අනුරාධපුර බැසීම හා වැටීම - iii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

(2) දාඨෝපතිස්ස නමින් ප්ර.කට වූ රියන්දළ රජු මල පසු උහු සොහොවුරු අග්ර2බෝධි නම් කුමාරයෙක් සිරිසඟබෝ1 යන විරුද නාමයෙන් ප්රුකට ව රජ රට පාලනය කිරිමට පත්වී. උගේ බලය ද රජ රට ද්රරවිඩයන ගේ දයාව පමණට ම වී මෙවිට රජරට බොහෝ ද්රවවිඩයෝ සිංහලයන් හා මිශ්රයව ගන්මින් සිටියහ. සමහරකේ සිංහල බවට පත්හ. බොහෝ දෙනෙක් බෞද්ධයෝ වූ. රජ රට රාජයා පැරැනි සිංහලයන ගේ නොව මේ අලුත් සිංහල බෞද්ධ යන ගේ රජ වී. පොත්ථකුට්ඨ, පොත්ථසාත, මහා කන්ද යනාදි බොහෝ ද්රිවිඩයෝ සිංහල සේනාධිපතීන් වශයෙන් ද රජ රට ප්රාභූවරයන් වශයෙන් ද ප්රොකට කීර්ති ඇත්තෝ වූ. බෞද්ධයන් වශයෙන් විහාර කරණයෙහි යෙදී සිටි ඌ තුමූ භික්ෂූන් වහන්සේ ගේ වැටැහීමේ ප්රෙකාරය ට යුක්ති සහගත ව රට පාලනය කළ එළාරයන් වැනි සැඬ දෙමළුවෝ නුවු ! (4) (සිරිසඟබෝ) අක්බෝ රජ ද දෙමළුවන ගේ පිහිට ඇතිව රට පාලනය කෙරෙමින් පින්



1. ගෝඨක අභයයන් විසින් රාජ්යතයෙන් සහ කරන ලද දැහැමි ගුණයෙන් ප්ර කට කිර්ති ඇති සිරි සඟබෝ නම් ලැමැනි රාජයා ගේ නාමය වශයෙන් මේ බුහුමුන් ලැබී. (පැ:සි). ඉන්පසු මේ නාමය විරුදයක් වශයෙන් බොහෝ රාජයෝ යොදා ගත්හ. මේ සමග මාරුවෙන් මාරුවට රාජයන් ව්යයවහාරයට ගත් තවත් විරුද නාමයක් නම් “සිලා මේඝ වර්න” යන්නයි. පළමු කාලයේ රාජයෝ “ගාමණි අභය” යනු ව්යාවහාර කළහ.





(52)

කමේහි දු නියුක්ත වී. මුහු‍‍ ගේ පින්කම් විහාර කරණයෙහි නො රැඳි පහසු අතට නැමි ගියේය. විහාරය ට වහලුන් හා මෙහෙකරුවන් සැපැයීම ද ගම් පිදීමද මේ රජු ගේ ප්රිකට පින්කම් වශයෙන් දක්වත හැක. රටට මතුවන හානි නො දත් විචාර බුද්ධියෙන් තොර වූ මේ පුදු ම රජු ගම් දහස් ගණනක් පිදූ බව මහා වංශකාර ධර්ම කීර්ති හිමියෝ පවසති. ගම් පිදීමේ අග්රප ස්ථානය මේ ‍තෙමේ ගනී. උහු අනුව තරඟයට සේ ද්රෝවිඩ නායකයෝ ද මෙහෙසියෝ ද ගම් පිදීමෙහි යෙදී සිටියහ. මහා බෞද්ධයකු මෙන් පින් පිණිස ගම්


රජ පඹමෝ.


උහු ට වුවමනා විටෙත කෙතට පඹයන් බඳින ගොවියකු සේ රජ රටට රාජයන් පත් කොට, සිටුවා පාලන බලය පවරාගත හැකි වී. එහෙයින් මෙකල්හි ඇත්ත වශයෙන් රට පාලනය කෙළේ පොත්ථකුට්ඨයාය. අනුරාධ පුරයේ ද්රඑවිඩ කරදරය නිසා සමහර විටෙක අග්ර බෝධි රජ තෙම පොළොන්නරුවෙහි ද වාසය කෙළේය. වන මෙම බද නගරයෙහි වෙසෙන සමයෙක රජ තෙමේ රෝගාතුරව එහිදී ම මෙළේය. අමාත්යමයෝ එහි පැමිණ එහිදී ම රජු ගේ ආදාහන කෘත්ය.ය නිමවා රාජ භාණ්ඩාදිය පෙරලා අනුරාධ පුරය ට ගෙන ගියහ1.

රජ රට මහ කෙතට රජ පඹයකු බැඳ තබා රැටියන් බියගන්වමින් පාලනය කිරීමට අදහස් කළ ‍පොත්ථකුට්ඨ මහා දුවිඩ තෙමේ යුවරාජ පදෙවිය ලැබ සිටි දාඨාසිව කුමරුන් අල්වා සිරගෙහි ලවා තර කොට රැකවල් තැබ්බවී. හෙතෙම දනපිටියෙහි වුසු දත්ත2 නැමැත්තකු ගෙන්වා හෝ අලියකු සේ රාජාසනයෙහි සිටුවා සිත්සේ රට පාලනය කිරීමට පටන් ගති. අභාග්ය ය නිසාදෝ මේ හේ රාජයා දෙවෙසෙකින් මෙළේය. ඉන්පසු හුණන්නරු වැසි රියන් දළයෙක් පොත්ථකුට්ඨයා හට රජ සේ වටුවා වී. රියන් දළයා



1. ආදි මනුෂ්ය යන ගේ වීර භක්තය පිළිබඳ අන්ධ විශ්වාසය මෙකල් හිදු පැවති බව “මේ රජු ගේ සිරුර දැවු හළු රට වැසියෝ ඔසු පිණිස ගත්හ” යනු මහාවංශකාරයන ගේ ප්රසකාශයෙන් පැහැදිලි වේ. 2. වල්පිට වැසි දත්ත, වල්පිටි වසු දත්ත ඈ විසින් සිංහල ග්ර න්ථකාරයෝ පවසත්. දන පිටිගම කුරුනෑගලින් උතුරු දෙස කටුවාන කෝරලයේ අඹගස්සෙ පලාතේ වල් බිහිය පවතී. එහෙයින් පසු ග්රනන්ථකාරයන ගේ වල් පිටැ’යි පැවැසීම ද සැලැකිය යුතු වේ. එසේ වුවත් වසු දත්ත යැ’යි පැවැසීම පිළිගත නො හැක.



(58)

රාජාසනයෙහි හිඳුවා රිසිසේ රට පාලනය කිරීමට පටන් ගත් පොත්ථකුට්ඨයා ගේ ක්රිසයා පරිපාටිය රට වැසියන ගේ සිත් පෙළීමට හේතු වී. එහෙයින් රජ රට සිංහලයෝ උහු කෙරේ නො සතුටු බව ක්රිමයෙන් වැඩූ. තමන ගේ දෞර්වල්ය ය දත් ඌ තුමූ අන් කිසිවක් කොට ගත නොහී නො සතුටු බව ම සිත්හි වඩමින් වුසු. පොත්ථ කුට්ටයන් මැඩීමෙහි ඉදිරිපත් වන්නකුට මේ කල් වී.


අන්තිම

            ද්රමවිඩ

වාහකයා

පැමිණියේ අනුරාධ පුරය ගන්නට භටයන් මෙහෙයැ වී. මේ වර මානවර්මයන්



1. මේ රජු ගේ පූර්ව ප්රභවෘත්තිය මහාවංශකාරයෝ අතුරු කථාවෙකින් සවිස්තර ව දක්වති. “ස්තූපාරාමය බිඳි (2) කාශ්යමප රාජයා ගේ පුත්රියකු වූ මාණවර්ම තෙමේ සංඝමාන නම් මලය රාජයා ගේ දියැණියන් පාවා ගෙන විසී. මානාදීන් පරාජිත ව නසන ලද කල්හි මේ තෙමේ උත්තර දේශගත ව එහි සැඟැවී විසී. ඒ දත් ද්රාවිඩයෝ උහු සොයි ගියහ. මානවර්ම තෙමේ උත්තර දේශය ද හැර බිරිඳ හා කැටිව දේශගතව නරසීහ නම් පල්ලව රාජයා ගේ උප මිත්රතයකු වශයෙන් උහු සමීපයේ විසී. තමන් සිත පවත්නා අදහස දක්වා උපකාර පිණිස ආරාධනයට සිත නො නැමෙන හෙයින් මානවර්ම තෙමේ තමහට පත් විපත පමණක් කියා නරසීහ රජ සේවයේ කෙරෙමින් කාලය ගෙවී. නරසීහ තෙමේ ද උහු හා අතිශයින් මිත්රනව ගෙන එක්ව බුදිමින් එක්ව ගමන් යෙමින් කල් ගත කෙළේය. දිනක් මිත්ර යා හා ඇතකු පිට නැගී විනෝදය සඳහා ඇවිදිමට ගිය රජ තෙමේ මද්ධ්යාළහ්න වේලෙහි දිය පිපාසය සංසිඳවා ගැන්මට කුරුම්බා ගෙඩියක් ඇස්ස සිඳුවා ගෙන පැන් බී අඩක් ඉතිරි වූ හෙයින් ඒ ඉවතලීමට පසු නොබලා ම පසු පස හුන් මෙහෙකරුවවකු ට ගනු පිනිස පැ. පසු පස සිටි මානවර්ම තෙමේ ඒ තමහට ඉතිරි කොට දුන් කොටසෙකැ’යි සිතා ඒ ගෙන ඉතිරි කොටස පානය කෙළේය. අනුන් ඉඳුල් කැවිම හින්දු චාරිත්රයයේ හැටියට ඉතා ම බරපතළ වරදෙකි. මානවර්ම තෙමේ ඒ නොසැලකී. වරදවා සිතිමෙන් දෙදෙනාට ම නොදැනුවත්ව වූ චාරිත්රක විරෝධි ක්රිෙයාව ගැන නරසීහ තෙමේ පසුතැවිලි වූයේ මිත්රටයා කෙරෙහි දෙගුණයක් ඇලුම් කෙළේය.

මෙසේ උන් වසන සමයෙහි සින්ධු දේශයේ ප්රරදේශයක අධිපති වූ වල්ලභ රාජ නම් නර පල්ලෙක් නරසිහ රජුට විරුද්ධව සටනට පැමිණියේය. නරසීහ තෙමේ උහු හා සටන් කොට ජය ලැබී. ඒ මටනෙහි ඉතා දක්ෂව ක්රිනයා කළ මානවර්මයනට තුටු වූ නරසිහ තෙමේ සේනාපතීන් හා මන්ත්ර්ණය කොට මිත්රඉයාට උපකාර සඳහා භටයන් සපයා දිනි. ඒ භටයන් කැඳවා ගෙන පැමිණි මානවර්මයන් රජ රට ගත් මුත් මෙහි ද්රාවිඩයන ගේ වසඟයට පත් වල්ලභ ද්රූවිඩයෝ සිය රජු රෝගයෙන් පෙළෙන බව කියා පෙරලා ගියහ. මානවර්ම තෙමේ ද නැවතත් දාඨෝප තිස්සයන් විසින් පලවනු ලැබ නරසීහ රජු සමීපයට ගොස් විසී. මෙසේ සෑහෙන කාලයක් උහු වසන අනුකම්පා ඉපැදි වූ පල්ලව රජ උහු ට භටයන් දෙනු රිසි වී. එසේ වුව ද වල්ලභ ද්ර විඩයෝ පොත්ථ




(54)

පැමිණි යේ සුදුසු අවස්ථාවයෙක් හිදීය. පොත්ථකුට්ඨයා ගේ ක්රිවයා පරි පාටියෙන් පීඩිත වූ සිතැති ජනයෝ මානවර්මයන ට උපකාරි වූ. එහෙයින් උත්තර දේශවාසීන් යටත් කොට ගත් මානවර්ම තෙමේ අනුරාධ පුරය වෙත සිය සෙත් මෙහෙයැ වී. මේ දත් පොත්ථකුට්ඨ තෙමේ තමන ගේ මහා ද්රවවිඩ සේනාවන් සටනෙහි මෙහෙ යවා සිංහල භට සමුදාවනු දු ඒ හා යැවි. සිංහල භටයන ගෙන් කිසිවක් පොත්ථකුට්ඨයා නො රිසිත්. ඌ පොත්ථකුට්ඨයනට ම විපක්ෂ ව ගත්හත එහෙයින් බිහිසුණුව කැරණු සටනෙහි පොත්ථකුට්ඨයා ගේ සේනාවෝ පරාජිත වූ. මේ දුටු රියන් දළ හේ අලියා ද පැලෑ. පලන්නා වූ උහු දුටු රට වැසියෝ උහු අල්වා හිස සිඳ ගෙන ගොස් මානවර්මයන ට දැක්වූ. පොත්ථකුට්ඨ තෙමේ මේරුකන්දර ප්ර දේශයට පලා ගොස් පෙර සිට තමන් හා මිත්රො ව විශ්වාසී ව සිටි එහි ජනපද නායකයකු ගේ නිවෙසක සැඟැවී ගති. ජනපද නායකයාට මෙතන්හි කෙසේ ක්රිියා කළ යුතු ද යනු විසඳා ගැන්ම ඉතා දුෂ්කර වී. රාජද්රෝතහියකු රැකීම රජුගෙන් උදහස ලැබීමට කරුණුය. තමන් කෙරෙහි විශ්වාසය තබා පිහිට සොයා පැමිනි මිත්රමයකු පාවාදිම පරම ද්රෝ.හී ක්රිහයා වෙකි. එහෙයින් බිය සුලු ඒ ජනපදනායක තෙමේ වස යොදා සකස් කළ කැවුමක් අනුභව කොට දිවි නසා ගති. සිටියත් දිවි රැක නොගත හැකි බව දත් පොත්ථකුට්ඨ තෙමේ උහු අනු ගැමි. එයින් මානවර්ම‍ තෙමේ විවිද රහිත ව රජ රට රාජයා වශයෙන් ඉදිරිපත් වී. මෙවකට රජ බවට උරුම කිය හැකි කුමරුවෝ නො සිටියහ. ඌ සියල්ලෝ ම ද්රාවිඩයන් විසින් නසත පදු. එහෙයින් මානවර්ම යන ගේ රාජයය පැහැර ගන්මෙහි ද්ර විඩයන ගේ සාහාය්යිය සෙවීමට සිංහල රාජකුමරුවෝ නුවු. රුහුණු පෙදෙස් වැසි රාජවංශිකයෝ රජ රට කටුයුත සඳහා මැදහත් නො ව තම තමන ගේ පෙදෙස් පාලනයෙහි යෙදි සිටියහ. මානවර්ම රජුට ද ඔවුනගෙන් හිරි හැරයක් නො ඇති වී. එහෙයින් උහු ගේ ප්රාථම කර්මය වූයේ සාහසික ව වෙසෙන ද්රරවිඩයන් මැඩ කුමන්ත්රිණ කරුවන් රටින් රට නෙරපාලීමය. උහු ගෙන් බොහෝ ද්රනවිඩයෝ මැඬුනු. සමහරෙක් පෙරලා දේශලත වූ. සෙස්සෝ සිංහලයන් බවට පත් වූ. මානවර්මයන ට උපකාර පිණිස පැමිණි



කුට්ඨ ආදින් රජ රට වුසූවත් ද්රනවිඩයන් ම වූ හෙයින් සිය ජාතිකයන ට විරුද්ධ ව සටනට යෑමෙහි නො කැමති වූ. එහෙයින් පල්ලව රජ තෙමේ තමන් සටනට යන බව හඟවා තමන ගේ රණ බෙරය නැවකට වී ශබ්ද කරවන ලෙසට කියා මානවර්ම යනට දිනි. බෙර හඬ ඇසු පල්ලව ද්රයවිඩයෝ සිය රාජයා වෙතියි - මුලාව නැව් නැංගාහ. මෙසේ සිය රජු සටනට යෙති’යි රැස්ව නැව් නැගි සේනාවන් ගෙන මානවර්ම තෙමේ රියන් දළයා රජු වශයෙන් පෙනි සිටිය දී මෙහි පැමිණියේය. (ම:ව: XLVII. 2 - 53)






(55)

පල්ලව භටයෝ මෙහි නො නැවැත්තාහ. ඌ තුමූ බොහෝ දනය ගෙන සිය රට වනු. එහෙයින් රජහට මඳක් සැනැහිල්ලේ රට පාලනය කිරීමට අවකාහ ඇති වි. සැනැසීම ලද වහා ම රටට වු හානිය බලා ඒ පිරිමැසීමට කටයුතු කරනු වෙනුවට මේ රජ තෙමේ ද පින්කම් කිරීමට පටන් ගති. ගොවිතැන් දියුණුවට මඳ වශයෙන් වැව් පිරියම් කිරීමෙහි දු මුහු යෙදුණු බව කිය හැක.

මානවර්මයන ට මලයරජ සංඝමානයන ගේ දූ වූ සංඝාව ගෙන් පුත්ර යෝ සිව් දෙනෙක් ද සිව් දියැණි කෙනෙක් ද වූ. ඌ සියල්ලෝ දේශයෙහි ඉපිද දේශයෙහි වැඩුනෝවු. උන්ගෙන් වැඩි මහලු පුත් වූ (5) අග්රෙබෝධි තෙමේ පිය රජු ගේ අයාමයෙන් මෙහි රජ වී. සය අවුරුද්දක් පමණ කල් රට පාලනය කළ හෙතෙම රටේ දියුණුවට කළ යුත්තේ කිමෙක් දැයි නො දිටි. ඇති පමණින් තුටු ව හැකි තාක් පින්කම් කිරීම මුහු ගේ අදහස වී. දේශයෙන් ද්ර විඩයන් ගෙන එන්නන් නො සිටීම ම මෙබඳු රාජයන ගේ භාග්යමය වී. සාමය ඇති කිරීම ගැන ප්ර කට වූ මුහු ගෙන් පසු මානවර්මයන ගේ දෙවැනි පුත්ර (3) කාශ්යරප තෙමේ රජ වී. හෙ ද හැකි පමනින් විනෝදය ලබා අන්හට ද සැප සලසන අටියෙන් සතුනු දිවි ගැලැවිම ද තහනම් කොට ව්යලවස්ථා පැනැ වි. සොහොවුරු අක්බෝ රජු සේම මේ තෙමේ ද පින්කිරිය වත් සැපැයී මෙන් ම සත් වසක් රට පාලනය කෙළේය. උහු මල් (1) මහේන්ද්රත තෙමේ පූර්ව චරාතානුකූල ව තමනට රට පාලනය හිමි වූ හෙයින් ඒ භාරගති. නිල නම් මිත්රවයකු ගේ මරණය නිසා හටගත් ශෝකයෙන්මෙලොව එපා වී සිටි හෙතෙහ අභිෂේකයක් ලැබීමට තරම් ප්රීාතියක් ඇත්තෙක් නො වී. එහෙයින් ජීවිතාන්තය තෙක් පවත්නා ශෝකය ප්ර්කාශ කිරීමේ ලකුණක් වශයෙන් අභිෂේකය නො ලබා රජ නමින් ප්රශකට නො ව ආදි පාදව ම සිට රට පාලනය කෙළේය. පූර්ව චරිතානුකූල ව තමහට පත් රට පාලනය අභිෂෞකය දු නො ලබා භාරගෙන සසර කලකිරී සිටි හෙතෙ ම සිය සොහොවුරු කාශ්යයප රජු ‍ගේ පුත්රක අග්රාබෝධි කුමරුට උපරාජ පදෙවිය හා ප්රාොචින දේශය පවරා උහු හා එහි යැවි. තම පුත්රර අග්රපබෝධි කුමරු හට දක්ෂිණ දේශය දිනි.


තුන් අක්බෝ නෘත්යිය හා අභාග්යකවත් සංඝාව



1. පසු කලෙක (6) අක්බෝ රජ 2. පසු (7) අකබෝ රජ




(56)

තුරව මෙළේය1. පූර්ව චරිතය නො සලකා තමහට රට පාලනය අත් කොට ගැන්මට අවස්ථාවය එළැඹ සිටින බව දැක දැකත් පූර්ව චරිතයත් යුක්ති ධර්මයත් සාජු ගුණයත් රක්තා මහේන්ද්ර පුත්ර අ‍ග්ර්බෝධි තෙමේ ශක්තිය පසෙක තබා යුක්තිය ම පෙරදැරි කෙළේය. පියා මළ වහා ම රාජයයේ කටයුතු තමන් භාරයට ගත් හෙතෙම ප්රා්චීන දේශ පාලකයා හට පිය ඈපානන් මළ පවත් හා වහා පැමිණ රට පාලනය භාරගත යුතු බව ත් දන්වා හස්නක් යැවී. ඒ අස්න ඇසු කාශ්යැප පුත්රක අග්රයබෝධි තෙම වහා පැමිණ සිලා මේඝ යන විරුද නාමයනේ ප්රයකට ව රජ වී හෙතෙම මහේන්ද්රෙ පුත්රා අග්රනබෝධි කුමාරයා හට උපරාජ පදෙවිය පැවැරි. උපරාජ අග්රමබෝධි තෙමේ රට පාලනයෙහි බෑයා හට බෙහෙවින් උපකාරී වී.


බෑයන ගේ

  භේදය 


වී. උපරාජයා සිටිය හොත් තමන ට අලස කමින් කාලය ගත කොට යහපතක් නො සිදු වන බවත් හරියාකාර කටයුතු ඉටු නො කොට බොරුවෙන් කාර්ය සාධනය නො පිරිමැසිය හැකි බවත් දත් ඌ තුමු අග්රොබෝධි යන් දෙදෙන භේද කිරීමට අදහස් කොය උප රාජයා මහා රාජයා හට තවරදන ට කටයුතු සලසන බව පෙනේ යැ’යි (6) අක්බෝ රජු ට රහසේ ප්රනකාශ කළහ. උප රාජයා රට පාලනය පිළිබඳ කටයුතු බලවත් වුවමනා වෙන් සිතට ගෙන කිරිමත වුවමනාවාට වඩා ඒ කෘත්යපයන් හි මැදිහත් වීමත් අවඬ්ක අධ්යානශයෙන් වුව ද “සැක ඇති ව බලන්නක් හට” සැක සිතිමට සෑහේ. (6) අග්රවබෝධි රජ ද වැඩිදුර කරුණු නො විමසා ප්රියෝග කාරයන ගේ වදන් පිළිගති. ඉන් දෙබෑයෝ භේදව ගත්හ. රජ තෙමහ අපරාජයා ගන්නට බටයන් මෙහෙ යැවී. බෑයා භෙද ව ගත් බව දත් උපරාජ තෙමේ තමහට අයත් පෙදෙස වූ දක්ෂිණ දේශයට පලා ගොස් රජහට දාමරික වී. දක්ෂිණ දේශයෙන් භටයන් සපයා ගත් හෙතෙම කදලිනිවාතයේ 2 දී රජුගේ සේනාවන් හා යුද කොට


1. මුහු ගේ රට පාලනය අවුරුදු තුනක් පමණෙකි. 2. වජ්ර බෝධි නම් ඉන්දීය භික්ෂූන් වහන්සේ නමක් සිය රට බලා යාත්රා කරන ගමනේ දි ලක්දිවට පැමිණි බවත් එහි දි ලක්දිව සිටි “විලි විලෝ” රජු උන් වහන්සේ වැඩම වීමට ආරාධනය කළ බවත් චීන වාර්තාවෙක සඳහන් වේ යැ’යි සිල්වියන් ‍ලෙවියෝ කියත්. (Journal Asintique, May – June 1900 P. 418 & JRAS, Ceyal. Br. XXIV M, 68, 1915 – 1916 P. 87) ලෙවියන ගේ මතයේ ප්ර9කාරයට මේ රජ මානවර්ම යනැ’යි සැලැකෙ තුදු අයිරටනයෝ (6) අක්බෝ (විලි විලෝ - සිරි සීලා) සිලා මේඝ රජු විය යුතු බව සිතති. ගයිගරයෝ ද ඒම අනුමත කෙරෙත්.




(57)

පැරැද මලය දේශගත වී. මලය දේශයෙහි සැඟැවී ගත් හෙතෙම පූර්වයෙහි රට නැසූ ද්රදවිඩ වාහකයන් සේ දේශගත විමට අදහස් නො කොට ‍නිසොල්මන් වී. මඳ කලක් ගතවන්නට පෙර (6) අක්බෝ රජ හට කාරණය තත් වූ පරිද්දෙන් වැටැහී ගියේය. බෑයා‍ ගේ පළමු සෘජු ගුණය ද සිහි කළ රජ තෙම තමන් කළ නුනුවණ කමින් පසු තැවීමට පත් වී. රජු හට කාරණය සම්පූර්ණයෙන් වැටැහි ගිය බව ද උහු ප්රනකාශයනේ ම තමන් කළ ලාමක ක්රි යාවෙන් තැවෙන බව ද ඇසු උපරාජ තෙමේ තමන් උහු කෙරෙහි ක්රෝමධයෙන් නො සිටිනා බව ප්රපකාහ කෙළේය. මද කලෙකින් උනුන් එකි නෙකා කෙරෙහි පෙර සේම ඇලුම් ඇති ව සිටින බව ඍජුව ම දත්තෙන් (6) අක්බෝ රජ තෙමේ හුදකලාවම මලය දේශය ට පැමිණ බෑයා කමවා උහු නගරයට කැඳවා ගෙන ආ‍ය.

මතු මෙබන්ඳක් නො වන පරිදි තමන් ඥාති බන්ධනය තර කොට ගත යුතු යැංයි අදහස් කළ රජ තෙමේ බෑයා හට සංග්රිහයක් වශයෙන් තමා ගේ සංඝා නම් දියැණියන් උහුට පාවා දිනි.

අපූරු දඬුවමක්

සංඝාවෝ ද තම හට නියතයෙන් උරු ම ඇති උහු හට භාර්යාව වීමට සතුටින් සිටියහ. වූයේ ඇය නො කැමැති වුවක් ම ය. එසේ වුව ද පියකු ගේ ද රාජයකු ගේ ද නියමය නො ඉවසීම නපුරු හෙයින් නො කැමැති වුව ද ඕ තොමෝ උපරාජයා ගේ භාර්යා තනතුර ඉවැසු. අඹු සැමි යුවල ගේ විවාහ ජීවිතය ප්රිරය දායක නො වි. මයිල් පිත් අක්බෝ කුමරුන් ඕ සිතින් බැහැර නොළු. රජු ගේ බෑන අක්බෝ ‍තෙමේ ද ඇය කෙරෙහි බැඳි ඇල්ම මඳ කුදු තුනී නො කෙළේය. මේ උපරාජය හට මහත් කරදරයෙක් වී. රජ තෙම මෙ කරුණු ඉඳුරා නො දනි. සංඝාව ගේ පැවැත් ම ගැන නො සතුටු වූ උප රජ තෙමේ ඇය හට පහරක් ගැසී. ඒ වනාහි ධාතුසේන රජු බෑන සෙනෙවි රදුන් ගේ දරුණු කස පහර වැනි පහරෙක් නො වීත කිපියා වූ සංඝාවෝ පහර ලැබීම කාරණයක් කොට ගෙන හඬමින් විත් “මා නො කැමැති සේ ඔබ පාවා දුන් සැමියා නම් ඉතා මැනැවි! හේ නො කාරණයේ මා මරා ල’යි යනාදි අවලාදයෙන් මුසු අ‍ැඳෝනා බස් කියමින් වැලැපුණු. දියැණියන‍‍ ගේ විලාප බස් ඇසු රජ තෙම ඒ කාන්තයෙන් තමන් කෙළේත් නො කටයුත්තෙක්ම යැ’යි සිතී. එසේ වුව ද ධාතුසේන රජු සෙයින් ක්රෝ ධයෙන් උමතු නො වී. හෙතෙම බෑනා ගේ වරදටත් දුව ගේ නො ඇලුම්






(58)

බවටත් සුදුසු අපූරු දඬුවමක් කල්පනා කෙළේය. එකකුට පමණක් දෙන දඬුවමෙක් නො වී දෙදෙන හට ම සාධාරණ වූ ද දියැණියන් අදහස නො බලා තමන් කළ ක්රිීයාවටත් හොබනා වූ ද දඬුවමෙකි. කල්පනා වූ පරිදි රජ තෙම ඇය මෙහෙණ වරකට කැඳවා ගෙන ගොසින් මහණ කොට ලි. සංඝාව ‍ගේ භාවනාව නම් “අග්රවබෝධි” යනු ම වී. ඇය හට ඵල ප්රා ප්තිය නම් පෙම් වතුන් සමීප ගතවීම ම ය.

සංඝාවන් ගෙන පලා යෑමට සුදුසු ප්ර ස්ථාවක් බලමින් සිටි අග්ර බෝධි කුමරුනට කාලය පැමි‍ණියේ ය. හෙතෙම මඳකුදු පමා නො වී. වහාම‍ මෙහෙණ වරට පැමිණි අග්රමබෝධි තෙම රාත්රිර යෙහි සංඝාව සංගා ගෙන රුහුණු ගියේ ය. මේ කාරනය සැල වූ වහාම (6) අග්ර‍බෝධි රජ තෙමේ දියැණියන ගේ සුරතල් විලාප බස් හි පමණ දති. උපරාජයා ගෙන් දඬුවම් ලැබීමට හේතුව ද මේ ම විය යුත් යැ’යි දත් රජ තෙමේ සංඝාවන් සොරා සඟවා ගෙන ගිය අග්රමබෝධි කුමාරයන් ඇල්වීමට උපරාජ අග්රේබෝධි කුමාරයන් ද කැඳවා ගෙන රුහුණු ගියේ ය. උපරාජ අග්රවබෝධි තෙමේ රජු නවතා භට සේනාවන් ගෙන සොරා සැඟැවී සිටි පෑළදිග කඳු නැංගේ ය. එහි දී බෑන අග්රනබෝධි තෙමේ හසු ව හිස් සිඳුනු ලදී. සංඝාවෝ නැවතත් උපරාජයනට භාර්යා වූ. ඉන් පසු ඕ තොමෝ සුවිනීත භාරයාවක මෙන් අඟවා කල් ගෙවූ. අභාග්ය වත් සංඝාව ගේ ප්ර ථම අදහස නිෂ්ඵල වී. උප රාජයන ගේ හා මහා රාජයන ‍ගේ ත් භේදයක් මින් පසු ඇති නො වී. අඹු සැමි දෙදෙන ද සමගි සතුටින් සිටියහ.

සතළිස් වසක් සාමයෙන් රට පාලනය කළ (6) අක්බෝ රජ තෙමේ මෙළේ ය. ඉන් පසු රට පාලනය උප රාජව සිටි මහේන්ද්රක ආදි පාද පුත්රද (7) අක්බෝ රජහට අත් වී. හෙතෙම මුත්තණුවන් නමින් මහේන්ද්රබ යැ’යි ප්රසකට වනූ ස්වකීය පුත්රඅයා හට උප රාජ පදෙවිය දෙවී. “රට වාසින් ගේ හිත පිණිස කවර කවර පැලෑටි වර්ග වේද?” යනු දැන කටයුතු සලසනු කැමැති වූ මේ රජ තෙම ඕෂධී විද්‍යාව මැනවින් හැදෑරී. උහු ගේ පාලනය අචල වූ නීත්යාරනුකූල වූ නො ම ලිහිල් ව්යවවස්ථාවන් ගෙන් වී. එහෙයින් රට වැසියෝ සෘජු ව කටයුතු කිරීමෙහි පුරුදු වූ. එසේ වුව ද උහු ගේ පාලනය සය වසෙකින් කෙළවර වී. රජුට පළමු ව උහු පුත් මහේන්ද්ර කුමරුන් මළ හෙයින් මෙ විට රාජ්යව පාලනය කවරකු හට අත් විය යුතු ද යනු විනිශ්චය කටයුතු වී. 7 වැනි අක්බෝ රජු ගේ පුත්ර්යන් ජීවත් ව සිටියත් උහු ගේ මරණින් පසු සිංහල නීතියේ ප්රජකාරය ට රාජයය ඔවුන ට පළමු (6) අක්බෝ රජු ගේ







(59)

පුත්ර9යන ට හිමිවිය යුතු වේ. (6) අක්බෝ රජු ගේ පුත්රඅයෙක් එ රජු ගෙන් සේනාපති තනතුරු ලැබ සිටියේ (7) අක්බෝ රජුට රට පාලනය අත් වූ පසු උහු යටතේ සේනාපති ව සිටින්ට නො කැමැති ව රජු ගෙන් කිසි කිරායයකට ලබන ලද අවසර ඇති ව මහතොටට පැමිණ එහි වීසි. මුහුට උපරාජ ‍පදෙවියක් හෝ ආදි පාද පදෙවියක් හෝ නො පැවැරීමෙන් පෙනි යනනේ ප්රකධාන මෙහෙසියක ගෙන් උපන් පුත්රයයකු නුවූ බවය. එසේ වුවත් දැන් නම් රාජ්යකයට ඉතා ම ළඟ උරුමය ඇත්තේ උහුට ය. මහේන්ද්ර. නමින් ම ප්ර්කට වූ හෙතෙම සුලු පියා පොලොන්නරුවේ මාලිගයෙහි දී මළ පවත් අසා රාජ්ය යේ වියවුල් හට ගැනීම නියත බව දැන වහා අනුරාධ පුරයට පැමිණිමට පිටත් වී. එකල්හිම උත්තර දේශයෙහි ජනනායකයෝ එක්ව එ පෙදෙස පෙරැළි කොට රජ රට රාජයා හට අය නො දී අප රාධීන ව වසනට නියම කොට ගත්හ...... මහේන්ද්රය තෙමේ වහා ඔවුන් පරදවා කැරැලි කරුවන් ද අල්වා දඬුවම් දීමෙන් උත්තර දේශය නිරවුල් කොට පොලොන්නරුවට පැමිණියේ ය. හෙතෙම සිය පියා ගේ දූ වූ මළ රජු ගේ මෙහෙසිය දැක එක් ව දුක් ව හඬා වැලැප ඇය සනසා “දුක් නො වනු මැනැව රජු මෙළේ යැ’යි මම මුළු රට නිරවුල් කොට ආරක්ෂා කෙරෙමි. හිමියා නමින් රට පාලනය කළ මැනැවැ”යි පැවැසි මෙතෙක් කල් සිතූ කිසිවක් එලෙස ට කොට ගැන්මට ඉඩ නොලත් සංඝාවෝ “මෙවිට වත් සිත් සේ විනෝද සුවයක් ලබමි” යි සිතා සිටියහ. එබඳු විටෙත රට පාලනයෙහි මහේන්ද්රස යකු ගේ මැදිහත්වීම උපකාර පිණිස වුවත් ඇය හට නො රිසි වේ ම ය. එහෙයින් ඕ තොමෝ “මුහු හිස සිඳලමි”යි යට සිත්හි කොට ගෙන උහු ගේ ප්රමකාහයට එකඟ වූ විලසක් මියෙන් නො බැණ සිටීමෙන් දැක් වූ. ඇය ගේ පළමු තතු දන්නා මහේන්ද්රටයනට ඇයු මුහණේ විලාශය සිත් නො ගති. එහෙයින් පරීක්ෂා කාරී වු උහු ට කාරනය පැහැදිලි ව පෙනී ගියේ ය. එහෙයින් මහේන්ද්රප තෙම වහා ම ඇය තමන් භාරයට ගෙන කුමන්ත්රයණ කාරයන් පලවා හැරියේය. සතුරන් පැලෑ පසු මහේන්ද්රන තෙමේ මෙහෙසිය විලංගු ගන්වා රථයෙක්හි නංවා මහා නගරයට ගෙන ගියේය.

සිලා මේඝ (3) අග්ර්බෝධි රජු ගේ සොහොවුරියක පුත්රෙයෙක් මෙකල්හි කලා වෑ පෙදෙස්හි විසී. දප්පුල නමින් ප්රරකට වූ හෙතෙම ආදි පාද නමක් ද ලැබ සිටියේ ය. විශාල භට පිරිසක් ඇති ව සිටි දප්පුල ආදි පාද තෙමේ සෑහෙන පමණ බලවතෙක් වී. විවාද රහිත ව රාජ්ය්යට උරුම පානට ප්ර ථම රාජයනගේ පුත්රියන් නු වූ හෙයින් අවැස්ස මයිලණුවන් දෙදෙන ගේ රාජ්යයය තම හට අන්







(60)

සියල්ලනට ම වඩා හිමි යැ’යි සැලැකි. ඇවැස්ස මයිලණුවන් ගේ දූ හෙයින් සංඝාවෝ දස උහුට ජන්මයෙන් ම හිමි වූ. එහෙයින් දප්පුල ආදි පාද තෙමේ කලා වෑ ප්ර දේශයෙන් විශාල භට සේනඟක් රැස් කොට ගෙන අනුරාධ පුරය ගන්නට පැමිණි යේ ය. ඇවැස්ස නැන්දණිය ගේ පුත්රනයාට සංඝාවෝ ද වඩා කැමැති වූ. මේ වනාහි ඇය හට කිසි කළෙකත් සංසිඳුවා ගන්නට නො ලැබුණා වු දොළෙකි. දෙවරක් ම මේ දොළ සංසිඳුවා ගැන්ම ඇය හට වැරැද ගියේ ය. දප්පුලයන් සටනට එන බව දත් මහේන්ද්රස තෙමේ සංඝාව මාලිගයේ හිඳුවා යෑමට සැක ඇත්තේ ඇය ද ආරක්ෂා සහිත ව ගෙන සටනට නික්ම ගියේ ය. සංග ග්රාකමයෙහි දී දෙපක්ෂයේ සේනාවෝ හමු ව බිහිසුණු සටන් කළහ. දප්පුල ආදි පාද තෙමේ සිය සේනාවන් පරාජිත වන බව දැක පලා ගියේ ය. මහා නගරයෙහි පාලකයකු නො සිටි බව දත් ද්රජවිඩ යන ගෙන් ගැවැසි උත්තර දේශයේ නායකයෝ එක් වී ගෙන වහා පැමිණ නගරය අත්කොට ගතු. සංගග්රාතමයෙහි ජය ගෙන සිටි මහේන්ද්රහ තෙමේ ඒ අසා වහා එහි ගියේය. ආදියෙහි සිට ම සේනාපතියකු වශයෙන් ප්රසකට කීර්ති ඇති මහේන්ද්රා තෙමේ උත්තර දේශීය නායකයන් මැඬ නගරය ගෙන රජ වශයනේ ප්ර්කට වී.

සංග ග්රාඋමයෙහි සටනින් පරාජිත ව පලා ගොස් මලය දේශ ගත ව සිටි ආදි පාද දප්පුල තෙමේ මහේන්ද්රසයන් රජතන් පත් වූ බව අසා ඒ ඉවසිය ‍හැකිව රුහුණු පෙදෙසේ සිටි සිය සොහොවුරිය ගේ පුත්ර යන් දෙදෙනකු දු කැඳවා ගෙන රෝහන භටයන් ගෙන් හා මලය දේශ වැස්සන ගෙන් යුත් විශාල සෙනඟක් අනුරාධ පුරය ගැන්මය මෙහෙය වා ලි. රුහුණේ ආදි පාද යෝ ද සිය මයිලණූවන් ගෙන් පසු රජ බව ලැබීමට බලාපොරොත්තු ඇති ව ඇවැස්ස බෑනන ගේ හිමිකම් රැකීමට සටනට පැමිණියහ. රුහුණු භට හමුදාවෝ ද මලය දේශීය භටයෝ ද අනුරාධ පුරය වටලා ගතු. දක්ෂ මහා භට සේනාවන් නගරය වටලා ගෙන සිටිනු දත් මහා සේනාධිපති (2) මහේන්ද්ර රජු ගේ සිත ද මඳක් පසු බට වී. හෙතෙම ස්වකීය සේනාපතියන ගේ අදහස් විමැසීමට අදහස් කොට “ආදි පාදයෝ තිදෙනෙක් මහා බල සේනාවන් ගෙන අවුත් නගරය වටලා සිටිති. මෙවිට කුම් කෙරෙම්දැ”යි සෙනෙවියනට පැවැසී. ඒ ඇසු සේනාපතීහු සටන් කිරීමෙහි කැමැත්ත ප්රලකාශ කළහ. සිය සේනාපතියන් විශ්වාස කට යුත්තන් බව නිසැකව දත් මහේන්ද්ර රජ තෙමේ ධෛර්ය වත් ව රාත්රි යෙහි භට හමුදාවන් පිළියෙල කරවා අලුයම් වේලේ උන් සටනට මොහයවමින් නගරයෙන් පිටත් වී. මහේන්ද්රර පක්ෂයෙහි භට







(61)

යෝ මෙහිදි එඩිතර ව සටන් කළහ. ආදි පාදයන ගේ සේනාවෝ ඒ ඒ අත බිඳී පලා ගියහ. සතුරන් නොයෙක් දෙස පැතිර ගිය බව දුටු මහේන්ද්රඅ තෙමේ සිවකීය සේනාවන් එක් තැනෙක්හි රැස් කරවා උන් හට මඳක් විවේක දෙනු පිණිස සටන් නැවැත් වී. තම හට පරාජය අත්වන බව දුටු දප්පුල ආදී පාද තෙමේ නො මළ භටයන් හා එක්ව රුහුණට පලා ගියේ ය. රුහුණු දෙසින් පැමිණ සිටි දප්පුල බෑනන් වූ ආදි පාදයෝ දෙදෙන මහේන්ද්ර. රජහට හසු ව නගරයට ගෙන යන ලදහ. නගරාසන්නයෙහි සටනින් ජයගත් මහේන්ද්ර් රජ තෙමේ ඒ ඒ අත බිඳී පලා ගිය සතුරු සේනාවන් මැඬ රට නිරවුල් කරනු පිණිස සියසෙන් යැවී. ඌ තුමු පළමු ව පෙරදිගු පෙදෙස් නතු කොට සතුරන් නසා පසු ව උත්තර දේශයට පැමිණ එහි දු සතුරු වූ වන් විනාශ කොට විශාල ජනකායයත් තමන් හට යටත් කොට ගත්හ. මහේන්ද්ර තෙමේ උන් සියල්ලනට ම වඩා සංඝාවන් කෙරේ සැක ඇති ව විසි. ඇය මැරැවීම ද උහු ට නො රිසිය. නිදහස් කොට හැරීම ද අන්තරාය දායක බව දති. එහෙයින් හෙතෙමෙ ඇය මෙහෙසි බැව් හි අභිෂේක කැරැවී. ඇවැස්ස නැන්දණි කෙ‍නෙකුන් ගේ පුතකු පුරුෂයා වශයෙන් ලැබීමේ ඇති වූ දොළ කිසි කලෙකත් සංඝාවනට ‍සංදිඳුවා නො ගත හැකි වී. මේ අභාග්යදවත් ස්ත්රිඝ තොමෝ නො කැමැති පුරුෂයනගෙන් ම භාර්යා තනතුරු ලදු. ඕ තොමෝ මහේන්ද්ර්යනට දා කොට පුතකු වැදූ. රජ තෙම ඇය ගෙන් ලත් පුත්රතයා හට උපරාජ තනතුරු දි අභිෂේක කැරැවී. තමන ට දා කොට පුතකු වැදු වත් රජ තෙමේ ඇය කෙරේ ඉපැද් වූ සැකය නම් නො හළේ ම ය.

(2) මහේන්ද්ර යන ට සංඝාව ගෙන් පුත්රදයකු උපන් බව ද ඒ පුත්රකයා උප රජු වශයෙන් අභිෂෞකය ලත් බව ද ඇසු ප්රාරචීන දේශ පලා ගොස් සිටි දප්පුලයන ගේ සොහොවුරෝ වූ. මළ රාජයන ගේ ඇවැස්ස බෑන වූ මේ කුමරුවෝ මහේන්ද්රප යන ගෙන් පසු ව හෝ තමන ට රාජ්යයයේ උරුමය අත්වේ යැ’යි සිතා සිටියහ. දැන් සංඝාව ගෙන් ලත් පුත්රමයා හට උප රාජ පදෙවිය පැවැරීමෙන් තමන ගේ බලාපොරොත්තු සුන් වන බව ඌ දත්හ. එහෙයින් ඌ දෙදෙන ප්රාතචීන දේශයෙන් භටයන් රැස් කොට රුහුණු දේශයට පලා ගොස් වුසු දප්පුල යනු ද ගෙන්වා ගෙන අනුරාධ පුරය බලා නික්ම ගතු. විශාල ධන රැසක් හා භට පිරිසක් සපයා ගත් ආදි පාදයෝ තිදෙන ක්ර මයෙන් අවුත් මාවිලි නදී තීරයෙහි කඳුවුර බැඳ ගත්හ. ආදි පාදයන් සටනට එන බව ඇසු ඇසිල්ලෙහි ම මහේන්ද්ර යන ගේ සිත රාජ්ය විප්ලවයෙහි සැරැසි සිටින








(62)

නායකයන් වෙත යොමු වී. තමන් නගරයෙන් පිට ව සටන ට නික්මුණු විට ප්ර ථම වාරයෙහි සෙයින් ඔවුන් මහා සම බිමේ පෙරැළි උපද වන බව දත් රජ තෙමේ පළමුවෙන් උන් මැඬ ලීම වඩා නුවණට හුරු බව සිතී. එහෙයින් හෙතෙම ජනපද නායක යන් කිසියම් කටයුත්තක් ඇති සේ හඟවා උපා බසින් තමන් වෙත ගෙන් වී. තමන් වෙත පත් ජනපද නායකයන් මෘදු බසින් රජ තෙම තම හට විශ්වාස ඇත්තවුන් බවට පත් කෙළේය. එසේ නො හැකි වූ සමහරෙක් සිර කොට ලන ලදහ. කිසිවෙක් මරවන ලදහ. ඉන් පසු කළ මනා සියල්ල විධාන කොට නගරය ආරක්ෂාවට භටයන් සිටුවා තෙමේ සටනට සේනාවක් මෙහෙයවමින් නගරයෙන් පිටත් වී. ඒ ගමනෙහි දු මෙහෙසිය තමන් හා කැඳවා ගෙන යෑම මහේන්ද්රර තෙමේ අමතක නො කෙළේය. මේ කාලයෙහි මහේනද්රහ රජු සේනාපති ව සිටිය දී ලත් පුත්රනයෙක් සටන්හි දක්ෂ තාවයෙන් බොහෝ ප්රයකටව විසි. දප්පුලයන් හා උහු බෑන ආදි පාදයන් අනුරාධ පුරය වටලා ගත් අවස්ථා‍වයේ දී කරන ලද සටනින් ලත් ජය නිසා විශේශයෙන් ප්රටකට වූ හෙතෙම පිය රජු ගේ සිත ද දිනාගති. මහේන්ද්ර රජ තෙම උදය නම් වු ඒ පුත්ර්යා හට සේනාපති පදෙවිය දෙවී. මාවිලි ගංඉවුරට සොහොවුරු ආදි පාදයන් පැමිණි විට රජු සටනට පිටත් ව ස්වකීය පුත්ර යා වූ එම සේනාපති උදයයන් ද කැඳැ වී. ඌ සියල්ලෝම ගොස් මහුම්මාර නම් ගම්හි කඳවුරු බැඳ ගත්හ. ඒ දත් ආදි පාදයෝ සිය සෙන් එහි මෙහෙයැ වූ. කෝවිලාර නම් ගම්දී හමුවු දෙපක්ෂයේ ම භටයෝ ඉතා බිහිසුණු සටන් කළහ. අනුරාධ පුර සටනෙහි දි ද උත්තර දේශ විප්ලවයෙහි දී ද තම හට පරාජය අත් කොට දුන් උදය සේනාපතියන් දුට දප්පුල ආදි පාද තෙමේ ක්රෝ ධයෙන් දිලිහී අහු මරනට සිය ඇතු මෙහෙයැවී. උදය තෙමේ ද තම ඇතු ලවා උහු ඇතු පසු බැස්වී. මඳ වේලෙකින් ආදි පාදයන ගේ සේනාවෝ පසු බසින්ට වන්හ. සොහොවුරු ආදි පාදයෝ දෙදෙන සටනෙහි මළහ. දප්පුල තෙමේ පෙරලා රුහුණු පැලෑත සටනින් ලත් ජයෙහි තුටු වූ රජ තෙමේ සෙනවි උදයයන ට උපරාජ පදවියෙන් සංග්රණහ කෙළේය.

මෙතෙකින් දප්පුල තෙමේ අධෛර්යවත් නො වී. නො පසු බස්නා නොමැ‍ඬෙනා සුලු ධෛර්ය ඇති හෙතෙම රාජ්යෙය සඳහා සටන් කිරීම අනුන් ‍ෙබලෙන් පැහැර ගත් තම හට හිමි දැයක් පෙරලා ලබා ගනු සඳහා සටන් කිරීමක් ලෙස සැලැකි. මයිලණුවන් ගේ රාජ්යැය නියතයෙන් හිමි තමනටය යන අදහස උහු ගේ සිත්හි නො මැකෙන සේ සටහන් වූවකි. එහෙයින් හෙතෙම








(63)

“තමහට අයත් යැ’යි සිතූ රාජ්යිය ද භාර්යාවන් ද බෙලෙන් ගත්තහු ශෙන් පෙරලා පැහැර ගනිමැ’යි සනිටුහන් කොට ගෙන රුහුණු භටයන් රැස් කරවන්ට පටන් ගති. මෙය මහේන්ද්ර් රජුට මහත් කරදරයක් වී. උහු ගේ උත්සාහය එක් අතකෙන් එළාර සටනෙකි. තවත් අතෙකින් රාමරාවණා සටනෙකි. තමනට හෝ තම දරු මුනුබුරනට හෝ සැනැසිමෙන් රට පාලනය කිරීමට අවකාශ නො ලැබෙන සේ මහා අරගල පඬ්ක්තියක් මින් ඇති වන බව සැලැකූ හෙතෙම මේ ප්ර ශ්නය විසඳා අවසාන කිරිමට අදහස් කෙළේය. එහෙයින් හෙතෙම පූර්ව චරිතානුකූල යුක්ති ධර්ම න්‍ා අයයෙහි දු දේශපාලන ධර්මයන්හි දු හසල බුද්ධි ඇති ගිහි පැවිදි දෙපක්ෂයේ ම වැඩි හිටියන් ස්තූපාරාමයෙහි රැස් කරවා දප්පුලයන ගෙන් පැමිණෙන කරදරය හා එයට හේතුව ද ප්රමකාශ කෙළේ ය. තමනට රට පාලනය අත්වීම පූර්ව චරාතානුගත ව එන යුක්ති ධර්මයට නො එකඟ නම් ‍ඒ අත්හැර දැමීම හෝ එකඟ නම් දප්පුලයන ට මතු මෙබඳු කරදර ඇති කිරිමට ඉඩ නො තබා අහු මැඬලිමට රුහුණු යඍම හෝ අනුශාසක මණ්ඩලයෙන් තීරණය කරවාගත යුතු වී. මෙ දෙකින් එකක් නම් කළ යුතුම යැ’යි හෝ අනුශාසකයනට දැන්වී. වැඩි හිටියෝ දප්පුලයන් මැඬලීමෙහි රුහුණු යෑම ම අනුමත කළහ. එසේ වුව ද දප්පුලයන ගේ ප්රපකාශයත් කරුණු රහිත නො වන බව ඌ දති. භික්ෂූන් වහන්සේ ගේ ද ගිහි ප්ර්භූන් ගේ ද ඒකච්ඡන්දයෙන් දප්පුලයන් මැඬීමෙහි රුහුණු ගමන ස්ථිර වූ හෙයින් රජ තෙම රටවැසියන ගේ සම්පූර්ණ සාහාය්යමය ලැබ ඒ පිණිස මහා බල සේනාවන් සැපැයී. විශාල භට සේනාවන් සපයා ගත් රජ තෙම දක්ෂිණ දේශය ඔස්සේ රුහුණු ප්රැදේශය බලා යනු යේ මාරගල්ලේ1 කඳවුරු බැඳ ගති. මඳක් එහි නැවති සිටි රජ තෙම ඉදිරියේ පෙදෙස් පාළු කෙරෙමින් පැල දිගු කඳු නැඟී රුහුණු පෙදෙස ට පැමිණියේ ය. දප්පුල තෙමේ තමහට බල මඳ බව දත්තේ සාමයට කැමැති වී. එහෙයින් රජ තෙම උහු ගෙන් අලාභය පිනිස ධනය ගෙන මතුවට කරදර නො කරන ලෙසට පිළින ගන්වා උහුට ගඟින් එතෙර පෙදෙස භාර කොට දී පෙරලා අනුරාධ පුරයට පැමිණියේය. ඉන් පසු දප්පුලයනගෙන් රජහට පීඩාවෙක් නො ඇති වී. විසි වසක් රට පාලනයෙහි නියුක්ත වී සිටි (2) මහේන්ද්රි රජ තෙම මෙළේය. සංඝාව කුසින් උපන් උපරාජ පදවියෙහි දු අභිෂේක ලත් යුවරාජ තෙමේ මහේන්ද්ර. රජුට පූර්වයෙහි ම මෙළේය. මෙවකට ඉතිරි ව සිටියේ මහේන්ද්රහ රජු සේනාපති ව සිටිය දී ලත් උදය නම්


1. අටකලන් කෝරළයේ මැදපත්තුවේ








(64)

පුත්ර4යා ය. අනුරාධ පුර සටනින් පසු සේනාපති පදෙවිය ද මහුම් මාරගම සටනින් පසු උපරාජ පදෙවිය ද ලත් හෙතෙම පියා සේම දක්ෂ සටන් කරුවෙක් වී.

(2) මහේන්ද්රෙ රජු ගේ අභාවයෙන් පසු (1) උදය තෙමේ රජ වී1. මුහු ගේ බොහෝ දූ පුත්හු වූ. වැඩි මහලු පුත්රායාහ ට යුව රාජ පදෙවිය ද සෙසු පුත්රජයනට ආදි පාද තනතුරුදු දුන් රජ තෙමේ දියැණියනට “මහේෂී” යන ගරු නාමය දෙවා අභිෂේක කැරැවි. මුහු ‍ ගේ රට පාලනයට නොයෙක් බාධාවෝ ඇති වූ. ද්රමවිඩයන ගෙන් ගහන වූ උත්තර දේශ සීමාව බද පියෙස (2) මහේන්ද්රට රජු ගේ කාලයෙහි සිට ම රාජ්ය විප්ලව වාදින්‍ ගෙන් ගහන වි. (1) උදය රජ වරින්වර ඒ ඒ නගරයන්හි වාසයට යෑමට පුරුදු ව සිටි බව පෙනේ. මෙසේ රජු මණිහීර නම් පෙදෙසෙහි කිසියම් කටයුත්තෙක යෙදි සිටින කල්හි උත්තර දේශ සිමාව බද පෙදෙස් වැස්සෝ කැරැලි නැගූ. පෙරැළි කාරයන් මැඬ සාමය ඇති කරනු පිණිස රජ තෙමේ ස්වකීය පුත්රියා හා සේනාපතියා එහි යැවි. පෙරැළී වලකන්නට ගිය සෙනෙවියා ද රාජ පුත්රියා ද පෙරැලි කරැවන ගේ ප්ර යෝගයෙන් රැවටි උන් බසට නැමි එපෙදෙන නතු කොට ගෙන රාජයා ගෙන් අපරාධීන ව වසනට අදහස් කළහ. මේ පුවත ඇසු රජ තෙම අතිශයින් කිපී වහා ම උත්තර දේශයට ගියේ ය. එහි පැමිණි පසු හෙතෙම දුරතිස් වැව අසල් පියෙසෙක්හි දී පුත්රඋයා හා සෙනෙවියා මරවා එපෙදෙස නතු කොට ගති. උත්තර දේශයේ වියවුල් සංසිඳැ වූ පසු රජ තෙමේ මඳ කාලයක් ගත කිරීම සඳහා පොලොන්නරුවට ගියේය.



1. මාහ වංශකාරයෝ මුහු ගේ නාමය නො දැක්වූ. එහෙයින් අන්ය සිංහල ග්රමන්ථයන්හි සඳහන් වන කරුණු නොවිමැසිමෙන් මහා වංශය සිංහලයට පරිවර්තනය කළාහු යම් කිසි කරුණු මාත්රවයෙකින් මුළා ව ගෙන මුහු ගේ නාමය “දප්පුලයැ” යි සඳහන් කළහ. ඒ අනුව ග්රණන්ථ සම්පාදනයෙහි නියුක්ත වූ නවීන ඉතිහාස කාරයෝ ද වැඩිදුර කිසිවක් පරීක්ෂා නො කොට දප්පුල යන නාමය ම යෙදූ. පුජාවලි කාරයෝ ද පූජාවලී රාජ රත්නාකර, නිකාය සංග්ර හ යන ග්රයන්ථයන් කළාහු ද එක සේ ම “උදා” රජ යැ’යි පවසති. මහා වංශකාරයන් නාමය නො පැවැසුව ද එවුන ගේ යම් යම් ප්ර කාශයන් අනුව “උදය” යන නමින් මේ රජු ප්රයකට වූ බව දැනගත හැකි වේ. මේ තෙම මහේන්ද්රව රජු ගෙන් සේනාපති පදෙවියක් ද උපරාජ පදෙවිය ද ලැබ සිටියා වූ එ රජු, සේනාපති කල උපන් පුත්‍රයාය. හුමු ගේ නාමය මහා වංශකාරයන් ඉඳුරා නො දක්වන හෙයින් මඳකට “නිර්නාමික” රාජයා නමින් හඳුනමු. මේ නිර්නාමික රාජයා ගෙන් පසු රජ වූයේ තෙවැනි මහේන්ද්රි තෙමේ ය. හේ නිර්නාමික රාජයා ගේ පුත්රියෙකි. උහු ගෙන් පසු අටවැනි අග්ර්බෝධි තෙමේ රජ වී. පූර්ව රාජ යනට උහු ගේ පැවැති නැ කමෙක් නො දැක්වේ. එසේ වුවත් සිය මුත්තණුවන්






(65)

මේ කාලයේදී රෝහණ දේශ පාලකයෝ ද කරදරයට පත්ව සිටියහ.


රුහුණේ අවුල්


ලැබීමට අනුරාධ පුරයට පැමිණියේය. උහු පවත් අසා පැහැදි ගිය සිත් ඇති (1) අදය රජ තෙමේ දේවා නම් සිය දියැණියන් උහු ට පාවා දී රෝහණ පෙදෙස යටත් කොට ගැනීමට භට සේනාවනු දු දෙවී. එයින් බලවත් වූ මහේන්ද්ර් තෙමේ පියා පරදවා ලී. පරාජය වූ රෝහණ පාලක තෙමේ දේශ ගත වී. එවිට රෝහණ නාථයා වූයේ සිය දියැණියන් පාවාගත් මහේන්ද්රූ යන්ම හෙයින් (1) උදය රාජයා හට රුහුණු රටින් ද කරදර නො ඇති වී. එහෙයින් උහු ට රට පාලනය මැනැවින් කිරීමට අවකාශ ඇති වී. රටේ යහපත සඳහා සෑහෙන පමණ කටයුතු කළ මේ රජ තෙමේ මතු ඇතිවන්නවුන් ගේ යහපත සඳහා තමන ගේ විනිශ්චයයන් පිළිබඳ ව්යාවස්ථාවන්හි ග්රයන්ථයක් මැනැවින් පිළියෙළ කර ලියවා සතුරු වියවුලින් නො නැසෙනුවට රජගෙයි තැබ්බ වී. රටේ අන්ධයන ට හා පිවනට නිවාස - මහජනයා ගේ ප්රවයෝජනය සඳහා ගිමන් හල් ආදිය කැරැ වී. ඒ ඒ තැන ආරෝග්යු ශාලා තැනැ වී. මේ කාලයේදී පොළොන්නරු නගරයේ


පිහිටුවා ලු. පිලිමයක් පිළිබඳ උහු ගේ පූ‍ජෝත්සවයක් මහා වංශකාරයෝ සදහන් කෙරෙති. (ම:ව: XLIX 44) මේ පිළිමය නම් දෙවනු මහේන්ද්ර‍ කැරැ වූ රන් පිළිමය වේ. (ම:ව: XLVIII. 137). එහෙයින් අටවැනි අග්රකබෝධි තෙමේ දෙවැනි මහේන්ද්රව මහේන්ද්රර රජු ගේ මුනුබුරෙකි. එසේ නම් “නිර්නාමික” රාජයාගේ පුත්රේයෙකි. තෙවැනි මහේන්ද්රි රජුගේ සොහොවුරෙකි. අට වැනි අග්රනබෝධි රජ නිර්නාමික රාජයා ගේ පුත්රයයකු බව මින් සැක රහිතව දත හැක‍. අට වැනි අක්බෝ රජ සිය පියා ගේ හා තමන් ගේ නමත් උදයග්ග බෝධි පිරිවෙන කැරැ වූ බ්වැ මහා වංශකාරයෝ කියති. (ම:ව: XLIX 45) එහෙයින් අටවෙනි අක්බෝ රජු ගේ ද තෙවැනි මිහිඳු රජුගේ ද පියා වූත් දෙවැනි මහේන්ද්ර රජු ගේ පුත්රබයා වූත් නිර්නාමික රාජයාගේ නාමය “උදය” බව පැහැදිලි ව පෙනේ. මහාවංහ පරිවර්තකයෝ කවර කරුණක් නිසා මුහු ගේ නාමය දප්පුලයැ’යි සඳහන් කළාහුද? මේ නිර්නාමික රජු “දප්පුල පබ්බත, විහාරයක් කැරැවූ බවක් මහා වංශකාරයෝ කියති. (ම:ව: XLIX 30) පළමුවැනි සේන රාජයා දප්පුල රජු සමයෙහි ඇරැඹුණු “දප්පුල පබ්බත” යක් නොනිම වි පැවැති බව දැක නිම වූ බව අන්තැනෙක්හි දී මහාවංශකාරයෝ සඳහන් කළහ. (ම:ව: L 80) එහෙයින් නිර්නාමික රාජයා මේ සඳහන් දප්පුල යැ’යි සිතීමෙන් මහාවංශ පරිවර්තකයන් ඒ නාමය යෙදූ බව පෙනේ. මේ පිහිට රහිත සාක්ෂියකි. නිර්නාමික රාජයා කෙළේ දප්පුල පබ්බත විහාරයක් නොව අවාසායකි. අම්බුස්යාන විහාරයෙහි වූ ඒ ආවාසයේ ඇරැඹීමක් නොව නිමවා පිදිමක් ය. එහි සඳහන් වූයේ පළමුවන සේනයන් නිමවුයේ දප්පුල රාජයකු දවස මහා දේවයකු ඇරැඹි ගොඩනැගිල්ලකි. මේ දප්පුල රජු නම් දෙවැනි දප්පුල තෙමේය (ම:ව: XLIX 65)




(66)

දියුණුව ක්රිමයෙන් වැඩි ගියේ ය. එහිදු රජ තෙමේ ආරෝග්යම ශාලාවක් තැනැ වී. කුලවත් වැන්දඹු ස්ත්රීමන් හට ආභරණ ආදිය දෙ වී. රාත්රිි භෝජනයෙන් උන් සංග්ර හ කර වී. මේ ආකාර යහපත් කටයුතු කිරීමට පටන් ගත් (1) උදය රජු ගේ රට පාලනය පස්වසෙකින් කෙළවර වී. ඉන්පසු සිවු වසක් රට පාලනය කෙළේ උහුගේ පුත්රෙ (3) මහේන්ද රාජයා ය. පින්කම් හි යෙදී සිටි හෙතෙම ධාර්මික සිලාමේඝ යන නමින් ප්රරකට වී.1 (3) මහේන්ද්රක යනගෙන් පසු උහු ගේ සොහොවුරු (8) අග්රරබෝධි තෙමේ රජ වී. විශේෂයෙන් ශිලරක්ෂණයෙන් කල් ගෙවීමට අදහස් කළ මෙම රාජයෝ පින්කම් කිරීමෙහි ම බෙහෙවින් කාලය ගෙවූ. මේ රුජුගේ ධාර්මික බව ප්රිකාශ කරන මහාවංශකාරායෝ පොහෝ දිනයෙහි මත්ස්යය මාංශ මත්පැන් ආදිය රජ ගෙට ගැන්ම තහනම් කළ බව ද මාතෲපස්ථානයෙහි බෙහෙවින් ලැදිව සිටි බව ද කියති.

එකළොස් වසෙකින් (8) අක්බෝ රජු ගේ රට පාලනය අවසන් වූ පසු උහු බාල ‍‍

රුහුණේ අරගල

යන ගේ භාර්යාවෝ (1) උදය රාජයාගේ දූ වූ දේවා කුමරියෝ ය. එහෙයින් ඕ (2) දප්පුල යනගේ සොහොවිරියක් වූ. මහේන්ද්රදයන ගේ පුත්රසයෝ උහු සේ ම පියා හා භෙදව ගතු. පියහට බලය වැඩි වූ හෙයින් පුත්ර යෝ තමනට ඇවැස්ස මයිල් වූ අනුරාධපුරයෙහි (2) දප්පුල රජු වෙත පැමිණිය හ. දප්පුල රජ තෙමේ බෑනනට උපකාරි ව භටයනගෙන් සංග්රහහ කර වී. මයිලණුවන් දුන් භටසේනාවන් ගෙන පියා හා සටනට ගොස් නැවත්ත ඌ පරාජිත ව පෙරලා අනුරාධපුයට පැමිණ මයිල් රජු සමීපයෙහි සිටියහ. මඳකලෙකින් රුහුණේ මහේන්ද්රල තෙමේ නැයකු විසින් සටනෙහි නසන ලදී. ජයගත් නැ තෙමේ ද සටන් බිම්හිදී ම නැසිණි. අනුරාධපුරයෝ වුසු මහේන්ද්ර පුත්රමයනට මේ සුදුසු කල් වී. දප්පුල රජ තෙම් මේ වර උන් ගෙන් වැඩිමහලු කීර්ති අග්රයබෝධි කුමරා හට රුහුණු ගන්නට භටසේනා‍වක් භාරදී බිසෝකමට දේවා නම් සිය දියැණියන් ද පාවාදිනි. කීර්ති අග්රනබෝධි තෙමේ ද දප්පුල නම් සිය මලු දප්පුල මයිල් රජු සමීපයෙහි සිටිය දී තෙමේ සේනාවන් කැටිව ගොස් රුහුණු පෙදෙස නතු කොට ගෙන එහි පාලකයා වි. එහෙයින් (2) දප්පුල රජහට ද රුහුණු පාලකයන



1. පූජාවලි කාරයෝ ද රාජාවලි කාරයෝ ද “හැලිගැරැවිල් ඉස්කැමිහිදු නමින් මේ රජු සඳහන් කෙරෙති. නිකාය සංග්රහහ කාරයෝ සෝමිහිඳුයැ’යි යෙති.





(67)

ගෙන් පීඩාවෙක් නො ඇති වී. ‍දහසය වසක් රට පාලනයෙහි නියුක්ත වූ (2) දප්පුල රජු ගෙන් රටේ දියුණුව සඳහා සෑහෙන පමණ කටයුතු සම්පූර්ණ වූ බවක් නො පෙනේ. පැරැණි වැවක් පිරියම් කොට ගැනීම ද මේ කාලයේ දී ඉතා බරපතළ වැඩක් යශයෙන් සලකන ලද බව පෙනේ. පුරාතනයන් බැඳැ වූ දහස් ගණන් වැව් රටේ ප්රශයෝජනයට පැවැති හෙයින් එට පිරිහෙන බවක් මෙකල්හි දු ඉඳුරා නො පෙනිණි.

රටේ දියුණුව ගැන පමණක් නොව සාමය ගැන ද (2) දප්පුල රජ තෙමේ නො සැලැ කී. ආත්මාර්ථය ගැන ම සිතූ හෙතෙම පූර්ව චරිතය ද සිඳී. ඒ රටේ සාමය වැනැසිමට ප්රකධාන කාරණයක් වී. සිය දරුවනට රටපාලනය අත්කොට දී මෙහි ම අදහස් කළ හෙතෙම පෙර සිරිත පරිදි තම වැඩිමහලු සොහොවුරු පුත් මහේන්ද්රදයනට දිය යුතු ආදිපාද තනතුරු උහුට නො දි ස්වකීය පුත්රනයනට පමණක් දිනි. එයින් කාරණය ඉඳුරා තේරුම් ගත් මහේන්ද්රි කුමර තෙමේ සුලුපියහට විරුද්ධව පිහිට සොයනු සඳහා දේශ ගත වී. ඉන් තවත් ද්රරවිඩ වාහක පෙළක් ඇතිවීමේ ලකුණු පහලව පෙනිණි. (2) දප්පුලයනගෙන් පසු උ හුගේ පුත්ර (9) අක්බෝ 1 තෙමේ රජ බව ලැබී. එකල්හි ම දෙශගත මහේන්ද්ර යනට පක්ෂවූවෝ රට පෙරැළි කිරිමෙහි යත්න දැරූහ. එසේ වුව ද මහේන්ද්රෙයනගේ පැමිණීමට පළමු අක්බෝ රජ කැරලි කරුවන් මැඬ කිසිවකු හිසි සිඳුවා ලි. එසේ වුවත් උහුගේ රට පාලනය ද තුන්වසෙකින් කෙළවර වී. ඉන්පසු රජ බව ලත් උහු මල් (1) සේන 2 රජ තෙම දේශයෙහි ගිය මහේන්ද්රීයනගෙන් මත්තෙහි මහත් විපතක් සිදුවිය හැකි බව දත්තේ ඒ වැලැක්වීමට උප යෙදී. මහේන්ද්රෙයන් පරතෙර හෝ ජීවත්ව සිටියහොත් ද්රලවිඩයන් මෙහි කැඳවා ගෙන එනු නියත බව දත් (1) සේන රජ තෙමේ සටන් පෙළක් ආරම්භවීමට පළමුව ම ඒ මූලෝපාඨනය කළ යුතුයැයි සිතා සොරදූතයන් යවා දේශයෙහි සිටි මහේන්ද්රපයන් මැරැ වී. එයින් නිර්භය ව රට පාලනය කිරිමට අදහස් කළ රජ තෙම රටේ දියුණුවට වුවමනා කටයුතු කිරිමෙහි නිරත වි. රජුගේ බාල සොහොවුරෝ තිදෙනෙක් ද පාලන කටයුතු මැනැවින් ඉටුකිරීමට උහුට උපකාරී වූ. ඉන් වැඩිමහලු මල් මහේන්ද්ර තෙමේ යුවරාජ පදෙවිය දැරි. බාල මල් කාශ්ය ප තෙමේ ද උදය තෙමේ ද ආදිපාදයෝ වූ. මේ බාල තුන් සොහො



1. පැසුළු අක්බෝ නි:ස 2. මග්වලයෙන් නි:ස: සිලිමේඝ යනු මුහු ගේ විරුද නාමය යි. (ම:ව: L, 43)






(68)

වුරෝ ද රජ මාලිගයෙහි ම වුසු. රජුගේ ඇවැස්ස මයිලණුවන්ගේ දියැණියෝ ද මෙකල්හි රාජ මාලිගයෙහි රජුගේ ආරක්ෂාව යටතේ වුසු. නාලා නමින් ප්රිකට රූමත් ඇය කෙරෙහි ආදිපාද උදය යෝ ඇලුම් කළහ. ඇය තමහට භාර්යාවක කොට ගැන්ම උහු ගේ සිත්හි පැළැඹි බලවත් අදහස වී. ඇය ලබා ගැනීමෙහි මාන බලමින් සිටි උදය ආදිපාදයනට සුදුසු ප්ර ස්ථාවක් ද ඇති වී. විනෝදය සඳහා සමුද්රඇ ජල ක්රීසඩාවෙහි යෙදීමට අදහස් කොට (1) සේන රජ තෙමේ මාලිගයෙහි වූවන් හා සමුද්රී තීරයට පැමිණි යේ ය. මාලිගයෙහි නැවැති උදය තෙමේ ලත් අවසරින් ප්රදයෝජන ගැනීමට අදහස් කෙළේ නාලාවන් සඟවා ගෙන පොලොන්නරු නගරයට පලා ගියේ ය. උදය ආදිපාදයනට ඒ සැඟැවීමට කාරණයක් වුව ද සේන රජුට ඒ කෝපයට කාරණයක් නොවී. එහෙයින් අස්ථාන භීතියෙන් සැඟැවී ගත් ආදිපාදයන් හා උහුගේ අලුත් මනමාලියත් සොයා කැඳවා ගෙන එන සෙ (1) සේන රජ තෙමේ යුවරාජ මහේන්ද්ර්යන් යැවී. මහේන්ද්ර( යුවරාජ තෙම පොලොන්නරුවට ගොස් මලණුවන් හා අහුගේ නවයොවුන් බිරිඳත් දැක ඔවුන් සනහා බිය දුරු කොට අනුරාධපුරයට කැඳවා ගෙන ආය. (1) සේන රජ උදය ආදිපාදනයනට නො උදහස් වදාරා උහු දැඩිසේ ඇලුම් කළ “නාලාවන්” උහු ට ම පාවා දී සාමයෙන් විසී.

දේශ ගත වූ මහේන්ද්රලයන් දූතයන් ලවා නස්වා ලිය හැකි වුව ද


පාඬියකුගේ

  පැමිණි 
  නිග්රිහය 

ප්රිකාශ කෙළෙන් ද්රාවිඩ රාජයෝ එයට එකඟ වූ. එසේ වුවත් මහේන්ද්රසයන් රහසින් මැරැවූ‍යෙන් ද්රතවිඩයනගේ ප්රයථම අදහස වෙනස් වි. නුමුත් ඌ එයින් ම මෙහි පැමිණීමේ කළ අදහස නො වෙනස් කළහ. එහෙයින් විශාල සේනාවන් සහි පාඬි රාජයෙක් මෙහි ගොඩ බැස අනුරාධපුරය දෙසට ගමන් ගති. මේ බව දත් වහාම (1) සේන රජ තෙමේ පාඬි ද්රුවිඩයන් හා සටනට සේනාවන් යැ වී. (1) සේන රජු ගේ සේනාවන් හි වූ ද්රදවිඩ නායකයෝ ද රජ රට වුසු ද්රයවිඩයෝ ද පාඬි රාජයා ගේ පක්ෂය ගතු. එහෙයින් ඒ පාඬි ද්රෝවිඩ තෙමේ වහා ම උත්තර දේහය පාළු කොට එ පෙදෙස තමන් නතු කෙළේ මහා තාලිත







(69)

නම් ග්රා)මයෙහි කඳුවුරු බැඳ ගති. රජරට ඒ ඒ තනන් හි බල වත් ව ගෙන වුසු ද්ර විඩයෝ උහු වෙත ගොස් එක් වූ. එයින් බලවත් පාඬි රජතෙමේ මෙහි වු ද්රදවිඩ සේනාවන් හා තමන් කැටිව පැමිණි පාඬි ද්රඑවිඩ සේනාවන් ද ගෙන (1) සේන රාජයා අල්වා ගැනිමට මහා නගරය වෙත පැමිණියේය. මහා සමභූමියේ වුසු ද්රාවිඩයෝ ඇතකු පිට නැගී එන සිය ජාතිකයාගේ මුහුණ දැක ධෛර්යවත්ව උහු වෙනුවෙන් දිවි පිදීමට ඉදිරිපත් වූ. ද්වීපවාසි සිංහල භටයෝ සිය රාජයා තමන් හා එක්ව සටන් බිමට නොපැමිණි හෙයින් අනුනගේ ස්වාමියා බල බලා තමන්ගේ හිමියා නො දක්නෝ අධෛර්යවවත් ව ඒ ඒ අත්හි පලා ගියහ. එයින් වඩ වඩා බලවත් වූ පාඬි ද්රනවිඩ රජ තෙමේ අනාථ සිංහල සේනාවන් නස්මින් මහා නගරයට පැමිණියේ ය. එකල්හි (1) සේන රජ වටනා ධනය ද ගෙන මලය රට දෙසට පැලෑ. යුවරාජ මහේන්ද්ර‍ තෙමේ රජු පාලායා දී ස්වකීය භටයන් හා එක්ව ගොස් මහා නගරය රැකගැන්මෙහි ද්රඩවිඩ වෙහෙස ගෙන සටන් කෙළේ ය. සටනෙහි සියසෙන් පසු බස්නා බව දුටු මහේන්ද්ර තෙමේ තමහට වන් පරාජය නො ඉවසා සියතින් ගෙළෙ සිඳ‍ගෙන මෙළේ ය. බොහෝ සිංහල සෙනෙවියෝ උහු අනු ගැමුහ. සතුරන් මහා නගරයේ උතුරු දොරටුව සමීපයට පැමිණෙනු දුටු ප්රනසිද්ධ අශ්වාරෝහක භටයකු වූ ආදිපාද කාශ්යදප තෙමේ හුදකලාව ම ද්රදවිඩයන් හා සටන් කෙරෙමින් සිටියේ සතුරන් මඳක් පසුබස්වා ලී. එසේ වුවත් නැවතත් ධෛර්යවත් වූ ද්රටවිඩයෝ ඉදිරියට ම ගමන් ගත්හ. ස්වකීය සේනාවන් පලා යන හෙයින් තම උත්සාහය කෙතෙක් බලතර වුවත් සතුරවට ජය අත්වීම නියත බව දුටු ආදිපාද කාශ්යසප තෙමේ සේනා සංග්රවහය කොට ගෙන එන අදහසින් කොණ්ඩිවාත නම් පෙදෙසට පැලෑ. පසුව පොලොන්නරු පෙදෙසේ වාසයට පත් මේ තෙමේ පාඬිරජුගේ චර පුරුෂයන් විසින් නසන ලදී. එයින් වඩාත් නිර්භය වූ පාඬි රාජයා ගේ මහා ද්රතවිඩ සේනාවෝ මහා නගරය ගත්හ. පාඬි රජතෙමේ රාජ මාලිගයෙහි වුසුම් ගති. දිවිනසා ගත් මහේන්ද්රගයනගේ ආදාහනය පිළිබඳ කෘත්යායන් ගෞරව සහිත ව හෙතෙම කැරැවී. පාඬි රාජයා‍ ගේ පැමිණීම යුක්තියක් ඉටු කිරීමේ අදහසින් බව මෙම කාර්ණයෙන් පෙනේ. රහසින් දේශගත ව සිටි මහ පිය පුත්ර මහේන්ද්රෙයන් මැරැවුව ද උහුගේ දේශගතවීමේ ප්රතතිඵලය (1) සේන රජු කරා පමුණුවාලීමට දෝ මෙසේ ද්රහවිඩ රාජයා පැමිණියේ ය.

පාඬි රජ තෙම1 එළාරයන් සේ මෙහි විසීමට අදහස් කොට නො පැමිණියෙකි. දේශයෙහි වුසු මහේන්ද්රටයන් මැරැවීමේ විපා



1. පාඬියෝ නම් දක්ෂිණ සින්ධු දේශයේ ද්ර විඩයෝය. උන්ගේ අගනුවර කෝර්කෙයි නමින් ප්රඬකට වී. පසු කලෙක ඌ තුමු ඒ හැර “මථුරා” නගරය ප්රනධාන ස්ථානය කොට ගතු. (EARLY History of India. A.V.S) P. 335




(70)

කය යෝ දැක්වීමට හෙතෙම මෙහි පැමිණියේ ය. හෙතෙම රාජ මාලිගයෙහි වූ ධනය පැහැර ගති. ද්රමවිඩ භටයෝ මහා නගරය කොල්ලකා ගතු. විහාරාමයන්හි රන් පිළිම මැණික් ආදිය පැහැර ගතු. නාගරිකයන ගේ ධනය උදුරා ගතු. හැකිතාක් ධනය පැහැර ගත් පසු සිය රට යාමට අදහස් කළ පාඬි රජ තෙමේ පලා ගොස් සිටි සිංහල රාජයා ගෙන් ගබා ගත හැකි අන් වස්තුවක්ද ඇත එද ලබාගෙන උහු තමන් වෙනුවෙන් රජරට රජු බවට පමුණුවා ලීමෙහි සිත පහළ කොට ගෙන තමන් සාමයට කැමැති බව උහුට දන්වා යැවී. එවකට (1) සේන රජ මාවිලි නදිය හා අඹන් ගඟ එක්වන තැන දෙනදිය අතර පෙදෙසෙහි 1 විසී. පාඬි රජු ගේ අස්න ඇසු සේන රජ තෙම අතිශයින් සතුටු ව සතුටු පඬුරු රාශියක් ද දී උහු වෙත දූතයන් එවී. ඇතුන් ආදි වටිනා සතුන් ද මැණික් ආදී අගනා වස්තුව ද තමහට පඬුරු විසින් ලත් පාඬි රජ තෙමේ අතිශයනි සතුටු ව සිංහල රාජ දූතයනට එදින ම මහා නගරය භාර දී පෙරලා මහ තොටට පැමිණ සිය රට බලා යාත්රාූකෙළේය. මහපාඬියා ගිය බව ඇසු (1) සේන රජතෙමේ පෙරලා අනුරාධපුරයට පැමිණ ද්රදවිඩයන් නැසු තැන් පිරියම් කිරීමෙහි යෙදි විසී. වැඩමහලු දෙමලණුවන් පාඬි සටන් හි මළ හෙයින් රජතෙම “නාලාව” 2 ගේ හිමියා වූ උදය නම් මලණූවන්ට මහා ආදිපාද තනතුරු දෙවී. දැන් මායාරට නමින් ප්රේකට දක්ෂිණ දේශය ද උහු ගේ පාලනයට



1. පොලොන්නරුවට ඇති මහා මාර්ගය ආරක්ෂා කිරීමෙහි භටයන් සිටුවා රජතෙම මෙහි නිර්භය තැනෙකැ’යි විසුම් ගති. එක් පසෙකින් වූ ‍දාස්තොට ද (වර්ධමානතොට) අනික් පසින් වූ මහගං (කච්ඡක) කොට ද මෙතැනින් ආරක්ෂා කළ හැක. 2. සිව්වැනි කසුබු රජුගේ සේන නම් මහා ලේඛකයන් සිය මව සලකා ඇය නමින් නාලාරාමය කැර වූ බව මහකල්ල්තැව සෙල් ලිපියෙහි සඳහස් වේ. උදය කුමරුන් පාවා ගත් නාලාවෝ රුහුණේ මහේන්ද්ර්යන ගේත් දේවාව ගේත් දියැණි කෙනෙකැ යි ලංකා සෙල්ලිපි ග්රුන්ථයන් සපයන වික්රතමසිංහයෝ කියති. (E Z I 154 n. 7) ‍මහේන්ද්ර)යන ගේ භාර්යාව වූ දේවා කුමරිය උදය ආදිපාදයනගේ පිය වූ දෙවැනි දප්පුල රජු ගේ සොහොවුරිය ක හෙයින් උදය ආදිපාදයනට නැන්දණියන් වන බව සත්යනයෙකි. එසේ වුව ද පියාගේ සොහොවුරියක දැක්වීමේදී මහාවංශකාරයෝ “මාතුලාන” යනු සඳහන් නො කෙරෙති. එහෙයින් මහේන්ද්රශ භාර්යාව වූ දේවාවෝ උදය ආදිපාදයනට” පිත්ච්චාවක් වෙති. මාතුලාවක් නො වෙති. මව ගේ සොහොවුරාට විනා පියා ගේ සොහොවුරිය ගේ හිමියා හට ඇවැස්ස මයිලණුවන් යැ’යි ව්ය වහාර වූ බවෙක් නො‍ පෙනො. එහෙයින් උදය ආදිපාදයන් පාවාගන්නා ලද මෝ රුහුණේ මහේන්ද්රයයන ගේ දියැණියයැ’යි නොකිය හැක.







(71)

භාර කැරිණි. දක්ෂිණ දේශයෙහි වුසු හේ තෙමේ මඳ කළෙකින් රෝගාතුරව මෙළේ ය. එහෙයින් (1) සේන රජ තෙමේ සොහොවුරන් රහිත වී.

පොළොන්නරුවෙහි දී පාඬියන් විසින් නසන ලද ආදිපාද කාශ්ය පයන ගේ බොහෝ පුත්ර යෝ වූ. ඔවුනගෙන් වැඩිමහලු පුත්රනයා වූ සේන කුමාර තෙමේ සුළුපිය උදයයනගෙන් පසු මහා ආදිපාද පදෙවිය ලදී. හෙතෙම දක්ෂිණ දේශයේ ආදායම් ද පාලනය කෙරෙමින් එහි භට සේනාවන් භාරයේ විසී.


රුහුණු අරගල

රජු ගේ “‍දේවා” නම් සොහොවුරියගේත් මහේන්ද්රද නම් රුහුණු පාලකයාගේත් වැඩිමහලු පුත්රෙයාය. මුහුගේ අභාවයෙන් පසු රුහුණු ප්රිදේශය අයත් කොට ගැනිමට අදහසක් උහු සොහොවුරියකට ඇති වී‍. මළ කීර්ති අග්රහබෝධියනට පුත්රණයෝ සිව් දෙනෙක් ද දියැණියෝ තිදෙනෙක් ද වූ. උන් ගෙන් වැඩිමහලු මහේන්ද්රු තෙමේ එපෙදෙස අත්කොට ගැන්මෙහි අදහස් කළ නැන්දණිය‍න් (පියා ගේ සොහොවුරිය) විසින් වසන ලදී. එයින් මළ රජු ගේ ධනය ද පෙදෙස ද ඇය අයත් වී. මහේන්ද්රනයනගේ තුන්මළණුවෝ ද තුන්නැගෙණියෝ ද රුහුණෙහි විසීමට නො පොහොසත්ව තමන ගේ ඇවැස්ස මයිලණුවන් දක්නා සඳහා අනුරාධපුරයට පැමිණියහ. ඔවුන් දුටු (1) සේන රජතෙමේ අන් සතුටින් පිළිගෙන කෝප ශෝක ගිනි නිවා සංග්ර හ ද කෙළේය. අන්ගෙන් වැඩිමහලු වූ කාශ්ය්ප කුමාරයා හට රජතෙම භටසේනා පඬ්ක්ති කිහිපයක් භාර කොට ද්රෝාහී පිතුච්ඡාවන් මරා රුහුණු හිමිකොට ගනු පිණිස එහි යැවී. කාශ්ය ප කුමාරතෙම සේනාවන් ලැබීමෙන් තුටු වූයේ සේනය උදයය යන මලුන් දෙදෙනා ද කැඳවා ගෙන රුහුණු වනි. මඳ කලෙකින් ඌ රුහුණ නිරවුල් කොට ගෙන එහි වුසු. ඔවුන් නැගෙණියෝ තිදෙන අනුරාධපුරයෙහි මයිලණුවන් සමීපයෙහිම වැඩුණු. (1) සේන රජ තෙම සිය මෙහෙසිය නමින්ම ප්රසකට ව “රාජිනි” යන ගරු නාමය ද ලැබ සිටි උන්ගෙන් වැඩි මහලු වූ සංඝා කුමරිය සේන යුවරාජයාහට පාවාදි තිස්සයා කීර්තිය වන නැගුන් දෙදෙන යුවරාජයාගේ මල් මහේන්ද්රජ ආදි පාද යනට භාර්යාවන් කෙළේය.

මේ කාලයේදී ක්රගමයෙන් ප්රයකටව දියුණු වන්නට පටන්ගත් පොලොන්නරු නගරය අනුරාධපුරයෙහි වසන ප්ර‍භූන්ට විවෙක






(72)

විනෝද සුවයෙන් විසීමට සුදුසු ස්ථානයක් වශයෙන් සැලකිණි. රම්යන වූ වැව් ඉවුරක් මත්තේ ක්රෙමයෙන් වර්ධනය වූ මෙම නගරය සැපදායක වූත් අවට ප්රියයකර දර්ශනයන්ගෙන් යුක්තවුත් නගරයකි. අනුරාධපුරයෙහි විසීම කරදර සහිත වූ වට බොහෝ ප්රගභූහු මෙහි වාසයට වන්හත ද්රුවිඩයනගේ ආශ්රරයත් ඒ පාර්ශවයේ මඳ වී. විසිවසක් රට පාලනය කෙරෙමින් සිටි (1) සේන රජතෙමේ ද විවේක සුවය සඳහා පොළොන්නරුවෙහි වසන කල මෙළේය.

(1) සේන රජු ගේ මල් වු පොළොන්නරුවේදී පාඬියන් විසින් නසන ලද කාශ්ය්ප ආදිපාදයන ගේ වැඩිමහල් පුත්රො (2) සේන තෙමේ මහ පිය ගේ මරණින් පසු රජරට රජ වී. උහු මල් මහේන්ද්රර තෙමේ උපරාජ ව දක්ෂිණ දේශයේ භාරකාරයා වී. මහේන්ද්රඋ යුවරාජයා හට වැඩි කාලයක් අනුරාධපුරයෝ විසීමට අවකාශ නො ඇති වී. හෙතෙම රජුගේ බිසෝ ගබඩාවෝ වරදවා විසීමට පුරුදුව සිටියේය. රජු මේ පුවත් දැනගත් පසු හෙතෙම මලය දේශයට ගොස් සැඟැවිණි. මේ කාලයේ ම රජු ගේ සංඝා නම් මෙහෙසිය පුතකු වැදු. රජතෙම කාශ්යිප නම් ඒ පුත්රයයා හට උප රාජ පදෙවියෙහි අභිෂේකය දෙවී. 2 සැඟැවී ගත් මහේන්ද්රමයන් භාරයේ පැවැති දක්ෂිණ දේහය ද උහුට පැවැරී. මින් සිය පුත්රඟයා හට රාජ්ය්ය උරුමකර දීමට (2) සේන රජ අදහස් කෙළේ යැ’යි සමහරකේ සිතති. උහුගේ ක්රි යාවෙන් එවැන්නක් ප්ර කාශ නොවී. මලය දේශයෙහි සැඟැවී සිටි මහේන්ද්රඋ තෙමේ භික්ෂුන් වහන්සේ ගේ උපකාරයෙන් සොහොවුරු රාජයා කමවා ගති. රජ තෙම උහුට කමා කොට පෙර පරිදි දක්ෂිණ දේශය දෙවී. මෙවකට යුවරාජ මහේන්ද්රටයනට රුහුණු දේශාධිපතියනගේ දූ වූ තිස්සා නම් කුමරියගෙන් සංඝා නම් දියැණියෝ ද කීර්ති නම් කුමරිය ගෙන් දුවක් හා පුත්තු සිවු දෙනෙක් ද වූ. රජ තෙම නෑ බව නරතරනු සිතා සොහොවුරු මහේන්ද්රහයනගේ “සංඝා” නම් දියැණියන් සියපුත් කාශ්යේප කුමරුන් හට භාර්යා කොට පාවා දිනි.


         පාඬියනට 

නිග්ර හ

පැමිණියේය. සිය පිය රාජයා පරාජිත කොට පඬිරට තමන් නතු කොට ‍ගැනීම ඒ කුමාරයාගේ අදහස වී. ඒ පිණිස සිංහල රාජයා ගෙන් උපකාර ලබා ගනු රිසිව හෙතෙම පැමිණියේය. පාඬි ද්රසවිඩයන්



1. මුගයින් සෙන්. නි: ස: පු: ව. රා: ව: ර: ර: 2. (5) කාශ්යිප තෙමේමැ ‘දුණු සැණැහිම යුවරජ බිසෙවි සිරි පැමැණැ” යි මේ පුවත අනුරාධපුර සෙල් ලිපියෙක සඳහන් කරයි (E, Z, I, 42)




(73)

තමනට කළ නිග්රණහය සිත සිතා ලජ්ජාවෙන් සිටි (2) සේන රජ හට මේ කදිම අවසරයෙක් වීත එසේ හෙයින් හෙතෙම පාඬිකුමරුනට උපකාර කිරීමට එකඟ වී. පොරොන්දු ප්රිකාර (2) සේන රජ තෙම සිංහල භටසේනාවන් රැස් කරවා මහතොටතෙක් පාඬි කුමරු නුත් කැටිව සේනාව හා ගමන් කොට ස්වකීය සේනාධිපතියා හට සිංහල සේනාව භාරකෙළේය. පාඬිදේශයට ගොස් එහිරජ පරදවා මේ කුමරුන්ට රාජ්යනය භාර දී පෙර මෙරටින් ගෙන ගිය වස්තුව මෙහි රැගෙන එව”යි රජගෙම තම සේනාධිපතියාට නියම කෙළේය. සේනාපතිතෙම ඒ බස් පිළිගෙන රජුට ආචාර කොට දේශයෙහි සටන් සඳහා සේනාවන් ගෙන පාඬිකුමරුන් හා නැව් නැගී යාත්රාහකොට පරතෙර දිටි. දේශයෙහි ගොඩ බටුවා වූ සිංහල භටයෝ බහා ගොස් “මථුරාපුරය” වටලූ සිංහල භටයන් සිය නගරය වටලා සිටින බව ඇසු පා‍ඬිරජ තෙම නගරයෙහි දොර හරවා ඇතකු පිට නැඟී සටනට පැමිණියේය. අවිපහරෙකින් තුවාල ලත් පාඬිරජ ‍තෙමේ නගරය හැර පලා ගියේ සැඟැවී සිට මෙළේය. උහුගේ මෙහෙසිය ද නැසුණු. ජයලත් සිංහලයෝ පාඬිකුමරුන් රාජ්යසයෙහි අභිෂික්ත කරවා තුමු ප්රීුතියෙන් ඒ ඒ තැන හැසිරෙමින් පෙර මෙරටින් ගෙන යන ලද අගනා භාණ්ඩ ආදි වස්තුව රැස් කොට ගතු. පාඬිරටින් අමුතුව ලත් නා නා භාණ්ඩ යන් ද බොහෝ දනය ද ඇත් අස් ඈ සතුන් ද සිරභාරයට ගන්නා ලද මිනිසුන් ද ගෙන ඌ තුමු රටේ ඒ ඒ තන්හි ක්රීඈඩා අත්සව පවත්වමින් සමුද්රද තීරයට පැමිණියහ. එහිදු සෑහෙන පමණ කාලයක් විශ්රාරම සුවයෙන් දවස් යවා පසුව නැව් නැඟි මහ තොටෙහි ගොඩබට. පාඬි රට ජයගත් සිංහල භටයන් එනු අසා (2) සේන රජ තෙම ඔවුන් පිළිගන්නට මහතොටට පැමිණ සිටියේය. සිංහල සේනාපති තෙමේ රජුට ආචාර දක්වා සටන් පිළිබඳ විස්තර වාර්තාවන් පිළිගැන් වී. ප්රීමතියෙන් මතු වු රජ තෙම භටයනට ද සෙනෙවියනට ද ප්ර්ශංසා කොට අනුරාධපුරයට පැමිණියේය. ජයකෙළි උත්සවයක් පැවැත් වී. රජරට ප්ර‍භූහු ඒ උත්සවයෙහි පැමිණ සංග්රිහ විඳිමින් සිය ජාතික භටයන ගේ සටන් පුවත් අසමින් ප්රීභතිමත් වූත එසේ වුව ද දේශගතව සිට ආ භට සේනාවන් ට ජය පමණක් නොව පාඬි රටේ වසංගත රෝගයනුත් මෙහි ගෙනෙන්ට සිදුවු බව කිය යුතුය. රජ තෙමේ ද උහුගේ සොහොවුරෝ ද මෙකල් හි රටේ දියුණුවට කටයුතු කළහ. රුහුණු පාලකයෝ ද රජුගේ අවශ්යම ම නෑයෝ වූ. එහෙයින් පාලන කටයුත් පිළිබඳව කිසි කරද‍රයෙක් (2) සේන රජහට නො වී. රජු ගේ සොහොවුරු මහේන්ද්රක යුව








(74)

රාජ තෙමේ රාජ්යයයෙන් තිස්තුන් වන වර්ෂයෙහි දී මෙළේය. එහෙයින් (2) සේන රජ තෙමේ බාල සොහොවුරු උදය කුමාරයන් ඒ තනතුරෙහි පිහිටුවා ලී. රටේ අභිවෘද්ධිය සඳහා බොහෝ කටයුතු කළ (2) සේන රජ තෙමේ ද ඉන් අදවසකට පසු ජන්මාන්තර ගත වී.

(2) සේන රජු ගේ අභාවයෙන් පසු යුවරාජ (2) උදය තෙමේ රජ වී. 1 හෙතෙ ම රටවැසියන්ගේ සදාචාරය සඳහා බොහෝ කටයුතු කෙළේ ය. උහු මල් කාශ්යදප තෙමේ මෙ කල් හි යුවරාජයා වී. (උදය) රජ තෙම යුව රාජ කාශ්යයපයනගේ දියැණියන් දෙදෙනාගෙන් සේනනම් කුමරිය සිය සොහොවුරු (2) සේන රජුගේ පුත් වූ කාශ්යෙප කුමරා හට පාවාදිනි2. තිස්සා නම් ඉතිරි දියැණියත් තෙමේ පාවාගති. (2) උදය රජුගේ වැඩිමහල්


නෑයනගේ

භෙදයක් 

උරුම ඇතිව එරට ජනයන් ‍තමන් වසඟයට ගති. එහි සෑහෙන පමණ බලවත් වූ හෙතෙම එපෙදෙස පාලනය කෙරෙමින් සිටි ඇවැස්ස තම මයිලණුවන් ද මරා දමා රට පාළුකරන්ට පටන් ගති. මේ ඇසු රජ තෙම කොපව රුහුණු ප්රමදේශයට වැඩියක් උරුම ඇත්තකු යවා එරට‍ වැසියන ගේ සිත් ගෙන කීර්ති අග්රරබෝධි කුමරුන් මැඬලන්නට අදහස් කළේ ය. එහෙයින් හෙතෙම සිය සොහොවුරු (2) සේන



1. ඉරිපින්නියාවේ හා රඹෑවේ සෙල් ලිපි මේ රජුට අයත්යැයි සැලැකේ. ඒ ලේඛනයන් හි රජ තෙම “සලමෙවන්” (සිලාමේඝවණ්ණ) යැ යි පැවැසේ. මේ ලිපි (4) කාශ්ය ප රජුට අයත් යැ යි පැවැසිමට ඉන් අවකාශ නො ලැබේ. (4) කාශ්යැප රජුගේ විරැද නාමය “සිරිසඟබෝ” යනුයි. රාජ්යකයෙන් දෙවැනි වර්ෂයේදී ද නවවැනි වර්ෂයේ දී ද රජු මේ නමම ව්යමවහාරයට ගත් බව කිරිගල්ලෑව සෙල් ලිපියෙන් හා නොච්චිපොත සෙල් ලිපියෙන්ද පෙනේ. මොරගොඩ සෙල් ලිපියෙහි හා තිඹිරි වැව සෙල් ලිපියෙහි රජතෙම (4) කාශ්යරප යනගේ සොහොවුරෙකැයි දැක්වේ. නෑගම සෙල් ලිපි‍ය රජ බව ලබන්නට පළමුව පිහිටු වන ලද්දෙකි. එහි “උදා මහපා” යැයි සඳහන් වේ. මේ උදා මහපා තෙමේ පසු කලෙක රජ වූ (3) උදය රජ නොවේ. (3) උදය කාලය වන විට උදා මහයා යැ’යි මේ සඳහන් වේ. එපමණක් නොව නෑගම් සෙල් පිලියෙහි සඳහන් වන රජ “සිරි සඟබෝ” නමින් දැක්වේ. මේ විරුද නාමය (2) සේන රජුගේ ය. එහෙයින් “මහලා” නම් මේ උදය තෙමේයි. (E. Z. I 163, 172, ii, 1 – 14)

2. යුවරජ තෙමේ නම් පසු කලෙක රජ වූ (4) කාශ්යනපයෝ ය. (2) සේන යන ගේ පුත් කාශ්ය1ප යනට නැසීගිය මහේන්ද්රරයන‍ ගේ සංඝා නම් දියැණියෝ ප්රමථම භාර්යාවෝ වූ.



(75)

යන ගේ පුත්රට කාශ්ය ප කුමාරයන් කැඳවා රුහුණු ප්ර‍දේශයේ කැරැලි මැඬලීමට මවුපිය දෙපසින් ම එපෙදසෙට උරුම ඇති උහු පුත් මහේන්ද්ර කුමාරයන් එහි යවනට ආරාධනය කෙළේය. ඒ ඇස් කාශ්යුප තෙමේ “පුත්ර්යාගෙන් කම්කිම්දැයි” යි කියා තමන් ම එහි යාමට අදහස් කෙළේ ය. (2) උදය රජ හට වුවමනා වූයේ එසේ නොව මවුපිය දෙපසින් ම රුහුණු ප්ර දේශයට හිමියා ව සිටි මහේන්ද කුමාරයන් එහි යවා ලීමය 1. එසේ කල්හි උහු දුටු රුහුණු ජනයන් “මේ අප ගේ කුමාරයා නොවේදැ” යි උහුට ඇලුම් උපදවා අවනත වන බව හේදති. රජු ගේ මෙම අදහස නිසා කාශ්ය ප තෙම “වජ්රාවග්රව නම් සේනාපතියකුට සේනාවන් සහිත සිය පුත්ර”යා භාර කොට රුහුණු යැවි. මහේන්ද්රා තෙමේ සේනාවන් සහිත ව තමන් ආරක්ෂාවට පැමිණි සේනාපතියාත්




1. කීර්ති අග්රඋබෝධි තෙම මවුපසින් පමණක් රුහුණට උරුම ඇත්තෙකි. හෙතෙම මහේන්ද්ර යන ගේ කීර්ති නම් කුමරිය ගේ පුත්රහයා ය. කීර්ති තෙමෝ රුහුණේ මහා කීර්ති අග්ර බෝධි ආදිපාද යන ගේ දියැණියෝය. එහෙයින් උහුට මවු පසින් රුහුණු ප්රහදේශය උරුම වේ. (5) කාශ්යකප පුත්ර මහේන්ද්රියන ට කෙසේ උභය පසින් ම රුහුණු ප්රුදේශය හිමි වේද? හෙතෙම (5) කාශ්ය්ප යන ‍ගේ ද සාඝා කුමරියගේ ද පුත්රෙයෙකි. සංඝා තොමෝ මහේන්ද්ර යුවරාජයාගේ හා තිස්ස කුමරිය ගේ දියැණියෝ ය. තිස්සාවෝ කිර්ති කුමරියගේ සොහොවුරියක් ය. එහෙත් රුහුණේ කීර්ති ආදිපාදයන ‍ගේ දියැණීයෝ ය. එවිය සංඝා කුමරිය මහා කීර්ති අග්රරබෝධි ආදිපාදයනගේ මිණිබිරියක් ය. එහෙයින් සංඝාවටත් (බාල) කීර්ති අග්රධබෝධි ආදිපදායනටත් රුහුණේ ඇති උරුමය සම වේ. මහේන්ද්රස යනට මෙසේ මවු පසින් රුහුණ උරුම වේ. මහේන්ද්රි පිය (5) කාශ්යුප තෙමේ (2) සේන රජුගේත් (ලොකු) සංඝාවගේත් පුතෙකි. (ලොකු) සංඝාවෝ රුහුණේ (මහා) කීර්ති ආදිපාද යන ගේ දියැණියෝ ය. එහෙයින් ඇයට රුහුණේ ඇති උරුමය (5) කාශ්යංප යන ට අත් වේ. කාශ්යිප යනගේ උරුමය උහු පුත්රේ මහේන්ද්ර යන ට අයත්වේ. සංඝාව ගේ පුත්ර්යාට දාව ඇය හට සොහොවුරිය වූ තිස්සාව ගේ දියැණියන් කුස උපන් මහේන්ද්රු තෙමේ මෙසේ මවුපිය දෙපසින් ම රුහුණට උරුම ඇත්තෙක් වී.



(76)

කැටිව රුහුණු ප්රඇදේශය බලා ගමන් ගති. කාරණය ඉතා ම වුවමනා බව ඇඟැවීමට දෝ (2) උදය රජ තෙමේ ද උහුට නොයෙක් ලෙසින් ධෛර්ය උපදවන වදන් පවස පවසා රජරට සීමාව තෙක් ගමන් කොට රුහුණු ප්රුදේශය ජය ගෙන රාජ්යවය ආරක්ෂා කරන සේ කියා පෙරලා නගරයට පැමිණියේ යත මහේන්ද්ර තෙම මාගමට ඇති මහා මාර්ගය ඔස්සේ ගමන් කරනු යේ ගුත්තල1 ට පැමිණියේ ය. (මහ කීර්ති අග්රමබෝධි ආදිපාදයන් මැරැවීම නිසා සිත් වේදනාවට පැමිණ සිටි ජනයෝ ද දනව් වැස්සෝ ද පෙදෙස් නායකයෝ ද අපගේ නියම හිමියා පැමිණයේයැ”යි ගොස් උහු පිරිවරා ගතු. ඉන් පිරිහී ගිය බල ඇති කීර්ති අග්රහබෝධි තෙමේ අධෛර්යයට පැමිණ තමන් සිටි ගිරිමණ්ඩල2 දනව්වෙන් බලවාහන හා වස්තුව ද ගෙන මලය පෙදෙසට පලා ගියේ ය. මහේන්ද්ර යන ගේ භටයෝ කිර්ති අග්ර බෝධියන ගේ සේනාවන් හා සටන් කොට කිහිප තැනෙක්හි දී උන් පරාජයට පමුණුවා පලන්නවුන් ලුහුබැඳ ගියාහු ඇත් අස් ඈ සේනාවන් සහිතව පලායන්නවුන් දුරදීම දැක වහා වහා දිව මලය රටට වදිනට පළමු උන් අල්වා ගත්හ. මහ සතුරා ද ඒ අසල්හි ම සිටින බව දත් ඌ වහා ම මලය දේශයට වැද කැලෑ එලවන්නට පටන් ගතු. වනයේ ඒ මේ තැන බිඳිමින් එන ‍මහේන්ද්රල භටයන් දුටු කීර්ති අග්ර බෝධි තෙමේ කෝපාවිෂ්ට ළදරුවකු සෙයින් අගනා ධනය නදී පොකුණු කඳුරු වගුරු ආදියෙහි විසුරුවා දමා වෙනෙහි ගල්ලෙනෙක සැඟැවී ගති. ලෙනෙහි සැඟැවෙනු දුට ජනයෝ උහු අල්වා ගතු. මහ සතුරා අල්වා ගැනීමෙන් ප්රීහතිමත් වූ සේනාවෝ ගුත්තල තැවැතී සිටි මහේන්ද්ර. කුමරුන් වෙත උහු ගෙන ගියහ. උන් දුටු මහේන්දු තෙමේ මහා ජයක් ලද්දකු සේ උදාරව සෙමින් “හො‍ඳෙයි? රුහුණු කෑ ව යැ”යි පවසමින් වෙහෙසා වජ්රාුග්රෙසේනාපතියා භාරයේ උහු අනුරාධපුරයට යැ වි. මහේන්ද්රය තෙම සියසෙන් ගෙන මා ගමට පැමිණ රුහුණු පාලකයා වශයනේ එහි විසී. හෙතෙම කීර්ති අග්රමබෝධි කුමරුන ගෙන් පිඩාවට පත් ජනපදවාසීන් සනසමින් එහි දියුණුව සලකා බොහෝ කටයුතු කෙළේය. පැරැනි වැවු පිරියම් කරවා අමුතුව වැවු බඳවා නදී අවුරා අමුණු බඳවා ගොවිතැන් දියුණු කෙළේ ය. පුෂ්ඵාරාමයන් හා ඵලාරාමයන් ඇති කිරීමෙන් රට සශ්රිතක බවට




1. පොලොන්නරුවේ සිට මාවැලි ගං දෙණිය ඔස්සේ මහියඬ්ගනයට ද එහි සිට මාගමට ද ඇති මහා මාර්ගයේ පිහිටි මෙම නගරය දැනට බුත්තල නමින් ප්රිකට ව බදුලු දනව්වේ බුත්තල කෝරළයේ පවතී.

2. බුත්තලින් බටහිරිපස පිහිටි කඳු පෙදෙස ආශ්රිතත කන්දපල්ල කෝරළය ගිරිමණ්ඩල රට වශයෙන් ගැනේ.





(77)

පත්කැරැවී. දුර්බුද්ධිය ඇති ජනපද නායක‍යන් ද මණ්ඩලික යන් ද මැඬැ කැරලිකරුවන් මූලෝත්පාටනයෙන් දුරකොට දුෂ්ට නිලධාරීන්ව නසා හෙතෙම රුහුණේ මනා පාලනය පිහිටුවීමෙන් රට වැසියාට මහත් සැනැසීමක් ඇති කෙළේ ය. එහෙයින් හෙතෙමේ ද රුහුණු රට වැසියෝ ද සියලු විට ප්රීකතියෙන් කල් ‍ගෙවූ. පළමු ව සිටි පාලකයනගේ දරුණු ක්රිහයාවන් හා ජනයන් පෙළීම දුරු කොට එහි යුක්ති සහගත පාලනය නගා සිට වී.

අනුරාධපුරයට පැමිණි වජාග්‍ර සේනාපති තෙම කීර්ති අග්රෙබෝධි කුමාරයන් රජහට දැක්වී. උහු කෙරෙහි අතිශයින් කිපී සිටි (2) උදය රජ තෙමේ වහා උහු සිරගෙයි ලවා තරකොට රැකවල් ලවා නානාප්රතකාර නිග්රදහ කැරැවී. ඉන්පසු රටේ සාමය පැවැත්තේ ය. ගොවිතැන් දියුණුවට විශේෂයෙන් කටයුතු නොකිරීමේ විපාකය වශයෙන් ද පාඬි රය ජය ගැනීමට ගිය සේනාවන් හා දේශයෙන් මෙහි පැමිණි වසංගත රෝගයෙන් (2) සේන රජු දවස කර්මාන්තයෙහි ශක්ති ඇති ජනයා විනාශ වී යාමේ විපාකය වශයෙන්ද මෙකල් හි රටේ සාගතයක් ඇතිවී. ඉන් ඇවිසි රජ තෙම ජල සම්පාදනය සඳහා කටයුතු ස්වල්පයක් සම්පූර්ණ කෙළේ ය.


  සුළු පියා 
      හා 

ඥාති පුත්රළයා

කාශ්යපප තෙමේ ද බොහෝ කල් සිට ම සාමයෙන් වුසු. දෙදෙනා ම ධර්ම හාස්ත්ර ඥානයෙන් ප්රුකට ය. (4) කාශ්යෙප තෙමේ යුවරාජ කාශ්යතපයනගේ සුළු පියා වේ1. මෙකල යුවරාං කාශ්යමපයන ගේ තිස්සා නම් දුවක් වූ. ඕ තොමෝ (4) කාශ්යළප රජුගේ මෙහෙසි බව් හි අභිෂේකය ලදු. එකල්හි යුවරාජ කාශ්යසප යන ගේ පුත්රර රුහුණු පාලකයා වූ මහේන්ද්රක තෙමේ රජුට



1. මේ කාශ්ය පයන් දෙදෙන හට අයත් සෙල් ලිපි රාශියෙකි. ඉන් මොරගොඩ සෙල් ලිපියෙහි (4) කාශ්ය්ප රජුගේ නාමය කසුබු සිරිසඟබෝ නමින් දැක්වේ. එහි කසුබු සිරිසඟබෝ තෙමේ “උදා අභාය්” (රජු) ගේ සොහොවුරකු බව පැවැසේ. තීඹිරගස් වැව සෙල් ලිපියේ ද කිරිබත් වෙහෙර සෙල්ලිපියේ ද මහ කලත්තෑව, කෝන්ගොල්ලෑව සෙල් ලිපි දෙක්හි ද රජු ‍ගේ නම “සිරිසඟබෝ” යන්නේ පමණක් දැක්වේ. ඉහිනිමිටිය, නෑගම, ඇකුරුමහඳමන, අලුත් වැව යන සෙල් ලිපි ද ඒ නමින් දැක්වෙන හෙයින් මේ රාජයාට අයත් යැ යි සැලකේ.

(Bel Report Vii – (1891) E. Z. ii – 9 -14 – 21 – 230 I E. Muller) (Aic nr. 110, 112, 113)




(78)

විරුද්ධ ව රුහුණු භට සේනාවන් රජ ‍රටට මෙහෙයවා ලී. (4) කාශ්ය1ප රජ තෙම එපවත් අසා අනුරාධ පුරයෙන් භට හමුදාවන් පිටත් කොට සටනට හළි. දක්ෂ භටයකු වශයෙන් ප්රපකට මහේන්ද්රොයන ‍ගේ අනුරාධපුර ගමන වලක්වා ලීමෙහි රජ රට භටයෝ නො පොහොසත් වූ. එහෙයින් උන් පෙරලා රුහුණටම යැවීමට අදහස් කළ රජ තෙම මහේන්ද්ර යන ගේ පියා වූ කාශ්යාප 1 යුවරජ උහු ඉදිරියට පිටත් කොට යැවී. යුවරාජ කාශ්යිප තෙමේ පුත්රපයා වෙත පැමිණ නානාප්ර කාරයෙන් කරුණු දක්වා උන් සනස්වා සටන් කිරීමේ අදහස හැර පෙරලා රුහුණු යෑමට සිත් නමා ලී. එයින් මහේන්ද්ර් තෙමේ රජ රට ගැනීමේ අදහස හැර රුහුණු වනි. එහිදී යම් කිසි කාරණයෙකින් කෝප වූ හෙතෙම ජනපද නායකයන් බොහෝ දෙනෙකු මරවා ලී. එයින් කිපී ගිය රුහුණු රට වැසියෝ කැරැලි නැඟූ. තමනට විරුද්ධ ව රට වාසින් නැඟී සිටි බව දත් මහේන්ද්රැ තෙමේ භික්ෂූන් වහන්සේ ගේ ආරක්ෂාව ඇතිව අනුරාධපුරයට පැමිණියේ ය. භික්ෂූන් වහන්සේ ‍ගේ අනුශාසනයෙන් රජ තෙම මහේන්ද්ර්යන් සමගියෙන් පිළිගත්තේ ය. වඩාත් විශ්වාසී වනු පිණිස (4) කාශ්යහප තෙමේ සිය දියැණියන් උහුට භාර්යා කොට පාවා දී පෙරලා රුහුණු දේශයට ම යැවී. ඉන් පසු (4) කාශ්යාප රජ හට සාමයෙන් රට පාලනය කිරීමට අවකාශ ඇතිවි. අවකාශ ඇතිවන්ට ඇතිවන්ට මේ රාජයෝ ද සෙනෙවියෝ ද අනවශ්යන පින්කම්හි ම යෙදුනාහු රට පිරිහෙන බව නුදුටු. රටේ දියුණුවට හා බලය රැකගැන්මට කළ මනා විධාන අතපසු කිරීමෙන් ආහාර ද්රවව්යද හිඟවීම ද ජනකායය අලස බවට පැමිණීමද සිදුවන බව මඳකුදු නොසලකා පැවැති පමණින් අයගෙන පිනක්ම් සඳහා වැය කිරීමෙහි යෙදි සිටි මෙම රාජයෝ මහා නගරයාගේ පිරිහීම් ඉක්මන් කළහ.

(4) කාශ්යනප රජ සතළොස් වසක් රට පාලනය කොටැ පරලෝ ගිය කල්හි උහු වැඩිමහල් සොහොවුරු (1) සේන රජුගේ පුත්ර (5) කාශ්ය ප කුමර තෙමේ රජවී. සුප්ර සිද්ධ ග්රසනථ කර්ථෘවරයකු වූ මේ තෙමේ විශාරද පඬිවරයෙකි. මුහුගේ ධර්මඥානය භික්ෂූන් වහන්සේට දහම් දෙසීමෙහි දු ප්රෘමාණ වී රජතෙම ජනයනට




1. මේ රජුගේ සෙල් ලිපි මහත් රාශියෙකි. ඉන් අනුරාධපුර ‍සෙල් ලිපියක් මේ රජු පිළිබඳව ධර්මකීර්ති හිමියන් පවසන කරුණු ස්ථිර කෙරේ. මැදිරිගි‍රියේ හා බූදන් නැහැල සෙල් ලිපි මෙරජුට තුන්වැන්නෙහි ද අයිති‍ෙග වැව සෙල්ලිපිය පස්වැන්නෙහි ද බිලීබෑව ලිපිය සත් වැන්නෙහි ද පිහිටුවන ලද බව දැක්වේ. ඒ සියල්ලෙහි ම රජ තෙමේ තමා ‘අභා සලමෙවන් යැ’ යි කියයි.

(E, Z, H, 27, 35, 39)




(79)

පමණක් නො ව කිවියනට ද රජකු වූ බව සැලැකීමට අවකාශ ඇත. දේශපාලකය කු, ධර්මධරය කු, චතුර දේශකයකු, දක්ෂ ආචාර්යවරයකු හා උසස් ග්ර,න්ථ කර්තෘවරයකු වශයෙන් ප්රරකට කිර්ති ඇති මේ රජ තෙමේ යුද්ධ කාර්ය යෙහි දු පසුබට නො වී. මේ කාලයෙහි චෝළ රාජයකු විසින් පරාජිත වූ පාඬි රජතෙමේ සිංහලයන ගෙන් පිහිට ඉල්වා දූතයන් මෙහි එවී. (5) කාශ්යජප රජතෙමේ ස්වකීය අමාත්යනයන් හා සේනාපතීන් සමඟ එක්ව මන්ත්රනණය කොට පාඬි රාජයා හට උපකාර පිණිස සිංහල සේනාවන් යැවීමට නිශ්චය කොට ගති. සොළි රාජයා හට විරුද්ධව සටන් කිරීමෙහි නියුක්ත පාඬි රාජයා වෙත උපකාර පිණිස යැවීමට අදහස් කරන ලද සිංහල භට හමුද‍ාවේ නායකයා වශයෙන් රජු ගේ පුත්රායකු වූ සක් සෙනෙවි තෙමේ පත්වී. පාඬි දේශයට යාමට පිටත්වූ භට හමුදාවන් හා කැටිව (5) කාශ්ය ප රජතෙමේ මහතොට තෙක් ගමන් කෙළේය. බලසම්පන්න වාක් චාතුර්යයක් ඇති රජ තෙම සිංහල භටයන් ආමන්ත්රගණය කොට සමුද්රු තීරෙයිහ සිට චිත්ර් වදන් රැසෙකින් පූර්වයෙහි සිංහල භටයන ගේ පඬි රට ජය ප්ර කාහ කොට ඔවුනගේ ඖදාර්යය ප්ර කෝපණය කොට පුබුදුවා නැව් නංවා හළි. රජුගේ දේශනයෙන් එඩිතර වූ සිංහල භටයෝ වහා යාත්රාද කොට පාඬි දේහයට ගොඩබටු. සිංහල තෙස්නාවන් ලත් පාඬි රජතෙමේ ධෛර්යවත් ව සොළි රාජයා පලවා හැරීමට සටන් කෙළේය. බලසම්පන්න වූ සොළි රජු පහසුවෙන් මැඬැලිය නො හැකි බව දුටු සිංහල භටයෝ මඳකට සටන් නවතා විශ්රාූම ගතු. එකල්හි සක් සෙනෙවි තෙමේ වසංගත රෝගයෙන් මෙ‍ළේය2. සිංහල භටයෝ ද වසංගත රෝගයෙන් නැසෙන්නට වූ. අභාග්ය වත් මේ ප්ර වෘත්තිය ඇසු (5) කාශ්යාප රජතෙම සිංහලසේනාවන් වහා සිය දේශයට ගෙන්වා ගති. මෙයින් පාඬි රජුට උපකාර සඳහා ගිය තමන ව්ය්ර්ථ වී. ඒ ගමනින් දේශයෙහි ගිය භටයනට




1. මේ චෝල රාජයා ක්රිර:ව: 907 දි රජ බවට පත් (1) පරාන්තකය නැයි සැලැකේ.

ඒ රජු පසළොස් වැන්නෙහි දි ලියා වූ ලේඛනයෙක් හි තමන් රාජසිංහ නම් පාඬි රජු පරදවා සිංහල රජුගේ සේනාවන් පැලැ වූ බව සඳහන් වේ. උහු දොළොස් වැන්නෙහි ලියැ වූ ලිපියෙක තමන් හා සටනට පාඬි රජු හා සිංහල සේනාවන් පැමිණි බව දැක්වේ. (J. K. A. S 1913 P. 525 H. W. C. H. C P. 33, 52)

2. සක් සෙනෙවියන ට වැළැඳි රෝගය “උපසග්ග” නමින් මහාවංශකා‍රයෝ දක්වති. (ම:ව: Lii, 77) මේ කෙබඳ රෝගයෙක් දැයි නොදනුමු. උපසග්ග රෝගීන්ට මෙහි වෙදහල් වූ බවද පෙනේ. (ම:ව: Lii, 25)





(80)

පමණක් නො ව ද්වීප වැස්සනට ද බලවත් හානි ඇතිවී. වසංගත ‍රෝගයෙන් පෙළෙමින් සිටි සිංහල භටයන් මෙහි පැමිණි පසු එම වසංගත රෝගය මෙහි සිටි ලක්වැසිය නට ද බෝවීමෙන් බොහෝ ජනයෝ නැසි ගියහ. මෙසේ මෙහි භටයන් දේහයට පැමිණි දේවතාවෙහි දී ම වසංගත රෝග මෙහි ගෙන එන්ට සිදු වූ බව පෙනේ. එසේ නම් දේශවැස්සන් මෙහි පැමිණෙන වතාවන්හිදීත් වසංගත රෝග බහුලව පැතිරී ම කියයුතු නො වේ. වසංගත රෝග පැමිණි සියලු වතාවන්හි ම සිංහල රාජයන් හයට කළ සාමාන්යස ප්ර තිකාරය පිරිත් දෙස්වී ම වී. මේ සිරිත භික්ෂූන්වහන්සේ ප්රළකාශ කළ රතන සූත්ර ප්රතවෘත්තිය ඇසීමෙන් පුරුදු වූ බව පෙනේ 1. දසවසක් රාජ්යකය පාලනය කළ පසු (5) කාශ්යපප රජතෙමේ අභාවප්රාිප්ත වී.

යුවරාජ පදෙවියෙහි සිටි (3) දප්පුල 2 තෙමේ (5) කාශ්ය ප රජුගෙන් පසු රජ බව ලද මුත් වැඩිකාලයක් රට පාලනය කිරීමෙහි අවකාශ නො ලැබ සත් මසෙකින් මෙළේය. එහෙයින් උපරාජ ව සිටි අන්යි (2) දප්පුලයෙක් රජ වී3. මෙවිට පළමු



1. ම:ව: XXXIX, 89 – 198 2. මේ රජුගේ පළමු රජුන ට ඇති නෑකමෙක් ග්ර–න්ථකාරයෝ නොදැක් වූ. (5) කාශ්යපප රජු උන් යුවරාජ තනතුරෙහි පිහිටුවා ලූ බව නෑයකු බවත් පමණක් ඌ පවසති. 3. පූජාවලී, රාජාවලී, රාජරත්නාකර, නිකාය සංග්රරහ යන ග්රපන්ථකාරයෝ මුහුට ‘කුඩා දාපුළු යැ’යි යෙති. පූජාවලීකාරයෝ මේ රජු (3) දාපුළු රජුගේ මල් බව පවසති. රාජාවලිකාරයෝ ද රාජරත්නාකාරයෝ ද ඒ ම කියති. මහා වංශකාරයෝ කිසිත් නොකියති. වෙස්සගිරි සෙල් ලිපිය මේ රජුගේ කාලයට අයත් බව සැලකේ. එහි රජ තෙමේ තමා “බුද්දස් සිරිසංගබෝධි අබහයි රජුගේ ද දේවා රැජිනගේ ද පුත්රි “බුද්දස් අභයි සලමේවන් දාපුලු යැ”යි ප්ර කාශ කෙරේ. “සිරිසඟබෝ” යන නාමය යෙදිය හැක්කේ (2) සේන රජුට හෝ (4) කාශ්ය ප රජුට ය. (2) සේන රජුගේ බාල මල් වූ (4) කාශ්යේප රජු ගේ පුත්රුයනට සේන රජුගේ වැඩිමහලු වූ මල් වූ මහේන්ද්රටයන ගේ පුත් (3) උදය යනගෙන් පළමු රජවීමට සිංහල නීතියෙන් අවකාශ නැති. එහෙයින් (4) දප්පුල රජු (3) දප්පුල රජු ද (5) කාශ්යූප යන ගේ බෑයන් විය යුත් බව පෙනේ. එසේ වුව ද (5) කාශ්යනප යන ගේ මව රුහුණුපාලක කීර්ති අග්රිබෝධි ආදිපදායන ගේ දූ වූ සං‍ඝ‍ාවෝය. (4) දාපුලු රජු ගේ මව දේවා නම් රැජිනක් වූ. එහෙයින් “දේවා” නම් අන්යය මෙහෙසියක (2) සේන රජුට සිටි බව සැලකිය යුතු වේ. ඇතා විර ගොල්ලේ සෙල්ලිපිය (5) කාශ්ය ප රජුට හෝ (4) දාපුලු රජුට අයත් බව සැලකේ. එහි රජතෙම අගොසල මේවන් නමින් දැක් වේ. (5) කාශ්යසප රජහට “දෙබියවැදා” යන විශේෂ විරුදනාමයක් පැවැති බව ප්රකකටයැ. ඒ මෙහි නො දැක්වෙන හෙයින් එම සෙල්ලිපිය (4) දාපුලු රජුට අයත් බව පිළිගැනිම වඩා පහසු වේ. (4) දප්පුල රජුගේ ඇල්ලෙ වැඩ සෙල් ලිපියෙහි “අභා





(80 ආ)

(5) කාශ්යභප රජුගෙන් උපකාර පිණිස සිංහල භටයන් ලැබත් ව්යේර්ථ වූ අදහස් ඇති ව සිටි පඬි රජ සොළියන ගෙන් පරාජිතව පලා අවුත් මෙහි මහතොට ගොඩබටි. සිංහල රජ තෙම උහු සතුටින් පිළිගෙන සොළි රජු පරදවා පාඬිරජ හට රාජ්ය ය ලබා දෙන අදහසින් පරතෙර යැවීමට භටයන් රැස් කෙළේ ය. පළමු වාරයන් හි සටනට ‍පරතෙරයාමෙන් ඇති වූ භයානක වසංගත රෝග සිංහලයන ගේ සිතින් බැහැර වීමට සෑහෙන පමණ කල් ගත නු වු හෙයින් රටවැසියෝ මේ කාර්යයයෙහි බෙහෙවින් නො සතුටු වූ (5) කාශ්ය ප රජුගේ කාලයෙහි ඇති වූ වසංගතරෝගය සංහිඳී තව මාස ගණනකට වැඩි කාලයක් නොගත වීය. එහෙයින් මුන් පිට පිට තවත් උවදුරු දෙති”යි නො සතුටු වූ ප්රසභූහු රජුට විරුධ නැඟී සිටියහ. මේ දත් පාඬි රජ මෙහි විසුම නැණවත් නො වන බව සිතා ගෙන ආ වස්තුව ද කිරුළ ද හැර දමා කේරළ දේශයට පලා ගියේය. ඉන් රට වැසියනගේ කැලැඹීම සංහිඳී ගියේය. මේ වනාහි රජරට පිරිහීම සීඝ්ර. වූ කාලයෙකි. රාජයන‍ගේ නො සැලකීමෙන් ගොවැතැන් පිරිහීයාම ද රජරට වාසය කළ ද්රකවිඩයන‍ ගේ බලය ක්රනමයෙන් වර්ධනය වීම ද වසංගත රෝගාදීයෙන් ජනයා මියයෑම ද මීට හේතු වී. මෙපමණ හානි දැක දැක රාජයෝත් සේනාධිපතියෝත් විහාර පිරියම් කිරීමෙහි ම යෙදී සිටියහ.


රජ තන්පත් දොළොස් වැනි වර්ෂයෙහි (4) දප්පුල රජු මිය ගියෙන් යුවරාජ තෙමේ 1 රජ වී. ආදිපාද සේනයෙක්




සල මේවන් දාපුලු” යි සඳහන් වීමෙන් මේ වඩාත් ස්ථිර වේ. මේ රජුට දොළොස් වැන්නෙහි දී මහාදිපාද උදය (පසුවැ (3) උදය) රජු පුතියන් කුලමේ සෙල්ලිපය පිහිටුවා ලූ බව පෙනේ. මේ මහාදිපාද උදය තෙමේ (4) දප්පුල රජුගෙන් පසු රජ බව ලදී. (E Z. I 23 ii. 44 DAIC. M. 116)

2. කේරළ දේශය දක්ෂිණ සින්ධු දේශයේ බටහිරි සමුද්රර තීරය අසල පිහිටියේය.



1. පුලියන් කුලමේ සෙල්පිලිය මුහු මහා ආදිපාදව සිටි සමයේ සිවුවැනි දප්පුල රජුට දොළොස් වැන්නෙහි පිහිටුවන ලද්ලදෙකි. එහි හෙතෙම “මිහිද්මහයාගේ හා කිතාවගේ පුත් උදා මහයා” යැ’යි කියා සඳහන් කෙරේ. මහා ආදිපාද යනු “මාපා” කියා සිංහලයෙහි සිටිවු විනා “මහයා” යනුවෙන් සිටීම සාමාන්යේ රිතියට එකඟ නුනුවද මහයා යන්නෙන් ඇඟැවෙන්නේ මහාදී





(80 ඇ)


අභ්ය8න්තර කළහ


මහණ වෙස් ගෙන වුසු. මෙයින් වඩාත් කිපී ගිය රජ තෙමේ කවරහු සැබෑ තපස්හු වෙත් ද කවරහු දිවි සඳහා මරණ වෙස් ගත්තහු වෙත් ද යනු නො සලකා හෝ ප්ර්කාශ නො කොට හෝ උපරාජයාත් කැටික ව තපෝ වෙනෙහි වැද පැවිදි වෙස් ගත්තවුන් ගේ හිස් සිඳැවී. මින් බිය පත්වූ පැවිදි වෙස් ගත් තපස්වීහු රුහුණ පෙදෙසට වන්හ. මින් මහා සම භූමියේ මහත් කැලැඹීමෙක් ඇති වී. රට වැසියෝ රජු කෙරෙහි නො සතුටු වූහ. නගරවාසිහු පැවිද්දන් හිස් සින්දවුන් කෙරෙහි කිපි නැගී සිටියහ. බියපත් වූ නිලධාරීහු ආරාමයනට වැදැගත් හ. කැරැලිකරුවෝ අභයුත්තර විහාරයේ රත්නප්රාිසාදයට නැඟ එහි වැද සිටි නිලධාරීන ගේ හිස් සිඳ කවලි හරවා ඉන් පිටතට දැමූහ . කාරණය නරක අතට හැරී එන බව දුටු යුවරජ තෙමේ ද උහු මිත්රට ආදිපාදතෙමේ ද පවුර පැන රුහුණු දේශය බලා දිවගතු. කැරැලිකාර භටයනගෙන් සමහරෙක් උන් ලුහුබඳවා ගියහ. දක්ෂිණ දේශය ඔස්සේ ගොස් රුහුණු වැදිමට අදහස් කළ ඌ දෙදෙන වහ වහා දිවන්නාහු නදියෙකින් 1 එතෙරවීමෙහි යාත්රාැවන් සපයා ගැනී



පාදයන් ම බවට සැක නැත. පොලොන්නර් ගල්පොතෙහි ‘ඈපා මහාපා යැ’යි දක්නට ලැබෙතුදු බොහෝ තැන “ඈපා මහයා සිරවින්දැ” ඈ විසිනුදු දක්නට ලැබේ. සිව්වැනි මිහිඳු රජුගේ ජේතවන සෙල්ලිපියෙහි ‘අයිපය මහපය සිරි වින්දැ’ ඈ විසින් දක්නට ලැබෙන පාඨයෙන් “පා” වෙනුවට “යා” සිටි බව පැහැදිලි වේ. භාෂාරීත්යාකනුසාරයෙන් කෙසේ වුව ද මෙබඳු ව්ය වහාරයක් ‘පැවැති බවට සැක කිරීමට කරුණු නැත. ඒ මහා ආදිපාද යනු වෙන් හෝ වහා පාද යනුවෙන් ඇතිවුවක් වුවද නුවුවද ඉන් හැඟවෙන්නේ මහා ආදිපාදයන් බව ඒකාන්තය. මායාරට ය නුදු ‘මහාදිපාදයන්ගේ රටට ව්ය වහාර වන නාමයය. මෙහි සඳහන් මිහින්ද්මහයා නම් රජ බව ලැබීමට පළමු පරලෝ ගිය (2) සේන රජුගේ සොහොවුරු මහේන්ද්රි යුවරාජයා වේ. කිතාවෝ නම් රුහුණේ කීර්ති අග්රිබෝධි ආදිපාදයනගේ ධූ වූ කීර්ති නම් කුමරියෝය. (ම:ව: L 60) (2) සේන රජුගේ සංඝා නම් මෙහෙසිය ද මහේන්ද්රෝ යනගේ තිස්සා නම් අනෙක් භාර්යාව ද මැයගේ සොහොවුරියෝය.


1. කණ්හ නදිය යැංයි මහාවංශකාරයෝ කියති. කණ්හ (කාෂ්ණ) යන්නෙන් කාළ නදිය අදහස් කැරිනැයි මහාවංශයෝ ධක ගයිගරයෝ සිතති. එසේ නම් රුහුණ හා දක්ෂිණ දේශය අතර සීමාව මෙකල්හි කළුගඟ වීයයි සිතිය හැක. රජරට හා දක්ෂිණ දේශය අතර සිමාව පෙර ගෝණහොය නමින් ප්රගකටව පැවැති කාලහොය වේ. මෙයට සම්බන්ධ කලාවැවට මහාවංශකාරයෝ කාළ වාපී යන නාමය කියති.



(80 ඊ)

මට පවා නො නැවත පීනා එතෙරටපත් ව ගතු. ලුහුබැඳ ගිය භටයෝ ගංඉවුරතෙක් ගොස් පෙරලා නගරයට පැමිණියහ. යුවරාජ තෙමේ ද ආදිපාද තෙමේ ද භික්ෂූන් වෙත තෙත්කෙහෙ වත් ඇතිව ගොස් වැඳ වැටී බැගෑව උන්වහන්සේ කමවන්නට පටන් ගතු. එසේ වුව ද බලවත් කැලැඹී ගිය භට හමුදාවන් එක්වරම නැවැත්වීම භික්ෂූන්වහන්සේට නො පිළිවන් දැයෙකි. එහෙයින් උන් ගේ කෝපය මඳක් සන්සි‍ඳෙන තෙක් බලා සිටි භික්ෂූන් වහන්සේ උත්සන්න කෝප වේගය මඳක් බාල වූ මහාජනයන් කැලැඹීම් රහිතව සිටි කල්හි සාමය ඇති කිරීමට අනුරාධපුරයට වැඩි සේක. කුමරුවෝ (යුවරාජ ආදිපාද) දෙදෙනා ද උන් වහන්සේ කැටිව ගියහ. රජ තෙම පෙර ගමන්කොට තුන්නිකයෙහි භික්ෂූන් 1පිළිගෙන උන්වහන්සේ ගේ අනුග්රකහය සඳහා කමවා මහජනයා සැනැහැවී. ඉන් පසු භට හමුදාවෝ නිසොල්මන් වූ.

රජතන්පත්වීමෙන් තුන්වසකට පසු (3) උදය රජතෙමේ මෙළේය. ඉන්පසු යුවරාජ සේනතෙමේ රජ වී. 2උහු හා එක්ව කටයුතු කෙරෙමින් සිටි ආදිපාද අදය තෙමේ යුවරාජ තනතුරට පත් වී. භික්ෂූන්වහන්සේට බෙහෙවින් බැගෑ වූ මේ රජ තෙමේ පූර්වයෙහි වූ පීඩාවන් සිහි කෙරෙමින් උන්වහන්සේ ගේ සිත් දිනා ‍ගැන්මෙහි බොහෝ පින්කම් කෙළේය. රට ද පිරිහෙනු දැක වැවු පිරියම් ඇළ දොළ කටුකෝල් අරවා සකස් කැරැවීම් අමුණු බැඳැවීම් ආදිය ශක්ති පමණින් කැරැවී.

නවවසක් රට පාලනය කොට (3) සේන රජු මළ කල්හි යුවරාජව සිටි (4) උදය තෙමේ 3රජ රට රජවී. මේ තෙමේ ද තපෝවෙනෙහි අවුලට හසු වූවෙකි. සේන නම් ආදිපාද තෙමේ මුහුගේ උපරාජයා වී. කටයුතු පැහැර හැරීමෙහි පුරුදු වූ මේ රජු අලස ව හිඳිනා - අයුරු සොළී දේශයට පවා සැලැවි ගිය බව පෙනේ. මත්පැනෙහි ගිජුව විසීම මේ කටයුතු පැහැර හැර අලස ව සිටීමට ප්රිධාන හේතු ව වූ බව කියහැක. පාඬී දේශය ජය ගත් චොළරජතෙමේ 4පෙර මෙහි පාඬිරජු දමාගිය




1. මහාවිහාරවාසි ස්ථවීරවාදිහුය. අභය උත්තර විහාරවාසී ධර්ම රුචිකයේය. ජේතවන විහාරවාසී සාගලිකයෝය. යන තුන් පක්ෂයෙහි වූ භික්ෂූහු 2. මේ රාජයා උදය රජු‍ගේ මල් යැ’යි සිංහල ග්ර න්ථ කාරයෝ පවසත්. 3. මුහුගේ පළමු රාජයනට පැවැති නෑ බවෙක් කිසි තැනෙක්හි නොසඳහන් වේ. ලංකා සෙල්ලිපි ග්රගන්ථ සම්පාදක ආචාර්ය වික්රකමසිංහයෝ මේ රජ (3) උදය රජුගේ බාල සො‍හොවුරකෙයි සිතති. (E, Z, II, 95) 4. (I) පරාන්තක





(80 ඌ)

කිරීයට හා උහු සන්තක භාණ්ඩයන් ද ඉල්වා (4) උදය රජු වෙත දූතයන් එවී. රජතෙම ඒ ගැන කිසිදු නො සලකා සිටියේය. ඉන් කෝප වූ සොළී රාජයා බෙලෙන් ඒ භාණ්ඩයන් ගෙන යනු පිණිස විශාල සොළී භටසේනාවකු දු කැටිව මෙහි ගොඩබටි. උහු ගොඩබස්නා විට (4) උදය රජුගේ සේනාපති තෙම අනුරාධපුරයෙහි නො සිටියේ ය. හෙතෙම එවකට කැරැලිකාර ජනයන් ගැවසි දේශ සීමා පෙදෙසෙහි නැවැති සිටීයේය. එහෙයින් රජතෙම වහාම අස්නක් යවා සොළී සේනාවන් සටනට පැමිණි බව දැන්වී. කැරැලි කරුවන් ගේ පැනැ නැගීම් වලක්වන අදහසින් දේශ සීමා ප්රවදේශයේ සිටි සේනාපති තෙම රුජු ගේ අස්න අසා වහා සේනාවන් ගෙන සොළී ද්රසවිඩයන් හා සටනට නික්මිණි. එසේ වුවත් සටන් බිම්හිදී සිංහල සේනාපති තෙමේ පරාජිතවී. ඒ ඇසු (4) උදය රජ තෙමේ සියලුම වසුත් ගෙන රුහුණු දේශයේ සැඟැවී ගති. ජයගත් චෝළ ද්රුවිඩයෝ මහා සම භූමිය පෙළා රෝහණ දේශයට පැමිණිම නැණවත් නො වන වව දැන අසුවු දැයක් ගෙන පෙරලා මහා සම භූමියට ම පැමිණියහ. (4) උදය රජ තෙමේ රුහු‍ණෙහි වෙසෙමින් “විදුරයු” නම් සේනාපතියකු පත්කොට චෝළ ද්රකවිඩයන් හා සටනට එවී. හෙතෙම භට සේනාවන් කැටිව පැමිණියේ උතුරු සම භූමියට වැද ද්රරවිඩයන් පරදවා ඔවුන් පැහැර ගත් වස්තුව ද අතහැර සියරට බලා යාත්රාි කරනට සැලැස් වී. ඉනු පසු රජ තෙම රජ රටට පැමිණියේ මහා නගරයෙහි සොළියන් නැසූ ගොඩනැගිලි පරියම් කිරීම ඇරැ ඹී. ඒ කටයුතු සම්පූර්ණ කිරීමට මාර තෙමේ උහුට අවකාශ නො දී රාජ්ය යෙන් අටවැනි වස්හි තමන් වෙත කැඳවා ගති

යුවරාජ ‍සේන තෙමේ (4) අදය රජු මළ පසු අනුරාධ පුරයෙහි රජ වී. මේ කාලයෙහි රජ රට බොහෝ පිරීහි පැවැති බව පෙනේ. රාජයෝ බොහෝ දුර්වල ව ගියහ. වැවක් බැඳවීම උන්හට මහත් බරෙකි. පින්කම් සඳහා කැරුනේ විහාරයක් පිරියම් කිරීම හෝ ගමක් පිදීමෙකි. (5) කසුබු රජු සෙයින් (4) සේන රජ තෙමෙ ද ධර්මයෙහි මනා දැනුම් ඇත්තෙක් වී. ලොහො පහයෙහි ධර්මාසනාරූඪව භික්ෂූන් වහන්සේට දම් දෙස්නෙහි දු මේ තෙමේ පොහොසත් වීත දක්ෂ කිවියකු වශයෙන් ප්ර්කට කීර්ති ඇති මේ තෙමේ මධ්යදස්ථව රට පාලනය කිරීමෙහි යෙදි සිටියේය.









(80 ක)

රටවැසියනට මුහු ගෙන් හිරිහැර නො ඇති වි. එසේ වුවත් මුහු ගේ රට පාලනය පැවැත්තේ තුන් වසක් පමණකි. ඉන් පසු යුවරාජ මහේන්ද්රු තෙමේ රජ බවට අභිෂේකය ලදී 1. මහේන්ද්රඉයනට අත්වූයේ පහසුවෙන් පාලනය කළ හැකි රාජ්යකයක් නෙවේ. මෙකල්හි ඒ ඒ තැන ජනපද නායකයෝ අපරාධීන වන්නට කැරැලි නැගු. සමහර පෙදෙස් පාලකයෝ සාහිසක ව කටයුතු කළහ. එහෙයින් (4) මහේන්ද්රල රජහට 1 රට පාලනය භර ගත් වහාම ඒ ඒ පෙදෙස්හි පෙරැලි ‍ෙකරෙමින් සිටි සාහසිකයන් මැඬ ලසු සඳහා සටන් කිරීමට සිදුවී.



1. සිංහල ග්රයන්ථකාරයෝ සිව් දෙනම (4) මහේන්ද්රෙ රජුට පූර්වයෙන් සේන ‍රජුන් දෙදෙනෙකු දක්වත්. මීට පළමු දු මෙබඳු වූ ම පුවතෙක් මෙහි දැක්විණි. පූජාවලී කාරයන ගේ ප්රුකාශයෙන් වැඩි දැයක් සෙසු සිංහල ග්රමන්ථකාරයෝ නො දැක්වූ. අන්තිමට දැක්වෙන සේන රජ උහුට ප්රේථම ‍යෙන් සිටි සේන රජු ගේ පුත්රීයෙකැ’යි පූජාවලීකාරයෝ පවසති. සද්ධර්මරත්නාකර කාරයෝද සේන රජුන් දෙදෙනෙකු දක්වති. වඩා පැරැනි වූ මහා වංශකාර‍යන ගේ ප්ර්කාශය ප්ර තික්ෂේප කිරීමට සෑහෙන පමණ කරුණු නැත්.

(4) දාපුල් රජු ගෙන් පසු සිංහල ග්රකන්ථකාරයනගේ රාජ නාම මාලාව හා මහාවංශකාරයනගේ රාජ නාම මාලාවත් මෙහි දැක්වේ. (වරහන් ඇතුළත රාජ්ය පාලන වර්ෂ ගණන දැක්වේ)

පූ: ව: රා: ව: රා: ර: නි: ස: ස: ර: ම: ව: උදා (3) උදා (8) උදා උදා උදය උදය (3) සෙන් (9) සෙන් (8) සෙන් සෙන් සෙන් සේන(9) උදා (8) උදා (3) ‍ උදා උදා උදා උදය(8)

 	  සෙන් (9)		සෙන් (9) 	සෙන් 		පැසුළුසෙන් 	පැසුළුසේන

සෙන් (3) සෙන් (3) සෙන් මැදිසෙන් මැදිසෙන් සේන (3)



1. මේ තෙමේ (4) සේන රජු ගේ සොහොවුරෙකැ යි ලංකා සෙල් ලිපි ග්රින්ථ සම්පාදකයෝ සිතති. (4) මහේන්ද්රසයන් සිය සොහොවුරු මහරජුන් අරැඹුහුලිගම්පිරිවෙන නිමැවූ බව (අභයගිරි) ජේතවනාරාමයේ සෙල්ලිපියෙක සඳහන් වන හෙයින් මෙසේ අදහස් කරන ලද බව පෙනේ. (4) සේන රජු තමන් බුසු තැන (සිත්ථ ග්රාරමයෙහි) පිරිවෙනක් කැරැවූ බව මහාවංහකාරයෝ ද කියති. සමහර විටෙක ඒ හුලිගම් පිරිවෙන ජේතවනාරාමයේ විය හැකියැ’යි සැලැකීමන් මේ ස්ථිර කැරේ. (ම:ව: XIV, 6) මේ මහේන්ද්රැ රජහටය අත්යැයි සැලැකෙන සෙල්ලිපි මහත් රාශියෙකි. එහි රජ තෙම “සිරිසංග බෝධි අබහයි” යන නමින් දැක්වේ. (1) වෙස්සගිරියේ සෙල්ලිපිය (2) මිහින්තලය අසල සෙල්ලිපි දෙකක් (3) පොලොන්නරු රාජ මාලිගයේ සෙල් කණුවේ ලිපිය (4) ජේතවනාරාමයේ සෙල්ලිපි දෙකක් (5) වේවැල්කැටියේ සෙල්ලිපියක් හා කහටගස් දිගිලියේ එබඳු ම සෙල් ලිපියක් (6) රඹෑව සෙල්ලිපිය හා (7) මයිලගස් තොට සෙල් කණු ලිපියක් යන සියල්ලම මේ රජුට අයත් යැ’යි සැලැකේ. ඉන් මයිලගස්තොට



(80 ග)

ඉන් දක්ෂ සටන් කරුවකු වශයෙන් රජ තෙමේ පතළ කිර්ති ඇත්තේ වී. රට පෙරැලි කරන නායකයන් බහුල වීමෙන් ලක්දිව ජනයන් භේදව ගෙන සිටින බව දත් වල්ලභ ද්රයවිඩ රාජයෙක් ද නාගද්වීපයෙහි ඌරා තොටෙහි ගෙඩ බටී. මහේන්ද්රක රජ තෙමේ සටන් කිරීමෙහි මනා පටුත්වයක් ඇතිව කැරැලි කාරයන් මැඩලීමෙහි තමහට අපකාරි වූ සේනම් සේනාපතියනට සිංහලභට සේනාවන් භාරකොට ද්රටවිඩයන් හා සටනට යැවී. සේන තෙමේ වල්ලභ ද්රැවිඩයන් පරාජිත කොට උන් කඳවුරු බැඳ සිටි ස්ථානයන් අල්වා ගති. තමන් සිතූ පමණට සිංහලයන් දුර්වලව ගෙන නැති බව දත් වල්ලභ ද්රනවිඩ තෙමේ මහේන්ද්රූ රුජ හා සාමයෙන් සිටින සේ ගිවිසීමෙකින් බැඳි පෙරලා සියරට බලා යාත්රාේ කෙ‍ළේය. ඉන්පසු රජුගේ බලය විවාද රහිතව ජනපද නායකයෝ පිළිගත්හ. එහෙයින් පාලන කටයුතු ගැන වැඩි අපහසුවක් නො ඇති වී. රටේ යහපත සඳහා කටයුතු ද ;තමහට පින් සඳහා කටයුතු ද අත් නො හැර කළ මේ රජුගේ පාලනය පැවති කාලය සාමාන්යුයෙන් ද්වීපවාසීන්ට සතුටු දායක වී. වසංගත රෝග සාගත ආදිය පසුවී. සෑහෙන පමණ කාලයක් ගතවූ හෙයින් රට වැස්සෝ ප්රී තියෙන් කටයුතු කළහ. දිළිඳු මිනිසුන්ට බොහෝ කරුණා ඇතිව



සෙල් කණු ලිපියේ සඳහන් වන්නේ “ඈපා මිහිඳු” කෙනෙකි. එසේ වුවද මේ ලිපි සියල්ලම එක් අයකු හට අයත්යැ’යි සැලැකීමට සෑහෙන පමණ කරුණු නැත්. එසේ නො සැලැකීමට නම් කරුණු ඇත්. වෙස්සගිරි සෙල් ලිපිය මේ මහේන්ද්රුයනගේ බවට සැකයක් නැත්. එහි රජ තෙම “සිරිසංග්බෝධි අබහය්” යන විරුද නාමය පමණක් නොව මිහිඳු යනුද සඳහන් කෙරේ. ඒ හැර ද්රුවිඩ සේනාවන් පරදවා ජයලත් සේන සේනාපතියකු ගැන දු එහි සඳහන් වේත මේ සේන සේනාපතියා ලත් මහාවංශකාරයෝ ද පවසති. (ම:ව: LIV, 12) එහෙයින් ඒ සෙල්ලිපියෙහි සඳහන් වන්නේ මේ මහේන්ද්රය රාජායා මය. ඉතිරි සෙල්ලිපි මේ රජුගේයැ’යි පිළිගැනීමට අපහසු කරුණු කිහිපියෙකි. මිහින්තලය අසල සෙල් ලිපි දෙක්හි දු පොලොන්නරු රාජමාලිගයේ සෙල්කණු ලිපියෙහිදු රජු‍ගේ මවුපියනගේ නම් “සලමේවන්” හා “දෙව්ගොත්” නමින් දැක්වේ. “සලමේවන්” යනුවෙන් අදහස් කැරෙන්නේ (5) කාශ්යාප රජ තෙමේ ය. එසේ නම් (4) මහේන්ද්රියනගේ පියා (5) කාශ්යලප රජු විය යුතු. එසේ වුවද මයිලගස්තොට සෙල්කණූ ලිපියෙහි මවුපිය නම් දැක්වෙන්නේ “සලමේවන්” හා “සංග්ගොත්” යනුවෙන්ය. නැවත ජේතවන සෙල්ලිපි දෙක්හිත් රඹෑව සෙල් ලිපියෙහිත් “සිරිසංග්බෝ” හා “දෙව්ගොන්” යනු දක්නට ලැබේ. වේවැල්කැටි‍යේ සෙල් ලිපියෙහි “සිරිසංග්බෝ” යැ’යි පිය‍ාගේ නම දැක්වෙතුදු මව ගේ නම නො දැක්වේ. මේ අවුල නිරවුල් කිරීමට තැත් කරන ලංකා සෙල්ලිපි ග්රාන්ථ සම්පාදකයෝ (5) කාශ්ය ප රජු “සිරිසංග








(80 ජ)

රජ තෙම කටයුතු කෙළේය. ආරෝග්යාත ශාලාවනට සුදුසු යහන් ඔසුවර්ග ආදිය හොඳින් සපයා යැවී. සැලැකිය යුතු පින්කම් ද හේ කෙළේය. මුහුගේ පුණ්යය ක්රිනයාවෝ නානා ප්ර කාර වෙත්. ඉන් සමහරෙක් ප්රිසය ජනකය. විහාරයට වන්දනා මාන කිරීමට පැමිණෙන ජනයනට බුලත් වෙළදාම් කිරීමට බුලත් මණ්ඩපයක් තනවා ඉන් ලැබෙන අය විහාරයනට පිදී. ඒ කදිම පින්කමෙකි. විහාරස්ථානයට එන්නෝ බුලත් සැපීම සඳහා දිනකට කෙතෙක් වියදම් කෙරෙත් ද යනු ඉන් රජහට දත හැකිදවී. ප්රීිණනය සඳහා ජනයා වියදම් කරන මුදල එක්



බෝ” යන විරුද නාමය වරින්වර ව්යිවහාර කළ බව පිළිගැනීමට අවනත වෙති. සම්පූර්ණයෙන් නිරවද්යද නූවුවත් අප මඳකට ඒ පිළිගනුමු. එසේ වුව ද මව ගේ නාමය සමහරකෙ සංග් ගොන් කියාත් සමහරකෙ “දෙව්ගොන්” කියාත් සඳහන් වීම ඉන් කෙසේ ‍නිරවුත් වේද? (4) මිහිදු රජුගේ පරපුර දැක්වීමෙහි දැඩි ආයාසයෙකින් දක්ෂව උත්සාහ ගත් ලංකා සෙල්ලිපි සංග්ර හකාරායෝ (4) උදය රජු (3) සේන රජුගේ බාල සොහොවුරකු බවත් (4) සේන රජු (4) මිහිඳු රජු ගේ වැඩිමහලු සොහොවුරකු බවත් දැක්වීමට වෑයම් කෙරෙති. මෙම ක්රලමයට (5) කාශ්ය පයනගේ මෙහෙසිය වූ සංඝා කුමරිය (4) උදයයන ගේ සොහොවිරියක විය යුතු. නැතහොත් හේ (4) මිහිඳු රජුට ඇවැස්ස මයිලෙක් නො වේ. මේ පිළිගැනීමට බලවත් දෙ කරුණෙක් අවකාශ නොදෙයි. (ආ) මහාවංශකාරයෝ (4) උදයයන් (3) සේනයනගේ මිත්ර යකු බව දෙවරක් ම කියති. (ම:ව: LIII, 19, 28) බාල හෝ වැඩිමහලු හෝ සොහොවුරකුට මිත්ර යා යැ’යි ව්ය(වහාර කිරිම පුදුමයෙකි. (ඈ) මිහින්තලයේ සෙල් ලිපි (4) මිහිඳු රජුගේ යැ’යි ගතහොත් උහු ගේ මව සංඝාවක නොව දේවාවක විය යුතු. සංඝාවට සොහොවුරකු වූ බවක් මහාවංශකාරයෝ ද නො කියත්. (ම:ව: LI, 18) (5) කාශ්යුපයනට දේවා නම් මෙහෙසියක ද වූ බවත් මහාවංශකාරයෝ කියති. (ම:ව: LII, 64) මේ අවුල සෑහෙන පමණ නිරවුල් කිරීමට අදහස් කළ මහාවංශශෝධක ගයිගරයෝ (5) කාශ්යකප රජුට මහේන්ද්රෙ නමින් පුත්ර යන් දෙදෙනෙකු සිටි බව සැලැකිය හැකි බව කියත්. එක් මහේන්ද්රමයකු සංඝා නම් මෙහෙසියයගෙන් ද තව එකකු දේවා නම් මෙහෙසිය ගෙන්ද ලත් බව ඉන් සැලැකේ. සංඝාව ගෙන් උපන් මහේන්ද්රනයන් මහා වංශකාරයෝ සඳහන් කෙරෙති. (ම:ව: LI, 99) මයිලගස් තොට සෙල්ලිපිය ඒ මහේන්ද්ර‍යනගේ විය යුතු. හේ රජනොවී. දේවාවගෙන්ලත් මහේන්ද්ර යා (4) මහේන්ද්රය රජ විය යුතු. කෙසේ වුවත් (4) උදය රජ දේවාවට සොහොවුරකු නුවහොත් උහු (9) මහේන්ද්රයයනට මාතුලයකු නො වන හෙයින් දේවා කුමරිය සංඝාවට නෑකමින් බූනකු විය යුතු බවත් එකල සංඝාවගේ සොහොවුරු ය’යි සිතන (4) උදය දේවාවට ද බෑයකු වන හෙයින් මාතුලයකු විය හැකි බවත් ගයිගරයෝ සිතති. එසේ වුවත් සංඝාවනට සොහොවුරකු නුවු බව මහා වංශකාරයන ගේ ප්රකකාශයෙන් පැහැදිලි වේ. (ම:ව: LI, 16) එහිම මහේන්ද්ර යුව රාජ්ය යනට සංඝාවගේ සොහොවිරියක








(80 ට)

කොට විහාරයන්හි ප්ර යෝජනය්ටැ යෙදිම හොඳ සිරිතෙකි. රටක දියුණුවට යොදා ලිය හැකි ධනය නො නසා මේ අන්දමින් කටයුතු කිරිම රටේ දියුණුවත් සදාචාරයත් වර්ධනය වීමට හේතු වේ. විහාර ප්රදතිසංස්කරණයෙහි හා නානාප්රිකාර දානයන් දී මෙහිදු (4) මහේන්ද්රර තෙමේ පළමු රාජයනට නො දෙවෙනි වී. එසේ වුව ද රජුගේ ක්රිහයාවන් මතු රජ දරුවනට නින්දා උපදවන කරුණු සිදුවීමට හේතුවු බව කිය හැක. තමහට සියලු අතින්ම සුදුසු කදිම කාන්තාවන් මෙහි සිටිය සදී හෙතෙම කලිඟු රටින් කුමරියක ගෙන්වා අගමෙහෙසිය බවට පත් කෙළේය. තම රටෙහි තරුණියන් හට ලැබිය හැකි ඉතාම උසස් පදෙවිය අන්යක දේශයක තරුණියනට හිමිකොට දිම පාඩුවෙකි. කවර කාරණයක් නිසා මහේන්ද්ර රජු මෙසේ කෙළේ ද යනු විසැදිය නොහැක. සමහර විටෙක කාලාඬ්ක තරුණියක 1 ලබා ගැන්මෙහි දැඩි ආශාවක් උහු සිත පැවැත්තේ දැ’යි නොදනුමු. එසේ නම් ඒ ගැන වැඩි දෝෂයක් නො දක්වත හැක. ඒ කලිඟු මෙහෙසිය ගෙන් රජතෙමේ පුතුන් දෙදෙනකු හා දුවක ලදී. රජතෙම පුත්රලයනට ආදිපාද තන



වූ කීර්ති නම් මෙහෙසිය ගෙන් පුත්ර‍යන් සිවු දෙනකු හා දුවක වූ බව ප්‍රකාශ වේ. (ම:ව: LI, 16) ඒ දුව ඇය ගේ මිත්තණියන් නමින් දේවා වූ යැ’යි ද (5) කාශ්යකපයනට ඕත මෙහෙසියක් වූ හ “යි ද ගත්කල මේ අවුල වඩා නිරවුල් වේත ඇය සොහොවුරක ගෙන් කීර්ති අග්ර බෝධි කුමරුන් හැර සෙස්සේ රජ වූ. (3) උදය තෙමේ තමන් කිතාවගේ පුතකු බව සිය සෙල්ලිපියෙහි සඳහන් කෙරේ. (EZ. 1. 29, 75, 213, 241, II, 49, 64, 59) (ASO. 7th Pg. Rep. 1891 – XIII, 1896 P. 51) (4) උදය රජ (4) මිහිදු රජු ගේ මාතුලයකු බව මහාවංශකාරයන් කියන හෙයින් ද (4) උදය අර (3) සේන රජුගේ මිත්ර යකු වශයෙන් සඳහන් කරන හෙයින් ද (ම:ව: LIV. 48. LIII, 19, 28) මේ කාරණය නිරවුල් කොටලීම ඉතා අපහසු වේ. පසුවැනි කාශ්යිප රජුට බොහෝ මෙහෙසියන් වූ බව මහාවංශකාරයන ගේ ප්රකකාශයනගෙන් පෙනේ. ඔවුන ගෙන් පස්සෙනකු මහාවංශකාරයෝ සඳහන් කෙරෙති. (ම:ව: LIල 16 – 93, LII, 62, 64, 67) මින් එක් මෙහෙසියක් සිව්වැනි කාශ්ය ප රජුගේ දුවක් වූ. එ හෙයින් (4) උදය රජු ද පස්වැනි කාශ්ය ප යන ගේ දේවා මෙහෙසිය ද (4) කාශ්ය ප රජුගේ හෝ (2) උදය රජුගේ දරුවන් ලෙස ගණන් ගත හොත් සියල්ල බොහෝ නිරවුල් වේ.

1. කාලංගියෝ නම් සින්ධු දේශයේ නැගෙනහිර සමුද්රජතීරය බද දැන් ඔරිස්සා නමින් ප්රහකට ප්ර්දේශයේ වැස්සෝ වෙත්. ඌ තුමු සූර්යවංශිකයෝ යැ’යි ගර්වව වූසු. මෙහි පැමිණි කාලිංගයනගෙන් බෙහො දෙනකු “මල්ල” යන අපර නාමයෙන් යුක්ත වූවන් බව පෙනේ. “චක්රගවර්තී” යන නාමය කාලිංගරාජයෝ ව්යෙවහාර කළහ.







(80 ඩ)

තුරු දු දූ තුමරියට “රාජිනී” තනතුරු දු දෙවී. මේ ලිංග මෙහෙසිය හෝ ඇයගෙන් උපන් පුත්ර යන් හෝ යහපත් චරිතයකින් කල් ගෙවූ බවෙක් නො පෙනේ. සොළොස් වසක් රට පාලනය කළ (4) මහේන්ද්රව රජ තෙමේ අගමෙහෙසිය ගේ දරුවන් බාලවියෙහි සිටියදී ම මළේය.

    කලිඟු මෙහෙසිය
              හා 
     ඇයගේ දරුවෝ  

සේනාපති තෙමේ ම මෙකල්හි දු සේනාපති වී. නිබඳ කැරැලි කරුවන් ඇතිවන දේශ සීමාව බද ප්රලදේශයෙහි සේන සේනාපති තෙමේ විසී. රජුගේ වම වූ කලිඟු මෙහෙසිය නොහික්මුණු පැවැතුම් ඇත්තීවූත සේන සේනාපතියා ගේ මල් මහා මල්ලයා හා ඇය‍ ගේ නො මනා පැවැත්මක් දැන ඒ නිසා නො සතුටුව රජතෙම මහා මල්ලයා ද මැරැවී. එයින් සේන සෙනෙවියා ද නො සතුටු වන බව දත් රජ තෙම තමහට විශ්වාස ඇති උදය නැමැත්තකු හට සේනාපති තනතුර ද දෙවී. ඒ ඇසු සේන සෙනෙවිතෙම රජු හා කිපියේය. ස්වකීය පෙම්වත්හු මැරැවීම නිසා කලිඟු බිසොව ද ස්වකීය පුත්ර යා කෙරහි වෙර බැඳ සේන සෙනෙවියා හා එක්වූ විලි නැති ඕ තොමෝ යුවරාජ උදය කුමරුන් හා දියැණියන් ද ගෙන පොලොන්නරුවට ගොස් සේන සෙනෙවියා ද එහි කැඳවා ගතු. ස්වකීය පුත්ර් රාජයා වැනැසිමට අදහස් කොට ඕ තොමෝ ද්රනවිඩ භටයන් ගෙනෙනු සඳහා සේන සෙනෙවියා දේශයට හළු. සේනාපති සේන තෙමේ ද ඇය ගේ බසින් මෙහෙයැවී මහත් ද්රයවිඩ සේනාවක් 1 ගෙන මෙහි බැස රජ රට වනසා මහා නගරය උන්ට පාවා දී තෙමේ කලිඟු බිසොව හා පොලොන්නරු නගරයේ විසී. (5) සේන රජතෙමේ තම නියමය පරිදි මහා මල්ලයන් මැරූ උදය සෙනෙවියාත් කැටිව රුහුණු වනි. රුහුණුවන් ජතෙම දෙමළුවන් පලවනු සඳහා එ පෙදෙසින් සේනාවන් එවී. සේන සේනාපති තෙමේ උන් පරදවා පලවාහළි. ද්රසවිඩයෝ රජ රට වනසා විහාරාමයන් බිඳිමින් ජනයන් ධනය පැහැර ගත්හ. සේන සෙනෙවියා හට වුවමනා වූයේ උදය සෙනෙවියා පහකොට




1. ද්රතවිඩයෝ අනූපන්දහසක් යැ’යි රාජාවලිකාරයෝ කියත්.






(80 ණ)

ලීමය. සේන රජ තෙමේ ද තරයේ උහු රකී. ද්රාවිඩයෝ රජරට වනසති. රජරට වැසියෝ මේ කුමන විපතෙක්දැයි දුක්වෙති. සේන සෙනෙවියා ගෙන් ජයක් ලැබීම තමහට නො හැකිබව දත් රඩ තෙම රුහුණු දෙසම වසන්නට අදහස් කොට ගති. රට නස්මින් වල් අලියන් මෙන් උතුරු සමභූමියේ සරන ද්රකවිඩයනගේ පීඩා විඳීමට නො හැකි රජ රට ජනයෝ රුහුණු වැද සේන රුජ දැක තමන් විඳනා දුක් ප්රිකාශ කොට “සේන සෙනෙවියාගේ අදහස පරිදි උදය සේනාපතියා බැහැර කිරීමෙන් සාමය ඇතිකෙරේවා”යි අයැදියහ. සිතේ ධෛර්යයත් නැත්තාවූ ද අනවස්ථී භාවය රක්නා වූ ද තරුණ රජතෙමේ තමන් සේම දින සිත් ඇති එඩිමන් සිඳි පුරෝහිතයන් හා මන්ත්රදණය කොට තමනගේ පිහිට සොයා තමන් කී කටයුතු ඉටුකළ උදය සෙනෙවියා රාජ්යණයෙන් බැහැර කැරැවී. එයින් සේන සෙනෙවියනට වසඟ වූ රජ තෙමේ සාම ගිවිසුමෙකින් උහු හා බැඳි උන් වුසු පොලොන්නරු නගරයට ම වනි. එහිදී සේන සේනාපතියාගේ දුවක් රාජයා හට මෙහෙසි බවට පාවා දෙන ලදු. මෙසේ සේන සෙනෙවියා තරුණ රජු හට වුවමනා පරිදි කටයුතු කිරීමට බැඳ ගති. පොලොන්නරුවෙහි වසන රජතෙමේ සෙනෙවියාගේ දූවූ මෙහෙසියගෙන් කාශ්ය්ප නම් පුත්‍රයා ලැබි. මිනිසුන් කියන කියන අතට හැරෙන (5) සේන රජ මිත්ර්යන්ගේ බසින් සුරාපානයට පුරුදු වී අධික මත් පැන් පානයෙන් රජ පාලනයට තබා තමන් පාලනයට ද නො හොබනා පුද්ගලයෙක් වී. මෙසේ (4) මහේන්දු රුජ දේශයනේ නේවූ මෙහෙසිය ගෙන් ලත් වැඩිමහලු පුත්රී තෙමේ උහුගේ මව තමනට දුන් නිගාවට සුදුසු දඬුවම් පමුණුවා ගත නො හි රටට ද තමනට ද නිගාදෙමින් මද්යය පානයෙන් නොකල්හි මෙළේය. විසිදෑවුරුදු වයසැති මේ රජු නවයොවුන් වියෙහිදිම මරුවශඟවීම උහු ගේ නො දැමුණු අශිෂ්ට මව නිසා බව කිය හැක. මත්පැනින් උමතුව තිරසනකු සෙයින් ක්රිුයා කළ රාජයකු අනුරාධ පුරයෙහි පා නො තබා පොලොන්නරු වෙහි දී ම පරලොව සැපත් වීම මහා නගරයා ගේ ගෞරවය ආරක්ෂා වීමට හේතුවකි. එසේ වුවත් මේ ප්රාසිද්ධ මවගේත් පුත්ර යන් දෙදෙනගේත් ක්රිෂයා ලාපයෙහි දෝෂයෙන් මහා නගරය ද්රපවිඩයනට ක්රීවඩා භූමියෙක්වී.










(80 ත.) මහ‍ානිෂ්ක්රයමණය !

මත්පැනින් උමතු වූ (5) සේන රජ තෙමේ මෙළේ ය.


            මහා නගරයට 

නිගා !

ඌ තුමූ රජරට වැසියනගේ ධනය පැහැර ගතු. එපමණෙකින් නො නැවැති ඌ තුමු සාහසික ව උදාර ලීලාවෙන් කල් ගෙවූ. සිය දේශය ද මහා නගරය හා සිය ජනයන් ද දේශයේ ද්රාවිඩයනට පාවා දි සේන සෙනෙවියාත් අල්ජ්ජ වූ කලිඟු බිසොවත් පොලොන්නරු නගරයේ වුසු. උන් හට වූ‍යේ කොටිවලග ගත්තා වැන්නෙකි. (5) සේන රාජයා නෙරපා ‍හැරීමට ඌතුමූ ද්රූවිඩ මිත්ර යන් ගෙන්වූහ. ද්රදවිඩයෝ අන් ආ කාර්යයන් ඉටුකොට තමන් ගෙන්වූවනට ද අවනත නොව රිසි සේ සරති. දැන් ද්ර්විඩයන් හා විසීම ද නොහැකි මය. උන් රටින් පිට යැවීමට උත්සාහ හෝ දැරුව හොත් වන්නේ මහා අන්තරායයෙකි. එහෙයින් සේන සෙනෙවි ආදීහු උන් හට අනුරාධපුරය පාවා දී තුමු පොලොන්නරුවෙහි ම වුසු. රුහුණු වැසියෝ උතරු සමබිම දෙස නෙතකුදු නො යොමු කළහ. මහා ස්තූපයෝ අගනාමිණි සත් රන් කොත් ආදිය සඳහා ද්රනවිඩයන් විසින් සුන් කරන ලද මුඳුන් ඇතිව කඳු සෙයින් දිසෙත්. බිඳුනා ලද ධාතු ගර්භ ඇති ස්තූපයෝ තුඹස්සිරි ඉසුලත්. ඒ ඒ තන්හි ද්රෙවිඩයන් විසින් දවා බිඳ හෙලන ලද විහාරාරාමයෝ ගඩොළු ගොඩ සෙයින් දක්නට ඇත්තාහ. හිස්මුඩු කොට කසාවත් ‍පෙරවී භික්ෂූන් වහන්සේ ගේන හෙබියා වූ මහා ආරාමයෝ අඩ හිසක් මුඬු කොට අඬකයක් වස්ත්‍රයෙන් වසා ගත් සැඬ දෙමළුවනගෙන් පිරි ගියහ. මහා මන්දිරයන්හි ක්රී‍ඩා සුවයෙන් වූසු ජනයෝ ඇතුළු ගෙට වැද නිසොල්මන්ව සිටිත්. කුඩා සමුද්රීයන් මෙන් මඳින් මඳව නැඟි නැඟි බස්නා කුඩා රළ මාලාවන් ගෙන් ශෝභිත වූ මහා වාපීහු බුන් ඉවුරින් යුක්තව වගුරු බවට යෙත්. මහා ගොයම් කෙත් පඬ්ක්තිහු ක්ර්මයෙන් වන ලැහැප් සඳහා අවකාශ දෙමින් ක්රරමයෙන් ගෙවියෙත්. පෙරදවස්හි ප්රී්තයෙන් මහාමාර්ගයන්හි ගමන් කළ සිංහල ජනයෝ මෙවිට වන මීමුන් සෙයින් සරන ද්රපවිඩයන් දැක දුර්මුඛවෙත්. කිසිවෙක් මිලාන වූ ම‍ුහුණින් රුහුණූ බලත්. වීථියක් මාර්ගයක කසාවණි








(80 ද)

න් බබුලුවමින් සැරැ භික්ෂූන් වහන්සේ රුහුණු බලා වැඩි සේක. බෞද්ධ ශිෂ්ටාචාරයේ සාධාරණ නිදහස දක්වමින් වැඩ සිටි භික්ෂූණීන් වහන්සේ අතුරුදන් වූ සේක. බෞද්ධ ශිෂ්ටාචාරය පසු නොබලා පැලෑ. මෙසේ වූ පෙදෙසක මෙසේ වූ කලෙක (5) සේනරජු මල් (5) මහේන්ද්රම තෙමේ ‍අනුරාධපුරයෙහි රජවී. සේන සෙනෙවියන් කැඳැ වූ ද්රෞවිඩයනට වාසභවනයව පැවැති අනුරාධපුරයෙහි උහු ගේ වාසය අන්ය යනගේ ‍ගොදොරක වාසය හා සමවී. උහුට රිසි සේ කොට ගතහැකි කිසිවක් නො වී. ද්රරවිඩයනගෙන් තමන් ආරක්ෂා කොට ගැන්මෙහි රජු නො සමත් වූ හෙයින් රටවැසියනට රජුගෙන් ඇති පිහිටෙක් නොවී. එහෙයින් ඌ තුමු රජහට අය නුදුන්හ. දෙන්නට රිසියනට ද දිළිදු හෙයින් දිය හැකි අයත් නොවි. දුකසේ ජීවත් වූ පිටිසර ගොවියා ගොවිතැන් පාලුව ගිය කල කෙසේ අය ගෙවා? රට වැසියන් දිළිඳුවත්ම උන්ගෙොන් අය නොලබන රජ තෙමේ ද දිළිඳු වී. එසේ වුවත් (5) මහේන්ද්රො තෙමේ දසවසක් කටුක දුක් විඳිමින් රට පාලනයෙහි වෙහෙස දැරී. රජුන් ආරක්ෂා වට සිටියෝ ද දිළිඳු රජු නොතකා හළු. පිට රටින් පැමිණ යුද්ධ භටයන් වශයනේ රජු ට මෙහෙ කොට සිටියාහු ධනහීන රජකු හට කුමකට සේවය කෙරෙද්ද? කේරලාදී ද්රයවිඩ භටයෝ ධනය ම තකා රජු ගේ භට හමුදාවන් හි සිටියහ. වැටුප් දීමට ධනය හිඟවත් ම ඌ තුමූ රජු කෙරෙහි නො සතුටුවූ. සිංහග භටයෝ ද උන් අනුගැමු. එ හෙයින් (5) මහේන්ද්ර යනට අහසත් පොළොවත් විනා අන්පිහිටෙත් අනුරාධපුරයෙහි නො වි.

මහා නගරයෙහි වෙනදා මෙන් ප්රීොති ඝොෂාවක් ඇසෙන්නට නැති. ආ‍කාශය රක්තවර්ණ වලාපටලයෙන් වැසී ගියේය. මද වූ සැඬරැස් විහිදුවමින් අවරගිරි අග සිටි සූර්යයා පැලදිග බලා බටී. සියලු අතින් අන්ධකාරය පැතිරෙන්නට වනි. චන්ද්රාණලෝකය පහල වන ලක්ෂණයෙකුදු නොවී. රජ මාලිගයේ ප්රෙදීපයන්හි මද ආලෝකයෙන් ඇඟැවෙන්නේ මළ පහනෙක ආලෝක ස්වභාවයෙන් අමුතුවූවක් නොවේ. මාලිගයේ මෙහෙකරුවෝ ද නිශ්ශබ්දයම සෙවු. තම හට කිමෙක් සිදුවේ ද යනු අනුරාධ පුරය විනා අන් කිසිවෙක් නො දතු. මඳ වේලෙකින් සවස්භාගයේ අඹරුකක් බලා එන වවුලන් සෙයින් අමිහිරි ඝොෂාවන් පතුරුවමින් කේරල භට ‍සමූහයෝ ද උන් හා එක් ව අවුත් වනු. අසට වැටුප් නොදෙන තෙක් රජුට ද කිසිවක් අනු








(80 න)

භවයට අවකාශ නො දෙමු’යි ඌ රජමාලිගය වටා සිට ඝෝෂණය කළහ. යුද්ධ භට හමුදාවනට වැටුප් දීමෙහි නො සමත් වූ රජ තෙම තමහට කාර්යය වැරැද යන බව දති. දැන් නම් රජ මාලිගය උහුට වධකස්ථානයෙකි. මහානිරයෙකි. අමුසොහොනක් එයට වඩා සියගුණයෙන් යහපත් සේ හේ දිටි. තම හට පිහිටක් තබා පිහිටට ලකුණක් වත් හෙතෙම කොහි අතෙකිනුත් නොදිටි. එහෙයින් රජතෙම රජමාලිගයෙන් පිටවීමට මඟක් සෙවී. උමඟක් විනා අන් කිසිමඟෙක් ඒ සඳහා පිහිට නොවේ. (5) මහේන්ද්රඋ රාජයා එහෙයින් උමගක් ම සෙවී. ගෙනයා හැකි යම්තම් දැයක් පමණක් ගෙන අනුරාදපුරයෙහි මහා රාජයා අම‍ඟෙක ආශ්ර යෙන් මාලිගයෙන් බැහැර ව මහා නගරය සඳහටම තනි කොට සිටුවා ගඟින් එතෙරව රුහුණු වනි. රුහුණු දනව් වනි. මහේන්ද්ර තෙමේ දුෂ්කර ක්රිුයා කෙරෙමින් කල් ගෙවී. කේරලාදි භටයනට අත්වූ අනුරාධපුරය රිලා වඳුරු කැලනට අසුවූ තොප්පියක් බඳුවී. සිංහල භටයෝ ද කර්ණාට භටයෝ ද කේරල භටයෝ ද රිසි රිසි සේ නගරය පාලනය කළහ. මෙකල්හි චෝළ දේශයෙන් අශ්වයන් වෙළෙදාමෙහි පැමිණියෙක් අසුන් වෙළඳාම තබා මේ විකාරය බලා සිටියේය. කුරු බලු පැටියන් පොල්ලෙල්ලක් ගෙන ක්රීවඩා කරන සේ සිංහල කේරල කර්ණාට භටයන් අනුරාධපුරය පාලනය කරනු අයුරු දුටු අස්වෙළෙඳ තෙමේ ඒ පුවත සියරටෙහි ප්රරකාශ කැරැවී. ඒ පවත් ඇසු චෝළ රජතෙමේ ද්වීපය ගැන්මෙහි මේ සුදුසු කලැයි දැන බලසම්පන්න භට සේනාවන් මෙහි එවී. චෝළ ද්රරවිඩ භටයෝ අවුත් මෙහි බටු. චෝල සේනාපති තෙමේ අනුන් දමා ගිය මස් රහිත ඇට කටුවක් සඳහා පොරකන කපුටුවුන් රැසක් පලවා හැර ඒ ගන්නට වන් සුනඛයකු සෙයින් කේරලාදි භටයන්ගෙන් අනුරාධපුරය පැහැර ගති.

චෝල රාජයාගේ අදහස වූයේ අනුරාධපුරය පැහැර ගැනීම පමණක් නො වේ. මුළු ලක්දිව ම අත්කොට ගැනිම උහුගේ ප්රා්ර්ථනය වී. එහෙයින් චෝලභට හමුදාවෝ අනුරාධපුරයෙහි නො නැවති පොලොන්නරු නගරයට පැමිණියහ. ඌ තුමු පොලොන්නරු නගරයෙහි වෙසෙමින් රුහුණු ප්රගදේශය නතු කොට ගැන්මෙහි සටන්කරන්ට අදහස් කළහ. රුහුණේ දුෂ්කර ක්රිනයා කරන්නට වන් (5) මහේන්ද්රට රජ තෙමේ සීදු පර්වතයෙහි වාසස්ථානයක් පිහිටුවා සිය ‍සොහොවුරු (5) සේන රජු ගේ මෙහෙසිය භාර්යාව ‍වශයෙන් පාවා ‍ගෙන එහි විසී.








(80 ජ)

මඳ කලෙකින් ඇය මළ හෙයින් හෙතෙම සිය සොහොවුරාගේ දියැණියන් ද පාවා ගති. ඇයගෙන් කාශ්යෙප නම් පුතකු උපන් කල රජ තෙම සීදු පර්වතය හැර එතැනින් කප්පගල්ලට ගොස් එහි කොටු බැද ගෙන විසී. මඳ කලෙකින් “රුහුණේ සැඟැවී සිටින මහේන්ද්ර් රජු අල්වා ගනුව”යි සිය රාජයා ගෙන් අණ ලත් චොළ ද්රැවිඩ මාරසේනාවෝ රුහුණු වැද රජුගේ ‍රාජ භාණ්ඩයද ධනය ද මෙහෙසිය ද අල්වා ගතු. අසරණ රජ තෙමේ තමනගේ භාණෟඩයන් හා වෙත තබා රක්නා ලද පටිදා කැබෙල්ලක්ද හැර දමා ඒ සියල්ල දනට දීමෙන් වත් රැකෙන්නට ලද මැනැවැයි සිතා පලා ගියේය. වන වාසයට වන් දුප්පත් රාජයා සාම ගිවිසීමක් කිරීමෙහි අදහස දක්වා වංක අදහසින් කැඳැවූ චෝළ ද්රනවිඩයෝ උහු අල්වා සයුර තරණය කැරැවූ. රජරට නායක තෙමේ චෝළදේශයෙහි ශෝකයෙන් තැවෙමින් දොළොස්වසක් වැස රජතන්පත් අටසාළිස් වැන්නෙහි දී මෙළේය. අනුරාධපුරය පාලකයනගෙන් සදහටම තුරන් වී. රජරට හිමි චෝළ ද්රයවිඩයෝ පොලොන්නරු නගරය තමනට අගනුවර කොට ගතු. ඌ තුමූ එහි වෙසෙමින් රුහුණු වැසියන් හා සටන් කිරීමට පටන් ගතු. පරතිර ගත කරනු ලැබූ මහේන්ද්රුරාජ යනගේ පුත්රහ කාශ්යකප කුමර තෙමේ ද චෝළ ද්රතවිඩයන් මැඬීමෙහි නොපොහොසත්ව සිට මෙළේය. චෝළ ද්රේවිඩ ජනයෝ උතුරු සම භූමිය පාලනය කෙරෙමින් පොලොන්නරු වෙහි වුසු. රුහුණ ගැනීමේ ඔවුන් යෙදූ උපක්රයම සියල්ලම ව්යනර්ථ වී ගියේය. පොලොන්නරු රාජයන‍ගේ පහල වීම තෙක් රජරට නායකයෝ චෝළ ද්රේවිඩයෝ වූ. අනුරාධපුර ශ්රීව තොමෝ සදහට ම නෙත් පියාගතු !.