Jump to content

උත්තර රාම චරිතය - iii

Wikibooks වෙතින්

පඤ්චම අඞ්කය[සංස්කරණය]

[සැරසුම් හලින්]

භවත් භටයෙනි, අපට කිසියම් ආශ්රහයක් ඇතිවිය.

සුමන්ත්රෙ විසින් මෙහෙයනු ලබන බලවත් වේගයෙන් යුත් අසුන් සහිත රියෙන් උස් පහත් ප්ර දේශයන් හී පැතුරුණු කොවිළාර කොඩි ඇති මේ චන්ද්රසකේතු ඔබගේ සටන අසා පැමිණෙයි.

(දැන් සුමන්ත්රහ නම් රියැදුරා විසින් පදවනු බලන රියට නැග දුන්න අතට ගත් සතුට හා සංභ්රකමයෙන් යුක්ත චන්ද්රදකේතු ‍එයි)

චන්ර්ත් කේතු - ආය්‍ර්යත සුමන්ත්ර , බලන්න බලන්න.

මද කොපයෙන් රත් පැහැගවත් මුඛ ශොභාවක් ඇති සැලෙන සිළු පසකින් යුත් කොණ්ඩයක් ඇති කව්දෝ අපූරු වීර ළමයෙක් දුනුදියෙන් හඬ නැගෙන දුන්නක් වැහි වස්වයි.

පුදුමයි! පුදුමයි!!



උත්තර රාම චරිතය 91


කෝපයෙන් හස්ති කපොලව පොඩිකරන, හඩින් භය උපදවන. දහස් ගණන් ඊතල වගුරුවන, රඝු වංශයෙහි අප්ර සිද්ධ මොටියකු වැනි තාපස කුමාරයෙක් මට මහත් කුතුහලයක් ඇති කරයි.

සුමන්ත්ර. - ආයුෂ්මත්ති, සුර අසුරයන්ගේ මහිමය ඉක්මවා සිටි රඝුන්ට සම මේ ළමයා දැක සුබාහු ආදීන්ගේ නළලෙහි දුන්න තැබූ රාම සිහියට නැගෙයි.

චන්ද්ර්කේතු - එකම ළමයෙකු උදෙසා බොහෝ දෙනකුගේ ක්රි්යාරම්භයකැයි මට මහත් ලජ්ජාවක් ඇතිවේ. මේ එක ළමයෙක් අතිශයින් බබලන අවි සමූහ ඇති, රන් කිකිණි හඬින් කිනි කිනි නඳ ද, රිය සක් හඬින් ගුරු ගුරු රැව් දෙන, භට හමුදාවක විසින් බොහෝ වූ දා නව සේනා නැමැති වැලලි දිනයෙන් වසා ගත් දිග් ගජයෙකු මෙන් වට කර ගන්නා ලදී

සුමන්ත්රක - දරුව, මේ හැම දෙනම එක්ව සිටත් ඔහුට නොසෑහෙයි, වෙන් වෙන් ව සිටියේ නම් කියනුම කිම?

චන්ද්ර කේතු - ආය්ය්ා ග, ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න. මොහු අපේ සේවකයන් මැරීම පටන් ගත්තේ ය. ඔව්! එසේමයි.

මේ වීරයා මහත් බෙර හඩින් දෙගුණ කරන ලද, පර්ව!ත ගුහා අතර සිටින ඇතුන්ගේ භය ගර්ජනාවන් වැනි දුනුදිය හඩින් කනට වද දෙමින් පෙරලීයන ඔලු ගෙඩි වලින්, පිපාසිතව සිටින මරුගේ බිහිසුණු කටට භෝජනාලෝපයෙන් යවයි.

සුමන්ත්ර - (යටි හිතින්) මෙවැනියකු හා චන්ද්රනකේතු දරුවාට ද්වන්ද්ව යුද්ධයක් කරන්ට නියමකරන්නෙත් කෙසේ ද? (සිතා ) එහෙත් අපි ඉක්ෂ්යවාකු පවුලෙහි මහල්ලෝ වෙම‍ු. සටනක් ඉදිරිපත් වූ කල මොන පිහිටක් ද?


92 ශ්රීු භවභූතීන්ගේ


චන්ද්රහකේතු - (පුදුමය, ලජ්ජාව හා භය දක්වා) අනේ චිඃ! මගේ සියලුම සේනාව පසු බැස්සා නොවේ ද?

ස‍ුමන්ත්රා - (රථය වේගයෙන් පදවමින්) භවත, ඔබගේ වචනයට ගොදුරු වුණු ඒ වීරයා මෙන්න.

චන්ද්ර කේතු - (අමතක බව හගවා) මොන නමක් ද ආය්ය්භවතය ඔවුන් කියේ?

සුමන්ත්ර‍ - ‘ලව’ යනුයි.

චන්ද්ර්කේතු - ඕයි ඕයි ලව, වීරය, ඔබට මේ සේනාවන් කුමටද? මම මෙහි සිටිමි. මා වෙත එන්න. ගින්න ගින්නෙන් සංසි‍ඳේවා!

සුමන්ත්රි - කුමාරය, බලන්න. බලන්න. ඔබ විසින් අඬගසනු ලැබූ මේ වීර පැටියා ගොරවන සිංහ පැටියකු මෙන් සේනාව පැරදවීම නැවැත්විය.

(දැන් ධීර පරාක්‍රම ශාලී ලව එයි)

(සැරසුම් හලෙහි මහත් කලබලයකි)

ලව - (උදාරතායෙන් හැරී බලා) ආඃ! බිදී පලාගිය සේනාවෝ පසු පසින් එමින් මා වටලති. චිඃ බියසුල්ලෝ!

මේ සමූහයා මන්දර පර්ව.තය දමා මුහුද කැලතූ කල වඩබා මූඛයෙන් නැගුණු ගිනි දළු මෙන් නගින ‍මගේ කෝප ගින්නට ආහාර වේවා!

(වේගයෙන් යයි)

චන්ද්රගකේතු - භවත් කුමාරය, අතිශය අද්භූත ගුණ හේතුවින් ඔබ මට ප්රි යය. එහෙයින් ඔබ මගේ යහළුවකු කොට තකමි. මාද ඔබට එසේ වේවා. එසේ කල මගේ සේවකයන් මරා දමන් නේ කුමටද? මේ චන්ද්රිකේතුම ඔබගේ දර්පයයට උර ගලක් ‍නොවේද?


උත්තර රාම චරිතය 93


ලව - (හර්ෂ යෙන් හා සංභ්ර මයෙන් හැරී) අහෝ! ප්ර්සන්න වූ ද එමෙන් ම කර්කරශවූද මහානුභාව සම්පන්න මේ කුමාරයාගේ උදාර වචන! එහෙයින් මොවුන්ගෙන් කිම? ඔහු ඉදිරියට යමි.

(නැවතත් සැරසුම් හලෙහි කලබලයකි)

ලව - ක්රො ධයෙන් මේ වීරයාගේ කථාවට අනතුරු කරන මේ පාපයන් විසින් මට නුසුදුසු වූවක් කරන ලදී.

(කියමින් ඔහු ඉදිරියට යයි)

චන්ද්රයකේතු - ආය්ය්න් ය, මේ බලන්න. මේ බැලිය යුත්තකි.

දර්ප්යෙන් හා කුහුලින් ද මා ඉලක්ක කර ගත් පසු පසින් සේනාවන් විසින් ලුහු බඳිනු ලබතුදු දුනු දිය නගා ගත් මොහු හට හමුදාවක් දෙකඩ කෙරෙමින් වර්ෂාබ සෘතුවෙහි වළාකුළක් මෙන් මා වෙත එයි.

සුමන්ත්රෙ - කුමාරය, මොහු දෙස බැලීමෙන් හැ‍ඟෙන දෙයක් නම් අප පුදුමයෙන් යටත් වූවන් සේ වීමය.

චන්ද්රෙකේතු - භවත් රජවරුනි,

ගණන් නැති ඇතුන් අසුන් හා රථ වලට නැගුණු සංනාහ ලා ගත් වැඩී ගිය වයසෙහි සිටි ඔබලා, හම් කඩක් එකස් කොට ලා ගත් මේ ළමයා හා සම වූවෝ ද ? එසේ වීම ඔබලාට නින්දාවකි. අපටද නින්දාවකි.

ලව - (කෝපයෙන්) ආඃ! අනුකම්පා කරනවද? (සංභ්රපමයෙන් සිතා) හොඳයි! නිකම් කල් යාම වැලැක්වීමට ‘ජෘම්භක’ ආයුධයෙන් සේනාව ක්රි යා රහිත කරමි.


(ධ්යාරනයක් දක්වයි.)


94 ශ්රීස භවභූතීන්ගේ


සුමන්ත්රග - මොකද ඉබේම මේ සේනාව ගල් ගැසී ගියේ?

ලව - දැන් මොහුගේ බුහුටි බව දකිමි.

සුමන්ත්ර - දරුව, මේ කුමාරයා “ජෘම්භක” ආයුධ භාවිත කරන්නෙක් විය යුතුය.

චන්ද්ර්කේතු - ඒ ගැන සැකයක් නැත.

අන්ධ්කාරයෙහි විදුලියක් වැනි මොහු දෙස බලන ඇසට පීඩා වෙයි. යලි මේ සේනාව සිතියම් රූප මෙන් නිශ්චලව සිටී. එහෙයින් නොදිනිය හැකි “ජෘම්භක” ආයුධය මොහු වෙත පවත්නා බව නියතයි. පුදුමයි. පාතාලයෙහි ගුහාවකට එකතු වූ අන්ධිකාර රාශියක් මෙන් නිල් වන් වූ රත්කළ පිත්තල වලින් නික්මෙන කාන්තිය මෙන් පිගුවන් කැලුම් විහිදෙන, එහෙයින් ම කපාවසානයෙහි හට ගන්නා බිහිසුණු සුළඟින් විසිර යන වින්යාලි පර්වටතයෙහි කූටයන් වැනි ‘ජෘම්භක’ ආයුධ අහස පුරා පැතිර යයි.

සුමන්ත්රභ - මොහුට ‘ජෘම්භක’ ආයුධය ලැබුනේ කෙසේද?

චන්ද්ර්කේතු - භගවත් වාල්මිකිගෙන් යයි සිතමි.

සුමන්ත්ර‍ - දරුව, මේ දිව්යිමය ආයුධය ගැන ඔබගේ මතය නොගැලපේ. ජෘම්භක ආයුධය ගැන එය විශේෂ යෙන්ම ගැලපෙන්නේ නොවේ.

මේ දිව්යයමය ආයුධ විශෙෂය කුශාශව මුනිහු විසින් පළමුව නිපදවන ලදී. මුනිහු වෙතින් ඒවා විශ්වාමිත්ර වෙත ගියේ ය. ඉන්පසු විශ්වාමිත්රුගෙන් රාම භද්රවට ලැබුනේය.

චන්ද්ර්කේතු - සත්ත්වව ගුණ ප්රයකාශ ඇති ‍අනෙක් අයද මේවා දකිති.



උත්තර රාම චරිතය 95



සුමන්ත්ර - දරුව, පරීක්ෂා කාරී වන්න. ඔබගේ ප්රකති වීරයා ආයේය.

කුමරුවෝ දෙදෙනා - (එකිනෙකා ගැන) අහෝ! දැකුම් කලු කුමාරයෙකි. (මහත් ඇල්මෙන් බලමින්)

දෛවානුකූල හමුවීමකි. අධික ගුණ සමූහයෙන් යුක්තය. පෙර නොහොත් ජන්මාන්තරයක මහත් පුරුද්දකි. අපගේ සම්බන්ධය කිසිලෙසකින් වැසී යාමෙන් අප්රදකටය මොහු දුටු කල මගේ සිත නිශ්චල වෙයි.

සුමන්ත්රෙ - යමෙකු කෙරෙහි ඉබේම මහත් ප්රීිතියක් හට ගනීද, යමෙකු ගැන ගරු බුහුමන් දැක්වීමේ අභිරුචියක් හෝ වේද, මෛත්රින සහගත ඇසින් බැලීමක් හෝ වේද මේවා ජීවින් අතර බොහෝ සේ දක්නට ලැබෙන අලෞකික ස්වභාවයෝය. එහෙයින් එබඳු ප්රේ්මයන් ඇතිවීමට මුල හේතුවක් පෙනෙන්ට නැති බැවින් ඒ ‘ස්නේහයට’ අතීත ආදරයක්ම හේතු වේ යයි කියත්. යම් පක්ෂසපාත බවක් හේතු රහිතද එය වලක්වන කිසි ක්රිකයාවකුත් නැද්ද එබඳු ප්රේයමයක මුල භවාන්තර සම්බන්ධ යක් ඇතිව ඇතුළත සැඟවී වෙලී තිබෙන්නක් වේ.

කුමරුවෝ - (එකිනෙකා ගැන) නිල් රතු පාට පිළීයක් වැනි මොහුගේ සිරුරට ‍කෙසේ නම් ඊතල යැවිය හැකිද? මොහු වැළඳ ගැනීමට කැමැත්තෙන් මගේ ශරීරයෙහි කැකුළු හට ගන්නා කොළොම් ගසක් මෙන්, ලොම් පිපී එයි. සියල්ලන් මැඩලන තෙදින් පිරුණු මොහු කෙරෙහි අවියෙන් තොරව කුමක් කළ හැකිද? යම් අවියක් මෙබඳු වීරයකුට නොයොදන්නේ නම් ඒ අවියෙන් කවර වැඩක් ද? අවිය එසවූ කල්හිත් සටන් කිරීමට අකමැති වන මට මොහු කුමක් කියයි ද? එහෙයින් වීරයන්ගේ ආචාරය දරුණු ස්වභාව ඇත්තේය. එසේ ම ප්රේ?ම සම්බන්ධයනට බාධාවක් ද වේ.



96 ශ්රීු භවභූතීන්ගේ



සුමන්ත්රග - (ලව දෙස බලා කඳුළු සලමින් යටි හිතින්) හද වත, අනෙකක් සිතමින් සැලෙන්නේ කුමටද?

මේ සිතිවිල්ලට යම් මූලක් වීද එය දෛවය විසින් පැහැර ගන්නා ලද්දේය. මුලින්ම උදුරා දැමූ වැලක මල් පොකුරු හට ගන්නේ කෙසේද?

චන්ද්රිකේතු - ආය්ය්ූ ව සුමන්ත්රස, රථයෙන් බසින්ට කැමතියි.

සුමන්ත්ර‍ - මොකටද?

චන්ද්ර්කේතු - හුදෙකලාව එන මේ වීර පුරුෂයා පිදිය යුතු වෙයි. තවද, උතුමාණෙනි, එයින් ක්ෂදත්රිෙය ධර්ම යද ආරක්ෂාු කෙළේ වෙයි. රථිකයෝ පා ගමනින් එන්නන් හා සටන් නොකරත් යනු ශාස්ත්රලකාරයන්ගේ උපදෙශයි.

සුමන්ත්ර් - (යටි හිතින්) ආඃ! කරදරකාරී අවස්ථාවකට මුහුණපාන්ට සිදු විය.

මා වැනියෙක් මෙවැනි ඉල්ලිමක් ප්ර ති‍)ෙක්ෂ!ප කරන්නේත් කෙසේද? මේ සැහැසි ක්රිනයාව අනුමත කරන්නේත් කෙසේද?

චන්ද්රැකේතු - අප වංශයේ උපන් රාමාදි පූර්ව් පුරුෂයෝද සැකයක් ඇතිවිට ඔබගෙන් අහ බලති. මොකද ඔබ කල්පනා කරන්නේ?

සුමන්ත්රහ - භවත, ක්ෂිත්රි ය ධර්ම්ය පරිදි සිතන්න. මෙය සංග්රා ම නීතියයි. මෙය පුරාණයේ සිට පැවත එනු රඝු වංශිකයන්ගේ වීර සිරිතකි.

චන්ද්රේකේතු - ආය්ය්ීර යාගේ කීම සුදුසු නොවෙයි. ඉතිහාස යද පුරාණයන්හි සඳහන් කථාද ධර්මතවාක්යයයන්ද රඝුන් ගේ කුල සිරිත් ද ඔබ වැනි වෘද්ධයෝම දනිති.



උත්තර රාම චරිතය 97



සුමන්ත්ර - (ස්නේහයෙන් වැළඳ ගෙන)

දරුව, පියාගේ පුත, ලක්ෂ්මණගේ ඔබට සම වයසේ දවස් ද දනිමි. ඔහුගේ පුතාත් වීර ස්වභාවය දක්වා සිටියි. වාසනාවකි. දශරථ වංශය තවමත් පිහිට සහිතය.

චන්ද්රපකේතු - (දුක් වී) කුල දෙටුවන් දුර්ව්ල කල අපගේ කුල යට කවර පිහිටක් ද ? මේ අතින් අපේ අනෙක් පියවරු තිදෙනා තැවෙති.

සුමන්ත්රද - අහෝ! චන්ර්ෙනාකේතුගේ මේ වචන දුක් උපදවයි.

ලව - ආඃ! මිශ්ර ක්රෙමයකින් හටගන්නා ක්රිමයාවකි. කුමුදු විල සඳරැස් වැටෙන කල ප්රනබෝධයට පැමිණෙයි. මගේ ඇසට මොහු හමු වීමෙන් ද එබඳුම ආනන්දයක් ඇතිවෙයි. එහෙත් ඔහු සටන් කරනු කැමැති සේ පෙනේ.

චන්ර්කරනකේතු - (රියෙන් බැසීම දක්වමින්) මේ ඉක්ෂාරවකු වංශික චන්ර්සගුකේතු ඔබට වඳියි.

සුමන්ත්රි - අවමානය නැති කිරීම පිණිසම නැගුණු ආදී වරහා අවතාරයට සම වේවා! තවද,

ඔබගේ වංශයේ ආදී පුරුෂයා වූ සූය්ය් වම දේවතා යුද්ධයෙහිදී ඔබ පිනවාවා. ගුරුන්ට ගුරු වූ වසිෂ්ට ඔබ සතුටු කෙරේවා. එසේම ඉන්ද්රන විෂ්ණු අග්නි - මරුත් ගරුඬ යන පරාක්රබමයද රාම ලක්ෂ මණ දෙදෙනාගේව දුනු දිය ඝොෂාව නැමැති මන්ත්රපද ඔබට ජය දේවා.

ලව - රථයේම සිටින්නේ නම් ඉතාම අගෙයි. රියෙන් බැසීම නොකරන්න.

චන්ද්රනකේතු - එසේනම් ඔබද අනෙක් රථයකට නගින්න.



98 ශ්රීෂ භවභූතීන්ගේ


ලව - ආය්ය් ය, මේ රාජ පුත්ර යා රථයට නංවන්න.

සුමන්ත්ර - චන්ද්ර කේතුගේ වචනයට ඔබද කැමතිවන්න.

ලව - උපකරණ ගැන විමසන්නේ කුමටද? තවද වනසේ සිටින අපි රථ හැසිරවීම ගැන පුරුදුකම් නැත්තෝ වෙමු.

සුමන්ත්ර. - දරුව, ගර්වවය සත් පුරුෂ භාවය යන දෙකින් යුත් ආචාරය ගැන දැන ගන්න.

රාම රජතුමා ඔබ වැනියෙකු දුටුවේ නම් ආදරයෙන් හෘදය දිය කරගනු ඇත.

ලව - තවත් කරුණක් තිබේ. එනම් ඒ රජතුමා සත්පුරුෂයෙකැයි අසන්ට ලැබීමයි.

අපි රාම රජතුමා කෙරෙහි මෙබඳුවන්නෝ නම් අන් අය කෙසේ නම් ඒ රජුට ගෞරව නොදක්වත්ද ? එහෙත් ඒ ව්යා පාරය ඒ යාග අශ්වයා රැක සිටින ආරක්ෂකයන්ගේ ක්රෑ රකම නිසා කරන්ට සිදු විය.

චන්ද්ර කේතු - මොකද පියතුමාගේ තේජසටත් කෝප කරන්නේ ද?

ලව - එයට වේවා, නොවේවා! රාම රජුගේ තැන්පත්කම ගැන අසා ඇත්තෙමි. ඔහු තමා ආඩම්බර නොවේ. එහෙයින් ඔහුගේ ප්රයජාවද ආඩම්බර නොවේ. එහෙ යින් කවර නම් මනුෂ්යතයෙක් ආඩම්බර වචන කියන්නේ ද?

උමතු වුවන්ගේත්, ආඩම්බරකාරයන්ගේත් වචනවලට ‘රාක්ෂ්සී’ (නපුරු) යන නම මුනිහු කියති. ඒ වැනි වචන සියලු වෛරයන්ටත් ලෝකයාගේ පරිහානියටත් හේතු වේ. එබඳු ආඩම්බර වචන වලට නින්දා කරත්.



උත්තර රාම චරිතය 99



එලෙසින්ම දමිත වචනවලට ස්තුතිද කෙරෙති. පවිත්ර ශාන්ත, සියලු යහපතට මුල් වන සුරභි ධෙනුව වැනි සත්ය වචන කැමති දේ ලබා දෙයි. අවාසනාව දුරු කරයි. කීර්තිය උපදවයි. සතුරන් නසයි.

සුමන්ත්ර. - වාල්මිකීගේ අත වැසියක් වූ මේ කුමාරයා නින්දාු කරන්නෙකි. මොහු කෝපයෙන් උණු වී මෙසේ කියයි.

ලව - එසේ නම් මේ චන්ද්ර කේතු, ඔබ පියාගේ තේජසටත් කෝප කරන්නේදැයි කියන්නේ කිම? එසේ කිමත් නීත්යකනූකූල ක්‍ෂත්රී ය ධර්මනයක්දැයි අසනු කැමැත්තෙමි.

සුමන්ත්ර‍ - එසේ කියන්නේ ඉක්ෂතවාකු වංශික රජෙකු බව නොදන්නෙහිද? නවතින්න. වැඩි කතාවෙන් කම් නැත. අපේ භට හමුදා පසු බැස්වීමෙන් ඔබ තේජස්වී බවක් දැක්වූ බව සැබෑය එහෙත් පරශුරාමයා පැරද වූ රාම ගැන කඨොර වචන කිම සුදුසු නොවේ.

ලව - (හිනාවී) ආය්ය්ේරශය, පරශුරාම දමනය කෙළේ යයි කියන ඔය රජතුමා ගැන කවර නම් ස්තුතුයක්ද ?

එය බමුණන්ගේ වචන ශක්තියෙන් හා ක්ෂ ත්රියයයන්ගේ බාහු බලයෙන් ද සිඬ විය. පරශුරාම අවි ගත් බමුණෙකි. ඔහු පැරදවීමෙන් ඒ රජතුමාට කිනම් ස්තුතියක් ලැබේ ද?

චන්ද්රමකේතු - (උමතුවෙන් මෙන්) ආය්ය්හු සුමන්ත්රන, දිගින් දිගටම එකට එක කියනවා වගේ ඒ භවත් භෘගු පුත්රද පරශුරාම වීරයෙක් නොවේ. ඔහු කිසියම් නවීන අවතාරයකි. සප්ත විධ ලෝකයට අභය දුන් පියා‍ගේ පවිත්රර චරිතයන් මොහු නොදනී.



100 භවභූතීන්ගේ


ලව - රාමගේ චරිතයත් මහිමයත් නොදන්නා කවුද? එසේ කියා යුත්තක් දන්නවා නම් කියන්න හා පව්! විචාර යට ලක් නුවු චරිත ඇති වෘඬයෝ සිටිත් නම් සිටිත්වා ඔව්හු සුන්දියාගේ ස්ත්රිිය මැඩීමෙහිද තාටකයා. විනාශ කිරීමෙහිද ලෝකයෙහි තොනට කීර්ති ඇත්තෝය. ඉන්ද්රස පුත්රටයාගේ මරණයෙහි හා වාලි වධයෙහිත් තුන් පියකින් ගසා මරන ලද්දේද ඒ පුරුෂයා ය. එහෙයින් වචනයෙන් කිය නොහැකි ප්ර සිද්ධියක් ලැබීය. හුම්!

චන්ද්ර්කේතු - හා! පියතුමාට නින්දා කරන්නා; ඉම පැන යන්නා, තව දුරටත් කියන්න බුහුටි වෙහිද?

ලව - ඒයි! මගේත් බැම බිදීම නොවන්නක් නොවේ.

සුමන්ත්ර - මොවුන් දෙදෙනාගේ කෝපය බලවත් වෙයි. කොපයෙන් මොවුන්ගේ හිසකේ නැගි සිටියි. ගත වෙවුලයි. ඇස් රත් නෙලුම් පෙති මෙන් රත් පැහැ ගැසෙයි. බැම බිදීමෙන් මොවුන්ගේ මුහුණු සඳ රැස් වැදීමෙන් හැකිලෙන නෙලුම් මල් මෙන් මුකුලිත වෙයි.

ලව - ඕයි කුමාරය, සටනට සුදුසු අවස්ථාවයි. රියෙන් බහින්න.

(සියල්ලෝ නික්ම යති.)

(පස්වැනි අංකය යි.) ________




ෂෂ්ඨ අඞ්කය[සංස්කරණය]

(දැන් බබලන විමානයකින් විද්යානධර යුවලක් එති)


විද්යානධරයා - අහෝ! කිසිද හේතුවක් ‍නැතිව නිකරුණේම දරුණු සටන් කරන මේ ක්ෂබත්රිකය කුමරුවන් දෙදෙනාගේ සූරකම! හරියට දේව අසුර යුද්ධය මෙන් අද්භූතයි. ප්රි යාව, බලන්න බලන්න! ඔව්! එසේමයි!

කිණි කිණි රණ රණ යන හඬ නගන මිණිගෙඩි එල්ලූ දුනු නදින්ද, දුනු දිය පෙලීමෙන් නැගෙන මහත් ගර ගර හඬින් ද, නිරන්තරව විහිද යන ඊතල වල ‘ක්රි න්’ යන නාදයෙන් ද යුත් පොළොව වෙවුලු වන විචිත්රහ යුද්ධයක් පැවී යයි. දෙදෙනාගේම විසිතුරු බව හා අභිවෘද්ධිය පිණිස පවතින අහස් ගිඟුරුමක් හා බෙර හඬක් මෙන් මේ සංග්රාෘම ඝොෂ්යව පැතිර පවතියි. එහෙයින් මේ වීරයන් දෙදෙනාට ගෞරව පිණිස මල් වැසි වසින්ට සුදුසු සේ පෙනේ.?

විද්යා ධරිය - ඒ කද මේ අප ඉදිරියේ අහස විදුලි රැළියෙන් වැසී ගියාක් මෙන් පෙනෙන්නේ?







102 භවභූතීන්ගේ

විද්යානධරයා - එය තමයි මේ අද!

දෙව් වඩුවා සූය්ය්ා මණ්ඩලය නැමති ලියවන රෝදය කරකැවීමෙන් විහිදෙන ආලෝකයක් ද? නැත්නම් ඊශ්වරයා නළල මැද පිහිටි ඇස ඇරියේ දැයි කිව නොහැක.

හා! දැනගත්තා. භයින් කැළඹිගිය චන්ර් රෝකේතු අසමාන වූ අග්නි දේවතාවට අයත් ආයුධ සටනට යෙදිය. එයින් තමයි මේ ගිනි වැනි ඊතල පිටවයන්නේ! දැන් නම්.........

අඩක් පිලිස්සීමෙන් චර චර යන හඬ නගන කොඩි හා චාමර ඇති විමාන ඉවතට ඇදිණි. අලුත් එරමුදු මල් පොකුරු වැනි ගිනි දළු මේ කොඩි පේළි ද දවයි.

පුදුමයි! මහත් වේගයෙන් පුපුරා විහිදෙන හෙන ගුලි වැනි ගිනි පුපුරු විහිදී යාමෙන් හටගත් බිහිසුණු ගිනි දක්නට තිබේ. එය ඉතා බිහිසුණු හාත් පස පැතිර යයි.

එහෙයින් රෙදි කොණකින් ප්රිුයාව වසාගෙන බොහෝ දුරට යා යුතුවෙයි.

(එසේ කරයි)

විද්යාේධරිය - වාසනාවකට මෙන් නිමල මුතු මෙන් සිහිල්ව තිබෙන ස්වාමියාගේ දේහ ස්පර්ශපයෙන් හටගත් සන්තෝෂ හේතුවීන් මා තුළ ඇතිවුණු බලවත් සංතාපයන හා වේදනාව යම්තම් දුරුවිය.


විද්යාුධරයා - සුන්දරිය, මා මොනවද කෙළේ? කිසිවක් නොකරන්නා වූ ද ඇතැම් කෙනෙකුගේ දුක් සැපය නිසා දුරු වේ. යමෙක් යමෙකුට ප්රිලය ද ඒ ජනයා ඔහුට සැපයට හේතුවන එක්තරා දෙයකි.


උත්තර රාම චරිතය 103


විද්යාරධරිය - මොකද, තොරතෝන්චියක් නැතිව සැලෙමින් බමමින් විහිදෙන සියරැළි විදුලියෙන් මත් මොනරගෙළ වැනි නිල් වළාකුළු පිරුණු අහස වැසී තිබෙන්නේ?

විද්යා ධරයා - හා එය ද, ඒක තමයි ලව කුමාරයා පාවිච්චි කරන ‘වරුණ’ නම් ආයුධය! නොකඩවා පවතින වැසි දහරාවන් ගෙන් ඒ ‘අග්නි’ ආයුධය නිවී ගියා වගෙයි.

විද්යානධරිය - ඔබට ප්රි්ය දේ මටත් ප්රි’යයි.

විද්‍යාධරයා - අනේ! මේ ඇහුනද? පමණට වැඩි හැම දෙයකින් වරදක්ම සිදුවෙයි .මේ බලන්න. ප්ර ලය වාතයෙන් කැළඹී ගැඹුරු හඬින් ගල ගල ගාමින් පැතිර යන වළාකුළු වලින් අන්ධ්කාර උනා මෙන් ද, එක් වරකින් මුළු ලොව ගිල ගැනීමට යමයාගේ බිහිසුණු මුව කුහරය විවෘත කළාක් මෙන්ද, යුගාන්තයෙහි යෝග නිද්රාදයෙන් විවෘතවන නාරායණයාගේ උදරය තුළට පිවිසෙන්නාක් මෙන් ද ලෝකය විනාශයට යයි. හොඳයි චන්ද්රනකේතු, හොඳයි. වායු ආයුධය යෙදීම හොඳයි. ශාස්ත්රවඥානයට සුදුසු ලෙස වායුව විසින් බොහෝ වූද මේඝයන්ගේ විවතීනයක් මෙන් මොකක් දෝ විනාශයක් කරන ලදී.

විද්යාගධරිය - ස්වාමිනි, දැන් මේ කලබලයෙන් අත එසවීමේ භ්රදමයෙන් නැඟුණු සළු කොණ ඇතිව දුරදීම මිහිරි වචනයෙන් සටන නවතන්ට කියමින් ඔවුන් දෙදෙන අතර රථයකින් එමින් සිටින්නා කවුද?





104 ශ්රීර භවභූතීන්ගේ


විද්යානධරයා - ඒ ශම්බුකයා නසා ආපසු එන රාම රජතුමායි. ඒ මහා පුරුෂයාගේ වචනය අසා ඔහුට ගෞරව කිරීමක් වශයෙන් සටන නැවතිණ. ලව ශාන්ත විය. චන්ද්රවකේතු වැන්දේ ය. දරුවන් හා එක්වීමෙන් රජුට ද යහපතක් ම වේවා! එහෙයින් දැන් එන්න.

(කියමින් පිටව යත්)

මිශ්රි විශ්කම්භය යි.

(දැන් රාම, ලව හා ප්ර්ණාම කළ චන්ර් වැකේතු ද එති.)

රාම - (පුෂ්පක නම් රථයෙන් බසිමින්)

සූය්ය්න් වංශ ශ්රෙෙෂ්ටය, චන්ර්්දේ කේතු, වහා එන්න. තදින් මා වැළඳ ගන්න. හිමගුලි මෙන් සීතල ඔබගේ අවයව යන්ගෙන් මගේ සිතේ දැවිල්ලද සංසි‍ඳේවා!

(නැගිට ප්රේවමයෙන් වැළඳ ගෙන) යුඬ කරන ඔබගේ ඉතා පුදුම දිව්යක ආයුධවලට හානියක් නැද්ද?

චන්ර්ලට කේතු - ප්රියය මිත්රපයකු ලැබීමේ භාග්ය යෙන් සැපවත්ය. එහෙයින් පිය තුමාද අකුටිල වීරයකු වූ මොහු දෙස සිනිඳු ඇසින් බලන්නයි ඉල්ලා සිටිමි.

රාම - (ලව දෙස බලා) වාසනාවකි. ඔබ හා සම වයස් ඇති මොහු ඉතා ගැඹුරු මිහිරි කල්යා ණ රූපයක් ඇත්තෙකි. මොහු ලෝකය ආරක්ෂා කිරීමට මූර්තිමත් බවට පැමිණි ආයුධ ශිල්පය වැනිය. බ්රසහ්මාණ්ඩය රැකීම පිණිස යෝග්යබ ශරීරයක් ඇත්තේ රූපවත් බවට පැමිණි ක්ෂීත්රිබය ධර්ම්ය වැනිය. පටන් ගත් කාය්ය්ඩ යන් කරගත යාමේ ශක්තින් පිඩු වූවාක් මෙන් සිටියි. ගුණ සමූහයා ගේ කැටිවීමක් මෙන් පෙනෙයි. ලෝකයාගේ සමස්ත පුණ්ය රාශියෙන් පහළ උනාක් මෙන් සිටියි.



උත්තර රාම චරිතය 105


ලව - (යටි හිතින්) පුදුමයි මේ මහා පුරුෂයාගේ පැන ගුණ යුත් පෙනුම සකල විධ භක්තීන්ගේ සුසුම් ලීමක් මෙන් ද භක්තීන්ට එකම ආයතනයක් මෙන් ද උතුම් වූ ධර්ම යාගේ මූර්තිමත් ප්රයසාදයක් මෙන් ද සිටියි. පුදුමයි!

වෛරය සන්සුන්ය. මහත් ආනන්ද්ය රසයක් මෙන් පැතිරෙයි. උඩගු කම කොහේදෝ ගොස්ය. විනීත කමට මා හිස නැමී යයි. වහා මොහු දැකීමෙන් මම ඔහුට වසඟ වීමි. එහෙයින් ඔහු පුණ්ය තීර්ථයක් මෙන් මාහැගිය. මහතුන් අතුරින් කිසියම් අසහාය මහාත්මයෙකි.

රාම - ‍මොහුට දුටු විගසම මගේ දුක් දුරුවීයයි. කිසි නො දැනෙත හේතුවකින් හදවත ස්නේහයෙන් පිරේ. ආදරය හෝ අනෙක් කරුණක් නිසා හෝ වේය යන මෙය නොපිළිගන්නකි.

කිසි කරුණක් අලෞකික සිතිවිලි වස්තු කොට ගෙන එකිනෙක හා ගැලපීමට පැමිණෙයි. මහත් ප්රී තිය පිටත්තර කාරණයක් ඇසුරු කරන්නේ නොවේ. හිරු උදාවන විට නෙලුම් මල පිපේ. සිහිල් රැස් ඇති සඳ උදාවන විට ඒ නෙලුම් මල ඇකිලී යයි.

ලව - චන්ර් මලකේතු, මේ කවුද?

චන්ර්ඳ උකේතු - ප්රිුය මිත්රුය, මේ මගේ පියතුමායි.

ලව - මගේ ධර්මු ශාස්ත්ර්යද එයම කියයි. එහෙයින් ප්රිමය මිත්රේයාගේ පියතුමා මගේ ද පියතුමා වෙයි. එහෙත් මේ ඔබ පියා යන නමින් අමතන රාමායණයෙහි කථා නායක පුරුෂයෝ සතර දෙනෙක් සිටිති. එහෙයින් මෙතුමා ඒ සතර දෙනාගෙන් කවුරුදැයි විශෙෂය පැහැදිලි කොට කියන්න.



106 භවභූතීන්ගේ


චන්ද්රනකේතු - මහ පියා යයි දැනගන්න.

ලව - (මහත් සතුටින්) රාම රජතුමා! අද වාසනාවත් සුබ දිනයකි. ඒ උතුම් රජතුමා දැක ගන්ට ලැබුනා. (විනිත ලෙස බලා) පියාණෙනි, වාල්මිකි මුනිතුමාගේ ගෝළයෙක් ඔබ තුමන්ට වඳියි.

රාම - භවත, එන්න එන්න. (කියමින් ආදරයෙන් වැළඳ ගෙන) ආ! දරුව ඔය විනීත කම්පාන අවයව වලින් මා තදින් වැළඳ ගන්න.

මෝරා ගිය නෙලුම් මලක ඇතුළත පෙත්තක් මෙන් සියුමැලි ඔබගේ ශරීර ස්පර්ශලය, සඳරැස් හා සඳුන් ගෑවාක් මෙන් මා ගත සිසිල් කරයි.

ලව - (යටි හිතින්) මට මොහුගේ මේ ආදරය හේතු රහිත වූවකි. මම මෙබඳු අයට අනතුරු කිරීමට අවි අතට ගතිමි. (එලිපිට) පියතුමනි, දැන් ලවගේ මෝඩකමට සමා වූව මැනවි.

රාම - මේ දරුවා කළ අපරාධය කිම?

චන්ද්රනකේතු - පියතුමාගේ ප්රමතාපය අසා අශ්වයා පස්සෙ යන අයට මොහු පහර දුන්නා.

රාම - එය ක්ෂවත්රිමයයෙකුට අලංකාරයකි. තෙද ඇත්ත පැතිර යන අනුන්ගේ තෙද නොඉවසයි. ඔහුගේ ඒ ස්වභාවය සහජ ගතියට නියත හෙයින් උත්පත්ති යෙන් ලැබුන දෙයක් වේ. හිරු දෙවි රැසින් නිරන්තරයෙන් නොනවත්නේ නම් හිරුකත් මිණ කෙසේ ගිනි පිට කෙරේද?

චන්ද්රරකේතු - මේ වීරයා‍ගේ කෝපයද ශෝභනයි. පිය තුමනි බලන්න. මේ මිත්ර‍යා විසින් යොදන ලද ජෘම්භක’ නම් අවියෙන් සේනාවෝ ගල් ගැසුනාහ.


උත්තර රාම චරිතය 107


රාම - (පුදුමය දුක යන දෙකින් බලා යටි හිතින්) ආ! මේ දරුවාටත් එතමරම් බලයක්! (එලිපිට) දරුව, ආයුධය හකුලා ගන්න. චන්‍ද්ර කෙතු, ඔබද ක්රි යා රහිත වීමෙන් පුදුමයට පත් සේනාව සනසන්න.

(ලව ධ්යා්න කරයි.)

චන්ද්ර කේතු - නියම කළ පරිදි ......

(කියමින් පිටව යයි)

ලව - පියාණෙනි, දැන් ආයුධය සන්සුන් විය.

රාම - පුදුමයකි. ප්ර්යෝග කිරීමේ හා හකුලා ගැනීමේ ද රහස් සහිතව “ජෘම්භක” ආයුධ මේ දරුවාට ද ලැබී තිබේ. දරුව ඔබට මේ දිව්ය්මය ආයුධ ලැබුණු පරම් පරා ක්ර මය කෙසේදැයි දැන ගනු කැමැත්තෙමි.

ලව - අප දෙදෙනාට මේ ආයුධ ගුරුපදේශයෙන් තොරවම ලැබී තිබේ.

රාම - (සිතා බලා) නොපිළිගන්නේ කෙසේ ද? ඉතා උසස් පින්කම්වල ඵල වශයෙන් හටගත් කිසි මහිමයක් විය යුතුයි.

‘දෙදෙනාට’ යයි කියේ කුමක් ද?

රාම - එසේ නම් දෙවැන්නා කෝ?

[සැරසුම් හලින්]

දණ්ඩායන - මිත්රෙය, ආයුෂ්මත් ලව ට අද රජතුමා හා සටනක් වුයේ නොවේ ද? අද ලෝකයෙහි ‘රාජ’ යන ශබ්දය අවසානයට යයි. අද ක්ෂාත්රිවය යන්ගේ ආයුධ නැමති ගින්න නිවී යනු ඇත.



108 ශ්රීර භවභූතීන්ගේ


රාම - මේ නිල් මිණි පැහැ සිවි ඇත්තා කවුද?

ඔහු කට හඬින්ම නව මේ කුළක ගිගිරි මෙන් වහා කැකුළු හට ගැනෙන කොළොම් රුකක් මෙන් මා ලොමු දැහැ ගත්තකු කරයි.

ලව - ඒ මගේ වැඩිමල් සහෝදයා ‘කුශ’ නම් වෙයි. ඔහු භරත මුනිහුගේ අසපුවට ගියේ ය.

රාම - (කුහුලින් ) එහෙනම් දරුව ඒ භවතා ද මෙහි කැඳවා ගෙන එන්න.

ලව - ඔබගේ නියමය ........

(කියමින් පිටව යයි)

(දැන් කුශ පැමිණෙයි.)

කුශ - කෝපයෙන් ධෛය්ය්සහ වත් වී දුන්න ගෙන)

ඉන්ද්රුයාට අභය දුන් වශ්වත් පුත්ර. මනුගේ පටන් ගර්ව ශාලීන් දමනය කරනු පිණිස ක්ෂැත්රීදය බලය නැමති ගිනි දැල්වූ සූය්ය්ව ග වංශික රජදරුවන් සමග සටන් කිරීම වැරදි නම් මගේ මේ දුනු දිය හැකිලේවා.

රාම - මේ ක්ෂරත්රි ය පොතකයා අධික ධෛය්ය්ගෙ වතෙකි. ඒ කවුද? තුන් ලොව දිහා තණ පතක් දෙස මෙන් සුලු කොට බලන, මොහු ධීර වූ ගමනින් පොළොව නමන්නා මෙනි. කුමාර කාලයෙහිම පර්වුතයක් මෙන් ගරු බවක් දරණ මොහු එකම වීර රසයකි. වෙන කුමක්ද? ඔහු දර්පර පිණ්ඩයක් ‍මයි.

ලව - (ළඟට පැමිණ) ආය්ය්දවුය, දිනාවා!

කුශ - සහෝදරය, මොකක්ද මේ සටනක් සටනකැයි කියන ආරංචිය?

උත්තර රාම චරිතය 109


ලව - ඒ නිකම් සුලු දෙයක්! ඔබ ගර්ව අදහස් හැර දම ශාන්ත වන්න.

කුශ - ඒ මක්නිසාද?

ලව - මෙහි රාම රජතුමා පැමිණ සිටී. ඔහු රාමායණයේ කථානායකයා මෙන් ම බ්රචහ්මාණ්ඩය තෙක් ලෝකය රකින්නා ය. එහෙයිනි.

කුශ - ඒ මහත්මයා ප්රායර්ථීනීය පවිත්රා දර්ශ නයකි. එහෙත් අප විසින් ඔහුට කෙසේ සැලකිය යුතුදැයි කල්පනා කරමින් සිටිමි.

ලව - පියෙකුට මෙන් ළංව සිටීමෙන්!

කුශ - එය කෙසේ කළ හැකිද?

ලව - අතිශයින් උදාර සත් පුරුෂයෙක් වූ උර්මිලාගේ පුත්රර චන්ර්ර කේතු මිතුරු කමින් මා වෙත පැමිණ සිටී ඔහු හා මිත්ර් වීමෙන් ඒ රජ තුමා ධර්මච වශයෙන් අපට පියා වෙයි. කුශ - එසේ නම් ඒ රජ තුමා කෙරෙහි ගරු දැක්වීම අනිත් දිනය. (දෙදෙනාම යති.)

ලව - අතිශයින් උදාර චරිත ඇති ආකාර, භාව, ගම්භීරතා යන ගුණ ඇති මේ මහා පුරුෂයා දෙස බලන්න.

කුශ - (විමසා බලා) ප්රුසාද ජනක රූපයත් පවිත්රත අනුභාවයත් පුදුමය රාමායණ කවියා යෙදූ ‘දෙව’ වචනය ඉතාම සුදුසුය.

පියාණෙනි, වාල්මිකිගේ අතවැසියෙක් වූ කුශ ඔබට වදියි.





110 ශ්රීු භවභූතීන්ගේ


රාම - භවත, එන්න. අමා වැනි දිය පිරුණු සිනිඳු වැහි වළාකුළක් වැනි ඔබ ආදරයෙන් වැළඳ ගැනීමට මේ ජනයා මහත් ආශාවෙන් සිටියි.

(වැළඳ ගෙන, යටි හිතින්) මොකද මේ දරුවාත්........? දියට දිය එක් වන්නාක් මෙන් මාගේ ශරීරය මොහුගේ දේහ සාරය උරා ගනියි. මගේ චේතනාවේ පිටත්තර කොටසක් මෙන් සිටියි. මහත් සන්තෝෂධාරාවෙන් තෙමුණු මොහුගේ වළඳ ගැනීම මා හිමයෙන් තෙත් වුවකු මෙන් සිහිල් කරයි.

ලව - අව් රැස් තදින් වදියි එහෙයින් පියතුමා මේ සල් ගස් සෙවණේ මොහොතක් නවතින්න.

රාම - දරුවාට කැමැත්තක්...........

(ගොස් එහි ඉඳගනිති)

රාම - (යටි හිතින්) මේ කුශ- ලව දෙදෙනා පිළිබඳ හික්මුණු බව චක්රවවර්ති භාවය ප්ර කට කෙරේ. පුදුමයි.

ශරීරයද නොවෙනස්ය. ලාවණ්ය යද එසේමය. හැම මොහොතෙහිම රමණීය වූ ශරීර කාන්තියක් ද ඇත. ඔවුන්ගේ දෝහ කාන්තිය කැළල් නැති සඳක් රැස් වගේය. මුහුණ ද පිපුණු නෙලුම් මල් වැනිය. මොහු දෙදෙනා රඝු පවුලේ කුමරුවන්ට ද වඩා ශ්රෙදෂ්ඨ සේ පෙනේ.

පරෙවි කරක් මෙන් නිල් වූ පිරුණු දෙ අංස සහිත ශරීරය බලන්නවුනට සිංහ සමතාව ප්රමකට කෙරේ. ඔවුන් ගේ කට හඬද මිහිඟු බෙර හඬක් මෙන් ගම්භීර ඝෝෂා සහිතය.





උත්තර රාම චරිතය 111


(වඩා හොඳින් විමසා බලා)

ආ! අපගේ වංශයෙහි උපනූන්ගේ ආකාර පමණක් දක්වන්නේ නොවේ. සීතාගේ පරපුරෙහි වූවන්ට විශෙෂ වූ ශාරිරික ලක්ෂපණයන් මේ දෙදෙනා කෙ‍රෙහි පැහැදිලිවම සංක්රාකන්තව තිබෙනු පෙනේ. මගේ ඇසට හමුවූ මේ දෙදෙනා ඇගේ සිරිමත් මුහුණ අලුත් ලෙසකින් පෙනෙන්නාක් වැනි නොවේ ද?

මේ සුදු දත් හා කාන්තිමත් හම ඇගේ ම ය. තොල් පට හා කන් පෙති ද ඇගේ මය. ඇස් දෙක නම් රතු නිල් පැහැයෙන් යුතුය. එහෙත් ඒවායේ සුන්දරතාව නම් ඇගේමය.

(මෙසේ සිතමින්)

දේවිය හැර දැමූයේ වාල්මිකි මුනිතුමා වසන මේ වන යේය. මොවුහුද ඇගේ ආකාර ඇත්තෝය වයසද ඒ කාලයට සම වෙයි. එසේම මොව්න්ට දිව්යතමය ආ යුද පහළ විය. එදා සීතියම් බැලීමේදී මේ ආයුධ පිළිබඳ ඇයට ඇතිවිය හැකියයි සිතේ.

පෙර කිසිවකුට ගුරූපදෙශයෙන් තොරව මේ ආයුධ ලැබුණු බවක් ද අසා නැත. මෙය සුව දුක් දෙකින් ඉල් පෙන මා සිත අවුල් කරන්නකි. නිඹුල් දරුවන් ලැබේ යයි මා පිළිබඳ කට කතාවක් ද විය. ජීවත්වන දරු දෙදෙනෙකු පිළිබඳ සලකුණු දේවියගේ දෙගුණ වීමක් මෙනි.

ස්නේහය අතිශයින් උස බවට පැමිණි කල්හි විශ්වාස කරන නමුත් ස්වභාවයෙන් හටගත් ලජ්ජායෙන් ක්රිලයා රහිත බවට පැමිණි ඇස් ඇති මා විසින් මුලින්ම අතගෑමෙන් දරු දෙදෙනෙකු බව දැන ගන්නා ලදී. මා එසේ දැනගත් කිප දිනකට පසු සීතාද එය දැනගත්තා ය.



112 ශ්රී‍ භවභූතීන්ගේ


(කඳුලු හෙලමින්) හොඳයි! කිසි උපායකින් මොවුන් ගෙන් ම අහන්ට ඕනෑ.

ලව- පියාණෙනි, මේ මොකද?

කඳුලු වැගිරීමෙන්, මුලු ලොවට මඞ්ගලයක් බඳු ඔබ‍ගේ මුහුණ පිනි වැටුණු නෙලුම් මලක ශොභාවට පත් වුයේ කිම?

කුශ - ඕ සෝයුර, සීතා දේවිය නැති වීමෙන් රාමට තිබෙන දුක කියා නොහැකිය. ඇයගේ විනාශයෙන් රාමට මුළු ලොව වනයක්ම වෙයි. ඈ පිළිබඳ ස්නේහය මේ දක්වාත් එය මය. වියෝගය සීමා රහිතය. ඔබ රාමායණය නොදන්නෙක මෙන් මෙහෙම අහන්නේ ඇයි?

රාම - (යටි හිතින්) හා! මට උවමනා දෙයට ඇාසන්න කථා වකි. මුග්ධ හෘදය, මේ ඉබේම සිදු වන කවර නම් සඵලතාවක්ද? මෙසේ සිත අවුල් වී යාමෙන් මේ ළදරුවන් විසිනුදු අනුකම්පා කටයුත්තෙක් වීමි. වේවා! තවත් ටිකක් වසා ගෙන සිටිමි. (එලිපිට) දරුවෙනි. භගවත් වාල්මිකි ගේ මුවින් සූය්ය්ක වංශයට ස්තුති වශයෙන් නිකුත් විනැයි කියන රාමායණය රාමායණය යන නමක් අහන්ට ලැබේ. ඒ ගැන කිසිවක් දන්නේ නම් අහන්ට කැමැත්තෙමි.

කුශ - ඒ මුළු පොත අප විසින් පෙරලා බලන ලදී. එහෙත් දැන් එහි බාල චරිතයෙහි එන මේ කිම සිහියට ආවා. සීතා රාමාගේ පිතෘ කෘත දාරාවය. රූපවත් කමින් හා ගුනවත් කමින් ද ඔවුන්ගේ ප්රීනතිය වැඩි විය.

එසේම සීතාට රාම ඇගේ ප්රාවණයට ද වඩා ප්රිමය විය. ඔවුන් ගේ ප්රී තිය එකිනෙකාගේ හදවතම දනියි.




උත්තර රාම චරිතය 113


රාම - හා කෂ්ටයි! දරුණු ලෙස හඳ දෙදරා යයි. හා සීතා ඔව්! එය ‍එසේම විය. අහෝ! ලෝකය සීමා රහිත රැවටිලි විපිරියාස හා උමතු කම් වලින් පිරී තිබේ.

සීමා රහිත භොග ක්රිෝයාවන්ගෙන් හටගත් ඒ මහත් ආනන්ද ය ‍කොහි ද? අන්යොින්යන ප්රේඒමය කෝ? පිරී පැවති කෞතුක රසය කෝ? සැප දුක් දෙකෙහි සමව පැවති ඒ දෙහද කෝ? එහෙත් මේ පණ තවමත් ගැහෙමින් පවතියි. ඒ පාපය ඉවත් නොවේ.

හා කෂ්ටයි!

ප්රිෂයාවගේ දහස් ගණන් ගුණවත් කම් පිබිදී එන හෙයින් දැන් ඉවසිය නොහැකි වන කාලයක් මගේ සිහියට එයි. යම් කලෙක සලකුණු වශයෙන් පැවති ඇගේ පියවුරු කැකුළු දිනෙන් දින විකසනයට පැමිණ මදක් මහත් වී ගියේද එකල තරුණ ප්රේ මය පිළිබඳ අදහස් වලින් දැඩි වූ අනඞ්ගයා ඒ හදවතෙහි ද බොළඳ ශරීරයෙහි ද බලවත් ව්යා්පාරයක් පටන් ගත් බව මට සිහි වෙයි.

ලව - මෙය චිත්ර කූට පර්වහත මාර්ග්යෙහි දීව මන්දාකකිනී විල් තෙර ක්රිදඩා කාලයෙහි සීතා උදෙසා රාමගේ කීමකි.

මේ මුණ මල් ගස ඔබ සඳහාම මල් වගුරු වන්නා වැන්න.

රාම - (ලජ්ජා, ස්නේහ, ශොක දක්වමින්)

මේ ළදරුවෝ අතිශයින්ම බොළඳය. වනයෙහි විසී මෙන් එය වඩාත් වැඩි වෙයි. හා දේවී, ඒ කාලයෙහි ඔහුගේ ඒ විශ්රැම්භ ක්රිදයාවන් සිහි කරන්නේද?





114 ශ්රීර භවභූතීන්ගේ


දහඩිය බිඳු සිසිල් කරමින් විහිදෙන මදොවූ විල් පවනින් අවුල් වුණු කියඹු වැලින් වැසී ගිය නළල් ඇති, කොකුම් නැතිවම බබලන කොපොල් තලයෙන්ද අබරණ රහිත කන් පෙති යුවලින්ද යුත් ඔබගේ මුහුණ දැනුදු මට පෙනේ.

(ශොකයෙන් ගල් උනාක් මෙන් සිට)

අපෝ! නෑ නොවේද!

බොහෝ වෙලා සිතමින් සිටින විට ඉදිරියේ පෙනුනාක් මෙන් වී යයි මේ වියොගය ප්රිිය ජනයාට සැනසීම නොදෙයි. ප්රි යාව නැති මේ ලෝකය නිකම් වන ලැහැබකි. ගිනි ගත් දහයියා ගොඩක් මෙන් හදවත දැවෙයි.

(සැරසුම් හලින්)

වසිෂ්ට, වාල්මිකි, දශරථ, ඔහුගේ මෙහෙසිය, ජනක හා අරුන්ධතිද සමග ළමයින්ගේ කෝලාහලය අසා භයට පැමිණ දිරා ගිය සිරුරු ඇති නමුත් ආශ්ර ම ය දුරු වුවත් දුක් සිත් හා ගමන් ඇත්තෝ නොබෝ වේලාවකින් මෙහි එති.

රාම - භගවත් වසිෂ්ට, අරුන්ධතී, අම්ම හා ජනක මෙහි සිටින්නේ කොහොමද? කෙසේ ඒ අය දකින්නේ ද (ශොකයෙන් බලා) ජනක රජතුමාත් එතියි යන ඇසීම නම් දුක්ඛිතයාට හෙණ ගැසීමකි.

නෑයන් හිතවතුන් හා වසිෂ්ටාදී වැඩි මහල්ලන් දරු වන්ගේ විවාහ මඞ්ගලයත් ඒ පිය වරුන්ගේ එක්වීමත් දැක ගන්නට සලසා ඔවුන් හැම ප්රී තියට පත් කළ මම දැන් මෙබඳු දශාවෙක සිටිමින් කෙසේ ඔවුන් බලම්ද? මා හද දහස් ගණනින් දෙදරා නොයයිද? හා නැත! රාමට නොකළ හැකි දේ කුමක්ද?




උත්තර රාම චරිතය 115


(සැරසුම් හලින්)

හා හා දුකකි!

අනුභාව මාත්රහයෙන් රජ බැව්හි සිටින රාම බෙන් දැක මුර්ජා වී පළමුවෙන් සිහි උපදවා ගත් ජනක රජ විසින් සිහි ගන්වන ලද්දා වුද මව් වරු මුරුත්තාවට පැමිණියෝය.

රාම - ජනකයන්ගේ ද රඝුන්ගේද සම්බන්ධිය ගොත්ර මඞ්ගලයකි. එහිද අකාරුණික පවිටෙකු වූ මා ගැන ඔබලා ගේ ශෝක වීම නිෂ්ඵල ය. හොඳයි ඒ ගැන සොයා බලන්ට ඕනෑ.

(කියමින් නැගිටියි)

කුශ හා ලව - මෙසේ එන්න රජතුමනි, මෙසේ එන්න.

(ශෝකයෙන් යුතුව සියල්ලෝ පිටව යති)

හය වැනි අඞ්කයයි ¬¬________

"https://si.wikibooks.org/w/index.php?title=උත්තර_රාම_චරිතය_-_iii&oldid=5904" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි