අමාවතුර-xi
11.පරිච්ජේදය
ජටිල දමනය
[සංස්කරණය]සච්චබඩ නම් ජටිලයා දැමු පරිදි කිසේ ය? යත්:- සුනා පරන්ත නම් ජනවියෙහි එක් වෙණෙඳගමේකැ දෙබැ කෙනෙක් වුහු. ඔවුන් කෙරෙහි ඇතැම් කලෙකැ මහලු බෑ පන්සියක් ගැල් ගෙණ ජනපදාන්තරයට ගොස් බඩු ගෙණ එහි. ඇතැම් කාලෙක මල් ගොස් ගෙන1 එයි. එක්සමයෙක්හි මලු ගෙහි හිදුවා පුණු නම් කෙළෙඹි පන්සියක් ගැල් ගෙණ දනවු සැරිසරමින් ගොස් සැවැත් නුවරට පැමිණ දෙව්රම් වෙහෙරට නුදුරුතන්හි කදවුරු බැද පෙරවරු බත් කා පිරිවර හා සැපතැනෙක්හි හුත්තේයි.
එක්බිති සැවැත් නුවරැ වැස්සෝ පෙහෙ ව ගඳමල් ගෙණැ බුදුන් කෙරෙහි බණ අසන්නට දකුණු දොරින් නික්ම දෙව්රම් වෙහෙරට යෙති. හේ ඔවුන් දැකැ “මොහු කොයට යෙති?” එක් මිනිසක්හු පිළිවිත. හේ “ලෝකයෙහි බුදුරුවන් ධමුරුවන් සඟුරුවන් උපන් පරිදි තෙපි නො දන්නා වත් ව. මොහු බුදුන් කෙරේ බන අසන්නට යෙති” කි යැ. ඔවුහට ‘බුදුහු’ යන තෙප්ලෙන් උපන් සොම්නස් සිවිසම් ආදි සිදැ ඇටමුල්හි
1.බඩුගෙන 2.පිරිවරා 3.වෙහෙර
ජටිල දමනය 191
සිටියේ යැ. හේ තමාගේ පරිජනයන් පිරිවරා එ පිරිස් හා වෙහෙර ගොස් මියුරුසරයෙන් ධම් දෙසන බුදුන්ගේ පිරිස් අන්තයෙහි සිට බණ අසා පැවිජ් වි. බුදුන් කල් බලා පිරිවැස්සනට සමු දුන් කල්හි බුදුන් කරා එළැබ වැදැ සෙට දවසට නිමන්ත්රමණය කොට දෙවන දවස් මඩුවක් කරවා අසුන් පන්වා බුදුපාමොක්සඟනට මහදන් දි භාණ්ඩාගාරිකයා නැඳවා “මෙතෙක් බඩු විකිණියේ’යි. මෙතෙක් බඩු නො විකිණියේ’ය. මේ සම්පත් මා මල්හට දෙ”යි හැට උහුට දක්වා දි පැවිජ් වැ කමටහන් ගෙණ දවස් යවයි2.
ඔහු (කම්ස්ථාන) මනස්කාර කරන කල කමටහන් මනසට නො වටහයි. එයිත් ඔහු “මේ ජනපදය මට යොගානුකූල නො වෙයි, සියරට ම යෙමි” සිතා පෙරවරු නුවරැ වලදා සවස් වේලෙහි පිළිසලතෙන් නැගි නැගි බුදුන් කරා එළැබ වැද එකත්පස්ව හිඳ” වහන්සේ, මට සැබෙවින් අවවාද කරනු මැනැව. යම් තැනෙක්හි එකළා වැ වාස කට්ටියෙමි”යි කිහු. බුදුහු ඔවුනට “සන්ති බො පුණ්ණ, චක්ඛුවිඤෙන්දය්යා” රූපා” යනාදි විසින් දුක්සස් සමුදසස් විසින් වට මුදුන් පමුනුවා, නිරොවසස් මහසස් විසින් වීවට මුදුන් පමුනුවා, රාත්බැවැඑවැ, ධම් දෙසුහු. මෙහි විස්තර මැදුම්සහියැ පුණ්ණොවාද සුතින් දන්නේ යැ.
මෙසේ බුදුහු පුණුමහතෙරනට සැබෙවින් ධම් දෙසා “දැන් තෝ ගොස් කොහි වෙසෙහි?”යි වදාළහ. “වහන්සේ. සුනාප රතන නම් ජනවියෙක් ඇති. එහි ගොස් වෙසෙමි “ කිහ. “පුණ, සුනාපරතන ජනපදවාසිහි දරුනු මින්ස්හ. ඉදින් උහු තට ආකොශ කෙරෙත් නම් එ තැන තට කිමෙක් සිතෙ?”යි වදාළහ “මොහු මනා මිනිස් කෙනෙකැ, ‘මිටත් මට පහර නො දෙන සේ මැනැවැ’යි සිතමි: වහන්සේ”යි කිහු. “ඉදින් උහු මිථින් පහර දුන්හු නම්, එතැන තට කිමෙක් සිතෙ?”යි වදාළහ. “මොහු මනා මිනිස් කෙනෙකැ. “කැවින් මට පහර නො දෙන සේ මැනැවැ’යි සිතමි, වහන්සේ”යි කිහු. “ඉදින් ඔහු මිථින් පහර දුන්හු නම්, එතැන තට කිමෙක් සිතෙ?”යි වදාළහ. “මොහු මනා මිනිස් කෙනැකැ. ‘කැවින් මට පහර නො දෙන සේ මැනැවැ’යි සිතමි. වහන්සේ “යි කීහු. “ඉදින් ඔහු කැටින් පහළහු නම්, එ තැන තට කිමෙක් සිතෙ?”යි වදාළහ. “මොහු මනා මිනිස් කෙනෙකැ. ‘දඩියෙන් මට පහර නො දෙන සේ මැනැවැ’යි සිතමි: වහන්සේ”යි කිහු. “ඉදින් ඔහු මනා මිනිස් කෙනෙකැ. ‘මට සැතින් පහර නො දෙන සේ මැනැවැ’යි සිතමි. වහන්සේ”යි කිහු. “ඉදින්
1.වික්කේ 2.යවති.
192 අමාවතුර
ඔහු සැනින් පහලනු නම්, එතැන තව කිමෙක් සිතෙ?”යි වදාළහ. “මොහු මනා මිනිස් කෙනෙකැ. ‘තිහිණි යැතින් පැහැර මා දිවි නො ගලවන සේ මැනැවැ’යි සිතමි.වහන්සේ”යි කිහු “ඉදින් නිහිණි සැතින් පැහැර තා දිවි ගලවත් නම, එතැන තට කිමෙක් සිතෙ?”යි වදාළහ. බදින්, වහන්සේ, සුනාපරතන ජනපදවාසි මිනිස්සු තිහිණිසැනිත් පැහැර මා දිවි ගලවත් නම්, ‘ඇතැම් බුදුසව් කෙනෙක් ,සිපිරුහි පිළිකුල් ඇති වැ තමන් මරණුවන් පිරයෙස්ති1 මම් ඒ නො පිරියෙසැ මැ ලදිමි, සිතමි වහන්සේ”යි කිහු. එකල්හි බුදුහු තුන්යලක් සාධුකාර දී “තෝ යා. සුනාපරනත2 ජනපදෙයහි වසන්නට නිස්සෙහි. කල් දැනැ”යි වදාළෝ.
මෙසේ පුනුමහතෙරහු බුදුන් පෙරට ව සත් සිංහනාදය් කොට හුනස්නෙන් නැඟි බුදුන් වැඳ. පැදකුනු කොට,පාසිවුරු ගෙණ සැරිසරමින් , සුනාපරන්ත ජනපදයට ගොස් අඹටපඩි යෙහි වැස වෙණෙඳගම් සිගන්නට වැඩියෝ. මල්කෙලෙඹි හැදින වලදවා “වහන්සේ, බැහැර නො ගොස් මෙහි ම වාස කරවයි”යි ගිවිසා ගෙන එහි ම වැස්වී.2 අයින් මුහුදුගිරි නම් වෙහෙරකට ගියහ. එහි යකත්පහනින් බඳ සක්මනෙන් ඇති . එහි මුහුදුරළ පැහැර මහත් ශබ්ද කෙරෙහි.මහතෙරහු එහි සිට කමටහන් මෙනෙහි කරණුවනට සැප වනු සදහා , ‘මුහුදු නිශ්ශබ්ධ වේව”යි ඉටා එයින් මයිලගිරි නම් වෙහෙරකට ගියහ. එහි ලිහිනියෝ බොහෝහ. ඔවුන්ගේ හඩ රූ දවල් එකාබඩ යැ. එයින් මුහුදු අරම් නම් වෙහෙරකට ගියහ වෙනෙදගමට නො ද දු රැ . නො ද වෙතැ. ගමනාගමනසම්පන්න යැ. විතික්ත යැ. නිශ්හබ්ධ යැ මහතෙරහු “මෙතන සැප යැ”යි එහි රැයටන් දිවාවටන් සත් මත් කරවා වස් වුසුහ. එහි වෙසෙමින් සිට පිලිසිඹියාපත් රුත් වුහු.
එක් දවසක් එ ම අතවැස පන්සියක් වෙණෙඳහු “පරමුහුදු යම්හ”යි තැවට බඩු නැගුහු. නැව් නැගෙන දවස් මහතෙරුන් මල්,මහතෙරුන් වළදවා , මහතෙරුන්ගෙත් පන්සිල් ගෙණ, වැඳ යන්නේ “වහන්සේ,මහමුහුදු නො ඇදහිය හැක්ක නො එක් අන්තරාය ඇත්තේ ය. එ බැවින් අප සඳහන් කරන්නේය” යි කියා නැව් නැංගැ නැව උතුම්ජවයෙන් යන්නේ එක් දිවයින කට සමාප්‍රාප්ත වි යැ මිනිස්සු “පෙරවරු මෙහි බත් කැව මැනැ වැ”යි සිතා දිවයිනට බටහ. එහි අනික්දෙයක් ඇත්තේ නොවෙයි. රත්සදුන්වනයක් මිස යැ1. එක් මිනිසෙක් රුකක් වැහැයෙන් ඇත බලා රත්සදුන්බව දැන “ඇපි ලාභ සඳහා පරමුහුදට යම්හ.
1.පිරියස්ති 2.සුරාපරන්ත 3. වැසවී 4. පිලිසැසියා 5.මිසය යි.
ජටිල දමනය 138
මෙයට වැඩි ලාභයෙක් නැති. සතරගුල් පමන සඳුන්කඩේත් ලක්ෂයක් වටී. ගරනට නිසි බවු හැරපියා සදනෙක්1 පුරම්හ”යි කීය. “ඉතා මැනැවැ”යි ඔහු සතුටු ව හළ මනා බවු හැර තැව සදනෙත් පිරූහැ.
ඒ සදුන්වනයෙහි අමනුෂ්යයයෝ දැහැව “මොවුන් විසින් අපගේ සදුන්වනය නසන ලද. මොවුන් මරම්”හයි සිතා “මෙහි මැරූ කලැ හැම එක් කුණු රැසෙක් වෙයි. මුහුදුමැද මොවුන්ගේ නැව ගලා පියම්හ”යි කීහු. එවුන් නැවට නැගි මඳක් සැඳින් එහි අමනුෂයයෝ මහමුහුදු උපෑ රළහළ කොට තමන් සේ දෙවියන් වැඳ අයජති. මහතෙරුන් සදහන් කෙරමින් සිටියේ යැ. මහතෙරහු දු ම කෙණෙහි අච්ජනාහු එවුන් වසන්පත් බව් දැනැ අහසින් එයට ගියහ. අමනුෂ්යුයෝ මහකෙරුන් දක්මත් ම “අප වත් හිමියෝ පුණු මහතෙරහු “නො බව නොබව”යි ඔවුන් අස්වසා “කොයට යාපීහු ද?”යි2 පුළුවුන්හු. “වහන්සේ අපගේ තැනට ම යම්හ”යි කීහු. මහතෙරහු නැවතී පලා ඇක්මැ ‘මොවුන් කැමැති තැනට සේවා”යි ඉටුහ. වෙණදෝ තමන්ගේ තැනට ගොස් එපවත් අමුදරුවන්ට කියා “එව, මහ තෙරුන් සරණ යම්හ”යි පන්සියෝ ම තමන්ගේ පන්සියක් මාගමුත් හා සමඟ තෙසරණ පිහිටා උපාසක වූහ.
ඒබිති නැවැ බඹු මහා මහතෙරනට කොටස් තබා “වහන්සේ, මේ තෙ පගේ කොටස ය”යි කිහ. මහතෙරහු “මට වෙන කොටසින් ම් නැති. බුදුන් දුටුවිරූහු දැ?”යි කීහ. “නුදුටුවිරූම්හ: වහන්සේ”යි කීහු. “මස; මෙයින් බුදුනට ගදකිලියක් කරම් එසේ වන්නා හා බුදුන් දක්ව”යි කිහ. ඔහු “ඉතා මැනැවැ වහන්සේ”යි එ කොටසිනුදු තමන්ගේ කොටසිනිදු ගදකිළි කරන්නට පටන් ගත්හු. බුදුහු ආරම්භයෙහි පටන් ගෙණ පරිභොග කළහ රක්නා මිනිස්සු රූ බුදුරස් දැකැ “මහානුබාව දෙවි කෙනෙකැයි”යි සිතූහ. උපාසකවරුහ බුදුන් වසන ඟඳකිලිය ද සගුන් වන සෙනස්න ද නිමවා දානසම්භාර සරහා තබා “වහන්සේ, ඇපි අප විසින් ල මනා දැ කළම්හ. බුදුන්වහන්සේ වඩනට කලැ”යි කිහ. මහතෙරහු සවස්වේලෙහි ඉදුහයෙන් සැවැත් නුවර ගොස් වහන්සේ , වෙණෙදම්වැස්සෝ දැකැ වැන්දැපියහ. ඔවුන්ගේ මනදොළ පිරෙණු මැනැවැ”යි බුදුන් අයදියහ. බුදුහු
1.සදුනෙත් 2.බැයාණෝ 3. යටියාදයි 4. සළා 5. ගඳකිළියක්.
අමාවතුර
ඉවසූ දැ ය. මහතෙරහු තමන් වසන තැනට ම එළඹියහ. බුදුන් අනද මහතෙරුන් කැඳවා “අනද, හෙට සුනාපරන්ත ජනපද යෙහි වෙනෙදගම් සිගන්නට යම්හ. තෝ උනුපන්සියක් සගනට ලබා දෙව”යි වදාලෝ. මහතෙරහු “බතා මැනැවැ. වහන්සේ”යි සගනට එපවත් සැළ කොට “අහසින් ඇවිදුනත් ලඟා ගත්තෝ මැනැවැ”යි කිහ.
එ දවස් කොඬදාන මහතෙරහු පළමු ලභා ගත්හ. වෙණෙද ගම්වැස්සෝද “සෙට බුදුහු වඩිත් ල’යි ගම මැද මඬුවක් කොට උඩ විසිතුරු වියන් සදා හිම සිටුදෑගදින් පිරිබඩ ගෙන මහාරහ අසුන් පැන්වුහු. බුදුහු උදය ම සිරිරු පිළිදැගින් කොට .ගඳකිළියට වැද පලසමවන් සමවැද වැඩහුන්හු. සක්දෙවු රජු ගේ පඬුඇඹුල් සලඅස්න හුණු වී යැ. හේ “මේ කිමෙක හො?” යි අවජනේ බුදුන් ගේ සුනාපරතන ජනපදයට ගමන් දැකැ විස්කම් දෙව්පුත්හු කැඳවා “පුත, අද බුදුහු තුන්සියක් යොදුන් තැන් සිඟන්නට වඩිති. පන්සිටයක් කූටාගාර නිමවා දෙව්රම් දොරටු මුදුනෙහි සරා තබ”යි කීය. හේ අවුදු රුවන්මුවා පත් සියක් කූටාගාර මැවී ය. බුදුනට කූටාගාරය සතර මුහුණැ. දෙ අගසවුවනට දෙමුහුණැ. සෙස්සන්ට එක්මුහුණැ. (මෙසෙයින් නිර්මිාත කූටාගාරයට) *බුදුහු ගඳකිළියෙන් නික්ම පටිපාටියෙන් සිටි කූටාගාරයක් කෙරෙහි ප්ර ධාන කූටාගාරයට වන්හ. දෙඅග සව්වන් පටන් කොට එකුත් පන්සියක් සඟහුදු කූටාගාරගත වූහ. එක්2 හිස් කූටාගාරයෙක් විය. පන්සියක් කූටාගාරයෝ අහසින් ගියහ. බුදුහු අතරමඟ සච්ච්බඩ නම් පර්වතයනට පැමිණ, කූටාගාර අහස සිටුවා බැස - ඒ පර්වතයෙහි මිසදිටන ගත් ජටිග යෙක් මහජනා මිසදිටහ ගත්වා ලාභයෙහි දු යශස්ති දු අග්රතස්රා ප් ත වැ වෙසෙයි. ඔහු ලෙහි ඇතුළුසැළැ පහනක් සෙයින් රාත් බවට උපතිශ්ර.ය දිලියෙයි -ඔහු දැකැ “මොහුහට ධම් දෙසුව මැනැවැ”යි ගොස් දුලද්1 බිදැ ධම් දෙසූහ. හේ දෙසුන් අවසන්හි රාත්වැ එහිභික්ෂුභාවයෙන් පැවිජිවැ සිස්ව ආ කූටාගාරයට වන.
බුදුහු කූටාගාරගත වූ පන්සියක් රාත්සඟුන් හා සමඟ වෙණෙඳගම් ගොස් කූටාගාරයන් අතුරුධන් කොට වෙණෙදගම් වන්හ. වෙණෙදෝ මඬුයෙහි බුදුපාමොක් සඟුන් පැත්වූ අස්නෙහි වඩා හිඳුවා මහදන් දී බුදුන් මුහුලුඅරම් වැඩූහ. බුදුන් ගඳකිළියට වැද සැතපී වැඩහුන් කල්හි මහාජනයෝ බත් කා පෙහෙ වැ බොහෝ ගඳ මල් ගෙණ බණ අසන්නට අරම් ගියෝ. බුදුහු ධම්
1.ගඳදුම්.*වරයන් ඇතුළෙහි පාඨය අදිකය. 2. එකෙන් 3. දුලැදු.
ජටිල දමනය 135
දෙසා මහජනා සසරින් මිදුහ. මහත් බුඬකොලහාල විය. බුදුහු මහජනයාට වැඩ සඳහා කිහිපදවසක් එහිම වුසූහ. අරුණු වනාහි දෙව්රම් වෙහෙර මහඟඳකිළියැ නැගුහ. එහි කිහිප දවසක් වාස කොට වෙණෙඳගම්හි වළදා “තෝ මෙහි ම වාස කරා”යි පුණු මහතෙරුන් නවතා - අතුරෙහි නම්දා නම් හොයෙක් ඇති- ඒ හෝ තෙරට වැඩියහ. මෙහි නම්දා1 නම් නාරජ බුදුන් පෙර මඟට අවුදු නාගභවනයට වඩා ඇරැ තුණුරුවනට මහත් සත් කාර කෙළේ. බුද්හු ඔුයට දම් දෙසා නාගබවනයෙන් නික්මුනුහු සේ”වහන්සේ, මා පුදන දැයක්2 දෙන්නේ ය”යි අයජිය.
බුදුහු කැළණිගඟ ගීණි ඇසිනාරජයට සෙයින් නර්මදානාදි තීරයෙහි පදලස් දැක්වූහු. හේ රළ ආකල මුවඟ වෙයි. ගියකල විවර වෙයි. මහාසත්කාරප්රාාප්ත විය. බුද්හු එයින් නික්ම සච්චබඩපර්වතයට ගොස් සච්චබඩමහතෙරට “තා විසින් මහා ජනයෝ අපායමඟට පමුණුවන ලදහ. තෝ මෙහි ම වාස කොට ඔවුන්ගේ දුලද් විහිද්වා නිවන්මඟ පිහිටුව”යි වදාළහ. ඔහුද් පුදන්නට නිසි දැයක් ඉල්වූහු. බුදුහු ගනගල් පිටැ අළුත් මැටි කඩෙක්හි එබු හසක් සයින්, පදලස් පෙත්වූහු. එයින් දෙව්රම් වෙහෙරට වැඩියෝ. මෙසෙයින් බුදුහු තමන් පුරුෂදම්යරසාරථි වන බැවින් සච්චබඩ නම් ජටිලයා හා ආදිශබ්ධයෙන් ගත් උරුවෙල්කසුබු ඈ ජටිලයනුදු දමා අමාමහනිවන් පැමිණිවුහු.
ජටිලදමන නම් එකොළොස්වන පරිච්ජේදය නිමි.