Jump to content

උරග ජාතකය- විවරණය

Wikibooks වෙතින්

ශ්රී් සාක්යා මුනීන්ර් ස බෝධිසත්වර චරිතයක් වූ මේ උරග ජාතකය” කාව්ය යට නැඟීමේ දී ස්වභිෂ්ට ඉෂ්ට දෙවතා නමස්කාර කරනුවෝ සතරාමර සමස්ත ලෝකයාගේ වන්දවනා මානන පූජා සත්කාරාදියට යොග්ය වූ අත්යු තත්ම ලොවුතුරා බුදුරජාණන් වහන්සේටත් උන්වහන්සේ විසින් අවබෝධ කළ නවලොකොත්තර ශ්රීා සඞර්ම්යටත් තත් ප්රබතිපත්තියෙහි පිහිටා නිර්වා ණ මාර්ගන ලාභයෙන් සැනැසුණු ශීලාදී ගුණ සම්පන්න මහා සංඝරත්නයටත් වන්දරනා සඳහා ප්රාැරම්භයෙහි කාව්යන තුනක් රචිතයහ. ප්රාිරම්භයේ පටන් කවි ( 102) කින් සංයුක්ත වූ මේ කාව්යහය පඨන පාෂනාභිලාෂීන්ගේ සුඛාවබෝධය සඳහා සංක්ෂිතප්ත විවරණයන් දක්වමු. එය ආදරයෙන් මනා ව පරිශීලනය කෙරෙත්වා.

1. තුන් ලොවෙහි සත වෙ ත පතළ මෙන් කරුණා සි ත තැනු ව මොක් මාව ත වඳිම් සෑසී සරණ සියප ත

අන්ව්ය :- තුන් ලොවෙහි සත වෙත මෙත් කරුණා සිත පතළ මොක් මාවත තැනුව සැසී සරණ සියපත වඳිම්.

පදාර්ථො:- තුන් ලොවෙහි- ලෝක තුනෙහි; සත වෙත, සත්ව්යන් වෙතෙහි; මෙත් කරුණ‍ාසිත, මෛත්රී;සිත හා කරුණාසිත; පතළ, පැතුරුණා වු; මොක් මාවත, නිර්වානණ නමැති මහා මාර්ගකය; තැනුව, සාදා දුන්නා වු සෑසී ශාක්යත සිංහයන් වහන්සේගේ; සරණ, පාද නමැති; සියපත, ශත පත්රීය; වඳිම්, වන්දසනා කෙරෙම්.

භාවය:- තුන් ලෝකයෙහි වාසය කරන සත්වියා කෙරෙහි මෛත්රිුය හා කරුණාව හා පැතුරුණු නිවණට මඟ සෑදූ බුදුන්ගේ පා පියුම් වදිමි.

සෑසී සරණ සියපත මම් වදිම් යනු, ක්රි යා කාරක පද සම්බන්ධායි. වඳිම් යන වර්තතමාන කාලික උත්තපම පුරුෂ ඒක වචන ආඛ්යා ත ක්රි‍යා පදයට මම් යනු අධ්යාමගාර උක්ත කර්තෘවයි.


( 17 )

සරණ සිය පත යනු අනුක්ත කර්මායි - සෑසී යනු අනුක්ත සම්බන්ධ යි.

ටිප්පනී :- තුන්ලොව:- දිව්යෑලෝකය, මනුෂ්යමලෝකය, නාගලෝකය යන තුන. මෙත් සිත නම්:- සියලු සත්වතයන් කෙරෙහි උපදවන මෛත්රිුයයි. කොටස් වශයෙන් පවත්වන විට “ ඕදිසෝ” වශයෙන් පැවැත් වීමයැ යි කියති. එක් කෙනකු දෙදෙනකු වශයෙන් හෝ ස්ත්රීම පුරුෂාදී කොටස්වලට බෙදා ලීමෙන් දැක්වෙන මෛත්රීෙයයි “ අනෝධිසෝ” කියා ද ක්රලමයක් තිබේ එනම් සියලු සත්වනයක් කෙරේ එක්වර පතුරුවන සියලු සත්වුයෝ නිදුක් වෙත්වා නීරොගි වෙත්වා, සුවපත් වෙත්වායි, දැක්වෙන මෛත්රී යයි. කරුණා සිතනම් :- දුනික් සිටින අයකු දුටුවිට ඇතිවන දයාවයි ඒ පැමිණි තිබෙන දුකින් ඔහු මුදාලීම පිණිස ඇතිවන සිතයි. මොක් මාවත නම් :- සියලු සසර දුකින් නිදහස් ව ලබන නිර්වාාණයට පැමිණෙන මහා මාර්ගියයි. එනම් සොවාන් ආදී මාර්ගම ඥානයයි. සෑසීහුගේ සරණ සෑසී සරණ, සැසී සරණ ම සියපත, සෑසී සරණ සියපත යනු සමාසයි. (විබත් සමස් ගැබ් වෙසෙසුන් සමස්. 2. බව දුක් විඳ නොහි ම් බුදු බව ලබා මනර ම් වදහළ අති උතු ම් වඳිම් නවලොවුතුරා සදහ ම් අන්වය :- නොහිම් බවදුන් විද මනරම් බුදු බව ලබා වදහළ නව ලොවුතුරා සදහම් වදිමි. පදාර්ථර :- නොහිමි, සීමා රහිතවූ ; බවදුක්, සංසාරදුක, විඳ, දරාගෙන; මනරම්, සිත්කලුවූ; බුදුබව, බුඬත්වහය‍; ලබා, ලබාගෙන, වදහළ, වදාරන ලද; අති උතුම්, ඉතා උත්තම වූ; නවලොවුතුරා සදහම්, නවලෝකොත්තර සධර්මඅමය; වඳිම්, නමස්කාර කෙරෙම්.


(18) භාවය :- පුමාණ රහිත සසර දුක්විඳ සිතට ප්රිකයවූ බුදු බව ලබාගෙන වදාළා වූ ඉතා උතුම් නවලෝකොත්තර ශ්රීට සඬර්ම‍මය මම වඳිමි. ටිප්පනී :- මම් ලොවුතුරා සදහම් වඳිම් යනු මෙහි ක්රි යා කාරක පද සම්බන්ධ යි. වඳිම් යන වර්තයමාන කාලික උත්තම පුරුෂ ආඛ්යාබත ක්රිතයා පදයට මම් යනු ‍අඬ්යා හාර උක්ත කර්තෘ‍යි. සදහම් යනු අනුක්ත කර්ම්යි. ලොවුතුරා යනු තත් විශෙෂණයි. බවදුක් :- භවය වනාහි කාම භවය, රූප භවය, අරූප භවය, යැයි තුනකි. කර්ම භවය හා උත්පත්ති භවයයි ද දෙයාක‍ාරයි. සත්ව,යා විසින් කරනු ලබන කුශලාකුශල කර්මව, කර්මය භවයයි. එයින් වන උපත උත්පත්ති භවයයි. සතර අපාය හා සදෙව් ලොවද, මිනිස් ලොව ද යන එකොළොස කාම භව නමින් ද, රූපාවචර භාවනා බලයෙන්ලබල රූපාවචර සොළොස් බඹ තලය රූප භව නමින් ද, අරූප භාවනා බලයෙන් උපදවන, අරූප තල සතර අරූප භව නමින් ද දැක්වේ. මේ තැන්වල උපන් සත්ව යා පින් ගෙවුන කල නැවැත නැවැතත් සසර මැරී මැරී උපදින බැවින් ඒ ජාති ජරා මරණාදිය බවදුක් නමින් හැදින්වේ. නව ලොව්තුරා සදහම් :- නවලෝකොත්තර ශ්රීි සඬ්ර්ම ය මේ නමින් දැක්වේ. එනම් :- සොවාන් මාර්ග‍ය, සකෘදාගාමී මාර්ගවය, අනාගාමී මාර්ග ය, අහීත් මාර්ග්ය යන මාර්ගර සතර හා සොවාන් ඵලය, සකෘදාගාමී ඵලය, අනාගාමී ඵලය, අහීත් ඵලය, යන සතර ඵලයන් නිර්වාසණයත් යන නවය නව ලොකොත්තර ධර්ම,යයි. ( මෙයට මාර්ග ය ප්රාකාශිත හෙයින් සූත්රල, අභිධර්මක විනය නම් වූ ත්රි්පිටක ද ඊට ඇතුලත් කළ හැකිය. 3. එම දහම් දැනගෙ න පිළිවෙත් රකින දිවිමෙ න ලොවට පින් කෙත් ව න වඳිමි අටරිය පුඟුල් සඟග න

අන්වය :- දිවිමෙන එම දහම් දැනගෙන පිළිවෙත් රකින ලොවට පින් කෙත්වන අටරිය පුභුල් සහගත වඳිම්.

(19) පදාර්ථෙ :- ජීවිතය මෙන් ඒ ධර්ම්ය දැනගෙන පිළිපැදීම් ක්රතමයන්හි යෙදෙන්නා වූ ලොකයාට පින් කුඹුරු වන්නා වූ අෂටාය්ය්ඒ ධ පුද්ගල සංඝ සමූහය වන්දූනා කෙරෙම්. ටිප්පනී :- පිළිවෙත්: බුදුර‍ජාණන් වහන්සේ වදාල දානශිලාදී පින්කම්හි යෙදීමත්, වැරැදියයි තහනම් කළ පස් පව් දස අකුසල් හා විනය පිටකයෙහි ඉගැන්වූ ආපත්ති ආදියෙන් තොර ව පිරිසිදු ව ගුණධර්මප රැකීමයි. අටරිය පුඟුලි සහගත :- අෂ්ටාය්ය්ු ව පුද්ගල සංඝ සමූහයයි. එනම් සොවාන්, සකෘදාගාමී, අනාගාමී, අහිත්, යන මාර්ග. සතර හා එම ඵල සතර ලබාගත් උත්තමයන් අට දෙන ම මේ සාසනයෙහි ඇති බැවින් එම සමූහය අටරිය පුඟුල් සඟගන යයි කියනු ලැබේ. අට + අ‍රිය යන විසන්ධිසය පූර්ව ස්වර සන්ධිම විධියෙන් අටරිය කියා යෙදේ. පින්කෙත්, පින්පල වැඩි කරන හෙයින් අෂටාය්ය්න පුද්ගල සංඝයා සරු කෙතක් බඳුය. කව් කතුවරයෝ මේ කව් ‍තුනෙන් තෙරුවන් වැඳීම කළහ.

                 කාව්ය් කරණ ප්රකකාර දැක්වීම.

4. තිලෝගුරු අපෙ මු නි ස‍තවෙත පතළ කුලුණෙ නි වදහළ දම් කඳි නි කියම් බුදුකුරුවතක් කවියෙ නි අන්වය :- සුගමයි. පදාර්ථබ :- තිලෝගුරු, තුන් ලොවට ගුරු වූ; අපෙ මුනි, අපගේ මුනීන්ර්‍ුකයන් වහන්සේ; සතවෙත, සත්වූයා කෙරෙහි; පතළ කුලුණෙනි, පැතුරුණා වූ කරුණාවෙන්; දම්කදිනි, ධර්මතස්කන්ධවයෙන්; වදහළ, වදාළා වූ; බුදුකුරුවතක්, බුදුකුරුවතක්, බුඬාංකුර වස්තුවක්; කවියෙනි, කාව්යුයෙන්; කියම්, ප්ර්කාශ කෙරෙම්. භාවය:- තුන්ලොව ගුරුකම් දෙන ඇදුරකු බඳු වූ අප බුදුරජාණන්වහන්සේ සතුන් කෙරෙහි පැතුරුණු කරුණාවෙන් ස්කන්ධූ වශයෙන් වදාළ ධමර්යෙතන් බො‍ධි සත්ව් චරිතයක් කවියෙන් කියමි.


(20) ටිප්පනී :- තිලෝගුරු, 1 වැනි කවියෙහි ටිප්පනිය බලන්න. දම්කදිනි, බුදුරජාණන් වහන්සේ වදාළ ත්රි්පිටක ධර්මටය ස්කන්ධෙ වශයෙන් අසූසාර දහසකි. එත් අනු සන්ධිළයක් ඇති ගාථාවක් එක් ස්කන්ධමයකි. අනු සන්ධිි කීපයක් ඇති ව වදාළ එක ගාථාවක පවා ඒ කරුණු අනුව ස්කන්ධඑ ගණන් ගත යුතුයි. බුදු කුරු වතක්, බුදු + අකුරු = බුදුකුරු, පර සර ලොප සදින් නිපන් පදයකි. බුදු පදවිය ලැබීම පිණිස පැරුම් පුරණ බෝසතාණන්වහන්සේලා අංකුරයක් ( පැළයකි) බඳු ළපැටි තත්ත්වුයේ සිටින කාලය හෙයින් බුදුකරු නමින් හැදින්වේ. මෙහි පහත දැක්වෙන බුඬාංකුර වස්තුව නම් උරග ජාතකයයි. උරග නම් සර්ප යායි. සර්ප යකු දෂ්ට කිරීමෙන් බොසතාණන් වහන්සේ පුත්රවයා මළ පුවත හා සබඳ වූ මෙම ජාතක කථාව උරග ජාතක නම් විය. අප බුදුරදුන් සැවැත් පුර දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන කල මළා වූ පුතකු නිසා ශෝකයෙන් පෙළෙන එක් කෙළෙඹියකු ඇරබ මේ ජාතකය වදාළහ. අතීතයෙහි බරණැස බඹදත් රජු කළ බෝසතාණෝ එක්තරා බමුණු කුලයක ඉපිද තමන් හා බිරිය ද පුතණුවන් හා දියණියද පුතණුවන්ගේ බිරිය හා දැස්සද යන සදෙන සමඟ විසූහ මරණ සී බවුන්වඩමින් සුසිරිතින් ගොවි පළක දී බමුණු පුතු විසකුරු සර්පඩයකු විසින් දෂ්ට කොට මරණය වන් කල්හි ඉතිරි පස් දෙන එක්ව නිශ්ශොකී ව මළ සිරුර දවන තැනට පැමිණි සක්රද ඔවුන්ගේ මරණ වූ සී බවුන් කෙරෙහි පැහැද සත් රුවනිනි ගෙය පුරවා දෙව් ලෝ ගියේය. ඉක්බිති හොඳින් දම්පියන් කළ ඔහු සැම නිසි කල මැරී දෙව් ලොව උපන්හ. මේ එම පුවතයි. එකල එම දැස්ස නම් - බුජ්ජුතත්රා නම් මෙහෙණියන් බ්රායහ්මණයාගේ පුත්රමයා නම් රාහුල සථවිරය. දූ නම් උපුල්වන් ස්ථවීරාවය. බමුණාගේ බිරිය නම් ‍ඛෙමා නම් භික්ෂු ණිය බ්රාතහ්මණයා නම් බුදු රජාණන් වහන්සේය.



(21) 5. මෙසේ බුදු දම් ස ඟ තෙරුවන සදා උතුම ඟ කිම්ද කවි අම ග ඟ කියමි රසකර මට දැනෙන ර ඟ අන්වය :- බුදු දම් සහ මිතුරුවන මෙසේ උතුමඟ සදා කවි අම ගඟ කිමිද මට දැනෙන රහ රසකර කියමි. පදාර්ථම :- බුඬ ධම්ම සංඝ යන රත්නත්ර ය හිස පිහිටුවා ( වැඳ ) කාව්ය භාව අර්ථ‍ ගංගාවෙහි කිමිද (ගැලී) මට දැනෙන පරිදි රසකර කියමි. ටිප්පනී :- බුදු දම් සඟ; බුදුන් ද දහම් ද සඟ ද බුදුදම් සහ ද අරුත් සමස්, තෙරුවන, රුවන් තුනක් එක්කොට සලකන ලදහු තෙරුවන උතුම් වූයේ ද එම අඟ වූයේද උතුම්හ. වෙසෙසුන් සමස්. තෙරුවන නම්. “ චිත්තී කතං මහග්ඝංව - අතුලං දුල්ලභ දස්සනං අනොම සත්ත පරි භොගං රත්නත්ති පවුච්චතී” පිදිය යුතු වූ ද මහඟු වූ ද අසමාන වූ ද දුර්ලදභ දැකුම් ඇත්තා වූ ද අලාමක සත්ව යන් විසින් පරිභොග කරන ලද්දා වූ ද උතුම් වස්තූන්ට රත්න යැයි කියනු ලැබේ. බුදු දම් සඟ යන වස්තු තුන මෙකී ලක්ෂතණවලින් අග්ර ගණ්යබය. එබැවින් රත්නත්රනයයි කී කල මේ වස්තුත්රුය ම ගැනේ. 6. සත් දත් වියත් ද න දොසැතොත් ඉවත හරි මි න කිවි පොව්වකු කිය න මෙකවි පුවතට යොමුව‍ දෙසව න ‍අන්වය :- සුගමයි. පදාර්ථ් :- සත්දත්, සත දන්නා වූ; වියත් දන, ව්යූක්ත ජනයිනි; දොස් ඇතොත්, වරදක් ඇත් නම්; ඉවත හරිමින, බැහැර කරමින්; කිව් පොව්වකු, කාව්ය පෝතකයකු විසින්; කියන, කියනු ලබන්නා වූ; මෙකව් පුවතට, මේ කාව්යය ප්රකවෘත්තියට; දෙසවන, දෙකන්; යොමවි, යෙමු කරව්.


(22) භාවය :- ශාස්ත්රම දැන උගත් පණ්ඩිත ජනයා වරදක් ඇත් නම් දුරු කොට ළපැටි කවියකු විසින් කියනු ලබන මේ කවි කතාවට දෙකන් යොමු කරව්. ( මෙයින් කවියා බාලවියේ සිටියකු බවත් මේ කෘතියෙහි දොස් ඇතිවිය හැකි බැවින් එසේ ඇතොත් දුරලා මෙම කව් පුවතට දෙකන් යොමු කරන්නට අයැදී.)

7. දඹදිව් තල පව ර පසිඳු බරණැස් පුරව ර සොඳ ගම් ‍වරෙක පෙ ර විසී බමුණු තුමෙක් පින්ස ර අන්වය :- පෙර පවර දඹදිව්තල පසිදු බරණැස් පුරවර සොඳ ගම් වරෙක පින්සර බමුණු උතුමෙක් විසී. පදාර්ථි :- සුගමය. භාවය:- පුරාණ කාලයෙහි දඹදිව් තලයේ ප්රුසිද්ධ බරණැස් නම් උතුම් නගරයෙහි සුන්දර ගම්වරෙක්හි පින්වත් බ්රාේහ්මණ උතුමෙක් වාසය කෙළේය. ටිප්පනී :- ගම්වරෙක බමුණු තුමෙක් විසී යනු ක්රිමයා කාරකා පද සම්බන්ධ යි. විසී යනු අතීත කාලික ආඛ්යා ත ක්රි යා පදය විසින්............. හෙයින් බමුණු තුමෙක් යනු උක්ත කර්තෘසයි. ගම්වරෙක අනුක්ත ආධාරයි.

8. සිය පෙම්බර දිගැ ස සමගින් විලස රන් ර ස සිරිතෙන් කල දව ස ගෙවන විය දරු ගැබක් ඇඟෙ කු ස අන්වය :- සුගමයි. පදාර්ථි :- සිය, තමාගේ; පෙම්බර, ප්රෙ මවන්ත වූ; දිගැස, සත්රිඇය; සමගින්. එක් ව; රන්රස විලස, රන් හා රසදිය මෙන්; සිරිතෙන්, වාරිත්ර. පරිදි; කලදවස, කාලය; ගෙවත, ගෙවන කල්හි; ඇගෙ කුස, ඒ ස්ත්රි.යගේ කුසෙහි; දරු ගබක්, කරු ගර්භගයක්; විය, පිළිසිද ගත්තේය.


(23) භාවය :- තමාගේ ආදරවත් භාය්යාර ව හා රන්රස ලෙස සමඟියෙන් වසන කල දරුගැබක් ඇයගේ කුසේ පිළිසිඳ ගත්තේය. ටිප්පනී :- රන්රස: රන් ද රස ද, රන්රස ද අරුත් ‍සමස්. දිගැස, දිගු + ඇස, දිගැස, පෙරසර ලොප් සඳයි. ගෙවත යනු අසම්භාව්යඅ ක්රිායායි. ඇගෙ කුස දරු ගබක් විය යනු ක්රි යා කාරක පද සම්බන්ධ.යි. විය යන අතීත කාලික ප්ර ථම පුරුෂ ඒක වචන ක්රිියාවට දරුගැබෙක් යනු උක්ත කර්තෘමයි. ඇගෙ කුස යනු අනුක්තාධාරයි. 9. ඉකුත් සද නව ම ස පෙර කල කළ කුසල් ලෙ ස දඹරන් කදක් ලෙ ස වැදූ පින්වත් පුතකු එදිගැ ස අන්වය :- නව මස ඉකුත් සඳ පෙරකල කළ කුසල් ලෙස එදිගැස දඹරන් කඳක් ලෙස සුපින්වත් කුමරකු වැදූ. පදාර්ථක :- නව මස, මාස නවයක්; ඉකුත් සඳ, ගෙවුණු පසු; පෙර කල කළ කුසල් ලෙස, අතීතයෙහි කළ කුසල් පරිදි; එදිගැස, ඒ ස්ත්රි්ය; දඹරන් කඳක් ලෙස, දඹරන් කඳක් පරිද්දෙන්; පින්වත්, පින්වත් වූ; කුමරකු. පුතකු; වැදූ, වැදුය. භාවය :- පෙර පින් පරිදි නව මසක් ගතවන විට ඒ ස්ත්රිතය වාසනාවන්ත දරුවකු වැදුවාය. ටිප්පනී :- මාස නවයක් එක්කොට සලකන ලදහු නවමස් පෙර කල, පෙර වූයේද එම කල වූයේද පෙර කල, වෙසෙසුන් සමස්. කළා වූ කුසල්, කුළ කුසල්, වෙසෙසුන් සමස්, දඹෙන් උපන් රන්, දඹරන්; දඹරන්හුගේ කඳ - දඹරන් කඳ පින් ඇතියේ පින්වත්, ගුණවත්, නැණවත් යනාදිය මෙනි.

10. දෙගුරු පෙම් කිරිසි ඳු ඔදකළ පිරි ළසඳ බ ඳු ළදරු එම කුමරි ඳු වැඩෙන කල්හි යළිදු මව් ළ ඳු

(24)

අන්වය :- සුගමයි. පදාර්ථක :- දෙගුරු, මාපියන්ගේ; පෙම්, ප්රෙනම නමැති; කිරිසිඳු, කිරි සයුරු; ඔද කළ, අධික කළා වූ; පිරි, පිරුණු; ළසඳ බඳු, තරුණ චන්ර්රි යා වැනි වූ; ළදරු, ළාබාල වූ; එකුමරු, ඒ කුමාරයා; වැඩෙන කල්හි, වැඩී යන කාලයෙහි; යළිදු, නැවැතත්; මව් ළඳු, මෑණියෝ. භාවය :- මා පිය දෙදෙනා දරු පෙම් නමැති කිරි මුහුද ඔද වැඩිකළ පිරුණු බාල චන්ර් ද යාසේ ළාබාල ඒ කුමාරයා වැඩියන කාලයේ මෑණියෝ. ටිප්පනී :- දෙගුරු පෙම්; දෙගුරුන්ගේ පෙම්, දෙගුරු පෙම්, දෙගුරු පෙම් ම කිරිසිඳු, දෙගුරුපෙම් කිරිසුඳු, ඔදකළ අතීත කෘදන්තයයි. එයි පිරිනුයි පිරි, පුර දසින් ඉපයයි. ළා වූයේ ද එම සඳ වූයේ ද ළසඳ, ළසඳ ම බඳු, ළසඳ බඳු, ළා වූයේ ද එමැ දරු වූයේ ද, ළදරු, යළිදු: යළිත් සමානාර්ථන නිපාතයි. 11. ගැබිණියක වී මෙන් දොළදුක් පහළ වී මෙන් නමමස් පිරී මෙන් දුවක වැදුවා රන් ලියක මෙන් අන්වය :- සුගමයි. පදාර්ථැ: හා භාව :- ගැබිණියක වී දොළදුක ඉපිද නව මසක් ගතවීමෙන් රන් ලියක් බඳු ලියක ( කුමරියක්) වැදුවාය. ටිප්පනී :- ගබ ඇතියේ ගැබිණි, දොළදුක්: මෑණියන්ගේ හා දරුවාගේ සිත එක්වීමෙන් ඇතිවන කැමැත්ත දොළනමි. දොළ පිළිබදයෙන් ඇතිවන දුක දොළදුක, විබත් සමස්, රනින් උපන් ලිය රන්ලිය. මෙන් යනු සමානාර්ථ නිපාතයි.

12. තෙරුවන මුදුන් ම ල් කළ එම පිරිස මනක ල් රෝදුක් ද වියවු ල් නැතිව සුවසේ විසු ඇමක ල්


( 25 ) අන්වය :- සුගමයි. පදාර්ථස: හා භාව :- තෙරුවන, තුනුරුවන්; මුඳුන් මල් කළ, මුඳුන් පළඳනාව කළා වූ; මනකල්, සිත්රුචි උපදවන්නා වූ; ඒ පිරිස, ඒ සමූහයා; රෝදුක් ද, රෝග පීඩා ද, වියවුල්, විපත්ති ද නැතිවීමෙන් සැමදා ම සුවසේ විසූහ. ටිප්පනී :- තෙරුවන්; රුවන් තුනක්හුගේ එක්කොට සැළැකීම තෙරුවන්. මුඳුන් හී මල්, මුඳුන් මල් තෙරුවන ම මුඳුන් මල්, තෙරුවන මුදුන් මල්. වෙසෙසුන් ගැබ්- වෙසෙසුන් සමස් මනටකල් මනකල් - විබත් ‍සමස්

13. ගෙහිමි තෙම නැණැ තී උතුමෙකි පිරුණු පිනැ තී ලොවෙහි සැම දෙය ඇ තී නැති ව යන බව නැණින් දැනග තී

අන්වය :- නැණැති ගෙහිම් තෙම පිරුණු පින් ඇති උතුමෙකි. ලෝකයෙහි ඇති සැම දෙය නැති ව යන බව නැණින් දැනගති. පදාර්ථි :- නැණැති ගෙහිමි තෙම, ඥානවත් ගෘහ ස්වාමියා; පිරුණු පින් ඇති උතුමෙකි, පිරීගිය පින් ඇති උත්තමයෙකි. ලොවෙහි ඇති සැමදෙය, ලෝකයෙහි ඇත්තාවූ සෑම දෙය ම; නැති ව යන බව, නැතිවී යාම නියම බව, නැණින් දැනගති, නුවණින් දැනගත්තේය. ටිප්පනී :- ගෙහිමි තෙම පිරුණු පිනැති උතුමෙක් වේ. ක්රිත: කා: ස: වේ යන ආඛ්යාුත ක්රිගයා පදයට ගෙහිමි තෙම යනු උක්ත කර්තෘගයි. පිරුණු පිනැති, තද් විශෙෂණයි ලොවෙහි සැම දෙය ඇති ව නැති ව යන බව නැණික් දැන ගති ක්රි : කා: ස: ගෙහිමි තෙම යනු ම: උක්ත කර්තෘයයි. දැනගති යන ක්රි යාවට වාක්ය: කර්මයයි.

14. ඔහු පුතු දිනෙන් දි න පෙර පස වැඩෙන සඳ මෙ න ගුණ නැණ ද රුසිරෙ න වැඩිණි සුර කුමරුවෙකු විලසි න 25185 ( 26 ) අන්වය :- සුගමයි. පදාර්ථ  :- ඔහු පුතු, ඒ බමුණාගේ පුත්රියා; දිනෙන් දින, දවසින් දවස; පෙර පස, පූර්වු පක්ෂුයෙහි; වැඩෙන, දියුණුවන; සඳමෙන්, චන්ර්වසියාසේ; ගුණනැණ ද, ගුණ නුවණ හා , රුසිරෙන; රූපශ්රිියෙන්; සුරකුමරුවකු විලසින, දෙව් කුමරුවකු සේ; වැඩිණි, වඬර්නිය විය. භාවය :- ඒ බමුණු කුමරා දවසින් දවස පුරසඳ වැඩෙන්නාසේ ගුණ නුවණ රූප සම්පත්තියෙන් දිව්යු කුමර ලීලායෙන් වැඩී දියුණු විය. ටිප්පනී :- පසෙහි පෙර - පෙරපස, ගුණ ද නැණ ද ගුණ නැණ, ද අරුත් සමස් රුවේ සිරි, රුසිරි එයින් රුසිරෙන, සුර වූ‍ෙය් ද එම කුමර වූයේ ද සුරකුමරු වෙසෙසුන් සමස්. ඔහු පුතු දිනෙන් දින වැඩිණි. ක්රිදයා කාරක පද සම්බන්ධ යි. වැඩිණි අසම්භාව්යද ක්රි‍යායි. ඔහු පුතු යනු උක්තයි, දිනෙන් දින යනු අනුක්ත ආධාරයි. 15. ළද බොළද කා ල ය පසු කොට දන මනා ල ය වන තරුණ කා ල ය ළගාවිය ඔහු වෙතට ලෝ ල ය අන්වය :- සුගමයි. පදාර්ථ  :- ලඳ බොළඳ කාලය බාල කාලය පසුකර, දනමනාලය, දනන්ගේ සිත් බැඳීම; වන, ඇතිවන; ලෝලය ලෝබ වඩන්නාවූ; තරුණ කාලය, තුරුණු විය; ඔහු වෙතට ළඟාවිය, ළංවිය. භාවය :- බාල වයස ළඟට, ඇලුම් බැලුම් ඇතිවන තරුණ වයස ළං වූයේය. ටිප්පනී :- තරුණ කාලය ළංවිය, ක්රි යා කාරක පද සම්බන්ධේයි. තරුණ කාලය යනු උක්තයි. 16. බබළන තුනු රුසි රු ගුණ නැණ සපිරි එකුම රු සිය පෙම්බර දෙගු රු ඔවා රකිමින් විසී නිරතු රු අන්වය:- තුනු රුසිරු බබළන ගුණ නැණ සපිරි එකුමරු නිරතුරු සිය පෙම්බර දෙගුරු ඔවා රකිමින් විසී.

(27) පදාර්ථම හා භාව :- රූසිරින් බබළන්නා වූ; ගුණ නැණ දෙකින් පිරුණු ඒ කුමාරයා තමාගේ ප්රේ මයෙන් බර දෙගුරුන්ගේ අවවාද නිතර පිළි පදිමින් විසීය. ටිප්පනී :- ගුණ ද - නැණ ද ගුණ නැණ, එයින් සපිරි - ගුණ නැණ සපිරි, එකුමර ඔවා රකිමින් විසී. ක්රි,යා කාරක පද සමබන්ධ යි. ඔවා රකිමින්, මිශ්රන ක්රි යායි. එකුමරු; උක්ත කර්තෘ යි. සම්බන්ධණයි. ඔවා රකිමින්, මිශ්ර ක්රි(යායි. එකුමරු; උක්ත කර්තෘියි.

17. මෝරන සඳ ලෙ සි න් වැඩෙන පුතු දැක ‍සතො සි න් පියතෙ‍මේ මෙලෙ සි න් සිතී දවසෙක තනිව රහ සි න් අන්වය :- සුගමයි. පදාර්ථව:- මෝරන සඳ ලෙසින්, කලාවෙන් කලාව වැඩෙන චන්ර්ථවසයා‍සේ; සතොසින් වැඩෙන පුතු දැක, සන්තෝෂයෙන් වැඩෙන්නා වූ පුත්රථයා දර්ශ නය කොට; පියතුමා රහස් ව දිනක් මෙසේ සිතීය. භාවය :- පුරසඳ මෝරන්නාසේ දවසින් දවස වැඩෙන කුමරු දැක දිනක් පියා රහසින් ( තනි ව) මෙසේ සිතීය.

18. “ පුතා දැන් තරුණ යි සරණයට මේකල වෙ යි පමාවෙනු නොයෙදෙ යි ඔහුට නිසි ‍කුමරියක සොයමි යි” අන්වය:- සුගමයි. පදාර්ථි :- පුතා දැන් තරුණ නිසා සරණක් කරදීමට මේ කාලයයි, පමාවීම සුදුසු නැත. එනිසා වහා ඔහුට නිසි කුමරියක සොයමියි සිතීය. ටිප්පනී :- තරුණයි: තරුණ වේ. ක්රි යා කාරක සම්බන්ධකයි.

19. සිතා මේ විලසි න දන මන නුවන් පිනව න තුනුරුවිනි දෙවඟ න පරදවන කුමරියක සොයමි න ( 28 ) අන්වය:- මේ විලසින සිතා දනමන නුවන් පිනවන තුනු රුවිනි දෙවඟන පරදවන කුමරියක සොයමින. පදාර්ථක හා භාව :- මෙසේ කල්පනා කර ජනයාගේ නෙත් සිත් තුටුකරන ශරීර ශොභාවෙන් දිව්යංුගනාව පසු ලන කුමරියක සොයා ටිප්පනී :- සොයමින - පූර්වව ක්රි යාව මිශ්රේ ක්රිතයායි.

20. ලෝ සිරිත් සහ ත ‍ම කුල සිරි‍ත් කඩ නොකර ‍‍ම රකින කුමරි‍ය එ ම සරණ කර දිනි පුතුට වදිසෙ ම ‍අන්වය :- ලෝසිරිත් සහ තම කුල සිරිත් කඩ නොකරම රකින එම කුමරිය විදිසෙම පුතුට සරණ කර දිනි. පදාර්ථ් හා භාව :- ලෝක චාරිත්රප හා තමාගේ කුල චාරිත්රා නොකඩාම රක්නා වූ ඒ කුමාරිකාව මංගල පරිදි අත් නොහැරම දුන්නේය. ටිප්පනී :- ලෙව් හී සිරිත්: ලෝසිරිත්, කුලයෙහි සිරිත්; කුලසිරිත්: පියතෙම කුමරිය සරණ කර දිනි. ක්රිකයා කරක සම්බන්ධසයි. දිනි යන අතීත කාලික අඛයාත ක්රිකයාවට, පියතෙම යනු අධ්යාිහාර උක්තයි කුමරිය, අනු කර්මත.

21. සපැමිණි සුබසර ණ නිකසල පෙමැති එදෙදෙ න සුසිරිතෙහි යෙදෙමි න වෙසෙත සඳ රන්රසසෙ එකඟි න අන්වය :- සුභ සරණ සපැමිණි නිකසල පෙමැති සුසිරිතෙහි යෙදෙමින රන්රසසෙ එකඟින වෙසෙන සඳ පදාර්ථන :- සුභ සරණ මංගලයට පැමිණියා වූ නොකිළිටි ප්රේඅමය ඇති ඒ දෙදෙන සුචරිත කරමින් රන්රසසේ සමඟි ව වසන කල්හි භාවය :- විවාහයෙන් පසු පිරිසිදු ප්රේපම ඇති ඒ දෙදෙනා රන්රස මිශ්රථණය සේ සමඟියෙන් වසන කාලයයි. ( 29)

ටිප්2පනී :-  සුබ වූයේ ද එම සරණ වූයේ ද, සුබ සරණ; කසල නැතියේ නිකසල - මනා සිරිත, සුසිරිත, රන් ද රස ද: රන්රස

22. පුතු යෙහෙළි හා සි ය ඇඹෙනි දුවනිය දා සි ය වෙන හිතැති ව‍ රි සි ය පුරුදු ඔවදන දිනී මෙලෙ සි ය අන්වය :- සිය පුතු යෙහෙළි හා ඇඹෙනි; දුවනිය, දාසිය, වෙත හිතැති ව පුරුදු රිසිය ඔවදන් මෙලෙසිය දනී. පදාර්ථ  :- තමාගේ පුතු ලේලි හා බිරිය, දුවනිය, දාසිය යන පස්දෙනාට හිතවත් ව තමාට පුරුදු කැමැති වූ අවවාදය මෙපරිද්දෙන් (බමුණා) දුන්නේය. භාවය:- පුත්රේයා භාය්යා ව ව දුවනිය දාසිය සහ යෙහෙලිය යන පස් දෙනාට හිතවත් ව තමාට පුරුද කැමැති අවවාදය මෙපරිද්දෙන් දුන්නේය. ටිප්පනී :- බමුණා පුරුදු ඔවදන දිනී ක්රි.යා ක‍ාරක සම්බන්ධටයි. දිනී-අතීත කාලික ක්රිතයායි. බමුණා, අධ්යා්හාර උක්ත කර්තෘ‍යි. ඔවදන කර්ම යි. පුරුදු, කර්මය විශේෂණයි මෙලෙසිය කී තැන මෙලෙස යන්නට අගින් එළිසම සඳහා “ ඉය “ යෙදිණි.

23. මේ කය තිර නෙ‍ා වෙ යි තණ’ග පිනිබිඳ වැනි ව යි මෙ‍ාහාතින් න‍ැසී යෙ යි එයින් පින්කම් කරනු යුතු වෙ යි අන්වය :- මේ කය තිර නොවෙයි. තණ අග පිනි බිඳ වැනි වෙයි - මොහොතින් නැසී යෙයි, එයින් පින්තම් කරනු යුතු වෙයි. පදාර්ථන :- මේ ශරීරය ස්ථිර නොවේ. තණ ගසේ අග රැදි පිනි බින්දුකව හා සමයි. මොහොතින් විනාශ වේ. එනිසා පින්කම් කිරීම යුතු වන්නෝය. භාවය :- මේ ශරීරය හිරු රැස් වැදුණු හැටියේ නැසීයන තණ ගස අග රැදීගිය පිනි බින්දුනව හා සමාන ව නැසේ. එහෙයින් පින් කිරීම යුතුයි. (30) ටිප්පනී :- මේ කය තිර නො වෙයි. ක්රිඑයා කාරක සම්බන්ධියි තණ අග පිනි බිඳු වැනි වෙයි. ක්රි කා: ස: මේ කය මොහොතින් නැසීයෙයි. ක්රිි.කා: ස: පින්කම් කරනු යුතු වෙයි. ක්රිො: කා: ස: තණ + අග තණඟ - පූර්වද ස්වර ලෝප සන්ධිෙයි. මේ කවියෙන් සියලු සත්වියන්ගේ ම ශරීරය “අස්ථීර” බව දක්වයි සංචස්කන්ධවය හා සම්බන්ධණ ප්රානණය කොයි වේ‍ලේ නිර්ඬ වීයේ දැයි කිව නොහේ මය. අනිත්යය බව වටහා ගෙන භාවනා කරන ලෙස අවවාද කිරීමෙන් මරණාසුස්මෘතිය ‍ඉගැන් වූ බව ප්රණකාශ වේ. බමුණා පළමු ව එහි යෙදෙමින් මේ දෙවැනි පිරිස ද ඒ සඳහා යොමු කරවීමෙන් ඔහු ධර්මිෂ්ට සත් පුරුෂ‍ උතුමකු බව හැඟැවෙයි.

24. සක්විති ලෙසේ ම ය ලදුවත් ඉසුරු බෝ ම ය මරුගෙ බල පෑ ම ය ඔහුට වත් වෙනසක් නා ම ය

අන්වය :- සුගමයි. පදාර්ථත:- සක්විති ලෙසේමය, සකිවිති රජකුමෙන්; බෝමය ඉසුරු, බොහෝ සම්පත්; ලදුවත්, ලැබුණු නමුත්; මරුගෙ බල පෑමය, මාරයාගේ බලපෙන්වීම; ඔහුට වත්, ඒ සක්විති රජුට වත්; වෙනසෙක්, අමුත්තෙක්; නො ‍වේ මය: නොවන්නේ මැයි. භාවය:- චක්රනවර්ති රදකු සේ සමපත්තීන් පිරී උපන්නත් මරණය ඒ සක්විතිකම නිසා වැළැක්විය නොහැකිය. ටිප්පනී :- සක්විති ලෙසේ මය කී තැන “ මය ” යන්න ද දෙවැනි පෙළෙ “ය” යන්නද පද පිරැවීමට මිස අර්ථමයක් සලකා නොයෙදිණි. 3-4 පදවලත් එසේමයි. මරුගෙ බලපෑම ඔහුට වත් වෙනසෙක් නොවේ - යනු - ක්රිි: කා: ස: නොවේ යන වර්තදමාන ක්රිලයා පදයෙන් මරුගෙ බල පෑම යනු උක්තයි. ඔහුට යනු අනු: සම්බන්ධ්යි. වත් යනු අතිශයාර්ථමය ගෙන දෙන වත් ප්රතත්ය‍යකි. “ත්” යන්න පමණක් මේ පිණිස ද යෙදේ.

( 31) එහෙත් “ව” කාරක සමඟ යෙදී මෙන් එයට වඩා බලතර නියමයක් දක්වයි.

25. එයින් මරණය ගැ න හඬා වැලපී දුක් ගෙ න නොවෙහෙසෙව් කිසි දි න මෙසේ ඔහු ඔවුනට ඹවා දි න

      අන්වය :-  සුගමයි

පදාර්ථ  :- එයින්, ඒ නිසා; මරණය ගැන, මැරීම පිළිබඳ ව; හඩා වැලැපී, අඬා විලාප කියා; දුක් ගෙන, දුක් ඇරගෙන; කිසි දින, කවරදාවත්: නොවෙහෙසෙව්, වෙහෙස නොගනිව්; මෙසේ, මෙපරිද්දෙන්; ඔවුනට, ඔවුන්හට; ඔවාදින, අවවාද දුන්නේය. භාවය :- එනිසා ‍මරණය ගැන අඬා විලාප කියා දුක් ගැනීමෙන් කවරදවත් නොවෙහෙසෙව් කියා ඔවුනට අවවාද දුන්නේය. ටිප්පනී :- ඔහු ඔවුනට ඔවා දින ක්රිැ: කා: ස: දින ක්රිකයා පදයි. ඔහු: උක්ත කර්තෘවයි. ඔවා: අනුක්ත කර්මකය - ඔවුනට අනු: සම්බන්ධියි.

26. තෙරුවන සරණ ගෙ න දිවි දෙවනි කෙ‍ාට සුරකි න ඔහු සැම තුටු සිති න සුපිළිගත්තෝ මෙකී ඔව ද න

අන්වය :- සුගමයි. පදාර්ථග :- තෙරුවන, රත්නත්රකය; සරණගෙන, සරණ සමාදන් ව; දිවි දෙවෙනි කොට, පණ දෙවැනි ව; රකින, ආරක්ෂා ; කරන්නා වූ; ඔහු සැම, ඒ ගෘහ වැස්සෝ හැම දෙනා; තුටු සිතින, සතුටු සිතින්; මෙකී ඔවදන, මෙකියන ලද ‍අවවාදය; සුපිළි ගත්තෝ, මනා ව පිළි පැද්දාහ. භාවය:- බුදුන්, දහම්, සඟුන් යන තෙරුවන් සරණ

( 32) ගිය ඒ ගෙවැස්සෝ සියලු දෙන සතුටින් මේ අවවාදය ජීවිතය දෙවැනි කොට රැක්කෝය. ටිප්පනී :- තෙරුවන් රත්න ජාතී බොහෝ ඇත ඒ හැම එකකට ම වඩා ලොවැ සැමට දෙව් මිනිස් නිවන් සම්පත ලබාදෙන හෙයිනුත් එය ලබනු රිසියන් විසින් වන්ද්නා මානාදිය කළ යුතු වූත් උතුම් වස්තු ත්ර ය රත්නත්රසය යි. ඔහු සැම මෙකී ඔවදන සුපිළි ගත්තෝ යනු ක්රි : කා: ස: සුපිළි ගත්තෝ යන ක්රිවයාවෙන් එහු සැම යනු උ: ක: මෙකී ඔවදන අනුක්ත කර්මෝයි.

27. පර පුරෙන් පැවැතෙන න ලෙසින් පිය පුතු එදෙදෙ න ගොවිකම් කිරිමෙ න කළෝ දිවි රැකුම සිතු විලසි න

අන්වය :- සුගමයි. පදාර්ථව :- පරපුරෙන්, පරම්පරාවෙන්; පැවැතෙන ලෙසින්, පැවැතෙන පරිදි; පිය පුතු ‍එදෙදෙන, පියා සහ පුතා ද යන ඒ දෙදෙනා; ගෙවිකම් කිරීමෙන, ගොවිතැන් කොට; සිතු විලසින, සිතුසේ; ගොවිකම් ‍කළෝ, ගොවිකර්මාොන්තය කළහ. භාවය :- පියා හා පුතා පරම්පරා සිරිත් අනුව ගොවිකම් කිරීමෙන් සිතුසේ ජීවත් වූහ. ටිප්පනී :- එදෙදෙන දිවි රැකුම් ‍කළෝ, ක්රි්: කා: ස: කළෝ: අතීත ආ: ක්රි-යා. එදෙදෙන; උ: කර්තෘුයි - දිවිරැකුම් කර්ම්යි.

28. මෙලෙසින් ඔහු දෙදෙ න කල්යවන සඳ ද‍ැහැමි න කුඹුරු අස් වද්ද න නියම ක‍ාලය ළගා වීමෙ න

අන්වය :- සුගමයි. පදාර්ථ‍ :- මෙලෙසින්, මෙසේ; ඔහු දෙදෙන, ඔවුන් දෙන්නා;

(33) දහැමින, දැහැමින්; කල්යවන සඳ, කල්යවද්දී; කුඹුරු අස්වද්දන, කුඹුරු සස්යව වර්ධනය කරන්නා වූ; නියම කාලය, සුදුසු කල, ළඟා වීමෙන, ළංවූ නිසා. භාවය :- ධාර්මික ව දිවි රැකි ඒ පිය පුතු දෙදෙනා කුඹුරු අස්වැද්දීමට සුදුසු කාලය ළංවූ නිසා ටිප්පනී :- දැහැමි: යමෙක් පස් පව් හා දස අකුසලින් මිදී ආවුද වෙළෙදාම, වහල් වෙළෙදාම, මස් පිණිස සතුන් ඇතිකර වෙළදාම, විස වෙළෙදාම, මත් ද්රළව්යැ වෙළෙදාම, කෙරෙත්නම් ඒ අදැහැමි දිවි රැකීමයි. එයින් තොර වූ ගොවිතැනින් හා ධාර්මික වෙළෙදාමින් ද ජීවිතය ගත කිරීම හා අඹුදරු පෝෂණය දැහැමි දිවියයි.

29. කම්මැලිකම් දුරැ ර උදය කටයතු නිම ක ර ගොවි හා පුතු එව ර ගියෝ කුඹුරට සීස‍ාන යු ර අන්වය :- සුගමයි. පදාර්‍ථ :- කම්මැළි කම්, කර්මාීන්ත කිරීමේ අකමැත්ත; දුරැර, දුරු කොට; උදය, උදෑසන; කටයුතු, කළ ‍යුතුදේ; නිමකර, නිෂ්ටාවය පමුණුවා; ගොවි හා පුතු, ගොවියා ද පුතා ද; එවර, එදින; සීසාන යුර, සීසාන පරිද්දෙන්; කුඹුරට ගියෝ; ගොවි ‍පළට ගියහ. භාවය :- ගොවියා හා පුත්ර යා කම්මැළි හැර එදින උදයෙන් ම සීසෑම සඳහා කුඹුරට ගියෝය. ටිප්පනී :- ගොවි හා පුතු: ගොවි යනු හා සබදෙහි කතු විබතයි. ගොවියා හා පුත්රෝයා සිසාන යුරයි. සිටි තැන පූර්වුස්වරලෝප හා සන්ධින වීමෙන් සිඬයි.

30. සිදිමින අතු පත ර බ‍ැඳි වැට කොටුත් තදක ර රැඳි කසළ දුර හැ ර එදින සිට වැඩ පටන් ගතු ති ර 5 ( 34) අන්වය :- සුගමයි. පදාර්ථි :- අතුපතර, අතු හා රිකිලි; බැදුම් සිඳිමින, කපමින්; බැඳි, බදින ලද; වැට කොටුත්, වැට හා ආවරණ; තදකර, සවිකොට; රැදි, එක්වූ; කසළ, කුණු රොඩු; දුරහැර, දුරලා එදින සිට, එදා පටන්; තිර, ස්ථීර වූ; කුඹුරු වැඩ පටන් ගතු කුඹුරු වැඩ ඇරැඹූ භාවය :- සුද්ද පවිත්රර කර කුඹුර වැට තද කර කුණු කසල රැස්කොට ඉවත ලමින් වැඩ ඇරඹූය.

31. දුටු දන මන රැග ත් ගොවි පුතුගෙ ළඳ ගුණ යු ත් හිමි දෙගුරු පිළිවෙ ත් දිනෙන් දින ඉටුකළා යාප ත්

අන්වය :- සුගමයි පදාර්ථ  :- දුටුදන, දැක්ක ජනයාගේ; මනරැගත්, සිත් ගන්නාවූ; ගුණයුත්, ගුණවත්වූ; ගොවිපුතුගේ, ගොවි පුත්රසයාගේ; ළඳ, භාය්යාූ් ව; මිහි දෙගුරු, ස්වාමියා කෙරෙහි හාමා පියන් කෙරේ කළයුතු; යාපත්, යෝග්ය වූ පරිදි, පිළිවෙත්, ප්රයතිපත්තිය; දිනෙන් දින, දවසින් දවස; ඉටුකළා, ඉෂ්ටකළාය. භාවය:- ගොවි පුත්රෙය‍ාගේ බිරිය දුටුවන් සිත්ගත් ගුණැත්තියකි. ස්වාමියා හා මාපියන් වෙත පැවැත්විය යුතු ප්රරතිපත්ති ද දිනෙන් දින ඕ ඉටු කළාය. ටිප්පනී :- හිමියාට බිරියගෙන් ඉටුවිය යුතු යුතුකම් නම් :- අලුයම නැගිටීම, ගෙදර වැඩ අනලස් ව කිරීම, කර්ම්න්ත යන්හි දක්ෂැවීම, ස්වාමියාට මනාප ලෙස හැසිරීම, ස්වාමියාට පසුව නිඳාගැණීම යනාදියයි. මාපියන්හට කළ යුතු වත නම්: තම දෙමව්පියන්ට සේ ම උදේ සවස වැඳීම, දැක හුනස්නෙන් නැඟිටීම, ආහාර යනාදිය හොඳින් දීම, වතාවත් කිරීම් ආදියයි.


(35)

32. බඹ මොහොතෙ පිබිදෙ යි සිය ගෙදර දොර හමදි යි වැඩි හිටියන් පුද යි සැමට ආහාර සකස් කරව යි

අන්වය :- සුගමයි. පදාර්ථහ :- බඹ මොහොත, බ්ර හ්ම මුහුර්තදයෙහි; පිබිදෙයි, නැගී සිටියි; සිය ගෙදර දොර, තමන්ගේ ගෙය හා අවට; හමදියි, අතුගායි; වැඩිහිටියන්, වෘඬයන්හට; පුදයි, පූජා කරයි; සැමට, හැමදෙන්ට ම; ආහාර සකස් කරවයි; කෑම පිළියෙළ කරවයි. භාවය :- අලුයම 4.30 ට අවදිවී ගේ දොර අතු පතුගා වැඩිහිටියන්හට ආහාර පාන සපයාදී අන්හැමට ආහාර පිළියෙළ කර දේ. ටිප්පනී :- “බ්රා්හෙම මුහුර්තෙද උත්තිෂෙඨත් ස්වාසෙථාරක්ෂාඩත් මායුෂම්” යනාදීන් සනීපාරක්ෂාආ අදී උතුම් ගුණ පතන්නන් විසින් අලුයම බඹ මොහොතෙහි නැගී සිටීම පුරාණ උසස් ම චරිත්රහයකි. මෙය යෙදෙන්කේ ඔර්ලෝසුවෙන් උදේ 4.30 ටය.

33. එ තැ න් සිට නැන්ද නී නෑ න න් ඩියද සමගි නී සෙ දි න් වී කොටමි නී පි ස න් නිය රස අහර මැනැවි නී

අන්වය :- සුගමයි. පදාර්ථ  :- එතැන් සිට, අලුයම නැගිටීමේ පටන්; නෑනන්ඩිය ද සමඟින, පුතාතේ බිරිය හා; සෙදින් වී කොටමින, වහා වහා වී කොටා; මැනවින් , යහපත් පරිද්දෙන්, රස ආහාර පිසින්නීය. රසවත් ආහාර පිසින්නීය. භාවය :- අලුයම නැගිට තැන් නිට නෑනා සමඟ වී කොටා රස අහර පිළියෙල කරන්නීය. (36)

ටිප්පනී :- (ඈ) රස අහර පිසන්නීය ක්රි :කා:ස:

34. අහර පිස නිම ස ඳ ඉන් දෙකොටසක් කර බැ ඳ ගොසින් කුඹුරට සෙ ද තුටින් පිළිගන්වයි පසෙක හි ඳ අන්වය :- සුගමයි. පදාර්ථ හා භාවය :- ආහාර පිසවා නිමවූ කල්හි එයින් කොටස් දෙකක් වෙන්කර මුල් බැඳ කුඹුරට ගෙණ ගොස් පැත්තකට සිට පිළිගන්වයි. ටිප්පනී :- බැඳ; යනු පූර්ව ක්රිලයායි. තුටින් පසෙක හිඳ පිළිගන්වයි. ක්රිප: කා: ස:

35. මෙ ලෙ ස ගොවි පුතු ම න ස තො ස කැරැ වු නොමඳි න වෙ සෙ ස ඇගෙ ගති ගු ණ කෙ ලෙ ස පවසමි! මෙබදු කවකි න අන්වය :- සුගමයි පදාර්ථස භාව :- මෙසේ ගොවි පුත්රියා සිත් ගනිමින් බොහෝ සේ සතුටු කරවූ ඇගේ (විශෙෂ) ගතිගුණ විශෙෂය මෙබඳු කවියකින් කෙසේ ප්රගකාශ කරම් ද?

36. කෙත් වත් වැඩ වල ට ප ත් වූ දිනෙක කුඹුර ට පු ත් තෙම කමත ව ට ග ත් තෙ එක් කොටසක් කොටන්න ට අන්වය :- සුගමයි පදාර්ථෙ හා භාව :- කුඹුරු වතුවල වැඩ පිණිස කුඹුරට පැමිණි දිනයෙක්හි කමත වටේ එක් කොටසක් පුත්රියා කොටන්නට ගත්තේය.

( 37)

37.	සි ය පුතුගෙ බස	සා

පි ය තෙම නො වී සරො ස‍ාා සි ය කොටසැ පිවි සා වී ය සහ තොස කොවුල් නද සා

අන්වය:- සිය පුතුගෙ, බස් අසා පියතෙම සරොසා නොවී සිය කොටසැ පිවිසා වීය සහතොස කොවුල් නද අසා පදාර්ථප :- සිය පුතුගෙ: තම පුත්ර යාගේ; බස් අසා, වචනයෙන්; පියතෙම සරොසා නෙවී, පියා සතුටු ව; සිය කොටසැ, තම කොටසෙහි; පිවිසා, ඇතුළු වී; කොවුල් නද අසා, කොකිල නාද ශ්රටවණයෙන්; සහතොස විය, සන්තෝෂවූයේය. භාවය :- පිය තම පුතු ඉල්ලූ කොටස සතුටින් දී තමන්හට පත් කොටසට වී කොටන්නට පටන් ගත්කල කොවුලෙක් හඬන්නට විය. ඒ මිහිරි නදට හේ සතුටු විය. ටිප්පනී :- කොවුල් නද අසා :- කොවුල් නද’සා පෙර සර ලොප් සඳයි. කොවුල් නද අසා පියා සන්තෝෂ විය. ක්රිල:කා:ස:

38. මෙලෙසින් තොර නොව න බිඟුසන් තෙපුල් සරිව න කොවුලන් හඬ සව න වැකී මෙන් පිනවීය ඔහු ම න අන්වය :- සුගමයි. පදාර්ථ් :- මෙලෙසින්, මෙසේ; තොරනොවන, නැවැතීමක් නැත්තාවූ; බිඟුසන් තෙපුල්, හෘඞග සමූහයාගේ; හඬ හා එක සම ව ඇසෙන්නාවූ; කොවුලන්හඬ, කොවුලන්‍‍‍ ගේ නාදය; වැකීමෙන්, කනට වැටීමෙන්; ඔහුමන, ඔහුගේ සිත; පිනවිය, සතුටු කළේය. භාවය :- මෙසේ නොනැවතී බඹර නාදය එකතු ව ම කොවුලන්ගේ නාදයත් කනට ඇසීමෙන් ඔහුගේ සිත සතුටු විය. ( ශෘඞගර රසයයි.)

(38) ටිප්පනී :- කොවුලන් හඬ සවන වැකීමෙන් ඔහු මන පිනවිය. ක්රිේ: කා: ස: පිනවිය ක්රිසයා පදයි මන; උක්තයි. 39. ප තා මතු කල ය ස සෙ තා ලබනෙව් සිතු ලෙ ස කෙතා බැස නොවල ස ඉ තා වැඩ කළ ගොවිට එද ව ස අන්වය :- මතුකල යස පතා, සිතුලෙස සෙතා ලබනෙව් නොවලස කෙතා බැස ඉතා වැඩ කළ ගෙවිට එදවස පදාර්ථැ :- අනාගත කාලයේ කීර්තිය ප්රා්ර්ථතනා කරගෙන සිතුපරිදි ශාන්තිය ලැබීම සඳහා කම්මැලි නොවී කුඹුරට බැස බොහෝ වැඩ කළා වූ ගොවියාට ඒ දිනයේදී භාවය :- එසේ මැයි. 40. සුරතල් කර නිත ර නෙත මෙන් වැඩු පෙම්බ ර පුතු නොදැක හද තු ර ඇවිළ ගියෙ සෝගින්න නොවිත ර අන්වය :- නිතර සුරතල් කර නෙත මෙන් වැඩූ පෙම්බර පුතු නොදැක හදතුර නොවීතර සොගින්න ඇවිළ ගියේ- පදාර්ථහ :- නිතර, හැමවිට; සුරතල් කර, නැළාවිලි බස් කිය කියා; තෙතමෙන්, ඇස් දෙකසේ; වැඩූ වැඩි දියුණු කළා වූ, පෙම්බර, ප්රේ මයෙන් බර වූ; පුතු නොදැක, පුතා නො දැකීමෙන්; හදතුර, පපුව තුළ; සෝගින්න, ශෝක අග්නිය; නොවිතර, ප්රුමාණ රහිත ව; ඇවිළ ගියෙ, ඇවිළී ගියේය. භාවයද :- එසේ මැයි. ටිප්පනී :- ඇවිළී ගියෙ සෝගින්න - මෙහි ඇවිළ ගියේ යනු ක්රි්යා සංක්ෂෙීපයයි. ඡන්දෝස් කැඩෙන නිසා මෙසේ යෙදිණ. මෙය කරුණා රසයයි. 41. රිවි රැසින් වෙහෙස ට පත්වී සිටිය එවක ට ගොවි තෙමේ හණික ට නික්ම ගියෙ පුතණුවන් සෙවුම ට ( 39 ) අන්වය :- සුගමයි. පදාර්ථග :- රිවිරැසින්, සූය්ය්ේ රශ්මියෙන්; එවකට, එවෙලෙහි. වෙහෙසට, අමාරුවට; පත්වී සිටිය, පැමිණ උන්; ගොවිතෙමේ, ගොවියා; හණිකට, වහා; පුතණුවන් සෙවුමට, දයාබර පුත්රනයා සෙවුමට; ගියෙ, ගියේය. භාවය :- අව්වෙන් විඩාවට පැමිණ සිටි ගොවියා වහා දරුවා සෙවීමට ගියේය. ටිප්පනී :- රිවිරැසින්, රිවිගේ රැස = රිවිරැස ඉන් රිවි - රැසින් පුතණුවන්, මෙහි පුත් ශබ්දයට අගින් උත්තමාර්ථරයෙහි අණු ප්රමත්යඉයයි, උතුම් පුත්, පුතණුවෝ - ඒ පුතණුවන්.

42. ක ම තට පිවිස සෙ ද නො ම දැක පුතණුවන් ‍සො ඳ නො ම ඳ හද දුක් වැ ඳ ළැ ම ත් ගසමින් සොයන නැවැත ද අන්වය :- සුගමයි. පදාර්ථ් :- සෙද, වහා; කමතට, කර්මඉන්ත ස්ථානයට; පිවිස, ප්රසවිෂ්ට වැ; සොඳ, සුන්දැර වූ; පුතණුවන්, පුත් උතුමා; නොදැක, නොපෙනී; නොමඳ, බොහෝ වූ; හද දුක් වැද, දුකට පත්ව ළැම, පපුව; අත් ගසමින්, අත් ගපගපා, නැවැතත් සොයන, සොයන්නාවූ කාලයෙහි භාවය :- වහා කර්මතන්ත ස්ථානයට පැමිණ තම පුතණුවන් නොදැක හද වේදනාවට පැමිණ සොයන විට. ටිප්පනී :- ළැමත් ගසමින් ළැම + අත් ගසමින් පූර්වොස්වර ලෝප සන්ධිනයයි සෙද; නිපාත, නැවතද, නිපාත, දුක් වැද පූර්ව් ක්රිපයායි.

43. නොදුරු වූ රුක් මුලෙ ක වැදහොත් පුතණුවන් දැ ක තතු නොදැන විගසෙ ක වැලැඳ ගත් විට දැනිණි සීතෙ ක


(40) අන්වය :- සුගමයි. පදාර්ථග :- නොදුරු වූ, ළංවූ; රුක්මුලෙක, ගසක් මුල; වැදහොත්, වැටීනිදාගත්; පුතණුවන් දැක, පුතණුවන් දැකලා; තතු නොදැන, තත්ත්වදය නොදැනී; විගසෙක, වහා; වැලඳගත් විට; ඔසවාගත් කල්හි; දැණිනි සීතෙක, සීතල වූ බව දැනුණේය. භාවය :- ළඟ ගසක් මුල වැටී සිටි පුත්රණයා දැක කලබල වී වහා වඩාගත් කල සීතල දැනුණේය. ටිප්පනී :- මැරී ටික වේලාවක් ගතවූ නිසා ශරීරය ශීතලවී තිබුණු බව දැනුණේය. මෙහි සිතෙක, දැනිණි සීතෙක කියා යෙදීම වඩා සුදුසු බැව් පෙනේ. 44. පෙර කළ කම් විල ස ගොරතර සපෙකුගේ වි ස පැතිරීමෙන් එලෙ ස මළේ යැයි දැනගතිය විද ලෙ ස අන්වය :- සුගමයි. පදාර්ථම :- පෙර, පූර්විකාලයෙහි; කළ කර්ම විලස, කළා වූ කම් පරිද්දෙන්; ගොරතර, අති රෞද්ර වූ; සපකුගේ, සර්ප‍යෙකුගේ; විස, විසය; පැතිරීමෙන්, පැතිරීයාමෙන්; එලෙස එපරිද්දෙන්; මළේයැයි, මැරුණේයැයි; විදි ලෙස, නියම වූ පරිදි, දැනගති; දැන ගත්තේය. භාවය :- පෙර පවින් ඉතා නපුරු සර්පනයකුගේ දෂ්ට කිරීමෙන් මළබව නියමින් දැනගත්තේය. ටිප්පනී :- අතිශයින් ගොර: ගොර තර, පෙරකම්, භවයෙහි පෙර උපන් කාලවල කරපු පාප කර්මඅයන් නිසා මෙය සිදුවී යැයි කල්පනා කිරීම කම්මස්සක හා ඤාණ සම්මාදිට්ඨිය නම් වූ නුවණෙකි. 45. ද හ ම් රද වද හ ළ ද හ ම් දැන රැක ඇම ක ල අ ද ම් හැම දුරු ක ළ උ තු ම් කුසලෙන් හෙතෙම නොපැකි ළ (41) අන්වය :- සුගමයි. පදාර්ථ් :- දහම් රද ධර්මය රාජයන් වහන්සේ; වදහළ, වදාළ වූ; දහම්, ධර්ම්ය; දැන උගෙන; ඇමකල, සැම කල්හි; රැක, ආරක්ෂායකර; හැම අදම්, සකල අධර්මුය; දුරුකළ, දුර හැරියා වූ; උතුම් කුසලෙන්, උත්තම කුසල කර්මඅයෙන්; හෙතෙම, ඔවුහු; නොපැකිළි, පසු නොතැවී. භාවය :- ධර්මහරාජන් වූ බුදුරදුන් වදාළ ධර්මිය උගෙන සැමකල්හි ආරක්ෂාරකර සියලු අධර්මහ දුරුකළා වූ උතුම් කුසල බලයෙන් හේ පසුබට නො වී. ටිප්පනී :- ත්රිහපිටකය ධර්ම ය ලොවට වදාළ හෙයින් බුදුරජාණන් වහන්සේ දහම් රජයි. 46. සැව ගොස් මනු ලොවෙ නී බබළන නොයෙක සිරියෙ නී සුර පුරයෙක ‍රම ණී තරුණ සුරකුමරකු ව ඉපැදි ණී අන්වය :- සුගමයි. පදාර්ථු :- මනු ලොවෙනී, මිනිස් ලොවින්; සැව, මැරී; නොයෙක සිරියෙනි, නොයෙක් ඉසුරින්; බබළන, බැබැළෙන්නා වූ; රමණී, සිත් කලු වූ; සුරපුරයක, දෙව් ලොවක; තරුණ සුරකුමරකුව, තරුණ සුර කුමරකුව; ඉපදිණී, උපන්නේය. භාවය :- ඒ බමුණු ගොවි පුත් තෙමේ මිනිස් ලොවින් කලුරිය කොට නොයෙන් සම්පතින් බබළන දෙව් ලොවෙක තරුණ සුරකුමරකු ව උපන්නේය. ටිප්පනී :- තරුණ සුරකුමරකු: මෙහි දැක්වෙය තරුණ කුමරකු සේ පහලවීම නම් ඕපපාතික උත්පත්තියයි. කුඩා ප්ර්මාණයෙන් ඉපැදීම සාමාන්යන මව් කුස්හි සිට බිහිවීමය. ඕපපාතිකව උපදින්නේ සොළොස් හැවිරිදි පමණ අඟපසඟ සම්පූර්ණට වය. කුමරකු ව යනු පූර්ව ක්රිරයා පද වේ.



( 42 ) 47. හැඳිවත මුදා සෙ ද වසා ඉන් පුතු මළ ක ඳ තමා තනිව ම හි ඳ නැණැත් පියතෙම සිතී මෙ ලෙ ද අන්වය :- සුගමයි පදාර්ථ  :- හැඳිවත, ඇන්දා වූ වස්ත්රුය; සෙද, වහා; මුදා, ලිහා; ඉන්, එයින්; පුතු මළ කඳ, පුතාගේ මළ සිරුර; වසා, ආවරණය කොට; තමා (පියවූ;) ඔහු, තනිව ම, හුදෙකලා වම; ඉඳ, නැවතී; නැණති පියතෙම, ඥානවන්ත පියා; මෙසේ මෙපරිද්දෙන්; සිතී; සිතුවේය. භාවය :- පුතුගේ මළ සිරුර පියා ඇද සිටි වස්ත්රීය ලිහා ඉන් වසා ඔහු ඥානවන්ත බැවින් මෙසේ කල්පනා කළේය. ටිප්පනී:- හැඳිවත මුදා, මුදා, පූර්වහ ක්රිුයායි. හැඳිවත; උක්තයි. පුතු මළ කඳ ඉන්වසා. වසා පූර්වත ක්රිදයායි. පියා යනු උක්තයි මළකඳ, අනු කර්මවයි. පුතු තත් විශෙෂණයි. පියා සිතී, ක්රිර: කා: ස: සිතී, අතීත ආඛ්යාෙත ක්රි යායෙන් පියා; උක්ත කර්තෘයයි. නැණැති නැණ ඇති යේ = නැණැති.

48. කුදු මහත් සැවෙ මය පොදු වේ නැසී යෙත් මය බුදු ‍දම් සැබෑ මය රුදුරු මරුගේ ගති මෙසේ මය

පදාර්ථ  :- කුදු මහත්, කුඩාවූ හා මහත්වූ; සැවොමය, හැම දෙන ම පොදුවේ, එකට; නැසීයෙත් මය, මරණයට පැමි‍ෙණත් මය. බුදුදම්, බුඬ ධර්මවය; සැබ මය, සත්යකමැයි; රුදුරු. රෞද්රැ වූ; මරුගේ, මාරයාගේ; ගති, ස්වාභාවය; මෙසේ මය, මෙපරිදි මැයි. භාවය :- කුඩා වූද, මහත්වූ ද හැමදෙනා ම පොදුවේ එකට මැරී යෙත්මැයි බුඬ දේශනාව සැබෑමැයි රුදුරු මරුගේ ගති මෙලෙසමැයි.


(43) ටිප්පනී :- කුදු ද මහත් ද කුදු මහත් ද අරුත් සමස්. බුදුන්ගේ දම් බුදු දම් විබත් සමස්. රුදුරු වූයේ ද එම මරු වූයේ ද රුදුරු මරු ඒ රුදුරු මරුගේ.

49. උපන් සක දිය තය මරුට බිල් වනු නිය තය මපුතු ද නොනැව තය ගියේ මරුවා සමඟ මෙවැ තය අන්වය :- සුගමයි. පදාර්ථර :- දියතය, ලෝකයෙහි; උපන් සත, උපන්නා වූ සත්ව යා, මරුට, මාරයාට; බිලිවනු, බිලිවීම; නියතය, නියමයි; මපුතු ද, මගේ පුත්රථයාද ; නොනැවැතය, නොනැවතී; මෙවැතය, මේ වර; මරුවා සමඟ, මාරයා හා; ගියේ, පරලොව ගමන කෙළේය. භාවය :- ලෝකයේ උපන් හැම දෙනා ම මාරයාට බිලිවීම නියමයි. මගේ පුතා ද මෙවර නොනැවතී මරු හා ගමන් කළේය. ටිප්පනී :- මගේ පුතු: මපුතු, විබත් සමස්, උපන්නා වූ සත; උපන්සත, වෙසෙසුන් සමස් මපුතු මරුවා සමඟ ගියේ ක්රිම: කා: ස: මෙහි ගියේය කියා යෙදිය යුතු තැන ඡන්දමස් බිදෙන නිසා ගියේ කියා ක්රිියාව සංක්ෂෙකපකොට දැක්විණි.

50. පියතෙම මේ ලෙසි න සිතා සිත තුළ ඇති වු ණ සෝදුක නිවා ගෙ න කුඹුර කෙටුමට යළි පටන් ගෙ න අන්වය :- සුගමයි. පදාර්ථක :- පියතෙම, තරුණයාගේ පියා; මේ ලෙසින, මේ කියන ලද පරිදි; සිතා, කල්පනාකර; සිත තුළ, සිත ඇතුළෙහි; ඇතිවුණ, පහළ වූ; සොදුක, ශොක දුඃඛය; නිවාගෙන, සංසිඳුවා ගෙන; යළි, නැවත; පටන්ගෙන, නැවැතත් කුඹුර කෙටුවේ, කුඹුර කොටන්නට විය.

(44) භාවය :- ඒ මළ තරුණයාගේ පිය බමුණු ගොවියා මරණානුස්සතිය උපදවා සෝක දුරු කරගෙන නැවැතත් කුඹුර කොටන්නට පටන් ගත්තේය. ටිප්පනී :- සෝදුක: සෝකෙන් ඇති වූ දුක සෝදුක් එසේ නැත් නම් සෝ ම දුක, සෝදුක - ජාතිය, ජරාව, මරණය. සෝකය, පිරිදෙවය, කායික දුකය, දොම් නසය, උපායාසය, යනාදී මේ දුක් වැලට සසර වසන්නවුන්හට ඒ ඒ අවස්ථාවන්හීදී මුහුණ පෑමට සිදුවේ. කායික, මානසික සැනසිලි නැති කරන මේ ජාති ආදිය නිසා බුදුරජාණන්වහන්සේ දුකයයි දක්වා වදාළසේක.

51. එය කරන අත රේ මඟයන කෙනකු නුදු රේ අමතා සිතු යු රේ ඔහුට මෙපුවත කිය නොහැ රේ

අන්වය :- සුගමයි පදාර්ථෙ :- එය කරන අතරේ, කඹුර කොටන ගමන්; නුදුරේ මඟ, සමීප මාර්ගතයේ; යන කෙනකු, මඟියෙක්; සිතුයුරේ අමතා, හිතේ අදහස් පවසා; ඔහුට, ඒ අයට; මෙ පුවත, මේ තොරතුරු; නොහැරේ කියා, අත්නෑර දන්වා භාවය :- ඒ කරන අතුරෙහි සමීප මග යන අයකු දැක ඔහුට මේ සියල්ල කියා මේ පණිවුඩය දුන්නේය. ටිප්පනී :- මඟියාට මේ කාරණය සම්බන්ධන සියලු විස්තර දැනුම් දුන් බව මෙපුවත කියා යන්නෙන් පැහැදිළි වේ.

52. ද රු ව තොප මෙ වි ටා වෙනුව පිහිටක් මෙම‍ ටා යු හු ව ගොස් ගම ටා කි ය ව මේ ලෙස ගෙදර අය ටා අන්වය :- සුගමයි.

(45) පදාර්ථ  :- දරුව, පුත්ර ය; තොප මෙවිට, මෙම පිහිටක් වෙනුව; යුහු ව, වහා; ගමට ගොස්; ගෙදර අයට මෙසේ කියන්න; භාවය :- දරුව මට පිහිට වෙන්න, මගේ පුතු මළ පණිවුඩය ඉක්මනිනි ගමට ගොස් ගෙදරට කියන්න. ටිප්පනී :- ගොස් : පූර්ව ක්රිතයාර්ථ නිපාතයකි, දරුව යනු ආමන්ත්රෑණයි. තෝ ගමට ගොස් ගෙදර අයට මෙලෙස කියව. ක්රි‍: කා: ස:.

53. එක් අයකුට පම ණ අහරක් රැගෙන හැමදෙ න සැරැසී සුදු වති න වහා එන ලෙස කිය යනුමැ න

අන්වය :- හැමදෙන සුදු වතින් සැරැසී එක් අයකුට පමණ අහරක් රැගෙන වහා එන ලෙස කියා යනු මැන. පදාර්ථව :- සැමදෙන, කවුරුත්;සුදු වතින්, සුදු ඇඳුමෙන්; සැරැසිලා, සැරසී; එක් කෙනෙකුට පමණ කෑම රැගෙන වහා එන්නැයි යන පණිවුඩය කියා යනු මැනවි. ටිප්පනී :- එක් අයකුට, එක් කෙනෙකුට: කීවත් මේ අර්ථ ය මැයි, අයෙක් යන්න බහු වචනයි. එක් යන්නෙන් එය එකාර්ථු බවට හැරවිණි, සැරැසී - පූර්වු ක්රි්යායි.

54. එ ස ඳ මගි නොල සා පැ හැ ද යෙහෙකැයි පව සා ග ත ද තම වෙහෙ සා ඇ වි ද පිවිසී බමුණු නිවෙ සා

අන්වය :- මගි එසද පැහැද නොලසා යෙහෙකැයි පවසා තම ගත ද වෙහෙසා ඇවිද බමුණු නිවෙසා පිවිසී.


(46) පදාර්ථි :- මහි: මාර්ගැගිකයා, එසඳ, එකල්හි, පැහැද, පැහැදී; නොලසා, (අනලස්ව) වහා, යෙයෙකැයි, යහපතැයි; පවසා, කියා; තම ගත ද, තමාග් ශරීරය ද; වෙහෙසා, මහන්සි කොට; බමුණු නි‍වෙසා, බමුණාගේ ගෙට; පිවිසී, ප්රෙවිෂ්ට විය. භාවය :- මගියා එකල පැහැදී වහා යහපතැයි පිළිගෙන තම කය ද වෙහෙසා ගෙන බමුණු නිවෙසට ගියේය. ටිප්පනී :- මගියා තමන්ගේ ගමනට වඩා මේ පණිවුඩ ගෙනයාමට තමා වෙහෙස ගෙන ඈත යායුතු ‍වුව ද ඒ නොතනා ගොස් පණිවුඩය දුන්නේය යනු පැහැදිළි වෙයි. මඟියා මින් යුතුකම් කරන කෙනෙකු බවත් යහපත් අයෙකු බවත් හඟවයි.

55. නොමින පින් රැස් ක ළ දි ළෙ න පහනෙවි ගෙය තු ළ ද කි න දන මන දො ළ පු ර න සිරිලිය සිරිය පළක ළ

අන්වය :- සුගමයි. පදාර්ථ  ;- නොමින, බොහෝ වූ; පින් රැස් කළ, පින් රැස් කළා වූ: දිළෙන පහනෙව්, දිළියෙස පහනක් වැනි වූ; දකින දන, දක්නා වූ ජනයාගේ; මන දොළ, සිත්හී ආසාව; පුරණ, පුරන්නා වූ; සිරිලිය, ශ්රී, කාන්තාවගේ; සිරිය, සම්පත්තිය, පළකළ; ප්රසකාශ කළ වූ. භාවය :- බොහෝ පින් රැස්කළ - දිළිසෙන පහන් එළියක් බඳු දුටුවන් සිත් ආශාව පුරවන්නා වූ සිරිකතගේ සම්පත් ප්ර කාශ කළ. ටිප්පනී :- ‍පහනෙව්, පහන; එව් යන විසන්ධිටය පූර්ව ස්වර ‍ලොප් හා පැමිණිවීමෙන් සිඞ සන්ධින පදයකි. දකින දන මන දොළ; දකින්නා වූ දනහු, දකින දන; දකින දනන්ගේ මන දකින දනමන; දකින දනමන පිළිබඳ දොළ, දකින දන මන ‍දොළ; වෙසෙසුන් සමස් ගැබ් විබත් සමස්. සිරි වූයේ ද එම ලිය වූයේ ද එම සිරිලිය; සිරිලියගේ සිරි; සිරිලිය සිරි, ඒ සිරිලිය සිරිය - වෙසෙසුන් සමස් ගැබ් විබත් සමස්.

(47) 56. දිමුතු සොඳ ගුණ යු ත් මුව සරසවිය වැස ග ත් එළඳ දැක තොස ප ත් මහී තෙම සැළ කෙළේ එපු ත් අන්වය :- සුගමයි. පදාර්ථම :- දිමුතු, දීප්තිමත් වූ; සොද ගුණ යුත්, සුන්ද ර ගුණයෙන් යුක්ත වූ; මුව සරසවිය, මුඛයෙහි සරසවිය; වැසගත්, වාසයට පැමිණියා වූ, එළඳ, ඒ ස්ත්රිසය; දැක, දර්ශසනය කොට; තොසපත්. සන්තුෂ්ටියට පැමිණියා වූ; මහීතෙම, මාර්ග ගික තෙමේ; එපුවත්, ඒ ප්රාවෘත්තිය; සැළ ‍කළේ, දැන්වීය භාවය :- බබළන යහපත් ගුණ ඇති මුඛයෙහි සරස්වතිය වාසය කරන්නා වූ ඒ ස්ත්රිීය දැක සතුටු වූ මගියා ඒ ප්රතවෘත්තිය ගෙදරට දැන්විය. ටිප්පනී :- දිමුත්, දිප ඇතියේ; දිමුතු,මුව සරසවිය, මුවෙහි සරසවිය මුව සරසවිය, විපත් සමස්. එද, එම පුවත් ද; එපුවත්; වෙසෙසුන් සමස්. මගී තෙම එපුවත් සැළ කෙළේ, ක්රි,: කා: ස:

57. එම පුවත තතු මෙ න සවන කළ ඇය විග සි න පුතුන් මළ බැව් දැ න ගෙදර කටයුතු නිමා ‍කෙරෙමි න අන්වය :- තතු මෙන එම පුවත සවන කළ ඇය පුතුන් මළ බැව් දැන විගසින ගෙදර කටයුතු නිමා කෙරෙමින. පදාර්ථ  :- තතුමෙන, ඇති සැටියෙන්; එම පුවත, ඒ තොරතුරු; සවන කළ, ශ්රනවණය කළා වූ; ඇය, ඒ බමුණු කාන්තාව; පුතුන් මළබැව්, පුත්ර යා මරණයට පැමිණි බව; දැන, දැනගෙන; විගසින, වහා; ගෙදර කටයුතු, ගෙයි කළ යුතුදේ; නිම කෙරෙමින, අවසන් කොට. භාවය :- ඒ බමුණු පුතු, පිළිබඳ තොරතුර, සිදුවූ පරිදි ඇසූ ඒ බමුණා කාන්තාව පුත්රේයා කළුරිය කළ බව දැනගෙන වහා ගෙදර කටයුතු දේ අවසානයට පමුණුවා.

(48) ටිප්පනී :- ගෙදර කටයුතු, ගෙදොරෙහි කටයුතු; ගෙදර කටයුතු; විබත් සමස් නිමා, පූර්වත ක්රිායායි. කෙරෙමින, මිශ්රු ක්රිුයායි

58. පු න් සඳුගෙ සිරිග ත් සු න් දර දුව ද යෙහෙළි ත් කැ න් දවා දාසි ත් ද න් වමින් නොවළහා මෙපුව ත් අන්වය :- සුගමයි. පදාර්ථස :- පුන් සඳුගෙ, පූර්ණත චන්ර්ෙ යාගේ; සිරිගත්, ශොභාව ග්රරහණය කළා වූ; සුන්දර, සෞන්දිය්‍්ූර් ෙයන් යුක්ත වූ; දුව ද, දියණිය ද; යෙහෙළිත්, යෙහෙලියත්; දාසිත්, දාසියත්; කැන්දවා, ළඟට ගෙන්වා; මෙපුවත්, මේ ප්රෙවෘත්තිය; නො වළහා, වහා; දන්වමින්, හඟවා. භාවය :- පුන්සඳ වැනි ශොභාමත්සුරූපී දුවණිය හා ලේළිය ද, දාසිය ද, ළඟට ගෙන්වා මේ පුත්ර මරණය සම්බන්ධා ආරංචිය දැන්වූය. ටිප්පනී :- පුන් වූයේ ද, එම සඳු වූයේ ද, පුන් සඳු; මෙද, එම පුවත් ද, මෙපුවත්. 59. හැම දෙන ම එම ස ඳ නාපිරිසිදු සුදු ඇ ඳ රැගෙන බත බුලත ඳ පිටත් වී ගොස් ගොවි පළට වැ ඳ අන්වය :- එසඳ හැම කෙන මනා පිරිසිදු ව සුදු ඇඳ බත බුලතද රැගෙන වී ගොස් ගොවි පළට වැද පදාර්ථව :- සුගමයි. භාවය :- එකල සැමදෙන ම නා පිරිසිදු වී සුදු වස්ත්රු හැඳ බත් හා බුලතුත් රැගෙන ගෙන් පිටත් වී ගොස් ගොවි පළට පිවිසී. ටිප්පනී :- නා පිරිසි දු ව සුදුවත් ඇඳ යාමෙන් උසස් චාරිත්රැයක් ප්ර්කාශ වේ. (49) 60. ස න් සුන් කමිනි යු ත් උ න් සැම දෙන ම දම් ද ත් ස න් ස ල නොවි සි ත් ළ න් ව මළකඳ බලා ගොවි පු ත් අන්වය :- සුගමයි. පදාර්ථ  :- සුගමයි. දම්දත්; ධර්මරය උගත්, සන්සල නොවී; නොසෙල්වී, භාවය :- සන්සුන් කමින් යුත් ධර්මඇය දැනගත් උන් හැමදෙන ම සිත් කම්පා නො වී ගොවි පුත්රුයාගේ මළ කඳට ළංවී ගෙදර කවුරුත් බණ දහම් උගතුන් බව පෙන්වයි. බලා; පූර්වරක්රි යායි. ළංව පූර්වම ක්රිනයායි. සංසල නොවී යනුද පූර්වප ක්රිුයාවකි. 61. ගෙන ගිය බත් බුල ත් වලින් සනසා ගොවි සි ත් සැවොම වි එක් ස ත් අසල වනයට පිවිස මැදිසි ත් අන්වය :- සුගමයි පදාර්ථය :- ගෙනගිය, අරන් ගියා වූ; බත් බුලත්වලින්, බත හා බුලතින්; ගොවිසිත්, ගොවියාගේ සිත; සනසා, තුටුකර; සැවොම, හැමදෙනා ම; එක්සිත්, සිත් එකඟ කොට; මැදිසිත්, මධ්යතස්ථ කල්පනාවෙන්; අසල, ළඟ; වනයට, කැලෑවට; පිවිසි, ඇතුළුව; 62. අ ස් කර දැමී මෙන් ප ස් දෙන සමඟි වී මෙන් ග ස් බිඳ ‍හෙළී මෙන් රැ ස් ‍කළෝ දර මළහු නා මෙන් අන්වය :- සුගමයි. පදාර්ථි :- අස්කර දැමීමෙන්, ශෝකය දුරලා; පස් දෙන සමගිවීමෙන්, පස් දෙනා ම එක් සිත් ව; ගස් බිඳ හෙළීමෙන්, ගස් කපා පෙ‍රළා; මළහු නාමෙන්, මළ කුමරුගේ නාමයෙන්; දර රැස් කළෝ, කර එකතු කළහ.

( 50 ) භාවය :- හිතේ පැවැති ශොකය දුරලා පස් දෙන ම සිත් සමාන කරගෙන, ගස් කපා පෙරළමින්, මළගියහුගේ නමින් චිතකයට දර එක් කළහ. ටිප්පනී :- දර රැස් කළෝ. එකල පැවැති චාරිත්ර ය අනුව මළ සිරුර දැවීමට චිතකය සෑදීමටය. 63. ද ර රැස් කෙට එලෙ ස පෙ ර සිට පැවැත එන ලෙ ස ද ර සෑයක් නොල ස ත නා කවුරුත් එක ව විදි ලෙ ස අන්වය :- සුගමයි. පදාර්ථව :- එලෙස, පෙර කී පරිදි; දර රැස් කොට, දර එකතු කර; පෙර සිට, අතීත කාලයේ ප‍ටන්; පැවැත එන ලෙස, පැවැතීගෙන එන ලෙස; නොලස, වහා; දර සෑයක්, දර ගොඩක්; විදි ලෙස, චිතකාකාරයෙන්; කවුරුත්, හැමදෙන ම; එක් ව, එකතුව; තනා සදා, භාවය :- පුරාණ සිට එන පිළිවෙල අනුව කවුරුත් එකතු ව වහා දර සෑයක් තැනූහ. ටිප්පනී :- දරින් කළ සෑ; දර සැ, ඒ දර සෑයක්. 64. සසර ඇති අවු ලා සිතා සෝදුක් දුර ලා මළ මිනිය එහි ලා කඳය ගිනිදැල් වීය එක ලා අන්වය :- සුගමයි. පදාර්ථන හා භාවය :- සංසාරයේ ඇත්තාවූ අවුල සිතා සෝක දුක දුර හැර මෘත ශරරය එහි දමා ගිනි කඳ දැල්විය. 65. සුර ලොවට අග ප ත් සක්දෙව් බලා මෙපව ත් තුතිකර ඔවුන් වෙ ත් කෙරෙම්යැයැ එම පවුල පෝස ත් (51) අන්වය :- සුගමයි. පදාර්ථය :- සුරලොවට අගපත්, දෙව්ලොව ප්රෝධාන වූ; සක් දෙව්, ශක්ර්දෙවේන්ර්සිනයා; මෙපවත්, මේ ප්රාවෘත්තිය; බලා, දිවැසින් අවලෝකනයකර; ඔවුන් වෙත්, ඒ බමුණු පවුල කෙරෙහි; තුති කර, ස්තුති කොට; එම පවුල පෝසත් කෙරෙම් යැයි, ඒ ගොවි කමින්, යැපෙන ඔවුන් ධනවත් කෙරෙම් යැයි; භාවය :- දෙදෙව් ලොවට හිහි ශක්රය තෙම මෙපවත් දිවැසින් බලා ඔවුනට ස්තුතිකර එම පවුල පෝසත් කෙරෙමියි;

66. සිතා මේ විලසි න රුවින් දන මන පෙබය න තරුණයෙකුගෙ වෙසි න නුබින් අවුදින් ඇසි මෙලෙසි න අන්වය :- මේ විලසින සිතා රුවින් දනමන පොබයන තරුණයකුගේ වෙසින නුබින් අවුදින් මෙලෙසින ඇසී. පදාර්ථු :- මේ විලසින, මේ ආකාරයට; සිතා, කල්පනාකර; රුවින්, රූපයෙන්; දනමන, දනන්ගේ සිත්; පොබයන, ප්රාබෝධකරන්නා වූ; තරුණයකුගෙ වෙසින, තරුණ රූප විලාශයකින්; නුබින්, අහසින්; අවුදින්, අවුත්; මෙලෙසින ඇසී, මෙසේ ඇසුවේය. භාවය :- ශක්ර්යා මෙසේ සිතා දුටුවන් සිත් පහදන තරුණ රූපයක් මවා, අහසින් අවුත් මෙසේ ඇසුවේය. ටිප්පනී :- ශක්ර ‍දේවේන්ර්ත් තෙමේ මේ උක්ත ප්රනකාරයෙන් වෙස් මාරු කරගෙන අවුත් මෙසේ ඇසීය.

67. පලබර තුරු ‍මැදෙ හි තෙල පෙනෙන ගිනි මැලයෙ හි තෙපි එක් ව වනයෙ හි කුමක් පළහව්දැයි ඇසීමෙ හි අන්වය :- සුගමයි.

(52) පදාර්ථප :- පලබර, පලයෙන් හරිත වූ; තුරු මැදෙහි, වෘක්ෂ යන් මැද; තෙල පෙනෙන, අර පෙනෙන්නා වූ; ගිනිමැල‍යෙහි, ගිනි ගොඩෙහි; තෙපි වනයෙහි එක්ව, තොප කැලේ එක තැනකට වී, මෙහි කුමක් පළහව්දැයි ඇසී, මෙතන කුමක් පුළුස්සන්නහුදැයි ඇසීය. භාවය :- පලබර රුක් මැද අර පෙනෙන ගිනි මැලයෙහි තෙපි එක් ව කුමක් පුළුස්සන්නෙහිදැයි ඇසීය. ටිප්පනී :- පලෙන් බර; පලබර: විබත් සමස්, තුරුන්ගේ මැද; තුරුමැද, එයි තුරු මැදෙහි; විබත් සමස්. 68. මහලු ගොවි එබස ට පිළිතුරු දෙමින් එම වි ට සියලු තතු හෙළි කො ට නො වළහා පැවසීය සහතු ට අන්වය :- මහලු ගොවි එමවිට එබසට පිළිතුරු දෙමින් සහතුට සියලු තතු හෙළි කොට නොවළහා පැවසීය. පදාර්ථත :- එබසට, ඒ වචනයට; මහලුගොවි, වෘධ ගොවියා; එම විට, එකල්හි; පිළිතුරු දෙමින්, ප්රචත්යු්ත්තර දෙමින්; සියලු තතු, මුළු තත්වය; හෙලි කොට, පහදා; සහතුට, සන්තෝෂයෙන්; නොවළහා, වහාම; පැවසීය, ප්රාකාශ කෙළේය. භාවය :- මහලු ගොවියා ඒ වචනයට එසඳ පිළිතුරු දෙමින් සියලු තත්වය හෙළි කරමින් සතුටින් මෙසේ පැවසීය. ටිප්පනී :- මහලු ගොවි, මහලුවූයේ ද එම ගොවි වූයේද මහලු ගොවි, වෙසෙසුන් සමස්; තුටු සහතුට පැවැසීය. අතීත ක්රි යා. ඒක වචනයි. 69. සක් දෙවි එවිග සි න් දැක් මෙන් කරුණු නැණ සි න් දුක් වූවකු ලෙ සි න් එක් පැණක් පිළිවිසි මෙලෙ සි න් අන්වය :- සක්දෙවි එවිගසින් කරුණු නැණසින් දැක්මෙන් දුක්වූවකු ලෙසින් මෙලෙසින් එක් පැණක් පිළිවිසි.

(53)

පදාර්ථෙ :- සක්දෙවි, ශක්රද දේවේන්ර්යා තෙමේ; එවිගසින් ඒ ක්ෂපණයෙහි; කරුණු, කාරණා; නැණසින් දැක්මෙන්, නුවණැසින් දැකීම නිසා; දුක් වූවකු ලෙසින්, දුකට පැමිණියකු සේ; මෙලෙසින්, මේ මතු ප්රයකාශවන පරිදි; එක් පැණක්, එක් ප්ර්ස්නයක්; පිළිවිසී, විචාලේය භාවය :- ශක්ර්දේවේන්ර්්ර් තෙමේ එකෙණෙහි කරුණු නුවණැසින් දැක දුකට පත්වූවකු සේ මේ මතු ප්රටකාශවන කුරුණු විචාලේය. ටිප්පනී :- සක්දෙවි එක් පැණක් පිළිවිසි. ක්රිහ: කා: ස: පිළිවිසි යන අතීත කාලික එක වචන ක්රිුයාවෙන්, සක්දෙවි උක්ත කර්තෘ යි එක් පැණක් යනු අනු: කර්ම‍යි.

70. ඇ ත ත් නෙක යසිසු රු උ ග ත් පුතු මෙන් නැත ස රු කි ය ත් ලොව සමහ රු න මු ත් තෙපි එය නොදන්නා යු රු

අන්වය :- නෙක යසිසුරු ඇතත් උගත් පුතු මෙන් සරු නැත ලොව සමහරු කියත්; නමුත් තෙපි එය නොදන්නා අයුරු. පදාර්ථක :- නෙක යස ඉසුරු ඇතත්, නොයෙක් යසස් හා සම්පත් ද තිබෙතත්; උගත් පුතු මෙන්, උගෙන ගත් පුත්රොයා සේ; සැරුනැත, සාරයක් නැත්තේය ලොව, ලෝකයේ, සමහරු, ඇතැම්හු; කියත්, කියති; නුමුත්, එසේ වුවත්; තෙපි යුස්මත්හු, එය නොදන්නා අයුරු, එය නොදන්නා සේය. භාවය :- සියලු කීර්ති හා සම්පත් තිබුණත් උගත් පුතු සේ එය නොවටියි කියා ලෝකයේ ඇතැම්හු කියතත් තෙපි ඒ බව නොදන්නාක් මෙන් පෙනේ. ටිප්පනී :- යසිසුරු, යස ද ඉසුරුද යසිසුරු ද අරුත් සමස්, නෙක යසිසුරු උගත් පුතුමෙන් සරු නැත. ක්රියයා ‍කාරක පද සම්බන්ධොයි. නැත යන එක්වන් කිරියෙන් නෙක නෙක යසිසුරු යනු උක්ත ප්රයකෘති කර්තෘ යි. සරුනැත යන්නෙහි සරු විකෘති කර්තෘ යි. උගත් පුතු මෙන් යනු උපමායි. (54)

71. නො මි න් සුරතල් කො ට පෙ මි න් වැඩු සිය පුතකු ට මෙ දැ න් පත් විපත ට දු කි න් නො හඬනු ඇයි ද මෙම‍ වි ට

අන්වය :- සුගමයි. පදාර්ථන :- නොමින්, අප්ර මාණව; සුරතල් කොට,පෙමින් වැඩූ, ප්රේ්මයෙන් වැඩුවාවූ; සිය පුතකුට: ස්වකීය පුත්ර;යකු හට; මේ දැන්, මේ දැන්පත් විපතට; පැමිණි විපත්තියට, දුකින් නොහඬනු ඇයි ද මෙම විට; දුකින් නොහඩන්නේ කිමද? භාවය :- බොහෝ සුරතලයෙන් ප්රේටමයෙන් වැඩූ තමන්ගේ පුතකුට එවේලේ ම පැමිණි විපත බලා දුකින් නොහඩන්නේ ඇයි ද ? ටිප්පනී :- මළකල නොහඬා ඉන්නේ ඇයිද ? යන ප්රතශ්නයට හේතුව අමනාපයක් නිසා ද, නැත්නම් ආදරයක් නැත්තෙන්ද යනු අසයි.

72. අ වි දු දන විලස ට නොම දු ගුණයුත් පුතු හ ට මෙ බ ඳු වද දීම ට කෙ බ ඳු වරදක් කළෙද තෙපහ ට

අන්වය :- සුගමයි පදාර්ථු :- අවිදු විලසට, අවිද්යායවෙන් යුත් ජනයාසේ, නොමදු ගුණයුත් පුතුහට, අප්රඅමාණ ගුණ සම්පන්න පුත්රනයාට; මෙබඳු වදදීමට; මෙසේ වදදීම පිණිස;තොපහට කෙබඳු වරදක් කළෙද, තොපට කොයි ආකාර වරදක් කළහුද ? භාවය :- අවිද්යාම (මෝඩ) ගති ඇති ජනයා මෙන් ප්රාමාණ රහිත ගුණවත් පුත්ර-යාට මෙබඳු වධයක් දීමට තොපට කළ වරද කියන්න. ටිප්පනී :- අවිදු යන්නෙන් මෝඩ බැවින් යමක තත්වය දැනගන්නට තරම් නුවණ නැති බව දක්වයි. (55)

73. ඔහු පිළිවිසු මෙබ ස් අසමින් ඔව්හු එදව ස් පිළිවෙළින් නොවෙන ස් එක ම පිළිතුර දුන්නු මෙලෙ ස් අන්වය :- සුගමයි. පදාර්ථි :- ඔහු පිළිවිසූ, ඔහු ප්ර කාශ කළ; මෙබස්, මේ වචන; එදවස්, එකල; ඔව්හු, ගෙවැස්සෝ; අසමින්, ශ්රශවණය කොට; පිළිවෙළිනි, පටි පාටියෙන්; නොවෙනස්, වෙනසක් නැත්තාවූ; ඔව්හු, ඒ හැම දෙනා, එකම පිළිතුරු, එක වැනි උත්තර; මෙලෙසේ, මේ අයුරින්; දුන්නු, දුන්නේය. භාවය :- ඔහු ඇසූ ප්රතශ්නවලට සමාන අදහස් ඇති ඒ හැම දෙනා ම එක් වැනි මේ මතු කියැවෙන පිළිතුරු දුන්හ. ටිප්පනී :- ඔව්හු එක ම පිළිතුරු දුන්නු යනු ක්රි යාකාරක පද සම්බන්ධ යි. 74. ර ස යෙහි ගිජු වෙමි න වි ස පල බුදින්නකු මෙ න ය ස ර තතු නොම දැ න අ ස න තරුණය අසව මෙවද න අන්වය :- සුගමයි. පදාර්ථධ :- රසයෙහි, රස පරිභොගයෙහි; ගිජුවෙමින, ගිජුවීමෙන්; විෂපල, විෂ සහිත පලයන්; බුදින්නකු මෙන, අනුභව කරන්නකු සේ; සසර තතු, සංසාර තත්වය; නොම දැක, නොදැනීම හේතුකොට ගෙන; අසන, අසන්නා වූ; තරුණය, තරුණ පුරුෂය; මෙවදන අසව, මේ වචනය අසන්න. භාවය :- රසට ඇලී විස පලයෙහි මුළා ව එය බුදින්නකු සේ සංසාර තත්වය නො දැන මේ ප්ර්ශ්නය අසන තරුණය, මේ වචනය අසන්න.


(56) ටිප්පනී :- රසයට ගිජු වූවෙක් විසපල දැක එහි තතු නොදැන අනුභවයෙන් විපතට වැටේ. කිංපක්ක නම් පල වර්ගදයක් අඹ පලයක් සමාන නිසා අඹයයි මූඪයෝ කති විෂවී එයින් මරණයට ද යති. මෙයින් එය සූචිතයි. 75. පරණ වූ සැවය ට කිසි ආලයක් නොම කො ට නයා යන විලස ට මෙපුතු ගියෙ ලොබ නොකර සිරුර ට අන්වය :- සුගමයි. පදාර්ථව :- පරණ වූ සැවයට, පුරාණ බවට පැමිණි සැවට; කිසි ආලයක් නොමකොට, කිසි ලොභයක් නො වී; නයා යන විලසට, නයා අතහැර යන්නා සේ; මෙපුතු සිරුරට ලොබ නො කර ගියේ, මේ පුත්රටයා ශරීරයට ලොභ නො වී ගියේය‍. භාවය :- කල් ගිය පරණ සැවට ආලයක් කිසිත් නොකර නයා ඒ අත්හැර දමා යන්නා සේ මේ පුත්රැයා ද සිය සිරුරට ලොබ නොකර හැරදමා ගියේය. ටිප්පනී :- පරණ සැව හැර දැමීම නයින්ගේ සිරිතයි. ඒ බව ධර්මනයෙහි “ උරගොච නවං ජිණණං හිත්වාර ගච්ඡති සංතනුං” එවං ශරීරෙ නිඛෙ භාගෙ පෙතෙ කාල කතෙසති” යනු උරග ජාතකයේ මේ පිළිබඳ ව එන ගාථාවකි. 76. මි නි ස් සැවයක් ව න ම ළ සිරුරක් බදා ගෙ න හඬා වැලැපී මෙ න වැඩක් සිදුවනු නො වේ කිසි දි න අන්වය :- සුගමයි පදාර්ථස :- මිනිස් සැවයක් වන, මනුෂ්යහ සැවයක් හා සමාන වූ; මළ සිරුරක්, මෘතශරීරයක්; බදාගෙන, ආශාවෙන් අල්ලාගෙන; හඬා වැලැපීමෙන; හඬා විලාප කීමෙන්; කිසි දින, කවර දාවත්; වැඩක්, අර්ථපයක්; සිදු නොවේ, සිඬ නොවෙයි. (57) භාවය :- නයි සැවයක් බඳු මළ සිරුරක් බදාගෙන සිටීමෙන් කවරදාවත් පලක් නො වේ. ටිප්පනී :- නයා සැව දිරා ගිය කල දෙමුලක් අතර හෝ ගල්බෙන ආදියක හෝ රිංගා ඒ පරණ සැව ගලවා දමා යයි. තමන්ගේ සැවය කෙසේ අත්හැර යම්දැයි දිරූ හැවට ආලය නොකරයි. එමෙන් මිනිස් සිරුරක් කල්පවත්වන්නට බැරි වූ කල නිරාලය ව හැරදමා යාම නැණ වතුන්ගේ සිරිති.

77. සසර ඇවිදින ස තු නතර මරණය වියයු තු කාටත් එයට න තු නො වී ඉන්නට බැරිය මහම තු

අන්වය :- සසර ඇවිදින සතු නිතර මරණය විය යුතු කාටත් එයට නතු නොවී මිහි මත ඉන්නට නොවී බැරිය. පදාර්ථව :- සසර ඇවිදින සත්වයයාට නිතර, සැමවිට; මරණය විය යුත්තේය, කාටත් එයට නතු නොවී; යටත් නොවී; මිහිමතු; පොළෝ මතුයෙහි, ඉන්නට නොහැකිය; ඉන්නට බැරිවෙයි. භාවය :- සංසාරයේ ඇවිදින සත්වදවයාට නිතර මරණය විය යුතුයි. කිසිවක්හට එයට නොනැමී නොසිටිය හැකිය. ටිප්පනී :- නො මැරී ඉන්නට හැකි අයකු පොළෝ පිට නැති බවත් සියල්ලන්ට මරණය සාධාරණ බවත් මෙයින් දක්වයි.

78. පෙ ර බවය හැරවි ත් ති ර නැති මෙකය ලැබග ත් ස රු ගුණැති අප පු ත් ද මා අප හැම පරලොවට ප ත්

අන්වය :- පෙර බවය හැර ‍ඇවිත් තිර නැති මෙකය ලැබගත් සරු ගුණැති අප පුන් දමා අපහැම පරලොවට පත්.

(58)

පදාර්ථප :-  පෙර අත් බව අත් හැර ඇවිත්; තිර නැති, සථිරයක් නැත්තා වූ; මෙකය; මේ ශරීරය, ලැබලත්, ලබා ගත්තා වූ: අප පුත්, අපගේ පුත්රපයා; අප හැර දමා, අප හැම අත්හැර; පරලොවට පත්, පරලොවට පැමිණියේය.

භාවය :- පෙර ආත්ම භාවය අත් හැර අවුත් මෙහි උපන් සරු ගුණවත් අප පුත්රයයා අස්ථීර මේ ශරීරය හැරදමා අප හැම ද අත් හැර පරලොව ගියේය. ටිප්පනී :- අප පුත් අප හැම හැර දමා පරලොව පත් යනු ක්රිර: කා: ස:

79. අප කළ යැදුම කි න් නොපැමිණියේද එලෙ සි න් අප අනුදැනුම කි න් නො‍ වේ ඔහු ගියෙ පැමිණි විල සි න්

අන්වය :- අප කළ යැදුමකින් නොපැමිණියේ ද එලෙසින් ඔහු ගියේ අප අනුදැනුමකින් නොවේ - ඔහු පැමිණි විලසින් ගියේය. පදාර්ථප :- අප කළ අයැදුමකින්, අපෙ ඉල්ලීමක් නිසා; නොපැමිණියේද: පැමිණීමක් නොවීද; එලෙසින් ඔහු ගියේ, එසේ ඔහු පරලොව ගියේය. අප අනු මැතියකින් නොවේ. අපගේ අවසරයක් පිට නො වේය. පැමිණි විලසින් ගියේ, පැමිණි පරිද්දෙන් ම පරලොව ගියේය. භාවය :- ඔහු මෙහි උපන්නේ අපේ ඉල්ලීමක් උඩ නොවන්නා සේ ම පරලොව ගියේ ද අපේ ඉල්ලීමකින් නොවේ. ආ විලසට ම ගියේය. ටිප්පනී :- “ අනවහිතො නභො ආග අනනුඤඤාතො ඉතො ගතො යථා ගතො තථාගතො කාතත්වග පරිදෙවතා”


(59)

මේ ගාථාවෙන් ප්රවකාශිත අදහස කවියා කවීයට නැගීය. එහෙත් ගාථාවේ අන්තිම පාදයෙහි දැක්වෙන කැමති පරිදි පැමිණි කැමති පරිදි ම පරලොව ගිය ඔහු ගැන අඬන්නේ කුමට ද යන අන්තිම වචන එහි ඇතුළත් වී නැතත් එය අදහස් වශයෙන් ගැනේ (ඒ බැමිණියගේ කීමයි)

80. තරිඳු දැක අහ සේ එය ලබාගනු පිණි සේ බලමින් මව දෙ සේ ළදරු දරු පැටියන් හඬන සේ

අන්වය :- අහසේ තරිදු දැක එය ලබාගනු පිණිසේ මව දෙසේ

බලමින් ළදරු දරු පැටියන් හඬන සේ. පදාර්ථ  :- අහසේ, ආකාශයෙහි; තරිඳු, චන්ර්ිණියා; දැක, දර්ශ;නය කොට; එය ලබාගනු පිණිසේ, එය ලබා ගැනීම සඳහා; මව දෙසේ බලමින්, මව දිහා බල බලා; ළදරු දරු පැටියන් හඬන සේ, ළාබාල දරු පැටියන් අඬන්නාක් මෙනි. භාවය :- අහස් හි චන්ර්පැටයා දැක ඒ ලබා ගන්නා පිණිස මව දිහා බලමින් අඬන බිලිඳු දරුවන්ගේ ක්රිරයාවක් වැනිය ටිප්පනී :- “ යථාපි දාරකො චන්දං ගච්ඡන්ත මනු රොදති එවං සම්පදමෙවෙනං යංපෙත මනු සොවතී” බාල දරුවා හඳ ඉල්ලමින් මව දිහා බලා හැඬීම වැනිය

81. කළයක් බිදුණ වි ට කැබිලිති ටික එකතු කො ට කළය සාදන්න ට වෙහෙස වන්නා සේම බොරුව ට අන්වය :- සුගමයි. පදාර්ථව :- කළයක් බිදුණ විට, කළයක් බිදුණ කල්හි; කැබිලිති ටික එකතු කොට, කැබිලිති ටික එක්තර; කළය

(60)

සාදන්නට, කළය සෑදීමට; වෙහෙස වන්නා සේ ම බොරුවට බොරුවට වෙහෙස වන්නාක් මෙන්. භාවය :- කළයක් බිඳුණ ම කැබිලිති එකතුකර ඉන් කළයක් සාදන්නට බොරුවට තැත් කරන්නාසේ. ටිප්පනී :- “යථාපි බ්රටහ්මෙ උද කුම්භො - භිනේනා අප්පටි සන්ධි සො එවං සම්පද මෙවෙතං - යොපෙත මනු සොවතී” බිදුණු කළය පාස්සා ප්රහකෘති කළයක් ඇතිකළ නොහේ. එමෙනි පරලොව ගිය අය තකා ශොක කිරීම.

82. මළිගිය කෙනකු ගැ න හඬා වැලැපී දුක් ගෙ න වෙහෙසීම ද එමෙ න මහා නුනුවණ කමෙකි පැවැතෙ න

අන්වය :- සුගමයි. පදාර්ථන :- මළගිය කෙනකු ගැන, මළා වූ කෙනෙක් උදෙසා; හඬා වැලැපී දුක්ගෙන, අඬමින් විලාප කියමින් දුක් වී, වෙහෙසීම ද; වෙහෙසට පැමිණීමත්; එමෙන, ඒ කළ කැබැලියෙන් කළ තැනීමෙන්; පැවැතෙන මහා නුනුවණ කමෙකි; පවතින මහාමෝඩ කමකි. භාවය :- මළ අයකු ගැන හඬා වැලැපී දුක් ගැනීම බිදුණු කළ ‍කැබිලිතිවලින් කළයක් ගොඩ නැංවීමට ගන්නා තැතක් මෙන් මෝඩ කමකි. ටිප්පනී :- හඬා වැලපී, පූර්වෙ ක්රිළයා, නුවණ; නැත්තේ නුනුවණ



(61)

83. ඇතැමෙක් ‍ලොව සිටි තී තම නතු කිසිත් නොදනි තී අනුන්ගේ ඇති නැ තී ගුණාගුණ සොය සොයා ඇවිදි තී

අන්වය :- ලොවෙහි සිටි ඇතැමෙක් තම තතු කිසිත් නොදනී. අනුන්ගේ ඇති නැති ගුණ අගුණ සොයසොයා ඇවිදිති පදාර්ථේ :- ලොව, ලෝකයේ; ඇතැමෙක්, සමහරෙක්; තම තතු, තමන්ගේ තත්වය; කිසිත්, කිසිවක්; නොදනිති, දන්නේ නැත. අනුන්ගේ, අන්යගයන්ගේ; ඇති නැති, ඇත්තා වූ ද නැත්තාවූ ද; ගුණාගුණ, ගුණ හා අවගුණයන්; සොය සොයා සොයමින්; ඇවිදිති, ඇවිදිත් භාවය :- සමහර දෙනෙක් තමන්ගේ හැටි කිසිත් නො දැන අනුන්ගේ හොඳ නොහොඳ හොයා ඇවිදිති. ටිප්පනී :- තම තතු, තමන්ගේ තතු තම තතු විබත් සමස්; ඇති නැති, ඇත්තා වූ ද; නැත්තා වූ ද ඇති නැති, ගුණාගුණ, ගුණ ද අගුණ ද ගුණාගුණ, ද අරුත් සමස්. ගුණ + අගුණ, ගුණාගුණ පෙර සර ලොප් හා පරසර දීර්ඝඳයි. සොය සොය යනු සොයසොයයි. පූර්ව ක්රිණයා මාත්රාප හානියෙන් සිඬයි.

84. අනුනු දොස් සෙවු ම ය එය තැන් තැන්හි කී ම ය කේලාම් කී ම ය ගුණැති කිසිවකුට නො හොබී ම ය

අන්වය :- සුගමයි. පදාර්ථ  ;- අනුන් දොස් සෙවුමය; අනුන්ගේ දෝෂ සෙවීමය, එය තැන් තැන්හි කීමය; එය තැනින් තැන කීම ද කීම ද; කේලාම් කීම ද - ගුණැති කිසිවකුට නො හොබීමය; නුවණ ඇති කාටවත් නුසුදුසු මැයි.

(62)

භාවය :- අනුන්ගේ දොස් සොයා තැනින් තැන කීම හා කේලාම් කීමත් නැණවත් කාට වත් නුසුදුසු මැයි. ටිප්පනී :- අනුන්ගේ දොස් සෙවීමත් එය තැනින් තැන කීමත් කේලාම් කීමත් නරක ජනයාගේ සිරිත්ය.

85. ගණ අඳුරු සිද බි ඳ දිනකර උදා වු ස ඳ තණ’ග රැදි පිනි බි ඳ වහා වියළී යයි කිරණ වැ ද අන්වය :- දිනකර උදාවූ සඳ; ගණ අඳුරු සිඳ බිඳ තණ’ග රැදි පිනිබිඳ කිරණ වැද වහා වියළී යයි. පදාර්ථැ :- ගණ අඳුරු; ඝනණාන්ධඅකාරය, සිඳ බිඳ; වනසා, දිනකර, සූය්යාැද , උදාවූ සඳ; පෑවූ කල්හි, තණ අග රැඳි; තණ ගසේ අග රැදුනු පිනිබින්දුව, කිරණ වැද; රශ්මිය වැදී, වහා ඉක්මනින් වියලී යයි. වේලීමට පත්වේ. භාවය :- ඉර ගණ අඳුරු දුරලා උදාවූ කල්හි තණ අග රැදි පිනි බින්දුව රශ්මිය වැදුණු හැටියේම වියළී යයි ටිප්පනී :- දිනකර; දින කරණුයේ - දිනකර, තණග තණ + අග යනු පෙර සර ලොපහා දීර්ඝු විධියෙන් සිඬයි. අන්වය :- සුගමයි 86. එමෙන් මර රිවි නැ ඟ එන රැඳි මෙලොව තණ අ ඟ සතුන් දිවි පිනිසු ඟ හොඳින් දන්නෙමු නැසී යන ව ඟ අන්වය :- එමෙන් මර රිවි නැඟ එන මෙලොව තණ අග රැදි සතුන් දිවි පිනිසුභ නැසී යන වග හොඳින් දන්නෙමු.


( 63)

පදාර්ථි :- එමෙන්, එපරිද්දෙන්; මර රිවි, මරණ නමැති සූය්ය්ෙේ යා නැග එන, නැගී එන කල්හි; මෙලොව, මේ ලෝක නමැති තණ අග, තණ කොළ මුදුනෙහි; රැදි, රැඳුනා වූ; පිනි බිඳ, පිනි බින්දුකව; වහා වියලීයයි, ක්ෂ ණයෙන් වියලීයන්නේය. භාවය :- එසේ ම මාර නැමැති හිර නැගි එන කල‍ මේ ලෝක නමැති තණගස මත රැදුණු පිනි බින්දුමව ක්ෂරණයෙන් වෙලීයයි. ටිප්පනී :- මර රිවි, මරුම රිවි මර රිවි, වෙසෙසුන් සමස් නැඟ එත යනු අසම්භාව්යු ක්රිමයායි. මෙලොවම තණ වෙසෙසුන් (රූපක) සමස්, සතුන් දිවි පිනි, සතුන්ගේ දිවි සතුන් දිවි සතුන් දිවිම පිනි සතුන් දිවි පිනි, ඔවුන්ගේ සුඟ, සතුන් දිවි සුඟ. විබත් සමස් ගැබ් විබත් සමස්, නැසී යන වග නැසී යන්නහු වග, නැසී යන වග, විබත් සමස්.

87. සදහම් දැන උග ත් පඬිවරු කිසිම වි‍ෙටක ත් තම පුතු මළ නමු ත් සිතට එනිස දුකක් නො ගනි ත්

අන්වය :- සුගමයි. පදාර්ථන :- සදහම්, සඬර්මිය; දැන උගත්, දැන ඉගෙන ගත්තාවූ; පඬිවරු, පණ්ඩිතයෝ; කිසි ම විටෙකත්, කිසි කලෙක තමපුතු, තමාගේ පුත්ර යා; මළ නමුත්, පරලොව ගියත් එනිසා ඒ හේතුවෙන්; සිතට තමාගේ චිත්තයට, දුකක්, දුඃඛයක් නොගනිත්. භාවය :- ධර්ම්ය දත් පඬිවරු කිසි කලෙක තමා‍ ගේ පුතා මළත් එයින් තමාගේ සිතට දුකක් නො ගනිත්. ටිප්පනී :- පඬිවරු දුකක් නො ගනිත් කියා කාරක පද සම්බන්ධපයි. සදහම් දැන උගත් යනු පඬිවරු යන්නට විශෙෂණයි.


( 64)

88. තිර නැති මෙමනු කය බිමට පස් වෙයි කලෙ කය ඉන් පවිනි වැළ කය කුසල් කළ මැනැවි හැම වි‍ට කය අන්වය :- සුගමයි. පදාර්ථක :- තිර නැති; සථිර කැත්තා වූ, මෙමනුකය; මේ මනුෂ්යා ශරීරය, කලෙකය; කාලයෙක්හිදී බිමට පස්වෙයි: පොළොවට පස් වේ. එහෙයින්, පවින්; පාපයෙන්; වැළකය; වැළකී, හැම විටෙකය; නිතරම, කුසල් කළ මැනැවි; පින් කළ යුතුය. භාවය :- ස්ථිර නැති මේ මනුෂ්යය ශරීරය කලක් ගිය තැන පොළොවේ පස් බවට හැරේ. එබැවින් පව් හැර පින් ම කළ යුතුය. ටිප්පනී :- මනුකය; මනුහුගේ කය මනුකය. විබත් සමස්, මනුකය බිමට පස්වෙයි. ක්රිය:කා:ස: පවිනි යනු අපාදානයි. කුසල් ප්රාතණඝාතාදී පවින් වැළකී සතුන් නොමැරීම, බොරු නොකීම ආදී දශය කුසල්ය. දානාදී පින් කිරියවත්ද දශයකි.

89. මු නි ඳු වදහළ බ ණ යුගත ඔසවා නමි න සුදනට සත් වර ණ පවා නමදිත් පැහැද දින දි න

අන්වය :- සුගමයි. පදාර්ථප :- මුනිඳු; මනීන්ර්න යාණන් වහන්සේ, වදහළ; වදාළා වූ බණ; ධර්මයය, යුගත; දෙ අත, ඔසවා නමදින; උස්සා වඳින්නා වූ, සුදනට; සත් පුරුෂයාට, සත් වරණ; ශ්රෙදෂ්ට සත්වවයෝ පවා පැහැද; පැහැදී, දින දින; දිනක් පාසා නමදිත්; වඳිත්.


( 65)

භාවය :- මුනිඳු වදාළ බණ දෑත නඟා වදින සත්ව්යන් හට ශ්රෙදෂ්ට සත්ව යෝ පවා පැහැදී දිනපතා වදිත්. ටිප්පනී :- මුනිඳු; මුනිනට ඉඳු, මුනිඳු, සෙඛමුනි, අසෙ ඛමුනි, ප‍‍‍චේචක මුනි, මුනි මුනි යන ප්රඳභෙද අතුරෙන් උතුම් හෙයින් ලොවුතුරා බුදුරදුන්හට මුනිඳු යයි කියති.

90. තරුණකු වෙසින් සි ට සක් දෙවි ඇසූ පැණය ට සැවොම එක හැටිය ට මෙසේ පිළිතුරු දුන් එම වි ට

අන්වය :- සුගමයි. පදාර්ථි :- තරුණකු වෙසින්; තරුණයකුගේ විලාසයෙන් සිට, සක්දෙවි; ශක්ර- දෙවේන්ර්ින යා, ඇසූ; ඇසුවාවූ, පැනයට; ප්ර ශ්නයට, සැවොම; හැම දෙනාම, එකහැටියට; එක් පරිද්දෙන්, මෙසේ; මෙම පරිද්දෙන්, එම විට; එකල, පිළිතුරු දුන්හ; ප්රේති උත්තර දුන්නාහ. භාවය :- තරුණ වෙසින් පැමිණ සක්රද ඇසූ ප්රහශ්නයනට හැමදෙනා ම එක සමාන පිළිතුරු දුන්හ. ටිප්පනී :- සැවොම එක හැටියට පිළිතුරු දුන්හ. ක්රිෙ: කා: ස: 91. එයින් සතුටට ප ත් සක්දෙවි තෙමේ පින්ව ත් තුති කර ඔවුන් වෙ ත් අතුරුදන් වී ගොසින් නැවත ත් අන්වය :- සුගමයි පදාර්ථන ;- එයින්; ඒ හේතුවෙන්, සතුටට පත්; සන්තුෂ්ටිය පැමිණියා වූ; පින්වත් සක් දෙව් තෙමේ; පූණ්යුවන්ත ශක්රර දෙවේන්ර්දු තෙමේ; ඔවුන් වෙත් තුටුකර; ඔවුන් වෙතෙහි 9 ( 66)

ස්තුතිකොට, අතුරුදන් වී ගොසින්; අන්තරධානව ගොස්, නැවතත්, ආපසු.. භාවය :- ඒමේ හේතු නිසා තුටු වූ පින් ඇති ශක්රත දෙවේන්ර්, න තෙමේ ඔවුන් වෙතින් ස්තුති කර අන්තර්ධාන ව ගොස් ආපසු. ටිප්පනී :- අතුරුදන් වී; ශක්රක දෙවෙන්ර්රි තෙමේ පළමු වේශය අත්හැර ලීම පිණිස නොපෙනී ගිය බව මෙයින් ප්රගකාශිතයි.

92. තෙ ස ක් බල ඇති සේ එ ස ක් රුව ගෙන එදෙ සේ ප ල ක් බැඳ අහ සේ උ ද ක් වැඩසිට පැවැසි මෙලෙ සේ

අන්වය :- සුගමයි. පදාර්ථ  :- තෙසක් බල; අනෙක ශක්ර බලය, ඇති සේ ඇති පරිද්දෙන්, එසක් රුවගෙන; ඒ ශක්රන විලාශය රැගෙන, එදෙසේ ඒ පෙදෙස්හී, අහසේ; ආකාශයේ, පලක් බැඳ; පය්ය්රැගඞකයක් බැඳගෙන, උදක්; හුදෙකලාව, වැඩසිට; වාඩිවී හිඳ, පැවැසී; මෙසේ ප්රනකාශ කෙළේය. භාවය :- නොයෙක් ශක්රී බල ඇති සේ ශක්ර, විලාශය ම රැගෙන අහසේ පලක් බැඳ වැඩහිඳ මෙසේ ප්ර්කාශ කෙළේය. ටිප්පනී :- තෙසක් යනු තෙසක් යැයි විය යුතු සේ පෙනේ.

93. ස ව් සතට කර මෙ ත් නි ව් සැම දුබික් තෙදිය ත් ස ව් සත් දම් නි ත් සෙ ව් මෙමව් වෙමි එසක් දෙවි පු ත්


(67)

අන්වය :- සුගමයි පදාර්ථම :- සව් සතට; සකල සත්වේයාට, මෙත්කර; මෛත්රීා කොට; තෙදියත්; ජගත්රුයෙහි, සැම දුබික්; සකල දුර්භික්ෂෙයෙන්, නිව්; නිවාලූ, සව්සත් දහම්; සකල සාන්ත ධර්මටය, නිත්; නිරාන්තරයෙන්, සෙව්; සේවනය කළා වූ, එසක් දෙව් පුත්; ඒ ශක්රත දෙවේන්ර්රා යා. මෙමම් වෙමි; මේ මමම වෙමි. ටිප්පනී :- එසක් දෙව් පුත් මෙමම් වෙමි - ක්රිර: කා: ස:

94. සු ර පුර ඇති සැ පා ති ර නැත එදැන පෙම් පා‍ හැ ර කෙලෙස් තා පා ති ර නිවන් බලනුවයි පෙම් පා

අන්වය :- සුගමයි පදාර්ථි :- සුර පුර ඇති සැපා: දෙව්ලොව ඇත්තා වූ සැප, තිරනැත, ස්ථීර නැත්තේය, එදැන; එය දැනගෙන; පෙම්පා ප්රේොමය දුර ලා; කෙලෙස් තපා හැර; කෙලෙස් තැවිලි හැරදමා, තිර නිවන් ලබනුවයි; ස්ථිර නර්වාැණය, ගෙනපා; ගෙනහැර දක්වා. ටිප්පනී :- මෙහි තිර නිවන් ලබනුවයි පෙම්පා යන්න ගෙනපා කියා ශුඞ විය යුතු.

95. ව රා වැඩ පෙර මෙ නී ති රා පින් රැස් කරමි නී වි රා ජිත වන මෙ නී පු රා දි ගොවි නිවෙස රුවනි නී අන්වය :- සුගමයි. පදාර්ථද :- පෙර මෙනි; පූර්වනයෙහි මෙන්, වැඩ වරා; ගොවි නැත් වැඩ හැර; තිරා පින්; ස්ථිර කුසල්, රැස්කරමිනි;

( 68)

රැස්කර කර, විරාජිත වන මෙනි; බැබැළෙන පරිද්දෙන්, ගොවි නිවස; ගොවි බමුණාගේ ගෙය, රුවනින; රත්නයෙන්, පුරා දී; පුරවා දී. භාවය :- පෙර සේ ගොවිතැන් වැඩ අත්හැර ස්ථිර කුසල් රැස්කරමින් බැබැළී වසන ලෙස ගොවි බ්රා හ්මණ‍යාගේ ගෙදර සත්රුවනින් පුරවා දුන්නේය. ටිප්පනී :- වරා; පූර්වණ ක්රිගයායි. විරාජිත වන මෙන්ය කීමෙන් අලංකාර ලෙස ජීවත්වීම දැක්වේ.

96. මි ණි කිර‍ෙණව් දිමු ත් සු නි මල් රුවිනි අගප ත් ගු ණි නුස් එදෙවි පු ත් ව නි එසුර පුර නොරැඳ මඳකු ත්

අන්වය :- සුගමයි. පදාර්ථස :- මිණි කරණෙව්; මැණිකේ රශ්මය සේ, දිමුත්; දීප්තිමත් වූ, සුනිමල්; ඇති නිර්මිල වූ, රුවින්; රූපයෙන්: අගපත්; අග්ර්ප්රා ප්ත වූ, ගුණෙන් උස්; ගුණයෙන් උසස් වූ, එදෙව් පුත්; ඒ දිව්යය පුත්රුයා, මඳකුත් නොරැදී; ස්වල්පයක් වත් නොරැදී, ඒ සුරසුර වනි‍; ඒ දිව්යර පුරයට වන්නේය. භාවය :- මිණිරුවන් සේ බබළන අති නිර්මවල රූපශ්රියයෙන් අගපත් වූ ගුණෙන් උසස් ඒ දිව්යී පුත්රළයා මඳකුත් නො රැදී දිව්යය පුරයට පැමිණියේය.

97. මේඅත් බවෙහි දී බෝසත් ගොවි ව ඉපැ දී පාසත් නැණ හු දී තේකින් ලැබුව එපරි දී අන්වය :- සුගමයි. පදාර්ථ  :- මේ අත් බවෙහි දී; මේ ආත්ම භාවයේ දී, බෝසත් ගොවි ව ඉපැදී; බෝධි සත්වුයෝ ගොවියකු ව ඉපද; හුදී සත්

( 69)

නැණපා; බෝධි සත්වව ඤාණය දක්වා, නේකිත්; අප්රබමාණ යසස්, එපරිදි ලැබුව; එසේ ලැබීය. භාවය :- මේ ආත්මයේ බොධි සත්වියෝ ගොවියකු ව ඉපිද පිරිසිදු බෝධිසත්ව: ඤාණය දක්වා අප්රිමාණ කීර්තිය ලැබුවේය.

98. සසර සැරි සර නා ලෝතුර වසන සුද නා මෙයුර දැන ඉගෙ නා සතිර අම මොක් පතනු නිති නා අන්වය :- සුගමයි. පදාර්ථම :- සසර සැරිසරනා; සසර ඇවිදින්නා වූ, ලෝතුර වසන සුදනා; ලෝකය අතර වසන සජජනයා, මේ යුර දැන ඉගෙනා; මෙලෙස දැන ඉගෙන, සතිර අමමොක් පතනු නිතිනා; ස්ථීර අමාමහ නිවන් නිතර ප්රාඉර්ථෝනා කරන්න. භාවය :- සසර වසන සත්පුරුෂ ජයනා මෙසේ දැන උගෙන ස්ථිර නිවන් සැප නිතර පතන්නේය.

99. ස සු න රකිනෙව් නි ත් සු ර න යැද දී පින්පෙ ත් නො මින සත දී සෙ ත් කෙළෙන කරනෙමි සමර ඇදුරු ත්

අන්වය :- නිත් සසුන රකින එව්; සුරන යැද පින් පොත් දී නොමින සත සෙත් දී කෙළෙන ඇදුරුත් සමර කරනෙමි. පදාර්ථ් :- නිත් සසුන රකිනෙව්; නිතර සාසනය රකින පරිද්දෙන්, සුරන යැද පින්පෙත්දී; දෙවියන් යැද පින් පමුණුවා, නොමින සත සෙත් දී; සත්ව යාට බොහෝ සේ සාන්ති දානය කොට කළහෙයින්; ඇදුරුත් සමර කරනෙමි ගුරුවරයාද සිහි කෙරෙමි.


(70) භාවය :- සස්න රක්න්නට දෙවියන් යැද පින් දී ගුරුවරයාද සිහිකෙරෙමි.

100. නෙ ත් යුවළෙව් උතු ම් නත් සැප දිදී වැඩු‍ ම් වෙත් මගෙ දෙගුරු ති ම් නැත් මෙගත් කළ පිනිත් සුපුද ම් අන්වය :- සුගමයි. පදාර්ථෙ :- නෙත් යුවළෙව් උතුම්; නෙත්රර දෙක මෙන් උතුම් වූ; නත් සැප දිදී වැඩූ පෙම්; නොයෙක් සැපදී වැඩුවා වූ, මගෙ දෙගුරු වෙත්; මගේ දෙමව්පියන් කෙරෙහි, මෙගත් කල නිම් නැත් පිනින් සුපුදම්; මේ පොත කළ සීමා නොවන පිනෙන් පූජා කරමි.

101. මොරටු පුර සසොබ න කුඩුවාමුල්ලෙ නිවෙස න ආරිය රුවන් ය න නමැති කිවයර ලියූ මෙ පොති න අන්වය :- සුගමයි. පදාර්ථක :- සසොබන මොරටුපුර; ශොභාමත් මොරටු නගරයෙහි; කුඩාව මුල්ලෙ නිවෙසන, කුඩුවා මල්ලෙහි වාසය කරන්නා වූ, ආරිය රුවන්ය නමැති, ආරිය රත්න නම දරන්නා වූ, කිවියර ලියූ මෙපොතින, කාව්යය කර්තෘු විසින් කළ මේ පොතෙන්.

102. සුසිරි වැඩි වේවා සව් දුසිරි දුරු වේවා ගුණ දම් වැ වේවා සදම් විමනට සෙතක් වේවා අන්වය :- සුගමයි

( 71 )

පදාර්ථි :- සව් සුසිරි; සකල සුවරිත, වැඩි වේවා; දියුණු වේවා, සව් දුසිරි; සකල දුසිරිත්; දුරුවේවා. ගුණදම්; ගුණධර්මව වැවේ වා; වැඩි දියුණු වේවා. සදම් විමයට; සඬර්මු විමානය‍ට සෙකත් වේවා; ශාන්තියක් වේ වා. සුචරිතය දියුණු වී සියලු දුසිරිත් දුරු වේවා. ගුණධර්ම වැඩේවා. සඬර්මි විමානයට සෙතක් ලැබේ වා.

නිමි෴

"https://si.wikibooks.org/w/index.php?title=උරග_ජාතකය-_විවරණය&oldid=5091" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි