අම්බලමේ කතා
අම්බලමේ කතා
[සංස්කරණය]111.සබඳ, තොප එහි නිවාස ග්රපහණය කොට උන් කල්හි
ඒ විශ්රාේම ශාලො’පගත නෙනක ජන සමූහයාගේ මෙබඳු අන්යොන්යඋ වර්ණනාලාප විශේෂයකුදු පවත්නේය.
එද තා කර්ණයට ස්වර්ණාලංකාර කර.
112. සපැමිණ දෙස’ තුරින්
සරතසව මග යතුරින්
සැදි තන් පලතුරින්
තුටුව සැතපුණු දනන් අතුරින්
113. අවා මග අවරණ
සිදු කරන සැප අපමණ
ඉගෙන - ගෙන එළු බණ
කියති සමහරු බුදුන්ගේ බණ
114. අයෙක් මිස දිටු ගත්
නොයෙක් කව් නළු රස දත්
පෙර තම-තමනු’ගත්
රාම සීතා කතා තෙපලත්
115. සමරු උදාරා
උනුනට දෙමින් වාරා
බසින් බස සාරා
කියති සිත් නාම බැඳ තෝරා
116. වෙන වෙනම පෑසී
කියමින් උනුන් වාසී
සමහරු සිනා සී
කියති සිවු පද දෙ-පද රාසී
117. රුපුන් මන් බින්දූ
දිය දද දිගත රැන්දූ
රදු නමිනි බැන්දූ
කියති සමහර අයෙක් සින්දූ
118. නරනිඳුහට සොඳුරු
බඳ යස සොලෝ විසිතුරු
දැන පද’රුත් මියුරු
කියා වන - පොත් කෙරෙති සමහරු
119. සමහරු උන් බසින්
පිබිද ඉඳ-ගෙන සතොසින්
පවසති සැඬ ගොසින්
නිරිඳු විරුදාවලී වෙසෙසින්
120. පෙර ලක්දිව නොමඳ
රජ කළ රජුන්ගේ සොඳ
ගුණෙනි බඳ සිව්-පද
කියති සමහර මහල්ලෝ ඉඳ
121. පඬි නිරිඳු නැණ සක්
පෑ මුළු දෙරණ අණ සක්
දිනුවයි විරිදු සක්
අයෙක් පවසති ඔහුගේ වෙසෙසක්
122. සොළි පඬි ලාට රට
ගජර තුළුවර මහ රට
තෙළිඟු වගු රට සිට
පැමිණි දන තම තමන්ගේ රට
123. ජය ගෙන රුපු රදුන්
තුටු කර සියල් දිළිඳුන්
විඳ සව් සිරි නඳුන්
වනත රජ කරන රඟ නිරිඳුන්
124. අප නිරිඳු යසසා
නොකියා ඔවුන් සහසා
පවසන බස් අසා
පවර නුවණැ’ති දනෝ වෙසෙසා
125. ‘දිනමිණි කුල’ග පත්
නිරිඳෝම වෙත් යහපත්
එයින’ප රජු පවත්
මෙසේ අසව’යි කියා පවසත්
126. ‘තෙදින් රිවි බිම්බා
නිරිඳු සඳ පැරකුම්බා
රුපු සිඳු කලම්බා
කෙළෙය විරු සිරි සඳ කුලම්බා
127. ‘මෙ අප නර පවරා
මනු නය සිරිත් සපුරා
නොහැර සිවු සඟරා
ලොවට නිරතුරු කෙරෙයි සඟරා
128. ‘මෙ අප නරනින්දේ
රජ දහම් සිත රැන්දේ
තොස් සිඳු කිමින්දේ
නොයෙක් බමුණන්ට නිති දන්දේ
129. ‘ගත් මෙන් නව නදන්
කෙරෙමින් කලි අතුරුදන්
කර තම සිත නදන්
දේය අවුරුදු පතා මහ දන්
130. ‘පසිඳු රිවි වංසා
සපැමිණ මෙරද හංසා
මුළු ලොවට හිංසා
නොවෙයි කරනුව නිති පසංසා
131. ‘මෙරද සිරි සරණය
නිරිඳුන් මුදුන් බරණය
සිරි සඳට වරණය
වේය මුළු ලොවට එක සරණය
132. ‘මේ අප නර පවර
සිරි ලක රඳන මනහර
මහ සඟ ගණ නොහැර
දේය අවුරුදු පතා පිරිකර
133. දිවමන් මුනි රදා
දුටු මෙන්ම සිත පහදා
පුද පඬුරින් සදා
පුදයි බුහුමන් සිතින් දළ දා
134. ‘රුපු වියවුල් පැහැර
සඳහම් සිතින් නොම හැර
කරවා මහ වෙහෙර
කෙරෙයි එහි නිබඳ පුද පෙරහැර
135. ‘බල කොට ගිරි දුදුළු
බල සෙන් සමඟ තෙද රළු
උන් තැන තැන අඹුළු
නැබුළු විකුමැති නොයෙක් රජ මුළු
136. ‘ජය ගෙන මුළු දෙරණ
පෙන්වා තමා තෙද අණ
ලක එක හිර - වරණ
කෙළේ අප හිමි විකුම් අපමණ
137. ‘තෙවිකුම් විකුම් ඇති
අප හිමි දිනිඳු කුල පති
පෙර නිරිඳුන් අයති
නුවූ දස’ටක් වන්නි ජය ගති
138. ‘තමන් සිළුමිණි දෝ
සිලිලින් සරණ කර දෝ
රජු ඉඟි දැන දෝ
සිටිති සිරි ලක සියල් නිරිුදඳෝ
139. මුළු දඹදිව අවට
බැලුවත් දෙරණ විකුමට
මෙ අප නරනිඳු හට
ඇද්ද සරි වන රජෙක් මෙකලට
140. ‘බෙලෙන් බල දෙව් යුත
අප නරනිඳුට සිරිමත
නොවී නිති අවනත
කවර නිරිෙඳක් ඉඳිද මෙදියත
141. ‘තම තෙද අණට උදු
හිමි කර සතර දලනිදු
පිම්බ සැඬ විරිදු
පසිඳු කන්නඩි නිරිඳුගේ රුදු
142. ‘දස’ටක් ගිරි දුදුළු
ජය ගෙන විකුම් තෙද රළු
හළ දළ රුපු අඹුළු
දරුණු මර සෙන් අයුරු බළ මුළු
143. ‘අඹළ මෙර මත වැද
වෙරළ ගල සිඳු දිය කඳ
ලෙස කර ගොස නොමඳ
අවුත් වන් සඳ යුදට එක බඳ
144. ‘යුද ඔද පසින්දා
ඔවුන් බැඳ ලුහුබන්දා
යස දස’ත අන්දා
කෙළෙය මුළු දඹදිවට නින්දා
145. ‘මෙකල නිරිඳුන් හට
අවනත නොවූ පෙර සිට
ආරිය සක්විතිට
නොමඳ බළසෙන් යවා යුදයට
146. කළ යුදෙහි රිදවා
එනිරිඳුහු ලුහුබඳවා
ඔහුගෙ ඔද සිඳවා
මයිල් නෑ-බෑ-මලුන් බඳවා
147. ‘මැති සෙනඟ සලසා
යාපා පටන නොලසා
ගෙන අදහස ලෙසා
තිබිය - පස් වා දහස් යසසා
148. ‘මෙනර පවරායා
හළ නැව් බඩු පුරායා
අතර උදුරායා
ගතැයි රාමන් මලවරායා
149. ‘දඹදිව සොළී රට
අදිවිරරාම පටනට
මහ සෙනඟ යුදයට
යවා මහ නැව් පිටින් එක විට
150. ‘නිබඳ බඳ යුද සොඬ
දෙමළ බළ සෙන් මන් මැඬ
දඹදිව් තල නිහඬ
කෙළේ සිරි ලක්දිවට දිය වැඩ
151. ‘සිය ගණනක් මෙසේ
රුදු රණ දිනා වෙසෙසේ
දැක්වී යස රැසේ
මහලු පැරකුම් නිරිඳු විලසේ
152. ‘වැඳ ඔහු පද කමල
ලැබ සව් ඉසුරු මන කල
සොළි පාමි කෙරළ කුල
නොයෙක් නිරිරළඳෝ සිටිති ඇම කල
153. ‘මනු නිති දස රද
දහමින් ලොවට අග රද
අප නිරිඳුට පැහැද
පඬුරු නේවන කෙනෙක් කවුරුද?
154. ‘මුනි බණ අසා නිති
අප හිමි තියුණු නුවණැ’ති
සසමය දැන පැවති
මිලිඳු රජු සේ වීය දැනුමැති
155. ‘විරිදුන් හැර දුරම
වැද රද නීති අසරම
දැන අවි සිප් සරම
සියල් කව් නළු ඇසී නොහැරම
156. ‘රැක සිරි ලක ලකළ
සව් සත සතන් තුටු කළ
අප නරනිඳු උදුළ
ලොවට බට පින් පිෙඬක නිකසළ
157. ‘කුලුණින් දුක්පතුන්
තියුණු නුවණින් වියතුන්
විකුමෙන් බලවතුන්
නිබඳ දෙන මහ දනින් නිවතුන්
158. ‘මෙතින් නරපතියන්
නිසි තනතුරින් මැතියන්
වැඩුමෙන් කුලැ’තියන්
පතර බැති පෙම් සිතින් යතියන්
159. ‘තෙපලෙන් සුබැසියන්
ඉසුරින් සිය කුල සියන්
විලසින් විලසියන්
මෙලෙස සිත් ගතිය ලෝ වැසියන්
160. ‘තම කුලයට මතුන්
වන ලෙසට ලක එකසත්
පෙන්වා රජ සිරිත්
වීය මනු නිරිඳු මෙන් මැදහත්
161. ‘පිවිස මුළු ලෝ කුස
යුග කෙළ සයුරු ගොස ලෙස
මැඬ රුපු රජ යසස
කොතැන නොපතළෙද මොහු ජය ගොස
162. ‘දිසි දස දෙස ගොසින්
මොහුගෙ අණ සක වෙසෙසින්
සැණ මල්දම් ලෙසින්
කවර රද නොදැරිද සිරසින්
163. සිටි මුළු ලොව දිලී
මොහු අණ මිසක් නිමලී
කවරෙකු අණ බලී
වීද පර රජ ගජන් හැකිලී
164. ‘වසන හැම දුදුළේ
රුදු රුපු රදුන් දප’ළේ
උවිඳුද පසු කෙළේ
කවර විකුමන්ද මොහු නොකළේ
165. ‘දස දහසක් යොදුන්
දඹදිව දිනූ විරිදුන්
දම්සෝ නරනිඳුන්
මිසක් කවරෙක් සරිද මෙරදුන්?’
166. අම්බලමේ නොමඳ
දන රැස් උනුන් මන් බැඳ
මෙලෙසින් කියන සොඳ
තෙපුල් තා අස-අසා උන් සඳ
167. සරණ’වි රැව් කෙරේය තුරු සිරේය
පැහැද බිඟු හැසිරේය පුල් සරේය
තුමුල් ගන අඳරේය හැර දුරේය
අරුණු රස් පැතිරේය පෙර’ ඹරේය
168. ඇසේ මඳ පවන් - වැද ලෙළ දෙන ලිය වදල
සඟයුරු පලු කසට කට - පරපුටු තෙපුල් මඳ මඳ