ඌවෙ මහ කැරැල්ල

Wikibooks වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඌවෙ මහ කැරැල්ල.



ඌවෙ මහ කැරැල්ල.

ශ්රී වික්ර.ම රාජසිංහ රජු සහ අධිපතීන් අතර පැනනැගුණු අන්යෝන්යක පෞද්ලික භොදභින්නත්වයේ ප්ර ථිඵලයක් වශයෙන් අවුරුදු දෙ‍දහස් ගනනක සිටම අපරාධීනව පැවතුණු සිංහල ජාතිය සමගම බෞඬ සභ්ය්ත්වදය සහ ශිෂ්ටාචාරයද විදෙශිකයින්ගේ පා පන්දුවක් බවට පෙරලුනේය. මෙසේ උඩරට ඉංග්රීචසීන්ට යටත් වීමෙන් පසු රට කෙසේ පාලනය කළ යුතුදැයි නිරාකරණය කර ගැණීම සඳහා උසස් අධිපතීන්ගෙන් සමන්විතව පැවැත්වුණු රැස්වීමේදී රට පාලනය කිරීම සඳහා ගිවිසුමක් පිළියෙල කළ යුතුයයි තීරණය වූණේය. ඒ පිළිබඳ මූලිකව කටයුතු කෙළේ වාරිය පොල නායක මාහිමියන් වහන්සේය. එහිමියන්ගේ ද උපදෙස්පිට වගන්ති දොළසකින් පරිමිතවන පරිදි පිළියෙනවුණු ගිවිසුම් පත්රනයට එදා මගුල් මඩුවේදී (1815 මාර්තු මස 2 වෙනි දින) දෙපක්ෂතයේම අධිපතීන්ගේ අත්සන් තැබුණු පසු එඞගලන්තයේ iii ජෝර්ජ් මහ රජතුමා ලඞකාවේ රජු හැටියට ප්රීකාශවුනේය. උඩරට ප්රනධාන (රැසිඩන්ට්) ධූරයට ජෝන් ඩොයිල් මහත් පතුකරනු ලැබීමෙන් පසු රට පාලනය කරනු සඳහා සිංහල නිලධාරීන් පත්කිරීමෙදී ද සිංහල අධිපතීන් අතර ඇතිවූයේ ඉමහත් භෙදයකි. මොල්ලිගොඩ, ඇහැ‍ළපොලගේ පරම හතුරෙකි. එබැවින් මොල්ලිගොඩ තරයේම කියා සිටියේ ඇහැළපොලට යටහත්ව නම් නිලයක් දරන්නට ඔහුට නොහැකි බවය. උ‍ඩරට මෙසේ ඉංග්රීපසීන්ට අත් පත්වූයේ මේ නායක යෝධයින් දෙදෙනාගේ සහයොගත්ව ය නිසාය. ඔවුනගේ අනුබලය නොලැබෙන්නට ඉංග්රීදසීන්ට කන්ද‍ උඩරටට අඩිය තබන්නටවත් නුපුලුවන් වන්නේය. ඔවුහු මෙය දැන සිටියහ. ඉංග්රීබසීහු මොවුන් දෙදෙනාගේම මුහුණු හොඳ කරන්නේ කෙසේ දැයි කල්පනා කරන්ට වූහ. මොල්ලිගොඩ පමණක් නොව උඩරට අධිපතීන්ගෙන් වැඩිදෙනෙක්ම ඇහැළපොල සමග හිත යටින්ද්වේස කරමින් සිටියහ. ඇහැළපොල උසස්වනු දැක්ම ඔවුන්ගේ අහේ කටු අනින්නාක් ‍වැනි ඉතා අමාරු ගෙනදෙන ක්රිුයාවක් විය. මෙය ඇහැළපොලටද අබිරහසක් නොවීය. ඔහු සිතුවේය. යම් හෙයකින් උඩරට මහ අධිකාරම් පදවිය තමන් වෙත පැවරුනද නිලමේවරුන්ගේ විරුද්ධත්වය මෙසේ පවතිද්දී එය නිසි ‍පරිදි කළ නොහැකිවන බව ඔහුට මේ මොහොතේදී වැටහුනේය. තමාගේ අභිමතත්ථිදයට නියතින්ම අකුල් වැටෙන බව දත්


-( 2 )-


එතුමා “රජයේ සේවයකට නොබැඳී විවේක ජීවිතයක් ගතකරනු කැමැත්තෙමැ”යි කියා සිටියේය. අන්තිමේදී මහ අධිකාරම් ධූරය මොල්ලිගොඩට හිමිවුණු අතරම උප අධිකාරම් ධූරය කපුවත්තෙ නිලමෙට පැවරුනේය. මේ වනතෙක්ම ඇහැළපොල ඉංග්රීඅසීන්ට එකතුවී හැම විප්ලවයක්ම කෙළේ එංගලන්තය තරකිරීමට නොව කවදා නමුත් සිංහල සිංහාසනයේ තමාද හිඳගන්නා අදහසිනි. මෙසේ සිංහල රජකමට පවා ගිජුලිහිණි බැල්මෙන් දිස්ටිලා සිටි ඇහැළපොල අනිත්මේදී නිකම්ම නිකමෙකු වුනේය. ඔහු මෙතෙක් මනෝරාජ්යහයේ අහසේ තැනූ මාලිගා සියල්ලම බිම ඇද වැටුනාහ. එහෙත් ඉංග්රීජසීන්ගෙන් ඔහුට ලැබුනේ ලඞකාවේ ප්රබධානම සිංහලයාට නිතැතින්ම අත්වෙන උසස් තැනය. රජයේ සැලකියයුතු රැස්වීම්වලදී ආණ්ඩුකාරතුමාගේ දකුණුපස ආසනයේ වැඩජඹනුයේ ඒ ප්රයතාපවත් ඇහැළපොලය. මද ‍කලක් ගතවිය. ඉංග්රීයසීන්ගේ ඊනියා පාලනය උඩ රැටියන්ට එතරම් සතුටුදායක නොවීය. නවීන ආණ්ඩුවෙන් සිංහලයින්ගේ ඉපැරණි සිරිත් විරිත් වලටද වැදෙන්නටවූයේ මරු පහරකි කමකට නැති කුලමාන්නයෙන් ඔළු ඉදිමී මහෙසාක්යන ලීලාවෙන් වැඩඹුණු උඩරට රදළවරු මේ අවස්ථාවේදී කලබලවූයේ පහත්යයි සම්මත කරගත් මිනිසාගෙන් තමන්ට ලැබෙන වැඳුම් පිදුම් පවා නොලැබේදෝ යන සැකය නිසාය. මේ අතර උඩරැටියන්ට ආදායම අඩුවෙන්නටත් මුස්ලිම් කාරයින් බලයෙන් බලයට පත්වන්නටත් වීම නිසා සාමාන්යන මහජනයා අතර ද ඇතිවූයේ ඉංග්රී සි ආණ්ඩුව කෙරෙහි බලවත් කළකිරීමකි, මෙසේ බලවත් අප්ර සාදය දළුලමින් පවතිද්දී දොරේ සාමි නමැති එක්තරා අමුතතෙක් වෙල්ලස්ස පලාතේ හදිසියේම හැසිරෙන්නට විය. ඔහු සමඟ ගමන් කළේ භික්ෂු් පිරිසකි. ඔහු ක්රිනයා කෙළේ එකී භික්ෂූැන්ගේ උද්යෝමගිමත් අවවාද අනුවය. ඉංග්රීුසීන් සහමුලින්ම පන්නාදමා සිංහල සිංහාසනය යලිදු ලබාගන්නට විශාල කැරැල්ලක් ගැසීම සඳහා හැම දෙනාගෙන්ම ආධාර ඉල්ලමින් ඔවුහු ගෙයක් පාසා ඇවිදින්නට වූහ. ආණ්ඩුව ගැන කළකිරී සිටි ගම්වැස්සෝ ඔහ්ගේ ඉල්ලීම අනුමත කරමින් ඔහුට පක්ෂණව ක්රිකයාකරණ බවට දිවුරුම්දී පොරොන්දුවූහ. වෙල්ලස්ස පැත්තෙන් හෙමින් හෙමින් මතුවුණු මේ කුඩා විප්ලව දුම්ගුලිය ගැණ එවකට බදුල්ලේ සිටි උපපාලකයා වන විල්සන් මහතාටද සැළවිය. ඔහු සිනාසුනේය. එයලත් තැනම ලොප්කරන අදහසින් ඔහු හජ්ජිමුහන්දිරම් නමැති මුස්ලිම් ප්රකධානියා ඇතුළු බලඇණියක් එහි යැවීය. මේ බව සිංහලයන්ට


-( 3 )-


ඔත්තුකාරයින්ගේ මගින් කලින්ම දැනගන්ට ලැබුනේය. ඔවුහු මග රැක සිටියහ. මෙය නොදැන ආ මුස්ලිම් හමුදාවට පහරගසා ඔවුන් පන්නා දැමීමට සිංහලයන්ට වැඩිවේලාවන් ගත නොවීය. හජ්ජි මුහන්දිරම් සිංහලයින්ගේ අතට අසුවූවිට ඔහුගේ පිරිස සී සී කඩ පලා ගියහ. මෙසේ සිංහලයන්ගේ බොහෝ පීඩාවලට මුහුණ පාමින්ම ඔවුහු බදුල්ලට ආපසු ගියහ. සිංහලයෝ තම අතටපත් “ගොදුර” රැගෙන ගොස් ඔවුන්ගේ දෙවි‍යා වන දෙරේසාමි ඉදිරිපිටට ගෙනගියහ. දොරේසාමි ටික වේලාවක් නඩු විභාග කෙළේය. අවසානයේදී හජ්ජිට හිමිවූයේ මරණීය දන්ඩනයයි. සැම දෙනාම බලාසිටිද්දී දොරේසාමිගේ දාමරිකයෙකු විසින් එතැනට ඇවිත් පැන ගැසූ කඩුපහරින් හජ්ජිගේ බෙල්ල එක පෙත්තට කැපී හිස ක‍ඳෙන් වෙන් වුනේය. මෙ පුවත ඇසීමෙන් විල්සන් මහතා ටිකක් කලබල විය. කැරලිකාරයින්ගේ බලය හැකිතාක් ඉක්මනින්ම මැඩ, පැවැත්විය යුතුයයි ඔහු තීරණය කරගත්තේය. ඔහු ජා හේවාකණ්ඩායමක් රැගෙන වහාම වෙල්ලස්ස පලාතට පිටත්විය. ලැප්ටිනන්ට නිව්මන් මහතා ද ඒ පිරිසේ විය. 1817 ඔක්තෝම්බර් 16 වෙනි දින ‍යථොක්ත ප්රාදෙශයට ඒ පිරිසට සාගත හැකිවිය විල්සන් මහතා ගේ අදහස වූයේ දාමරිකයන්ගේ ඔළු අතගා චාටුකථාවෙන් ඔවුන් රවටා කැරැල්ල කිනම්ම සංසිඳවීමටය. එහෙත් වූයේ අනෙකකි. ඔහුගේ අදහස සඵල නොවීය අන්තිමේ ඔහු රහස් මගකින් ආපසු එන්ට පිටත් විය එහෙත් ඔහුට මෙසේ වැඩිදුරක් එන්ට නොලැබුනේය. අතරමග කැලැවේ සැඟවී සිටි සිංහල දුනු හේවායෙක් ඔහුට විද්දේය. මෙසේ එවුණු ඒ වේගවත් ඊ පහර විල්සන් මහතාගේ හදවත විනිවිද ගියේය. ඔහු එතැනම මැරී වැටුණි. සිංහලයෝ ප්රීමති ඝෝෂාකරන්නටවූහ. නව්මන් ඇතුළු පිරිස ලහි ලහියේ දුවන්නට වූහ. මෙයින් කැරලිකාරයෝ තව තවත් වේගවත් වූහ. අභිමානවත් වූහ. එක්තරා උදෑසනක වේගයෙන් පැමිණි අශ්වාරෝහක භටයෙක් කොළඹ රජමාලිගාවේ ගෙට්ටුව ලඟ නැවතුනේය. ඔහුගේ ඇඟ වැසී තිබුනේ සාමාන්යඅ යුදසෙබළෙකුට අයිති ඇඳුමකිනි. ගේට්ටුකාරයා “ඔබ කවරෙක්දැ”යි වේගයෙන් ඇසීය. “මම කන්දෝ උඩරට සිට පැමිණි ආණ්ඩුවේ පණිවුඩ කරුවෙක්මි” යි අමුත්තා ගේ මුවින් ගලිහුණි. මේ පිළිතුරෙන් ගේට්ටුකාරයා ඔහුට ආචාර කොට “එසේ නම් ඇතුළට යනු මැනැවැ”යි කියා ගේට්ටුව හැරියේය. ඔහුට සිනාවකින් සංග්රුහ කළ අමුත්තා ඇරුණු දොරින් ඇතුළට පිවිසුනේය.


-( 4 )-


මාලිගයේ අමුත්තන්ට සංග්රටහ කිරීම සඳහා ඇති විසිත්ත කාමරේ දෙදෙනෙකුගේ පිළිසඳර කථාවකි. ඔවුහු එසේ මෙසේ අ‍ය නොවෙති. ඒ ලඞකාවේ මහ කෙ‍රුම්කාරයින් දෙදෙනා වන ඇහැළපොල සහ ආණ්ඩුකාරතුමාය. නිල්පාට විල්ලුද පලසින් බිම වැසී ඇති මේ කාමරේ ඔවුහු සාමාන අසුන් ගෙන සිටියහ. ආණ්ඩුකාරතුමා යුරෝපීය චාන් ඇඳුමකින් සැරසී සිටි අතර ඇහැළපොල සිටියේ රන්මුවාවාටී දැමූ තුප්පොටි සේලයක් ඇඳ දිලිසෙමිනි ඇහැළපොලට සහජයෙන්ම ලැබුණු මහේසාක්ය් ගතිය ආණ්ඩුකාරතුමා ඉදිරිපිට වුවද නොසැලී නොසැඟවී තිබුණි මේ අතර එක්තරා අමුත්තෙක් ඉතා බයාදුගතියකින් ආණ්ඩුකාර තුමාට ආචාරකොටවිත් තමා කන්ද් උඩරටින් පණිවුඩයක් රැගෙන ආ බව කියා ආණ්ඩුකාරතුමා අතට සන්දෙතශයක් පිළිගැන්වීය. එය රැගෙන ඔහු බලන්නටවිය. එය බලද්දී ආණ්ඩුකාරතුමාගේ මුහුණේ මෙතෙක් පැවති සිනාබර ගතිය අතුරුදහන්වී ඉදුනු ඇපල් ගෙඩියන් මෙන් තව තවත් රතුවෙන්නට විය. සිහින් දාඩිය බිඳු නැගෙන්නට විය. ඔහු සිනිඳු ලේන්සුවකින් දහඩිය පිසදමමින් ලියුම තව වරක් බලන්නට විය ඉක්බිති ඇහැළෙපොල සහ ආණ්ඩුකාරතුමා අතර ඇතිවූයේ තියුණු සාකච්ඡාවකි. ආණ්ඩු කාරතුමා ඇහැළපොල දෙස හෙලුවේ අහිංසක බැල්මකි. “සිංහල නරශ්රේ ෂ්ඨයාණනි! යි ආණ්ඩුකාරතුමා ඔහුට අමතා වෙල්ලස්ස දෙසින් හදිසියේ පැනනැග පැතිරීයන මේ විශාල කැරැල්ල වහාම මැඬලීම සඳහා ඔබගේ තීක්ෂපණ මොලයෙන් කල්පන්කර බලා ඊට ගැලපෙන උවදෙස් ඔබ විසින්ම දෙනුමැනවැයි අයැද සිටියේය. “ඔය මොන කැරැල්ලක්දැ’යි උස් හඬින් පැවසූ ඇහැළපොල, ආණ්ඩුකාරයා දෙසට හැරුනේය. හැරී ‘හැබැයි! ඔය! වෙල්ලස්සෙ ඉන්න නාකියට නම් ඔය වැඩේ කරන්ට බැරි වේයයි කියා ඇහැළපොල සිනාසුනේය.” එසේ නම් මීට කුමක් කළයුතුදැයි ආණ්ඩුකාරතුමා නලලෙහි රැලිගන්වමින් ඇසීය. “මීට කළයුත්තේ වෙල්ලස්සෙ දැන් දිසාපතිකමේ සිටින මහළු මිල්ලෑවේ අස්කොට අපේ මහා රණසූරයා වන කැප්පෙට්ටිපොල ඒ නිලයට පත්කොට යැවීමයි. ඔහු එහි ගිය විගසින්ම කැප්පෙට්ටිපොලගේ නම ඇසීමෙන්ම කැරලිනායකයෝ නිහඬ වෙනවා ඇති. එවිට කැරැල්ල ඉබේම නවතිනවා ඇතැයි ඇහැළපොල කියා සිටියෝය. එය කැරැල්ල සමථයකට පත්කරලීමට තිබෙන ඒකායන මාර්ගොය බව ආණ්ඩුකාරතුමාටද වැටහුනේය. ඔහු ඉක්මන්වුනේය. නියෝග‍යක් යැව්වේය. කැප්පෙට්ටිපොල


-( 5 )-


පැමුණුනේය. ආණ්ඩුකාරතුමා විසින් වෙල්ලස්ස දිසාපති ධූරයට පත්කරන ලද කැප්පෙට්ටිපොල වහාම කැරැල්ල සංසිඳවනු සඳහා එහි යැවීය. ඒ පිණිස උවමනා මිනසුන් හා වෙඩිබෙහෙත් කඩු තුවක්කු ආදිය ද ඔහුට රාජකීය භාණ්ඩාගාරයෙන්ම ලැබුනේය.

* * *

කැප්පෙට්ටිපොල නියම රණසූර‍යෙකි. ඔහුට පුළුල් වූ නලල් තලයත්, උස්ව නෙරාගොස් පහතට වකගැහීගිය නැහැයත්, තේජස මෙන් ම කරුණාවද එකට සංමිහ්රවනය වී දිලිසෙන අක්ෂිැ යුග්මයත් මසින් පිරීගිය දෙතොල් ‍එකිනෙකට හොඳින් හේත්තුවී පෙනෙන මුඛයත්, මසින් පිරුණු දෙකම්මුලෙන් යුතු මුහුණත්, මුහුණ පුරා වැඩුණු කාළවර්ණි ඝණ රැවුලත්, ආරෝහ පරිනාහ සම්පන්න ප්රාංොශුදේවයත්, ඔහුගේ . මහා ප්ර්තාපවත් භාවය මැනවින් ගෙනහැර පෑමෙහිලා අතිශයින් පොහොසත් වූහ. ආණ්ඩුවින් ගෙනහැර පෑමෙහිලා අතිශයින් පොහොසත් වූහ. ආණ්ඩු කාරතුමාගෙන් වරප්රරසාදය ලැබ ඔහුගේ නියෝගය පරිදි කැරැල්ල සංසිඳවනු සඳහා සපිරිවරින් ගමන්කළ කැප්පෙට්ටිපොල කෙලින්ම ගියේ වෙල්ලස්සටය. මේ යන අතර ජාතිකානුරාගයෙන් ඔහුගේ හදවත කිතිකැවෙන්නට විණි. ඔහුගේ සිත පෙරලිණ. එතැන් සිට ඔහු කල්පනාකළේ විදෙශිකයින් රටින් පන්නා දමනු සඳහා මේ කැරැල්ලම විශාල යුද්ධයකට පරිවර්තනය කිරීමටය. “කැප්පෙටිපොල මහ නිලමේ කැරැල්ලට සම්බන්ධටවනු සඳහා දැන් වෙල්ලස්සට පැමිණසිටී” යන මේ පුවත සැමතැනම පැතිර ගියේය. එයින් ප්ර්බෝධයට පත්වුණු කැරලි නායකයෝ සපිරිවරින් කැප්පෙට්ටිපොල නැවතී සිටි වලව්ව කරා වැල නොකැඩී ඇදී එන්නට වූහ. කැරලිකාරයින් විසින් කැප්පෙටිපොල ගෞරවාදරයෙන් පිළිගන්නා ලදී. ඊලඟට කළේ සභාවක් පැවැත්වීමය. එහි මූලාසනයේ වැජඹුනේ, කැප්පෙට්ටිපොලය. ප්ර්ථමයෙන්ම සභාගැබින් නැගීසිටියේ එක් කැරලි නායකයෙකි. මූලා සනාරූඪ ශ්රීටමත් කැප්පෙට්ටිපොල මහ දිසාපතිතුමා ගෙන් සහ මුළු සභාවෙන් අවසරයි, සහෝදරවරුනි! අද ඉත‍ාමත් ප්රී්තිදායක දිනයකි. ඒ මන්ද? විදේශිකයන්ට විරුද්ධ අප විසින් ජීවිත පරිත්යාාගයෙනි යෙදී අරඹූ මේ කැරැල්ලේ පතාක යෝධයා වීමට සමස්ත ලඞකාවේම අශහාය මහා රණසූරයා වන කැප්පෙට්ටිපොල මහ නිලමේ තුමා අද අප අතරට යහපත්ව සිටී” යයි ඔහු කියත්ම හදිසියේම සභාගැබින් නැගුණු ජයශ්රීත! ජයශ්රීග! යන හඬින්


-( 6 )-


මුළු පෙදෙසම දෙවනත්වන්නට වූහ. මෙයින් කථිකයාගේ කථාවද ටිකවේලාවක් යනතුරුම නොඇසුණි. සහෝදරවරුනි! යි සිය කථාව යලිත් ඔහු පණපෙව්වේය. අද මේ සභාව හදිසියේ පැවැත්වීමට අදහස් කළේ අප පැය ගනනක් කථා කර කර ඉන්ට නොව කැප්පෙටිපොල නිලමේගේ සාරවත් කථාවක් තමුන්නාන්සේලාට ශ්රකවනය කිරීමට අවස්ථාව සලසා දීමටයි. මෙසේ කියමින්ම ඔහු ‍කැප්පොල දෙසට හැරුනේය. “ගරු නිලමේතුමාණනි! මේසා විශාල ජනකායක් අද මෙතනට පැමිණියේ ගෞරව සම්ප්ර යුක්තව ඔබතුමා පිළිගනු ලැබීමටයි. එබැවින් අප හැමදෙනාගේම සිත් සතන් රණකාමයෙන් කිතිකැවී යන පරිදි පොඩි කථාවක් කරන ලෙස මේ මුළු පිරිස වෙනුවෙන් මම ඔබතුමා වෙත ආරාධනා කරමි”යි කියා ඔහු හිඳගත්තේය. ඊලඟට අත් පොලසන් හඬ දසත පැතිරෙද්දී නැගීසිටියේ අපේ වීරයා වන කැප්පෙටිපොලය. ඔහු සිනාබර මුහුණින් වට පිට සිටින පිරිස දෙස බැලුවේය. සභාවෙන් අවසරයි! කියමින් ඔහු ටිකක් ඔලුව පහත් කෙළේය. දැන් මුළු සභාවම නිහඬය. ඔහුගේ කථාව ශ්ර්වනය කරනු කැමති හැම දෙනාම ලොකු බලාපොරොත්තුවකින් සිටිති. “සහෝදරවරුනි! අද මා පිළිගැණීමට පැමිණි මේ හැම දෙනාටම මම ප්රිථමයෙන්ම ස්තුති කරමි. ආණ්ඩුකාරයා නම් මා කොළඹ සිට එව්වේ කැරැල්ල සංසිඳවනු සඳහාහ. කැරලිකාරයන් අල්ලාගන මා කොළඹ යනතුරු ආණ්ඩු්කාරයා දැන් මග බල බලා සිටිනනා ඇති. (සිනා) නමුත් අන්තිම හුස්ම හෙලන්නට ඔන්න මෙන්න කියා තිබෙන අපේ සිංහල ජාතියට ප්රාුණ ජීවය පිඹ හැර නැවතත් නියම සිංහල මිනිසුන්ගේ නැගීසිටීමට දරණ ප්රනයත්නය වන මේ කැරැල්ල මැඩපැවැත්වීමට යම්හෙයකින් මා ක්රිගයා කළා නම් ඇත්තෙන්ම මා ජාතිද්රො හියෙකි. ස්වකීය ජාතියට කොඩිවිණ කරන්නෙකි. එබැවින් මෙහි එන අතර මගදී මේ කැරැල්ල මාත් සම්බන්ධ වී ජීවිත පරිත්යා ගයෙන් ක්රි යාකරන්නෙමැ”යි තරයේම ඉටාගතිමි (ප්රිාතිඝෝෂා) “සහෝදරවරුනි! අන්ය ජාතියකට වහල්වී ඔවුන්ගේ පා ලෙවකමින් ජීවත්වෙනවාට වඩා අපේ ජාතික උරුමය සඳහා ඔවුන් සමග කුලල් කාගෙන නිවහල් මිනිසුන් වශයෙන් අනිත්මේදී මේ මහ පොළොවට අපේ මේ සිරුරු පස් කරන්නට, පෝර කරන්නට, ලැබුනොත් මම එය අතිශය ශ්රෙිෂ්ඨ ක්රිරයාවක් හැටියට සලකමි. අන්යම ජාතිකයින් අප රටට කඩාපැන මෙහි ඇති සාරය උරා බොමින් අපේ ජාතික සභ්ය්ත්වඅයට සහ ආගමටද පයින්ගසා ඔවුන් අපේම ඔළුවටම අත හෝදන්නට යන බව පෙණේ. දැන් අපි මෙතෙක් නිදා සිටියා ඇති. නිදිගැට හැර අපේ ජාතික උරුමය


-( 7 )-


නිදහස ලබා ගනු සඳහා හැම දෙනාම එකාමෙන් නැගී සිටිය යුතු කාලය දැන් උදාවී තිබේ. කිසිම වැඩකට නැති කුලමල භෙද පසෙක දමා ලඞකා මෑණියන්ගේ එකම දරුරොත්තක් මෙන් අප හැමදෙනාම එකමුතුව සහෝදර ප්රේයමයෙන් ඉදිරියට පැන සටන් ‍කොළොත් ඇත්තෙන්ම සහෝදරවරුනි! මේ උ‍ඩරටින් පමණක් නොව මුළු ලඞකාවෙන්ම ලගදීම අපට සියළු පරසතුරන් පන්නා දැමිය හැකිවෙනවා ඇත.” (අත්පොලසන්) මෙසේ සිංහල ඉතිහාසයත්, පැරණි වීර චරිතාපදානත් ගෙනහැර පාමින් කැප්පෙටිපොල කරගන ගිය කථාව එන්ඩ එන්ඩම වේගවත් විය. ඔහුගේ මුවින් තැන තැන ඇන නොහිට ලේසියෙන් පිටවන වාක් ශෛලිය මෝෂන් සුලංකාලයේ මුහුද පිට පිට නැගි වෙරළකරා වැදෙන තරඞගාවලිය මෙන් වේගවත්ය. වරෙක ඔහු අත මිට මොලවා අසල තිබෙන මේසෙට ගසන පහර පෙනෙනුයේ සතුරාට අනින මැරපහරක් මෙනි. මෙසේ කැප්පෙටිපොල කථාකරගන ගොස් රට දෑ සමය වෙනුවෙම් සටන් කරන්නට ගොස් ජීවිත වුවද පරිත්යාකග කිරීමට කැමති අය කරුණාකර වහාම අත් ඔසවන ලෙස සභාවෙන් ඉල්ලා සිටියේය. ජාතිකාභිමානයෙන් කිතිකැවෙන පරිදි කැරුණු ඔහුගේ ඒ කථාව අසා සිටියවුන්ගේ හදවත ඇට නහර තුළ කෙතරම් දුරට කාවැදී ගියේද කිවහොත් ඔහුගේ ඒ ඉල්ලීම ඇසෙනවාත් සමගම සෑම දෙනාගේ අත් තම තමනට නොදැනීමැ ඉබේ එසවුනාහ. “තමුන්නාන්සේගේ පසුපස්සේ ගොස් පරලොවට වුවද යන්නට කැමැත්තෙමුයි කැරලිනායකයෝ මේ අවස්ථාවේදී කියා සිටියහ. තමුන්නාන්සේ අපට මැරෙන්ට කියනවානම් ඒ උනත් අපි ඉතා ප්රීසතියෙන් කරන්නට කැමැත්තෙමුයයි එහි රැස්ව සිටි සියල්ලෝම එකහඬින් කියා සිටියහ. කැප්පෙටිපොල විසින් කරුණු දේසනයේ සාරය සංපිණ්ඩනය කොට කවියට පෙරලූවොත් ඒ මෙසේය.


සි ස් චාරයෙන් තොර ‍පෙර අවර දෙ ස ග ස් කොල අතු ඇන්ද සමයෙදි වනයෙ වැ ස උ ස් ඉතිහසින් ලකදිලි බව පෙර දව ස දෙ ස් දෙයි පොළොන්නරු අනුරාපුර පෙදෙ ස පාවෙන වලාකුල් ගැටි ගැටි දසනු දෙසින් දාගැබ් දිලෙනු දැක රන්කොත් කැරළි රැ සින් ආදිම වීරයින් සිහිවී නැමුණු හි සි න් විදෙයි ජාතිකාලෙන් තුටු කඳුළු ඇ සින්



-( 8 )-


පෙති පිට ගසා හිසි‍ගෙඩි සිඳ දෙම ළ උණු ලේ වලින් නහවා ලක් දරණි ත ළ බුදු සනුනෙකෙළි කළ ගාමිණී නම සක ළ සිංහලයින්ගෙ කැරකෙයි ඇට නහර තු ළ “මගෙ අත කඩුව ලෙලැවෙත රණමඬුළු හැ බේ විරුදුව එතොත් සක්රද වුව කරමි දෙ බේ හඬ දුන් රාජසිහ දෙවි නම කැරෙන පො බේ රණකාමින්ට ජපයකි අත නැවෙන ඉ බේ” පිට රැටියන්ට ගැතිවී පන්දම් අල්ලා කලිසම් කොටයකට වැඳ වැඳ එය ඉල්ලා සිය දෑ සිරිත් අළුකර හැර ගිනි දල්ලා සිටිමුද? අපි තවත් පණ කෙසගක එල්ලා මේ පිරිසගේ ජාතික අනුරාග ගු නේ එඩිතර මුහුණු දෙස බැලු බැල්මටම පෙ නේ හෙළ වීරයින් පිළිගැනුමට නඳුනුය ‍නේ මල් මාලා සදති සුර කොමලියො මෙදි නේ පෙළ ගැසී ගැසී හෙළ තරුණන් එකතු වෙ ලා පස්සට නොපැන පිඹ පිඹ දෑ මිහිරි න ලා පිටරැටියන්ගෙ සුදු කන්අඩි පලනු බ ලා දැල්වෙයි නවෝදය පිළිබඳ කණක නි ලා හිත කය වදන යොදවා අප ලංකා වේ නිදහස පළිබඳව ගෙන දෙන නව ජී වේ මිනිසෙකු වෙනම් ඔහුගේ නම දුන් රා වේ ඉර හඳ පවතිනා තුරු අහසෙහි පා වේ


සිය දිවි යතත් යුතුකම් පහැර හරින්නෙක් නොවේ කැප්පෙට්පොල. එදා රජයේ ගබඩාවෙන් ගෙන ආ කඩු තුවක්කු වෙඩි බෙහෙත් ආදියෙන් ඉන්ග්රීඩසීනටම වෙඩිතැබීම තමන්ගේ තත්වියට මදිකමකැයි ඔහු සිතුවේය. තමන්ගේ වීරත්වීයට එය මදිකමකැයි කල්පනා කෙළේය. එබැවින් ඔහු එදා ගෙනා සියළුම වෙඩිබෙහෙත් ආදිය නැවත ආපසු යැවීමට තීරණය කරගත්තේය. “ ඉංග්රීපසීන් ගේ මේ යුධෝපකරණ වහාම ගෙනගොස් උන්ට භාරදෙව!” යයි කියා මිනිසුන් යැවීය. මෙය කැප්පෙටිපොලගේ නියම වීරත්වේය විදහාපාන විශිෂ්ට ක්රි්යාවකි. ඉංග්රීුසීන් පවා මවිත කරැවීමට සමත් වූ මේ ක්රිවයාව ලෝකයේ රණකාමී වීරයින් විසින් ඉස්මුදුනෙන්ම පිළිගතයුතු හොඳම හොඳ පාඩමකි.


-( 9 )-


මෙදින පිළිමතලව්වේ, කුඩා පිළිමතලව්වේ, මඩුගල්ලෙ ගල ගොඩ සහෝදරයෝ, හලංගොඩ සහෝදරයෝ සහ මිල්ලෑවේ යන කැරලි නායකයෝ රට වෙනුවෙන් සිය දිවි පුදා සතුරා සමග එක හිතින් සටන් කරන බවට කැප්පෙටිපොල ඉදිරියේ තමතමන්ගේ කඩුවල අත් ගසා දිවුරුම් දුන්හ. සතුරා රටින් පන්නා දමා මිසක එලියට ඇදගත් මේ කඩුව නැවත කොපුවට නොදමන්නෙමැ”යි උස් හඬින් කීවේ මඩුගල්ලේය. සතුරු ලෙයින් උඩරට පමණක් නොව සමස්ත ලඞකාධරණී තලයම තෙත් කරවන්නෙමි’යි ගිගුරුවේ පිළිමතලව්වේය. අඹ ගොල්ලේ මහා ස්ථවීරයන් වහන්සේ, අඹිලිගොඩ නිලමේ, රාහුපොල බස්නායක නිලමේ, ගොඩගෙදර අදිකාරම, අලුත්වෙල මහදුරයා, තලගුණේ වන්නකු නිලමේ, විල්බා ගෙදර දුග්ගන්නාරාළ, අරම්පොල, උදන්විට, හුණුපල්ලේ මොහොට්ටාල වරු, හේවාපොල, කොහු කුඹුර, බුත්තව, පරගහ වැව සහ බගින් ගහ වෙළ රටේරාළ යන අධිපතියෝ ප්රාරදේශික කැරලි නායකයින් බවට පත්වූහ. ඒ ඒ පළාති වලින්, කෝරළ වලින්, සහ කොට්ඨාස වලින්ද මිනිසුන් කැරැල්ලට මෙහෙයන බවට, ඔවුහු පොරොන්දු වූහ.

* * *

කැප්පෙටිපොලගේ නියෝගය පරිදි වෙඩිබෙහෙත් තුවක්කු ආදිය රැගෙණ මිනිසුන් කෙලින්ම ගියේ බදුල්ලටය. ඔවුන්ගෙන් ඇතමෙක් ඉංග්රීමසීන්ට කියා සිටියේ කැප්පෙටිපොල නිලමේ කැරලිකාරයින් විසින් අල්ලාගනු ලැබූ බවය. එහෙත් ඉංග්රීනසීන්ට මෙහි රහස නොවැටහුනේ නොවේ. තමන්ට විපක්ෂලව ක්රිටයා කරතත් කැප්පෙටිපොල නියම වීරයෙකැයි එදා ඔවුන් ‍කීවේ ඉංග්රීූසීන්ගෙන් ගෙනගිය තුවක්කු වෙඩිබේත් ආදිය නැවත එවීම ගැනය. විටින් විට ලැබෙන පණිවුඩ එතරම් සතුටුදායක නොවීය. කැප්පෙටිපොල ගේ පුරෝගාමීත්වරය ඇතිව ගැසෙන කැරැල්ල එන්ඩ එන්ඩිම විදුලි වේගයෙන් නැගී යන බව ඇසීමෙන් මේජර් ඩොයිල් මහතා තැති ගැනුනේය. වහ‍ාම කැරැල්ල සමථයකට පත් කරවීම සඳහා ඔහු උපායක් සෙව්වේය. අසුවුනේය. එයනම් සයිමන් සෝයර්ස් මහත් සහ ඇහැළපොල මහ අධිකාරමත් ඒ සඳහා පිටත්කර යැවීමය. ඔහු එසේ කෙළේය. එහෙත් එය වැරදුනේය. හොඳටම වැරදුනේය. කැරලි නායකයෝ ඔවු‍න්ගේ හීතල චාටු වචන ගනනකටවත් නොගත්හ. ඊට කන් යොමු නොකළහ. අනිතිමේ සුදු නිලධාරියාට සහ ඇහැළපොලටද පෙරලා එන්නට සිදුවූයේ සියළු බලාපොරොත්තු


-( 10 )-


කඩ කරගෙනය. සාකච්ඡාවලින් කැරැල්ල මෙල්ල කරලිය නොහැකි බව දැනගත් මේජර් ඩොයිල් එපිණිස යුද්ධ හමුදා වහ වහා වහ වහා සංවිධාන කරවන ලෙස කියා යටත් නිලධාරීන් වෙත නිවේදන යැවීය. ආණ්ඩුකාරතුමාට මේ බව කියා පණිවුඩයක් යැවීමට ද ඔහු අමතක නොකළේය. වෙල්ලස්ස, බිම්තැන්න, කොත්මලේ, හේවාහැට, උලපනේ සහ දුම්බර යන ප්ර්දෙශයන් කැරලි දුමාරයෙන් එකට වැසීයත්ම හදිසියේම ඇතුවූයේ ධාරානිපාත වර්ෂාශවකි. දිනපතා නොකඩවා ඇතිවූ මේ භයානක වර්ෂානව නිසා රටවැසියන් කෙතරම් දුරට අමාරුවේ වැටුනද කැරැල්ලේ උණුහුම නම් ඉන් නිවීගියේ නොවේ. මේ වර්ෂාට පතනයෙන් ජනිතවුණු ගොරතර ජල රකුසා මහා හඬ නංවමින් කඩාපැන ගේ, දොර වතුපිටි ගිලදමන්නට පටන් ගත්හ. ඔහුට ගොදුරු වුණු තිරිසන් සතුන්ගේ ගනන අශීමිතය. තම තමන්ගේ ගේ, දොර කැඩී බිදී සමහරු උන්හිටි තැන් නැතිව ඇවිදින අතර ඇතමෙක් සිය දූ දරුවන් නැතිවීමෙන් ඒ මේ අත හඬ හඬා වැළපෙමින් සිටිති. මෙසේ හැම පැත්තෙන් දර්ශවනය වූයේ ශොකාකුල මුහුණුමය. කදුළු පිරි නෙතුමය. හැම දෙසින්ම ඇසෙන්නටවූයේ අ‍දෝනා හඬමය. මිනිසුන්ට ‍ඉමහත්මැ හිරිහැර පමුණුවමින් මෙපරිද්දෙන් ගැලූ මහ ගංවතුරෙන් ඉංග්රීයසීන්ට වූයේ බලවත් ම පාඩුවකි. වැඩ පමාවීමකි. ටික දිනකින්ම ගංවතුර බැස ගියේය. ඉංග්රීාසීහු සේනා රැස්කරවන්නට පටන් ගත්හ. මඩකලපුවෙන්, සහ මහනුවරින් ඉංග්රීීසීන්ගේ යුද්ධ හමුදා වෙල්ලස්ස දෙසට එන බව සිංහල ඔත්තු කාරයින්ගෙන් ලැබුණු රහස් පණිවුඩයකින් කැරලි කාරයින් අතර සැළවී ගියේය. සිංහලයෝ ඉදිරියට පැමිණ කලින්ම අතර මග රැක සිටියහ. මේ ගැන කිසි බලාපොරොත්තුවක් නොමැතිව ගමන් කළ ඉංග්රීකසි යුද්ධ හමුදාවලට මෙහිදී හදිසියේම අහසින් කඩාවැටුනාක් මෙන් සිංහලයින්ගෙන් වැදෙන්නට වූයේ අතිශය වේගවත් පහරකි. ඒ පහර කා‍ගන තවත් ඉදිරියට පිය නැගීමට ශක්තියක් ඉංග්රීවනීන්ට ඇති නොවීය. එසේ අමාරුවෙන්වත් කරන්නට ගියොත් එය ඉදිරියට පිය නැගීමක් නොව ඒකාන්තයෙන්ම පරලොවට යන යෑමක් වන බව සිතූ ඔවුහු සිංහලයින් ගෙන් බසු බැසුනේ ද කිවහොත් ඒ පසුබැසීම කෙළවර වූයේ ඩොයිල්ගේ නිවස පෙනෙනතෙක් මානයේ දීය. මෙයින් සිංහලයෝ




-( 11 )-


තව තවත් එඩිතර වූහ. යුද්ධ කිරීමද එක්තරා විදියක සෙල්ලමකැයි වැටහුනේ එදාය. “සිංහල සහෝදරවරුනි! අපේ රට විනාශ කරන හැම සුදු මිනිසෙකුම මුනගැසෙන හැම තැනකදීම කිසිම සමාවක් නොදී මරා දමව්!” යන මේ කෙටි නිවේදනය කැ‍රලි නායකයින් විසින් මේ දිනවල සියළුම සිංහලයින් වෙත නිකුත් කරන ලදී. මීටපසු කැරලි කා‍රයින්ට අසුවෙන හැම සුදු මිනිසෙකුම සිංහල කඩුවලින් පෙති පිට පෙති ගැසෙන්ට විය. දිනක් අසෙකු පිට නැගී මහතෙකු යනු දුටු කැරලි කාරයෝ ඔහු ලුහුබැඳ දුවන්නට වූහ. සිංහලයින් විදින, ඊතල පහරවල් වැදීමෙන් කුලප්පුවී ඒ මේ අත දඟලන්නට වූ අශ්වයා අන්තිමේ පාරේ හරහට පෙරලුනේය. ඒ අතර සිංහලයෝ ඉහිරුණු මී මැහි පොදියක් මෙන් එතැන රොක්වූහග අහිංසකවූ මහත්මයා පිරිසට සැලියුට් කෙළේය. එයින් වැඩෙක් නොවීය “තෝ! කවරෙක්දැ?” යි කැරලි කාරයෙක් වේගයෙන් ඇසීය. මහත්මයා ඉංග්රී සියෙන් මොනවාදෝ කියන්නට විය. ඒ වචන නොතේ‍රුනු කැරලිකාරයෝ එයින් තව තවත් කිපුනාහ. මේ අතර සිංහලයෙක් කොටියෙකු මෙන් ඉදිරියට පැන්නේය. තත්පරයක් ඇතුළත සිංහලයාගේ හෙල්ලයේ තියුණු තුඩ මහත්මයාගේ පපුව පලාගන ගොස් කොන්ද පැත්තෙන් මතුවුනේය. මෙසේ හෙල්ල පහරින් මරුමුවට පතුවූයේ සාමාන්යැ කෙනෙක් නොවේ. ඔහු උසස් වෛද්යමවරයෙකු වන මැක්නල්ටි මහතාය. මේ බිහිසුණු පුවත් දිනෙන් දිනම අසන්නට ලැබීමෙන් පොල්ලකින් පහර ලත් නාගයකු මෙන් මේජර් ඩොයිල් කිපුනේය. වහාම ඔහු මේජර් මැක්ඩොනැල්ඩ් කැ‍ඳෙව්වේය. ඉතා ප්රටබල යුද්ධ හමුදා රැගෙන ගොස් කැරලි කා‍රයින්ගේ සකල බලය සුංකරදමන ලෙස ඩොයිල් ඔහුට නියම කෙළේය. මැක්ඩොනල්ඩ් යුද්ධ සේනා රැස්කිරීමෙහි යුහුසුළු විය. කැරලි කාරයින් ගැණ ඩොයිල් කෙතරම් දුරට කෝපවීද කිවහොත් ‍කැප්පෙටිපොල ඇතුළු කැරලි නායකයන් අටලොස් දෙනෙකුගේ නම්ද ගැසට් පත්රුයේ ප්ර සිද්ධ කරවන ලදී. එයින්ද නොනැවතුණු ඩොයිල් ඔවුන්ගේ සියළුම දේපොල රාජ සන්තකද කෙළේය. මෙසේ ආණ්ඩුකාරයා කලබල වෙද්දී, ඩොයිල් ඒ මේ අත දඟලද්දී කැරැල්ල අනිතිම අංශකයටම නැංගේය. දැන් කැරැල්ල නියම යුද්ධයකි. මුළු උඩරට අස්සක් මුල්ලක් නෑර විනිවිද පැතිරී¬¬¬¬¬¬¬¬¬¬¬¬¬



-( 12 )-¬¬¬¬¬¬


ගිය මේ කැරැල්ල නිදහස සඳහා කරන මහා යුද්ධයක් බවට පත්වුනේය. මඩුගල්ලෙගේ රණසූරත්වසයේ වේගය කෙතරම්ද කිවහොත් ඔහුගේ පාලන හස්තයට අසුවුණු දුම්බර එකම කැරලි දුම් ගුලියක්ම විය. මඩුගල්ලෙගේ බල සම්පන්න කම හමුවෙහි ඉංග්රී සීන්ට මොනම ලෙසකින්වත් කෙලින් සිටිය නොහැකි විය. අන්තිමේ ඔව්හු සම්පූර්ණයෙන්ම දුම්බර අතහැර දමා හෙමිහිට පල්ලම් බැස්සෝය. * * * යමෙකුගේ පැමිණීමක් බලාපොරොත්තුවෙන් කැප්පෙටිපොල සිය නිවසේ ආලින්දයේ සිටින වේලාවකි මේ. ඔහු ටික වේලාවක් සක්මන් කරයි. ඒ අතර ඔහු සිය නලලෙහි රැලි ගන්වමින් කල්පනා සයුරක ගිලෙයි. වරෙක ඔහු කර ඔසවා බලනුයේ අසල ගම්මානය දෙසින් වැටී ඇති අඩිපාර දෙසය. “පමා උනා වැඩි” යි නොදැනීම ඔහුගේ මුවින් ඉබේ ගිලිහිණ. ඒ සමගම ඔහු ජයන්ත! යයි ගයැතුළ සිටි හේවායෙකුට කථා කෙළේය. එවිගසම ඔහු කැප්පෙටිපොල ඉදිරියේ නැමුණු හිසින් යුතුව පෙනී සිටියේය. “ඇයි! ජයන්ත! ඔත්තු බැලීමට ගිය අපේ මඩුගල්ලේ වීරයා මෙතරම් පමා ‍වන්නෙ ඔහු මෙහි එන්නට තිබුනේ මීට තුන් පැයකට කලින්. යම් කිසි ප්ර.මාදයකින් ඔහු සතුරාට අසු වෙන්නට වත් ඇද්දැ’යි කැප්පෙටිපොල ජයන්ත‍ගෙන් ප්රරශ්න කෙළේ මඳක් තැතිගත් විලාශයකිනි. “දිසාපති තුමනි! මඩුගල්ලෙ වීරයා ගැන මදකටවත් බිය විය යුතු නොවේ. යම් හෙයකින් ඔහු සතුරන් මැදට අසුඋනත් සතුරන් සිය ගනනක් වුවද යම ලෝකයට හැර එන්නට පුළුවන් තරමේ වීරයෙකැ”යි ජයන්ත කීවේ ටිකක් ගැඹුරු හඬිනි. “ඔව්! ජයන්ත! මම නම් බිය කියන්නේ කුමක්දැ”යි නොදන්නෙමි. නමුත් ජයන්ත මේ කැරැල්ලේ පතාක යෝධයකු වන මඩුගල්ලෙගේ මේ අනියම් පමාව ගැණ අපි සෙවිය යුත්තෝ වම්හ. මේ අතර අසෙකුගේ කුර ගැටෙන හඬක් ඇසී එදෙන බැලූ මොව්හු සෙම්නසින් කුල්මත් වූහ. මෙසේ පැමිණි ආරෝහ පරිනාහ සම්පන්න දේහයක් ඇති අමුත්තා දුටු කැප්පෙටිපොල විසින් සිනාබර මුහුණින් ඔහු පිළිගන්නා ලදී. දෙදෙනාම සමාන අසුන්වල හිඳ ගත්හ. “ ඔබ මෙතරම් පමාවූයේ කුමක් නිසාද? දැන් ඔබට බොහෝ වෙහෙස ඇති නේදැ?යි ඇසුවේ කැප්පෙටිපොලය. “මෙතරම්


-( 13 )-


පමා වූයේ මා බොහෝ දුරක් ගිය බැවිනි. මහන්සියෙන් නම් අඩුවක් නැතැයි පැවසූ අමුත්තා තම පපුව දෙසට පිඹ ගත්තේය. මේ අතර සේවකයෙක් දොඩම් පැණි පිරූ භාජනයක් තැබූ රිදී බන්දේසික් දෑතින් රැගෙන නැමී නැමී ඇවිත් මේ වීරයන් ඉදිරිපිට පෙනී සිටියේය. “මඩුගල්ලෙ! සතුරගෙ යුද උණුහුම වැදී ඔබේ පපුව දැන් ගිනි ගුලියක් වෙලා ඇති. ඒක නිසා මේ දොඩම් පැණි ටිකක් බී ටිකක් පපුව සීතල කර ගන්න යි කැප්පෙටිපොල කීවේ කවටකම් වශයෙනි. “මගේ මේ පපුවද! මේ පපුව! මේ පපුව ගිනියම් කරවන්න ඉංග්රී්සීන්ට තබා සක්රමයාටවත් බැරියයි මඩුගල්ලේ සිනාබර මුහුණින් යුතුව කීවේ වේග ශ්වරයෙනි. “විහිළු කථා කියා කියා ඉන්ට නොවේයි දැන් අපට තියෙන්නෙ. ඉක්මනින් වැඩ කරන්ටයි ඉංග්රී්සීන් විශාල යුද්ධ හමුදා රැගෙන අද එහෙන් පිටත්වෙලා තියනවා. එබැවින් අප වහාම සකස් වෙන්න ඕනෑ. අපේ හමුදා රැගෙන පෙරමුනටම කඩා පැන ඉංග්රීබසීන් සහමුලින්ම පොලුගසා දමන්ට දැන් දැන් සූදානම් වෙමු”යි මඩුගල්ලෙ කියා‍ගන යත්ම කැප්පෙටිපොල විදුලි වේගයෙන් නැගී සිටියේය. ඔහු කැරලි නායකයින් එදිනම ගෙන්වා ඔවුනට යටත් සියලු හමුදා සංවිධානය කරවන ලෙස නියෝග කෙළේය. අසෙකු පිට නැගි ගිය කැප්පෙටිපොල සියලුම ප්‍ියාදේශික හමුදා පරීක්ෂාග කිරීමෙහි යෙදුනේය. මිනිසුන් තුළ උද්යොෝගය ඇතිවන පරිදි ඔවුන් ඉබේම කැරැල්ලට උසිගැන්වෙන පරිදි ඒ හැම තැනකදීම වාගේ ඔහු ඉතා කෙටියෙන් වේගවත් කථා පැවැත්වීය. හෙල්ල කඩු තුවක්කු ගත් අත් ඇතිව පේලිගැසී කෙලින් කිටි ශක්තිමත් සිංහල යුද්ධ භටයින්ගේ එඩිතර මුහුණු දැකීමෙන් කැප්පෙටිපොලට ඉබේම කියැවුනේ සතුරාට දවල් තරු පෙන්වන්ට අපේ මේ වීර සහෝදරයින්ට පුළුවන්කම තිබේ” කියාය. මේ විශාල කැරැල්ලේ අණදෙන ප්රකධාන නිලධාරියාවූයේ කැප්පෙටිපොල මහ නිලමෙ තුමාය. ඔහුගේ යුද්ධ හමුදාව සත් දහසකටත් අට දහසකටත් අතර ගනනකින් සැදුනේය. කැප්පෙටිපොල ගෙන් කෙලින්ම අණ ලැබෙනුයේ කැරලි නායකයින්ටය. ඒ අනුව ඔවුන් දෙන අණ පරිදි සෙබළුන් ක්රිුයා කළ යුතුය. ඉදිරියටම ගමන් කළ මේ අති විශාල යුද්ධ හමුදාවගේ දර්ශරනය


-( 14 )-


ආදිම සිංහලයන්ගේ වීරත්වයයත්, ප්රෞනඪ භවයත් මනාව පිළිබිඹු කර පෙන්වන්නකි. කැප්පෙටිපොල පිරිස් පෙරමුනේ ගමන් කළ අතර අනිකුදු කැරලි නායකයෝ පිරිස නිසි පරිදි සංවිධාන කරවමින් තැන තැන ගමන් කළහ. ඉර හඳ කොඩිය ඇතුළු ඒ ඒ ප්රාිදේශික කොඩි රාශියක්ම පිරිසේ ඔලු ගෙඩිවලට ඉහළින් සුලගට ලෙලදෙමින් ගමන් කැරුණු අතර ජයසක් පිඹින්නෝද රණ ගී වයන්නෝද ඒ අතර වූහ. මහ මුහුද ගොඩලන්නාක් මෙන් ප්රීඒති නාද පතුරමින් ඉදිරියට ගිය සිංහල මහ සේනාවට මේජර් මැක්ඩොනල්ඩි මහතාගේ හමුදාව මුනගැසුනේ 1818 පෙබරවාරි 26 වෙනි දිනය. නියම මහා සටන ඇතිවූයේ මෙදින සිටය. මැක්ඩොනල්ඩ් මහතාද යුද්ධ කිරීමෙහි මහා සූරයෙකි. ඔහුගේ හමුදාවද දක්ෂය යුද සෙබළුන්ගෙන් සැදුනේ විය. දෙපක්ෂහයම මුහුණට මුහුණදී සටන් ඇරඹුණු මෙදින දෙපැත්තෙන් තොර තෝන්චියක් නැතිව පිට වෙන වෙඩි හඬ නිසා මුළු පළාතම දෙවනත් වන්නට විය. යුද හේවායින්ගේ මර ලතෝනියද වෙඩි හඬ සමඟ එකට පැටලෙමින් පැතිරෙන්නට විය. කෙසෙල් කඳන් මෙන් පෙත්තෙන් පෙත්ත කැපී බිම ඒ මේ අත වැටෙන මළකඳන් උඩින් පැන පැන කඩු ගත් සිංහල සේනා සතුරන් තබන වෙඩිල්ලට බිය නොවී ඔවුන් පොලු ගසමින් අස්සටම කා‍වැදෙන්නට වූහ. ඒ අතර සතුරු අශ්වාරොහක සෙබළ මුලක් අන් මගකින් එතැනට කඩා පැනගන එනු දුටු කැප්පෙටිපොල කලින් බුරුල් කර තබන ලද ගල් පෙරලන ලෙස අණ කෙළේය. අසල ගස් බිඳ‍ගන විදුලි වේගයෙන් පෙරලීගන ආ විශාල පරුවත වලට යටවීමෙන් අශ්වාරොහක මහුදාවේ අඩක් පමණ විනාශ වූහ. කැලෑවල සැඟවී සිට සිංහල දුනු හේවායින් විසින් විදින ලද ඊතල පහරවල් වැදී පපු සිදුරු වුණු සතුරන් ඒ මේ තැන මැරී වැටෙන්නට විය. සිංහලයෝද සිය ගනනක් මෙදින මරු මුවට පත්වූහ. ප්ර ථම දිනයේදීම සතුරු කණ්ඩායමක අණ දෙන සෙනෙවියෙකුදු සිංහලයන් අතට පත්විය. සිංහලයෝ ඔහු පණ පිටින්ම අල්ලාගන ගොස් කැප්පෙටිපොලට පෙන්වූහ. සතුරා, සෙනෙවියෙකු බැවින් ඔහු සමඟ ද්වන්දව යුද්ධයක් කොට එයින් ඔහු පරාජය කොට මරාදමන ලෙස නියම විය. සතුරා කඩු සරඹයෙහි කෙළ පැමිණි සෙනෙවියෙකු බැවින් ඔහු සමඟ සටන් කිරීමට යෑම ටිකක් අවදානම්


-( 15 )-


වේයැයි සිතූ බොහෝ දෙනා ඒ ගැන ටිකක් පසුබට වූහ. ඇතමෙක් මේ නියෝගයට විරුද්ධ වූහ. අතට පත් සතුරෙකු බෙල්ලකපා මරා දමනු මිසක ඔහු සමග සටන් කර ජය අත්කරගෙන ම‍රාදමන්නට ගොස් සමහර විටක අපේ පිරිසෙනුත් කීපදෙනෙකු මැරෙන්නටද බැරිදමක් නැතැයි ඇතමෙක් කියන්නට වූහ. එවිට සිංහලයන්ට අවනම්බුවන බයාදු වචන නොකියව්! කියමින් පිරිස දෙබෑකරගන ආ කැප්පෙටිපොල “එව! සටනට වෙ! යි සතුරු සෙනෙවියාට අඬගසමින්ම කඩුව ඇද‍ගන ඉදිරියට පැන්නේය. කැප්පෙටිපොලගේ ප්රසතාපතවත් මුහුණ සහ ශක්තිමත් බාහු යුග්මය දැකීමෙන්ම සතුරා ගල් ගැසුණි. ඉබේම අතින් කඩුව බිම වැටුණි. කැප්පෙටිපොල නිලමේ තුමා සමග නම් කිසිසේත් සටනක් කරන්නට තමන්ට නුපුළුවන් බව සතුරා කීවේ මහද් බයාදු ගතියකිනි. “ එසේනම් මාත් සමග සටනට එව!යි කියමින් හදිසියේ එතැනට පැන්න දෙවැන්නෙකි. ඔහු ඇහැළපොල නිලමේ මිසක අනෙකෙකු නොවේ. ඔහු දැකීමෙන් සතුරා එතරම් බිය නොවීය. ඔහුද තම කඩුව අමෝරාගෙන ඉදිරියට ආවේය. සටන් ඇරඹීමට ප්රළථමයෙන් කැරෙන චාරිත්රායක් වශයෙන් කඩුවට කඩුවදී දෙදෙනාම හරි බරි ගැසුනාහ. ඊලගට ඇතිවූයේ කිසිවෙකුට බලා සිටින්නට නොහැකි තරමේ අතිශය භයානක දර්ශ නයකි. “සිලි සිලි” යන හඬින් කඩු දෙක විදුලි වේගයෙන් ‍එකට සංඝට්ටන ය වීමෙන් එයින් ගිනි පුපුරු විහිදෙන්නට විය. ඇතමෙක් ඇහැළපොල නිලමේ දැන් දැන් මරු මුවට පත්වේදෝ යන සැකයෙන් කඳුළු හලන්නට වූ අතර මෙය බලාසිටිය නොහැකි සමහරු අත් වලින් ඇස් වසා ගත්හ. සතුරු සෙනෙවියාද ද්වන්ද්ව යුද්ධයෙහි සමතෙකි. වරෙක සතුරාගේ කඩුව ඇහැළපොලගේ බෙල්ලට එකේලි වෙත්ම ඇහැළපොලගේ පලිහ ඒ කඩුව පිළිගනී. ඇහැළපොලගෙ බෙල්ල දැන් දැන් කැපී යාවියයි අවට රැස්ව සිටින්නවුන්ගේ සැකය මෝරවමින් සතුරාගේ කඩුව වේගවත්ව ක්රි යාවේ යෙදුනේය. ඇහැළපොල අතින් වැදෙන වැදෙන කඩු පහරට ඉලක්කවූයේ සතුරාගේ පලිහ මිසක ඔහුගේ බෙල්ල නොවේ හදිසියේ පැරදුනු බවක් හැඟවූ ඇහැළපොල පස්සට පැන්නේය. පැන ඇහැළපොල එක පාරට බඹයක් පමණ උඩට පැන කඩුවෙන් සතුරාට වේගවත් පහරක් ගැසීය තත් කෙනෙහිම සතුරාගේ බෙල්ල කැපී හිස අඩි ගනනක් ඈතට විසිවිය. අත්පොලසන් හඬ දසත නැගෙද්දී ලේ තැවරුණු කඩුව කොපුවේ ලාගත් මේ වීරයා කොක්හඬ නගා සිනාවෙන්නට විය


-( 16 )-


මෙසේ විවිධ වීර ක්රිනයාවන් කරමින් සිංහලයෝ මැක්ඩොනල්ඩි මහතාගේ හමුදාවට නොනවත්වාම පහර දුන්හ. ඉක්බිති දස දිනකින් පසු කැප්පෙටිපොල විසින් කරනලද නියෝගය පරිදි කැරලිකාරයෝ තාවකාලික වශයෙන් විසිරී ගියහ. මුහුණට මුහුණදී සටන් කිරීමේදී කැරලිකාරයින්ෙගෙන් මදි නොකියන්නටම බැට කෑ ඉංග්රීෝසීහු පිස්සු වැටුණු මිනිසුන්සේ ක්රිපයා කරන්නට වූහ. ගම් ගිනිතැබීම් කෙත්වතු පාලු කිරීම් ආදී භයානදදේ කිරීමෙනුදු කැරැල්ල මෙල්ල කරගත නුහුනු ඉංග්රීවසීහු මීට සම්බන්ධකයයි සැක කළ උඩරට රදළවරුන් සිරභාරයට ගන්ට පටන් ගත්හ. මුල සිටම ඉංග්රීිසීන්ට පක්ෂ පාතීව සිටි ඇහැළපොල මහ අධිකාරම් තුමා පවා හදිසියේම සිරභාරයට ගැණීමට තීරණය කර ගත්තේ එතුමාගෙන් කැරැල්ලට අනුබලයක් ලැබුනේය යන සැකය නිසාය. 1818 මාර්තු 2 වෙනිදා ඉංග්රීලසි සෙබල මුලක් විසින් හදිසියේම පැමිණ ඇහැළපොලගේ නිවස වටකරගන්නා ලදී. මෙයින් පුදුමයෙන් පුදුමයට පත් ඇහැළපොල මෙසේ කෙළේ කුමක් නිසාදැයි ඔවුන්ගෙන් උස් හඬින් ප්රදශ්න කෙළේය. සෙබල මුලේ නායකයා තම සාක්කුවෙන් කඩදාසි කැබෙල්ලක් එලියට රැගෙන ඇහැළපොලට පෙන්නුවේය. එය දැකීමෙන් කලබල වුණු ඇහැළපොල නලලෙහි රැලි ගන්වමින් පිරිස දෙස සාවඥ බැල්මක් හෙළා “එසේ නම් මා සිරභාරයට ගනු මැනවැ”යි කීවේය. ඉක්බිති ආරක්ෂසක හමුදාවක් භාරයේ එතුමා කොළඹට ගෙනයනු ලැබීය. සියළුම උඩරට රදළවරුන් පාහේ කැරැල්ලට එලිපිට මෙන්ම රහසේ ද සම්බන්ධදවූ අතර මොල්ලිගොඩ පමණක් ඉංග්රීකසීනිට පන්දම් අල්ලන්නකුව සි‍ටියේය.කිසිම ජාතිකානු රාගයක් නොමැති මොල්ලිගොඩ මහ අධිකාරමගේ පක්ෂදපාතීත්වමය නොලැබෙන්නට මුළු උඩරටම අතහැර ඉංග්රී සීන්ට තමන්ගේ ගම් රටවල් බලා යන්නට සිදු වනු ඒකාන්තය. කැප්පෙටිපොල තව වරක් නැගී සිටියේය. එහි ප්ර්ථිඵලය වශයෙන් 1818 ජුනි මාසයේදී සත් කොරළේ ඇතුළු මාතලේ කාරලිකාරයින්ගේ අතට පත්විය. මෙහිදී සිංහලයෝ කලෑවල ‍ඒ මේ තැන සැඟවී සිට ගොරිල්ලා සටනෙහි යෙදුනෝය. ඔවුන් විසින් සැඟවී සිට විදින ලද ඊතල පහර වලින් ඉංග්රී්සීහු ගිය ගිය තැන මැරී වැටෙන්නට වූහ. කැප්පෙටිපොල වේගවත් කථිකයෙකි. නිදහස සඳහා කරන මේ කැරැල්ලට මිනිසුන් සම්බන්ධ කරගැණීමෙහිලා කෙතරම් දක්ෂක ලෙස ඔහු ක්රිකයා කෙළේද කිවහොත්


-( 17 )-


පසුගිය යුද්ධ සමයේ ජපානයේ සිටි ආත්ම ඝාතක හමුදාව මෙන් කැප්පෙටිපොලටද සිය දිවි පුදා සටන් කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත්වූ මිනිසුන් දහස් ගනනක්ම සිටියහ. උපායේ බලය මෙන්ම වාක් ශක්තියද මදි නොකියන්නට තිබුණු කැප්පෙටිපොලට මෙවැනි සටනක් කිරීමෙහිලා මිනිසුන් උසිගැන්වීම එතරම් අපහසු කරුණක් නොවීය. තතවය එන්ඩ එන්ඩම බැරෑරුම් අතට හැරුනේය. මේ දිනවලදී හදිසියේම ඩොයිල් මහත් සහ ආණ්ඩුකාරතුමා අතර ඇතිවූ රහස් සාකච්ඡාවකි. කෙබඳු නරක වැඩක් වුවද කිරීමෙන් වහාම කැරැල්ල මැඩලිය යුතුය යනු වෙන් ඔවුහු තීරණය කරගත්හ. මේ සාකච්ඡාවේ ප්රරතිඵලයක් වශයෙන් වැඩි දිනක් ගතවෙන්නට පෙර උඩරට යුද්ධ නීතිය පණවන ලදී. මෙයින් වූයේ මුළු උඩරටම කැළඹෙන්නට වීමය. රජයෙන් වරම් ලත් ඉංග්රීිසි යුද්ධ භටයෝ කඩු, හෙල්ල සහ තුවක්කුවද රැගෙන පාරක් වීදියක් ගානේ අතන මෙතන ඇවිදින්නට වූහ. කැරලිකාරයන්ට මෙන්ම ඊට සම්බන්ධය නොවූවන්ටද ඔවුන්ගෙන් කිසිම සමාවක් නොලැබුනේය. එපමණක්ද නොව කිසි වරදක් නැති ස්ත්රීනන්ට පවා ඔවුන්ගෙන් ඇතිවුණු ගැහැට අපමණය. ගම්බද කුඩා ගෙයකි. එහි වසනුයේ මෑණියන් සහ ඇගේ එකම දියණිය පමණකි. මේ මහළු ගැහැණියගේ එකම පුත්ර්යා මීට මසකට පෙර කැරැල්ලට සම්බන්ධ වනු සඳහා එහි ගොස් සිටී. ගෙදර සිටින ඇගේ දියණිය නම් නාඹර විටය් සුපිපුණු නාරිලතා පුෂ්පයකි. කෙටියෙන් කියතොත් ඈ කැලෑ හඳකි. මෙය ඉව වැටීමෙන් යුද්ධ භටයින් දෙදෙනෙක් එක් මහ රැයක මෙකී ගෙදරට පැමිණියහ. ඔවුන් දොරට තට්ටු කළ නමුත් නොහැරුණු බැවින් පිටපිටම දොරට පයින් ගසන්නට වූහ. දොර දෙපලු විය. භ‍ටයෝ ගෙයැතුළට වූහ. මැහැල්ල සිය දියණිය බදාගෙන වෙව්ලමින් සිටියාය. එක භටයෙන් එතැනට පැන මැහැල්ලගේ බෙල්ලෙන් අල්ලා දිරූ පරඬැල් පතක් ලෙස පසෙකට ඇදදැමූ අතර අනිකා ගොදුරක් දෙසට කඩා පනින කොටියෙකු මෙන් අර රූබර වනිතාව එක පාරටම දෑතට ගත්තේය. ඈ ද‍ඟලන්නට වූවාය. පොර බදන්නට වූවාය. එයින් වූයේ ඈ ඇඳ සිටි වස්ත්රන ඇ‍ඟෙන් පහවීම පමණකි. බූමිතෙල් කුපිපිය පසෙක දැල්වේ. එයින් විහිදෙන මන්දාලෝකයෙන් ඉදුණු තක්කාලි සිවියේ පාටින් ඇගේ යෞවන දේහය බැබලෙනු දුටු යුද්ධ භටයෝ සූකිරි ගොඩක් දැක කැදරවී දඟලන අඹලයින් මෙන් කලබලවූහ. ඔවුන්ගේ හස්ත ග්රොහණයෙන් මිදෙන්නට නම් නොහැකිවේයයි සිතූ තරුණිය පුළුවන් වේගයෙන් මරහඬ දෙන්නට වූවාය. ගතවූයේ


-( 18 )-


විනාඩි ගනනකි. එක්තරා ශක්තිමත් පුද්ගලයෙක් කොහේදෝ සිට වේගයෙන් දිව ඇවිත් කඩුවක් අමෝරාගෙන ගෙයැතුළට පැන්නේය. ‘ මේ බලා පොරොත්තු නොවූ දර්ශමනයෙන් යුද්ධ භටයින්ට අන්දුන් කොන්දුන් නැතිවිය. ඔවුන් කොතරම් දුරට කලබල වීද කියතොත් මෙතෙක් පසෙක තබා තිබුණු තුවක්කු දෙක පවා අතට ගැනීමට තරම්වත් ඔවුනට සිහි නැතිවිය. තුවක්කු සොයමින් ඔව්හු ගේතුළ ඒ මේ අත දඟලන්නට වූහ. මෙසේ ‍වැඩි වේලාවක් ඔවුන් ට ඒ මේ අත පනිමින් මේ සෙල්ලම දිගටම කරගන යන්ට නොලැබුනේය. අමුත්තාගේ තියුණු කඩුවෙන් ඔවුන්ගේ සිරුරු පෙතිපිට පෙති ගැසෙන්නට විය. මේ අමුත්තා සාමාන්යන කෙනෙක් නොවේ. මහා රාත්රිකයේ හුදකලාවම ඔත්තු බැලීමෙහි යෙදුණු කැරැල්ලේ ප්ර ධාන පඞක්තියෙහි නායකයෙකි. * * * ආණ්ඩුකාරයාගේ මේ හිතුවක්කාර නීතිය ක්රිකයාවේ යෙදවීම නිසා උඩරැටියන් බොහෝ දෙනෙක්ම මරු මුවට පත්වුහ. මෙසේ මිනිසුන් අමු අමුවේම මරා දැමීමෙන් හා කුඹුරු හේන් පාලු කර දැමීමෙන්ද ඉංග්රීනසීන් විසින් කරන ලද මේ විනාශකාරී ක්රිුයාවන් දැකීමෙන් හා ඇසීමෙනුත් සෑම සිංහලයකු තුළම ඇතිවූයේ ඉමහත් කෝපයෙකි. සිය ස්වාමි පුරුෂයින් ඉංග්රීෑසීන්ට විරුද්ධව උසිගැන්වීමෙහි යෙදුනු උද්යොපගිමත් ස්ත්රිුහුද සිටියහ. මෙසේ විශේෂ තද අණ පනත් පැනවීමෙනුදු කැරැල්ල මැඩ පැවැත්විය නුහුණු ආණ්ඩුකාරතුමා උපකාර සේනාවන් ඉල්ලා ඉන්දිරයාවට පණිවුඩ යැවීය. සිංහලයාගේ දීප්තිමත් ඉරණමේ රන්තරු කලුවලාකුලු වලින් වැසී ඉංග්රීිසීන්ගේ භාග්ය්ය නමැති පූර්ණ චන්ර් රනයා උදාවීමේ පෙර නිමිති පහළවන්නට විය. ලක් රජයෙන් යැවුණු සන්දෙ ශය ගැන ඇහුම්කන් දුන් ඉන්දිපයාව උපකාරක සේනා ලඞකාවට එව්වාය. මෙසේ එවන ලද විශාල හමුදාව ඉන්දීදය භටයින් සත් දහසකින් පරිමිත විය මෙයින් ඉංග්රීිසීහු ඔද වැඩුනෝය. ඉංග්රීමසීන්ට දැන් කැරැල්ල මැඩලීමට තරම් සේනා ශක්තියක් තිබේ. මේ බව දැනගත් උපායෙහි දක්ෂං කැප්පෙටිපොල ටිකක් අයින්ගැසී නිශ්ශබ්ද විය. කැරැල්ල ඉබේම මැඩ පැවැත්වුනේයයි ඉංග්රීඅසීහු උදන් අනන්ට වූහ. මෙසේ ඉංග්රීගසීන්ට ටිකක් නටන්නට ඉඩදී දෙමාසයකින් පමණ කැප්පෙටිපොල යලිත් කැරැල්ලට ප්රාටණ ජීවය පිඹ හැරියේය. විජය ග්රඉහණය පිළිබඳ සුරංගනා ලෝක‍යේ ආනන්දර


-( 19 )-


ජනක සිහින දකිමින් නැලවුනු ඉංග්රීනසීහු නැවත වරක් කැප්පෙටිපොල නැගී සිටීමේ පවත ඇසීමෙන් පුදුමයෙන් පුදුමයට පත්වූහ. කිසිම බලාපොරොත්තුවක් නැතිව සිටි ඉංග්රීුසීන්ගේ භටයින් පෙති පිට පෙති ගසමින් ඉදිරියටම ආ කැරලි කාරයෝ ඔවුන්ගේ කූඩාරම් පවා ගිනි ලන්නට වූහ. ජාතිකානුරාගයෙන් කිතිකැවී ආගමාලයෙන් පණපෙවී කැරලිකාරයින් හදිසියේම මෙසේ ඉදිරියට පැනගන ආ නමුදු මේ වන විට කුල මල භෙද නමැති විෂබීජ කැරැල්ල ඇතුළත පැතිරෙමින් පැවති සමයෙකි. රජු වශයෙන් පත් කැරුණු ‍දොරේසාමි අඩු කුලයේ කෙනෙකු යයි සැළවීමෙන් උත්පත්තියෙන්ම මාන මදයෙන් මත්වුණු රදළ වරු ඔහු සමඟ විරුද්ධ වූහ. රදළ වරුන්ගේ උදහසට පත්වුණු දොරේසාමි කිසිවක් කරගත ‍නොහැකිව සියල්ලම අත්හැර දමා බිම්තැන්නට පලා ගියේය. මද කලකින් ඔහු අසුවිය. එහෙත් ඔහුට ජීවිත දානය ලැබුනේය. රජෙකු වශයෙන් පත්කර ගනු ලබන්නෙකු නොමැති කල්හි ඒ කාලයේ කැරැල්ලක් ගැසීම අසීරු කරුණකි. කැරැල්ලක් ගැසීමට උවමනා නම් කැරලි නායකයින් විසින් පත්කරගනු ලැබූ රජෙකු රට වැසියන්ට පෙන්විය යුතුය. ඊට ‍හේතුව අතීතයේ ජීවත්වූ මිනිසා විශෙෂයෙන්ම අවිචාරමත් වීමය. රට පාලනය කරනු සඳහාම සිය රජු දෙව් ලොවින් මිනිස් ලොවට බට දෙවියෙකු කොට සැලකීමෙහි හැම දෙනම පුරුදු වූහ. රටවැසියා සදාකාලික වහලුන් වන අතර රජු ඔවු‍න්ගෙන් පුද සම්මාන ලබන “සර්වර බලධාරී එකම දේවතාවා” හැටියට සැළකීමේ ඊනියා අන්ධා්නුකරණය හණමිටි යුගයෙන් උද්ගත වූවකි. රාජ පාක්ෂි ක භාවය සියේට සියේම ඇති රටවල් අද බංකොළොත් අඩියකට වැටෙනා අතර රජවරු රටට බරකැයි සළකා සමූහාණ්ඩු ක්රතමයෙන් පාලනය කැරෙන රටවල් අද අභිවෘද්ධියේ අනිත්ම හිනි පෙත්තට නැග තිබේ. මෙසේ නවීන ජන සමාජය නමැති අයෝමය කුලුගෙඩිය හමුවෙහි ගතානුගතිකත්වය නමැති වීදුරු සැට්ටය අනු කෙමෙන්ම සුනු විසුනු වී යන්නේය. දොරේසාමි නැති වුවද කැරලි නායකයො කැරැල්ල නොනවත්වාම ගෙන ගියහ. රටවැසියා තව තවත් කැරැල්ලට පොළඹවනු සඳහා කැරලි නායකයින් විසින් දෙවෙනි වරටද ර‍ජෙක් පත්කරගන්නා ලදී. ඔහු නායක්කර් වංශයෙන් පැව


-( 20 )-


තෙන්නෙකි. ඒ පිළිබඳ මූලිකව ක්රිැයා කෙළේ පිළිමතලාව්වේය. ඔහුට “වීරබාහු රජ” යයි නම් තබා රටවැසියන් කැරැල්ලට උසිගැන්වීමෙහි ලා ඔහු වෙන් මුහුණක් බවට පත් කර ගනිමින් කැරලි නායකයෝ තව තවත් සටන් කරන්නට වූහ. එහෙතක් “රජු” ‍යයි වෙස්මුහුණු බැඳගන වඩි කලක් නටන්නට ඔහුට නොලැබුනේය. ඉංග්රීෝසි හමුදාවේ බැන්ටොක් මහතා විසින් අටවන ලද “උගුලක” ඔහු අසුවිය. කැරලි කාරයින්ගේ ව්යා්පාර සියල්ලක්ම බිඳ වැටුණි. අවි බලයෙන් ‍හා සේනා බලයෙනුත් ශක්ති සම්පන්න ඉංග්රීඳසීන් හමුවෙහි ඒ හැමෙකකින්ම දුර්වනල වුණු කැප්පෙටිපොල කුමක් කරන්ටද? මුහුණට මුහුණදී සටන් කිරීමට තරම් සිංහලයින්ට ශක්තියක් නැති මේ අවස්ථාවේදී තැන තැන සැඟවී සිට සතුරාට පහර දිය යුතුයයි කැප්පෙටිපොල පිරිසට අණ කෙළේය. සිය පිරිසේ බලය කොතරම් දුර්ව්ල වුවද කැප්පෙටිපොලගේ සටන් කාමීත්වය තවමත් අඩු නොවීය. සිංහලයෝ මහ රෑ හොරෙන් ගොස් ඉංග්රී සි යුද්ධ භටයින් නිදාසිටිය කුඩාරම් වලට පැන පහර දෙන්නට වූහ. ගල් මුගුරු වලින් ගසා පැන දුවන්නට වූහ. මෙයින් කුපිතවුණු ඉංග්රී සීහු කැරලි නායකයින් හැකි තාක් ඉක්මනින් අල්ලා ගැනීමෙන් මිසක මේ අතන මෙතන පවතින හිඟන කැරැල්ල සම්පූර්ණයෙන්ම මැඩලිය නොකි වන බව සිතූහ. හදිසියේම සැඟවී ගිය කැරලි නායකයින් සෙවීමෙහි යුහුසුළුවූහ. ඉංග්රීූසීහු රංචු ගැසී ගැසී තැන තැන මුර කරන්නට වූහ. මේ අතර දිනක අල්ලෙපොල නිලමේ හා ඇහැළපොල දිසාවද සාඟවී යනු දුටු යුද්ධ භටයෝ ඔවුන් වටකර ගත්හ. හදිසියේම සෙබල මුලකට මැදිවුණු මේ සිංහල වීරයෝ දෙදෙන එතැන් සිට කෙළේ කොපුවලින් කඩු ඇදගෙන සටන් කරන්නට ඇරඹීමය. එහෙත් කෙළවරක් නැති සේනාවක් සමඟ දෙදෙනෙකු විසින් පමණක් කරන්ට යන මෙය කිසිම තේරුමක් නැති සටනකැයි සිතූ මේ සිංහලයෝ දෙදෙන කඩු බිම දමා යටත් වුහ. ඉංග්රීේසීන්ගෙන් ඔවුන්ට කිසිම සමාවක් නොලැබුනේය. ඔවුන්ගේ හිස් ගසා දමන ලෙස නියම වුනේය. එම මස 27 වෙනි දින බොගම්බර වදකස්ථානය වෙත මේ ප්ර තාපවත් පුරුෂයෝ දෙවෙනා පමුණුවනු ලැබූහ. ඔවුහු මරණය ගැන කිසිම බියක් නොදැක්වූහ. අනිත්ම මොහොත එලඹුනේය. කඩු අමෝරාගෙන පසෙක සිටි වදකයින් දෙදෙනා පෙනුනේ නර බිලි දෙකකට දිස්වී ලාගත් යකුන් ලෙසින්. එහෙත් මෙවැනි දර්ශනනයකින් තැතිගන්වාලිය නොහැකිය; අප වීරයන් දෙදෙනා අතේ දුර සිට මාරයා


-( 21 )-


මුව අයා දත් විලිස්සා දිව දික්කරගෙන තමා වෙත පනින්නට ඔන්න මෙන්න කියා තිබෙන මේ මොහොතේදී එක් වීරයෙක් නොසැලී නැගී සිටියේය. නැගී සිට, එක් උසස් ඉල්ලීමක් කෙළේය. ඔහු ඇහැලේපොල දිසාවය “තෙපි මා මැරූ පසු මගේ සිරුර සතුන්ටකෑම පිණිස දමව්” යයි ඔහු අභීතව කියා අවශාන වෙත්ම වදකයා විසින් ගසන ලද කඩු පහරින් ඔහු ජීවිතක්ෂ යට පත්විය.එහෙත් ඔහු කළ අවශාන ඉල්ලීම ඉටු නොවීය. ඇල්ලෙ පොලද කඩුවට ගෙල පෑවේ නියම වීරයෙකු මෙනි. * * * අඩි පාරක් දිගේ මහ රෑ ගමන් කරන පුද්ගලයින් තිදෙනෙකි. බලාපොරොත්තු කඩවීමෙන් ශොකාකූල ස්වභාවයක් මුහුනුවල යන්තමකින් මැවී තිබුනද එයින් ඔවුන්ගේ ප්රසතාපවත් භාවය යටකළ නොහැකි විය. ඉංග්රීඔසි ලෙයින් උඩරට පොළොව තෙත් කොට ඔවුන් මද කලකට නමුදු බියෙන් වෙවුලවා සංතාපයෙන් කම්පාවට පත් කරැවූ වීරයින් තිදෙනෙකි මෙසේ ගමන් කරනුයේ එනම් කැරලි නායක කැප්පෙටිපොල, මඩුගල්ලෙ, සහ පිළිමතලාව්වේය. මොවුන් මෙසේ සැඟවී යනුයේ අභය භූමියක් කරාය. එහෙත් මෙවැනි අත්යේන්තයෙන්ම හීන දීන ඉරණමකට කවදාවත් මූණ පාන්නට සිදුවේයයි ඔවුහු සිහිනෙනුදු නොසිතූහ. “අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති” යන බුද්ධ භාෂිතයට අනුව ඔවුන් කරගෙන ගිය සියළුම ව්යාභපාර අහසේ තැනූ මාලිගා බවට පත්වූහ. ඉංග්රී්සීන් උඩරටින් පමණක් නොව මුළු ත්රි සිංහලයෙන්ම පන්නා දමා යලිත් ලඞකාව ස්වාදීන සිංහල රාජ්යනයක් බවට පමුණුවාලීමේ එකම පරමාර්ථය උඩම නැංවුණු විශාල කැරැල්ල ඉංග්රීිසීන්ට ජය අත්කරවමින් හිටි හැටියේම බිඳ වැටුණි. කැප්පෙටිපොල, මඩු‍ගල්ලෙ, සහ පිළිමතලව්වෙ යන මේ කැරලි නායකයින් තිදෙනා මෙසේ මහ රෑ සැඟවී යනුයේ ඉංග්රීයසීන්ට භයේ හුදෙක් පණ බේරා ගැණීමේ අදහසින්ම දුවන දිවීමක් නොවේ. මේ අවදානම් අවස්ථාවේදී කොහේ නමුත් සැඟවී සිට හෙමින් හෙමින් කැරැල්ල තර කරගෙන එක පාරටම ඉදිරියට පැන ඉංග්රී සීන්ට මරු පහර ගැසීමේ දාඪතර අධිෂ්ටානයෙනි පැරදුණු පක්ෂ‍ය පැන දුව සැඟවී සිට නැවත එලියට එම අවි බලයෙන් හා සේනා බලයෙනුත් ශක්තිමත් වී සතුරා හමුවට ඒම යුද්ධ කිරීමෙහි එක්තරා උපායක් මිසක එය ඉතා බයාදු නින්දනීය පහත් ක්රියයාවක් නොවේ. වීරයින් යයි සැළකෙන බොහෝ


-( 22 )-


දෙනෙක්ම සතුරාගේ බලය මැඩලිය නොහැකිවේයයි පෙනුනු එබඳු අවදානම් අවස්ථාවලදී සැඟවී සිට නැවත නැගී සිටිබව පෙර’පර දෙදිග ඉතාහාස ග්ර්න්ථ යෝ පවා අපට කියති. වළගම්බාහු රජු සතුරාට බියෙන් කීවරක් කැලෑ ගතවීද? එසේ කැලෑගතව සැඟවී සිටි ගල්ලෙන් පවා ඊට සාක්ෂිු දරති. ගැමුණු කුමරු සමග සටන් කර පැරදුණු තිස්ස කුමාරයා එදා පණ බයේ දුව ගොස් සැඟවුනේ විහාරස්ථානයක භික්ෂූින් වහන්සේ නමක්ගේ ඇඳක් යටකය. මෙබඳු සිඩීන් ඉතිහාස ගෙනහැර පාන්නේ ඔවුන්ගේ වීරත්වගයට අබමල් රේනුවකුදු කැළලක් නොවන පරිදිය. “අර! අර!! ඈත හන්දි යේ සිටින්නේ නොඅනුමානවම මුරකාර භටයින් වියයුතු” යයි මඩුගල්ලේ කී‍වේ පාත නිම්නය දෙසට ඇඟිල්ල දිගු කරමිනි “කෝ! කෝ!! බලන්න”යි කියමින් පිළිමතලව්වේ කර ඔසවා බලමින් ටිකක් කලබල විය. “කලබල නොවන්න! කලබල නොවන්න!! අප එතැනින් යනකොට ඉබේම ඔවුන් පැන දුවාවි”ය කැප්පෙටිපොල මෙහිදී කීවේ එය කිසිම ගනනකට නොගෙනය. එහෙත් මේ ‍තිදෙනා එතැනින් යන්නට ගියේ කඩු ‍කොපු දෙසට යැවුණු අතින් යුතුවය. ඔවුන්ගේ අඩි ශබ්දයෙන් තිගැස්සුණු එක් යුද්ධ භටයෙක් “මේ! කවරහුදැ”යි වේගයෙන් ඇසීය. “මේ! කැප්පෙටිපොල - මඩුගල්ලෙ සහ පිළිමතලව්වෙත් සමග නිකම් සෙල්ලම් පහේ ගමනක් යනවා”යි ගත් කටටම කැප්පෙටිපොලගේ මුවින් පිටවිණි. “අහං කුසො”! යයි කුස රජු සිංහනාද කරත්ම එදා පබාවතී දේවිය ගැන දෑදර කමින් කුලල් කාගැනීමට පැමිණි සිටි සත් රජවරු ඒ මේ අත පලා ගියහ. චිත්ත බලයක් ඇත්තෙකුගේ මුඛයෙන් පිටවන වචනයක අමුතුම ජීව ශක්තියක් ලැබ දැඟලෙන ගතියක් තිබේ. අසන්නවුන්ගේ නක් අඩි පලාගෙන ගොස් හද පත්ලට කාවැදීමට තරම් ශක්තියක් එබඳු වචනයක නිතැතින්ම පිහිටා තිබේ. චිත්ත ශක්තිය දියුණු කළවුන්ගේ සමස්ත ලෝකයේම අග්රොශ්වරයා වන බුදුරජාණන් වහන්සේගේ කරුණා සීතල වචනය හමුවෙහි ආලවකාදී යක්ෂරයෝද අංගුලිමාලාදී මිනීමරු චෞරයෝද සච්චකාදී පුහු පණ්ඩිත පට්ටන් කාරයෝද ගොළුවන් බවට පත් වූහ. ධර්මාචසෝක, පුලියස්සීසරි, නැපෝලියන්, හිට්ලර්, ගන්ධි ජි, ආදී මහා වීරයෝ සමස්ත ලෝක‍යම වෙවුලුවා කම්පිත කෙළේ ඔවුන්ගේ ශක්තිමත් චිත්තාභ්යසන්තරයෙන් උද්ගතවී මුඛ මාර්ග යෙන් පිටවුණු ඒ එඩිතර වචනයේ බලයෙනි.


-( 23 )-


එමෙන්ම කැප්පෙටිපොල යන නමත් ඔහුගේ ගැඹුරු හඬත් ඇසීමෙන් හා අතිශය තේජවන්ත මේ වීරයින් තිදෙනාගේ ආකශ්මික දර්ශඇනයෙන් මුරකාර භටයෝ වෙවුලන්නට වූහ. මුරකාරයින් සතර දෙනාම තම තමන්ගේ හෙල්ල සහ තුවක්කුව බිම දමා පැත්තකට වී ඉතා බයාදු ගතියකින් නැමී නැමී සිටියහ. කැප්පෙටිපොලට ඇත්තේ ගනදෙවියාටත් නැති තරමේ නුවණකි. තමන්ට යන්නට හැර පිටිපසින් සිට මුරකරුවන් විසින් වෙඩි තබනු ලැබේයයි සිතු කැප්පෙටිපොල ඔවුන්ගේ තුවක්කු සතරම එක මිටියට ගෙන ගලක ගසා සුනු විසුනු කෙළේය. මෙයින් බියට පත්වුණු මුරකරුවෝ ඔවුන්ගේ ඉතිරි හෙල්ල හතරද දම‍ා පණ බයේ දුවන්නට වූහ. කඩුව ඇද‍ගන ඔවුන් ලුහු බැඳ‍ගන ගිය පිළිමතලව්වේ ටික දුරක් ගොස් ඔවුන් ආගිය අතක් නොදැක ආපසු පැමිණියේය. මේ සිද්ධියෙන් පසු අප වීරයන් තිදෙනා එතැනින් පිටත්වූයේ සිනාබර මුහුණුවලින් යුතුවය. කැරැල්ලේ ත්රිවමූර්තිය වන කැප්පෙටිපොල, මඩුගල්ලේ, සහ පිළිමතලව්වේ සෙවීමෙහිලා ඉංග්රී සීහු මුළු ශක්තියම යොදවන්නට වූහ. ඔවුන් අල්ලා මරා නොදැම්මොත් ලගදීම නැවතත් මාරාන්තික කැරැල්ලකට මුහුණ පාන්නට සිදුවන බව ඉංග්රීදසීන්ට වැටහුනේය. එබැවින් ඔවුහු ලඞකාව පුරාම ඔත්තු කාර භටයින් මෙහෙයවූහ. මෙසේ සොයන ඔවුනට මද කලකින්ම කැරලි නායකයින් සැඟවී සිටින තැන පිළිබඳ සත්යු ප්රමවෘත්තියක් ලැබුනේය. එයින් කියවුනේ කැරලි නායකයින් තිකෙද අනුරාධපුරය අසල ගෙයක නැවතී සිටින බවය. මේ ඔත්තුව ඔස්සේ ගිය ප්රරබල යුද්ධ හමුදාවක් විසින් ඔවුන් නැවතී සිටි ඉහත කී ගෙය හදිසියේම වටකරගන්නා ලදී. මේ මොහො‍තේදී මඩුගල්ලේ කෙළේ කුමක්ද? මුරකාර භටයින් දෙතුන් දෙනෙකුදු පොළොවේ දමාගසා එතැනින් විදුලි වේගයෙන් පලා යාමයි. මෙදින පිළිමතලව්වේ සිටියේ රෝගාතුරවය. ගෙය හාත්පස වටකරනු ලැබීමෙන් පසු පිරිසේ නායකයා වන කැප්ටන් ඕනීල් මහතා තවත් භටයින් කීපදෙනෙකුදු කැටිව ගෙයැතුළට ගියේ මදක් සැලෙන පපුවකින් යුතුවය. එවිට මදකුදු අමුත්තක් නොදැක්වූ අපේ කැරලි නායකයා ඔවුනට සිනාවකින් සංග්රදහ කරමින් මහේසාක්යව ලීලාවකින් ඉදිරියට විත් ඕනීල් මහත්ගේ අතින් අල්ලා සොලවමින් “ඔව් මම තමයි කැප්පෙටිපොල”යි දෙවරක්ම කීවේය. මෙයද කැප්පෙටිපොළගේ වීරත්වෙය පිළිබිඹු කර පෙන්වන විශිෂ්ට ක්රිකයාවකි. මෙසේ අල්ලාගනු ලැබූ කැරලි නායකයින් දෙදෙනා ගෞරව සම්ප්රක යුක්තව උඩරටට ගෙන එනු ලැබූහ. එදා පැන ගිය


-( 24 )-


මඩුගල්ලේ සත්කෝරලේ සැඟවී සිටින බව සැලවීමෙන් ඉංග්රීටසි හමුදාවක් වහාම එහි ගොස් ඔහු වටකොට අල්ලා ගන්නා ලදී. කැරැල්ලේ ප්රදධාන නායකයින් තිදෙනාම දැන් සිටිනුයේ ඔවුන්ගේ වලව්වල නොවේ. ඉංග්රීාසීන්ගේ ශක්ති සම්පන්න සිරකූඩු ඇතුළේය. කැප්පෙටිපොල ඇතුළු කැරලි නායකයින් ඉංග්රීසසීන් විසින් අල්ලා සිරභාරයට ගැනීමේ පුවත මුළු ත්රිිසිහංලයෙහිම ලැව්ගින්නක් ලෙසින් පැතිරෙන්නට විණි. මෙතෙක් තැන තැන පෙරලි කරමින් හැසුරුනු කැරලිකාරයෝ මේ පුවතින් බියට පත්ව මුළු වැහුනාහුය. ස්වකීය නායකයින් ඉංග්රීාසීන් අතට අසුවීමේ පුවත ඇසීමෙන් හැම සිංහලයෙකුම හෙලුවේ උ‍ණුසුම් කඳුළුය. සිතුවේ ශොකජංනක සිතිවිලිය. කථා කෙළේ කණගාටු දායක වචනය. හැම අතකින්ම පෙනෙන්නටවූයේ සන්තාපයෙන් කම්පිත වුණු මුහුණුය. * * * මේ වීරයින් තිදෙනාම 1813 නොවැම්බර් මස 15 වෙනි දින යුද්ධාධිකරණ මණ්ඩලයක් ඉදිරියට පමුනුවනු ලැබූහ. එහිදී කැප්පෙටිපොලට සහ මඩුගල්ලෙට මරණීය දණ්ඩනය හිමිවුණු අතර පිළිමතලව්වේ රටින් පිටුවහල් කරන ලෙස නියම විය. එම මස 25 වෙනි දිනම හිස් ගසා මරණ ලෙස කැරුණු මේ නියෝගයෙන් පසු කැප්පෙටිපොල සහ මඩුගල්ලෙ නැවතත් සිර මැදිරි තුළට ඇතුල් කරනු ලැබූහ. මරණීය දණ්ඩනයට කැපවුණු මිනිසා තුළ පමණක් නොව තිරිසන් සතුන්ගේ පවා එ පිළිබඳ නිතැතින්ම දැඩි කම්පනයක් ඇතිවීම ස්වභාවයකි. එ‍හෙත් මේ වීරයන් තුළ මරණය ගැන අමුතු බියක් හෝ සංතාපයක් ඇති නොවීය. සිර මැදිරිවල ඔවුන් ගතකෙළේද සිනාබර මුහුණු වලිනි. පිළිසඳර කථාවල යෙදුනේද ආනන්ද ජනක ‍පරිදිය. මාරයාට වුවද ඔවුන්ගේ ප්රී තිය භංග කළ නොහැකි විය. තමාගේ අවශාන දැකීම සඳහා කඳුළු පිරි දෙනෙතින් යුතුව පැමිණි විශිෂ්ට අමුත්තන්ට කැප්පෙටිපොලගේ ප්රීවති ජනක වචනයෙන් ස්වකීය සන්තානය සනසා ගත හැකිවිය. මෙසේ මරණීය දණ්ඩනයට තමන්ට මුහුන පාන්නට සිදුවූයේ තමන් විසින් පූර්වාොත්මයේදී කරන ලද පාප කර්ම්යක අනිෂ්ට ඵලවිපාකයක් වශයෙන් බවත්, එබැවින් ඒ ගැන කම්පාවීම සාකල්යුයෙන්ම ප්රිඥාගොචර - නොවන බවත් ඔහු හැම වරකම කීවේය. කැප්පෙටිපොල ශොක වන්නට ඇත්තේ මරණය ගැණ නොවේ. විදේශීන්ගේ සිය රට මුදාගනු සඳහා තමනි විසින් අරඹන ලද හැමප්රනයත්නයක්ම බිඳ


-( 25 )-


වැටීම ගැනය. එහෙත් රට දෑ සමය වෙනුවෙන් සිය දිවි පුදන්නට මෙසේ අවස්ථාවක් ලැබීම ගැන ඇත්ත වශයෙන් ඔහු ප්රීවති වුනේය. එයම සිතා ඔහු සැනසුනේය. ගැහැනුන් නැති ලෝකය පාලු අම්බලමකි. විප්ලව කාරයා නැති ලෝකය අඳුරු ගුහාවකි. ලෝකය නිතරම අලුත් මුහුණු වරක් ගෙන විදුලි වේගයෙන් ඉදිරියටම ගමන් කරයි. ලෝකය කාලයට අනුව වෙනස්වීම දෙවියෙකුට හෝ බඹෙකුටද නතර කළ නොහැකිය. විප්ලව කා‍රයා කරනුයේ ලෝකයේ මේ වෙනස්වීම අනුව සමාජයද හැඩ ගස්වනු සඳහා විශාල සටනක යෙදීමය. ඉහින්නේ නැත් ළි‍ඳේ වතුර පල්වේ. විප්ලවයක් නැති රටද එමෙනි ගතානු ගතිකත්ව ය සහ අන්ධාැනු කරනය එරට පල් කරගෙන නැගීසිටී. යම් කිසි රටක් දියුණුවෙන් දියුණු බවට පත්වෙමින් නවෝදය කරා මුහුණලා ගමන් කරනුයේ එරටෙහි පැන නැගුණු විප්ලවයක ප්රනතිඵලයක් වශයෙනි. විප්ලව කාරයා පුදුම පුද්ගලයෙකි. මේ ලෝකයේ ආශ්වාද ජනක කිසිම රසයක් ඔහු එතරම් ලොකුවට ගනන් නොගන්නේය. ඇඹලයෙකු වෙමින් එහිම ඇලී ගැලී ‍නොසිටින්නේය. විරුද්ධ පක්ෂඇයෙන් තමන් වෙත වැදෙන වැදෙන මරු පහර ඔහු සිනාබර මුහුණින්ම ඉවසන්නේය. බන්ධ‍නාගාරය ඔහුට එකම විනෝදාගාරයෙකි. කැප්පෙටිපොලද එවැන්නෙකි. වර්ෂද 1818 නොවැම්බර් මස 25 වෙනි දිනය ඔව්! මූසල මාරක දිනය! ජාතික වීරයින්ගේ ‍ජාතිකානුරා‍ගයෙන් පෝෂිතවුණු රක්ත වර්ණ රුධිරයෙන් බෝගම්බර පිට්ටනිය තෙත් කැරෙන ඒ අවාසනා වන්ත දිනය උදාවීමේ පෙර නිමිති හෙමිහිට පහළ වන්නට විය. මේ අවමඞගල පණිවුඩ්රරය රටට කියන්න‍ාක් වැනිය. වට පිටින් නැගුණු සැවුල් නද වෙනදා කන්වලට එකම කර්ණ රසායනයක් බඳු ලස්සන කුරුල්ලන්ගේ මධුර හඬ අද එකම අවමඞගල ගීතයක් වැන්න දසත දිලිසෙන පිනි කැට මිහිකත හෙලූ කඳුළු වැන්න. වෙනදා බමරුන්ගේ “ගුමු ගුමු” හඬ ‍ඇසෙත්ම තොල් පෙති පොපියවමින් ‍රොන් රස උරා බොන්නට ඔවුන්ට ඉඩ කඩ සලස්වා පෙම් සයුරක නැහැවෙන වන මල් කුමරියන්ගේ සුපුරුදු මල් මල් සිනාව අද තවමත් පෙනෙන්නට නැත. මේ අනතුරු දිනය ලොවට අඟවෙන සේ වැනෙන්නට වූ රතු කොඩි ලෙසිනි පෙරදිග අහස් කුසැ පැතරෙනවූ අරුණාලොකය. මේ අවමඞගල දර්ශගනය නැරඹීමට නොකමැති‍


-( 26 )-


නිසාදෝ හිරුදෙවි තවමත් මූණ නොපෑවේය. එබැවින් රුක් ගොමුවල සහ වැල් වදුලු අස්සේ මද මද අඳුරු ගුලි තවමත් සැඟවුණු ගමන්ය. මේ අතර හිරගෙදර මහ යකඩ ගේට්ටුව හෙමිහිට ඇරුනේය. එහෙත් තවමත් නිහඬය. ඇරුණු දොරෙන් ඇතුළට පිවිසුණු නිලධාරීන් කීපදෙනා කෙලින්ම ගොස් නැවතුනේ විශෙෂ පඞ්ක්තියේ සිරකරුවන් දෙදෙනෙකු ලඟය. “දිසාපති වරුනි! යි ඔවුහු ගෞරව සම්ප්රායුක්තව ඔවුනට අමතා “දැන් වේලාව හරි” යි කීය. “එසේ නම් යමු”යි කැප්පෙටිපොල ඉදිරියට ආවේය. එහෙත් මඩුගල්ලෙ ටිකක් කලබල විය. මේ වීරයින්ගේ ඉල්ලීම පරිදි ඔවුහු ප්රතථමයෙන්ම දළදා මාලිගාවට ගෙනයනු ලැබූහ. මේ අවස්ථාවේදී ‍කැප්පෙටිපොල සම්මුඛවීම සඳහා ඌවේ ඒජන්ත පදවිය දැරූ සයිමන් සෝයර්ස් මහතා ද දළදා මාලිගාවට පැමිණ සිටියේය. දළදා සාමීන් වැඩසිටින කාමරේ දොරටුව ලඟ දනින් වැටුණු කැප්පෙටිපොල දොහොත් මුදුන්දී වැඳගන ගතවූ කාලයෙහි තමන් විසින් කරන ලද සියළුම පුණ්යද ක්රි යාවන් මේ! මේවා! යි තේවාව කරන භික්ෂූ න් වහන්සේටද ඇසෙන පරිද කීවේය. කියා, මෙයින් චුතවී හිමාලයේ වෘක්ෂස දේවතාවෙකුව අනාගතයෙහි මෛත්රෙසය බුදුරජුන්ගෙන් බණ අසා උතුම් නිවන් සැප ලැබේවා! යි ප්රාරත්ථ නා කෙළේය. එය සර්ව් ප්රඋකාරයෙන්ම මුදුන්ප්ත වේව! යි ආශංසනය කළ භික්ෂූ‍න් වහන්සේ කර්මස වේශයට පයින් ගසා දමා ඊට සැඟවී කිසිවෙකුටද ක්රිදයා කළ නොහැකි බව කීවේය. අතේ දුරින් පෙනෙන මරණයේ බියකරු සෙවනැල්ලට යටවී සිටගෙනද එය කිසිම ගානකට නොගෙ උපාසක ලීලාවෙන් හැසිරෙන කැප්පෙටිපොල සහ භික්ෂූටන් වහන්සේ අතර ඇති වූ මේ පිළිසඳර කථාව ඇත්ත වශයෙන් අදුම එලවන්නකි. එමෙන්ම ඒ දර්ශතනය ශොක උපදවන්නකි. ඉක්බිති කැප්පෙටිපොල තමන් පැළඳ උන් රන් කමින් විසිතුරු වුණු තුප්පොටි සේලය දළඳා සාමීන් වෙත පුද කෙළේය. එය ඔහුගේ අන්තිම පූජාව විය. ඊලඟට සෝයර්ස් මහතා දෙසට හැරුණු කැප්පෙටිපොල ඔහුටද ඒ පින අනුමෝදන් වන ලෙස කියා තමන්ගේ හිස ගසා දමන තැනට එන ලෙස ද ඒ මහතාට ආරාධනය කෙළේය. “ගරු දිසාපති වීරයාණනි! එය නම් මට බලාසිටිය නොහැකි කණගාටු දායක දර්ශගනයකි. එබැවින් මා වැනි ඔබේ හිතවතෙකුට එය කළ නොහැකි වැඩකැයි ඔහු ඒ ඉල්ලීම කාරුණික වචනයෙන් ප්රැතික්ෂෙ ප කෙළේය.


-( 27 )-


මඩුගල්ලෙද ආගමික කෘත්ය යන්හි නොයෙදුනේ නොවේ. ඔහු දළදා හිමියන් වෙත පුද සම්මාන පැවැත්වූයේද ශ්රනද්ධා සම්පන්න උවසුවෙකු ලෙසිනි. මඩුගල්ලෙද ප්රුතාපවත් රණසූරයෙකි. කැරැල්ලේ උප ප්රවධාන නායකයා වන මඩුගල්ලේ කැප්පෙටිපොල සමග උරෙන් උර ගැටී සතුරන් සමඟ සටන් කළ වීරයාය. ඉංග්රීරසීන් සමග වේගවත් සටනක යෙදුනේ මොහුය. එහි ප්රමථිඵලයක් වශයෙන් මඩුගල්ලේ සිටි ප්රෙදෙශයෙන් එකවරෙක ඉංග්රීුසීන්ට සම්පූර්ණයෙන්ම පසුබසින්නට ද සිදුවිය. රණ පිටියේදී ඔහු නියම වීරයෙකු මෙන් සටන් වල යෙදුනේවී නමුදු මේ අනිතිම අවදානම් මොහොතේදී නම් ඔහුගේ, ඔව්! ඒ ප්රුතාපවත් මඩුගල්ලෙගේ චිත්තධෛය්ය්නම ය අනිත්මටම හීනවිය. දළදා හිමියන් ලඟ වැටී ඔහු කිරි දරුවෙකු මෙන් අඬන්නට විය. අඬමින්ම දළදා සාමීන්ගේ නාමයෙන් ජීවිත දානය දෙන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් එය ඉටු නොවීය. මඩුගල්ලෙගේ මේ බියගුළු ගතිය දැකීමෙන් කැප්පෙටිපොල පුදුමවිය. මඩුගල්ලෙ වැනි වීරයෙකු තුළ මෙබඳු බොළඳ ගතියක්, චපල ගතියක් ඇතිවනු ඇතැයි ඔහු සිහිනෙනුදු නොසිතුවේය. එබැවින් මඩුගල්ලෙගේ ලාමක ගතිය ගැන ඔහුට නින්දා කෙළේය. “මා සමඟ උරෙන් උර ගැටී සතුරන් සමඟ අතිශය භයනක සටන්වල යෙදුණු එඩිතර මඩුගල්ලෙ අද මෝඩ බිය ගුල්ලෙකු වෙලා” වගෙයි” යනු‍වෙන් කැප්පෙටිපොල ඔහුගේ හීන දීන ක්රිනයාවට පිළිකුල් කෙළේය. අතට අතදී සමුගත් කැප්පෙටිපොල සපිරිවරින් වදකස්ථානය කරා ගියේද සුපුරුදු සිනාව සිය මුව’ග නංවමිනි. මරණයට නියමවුණු මේ වීරයන් දෙදෙනා ප්රරථමයෙන් සිහිල් දියෙන් ශරීර ධෝවනය කරගත් පසු කැප්පෙටිපොල සිය හිසකේ මුදුන් කරගන බැඳගත්තේය. මේ වන තෙක්ම තම ඉන වටේ එතු සලුව තුළ සඟවාගෙන තිබුණු කුඩා පුස්කොල පොතක් එලියට ගත්තේය. එය නම් දිනපතාම භාවිතා කළ ධම්ම පදය නමැති ශ්රෙමෂ්ඨ ග්රඉන්ථ රත්නයවේ. මෙසේ අතට ගත් පුස්කොල පොත දිග හැර ඔහු ගාථා කීපයක්ම කියා ඒ පොත සෝයර්ස් මහතාට දෙන ලෙස එහි සිටි ආරක්ෂලක භටයෙකුට දුන්නේය. කැප්පෙටිපොල සහ සෝයර්ස් මහතා අතර පැවති මිත්රුත්වොය බොහෝ කලක සිටම පැවතුනකි. මරණ මොහොත ඩිංගෙ ඩිංග ලංවේගන එත්ම මඩුගල්ලෙගේ භීතියද නිම් හිම් නැති තරමට නංගේය. දැන් ඔහු පිස්සෙකු මෙන් සිහිසන් නැතිව සිටී සිහින් දාඩිය බිඳු ගලන්නට


-( 28 )-


විය. ඔහුගේ ඇ‍ඟේ මස් පිඩු පවා වේගයෙන් වෙවුලන්නට විය. තමාගේ හිස කෙලින් කර තබා ගැණීමටවත් ඔහුට චිත්ත ශක්තියක් නොලැබුනේය. එබැවින් වධකයෙන් ඔහුගේ හිස කෙලින් කර අල්ලාගන සිටිය අතර ඔහුගේ හිස පීරා බඳින ලද්දේ ප්රිධාන වධකයා විසිනි. මේ අවස්ථාවේදී සුලගට සලිත වන පරඩැල් පතක් මෙන් ගැහෙන්නට වූ මඩුගල්ලෙගේ ඔලුව එක් වධකයෙකු විසින් ඉතා අමාරුවෙන් අල්ලා සිටිද්දී තවත් වධකයෙක් ඔහුගේ බෙල්ලට වේගවත් කඩු පහරක් ගැසුවේය. ඒ පහරින් ඔහු නොමැරුනේය. එයින් වූයේ ඔහු පිට අතට වැටීම පමණකි. එයින් නොනැවතුනු වධකයා විසින් ගසන ලද දෙවැනි කඩු පහරින් මඩුගල්ලෙගේ හිස ක‍ඳෙන් වෙන්වී බිම පතිත විය. මේ අතිශය භයානක දර්ශහනයෙන් සියළු දෙනාම පාණානි භූත වූහ. එහෙත් අප වීර කැප්පෙටිපොලට නම් මේ දර්ශයනය එතරම් බියකරු නොවීය. එයින් ඔහු කිසිම අමුත්තකට පත් නොවිය. මඩුගල්ලෙගේ බෙල්ල කැපී උණු උණුවේම ගැලූ අමුලේ තැවරී වධකයින්ගේ අසිපත් රක්ත වර්ණයෙන් දිලිසෙද්දී ඊලඟ වාරය පැමිණියේය. මරුවා සමග කරන මේ අනිතිම හටන කිරීමට කැප්පෙටිපොල ඉදිරිපත් වූයේද රණසූර පුරුෂ සිංහයකු ලෙසිනි. මේ අනිත්ම මොහොතේදෟ ඔහු කථා කෙළේය. නියම වීරයෙකු මෙන් කථා කෙළේය. ඔහුගේ වචන වලද කිසිම අප්රාිණික බවෙක් නොවීය. “අන්යඑ ජාතියකට වහල්වී ඔවුන්ගේ පා ලෙව කමින් ඉතා හීන දීන නින්දිබත අන්ද.මින් ජීවත් වෙනවාට වඩා අපේ ජාතික නිදහස සඳහා ඔවුන් සමඟ කුලල් කාගෙන නිවහල් මිනි‍සෙකු වශයෙන් අන්තිමේදී මේ කඩුවට බෙල්ලදී මහ පොළොවට පස් වන්නට ලැබීම මට මහත් ආඩම්බරයකැ”යි ඔහු කියා වධකයා දෙසට හැරුනේය. හැරී, “එම්බල වධකය! එක පහරින්ම මගේ මේ බෙල්ල කපව”යි අභීතව කීවේය. මේ ප්රයකාශයෙන් හැම දෙනාම මවිත වූහ. කඩු අමෝරාගෙන සිටි වධකයෝ පවා වෙවුලන්නට වුහ. මේ වීර පුරුෂයාගේ ඉදිරි පස කෙළින් සිටගන නම් තමාගේ හපන් කම කළ නොහැකි නිසාදෝ ප්රරධාන වධකයා නැමී නැමී ඒ මේ අත ඇඹරී ඇඹරී ගොස් කැප්පෙටිපොලගේ හිස පිටිපසින් සිටියේය. මේ අනිතිම මොහොතේදී අප වීරයා කිසිම කම්පනයක‍ට පත් නොවී තම හිස කෙලින් කරගෙන මහා ‍බෞද්ධොපාසකයෙකු මෙන් “ඉතිපිසො භගවා” යනාදී වශයෙන් නව අරහාදී බුදු ගුන කියන්නට පටන් ගත්තේය. මේ අතර වධකයා ඔහුගේ


-( 29 )-


තියුණු කඩුවෙන් කැප්පෙටිපොලගේ බෙල්ලට වේගවත් කහරක් ගැසීය. තවත් වධකයෙකුගේ කඩු පහරක්ද ඊ පිටම වැදුනේය. “ඉතිපිසෝ” පඨයෙහි “අරහං” යන පදය මුවින් පිට වෙත්ම අහෝ! සමස්ත ‍ලඞකාවම අකම අව මගුල් ගෙයක් බවට පත් කරවමින් අපගේ සිංහල මහා වීරයාගේ පූජනීය හිස ක‍ඳෙන් වෙන් විය. ජාතිකානු රාගයෙන් කිති කැවී ආගමාලයෙන් පොෂිත වුණු වීරයන්ගේ රක්ත වර්ණ රුධිර ධාරා බෝගම්බර පිට්ටනිය සිඹ ගනිද්දී රැස්ව සිටි පිරිස කඳුළු හළන්නට වූහ. ඇතමෙක් විලාප කියන අතර සමහරු ඉකි ගස ගසා අඬන්නට වූහ මේ දර්ශුනයට මුහුණ පා සිටිය නොහැකි වුණු හිරු දෙවි පවා හදිසියේම වලාකුළක් තුළ සැඟවුනේය. * * * යම් කිසි ජාතියක වීර‍යෙකු පහළ වනුයේ ඉතාමත්ම කලාතුරකිනි. ජාතිය ගසක් නම් ඒ ගසේ පිපෙන සුගන්ධන වත් පුෂ්පයෙකි වීරයා. චින්තකයා, ලේඛකයා, සිත්තරා, කවියා, සංගීතඥයා, සහ නාට්යනකාරයාද ඒගසේම පිපෙන අන්යයතර පුෂ්පයෝ වෙති. චින්තකයාගේ මොලය අමුතු අමුතු නවීන භාණ්ඩ සම්පාදනය කැරෙන කම් හලක් වැනිය. ගගන යාත්රාය, සබ්මැරීන්, ඔර්ලෝසු, ටැලි‍ෆෝන්, වයර්ලස්, ග්රැ‍ම්පෝන්, දුම්රිය, විදුලිරිය, ආදී මහජනයාට ඉමහත් ප්රියෝජනය ගෙන දෙන දේ මෙන්ම ටෝර්පිඩෝ, පරමානු බෝම්බ, ආදී අති භයානක දේ පවා මුලින්ම සැදුනේ මෙකී කම්හල් වලය. ආදියෙහි සිටි චින්තකයින්ගෙන් මෙන්ම එච්. ජී. වෙල්ස්, බර්නාඩ් ෂෝ ආදී විසිවන සත වර්ෂතයෙහි පහළවුණු චින්තකයින්ගෙන්ද ලෝකයට වූයේ ඉමහත් සේවයකි. ලෙඛකයා සිය පෑන් තුඩින් සමාජයේ දුර්ව්ල තැන් මේ! මේ! වායයි ලියා පෙන්වන්නේය. ඔහුගේ වේගවත් රචනා ශෛලිය හමුවෙහි සමාජය කෙළසන්නෝ වෙවුලුම් කති. මුළු වැදෙති. කවියාගේ දර්ශනනය මීට වඩා සියුම්ය. ඔහු සමස්ත ලෝකයටම ඇල්ම කරයි. කවියා ගැහැණුන් පිළිබඳ කෑදර වුණු ඇඹලයෙකු යයි අවිචාරවත් බොහෝ දෙනා සිතති, කියති. සාමාන්ය මිනිසුන් තුල පවත්නේ ගැහැණුන් පිළිබඳ දලඳඬු රාගයකි. ගැහැනියෙකු ගැණ යිය සන්තානයෙහි ඇතිවූ ආලයම කවියාට මල් කැකුළක් සඳහා යොදවා සිත සනසා ගත හැක. එහෙත් එය අනෙකෙකුට කළ නොහැකිය. ලෝකය සූකිරි ගොඩක් නම් එහි දඟලන මී මැස්සා කවියාය. ශ්රීි රාහුල වෑත්තෑවේ, තාගෝර්, සේක්ෂ්පියරි, ආදී පෙර’පර දෙදිග පිපුණු


-( 30 )-


මහා කාව්යර පුෂ්පයන්ගෙන් විහිදුනු සුගන්ධිය අදත් පැතිරේ. කවියා කියන කවිය සිත්තරා සිය තෙලි කුරෙන් සිතුවම් කර ලොවට පෙන්වයි. එහෙත් ඒ හැම පුෂ්පයකටම වඩා වීර පුෂ්පය ශ්රෙයෂ්ඨ සංඛ්යාරවෙහි ලා ගිනිය යුතුය. ඒ මන්ද? ජාතියක වැටීම හෝ නැගීම යන දෙකම පවත්නේ වීරයාගේ අත අඩ බැවිනි. වීරයෙකු තුළ පවත්නේ ජාතිකානු රාගයෙන් උසිගැන්වුණු රණ සූරත්ව යෙකි. කැප්පෙටිපොල වැනි ජාතිකානු රාගය හා ආගමාලය යන දෙකම සංමිශ්රවණවී පෝෂිත වුණු ලෙයක් ඇති වීරයා, වීරයන්ගෙත් මහා වීරයෙකි. ඇතැම් වීරයින්ගෙන් හුදෙක් රටට සේවයක් වන අතර ආගමට මරු පහර වදින්නේය. රාජසිංහ සිය රට වෙනුවෙන් සටන් කෙළේය. සතුරන් මැරුවේය. ආගමට පයින් ගැසුවේය. භික්ෂූඅන් මැරෙව්වේය. භාෂා සාහිත්ය ග්රරන්ථ ගිනි දෙවියාට පිදුවේය. රජ කෙළේය. මැරුණේය. ගැමුණු වීරයා ආගම වෙනුවෙන් දෙමළුන් සමග සටන් කෙළේය. සතුරු ලෙයින් පොළොව තෙත් කෙළේය. දිනුවේය. රජකෙළේය. ලඞකා සම්බුද්ධ සාසනය බැබලෙව්වේය. කැප්පෙටිපොල රට දෑ සමය වෙනුවෙන් සටන් කෙළේය. පැරදුනේය. සතුරාට අසු වුනේය. මැරුම් කෑවේය. ඔහුගේ අභිමතාත්ථ ය මස්තක ප්රා ප්ත නොවීය. එහෙත් කැප්පෙටිපොල වීරයෙකු නොවන්නේ යයි කාට කිව හැකිද? එහු නියම වීරයෙකි. පරාක්රවමබාහු, ගාමිණී, රාජසිංහ, වීදිය බණ්ඩාර, ආදී සිංහල ජාතියට ප්රාහණ ජීවය පිඹ හැරිය වීරයින්ට නොදෙවෙනි වීරයෙකි. කැප්පෙටිපොල. ඔහු ජාතිය නිවහල් ජාතියක් බවට පෙරලා නිවහල් මිනිසෙකු මෙන් කොන්ද කෙලින් කරගෙන නැගී සිටීමට සිතුවේ ස්වකීය ආගමද මුදුන් මල්කඩක් කරගනය. ඔහු සටන් බිමට බටුයේ රට දෑ සමයට සතුරන්ගෙන් වන ගැහැට බල බලා ඉවසා සිටිය නොහැකි හෙයිනි යුද පිටියට ඔහු මහා රණ සූරයෙකි. එමෙන්ම ආගමික කෘත්යනයන් හමුවෙහි ඔහු මහා බෞද්ධොපාසකයෙකි. ඇතැම් ජන නායකයින් මෙන් මිනිසුන් මුලා කිරීමෙහි ලා ආගම දඩ මීමා කරගත් කෙනෙක් නොවේ, අපේ කැප්පෙටිපොල. ඔහු ආගමික ප්ර තිපත්තීන් පිරුවේ හැබෑ අදහසිනි. ඒ බව මරණයට ඔන්න මෙන්න කියා තිබෙද්දී ඔහු කළ ආගමික පූජාවිධීන් පිළිබඳව මෙනෙහි කර බැලීමෙන්ම වටහා ගත හැක. සම්බුද්ධ දේසිත ත්රිඳපිටක ධර්මීයේ සම්පූර්ණ සාරාංශය සංපිණ්ඩනය වූ ණූ ධම්ම පදය වැනි අති ශ්රෙ ෂ්ඨ ග්රකන්ථයන් නිතර දෙවේලේ පරිසීල-


-( 31 )-


නය කළ ඔහුගේ ධර්ම ඥානය ගැන කියනුම කවරේද? ඇතැම් වීරයෙක් යුද පිටියේදී රණ සූරයෙකු මෙන් සටන් කරන්නේය. එහෙත් මාරයා හමුවෙහි ඔහුම වෙවුලන්නේය.තමා නොදැනීමදත නියැවෙන්නේය. හැඩෙන්නේය. විලාප කියැවෙන්නේය. ලෝකයෝ පහල වන වීරයින්ගෙන් සියේට අනූනම දෙනෙකුම මේ සංඛ්යාකවෙහි ලා ගිනිය හැකිය. මරණයට බිය නො වන කිසිම සත්වකයෙක් මේ තුන් ලෝකයේම නැත. සතුරු ලෙයින් සිය අසිපත් තෙත් කරවමින් විකුම් බල පෑ මහා වීරයෝ පවා මාරයා හමුවෙහි දණ්ඩ නමස්කාරයෙන් ඇද වැටෙති පණ බයේ වෙවුලති. ලදරුවන් මෙන් ඉකි ගස ගසා හඬති. වැලපෙති. විලාප කියති. ලෝකයේ වීරයින් යයි සැළකෙන පුද්ගලයින්ගේ චරිත කථා අවුස්සා බලන විට ඔවුන් මරනයට බියවුණු වාර බොහෝ සෙයින් දක්නට ලැබෙති. තමාගේ ගගන යාත්රාට වලින් සම්පූර්ණවයෙන්ම අහස වසාගන සිට බෝම්බ හෙලා මුළු ‍එඞගලන්තයම එකම ගිනි මැලයක් කරන්නෙමැයි. පසුගිය මහා යුද්ධයේදී උදන් ඇනූ ගෝරිං! ඔව්! සමස්ත ජර්මන් ජාතියේ හිට්ලර්ට පමණක් දෙවැනි වුණු මහා රණසූර ගෝරිං පරාජයට පත්වුනේය. සතුරන්ට අසුවුනේය. යුද්ධාධිකරණයේ ඔහුට විරුද්ධව පැන නැගුණු නඩුව විභාගවන පරිදි ඔහු අසාගන සිටියේය. “ගෝරිං එල්ලා මරා දැමිය යුතුය” යි විනිශ්චයාසනයෙන් කියැවෙත්ම එයට කන්දී සිටි ගෝරිං තිගැස්සුනේය. තැති ගැනුනේය. කලබල වුනේය. ඒ මොහොතේදී ඔහුට ඇතිවුණු ආතශ්මික කම්පනයේ වේගය කෙතරම් දුරට ඇතිවීද කියතොත් ඔහු කණේ ලාගන තිබුණු “ඉය ‍ෙfපා්වනය” පවා නොදැනීම ගැලවී බිම වැටුනේය. එහෙත් කැප්පෙටිපොල එබන්දෙක් නොවේ. ඔහු මරණය පිත්තල බොත්තමක් තරමටවත් ගනන් නොගත්තේය. මරණයට මුහුණ පෑම ඔහුට ලොකුම ලොකු සෙල්ලමකි. යුද පිටියේදී මෙන්ම මාරයා සමගද ඔහු සටන් කෙළේ අභීත රණ සූරයෙකු ලෙසිනි. ජාතියක මෙබඳු වීරයෙකු ජනිත වනුයේ ඉතා කලාතුරකිනැයි සිතූ ඉංග්රී සීහු කැප්පෙටිපොලගේ හිස ස්කොට්ලන්තයේ අගනුවර වන ඇඩින්බරෝහි බුද්ධි පරියේෂණයතනයට යැවීමට තීරණය කර ගත්හ. එය රැගෙන ගියේ එවකට උඩරට ප්රණධාන වෛද්යය නිලධාරියාව සිටි හෙන්රිමාර්ෂල් මහතා විසිනි. එකී බුද්ධි පර්යේෂණයතනයේදී කැප්පෙටිපොලගේ හිස පරීක්ෂා් කර බැලූ



-( 32 )-


මහා විද්යාිඥයෝ එය එසේ මෙසේ කෙනෙකුගේ හිසක් නොව ජාතියක කලාතුරකින් උපදින රණසූර මහා වීරයෙකුගේ හිසකැයි ප්ර කාශ කළහ. ස්වකීය වීර පුත්ර යාගේ, නිදහස වෙනුවෙන් කඩුවට බෙල්ල දුන් වීර කැප්පෙටිපොලගේ හිස, ඔව්! විජාතික මහා ප්රා ඥයින් පවා මවිත කැරැවූ ඒ පූජනීය අමරණීය හිස නැවත ලැබීමෙන් අද ලඞකා මාතාව නවෝදයෙන් කිතිකැවී විනෝදයෙනි නැලවී නැලවී මල් මල් සිනා නගන්නීය.



¬¬¬______( නිමි )_____

"https://si.wikibooks.org/w/index.php?title=ඌවෙ_මහ_කැරැල්ල&oldid=5886" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි