උම්මග්ග ජාතකය-viii
33. උමං කර්මාන්තය
[සංස්කරණය]නැවත බෝධිසත්ත්වයන් වහන්සේ නුවර මුළුල්ලෙහි ඇවිද රජගෙට වැඩි සේක. රජ්ජුරුවෝ “පණ්ඩිතයෙනි, වසන තෙනක් ලදු දැ”යි විචාළහ. “මහරජ නොදෙන කෙනෙක් කම් නැත, එසේ වුවත් බොහෝ දවසක් වැද හුන් ගෙවල් ගන්නා කල මහත් දොම්නසින් කම්පිත වන්නාහ, උන් උනට ප්‍රියවිප්පයෝග කිරීම අපට තරම් නොවෙයි, මේ නුවරින් පිටත ගංගාවටත් නුවරටත් මැද ගව්වක් පමණ මෙනම් තැන බිම අවකාශයෙක් ඇත. එතැන අපගේ රජ්ජුරුවනට ගෙවල් මාළිගා නගම්හ”යි වදාළ සේක. ඒ අසා රජ්ජුරුවෝ සිතන්නාහු ඇතුළු නුවර දී සටන් කරන සතුරන් දත නොහැක්ක. පිට දී වී නම් වටලාගෙන සුව සේ සතුරන් මරා ජය ගත හැක්කැ'යි සිතා සොම්නස් ව "යහපත, පුත තොප සැලකූ තැන ම නිල කරව"යි කීහ. "මහරජ, අපි වන්නා ඒ සියල්ල කරම්හ. නුඹ වහන්සේගේ මිනිසුන් ඒ දිසාවට දර පලා ආදීයම් කිසිවක් පිණිස අපගේ නව කර්මාන්ත භූමියට නොයායුතුය. ගිය කෙනෙක් යම් සේ කලහක් කෙරෙත් මය. ඒ වේලෙහි නුඹ වහනසේගේ සිතටත් අපගේ සිතටත් සැපයෙක් නැත්තේය"යි වදාළ සේක. "යහපත පුත, මෑතින් ඒ දිසාවට යන මිනිසුන්ගේ ගමන් නවතා ලමි”යි කීහ. දේවයන් වහන්ස අපගේ ඇත්තු දිය කෙළියට රැස්වන්නාහ, එක් වන් "දියෙහි ම කෙළිනාහ. පැන් මඩ වූ කල මහෞෂධ පණ්ඩිතයන් ආවක් පටන් පහන් පැනක් බී පියන්නටත් නොලබම්හ’යි නුවර වාසී කිපෙත් නම් එයිත් ඉවසුව මැනැවැ”යි වදාළ සේක. “පුත තොපගේ ඇත්තු සුව සේ ගිම් නිවා දිය කෙළිත්ව”යි කියා නැවත රජ්ජුරුවෝ “මහෞෂධ පණ්ඩිතයන්ගේ නව කර්මාන්ත භූමියට මේ නුවරින් යම් කෙනෙක් ගියාහු නම් දහසක් දඩය”යි නුවර බෙර ලැවූහ.
බෝධිසත්ත්වයන් වහන්සේ රජහු වැඳ තමන් වහන්සේගේ
පිරිවර හා සමඟ නුවරින් නික්ම තමන් විසින් නියම කර ගත් තැන
නුවර කරවන පිණිස ගොසින් ගඟින් එතෙර ”ගඟුල්ගමුව” යයි
ගමක් කරවා ඇත් අස් රථ ආදී වූ වාහන ද ගෙරි සරක් ද එහි රඳවා
නුවර කර්මාන්තයට විධාන කරන සේක්, “මෙතෙක් දෙන මේ මේ
කරව, මෙතෙක් දෙන මේ මේ කරව”යි කර්මාන්ත බෙදා උමඟ
කර්මාන්තයට පටන් ගත් සේක. මහ උමඟ දොරකඩ ගංගායෙහි අස
වීය. බල සම්පන්න දස දහසක් පමණ පුරුෂයෝ මහ උමඟ කණන්නාහු
මහත් වූ සම් පයිවලින් පස් පුරා ගෙනවුත් ගඟ දියෙහි ලන්නාහ. ලූ
ලූ පස් මුළුල්ල ඇත්තු මඬනාහ. එබැවින් ගඟ පැන් කැළඹී මඬ
වන්නේ නුවරවාසීහු මහෞෂධ පණ්ඩිතයන් ආවක් පටන් පහන්
පැනක් බී පියන්නටත් නොලබම්හ, ගඟ පැන් කැළඹී මඩ වන්නේය.
මීට කාරණා කිම්දැයි කියන්නාහ. ඔවුනට මහතාණන් ගේ චරයෝ, “මහෞෂධ පණ්ඩිතයන් ගේ
ඇත්තු දිය කෙළනාහ, ඉන් ගඟ පැන් මඩ වන්නේය. මැඬ මැඬ මඩ මතු කරන්නාහ'
කියති. එබැවින් සැක නොකරන්නාහ. බෝධිසත්ත්වයන්ගේ අභිප්‍රාය
නම් සිද්ධ වන්නේය. එසේ හෙයින් ඒ උමඟ ගලෙක් වත් මුලෙක් වත්
නැති ව බිම ගිලී අන්තර්ධාන විය.
සුළු උමඟ දොරකඩ උපකාරි නුවර වූයේය. සත් සියයක්
පමණ යෝධයෝ ඒ උමඟ කණන්නාහ, සම් පයිවලින් පස් ගෙන
වුත් නුවර ලන්නාහ, ලූ ලූ පස් පැනින් මිරිකා අනා පවුරු බඳනාහ.
ගෙවල් ආදියෙහි මැටි කර්මාන්ත හෝ කරන්නාහ. මහඋමඟට
වදනා දොරකඩ එම නුවර වූයේය, උමඟ වනාහී අටළොස් රියන්
උස ඇති යන්ත්‍රයෙන් යුක්ත දොරවලින් ගැවසී ගත්තේය. එක
ඇණයක් මිරිකා ලන්නා ඒ දොරවල් මුළුල්ල පිහියන්නේය. අනෙක්
ඇණයක් මිරිකා ලන්නා ඇරියන්නේය, මහඋමඟ දෙපාර්ශ්වය
උළින් බඳවා සුළු කර්මාන්ත කර වූ සේක, මුඳුනේ වියන් පෝරු
අතුරවා සක ලා ගාවා මකුළෙන් අතිධවල කැරැ වූ සේක. ඒ මහ උමඟ
අසූ මහ දොරක් හා සූ සැටක් සුළු දොර වූ යේය. ඒ මුළුල්ල
යන්ත්‍රයෙන් යුක්ත ම වූයේය. ඒ උමඟ දෙපාර්ශ්වයෙහි නොයෙක්
සිය ගණන් පාන් ගබඩාත් වූයේය, එයිත් යන්ත්‍රයෙන් යුක්ත අගුළ
ම වූයේය.
තව ද ඒ උමඟ දෙපාර්ශ්වයෙහි එක් සියයක් රජදරුවනට
එක් සියයක් ශ්‍රී යහන් ගබඩාත් වූයේය. එයිත් යන්ත්‍රයෙන් යුක්ත
අගුළුම වුයේය. එකි එකී ගබඩායෙක්හි නොයෙක් පෑයෙන් යුක්ත
වූ කොඳු පලස් ආදියෙන් අතුට සරහා තබන ලද සැතපෙන
මහයානෙකුත් ඇත්තේය. නඟන ලද සරහන ලද එකි එකී
සිංහාසනයකුත් ඇත්තේය. ශ්‍රීයහන් ගබඩාවල මහයහන් ළඟ
උතුම් වූ රූ ඇති දිව්‍යජ්සරාවන් බඳු සර්වාභරණයෙන් සරසා
සිටුවන ලද පෙතැලි රූත් වන්නේය. ඒ පෙතැලි රූ නොදන්නවුන්
අතින් පිරිමැද මුත් 'අජීවය'යි නොදත හැක්කේය: තව ද ඒ උමඟ
දෙපාර්ශ්වයෙහි දක්ෂ වූ චිත්‍රකාරයන් ලවා අති මනෝහර වූ
සිත්තම් කරවන ලද්දේය. ඒ සිත්තම් කවරේදයත්:- ශක්‍ර විලාසය,
මහා මේරු පර්වතය, සතර මහා සමුද්‍රය, සතර මහාද්වීපය, හිමාලය
පර්වතය, අනවතප්ත විලය, සිරියෙල් අතලය, චන්ද්‍ර බිම්බය, සූර්ය
බිම්බය, චාතූර්මහාරාජිකාදී කාමාවචර දිව්‍ය ලෝකය, ෂෝඩශ බ්‍රහ්ම ලෝකය යනාදී ලොව
විද්‍යමාන ආශ්චර්යවත් දෙයත් උමඟ සිත්තම් කරවා ලූ සේක.
එහි බිම රිදී පටක් හා සමාන වූ සුදුවැලි ඉස්වා උඩු වියන නටු
උඩ බලා, කෙමි බිම බලා එල්වන ලද සුපුෂ්පිත වූ පද්ම වනයක්
පරිද්දෙන් අඳවා ලූ සේක. උමඟ දෙපාර්ශ්වයෙහි නොයෙක් බඩු,
පුරා තිබෙන සල්පිල් සැදවූ සේක, ඒ උමඟ ඒ ඒ ස්ථානයෙහි
ගන්ධ දාම පුෂ්පදාමයන් එල්වූ සේක. ඒ උමඟ සුධර්මා නම් දිව්‍ය
සභාව සේ ඉතා අලංකාර විය.
පළමු යැවූ ආනන්ද නම් අමාත්‍යයා තුන් සියයක් වඩුවන්
ලවා සැස නිමවන ලද දාරු සම්භාර නැව් තුන් සියයක් පුරා ගඟින්
ගෙනවුත් බෝධිසත්ත්වයන් වහන්සේට කීහ. බෝධිසත්ත්වයන්
වහන්සේ 'දඬුපත් නුවරට බා ගෙන තෙල නැව් සඟවා තබා මා කීයම්
දවසෙක ගෙනෙව'යි නික්මෙන තොට උඩු ගඟ නුදුරු තැනෙක්හි
සඟවා තැබ්බ වූ සේක. නැවත ඒ නුවර පැන් අගලය, කලල් අගලය,
වියැළි අගලය'යි අගල් තුනකුත් කැණැ වූ සේක. තව ද ඒ නුවරට
අටළොස් රියන් උස පවුරද, පවුරට තරම් පදනමද, වාසල් අට්ටාල
බලකොටු කුරුබිලි ආදිය ද රජගෙය ආදී වු නොයෙක් ගෙවල් සමූහ
ඇත්හල් අස්හල් පැන් පොකුණු ආදියද යන මේ සියල්ල නිමාවට
පැමිණියේය. මෙසේ සුළු උමඟය මහඋමඟය ඒ සා මහත් බිම
පිස කර වූ නුවරය යන් මේ සියල්ල සාර මසකින් නිමවා, ඉක්බිති
බෝධිසත්ත්වයන් වහන්සේ රජ්ජුරුවන් කැඳවා දූතයන් යැවූ සේක.
ඒ බව ප්‍රකාශ කොට වදාරන බුදු රජාණන් වහන්සේ මේ ගාථාවෙන්
වදාරන සේක්:-
නිවේසනානි මාපෙත්වා වේදේහස්සයසස්සිනො, අථස්ස පහිණී දූතං (වෙදෙහං මිථිලගගහං.) එහිදානි මහාරාජ මාපිතං තෙ නිවෙසනං.
34. වේදේහයන් උත්තර පඤ්චාලයට පැමිණීම
[සංස්කරණය]“එම්බා මහණෙනි, මහෞෂධ පණ්ඩිතයන් වේදේහ රජහට පළමු ව ගොස් නුවර උමං රජගෙවල් ආදිය කරවා සාර මසකින් නිෂ්ඨා කොට වේදේහ රජු කැඳවා දූතයන් යැවූහ”යි වදාළ සේක.
පෙරමඟ බල බලා උන්නා සේ රජ්ජුරුවෝ දූතයාගේ බස් අසමින් ම සේනාව පිරිවරා නික්මුණාහ. ඒ බව ප්‍රකාශ කොට වදාරන බුදු රජාණන් වහන්සේ මේ ගාථාවෙන් වදාරන සේක්!:-
“තතොච රාජා සෙනාය චතුරංගියා
අනන්තවාහනං දට්ඨුං පිතං කම්පිල්ලියං පුරං”
"එම්බා මහණෙනි, අටළොස් අක්ෂෞහිණි සංඛ්‍යාත ඒ සා
මහත් සතුරු සේනාවක් හා එක් සියයක් රජුන් හුන්නා වූ උත්තර
පංචාල දේශයෙහි කම්පිල්ල නුවරට කාමයෙහි ගිජු වූ අන්ධ වූ ඒ
වේදේහ රජ මෝහයෙන් මුඝ වූයේ අර්ථානාර්ථ දෙක ඉඳුරා සලකා
ගත නොහී චතුරංඟනී සේනාව පිරිවරා නික්මුණෝ වේදැ'යි වදාළ
සේක.
ඉක්බිති රජ්ජුරුවෝ සාර සියයක් ගවු ගෙවා ගොස් ගං තෙරට පැමිණියහ. බෝධිසත්ත්වයන් වහන්සේ රජ්ජුරුවනට පෙර ගමන් කොට අවුත් කැඳවා තමන් වහන්සේ කරවූ නුවරට ගෙන ගිය සේක. රජ්ජුරුවෝ මාළිගාවට නැඟී අග්‍ර වූ භෝජනය අනුභව කොට මඳක් සැතපී පස්වරු වේලේ තමන් ආ නියාව චූලනී රජ්ජුරුවනට කියා දූතයන් යැවූහ. ඒ බව වදාරන බුදු රජාණන් වහන්සේ මේ ගාථා දෙකින් වදාරන සේක්':
තතෝ ච ඛො සො ගන්ත්වාන - බ්‍රහ්මදත්තස්ස පාහිණි, ආගතොස්මි මහාරාජ - තව පාදානි චන්දිතුං.
දදාහිදානි මෙ භරියං - නාරිං සබ්බබගසෝභිනිං
සුවණ්ණෙන පටිච්ඡන්නං - දාසීගණපුරක්ඛතං.
"එම්බා මහණෙනි, වේදේහ රජ බ්‍රහ්මදත්ත රජහට කියා
යවන්නේ "මහරජ, නුඹ වහන්සේගේ ශ්‍රී පාදය වඳනා පිණිස ආමි,
සර්වාභරණයෙන් සරහන ලද ශරීර ශෝභා ඇති දැසිදස් සමූහයා
විසින් පිරිවරන ලද නුඹ වහන්සේගේ දියණියන් මට බිරින්දෑ කොට
වහා එව්ව මැනැව”යි කියා යැවීය"යි වදාළ සේක. අඹුවන් කෙරේ
ලෝභයෙන් 'වඳිමි'කී බව මුත් වේදේහ රජ්ජුරුවෝ ඉතා වැඩි
මහල්ලහ. චූලනී රජ්ජුරුවෝ වූ කලී මුණුබුරු තරමටත් ඇත්තාහ. දූන්
රක්‍ෂා කරන කල කෙසේ මහලු වූවත් කෙසේ පොහොසත් වූචත්
වැන්ද මනා හෙයින් එසේ ඔහුත් සිත් ගෙන කුමාරිකාත් ලැබ ගතිම්
නම් යහපතැ'යි සිතා වැඳ යවුහ'යි දත යුතු.
වේදේහ රජ්ජුරුවන්ගෙන් ගිය දූතයන්ගේ බස් අසා චූලනී
රජ්ජුරුවෝ මහ සොම්නසට පැමිණ 'මෙවිට මාගේ 'සතුරා කොයි
යේද, සෙට දෙන්නාසේ ඉස් කපා පියා පයින් මැඬගෙන හිඳ ජය
පානය බොන්නෙමි'යි සිතින් ක්‍රෝධ උපදවා බසින් දූතයනට සතුටු
හඟවා උනට ප්‍රසාද දී කියා යවන්නාහු මේ ගාථාවෙන් කීහ:-
ස්වාගතං තෙ වේදේහ - අථො තෙ අදුරාගතං
නක්ඛත්තඤ්ඤෙව පරිපුච්ඡ - අහං කඤ්ඤංදදාමි තෙ
සුවණ්ණෙන පටිච්ඡන්නං - දාසීගණපුරක්ඛතං.
මේ ගාථාවෙහි අභිප්‍රාය නම් "වේදේහ රජ්ජුරුවෙනි, තමන්
මීට ආ ගමන නපුරු ගමනෙක් නොවෙයි, ඉතා යහපත් ගමනෙක.
තොප විසින් විචාළ මනා මඟුලට යෝග්‍ය නක්‍ෂස්ත්‍රයෙක් ම ය.
සවර්ණාලංකාරයෙන් සරහා නිමවන ලද හොබනා අවයව ඇති
මාගේ දුවණියන් දැසිදස් සමූහයා විසින් පිරිවරන ලදු ව තොපට
පාවා දෙමි”"යි කියා යැවූහ. ඒ දූතයෝ ගොස් වේදේහ රජ්ජුරුවනට
"දේවයන් වහන්ස, ඔබින් බාධා නැත. මඟුලට අදාළ නැකැත් වහා
විචාළ මැනැව, රජ්ජුරුවෝ දුවණියන් පාවා දෙන්නාහ”යි කීහ.
ඉක්බිති රජ "අද ම නැකැත් යහපතැ'යි දූතයා අත කියායැවී"යයි
වදාරන බුදු රජාණන් වහන්සේ මේ ගාථාවෙන් වදාරන සේක්:-
“තතෙ ච රාජා වෙදෙහො නක්ඛතං පරිපුච්ඡථ
නක්ඛත්තං පරපුච්ඡිත්වා බ්රපහ්මදත්තස්ස පාහිණි
දදාහිනි මෙ හරයං නාරිං සබ්බංග සොහිනිං
සුවණ්ණෙන පටිච්ඡන්තං දාසීගණ පුරක්කතං”
"මහණෙනි, ඒ ඉක්මන් රජ “අද නැකැත් යහපත, සියලු ස්ත්‍රී ලක්‍ෂණයෙන් ශෝභන වූ දුවණියන් පරිවාර සහිත ව වහා එවුව මැනැවැ යි කියා යැවීය”යි වදාළ සේක.
35. බ්‍රහ්මදත්ත රජු උපකාරී නුවර වැටලීම
[සංස්කරණය]බ්‍රහ්මදත්ත රජ නැවත කියා යවන්නේ "සියලු බිසෝ පළඳනාවෙන් හොබනා වූ මාගේ දියණියන් සියලු පිරිවර හා සමඟ මහපෙරහරින් දැන්ම එවමි”යි බොරු කියා ආ දූතයන් යවා එක් සියයක් රජදරුවනට කියා යවන්නේ 'එදවස් මියුලු නුවරට ගියා සේ අටළොස් අක්ෂෞහිණි මහා සේනාව හා පංචායුධ සන්නද්ධ ව උපකාරී නුවර බලා නික්මෙන්නට කියව, සතුරන් දෙන්නා ඉස් කපා සෙට ජය පානය බොන්නෙමු”යි කීය. ඒ සියල්ලෝ ම රජහු කී පරිද්දෙන් චතුරංගනී සේනාව ගෙන නික්මුණාහුය. රජහු තුමූත් නික්මෙන්නාහු මෑණියන් තලතා දේවීන්ද අග මෙහෙසුන් නන්දා දේවීන්ද පුතණුවන් පඤ්චාල චණ්ඩ කුමාරයන්ද දුවණියන් පංචාල චණ්ඩි කුමාරිකාවන්ද යන මේ සතර දෙනා මාළිගාවේ දෙවැනි මාලේ රඳවා සුරක්‍ෂිත කොට රැකවල් ලවා උපකාරී නුවරට ගියහ.
බෝධිසත්ත්වයන් වහන්සේ වේදේහ රජ්ජුරුවන් හා කැටිව ආ මහා සේනාවටත් බොහෝ වූ සත්කාර කළ සේක. ඉන් සමහර කෙනෙක් රා බොන්නාහ, සමහර කෙනෙක් මචඡ මංස කන්නාහ, සමහර කෙනෙක් ඉක්මන් ව එන රජ්ජුරුවන් හා කැටි ව නොසැතපී දිව දිව ආ හෙයින් ශ්‍රාන්ත ව නිදන්නාහ. වේදේහ රජ්ජුරුවෝ සේනාකාදී පණ්ඩිතවරුන් හා අමාත්‍ය මණ්ඩලය පිරිවරා සරහන ලද මාළිගාවේ මතු මහල් ශ්‍රී යහන් මුඳුනෙහි මිහිරි කතා කෙරෙමින් උන්නාහ.
ඉක්බිති චූලනී රජ්ජුරුවෝද එක් සියයක් රජදරුවන් හා
අටළොස් අක්ෂෞහිණි සංඛ්‍යාත සේනා වහා ගෙනවුත් එ දවස්
මියුලු නුවර වැටලූවා සේ තුන් සන්ධියකින් හා සතර වළල්ලකින් හා
කිසි තෙනෙකිනුත් සිදුරක් නොපෑ වටලා ගත්තාහ' විලක්කු සියදහස්
ගණනකින් යුක්ත ව 'අරුණු නො නැගෙන තෙක් ම නාල්ලම්හ'යි
සනිටුහන් කොට සිට ගත්හ.
36. මංගල වීථිය
[සංස්කරණය]අභිමතාර්ථ සාධක වූ චින්තාමාණික්‍යයක් බඳු වූ මාගේ ස්වාමිදරු වූ ශ්‍රී මහා බෝධිසත්ත්වයන් වහන්සේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් ආ බව දැන සහජාත යෝධයන් තුන් සියයක් දෙනා තෝරාගෙන තෙපි හැම සුළු උමඟින් ගොස් බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ මෑණියන්ද, අග මෙහෙහසුන් බිසවුන්ද දරුවන් දෙන්නාද යන මේ සතර දෙනා මාළිගාවෙන් බාගෙන එම උමඟින් ගෙනවුත් මහඋමඟට බාලා ඉන් ගෙන ගොස් උමඟින් පිටත් නොකොට පියා ඇතුළු උමඟ රඳවාගෙන අප එන තෙක් මහවිසල් මළුවේ සිටුව'යි වදාළ සේක.
යෝධයෝ මහතාණන්ගේ බස් මුඳුනෙන් පිළිගෙන සුළු උමඟින් ගොස් හිණි පා මුල අතුළ පෝරුවේ දොර අගුලු ඇර උඩට නැඟී, හිණි පා මුලය හිණි ඉසය මාළිගාවේ ඒ ඒ ස්ථානය යන මෙකෙක් තැන්හි රැකවල සිටියවුන්ද පිරිවරා සිටි කුරැන් කුදුන් ආදීන්ද අල්වාගෙන දෑත් දෙපා එක් කොට තරවා බැඳ බැණ නොනැඟෙන පරිද්දෙන් කට කඩ රෙදි ගන්වා මුවා ව තිබෙන්නා වූ ඒ ඒ ස්ථානයෙහි කොකුවල එල්වා රාජ භෝජනයට සකස් කොට සපයා තුබූ නොයෙක් වර්ගයේ අනර්ඝ වූ කැවුම් ජාති තාක් මුළුල්ල සමහරක් අනුභව කොට පියා සමහරක් සුණු විසුණු කොට පියා මාළිගාවේ මතු මාලයට නැංගාහ. එදවස් තලතා දේවී යෙහෙළියන් හා මුණුපුරන් දෙන්නා හා සතර දෙන එක යහනකට නැඟී ඔවුනොවුන් වැළඳගෙන 'සටන් නම් චපල දෙයක. කවුරු දනිද්ද ජය පරාජය නම් කාට වේයැයි සිතිය හැකිදැ'යි සිත සිතා වැද හොත්තාහ.
එවේලෙහි යෝධයෝ ඔවුන් උන් ගබඩාවෙහි දොරකඩ සිට
බැණ වූහ. එබස් අසා තලතා දේවී යහනින් නැඟී සිට "කිමෙක්ද
දරුවෙනි" කියමින් දොරකඩට ආහ. යෝධයෝ ඔවුනට කියන්නාහු
"දේවීන් වහන්ස, අපගේ රජ්ජුරුවන් වහන්සේ වේදේහ රජුත්
මහෞෂධ පණ්ඩිතයාත් අල්වාගෙන මරා පියා සියලු දඹදිව රාජ්‍යය
එක්සත් කොට එක් සියයක් රජුන් පිරිවරා මහ පෙරහරින් ජය පානය
බොන්නහු ඒ මඟුලට නුඹ සතර දෙනාත් කැඳවායන පිණිස අප
එවූහ. වැඩිය මැනැව”යි කීහ.
එබස් අසමින් අතිශයින් සතුටු වූවාහූ දොර ඇර සතර දෙනා මාළිගාවෙන් බැස හිණි පා මුලට ගියාහ. යෝධයෝ ඔවුන් ඇරගෙන සුළු උමඟට වන්හ. එවිට රජදරුවෝ කියන්නාහු අපි මෙතෙක් කල් මෙහි වසන්නමෝ එක දවසකුත් මේ වීථියට නොබට විරුම්හ, මේ වීථිය කිනම්දැ”යි කීහ. එබසට යෝධයෝ කියන්නාහු “කුමක් කියන්නේද? මේ වීථිය ඇමදා ම බට නොහැක්ක, මේ මංගල වීථී නම, අද ජය පානය බොන දවස මඟුල් හෙයින් රජ්ජුරුවෝ නුඹ සතර දෙනා මේ මගින් කැඳවා එවූහ”යි කීහ. එබසට සැබැවයි ගිවිස උමඟ විස්තර බලමින් කෙළිමින් සෙමින් සන්තෝෂයෙන් යන්නාහ. යෝධයන්ගෙන් සමහර කෙනෙක් රඳා නැවත රජගෙට ගොස් රුවන් ගබඩාවල දොරවල් ඇන බිඳ පියා තම තමන් ගෙනයන පමණ සාර වූ අනර්ඝ වූ රුවන් පොදි බැඳ ගෙන උමඟට වැද දොර අගුලු ගෙන පෑලහ.
රජදරුවන් සතර දෙනා පළමු ගෙනයන යෝධයෝ දිව්‍ය
පුරයක් මෙන් සරංහන ලද මහඋමඟට බා ගෙන නමා ගත්හ. ඔහු
'සතර දෙන සිහිනෙනුත් නුදුටු විරූ ඒ විස්තර බලා 'රජ්ජුරුවනට
මඟුලට ම කළහ'යි සිතූහ. යෝධයෝ උන් සතර දෙනා උමඟින් පිටත්
'නොකොට ඇතුළු උමඟ සරහන ලද එක් ශ්‍රී යහන් ගබඩාවෙක ඉඳුවා
'සමහර කෙනකුන් රැකවල සිටුවා සමහර කෙනෙක් උන් ගෙනා
බව බෝධිසත්ත්වයන් වහන්සේට ගොසින් කීහ. උන්ගේ බස් අසා
ජනානන්දකර වූ මාගේ ස්වාමිදරුවාණෝ 'මෙ විට මාගේ මනදොළ
මුඳුන් පත් වීය'යි ඔද වැඩි සතුටු ව රජ්ජුරුවන් සමීපයට ගොස් වැඳ
එකත්පස් ව සිටි සේක.
37. වේදේහයන් ගැලැවෙන උපාය සෙවිම
[සංස්කරණය]රජ්ජුරුවෝ ක්ලේශයන් විසින් මඬනා ලද අදහස් ඇති ව උන් බැවින් “දුවණියන්දැන් එවති, දැන් එවති” සිත සිතා එන්නාහු වහා හුනස්නෙන් නැඟී සීමැදුරු කවුළුව හැර පවුරෙන් පිටත බලන්නාහු දිලියෙන්නා වූ විලක්කු සියදහස් ගණනින් යුක්ත වූ අනන්තාපරිමාණ චතුරංගනී සේනාව නුවර වටලා සිටියවුන් දැක ළය ඉපිල අතිශයින් සැක ව සේනකාදී ප්‍රඥා සම්පන්න පණ්ඩිතවරුන් හා සමඟ මන්ත්‍රණය කරන්නාහු "ඇත් අස් රථ ආදී වූ සන්නාහ සන්නද්ධ ව 'ගනුව මර ව කොට ව'යනාදී යුද්ධයෙහි කිවමනා බස් බණන්නා වූ සේනාවය, ශරදාකාශයෙහි තාරකාවන් පරිද්දෙන් බබළන්නා චූ විලක්කු ආලෝකයෙන් මේ නුවර හිරු නැඟි කලක් මෙන් අතිශයින් බබළා ගියේය. චූලනී රජ්ජුරුවෝ මර සෙනඟක් පරිද්දෙන් මේ සා සේනාවක් ගෙනාවාහු අප කෙරේ සතුටින් අවුද නොහොත් රැහැණි ව අවුද පණ්ඩිතවරුනි, මේ කුමකැයි සිතත්දැ”යි මේ ගාථාවෙන් කීහ:-
“හස්ථී අස්සා රථා පත්ති සෙනා තිට්ඨන්ති වම්මිතා
උක්කා පදිත්තා ඣායන්ති කින්නු කාහන්ති පණ්ඩිතා”
මේ ගාථාව අසා නුවණින් අන්ධ වූ ඉතා ජඩාඪ්‍ය වූ ඉතා ලෝහී වූ ගුණමකු වූ කෙළෙහි ගුණ නොදන්නා චූ අනාර්ය ස්වරූප ඇති සේනක පණ්ඩිතයන් දෑ 'මහ රජ නොසිතා වදාළ මැනැව, බොහෝ විලක්කු ආලෝක පෙනෙයි, 'නැකැත් වේලා නොවරදවා 'සරණ දෙන පරිද්දෙන් දුවණියන් හැරගෙන බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ ආහ'යි සිතමි"යි කීහ. නැවත පුක්කුසයා කියන්නේ "මහරජ, නුඹ වහන්සේට සත්කාර පිණිස නොරට ආ හෙයින් රැකවල් ගෙන සිටිනා නියාය”යි කීය. ඒ අඥාන පණ්ඩිතයෝ සතර දෙන යමක් සිතුවෝ නම් නන්දොඩන්නවුන් මෙන් කටට ආවවක් ම කීහ.
වේදේහ රජ්ජුරුවෝද "මේ මේ ස්ථාන මෙතෙක් මෙතෙක් සේනාව බැගින් සිටිත්වා. මේ ස්ථානයෙහි සුරක්‍ෂිත කොට රැකවල් ගනුව, පමා නොවව, නොහිඳව”"යනාදී කියන්නා වූ බස්ද අසමින් සන්නාහ, සන්නද්ධ ව යුද්ධයට සැරහී සිටින්නවුන්ද දක්නාහු මරණ භයින් තැනි ගෙන බෝධිසත්ත්වයන් වහන්සේගේ බසක් ප්‍රාර්ථනා කරන්නාහු මෙසේ කියන්නාහ:- "ඇත් අස් රථ පදික අනන්ත පරිමාණ වූ චතුරංගනී සේනාව සන්නාහ සන්නද්ධ ව සිටිනීය. අනන්ත වූ විලක්කු ආලෝකයෙන් එකෝහාස විය, මහෞෂධ
පණ්ඩිතයෙනි, තෙපි මේ කිමෙකැයි සිතවුද? මේ සේනාව අපට
කුමක් කරන්නීදැයි කීහ. එබස් අසා කල්පද්‍රැමයක් වැනි තිලෝගුරු
බෝධිසත්ත්වයන් වහන්සේ සිතන සේක් "මේ අඥාන වූ රජු මඳක්
මරන ගින්නෙන් තවා ලා පසු ව මාගේ බල දක්වා ලා අස්වසා
ලන්නෙමි" සිතා වදාරන සේක් "අර්ථ බල කාය බල ආදී වූ පංච
ප්‍රකාර බලයෙන් අසමාන වූ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ, වේදේහ
රජ්ජුරුවෝ මේ නුවරට ඇවිත් පැමිණියෝය, දුක සේ මෑත් කොට
ගතුම්හ, පළා ගිය නම් නපුරැ'යි අද මේ වේලෙහි පටන් තුන්යම්
රාත්‍රියෙහි සුරක්‍ෂිත කොට රැකවල් ලවා රැක සිට පාන් වූ කල නුඹ
වහන්සේ අල්ලාගෙන මරයි, මඳකුත් දුවණියන් සරණ දෙන්නට හා
හිතකමට ආ ගමනෙක් නොවෙයි' වදාළ සේකැ.
එබස් අසමින් ම සේනකයා ආදී වූ සියල්ලෝ ම මරණ
භයින් තැතිගෙන කිසිවකුත් කියන්නට අසමර්ථ වූහ. රජහු උගුර
වියළී කෙළ සිඳී ගියේය. ඇඟින් ඩා සෙල්වී ගොස් මරන භයින්
වලප්නාහු මෙසේ කියන්නාහු “ඉතා මෘදු වූ ළා අඹ දලුවක් පරිද්දෙන්
මාගේ ළය වෙවුලන්නේය, මුඛයෙහි කෙළ සිඳී ගියේය, ගින්නෙන්
පැලහී ගිය එකක්හු අව්වේ ලූ කලක් පරිද්දෙන් මේ භයින් ගැලවීමක්
නොදන්නෙමි සැනසිලි නොලබමි. තව ද කඹුරන්ගේ උදුනෙහි ගිනි
ඇතුළින්ද දවන්නේය, පිටතට නොපෙනෙන්නේය. එපරිද්දෙන් මා
මාගේ ලෙහි ගිනි ගත් හෘදය මාංශය ඇතුළින් දවන්නේය. පිටතට
'නොපෙනෙන්නේය"යි කියා හැඬූහ.
බෝසතාණන් වහන්සේ රජුගේ බැගෑපත් වූ වලප්නා හඬ අසා "මේ නුවණින් අන්ධ වූ රජ පළමු මා කීවා නොකෙළේය. මතු කීකරු වන ලෙස නිග්‍රහ කොට අඳුන්වා ලමි"යි සිතා වදාරන සේක් 'මහරජ, නුඹ වහන්සේ කාමයෙන් අන්ධ වූ සේක් මෝහයෙන් මුළා වූ සේක් ගමන් විචාළ තෙන මාගේ ප්‍රඥාවෙන් මතු මේ නිසා භයෙක් වෙයි කියව කියවා 'ඒ නපුරැ'යි නොගිවිස සේනකාදීන්ගේ බස් 'යහපතැ'යි ගිවිස භින්න මන්ත්‍රණයෙන් මේ සා මහත් භයකට පැමිණි සේක, ඒ මහා මන්ත්‍රී වූ සේනකාදී පණ්ඩිතවරුන් සතර දෙනාගේ බසින් සරණ හිඳුවා රජ්ජුරුවන් හා නෑ සම්බන්ධය කළා ඉතා යහපත, නුඹ වහන්සේගේ සිත භින්න කොට තුමූ ඇමත් 'ඉණ කඩක් පිඩක් ලැබ ගනුම්හ'යි ලෝභ චේතනාවෙන් කයිවාරු කොට ගෙනාවෝ, මේ දුකින් කුමකට ගලවා නොගනිද්ද? වන්නාට උන් ගලවා ගන්නාත් දකිමි, උන්ගේ බලත් දක්නෙම් වේදැ”යි වදාළ සේක.
මෙසේද කියා 'මෙලොවින් පරලොවින් වැඩක් ම
වන්නා කැමැති සියල්ලෙන් ම උතුම් අමාත්‍ය ව සිටි මාගේ බස්
නො ගිවිසැ කාමයෙන් ඇලුණු සිත් ඇති ව යම් කිසිවෙක්හි
ලෝභයෙන් මුවකු අවුත් දැඩි මලෙක බැඳුනා සේ පඤ්චාලචණ්ඩි
කුමාරිකාව ලබමි'යන ලෝභයෙන් අවුත් මරු මුවෙහි අසු වූ සේක.
එදවස් ම පංචාල දේශයට ගමන් යහපත්දැ'යි විචාළ නුඹ වහන්සේට
මෙවැනි උපමා කොට කීයෙම් වේදැ'යි වදාළ සේක. මෙසේද
කියා නැවතත් වදාරන සේක් 'ජන ප්‍රධාන වූ රජ්ජුරුවන් වහන්ස,
අනාචාර ස්වරූප ඇති අසත් පුරුෂයා හා මිත්‍ර ධර්මයක් නොකළ
මැනැව, ඉදින් ඔහුගේ බස් ගිවිස සරණ සොයා ගිය සෙක් වී නම්
මෙලොවින් පරලොවින් වන වැඩෙක් නැත. දෙලොවින් ම ඕහට
දුකෙක් මං වන්නේය, කියව කියවා මා කීවා නොකොට ඔහු කීවා ම
කළ සේක. ඉදින් මා කීවා කළ සේක් වී නම් අද මේ සා දුකෙක්වත්
භයෙක්වත් නැත්තේ වේදැ'යි වදාරා නැවත සිතන සේක් 'මේ රජහු
මතුත් නොකීකරු නොවන ලෙස තර කොට හික්මවා නිග්‍රහයට
පමුණුවමි, පළමු කීවා ම කියා භයට හා ලජ්ජාවට පමුණුවමි'යි
සිතා වදාරන සේක් 'මහරජ, එදවස් 'ගමන් නොගිය මැනැවැ'යි
කීවා වූ මට නුඹ වහන්සේ කියනදෑ 'කේවට්ට පණ්ඩිතයන් හා
සේනක පණ්ඩිතයන් ආදීහු පණ්ඩිතවරුය, රජගෙයි අසලයෝත්
රජදරුවන්ගේ අදහස් දන්නෝත් මඟුලට නිසි බස් දන්නොත් ඌ
මය, මේ ගොවියා පුත් නිමුන් මිට එලීගෙන සී සා කන සේ දන්නා
බව මුත් රජගෙයි කාරිය හා මඟුල් කාරණාද බැවහර දනීදැ'යි මට
කිපී 'කොල ගොවියා පිත් බොටුව අල්ලාගෙන මාගේ විජිතයෙන්
ඈත ලව'යි වදාළ සේක් වේද? එදවස් එසේ කී නුඹ වහන්සේ
දැන් එසේ වූ ප්‍රඥා සමුද්‍රයන් සිටිය දී මා ගොවියා පුතු අතින්
ගැලවෙන උපාය විචාරන සේ ඉතා නොයෙදෙන්නෙය. මා අතින්
උපාය විචාරන නුඹ වහන්සේ මැ ය. කෙළතොලු සේකුත් නුවණ
නැති සේකුත්: මා දන්නේ සී සා කන පමණෙක් මය. වුවමනා
සේක් වී නම් සී සානා මාන විචාරා ගත මැනැව. නුවණැත්තෝත්
පණ්ඩිතවරුත් මේ මරින් ගැලැවෙන උපාය දන්නෝත් සේනකාදී
පණ්ඩිතවරුය. නුඹ වහන්සේ මට කිවමනා වී නම් එදවස් කීවා
සේ කර අල්වා පිටත ලන්නට කිව මැනැව. අටළොස් අක්ෂෞහිණි
සංඛ්‍යාත මේ සේනාව අතුරෙන් සේනකාදීහු ගලවා ගනිත්වා. මම
කුමක් දනිම්දැ'යි වදාළ සේක.
ඒ අසා රජ්ජුරුවෝ සිතන්නාහු 'පණ්ඩිතයෝ පළමු කී
අපරාධය ම කියන්නාහ. මපුතණුවෝ මේ මතු වන්නා වූ භය
තමන්ගේ ප්‍රඥා චක්‍ෂුසින් මනා කොට දුටුවහ. එබැවින් මා තරව
නිග්‍රහ කොට පමුණුවති, අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න යන තුන්කල්
දක්නා වූ වජිර බුද්ධි වූ මාගේ පුතණුවෝ අනාගතයේ මෙබඳු
භයෙක් වන්නේය'යි දැන සාර මසක් මුළල්ලෙහි හිඳිනාහු නිකම්
නොහිඳිනාහ. ඒකාන්තයෙන් ගැලවෙන උපායක් කෙරෙත් මය, එයින්
මා විසින් පරීක්‍ෂා කළ මැනැවැ'යි සිතා කියන්නාහු 'පුත මහෞෂධ
පණ්ඩිතයෙනි, නුවණැත්තාහු ගිය දවස කළ දැඩිකම් හා නොදැන
කියා පී බස් පමණක් සිත තබාගෙන කිය කියා දුකට පැමිණියනට
නිග්‍රහ නොකරන්නාහ. තෙපිත් මහත් වූ නුවණැත්තෝය, අනුවණින්
කියා පී වරද ම කියව. සතුරු සේනාවක් වටලා බැඳගත් ජව සම්පන්න
සදා සිටි අසකු තියුණු කැහැටෙකින් විදිනා කලක් පරිද්දෙන් කුමට
මා විදුද? ඉදින් කියවූ නම් ගැලවී නැඟී යන උපායයක්වත් සතුරනට
අසු නොවී නැඟී යන තෙනක්වත් දනු නම් ඉන් මට අනුශාසනා
කරව, ගිය දවස මා නුවණ නැති ව කී කතා සිහි කොට තොපගේ
බස් නමැති ගීයෙන් මා නො විදුව, තර කොට බැඳී අසු තීක්‍ෂණ වූ
හීයෙන් විදිනා කලක් පරිද්දෙන් මා නොවිදුව, ගැලවෙන උපායෙක්
කියව, තොප මුත් මට අනෙක් පිටු වහලෙක් නැතැ'යි කීහ.
එබස් අසා කරුණාවට ආකර වූ ස්වාමි දරුවාණෝ සිතන සේක් මේ රජහට මා විනා අනෙක් පිටිවහලෙක් නැත්තේය, මේ රජ ඉතා අන්ධ බාලය. තමා නුවණ නැති හෙයින් පුරුෂ විශේෂ මඳකුත් නොදන්නේය, තවත් මඳක් බලා පසු ව අස්වසා ලමි' සිතා වදාරන සේක්:-
“අතීත මානුසං කම්මං දුක්කරං දුරභිසම්භවං නතං සක්කොමි මොචෙතුං ත්වම්පි ජානස්සු ඛත්යිය.”
මහරජ, මේ සා සේනාවක් වට ලාගෙන සිටි කල ඉන් මිදී යන තරම් උපායක් කොට ගැන්ම මනුෂ්‍යයන්ට ඉතා බැරි වන්නේය. මිනිසුන් කළමනා යම් දෙයක් ඇත්නම් ඒ සියල්ල සතුරන් වටලා සිටි හෙයින් අවිෂය ව ඉක්මව ගියේය. දැන් මෙවිට ගැලැවෙන උපායක් කරන්නා තබා සිතන්නටවත් නොපිළිවන. දැන් කරන උපායකින් නුඹ වහන්සේ ගලවා ගන්නට මම අසමර්ථයෙමි. මහරජ නුඹ වහන්සේ ම ගැලවෙන උපායක් දත මැනැවැ'යි මේ ගාථාවෙන් වදාරන සේක්:-
“සන්ති වෙහාසයා නාගා ඉද්ධිමන්තො යසස්සිනො
තෙපි ආදාය ගච්ඡෙය්යුි යස්ස හොන්ති තථාවිධා.”
“සන්ති වෙහාසයා අස්සා ඉද්දිමන්තො යසස්සනො
තෙපි ආදාය ගච්ඡෙය්යුස යස්ස හොන්ති තථාවිධා.”
“සන්ති වෙහාසයා පක්ඛී ඉද්දිමන්තො යසස්සිනො
තෙපි ආදාය ගච්ඡෙය්යුං යස්ස හොන්ති තථාවිධා.”
“සන්ති වෙහාසයා පක්ඛී ඉද්දිමන්තො යසස්සිනො
තෙපි ආදාය ගච්ඡෙය්යුං යස්ස හොන්ති තථාවිධා.”
"සමහර රජදරුවන්ගේ මෙසේ වූ දුකෙහි දී ගලවා ආකාශයෙන් ඇරගෙන යන්නා වූ උපෝසථය ඡද්දන්තය යන සෘද්ධි සම්පන්න වූ ඇත් කෙනෙක් අත්තාහ. එසේ වූ ඇත් කෙනෙක් නුඹ වහන්සේට ඇත් නම් මේ දුකෙන් ගලවා අහසෙන් ගෙන යෙත්වා. නැවත සමහර රජදරුවන්ගේ සෘද්ධිමත් වූ වළාහක අශ්වයෝ ඇත. එසේ වූ අස් කෙනෙක් නුඹ වහන්සේගේ ඇත් නම් උයිත් නුඹ වහන්සේ ආකාශයෙන් ගෙන යෙත්වා. තව ද සමහර රජදරු කෙනකුන්ගේ ආකාශචාරි වූ ගරුඬ වාහනත් ඇත්තේය. තව ද සමහර රජදරුවන්ගේ එසේ ම පක්‍ෂි වාහනත් ඇත්තේය, තව ද සෘද්ධිමත් වූ යක්‍ෂ කෙනෙක් ඇත්තාහ. එසේ වූ වාහනයෙක් නුඹ වහන්සේට ඇත් නම් මේ දුකින් ගලවා ගනිත්වා, මම ආකාශචාරි වූ ඇත් අස් පක්‍ෂි යක්‍ෂාදීන් පරිද්දෙන් නුඹ වහන්සේ ආකාශයෙන් ගෙන ගොස් මියුලු නුවර ලා ලන්නට අසමර්ථයෙමි'යි වදාළ සේක. එබස් අසා රජ්ජුරුවෝ මුවෙන් නොබැණ උන්හ.
එවිට සේනකයා සිතන්නේ රජ්ජුරුවන්ටත් අපටත්
පණ්ඩිතයන් විනා අනෙක් කිසි සරණෙක් නැත්තේය. රජ්ජුරුවෝ
පණ්ඩිතයන්ගේ බස් අසා භයින් තැති ගෙන කිසිවකුත් කියන්නට
අසමර්ථයහ. මෙවිට මමත් තමා දත පත නියා යාඥා කොට බලමි'යි
සිතා කියන්නේ මේ ගාථාවෙන්:
“අතීරදස්සී පුරිසො මහන්තෙ උදකණ්ණවෙ
යත්ථසො ලභතෙ ගාධං තත්ථ සො වින්දතෙ සුඛං”
“ඒවං අම්හෙ ච රඤ්ඤො ච ත්වං පතිට්ඨා මහොසධො
ත්වං නො’සි මන්තිනං සෙට්ඨො අම්හෙ දුක්ඛා පමොචය”
මියුලු නුවර මේ මහා සේනාව ගොස් වට ලා ගත් කලත් නුඹ
වහන්සේගේ ප්‍රඥා බලයෙන් ම දිවි ලදුම්හ. තව ද සමුද්‍රයෙන් නැව්
බුන්නවුන් රළින් රළ පැහැර ඇවිදිනා කල්හි ඉදින් ගොඩෙක් පෙනී
ගිය නම් ඔහු මහත් වූ සොම්නසට පත්වන්නාහ. එපරිද්දෙන් අපටත්
රජ්ජුරුවන්ටත් නුවණින් හා මන්ත්‍රීකමින් උතුම් සේක් නුඹ වහන්සේ
වේද? එබැවින් මේ දුකින් මුදා අප ගලවා ගැන්ම නුඹ වහන්සේට ම
භාරය'යි කීය. එසේ කී සේනකයාට තරව භය උපදවා නිග්‍රහ කරන
සේක් මේ ගාථාවෙන් වදාරන සේක්:-
“අතීතං මානුසං කම්මං දුක්කරං දුරහසම්භවං
න තං සක්කොම් මොචෙතුං ත්වඤච ජානස්සු සේනක.”
“එම්බල අඥානය, එදවස් මේ ගමන් නොකැමැත්තේ යයි මා කියතුත් රජුට නොයෙක් කාරණා කියා උගන්වාගෙන ආයෙහිත් තෝ මය, ගෙනවුත් මේ සා දුකට පමුණුවා මේ සා අනර්ථයක් යෙදුයෙහිත් තෝ මය, එම්බල, අසත් පුරුෂය, මනුෂ්‍යයන් විසින් ගැලවෙන්නට කටයුතු යම් උපදේශයක් ඇත් නම් මෙවිට මේ ඇසිල්ලෙහි කරන්නා තබා සිතන්නටවත් නොපිළිවනැ. ඒ සියල්ල මැ ඉකුත් වැ ගියේ යැ. මා විසින් දැන් කොට සාදා ගත හැකි කිසිවකුත් නැත්තේය. මට නොපිළිවනැ, තෙපිත් පෙරැ “අප මුත් නැතැ'යි බැහැවෙන පණ්ඩිතවරු වූව, තොපගේ නුවණින් මීට උපායක් සිතා තෙපිත් ගැළවී රජ්ජුරුවනුත් ගලවාගන්ව'යි වදාළ සේක. මෙසේද කියා නැවත 'තෝ සපනී නම් ආකාශයෙන් ගෙන ගොස් මියුලු නුවර ලා පියව' වදාළ සේක.
ගැලවෙන්නට කටයුතු යම් උපදේශයක් ඇත් නම් මෙවිට මේ
ඇසිල්ලෙහි කරන්නා තබා සිතන්නටවත් නොපිළිවනැ. ඒ සියල්ල මැ ඉකුත් වැ ගියේ යැ.
මා විසින් දැන් කොට සාදා ගත හැකි කිසිවකුත්
නැත්තේය. මට නොපිළිවනැ, තෙපිත් පෙරැ “අප මුත් නැතැ'යි
බැහැවෙන පණ්ඩිතවරු වූව, තොපගේ නුවණින් මීට උපායක් සිතා
තෙපිත් ගැළවී රජ්ජුරුවනුත් ගලවාගන්ව'යි වදාළ සේක. මෙසේද
කියා නැවත 'තෝ සපනී නම් ආකාශයෙන් ගෙන ගොස් මියුලු නුවර
ලා පියව' වදාළ සේක.
රජ්ජුරුවෝ ගැලවෙන්නට උපායක් සිතන්නාහු මරණ භයින් තැති ගෙන බෝධිසත්ත්වයන් හා සමඟ කිසිවකුත් කියන්නට අසමර්ථ වැ, “යම් සේ මේ සේනකයාත් පණ්ඩිතයෙක් වුව, කිසි ම උපායක් දනී නම් විචාරමි'යි සිතා 'සේනකය, මේ උපන් භයින් ගැලවී යන්නට සුදුසු උපායක් දනී නම් කියව'යි මේ ගාථාවෙන් කීහ.
සුණොහි මෙතං වචනං - පස්සසෙතං මහබ්භයං, සේනකංදානි පුච්ඡාමි - කිං කිච්චං ඉධ මඤ්ඤසි.
මේ ගාථාවෙන් විචාළ රජ්ජුරුවන්ට සේනකයා 'යම් සේ මසක් මං මුළා වූ එකෙක් සමසක් මංමුළා වූ එකකු අතින් මං විචාළේද එපරිද්දෙන් මේ රජ්ජුරුවෝ මා අතින් ගැලවෙන උපාය විචාරන්නාහ. යහපත් වූවත් නපුරු වූවත් මා කටට ආවක් ම කියමි සිතා උපායක් සලකාගෙන කියන්නේ මේ ගාථාවෙන් කීහ:-
“අග්ගි දුවාරතො දෙම ගණ්හාමසෙ විකත්තනං
අඤ්ඤමඤ්ඤං වධිත්වාන ඛිප්පං හෙස්සාම ජීවිතං
මා නො රාජා බ්ර්හ්මදත්තො චිරං දුක්ඛෙන මාරං.”
මේ ගාථාවේ අර්ථය නම්, "මහරජ, කරන සේක් වී නම් මා කියන උපාය යහපත, මේ අප හැම උන් මාළිගාවට අප හැම වැදලා දොර පිටතින් බන්දා ලා ගිනිගස්වා ලා තියුණු මුවහත් ඇති කඩුවක් බැගින් නමකට එක එක කඩුව ගෙන ඔවුනොවුන් කොටා මියම්හ. එසේ මළා වූ නුඹ වහන්සේ හා හැම දෙනාට සැරහූ මාළිගා එක් දර සෑයක් වන්නේය. බ්‍රහ්මදත්තයෝ අල්වා ගත්තු නම් ජන්මාන්තර වෛරී හෙයින් වධ කොට බොහෝ දවසකින් දුක් දී මරන්නාහ. එබැවින් වහා මිය යාම උත්තම”ය යි කීහ.
ඒ අසා රජ්ජුරුවෝ "තට හා තාගේ අඹුදරුවනට මෙබඳු දර
සෑයකුත් මෙසේ මරකුත් වේව"යි මට මේ වැනි මරක් නොවේව"යි
කියා පුක්කුස ආදි තුන් දෙනා විචාළහ. ඔවුත් නුවණ නැති ව කටට
ආවක් ම කීහ. එසේ හෙයින් කියන ලදී:-
“සුණොහි එතං වචනං පස්ස සෙතං මහබ්භයං
පුක්කුස දානි පුච්ඡාමි කිං කිච්චං ඉධ මඤ්ඤසි”
මේ ගාථාව අසා පුක්කුසයා කියන්නේ 'මහරජ, බ්‍රහ්මදත්තයෝ
අල්ලා ගත්තු නම් ජන්මාන්තර වෛරි හෙයින් නොයෙක් වධ
කොට චිරාත් කාලයක් දුක් දී මරන්නාහ. කෙසේ කොටත් මරණ
නොවන්නා බැවින් අපි හැම දෙනම උග්‍ර වූ විෂයක් කා පියා වහා
මියම්හ" යි කීහ.
ඔහුගේ බස් අසා නොසතුටු ව තාගේ අඹුදරුවන් හා සමඟ
තෝ වහා මියයව, මට මෙවැන්නක් නොකිවයි කියා කාවින්දයා
විචාළහ. 'කාවින්දයාත් පණ්ඩිතයෙක් වුව, මින් ගැලවෙන්නට
උපායක් දනී නම් කියව'යි කියා මේ ගාථාවෙන් කීහ.
“සුණොහි එතං වචනං පස්සසෙතං මහබ්භයං
කාවින්දං දානි පුච්ඡාමි කිං කිව්වං ඉධං මඤ්ඤසි.”
ඒ අසා කාවින්දයා කියන්නේ "මහරජ, බ්‍රහ්මදත්ත රජ තෙම
අප අල්ලාගෙන බොහෝ වධ කරවා මහ දුක් දී බොහෝ දවසකින්
මරන්නේය, ඔහු අතින් වධ විඳ මිය යන්නා බලාත් නමකට ලණුවක්
බැගින් ඇරගෙන මාළිගයේ මතු මාලට නැඟී සී මැඳුරු කවුළුවෙන්
පිටත කොබෝ ගෙඩි වළල්ලේ රෑන බැඳලා මල ඉඳි කොට කර
ලා ගෙන පැන පියම්හ, නොහොත් කර වැල් ලාගෙන මියම්හ,
නැත ගැඹුරු ප්‍රපාතයකට පැන පියා වහා මියම්හ'යි කීය.
ඒ අසා රජ්ජුරුවෝ එසේ කර වැල් ලාගෙන මියන මරෙක් තාගේ අඹුවන්ට හා තට වේවයි එසේ වූ දෙයක් මට නොවේව,'යි කියා 'දේවින්දය, මේ උපන් භය තොයිත් දුටුවෙහි වේද, ඉදින් තොයිත් උපායක් දනී නම් කියා බල'යි මේ ගාථාවෙන් කීහ.
“සුණොහි එතං වචනං පස්සසෙතං මහබ්භයං
දෙවින්දං දනි පුච්ඡාමි කිං කිච්චං ඉධං මඤ්ඤසි”
මේ ගාථාව අසා හේ පැන නැඟී අනිකක් සොයා
ගන්නට අසමර්ථ ව 'සේනකයා කී ලෙස ම කියමි' සිතා "මහරජ,
බ්‍රහ්මදත්තයා අල්ලා ගති නම් තමා කැමැති වධයක් කරවා බොහෝ
දුක් දී කලාතුරකින් මරන්නේය. එසේ දුක් විඳ සතුරන් අත මියන්නා
බලාත් මේ මාළිගාවේ දොර පිටතින් අයා බන්දා ලා ගිනි ගස්වා
ලා අපි නමකට කඩුවක් බැගින් ඇරගෙන ඔවුනොවුන් කොටා -
මියම්හ. මේ විසිතුරු මාළිගාව බ්‍රහ්මදත්තයාට ප්‍රයෝජනවත් නොව
අප හැම දෙනාට එකම දර සෑයක් වන්නේය, මේ විනා මා දන්නා
අනෙක් උපායක් නැත, පොළොව පැකුළුණනට එම පොළෝ පිහිට
වන්නා සේ මේ දුකින් අපි හැම දෙන සුව සේ මුදා පියත් නම්
කරුණා නිධාන වූ ජනහිත නිරත වූ මහෞෂධ ස්වාමීන් විනා අප
සේ නුවණින් අන්ධයනට ඒ විෂයය නො වෙයි, ඇවිළෙන ගිනි
තබා කණ මැදිරියන් පිම්බා සේ ප්‍රඥා නමැති වහ්නි ස්කන්ධයෙන්
සමස්ත ලෝකය ඒකාලෝක කර බබුළුවන මේ උත්තමයාණන්
සිටිය දී අප සතර දෙනා සේ නුවණින් අන්ධයන් අතින් ගැලැවෙන
උපායය විචාරන්නේ අපටත් වඩා නුවණ නැති නියා ද? කරන
යාඥාවක් අපි හැම දෙන ම පණ්ඩිතයන් වහන්සේට කරම්හ'යි
මෙසේද කියා අපිහැම දෙන ම එක් ව බැගෑපත් ව හඬා දොඩා අප
ගලවා ගත මැනැව'යි යාඥා කරම්හ. සතුරන් කෙරෙහිත් මිතුරන්
කෙරෙහිත් සඳරැස් වන් කිරි මුහුද සේ ද, සක කිරි වත් කළා සේ ද සම
වූ මෛත්‍රී ඇති මේ උත්තමයාණෝ තමනට විෂයය වී නම් මෙතෙක්
දෙනා අනාථ මරණින් මිය යා නොදෙන්නාහ. උන් වහන්සේත් තර වැ
නොපිළිවනැ'යි කිවහොත් සේනක පණ්ඩිතයන් කී ලෙස දොර බැඳ
ගිනි ගස්වා උනුන් කොටා මියම්හ”යි කීය.
ඒ අසා රජ්ජුරුවෝ පෙර තමන් බෝධිසත්ත්වයනට කළ කී
අපරාධය සඳහන් කොට ඔබ සමඟ කිසිවකුත් කියන්නට අසමර්ථ
ව මහතාණන් අස අසා සිටිය දී ඔබ ළය කම්පා වන පරිද්දෙන්
බැගෑපත් ව හඬන්නාහු මේ ගාථාවෙන් කීහ.
“යථා කදලිතෙ සාරං අන්වෙසං නාධිගච්ඡති
එවං අන්වෙසමානානං පඤ්ඤං නාජ්ඣගමාමසෙ.”
“යථා සිම්බලිනො සාරං අන්වෙසං නාධිවගච්ඡති
ඒවං අන්වෙසමානානං පඤ්ඤං නාජ්ඣගමාමසෙ.”
“අදෙසෙ වත නො වුත්ථුං කුංජරානං නොදකෙ
සකාසෙ දුම්මනුස්සානං බාලානමවිජානතං”
“උබ්බධෙති මෙ හදයං මුඛඤ්ච පරිසුස්සති
නිබ්බුතිං නාධිගච්ඡාමි අග්ගිදඩ්ඪො ව ආතපෙ.”
“කම්මාරානංක යථා උක්කා අන්තො ජ්ඣායති නො බහි
එවම්පි භදයං මය්හං අන්තො ජ්ඣායති නො බහි.”
මේ ගාථාවෙහි අභිප්‍රාය නම් යම් සේ කෙසෙල් ගස් හර ඇතැයි වරදවා සිත් ගත් නුවණ මඳ පුරුෂයෙක් කැපෙන යකඩයක් නැවතත් ගා මුවහත සියුම් කොටගෙන මහත් රඹ වනයකට වැද මහත් කෙහෙල් ගස් කපා බඩ දක්වා බිඩලු හැරත් එහි කිසි හරයක් නොදකීද, එපරිද්දෙන් මින් ගැලවෙන උපාය සොයන්නා වූ මම කිසි කෙනකුන්ගෙනුත් නුවණ නමැති සාරයක් නොදුටුයෙමි. තව ද ඉඹුල් හරයකින් ප්‍රයෝජන විඳිනා කැමැනි පුරුෂයෙක් කෙහෙල් වචනහර සෙවූ පුරුෂයා සේ ඉඹුල් වනය කොටා එක ගසකත් හර නොදකීද එපරිද්දෙන් මේ දුකින් ගැලැවී ගන්නා උපායක් සොයන්නා වූ මමහර නැති ඉඹුල් රුක් සේ වූ මොවුන්හැම දෙනා කෙරෙහි ප්‍රඥා නමැති සාරයක් මඳකුත් දුටුදෑ නැත්මි, පැන් නැති මහ වනයෙක්හි විසූ මහ ඇතෙක් ගිම් සමයෙහි ඝර්මයෙන් පීඩිත වූවහු සේ දුකට පැමිණි කල්හි දුකින් මුදා ගලවාගන්නට තරම් වූ උපායක් නොදන්නා අඥානයන් සමීපයේ අනේ මා විසූ නියාවක් ඉතා නපුරුය,දැන් මාගේ ළය සුළඟට වෙවුලන්නා වූ ළදරු පල්ලවයක් සේ කම්පිත වන්නේය, කෙළ සිඳී උගුර වියළී ගියේය. ගින්නෙන් තැවුණු එකක්හු අව්වේ ලූ කලක් පරිද්දෙන් කිසි අස්වැසිල්ලක් නොලැබෙයි. තව ද කඹුරු උදුනෙහි ගිනි ඇතුළෙන් දවයි. ඒ ගිනි පිටතට නොපෙනයි, එපරිද්දෙන් දැන් මාගේ ළෙහි මරන ගිනි ඇතුළෙන් වන්නේය. පිටත නොපෙනෙන්නේය. මේ පණ්ඩිතවරුන් අමාත්‍ය ධූරයෙහි නුවණට හා මන්ත්‍රිකමට තබාගෙන විසූ නියාව පැන් නැති මහ වනයෙහි ඇතු විසුවාක් වැන්න, නුවණ නැති පුරුෂයා කෙහෙල් හර සෙවුවා වැන්න, ඒ නිරුදක වනයෙහි විසූ ඇත් උදකයෙන් පීඩිත වූයේ නොබෝ කලෙකින් සතුරනට හස්තප්‍රාජ්ත වේද, ඒ පරිද්දෙන් නුවණ නැති පණ්ඩිතවරුන්ගෙන් එකෙකුත් මේ දුකින් මුදා ලන්නට සමර්ථ නොවේ' කියා බැගෑපත් ව හැඬූහ.
38. වේදේහයන් අස්වැසීම
[සංස්කරණය]මෙසේ ඇසූවන් ළය කම්පා වන පරිද්දෙන් හඬන්නා වූ රජ්ජුරුවන්ගේ බස් අසා සරණාගත වජ්‍රපඤ්ජරයක් වැනි වූ මාගේ 'ස්වාමිදරු වූ බෝධිසත්ත්වයන් වහන්සේ 'මේ රජ මරන භයින් ඉතා ක්ලාන්ත විය, සා පිපාසා ඇත්තවුනට අන්නපාන දෙක පිටිවහල් වන්නා සේ ගිලණුනට වෙදුන් පිටිවහල් වන්නා සේ මේ රජහටත් මා මුත් අනෙක් පිටිවහලක් නැත, මෙවිට මොහු අස්වසා නොලා තවත් තද වීම් නම් ශෝකයෙන් ළය පැළී ගිය නම් නපුර, සාර මසක් මුළුල්ලේ මා ගත් දුක් නිෂ්ඵල වන්නේය. එබැවින් අස්වසා ලමි'යි සිතා අස්වසා වදාළ සේක. ඒ බව ප්‍රකාශ කොට වදාරන බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන්,
“තතො සො පණ්ඩිතො ධීරො අත්ථදස්සී මහොසධො
වෙදෙහං දුක්ඛිතං දිස්වා ඉදං වචනමබ්රාවි”
“එම්බා මහණෙනි, මහෞෂධ පණ්ඩිතයන් නොකැමැති
කරවා සරණ සොයා ගිය වේදේහ රජ හුන් උපකාරී නුවර බ්‍රහ්මදත්තයා
එක් සියයක් රජුන් සහිත ව මහා සේනාව ගෙන වුත් වටලා ගත්
කල්හි අඹුවන් තබා තමා ගැලැ වී ගත නොහී මිදෙන උපාය
විචාළේ ය. ඔහුට මහෞෂධයන් 'ඔබ නොගිය මැනැව, ගිය හොත්
මහා විනාශයට පැමිණෙන්නේය, නොයා හැක්කැ'යි කීමි, ඒ මා
කටයුතු නොදනිති'යි වරදවා බැණ නිග්‍රහයෙන් පිටත ලවා ඔබ ගිය
මැනැව. ගිය හොත් මහත් වැඩ වන්නේය'යි කියන ලද සේනකාදීන්
බසින් නුඹ වහන්සේ ආ සේක් වේද? දැන් ඒ පණ්ඩිතවරුන් අතින්
උපාය විචාරා ගත මැනැවයි කී කල්හි සේනකාදී වූ සතර දෙන
උන් හැම දෙනා කියන ලද මරණෝපාය අසා නොසතුටු ව මහෞෂධ
පණ්ඩිතයනට කිය නොහී භය ඇති ව උනට ඇසෙන පරිද්දෙන්
හඬන්නාහු වේදේහ රජු බස් අසා 'මෙවිට අස්වසා නොලීම් නම් ළය
පැළී නැසී ගිය හොත් මා දිවා රෑ ගත් දුක් මුළුල්ල ව්‍යර්ථ වන්නේය.
තව ද මතු බොහෝ වා දහස් මුළුල්ලෙහි සඳ මඬල ඇන්දා සේ
පෙනෙන්නා වූ මාගේ ප්‍රඥා විශේෂය ජල රේඛාවක් පරිද්දෙන් තුච්ඡ
වන්නේය'යි සිතා රජහු අස්වසන්නාහු,
මා ත්වංන භායි මහාරාජ මා ත්වංා භායි රථෙසහ
අහං ත්වං මොචයිස්සාමි රාහුගහිතංච චන්දිමං
මා ත්වංං භායි මහාරාජ මා ත්වංු භායි රථෙසහ
අහං ත්වං මොචයිස්සාමි රාහුගහිතංච සූරියං
මා ත්වංත භායි මහාරාජ මා ත්වංස භායි රථෙසහ
අහං ත්වං මොචයිස්සාමි පංකො සත්තංච කුඤ්ජරං
මා ත්වංව භායි මහාරාජ මා ත්වං භායි රථෙසහ
අහං ත්වං මොචයිස්සාමි පෙළාබද්ධංච පන්නග
මා ත්වංව භායි මහාරාජ මා ත්වං් භායි රථෙසහ
අහං ත්වං මොචයිස්සාමි මච්ජේ ජාලගතෙරිව
මා ත්වංව භායි මහාරාජ මා ත්වං භායි රථෙසහ
අහං ත්වංත මොචයිස්සාමි සයොග්ග බලවාභනා
මා ත්වං් භායි මහාරාජ මා ත්වං් භායි රථෙසහ
පඤ්චාල වාභයිස්සාමි කාකසෙනංච ලෙඩ්ඩුනං
අතීතානාගත ප්‍රත්‍යුත්පන්න යන කාලත්‍රයවර්තී වූ සියලු
පදාර්ථයන් ස්වයම්භූ ඥානයෙන් පරෝපදේශ රහිත ව තමන් ම දත්
හෙයින් ඉතා නුවණැති වූ මහෞෂධ පණ්ඩිතයෝ වේදේහයන් මරණ
භයින් පීඩත ව වලප්නවුන් මෙසේ කියා සන්සිඳුවමින් 'මහරජ,
නොබව මැනැව. මේ එක් සියයක් රජුන් හා අටළොස් අක්ෂෞහිණි
සංඛ්‍යාත සේනාව වටලාගෙන සිටිය දී රාහු මුඛයට වන් සඳ මඬල
ගලවා ගන්නා සේ ගලවා ගනිමි. තව ද මහ මඩෙහි එරී ගිය ඇතක්හු
ගොඩ ගන්නා සේ ගලවා ගනිමි, තව ද මේ සේනාවෙන් කිසි
කෙනකුන් නොදන්නා පරිද්දෙන් පේළාවෙක හසු වූ නයකු ගලවා
ගන්නා සේ බ්‍රහ්මදත්ත රජ නමැති අහිගුණ්ඨිකයා ගෙන් සේනා
නමැති පේළාවෙහි හසු වූ වේදේහ නමැති නාග රාජයා ගලවා ගෙන
ගොස් මියුලු නුවර ලා ලමි, තව ද මැඳිරියේ හසු වූ පක්‍ෂින් ගලවා හරනා
සේ සුව සේ ගලවා ගනිමි. තව ද දැල බැඳි මසුන් ගලවා ගන්නා සේ
ගලවා ගනිමි. තව ද මහරජ, නොබව මැනැව, නුඹ වහන්සේ මතු
තනි ව ගලවා ගනිතියි නොසිතුව මැනැව, නුඹ වහන්සේ හා කැටි
ව ආවා වූ ඇත් අස් රථ පදාති සේනාවෙන් එකක්හටත් මේ සතුරා
ගෙන් කිසි උපද්‍රවයක් විය නොදී සුව සේ ගලවා ගෙන ගොස් මියුලු
නුවර ලා ලන්නෙමි. තව ද මහරජ නොබව මැනැව, ඉදින් සිතීම්
නම් එක් සියයක් රජදරුවන් හා අටළොස් අක්ෂෞහිණියක් පමණ
රාජ සේනාව අනික් කෙනකුන්ගේ උපදේශයක් හා යුද්ධ ප්‍රයෝග
යක් නැති ව මාගේ ප්‍රඥා බලයෙන් ම කැටක් අල්වාගෙන දමා කපුටු
සමූහයක් නෙරන සේ පලවා පියන්නටත් බැරි නොවන්නේය. නුඹ
වහන්සේ නොබව මැනැව'යි අස්වැසූහ'යි වදාළ සේක.
සෙස්සවුන්ගේ නුවණින් ප්‍රයෝජන කිම්ද? අමාත්‍යයෝ
නමුත් නුවණැත්තෝ නමුත් මෙසේ වූ දුකෙහි දී පිටිවහල් ව ඒ දුකින්
මුදාලන්නෝ උත්තමයෝ වෙත් ද? තව ද බෝධිසත්ත්වයන් වහන්සේ
වදාරන සේක් “මහරජ නුඹ වහන්සේ පළමු මා කුමක් පිණිස ආ යැයි
සිතූ සේක්ද? මතු නුඹ වහන්සේට මෙ වැනි භයෙක් වන්නේයයි කියා
ප්‍රඥා නමැති දිවැසින් දුටුවා වූ මම නවතා ලීමි, ඒත් නොනවත්නා
හෙයින් ඒ බව දැන නුඹ වහන්සේ නැසී යාදී ඉඳීම මට තරම් නොවෙයි
සිතා මට උදහස් වුවත් ඒ මා සිත නොතබා නුඹ වහන්සේට පළමු
අවුත් සාර මසක් මුළුල්ලෙහි මෙහි හිඳ කුමක් කළහයි සිතූ සේක්ද?
මහ රජ නොබව මැනැව, මේ භයින් මුදා සුව සේ ගලවා ගෙන
ගොස් මියුලු නුවර ලා ලමි' වදාළ සේක. බෝධිසත්ත්වයන් වහන්සේ
ශංකා රහිත ව අභීත කේශර සිංහ රාජයකු සේ කිසි භයක් නැති ව
කියන්නා වූ බස් ඇසූ වේදේහ රජ තෙමේ “මෙ විට මාගේ ජීවිතය
ලදිමි”යි අතිශයින් සතුටු ව අස්වැසි ගත්තේය.
බෝධිසත්ත්වයන් වහන්සේ මෙසේ සිංහ නාද කළ කල්හි
සේනකයා ආදී වූ බොහෝ දෙන සතුටු ව ගියහ. බෝධිසත්ත්වයන්
වහන්සේ “නොබව තොප හැමත් සුව සේ ගලවා ගනිමි”යි කියත්
ම සේනකයා ආශ්චර්යයට පැමිණියේ 'ස්වාමීනි, මේ සා සේනාවක්
අවුත් තුන් සන්ධියකින් හා සතර වළල්ලකින් අතුරු සිදුරු නැති ව
වටලාගෙන සිටිය දී කවර උපායකින් ගලවා ගෙන යන සේක්දැ'යි
කීය. 'එම්බල සේනකය, මේ සතුරන් ලුහු බඳවා පියා වාසලින් පිටත්
ව සතුරන් බල බලා සිටිය දී යන්නෙම් වී නමුත් මට බැරි නොවෙයි.
එතකුදු වූවත් උන්හැම නොදන්නා පරිද්දෙන් සරහන ලද උමඟින්
ගෙන යෙමි'යි වදාළ සේක.
මෙසේද කියා 'සේනකය, තෝ ගමනට සැරහී ගනැ'යි වදාරා
උමඟ දොර හරනට තමන් වහන්සේගේ යෝධයනට විධාන කරන
සේක්:-
“එථ මානව උට්ඨෙථ මුඛං සොධෙථ සජ්ඣිනො,
වෙදෙහො සහමච්චේහි උම්මග්ගගෙන ගමිස්සති”
“කුඩාවරුනි, වහා නැඟී ගොසින් උමඟ දොර හරුව, වේදේහ
රජ්ජුරුවන් වහන්සේ අමාත්‍ය සමූහයා විසින් පිරිවරන ලදු ව උමඟින්
වඩනා සේකැ'යි වදාළ සේක. ඔහු ගොසින් උමඟ දොර ඇරැ පීහ.
සියලු උමඟ සරහන ලද 'සුධර්මා' නම් දිව්‍ය සභාව සේ අති මනෝහර
විය.
බෝධිසත්ත්වයන් වහන්සේගේ විධානයෙන් යෝධයන් උමඟ දොරහළ නියාව ප්‍රකාශ කොට වදාරන බුදු රජාණන් වහන්සේ මේ ගාථාවෙන් වදාරන සේක්:-
තස්ස තං වචනං සුත්වා පණ්ඩිතස්සානුකාරිනො
උම්මග්ගද්වාරං විවරිංසු යන්තයූත්තෙව අග්ගලෙ
“එම්බා මහණෙනි, මහෞෂධ පණ්ඩිතයන්ගේ සුශික්ෂිත කීකරු යෝධයෝ ඒ පණ්ඩිතයන්ගේ තීක්‍ෂණ වූ ප්‍රඥාවෙන් කරන ලද උමඟ යන්ත්‍රයෙන් යුක්ත වූ දොර ඇරැ ඒ බව බෝධිසත්ත්වයනට කීහ”යි වදාළ සේක.
39. වේදේහයන් ගැලැවී යාම
[සංස්කරණය]ඒ බව අසා බෝධිසත්ත්වයන් වහන්සේ 'වැඩිය මනා කලැ'යි වේදේහ රජ්ජුරුවනට කල් දැන්වූ සේක. රජ්ජුරුවෝ මාළිගාවෙන් බටහ. එවිට සේනකයා එදවස් අමරා දේවියන්දෑ නිසා තමා ලත් ඉස් පයිය ඉසින් ගලවා කෝනමක් තර ව හැඳ කඩ හකුළුවා තමා සිත වන් භය සේ පොට්ටනියත් එල්ලාගෙන ඈත් මෑත් බල බලා ඉඟිකරු ව සලෙයිකඩ ඉරා දණ වැලමිටි නළල ආදී වූ ස්ථානයෙහි නොබැන්දැයි නොසිතමි. මොහු මේ කරන්නා වූ විකාර මුළුල්ල බෝධිසත්ත්වයන් වහන්සේ දැක “නුවණ නැත්තව තෙල කුමක් කෙරෙයිදැ”යි වදාළ සේක. “පණ්ඩිතයන් වහන්ස, උමඟින් යන කල නම් කෝනමක් හැඳගෙන හන් පළන් වස්ත්‍රාභරණාදි සියලු අලංකාර තබා දනනමා ගෙන වේද යන්නේ? එසේ හෙයින් මමත් 'උමඟින්යන්නට සැරහෙමි'යි කීය. ඕහට වදාරන සේක් 'එම්බල 'සේනකය, තෝ වැළිත් උමඟට වදනා කල දණ බිම ඔබා නැඹුරු ව ගෙන ගොයකු සේ බඩ ගා යෙමි'යි නොසිත, තෝ ඉදින් ඇතකු පිටින්වත් අසකු පිටින්වත් රථයකින්වත් යන්නා කැමැත්තෙහි වී නම් ඉන් තා කැමැති වාහනයකට නැඟීයව, මා විසින් කරන ලද උමඟ උසින් අටළොස් රියනක. ඉතා උස් වූ පළල් වූ වාසල හා දොරටු ඇත්තේය. එබැවින් තෝ උමඟින් යන්නට කෝනමක් නොහැඳ දණ කඩරෙදි නොබැඳ තා සැරහෙන යම් අලංකාරයකින් සැරහී කැමැති වාහනයකට නැඟී රජ්ජුරුවනට පළමු නික්මෙව'යි වදාළ සේක.
බෝධිසත්ත්වයන් වහන්සේ ඉතා භයපත් වූ සේනකයා පළමු ව යන්නටත් රජ්ජුරුවන් මධ්‍යයෙහි යන්නටත් නිල කොට ලා තමන් වහන්සේ පසු ව ගමන් ගත් සේක. කුමක් නිසාද යත්, සේනකයාත් සතුරන් දැක තරව බා ගියේය. කිසිවෙකත් ආලය නොකොට පසු නොබලා දිවන්නේය. රජ්ජුරුවෝ තමන් සිහිනෙනුත් නුදුටුවුරූ විසිතුරු කොට සරහන ලද උමඟ විස්තර බලා නොයන්නාහ. එබැවින් තමන් වහන්සේ "මහරජ, වහා වැඩිය මැනැව. වහා වැඩිය මැනැව 'යි සන් කම් කොට කොට යන පිණිස රජහට පසු වූ සේකැයි දත යුතු. ඒ උමඟ ඇතුළේ බොහෝ ජනයාට බත් මාළු කන බොනදෑ මෙතෙකැයි පමණ නැති විය. එහි වන් මනුෂ්‍යයෝ කන්නාහු බොන්නාහු උමඟ විස්තර බලමින් මහත් වූ සන්තෝෂයෙන් යන්නාහ, බෝධිසත්ත්වයන් වහන්සේ 'මහරජ වහා වැඩිය මැනැවැ'යි සන් කම් කෙරෙමින් වඩනා සේක, රජ්ජුරුවෝ සුදම් දෙව් සබය සේ ඉතා සිත්කලු වූ උමඟ බලමින් යන්නාහ, උමඟින් යන පරිදි වදාරන බුදු රජාණන් වහන්සේ මේ ගාථාවෙන්,
“පුරතො සෙනකො යාති පච්ඡතොව මහොසධො
මජ්ඣෙන ච රාජා වෙදෙහ අමච්චපරිවාරිතො”
“එම්බා මහණෙනි, එදවස් උමඟින් යන ගමනේ සේනකයා
පළමුව යෙයි. මහෞෂධ පණ්ඩිතයෝ පස්සෙහි යන්නාහ. දෙදෙනා
මධ්‍යයෙහි වේදේහ රජ අමාත්‍ය මණ්ඩලයා පිරිවරා නික්මිණැ”"යි
වදාළ සේක.
රජ්ජුරුවන් හා පණ්ඩිතයන් වහන්සේ ආ බව දැන රැකවල
සිටියෝ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ මෑණියන් ආදී වූ රජදරුවන්
සතර දෙනා උමඟින් පිටත් කොට මහ විසල් මළුවේ සිටුවා ලූහ.
රජ්ජුරුවෝත් බෝධිසත්ත්වයන් හා සමඟ උමඟින් පිටත් වූහ. ඔහු
සතර දෙන බෝධිසත්ත්වයන් දෑත් රජ්ජුරුවනුත් දැක, “ඒකාන්තයෙන්
සතුරන් අත්පත් වූම්හ. අප ගෙනාවන් පණ්ඩිතයන්ගේ යෝධයන්
සැටිය”යි මරන භයින් තැති ගෙන මහ හඬින් හැඬූහ. ඔහු සතර
දෙනා හැඬූ වේලෙහි බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝත් වේදේහ රජ පලා
යෙයි යන ක්‍රෝධයෙන් ඒ නුවර වට තුන් ගව්වක් මානයේ රැකවල්
බලා අවුත් ගං තෙරට නුදුරු තැනෙක්හි සිටියාහු නිශ්ශබ්ද ව තුබූ
මධ්‍යම රාත්‍රියෙහි ඒ හැඬූ ශබ්දය අසා නන්දා දේවීන්ගේ කටහඬ
වැන්‌නැ'යි කීම් නම් 'කොයිත් නන්දා දේවියැ, ගිය යම් ම තැනක
නන්දා දේවී සඳහන් නොකොට හිඳිනා දවසෙක් නැතැ'යි කියන
බසට ලජ්ජාවෙන් කවුරුන්ටත් නොකීහ. බෝධිසත්ත්වයන් වහන්සේ
උමඟින් ම ගෙනා යෙන් රුවන් රැසක් පිට සිටුවා පඤ්චාලචණ්ඩි
කුමාරිකාවන් අභිෂේකයට පමුණුවා 'මහරජ නුඹ වහන්සේ මේ
කුමාරිකාව ගෙනයන්නට අවුදින් මේ සා භයකට පැමිණි සේක.
එබැවින් නුඹ වහන්සේට අග මෙහෙසුන් වන්නීයයි වදාළ සේක.
එවේලෙහි තුන් සියයක් නැව් ගෙනවුත් තොට බහා ලූහ. මහ විසල් මලුවෙන් ගොස් රජ්ජුරුවෝ සරහන ලද නැවකට නැංගාහ. බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ මෑණියන් ඇතුළු රජදරුවෝ සතර දෙනාත් එම නැවට නැංගාහ. ඒ බව ප්‍රකාශ කොට වදාරන බුදු රජාණන් වහන්සේ මේ ගාථාවෙන් වදාරා:-
“උම්මග්ගා ක්ඛමිත්වාන වෙදෙහො නාවමාරහි
අභිරුළ්හඤ්ච තං ඤත්වා අනුසාසි මහොසාධෙ”
“අයාං තෙ සසුරො දෙව අයං යස්සු ජනාධිප
යථා මාතුපටිත්ති එවං තෙ හොතු සස්සුයා”
“ යථාපි නියකො හාතා සොසරියො එකමාතුකෙ
එවං පඤ්චාල චණ්ඩා තෙ දයිතබ්බො රථෙසහ”
“අයං පඤ්චාලචණ්ඩී තෙ රාජපුත්ති අභිජ්ඣතා
කාමං කරොහි තෙ තාය හරියා තෙ රථෙසහ”
"එම්බා මහණෙනි, එ දවස් වේදේහ රජු උමඟින් පිටත් ව නැවට
නැංගේය. ඕහට මහෞෂධ පණ්ඩිතයෝ ‘මහරජ, මේ පඤ්චාලචණ්ඩ
කුමාරයෝ නම් නුඹ වහන්සේගේ සුහුරු බඬුණුවෝය. මේ නන්දා
දේවී නම් නුඹ වහන්සේගේ නැන්දණියෝය. ඒ නැන්දණියන්
කෙරෙහි වැදූ මෑණි කෙනකුට කරන ආදරයක් පරිද්දෙන් පිළිපැද්ද
මැනැව, පඤ්චාලචණ්ඩ කුමාරයෝ සුහුරුබඬුණුවෝ යයි ආලිස්සම්
නොවී එක කුසින් උපන් මල් බෑ කෙනකුන් පරිද්දෙන් දයා කටයුතුය.
මේ පඤ්චාල චණ්ඩි කුමාරිකාවෝ නම් උභයකුල පරිශුද්ධ ක්ෂත්‍රිය
කන්‍යාවෝය. උන් නුඹ වහන්සේ කැමැති පරිද්දෙන් රාජෛශ්චර්යයෙහි
පිහිටුවා රක්‍ෂා කළ මැනැව'යි කියා අවවාද කළහ’ යි වදාළ සේක.
මෙසේ අනුශාසනා කෙළේ කුමක් පිණිසද යත්, 'සරණ දෙම්හයි අප මායමින් ගෙන්වාගෙන මේ සා මහත් භයකට පමුණුවා ගහට කළ රජුගේ මව මරව, අඹුදරුවන් මරව’යි මැරූ යේ වී නම් නපුරැ"යි සිතාත් 'දුවණියනට වඩා නන්දා දේවීන් අධික රූ ඇති හෙයින් කාමයෙන් අන්ධ වූ මෝහයෙන් මුළා වූ රජ්ජුරුවෝ දුවණියන් තබා මෑණියන් කෙරේ ලෝභ උපදවා නෑකම් වරදවා පීහු නම් නපුරැ 'යි සිතාත් පළමු කොට රජ්ජුරුවන් අතින් ප්‍රතිඥා ඇර ගත්හයි දත යුතු. රජ්ජුරුවෝත් 'පුත තොප කී ලෙසින් කිසිවකුත් නො වරදවා කෙරෙමි'යි ඔබගේ අවවාද සිතින් ම පිළිගත්හ. එසේ අවවාද කරන සේක් රාජ මාතාවන් තලතා දේවීන්ගේ නමකුත් නොවදාළ සේක. කුමක් පිණිසද යත් උන් මහැලි හෙයින් කිසිවකුත් නොවදාළ සේක. මේ සියලු කතාව මහා බෝධිසත්ත්වයන් වහන්සේ ගොඩ සිට ම වදාළ සේක. ඉක්බිති රජ්ජුරුවෝ නැවින් වහා යනු කැමැතිව 'පුත තෙපි ගොඩ සිට ම දොඩවූය. වහා නැවට නැගෙව, කුමක් නිසා ගොඩ සිටුද සතුරන් අතින් දුක සේ මිදුනම්හ. එබැවින් වහා යම්හ'යි රජ්ජුරුවෝ මේ ගාථාවෙන් කීහ.
“ආරුය්හ නාචං තරමානො කින්නු තීරම්යි තිට්ඨසි
කිච්ඡා මුත්තම්බ දුක්ඛාතො යාමදානි මෙහොසධ”
ඒ අසා දේවයන් වහන්ස, නුඹ වහන්සේ හා එක් ව නැඟී
යෑම යුක්ත නොවෙයි, කියා ගාථා දෙකකින් වදාරන සේක්:-
"නෙස ධම්මො මහාරාජ සො’ හං සෙනංය නායකො
සෙනංගං පරිහාපෙත්වා අත්තානං පරිමොචයො"
"නිචෙසනම්හි තෙ දෙව සෙනංගං පරිහාපිතං
තං දින්නං බ්‍රහ්මදත්තෙන - ආනයිස්සං රථෙසභ"
“මහරජ, සේනාවට නායක කෙනෙක් සේනාව සතුරනට අත්පත් වූ කල තමා දන්නා යම් උපායකින් ඒ සේනාව ගලවා ගෙන යෑමක් වත් නොකෙළේ වී නම් උන්ගේ සේනානායක කමින් ප්‍රයෝජන නැත්තේය, ඒ තමා ම ධර්මිෂ්ඨකමකුත් නොවන්නේය. දැන් මමත් සේනානායකව සේනාව සතුරනට හස්ත ප්‍රාප්ත ව ඇතුළු නුවර සිටිය දී යෙම්ද අප වැන්නෝත් තනි ව දිවි රැක ගැන්මෙක් කෙදෙද්ද? මහරජ, නුඹ වහන්සේ හා කැටි ව සාර සියයක් ගව් ගෙවා ආ සේනාවගෙන් සමහර කෙනෙක් මාර්ගයෙහි ගමනින් ශ්‍රාන්ත ව නිදන්නාහ. සමහර කෙනෙක් අන්නපානාදියෙන් සන්තුෂ්ට ව මේ ගමන් තමා නොදන්නාහ. තව ද මාහා කැටි ව ආවුන් ගෙන් සාර මසක් මුළුල්ලෙහි උමඟ හා අගල පවුරු ආදී සියලු කර්මාන්ත කොට රෑ පාන අනවරතයෙන් දුක් ගෙන විඩා වූවාහු මේ එන නියාව උයිත් නොදන්නැහ. එබැවින් ඇම මට උපකාරී ව සිටියවුන්ගෙන් එකෙකුත් ඇර පියා ඊම මට තරම් නොවෙයි. ඒ සියලු සේනාව ම බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් ජයගෙන, උන් දුන් සේනාවක් පරිද්දෙන් නැවත හැර ගෙන එමි. මහරජ, නුඹ වහන්සේ අන්තර මාර්ගයෙහි ඇසිල්ලකුත් නොරඳා වහා වැඩිය මැනැව. පළමු මා විසින් නුඹ වහන්සේට යොත්නකට ගමක් බැගින් ගම් කරවා ඉඩම් ලවා අතර මඟ ගම් සියයෙහි ම වස්ත්‍රාභරණ අන්නපානයෙන් සමෘද්ධ කරවා ඇත් අස් ආදී වාහන සරහා සිටුවන ලද ගමින් ගමට පැමිණි කල කැටිව යන වාහනයෙන් දුර්වලයන් එහි රඳවා එහි තුබූ වාහනයකට නැඟී වහා මියුලු නුවරට වැඩිය මැනැව”යි වදාළ සේක. ඒ අසා රජ්ජුරුවෝ මේ ගාථාවෙන් කීහ.
“අප්ප සෙනො මහාසෙනං කථං විග්ගය්හ ඨස්සසි
දුබ්බලො බලවන්තෙන විභඤ්ඤස්සති පණ්ඩිත”
මෙහි අභිප්‍රාය නම් 'මහෞෂධ පණ්ඩිතයෙනි, තොපගේ සේනාව මඳ වුව බ්‍රහ්මදත්තයන්ගේ මහා සේනාව කෙසේ ජය ගනුද? බලවන්තයෝ දුර්වලයන් නසා පී මහා විනාශයට පමුණුවා පියති' කීහ. ඒ අසා බෝධිසත්ත්වයන් වහන්සේ මේ ගාථාවෙන් වදාරන සේක්:-
“අප්ප සෙනොපි චෙ මන්ති මහාසෙනං අමන්තිනං ජිනාති රාජ රාජානං අදිච්චො චොදනං තමං.”
“මහරජ, ඇසුව මැනැව මහා සේනාව ඇති වූත් අමන්ත්‍රී
තැනැත්තවූ අල්ප සේනාව ඇති මහා මන්ත්‍රියා ජය ගන්නේ මය.
එබැවින් අමන්ත්‍රී වූ බ්‍රහ්මදත්ත රජුගේ එක් සියයක් රජුන් හා
අටළොස් අක්ෂෞහිණි සංඛ්‍යාත මහා සේනාව මහා මන්ත්‍රී වූ මම
මාගේ ප්‍රඥා බලයෙන් ජය ගනිමි. තව ද අමන්ත්‍රී කේවට්ටයා ඇති
මහා සේනාව සහිත බ්‍රහ්මදත්ත රජහු මහා මන්ත්‍රී වූ මා වැනි එක්
ඇමැතියෙක් ඇති මඳ සේනාව සහිත වූ නුඹ වහන්සේ ජය ගන්නා සේක.
ඒ කුමක් වැනිදයත්, සමස්ත ලෝකයෙහි එක පැතිර පවත්නා වූ
මහා ඝනාන්ධකාරය හිරු උදා වූ කල එක පැහැර දුරු ව ආලෝක
වන්නේයැ. එබැවින් සේනාව මඳ වූවත් ජය ගන්නේ නම් මම් මය. නුඹ
වහන්සේ සැකයක් නොසිතා වැඩිය මැනැව”යි වදාරා රජ්ජුරුවන්
වැඳ රැඳුණු සේක.
ඉක්බිති රජ්ජුරුවෝ "සතුරන් අතින් මිදුණම්හ. සොයා ආ බිසවුනුත් ලදුම්හ, අපගේ මනදොළ මුදුන් පැමිණියේය”යි බෝධිසත්ත්වයන්ගේ ගුණ සිහි කොට උපන්නා වූ පස්වනක් ප්‍රීතීන් පිනා ඔබගේ ගුණ සේනකයාට කියන්නාහු:-
“සු සුඛං වත සංවාසෝ පණ්ඩිතෙහීති සෙනක
පක්ඛීව පඤ්ජරෙ බද්ධෙ මච්ඡෙ ජාලගරිතෙරිව
අමිත්ත හත්ථත්ත ගතෙ මොචයි නො මහොසධො”
“සේනකය, නුවණැත්තහු හා එක් ව විසීම උතුම. මෙ ලොවිනුත්
පරලොවිනුත් සැප වන්නේය, මැඳිරියෙහි හසු වූ ලිහිණියන් සෙයින්ද,
දැල බැඳි මසුන් පරිද්දෙන්ද සතුරනට අත්පත් වූ අප හැම දෙන ම
මහෞෂධ පණ්ඩිතයෝ ගලවා ඇර පීහ. ඒ බැවින් නුවණැත්තවුන්
හා එක් ව විසීම උතුමැ”යි මුඛ නොසෑහෙන පරිද්දෙන් කීහ. ඒ අසා
සේනකයා තමා ඇතිවක් පටන් මහතාණන්ගේ ගුණයක් කියන්නේ
මේ ගාථාවෙන් කීය:-
‘එවමෙතං මහා රාජ පණ්ඩිතාහි සුඛවහා
පක්ඛීව පත්ජරෙ බද්ධෙ මච්ජෙ ජාලගරිතෙරිව
අමිත්ත හතථත්ත ගතෙ මෙවයි නො මහොසධො
“මහරජ ඒ සැබෑව, ඉතා සැබෑ මය. නුවණැත්තවුන් හා
එක තැන විසීම ඉතා සැප වන්නේය. මැඳිරියෙහි හසු වූ ලිහිණියන්
සෙයින්ද දැල බැඳි මසුන් පරිද්දෙන්ද සතුරන් අත්පත් වූ අප හැම
ඉක්බිති වේදේහ රජ්ජුරුවෝ ගඟින් එතෙර ව බැස,
බෝධිසත්ත්වයන් වහන්සේ විසින් යොදුනෙන් යොදුන කර වන ලද
ගම්වලට පැමිණ, ඔබ විසින් ම පළමු විධාන අසා ගත් අමාත්‍යයන්
සපයා එවන ලද හස්ත්‍යශ්වාදි වාහන හා අන්න පානාදිය හා
නොයෙක් වර්ගයේ කැවුම් හා කන බොන දෙයින් සන්තුෂ්ට ව,
ගමන් විඩා වූ වාහන එහි රඳවා නව වාහනයන් නැඟී යන්නාහූ
ගමින් ගමට පැමිණ මහතාණන්ගේ විධාන පරිද්දෙන් මාර්ග විඩා
සංසිඳුවා, නොපමා ව යන්නාහු සාර සියයක් ගවු ගෙවා දෙ වැනි
දවස් පෙරවරු බතට මියුලු නුවරට වන්හ.
බෝධිසත්ත්වයන් වහන්සේ, රජහු යවා උමඟ දොරට වැඩ තමන් වහන්සේ උරෙහි එල්වා ගිය කඩුව කොපුවෙන් මෑත් කොට, උමං දොර මහ විසල් මලුවේ වැලි පීරා යට සඟවා තබා උමඟින් ගොස් උපකාරී නුවරට වැද සොළොස් කළයක් සුවඳ පැනින් ඉස් සෝධා නහා නොයෙක් රසයෙන් අනර්ඝ වූ භෝජනය අනුභව කොට, යහන් මුදුනේ සැතපුණු සේක් "මාගේ මනදොළ මුදුන් පැමිණියේය”යි සිතා පස් වනක් ප්‍රීතින් පිනා සුව සේ සැතපුණු සේක.