අනුරාධපුර බැසීම හා වැටීම - v

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

පුණ්යුකර්මුයෝ

අනුරාධපුර පරිහානි කාලයේ වුසු සිංහල රාජයෝ බෞද්ධයෝ වූ. එ හෙයින් ඌ තුමු බෙහෙවින් පුන්ය ක්රිබයා වන්හි ඇලී වුසුහ. කොතරම් සාහසිකව වුසු රජකු වුව ද අවසාන භාගයේ දී මහා පුන්ය්ක්රිියාවන්හි යෙදී වාසය කිරිම සිරිත වි. විහාර සන්තක ‍ධනය පැහැර ගෙන ඉන් භටයන් ‍සපයා රාජ්ය්ය ලබා ගත් රාජයෝ ද පසුව විහාර කරණයෙහි නිරත වූ. මේ රාජයන ගේ පුණ්යර ක්රි යාවෝ ලිඛිතයහ. ඒ ලේඛන පින් පොත් 1 නමින් ප්ර කට වි. රාජයා ගේ අවසාන කාලයේදී ද අවසාන මොහොතේදී ද මේ පින් පොත් කියැවිණි. මහාවංශාදි ග්ර න්ථ සම්පාදනය කළ කර්තෘවරයෝ මේ පින් පොත් ආශ්රැයෙන් කරුණු සපයා ගත්හ. අපට ඇසීමට අතිශයනි වුවමනා සමහර කාරණයන් වංශ කථාවන්හි නො ගසඳහන් වීමට හේතුව එය වේ. ඒ කරුණු පින් පොත්හි නුවු හෙයින් ග්රටන්ථ කාරායෝ නොදත් හ. නො සිහිත් කළහ. රාජකීය ලේඛනාගාරයන්හි දු විහාරාමයන්හිදු පින් පොත් වී. ඒ පොත්හි වූ තාක් කරුණු ග්ර න්ථකාරයෝ සපයා ගෙන වංශ කථාවන් ගෙතූහ. එ හෙයින් වංශ කථාවන්හි විශාල කොටසක් පුණ්ය්ක්රිායා වර්ණනා යන ගේ ශ්රීහය උසුලා. ඉතිහාසය පිලිබඳ අගනා කරුණු රාශියක් ද මේ පින් පොත් ආශ්රශයෙන් දත හැකි වී. අප විසින් මේ පුණ්යු ක්රිියාවෝ දෙගුණ යක්හි ලා සලකනු ලැබෙත්. කරව ලබ්ධිකයනට වුවත් සාධාරණ වූ උභයලෝකාර්ථ දායී වු පුණ්යික්රිෝයාවෝ ප්රිථම ගණයට ද එක් ලබ්ධියෙක ජනයනට පමණක් සාදාරණ වන ලෝකෝත්තර පුණ්යය ක්රි යාවෝ දෙවැනි ගණයට ද අයත් වෙත්.

සර්ව සාධාරණ පුණය ක්රිවයාවෝ :- කවර ජන කෙනෙකුන් විසිනුත් මැනැවැයි සලකත හැකි මහාජනයා ගේ දියුණුව සඳහා කැරෙන ක්රිවයාවෝ සර්ව සාධාරණ පුණය ක්රිකයාවෝ වෙත්. රටේ දියුණුව සඳහා ඉවහල් වන වැව් බැඳ අමුණු බැඳැවීම්, ඇළ, දොළ හෙලි‍කොට හේ දඬු ආදිය ලීම්, කෙත්වත් සුරකොට ලිම් හා මහාජනයා ගේ ප්රරයෝජනය සඳහා ගිමන් හල්, ආරෝග්යයශාලා, අසරණශාලා භෛජ්යාාගාරා ‍ආදිය පිහිටුවාලිම් ආදිය මෙම ගණයේ යහපත් ක්රිශයාවෝ වෙත්.




1. පුඤ්ඤ පොත්ථකාති (ම: ව)






(134)

මෝසම් සුළඟින් වර්ෂාව ලැබෙන ලංකාව වැනි රටෙක කඳු ආශ්රමයෙන් නැඟ ගලා බස්නා නදින් හිග උත්තර සම බිම වැනි පෙදෙස්හි වරෙක් ජලය හිගවෙමින් හානි පැමිණිය හැක. ලක්වැස්සෝ ගොවිතැනින් ම දිවි රැකියහ. ගොවිතැනින් රැකෙන ජන සමූහයකට කලට වැසි නොවැටීමෙන් සාගතයනට මුහුණ පාන්නට සිදුවේ. එ හෙයින් එබඳු නියඟයෙකින් හානි නො පැමිණෙනා නියායෙන් කටයුතු පිළියෙළ කොට ගැන්ම ප්රිථමයෙන් ම කළ යුතු ක්රියයාව වේ. කඳුකර පෙදෙස්හි ජලය හිඟ නුවුවත් සමබිම්හි ජලය හිඟ වීම නියත ය. වැසි නැති කාලයේදී සිදුවන එබඳු හානි වලක්වා ගැනිමට නම් වශාල ජලාශය යන්හි දිය රැස් කොට තබා ගත යුතු වේ. එ හෙයින් සමබිම් වැස්සෝ ගංහෝ අවුරා වේලි බැඳ නිම්න ස්ථානයන් කරා දිය පමුණුවා වැව් බැඳ ගැන්මෙහි පුරුදු වූ. අවටින් වේලි බැඳ වැව ජලායෙන් පුරවා ලූ කල්හි එහි දිය මට්ටම සමබිමට ඉහලින් සිටී. ඒ නාස වාරි මාර්ගයන් ඔස්සේ සමබිමේ විශාල ප්ර්දේශයකට ඉන් ජලාශ්රිය පැමිණවිය හැකිවී. කලට වැසි නොලදත් වැවින් දිය සැපැයෙන හෙයින් ගොවිතැන් කිරීමට බාදාවෙක් නොවී. මේ වැව් නැතිවුව හොත් මහා සමභූමිය සම්පූර්ණයෙන් පාළුවන බව පූර්වයෙහි සිටි මනුෂ්යියෝ දත්හ. එ හෙයින් ශ්රීබ සමෘද්ධිය පැවැති කාලයේදී (මහා) සේනයන් වැනි මහාරාජයෝ මහා වැව් බඳවා ලූ. අනුරාධපුර පරිහානි කාලයේ ආදි භාගයේ සිටි සිංහල රාජයෝ ද ඒ නො කඩවාම කළහත ඔවුනට අමුතු වැව් බඳවාලිම පමණක් නොව පළමු පැවැති වැව් පිරියම් කිරීම ද වුවමනා වී. අනුරාධපුර පරිහානි කාලයේ අවසාන භාගයෙහි සිටි රාජයෝ ක්රමමයෙන් මේ උචාර ක්රිලයාව අත පසු කොට අන්යස ක්රහමයේ පහසු පුණ්යර ක්රි යාවන්හි යෙදුණු. ඒ පුණ්යජ ක්රිෙයාවන ගෙන් සමහරකේ රටේ විනාශයට ද හේතු වූ බව කීමට සිදුවීම කණගාටුදායක කාරණයෙකි. තම රටේ ශ්රීූ සම‍ෘද්ධිට රඳා පවත්නේ කවර කාරණයෙක් පිට ද යනු මේ රාජයන් සිහි නො කිරීම මහ සම භූමියේ පිරිහිමට හේතුවී. බොහෝ විට පරසතුරන‍ ගේ පීඩාවන් නිසා ද රටේ දියුණුවට ඉවහල් වන කටයුතු කිරීමට අවකාශ ද මඳ වි ගියේය. ඒ සමගව ම සියල්ලනට ම පහසු හානිකර වූ අභිනවයෙන් දියුණු වූ පුණ්යි










(135)

ක්රි1යාවකට රාජයෝ නැමි ගියහ. එයින් කෙත්වත් ගම්බිම් රාහියක් ද විශාල ජනකායයක් ද විහාර සන්තක වූ බව කිව හැක.

වැව් රාශියක් විනාශ වි අමුණු බිඳී ගියේය. ඇළ දොළ ඇවිරි ගියේය. කීප වරෙකම රටඉ සාගත පැමිණියේයත මේ නිසා පොලොන්නරු සමයේ රාජයනට ප්රකති සංස්කරණය කොට නිමවිය නො හැකි පමණට බිඳී ගිය වැව් ඇතිවී. පරිහානි කාලයේ රාජයනට අමුතු වැව් බැඳැවීම පසෙක තබා (මහා) මහාසේනාදීන් ගේ වැව් ප්රයතිසංස්කරණයෙන් නොනැසියදී පවත්වා ගැනීමට හෝ අවකාශ ඇතිවි නම් ඒත් ප්රයමාණ වී. අනුරාධපුර කාලයේ රාජයන් කොතරම් දුරට වැව් බඳවා ලීමේ යෙදී සිටින්ට ඇත් ද යනු පොලොන්නරු සමයේ ‍පරාක්රේම බාහු රජු ප්රවතිසංස්කරණ‍ය කොට ලූ වැව් ගණනාවෙන් පෙනීයේ 1.

පරිහානි කාලයේ ආදිභාලයේ සිටි රාජයෝ සමෘද්ධීමත් කාලයේ රජයන ගේ සිරිත් අත් නො හැර කළහත ඉතා ස්වල්ප කාලයක් (අවුරුද්දක්) පමණක් රට පාලනය කළ ඡත්ර ග්රාළහක (ලැමැනිතිස්ස) තෙම් ද තමන් නමින් වැවක් බැඳැ වි 2. දෙමළුවනගෙන් රජ රට මුදවා ගත් ධාතුසේන රජ අනුරාධපුර ශ්රීව සමෘද්ධිය පෙරලා ගෙන්වන්ට උත්සාහ කෙළේය. ඒ රජ විහාර කරණය සමඟව ම අටළොස් මහ වැවක් හා අටළොස් කුඩා වැවක් බැඳැවී 3. වංශ කථාකාරයෝ දස අට විහාරය ම නම් විසින් දක්වා කාළවාපිය බැඳැවීම 4 හැර පාදුලක, හඹට්ඨි, මහා දත්ත යැ’යි ආදි ශබ්දයකුත් සමඟ වැව් සතරක් පමණක් සඳහන් කෙරෙති 5. අඹ හෙණ සලමේවන් නම් සිලා කාලයෝ වැව් බඳිනු වෙනුවට රහේර නම් ඇලක් පිදී 6. සිලාකාල රජු ගේ පුත්වු (2) මුගලන්




1. කුඩා වැව් 300 කුඩා ජලමාතිකා, 460 ක් කුඩා වැව් මහමොව් 3300, කුඩා මෙව් 534, සඟසතු වැව් 316 2. ම: ව: XXXVII, 3 3. ම: ව: XXXVII 51, කලාගල්ලු (කළා බළලු) බදුලු ආදි වැව් අටළොසක් යැ’යි රාජරත්නකාරයෝ කියති. (රා: ර: 26 පිට) පූජාවලී කාරයෝ කලා, බදුලු, කෙළපසව, දනවල්ලා, උදන්විටි, පාණගමු, මානවතු, කිත්විනි, මහවධරා, සංගමු, සුරුලු, මහම්දෙල්, මහ එලි ආදි වැව් අටළොසෙකැ’යි කියත්. (පූ: ව: 685 පිට) 4. ම: ව: XXXVIII, 62 5. ම: ව: XXXVIII, 51 6. ම: ව: XLI, 31





(136)

රජ තෙමේ ද පත්තපාසාණ වැව, ධන වැව හා ගිරීතර වැව බඳවා කොළොම් හොයෙහි අමුණක් බැඳැවීමෙන් ගොවි තැන දියුණු කෙළේය 1. එසේ වුවත් මහා නාග රජ තෙම දූර තිස්ස වැවින් දිය ලැබූ කෙත් දහසක් පිදීම හා කිර නම් මහ මෝ ඇළ පිදීමත් කිරීමෙන් පමණක් තුටුවී 2. මහානාග රජු ‍ගේ බෑනවූ (1) අක්බෝ රජ හැකි පමණින් ගොවිතැන් දියුණු කිරීමට උත්සාහ කෙළේය. හෙතෙම කුරුන්ද 3 නම් මහ වැවක් ද මිහිඳ තළා වැව හා මහ මේභලා යැයි ප්රළකට මිණිහිරි වෑ බැම්ම ද බඳවා ඇලක් ද කැනැවී 4. මේ රජු ‍ගේ සොහොවුරු තෙමේද රුහුණෞ වෙසෙමින් සිරිවඩ්ඪමාන නම් වැවක් බැඳැවී 5. (1) අක්බෝ රජුගේ බෑන වූ කුඩා (2) අක්බෝ රජ රට ගොවීන් ගෙන් පැසැසුම් ලැබීමට සුදුසුසෙකි. මේ රජු ශංගාතව 6 වලාභස්ස, ගිරීතට 7 යන වැව් බැඳැවූ බව මහා වංශකාරයෝ කියති 8 වැව් තෙළෙසක් මේ රජු විසින් බඳවන ලද බව රාජාවලීකාරයෝ පවසත් 9. තුදුස් බැවෙකැයි රාජරතානාකර කාරයෝ කියති 10. තෙළෙස් වැවෙක නම් සඳහන් කොට ඒ ආදි වැව් තුදුසක් බැඳැවි යැ’යි මයුරපාද පිරිවෙන් හිමියෝ පවසත් 11. ඒ කෙසේවුවත් මේ රජු ගොවිතැන් දියුණුවට ඉතා සැලැකීමෙන් කටයුතු කළ බව කිවහැක. අසිග්ගාහක සිළා මේඝ වර්ණ තෙමේ වැව් බැඳැවීම



1. ම:ව: XLI, 61 2. ම:ව: XLI, 99, 101 3. ම:ව: XLII, 15, රා: ර: පිටඝ පූජා: 686 පිට කුරුන්ද වැවහා මිහින්තලා වැව, රාජාවලී 53 පිට 4. ම: ව: XLII, 29 34 රා, ව: 53 පිට, කුරුන්ද වැව නම් උතරු පළාතේ මන්නාරමට නුදුරුව පිහිටි යෝධ වැව යැ’යි සැලැකේ. (H.W.C, H.C.P….., 35) 5. ම: ව: XLII,8 6. ගංතළා 7. ගිරිතළා මෙය දෙවැනි මුගලන් රජ කරැවූ බවද මහාවංහකාරයෝ කියති. (ම: ව: XLI,61) එහෙයින් මේ ප්රලති සංස්කරණයක් හෝ විශාල කිරිමක් විය හැක. 8. ම: ව: XLII, 67 7. රා: ව: 54 පිට 8. රා: ර: 27 පිට 11. ගඟතළා, ගිරිතළා, ගොවටු, නෙරලු, මාටඹු, සිරුවලස, රඩරගලු, කළුන්නරු, මහඋදලු, කැන්ගමු මානා, කලම් පවු ආදී වැව් තුදුසක් .......... (පූජා : 686 පිට) සමහරවිටෙක දහතුනක් වැ වෙකැ’යි රාජාවලීකාරයන් පවසන්නට ඇත්තේ මෙම නාමමාලයෙහි සඳහන් වන වැව් ගණන බලා විය යුතු. සිරුවලස, කැලිය යනු සිරුවලාස් කැටිය යැ’යි ගයිගරයන් දුටු පූජාවලියෙහි වේල. මාදනා යනු මාදැත යැ’යිද කලම්පව් යනු කලම්වැව් යැ’යිද එහිම වේ. ඒ වඩා පිළිගත හැක. මාදැත්තා වැවක් පසු සඳහන් වේ.




(137)

වීම කෙසේ වෙතත් කෝළවාපී නම් වැවක් පිදීල 1. (2) කාශ්ය ප රජු ද වැව් බැඳවීමෙන් රට සුභික්ෂ කෙළේය 2. පොත්ථකුට්ඨ නම මහ දෙමළුවා උහු කළ විහාරයකට අමබාවි නම් වැව පිදී 3. පරතෙරින් උපකාර ලැබ පොත්ථකුට්ඨයා පලවා රජ රට හිමි කොට ගත් මානවර්ම රජ වැව් අටක් බැඳැවීමෙන් රටේ දියුණට උපකාරවී 4. එසේ වුව ද කුඩු අක්බෝ රජු ගෙන් පසු කාලයේ වැව් බැඳැවීමේ කටයුතු බොහෝ දුරට පිරිහී ගිය බව කිව හැක. පස්වැනි අක්බෝ රජ පෙර පැවැති බිඳීගිය ගොණ්ඩිගාම නම් වැව බැඳැවී 5. දෙවැනි මිහිඳු රජ ද කාලවාපියේ ජලසම්පාදනය කැරැවී 6. පළමුවන උදය රජ තෙම තමහට අවකාහ ඇති පමණින් වාරිමාර්ගයක් කනවාලී 7. (9) අක්බෝ අජු ඇලක්ද 8 පළමු වන සේන රජු කාණවාපීය නම් වැවක් ද 9 පිදීමෙන් සතුටු වූ බව පෙනේ. කාශයප ආදිපාදයන ගේ පුත් වූ දෙවැනි ‍සේන රජ අවකාශ ලද පරිද්දෙන් වැව් බැඳැවීමාදිය කෙළේය. හෙතෙම මාවිලි නදියේ මිණිමේඛලා නමින් ප්රාකට බැම්ම බැඳැවීමෙන් ද මිණිහිරි වැවින් දිය ගැන්මට ඇළක් කැනැවී මෙන් ද ගොවිතැනට උපකාරීවී 10. කානවාපිය ද 11 නැවැත බඳවා ලී 12. දෙවැනි අදය රජු බෙහෙවින් අමුණු බැඳැවී මෙහිත් හැකි පමණින් වැව් බැදැවීමෙහිත් යෙදී ක්රිඋයා කළ බව පෙනේ. ඒ තෙම මාවිලි නදිය බැඳැ වී 13. කොළොම් හොයේ අමුණක් බඳවා ලී. මයෙත්ති නම් වැවක් ද බැඳැ වී 14. ඒ කෙසේ වුවත් මේ කාලයේදී සාගතයක් ඇති වූ බවද පෙනේ 15. එහි විපාක වශයෙන් (3) සේන රජ බොහෝ වෙහෙස දරා මහ වැව් අමුණු වාරි මාර්ග ආදිය පිරියම් කෙළේය 16.

සමහර රාජයෝ මහාජනයා ගේ ප්රෙයෝජනය ද රටේ දියුණුව හා ප්රිොය කරු භාවය ද සලකා බොහෝ උයන් වතු කළහ. සිංහල ඉතිහාසයෙහි මහා වීරයකු වශයෙන්



1. ම: ව: XLIV, 14 2. ම: ව: XLIV, 147 3. ම: ව: XLVI, 20 4. ම: ව: XLVIII, 9 5. රා: ව: 35 පිට 6. ම: ව: XLVIII, 148 7. ම: ව: XLIX, 31 8. ම: ව: XLIX, 90 9. ම: ව: L, 72 10. ම: ව: LI, 72 11. ම: ව: LI, 73 12. මේ වැව 1 සෙන් රජ පිදූ බව පළමු පැවැසිණි. ( ම: ව: LI, 72) එ හෙයින් මේ ප්රෙතිසංස්කරණයකි.

13. ම: ව: LI, 121 14. ම: ව: LI, 180 15. ම: ව: LI, 132 16. ම: ව: LIII, 84






(138)

නො මැලිව සඳහන් කළ හැකි සීගිරි මහා බල කොටුව ගොඩනංවාලූ පළමුවන කාශ්යලප රජ මේ කාර්යයයෙහි දු ප්රලසංසාර්හ මිහිපතියෙක් වේ. හෙතෙම සීගිරි නගර දොරටුව සමීපයේ උයනක් කැරැ වීමෙන් ද යොදුනෙන් යොදුන අඹ උයන් ඇති කිරීමෙන් ද රට ප්රි්යංකර බවට පත් කෙළේ ය 1. මේ කාලයෙහි උද්යාිනයන් බහුලව පැවැති බව ඒ රජු ධර්ම රුචික භික්ෂූන් හට උද්යාුනයක් පිදීමෙන්ද 2. නිය්යයන්ති නම් උයනෙක්හි විහාරයක් කිරීමෙන් ද පෙනීයේ. පළමුවන අක්බෝ රජ තෙමේ ද මහාසීව නම් මහතෙරුන් වහන්සේට තුන් යොදුන් පොල්වත්තක් කරවා දුන්නේ ල 4. (2) කාශ්ය ප රජ බොහෝ මත්වතු දු පලතුරුවතු දු වැවීමෙන් රට ප්රිනයකරු කෙළේ ය 5. මෙ බඳු වූ ම ක්රිජයා වන් නිසා දෙවැනි උදය රාජයා ද ප්රපශංසා ලැබීමට සුදුස්සෙක් වේ 6.

රටේ ප්රෞ‍ඪත්වය ප්රදකාශවන නිර්මාණ ශිල්පීන් ගේ කාර්යයන් අතුරෙහි සීගිරි නගරය ගොඩ නැංවීම පමණ උසස් අන් කිසිත් නොදක්මු 7. මුළු සිංහල ඉතිහාසයේ ම මෙ පමණ උදාර වූ විස්මය කර අනු ක්රිියාවක් නො දක්නා ල‍ැබේ. අනුරාධපුරයා ගේ පරිහානියට එද එක් හේතුවක් වූ මුත් ඇත්ත වශයනේ ඒ වීර ක්රිායාවක් ම ය. ලක්දිව නෂ්ටාව‍ශේෂයන් අතුරෙ හි සීගිරය පමණ ජනයා ගේ නෙත් සිත් ඇදගන්නා - ජනයා විස්මය පත් කරවන අන් තැනෙක් නැත. තනි පුද්ගලයකු ගේ මෙම වික්ර මාන්විත කෘත්යයය වීර සිංහලයන ගේ ඉතිහාසයෙහි දිප්තිමත් මාණික්යවය වේ. උදාර වූ මෙම මහා බල කොටුව සිංහලයන ගේ පෞඪභාවයත් නිර්මාණ ශිල්පයෙහි ණෛපුන්යවයත් ප්රයකාශ කිරීමට ඇති කම ශ්රෙංෂ්ඨතර කොටුපේතෘ නෂ්ටාවශේෂ රැස වේ. එසේ වුව ද මහාවංශ කාරාදීන් ගේ අවධානයට ඒ අල්ප දැයෙක් වී. සුළු විහාරයක් කිරීම එයට වඩා දස වාරයෙකින් වර්ණනාත්මක වී. මෙ තරම් උදාර වූ - සිංහලයනට පාන්නට ඇති එක ම පෞඪස්ථානය වූ - සිගිරිය මහාවංශ කාරයෝ මඳකුදු විස්තර නො කළහ. මුළු ග්රසන්ථයෙහි ම ඒ සඳහන් වන්නේ සිවු තැනෙක්හි පමණෙකි 8. සාමාන්යෘ ගිහි පුරුෂයකු විසින් විස්තර කරන ලද්දේ නම් මේ උදාර බල




1. ම: ව: XXXIX, 9 2. ම: ව: XXXIX, 14 3. ම: ව: XXXIX, 15 4. ම: ව: XLII, 15, 16 5. ම: ව: XLIV, 147 6. ම: ව: LI, 121 7. ම: ව: XXXIX, 3, 6 8. ම: ව: XXXIX, 3, 6, 41. XLIV, 32, 60






(139)

කොටුව ගොඩ නංවා ලූ මහා විරරාජයා ගේ චරිතය අහෝ කොතරම් වෙනස් ස්වරූපයෙකින් අද අපට අසන්ට ලැබේද ?

සාමාන්යෙ මහජනයා ගේ පහසුව සලකා කටයුතු කළ රාජයන් බොහෝ දෙනෙකු අනුරාධ පරිහානිය පිළිබඳ කාල පරිච්ඡේදයෙහි දී ත් සිටීම සතුටට කාරණයෙකි. ඔවුන් අතුරෙනු දු කෝපවේශයෙන් ඇලැලී ගිය මෞර්ය රාජ පවුලේ ප්රුථමයා වූ ධාතුසේන රජු ගේ නාමය ප්රඇථමයෙන් ම සඳහන් කළ හැකි වේ. ඒ රජ තෙම රටේ සමෘද්ධිය වඩුනු සඳහා වැව් බඳවා - පරලොව සුව විඳුනා සඳහා වෙහෙර තනවා - ඉන් වමණක් සැනැහි නො ඉඳ කෙරුන් හට නවාතැන් ශාලා ද ලෙඩුන් හට ආරෝග්ය- ශාලා ද තැනැවීමෙන් රටට යහපතක් ම කෙළේ ය 1. සිලාකාල රජ තෙමේ ද රටේ ආරෝග්යල ශාලාවනට ලැබෙන අය වැඩිවීමෙන් ඒ දියුණු කෙළේ ය 2. අනුරාධපුරයේ රජුන් පමණක් නො ව රුහුණේ වුසු අක්බෝ නම් කුමාරෙකුත් ආරෝග්ය ශාලා ද අන්ධයන්ට ශාලා ද ගොඩ නංවා ලී 3. පලමු වන උදය රාජයා පොලොන්නරුවේ මහා ආරෝග්යද ශාලාවක් කැරැවී. පදෙවිය නම්ගමේ ද එබඳු ම ශාලාවක් තනවා ඒ වැටීමට ගම් ද නියම කෙළේය. කොරුනට හා අන්ධයනට ද ශාලාවන් කරවා ලී 4. පළමු වන සේන රාජයා අනුරාධපුරයේ බටහිරි පස වෛද්යල ශාලාවක් ද 5 දෙවැනි සේන රාජයා සෑගිරියේ වෛද්යව හාලාවක් ද 6 කරවා ලූ බව පෙනේ. සිව් වැනි කාශ්යගප රජ “උපසග්ග” නම් බිහිසුණු රෝගය වැළැඳියනට අනුරාධපුරයෙහිදු පොලොන්නරුවෙහිදු වෛද්ය ශාලාවන් කරවා ලී 7. අනුරාධපුරයේ ඒ ඒ තන්හි බෙහෙත් ශාලා ද කරවා රටට මහත් යහපතක් ඇති කෙළේය 8. එස‍මෙ පස් වැනි කාශයප රජ තෙමේ ත් අනුරාධපුරයේ වෛද්යි ශාලාවක් තනවා අය පිණිස තම් ද දෙවී 9. සිව් වැනි මිහිඳු රජු ගේ කීර්ති නම් මෙහෙසිය ගේ පුත්රතයකු ගිහියනට පමණක් ප්රියෝජන වන පිණිස වෙදහලක් අනුරාධපුර නගරය තුළ කැරැ වී. එකල්හි ම සක්ක සේනාපති තෙම පැවිද්දනට ආරෝග්යප ශාලාවක නගරයෙන් පිට පාර්ශවයේ කැරැ වී 10.




1. ම: ව: XXXVIII, 42		2. ම: ව: XLI, 28		3. ම: ව: XLV, 43

4. ම: ව: XLIX, 19, 20 ම: ව: XLIX, 19, 20 5. ම: ව: L, 75 6. ම: ව: LI, 73 7. ම: ව: LII, 25 8. ම: ව: LII, 27 9. ම: ව: LII, 57 10. ම: ව: LIV, 53






(140)

පෞද්ගලික පුණ්යආක්රිගයාවෝ

ලබ්ධ්යා්නුගතව කරන ලද පුණ්ය ක්රි යවෝ බොහෝ වෙති. ලේඛනයන් දෙස බැලීමෙන් “අනුරාධපුර රාජයෝ පින්කම් කිරීමෙන් ම කාලය ගත කළහ” යි අපට සිතේ. නමුත් ඒ සිතිම සාවද්යක ය. ඒ රජහු අන්යොවූත් බොහෝ කටයුතු කළහ. අපට අයත් ව පවත්නේ පින් කිරිය සටහන් පමණෙකි. ප්රකන්යහක්රිියා ලේඛනානුසාරයෙන් සංග්රවහ කරන ලද ග්රසන්ථයන්හිඳු ඒ ක්රිරයාවන් ම බහුලව දක්නා ලැබීම පුදුමයෙක් නො වේ. භික්ෂූන් වහන්සේ ද ඒ ම ප්රඳධානස්ථානයෙහි ලා ගුණූසේක් ම ය. අනෙකක් තබා පරලොව්හි තනතුරු දීමටත් උන් වහන්සේ සමර්ථ වූ 1. ඒ වර්ණයන් කෙසේ වුව ද - තනතුරු දිම කෙසේ වුවද - ශ්රීූ සමෘද්ධ කාලයෙහි සිටි නුවණැති රාජයෝ සියල්ල ප්ර-මාණ වන පරිදි දැන කළහ. පරිහානි සමයේ දි සමහර රාජයෝ අලස පින්කම් කිරීමෙන් රටේ පිරිහීම බොහෝ දුරට ඇති කළහ. අලස පින්කම් නම් ධනව්ය යක් නැතිව සිත කය වෙහෙස වීමක් නැතිව සිට කරන පින්කම් ය. පින්කම් ලේඛනයන් කියවීම වෙහෙස කර වූ ද නීරස වූ ද ක්රි යාවක් වුවත් ඒ කියැවීමෙනුත් යම් යම් කරුණු දත හැකි වේ.

මේ පුණය ලේඛන මාලාවන්හි වූ පුණ්යව ක්රි යාවනුදු කොටස් ගණනකට බෙදා වෙන් කොට ගත හැකි වේ. ඉන් (1) විහාරාම පිරිවෙන් කරවා ලීම පළමු වන ගණයෙහි ලා සැලකිය හැකි වේ. (2) සුළු ගොඩනැගිලි දෙවැනි පඬ්ක්තියවට අයත් කළ හැක. (3) තෙවැනි කොටසට උළුවඩු කර්මාන්ත හා පිරියම් ගැණේ. (4) ආවාස පූජා, (5) ලිං පොකුණු, පතැස් ආදිය කරවා ලීම, (6) සිල් රැකිමාදීය 2 (7) ධර්ම සංග්රසහය හා ධර්ම දානය, (8) සාමාන්යද සංග්රතහයන් හා බෙහෙත් පසය දීම, (9) මව්පිය සංග්ර‍හය, (10) ධාතු පූජා හා පිළිම, සෑ, බෝ ආදියට සංග්රදහය, (11) තිරිසන් සත්වයනට සංග්ර හය, (12) දාන, (13) පූජෝත්සව, යන පරිදි තෙළෙස් කොටසෙක්හි මේ පුණ්යයක්රි යාවන් යොදා සංග්ර්හ කොට ගත හැක. මේ සංග්රරහ කිරීම අප ගේ අපහසුව සඳහා




1. වංශකථාකාරයන ගේ කැමැත්ත පරිදි එක් රජෙක් කාලකඤ්ජ නම් නරකයට ගියේය. තවත් රාජයෝ මෙතේ බුදුනට පිය තනතුරු, අගසව් නතතුරු ලැබූ ! 2. ධර්මණ්යාමනුකූබව බලතහොත් මෙය ශ්රේලෂ්ඨතර ‍පරම පුණ්ය කර්මය වේ.





(141)

විනා පූර්වාචාර්ය යන ගේ නියමක හෝ ධර්ම නීතියක දැක්වෙන ක්රවමයක් නො වේ. එසේ හෙයින් පුණ්යධඵල විපාක දානයේ ප්ර්මාණය මේ පිළිවෙල අනුව කුදු මහත් වේ යැ’යි සිතීම මෙහි නො මැනැවි. ඒ ආගමානුසාරයෙන් දත යුතු වේ. මෙහි ලා මඳකටත් එබන්දක් අදහස් නො කැරේ.

(1) සමෘද්ධිමත් කාලයෙහි කරන ලද විහාරාදීහු අනුරාධපුරයේ බොහෝ වූ. නගරයෙන් බැහැර පෙදෙස්හිදු විහාරාමයන ගේ ගණන අති මහත් වී. එසේ වුවත් පරිහානි සමයේදී සමහර විහාරාමයන් විනාශ වන තැනට පත්ව පැවැති බව කිවහැක. යම් රජකු එබඳු විහාරයක් පෙර ලා කැරැ වූ පසු ඒ විහාරය උහු විසින් ම කරවන ලදැයි පුණ්ය ක්රි යා මාලා ලේඛනකාරයෝ සඳහන් කළහ. එහෙයින් පූර්වයෙහි එක් රජකු විසින් කරවන ලදැයි වරෙක වංශ කථාවන්හි සඳහන් වූ වාහිරයක් පසු කලෙක .වත් රජකු විසින් කරවන ලදැයි එම වංහ කථාවන්හි ද දක්නට ලැබේ. සමහර වැව් ගැනත් මේ කරුණ මෙසේ ම ය. එබඳු තන්හිදී සැලැකිය යුත්තේ ඒ පෙරලා කැරැවූ බව හෝ පිරියම් කැරැනූ බවය. අනුරාධපුරයෙහි වුසු රජුන් අතුරෙහි විහාරයක් පිරිවෙනක් නො කැරැවූ රජහු වූ නම් ඉතා ටික දෙනෙකි.

පරිහානි සමයේ විහාර කරණයෙහි දු ප්රාථමයා වශයෙන් අපට ධාතුසේන රජු ගේ නාමය සඳහන් කළ හැක. රජ රට සමෘද්ධීය පෙරලා ඇති කරවනු වස් දැඩි උත්සාහයෙකින් ක්රිහයා කළ මේ රජු ගේ අකාල මරණය ඉතා කණගාටු දායකය. ලොකු කුඩා විහාර දහ අට දහ අට බැගින් මේ රජ කැරැ වූ බව වංශ කථා කාරයෝ ද සිංහල ග්රින්ථ කා‍රායෝ ද එකසේ ම කියති. එයින් මහාවිහාර දහ අට සම්පූර්ණ යෙන් ම මහා වංශ කාරයෝ සඳහන් කෙරෙති. කුඩා විහාර දහ අට ගැන “දහ අටකි” යනුවෙන් වැඩි යමක් කීමට අපි නො දනුමු. මහාවිහාර දහ අටෙන් සතරක් 1 ගැන පමණක් පසු කාලයන්හිඳු කරුණු අසන්නට ලැබේ. ඉතිරි තුදුස පිළිබඳව යමක් ඉන් පසු දැනගන්ට නැත්. මහා වංශයෙහි දැක්වෙන පරිදි ධාතුසේන රජ කැරැවූ මහා විහාර අටළොස මෙසේ වේ. 2.



1. කාලවාපී, දක්ඛිණාගාරි, භල්ලාටක, යාලවන යන විහාර 2. ම: ව: XXXVIII, 46, 54







(142)

1. කාළවාලි විහාරය 1 10. ධාතුසේන විහාර (උතුරු) 2. කොටිපස්සාව 2 විහාරය 11. පාචීනකම්චාවීට්ඨි විහාරය 3. දක්ඛිණ ගිරි 3 විහාරය 12. අන්තරමේගිරි විහාරය 4. වඩ්ඪ විහාරය 13. කස්සිපිට්ටික ධාතුසේන විහාරය 5. පණ්ණවල්ලකභූත විහාරය 14. අන්තාල්හි ධාතුසේන විහාරය 6. භල්ලාතක විහාරය 15. (රුහුණේ) දායගම විහාරය 7. පාසාණසින්න රටේ ධාතුසේන විහාරය පබ්බතය 16. සාලවාන විහාරය 8. මඬ්ගන විහාරය 17. විභීෂණ විහාරය 9. ථුපවට්ඨි විහාරය 18. භිල්ලිවාන විහාරය

මේ රජු සෑගිරියේ අම්බත්ථල විහාරය කරවා ධර්ම රුචික යනට දුන් බවක් සඳහන් වන හෙයින් 4 ඒ කුඩා අටළොස් වෙහෙරින් එකක් යැයි සිතිය හැක. මේ රජු ගේ කාලය වන විට ලෝහප්රාිසාදය ද මයුරපාද පිරිවෙන ද විනාශ වී. රජ තෙම ලෝහප්රාවසාදය 5 පෙරලා කරවා මයුර පාද පිරිවෙන ද පළමු පස් විසිරියන් වුවත් එක් විසි රියන් කොට කැරැ වී 6.

ධාතුසේන රජු ගේ පුත් වූ පළමු වන කාශ්යපප තෙමේ පුදුම රජෙකි. හෙතෙම දියුණුවට කටයුතු ද විහාර ගොඩ නැගීම් ද එකසේ කෙළේය. පියා සේ ම මුහුත් දියැණියන් හට බොහෝ ‍ඇල්මෙන් වුසු බව පෙනේ. එ හෙයින් තමන් කළ විහාරයනට සිය නම හා දියැණියන ගේ නාමයන් ද යෙදී. මේ නිසා කාශ්යවප රජු ගොඩ නැගු විහාර “බොධි උපුල්වන් කුසුබු” නමින් ප්රසකට වී. ඉසුරුමුනි විහාරය 7 විශාල කොට එද සිය නමින් හා දියැණියන ගේ නමින්



1. අවුකන විහාරය 2. කෝටිපස්සාවන විහාරයක් (2) උපතිස්ස රජ කැරැවූ බවක් ද සඳහන් වේ. (ම: ව: XXXVII , 212) මේත් එය ම නම් මෙහිදී පැවැසීම පෙරලා නැවත කැරැවීමක් වියයුතු. 3. දක්ඛිණ ගිරි විහාරයක් සද්ධාතිස්ස රජු කැරැවූ බවක් මහානාම හිමියෝ සඳහන් කළහ. (ම: ව: XXXIII , 7) එසේ නම් මෙද නැවත කිරීමෙකි. මාතරින් ඊසාන දෙස පිහිටි මුල්ගිරිගල විහාරය මේයැ’යි සැලැකේ. 4. ම: ව: XXXVIII, 76 5. මෙය දේවා නම් පියතිසස් රජු විසින් කරවන ලදී. (ම: ව: XV, 224) 6. මෙම පිරිවෙනෙහි නෂ්ටාවශේෂයෝ මහා විහාරයේ වයඹ සීමාව දෙස කුරුනෑගල් පාර අසල දක්නට ලැබෙත්. 7. මෙද දේවානම් පියතිස්ස රජුන් විසින් කරවන ලද්දෙකි. (ම: ව: XX, 14) අනුරාධපුරයෙන් දකුණු දිග තිස්ස වැව සමීපයේ මෙය දක්නට ඇත. දේවානම් පියතිස්ස රජුන් කැරැවූ වෙස්සගිරි විහාරය වැවේ ගිනිකාන කෙළවර මින් මයිල බාගයක් පමණ දුරින් වේ.



(143)

ප්රාකට කැරැ වි 1. සීගිරයේ ද එ නමින් ම විහාරයක් කැරැවී 2. මේ කාලයේ සිටි මිගාර සේනාපති තෙමේ ද මිගාර පිරිවෙන ගොඩ නැංවී 3. කසුබු රජු ගෙන් පසු රට හිමි කොටගත් (1) මුගලන් රජ මේ බොහෝ විහාර පිරිවෙන් කැරැවී. එයින් ඡත්ත වඩ්ඪි නම් පිරිවෙන මහාසංඝයාට ස්වකීය ඡත්රජය පිරිනැමූ ස්ථානයෙහි කරවන ලද්දේල 4. මෙ රජුන් විසින් මහානාම ස්ථවීරයන් වහන්සේට පර්වත නම් විහාරයක් කරවා දෙන ලද්දේය 5. මේ රජම අත්තන ගල්ලේ පෙරපස් මහල් පාය වූ තන්හි තෙමහල් තපායක් ද වට දාගෙයක් ද බැඳැවී 6. පලමුවන දෙවැනි අග්ර බෝධි රාජයෝ විහාර කරණයෙහි සුප්රැකට කීර්ති ඇත්තෝය. ඉන් පලමුවන අග්ර බෝධි රජ තෙමේ ගිරි විහාරය තනවා කෙත් දෙදහසෙකින් එහි වැටීම ද කෙළේය 7. ප්රවසිද්ධ මහාසිව තෙරණුවන් හට අග්රතබෝධි පිරිවෙන ද කරවා දිනි 8. අම්බිල පස්ස විහාරය 9 කේලිවාත නම් දනව්වේ සුමන පබ්බත නම් විහාරය 10 මූග සේනාපති විහාරය 11 මහානාග විහාරය 12 හා හින්නෝද්වීප විහාරය 13 ද මේ රජු විසින් කරවන ලද බව සඳහන් වේ. ප්ර සිද්ධ කිවිවරියක වූ මේ රජුගේ දාඨානම් දියැණ‍ියෝ හත්ථි කුච්ඡි විහාරයේ ප්රිසාදයක් කැරැවූ 14. ඇය හිමියා වූ මලය රාජ තෙමේත් ශ්රීස සංඝබෝධි නම් පිරිවෙන කැරැවී. කුරුන්ද විහාරය (1) අක්බෝ රජ කැරැවිල 15. දෙවැනි අග්රවබෝධි රජ තෙමේ සාගලිකයනට වේවවන නම් වෙහෙරක් කරවා දිනි. ජඹුරන ගල්ල විහාරය හා මාතික පිට්ඨි විහාරය ද මේ රජු විසින් ගොඩනංවන ලද දෙ වෙහෙරකි 16. කාල‍ිංග රාජයකු ගේ මෙහෙසියක මහණව ගෙන වුසු හෙයින් ඒ මෙහෙණින් සඳහා රජුගේ මෙහෙසිය (දාඨා) රතන විහාරය කැරැවූ. කපාලනාග විහාරයද ඇය විසින් කර




1. ම: ව: XXXIX, 10, 11 (ඉසර මෙණූ) බෝ උපුල්වන් කසුබුගිරි විහාරය (4) මිහිඳු රජු ගේ වෙස්සගිරි සෙල්ලිපිය E, Z, I, P 31) 2. ම: ව: XXXIX, 14 3. ම: ව: XXXIX, 6 4. ම: ව: XXXIX, 32 5. ම: ව: XXXIX, 42 6. ම: ව: රා: ර: 26 පිට 7. ම: ව: XLII, 9 8. ම: ව: XLII, 10, 11 9. ම: ව: XLII, 17 10. ම: ව: XLII, 19 11. ම: ව: XLII, 23 12. ම: ව: XLII, 24 රා: ර: 27 පිට පූජා : 686 පිට 13. ම: ව: XLII, 26 14. ම: ව: XLII, 21 15. ම: ව: XLII, 15 16. ම: ව: XLII, 43 “ගගනවිට වෙලුත්තා වෙහෙර කරවා ...............” රා: ව: 54 පූජා: 686 පිටු







(144)

වන ලද්දෙකි 1. (3) මුගලන් රජතෙම කාරවිට්වියෙහි (කරවිට) මෞද්ගල්යා.යන විහාරය ද පිට්ඨි ගාම (පිටිගම්) විහාරය හා වටගාම විහාරය ද කැරැවි 2. (3) අග්රරබෝධි රජ පොලොන්නරුවේ මහාපාන දීපනම් විහාරයක් කැරැවී 3. පළමුවන දාඨෝපතිස්ස රජු ද සාකවත්ථු නම් විහාරයක් කැරැවී 4. අනුරාධපුර පාලනයෙහි යෙදි සිටයේ දින හතක් මුත් රුහුණූ රට ප්රැසිද්ධ පාලකයකු වූ පළමුවන දාපුලු රජ ප්රදසිද්ධ විහාර කාරයෙකි. රුහුණේ මහාපාලි ගෙය දාඨා අග්ග්ර බෝධී පිරිවෙන පඨිමා විහාරය සාලවාන විහාරය 5 පිරිවෙන් වෙහෙර හා කතරගම් වෙහෙර යන මේ විහාර මේ රජු විසින් කරවන ලදී. තවත් රුහුණු විහාරය, අම්බල විහාරය, ඛදිරාලි විහාරය හා භික්ෂූන් දෙතිසකට ගෙයක් ද රුහුණ වසන සමයේ මෙ රජ කෙළේ ල 6.



1. ම: ව: XLII, 47, 65 2. ම: ව: XLIV, 50 3. ම: ව: XLIV, 122 4. ම: ව: XLIV, 135 “පලාවතු වෙහෙර කරවා .................” රා: ව: 54 පූජා: 686 පිටු

    ධාතුසේන රජ “සාලවන” විහාරයක් කෙළේය (ම: ව: XXXVIII, 49) මේ එයද? 

5. ම:ව: XLV 41ළ 45ළ 46ළ 54ළ 55ළ 57 (රා: ව: 54 පිට පූජා: 686 පිට) පූජාවලීකාරයෝ එකුන් විසි වෙහෙරක් දක්වති. රාජාවලී කාරයන ගේත් පූජාවලී කාරයනගේත් විහාර නාම මාලාව මෙසේයි :-

පූජා: රාජා: 1. රුහුණු වෙහෙර 1. රූණ වෙහෙර I 2. පිළිම වෙහෙර 2. කිරොල III 3. කිරොල 3. බොරාගුල් IV 4. බොරගල් 4. වඩුන්න 5. වඩුන්නා තොට 5. කොටදොර 6. දොර පවු 6. පවුරණ 7. සංඹගමු 7. වාගම 8. පාඩීක්කුලම 8. පාඩික්කුලම 9. කසාගලු 9. කසාගලු 10. වදල 10. වදල 11. කසුන්ගිරි 11. කසුන්ගිරි 12. වෙහෙරගම් 12. වෙහෙරගම් 13. කජගඳුරු 13. සුප්පාදු 14. කෙවිල්ලගම් 14. කෙවිල්ලගම් 15. කැනවෙරලු 15. කුමන 17. කඳාඬු 17. කවුඩු 16. ගිරිපුල 16. වෙරහිල් 18. මහදිව් 18. මහදිවි 19. වියල් 19. වියල්



(145)

මෙයින් ඛදිරාලි විහාරය පුදන ලද්දේ දෙවියන්ට ල. කවර දෙවිකෙනෙකුන්ට පුදන ලද්දේ ද යනු නො සඳහන් වේ. අනුමානයෙන් උපුල්වන් දෙවියන්ට යැ’යි සිතිය හැක. එසේ නම් ඛදිරාලි උත්පල වර්ණ යනු ඒ දෙවියන්ට ව්යිවහාර කළ හැක. බෞද්ධ කටයුතු දෙවියන් හා කැරීම මෙසේ ක්ර මයෙන් වර්ධනය වන්ට පටන් ගත් බව සැලැකිම වටී. ඒ දෙවියන්ට තනතුරු දු පවරන ලදී. උපුල්වන් දෙවි තෙමේ ශාසනය ආරක්ෂා කිරීමෙහි එවන ලද තැනැත්තේ ල. මෙය ක්රලමයෙන් වර්ධනය වූ බව සැලැකීමට තවත් කාරණයක් නම් සිව්වැනි අක්බෝ රජු දෙව්නුවර දෙවියයන් පිහිටුවා ලීමයි 1. සිව්වැනි අග්ර්බෝධි රජුගේ කාලයෙහි විහාර කරණයෙහි මහත් උනන්දුවක් ඇතිවූ බව පෙනේ. රාජයා ද අමාත්යඅයෝ ද නායකයෝ ද මෙහෙසියෝ ද එකසේම විහාර කිරීම පටන් ගතු. ඒකාලයේ සිටි පොත්ථ කුට්ඨ නම් මහ දෙමළුවා මාටම්ඹිය 2 නම් පුදුම පදන් ගෙයක් කළේල. හෙතෙමේ ම කුරුන්ද පිල්ලිකා විහාරයේ ද මහා රාජඝර විහාරයේ ද ප්රාකසාදයන් කෙළේය. පොත්ථසාතයා පොත්ථ සාත පිරිවෙන 3 කෙළේය. පොත්ථ සාතයා පොත්ථ සාත පිරිවෙන 3 කෙළේය. මහාකන්දයා මහකන්ද පිරිවෙන කෙළේය. තව නායකයෙක් චුල්ල පන්ථ පිරිවෙන කෙළේය. උපරාජ සංඝතිස්ස තෙම සේහාල උපරාජක නම් විහාරය කෙළේය. රජුගේ ජෙට්ඨා නම් බිසොව මෙහෙණින්න් සඳහා ජෙට්ඨාරාම්යේ කැරැවූ. බොධී තිස්ස නැමැත්තෙක් බෝධිතිස්ස නම් විහාරයක් කැරැවී 4. (5) අග්රබබෝධි රජ පියගල් වෙහෙර කැරැවූ බව සිංහල ග්ර න්ථ කාරයෝ කියති 5. මහලෑපාණන් නමින් සිංහල ග්රනන්ථ කාරයන් සඳහන් කරන මාන වර්ම රජු උතුරු මුල පිරිවෙන වාදමූල පිරිවෙන කපු නම් පිරිවෙන හා දෙමට ගල් අලගිරි, සත්වැලි, උතුරු යන පිරවෙන් ද කළ බවත් එසේම දෙව්නුවර කැරැවූ බවත් සඳහන් වේ 6. පස්වැනි අග්රනබෝධි



1. පූජා : 686 පිට රා: ර: 27 පිට) 2. මාඩ්බියන් පිරිවෙන (තිඹිරිගස්වැව සෙල්කණු ලිපියි) 3. ජේතවන විහාරයේ 4. ම:ව: XLVI, 20, 21, 23, 23, 24, 25, 27, 30, 48 ‍5. රා: ර: 27, රා: ව: 55 පූජා: 687 පිටු 6. දෙවිනුවර කරවා යන්නේ එහි උපුල්වන් දෙවියන ගේ දේවාලය කළ බව පෙනේ.









(146)

රජු ද විහාර කරණයෙහි පසුබටවූ බවක් නො පෙනේ. හෙතෙම මහනෙත්ත්යාවදිකා නම් ගබඩා පෙළක් ද මහාථලයේ කදම්බ ගෝණ විහාරය, දේවාපාලියේ ගිරිනගර විහාරය, අතුරුහෙබ දේව විහාරය, දේවපාලියේ ගිරිනගර විහාරය, අතුරුහෙබ දේව විහාරය, රාජමානික විහාරය යන පිරිවෙන් විහාර ද කැරැවී 1. තැන්වැනි කාශ්යිප රජ තෙම මසුතොටු දෙ වහෙරක් ද හේලිගම ආවාසය 2 හා වාණිජගාම ආවාසය ද කාශ්ය ප ගිරි විහාරය ද කැරැවි. පළමුවන මිහිඳු රජ මහින්දාවාසය ද මිහින්තලා ආවාසය ද ගොඩනැංවී. හවැනි අක්බෝ රජ ව්යදපාරනි ආවාසය හා මානග්ගබෝධි ආවාසය ද කැරැවී. කන්ද, මල්ලවාත යන විහාර දෙක සත්වැනි අක්බෝ රජු විසින් කරවන ලදී. දෙවැනි මිහිඳු රජතෙම පොළොන්නරුවේ ‍දාමවිහාර පිර‍ිවෙන හා සන්නීර තිත්ථ පිරිවෙන කැරැවී. මේ රජු විසින් කරවන කද රත්න ප්රිසාදයට කහාපන තුන්ලක්ෂයක් වියදම් වීල 3. පළමුවන උදය රජුගේ මෙහෙසිය සෑගිරියේ කත්ථක සැය ද ජයසේන පබ්බත නම් විහාරය ද සීල‍ාමේඝ නම් භික්ෂූණී අවාසය ද 4 කැරැවූ. ඒ රජ තෙම නීලග්ලල විහාරය ද අම්බුය්යාන විහාරයේ දප්පුල පබ්බත අවස හා වාහ දිපයේ සේනග්ග බෝධිපාය ද කෙළේය 5. අටවැනි අග්රපබෝධි රජ තෙම තමන ගේ හා පියා ගේ නමින් උදයග්ග බෝධි පිරිවෙන කැරැවී. සියගුරු තෙරිඳුන් හට “භූත” නම් පිරිවෙන කරවා දිනී. දෙවැනි වප්පුල රජු ‍ගේ වජිර නම් සෙනෙවියෙක් පාංශුකුලික යනට කච්චිවාල නම් ආවාසයක් කැරැවී 6. පළමුවන සේන රාජයා ද විහාර කරණයෙහි ප්රමකට කීර්ති ඇත්තෙකි. උහු විසින් කරවන ලද ආරාම බොහෝ වෙත්. අරිෂ්ට පර්වතයේ පාංශුකූලිකයනට ප්රාබසාදයක් ද ජේතවන විහාරයේ වීරාංකූරාරාමය ද 8 හෙතෙම කැරැවී. රජ ද බිසොව ද




1. ම: ව: XLVII, 2, 3, 4 2. හෙලගම් පිරිවෙන රා: ර, 27 පිට රා: ව: 55 පූජා: 687 පිටු 3. ම: ව: XLVIII, 25, 36, 37, 64, 70, 134 – 136 4. මෙද දෙවැනි වරට කරවන ලද්දෙකි. මීට පළමුද මේ නමින් භික්ෂුණී අවසක් පැවැති බව පෙනේ. (ම: ව: XLVIII, 136) මේ නමින් භික්ෂුන් ගේ ද දවසක් ද වී. 5. ම: ව: XLIX, 24, 25, 30, 31, 33 6. ම: ව: XLIX, 4, 6, 80 7. මිණිපා පිරිවෙන, පූජා: 687 8. වාජීරීය වාදී වජ්ර පර්වත නිකායේ භික්ෂූන් වුසු පිරිවෙන මෙය වේ. (රාං: ර: 28 නි: ස: 25, 16, ස: ර: 288 පූජා: 686 පිටු)






(147)

එක්ව පූර්වාරාමය කළහ 1. ඌ තුමු එහි සංඝසේන නම් අවසද 23 කැරැවූ සේනාග්රලබෝධි නම් පිරිවෙනක් ද පොළොන්නරුවේ තුසවාපීය අසල කරවන ලදී. (1) සේනරජු ආදිපාදව වුසු සමයේදී කරවන ලද කර්පුර නම් පිරිවෙනක් ද උත්තරාළ්හ විහාරයෙහි සේන ගබඬා වී. සංඝා බිසොව විසින් උත්තර විහාර යෙහි 3 මහින්දසේන නම් ආවාසය කරවන ලදී. පූර්වයෙහි මහා දේව නැමැත්තකු විසින් ද කාශ්ය්ප නැමැත්තකු විසින් ද අරඹන ලද දප්පුල පබ්බත නම් ප්රිැයකර විහාරයකුත් කාස්සප රජාක නම් වාහිරයකුත් මේ රජ තෙම නිමැවී. බොහෝ සෙනෙවියෝ ද ඇමැතියෝ ද මෙකල්හි විහාරකරණයෙහි නිරතවූ. බද්ධ (භද්රෝ) නම් සෙනෙවියෙක් බද්ධසේනාපති නම් පිරිවෙනක් කැරැවි. උත්තර නම් ඇමැතියෙක් අභයුත්තර විහාරයේ උත්තරසේන නම් ආවාසයක් කැරැවී. එහිම වජිර නම් ඇමැතියකු විසින් වජිරසේනක නම් අවසයක් ද රක්බස නම් සෙනෙවියකු විසින් රක්ඛස නම් අවසක් ද කරවන ලදී 4. දෙවැනි සේන රජ තෙම උත්තරාළ්හ පිරිවෙනේ පායක් කැරැවී. උහු ගේ සංඝා නම් මෙහෙසිය අභයුත්තර විහාරයේ සංඝසේන පබ්බත නම් විහාරය කැරැවූ. කුට්ඨක නම් සෙනෙවියෙක් සේනාපති පිරිවෙන 5 කැරැ;වී 6. දෙවැනි අදය රජ රුහුණෙන් විහාරයක් 7 කැරැවී. ධර්ම ඥානයෙහි ප්රැකට කීර්ති ඇති සිවුවැනි පස්වැනි කසුබු රාජයෝ බොහෝ විහාර පිරිවෙන් කළහ. සිව්වැනි කසුබුරජ අභයගිරි විහාරයෙහි කසුබුපාය කැරැවී. හෙතෙම මහා විහාරයෙහි පාංශු කුලිකයනට සමුද්රහගිරි නම් පිරිවෙනක් ද කැරැවී. භික්ෂුණීන් සඳහා තිස්සාරාමය ද කරවන ලදී. මේ කාල



1. මිට පළමුදු පූර්වාරාමයක් වූ බව පෙනේ. (ම: ව: XLIX, 28) එහෙත් ඒ පුව්වාරාමයැ’යි ගයිගරයෝ කියති. 2. සංසෙන් පිරිවෙන (පූජා: 687 අ: පූ: සෙ: ලි) 3. අභයුත්තර විහාරය 4. ම: ව: L, 63, 65, 68, 70, 77, 79, 80, 81, 82, 84 5. “සෙනවිරත් කුට්ඨා” “සෙනෙවිරත් පිරිවෙන” යන නම් රඹාවැව සෙල්ලිපියෙහිදු ඉරිපිනියෑව සෙල්ලිපියෙහිදු පෙනේ. 6. ම: ව: LI, 75, 86, 87, ජේතවන සෙල්ලිපියෙක මිණිමෙවුල් මහපහයක් සිව්වැනි මිහිඳු රජුගේ මුත්තණූවන් ‍ගොඩනැංවූ බවක් පැවැසේ. ඒ අනුව එම පහය දෙවැනි සේන රජු ‍ගොඩ නැංවූ බව සිතතහැකි වුවත් මිණිමෙවුල් පායක් පළමුවන සේන රජු ගොඩනැංවූ බව පූජාවලීකරායෝ කියති. “ගිරිගලු මිණීමෙවුල් පායක් දෙනා වෙහෙර මිණීපා පිරිවෙන සංසෙත් පිරිවෙන සඟරම් අරම් කරවා ............... (පූජා: 687) 7. මහතුඹරුක් වෙහෙර රා: ර: 30 මහ තුඹුරුප්පේ රා: ව: 56 රුහුණු රට මහරුප් වෙහෙර (පූජා : 687)






(148)

යේ වුසු සේන ඉලංග නම් සෙනෙවි තෙමේ භික්ෂූන් සඳහා ස්ථූපාරමයට බටහිරි පස්හි ප්රාතසදයක් කැරැවී. ධර්මරුචික භික්ෂූණ් ගේ වාසය පිණිස ධර්මාරාදය ද හේ කැරැවී. සාගලිකයනට කස්සපසේන 1 විහාරය කැරැවී. සෑගිරි යේ ද ධර්ම රුචිකයන් සඳහා හදයුන්න පිරිවෙන කැරැවී. සේන ඉලංගයනට නෑවු රක්ඛ 2 නම් සෙනෙවියෙක් සවාරක නම් ගම මහා විහාර පක්ෂයේ භික්ෂූන්ට විහාරයක් කරවා දිනි. සේන නම් මහලෑණ තෙමේ මහාලේඛ පබ්බත නම් ආවාසය කැරැවීත පස් වැනි සේනරජ දම්සඟුණූ පොත තැබීමට විහාරයක් කැරැවී. අභයගිරියේ භණ්ඩික 3 නමින් ද සිලාමේඝ පබ්බත නමින් ද පිරිවෙන් දෙකක් කැරැවී. සක්සෙනෙවි තෙමේ සක්කසේනා පති පිරිවෙන ථේරවාදීන්ට කැරැවී. (5) කසුබු රජුගේ වජිරා නම් මෙහෙසියක් වජිරාරාම පිරිවෙන ථේරවාදීන් සඳහා කැරැවූ. ථෞරවාදී භික්ෂූණීන් හට ඕතොමෝ පදලාඤ්චන යෙහිදු අවසක් කැරැවූත සක්සෙනෙවි හට මව් වූ රජු ගේ දේවා නම් මෙහෙසිය සියනමින් අවසක් වන වාසී භික්ෂූන් සඳහා කරවා පිදූ 4. මින් පසුවු අනුරාධපුර රාජයෝ විශාල විහාරකරණයෙහි නොව මධ්යනම ප්ර මාණයේ පිරිවෙන් ගොඩනැංවීමෙහි යෙදුණු. රට පිරිහෙන්ටවන් හෙයින් විශාල කර්මාන්තයනට ඒ නො කල්වී. සිව්වැනි දප්පුල රජුගේ රක්ඛඉලංග නම් සෙනෙවියා ස්තූපාරමයට නුදුරු වූ තන්හි රජු නමින් අවසක් කැරැවී 5. තුන්වැනි රජ ඒ ඒ තන්හි ප්රායසාද කරණ යෙහි නියුක්ත වී 6. සිව්වැනි සේන රජ පෙරැ මන් වුසු සිත්ථ ගාමයෙහි පිරිවෙනක් කැරැවී 7. සිව්වැනි මිහිඳ රජ මහල්ලක නම් මේණවරක් ථේරවාදී භික්ෂූණීන් සඳහා කැරැවීත හෙතෙම සිව්වැනි



1. “කසුබු සෙනෙවිරද් පිරිවෙන” (බිලිබෑ වැව සෙල්ලිපිය) 2. මේ සෙනෙවියාගේ නාමය රක්ඛයැ’යි මහාවංශය සිංහලයට පෙරලු හික්කඩුවේ සිරිසුමඟුල් හිමියෝද බටුවන්තුඩාවේ පඩීහුද ගත්හ. එසේ වුව ද පුස්කොළ පොත්හි පෙනෙන්නේ රුක්ඛ යන්න ම බැවින් ඒ වෙනස් කිරීම නො මැනැවිය’යි මහාවංශ පරිවර්තක උගත් ගයිගරයෝ කියති. ඒ ප්රැකාශය පිළිගතයුතු බව අපට දු පෙනේ. නුමුත් මේ සෙනෙවියා සේන ඉලංගයනගේ නෑයකු බව කීමෙන් ඉලංගයකු බව් පෙනෙන හෙයින් ද සිව්වැනි දප්පුල රජුට රක්ඛ ඉල‍ංග සෙනෙවියකු සිටි හෙයින් (ම: ව: LIII , 10) ද මේ එම රක්ඛයාම විය යුතු සේ පෙනෙන බැවින් සිංහල පරිවර්තකයන ‍ගේ අතට වඩා නැමුනෙමු. 3. “සංග් බඩ” (අ: පු: සෙ: ලි) මේ මව නමින් කරවන ලද්දක් විය යුතු. 4. ම: ව: LII, 13, 16 – 18, 21, 21, 24, 31, 33, 55, 58, 61, 64 5. ම: ව: LIII, 10 6. ම: ව: LIII, 31 7. ම: ව: LIV, 6







(149)

උදය රජු ඇරැඹු මණිප්රාේසාදය නිමැවී. උහුගේ සිව් ඇමැති කෙනෙක් ජෝතිවන ආරාමයේ පිරිවෙනක් කළහ. කීර්ති නම් මෙහෙසිය ස්තූපාරාමයට බටහිරි පස්හි පිරිවෙක් කැරැවූ 1.

පුණ්යෙකර්ම ලේඛනය සම්පාදනය යෙහි බෙහෙවින් මහාවංශ අනුගමනය කරන්ට සිදුවී. සුළු ගොඩනැගිලි හා අන්ය පුණ්යනකර්මයන් පිළිබඳව මහාවංශ කාරයනගේ වාර්තාවෝ සියල්ලට ම වඩා සම්පූර්ණයහ. එහෙයින් එම වාර්තාවන් ම පිළියෙළ කොට මෙහි සුලු පුණ්යාකර්ම සංග්රමහයක් සැපැයේ. (සුළු ගොඩනැගිලි)

3. ධාතුසේන රජ :- සල පිළිමයට 2 මණ්ඩප සහිත මන්දිරයක් තැනැවී. බහුමංගල සෑයෙහි 3 පිළිම ගේ තැනැවී. ඇතුළු නුවර හා පිටිනුවර බුදුගේ හා පිළිම ගේ තැනැවී. බෝගෙයින් වම්පස බෝසත් ගෙයක් කැරැවී.

පළමුවන කාශ්යැප රජ :- දානශාලා තැනැවී

පළමුවන අග්බෝ රජ :- දක්ඛිණා ගිරිදළ්හ මහානාග පබ්බත කාළවාපී විහාර යන තන්හි පොහෝ ගේ කැරැ වී. නිල ගේහ නම් ගබඩාවක් ද කැරැවී 4.

දෙවැනි අග්බෝ රජ :- මත්ත පබ්බත විහාරයෙහි කලිඟු තෙරුන් සඳහා පදන් ගෙයක් කැරැවී 5. කළිඟු තෙරුන් පරලෝ වැඩිය සඳ උන්වහන්සේ සිහිපත් වනු සඳහාත් උන්වහන්සේට පින් පමුණු වනු සඳහාත් චුලාභයගල්ල විහාරයෙහි 6 ද පලංනගර විහාරයෙහි ද පොහෝ ගේ තැනැවී. අභයුත්තර විහාරයෙහි තමන් නමින් හා මෙහෙසිය නමින් දාඨා අග්රලබෝධි නම් ගෙයක් තැනැවී. ජේතවනයෙහි පායක් තැනැවී.



1. ම: ව: LIV, 47, 50 2. පෙර පිළිමයනට ද නම් පැවැති බව සැකැලිය යුතු. 3. මේ කවර සැයක් දැයි නො දනුමු. මංගල ‍සෑයක් නම් දෙවැනි උපතිස් රජු සමයේ පැවැති බව මහාවංශකාරයෝ කීහ. (ම: ව: XXXVII, 183) ධාතුසේන සේන රජුගේ පින්කම් මහාවංශයෙහි වෙසෙසින් සඳහන් වේ. (ම: ව: XXXVIII, 54, 79) 4. ම: ව: XLII, 28 – 39 5. XLII, 46

6. මේ විහාරය ගෝණ හොය අසල වේ. බූලාභය රජු විසින් ගොඩ නගන ලද්දකි. (ම: ව: XXXV, 13)





(150)

තුන්වැනි මුගලන් රජ :- රක්ඛ විහාරයෙහි සැගෙයක් කැරැවී 1.

දෙවැනි කාශ්ය ප රජ :- නාගශාලා යෙහි අන් මහතෙරුනට මිරිසවැටි විහාරයෙහි පහයක් කැරැවී 2.

රුහුණේ අක්බෝ කුමරෙක් :- පටිමා විහාරයෙහි 3 පිළිම ගෙය කැරැවි 4.

රුහුණේ දප්පුලයෙක් :- අරියාකර විහාරයෙහි පිළිම ගෙයක් කැරැවී 5.

සිව්වැනි අක්බෝ රජ :- දාඨාසිව තෙරිඳුනට සිය නමින් පදන් ගෙයක් කරවා දිනි 6.

සිව්වැනි අක්බෝ රජු සමයේ සිටි මලය රාජයා :- මණ්ඩල ගිරි විහාරයේ 7 සෑයට දාගෙක් කැරැවී 8.

හත්ථදාඨ තෙම :- කාලදිඝාටික විහාරයෙහි පදන්ගෙය කැරැවී 9.

මානවර්ම තෙමේ :- පදානරක්ඛ විහාරයෙහි සේපණ්නි නම් පහය ද සිරි සංඝබෝධි විහාරයෙහි සිරි නම් පහයද කැරැවීත ස්තූපාරාමයෙහි ප්රිදසාදයක් කරව පා‍ංශුකුලික යනට දිනි 10.

පස්වැනි අක්බෝ රජ :- ගෝකණ්ණ විහාරයෙහි 11 පදන් ගෙයක් කැරැවී 12.

සවැනි අක්බෝ රජ :- හත්ථි කුච්චි, පූනපිට්ඨි, මහා පරිවේණායන විහාරයන්හි ප්රාිසාද කැරැවී 13.

පළමුවන උදය රජ :- මහා විහාරයෙහි ලහබත් ගෙයක් කැරැවී. අම්බුය්යාන විහාරයේ දප්පුල පබ්බතපාය ද අරිකාරි විහාරයේ ලහබත් ගෙයක් ද දාපයක් ද කැරැවී 14.



1. ම: ව: XLIV, 51 2. ම: ව: XLIV, 150, 151 3. මේ විහාරය දප්පුලයන් විසින් ගොඩනගන ලද්දකි. පූජා: 686 4. ම: ව: XLV, 43 5. ම: ව: XLV, 61 6. ම: ව: XLIV, 12 7. මැඬිලිගිරි විහාරය (මැදිගිරි සෙල් ලිපිය) 8. ම: ව: XLVI, 30 9. ම: ව: XLVI, 29 10. ම: ව: XLVII, 64, 66 11. මේ මහාසේන රජුන් කළ විහාරයක් බව සඳහන් වේ. (ම: ව: XXXVII, 41) 12’ XLVIII, 5 13. ම: ව: XLVIII, 65, 66 14. ම: ව: XLIX, 14, 30, 32




(151)

පළමු වන සේන රජ :- සේන අග්ර බෝධි ආවාසයේ මහාපාලි ගෙයක් ද මහා නෙත්ත පබ්බත විහාරයේ මහාපාලි ගෙයක් ද පාංශුකූලික භික්ෂූනට මුළුතැන් ගෙයක් ද තැනැවී 1.

‍දෙවැනි සේනපරජ :- සොබ්බ විහාරයෙහි පිළිම ගෙයක් තැනැවී 2.

සිව්වැනි කසුබු රජ :- වනාවසී භික්ෂූනට පැල් හා තපස්වීනට ආවාස තැනැවී. මේ කාලයේ සේන ඉලංග සෙනෙවියා ද එබඳු ම ගෙඩනැගිලි කරරැවි 3.

පස්වැනි කසුබු :- මළාවු සිය පුතුට පිං පැමිණැවීම සඳහා අවසක් තැනැවී 4.

සිව්වැනි මිහිඳු රජ :- මිරිසවැටි විහාරයේ චන්දන ප්රාවසාදය කැරැවීම ඇරැඹි. මයිල් උදය රජු ඇරැඹූ මණි ප්රාීසාදය නිමැවි. සිව් වෙහෙර මණ්ඩප තැනැවී 5.

සෙසු පුණ්යැ කර්මයෝ (3 – 13) බොහෝ වෙත්. ඒ ඒ රාජයෝ හැකි හැකි පමණෙකින් ඒ ඒ පින්කම් කොට පින් රැස් කළහ. පුණ්ය කර්ම ලේථඛකයෝ මඳකුදු නො පිරි හෙලා ඒ සඳහන් කළහ. ඒ සියල්ලෙහි සැදැහැසිතින් පින් අනුමෙවුම මුත් කියැවීම වෙහෙසකරය. එ හෙයින් සියල්ල මෙහි දැක්වීම නු වුමනාය. සමහර රාජයෝ තමනුදු මවුන් ලවා සගනට පුදකරවා ගතු 6. සමහරකේ ලක්දිවම පුදාලූ 7. එබඳු පූජාවෝ බොහෝ විට නිරර්ථකසේ පෙනෙත්. භික්ෂු සංඝ යා හට රාජ්යායෙකින් ඵලයෙක් නැති. උන්වහන්සේ දේශපානයෙහි නිරත නොවන සේක්මය. එහෙයින් පෙරලා තම හට ම ලැබෙන බව දැන දැනත් මෙබඳු පූජාවන් කිරීම කවර අදහසෙකින්දැ යි නො දනුමු. සමහර රාජයෝ ගවයනට සංග්රනහ සඳහා කිරිවැදි පැසෙන ගොයම් දුන්හ 8. මෙදස පැසැසිය යුතු පින්කමෙක් නොවේ. ගවයාට දියයුතු ආහාරය තණය. කිරි වැ‍දෙන ගොයම් ගවයනට දීම සාපරාධි ක්රිරයාවෙකි. තවත්




1. ම: ව: L, 74, 76 2. ම: ව: LI, 76 3. ම: ව: LII, 10, 36 4. ම: ව: LII, 44, 46 5. ම: ව: LIV, 17 – 56 බලනු 6. ම: ව: XLIX, 63, (8 අක්බෝ) 7. ම: ව: XXXIX, 31, XLII, 61 XLVIII, 138 8. ම: ව: XLVIII, 147





(152)

සමහර රජ දරු කෙනෙක් රටට හානි කරවූ ද රට පිරිහීමට හේතු වූද පින්කම් පුරුදු කොට ගත්හ. 1 මේ වර්ගයේ පින්කම් අතුරෙහි ප්රවධාන වන්නේ නම් පිදීමය. ශ්රීI සමෘද්ධ කාලයේ අවසානයේදී මද වශයෙන් ආරම්භ වූ මෙම මහා පුණ්යරකර්මය පරිහානි සමයේ අලස පුණ්යේ ක්රි්යා කාරිහු දියුණු කොට ගත්හ. ඒ ඔවුනට කිසි වෙහෙසක් නැති පුණ්යු ක්රිකයාවෙක් වී. එයින් රටට විය හැකි හානිය ගැන ඌ නොදත්හ. විහාර දේවාලය සන්තක කොය ගම් පිදීමෙන් ඒ ඒ ගම්හි ජනයෝ ද විහාර දේවාලය සන්තක මෙහෙකරුවෝ වූ. සමහර විටෙක සියලුම ගම් වැස්සෝ විහාර දාසයෝ වූ 2. සමහර විටෙක ගමින් උපදනා අය පමණක් විහාර සන්තක වී. භික්ෂූන් වහන්සේ ද මෙසේ තමහට ලැබෙන ගම් පෞද්ගලික වස්තුවක් සේ වෙළෙදාම් කිරීමෙහිදු පුරුදුව සිටි සේක. 3 මෙම ක්රාමයෙන් පරිහානි සමයේ අවසානය වන විට විහාර සන්තක ගම් දස සහසක් ගණන්වී. එක් රාජයකුම පිදූ ගම් දහස් ගණනෙකැයි මහාවංශ කාරයෝ කියති. විහාර සන්තක වන ගම් බෙහෙවින් සාරවත්ය. ජනගහනයෙන් ආඪ්ය ය. එසේ වූ ගම් විහාර සන්තක වීමෙන් විහාරධනය බොහෝවී. ධනය බොහෝවත්ම



1. ඒ ඒ රාජයන් විසින් කරන ලද නානාපුකාර පුණ්ය කර්මයන් දනු රිසියනට මහාවංශය කියැවිම වටී. එහි විසිතුරු ගෙස වර්ණිත පුණ්ය කර්ම මේ කොටසෙහි වේ. XXXVIII, 10, 41 – 25, 54 – 79, XXXIX, 17 – 19, 37, 41, 51, 53, XLI, 2, 3, 28 – 32, 37 – 41, 57 – 80, 65, 94 – 102, XLII, 11, 15 – 39, 46 – 67, XLIV, 44 – 51, 65 – 69, 96 – 122, 147 – 151, XLV, 1 – 4, 16, 25 – 28, 48 – 47, 56 – 62, XLVI, 3 – 34, XLVII, 64 – 66, XLVII, 1 – 10, 16, 18, 24, 25, 34, 36, 65, 66, 70, 74, 124, 137 – 147, XLIX, 14 – 63, 74 -91, L, 5, 66, 67, 72 – 78, LI, 49, 53 – 62, 64 – 88, 128 – 133, LII, 1, 10 – 36, 44, 69, LIII, 2, 10, 29 – 38, 48 – 51, LIV, 4 – 6, 17 – 56 මෙම පුණ්ය3 කර්ම යන ගෙන් ඉතා වැඩි කොටසක් ආමිස දාන පූජාවන් හා ගම් පිදීම් ද අත්සව ද බව කිය හැක. සමහර රාජයෝ සිය බරට වස්තු දන් දුන්හ. ඒ තුළා භාර දාන නමින් මහාවංශකාරයෝ දක්වති. (ම: ව: L, 78, LI, 64) මහාවංශකාරයන් කියන දණ්ජිස්සර දානය කිමෙක්දැයි නො දනුමු. (ම: ව: LII, 1) 2. සමහර ගම් දැසයන් සඳහා ම දෙන ලද්දේල. සමහර ගම් දාසයන් සහිතව දෙන ලද්දේල. සමහර විටෙක දාසයන් ම පිදූ බව බවකුදු සඳහන් වේ. (ම: ව: XLII, 23, XLVI, 20 – 28) 3. (1) උදය රජු ගේ මෙහෙසිය විහාර සන්තක වූ ගම් රාශීයක් භික්ෂූන් විකොට ලූ බව දැන ඒ අරවා දුනු. (ම: ව: XLIX, 26) භික්ෂූන් වහන්සේ වුවමනා වූ විටෙක විහාර සන්තක තම් වතු පිටියේ විකිණීමෙහි පුරුදුව සිටි බව මින් පෙනේ. 1. ම: ව: XLVI, 16







(153)

විහාරවාසිනට ගම්වැසියන් නතුකොට ගෙන විසීම පහසුවී. සමහර විටෙක රජ දරුවෝ ධනයෙන් පිරී පැවැති විහාර කොල්ලකෑමටදු පෙළැඹී ගියහ 1. ගම් වැස්සෝ භික්ෂූන් වහන්සේ ගේ කෙත්හි වි වැපීරීමෙන් අස්වැන්න කොටස ලබා ගත්හ. වුවමනා විටෙක විහාරයන්හි මෙහෙයට යැමට ඌ බැඳී සිටියහ. විශාල ජනකායයක් මෙසේ විහාර දාසයන් වීම රටේ පරිහානියට හේතුවී. විහාරදාස වූ මහජනයාගේ රනසූරභාවය අතුරුදහන්වී. ක්රතමයෙන් ඌ පිරිහීගිය ඖදාර්ය ඇති භග්න මානීහු වූ. දීන භාවය ඔවුන ගේ ශ්රේවෂ්ඨ ගුණාංගය වී. එඩිතර ගතිය ඔවුන් කෙරෙහි පසු නොබලා දිවගති. භික්ෂූන් වහන්සේ ද ක්රයමයෙන් ග්රින්ථ ධූරය හා විදර්ශනා ධූරය හැර කෙත්වත් පාලන ධූරයට බැස ගත්හ. ගම්වැසියන් තමන් නතු හෙයින් උන්වහන්සේ ගේ බැවැත්ම ක්රිමයෙන් පිරිහීම් පක්ෂයෙහි වී. උන්වහන්සේ පූජ්ය්පදෙවියන් පූජක පදෙවියට පැස ගත් සේක. බෞද්ධ ශිෂ්ඨාචාරය පමුණු ශිෂ්ඨාචාරයෙන් වැසී ගති. එහෙයින් පරිහානි සමය හා සමඟව ම භික්ෂූණී ශාසනය ද අතුරුදහන් වී. භික්ෂූන් වහන්සේ ගේ පිරිහීම කෙතෙක් දුරට වී ද යතහොත් පොලොන්නරු සමයාරම්භයේදී උපසම්පන්න භික්ෂූන් පස්නමක් සොයා ගැන්ම ද දුෂ්කර වීල 2.

කොතරම් යහපත් වැඩක් වුවත් ප්ර මාණය ඉක්මවා කළ හොත් වන්නේ හානියෙකි. අපේ අනුරාධපුර රාජයෝ ද පරිහානි සමයේ දී මේ ග්රානම පූජා පුණ්යෙකර්මය ප්රේමාණය ඉක්මවා කළහ. විහාරයක් තනාලීමෙහි ශක්තිය නැතත් ගමක් පුදාලීම අපහසු වැඩක් නුවු හෙයිනි. ලක්ෂ සංඛ්යාේතවූ භක්ෂූන් ගේ වැටීමට මෙබඳු අය උපදනා පූජාවන් වුවමනායැ’යි පෙනෙතුදු කෙත් වත්හි මෙහෙකිරීම් හෝ කැරැවීම භික්ෂූන් වහන්සේට නො හැකි බවද ඒ සමගව ම පෙනී යේ. මහාවංශකාර ධර්ම කීර්ති හිමි යන ගේ ප්රබකාශයේ හැටියට මෙසේ පුදන ලද ගම් නාම මාලාවක් අපට දක්වත හැක. (මෙහි අංකයනගෙන් දැක්වෙන්නේ මහාවංශයේ බැලිය යුතු පරිච්ඡේද හා ගාථාවෝය)

ගම පුදන ලද විහාරය ජම්බල ගාමය උත්තර විහාරයට තින්තිණික ගම මහා විහාරයට උද්ධගාම පෙදෙසේ වසභ ගම ජේතවන විහාරයට

මහානාග (ම: ව: XLI, 96 – 97)




1. XLIV, 131, 138, 141 2. ම: ව: LX, 4



(154)

අම්බිලපස්ස ගම අම්බිලපස්ස විහාරයට (ථේර) රතන ගම උන්න වල්ලි විහාරයට ලජ්ජික තම 1 මුග සේනාපති විහාරයට වට්ටාකාර පිට්ඨි බින්නෝරුදීප විහාරයට (1) අග්බෝ (ම: ව: XLII, 17, 18, 23) අඬ්ගණසාලක තම අභයගිරි විහාරයට (1) අග්බෝ (ම: ව: XLII, 63) මහාදාරගිරිය අභයගිරි විහාරයට මාතුල ගාම මහානාග විහාරයට උදුම්බරඬ්ගන මහානාග විහාරයට 2 අම්බිල පිකගම කාස්සප ගිරි විහාරයට කක්ඛලවිට්ඨි ගම වේළුවන විහාරයට කෙහේත ගම ගංගාමාතික විහාරයට චුල්ල මාතික ගම අන්තර ගංග විහාරයට සහන්නගරගම කස්සපා වාස විහාරයට ලාඬ කාළවාපී විහාරයට 3 දෙට තිස් (ම: ව: XLIV, 96 – 101) සංකාර ගම මහල්ල රාජ පදන්ගෙට සාමු ගාම ,, ,, කේහෙල්ල ,, ,, මහා මාතික ගම ජේතවන විහාරයට සාල ගම මයෙත්ති කස්සප විහාරයට අම්බිලපදර ගම සෑගිරියට 3 අක්බෝ (ම: ව: XLIV, 119 – 122) මහා නිට්ඨිල ගම නාගශාලවේ නායක හිමියනට (2) කාශ්යිප (ම: ව: LV, 1) සේනාගම කස්සප විහාරයට මහාගල්ල පදන්ගෙට කසගම මෝර පිරිවෙනට පුණ්ණෙලිය ස්තූපාරාමයට මණ්ඩගාමය (2) දාඨෝපතිස්ස (ම: ව: LVල 27 – 28) ප්ර තිමා විහාරයට රුහුණේ අක්බෝ (ම: ව: LV, 47) කේවට්ඨ ගම්භීරගම නාග විහාරයට ගොන්න ගම රාජ විහාරයට කත්තික පබ්බත ගම තිස්ස විහාරයට


1. මේ ගම පුදන ලද්දේ දාසයන් පිණිසල. 2. ම: ව: XLII, 24


(155)

ගොන්න විට්ඨි ගම චිත්තල පබ්බත විහාරයට මාලවත්ථු ගම අරියාකාර විහාරයට රුහුණේ දප්පුල (ම: ව: XLV, 58, 60) භරත්තාග අග්ර බෝධි පදන් ගෙට කිහිම්ඹිල ,, ,, කතක ,, ,, තුලාධාර ,, ,, අන්ධනාරක අග්ර,බෝධි පදන් ගෙට අන්ධකාර ,, ,, අන්තුරේළී ,, ,, බාලව ,, ,, ද්වාරනායක ,, ,, මහානික්කුට්ඩීක ,, ,, පෙළහාල ,, ,, අම්බවාපිය (බූකල්ල ගම ළඟ) මාටම්බියපදන් ගෙට තන්නවායික වාටික ගම ,, ,, නිට්ඨිල වෙට්ඨි ගම ,, ,, බුද්ධකෝල ගාමය ජෙට්ඨා ආරාමයට (ම: ව: XLVI, 12 – 29) (4) අක්බෝ පොත්ථ කුට්ඨයා හා ජෙට්ඨාව (XLVI, 12 – 29) දේවතිස්ස ගම (කොට්ඨවාත දනව්වේ) ධර්මරුචිකයනට (5) අක්බෝ (ම: ව: XLVIII,2) නගරගල්ල ගම මහින්දා වාසයට (1) මිහිදු (ම: ව: XLVIII, 36) මහාගම කෝලක්ඛිය පිළිමයට කොට්ඨාගම වඬ්ඪමාන බෝධීවෘක්ෂයට ආරාමස්ස ගම ‍ලොහො පිළිමයට කුලාසගම නිලාරාමයට මහුම්මාර ගම ජයසේන විහාරයට උස්සනාවිට්ඨි ගම පුබ්බාරාමයට 1 (1) උදය හා මෙහෙසිය (ම: ව: XLIX, 14 – 17, 24, 28) චූළවාපී ගම රාජසාල විහාරයට (8) අක්බෝ (ම: ව: XLIX, 47) කණ්ඨපිට්ඨි සුළු විහාරයනට යබාල ගාම ,, ,, තේලගාම ,, ,, (9) අක්බෝ (ම: ව: XLIX, 89, 90) පුච්චාරාමය (ගයිගරයෝ)

(156)

මේ හැර මහාවංශකාරයන් නම් සඳහන් නො කොට ගම් පිදීම සඳහන් කළ වාර බොහෝය 1. සමහර රාජයෝ වැව් 2 ඇළ 3 අමුණූ හා කෙත් 4 ආදිය පුදාලු. මෙම පුණ්ය ක්රිසයාවන් පසු පසුව වූ රාජයන් තරඟයකට මෙන් දෙගුණ තෙගුණ කටෙ ගනුත් ම රට කෙබඳු තත්වයකට හැරියේ දැයි සිතා ගැන්ම අපහසු නොවේ. භික්ෂූන් වහන්සේ ගේ ගණනාව ද ධනය ද කුමයෙන් බොහෝ වූ නමුදු අන්තිම අවස්ථාව යේදී ඒ සම්පූර්ණයෙන් හානි පක්ෂයට පැමිණි බව ද විශේෂයෙන් සලකා බැලිය යුත්තෙකි. විහාර සන්තක ශත සහස්රව සංඛ්යාකත ගම්හි දශ ලක්ෂ සංඛ්යාැත භග්නමාන ජනයෝ ධනයෙන් පිරීගිය විහාරයන් වෙත ගොදුරු කරා පනින වෘකයන් මෙන් එන දේශීන් මැඬැලීමෙහි කෙසේ පොහොසත් වෙත්ද? එයින් භ‍ික්ෂූන් වහන්සේත් ඌත් රජ රට පිටරැටියනට හැර රූණූ ගියහ.

රාජ නාම මාලා

සිහල රාජ නාම මාලාවන් සැපැයීමෙහි ග්ර්න්ථ කිහිපයෙකින්ම පිහිට ලද හැකිවුවත් ඉන් දෙකක් පමණක් ස්ථානයෙහි ලා මෙතන්හි සැලැකිය හැකි වේ. අනුරාධපුර පරිහානි සමයෙහි රාජනාම මාලාවක් තැනිමේදී පාලි ග්රින්ථයන ගෙන් ධර්ම කීර්ති හිමියන ගේ මහාවංශයත් සිංහල ග්රාන්ථ යන් අතුරනේ මයුරපාද පිරිවෙන් හිමියනගේ පූජාවලියත් විශේෂයෙන් ආශ්රකයකට ගත යුතු වේ. රාජාවලිය රාජරත්නකාරය නිකායසංග්රවහය සුලු රාජාවලිය හා සුලු පූජාවලිය ආදි ග්ර න්ථයන් පූජාවලියෙන් අපරාධීනව සැපැයුණූ බවක් නො පෙනේ. මෙම නාම මාලාව මහාවංශනුකූලව සැපයේ. විශේෂ වෙනස්කම් ඇති තන්හි ඒ වරහන් ඇතුළත දැක්වෙනවා ඇත. එකම නාමයා ඇති රාජයනට අංකයේදී මේ ධීමෙහි සලකන ලද්දේ මහාවංශ පරිපාටිය වේ. සියල්ලන් විසින්ම වංශකථා අතුරෙහි ප්රදධාන ස්ථානයෙහි ලා ඒ ග්රටන්ථය ගණන් ගනු ලබන හෙයිනි.



1. ම: ව: XXXIX, 10, XLII, 21, 52 – 68, 63, XLIV, 50, 51, 101, 134, 148. XLVI, 12 – 14, 15, 28, XLVIII, 25, XLIX, 21, 26, 29, 47, L, 73, LI, 71, 74, 75, 76, LII, 14, 26, 58 – 62, LIII, 2, 10, 31, 36, LIV, 40 2. ම: ව: XLII, 15 – 16, L, 72 3. XLI, 100, XLIX, 41 3. XLII, 11, XLIV, 44 – 50







රාජ නාමය රාජ්යා කාල ප්රVමාණය වර්ෂ ප්ර‍මාණය ම: ව: රා: ව පූ: ව ක්රි:: ව: 1. මාහා නාම 2. සොත්ථිසේන 3. ඡත්තගාහක 1 4. මිත්රා සේන 5. පණ්ඩු 6. පාරින්ද 7. කුඩා පාරින්ද 8. තිරීතර 9. දාඨිය 10. පීඨිය 11. ධාතුසේන 12. (1) කස්සප 13. (1) මොග්ගලාන 14. කුමාර ධාතුසේන 15. කිත්තිසේන 16. (1) සිව 17. (2) උපතිස්ස 18. සිලාකාල 19. දාඨාපභූති 20. (3) මොග්ගලාන 21. කිත්තිසිරි මේඝ 22. මහා නාග 23. (ලැමැනි සිගානා) 24. (1) අග්ග බෝධි 25. (2) අග්ග බෝධි 26. සංඝතිස්ස 27. (3) මොග්ගලාන 28. සාලාමේඝ වණ්ණ 29. (3) අග්ගබෝධි

                සි: ස: බෝ 

30. ජෙට්ඨා තිස්ස 31. (4) අග්ගබෝධි 32. (1) දාඨෝපතිස්ස 33. (2) කස්සප 34. (1) දප්පුල 35. (2) දාඨෝපතිස්ස 36. (4) අග්: බෝ: සි: ස: බෝ 37. දත්ත 38. හත්ථදාළු 39. මානවම්ම 40. (5) අග්ගබෝධි 22 - - - - 1 1 - - 1 - -


27 - -


18 - - 18 - - 18 - - 9 - - - 9 – - - 25 1 6 – 13 - - - 6 6 20 - - - - 19 3 - - ........... 34 - - 10 - - ........... 6 - - 9 - -


16 - -


9 - - - - 7 - - 9 16 - - 2 - - - 6 – .......... 6 - - 20 - - - - 1 1 - - 6 - -


.............


18 - - 18 - - 18 - - 9 - - 9 - - 25 - - 110 – 13 - - - 6 – 20 - - 19 – 3 - - 9 - - 30 - - 10 - - - 2 – 6 - - 9 - -

16 - - - 5 –

12 - -

9 - -

10 - - 9 - - 16 - - 10 - - - 6 – 35 - - 6 - - 20 - - - - 1 1 - - 6 - -


27 - -


18 - - 18 - - 18 - - 9 - - 9 - - 25 - - 1 6 – 13 - - - 6 – 20 - - 19 – 3 - - 9 - - 34 - - 10 – - 2 – 6 - - 9 - -

16 - - - 5 –

12 - -

9 - -

3 3 – 9 - - 16 - - 10 - - - 6 – 3 5 - - 6 - - 409 – 431 A 431 431 – 432


433 – 460


460 – 478 478 – 496 496 – 513 513 – 522 B 522 522 522 – 524 524 – 537 C 537 537 – 556 556 556 – 559 559 – 568 568 – 601 601 – 611 D 611 611 – 617 617 – 628


626 – 641


641 – 650 650 650 – 658 D D 658 – 674 674 – 678 676 676 – 711 711 - 717





(158)

රාජ නාමය රාජ්යා කාල ප්ර9මාණය වර්ෂ ප්ර‍මාණය ම: ව: රා: ව පූ: ව ක්රි:: ව: 41. (3) කස්සප 42. (1) මහින්ද 43 (6) අග්ගබෝධි

                      සි: මේ: ව: 

44. (7) අග්ගබෝධි 45. (2) මහින්ද සි: මේ: ව: 46. (1) උදය 47. (2) දප්පුල 48. (3) මහින්ද සි: මේ: ව: 49. (8) අග්ගබෝධි 50. (2) දප්පුල 51. (9) අග්ගබෝධි 52. (1) සේන සි: මේ: ව: 53. (2) සේන 54. (2) අදය (1) 55. (4) කස්සප

                     සී: ස: බෝ 

56. (5) කස්සප

                     සි: මේ: ව: 

57. (3) දප්පුල (4) 58. (4) දප්පුල (5)

                     සි: මේ: ව:

59. (3) උදය (2) 60. (3) සේන 61. (4) උදය (3) 62. ‍(4) සේන 63. (4) මහින්ද

                    සි: ස: බෝ 

64. ‍(5) සේන 65. (5) ‍මහින්ද 66. ද්ර විඩයෝ 3 - - 3 - -

40 - - 6 - - 20 - - 5 - -

4 - - 11 - - 16 - - 3 - - 20 - - 35 - - 11 - -

17 - -

10 - - - 7 –

12 - - 3 - - 9 - - 8 - - 3 - -

16 - - 10 - - 36 - - 12 - - 3 - - 3 - -

40 - - 6 - - 20 - - 5 - -

7- - 11 - - 12 - - .............. ............. 35 - - 40 - -

...............

6 - - - 7 –

12 - - 8 - - 9 - - 3 - - 3 - -

12 - - 10 - -

48 - -

	3 - - 

3 - -

40 - - 6 - - 20 - - 5 - -

4 - - 11 - - 16 - - 3 - - 20 - - 35 - - 11 - -

17 - -

10 - - - 7 –

12 - - 3 - - 9 - - 8 - - 3 - -

16 - - 10 - - 36 - - 12 - - 717 – 724 E 724 – 727

727 – 766 F 766 – 772 772 – 792 797 – 797

797 – 801 801 – 812 812 – 828 828 – 831 831 – 851 851 – 885 885 – 896

896 – 919 F F

913 – 923 G 923

923 – 934 934 – 937 937 – 945 945 – 953 H 953 – 956

956 – 972 I 972 – 981

                 J

981 - 1029


සිංහල ඉතිහාසය පිළිබඳ වර්ෂව්යා වහාරය අතිශයින් ආකූල ව්යා5කූලය. බුද්ධ පරිනිර්වාණ වර්ෂයන් සිංහල වර්ගයාගේ සම්භව වර්ෂයත් එකක් කොට ගන්ට අදහස් කිරීමෙන් මේ අවුල වඩාත් බලතර වූ බව පෙනේ. බුද්ධ පරිනිර්වාණ වර්ෂ‍යෙන් දක්වන ලද වකවානු ක්රිබස්තු වර්ෂයෙන් දැක්වීම ද අපහසු බවට පත්ව පවතී. බුද්ධ පරිනිර්වාණය ක්රිවස්තුවර්ෂාරම්භයට කොපමණ වර්ෂ ගනනකට පූර්වයෙහි වී ද යනු නිශ්චය



(159)


කොට ගැන්මේ ඇති අපහසුව මෙයට හේතු වේ. මෙහිදී අප විසින් සලකන ලද්දේ වඩා පැරනියැ’යි පෙනී යන ක්රි : ව: පෙර 483 පිළිබඳ ලේඛන ක්රරමය වේත පිටරැටියනගේ හෝ සෙල්ලිපිකරුවනගේ සටහන් අනුව සපයා ගත හැකි වකවානු කිහිපයක් ද ඇති වූම සතුටට කාරණයෙකි. වර්ධප්රැමාණයන් ඉදිරියෙහි දක්වන ලද ලකුණු අනුව ඒ පහත දැක්වේ.

A. ක්රි ස්තු වර්ෂ 428 දී ලක්දිව් ටිසා - ලි‍ මො - හොනන් නැමැති රජු පඬුරු සහිත හසුන් පතක් චීන රාජ සබයට යවන ලද බව චීන ලේඛන‍යන්හි සඳහන් වේ. මො -‍හො - නන් යනුවෙන් අදහස් කරන ලද්දේ මහානාම රජු බව නිසැකව සිතා ගත හැක. මෙයින් එම රාජයා ගේ කාලය නිශ්චය කොට ගැන්මට අපහසුවක් ඇති වේ. B. සර් ඇමසන් ටැනන් මහතා ගේ ප්රඅකාශයේ හැටියට ක්රි ස්තු වර්ෂ 515 දී කුමාර (ධාතුසේන) දාසු 1 රජු කිරුළ පළඳින විට පඬුරු සහිත දූතයකු චීනයට යවන ලද බව ප්රුකාශ වේ. C. තවත් චීන ලේඛනයෙක්හි කියා - වෙ කියා - ලො - හ - ලි යන නැමැති රජකු චීන රාජ සබයට පඬුරු යැවීම වූයේ ක්රි : ව: 527 දි කෙසේ පඬුරු යවාද? මෙම නිමයේ ප්ර ථම කොටසින් සිලාකායකු ඇගැ වේ. එහෙයින් මේ ලේඛනයෙහි දැක්වෙන්නේ (කේශධාතු ආරක්ෂක) සිලාකාලයන් බව නිශ්චය කොට ගත හැකි වේ. නැතහොත් සිලාකාල යන ගේ බලතර සතුරා වූ ගිරි කාශ්යතප විය යුතු. ඒ රජු ගේ දොළෙ‍ාස් වන හවුරෙහි වෛතුල්ය වාදය ලක්දිව පතළවීම පිළිබඳ ව නිකාය සංග්රළහ ආදියෙහි දැක්වෙන



1. මෙම රාජයා ගේ නාමය කවර අයුරින් සඳහන් වී ද යනු ටැනන්ට් මහතා නොදක්වයි. Ceylon 3 rd Ed} vol 1, P. 620








(160)

බුද්ධ වර්ෂය එසේම 1088 යැ’යි ගත හොත් යථෝක්ත චීන ලේඛනයෙහි සඳහන් වන්නේ ගිරි කාශ්ය ප කුමරා ම ය. ගයිගරයන ගේ අනුමාන හැඟීමේ ප්ර්කාරයට ඒ වර්ෂය 1080 යැ’යි ගත හොත් සිලාකාලයන ගේ රාජ පදප්රා8ප්තිය ක්රිය: ව: 532 ට වැටේ.

D. දෙවැනි අග්රපබෝධි රජු දවස කාලංග දේශයේ රජ මෙහි පැමිණ ස්තූපාරාමයේ මහණ වූ බව මහා වංශ‍යෙන් ‍ප්රගකාශ වේ. කොඩ්රින්ටනයන ගේ අදහසේ ප්ර කාරයට මෙම කාලිංග රජ ක්රිශ: ව: 609 දි (2) පුලකේසීන් නම් වාලුක්යි රජු විසින් පලවා හරින ලද්දෙකි. එසේ නම් ක්රි(:ව: 609 යේ දී මෙහි (2) අග්ර්බෝධි රජු සිටි බව මින් පැහැදිලි වේ.

D D. විහාර බිඳි කාශ්ය්පයන ගේ පුත්රුයා වූ මානවර්ම කුමරා දෙවැනි දාඨෝපතිස්ස රජු ගෙන් රාජ්යරය පැහැර ගැන්මට උත්සාහ කළ බව මහා වංශයෙහි ප්ර්ක‍ාශිතය 2. මෙම කාර්යෙහි උහුට නරසිංහයකු උපකාරී වූ බවත් මානවර්ම කුමරුන් එම නරසිංහයා ගේ සමීපයෙහි වුසු බවත් එහිම සඳහන් වේ. මෙම නරසිංහ රජ (1) නරසිංහ වර්මන් නම් පල්ලව රාජයා 3 යැ’යි සැලකේ. හෙතෙම ක්රිි: ව: 603 – 668 අතර කාලයෙහි විසී. (2) දාඨෝපතිස්ස රජු ගේ කාලය නිශ්චය කොට ගැන්මෙහි මේ කාරණය ප්රසයෝජනවත් වේ.

E. ක්රි‍ස්තු වර්ෂ 718 – 9 දි වජ්රරබෝධි නම් චීන වන්දනාකාර භික්ෂූන් වහන්සේ ලංකාවට ද පැමිණි බව සඳහන් වේ. එවකට ලංකාවේ සිටි රජු උන්වහන්සේ ගෞරවයෙන් පිළිගත් බවත් එ රජු ගේ නාමය චි -ලි චි - ලෝ බවත් එම ලේඛනයන්හි සඳහන් වේ. මෙම නාමය සිලාමෙඝ (වණ්ණ) යන්න හැඟැවිමට යොදන ලද බව නිසැකය. මානවර්ම රජ හට ත් ශිලාමේගවර්ණ යන විරුද නාමය වූ හෙයින් මෙ කල්හි සිටියේ එ රජ ය’යි කිසිවෙක් සිතති. එසේ වුවත් වර්ෂ ප්රලමාණය ගැන සලකා බලන කල්හි ඒ නො පිළිගත හැක. එ නිසා මෙම ශිලාමේගවර්ණ රාජයා නම් හවැනි අග්රකබෝධි රජ ය’යි කිසිවෙක් සිතත්. පළමු ප්ර කාශයට වඩා දෙවැන්න සත්ය්යට අසල් වේ.



1. ම: ව: XLII, 44 2. ම: ව: XLVII, 33 3. H. J. 559



(161)

එසේ සැලකීමෙන් ද මෙතන්හි අපහසු කම් රාශියකට මුහුණ පාන්නට සිදු වේ. එහෙයින් ආචාර්ය ගයිගරයන ‍ගේ අදහස පරිදි මෙම ශිලාමේඝ රජ තුන්වැනි කාශ්ය ප යැ’යි සැලකිය හැක. අනුරාද පුර පරිහානි සමයේ අපරභාගයෙහිදී බොහෝ සිංහල රාජයෝ මාරුවෙන් මාරුවට “ශිලාමේඝවර්ණ” යන විරුද නම් දෙක යොදා ගත්හ. හවැනි අග්ර බෝධි රජු ගේ විරුද නාමය “ශිලාමේඝවර්ණ” යන්නය 1. එහෙයින් උන්ට පූර්වයෙන් සිටි පළමුවන මිහිඳු රජුට “ශ්රී සඬ්ඝ බෝධි” යන්න විරුද නාමය විය යුතු. (1) මිහිඳු රජුට පූර්වයෙන් සිටි තෙවැනි කාශ්යගප රජ හට මෙම ක්රිමය අනුව “ශිල‍ාමේඝ” යන නාමය විරුදය විය යුතු. එහෙයින් වජ්ර බෝධි තෙරුන් කියන ශිලාමේඝ රජ තුන්වැනි කාශ්යනප විය යුතුයි. (මේ ගයිගර මතය වේ)

F G. ක්රි ස්තු වර්ෂ 742 දී ද 746 දි ද ලංකාවේ වි -ලො- ම් කියා ගම් රජු ගේ දූතයන් චීන රාජ සබයට පැමිණි බව සඳහන් වේ. නිසැකයෙන් ම මේ නාමය හවැනි අග්රසබෝධි රාජයා ගේ විරුදය බව කිය හැක.

G. පළමුවැනි පරාන්තක නම් චෝළ රාජයා ගේ උදයෙන් දිරම් සෙල් ලිපියෙක පඩිරජු ජය ගැනීමක් හා ලක්දිවින් පැමිණි භට ‍සමුදාවක් පරාජය කිරීමක් ද සඳහන් වේ. මෙම ලේඛනය එම රාජයා හට පසළොස් වැන්නෙහි පිහිටුවන ලද්දෙකි. එහි වර්ෂය ක්රිොස්තු වර්ෂ ප්රොමාණයෙන් නම් 921 – 2 විය යුතු. පස්වැනි කාශ්යොප රජු චෝළයනට විරුද්ධව පාඬියනට උදව් සඳහා භටයන් යැවූ බවක් මාහ වංශ කාරයෝ ද කියති 2.

මෙම චෝළ රජුට දොළොස් වැන්නෙහි පිහිටුවන ලද ලේඛනයෙක්හිදු මෙබඳු ජයක් සඳහන් වේ.

H. සිව්වැනි දප්පුල රජු සමයෙහි පාඬි රජු මෙහි දමා ගිය කිරුළු ආදිය ඉල්වා නුදුන් හෙයින් සිව්වැනි උදය රජු දවස සොළියන් මෙහි ගොඩබට බවත් සිංහල රජු එකී ධනයත් රැගෙන පලා ගිය බවත් මහාවංශ කාරයෝ


1. Ceylon notes and Querics 11, jan, 1914, P. XXVII 2. ම: ව: XLVII, 42 3. ම: ව: LII, 70





(162)

කියති 1. මෙම චෝළ රාජයා නම් පළමුවැනි පරාන්තකයාය. “ලක්දිව දිනුවහු” යන නාමය මේ රජු සඳහා යොදන ලද්දේ ක්රිාස්තු වර්ෂ 943 ටක් 948 ටත් අතර කාලයෙහි පිහිටුවන ලද ලේකනයන්හි පමණක් බව දක්ෂිණ සින්ධූ දේශීය ඉතිහාසඥයෝ ස්ථිර කෙරෙති.

I. සිවුවැනි මිහිදු රජු සමයෙහි චෝළ සේනාවන් මෙහි ගොඩ බැස පරාජිත වූ බව මහාවංශයෙහි සඳහන් වේ 2. මේ සේනාවන් එවු ‍චෝළ රාජයා නම් දෙවැනි පරාන්තක යාය 3. උහුගේ සෙනෙවි තෙමේ ක්රි ස්තු වර්ෂ 960 දී පරාජිත වී. මේ අනුව සිවුවැනි මිහිඳු රජු ගේ කාලය නිශ්චය කොට ගත හැකි වේ.

I. පස්වැනි මිහිදු රජු ද උහු ගේ මෙහෙසිය හා ධනය ද එ රජුට තිස් වැන්නෙහි චෝළයන් විසින් සොළීකරයට ගෙන යන ලද බව මහාවංශ කාරයෝ කියත් 4. මේ කාරණය වූයේ රාජේන්ද්රධ චෝළ රජු දවස විය යුතු. එ රජ තෙමේ තමන් ලක්දිව රජු ගේ ද මෙහෙසිය ගේ ද කිරුළු ගත් බව කියමින් පුරසාරම් දොඩයි 5. හෙතෙම ලක්දිව ජය ගත් බව ක්රි්ස්තු වර්ෂ 1017 - 8 ලේකනයන්හි දක්වයි. එහෙයින් මිහිඳු රජු සතුරනට හසු වූ වර්ෂය ඒ විය යුතු.

දෙවැනි ලම්භ කර්ණ පෙලේ අවසානය






v. ෂඩ් ද්රණවිඩ (1) පණ්ඩු (2) පාරින්ද (3) කුඩා පාරින්ද (4) තිරිතර (5) දාටිය (6) පිඨීය

2. ම: ව: LII, 9, 40 3. ම: ව: LIV, 11 History of Ceylon H.W.C.P. 39 – 53 4. ම: ව: LV, 16 5. H.P. 522


522 IX සිව ( කිත්ති සේන මවුන් සොහෙ‍ාවුර‍ා)




                                                                                       611-117
                                                                              (3) මොග්ගල්ල‍ාන XXI  ((2)අග්රXබෝධි රජු ගේ සේනාපතියා.)












ශුද්ධි පත්ර ය

ප්ර්ථ‍මයෙන් මීට ශුද්ධි පත්ර යක් නො පිළියෙළ කිරිමට අදහස් කරන ලද්දේ වුව ද වහ වහා මුද්ර‍ණය ‍කටයුතු කිරීමට සිදු වූ ‍යෙන් මුල් ග්රහන්ථය ලිහිල් භාෂාවට නැංවීමේදී ඇතිවු ව්යාරකරණ දෝෂ කිහිපයක් හා පද බෙදිම් පිළිබඳ දෝෂ රාශියක් ද ඇක්ෂර මාරුවී වැටීම්, විරාම ස්ථාන නො සඳහන් වීම් ‍ආදි දෝෂ බොහොමයක් ද පෙනී ගියෙන් ශුද්ධ පත්රයයක් යෙදි ම මැනැවැ’යි පෙනී ගියේය. එහෙයින් පොත භාවිත යට පළමු පහත දැක්වෙන ස්ථානයන් සක්ස කොට ගන්නා මෙන් ඉල්ලමු.

පද බෙදීම් හා විරාම ලක්ෂණයන් නො යෙදීම් ඇතැම් තන්හි දක්නා ලදී. එසේ වුවත් අර්ථය පහසු සේ දක්නා තන්හි ඒ ශික්ෂක මහතුන් හට ම ලකුණු කොට ගත හැකි හෙයින් ශුද්ධි පත්රතයෙහි එබඳු තැන් නො දැක්වීමු.

“අලවා, ඉල්වා යන දෙ තැන අල්ලා, ඉල්ලා විය යුතු. එසේ ම ප්ර යෝජ්යැයෙහි අල්ලවා, ඉල්ලවා, ඇල්ලෑවීම, ඉල්ලැවීම, ඇල්ලැවී, ඉල්ලැවි ඈ විසින් විය යුතු.

මෙම ශුද්ධි පතුය පිළියෙළ කිරීමේදී බලපිටි මෝදර සිද්ධාර්ථ පාඨශාලාවේ ඩී. ඩී. මොහොට්ටි මහතා ‍ගේ සහාය්යධය බෙහෙවින් අපට විවේකය ගෙන දුන් බව ස්තුති පෙරදැරිව සඳහන් කෙරෙමු.



පිට පෙළ වරද නිවරද පිරිනැමී මැ 9 දුල්වා පුල්වා සංඥාපනය i 17 ර්වකස්තරයක් විස්තරයක් ,, 33 විද්යාලලයයාධිපති විද්යාාලයාධිපති v 29 සීට සිට vii 20 යාමට යෑමට (සෙසු තන්හි දු මෙ මැ නය යි) viii 8 පාර්ශවයෙහි පාර්ශ්වයෙහි





ii

පිට පෙළ වරද නිවරද

viii 27 අපරාධීතව ම අපරාධීනව ම ,, 35 රජ රජ රටින් රජ රටින් ix 21 දෙරණියාය දෙණියාය xi 31 ශිෂ්ඨාචාරය ශිෂ්ටාචාරය (සෙසු තැන් හිදු මෙ මැ නය යි) xii 11 2479 247 ,, 32 වුවමනා වුවමනා xiv 12 වැවු වැව් ,, 19 පාළනය පාලනය xv 1 දවාලීමෙන් මෙන් දවාලීමෙන් ,, 32 යගාඩ ගොඩ xx 35 කුර්ජර ගුර්ජර xxiii 21 කියා ක්රිගයා ,, 34 සිල්පීන් සිල්පීහු xxvii 1 අද්වීතිය අද්විතීය xxxi 30 මූ මුන් 2 26 ගතු ගති 3 1 සොත්රි සොත්ථි ,, 17 පෙළැබෙනු පෙළැඹෙනු ,, 29 ඊ නිසා ඊ නියා 4 37 අලඬ්ක්කාරයෙන් අලඬ්කාරයෙන් ,, 37 සැරැසුනේ සැරැසුණේ ,, 38 දළදා දළදා 5 32 රත්නාකාරයෝ රත්නාකරකාරයෝ 6 12 වට්ට වට්ට ,, 30 ඇනකු ඇතකු 7 8 ගොණිස ගෝණිස ,, 12 දාඨ දාඨ ,, 21 මෞරය මෞර්ය ,, 30 නතු තතු ,, 36 වෘයු වායු 8 28 පෙළැඹෙනි පෙළැඹෙති 10 11 වන සාලයි වනසා ලයි 11 21 කෙනෙකුන් කෙනකුන් (සෙසු තන්හි දු මෙ මැ නය යි)


iii


පිට පෙළ වරද නිවරද

11 26 දිනී දිනි 12 8 නිද්යාන නින්දා ,, 9 මිනිසෙකුට මිනිසකුට ,, 23 අල්වා අල්ලවා ,, 33 පත් ළේ පත්ලේ ,, 34 දෙක්හි දෙක්හි 13 6 ගියෝ ය ගියේ ය 14 2 උපා උපාය ,, 11 අවසර කුදු අවසරයකු දු ,, 27 විදු විඳි 15 2 නිග්රි නිග්රකහ 16 10 විෂයෙහි ම විෂයයෙහි ම 17 19 ඇදුම් ඇලුම් 18 21 සිතා සිතා සිත සිතා 19 9 ඝෝෂා ඝෝෂ 19 35 දුටි විට දුටු විට 21 9 රම්යාු රම්ය 22 7 නොසිදි නො සිඳි ,, 8 කෙනෙකුන්ට කෙනකුන්ට ,, 25 කුමාරධාතුසේන කුමාර ධාතුසේන ,, 26 රාජසිංමයනතේ රාජ සිංහයන ගේ ,, 36 දෙනෙතෑ දෙනෙතැ 23 12 සිද්ධාන්න සිද්ධාන්ත ,, 40 සාරසෙන සාරයෙන් 24 1 පේළේ පෙළේ ,, 6 ක්මරදා ධාතුසේන කුමාර ධාතුසේන 25 9 අනික් අනෙක් ,, 33 අරුන්හි අරුත්හි 29 6 දෂ්ට්රාන දංෂ්ට්රා ,, 15 විරුඬ විරුද්ධ ,, 21 දක්ෂිණ දේශ ප්රා චීන දේශ ,, 23 වඳිනු වඳිනු ,, 35 නීත්යා නුකූල නීත්යානුකූල 30 7 මෞද්ගල්යාානයනට මෞද්ගල්යා5යනයනට ,, 29 මෞද්ගල්යාශන ‍මෞද්ගල්යාායන


iv


පිට පෙළ වරද නිවරද

30 33 බෞධ බෞද්ධ 32 8 මෞර්යනට මෞර්යයනට ,, 17 නැගෙනියන ගේ නැගැණි‍යන ගේ ,, 19 කුමරා මරා ,, 26 ආහාරක් අහරක් ,, 36 මැදය මදු මැද යමුදු ,, 41 සිලාකා සිලාකාල 33 30 කලයි කලැයි ,, 32 මඟඬලෙව මහ ලෙඩව 34 1 මහානාශයනට මහා නාගයනට 35 6 නොදාත්මකව විනෝදාත්මකව ,, 22 ආදිපාද ආදි පාද ,, 23 මහාධිපාද මහාදිපාද 36 2 කෙනෙක්ව කෙනකුව ,, 22, 23 මහා ගාල්ලේ මහාගල්ලේ 37 12 පෙළෙන්නෙකු පෙළෙන්නකු ,, 31 රෝගියෙකු රෝගියකු 38 15 ප්රිවිෂ්ඨ ප්රලවිශිට ,, 24 අන අණ 40 33 අසිශ්රකහක අසිග්රාලහක 43 1 බෙදය භේදය ,, 10 දිවී දිටි 45 16 සාරයෙක් වී සාරයෙක් වී නම් 46 9 කුදු නො පොහොසත් නො පොහොසත් 48 1 භෙදය භේදය 52 11 පඹ මෝ පඹ යෝ ,, 18 වන මෙම මෙම වන ,, 26 තැබ්බ වී තැබැවී 57 11 හුදකලා හුදෙකලා ,, 16 සංසා සංඝා ,, 21 ඈය ඇය ,, 26 නොළු නුලු 58 30 අවල අචල 60 6 කළෙකත් කලෙකත් 61 28 මළරා ජයන මළ රාජයන

v

පිට පෙළ වරද නිවරද 64 28 දප්පුලයැ’යි දප්පුලයැ’යි 65 3 භෙදව භේදව (සෙසු තන්හි දු මෙ මැ නය යි) ,, 13 ගට හට ,, 24 මහේන්ද්රහ මහේන්ද්ර් මහේන්ද්ර ,, 41 ගොඩනැගිළ්ලකි ගොඩනැගිල්ලෙකි 66 9 ශිල ශීල 69 10 අධෛර්යවවත් අධෛර්යවත් ,, 31 සහීත ව සහිත ව 70 18 වැඩ මහලු වැඩි මහලු ,, 19 සටන් හී සටන්හි ,, 27 මහකල්ත්තෑව මහ කල්ත්තෑව ,, 36 ඇවැස්ස ඇවැස්ස ,, 38 දියැණිය දියැණියෝ 71 1 කළෙකින් කලෙකින් ,, 34 නැඟුන් නඟුන් ,, 37 විවෙක විවේක 72 15 සැගැවිණි සැඟැවිණි ,, 27 නරතරනු තරකරනු 73 31 දේශතව දේශ ගත ව 74 7 සදාචාරය සදාචාරය ,, 10 සේන නම් සේනා නම් 75 15 ‍තෙමේ තොමෝ ,, 16 කැශ්යෙප කාශ්ය්ප 77 3 නිලධාරීන්ව නසා නිලධාරීන් වනසා ,, 12 විශෙෂයෙන් වි‍ශේෂයෙන් ,, 31 කසුබු කසුබු ,, 11 එහිදී එහි දී 79 8 පතින් පතියන් ,, 37 වැළැඳි වැලැඳි 80 3 කළහ කලහ ,, 7 මරණ මහණ ,, 8 කැටිකව කැටි ව ,, 16 කවලි කවළි ,, 25 යිරිවින්ද සිරිවින්ද ,, 26 රීත්යානනුසාරයෙන් රීත්යාේනුසාරයෙන්


vi

පිට පෙළ වරද නිවරද

80 34 නිස්සා තිස්සා ,, (ඊ) 33 පවත් පවසත් ,, 35 වික්රාසමිංහයෙැ වික්ර මසිංහයෝ ,, (ඌ) 25 කටබුතු කටයුතු ,, (ශ) 6 සෙනම් සේන නම් ,, 1 ද්වීප ද්වීප ,, 39 ඇල්ලෙ වැඩ ඇල්ලෙ වැව 83 12 දප්පුලා දප්පුල 84 11 වැඩිමලු වැඩි මහලු 86 32 ඉනිඳු ඉනුදු 87 9 නුවු ම නුවු හ 91 2 න නාමය යන නාමය 94 16 කීපදෙනෙකුදු කීප දෙනකු දු 95 14 වෙනුව වෙනුවට ,, 24 දියැණියන් දියැණියෝ 97 4 අවකාශ ද අවකාශ ,, 6 සහාය්යදය සාහාය්යෝය 103 18 යෙදුනු යෙදුණු 104 1 ඉගැන්වුවන ද ඉගැන්වුව ද 106 22 පිරිතට සිරිතට 108 11 මලනුවන මලණුවන ,, 31 කාශ්යන කාශ්යදප 109 18 රාජනී රාජිනි ,, 34 මැදිරි මැදිගිරි 111 21 මැඬි මැඬී ,, 32 නිකායෙහි නිකායයයෙහි ‍(සෙසු තන්හි දු මෙ මැ නය යි) 115 20 වීරාකංරාරොමයේ වීරාංකුරාරා‍මයේ 124 31 ලහෙත් එහෙත් 125 17 කාව්යංදර්ශ කාව්යාුදර්ශ ,, 36 ග්ර්න්ථයෙකැ ග්රරන්ථයෙකැ 128 2 යුත් වී යුත් වූ 132 30 කැප්පවීමෙන් කැප්පීමෙන් 135 24 හඹට්ඨි හම්බලට්ඨි 136 12 රජට රජරට



vii

පිට පෙළ වරද නිවරද

137 1 වීම කෙසේ වෙතත් ‍ කෙසේ වෙතත් කෝළවාපී කාලවාපි 140 16 සීත සිත 143 19 ප්රේසාදයක් ප්රාතසාදයක් ,, ,, කැරුවු කැරැවූ 144 1 කාරවට්වීයෙහි කාරවට්ටියෙහි ,, 8 අග්ග්රවබෝධි අග්රයබෝධි 145 10 දෙවිවියන් දෙවියන් 146 21 වප්පුල දප්පුල ,, 22 කච්චිවාල කච්චිවාල ,, 24 ආරාම ආරාමයෝ ,, 33 දවසක් ද අවසක් 147 5 ගබඩා ද ගබඩාව ද 148 25 ‍ෙරෙවාදී ථේරවාදී 149 32 ධාත්සේන සේන ධාතුසේන ,, ,, වෙයෙසින් වෙසෙසින් ,, 35 බූලාභය චූලාභය 150 11 දා ගෙක් දාගෙයක් 153 14 පූජ්යකපදෙවියන් පූජ්යාපදෙවියෙන් 155 ,, මහානික්කුට්ඨික මහානික්කුඩ්ඩික 156 5 තත්වයකට තත්ත්වයකට ,, 17 පිහිටි පිහිට ,, 25 නමමාලාන නාමමාලාව 156 27 නාමයා නාමය ,, ,, අංකයේදී මේ දී අංක යෙදීමේ දී 159 32 හවුරෙහි හවුරුදුයෙහි

සංස්කාරයේ viii පිටේ 32 පෙළේ “රුහුණූ වැස්සකු විසින් ම සිය පෙදෙසේ” යනු “දක්ෂිණ දේශ වැස්සකු විසින් සියනෑයන ගේ පෙදෙසේ” කියා සක්සකොට ගත යුතු වේ.

මෙම ග්ර න්ථය දෙපෙක්හි මුද්ර්ණය කැරැවීමේදී පිටු අංක වෙස් වී යාම නිසා ප්ර ථම කොටසේ 80 වැනි පිටුවෙන් පසු 80 ආ, 80 ඇ ආදී විසින් දහ හතර පිටක් මුද්ර්ණය කිරීමට සිදුවු බව සඳහන් කෙරෙමු.