අසදෘශ ජාතක කාව්‍ය-විවරණය ii

Wikibooks වෙතින්

301. අර්ථය:- තරුණ බව නමැති දියෙන් සම්පූර්ණක ශරීර නමැති ගඬගාවෙහි, අනඬගයා බැස ස්නානය කරන ලද වනයෙහි වූ වැලි තලාවක් මෙන් ඒ කාන්තාවගේ උකුල මනා ලෙස පෙනේ. 150 අසදෘශ ජාතක කාව්ය ය

302. අර්ථය:- ඒ කාන්තාවගේ දෙවටොර, අනඬගයාගේ විමානයෙහි සජ්ජිත කරන ලද රන් කුළුණු මෙන් ද, රනින් කළ කදලි කඳන් මෙන් ද, ඇති සොඬක් මෙන ද දිසේ.

303. අර්ථය:- උත්තර සාගරයේ බුබුඵ මෙන් ද, කරනලද රත්රන් පොල්කටු මෙන් ද, අලඬකාරවූ ඒ කාන්තාවගේ දෙදණ මණ්ඩලය නිතොර දිසේ.

304. අර්ථය:- ඵ් කානතාවගේ ඡඩඝා යුග්මයට රන් මොනර ගෙලද, අනඬගයාගේ හී කොපුව ද දුනුකේ මල් පොහොට්ටුව ද සමානයයි කියන්නේ කෙසේ ද ?

305. අර්ථය:- නීල භෘඬගයන් විසින් සියලු කල්හිම සෙවනය කරන ලද ඉතා විශාල වූ රන් පියුමකි වැන වූ, රුවන් ඉතා විශාල වූ රන් පියුමක් වැනි වූ, රුවන් සලඹින් යුක්ත වූ ඒ කාන්තාව‍ෙග් කෝමල පතුල් දෙක පෙනේ.

306. අර්ථය:- දුටු විට අනෙක විධ සත්ව යන්ගේ සිත්හි සතුට වඩන්නා වූ ඒ බිසවට, ශ්රීද කාන්තාව සමාන කොට කිව හැකි ද? (නො හැක.) ඇගේ රූ සිරිය බැලුමට ශක්ර යා හැර අන් කවරෙක් සමර්ථටවෙත් ද? ඇය වර්ණසනා කිරීමට නම් අනන්ත නම් නාග රාජයා හැර අන් කවරෙක් සමර්ථර වෙත් ද?

307. අර්ථය:- බොහෝ වටිනා වූ නොයෙක් මැණික් ආභරණයෙන් සැරසී, ඒ බිසව රජු කෙරෙහි සිත් පෙම් වඩමින් දෙදෙනාම එක්වී, අනඟ කෙළියෙහි බැඳි, එක්ව හුන්නා වූ; සඳ හා සඳ ලපය මෙන් වෙන් නොවී සිටිමින්,

විස්තර:- මන්‍ යොන් කෙළි: චිත්තය උත්පත්තිසථානය කොට ඇති හෙයින් ‘මන් යොන්’ අනඬග වාචක ‍පදයකි. අනඬගයාගේ ක්රී ඩාව වශයෙන් සැළකෙන්නේ රති කෙළියයි. මේ කාම ක්රී්ඩාව විවිධ පොත් පත්හි විවිධ


                  අර්ථය හා විස්තර                                   151

නම් වලින් හඳුන්වා ඇත. මන් යොන් කෙළිය හෙවත් ස්ත්රී පුරුෂ සමාගමය ලෞකික පක්ෂ යෙන් ගත් ‍කළ සැපයක් වුවත් ලෝකෝත්තර ඇසින් බලන විට ලාමක චාරිත්ර යකි.

308. අර්ථය:- කෛලාසය, කිරි සයුරේ රැළ පෙළ, සඳ රැස්, ඊශ්වරයා යන මෙකී ශේවේත වස්තූන්ට සමාන වූ කීර්තියෙන් දිශාවන් සැරසීම කළාවූ, නිරන්තරයෙන්ම දශ දිශාවෙහි පතළා වූ ස්තුති ඇති, තොස්පත් වූ ඒ කාන්තාවගේ ගැබෙහි රජ කුමරුවෙක් පිළිසිඳ ගති.

309. අර්ථය:- යහළු ස්ත්රීාන්ගේ සිත් නමැති කොඳ සමූහය සතුටු කරන්නා වූ, සඳ රැස් පරිද්දෙන්, බිසවට දොළදුකක් ඇතිවී භොජනයෙහි ද, බුලතෙහිද පවා සතුටක් (රුචියක්) ඇති නොවී ය. විස්තර:- දොළදුක්: දරු ගැබක් හටගත් කල්හි ස්ත්රී න්ට දොලදුක් ඇතිවීම ස්වභාවයකි. සියබස් මල්දමෙහි දොළදුක් ලකුණු විස්තර වන්නේ මෙ‍ෙස්යි:-

සො ඳු රු සිහිනිඟ ඉතා දළ විය සුරත’දර සුදු මැලි වියේ ම හ රු රන් කඳ ලෙසට බැබළුන පිරි සිරුර සුදු මැලි වියේ ත ඹු රු වන් වත මලානික විය පියයුරන් පුඬු කළු වියේ බ දු රු රති කෙළි ඇලුම් මඳ විය දුඹුලැඹුල් රස පිය වියේ (සියබස් මල්දම)

කාව්යිශේඛරයේ තුනවෙන් සර්ග යෙහි ද දොලදුක් ලකුණු විස්තර වශයෙන් දක්වා තිබේ.



152 අසදෘස ජාතක කාව්යුය

310. අර්ථය:- කුමාරයාගේ කීර්තිය අනාගතයෙස්දී ලෝකයෙහි ප්රෙසිඬ කිරීමට පෙර නිමිති දක්වාන්නාකිමෙන්, බිසවගේ ශරීරය සුදුමැලි වූයේය.

311. අර්ථය:- ඒ රජ බිසව, දිනයක් දිනයක් පාසා වැඩෙන්නා වූ දරු ගැබක් ද ඉසුලුවා ය. නරනිඳු නමැති චන්ද්රෙයාගේ ප්රේපමය නමැති ලතාව දශ දිශා වෙහි ලියලමින් පැතිරී ගියේය.

312. අර්ථය:- බොධිසත්ව යන් වහස්සේට, ප්රෙරමයෙන් අමෘතයෙන් සම්පූර්ණ. වූ රන් කළ වැනි දෙපියයුරු, වසන ලද ඉඳුනිල් පියන් මෙන් කාලවර්ණ‍ විය.

313. අර්ථය:- පුරාණයෙහිදී සෘෂිවරුන් විසින් කියන ලද ශ්රායස්ත්රග විධි කිසිවක් අත් නොහැර, රජතුමා මනහරවූ ඒ බිසවට ගැබ් පෙරහැරද කරවූයේය.

විස්තර: ගැබ පෙරහැර: ගර්භාරක්ෂාස සංවිධාන

314. අර්ථය:- දිනයක් දිනයක් පාසාම අභිනව චන්ර්ක යා පරිද්දෙන් කුමාරෙන්ද්රූයා සම්පූර්ණදවී මාතෘ උත්තමියගේ ගර්භයෙහි සිට වැඩී මාසාර්ධයක් අඩු දසමසක් (මාස නවය හමාරක්) ගතවූ කල්හි;

315. අර්ථය:- වැසි වළාකුළකින් නිකුත් වූ, පැහැපත් පුන්සඳ පරිද්දෙන්, යහපත් මව් කුසින් මේ අපගේ බොධිසත්ව යන් වහන්සේ බිහිවුණු සේක.

316. අර්ථය:- මේ කරුණ සැළ කළ කල්හි, අමුතු රාජ්යපශ්රී්යක් ලත් කලක් මෙන් ද, සඳ එළිය වැටුණු කිරි සයුර මෙන් ද, රජතුමා බොහෝ සතුටින් ද;

317. අර්ථය:- නා නා විධ ශාස්ත්රම නමැති සමුද්රතයෙහි එතරට පැමිණිය වූ බ්රතහ්මණයන් එකතුකොට ශුභා ශුභ ඇසූ කල්හි; “මහත් වූ පින්වත් කෙණෙකැ”යි කීහ.

                      අර්ථය හා විස්තර                                     153

318. අර්ථය:- (ඒ) අසා රජතුමා ප්රි ය වී, ශ්රණමණයන් හා බ්රාකහ්මණයන් රැස් කොට, නා නා වස්තු දුනි. එදින (ඒ) නගරයෙහි මහ මඟුල් විය.

319. අර්ථය:- ‘කුමාරෙන්ද්ර යා අද උපන්නේය’යි කි කී. අයට මුතු, මැණික්, අනර්ඝ වස්තු හා ආභරණාදී සියලු සම්පත් දෙමින් සතුටු කෙළේය.

320. අර්ථය:- ඔප දමන ලද රන් රූපයක් සේ අලඬකෘතවූ; ඒ බෝසත් නමැති චන්ද්ර්යා, කරන ලද මුකුළු සිනා වෙන් දෙගුරුනගේ සිත් මහත් ලෙස සතුටු, කෙළේය.

321. අර්ථය:- දිනය හා මුහුතී ගුණය ද, තිථි, රිකතා ආදී නොයෙක් යෝගත්, මහා ග්රතහයන්ගේ බලයත්, (ඇති) කිසි දෝෂයක් මිශ්ර නොවූ රාශියක් බව ද අවබොධ කොට;

322. අර්ථය:- සියල්ලම තෝරා බලා, බල අධිකවූ චන්ද්රකයාද ඒ දවස්හි වූ ශුභ හෝරාවද යොදා, සකල ක්ර මයක්ම අත් නො හැර ප්ර්කාශ කෙළේය.

323. අර්ථය:- වෙද වේදාඬගයන් දත්තාවූ, සන්තෝෂ දනවන්නා වූ, පුරෝහිත බ්රාරහ්මණයන් රැස්කරවා, ආශිර්වයද වචන කියා මහත් වූ පැතුරුණාවූ තූර්ය්රාහ නාද පවත්වා;

324. අර්ථය:- පුණ්යාවන්ත භාවයෙන් ද, වික්රහමයෙන් ද, තේජසින් ද, කීර්තුතියෙන් ද, සමාන අය ලෝකයෙහි නුවූ හෙයින්: අසදෘශ කුමාරොත්තමයාය යි නම් තබා දශ දිශාවන්හි ස්තුති කියෙව්වේය.

325. අර්ථය:- ‘අනාගතයෙහි දී සාක්ෂි කියත්ය’යි සන්තෝෂයෙන් මහී කාන්තාවගේ මස්තකයෙහි සජ්ජිත කරණ ලද; ඉතා රතු වූ පියුමක් මෙන් (ඒ) උතුම් කුමාරයා පියවර බිම තැබුවේය.

154 අසදෘශ ජාතක කාව්යතය

326. අර්ථය:- සිනා සී බලමින් ද, සුරතල් වදන් කියමින් ද, කෝමල අත් ලෙලවමින් ද, බෝධිසත්ව යන් වහන්සේ දුව ඇවිදිමින් ක්රීයඩා කරයි.

309. (තමාට වඩා) බාල පිරිසක් සමග තව්තිසා නම් (දිව්යී) පුරවාසී කුමාරයෙක් පරිද්දෙන් වූ, ඒ සවාමීන්ගේ ක්රීතඩා සමය දුටුවහොත්; කවරෙකුගේ හෘදයක් නො බැඳි සිටී ද? (කාගේ සිත් නො ගනී ද?)

විස්තර:- තිදස: ති+ති+දස - තිස් තුන් යන අර්ථ යි, චාතුර්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය. නිර්ම නරතිය, පරිනිර්මිත වසවර්තිය, යනුවෙන් සදිව්යට ලෝකයෝ වෙත්. මඝමාණවකයා ඇතුළු සෙසු පිරිස හේ දඬු, පාලම්, විශ්රාසම ශාලා ආදිය තැනවීමේ පුණ්යළ කර්මසය හේතු කොටගෙන ඔවුන් සියලු දෙනම තව්තිසා දිව්යළ ලොකයෙහි උපන්හ. තව්තිසා නම් දෙව් ලොව (ඒ) තිස් තුන් දෙවිවරුන්ගේ පුරය හෙයින් තිදස නම් විය.

328. අර්ථය:- මෙ පරිද්දෙන් ඒ කුමාරයා පිය නගා ඇවිදින කල්හි, මනහර වූ බිසවට, පිනින් සරුවූ කුමාරයෙක් නැවතත් උපන්නේය.

329. අර්ථය:- ඒ ශ්රීුමත් කුමාරයාට ‘බ්රවහ්මදත්තය’යි නම් තැබුවේය. ඒ දෙදෙනාද මව්පියන්ගේ සිත් පරිදිම, යහපත් ලෙස වැඩුණාහ.

330. අර්ථය:- ‍ඒ ‍දෙදෙන අතුරෙන් සශොභනවු වැඩිමහල් කුමාරොත්තමයා, අප්ර-මාණවූ ගුණයෙන් හා ඥානයෙන් තම මව්පියන් විශේෂයෙන්ම සතුටු කොට;

331. අර්ථය:- අභිනව චන්ර්ෙ යා පරිද්දෙන් පුණ්යරවන්ත කුමාරයා වැඩෙමින්, තීක්ෂ ණ ඥානයෙන් යුක්තව ස්වල්ප ‍වශයෙන් අකුරු දැන ගත්්තේය.


                        අර්ථය හා විස්තර                                155

332. අර්ථය:- (එය) දැක මව්පියන් සතුටුව, කුමරු තමා ලඟට කැඳවා, ගුණයෙන් හා ඥානයෙන් යුක්ත හෙයින්, ශිල්ප ශාස්ත්රු ඉගැන්වීමට කාලය වීයයි (සිතා);

333. අර්ථය:- රනින් හා මැණික් වලින් කරන ලද්දාවූ කොත් කැරළි වලින් සජ්ජිතවූ, මහා ප්රා්සාද පඬකතියෙන් සිත් අලවන්නාවූ, ශ්රීු කාන්තාව වාසහ කරන්නාවූ, තක්සලා යන නමින් යුත් නගරයක් වූයේය.

334. අර්ථය:- එහි (ඒ නගරයෙහි) බොහෝ කාලයක් වාසහ කළාවූ, දශ දිශාවන්හි ව්යාරප්තවූ කීර්ති රාශියෙන් යුක්තවු, (තමාගේ) මුහුණ නමැති පියුමෙහි (ජනයන්ගේ) ඇස් රැ‍දෙව්වාවූ දිසා පාමොක් නම් ගුරු උතුමෙක් ඇත්තේය.

විස්තර:- දිසාපාමොක්: (දිශාවට ප්ර්මුඛ) අද මෙන් එකල ගමක් ගමක් පාසා පාසැල් නොවීය. ඒ ඒ ප්රයදේශයන්හි ආචාර්ය්) වවරු සිටියහ අධ්යාසපනය ලබා ගත යුත් තේ ගුරු ගෙදරම නැවතී ගුරුවරාය වෙතිනි. ඉගෙනීම් ආරම්භයේදී ගුරුතුමාගේ වේතනය වශයෙන් දහසින් බැඳි පියැල්ලක් ත්යාමගි කිරීමද, සිරිතක්ව පැවතුනි. අද මෙන් නොව එදා, ගුරු ගෝල සම්බන්ධසයන දැඩි එකක් විය. ශිෂ්යනයා සතු යුතුකම් රැසෙක්ද විය.

“ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැති පෙම් ද වඩවා අකුරු උගනී කුමරු සොඳවා” (කාව්ය ශෙඛරය)

කාව්යාශෙඛරයේ කියැවෙන සේනක කුමාරයාගේ ශිල්ප ශාස්ත්රා‍ද්ග්රැහණය පිළිබඳ විස්තර, එකල අධ්යගයනය කළ සියලු දෙනාටම සාධාරණය.

335. අර්ථය:- ඒ අචාර්ය්විසවරයා සමීපයට ගොස් එතුමාගේ සිත සතුටු කොට, “ශකල ශස්ත්රනයන් ඉගෙන ගෙණ, එව”යි කියා කුමාරයාගේ හිස සිඹ; 156 අසදෘශ ජාතක කාව්ය,ය

336. අර්ථය:- එකෙණෙහි දහසින් බැඳි පොට්ටනියක් ද අතෙහි තබා, සිත දුක් රාශ‍ියෙන් පුරවා, ඒ රජතුමා කඳුලු ඉස (වගුරුවා) අවසර දුන්නේය.

337. අර්ථය:- ළපටි දලු වැනි අත්වලින් ඇස් කඳුලු පිසිමින්, මහත්වූ චිත්ත ශොකයෙන්, රූපත් වූ (ඒ) කුමාරයා මව්පියන්ගේ පා වැඳ;

338. අර්ථය:- රාජ මහේෂිකාවද ස්වකීය පුත්රායා වඩාගෙණ, ළෙහි හොවා ගෙණ සිඹ, කඳුලු වගුරුවමින් අවවාද කොට, “ගොසින් එව”යි; කියා අවසර දුන්නාය.

339. අර්ථය:- මව් පිය දෙදෙන, පිරිස් සමග කුමරු යනු බලා නෙතින් කඳුළු වැගිරූහ. ඒ දිනයේ ඔවුන්ගේ (දෙගුරුන්ගේ) දුක් (මෙතෙකැයි ප්රිමාණකොට) කාට කිව හැකි ද?

340. අර්ථය:- ඒ ස්වකීය මව්පිය සොහොයුරු ඥාති ආදීහුද, අන්තඃපුර වාසීහු ද, කර්මා න්තයන්හි නියුක්ත වූවෝද, ඒ නගරවාසී නොයෙක් දෙනාද, (මග) දෙපසෙහි සිට ගෙණ;

341. අර්ථය:- වඩින්නාවූ කුමරුන් දැක සුසුම් ලමින්, හඬා වැලපෙමින් බොහෝ වූ ආශිර්වාද වචන කීහ.

342. අර්ථය:- (ඒ) උතුම් කුමාරයා මගට පිළිපන්ව, (මග) දෙපසෙහි දොරක් දොරක් පාසා රන් මිණි තොරන්හි රශ්මි විහිදී, දවල් රෑ දෙකෙහි ඒකාකාරයෙන් නිරන්තරයෙන්ම බබළන්නා වූ; දිව්යා ස්ත්රී න් බඳු කාන්තාවන් වාසය කරන්නා වූ; පුරවරය දැක ගොස්;

343. අර්ථය:- මහා සත්වනයන් වහන්සේ, යහපත් ලෙස පෙර කරන ලද පින් බලයෙන්, කිසියම් දුකකට පත් නොවී, සිත් ප්රීහතියෙන් කාන්තාර‍යත් ගෙවා, සැපවත්සේ ගොස්, තක්සලා නුවරට පැමිණියේය.


                             අර්ථය හි විස්තර                            157

344. අර්ථය:- කුමාරෙන්ර්හි යා අගස්ති සෘෂිවරයාට හාස්යදකරවූ දර්ශන ඇති, විදුලිය රැඳි සඳක්සේ සුන්ද ර වූ මුහුණක් ඇති, (දිසාපාමොක්) ගුරුතුමාගේ පා වැඳ, (ඒ තමා ගෙනගිය) දහසින් බඳනාලද පියල්ල ද (පා මුල) තබමින්, අප්රනමාණ ලෙස සන්තුෂ්ටිය ඉපදවීය.

345. අර්ථය:- ගුණයෙන් හා ඥානයෙන් යුක්ත වූ ඒ බුද්ධාඬකුරොත්තමයා, දිනක් පාසා ගුරුතුමන්ගේ චිත්ත සන්තෝෂය වර්ධනය කරවා, විද්යා්, වේද, ශිල්ප ශාස්ත්රුයන්, වෙන් වෙන් වශයෙන් වහා ඉගෙන, ධනුඃ ශිල්පයෙහිද අසමාන සමතෙක් වූයේය.

346. අර්ථය:- (ඒ) කුමාරයා සතර වේදයද, වේදාඬගයන්ද, අටළොස් විද්යා වන්ද නිමකොට, නිරන්තරයෙන්ම ප්රරගුණ කළ සූසැට කලා ශිල්පයන් ද අත්නොහැර, ගුරුතුමාට පෙන්වා සන්තොෂකොට පා වැඳ අවසර ගෙණ,

විස්තර:- වෙද: සෘක්, යජුස්, සාමන්, අථර්වදන් යන සිව් වේදයයි.

‍ වෙද’ඟ: ශික්ෂාන , කල්ප, ව්යා,කරණ, නිරුකති, ඡන්දරස්, ජ්යොවතිෂය යනුවෙන් වෙදාඬග සයකිකි.

විදු දසට: “අංගානි වේදාශ් චත්වාෙරෝ - මීමාංසා න්යානය විස්තරඃ ධර්මේ ශාසත්රව පුරාණංච - විද්යායහ්යෙතතාශ් චතුර්දශ අයුර්වේදෝ ධනුර්වේදෝ ගාන්ධසර්වශ්චේති තේ ත්ර යඃ අර්ථ ශස්ත්රංු චතුර්ථං තු විද්යාතභ්ය ෂ්ටාදශෛවතු” යනුවෙන් විද්යාස අටළොසකි.

ශික්ෂා්, කල්ප, ව්යාතකරණ, නිරුකති, ඡන්දශස්, ජ්යො‍තිශය යන වේදාඬග සයත්, සෘක්, යජුස්, සාමන්, අථර්වතන් යන සිව් වේදයත්, මීමාංසා, න්යාසය, ධර්ම ශාස්ත්ර්, පුරාන යන සතර හා අයුර්වේදය, ධනුර්වේදය, ගාන්ධෘර්ව, ශස්ත්ර ය, අර්ථ ශාස්ත්ර ය යන මෙකි සතරත් අෂ්ට විද්යා් (ද’සට විදු) නමි. 158 අසදෘශ ජාතක කාව්ය ය

347. අර්ථය:- නිරතුරුවම සරස්වතිය රැඳුණාවූ, මේ අපගේ බුඬඬාකුර උතුම් කුමාරයා; (තමා) ගියා වූ ඒ මාර්ගටය ගෙවා, ජනයා තුටු කෙරෙමින් සිය පුරයට (ආපසු) පැමිණියේය.

විස්තර:- සරසවි: මහාබ්රසහ්මයාගේ වම් පසින් උපන් සරසවිය මහා බ්ර්හ්මයාගේ භාර්ය්මහාව වූවාය. කිසිවෙක් මනාලෙස ශිල්ප ශාස්ත්ර් උගත්තේ නම්, කීමෙහි බිණීමෙහි රචනයෙහි දක්ෂයවූයේ නම් ඔහුගේ මුඛය සරස්වතියට වාසස්ථානයක් වී ඇතැයි කියත්. හේ සරසවිය ආශ්රසය කරන්නෙකැයි යෙත්. ශිල්ප ශාස්ත්ර ග්රිහණයට ඇගේ ආභාසය අවශ්යවයයි යෙත්.

ගිරා සන්දෙඅශයෙහි:

“ලද යම් කෙනෙක් සරසවි බැලු’මසක් නිසී කොතරම් වුවත් මුළු ලොව කෙරෙති අත වැසී”

කව්සිළුමිණෙහි:

“සරසවිය බැලුමසෙක් නී වෙත්වා කිවි දනෝ;” වචනයට අධිපතිනිය වූ, “ඇය ගේ අඩ බැල්මෙකින් පවා කවිත්වඅයෙන් හෙබි කිවියෙක් වන්නේය” යි; කවීහු කියත් සරස්වතියගේ අතෙහි ගිරා පක්ෂියයෙක් වෙසේල. ඒ බැව් ගිරා සන්දෙතශයෙහි,

“එතරම් පසිඳු සරසවි දෙවිය අතවැ සී මනරම් කෙනෙක් තොපමය පරසිදු සුබැ සී”

යන පද්යාමර්ධතයෙන් ද හෙළි වන්නේය.

348. අර්ථය:- ඒ බොධිසත්වනයන් වහන්සේ, තමාගේ රූපශ්රීතය නමැති රසාඤ්ජයනය, ඒ නගරයෙහි උතුම් ‍කාන්තාවන්ගේ නෙත්රවයන්හි ආලේපකොට, ජනයන්ගේ සිත් සතුටු කෙරෙමින්, නගර මර්ගකයෙහි වඩිමින්;



                        අර්ථය හා විස්තර                                 159

විස්තර: රස අඳුන: නෙත්රව කාන්තිය වර්ධ නය කරන්නාවූ ඖෂධ සංයෝග කොට සාදන ආලේපනයකි. එය ඇසෙහි උඩු යටි යන දෙපැත්තෙහි ආලේප කරනු ලැබේ. රස අඳුන් ආලේපයෙන් ඇස්වලට සිසිලසක් ලැබෙන්නාක් මෙන් ම, එය නෙත්රආයට අලංකාරයද, ගෙන දෙන්නේය.

349. අර්ථය:- කීර්තියෙන් මුතුහර හා චන්ර්න් යා වැනි වූ, තේජසින් සූර්ය්, ්යා බඳු වූ, රූපශ්රී යෙන් අනඬගයා බඳු වූ, අසදිස නම් වූ ඒ කුමාරොත්තමයා.

විස්තර:- සර බන්දු: සූර්ය්, හය රශමිය කරණකොට ගෙණ පද්මයන් ප්රාබොධ වන (පියුම් පිපෙන) හෙයින් සූර්ය් ඬගයාට “පද්ම බන්ධු” යයි කියති. සුභාෂිතයෙහි, “සිය පත සිය” යන යෙදුම තත් අර්ථ”යම ප්රතකාශ කරන්නකි.

350. අර්ථය:- ඒ මහා සත්වකයන් වහන්සේ, පළිඟුමය ප්රා සාද පඬ්කතියෙහි, ලෙළ දෙන්නාවූ රන්, රිදී, කොඩි පෙළින් යුත් තොරන් වලින් ඉතා අලඬකාර වූ, රජ මාළිගයට පිවිසියේ ය.

351. අර්ථය:- එවිට (ඒ) කුමාරයා පෙම්බර මව්පියන්ගේ පා නමැති පියුම් වැඳ “ලොකයෙහි ඇති තාක් ශාස්ත්රඒ මුළුමනින්ම උගත්තෙමි” යි; ප්රසකාශ කෙළේය.

352. අර්ථය:- (කුමාරයා) ශිල්ප ශාස්ත්රත ප්ර ගුණ කෙළේ ය. කුමාරෙන්‍ද්රථයා තරුණ වයසට වැඩි වියට) පැමිණියේය. මව්පියන්ගේ සිත් සතුටුවීය. (ඔවුන්ගේ) නෙත් තුටු, කඳුළෙන් යුක්තවිය.

353. අර්ථය:- කීර්තියෙන් ඊශ්වරයා බඳුවූ, සම්පත්තියෙන් ශක්රුයා වැනිවූ, නිරන්ත‍රයෙන් සරස්වතිය රැඳුණා වූ, (ඒ) කුමාරයාට රිසිසේ පෙරහර කරවූයේය. 160 අසදෘශ ජාතක කාව්යාය

විස්තර:- උරහර: මෙහි උර යනු. ‘උරග’ ශබ්දයෙන් ද, හර යනු ‘හාර’ ශබ්දයෙන් ද ලැබේ. “උර හර වූයේ යමෙකු හටද, හෙතෙම උරහර”යි. මාලයක් ලෙසින් නාගයෙකු බෙල්ලේ පැළඳගත් නිසා (මහේශ්වරයා) ඊශ්ව‍රයා උරහර යන නමින් හැඳින් වේ.

පු’රඳර: ශක්රා වාචක ශබ්දයෙකි. අමරකෝෂයෙහි, “පුරුහූතඃ පුරන්ද:රඃ” යන පද්යදයෙහි. එය ශක්රඳ පර්යා. නමය නාමයක් ලෙස පෙන්වා ඇත.

354. අර්ථය:- රූපශ්රීායෙන් සත්වියන්ගේ සිත් බැඳ ගත්තා වූ, කීර්ති නමැති සඳුන්, දිශා නමැති ඇතුන්ගේ කුම්භයෙහි ආලේප කළා වූ, ළයෙහි ශ්රීශ කාන්තාව රැඳුනාවූ, (ඒ) කුමාරයාට සොළොස් අවුරද්ද සම්පූර්ණළ විය.

355. අර්ථය:- මුව මඬල පුන්සඳ වැනිවූත්, රූපශ්රී යෙන් පුරාණ අනඬගයා වැනිවූත්, අමෘතාකාර වචනයෙන් යුක්තවූත්, ඒ මහාසත්වවයන් වහන්සේ, නිරන්තරයෙන්ම ළය මඬලෙහි ශ්රී් කාන්තාව වැළඳ ගත්තේය.

විස්තර:- පොරණ රා: (පුරාණ අනඬගයා) පුරාණ හින්‍දු කථාවන්හි අනඬගයා පිළිබඳව දැක්වෙන විස්තර රසවත්ය. මහා බ්රවහ්මයාගේ පුත්රකයෙකු වූ ඔහු කාමයට අධිපති දෙවියාය. ඊශ්වරයා ධ්යාරනයකට සමවැදී සිටි කල්හි, අනඬගයා ඊශ්වරයාටද, කාම හී පහරක් විද්දේය. ඉන් කෝපයට පත් ඊශ්වරයා, නළල මැද වූ ඇසින් ගිනි නිකුත් කොට අනඬගයා දැවීය. එතැන් පටන් ‘න+අඟ’, න’රඟ යනු තවත් නාමයකින්ද අනඬගයා හැඳින්විණ. අනඟ හී පහරින් කාමාග්නිය වර්ධ’නය වූ ඊශ්වරයා, පාර්ව්තිය සමග කල් ගෙවීය. රති හෙවත් අනඬගයා‍ගේ බිරිය, පාර්වතිය වෙත ගොස්, තම හිමියාට යළිත් පණ දෙන ලෙස යාඥා කළාය. ඒ ඉල්ලීම පිට ඊශ්වරයා ඔහුට නැවතත් ජීවිතය දුන්නේය. මේ කවෙහි පුරාණ අනඬගයා යනුවෙන් අදහස් කරන


                    අර්ථය හා විස්තර                                      161

ලද්දේ ඊශ්වරයා විසින් දැවීමට පෙර වූ අනඬග රූපයයි. ඊශ්වරයා විසින් දවා අළු කළ හෙයින්, පුරාණයෙහි දී අනඬගයාගේ රූප ලාවණ්යඅය පසු කාලයෙහිදී නොවිණැයි හැ‍ෙඟේ.

356. අර්ථය:- ව්යකක්තයිනි! කුමාරයාගේ රූපශ්රී6ය නමැති මහ මුහුදින් කෙස් අගකින් බිඳක් ගත් මෙන්, මේ මාගේ ඥානයේ ප්ර්මාණයෙන් වර්ණ්නා කරන්නාවූ (ඒ කුමාරයාගේ) දේහ ලක්ෂ ණය අසව්.

357. අර්ථය:- සථිරසාර ගුණයෙන් යුක්තවූ (ඒ) ප්ර ඥාසාරයාගේ මෘදු, කෝමල පාදය (කෙබඳු වීද යත්?) පර රාජකුමාරයන්ගේ ඔටුණු සිළුමිණ නමැති බිඟුන් ගැවසී ගත්තාවූ, මහත්වූ දික්වූ ඇඟිලි නමැති පෙතිවලින්ද, නිය නමැති රොනින්ද යුක්තව නිරන්තරයෙන්ම පිපුණු රත් පියුමක සිරිය ඉසිලීය.

358අර්ථය:- සූර්ය් ඉස වංශයට තිලකයක් බඳු වූ ඒ කුමාරයාගේ ශොභනවූත්, නිරන්තරයෙන්ම එකාකාරව බබලන්නාවූත්, ස්වකීය ජඬඝා (කෙන්ඩය) යුග්මය, දිය තුළ සැඟවී යන්නා වූ රන් ලෙහෙළුන් දෙදෙනෙකුට සමාන කොට, භය රහිතව වර්ණලනා කරන්නා වූ, කිවිවරු කවරහු ද?

359අර්ථය:- කිලිටි නොවූ, සුන්දවර වූ සිත් පිනවන්නා වූ (ඒ) කුමාරයාගේ දෙදණ මඬල, රළ පෙළට හමුව වහා නැසෙන්නා වූ ස්වර්ණ සාගරයෙහි නැගි බුබුලුවලට සමාන කිරීම නුසුදුසුය. (එය නොසෑහෙන උපමානයකි)

360. අර්ථය:- දශ දිශාවෙහිම පතළාවූ කීර්ති ස්වභා‍වයෙන් කෛලාශකූට පර්වනතය හා මුතුහර වැනි වූ සන්තෝෂ වර්ධීනය කරන්නාවූ, ඒ කුමාරයාගේ දෙකලව, ‘මනහරවූ රන් කෙසෙල් කඳන් දෙකක් වැනිය’යි, නිසරු (සාරයෙන් තොරවූ) දෙයකට සමාන කොට ‍කෙසේ වර්ණිනා කරම්ද?

                                                                                        11

162 අසදෘශ ජාතක කාව්ය ය

විස්තර:- කෙලෙස: කෛලාශකූට පර්වකතය. හරගිරි යනුද එයට ‍නමකි. මෙය ඊශ්වරයාගේ වාස භවනයයි. කෛලාශය සුදු පැහැයෙන් බබළන්නේය, යනු කවි සමයයි.

361. අර්ථය:- නිරන්තරයෙන්ම ශ්රිියා කාන්තාව රැඳුණාවූ, පුළුල්වූ ළය නමැති මන්දිනරයෙහි, අපමණ කරුණාවෙන් පිරුණාවූ, බර නිතොර ඉසිලීම කරණකොට ගෙණ, මහා සත්ව යන් වහන්සේගේ දීප්තිමත්වූ වැහැරී ගිය සිහින් ඉඟ, අනඬගයාගේ දුනුමිටට සමානයයි කියන නමුත් උක් දඬුවෙහි අරටුවක් නොමැත.

362. අර්ථය:- ශරීරය නමැති විල්හි ක්ෂනත්රිදය කාන්තාවන් නමැති හංස ධෙනූන් නිතොර ක්රීරඩකරන්නාවූ, පැහැයෙන් බැබළෙන්නාවූ, එයින් උපන් නාභිය නමැති පියුමට බසින්නාවූ, ඒ කුමාරයාගේ ශොභනවූ වසාරොද; බිඟු වැල මැසි සමූහයක් හෙයින් ඊට සමාන කොට කීම සුදුසු නොවේ.

363. අර්ථය:- මෘදු ගතියෙන් පිරුණාවූ නිරන්තරයෙන් සත්වැයා හට වැඩ දායක වූ, බුද්ධාඬකුරවූ, ඒ ස්වාමීන්ගේ මනහරවූ පුළුල් උරතලයට, ශ්රීබ කාන්තාව ක්රීවඩා කරන්නාවූ රන් ගල් තලාවක් යයි; උපමා කොට කීමට කර්ක ශවූත් ඝනවූත් ස්වභාවය ඇති ඒ ගල්තලාව නොගැලපේ.

364. අර්ථය:- ප්රකඥාසාරවූ (මෙ) ස්වාමි නමැති සඳුන් ගස වැළඳ ගැනීමට ආශාවෙන්, පෙනය කරමින් වනයෙන් නැගී එන්නාවූ සවර්ණට සථි යුග්මයක් යයි, කොමලවූ අතට සමාන කොට උපමා කිරීමට, ඝොරවූ විෂයෙන් යුත් ඔව්හු සුදුසු නොවෙත්.

365. අර්ථය:- ඒ බුද්ධාඬකුරයාණන්ගේ ඉරි තුනින් බැබළෙන්නාවූ ගෙලට (බෙල්ලට); ඇත් දළින් මනා කොට ඔප දැමූ රන් ‍කළ‍යකැයි (කියතහොත්) කාන්තාවන් උකුලෙන් ගෙණ නිතර දිය අදින්නාවූ, කළයට සමාන කොට කීමට, (උපමාව මඳ නිසා) නො හැක.

                         අර්ථය හා විස්තර                                163

366. අර්ථය:- විදුලිය නමැති කාන්තාව, අත් නොහැර නිරන්තරයෙන් ප්රේඅමයෙන් යුක්තව වාසය කරන්නාවූ, ශොභනවූ ඒ ස්වාමීන්ද්රො ත්තමයාගේ මුහුණ, දත් නමැති කෙශරයන්ගෙන්ද, තොල් නමැති පෙතිවලින්ද සැදුම් ලත්, රත් පියුමක් වැනිය; යන උපමාව; (පියුම්) සවසට හැකිළී යන බැවින් නුසුදුසුය.

367. අර්ථය:- මඳ සුලඟක් වෑදුනු කල්හි වහා නිවී යන්නාවූ, විශෙෂයෙන් ඒකාලොක කොට බබළන්නාවූ, පහන් සිල බුද්ධාඬකුරයාණන් වහන්සෙ උස්වූ, දික්වූ, තදවූ නාසයට (කෙසේ නම්) නිසැකව සමාන කොට කියම්ද?

368. අර්ථය:- පැහැයෙන් දිලෙන්නාවූ දික්වූ, පළල්වූ, මනෝහරවූ, දෙනෙත, මනොඥවූ නිල් උපුල් කුසුම් දෙකක ශ්රීූ සාරයට මඳක් සමාන කොට, සිත විකල නොව කියපෑම, විරහ කාන්තාව හට අකඬගයා (නිල් උපුල් කසමින්) විදි හෙයින් පිළිකුල්ය.

369. අර්ථය:- මහා සත්ව යන් වහන්සේගේ එකට බැඳී දිලිසුනාවූ ශොභනවූ දෙබැමට; අහස්හි දෙපිලක්ව බැබලෙන්නාවූ, දේදුන්න වහා නැසෙනසුළු අස්ථිර දෙයක් හෙයින්, (ඊට) සමාන කොට උපමාවක් වශයෙන් කියනු නො හැක.

370. අර්ථය:- සිත් අළවන්නාවූ ස්වාමීන්ද්රොගත්තමයාගේ සතුටු උපදවන්නාවූ නළල් තලය, වැසි වළාකුළක් තුළ දිලිසුනුවූ, පැහැයෙන් දිලුන නව සඳ වැනි යයි; හැම කල්හිම ඊශ්වරයාගේ ජටා මධ්ය යෙහි සිටින හෙයින්, සමාන කොට උපමාවක් වශයෙන් මම කෙසේ කියම්ද?

371. අර්ථය:- (ඒ) උතුම් කුමාරයාගේ සිත් ගන්නාවූ දිගුවූ, නිල්වන්වූ, මෘදුවූ කෙස් කළඹ, වැසි වළාකුළු හා තඹලු ලතා වැනියයි සමාන කොට කීමට, තමළු ලතා වනවැල් (විශෙෂයක්)හෙයින්ද, වැසි වළාකුඵ ශක්රවයා නැඟ යන හෙයින්ද ලොකයෙහි සමාන දෙයක් කීමට උපමාවක් මට නොදැනේ.


164 අසදෘශ ජාතක කාව්ය‍ය

372. අර්ථය:- නිරන්තරයෙන් ශ්රීශ කාන්තාව වැළද ගත්තාවූ (ඒ) කුමාරයා සඳ රැස් වැටුණු කිරි සයුර මෙන් (පිය රජතුමාගේ) සිත තුටු කරමින්, ඒ පිය රජු සමීපයෙහි වාසය කෙළේය.

විස්තර:- පියුමත: ‘පියුමක් අත්හි යමකටද ඕ පියුමත්’; අතෙහි පද්මයක් ඇති හෙයින් ශ්රීු කාන්තාවට පියුමත් යයි යෙත්.

373. අර්ථය:- (බලයෙන්) මහත්වූ පිය රජ තෙමේ තමා පරලොව ගිය කල්හි, (තමාගේ අභාවයෙන් පසු) වැඩි මහලුවූ අසදිස කුමාරයාට රාජ්යය ශ්රීාය නියම කොට තැබුවේය.

374. අර්ථය:- බ්ර හ්මදත්ත නම් වූ පිය රජාණෝ, “බඹදත් (නම් වූ) බාල කුමාරයාට යුවරජ පදවිය දෙව”යි නැණවත්වූ ඇමතියන්ට කීහ.

375. අර්ථය:- රජතුමා නියම කළ පරිදි අමාත්යහ සමූහයා ගොස්, නමස්කාර කොට රාජ්යා්භිෂේක කිරීම සඳහා අසදිස කුමාරයාට දැන්වූහ.

376. අර්ථය:- “නුවණැති මැතිවරුණි, මේ රජ සැපතට මගේ සිත්හි ස්වල්ප වශයෙන් හෝ කැමැත්තක් නැතැ”යි; වදාරා, මේ අපගේ බොධි සත්වයයන් වහන්සේ (ඒ රාජ්යඅ ශ්රීාය) හැර දැමූසේක.

377. අර්ථය:- මන්ත්රීාවරු සේනාව හා එක් සිත්ව, (අදහස් ගළපා) සතුටු සිතැතිව බ්රරහ්මදත්ත කුමාරයා රාජ්යවභිෂේක කොට, යුවරජ තනතුර බොධිසත්ව‍යන් වහන්සේට දුන්හ.

378. අර්ථය:- “මට යුවරජ තනතුර කුමකටදැ?” යි අසතුටුව, (යුවරජ තනතුර) අත්හැර දමා, පළමු වාසය කළ ලෙසට කල් ගත කොට උන් කල්හි;


                 අර්ථය හා විස්තර                                      165

379. අර්ථය:- ඒ (බ්ර හ්මදත්ත) රජු සමයෙහි සිටියාවූ සත් පුරුෂ ගුණයෙහි නොපිහිටියාවූද, දුර්ගුණ සියල්ල කැටිවූ බැවින් බොරු කීමෙහි දක්ෂිවූ ද, පාපිෂ්ඨවූ අමාත්ය යො;

380. අර්ථය:- “සුන්දරවූ ස්වාමීචන්ර්‍ිනයාණෙනි, අසදෘශ කුමාරයෝ ඔබ වහන්සේට සතුරුව රාජ්ය ය ගැනීමට සූදානම් වෙත්” යයි; බොරු කීහ.

381. අර්ථය:- බඹදත් රජ තුමාද නොවිමසා, ඔවුන් ගේ (ඒ පවිටු ඇමැතියන්ගේ) වචනයෙන් ඇවිස්සී, වැඩිමහලු කුමාරයා අල්වව”යි සියසෙනඟට පැවසීය.

382. අර්ථය:- නිතන්තරයෙන්ම වැඩෙහි (යහපත් කටයුත්තෙහි) යෙදුනාවූ, සත් පුරුෂ ගුණයෙන් යුත් ඇමතියෙක්, ඒ කාරණය බෝසතුන්ට රහසින් දැන්වීය.

383. අර්ථය:- බොධි සත්ව්යන් වහන්සේද, ඒ ඇසූ කල්හි රොෂ සහිතව ඒකව‍ර සිංහයෙකු පරිද්දෙන් වහා ඒ නුවරින් රහසින් පිටත්ව ගියේය.

විස්තර:- එකසර කෙසර: තෘණසිංහ, කාළ සිංහ, පාණුඩුසිංහ, කේසර සිංහ, යනුවෙන් සිංහයිනගේ වර්ගණ සතරකි. ඔවුන’තුරෙන් කේසර සිංහයා ශ්රෙ-ෂ්ඨය. දිගු ලොමින් යුත් කඳට ඇති සිංහයා, කෙසර සිංහ නම්වේ.

384. අර්ථය:- අසදෘශ කුමාරොත්තමයා මග ගෙවා බොහෝ දුර ගමන් කොට, මනාව පිපියාවූ උපුල් හා පියුමින් යුත් විලක් දැක එකල්හි තුටු පහටුව;

385. අර්ථය:- එහි ක්රීහඩා කරන්නාවූ මත්ස්යක සමූහයාද පිහිනමින් හැසිරෙන්නාවූ හංස සමූහයාද, බලමින් මඳ වේලාවක් සිට, ජල ක්රීරඩා කෙරෙමින් ග්රීාෂ්මය දුරු කෙළේය.

166 අසදෘශ ජාතක කාව්ය ය

386. අර්ථය:- (එතැනින් ගොස්) නාමලතා නමැති, නිල් කෙස් කළඹින්ද, මනාව පිපියාවූ මල් නමැති මුහුණෙන්ද, ගෙඩි නමැති පියයුරු වලින්ද, කෝකිල නාද නමැති වචනයෙන්ද, තරුණ කාන්තාවක් බඳුවූ වනය දුටුවේය.

387. අර්ථය:- යහපත් (ඒ) වනයෙහි පිපියාවූ මල් වලින් යුත්, සල්, අතු සොලවමින් එන්නාවූ, යහපත් සුවඳින් මිශ්රදවූ සිත්, සතුටු කරන්නාවූ මඳ සුළඟ විඳිමින් එහි සිට, ශරීර ග්රී ෂ්මය අඩුකොට (ඒ) උතුම් රාජ කුමාරයා සිත් සතුටින් වැඩියේය.

388. අර්ථය:- බොධි සත්ව්යන් වහන්සේ ලෙලදෙන්නා වූ දලු නැමැති විදුලියෙන්ද, මල් නමැති කොත් පෙළින්ද, ආකාශයට නැ‍‍ඟෙන්නාවූ රතු හොටවල් (ලේ තුඩු) නමැති මහත්වූ දෙව්දුන්නෙන්ද, පොළවට රූ රා බසින්නාවූ, මී බිඳු නමැති වැසි පොදින්ද යුත් වනය, වැසි වළා කුළක් මෙන් දුටු සේක.

389. අර්ථය:- ‘මනොඥවූ ඒ බොධිසත්වීයන් වහන්සේ වඩිනාසේක’යි; භක්තියෙන් නොයෙක් පැහැයෙන් යුත් දලු නමැකි කොඩි පෙළ බඳිමින්, මනා පිපියාවූ නාමල් නමැති සුදු කුඩ නංවමින්, දුනුකේ පොහොට්ටු සහ සපු නමැති සවර්ණත පහන් වැටෙන් යුක්තව;

390. අර්ථය:- දිලිසෙන්නාවූ ශේවත (වර්ණණවූ), සිනිඳු වැලි නමැති පාවාඩා අතුරු වමින්, පිපියාවූ කරඳ මල් නමැති ලාජ පුෂ්ප වහා ඉසිමින්, පලොල් ඇසල මල් ආදී නොයෙක් දැයින් සජ්ජිතකොට, වනය නමැති කාන්තාව, ප්රීයතියෙන් යුතුව අලංකාර කළාසේ පෙනුණි.

391. අර්ථය:- තාමලතා නමැති කෙස් කළඹින්ද, බිඟුවැල නමැති ඇස් බැමෙන්ද, ගෙඩි නමැති පියයුරු වලින්ද, නර්මවලවූ, මනාව පිපියාවූ මල් නමැති මුහුණින්ද, කොඳ නමැති දත්වලින්ද, කෝකිල නාද නමැති වචනයෙන්ද, කෙසෙල් කඳන් නමැති වටොරින්ද, යුක්තවූ මනොඥවූ කාන්තාවක් වැනි වනය දකිමින් වැඩම කොට;

                  අර්ථය හා විස්තර                                        167

392. අර්ථය:- පිල් විදහා ‍ගෙන ගල් මුදුන්හි නටන්නාවූ ‍මොනරු බොධිසත්ව.යන් වහන්සේගේ රූප ශ්රීිය බැලීම පිණිස සන්තෝෂයෙන්, දෙනෙත් ප්රශමාණ නොවේද? යි සිතමින් මෙන් පිල් නමැති ඇස් විදහා ගෙන සිටියාහ.

393. අර්ථය:- ගිරා සමූහයා ඉතා ආශාවෙන් පැසුණු දෙළුම් ගෙඩි තුඩින් බිඳින කල්හි, පොළොවෙහි විසිරීගිය බීජ, වර්ෂ කාලය නොවූ නමුත් රතිඳු, ගොව්වන් මෙන් වනය තුළ තැන තැන, (තිබෙනු) බොධිසත්වවයන් වහන්සේ දුටු සේක.

විස්තර:- රතිඳු ගොව්: (ඉන්ර්සේ ගොප) වැසි කාලයෙහිදී ඇති වන්නාවූ රක්ත වර්ණ කිට විශේෂයෙකි. ඉන්ර්්ේක යනු මේඝ වාචක ශබ්දයකි. ඉන්ර් කියා ගොපක (රක්ෂදකයා) වනුයේ යමෙකු හටද හේ ඉන්ර්කි ගොපයි. වර්ෂගවෙන් රැකෙන හෙයින් ඌට මේ නම යෙදේ.

394. අර්ථය:- ‘මහා සත්වවයන් වහන්සේ වඩිති’යි; දෙපසෙහි සැදෙමින් දලු නමැති අත් කරකවමින්, මල් නමැති මුඛයෙන්ද, භෘඬග රාවය නමැති ස්වරයෙන්ද, කෝකිල නාද නමැති ගීතයෙන්ද, යුක්තව ලතා නමැති කාන්තාවන් සතුටු සිත් ඇතිව රඟ දෙන්නාක් වැන්න.

395. අර්ථය:- අපගේ ස්වාමි තෙමේ ඒ වනයෙහ් වෘක්ෂරයක් පාසා අතු ඇද කඩා කමින්, එකිනෙකා ක්රො ධයෙන් සොඬින් සොඬ පටලවමින්, තතන තතනා අනිමින්, පසු නොබසින්නාවූ මහත්වූ හස්තීන් දුටුවේය.

396. අර්ථය:- ප්රෙරමයෙන් ශාඛාමෘග නමැති දරුවන් වඩා ගෙණ, රුක් නමැති හිමියන් සිඹිමින්, සිටියාවූ ලතා නමැති කාන්තාවන්; යන්නාවූ ඒ කුමාරයාහට පක්ෂීනන් ‍ගේ නාද නමැති වචනයෙන් අප දෙස බලනු මැනවැ’යි කීවාක් වැනිය.


168 අසදෘශ ජාතක කාව්යමය

397. අර්ථය:- පුණ්යා පිණ්ඩයක් වැනිවූ බොධිසත්වනයන් වහන්සේගේ, තේජස හා කීර්තුතිය මෙන්, මල් හා දලු වලින් ගැවසී ගත්තාවූ ගස් මුදුන්හි, තන්හි තන්හි නාද කරන්නාවූ කුරුළු සමූහය; වැඳි ජනයා සන්තෝෂවී ඒ කුමරුහට (ඒ කුමාරයාගේ) ස්තුති (ගීතිකා) කියන්නාක් වැන්න.

398. අර්ථය:- මල් හා මොනර පිල් ගවසා කෙස් කළඹ බැඳ, රිටි පට ඇඳ සිරියල් තිලකය දී, කන්වල සුපුෂ්පිතවූ කර්ණිකාර පුෂ්ප ගවසා සිටි යෞවනවූ වනස්ත්රී න් දැක බුද්ධඬකුරයෝ වැඩියාහ.

399. අර්ථය:- ඒ කුමාර තෙමේ තැන් තැන්වල ක්රීෂඩා කරන්නාවූ මුව පැටවුන්ද, ප්රෙ:මයෙන් සෙබඩුන් සමග සිටියාවූ මොනරුන්ද අප්රුමාණව පැමිණි රිළවුන්ද, ධෙනූන් සහ පැටවුන්ද, වඳුරු මහල්ලන්ද දුටුවේය.

400. අර්ථය:- සුපුෂ්පිතව බැබලුනාවූ රත් පියුම් නමැති මුහුණෙන්ද, හංස නමැති පියයුරු වලින්ද, නිල් උපුල් නමැති නෙත් වලින්ද, බිඟු වැල නමැති ශොභන වූ ඇස් බැමෙන්ද, වැලිතලා නමැති පුළුල්වූ උකුළින්ද කාන්තාවක් වැනි වූ; විල්වලින් යුක්තවූ වනය දැකීම් පමණෙකින්ම සත්ව්යාගේ ‍සිත් ගත්තේය.

401. අර්ථය:- මල් වලින් ගැවසීගත් ගස් සෙවනෙහි හිඳ, සුවඳ මුසුව එන්නාවූ සොඳුරු මඳ පවන් විඳිමින් සුදු වැලිතලාවන්හි මඳ, මඳ වේලා සැතපී සිට සිත්වූ පරිද්දෙනන් විල් හා ඔයවල් දැක දියකෙළි කෙළ ගමන් කොට;

402. අර්ථය:- සුදුහැල්ද, කළුහැල්ද, පියුම්හැල්ද, කොමඩු හැල්ද, රතු හැල්ද, වෙල් හැල්ද, ගිරා හැල්ද, මොනර හැල්ද, රද හැල්ද, මඩු හැල්ද, දෝවටු හැල්ද, යා හැල්ද, මහ හැල්ද, දුරු හැල්ද, දුන් හැල්ද, කොතඹුරු හැල්ද (යන මේවායින් යුත්)



                       අර්ථය හා විස්තර                              169

403. අර්ථය:- සවර්ණ දාමයක් මෙන් පැසී ඇති, ගොඩ මඩ කුඹුරු වල ඒ කරල් කඩා, තුඩක් තුඩක් පාසා ගත් කල්හි, ඒ දුටු ගොවියන් දඬුවම් කිරීම නිසා ඉඩක් නැතිව උඩ ඉගිලෙන්නාවූ, ගිරවුන් (ඒ කුමාරයා) දුටුවේය.

404. අර්ථය:- චන්ර්ුටුයා වැනි මුහුණින්ද, බිම්බ ඵල වැනි රතු තොල් වලින්ද, හංස පැටවුන් වැනි සන්තෝෂය උපදවන්නාවූ පියයුරු වලින්ද යුක්තවූ, අනඬග රූපය වැනි මනොඥවූ ඇල් ගෙවිලියන් කියන්නාවූ ගීත අසමින්, (ඒ කුමාරයා) ආශාවෙන් වැඩීයේය.

විස්තර:- බිඹුපල: කෙම් ගෙඩි, රතු දෙතොල් බිඹු ඵලයනට සමාන කොට දැක්වීම කවීන්ට අභිමතය. ගිරා සන්දගශයෙහිද, “සිත් සනහන රත් ලවන්ත බිඹු පලය” යනු එබඳු යෙදුමකි.

405.අර්ථය:- උඳුද, මුංද, නොයෙක් වරකාද, තිරිඟුද, අබද, තලද, මෙනේරියද, තෝරද, කොල්ලුද, තණද, වැසිරිය යුගද, කඩලද, යවද, අමුද, ඉරිඟු දෙවර්ගමයද, මෑ කරල්ද,

406.අර්ථය:- තන්හි තන්හි තිබෙන්නාවූ මනාව වැඩුණු කුඹුරුවල බුදින්නාවූ පක්ෂිය සමූහයා, වහාම එලවීම පිණිස, කටහඩ දක්වමින් ශබ්ද කරන්නාවූ ශොභනවූ ගෙවිලියන් දැක, ස්වාමි තෙමේ ගමන් කරමින්;

407.අර්ථය:- පිපියාවූ කැලෑමල් ගවසා කෙස් කළඹ බැඳ ගෙණ, මුකුළු සිනාවෙන් සල්ලාලයන්ගේ ආශාව වඩවා උකුලෙහි හා හිසෙහි‍, දී කිරි කළ තබා ගෙන පේළි සැදී මාර්ගඳයෙහි එන්නවූ ගොපලු ස්ත්රී‍න් (ඒ කුමාරයා) දුටුවේය.

408. අර්ථය:- නොයෙක් රන් ආභරණයන්ගෙන් සැරසී අනඬග කාන්තව මෙන්, (රති දෙව් දුව මෙන්) රූපශ්රීඬයෙන් ශොභනවූ සන්තෝෂයෙන් ක්රී ඩා කරමින් තන්හි සිටියාවූ ග්රාූම ස්ත්රී න් සිත්වූ පරිද්දෙන් බලමින්, (ඒ) කුමාරොත්තමයා වඩිමින්;

170 අසදෘශ ජාතක කාව්ය ය

409. අර්ථය:- ඔවුනොවුන්ගේ සිත්හි ආශා උපදවා, වශිකෘත කළාවූ, සවර්ණද බිම්බයන්ට නිගා කළාවූ, සමූහ වශයෙන් සිට පන්දු ක්රීිඩා කරන්නාවූ, සත්රීින් ඒ කුමාරෙන්ර් වශයා ඇස් පුරා දුටු‍වේය.

410. අර්ථය:- සොඳුරු වූත්, දිගුවූත්, සිනිඳුවූත්, කෙස් කළඹ මල් ගවසා බැඳගෙණ; සඳුන් සුවඳ පිනිදිය සමගින් ගල්වමින්, යහපත්වූත්, රැචි කරන්නාවූත්, යොග්යවවූත්, වස්ත්රවයෙන් රැලි අල්ලා ඇඳගත් ළපටි ස්ත්රීින්, අනඬග කාන්තාව (රති දේවිය) මෙන් සැරසී;

411. අර්ථය:- ඉතා රසවත් කොට ගී සින්දු කියමින්, සත්ව්යාගේ ඇසක් පාසා තමාගේ රූප නමැති රසඳුන් අඳවා, හාස්යද උපදවන ලෙස හංසාකාර ගමනින් හැසිරෙන්නාවූ, ස්ත්රීසන් සතුටින් නරඹා කුමාරෙන්ද්ර යා වැඩියේය.

412. අර්ථය:- දිගු කෙස් කළඹ මල් පටියෙන් බැඳ, උපුල් වැනි නෙත් වලින්ද, සවර්ණක පන්දු වැනි පියයුරු වලින්ද, අනඬග කාන්තාව වැනි රූපශ්රීයයෙන්ද, යුක්තවූ ස්ත්රීරන්, ඉමහත්වූ ආශාවෙන් බලා, (ඒ) කුමාරෙන්ද්ර්යා වැඩියේය.

413. අර්ථය:- ශාන්තවූ චන්ර්ෙන්යා වැනි මුහුණින්ද, උපුල් වැනි නෙත් වලින්ද, රන්වන් බඳ මත්තෙහි වූ හංසාකාර පියයුරු වලින්ද, අනඬග කාන්තාව මෙන් අග්ර්ස්ථානයට පැමිණියවූ, ස්ත්රීදන් සිත්වූ පරිද්දෙන් බලා, අලස බවක් නොමැතිව (ඒ කුමාරයා) වැඩියේය.

414. අර්ථය:- පොල් වතුද, කෙසෙල් වතුද, බුලත් වතුද, කොස් වතුද, ඇසල වතුද, ඉරිවේරිය වතුද, ඉගුරු වතුද,කහ වතුද. මල් වතුද, පල වතුද, මිරිස් වතුද, ලූනු වතුද, සල් වතුද, අල වතුද, උක් වතුද, පන් වතුද;




                            අර්ථය හා විස්තර                           171

415. අර්ථය:- අඹ, මොර, දෙළුම්, මසන්, තල්, යන වතුද, සුපුෂ්පිතවූ කුසුම් සහිත දොඹ, සපු, නා, රුක්, මුහුණමල් යන වතුද, ඇටි කෙහෙල්, නාරං, දෙහි, දොඩම්, පලු, යන වතුද, කොහොඹ, කර, කළුවර, කරඹ, හල් යන වතුද;

416. අර්ථය:- එළබටු, වම්බටු, ඉඟුරු, වද කහ යන වතුද, මලබටු, තියඹරා කැකිරි, මිරිස් යන වතුද, රටබටු, ලබු, පුහුල්, උක් යන වතුද, බොහෝවූ අල බුලත් දුම් යන වතුද (විය.)


417. අර්ථය:- එහි තන්හි තන්හිවූ මනොඥවූ උයන්හි, පුෂ්පයෙන් හා ඵලයෙන් නිරන්තරයෙන්ම සැදුම් ලද්දාවූ, නිල් පෙතිවලින් යුත් උස්වූ ගස් මුදුන්හි බඹරුන්ද, මී මැස්සෝද, කොවුලෝද සිට නාද කරත්.

418. අර්ථය:- බැබැළෙන්නාවූ චන්ර්්ස යා වැනි මුහුණින්ද, කොඳ වැනි දත්වලින්ද, නිල් මැණික් වැනි නෙත් වලින්ද, හංසාකාරවූ දෙපියයුරු වලින්ද, යුක්තවූ, ආශා සහිත ගෙවුයන්හි ක්රීාඩා කරන්නාවූ ස්ත්රීදන් බලා, (ඒ) කුමාරයා වැඩියේය.

419. අර්ථය:- නිල් වළාකුලක් වැනිවූ කෙස් කළඹෙහි මල් ගවසා, හංස පැටවුන් වැනි පියයුරුවල සුදු හඳුන් ආලේප කොට, දිය කළ ගෙණ පේලි වශයෙන් සෑදුණු ස්ත්රීහන්, දැඩි ආශාවෙන් බලා බුද්ධාඬකු‍රයෝ වැඩියහ.

420. අර්ථය:- (ඒ කුමාරයා) පියුම් නමැති මුහුණින්ද, බිඟු වැල නමැති ශොභනවූ ඇස් බැමින්ද, නිලුපුල් නමැති නෙත් වලින්ද, හංස නමැති පියයුරු වලින්ද, රත් පියුම් නමැති තොල් වලින්ද, යුක්තවූ, වැලිතලාවෙහි දුවන්නාවූත් සත්වමයන්ගේ සිත් ගතු ස්ත්රිූයක් වැනිවූ ගංඟාව දුටුවේය.



172 අසදෘශ ජාතක කාව්ය ය

421. අර්ථය:- සිනිඳුවූ දිලිසෙන්නාවූ වැලිතලා නමැති පාවාඩ පිට වැඩමකොට, ගඟුලැලි නමැති සෙමෙර පවනින්ද, සතුටුවූ සුදු මල නමැති මුතුවැලින්ද යුත්, සල් ගස් නමැති (සුදු) කුඩය යට, මනොඥවූ ශෛලමස්තක නමැති සිංහාසනයෙහි වැඩ සිටි කල්හි;

422. අර්ථය:- ලෙලදෙන්නාවූ රළ පතර නමැති අතින්, හංස නමැති පියයුරු පෙන්වමින්, සොම්නසි දනවන මත්ස්යප නමැති ඇස් විදහා බලමින් හැසිරෙන්නාවූ, භෘඬක රාවය නමැති ගීතයෙන්ද, කොඳ මල් නමැති මඳ සිනාවෙන්ද, (ඒ) ගඟ, එකෙණෙහි රඟ දෙන්නාවූ නිළියකල‍ගේ විලාශය ඉසිලීය.

423. අර්ථය:- දියසෙවල නමැති කෙස් කළඹින්ද, රැළ පෙළ නමැති ඇස් බැමෙන්ද, උපුල් නමැති තොල් වලින්ද, ජල කර්ණිකා නමැති කාන්තියෙන්ද, සුළි නමැති, ශොභනවූ නාභියෙන්ද, වැලිතලා නමැති උකුලින්ද, මනොඥවූ ඒ ගංගාතොමෝ, ඊශ්වරයා හා වාසහ කරන්නා වූ උමයඟනගේ ආකාරය ගත්තාය. (ශ්රිහයාව ඉසුලුවාය.)

424. අර්ථය:- (ගං) ඉවුර අසබඩවූ, නිල් පෙතිවලින් යුක්ත වූ උස් වූ ගස්වල ඡායව, ගඬගා ජලය තුළ නිරන්තරයෙන්ම පෙනේ. (ඒ කෙසේද යත්) අහන් ගැබෙහි අප්ර මාණව පැතිරී තිබූ ඝනාන්ධයකාරය සූර්ය්ෙහියාහට බියෙන් සැඟවී සිටියා වැනි.

425. අර්ථය:- ශරීර ලක්ෂ‍ණයෙන් යුක්තවූ ශොභනවූ ගඬගා නමැති උතත්ම කාන්තාව (නමා) සමීපයට එන්නාවූ ස්වාමියා දැකීමට ආශාවෙන්, දිය මතුපිට පනිමින් ක්රීපඩා කරන්නාවූ මත්ස්යම සමූහයා, සිය දහසක් නෙත් මවා ගෙණ බලන්නාක් වැන්න.

426. අර්ථය:- ආශාවෙන් ජලයෙහි පැල‍ඹෙන්නාවූ නොයෙක් කාන්තාවන්ගේ නෙත්රරයන්හි ප්රාතාබිම්බ, වහා දකිමින් තමන්ගේ සතුරන්යයි විශේෂයෙන් කල්පනා කෙරෙමින්, කෝපවී නිරන්තරෙයෙන්ම යුද්ධය සඳහා පැමිණෙන්නාහ.

                   අර්ථය හා විස්තර                                  173

427. අර්ථය:- හැම කල්හිම මහී කාන්තාවගේ ළය සරසන ලද, මනොඥළවූ මුතුහරක් වැනිවූ හැසිරෙන්නාවූ නොයෙක් මත්ස්යූයන්ගෙන යුක්තවූ, එහි රතු උපුල්, නිල් උපුල්, සහ පියුමින් සුසැදුණු අති පිරිසිදුවූ, මහත්වූ (ඒ) ගංගාව දැක් සිත් ආශාවෙන් (යුක්තව)

428. අර්ථය:- දිගුවූ, සිනිඳුවූ කෙස් කළඹ කුන්දා ප‍ට්ටයෙන් බන්දවා, හංසාකාර පියයුරු වැසීමට මෙන් රතු ඇඳුම් ඇඳ ගෙණ, අනඩග කාන්තාව මෙන් (ඒ) දුටු ජනයන් සතුටු කරවන්නාවූ, කාන්තාවන් ජල ක්රීැඩා සඳහා ගංගාව සමීපයෙහි සිටි කල්හි;

429. අර්ථය:- විෂ්ණු දෙවියා කිරිමුහුද කලඹන කල්හි, නැංගාවූ උතුම් අමෘතය හා චන්දථයා, වචනයට හා මුහුණට සමානකොට, මහා බ්රමහ්මයා ප්රොම චින්තයෛන් (යුක්තවූ) මැවූ වැනි යෞවන කාන්තාවෝ, තමා සමග ක්රීරඩා සඳහා එත්ය’යි ආශාවෙන්;

430. අර්ථය:- පියුම් නමැති මුහුණින්ද, භාඬගයන් නමැති ඇස් බැමින්ද, රතු උපුල් නමැති තොල් වලින්ද, සෙවල නමැති කෙස් කළඹින්ද, හංස නමැති උස්වූ මහත්වූ පියයුරු වලින්ද, කොඳ මල් නමැති හාස්යචයෙන්ද (සිනාවෙන්ද) යුක්තවූ ගංගා නමැති කාන්තාව එකල්හි මහත් ප්රීයතියක් මත්ස්යන නමැති නෙතින් ඒ කුමාරයන් බැලුවාක් වැන්න.

431. අර්ථය:- උතුම් ගංගා නමැති කාන්තාව, තමා වෙතට පැමිණියාවූ ළපටි කාන්තාවන් රළ පෙළ නමැති අතින් වැළඳ ගෙන, උපුල් නමැති නෙත් විදහා පියුම් නමැති මුඛයෙන්, බමර නමැති රාවයෙන් තිරන්තරයෙන්ම ආශ්ර්වාද කියන්නාක් වැන්න.

432 අර්ථය :- මුව සේදීම සදහා පිරිසිදුවු ගඟ වෙතට පැමිණි රූපත්වූ ළපැටි කානතාවෝ. ද්රේ-තින් ගත් දියෙහි පෙනුණු , අති නිල්වූ අදුන් අදනා ලද නෙත් පිළිබිඹුව දැකීමෙන්, මත්ස්යපයන් යයි සැක‍යෙන් (ඉවත) දැමූහ.


174 අසදෘස ජාතක කාව්ය්ය

433.අර්ථය:-‍ යෞවන කාන්තාවක් සන්තෝෂයෙන් ගඟට බසිමින්, තම පිළිබිඹුව දියෙහි දැක, (ඈ) බැලීම පිණිස නාගලොකයෙන් එන්නාවූ කාන්තාවක්දැ? යි සැක ඇතිවී වහා ගොඩට පැන්නාය.

434. අර්ථය :- ආශාවෙන් උඩුකුරුවී පිහිනන්නාවූ ඡවලිත කානතාවකගේ රන් කළ වැනිවූ පියයුරු තම පැටවුන් යයි සැක සිත හංස නමැති කානතාවෝ සමීපයට ගොස් බලා, වහා ආකාශ මාර්ගංයට නැඟ ගියහ.

435. අර්ථය:- මනාව පිපි මල් වලින් යුත්, ඒ සවර්ණල තඩාගවලට පැමිණියාවූ, තිසර සමූහයාගේ නිර්මලලවූ ශරීරයෙහි ප්ර භාව වෙනස් වීම කෙලෙසද යත්? මනොඥ කාන්තාවන්ගේ උස්වූ පියයුරු දකිමින්, එකල්හිම ඔවුන් ලජ්ජාවට පත්වී වෙස් මාරුකර ගත්තාක් වැන්න.

436. අර්ථය:- ගාත්රජයන්හි ශොභනවූ මිණිගෙඩි බඳින ලද කාන්තාවන්, කළ ගෙඩි ගෙණ ඔවුනොවුනගේ හිස් මුදුන්හි ජලය වත් කෙරෙමින් ක්රීළඩාකොට, නොදැනී අත් වැරැද්දක්වූ කල්හි, ඒ (වරද ලැබූ) කාන්තාවන් හංසයන්ගේ වෙස් ගත් පියයුරු සිඹිමින් සිටියාක් වැන්න.

437. අර්ථය:- ග‍ෙඟහි දිය කෙළියාවූ ස්ත්රීගන්ගේ පිරුණු පියයුරු දැක තමා සමාන නොවන බැවින්, නිග්රයහව මහත් වූ ලජ්ජාවට පත් වූ හංස සමූහයා වහා ගඟ අත්හැර ගොස්, මහාබ්රාහ්මයා සෙවනය කිරීමෙන් ජය පතමින් නෘත්යන කළහ.

438. අර්ථය:- උතුම්වූ කාන්තාවකගේ ජල පහරක් මුහුණෙහි වැදී, විසිරී ඒ ජල රේණු දිශ දිශාවෙහි යන්නා වූ ආකාරය දුටුවාවූ සත්වරයන්, (කෙබඳු වීද යත්) ගුවන් ගැබෙහි කාන්තිය පතුරුවා, කිරි සයුර පින වූ චන්ද්රශයාගේ ශොභාව ප්රටකාශ කෙළේය.



                 අර්ථය හා විස්තර                                         175

439. අර්ථය:- එකල්හි ඒ ගඬගාවෙහි පියුම්, උපුල්, රතු උපුල්; භෘඬග හා හංසයන් නැති වුවත්, නිර්මගලවූ සත්රි න් උඩුකුරුවී පිහිනන කල්හි, (ඔවුනගේ) අලංකාර මුහුණු, නෙත්, තොල්, දෙ බැම හා පියයුරු කරණකොට ගෙන ඒ විසිතුරු ඇතිවිය.

440. අර්ථය:- ක්රීසඩා පිණිස (විනෝදයට) ආඩම්බර වචන කියමින් අතරක් නැතිව මහත් ‍සේ පේළියට පිහිනන්නාවූ, යෞවන සත්රී හු; ගඟ දෙපසෙහි සෑදුනාවූ අනඬගයාට යෑම සඳහා පිළියෙළ කොට ඇති, රන් ඒදඬුවක් වැනියහ.

441. අර්ථය:- වැසි වළාකුලක් ඇතුළෙහි ලෙල දෙන්නාවූ විදුලි කාන්තිය පරිද්දේන්, නොයෙක් ජන සමූහයාගේ සිත ආශා උපදවා, සන්තෝෂයෙන් ප්‍රසන්නවූ ජලයෙහි ඉපිල ඉපිලී පෙනුනාවූ කාන්තාවන්, ජල ක්රී ඩා කරමින් සිටි කල්හි;

442. අර්ථය:- මහත් වූ ශරීරය නිරන්තරයෙන්ම ශොභාකොට, චන්ර්ාය යා මෙන් ප්රේනමයෙන් පියුම නෙලාගත් කල්හි, ගඬගාව නමැති කාන්තාව (ඒ බැව්) ස්වකීය ස්වාමියාට කියන පරිද්දෙන්, අත් නමැති පියුමින් පෙති නමැති ඇඟිලි වලින් ගණන් කළාක් වැනන.

443. අර්ථය:- චන්ර්ලිනයා වැනි මුහුණෙන් ද, නාදලු වැනි තොල් වලින් ද, ගරු‍ඩෙකු වැනි දෙදණ මඬලෙන් ද, ඇතුන් වැනි ගමනින් ද, යුක්ත වූ අනඬග යුද්ධයෙන් නිරන්තරයෙන්ම ජයගන්නා වූ ස්ත්රීවහු, පීනා ජල ස්නානය කොට ග්රීූෂ්මය දුරු කළහ.

444. අර්ථය:- අපර පර්වනත නමැති කාන්තාවගේ මහත් වූ උරතලයෙහි හැසිරෙන්නා වූ සූර්ය්ර යා, අලඬකාර වූ කණ්ඨ මාණික්යි ශ්රී ය ප්ර කාශ කෙළේය. එකල්හි මනහර වූ සුදු පියුම් නමැති පාවාඩ පිට, උතුම් කුමාරයා ගඟින් එතෙරට වැඩම කෙළේය.


176 අසදෘශ ජාතක කාව්යෙය

445. අර්ථය:- පියුම් අභ්යෘන්තරයෙහි ගැවසුණා වූ භෘඩගයන් විසින් කරන ලද නාදය (කෙබඳුද යත්?) සූර්ය්වූ නමැති වල්ලභයා අවරදිග නමැති කාන්තාව වෙතට පැමිණි හෙයින්, එකල්හි විල් නමැති සත්රි්ය හවස නමැති මෙඛලාව ගලවා දමා වියෝග දුක් කියන්නා වැන්න.

446. අර්ථය:- ශොභන වූ චන්ර්ෙඛලයා නමැති ස්වාමිය තමා සමීපයට එත්’යයි (සිතා) භක්තියෙන්, රත්රියය නමැති කාන්තාව ගුවන නමැති ඇඳ සරසන කල්හි, පිපියා වූ දෑ සමන්මල් ගෙණ ඇතුරුවාක් මෙන්, එකෙණෙහි අප්රූමාණ වූ තාරක සමූහය බැබළුණේ ය.

447. අර්ථය:- උදය පර්වූතය නමැති අතින් දින නමැති නීල යොධයා, සූර්ය්ේ නමැති චක්රාමයුධය ගෙන ගැසූ කල්හි, (විසුරුණාවූ) අසත පර්වුත නමැති අසුරයාගේ ලේ වැනි වූ, සන්ධරයා වළාකුල් අහස් ගැබෙහි පෙනුණේය.

448. අර්ථය:- දිව්යැ සෘෂිවරයන් විසින් සන්යාධයා පූජා සඳහා සඳ රැස් බින්දු විසිරියාක්මෙන්, පෙර’ඹරෙහි, (පූර්වා්කාශයෙහි) පෙනුණු සුන්දුර වූ තරුපෙළ, චන්ද්රරයාගේ උර මධ්ය යෙහි වූ මුතුහර වැන්න.

449. අර්ථය:- චන්ර්න්දයා නමැති ස්වාමියාගේ පැමිණීම ගැන සතුටුව, දෘශ්යුමානව පෙනෙන්නා වූ තාරකා නමැති කොඳ, අන්ධනකාරය නමැති හිසෙහි බැඳ, සඳ රැන් නමැති සුදු වස්ත්රමය ඇඳ, රත්රිසය නමැති කාන්තාව නිසි පරිද්දෙන් සැරසුණු කල්හි;

450. අර්ථය:- අසදෘශ නම් වූ ඒ උත්තම කුමාරයා මාර්ගසයේ දී කිසිදු දුකක් නොවිඳ, සිත් වූ පරිද්දෙන් සැපසේ මාර්ගකය ගෙවා, (පැමිණෙන විට) සූර්ය්ිද යා පශ්චිමාකාශයට පැමිණි කල්හි;



                    අර්ථය හා විස්තර                                         177

451. අර්ථය:- දිශා නමැති ස්ත්රි න්ගේ හෘදයාන්තරයන් එකක් එකක් පාසා ස්වකීය තේජස් නමැති කුංකංමයෙන් හා කීර්තිය නමැති මුතුහරින් නිරන්තරයෙන්ම අලංකාර කළා වූ මනශර සාමන්ත රාජයෙකු වාසය කළ නගරයකට පැමිණ;

විස්තර:- සමන රජ: ‘සාමන්ත’ ශබ්දයෙන් බිඳගෙන ඇති පදයකි. කිසියම් ප්රයධාන රජෙකුගේ විජිත‍යකට සමීපයෙන් වූ කුඩා රාජ්යනයෙක රජු සාමන්ත රජ යනුවෙන් හැඳින්වෙයි.

452. අර්ථය:- ඇතුන් නමැති පර්ව්ත පඬකතියෙන්, සැරසුණාවූ, චක්රාරයුධ නමැති දිය සුළි වලින් හා දුවන්නාවූ අශ්වයන් නමැති රැළ පෙළින් යුක්ත වූ, නා නා ආයුධ නමැති මත්ස්ය සමූහයා ඇත්තා වූ පාබළ සේනා නමැති ජලය නිරන්තරයෙන් ම ගලා බසින්නා වූ, කිරි මුහුද වැනි මනොඥ වූ ඒ නගරය ප්රීවතියෙන් දර්ශනය කෙළේය.

453. අර්ථය:- ඉදිරි මාර්ගයෙහි, ශොභන වූ, පියයුරු නමැති රන් කළ තබාගෙන අත් නමැති නෙළුම් මල්ද, දත් නමැති කොඳ කැකුළුද, ඇස් නමැති මහනෙල්ද, පුදමින් දෙපසෙහි සැරසී සිටින මනහර කාන්තාවන් දැක දැක නගරයෙහි යන්නේ;

454. අර්ථය:- ඒ දිනයෙහි බුද්ධාඬකුරයන් වහන්සේ ඉතා පිරිසිදු කුලයකින් පැවතෙන ශොභනවූ, උතුම් ප්රාධසාදයකට ගොස් මනෝහර වූ ආසනයෙක්හි නවාතැන් ගෙන ගමන් විඩාව ඇති හෙයින් සැතපුණු සේක.

455. අර්ථය:- ඒ (බෝසතාණන් සැතපුන) කල්හි, අලුයම නමැති ශ්රීක කාන්තාව එනවිට උදය පර්වනතයේ සහ අපර පර්වබතයේ කාන්තියෙන් තෙත් වූ සූර්ය්යේ යා පූර්ණන චන්ර්ය යා යන දෙදෙනා ඇගේ (ඒ අලුයම නමැති ශ්රීව කාන්තාවගේ සිත් සතුටු කරවන්නා වූ දෙසවන්හි බහාළන ලද උතුම්, ප්රේසිඬ වූ, මිණි කො‍ෙඬාල් යුවළෙක ශ්රිාය ලද්දේය.

                                                                                            12

178 අසදෘශ ජාතක කාව්ය ය

456. අර්ථය:- ගමන් කරන්නා වූ සූර්ය් රාජ තෙමේ ප්රේෙමයෙන් යුක්තව, (තමාගේ) රශ්මියෙන් ඝනාන්ධ කාරය දුරු කෙළේය. (එය) ඔවුන්ට යාම පිණිස මාර්ග්න්තරය ඉඩදී ආදරයෙන් සත්වරයන් ඉවත් කරන්නාක් වැන්න.

විස්තර:- දියැසරද: ‍ලොවට ඇසක් බඳුවූ හෙයින ‘දියැස’ යනු සූර්ය්රන යාට නමකි.

457. අර්ථය:- එකල්හි තරුණ සූර්ය්ය්රයාගේ ආලෝකය නමැති ජල ධාරාව, නැගෙනහිර දිශාවෙන් අවුත්, නිල්වන් අහස නමැති ගංගාවෙහි පිරී පැතිරී’ ඒ අනඬග ධ්වජද, චන්ද්රමයාද ඝනාන්ධකාරයද හංසයන්ගේ සඤචාරයද, අත් නොහැර එකවරම අතුරු දහන් කරවී.

458. අර්ථය:- මෙසේ රාත්රිදය ගෙවුන කල්හි, කුමාරොන්තමයා ශයනයෙන් නැගී සිට, පිරිසිදු ජලය ගෙණ, සන්තෝෂයෙන් තමන්ගේ මුහුණ සෝදා ගෙන;

459. අර්ථය:- ඉෂ්ට දේවතාවන් වැඳ, නිසිවූ ද, රිසිවූ ද, සොඳවූත් වසත්රණයන් හැඳ, නගර වීථි මාර්ගවයට බැස, ගොස් යහපත් වූ රජවාසල සමීපයෙහි සිට;

460. අර්ථය:- පොළොවට බැස්සා වූ බ්ර්හස්පති මෙන් ද, සාරවූ ලෝක නීති දැනගත්තාවූද, රූපයෙන් අනඬගයා හා සමාන වූද, ඉතා පියකරු වූ ඇමතියෙක් දැක;

461. අර්ථය:- “ධනුශ්ශිල්ප නමැති සමුද්රූයෙන් දක්ෂමලෙස එතරට පැමිණියා වූ සේවා භටයෙකු විත් මෙතන සිටිත් ය”යි කිව මැනවැයි කියමින්; (කීය.)

462. අර්ථය:- මේ ආකාරයෙන් මහාබොධිසත්වකයන් කී වචනයට ඒ ඇමතියා ඉතා පැහැදී ඇතුළු පුරයට ගොස් මනොනන්දසනීය වූ ස්වකීය රාජයාගේ පා වැඳ;

                                අර්ථය හා විස්තර                                     179

463. අර්ථය:- නරදේව වූ ස්වාමීන්ර් යාණෙනි, පොළෝතලයට සපැමිණි අසුරයෙකු සෙයින්, සියලු ධනුශ්ශිල්පය දැනගත්තා වූ, බල දේවයා වැනි සේවා භටයෙක් අවුත්;

විස්තර:-‍ දෙව්රුපු: ‘දෙව්රුපු’ යනු අසුර වාචකයි. දෙවියන්ට සතුරු වූ හෙයින් අසුරයන්ට මේ නම යෙදේ.

464. අර්ථය:- නගරද්වාරයෙහි සිටිතැයි නොපැකිලී කී කල්හි, “ඒ සෙබළා වහා මෙහි කැඳවා ගෙණ එව”යි; රජ්ජුරුවෝ වදාළහ.

465. අර්ථය:- මන්ත්රීරශ්වරයා ඒ ආඥ්රාාව මුදුනෙන් පිළිගෙන නොනැවතීම, අවුත් බොසතාණන් කැඳවාගෙන ඒ රජාණන් වෙතට ගොස් උන් කල්හි;

466. අර්ථය:- රජතුමා බෝසතාණන්ගේ විලාසය දැක එකෙණෙහිම සතුටුව, “මේ නගරයෙහි නැවතී සිටීමට කොපමණ පඩි උවමනා”දැ?යි” පිළිවිසුයේය.

467. අර්ථය:- බොධිසත්වහ තෙමේ රජු කී බස් අසා සතුටුව, “මේ නගරයෙහි වාසය කොට, දිවි රැක ගැනීම සඳහා රන් ලක්ෂජයක් දුන මැනවැ”යි; ප්රකකාශ කෙළේය.

468. අර්ථය:- සූර්ය්රකා වංශාකයෙන් වූ ඒ රජ තෙමේ, මහබෝසතාණන්ට අවුරුද්දකට මසුරන් ලක්ෂරය බැගින් දෙන්ට නියම කරවූයේ ය.

469. අර්ථය:- මහා සත්‍වයන් වහන්සේ නොකඩවාම වැටුප් ලබමින් කිසි දුකක් නොමැතිව, සිත්වූ පරිද්දෙන් ශ්රීවමත් වූ ඒ නගරවරයෙහි වාසය කරන කල්හි;

470. අර්ථය:- පෙර පටන් ඒ නගරයෙහි වැටුප් ලබමින් සිටියා වූ ධනුර්ධාරයෝ (දුනුවායෝ) ‘මොහු අපට වඩා වැඩි පඩි ගනිතැ’යි බෝසතුන්ට වෛර කළහ.

180 අසදෘශ ජාතක කාව්යමය

471. අර්ථය:- මෙසේ වාසහ කරන කල්හි, එක් දවසෙක නොයෙක් රාජකීය සෙනඟ ගෙන, නන්දමන උයනට නිසැකව වඩින්නා වූ ශක්රීයා පරිද්දෙන්;

472. අර්ථය:- නරේන්ර්ස යා ශොභනවූ මඬගලොද්යාරනයට වැඩම කොට, දිව්යද ස්ත්රී්න් හා සමාන උතුම් පුර ස්ත්රී්න් හා සමග, ඒ ඒ තැන;

473. අර්ථය:- සිනිඳු වැලිතලාවන්හිද, රුක් සෙවනෙහිද, ඉඳ ක්රීකඩා කරමින් හැසිරෙන්නේ ඒ රජ තෙමේ මෙසේ උද්යා නයෙහි ආශචර්ය්ෙන්ය දුටුවේය.

474. අර්ථය:- අඹද, දම්ද, මිදෙල්ලද, දෙල්ද, දොඹද, කොහොඹද, කොස්ද, පොල්ද, තල්ද, එල්ලෙන්නාවූ කැන් ඇති කෙසෙල්ද, උස්වූ කිතුල් හා ස්ත්‍රීන් හා ජල ක්රීතඩා කරන්නාවූ සුපුෂ්පිත (නෙළුම්, උපුල් ආදිය ඇති) විල්ද;

475. අර්ථය:- ඒ උද්යාකනයෙහි (තිබූ) ලතාවෝ වෘක්ෂ් නමැති වල්ලභ, පුරුෂයන් වැළඳ ගෙණ, රිළා හා වඳුරන් නමැති දරුවන් වඩාගෙණ නෙළුම් නමැති මුඛයෙහිවූ භෘඬග රාවය නමැති නාදයෙන් ගී ගයන්නාක් වැන්නාහ.

විස්තර:- කිවි: සංස්කෘතයෙහි කපි යනු රිළා, වඳුරු දෙවර්ගකයම හැඳින්වෙන ශබ්දයකි. ‘කිවි’ ශබ්දය කපි ශබ්දයේ බිඳුනකි. (කපි-කවි-කිවි.) මේ අර්ථදයම දෙන පද්යව අනෙක් සිංහල් පද්යි කෘතීන්හිද දක්නා ලැබේ.

තුරු හිමි වළඳමිනා - ලිය ලිය - ලෙළ දෙන අතු අති නා සාමුව දරු රැගෙනා බිඟුරැව් - සුරතල් පිය බසි නා මුවරඳ මුදු දසනා - පුල් මල් - මනහර දුල් වති නා අමපල යුග තෙනෙනා - දිගුනිල් - දල නෙත’ගින් වැගෙ නා (සියබස් මල්දම)

  		   අර්ථය හා විස්තර                                     181        

එ වු ය න ලිය ලියන් තුරු හිමි වළඳමි න ලෙළ දෙන අතු අතින් සාමුව සුතන් ගෙන සු පි පෙ න ළකල වන් යුත් කුසුමන් වති න න ළ ව න වැන්න බිඟු සන් සුරතල් බසි න (කුස ජාතකය)

476. අර්ථය:- පැසුනාවූ දෙළුම් ගෙඩි තුඩු අගින් කඩා බීජ රාශිය පොළොවෙහි ඉසිමින්, ශොභනවූ ගිරා පක්ෂීමහු පේළි වශයෙන් සෑදී දෙව්දුනු විලාසයෙන් අහස්හි ඉගිලී යෙත්.

477. අර්ථය:- මත් මොනරු ‍සෙබඩුන් සමග අවුත්, පවර්තමයක් පාසා දීප්තිමත් පිල් විදහා නටත්. භෘඬගයෝ මල් පැණියෙන් යුක්ත පියුමක් පාසා සිට මල් පැණි බී සමූහ වශයෙන් සැදී නිරතුරුවම රාවය කරත්.

478. අර්ථය:- ඇස් යොමු කොට, පිරිසිදු වැලිතලාවන්හි ඇවිද, ඉද්ද හා වැල් ඉද්ද බලමින්, අතු නවමින් මල් කඩා, ගොතන ලද, කේශ කලාපයෙහි ගවසා ගත්, පාර්ව්තිය හි ශ්රීග කාන්තාව වැනිවූ පුර ස්ත්රීහන්, සන්තෝෂයෙන් ක්රීකඩා කරමින්;

479. අර්ථය:- පූර්ණෂ චන්ර්ර යා නමැති පියුමෙන්ද, දිව්යල, සෘෂි, නමැති කර්කසටක, මත්ස්යර සමූහයෙන්ද, සක්වාවන්ගේ (සක්වා ලිහිණියන්ගේ) නීල වර්ණ්ය නමැති සෙවලින්ද, ආකාශ ශ්රීපය ලද්දාවූ විල්හි;


480. අර්ථය:-‍කේශ කලාපය ලිහා උස් කොට බැද ආභරණ ගලවා තබා වසත්ර (ඇදුම්) ඇද ඔවුනොවුන් (දියට) පනිමින් ඡල ක්රීාඩා කරන්නාවූ කානතාවන් දැක සන්තෝෂව,

481. අර්ථය:- රජතුමා උයනෙහි ශ්රිනයාව නරඹමින්, දිව්යාප්සරාවන්ගේ රූපය දිනුවාවූ, උත්තම පුර ස්ත්රීවන් සම පුරාණ අනඬගයා මෙන් දුටු දුටු ජනයන්ගේ සිත් වසඟ කොට ශරීර ග්රීයෂ්මය දුරු කොට ශොභා සහිතව වැඩියාවූ ආකාරය බලා; 182 අසදෘශ ජාතක කාව්ය;ය

482. අර්ථය:- ප්ර භාවෙන් සාරවූ නව දළු නමැති තොල් වලින්ද, කොඳ නමැති දත්වලින්ද, සුපිපි පියුම් නමැති මුඛයෙන්ද, කෙසෙල් කඳන් නමැති වටොරින්ද, ගෙඩි නමැති පියයුරු වලින්ද, යුක්තවූ අප්ර,මාණවූ, භෘඬගරාවය නමැති ප්රිනය වචන කියන්නාවූ, ඒ උද්යා නය නමැති ප්රමසිද්ධ උත්තම කාන්තාව මනහරය.

483. අර්ථය:- (වෘක්ෂියො තුමූ) තමන්ගේ ශාඛා නමැති අතින්, ඒ වැලුක් මල් නමැති චාමර ගෙන ප්රපසිද්ධ නරෙන්ද්ර යාගේ ශරීර ග්රීකෂ්මය දුරු කො‍ට, මනහර ලෙස පවන් සලන්නාක් වැන්න.

484. අර්ථය:- උස්වූ ගස්වල සෙවණින් ගැවසුණාවූ, භෘඬගයන් නාද කරන මලින් ගැවසී ගත්තාවූ, පැතුරුණාවූ සුදු වැලි තලාවෙහි, පුර ස්ත්රීගන් හා සමග උයන් ක්රීැඩා කොට;

485. අර්ථය:- උතුම් රජතුමා ගමන් කොට, ප්රවසිඬවූ ඒ උයන මැද නිරන්තරෙයෙන් මනෝහර ලෙස පිහිටියාවූ, අහස් තලය හැර පියා පොළොවට බැස්සාවූ;

486. අර්ථය:- වැසි වළාකුළක් බඳුවූ, මනොඥවූ මනාව පිපි කුසුම් කෙරේ ආශාවෙන් රාවය කරන්නාවූ, මංගල සම්මතවූ අඹ ගසේ සෙවණ දැක;

487. අර්ථය:- සුදු පට ඇතිරිලි අතුරා, හාත්පස තිර ඇද, සරසන ලද්දාවූ උතුම්වූ උස් ආසනය මත්තෙහි, ඒ රජු උඩුකුරුව සැතපුණු කල්හි;

488. අර්ථය:- (ඒ) නරේන්ර්ර යා අඹ ගසේ මුදුනෙහි කොළ අතරෙහි තුබූ මනහරවූ ඉදුණු ගෙඩියක් දැක, (මෙය) ‘ගසට නැගී කැඩීමට මිනිසුන්ට නොහැකියයි;’

489. අර්ථය:- සිතමින් ඒ නර ශ්රෙරෂ්ඨයා පුරයෙහි විසූ දුනුවායන් (ධනුර්ධනරයන්) රැස් කොට, “තෛල (පෙනෙන) අඹ කැන නොවරදවා සථිර කොට විදුව”යි කී කල්හි;

                     අර්ථය හා විස්තර                                     183

490. අර්ථය:- එකල්හි දුනුවායන්, මේ අපගේ විදුම ඔබ වහන්සේට දැනෙයි. අවුරුද්දකට ලක්ෂදයක් පඩි ලබන්නාවූ;

491. අර්ථය:- අළුත දුනුවායාට විදීමට නියම කළහොත් යහපත්ය”යි; මේ ලෙස කී කල්හි, මහා සත්වපයන් වහන්සේ එතැනට කැඳවා;

492. අර්ථය:- “අර අඹ කැන වහාම නොවරදවා විදුව’යි කී කල්හි මේ අපගේ බුද්ධාඬකුරයාණෝ සිත්හි සැකයක් නොමැතිව මෙසේ කීහ.

විස්තර:- පය සක කුරු: සක් (ඇස්) පසක් වූයේ යමෙකුටද ඒ පස්සක් නමි. ‘බුදුකුරු’ යන්නට පර්යා) ්වය පදයෙකි.

493. අර්ථය:- “ස්වාමීනි මේ ඔබ වහන්සේ උන් තැන වහාම ඉඩ හළ මැනව.” නරේන්ර්ු ටා ඒ වචනය අදහා එතැනින් නැගිට, (තමා හුන්) සයනයද ඉවත්කර දුන්නේය.

494. අර්ථය:-‍ බෝසත්හු එ තැන්හි හිඳ හාත්පස්හි තිරයක් බැඳි කල්හි බොහෝවූ ධනුර්ධථරයෝ වෛර බැඳ මේ ලෙස ඔව්හු කීහ.

495. අර්ථය:- “දුන්නය, හී තලය කියන්නාවූ දෙයක් ඔහු වෙන නැති හෙයින්, අපගේ අත තිබෙන්නාවූ මෙයින්, කිසිවෙකුගේවත් දුනු හී නොදෙව.”

496. අර්ථය:- ඵද්ර මේ ආකාරයෙන් දුනුවායන් (ඔවුනෙවුන්ට) සංඥ කරන කල්හි මහ බෝසත් තෙමේ තිරය ඇතුළත සිටගෙන වහ වහා සැරසුණේය.

497. අර්ථය:- ඇඳ සිටියාවූ සිනිඳුවූ සුදු ඇඳුම් ඉවත් කොට සන්යාුන වලා පටලයක් බඳු, මනහරවූ රතු රෙද්දක් ඇඳ ගෙන නළලෙහි රන්පටද, ගෙලෙහි මුතුහරද, බැඳ කඳ කුමරු ලෙසින් සැරසී කඬුව උර එල්ලා ගෙන;


184 අසදෘශ ජාතක කාව්ය ය

විස්තර:- කඳකුමරු: සුරා සුර යුද්ධයෙහිදී විශිෂ්ඨ ස්ථානයක් ගත් මේ දෙවියා, දක්ෂක ධනුර්ධරයෙකි. තාරක නම් අසුරයා මොහු විසින් මරන ලදි. යුද්ධ සේනාධිපති තනතුරක් දැරූ හෙයින්, “සේනානි” යනුද කඳ කුමරුට යෙදෙන තවත් නමකි.

498. අර්ථය:- ඉණෙහි තිබුණාවූ පසුම්බියෙන් මැඬහගු නම්වූ දුන්න, (එහිවූ) නොයෙක් සන්ධිස්ථාන වෙළා ඇද, අතින් ගෙණ දුනුදියද අටවමින්;

විස්තර:- මැඩහඟු: මෙණ්ඩක සිංහ (තිරෙළුවන්ගේ අං) යන්නෙන් මැඩහඟු යන සිංහල ශබ්දය සෑදෙයි. මේ නමින් තදවූත්, ඕනෑම අතකට නැවිය හැකිවූත්, ලී වර්ග්යක් ඇත. ඒ ලී වර්ග යේ ස්වභාවය තිරෙළු අං වලට අනුරූප හෙයින් යථොක්ත ලී වර්ග යෙන් සාදනු ලබන. දුන්න මැඩහඟු දුන්න වශයෙන් ප්රිචලිතය. මහා භාරතයෙහි සඳහන්වන අර්ජුන කුමාරයාගේ දුන්නද මැඩහඟු ලීයෙන් සාදන ලද්දකි.

දිය: පාලි සංස්කෘත භාෂා දෙක්හිම එන, “ජ්යාල” යන්න දුන්නෙහි ලනුවට යෙදෙන පර්යාම එනය නාමයකි. “දිය” යනු එයින් සිංහලට බිඳී ආ ශබ්දයයි.

499. අර්ථය:- හී කොපුව පිටේ බැඳගෙන, රන් සන්නාහය හැඳගෙන ඊතලයක් අතින් ගෙණ, ඇද තිබුණාවූ තිරය ඉවත් කරගෙන,

විස්තර:- සන්නාව: සන්නා ශබ්දයෙන් සන්නා යනුවෙන් බිඳගෙන තිබේ. යුද්ධයෙහිදී සතුරන්ගේ ආයුධ ප්රදහාර නොවදිනු සඳහා, පපුව වසා බඳින්නාවූ සැට්ටයකි.

500. අර්ථය:- මහා සත්වධයන් වහන්සේ, රජ්ජුරුවන් දෙස බලමින් මෙසේ කීහ. යහපත්වූ හිමි සඳුනි! අර පෙනෙන්නාවූ අඹ කැන නිසැකයෙන්ම;


                    අර්ථය හා විස්තර                                    185

501. අර්ථය:- යන හීයෙන් විදිම්ද? (එසේ නැත හොත්) එන හීයෙන් විද හෙළමිදැ?”යි ඒ මහා සත්වනයන් වහන්සේ ඇසූ කල්හි, රජතෙමේ ඉතා සතුටුව මෙසේ කීවේය.

502. අර්ථය:- “ධනුර්ධරය! පූර්වලයෙහිදී, මම යන්නාවූ ඊතලයෙන් විදීම දැක ඇත්තෙමි. එන්නාවූ හීතලයෙකින් විදීම නුදුටුවෙමි”යි රජ තුමා කී කල්හි;

503. අර්ථය:- ඒ මහාසත්වෙයන් වහන්සේ යළිත් වරක් සිත්වූ පරිද්දෙන් මෙසේ කීහ. “විදිනලද්දාවූ හීය නොනැවතීව චාතුර්මහා රාජික දිව්යල ලෝකය තෙක් යනුඇත.”

විස්තර:- සිව් දිව් රජය: ධෘතරාෂට්රන, විරූඪ, විරූපාක්ෂල, වෛශ්රුවණ යන සතර වරම් මහ දෙවිවරුන්ගේ රාජ්යයය මහාමේරුව සතර දිශාවෙහි, මොවුන් සිව්දෙනාගේ රාජ්යම එකට සම්බන්ධාවී පිහිටියේය. මොවුහු පිළිවෙළින් නැගෙනහිර, දකුණ, බටහිර, සහ උතුර යන දිශා සතරෙහි වාසය කරත්. මහා මේරුව අවට මොවුන්ගේ සිව් මහ රජය පිහිටා ති‍ෙබ්ලු.

504. අර්ථය:- ඵසේ හෙයින් කුලයට ප්රටධානවූ ලෝකවාසීන්ට ඇසක් බදුවු සවාමින්ර්පිහයාණෙනි, මේ හීය විදිනා තෙක් , සැක රහිතව මද වේලාවක් බලා වැඩ හිදුනු මැනවි.

505. අර්ථය:- මේ ආකාරයෙන් කියා උරපුරා දුන්න ඇද එල්ල කොට, (ඊයක්) විදි කල්හි, නොවැරදි අඹ ගෙඩියේ නැට්ටෙන් කොනක් කැපී ගොස්;

විස්තර:- උරපුරා ඇද: ඊතලයේ මුදුන් කොන මැද තබා ඊතලයේ මුල කෙළවර දුනුදියේ තබා දුන්නේ දෙ කෙළ වර නැමී ලංවනතක් ඇදීම උර පුරා ඇදීමයි.


186 අසදෘශ ජාතක කාව්යවය

506. අර්ථය:- (හී තලය) දෙව් ලොවට නැගුණු බැව් දැන, ඒ බොධිසත්ව.යන් වහන්සේ තවත් ඊයක් වේගයෙන් විද්ද කල්හි; එයද ආකාශයට නැගී ගොස්;

507. අර්ථය:- පළමුවෙන් විද්දාවූ ඊතලයේ දැත්තෙහි (පසුව විදි හීය), (පළමුවෙන් විද්දාවූ) හී තලය යටිකුරුවිය. දෙවන හීය දෙව්ලොවට නැංගේය.

508.අර්ථය:- තව්තිසා දිව්යව ලෝකයෙහි වාසය කරන්නාවූ දෙවිවරු, වහා සිත්හි සන්තෝෂය වර්ධනය කරමින්, ඒ හී දඬුව අල්ලා ගත්තාහ.

509.අර්ථය:- බැස්සාවූ (පළමුවෙන් විද්දාවූ) හී තලය ඉලක්කය නොවරදවා, හෙණ හඬක් පරිද්දෙන් ගුගුරමින් එන කල්හි, ඒ නගරයෙහි වාසය කරන සත්වෙයන් අතිශයින් භීතියට පත්ව.,

510. අර්ථය:- “මේ කුමක්දැ”? කියමින් සිත් තැති ගෙන උන් කල්හි, ශොභනවූ මහා බොධිසත්වියන් වහන්සේ අමෘතය වැනි වචනයෙන් මෙසේ කීහ.

511. අර්ථය:- බසින්නාවූ අර හීය පොළොවට වැටෙන්නට ඉඩ නොහරිමි.” ඒ ලෝක නායකයා මෙසේ ප්රහකාශ කෙරෙමින්, සත්වියන්ට පැමිණියවූ භීතිය දුරු කොට;

512. අර්ථය:- එකල්හි බටුවාවූ හී තලයෙන්, පළමු (හී තලයෙන් කැපී) ශෙෂවූ අර්ධූය කැපෙමින් එන කල්හි, මහා සත්ව යන් වහන්සේ ඒ හී තලයත් අඹ කැනත් දෑතින් ගෙණ;

513. අර්ථය:- ගෙණ ගොස් පෙන්වූ කල්හි නරෙන්ර් ිනයා තුටු පහටු වීමේ හේතුවෙන් එදවස්හි, බොධි සත්වපයන් වහන්සේට තුටු පඬුරු වශයෙන් ලැබුණු දේ සථිර වශයෙන්;

                       අර්ථය හා විස්තර                                187

514. අර්ථය:- තත්වාව කාරයෙන්, අර්ධ වශයෙන්, කීමට අනන්තය, බෘහස්පතීය, යන දෙදෙනා මිස, මේ ලොකයෙහි (සිටින්නාවූ) කිවිවරුන්ට, ස්වල්ප වශයෙන් වත් වර්ණ නා කළ නො හැක.

515. අර්ථය :- ඵ් විශ්මය දුටුවාවූ සියලු ඡනයෝ සිත සන්තෝෂ කොට වහා ම‍හා සත්වයන් සමීපයට ගොස් රැස්වී (හිස්) මුදුන්හි අත් බැද වැද වැද සිටිත්.

516. අර්ථය:- සමහරු තන්හි තන්හි රැස්වී, උඩ පැන පැන සන්තෝෂ වෙමින්, වහා පිළි හිස සිසාරමින්, සිත්වූ පරිදි ඒකාකාරයෙන් නෘත්යව කරත්.

විස්තර:- පිළි ඉස ගෙණ ගෙණ: අත තිබූ රෙදි කඩ ඔසවා හිස වට කරකවමින්;

517. අර්ථය:- සමහරු ප්රීළතිනාද කරත්. සමහරු ගී කියමින් නටත්. සමහරු නොයෙක් අයුරින් අසුරු සන් දෙත්. ශරීර වික‍ාර කරත්.

විස්තර:- ඔල්වරසන්: ‘ප්රී‍තිය ප්රකකාශ කරන රාවය’ යනු මෙයින් කියවේ.

අසුරු සන්: මාපටැඟිල්ල හා තවත් ඇඟිල්ලක් එකට තට්ටු කිරීමෙන් නඟින නාදයයි. අත්ගසමින් මාපටැඟිල්ල සහ මැදැගිල්ල අප්රාාණික කොට, එකට වැදෙන්ට සැලැස්වීමද ‘අසුරුසන් ය’ යි යෙති.

518. අර්ථය:- සමහරු එක්වී රඟමඬුලු බැඳ, මහත්වූ පංච තූර්ය් යම ඝෝෂා පවත්වමින්, ඒ කර්ණහ රසායනවූ, අමෘතය වැනි වූ ගීතයන් නොමසුරුවම කියති.

519. අර්ථය:- ඒ පුරයෙහි පුරෝහිත බ්රාඳහ්මණයා අවුත්, ස්වාමීන් වහන්සේ පෙරටවී සිටගෙන, ජය ස්තුති පද කියා, සන්තෝෂයෙන් ආශිර්වාද කරවූයේය.

188 අසදෘශ ජාතක කාව්යරය

520. අර්ථය:- (නගරවාසී) ඇමතියන් සහ ගෘහපතීහු, වටිනා ගන රන්, මුතු, මැණික් වලින්, ගණනක් නැති තරමට පොදි කොට බැඳ දී, මහා සත්ව-යන් වහන්සේට පූජා කෙරෙමින් යෙති.

521. අර්ථය:- එකල්හි සමහර පුර ස්ත්රීකහු, මනෝහරවූ ආභරණ ගලවා ලොභ නොකොට, (ඒ) ප්ර ඥාසාර‍යාගේ පාමුල තබා නමස්කාර කොට යෙති.

522. අර්ථය:- දිව්ය ස්ත්රී‍න් වැනි උත්තම කාන්තාවෝ, ඒ ස්වාමීන් සමග වාසය කිරීමට සිතා, දෙහශ්රීසය පෙනෙන පදිද්දෙන්, ඉතා සිනිඳුවූ උතුරු සළු;

523. අර්ථය:- (සළුපට) හෙළා (රුවාගෙන) මහා සත්වායන් වහන්සේ ඉදිරියේ, නෙත් කොනින් ඉඟි කොට, ප්රීරති උපදවන්නාවූ රස බස් කියමින්, සතුටු සිතින් (උන් වහන්සේ) වට කර ගෙණ උන්හ.

524. අර්ථය:- සොඳුරු වූ තරුණ කාන්තාවෝ, කෝල බවක් නැතිව සමූහ වශයෙන් අවුත්, ගෙලෙහි වූ මාල රැගෙණ කැටිකොට (මාලගැන) ආශාවක් නොමැතිව (ලොභ නොකොට) ආශාවෙන් පූජා කළහ.

525. අර්ථය:- ප්රතසන්නව විසිකරනලද රන් දම් ඇති ඒ උයන, විදුලිය සිය දහසක් වැළඳ ගත්තාවූ, වැසි වළා කුලක් මෙන් ප්රදභාමත්ව, එදවස්හි දෘශ්යඳමාන වූයේය.

526. අර්ථය:- සශොභන වූ මහා සත්ව්යන් වහන්සේ, මෙපරිද්දෙන් පූජා ලබා ගෙණ, තමාගේ විමානයට වදිමින්, සිත්වූ පරිදි දැහැමෙන් කල් ගෙවමින්;




                    අර්ථය හා විස්තර                                   189

527. අර්ථය:- අට දිසා නමැති කාන්තාවන්ගේ ග්රි වයක් පාසා, කීර්ති නමැති දීප්තිමත්වූ මුතුහර දමා, ඒ මහා සත්වේයන් වහන්සේ සාමන්ත රජුගේ නගරයෙහි සැපවත්ව වාසය කරන කල්හි;

528. අර්ථය:- ඒ මහා ප්රහඥාසාරීන්, ප්රනසිඬවූ බරණැස් පුරයෙහි නැති බැව් ඇසූ; රජ දරුවෝ සත්දෙනෙක් අප්රතමාණවූ චතුරඬගිනී සේනාව ගෙන;

විස්තර:- සිව්රඟ සෙනඟ: චතු අඬගයන්ගෙන් සමන්විතවූ සේනාව; ඇත්, අස්, රිය, පාබළ යනු තත් චතු අඬගයෝ වෙත්.

529. අර්ථය:- නුවර වටකොට ගෙණ, “මහා යුද්ධ කරමු”යි; “එසේ නැතහොත් රාජ්ය ය අපට දෙව”යි; (යනුවෙන්) විශෙෂයෙන් දැන්වූ කල්හි;

530. අර්ථය:- බ්රරහ්මදත්ත - නරෙන්රා් ත්තමයා ඒ වචන අසා සිත බියපත්වී, “මේ මා‍ගේ සොහොයුරුවූ යහපත් වූ අසදෘශ කුමාරයෝ, කොහි සිටිත්දැ?” යි ඇසූ කල්හි;

501. අර්ථය:- “මහා සත්ව යන් වහන්සේ සාමන්ත රාජයෙකු සමීපයෙහි සිටිත්” යයි කී කල්හි; බ්ර්හ්මදත්ත නරෙන්ර්මීපයා ඥානවන්ත මන්ත්රීරවරයෙකු කැඳවා;

532. අර්ථය:- “අමාත්ය්ය! තෝ වහා ගොස්, (මේ තත්වවය) අප සොහොයුරා සමග කියා, මගේ වැඳීමෙන් ශ්රීය පාද නමැති පියුම් විශේෂය වැඳ;

533. අර්ථය:- “මගේ සොහොයුරා නොපැමිණියහොත්, මගේ ජීවිතය නො රැකෙන්නේය”යි යන මේ ප්රසවෘත්තිය කියා, නොනැවතී වහා කැඳවාගෙණ එව්.


190 අසදෘශ ජාතක කාව්ය ය

534. අර්ථය:- (ඒ) මන්ත්රීයවරයා ඒ වචනය අසා දුර මාගර්ය ගෙවා ගොස්, අසදෘශ කුමාරයා සිත් ලෙස දකිමින්, ශ්රීය පාද නමැති පියුම් වැඳ;

535. අර්ථය :- නරේන්ද්රමයා වදාළ පරිදිම (ඵ් කරුණ) අප්රවමාදව සැලකළ කල්හි, ඵ් අසදෘශ කුමාරෙන්ද්ර්යා (ඵහි ගියාවූ) මන්ත්රීලවරයාට නොයෙක් සම්පත්දී:

536. අර්ථය:- විශේෂයෙන් සාමනත රාජයාගෙන් අවසර රැගෙණ, (තමා කැඳවා ඊම පිණිස ගිය) අමාත්ය්යා සහ වෙනත් බොහෝ පිරිවරද රැගෙණ;

537. අර්ථය:- අනඬගයා මෙන් නිර්මනලවූ ආභරණ දරමින්, ඉතා පුරුදුවූ උතුම් ස්ත්රීසන්ගේ කුසයෙහි වියෝ ගිනි ලා; ප්ර්සිඬවූ ඒ නගරයෙහි ශ්රීමය සන්තෝෂයෙන් බලමින්, කුමාරෙන්ද්රරයා අප්රෙමාදව මාර්ගෂයට බැස;

538. අර්ථය:- පුෂ්ප පට්ටයෙන් කෙස් කලඹ වෙළමින්, බබලමින් තිබූ සම්පූර්ණම පයෝධර පෙන්වා, ප්රේකම භරිතව සිටියාවූ; ශ්රී කාන්තාව බඳුවූ මනොඥ කාන්තාවන්ගේ දෙහශ්රීපය, ඒ කුමාරෙන්ද්රවයා බලමින්,

539. අර්ථය:- ගසක් පාසාවූ රුක් සෙවනෙහි හිඳ, මඳ පවන් විඳිමින් ග්රීරෂ්මය දුරු කෙරෙමින්, විලක් පාසා පිවිස, නෙලුම් දඬු කමින්, සතුටු සිතින් යුක්තව මාර්ගෙය ගෙවාගොස්;

540. අර්ථය:- බරණැස් පුරයට අතුළුව, මහා වීථි මාර්ග ය ගෙවමින් ගොස්, ඒ මහා සත්වරයන් වහන්සේ (රජ) වාසල ඉදිරියෙහි සිටි කල්හි;

541. අර්ථය:- බ්ර්හ්මදත්ත නම් නරෙන්ද්රහයා, (මහා සත්වසයන් වහන්සේ) පැමිණි බව අසා, වහාම මහාමාත්යනයා (අග්රා මාත්ය යා) සමග අවුත් අසදෘශ කුමාරයා දැක;

                     අර්ථය හා විස්තර                                       191

542. අර්ථය:- අසදෘශ කුමාර නමැති චන්ර් යා ඒ නගරාකාශයට සම්ප්රා ප්තාව, නරෙන්ද්රමයාගේ සිත නමැති කිරිසයුර, මහත් සතුටින් යුක්තව උද්දාම කරවීය.

543. අර්ථය:- ඒ නරෙන්ද්රරයා සමගින් වාසලට පැමිණ, සුදු කුඩයෙන් බැබැලුනාවූ උතුම් සිංහාසනයෙහි, ඒ දෙදෙන වැඩ හිඳ;

544. අර්ථය:- මහා සත්ව,යන් වහන්සේ සහ නරෙන්ද්රරයා, ඔවුනොවුන් ගේ සුවදුක් විචාරා; (මහා සත්වසයන් වහන්සේට) අපමණ ගරු බුහුමන් කොට, ඒ අවස්ථාවට, යොග්යහවූ දේ පිළියෙළ කොට;

545. අර්ථය:- “(අප හා) යුද්ධ පිණිස රජවරු සත්දෙනෙක් අවුත් දැන් මේ නගරය වට කර ගෙණ සිටිත් ය”යි රජතුමා බෝධිසත්වනයන් වහන්සේට කී කල්හි;

546. අර්ථය:- “සතුරන් සමග යුද්ධ කිරීමට දැන් මට බි‍දෙක් හෝ දුෂ්කර නොවේයි”යි; සතුටුවූ මහ බෝසතුන්, ඒ රජතුමා හට කියා;

547. අර්ථය:- උඩුමහල් තලයට නැගී, මැඩහඟු නම් දුන්න අතට ගෙණ, වහා අටවමින් පත්රඋයක් (කොළයක්) ගෙණ මේ ලෙස ලියා;

548. අර්ථය:- “අසදාශ නම් කුමාරයා දැන් මේ නගරයෙහි සිටියි, පළමුවෙන් විදින ලද හීය බලා, ජීවිතය බේරා ගෙණ තොපේ පුරවලට යව.

549. අර්ථය:- “දෙවනුවත් හීයක් විදින තෙක් සිටියහොත් එකෙකුගේවත් ජීවිතය රැකගෙණ යන්ට නොහැකිවෙයි” (ඒ බැව්) ‘නිසැකව දැන ගණුව.”


192 අසදෘශ ජාතක කාව්ය(ය

550. අර්ථය:- මේ කාරණය (තොරතුරු) පතක ලියා, තියුණු වූ හීයක බැඳ, තදින් විද්ද කල්හි; (එය) ගොස් ඒ රජවරුන් සත්දෙනාගේ;

551. අර්ථය:- මුළුතැන්ගෙයි ආහාර ගන්නා වූ රන්තලියක් මත වැටීමෙන්, හීයෙහි බැඳ තුබූ ලිපිය (පණිවුඩ පත්රලය) දැක, රජවරු බියට පැමිණ;

552. අර්ථය:- එකල්හි රජවරුන් සමග පැමිණියාවූ, නොයෙක් පිරිවර සෙනඟ, සූර්‍ය්යසයා හමවූ ඝන අඳුරු ලෙසින් මහත්සේ බියපත්ව;

553. අර්ථය:- අනාගතයෙහි ඒ ස්වාමීන් වහන්සේ බුද්ධත්වඝයට පැමිනණන දිනයෙහි දී, මාරසේනාව බිඳ ජයග්රනහණය කිරීමේ පෙර නිමිත්තක් පරිද්දෙන්;

554. අර්ථය:- ඇත්, අස් හා රථ සේනාඬයන්ද, බොහෝ වටිනා මුතු මැණික් ආභරණයන් ද, මාර්ගතයේ තන්හි තන්හි දමමින්, රජවරු හිස් ලූ, ලූ අත (අපිළිවෙළින්) දිවූහ.

555. අර්ථය:- පිණිබිඳක් පමණකවත්, කිසියම් සත්ව යෙකුගේ ලේ බිඳකුදු නොසොල්වා, ඒ ස්වාමීන් ලැබුවාවූ ජයගුහණයට, රජතුමා සතුටුවී වහාම අවුත්;

556. අර්ථය:- (නරෙන්ද්රායා), මහාසත්ව යන් වහන්සේ‍ෙග් පාවැඳ මෙසේ කීය. “පූර්වායෙහි ඔබතුමා සතුව තිබූ මේ නගර රාජ සම්පත්ති විශේෂය (ආපසු) හැරගෙණ;

557. අර්ථය:- “නිරන්තරයෙන්ම ශක්රසයාගේ රාජ්යා ශ්රීේ විභූතිය අත් නොහැර ප්ර කාශකොට, උතුම් වූ රජ සැප විඳිමින් මේ නගරයෙහි වැඩ සිටිය මැනවි.”

 		අර්ථය හා විස්තර                                  193

558. අර්ථය:- මෙ‍සේ බ්ර හ්මදත්ත රජතුමා සිත පැහැදී, රාජ්යාය (ආපසු පවරා) දුන් කල්හි; අසදෘශ කුමාරෙත්තමයා, ඒ රාජ සම්පත්තියට මඳකුත් කැමති නොවී;

559. අර්ථය:- “රාජ්ය ශ්රී ය මට කුමටද? තපස් රැකීම පිණිස වනයට යෙමැ”යි; පෙර පරිද්දෙන්ම තම සහෝදරයාට රාජ්යට ශ්රීජය (පවරා) දෙමින්;

560. අර්ථය:- “මේ මා ලද්දාවූ රාජ්යරයෙහි; (වාසය කරන්නා වූ) සත්වපයාගේ සිතට වෙහෙස නොදී, ධර්මූයෙන් සාමයෙන්, (පීඩා නොකොට) ලැබෙන ‘දෙයක් හැර අයබදුන් වැඩි නොකොට”

561. අර්ථය:- “ගැඹුරු දහම් අසා, ෂඩ්වර්ගද සතුරන් දුරු කොට, පඤේචන්රි. මයයන් සංයමව තබාගෙන, ගුරුවරුන් අත්නොහැරත් රාජ්ය් කරව”යි;

562. අර්ථය:- “බොරු වචන නොකියා සත්ව,යන්ගේ ප්රාතණ ඝාතනය නො කොට පරස්ත්රීර සෙවනය නොකොට, මද්යසපානය නොබී”

563. අර්ථය:- “මහාරජයිනි, අන්යයයන් සන්තක දේ බලාත්කාරයෙන් නොගෙණ, පඤ්චශීලය රක්ෂාො කෙරෙමින් මොක්ෂකය ප්රාථර්ථනනා කෙරෙමින්, ධමර්යෙ න් රාජ්ය්ය කරව.”

564. අර්ථය:- “සංග්රෙහ වස්තු සතරින් (දීමෙන්) නිරන්තරයෙන් සත්වෂයන් සතුටු කොට; මවක මෙන් කරුණානේ ඥානවන්තයන්, දරුවන් මෙන් ආරක්ෂාක කරව”

විස්තර:- සිව් සඟරා වතින: දාන, ප්රි ය වචන, අර්ථ්චර්ය්වයම සමානාත්මතා යන මේ සතර, චතුස් සංග්ර්හ වස්තු නමි.

13


194 අසදෘශ ජාතක කාව්යසය

565. අර්ථය:- “සකල ශාස්ත්රෘයෙහි සමර්ථි වූ සත්ය වචන ඇත්තාවූ, ප්රනඥාවන්තවූ, යහපත් ගුණවත් අයට තනතුරු දී, පොහොසත් කරව.”

566. අර්ථය:- “දුර්ජනයන් විසින් කියනු ලබන්නා වූ හරයක් නොමැති අසත්ය” වචන අදහා, (සැබෑවට ගෙන) තත්වයය (නියමාකාරයෙන්) පරීක්ෂාත නොකොට අවැඩකි නොකරව.”

567. අර්ථය:- “රජතුමනි, සිතෙහි දුශ්චරිත දුරුකොට, නිරන්ත‍රයෙන්ම සුචරිත වර්ධානය කරමින්, සත්වරයන්හට ප්රිඅයවූ අමෘතය වැනි වචන කියව.’

568. අර්ථය:- ඒ බුද්ධාඬකුරයා මෙලෙස අවවද දී, බරණැස් නගරය මුළුල්ල ගොස් වනය ඉදිරියට පැමිණියේ ය.

569. අර්ථය:- ලෙලදෙන්නා වූ තඹ පලු නමැති විදුලියෙන්ද, මනාව පිපියා වූ සුදු පියුම් නමැති කොත් පෙළින්ද, මී බින්දුු නමැති වැගුරුණා වූ පොදින්ද, යුක්ත වූ ඒ වනය වැසි වළා කුළක් මෙන් පෙනුණි.

570. අර්ථය:- මනාව පිපියාවූ ලියනඟලා මල් පෙති අගින් පොළොවට වැටුණු, පිනි බිඳු වැනි මනොඥ වූ ගෙඩි, ඇඟිලි අගින් වැටුණාවූ මුතු වැන්න.

571. අර්ථය:- රිළා සමූහයා මිරිස් කරල් කෑමෙන් මුඛ දැවිල්ල ගෙණ, මී පැණි බී ඒ වනයෙහි, ගස්වල අතුවලට වී සතුටින් සිටිත්.

572. අර්ථය:- ලතා, නමැති ස්ත්රි යගේ වැළඳ ගැනීමෙන් ලැබුණු, සුවදායක ස්පර්ශ යට සතුටුව, කොළොම් ගස් නමැති වල්ලභයන්ගේ ශරීරයෙහි ලොමු දැහැ ගන්නාක් මෙන් (රෝම කූප නැගී සිටියාක් මෙන්); (ඒ ගස්වල) මල් පිපී තිබෙනු පෙනිණ.

                   අර්ථය හා විස්තර                                        195

573. අර්ථය:- නිරන්තරයෙන් භෘඬගයන් රැඳී සිටින්නාවූ ශොභන වූ දුනුකේ මල් පොහො‍ට්ටු, ඒ වනය නමැති නිවසෙහි සජ්ජිත වූ අඳුන් සහිත ප්රොදීප (පහන්) මෙන් දිලේ.

574. අර්ථය:- දරුවන් කුසෙහි බැඳගෙණ, ගස් මුදුන් වලින් ගස් මුදුන් වලට පනිමින්, දලු හා ගෙඩි සමූහය කඩා පොළොවට හෙළමින් යන්නා වූ; රිළවුන්ගේ ආකාරය දැක අලස නොවී සතුටු සිතින් යුක්තව, බුද්ධාඬකුරයාණන් වහන්සේ වැඩි සේක.

575. අර්ථය:- උස් වූ ගස් මුදුන්හි දිලෙන්නා වූ සුපිපි පුෂ්පයන්හි ගැවසී ගත්තා වූ, පේළි වශයෙන් සැදී එක් හඬින්ම (එක විටම) නාද කරමින් නොමුළාව භ්රීමණාව යන්නා වූ, භෘඬග සමූහයා බලමින්, සිත් ආශාවෙන් බුද්ධාංකුරයාණෝ වැඩිසේක.

576. අර්ථය:- උස් වූ ගස් නමමින්‍ සොඬ අගින් කඩා දමා, දළ එල්ල කරමින් වහා පොර ඇන ඇන සිටියාවූ, සියලු හස්තීන්, නෙත් යොමුකොට බලා චිත්ත ලොභය වර්ධවනය කරමින්; මහා සත්වකයන් වහන්සේ වැඩියහ.

577. අර්ථය:- උස්වූ ගස් මුදුන්හි එල්ලෙන්නා වූ යහපත්වූ අඹගෙඩි තුඩ අගින් (හොට අගින්) ඉරමින් පැණි උරමින්, නිල් අහස් ගැබට නැග, නාද කරමින් යන්නාවූ, ගිරවුන් දෙනෙතින් බල බලා බොධිසත්ව,යන් වහන්සේ වැඩිසේක.

578. අර්ථය:- පර්වසතයක්, පර්වතතයක් පාසා නැඟගත් මොනරු ‍නෘත්යු කරත්. රුකක් පාසා සිටි කොවුලෝ නාද කරත්. පියුමක් පාසා භෘඬග සමූහයා ඝොෂා කරත්. තදින් ඇන ඇන (අනිමින්) වනමීවෝ සටන් කරත්.



196 අසදෘශ ජාතක කාව්යිය

579. අර්ථය:- අතිශයින් නිල්වූ කෙස් කළඹෙහි මල් ගවසා ගොතා බැඳ, නිල් උපුල් වැනි නෙත්රියන්හි නිල් අඳුන් ඇඳ, ප්රතභාමත්වූ මල් රොන් ගෙණ ශරීරයෙහි තවරා ගෙණ එන්නාවූ; වනයෙහි හැසිරෙන කාන්තාවන් දැක මහා සත්ව යන් වහන්සේ වැඩිසේක.

580. අර්ථය:- සන්තෝෂයෙන් උස්වූ ගල් මුදුනට නැග, රාවය කරමින්, ඒකාකාරව ගීත ගයමින්, කිඳුරන් රඟ දෙමින් ඒ වනයෙහි සිටියාවූ ආකාරය මහා සත්වතයන් වහන්සේ බල බලා මර්ගහයෙහි වැඩිසේක.

581. අර්ථය:- මහ අඹ, කොහොඹ, මොර, රුක්අත්තන, නුග, කරඹ, රතු අඹ, දොඹ, ගිවුල්, සියඹලා, ගිරා අඹ, ඇටඹ, කෙසෙල්, ලුණුවරණ, කරඳ, දුන් කොහොඹ, බටඹ, ජම්බු, කුරුඳු, ඇසල, පේර, අඹ;

582. අර්ථය:- නික; එරබදු, කළුවර, රුවර, ලපනාරං, රත් නිතුල්, මසන්, පරගස්, හොර ගස්, සමන්, කරගස්, මොර, සමදරා, තෝර, දේවදාර, මූනමල්, බටගිරා යන ගස් වලින් සමන්විතවූ වනාන්තරය; නිර්භය ඒ කුමාරොත්තමයා අත් නොහැර;

583. අර්ථය:- මහා සත්වායන් වහන්සේ, නියඟලා, ඉද්ද, වෑකුන්දෙ, කොඳ, හීරැස්ස වැල්, රදලිය, පෙනෙල, කීකිරිඳිය, වැල් ඉද්ද, මොරවැස්ස, ඉරිවේරිය, බුලත්, ගිරිනේරිය, සිවිය, කැසි පිස්සාය යන ලතා මණ්ඩයපයන් නැරඹූහ.

584. අර්ථය:- වහ වහා පොළොව සාරන්නට පටන්ගෙණ මීරන් හා මඩ අනේකාකාරයෙන් ශරීරයන්හි තවරාගෙණ, රෞද්ර් ලෙස බලමින්, ඔවුනොවුන් පසු පස එලවමින් එන්නාවූ ඌරන්, මග දෙපසෙහි දැක කෙ‍ෙස් නම් නිර්භයව වැඩියේ ද?



                       අර්ථය හා විස්තර                                  197

585. අර්ථය:- නිල් ආකාශයෙහි වූ විදුලිය සහ අසනි (හෙණ) පරිදි වූ, තන්හි තන්හි හැසිරෙන නපුරු දිවියන් දකිමින්, මහත්සේ බියපත්ව, ඒ වනය තුළ පැන පැන දුවන්නාවූ, මුව සමූහයන්, සූර්ය්, වංශයට ප්ර ධාන වූ ඒ කු‍මාරෙන්ර්1 වයා, සිත් සේ දුටුවේය.

586. අර්ථය:- ඒ වනා‍යෙහි තැන් තැන්වල, කඩුලුවල රකිමින් මුවන් බිම දමා, සැනෙකින් හද පළා දෙතොලින් ලේ පෙරමින්, මස් බුදින්නාවූ; දිවියන් බල බලා; (ඒ) ස්වාමි තෙමේ සැක රහිතව වැඩියේය.

587. අර්ථය:- (ඒ) ස්වමි තෙමේ; අසනි ශබ්දය සෙණ (හඬ) වැනි වූ භයඬකාර ඝොෂා පවත්වා, මත් ඇතුන් මුදුනට පැන, කුම්භයන් පලමින් අප්ර මාණ ප්ර-මාණයක් ලේ සහ මුතු පොළොවෙහි හෙළමින්, ඒ වනයෙහි තැන තැන හැසිරෙන්නාවූ කෙශර සිංහයන් දුටුවේය.

588. අර්ථය:- වැහි වළා තුළෙක්හිවූ විදුලිය පරිද්ෙදෙන්, අහසින් අවුත්, එම වනයට වදින්නාවූ; සිඬ විද්යාදධර සමූහයා බලමින්; මහා සත්ව,වන් වහන්සේ සිත්වූ පරිදි වැඩි සේක.

විස්තර:- සිදු විදුදර: ඖෂධ බලයෙන් හා මන්ත්ර බලයෙන් අහසින් යන්නාවූ දිව්යේ විශෙෂයක්.

589. අර්ථය:- (මහා සත්වඖයෝ) අඳුන් දිවි සම් ඇඳ, සියලු කල්හිම ජටා මණ්‍ඩල බැඳ, කේලශයන් මර්දවනය කළාවූ තාපසයන්, යහපත්වූ ආරාමයන්හි දුටහ.

590. අර්ථය:- නිරන්ත‍රයෙන්ම මල් පැණි වෑහෙන්නාවූ, සතුට උපදවන පැහැයෙන් යුත්, මනාව පිපියාවූ පුෂ්පයන්හි සිත් පිනවන සුළු නාදයෙන් නාද කරන්නාවූ; භෘඬග සමූහයන් ඇති උස්වූ ගස් සෙවනෙහි, (ඒ) කුමාරයා රැඳි;


198 අසදෘශ ජාතක කාව්ය ය

591. අර්ථය:- හමන්නාවූ මඳ සුලඟ, විඳිමන්, සිත් සතුටුව ශරීර ග්රීූෂ්මයද නිවා, හුදකලාවූ කෙශර සිංහයෙකුමෙන්, (ඒ) කුමාරයා අප්රූමාදව වන මධ්ය යෙහි ගමන් කරමින්;

592. අර්ථය:- පැතුරුණාවූ සුදු වැලිතලා ඇති, මල් පැනි වැගුරුණාවූ පුෂ්පයෙන් යුත්, පිරිසිදු ජලය පිරුණාවූ, ඒ මනොඥවූ වන විල (ඒ) කුමාරයා දැක;

593. අර්ථය:- නෙළුම් දැලි කඩා කා ජලය ගෙණ බොමින් පැහැපත්වූ ඒ කුමාරයා මඳක් සැතපී ගමන් විඩාව දුරු කොට;

විස්තර:- නෙළුඹුදැලි: ජාලාකාරයෙන් මඩෙහි විහිදී යන (නෙළුම්) අල මෙයින් සැලකේ. මේවා අමුවෙන් සේම පිසිමින් කති. උදරාබාධයනට අනගි ඖෂධයක්ලු.

594. අර්ථය:- ඒ ස්වාමි කුමාරොත්තමයා කැමති තාක් දුර ගොස්, සුදුසු තැනක් බලා වහා අසපුවත් සාදා, (අනතුරුව) සෘෂි වෙශය ගෙණ;

595.අර්ථය:- මනොඥවූ මහා සත්වො,ත්තමයා, එහි (ඒ අසපුවෙහි) මඳ කලක් වාසහ කොට ආයුෂයාගේ කෙළ‍වරෙහි, (මරණයෙන් පසුව) නිර්මලලවූ බ්ර‍හ්ම ලොකයෙහි උපන්නේය.

596. අර්ථය:- මාහැඟිවූ; තුන් ලොවට ගුරුවූ; මුනීන්ද්රුයන් වහන්සේ බ්රවහ්ම, දිව්යා හා මනුෂ්යකයන්ගේ මාන මර්ද නය කොට, අමෘතය වැනිවූ අටවැදෑරුම්වූ ඝෝෂාවෙන්, මේ අසදෘශ ජාතකය දේශනාකොට (ඒ)

597. අර්ථය:- “එකල්හි බ්රෘහ්මදත්ත රජ, දැන් මේ ආනන්ද මහා ස්ථ‍විරයෝය. අසදෘශ නාමයෙන් ප්රජසිද්ධවූ සිත් තුටු කරවන්නාවූ (ඒ) උතුම් කුමාරයා;



                    අර්ථයහා විස්තර                                         199

598. අර්ථය:- දශ පාරමිතා පුරා කේලශයන් මුළුමනින්ම නසා, ලොකොත්තර බුද්ධත්වරයට පැමිණියාවූ; මේ මම වෙමි”යි; උතුම් මුනීන්ද්රබයන් වහන්සේ දෙසූ සේක.

599. අර්ථය:- මේ අපගේ මුනීන්ද්රේයන් වහන්සේ, බ්රූහ්මයන්ගේ හා දිව්ය්යන්ගේ සිත් සතුටු කරවා, අෂ්ඨාඬල ඝෝෂාව විහිදුවා, මේ අසදෘශ ජාතකය දෙශනා කොට කෙළව‍ර කළ සේක.

600. අර්ථය:- තුන් ලොවටම මස්තක (ප්රිධාන, මුදුන්) වන්නාවූ, මුනීන්ද්ර යන් වහන්සේගේ ගුණ රාශියෙන් ස්වල්පයක්, විශෙෂයෙන්ම කුසල් ප්ර ධාන කොට ගෙණ සිංහල භාෂාවෙන් කීමි.