අමාවතුර-viii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

8. පර්ච්ඡෙදය.


පරිබ්‍රාජක දමනය[සංස්කරණය]

සහිය නම් පරිබ්රා ජකයා දැමු පරිදි කීසේ යැ? යත්:- එක් සමයෙක්හි බුදුහු රජගහානුවර නිසා ගන නිල් වේළුවෙනෙන් පිරිබෙව්5ලද වනබැවින් වේළුවන නම් ලද අටළොස්හත්පවුරු හා දොරටු ඇති පරමරමණීයවවු උයන්හි වැඩවෙසෙති. එකල්හි සහිය නම් පරිබ්රා්ජකයෙක් ගොස් බුදුන් පැන පිළිවිත්. ඒ කීසේ යත්:-

පෙර කසුබුසම්මාසම්බුදුන් වහන්සේ නොඑක් කප්කෙළ සුවහස් මතුයෙහි පැරුම්පුරා අවුදු තුසීපුරෙහි උපැද දසදහස් ලෝඩාහි දෙව්. බඹුන්ගේ අයජමෙන්, මිනිසුන් විසිවාදහසකට

1.වුකල විපාක නොදෙන බව-හැම.  2.අත්ඩවත්.   3.පතානට. ප්රා.රිථනාවට.   4.මු. කසුබු. කඩුබු.ඇතැම්   5.පිළිබෙව්.


99 අමාවතුර


ආ ඇති කල්හි, තුසීපුරෙන් සැවැ බරණැස්නුවර බ්රනහ්මදත්ත නම් බමුණා පිණිස ධනපතී නම් බැමිණිය කුසැ පිළිසිඳ ගෙණ, දසමස් ඇවෑමෙන් ජසිපතන්උයන්හි මවුකුසින් කික්ම, ගොත් විසින් කසුබු නම් වැ, හංසවත් නම් යගොවන් නම් ශ්රී,නන් දන1 නම් තුන්පහයැ අටසාළිස්දහසක් නළුවන් පිරිවරා දෙවා දහසක් ගිහිගෙයි වාසය කොට, අගමෙහෙසුන්2 සුනන්දහ නම් බැමිණිය විජිතසෙන නම් පුතකු ලදකලිහි, සතර නිමිත්ත දැකැ “මහභිනික්මන් කෙරෙමි”යි සිතූ විිගස පහය අහසට නැඟී මහජනා නුවන්මන3 වුලුඹුමිත් ගොස් නුගමහබෝ ඇතුළු කොට බිම පිහිටිකල්හි, පහයින් නික්මැ පැවිජි වැ, නළුගණා පහසින් බැසැ අඩගව්වක්4 පමණ තැන් ගොස් සහපිරිවරින් කඳවුරු බැඳ සුන්කල්හි, තමන් අනුව පැවිජි වු කෙළක් පමණ දෙනා පිරිවරා සතියක් පඩන්හි සැරැ, සුනන්දම නම් බැමිණිය දුන් මී පිඬු වලඳා කිහිරිධනයෙහි දිවාවිහාර කොටැ, සවස්හි සොධ නම් යවපාලකයක්හු දුන් අටමිටක් කුසතණ ගෙණ නුගරුක්මුලට එළැඹ තුන්යලක් පැදකුණු කොට පසළොස්ගත් තණපලන මතුයෙහි පැදුම්ලෝඩ‍ා බලා වැඩහිඳ මාරවිජයකොට සම්මාසම්බුදු වැ උදන් අනා සත්සතිය ගලවා5 මහබඹහුගේ අයජමෙන් අහසින් ගොස් ඉසිපතන්හි ධම්සක් පවත්වා කෙළදහස් දෙනා සසර මුහුදින් නගා තිස් නම් භාරමාජ නම් දෙඅහසව්වන්6 හා යව් මිත්රි නම් අගඋවටා මහතෙරුන් හ‍ා අනුලා නම් උරුවෙලා නම් දෙඅගසැව්වන්8 හා සමග අනේදහස් සඟුන් පිරිවරා, නො එක්දහස් මිණිදඹුවැටපහන් මැදැ දිලියෙන පහන්රුකක් සෙයින් වොරජමින්, සැරිසැරැ දහම්වාරේ වස්වා කෙලෙස්රජසළා සන්හිඳුවා සොළොස්වාදහසක් සිට කසීරට සෙතව්යරපුර නම් නුවර අබියෙස්හි සෙතව්යීවන නම් උයන්හි අනුපායෙස් නිවන් බයින් පිරිනිවියාහ. ධාතු නො සුන් ව කසුන්කඳක් සෙයින් සිටියේ යැ.

සියලු දඹදිව්වැස්සෝ රැස් ව ගනරන්උළුයෙන් යොදුන් උස් දාගබක් බැන්දහ. මෙසේ රුවන්දාගබ් පිහිටි කල්හි කුල දරුවෝ සත්දෙනෙක් බුදුසස්නෙහි මහණ වැ සැරුඅනුරූ කමටහන් ගෙණ පසත්දනවු ගොස් වලැ මහණුවම් කරන්නාහු අතරතුරෙහි බණ අසන්නට නුවර එතී. ආවාහු සඟුන්ගේ පිළි වෙත් නොපෙළහර සේ දැකැ “සස්න අතුරුඩන් නොවනතුරු අපට පිහිට කොට ගතමැනැවැ”යි රුවන්දාගබ් වැඳැ අරණ්ය යට8

1.ශ්රීැනන්ද.  2.මෙහෙසින්.  3.මු. මනනුවන්.  4.පහසින් බා දෙගව්වක්.  5.යවා ගල්වා.     6.සවුන්.     7.මු. සැවුන්; සව්වන්.    8.අරණ්යලපුරට.



පරිබ්රා්ජක දමනය 99


වැද එක් පර්වරතයක් දැකැ “දිවියෙහි ආශා ඇති කෙනකුන් නවත්නේ. නැති කෙනකුන් නැගෙන්නේ ය”යි ගිණි බැද හැමදෙන ම පර්ව තයට නැඟී ගිණි හෙළාපියා මහණුවම් කොළෝ.

ඔවුන් කෙරෙහි මහලු මහතෙරහු තමන් උපනිඃශ්රපය ඇති වන බැවින් එ ම දා රෑ රාත් වැ සෘඬින් නිමව්වට ගොස් අනු තත්දහතෙළෙහි මුව දෙවැ නාලිය දැහැටු වළඳා උතුරුකුරු දිව් ගොස් බත්කිස නිමවා පා පුරා අහර හා අනුතත්පැන් හා තාලියදැහැවු හ‍ා ගෙණ ඔවුන් කරා අවුදු “ඇවැත්නි, මේ උතුරුකුරුදිවින් අළ බත. මෙ හිමවියෙන් අළ දිය දැහැටැ. මෙ දියෙන් මුව දෙවැ මෙ දැහැටු කා මේ අහර වළඳා මහණුවම් කරව. මෙසෙයින් මම් තොපට හැමකල්හි උපස්ථාන කෙරෙ මි”යි කීහ. “වහන්සේ, පළමු යම්කෙනෙක් රාත් වුහු දු, ඔවුන් අළ අහර වළඳා මහණුවම් කරම්හ යි මුලැ අප කළ ව්යවවස්ථායෙක් ඇද්ද?”යි කීහ. “නැති. ඇවැත්නී,” කීහ. “ඉදින් ඇපි දු තොප සේ ම නිපන්නමෝ නම්. ඇපි මැ ඇරැ1 “වළඳම්හ”යි නො ගිවිස්සහ. අනෙක් දවස් වැළත මහතෙරහු අනාගාමි වැ එසෙයින් මැ අහර හා දියදැහැටු ගෙණැ අවුදු වළඳා මහණුවම් කරන්නට කීහු. “වහන්සේ මහලු මහතෙර අළ අහර නො වළඳා අනුතෙරුන් අළ අහර වළඳම්හයි මුලැ අප කළ ව්යරවස්ථායෙක් ඇද්දැ?”යි කීහ. “නැති. ඇවැත්නී,” කීහ. “ඉදින් ඇපි දු ගොප සේ ම නිපන්නමෝ නම්, ඇපි මැ ඇරැ වළඳම් හ”යි නො ගිවිස්සහ. අනෙක් අනෙක් දවසුදු අවුදු එසෙයින් ඔවුන් අයජනා සේ දුකැ “වහන්සේ, මොිබ හා කරණ කථා මාත්රියෙකුදු අපට ප්රැපඤ්ච ය. මෙසේ ද වඩනේ කුමට දැ?”යි කීහ. ඔහු යම් කවර පරියායෙකින් ඔවුන් නො ගිවිස්සියැ හී නැඟී වැඩියහ.

ඔවුන් කෙරේ රාත් වු මහතෙරහු පිරිනිවියාහ.අනාගාමවු මහතෙරහු සුවදස්3 නම් බඹතෙලෙහි උපන්හ. තුබු පස්දෙන කිසි විශෙෂයක් නො ලදන් වියලී සත්වනදවස් මියැ කච්චජරි දෙව්ලොව්හි උපැද සදෙව්ලොවැ අනුලොම්පිළිලොම්විසින් දෙව්සැපත් වළඳා ‍මෙ4 බුදුරජයෙහි දෙව්ලොවින් සැවැ ඒ ඒ5 කුලෙහි උපන්හු. ඔවුන් කෙරෙහි එක්කෙනෙක් පොක්සිමහ රජ වුහ. එක්කෙනෙක් කුමරකසුබුමහතෙර වුහ. එක්කෙනෙක් දාරුවීරමහතෙර වුහ. එක්කෙනෙක් දබ්මල්පුත්6 මහතෙර වුහ. එක්කෙනෙක් සහියපරිබ්රාබජක වුහ.

1.නම් සසර. 2.ඇත්තේ දැ යි.  3.සුදස්සන නම්.  4.මෙ බව.  5.එක.  6.දම්පල් පුත්තිස.



100 අමාවතුර


එහි සහිය පරිබ්රා.ජිකාවක කුසැ පිළිසිඳ ගත්. කීයේය? යත්:-හෝ එක්තරා රජදුවකැ. ඇය සමයාන්තර උගන්වනු සඳහා එක් පරිබ්රා:ජකයක්හට දක්වා දුන්හ. ඔහු අතැවැසි පරිබ්රා්ජකයෙක් ඇය හා සසඟ කෙළේ. හෝ එයින් ගති ගත. ඇය දැරි ඇති සේ දැකැ පරිබ්රාකජකයෝ නෙරපීහ. හෝ අනික් තැනෙකැ යන්නී අතරමගැ සහායෙන වැදුහ. එයින් ඔහුහ‍ට සහිය නම් කළා. තමා වියපත්කල්හි පරිබ්රාහජකපැවිජි යෙහි පැවිජි වැ නොඑක් වාද උගෙණ මහාවාද1 කරයි.සියලු දඹදිවුතෙලෙහි ඇවිදුනේ තමා හා සුදුසු වාදියකු නො දැකැ නුවරැ දොරැ ආශ්රදමපදයක් කරවාගෙණ රජකුමරු ආදින් හික්මවමින් එහි වෙසෙයි.

එක්ල්හි බුදුහු ධම්සක් පවත්වා අනුක්රවමයෙන් රජගහා නුවර අවුදු වේළුවනඋයන්හිා වැඩවෙසෙති. සේ බුදුනු උපන් බව නො දන්ති. එකල්හි ඔහු හා ගල් නැඟී මහණුවම් කළ සුදවස්වැසි මහබඹ සම්වතින් නැඟී “මම මේ සුවය කාගේ ආනුභාවයෙන් ලදිමි හො?”යි බලනුයේ කසුබුසම්මාම්බුදුන් වහන්සේගේ සස්නෙහි මහණුවම් කළ පරිදි දු ඒ සබදුනුදු සඳහන් කොට “එක්කෙනෙක් පිරිනිවියහ.තුබුවෝ දැන් කොහි ය හො?”යි අවජනේ දෙව්ලොවින් සැවැ දඹදිවැ උපන් බව දැන “ඔවුන් කෙරෙහි සහිය බුදුන් උපන්බව නො දනිතී. ඔහු බුදුන් කරා යන පරිද්දක් කළ මැනැවැ”යි විසිපැනයක් සිතා ගෙණ රෑ අවුදු අහස සිටැ “සහිය, සහිය,”යි කැඳවී. හේ නිඳමින් හොත්තේ තුන්යලක් එ හඬ අසා නික්මැ දිලි යෙන මහබඹහු දැකැ ඇදිලි බැඳ සිටියෙ හි. එස ඳ එ බඹ “සහිය, මම් තට විසිපැනයක් අළමි. උගණැ”යි කියා විසි පැනය කි. පරිබ්රාපජක මහබඹහු කෙරෙහි විසිපැනය පිළිවෙළින් එකවපින් ම උගත. එ ම මහබඹ කුමරකසුබු මහතෙරනට පසළොස්පැනය කීවා සෙයින් ම විසිපැනය ඔහුට කියා දැරු චීර මහතෙරනට කීවා සෙයින් බුදුන් උපන් පරිදි නො කියා “මෙහි අන්ථ සොයන පරිබ්රාබජක තෙමේ මැ බුදුන් හැඳින ගන්නි. මෙයින් පිටත් මහණබමුණන් යස්බව් දන්නි” යන සිතින් “සහිය, යම් මහණෙක් හෝ බමුණෙක් හෝ තා මෙ පැන පුළුවුත්කලැ විසෑජුසේ වී නම්, තෝ උහු කෙරේ බ්රවම්සර වස් සරා”යි කියා බඹලෝ ගියේ.

එ කල්හි සහිය පරිබ්රා,ජක දඹදිවැ ප්රවසිඬ වු බොහෝදෙනා විසින් සම්මත වු පන්සිය ශිෂ්යවපරිවාර ඇති පුරණකස්සප ය, මක්ඛලිගොසාල ය, අජිතකෙසකම්බල ය, පකුධ

1.මා හා වාද කරයි - මහාවාදි හුත්වාි - පාලි   2.බ්රහහ්මසර.



පරිබ්රාසජක දමනය 101


කම්චායන ය, සඤ්ජයබෙලට්ඨිපුත්රහ ය, නිගණ්ඨවනාතපුත්රි ය යන “සව්නේ ගෙවා දත්මහ, බුදුම්හ”යි පිළිණ කරණ නුවටැජරන් සදෙනා කරා ගොස් පැන පුළුවුස්සි. ඔහු එපැන නො විසැජිය හී ක්රොාධ කොට දැහැවැ උහු ම පුළුවුස්ති. හේ ඔවුන් සිස් සේ දැකැ යම්තෙනෙකැ සාරයක් නොදැක “ගිහිමිනිස් ව පස්කහ්ගුණ අනුභව කළ මැනැවැ”යි සිතී. එක්බිති “මහණ ගොයුම් සා‍ධුජනයන් විසින් සම්මත යැ. ඔහු කරා ගොස් පැන පුළුවුස්මි”යි සිතී.

එක්බිති “මේ වැනි මහලු සම්දරු වැ සිටි නුවටැජරන් නො විසැජු පැන ලදරු මහණගොයුම් මැ කුමක් විසජා?”යි සිතී. එක්බිති විතක්විසි නො ව වැළී දු පිරික්සනුයේ “මහණුන් දරුවහ යි අවඥා නො කළ මැනැවැ. ඔහුදු මහත් සාධි ඇති. මහත් ආනුභාව ඇති1. මහණගොයුම්හු කරා ගොස් මේ පැන පුළුවුත මැනැව”යි අනුක්රවමයෙන් සැරිසරමින් රජගහානුවර ගොස් වේළුවනවෙහෙරැ බුදුන් කරා එළබැ සාමිචි කොට එකත්පස් ව හිඳ බුදුන්ගේ රූපසම්පත්තීන් හා උපසම්සම්පත් තීන් හැ‍ඟෙන සර්වපඥභාවයේ බුහුමන් කොට සන්හුන් සිත් ඇති වැ පැන පුළුවුස්නට අවසර ගත්. එසඳ බුද්හු “සහිය, තෝ පැන විසජනුවන් සොයා සත්සියක් යොජුන් තැන් ඇවිද දුර සිටැ ආයෙහි. තා කැමැති දැයක් පුළුවුස. මම් එ කියමි” සර්වැඥපවරුණෙන් පැවරූහ. එකල්හි සහියපරිබ්රා ජක විස්මිත වැ”සෙසු මහණ බමුණන් කෙරේ මෙපමණ අවකාශයකුද් නො ලද්මි” සතුටු වැ විසි පැනය පිළිවෙළින් පිළිවින. බුදුහු නිරවශෙෂයෙන් විසැජුහු. පරිබ්රාිජකයා පැන පුළුවුන් පරිදි දු බුදුන්2 විසැජු පරිදි දු සුත්තභිපාතයෙහි ස හි ය සු ති න් දන්නේ යැ.

එක්ල්හි සහියපරිබ්රා ජක කැපෙන සැතෙකින් මහනෙල් දඬු කලබක් කපන්නක්හු සෙයින් බුදුන්ගේ විසිතුරු පැන විසජුම් අසා‍ සතුටු සොම්නස් වැ තන්හි තන්හි සාධුකාර දී සමාහාරයෙහි හුනස්නෙන් නැඟී උතුරුසළුව එකස්කොට බුදුනට ඇඳිලි බැඳ—

“යා මෙ කාඬා පුරෙ ආසි තං මෙ ව්යාඟකාසි චක්ඛුම,

අඬා මුනිසි සම්බුඬො නත්ථීෙ නීවරණා තව” 

යනාදි විසින් අට ගාථායෙකින් බුදුනට ස්තුති කොට “වහන්සේ, මා මුඳුනෙහි පලඳනට තොප පාපියුම් දි වදාරව”යි දෙපත්ල ඉල්වා ගෙණ හිස තබාගෙණ පසඟ පිහිටුවා වැඳ තුණුරුවන් සරණ ගොස් පැවිජි අයදි යැ. එසඳැ බුදුහු “සහිය, තීත්වොර්කඅයෝ

1. ඇති වෙති.      2.බුදුන් පැන.




102 අමාවතුර


මෙ සස්නෙහි පැවිජි වනකලැ සාරමසක් පිරිවෙස් වෙසෙති. සාරමස්අවසන්හි ආරාධිත වූ සඟහු පැවිජි කෙරෙති” වදාළෝ. “ඉදින්, වහන්සේ, තීත්ථාකයෝ මෙ සස්නෙහි පැවිජි වියවි කලැ සාරමසක් පිරිවෙස් වෙසෙද්ද, සාරමසක් අවසන්හි ආරාධිත වු සඟහු ඔවුන් පැවිජි කෙරෙද්ද, වහන්සේ, මම් සතරඅවුරුද්දක් පිරිවෙස් වෙසෙමි. සතර අවුරුද්දක් අවසන්හි මා පැවිජි කරන් නේ ය”යි කී යැ. එකල්හි බුදුහු ඔවුන් පැවිජි කැරැවුහු. ඔහු රාත් වුහු.

මෙසෙයින් බුදුහු තමන් “පුරුෂදම්යයසාරපී” වනබැවින් සහිය නම් පරිබ්රාිජකයාද් ආදිශබ්දයෙන් ගත් යකුලුදායි ඈ පරිබ්රාරජකයනුද් දමා අමාමහනිවන් පැමිණිවුහු.


‘පරිබ්රා ජකදවන’ නම් අටවන පරිච්ඡෙදය නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=අමාවතුර-viii&oldid=4938" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි