Jump to content

අනූ රතිය

Wikibooks වෙතින්


අනූ රතිය.

--------------


1 කඳුකර ගමන තණ බිමකින් අවස න්වේ
පැහැදිළි කරන වන මල් පෙති මුළු ගැ න්වේ
ආදර වතියකට ආදරයක අ න්වේ
විසඳා ගැනීමට අද හෙට පුළුව න්වේ

2. නොකැඩී තිබේනම් හදවත බැඳුණු බැමී
කවදා නමුදු ඇය මට විය යුතුය හි මී
සුළඟින් සසල වන අතු කොළ අනුව නැමි
කඳුකර ගමන කඳුකර තාලයට යමී

3. කොපමණ ඇද්ද මෙහි වන මල් පිපුණු උ යන්
මී මැසි යහළුවනි! මා හැර ඉවත නො යන්
නිල’ඹර බඳුන සුදු පව පිළි නමැති වි යන්
දිය දම් මෑණියෙනි! ඔබ මට එළිය දි යන්

4. සැළලිහිණියනි! තෙපි දුර බැහැරකට නො යව්
දෙසවන් අවදි කරවන ගී රසය න ගව්
අතු අග කැදැල්ලේ හිදියන කුරුළු පැ ටව්
කලබල නැතුව නිදියන තාලයට ති දව්

5. බඩ වැටියකින් කඳු පහලට ගලන ඇල
ගන්වන්නට එපා පෙණපිඩු තරඟ තුල
පිළිකුල් වුවොත් ජිවිතයක තරුණ කල
සඳරැස් නැතුව පරවිය හැකි කුමුදු විල

6. අමුතුම සොබාවික සිරියක් උදා කල
ගීතය කණට එයි පැළගැටි තලා වල
මොලයක් තිබේ නම් අදමට නිදා කුල
නළු වෙස් ගනිමි සඳ කිරණින් තෙමා තොල

7. කඳුගැට නැගීමෙන් බෑවුමකට බහිමි
උණුහුම නිවෙන තුරු තුරුලිය යට සිටිමි
රිසි - රිසි තැන ඇවිද රිසි - රිසි දෙය කරමි
කඳුකර වහල් නැති නිවහල් බව දනිමි

8 නොකැඩී - නොසෙල්වී ඇත්නම් බැඳුනු බැමී
සැනසුම - සතුට යන දෙක විය යුතුය හිමී
මින් පසු වේදනා උණුසම් කඳුළු නිමී
කඳු බෑවුම් ගෙවා තව ඉදිරියට යමී

9. වන මල් කැකුළු ඇත හොඳ ලස්සන පාට
ඒවා පිපේ ඇය අත පත් වන දාට
දුප්පත් ලොවේ හිත පොහොසත් කවි යාට
රන් තරු එළිය දෙයි දාවල මෙන් රෑට


( 2 )

10. නෙපිපි පිපුන රුක් අත්තන කැකුළු නමා
දිව යයි සුළඟ පිනි දියරෛන් සිරුර තෙමා
වැඩිදුර නොගොස් හමුවිය හැකි රසය අමා
මේ ඇය සොයා ගෙන මා යන ගමන තමා

11. ගෙන එයි නෙළුම් මල් සුවඳක් හමන පවන්
නිළුපුල් යයි කියා සිඹගත හැකිය නුවන්
වනගත සොබාවික සිරි දුටු විටක මෙවන්
කෝකිළ ගීයකට මා දිය යුතුය සවන්

12. හැම දවසකම - හැම පැයකම අත නෑර
බදු ගෙන සිටින මී අඹ ගස සරු සාර
සැළලිහිණියනි! මේ කවියට දුර බෑර
තෙපිවත් කියව් ඇගේ නිවසට යන පාර

13. ඇයගේ දෙපියයුරු මෙන් දුව පනින කැලේ
සාවුනි අවුල් නො කරනු කවියෙකුගේ මොලේ
යොදවා ගමන් වේගය පිළිබඳව බලේ
ගෙනගොස් මාව සගවනු ඇය සිටින පැලේ

14. අසරණ පපුවකට මල් හී සැර විද්ද
අනුරා මතිය කල්යාණිය පරි සුද්ද
පවසනු මැනවි කෙවිලිය නොකරම සද්ද
ඈ දර කැඩීමට මෙහි ආවද නැද්ද?

15. සැරසුනු සෙනෙවි‍යෙකු මෙන් සටනකට දිග
යම් කිසි කෙනෙක් උතුරා යන සෙනෙ‍හෙ ගඟ
යනු - එනු නොහැකිවී වල්වැද අතර මග
ඇයහට කියම් මා තනිවී සිටින වග

16. ඉඩ ක‍ඩ නොදී වන ගත සුව වළ ඳන්ට
කරදර විපත් ඇති කරවන මිනි සුන්ට
යන්නට පළමුවෙන් මිහිරිය දැක ගන්ට
මා අසුවෙයි ද නොදනිමි වග වළ සුන්ට

17. මා වැනසුවත් කම් නැත වන සතුනි තොප
ඉරනම තිබේ නම් එය විය යුතුය කැප
මිය ගිය පසුව සිරුරට දෙන එකම සැප
ඉඩ දෙනු යන්න සිරිමතියව මුහුණ සිප

18. මා මිය ගියා යයි සවනේ වැඩුනු විට
ඇය පිස්සියෙක් වනු නියතය එතැන සිට
වන දේවතාවුනි! ඇටකටු එකතු කොට
මගෙ රුව මවනු ඇයගේ රුව ඉදිරි පිට

( 3 )

19. එළිමහණයක් බැළුතෙක් මානයක පෙනේ
එම පෙදෙසින් ම මල් සුවඳක් සුළඟ ගෙනේ
එම්බා! කොවුල ඇතිකරගෙන නියම සෙනේ
එතනද ඇගේ ගම එතනද කියනු අනේ

20. පාවෙන හැඟීමත් මොනයම් හද ව තක
නෑ එය ජනිත වන්නේ ගොස් ‍ෙවන ළ යක
ආදර බර මැණික! ආදර බර මැණික!!
ජිවත්විය නොහැක මොහොතක් ඔබ නොදැක

21. බැළු බැළු අතින් කැරකෙයි කළුවර ‍රෝද
නොපෙනෙයි කිසිම වෙනසක් මට දිව රෑද
කැළඹී රළ නගී පෙම් සිතු විලි මූද
මා යන ගමන කොතැනින් කෙළවර වේද

22. වනගත සතුන්ගෙන් මහ මග නිමිති අසා
පිය පිස කදුළු කැට සුරතින් මුහුණ වසා
මට ඔබ නොදැක ජිවත්විය නොහැකි නිසා
වල් වැද ආමි ඔවදන් බස් පොළොවෙ ගසා

23. පුර සඳ පරිදි මෝරණ ආදරය කුඩා
නව කවියෙකුට දෙන මී අඹ බුරුතු කු‍ඩා
කවි සිත දිනා ගත් රුචිරාණනිය කුඩා
වටිනා දෙයක් මුළු ලොව නැත ඔබට වඩා

24. යා හැකි නොහැකි මා යන මග අඩ මාන
සමහර වෙලාවල හමුවෙයි සුබ සීන
පොකුණකි සුපිය කරු බැළු බැල්මට පේන
නොදනිමි සිත ගඟ ලඳ ඈ දිය නාන

25. හඬවන නලා නද ලෙස ගවපල් කොළු වන්
දියඹුන් ගසා ගසා දිය රැළිපිට කළු වන්
දෙපිසින් පිරිවරාගෙන රණහස නළු වන්
සමහර විටෙක ඇය එහි ඉන්නට පුළු වන්

26. අවුරුදු ගණනකින් මිනිසෙකු පැමිණි බවක්
නොපෙනෙයි මේක වල් බිහිවී තිබෙන විලක්
මා අද ලබාගෙන ඇත්තේ පුදුම ළයක්
මට කිව නොහැක ඇයගේ රුව දකින දිනක්

27. කවියෙකු විලස බැරි නම් ගෙන සෙනෙවි වෙසක්
මින් නොනැවතී යමි හමුවන තුරුම රසක්
ලැබ නැති නිසා පසුබට වන පරිදි හිසක්
ආපසු අඩිය නොතබමි ඉදිරියට මිසක්



( 4 )

28. පඬුරක් විලස දීමට ගෙන‍ගොස් තැබුළු
අහුලා ගතිමි ගස්යට ගිලිහුන වෙරළු
හමුවන පසුව මුව සිඹ කරගෙන තුරුළු
අමුණා බඳින්නම් ගෙ වට මුතු පබළු

29. නිවසක් පෙනේ ඇය එහි නිව ස න්නේය
මා නොදැනු වත්වම පය එස වෙ න්නේය
සැනසුම සතුට සිත තුල රැළි දෙ න්නේය
ඇ දැන් ඇවිත් මගේ මුව සිඹ ග න්නේය

30. බඳවට සරස සරසා මල් කිනිති වලින්
පියවර නගයි ඇය මා ඉදිරියට කෙලින්
නොලැබුනු සැපකි ජිවිතයට මෙයට කලින්
ගිලිහෙයි තුසර කැට සඳ රැස් වලලු වලින්

31 හිරු රැස් දසත පැතිරෙන විට උදය ගිරෙන්
මිහි බට සොඳුර කල්යානිය තිදස පුරෙන්
පය බැඳි ගිගිරි උසුලාගෙන වලලු කෙරෙන්
නොබියව නොසැඟවී මා ඉදිරියට වරෙන්

32. අහසට යවා ඉඳු සැව්වක් විලස බැම
දෙපයින් පාග පාගා බිම මිදුනු හිම
උණුසුම් සුසුම් තද කරගෙන සිගිති ළැම
ඔබ මා දැකීමෙන් තැති‍ගත් කරුණ කිම

33. අනුකම්පාව අවිහිංසක ගතිය ඇතී
මා තුල රැඳී නැත බිහිසුණු දරුනු ගතී
හිමිදිරි සිහිනයක මෙන් විමතියක ‍එතී
ඔබ තැති නොගනු මැන වනගත කුමුදු මතී

34. නලලෙහි කියඹු වැල අලකා වලිය දිගේ
නිලඹරකණක තරු වලියක පැහැය නැගේ
කවිසිත දිනාගත් වනගත‍‍ සොඳුර මගේ
නිළු පුන් කැකුළු වැනි පියයුරු - දෙනෙත තිගේ

35. රුචිරානණිය ඔබගේ දිගු වරළ වැනී
ගල් පරයකින් දිය පහරක් ඉහළ පනී
විලිබර අහිංසක සියුමැලි දෙ‍තොල තුනී
බටහිර වලාවක ලා රත් පැහැය ගනී

36. අතහැර දමා සැනසිලි සුව නොමැති විමන්
මදහස නගා පෙන්වන දත් කැකුළු සමන්
වනගත සොඳුර ඇවිදින වල් වදුන ගමන්
මිහිරෙන් මිහිර සැපදෙමි ‍මා සමග යමන්



( 5 )

37. මට ඔබ - ඔබට මම යුවතිය මෙතැන සිට
නෑකම තිබේ කොළ අතුමෙන් ඉදිරි යට
සමගිය සාමදානය පිළිසරණ කොට
ආදර ළයේ අමුනමු මිණි පළිඟු කැට

38. මල් පෙති මල් කෙසරු අපහට උප මාවෝ
යනවග කියා මල් කුමරියො රඟ පෑවෝ
ඔබ වැනි දැකුම් කළු වනගත සිනි මාවෝ
ගිරවෙක් කියයි කිසි දවසක මෙහි නාවෝ

39. වන මැද ගීතවත් වීමෙන් පැමිනි විඩා
රන්වන් ලැමද සරසන මල් කැකුළු කඩා
මිණියෙක් දැදිරි වන රත්මල් වලට වඩා
මිහිරිය මිහිරි ඇත ඔබෙ මුව පියුම කුඩා

40. මුළු ලෝකයම නිදිගත් පසු අඳුරු රැයේ
නොමියන රුවක නොමියන කසුකුසුව තියේ
යනවග කියා කිංකිණි නද අනුව පයේ
නැලවිලි ගීය නැලවිලි තාලයට ගැයේ

41. ආලය වැළඳගෙන කවිහිත පිරෙන තුරු
සැනසීළි සුවය දී අමතක නොවන යුරූ
ගලවා අතට ගෙන තණපස සුපිය කරු
පෙන්වාපන් සොඳුර මට ‍ඔබෙ දෙපිය යුරූ

42. හ රැළි ‍රොන් වැඩී තිගෙ මුව කමල පිපී
තණ පට බුරුල්වෙයි පියයුරු එකට හැපී
වන දෙව් ලියන් හා දෙවියන් එතුදු කිපී
සුරඟන නැටුම් අත්වැල් බැඳ නටමු අපි

43. ජිවන රසය සැඟවුන තැන සොයා පන්
පරවුනු කියඹු වැල් අහකට දම පන්
නා මල් කැකුළු සෙලෙවෙන හැටි බලා පන්
බලමින් මගේ තොල්වල රස ලබා පන්

44. අප ‍දෙදෙනාව අද වනගත ලතා වියන්
ඔසවන හැඩයි ආසිරි දද පතා කයන්
පරදා තිදස පුර රඟ දෙන මනා ලියන්
මුතු දත් පේන ලෙස ඔබ මට හිනා වෙයන්

45. සඳ රැස් සුළි නගින නා දළු දෙතොල දිගේ
රසවත් බවක් ගෙන එයි නෙත් කුමුදු මගේ
ආලය පිළිබඳව කිරිදිය ගලන ග‍ඟේ
සුදු වැලි තලාවක් වැනි පුලුලුකුල තිගේ



( 6 )

46. පුන්සඳ මඬල වැනි විහිදෙන කැළුම් කඳ
රුචිරාණනිය! ඔබගේ මුව සිඹින් නද
සුරතින් මිරික මිරිකා රත්තරන් බඳ
හංකිති කිති කියා හංකිති කවන් නද

47. මෙපමණ කලක් ලුහුබැඳ ගිය අනු රතිය
ආදර ලොවේ ළය හසුනක අදි පතිය
ලංවි උරා බොවු තොල්වල රස ගතිය
මට ඔබ ඔබට මම මින් පසු සිරි මතිය

48. කිණිහිරි කුසුම්වල වැනි තොල් පෙති හැකුලු
පැහැබර පැහැය ගත් කරමළයකි කැකුලු
මදහස නගා තව තව කර කර මුකුලු
පෙන්වාපන් සොඳුර මට පියයුරු කැකුලු

49. මෙපමණ කලක් සිත තුල රජකල විලිය
පාකර හරිනු උඩු ගුවනට සුර තලීය
පැන - පැන සිඹින තුරු ගෝමර තරු වලිය
පොරවාපන් සොඳුර ඇඳගත් පට පිලිය

50. වන මල් දෙකක් මෙන් ආදර ළයක ‍එතු
ආලය අපට පරමාභාරයකි සතූ
පවසනු මැනවි පෙන්වා දත් නමැති මුතු
රුචිරාණනිය! ඔබ ඇයි මට වැඩිය රතූ

51. ඇඟපත සිහින් සියුමැලි සිරිමතිය කුඩා
දුටුවිට කුසුම් නාඩනු මැන කඳුළු කඩා
සරසවි ළමැද අතුඅග මල් කිනිති කඩා
වියතක් උසයි මම සුරදුව ඔබට වඩා

52. හැම අදහසම හැම කරුණම අනු ගාමී
මම ඹමරෙක්මි පරසතු කුසුමකි පේමී
පුන්සඳ වූවොත් සිරියාවිය රස කාමී
මම වෙමි ඔබේ ආදරබර හඳ හාමී

53. සුරලොව සුරූපීය මගෙ සව් බල දාරී
පෙම් ලොව රාජ කරමු මින්පසු අත නෑරී
කවි සිත දිනාගත් කඳුකර හැඩ කාරී
ගෙන එන්නම් ඔබට බරණැස් පට සාරී

54. පෙම් ලොව වේදිකාවට ඔසවන අඩිය
දවසින් දවස ඔබගේ තොල් හස වැඩිය
සිනහා රැලිවලින් සරසා මුව පොඩිය
ඔබ කොයි යන්නෙහිද අරගෙන කළ ගෙඩිය?



( 7 )

56. මඳ නළ වැදී මල්සර ලොව අනු රාගේ
හිලිහේ තුසර දියවී නිලඹර මේගේ
මොහොතින් මොහොත රස ගන්වන සිත මාගේ
ඔබටත් සීතලද දෙව්දුව මට වාගේ

56. පෙම් සිත දිනූවෙකුට අමතක නොවන විරූ
නාඹුල් තැඹිලි ගෙඩි යුවලක සිරිය දැරූ
සුදු පෙම්වතිය රති දෙව් දූ සුපිය කරූ
නොපෙනෙන ලෙස වසාපන් ඔබෙ දෙපිය යුරූ

57. නොකැඩෙන පරිදි අප බැඳගත් සුපෙම් දම
මෝරණ පයෝදර වේ රණ හසුන් සම
සොම්නස සමග පෙම් සිතුවිලි පුරා ළැම
තළු මර මරා සැනසෙනු කෙලෙසින්ද මම

58. අනුරා මතිය ඇඳි පිළියෙන් සුළං මැඬ
හරි ගැහි ගැහී සුරඟන ලෙස වෙමින් හැඩ
සළුපොට මනා ලෙස රඳවා දනින් උඩ
සැනසෙනු සොඳුර සැනසෙනු රත් තරන් පිඩ

59. සිහිනෙන් ඔබේ රුව මම දුටුවෙමි ඊයේ
යනුවෙන් එදා ඔබ නොවැ මාහට කීයේ
දැල්වූ පහන් තරුවෙන් සැනසිළි පායේ
එදිනයි සෙනේහය ළය පතුලට ආයේ

60. පැහැපත් ඔබේ දේහය ගැන සිතන විට
තනිකර පළිඟු රුවකැයි කිව හැකිය මට
පියයුරු යුවල හා නෙත් යුග කරණ කොට
ගතයුතු යමක් මුළු ලොව නැත උවම කට

61. අඳුරෙන් නික්ම එළියෙන් එළියට යාවී
සුර කුමරියක් මෙන් සුර ඇඳුමෙන් පේවී
පරමාළයේ තුටු කඳලැලියෙන් නෑවී
සැරදේ! සව්සිරින් මගෙ රත්සර දේවි

62. ලුහුබැඳ ය ගමන් ආලෝකය ‍ඔස්සේ
සැඟවෙමු ආලයේ නිල්දිය රැළි අස්සේ
රත්සර සොඳුර අපි දෙන්නා ඉන් පස්සේ
නූලකී දෙපට ඇඹරූ නොම්මර විස්සේ

63. ඔබ දැක ගැනීමට ඒමට තිබෙන සිත
මෙපමණකැයි කියා කීමට වචන නැත
ආයුතු නියම මග පැවසිය යුතුව ඇත
පැහැදිළි කරණු එය මට මගෙ පළිඟු කොත



( 8 )

64. මා මුව නොදැක ඔබ කඳුලැලි හෙලන නියා
පැහැදිලි කරණ දිග හිරුරැස් එපිට ගියා
හන්කිති කවන්නට ලැමදට සුරත තියා
එන්නෙමි දිනෙක ම‍ගෙ රත්සර කැකුල සොයා

65. රත්සර කුමාරිය පෙම් සයුරෙහි පීනූ
වන බමරුන්ගෙ රසබර ඉවතට දානූ
හඬවා සතුට පිළිබඳ මීමැසි සීනූ
මල් මැණි උරා බොමු පා සොම්නස් මූනූ

66. සනසනු ජිව බලදී දිවි නීලා වට
ආලෝකයක් තරමක දුර පෙනේ මට
රණ සෙනෙවියෙකු මෙන් ගුවනට නැගී සිට
මම එමි දිනෙක ඔබෙ සුදු මුව දැකී මට

67. බැල්මෙත් සිනාවෙත් ඇති රසවත් බාවේ
දේ දුනු කැබලි සඳරැස් අතරෙහි පාවේ
මා ලත් කවිත්වය පිළිබඳ සිනි මාවේ
ඔබ බව කිව යුතුය මුල් රැඟුමට ආවේ

68. සිරුරේ මලානික ගතියක් නොමැති කිසී
පරමාලයක රස ඇත ළය තුලට බැසී
රස කාමියෙකුගේ නෙත සිත කරන වසි
ඔබ ලඟ තිබේ ගුණ කවිකමට නිසී

69. ජිවිත සටණ පිළිබඳ පෙරමුණට වැද
ආලය “කගය” සතුරන් පොලුගසන ලද
නොමගට ඇදුනු මා නව සංහතිය මැද
පරමාලයද මළ සිරුරක් විනිය අද

70. පිහිටා ඇති බලය දිවියක රඟ පෑමේ
දායාදයකි පරමාලය දිය දාමේ
උරුමය ලබා දී සඳරැස් දිය නෑමේ
ජිවිත දෙකක් තුල ඇතිකරවයි සාමේ

71. මාගේ අතට කවදත් අවනත ගතිය
විමසා බැලූයෙමි මම ඔබ ලඟ ඇතිය
බිහි කරවන තරුණ හදවත් තුල කිතිය
ඔබ පෙම් රජය නම් මා එහි රන පතිය

72. සිංහල ගතියටත් ගැලපෙන වද මේවා
යනුවෙන් යම් දෙයක් ගැන දවසක් කීවා
මා සිත ආලයේ සඳ කිරණින් නාවා
නරකයි කියූ දෙය ඔබ ඉවතට ලෑවා



( 9 )

73. සඳරැස් ගලන සේ මදහස රැළි ඇගේ
දෙතොලින් ගලා එයි මුව මඬලට මාගේ
දුරුකල දුරින් දුරට ම බිහිසුනු රාගේ
ඔබ කඩිසරය රට සා පැටවෙකු වාගේ

74. පරමාලයම පමණයි අප ළඟ ඇත්තේ
අනුරාගයට ඉදිකටුවක ඉඩ නැත්තේ
කවදද දියුණුවේ වන මල සිඹ ගත්තේ
රාගික හැඟුම් එදිනයි මතුවිය යුත්තේ

75. ඔබගේ සෙනෙහය පිළිබඳ කිරි මුද
මාගේ සෙනේහය මෙන් පිරිසිදු නේද
තව තව කරකවා දිවිරිය සක රෝද
සැතපුම් ගණනක්ම අපි යා යුතු නේද

76. අද නැ සමාජය ආලය ගැන දන්නේ
මිනිහා ඒ නිසයි පිරිහීමට යන්නේ
දියුණුව - සතුට හා කවිකම ලැබ ගන්නේ
ආලය උඩ බවයි වියතුන් පව සන්නේ

77. අප දෙදෙනා අතර ඇතිවන පර මාලේ
වෙන් කළ නොහේ දිළිසම මෙන් පට නූලේ
පැහැපත් කාන්තිය ඔබේ මතුවන දෑලේ
ලස්සන යයි කියන වෙන සිරුරක නැලේ

78. බැම ලස්සන දෙනෙතේ බැල්මට වැඩිය
රඹබොඩ වගේ අත්ගොබ සිළිටිය පොඩිය
තැබුවත් නොතැබු ගණනයි පොළවට අඩිය
රත් පැහැ දෙතොල් පෙති විලිකුන් ලොවි ගෙඩිය

79. ඔබ කවුරුදැයි නොදනිමි ඔබ කව්රු හරි
බැඳුමක බැඳි ඇත සිත කඩකරනු බැරී
ඉදි කළරුවක් මෙන් කැටිකර සියලු සිරී
ලස්සන උනාවයි තව තව ලැමද පිරී

80. මුහුණින් මවා සඳරැස් පිණිදිය හංගා
සැනසෙන්නීය නෙත් මිණි නිළුපුල් හංගා
සිරුරේ සොබාවික රසිකත්වය නංගා
සැඟවෙමු සෙල්ලමට තුරුපත්යට රිංගා

81. ඇතිකර ගැනීමට ආදර රස පවස
ජිවිතයක උදය මිස නොහැ කිය සවස
පොල් අතු පැලක් බව ඔබ වසනා නිවස
අමතක නොවේ මට පැහැදිළි කල දවස

82. රැහැණිව පැමිණියත් මේ මුළු ජනිත බිම
වරදක් නොකර බිය විය යුතු කරුන කිම
ඔබ පතුරතොත් පරමාදර සුවඳ දුම
ඔබගේ අනාගතයට වගකියමි මම


( 10 )

83. අහසට යවා රාගික සිතුවිලි අන්ද
සපුමල් කැකුළුවන් සිරිමත්කම බින්ද
මා ළඟ සිටින විට සෙනෙහස බැන්ද
මට කුමකටද වෙන කුසුමක මක රන්ද

84. හඬ නංවතත් සුළලිත බිගු දැල් සීනූ
රැවටිය‍ නොහැක පියුමක් දිය විල් පීනූ
කොපමණ ඇතත් මේ ලොව ලස්සන ගෑනු
මම නොලබමි ඔබුනගේ මුව මල් රේනූ

85. පරතෙර පැමිණි ඇග පත මට සිලිටි කමේ
ඔබ වෙත මගේ සිත දවසින දවස නැමේ
තැන්පත් කර තබා පරමාදරය ළැමේ
සනසනු මැනවි මේ මී මැසි කුමර තෙමේ

86. එම්බා! සොඳුර ඔබ ගැන සිත බැඳුනු මට
කරදර කරන්නට නොහැකිය කිසිව කට
යුද සෙනෙවියෙකු මෙන් නානා මී ‍ෙමතැන සිට
කඟ වේනෙකු වගේ මම යමි ඉදිරි යට

87. යහපත් අහිංසක මීමැස්සෙකුට වියේ
මල් පැණි නොදී පියුමක් නැහැ ඉවත ගියේ
මතුවන තුරා පෙම් සිතුවිලි තරඟ ළයේ
මේ මී මැසි තෙමේ වෙන කුසුමකට නොයේ

88. ඔබ හැර නොමි ‍මා ගැන සැ‍කනොසි තන්න
පියුමේ එපා නිල්දිය බොර කර ගන්න
මොන යම් විදියකින්වත් පෙති නොතැ ලෙන්න
පුළුවනි මට ඔබේ මල් මුවරද බොන්න

89. පෙම් පත් ලිය ලියා සමහර ඹමර බසින්
තරුණ තරුණියෝ පසුවෙති උමතු වෙසින්
විඳ ගනු බැරුව මත්වී ආද‍රයෙ රසින්
වෙන් වෙති සමහරක් වස බී පොළොවේ පයින්
__________

පෙම්වතානෙණි!

90. හිමියනි! මගේ මේ වචනය අසනු මැන
බිරිදක් නොවෙමි දුටු හැමටම මුහුණ දෙන
හොඳ හැටි පිළිබදිමි ඔබ මට කරණ අණ
මම ඔබේ පෙම්වතිය ඔබ මගේ පිළිඟු මිණ

91. මගේ හිතවතාණනි ලව්කික රස දාරී
මම වෙමි ඔබේ ආදර බර සහ කාරී
කායික සුවය ගෙන දෙනු මිස අත නෑරි
මට උවමනා නැත බරණැස් පට සාරී
( 11 )

92. මා ගෙන යනු පිණිස දහඩිය මුගුරු කඩා
ඉදිකර තිබෙන සිය සිරුරට නොගෙන විඩා
සැනසිළි සුවය ගෙන දෙන පවුලකට කුඩා
මේ පැල්පත හොඳයි සිටු මැදුරකට වඩා

93. ගෙන යනු පිණිස උස් තැනකට සිහළ රට
වෙහෙසෙනු තරුණ සෙබලෙකු මෙන් නොපසු බට
හිමියෙනි! ඔබට එන වෙඩි කඩු පහර කට
මට යා හැකිය ඔබ වෙනුවෙන් ඉදිරි යට

94. බටහිර සිරිත් පිළිබඳ කළ කිරුණු හිත
ඔබ ළඟ වගේ හිමියනි! මා ළඟඳ ඇත
නුතන සිරිත් කරගහගත් අපරි මිත
දුටුවෙමි නගරබද ගැහැණුන් නටන කැත

95. පෙනෙන ලෙස හැට්ටනයෙ අත් කොටට
නංගී අඳියි ගවුමක් දතිනුත් උසට
මොන එකකටද මේ කැත සිරිතක් අපට
නින්දා ලැබෙන්නේ මේකෙන් ලක් මවට

96. කොන්ඩය දරණුවක් විලසින් ඔතා ගෙන
සාප්පුවක කටු අරගෙන ගසා ගෙන
ඊට උඩින් දැලකුත් තව දමා ගෙන
සිංහල නංගිලා යයි දත් විකා ගෙන

97. මේ කැත සිරිත් හිමියනි! මට පෙනෙන විට
අමුතුම හැඟීමක් ඇතිවෙයි පපුව යට
බිරිඳක් ලැබුනහොත් මා මෙන් නොපසු බට
ලොකු උපකාරයකි ඔබ වැනි කවියෙ කුට

98. රට දැය දෙකේ හරි වටිනාකම දන්න
හිමියනි ‍! ඔබට හැක ඒ ගැන වෙහෙ සෙන්න
උතුම් සිහළ රට නිදහස් කර ගන්න
පෙරමුණටම යන්න! පෙරමුණටම යන්න!!

99. කවියාවූ කලී අසරණ දරු වන්නේ
දුක සැප පිනිසමය නිතරම වෙහෙ සෙන්නේ
සිස්ටාචාරයට හිමි වුන නට පන්නේ
කෙළි බඩුවක් නොවෙයි අනුවන මිනි සුන්නේ

100. හිතවත් හිමිය! සිය පණ මෙන් ළඟ ඉන්න
ඔබ පිළිබඳව මගෙ ඇති ආලය මෙන්න
මගෙ ළය ඔබට බාරයි අද සිට ඔන්න
ඔහෙට කැමති විදියක දැන් සැන සෙන්න



( 12 )

101. හිමියනි! මගේ මේ පොපියන දෙනත පුඩූ
සුලලිත වේය එහි මොන උණුහුමද අඩු
ඔබ පිළිබඳව මගෙ හිත ආදරය වැඩූ
දෙනු මැන ඉතින් දෙනු මැන පෙම් සිතට තු‍ඩූ

102. හිමියනි! කිව නොහැක ඔබහට තියෙන සෙනේ
රාගික හැඟුම දැන් මතුවන ලකුණු දැනේ
ඔබ හැර කිසිම පිහිටක් නැත මෙමට අනේ
වරදක් නැහැ මගෙන් සැනසෙනු මැනවි පෙනේ

103. දෙවටොර රඹකඳන් වැනි මිරිකෑ තදිනි
ඔබගේ පෙම්වතිය නළවනු මැන ඉතිනී
අමතක නොවන ලෙස සැනසිළි සුව දෙමිනී
කිමිදෙමු පෙම් නදියෙ අපි එකතුව පෙමිනී

104. ඉක්මන් මොකද ඔය හැටි සුමිහිර බොන්න
ඔබහට වෙහෙස නම් ටිකකට නව තින්න
තව මොහොතක් වෙලා සැනසිළි සුව දෙන්න
හිමියිනි! මාව සිඹගෙන සිඹගෙන යන්න

105. අද නැහැ සමාජය ආලය ගැන දන්නේ
එනිසයි පවුල් මගදී කැඩි - කැඩි යන්නේ
බිරිදගෙ සතුට ගැන නැහැ ඔහු සල කන්නේ
කොහොමද එවැනි අය සමගින් පසු වෙන්නේ

106. හවසට ගෙදර ඇවිදින් ගහගෙන අඩිය
පෑගෙන කොටම තව නිවසෙහි මුල පඬිය
සොයමින් ගෙරද ඇති නැති දොස් වැඩි වැඩිය
සමහරු තලති තම බිරිඳගෙ මුව පොඩිය

107. හොඳ හැටි අපි දෙදෙන පෙම් සයුරෙහි ගිලුනා
එහි ඇති මිහිර හදවත් දෙකකට දැනුනා
පරවි ජෝඩුවක් නිදි යහනක එබුනා
රාගික හැඟුම් නොපෙනන දුරකට ඇදුනා

108. අප දෙදෙනා පමණය මේ ගැන දන්නේ
මෙවැනි රසක් යලි ඔබ කවදද දෙන්නේ
අනු රතියෙන් නොවේ මා මෙය විම සන්නේ
හිමියනි! මොකද? ඔබ දැන් නිහඬව ඉන්නේ

109. මලකින් රොන් ගන්න ඔතරම් අමා රුද
මෙවැනි සුළං යලි අපවෙත හමා විද
කරුණක් කියන්නෙමි පෙම්වත නමා හද
මට ඇති සතුට සම්පත තමා අද

110. පරමාලයේ නව සඳ කිරණින් නාවා
වන මල ළඟට රන් සමනළයෙක් ආවා
දියදම අනුව අද වියුයුත දෙය වූවා
මේ මල් කුමාරිය ඔබටම හිමි වේවා

"https://si.wikibooks.org/w/index.php?title=අනූ_රතිය&oldid=8778" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි