Jump to content

අමාවතුර-vi

Wikibooks වෙතින්

6.පරිචෙජදය.


රාජ දමනය

[සංස්කරණය]

අජාසත්මහරජහු දැමු පිරිදි කියේය?යත්:- බුදුහු තමනට විරුද්ධ දෙව්දත් තෙරුන් ලදු ගත්, තමන් ගිහි කල්හි යහළු බුදුකල්හි අරිසවු බිමිසරමහරජහු මරා රජය ගත්, අජාසත් රජහු පුළුවුන් පැ. විසජා ධම් දෙසා සරණසිලැ පිහිම්වුහු කිසේය යත්:-

මගධරටැ රජගහා නම් නුවරෙක් වි. එනුවර මඣාතුමහා ගොවින්දතදි රදුන් විසින් පිරිගා කරණලද් බැවින් රජගහ නම් විය. බුදුන් දවසුදු සක්විත්තන් දවසුදු වනුවර වෙයි.සෙසු කලැ සිස් ව යකුන් විසින් පිරිගා කරණලදු ව ඔවුනට වසත් උයත් ලෙසින් සි බුදුහු ඔනුවර නිසා අඩවනඋයන්හි වැඩ වෙසෙති.

ඒ වනය වුයේය? යත්:- එක් සමයෙක්කි ජිවකයෝ මහතෙල්මල් සුමුවා 2බුදුන් දොස් හැර ,පජ්ජොතමහරජහුතමන් කල පිළියමැ පැහැදැ දි එවු පිලිසගලක් දි අනුමෝදනා වස‍ාතයෙහි සෝවාන් වැ, ‘එක්දවසකට දෙතුන්වරෙකැ3බුදුන් කරා ගිය මැනැවැ වෙතවනඅයන් දුරැ මාගේ අඔවන උයන ආසන්නය. බුදුන්ට වෙහෙරක් කළ මැනැවැ” යි තමන් අඹවන උයන්හි වෙහෙර කොට අටලොස්සත්මහපවුරෙන් පිරිාවව් කොට බුදුපාමොක් මහසගනට වෙහෙරකොට දන්දුන්හ.මෙසෙයින් බුදුනහු ජි වකයන්ගේ අමාවක උයන්හි වැඩවෙසෙති.

1.සෙයින්  2. හුමුවා.සුමුවවා. 3. වටක.


රාජ දමනය 75


එයට ‘පෙරට වැ සැවැත්නුවරැ මහකොසොල්රජහුදු රජගහානුවර බිම්සරමහරජහට බිසෝ ව අජාසත්කුමරහට ගඩ් ගත. ඔහු කුසැ වසනකලැ බිසොච්ට1*(දෙළෙක් උපදනේ) රජු දකුනු දසරුයෙන් ලේ බොන දොළොක් උපත සෝ තමහට අපන් දෙල කිපි. කෙකෙකුන්ට නො කියා වැහරු ගියා. රජ පිළිවිසැ බලා නො කියන්නේ ‘ති කියා වැහැරැ ගියා.රජ පිළිවිමසැ බලා නො කියන්නෙන් “තිමට විපරිත වනු කුමට ය?”යි යත්තයෙන්2පිළිවිස ගෙන “සුවකමු 3දෙළෙක තිට උපන්නේ ය”යි වෙදා4ගෙන්වා,ගෙණ රන්සැතින් දසරුව පළවා රන්තැපියෙන් ලේ ගෙන දිය හා මුසු කොට පොචාලි ය. දෙළ සන්හින5.නෛමිතියෝ “එගබ රදු සතුරු දරුයෙක එහු විසින් රජ නස්යි”යි කිහු .බිසොවි6එ අසා ගබ හෙලා පියවි වැ උයන් ගොස් කුස මඩවයි. ගබ නො හෙයි. රජ ඇය එක්වන් උබන් යන සේ දැකැ පරිජනයන් පිලිවියැ අතුරු දැන “ති කුසැ පුතකු බව දුවන බව නො ද දැරනෙයි. ‘අසුවල් රජ තමහට උපන් දරුවක්හට මෙසේ නරව් ප, යන මත් අගුන එරාශියෙක් දඩදිට්කෙලෙහි පැතිර යෙයි. වටාලා එසේ නො කරා”යි රකවල් දෙවි යැ. හෝ “එහු උපන් කලැ මැරුව මැනැ වැ”යි සිතුව දරුවා උපන් කලැ රකවලැ සිට මිනිස්සු දැකැ රජහුගේ කිමෙන් කුමරහු පා කළහ. කුමරහු මහත්වු කලැ ඇර මඩුඩ්සෙව් 1දැක්වුහු .හේ ඔහු දැකැ පුත්ර යනා කළා එයින් එහු මරන්නට නො පෙහොසත් වුව.රජද අනුක්රැමයෙන් ඔහුට යුවරජතන් දින්.

එකල්හි දෙවිදත්මහතෙරුහු සිතුහු “සැරැයුත්මහ තෙරුහුදු මහමුගලන්මහතෙරහු දු මහසුබුමහතෙරහු දුප වෙන වෙන පිරිස් ගෙණ වාසය කෙරෙති. මැනැවැ”යි වන යෙහි කි නියායෙන් අජාසත් කුමරහු සැඩි පෙලවරයෙන් පහ දවා සවස දුරැ යිම්මෙහි දු පන්සියයක් රථ පිරිවරින් තමා කරා එළබෙන සේ විස්වස් කළ සේ දැන7ඔහ ුට මෙසේ කිහ:-“කුමාරය. පෙරැ මිනිස්සු බොහෝිකලටආ8ඇත්තාහ දැන් එසේ නො වෙයි. තෝපියා9ධරා රජ වව. මම් බුදුන් මරා බුදු වෙමි”යි පියරජහු මරන්නට යෙදි. එකල්හි රජකුමර “අප වත්හිමියෝ දෙවිදත් තෙරුහු මහත් ආනුභාව ඇත්තාහ. ඔවුන් නොදන් දැයෙක් නම් තැනි”කළවෙයැ සිරියක් බැදගෙණ දෙවෙන්දාවල්10වෙවුලමින් රජගෙට ගොස් ව්ති.

1.බිසොවිට. 2තයත්නෙන් 3.සැව් (මී). කමු (වු .සව්කමු .සුව්කම් පුජාවලි (356) පිටුව. 4.වෙදුන්  5.සන්හිඳින 6.බිසව් 7. දැක. *වරහත් ඇතුලත කොටස අනවශ්යෙය. 8.ආයු 9.තෝ තොප පියාග 10. දවාල්


76 අමාවතුර


එකල්හි ඇමැත්තෝ එහු තිරු කොට ගෙණ සබව් දැන “කුමා රයා ද මැරුව මැනැව. දෙවිදත්හු ද මැරුව මැනව. හැම මහණහු ද මැරුව මැනැවැ”යි බැණගෙණ ‘සැළකොට කළ මැනැවැ”යි රජහට කිහු රජ “කුමරැවා මරම්හඃයි සිතු ඇමැත්තන් අනැ මෙහෙවර ගෙණ “නෙ‍ාමරම්හ”යි සිතු ඇමැත්තන් අතැ මෙහෙවර ගෙණ ‘නෙමරම්හ”යි සිතු ඇම්ත්තනට මහත් මෙහෙවර දි කුමරහට “කුමක් සදහා “මරම් “සිතුයෙහි දැ?”යි පිලිවිස “රජය සදහා “යි කියෙන් “ඉතා මැනැවැයි. තා කැමැති රජය බලාගණැ”ය්ි රජය ඔහුහට දක්වා දිනි. හේ “මාගේ මනොරතය නිපනැ”යි දෙවිදත් තෙරුන්ට කිය.

එකල්හි දෙවිදත්තෙරහු ‘තෝ මියන් ඇතුළු කොට බෙර සදන3සඳහන් වැන්නෙහි තකිහිාප දවසෙකින් තිා පියේ තාගේ නිහරසර4සදහන් කොට බලා රජය ගන්නි”කිය. “ඔස. වහන්සේ .කුමක් කෙරෙමි?”කි ‘රජු මරාපිව මැනැ වැ”යි කි ය. “මාපිය රජ හට සැතින් වඩනො කට හැක්කැ ‘යි කිය “තැවෙන්නට කිසි ගෙනෙක ලා අගර චළකා මරාපියව”යි කිහු.ගේ පියරජු තැවෙන්නට තිසා ගෙනෙක බහාපියා “අන් නිස මිස අනෙකක්හු නෙ‍ාවැද්ද දෙන්නේ ය”යි යෙදිය එතැන පටන් ගෙණ ‍දෙව්හි රත්තැ ටි යෙකැ බත් එවැ හිගැ තබාගෙන වදිති5රජ ඒ වලදචා යැපෙයි. හේ “මඩපානේ 6කියේ යැපෙති?” පිලිවිස එපවත් අසා ‘ඇය සිහින් යම් දැන්ක් නො ගෙණ වැද්දැ දෙන්නේය”යි යෙදිය.

එතැන්පටන් ගෙණ දේවිහි බත් මුහුලා තබා ගෙණ චදාති. එයිදු අසා “අන්තිය කෙහෙ බැඳැ නො වැද්ද දෙන්නේය”යි යෙදිය එතැන පටන් ගෙණ රන්මරවඩියැ. බත් රවැ පියාල‍ා පයින් ගෙණ වදිති. රජ එ අසා “අන්නිස මරවයි ලා නො වැද්ද.දෙත්තේය”යි යෙදිය. එතන පටන් ගෙණ දේවිති ග/දදියෙන් වගා හරිඑරයෙහි සියුමියුරු ගලිවා පිලි ලෙරෙව ාගණ වනදාති. රජපා මවුන් සිරිරු ලෙවැ යපෙන් වැළි දු පිළිවිසඑපවිත් අසා ‘අන්නිය නො වැද්ද දෙන්නේ ය’යි වැලකි දේවිහි දෙරටුහේ මුල සිටැ “හිමි .බිමිසරමහරජ.ඕහු ලදරු කලැ රො නොයිව දුන්ව. තොප සතුරු තොපි ම් පුටුව. මේ තොපගේ නිමාම් දැක්මය. මම් මෙතන් පටන් ගෙණ තොප දක්නා නො පැපෙමි මාගේ වරදක් ඇත් නම්. මා කෙරෙහි ක්සගමා කරන්නේ ය’යි. වැලැප වැහැස නැවැත්ත.එතැන පටන් ගෙණ රජහට අහර නැති විය.

1.	බදිත 2.නිහසර 3.වදිති .4.මපියාණෝ .මපනෝ


රාජ දමනය 67


සෝවාත්රජ මහපසුවෙන් සක්මන් කොට යපෙයි. “රජු ගේ ශරිරය දිලියෙ”යි අසා “කියේ යපෙති”?යි පිලිවිස,සක් මිනිස් සපෙන සේ ශරිරය දිලියෙන සේ අසා , “සක්මන් නො කට දුන මැනැවැ”යි (සිතා) “බපාතන් පතුල්කරයෙන් ඇති කොට *පස්ච”යි නැතින් සියවරද ලිවිස්වන පද්දේ වනැ මොහු ම් මස්වලුමෙහෙ කිමනු සදහා ආහ”යි සිති. ඔවුන් ගොස් රජු වැඳ සිට් කල්හි “කුමක්සදහා ආහ”යි යිති ඔවුන් ගොස් රජු වැඳ සිට් කල්හි “කුමක් සදහා අවු නැ?”යි පිලිවිත් ඔහුරජුගේ ඒ හස්ත සැළ කළ “තෙපි තොපි රජු අන කරව”යි රජ කියැ. එහු ‘දේව්යන්වහන්සේ .වැඩැ හුන මැනඇවඅ”යි කියා රජු වැඳැ ‘දේවයිනි,ඇපි රජුගේ තියොග කරම්හ. අප කෙරේ නහමක් දැහැවුන මැනැව. මේ එබ වැනි දැහැමි රජ කෙනකුන් සුදුසු දෙයෙක් නො වෙ”යි කියා වම්තින් ගොස් ම්ස ගෙණ දකුණතින් කරය ගෙණ පතුල් පළා ලුනු තෙල් වකා කිහිරගුරෙහි ‘විටිච්’යන අනුකරණ ඇති කොට පක්හ. එරජ පුව්ජන්මයෙහි දාගබගනෙක්හි වහන් ලා ගියේය. සතුන් හිදුනට අතුළ කළලන් නොදෙවි පයින් ඇත්මින. මේ එහි හිදුනට අතුල කළාලක් නොදෙවි පයින් ඇත්මින. මේ එහි ඵලයි.

රජහට මහත් වේදනා උපන “අහො බුඩො!අහො! ධමෙමා!අහො සංඝො!”යි තුනුරුවන් සදහන් කරණුයේ ම දාගබගණෙක්හි බහාලු මලක් සෙයින් මෙළේ.සඩුමහරජ දෙවිලෙවිහි වෙසඩුණු මහරජානන් පිරිවරු ජනවසන නම් පත් වැළඳුයේය. සච්රෙක්ති එහි උපැද මහත් සම් පත් වැළදුයේය. සච්රෙක්හි දඹදිව රජ වුයේයැ. දැන් සත් වනරැ රජ වැ සත්වනවර සපුරමින් ගොස් උපන එදවස් ම් අජාසත්හු පුතෙක් උපන.පුතු උලත්බව් දු පියාණන් මළ බව්දු දන්වන්නට දෙපන එකවට් ම අළහ. ඇමැත්තේ පළමු “පුතු උපත්බම් කියමිහ”යි එ ප.ත රජු අතැ තුබුහු රජ හට එකෙණෙහි මැ පුත්රවයනා උපැදැ සියල් සිරිරු පැතිරු ඇටමුල් පැහැර සිටියේ යැ. එකෙණෙහි පියරජහුගේ ගුන සඳ හත් කොට “ඃමා උපන් කලැ බපාන නටද් සනා මෙසේ ම උපන් නේ යැ. යව. බපාණන් විාහිද්ව”යි යෙදියැ. “කුමක් විහිද්ිවමිහ?මහරජ”යි අනෙක් පත අතැ තුබුහු හේ එපවත් අසා චලප් මින් මැතියන් කරා ගොස් “අන්ත බපානනට මා කෙරෙහි සතා හා විය හො?”යිපිලිවිත. ඔහු “බාල පුත, කුම කියහි?තා පදජැ කලැ ඇගිල්ලෙහි පොළෙක් නැංග3එකල්හි චලප්නහු

1.පණ්. මහතන් .පියානන් .2.මහණ. 3.තැගි *වරහන් තුල තිබෙන නො වස පිටපත්හි නො පෙ‍ණෙ පාලිපොහින් ජෛළා යෙදින.


78 අම‍ාවතුර


සන්හිදු වන්නට නොපෝසත් වුවාහු විතිසම්ඩලෙහි හුන් තා පොළ රජහු කරා ගෙණ ගියහ. හේ තා ඇගිල්ලමුවයෙහි තිබි ය. පොළ මුවයෙහි මසිල් විය. හේ තා කෙරෙහි සෙනෙහෙන් ලේ මුසු පුයා දමා පියා මැ ගැලපි යැ. තපියා තා කෙරෙහි යනා මෙ බන්දැ’යි 1කිහු හේ වැලැප වැහැස පියායන් සිරිරු හළු කිස කැරැවි.

දෙව්දත්මහතෙරහු දු අජාසත්මහරජු කරාගොස් බුදුන් මරන්නට ගොඩ2දුනුව වන්3ඉල්ව ගෙණ වගා යවා එයිනුදු කැරුනුදැ4නැති සේ දැකැ.තමුහු ගිජුකුළුපව්වට නැගි ගල් පාතැ සක්මන් කරණ බුදුන් මුදුන්ට සෙල් විහිදු එයිනුදු කැරුනු දැ5නො දැක, නාලාගිරි ඇතු විහිදැ ,යම්කියි උපායෙ ක්ින් බුදුන් හරන්නට නො පොහොසත් වැ, ලාභසත්කාරයෙන් පිරිහි බුදුන් පසිවරයක් ඉලිවා එනො ලදින් සතුරු වැ සගුන් පන්සියයක් දෙනා බිද ඇර ගෙණ ගොස්. සැරියුන් මහමුගලන් දෙඅහසව්න් තමන්ගේ පිරිසැ සගුන් ගෙණ ගියකල්හි කවින් හුනු ලේ වග නවමසක් දවස් ලෙඩ වැ හෙවැ තමන් කළ තාක් දැයට විපිළිසර උපයා ‘දැන් බුදුන් කොහි වෙසෙති හොඝ?”යි පිළිවිස “දෙවිරම්හි වෙසෙති” යනු අසා “හැ‍ඳෙකින් මා ගෙණැරැ බුදුන් දක්වව”යි කියා ගෙණ යන ලද්දාහු 7බුදුන් දක්නට නිසි පිණක් නො කළ බැවින්. දෙවිරම්පොකුණුතෙර දෙකක් පැළිගිය පොළොවට වැදැ අඩ්ව්මහානරකයෙහි පිහිටියහ.

එකලැ රජගහනුවර සැනකෙළියෙක් විය. නුවරවැස්සෝ එනුවර දෙව්නුවරක් සෙයින් සදා සැණවෙස් ගෙණ දෙවියන් සෙයින් සැනකෙළින් අජාසත්රජ පනුරැසිපොහෛා් දවස් රැ සරාසදුරැසින් රිදිකෙළෙන් නික්මුනු කිරි6ඇමැතිමඩුලු පිරිවරා සේසත් යට ගන රන්මුව අස්නෙහි භන්නේයි කුමට හුන්නේ ය?යත්;- නිදි වළකනු සදහා හුත්නේයි මේ රජ10පියා මළතැන් පටන් ගෙණ තිදන්නට ඇයපියාලු විභස මැසියලු ශරිරයෙහි සැත්දහස් ඔත්කල් සෙයින් හඩමින් මැ පුබුද්දි “මහරජ.කිමැ?’යි බුළුවුන් කල්හි වළහයි. එයින් ඕ හට නිදි නො රිසියෙන් රමනියය. අබිරුපය. දගිනියය. සිත් පහදව්යි. කවර මහනබමුණු කෙනකුන් කරා යම්හයි? කා කරා ගියකලැඅප සිත් පහද්දි?”යි උදන් ඇති.

1.සනාවෙන්දැයි. 2.යොධයන්. 3.දුනුවායන්. 4. කරණු5.කැරුණු සේ 6.විපිලිසාර. 7.යන කලද් .8.කිර.කිරු 9.මහලෙහි. 10.මෙසේ.


රාජ දමනය 89


එ අසා එක්තරා රජම්හඇමැත්තෙක් “මහරජ, පූරණ1 කස්සපයා කරා එළඹෙන්නේ ය. එකලැ සිත් පහද්දී? ඕ කී ය. රජ එ අසා නො මිණි ය. අනෙක්’ ඇමැත්තෙක්’ “මක්ඛලී - නො සාලයා කර. එළඹෙන්නේ ය”යි කී ය. අනෙකෙක්’ අජිත කෙසකම්බ යා කරා එළඹෙන්නේ ය”යි කී යැ. අනෙකෙක්’ පකුධකට්ටායනයා කරා එළඹෙන්නේ ය”යි කී ය. අනෙකෙක්’ සඤ්ජයබෙං විසින් පුත්ර යා කරා එළඹෙන්නේ ය”යි කී ය. “අනෙකෙක්’ නිගණ්ඨනාථපුත්රායා කරා එළඹෙන් නේ ය. එකල සිත් පහද්දී”කී ය.

මෙසේ ඇමැත්තන් තමන් ලද ගත් නුවටැජරන් කී කල්හි, රන්වන් මියුරුරස ඇති අඹපකක් කැටි පුරුෂයක්හු තමා අතැ තුබු කදුරුපතක් දැකැ දමා පියන්නක්හු සෙයින් නො ගිවිසැ නො බැණැ හිඳ, තගෙට නුදුරුතන්හි හුන් ජීවක යනට “හැයි, සබඳ, නො බැණ හුන්නෙහි නො?” යි කී ය. රජු මෙතෙක් පරිකථා කරුණු ජීවකයන් සඳහා කෙළේ යි. කුම ට ය? යත්:- තමා ඇරැ බුදුන් දක්වනු සඳහා යි. තෙමේ ගොස් දක්නට නො නිසිද? යත්:- තමා මහාපරාධයෙක් ගොස් දක්නට නො නිසි ව “ජීවකයා පිටිපසැ හිඳැ බුදුන් දුව මැනැවැ”යි මෙතෙක් පරිකථා කෙළේ1. රජුගේ අභිප්රාකය ජීවකයෝ නො දනිත් ද? යත්:- දන්ති. වැළිතුටෙ නො බැණ හුන්නාහ? යත් :- වි‍බෙව් පසිඳුනා3 සඳහා යි කීයේ ය? යත්:- එපිරිසැ නුවවැජරන් සදෙනා ලද ගත් ඇමැත්තෝ බොහෝ දෙන රැස් වුවාහු. ඔහු “මා බුදුගුණ කියන්නට වන්කලැ අතර තුරෙහි නැඟී තමන් තනේ ලද ගත් නුවටුන්ගේ ගුණ කියති. එසේ වින්නා හා’ මා කියන බුදුගුණ නිමාවට නො යෙයි. රජ වු කලී පෙර මැ මොවුන්ගේ නුවටැජරන්10 කරා එළඹ නිස් සාරබව දත්තෙන් ඔටුන්නේ ගුණකථායෙහි නො සතුටු ව මා ගෙණ යෙමි” රදුගේ අභිප්රානය” දනුතුද් විබෙව් පසිඳුනා සඳහා‍ නො බැණ හුන්හ.

එකල්හි රජ ඇමැත්තන්ගේ බස් අසා “මම යමක්හු යමක්හු බස් නො ඇසියපීයෙම් ද, හෙ මැ හෙ මැ බෙණෙයි. යමක්හුගේ බස් ඇසියටියෙම්ද, හෙ මැ නාරජවස වළඳා සිටි ගුරුළක්හු සෙයින් නො බෙණෙයි. මට මහත් පිරිහිණෙකැ”යි ස්නී. සිතා බලා “ජීවක උපශාන්ත වු බුදුන්ගේ සවි11ය තෙමේ ද උප ශාන්ත ය. එ බැවින් වත්මපන් හෙණක්හු සෙයින් නො බැණ

1. පුරාණ.       2.අනික්.       3.අනිකෙක්.      4.කකුධ.     5.බෙලට්ඨ	

6.කැසට්. 7.කොළෝ. 8.පසිඳිනා. 9.වන්නා හැමැ. 10. නුවැ- වජුරන්. 11.අබිප්රාණය. 12. මු. සව්


90 අමාවතුර


හුන්නේ ය. මා නොබුණු1 කලැ හේ නොබෙණෙයි. ඇතක්හු මධනා2 කල ඇතක්හු මැ ගේ පයින් මැඩිය මැනැවැ”යි සිතා ජීවකයන්ට “මේ ඇමැත්තන් තමන් තමන් ලද3 යත් මහණුන් ගේ ගුණ කියන්නන් මුව නො පොහොයි. මොවුන් සේ ම තා දු ලද ගත් මහණහු නැද්ද? කිම් දිළිඳුහි ද? මපියෝ තට ඉසිර4 නො දුන්නේ ද? නොහොත් සැදුහැ නැත්තෙහි දැ”යි පිළිවිත්.

එකල්හි ජීවකයෝ “මා ලවා මේ රජ බුදුන්ගේ ගුණ කියැ වියටි බඳ, දැන් මා නො බැණ හිඳිනට කල් වෙයි. යම් සේ මේ ඇමැත්තෝ රදු වැද හිඳ මැ5 තමන් තමන් ලද6 ගත් නුවටුන්ගේ ගුණ කිහුද, මා එසේ බුදුන් ගුණ නො කිව මැනැවැ”යි හුනස්නෙන් නැඟි බුදුන් වසනදෙස බලා පසඟ පිහිටුවා වැඳ නියරැසින් දිලියෙන ඇඳිලි බැඳ “මහරජ, ‘මා යම්තම් මහණක් හු කරා එළබෙති’ නොසිතව්. අප බුදුන් මවුකුස්හි පිළිසිඳැ ගන්නා කලැ දු මවුකුසින් නික්මෙන කලැ දු මහබිනික්මන් කරණ කලැ දු බ්රදද් වන කලැ දු ධම්සක් පවත්වන කලැ දු දස දහසක් සක්වළ කම්පිත වි ය. මෙසෙයින් යමාමහපෙළහර කළහ. මෙසේ දෙවි ලොවින් බටහ. අප බුදුන්ගේ ගුණ කියමි. එකඟ සිත් ඇති වැ අස. හඑරජ,” ඕ බුදුන් ගුණ කියන්නාහු-

“අයං, දෙව්, අරහං සම්මාසම්බුදො අම්හාකං අම්බ වනෙ විහරති මහතා භික්ඛුසංහෙන සඬිං අඕඨතෙළයෙහි භික්ඛුසනෙහි. තං ඛො පන බගවන්නං ගොතමිං එවංකල්යා් ණො කිත්තිසද්දො අබ්භුග්ගතො - ‘ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුධො විජ්ජාචරණසම්පන්නො සුගතොබ ලොකවිදු අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙව්මනුස්ස‍ානං බුඩො බගවා’ති. තං දෙවො භගවන්තං පයිරුපාසතු. අපුපෙව නාම දෙවස්ස භගවන්තං පඹරුපාසතො මිත්තං පසිදෙය්යප”යි.

“මහරජ,8 අප බුදුහු මාගේ අඹවනයෙහි අඩතෙළෙස්යල් සියක් සතුන් පිරිවරා වැඩවෙසෙති. තොප වැනි සියනුදු දහස්නුදු සුවහස්නුදු සිත් ගෙණ බණ කියති රිසි සේ එළැඹ පැන පුළුවුස්නේ ය”යි කීහ.

රජු බුදුන්ගේ ගුණ අසත් අසත් සියල් සිරිරු පස්වණක් ප්රී තින් අතුරු නැති වැ පිරී ගියේ. හේ එ ම විගස බුදුන් කරා යාපි’වැ-“මා මේ වේලේ බුදුන් කරා යන්නාහට අනෙක් කී යි.

1. නොබිණු,     2. මඩුනා,     3. ලැද,    4. ඉසුරු,    5. මැද හිඳ- හැම,
7. බුදුන්ගේ ගුණ කියන්නාහු මහරජ - හැම,   7.යායවි,


රාජ දමනය 91


කෙනෙක් යානයක් යොජන්නට නො තිස්සහ, ජීවකයා විනා ය”යි සිතා “සබඳ, ජීවකය, යා. නො මැ ඇතුන් සදව්”යි1 කී යැ. අනෙක් අහ්වයාන රථයාන ඇත ද, ඇතුන් ම සදා එළවන්නට කියනු2 කුමට ය? යත් :- උත්තමයන් කරා යන කලැ උත්තමයානයෙන්2 හිය මැනැවිනුදු අශ්වයාන රථයාන සශබ්දයෙනුදු, දුරැ ම6 ඔහි හඬ ඇසෙන්නෙනුදු, පස් පස් යන් නාහටද් හස්තියානයෙහි හඬ නො ඇසෙන්නෙනුදු, “නිවි බුදුන් කරා නිමියානයෙන්8 ගිය මැනැවැ”යි සිතා ඇතුන් සදා එළවන්නට යෙදි.

ජීවකයෝ “රජ මෙ වේලේ ‘බුදුන් දක්නට යෙමි’යි යෙයි. රජ්ජුරුවන් සතුරෝ බොහෝහ. ඉදින් අතරමගැ කිසි අන්තරායෙක් වී නම්, අන්හු මා ගරහති: ‘ජීවක. රජ මා කීවා කෙරෙයි. අකාලයෙහි රජු ගෙණ නික්මෙ’යි කියා ය. බුදුනුදු ගර හති: ‘මහණගොයුම නමා කීවා කැරෙති9 කියා කල් නො න හමා මැ කථා කෙරෙ’යි කියා ය. එබැවින් මසිද්8 බුදුනුද් නො ගරහන නියායෙන් යම් සේ රජහට රකවල් සුසංවිහිත වේ ද, එසේ කෙරෙමි”සිතුහු.

එක්බිති “අමුන් මිනිසුන් නිසා පුරුෂයනට භය නම් නැති. සුවයෙන් අමුත් මිනිසුන් පිරිවරින් යෙති”යි පන්සියක් ඇතින් නන් සදවා පන්සියක් මාගමුන් පිරිමිවෙස් ගන්වා අසි තෝමර ගත් අත් ඇති වැ7 රජු පිරිවරව”යි කියා වැලි දු සිතුහ:- “මෙ රජහට මෙ අත්බැවැ මහඵලයට උපතිඃශ්රාය නැති. බුදුහු උප තිඃශ්රමය බලා ධම් දෙසති. එසේ බැවින් මහජන‍ා රැස් කරව්ෂි. එසේ වන්නා හා බුදුහු කිසිකෙනකුත්ගේ උපතිඃශ්ර්ය හෙයින් ධම් දෙසති. ඒ දෙසුන් මහජනයහට උපකාරයට ම් වේ”යි8 එබඳනට කියා යවුහ. නුවරැ බෙර පියෙවි කැරැවුහ: “අද රජ බුදුන් කරා යෙයි. හැම දෙනා තමතමන්ගේ කැරැම්නි9 තුබු පරිද්දෙන් අවුදු රජහට අරක් ගන්නේ ය”යි.

එකල්හි මහාජනයෝ “රජ බුදුන් දක්නට යේ ල. එ ධම් දෙසුම් කිබද හෝ? සැණකෙළියෙක් කිම? එයට යම්හ”යි හැම දෙන හදමල් ගෙණ රජු පෙරමඟ බලා මගැ සිටියෝ. එසදැ ජීවකයෝ “මහරජ, ඇතුන් සදා එළවුයේය. කල් දන්නේ මැනැවැ”යි කීහු. රජ පන්සියක් මාගවුන් පන්සියක් ඇතුන් නගා තෙමෙහෙ මඟුල්ඇතු නැඟී මිණිදඩුවැටපහනින් එකලු කොට මහත් ඇනුභාවයෙන් නුවරින් නික්මිනි.

1.සදුවායි  2. කී ය.  3.යානායෙන්.  4.රථයාන සබ්දයෙන් දුර මංහැම්

5.කැරනි. 6.මහද්. 7.ඇතියාව. 8. වැටෙයි. 9.කැරවිනි, කැරමිණි


92 අමාවතුර


එකෙණෙහි පන්සියක් මාගම්හු පිරිමිවෙස් ගෙණ හිස් වෙ‍ළා දසරුයෙහි කඩු තබා කිනිතෝමර ගෙණ. නික්මුනාහ. ඔවුන් එක්බිති සොළොස්දහසක් නළුවෝ රජු පිරිවැරූහ. ඔවුන් උක්බිති කුරුකුදු1 කිරාතාදිහ. ඔවුන් එක්බිති රජගේ රක්නා රජු කෙරෙහි විස්වස් ඇති2 පුරුෂයහ. ඔවුන් එක්බිති විසිතුරු වෙශවිලාසඬ්ර වු සැටදහසක් මහාමාත්ර්යහ.3 ඔවුන් එක්බිති නොඑක් පලඳනෙන් සැදී තන්නන් අවි විද්යායධර තරුණය්න බඳු අනුදහසක් පමණ රැවිදරුවහ.ඔවුන් එක්බිති සියක් වටනා4 පිළි ගැඳ පන්සියක් වටනා පිළි එකස් කොට බහාලා නහා ගඳවිලෙවුන් ගත් රන්මල් ආදි නන්බරණින් සැදුනු දසදහසක් මත්5 බමුණෝ දකුණු අත් ඔසොවා ජයශබ්ද ගොහිමින් යෙති. ඔවුන් එක්බිති පසනතුරු ගත් පුරුෂයෝ පසඟතුරු වයමින් යෙති. ඔවුන් එක්බිති දුනුබෙලෙයැ6. ඔවුන් එක්බිති ඔවුනොවුන් වෙර පැහැර යන ඇත්පන්නී ය. ඔවුන් එක්බිති ගෙලෙන් ගල7 පැහැර යන අස්පන්නි ය. ඔවුන් එක් බිති එහි එහි පැහැර සිටි රථපන්නි ය. ඔවුන් එක්බිති දස රියෙන් දසරිසෙහි පැහැර සිටි යොධයහ. ඔවුන් එක්බිති තමන් තමනට නිසි ආභරණසම්පත්තීන් චොරජනා අටළොස්සේනි හ යි යම්සේ කෙලවර සිට වුහුටු සරයෙක් රදු කරා නො පැමිණේ ද, එසෙයින් ජීව‍කයෝ රජුගේ පිරිස් සංවිධාන කොට “ඉදින් රජහට කිසි උපද්ර්වයෙක් වේ නම් , හැම දෙනා හට පෙරට ව රජහට දිවි දෙමි”යි තුමුහු රජු8 වැළැතගෙණ යෙති. ලියවැටමිණිදඬුවැටපහන් මෙතෙක් සිය යැ, මෙතෙක් දහස යැ, යන පමණ නැති.

මෙසේ මහත් රාජානුභාවයෙන් එ රජ දෙතිස්මහදොරක් හා සුසැට සුළුදොරක් හා ඇති රජගහානුවරැ පැදුම්දෙසෙහි දොරින් නික්මැ නුවර පවුර හා ගිජකුළුපව්ව හා දෙඅතු රෙහි ජීවකයන්ගේ අඹවනයට වෙත් ව ගියේ. එකල්හි “බුදුන් කරා යනකලැ නිශ්හබ්ද වු ගිය මැනැවැ”යි රජ ගෙහි ම සිටැ ජීවකයන් කියෙන්9 බෙර නො ගැසිය දී මහත් කොට නො බිනිය දි යන රජහට භය උපන. කුමකට ය? යත්:- “අඹතෙළෙස්යල් සියක් සතුන් වසන අඹවනයේ කිබිස්නා හ‍ඬෙකුදු පොවා නැති. ජීවක මා නුවරින් පිටතට නෙරැ ගෙණැ පෙරටින් බලකායක් දක්වා මා මරා තෙමේ රජ වියටි ය. මේ පස්ඇතක්හට බල ඇත්තේ ය.

1.එක්බිති කුදු.    2.ඇමැති.    3.මු. මහාමාත්යකයහ.   4.සතසහස්සග්ස

නිකානි- සුමංගලවිලාසිනි. 5.දසදහසක්. 6.මු. බෙළෙ ය: බැල ය: 7:ගෙළ. 8. රජුට. 9. කි සෙයින්.


රාජ දමනය 93


මා වැළැන ගෙණ යෙයි. මා කෙරෙහි ආයුධ ගත් එක පුරුෂ යෙකුදු නැති. මට කැරුණේ මහත් පිරිණෙකැ”යි සිතා බියපත් ව “ජීයකය, මා නො නස්හි දු?” කීය.

එකල්හි ජීවකයෝ “මේ රජ මාගේ මාත්රාහ නොදන්නී. මම් ලිහිඬින්ලකුදු දිවි නො ගළවමි. රජු නො අස්වැසීමු නම්, නස්සි”යි සිතා තර කොට අස්වසන්නාහු “මහරජ, නො බා.නො බා. තෙලෙ බලා ගණැ.මණ්ඩලමාලයෙහි පහන් දිලියෙන් නාහ”යි (?) කීහ එකල්හි රජ දොරටුයෙන් පිටත මැ සිටැ ඇත්පිටින් බට. බැසැ බිමැ සිටි විගසැ මැ බුදුන්ගේ තේජස් රජු වෙර පහළ. එකල්හි රජහට එකෙණෙහි සියල්සිරිරින් සෙවද [ව‍ැහින]හන්සළු පෙළා පියන පමණ වි ය. තමාගේ අපරාධ සඳහන් කෙළේ. මහත් භය උපන.

හේ ඉඳුරා බුදුන් කරා යන්නට නො පොහොසත් වුයේ ජීවකයන් අතැ ගෙණ අරම් සැරිසරත්නක්හු සෙයින් “ජීවකය, තා මේ කැරැවු සේ යහපත. මේ කැරැවු සේ යහපතැ”යි ගුණ කියමින් අනුක්ර්මයෙන් මණ්ඩලමාළයට සම්ප්රාකප්ත වැ “බුදුහු, සබඳ, කොහි? ය”යි පිළිවිත්. කුමට පුළුවුස්සි? යත්:- ඇතැම්හු ‘නො අඳුනන්නෙත් පිලිවිත’ යෙත්. අකාරණයැ. මේ ලදරු කලැ පියරජු හා ගොස් බුදුන් දුටුවිරීය. පැසුළු පාප මිත්ර?යන්ගේ සසගීන්1 පියරජහු මරා බුදුන් මරන්නට දුනුවා වන් මෙහෙයා නාලාගිරිහි විහිදු මහත් අපරාධයක් කොට සිටියෙන් බුදුන් කරා නොවන්නා මිසැ නොහඳුනන්නේ නො වෙයි. බුදුහු වනාහි දෙතිස්වරලකුණෙන් හා අසු අනුව්යකඤ්ජනයෙන් සැදි සිරිරු ඇතියව්හ. සවණක්රැසින් දිලියෙමින් සියලු අරම් බබුලුවා තරු පිරිවරණලද පුන්සඳක් සෙයින් මහණගණා පිරිවරා මණ්ඩලමාළමධ්යදයෙහි වැඩ හුන් ආහ බුදුන් කවුරු නො හඳුනති?2 මේරජ තමාගේ ඉසුරු ලීලා යෙන් පිළිවිත. හඳුනතුදු නොහඳුනනවන් වැ පුළුවුස්නේ රජුන්ගේ සිරිති ජි කායෝ වනාහි රජුගේ බස් අසා “මේ රජ පෙළෙවැ3 සිට ‘පොළොම් කො හි ය?’ යන්නක්හු වැන්න අහස් බලා ‘හිරි සඳ කෙ හි ය? යන්නක්හු වැන්න මෙරමුලැ සිටැ ‘මෙරගල කොහි ය‍? යන්නක්හු වැන්න. බුදුන් පෙරව් සිටැ බුදුහු කොහි ය?’යි පුළුවුස්නේය. එසේ බැවින් මොහු බුදුන් දක්වමි” ඇදිලි බැඳ “මහරජ, පෙරට මොහු6 අප සම්මාසම්බුදුහ. මැද ටැඹ තිසා පැදුම්දස බලා සඟපිරිස් පිරි වරා වැඩහුන්නාහ”යි කීහු.

1.සැසැඟින්,      2.කවර නො පඳුනෙති,      3. පොළොව,      4.හිර,
5. මු පෙරටොහු,


94 අමාවතුර


රජ බුදුන් කරා එළැඹ සඟනට ගහට නො කොට් එක් තැනෙක්හි බුදුන් නො වැඳ ම සිට, නිවාතනැනෙක්හි පිපි රත්පියුම්වනයක් සෙයින්, නො බැණ ම වැඩහුන් සඟුන් දිව. එහි එක්කෙනෙකු අතක් සොල්වනුවෝ නො ද. ඇති පයක් සොල්වනුවෝ නො ද ඇති. සව්බරණින් සැදි නළුපීරිස් පිරිවරා බුදුන් පෙරට සිටි රජ හෝ රජපිරිස් හෝ එක්කෙනෙකුදු නො බැලුහ. හැම සඟහු ම සවණක් පැහැයෙන් දිලියෙන බුදුන් බලා වැඩහුන්හු. රජ සඟුන්ගේ උපසමයෙහි පැහැද, මඩ නැති පහන්විලක් සෙයින්, සන්හුන් ඉඳුරන් ඇති සඟුන් මෙ පුනපුනා බලා “මෙ උපසමය මපුතු උදාකුමරහට වේව”යි සිතා උදන් ඇති. ඔහු පැවිජි ව මේ සඟුන් සෙයින් උපශාන්ත වනු සඳහා නො වෙසි, මෙරජ සඟුන් දැක පැහැද පුතු සඳහන් කෙළේ. දිලිඬ්දයක් ලදින් හෝ අපුම් දැක් දැක් හෝ ප්රි ය වු නෑයන් මිතුරන් සඳහන් කරුණු ලෝක‍යාගේ සිරිති.

එසඳ බුදුහු රජුගේ සිත්හසර දැකැ “මේ රජ මා හා සමග කථා කරන්නට නොපොහොසත් වුයේ බීක්සඟුන් බලා පුතු සඳහන් කෙළේ. මා නො බණන කල්හි මෙරජ කිසි දැයක් කියන්නට නො තිස්ස. මුහු හා සමග කථා කළ මැනැවැ”යි “මහරජ, යම් සේ උස්තැනැ වට දිය නතුතැනට යේද, එසේ සිත් ම සිත් ත1 පුතු කරා නතු වී ය”යි වදාළෝ. එසඳ රජු සතුටු වැ “බුදුගුණ අචින්ත්ය පරිදි මම් දත් දත්මි. මා සේ බුදුනට අපරාධ කළ කෙනෙක් නම් නැති මා මැ විසින් බුදුන්ගේ අගුවටා2 රජ මරණලද. දෙව්දත් කියමන් ගෙණ දුනුවාවන් මෙහෙයීමි.නාලාගිරිහි විහිද්විමි. මා නිසාය දෙව් දත්හු සල්කුළු වුහුවුයේ3. මෙසේ අපරාධ ඇති මට බුදුහු ප්රි යතෙපුල් කරණ දැ ය. අහෝ! යහහා!!4 බුදුහු පස්වැදැ රුව තාදිගුණයෙහි පිහිටියාහ. මෙබඳු ගුණ මුහුදු ස්ථරුන් තබා බැර ස්ථරුන් පිරියෙස්සම්හ”යි සොම්නස් වැ පුතු තම භට පිරිස පරිදි කියා‍, බුදුන් පසඟ පිහිටුවා වැද, “සඟුන් වඳුත් බුදුනට පිටි පා වැන්ද මනා වෙ”යි සඟනට ඇදිලි බැඳ එකත්පස් වැ හිඳ පැන පුළුවුස්නට අවසර යත්.

එසඳ බුදුහු “රිසිසුනුදයක්5 පුළුවුස, මහරජ”යි සර්ව ඥ පව්රුණෙන් පැවරූහු. මෙසේ බුදුන්සර්ව ඥපවරුණෙන් පැවරූ කල්හි රජ පැන පුළුවුස්නේ “වහන්සේ, ඇත්ඇරූ අස්අරූ රිය සැරි ආදීහු තමන් දන්නා ශිල්පයෙහි ඵල මෙ ම ජන්මයෙහි’ ලැබෙති. රජකුලෙන් මහත් සම්පත් ලදින් තුමුහු දු

1. තමා  2. අක්වාටා  3.වුහුවුයේ ය  4.යගත  5.දෙයස්


රාජ දමනය 95


සුවයෙන් වැටෙති. මවුපියනුදු අඹුදරුවනුදු මිත්රවයනුදු ඇමැත් තනුදු සුවයෙන් පස්වටතී. මහණ බමුණනට, සුගතියැ උපැද මහත් සම්පත් වළඳනට නිසි, දනුදු දෙතී. වහන්සේ, එසෙයින් ම මෙ ම ජන්මයෙහි මහණුවමැ ඵල දැක්විය හැක්ක හො?” යි පිළිවිත. බුදුහු පැන නො විසජා ම සිතූහු: “තීත්ථිමකයන්ගේ ලද ගත් බොහෝ ඇමැත්තෝ මෙයට ආවාහ. හළ මනා පක්ෂර ය දු ගත මනා පක්ෂ්යදු දක්වා කියනකල්හි “අප මහරජ මෙයට මහත් උත්සාහයෙන් මෙ අයැ. ඔහු ආතැන් පටන් ගෙණ මහණ ගොයුම්හ මහණුන්ගේ කෝලාහල හා සටන් කියති’යි මුමුනනු වෙති. සකස් කොට බණ නො අසති. රජු කියනකලට දහනට නො තිස්සහ. රජු ම අනුව පමනිති. එබැවින් රජු ම භාර කළ මැනැවැ”යි “මහරජ, මෙ පැන සෙසු මහණබමුණන් පුළුවුත් විරියෙක් හා ඇද්ද? ඔවුනොවුන් කී දෑ තා සඳහන් ඇත් හොත්, යා”යි වදාළහ.

එකල රජ “පණ්ඩිතප්රඇතිරූපකයනට කියනු දුකැ. ඔහු පෙදෙහි පෙදෙහි අකුරෙහි අකුරෙහි දොස් ‍දෙති. එකානත පණ්ඩිතයෝ වු කලැ කියනු අසා මනා කොට කිව, පසස්ති. නෙසේ1 කී දැයක් ඇත*, ඉදි කොට දෙති. බුදුන් හා සම එකානතපණ්ඩිතකෙනෙක් ඇත්තාහු නො වෙති. එබැවින් කිව මැනැවැ”යි සිතා “වහන්සේ, මම එක්සමයෙක්හි පුරණකස්සප නම් නුවටහු කරා ගොස් මෙ ම නියායෙන් පැන පුළුවුත්මි. හේ ‘පව්කැමි දු පින්කම් දු ඵල නැති’ යනාදි විසින් තමාගේ දර්ශටන කී ය. ‘අම්බං පුටෙඨ, ලබුජං ව්යානකරෙය්ය‍’ යනු සෙයින් මා පුළුවුත්තා තබා අනෙකක් කී ය2. මම ඔහු කී දැය නො ගිවිසැ ‘අසුවල් රජ තමාගේ විජිතයට ගිය මහණබමුණනට මේනම් දෙයක් කෙළේ ල’ යනු නො කියවුව මැනැවින්, නො බැණ නැඟී ගියෙමි”කි ය. මේ නියායෙන් සනුවටජරන් කරා එළබැ පැන පුළුවුත් සේ, ඔවුන් තමා පුළුවුතුදෑ තබා තමන් තමන් දර්ශවන දැක්වු සේ, එහි තමා නොසතුටු සේ කියා “වහන්සේ, මම් වැලි පෙළා තෙල් නො ලබන්නක්හු සෙයින් තිථසන්ගේ3 දශ්න් දයෙහි සාරයක් නො ලදින් වහන්සේ පැන පුළුවුස්නට ආමි. වහන්සේ, මෙ මැ ජන්මයෙහි මහණුවමැ ඵල දැක්විය හැක්ක හො?”යි කී ය.

එකල බුදුහු “කියන මහරජ, තා මැ4 පුළුවුස්මි. තාගේ කීකරු දසෙක් ‘පිණැ5 ඵල පෙළහර යැ. මෙ අජාසත් රජු දු

1.තෙසෙ.  *දුක්කර්ථ5තෙ - පාලි     2.මු. කියයි. කියා-ඇතැම්

3.තීර්ථකයන්ගේ 4.මු. තා මම 5.පින්


96 අමාවතුර


මිනිසැ. මම ද මිනිස්මි. මෙරජ පස්කම්ගුණෙන් පිණපිණා රජ රජ කෙරෙයි. දෙව් රජක්හු වැන්න. මම් ඔහුගේ දස්මි. මා ‍මුහු සේ මැ පින් කළ මැනැව. ඉදින් දන් දෙම් නම්, රජු එක් දවසක් දුන් දන් සියක්ගාතකළකලැ එයින් එක්බාගයක් පමණ දනක් මම් දිවිපමණින් දෙන්ට නො නිස්සෙමි. ඕස, මා පාවිජි ව සිල් රැක්ක මැනැවැ”යි පැවිජි වෙයි1. පැවිජි වැ සිල්වත් වැ අපිස්සතොස් වැ වෙසෙයි. ඔහු එසේ වසන කලැ ‘මා දසු මට මෙහෙයට එන්නේ ය’යි හා කියහි ද?”යි වදාළහ. “වහන්සේ, එසේ නො කියම්හ. ඇපි මැ ඔහු වැඳ පුදාදත් දෙම්හ”යි කී යැ. “කියඟ මහරජ ඉදින් එය එසේ වී නම් මෙම ජන්මයෙහි මහණුවමැ මේ ඵල නො වේ ද?”යි වදාළහ. “වහන්සේ, එකාන්තයෙන් මෙ මැ ජන්මයෙහි මහණුවමැ මේ ඵල ය”යි කී යැ. “මහරජ, මෙසේ මා විසින් මෙ ම ජන්මයෙහි මහණු වමැ පළමුවන ඵල පණවනලදැ”යි වදාළහ. “වහන්සේ, මෙසේ හිත් ම මහණුවමැ මේ ජන්මයෙහි මැ අනෙක් ඵලයක් හා පැණ විය හැක්කහො?”යි කීයැ. “මහරජ, එයින් තා පුළුවුස්මි. නට උපයා දෙන ගොවියෙක් තාගේ විධි දැක ‘මයිදු පින් කළ මැනැවැ’යි කුදුමහත් සැපත් පියා පැවිජි වැ සිල්වත්ගුණවත් වැ වැටෙයි.ඔහු එසේ වසනකලැ ‘මාගේ ගොවිනි මව උපයා දෙන්ට එන්නේ ය’යි හා කියහි දැ?”යි වදාළෝ. “වහන්සේ, එසේ නො කියම්හ2 ඇපි මැ ඔහු වැඳ පුදා සතරසසයෙන් දන් දෙම්හ”යි කීය, “කියහ, මහරජ, ඉදින් එසේ වේ නම්, මෙ ම ජන්මයෙහි මහණුවමැ මේ ඵල වේ ද? යි නො වේදැ?”යි වදාලෝ, “වහන්සේ, එතානතයෙන් මැ මෙ මැ ජන්මයෙහි මහණුවමැ ඵල ය”යි කී ය. “මහරජ, මෙසේ මා විසින් මෙ ම ජන්මයෙහි මහණුවමැ දෙවන ඵල පණවනලදැ”යි වදාළෝ.

“වහන්සේ, මෙ ම ජන්මයෛහි මෙයට වැඩි මහණුවමැ අනෙක් අතිශසඵලයක් හා පැන්විය හැක්ක හො?”යි කීයැ. “ඔය, මහරජ, අසා දනැ”යි- ඉඩ තථාගතො ලොකො උප්පජ්ජති අරහං සම්මා සම්බු‍ඬො” යනාදී ක්රොමයෙන් බු‍ඬොත්පාදයෙහි පටන් ගෙණ අර්හත්ඵලය පය්ය්උර්න්ත කොට අහස්ගත චතුර සෙයින් ධර්ම් දෙසා “මහරජ, මෙ ම ජන්මයෙහි මහණුවමැ මේ ඵලය. මෙයට වඩා උතුම් අනෙක් අතිශයඵලයෙක් නැතැයි” වදාළෝ මෙහි විස්තර දික්සහියැ සාම ඤඤඵලසුතින් දන්නේ යැ.

එකල්හි රජ තන්හි තන්හි සාධුකාර දී ආදිමධ්යාජවසාන පහසා සකස් කොට අසා “මම මෙ පැනයක් බොහෝ දවසක්

1 වි යැ.       2. කියමි.


රාජ දමනය 97


බොහෝ මහණබමුණන් පුළුවුස්නෙම් තොහො කොටන්නක්හු සෙයින් කිසි සාරයක් නො ලදුමි. බුදුන්ගේ ගුණසපුව මහතැ. බුදුන්වහන්සේ මට පහන් දහස් දල්වා1 අලු කරන්නක්හු සෙයින් මෙ පැන විසජුහ. බොහෝ දවසක් මම් බුදුන්ගේ ගුණානු භාව නො දැනැ බැදිනිමි” සිතා බුදුගුණ සඳහන් කිරීමෙන් උපන් පස්වණක් ප්රීනතින් ඇති වැ “දිවි පියම් තිදු සරණ නො පියමි. තුණුරුවන් සරණ ගොස් “ඉදින් මා තිසුණු කඩුයෙකින් හිස් සිඳිත් නම්, බුදුන් ‘නො බුදුහ’යි නො ද කියමි. දහම් ‘නොදහමැ’ යි නො ද කියමි.සතහු ‘තොසත හ’යි නො ද කියමි. මා සරණ ගියබව උපාසකටව කැපහරු බව් දන්නේ මැනැව”යි දන්ව‍ා තමා පියා ධම්රජහු මැරූ විරද කමවා වැද තුන් යලක් පැදකුණු කොට නීයරැසින් දිලියෙන ඇදිලි මුදුනෙහි පිහිටුවා සැණෙන් තාක් තැන බුදුනට අභිමුඛ වෙමින් ගොස් දසුන්2 විජහන තැන සිට බිම පසඟ පිහිටුවා වැඳ බුදුන්ගේ ගුණ සඳහන් කෙරෙමින් නුවර ගියේ.

ඔහු ගියකලැ බුදුහු “මහණෙනි, මෙ රජ පියා නොමැ රුසේ වී නම් , දැන් මෙහිමැ හිඳැ සෝව‍ාන් වුයේ ය. පාපමිත්ර, සංසර්ගියෙන් එයට අන්තරාය විය. එතෙකුදු වත් හොත් යම් හෙතුවකින් මෙ රජ තථාගතයා කරා එළබැ තුණුරුවන්හි සරණ ගියේ ද, ඒ හේතුවින් මාගේ සස්නෙහි මහතින්, යම් සේ කිසි වෙක් මිනිසකු මරා මල්මිටක් පමණ දඩ දි ගැලවේද, එසෙ සින් මා මෙ රජ ලොහොකුඹුනිරයැ උපැදැ තිස්වාදහසෙකින් පත්ලට බැස තිස්වාදහසෙකින් සැළමුවවිටට නැඟී ගැලවී යෙ”යි වදාළෝ.

මෙ රජ පියා මැරූ තැන් පටන් ගෙණ රෑදාවල් නිදි නො ලැ‍පබෙයි. බුදුන් කරා එළැඹැ මියුරු ඔජ ඇති ධම්දෙසුන් ඇසු තැන් පටන් ගෙණ නිදි ලද. තුණුරුවන්ට මහත් සත්කාර කෙළේ., පුහුදුන් සැදැහැවතුන් කෙරෙහි මෙ රජු හා සමයෝ නැති අනාගතයෙහි විදිතවෙසස් නම් පසේබුදු වැ පිරිනිවෙයි.

මෙසෙයින් බුදුන් තමන් ‘පුරුෂදම්ය සාරපී’ වන බැවින් අජාසත් රජුන් පුළුවුන් පැන විසඳා3 ධම් දෙසා සරණසිලැ පිහිටවා ආදිශබ්දයෙන් පයාසි, සොත්සි ඈ රජුන් දමා අමාමහ නිවන් පැමිණිවුහු.


රාජදමන නම් සවන පරිච්ඡෙදය නිමි.


1. ලවා        2. මු. දසු         3. විසජා
"https://si.wikibooks.org/w/index.php?title=අමාවතුර-vi&oldid=4936" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි