අන්ධ භූත ජාතක කාව්‍ය

Wikibooks වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අන්ධ භූත ජාතක කාව්ය ය


1. සරන මුනි දහම් සඟ වැද සන්තොසි න ........ කට එපින්දී දෙවනුව බැති න ........ උකටලිව සිටී සග නමක් ගැ න ........ දෙසුම ජාතක කියම් කවියෙ න

2. එකලෙක් තරා කාලෙක අප මුණි දිය නා දෙවි යත් පුර සදිසි දෙව්රම් වෙහෙර ම නා සිව් පක් සයෙන් මහනුන් පිරිවර රුගෙ නා ද හ ම ක් දෙසූ සැටි අසනුව දී සව නා

3. පොර නේ එ දඹදිව බරුණැස් පුරව රයේ න මි නේ බ්ර හ්ම දත්තය නර ව රයේ යෙහෙනේ කුමරි යක් සරනය කරති රයේ සොඳීනේ එරට රජ කරමින් විසු පි රියේ

4. එක ලේ පුරණ ලද පෙරුමන් ඇති මහ රූ උද ලේ අපගෙ බෝසත් බුදුකුරු මිතු රූ නිස‍ලේ උතුම් බිස කුස එළි සඳ එග රූ බැබලේ මොරා එන ගැබ පුන්සඳ යුඅ රූ

5. ම සි න් මහ වැටී දස් කඩ මස් වී යේ ග ති න් විලිරුදා බිසවට කල් සරි යේ කු සි න් බිහිවෙලා බිසවගෙ දිලි දිලි යේ ප ස න් සිතින් වැඩෙමින් කුමරුන් නිති යේ

6. බඹ දත් නිරිදු සියසැක් ලෙස කුමර පු තා නතිනිති සැප දෙමින් රකිමින් සිතැගි යු තා තමලත් සැපත හිමි කරවන විලස ප තා දහ මත් නෙක් සතත් පුහුණුව කරණු සි තා

7. ගෙන්නා රාජජගුරු තම මාලිගෙට බැ තී දුන්නා බාර කුමරුන් ඔහුට කරතු ති දන්නා තරම් කුමරුට සිප් උගන්න ති හුන්නා සුරගුරුසේ කුමරා සිපි උග ති




(2) 8. සුන් දර ගුණ වඩන බුදුකුරු මේ කුම රා පෙම්බර දෙගුරු අබිමත විලසින් එවි රා ගම් බිර අ‍ලනෙක සතදැන ගෙන වසන ව රා නන්කර ‍දරදෙමින් පියරජ නැසුනෙ ව රා

9. පැළදා කිරුල මෙකුමරු සිතතොසින් එ දා සු ගඳා තම නුවර බරනැස් නම් පසි දා සැහැදා සිතින් දසදහමින් රකින ස දා නිතිදා දූකෙලිති පුරොහිත සමග න දා

10. සුන් ද ර අපගෙ මෙම බෝසත් නිරිඳු ස ඳ ජෙන්දර පුරෝහිත බමුණණ් සහ සුහ ඳ සුන් ද ර සිතින් දුකෙලිනා අතර සො ඳ ගන් බිර හඬින් කියතෙයි මේ ගීති න ඳ

සබ්බා නදී වංකගතා - සබ්බේ කඪමයි වකා සබ්බිත්ථියෝ කරෙ පාපා - ලභමානනි වාතකෙ

11. මෙලොව තිබෙන හැම ගංගා ඇදම් වෙ ති ති ර ව දනු එලෙස වන සැම දරම වෙ ති සැවොම ඉතිරියෝ අවසර දුටොත් නි ති ව හ ම කරතී පව්කම් ලොවෙ බොරුම නැ ති

12. කිය මින් මෙලෙස නිරිදුන් නිතිදීන රිදී පෝරු මුදුනේ සොඳ ටා මනමෙන් රන්පස ඇට දමතෙයි තම දිනුම ලබන්නට වී සතු ටා මෙලෙසින් නිතියෙන්දු කලිනා කල නිරිදුට ජය වෙයි සැම කල ටා නෙදු කින් බමුනා කසිතුවයි දවසක් කුමක් කරමිදෝ දැන්මී ටා

13. මෙම ලෙස සැම දින දූකෙලියෙන් මම වස්තු විනාසෙට පැමි නෙන්නේ කොයි ලෙස වත් මට දිනුමක් නොලැබෙයි නිරිදුටමයි එය පෙර ලෙන්නේ සිතු ලෙස පිරිමින් නුදුටුකකෙක් මම වසඟයට ගත්තොත් සැ බැවින්නේ නිසි ලෙස මාහට දිනුම ලැබෙයි ඇගෙ පතිවත බලයෙන් සිත මින් ‍නේ

14. සිතමින් මේලෙස පුරෝහිත බමුණා ගැබිනි ලියෙක් සොය‍ මින් තොසි නා සතරින් අගපසග බලමින් ඇගෙ දුවෙක් වදන බව දැන තැනි නා සැනෙකින් තම මාලිගෙට ගෙන්වා කෑමබීම දීමෙන් සොඳි නා සතොසින් රැකවල් තබා ඉන්න කල වැදුවෙ දුවෙක් රන් රුව ලෙසි නා 15. අසලා මේ බව පුරොහිත බමුනා ඈට මුදල් දි තුටු කර ලා පෙරලා ආපසු හැරි යයි ඒ ලඳ දුවනිය මාලිගෙ නවතා ලා එකලා කුමරිට කිරිමවු තබවා පිරිවර ඉතිරිනි තබවා ලා සකලා සැප දී ඇති දැඩි කෙරුවේ පිරිමියෙකුව නොපෙනෙන ලී ලා (3)

16 මෙලෙසින් ඇති දැඩි කරමින් එනකල මල්වර වීලා ඒකුම රි සොබබන් පුරොහිත බමුනගේ නිවසේ පහනක් සේ විසුවයි සපි රි සතොසින් බමුණා එුලඳ වසගෙට අරගෙන සිටිනා කල මිහි රි රුසිරෙන් රන් ‍දෙවඟන විලසට බබලයි අසනුව ඇගෙ රුව සිත් සපි රි

17 ඇගෙය සව්රලා වියනිල් ලකා මුතුසේ නිමලා දත්දිලෙ ලු නෙත් යුග විපුලා දිසිමිණි කොඩෙ‍ාලා දුන්නක් සේ නාසේ ඇති ලු වෙමි ලද නුමුලා යසමිණි කිරුලා තොල්දෙක නා දළු වැනි රතු ලු දෙන බස් විපුලා ඒ ලඳ කොමලා කොවුලන්ගේ නදසේ ඇසෙ ලු

18 උසට උස යි ඇග එකමහතයි රන් පන්දු වගෙයි පියයුරු පැටියො යි රුවට රුවයි ‍රන්රූපෙ වගෙයි කරවට දිලිසෙයි ගෝමර ඉසිල යි යසට යසයි මුව පද්මෙ වගෙයි වටොර දර බබලයි තරුණන් පොළඹ යි සතුට වඩයි බමුනා සැපදෙයි රන්රස විලසයි සැපතින් වසතෙ යි

19 මෙමලෙස ලක්සන කුමරිය බමුනා වසගෙට අරගෙන එම සඳි නා පෙර ලෙස රජු සහ දූ කෙලිනා ලෙස යන්ට සිතාලා සන්තොසි නා එදි ගැසි ගේ පතිවත සිහිකරගෙන රජ මාලිගයට ගොස් සැනි නා සිතුලෙස දූ කෙලියට මම ආවෙමි නිරිදුනි එනුමැයි කීවෙ නා

20 රජුන් එබසට සතුටු වෙල් දූ කෙලින්නට සිතා ලා සැනින් රන් පෝරුව ද සරසා ගොසින් එතනට නොවමු ලා රසින් පෙරලෙස ගායනා කොට පසැට දමන්ට වන්ක ලා කිවෙන් බමුනා මගේ ලඳ හැරගියා ගයනුය කියා ලා

21 එ වි ට නරනිදු බමුණු කී ලෙස එලඳ අත්හුර සන්තොසි න් ර ස ට එමගී ගායනා කොට දැමුවෙ පසඇට එලෙසි න් ය ස ට එමදින බමුණූ දිනුවත් පරාජය නිරිඳුට උනෙ න් කු ම ට කියමුද රජුන් පැරදෙති සැම දිනදීම මෙලෙසි න්

22 පතර බෝසත් තුමා එමවිට සිතුවෙ කරුණක් මෙලෙස ටා පවර බමුණ‍ගෙ ගෙදර පතිවත රකින අඟනක් ඇත තු ටා මේ වර ම පතිවත බලයෙන් පමුනු දිනති යකදි ම ටා සතහුර එලඳගෙ එපතිවත් දම් බිඳිව් විගසින් මෙතු ටා

23 සිතා මේලෙස එබෝසත් තුම ‍හොර පුරුෂයෙක් ගෙන්න ලා කතා කරලා ඇසුවෙ වදනක් පෙන්න මේ ලෙස සුවපු ලා පතා එක්ගම සිටින අගනක් ඇතේ බමුණුගෙ මේක ලා ......... දැකලා එපතිවත්දම් හැකිද බිඳනට ඇසුක ලා (4)

24 සොරා එම විට නිරිඳු නම්කර කීවෙ වදනක් මෙලෙස ටා විරාජිත හෙරුජුනි දෙනුවර එසේ කල හැක කිව්ව ටා දොරා හැර ගබඩාව එමවිට දෙමින් වස්තුව බෝකො ටා නුරා කුමරිගෙ එපතිවත් දම් බින්ද සැටි අසක දිම ටා

25 සො රා එමවිට වසුතු අරගෙන නිරිඳු කී බස පිලි අර න් පු රෝහිත බමුනාගෙ මාලිගෙ අසල සල්පිලකුත් තබ න් ව රා සුවඳැති සුනුද කපුරුත් බුලත් තකුලන රැස් කර න් ස රා සරියෙන් වෙලදන් කරති අතවැසියන් තබ න්

26 ඔන්න ඉන්පසු යෙදුන දේ මම කියමි දෙසවන් දි අස න් පුන්න්ය වන් එහෙ මුන්ගෙ ගෙය මාල්සතකින් යුතුය බ න් ගන බිරෙන් සත් දොරටුවක් ඇත මාල්සතටම එකලෙසි න් සන්තොසින් මේ කුමරි වසනේ එසත් වෙනි මාලේ නිති න්

27 උතුන් කුමරිට පිරිමි යෙක් නොපෙනෙනා විලසට එබමු නා ................... මුරට තබලා ඇතේ සත්මාලෙම ම නා පිටින් ගෙනෙනා කසල පෙට්ටිති බලා ඇතුලට ගනිමි නා තදින් මුරකාවලුන් තබලා ඉන්න ............... දි සැගවි නා

28 එවන් කුමරිට බමුණු ඇරවෙන පිරිමියෙක් නැත දකින ටා තුටින කුමරිද බමුණු සමගින් වසතා රන්රස විලසි ටා මෙවන් කුමරිට සුවඳ බඩු ගෙන යන දාසය මෙවි ටා නිතින් යන්නේ පළමු සොරුගේ වෙළඳ සාලෙත් පසුකො ටා

29 මෙසේ වෙළඳ පුරුදු වෙළඳම් සැලට ගොස් අ‍නෙ නිතිදි නේ ය සේ කුමරිට සුවඳ බුලතුත් කපුරුත් සකුරුත් ගෙනෙමි නේ වි සේ සෙන් යනඑන අතරෙදි සොරාහට මෙය දැනෙමි නේ ල සේ කලදේ අසනු වියතුන එබෝසත් කී ලෙසදැ නේ

30 දිනක් දාසිය මගයනා විට සොරා අඬමින් බොරුව ටා මහත් වේගෙන දුවන් ගොස් ඇගෙ දෙපා මුල්හි වැටිසි ටා යුගත් තදකර දෙපය අල්ලා අඬ සෝකෙන් බෝ කො ටා කියන් අම්මේ කොයි ගියෝදැයි මෙනුඹ මෙකුවක් කල් සි ටා

31 එවිට මොහුගෙ සහය පිරිවර ‍සොරුන් මෙලෙසට කියන් නේ සයට අම්මයි පුතයි අපටත් එකවගේමයි පෙනෙන් නේ සතුට වඩනා හස්ත පාදත් මුවත් එකලෙස තිබෙන් නේ සොඳට යනෙනා ගමනෙ විදියෙන් පුතාමයිමේ බොලන් නේ (5)

32 මෙලෙස මොහුගෙ සහය පිරිවර සොරුන් කියනා වදන ටා නොලස මෙලඳට දරුසෙනේ විත් සැබැයයි සිතමින් තු ටා අ ල ස නොව සොරු අඬන කාලෙදි මෑත් අඬල‍ා බෝ‍කො ටා වි ග ස රැවටී සොරා වැලඳම ගත්ති පුතුයයි සිහිකො ටා

33 තමන් උගුලේ මෙලඳ වැටි බව දැනිලා එම සොරා ටා බසින් ඇසුවයි කොහෙද ඉන්නේ අම්මේ කියලා එම වි ටා රසින එසෙයි කියයි පුතුනේ මෙපුර අමුණට සැමවි ටා සොදින් වැඩපල කරන අටිනෙම බමුණගේ නිවසේ තු ටා

34 ඉතින් අම්මේ මෙදැන් මේ නුඹ කොහෙද යන්නේ කියාප න් ......... පුතුනේ උතුම් බමුණගේ ලදරු ලඳහට රුවපස න් සබන සුවඳද එලෙමාල බුලත් කපුරුත්ගේ නමෙ න් මෙමත යන්නෙමි වෙළඳයාලෙට ගොසින එමි මම කඩිනමි න්

35 බොලන් අම්මේ කුමට යනවද අනුන්ගෙනු බඩු ගේන ටා අරන් පලයන් උඹට ................. මාගෙන් මෙවි ටා ලඳුන එබසට සතුටු වෙලා සිට සොර පුතාගෙන් බෝකො ටා අදුන සුවඳද එමලමාලා බුලත් කපුරුත් ගෙනතු ටා

36 මුදල් නොමදී බඩුත් අරගෙන ගමන් පෙට්ටියේ ලාගෙ නා අවුල් නොවේ ගොසින් දුන්නයි එම කුමරිට සතොසි නා ...........දැක කුමරි එදිනෙ ඇසු වෙලඳගෙන් මෙලෙසි නා මෙකල් ........ බමුණු මා ගැන සතුටු වූයෙද කියසැ නා

37 අ නේ සාමිනි මෙලෙස ඇසුමට කිමද කාරණා කී වි ටා සැනේ කවත් බොහෝ බඩු දැක සිතුන මාහට එලෙස ටා අනේ එහෙමට දෙයක් බමුණා කිව්වෙ නම් නැත මාහ ටා සෙනෙවන් පුත මගෙ පුතාගෙන් මම ගෙනාවෙදි අත කීතු ටා

38 එයින් පසුමේ දැසි සැමදින තමන් පුතෙකැයි සිතා ලා ගොසින් සොරුගේ වෙලඳ සාලෙන් රැගෙන බඩු සැම එකහෙ ලා එවන බමුණා දෙනා සැම.......... තමන් අරගෙන පුල පු ලා සොඳින වැඩපල කරණ කාලේ යෙදුන දේ අසනුය ලො ලා

39 මෙලෙස දාසිය සොර පුතාගෙන් නිතර බඩු ගෙන යන තැ නා නොලස එසොරා දිනක හිසසිට දෙපතුලට පොරවා ගෙ නා දිගැ ස එන පෙරමග බලාලා ඇදට වී හොර ලෙඩ ගෙ නා විගස වේගෙන් කෙඳිරිගාමින් සිටියෙ කිසිවක් නොමබැ නා (6)

40 අ ම් ම ඇවිදින් එදා දිනයේ ඇසුවෙ පුතු කොයි දැයි කි යා අන්න බලපන් පුතාගෙයි නිදි ගතට ලෙඩකුත් වී කි යා අ ම් ම විගසින් ගොසින් එතනට පුතුගෙ පිට පිරිමැද පි යා දැ ම් ම කියපන් පුතේ විගසින් නුබට උනදේ වී බි යා

41 එ ක ල මේකා කිසිත් නොදොඩා සිටියෙ බොරුවට මෑ හ ටා වි ක ල වී සිත ලඳගේ එම විට ඉතා දුක් වැදමේ ක ටා ප ත ල පුතුනේ උඹට උනු දේ කියන් මා හට කී වි ටා අ ප ල මාගේ බැරිය කියනට අනේ අම්මේ උඹහ ටා

42 එවිට අම්මා කිවෙ පුතු හට අදරින් මේලෙසි න්නේ නුඹට පුතුනේ වෙච්ච දේ මට නොකිය කාටද කිය න්නේ බසට එසොරා කියයි අම්මේ රුවැතිවත් ඒලදු න්නේ රුවට මාගෙ සිතේ පිළිබද ඇතිවෙලා දැන්තියෙ න්නේ

43 උතුන් එ බමුණගෙ ලඳලිය නොලැබුනොත් මට තිරසි න් මෙමන් පනනල යාවි අයියේ කියා පොලොවේ එහැපුනෙ න් බොලන් පුතුනේ කුමට දුක්වන්නේද ඒ ගැණ උඹ ඉති න් මෙමන් එය ඉටු කරලා දෙන්නෙමි නාඩ ඉඳිනුය සන්තොසි න්

44 කි යා මේ ලෙස පුතා සනසා සුවඳ මල් ආදිය ගෙ නේ ද යා වෙන් එකුමරි වෙත ගොස් සුවඳ මලිදී සතුටි නේ පියා දරයෙන් පුතුගෙ අදහස කුමරිහට දැනනු තැ නේ ද යා බරයෙන් කියයි කුමරිය බසක් මේලෙස එමසැ නේ

45 පෙ මා ව න් තම බමුණු හැරවෙන පිරිමි නුදුටු මේල දා රා ග යෙ න් මත් ‍වෙලා එමවිට කීවෙ වදනක් මේලෙ දා මෙමාගෙන් කිසි දෙයක් නැත්තෙය තොපට හැකි නම් මේස දා ර මා ව න් පුතු‍ ගෙනෙමි මම නම් පහස දෙන්නෙමි නොවර දා

46 මෙවන් බමුණුගෙ බවන සැමතැන ඉතිරියෝ මුරකරන් නේ පිටින් ගෙනෙනා කොයිම දේමුත් බලා ඇතුලට අරින් නේ එමෙන් බවනෙන් පිටත ‍ෙගනයන දේත් එලෙසම බලන් නේ ඉතින් දාසිය ඊට කලදේ අසනු කවුරුත් තොසින් නේ

47 එයින් පසුමේ දාසි බවනේ තිබෙන කසලත් එක්කො ටා තැනින් තැන ඇති කුණුරොඩුත් ගෙන පෙට්ටියේ ලා ගෙන තු ටා එවන් මුරකරනාවු ඉතිරියෝ ලඟින් පිටතට යනවි ටා එවුන් ඇසුවත් කිමද කියලා දමයි හිසපිට එමවි ටා (7)

48. මෙලෙස දාසිය දිනක් ගානේ කුණුකසල ගෙණ යන වි ටා ස තොස යෙන් එහි මුරට සිටිනා ලඳුන් හිසපිට ලන වි ටා මෙලෙස දින ගනනක් යනාතර දාසි කෙරුවයි මෙලෙස ටා ස රොස යෙන් මුන් කිසිත් නොබලති ඊට පසුනම් කැතව ටා

49. ත ම න් යුතු යයි කියා සිටි අර හොරා මල් පැසෙලා ගෙ නා උ ඩි න් මල්මාලද බුලතුත් කපුරු තකුලුත් දාගෙනා නා උ තු න් බමුණා නිවසෙ නැතිඉඩ බලාගෙන මෑ අවිදි නා පු තු න් කුමරිට පෙන්න සිටියයි කුමරි සතුටට පත් උ නා

50. ඔ න් න බලනුය ලියන්නේ සැටි හොරෙන් සලෙළුට මන දෙ නා බි න් න නොමවේ මේ කුමාරිත් සොරා වැලදම අදරි නා දෙන්න සතුටින් පහස වින්දයි හිමිය නිව‍සේ නැති තැ නා ද න් න මායම් සොරත් මෙලදගෙ එපතිදම කැඩුවයි සැ නා

51. බ මු නු යනවිට සොරා සන්ගයි බමුණු සමගින් වාසවෙ යි බ මු නු ගිය විට සොරා සමගින මෙලඳ පස්කම් සැපවදි යි දෙදෙන මේ ලෙස දෙදවසක් වැස කු‍මරි සොර‍දැහට මෙසේ කිය යි ම පි න වන ඔබ යනුව නවසන් තවත් සිටියොත් දැනගනි යි

52. අ ද ර යෙන් කීබසට කුමරිය සොරා මෙලෙසට කියති යේ බොලඳ වන් මගෙ පනේ මාහට සිතක් ඉපදි තිබෙති යේ භු න ස ස න් නිගේ බමුනු සැමිහට ගසමි පහරක් මෙවිදි යේ ඉ ඩ දි ය න් මගෙ පනේ මාහට යමිය සෙටදි ප්රේ මි යේ

53. අ නේ ඕකත් බැරි වැඩක් දැයි කියා මෙකුරිය පවස ලා සෙනේ සිතයෙන් සොරා සඟවා තැබුවෙ හිමි එනතුරු බ ලා සැ නේ තම සැමි බමුණු ආ කල තෙවෙනි දින දි නොවමු ලා බ නේ ලෙස මෑ කියයි මෙලෙසට රහස සිතයට සඟව ලා

54. ම ගේ සුන්දර ප්රෙටම වන් සිමියනේ අසනුව මා වද න් අ ගේ ලෙස ඔබ විනා ගානුය නටමි මම කිව් සන්තොසි න් ද‍ ඟේ නොමකර කිව වදනෙට කැමති වි බමුණා උතු න් ල ගේ කරගෙන කුමරි වීනා ගෑවෙ බමුණා මේ ලෙසි න්

55. ඉ තා නාදෙන් වේතගානා කලට කුමරිය කිය න්නේ නෙතා වන්වන් මගෙ සැමියනේ ඔබ බලා ඉන්දැයි යසි න්නේ සිතා උන් ලෙස නටනු නොහැකියි ලැජ්ජා මසිතට තිබෙ න්නේ නෙතා ඔබගේ රෙදි කඩින් බැඳ නටමි කීවයි තොසි න්නේ





(8) 56. ල ඳු න් හට සිව්සැටක් මායම් ඇතේ කීවයි පෙර පඩි න් එමෙන් පිරිමින් ඊට අසුවි විඳිති තද දුක් බෝ ලෙසි න් මෙවන් පමුනන් ලඳගෙ උගුලට රුවටිලා කිව් මේලෙසි න් බැ ඳ න් මාගේ දෙනෙත් නටපන් ලජ්ජා නම් උඹ සන්තොසි න්

57. එවිට මේලඳ තමන් සැමිගේ දෙනෙත් නොපෙනෙන විලසි නා තදට බැන්දයි එරෙදි කඩකින් ඉතා ගත ඇති එම සැ නා සතුට වඩවා බමුණා ලියගේ බසට රැවටී මෙලෙසි නා නදට වීනා ගායනා කලෙ ලඳට නටනා විලසි නා

58. මෙ සේ මේ ලද නටනටා සිට සුරන්ගනි‍යෙක් විලස ටා ස සේ ලෙස තමසැමිය හට කිව්වාය වසකුත් මෙලෙස ටා තොසේ වඩවන හිමි තුමානනි ඔබට ටොක්කක් අනින ටා ල සේ සිත් විය මෙමාහට දැන් අනින්ටද ඇසුවයි සි ටා

59. නොදැන ලඳගේ සිතේ අදහස සැබෑවට ගෙන එවද නා ම ප න වන් සව්මියේ ඇනපන් කිවයි ටොක්කක් එ බමු නා සොඳි න තොරතුරු කියා තිබුනත් සොරසැමිට මෑ පෙරදි නා ල ස න ඉති කල සැනෙ එසොර ඇවිත් කෙරුවයි මෙලෙසි නා

60. සොඳින එසොරා සැඟවිලා සිට කුමරි ඉතිකල එසැනි නේ සෙමින ඇවිදින් බමුණූ පිටිපස සිටන් අතවක්කර ගෙ නේ ත දි න ටොක්කක් ඇන්නේ බමුණුගෙ හිසපිටට වැලමිටි යෙ නේ ඇසුනෙ සෙනහඩ විලස ටොක්කය සොරා දුව ගොස් සැගවු නේ

61. ලියන්බස් විස්වාස කරලා බමුණු හට උනසන්ව ලා ත දි න් ඇස්පිට පලායන්නා සේ දැනුනයි එමක ලා නොමින් හිසගැට පැනනාගිලා වේදනාවෙන් පුලපු ලා ත ම න් නාරිට කතා කරලා ඉල්ළු අත බලනට ලො ලා

62. බ ස ට ලඳලිය වහා දුවගොස් තමන් අතදුනි බමුණූ ටා එ වි ට සුරත අතගා කියති වදනක් මෙලෙස ටා ය ස ට තිගෙ අත ඉතා මෙලෙකයි පහර තද උනි බෝකො ටා සොඳට සැඟඋනි සොරා දුව ගොස් ලඳුන් කෙරුපසු මෙලෙස ටා

63. බ මු න ගේ නෙත් බැන්ද රෙදි කඩ ලිහා කුමරිය එවිගසි න් සොඳින තෙල්ගා හිසද අතගා ගැට නැගී තැන යස ලෙසි න් බ සි න රසබස් දොඩා හිමියා සතුටු කරවා මනදෙමි න් ල සි න ගෙන් හිමි ගියායින් පසු සොර සැමිත් හැරි බවනයෙ න්





(9)

64 සොරා මේලෙස එකුමාරිගෙ එපතිවත් දම් කඩා ලා ති රා සරබස් කියන විලසට ටොක්ක බමුණුට එඇන ලා ස රා මල් අම්මාගේ පෙට්ටිය තුලට වැදිලා උන්ක ලා නු රා කරමින් හිත තබා‍ගෙන ගියේ පිටවී එමක ලා

65 සොරා මෙලෙසසින් පිටවෙලා ගොස් වෙලඳශාලෙට එම ව රා ක රා නෙක තුති එවන් දාසිට දුන්නේ වස්තුව බෝව රා නි රා කරමෙය දැනුම් දීමට රජුට සරතැස් බුදුකු රා ක රා ඉක්මන් ගියේ නුවරට එබරනැස් නම් පුවත රා

66 ගොසින් නරනිඳු නැමද සිටලා සියළු තොරතුරු කියා ලා උතුන් බමුනුගේ ලදගෙ පතිදම් කැඩූ බව දැන්වූ ක ලා රජුන් තුටුවී එතැඝ අපමණ බමුණූ පුරොහිත ආක ලා බසින් ඇසුවයි දූකෙලිමුදැයි නැවත බමුන කීමේක ලා

67 ඉතා සතුටුව බමුණු නැවතත් දූකෙලින්නට සැරසි යේ කතා කරලා නිරිඳු ඇමතිට රන්පෝරුවක් ගෙන්නි යේ සිතා සතුටින් නිරිඳු පෙරලෙස ගීයවනයට සිතී යේ තෙතා දැක එය බමුණු කීවයි මලද අත්හැර ගයනු යේ

68 හොදයි කියලා නිරිඳු එම විට ඵලද හැරගී සෙදා ලා ය ස යි කියලා දැම්ම පස ඇට නිරිඳු දිනූවයි එමක ලා ව ඳ යි මාවත් ඉතින් දෙවියනි කිමද උනුමේ සන්ව ලා අපොයි කියමින් බමුණු දුක් උනි නිරිඳු කිව් මේලෙස ලො ලා

69 කින්ද බමුණනි මෙතොප දුක් උනේ අසනුමා කියනා වද න් නින්ද තොපහට ලැබෙයි අන්තිමෙ මෙම‍ාහට උරනය නොවෙ න් ලන්ද තොපෙ අත්හැරම ගයනට කිවෙ කිම දැයි කියාල න් මන්ද ඔයසැටි ලදුන් විස්වස් ඔවුන් ගරුසරු නොමකර න්

70 අගේ වඩවන තොපේ ලඳ අනේ පලමු රැකිමුත් පතිව තා ඇගේ පතිවත නැතේ දුන්නම් කැඩුත් මා බස බොරු නැ තා තගේ ලදගැබ පවත් රැකිමුත් අපතිවත රකියයි සි තා දගේ වෙයි බඩ ලෑවත් අගනුනම් විස්වස් නැ තා

71 මෙලොව එකහිමි පතා පතිවත රකින අගනුන් නම් නෑ තී දෙලොව සතනෙක දුකට පමනති ඉතිරියෝ විස්වත් නැ තී තිරව බස් කි නමුත් ඉඩ ලැබූ තැනදි වරදට පත් වෙ තී එලොව මෙලොවත් දුකම පමුනති කැපෙන වීදුරු සමවෙ තී (10)

72 ලියන් සිව්සැට මායමින් නිති තරුණා වනසට පමුන නා එමෙන් තොපලඳ කරපු දෙඅසයි මාදත් පමනි නා තුටින් දවසක් නටමි කියලා තොපේ ඇස් දෙක බඳිමි නා තමන් සොරලැමියා ටොක්කක් ඇන්නෙව්වෙ බෝවගෙ නා 73 ඉතින් බමුණනි බලනු කොහොම ද ලීයෝවිස් වස්කරන් නේ තදින් එදිනේ ඇන්නෙ ටොක්කක් එවැලමිටියෙන සොරු අ නේ නෙතින් කඳුළුත් ගලා නැගුනානො වෙදැයි ඇසුතැ නේ දුකින් එමවිට බමුණු ආපසු නිවසයට ගොස් අසන් නේ 74 අසන් මේසා‍ිටඳේ මකියන මේ වදන් උම කදිම ටා හොරෙන් සැමියෙක් ගෙන්නවා ගෙන උන්න‍නෙමන්දැයි බවන ටා තදින් මාගිය ටොක්කකුත් අන්නවාළු දැයි මාහ ටා කියන් ඇතිසැටි මරමි නැත්නම් දුස්ට හැතිරිය වදකො ටා 75 දුකට පත්වී කියයි ඒ ලඳ මෙලෙස බොරුවක් ගොතා ලා සතුට වඩවන හිමියනේ එසේ කව්ද කිවේ මේක ලා කමට කම් මට නොකර ඉඳිනුය ඇන්නේ මමයි කියා ලා රස ට වදනක් කීවෙ ඈතව මෙන්න මෙලෙසට ගොතා ලා 76 ඔපන වන් ඔබ මෙගැන තවතව සැකසිතන්නේ නම් මෙ මා ලසින පතිනෙමි එගිනි මැලයට මෙන්න මේලෙස දිව්ර මා සොබන ඔබ හැර වෙන පුරුෂයෙක් මඅත ඇල්ලී නම් පෙ මා මපන නැසෙවයි කියා ගිනිවැද සිටිම අදහනු බස්මෙ මා 77 බසුණු එබසට සතුටු වීලා මහත් දරගෙඩ එක්ක ලා සොඳින ගිනි දල්වලා සැමතැන නගිනි බුරා නැගෙන ක ලා ඉතින තී අදහන්න නම් මෙහි පනිනු විගසට කීක ලා එදින ලඳ මායමේ සැටි අසනු කව්රුත් මේක ලා 78 ගිනිව දින්නට පලමු මේ ලඳ දාසියට මෙලෙසයි කිය න් නේ සතුට වන මගෙ අම්මේ පුතුහට එන්ට කියලා ලසි න්නේ මම දුකින් ගිනි වදින්නට යන කලට මග රැක බොල න්නේ මගෙ අතින් අල්ලන්ට කියපන් එවිට සහතිකෙ කැඩෙ න්නේ 79 කි යා මේ ලෙස උපා මායම් සොර සැමිය ගෙන්වා ගෙ නා බ යා නක මහ එගිණි සැලයට පනින විලසට එමදි නා ද යා වන් හිමි අතැර අනිකෙක් මඅත ඇල්ලී නම් වෙ නා මෙයා කාරෙන් මාව දමපයි ගිනි වදිනා තැ නා 80 මේලඳ මෙලෙස කියා ගිනිවැද නසින්නට දුවනා තැ නා බසද කිලෙස එසොර සැමියා ඇවිත් ඉදිරියෙ සිටි තැ නා මෙසොද කුමරිට බමුණු කරණ ගැහැට බලවයි කියමි නා සුහු ද කුමරියේ සිටුව කියලා ඇල්ළු ඇගෙ අතප පනිමි නා


(11) 81 එවිට කුමරිය නොපැන ගින්නට සොරා අත ගලවා ගෙ නා සතුට වඩවා කියයි මෙලෙසට බසමුණු රවටන විලසි නා දැනට නම් මගෙ සත්තකිරියා බසේ කඩ අනි කියමි නා කපට මෙහැතිරි පනිනු බැරි යයි කිවෙ ගින්නට එබැවි නා

82 අසා එබස බමුණු පුරෝහිත කිපි තද ලෙස බොලන් නේ අසා දාරන කමක හැටිබල දුස්ටවු මෙලඳුන් නේ තොසා වෙන ගිනි වදමි කියලා දෙවනු බැරියයි කියන් නේ ලසා කියකම් නැතොත් මරනෙමි කියා සැරවු තදින් නේ

83 එවිට මේලඳ පියට පත්වී බමුණූ වැඳලා කියති යේ සතුට යෙන් මා දුවන අතරේ කවුද මා අත ඇල්ලි යේ සයට දිවරපු වදන කැඩුනයි ඒ නිසා මගෙ හිමිපි යේ දැන්ට ගින්නට පැන්නහොත් මම දාල වැනසෙයි කිව් බි යේ

84 ඔන්න බලනුය ලඳුන්ගේ සැටි පිරිමි බොරුවෙන් රවට නා පුන්න්යන වත එබමුණු එම විට සිතුවෙ කරුනක් මෙලෙසි නා ගන බිරෙන් නරිනිඳු කිවේ සැබවක්මයි පිලිගෙ නා ගෙන් පිටත් කර හැරියෙ තමලඳ ආලෙ අත්හැර එමදි නා

85 මෙසේ බලනා කලට ඉතිරින් අදමියෝ බැව් පෙනෙන් නේ කෙසේ වරදක් කලත් එයනැත කියකියා දිව්රයි පෙමින් නේ ය සේ දිවෙදව ගගා සිටියත් සැබෑවක් නැත කියන් නේ කෙසේ බැළුවත් ඉතිරියෝ නම් රැක්ක නොහැකිය බොලන් නේ

86 මෙලෙස බගවත් මුනිඳු තම මුව පද්මෙ විහිදා සතුටි නා දි ගැස යන්නේ නුගුන පෙන්නා දහම් සදසලා එම දි නා සතොස යෙන් චතුරාය්ය්ේ න සත්ය ය දේශනා කල විගසි නා දි ගැසි යන් ගැන උකටලී වු මහන සෝවන් උනිමි නා

87 සත ට කරුනා ගුනෙන් යුත් අප මුනිතුමා නෝ මෙලෙසි නේ සොඳට රසවත් අන්ධෙභූතය ජාතකය නිමවා සැ නේ පුර ට බරනැස් නිරිඳු නම් එම කාලෙහි මමයයි දෙසමි නේ සත ට දැනුමට වදාලයි මුනි බලනු සතොසින සැම දෙ නේ

88 සොබන පන්සිය පනස් ජාතක පොතේ තිබෙනා නිම ල්ලේ නදන මේ ජාතකය කවිකලෙ සතට දැන්මට මෙක ල්ලේ නමින දොන් පේද්රිකක් වෙත්සිංහ අප්පුහාමි මාලප ල්ලේ පෙමින කියවා බලා සගමොක් සැපත ලැබගනු නිම ල්ලේ - නිමි -

"https://si.wikibooks.org/w/index.php?title=අන්ධ_භූත_ජාතක_කාව්‍ය&oldid=5542" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි