අමාවතුර-ii

Wikibooks වෙතින්

2. වන පරිච්ඡෙදය

ස්වසන්තාන දමනය[සංස්කරණය]

මෙසේ ඔවුන් තුසීතපුරෙහි ඉපිදැ සත්පණස්කෙළසැට-ලක්ෂයක් අවුරුදු දෙව්සපු වළඳා වැඩවසන කල්හි දසදහසක් ලෝඩාහි දෙව් බඹුහු පූර්වපනිමිත්ත දැක එක් සක්වළෙකැ මුළු දී “බුදු වනමහනෙක් කොහි වෙයි හො?” යි බලනුවෝ අප මහබෝසතානන් දැකැ තුසීපුරයට ගොස් වැඳැ මුදුනෙහි ඇදිලි බැඳැ “බුදු වන්නට කලැ”යි ආරාධනා කළහ. එකල්හි මහබෝසතානෝ පඤ්චමහා විලොකනාවලොකනය කොට බුද වන්නට‍ කල්බව් දැනැ දෙව් පිරිස් පිරිවරා නඳුන් උයන මැද තුසීපුරෙන් සැවැ දඹදිවැ මැදුම්පියෙසැ කිඹුල්වත්නුවරැ ධකාස්කුලඅබරණ සුදොවුන් වමහරජහු පිණිසැ මහාමායා දෙවුරැජිනි කුස පිළිසිඳ ගත්හු.

1. මු. ධමර්යෙදන් පිරියොස්මින්.  2.  මු. සාත්ත්යාඋභ්යාදස, සතකන්යාිහාස ඇතැම්. 3. මු. නෛරත්තය්ය් ර්‍ා.


මහාමායාදෙවි ඇසළපුණූපොහොයට සත්දවසක් ඇති කල පටන් ගෙණැ දොව්නුවරක් සෙයින් සදනලද කිඹුල්වත් පුරෙහි දෙව්පිරිස් බඳු මහපිරිස් පිරිවරා සැණ කෙළැ පොහෝ දවස් ගඳ දියෙන් නහා මල් ගඳවාලෙවුන් ගෙණැ සවබරණින් සැදි සතර ලක්ෂහයක් ධන විසඳා මහදන් දී වරභොජන වළඳා පෙහෙ වැ දිවවිමන් පරයන සිරියහන්ගබට1 වැදැ සිරියහන් මතුයෙහි හෙවැ නිදන්නට වන්නී මේ බඳු ස්වප්නයක් දුටු. කීයේ යැ2? යත්:- සතරවරම්මහරජහු අවුදු ඇය යහනින් මු නඟා ගෙණ හිමවත් පියෙසට ඇරැ සැටයොදුන් රක්2 ගල්තෙලෙහි පිහිටි සත් යොදුන් මහසල්රුකක් යට බහා තබා එකත්පස් වැ සිටියෝ. එකල්හි ඔවුන්ගේ දෙව්හි අවුදු දෙවිය අනුතත් දහතළට ඇරැ මිනිස්මල හරණා සඳහා නහවා දිවපිළි හඳවා දිවගඳවිලෙවුන් ගන්වා දිවමල් පළඳවා එයට නුදුරු තන්හි එක් රිදීපවියෙක් ඇති. එහි ඇතුළැ4 රන්විමනෙක් ඇති-එවිමන්හි පැදුම්දසට හිස ලා දිවයහනක් පන්වා ඒ යහන්හි වඩාහෙවූහු5. එකල්හි අප මහබෝසතාණෝ සරාවලා6ගබක් සෙයින් සුදු ඇත් සෙක් දක්වා,- එයට නුදුරුතන්හි එක් රන්ගලෙක් ඇති- එගල්හි සැරැ එයින් බැස රිදීපව්වට නැඟී උතුරු දිසායෙන් අවුදු රිදීදමක් බඳු අතින් සුදුපියුමක් ගෙණැ කිලැ රන්විමනට වැදෑ මෑණියන් හොත් යහන තුනයලයක් පැදකුණූ කොට දකුණූ ඇළයෙන් කුසට වන්නවුන් වැනි වූහ. මෙසේ ඇසළ පුණුපොහොයැ උග්රස7 සළනකතින් මවුකුසැ පිළිසිඳැ ගත්හු.

එකල්හි දෙවී පිබිදැ රජහට සැළකළහ8. රජ සිටුවේ ගෙවා දත් බඹුණන් සූසැටදෙනෙකුන් ගෙන්වා ගෙණැ සත්කාර කොට මහත් භොග දී සිහින කියා “කිමෙක් වෙ?” යි පිළිවිත. බමුණෝ “මහරජ තාගේ දෙවිය කුස ගබ පිහිටි ය. පිතෙක් තට උපද්දී. හේ ගිහිගෙයි සිටියේ9 නම් සක්විතිරජ වෙයි. පැවිජි වී නම්, බුදු වේ” යි කීහු.

ඔවුන්. මවුකුස පිළිසිඳ ගත්විගසැ එක පැහැරැ දහදහස්ලෝඩා කම්පිත වී යැ. දසදහසක් සක්වළැ අපමණ ආලොක වියැ. ඒ ශොභා දක්නට කන්නු 10 ඇස් ලදහ. එ රැවු-බිහිරහු ඇසූහ. ගොළුවෝ ගයනා කළහ. පිළුහු නැටූහ. කුදුහු ඉදිසිරිරු ඇතිවූහ. බන්ධගගතසත්වකයෝ බන්ධහනයෙන් මුක්ත වූහ. හැමනිරයැ ගිනි නිවීනැ. ප්රෙහතයන්ගේ සාපිපාසා සන්සිඳිනැ. තිරිසන් ගතියැ සත්නට භය නැති වි.යැ. හැමසතුන්ගේ රොග සන්හිඳිනැ. හැම සත්හු ප්රිැය තෙපුල් ඇති වූහ. අස්හු මියුරු ආකාරයෙන් කුල්ති. ඇත්හු

   1. ගබඩාවට.   2. මු. කෙබඳු ද.  3. රත්සර. මු. ඇළත්හි   5.මු. හිඳුවූහු. 6.සඳවිලා 7. මු. උතුරු.  8. මු. කළා.  9. මු.  සිටි.  10. මු. කණහු.  


                                                           7

සොම්නස් වැ ගර්ජ නා කෙරෙති. (සිංහයෝ සිංහනාද කෙරෙති.) හැමබරහු තමන් තමන්ගේ ධ්වනි වුහුව්හ. නොසොල්වනලද දෙවිමිනිසුන්ගේ පලඳනා රැවුපිළිරැව් දී ගුගුළේ. නොසොල්වන ලද දෙවිමිනිසුන්ගේ පලඳනා රැවුපිළිරැව් දී ගුගුළේ. හැම දෙසෙහි පහන් පැහැ වි යැ. හැම සත්නට සුව ජනවමින් සුවඳ මෙළෙක් සිහිල් සුළඟ හැමී යැ. අකාලමෙඝ නඟා වැසි වට. පොළොවිනි දු1 දිය නැඟී පොළොවතෙලෙහි ඇවිද්දී. පක්ෂිිහි ආකාශයෙන් යන ගමන් පීහ. ගංහෝ නො ගොස් සිටියහ. මහමුහුද දිය මියුරුවි යැ. හැමතැන් පස් පියුමෙන් සැදුම් ලද. දියෙහි ගොඩෙහි පුෂ්පයෝ විකසිත වූහ. හැම ලියෙහි කඳැ වෙළෙපැ ශාඛායෙහි පස්පියුම් පිපී යැ. පොළෝතල ගල්තලා බිඳැ මතුමතුයෙහි සත්-සත්. බුමු වැ දඬුපියුම්2 නික්මින. අහසැ පියුම්වියන් වී යැ. හාත්පස්හි මල්වැසි වට. ආකාශයෙහි දිවබෙර ගුගුරයි3. සියලු දසදහසක් සක්වළ වටා වුහුවු මල්ගුළාවක් වැනි වී යැ. පෙ‍ළා බැඳි මල්කලබක් වැනි වි යැ. සදා තුබූ මල් අස්නක් වැනි වි යැ. එකමාලාමාලිනී වි යැ. තෙවුනා වල්විදුනා ඇති වි යැ. පුෂ්පධූප ගන්ධ්පරිවාසිත වි යැ. පරම සෞභාග්යසප්රාුප්ත වි යැ. ‍ මෙසේ පිළිසිඳැ ගත් මහසත්හුගේ පිළිසිඳ පටන් ගෙණැ මහබෝසතාණන්ටද් මෑනියන්ටද් උපද්රළව වළකනු සඳහා මේ සක්වළැ සතරවරම්මහරජහු කඩු ගත් අත්ඇති වැ ඇතුළු සිරියහන් ගබැ රැකවල් ගත්හ. තුබූ දසදහසක්සක්වළැ සතළිස්දහසක් වරම්මහරජහු සහපිරිවරින් අවුදු ගඩ්දොර මහදොර පටන් ගෙණැ සක්වළගල් දක්වා වටා අරක් ගත්හු.මෑනියෝ සුවපත් වූවාහු නොලෙඩ සිරිරු ඇත්තාහු ඇතුළුකුසැ නැබමඬුලු බලා පලක් බැඳ වැඩහුන් පුතනුවන් පහන්පැහැ ඇති මිණිරුවනෙක්හි ඇවුණු රත්පලස්හුයක් සෙයින් දක්නාහු දසමස් අවසන්හි දෙමාපියන් කරා යායවි වෑ සුදොවුන්මහරජානන්ට සැළකොළෝ. රජානෝ කිඹුල්වත්නුවර පටන් ගෙණැ දෙව්දහනුවර දක්වා මඟ සම කරවා සුදුවැලි මවා කෙහෙල් සිඳුවා පුන්කලස දදපෙළින් සදා දෙමින් ගනරන්මුවා සිවිගෙකෙක්හි සුදු මෙළෙක් යහන්හි වඩා හිඳුවා දහසක් ඇමත්තක් ලවා සිවිගේ ගන්වා මහත් පිරිවරින් නඟා යැවූහු. දෙනුවර මැද දෙනුවර වැස්සන් ගොස් සැණකෙළනා ලුම්බිනිවන නම් මඟුල්සල්වනයෙක් ඇති. එකල්හි ඒ සල්වනය මුල ප‍ටන් ගෙණැ ශා‍ඛාග්ර ය දක්වා මලින් සැදුම් ලද. ශාඛා අතුරෙහි දු මල් අතුරෙහිදු පස්වණක් බමරගණන් හා නන්විසිතුරු ලිහිණිගණයෝ මියුරුසරයෙන් කුල්දෙමින් ඇවිදිති. සියලු ලුම්බිනිවනය තව්තිසැ දෙව්නුවර සිත් ලියවනය වැනිවීයැ. ඒ දක්න‍ා හා දෙවීන්ට

1.	මු. පොළොව්නිඳු.   2. මු. පියුම්, 3. මු.  ගුගුළහ.


7 අමාවතුර

සල්වන කෙලනා රිසි උපනැ. ඇමැත්තෝ දෙවීන් ගෙණැ සල්වනයට වන්හ. දෙවීහි කෙළමින් ගොස් මඟුල් සල්මුලට එළඹ සල්අත්තක් ගතැටි වූහ. සල්අත්ත හුයාපී‍ වෙයගබඩක් සෙයින් ගැමි දේවීන් අතට උපගත වී ය. ඔවුන් සල්අත්ත ගත්විගසැ කම්ජවාතයෝ වලිත වූහ. එකල්හි ඇමත්තෝ වටා කඩතුරා බැඳ පිටත් වැ සිටියාහ. ඔවුන් සල්අත්ත මැ ගෙණ සිටියවුන් කුසින් බෝසතානෝ ප්ර.සූත වූහ. එකෙණෙහි සුදවස් වැසි රාත් මහබඹූ අවුදු රන් දැලින් බෝසතානන් පිළිගෙණැ මෑනියන් පෙරට වැ සිටැ, “දෙවිය, සොම්නස් වව2. මහානුභාව3 පිතෙක් තිට උපනැ” යි කීහ. සෙසු සත්හු මවුකුසින් නික්මෙනකලැ අසූචි මුසු වැ නික්මෙති. මෙහු වනාහි බණපලඟකින් බස්නා මහතෙරකෙනෙකුන් සෙයින් දෙඅත් දෙපා දික් කොට සිටැ මැ මවුකුසැ කිසිදැයකින් මුසු නො වැ පිරිසිදු වැ විශද4 වැ කසීවතෙකිහි වසා තුබූ දෑරඟ මිණිරුවණක් සෙයින් දිලියෙමින් මවුකුසින් නික්මුණහු. ඔවුන් එසේ සිරිරු ඇත ද; මහබෝසතාන්ටද් මෑනියන්ටද් සත්කාර සඳහා අහසින් දෙදියධාරායෙක් නික්මැ මෑනියනුදු බෝසතානනුදු නැහැවී5 . එකල්හි මහබෝසතානන් රන්දැලින් පිලිගෙණැ සිටි මහබඹූන් අතින් සතරවරම් මහරජහු මඟුල්සම්මත වූ සුවපහස් ඇති අඳුන් දිවිසමින් පිළිගත්හ.ඔවුන් ඇතින් මඟල්මහඇමති යෝ දුහුල්සුඹූළු වෙන් පිළිගත්හු. මිනිසුන් අතින් බැසැ පොළොවැ වැඩැසිටැ පැඳුම් දිසා බැලූහ. එ දෙසෙහි අනත්අපරිසේ ලෝඩාහි එක්හෙළි වි යැ. එහි දෙවිමිනිස්සු ගඳින් මලින් පුදා “මහාපුරුෂය, මෙහි තා හා සම කෙනෙකුදු නැති. තට වැඩිසිටි කෙනෙක් නම් කොහි ද?” යි කීහු. මෙසේ සතරදිසාද් සතර. අනුදිසාද් උඩද්යටද් යන දශ දිශා බලා තමන් හා සුදුසු ‍‍කෙනෙකුන් නො දැකැ උතුරුදිසා බලා සත්පියවරක් නහා වැඩසිටියෝ. එකල්හි මහබඹු තුන් යොජුන්4 පමණ සේසත් මුදුනට වැඩි යැ. සුයාම නම් දෙව් රජ තුන්ගවු පමණ වල් විදුනා සැලී යැ. සන්තුසිත නම් දෙව් රජ මිණිවටාපත් සැලී යැත සක්දෙව්රජ එක්සියවිසිරියන් විජයතුරාසක් පිම්බ. සෙසු දෙවියෝ රුවන්කරඬු රුවන්මරවැඩි7 මිණිවොටුනු ගෙණැ පිරිවැරඟ බොසතානෝ සත්පියවර වැඩැ සිටැ අනත්අපරිසේ ලෝඩාහි තමන් හා සමනෙකුන් නැති පරිදි, හැමතැනට තමන් ඇඟිපරිදි, දක්වමින් “අග්ගෝහමස්මි ලොකස්ස” යනාදීන් සිංහනා‍ද කළහ. මවුකුසැ පිළිසිඳ ගත් කල්හි සෙයින් මැ මවුකුසින් ප්රනසූත වූ කල්හි දු

     1. වේබඩයක්.   2. මු.  ව.   3. මහානුභාව ඇති.    4. විසාරද වැ. - හැම්. 5. සැනහැවී.  7. යොදුන් තුනක්.  7. රුවන්චාමර.


ස්වසන්තාන දමනය 9

දෙතිස් පූර්ව නිමිතියෝ පහළ වූහු. එකල්හි දෙනුවරැ රජදරුවෝ බෝසතානන් ගෙණැ කිඹුල්වත් නුවර1 මැ ගියෝ. එදවස් කළුදෙවුල්2 ඍෂියානෝ සුදොවුන්මහරජානන් ගෙයි වළඳා දිවාවිහාර සඳහා තව්තිසැ3 දෙව්නුවර ගොස් නඳුන් උයන්හි සම්වත් සමවැදැ නැංගාහු සැණ කෙළනා දෙවපිරිස් දැකැ “මෙ වැනි සොම්නසෙක් තොපට යම්කලෙක නුවුවිරී යැ. කවර කරුණෙන් මෙසේ සැණකෙළුව?” යි පුළුවුත්හු. එසැඳෑ දෙවියෝ “සුදොවුන්මහරජහු පුතනු කෙනෙක් අනන්ත වූ බුඬ්ලීලා බලම්හ බණ අසම්හයි සොම්නස් වූම්හ”යි කීහු. තවුස්පා‍නෝ දෙවියන්ගේ තෙපුල් අසා වහවහා දෙව් ලොවින් බැසැ රජගෙට වැදැ පැන්වූ අස්නේ හිඳ “මහරජ, තා පුතනු කෙනෙක් උපන්හුල. ඔවුන් දක්මහ4” යි කීහ. එකල්හි රජ කුමරු5 පලඳනායෙන් සැදී පුතනුවන් වඩා ගෙණැ තවුස්පානන් වඳනට එළැවී යැ. එකෙනෙහි බෝසතානන් දෙපත්ල පෙරැළී ඍෂියානන් මුදුනෙහි පිහිටි යැ. එ අත්බැවැ බෝසතානන්ගෙන් වැඳුම් ගන්නට කිසි කෙනේක මුළුලොවැ ඇත්තාහු නො වෙති. ඉඳින් නො දැකැ බෝසතානන් හිස ඍෂියානන් පාමුලට6 එළවූහු නම්, ඔවුන්7 හිස සත්කඩ වැ පැළෙයි. එකල්හි ඍෂියානෝ හුනස්නෙසන් නැඟී බෝසත‍ානන් වැන්දහ. රජ එ පෙළහර දැකැ තමා පුත්නුවන් වැන්ද8 ඍෂීයනෝ අතීතයෙහි සතළිස් කපක් හා‍ අනාගතයෙහි සතළිස් කපක් හා‍ මෙසේ අසූකපක් දකිති. ඔහු බෝසතානන් ගේ රූප සම්පත් දැකැ “ බුදු වෙයි හොයි? බුදු නො වෙයි හො?” යි බලන්නාහු අතුරෙහි තමන් මියැ අරූතලයෙහි උපදනා සේ දැකැ “ඒ උතුමා දක්නා නො ලැබෙමි” යි වලප්නට වන්හ. ඇමැත්තෝ ඒ දැකැ”වහන්සේ, කුමට සෙව? කුමට වලප් ව?” යි පුළුවුත්හ. “මොහු බුදු වන සේ දැකැ සතුටු වැ සෙමි. මොහු නො දක්නා ‍ේස රැහැණි වැ වලප්මි” යි කීහු. එක්බිති බෝසතානන් පස්වන දවස් නහවා පායින් ගන්වා රජගේ සිවුදැගඳින් පිරිබඬ කොට ලදපස්මල් ඉසැ හිඳිනා හසුන් පණවා සිටුවේ ගෙවා දත් බමුණන් අටතුරාසියක් දෙනා ඇරැ හිඳුවා කිරිබත් වළඳවා සත්කාර කොට ලකුණු බැල්වූහු. හැමදෙන සමඟ හුන් ප්රොධාන මමුණන් අටදෙනා ‍කෙරෙහි

  1.පුර.     2.කළුල්දෙව.      3.තව්තිසා     4. මු. බලම්හ.   5. මු. කුමර.  6. පාමුල.   7.ඔහු.    8. වැඳැ.
 



10 අමා‍වතුර

සත්දෙනෙක් බෝසතානන් දෙතිස්මහපුරිස්ලකුණූ දැකැ “මේ දරු ගිහිගෙයි සිටියේ සක්විතිරජ වෙයි. පැවිජි වුව බුදු වෙ” යි කීහු. ඔවුන් අට1 දෙනාහට ලදරු කුඬන්2 නම් බමුණූ දරු බලා “ එකාන්තයෙන් බුදු වෙ”යි කී. එක් දවසක් රජුගේ වප්මඟුලක් වී යැ. එදවස් මුළු නුවර දෙවුනුවරක් සෙයින් සෑදූහ. රජ දෙවපිරිස් බඳු මහපිරිවරින් නික්මෙන්නේ පුතනුවන් වඩාගෙණැ කෙත්වත් අහියෙසැ ගනසා දඹරුක්පයෙක්හි යහන් සලසා පුතනුවන් එහි වඩා හොවා උඩ විසිතුරු වියන් වටා කඩතුරා බඳවා රකවල් දී සවබරණින් සැදි ඇමතිදහස් පිරිවරා කෙත‍ට ගියේ4 එසැඳැ බො‍තානන් පිරිවරා හුන් කිරිමවුහු රජුගේ ඉසුරු බලන්නට ජවනිකාවෙන් පිටත් වූහු. බෝසතානෝ ඇතුළුවටනැ කිසිකෙනෙකුන් නො දැක හොත් තැනින් නැඟි පලක් අවුළුවා වැඩ හිඳැ අනාපනසි භවා පළමුවන ධෑන5 නිපදවූ කල්හි කිරිමවුහු ඇතුළුවටනට වැදැ බලන්නාහු එපෙළහර දැක ගොස් රජහට කීහු. රජ‍ වෙලෙවි වැ අවුදු දඹරුක නො පියා සිවිසෙය දැක පලක් බැඳ යහන්මතුයෙහි උන් බෝසතානන් දැක”පුතනුවනි, මේ දෙවන වැඳීමැ”යි බැසැ හෙවැ වැන්ද. එක්බිති බෝසතානනෝ පෙරඩමසැ සඳසිරින්4 වැඩැ සත්හැවිරිදිය පැමිණි සක්දෙව්රජහුගේ යෙදුමෙන් විශ්වකර්මැවයා විසින් මවා දෙනලද සොමි සිහිල්පහන් දිය පිරුණූ පස් පියුමෙන් සැදි, සත්රුවන්මුවා පොකුණෙහි සහ පිරිවරින් දියකෙළි කෙළැ ක්ර මයෙන් වැඩැ සොළොස්හැවිරිදිය පැමිණැ මුළුලොවට එක්රජ වූහ. එකල්හි පියමහරජානෝ හිමත් හිමත් වසත් තුන් ඍතුවට නිසි කොට දිවවිමන් පරයන තුන් පහයක් කරවා “එකි එකී කුලෙන් එකී එකී රජකුමරියක සස දි එවන්නේ යැ” යි නෑයනට‍ හසුන් දුන්හ. එකල්හි රජදරුවෝ “සිඬත් කුමර සියුමැලි යැ. ලදරු යැ. කිසි ශිල්පයක් දන්නේ නො වෙයි. සංග්රාලමයෙක් වී නම්, කුමක් කෙරෙයි ද? ඇපි අප දරුවන් නො දෙම්හ” යි කීහු එපවත් අසා මහබෝසතානෝ “මාගේ ශිල්ප බැලියටින් අන් සත්දවසෙකින් එන්නේ යැ” යි නුවර බෙර පියෙවි කරවා සත්වනදවස් රාජාඬ්ගණ‍හි මඬුවක් කරවා මඬුයෙහි මහපිරිස් පිරිවරා වැඩහිඳැ දහසක් පිරිමින් දුනුදිය නඟන දුන්නක් ගෙන්වා ගෙණැ යට දුනුමුඩාව වම් පයැ මහපටඇඟිලි පිට තබා හුන් සේ7 ම හිඳ දුනුදිය නඟා

     1.මු. ඇම.    2. සුදත්.   3. බඳු මහපිරිස්  පිරිවරා-ඇතැම්.  4. ගියෝ.  6. සඳ සේ  සිරින්.  7. මු. හුනස්නේ.



ස්වසන්තා‍න දමනය 11

අපොළා මුළුලෝ එකකොලහල කොට, අනුන් හා අසාධාරණ කොට ලොකයෙහි වැටෙන තාක් ශිල්ප දැක්වූහ. ඒ දැක්වූ පරිදි සරහඬ්ජාතකයෙහි ආ නියායෙන් දත යුතු. එකල්හි ශාක්යකරජදරුවන් විසින් සාදාදෙන ලද් සතළිස් දහසක් නළුවන් පිරිවරා නන්විසිතුරු මිණිරසින් අලු රුවන් විමන් බඳු තුන් පහාකුස්හි නැටුම්ගඳැවූ ගත් සුරවමියන් බඳු වරවමියන්ගේ, මඳලස්වහස්බැල්මෙන් පිණපිණා මහසම්පත් අනුභව කරන්නාහු උයන් කෙළනට යායවි වෑ පයහසින් බැසැ රුවන්රිය අරා සිවරඟසෙනඟ පිරිවරා උයන් වඩනාහු ඡරාරූ දැකැ, නැවැතැ දෙවන වරැ වැදැරූ1 දැකැ, තුන්වනවරැ මළරූ දැකැ, තුන්වනවරැ මළරෑ දැකැ, සතරවනවරැ පැවිජිරූ දැකැ,උයන් ගොස්, දෙව්පිරිස් පිරිවරා නඳුන්උයන් වන් සක්දෙව්රජහුගේ ලීලායෙන්,උයනකෙළි කෙළැ මඟල්පොකුණෙහි සනහා මඟල් සලවට වැඩහිඳැ විස්කම්දෙව්පුත්හු විසින් මඟලුකපුවෙස් ගෙණැ දසදහසක් දිවසළුවෙන් හිස වෙළා මිණිවොටුනු පලඳවා සව්පරණින් සදනලදද්දාහු පසතුරුරැවින් හා මඟල්ගීන් දසදිසා තිසාගෞතමය විසින් කියනලද නිබ්බුතපද අසා සුවහස් වටනා මුත්හර දී පහාතාල අරා සිරියහන්හි වැඩහොත්හු. එකල්හි දිවසරන් සතළිස්දහසක් නළුවෝ සව්බරණින් සැදී පසඟුතුරු ගෙණැ මහපුරිසා පිරිවරා නැටුම් ගැයුම් පැවැත් වූහු. එකෙණෙහි මහබෝසතා‍නෝ නිඳන්නට වන්හ. ඔවුන් නිදන සේ දැකැ නළුවෝ තමන් තමන් ගත් පසඟුතුරුයෙහි වැතිරැ හෙවැ නිදන්නට වන්හ. එකල්හි මහබෝසතානෝ පිහිදැ යහන්මතින් පලක් බැඳ වැඩහුන්නාහු ගඳතෙලැ දිලියෙන පහනින් නිදි ගත් මාගමුන් නැහැ හඬවනුවන් මයෙන් වැහෙන කෙළින් තෙත්සිරිරු ඇතියවුන් දත් කනුවන් කස්නටුන් වලප්නවුන් වළකට ඇතියවුන් නොමුවහ රහස්පියෙස් ඇතියවුන් දුඟඳවා විහිදුනවුන් දැකැ සංවේග කොට ශක්ර්භවනවයක් බඳු මහල්තලය අමුසොහොනක් සේ වවහා ගියකල්හි මුළු තුන්ලෙව් ගිනි ගත් ගෙකක් සේ දැකැ “අද මා පැවිජි වන්නට ගිය මැනැවැ” යි යහනින් නැඟි ගොස් හිණිගෙයි හොත් සන්2 මහ ඇමැත්තා පෙ‍ාබයා ගෙණැ අසකු සදා ගෙණඅ එනු කොට අසහලට නඟා යවුහු. හේ ගොස් දිලියෙන පහන් ඇති සමන්මල්වියන් යට බිම්පීයෙසැ සිටි කත් නම් අස්රජහු

1.මු. ව්යා ධිරූ.       2.සඳ-සමහර.


12 අමාවතුර

දැකැ ඉතා කැකුළුකොට සදන්නට පටන් ගත්. එසඳැ අස් “අද මහිමි මහභිනික්මන් කටැටි බඳැ” යි සතුටු වැ මහත් කොට කුල්නට වනැ. පැතිරැ ගියැ එ හඬ දෙවියෝ කිසි කෙනෙකුන්ට නේ ඇසිය දුන්හ. ‍ බෝසතා‍නෝ රාල්කුරුවන් දැකැ පහසින් බැසැ අශ්වයා කරා එළඹ “මේ රෑ තෝ මා තරවා. මම් මුළුලෝ තරවම්” නැඟි අස්පිට වැඩැ හුන්හු. එ අස් දිග අට‍ළොස්හනැ. දිගට සුදුසු උස ඇතියේ යැ. බල ඇත්තේ යැ. ජව ඇත්තේ යැ. උහු කුල්නා හඬ හෝ මුළුනුවර පැතිරැ යන බියෙන් දෙවියෝ තමන්ගේ ආනුභාවයෙන් කුල්න‍ා හඬ නො පැවැත්තැ දුන්හ. ඇක්මෙන ඇක්මෙන පියවරට අත් දිගු කොට අත්ලෙහි ඇක්මවා ගත්හු. මහබෝසතානෝ අස්පිට වැඩැ හිඳැ සන්මහ ඇමැත්තා අසු වල ගන්වා ‍ගෙණැ පසළොස්පෑ ගියවේලේ මහදොර අබියෙසට වැඩියෝ. එකල්හි රජ “බෝසතානන් යම් කවරවේ‍ලෙකැ නුවර දොර විවර කරවා නික්මෙති1” බියෙන් යුවලදොරපුවරියෙහි එකි එකී දොරබිලි දහස් දහස් පුරුෂයෙක් මිස විවර නො ක‍ට හැකි පරිද්දෙන් කරවි. බෝසතානෝ වනාහි ඇත්ගණනින් කෙළ දහසක් ඇත්නට බල ඇතියවුහු. “ඉඳින් දොර විවර නො වී නම්, මම අසූ දෙ‍කළවෙයින් හැදවාගෙණ අටළොස්හත් පවුරු පැන යෙමි” යි සිතූහු. සන්මහඇමති “ඉදින් දොර වවිර නො වී නම්, මහිමියා මා දසරුයෙහි හිඳුවාගෙණැ අස්රජු දකුණුකිසිල්ලෙන් ගෙණැ පවුර පැනැ යෙමි” යි සිති යැ. අස්තෙමෙ දු “ඉඳින් දොර විවර නො වී නම්, මම මහිමියා පිට හිඳුවාගෙණ වල්හි ගත් සන්හු හා සමඟ පවුර පැන යෙමි” යි සිතී. එකල්හි දෙවියෝ දොර විවර කොළෝ. එකෙ‍ණෙහි මැ මරදෙව්පිත් අවුදු අහස සිටැ “සිඬත්කුමර, අන් සත්දවසෙකින් තට සක්3 රුවන් පාළ වෙයි. දෙදහසක් කොදිව් හා සමඟ සතරමහදිවින් සැදුම් ලද් සක්වළැ එක්රජ කෙරෙයි. නො යා නවත” යි එකල්හි බෝසත‍ානෝ “තෙපි කවරහ?” යි පිළිවිසැ “මම හමරදෙව්පිත්මි” යි කීකල්හි “ මට සක්රුවන් පාළ වනබව දන්මි. මම රජ නො කැමැත්තෙමි. දසදහසක් ලෝඩා ගුගුරුවා බුදු වෙමි” යි වදාළෝ. එසඳැ මර

    1.නික්ම  යන බියෙන්.  2. මු. අදින්.         3. සක්


ස්වසන්තාන දමනය 13

“මෙතන පටන් ගෙණ, තට කාමාදි තුන් විතර්කදයෙන් යම් වි තර්කමයෙක් උපන් නම්, දනිම් නො” යි සිත්හසර බලනුයේ සේයක් සෙයින්පා නො වී. බෝසතුනෝ අතට පත් සක්විති රජය අලුයම් කෙළපිඬක් සෙයින් පියා ඇසළපුණුපොහෝ දවස් නුවරින් නික්මැ සිටැ නුවර බැලියටි වූහූ. එකෙණෙහි මහපොළෝ කුඹල්සකක් සෙයින් කැඩී ඔවුන් නුවර බලවා සිටිවී යැ. ඔහු නුවර බලා නැවැතී අස්පිට හිඳැ මහත් පෙරහරින් වඩිත්. එකල්හි දෙවියෝ බෝසතානනන් පෙරට සැටදහසක් මිණිදඬුවැපහන් නැඟූහු. පිටිපසෑ දූ දකුණන්පසැ දු වමත්පසැ දු සැටදහස් මිණිදඬුවැට නැඟුහ. සෙසු දෙවියෝ සක්වළගබ පිරී සක්වළ මුවවිට දක්වා අපමණ මිණිදඬු වැටපහන් ගෙණැ සිටියෝ. තුබූ දෙවියෝ ද නා-ගුරුළු-ගජඹ ආදීහු දිවගඳින් දිවමලින් දිවඳුමින් දිවසඳුන්සුන්නෙන් පුදමින් යෙති. පරසතුමදාරා ඈ දිවකුසුම් මහමේවැසිදහරින් අහස්කුස පිරිණි. දිව්ගඳැවූ පැවැත්තත පෙරටද් පිටිපසැද් දකුණදපසැද් වමත්පසැහිද් අටසැටදහසක් දිවපසතුරු පැවැත්ත. සෙසු දිවගඳවියෝ1 පසඟතුරු ගෙණැ සක්වළමුවවිට දක්වා හිටියාහ. එහඬ මුහුදුකුසැ මහමේගැජුම් සෙවන් යුගඳුරු පවියෙහි රළ ගැසෙන හඬ සෙයින් පොළෝතෙළෙහි පටන් ගෙණ අකනීටා බඹලෝදක්වා එකකොලාහල වී ය. මෙබඳු ශොභායෙන් වඩනා‍හු. එ රෑ තුන්රජයක් ඉක්මැ නිස්සොජනකින් මත්තේ අනොම‍ො ගඟ පෙරට පැමිණායෝ. අස් වනාහි නැබින් තුබූ සක්නිමෙක්හි ඇවිදින්නාක්හු සෙයින් සක්වළ මුවවිටි ගෙණ සක්වළගබ2 වටලා පෙරවරු බත්වේලෙහි අවුදු සිටිනට නිසි ජව ඇතියේ එදා දෙවි-බඹ-නා-ගුරුළුආදීන් විස්න් අහසැ සිටැ මුහුටු ගඳමල්හි ගැලීගිය සිරිරු ඇති වැ දිවකුසුම් කඩා යනුයේ ලස් වැ තිස්යොජනක් තැන් මැ ගියේ. එකල්හි මහබෝසත් ගංතෙරැ වැඩසිටැ “මේ කිනම් ග‍ඟෙකැ” යි ඇමැත්තා පිළිවිසැ “අනෝමා නමැ”යි කීයෙන් “අපගේ පැවිදි අනෝම වෙයා. අලාමක වෙ”යි අස්හට වීඑමහසන් කොට අසූ, අටඉස්බෙක් පමණ පළල් ගඟ පැනැ පරතෙර ගෙ‍ාස් සිටිකල, අස් පිටින් බැසැ, රිදීපටක් බඳු වැලිපිටැ වැඩැසිටැ පලඳනාද් අසුද් සන්මහඇමැත්තාහට දක්වා දී, පැවිජි නො විය දී, ඔහුට සමසු දී සිටැ, “මේ කෙහෙ මහණමට සරුප් නො වෙ” යි තමන් හිසකෙහෙ කපන්නට තිස්සන් නැත්තෙන්2 දකණතින් කඩුව ගෙණැවමතින් මුහුලස හා සමඟ කෙහෙ

    1.මු. ගදඹයෝ.    2. මු. ගල්.    3. නැතිහෙයින්.



14 අම‍ුාවතුර

ගෙණැ සිඳැ “ඉඳින් මම් බුදු වෙම් නම්, අහසැ සිටීව යි, බුදු නො වෙම් නම්, බිමට බසීව” යි අහසට වුහුටහ. ඒ කෙස්දා යොජනයක් පමණ තන්හි නැඟී අහසැ සිටියේ යැ. සක්දෙව්රජ යොජුන් පමණ රුවනකරඬුයෙකින්1 කෙස්දා පිළිගෙණ වෙර මුදුනෙහි තව්තිසා දෙව්නුවරැ සිළුමිණි සෑ පිහිටවී. එසඳ මහසෙත් “මෙ මා හන් කසීවත් මහණහට සරුප් නො වෙ”යි සිථී ය. එකෙ‍ණෙහි මහබඹ මහණපිරිකර ඇරැ දක්වා දී, සිවුරු හැඳ පෙරවැ උතුම් පැවිජිසවෙස් ගෙණැ හැම සංවර ඉටාගත් කල්හි, ගැලවූ සළුසහළත් හිසින් පිළිගෙණැ බඹලොව ඇරැ දොළොස්යොජුන් සළුමහසෑ පිහිටිවී. මහබෝසතානෝ පැවිජි වැ අනුපියඅඹවනයට වැද පැවිජි සුවෙන් උපන් ිසොම්නසින් සතියක් එහි බ දවස් ගලවා2 පෙරවරු පයින් තිස් යොජනක් තැන් ගොස් රජගහානුවරැවැද ගෙපිළිවෙළින් අහර සිඟත්. එකල්හි මුළු නුවර මහසත්හුගේ රූදස්නෙන් නාලාගිරි වන් රජගහානුවර සෙයින්, අසුරන් වන් දෙව්නුවර සෙයින් උලෙල වී. නුවරවැසියෝ ගොස් “මහරජ,මෙසේ වූ සත්වායෙක් නුවර වැදැ අහර සිඟයි . ඔහු දෙවියෙකු බව නො දන්මහ. බඹකු ගුරුළකු මිනිසෙකු බව නො ද දන්මහ” යි සැල කොළෝ. රජ සිහිමැදුරේ සිට බලනු‍යේ මහපු රිසා දැකැ විස්මිත වැ “මම ද මොහු දෙවියෙකු බව නො ද දන්මි. බඹකු නයකු: ගුරුළකු යකකු මිනිසකු බව නො ද දන්මි. තොපට උපායක් කියමි. මොහු පසුපස් යව. ඉදින් දෙවියෙක් වේ නම්,බඹෙක් වී නම්, නුවරින් නික්මැ දෙව්ලෝ බඹලෝ බලා යෙයි. නයෙක් වී නම්, පොළෝ කිමිද යෙයි. ගුරුළෙක් වී නම්, අහස පියා පහාරා යෙයි. යකෙක් වී නම්, නො‍ පෙණී යෙයි. මිනිසෙක් වී නම්, ලද් අහර ඇරෑ එක්තැනෙක්හි හිඳ වළඳ කෙරෙ”යි යෙදී. මහසත් ය‍පෙන පමණ ජ අහරක් සිඟාගෙන වන් දොරින් නික්මැ පඬ්ව නම් පවුඅබියෙසට එළැඹ රුක්සේවළල්ලෙක්හි වැඩැ හිඳැ අහර වළඳන්නට ආරම්භ කෙළේ 2. පෙර ඔවුන් තෙවැසි6 ගඳහැල්සාලේ බත් නන්නන් අගරසෙන් වැළඳූවනට ඇසැ නො පහළවීරි අහරැ අත පහරත් මැ අතුණු පෙරැළී කටින් නික්ම යන පමණ පිළිකුල් උපන1.එකලැ අහරැ පිළිකුල් සංඥ භාවන‍ා කොට පස්විකා වැළඳූහ. රජ වෙලෙවි වැ ගොස් මහයත්හු කරා එළැඹ දැකැ පැහැදැ නම්ගොත් පිළිවිසැ පෙර

        1.කරඩියෙකින්,   2.මු. යවා.   3.මු. කොළෝ.   4.මු. නෙවැසි.


ස්වසන්තා‍න දමනය 15

තමා සබඳබව දැන තමාගේ රාජය හට ඔහට පිළීපෙවී ය. ඔහු “මහරජ, මට රජයෙන් කම් නැති. අතට පත් සක්විතිරජය පි‍යා ආයෙමි. දැන් බුදු වන්නට යෙමි”යි වදාළහ. රජ “තෙපි එකාන්තයෙන් බුදු වව. තොප බුදු වූ කලැ පළමු කොට මාගේ විජිතයට වඩනේ මැනවැ” යි1 අයැදී යැ. මහසත් රජහට පිළීණ දී ගොස් කලම්තවුසා හා උදතවුසා හා දෙතවුසන්ගේ අසපුවට එළැඹ ඔවුන්ගේ සමයෙහි නිවන් නැති ‍ෙස් දැකැ, එහි හිඳ රුවාරූ අටසමවත් උපයා, උරුවෙල් දනවු ගොස් නිල් දලාහෝතෙර රමණිසල්වනෙක්හි වෙසෙමින් සහවුරුද්දක් පොළෝ පෙරළනුවන් සෙයින් අහස ගැට ලනුවන් සෙයින් කිසි කෙනෙ‍කුදු විසින් නො කට හැකි කෙළපත් මහත් බ වීය්ය්කර්‍ කොට එයින් නික්මැ ගම්නියම්ගමට පැමිණැ සිනිඳු අහරින් සිරිරු සතපාගෙණ වෙසඟපුණුපො‍හෝදවස් පස්මහ සිහින දැක විචාරා සිවුරු ගෙණ ‍වේලා බලා අජපල්නුගරුක් මුල්හි සවණක්රසින් දිලියෙමින් වැඩ හුන්හු.

	එකල්හි උරුවෙල්දනවියෙහි සේනානි  නම් නියම්ගම්හි සේනානි නම් කෙළඹියා  දූ  සුජාතා  නම් දැරි තමා වියපත් කල්හි “ඉඳින් මම සමාන කුලදරුවක්හු. කෙරෙහි  වැසැ කුළුඳුලේ පුතකු  ලදි්න නම්, තට අවුරු පතා ලක්ෂහයක්  විසඳා  කිරිබත්  දෙමි” යි නුගදෙවියා  අයදැ බරණැස්සිටිහු කෙරේ  වැස යස නම් පුතකු ලද කල්හි  දහසක්  දෙනුන්  වැල්මීවෙවෙනෙහි කවා, ඔවුන් කිරි  දෙවැ පන් සියක් දෙනුන්  පොවා. ඔවුන් කිරි දෙවැ දෙසියපණස්දෙනක2 පොවා, ඔවුන් කිරි දෙවැ එක්සියසප්විසිදෙනක2 පොවා ඔවුන් කිරි දෙවැ සූසැටදෙනක2 පොවා,ඔවුන් කිරි දෙවැ. තිස්දෙනක 2 පොවා,ඔවුන් කිරි දෙවැ අට දෙනක2 පොවා,මෙසේ කිරි බොල් මියුරු ඕජස් ඇති වූ කල්හි, වෙසඟපුණුපොහෝ  දවැස උදයම නැඟි ඒ ‍අට දෙනුන් කිරි දෝනා සඳහා මුදා ලූ වස්සන් දෙනුන් තනමුලට ලඟ නො වනකල්හි එළවූ  නවමු2 බඳුන් පිරි කිරි වෑහුනු කල්හි, එපෙළහර දුටු  සුජාතා පිය අතින් ගෙණ ගවමුබඳනෙහි කිරි එවැ අගරු දෙව්දුරු සඳන් කළුවැල් උදා කිරිබත් පිසන්නට පටන් ගත්.  බත් 		පැසෙන  කල්හි මහත් මහත්   බිබුළු නැඟී දක්ෂි නාවෘත්ත ව ඇවිද්දි. එක ටිකෙකුදු පිටත  නො හෙයි. උඳුනෙන් මඳ දුමෙකුදු නො නැඟෙයි.

එකල්හි සතර වරම්හමරජහු අවුදු උදුනේ සතරදෙසැ රකවල් ගත්හ. සක්දෙව්රජ අවුදු දදා බව පෙණෙහෙලි නඟාලා ගිනි දල්වයි .

   1. වඩනේ යැ යි.      2. දෙනෙකු.   3.නඟිව්


16 අමාවතුර

මහබඹ ලුප්මුදුනට කොට සේසත් නඟා සිටියේ යැ. දසදහසක් ලෝඩාහි දෙවියෝ දෙව්ලෙව්හිට මිනිස්ලෙව්බහි ඇති තාත් ඔදස් තමන් ගේ ආනුභාවයෙන් දඬුඑල් බැ1 මීයක් පෙළා මී ගන්නවුන් සෙයින් ගෙණැ බඳනෙහි ඔත්හු. සුජාතා ඒ අසිරිමහපෙළහර දැක පුණූ නම් දෑස කැඳවා බැණැ “මෙතෙක් කල් මෙවෙනි පෙළහරයක් නො දුටුවිරීමි2. අපගේ දේවාතාවා අද අප‍ට ඉතා පහන් වන ( විනැ). වෙලෙවි වැ ගොස් ‍ෙදවොල් හැමඳ එ” යි නඟා යවූ. හෝ වෙලෙවි වැ වෙලෙවි වැ අජපල්නුගමුලට ගොස් රුක්මුල්හි පැදුමුලෝඩා බලා වැඩහුන් මහසත්හු ශරීරයෙන් නික්මෙන සවණක්රසින් සියලුරුක සත්රුවනකක් සෙයින් දිලියෙන ‍ේස බ දැකැ “අද අපගේ දේවතා රුකින් බැස සියඅතින් කිරිපිඬු පිළිගන්නට හුන් වනැ” යි බියපත් වැ ගොස් සුජාතාවට සැළ කළා. හෝ ඇය තෙපුල් අසා සතුටු වැ තමා දෙවුදූතන්හි තබා සවබරණින් සාදා, ලක්ෂායක් වටනා ගතරන්පයක් කිරිබත් පුරා රන්තලියෙන් පියාලා සුදුපිළියෙකින් වසා,තොමෝ සවබරණින් සැදී කිරිබත්පය තමා හිස2 මුදුනේ ගබාගෙණ මහත් පිරිවරින් මහත් පෙරහිරින් නුගරුක් මුලට යන්නී මහසත් හු දැකැ සොම්නසින් පිණා ‘රුක්දෙවි’ ය යන සිතින් දුටුතැන් පටන් ගෙණ තතු නතු වෙමින් ගොස් හිසින් කසුන්පය බහාගෙණ පියන් ගලවා රන්කෙ‍ාතුරුයෙන් සුවඳ මලින් වැසූ දිය ගෙණැ අත එවැ බත්පය අතැ තබා හෙවැ වැඳැ “යම් ‍ෙස් මාගේ මනො රථය මුදුන් පත් ද, එසෙයින් මැ තොපගේ මනොථය නිපදිව” යි බැණැ සුවහස් වටනා‍ රන්පය මහසත්හට පියා පැදකුණු කොට ගියා. එකල්හි මහසත් හුනස්නෙන් නැඟී බත්පස ගෙණ ගිල්දලා හෝතෙරට ‍ගොස් හැම මහබෝසතුන් බුදු වන දවස් සනහන4 සුපිහිටිතොට පය බහා තබා දියට බැසැ සනහා4 සිවුරු හැඳැ පෙරෙවැ පැදුම් දසා බලා වැඩහිඳ එකුන් පණස්පිඬක් කොට වළඳා රන්පය ගෙණැ “ඉඳින් අද මම බුදු වෙම් නම්, පය උඩුහෝ බලා යේවයි. බුදු නො වෙම් නම්, යටහෝ බලා යේව”යි දියපිටැ විහිදු ඒ පය හෝමැදට ගොස් දියපිටින් හෝමැද උඩුහෝ බලා අසූ හතක් තැන් ගොස් එක් සළාවැටමෙක්හි ගැලී මහකෙලනාරජහු භවනයට වැදූ පෙරැ තුන්බුදුන් වැළඳූ තුන් පය මතු කොට එයට යට වැ සිටි කල්හි මහසෙන් ඒ හෝ තෙර සුපිපි සල්වෙනෙහි දිවා විහාර කොට සවස දෙවියන් විසින් සල්වෙනෙහි පටන් ගෙණ බෝ මඩ දක්වා පළල ‍අටඉස්බක් තන්හි රුවන්පවුරු හා රුවන්වැලි

       1.දඬුවැල් වෑ.   2.මු. විරිමු.   3. සිය.    4.සනන-හැම    5. සනා


ස්වසන්තාන දමනය                            17

සියෝ රුවන්බිම්හි රුවන්කලස තබා දිවමහතෙලින් සදා තන්හි රුවන්තොරණ මල්තොරණ නඟා රුවන් අරඟැ මල්ඇඟෑ නඟා එහි මියුරුරැවින් හඬන මිණිකිකිණිදැල් බහාලා නන් විසිතුරු1 දදපෙළින් හා සේසතින් සැදුම් ලද මැගින් දෙවිබඹනා ගුරුළු ආදීන් දිවගැඳැවූ නැටුම් පවත්නා කල්හි දසදහස් ලෝඩා එක මලස්නක් සෙයින් සැදුනු2 කල්හි එක් ගඳකිළියක් සෙයින් වැසුනු 4 සාධුකාරශබ්දයෙන් එකනිනිනාද වූ කල්හි පුන්පාරුම් සෙත් බමුණා දුන් අ‍ටමිටක් කුසතණ ගෙණ බෝමැඩට එළඹ දකුණූ දෙසෙහි උතුරුදිසා බලා වැඩ සිටියෝ. එකෙණෙහි දකුණූසක්වළ බැස රසාතෙලෙහි ගැලී ගියාක් වැනි වි ය. උතුරුසක්වළ නැඟී බවඅග්නි පහරණාක් වැනි වි ය. ඔහු “මෙ තැන්5 හිඳැ බුදු වන්නට නොතන් වනැ”යි මහබෝ පැදකුණූ කොට පැළදෙසෙ‍හි දු උතුරුදෙසෙහි දු වැඩ සිටැ එසෙයින් ම ගැලෙන නැගෙන සේ දැකැ පැදුම්දසට එළඹ එතැන් නො‍ ඇලළැ සිටි සේ දැකැ “මේ හැම බුදුන් විසින් අවිජහිත කෙලෙ‍ස්පඳුරු විදහනතැන” යි තණ අග්නි ගෙණ සලා එ විගස නිපන් තුදුස් හත් තණපලක් මතුයෙහි මහබෝකඳට පිට දී පැදුම්දස බලා “දැමි දැමුව4 මැනැවින් බුදු ව මිස නො නැ‍ඟෙමි” යි සිවුරඟ වැර ඉටා දසදහසක් යොජුන් තව්තිසැ පැතිරැ සාරමසෙකින් සන්හිඳුනා ධ්වනි ඇති එක්සියවිසි රියන් විජයතුරාසක මහපුරිසා පෙරට පිඹිමින් සිටියේ යැ. එසෙයින් මැ පන්සිකාදෙවපිත් බේලුවපඬු 7 නම් තුන්ගවු පමණ වෙණ ගෙණැ වයමින් සිටියේ යැ. සුයාම නම් දෙව්රජ තුන්ගවු පමණ විල්දුනා ‍ෙගණැ සලමින් සිටියේයැ. සන්තුසිත නම් දෙව්රජ මිණිතල්වැඩ ගෙණැ සලමින් සිටියේ යැ. මහබඹ පුන්සඳක් බඳු සේසත් වඩා සිටයේ යැ. මහකෙළ2 නාරජ අසූදහසක් නළුවන් පිරිවරා ස්තුති කෙරෙමින් සිටියේ යැ. දෙතිස්දෙව්කුමරියෝ දිවකුසුම් පිරුණු රුවන් සුමුඟු ගෙණැ පුදමින් සිටියාහ. සියලු දසදහසක් සක්වළ දෙවියෝ සණවෙස් ගෙණැ හාත්පස්හි දදපෙළ කෙහෙල්පෙළ තොරණපෙළ මල්දම්පෙළ පුන්කලස්පෙළ දුම්ළොසුපෙළ මිණිදඬුවැට‍පෙළ අට මඟලා3 පෙළ ගෙණැ පොළෝ‍ලෙහි පටන් ගෙණැ අකනීටා බඹලොව දක්වා නැති වැ සිටියෝ.

  1.වෙසතුරු.    2.පුද.    3.වැසුනු.  4.මු. මැදුනු.   5.මෙතැන්හි  6.දැමීම.   7.බේලුව පඩුව.  8.මහකූල.  9. මහල.


18 අමාවතුර

එකල්හි හරදෙව්පි්ත “සිඩත්කුමර ම‍ාගේ විෂය ඉක්මවායැවී වන. ඔහු කාමවිෂය ඉක්මැ නො යා‍ දුන මැනැවැ” යි දහසක් අත් මවා ගිනි ගෙණැ දිලියෙන නොයෙක් ආයුධ ගෙණැ යෙළිසියයක් යොජුන් ගිරිමෙවුලා නම් ඇතක්හු නැඟී පෙරට දොළොස් යොජුන් දකුණත්පසින් සක්වළගල් දක්වා සිටි නව යොජුන් නොයෙක් වෙස් නොයෙක් අවී ගත් පොළෝ පැළී යන්නාක් වැනි හඩ ඇති මරසෙනඟ පිරිවරා දසදහසක් යොජනෙහි පටන් ගෙනැ සෙණසුවහස් බස්නාකලක් බඳු ගොරබීරම්හඬින් මුළුලොව එකනින්නාද කෙරෙමින් “සිඬත් කුමරහු ගන්ව. අන්ව. විදුව. පය ගෙණැ පරසක්වළ පියව” යි අණවමින්1 එයි. ඔහු එසේ මරසෙනඟ ගෙණැ එත් එත් දසදහස් ලෝඩාහි දෙවිබඹහු නතු නතු වූ දෙසෙහි හි පැලෑහ. මහකෙලනාරජ පොළෝ කිමිදු පන්සියයක් යොදුන් මන්දේරික 2 නම් නාගභවනයට ගොස් දෝතින් මුහුණූ පියා‍ලා හොත්තේ යැ. සක්දෙව්රජ විජයතුරාසක පිටට කොට ගෙණ ගොස් සක්වළ මුවවිටියෙහි සිටියේ යැ. මහබඹ සේසත ‍සක්වළ කෙළැ3 හෙළාපියා බඹලෝ බලා ගි‍ෙය් යැ. මෙසේ හැම දෙවි බඹුන් පැලෑකල්හි මහසත් එකලා වැ හිඳැ පිටිපසින් එන මර සෙනඟ දැකැ “මෙතෙක් දෙන මා හුදකලහු හා සම‍ඟ යුඬ්යට එති. මෙහි මා කිසි නෑකෙනෙකුත්4 ඇත්තාහු නො වෙති. දස පාරමිතාවෝ මා බොහෝකලක් පුටු යෝධයන් වැන්නාහ. එබැවින් පාරමිතාබල ගෙණ මරබල මැඩපිට මැනැවැ” යි පැරුම් පිමිඳුමින් වැඩහුන්හු. එකල්හි මරපිරිස් ගල්සෙයින් වැතිරෙමින් අවුදු වටා ගත්කල්හි4 “මෙයින්ම මෙ‍ාහුලුහුබැඳපිව මැනැවැ” යි මරහු විසින් මවන ලද මහසුළඟ සතරදෙසින් නැඟී යොජුන් දෙයොජුන් තුන් යොජුන් පමණ ගල්කුළුදු උපුරා අහසට නඟාලාවනදහසුදු රුකුදු එසෙයින් මැ උපුරා අහසට නඟාලා සුන් සුන් කෙරෙමින් ගොස් මහසත්හුකුරා පැමිණ සිවුරුකණකුත් සලන්නට තො පොහො සත් වැ ගියේ5 එක්බිති “දියවතුරෙහි7 ගලා මරාපිට මැනැවැ” යි වලාකුළු දහස්සුවහස් නඟා පොළෝ සිල් කොටපියන්න‍ා සේ වස්වනලද වැසි වනහිස් ගලමින් ගොස් මහසත්හුගේ සිවුරෙහි පිනිබිඳක් සා දියබිඳක් නො හෙළී ය. එක්බිති පහණවැසි වස්වන මරහු විසින් මවනලද මහත් ගල්කුළුහු දුමමින් දිලියෙමින්

        1.  ඇනවමින්-හැම.   2. මඤ්ජෙරීක-පාල.  3.එකස්කොට-හැම. 4. මු.ඇත්තේ නොවෙයි.  5. ගත්හ. එකල්හි-ඇතැම්. 6. ගියෝ-හැම.   7. මු. වශුරෙහි.


ස්වසන්තාන දමනය 19

අහසින් ගොස් මහසත්හු කරා පැමිණ දිවමල්ගුළුබවට ගියෝ. එක්බිති ආයුධවැසි වස්වනකල1 මරහු විසින් මවනලද නන් නන් ආයුධයෝ දුමමින් දිලියෙමින් අහසින් ගොස් මහසත්හු කරා පැමිණැ දිවමල්දම් බවට ගියෝ. එසෙයින් මැ මවනලද අතුරුවැසි දුමමින් දිලියෙමින් අහසින් ගොස් මහසත්හු කරා පැමිණැ දිවමල්බවට ගියෝ2 . එසෙයින් මැ මවනලද වැලිවැසි දමමින් දිලියෙමින් අහසින් ගොස් සමහසත්හු පාමුල දිවසඳුන් සුණුබව‍ට ගියෝ3. එසෙයින් මැ මවනලද සියුම් වැලිවැසි දුමමින් දිලියෙමින් අහසින් ගොස් මහසත්හු කරා පැමිණැ දිවගඳබවට ගියෝ2. එක්බිති “සිඬත්කුමරහු බවා ලුහුබැඳපිව මැනැවැ” යි මරහු විසින් මවනලද සිවුරඟින් යුත් මහඇදුරු මහසත්හු කරා පැමිණැ දිවකුසුම් රොන් බවට ගියෝ2. එසෙයින් මැ වස්වනලද කලල්වැසි දුමමින් දිලියෙමින් අහසින් ගොස් මහසත්හු කරා පැමිණැ දිවගඳබවට ගියෝ2. එක්බිති “සිඬත් කුමරහු බවා ලුහුබැඳපිව මැනැවැ” යි මරහු විසින් මවනලද සිවුරඟින් යුත් මහඇදුරු මහසත්හු කරා පැමිණ හිරරසින් බුන් අඳුරු සෙයින් අතුරුදන් වී. මෙසේ මර මේ තචමහවැස්සෙන් මහසත්හු නොතට සේ දැකැ කෝගිනින් දිළී මෙරගල් සක්වළගල් පවා කිළිල් සෙයින් කඩන්නට පොහොසත් වූ තමාගේ චක්රායයුධය මහසත්හට විහිට. හේ ගොස් මහසත්හු මුදුනේ මල්සතක් සෙයින් සිටියේ යි. එකල්හි මර පිරිස්වැසියනුදු විසින් විහිදුනාලද ගල්කුළුහු දු අවිසූවස්හුදු දුමමින් දිලියෙමින් අහසින් ගොස් පැරුම් සිමිඳුමින් හුන් මහසත්හු කරා පැමිණ දිවකුසුම් මැ වගුළෝ. දෙවියෝ සක්වළ මුවවිටියෙහි සිට කර නඟනඟා “සිඬත් කුමරහුගේ රූසපුව නට හෝ? නො නට හො? “යි බලත්. එකල්හි මරදෙව්පිත් කෙළවරට තකා ගත් චක්රාියුධයෙනුදු කැරුණු දැ නැතිසේ දැකැ මහසත්හුකරා එළඹැ “සිඬත් කුමර, තෙලපලගින් නැඟී යා. පලග තා නො ගැත්තේ යැ. මා ගැත්තේ යැ” යි කී යැ. “කියහ, මාරය, පැරුම් පිරූ මහබෝසතුන් බුදු වන දවස් පැමිණෙන පලඟ තා ගැතිබවට දෙස්හු කවරහ?” යි කීයැ. “‍මොහු හැම දෙන මැ දෙස්හ” යි. මරදෙව් පිත් සෙනඟහට අත් පෑකල්හි මර පිරිස් වැසියන් විසින් “මම දෙස්මි”යි පොළොව ප‍ැළී යන පමණ මහහඬ පැවැත්වූ කල්හි මරහු විසින් “සිඬත්කුමර, තට දෙස්හු කවරහ?” යි කීයෙන් “මට මෙතැන දෙස් කියන්නට නිසි සිතක් ඇති කෙනෙක් ඇත්තාහු නො වෙති” යි කියා “සෙසු අත්බව හැරැ වෙසතුරු අතබැවැ සතසතුමදන් දුන් තැන් කුමට නො බණහි” යි සිවුරු ගැබින් දකුණත් නෙරා පොළොවට දිගු1 කළහ. එසඳැ මහ

    1. වස්වනලද.   2. ‘ගියේ’?.   3.අතදිගු.


20 අමාවතුර

පොළෝ රැවුදහස් රැවුසුවහස් විහිද හැඬුවා යෙළසියක් යොජුන් ගිරිමෙවුලා නම් ඇත් එවැ බැසැ හෙවැ මහපුරිසා සරණ ගියේ. මරදෙව්පිත් බියපත් වැ මරපිරිස් හා සමඟ පලඟ මරපිරිස් දැකැ “මර පැරද ගියේ2 සිඬත් කුමර දිනී යැ. ජයමඟුල් කරම්හ” යි නයි නයින් කරා යවූහ. ගුරුළුහු ගුරුළුන් කරා යවූහ. දෙවියෝ දෙවියන් කරා යවූහ. බඹහු බඹුන් කරා යවන මෙසෙයින් දසදහස් ලෝඩා‍වැසි දෙවිබඹහු සතුටු සොම්නස් වැ ජයමඟුල් ගොභමින්3 ගඳමල් ගෙණැ අවුදු මහසත් පිරිවැරූහ. මෙයෙසින් මහපුරිසා හිරි නොඉපසෙත තුරු මාරවිජය කොට පෙරයම්හි නො එක් ඉකුත්දු කෙළැසුවහස් නො පැකිලැ පවත්නා පූවෙනිවස්නුවණ ලදින් මැදුම්වම්හි අනත්අප්රිසේ ‍ ලෝඩාහි තමන් තමන් කළ කැමින් දුක් විඳිනා සුව විඳිනා සතුන් නිරවසෙස් නෙන් දක්නා දිවසක් නුවණ උපයා, අලුයම්හි දොළොස්අගින්යුත් පිළිසමුපා වටවිචට්ට විසින් අනුලොම්පිළිලොම් විසින් සිමිඳුන් සිමිඳුන් දසදහසක් සක්වළ දිය පොළොව අවසන් කොට දොළොස්විටෙක කම්පිත වීය යැ. මහසත් දසසහස්ලෝඩා ගුගුරුවා අරුණූ නැ‍පඟෙන වේලෙහි සව් කෙලෙස් පහා4 බුදු වී. එකල්හි පැදුම්සක්වළැ මුවවිටියෙහි සිට නැඟූ දදයෙහි අන් පැළසක්වළ මුවවිටියෙහි ලෙලෙයි. පැළසක්වළ මුවවිටියෙහි සිට නැඟූදදයෙහි අග් පැදුම්සක්වළැ මුවවිටියෙහි ලෙලෙයි. උතුරුසක්වළැ මුවවිටියෙහි සිට නැඟූ දදයෙහි අග් දකුණූසක්වළැ මුවවිටියෙහි ලෙලෙයි. දකුණුසක්වළැ මුවවිටියෙහි සිට නැඟූ දදයෙහි අග් උතුරු සක්වළැ මුවවිටියෙහි ලෙලෙයි. පොළෝ තලයෙහි සිට නැඟූ දදයෙහි අග් පො‍ළෝතෙලෙහි ලෙලෙයි. එදා දසදහසක් සක්වළැ එකදදදවනයක් සෙයින් එක මල්අස්නක් සෙයින් එක ගඳ සැළියක්4 සෙයින් එකමල්කලබක් සෙයින් සැදුම් ලදි. මෙසෙයින් බුදුහු ගිනි ගත් යපි‍ඬෙක්හි අඩටා සෙයින් තමන් සිටි කෙලෙස් වාසනාවලවද් නො තබා මහ4 නුවණින්කඩා සවනේ දැනැ “අනෙක ජාතිසංසාරං” යනාදි විසින් උදන් ඇනූහු. ස්වසන්තානදමන නම් දෙවන පරිච්ඡෙදය නිමි.

  1. හැඬුහ.   2.ගියයි. ය පාරද.   3. ගොස්මින්.  ගොස් අසමින්   4.පැහැ.   5.ගඳකිලියක්.   6. මහ-හැම.
"https://si.wikibooks.org/w/index.php?title=අමාවතුර-ii&oldid=4930" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි