අමාවතුර-x
10 පරිච්ඡෙදය.
දිගම්බර දමනය
[සංස්කරණය]සාධිකපුත්රන නුවටහ දැමුපරිදි කීයේ ය? යත්:- විසාලානුවරැ සුනක්ධතන නම් ලිච්ඡවිරාපුත්රයයෙක් බුදුසස්නෙහි පැවිජි වැ බුදුනට මෙහෙ කරණුයේ එක් දවසක් බුදුන් කරා එළැබ.
1. බුදුන් පිරිනිවන්. 2. සතළිස්-හැම. 3.පුත්රායදි.
දිගම්බර දමනය 119
“දිවඇස් ලබන්නට ය”යි පිලිවෙත් ඇරැවී ය. ඕහට බුදුහු පිළිවෙත් වදාළහ. හේ වදාළ නියායෙන් පිළිපැද දිවඇස් උපයා දෙවියන්ගේ උයන් විමන් කප්රුක් දැක සව්බරනින් සැදි රූ දැකැ “මොවුන්ගේ හඬ මියුරු වුව මැනැවැ. එ කීයේ අසම හො?”යි සිතා බුදුන් කරා එළඅබ දිවිසෝදා උපදනට නිසි පිළිවෙත් ඇරැවී ය. හේ අතීතයෙහි සිල්වත්. පැවිජිකෙනකුන්කන්සක පැහැර බිහිරි කොටපී යැ. එයින් උහුට දිවසෝධා නො උපද්දි බුදුහු ඒ නො උපදනා සේ දැකැ එයට පිලිවෙත් නො වදාළහ.
හේ එපමණෙකින් බුදුන් කෙරේ වෙර බැඳ සිතී:- “එකාන්තයෙන් මහණගොයුම්හට මෙබඳු සිතක් උපන් සේ ය:- ‘මමත්2 රද්3 දරුයෙමි. මෙයින් රද්4 දරු ය. ඉදින් මොහුගේ නුවණ වැඩියේ වී නම්, මේ සර්ව ඥ වෙ’යි යන සිතින් ඊෂ්යාවයෙන් මට නො කිය”යි සිතා එක් දවසක් බුදුන් කරා එළඹ “වහන්සේ, වහන්සේ පියා5 යෙමි.නිසා නො වෙසෙමි”කී යැ. එකල්හි බුදුහු “තෝ මා නිසා වසායි මා තට කී දැයෙක් ඇද්දැ?”යි වදාළහ. “නැති වහන්සේ,” යි කී යැ. “මම් වහන්සේ නිසා වෙසෙමියි තා මට කී දැයෙක් ඇද්දැ?”යි වදාළහ. එයිද් සේ කී යැ. “මෙසේ තා මට කී දෑ නැත5, මා අතට කී දෑ නැත6, (එසේ) මට කුමට කියහි?”වදාළෝ.”වහන්සේ, මට උතුරුමිනිස්බැමින් පෙළහර නො දක්වන දෑ යැ”යි කී යැ. “තෝඋ මා නිසා වසා. මම නව පෙළහර දක්වමියි මා තට කී දැයෙක් ඇද්දැ?”යි වදාළහ. “නැති. වහන්සේ,”යි කී යැ. “මම් වහන්සේ නිසා වෙසෙමි. මට පෙළහර දක්වන්නේයි තා මට කී දැයෙක් ඇද්දැ?”යි වදාළහ. එයිදු නැති සේ කී යැ. “මා තට ප්රාැතිහාය්ය්.ර් කෙළෙන්6 කිම්? නො කෙළෙන්7 කිම? එයින් තට කවර ප්රරයෝජන යැ?. ඒ කළ දු නොකළ දු මාගේ සස්නට8 වන පිරිහිණි නැති. මම් දෙවිමිනිසුන් අමාමහනිවන් පමුණුවනු සඳහා පැරුම් පිරූයෙමි. ප්රාමතිහාය්ය්මර් කරණු සඳහා පිරූයෙම් නො වෙමි. මා තට කී දෑ. නැත තා මට කී දෑ නැත, (එසේ) මට කුමට කියහි?”වදාළහ. “වහන්සේ, මෙ නම් දැයෙක් ලොකයෙහි අග්ර්ය යි අග පමණක් මට නො වදාරණදු ය”යි කී යැ. “තෝ මා නිසා වසා. මම් තට අග පමණක් කියමි’යි මා තට කී දැයෙක් ඇද්දැ”යි වදාළහ. “නැති වහන්සේ”යි කී යැ. “මම් වහන්සේ කියා වෙසෙමි. මට අග පමණක් කියන්නෙ ය යි තා මට කී දැයෙක් ඇද්දැ”යි වදාළහ. එයිද් නැති කී යැ. “සුනක්ටතනය, ලොකයෙහි මෙනම් දෙයක් අග්රඑ ය යි කියෙත් කිම? නොකියෙන්
1.එරවීය. 2.ඇස් ලැබ උපයා. 3.උපන්නේය. මයිත්. 4.රද 5.එළඹ වහන්සේ පියා. 6.නො වෙමි. 6.නැති. 7.කෙළෙම් 8.සස්න.
110 අමාවතුර
කිම්?. එයින් නිවන් සෑහෙන්නේ නො වේ”යි වදාළහ. සුනක් වත්ත “බුදුන්ගේ ගුණ මකමි” මේ තෙක් විප්රලාප1 බැණ බුදුන්ගේ ගුණකථා අසඅසා පිහිට නොලදින් නො බැණ සිටි යේ යැ.
“සනක්ඛන්තය, විශාලානුවරැ ‘මොහු පෙර2 තුණුරුවන් හි ගුණ කියන කලැ මුව නො පොහොයි. හේ දත් එම මියෙත් අසුණු කියයි. බ්රහම්සරවස් රක්නට නො පොහොසත් වුයේ තමා බාල වන බැවින් තුණුරුවන්හි අසුණු කියා බිහි වැ වැටෙයි3. ‘බුදුහු වු කලි සව්නේ දන්නි. ධම් නිය්යාිණික යැ. සඟහු සුපිලි පන්නාහු’යි කුණුරුවනට සෙතාත්රහ කරණ මිනිස්සු තාගේ දොස් දක්වති” වදාළෝ. මෙසේ කුමට වදාළහ? යත්:- එදොස් උපන්කලැ “සව්නේ දන්නා බුදුහු මෙ දොස් දැක පළමු මට නො වදාළහ”යි නො කියනු සඳහා වදාළෝ.
එක්සමයෙක්හි බුදුහු බුලුජනවු නම් ජනවියෙක්හි උතුරු නම් නියම්ගමෙක් නිසා වැඩවසනුවෝ පෙරවරු *සුනක්ඛත්ත ලිච්ඡවි හා සමග ගමට වැඩියෝ. එකල්හි* කොරකබත්තිය නම් නුවටෙක් ‘බලුතව’ නම් නව කෙරෙයි දෙදණ හා දෙවැළ මිට බිම ඔබා ඇවිද්ද. බල්ලකු සේ බිම කනබොන දෑ හිමැ බලා මියෙන් මැ කයි. මියෙත් මැ බොයි අත් නො පහරවයි. ලුප්4 දොර හළු පීරා වැකැටිගෙණ ගොමි සුනක්ඛත්ත ඔහු දැකැ “මේ රාත් මහණෙක. මොහු හා සම අනෙක් මහණෙක්. ඇත්තේ නො වෙයි. මේ ඇපිස් බැවින් පිළි නො හදි. ප්රතපඤ්චයෙන් භික්ෂාැභාජන නො ගෙණ ඇවිද්දි. බිම ඔත්තා මැ කයි.මේ ය ‘මහණ’ නම් ඇපි කුමන මහණම්හ?”යි සව්නේ දන්නා බුදුන් පස්පස්5 යනුයේ මේ පවිටුයින් සිති.
එසඳැ බුදුහු “මේ සුනක්ඛත්ත පාපාධ්‍් ාශය ඇත්තේ යැ. මුහු දැක කුම සිතී ය හො?”යි බලන්නාහු ඔහුගේ අදහස් දැක “මේ මොසපුරුෂ මා වැනි සව්නේ දන්නා බුදුරජකු6 පස්පස්7 එන්නේ නුවටහු ‘රාත්හ’යි සිතයි. මේ බාලයා දැන්ම නිගන මැනැවැ”යි සිතා “තෝ මෙසේ හීනාධ්යා ශය ඇත්තෙහි. ‘මම් මහණ ශාක්ය‘ පුත්රවයෙමි’ කුමට පිළිණ කෙරෙහි?”වදාළහ. “වහන්සේ, මාගේ කවර වරදක් දැකැ වදාරණ දෑ ය?”යි කී ය. “මේ බලුතව කරණ නුවටහු ‘රාත්හ’යි ගත්හි නො?”යි වදාළහ. “කිම්? වහන්සේ, රාත් බැවැ මසුරු දෑ ය හෝ?”යි කී ය. “මොසපුරුෂය, මම් දෙව්මිනිසුන් රාත් වනු කැමැත්තෙමි. එ මැ සඳහා යැ මා පැරුම් පිරූයේ. රාත් බව් මට මිස අන්නට නො ද වේව’යි යන සිත් නැත්තෙමි.
1.විලාප. 2.නුවර වැස්සේ පෙර-හැම. 3.ගිනි වාවෙයි.*ලකුණු අතර කොටස මුද්රිසත පොතෙහි නො පෙණේ. 4.මු. ලිප් 5.පසු පස. 6.රජෙකු. 7.මට මය.
දිගම්බර දමනය 111
හොරාතන් ‘රාත්හ’ යන පවිටිදිටිහය නට උපන්නේය.එ පියා1 බොහෝකල්හි නට අභිතයට වැටෙයි. තා ‘රාත් ය’යි ගත් කොරක්බත්තිය නම් නුවට සත්දවසෙකින් ආලාස්යියක් ඇති වැ මියැ කාලකඤ්ජක නම් අසුර කායෙහි උපද්දි. එහි ප්රෙවතයන් තුන්ගවු පමණ අත්බව් වෙයි. ලේ මස් නැති වන බැවින් පරණලා වැන්නාහ2. කකුළුවන්ගේ ඇස් සෙයින් ඇස් නික්මැ මුදුනෙහි සිටි. මුවය හිදිකටුසිදක් වැනි වැ මුදුනෙහි මැ සිටි. එයින් ගොදුරු ගන්නාකලැ නැඹුරු වැ මිස නො ගත හෙති. මළ කලැ බිරණත්ථලම්භක නම් සොහොනට ඇදපියති. තෝ කැමැති විහි නම්, උහු කරා ගොස් පිළිවිසැ දනැ”යි වදාළෝ.
සුනක්ඛත්තලිච්ඡවිහි බුදුන් එ ගමැ වළඳා වෙහෙර වැඩිකල්හි කොරක්ඛත්තිය නුවටහු කරා ගොස් “මහණගොයුම ‘තා සත් දවසෙකින් ආලස්යරයක් ඇති වැ මියැ කාලකඤ්ජක නම් අසුර කායෙහි උපදිති3. මළාහු බිරනත්ථකමහක නම් සොහොනැ ඇදපියති’ කී යැ. තෝ මඳ මඳ කොට කා. මඳ මඳ කොට බෝ. මහණගොයුම්හු මුසවායෙන් නිගන්මහ”යි කී යැ. ඒ අසා නුවට බල්ලකු සේ ලුප්4 දොර හොත්තේ හිස ඔසවාගෙණ ඇස වැරැ5 බලනුයේ “කුම කියහි? මහණගොයුම් අප සතුරැ. ඔහු6 උපන් තැන් පටන් ගෙණැ ඇපි හිරු නැඟිකලැ කදොපැණියන් වැනි වුම්හ. එහු එසේ කිව මනා7 මැ යැ අත් සේ කිව්මනා7 මැ යැ සතුරන්ගේ බස් නම් සබා වන්නේ නො වෙයි. තෝ යා. මට කළ මනා දැ8 දන්මි” කියා එහි ම බැස හොත.
එකලැ සුනක්ඛත්තයා බුදුන් නො හදනා එක්දවසකට තුන් වටෙක ‘එක්දා ගියේයි. දෙදා ගියේ’යි.ගොස් ගොස් කියයි. නුවට ඔහුගේ බස් අසා සත්දවසක් නිරාහාර වී ය. සත්වන දවස් උහු ගේ එක් උවටායෙක් “අපගේ මහණු ගෙට නො එන්නේ අදින් සද්ද වෙයි. ලෙඩක් ඇති සේ9 ය”යි හුරුමස් පිසවා බත් ගෙන්වාගෙණ ගොස් පෙරට බිම බහා තිබීය.නුවට බත් දැකැ “මහණගොයුම්හුගේ බස් සබා වත් මැනැවැ. බොරු වත් මැනැවැ. බත් කා සුවයෙන් මළ තැන් මැනැවැ”යි දෙඅත10 දෙදණ බිම ඔබාගෙණ කුස් පුරා කෑ යි.රෑ දිරවන්නට නොපොහොසත් වැ ආලාස්යමයෙන් මියැ කාලකඤ්ජක නම් අසුරකායෙහි උපන් එකල්හි තීථයෝ ඔහු මළ පර්දි අසා දවස් ගැණ බලා “මේ වුකල සබාවි ය. දැන් මොහු අනික් තැනකට ඇදපියා මහණ නොයුම්හු බොරුයෙන් නිගන්මහ”යි ගොස් උහුගේ ශරීරය
1.එ.රියෝ 2.වැන්න. 3.උපද්දි. 4.ලිප්. 5.බැවැර. 6.සතුරුහු. 7.මැනැ. 8.කළ මැනැ.දෑ. 9.ඇතියේ. 10.මැනැවැයි බිම ඔබා ගෙන දෙ අත.
112 අමාවතුර
වැලින් බැඳගෙණ අදනාහු “මෙ තැනැ පියම්හ. මේ තැනැ පියම් හ”යි යෙති. ඔවුන් ගිය ගිය තැන් එක්හෙළිවෙයි. ඔහු අදනාහු බිරනත්ථඳම්හක නම් සොහොනට ඇරැ1 සොහොනබව් දැනැ බැහැර ඇදපියම්හ”යි ඇද්දහ. එකල්හි වැල් සිඳීගියේ. පැසුළු සොල්වන්නට නොනිස් වුහු. එහි මැ සිට නැවැත්තාහ.
එකල්හි සුනක්ඛන්තයි “කොරක්ධත්තිය නම් නුවටහු බිරනත්ථ්මහක නම් සොහොනට ඇදපීහ” යනු අසා “මහණ ගොයුම්හුගේ බසැ සැබැව් දෙකක් දුටුම්හ. මළ මිනිස්සු හොත් තැනින් නැඟී අනෙකක්හු හා බණනු නම් ඇත්තේ නො වෙයි. එබැවින් ගොස් පිළිවිස බලනු මැනැවැයි. ඉදින් බිණුයේ වී නම්, යෙදෙයි. නො බිණුයේ වී නම්, මහණලොයුම්හු. මුසවායෙන් නිගන්මි” සොහොනට ගොස් උහු පිට අත්ලෙන් පැහැර “කොරක්ඛත්තිය, කොහි උපන්හි?” පිළිවිත්. හේ “කාලකඤ්ජක නම් අසුරකායෙහි උපන්මි” කියාලා එම තන්හි උඩු බලා හිතැ. මළ මිනිසෙක් නම් නැඟී බණන්නට නිසි නො වෙයි. මෙ කීසේ කී ය? යත්:- බුඬානුභාවයෙන් කී ය.බුදුහු ඔහු අසුර යොනින් ඇරැ ශරීරයෙහි පිළිමුස්වා කියවුහු. මෙ තැන පෙළහර පසෙක් වි. කීයේ ය? යත්:- “සත්දවසින් මියෙ”යි වදාළහ. හේ එසේ මැ මෙළේ. මෙ පළමුවන පෙළහර යැ. “ආතස්යෙයෙකින් මියෙ”යි වදාළහ. හේ එසේ මැ මෙළේ. මේ දෙවන පෙළහර යැ. “කාලකඤ්ජක අසුරයෙන්හි උපද්දි” වදාළහ. හේ එහි මැ උපන. මේ තුන්වන පෙළහර යැ. “බිරනත්ථවම්භක නම් සොහොනට ඇද පියති” වදාළහ. ඔහු එහි මැ ඇරැ දමාපීහ. මේ සතර වන පෙළහර යැ. “උපන්තෙනින් අවුදු සුනක්ඛත්තයා හා බෙණෙ”යි වදාළහ. හේ එසේ මැ වි යැ. මෙ පස්වන පෙළහරයි.
මෙතෙක් පෙළහර දුටු සුනක්ඛත්ත බුදුන් කරා ගොස් වැඳ එකත්පස් වැ හුන්නේ ය. බුදුහු “කියන, සුනක්ඛත්තය, මා කොරක්ඛත්තිය නම් නුවටහු අරභයා කී දෑ නිපන් ද? නො නිපන් දැ?”යි වදාළහ. “නිපන, වහන්සේ” කීයැ. “මෙසේ බැවින් උතුරු මිනිස්ඩැමින් පෙළහර කරණලද ද? නොකරනලද දැ?”යි වදාළහ. “කරණලද, වහන්සේ”යි කී යැ. “මා මෙසේ පෙළහර දක්වන්නාහට2 ‘වහන්සේ මට උතුරුමිනිස්ඩැමින් පෙළහර නො දක්වන දැය යෙහි?” වදාළෝ.
එක්සමයෙක්හි බුදුහු විසාලානුවර නිසා මහවනවෙහෙර වැඩ වෙසෙති.ඤ එකල්හි විසාලානුවරැ කළාරමට්ඨුක නම් නුවටෙක් ලාභයෙහි දු යශස්හි දු අග්රරප්රා ප්ත යැ. හේ සත්
1. ආද. 2. දක්වන්නාහු.
දිගම්බර දමනය 113
ව්රමතපදයක් සමාදන් කොට වැටෙයි. කවර සත් ව්රළතපද යැ? යත්:-“දිවිපමණින් පිළි නො හදිමි” යනු එකෙකැ. “මෙවුත්ධම් නො සෙවෙමි”1 යනු එකෙකැ. “රහමස් මුත් බත්2 නො කමි”යනු එකෙකැ. “පැදුම්දෙසෙත් විසාලානුවරට නුදුරුතන්හි උදෙන නම් දෙවාලය ඉක්මැ නො යෙමි” යනු එකෙකැ. “දකුණුදෙසෙන් ගොතම නම් දෙවාලය ඉක්මැ නො යෙමි” යනු එකෙකැ. උතුරුදෙසෙත් බහුපුත්රමක නම් දෙවාලය ඉක්මැ නො යෙමි”යනු එකෙකැ. පැළදෙයෙන් සතම නම් දෙවාලය ඉක්මැ නො යෙමි” යනු එකෙකැ. හේ මෙසේ සත් ව්රලතපද සමාදන් කළහෙයින් විසාලානුවර වැස්සන් විසින් පුදන ලද.
එකල්හි සුනක්ඛත්තයා බුදුනට මෙහෙ කරණුයේ කළාර මට්ඨුක නම් නුවටහු කරා ගොස් තුන්ලකුණෙන් යුතු පැන පිළිවින. හේ දුදුළු තන්හි ගමන් යන අන්ධයක්හු සෙයින් ඒ ඒ තැන පැකිල ආදි අන්ත නො දැකැ ඇස් පෙරළා ඔහු බලා “නොහික්මුනුහු කෙරේ වුසුයෙහි. අවසර නැතිබව දැන දැන පැන පුළුවුස්සී” කියා “ම් නො සිට නො සිට”යි දැහැමි ය. එකල් හි සුනක්ඛන්තයා “මෙනි රාත්මහණහු කෙරේ ගැහැටිනි. මට3 අකුසල් නො වේව”යි සිතා උළුල්ලෙන් හිඳ “වහන්සේ මට කමන්නේ ය”යි කැමවි. නුවටුදු “මෙතන පටන් ගෙණ පැන නො පුළුවුස්සි දැ”?යි කී යැ. “ඉතා මැනැවැ. නොපුළුවුස්මි4” කී යැ. “එසේ වුවහොත්, යා. කමවි5”නගා යමි.සුනක්ඛත්තයා බුදුන් කරා එළැබ වැඳ එකත්පස් වැ හුන්නේ යැ. “කියග, මොහපුරුෂය, ‘ශාක්යඑපුත්රනයෙමි’ පිළිණ කුමට කෙරෙහි?” වදාළහ. “වහන්සේ, ඒ කුමට වදාරණදෑ ය?යි කී යැ. “තෝ කළාර මට්ඨුක නම් නුවටහු කරා ගොස් පැන පිළිවිසැ ඔහු දහවා ‘මේ රාත්මහණහු මා දැහැවු සේ නො යෙදෙයි. මට අකුසල් නො වේව’යි සිතීහි?” වදාළහ. “කිම වහන්සේ, රාත්බැවැ මසුරු දෑ නො?”යි කී යැ. “මම් නො මසුරුමි. හේ තාගේ පවිටදිටිහයැ. තට බොහෝ කලක් දුකට වැටෙයි. එ පියා”යි වදාරා “තා රාතැ’යි ගත් කළාරමට්ඨුක නම් නුවට මඳ දවසෙකින් මැ පිළි හැඳ කලත්ර ගෙණ රහමස් බත් වළඳ කොට හැම දෙවාලය ඉක්මැ ලාභයෙන් යශසින් පිරිහි මියෙ”යි වදාළහ. හේ හැම ව්ර තපද භෙද කොට ලාභයෙන් යශසින් පිරිහී මෙළේ.
1.සෙවීමි. 2.රහමස් බත්-හැම. 3.ගැහැටනිමි මට. 4.කම වන්නේ. 5.පිලිවුස්මි. 6.කමවමි.
114 අමාවතුර
සුනක්ඛත්ත එපවත් අසා බුදුන් කරා ගියේ. “කියග, සුනක්ඛත්ත, මම් කළාරමට්ඨුක නම් නුවටහු අරභයා යමක් කීම් ද, හේ නිපන්නේ ද? නොනිපන්නේ දැ?”යි වදාළහ.”නිපන වහන්සේ”යි කී යැ. ඔහු සත් ව්රහතපදය ඉක්මැ ගියබව් සත් පෙළහරයක් වන බැවින් “උතුරු මිනිස්ඩැමින් පෙළහර කරණ ලද ද? නො කරණලද දැ?”යි වදාළහ. “කරණ ලද, වහන්සේ”යි කී යැ. “මා මෙසේ පෙළහර නො කරණදෑය’යි කුමට කියහි”වදාළෝ.
එක්බිති පාපිකපුත්ර නම් නුවටෙක් විසාලානුවරැ ලාභයෙහි දු යශස්හි දු අග්ර්ප්රාාප්ත වැ වසනුයේ පිරිසැ මෙසේ කියයි:- “මහණගොයුම් නුවණිත් මැ වාද කෙරෙයි. මම ද නුවණින් මැ වාද කෙරෙමි. හේ යොජනක් තැන වාස කෙරෙමින් සිට මා හා වාදයට දෙගව්වක් තැන් ආයේ වී නම්, මමද උහු කරා දෙගව්වක් තැන් යෙමි. එක් පියවරකුත් වඩා ගියාක්හට ජය වෙයි. නොගියාක්හට පරාජය වෙයි. දෙදෙනමෝ එසේ උතුරු මිනිස්ඩැමින් පෙළහර කරම්හ යි. මහණගොයුම් උතුරු මිනිස්ඩැමින් එක් පෙළහරක් කෙළේ වී නම්, මම් දෙපෙළහරයක් කෙරෙමි. හේ දෙපෙළහරක් කෙලේ වී නම්, මම් සතරපෙළ හරයක් කෙරෙමි. හේ සතරපෙළහරයක් කෙළේ වී න්, මම් අටපෙළහරයක් කෙරෙමි. මහණගොයුම් යම් තාක් පෙළහර කරන්නේ වී නම්, මම් එයින් දියුණු දියුණුකොට කෙරෙමි”යි බුදුන් හා පෙළහර කරන්නට තමා නොනිසිබව් දනුතුදු “උත්තමපුරුෂයන් හා වාදයට නොනිස්සහට දු පුශංසා වේ”යි යනු දැන කී යැ. නුවරවැස්සෝ ඒ අසා “තමා නොනිස් වුවහොත් මෙසේ ගර්ජනා නො කෙරෙයි. එකාන්තයෙන් මෙයිදු රාත් බඳැ”යි1ඕ හට මහත් සත්කාර කොළෝ.
සුනක්ඛත්ත තෙමෙහෙ “පාටිකපුත්රය නම් නුවටහු මෙසේ කියමි”යන් ඇසි යැ. හිනාධ්යා ශය ඇතිවන බැවින් ඕහට හීන යා දක්නා රිසි උපන් හේ බුදුනට වතාවත් කොට, බුදුන් ගඳ කිළියට වන් කලිහි, පාටිකපුත්රයයා කරාගොස් “තෙපි මෙනම් දැයක්2 කියා ල?”යි පිළිවිත. “සැබැව, මා එසේ කීයේ ය”යි කී යැ. “ඉදින් එසේ වී නම්, තෙපි නො බව්. රිසි සේ පුනපුනා එසේ මැ කියව. මම් මහණගොයුම්හුගේ උවටායෙක්මි. ූහු ගේ මාත්රා දන්මි. හේ තොප හා පෙළහර කරන්නට කො තිසුසැ. මම් මහණගොයුම්හට කියා භය උපදවා උහු අනික් තැනකට ගෙණ යෙමි. තෙප්. නො බව”යි උහු අස්වයා.
1. මු. වනැයි. 2.දෙයක්.
දිගම්බර දමනය 115
බැණ බුදුන් කරා ගොස් “වහන්සේ, පාටිකපුත්රය නම් නුවට ‘වහන්සේ හා උතුරුමිනිස්ඩැමින් පෙළහර කෙරෙමි’ යෙ”යි කී යැ. බුදුහ“සුනක්ඛත්තයා, හේ ‘මම් බුදුමි’ යන තෙපුල් නො පියා ‘බුදුමි’යන සිත් නො පියා, ‘බුදුමි’ යන දිට්හ නො විහිද මා කරා එන්නට නො නිස්ස. ඉදින් ආයේ වී නම්, තුවට්යෙන් වගුළ තල්පතක් සෙයින් හෙලෙන් හිස හෝ කඅඩි පලා යෙයි. මුඳුන හෝ සත්කඩක් වැ පැළියෙ”යි වදාඝහ.
එකල්හි සුනක්ඛත්ත “වහන්සේ, තෙල බස් රක්නේ මැනැවැ”යි කී යැ. “එසේ කුමට කියහි?”1 වදාළෙන් “පාටික පුත්රැ තෙමේහෙ ‘බුදුමි’ යන තෙපුල් නො පියා, සිත් නො පියා දිටිහ නො විහිද, සියවෙසින් පැනි හෝ නොපැණි හෝ, සිහවග් ඈ වෙසින් හෝ, වහන්සේ කරා ආයේ වී නම්, භවන්හුගේ මස් බොරු වෙයි මුසවායෙන් නිගන්මහ”යි එ පන්සාළිස් හවුරුද්ද මුළුල්ලෙහි කිවාහු නැත්. ඔහු තමන් සසරැ වසනකලැ “මහරජ, සලගල් සුළඟින් යන්නේ වී නම්, හිරු සඳු දෙදෙන බිමින් යන්නාහු වුහු නම්, හැම ගඟ හෝ උඩුහෝ බලා යන්නේ වී නම්, අහස් පැළෙන්නේ වී නම්, මුහුදු වියලෙන්නේ වී නම්, පොළෝ නස්නේ වී නම්, මෙරගල් සහමුලින් ඉපිර යන්නේ වී නම්, මම් බොරු නො කියමි”යනු දක්වමින් කීහ.
“සචෙ පවතො ගිරි මාවහෙය්යී
චංන්දාෙ ච සුරියො ච ජමා පාතය්යුං්,
සබ්බා ච නජ්ජො පටිසොතං වජෙය්යුංප
න ත්වෙිවහං රාජ මුසා භණෙය්යං්.
නඟං ඵලෙය්ය් උදධි විසුස්සෙ
සංවට්ටයං භූතධරා වසුන්ධ රා,
සිලුච්චයො මෙරු සමුලමුබ්බහෙ
න ත්වෙචවහං රාජ මුසා ඵණෙය්යංම”යි.
මෙසේ තමන් පැරුම්බිමැ සිටිකලැ පොවා මුසවා නො කියනුවෝ දැන් තමන් සව්කෙලෙස් පහා සව්නේ දැන බුදු වැ සිටි කලැ මුසවා කුමට කියනුවහ? “කිම, වහන්සේ පාටිකපුත්රැයා සිත් දැන කියන දෑ ද? නොහොත් දෙවිකෙනෙක් කීහු දැ?”යි කීය. “මම් ඔහු සිත දතිම් ම යැ. දෙවිකෙනෙක් මට කීහු ම යැ.
1.කීහ දැයි. 2.අනෙකෙක්. 3.සඳහිරු. 4.පහයැ.
116 අමාවතුර
ලිච්ඡවිරජුන්ගේ අජිත නම් සේනාපතියෙක් මට උපස්ථාන කොට මියැ තවතිසැදෙව්නුවර උපනැ. එදෙව්පුත් මා කරා අවුදු ‘වහන්සේ, පාටිකපුත්රු නම් නුවට අලජ්ජි යැ. මුසවා කියයි.මිනිස්සු මා සිරිරු හළුකිස කොට පාටිකපුත්රරයා කරා ගොස් ‘අජිතසෙනාපති කොහි උපන හො?”යි පුළුවුත්හ.හේ ‘මහානරකයෙහි උපැද මා කරා අවුදු මම් තොප කීවා නො කොට මහණගොයුම්හුගේ වාදයෙහි සිට නිරයැ උපන්මි වැලැප්පැ’යි කී යැ.නුවරවැස්සනට එසේ මැ කිය යි. “වහන්සේ, මම් නිරයැ නො උපන්මි. තව්තිසැවැසි දෙවියන් කෙරෙහි උපන්මි. වහන්සේ, එ නුවට ‘බ්රවද්මි’ යන තෙපුල් නො පියා, එයිත් නො පියා,එ දිටහ නො විහිද භවත්හු කරා එන්නට නො නිස්සැ?. ආයේ වී නම්, ඔහු මුදුන සත්කඩක් වැ පැළෙ”යි කී යැ. “මම ද දනිම් මැ යැ. සුනක්ඛත්තය, විශාලොනුවර පිඬු සැරැ පස්බතැ දිවාවිහාර සඳහා. පපාටිකපුත්රසයාගේ. අරමට එළබෙමි. දැන් තට රිසියෙන්නේ වී නම්, උහුට කියා”යි වදාළෝ.
බුදුහු “පෙළහර කරන්නට යම්හ”යි නො කියා “දිවාවිහාරයට1 යම්හ” යනු කුමට ය?2 යත්:- හේ බුදුන් දක්නේ නෛා වෙයි. පෙළහර කොහි කෙරෙයි? එයින් එසේ නො කියා “දිවා විහාරයට යම්හ”යි වදාරා, විශාලානුවර වැද අහරකිස සාහා දිවාවිහාර සඳහා බුදුහු පාටිකපුත්රායාගේ අරමට වැඩියෝ. එකල්හි සුනක්ඛත්ත වෙලෙවි වැ ගොස් විසාලා නුවරට වැද ප්රිධාන ලිච්ඡවින් කරා බමුණුමහසල්කුලන් කරා ගැහැවිමහසල් කුලන් කරා. නන්තොටුවන් කරා මහණබමුණන් කරා ගොස් “බුදුහු දිවාවිහාර සඳහා පාටිකපුත්රලයාගේ අරමට එළබියහ. වහා එයට යව. ඒ දෙමහණුන්ගේ ප්රා තිහාය්ය්ිර් බලන්නටය”යි කී යැ. එකල්හි ලිච්ඡවිරජ්ජුරුවෝ ද බමුණුමහසල්කුලෝ ද යැහැවිමහසල්කුලෝ ද නන්තොටිවෝ ද මහණබමුණෝ ද පාටිකාරාමයට ගියෝ. එදවස් එහි අනේසුවහස් මිනිස් පිරිස් වී යැ.
එබඳු මහත් පිරිස් රැස් කරන්නට සුනක්ඛත්තයා හැර අනෙක් කිසිකෙනෙක් ඇත්තාහු නො වෙති3. එයින් බුදුහු ඒ තාක් කල් උහු ගෙණ ඇවිද්දෝ. එකල්හි පාටිකපුත්රඒ නම් නුවට එපවත් ැසා සිතී: “මම් දෙවිමිනිස්නට අගපුඟුල් වැ සිටි ඵවත්ගොයුම්හට විරුධ වීමි. මාගේ ස්තනැ, රාත්බැවෙක් හෝ පෙළහර කරන්නට නිසි ගුණ දැහැමෙක් හෝ නැති.මහණගොයුම් වනාහි පෙළහර කෙරෙයි. උහුගේ පෙළහර දැකැ මහාජනයෝ ‘තෝ පෛළහර කරන්නට නො පෝසත් වුයෙහි.
1. විහාර සඳහා. 2. කුමට වදාළහ. 3. ඇත්තේ නොවෙ යි.
දිගම්බර දමනය 197
තාගේ පමණ නො’දැන ලොකයෙහි අගපුඟුල් වැ සිටි බුදුන් හා සමය මල්ලයුධ: කරන්නක්හු සෙයින් කුමට ගර්චනා කෙළෙහි? යි දඬුබහණින් මා සිපති” යි. මහචනා රැස් වන ඔව් දු? බුදුන් වඩනා බව්දු’ අසා බියපත් වැ, දෙගව්වක් තැන් පලා ගොස් තිඹිරිකණුපිරිවැද්දා අරමට වැද ඇවිදිනේ, අරම් පසතැ එක් ගහනයක් දැකැ එයට වැද පහණක් මත්තේ හුන්නේ යැ.
එකල්හි බුදුහු සිතූහු: “බදින් මේ බාල කිසිවක්හු කියමන් ගෙණ ආයේ වී ‘ නස්සි. ඒ බාල නො නසීවයි. හුත් පහණ උහුගේ ශරීරයෙහි ඇලින. ගේ මහඅදුබදනෙක්හි’ වැසුවාන්හු වැනි වී මයැ. පා සුන්නාක්හු වැනි විහි. එකල්හි පිරිවැස්සෝ “පාටිකපුත්රෙ කොයට ගියේ ය හො ?”යි සොයති. උහු පසුපස් ගොස් වැදහුන් තැන දැකැ ආ එක්තරා පුරුෂයෙක් “තෙපි කා සොයව්?” පිළිවිත. “පාටිකපුත්රායා සොයම්හ”යි කීහු. හේ “තිඹිරිකණුපිරිවැද්දා අරම්හි හුන්නේ ය”යි කී යැ.ඒ අසා පිරිස් වැස්සෝ එක් පුරුෂයක්හු කැදවාගෙණ “තෝ තිඹිරිකණුපිරිවැද්දා අරම්හි ගොස් පාටිකපුත්රේ නම් නුවටහුට ‘තාගේ පෙළහර බලන්නට ලිච්ජවී රජ්ජුරුවෝ ද බමුණු මහ සල්කුලෝ ද ගැහැමි මහසල්කුලෝ ද නන්තොට්වෝ ද මහණ බමුණෝ ද තාගේ” අරඹහි රැස් වුහ. බුදුහු දු දිවාවිහර කොට හුන්නාහ. යහා එන්නේ ය”යි කියා”යි’යවුහු. ඒ පුරුෂ ගොස් එපවත් සැල කොට “එන්නේ ය”යි කී යැ.
එකල්හි පාටිකපුත්රට “එමි. එමි”යි කියා එහි මැ ගැලෙයි. හුනස්නෙන් නො නැංග හෙයි. එසධැ පුරුෂ “තා හිත්ම’ ඇට දක්වා පහණැ ඇලුනේ ද? පහණ තා හික්මෙහි ඇලුනේ ද? ‘එමි. එමි’ කියා එහි ම ගැලෙහි’. අස්නෙන් නො නැංග යෙහි”යි බැණ ඔහු නොනැංගිය හි තෝ “නටියෙහි” යි ගොස් එපවත් පිරිස් වැස්සනට කි යැ. එකල්හි බුදුහු “හේ මා දක්නට නො තිස්සැ. ආයේ වී නම්’ උහු මුදුන පැලෙ”යි වදාළෝ. එකල්හි ලිච්ජවිරජුන්ගේ එක්තරා මහඇමැත්තෙක් හුනස්නෙන් නැගි පිරිස්වැස්සනට “කුඩාතමක් බලව. මම උසු මේ පිරිසට ගෙණ එමි” කියා උහු කරා ගොස් හැමදෙනා රැස්වු සේ
1.මල්ලව යුද්ධ. 2.බැව්නුදු. 3.මහා අදනෙක්හි.4.නුවටහුව කියා-තමාගේ-හැම.5.තමාගේ-හැම.6.කියා යවුහ.7.හිදුම.8.ගැලෙයි.
188 අමාවතුර
”යි කී යැ. කියා’ “මහණ ගොයුම අවුදු තාගේ අරමැ හිදැ තා තමා දක්නට නො නිසි සේ කි ය. තාගේ ගමනින් ම තා දිනුවා’ කරම්හ. මහණ ගොයම්හු පැරැද්දා කරම්හ”යි බැණ, නො ගෙණ යා හී, පිරිසට ගොස් එපවත් සැළකෙළේ. “පාටිකපුත්රි නටියේ ම ය
එකල්හි බුදුහු “හේ මා දක්නට නො නිස්ස. බදින් ආයේ වී නම් හිස සත්කඩක් වැ පැළෙ”යි වදාළහ. ඉදින් ලිච්ජවිහි පාටිකපුත්ර්යා වරඹාගෙන් බැද ගොනුන් සියක් වියෙන් හෝ දහසක් වියෙන් හෝ අදවන්නාහු වුහු නම්, වර හෝ සිදෙයි. බද තැනින් පාටිකපුත්ර්යා හෝ කැඩෙ”යි වදාළහ.
එකල්හි ජාලිය නම් දාරුපත් තිකයා අතැවැස්සෙක් සිති:- “දැන් පෙළහර තිබියේවයි. මහණ ගොයම් ‘පාටිකපුත්රනයා අස්නෙනුදු නො නැංග හෙ’යි කි ය. එසේ බැවින් මම ගොස් කිසියම් උපායෙකින් ඔහු අස්නෙන් නගාපියමි. මෙපමණෙකින් මහණ මහණ ගොයුම්හට පරාජය වෙ”යි සිතා හුනස්නෙන් නැගි පිරිස් වැස්සනට “කුඩානමක් බලව. මම ගොස් උහු අළියෙම් නම් මැනැ මැ ය”යි පාටිකපුත්රබයා කරා ගොස් මහපිරිස් රැස් වු සේ කියා, බුදුන් එ ම අරම්හි දිවාවිහාරගත වැ වැඩහුන් සේ කියා “ ගමනින් මැ තට ජය කරම්හ. මහණ ගොයුම්හට පරාජය කරම්හ”යි බැණ, “එමි, එමි” කියා උහු අස්නෙන් නො නැංග හෙන සේ දැකැ, උහු පරිභුත වු බව් දැන මේ කි යැ:- “පාටිකපුත්රදය, අතීතයෙහි කෙශරසිංහරාජයක්හට මේ වැනි සිතෙත් උපන: ‘එක්තරා වනලුවකට වැඳ, වාස කරණ තැනක් තත් කොට ගෙණ එහි වැස සවස්වේලේ එයින් නික්මැ වජඹමි. වැජැඹ හාත්පස්හි සතර දිසා බලමි. සතර දිසා බලා තුන්යලක් දිංහනාද කෙරෙමි. සිංහනාද කොට ගොදුරු සඳහා යෙමි. ගොස් උතුම් උතුම් මුවවුළු මරා මියුරු මියුරු මස් කා එ ම වාසයෙහි වෙසෙමි” යි සිතී. එකල්හි සිංහරාජ එක්තරා වනලැවක් නිසා වාසකෙළේ. එහි වාස කොට සවස්වේලෙහි එයින් නික්මින. නික්මැ වැජඹ හාත්පස්හි සතරදිසා බැලිය. සතර දිසා බලා තුන්යලක් සිංහනාද කෙළේ. සිංහනාදකොට ‘ගොදුරු සඳයා යෙමි’යි ගොස් උතුම් උතුම් මුවවුළු මරා මියුරු මියුරු මස් කා එමි වාසයෙහි වෙසෙයි. එක්දවසක් සිංහරාජ සිංහරාජ ගොදුරුගෙණ භවත්තේ තමා බියෙන්.පලන බලුකැණහිලකු දැක කුළුණු කොට ‘යාළුව, නොබා සිට. තෝ කිනම්හි? කි යැ. මම් ජම්බුක නමි. ස්වාමිය’යි කි ය.’සබඳ, ජම්බුකය, තෝ මෙතන පටන් ගෙණ මා.
1.දුනුවා 2.මැනැවියි.
දිගම්බර දමනය 189
සම්වටනටා හැක්කෙහි දැ’යි කි යැ. ‘සමවටනට නිස්සෙමි. ස්වාමි ය’යි කි යැ. හේ එතැන පටන් ගෙණ ඔහු සම්වටි. සිංහ ගොදුරු කා එන්නේ මහත් මස්කඩ ගෙණ එයි. හේ මස් කා ගොදුරු තන්හි පහණපිටෙක වෙසෙයි. හේ කීපදවසෙකින් මැ තර වී යැ. මහත් කඳට වි. එකල්හි සිංහ ඔවුහට “යහළුව, මා වජඹනා කල්හි නුදුරු තන්හි සිට ‘හිමි වොරජ, හිමි වොරජ’යි කියන්නට නිස්සෙහි දැ? “යි කි සේ උහුට වජඹනා කල්හි එසේ කියයි. එයින් සිංහයාට අගඬ්කාර උපද්දි.
“එක් දවසින් ඒ ජරසිගල් කෙමෙක පැන් බොන්නේ තමා ගේ සේය දිට. තමාගේ තර ශරීරය ද මහත් කඳට ද දැකැ ‘මම් ජර සිගාලයෙක්මි’ නො සිතා නෙමේ ම තමහට මෙසේ කි යැ:- ‘යහළු ජම්බුක හිමි, තා මේ අත්බැවින් අනුන් බදුල් මස් කණු යෙදේ ද? කිම්, තෝ නොපිරිමියෙක් වී ද? උහු දු සතරපයැ.දෙදළ යැ.දෙකණ යැ. එකවල්පනෙකැ. තට දු මෙහැම ඇත.හුදෙක් කෙසරුබර මත්ත තට නැත්තේ ය’යි . උහු මෙසේ සිතන්නාහට අහංකාර උපන. හේ මන්දොසින් ‘මම් කවරෙමි? ඒ මුවරජ කවර? මා නො ද නැ යැ. නො ද ස්වාමි යැ. මම් ඕහට කුමට හරසර දක්වමි? මම ද එක් වනලෑවක් තිසා වාසයක් කොට ගෙණ වෙසෙමි. එහි වාසයකොට සවස්වේලේ වාසයෙන් නික්ම වජඹමි. වැජඹ හාත්පස්හි සතරදිසා බලමි. සතරදිසා බලා තුන්යලක් සිංහනාද කෙරෙමි සිංහනාද කොට ගොදුරු සඳහා යෙමි.ගොස් උතුම් උතුම් මුවමුළු මරා මියුරු මස් කා එහිම වාසය කෙරෙමි’ සිතා ගෙණ එ ජරසිකල් එක්තරා වනලෑවක් නිසා වාසයක් කොටගෙන විසි යැ. එහි වැස සවස්වෙලේ වාස යෙන් නික්ම හාත්පසින් සතරදිසා බැලියැ.සතරදිසා බලා ‘තුන් යලක් සිංහනාද කෙරෙමි’ කැණහිල්හඬ ගැඩි. ඔහු සෙයින් ම තොද නොබුදු ව “සිලාදීගුණයෙන් වැඩ සිටි බුදුනට දෙම්හ’යි දෙන සතරපසය වළදා සම්මාසම්බුදුන් හා ගැහැටෙයි. ‘කෙසර සිරජ්හු හා සමයෙමි’ සිතු ජරසිගල්හු සෙයිනැ”යි ජාලිය නම් දාරුපත්තිකයා අතැවැසි මේ උපමා ඇර දක්වා ද පාටිකපුත්රි නම් නුවටහු එු අස්නෙන් සොලවන්නටද් නොසොහොසුන් වුයේ පිරිසට අවුදු “පාටිකපුත්රො පරිබූත වි ය. ‘එමි, එමි’ කියා එහි ම ගැලෙයි. හුන් අස්නෙනුදු නැගෙන්නට නොනිස්සැ”යි කියැ.
එකල්හි බුදුහු පිරිවැස්සසනට “ඉදින් ලිච්ජවිහි පාටිකපුත්රුයා වරධානින් බැද ඇතුන් ලවා අදවන්නාහු වුහු නම්, වරබාත්
1.සැමිවටනට.2.සැමිවැටිය.3.මහත් මහත්.4.වජඹ. 5. ලැහැබක්. සිවලෙකු 6 මුං බුදුනට දෙන.
190 අමාවතුර
හෝ සිදෙයි. පාටිකපුත්ර යා හෝ කැඩෙයි. හේ එ තෙපුල් නො පියා එසිත් නො පියා ඒ දිට්හ නො විහිද මා කරා එන්නට නොනිස්සැ. ඉදින් ආ නම්, උහු හිස් සත් සක් කඩක් මැ පැළෙ”යි වදාළෝ .වදාරා එ පිරිස් වැස්සනට ධම් දෙසුහු. ඒ ධම්දෙස්නෙන් සුවාසුදහසක් දෙනා අධිගම් කරවා තෙජොධාතු සමාපත්ති සමවැද සත්තලක් පමණ තැන් අහසට නැගි අනෙක් සත්තලක් පමණ තැනට රස් විහිද දිලි දුමා මහවන වෙහෙර ගොස් වැඩ සිටියෝ. සුනක්ඛත්තලිච්ජවි වු කල බුදුන්ගේ මේ බඳු පෙළහර දැකැ ද තමා පින් නැති වන බැවින් දුලද ගෙණ සගමොක්සුව දෙන මේ සස්නෙන් පහමි.
මෙසෙයින් බුදුහු තමන් පුරුෂදම්යෙසාරථි වන බැවින් පාටිකාපුත්රදයාගේ සමාගමයට රැස් වු නුවටනුදු ආදි ශබ්ධයෙන් ගත් නුවටනුදු නුවටලද ගත් නොයෙක් දහස්නුදු දමා අමාමහ නිවන් පැමිණි වුහු.
දිගම්බරදමන නම් දසවන පරිච්ජේදය නිමි.