Jump to content

උම්මග්ග ජාතකය-ටිප්පණි-ii

Wikibooks වෙතින්

26. ධර්ම යුද්ධය

[සංස්කරණය]

3. පුර දියවකැ - මාසේ පෝය ගිය දෙ වැනි දිනැ. කල් යේ නු -කල් යන්නේ නොවේද?

4. පා පිහුම් -පා නැමැති නෙළුම් මල්, කසී සළුවක් කසී දේශයෙහි කළ (සිහින්) සළුවක්.

5. ඩාඩහදිය විජෘම්භණය කෙරෙමින් -වැජැඹෙමින් රූපෛශ්චර්ය රූප සම්පත්තිය. උපමා විෂායාතික්රා්න්ත වූ උපමා කිරීමේ ව්ෂය (බලය පවත්නා සීමාව) ඉක්මැ වූ.

6. සිටි පැළැ -සිටි තැනැ.

7. නැඹුරු වූ හ-නැමුණු හ.පිටිකර -බෙල්ල පිටිමුල -කොන්ද කොරසැඬි-කොරපොතු වක‍ා - තවරා. ඉස්බක් බඹ 35 ක්.

8.කොක්සන් -කොක් හඬ . කොකුන් ඇති කරන වැනි හඬ.

අලජ්ජි වූ-ලැජ්ජා නැත්තා වූ පවිටු - පාපිෂ්ඨ. නිකෘෂ්ට අනාචාර ස්වරුප ඇති -අධම වූ අනාචාර ස්වභාව ඇති.


27. “අනුකේවට්ට” උපාය

[සංස්කරණය]

1. වැඳිම් මාන - වැඳිමේ ක්රපම.

2.කැටක් වත් -ගල් කැටයක් වත්.

3.අනායාසයෙන් -ආයාසයක් (වෙහෙසක්) නැති වැ පියදු-යෙදු , ඇරියා වූ උළු සුනු- උළු කුඩු මන්ත්රසභේදක සොර මන්ත්ර)ණය භෙද කළ සොර. අඩුවැඩියත් -අඩු දේත් වැඩි දේත්. දුර්වල දේත් ශක්තිමත් දේත් මා ලත් ලසු -මා ඔබට ලැබුණු පසු භින්න වැ -භෙද කරන ලදු වැ-හෙද කරන ලදු වැ ප්රසපඤ්ච-ප්රාමාද.

4.නො වරදවා -අත් නො හැර

5.හන්පළන් වස්ත්රා භරණාදිය- ඇන්දා වූ වස්ත්රා‍දියෙහි ද පැළැන්දා වූ ආභරණදියෙහි ද.

7.නිල කරව -විධාන කරව. කඩියාලම -කටකලියාව. භයා ලු කලැ ඇද්ද කලැ අවකම්පන සෑදිමෙන්-කඩියාලම භයා ලූ කලැ නො රදා ඉිරියට මැ දුවන ලෙස සෑදීමෙන්

8. නිනාද - නාද කීපයක් මිශ්රට වීමෙන් ඇති වන නාදය නිනාදයයි.

9. කඹදම් ආදී - කඹ දම්වැල් ආදීය.

10. නො වන පසු - නො වන කලැ. දෙපෝයක් මැ - පෝය දෙකක් මැ අඬ මසක් මැ. දශ විධ රත්නයන් - මුතු, මැණික්, වෛදූර්ය, ගොමෙද, වජර, ප්රවවාල, පද්මරාග, මකරත, නීල, ශ්වෙත යන මෙ දස විධ රත්නයෙන්.


28. විවාහ මන්ත්‍රණය

[සංස්කරණය]

1. දිව්යධප්සරාවක - දෙවඟනක

2. අප දෙන්නා මතු - අප දෙන්නා පමණක්. ශ්ර වණසංසර්ගයෙහි - ඇසීම නිසා ඇති වූ ආශාවෙහි. විද්දත් නායකයො - නායක වන්දිහට්ටයෝ (විරුදුකාරයෝ) කඤ්චුතාළම් - එකට එක හැපීමෙන් හඬ නැගෙන ලොහමය පියන් වෙසෙසක්.

4. නාටකයනට - නළුවනට.



29. විවාහ යෝජනාව

[සංස්කරණය]

2. මාරුක් - පොල්

3. පාක්කුඩම් - පඬුරු. එකාත්මික වැ - සමාන ආත්ම ඇත්තන් වැ සන්නිඃශ්රි ත - යුක්ත

5. පිරිබඩ ගන්වන සේක්. රක්ත - රතු වස්ත්ර යක්. දෑඟුල් බොල ඇති කොටැ - අඟල් දෙකක් ගන කම ඇති කොටැ.

7. කපවලැ - කනුවලැ. සූක්ෂ්ම - සියුම්. උග්රම ගවර පිරි ගොවුදකට වන් ගව මාල්ලකු සේ - තෙත් ගොම පිරිණාවු ගව හලට වැදුණු මහලු ගොනකු සේ . පලව පලවා- -විද්ද විද්දා. මිරිමිරියේ-මිරි මිරි යන හඬින්. නුවන-ඇස. පිටි දැ මැදැ-පි‍ටිකොන්ද මැදැ.

8. ආන ආනා-කට දල්ව දල්වා. කථා සංසන්දනය-කථා සැසැඳීම, දෙ දෙනා අතරැ වු කථාව. අනාර්ය ස්වරූප ඇති-ආර්ය (ශිෂ්ට) නූව ස්වභාවය ඇති. සාධු ගුණයක්-යහපත් ගුණයක්.

9. ප්ර ඥා සමුද්ර්යෝ-සමුද්ර්ය මෙන් නුවණ ඇත්තෝ.

10. පාර ප්රාසප්තයැ-පාරයට ( පරතෙරට-කෙළවරට) පැමිණියේ යැ. ප්රභත්යු ත්පන්න-වර්තමාන. පරොපදේශ-අන්ය-යන් ගේ උපදේශ. ස්වයම්භූ ඥානයෙන්-තමා විසින් මැ ඇති කර ගන්නා ලද නුවණින්. ගංගෝදකය ගංගා නදියෙහි ජල‍ය. යමුනොදකය-යමුනා නදියෙහි ජලය.

12. පඤ්ච ප්රයකාර බලයෙන්-අර්ථ(ධන), ක‍ාය, ප්රිඥා, සේනා, ස්ථානාන්තර යන මේ බල පසින්. ගැලැ-ගිලැ. පණැ-පර්ණඅයෙහි. (එල්ලන ලද) කොළවලැ.වැද්දන් ආදීන් විසින් එල්ලන ලද කො‍ළ දැකැ ආශායෙන් පැමිණ මුවෝ නැසෙති. හෙළදෙඩුව යි-පහත් කොටැ සලකා දෙඩුව යි. ළෙහි-දා හෘදයෙහි උපන්. තමාට මැ දා වූ. නිමුත් මිටැ-නඟුල් මිටැ.

13. තුළු ගසව-තෙ‍ෙල තැනැත්තාට ගසව. සිටි ප‍ියෙන් නො ඉගිළි-සිටි අඩියෙන් නොසෙලැ වී නො මේ වරෙයි-නො කල යුතු මෙහෙව‍රෙහි.


30. ගිරවාණන් ගේ දූත මෙහෙවර

[සංස්කරණය]

1. පක්ෂද්වයක්-පියාපකත් දෙකක්හ. පැදැකුණු කොටැ-යමක් පැදැකුණු කිරීම නම් ඒ දෙසට තමාගේ දකුණු පස සිටින සේ වටා යාම යි. කොත් කැරුල්ල-කොබෝ ගෙඩි වළල්ල. ප්රැතිවචන-පිළිතුරු වදන්. ඇණැ තොල් මිටි බඳවා ගෙනැ-ඇණීමෙන් තොල් බිඳුවා ‍ගෙනැ.

3. හිඳිනැ-හිඳින්නැ.

4. රසාඤ්ජනයක-රස අඳුනක්. ඇසෙහි අඳුන් ගෑ කලැ සියලු දැවීම් ආදිය නිවා මහත් සැපයෙක් ලැබේ.

5. කූටාගාර කුක්ෂියෙහි-කුළු ගේ නමින් ඇතුළෙහි, එක් මුඳුනක් ඇති වන සේ කල ගෙය කූටාගාර නමි. මෙහි සඳහන් කූටාගාරය වූයේ පහය මුදුනේ යැ. කුළු ගෙයැ ආසින්-කුළුගෙයට ඉහළ ඇති අහසින්. දැරි ඇති හෙයින් සරණ බණවා-සරණ කථා කොටැ, සරණ විමස‍ා.

7. බැහැවුම්-නොකැමති කම්. දස බෑ රජ්ජුරුවනට-ව‍ාසුදෙව, බල‍දෙව, අර්ජුන, ප්රුද්යුවම්කන, චන්ද්රර දෙව සූර්ය දෙව, යඥ දෙව, අග්නි දෙව, සත, අංකුර යන සහෝදර රජවරුන් දස දෙනාට. මොහු දස දෙන දඹ දිවැ දිග් විජය කොටැ රජය කළ හ. ක්ෂත්රිුය කුලයෙහි-රාජ කුලයෙහි. ආදීනව විපාක, දොස් . තවුස් පැවිදිදෙන් මහණ වැ-.තාපස ප්රනවෘජ්යාොවෙන් මහණ වැ. තාපසයකු මෙන් පැවිදි වැ-(අනෙක ‘සෘෂි ප්රනවෘජ්යාොව”යි ) ජීවිත හරණය-ජීවිතය පහැරැ ගැනීම.පාද පරිචාරිකා-හර්යා.

9. ප්රජපඤ්ච-ප්රනමාද.

10. ඊනියා- ඒ නිය‍ා, එ බඳු. විරපති-වෙනස්.

11. කයිවාරු කොටැ-(බොරුවට) වර්ණ.නා කොටැ, කර්ම.- කර්මහ, කටයුතු. වැහැරැ-කෘශ වී. සමුණනට-ස්වාමියාණනට.

12. ආද්යවන්ත-මුල අග


31. මහෞෂධයන් උත්තර පඤ්චාල නුවරට පැමිණිම.

[සංස්කරණය]

1. ඇසූ අනතුරු-ඇසුවා හා සමඟ මැ, ඇසූ පසූ. ජගත් පණ්ඩිතයකු ලෝක පණ්ඩිතයකු. මුළු ලොවට මැ මැ සුදුසු වූ පණ්ඩිතයකු.

2. උදන් අනන සේක්-ප්රීසතිය ප්රසකාශ කරන සේක්. අනූනන වැ-නො අඩු වැ. කාය වාඩ්මනස්-කය, වචන, සිත, ආපදාවක්-විපතක්. යදම්-යකඩ දම්වැල්. කඹුරු-ලෝහ වැඩකරු. සොම්මර- සම් වැඩකරු.

6.ලඝු කොටැ-බර අඩු කොටැ. අනවශ්යඩ කොටස් හැරැ.පියවර ලකුණින්.

7. ක්ෂොභවැ-කැලැඹී.


32. එක් දවසින් නව කෝටියක් වස්තු සැපැයීම

[සංස්කරණය]

2. හිණි පා මුලැ-හිණි මඟෙහි(තරප්පු‍වෙහි) මුල. නපුරෙක්- වරදෙක්. නිලාකොටැ-නියම කොටැ.

4. රාජමාතාවෝ-රජ මවු. කියටි-කියනු කැමති දැ, පැමිණැවිය යුතු දඬුවම්.

6. ඒ වන්නා-ඒ වනාහි. ඔබට-මෙ තැනින් ඔබට, අනුනට.

7. පස් ලෝ-තඹ,පිත්තල, බෙලෙක්,ඊයම්,යකඩ මේ ලෝහ පස.

8. බා ගෙනැ-බැසැ ගෙනැ. වැදී. ලේ කැන්-ලේකැටි. ලේ මඩුලු-ලේ වට. වටා ලේඇති වීම. නො මිය නියායාවක්-නො මළ සැටියක්. නො මැරුණා පමණක්. මඳින්-මඳ හෙයින්. නෙරන මාන-නෙරපන ක්රිම.

9. ගත යුත්තතක්-කළයුත්තක්.


33.උමං කර්මාන්තය

[සංස්කරණය]

1. ප්‍ිකරය විප්රනයෝග කිරීම-ප්රිනය දැයින් වෙන් කිරීම. සතුරන් දත නො හැක්කැ-සතුරන් වෙන් කොටැ ද ත නො හැක්කැ.

2. මේ මේ කරව-මේ මෙහෙ (වැඩ ) කරව.

3. ගංගායෙහි අස-ගංගායෙහි අංශය. ගං ඉවුර. වියන් පෝරු-වියන් මෙන් ඇති ලෑලි ‘සිවිලිම්’ සක ලා ගාවා-සක (හක්ගෙඩිය) දමා මැදැ. සක් ගෙඩිය. උළා මැදැ, අති ධවල- ඉතා සුදු පාන් ගබඩාවත්-පහන්අ ගෙවලුත්. නොයේක් පෑයෙන්-නොයෙක් පාටින්. කොඳු පලස්-කෙඳි පලස්.(කම්බලි). අතුට-අතුරා. පෙතැලි රූත්-පෙතැලි රූප ද, අජීව යැ. ජීවිත නැතැ. ශක්ර) විලාසය-ශක්ර.යාගේ විලාසය.(ආකාර‍ය) සතර මහා සමුද්රනය-මහ මෙර වටා ඇතැ යි සලකන (නැගෙනහිරෙහි) කිරි මුහුද, (දකු‍ණෙහි) නිල් මුහුද, (බටහිරෙහි ) පබළු මුහුද, (උතුරෙහි) රන් මුහුද යන සමුද්රැ සතර. සතර මහා ද්විපය-මහ මෙරට සතර දිගින් ඇතැයි යන (නැගෙනහිරින්) පූර්ව වි‍දේහය, (දකු‍ණින්) ජම්බුදිවීපය, (බටහිරින් ) අපරගොය‍ානය, (උතුරින්) උතුරුකර දිවයින යන මහාද්වීප සතර. අනවතප්ත විල-අවටින් පර්වතයන් ගෙන් ගැවැසී ඇති නිසා සූර්ය රශ්මි‍ෙයන් නො තැවෙන දිය ඇති විල. මෙය හිමාලය ප්රසදේයෙහි පිහිටියේ ල. සිරියෙල් අතල-හිමාලයෙහි ඇතැයි සලකන ‘මනොසිල’ පර්වත තලය. රිදීපටක්-රිදියෙන් කළ රෙද්දක්, නික්මෙන තොටැ-ගමන් ආරම්භ කරන තොටෙහි. උඩු ගඟ-ග‍ඟෙහි ඒ තොටට ඉහළින්.


34. වේදේහයන් උත්තර පඤ්චාල නුවරට පැමිණීම

[සංස්කරණය]

1. බිමැ පිසැ-බිම ගල් මුල් ආදිය උගුල්ලා පිසැ දමා බිම ශුද්ධ කොටැ

2. ඉඳුරා ප්රේත්යගක්ෂ (නියම ) වශයෙන්

3. නක්ෂත්ර්යෙක්-නැකැතෙක්. හදාළ හැදෑරූ. පිළීයෙළ කළ.


35. බ්රේහ්මදත්තයන් උපකාරී නුවර වටලෑම

[සංස්කරණය]

පඤ්චායුධ-දුන්න, මුගුර, අඩටිය, පත් කොහෙ‍ාල, පාරාවළල්ල යන මේ ආයුධ පස.

2. ශ්රාපන්ත-වෙහසෙ.

3. අරුණු-අරණාලෝකය.


36. “මංගල වීථිය”

[සංස්කරණය]

1. සහජාත-සමඟ උපන්. මහ විසල් මළුවේ-විශාල මිඳුලේ.

2. කුරුන් කුදුන්-කුරු මිනිසුන්, කුදු මිනිසුන්. කඩ රෙදි ගන්වා‍ රෙදි කැබලි ඔබා. තාක් මුළුල්ල-ඇතිතාක් සියල්ල. චපල-ස්ථිර නැති.

3. බැණැවූ හ-කථා කැරැ වූ හ. අඬ ගැසූ හ.

5.රඳා-නැවැතී. පැලෑ හ-පලා ගිය හ.

6. මනදොළ-සිතෙහි ආශාව.


37.වේදේහයන් ගැලැවෙන උපාය සෙවීම.

[සංස්කරණය]

1. අනන්තාපරිමාණ-(අනන්ත- අපරිමාන) කෙළවරක් ප්රිමාණයක් නැති. ළය ඉපිළැ-හෘදය (පපුව) උඩ පැනැ, ළ‍ය ගැස්සී. ශරකාශයෙහි-ශරත් (සෘතුවෙහි) ඇති අහසෙහි. ඒ කාලයෙහි අහස වලා කුළුවලින් තොර යැ. එ හෙයින් එ කලැ අහසෙහි ඇති තරු මනා වැ බැබළේ.

2. ජඩාඨ්ය -ජඩ (මෝඩ) කමින් ආඩ්ය (පිරුණ ) නොරට-පිට ර‍ට. නුපුරුදු රට.

3. එකොභාස-(එක+ උභාස ) එකාලොක.

4. කල්පැද්රැ මයක්-කල්ප වෘක්ෂයකුත්, සිතූ පැතූ දෑ දෙන ගසක්. අර්ථ බල-ධන බල. කාය බල-ශරීර ශක්තිය. සෙසු තුන් බලය නම්. ප්රටඥා සේනා, ස්ථානාන්තර යන මේ යි.

6. භින්න මන්ත්ර ණයෙන්-බිඳුණාවූ මන්ත්රයණයෙන්. මන්ත්ර ණය (අවවාදය) බිඳීමෙන්. ඉණකඩක්-ඉණ‍ට අඳින රෙද්දක්. පිඬක්-බත් පිඬක්. ආහාරයක්.

7. රජගෙයි අසලයෝත්- රජගෙයි ආසන්නයෝත්. රජ ගෙය පුරුදු ඇත්තෝ. විශ්වාසය වූවෝ. නිමුත් මිටැ-නඟුලෙහි මිටෙහි. බැවහර මඟුල් කරුණු පිළිබඳ වැ ව්යවවහ‍ාර(වන කරුණු). මරින්-මරණයෙන්.

8. වජිරබුද්ධි-වජ්රයක් (විදුරක්-දිය මනතියක්) මෙන් ඉතා තද වූ දැය ද විනිවිද යත හැකි බුද්ධියක්.ජ‍නහිත නිරත වූ-ජනයනට හිතයෙහි වැඩෙහි ඇලුණා වූ. දැඩි කම්-තද දේ. ‘ගොරෝසු වැඩ’ජව සම්පන්න-ජවය(වේගවත් දිවීම්) ඇති. සද‍ා-සරසා. කැහැටෙකින්-කෙවිටෙකින්.

9.පුරුෂ විශේෂය-අන්ය යනට වඩා යම් පුරුෂයකු කෙරෙහි ඇති විශේෂත්ව‍ය. අවිෂය වැ-බලය දැක්වියැ හැකි සීමාවක් නැති වැ. බල නැති වැ. ආකාශ චාරී-අහසෙහි හැසිරෙන. අහසින් යන. ගරුඬ-ගුරුළු.

10.නැව් බුන්නාවුන්-නැව් බිඳී ගියවුන්.

11. බැහැවෙන-දැපෙන. ආඩම්බරයෙන් සිතන. සපනි-සපනහි, සපන් වෙහි.

12. නමකට-එක් කෙනෙකුට

13. මල ඉදිකොටැ-තොංඩුව තනා නැත-නැත හොත්. ප්රිපාතයකට පල්ලමකට.

14. පැකුලුණුනට-පැකුලුණු අයට. (පොළොවෙහි) පය හැපුණු අයට. සකැ-හක් ගෙඩියෙහි.

15. නිරුදක-උදකයක් (ජලයක් ) නැති.


38. වේදේහයන් අස්වැසීම

[සංස්කරණය]

1. ශරීණාගත වජ්රපඤ්ජර‍යක්-පිහිට සොයා පැමිණියවුනට වජ්රයෙන් කළ මැඳිරියක් (කූඩුවක් )

2. ව්ය ර්ථ-නිශ්ඵල. වා දහස-අවුරුදු දහස්. ජල රේඛාවක්- දියෙහි ඇඳි ඉරක්. තුච්ජ-හිස්. පේළාවකැ-පෙට්ටියෙකැ. පදාත-පාබළ. යුද්ධ ප්ර්යෝගයක්-යුද්ධය යෙදීමක්. යුද්ධකිරීමක්.


39. වේදේහයන් ගැලැවී යාම.

[සංස්කරණය]

1. කෝනමක්- (කුණු ආදිය ගෑ‍වෙතියි සිතා පිටතින් ඇන්ද ) වැරැහැල්ලක්. පොට්ටනියත්- ආභරණ‍ාදිය දැමූ පොට්ටනියත්.සලෙයිකඩ-යටට ඇඳි පරණ රෙදි කඩ.

2. සන් කම් කෙටැ කොටැ-සංඥා කෙරෙමින්.

6.සුහුරු බඬුණුවෝ-මස්සිනා. උභයකුල පරිශුද්ධ-මවු කුලයෙන් පිය කුලයෙන් හා පිරිසිදු.

8. අන්තර මාර්ගයෙහි-අතුරු මහැ.  යොත්තකට-යොදුනකට.

13. න‍ව වාහනයන්-අලුත් වාහන.


40. නිශ්ඵල ව්‍යායාමය

[සංස්කරණය]

1.හියවුර-හී කොපුව.

2. ජීව ග්රා-හයෙන් -පණ පිටින්. කෘත හස්ත වූ -පුරුදු කරන ලද අත්ඇති. හසළා වූ. කරබටුවක් බටු විශේෂයෙකි. දඬු බස්නා මානයේ ඊ දංඩක වදින තරම් දුර. කුඤ්ජර-ඇතාට නමෙකි. වර්ෂදණයක්-වැස්සක්. සංග්රාදමයෙහි එඩි නො ලා -යුද්ධයෙහි දි ආඩම්බරය පස්සට නො දමා, නො පසු බැසැ. දුනුවා යෝධයෝ-දුනු දරන භටයෝ. සාදා ගන්නා හ- ජ‍ය ගන්නා හ. පෙටියන්-මත්ස්යර වර්ලයෙකි. සුනිසිත කොටැ-මනා වැ පිළියෙළ කොටැ. තුන් සණ-හණ තුනකැ. ජාති වානේ-උපන් වානේ. යකඩ ශුද්ධ කොටැ ගන්නා ලද වානේ නො වැ පොළොවින් එ හෙයින් මැ සාරා ගනු ලබන වානේ, වසුරු-අසූවි. පතාක යෝධයෝ-පතාකයක් (කොඩියක්) මෙන් කරනම් පැනැ ගෙනැ යන යෝදයෝ. කරපැ- කරක් ගෙඩියෙහි. වජ්රාංකුසයෙන් වජ්රයෙන් (දියමන්තියෙන්) කරන ලද අකුස්සෙන් (හෙංඩුවෙන්)

3. ආණ්ඩු පිරිස-තමාට යටත් පිරිස.


41. මහෞෂධ බ්රහ්මදත්ත සංවාදය

[සංස්කරණය]

1. ත්රෛමලොකයික ගුරු-තුන් ලොවට එක මැ ගුරු. පරශත්රැන මර්දනය ප්රරතාප-පරසතුරන් මර්දනය කිරීමේ තේජස. සකල ගජ චක්රර මර්දන හාස්වර කෙශර සිංහරාජ වික්රරම-සියලු හස්ති සමූහයා මර්දනය කිරීමට කෙසුරින් බබළනන සිංහ රාජයෙකු ගේ මෙන් විත්රීම ඇති. රුවන් සෝලු-මැණික් ඔබා‍ කළ වස්ත්රි විශේෂයෙකි. තාඩංක නාග වඩම් කාදු-කර්ණරභරණ විශේෂයෙකි.

2. ඔප්-ඔපය, කැටපතෙකැ-කන්නාඩියෙකැ.

3. සිරිහී-හිරි වැටී. ඉදි පොඩි වී.

4. සැහැසෙන්නාහු-කොප වෙන්නාහු-තට මතු නො වෙයි- තට පමනක් ඇති වෙන්නේ නො වෙයි.

5.තොයිත්- තෝ ද. මියෙයි-මියෙයි, මැ‍ෙරහි.

6. සිවල් මුලෙක්- සිවල් සමූයෙක්.

7. චකිත‍යක්- තැති ගැන්මක්.

8. බසින් වූ බස්-බසින් පැමිණි බස්: වචනයෙන් කියූ දැ. මා කළක් කෙළේ යැ-මා කළ දෙයක් කෙළේ යැ.

9. විසංඥ-සිහි නැති. දියුණුක්-දෙගුණයක්-විත්ර වධ. නොයෙක් විසිතුරු අන්දමේ වධ. නිවාරණය කොටැ වළක්වා.

10. මරණ විකලයෙන්-මරණය නිසා උපන් සිහි විපාර්යායයෙන්.

11. අන්තඃපුරයට-රජ, බිසෝ ආදීන් වසන ඇතුළු නුවරට.

12. නිශ්ශොකී-ශොක නැති.

13. රුවන් උකා- ( ගබඩායෙහි වළවලැ රැස් කොටැ තබන ලද) රුවන් හාරා. පූ-කැවුම්. රැස් බැඳැ-සමූහ වී. සැඬි ගමක්- සැඬ (දරුණු) මිනිසුන් ඇති ගමක්. නිශ්ශ්රීකක-ශ්රී යක් (ශොභනත්වයකත්) නැති අශෝභන.

14. ශෝණි ප්රපදේශ-කටිය. උකුළු පෙදෙස. තිහිරි පිළි-පට පිළි, ජාත රූපයෙන්-රනින්. සර්වාංග සුන්දර වූ-සියලු අංගයන්ගෙන් සොඳුරු (මනා) වූ‍.

15. අලතා-ලතු (ලාකඩ ) දිය. මුව පොල්ලන්-මෘග පෝතකයන්. මුව පැටියන්. කෘෂ්ණ මණ්ඩලය-කළු ඉංගිරියාව. පස් පෑ-නිල්, කහ, තද රතු, සුදු, මඳ රතු. විලිකුන්-ඉදුණ. බිඹු පල-කෝවක්කා ගෙඩි. රත් වූ-රතු වූ. අධර පල්ලව-තොල් නමැති දලු. දැහිඟුල් පල්ලෙක්හි-සාදිලිංගම් පත්රපයෙකැ. කළුවැල් ලතාවක්-කළු අගිල් වැලක්. වඤ්චාල-ලෙළ දෙන. අක්බඹරු-අග කරකැවුණු culred. අභිනව මෘගාංගානාවන්-තරුණ මුව දෙනුන්. හේමන්ත කාලයෙහි-ශීත සෘතුවෙහි. පර්වත ප්රාුන්තයෙන්-කඳු බෑවුමෙන්. දෙහිත්තියෙන්- දෙවුරින්. නළ කොළ-බට කොළ. තුනු සිහින්. රොම රාජියෙන්-ලොම් රොදින්.

16.ඡවි කල්යාොණ-කල්යාෙණ (යහපත්) ඡවි (සම) ඇති බව, කැලැල් රහිත සම් ඇති බව ඡවි කල්යාරණය යි. මාංස කල්යාාණය-ඉතා මහත් හෝ ඉතා කෘශ හෝ නො වී මනා වැ පිහිටි මස් පිඬු ඇති බව.(බිඹු පල පැහැති දෙ තොල් ඇති හෙයින් ද මාංස කල්යාමණයැ යි කියත් ල) වයඃ කල්යාදණ -බෙ‍ාහෝ දරුවන් ලැබූවත් සොළොසැවිරිදි කන්යා්වක ගේ මෙන් වයස නො පෙනෙන බව.දන්ත කල්යාිණය- සුදු, සිදුරු නැති සම දත් ඇති බව. කේශ කල්යා්ණය- මුදා ලූ කලැ ගෙ‍ාප් සම දක්වා වැටෙන මොනර පිල් කලඹක් සේ ශෝභන වූ අක්බඹුරු හිස කේ ඇති බව. ස්වර්ණලඵලකයෙහි-රන් පෝරු‍ෙවහි. නඛාග්රදයෙහි - (පයෙහි ) නිය කෙළවරෙහි. ස්නෙන සුහත්-ස්නෙහ ස්වල්පයත්. සිවුමැලි-සුකුමාළ. මොළොක්.

17. දිව්ය් මායමක්- දෙවියන් ගේ මායමක්. ඉන්ද්රළජාලයක් සේ -ඇස් බැන්දුමක්.

18. අර්ධයක් ලද්දේ පණ්ඩිත යැ-පණ්ඩිතයන් ගත හොත් ඒ මා විසින් ලද මන‍ ා දැයින් අඩක් ලැබුණේ වේ යැ. සිත් අඟවා-සිත් පෙන්වා. දුර්ම්තයක් නපුරු සිතිව්ල්ලක්.


42. බ්රහ්මදත්යන් උමඟට වැදීම.

[සංස්කරණය]

1. වේදේහ රජු කෙරේ ව්යායජයෙන්- වේදේහ රජුට ඇති ලාභය වර්ණා්නා කරන්නාක් මෙන් හඟව‍ා.

2. මහ පසාරයෙන්-මහ ‘පුරසාමින්’

3.අගම්පඩිසේනාව- පඩියටසේවය කරන පිරිස. අඟුළු හී-අඟුළු වැටී ලෝකාන්තරික නරකය-සක්වළ ගග් තුනක් මැදැ ඇතැ යි සලකන නිතර අඳුරු නිරය.

4. අමෝරා-ඔසොවා. ‘උලුක් කොටැ,

5. සපථ- දිවිරීම.

6. අනාථ මරණින්-අසරණ (දුප්පත් ) මරණින්.

7. සැළවල්- සැළි.බ

8. ප‍ාප මිත්ර සංසර්ගයෙන්-පාප මිත්රරයන් ගේ එක් වීමෙන්. වරද දෙසා වරද කියා. හැම-හැමදෙන.


43. මහෞෂධයන් රඳවා ගන්නට ප්ර්යත්න කිරීම

[සංස්කරණය]

1. තෙජසත්................. කීර්තියත්- තෙජස නම් අනුන් තවන ගතිය යි. කීර්තිය නම් යමෙකු ගේ යහපත් ගුණ කථාව යි.

2. කර්ණතරසායනක්-කනට රසය (සුවය) පමුණුවන්නක්. ධර්මා න්විත ධර්ම.යෙන් යුක්ත:

3. ධජ පත‍ාක-සතර හුළක් කොඩි ‘ධජ යැ, තුන්හුළක් කොඩි “පතාක” යැ. කදලි තොරණ-කෙසෙල් ගස් යොදා කළ තොරණ. ලද පස් මල්-ලද විළඳ ආදී කොටැ ඇති මල් පස් වර්ගය. විලඳ, සමන් කැකුළු,හෙළ අබ, ඊ තණ සුදු මල්. තුෂාරයෙන් ආර්ද්ර, වූ-පින්නෙන් තෙමුණා වූ.


46. පිළිසඳර

[සංස්කරණය]

1. කුරාලයෙකැ-මිනී ගෙනැ යන මැස්සකැ. වර්තමානයෙහි ‘කුරාලය’ නම් තොවිලවලැ දී සාදන පැද්දෙන මැසි විශේෂයකි.

2. ඉෂ්ටයක්- යහපතක්. අභිවෘද්ධියක්. අනිෂ්ටයක්-අයහපතක්.


47. සැණ කෙළි

[සංස්කරණය]

විභවානුරූප කොටැ-සම්පත්තියට අනුරූප කොටැ. ශක්ති පමණින්. ව්යාාපාරයෝ-වෙළෙන්දෝ පිළී සිසාරා-පිළි (රෙදි) හිස වටැ කරකවා. නෙයියාඩගම්-නැටුම්-ගැයුම් අ‍ාදී නොයෙක් විකාර සෙල්ලම්.


49. දිය රකුසු පැනය

[සංස්කරණය]

(දියෙහි අරක් ගෙනැ සිටින රකුසු දිය රකුසුයි)

1. කිරඹ සේ - (කිරි+ අඹ) කිරි හා ජලය සේ. එ නම් පහසුවෙන් වෙන් කොට හැකි වැ එක් වූ සිටින සේ.

4. නො පහන්- නො පැහැදුණු. නො සතුටු වූ.

5. අත විදා‍- (කිසි මසුරු බවක් නැති වැ) අත විහිදා.

7. කල මඬලක්-කලවි‍ටක්. කමතක්.

10. පට (බැන්දා හ)- සෙනෙවිරත් ධූරයට අයත් නළල් පට. වඩ බා දිය-වඩ දිය ඇති කල්හි සයුරු ඔද වැඩෙයි. (එහි ජල‍ය නැඟී නැඟී වැඩිවෙයි.) එ හෙයින් මෙ සේ කියැවිණ.

11. කැහැපට කවා ගෙනැ- කැහැපට ගන්වා ගෙනැ. පණ්ඩිතයන් මාරුවෙහි- පණ්ඩිතයන් වෙනුව‍ට.

14. මායම් - රැවටිලි වචන.

15. පිරිමසා‍- අනුශාසනා කොටැ.

16. ඉස නො නැඟී-හිස ඔසොවා. වැඩි වයසකට නො පැමිණ. සැල නො කොටැ-ආරංචි නො කොටැ.ප්රිසිද්ධ නොවන සේ . හළ පැලැල්ලෙන්-හරින ලද දොරින්.

17ජාති- උත්පත්ති ආදිය.

18. මේ එක් වැ යැ-මේ තෙමේ එක් වැනි ( සමාන ) යැ. පලස්හූයවට- පලස් නූලින් කළ පන්දුව.

19. ස්වර්ණසප්රකතිබිම්බයක්-රන් පිළිඹුවක්. රනින් කළ රූපයක්. දෝතුන් දොහොත්, දෑත්.

20.ප්රලත්යොන්ත-පිටිසර. ප්රිධාන ර‍ාජධානායෙන් බැහැරැ පළාතෙක

21. මා යවුවා කොටැ- මා යවන්නාක් මෙන්. ඉස්වද්දන - තැනක්-ඉස් සඟවා ගන්න‍ට තැනක්.

23. මා යවුවා කොටැ- මා යවන්නාක් මෙන්. ඉස්වද්දන-තැනැක් -ඉස් සඟවා ගන්නට තැනැක්.

24. බාල්යුයෙහි- බ‍ාල කලැ.

25. මේ කීවා-මෙ කියන ලද දැ. ඈ මැදහත් නියා යැයි- ඈ (රජු හා අප හා) මැදැ සිටින නියා යැ යි. දිවුණක්- දෙගුණයක්.

26. තීක්ෂණ මන්ත්රීදවූ- සියුම් මණ්ත්ර ණය (කල්ප.න උපාය) ඇත්තා වූ.

27. නොදන්නා වන් වැ- නො දන්නාක් මෙන්.

28. නිර්ධනී වැ- ධනය නැති වැ. මා ඉක්මැ- මා පසු කොටැ. මටත් වඩා උසස් යැයි. තමා මැ -එකාන්තයෙන් මැ.

30. අතැඹුල-අතෙහි ඇති ඇඹුල (නෙල්ලි ගෙඩිය) අතෙහි ඇති නෙල්ලි ගෙඩියෙහි තත්වය මනා වැ පෙනේ, වැටැහේ.

31. එක්වන්-නිතරැ. කැබලි කඩදත් (කැඩුණු බිඳුණු) දත්.

33. නාග සුපර්ණාැදී- නා ගුරුළු අ‍ාදී. ආ වක්- ආ දින. ප්ර ත්යු්පන්න-වර්තමාන, නිරපර‍ාධ කාරී- අපාරධ නොකරන සුලු. අසමධුර-සම ධූරයක් නැති.

34. දෙබළයක්- දෑතක්

35. ඓහලෞකික සකලාර්ථඛ ජාතය- මේ ලොව සම්මබන්ධ වූ සියලු අර්ථ (අභිවද්ධි) රාශිය. කෙවල ප්රසසස්ත-හුදු (තනි කැරැ ම) පැසැස්ස යුතු. කුළුගන්වා- සම්පූර්ණ කොටැ. ගෙවල් සම්බන්ධයෙන් ආ සම්ප්රසද‍ාය වශයෙන් කියති.



50. පූර්වභපර සන්ධි

[සංස්කරණය]

දුඃඛ සත්යපය- ‘සියල්ල දුක යැ’ යන ඇත්ත. සමුදය සත්ය ය- ‘දුකට හේතුව තෘෂ්ණාව යැ’ යන ඇත්ත. නිරෝධ සත්ය ය- ‘තෘෂ්ණාවෙහි නැවැත්මක් වෙයි, යන ඇත්ත. මාර්ග සත්ය ය- ‘‘තෘෂ්ණාව නැවැත්වීමේ මාර්ගයක් ඇත’ යන ඇත්ත. චතුරාර්ය සත්යයය- ආර්යයන් විසින් අවබෝධ කැරැ ගන්නා ලද සත්යය හතර.

2. ධර්ම භාණ්ඩාගාරික- ධර්ම නමැති භාණ්ඩාගාරය අයිතිකරු. පැලෑ වූ පලා ගියා වූ . මා විනා- මා හැරැ.