Jump to content

ඇහැළේපොළ වර්ණනාව-ii

Wikibooks වෙතින්

101 ජොන් ඩොයිල් රෙසිදන්තය යන ජනරල්හට දෙමින් බා ර

පින් ඇති අප ඇහැළේපොළ යුවරජ උතුමා උදා ර

නන් විකුමැති රාවණ මැඩි රම්රද සිරි පෑ නොවා ර

සෙන් කඩගල් පුරවති විඳ රැටියන් කළ ආරවා ර


102 එවර ඒ ජනරල් ඒ වස දෙමළට දී අබය මර ණ

නුවර මැදින්වත් නොගොසින් ගඟ එගොඩින් රැගෙන ගොසි න

ළතර කවිසි ජා සිපයින් වටකරවා මැදි කර ගෙ න

පතර එගිරිහාගම කන්දෙන් ඇර කොළඹට යන මෙ න


103 මෙම ලෙසිනේ සකවසිනෙක් දහස් එසත්සිය සතිසෙ න

කුඹුරැසිනේ ගතව ගොසින් නවබාගෙන සපැමිණි තැ න

රැක ගොසිනේ අස්බාගේ පන්නින් සෙද වටකර ගෙ න

නොව ලසිනේ රජු අල්ල සැනිදින තෙ පැයට රව න



104 එ සේ නැවත ජනරාල් සග අප හිමි පත්වී නුවර ට

‍ෙතාසේ වඩා තැන තැන සිටි දෙමළුන් සේරම රැස් කො ට

වී සේ සයෙන් ගෑනුන් සහ දහස් ගණන් වරින් වර ට

ල සේ නොවී ඇදවමින් අරිමින් නොමරා කොළම ට


105 මෙලෙසින් රට රටවල් වල හැංගී සිටි දෙමළු පෑ ර

රැටියන් හට උන් පරවෙණි ගම්බිම් දෙමින් බා ර

දෙවියන් සඟ බුත් සන්තක ගම් පුදවා ලමින් නෑ ර

ලොස සුන් දෙක රැක සැනසිය අප යුවරජතුමා වී ර


106 පි යුමත සක් දිනිසුරු කරසක් උමයඟ දළසක් සිරිසඳ නිරි ඳු

නගුලක සක් බර සරසවියෙක් දළ මිහිලිය සක් අට ගුරු කිවි ඳු

විලස පසක් ගුරු ගුණැති උදක් රැකි නිතර මෙලක් තෙද යසැති උ ඳු

මෙහිමිසියක් වස සසිරි පසක් කර මෙසුර තොසක් රකු හිම ගිරි ඳු


107 පොරණ අසුන් නැඟ ඇවිද නිතින් අපෙ රට දනයින් බියකර නොහැ රා

රුවට කසුන් වැඩ කරපු වසන් ඇඳ පැළඳ රුවන් හර උරත පු රා

දෙමළ දිටුන් ගැසූ අමුඩ පිටින් වැඳ වැඳ සිපයින් හට බිය නිත රා

නඟින ඔවුන් අසු ලනුව අතින් ගෙන දිවන ලෙසින් කෙළෙ මේ නරව රා


108 අප දිග බප් හිමි සසුන සරුප් නොව නසමිනි කුප් වන ලොව සත නා

දමිටු අකැප් වස කුදිටු සකප් වන එලිය ලැහැප් ලෙස කළ සත නා

නෙදෙමළ දස් මැඩි යසිනි එසප් රද තුල රන් ගැප් සත පිරි තුරු නා

රුචිනි කදප් යුරු මහිමි නෙසිප් දතු පවතු අල ප් වම හිම් දින නා


109 සතට සරොස් කර පොරණ උසස් වම නිතර දවස් හැර බල පෑ ලා

අරිටුකෙලෙස් ගුණ නපුරු සලස් වා ඇති දෙමළු නිවෙස් නහිමින් දෝ ලා

දෙවනු සියැස් දකිනට සලස් වා පෙර නැඟි අස නට කර පෑ ලා

යනෙන විලස් පෑ මෙහිමි යසස් රැස බඹතල උස් විය එක ලී ලා



110 නංගන කොඩි කුඩ තුංග ව සිරි රජ අංක නයේ යන එන හැම දා

චංග කුදිටු අක ලංග දෙමළු මැත බංග කරපු යන ලෙස නොර දා

හිංගල දන බල එංගලන්තෙ යන රංග දිනුම් බල ගතිය ස දා

ළංග කරපු සිරි අංගන හිමි ඔබ ගංග දරා යසවිය නොම දා



111 සමත් කමින් රට පුවත් නොතකමිනි බතුන් පිළි අදමින් රැගෙ නේ

අඹුත් දරුත් වැසියනුත් වැඩූ මිස රටක් නොතකමින් කළ දරු නේ

කොහෙත් ගුණක් නැති මහත් දෙමළ රැස පිටත් කරපු සෙත සලසමි නේ

දිමුත් මෙහිමි ගති අඳුන් නමුත් රිවි ස‍ෙඳත් ඔබිය බැරි මිස මෙදි නේ



112 අප දස ඹුල් සාසනය නිමල් වනසා යමපල් ලෙස බණ පෙර ලා

සිටිය සියල් දෙමළුන්ට විකල් කර බැඳ බැඳ අල් ලවමින් ඇර ලා

මෙලක තුමුල් සත සැපලෙස කල් හැර ඉන්ට විපුල් ජය දුන් තිම ලා

යසැති උඳුල් ඔබ විකුම මෙකල් කිවි වනනුද කල් කොළවල ලිය ලා


113 මෙලෙක නිමා නැති කුදිටු සමා ගම හැම තැන මා පිරෙමින් එක සේ

මුනි දහමා නොමකර නැකුමා අදමින් බොහො මා කරමින් වන සේ

මෙහිමි තුමා දැක කර විකුමා උන් පැහැර දමා පරතෙර යන සේ

දිගත ළමා යස හර ගෙලමා ලැවි කිමෙක මෙමා පවසනු වෙස සේ


114 මෙලොව බඹා දක්වාම සබා ලෙස පසඟ ඔබා වැඳි මුනි සස් නේ

සිත නො තබා සිව ලිඟුව තබා වැදිගුණ අසු බා දෙමළුන් අස් ‍නේ

හැම පසුබා කළ මෙහිමි ලොබා වන මෙලෙක පබා වුණු තුභූ දිස් නේ

අළුනු සුබා ලෙස රුපු නොතබා කළෙ සතට තබා මතුවට පුස් නේ


115 මෙ අප ඇරා ලොව වෙන කවරා කියමින් ම මරා රැටියන් නිත රා

දන ගෙනැරා සුත නඹුන් කරා දී බලුසෙ බුරා වැරියල් නො හැ රා

සිටිය සොරා බැඳ රටිනි නෙරා හැර සැපත කරා ලක සතට ති රා

මේ ඔබ සරා සඳ යස අයුරා විය කෙකිවියරා වනනුද මෙව රා


116 සතට ව‍ෙඳ් කර ඇවිද විදේ මොරගා නිබ‍ෙඳ් දන බිය ගන් නා

මරන ලෙ දේ දුටු මහිමි හ‍ෙඳ් තුළ කුලුණු සො‍ෙඳ් ලෙස වඩමින් නා

දෙමළ ඔදේ හැම සිඳ පසිදේ ඇර මෙලෙක නදේ කළ වෙසෙසින් නා

මෙ ඔබ වි‍ෙඳ් සිරි දිනිඳු ස‍ෙඳ් හිම් පවතු ඉ‍ෙඳ් සිතුමිණ මෙන් නා


117 රට නොබලා සැඩි දෙමළ කැලා තැන තැන නිලලා ගම් බිම් සවි ලා

සිටින කලා අප හිමි දැකලා වටකර බැඳලා කොළඹට ඇර ලා

සැමට මුලා නොව සැපසේ ලොලා වම නිසල වෙලා ඉන්නට නුමු ලා

වැජඹි දුලා ලෙස සපිරි කලා පති යස නිමලා වම පළකර ලා


118 මෙලෙක සැමේ අයගෙම කැරුමේ පලදුන් ලෙස මේ කල කළ පොර ණා

දිනක ගමේ විසුමට පොහොමේ නොව කළ සැටි මේ කරු කම් නිති නා

දැක එසමේ සිටි දෙමළු හැමේ මැඩ මෙලෙක බිමේ නැති කළ නොමි නා

කවුද තිමේ කර කියනු පෙමේ වම මෙහිමි තුමේ කිතු තැතිනිව නා


119 පළමු සිට රිවි හොතින් රජ පැමිණි හිමිතුමන් වැවූ ලෝ සසුන් ලක නොහැ රා

දෙමළු හට වෙමින් ගොස් නරේන්ද්රහසිංහ රජු පටන් වැඩි සුවහසක් විත රා

සියළු රට ගම් දනව් අයිතිකර රටුන් හැම ‍ දිළිඳු කර රැගෙන දන උදු රා

අද හමට පටන් ගෙන සසුන් සතුදේ පවා රැගෙන පසුවෙන ස‍ෙඳහි නිත රා


120 ඇවිල ගත් ගිනි රැසක් නිවන අදහසක් ඇති යමෙක් දැමුවෙන් ගොඩෙක පිදු රෑ

විකල නැණ පතළ කළ අරාවේ අදිකරණ මැතිඳු අදහසින් සිත නපු රෑ

නිමල සකවසින් එක් දහස් සත් එසිය විසිවසෙහි දෙමළෙක් ගුණැති නපු රෑ

විපුල කර රැගෙන රජකමට පැමුණුණු පටන් කරපු විගඩම් කියනු කවු රෑ


121 ලොවත් රට ගමුත් සාසනෙත් ගොත් පුවත් රැටියනුත් කුල දෙටුත් වනසමි නේ

මහත් මගෙ නෑයනැයි කියා දවසින් දවස ගෙන්නවා දෙමළු රට රටී නේ

නිවත් වැදි කැලත් මෙන් එවුන්හට රන්රුවන් පිළීගව වහල් සලසමි නේ

විපත් කර පහළොවක් වරුස ගණනින් මෙලෙක නසන කල යමපලකු ලෙසි නේ


122 සුපිරි සුදු ගොතිනුයුත් ඇහැළෙපොළ යුවරාජ තුමා දැක කරන එම නි න්දා

ලොවට මුදු ගුණය පෑ කුලුණු වඩමින් ගොසින් සපිරිවර සෙනහ සමගි න්දා

යුදට රුදු ඉංග්රීිසි රජුට දන්වා එවග උදව් බල රැගෙන ලුහු බ න්දා

සිටිය කඳු නැඟී ඔහු අඹුවනුත් සමග සමඟ මෙරටින් නෙරිය පිටි කරට බ න්දා


123 පෙරත් රිවි ගොතින් ආ මගත් ගාමිණී නිරිඳු යෝද දස දෙනෙකු බල රැගෙ නේ

සමත් කම කෙළේ සැඩි දෙමළු වනසා දමා කීප වස් මාස ගණනකි නේ

දිමුත් රජසිහ නිරිඳු පුරුදු කානුන් නසා කීප වසකිනි එ ජය ලැබු ණේ

මහත් අප යුවරාජ තුමා සත් දවසකින් දෙමළ රජු ඇල්වි බඳවමි නේ



124 උගත් ඇත් අස් සරම උදේනි නකුල දෙනිරිඳුන් ගති ලොව සතට පා නා

මහත් කග දුනු සිල්ප විසම ලොව එ බන්දුල දෙ කුමාර දිනිය අසමා නා

සමත් තද පිරුළු නැණ වදනිසුරු උවත්කර පරයාපු පැමිණි හැම තා නා

දිමුත් මෙම යුවරාජ සමිඳු ගති වනනු කොද වැජඹි සත් සිඳුතෙරට පී නා


125 ලක සසුන නසන දෙමළුන් පැහැර ජය රැගෙන රකින ලෙස සතට සෙත් දී ලා

හැම සුරන එක්ව මැව් පින් විකුම් නැණ පිඩෙව් මෙහිමි යස තෙදැති සුවිසා ලා

නිති වෙතෙන අරිටු උවදුරු රෝග දුබික්සා නවතමිනි හැර ඉවත දුර ලා

සිය කිරණ සිසිර මිහි ගගන හිම අසිරි දී රකුව තෙඳින් තුම් කදිරවේ ලා


126 ඉන්දු ලෙස යසහර ගෙලෙ දිගු‍ළන්දු ලවමින් මනන න්දා

සින්දු ලක සිටි දෙමළුන් ඔද බින්දු හැර පිටි කර බ න්දා

කැන්දු වෙත සිරිකත සහ බඹළන්දු සිත සෙනෙහස බ න්දා

වීන්දු සව්සත සිරි ඔබ කුමරින්දු රකු හිමිට ගිරි න්දා


127 පෑලා බල ලොසසුන් දෙක වනසාලා සිටි දෙමළුන් රා සී

දීලා බැට පිටි කර බැඳ ගලතාලා කරමින් ම මුළා සී

නීලා විකුමන් ගති සතට නොහාලා පළ කළ එක පෑ සී

මෙලා ගෙක තැන අප පළමු අසාලා උතුමෙක් වෙන සී සී


128 මඩවා ලකසක හැම කට මැත දොඩවා සිටි දෙමළ රජා ගේ

අඬවා අඹුවන් ඇඳි ඉණි ‍රෙදි කඩවා අප ගත කළ ලා ගේ

වඩවා යස වන තොත් වති මුව සැඩවා අප නරපණු වා ගේ

තුඩවා යෙති කෙලෙසින් වනනු ද දිඩවා ගති මෙහිමි තුමා ගේ


129 වික රන් වෙස් ගත් ගුණ නැති යක් රකුසෙන් වැනි ලක උන් දෙම ළූ

සිප යින් හට වහලට දී හැම රැටියන් බිය දුරු කළ සිය ලූ

මන රම අප යුව රජ සඳ ලක ගිරගින් දඟුමන් ගෙන නැඹු ළූ

තෙසතන් සිත් කොද වන මිණි මුතු කරමින් වැජඹිය වම් එක ළූ


130 තාරා පති සුරගඟ කිරිසිඳු පෑරා යස පළකර දිග ටේ

නෑරා ලක සිටි දෙමළුන් සිඳ මෝරා හැරි සත සිත සතු ටේ

දීරා ගුණ අප යුවරද රණ සුරා වන රත් කළ යව ටේ

වාරා නොව පිළිමල් පරණත තීරා වම නොදතොත්කව ටේ


131 තෙදිනුත් රිවි සතවෙත පළ කළ ගුණෙනුත් සඳ රුවිනි අනං ගා

නැණිනුන් ලඹදර දිරි ගිරිනිඳු විකුමුත් පසු කරපු නිලං ගා

තිළිනත් සුරතුරු ගුරු සතරට යසිනුත් තුල වන දර ගං ගා

සිරිමත් මහිමිට සරි අය නැත දනිතොත් මම කියමි නොසං ගා


132 මෙදි යත් මා මිස වෙන නැත මැත දෙඩුමුත් කළ ලක රජු පා වා

රටිනුත් නෙරමින් දිගුයටගෙහි යසකිත් දද බැඳ ලෙළු බෝ වා

මහසත් ගුණ පළ කල අප යුවරද උත් තම සිරි කළ සේ වා

ගග නත් මිහි දිනකර සඳ හිම් සිරිසෙත් විඳ විඳ පවතී වා


133 රට සවි ලාන කනලෙස පෑබ ලේ - නිතියෙන්

මිග තෙපලාන රැටි දන බෝම මැරුමට වී ලො ලේ

දෙමළුගේ මාන නැති කළ මීත ලේ - පින්තුම්

මෙහිම් සමාන උතුමකු නූන නොඇසූමු ලෝතලේ


134 දින කර තේ ජ පළකරවා ද මා - ලක් තුන්

දෙමළුන් තෑ ජ කර දිටු නීජ විකුමන් පෑ හැමා

අප උපරා ජ නම් යුත් මෙ තු මා - රැක්මෙන්

මෙම තුන් රා ජ යසිනි විරාජ කරවි බෝ සෙමා


135 හැම රැටිය න්ට කුලුණෙන් සෙ ඳී ටී - පෙමයුත්

සුගුණෙනිය න්ට මෙ යුවරජුන්ට සරොසින් පෑ පි ටී

ලක හැම කන්ට එකසිත් වී සි ටී - පින් සුන්

නපුරු නිගන්ට සැඩි දෙමළුනට හරිබැට දුන් සැටී


136‍ පි න් ඇති සෑම දැනමුතුවත් ම රා - ගම් බිම්

ග න් මිනි බෝම නෑ දෙමළුන්ට දී කනමෙන් හැරා

අ න් හට බෝම දුක් දුන් ඒ සො රා - රැක්මෙන්

ගොන් හොරුසේම බැඳ නෙරපීය අප හිමි සේ ක රා


137 රටුනට පේම කර සිත මේ තු මා - පෙම්වත්

සුතනඹු සෑම දන නොතකාම කෙළපිඩසේ ද මා

යළි වටලාම විත් දෙමළුන් හැ මා - බන්මින්

හැර නෙරපාම ජය ගෙනදීම බිය දුරලී හැ මා


138 කොටමින් බෝදි මහ සඟනන් ම රා - ගම් බිම්

අඩු බඩු සෑම ගෙන ගෑනුන්ට දී අදහම් පු රා

සිටි වස වන්ඩ දෙමළා මින් නෙ රා - දුක්මන්

දුරු කළ සූර අප යුවරාජ හිමි දින බාසු රා


139 අමර මතංග හර සුරගංග සේ - දික් බිත්

යස අකලංග පතළ සිතංග හැමතැන ලෝකුසේ

පොරණඅනංග යුරු දිලි රූ රැ සේ - පින්වත්

අප හිමි ගංග දර රකු ළංග කර සිරි බෝ ලෙසේ


140 කන්ඩ මෙලක එ වඩිග දෙමළු න්ඩ බෙදා දී තැන තැ න

උන්ඩ නිතර වැඩපල කරව න්ඩ දී රටු න්

චන්ඩ රුදුරු අදමිටු ඒ ර ජු න්ඩ නොදී සිරිලක ඇ ර

ගන්ඩ 	සමත් අය ‍කොද මෙහිමින්ඩ 		සරිලො			වේ


141 සෑම සතට දුක්දී දන බෝම ගෙනත් රැස කරග න

මාම මිසක කවුදැයි සැමදාම දොඩ දො ඩා

බෝම උඩඟු වී සිටි දෙමළාම බැඳපු මෙ හිමිගෙ බ ල

කීම පෙදෙනි බැඳුමට මුව වීය එකම ගේ


142 හීන කරම මෙරටුන් දන මා න සිතින් ගොඩ කරගෙ න

රූණ ගොසින් වළලා කිසි ඌ න නැත සි තා

කුන මකට නැග නිති මොර ගාන කුදිටු සැඩි දෙම ළා

බාන දමා නෙරපිය මතු නේ න විලසි නේ


143 ‍මෝරු බිබී තේරුව මහ ඌ රු කැළන්සේ දෙමළු න්

මේ රු පුහුල් ලෙස අලු හොඳ සීරූ ලෙස ඟ ගා

සා රු සමඟ දියබත් තැටි ‍ගෝ රු උරාබොන රිහි ඇ ර

පේ රු වෙලා පනින්නට ආ රු කර දි නි



144 ඉන්ට ළඟම කඩුදී බල ග න්ට සටිය දෙමළුන් ව ට

ලන්ට ගොසින් හක්කෙටු ගල ඉන්ට කී තැ නේ

යන්ට නැතුව තැන තැන හැන්ගෙන්ට දුවන දෙමළුන රිහී

යන්ට ඇනපු ‍ෙදහි ලෙස ගෙඩි එන්ට ඉස නැ ඟි


145 තින්ත උඩඟුවී අපෙ රට ඇත්ත නොකළ මුත්තඑ වට

‍රොත්ත පිටින් වටකර ඉස පොත්ත යන ලෙස සේ

ගත්ත කාසි ගණනින් ටොකුරිත්ත බැගින් වටලා ඇ න

සත්ත කටම බැඳපුව ඔහු චිත්ත බිය ව ඩා


146 සුබ්බ කියන බබ්බඩය ගෙ තිබ්බ දේත් සහ ගෙනැවි ත්

අබ්බ කියා මොරගොනට ල බ්බ ලෙස බැ ‍ෙඳ්

යොබ්බ නසුබ ලකුණෙන් හෙබිසබ්බ ගුණැති අප සමිඳු ට

ඔබ්බ පසඟ බිම වැඳ දිවි ලැබ්බ දත නි යා


147 පෙළවා රන් කියමින් සිටි ද ල වා කියන ගජ බක්කු ට

එළවා ගොසින් අල්ලන බැඳි තළවා අදිමි නේ

කළව‍ා පෙනෙන සේ පිටපට වෙළවා ගෙනත් වටකර ගෙන

වළවා ගොනෙකුසේ පිටතට බඳවා පෙරළු වෝ


148 බෝසේ දෙවබන ඕසේලා කී දෙසේ නායකයා යන දෙමළුට

වේසේ පෙරළමින් බැඳගන තගෙ සීසේ නම්ව කි යා

වේ සේ වන ලෙස රෝසේකර සිත දාසේ ටොකු ඇන ආයේ ඇරසු න

කා ගස් කොළඹට වාසෙට යවමින් මෙසේ මහිමි දී නි


149 කාල කුළසෙ ඉඳ උරුමුරු ගාල දනන් බිය කරමි න

මාල බරණ දි දෙමළුන් ආල වඩ ව ඩා

ලීල ‍ නොවම උඩඟුව මණ මාල කමට උන් දෙමළු ට

ගාල කදී බැඳ ඇන නෙර පාල හිමි දි නි


150 වාර පතියුරු තෙදින් බබළන සුවිසා ලා

වීර ගති මුළු ලොවට පළකළ එක ලී ලා

සුර ගුණයුතු මෙහිමි දෙමළුන් වනසා ලා

නෑර කියවිය යසස තුඩ තුඩ හැම කා ලා


151 මෙදී පේ මගෙ කියා උඩඟුව හැම වේ ලේ

සැදී ‍රට ගම් දෙමළු හිමිකරවම ආ ලේ

උදී රිත යුවරාජ අප හිමි එම කා ලේ

දි දී බලු බැට තබා ‍නොදෙමින් වනසා ලේ


152 පදිංචිය වී මෙරට හිමිකර ගතිමි න්දා

යෙදිවචිය කිය කියා රැටියන් ලුහු බ න්දා

අදිච්චිය නූමෙ යුවරද හිමි විකුමේ න්දා

කදිච්චිය මැඩ කරවි උන්හට නිසි නි න්දා


153 මෙලක් තුළ හැම පිරි සිටි සැඩි දෙමළු න්නේ

කලක් ගෙවුණයි නැගී යන්නට ‍උඩ පැ න්නේ

උලක් නැති වරදකුත් නැතිවිය මෙ රජු න්නේ

බලක් පළකර මෙහිම්මයි දැන බැට දු න්නේ


154 ඊල් වන ‍ලෙස වඩිග දෙමළුන් ගෙන ගෙ න්නා

ගාල් කර බුවකැළිකඩයි යන තැන උ න්නා

තුල් බල යුතු මෙ යුවරද තුම සුපස න්නා

වාල් කර ජා සිපයිහට බැඳ බැඳ දු න්නා


155 නාසා සිංහ රටුන් සේරම ගෙන දෙම ළූ

ලසා නොව සාදමැයි ඉන්නට සිතූ නැඹූ ළූ

එසා මිසදිටු වඩිග හැත්තට රළු පර ළූ

මෙසා අඩුවක් කරවි අප හිමි තුම ලකු ළූ


156 කුදිටු දෙමළුන් හටම අසුවී ලක සත නා

ගැහැටු විඳි සැටි මෙ අප යුවරද කර දස නා

නොපටු කුලුණෙන් ඔවුන් වනසා ඇරි බැවි නා

සතුටු විය දිගු දසත අදිපති හැම මුරු නා


157 පතිතාර වන් නිම් ලා

යසපුර ණෙන් දිගු නෑර හෙළිකර වීර මෙහිමි දු ලා

සම්බාර දෙමළු කෑ ලා

සංහාර කරමින් නෑර ජය ලංකාරයෙන් නිල ලා


158 කොටවා යොදුන් ගණ නේ

සිටවා පු වම්බටු මෑකරල් ලබු තියඹරා නොමි නේ

තුටවා සිතින් දෙමි නේ

රට කෑ දෙමළු පටවා පොදිත් නටවා හැරියේ මෙදි නේ


‍159 බෙදමින් දිසා රටව ල්

කබලුන් ට දී මොකවත් නොදත් හිඟවා දනන් ඒ සිය ල්

ගනිමින් බොහෝ එමුද ල්

දෙමළුන් ට දුන් දුදනා යවා බැඳලා දිනි මෙම ක ල්


160 නික මුන් දනන් අ ල්ලා

උන ඹුන් හරක් වහලුන් සියල් දෙමළුන්ට දී කො ල්ලා

විකුමෙන් මෙහිමි දු ල්ලා

සිපයින් කවිසි වට ඉන්ටලා මුර බැන්දවි අ ල්ලා


161 නෙරපා මෙ උඩර ට්ටු

නෙවුපා සදා ගෙන්නා නිතින් උන්නේම බඩු මු ට්ටු

බලපෑ දෙමළ මො ට්ටු

ගළපා දමා මෙහිමින් තෙඳින් ඇරියේ දෙමින් සො ට්ටු


162 නොදැනී මෙහිමි විකුම ක්

නිතිනි දනක් මරවා දමා දනරාසි රැගෙන නොයෙ ක්

පැමිණි කරපු හිතුව ක්

ඉතිනි එතෙක් විය ලෝසසුන් පවතිය බෝම කල ක්


163 මද රාජ ව න් නොමි නේ

තුරු රාජ මෙන් යදියන් කිවින් හට දුන් නිතින් තිළි නේ

දින රාජ ව න් තෙදි නේ

ගිරි රාජ හිමි පවතු යෙහෙන් යුවරාජ පුංගව නේ


164 නොයෙක් පහන් අය මර ම රා - මෙහි

කෙනෙක් නැතැයි අදහා ත රා

සැකක් නොවූ එවඩිග සො රා - දැන්

දුකක් සේම ගියේ රට හැ රා


165 බිඳබිඳ තැන තැන පස් ‍ගොඩ ග සා

තදබද කම් දෙමළුගේ බෝ ති සා

ඔදසිඳ යුවරජ තුම දී බ සා

බැඳබැඳ හළෙ සිඳු තෙර යන ලෙ සා


166 රට්ටු සමඟ පින් ඇති මහ ත් - නිති

ඔට්ටු වෙලා දනගෙන සම ත්

කෙට්ටු කරමි මෙම යුවරජු ත් - සිත

තට්ටු වුණේ උන්දට විප ත්


167 මහත් උතුම් අය පොලු ග සා - යුව

රජුත් මරමි සිතුවෙන් එ සා

ඇවිත් එහිමි බලෑ නි සා - බොහො

විපත් වුණා කිවූ බැට ග සා


168 ර‍ෙඟ් නෙදන මරමැයි සි තු - වස

උගේ ගෑනු සහ බලග තු

දුගේ දෙමින් බැඳ කර න තු - සිඳු

ළ‍ෙඟ් යැවිය අඟවා ත තු


169 බලපා වැරියල් මැත දොඩ දො ඩා

ගළපා රුටියන් දනගෙන ක ඩා

නෙවුපා කළ දෙමළුට කරවි ඩා

නෙරපා අස්බාගෝ කළො වැ ඩා


170 විස්තර රජකම කළ කෙළව රේ

ගත්තර ගෙදරක වැද මුළු හැ රේ

බිත්තර රැකි කිකිළිසෙ උන්ව රේ

උත්තර බිඳ බැඳපුව පිටික ‍රේ


171 චණ්ඩ දෙමළු න්ඩ ලක ඉන්ඩ නොදෙන්ඩ සිතූ මණ්ඩලදීපති උතු මා

එණ්ඩ ඉංග්රීිසී න්ඩ බහ දෙන්ඩ හැර හැම රැටියන්ඩ සැලවෙන ලෙස මා

උන්ඩ බිය වෙන්ඩ වට ලන්ඩ ම නියමකර යන්ඩ කඳු නැඟ හැර මා‍

දන්ඩ නය වෙන්ඩ හැර යන්ඩ සැලසිය උනඹුන්ඩ දුක් දී නොප මා


172 සායින් සිටි නොදෙමළ නෑය න් හට පෙමකර බෝගම් වතු ගෙන දෙමි නා

මාමෙන් ලොව වෙන තැන කී මෙන් බොහො කටමැත වේගෙන් සිටි දෙමළ ගො නා

මේ පින් ඇති යුව රඳ සාමින් වෙත වෙර බැඳ වූවෙන් තෙරපුව රටි නා

මෙ තුන් ලක සතහට ඒ වන් මරබිය හැරි රූ තුම් ඔබ රැකු නර ණා


173 බෝගේ වැඩිකර අප වා ගේ තැන උඩඟුව කාගේ වුවත් දන ‍නොත බා

වේ ගේ කරගෙන නෑයා ‍ගේ දුක බලමින ඌගේ ගති නොකර වී බා

වෙ ගේ කට සපැමිණි තාගේ ලෙස ලක දනයාගේ ගති වෙනස තබා

කා ගේ කිසි සරණෙක නූගේ කඳි බැඳ සිපයාගේ රැකවලිනි හඹා


174 රිස්ස හැර රැටින රැස්ස කළ බඩු ගෙන දස්ස කමකැයි සල කා

හොස්ස ටම පැන පැන බස්ස කුසෙ බැණ බැණ කැස්ස එනතුරු දත කා

යස්ස යකු වැනි ඔහු තිස්ස නොකරනවට වස්ස කුසෙ බැඳ සැ‍ෙණ කා

සෙස්ස එදෙමළු සහ සිස්ස කර නෙරපමින් වැස්ස විය සිදු තෙරෙ කා


175 නේසන් හට නිරතුරු ‍බෝසත් සිරි පළකර රූප ත් ළඳ කරම න තු

සේ මුත් හර සුදඟර වූ කිත් රැස පැතිනි දීල ත් දෙය දනට න තු

පෑ ලත් තෙද තෙදෙමළ දීලත් බැට ජයගෙන සේ සි ත් වැජඹුණු සම තූ

ලෝසෙත් කළ හිමි ඔබ බෝසත් සිරි විඳ විඳ කාව ත් රිවි හිම් පව තු


176 තෙරු වන් මිණි කිරුළු ලෙසින් සිර දරමින් අතඹුල විලසින් දැන සදහම් යදි කිවි සුපසන් කළ තිළිනෙන් හැම වා රා

මනරම් වන උබය ‍ගොතින සක කිරීමෙන් පැවතම ඇවිදින් තම පෙරදින් කළ පිනෙහි බෙලෙන් එහි ඉපදුම් වම ස රා

සතරින් කෙළ පැමිණ වීදුන් තද පිරුළෙන් මැඩ ජය ගනිමින් සියපදපංකජ වඳවන මෙන් හැකි ගුණ දම් රැකි වි රා

සොබමන් අප යුවරජ තුම රිවිසඳ රන් ගිර පොළව ගුවන් තල කර හිම් පවතුව විද නන් සිරි සැපතින් මනු දා රා


177 මෙම තුන් ලක මදවම කන්නට මරමින් සත දන ගනිමින් සැඩි දෙමළුන් හට දෙමිනි පසන්කර රැටියන් නෙරපා ලා

නිති යෙන් සිත උඩඟුවෙමින් මහමැතියන් ගෙන කප්පවමින් රට හැමතැන් බිය කර මරණින් කළ දැඩි කම් නරඹා ලා

කුලුණෙන් අප යුවරද පින් පිඩ ළඟ උන් පිරිවර සමගින් ගොස් කොළඹින් ලැබගෙන බලයෙන් සෙද ඇවිදින් බලපා ලා

වෙසෙසින් රට හැමතැන උන් සැඩිදෙමළුන් බැඳ බැඳ යවමින් හැර ලොසසුන් දෙක සිය ඇසමෙන් රැකි සිරිපින් ඇතිලී ලා


178 දස ඹුල් බණ ඉගෙන හසල්වම හැමකල් දෙන දනිති‍ විපුල් වන මනකල් තුටුගතිනි කමල් කර ගුණ තුල් සඳපා නා

පිළි මල් රද නිබඳ තැවුල් කළ වෙනුතුල් විකුමැති හැමකල් යසහකෙල් අටදිගු ගෙල එල්ල වූ පැහැදුල් අසමා නා

තෙද දුල් යුගතගපල් දිනකර යදිලොල් හළ සුර දුමතුල් උර සිරිකල් බඹුමුවවිසු නිල් වම හැමකල් නොව ඌ නා

මිහි පල් අප යුවරද ලොල් වම කරමල් විදුරවිය කපල් කර හැමකල් සව්සිරිනි විපුල් කර නොවවුල් රකු නු නා


179 පිරි සඳ කිරණ මුතුහර ලෙස යසිනි දා ල

රිය රද පොරණ යුරු තැනූ රුසිරෙන් ළක ල

සිරි සඳ ඔරැඳි අප යුවරද තුම නිම ල

සිරි විඳ පවතු හිමකර දිනකර මඩ ල


180 තදවා වයිර බැඳගෙන මෙහිමින් සම ග

උදවා මැත කරපුවෙක් ඇත්නම් බල ග

රිදවා පිටිකරට බැඳ කර නොයෙක් හි ග

වඳවා මිස නොහරිති පදකමල් යු ග


181 එක් කර පව් රැගෙන අපමණ දනරා සී

ලක් දිව සිරි මඳට මහිමිට කර රෝ සී

නෙක් ලෙස පලදෙමින් දුක්වනි නොමුළා සී

මක් කර මෙම කුසල් වඩවන්නේ ද සී සී


182 සසල පටලි කුමු අවිමින් පෙළ වත ළ

නැබළ සළාසක් දවහය තරඟ පෙ ළ

පුවළ සැඩි දෙමළ රුපු සයුර ඔළමො ළ

අසල වී නැවතී මෙහිමිගේ පද වෙර ළ


183 විපු ලේ මෙහිමි සහ වෙර බැඳගෙන නිස ක

නිමලේ රුවින් හෙබි සිරිබර පතුල් දෙ ක

කිරුළේ මිණින් ඇන රිදවන්නා මිස ක

සපළේ වෙතින් රුපුහට වෙද කිකලේ ක


184 සිරි බර මෙහිමි සහ සිත වඩමින් එදි රී

කොවිතර පිළිමලුන් ආවත් වටින් පි රී

දුගුකර ඔරැදි මඩලග ලෙඑවොත් ඉදි රී

යමපුර මිසක නරලොව විසුම නම් බැ රී


185 විපුල යසස් පළකළ මෙන් සරද ස ඳ

ළකල රුවින් බබළන විලස මන්ම ඳ

නිමල මෙ යුවරඳ උතුමා නම් මෙස ඳ

දෙමළ රඹ අරන් සුන්කළ මතදිර ඳ


186 පවරා ගුණැති අප යුවරද තුම ‍වෙසෙ ස

සපුා දෙන තිළින දැක පැරද පසු බැ ස

ගුගුරා දස දිගත දිව පොද කදුළු රැ ස

වගුරා හඬන වැනි මේ කුළු නුබ පිවි ස


187 සුවතර යඳි කිවිඳු ලොබ දුරුකර නිති න

සිරිබර මෙ යුවරද දෙනු දැක මහ තිළි න

මිහිතුර නොසිට සුරතුර සහ සුරබිදෙ න

සුරපුර පිවිස සිටිනුය සිතෙය විළියෙ න


188 ගස්වා ජය බේරී රැගුමට නළඹ කී තු

නස්වා පැහැර පිළිමල් වෙතෙන බලග තු

වස්වා උර මැඳුර සිරිසඳ කර දිමු තු

පස්වා දහස් අවුරුදු හිමි ඔබ පව තු


189 නරණ විකුම් පෑ පිළිමල් හට අයු තු

රකින හැම සතන් සිය ඇසමෙන් නියු තු

සොබන ගුණැති අප යුවරද තුම සම තු

ගගන මිණි සුනෙර සමුදුර හිම පව තු


190 සිරිමත් මෙම යුවරද මිහිතල නැඟි යසලිය විපුල වෙ ලා

ගනපත් ළැහැබෙව් නිලඹර මිණිමුත් කුසුමෙව තුරු බබ ළා

පැහැපත් විලිකුන් පලයක් ගත් මෙන් පැළදිගතින් නිම ලා

සර අත් දිලිවිට සිදු සුව ගතිනෙව් සඳවෙල තුඩි නැද ලා



191 එදා එදවකලගෙන් වෙන්වී රිවිහිමි අවරට පැමි ණී

වැදා වියෝදුක් දවකත ගෙල මුතුහර බැඳ විසුළ මෙ නි

යොදා නොහොත් නිසඟන සිසි හිමිහට නුඹ යසනත රුවි නි

සදා කුසුම් තුළ විලසින් තුරු රැස පෙනුණිය එක ලෙසි නී


192 පසන් නිසාකත තම නිල්වක ඇඳ නුබ සිරසෙහි ඔප ලූ

පෙළින් පෙළට තුරුකොද දවටා බැඳ බිඟු රැව් බසිනි සු ළු

සොඳින් කියන ගී මඩලට ලු පහනෙව දිගු කර එක ලූ

සුපුන් සරා සඳ උදයග මත වන් සඳ හෙළ රැසි නි දු ලු


193 මමත් මේ යුවරද වඩිතෙයි අදහා ගජදළසන සර සා

ගතත් සුපිරිසුදා කර සැරසී මිහිබටු රතිලිය විල සා

සකින් වඩින පෙරමගට ගමන්කර උන්විට ගිය මිනි සා

ඇවිත් කිය හිමි නොම වඩිතෙයි බස කන ඇති යවුල ලෙ සා


194 එවන් රුදුරු බසසා මා වියොගින් තැවෙමින් ගත වෙවු ලා

පළන් බරණ් සහ කනලු සත්පත් දමමින් සිඳ බිඳ ලා

මුනින් වැටි හිස් යසතන හෙවගෙන සකියන් දෙස නොබ ලා

සුසුම් ලමින් නෙතු නිදිනොව උන්විට අඩමින් ඉකිබිඳ ලා


195 සද සත් කර නල රිය ඉඳ පරපුටු සකපිඹ බිය ග න්නා

වෙනුපුත් ඉගුදුනු සැරපස දවටා විද විද සරො සි න්නා

දෙකනක් හදවත හියවුර කරමින් යුදවනි බලපෙ න්නා

එහි සිත් බියවැද ඇඳමත ඉඳගෙන සකියා වෙත ගෙ න්නා


196 එම්බා සුපුරුදු සකියනි අස දන් මකියන මෙව්ලා පේ

පුම්බා කෝකිල රැව් සක්නල හය නැග සත කර සේ පේ

අම්බා කරනෙය තුන්යම යුදකර මද විද කී සේ

සම්බා කර දෙව යුවරද අදවත් වඩිනට මසමී ‍ෙස්



197 චන් ද කිරණ් රිවි සේම වැදි ගත දාය ඉතා තදි නා

කුන ද අතුළ ඇඳ බෝම ඇනේ විසකටු මෙන් අමිනැමි නා

සුන් ද ර සුදහර පිනිදිය ලෙවු ගත රත්විය යවට මෙ නා

කැන්ද න වර යුව රජ නමින් යුතු හිමිතුම විගසකි න‍ා


198 තොසේ වඩා පෙර උවනක සිඹ සිඹ ළංකර සුවිපු ල්ලා

වි සේ සයෙන් පියයුරු පිරිමැද ළැම තදකර අ ල්ලා

ර සේ පහස විඳ දුදනන් බසසා කෙරුවෙන් අප මැ ල්ලා

මෙ සේ වියෝ දුක් දුන්නත් මගෙහිමි රැකදෙන් ගෙලනිල්ලා


199 බාල කලම එක්වී දළ ලොබි නේ-මරණ

මාල කමට දවසැර රති මති ‍ෙන්

ආල කමට වෙනතක සිත මෙදි නේ-මට

දීල මෙවියො හොඳ නැත කළ දරු ණේ


200 චණ්ඩ රුදුරු වෙස් ගෙන වෙනු ලෙසි නා-ම‍ෙග

උන්ඩ චෙකනටම විදි සැර පසි නා

මන්ඩ ලපති හිමි වැඩියොත් මෙත නා-තට

යන්ඩ වේය බිඳගෙන මහ අර නා

"https://si.wikibooks.org/w/index.php?title=ඇහැළේපොළ_වර්ණනාව-ii&oldid=4869" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි