Jump to content

එළිදරව්ව - i

Wikibooks වෙතින්

වචනයක්

ජී. එච්. පෙරේරා මහතුන් විසින් ලියන ලද එළිදරව්ව, මුද්රෙණය කැ‍රෙන අතර මම ද කියෙව්වෙමි. එළිදරව්ව, ලඬකා ඉතිහාසයේ ඈත අතීතය නමැති අන්ධමකාරයට යොමු කළ ආලොකවත් රශ්මි මාලාවකි. ලඬකා ඉතිහාසය ඉගනීමට අපට අද ඇති ප්රමධාන මාර්ගමය මහාවංශයයි. මහාවංශය සුළු කොට තැකිය යුතු පොතක් නොවේ. ලෝකයේ නොයෙක් ජාතීන්ගේ යට ගියාව පිළිබඳ නොයෙක් වාතාන්ත ඇතත්, මහාවංශය තරම් පිළිගත යුතු කියුම්වලින් ගහන පැරණි ඉතිහාසයක් තවත් නැත්තේයි. එහෙත් මහාවංශයෙහි ද වෙනත් බොහෝ ඉතිහාසයන්හි මෙන් ම අඩු-පාඩු ඇත්තේ යි. ශ්රැිති මාත්රැයෙන් දැන ගත් දෙයත්, මුඛ පරම්පරා ගත වාතාන්ත නයින් පැවැති දෙයත්, මහාවංශයෙහි නොයෙක් තැන, ඒ හැටියට ම ඇතුළත් වී තිබේ. එ හෙයින් මෙ කල මහාවංශය කියවන බොහෝ දෙනා නොයෙක් විට නොයෙක් තැන සැකයට පත් වෙති. එළිදරව්ව වැනි පොත් අද අපට ‍වුවමනා කරන්නේ, මෙ වැනි සැක සහිත තැන් නිරවුල් කර ගැනීමට ය.

මේ වර්තයමාන කාලයෙහි වුව ද, ඉතිහාසය හැමට ම එකසේ පිළිගැනෙන ඇත්තක් මෙන් ලිවීම අපහසු වී තිබෙන තැන, ඒ ඈත අතීතයේ වුසූ පඬුවන් ලියූ මෙ වැනි වෘතාන්තයන් කෙසේ නම් “සර්ව, සම්මත සත්යවයන්” හැටියට පිළිගැනේ ද? ඉතිහාසය ලියැවෙන්නේ, ඒ ලියන්නා සිත් ගත් පැත්තේ හැටියට ය. කරුණු මෙසේ හෙයින් “හැම ඉතිහාසයක් ම මහ බොරුවකැයි” ඇතැම් පඬුවෝ කියති. ප්රේසියාවේ වුසූ මහා පේද්රියක් රජ, තමාට ඉතිහාසය කියවා ගැනීම වුවමනා කළ කල “ගෙනෙව්, මට මගේ බොරු කාරයා” යනුවෙන් සිය සේවකයනට නියම කරන්නට පුරුදුව සිටියේ ද එ හෙයින් ම ය. එහෙත් ඉතිහාසය ‍බොරු මල්ලක් මෙන් කොන් කර දැමිය යුත්තක් ද නොවේ. නොයෙක් විට, අවිචාරයෙන් පක්ෂ් ග්රා හීව ලියන ලද ඒ නොයෙක් දෙය අතර, ඉතිහාස කාරයා, රජුන් රජ කළ ‍අවදි පිළිබඳවත්, එම රජුන් විසින් කැරුණු සටන් පිළිබඳවත්, පින් කම් පිළිබඳවත්, පව් කම් පිළිබඳවත් “ඇත්ත” ලියා තැන්පත් කරන්නේ ය. එපමණක්ම ඔහු අනාගතයට කරන මහත් සේවයක් වන හෙයින් එයින් ම ඔහුගේ සෙසු දුබල කම් මැකෙන්නේ ය.

ඉතිහාසය ලියැ යුත්තේ කෙනකුට ප්රිශංසා මුඛයෙන් නොවේ. ඉතිහාස කාරයා තමන් දක්නා ඇත්ත අගතියෙන් දුරුව, යථා න්යාලයයෙන් තැන් පත් කළ යුතුය. ඔහු ඊර්ෂ්යාෙවෙන් හෝ ක්රොෙධයෙන් මත් නොවිය යුතු ය - භය නොවිය යුතු ය. සුළු දෙය මහත්කොට දැකීමෙන් කෙන්ද කන්ද කිරීම හෝ, මහත් දෙය සුළු ‍කොට දැකීමෙන් කන්ද




ii

කෙන්ද කිරීම හෝ නොකට යුතු ය - සුදනන් දුදනන් කිරීම හෝ, දුදනන් සුදනන් කිරීම හෝ, නො කට යුතු ය. පින් කම කුමක් ද? පව් කම කුමක් ද? මෝඩ කම කුමක් ද? යන්න ඔහු තමාට ම නිශ්චය කර ගත යුතුය. පෙර සිටි ඉතිහාස කාරයෝ මෙ වැනි ගුණ වෙසෙසින් යුක්ත වූවෝ නො වෙති. එ හෙයින් ගල් කණුවෙන්, පොට්ට කාසියෙන්, නම් ගම් වලින්, වචන වලින්, සීපදයෙන් හා ජනාලාපයෙන් පමණ හොඳ ඉතිහාසය- එනම් ඒ ඒ කාලයේ රටේ පැවැති යථා තත්ත්වයය දක්වන ඉතිහාසය- පැරණියන්ගේ පොත පතින් නො ලද හැකියි.

ජී. එච්. පෙරේරා ශූරීන් මේ එළිදරව්වෙන් ස්වකීය අවලෝකනය මේ ල‍්ඬ්කාද්වීපික ඉතිහාසයේ ඉතා ආදි ස්ථානයට ගෙන යන්නේ ය. එහි මෑත කොන, මානවම්ම කාලයෙන් අවසන් වේ. පෙරේරා මහතා ලඬ්කා ඉතිහාසය ගැන මනා දැනුමක් ඇත්තෙකි. එ හෙයින් විමර්ශ න ඥානයෙන් යුතුව මෙ වැනි එළිදරව්වක් කිරීමෙහි අතිශයින් සුදුසු ය.

එළිදරව්ව හැම ඉතිහාසඥයකුගේ ම කල්පනාවට භාජන විය යුත්තකි. සිතා බැලීමට සුදුසු දේත්, සිතා බලා පිළිගැන්මට සුදුසු දේත්, මෙහි එමට ඇත්තේ ය. එ‍ මෙන් වාදාභිමුඛ විය හැකි දේ ද ඇත්තේ ය. එ සේ නො වෙන්නට මෙ වැනි පොතක් ලිවීම කිසිසේත් නොකට හැක්කකි. එසේ නො වෙතොත් මෙ වැනි පොතක් ලිවීමෙන් ඇති පලක් ද නැති.

ලක්දිව, ආදියෙහි වුසු යකුන් - රකුසන් හා නයින් පිළිබඳ මගේ හැඟීම එළිදරව්වෙහි දැක්වෙනුවාට වඩා බොහෝ වෙනස් ය. මමද මේ සම්බන්ධායෙන් බොහෝ දිග දුර සොයා බැලූ- සිතා බැලූ කරුණු ඇත්තෙමි. හිමාලයයෙන් දකුණු දිග, ලක්දිවෙන් අවසන් වන තුන් හුලස් මුළු බිම් පෙදෙස, ඉතා ආදියෙහි යකුන් නමින් සිටි නර විශෙෂයකට වාස විය. “මනුෂ්යද” යන නාමය අද හැම රටක, හැම ජාතියක, හැම නරයකුට ව්යනවහාර වන්නේ වී නමුදු එ කල මනු ආදි කොට ඇති වූ සූර්යක වංශික ආර්යු ජනතාවකට පමණක් සීමා විය. ඒ මනුෂ්යමයන් හා සම කාලීක වූ සුර - අසුර - රාක්ෂනස - නාග - ගන්ධනර්වඒ - සිද්ධ - වානර - යක්ෂව - කුම්භාණ්ඩ - කිංපුරුෂ - පන්නග ආදි වශයෙන් තවත් නොයෙක් ජාතිකයෝ වූහ. මොවුන්ගෙන් ඇතැමෙක් ශිෂ්ට වූහ- ඇතැමෙක් ම්ලෙච්ඡ වූහ. සුර - අසුර - මනුෂ්යි - නාග - ගන්ධෙර්වශ - සිද්ධ යන මොවුහු ලොකය කල එළි කළ ආදි ම ශිෂ්ට ජාතීහු ය. යක්ෂධයෝ පළමුවෙන් ම්ලෙච්ඡයෝ ය. මෙ කල මධ්ය ම අප්රිමකාවේ තවමත් දක්නා ලැබෙන ඇතැම් ම්ලෙච්ඡයන් මෙන් මිනී මස් කෑමේ පවා පිළිකුලක් නො කල පුරුෂාදයෝ ය - හෙවත් පෝරිසාදයෝ ය. රාවණ කාලය වන විට, මේ යක්ෂ්යන් ගෙන් සමහරු ශිෂ්ට වූහ. සමහරු පෙර සිටි අශිෂ්ටත්වීයේ ම සිටියාහ ආදියෙහි “යක්ෂ ” නාමය ම්ලෙච්ඡ වූ සකල ජනතාවනට ම



iii

පොදුවේ ව්යතවහාර විය. ඔවුහු එවිට එක බසක් කතා කරමින් එක තැනක වාසය කළෝ නොවෙති. කුල වශයෙන් නොහොත් ගොත්රක වශයෙන් සැදී, කැලෑ කමින්, එක් පෙදෙසක සිට, අනෙක් පෙදෙසක් බලා යමින්, වාසය පිණිස ගත් නියම තැනක් නැතිව, මෙ කල වෙසෙන අභිතුණ්ඩිකයන් මෙන් ඉබාගාතේ ගියාහු ය. ඔවුන් දැන සිටියේ සතුන් දඩයමත්, නොයෙක් විට ඔවුනොවුන් ඇන කොටා ගැන්මත්, එසේ ඇන කොට ගෙන ඔවුනොවුන් වෙර මස් කෑමත් පමණකි. කංඩායම් වසයෙන් බෝවීමට පත් මේ මිනිසුන් අතර, සිරිත් - විරිත් අතින් ද නොයෙක් වෙනස් කම් විය. එහෙත් ඒ කවුරුනුත් අතර පොදුවේ පැවැති ලබ්ධිය නම් මිය ගිය කුල දෙටුවන් පිදීම ය ඔවුන්ගේ මිය ගිය උන් භූතාත්මයන් මෙන් තමන් අතර වෙසෙන බව ඔවුන් විශ්වාස කළ හෙයින් එම මළවුන් පිදීමේ ලා කැරෙන උත්සව ද එමට විය. මේ මිය පර ලොව ගිය කුල දෙටුවන් පිදීම යකුනට පමණක් විශෙෂ වූ සිරිතක් නොවේ. නොයෙක් ආය්ය්ෙයි ජනතාවන් අතර ද, මොන්ගෝලිය ජනතාවන් අතර ද, මේ සිරිත පැවැත්තේ ය. යකුනට, සමහර විට, මේ සිරිත පුහුණු වන්නට ඇත්තේ, ආර්යතයන්ගෙන් නොහොත් මොන්ගෝලීය තිබැට් ජාතිකයන්ගෙන් විය හැකියි. අද දක්වා, අප අතර ද, තවමත් පවතින යකුම් නැටුම් ආදිය යථොක්ත උත්සවයන්ගේ නෂ්ටාවශෙෂයන් බව සැලකිය යුතු ය.

ජම්බුද්වීපය ජන්ම භූමි කොට ගෙන, “යක්ෂ ” නමින් හැඳිනීමට පත් මේ බොහෝ ජාතීහු, පසු කාලයෙහි තමන් වෙත පැමිණි සුරාසුර මනුෂ්ය් යන වර්ගබයනට අයිති ශිෂ්ට ජනතාවන් නිසා ගම් - නියම් ගම් හා නුවරවල් පිහිටුවා ගෙන, ගොවිතැන්වල යෙ‍දෙන්ටත්, අත් කම් ආදිය කරන්නටත්, ගව - මහිස - එළු - බැටෙළු වැනි ගෙවල සතුන් ඇති කරන්නටත්, වෙළෙඳාම කරන්නටත්, පුරුදු වූහ.

සුරයන් හා මනුෂ්යනයෝ ආය්ය්ෙනතයෝ ය. අසුරයෝ, මෙ කල සෙමිටික් (Semetic) ගොත්රන නමින් දන්නා වර්ග‍යනට අයිති ශිෂ්ට ජනතාවක් වූහ. සුරයන් හා අසුරයන්, එ කල බබිලෝනිය, අසිරියාව, සිරියාව, පලස්තීනය වැනි පෙදෙස්වලින් නික්ම මුහුදෙන් ද, හිමාලය පර්ව තාවලිය තරණය කොට ගෙන ගොඩ බිමෙන් ද, කලින් කල ජම්බුද්වීපය හා ලඬකාද්වීපය වෙතත් පැමිණියා හ. ඔවුන් එසේ පැමිණියේ, එ කල ඉතා සමෘද්ධියට පත් රටවලින් හෙයින් යක්ෂය ගොත්රිවක ස්වදෙශිකයනට වාස භූමි වූ ජම්බුද්වීපයෙහි ද ඔවුහු සිය රටේ ශිෂ්ටාචාරයට අනුව නගර ග්රා මයන් පිහිටුවා කලඑළිය ඇති කිරීම පටන්ගත් හ. සමහර යක්කු මේ ශිෂ්ටයන්ගේ පැමිණීම ඉවසිය නො හැකිව, මෙ කල වැද්දන් සිංහලයන්ගෙන් වෙන් වුණාක් මෙන්, තව තවත් ඈතට තල්ලු වූහ. සමහර යක්කු මේ ශිෂ්ටයන් අනුගමනය කරමින් ඔවුනට සේවය කරමින් තුමූ ද ශිෂ්ට වූ හ.



iv

සුරාසුර උභය පක්ෂමයෙහි ම ඍෂි නමින් පූජිත පිරිසක් ද වූහ. ඔවුහු තමන් අනුගමනය කළ ප්රෂජෙශ්වරයන් ප්රනමුඛ සාමාන්යළ ජනතාවට ජම්බුද්වීපයේ මාර්ගම දෙශකයන් වෙමින් ක්රාමයෙන් ඒ අත්පත් කර ගැනීමට වුවදෙස් දීමෙහිත් යෙදුණා හ.

ජම්බුද්වීපයෙහි මෙසේ වාස ග්ර්හණය කළ සුරාසුර උභය පක්ෂෙයෙහි ම අය නොයෙක් විට ස්වදේශීය කාන්තාවන් අඹ්ර කමට ගත් බව ද පෙනේ. සුරයනට නොහොත් අසුරයනට දාව ස්වදේශීය කාන්තාවන් කුස උපන් සඬකරයන් “රාක්ෂපස” නමින් ප්රදසිද්ධ විය. යක්ෂ - රාක්ෂූස උභය වර්ගනයාගේ ම සම්භවය රාමායණයෙහි උත්තර කාණ්ඩයේ දක්නා ලැබේ. ඒ සියල්ල පසකින් තිබිය දී රාමාය‍ණයෙන් ම ප්ර්තිෂ්ඨා ලද හැකි බොහෝ කියම්වලින් සනාථ වන්නේ, රාක්ෂ‍සයන් සුරාසුර උභය පක්ෂ ය නිසා ස්වදෙශ ජාත අනාර්යහ කාන්තාවන් ලත් දරුවන්ගෙන් බෝවුණු පිරිසක් බව ය. මෙ සේ බෝ වීමට පත් ඇතැම් රාක්ෂතසයෝ, යක්‍න්යන් සම ම්ලෙච්ඡ තත්ත්වායේ ම සිටියා හ. ඇතැම්හු රාවණයන් මෙන් සුරාසුරයන් සම ශ්රෙපෂ්ඨත්වෂයෙහි සිටියා හ.

මේ සම්බන්ධරයෙන් රාවණයන් ගැන ම සිතා බලමු. රාවණ, පුලසත්යයර්ෂිහුගේ මුනුපුරෙකි. පුලස්ත්යමයා, සප්තර්ෂිගණයට ගැණෙන හෙයින් ඔහුගෙන් එපිට, ඒ අතේ කිසිවක් වේදයෙන් හෝ පුරාණයන්ගෙන් ලද නො හැකියි. එ හෙයින් පුලස්ත්ය යා, පලස්තීනයෙන් නොහොත්, ඵෙරාන් නම් වූ ආදිම ආය්යායෙන වර්තවයෙන් - එ නම් කෝකේසස් කඳු වැටිය හා හින්දුකුෂ් කඳු වැටිය අතර පිහිටි උදග්ර් භූමියෙන් - නොහොත් පලස්තීනය වරින්වර යටත් කල අසිරියාවෙන් හෝ බබිලෝනියෙන් හෝ ඉංදියාවට පැමිණි වෛදික ඍෂිවරයකු මෙන් පිළිගත යුතු ය. පුලස්ත්ය , ඉංදියාවේ හා ලඬකාවේ පමණක් නොව, එයිනුත් ඈත පෙරදිග රටවල, සිය අණසක පිහිට වූ නරපති ඍෂිවරයකු මෙන් පෙනේ. බබිලෝනිය වැනි රටවල පෙර සිට පැවැති සිරිත නම් රටේ රජු ම එම ආගමයේ ද අඩක් දෙවියකු වැනි ප්රයධානයා මෙන් පිළිගනු ලැබීම ය. මේ අට්ඨ දිව්යයමය ප්රිජාපතීත්වෙය, බොහෝ කල් නොයෙක් වෙනස් කම් නිසා සුන් - බුන් බවට පැමිණ, මේ මෑතක් වන තුරු කාලි‍ෆේට් පදවිය හා තිබැට් ද ලයි ලාමා පදවිය හා අනෙක් තබා ජපන් මිකාඩෝ පදවිය දක්වා ප්ර්මාණ වෙමින් පිරිහීමට පත් බව දක්නා ලැබේ. පුලස්ත්යතර්ෂීන්ගේ පුත්රො තෙමේ විශ්රෙවස් නම් විය. පුලස්ත්යද, ඉලාවෘතයෙහි රජ කළ තෘණවින්දුන නම් රාජර්ෂියකුගේ ඉලවිඩා හෙවත් ඉළවිලා හෙවත් ඉලවිලා නම් දූ කුමරියකට ආවාහ විය* ________________________________________

  • තෘණවින්දුරහුගේ දියණියන් වූ මේ ක්ෂරත්රිෙය කාන්තා තොමෝ පුලස්ත්යදයන්ගේ නොව, විශ්රජවස්හුගේ භාය්යාන් ව හැටියටත්, එ හෙයින් කුවෙරයන්ගේ මෑණියන් හැටියටත්, අනෙක් තැනක පෙනේ. එ හෙත් පුලස්ත්ය*යන්, සාවාධ්යියනය කළ වෙද මන්ත්රශ ශ්රකවණය වීම කරණකොට ගැබ්ගත් නිසා විශ්ර්වස් නම් විය යි කියන ලද හෙයින් ඉලවිලා, විශ්රූවස්හුගේ මෑණියන් විය යුතු බව ම පෙනේ.


v

එ කල ඉලාවෘතය නමින් හඳුන්වන ලද්දේ (ආදිම භූගොලඥයන් විසින් එවකට දැන සිටි ලෝකය වර්ෂ් නවයකට* බෙදන ලදින් එයින්) ඉලවර්ෂය නමින් ප්රිසිද්ධ වූ (මෙ කල පුරා විද්යාණඥයන් විසින් ඉලාම් නමින් හඳුන් වන) හෙළයන්ගේ ජන්ම භූමිය බව දත යුතු ය. පුලස්ත්යවයන් නිසා ඉලවිලා ලත් පුත්රම තෙමේ විශ්රයවස් නම් වී. විශ්රෙවස්, භරද්වාජ මුනිවරයාගේ දෙවර්ණිනී නම් දියණියන් පාවා ගත්තේ ය. ඔවුන් ලත් පුත්රරයා වෛශ්රේණ නම් වී. මෙයින් විශ්රතවස්, මව් පසින් හෙළයකු බවත්, පිය පසින් සුරකුලොත්භව ආර්යරයයකු බවත්, එ හෙයින් වෛශ්රිවණයාට ද ________________________________________

*එ කල පැවැති නව වර්ෂ‍ය - කුරු, හිරණ්මය, රම්යරක, ඉලාවෘත, හරි, කෙතුමාලා, භද්රාැශව, කින්නර සහ භාරත නම් වී. කුරු නමින් මෙහි දැක් වෙන්නේ දඹදිව, මධ්ය මණ්ඩලයෙහි වූ කුරුක්ෂෙ ත්රෙය නො වේ. මේ කුරුවෂිය, හිමාලය පර්‍වතාවලියේ ඉතා ම උතුරේ පිහිටි මහත් ශ්රී. සමෘද්ධියෙන් යුක්ත වූ රටකි. පසු කාලයේ භාරත වර්ෂමයට එ නම් ඉංදියාවට පැමිණි ආය්ය්ධියයන්ගේ මුල් බිම්වලින් මේ ද එකකි. උතුරුකුරු දිවයින ද මෙය ම ය. හිරණ්මය වර්ෂ ය, ශ්වෙතගිරි හා ගෘඞගවත් නම් වූ කඳුවැටි අතර පිහිටියේ ය. ශ්වෙතගිරි කරණකොට හිරණ්මය වර්ෂඑග, රම්ය ක වර්ෂ යෙන් වෙන් වන බව ද පෙනේ. විෂ්ණුහුගේ වෛකුණ්ඨය පිහිටි ‍‍ෙශව ත ද්වීපය ද මෙහි ම ය. රම්ය ක වර්ෂ ය, මේ ඉලවර්ෂහයව කිට්ටුවෙන් පිහිටියේ ය. හේ, අග්නිධ්රදයන්ගේ ඉලාවෘත නම් පුත්රෙයා, ඉලවර්ෂහයෙහිත්, ඉලාවෘතයාගේ පුත්රූ රම්ය ක, රම්යරක වර්ෂ.යෙහිත් රජ කළ බව පෙනෙන හෙයිනි. ඉලවර්ෂයය හෙවත් ඉලාවෘතය නමින් ප්රනසිද්ධ වූ ප්රහදෙශය නවීන පුරා විද්යා්ඥයන් අතර එලාම් නොහොත් ඉලාම් යනු‍වෙන් ප්රුසිද්ධ ය. හෙළයන්ගේ ජන්ම භූමිය ද මෙය ම ය. හෙළයෝ අහසට අධිපති මිත්රූ හා මුහුදට අධිපති වරුණ දෙවි කොට ගත්හ. හෙළයන් ගොඩ බිමෙන් පමණක් නොව, මුහුදු ගමනින් ද රටවල් සොයා ගිය ආදිමයන් බැවින් වැඳුම් - පිදුම් පිණිස ඔවුනට මුහුදු දේවියෙක් ද වුවමනා විය. මිත්රද සමග වරුණ ඇදහීම, පසු කල, ඔවුනට අභිමත වූයේ, එ හෙයිනි තව ද මිත්රන-වරුණ සංයොගයෙන් සම්භවය ලත් දෙව් දුවක් ද ඔවුනට වූවා ය. ඒ දෙව් දුවගේ නම ද ඉලා ය. ඉලවෂිය පිහිටියේ වර්තදමාන පර්සියන් සමුද්රක වංකයට උතුරෙන් නිරිත දිග පර්සියාගේ කොටසක ය. ටෛග්රීනස් නදියෙන් පෙරදිග, තැනිතලා බිම ද ඉලවෂිය සතු විය. එ සේ ම ඊට උතු‍රෙන් හා පෙර දිගින් පිහිටි කඳුතලාව ද ඉලවෂිය සතු විය. හරිවර්ෂුය, නිෂධ-හෙමකූට යන කඳු වැටි දෙක අතර, පිහිටියා සේ පෙනේ හෙමකූටය, කින්නර වෂියට ද මායිමකි. ඉලවර්ෂවයට ද දකුණු සීමාව වූයේ නිෂධ කඳු වැටිය යි. භාරත වර්ෂටයෙන් වයඹ දිග, කෙතුමාලා වර්ෂදය වී,භාරත වෂියෙන් පෙරදිග පිහිටියේ භද්රාටශව්ය යී.කින්නර වෂිය වී. හිමාලයයෙනුදු උතුරෙන් පිහිටියා සේ පෙනේ. භාරත වර්ෂ්ය නම් ඉංදියාව යි.


vi

හෙළ සංකර ආය්ය්ීුි රුධිරය ඇති බවත් දක්නා ලැබේ. විග්රටවස්හුට රාවණයන් ලැබුණේ, කෙශිනි හෙවත් කෛකසි නම් රාක්ෂිස කාන්තාවගෙනි. කෙශිනී එ නම් රාවණයන්ගේ මව- සුමාලින් නම් රාක්ෂියාගේ දුවකි. සුමාලින් ගන්ධකර්ව සඞකරයෙන් උපන් රාක්ෂුසයෙකි. එ හෙයින් රාවණා රාක්ෂුසයකු මෙන් ප්රදසිද්ධ වූයේ, හුදෙක් තනි කර ලත් ම්ලෙච්ඡ ජන්මයක් නිසා නොව, ආර්යපයන් හා සඞකර වීමෙන් බව සැලකිය යුතු ය.

නාග නම් වූ ජාතියකට ද මේ ලඞකා භූමිය දුරාතීතයේ සිට වාස විය. බොහෝ මෑතක් වන තුරු ම නාගයන්ගෙන් අවසන් වන නම් මේ සිංහල රටේ පැවැති බව පෙනේ. මේ නාගයෝ කවරහු ද? දැනුදු ඉංදියාවේ ඇසැම් කඳුකරේ වෙසෙන ම්ලෙච්ඡ සඞඛ්යාිවට අයත් මිනිස්සු ද? සමහරු එවැනි මිනිසුන්ගේ සම්බන්ධ්යක් ලක්දිව් වැසි මේ නාගයනට ඇති වියයි සිතති. ඒ පිළිගත යුත්තක් සේ නො පෙනේ. කිමෙක් ද යත්, ඒ ඇසැම් නාගයන් ආදියෙහි එ තරම් හපන් කම් කළ බවට- දෙශ දෙශාන්තර ගතවෙමින් වෙළෙඳාමේ යෙදුණු බවට- භොගවතිය වැනි රාජධානියක් හා රජුන් ඇතිව සිටි බවට- විශෙෂයෙන් ම පෙරදිග, මුහුදු කරේ පවා නාග පට්ටනම, නයිනදිව, කැළණිය වැනි තැන්වල ජන ස්ථාන පිහිටුවා ගෙන සිටි බවට, සාක්කි නො පෙනෙන හෙයිනි. “පන්තග” නමින් ම්ලෙච්ඡ වර්ගමයක් ආදියෙහි සිටි බව පෙනේ. කඳුකර රටවල වාසය කළ ඒ පන්නගයන් මේ ඇසැම් නාගයන් විය හැකියි. ආදියෙහි නාග නමින් සුප්රවසිද්ධ වූ පිරිස අන් කිසිවෙක් නො වෙති - පූර්වන මිසර දෙශ වාසීහු ම වෙති. මිසර ශිෂ්ටාචාරය කිතු වසින් යට හදාහකට ද ඔබ සිටැපැවැත්තෙන්නකි. ඔවුහු ආදියෙහි සිට තමන්ගේ ජාතික ලකුණ වසයෙන් නාගයාත්, ගුරුළාත්, ඇතැම් විට මේ ලකුණු දෙක ම එකටත්, නොයෙක් විට වෙන වෙනමත්, භාවිත කළ බව පෙනේ. අපේ පැරණි පොත්වල මේ නාග භවනයට නුදුරෙන් පිහිටි ගුරුළු බවනක් ගැන ද කරුණු දැක්වෙයි. එසේ ම නාග භවනයෙහි වූ භොගාවතී නම් මහ නදියක් ගැන ද භෙගවතී නම් රාජධානියක් ගැන ද කරුණු දක්නා ලැබේ. ඒ කියන ලද්දේ නිසැකයෙන් නෛල් නදියත්, එ නදී තී‍රයේ පිහිටි මැම්ෆිස් නගරයත් ගැන විය යුතුයි. මිසර වාසීහු ද ඇසිරියා, බබිලෝනියා, ඉලාම් ආදී දෙශවාසීන් හා ගනුදෙනුවල යෙදුණු බවත්, රණ කෙළිවල යෙදුණු බවත්, නොයෙක් නෑ සබඳ කම්වලින් යුක්ත වූ බවත්, දක්නා ලැබේ. ඔවුන් ද සුරාසුර හෙළ යන වර්ගලයෙන් මෙන් ම පූර්වස දිශාභාගයෙහි රටවල් බලා පර්සියන් සමුද්රත වඞකය මගින් ගමන් කොට, ඉංදියාව හා ලඞකාවට පැමිණ, නොයෙක් තැන්වල ජන ස්ථාන පිහිටුවා ගත් බව පෙනේ.

සුරයන්ගේ ද, අසුරයන්ගේ ද, මුල් බිම කොකේගස් කඳුවැටියේ සශ්රීාක උදග්රි භූමි ප්රසදෙශයන්හි පිහිටියේ ය. කශ්යගප යනුවෙන් පුරාණ වෘතාන්තයන්හි නම් කරන ලද්දේ පුද්ගලයකු නොව, මේ කඳු වැටිය



vii

බව සිතිය හැකියි. කශ්ය,පයන්ගේ භාය්යා්ග වන් දෙදෙන- එ නම් දිතිය හා අදිතිය හැටියට දක්වන ලද්දේ, එම කඳු වැටියේ, එකිනෙකට පරස්පරව පිහිටි- එ මෙන් ම සැමිටික් හා ආර්යේ ගොත්රෙ සම්බන්ධී ජනතාවනට වෙන වෙන ම ජාත භූමි වූ පෙදෙස් විය යුතුයි. අදිතියගෙන් ආදිත්යුයනුත්, දිතියගෙන් දෛත්යරයනුත්, උපන් බව කියන ලදී. එසේ ම කශ්යනපයන්ගේ තවත් භාය්යාකේ වන් නිසා යක්ෂ - ගන්ධකර්වල - ගරුඬ - පන්නගාදීන් ද, දානවයන් ද, පොළොං - පිඹුරු - සිහ - වග - වලස් ආදීන් ද උපන් බව කියන ලදී. මෙ කියන ලද සියල්ලන් නවීන පරීක්ෂාණයනට අනුව සිතා බලන අපට පෙනෙන්නේ ඒ පුරාතන කාලයේ වුසූ පඬිවරුන් “මිනිහාගේ” උත්පත්තියටත් “තිරිසනාගේ” උත්පත්තියටත් යන දෙකට ම මුල කෝකේසස් කඳු වැටිය හැටියට නිශ්චය කළ බවයි.

අසුරයනට “පෙරසුර” යනු ද නමකි. එයින් දැක්වෙන්නේ, සුරයනට ද කලින්, ශ්රී“ සමෘද්ධියටත්, ශ්රෙබෂ්ඨතම ශිෂ්ටාචාරයටත්, අසුරයන් ම පළමුවෙන් පත් බවයි. ඔවුන් අනුගමනය කොට සුරයන් ද උසස් බවට පැමිණ, යළි සුරයන් විසින් අසුරයන් යටත් කළ බව, සුරාසුරසඞග්රාවම‍යන් පිළිබඳ වාර්තාිදියෙන් පෙනේ. මේ සුරාසුර උභය පක්ෂමය ම තමතමන් ආගම ධර්මබයන් හා කලඑළියත් රැගෙන නැගෙනහිර අතටත්, බටහිර අතටත්, පැතිරෙමින් එවකට ගමන් පහසුව සැලසුණු සියලු පෙදෙස්වල, ව්යාරප්ත වූ බව පෙනේ. පුරාණාදියේ දක්නා ලැබෙන සුරාසුර සඞ්ග්රාපම සියල්ල ම පාහේ ඉංදියාවේ සහ ලංකාවේ කෙරුණු සටන් ය. කලින් කල, මාරුවෙන් මාරුවට ඉංදියාව හා ලංකාව සුරයන් අතටත්, අසුරයන් අතටත් පත්ව, පාලනය වූ බව දක්නා ලැබේ. දුර්ගහමහිෂ-තාරකාදිහු පෙරදිග පාලනය කළ මහා බලසම්පන්න අසුරයෝ ය.

ඉංදියාවේ සහ ලංකාවේ නම්, පළමුවෙන් පිරිහුණේ, අසුර බලය බව පෙනේ. රාවණාදීන්ගෙන් පසු රාක්ෂකයෝ ද පිරිහීමට පත් වූහ. ඒ සමග සුරයන් ද පිරිහීමට පත් වූයෙන් ඉංදියාවත්, ලංකාවත්, යළිත් අනාථ ව මෙන් බොහෝ කලක් පැවැත්තේ ය. මේ කාලය තුළ ඉංදියාවෙත්, ලංකාවෙත්, රට මැද, නොයෙක් පෙදෙස්වල ස්වදෙශික ජනයා, යළිත් ප්රිභූත්වහයට පැමිණි නමුදු සුර ගොත්රාමදියෙන් නෂ්ටාවශෙෂ වූ ද, මනු පරම්පරාවෙන් සම්භවය ලැබුවා වූ ද, ක්ෂ්ත්රිෙයයෝ උත්තරාපථයෙහි ම හැදී - වැඩී - බලවත් වී, එසේ ම විදෙශයන්ගෙන් වරින්වර ලත් නව ජීවනයක් ද ඇතිව, ස්වදෙශිකයන්ගේ සහය ද ඇතිව, යළිත් අමුතු පිළිවෙළක ශිෂ්ටාචාරයක් ඇති කළාහ. ඉංදියාව හා ලංකාව මෙහි මෙසේ අමුතු වන අතර, සුරාසුරයන්ගේ ආදි ශ්රී සමෘද්ධියට මාතෘ භූමි වූ පෙදෙස් ද නම් මාරුවීමෙන්, ඔවුන්ගේ කලඑළියෙන් දල්වා ගත් අමුතු පහන් ඇති අමුතු ජනතාවන් නිසා අමුතු ශිෂ්ටාචාරයකින් යුක්ත විය.




viii

මේ කාලයේ ම වගේ හෙළයෝ ද ස්වකීය මාතෘ භූමියෙහි පිරිහීමට පත් වූහ. නාගයෝ ද නාග භවනයෙහි පිරිහීමට පත් වූ හ. සුරයෝ ද අමරාවතියෙහි පිරිහීමට පත්වූහ. එහෙත් ඔවුන් නිසා ලංකාවෙත්, ඉංදියාවේත් වගා වුණු ජනස්ථාන ඇති වි ය. අනතුරුව, සුරාසුර නාග ජනස්ථාන සියල්ල ද මෙහි ක්රටමයෙන් පිරිහීමට පත් නමුත් හෙල ජනස්ථානයන්ගෙන් එකක් පමණක් අවශෙෂ විය. ඒ අවශෙෂ වූයේ මේ ලක්දිව යි.

මීළඟට මා දැන ගත් පමණින් සිංහලයා පිළිබඳ පුවත හෙළි කළ විට, එළිදරව්වේ දෙවැනි පරිච්ඡෙදය ගැන වඩා හොඳින් සිතා බැලීමට කියවන්නා පෙළඹෙනු නිසැක ය.

‍ෙ‍හලයන්ගේ මුල් බිම ඉලාම නමින් දන්නා ප්රාදෙශය බව කලින් කීවෙමි. හෙල හෙවත් හෙළ යන නාමය මොවුනට යෙදුණේ “සූර්යදයා” දෙවි කොට ගත් හෙයිනි. සූර්යෙයා දෙවි කොට ගත් මොවුහු තමන්ගේ සම්භවය ද සූර්යියා නිසා විය යි විශ්වාස කළහ. ඉලාමය, හෙවත් ඉලවර්ෂිය හෙවත් ඉලාවෘතය පිහිටි පෙදෙස් දැනුදු නවීන පුරාවිද්යාෙඥයන් විසින් කැරෙන පරීක්ෂමණයන් නිසා හෙළි පෙහෙළි වන කරුණු තවමත් අසම්පූර්ණාය. එ සේ ද වුව, ඒ සියල්ල විස්තරයෙන් කීමට මෙහි අවකාශ නැති. එහෙත් ඒ දුරාතීතයේ හෙළයෝ මහා බලසම්පන්න ජාතීන් පරදවා නොයෙක් රටවල් සිය වසයට ගෙන මහා අධිරාජ්ය යක් පිහිටි වූ බව පමණක් අවශ්ය්යෙන් කිය යුතු ය.

හෙළයෝ ඇතැම් විට රජුන් ඇතිව සිටියාහ. එහෙත් ඔවුහු සාමාන්යෙයෙන් ජන සම්මත පාලනය හා ප්‍රජා ප්රිභූත්වසය ප්රිඒය කළ පිරිසක් වූහ. ඔවුනතර කුල භෙදය නොවීය. යටත් පිරිසෙයින් චතුර්වනර්ණයයවත් නොවීය. චතුර්වමර්ණ‍ය නිපදවන ලද්දේ බ්රීහ්මයා දෙවි කොට ගත්, බ්රාණහ්මණයන්ගෙන් සමන්විත අන්ය‍තර ආර්යප ජනතාවක විසිනි. මේ කාලයේ ප්රයජා ප්රාභූත්වයය ප්රි‍ය කළ තවත් ජාති වූහ. එම ජාතීන් නිසා ලිච්ඡවි - ශාක්යෙ වැනි ජනතාවනට ද ප්රතජාතන්ත්රමවාදය පිළිගැනුණු බව පෙණේ.

හෙළයන් ඉතා උද්යොාගවත් පිරිසක් වූ බැවින් නොයෙක් රටවල් යටත් කළා පමණක් නොව, නොයෙක් අතේ මුහුදු යා කරමින් අමුතු රටවල් සොයා ගෙන, නොයෙක් විට එවැනි රටවල පදිංචි වෙමින් තමන් මව් බිම් හා වෙළෙඳාම දියුණු කළ බව ද පෙනේ. මේ පිළිවෙළට රටවල් සොයා යෑම හෙළයන් පමණක් මනාව, සුරයන් ද, අසුරයන් ද, නාගයන් ද කළ බව මම කලින් කීවෙමි. හෙළයන් ඉංදියා දිශාභිමුඛව කළ ගමන පර්සියන් සමුද්රළ වඞකය මගින්, දියෙන් පමණක් නොව හිමාලය වැනි කඳු වැටි පසුකර ගෙන ගොඩින් ද පැමිණි බව පෙනේ. කිමෙක් ද යත්, හිමාලයය කඳු අතර පිහිටි ඛොටානය වැනි පෙදෙස් වලද හෙළ බලය පැවැති බවට සාක්කි දක්නා ලැබෙන හෙයිනි.


ix

හෙළ රට සමෘද්ධියට පත් කාලයෙහි හෙළයන්ගෙන් කොටසක් ප්රාතිවීන දිශාභිමුඛව ගොස් වර්ත මානයෙහි ක්රී ට් නමින් දන්නා දූපතේත්, ග්රීදසියේත්, වාස ග්රාහණය කළ බව පෙනේ. ග්රී‍ක් කාරයෝ ද තුමූ හෙළයන් බව කීහ. එහෙත් ඒ මක්නිසාද යන්න ඔවුහු කිසි තැනක විස්තර නොකළහ “සිංහෙළයනට” මෙන් “ග්රී‍ක හෙළයනට” ද මෙ වැන්නක් මතු වෙතැයි සිතා, එ වැන්නක් විස්තරයෙන් වාර්තාර කර තැබීම වුවමනා කළ බව නොපෙනේ. දැනුදු ග්රීඑක පුරාණය (Greek mythology) සැලකිල්ලෙන් කියවා බලන කවරකුට වුවත් එම පුරාණාගත වෘතාන්තයන් හා එම දෙවි වරුන් හා (එකල හෙළයන් වෙත ද පැවැති, එහෙත් දැන් ජම්බූද්වීපික වෛදික ග්ර න්ථයන්හිත්, පෞරාණික ග්ර්න්ථනයන්හිත් පමණක් අවශෙෂයෙන් දක්නා ‍ලැබෙන) හින්දු දෙවගණයට (Hindu pantheon of gods) අයත් දෙවියන් හා එම වෘතාන්තයන් අතර පවතින සමානත්වදය මොනවට දක්නා ලැබේ. වෛදික ද්යෞයස්පිතෘ, ග්රීවකයන් අතර ස්යුgස්පේටර් නමිනුත්, වරුණ - සූය්ය්ෙව - චන්ර් වද - විශ්වකර්ම - අශ්විතිහු ගණෙෂ - බලරාම - කෘර්තික - දුර්ගා් - සරස්වති - උෂාස් - ශ්රී- - අනඞග යන ආදීන් නැප්ච්යුවන් - සොල් - ලූනස් - වල්කන් - කැස්ටර් සහ පොලොක්ස් ජෙනස් - බැකස් - මාර්ස් - ජුනෝ - මිනර්වා - ඖරෝරා - වීනස් - ඉරෝස් ආදීන් හා පිළිවෙළින් සැස‍ඳෙන සැටි මොනවට දක්නා ලැබෙන හෙයින් මේ දෙගොල්ල, එ කල එ සේ ලෝකේ ඔවුනේවුන්ගෙන් ඈත් දෙ පෙදෙසක සිටිය ද ආදියෙහි එක් තැන, එකට වුසූ එක පිරිසක් වසයෙන් සිටි බව නිසැකයෙන් ඔප්පුවේ. යුරෝපීය ශිෂ්ටාචාරයට මුල්ගල තබන ලද්දේ ග්රීවකයන් විසිනි. ඔවුන් ඒ මුල් ගල ආසියාතික හෙළ රටෙන් එනම් ඉලවර්ෂලයෙන් ගෙන ගිය බව මෙහිදී මතක නැති නොකළ යුතුය. ඇඳුමෙන් පවා ආදි ග්රිදකයන් හා ආදි සිංහලයන් අතර පැවති සමානත්ව ය තවමත් මෙහි යම් යම් සුන්බුන් වලින් දක්නා ලැබේ. ආදි ග්රීැකයන්ගේ යුද්ධ වෙෂයේ (Military costume) දැනුදු පහත රට යකැදුරන් පිදේනි කැප කිරීමේදී අඳින මාල කිහිපයකින් යුත් සාය හා ගෙත්තම් කල සැට්ටය හා ඔටුන්න සහිත ඇඳුමේත් සමානත්විය සුලු කොට තැකිය යුතු නොවේ. දැනුදු මේ යකැදුරන් මේ අවස්ථාවේ දී අඳින්නේ ආදි හෙළයන් යුද්ධයෙහි දී දැරූ ඇඳුම් - පැළඳුම් බව එම යකැදුරන් මෙන් ම ඔවුන් දකින සෙස්සෝද නොදනිති. එහෙත් අනාදිමත් කාලයක සිට පැවැති සිරිතට අනුව තවමත් ඒ ඇඳුම් හිඳිති. ආදි ග්රීාකයෝ රාජ්යක කාර්යම සම්බන්ධශ මන්ත්ර ණ සභාවේ දී රෙද්දත් - බැනියමත් උතුරු සළුවත් දැරූහ. සිංහලයන් අතර තවමත් මේ ඇඳුම අවසේසයෙන් අටසිල් සමාදන් වන ‍තැන දී පමණක් දක්නා ලැබේ. සාධක තවත් ඇති නමුදු මේ සියල්ල පෙන්වීමට තැන් නොවේ.

ඉලවර්ෂම වාසි හෙළයන්ගෙන් සමහරු පසු කාලයක දී චන්ර් ත යාට ද ගරු කරන්නට වූහ - චන්ර් සමයා ද දෙවි කොට සලකන්නට වූහ. චන්ර්ළයන කුලොත්භවය ලැබුවන් වසයෙන් ඔවුන් කුල දෙටු පිරිසක්ද වෙන් වූහ.



x

ඔවුන් චන්ර්ෙ යාට සිය බසින් “සිං” යන ව්යනවහාරය කළ බැවින් මේ හෙල ගොත්ර්ය පශ්චිම කාලයෙහි සෙස්සන්ගෙන් වෙන්ව, සිංහෙළ හෙවත් සිංහෙල නම් විය. මොවුහු දූරාතීතයෙහි දී වයඹ දිග, ඉංදියාවේ සිං ජනපදය (වර්තයමාන සින්ධි) තමන්ගේ පෙර දිග වෙළෙඳාමේ ප්රවධාන ස්ථානය කර ගත්හ. ඒ‍ පෙදෙස “සිං” නම් වූයේ ද ඔවුන් නිසාම ය. සිංදු නදියත්, සිංදු ස්ථාන යනුවෙන් මුළු භාරත වර්ෂවයත් ඔවුන් නිසා ම එසේ ප්රිසිද්ධ විය. මෙහි ජන සම්මත පාලන ක්ර‍මයන් පිහිටුවා ගෙන, මීට නුදුරු තවත් නොයෙක් තැන්වල වාසය කළ ලිච්ඡවීන් හා ශාක්යුයන් හා පග්ලවාදීන් සමග ගනු දෙනු ඇතිව, සිංහලයෝ ලංකාවේ ද මදුරාසියට උතුරෙන් මෙකල “විංගල්පට්” නමින් දන්නා සිංහල පුත්රායෙහි ද, එයිනු ද ඈත, වංගයෙහි ද වෙළෙඳාම පිණිස ජන ස්ථාන (Colonies) පිහිටුවා ගත්හ.

මේ කාලය වන විට, ශිෂ්ටාචාරයට මුල් පියවර තැබූ වර්ගයනට ජය බිම් වූ කොකේසස් කඳුතලාවල පෙදෙසුත්, ටෛග්රිිස් - යුෆ්රෙ ටීස් දරීයත් - Valley) ඉලාමයත්, අනෙකක් තබා වසරයත් පිරිහෙන්නට විය. මිසරය හැර, පළමු කී රටවල් සියල්ල පිරිහුණේ, ඔවුනේවුන් අතර පැවති බිහිසුණු සටන් නිසාත්, විෂමාචාරයන් නිසාත්, පර්සියාව බලවත් වීම කරණකොට ලත් පීඩාවන් නිසාත් ය. පර්සියාවේ සෛරස් මහරජුගෙන් ලත් මරු පහරින් මැරී වැටුණු හෙයින් බබිලෝනිය පවා තවත් නොනැගිට්ටේ ය. මිසර බලය පිරිහුණේ ග්රීෙකයන්ගෙනි. මැසිඩොනියාවේ ටොලමි වංශය, මිසරයේ සේසත් නැංවීම කරණ කොට නාග රජුන්ගේ අභාවය විය.

අන්තිමේ ග්රීභකයන් හා පාරසිකයන් අතර ද බිහිසුණු සටන් විය. පාරසික චක්රිවර්ති පළමු වැනි ඩේරියස් රජ, මැසිඩොනියාව යටත් කොට, යළි මුළු ග්රීැසිය යටත් කිරීමට දැරූ උත්සාහය සඵල වී නම් අද ලෝකයේ පවතින ශිෂ්ටාචාරය මීට ඉඳුරාම වෙනස් වන්නේ ය. එසේ ම ග්රීවකයන් අතර - ජන සම්මත තාන්ත්රීැක අයෝනියන් ග්රිනකයන් හා ඔලිගාකික අල්පජනාධි ති = Oligarchical) ඩෝරියන් ග්රීිකයන් අතර පැවති පැලපොණීෂන් යුද්ධය කරණකොට ගෙන ජය ශ්රී ය ජනසම්මත තාන්ත්රිනක ග්රිපකයන් සතු නොවී නම්, අද ලෝකයේ පවතින්නේ ද මේ ශිෂ්ටාචාරය නො වේ. ආසියාතික ශිෂ්ටාචාරය නම් වූ කලඑළිය මෙ සේ ග්රිටකයන් මගින් යුරෝපයට වැදුණු කාලයෙහි ඊට ජන්ම භුමිය වු මධ්ය ම ආසියාව පිරිහීමට පත් විය එහෙත් එම එළියෙන්ම ජම්බුද්වීපික ශ්රී සමෘද්ධියටත්, එම විද්යාමලොකයටත්, කර්තෘ භූත වූ පහන මෙහි දැල් වුණේ ය. එසේ ඒ පහන මෙහි දල්වන ලද්දේ පිරිහීමට පත් මධ්යකම ආසියාතික රටවලින් පිමිණි ශිෂ්ට ජනයන් විසිනි. ඔවුනතර, පුලසත්යා, අගසත්යන, ආසුර කපිල යන තිදෙන ප්ර)මුඛ වෙති.




xi

මේ නයින්, ඒ අතින්, ග්රීතසියටත්, මේ අතින් ඉංදියාවටත් බෙදී ගිය ශිෂ්ටාචාරය යළි පුනරාවතීව ඔවු නොවුන් හා අභියොගයට පැමිණියේ, මැසිඩෝනියාවේ මහ ඇලෙන්සැන්ඩර් රජු නිසා ය.

එයිනික්බිති ග්රීුසිය මගින් ශිෂ්ටාචාරය රෝමයට ද, රෝමකයන්ගෙන් සෙසු යුරෝපීය රටවලට ද බෝවෙමින් ක්රනමයෙන් එංගලන්තය, ප්රංයසය හා ජර්මනිය ද කලඑළි විය. යන්ත්ර - මන්ත්රර හදි හූනියම්කාර නාග විද්දතුන් වසයේ පැවැති මිසර ශිෂ්ටාචාරය ද, ප්රනතිසංස්කරණය වෙමින් එහි මෙ කල පවතින සභ්යතත්වටයට මුල් ගල තැබුණේ ද ග්රිතකයන් විසිනි. එ සේ ම මධ්යමම ආසියාතික සුරාසුර ගොත්රතයන්ගෙන් විභෙදයට පත් ජනතාවෝ, නම් පෙරළි, සුරසුන් බුන් ජාති - ජෝර්ජියන්, ආමිනියන්, අවකන් ඈ වසයෙනුත්, අසුර සුන් බුන්, ජාති සෙමිටික් වර්ගික අරාබි, යුදෙව් ඈ වසයෙනුත් ප්ර සිද්ධ වූහ.

ජම්බුද්වීපික ශීෂ්ටාචාරය ජා, මලයි, චීන, ජපන්, ආදී මොන්ගෝලිය රටවල ද පැතුරුණේ ය. යුරෝපයට ගිය ශිෂ්ටාචාරය නැවතත් ප්ර්තිකාල්, ඕලන්ද, ඉංගිරිසි ආදීන් මගින් පෙරළා පෙර දිගට එන තෙක්, පෙර-අපර දෙදිග ඔවු නොවුන් හරි හැටි නො දැක දහස් ගණනක් අවුරුදු ගත කළ සැටි ද මෙහිලා සිහියට ගත යුතුය.

ආදියෙහි සිංහලයෝ තමන් පිහිට වූ ජනස්ථානයනට “සිංහ භූමි” නොහොත් “සිංහල පුත්රව” යයි කීහ. ඔවුන් අනුගමනය කළ තවත් ආය්ය් ඔව ජනතාවන් “රාජ පුත්ර්ය,” “ආර්යා වතිය” වැනි නම් තම තමන් ජනස්ථානයට දෙන ලදී. තවමත් රාජ පුතානා නමින් දැක්වෙන්නේ ද මේ එක් නමකී සිං ජනපදයෙහි හා වංග ජනපදයෙහි පිහිටි සිංහ භූමි දෙකද, සිංහල පුත්රාකදී ජනස්ථාන ද, කල්යෑමේ දී ස්වකීය පෞද්ගලිකත්විය රැක ගැනීමට අපොහොසත් වීමෙන් අසල් වැසි වඩා බලවත් ජාතීන් හා සංකර වීමෙන් අභාව ප්රානප්ත විය. එහෙත් ඒ සිංහල නාමය එදා පටන් අද වන තෙක් නො නැසී රැකුණේ, මේ ලක්දිව පමණකි.

සිය රටින් - ඒ නම් ලාඩ දෙශයෙන් පිටු වාගල් කරනු ‍ලැබූ විජය, මෙහි එන්නට බොහෝ කාලයකට පෙර සිට, මෙහි සිංහල වෙළඳ වාඩි හෙවත් ජනස්ථාන කිහිපයක් විය. ඒ සියල්ල එසේ පැවතුණේ මෙ රට ස්වදෙශික යක්න්ගෙන්, කුරුඳු - කුළු බඩු - හං - අං - ඉත්තෑකූරු වැනි දෙය, වස්ත්රත - පබළු - අන් රිදී කන කර ආයිත්තම් ආදියටත්, ලෝ බඳුන් හා ලෝහයෙන් කළ අවි ආවුද ආදියටත්, හුවමාරු කරමින් වෙළෙඳාම කර ගෙන යෑම පිණිස ය. මෙ වැනි වෙළෙඳ වාඩි මේ ලක්දිව, ආදියෙහි නාගයන්ගේ ද, සුරයන්ගේ ද, පැවැති බව කලින් ද කීවෙමි.



xii

එහෙත් විජයගේ පැමිණීම වන කල සුරාසුර ජනස්ථාන සම්පූර්ණපයෙන් අභාවයට ගොස් නාගයන්ගේ පමණක් ජනස්ථාන දෙකක්, කැළණියේ හා නාග දිවයිනේ පමණක් පරිහානි පක්ෂ්ය භජනය කරමින් පැවති බව දක්නා ලැබේ. විජය නො එන්නට, සිංහල ජනස්ථාන කිහිපය ද නම් පෙරළී අභාවයට යෑමෙන් මේ දිවයින අන් සැටියෙකින් ප්රසසිද්ධියට පැමිණෙන මඟ, නිසැකයෙන් සැලසෙන්නට තිබිණි.

විජය වෙළෙඳාමේ පැමිණි වෙළෙ‍ඳෙක් නොවේ. ඔහු ද ඔහුගේ අනුවරයෝ ද ප්ර ජාතාන්ත්රිික දෙශපාලකයෝය. එ හෙයින් ලක්දිව් පැමිණි හැටියේ මෙහි සිටි සිංහල වෙළෙඳුන් ප්ර්මුඛ ස්වකීය ජනයාගේ සහය ලැබ ගෙන; රාජ්යසයක් පිහිටු වීම ඔවුනට අභිමත විය. භාග්යනයට මෙන්, එ කල මෙහි මුහුදු කරයෙහි එකම පෙදෙස හිමිව සිටි කුවෙණ නම් යක්ෂ රාජ කාන්තාවගේ පිහිට විජයට ලැබුණේය. යක්ෂක රාජ කාන්තාවක් වුව ද කුවෙණ යකින්නකැයි වරදවා නොගත යුතුය. ඇගේ පියා යකුනට රජ කළ ක්ෂවත්රිෙයයෙකි. එ හෙයින් ඕ යක්ෂ යනට රජ කළ ක්ෂකත්රිකය කාන්තාවකි. එහෙත් ඇගේ ක්ෂ ත්රි්ය වංශය විජයාදීන්ගේ වංශය මෙන් අකල්ක සම්භාවනීය වංශයක් නොවී ය. පසු කාලයේ දී නොයෙක් ගොත්ර්යනට අයිති යක්ෂවයෝ පොදුවේ ද්රයවිඩ නාමයෙන් ප්රීසිද්ධියට පැමිණියෝ ය. මේ ද්රෝවිඩ ගණයට අනෙක වර්ගීක යක්ෂමයන් පමණක් නොව යක්ෂො - වානර - පනනග - කුම්භාණ්ඩ යන නම්වලින් පෙනී සිටි නොයෙක් අනය්ය්ෂොය ජාතීහු ද ඇතුළත් වූහ. උත්තරාපථයෙහි ආය්ය්ණ් බලයෙන් පීඩිත වූ මොවුහු වින්ය්ිද පර්වළතයෙන් දකුණේ - එනම් දණ්ඩකාරණ්ය්යේ කන්යතකුමාරි තුඩුව දක්වා මහ වනයේ දඩාවතේ හැසිරෙමින් බොහෝ කල් ප්ර්කෘති ම්ලෙචජත්වමයෙහි ම සිටියා හ.එහෙත් ද්ර විඩ නම් ආය්ය්ර් වංශික කුමාරයෙක් මොවුන් සිය වසයට ගෙන, මොවුන් ලවා නගර ග්රාතමයන් පිහිටුවා, මොවුන් ගොවිතැනේ ද, අත් කම්වල ද, වෙළෙඳාමේ ද පුහුණු කරවා යුද්ධ කාය්ය්් යෙහි ද, රාජ්යැ කාය්ය්ිුඩයෙහි ද යෙදුවේ ය. එ තැන් සිට, ද්රතවිඩ ජනයාගේ දියුණුව ඇති විය. ද්රායවිඩ යන නම ද ඔවුනට පට බැඳුණේ ඒ ද්රයවිඩ කුමාරයන් වසමේ පාලනය වූ හෙයිනි. ද්රුවිඩ කුමාරයන්ගෙන් පසුව ද ද්රා විඩයෙහි ආය්ය්ප වංශික ක්ෂයත්රිෙයයෝ ම රජයට පත්වූ හ. ද්ර විඩයන්ගේ සමයානුකූල අනුෂ්ඨානයනට ආය්ය්යෙහවංශික බ්රා හ්මණයෝ ම මුල් වූහ. කිමෙක් ද යත් ද්ර්විඩයනට කිසි කලකත් ක්ෂූත්රිරයයන් හා බ්රා හ්මණයන් නො සිටි හෙයිනි.

ආදියෙහි සිටි ලක්දිව යකුනට වෛශ්රෙවණයා නායක විය. ඉන් පසු ලක්දිව හා එම රජය රාවණාදී වූ රාක්ෂවයන් සතු විය. එයිනික්බිති රාක්ෂසස බලය පිරිහීමෙන් ආය්ය් රජ වූ කිසි යම් වංශයක් ඔවුනට රජය කළ බව පෙනේ. කුවෙණ මේ පෙළේ රජ ‍කතකි. ද්රසවිඩයනට රජ කළ



xii

ක්ෂයත්රි යයන් “ද්රඩවීඩ රාජයන්” මෙන් ප්රලසිද්ධියට පැමිණියේ යම්සේ ද එ පරිද්දෙන් ම යකුනට රජ කළ කුවෙණගේ ක්ෂකත්රි ය වංශය ද “යක් රජුන්” මෙන් ප්රරසිද්ධ වූ බව පෙනේ.

මෙ තැන් සිට, ලක්දිව් සිංහලයන්ගේ ඉතිහාසය අපි කවුරුත් දනිමු. සිංහලයන් හ‍ා යක්ෂ් නාගාදීන් පිළිබඳ මේ වචනය දැන් මෙසේ මෙහි කියන්නට වුවමනා කෙළේ, පණ්ඩුකාභය කුමාරයන් ගැන එළිදරව්වෙන් අනුමත කැරෙන මේ මනඃඍෂ්ටිය - මුළු ජාතියකට අස්ථානයේ අගෞරව කැරෙන මේ මනඃඍෂ්ටිය - ප්රුතිෂ්ඨා රහිත බව පෙන්වා දීමට ය.

මෙතැන් සිට එළිදරව්වේ වාදාභිමුඛ වන තැන් මහාවංශාදී වූ ඓතිහාසික ශ්රැන්ථා්නුසාරයෙන් කවරකුට වුව ද නිශ්චය කර ගැනීම අපහසු නොවේ. ඉතිහාසය කාරයන්ගේ විචාරණයටත්, අවලොකනයටත්, භාජන විය යුතු අමුතු දේ එළිදරව්වේ එමට ඇත්තේ ය. එ හෙයින් මෙසේ එළිදරව් කර සිය අදහස් දැක්වීම ගැන ජී. එච්. පෙරේරා ශූරීන්හට සකල සිංහල ජනතාව කෘතඥ වෙතැයි සිතමි.


ඩබ්ල්යු. ඒ. සිල්වා


වර්ෂ් 1947 වැන්නේ

දෙසැම්බර 18 වැනි දින

බම්බලපිටියේ වජිරපාරේ

සිරිනිකේතනයේ දීය.

"https://si.wikibooks.org/w/index.php?title=එළිදරව්ව_-_i&oldid=5791" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි