත්තියක් ධර්මයක් නොකරන්නාවූ තමුන්නාන්සේ නිසා මැණිකේත් එබඳු කෙනෙක් විය. ඉතින් මව් පිය දෙදෙනාම අගමක්, ධර්මයක්, ප්රෙතිපත්තියක් නැති අශක්ෂිත යන් වූ පසු ඉපදුනාවු දරුවෝද ඒ මව් පියන්ටත් වඩා අශික්ෂිත පහත් අය වූහ. දූ දරුවන්ගේ ශික්ෂිත භාවයත්, සදාචාරයත්, උත්කෘෂ්ටභාවයත්, සුවච කීකරු භාවයත්,
පියදාස සිරිසේන නවකථා එකතුව 517
බාලපොරොත්තු වන මව්පියෝ තුමු ම ඒ ගුණදහම් රක්ෂාකටයුත්තාහුය. තමා රක්ෂා නොකරණ හෙවත් තමා තුළ නොපිහටි ගුණයක්, සීලයක් දරුවන් තුළ ඇතිවේ යයි බලාපොරොත්තුවිම අමු වපුරා වි කපා පාගා ගන්ට වෑයම් කරන අමණයෙකුගේ ක්රි යාවට සමානය. ඉතින් අපේ දිසා මහත්මයාට මා මේ කියන කරුණු වලට විරුද්ධව යමක් කියන්ට ඇත්නම් දැන්මම කියනු මැනවි. රටේ මහතා - අනේ වික්රවමපාල මහතාගේ කථාවට මම කුමක් කියම් ද? දැන් මෙහිදි කියාපු සත්යේ වූ වචන එකක් පාසා සැදුකාර දිය යුතු වචනය, මගේ ක්රිියාකාරකමේ වැරැද්දෙන් මැණිකේ නරක් වූ බව දැන් මටත් තේරේ. එසේ නොවේ නම් ඉතාමත් ශික්ෂිතව ඇතිදැඩිවුනු ඒ තැනැත්තිය මෙතරම් මුරණ්ඩුව මෙබඳු දුසිරිත් නොකරෙයි. සියල්ලටම හේතුව මගේ වරද බව දැන් මට පෙනේ.
මම - ඔව් දැන් පසුතැවිලි වීමට කමක් නැහැ. දිසා මහතාගේ දියණියන් තුනදෙනා වලව්වේම සිටින වැඩ කාරයන් හා පහත් මිනිසුන් සමග කථාකරණ හැටි දුටුව මව් එක් දිනක් වැඩිමහල් දුවට අවවාද කළාය. එවිට ඒ ළමයා මවුට බැනවැදි “නුඹ පඳුගෙඩියන් සමග කල්යවන කල්හි අපට මක්කරන්ට යුතුනැද්ද”යි කීවේ නැද්ද? දිසා මහතාගේ පුත්තු මේ පළාතේ හැසිරෙණ පොළොන්ගුන්ට සමානය. ඔවුන් විසින් දෂ්ටකරුණු නොලැබු කිසිවෙක් මෙහි නැත. අහෝ තමුන්නාන්සේගේ පවුල පමණක් නොවේ. මුඵ ලක්දිව ඉන්නා සෙනග අතරේ බලසම්බන්න අයවලුන්ගෙන් සියේට අසූවක් තරම් මෙසේය. ඔවුන්ගේ ගෙවල් ලොකුවට තිබුණත්, ඔවුන්ගේ නම් ගම් දික්ව ලක්ෂණට තිබුණත්, ඔවුන් සභාවලට ගොස් ඔවුන්ට සමාන අධිපතියන්ගෙනුත් නුගත් අසරණ අඥානයන්ගෙනුත් ගරුබුහුමන් ලබතත් ඔවුන්ගේ වලව් බොහොමයක් දැනටම “ඉලව්”වි ගොස් තිබේ. ඉතිරිව තිබෙන ටිකේත ඉපිද සිටින්නෝ ලෙඩ්ඩු,දුර්වල වු, අඥාන වූ,කාලකන්නි පවුකාරයෝය. රට විනාශ කළ සමරගමු පළාතේ අධිපතියන් කීප දෙනෙකුගේම පරම්පරා සමූල ඝාතනයෙන් විනාශ වූහ. පරලොව පැත්තකින් තබා මොලොවම කටුක දුක් පමුණුවන දුශ්චරිත පුරුදු වීමෙන් පවුල් භේදව වනාශවන හැටි බල බලාත් රප රටේ රටේමහත්තැන් ආදිහු තවමත් කල්කරණ හැටි භයානකය. ඉතින් මම අපේ දිසා මහතාට ගුරුකමක් කියමි.
518 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
අපේ තථාගතයන් වහන්සේ නිර්වාණ මාර්ගය පෙන්වන්නා පමණක් නොවේ. උන්වහන්සේ සදාචාර වර්ධනය කරන්නන්ගෙන් හා දේශපාලන ශාස්ත්‍රඥායන්ගෙන් ද ශ්රේනෂ්ඨය. උන්වහන්සේගේ ධර්මහෙහි ප්රකාශිත වූ නියත වශයෙන් අපායගාමි වන අකුසල් හයකි. එනම් - පංචානන්තරියයි. මිථ්යා්දෘෂ්ටිකයයි. ඉතින් අපේ දිසා මහතා වෙන කොරතම් දුශ්චරිත කළත්, මේ භයෙන් එකක් වත් නොකළේය. එහෙයින් මෙතැන් පටන්වත් නිත්ය් පංචශිලායත් පොහොය අෂ්ටංග ශිලයත් රක්ෂාකරමින් ධර්මික උපාසකයෙක්ව කල් ගත කළොත් මෙතාක් කළ පාප ක්රි යා යටපත් කොට සුගති සංඛ්යා්ත දිව්ය ලෝකයෙහි ඉපදෙන්නට උත්තම ධර්මය පරම්පරාගතවම අයිති නිසා දිසා මහතාට ඉඩ තිබේ. දැන් දිසා මහතා සුචරිතයෙහි පිහිටා දරුවන්ට හෙමින් අවවාදානුශාසනා කොට ඔවුන්ට ධර්මය ඉගැන්වීමෙන්ම ඔවුන්ට පුරුදුවි තිබෙන දුසිරිත් අඩුකළ යුතු නැනට පැමිණ තිබේ. ඉතින් ඒ සදහා මටත් හැකි තරමක් අනුබල දෙනෙනෙමි. පළමුකොටම අද පටන් සුරාපානය නොකරන්ටත්, එය ඉතා නපුරු දෙයක් හැටියට දු දරුවන්ට පමණක් නොව රටවාසින්ට කියා දෙන්ටත් පටන්ගත මැනවි. මේ පළාතේ ධර්ම ශාස්ත්රද නූගත් ළමයින් ධර්ම ශාස්ත්රණ ඉගැන්වීම සදහා පාඨශාලා තබා ගම් වාසින්ද මැදහත් කරගෙන සුචරිත වර්ධන සමාගමක් පටන්ගෙන දරුවන්ද එහි සාමාජාකයන් කොට උගත් ස්ථිවිරයන් වහන්සේලාත් පණිඩිත ගිහිජනයාත් ඒ සමාගමට පමුණුවා ඔවුන් ලබා දුශ්චරිතයෙහි භයංකර භාවයත් සුචරිතයෙහි ඇති උත්කෘෂටතාවයත් ප්රරකාශ කරවිය යුතුයි. කෙතරම් අපිරිසිදු ජලය පුරවන භාඡනයකට උවත් නොකඩවා නිතරම පිරිසිදු ඡලය වැක්කෙරේ නම් අර අපිරිසිදු ජලය ක්රරමයෙන් පහව ගොස් ඒ භාජනයේ වතුර අත්ය න්ත පාරිශ්රධ භාවයට පත්වේ. එමෙන්ම කෙතරම් පව්කරමින් සිටි කෙනෙක්වත් ඒ තමා කරමින් සිටි පාපක්රි යා නවත්වා නිතරම කුසල ධර්මයෙහි හැසිරෙන්ට පටන් ගත්තොත් ඒ පාප නමැති කුසල වැගිර ගොස් කුසල වේතනා වලින්ම යුක්තවූ සත්පුරුෂයෙක් විය හැක්කේය. මේ නිසා දැන් අපේ දිසා මහතා කලනොකිරි අමුතු ධෛර්යයක් උපදවා ගත මැනව” පියදාස සිරිසේන නවකථා එකතුව 519
රාත්රී දෙක පමණ වනතුරු නොයෙක් අවවාද කොට නිදාගතිමුග පසුදින උදේ මගේ කටයුත්තකට යා යුතු බැවින් දිසා මහතාට කීවෙමි. උන්නැහේ කීප දිනක්ම මා නතරකර ගන්ට වීර්යය කළේය. අපේ බොහෝ දෙනා නරක්ව තිබෙන්නේ මව්පියාදින්ගේ නපුරු ආදර්ශය ලැබීමෙනුත් හොද නරක දත් කල්යායණ මිත්රතයන් ආශ්රිය කරනට නොලැබීමෙනුත් බව මේ දිසා මහතාගෙන් මට ප්ර ත්යතක්ෂරවිය. දිසා මහතා මට මුව නොසෑහෙන ලෙස ස්තුති කොට මෙසේත් කීයේය. “මගේ මැණිකේත්, පුත්ර දුහිතෘවරුත් නරක්වීම ගැන ඔවුන්ගෙන් පළිගන්ට සිතගෙන වුනිමි. මහත්මායගේ ආධාර සෙව්වේ එසේ කල්පනා කර ගෙණයි. ඊයේ රැ මට මහත්මයා විස්තර වශයෙන් පෙන්වා දුන් කරුණු වලින් මගේම වරදින් මේ සියලුම අයුතු මට සිද්ධ වී තිබෙන බව දැන මට ද ප්රසත්යයක්ෂයයි. ඉතින් මහත්මයාගේ අවවාදය පරිදි ඒ අපරාධ ක්රිදයාවලින් වැලකී සුචරිතය අතට බසිමි. ගතිනියත අකුසල් ක්රිනයා භයෙන් එකකටවත් මා නොබැඳිම මට මහත් සැනසිල්ලකි. මගේ දරුවෝත් මැණිකේත් ඒ ගනිතියත අකුසල් නොකළාහ. බොහො රදල පවුල්වල දරුවෝ ක්රිඅස්තියානින්වි සිටිති. නමුත් අපේ පවුලට ඒ වශංගතය බෝවී නැත. මහත්මයා අපෙ වැරදි ක්රිපයා අපටත් වඩා හොදින් දැනගෙන තිබේ. ඒ දැන ගැනීමට බොහෝ මහන්සි හා වියදම් දරා තිබේ. ඊට තුති පඬුරක් වශයෙන් මේ සුඵ මදුල ගන්ටය” කියා මට රුපියල් දාහේ කොලයක් දුන්නේය. දිසා මහතා මගේ අවවාද ගරුකළ නිසා ප්රයශංසා කොට රුපියල් දාහ ආපසු දෙමින් මෙසේ කීමි. “මම රහස් පරීක්ෂකයෙක්මි. ඒ වාගේම අනුසානකයෙක්මි, ජාතියත්, ආගමත් නිසා දිවා රාත්රීු දෙක්හි වැඩ කරමි. අනුන්ගේ යහපත සදහා මුඵ ජිවිතය පුදකර සිටිමි. අවවාදයක්, අනුසාසකයෙක්මි, ජාතියත්, ආගමත් නිසා දිවා රාත්රික දෙක්හි වැඩ කරමි. අනුන්ගේ යහපත සදහා මුඵ ජිවිතය පුදකර සිටිමි. අවවාදයක්, අනුශාසනාවක් කිරිම සදහාවත් යම්කිසි තෑග්ගක් බෝගයක් ගැනීම මහත් නින්දාවකි. මම යම් යම් අයගේ මුදල් ආදි දේවල් සොයා දි විශාල මුදල් අයකර ගැණීම සත්යඅයකි. මගේ රක්ෂානවත් එය වේ . ඒ එසේද උවත් යම් කෙනෙකුට ධර්මවවාදයක් හෝ වෙන යම්කිසි උපකාරයක් කිරිම සදහා කිසිම කුලියක් මහන්සියක් නොගනිමි . අපේ බුද්ධාගංකුරයාණන් වහන්සේ ද ඒ බව ප්ර්කාශ කොට තිබේ. තොටගමුවේ ශ්රීණ රාහුල ස්වාමි ඒ මෙසේ කියයි. 520 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
“ තවද මහ පඬිවි රු සුබ සිරිතයෙන් විසිතු රු ගුණ අඩු වෙතියි ග රු කුලි නොගණිති සිතින් ජිවිතු රු
මෙසේ කියා රටේ මහතාට මා බොරුවට කියන්නෙක් නොව හැබෑවටම පරාර්ථ කරණයෙහි නියුක්ත වූවෙක් බව පෙන්වීමි. එවිට උන්නැහේ මගේ අවවාදය ඉතාමත් ශ්රේ ෂ්ඨ ලෙස සලකා මා කෙරෙහි බලවත් භක්ත්යාාදරයක් දක්වා නැවතත් සම්බවීමට එන බව කියා මට යන්ට සමු දුන්නේය.
14.පර්ච්ඡේදය
[සංස්කරණය]ද වස් තුනක් රටේ මහතාගේ පලහිලව් සදහා ගතකොට වහාම කොලඹට පැමිණියෙමි. මා පැමිණියේ රාත්රිඹයේ ය. ටිකක් විඩාව සිටි බැවින් එදා රාත්රි කිසිවක් නොකොට නිදාගතිමි. පසු දින බදාදා දවසක් විය. එදා උදේම ම කඵතරට යන කල්පනාවෙන් සිටි නමුත් උදේ හතට පමණ වැදගත් මිත්ර යන් දෙදෙනෙක් කොළඹට පැමිණි ගමන් මා සම්භවීමට ආ බැවින් මට උදේම යන්ට බැරි විය. ඒ මිත්ර යන්ට සංග්ර්හකොට ඔවුන් සමග කථාකරමින් සිටින විට වැදගත් ස්ථවිරයන් වහන්සේ නමකුත්, මුදලි කෙණෙකුත් මා සම්භවීමට ආහ. ඒ ස්ථවිරයන් වහන්සේට හා මුදලිතුමාටත් වාඩිවෙන්ට දි සුදුසු සංග්ර හ කොට ආ ගිය තොරතුරු ඇසුවෙමි. එවිට ඒ ස්ථවිරයන් වහන්සේ මෙසේ කීයේය. “මමත් මේ මුදලිතුමාත් ෙමහි පැමිණියේ වික්රරමපාල මහතාගෙන් යම්කිසි උපකාරයක් ලබා ගැනීමට නොවේ. නමුත් ඉතාමත් වැදගත් කාරණයක් සදහාය. ඒ කාරණය පැයකින් දෙකකින් කතාබස්කොට තීන්දුකර ගතහැකි එකකුත් නොවේ. ඒ සදහා තවත් සංඝයා වහන්සේලා දෙතුන් නමකුත් ගිහි මහත්තැන් කීප දෙනෙකුත් පැමිණෙන්ට බලාපොරොත්තුව සිටිති. දැන් අප මෙහි පැමිණියේ වික්රැමපාල මහතා ඉන්න නොයින බවත් ඒ අප විසින් මහතා සමග කථාකරන්ට සිටින කාරණ්යම ගැන කාලය මිඩංගු කොට සාකච්ඡාවක් කරන්ට කැමතිද යන බව දැනගැණීමටත්ය. ඉතින් ඒ කාරණය නම් මහත්මයා ප්රතසිද්ධ සභාවකදි මෙසේ කියා තිබේ. “දැනට ලක්දිව වාසය කරණ සිංහල මිනිස්සු කුල ගෝත්රත වශයෙන් බෙදි සිටිම ඔවුන්ගේ අඥානකම දැක්වීමේ ලකුණක්ම පමණක්ය. ඇතත වශයෙන් අසවල් කුලේ මිනිස්සු ඔක්කොම උසස්ය.
පියදාස සිරිසේන නවකථා එකතුව 521
අසවල් කුලේ මිනිස්සු ඔක්කොම පහත්ය යනු කිසිවෙකුට ඔප්පු කරන්ට බැරිය. කොයි කුලවත් උසස් මිනිස්සුත්, පහත් මිනිස්සුත් මිශ්රාව ඉන්නාහ. එසේ වීමට හේතුව මුල පටන්ම සිංහල මිනිසුන් කුලගොත්රු අතින් අතිශයින්ම මිශ්ර ව ඇති වු ජාතියක් වීමය. ආය්ය්ුලග ගොත්රශයට අයත් මිනිසුන්ගේ මිත්රිත්වය වරදක් නැති නමුත් මලේච්ච වර්ගියේ මිනිසුන් හා මිශ්රිව ඇති වූ ජාතිය පිරිහි දුර්වලවී ගියේය”යි යන මේ කථාව කියා තිබේ. වික්ර මපාල මහතා කෙරෙහි බලවත් ගෞරවාදර දක්වමින් සිටි බොහෝ දෙනෙක් මේ කථාව ඇසූ දා පටන්ම කලකිරි සිටිති. වික්රනමපාල මහතා ගොවි වංශයේ උසස් පෙළපතකින් පැවතෙන්නෙක්ව ඉඳගෙන බෙබඳු කථාවක් කිරිම පුදුම නිසාත් පහත් කුලවල මින්සුන් දැන් අපේ කර උඩ නගින්ට ඵන නිසාත් අපි සංඝයාවහන්සේලා සතර නමකුත් ගිහි මහත්තැන් තුන් දෙනෙකුත් ඒ ගැන මහත්මයා සමග විවාදකරන්ට තීන්දු කර ගතිමු. ඉතින් ඊට කැමතිදැ”යි මගේන අසුවේය. ඇත්තෙන්ම මුදලෙන් රුපියල් දහදොලොස්දාහක් ලැබෙනවාටත් වඩා මේ කාරණය මට ඉතාමත් වැදගත් බැවින් මගේ කඵතර ගමන හෙටට කල්දමා ඒ ස්ථවීරයන් වහන්සේට නමස්කාර කොට ‘ස්වාමිනි, දැන් වේලාව දහයයි, අද රාත්රීය එළිවෙනතුරාත් නමුන්නාන්සේලාත් සමග ඔය වදගත් කාරණය ගැන මම සාකච්ඡා කරන්නෙමි. අද දාවල් දානයත් සවස ගිලන්පස ආදි සියලුම ආගන්තුක සංග්රෙහත් මම ම කරන්නෙමි. කරුණාකර නැවතුන මැනවැයැ”යි කීවෙමි. එවිට මුදලිතුමා “නැත මහත්මයා, අපටත් හාමුදුරුවන්ටත් ආහාරපාන ලෑස්තිකර තිබේ. අපි දැන් ගොහින් දාවල් එකට එන්නෙමුය”යි කියා සතුටින් යන්ට ගිය හ.
මට එදින මහත් ප්රීිතියක් විය. මක්නිසාද, ගුප්තව පවත්නා අපේ කුලමල පලහිලව්ව හෙලි කරන්ට ප්රිස්තාවක් පැමිණීම නිසාය. මා සම්භවීමට කලින්, පැමිණ සිටි ද මැල් මහාතත් පෙරේරා මහතාත් ඔවුන් පැමිණි දවස ඉතාමත් හොද දවසකැ”යි මේ වාදය බලන්ට සතුටින් ප්රී ති වූහ. අපි තුන්දෙනා එකොළහට පමණ වතුර නා මගේ අතවැසියා විසින් පිළියෙල කරණ ලද ආහාර අනුභව කොට ප්රීිතියෙන් සිටියෙමි. සුමනතිස්ස ස්ථිවිරපාදයන් වහන්සේ ප්රරධාන ගිහි මහත්වරු තුන්දෙනෙක් නියම කරගත් ප්රනකාර දාවල් එකට මගේ නිවසට පැමිණියාහ. ඒ සියලුදෙනාම වාඩිගත් පසු මම ද සුදුසු ආසනයක වාඩිවිමි. මගේ මිත්ර ද මැල් මහත්මයාත් පෙරේරා මහත්මයාත් පැත්තකින් වාඩි වී උන්හ. අපේ කතාව සිංහලයන්ගේ අභිවෘධියට
522 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
හේතුවන එකක් බැවින් කවරුත් ඉවසිල්ලෙන් කියවා බැලිය යුතුයි.
සුමනතිස්ස ස්වාමින් - මහත්මයා දැන් ලක්දිව පවත්නා කුලභේදය වරදිය. එය සිංහල ජාතියේ දියුණුවනට මහත් බාධාවක්ය. ඇත්ත වශයෙන් අමිශ්රජ වූ එකම කුලයක්වත් නැත යනාදිය කියන බැව් හැබෑ ද? මම - ඔව් ස්වාමින් වහන්ස, මම එය නිතරම කියමි. සුමනතිස්ස - මහත්මයා එසේ කියන්නේ කවර බලයක් පිටද ? මම - ඓතිහාසික බලයත්, ප්රකත්ය?ක්ෂව දක්නා ගතිගුණාදියේ බලයත් පිට මම එසේ කියමි. සුමනතිස්ස - කුලභේදයක් පැවතුනේ නැද්ද ? මම - සත්තකෙන්ම පැවතුනා . දැනුත් දඹදිව පවතී. සුමනතිස්ස - ඒ පැවතුනා වූ ද. ඉන්දියාවේ දැනුත් පවත්නා වූ ද, කුලභේදය කොපමන ද? මම - ක්ෂත්රිැය,බ්රා.හ්මණ,වෛශ්යූ ශුද්රද යන ප්රලධාන කුල සතරයි. අන්තිමට කී ශුද්රත කුලයේ නානා ප්රභේද තිබේ. සුමනතිස්ස - හොඳයි, අප රටේ මේ කුලභේදය පැවතුනේ නැද්ද? මම - ඇයි නැත්තේ අපේ මුල් පියවරු දඹදිවින් ආ මිනිස්සුයි. එම නිසා ආරම්භයේදිම ඒ මතය ඔවුන් අතර ඇතිවිය. ඒ නිසා අපේ භාෂාව ඉතා වැදගත් පොත්වලද එය සදහන් වේ. හයවෙනි ශ්රීඅ පරාක්රඉමබාහු මහ රජතුමාත් විසින් විරචිත ‘රුවන්මල්’ නිඝණ්ටුවේ ඒ කුල සතර මෙසේ දක්වා තිබේ.
‘රජ,මිහිඳු,මිපල් - කැත්,නරදෙව්ද නිරිදු’ - රජකුලේ ‘බමුණු,දද,විප්,දෙදර - බමුණන්ට විසූ පඬුවෝ’- බමුණුකුලේ ‘සත්වා,වෙස්,වෙණෙද(නවතා)ගහ,ගොවිගා’ - ගොවිකුලේ ‘සුදුරු,සුදු(නවතා)සිපිකරු,සිල්පි,මල්ගෙවු’ - සුද්රමකුලේ
යානදි වශයෙන් සතර කුලයත් ඉක්බිති එහි විශේෂ විස්තරයක් දක්ව තිබේ. සුමනතිස්ස - බොහොම හරි. මහත්මයා මෙබඳු උසස් පණඩිත මතත් විමසන කෙනෙක් නම් කුලභේදය සම්බන්ධයෙන් කරුණු අත්තනෝමතයෙන් ප්රදකාශ කරන්නෙකැයි අප සිතා සිටි හැටි ඉතාම වැරදියි. ඉතින් මහත්මයෝ මේ චතුර්වර්ණ්ය අප රටේ පැවතුනේ නැද්ද?
පියදාස සිරිසේන නවකථා එකතුව 523
මම - ඉතාමත් මුල් කාලයේ හෙවත් විජය රජුගේ කාලයේ පටන් රජවුරු කීපදෙනෙකු දක්වා අප රටේ අමිශ්ර ව වර්ණභේදය පැවතී තිබේ. ඉන්පසු මිශ්ර්ව තිබේ. සුමනතිස්ස - මහත්මයා එසේ කියන්නේ කුමන බලයක් පිට ද? මම - මෙන්න ස්වාමින් වහන්ස . මහාවංශයෙහි 80 වෙනි පරිච්ඡේදයෙහි (33) ඉක්බිත්තෙන් ඉක්මවිය නොහැකි වික්රිම ඇති ස්වකීය රාජකුලය වර්ධ3නය කරණ පණඩිත වූ ආයස්මන්ත නම් සේනා (34) නායකතෙම ඒ මහීපාලයන් (සහාය මල්ල රජු) පහකොට කීර්ති නිශ්ශංක මහා රජානන් අගමෙහෙසුන් වූ කළ්යාලණවතී නම් බිසවුන් ලවා (35) ධර්මනීතියෙන් සහවුරුද්දක් රාජ්යා කරමි. බුද්ධශාසනායෙහි මමත්වධය ඇත්තාවූ ඒ කළ්යාවණවති නම් දේවි තොමෝ පර්ණශාලක නම් ගමෙහි සිය නමින් වෙහෙරක් කරවා (36) ඊට ගම් තතු කිරිමෙන් ගම කෙත් පිරිකර මෙහෙකරු හා උයන් ආදියද දුන්නීය. ඒ බිසව අනුමතියෙන් සකල (37) ලංකා රාජ්යනයානුශාසක වූ කඳවුර තුළ උපන් ආයස්මන්ත නම් සේනාපතිතෙම දෙව නම් අධිකාරින් වල්ලි නම් ගම් යවා (38) එහි මනොහර විහාරයක් කරවා මහසඟට දෙවි. හේ (39) තෙමේ ස්වකීය රජ කුලය පිළිබද වූ වර්ධන ඇති සිය නමින් ප්ර සිද්ධවු පිරිවෙණද කරවා ඊට ආරක්ෂාය විධාන කරන්නේ (40) දුකසේ ඉක්මිය යුතු වු දුරභක්ෂිහෙහි අරම් ආදියෙන් පිරිවරණ ලද්දා වූ ගම කෙත් පිරිකර හා දාසි දාසියන් දුන්නේය. (41) පුණ්යනර්ථි වූ හේ තෙමේ මිශ්රර වූ සිව්කුල ජනයා අසංකීර්ණ කොට ධර්මාධිකරණ නම් (නීති) ශාස්ත්රලයක් කරවි.
මේ මහාවංශ පාඨය ඔබ වහන්සේට හා මෙහි ඉන්නා අනිත් ස්වාමින් වහන්සේලාටත් ගිහි මහතුන්ටත් හොඳින්ම තේරුම් යයි. කළ්යපණවති බිසව රජවූයේ බුද්ධ වර්ෂ එකේදිය. ඒ පටන් ගැන්මේ සිට හෝ ඊට කලකට පසු සිංහල ජාතියේ සිව්කුලයේ මිශ්ර්වේවි ආ නිසා කළ්යාපණවති බිසවගේ ඇමතිතුමා බුද්ධ වර්ෂ 1750 හේ දි පමණ නැවතත් සිව්කුලය බේරා තෝමබුවක් ලිවු බව පෙනේ.මෙතුමා මිශ්රුව සිටි සිව්කුලය තේරුවේ කෙලෙස දැයි තමාගේම වාසිය නොබලන ධර්මශාස්ත්රර ගරුකරණ සත්පුරුෂයෝ කල්පනා කටයුත්තාහුය. එකම පියෙකුට දාව සිටි දරු සතර දෙනෙගෙන් කෙණෙක් රාජ මෙහෙයෙහි නියුක්ත වී
524 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
නම් ඔහු ක්ෂත්රි ය හැටියටත්, එකෙක් වෙද මනත්රාෙදිය ඉගෙනගෙන සිතටියේ නම් ඔහු බ්රාුහ්මණයෙක් හැටියටත්, එකෙක් වෙළෙඳාම් හෝ ගොවිකම් හෝ ගව පාලනය හෝ කරිමින් සිටියේ නම් ඔහු ගොවියෙක් හැටියටත්, අනිකා වඩු වැඩ යකඩ වැඩ ආදි කර්මාන්තයක් කරමින් සිටියේ නම් ඔහු සුද්රකයෙක් හැටියටත් තේරු බව අපක්ෂවාදි කවුරුත් විසිනුත් සැලකිය යුතුයි. ඒ අන්දමට මිස සංකීර්ණව පැවිති සිව්කුලය එතුමාට වෙන කොයි ක්රැමයකින්වත් නිරවුල් කොට තොම්බුවක් හෙවත් (නීති) ශාස්ත්රකයක් පිළියෙල කළ නොහැක්කේමය. හොඳයි,අවුරුදු 1753 ක් හෝ ඊට ස්වල්පයක් අඩු කාලයක් මිශ්රතවේවි ආ සතර කුලය ආයස්මන්ත සෙනෙවියා වෙන්කරණ ලදැයි සිතුවත් අප ජාතිය සතර කුලයෙන්ම මිශ්රර නොව අතිපරිශුද්ධ යයි කොට කිවහැකිද? හොඳයි, ආයස්මන්ත සිව්කුල පිළිවෙන පිහිටුවන ලදැයිම සිතමු.
දැන් ඉතින් කල්යාආණවතී බිසව ස්වසක් රජකම් කළ පසු ධර්මාශෝක කුමාරයා එක් අවුරුද්දක් රජකළේය. ඉන්පසු අනිකංග මහා ඈපා ඒ රජු මරා රජව සතළොස් දිනක් රජ කළේය. ඉක්බිති චමුන්න සේනාපතියා ඒ රජු මරා කලින් රජකොට සිංහාසනයෙන් පහවවුන් ලීලාවතී බිසව ලවා අවුරුද්දක් රාජ්ය්ය කරවීය. ඉක්බිති ලොකෙශ්වර නම් කුමාරයා රාජ්යදය ගෙන නවමසක් රජකම් කළේය. ඉක්බිති පරාක්රමම නම් මහා සේනාපතියෙක් ලෝකෙශ්වර රජු පහකොට ලීලාවති මෙහෙසිය නැවතත් සිංහාසනයෙහි තැබවීය. මෙසේ ලීලාවතී බිසව සත්මසක් රජකරන කල සද පරාක්රයම නම් පඬිවරයෙක් පැමිණ ලක්දිව අල්වාගෙන තුන් අවුරුද්දක් රාජ්යනය කළේය. ඉක්බිති කාලිංග වංශයෙහි උපන් මාඝ නම් වූ දුෂ්ට රජෙක් ලක්දිව අල්වාගෙන රජ කමට පත්විය. නෙයෙක් අපරාධ කළ ඒ මාඝරජ මෙසේත් කළ බව මහාවංශයේ 80 වෙනි පරිච්චේදයේ කියා තිබේ.”(74-75) මෙසේ ඒ මාඝ නරෙන්දරතෙම රට හස්ත ප්රාාප්තකොට ගෙන රාජ්ය ශිෂේකයට පැමිණ පොළොන්නරුවෙහි විසීය. ඒ මහීපාලතෙම මහජනයා මිසදිටු ගන්වා අමිශ්රිරතවූ සතර (76) කුලයෙහි ජනයා අත්යණත්ථ්යෙන් මිශ්රවකළේය. සිංහලයන් (77) අයත් වූ ග්රාථමක්ෂෙේත්ර ගෘහරාම දාස ගව මහීෂාදි සියල්ල දෙමඵන්ට දෙවීය. “ඉතින් ස්වාමිනි.අවුරුදු 1755 ක් හෝ ඊට
පියදාස සිරිසේන නවකථා එකතුව 525
ටිකක් අඩු කාලයක් මිශ්රක වේවි ආ සතර කුලය ආයස්මන්ත සෙනෙවියා ශුද්ධකොට තොම්බුව ලියා අවුරුදු හතක් යන්ට පෙර මාඝ රජු නැවතත් මිශ්රවකොට තිබේ. ඉතිහාසය ගරු කරණ කිසිවෙකුට මේ මෙසේ නොවේ යයි කිය හැකිද? සුමනතිස්ස - බොහොම හරි. මහතාගේ කථාව ඇත්තෙන්ම මහත්මයාට පමණ ලංකා ඉතිහාසය අපට පාඩම් නැති බවත් දැන් දැනුනා. ඉතින් මහත්මාය මේ ඉතිහාසානුහාරයෙන් පෙන්වා දුන් පරිදි සියලුම කුලවලට අයත් සියලුම පරම්පරාවල සිංහල ජනයා මිශ්රන ද? මම - මම එසේ නොකියමි. සතර කුලයේම අමිශ්රන පරම්පරාත් පැවැතෙන්ට බැරිකමක් නැත. නමුත් සාමාන්යි වශයෙන් මුඵ ලක්දිවම වාසය කරණ සිංහල ජනයා සතර කුලයටම මිශ්ර්වූවන් බව ඓතිහාසික වශයෙනුත් ගති ක්රි යා වලිනුත් ඔප්පුවේ. සුමනතිස්ස - හොදයි, මේ ඓතිහාසික ප්රේවෘත්තියෙන් එය අපට වැටහුනා. අමිශ්රහ පරම්පරා අතරෙන් පතර ඇති විය හැකි නමුත් සාමාන්යම වශයෙන් සතර කුලයේම සිංහල ජනයා කොයි ප්රවමාණයකට උවත් මිශ්ර වී පවත්නා බව මහාවංශයෙන් පෙනේ. නමුත් ගති ක්රි යා වලින් ඒ ඔප්පුකරන්නේ කොහොමද? මම - අවසරයි ස්වාමිනි. තමහට කරණ යහපතෙහි ප්රමුදිත වන සත්පුරුෂ ලීලාවෙන් ස්වාමින්වහන්සේ ඇතුලු මේ වැදගත් පිරිස මේ කාරණය අසනු මැනවි. උසස් කුලවතා තුළම උසස් ගුණ පිහිටයි. ඒ නීති ශාස්ත්රළයයි. නමුත් දැන් පහත් යයි සම්මත ඇතැම් කුලවල මිනිසුන් තුල ඒ උසස් ගුණ පවතී නම් බලවත් පුදුමයකි. අපේ ජාතිය මිශ්රශව පවත්නා බවත් දැන් උසස් යයි කියන කුලයේ ඉතාමත් පහත් නීච මිනිසුන් ඉන්නා බවත් , දැන් පහත්ය කියන කුලවල උසස් මිනිසුන් ඉන්නා බවත් මම තමුන්නාන්සේලාට ප්රලත්යික්ෂාකර දෙන්නෙමි. “උසස් භාවය හෙවත් උත්තම ගුණ්යර ඇති මනුෂ්යයයා නම් පරාර්ථකාමි භාවය හෙවත් තමා දුක් විද අනුන් සුවපත් කිරිම, නිර්භිත ගිතිය, යුකතියට හා නිදහසට බලවත් ගෞරවය” යන ආදි ගුණයෙන් හෙබියාවු උත්තමයායි. ඇමරිකාවේ ජනයා කතෝලකාදි පූජක පාසයෙන් හා අන්ධදෘෂ්ටියෙන් මුදවා ලෝකානුග්රජහ කළ කර්නල් ඉංගර්සෝල් පඬිතුමා මෙසේ කියා තිබේ. “Men are not superior by reason of the accidents of race and colour.They are superior who have the 526 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
Best heart,best brain,Superiority is born of honesty, of virtue,of charity and above all of the love of liberty.The superior man is the providence of the inferior’ He is eyes for the blind’ strength for the weak and a shield for the defenceless. He stands erect by bending above the fallen,He rises by lifting others” . වර්ගයත් පාටත් කරණකොටගෙන මිනිසුන්ගේ උසස් කමක් ඇති නොවේ. කරුණා මෛත්රීණ ආදි ගුණයෙන් හෙබි පරිශුද්ධ හෘදයකුත් යුක්ත්යා යුක්ත විසදාගත හැකි ඥානයකුත් ඇති නැනැත්තාගේ උසස් භාවය ඇතිවන්නේ අවංක (සෘජු) ගිතයත්, සීල සම්පන්න භාවයත්, ත්යාංගවත් භාවයත් සහ නිදහසට බලවත් ආලයත් ඇතිවීම කරණකොටගෙණය. මේ කී උසස් ගුණ ඇති තැනැත්තා ඒ ගුණ නැති පහත් මිනිහාගේ දෙවියෝය. ඒ කී උසස් ගුණ ඇති තැනැත්තා අන්ධයාට ඇස් වැනිය. ආරක්ෂා විරහිතයාට ආරක්ෂාුවක් වැනිය. හැබෑ උසස් තැනැත්තා දුශ්චරිතාදිය නිසා වැටි සිටින්නාවුන් නැගුටුවමින් සෘජුව සිටියි. අන්යරයන්ද උසස් භාවයට පමුණුවා තමාද උත්කෘෂ්ඨ ගතියට පැමිණේ. මේ ඉංගර්සෝල් පඬිතුමා කී ගුණ අපේ පොත්වල මීට වඩා විස්තරව දක්වා තිබේ. නමුත් බටහිර පණ්ඩිත මතයක් දැක්වීමට මෙසේ කීවෙමි. උතුම් ගති නම් (තොටගමුවේ ස්වාමි කි පරිද)
“ බය රොස ලොව සස ල නොව රඵ මසුරු කෙළි ලො ල”
භීතිය, වෙෂය, ලෝභය, චපල බව, ක්රෑ රත්ව, මසුරු බව යනාදිය පහත් ගුන බවත්, මීට ප්රළතිවිරුද්ධ වූ ශෞය්ර්‍්යටය, කරුණාව, නිර්ලෝභිතාව, ස්ථිරභාවය, මෘදුගතිය, ත්යා්ගවත් භාවය යන ආදිය උසස් ගුණ බවත් සලකා ගතයුතුයි. ඉතින් මේ නීච ගුණ පහත් අයටත් උසස් ගුණ උතුමන්ටත් උරුම වෙති. මේ වර්තමාන සිංහල ජාතියේ උසස් යයි යම් කුලයක් පවතී නම් ඔවුන් තුළ සෞර්ය කරුණාදි උතුම් ගුණ අනූනවයම පිහිටිම යුතුය. අනිත් අතට පහත්ය කියන කුල ඒ කියන හැටියටම පහත් නම් ඒ කුලවල උපන් අය තුළ මේ උදාරතර ගුණ ඇතිවිය නොහැක. ඒ නිසා ඔබවහන්සේ ප්රතධාන පිරිසට මම සිද්ධ වූ කරුණු කීපයක් කියමි.කිසිවෙක් මා කෙරේ අප්රිසන්න නොවි සත්යටය තෝරා ගැනීමට ම මේ දක්වන බැව් කරුණාවෙන් කලකාගත මැනවි.
පියදාස සිරිසේන නවකථා එකතුව 527
මාර්ෂල්ලො නම් යුද නීතියක් පසුගිය කාලේ අප රටේ ඇති විය. රටේ හටගත් කොලාහලය තත් වූ පරිදි තේරුම්ගත නොහැකි වූ නිලධාරිහු මංමුලාවූවන් මෙන් නොයෙකුත් වද බන්ධන ඇති කළහ. යුධාධිකරණය නමැති නීතිඥ නොවන විනිශ්චය කාරයන් විසින් යුහුසුඵව කරණලද දඬුවම වලින් සමහරක් නම් වෙඩි තබා හා එල්ලා මැරීමට නියම කිරිම විය. මේ වෙඩි තබා මැරුම් කෑමට නියම වූ තරුණයෙක්ද විය. ඔහු මරණයට පත්වීමට ප්රැථම දින මේ ලියන මටද සම්භ වි ඔහු සමග කථා කළෙමි. එවිට ඔහු මෙසේ කීය. “මම වෙඩිපහර කන හැටි දනිමි. අපේ ජාතිය වෙනුවෙන් නිරපරාධව මේ මරණය ලබන්ට වීම ගැන ප්රීිතිමත්විම.” මෙසේ කී ඔහු පසුදින වෙඩි තබන ස්ථානයට පැමිණ නිර්භිතව, නිශ්ශොකිව වාඩිගත් පසු රාජාඥ පරිදි තබනලද වෙඩිපහර කා මළේය. මේ පුද්ගලයා උසස් කුලයේද පහත් කුලයේදයි විමසීමට තුමුන්නාන්සේලාට භාර කරමි. පරිශුද්ධ වූ ආර්්යක වර්ගයට අයත් ලේ ධාතුවෙන්ම මිස දැන දැන මරණයට නිර්භය ගතියක් ඇතිවේද? නොවේමය. “අයියන්ඩි ඉවත්වෙන්ට,මම මැරුම් කන හැටි උගන්වන්නෙමි”යි කියා වධකයාගේ කඩු පහරට බෙල්ල පෑ ඇහැලේපොල මද්දුම බණ්ඩාර වඩා අමුත්තක් මේ අභනව ප්ර්වෘත්තියෙහි පවතින්නේ මද්දුම බණ්ඩා සත් හැවිරිදි විමත් අභිනව කථාවෙහි දක්වන අවුරුදු විසිපහක තරුණයෙක් වීමත් පමණකි. ඉතින් ස්ථානයට පමුණුවන ලදි. මේ දෙන්නාගෙන් නිර්භිත තැනැත්තා “අඩු කුලයක” බවත් අනිත් බියගුල්ලා “උසස් කුලයක” බවත් කියති. ඇත්ත වශයෙන් බලතොත් ඒ අනිත් පැත්තය. පුරාණ තිබුණ රාජකීය පාඨශාලා ගෘහයේ දෙතුන් සියයක් හිරකරනු ලැබූහ. ඒත් මේ “යුද්ධනීති” කාලයේය. ඉතින් එහි සිරකරන ලද වැදගත් මහතුන්ට සිරකරුවන්ට නියම ආහාර ගෙන්වාගෙන කෑමට අවසර දුන්හ. එක් මහතෙකුට හත් අට දෙනෙකුට යැපෙන තරම් ප්රදණීත ආහාර පෙට්ටියක් නිතරම ලැබුණේය. උන්නැහේ ඒ සියල්ලම එකිනෙකාට බෙදාදි නියම හිරකාරයන්ගේ කටුක ආහාර ටිකක් ගෙන කා සතුටු විය. ඒ ස්ථානයේම “අප්පුහාමි” කෙණෙක්ද සිරකරනු ලැබ සිටියේය. ඔහුට ගෙදරින් එවන ලද කෑම පෙට්ටිය විදහා ඉතා ටිකක් අනුභවකොට ඉතිරි සියල්ලම ආපසු ගෙදර
528 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
යැව්වේය. ආහාර නැතිව සුසුම්ලන වැදගත් නොවැදගත් හිරකරුවන් සිටියදි ඔවුන් දෙසවත් නොබලා මේ මනුෂ්ය යා හිරගෙට ගෙණ ගිය ආහාර ටික ආපසු එවන ලද නමුත් කලින් කී මහතා තමාට ලැබුණු ප්ර ණීත ආහාර මදක්වත් ස්වකීය මුඛයෙහි නොතබා කටුක ආහාර කා අන්යායන්ට තමා ලත් රසවත් ආහාරය සම්පූර්ණයෙන් පරිත්යාකග කරන ලද්දේය. ඉතින් මේ දෙදෙනා කුල දෙකකය . උසස් කොයි තැනැත්තාද, පහත් කොයි තැනැත්තාදැයි විමසා ගැනීමට ඔබ තුමන්ලාට භාරකරමි. සුමනතිස්ස - (බලවත් සංවේගයට පැමිණ) ඇත්තෙන්ම මහතාණනි, මේ කාරණා මීට පෙර අපට මෙසේ දැනුම් ඇතිව තිබුණේ නැහැ. මහතා කියාපු කරුණුවලින් උසස් අය පහත්ය කියන කුලවල සිටින බව හොඳින්ම අවබෝධ වූනා. එමෙන්ම උසස්ය කියන කුලවල ඉතාම පහත් අය සිටින බවද අවබොධවුනා. මෙයින් ලක්දිව කුල මිශ්රඅ බවත් නිසැකයි. නමුත් ඉතාම චණ්ඩ වු පහත් කුලවලත් ජිවිතය ගැන නොසලකා දරුණු ක්රියයා කරන මිනිස්සු සිටිති. ඔයත් කාරණයක්ද ? මම - ඇත්තෙන්ම ස්වාමින්වහන්සේගේ කථාව ස්ථානෝචිතයි. මිනීමැරුම් ආදී නීච අපරාධ කරණ මිනිස්සු අප රටේ එමට සිටිති. ඔවුන් එසේ කරන්නේ උසස් කුලයක් හෙවත් උසස් ලේ ගතියක් නිසා නොව ඔවුහු ඉතාම අශික්ෂිත නිසාය. තමන්ගේ ලාභය නිසා හෙවත් ලොභය, වේෂය, මෝහය යන මේ තුන්දෝෂම මුල්ව මිනීමැරිමාදි අපරාධ ක්රි,යා කරන්නා අන්තිම නීච රෞද්රම ආත්මාර්ථකාමියෙකි. ඔහු කොටියෙකුට, පොළඟෙකුට සමාන තිරිසනෙකි. නමුත් පරාර්ථකාමි හැබෑ කුලවතා අනුන්ගේ යහපත පිණිස තමා සතු සියලු උපභොග පරිභොග සම්පතුත් උවමනා නම් ජිවිතයත් පරිත්යාොග කරයි. ස්වකීය ජාතිය හා ගෞරවය ආරක්ෂාව කිරිම සදහා දිවි පිදිමත් අසරණයන්ට පීඩා කරන අධම සත්වයන් වැනසීමට ගොස් දිවි පිදීමත් පමණක් හැබෑ උසස් කුලවතාගෙන, උදාර ගුණවතාගෙත් ගතියයි. එම නිසා එයින් පිට නිර්භිත කමයයි කියන දරුණු අපරාධ කරන්නෝ චණ්ඩාලත් නොවෙති මෘගයෝ වෙති. ඉතින් ස්වාමින් වහන්සේ ඇතුඵ වු මේ වැදගත් පිරිසට මා කියන අදහස තේරුම් ගියායයි මම සිතමි. මම කිසිම කුලයකට නින්දා කරන්නෙක්වත් ඒ ඒ කුල සම්බන්ධව පොත පතේ සඳහන්වන උසස් පහත්කම් වෙනස්
පියදාස සිරිසේන නවකථා එකතුව 529
කරන්නෙක්වත් නොවෙමි. නමුත් මා කියන්නේ දැන් ලක්දිව වාසය කරණ සාමාන්යත ජනයා මිශ්රේ බැවින් දැනට උස් පහත්කම තේරුම් ගතයුතු ඒ ඒ අයගේ උස් පහත් පැවතුම් හා ගුණාගුණත් කරණකොට ගෙණය. ඒ හෙයින් සියලුම කුලවල මිශ්රතත්වටයක් ඇතිවි තිබේ. ඉතින් ස්වජාතික ගරු කරණ ස්වකිය පැරණියන් කෙරෙහි භක්ත්යාඒදර ඇති පරාර්ථකාමි වු ත්යාකගාදි ගුණයෙන් හෙබි උවමනාවේදි ජිවිතය පවා පරිත්යාරග කිරිමට නිර්භිත ගති ඇති සියල්ලන්ම උසස් සිංහල වංශිකයන් බවත් ස්වකීය ජාතිය කෙරෙහි නොසලකා තමාගේ සැප පහසුවම සලකන ස්වකීය පැරණියන් ගැන කිසිත් නොතකන ආත්මාථකාමි වු ත්යාැගදි කිසිම ගුණයක් නැති බියසුඵ ගති ඇතියන් මිලේච්ඡ නීචයන් හා සම්මිශ්රණවුවන් බව සැලකිමත් මිස ඊට වැඩි අමුත්තක් දැන් කල්පනා කළ නොහැකියයි කීවෙමි. ඇත්තෙන්ම මා කෙරෙහි වැරදි කල්පනා ඇතිකරගනවුත් සුමනතිස්ස හාමුදුරුවන් ඇතුඵ වැදගත් පිරිස අතිශයින් පැහැදි සවස හතරට පමණ මා විසින් පිළිගන්වන ලද ගිලන්පසත් පිළිගෙන ඉතා සතුටින් පිටත්ව ගිය හ. මගේ මිත්රද ද මැල් මහතා හා පෙරේරා මහතාත් සවස්වනතුරු නොයෙක් දේ ගැන කථා කරමින් සිට සවස හයේ දුම්රියෙන් නුවරට යන්ට ගිය හ.
15.පරිච්ඡේදය
[සංස්කරණය]වි මලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය සෙවිම සම්බන්ධව කටයුතු ඉතින් කල්පනා කරන්ට පටන් ගතිමි. “සරණපාල තවමත් සිවුරු පිටින්නම මගේ කටයුත්තට පහසුය. නැතහොත් ඉතාමත් අපහසුය. මේ විශාල මුදල් පෙට්ටිය මේරි ද සිල්වාට අයිතිවිද, නැතහොත් විදානේ මායියාට අයිතිවිද, එසේත් නැතහොත් තවමත් සරණපාල ලඟද, එසේත් නැතහොත් සරණපාල සඟවන ලද තැනකින් තවත් කෙනෙක් සඟවන ලදද යන මේ කාරණා සතරක්ම පරික්ෂා කිරීමට උවමනාව තිබුණේය. ඉතින් මම යටත් පිරිසෙයින් දෙපලක්වත් පරික්ෂාඋකර ගිණිමි”යි සිතිමි. යම්කිසි කාරණයක් කෙරෙහි සිත පැටලි ගිය විට ඒ නිරාකුල කිරිම තරම් අමාරුවක් ලෝකයේ තවත් නොමැති බව මට එදා රාත්රිර හොඳින්ම ප්රිත්යාකක්ෂ් විය. තථාගත සම්මා සමුබදු රජාණන් වහන්සේ ප්රකකාශ කළ චිත්ත චෛතසිකාදින්ගේ විශේෂ විභාග ප්රාකාශවන
530 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
උතුම් වු අභිධර්මය ගුරු ආශ්රලයෙන් මානලෙස නූගත් මිනිසුන් ඉතාමත් අසම්පූර්ණ මනුෂ්ය නාමධාරින් බව මට වැටහුනේය. මම ද ඒ ධර්මය හොදින් ඉගෙණගන්ට බැරි වූ බැවින් බලවත් කණගාටුවට පැමිණියෙමි. මගේ අතවැස්සා විසින් පිළියෙල කර දුන් ආහාර අනුභව කොට ඉතාමත් ධෛර්යෙන් සිත එකඟ කොට යන්තම් නිදා ගතිමි. උදේ මගේ උවමනා සියලු ඇඳුම් ආදිය සහිත මගේ පෙට්ටිය රැගෙන හතට මරදානෙන් පිටත්වන දුම්රියෙන් පිටත්වන දුම්රියෙන් කඵතරට ගොස් මගේ මිත්රන සිරිල්ලාගේ ගෙදරට ගියෙමි. ඔවුහු මා දුටු හැටියේ මහත් සුතුටට පැමිණ “මහත්මයා පස් දවසක්ම ප්රගමාද නූනානම් ලොකු මිනිරන් තොගයක් ගන්ට තිබුණා”යයි සිරිල් කීයේය. එවිට මම සිනාසි “සිරිල් ලෝකයේ මිනිස්සු දුඛිත වන්නේ ඔවුන්ගේ අඥානකම නිසාමය. කොළඹ ඉඩම් අක්කරය සිලින් පහකට විකුණන කාලේ අපට ඉන්ට ලැබුනා නම් කොපමණ වාසිද ? අනේ ඒ කාලේ නූපන් අපි කොතරම් කාලකණ්ණිහු නොවෙමු දැයි සමහරු තැවෙති. අසවල් දේ කරණ ලද්දේ නම් මෙපමණ වාසි තිබුණේ යයි තවත් සමහරු ලතවෙති.නමුත් ඒ බලවත් අඥානකම්ය. අපට සම්බන්ධ ෙවන්ට බැරිවූ දේ, අපට සම්බන්ධ විය නොහැකි. සම්බන්ධ වියයුතු නැති. අපෙන් සම්පූර්ණ යෙන්ම දුරු වූ කාරණා වෙති. ඒ හෙයින් ඒ ගැන සිතීම හෝ ඒ සම්බන්ධව වචන මාත්රමයක්වත් වියදම් කිරිම තවත් නිෂ්ඵල ක්රිියාවකි. අපි විසින් කලයුතු දේ ලෝකයේ එමට තිබේ . ඒ නිසා භයවෙන්ට එපාය”යි සිනාසෙමින් කීවෙමි. සිරිල්ලාගේ ආච්චි අතට රුපියල් පයක් දි මටත් ආහාර සුදානම් කරන්ට කියා සිරිල් කැටුව පන්සලට ගියෙමි. එසේ ගියේ ධම්මරතන ස්වාමි සම්භවෙන පිණිස ය. නමුත් ටිකක් දුර යනකොට ධම්මරතන හාමුදුරුවෝ පන්සලේ නැති බවත් ගාල්ලේ පින්කමක් සදහා ඒ ස්වාමින් වහන්සේ වැඩිය බවත් සිරිල් මා සමග කීයේය. ඉතින් පන්සලට යන ගමට නවත්වා ආපසු එන විට පෙරේරා මුදියන්සේගේ පුතා වන “ජෝනී” කොයිබදෝ සිට එන්නේ මා දැක සිනාසී. “මොකද පෙරේරා මෙහි කුමක් නිසා ආවෙහිදැ”යි ඇසුවේය. “මොනවාද මහතා අපේ රක්ෂාෙව බ්රෝආකර්වරුන්ගේ වැඩ, මොකවත් කොමිසමක් ලබාගැනීමට මිනිරන් ටිකක් ගැණිමට තිබේදැ”යි බලන්ට ආවෙමි. “කොෙහාමද මහත්මයාගේ මගුල් පලහිලව්ව” කියා ඇසුවාම ඔහු ටිකක් සිනාසී “තවත් දහඅට දිනක් තිබේ. අද මම මගුල් ලියුම් අච්චුගසන්ට සිතාගෙන ආවෙමි. නමුත් අපේ මාමන්ඩි අන්තෝනි සිල්වා උන්නැහේ ගෙදර නැති බැවින් ඔවුන්ගේ ලියමන ගෙනයන්ට බැරිවිමෙන් ඒ ගමන හෙට උදේට කල්දැමුවා. යනවා නම් මාත් සමග කොළඹ යන්ට
පියදාස සිරිසේන නවකථා එකතුව 531
පුඵවනැයි කීය. මට මහත් ප්රී තයක් ඇති විය. ධම්මරතන ස්වාමි පන්සලේ හිටියාට වඩා නොසිටිම ප්රතයේජන විය. ජොනිත් සමග කොළඹ ගියොත් මට ලොකු ප්රවයෝජනයක් ගතහැකි බව සිතාගෙන. “ඇත්තෙන්ම මහත්මයා, මමත් හෙට උදේ දුම්රියෙන් කොළඹ යන්නෙමි, මගුල් ලියුම්ද ඉතා ලාභයට අච්චුගසා ගැනීමට මගේ යාඵවෙකුගේ යන්ත්රාමලයක් තිබේ. ඉතින් කොළඹ යන්නේ දුම්රියෙන්ද නැතහොත් මොටෝ කාර් එකෙන්”දැයි ඇසවෙමි. “මම අශ්වකරත්තය බදවාගෙන දුම්රියපලට එන ගමන් සිරිල්ලාගේ ගදෙරට එන්නෙමි. එවිට පෙරේරා උන්නැහේටත් මගේ කරත්තයෙන්ම යන්ට පිළිවනැයි” තීන්දු කරගෙන ජොනී යන්ට ගියේය. මමද සිරිල් සමග අවුත් දාවල් බත් කා සිරිල් ලවා කරත්තය බදවාගෙන අන්තෝනි සිල්වලාගේ ගෙදරට යන්ට පිටත්විමි. අන්තෝනි සිල්වා ලඟ මිණිරන් ටිකක් තිබෙන බව ආරංචි වු බැවින් එහි ගොස් ඔවුන්ගේ ගෙදර තොරතුරුත් මේරි ද සිල්වාගේ සහෝදරයාගේ හැඩහුරුකමුත් දැනගැණිමට කල්පනා කළෙමි. සිරිල් සමග එහි යන අතර මේරි ද සිල්වාට සමාන වූ ශ්රිලයාවතිගේ ගෙදර පෙණෙන්ට පටන් ගත්විට සිරිල් මට ඒ ගෙය පෙනවමින් “අන්න මහත්මයෝ, අර පෙණෙන්නේ මේරි ද සිල්වාට සමාන ස්ත්රිරයක් ඉන්නා ගෙයයි. එම නිසා කැමති නම් එහි බැහැලා ගියොත් හොඳා. ඒ ශ්රීායාවතීගේ මවුත්, පියාත්, සහෝදරයත් ඉතාමත් ශකිෂිත ධර්මශාසත්ර උගත් සැලකිය යුක්තන්ට ගරු බුහුමන් දක්වන ඉතා හොද ඇත්තෝය. මහත්මයා එහි බැස්සොත් මා කියු කාරණා හැබෑවට ඒත්තුගනු නිසැකැ”යි කියනකොටත් ඒ ගේ ඉදිරිපිටට කරත්තය පැමිණියේය. සිරිල් කි නිසා මමත් එහි බසින්ට සුතටුවිමි. කරත්තය නවත්වා අපි බැස්සෙමු. ශ්රි යාවතිගේ මව් කඵපහන හාමිනේ නැමැති කුලස්ත්රිවය සිරිල්ගෙන් මගේ තොරතුරු අසා මට වාඩි වෙන්ට කියා සතුටු සාමිවි කථා කරන්ට පටන් ගත්තේය. එතකොටම ශ්රිවයාවතිගේ පියා වන කඵපහන අප්පුහාමි ද එහි අවුත් පුටුවකින් වාඩිගෙන මගේ තොරතුරු අසා අතිශයින් සතුටුවිය. මේ අප කථාකරණ අතර ශ්රිරයාවති තේ වතුර ලෑස්තිකොට ඒ බව මවුට කීවාය. කඵපහන අප්පුහාමි පෙරැත්ත කරමින් අඬගැසූ බැවින් තේවතුර බි බුලත් විටක්ද කා ශ්රිියාවතිගේ උගත්කම ආදිය මදක් විභාග කිරීමට ඇත්නම් හොදයයි ඵ් ළමයාගේ මවට කී විට ඉතා ශික්ෂිත ලෙස දියණිය ඇතිදැඩි කළ ඒ හාමිනේ “ශ්රිේයාවති. එන්ඩ පුතා. මෙන්න මේ වැදගත් මහත්මයෙක් නුඹෙත් ප්රවශ්නයක් දෙකක් අසන්ට කැමතියි. වරෙන් පිළවන් නම් උත්තර දීපන්නැ”යි කීය. එවිට ඒ රූපශ්රී්යෙන් යුත්
532 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
ගෑනු දරුවා වැඩිමහල් සහෝදරයෙකු ලඟට යන්නාක් මෙන් මදක් විලිබිය සහිතව මවගේ පසෙකින් සිට ගෙන උන්නේය. ඒ ශ්රී්යාවති නිසා පැමිණියෙක් නොවන බව හැඟවීමට “ශ්රියයාවති නුඹ බාල නැගනියක් මෙන් මම සලකමි, නුඹට මගේ සහොදරියකට මෙන් ඉතා හිතෛෂිව ආධාර කරන්නෙමි. නුඹ ගැන තොරතුරු අසා මහත් ප්රී්තියට පැමිණ සිටියෙමි. අද නුඹ දැකීමෙන් ඒ ඇසූ තොරතුරු සත්යඅ බව දැන ගතිමි. දැන් මම නුඹෙන් ප්ර ශ්නයක් අසමි. ඊට නිසි පිළිතුරු ලැබුනොත් මා විසින් නුඹ නිසා කුමක්කරනු ලැබේදැයි බැලිය හැකියි”කීවෙමි. ඇත්තෙන්ම ඒ ඇසු ශ්රියයාවතීගේ දැඩි ලජ්ජාභය නැතිව ගියේය. ඉක්බිති මම ශ්රිතයාවතිගෙන් මේ ලෝකයේ තිබෙන්නාවූ සැප භය දන්නේ දැයි ඇසුවෙමි. ස්ථානොචිත ඥානයෙන් යුත් ඒ තරුණ කුල ස්ත්රිැ උතුම් සිංහල කුලකාන්තාවන්ට බලවත් ගෞරව එලවමින් මෙසේ කියේය.
“අර්ථාගමො නිත්ය්මරොගිතාව ප්රිායා ච භාර්යා ප්රි යවාදි නි ච වශශ් ච පුත්රොිර්ථ කරි ච විද්යාය ෂට් ජිවලොකෙසු සුඛානි රාජාන්”
සත්තකෙන්ම මෙය ඇසූ හැටියේ මගේ සිත අතිශයින් ප්රිමුදිතව එහි තේරුමත් කියන්ට කීවෙමි. ඒ ශ්ලෝකය සිංහල කවියට නගන ලද්දක් බැවින් ශ්රි යාවති ඒ කවියද මෙසේ කීයේය.
රිසියුත දන ලැබුම නොපඵම රෝ දු කි නී පියකත පිය බසැති පිනවන සිත සව නී පියසුත නැණැති සතරද දන දන නිති නී මෙදියත තිබෙන සැප භය වෙති මහ රජු නී
අත්තවශයෙන්ම මේ කථාව ඇසූ පසු ශ්රී යාවති ගැන මගේ සිත විශේෂයෙන්ම වෙනස්ව වෙනිත් කල්පනාවකට බැස්සේය. ඒ ගැන කිසිත් කථා නොකොට කඵපහන අප්පුහාමිට කථාකොට “තව මාසයක් පමණ යනතුරා මා කවරෙක්දැයි මේ කාටවත් දැන ගන්ට බැරිය. දැන් මිණිරන් වහයක් බැලීමට අනැතෝනි සිල්වා උන්නැහේලාගේ ගෙදරට යමි. අද රාත්රිරයට කෑම සදහා මෙහි එන්නෙමි. ඒ ආවිට ශ්රිටයාවතිගේ තොරතුරු තවදුරටත් අසා බලා ඒ යහපත් දරුවාට යම්කිසි යහපතක් කරන්ට බලන්නෙමි”යි කියා සිරිලුත් සමග කරත්තෙන් මේරි ද සිල්වාගේ ගෙදරට ගියෙමි. සිරිල් ඔවුන්ගේ තොරතුරු හොදින් දන්නා බැවින් මිදුලේ සිටි මේරි ද සිල්වා අපට ඈත දී පෙනෙන්ට පටන්ගත් හැටියේම “මහත්මයා
පියදාස සිරිසේන නවකථා එකතුව 533
අර ඉන්නේ මේරි ද සිල්වා තමා, මීට ඉස්සර ඔය ලමිස්සි ඔසරියක් අඳිමින් සිටියා. දැන් ජොනී හාමු සමග කසාද බැඳීමට සූදානම් වූ නිසා සාය හැට්ටේට බැහැලා සිටිය”යි මට කීයේය. ඉතින් අපි කරත්තෙන් බැස ගෙදරටම ගියෙමු. මේරි ගෙට ගොස් මවුට කී බැවින් ඒ කුහක පෙණිමෙන් යුත් ස්ත්රිතය මට වාඩිවෙන්ට කියා සිරිල් දෙස බලා ටිකක් ඇදලා පැදලා “ඇයි සිරිල් උඹත් ඔහෙ කොහොන්වත් වාඩිගනින්’ යයි කියා. සිරිල්ලාට වඩා අඩුව සිටි මේ නැතැත්ති දැන් ඈට බෑනාකමට මුදලි කෙණෙකුගේ පුතෙක් ලැබෙන නිසා මහත් උදාරකමක් ඇතුව මෙසේ කී බව මට හැඟුනේය. මා ආවේ කුමක් නිසාදැයි සරණපාලගේ බොරු නැන්දා ඇසුවේය. මිණිරන් ටිකක් තිබෙන බව ආරංචියි ඒ බලන්ට ආවෙමියි කී විට කොඵවෙකු පිටත්කර යවා මේරිගෙ අයියා විලියම් ගෙන්වා ඔහුත් සමග කථාකරගන්ට මට සැලැස්සුවේය. මම ඔහුත් සමග මිණිරන් තිබෙන ස්ථානයට ගොස් එය එය බලා ඉතාමත් අඩු ගනණකට ඉල්විමි. ඔහුද මාත් සමග නැවතත් ගෙදර අවුත් ඒ මිණිරන් අඩු ගනණකට ඉල්විමි. ඔහුද මාත් සමග නැවතත් ගෙදර අවුත් ඒ මිණිරන් වෙන අය විසින් ඉල්වන ලද ගණන් පෙනවීමට ලියන මේසයක් ලඟට ගියේය. ඒ අතර මම ඉස්තෝප්පුවේ සිටියෙමි. සරණපාලගේ ලියමණක් රැ ගෙන ආ මහල්ලෙක් ඉස්තෝප්පුවේ සිට මා අතට ලියමන දීලා “හාමුදුරුවෝ අද රැට නොවැරදීම එන්ට කිවාය”යි කීවේය.හොදයි මම නොවැරදීම එනවා. උඹ ඉක්මනට පලයන් නැ”යි මහල්ලා අතට රුපියලක් දි මිනිත්තු දෙකක් ඔහු පිටත්කොට ලියමන සාක්කුවේ ලාගතිමි. මේරිගේ සහෝදර විලියම් ගෙයින් එලියට ඒමට මිනිත්තු පහක් පරක්කු විය. ඒ වේලාවට කිසිවෙක් එලියේ නොසිට නිසා කාටවත් ඒ ලියමනේ පලහිලව්ව දැනගන්නට බැරිවිය. ඉතින් විලියම් සමග තව ටිකක් වේලා කථාකොට ගෙයි තොරතුරුත් හොදින් බලාගෙන මහපාරට අවුත් කරත්තේ නැගි සිරිලුත් සමග කඵපහන අප්පුහාමිලාගේ ගෙදරට සවස හතරට ආවෙමි. ඒ එන ගමන් සරණපාල විසින් විලියම් ද සිල්වාට එවන ලද ලියමන කඩා බැලිමි. ඒ මේසේයි.
ප්රිබයා සහෝදරය, හෙට උදේ මම ගමට යන්නෙමි. එහි ගොස් අනිද්දා සිවුරු අරින්නෙමි. මගේ අඩුවැඩිය වගයක් තිබෙන නිසා ඒවා භාර දෙන්ටත් තවත් කියයුතු කරුණු රාශියක්ම තිබෙන නිසාත් අද රාත්රීන නවයෙන් පසු මා සම්භවීමට නොවරදවාම එනු මැනවි. අපේ මංගල්යඒය ලබන මස 20 වෙනදාට නයමකර ගත්තෙමි. ඊයේ නැන්දා ආ වේලාවේ ඒ සම්බන්ධව කථාකරගත යුතු සියල්ල හොදින්ම තීන්දුකර ගතිමි. රෙදි
400 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
කවිචි දෙක තුනක් හා තවත් සිල්ලර කළමනා රාශියකුත් තිබෙන නිසා කරත්තයකුත් බදවා ගෙන එනවා හොඳයි. මගේ මහනකමත් අපේ හාමුදුරුවන්ගේ රුපියල් තිස්පන්දාහත් යනාදි සියල්ලක්ම නුඹලා නිසා පරිත්යරග කළ බැවින් මට පැමිණිය හැකි සියලු අමාරුකම්වලදි සහෝදරයා පිහිටාධාර වේ යයි විශ්වාස කරමි. දැන් සම්මුඛ වන නිසා වැඩිදුර නොලියමි. මේ වගට හිතෛෂි වූ. සරණපාල.
මේ ලියමන කියවා බලා මගේ මනෝරතය සම්පූර්ණයෙන් ඉෂ්ටකරගන්ට පිළවන් වේ යයි සලකා ගතිමි. මට දෙතුන් වරක් සිනා ආ බැවින් සිරිල්ද මගේ මූන බලමින් කල්පනාවට පටන් ගත්තේය. මිනිත්තු තිහක් ඇතුලතදි කඵපහන අප්පුහාමිලාගේ ගෙදරට පැමිණියෙමි. ඔවුහු අප ඵනතුරා තේවතුර ලෑස්ති කරගෙන බලාවුන් බැවින් අප ආ හැටියේම තේවතුර බොන්ට දුන්හ. රාත්රීෙ බත එහිදි ගැනීම මගේ කටයුත්තට කල් මද වෙනත් එය වලක්වන්ට ඉඩ නැති බැවින් කෑම වේලාව වනතුරු කඵපහන අප්පුහාමින් හාමිනේත් සමග කථාකරන්ට පටන් ගතිමි. මම - අප්පුහාමිගේ දියණිය මේ පළාතේ ඉන්නා අනිත් තරුණියනට වඩා ශික්ෂිතව ගුණ ධර්මය සියල්ලටම ඉහලින් සලකන කෙනෙක් වූයේ කොහොමද? කඵපහන - මගේ දියණියත් පුතතා දෙන්නාම මේ පළාතේම ඉන්නා තරුණ තරුණියන්ට වඩා හොඳයි. එය ආශ්චර්යකරුණක් නොවේ. මමත් මගේ හාමිනේත් දෙන්නා ගුණධර්මය රක්ෂාකිරිම නිසා මෙලොව දි ලැබූ එක විපාකයක් නම් ගුණ නුවණින් යුත් පින්වත් දරුවන් දෙදෙනකු ලැබිය වේ. ගුණධර්ම රක්ෂාකිරිමෙන් ඉෂ්ට විපාකයක් ඇති බවති, අධර්මවාදි ක්රිෙයා කිරිමෙන් අනිෂ්ට විපාක ඇති බවත් දැන් රටේ මිනිස්සු නොසලකති. ඒ අඥානයන් නිසා තවත් අඥාන දරුවන්ද, ඔවුන් කරණකොටගෙන ඊටත් වඩා අඥානයන්ද ඇතිවීමෙන් දැන් අපේ රට අඥාන අධම කාලකන්නින්ගෙන් පරිපූර්ණව තිබේ. එහෙම නොවේද මහත්මයෝ? මම - ඔය අප්පුහාමි කියන කාරණය මට අවෙබාධසී බොහෝ කල්ය. සිංහල මිනිස්සු සුඛිතවීමට සතුටුනම් පංචවිධි දුශ්චරිතයෙන්
පියදාස සිරිසේන නවකථා එකතුව 535
දුරුව විශේෂ වශයෙන් සුරාපානයෙන් සම්පූර්ණයෙන් දුරුව අඹු සැමි දෙදෙනා අතර අවංක ප්රේ්මයත් සමගියත් ඇතුව ගෙදර දොර ශුද්ධ පවිත්ර්ව තබාගෙණ නිතරම ප්රිදයමනාප කථාබස්වලින් යුක්තව අන්යෙ න්ය්යන්ට උපකාරිව බලවත් ආත්මාර්ථකාමි ගතියෙන් දුරුව පරලොවක් ඇත යන ස්ථිර කල්පනාවෙන් කොටින්ම තමාට තමාවත් අවංකව කල් කළ යුතුය. එවිට ඔවුන්ට දරුකමට පින්වත් සත්වකයෝ එළඹෙති. එබන්දන් උපන් පසු ඒ පවුල වඩ වඩාත් සුඛිත බවට පැමිණෙයි. මේ බව අපේ මිනිස්සුන්ට අවබෝධ වනතුරා මේ රට දියුණු කළ නොහැක්කේය. ඉතින් අප්පුහාමිගේ දියණියට ඉගැන්නුවේ කොහොමද? කඵපහන - මගේ ළමයාට කුඩා කාලේ පටන් කිසිවෙක් සමග ආශ්රගයට ඉඩ දුන්නේ නැත. ඉතාමත්ම කුඩා කාලේ පටන් උදයට සවස තුනුරුවන් වැඳීමත්, මව්පිය දෙදෙනාට වැඳීමත් පුරුදු කරවූවෙමු. ගෙදරදොරේ වැඩ කිරිමත් වත්ත පිටිය අතුපතුගෑමත්, මැහුම්ගෙතුම් වැඩත්, ඒ අතර ඉගෙණිම පොත පත බැලීමාදියත් යන මේ කටයුතු වලින් යම්කිසිවක් නැති කාලයක් මගේ ළමයාට ඇති නොවීය. සමාන වයසේ තරුණියන් ආශ්ර්යට ඉඩ නොහැරියෙමු. වල් පොත් බැලීමට ඉට නුදුන්නෙමු. “ශ්රිියාවති” කියා කථාකල විට එකවරටම ලඟට පැමිණෙන තරම සුවච කීකරු භවයත්, ලැබුණු ඇඳුමට පැළඳුමට සතුටුවිමත් මුල පටන්ම පුරුදු කරවුවෙමු. ධර්මයෙන් පිටස්කර ක්රිුයා සියල්ලක්ම දුක් බව කුඩා කාලේ පටන් ප්රසත්යක්ෂ කරවීමු. කුල ස්ත්රිියක් විසින් දැනගතයුතු සියුලුම කරුණු අඩංගුකොට වැදගත් පණ්ඩිතයකු විසින් ගොතන ලද රසවත් කවි නවයයක් අපේ දියණියට හොඳට මතකය. ඒ ළමයා ඒ කවි නවය සිහි නොකරණ වේලාවක් නැත. මම - ඇත්තෙන්ම අප්පුහාමි, ශ්රි.යාවතින් අප්පුහාමිගේ පුත්රගයා වන ධර්මදාස මහත්මයාත් ශික්ෂිපතවීමට ගැන වැඩිපුර කරුණු විමසීමට උවමනා නැත. මක්නිසාද පැනිදොඩම් ගස්වල පැනිදොඩම් පලගනීම පුදුමයක් නොවන බැවිනි. අප්පුහාමි හාමිනේත් දෙදෙනා වැඩි ධනවත් කමවත් අධි සැප පහසුවත් නොසලකා ධර්මවාදිව, ලද දෙයින් සතුටුව අවංක ප්රේාමයෙන් යුක්තව පිරිසුදු ජිවිතයක්
536 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
ගතකරණ බව මේ ගෙදරට පැමිණි හාටියේම දැනුනා.ඒ එසේමයි. මල් උයනට ගියවිට සුවදක් අසුවි වලලන ස්ථානයට ගියවිට දුගඳත් දැනෙන්නේ යම්සේද ධර්මවාදින් වසන ගෙදරට ගියවිට ප්රි යමානප ගතියත් අධර්මවාදි මත්පැන් පානය ආදිය කරන්නන් ඉන්නා ගෙදරට පැමිණිවිට අප්රි ය අමනාප ගතියක් අටගනී. ඒ හෙයින් වැඩිපුර නොවිමසුවත් මේ ගෙදර ශ්රී කාන්තාව වසන ගෙයක් බව මම හොඳින්ම දැනගතිමි. ඒ ශ්රි්යාවති ඉගණගෙන තිබෙන කවි නමය මටත් ඇසෙන්ට කියෙවුවොත් හොඳ යයි කීවෙමි.
එවිට කඵපහන අප්පුහාමි දුවට කථාකොට තමාට හොඳින් කඩපාඩම් ඇති කිවි නවය කියන්ට නියම කළේය. ශ්රිකයාවති ඉතා මධුර අන්දමට ඒ කිවි නවය මෙසේ කිව්වාය.
“ ම ව් පිය කුල දෙටුත් සොහොයුරු ද හිමිස ද සො ව් මට ඔවුනොවුන් වෙත යුතුසේ පිළි පැ ද ලෙ ව් තුල පවතිනා සදහම් දත් පබ ද දෙ ව් ලිය සම ලියක් වනු දියණියනි සො ද
නො ත බා උඩගු ගති දැඩි මන් සිතෙහි ග රු සු ල බා හිරි ඔතප් කුලදම් රකින යු රු ක ර බා සිය සියන් මහ නොයවන රුසි රු පි ය ඹා වම වසන් දියණියනි පින්ස රු
රං මි ණි මුතු බරණ පටසඵ පිළි දිමු තු ළං වු න කලත් නැති කල මෙන් නොව අමු තු සිං හ ල කුලසිරිත් ගුණදම් ලෙස පව තු සං ස ල නොව ඉඳුව දුක සැපෙහි එකයු තු
දනය ට නිලතලට බලමහිමට දිය ත සහතු ට ගුණ දමට වැඩි පෙම් වැඩුව හො ත මොලාව ට පරලොවට වැඩ නැති කෙනෙක්වෙ ත දහම ට සිත යොදන් නැත සැක වෙයි සැප ත
රිවිනැ ති අහස පැන් නැති විල නිසරු කො ත හරනැ ති තුරු සුවඳ කුසුම පැහැප ත ගුණනැ ති කුල දහම් නොරකින රුවැති ක ත සලක ති එක විලස දියණිය උගත් ස ත පියදාස සිරිසේන නවකථා එකතුව 537
රුවත ත් දන ඇතත් පිරිවර ඇතත් නි සී නොහොබි ත් කුලදහම් නොම රකිනා දිගැ සි සවන ත් කනත් මුකයත් ඇතිමුත් සතො සී නොපෙනෙත් ඇස් නොමැතිහට රු බේ වෙසෙ සී
කො ප ම ණ සැරසුවත් සමතෙක් මුඵ දිය ත එ ළ දෙ න වෙළඹ ලෙස කරණට නොහැකිවෙ ත ඉ පි දු න ජාතියට වෙනසක් කරණ යු ත කි සි දි න නොසිත දෙලෙවම පිරිහුම ලබ ත
කෙතර ම සැප ලදත් ගුණ දහමින් නො රව එතර ම දුක ලැබේ දෙලොවම බලන රව සදහ ම රකිණු මැන නිවනට පියත රව අදහ ම හලා හල ලෙස දුව සිහික රව
විපත ක් අනිකෙකුට සැලසෙන විලසකි නී සැපක ක් ලැබුනොතින් නොවිඳුව දියණිය නී සැපත ක් අනුන්හට සලකන අදහසි නී වරද ක් නොවේ දුන්නත් දිවි බැති පෙමි නී
16.පරිච්ඡේදය
[සංස්කරණය]මේ කවි කිවූ ශ්රීඡයාවති උවමනා ධර්මශාස්ත්රව දත් මුහුකුරාගිය ඥානය ඇති ස්ත්රිසයක් බව තේරුම් ගෙන ඈ මගේ හිතෛෂි මිත්රතයෙකුට සරණකර දිමට කල්පනා කෙළෙමි. කඵපහන අප්පුහාමිට හා හාමිනේටත් ස්වකීය දියණිය උතුම් කුලාංගනාවක් ලෙස ඇති දැඩි කිරිම ගැන ස්තුති කොට ඔවුන් විසින් ප්ර්ණීත ලෙස පිළියෙල කරදුන් රාත්රීස භෝජනය අනුභව කොට අටට පමණ එහෙන් පිටත්ව අවුත් අටහමාරට සිරිල්ලාගේ ගෙදරට පැමිණ මගේ කාමරයට වැදි දොර වසා ගතිමි. සිරිල් සහ ගෙදරවුන් අනිත් උදවියත් නවයට පමණ නිදාගත්හ. මම මගේ වේශය වෙනස් කොට මේරි ද සිල්වාගේ සහෝදරයා වන විලියම් ලෙස සැරසී නවයකුත් කාලට පමණ විමලතිස්ස හාමුදුරුවන්ගේ පන්සලට පැමිණියෙමි. විලියම් එනතුරා මග බල බලා වුන් සරණපාල මා දුටු හැටියේම විලයම් බවට කිසි සැකයක් නැති බිවින් තමාගේ කාමරයට කැඳවා ගෙන ගොස් එහි පුංචි පුටුවක් වාඩිවෙන්ටදි තමාගේ අදහස කියන්ට පටන් ගත්තේය. “ඉතින් අයියේ මට හෙට උදේට
538 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
ගමට යන්නෙමි. ඒ ගොයින් අනිද්දා සිවුරු හැර ගිහි වන්නෙමි. මගේ ඉසකෙස් ටිකක් වැඩුණු හැටියේම ලබන මාසේ 20 වෙනිදා මෙහාට එන්නෙමි. ඒ ආවිට අපේ විවාහය ඉෂ්ට කරන්නට ඕනෑ. දැන් මෙහි තිබෙන කළමනා ටික ගෙදර ගොසින් තබන්ට ඕනෑ”යයි කියා රෙදි, ලේන්සු, තුවාය සහ තවත් නොයෙකුත් කළමනා එකතු කරන්ට පටන් ගත්තේය. මේ අතර සරණපාලගේ යතුරු කැරුල්ල සෝපාව උඩ තිබෙනු දැන එය ඔහුට නොපෙණන පරිදි ගෙන සාක්කුවේ ලා ගිතිමි. සරණපාල අතේ තිබී පවුන් පහළොවක් මුදල් ද මා අතට දී එකෙක් බරට තරම රෙදි ආදී කළමනාත් මිටියකට බැඳ දුන්නේය. විලියමට සමානව කථාකරන්ටද දැන ගත් මම, “ඉතින් හාමුදුරුවනේ නොවරදවාම තමුන්නාන්සේ ලබන මාසේ දහඅට වෙනිදාට එන්ට ඕනෑ. එදාටම කඵතරට ගොස් විශේෂ බලපත්රනයක් පිට කසාද බඳින්ට සලස්වන්නෙමි. අම්මත් තාත්තත් නංගිත් මමත් යන අපි සියලු දෙනාම හාමුදුරුවන් කෙරෙහි බලවත් විශ්වාසයෙන් සිටිමු. ඒ හෙයින් හෙට උදේම කෝච්චියෙන් ගමට ගොස් ඒ කථාකරගත් දිනට එන්ට ඕනෑය”යි කීවාම සරණපාල ඉතාමත් සතුටුව මා ගෙණා කරත්තයේ රෙදි ආදි බඩු මිටියත් තබාගෙන යන්ට කියා රාත්රීත දහයට තරම මා පිටත් කළේය. මමද ඉතා අමාරුවෙන් ඒ බඩු මිටියත් කරගහගෙණ සිරිල්ලාගේ ගෙදරට ගොස් ඒ බඩු මගේ කාමරයේ තබා ගතිමි. පසුදින උදේ ජොනී හාමු මගුල් ලියුම් අච්චුගසන්ට යාමට එන බව කී නිසා රාත්රීජ හතරට නැගිට ඇඳ පැළඳගෙන සූදානම්ව සිටියෙමි. මගේ කාමරයේ වටිනා බඩු රාශියක් තිබෙන බැවින් එය වසා යතුරත් මා අතටම ගෙණ සිරිල්ව කතාකොට “සිරිල් දැන ජොනී හාමු එනවා ඇති, උන්නැහේ සමග මමත් කොළඹ යන්නෙමි. රැ හතට එන කෝච්චියෙන් මම නැවත් එන්නෙමි. උඹ අද රාත්රිම කරත්තයත් රැගෙන දුම්රියපලට අවුත් සිටපන්නැ”යි කියා ඔහුටත් රුපියල් පහක් දි පාර දෙස බලන විටම ඡොනී හාමු අශ්ව කරත්තයෙන්ම අවුත් මට කථා කළේය. ඔහුගේ කරත්තයේම නැගී දුම්රියපලට පැමිණ උදේම දුම්රියෙන් කොළඹට ආවෙමු. මගේ ගමන් වියදම් ආදි සියල්ලම ජොනී ගෙන ලැබුණේය. සරණපාලගෙන්ද රුපියල් එකසිය පණහක් ලැබණු බැවින් මගේ එදා ගමන අලාභ එකක් නොවීය. ජොනීත් සමග මමත් මගේ මිත්ර්යෙකුගේ අව්චු කන්තෝරුවට ගොස් මනාල පැත්තෙන් මනාලියගෙ පැත්තෙන් ලියම් අච්චුගසනට දි එහි මුදල වන රුපියල් විස්සද ගෙවා ලියුම්වල වැඩ පහට ඉස්සරින් ඉවරකර තබන්ට කියා ජොනීත් සමග ඔහුට උවමනා
පියදාස සිරිසේන නවකථා එකතුව 539
රෙදි වගයක් ගැනීමට කොටුවේ සාප්පුවකට ගියෙමි. ඔහු මගුලටම උවමනා ඇඳුම් මැසීමට දී මාත් සමග බ්රිවස්ටල් හෝටලයට දවල් කෑමට ගියේය. මට රහසින් විස්කි වීදුරුවක් ද බී කෑම අනුභව කරද්දි මා ඉදිරිපිටදි ද විස්කි වීදුරුවක් බීවේය. මට අසනීප බව කියා මට ගෙණා විස්කි වීදුරුවද ඔහුටම බොන්ට කී බැවින් එක පැයක් තුළ විස්කි වීදුරු තුනක් බිගත් ඡොනී මනුෂ්ය තිරිසනෙක් වේගන යන බැවින් මට උවමනා හැටියකට ඔහු ලවා කටයුතු කරවා ගන්ට හැකි නිසා ප්රී්තිමත්වීමි. හෝටලේ බීල ගෙවු පසු ජොනීත් සමග මා පදිංචි ස්ථානයට පැමිණ නොයෙකුත් දේ ගැන කථා කරමින් සිට සවස තුනට පමණ විස්කි විදුරුවක් ඔහුට ගෙන්වා දුනිමි. එයත් බිවු පසු ඔහු එදා රැ මාත් සමග නවතින්ට සතුටු බවද කීයේය. ජොනී මගේ ස්ථානයේ නවත්වා පහමාරේ දුම්රියෙන් කඵතරට යාමට උවමනා බැවින් පොනීට මෙසේ කීමි. “මහත්මයා මෙහි අද නවතින්ට මට දැන් ගමනක් යන්ට තිබේ. මම හෙට දහයට ඉස්සරින් එන්නෙමි. මා එනතුරා මෙහි නවතින්ට. උවමනා ආහාර පාන ආදිය මගේ අතවැස්ස විසින් සලසා දෙනවා ඇත. මම පොරොන්දු ගමන්ක යන්ට තිබෙන බැවින් නොවරදවාම යන්ට ඔනෑය”යි කිවෙමි. වෙරිමත ගාතේ සිටි ජොනී සතුටු වී මමද ඔහුට සමානව සැරසී ඔහු ගලවා තබා තිබුණු කෝට් එකත් ඇඳගෙන මගුල් ලියම්ද අරගෙන පහමාරේ දුම්රියෙන් කඵතරට පැමිණියෙමි. මා දුම්රියපලෙන් බැස්සවිට ජොනීගේ මිත්ර යෝ ජොනීමයයි සිතා මට එසේ කථා කළෝය. මම ද ඒ අන්දමටම හඟවමින් ටිකක් අන්ධකාර හරියේ නවත්වා තිබුණු සිරිල්ගේ කරත්තටය නැගි ඔවුන්ගේ ගෙදරට ගියෙමි. සිරිල් මා ගැන ටිකක් සැක කළ බැවින් ඔහුට ටිකක් දුර කරුණු කියා “ මම අමුතු වෙසකින් ආවෙමි. දැන් අපි උඹලාගේ ගෙදරදි රාත්රීට බත් කා මේරි ද සිල්වගේ ගෙදරට දහයට පමණ යන්ට ඕනෑ. උඹ මා එක්ක ගොස් වහාම කරත්තය ගෙදර ගෙන එන්ට ඕනෑ. නවතත් හෙට උදේ හයට එහාට කරත්තය රැගෙන වරෙන්නැ”යි සිරිල්ට උගන්වා ගතිමි. රාත්රීඋ අටහමාරට සිරිල්ලාගේ ගෙදරට ගොස් මුහුණේ වෙනසත් කෝට් එකත් ඉවත තබා බත් අනුභව කොට ඉක්බිති ජොනීගේ වේශයෙන් සරසී මේරි ද සිල්වලා ගේ ගෙදරට පැමිණියෙමි. ඔවුන්ගේ ගෙදර ලඟටම කරත්තයෙන් ගොස් බැස කරත්තය උදේම රැගෙන එන්ට සිරිල්ට නියම කොට මේරිලාගේ ගෙදරට ගියෙමි. මා යන විට ඔවුහු රාත්රිඑයට කා බී නිදාගෙණය . මම ගොස් කථා කළවිට නැන්දා ඉක්මණින් දොර ඇර මා මේ කොළඹ ගොසින් එන ගමන්දැයි
540 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
අසුවාය. ජොනීම යයි ඔවුහු සිතාගත් බැව් දුටු මම, මහත්සේ ප්රිරතියට පැමිණ “මම මේ එන ගමන්මය. ලියුම් නම් අච්චුගැසුවා. උඹලාට පෙන්වන්ට දෙකක් පමණක් ගෙනාවෙමි. උදේට අනිත් ලියම් ගෙන එන්නෙමි. ඒවා පෙට්ටියේය. පෙට්ටිය කඵතරදි අපි රාත්රී කෑම ගත් හෝටලේ තිබෙද්දි එන්ට සිද්ධවිය.”යි කියන කොටම කාමරයක නිදාවුන් මේරි ද සිල්වාත් බලවත් සතුටින් ඉදිරියට අවුත් මාගේ පැත්තකින් ඉඳ මුකුළු සිනහවෙන් “කෝ බලන්ට ලියුම්” කියමින් මගුල් ලියුම් ඉල්විය. දෙපැත්තේ ලියුම් දෙකක් ඈ අතට දුන් විට ඉවසිය නොහැකි ප්රිපතියෙන් ඒ කියවා බලා තව දවස් විසිපහක් තිබෙන බව කීයේය. “ඔව් ඉතින් ඇඟිලි ගණන් කරණ කාලය”යි කවට වශයෙන් කීවාම මේරි පමණක් නොව මවුපිය දෙදෙනාත් සිනාසි ජොනී වෙනදා ආවිට නිදාගන්ට දෙන කාමරයේ ඇඳ සූදානම් කොට මට නිදාගන්ට සැලැස්සුවේය. මා කාමරයට ගොස් ඇඳ උඩ වාඩිගත් හැටියේම මේරි ද සිල්වාත් එහි අවුත් පුටුවක් පිට වාඩිගෙන අල්ලාප සල්ලාප කථාවට බැස්සේය. මෙසේ ටිකක් කථාකරමින් සිට “ප්රේාමි, ඩාර්ලින් ගෙන් කාරණයක් අසන්ට උන්නා, ඒක රහසින්ම අද අසන්ට ලැබුණාට සතුටු වෙමි.විමලතිස්ස හාමුදුරුවන්ගේ ගෝලයා වන සරණපාල සමග උඹ යන්ට පොරොන්දු වෙලා ඉන්නා බව මට ආරංචියි. එසේ පොරෙන්දු වී ඒ උන්නාන්සේගෙන් බොහෝම මුදල් හදල් ගෙන්වා ගත් බවත් නොයෙක් මිනිස්සු කියති. ඒ හැබෑද බොරුද?” එවිට මේරි මගේ ඇද ලඟට පුටුව කිට්ටුකර වාඩිවි “ඔහොම කථාවක් අම්මාත් සමග කෙරුණාය”යි මටත් දැනගන්ට ලැබුණා. මම නම් කවදාවත් ඒ “මුඩු මහණා”සමග කථා කළේවත් නැත. හාමුමහත්තයා සමග මිස කිසිවෙක් සමග කසාද බදින අදහසින් කථාකළේවත් නැහැ”යි කීයේය. මේරි, ඡයසේකරටත් සරණපාලටත් ඇදලා තිබෙන උගුල් දන්නා මම සිනාසී “නෑ මේරි මේවා මම විහිඵවට ඇසුවෙමි. මම උදේ රැයින්ම ගොස් කඵතර හෝටලේ තිබෙන මගේ පෙට්ටියත් රැගෙණ දොලහට විතර එන්නෙමි. ඉතින් ගොසින් නිදාගන්ට”යි කීවාම මේරි, ප්රාණණය මගේ කාමරයේ තබා කද පමණක් ගෙන ගියාක් මෙන් ඉතා අමාරුවෙන් මගේ කාමරයෙන් පිටතට ගියේය. ඉක්බිති මම කාමරයේ දොර වසාගෙන එළියට මදක් අඩුකොට ඔවුන්ගේ පරම්පරාගත පරණ අල්මාරියේ තිබෙන විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය බලන්ට කල්පනා කළෙමි. සරණපාල ලඟ තිබෙන යතුරු කැරැල්ල මගේ සාක්කුවේය. මේ අල්මාරියේ යතුරත් ඒ කැරැල්ලේ තිබෙන බව මට නිසැකය. ඒ හෙයින් අල්මාරියට කිසි පලුද්දක් නොකරම මුදල් පෙට්ටිය ගන්ට සිතුවෙමි.
පියදාස සිරිසේන නවකථා එකතුව 541
ගෙදර සියල්ලටම නින්ද යායුතු වේලාව වනතුරා සිට රාත්රි එකට ඒ මා කල්පනා කළ යතුරෙන් අල්මාරිය ඇරියෙමි. එය ඇර ඇතුලේ තිබෙන ලාච්චුද ඇරියෙමි. එවිට පුන්චි ලි පෙට්ටියක් එහි තිබෙනු දුටු මට මහත් සතුටක් අතිවිය. මාස එකහමාරක් පමණ රට පෙරලන තරම් දුක්විද යන්තම්”මුදල් පෙට්ටිය” ලදිමියි ප්රීඑතිව තේක්ක ලෑලිවලින් තනන ලද ඒ කුඩා පෙට්ටිය ලාච්චුවෙන් එළියට ගෙන යතුරු ගැරැල්ලේ තිබුණු අනිත් යතුරු එකිනෙක දමමින් අරින්ට විය්ය්ගෙ කළෙමි. අන්තිමේදි එහි යතුරු සම්භවිය. ඒ පෙට්ටිය ඇර බැලුවිට පරණ ප්ර වෘත්ති පත්රඅයක් කුඩා වෙන්ට නමා එහි පුරවා තිබෙනු මිස එක ශතයක්වත් එහි නොතිබුණේය. මට මීට මිනිත්තු පහකට ප්රාථම හටගත් බලවත් ප්රී්තිය දැන් ඒ තරම්ම දොම්නසට කාරණයක් විය. අහෝ මේ ලෝකයේ හැටි! තමාගේ සිටත රුචි දේ නිසි පරිදි ලැබෙන්ටත් පෙර එහි ඡායාමාත්රමයක් දකින විටත් මිනිස්සු සතුටු වෙති. නමුත් ඒ බලාපොරොත්තු දෙය නොලැබුණු ක්ෂතණයෙහිම බලවත් දුකට පත්වෙති. මෙබඳු චපල සිත කෙතරම් දක්ෂු වූවත් සියලුම ප්රසථග්ජනයන්ට ඇතිවේ. එසේ වූවත් පණ්ඩිතයෝ එසේ ප්රී්තියට හෝ කනස්සල්ලට වැඩි වේලාවක් චාල්ව නොසිට යථාත්ථවය මෙනෙහි කොට නිශ්ශෝකවෙති යි. ඒ මා ගත් පුන්චි තේක්ක පෙට්ටියේ තිබෙන කඩාදාසි කැබැල්ල අහකදමා ඊට වැඩි පිළිකුල් කටයුතු යමක් එහි පුරවන්ට කල්පනා කොට වටපිට බැලුවෙමි. මා නිදා ගන්නා කාමරය මේරිලාගේ ගෙදර තිබෙන බොහො කුණු කසල ඇති කාමරයකි. එය අතුගාන්නෙත් කලාතුරකිනි.මා කාමරයට ඇතුල් වෙද්දිත් යම්කිසි දුර්ගන්ධයක් දැනුන නමුත් නැන්දත් මේරිත් සමග කාමරයට ඇතුල් වූ බැවින් කිසිවක් නොකීවෙමි. නමුත් ඉන්පසු ඒ දුරුගන්ධය වඩ වඩා දැනුන බැවින් අල්මාරිය යටත් ඇද යටත් හා මේසේ යටත් පරීක්ෂාධකරන්ට සිතා ඉටිපන්දමක් රැගෙන අල්මාරිය යට බැඵවෙමි “සොයන්නාට සම්භවේ”කී කථාව පරිදි ලොකු මීයෙකුගේ මෘත ශරීරයක් අල්මාරිය යට තිබුණේය. එය එලියට ගෙන මෙසේ කල්පනා කළෙමි. “මේ ගෙදර ඉන්නා ස්ත්රිේන්ගේ පහක් ගතිය මෙයින් දැනගතහැක. ගෙදරක් සුද්ධපවිත්රර කරණ ස්ත්රිතයක විසින් පළමුකොට අතුපතුගා සුද්ධකළ යුත්තේ අහුමුඵ ය. නමුත් හරියට ඉගෙන නොගත් ස්ථිර ගුණ ධර්මයේ නොපිහිටි බොරු උඩඟු ගතියෙන්කල්ගත කරණ ගෑණුන් ගෙදර දොර පවා ශුද්ධකරන්නේ මිනිස්සුන්ට පෙණෙන හරිය පමණෙකි. අන්යරයන්ට නොපෙණෙන තමාගේ අභ්යටන්තරය කපටි අයුතු වංචා සහගත සිතිවිලි වලින් පරිපුර්ණව පවත්නාක් මෙන්ම වල් ස්ත්රීය පුරුෂයන් වාසය කරණ ස්ථානවල අහුමුඵ ද කුණ කසල වලින් පරිපූර්ණඵය. ගුණධර්මයෙන් යුත්
542 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
ස්ත්රීයන්ට අසරණකම නිසා පිරිසුදු වටිනා ඇඳුම් පැළඳුම් නැතිව කිඵටු වූ නොවටිනා රෙදි පෙරෙදි ඇනදත් ඔවුන්ගේ සිත් වංචා ප්රුයෝගාදියෙන් විනර්මුක්තව පිරිසිදුව පවතී. එමෙන්ම ඔවුන් වාසය කරණ ස්ථානය අවලක්ෂුණ උවත් අසස්ක මුල්ලකවත් දුර්ගමන්ධ ය හමන කැලි කසල දාදියක් නොතබා පිරිසුදු කරණු ඒකාන්තය. අද මට මේ කාරණය ප්රකත්යැක්ෂයවීය”යි සතුටුව, විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටියයි සිතා අල්මාරි ලාච්චුවෙන් එලියට ගත් තේක්ක පෙට්ටි පුන්වේ කඩාදාසි කැබැල්ලක දවටා මළ මියාගේ මෘත ශරිරය දැමුයෙමි. ඒ පෙට්ටියෙන් බාගයකට සෑහුනේය. ඉතිරි භාගය පිරෙන්ට තව කුමක් දැම්මදැයි ඈත මෑත බලනවිට මැංගුස් ලෙලි ගොඩක් ඇඳ යට තිබෙනු දැක ඒ සියල්ලම පෙට්ටිය පිරෙන්ට දමා එය යතුරෙන් වසා අල්මාරි ලාච්චුවේ තබා ලාච්චුවත් අල්මාරියත් වසා සුවසේ නිදා ගතිමි. මේරි ද සිල්වා ගේ මුවට විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය සම්භවී නැත. සරණපාල ඈට මුදල් පෙට්ටිය දෙන්ටම ඇත. නමුත් යම්කිසිවෙකුගේ උපක්රාමයකින් සරණපාලත් මේරි ද සිල්වාගේ මවුන් දෙන්නාම රැවටි තිබේ. මෙය සොයා ගැණීම සුරාපානය කරන්නෙකු තුළ උතුම් ගුණධර්මයක් සොයා ගැණීමටත් වඩා අපහසු ක්රිමයාවකි. හොඳයි, ඒ වුනත් වීර්ය කරමි”යි අධිෂ්ඨාන කරගෙන අමාරුවෙන් නිදාගතිමි. උදේ පහට නැගිට “ජොනීගේ” වේශයෙන් සැරසී නැන්දාටත මේරිටත් කථාකොට “මම දවල් එන්නෙමි. හයට පමණ කඵතර ඉන්න උවමනාවක් තිබෙන බැවින් විගහට යන්නෙමි”යි කියා පාරට බැස්සෙමි. මා කී පරිදි ඒ වේලාවටම සිරිල් ද කරත්තය රැගෙන අවුත් සිටි බැවින් පාර අයිනේ ගෙවල දොරවල් අරින්ටත් ප්ර්ථම සිරිල්ලාගේ ගෙදරට පැමිණ මා රැගෙන තිබුණු වේශය ඉවත්කොට බ්රෝතකර් වේශයෙන් සැරසී සිරිල්ලාගේ ගෙදරදි තේවතුර බි හතට දුම්රියපලට පැමිණ එම දුම්රියේම නැගී නවයකුත් කාලට කොළඹ මගේ නිවසට පැමිණියෙමි. මා එහි පැමිණෙන විටත් “ජොනී” නිදිය. ඔහු මත්පැන් බී වෙරිව දුරුවලව බොහෝ වේලාවක් නිදාගත් එකත් මට යහපතක් විය. මම ම ඡොනීට කථාකොට නැගුට්ටුවෙමි. ඔහු අවදිව දවල්විම ගැන කණගාටුවී වහාම ඇද පැළද ගත්තේය. මාත් සමග තේ වතුර බී දෙදෙනාම එක දුම්රියෙන් කඵතරට ගොස් හෝටලයක නැවතී සිට දවල් බත් කෑවෙමි. එහිදි ජොනීට සිරිත් ප්ර කාර බොන විස්කි වාගේ තව ගුණයක් බීමට සැලැස්සු බැවින් ඔහුගේ ප්රඑකෘති ගතිය වෙනස් විය. ජොනීත් සමග එක කරත්තෙන්ම ගොස් මම සිරිල්ලාගේ ගෙදර
පියදාස සිරිසේන නවකථා එකතුව 543
නැවතුනෙමි. ජොනී මගුල් ලියුම් මිටි දෙකත් රෙදි ආදි බඩු පොට්ටිනියකුත් රැගෙන ගෙදර ගියේය. ඒ යන ගමන් මහ පරේම සිටිගෙන මේරි ද සිල්වාගේ අයියාට කථාකොට ඔවුන්ගේ ලියමු මිටිය ඔහු අතට දි වෙරිමර ගාතේ සිහිනැතිව වූන් ජොනී ස්වකීය “වලව්වට” යා ගත්තේය. ඊයේ රැ මේරි ද සිල්වලාගේ ගෙදර නිදාගත්තේ ජොනීම නොවේ යයි සිතීමට ඔවුන්ට කිසිම අන්දමකින් ඉඩක් නොලැබුනු බැවින් ඒ සම්බන්ධ කිසිවක් පසු දිනකවත් විමසන්ට හේතුවක් ඇති නොවීය. ඉතින් මේ දෙගොල්ල මගුල් කටයුතු සූදානම් කරනට පටන් ගත්හ. මම එදා විමලතිස්ස හාමුදුරුවන්ගේ පන්සලට ආවෙමි. මගේ මිත්ර ධම්මරතන හාමුදුරුවෝ උන්හ. පන්සල මිනීමළ ගෙයක් මේන නිශ්චලව තිබුණේය. ධම්මරතන ස්වාමිට වැද එකත්පසෙක සිටියෙමි. ගුණවත් ඒ ස්වාමින්වහන්සේ “ මොකද මහතමයා අදත් මිණිරන් සෙවීමට ආවෙහිද? ඊයේ පටන් මෙතන මනීමළ ගෙයක් මෙන් වි තිබේ. අපේ ලොකු හාමුදුරුවන්ගේ බෑණා වන මෙහි සිටි සරණපාල ගමට යන බව කියා පෙරේදා මෙහෙන් ගොස් ගමේදි සිවුරු ඇර දැන් ගිහිව සිටිනවා”යයි විදුලි පුවතක් ලොකු හාමුදුරුවන්ගේ නැගණිය සරණපාලගේ මවු විසින් එවන ලදුව ලොකුහාමුදුරුවෝ ඊයේ රැ ගිය ගමන් තවමත් නැහැ”යි කීහ. කාරණය තත් වූ පරිදි දත් මම මදක් සිනාසී ඉතින් හාමුදුරුවනේ එහෙනම් ලොකුහාමුදුරුවන්ගේ රුපියල් තිස්පන්දාහේ මුදල් පෙට්ටිය වංචාකරගත්තේත සරණපාලම වෙන්ට බැරිදැ”යි ඇසුවෙමි. “ඔව්. සරණපාල ඒ මුදලුත් අරගෙන ගිය බව සිතන්ට පුඵවනි. නමුත් ලොකු හාමුදුරුවන්ට ස්වකීය නැගණීය ඇත්ත කියන්ට බැරිය. දැනට නම් ඒ මුදල් පෙට්ටිය සිද්ධවූ “හරිය ගැන” නොයෙක්දෙනා නොයෙක් අන්දමට කථා කරති. කෝන්ගොඩ වික්රගමපාල මහතාටත් ඒ කාරණය සොයා ගන්ට නොලැබේය”යි ධම්මරතන හාමුදුරුවෝ කීහ. මේරි ද සිල්වා ගේ ගෙදර මුදල් පෙට්ටිය නැති බැවින් නොඅනුමානව විදාන මායියා ලඟ ඇති බව මම කල්පනා කෙළෙමි. නමුත් මෙය සොයා ගන්නේ කොහොමදැයි බලවත් ලෙස කල්පනා කරමින් සිට ධම්මරත්න හාමුදුරුවන්ට වැද විදාන රාළලගේ ගෙදරට ගියෙමි. ඒ මා යන වේලාවේ විදානමායියත් තවත් ස්ත්රිනයකුත් නෙයෙක් කුණුසරුප කියමින් බැනගන්නා වේලාවකි. ඔවුන්ගේ අසභ්යත වචන කෙතරම් රෞද්රෙද කිවහොත් කොයි අන්දමකින්වත් මට ඔවුනගේ ගෙදරට යන්ට බැරිවිය. ටිකක් ඈතින් තිබුනු කුඩා ගේක ඉස්තෝප්පුවේ සිටගෙන
544 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
ඔවුන්ගේ බැන ගැණීම අසා සිටින විට මධ්යමම වයසේ ස්ත්රිටයක් ඒ ගෙයින් එළියට ආවේය. ඈ මට වාඩිවෙන්ට කියා, මොකද මහත්මයෝ, මේ කොයි යන ගමනක්ද? මෙහිම ආවේදැ”යි ඇසුවේය. “මම විදානරාල සම්භවෙන්ට සිතාගෙන ආවෙමි. නමුත් එතන බැන ගැණීමට බයේ එහි නොගොස් මේ ඉස්තෝප්පුවට ගොඩලැගුනෙමි”යි කිවාම. ඒ ස්ත්රිිය සිනාසී” අනේ මහත්මෙයෝ. අද ඔය මොන බැනගැණුමක්ද? සමහරදාට ඔයිට වඩා පුදුම අන්දමට බැණගණිති. අර පාරේ ඉඳගෙන කුලමල කියන්නේ විදානේ මහත්මායගේ නංගියි. ඉස්සර විදානරාල දුප්පතියි. දැන් නම් බොහොම පොහොසතියි. උන්නැහේගේ නංගි විදානේ මායියාට කුලයක් වශයෙන් කියන්නේ විමලතිස්ස හාමුදුරුවන්ගේ ගෝලයා වන සරණපාලට තමාගේ දුව ජෝඩුකර දි පන්සලේ තිබුණු තරමත් දේපල කොල්ලකාගෙත් බවත්, කඵතර සල්ගාඳු මහත්මයා කූට්ටුකරගෙන උන්නැහේ සම්භකරණ තරමක් කොල්ලකා ගත් බවත්ය. ඉතින් සල්ගාදු මහත්මයා නම් නිතරම පාහේ එතනට එනවා. මේ විධියට පොහොසත් වෙලා ලොකු මුදලාලි කෙනෙකුගේ පුතෙකුට දුව දෙන්ට ජොඩුකර ගත් දවසේ සිට විදානේ මායියා බොහොම ආඩම්බර බව නම් බොරු නොවේ. ඉතින් ඒ ඇත්තීගේ අහංකාර වචන දරන්ට බැරිව විදානේ උන්නැහේගේ නගා වන මනෝහාරි සමහරදාට “හරියටම දෙසාබානවාය”යි කීයේය. මට මේ කථාව ඉතාමත් ප්රරයෝජන විය. මනෝහාමිගේ ගෙදර කොයිබදැයි ඇසුවාම අසවල් තැනයයි ඒ ස්ත්රි ය කී බැවින් මම යන්ට ගියෙමි. මනෝහාමිවද ටික වේලාවක් බැණගෙන ගෙදර යනු දැක ඇය පස්සෙන්ම ඔවුන්ගේ ගෙදරට ගියෙමි. මනෝහාමිගේ ස්වාමි පුරුෂයා එක් දවසක් මා සමග කථාකළ කෙනෙක් බව ගෙදරට ගිය විට දැනගතිමි. ඒ ඇඳුනුම්කම නිසා ගෙදරට ආ බව හඟවා වාඩි ගතිමි. මම මිනිරන් ගැනීමේ යෙදී සිටින බ්රොගකර් කෙනෙක් බව බොහෝ දෙනෙක් දන්නා බැවින් මගේ පැමිණීම ආශ්චර්යයක් නෙවීය. ඉතින් මනෝහාමි මට සුරුට්ටුවලින් සංග්රආහකළ පසු “මොකද හාමිනේ දැන් අර විදාන මහතලාගේ ගෙදරදි කෑකෝගැසුවේ , ඇයි? එහෙම කථාබස් කිරිම හොද නැ නොවේදැ”යි කීවෙමි. එවිට ගින්නට දාපු පුඵන් ටිකක් මෙන් ඒ වචනයෙන් ඇගේ කෝපය පැන නැගී “අනේ මහත්තයෝ, සමාවෙන්ට ඕනෑ. කුලමල කියමින් බැනගැනීම වැදගත් අයට නරක බව මම දිනිමි. නමුත් අපේ අයියාගේ ගෙදර ඇත්තන්ට දැන් පොළවේ අඩිය තියලා ඉන්ට බැරි වි තිබේ. මට ඉතාමත් නින්දිත අන්දමට බණ්මින් කුලමල කියමින් එයාගේ සීලවන්ත කමත් කල් ක්රි්යාවේ
පියදාස සිරිසේන නවකථා එකතුව 545
වැදගත් කමත් පූජිත කර ගන්නවා. මගේ අම්මා තාත්තා කාලේවත් සිහිනෙන්වත් නොසිතු මිනිහෙකු පාවාදි අද උදේ බැන්නා. එය අසා ගෙන උන් අපේ නෑනා කෙණෙක් මා සමග ඒ කාරණය කී විට මටද ඉවසිල්ලක් නැතුව ගොස් උන්දැගේ වත ගොත හොඳින් කිවෙමි. මගේ අයියාගේ ගෙදර ඇත්තන් බව හැබැයි. නමුත් අයියා ඒ කාලේ තද අඩි කාරයෙක්ව සිටි බැවින් හිතුවක්කාර අන්දමට ඔය වල් ගෑණිව කසාද බැද ගත්තාය. ඔය ගෑණි ලපටි කාලේ පටන් චාරේකට නැහැදිච්ච අවකල්ක්රි යාවේ එකියකි. දුව ලොකු වූනාට පසු පන්සලේ සිටි සරණපාල නම් සාමනේර උන්නාන්සේ රවටාගෙන රුපියල් තිස්පන්දාහක මුදල් පෙට්ටියකුත් අවුරුදු ගනනක් පන්සට ලැබුණු ආදායමත් දෙල් පොල් කොස් ආදියත් කොල්ල කෑවා. එතැන් පටන් හොදට ගෙවල් දොරවල් වතුපිටි අරගෙන “බ්රවහෑනියට” අඳිමින් පළදිමින් ඉන්නා අතර දැන් අවුරුදු දෙකක් වේලේ පටන් එහා ගමේ මිණිරන් පතලයක් තබාගෙන ඉන්න සල්ගාදු මහත්මයා සමග ඒ විදානේ මායියා යාඵවෙලා දැන් ඒ මිනිහාගේ ඉහ මොල කනවා. සල්ගාදු උන්නැහේ දරුවන් හදෙනෙක් ඉන්නා බරපතල පවුල්කාරයෙකි. ඔහු දැන් තමාගේ පවුලත් නොසලකා මේ මායාකාරියගේ බන්ධනයට අසුව සපයන තරමක් ඈට දෙනවා. සල්ගාදු උන්නැහේගේ හාමිනේ ගිය සුමානේ මෙහි අවුත් අඬා වැලපී දෙවියන්ට දෙස් කරමින් යන්න ගියා. ඉතින් බුදුන් දහම් සඟන් සන්තක දේත් වෙන පවුල්වලට අයිති දේත් කොල්ලකාගෙණ මුදල් ටිකක් සපයාගත් පලියට ඇගේ නිගාරු අපට දරන්ට බැරිය”යි මනෝහාමි වේගයෙන් කීයේය. මම මේ කතාව ඉතා ඕනෑ කමින් අසා මානෝහාමිගේ පුරුෂයා වන සිඤඤොඅප්පුට කථාකොට “කඵතර සල්ගාදු උන්නැහේ දැන් පතලේ ද නැතහොත් ගමට ගොහින් දැ”යි ඇසුවෙමි. එවිට ඒ මනුෂ්යොයා සල්ගාදු උන්නැහේ දැන් හොඳටම අමාරුවේ වැටි සිටින බවත් ඊට හේතුව විදාන මායියා බවත් ගෑනු දරුවන් සතර දෙනෙකුත් කුඩා පිරිමි ළමයින් දෙදෙනෙකුත් තවත් ලොකු ඥාති පිරිසකුත් ඇති මේ අය විදානේ මායියාට රැවටි තමාගේ පවුල නොසලකා හැර තිබෙන බවත් ඒ ගැන නොයෙක් දෙනා අවවාද කළ නමුත් මග ඇරවන්ට බැරි වූ බවත්, පුදුමයට මෙන් කිසිවෙකුගේ ප්රතසිදධ වශයෙන් දැන නොගන්ට මොවුන් ගේ මේ රහස් මිත්ර්කම පවත්වන බවත් වැඩිදුරටත් විස්තර කොට කීවේය. සල්ගාදු ගැන කරුණු විමසන්ට සිතාගෙන එතනින් නැගිට සිරිල්ලාගේ ගෙදරට ගොස් එදා රැ එහි ගත කළෙමි. මේ දවසේ කළ කි කථාබස්
546 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
සිරිල්ලාගේ ගෙදර උදවියත් දැන ගත්හ. පසුදින උදේ සිරිල් ලවා කරත්තය බඳවාගෙන කඵතරට ගියෙමි. අප යන අතරමගදී සල්ගාදු උන්නැහේ පතලයට යන්ට එන බව ඈත දී දුටු සිරිල් මට කථාකොට “අන්න මහත්මයා, සල්ගාදු උන්නැහේ එනවා, ඔය එකත් එකට කොළඹ ගොස් එනවා වෙන්ට ඇති, දැන් උන්නැහේ ගෙදර යන්නෙත් කලාතුරකිනි. දැක ඇදින ගන්ට කැමිති නම් මිණිරන්වල විත්තිය කථාකළොත් පුඵවනැ”යි කීයේය. මම ඉතාමත් සතුටුව කරන්තය නවත්වා බැස සල්ගාදු උන්නැහේට කථාකළෙමි. උන්නැහේද තරත්තයෙන් බැස තමා ලඟ තිබෙන මිණිරන් බලන්ට එන්ට කියා මට සුරුට්ටුවකින්ද සංග්ර හ කොට යන්ට ගියේය. සල්ගාදුගේ හැඩහුරුකම් ආදිය ඔහුත් සමග කථාකරමින්ම සිතාගත් බැවින් මටත් උවමනා විටකදි “සලගාදු” වෙන්ට හැකි බැවින් ප්රීිතිමත්ව “සිරල්. උඹ කෙලින්ම සල්ගාදු උන්නැහේලාගේ ගෙදරට කරත්තය දක්කපන්නැ”යි කීවෙමි. සිරිල්ද එසේ කළේය. සල්ගාදු උන්නැහේගේ හාමිනේත් ඒ හාමිනේගේ පියාත් ඉතාමත් කණගාටු ලීලාවෙන් කථා කරමින් උන්හ. සිරිල් මට පළමු ගෙයි ඉස්තොප්පුවට ගොස් “අර අවුත් ඉන්නේ කොළඹ වැදගත් මිණිරන් වෙළද මහතෙකි. සල්ගාදු මහත්මයා සම්භවෙන්ට ආවේය. මගදී උන්නැහේ සම්මුබව මොනවාදෝ කථාකරගත්තා. ඉතින් උන්නැහේගේ රහස් තොරතුරු වහයක් අසා මහත් කණගාටුවෙන් මෙහාට ආවේය”යි කීය. එවිට සල්ගාදු හාමිනේත් පියාත් මිදුලටම අවුත් මා කැදවා ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක් උඩ වාඩිවෙන්ට සලස්වා මහත් දුකමුසු ලීලාවෙන් ඒ මහලු මහතා මෙසේ කියන්ට පටන් ගත්තේය. “අනේ මහත්මයෝ අපේ බෑනා මට අවුරුදු දෙකකට ප්‍රථම ඉතාමත් හොද සත්පරුෂයකි. තමගේ මුඵ ශක්තියෙන්ම ස්වකීය භාර්යාවත්, දරුවනුත්, මවුපියාදි අපත් සළකා බලමින් අපට ආදර සංග්රනහ කළේය. නමුත් මිණිරන් කපන්ට ගියාට පසු ඒ පළාතේ විදානරාළ කෙනෙකුගේ කපටි ස්ත්රිේයකට මුලාව දැන් සුරාපානාදි දුශ්චරිත කරමින් උපයන සියල්ලම ඒ ස්ත්රිේයට දෙනවාලු, දැන් ගෙදර එන්නේවත්, තමාගේ ආදරණීය දරුවන් පවා සලකන්නේවත් නැත. මේ ගැන අපට ආරංචි වි වැදගත් හාමුදුරුවරු තුන් නමක් ලවාත් එසේම ගිහි මහත්තැන් කීප දෙනෙක් ලවාත් අවවාද කරවූ නමුත් මිනිහා දිනෙන් දිනම නරක් වෙනවා මිස ඔහුගේ ගතිය වෙනස් කරණ බවක් නොපෙනේ. මහත්මයා මිණිරන් වෙළඳාමේ නියුක්ත කෙනෙක් නිසා මේ අසරණ පවුලට අනුකම්පාකොට අපේ බෑනාගේ වැරදි මාර්ගය වසා දැමුවොත් බුදු බව ලැබේය”යි ඉතා බැගෑපත්
පියදාස සිරිසේන නවකථා එකතුව 547
ලෙස කියා සිටියේය. මම වික්ර මපාල බව ඔවුහු දත්තාහු නම් මීටත් වඩා විස්තර ඇතුව මේ කාරණය කියනු නිසැකය.
මගේ කටයුතු තවදුරටත් සඵල කරගන්නතුරු සිරිල් ආදි කිසිවෙකුට වික්රටමපාල බව නොහඟවා සිටින්නට විය. ඉතින් මම ඒ මහලු මහතාට කථාකොට “බලන්ට මහත්මයෝ” මද්ය.පානයේ තිබෙන නරක. ගෑණු දරුවන් සතර දෙනාකුත් මෙබඳු රූපශ්රීනයෙන් යුත් භාර්යාවකුත් අතර මං කොට අන්යද ස්ත්රි යක් කෙරේ කල් බැඳීමට වෙන කොයිම යක්ෂාවේශයකින්වත් මනුෂ්යනයයෙකුට පිළවන් කමක් නැත. නමුත් සුරාපානය නිසා එසේ කළ හැක. කාම සැපත කෙතරම් වන්දත් එය කෙළවර නොවන බවත්, එය අධික ලෙස විඳීමෙන් ශරීර ශක්තිය ගුණධර්මාදිය හීනවනු මිස මෙලෝ පරලෝ දෙකට කිසිම අර්ථයක් සිද්ධනොවන බවත් සිතාගත නොහැකියන්ට මනුෂ්යෙ නාමය භාවිතා කිරිම තරම් අපරාධයක් ලෝකයේ ඇත්නම් ඒත් සුරාපානය හැර වෙන කිසිවක් නැහැ”යි කියා “ මට මේ හාමිනේ සමග ටිකක් කථාකරන්ට තිබේ. ඒ මේ කාරණය පැහැදිලි කරගන්ටත් මෙයින් සල්ගාදු උන්නැහේ ගලවා ගන්නටත්ය. ඒ නිසා කරුණාකර සහෝදරයකු සමග කථා කරණ බව සිතමින් මගේ ප්රයශ්නවලට පිළිතුරු දෙන්ට “යයි කියා මෙසේ ඇසුවෙමි. “සල්ගාදු මහතා මිණිරන් කපන්ට යාමට පෙර බීම පාවිච්චි කලේ නැද්ද” “ඉඳහිටලා ටිකක් බොන්න ඇති. ඒ මිස දැන්වාගේ බීවේ නැහැ”යි ඒ හාමිනේ කියේය. “හාමිනේගෙන් යම්කිසි අමනාප විය යුතු වරදකුත් නොයෙදුනා නම් ස්වකීය දරුවන් අත්හැර විදානරාළගේ මායියට සපයනතාක් ධනය දෙන්ට හේතුව කුමක්ද කියා හිතෙනවාද ?” කියා ඇසුවෙමි. “අනේ මහත්මයෝ මට ඒ ගැන කිසිවක් කියනට බැහැ. විදාන මායියා “ඉනා” බෙහෙතක් කවා මෙසේ කරගත් බව විදානේගේ සහෝදරි මා සමග කීවා. ඉතින් ඔය ඉනාව නැති කළොත් අපට මේ අන්තරාව වෙන්නේ නැහැ”යි කීය. මගේ හිතට මේ කථාබස් අසා මහත් සංවේගයක් ඇතිවිය. සල්ගාදු හාමිනේටත් මාමාටත් කණගාටු නැතුව ඉන්නට අවවාද කොට මෙසේත් කීවෙමි. “අද මේ මාසේ දෙවෙනිදාය. මේ මාසේ විසි වෙනිදායින් පසු සල්ගාදු මහතා විදානේරාළලාගේ ගෙදරට කිසිම කාලයක යනු තබා ඒ පැත්තේ පාරෙන්වත් යැව්වොත් මම සිංහලයෙක් නොවෙමි. මම සල්ගාදු උන්නැහේටත් විදානමායියාටත් කුමක් කරමිදැයි බලා සිටින්න”ට කියා සිරිලුත් සමග දුම්රියපලට ගොස් සවස දුම්රියෙන් කොලඹ මගේ නැවතුම්පලට පැමිණියෙමි.