අලව් සැහැල්ල

Wikibooks වෙතින්

අලව් සැහැල්ල.[සංස්කරණය]


1 මුනි තිලෝගු රුවන් ලොව්තුරු දහම් ග රුවන් මුනි පුත් සඟු රුවන් වඳිම් බැතියෙන් මෙයූ තෙ රුවන්

2 සතත හරිහර න ත් සකත බරනෙත මුසල ත් වතත සොමි පියුම ත් සතත සතරැක කෙරෙත් සුබසෙ ත්

3 සුගත් මෙත් කුලු ණේ දැඩියක් මැඩපු තෙද ණේ ආලවක දම ණේ කියමි කවික‍ර මනැණ පම ණේ

4 සි රි ම ත් දඹදිව අලව් පු රේයා ස රි ල ත් සක්පුර ලෙස ඉසු රේයා පි රි ස ත් ගජ හය රිය නිතො රේයා නිරි ‍ෙඳක් රජ කරමින් එපු රේයා

5 න මි න් අලව් පුර දඹදිව සිරිම ත් වෙමින් අලව් නරනිඳු පුර අගප ත් ර නි න් කිරුළු දරමින් කඩු බැඳග ත් පෙමින් ඉසුරු විඳිමින් රජ සිරිප ත්

6 න රි ඳු කුලෙහි අදිපති නරනි න්දා වි රි දු රුපුන් බිඳ ජයගනිමි න්දා සු රි ඳු එසක් දෙව් පුර විලසි න්දා නි රි ඳු එරජ කරමින් මන න න්දා




7 දිනරන් පෑ විලසින් ගනදුරු බි ඳ ගනරන් කොත් මාලිග වැජඹෙන ස ඳ ගුනරන් අග බිසවක් ලැබ සරණ ද මනරන් සිරි විඳිමින් රජ එකලෙ ද

8 ප සි දු අලව් පුර අදිපති නරව ර මුනිඳු දහම් ගුණ නොදනිති ඒ පු ර මැතිඳු සෙනෙවි මහ සෙන් සහ පිරිව ර නිරිඳු වැඩිය මුව දඩයම් ලොබ ක ර

9 ග න් ට සුදුසු අවි රැගෙන කැ ලේයා ඉ න් ට සැදු කොටු අතු අස ළේයා ය න් ට මුවෙකු පැන ගියොත් කැ ලේයා දෙන්ට දහස් දඩ නියම ක ළේයා

10 එ ක ලා රජ දඩයමට ලවු ල්ලේ රැ ක ලා එළවති හිමයමුළු ල්ලේ එ ක ලා රජ වැඩ සිටිය කඩු ල්ලේ දැ ක ලා පැනගිය මුවෙකු උදු ල්ලේ

11 නි න් දා වයි සිතමින් රජ එව රේ කැන් දා ගත් පිරිවර එන අත රේ සි න් දා වනසමි ඔහු සිත එව රේ බි න් දා වල් එළවති මුව පා රේ

12 උ න් නා වැඩ නරනිඳු කොටු අ ත්තේ පැන් නා පිටතට මුවෙකු සම ත්තේ ය න් නා මුවදැක රජු නොකමැ ත්තේ ප න් නා ගිය තුන් යොදුනක් ම ත්තේ

13 නි සා අලව් නරනිඳු බලදී රා ල සා හිමය එළවති වල් පී රා රොසා වෙමින් දැනගොස් අඩිපා රා ග සා මැරුව කඩුවෙන් මුවදා රා



-(3)-

14 ලොල් ලා නරනිඳු තමසිත ලු ද්දේ අ ල් ලා මුව ගනිමින් තමල ද්දේ වැ ල් ලා ගෙන බඳිමින් කඳ මැ ද්දේ එ ල් ලා කද ගෙන එති වන මැ ද්දේ

15 දී ර අලව් නරනිඳු එදි නේ‍යා නෑ ර මුවා මරමින් රැගෙ නේයා ගෝ රා සතුන් දැක බිය නොගෙ නේයා පා ර නොදැන එහි වඩිනතැ නේයා

16. ඇසින් බලා නිම නැති එව නේයා ලසින් එ නරනිඳු වඩිනතැ නේයා උසින් මහත් නුගතුරු සෙව නේයා ගොසින් විඩාහැර වැඩසිටි නේයා

17 ර ‍ෙඟ් උතුම් වෙසමුණි වරලදි නේ ළ‍ෙඟ් පැමිණි අය බිලිගෙනකමි නේ වගේ නොදැන නරනිඳු වැඩසිටි නේ නුගේ ආලවක යකුගෙ විමා නේ

18 රු දු රු අලව්යකු විමනෙන් බැස ලා දැ දු රු ලෙසින් දත් කටද අයා ලා නු දු රු පැමිණි බිලි දෙකමබලා ලා ගොදුරු පිණිස ගති රජු අල්ලා ලා

19 කෙ ස රුට වන් ගිජි‍ෙඳකු විල සි න්නේ ග ස මුල උන් නරනිඳු බියව න්නේ රො ස නොව පින්වත් යකුනි අස න්නේ බ ස මෙලෙසින් නරනිඳු තෙපල න්නේ

20 අ නේ යකුනි මම රජෙකි බොල න්නේ ව නේ ආමි දඩයමට ලොබි න්නේ ගෙනේ තිබෙන මුවමස් කාප න්නේ සෙනේ සිතින් මගෙදිවි ගලව න්නේ



-(4)-

21 යකු නට බත්තලියක් සමගි න්නේ යකු තට නරබිලි දෙවමි කිය න්නේ යකු මේ මුවමස් කා සතොසි න්නේ යකු ‍අද මා නොමරා ඇරප න්නේ

22 කී වා බසට යකු සතුටු වෙමි න්නේ මු වා පමණ බිලිගෙණ විගසි න්නේ නොවා වහොත් බිලි රජුනි මෙතැ න්නේ ද වා නුවර වනසමි දැනග න්නේ

23 වෙන්ට නිබොරුබස් නුඹ නොකිය න්නේ ක න් ට එබත් තලියක් සමගි න්නේ දෙන්ට එනරබිලි බාරවෙමි න්නේ එන්ට නිරිඳු තමපුර නික්මෙ න්නේ

24 නුවර ට වඩිමින් ඒ නරනි න්දා ප වර උතුම් අප හිමිනරනි න්දා එ වර සෙනග දකිමින් අඬමි න්දා කවර දෙසක වැඩියෙද අසමි න්දා

25 ඊ ට පවර නරනිඳු සඳ තෙප ලා කූ ට අලව්යකු හට අසුවී ලා ඌට දෙන්ට බිලි ආමි සැදී ලා ඊ ට උපා කෙලෙසින්ද ව දා ලා

26 ඇමති සෙනග එබසට රැස්වී ලා කැමති ලෙසට හිරගෙවල් පිරී ලා සමති දෙන්ට යකුහට සරසා ලා කැමති ලෙසට බිලිදෙමුව සදා ලා

27 ඒ ලෙ ස දඟගෙයි සිටිය මිනි ස්සු කීලෙ ස නරබිලි දෙන්ට සැලැ ස්සු කෑලෙ ස අවුරුදු පතා රකු ස්සු මේලෙස දඟගෙයි එතෙකි මිනි ස්සු


-(5)-

28 බ ලා එපුර සිටි ටිකිරි බිළි න්දෝ මෙලා ගයෙන් යකුහට බිලිබැ න්දෝ දි ලා යකුට දරුවනුත් පසි න්දෝ මෙලා ගයෙන් පුර එතෙකි බිළි න්දෝ

29 ආ ල වනිරිඳුට ගොසින් ඇමැ ත්තේ කෝල නැතුව සැල කරති මෙවැ ත්තේ දී ල යකුට දරුවන් බිලි නැ ත්තේ බා ල අලව් කුමරුන් මිස නැ ත්තේ

30 ත ද යකු බිලි නැත්නම් හෙටද වසේ ව ද කොට මා මරවයි හෙටද වසේ ල ද මගෙ දිවි නොතිබෙයි හෙටද වසේ පු ද කොට කුමරුන් දෙමි හෙටද වසේ

31 මෙ සේ යෙදුණු පණතට බිසවු න්නේ කු සේ ඇවිල ගිනිකඳ විහිදෙ න්නේ ය සේ ඔබටද කුමරු මෙතැ න්නේ කෙ සේ ද යකුහට බිල්ලට දෙ න්නේ

32 කුඩා බොලඳ ‍මගෙ දරු කුමරු න්නේ වි ඩා ව හැර රසකිරි පොවමි න්නේ ව ඩා බොළඳ සුරතල් කරමි න්නේ අ ඬා බිසව දෙවියන්ට යදි න්නේ

33 පින් වත් මගෙ කුමරුගෙ තුනුරූ පේ වන් දුක්විය පියරජ කළ පා පේ රන් රුව වන් කුමරුගෙ තුනුරූ පේ ළං කොට එබිසව් කියන විලා පේ

34 එකල ට අපෙමුනි වැඩඉඳ දෙව්ර ම සකල සතුන් ලොව බැලුවයි අලුය ම එකල කුමරු බිලිදෙන බව හෙළිව ම දැක දි වසින් මුනි වැඩ කරුණාව ම



-(3)-

35 අ නා ගාමි වනබව කුමරු න්නේ වෙනා අකල් මර දැක දිවසි න්නේ ගෙනා නමුත් බිලි යකු නොම ග න්නේ ම නා සිතින් මුනි දැක දිවසි න්නේ

36 මා ව න් බුදු කෙනෙකුන් වඩ ලායේ ඌවන් තද යකු දමන වෙ ලායේ සෝවන් වනබව නියම වෙ ලායේ මේ වන් සැටි දිවසින් දැක ලායේ

37 ගෙවා ගොසින් මග අලව් පු රේයා සු වා සු දහසක් සත එපු රේයා ල වා හරිමි ගෙන නිවන් පු රේයා මෙවා දිවස් මුනි දැක එව රේයා

38 දෙ ව් ර ම් වෙහෙරේ යකු විම නේයා සි ව් ති ස් යොදුනක් ගෙවුණු තැ නේයා ක ව් රු ත් නැති තනි මග ගම නේයා ලොව්තුරු අපෙ මුනිසඳ වඩි නේයා

39 ය ක් ස ආලවකයගේ විම නේයා රු ක් ස පතල නුගතුරු සෙව නේයා ල ක් ස ණ බුදුරැස් හැරවඩි නේයා ද ක් ස එ මුනිරජ වැඩසිටි නේයා

40 රු ද්රි අලව් විමනේ මුරසිටි නා ග ද්ර බ නම්යකු මුනිඳුට වඳි නා උ ග්රර ආලවක යකුගේ විම නා අ ග්ර මුනිඳු වැඩියේ කිම අස නා

41 හි මා ල වනයේ දේව සබාව ට මෙමා මුරේ සිටුවා ගිය යන්න ට තු මා මුනිඳු නොබලයි ඔහු ආවි ට ප මා නැතුව වඩිනේ අන්තැනක ට



-(7)-

42 ම ගේ වෙහෙර බොල වැඩඉඳ දෙව්ර ම නුගේ ආලවක යකුබැලු අලුය ම මගේ ගෙවා පසුකර තිස් යොදුන ම උගේ තෙදය හරිනට ආවෙමි ම ම

43 මු නී තුමනි එලෙසට නොසිත න්නේ පෙනී තිබෙන සැටි මම පවස න්නේ මි නී කාපු ඇටගොඩ මෙලසි න්නේ පෙනී තිබෙන කොට කිමවැඩඉ න්නේ

44 තෝදැන් ගද්රිබ යකෝ අස න්නේ ඌ දැන් තද බව මටත් දැනෙ න්නේ ඌ දැන් සිටිනා තැනට ගොසි න්නේ මා දැන් ආබව කියව තොසි න්නේ

45 ගුණත් උතුම් මුනි වදහළ එබිස ට පි ට ත් වෙලා ගොස් දේවසබාව ට ප හ ත් ව සිටලා ගද්ර්බ එමවි ට සු ග ත් මුනිඳු වැඩි බව කී යකුහ ට

46 ගි න් න ට දැමු ලුණුකැටක් ලෙසි න්නේ සුන්කොට ඔහු දමමැයි සිතමි න්නේ ළං කො ට යක්සෙන පිරිවරමි න්නේ එ න් න ට යකු තද රොසින් කිපෙ න්නේ

47 අට විසි යක්සේනාදි පති න්නේ සිට සබයෙක් යකු නැගිට ලසි න්නේ හැට දහසක් උස පරුවතෙකි න්නේ සිට කිපෙමින් යකු පැනපි ගොසි න්නේ

48 පොඩිකර ගල් පරුවතේ දමා පි වෙඩි සැර මෙන් තද හඬක් ගසා පි වැඩි තර මුනිඳුගෙ බල නොසිතා පි දැඩි කර උගෙ බල පාමි සිතා පි


-(8)-

49 සිද්ද ඔහුගෙ යක් සමග අනේ කය ලද්ද ඔහුගෙ විමනට නොව සෝ කය සද්ද දහම් නොම දැන තුන්ලෝ කය යුද්ද කරති මුනිඳුට ආලව කය

50 වාත මේග ගිනි අඟුරු වසි න්නේ ගල්වැසි මඩවැලි වැසිද වසි න්නේ උණු අළු නිල් මීදුම් වසිමි න්නේ බියකරු ලෙස කළුවරක් මව න්නේ

51 ලොව අනසක මුනිඳුට මෙලෙසි න්නේ න ව යුදයක් කර යකු සරොසි න්නේ අ ව ගුණ යක්සෙන් පිරිවරමි න්නේ ත ව යුදයක් ඇත කරමිකිය න්නේ

52 ලු හු බැ ඳ යක්සෙන් පිරිවරමි න්නේ යු හු ත ද ගමනින් ගොස් දුවමි න්නේ මොහු අද දින වනසමැයි සිත න්නේ ඔහු අද වේලායුද ගනිමි න්නේ

53 අ හ ස ට ගැසුවොත් වැසි පල නැ ත්තේ පොළවට ගැසුවොත් බිජු පල නැ ත්තේ මු හු ද ට ගැසුවොත් මහජල නැ ත්තේ මෙලෙසට වේලා යුද බල ඇ ත්තේ

54 ල සි න් එවේලායුද ගෙන සුරත ට බ සි න් අලව්යකු නික්මී යුදය ට රොසින් ගැසූ වේලා යුද මුනිඳු ට ගොසින් වැටුණි සිරිපාමුල වැඳ සි ට

55 ද න් නා යුදකරමින් යකු වැර දී උ න් නා කැණහිලු මෙන් ඉන් පැර දී පෙන්නා අණසක මුනිබල විහි දී දු න්නා සිල් යකුහට සිත පැහැ දී



-(9)- 56 රිවි දුට ගනඳුරු ගියමෙන් ‍ලෝ කය පණිඳුට ගුරුළිඳු මෙන් තෙද ලෝ කය ගිනි දුට වෙඬුරක් ලෙස හද සො කය මුනිඳුට දමනය වුණි ආලව කය

57 දි න ත් උදය පසු අලව්පුරේ සි ට ගු ණ ත් අලව් කුමරුන් බිලි දෙන්න ට බ ණ ත් අසා යකු සෝවන් වූ වි ට ගෙන ත් දුන්නූ කුමරුන් බිලි යකු හ ට

58 ය කා අලව් කුමරිඳුන් වඩා පි ක කා සිටිය නරබිලි අත්හැර පි මෙ කා රණෙන් මුනිදහම් අසා පි නොකා කුමරු මුනිඳුන්ට වඩා පි

59 බු දු න් තිලෝගුරු අණබල වු වේ යොදුන් තිසක් මග වැඩම කෙරූ වේ එදුන් කුමරු බිලි යකුට අලව් වේ බුදුන් වැඩමකර කුමරු ගැලෙව් ‍වේ

60 එ ව න් අලව් දමනය බලයෙ න්දා මෙවන් රෝග පිරිපත දුරල න්දා රු ව න් පිරිත් මුනිරජ බලයෙ න්දා දෙ වන් සෙතක් ආසිරි වඩමි න්දා

61 එදත් මුනිඳු වැඩ ආලවකය විම නේ අදත් ආලවක දමනයකළ තෙදි නේ රදත් යක්ස මායම් විනදොස මෙයි නේ අදත් චලිතකර යයි මොහු සියතගි නේ

62 ජේත වන විහාරෙන් වැඩ යකුවිම නේ බි ත අලව්යකු දමනයකළ තෙදි නේ සී ත ජොර පිපුම් යකු අමියාදොසි නේ බූ ත වින ඉගිලයයි මොහු සියගති නේ



-(10)-

63 ලොල යෙන් මුනිඳුවැඩ දෙව්රම් සිට එදි නේ බ ල යෙන් අලව්කුමරුන්ගැලවු ලෙසි නේ ක ළ යම් නපුරු යක්කටුබන්දවන මෙයි නේ ප ල යන් වින ඉගිල අදමොහු සියගති නේ

64 ක ර ලා අලව් දමනය මුනිරජ එදි නේ හැ ර ලා කුමරුවන් ගලවා දෙසුලයි නේ වැ ර ලා යක්ස බන්දගන උගුලුවා ගෙ නේ දු ර ලා විනහරින් අද ඒ අනුහසි නේ

65 ලකුණේ තිස් යොදුන් වැඩ මුනිරජ එදි නේ රැකුණේ අලව් කුමරුන් මුනි අනුහසි නේ ද කුණේ වම ගැසූකටු උගුළුවා ගෙ නේ යකුණේ විනහරින් අදමොහු සියගති නේ

66 දු න් දා අලව් කුමරුන් බිලි යකුට ගෙ නේ ව න්දා අලව් යක් දමනය කර එදි නේ බ න්දා යක්ස සිරකළ සූනියම් වි නේ බින් දා ඉගිළයයි අදමොහු සියගති නේ

67 රූ පෙ ට නවනැකත අසුකරවමින්ගෙ නේ පේකොට ගැසූ විනකටු උගුළුවා ගෙ නේ ඕ හ ට කළ ඇදුරු සිටිතැන් බලාග නේ ආ පි ට විනහරින් මුනිඳුගෙ අනුහසි නේ

68 ජල මුහු ගොඩ මඩත් අසුකරවමින් නේ කල අහු දඬු රුවින් පේකර සැදූවි නේ බල ඔහු දැපකරපු අංගම් පිල්ලි වි නේ කළ ඔහු බලා පලයන් මුනි අනුහසි නේ

69 අට සිය කටු ගෑසූ බන්දවන කරපු වි නේ නව සිය මුණගැසුම් වින උගුළුවාගෙ නේ තුන්සිය වැල් පැන්නුම් කළ නපුරු වි නේ සුන්කර ඉගිල යයි රිවිදුටු පිනිලෙසි නේ


-(11)-

70 මෙරසේ බල මුනි වැඩ ලා වැර සේ යකු දමන වෙ ලා තිර සේ වින දොස දුර ලා දොර සේ ඇ‍රයන් දුර ලා

71 ප ම න බලේ මුනිඳු ගු රූ ද ම න කළේ යකු රුදු රු බැ මන ලළේ දොස නපු රු ස මන කලේ විනය දු රු

72 ලකුණු වැඩිය මුනිසඳ සේ රැකුණු අලව් කුමරු ය සේ උකුණු වළේ මෙවින දො සේ මැකුණු ජලේ ඇඳි ඉර සේ

73 බ ණ ත් දෙසූ මුනි සපි රී ගු ණ ත් බිලිඳු කුමරු ඇ රී දෙනෙත් දෙකේ දොස ඇඳි රී වි න ත් ඉගිලයන් බැහැ රී

74 රු ක නුගමුල වැඩඉඳ ලා අ ක න්ඩ යකු දමන ක ලා දෙ ක න් බිහිරි වින උගු ලා ය ක ම් මලේ අළුකර ලා

75 තො සා අලව්පුර වැ ඩියේ රො සා යකුගෙ බිඳ එ ඩියේ න සා රෝග විනදැ ඩියේ දො සා මුදායන් පො ඩියේ

76 නලවා යකු මුනි සිත සේ ගලවා දුන් කුමරු ලෙ සේ කලවා පිට මෙවින දො සේ පලවා ගින්නෙන් වැන සේ


-(12)-

77 ඉ ඳ නේ වැස යකු විම නේ ‍ව ද නේ විමසමින් පැ නේ දෙද නේ විනදොස මෙදි නේ තෙදිනේ මුනි පිස හැරු නේ

78 දෙ න් ඩ අලව් කුමරුගෙ නා උ න් ඩ අබය වූ ලෙසි නා කෙන්ඩ දෙකේ වින මෙත නා ය න් ඩ ඔහුට වින හැරු නා

79 උ පා දෙසූ මුනිඳු බණ ට එ පා වුණයි බිලි යකුහ ට දෙපා පතුල් වින සුන්කො ට ක පා හැරිය ගඟ ජලය ට

80 මුළුලොව වැ වේවා සුසිරිත දියුණු වේවා අවැඩ නොම වේවා සියලු සත මින් නිදුක් වේවා


නිමි.







කා ළ ගෝ ළ හ ස් න හෙවත්-සින්දුව.[සංස්කරණය]

සාගරේ, සාගරේ, සාගර සාසයුර සාගරේ මාකෙරේ බැන්දස, වසිර කින්ද පුව‍තරේ, සාගර සංසයුර ‍ගොසින් දීර බලෙන් කෙළෙසුන් සිඳ-

ගෞතම නම් මතු බුදුවන්ම භෞෂධය නම් පඬිවර කාලේ- සරණක් විමසා-

කාළගෝළයෙක් එ කලට-ඌගේ නැදිමයිලන්හට- වාලෙක් මෙන් දර දිය ඇද-සප්පායම්කරන කලට-නැන්දම්මා වැදූදුවට සත්මසකින් බත් කවමින් දික්තලාද නම් තබමින් මල්වරදෝ පසුව ගොසින් - සොළොස් වංස පිරීගියේ කාළගෝ¸කැඳවා සිට-අම්මත් අප්පත් සිට ගෙන-අයියත් මලයත් සිටගෙන-නැන්දත් මාමත් සිටගෙන-ආතාමුත්තන් සිටගෙන වරිගේ නෑයොත් සිටගෙන-සිරිත් ලෙසට සරණ මගුල් පාවා දුන්නාය. මේලෙසේ-

සාගරේ, සාගරේ, සාගර සංසයුර සාගරේ, මාකෙර් බැන්දා වයිර කින්ද, පුවතරේ, සාගර සංසයුර, ගොසින්, කෙළෙසුන් සිඳ-

ගෞතම නම් මතු බුදුවන මහෞෂධය නම් පඬිවර කාලේ-

උන් දෙන්නා සරණ වෙලා නොබෝ දිනක් කල් ඇරලා කාළ‍ගෝළ පවසන්නේ අඩියෙයි. මගෙ ගමට යන්ඩ යමුව කීවිටා. දික්තලාද සිත් සරොසින් රවා බලා දත්මිටිකා නයිදේ නුඹකට නොදොඩන් කාට කරන සරදමක් ද?-මෝල්කෙටිය ගෙනසුරතට කනස පිටට දුන්නු පහරටා-

ස‍ාගරේ, සාගරේ, සාගරසංසයුර සාගරේ, මාකෙරේ බැන්ද වයිර කින්ද, පුවතරේ, සාගර සංයුර ගොසින් දීරබෙලෙන් කෙළෙසුන් සිඳ-

ගෞතම නම් මතුබුදුවන මහෞෂධය නම් පඬිවර කාලේ-

දකුණු කකුල සවිමදවී-තුන් කොන්ඩෑරුමක් වැටී යාඥාව කන්නලව්ව- දතපත නියවා අඹුවට-කියයි අඬ අඬා, කාළගෝළ පවසන්ීනේ-අඩියෙයි මගෙ අයියෙක් ඇත-මලයෙක් ඇත-මම්වාගේ නොවේය උන්-ගස්යෑමට-පොල්කැඩුමට-හල් නෙලුමට දෙල් නෙලුමට වී ගැරුමට-වී කෙටුමට-රා බීමට- ගුටි කෑමට ගමන්



-(2)-

යන්ඩ-හී හාන්ඩ ගොයි ගාන්ඩ- හොඳ හපන්නු හොඳ මිනිස්සු-උන් දෙන්නා බලා එන්ඩ යමුව කීවිටා-

ස‍ාගරේ, සාගරේ, සාගර සංසයුර සාගරේ, මාකෙරේ බැන්ද වයිර කින්ද, පුවතරේ, සාගර සංයුර ගොසින් දීරබෙලෙන් කෙළෙසුන් සිඳ-

ගෞතම නම් මතුබුදුවන මහෞෂධය නම් පඬිවර කාලේ-

දික්තලාද සිත් සතොසින්-තෙල් පිටි පැණි සපයාගෙන-කැවුම් මල්ලකුත් සදමින්-තෙල්ගා හිස පීරාගෙන කූරු සතර ගවසා ගෙන- සේල කච්චියක් ඇඳගෙන- හැට්ට‍ පොඩියකුත් ලාගෙන- මුදු වළලුත් අත ලාගෙන-නොයෙක් ලෙසට සැරසීලා- උන්දෙන්නා සමගිවෙලා- යන්ඩ යති මෙසේ- සාගරේ,-

උන්දෙන්නා යමින් සිටන්-ග‍ලෙඟ් වතුර එනවා දැක-දෙන්නගෙ සිත් කෝපවෙලා-ගං ඉවුරේ ඉදිති බල බලා-

එගොඩ ගොඩේ බිලීබබා උන්මිනිසා-උගේ නමත් දික්පිටියා දිගට දිගේ දික්පිටියා-මුගේ නිවටකම දැකලා-බිලීපිත්ත අත ඇරලා පීනාගෙන එන හැටියට දණගාගෙන-බඩගාගෙන රින්ගාගෙන මෙගොඩ වෙලා ඇවිදිල්ලා-මිතුරේ නුඹ කොතන යවුද කියා ඇසුවිට-මිතුරේ මට යන්ඩ එන්ඩ තැනකුත් නැත-කන්ට බොන්ට දෙයකුත් නැත-ඉන්ඩ නවා තැනකුත් නැත-එගොඩ කළෝතින් පින් අත කියා කිව්වා-

ස‍ාගරේ, සාගරේ, සාගර සංසයුර සාගරේ, මාකෙරේ බැන්ද වයිර කින්ද, පුවතරේ, සාගර සංසයුර ගොසින් දීරබෙලෙන් කෙළෙසුන් සිඳ-

ගෞතම නම් මතුබුදුවන මහෞෂධය නම් පඬිවර කාලේ-

දික්පිටියා පවසන්නේ-වැලිදෝතක් ගෙන සුරතට-මේ වැලි පරමාණ නොවන-කිඹුලෝ මේ ජලේ වැසෙන-අපි හැර වෙන බැස්සෝතින්-ඇටකටු පමණක් නොතිබත්-විකාල බෝජන කරවත්-දික්පිටියා වැලිමතුරා ග‍ෙඟ් ඉහළ ඔහෙ ඉසිලු-ග‍ෙඟ් පහල මෙහෙ ඉසිලු-මෙකී මෙ බොරු බස් පවසා උන් දෙන්නා බැසපි සගරේ,-

උන්දෙන්නා දණගාමින් බඩගාමින්-කුර ගාමින්-රිංගාමින් පීනාගෙන යන හැටියට-දණක් ජඹුර නැතිවූ දියේ-උන්දෙන්නා එගොඩ වෙලා-කාළගෝළ දිහාබලා-අර මිනිසා මොන මිනිසා



-(3)-

හිසත් බොකුටු බඩත් ඔජර-දත් බොල්ලෑ-අගේ කරළ හේනේ දැලිකණුවවගේ-නුඹත් මමත්-රුවට-ගුණට-යසට-පිනට අපි දෙන්නා එක හැටියට-එකවාගෙයි එක්වෙන්නට බොහොම හොඳයි කියා කී විටා-කැවුම් මල්ලෙ ගැටේ උනා-ඌ එක අහුරක් අරගෙන ලියටත් අහුරක් දීලා-උන්දෙන්නා කැවුම් කකා සමගිවෙලා- යන්ට යති මෙසේ-

ස‍ාගරේ, සාගරේ, සාගර සංසයුර සාගරේ, මාකෙරේ බැන්ද වයිර කින්ද, පුවතරේ- සාගර සංයුර ගොසින් දීරබෙලෙන් කෙළෙසුන් සිඳ-

ගෞතම නම් මතු බුදුවන මහෞෂධය නම් පඬිවර කාලේ-

ක‍ාළගෝළ මෙගොඩ ගොඩේ ගඟ ඉහළට ඔහෙ දුවාලු ගඟ පහළට මෙහෙ දුවාලු-උඩ පනීලු-බිම වැටේලු-ලැපැත්තේ පොලු ඩාගනිලු-ඔහෙ යන පණ මෙහෙ පලයන්-කියා පැනපි සා‍ගරේ, සාගරේ, සාගර සංසයුර සාගරේ, මාකෙරේ බැන්ද වයිර කින්ද පුවතරේ- සාගර සංසයුර ගොසින් දීර බලෙන් කෙළෙසුන් සිඳ-

ගෞතම නම් මතු බුදුවන මහෞෂධය නම් පඬිවර කාලේ-

කාළගෝළ එගොඩ වෙලා -යන්නන් ඉස්සර රැකලා දෙන්නා මැද ඉර අදිමින් දෙන්න දෙපස තහංචිකර-නුඩුවට යමුය කීවිටා-සාගර සංයුර ගොසින්-දීර බලෙන් කෙළෙසුන් සිඳ ගෞතම නම් මතු බුදුවන මහුසද නම් පඬි නිරිඳුට නඩුව ඔප්පු කළවිටා- සාගරේ,-

මහුසද නම් පඬිනිරිඳුන්-තුන්දෙන සබයට ගෙන්නා-සාක්කි නැතිබව දැකලා-ගෙවල් තුනක තුන්දෙනලා සිර කරමින් රහස් ඇසුවාය එදා-කාළ‍ගෝළ පවසන්නේ ගෙදර උන්නුසගයත් නැත මගටගෙනා කැවිලිත් නැත-මූගෙදී සරිලාලා-මගේ අඹුවත් උදුරා ගෙන අතින් පයින් ගුටි අනින්ඩ-ඇන මරන්ඩ-මෙහෙම අනඩු අරෝවිත්ති-මෙහෙවුරටේ පවතිනකොට-කොහොමද නොකියා දරන්නේ-කියයි අඬ අඬා-දික්තලාද පවසන්නේ-හෙටත් මෙහෙම ඉරමුදුනක් නඩු කව්කොට-ඌට උණොත් ඌට යමි-මූට උණොත් මූට යමී-නැත්නම් මගේ ගමට යන්ඩ යමැයි කීව්වා-



-(4)-

ස‍ාගරේ, සාගරේ, සාගර සංසයුර සාගරේ, මාකෙරේ බැන්ද වයිර කින්ද, පුවතරේ, සාගර සංසයුර ගොසින් දීරබෙලෙන් කෙළෙසුන් සිඳ,-

ගෞතම නම් මතු බුදුවන මහෞෂධය නම් පඬිවර කාලේ-

දික්පිටියා පවසන්නේ බිලීබබා උන්නු මෙමට කොයිකවුණත් මට කම්නැත-උගේ අඹුව ඌට වුණොත් ඌට වුණේ-මෙමට උණොත් මෙමට උණේ නැත්නම්, මගෙ ගමට යන්ඩ යමැයි ක‍ීවිටා- සාගරේ,-

පසුව උදේ දොර අරවා කාළ‍ගෝළ ගෙන්නවලා- අඩේ තගේ මාමගේ නම-නැන්දගේ නම-කින්ද ඇසුවිට- සාමින් මම ඇත්ත කියම්-බොරුනොකියමි සත්තලෙසට අසතොත්-මගෙ නඩුව සොඳට-ඇත්තක් මිස බොරු නොකියමි කියා කීවිටා-

සාමිනී මගෙ නැන්දගේ නම සාමසලෙලු විරිඳු බාලොලි-සාමිනී, මගේ නැන්දගෙ නම කාමසලෙලු විරිද බාලොලි- කැවුම් ගණන කොතෙක් ඇද්ද කියා ඇසූවිට-මේ මල්ලේ කැවුම් ගණන තුන්සියයට තුනක් අඩුය අරමල්ලේ කැවුම් ගණන පන්සියයට පහක් අඩුයි කියා කිව්වා - සාගරේ,- දික්තලාද ගෙන්වාලා-අඩියේ තිගෙ අප්පගෙ නම-අම්මගෙ නම කිම්ද ඇසූවිට-

සාමිනී, මගෙ අප්පගෙ නම සාමසලෙලු විරිදු බාලොලී සාමිනි මගෙ අම්මගෙ නම කාමසලෙලු විරිදු බාලොලී-

කැවුම් ගණන කොතෙක් ඇද්ද කියා ඇසවිටා-තුන්සියයට තුනක් අඩුය පන්සියයට පහක් අඩුය කියා කිව්වාය-සාගරේ,- දික්පිටියා ගෙන්වාලා-අඩේ තගේ මාමගේ නම නැන්දගෙ නම කිම්ද ඇසුවිටා-

සාමිනී, මගෙ ඇති ගම්බිම් නැතිකරතත් නැති නෑකම් ඇති කරතත් ඇති නෑකම් නැතිකරතත් එවලෙම මා ගගදමතත් ඇදලා මගෙ දිව කපතත්-සබෙන් වරද කොතෙක් වෙතත් මගෙමාමගෙ මගෙ නැන්දගෙ නම නොකියම් කිය කීවිටා-සාගරේ,-

කැවුම් ගණන කොතෙක් ඇද්ද කියා ඇසුවිටා,-මම නොදනිමි එලඳ දනිති කියා කීවිටා- දික්පිටියා ගෙන්වාලා කම්බකණු වෙ බන්දාලා-දහසක් ගුටිබැටදීලා--ඌටත් පන්සිල් දීලා--යන්ට ඇරි මෙසේ--සාගරේ,_


 නිමි. 

"https://si.wikibooks.org/w/index.php?title=අලව්_සැහැල්ල&oldid=5344" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි