පියදාස සිරිසේන නවකථා එකතුව- 02-විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය iii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

17.පරිච්ඡේදය[සංස්කරණය]

එ දා රාත්රිි නිස්කලංකව කාලය ගත කොට පසු දින උදේ වීරසේකර මහතුන්ගේ ගෙදරට පැමිණියෙමි. පිරිසිදු සිංහල කුල චාරිත්රාරනුකූලව සියලුම කටයුතු කරණ ඒ ගෙදර සියල්ලෝම මට අනුවර්තකය .මා කියන කාරණයක් ඉතා ඉහළින් සලකති. වීරසේකර මහතාගේ වැඩිමල් පුත්රමයා වන දායනන්දට රුපියල් පසොලොස්දාහක දායාද ලැබෙන පොහොසත් ගෙදරකින් මංගල්යපයක් ඇසූවිට මගේ අකමැත්ත නිසා එය ප්ර තික්ෂේප කරන ලදි . නමින් සිංහල නමුත් යුරෝපීය ක්ර මයකට ඇති දැඩි වූ ඒ මගුල ඇසූ ගෙදර ළමයින්ගේ කුලචාරිත්රු සිංහල ගේකට බලවත් සේ විරුද්ධ හෙයින් දයානන්දට ඇතිවන ජාතික අඩුපාඩු රුපියල් පහළොස් දාහකින් තබා මුඵ ‍ලෝකේම තිබෙන පවුන් වලින්වත් පිරිමසා‍ගත නොහැකි බව කී හෙයින් ඔවුහු එකපාරටම එය ප්රලතික්ෂේප කළෝය. පියානෝ, රවිකිඤ්ඤා ආදියට සිත ගිය තරුණයන්ට “මදන යක්ෂ දිෂ්ටිය” තිබෙන බව අපේ මුතුන් මිත්තන්ට කීවේ බොරුවට නොවේ. පුරුෂයන්ට අයිති කටයුතුවල නියුක්ත ස්ත්රීමන්ටත් උවමනාවටත් වඩා විවේකය හා නිදහස ඇති තරුණියන්ටත් ප්රුතිපත්ති වලින් බැඳි නැති තරුණියන්ටත් නොයෙක් මිනිසුන් සමග කථාබස් කෙලිසෙල්ලම් පැවැත්විමට පුරුදු තරුණියන්ටත් “මදන යක්ෂ දිෂ්ටිය” තිබෙනු නිසැකය. ඉතින් එබඳු තරුණියක් යම් පුරුෂයෙක් පාවාගත් විට ඔහුටද “මදන යක්ෂනි ගේ දිෂිටිය” ඇතිවේ. මදන යක්ෂ දිෂ්ටිය ඇති තරුණියක් යම් ගෙදරකට කැදවාගෙන ආවොත් ඒ වත්තට තබා මුඵ ගමටම “මදන අවතාරය” පහල වේ. ඉතින් ඒ තරුණිය ඉන්නා පවුල තබා අහල පහලත් කලකෝලහල, අපවාද කථා, නඩුහබ ආදි නොයෙක් විකාර ඇති වේ. මේ නිසා කිසිම කෙනෙක් මුඵ ලක්දිවම දායාදයට දුන්නත් ගිතිකා ගායනා දී ශාස්ත්රක පමණක් ඉගෙන එහි ඇලී ගැලී වාසය කරණ තරුණියක් ස්වකීය නිවසෙහි නවත්වා නොගත යුතු බැවින් මම දයානන්දට ජොඩු කළ මනමාලිය අත් ඇරෙව්වෙමි. ඒ මගේ ව්යාුපාරය වීරසේකර මහතාත් හාමිනේත් පමණක් නොව උතුම් කුලචාරිත්රිවල අගය දත් දයානන්ද වීරසේකරද ඉතා ගෞරවයෙන් සලකා මට මැනැවැයි කියන තරුණියක් ජෝඩු කරන්ට මගේන ඉල්ලුම් කර තිබුණේය. මා විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය සෙවීමට වීර්යකරණ අතර මට දකින්ට ලැබුනු කඵපහන අප්පුහාමිගේ දියණිය ශ්රීටයාවතී


පියදාස සිරිසේන නවකථා එකතුව 549

කුලගෘහයකට තෝරා ගත යුතු කාන්තාවක් බව අවබෝධ වු නිසා වීරසේකර හාමිනේටත්, මහත්මයාටත් පුත්රඅයාටත් ඒ ළමයා සම්බන්ධ තොරතුරු විස්තර වශයෙන් කියා ඉක්මණින්ම ඒ විවාහය ඉෂ්ටකරන්ට කීවෙමි. ශ්රීධයාවතියේ මවුන් පියාත් දෙදෙනාම ශික්ෂිත ප්රෂතිපත්තිකාමින් බවත් මවුපියන්ටත් වඩා හොඳන් උගත් ගුණධර්මයේ පිහිටි ශ්රිෂයාවති පෙණහැල්ලෙන් ඇවුඵෑ පහනක් වැනි කෙනෙක් බවත් කඵපහන අප්පුහාමිට පවුන් දෙදහකට වඩා දේපල නැති නමුත් දායාදය කියා යමක් නොදෙනත් ඒ තමා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දුවට අයිතිකර දෙන බවත් කීවෙමි. වීරසේකර හාමිනේ ශ්රීහයාවතීයේ කුලචාරිත්රට දැනීමත් රූපශ්රීමයාදි ගුණත් ඇසූවිට ස්වකීය පුත්රරයාට භාර්යාවක් මිස භාර්යාව නිසා ධනයක් බලාපොරොත්තු නොවන බැවින් ඒ කාරණය බලා තීන්දු කර ගනීමට අදම යා යුතු බව කියා සිටියාය. මම අතිශයින් සතුටුව කඵපහණ අප්පුහාමිලාගේ ගෙදරට කලින් කියා වූ බ්රෝැකර් වේශයෙන්ම සැරසි වීරසේකර මහතා හා පුත්රලයා වන දයානන්දත් සමග දවල් දම්රියෙන් ගොස් කඵපහණ අප්පුහාමිලා නොදැනුවත්වම ගෙදර පැමිණියෙමු. ඔවුන්ගේ ගෙදර මිදුලට ගිය හැටියේම එහි ශ්රීැයාකාන්තාව වසන බව මට මෙන්ම වීරසේකර මහතාට හා පුත්රියාටද දැනුන බැවින් අතිශයින් ප්රමසන්නව ගෙට ගොඩ නැගුනෙමු. කඵපහණ අප්පුහාමි සහ හාමිනේත ඉතා සතුටින් අප පිළිගෙන තේවතුරන්ද සංග්රයහකොට ප්රී්තියෙන් කථාකරන්ට පටන්ගත්හ. මම කඵපහණ අප්පුහාමිට වීර‍ෙස්කර මහතා හා පුතාත් අදුන්වා දී ඔවුන්ගේ තොරතුරු කීමි. මේ පිරිසිදු සිංහල තරුණ මහතාට අප්පුහාමිගේ ගුණවත් දියණිය සරණකර දීමට නියමකරගෙන මෙහි කැදවාගෙන ආවේමියි කීවාම ඵ් අප්පුහාමිත් හාමිනේත් සතුටු කඳුඵ වගුරවමින් මහත්මයා එක දවසක් ආශ්රඅය කළ පමණින් අප කෙරහි මේ තරම් දයාවක් ඇතිකළා දැක්ම ආශ්චර්ය බව කියා මට ස්තුති කළහ. එවිට මගේ සිතද මහත් සතුටට පැමිණ මම අප්පුහාමිලාගේ ස්ථානයට පැමිණියේ එක දවස නමුත් මේ පවුල ගැනත් ශ්රිුයාවති ගැනත් සම්පූර්ණ පැහැදිමකට පත්ව මාස දෙකකට ලංවේ. අපේ සිංහල කුලචාරිත්රා ආරක්ෂා කරණ පවුල් ස්වල්පයෙන් වීරසේකර මහතාගේ පවුලත් අප්පුහාමිලාගේ පවුලත් දෙකකි. මේ දෙක එක්වීම කිරිමුහුදට සඳරැස් එක්වීමත් රත්රනට රසදිය එක්වීමත් කිරිවලට වතුර එක්වීමත් හා සමානය. ඒ නිසා වීරසේකර මහතුන්ගේ කුලගෝත්රාීදියත් වත් පොහොසත්කම් ආදියත් සොයන්නට උවමනාදැයි ඇසුවේය. කඵපහණ අප්පුහාමි වීරසේකර මහතා අඳුනන කෙනෙකි. උන්නැහේගේ




550 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

මලනුන්ගේ ගජ මිත්ර යෙකි. ඒ හෙයින් තමාට වඩා සියලු අන්දමින්ම උසස් පවුලක ශික්ෂිත රූපසම්පන්න නිරොගි තරුණයෙකු ලැබීම ගැන බලවත් ප්රීකතියට පැමණ සිරිත් ප්රුකාර දියණිය ඔවුන්ට දැක්වූහ. දයානන්දන ශ්රි්යාවතින් ඔවුනොවුන් දැකීමෙන් සද දුටු කුමුදුමෙන් අතිශයෙන් ප්රී තිමත් වූහ. ඉක්බිති කේන්දව දෙක පරික්ෂා කොට බැලූවිට ශාස්ත්රා‍නුකූලව ඒ අතිශයින් ගැලපෙන බව පෙණෙන බැවින් එදාම නම් ප්රටසිද්ධ කිරිමර සතුටු වූහ. කඵපහණ අප්පුහාමිගේ ගජ මිත්රදයෙක් වු ගුණරත්න විවාහ ලේකම් තැනට ලියමනක් යවා ඔහු ගෙදරටම ගෙන්වා නම් ප්ර්සිද්ධ කොට සරණ බන්ධනයට සුදුසු දිනක් කල්පනා කළෙමු. හදිසියෙන්ම මේ තීන්දු කරගත් මංගල්ය ය ගැන අතිශයින් සතුටට පත් විවාහ ලේකම් රාළහාමි ඒ සභාවෙහිම මෙසේ කීයේ. “කඵපහණ අප්පුහාමිගේ දියණිය ශ්රිඒයාවතී හාමිනේගේත් මේ සිටින අපි හොඳින් දන්නා අඳුනන වීරසේකර රාළහාමිත් පුත්රභ දායනන්ද වීරසේකර මහතාගේත් සරණ මංගල්ය යට වඩා හොඳ මංගළ්යදයත් මගේ සම්බන්ධයෙන් සිද්ධවූනේ නැත. මේ මාසේ විසිවෙනිදා ඉතාමත් හොඳ නැකත් දිනකි. මේ දෙදෙනාගේ කෙන්ද්ර.වලට ඒ දිනය ඉතා හොඳින් ගැලපේ. ඊටත් වඩා අපේ කන්තෝරුව තබා මහ පාරත් අත්යලලංකාරයෙන් සරසා ගෙඩි ගෙවල් තොරන් ආදියෙන්ද පාර සරසා උසස් ලෙස පවත්වන මංගල්යන දෙක්කම ඔය දවසේ සිද්ධවේ. එයින් එකක් මේ ගමේම සිටිනා අන්තෝනි සිල්වා උන්නැහේගේ දියණිය එහා ගමේ පෙරේරා මුදලිතුමාගේ පුත්රග ජොනී හාමුට පාවා දෙන මංගල්ය යයි. අනික නම් මේ ගමේ වලෙන් විදාන මහතාගේ දියණිය ධනවත් පොඩිසිඤෙඤා මුදලාලිගේ පුත්රියාට පාවා දෙන මගුලයි. ඉතින් පුදුමයට මෙන් ඔය පොඩිසිඤෙඤා මුදලාලිගේ පුත්රලයාට අපේ මේ කඵපහණ අප්පුහාමිගේ දියණිය ජෝඩු වි ඔවුන්ගේ පහත් පැවතුම් ගැන අසා අත්ඇරි ගියාය. අනිත් අතට අන්තෝනි සිල්වාගේ දියණිය වන මේරිත් මේ ශ්රිතයාවති හාමිනේත් එකතැන තැබුවොත් අඳුනාගත නොහැකි තරම් එක සමානය. ඒ නිසා ඔවුන් ඉතා “උජාරුවට” මගුල් කන මේ මස විසිවෙනිදාම ශ්රි යාවති හාමිනේ‍ගේ හා දායරත්න මහතාගේ මංගල්යතයත් සිද්ධකරන්ටම ඕනෑයයි ගුණරත්න විවාහලේකම රාළහාමිම යෝජනා කළේය. ඇත්තෙන්ම මා විසින් අදහස් කළ කාරණ්ය නිරායාසයෙන්ම අනිකෙකුගේ යෝජනාවෙන්ම ඉෂ්ටවුනා දුටු මට මහත් ප්රීකතියක් ඇතිවී.මම එක පාටරම ඒ යෝජනාව ස්ථිර කළෙමි. අනික් දෙපක්ෂයද ඒ පිළිගත්හ.


පියදාස සිරිසේන නවකථා එකතුව 551


එදා එහිදි රාත්රීව භෝජන අනුභවකොට බොහො වේලා කථාබස් කරමින් සිටියෙමු. ගුණරත්න විවාහ රෙජිස්ට්‍හොාර් මහතා මා සමග අතිශයින් මිත්රක විය. රැ එකොළහට පමණ පසු උන්නැහේ ගෙදර ගිය බැවින් ඉතිරි කාලය නිදාගතිමු. මගුල් දිනයට ඉදිරියට ඇත්තේ දවස් දාහතර බැවින් ඒ සදහා විධිවිධාන කරගනෙ පසු දින උදේ අපි කොළඹට ආවෙමු. දුම්රියෙන් බැස වීරසේකර මහතාගේ ගෙදරට ගොස් එහිදි දවල් බත් අනුභව කොට සවස දෙකට පමණ මගේ නැවතුම් පලට ආවෙමි. මා එහි එනකොට විසිතුන් අවුරුද්දක් පමණ වයසැති තරුණෙක් අඬමින් මගේ නිවසේ ඉස්තෝපපුවේ සිට මා දැකපු හැටියේ නැගිට මට ආචාර කළේය. ඒ වේලාවට මම ප්රේකෘති වේශයෙන් නොසිට නිසා ඔහුට වාඩිවෙන්ට කියා මගේ ඇඳුම් ඉවරකොට මූන අප පය සෝදාගෙන මගේ ප්ර කෘති වේශයෙන්ම ඉස්තොප්පුවට ගොස් වාඩිවි තරුණයාගේන ආගිය තොරතුරු ඇසුවෙමි. ඔහු දුක්ඛිත ලෙස මෙසේ කියන්ට පටන්ගත්තේය. “මම වික්ර.මපාල මහතාණන්ගේ පිහිටාධාරය බලාපොරොත්තුවෙන් බො‍හෝ කලක් “ සුසුම්ලමින්” සිටියෙමි. මගේ සතුරන් විසින් මාස තුනක් සිරකරනු ලැබ සිටියෙමි. ඉතිමත් සූර අන්දමින් ඔවුනොවුන්ගෙන් මිදි යන්තම් අද මෙහාට ආවෙමි. මට පැමණි තිබෙන විපත පැයකින් හමාරකින් කියන්ට බැරිය. රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මගේ බූදලයත් රුපියල් ලක්ෂ තුනක් වටිනා මගේ නැනුදාගේ බූදලයත් ඒ නැන්දාගේ දියණිය වන මගේ භාර්යාකමට පොරොන්දු රූපශ්රීබයෙන් යුත් කුල ස්ත්රිගයගේ ජිවිතයත් සමහරවිට මගේ ජිවිතයත් නැතිවීමට ආසන්තය ඉතාමත් ලංව තිබේ. එයින් නම් මගේ භාර්යා තනතුරට නියමකරගෙන වුන් ලීලාගේ ජිවතය දැනටත් නැතිවුනාදැයි මම නොදනමි. ඇගෙන් වෙන්ව දැන් අවුරුද්දකටත් වැඩිවේ. ඉතින් මේ කාරණය මෙහෙම හදිසියේ කිවහැකි එකක් නොවේ. අපේ ගමට උඳුගොඩටම පැමිණියොත් මිස තමුන්නාන්සේට අවබෝධ වන හැටියට මෙය විස්තර කීරිම අමාරුයි. ඉන්නිසා පවුල් කිපයක් විනාශ වීමත් වලක්වා තමුන්නාන්සේටත් රුපියල් ලක්ෂයක ප්ර.යෝජනයක් ලැබිය හැකි මේ කාරණය පරික්ෂා කොට සැනසිල්ලක් ලබාදුන මැනැවැ”යි මේ තරුණයා මගේ පාමුල වැටෙමින් කියන්ට පටන් ගත්තේය. “අන්ධ භූ‍ාතා අයං ලොකො” කී බුද්ධ වචනය සිහිව අනේ මේ සසරට කලනොකිරි අපේ ඉඳිමට හැටි කියමින් භවයට සිතින් නින්දා කරමින් ඒ තරුණයාගේ වත ගොත ඇසුවෙමි. මහත්මහෝ මම උඳුගොඩ නවරත්න රාළහාමිගේ පුත්රොයා වෙමි. මට වුනු පළහිලව්ව ඉතා ආශ්චර්යමත් කථාන්තරයකි. මගේ විපත්තිය සොයා බලා එහි විශේෂ විභාගය දැනගත්තොත් තමුන්නාන්සේගේ පුදුම වික්රහම ක්රිවයාවලින්


552 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

එකක් වනු නිසැක”යි කීයේය. පැය භාගයක් පමණ කරුණු නවරත්න බණ්ඩාර විසින් ප්රිකාශ කළ ඉහල වලව්වේ පලහිලව්ව අසා පුදුම වීමි. මේ වේලාව සවස හතර වූ බැවින් මගේ අතවැසි ළමයා තේවතුර සූදානම්කර තිබෙන බැව් කී හෙයින් නවරත්නත් සමග තේවතුර බි නවරත්නට මෙසේ කීමි. “දැන් අපේ බණ්ඩාර මහාත කී තරමින්ම මේ කාරණයේ භාරදූරකම මට වැටහුනා. නමුත් එහි තොරතුරු වලින් මහත්මයාගෙන්ම දැනගත යුතු දේත් දෙතුන් දවසක් නාසාත් උඳුගොඩට පැමිණ පරික්ෂා කර නොබලාත් හිතට ගන්ට අමාරුයි. නමුත් මේ මාසේ විසිපස්වෙනිදා වනතුරු කොහාටවත් යන්ට හෝ ගුප්ත කාරණයක් අසා තේරුම් ගන්ට හෝ මට නොහැක. මා දෙමාසයකට ටිකක් අඩු කාලයක් පරික්ෂාකල කාරණයක අන්තිම දිනය මේ මස විසිවෙනිදාට පැමිණ තිබේ. ඒ හෙයින් ම‍ගේ ඥානශක්තියත් වික්රතමයත් යොදවා කටයුතු කිරිමට මේ දහතුන් දවසක් මදි තරමයි. මිත්රේයා විසිවෙනිදා පසුවනතුරු මෙහි නවතින්ට කෑම බීමාදි සියලු සංග්රයහ මම සලස්වන්නෙමි. කනගාටු නැතුව ඉන්ට, “ වලව්වේ පළහිලව්ව” සොයා එය නිරවුල් කොට මහත්මයාටත් මෙලෝ පරලෝ අභිවෘධියත් සලස්වන්නමි”යි කීවෙමි. මේ බැගෑපත් ගුණවත් තරුණයා මගේ කකුල් දෙක ලඟ වැඩි අඬමින් මෙසේ කීය. “තමුන්නාන්සේගේ කරුණාව ගැන මගේ දිවිත් පදුන්ට පුඵවනි. මම බලවත් බන්ධනයකින් අමාරුවෙන් මිදි ආ කෙනෙක්මි. නැවතත් මා ඒ බන්ධනයට අසුවුනත් නැතහොත් මගේ ඇ‍ඟේ මස් කපා කොටා ලෑවත්, මා මරා මගේ ශරීරය අඵකර ලෑවත්, මා නිසා ජිවිත පරිත්යාෑග කළ යි කියා මා සිතා ඉන්නා මගේ පෙම්බරියගේ මෘතශරීර සොයා ඈ මැරූ අධමයාට දඩුවම් ලබා දෙනතුරු මම නම් අස්වැසිල්ලට නොපැමිණෙමි. මගේ කරුමයට තමුන්නාන්සේට අත්හැරිය නොහැකි කටයුත්තක යෙදි සිටින කාලයක් විය. මම දැන් යන්නෙමි. මම ජිවත්ව සිටියොත් විසිඑක්වෙනිදාට මෙහාට එන්නමි”යි කියා තබා අතේ තිබුණු රුපියල් පන්දාහක තරම වූ නෝට්ටු මටියෙන් රුපියල් දාහක් මා අතේ තැබුවේය. යමකිසි කටයුත්තක් නොකොට මුදල් ගැනීම ණය ගැනීමටත් වඩා නරක බැවින් ඒ ප්රහතික්ෂේප කොට නවරතුනගේ අමාරුවට පිළිවන් අන්තිම පරිච්ඡේදයෙන් උපකාර කරන්නෙමි”යි පොරොන්දු විමි. නවරත්න බණ්ඩාරද ධෛරයමත් තරුණයෙක් බැවින් තමාගේ සංවේගය නොපෙන්වා මෙගෙන් අවසර ගෙන ගියේය. අල්ලාපු වත්තේ ඉන්නා තම්බිහාමි වඩුරාළට පණිවුඩයක් යවා ගෙන්වා හෙට සවසට ප්රේථම කුඩා පෙට්ටි පුංචක් තේක්ක ලෑලිවලින්


පියදාස සිරිසේන නවකථා එකතුව 553

සාදාගෙන ඒමට නියම කෙළෙමි. එහි දිග මහත ගැඹුර ලියාදි පෙට්ටියේ ලෑලි හේත්තුකරණ හැටි පවා කියා දුනිමි. සරණපාලගෙන් ගත් යතුරුකැරැල්ලේ තිබෙන කුඩා යතුරෙන් ඇරිය හැකි යතුරු තහඩුවක්ද සෑදිමට මගේ මිත්රත කම්කරුවෙකුට භාරදි එදා ඉතිරි කාලය පොතක් බැලීමට ගතකෙළෙමි. පසුදින උදේ දහයට වීරසේකර මහතුන්ගේ ගෙදරින් පණිවුඩයක් ආයේය. එහි ගොස් බැලූ විට කඵපහණ අප්පුහාමිත් උන්නැහේගේ මාස්සිනාත් ශ්රිහයාවතිගේ හා දයානන්දගේ මංගල්ය ය සම්බන්ධ කටයුතු සූදානම් කර ගැණිමේ පිළියෙල කථාකරගන්ට අවුත් උන්හ. පිට උදවිය ගෙන්වා මගුල් කෑමත් නොකොට දෙපක්ෂයේ ඤාතීන් පමණක් කැදවා සංග්රිහකීරිමටත් කොළඹ සිට මනමාලයාගේ පක්ෂය මෝටර් රථ හතරකින් මනමාලියගේ ගෙදර පැමිණිමටත් එහිදි අපේ චාරිත්රහනුකූලව පෝරුවේ සිටුවීම, හඟල හුරුඵ දිමාදිය කොට සවස තේවතුර දී දෙකට රෙජිස්ට්රානර් කන්තෝරුවට ගොස් නීතිප්රමකාර කසාද බැඳ මනාමාලියගේ පිරිසත් සමග කෙලින්ම කොළඹට එන හැටියටත් නියම කරගන්නා ලදි. එදා දවල් කඵපහණ අප්පුහාමිලාත් සමග වීරසේකර මහතුන්ගේ ගෙදරින්ම බත් කා වීරසේකර මහතාට සහ හාමිනේටත් මෙසේ කීමි. “ මම රහස් පරික්ෂක වික්රිමපාල බැවින් අද සවස් වෙන්ට ඉස්සර මහතමයාලටවත් මා අඳුනාගත නොහැකි වෙන්ට බැරි නැත. ඔය මගුල් දිනය මගේ ඉතාමත් අද්භූත වික්රනමයක් එලිවන දිනයකි. ඒ හෙයින් තමන්නාන්සේලාගේ මගුල් ගෙදරට අන් වේලාවක නාවත් රෙජිස්ට්රාපර් කන්තෝරුවේදි මා සම්මුවනු නිසැකයි. එතැනදි මමත් දයානන්ද මහතාගේ ඥාති මිත්රි පිරිසට හෝ කඵපහන අප්පුහාමිගේ ඥාති මිත්රද පිරිසට හෝ එක්වන්නෙමි. නමුත් අදින් පසුත් විසිවෙනිදායින් ඉස්සරත් මා සොයන්ට කමක් නැතැ”යි කීවෙමි. මා කරන්නනේ කුමක්දැයි නොදත් නමුත් පුදුම ගුප්ත රහසක් සෙවිමේ යෙදි ඉන්නා බව පමණක් ඔව්හු දැනගත්හ. මේ හත්වෙනි සෙනුසුරාදාය මංගල්යනය විසිවෙනි සිකුරාදා මගේ කොයි කටයුතුවලට තිබෙන්නේත දහතුන් දිනක් පමණක් බැවින් වහාම ගෙදරට පැමිණියෙමි. මා එනකොටත් වඩුරාල තේක්ක පෙට්ටිපුංච සවිකොට මා අතේ තිබුණු යතුරෙන් වසන්ට අරින්ට පිළිවන් වූ බැවින් ප්රී තිමත් විමි. ඉක්බිති මගේ ළමයා යවා කරකරත්ත ගාලකින් “ගුරුදුරු”පොල්කැටයක් ගන්වා ගතිමි. ඒ ගුරුදුරු තෙල් කඩදාසියක පාර්සල් කොට පුංචි තේක්ක පෙට්ටියේ දමා එය යතුරු දමා වසා මගේ බෑග් එකේ



554 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

දමාගනෙ මගේ නානාප්රටකාර ඇඳුම් ආදිය තිබෙන පෙට්ටියේ ඒ බෑග් එකද දමා සියලු දේ සූදානම් කරගෙන රාත්රිඇ හතේ දුම්රියෙන් කඵතරට පැමිණියෙමි.

එදා මම සැරසී ගියේත් ඒ පළාතට හැමදාම ගොසින් පුරුදු මිණිරන් බ්රෝමකර් වේශයෙන් ය. මගේ අතවැසි සිරිල් පැමිණ සිටියේ නැත. ඒ නිසා රාත්රිය කෑම හෝටලයකින් කා කුලී කරත්තයක නැගී සිරිල්ලාගේ ගෙදර රැ දහයට ගියෙමි. ඔවුහු නිදාගන්ට සූදානම්ව සිටි නමුත් තේවතුර සූදානම්කොට දි මා නමින් එතනට භාරදි තිබුණු මගුල් ලියුම් දෙකක්ද මට දුන්හ. එයින් එකක් ජොනීහාමුගේ ප්රිණය සම්භාෂණයට දහඅටවෙනිදා පැමිණෙන්ට කරල ලද ආරාධනාවයි. අනික වෙලුන් විදානේගේ දියණිය දෙන මංගල්යණය සදහ දහනව වෙනිදා පවත්වන ප්රි්ය සම්භාෂණයට පැමිණෙන්ට කරතිබුණු ආරාධනාවයි. මේ ගැන බලවත් සතුටට පැමිණ එදා රැ සුවසේ නිදාගතිමි. පසුදින උදේ නැගිට මිණිරන් පතලයක කුලීවැඩ කරණ මිනිහෙකුගේ වේශයෙන් සැරසී සල්ගාදු උන්නැහේගේ මිණිරන් පතලයට ගියෙමි. එසේ ගොස් රක්ෂාවක් ඉල්ලූයෙමි. සල්ගාදු උන්නැහේ එවේලාවට නොසිටි නමුත් උන්නැහේගේ ලියන්නා මා භාරගෙන දබරේ වැඩ කරන්ට නියම කළේය. මිණිරන් පතල්වල බර වැඩ කොට පුරුදු නැති නමුත් උවමනාව නිසා එදා දවල් දොළහේ පටන් වැඩ කළෙමි. එදා සවස් භාගයේ සල්ගාදු මහාත පතලයට අවුත් ඔහුගේ ඉතා හිතෛෂි වැඩකාරයෙක් වන සාතන් අප්පුත් සමග රාත්රිත හතට පමණ පතලෙන් පිටත්ව පාරට යන බව මට දැන ගන්ට ලැබුනේය. මම එදා වරුවක් වැඩ කොට රාත්රි නියම් සිටි බැවින් සල්ගාදු උන්නැහේත් සාතත් උප්පුත් යන්නේ කොහේදැයි දැනගන්නා පිණිස ඔවුන් පස්සේ ඔවුන්ට නොදැනෙන්ට ගියෙමි. සලුගාදු උන්නැහේගේ කුඩා බෑග් එකද සාතන් අප්පු අතේ තිබුණේය. ඔවුහු මහපාරට අවුත් හන්දියේ තිබෙන තැබෑරුමේන් බීගත්හ. තවද බෑග් එකේ තිබුණු බෝතල බාගයටද අරක්කු රැගෙන එයත් බෑග් එකේ දමාගෙන පාරදිගේම ගිය හ. මමත් ඔවුන්ට හුඟක්ම පසුවී ගියෙමි. සාතන් අප්පු සල්ගාදු උන්නැහේටත් ඉස්සරව වෙලුන් විදානේලාගේ ගෙදරට යන බව දුටිමි. ඒ එක්කම සල්ගාදු උන්නැහේද ගියේය. මේ තොරතුරු හොඳහැටි බාලගෙණ ඉද මම ඉක්මණින්ම පතලයට අවුත් නිදා ගතිමි. එදා රාත්රී් නිදාගෙන පහමාරට ගසන සීනුවට නැගිට අපේ “කල්ලියේ” කෝකියා විසින් පිළියෙලකර තිබු බතුත් “උම්බලකඩ සම්බෝලත්” කා පෝලින් දෙකට දබරේ මිනිසුන් තෝරණ තැනට ගියෙමි.මමද


පියදාස සිරිසේන නවකථා එකතුව 555

එදා දබරය ඇල්ලීමේ මුර වැඩට යොදා ගන්නා ලද්දෙමි. තමාට පැමිණි කෙතරම් අමාරු වැඩක් වුවත් ඉවසිල්ලෙන් කරණ අයට වැඩි අපහසුවක් නැති බව මට එදා අවබොධවිය. අනික් පුරුදු දබරකායෙන් මෙන් මමද දබරේ ඇල්විමි. මට අමාරුකරණ අදහසින් අනික් අය බොහෝවිට දබර මිට නාදිති. මේ හොරේ නොදත් මම හොදටම වෙහෙසුනෙමි. නමුත් රාත්රි යේදි මගේ නොදත්කමින් වන අමුතු මහන්සිය ගැන මා කෙරෙහි අනුකම්පා කළ “දබරකාරයෝ” දෙන්නෙක් මට කාරණ්යා කියාදි මා සමග මිත්ර වූහ. දබරය කරකැවීමත් ඉගෙණ ‍නොගෙන හරිහැටි කල නොහැකි නම් ඊටත් වඩා වැදගත් කටයුත්තක් හොදහැටි ඉගෙන නොගෙණ කෙසේ කළහැකිදැයි මේ කියවන්නා සලකා ගත යුතුයි. රාත්ර යෙහි මිණිරන් ද ගොඩදමන්ට පටන් ගත් බැවින් බොහොම සිවුපදත් වෙන වෙන ප්රීණති සහගත කථාබසුත් ඇතිවිය. ඔවුන් කී නොයෙක් සීවුපද මට මතක නැත. එකක් මගේ මිත්ර යන්ට දැන ගණිම පිණිස කියන්නෙමි.

“ අ ව ට හෙලි කරණ නුඹෙ උවන සඳ ව ගේ ද ව ට මින් සඵව බබලාය සිහිනි ‍ඟේ ප ව ට ඉපදුනත් කිම කරුණු අරද ‍ඟේ ක ව ට කමටදෝ බැඵවේ මුහුණ ම ‍ ඟේ “

මේ ආදි සිවුපද කියමින් රාත්රිමය ගතකෙළෙමි. උදේ වැඩ අරුණු හැටියේම වතුර නා බත් කා සවස දෙක වනතුරු නිදා ගතිමි. දෙකට නැගිට පතලේ කන්තෝරුව පැත්තට යනවිට සල්ගාදු මහතාගේ රහස් ගමන් යන සාතන් අප්පු සම්භ වී කථාකොළෙමි. ඔහු කවදාවත් කිසි වැඩක් නෙකරයි. සල්ගාදු උන්නැහෙගේත් ලියන්නාගේත් බාස්ලාගේත් රහස් පලහිලව් ආදිය කරණ වැඩ කරුවන්ගෙන් යමක් ප්ර්යෝගයෙන් කඩාවඩාගෙන රැකෙනා කපටියෙක් බව දැනගත් බැවින් “එන්ට සාතන් අප්පු නිකම් ඉන්නවානම් පාරට යමු. මා අතේ සල්ලි සොච්චමක් තිබෙනවා. එන්ට අඩියක් ගහන්ට යන්ට” කියා අඬගැසුවාම සාතන් අප්පුට රාජ්ය්යක් ලැබුනා වාගේ සුතුටුව මාත් සමග තැබෑරුමට ගියේය. මම සාතන් අප්පු දොරකඩ නවතා පිටිපස්සා පැත්තෙන් ගොස් තැබෑරුමේ උයන කොඵවාගෙන් වතුර ටිකක් ඉල්වාගෙණ බී නැවතත් ඉදිරිපැත්තෙන් අවුත් අරක්කු බාගයක් අරගෙන සාතන් අප්පුට එයින කොටසක් දුනිමි. ඉතිරි කොටස ටික‍වේලවක් අතේ තබාගෙන සිට “සාතන් අයියේ මේකත් උඹම බිපන් මම අරක්කු කාලක් බිවෙමි. දැන් මම තවත් බීවොත් අමාරුවේය” කියා ඒ ටිකත් සාතන්ටම පෙව්වෙමි. බීමට ගිජු ඒ හාදයා


556 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

එකත් බීගත්තේය. ඉක්බිති ඔහුත් සමග තේවතුර කඩයකට ගොස් මස් පාන් අදියද බඩපුරා කන්ට දුනිමි. ඉතින් පතලයට යන ලෙස අපාසු යන ගමන් තවත් පනම් හතරක් අරක්කු අරන් දුනිමි. බීමට කෑදර ඒ මනුෂ්යසයා එය බීගත් පසු මනුෂ්යත තිරසනෙක් වූ බව මට පෙණුනේය. මොහුගෙන් මට උවමනා තොරතුරු දැන ගනීමට මේ ඉතාමත් හොඳ වේලාවක් වූ බැවින් පාර අයිනේ තිබුණු පාඵපාහේ අම්බලමට එක්ක ගොස් කතාවට අල්ලා ගතිමි. “සාතන් අයියේ මට නම් මේ පතල් වැඩ පුරුදු නැහැ. උඹට සල්ගාදු මහතාගෙන් නිකම්පාහේ පඩි ලැබේ. මොකද උඹ සමග උන්නැහේ කිට්ටු මොකදැ”යි ඇසවෙමි. “මොනවාද යකෝ උඹ මේ අහන්නේ, සල්ගාදු උන්නැහෙගේ පණ මා අතේ තබා, විදානේ හාමිනේ සමග සල්ගාදු මහත්මයා යාඵවෙලා දැන් අවුරුදු තුනක් පමණ වෙනවා. මේ කාලය තුළ සුමානෙකට වරක් දෙකක් එහාට යනවා. ඒ සැමදෑම යන්නේ මා සමගයි. එක ගමනක් ගියාම මට සල්ගාදු මහතාගෙන් රුපියලක් සිලිං තුනක් ලැබේ. විදානේ හාමිනේ රැටත් උදේටත් හොදහැටි කන්ටදි රුපියලක් හමාරක් මට දෙනවා. ඉතින් මට ඒ මදිද?” “ඔව්.ඔව් උඹ හොද හේතුවන්තයා, උඹලා විදානේ උන්නැහේට අසුවුනේහේම නැද්ද” යි මම ඇසුවෙමි. එවිට සාතන් මහා සමර්ථයෙකු වාගේ ඔවුන්ගේ හපන්කම් කියන්ට පටන් ගත්තේය. “මෙනවද යකෝ” උඹ ඔය කියවන්නේ, විදානේ හාමිනේ සමග සල්ගාදු උන්නැහේ යාඵකර දුන්නෙත් මමයි. ඒ ගැන මට වඩා හොදින් විස්තර දන්නා කෙනෙක් කවුද? දැන සල්ගාදු උන්නැහේට බොහොමත් ආදරේලු. එමෙන්ම බොහොම සලකනවාලු. ඒ නිසා දැන් හම්බකරණ තරමක්ම දෙන්නේ විදානේ හාමිණේටමයි. ඒ පළහිලව්ව දැන් විදානේ උන්නැහේ නොදැනුවත්ම කෙරෙණ වැඩක් නොවෙයි. ඒ තබා විදානේ උන්නැහේගේ දුව සුසානා නෝනාත් හොඳටම දන්නවා. නමුත් සල්ගාදු උන්නැහේ පිට කාටවත් දැන නොගන්නට බොහොම රහසින් එන යන නිසා කවදත් මා සමග යනවා. එසේ ගොසින් කවුරුවත් පිටකෙනෙක් නැත්නම් පිටිපස්සා දොරෙන් ඇතුල් වි රාත්රීග එළිවෙන්ට පැයක් තියාවත් මාත් සමග පතලයට යනවා. ඊයේ රැ අපි එහි යනකොට විදාන මහත්මයාගේ දුව කසාද බදින මනමාලයාගේ ගෙදරින් නෑයෝ වගයක් ඇවිත් උන්නා. ඉතින් ටික වේලවක් කක්කුස්සියේ පැත්තේ සැඟවී සිට විදානේ හාමිනේ කොහොම නමුත් මිනිත්තු පහේදි ගෙට අඬගහගත්තා. අපි ආයෙත්ම එන බදාදා රැ එහි එන බව කියා ආවා. එසේ එන්ටය කියා බලකලේ බ්රඅහස්පතින්දා මගුල්දිම පටන් ගන්නා බැවින් ඔක්කෝටම



පියදාස සිරිසේන නවකථා එකතුව 557

ඉස්සරියෙන් සල්ගාදු මහතාට සංග්ර්හ කරණ පිණිසයි.ඉතින් මටත් හොදට කන්ට බොන්ට ලැබේවි. මගුල් ගෙදරට අරක්කු පමණක් නොව ජින් බ්රැාන්ඩි විෂ්කිත් ගෙණනවායයි විදානේ හාමිනේ ඊයේ මාත සමග කීවා. ඉතින් අපට එන බදාදා අනිත් සෑමදෙනාටම ඉස්සරින් මගුල් ගෙදරට ගෙණෙන කෑමත් බීමත් හොදටම ලැබේවි. “මොනවද යකෝ අපි තමයි හැබෑ පුත්තුය”යි කියමින් සාතන් අප්පු තමාගේ හපන්කම් කිවේය. මේ තරමිනුත් මගේ වැඩේ කරන්ට විස්තර ඇති නමුත් නැවතත් සාතන්ට කථාකොට “ආ සාතන් අප්පු, උඹලා විදානේ මහත්මයාලාගේ ගෙදරට යනකොට අරගෙන යන්නේ මොනවද”යි ඇසුවෙමි. “මොනවද නොගෙනියන්නේ ! සමහරදාට එලවඵ, වල්ඌරුමඵ ලැබුනු දාට ඒවා. නොයෙක් දේ අරන් යනවා. කවදාවත් අරක්කු බාගය නම් සල්ගාදු මහත්මයාගේ බෑග් එකේ නැතිවෙන්නේ නැහැ. ඒ ඇර කොයි දවසකවත් රුපියල් පණහක් හැටක් නොදෙන දවසක් නැති බව සල්ගාදු මහාත මා සමග අඩි වැදුනු වේලාවට කියනවා ඒ කොපමණ දුන්නත් විදාන හාමිනේගේ හොදකමට කනගාටුවක් නැතිබවද කියනවා. ඉතින් බලාපන් ඔය දුව දෙන මනමාලයාට පවනු තුන්දාස් පන්සියයක් කාසි වලින්ම දෙන්නේ ඔය සල්ගාදු උන්නැහේගෙන්ම එකතුකරගත් මුදලෙන් වෙන්ට ඕනැ. මොන ආදායමක් විදානේ මහත්මයාට ලැබෙනවාදැ”යි සාතන් අප්පු කීයේය.


18.පරිච්ඡේදය[සංස්කරණය]

මී ට වඩා විස්තරයක් සාතන්ගෙන් දැනගන්ට බැරි බව තේරුණ බැවින් මේ කාලකන්නියා යන්ට අරිමියි සිතා “සාතන් අයියේ, උඹ පතලයට පලයන් මම ටිකක් පරක්කුවෙලා එන්නෙමියි කියා අසල තිබුණු කෝපිකඩයට ඇතුල්වී ඉර බසින තුරා එහිම සිට අඳුරු වූ පසු සිරිල්ලාගේ ගෙදරට අවුත් මා සැරසීවුන් කුලීකාර වේශය ඉවත්කොට ඇඳපැළද ගත්තෙමි. තුන්දවසක්ම මා කොයිබ ගොස් සිටියේ දැයි සිරිල් ඇසූ නමුත් ඇත්ත නොකියා ඔවුන් රැවටුවෙමි. එදා රාත්රීි එහි නැවතී සිටියෙමි. මුඵ දාවලකුත් රැකුත් දබරය කරකැවිමෙන් ඇති වූ අමාරුව නිසා එදා සුවසේ නිදාගන්නාටද බැරිවිය. පසුදින උදේ නැගිට ඒ පළාතට පුරුදු බ්රෝුකර් වේශයෙන් සරසී පන්සලකටද, විදානේ මායියලාගේ ගෙදරටද, කඵපහණ අප්පුහාමිලාගේ ගෙදරටද, එතනින් ජොනී හාමුලාගේ වලව්වටද ගියෙමි. හැමතැනම මගුල් කලබලය පැවැත්තේය. ඇනතෝනි සිල්වලාගේ



558 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

ගෙදර පැත්තටද ගියෙමි. එහි තොරන් ද බැද, රෙජිස්ට්රාතර් කන්තෝරුව දක්වා මග දෙපසද ගොප්පත් ඇද සුදුවැලි ඉසින්ටද සූදානම්කර තිබුණේය. ශ්රීෙයාවතිලාගේ ගෙදර ඉදිරිපිටත් තොරණක් බැද තිබුණේය. එහි කලබලයක් නැත. නමුත් ඔවුන්ටද අනුන්ගේ සූදානම් ඒ සරසන අයට මෙන් ප්රරයෝජනවත් බැවින් ඔවුන් මහත් සතුවෙන් උන්හ.මේ බදාදාය, හෙට බ්රපහස්පතින්දා, මගුල් ගෙවල් හතරේම සංඝික දානවලට සංඝයා වහන්සේලා විඩිනා බැවින් හෙට මේ ගම කාෂාය වස්ත්රියෙන් බැබලෙන දිනයක් බවද බොහෝ දෙනා කියන්ට පටන් ගත්හ. පෙරේරා මුදලි ගෙදරටත්, අන්තෝනි සිල්වාගේ ගෙදරටත්, කඵපහණ අප්පු‍හාමිලගේ නිවසටත්, විදානලාගේ ගෙදරටත් දානයට වඩින සංඝයා නිකාය තුනටම අයත් භික්ෂූගන් වහන්සේලා නිසා එදා ඉතාමත් ප්ර ශස්ත සංඝ සන්නිපාතයක් බව මට කල්පනාවි මේ භික්ෂූසන් පිරිස දානයෙන් පසු ගිමන් ඇරිමටත් පන්සලට එක්වුනොත් මැනැවැයි සිතමින් විමලතිස්ස හාමුදුරුවන්ගේ පන්සලට පැමිණියෙමි. මගේ මිත්රම ධම්මරතන හාමුදුරුවන් වැද එකත් පසෙක උන්විට මේ ගමේ සිද්ධවෙන්ට යන අලංකාර මංගල්යා තුන ගැන කියා “ඒකද මහත්මයා හෙට අපේ මේ පන්සලට අපේම අමරපුර නිකායේ හික්ෂු පිරිසකුත්, සියම් නිකායේ හික්ෂු පිරිසකුත්, ඒ නිකායටම අයත් කෝට්ටේ පක්ෂ යේ භික්ෂු පිරිසකුත්, රාමඤ්ඤ නිකායේ හික්ෂු පිරිසකුත් යන මේ භික්ෂු සතර පිරිස හෙට දවල් ඵකොළහමාරට පමණ මෙහි ඵක්වේ. අපි දැන් ඵ් සදහා ආසන සූදානම් කරමින් ඉඳිමු.”යි ඒ හාමුදුරුවෝ කීය. එසේත් කියා “ඉතාමත් උගත් රටේ ප්රමසිද්ධ ස්ථවිරයන් වහන්සේලා හත් අට නමක්ද ඔය පිරිසේ ඇතිවන බැවින් මහත්මයාත් මේ පැත්තට ආවොත් හොඳයි”යි කීහ. එවිට මම මහත් ප්රීතතියට පැමිණි මා කලින් සිතුවා මෙන්ම මේ වැදගත් භික්ෂු පිරිස එකතැනකට රැස්වීම මගේ වාසනාවකැයි සිතා “ඔව් හාමුදුරුවනේ, සියක් නමකටත් වැඩිය රැස්වන තුන් නිකායේ භික්ෂුන් වහන්සේලාගෙන් යුත් මේ සංඝ පිරිස දැකීමට මම නොවරදවාම එන්නෙමි. ඇත්තෙන්ම හෙට අපි ප්රතයෝජනවත් කථාබසුත් කරන්නෙමු”යයි කීමි. ධම්මරතන හාමුදුරුවන්ගේ සරණපාල සිවුරු ඇර ගියා මිස ආරංචියක් නැද්ද? කොහොමද විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය ගැන ආරංචියක් නැද්දැ”යි ඇසුවෙමි. එවිට ඒ ස්වාමින්වහන්සේ සිනාසි “අනේ මහත්මයා, සරණපාල සිවුරු ඇරලා හොඳට ඇඳ පැළදගෙන ජයට ඉන්නවාඵ. ඒ ඉන්නේ හැටියෙන් මුදල් පෙට්ටිය ඔහුම ගන්නා ලද්දෙයි”යි ලොකු හාමුදුරුවෝ කියති.



පියදාස සිරිසේන නවකථා එකතුව 559

සරණපාලලගේ ගමට ගොස් ආ දවසේ සිට ලොකු හාමුදුරුවෝ කොන්ගොඩ වික්රලමපාල රහස් පරීක්ෂක මහතාටත් බනිමින් ඉන්නවා මිස ඉස්සරවාගේ අපට සැර වැර කරන්නේ නැත. ඒ හාමුදුරුවන්ගේ මුදල් අපි නොගත් බව දැන් නම් තේරුම් ගොස් තිබෙන බවට සලකුණු තිබේය”යි කීය. සරණපාල 20 වෙනිදා රැ එන බව මා දන්නා නමුත් ධම්මරතන හාමුදුරුවන්ට ඒ කිසිත් නොකියා සවස 6 ට පමණ පන්සිල් සමාදන්ව මල් පහන් පුදා බුදුන් වැඳ සිරිල්ලාගේ ගෙදරට ගියෙමි. එහිදි හතහමාරට පමණ රාත්රීබ කෑම අනුභව කොට මම වේලාපසින් නිදාගනිමයි කියා මගේ කාමරයට වැදි සල්ගාදු හැටියට සැරසුනෙමි. සල්ගාදු උන්නැහේ නිතරම කඵ කොට් එක අදින්නෙක් නිසා ඔහුගේ වෙසින් සැරසීම බොහො පහසුවිය. කොන්ඩේ බැඳ පනාව ගසන කනෙකි. මමද එසේ සැරසී එකම තැන කියා පරික්ෂා කළත් “සල්ගාදු” ය කියන්ට පිළිවන් තරමට සැරසී මගේ බෑග් එක ගෙන අරක්කු හා ජින්ද බ්රැසන්ඩිද එකට කළවන් කල බීම බොතල බාගයක් එහි තුල දමාගෙන මගේ කාමරයේ දොර වසා යතුර මා අතට ගෙන සිරිල්ලාගේ ගෙදර කාටවත් දැන ගන්ට බැරි අන්දමට එතනින් පිටත්ව මහපාරට ආවෙමි. විදාන රාළලාගේ ගෙදරට බඹ තිහකට පමණ ඈතින් තිබෙන හන්දියේ අයිනකින් බලා සිටින විට සල්ගාදු උන්නැහේත් සාතත් අප්පුත් එන බව පෙනී ඔහුන්ට ඉස්සර වෙන්ට දි මම ඔවුන් පස්සෙන් ගියෙමි. එදා හඳ නැති දවසක් හෙයින් පාරේ යන එන්නන් අඳුනා ගැනීම දුෂ්කරය. හෙට මගුල් කෑමෙන් සංඝික දානෙත් කලබල මදිවාට මෙන් සුසානා නොනාගේ මනමාලයා පෙරේරාත් තවත් යාඵ පිරිසකුත් අවුත් බලවත් ලෙස ප්රීගතිවන වේලාවකි. නමුත් මේ දවසේ මේ වේලාවට සල්ගාදු එන බව දන්නා විදානේ මායියා කල්පනා සහිතවම උන්නේය. මුඵ ගෙදරම එක තැනකවත් අතුරක් සිදුරක් නැතුව මිනිසුන් උන් බැවිනුත් අඵත් බෑනා හා ඔහුගේ වැදගත් යහඵවන්ද විදානේ මහතාද සිටි නිසා සල්ගාදු උන්නැහේට ඔවුන් පිටත්කර යන තුරු මුල්ලක ඉන්ට සැලැස්වීමට සිතා සිටින විට සාතන් අප්පු පිළිකන්න පැත්තෙන් ගොස් ඔවුන්ගේ කුස්සිය අයිනේ බලා සිටියෙමි. කරුවලේ ඉන්නා මිනිහා නොපෙණෙන බැවින් සාතන් අප්පුට මා නොපොණුනත් මට සාතන්ව පොණුනේය. විදාන මායියා සල්ගාදු මහාතට මිනිත්තු පහක් කක්කුස්සියේ එහා පැත්තේ ඉන්ට කියාපන් යැයි අතින් කියේය. සාතන් පාර අද්දර




560 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

උන් සල්ගාදුට ඒ බව කී හැටියේ ඔහුද පිළිකන්න පැත්තෙන් අවුත් කක්කුස්සියේ දකුණු පැත්තේ බිත්තිය අද්දරට එන්ට ආයේය. එවිට මම එතනම සිටියෙමි. ඉතින් සල්ගාදුට ඇසෙන්ට මම කෑරුවෙමි. එතන කව්දෝ ශරීර කෘත්යෙයන් කරන්නේය. ඔහු විසින් දකිනු ලැබේයයි සිතා සල්ගාදු උන්නැහේ එක පාරටම කක්කුස්සිය ඇතුලටම ගියේය. ඒ වනාහි ඉතා දුර්ගන්ධ්ය හමන පරණ කක්කුස්සියකි. එහි තුළ එක පැයක් ඉදීම ගුඨනරකයේ ඵපමණකල් ඉඳිමට කුඩා නොවේ. ගුඨනරකයේ දුරගන්ධය දැනගැණිමට විදානරාළගේ කක්කුස්සියෙන් පිළිවන. ඉතින් ඝන අන්ධකාරයේ මේ දිරාපත් වු කක්කුස්සිය තුළ කොයි විධියකින්වත් සිටිම අපහසුය. මක්නිසාද එහි දමා තිබෙන ලෑලි දිරාගොස් එහි මකුණුදැල් බැදි කැරපොත්තන්ගෙන් අතුරු සිදුරු නැතිව භයංකාරව තිබුණු හෙයිනි. ඉතින් සල්ගාදු උන්නැහේ කක්කුස්සියේ වැදී දොර වසාගත්තේය. මම මගේ බෑග් එකේ තිබුණු ඉබියතුර අරගෙන පිටපැත්තෙන් ඉබි යතුරෙන් වැසීමට එහි දොරේ කළමණා සූදානම්කර තිබුණු බැවින් කක්කුස්සියේ දොර ඉතා ප්ර්වේශමෙන් වසා මම කක්කුස්සියේ පැත්තකින් උනිමි. මිනිත්තු පහක් පමණ යන විට ගෙදර වැඩකාරයක් දුවගෙණවිත මහත්මයාට හාමිනේගේ කාමරටය හෙමින් ගොස් වාඩිවෙන්ට කියනවා යයි කිවාය. මමද වහාම ඈ එක්කම සෙරෙප්පු ශබ්දය නෑසෙන්ට හොමින් අඩිය තබමින් කුස්සිය පැත්තේ තිබෙන දොරකින් විදානේ මායියාගේ කාමරයට ඇතුල්ව එහි පහනක් නැති බැවින් ගිනිකූරක් පත්තුකර ඇද බලා එහි වාඩි ගිතිමි. මේ වේලාවේ අඵත් බෑනත් ඔහුගේ මිත්රර පිරසත් කා බි ඉවර වු හැටියේමය. එදා ඔවුහු මනමාලියගේ ඇඳම් පෙට්ටියත් ගෙණ අවුත් තිබූ බැවින් ඒ බැලීම සදහා උදවියට තබා අහල පහල ස්ත්රීනන්ටත් නිවාඩුවක් නැතිවිය. මම පැය බාගයක් පමණ කට්ටකරුවලේ විදානේ මායියාගේ අද උඩ හාන්සිවීගෙණ උනිමි. ඒ අතර අඵත් බෑනා හා පිරිසත් අහල පහලින් ඇඳුම් බලන්ට අවුත් සිටි බලවත්තුත් යන්ට ගිය හ. ඔවුන් ගෙයින් පිට වෙනවාත් සමගම විදන මායියා කුඩා ලාම්පුවක් රැගෙන මා උන් කාමරටය අවුත් මුකුඵ සිනාවෙන් සිනාසි “අනේ ම‍ගේ රත්රන් මහත්මයා තරහ වෙන්ට එපා. අපේ බෑනත් ඔහුගේ පිරිසත් නිසා නොවේ නම් මගේ සීදේවි මහතා එක මිනිත්තුවක්වත් මෙහෙම නොසලකා ඉන්නේ නැහැ” කියා මගේ බදාගෙන මට “හාදුවක්” දුන්නේය. ඇත්තෙන්මට මේ ගමගද ගහන වල් ස්ත්රිටය මගේ ඇ‍ඟේ දවැටිම ගැරඩි කුනක් මගේ බෙල්ලේ එල්ලුකලක් වැනි විය. නමුත් ඉවසා දරාගෙන මමද අවදිව ඇඳ උඩ වාඩි වි “හාමිනේ මමත් ඔහොම එකකට තරහ වෙනවද, අනේ මම අද නොඑන්නටත් හිතුවා, නමුත්


පියදාස සිරිසේන නවකථා එකතුව 561

එදා වදකරලාව කිවූ නිසාත් මීට කීප දිනක් යනතුරු මෙහි එන්ට නොලැබෙන නිසාත් අද ආවෙමි”යි කීවාම විදාන මායියා මා තව වරක් වැළදගෙණ මට කෑම සුදානම් කරගෙන එන්ට ගියේය. ඒ අතර කාමරයේ තිබෙන ජනේලය ඇර බැලූවිට ඒ ලඟම සාතන් අප්පු ඉඳිනු දැක ඔහුට කථාකොට මාත් සමග යන්ට දොළහට විතර වරෙන්. අත මෙතන කෑම බීම අමාරුයි. උඹ හෝටයකට ගොසින් කාපන්නැ”යි ඔහුට රුපියලක් දී පිටත්කර යැවීමි. ඉක්මනට විදාන මායියා හොද හොද ආහාර වර්ගත් කැවිලිත් පිඟන් ලාගෙන වැඩකාරියත් සමග ගෙනාවේය. ඒ සිය්ලල ගෙණත් කාමරයේ දොර වසාගෙන මට කෝට් එක ගලවන්ට කියා කට සොදාගන්ට වතුර දුන්නේය.මමද කෝට්එක ගලවා පුටුවක් උඩ දමා මගේ බෑග් එක අර “ෂැන්ඩි” කරන ලද බීම බොතල බාගයෙන් විදුරු බාගයක් පමණ විදාන මායියාට පෙව්වෙමි. එය අරක්කුවලට වඩා පැනිරස බැවින් ඈ මගේ මූන දිහා බලා “මොකද අද බොහොම රස බීම ජාතියක්”කියා ඇසීය. “නැත හාමනේ ඔය ඉතාමත් පරණ අවුරුදු 25 ක් පමණ පරණ අරක්කු. ඔයින් බොතල දෙකක් පීරිස් රේන්ද මහතා මට එවා තිබුනා. මට හාමිනේගේ කොටස ඉතුරුකර තිබි ගෙණාවෙමි. රස නම් තව ටිකක් දෙන්ටදැ”යි අසා තවත් වීදුරු බාගයක් පමණ ඒ තද බීමෙන් මේ තැනැත්තියට පොවා ඈත් සමග ඈ ගෙනත් තිබුණු රසවත් කෑම කන්ට පටන් ගතිමු. මිනිත්තු දහයකටත් පෙර විදාන මායියා මීට ප්ර්ථම කවදාවත් වෙරි නොවු තරමට වෙරිවි මට නොහෙක් දේවල් කවමින් මගේ උකුල උඩම හාන්සිවිය. ඉතින් බත් කන ගමන්ම “ආ හාමිනේ, දැන් අනිද්දා දෙකහමාරටයි කසාදේ. මට ඊයේ ආරංචියක් ලැබුනා කොච්චර මගුල් කෑවත් කොච්චර වෙන වෙන තෑගිබෝග දුන්නත් රුපියල් තිස්පන්දාහ රෙජිස්ට්රාෙර්ගේ මේසේ උඩ තබනතුරු කාරෝලිස් මුදලාලි තමාගේ පුතාට කසාද බඳින්ට ඉ‍ඩ දෙන්නේ නැති කියා. ඉතින් ඔය විශාල මුදල සූදානම්ද? එසේ නැතුවා නම් අපේ තිබෙන එකක් විකුණලාවත් දෙන්ට දැන්ම කියන්ට”යයි කියමින් විදාන මායියාගේ මූන පිරිමැද්දෙමි. මත්පැන් බීපු අයට රහසක් සඟවන්ට බැරි නිසාත් මේ කථාකරන්නේ තබාගේ ප්රේතමවන්ත සල්ගාදුය යන කල්පනාවෙනුත් විදාන මායියා සිනාසී “අනේ මගේ රත්රන් මහත්මයාට පින්සිද්ධවෙන්ට මම ඒ මුදල සූදානම්කර පෙට්ටියේ දමාගෙනයි මේ මගුල කථාකළේ. අන්තෝනි සිල්වාගේ දූ මේරි සිල්වා බඳින ජොනී හාමුට දෙනවායි කී රුපියල් තිස්දාහ හීනයක්. ඒක සරණපාලගේ මුදලයි. මම සරණපාලට හිස් පෙට්ටියක් තබා හොරෙන්ම ඒ මුදල ගෙන ආවෙමි. එකේ රුපියල් තිස්හත් දාහක් තිබුණා. තමුසේගෙන් ලැබුණු රුපියල් තුන්දහක් තරම


562 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය


මදුල් වලින් ඇඳුම් හැදෙව්වා. දැන් මා ළඟ රුපියල් තිස්දාස් නොව තිස් හත්දාහක් තිබේය”යි මුකුඵ සිනාවෙන් සිනාසසි විදානේ මායියා කියේය. “හොඳයි මට පෙන්වන්ට” යයි කියන කොට “අනේ මගේ මහතාට ඔය මුදල් පෙට්ටිය තබා මගේ ප්රාටණයවත් පෙන්වන්නෙමි”යි වහාම නැගිට එකාමරයේම තිබෙන යතුරු දෙකක් ඇති මහා පෙට්ටගම ඇර එහි තිබුනු පුංචි තේත්ක ලෑලි පෙට්ටිය ගෙනවුත් ඇගේ ඉනේ තිබුණ කුඩා යතුරකින් ඇර රුපියල් සීයේ නෝට්ටු 300 අඩුක්කර තිබුණු‍ පෙට්ටිය මා අතේ තබා මගේ උකුල උඩින් වාඩි වි “ ඉතින් මහත්මයෝ මගේ වැඩේ හරි නොවේද ? පොරොන්දුවේ ප්රවකාර මේ මුදල් දුන්නාම අපේ බෑනා ජේමිස් ප්රේ රාත් ඔහුගේ පියා කරෝලිස් මුදලාලිත් පමණක් නොව තවත් මේ ගමේ කවුරුත් “මා කවුදැයි” තේරුම් ගන්නවා ඇති. මම මේ පෙට්ටියේ අඩුක්කු තිබෙන්නේ පෙට්ටිය පිටින්ම ලේකම් රාළහාමිගේ මෙසේ උඩ තබන්ටයි. මේ සමග තිබුණු අනික් රුපියල් දාහේ නෝට්ටු හත වෙනම මහ පෙට්ටියේ තිබෙනවාය”යි කියා ආහාර කෑම නිම වූ බැවින් වතුර බීවේය. මේ වේලාවේ විදානේ මායියාට ඔඵව උස්සා ඉන්ට බැරි තරම් වෙරිය. නමුත් මා නිසා අමාරුවෙන් සිටින්නීය.මෙ‍සේ මා අතට දුන් මුදල් පෙට්ටිය නැවතත් ඈට දුන් විට එය වසා මේසේ පිට තබනවත සමගම එලියේ කලබලයක් කරණ බව ඇසුණෙන් ඒ කුමක්දැයි දොර ඇර බලන්ට කීමි. විදානේ මායියා දොර ඇිනවාත් සමගම මගේ බෑග් එකේ තිබුණු ඇගේ කාසි පෙට්ටියටම සමාන තේක්ක ලෑලි පෙට්ටි පුන්ච මේසේ උඩ තබා “විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය” මගේ බෑග් එකේ දමාගෙන කිසිත් නොදන්නා හැටියට උනිමි. විදානේ මායියා එලියට ගොස් ගෙදර වැඩකරණ ලමිස්සියන්ගේ “කොලොප්පන්ය”යි කියා නවතත් දොර වසා මෙසේ උඩ තිබුණු පෙට්ටි පංච මහ පෙට්ටිගමේ දමා රුපියල් දාහේ නෝට්ටු හතක් බේබදු විදාන මායියාට දුන් විට ඈ එයද මහ පෙට්ටිගමේ දමා එය යතුරු ලා වසා “මෙහි නිදාගන්නවාද” මෙගෙන් ඇසීය. “නෑ හාමිනේ අද මට බොහොම කලබලයි. මට එදා වදකල බැවින් ආවා මිස නැත්නම් මේ වැඩ තිබෙන අස්සේ එන්නෙත් නැහැ. මමත් අනිද්දා මගුල් කාරයන් බලන්ට එන්නෙමි. දැන් මම යනවා. හොඳින් මගුල් කටයුතු කරන්ට”යයි කිවෙමි. වෙරිමරගාතේ උන් විදාන මායියා මා වැළදගෙන තව වරක් මට “හාදුවක්” දි “එහෙමනම් බදාදා රැට එන්ටය” කියා මාත් සමග



පියදාස සිරිසේන නවකථා එකතුව 563

පිළිකන්න පැත්තෙන් අවුත් මා පාරට යන්න අරියේ ය. මේ වෙලාව රාත්රින එකොළහට පමණ විය. මගේ හිත කෙතරම් ප්රී්තියකට පත්වෙන්ට ඇද්දැයි මේ කියවන්නාට මිස කිය නොහැකි. දෙමාසයක් දුක්විද විමලතිස්ස හාමුදුරුවන්ගේ රුපියල් තිස්පන්දාහ අතට ගතිමි. නමුත් මගේ වික්රිමයේ හොද කෑල්ල තව ඉදිරියට බැවින් මේ තරමින් සතුටු නූන මැනව, ඉතින් මම පාරට බැස ඈත මෑත බලව විට “සාතන් උඹ පතලයට පලයන් හෙට මේ මගුල් ගෙදර ලොකු සංඝික දානයකි ඒ ගැන දැන් මම පන්සලට යනවා” කියා මම ඉක්මණින්ම සිරිල්ලාගේ ගෙදරට ගියෙමි. එහි යනවිට එතන සිටින නපුරු බල්ලා බුරන්ට පටන් ගත්තේය. නමුත් බොහෝ නිදිවරා ඇති සිරිල්ලාගේ පියා වන සන්දෝරිස් අප්පුට කථාකළ හැටියේම ඔහු බල්ලා අල්ලා ගත්තේය.මම අන්ධපකාරයේම මගේ කාමරයට ඇතුල්වීමි. සන්දෝරිස් අප්පු මම කාමරේ නිදි බව සිතා උන් බව කියමින් මෙතෙක් වේලා කොයිබ ගොහින් සිටියේදැයි මගෙන් ඇසීම්. මම කරුවලේම සලුගාදු වේශය අහක්කරමින් “ඒකද අප්පුහාමි, මම ජොනී හාමුගේ වදේට එහි ගියෙමි”යි කියා මිණිරන් බ්රෝඒකර් වේශයෙන් නොගෙන මගේ ස්වභාව වේශයෙන්ම සරමකුත් කෝට් එකකුත් ඇඳගෙන මා ලබාගත් මුදල් පෙට්ටිය හා පවුම් 700 ත් මගේ පෙට්ටියේ දමා සිරිල්ට කථා කෙළෙමි. සිරිල් ගෙයි නිදමින් ඉඳ නැගිට ආවේය. “සිරිල් මට උවමනාවක් තිබේ. මාත් සමග පන්සල අසලට යන්න ඕනෑය”යි කීවෙමි. සිරිල් ද ඉක්මනට සැරසී ගමන් ලාම්පුවකුත් පත්තුකරගෙන සූදානම් විය. මා ඇදින ගැනීමට දවල් නම් ඔවුන්ටත් අමැරුය. නමුත් නියම ඇඳුමුත් නැතුව රාත්රි.යේ බැවින් එය කරණයක් නොවිය. මගේ කාරයේ දොර වසා සන්දොරිස් අප්පුට බලා ගන්ට කියා සිරිලුත් සමග විදානේ මායියලාගේ ගේ ලඟ මහපාරට ගියෙමි. අප යනකොට එතත කල්බලයකි. විදාන මායියාගේ දුව සුසානා නෝනා ඒලියට ගොස් තිබේ. දැනට පැය පහක් පමණ ගුඨනරකයක් වැනි පරණ කක්කුස්සියට අසුව ඉන්නා සල්ගාදු සුසානා නෝනාට කථාකොට “අනේ ළමයෝ මේකේ දොර ඇරපන්” කියා තිබේ. ඒ කක්කුස්සියට වැඩිපුර මිනිසුන් නොයන නරා වලක් හෙයින් මෙහි කථාකලේ මිනිහෙක් නොව “ප්රේ තයෙකැ”යි ඒ ළමයා කෑ ගසා ගෙන ගේ අතුළට දිව්වේය. එවිට විද‍ානෙරාළ “මොකද ළමයා කෑගසන්නේ” කියා ඇසුවාම කක්කුස්සියේ කවුද හැංගියා ඉන්නවා”ය යයි හියියෙන් කියනවා අපටද ඇසුනේය. ඉතින් ලාමපුත් හඵත් අරගෙන විදානේත් ඔහුගේ ආවතේව කාරයොත් වෙරිමරගතේ උන් විදානේ මායියාත්



564 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

තවත් ගෑණුත් කක්කුස්සියේ දොර ලඟට දිව්වෝය. අපිද මහපාරේ ඉඳගෙන බලා සිටියෙමු. කක්කුස්සිය වටේ එළියක් අල්ලමින් මිනිස්සු රැසුවුනා දුටු සල්ගාදුව දෙවියන් මතක් විය. මේ විඩේ ගැලවුනොත්පර ස්ත්රීුන් කරා යාම ඔහුට නම් එපාවනු නිසැකය. ඉතින් කක්කුස්සියේ දොර ඉබියතුරකින් වසා තිබෙනු දැක සියල්ලෝම පුදුම වූහ. “මේ කබල් කක්කුස්සියට මේ තරම් හොඳ පිත්තල ඉබියතුරක් කොහෙන් ලැබුනාදැ”යි කියමින් යකඩයක් ගෙනත් එය කඩා කක්කුස්සියේ දොර අරියාහ. අරිනකොටම එහි කඵකෝට් එකක් ඇන්ද මනුෂ්ය්යෙක් “අනේ මට ගහන්ට එපා මම සල්ගාදුය”යි කීයේය. එවිට වෙරිමර ගාතේ සිටි විදාන මායියා තමාගේ සල්ගාදු මහතාට කවා පොවා යන්ට ඇරි බැවින් මේ කථා කරන්නේ තමාට නින්දා කරන පිණිස වෙනිත් සොරෙක් යයි සිතා “තෝ සල්ගාදු උනත් උගේ අප්පා උනත් මෙහි ආවේ කුමටද” කියා තමා අතේ තිබුණු කිතුල් පොල්ලෙන් එකක් සල්ගාදුගේ ඔලුවට ගැසුවේය. එතකොටමත් තවත් වැඩකරුවෙක් පොල්ලකින් එකක් සල්ගාදුගේ ඔලුවන ගැසුවේය. එතකොටමත් තවත් වැඩකරුවෙක් පොල්ලකින් එකක් ගැසූ බැවින් දිරාගිය ලෑලි උඩ දඟලන සල්ගාදු ඒ ලෑලිත් කඩාගෙන කක්කුස්සිවලට “ඩොග්ගාලා” ඇද වැටුණේය. අනේ අපායක හැටි මෙහි පරණ අසූචියෙන් කැරපොත්තන් රැලෙත් ඉඟතෙක් එරාගොස් මරහඬ දෙන්ට පටන් ගත්තේය. ඉතින් එවේලාවට මමත් සිරිලුත් සමග එතනට ආවෙමි. තවත් අහල පහල උදවියට එහි පැමිණියාහ. පන්සලට මේ කලබලය ඇසී හාමුදුරුවරු අවදිව පාරට අවුත් බලාගෙන උන්හ. “කක්කුස්සි වලේ වැටි දඟලන මිනිහා ගොඩලන්ට ඔනෑ. ආණ්ඩුවේ මුලාදෑනියෙක් වෙලත් විදාන මහතා බලා ඉන්නා එක වැරදිය”යි මම කීවෙමි. එහි සිටි කිසිවෙකුට මා අඳුනන්ට බැරි බැවින් විදානේ ටිකක් භය වී ඉක්මඟක් ගෙන්වා ලෑලි දෙකක් ගලවා දමා ඒ ඉණිමඟ වලේ තබා එහි වැටී සිටින අයට එළියට එන්ටය කීය. ඔහුට මරනය නිසා ලජ්ජාද නැතිව තිබුණු බැවින් එළියට ආවේය. මුඵ ශරීරයේම අසූචි තැවරි තිබුණු බැවින් එළියට ආවේය. මුඵ ශරීරයේම අසූචි තැවරි ඉගින් කණින් දුවන කැරපොතු පිරිස විසින් පිරිවරා ගන්නා ලද සල්ගාදුව මිනිස්සු කීප දෙනෙක් උසුලාගෙන මහපාටර ගෙණාහ. එහිදි මමත් සිරිලුත් උදව්වි ඔහුගේ ඇඳුම් ඉවත්කොට ලිදකින් වතුර ගෙන්වා ඇඟ සෝදවා මගේ ඉනේ රෙදි බැනියමකුත් කෝට් එකකුත් තිබුණු බැවින් කෝට් එකද අන්දඉවා කඩේකින් කෝපි කෝප්පයක් ගෙන්වා බොන්ට දී ඔහු සුවපත් කරවීමු. විදානේලාගේ ගෙදර උදවියගෙන් කීප දෙනෙක්ම මේ සල්ගාදු බව දැනගත් නමුත් තමා සමග සල්ගාදු කා බී ගිය බැවින් විදානේ මායියා


පියදාස සිරිසේන නවකථා එකතුව 565


විශ්වාස නොක‍ළේය. විදාන මායියා තමාට මේ එනතුර කරන්ට සිතාගෙන සිට මෙසේ කරණ ලදැයි සලගාදුට තදින්ම වැටහී තිබුණේය. සල්ගාදු හෝ එහි එහි සිටි වෙන කිසිවෙක් මා නාඳුනන බැවින් මා ඔහුට කළ සංග්ර හය දැක සියලු දෙනාම මට මහත් ගෞරවයක් දැක්වූහ. සල්ගාදු උන්නැහේට විදානේ මායියා ගැසූ පොලු පහටර ඔලුව ටිකක් පැලී තිබුණා මිස වැඩි තුවාලයක් නැති න‍ිසා සිහිය තුබුණ බැවින් නැවත ආපසු කඵතරට යන්ට ඕනෑ බව කීයේය. වැඩි ගණනක් දෙන්ට කරත්තයක් බන්දවාගෙණ අවුත් කඵතරට යන්ට සූදානම් වන සලුගාදුට මෙසේ කීවෙමි. “සල්ගාදු” මහත්මයා ,මේ සිද්ධවූයේ අයහපතක් යයි සිතන්ට එපා. කර්මයට විපාක නැතැයි අඥානයෝ සිතති. මෙබදු බරපතල අච්චු ලැබෙනතුරු අඥානයන්ට කර්මඵල ප්රටත්යකක්ෂ නොවේ. අපේ තථාගතයන් වහන්සේගේ ධර්මය දත් කිසිවක් අධර්මයක් නොකරයි. මක්නිසාද ඒ අධර්මයේ විපාකය එවලේම හෝ ටිකක් ප්රකමාද වේලාවක් නිසැකව ලැබෙන හෙයිනි. තමුසේ ප්රිපය අඹුදරුවන් කෙරෙහි පැවත්විය යුතු යුතුකම් නොසලකා සුරාපානය නිසා අයුතු කාම සේවනයට ගිජුව මේ දුෂ්ට විදාන මායියාට මිතුරුව ඇගේ ස්පර්ෂ ලෝභය නිසා අවුත් ගුඨනරකය වැනි කරණ කක්කුස්සියේ පෑ හයක් ඉද නැවත් එහි වැටි පොලු පහරවලුත් කා මේ ඉවසිය නොහැකි අවනමුබුත් විඳ තුවාලයත් ලබා ඇඳපු රෙදි කොට පවා අහිමිව දැන ඉස්ප්රීතතාලයට යන්නෙහිය. මේ අයුතු කාම සේවනය තව දුරටත් පවත්වාගෙන යන්ට වී නම් පවුල් දෙක තුනකුත් විනාශව තමුසේගේ ජිවිතයද විනාශවන්ට තිබුණා. දැන් නපුරු ක්රිශයාවේ විපාක මේ තරමින්වත් විද ධර්මයට කීකරුවෙන්ට ලැබිය මහත් පිණකි. කොපමණ විනද්ත් ඇතැයි යන තෘපතියට පැමිණිය නොහැකි කාම සේවනය අයුතු අන්දමින් විදිනා සෑම දෙනාමත් මෙබඳු දුක් නිතරම වීදිම සිරිතකි. මේ තරමට කිට්ටු සිදුවීමක් සල්ගාදු මහතාට කියන්නෙමි. මාතරට නුදුරු වූ ගමක මුලාදෑනියෙන් සිටියේය. ඔහු නිතරම පරස්ත්රීින් කරා යන ජඩයෙකි. එක් රාත්රිේයක ඔහුගේ මිත්රම ස්ත්රිරයක් නිසා ඇගේ දෙගරට ගියේය. ඔහු යන වේලාවට ගෙදර මිනිස්සු යම් කටයුත්තක් නිසා ලාම්පු දල්වාගෙන කථා කරමින් උන්හ. මුලාදෑනියා ගෙයි පහන් නිවන තුරා ගෙට පැත්තකින් තුබුණු කුඩා මැටිවලට බැස වාඩිවි නිසොල්මනේ උන්නේය. මේ අතර ගෙදර වැඩකාර මහලු ස්ත්රිවය ශරීර කෘත්ය්යක් සදහා මැටිවල ඉවුරේ සිට කරුවලේ වුන් ඔහු නොදැක ඔහුගේ හිසට සුඵදිය වත්කරන්ට පටන් ගත්තේය. මෙය ඉවසාගත නොහැකි නමුත් සෙලෙව්වොත් තමාගේ



566 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

සොරකම අසුවේය යන භයින් නොසොල්වාම ඒ ස්ත්රිරයගේ සුඵදියෙන් නාගෙන ගෙදර ගියේය. මේ අය තවමත් ජිවත්ව ඉඳී. පරස්ත්රීනන් කරා යන ජඩයන්ට සිද්ධවන මෙබඳු නින්දිත කරුණු අනන්තයි. ඉක්බිති පරස්ත්රිතන් කරා යාමට පුරුදුවූවෝයි. තමුසේගේ ප්රිතය භාර්යාවත් දරුවනුත් රැකගෙන උන්නා නම් මෙලහකට ඒ පවුල කොතරම් දියුණුද? තමුසේගේ කීර්තිය හා ගෞරව කෙතරම් ප්රවකටද? දැන් තමුසේ හිඟන්නෙක් විය. පවුල අනාථ විය. තමුසේය නොමැකෙන බලවත් අපකීර්තියක් ඇතිවිය. ඉතින් මේ තරමින්වත් මේ අයුතු ක්රිකයා ව නවත්වන්ට සිද්ධවිම ගැන සතුටු වි දැන් ගෙදර යා යුතුය”යි කිවෙමි. සල්ගාදු මහතා ඉතාමත් අමාරුවෙන් “අහෝ සුරාව, අහෝ සුරාව මට කළ අපරාධය”කියමන් කරත්තයේ නැගි කඵතරට යන්ට ගියේය. මේ වේලාව රාත්රීු දෙක විය.


19.පරිච්ඡේදය[සංස්කරණය]

ම ගේ අදහස් සඵල වූ බැවින් බලවත් ප්රී්තියට පැමිණ මට නිදිමතද නැතිවිය. ඉතාමත් ප්රීලතියට හෝ දුකට පත් අයට ශරීරයේ ප්රමකෘති ගතිය වෙනස්වීම සිරිතකි. නමුත් සිරිලුත් සමග ඔවුන් ගේ ගෙදරට පැමිණ එදා රැ ඉතිරි කාලය සැපසේ නිදා ගතිමි. පසු දින විය. මේ වනාහී 19 වැනි බ්රඉහස්පතින්දාය. ජොනී හාමුලාගේ ගෙදර ප්රිතය සම්භාෂණයට පැමිණිය යුතුය. ඊයේ උවත් අද උදේ ගියත් වරදක් නැතැයි සිතා උදේම වතුර නාගෙන උදේ ආහාර අනුභව කොට බ්රෝ්කර් වේශයෙන් සරසී ජොනී හාමුලාගේ ගෙදරට සිරිල් සමග ඔවුන්ගේ කරත්තයෙන්ම ගියෙමි. අප එහි පැමිණෙන විට උදේ හතහමාරය. ජොනී හාමු හා ඔහුගේ පියා වන පෙරේරා මුදලිදුත් මා දැක “හලෝ මිස්ටර් පෙරේරා , මට කැදවා තුබුණේ ඊයේ දිනට නමුත් එන්ට බැරිවුනා. අද කාර් එකකින් ආවෙමි”යි කියා වාඩි ගතිමි. ඉතින් දැන් කාලේ මගුල් ගේවල් වැඩි වශයෙන් කරණ සංග්රයහය කේක් කෑල්ලක් දි ලැමනේඩ් වීදුරුවක් දීම බැවින් මටද එසේකර ඉක්බිති මුදලි තැන මාත් සමග ප්රීකති සහගතව කථා කරන්ට පටන් ගත්තේය. “මිස්ටර් පෙරේරා, මේ ජොනී’ හාමුට බොහොම ඉහල තැන්වලින් මගුල් ඇසුවා. නමුත් මුදල් වශයෙන් ලැබෙන දායාදය මදි නිසා ඒවා මග ඇරියා. දැන් මේ කසාද බඳින ගෙදර හැදිච්ච ප්රමසිද්ධ නැතක් නොවේ. නමුත් මුදලෙන් තිස්දාහක් දෙන බවට පොරොන්දුයි. ඉතින් දැන් කාලේ හැටියට වෙන මොකවත් නැතත්



පියදාස සිරිසේන නවකථා එකතුව 567

රුපියල් තිස්දාහක් ලැබුනොත් මොනව කරන්ට බැරිද? මොකද මිස්ටර පෙරේරාගේ කල්පනාවේ හැටියට මගුල හොද නොවේදැ”යි පෙරේරා මුදලි තැන මගේන ඇසුවේය. මම ඔහුගේ සිත වඩාත්ම කලනොකිරෙන්ට මෙසේ කීවෙමි. “මුඩ්ලියර්ලාගේ කල්පනාව මගේ කල්පනාවට හාත්පසින්ට වෙනසයි. ස්ත්රිේයක් කසාද බැඳීමේදි දායාදය සැලකීම බලවත් අපරාධයකි. දෑවැද්දම බලාගෙන විවාහ ජිවිතයට ඇතුලත්ව සිටින එකම ස්ථානයක්වත් දියුණුව ඉන්නා බවත් මම නෑසුවෙමි. ඊටත් වඩා දායාදයත් සමග ස්ත්රිනයකු දීමට විය්ය්බව කරණ තැනක් ඇතහොත් එතන රහසක් තිබේ. ඉගෙණගත් හොඳ සල්ක්රිවයාවේ සිහිටි ශික්ෂිකත ගෑණු ළමයෙකුට දීමට දායාදයක් උවමනා නැත. අනිත් අතට එබඳු ගෑණු ළමයෙකුට දෑවැද්ද ඉල්ලන තරම් කාලකණ්ණියෙකුට දෙන්ටත් යුතු නෑ. මේ මගේ කල්පනාවයි. නමුත් මුඩ්ලියර්ලාගේ අදහස් මීට බොහෝ වෙනස්ය. ඒ කොයි හැටි උනත් ඔය ලොකු දෑවැද්ද බලාපොරොත්තුව විවාහ කරගන්ට යන සමහරුන්ට තුට්ටුවක්වත් නොලැබි යන නැතුන් අනන්තයි. ගෑණිගේ දෑවැද්දෙන් ණය තරුසුත් ගෙවා ලොකුවට ජයවෙන්ට සිතාගත් සමහරුන්ට දෑවැද්ද වෙනුටව ගෑණිවම පමණක් ලැබිලත් තිබේ. සමහරවිට මුඩ්ලියර්ගේ පුත්රවයාටත් “මීකුණක්” වැනි එකකුත් දෑවැද්ද වෙනුවට ලැබෙන්ට බැරි නැත. “ඉතින් දෑවැද්ද නැතුව වල් ස්ත්රිතයකුත් ලැබුනොත් දෑවැද්දේම එල්ලී ක්රිතයා කිරිමේ විපාක ලැබේය”යි කීවාම මුඩ්ලියර් සිනාසී “මිස්ටර් පෙරේරාගේ කථාව හැබෑ තමයි. අන්තෝනි සිල්වා අපට මැදිහත් වුනේ ඒ නිසාමයි. හෙට රෙජිස්රාිැද්ර් කන්තෝරුවේදි හරියටම රුපියල් තිස්දාහ මෙසේ උඩ තබනතුරා “ දෙයියෝ” කීවත් අපි කසාද බඳින්නේ නැහැ”යි කීයේය. “හොඳයි මුඩ්ලියර්” කියා පෙරේරා මුදියන්සේට අතට අත දී මම එන්ට කීවෙමි. එතන නිකම් “බුද්ධ සෙපර” නමුත් සංඝයා වහන්සේලා 25 ස් නමකට සාංඝික දානයක්ද සූදානම් කර තිබුණේය. මම එතනින් පිටත්ව සිරිලුත් සමග අන්තෝනි සිල්වාගේ ගෙදර පැත්තටද ගොස් බැඵවෙමි. සරණපාලට දුව දෙන්ට පොරොන්දුව විමලතිස්ස හාමුදුරුවන්ගේ රුපියල් තිස්පන්දාහත් අන්තෝනි සිල්වාගේ අඹු “නැන්දා” මා පාර අයිනේ බැද තිබුණු විශාල තොරණ යට සිටිනවා දැක එන්ට මහත්මයෝ කියා මා ගෙදරට කැදවුවාය. මම කොළඹ මිණිරන් වෙළෙන්දෙක් බව දන්නා ඔවුහු ඔවුන්ගේ අලංකාරත්වය පෙන්වීමට මෙසේ ගෙන්වූ බව මට තේරුණා. නමුත් මෝඩයෙක් මෙන් ගොස් වාඩි ගතිමි. ඉතින් නැන්දා මට දුව (මේරි සිල්වා) දක්වමින් “මගේ



568 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

දුව මේ ගමේ උපන් ඉතාම ලක්ෂිණවත් පින්වතිය. හෙට පටන් මගේ දුව ලමාතැනීය. මේ තරම් උසස් මගුල්කෑමක්වත් අලංකාර සැරසිලිවත් මහත්මයාට මේ පළාතේදි දකින්ට ලැබුනාද”යි කීය. “නැත හාමිනේ. මේ අලංකාර ඔක්කෝම මීකුණක් වැනි නිස්සාර දේවල්ය. සත්ය“ වචනය, ගුණධර්මස ආදිය මිස ඔය පිටස්තර අලංකාර වැඩිකල් පවතින දේ නොවේ. හොදයි ඒ වුනත් අපත් මෙහෙම දේට කැමති”යි එතනින් අවුත් මගේ හිතෛෂි කඵපහණ අප්පුහාමිලාගේ ගෙදරට පැමිණියෙමි. එතන වැඩි කලබල මොකුත් නැත. කඵපහණ අප්පුහාමිත් හාමිණේත් ළමයි දෙන්නාත් මා දුටු හැටියේ ඉතා ආදරයේන පිළිගෙන ඔවුහු මංගල්යෙය ගැන සූදානම් කර තිබෙන හැටි පෙන්නා මෙහි යම් කිසි අඩු ලුහුඩුවක් තිබේ නම් කියා දෙන්ට “යයි මගේන ඉල්ලා සිටියාහ. හෙට කොළඹින් පැමිණෙන වීරසේකර මහතුන්ට කෑම බීම සූදානම්කර තිබෙන හැටිත්, ඇරලන්ට යාමට සූදානම් මිනිසුන් හා ස්ත්රීමන්ගේ ඇඳුම් පැළඳුම් ආදියත්, මනාල මහතාට තෑගි වශයෙන් දීමට සූදානම් කර තිබෙන “රත්රන් පවුන් සීයත්” ආදි සියලු තොරතුරු මට දැනුම් දුන් බැවින් ඒ සියල්ලම බලා සතුටට පැමිණ සතුටු දායක වන මතු අභිවෘද්ධයට පත්වන ලෝකවාසීන්ගෙන් පැසසුම් ලබන මංගල්යමය අපේ මේ මංගල්යෝය පමණකි. හෙට සිද්ධවන අනිත් මගුල් අවමගුල්ය යි මා කී විට මා වික්රමමපාල බවත් මා කියන්නේ කෙතරම් විශාල ගුප්ත කරුණක්ද, යනුත් දන්නා කඵපහණ අප්පුහාමි සිනාසී “දැන් දවල් දානයට සංඝයා වහන්සේලා වැඩිති. මහත්මයාත් මෙහි නවතින්ට සතුටුදැ”යි මගේනා අසීය .මම ඉක්මනින් නැගිට”මම යන්නෙමි, අද දවල් දෙකට පමණ මේ සංඝයා වහන්සේලාට දකින්ට මම පන්සලට යන්නෙමි. දැන් මට නිවාඩු ඕනෑය”යි කියා සිරිලුත් සමග කරත්තයේ නැගි විදානේ රාළලාගේ ගෙදරට ගියෙමි. එතනට යනකොට දහය පමණ වූ බැවින් දානය සූදානම් කරණ වේලාව විය. එසේද වුවත් විදාන මායියාගේ ආඩම්බරය පෙන්වීමට මට සංග්ර්හකොට “කොහොමද මහත්මයෝ අද කලබල වේලාවේ නාවා නම් හොඳට සංග්රමහ කරන්ට තිබුණි. අ‍පේ මගුල් ගෙදර ගැන කොහොමද කල්පනාව” කියා ගෙයි ලක්ෂණත් බැඳලා තිබෙන තොරන්වල හැටිත් මට පෙන්නුවේය. “ඉතින් හාමිනේ නිකම් “ගුරුදුරු” වාගේ කැතවී යන මේ අලංකාර ඒ තරම්ම ඉහිලින් සලකන එක මනුෂ්යත ගතිය තමා මොකද මේ මගුල් ‍ඉහලින් සලකන එක මනුෂ්යක ගතිය තබා මොකද මේ මගුල් අසසේ ඊයේ රැ මතන කලබලයක්ය කියන්නේ. කියා ඇසුවාම “ඒක නොවෙන්නන් මහත්මයෝ කවුදෝ හොරෙක් අපේ කක්කුස්සියේ වැදි ඉද අසුවෙල් පොලු පහරවලින්


පියදාස සිරිසේන නවකථා එකතුව 569

සංග්රසය ලැබ යන්ට ගියා. ඒ වල් හොරාව අච්චු කළාම අපේ විරුද්ධකාරයන් විසින් කඵතර සල්ගාදු මහතාට තලා අච්චු කළා යයි බොරුවක් ප්රචසිද්ධ කරණ ලදි. ඔය බොරු කොච්චර ප්රුසිද්ධ කළත් මගේ වැඩ ඉතාමත් අලංකාරෙට කරන කෙනෙක් මම. මේ ගමේ කඵපහණ අප්පුහාමිගේ දුව දෙන්ට සිතාගෙන අපේ බෑනාගේ පස්සේ අවිද්දා. ඔවුන්ට බැරිවුනා. පවුන් සියක් දැහක් තරම් තිබෙන ධණවතෙකුට ඔය හිඟන්නාට හිරදෙන්ට පුඵවන්ද? බලන්ට මම රුපියල් තිස්දාහක් පොරොන්දු වූ නමුත් රුපියල් දාහක්වත් තව වැඩිපුර නොදි ඉන්නේ නැහැ. කඵපහණ අප්පුහාමිත් කොළඹ කාටද දුව දෙනවාඵ. අපේ මගුල් ගෙදරත් මගුල්කාර පිරිසක් වාගේ හැඩේට ලක්ෂණට කොහේ වැඩකරන්ටද ?” කියා විදාන මායියාගේ “පාරට්ටුව” කියා නිමවන කොට”හොඳයි බලමු”කියා ඈට ආචාර ‍කොට මමත් සිරිලුත් ඔවුන්ගේ ගෙදරට ගොස් වතුර නා දිවලට බත කා මෙතෙක් දවස් රැගෙනවුන් බ්රොේකර් වේශය අත්හැර කොන්ගොඩ මෙන් කාමරයෙන් එළියට ආවාම, සන්දෝරිස් අප්පුලාගේ ගෙදර උන් සියල්ලෝම මා දෙස බලා පුදුම වුහ. සිරිල්ට නොකී නමුත් ඔහු මා ගැන සැක සහිතව දැනගෙන උන් බැවින් ඔහුට මෙය පුදුමයක් නොවීය. ඉක්බිති සන්දෝරිස් අප්පුලාට සිනා වශයෙන් “ මම නොයෙක් වෙස් ගන්ට දත් පුදුම මිනිහෙක්ය. හෙට වනතුරා මගේ සම්පූර්ණ තොරතුරු දැනගන්ට අමාරුය. ඔක්කොම හෙට එලිවේ”යයි කියා මගේ කාමරයේ දොර වසා යතුරත් රැගෙන සිරිලුත් සමග එකට පමණ විමලතිස්ස හාමුදුරුවන්ගේ පන්සලට ගියෙමි. පෙරේරා මුදලි වලව්වෙත්, අන්තෝනි සිල්වලා ගේ ගෙදරත්, කඵපහණ අප්පුහාමිලාගේ ගෙදරත්, වෙලුන් විදානේලා ගේ ගෙදරත් සාංඝික දානවලට වැඩිය සංඝයා වහන්සේලා එකසිය තිස් නමක් පමණ එවේලාවට මේ පන්සලේ රැස්ව උන්හ. තුන් නිකායටම අයත් නොයෙක් ප්රඑසිද්ධ උගත් ස්ථවීරයන් වහන්සේලාද මේ පිරිසේ උන්හ. මෙබඳු සභාවක් දකින්න ලැබෙන්නේ කලාතුරකිනි. විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය සෙවීමට භාර දුන්නාට පසු ඒ හාමුදුරුවන්ට මා දිකින්ට ලැබුණේ එකම වතාවකි. මේ වේලාවේ මම පන්සලට ගොස් සපත්තු ගලවා තබා සංඝයා අතර වැඩවුන් මහලු විමලතිස්ස හාමුදුරුවන්ට වැන්දෙමි. හාමුදුරුවෝ මා දැක මහත් ප්රීිතියට පැමිණ මට වාඩිවෙන්ට කීහ. “මේ සංඝ පිරිස විසිනුත් දැනගත යුතු කෙනෙක් මෙහි ඇවිත් සිටි, ලෝකයේ පතළා වු කීර්තියක් උසුලන කෝන්ගොඩ වික්රඇමපාල මහතා නුදුටු කෙනෙක්, මෙන්න ඒ මහතා බලාගත මැනවැ”යි



570 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය


සභාවේ කිවාම අතන මෙතන හිටපු සංඝයා වහන්සේලා සියලු දෙනාම ඒ ගෙයි ඉස්තෝප්පුවෙත් මුදුලෙත් රාශිභූත වූහ. එවිට විමලතිස්ස හාමුදුරුවෝ සුසුමක් ලා “අනේ මහත්තයෝ මගේ මුදල් පෙට්ටිය පරික්ෂා කිරිමේ වැඩේ මහත්මයාට භාරදිලත් දෙමාසයක් පමන වෙච්චි, මහත්මයා දක්නව ලැබුනේ අදත් සමග දෙදවසයි. ඉතින් ඊට පසු මේ පන්සලේ සිද්ධනොවිච්ච කරදරයකුත් නැහැ. මහත්මයාගේ කල්පනාවේ හැටියට ඒ මුදල් පෙට්ටියේ හෝඩුවාවක්වත් දැනගන්ට ලැබේදැ”යි ඇසීය. ඔප් නැගුරන් බඳුන්ක් සේ ප්රී තියෙන් දිලිසෙන මුහුණින්යුත් මම “ස්වාමිනි, හරි හැටි පුරුදු කළ සිංහලයාට කරන්ට බැරි දෙයක් ලෝකේ ඇත්තේ නැහැ. ශික්ෂාකාමි ගුණවත් උත්තම භික්ෂුන්ගේ ආචාර්යත්වයෙන් හික්මන ලද භික්ෂුහු සතරමහ සතර ඵලය ලබාගත් බවත්, පින්වත් මව්පියන් නිසා ඉපිද උතුම් ආචාර්ය සේවනයෙන් වැඩුනු කුමාරුවරු චක්රිවර්ති රජුන් මෙන් රාජ්යන පිරිපාලනය කර තිබෙන බවත්, ඡන්දාදි අගතියට නොබැස උතුම් ධර්මයත් නීති ශාස්ත්ර යත් හදාල මහත්තැන් අමාත්යාමදි තනතුරු ලබා රට සුවපත් කළ බවත්, දක්ෂ ශිල්පීන් ආශ්ර යකොට විවිධ කර්මාන්ත උගත් ජනයා එහි කෙළවර දක්වා සම්ර්ථවූ බවත්, ධනෝපායන ක්රමම හසලාවූ අය ධනපතියන්ව සිටි බවත්, උතුම් ප්රරතිපත්ති අවංකව පුරුදුකළ ජනයා ශික්ෂිත උපාසකයන්ව විසූ බවත් ඉතිහාසයේ පෙනේ. ඉතින් ඒ හැබෑ බවට මට මාම සාක්ෂිය. මම රහස් කරුණු පරීක්ෂා කිරිමට පුරුදුවීමි. එය අවංකව ඉතා ඕනෑ කමින් කෙළෙමි. පංචවිධ දුශ්චරිතයෙන් සම්පූර්ණයෙන්ම වෙන්ව ආත්මාර්ථයට වඩා පරාර්ථයට ගරු කරමින් ස්වකීය කීර්ති ප්ර ශංසාව යථා ක්රතමයෙන් පිළිකුල් කරමින් ධර්මයට දිවි දි වැඩ කරමි. ඒ නිසා මා අදහස්කොට වීර්යයෙන් කරණ ලද කිසිම කාරණයක් නිරර්ථක නොවීය. මේ පසුගිය දෙමාසය තුළ හාමුදුරුවනගේ මුදල් පෙට්ටිය සෙවීමේ නියුක්තව සිටියෙමි. මේ පන්සලට අඩු වශයෙන් විසිදිනකට වඩා පැමිණියෙමි. හෙට දවල් හතරට ප්රේථම හාමුදුරුවන්ටත් අනිත් කාටත් පුදුම දේවල් අසන්ට දකින්ට ලැබේ”යි කියන කොට විමලතිස්ස හාමුදුරුවොත් අනිත් සංඝයා වහන්සේලාත් පුදුමයෙන් මගේ මුහුණ දෙන බැඵෑහ. ඒ සභාවේ සිටි නායක ස්වාමින් වහන්සේ නමක් උගිරේ රැල් බුරුල් ඇර මාත් සමග කථාවට බැස්සේය. මේ කියවන්නාට ප්ර්යෝජනවත් හෙයින් ඒ කථාව මෙහි යොදන්නෙමි. නායක - මහත්මයා බොහොම දක්ෂයෙක් බවත් අවංක කෙනෙක් බවත් මම ඇසුවෙමි. හදිසියෙන් එක දිනක් දුටු නමුත් අද


පියදාස සිරිසේන නවකථා එකතුව 571

හොඳ හැටි දැක කථාබස් කරන්ට ලැබු‍ණාට සතුටු විමි. මහත්මයා පමණක් නොව “රහස් පරික්ෂකවරු” කවුරුත් පාහේ ගුණ ධර්මයේ පිහිටි මිනිසුන් බව කියති . ඒ හැබෑද? මම - සත්තකටම ස්වාමිනි ඒ සම්පූර්ණ හැබෑවකි. කොයි කාරණයකවත් අවංකව යෙදි සිටින සමර්ථ ජනයා කවදාවත් පහත් චපල නින්දිත ක්රිසයා නොකරයි. දක්ෂක “හොඳ” හොරෙක්වත් මහජනයාගෙන් ගර්හා ලැබෙන තරම නීච ක්රි යා නොකරයි. බලන්ට පුරාණ කාලේ ගංගාවක් උඩු අතට බසින්ට සැලැස්විය. හැකි තරම් සත්යරවාදි බලයක් තිබුණු වේසියක් සිටියාඵ. ඈ කරණ කටයුත්ත නින්දිත නමුත් එය ස්ථිර ගුණයෙහි පිහිටා අවංකව කළ බැවින් ඇගේ සත්ය වාදි බලය භුතයන් විපර්යාස කිරිමට පවා ශක්ති සම්පන්න විය. නායක - ඔව් ඒක හැබැයි. මට කාරණ්ය් තේරුණා. මහාත ඉතා හොඳ ශ්රකද්ධාවන්තයෙක් බවත් ආරංචියි. නමුත් කරන්ට බැරි දේවල් ගැනත් නිතර කථා කරමින් බොහෝ මහන්සි වන බව අසා කණගාටු විමි. මම - ඒ කරන්ට බැරි දේවල් කියන්නේ ස්වාමිනි, කුමක්ද? සම්ය යක් සම්බුද්ධ රාජ්යැ ලැබිම තරම් දුෂ්කර වූ අචිනත්යණ වූ අද්භූත ක්රිුයාවක් මනුෂ්යේ පුද්ගලයෙක් විසින් බැව් ස්වාමින් වහන්සේ නොපිළිගන්නා සේක්ද? නායක - (සිනාසි) ඔව් මහතමයා ඒක එහෙම තමයි. අනන්ත අප්ර්මාණ කාලයක් අත් නොහැර පුරුදු කරණ දානාදි පාරමි බලයෙන් බුද්ඛ රාජ්යනය ලැබනු සත්ය යි. නමුත් මා කියන්නේ එබන්දක් නොව, මහත්මයා දැන් ලක්දිව පවත්නා කුල භේදය “පට්ටපල්” බොරුවක් බව කියමින් සියලු කුලවල උස් පහත් කවුරුත් මිශ්රහව ඉන්නා බව කියමින් ඒ ඒ කුලමල කිසිත් නොසලකා කවුරුත් සිංහල නමින්ම සලකනු යුතු බවත් කියමින් කරණ ප්රියත්නය සදහා මහත්මයාට මේ ටික කීවෙමි. මම - ඔව් ස්වාමිනි, ඒ අදහස් එහෙම තමයි. යුරෝපාදියේ පැවති වහල් වෙළඳාම අත් අරවන්ට කවදාවත් පිළවන් වේ යයි එවකට සිටි අය සිතුවේ නැත. අහස් නැව් හැදීම පිළවන් වේය කියා මීට අවුරුදු පණහකට පෙරත් අවුරුදු හාරපන්දහසක එහාත්


572 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය


සිටි මිනිසුන්ට සිතාගන්ට බැරිවිය. ඒ ඒ කාලවල උපන් සමහර මිනිසුන් තමන්ගේ පුරුද්දක් ලෝකයේ යම් යම් දේ වෙනස් වන සැටි නොසැලකීමත් නිසා තමා පිහිටි කල්පනාවේම සිටිම සිරිතකි. නමුත් රාම තෙමේ මුහුදෙන් එතෙර වීමට වඳුරන් ලවා ගෙයක් කරවුයේ. උත්සාහවත් මනුෂ්යෙයන්ට කළ නොහැක්කේ කුමක් දැයි ප්රීකාශ කළේ අපේම උතුම් රජතුමෙකි. මාත් සිංහල ලෙයින් යුත් කෙනෙක් බැවින් කරන්ට නොහැකි යමක් තිබේයයි යමෙක් කියනවිට ඒ වචන යවුල් මෙන් මගේ කණට වේදනා කර වෙත්, ස්වාමිනි, මා මෙතාක් කුලභේදය විනාශ කිරිමට ගත් විය්ය් විය නිෂ්ඵල වි නැත. විමලතිස්ස - මහත්මයාගේ අවංක උත්සාහයට ස්තුති කරමි. මහත්මයා උඩරට කෙනෙකි. ඉතින් උඩරට උදවිය පාතරට මිනිසුන් කෙරෙහි වැඩි අල්මක් නැත්තේ මොකද? මම - ඔව්, එය ඉතාමත් වැදගත් ප්රිශ්නයකි. පාතරටය, උඩරටය යන භේදය ඇතිවුනේ ජරංගි ලක්දිව මූදුබඩ පළාතේ ආණ්ඩු කරන්ට පටන් ගත්තාට පසුයි. ඊට පෙර ලංකාවේ පැවතුනු ප්රනධාන භේදය, රුහුණු,පිහිටි,මායා යන තුනයි. පාතරට පළාත් පරංගි අල්වා ගත්තාට පසු උඩරට වීසූ සිංහල රජුට යටත් සිංහලයෝ පාතරට මිනිසුන්ගෙන් ඇතැම් අයගේ පහත් ගති අසා ඔවුන්ව පිළිකුල් කරන්ට පටන් ගත්හ. එනම් පරංගින්ට එක්ව ස්වකීය රජුව විරද්ධවන අයත්, සත්යඑවු උතුම් බුද්ධාගම් අත්හැර පරංගිත් ඇදහු මිථ්යා ආගම පිළිගන්නා අයත්, පරංගිත් හා මිශ්රතවන අයත්, මරක්කලාදින් සමග මිශ්රගවන අයත්, පාතරට ඉන්නා බව දැනගත් උඩරට සිංහල ජනයා පාතරට කාවත් පිළිකුල් කළහ.පතරට පරංගි ආගම හා පිරිත් නොගත් පිරිසිදු සිංහල ජනයාත් විසූහ. නමුත් බොහෝ දෙනෙක් එසේ නොකළ බැවින් සාමාන්යර වශයෙන් මුඵ පාතරට සෙනගම උඩරට සාමාන්යබ ජනයාට පිළිකුල් විය. මෙසේ වීම පදුම ද? නායක - එයි පුදුම නැහැ. හරක් රංචුවක හොර හරක් හතර පස් දෙනෙක් සිටින විට මුඵ රංචුවටම හොර හරක් රංචුව යයි කියති. එමෙන්ම පරංගි ආගම, පරංගි චාරිත්රව, පරංගි වේශය, පරංගි භක්තිය ගත් අය නිසා එසේ නොකළ පාත රැටියන්ද උඩරට සිංහල ජනයා පිළිකුල් කළා පුදුම නැත. ඉතින්


පියදාස සිරිසේන නවකථා එකතුව 573

මහත්මයෝ, ලක්දිව පවත්නා කුලභේදය බොරු නම් මේ එක එක් කුලවල මිනිසුන් තව තමාගේ කුල ගැන කියන කථාත් බොරුවෙන්ට ඕනෑ නොවේද ? මම - ස්වාමිනි, ලක්දිව කුලභේදය තිබුණු බවත් හැබැයි. ඒ ඒ කුලවල මිනිසුන් තම තමාගේ කුල සම්බන්ධව කියන කථාත් හැබෑය. අනිත් අතට ලක්දිව අමිශ්රම කුල පිළිවෙල පැවතුන බවත් බොරුයි. මෙය අවංකව අපක්ෂුව ඉවසිල්ලෙන් විසදගත යුත්තකි. නායක - මහත්මයාගේ කථාව මහා පැටලිල්ලක්, යමක් සම්බන්ධව එක විධියක් සැබෑ නම් අනික බොරු යයි කියන එකේ තේරුම මොකද? මම - හොඳයි ස්වාමිනි, මම නිර්භයව ඇතත් කියන්නෙමි. දැන් ලංකාවේ ඉන්නා මිනිසුන් සියලු දෙනාම ශුද්ර කියන හතරවෙනි කුලයට බහින්ට අකමැතිව සමහරෙක් වෛශ්යශයයි ද කියා ගණිති. ඉතින් මේ කියන කථාව ‍එහෙමපිටින්ම බොරු නොවේ. එන්න මම එය නොසඟවා විස්තර කරමි. ගොවියා කියන කුලයේ ඔක්කොම ගොවියෝ නොවෙමි. ශුද්රායෝද අනන්තවත් සිටිති. එය, මිශ්රු විමකි. බ්රා.හ්මණය කියන කුලවත් බ්රා හ්මණයෝ සිටිති. නමුත් වැඩි වශයෙන් ශුද්රකයෝමය. ක්ෂත්රි ය කියන කුලේත් ඵසේමය. මෙසේ වෙන්නට හේතුව ක්ෂත්රි යයන් පිරිසක් ලක්දිවට පැමිණියත් ඔවුන් සමග දාසාදී ශුදුයෝ ද ආවාට කිසි සැකයක් නැත. ඉතින් ඒ ආ පිරිසට එක නමක් කියා එය එක කුලයක් වූ විට ඔවුහු ක්ෂත්රිතය ද? නැතහොත් ඒ පිරිසේ ක්ෂත්රිුයයෝ නැද්ද? දැන් කොච්චත් දෙස බලමු. දැනට ලක්දිවට මලයාලමෙන් අවුත් සිටින සමූහයා අතර ක්ෂත්රි ය,බ්රානහ්මණ,වෛශ්යි,ශුද්රි යන හතර කුලයේම මිනිසුන් අවුත් සිටිති. නමුත් සිංහල අපි ඒ හැට දෙනාටම “කොච්චිය” කියනු මිස ඔවුන් අතර ඉන්නා සිවුකුල ජනයා වෙන වෙන් කොට කථා කරමුද ? සත්තකෙන්ම නැත. ඒ වාගේම ඒ ඒ කාලවල ඒ ඒ රටින් ආ මිනිසුන්ට සොලීකරෙන් ආ අයට “සාලි” කියාත් සොලී ග්රා්මයේන ආ අයට “සොලී” කියාත් යන ආදි වශයෙන් කථා කළා මිස, ඔවුන් අතරේම උන් සිවුකුල ජනයා ගණන් ගෙන නැත. දැන් කොච්චින් සම්බන්ධව පවත්වා පිළිවෙලමයි. තව පණස් අවුරුද්දකට පසු කොච්චි කියා සිංහල ජාතියේ කුලයක් ද ඇතිවේ. ඒ කාලේ උපදින ජනයා මෙය ලියු මට ප්ර ශංසා කරමින් ඔව්හු


574 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය මේ කාරණය නිරවුල් ලෙස ලසකනු නොඅනුමානයි. ඉතින් ස්වාමිනි, දැනට ලක්දිව ඉන්නෙත් පුරාණ විසුවෙත් සිව්කුල ජනයාගෙන් මිශ්රල සෙනගකි. නමුත් සෑම මිනිස්සුම එකෙකුට වඩා අනිකා උසස් කරගණිමින් අනිත් සියල්ලන්ම පහත් කරති. මේ අපරාධයකි. දැන් මේ අපරාධ කරන්නේ වැඩි වශයෙන් භික්ෂුසහුමයි. නායක - ඔව් මහත්මයාගේ කථාව ඉතාමත් හරි. අපට අපේ අගතිය නිසා ඇත්ත නොවැටහේ. අපේ සියම් නිකායේ නම් මෙය සලකන්නේ රාජ නියමය නිසායමි. මම - අනේ ස්වාමිනි, ඒත් බොරුවකි, රාජ නියමය ගොයිගම කුලපුත්ර-යන් මහණ කිරිමට නොව “කුලපුත්රරයන් මහණ කිරිමට “යි නමුත් අනිත් කුලවල ප්රමභූන්ගේ දාසයන් වන ඇතැම් ගෙයිගම කුලේ දරුවන් මහණකරගත් සලාගම,කරාව,දුරාව,වහුම්පුර,නවන්දන්නා ආදි කුලවල “කුල පුත්රමයන්” මහණ නොකරති. සියම් නිකායේ පමණක් නොව සෑම නිකායවලම ඒ ඒ කුලවල ශක්ෂූමන් අතර පවත්නා මේ මුග්ධ ලාමක කල්පනාව දුරුවනතුරු ආගම වශයෙනුත් ජාතිය වශයෙනුත් අපේ භක්තිය සම්පූර්ණ නොවේ. නායක - හොඳයි මහත්මයාගේ කල්පනාවේ හැටියට දැන ශාසන ප්රකතිපත්ති පිරිම අඩුවිමට මේ කුල පලහිලව්වත් හේතු ද? මම - ඔව් ස්වාමිනි, ශාසන ප්රහතිපත්ති අඩුවීමට මේ කාලේ පවත්නා හොතුවලින් මෙයද එකකි. කොයි කුලවල ඉන්නා ශික්ෂිත වැදගත් මවුපියන්ගේ දරුවන් වන නියම කුලපුත්රලයන් මහණ නොකොට තම තමාට” අයිතියයි බොරු නම්බුවක් සලකාගෙන සිය කුලේ කුලපුත්රවයාත් කාලකණ්ණියාත් මහණ කරණ බැවින් කුණු අඹගොඩක දැමු හොද අඹගෙඩියක් ඉක්මණින් කුනුවන්නාක් මේන සංඝයා පිරිහි විනාශ වෙති. මේ නිසාම සංඝයා අතර පවත්නා ඊර්ෂ්යාප ක්රොමධාදයද ඉතා භයංකරය. ස්වාමිනි, මෙපණක්ද නොව වර්තමාන කාලයෙහි ලක්දිව සමහර භික්ෂුන්ගේ ගති ගුණාදිය අතරෙන් බොහෝ දෙනාට අනර්ථකරව පවත්නා විෂම ස්වාභාවය හා ‍නොමනා ක්රිටයා පටිපාටියත් ගැන ප්ර කාශකොට හැකි පමණ එයින් මුදවා ගැනිමේ පරමාධ්යයසයෙන් මේ කරුණු කියන්ට අදහස් කෙළෙමි. දැනට බුද්ධශාසනය මෙතරම් දුර පිරිහිමට ඇති ප්රෙධාන හේතු නම්


පියදාස සිරිසේන නවකථා එකතුව 575

වර්තමාන බොහෝ භික්ෂුුන් තුළ පවත්නා විෂම අදහස් හා අන්යොාන්යකයන් කෙරෙහි ඊර්ෂ්යා ක්රොවධාදිය පැවැත්වීමත් නොයෙක් කරුණු පිළිබදව පවත්නා කුහක ගතියන් යන ආදිය බැව් නිසැකව කිය හැක. බොහෝ භික්ෂුන් ප්ර‍වේණි වශයෙන් උරුමය ආවක් මෙන් තිබෙන අධම අමනොඥ ගතියක් නම් අනුන්ගේ සැපත නොඉවසිම සංඛ්යාමත ඊෂ්යා්වයි. අද ලක්දිව සිටිනා ජනගහනය අතරෙන් භික්ෂුන් වහන්සේලා පරණ ඊෂර්්යා්වත් කොටසක් නැතැයි කීමට තරම් සිද්ධවිම කණගාටුදායක වේ.දැනට පවත්නා බොහෝ භේද හිරිහැර විපත්ති ආදිය ඇතිව පවත්තෙන් මේ “පරසම්පත්ති අදහන ලක්ෂණ” ඊෂ්යාපව කරණකොට ගනෙමය, ඔන්න යම්කිසි භික්ෂු නමක් ඉගෙණිම ආදි කිසිම ප්රතකාරයකින් තමන්ට උසස්ව ක්රි්යා කරන්ට ශක්තිය ඇති කෙනෙක් වන්ට එයි නම් ඔහු විනාශ කිරීම පිණිස නොයෙක් උපක්රවම යොදා අන්යා භික්ෂුහු ක්රිායා කරත්, යම්කිසි විධියකින් තමන්ට ශක්තිය ඇති නම් ඔහු විනාශකර දමත්, එසේ යමකිසි විදියකින් නොහැකි වී නම් ඔහු සමගත් ඒ භික්ෂුවගේ ශිෂ්යා දි අන්යක පරම්පරාව සමගත් ඉතා දරුණු අන්දමේ විරුද්ධකම පවත්වති. අද ලක්දිව මේ තරම් නිකාය භේදාදිය ඇතිව තිබෙන්නේත මේ භික්ෂුන් තුළ පවත්නා ඊර්ෂ්‍යා ක්රෝපධාදිය නිසාම බැව් සැලකිය යුතුයි. දැන් සිවුරු හැර යන්නාවූ බොහොදෙනෙක් එසේ කරන්නෙත් අන්ය භික්ෂුන්ගෙන් තමන්ට පැමිණෙන්නාවු හිරිහැර ආදිය නොයිවසිය හැකි කරුණු නිසාමයි. සමහර භික්ෂුන් වහන්සේලා වැදගත් දායක මහතුන්ගෙන් යුත් ගමක ආරාමයක් තිබේ නම් ඵහි ඉන්න භික්ෂු වහන්සේලා උගත්කම් ආදියෙකන් අඩුදුර්වමල අය වුවහොත් මොනම ක්රනමයකින් නමුත් ඒ ආරාමික භික්ෂුලන්ට හිරහැර කොට නොයෙක් චෝදනා හා බොරු මාගම සෝලියක්වත් ඇතිකොට අන්තිමට ඒ දායකවරුන්ගේ හිත් කලකිරවා ඒ ආරාමයෙන් පන්නාදමා එය තමන් අයිතිකර ගතිති. තවත් සමහරු යම් භික්ෂු නම්ක උසස් ලෙස ධර්මවිනයාදිය ඉගෙණිම පිණිස යම් තැනගට පැමුණුනොත් එතන ගුරුවරාදින්ට අර ඉගෙනීම පිණිස පැමිණි භික්ෂුවවගේ නොයෙක් අන්දමේ ඇතතාවූ හෝ නැත්තා වූ දෝෂ කියා ලියකියමනක් යැවිම ආදියෙන් නැත්නම් සම්මුඛව කීමෙන් හෝ ඒ පුද්ගලයා නැතිකර

576 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය


දමන්ට නොයෙක් ඇනදමේ උත්සාහ ගනිත්. කොළඹ ප්ර්සිද්ඛ පිරිවෙණකට ඉගෙණීම පිණිස පැමිණියාවූ ඒක ස්වාමින් වහස්සේ නමක් ඉගෙණීම නැතිකර දමන අදහසින් මෙබඳු දුෂ්ට අදහස් ඇති භික්ෂුීන් කීපදෙනෙක් තැත් කළේ වී නමුත් ඔවුන්ගේ ඵ් අදහස මුදුන් පමුණාව ගන්ට නොදී ඒ ස්වාමින් වහන්සේ දැනට ඒ ඉගෙණිම කරගෙන තිබේ. මෙයින් සමහරු දැන් පිරිවෙන් වන ආචාය්යාෙවරයන්වද සිටිත්. තවත් සමහරු යම් භිකෂු නමක් ධර්ම විනය ශබ්ද ශාස්ත්රානදිය හොඳින් ඉගෙණ ගනිමින් ඒ උගන්වන ගුරුවරාදින්ගේ සිත් සතුටු කරගෙන සිටියි නම් ඒ භික්ෂුදව සමග තව බොහෝ දෙනෙක් නිකරුනේ විරුද්ධව ඔහුට භූතාභුත දෝෂාරෝපණය කොට ඒ භික්ෂුසවගේ ඉගෙණීම ආදියට වියහියදම් කරණ ගුරුවරු දායක කාරකාදින්ට ලියකියමන් යැවීමෙන් ඔවුන් ගේ හිත් මේ භික්ෂුරව කෙරෙහි කලකිරවා බොහොවිට ඒ ඇතතන්ගේ ඉගෙණිම පවා කරගන්ට ඉඩ නොදෙත්, මේ ගතිය බොහෝ සෙයින් පවතින්නේ පිරිවෙන් ආදියේ ඉගෙණ ගන්නා භික්ෂුනන් අතරේය. ම‍ගේ කථාව අසා සිටි ස්වාමින් වහන්සේලා මා දෙස ඉතා ඕනෑ කමින් බැඵහ. ඇතැම් සංඝයා වහන්සේලාගේ ඇස්වලින් කඳුඵ ගලන බවද පෙනුණේය. ඒ වේලෙහි මගේ සිත කෙතරම් සංවේගයට පත්වීදැයි කියනොහැක්කේය. තවද මම මෙසේ කීමි. අනේ ස්වාමිවරුනි, අප ඉතාමත් සුඵ කාලයක් පවත්නා මේ කුණු ශාරීර කබල ගරුකොට දුෂ්ප්රපතිපත්ති පිරිමටත්,ඊෂ්යාන ක්රෝ ධ කිරිමටත්, කුලමල තැකීමටත්, උස් පහත්කම් බැලීමටත් සැරසී සිටිමෙන් අවුරුදු දහස් ගණනක්ම උසස් කිර්තියෙන් බැබලි අපේ ජාතිය දුර්වලවේ. සංසාරගත සත්වනයන්ට ඒ සසර දුකින් මිදිමට එකම ආධාරය වන උතුම් සර්වඥ ශාසනය දුර්වල වේ. ශාසන හානියත්, ජාති විනාශයත්, කරගෙන අප එකිනෙකා තම තමාගේ වැසියටත්, තම තමාගේ සැප පහසුවටත් ක්රිායා කිරිම අපට තරම් නොවේ. අප මිලේච්ඡ වෙමුද ? කුණු ශරිර කබල විනාශ වුනත් උතුම් ප්රේතිපත්තියත් නිර්මල කීර්තියත් ප්රාරර්ථානා කිරිම අපේ යුතුකමකි. අහෝ අනුන්ගේ යහපත පිණිස අප එකිනෙකාට යුතු ලෙසින් හෝ අයුතු ලෙසින් ලැබි තිබෙන නම්බුවත්,ගෞරවයත්,සැප පහසුවත් අත්හළ නොහැකි නම් අප “ලෙයින් හා මසින් වැඩුණු මගේ පියදාස සිරිසේන නවකථා එකතුව 577 මේ ශරීරය පරාත්‍ථය පිණිස ධරමි”ය කි ශ්රී සංඝබොධි මහ සිංහලයාගේ මුහුණේ දැලිගාන්නෝ වම්හයි. එසේ කියා මේ කවි පන්තියද කීවෙමි. “ කි ම මෙරමා වැඩි වැනි සැප කියනු තෙ පි” ත ම සිතටම කියා බව ගිනිමැලය තැ පි අ ම නිවන පෙන්වු තුන්ලොවෙක සි පි න ම දිමු සිරි පතුල් දළ බැති පෙමින් අ පි

මේ කු ණු සිරුර ගත යුතු සාරය කි ම ය වේ සෙ නු පමණක්ම පර වැඩට නිය ම ය ඒ දැ නු මක් නොමැති දැන කියමින “ම ම ය” පා ය නු තව තවත් දුක් අනුවන ක ම ය

ක ස ල පිරු සිරුර සනසන්නට ඇම දා වි ක ල තැනැත්තහු වෙහෙසෙත් උපා යො දා අ ස ල තිබු මාණික්ගල් යටකර නොම දා බ ත ල ඉදුරු අය ඔවුනට නොසම වෙ දා

නැසුමට දුසිරිතත් ගුණදම් වඩන ලෙ ස හැමවිට වැඩ කරවි අන් දන සුව පිණි ස රැකියට සිරුර සැප පයදි මුඵ සියක් ව ස මැරුණට පසු එයින් පල කිමද කිසිලෙ ස

ඇතැකොට යසස් පිළිබිඹු මෙදියතද නි සි ලැබුමට උසස් බැව් පරලොවෙහි සහතො සි නියමෙ‍ට ඇති උපා පරවැඩමය සැල සි සිහියට ඒ ගණිව් කුහුලක් නොවි කි සි

සතුරෙන් තෙකොටසක් තම ආහර මිහි රි දෙවමින් වැළඳුවත් හැක ඉන්නට නොමැ රි මෙලෙසින් දෙන නොදැන දෙදෙනාම යයි මැ රි නුවණින් යුතු අයට මින් කොයි එකද හ රි

‍තෙ ල් සහ අලුත් වැටි ලන පහන නිසි ලෙ සේ දැ ල් වන ලෙස අනුන් වැඩ කරණ සත ය සේ ක ල් නොගොසින් වැඩෙයි පරපස තරිඳු ලෙ සේ ඇ ල් මැතොත් සැපට පරවැඩ කරව් ල සේ


578 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

අ නු න් හට පුදා තම අත් පත් නිව න නි ති න් දුක විදා පෙරුමන් පිරු කල න ප ස න් හිමිසඳා ලෙස සසර වන මෙ න බැ ති න් හැම සඳා පතමි අදරි න


20.පරිච්ඡෙදය[සංස්කරණය]

ඒ අසා සිටි සංඝයා බොහෝ ප්රීසතියට පැමිණියේ ය. ඒවෙලාවේ ඇතැම් භික්ෂුසන් වහන්සේලා ගිය නමුත් විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය බලන පිණිස බොහෝදෙනා වහන්සේලා පන්සලේම නැවතුනාහ. සවස පහට පමණ සිරිලුත් සමග ඔවුන්ගේ ගෙදරට ගොස් ප්රීලතිමත් උන්නෙමි. කෝන්ගොඩ වික්රමමපාල අවුත් ඉන්නා බව ආරන්චිවි බොහෝදෙනා මා බලන්ටද ආහ. එදා රාත්රිඩ ගතවි විසිවෙනිදා උදේ වියත මම මා ලඟ තිබුණු ඉතාමත් හොඳ ඇඳුම් ඇඳගෙන විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටියත් අනිත් රුපියල් දාහේ නොට්ටු හතක් මගේ කුඩා බෑග් එකේලාගෙණ එයද අරගෙන පන්ලසට ගියෙමි. ඉතින් හාමුදුරුවන්ගෙන් කීප නමක් මා මුදල් පෙට්ටිය ගත්තේ කොයිබ තිබිද, එය සොයා ගත්තේ කොහොමදැයි අසමින් මට කරදර කළහ. මම සිනාසෙමින් “ස්වාමිවරුනි, ඒ මුදල් පෙට්ටිය පෙරේරා මුදියන්සේලාගේ පුතාට දෙන්ට අන්තෝනි සිල්වා සූදානම් විය. ඉතින් ඒ මදිවාට ඒ මුදලුත් සමග මේරි එක්කරගෙන යන්ට සරණපාලත් දැන ඇවිත් සිටි. ඉතින් ඔය අස්සේ ඒ මුදල් පෙට්ටිය මමත අරගන්ට බලාපොරොත්තුව සිටිමි. හොඳයි දවල් එකහමාරට රෙජිස්ට්රාතර් කන්තෝරුවට ගියාම කාරණය සියැසින්ම දකින්ට පිළවනැ”යි කීවෙමි. දවල් එකහමාරට රෙජිස්ට්රාසර් කන්තෝරුවට විමලතිස්ස හාමුදුරුවන් හා තවත් සංඝයා වහන්සේලා කීප නමක්ම එන බව කීහ. මමද මැනවැයි කියා කඵපහණ අප්පුහාමිලාගේ ගෙදරට ගියෙමි. එතන කිසි කලබලයක් නැත. පටරෙදි ඔසරිය සහිත පූර්වදිග ඇදුමෙන් සරසුනු ශ්රිඑයාවති හා ඔවුන්ගේ පක්ෂයේ ශික්ෂිත බලවතුන් මහත්තැනුත් දයානන්ද වීරසේකර මහතාගේ පිරිස එනතුරු බලා උන්හ. මමත් සතුටු වියයුතු නොයෙක් දේ කථා කරමින් සිටින විට හරියට දවල් දොළහට වීරසේකර මහතුන්ගේ පිරිස මොටෝ රථ තුනකින් එහි පැමිණියාහ. ඉක්බිති සිරිත් ප්රසකාර මගුල් පෝරුවේ සිටුවා ගඟල හුරුඵ දි ජයමංගල ගාථාදිය කියා මංගල්ය් භොජන අනුභවකොට ඔවුහු එහි දැකුවූ ක්රිුඩා බලමින් සිටියදි මම රෙජිස්ට්රා‍ර්


පියදාස සිරිසේන නවකථා එකතුව 579

රාළහාමිත් කන්තෝරුවට මොටෝ රථයකින් ගියෙමි. උන්නැහේ මගේ හිතෛෂි මිත්ර්යෙක් බැවින් මා පිළිගෙණ ආදර සංග්රිහ කෙළේය. මේ දවසේ ප්රෛසිද්ධ මංගල්යා තුනක්ම කරන බැවින් කන්තෝරුව අලංකාර ලෙස සරසා තිබුණේය. මංගල්යබ පිරිස් තුන එකහමාරටත්, දෙකටත් , දෙහමාරටත් යනුවෙන් තුන් වරකට පැමිණීමට නියම කරගනෙ තුබුණු නමුත් ඒ තුන් ගොල්ලම එකවර පැමිණියත් ඒ සියුලු දෙනාටම උවමනා තරම් ආසනාදිය රෙජිස්ට්රාකර් රාළහාමිගේ නිවසේ සූදානම් කර තිබුණේය. මා එහි පැමිණි හැටියේ විමලතිස්ස හාමුදුරුවෝත්, තවත් භික්ෂුින් වහන්සේලා හය නමකුත් පමිණිය හ. ඒ ඇතතන්ට ඉස්තෝප්පුවේ කාමරයේ ආසන පණවා දෙන ලදි. මෙසේ අප කථා කරමින් සිටින විට පෙරේරා මුදලි තැන ඇතුඵ ජොනී හාමුත් පක්ෂුයත්, අන්තෝනි සිල්වා ඇතුඵ මේරි ද සිල්වාගේ පිරිසත් මෝටෝරථ හයකින් රෙජිස්ට්රාලර් කන්තෝරුවට ආහ. ඔවුන්ට වාඩිවෙන්ට දි නීති ප්රටකාර විවාහ ලේකම් පොතේ නම් ගම් ලියා අත්සන් කරන්ට සූදානම් වු ජොනී හාමුගේ පියා වන පෙරේරා මුදලි තැන අන්තෝනි සිල්වාට කථාකොට “සිල්වා උන්නැහේ දැන් අපේ පොරොන්දුව මේ ලේකම් රාළහාමි ඉදිරිපිටම ඉෂ්ට කරන්ට කාලයයි. එසේ කරණතුරු ලේකම් පොතේ අත්සන් කරන්ට බැරිය “යි කීය. ඒ අසා පැතතකින් සිටි අන්තෝනි සිල්වා කුඩා බෑග් එකකුත් රැගෙණ ඉදිරිපිට අවුත් ඒ බෑග් එක මේසේ උඩ තැබුවේය. එය එළියට ගත් හැටියේ බලවත් දුර්ගන්ධයක් ඇති වූ නමුත් ඒ කුමක්දැයි මා ඇර එතන සිටි කිසිවෙකුට සිතාගන්ට බැරි විය. කන්තෝරු කාමරයේ සිටි සංඝයා වහන්සේලා ද මේ පෙට්ටිය දෙස ඉතා ඕනෑ කමින් බලන්ට පටන් ගත්හ. අන්තෝනි සිල්වා ඒ කුඩා පෙට්ටිය යතුර මුදියන්සේගේ අතට දෙමින් “මෙන්න රාළහාමි අපේ පොරොන්දුව. අපි යමක් පොරොන්දු උනොත් කිසි ‍කලෙක අඩු පාඩු කරන්නේ නැත. මෙහි හිරියටම රුපියල් 30,000 කි. මගේ බෑනාට දෙන දේට මම ‍කොහොත්ම ලෝභ නො කරමි”යි කීයේය. ඉවතින් සිටි ගැටයෙක් මේ වචනය කියන කොටමත් “අනේ ඔය කාසි නුඹේ නොව මගේ හාමුදුරුවන්ගේ රුපියල් තිස්දාහය. මට දුව දෙන්ට පොරොන්දුව මුදල් පෙට්ටිය ප්රිවේසමට තබන්ට ඉල්ලාගෙණ ඒ මුදලින් සමග දුව මුදලි කෙනෙකුගේ පුතෙකුට දුනන ජඩයා, තෙපවත් මරා ගෙන මමත් මැරෙමි”යි මහා හඬින් කෑගස‍ාගෙන මේ පිරිස මැදට ආයේය. අහෝ පුදුමයකි.මේ හීරඵ සරණපාලයි. ඔහු මෙසේ සභාව ඉදිරියේ බලවත් ලෙස කලහ



580 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

කරමින් බිම පෙරලුනේය. සිහිය නැතිව දඟලන මේ තරුණය රෙජිස්ට්රා ර් රාළහාමිගේ වැඩකාරයන් හා එහි සිටි පිරසක් උසුලාගෙන ගොස් කුස්සිය පැත්තේ කාමරයට දැම්මෝය. මට මෙවිට සිනහා පහලවිය. සරණපාල හීරඵ රාළගේ කලබලයෙන් මිනින්තු දහයක් පමණ ප්රතමාද වි පෙරේරා මුදියන්සේ පෙට්ටිය ඇරියේය. එහි එඩින්ම වියලි මංගුස්ටින ලෙලිද, ඊට යටින් කඩදාසියක ඔතන ලද කුණුව වැගිරෙන මි කුණද මෙසේ උඩ තැබිය. ඇත්තෙන්ම මෙහි සිටි පිරිසට කුමක් හිතෙන්ට ඇද්ද? රෙජිස්ට්රා්ර් තන ඒ මි කුණ අහකට ගන්ට කී බැවින් පැත්තකින් තබන ලදි. අන්තෝනි සිල්වා උමතු විය. මේරි ද සිල්වාගේ අගුර කට වේලි ගියේය. පෙරේරා මුදියන්සේට අටගත් ලැජ්ජාවත් කෝපයත් නිසා ඔහු දත්කන්ට පටන් ගත්තේය. ජොනී හාමු බිම බලා ගත්තේය. අනිත් පිරිසෙන් සමහරු අඬන්ටත් සමහරු කුනු කුනු ගාන්ටත් පටන්ගත්හ. මම පමණක් ප්රීිතිමත්ව රෙජිස්ට්රාකර් රාළහාමිට කථාකොට “රාළහාමි, දායාද “මි කුණකට” සමාන බව අපේ මේ මුදලාලිතුමාටත් කීවෙමි. දායාද නිසා විවාහ වන මිනිසුන්ට කවදාවත් සතුටින් කල් ගතකරන්ට නොලැබෙයි. යම් හෙයකින් කසාද බැඳ අවුරුද්දක් හමාරක් සුවසේ සිටියත් මුඵ ජිවිතය සැපසේ ගතකළ ‍නැතක් මම නොඇසුවෙමි. මව්පියන්ට ඇති ධනය දරුවන්ට බෙදා දිම සිරිතකි. මේ විවාහය සිද්ධ නොවීම මගේ කල්පනාවේ හැටියට නම් යහපතකි. මේ මනමාලිය මීට පෙරත් කසාද බැඳීමට කිපදෙනෙකු සමග ගිවිසුම් කරගෙණ තිබේ. මේ මනමාලයාත් එසේමයි. මේ විවාහයට මොවුන් දෙදෙනා සතුටු වූයේ අඹුසැමි ප්රේටමය නිසා නොව ස්ත්රිමය වෙනුවෙන් රුපියල් තිස්දාහක් ලැබෙන නිසා පුරුෂයාත්, පුරුෂයා මුදලි කෙනෙකුගේ පුතෙක් නිසා ඉහල වලව්වක ලමාතැනියක් වීමට ස්ත්රිේයත් අදහස් කර ගෙණය. අවංක වූ අඹුසැමි ප්රේිමයෙන් පිට අන්යර කරුණු පෙරදැරිකරගෙන ඇතුළත් වන විවාහ අවාසනාවන්තයි කියන කොට විමලතිස්ස හාමුදුරුවෝ ඉස්තෝප්පුවේ කාමරේ ඉඳිමින් අනිත් සංඝයාට කථාකොට “අර මේසේ උඩ පෙණෙන්නේ මගේ මදුල් තිබුණු පෙට්ටිය”යි කියනු ඇසි මට සිනහ පහළවිය.

           අන්තෝනි සිල්වාගේ හා පෙරේරා මුදියන්සේලාගේත් මගුල් පිරිස මිනිමලගේකට පැමිණියවුන් මේන රෙජිස්ට්රාෙර් කන්තෝරුවේ සිටියදිම වෙඵන් විදානේ හා කාරොලිස් මුදලාලිලාගේ මගුල් පිරිසද මොටෝ රථ අටකින් ඉතාමත් අලංකාර ලෙස පැමිණියා හ. විදානරාළගේ දුව සුසානා නෝනා ඇදලා තිබුණු ගවොමේ වල්ගය බඹ හතරකි. එය උසුලාගෙණ



පියදාස සිරිසේන නවකථා එකතුව 581

දෙපැත්තෙන් කෙල්ලන් හතර දෙනෙක් ද සිටියා හ. ඇතැම් මනමාලියන් මේ “පාරුවක්” වැනි වල්ගා ගවොම ඇද තිබෙනු දුටු නමුත් විදාන මායියාගේ දුව තරම් දිග වල්ගයක් ඇති ගවොමක් ඇදපු මනමාලියක් මම නුදුටිමි. ඉතින් මේ පිරිස මහත් ප්රී්තියෙන් අවුත් වාඩිගෙන මේරි ද සිල්වාගෙත් ජොනී හාමුගේත් දායාදය “මී කුණක්” වු බැවින් ඒ විවාහය ඉෂ්ට නොවන බව කියමින් සිනා සෙන්ට පටන් ගත්හ. ඉක්බිත් විවාහ ලේකම් රාළහාමි කථාකොට “හොඳයි අනුන්ගේ පලහිලව්වෙන් උඹලාට කමක් නැහැ. උඹලාගේ කසදය බඳිමු”යයි ලේකම් පොතේ නම් ගම් ලියා අත්සන් කරන්ට කියේය. එවිට ජේමිස් පෙරේරාගේ පියා වන කරෝලිස් මුදලාලි ඉදිරියට අවුත් “ඔව් රාළහාමි අපි අත්සන් තබන්ට සුතුටුයි. නමුත් අපට රුපියල් තිස්පන්දාහක් දායාද වශයෙන් රාළහාමි ඉදිරියේම දෙන්ට පොරොන්දුයි. ඒ මුදල මේසේ උඩ තියන්ට මම විදාන මහතාට මතක්කරමි”යි කීය. මහා උදාරම කමින් සිටි විදානරාළ “අපි අන්තෝනි සිල්වා උන්නැහේලාගේ මිම්මේ මිනිස්සු නොවෙමු. මෙන්න රාළහාමි අපේ රුපියල් තිස්පන්දාහ” කියා සුදු ලේන්සුවක ඔතා තිබුණු ලක්ෂයන තේක්ක ලෑලි පෙට්ටි පංචත් ඒකේ යතුරත් මේසේ උඩ තැබුවේය. ඇතතටම ඒ පෙට්ටියත්, ඇන්තෝනි සිල්වා ගෙණත් තිබුනු මී කුණ සහිත පෙට්ටියත් එකවාගේ බැවින් එතන සිටි සියල්ලෝම පුදුම වූහ. විමලතිස්ස හාමුදුරුවන්ට කිසිත් කල්පනා කරගත නොහැකි විය. රෙජිස්ට්රාමර් මහතා අන්තෝනි සිල්වාට කථාකොට දැන් ඔය විධියටම මේ මේසේ උඩ තැබු එක පෙට්ටියෙන් තිබුනේ පවුන් වෙනු‍වට මංගුස්ටින් ලෙලිත්, මි කුණකුත්ය. ඔය පෙට්ටියෙත් තිබෙන්නේ පවුන්ද වෙන යමක්දැයි කවුරු දනිද්ද? කරුණාකර අපේ විදානේ උන්නැහේම ඔය පෙට්ටිය විවෘතකර මුදල ගැණ භාරදෙන්ට හොඳයි”ය කීයේය. විදාල රාල පෙට්ටිය ඇර එහි කඩදාසියක ඔතා තිබෙන්නේ පවුන් මිටියයි එය නොසැලකිල්ලේ දිග අරින කොට ඔහුගේ ලඟින් සිටි මනමාලිගේ හා තවත් ලමිස්සියන්ගේද මනමාලයාගේ ඇඳුම්වල දියවූ “ගුරුදුරු” වැක්කිරි මහත් විපත්තියක් වූයේය. මංගල්යල දෙකේම මිනිසුන්ට වඩා පිට උදවිය රැස්ව සිටි බැවින් ඔවුහු අත්පුඩි ගසා සිනාසුනාහ. මමත්, රෙජිස්ට්රායර් රාළහාමිත් සිනාහ වලක්වාගන්ට වීය්ය්ඩ කළ නමුත් එය නොහැකි විය. මේරි ද සිල්වාගේ මංගල්යව පිරිස “මි කුණු දැවැද්දන් දුරුමුඛවුවාටත් වඩා සුසානා නෝනාගේ මංගල්යව පිරිස “ගුරුදුර දෑවැද්දෙන්”දුරුමුඛව ඔවුනොවු‍න්ගේ මුහුණු බලන්ට බැරිව උන්හ. මේ අතර ශ්රිායාවතීගේ මංගල්ය“ පිරිසද මොටෝ රථවලින් ආහ.


582 විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

ඔවුන්ට වාඩිවෙන්ට දි ලේකම් පොතේ නම්ලියා “ඉතින් මේ මංගල්යලයෙන් දෑවැද්ද පොරොන්දු තිබේ නම් කථාකර බේරාගෙන ලේකම් පොතේ අත්සන් කරන්ට ඕනෑය”යි ලේකම් රාළහාමි කියේය. එවිට වීරසේකර රාළහාමි නැගිට “රාළහාමි, අපේ ණයක් තුරහක් බේරා ගැනීමට මේ ළමයා ගෙණයන්ට නාවෙමු. මගේ පුත්රයයාට ප්රිගයාවක් උවමනා නිසා ඊට සුදුසු රූපයෙන් හා ගුණයෙන්ද,දැනීමෙන් හා ශික්ෂිුත භාවයෙන්ද යුත් මේ ළමයා දායාද දීල ගෙණයන්ට සිතා සිටි නමුත් අපේ අයපත් ගති නිසා අපට නිකම්ම අයිතිකර ගන්ට ඉඩදුන් ඒ ළමයාගේ මවුපියන්ට ස්තුති කරමුය”යි කියේය. කඵපහණ අප්පුහාමි නැගිට “රාළහාමි මගේ දියණිය කුලගෘහයකට අධිපතිවිමට උවමනා කුලධර්ම දැනීමාදි කිසිවකින් අඩුපාඩු ඇති කෙනෙක් නොවේ. අකීකරු අශික්ෂි ත කරුණියන්ට මෙන් ණයතුරස් වී හෝ අපරාධයකින් ලබාගත් මුදලකුත් සමග මුදල් වලට ගිජු හිඟන්නෙකුට දීමට මගේ දුව සුදුසු කෙනෙක් නොවේ. ඒ නිසා මීකුණු පට්ටි හෝ ගුරුදුරු පෙට්ටි විවෘත කිරිමට අපට උවමනා නැත. ශ්රීීයාවතින්, දයානන්දත් ඔවුන්ගේ සාක්ෂිාත් අත්සන් කොට නීතිප්රැකාර විවාහ බන්ධනය සිද්ධකරන ලදි. එසේ කොට වීරසේකර රාළහාමි මට කථාකොට “මහත්මයාත් අප සමග කොළඹ යන්නේදැ”යි ඇසීය. එවිට මම ඉතාමත්ම ප්රීදතියෙන් නැගිට “ඔව් රාළහාමි” මමත් මේ ගුණවත් සිංහල මංගල්යම පිරිස සමග යන්නෙමි. නමුත් මිනිත්තු දහයක් නවතිනු මැනැවැ”යි කියා මගේ බෑග් එක ඇර එහි තිබුණු විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය එළියට ගෙන එය සභාවට පෙන්වමින් “මහත්වරුනි, විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය මේකය. මේ මුදල නිසා සරණපාල පිස්සෙක් විය.විදානේ මායියාත්,අන්තෝනි සිල්වාගේ ගෙදර ඇත්තොත් හෙරලා වූහ.සුසානා නෝනාත්,මේරි ද සිල්වාත් අහංකාර කමින් අගතැන්පත් වූහ. ජොනී හාමුත්, ජේමිස් පෙරේරාත් කාලකණ්ණි වූහ. ලක්දිව සංසාර නරක්විමට ඇතිවූණු ප්රගධාන හේතුව මුදල් රැස්කිරිමයි. භික්ෂු්න්ගේ ප්රිතිපත්ති විනාශ වීමට මුදල් රැස්කිරිම පරමාධාරයක් විය. සරණපාල මෙන් මාගමුන් කෙරෙහි ලෝභව අවිචිමහා නරකය උරුම කරගත් සිවුරඵ පිරිස අධිකය. ඔවුහු ඇතැම් සභාවලටත් පැමිණෙන නමුත් ඔවුන් මේ සරණපාල මෙන්ම අනුන්ගේ සිවුපසය ලබමින් මාගමුන් හා නිතර ගණුදෙනු කළ අය වෙති. දැන් මගේ බලවත් වික්රිමයෙන් මහා සාගරය පතුලේ තිබුණු මුතු ඇටයක් මෙන් මේ මුදල් පෙට්ටිය සෙව්වෙමි. ඒ සෙවීමට වීය්ය්ත කරද්දි කළ කී දේ වෙන් වෙන් වශයේන කියන්ට කල්



පියදාස සිරිසේන නවකථා එකතුව 583

නැත. දායදා සදහා කසාද බදින අයටත් කිදිම පාඩමක් අද ඉගෙණ ගන්ට ලැබුණාට සැක නැත. මගේ මේ වික්රතමය නිසා අපේ මිනිසුන්ට ඉගෙණ ගන්ට ලැබුණු ගුරුකම් සියයකුත් එකකටත් වැඩිය”ය කියා විමිලතිස්ස හාමුදුරුවන් ලඟට ගොස් ගොස් රුපියල් තිස්පන්දාහේ මුදල් පෙට්ටිය දී “ස්වාමිනි, භික්ෂුාන්ට කලාහක විෂයක් වැනි මේ මුදල වියදම් කොට වහාම විහාරේ වැඩ කරන්ට. තමුන්නාන්සේගේ පෞද්ගලික මුදල් වන රුපියල් පහළොස්දාහෙන් මට දීමට පොරොන්දු වූ පෞද්ගලික වු රුපිය්ල දසදාහ දෙන්ටය කීවෙමි. විමිලතිස්ස හාමුදුරුවොත් අනිත් සංඝයාත් පුදුමව මා මුදල් පෙට්ටිය සෙවු හැටි ඇසූහ.නමුත් මට කල් නැති බව කී නිසා රුපියල් දහසාහක් මා අතේ තබා “මහත්මයාට ස්තුති කරන්ට වචන නැතැයි” බලවත් ප්රීාතිය ප්රමකාශ කළාහ. මම ඒ රුපියල් දසදාහෙන් පන්සියයක් මට උපකාර කළ සිරිල්ට දී මගේ ඇඳුම් පෙට්ටිය ඇදි කළමනා මොටෝ රථයකට දමන්ට කියා දුර්මුඛව අඬ අඬා ඒ පැතිවලට ගිය අධර්ම මගුල් පිරිස් බල බලා අප ශ්රිුයාවතිත් කැඳවාගෙන සතුටින් කොළඹට පැමිණියෙමු. මගේ මේ දෙවෙනි වික්රගමයයි. මේ ප්රඬවෘත්තිය කියවීමෙන් තමුන්නාන්සේලාට ඉගෙන ගත හැකි දේ මේ මේ යයි මා විසින් කිවමනා නොවේ. නමුත් ම‍ගේ තුන්වෙනි වික්රාමය වන “වලව්වක පලහිලව්ව” මීටත් වඩා අද්භූත බැවින් බැවින් එයි කියවීමටද සිතට ගන්නා මෙන් ඉල්ලමින් විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය සෙවිමේ කථාන්තරය මෙයින් හමාර කරමි. දි මු තු සඳ කිරණ වන් කිරණ යස රැ ස අ යු තු දුදන කොද හකුළන සහස් රැ ස පැ ව තු සතන් මෙරමා වැඩ පිණි ස ප ව තු කප් හිමට මගේ දෙව්රජ බරැ ස

සෙතදුන් බුදුසසුන සියදැ වඩන මෙ නි සතකින් තැත් කරන සිය දිවි කර දෙවෙ නි සිරිසෙත් සිහල දෑ පත කතුරිදු විසි නි සතුටින් කරණලදි මෙපබද රද බසි නි


.සිද්ධිරස්කු.