එළිදරව්ව - ii

Wikibooks වෙතින්

1. පරිච්ඡෙදය.

යක්ෂ.යෝත් නාගයෝත් කවරහුද?

‘ඉතිහාස’ යන වචනයෙහි නියම තේරුම නම්, ‘සත්යස කථා ප්රයවෘත්ති’ යනුයි. එහෙත් ඇතැම් ඉතිහාස පුවත් ලියා ඇත්තේ ඒවා සුදු වී බොහෝ කල් ගත වුණාට පසු නිසා ත්, අද්භූත කථා ඇසීමට මිනිසුන් තුළ ස්වභාවයෙන් ම ඇති බලවත් ආශාව නිසා ත්, ඉතිහාස පොත් වල සැක කටයුතු පුවතුත්, සැඟවුණු පුවතුත් ඇතුළත් වේ. ඉතිහාස පොතින් ම එ බඳු තැන් තෝරා බේරා ලන්නට අමාරු වුවත්, බාහිර ශාක්ෂිොත්, විචාර බුද්ධියත් යොදා විනිශ්චය කරමු නම් ඇත්ත තෝරා බේරා ගැනීම අසීරු නො වේ. පොත පතේ තිබෙන පලියටවත් අනුන් කියන පලියටවත් යමක් එ සේ ම පිළිගැනීම ඤානවන්ත කමක් නො වෙයි. මේ සංස්කරණයෙන් අප අදහස් කරන්නේ අපේ ඉතිහාසය පොත් වල තිබෙන එ බඳු තැන් කීපයක් විමසා බැලීමට මෙය කියවන්නවුන්ගේ කල්පනාව යොමුකරවීමයි. ලංකාවේ අතීතයේ විසූ යක්ෂට, නාග දෙවගීය ගැන විමසා බැලිය යුතු කරුණු ස්වල්පයක් පළමුකොට ම මෙහිලා දක්වමු.

විජය කුමාරයා මෙ රටට එන කාලයේ මෙහි යක්ෂන, නාග යන දෙවර්ගයයක් සිටි බව අපේ පොත් වල සඳහන් වෙයි. සමහරකුගේ කල්පනාව, මේ යක්ෂ්යන් මිනිසුන් ලෙඩ කරවතැයි කියන රීරි, මහසොහොන් ආදි නපුරු, භූත විශෙෂයකට අයිති සත්වෙ කොටසක් බව ත්, නාගයින් මාංජෙරිකාදී නාග ලෝකවල සිටින දේවතා කොටසකට හෝ හුඹස් වල සිටින සර්පක ගණයට හෝ අයිති කොටසක් බවත් ය. අපි දැන් යකුන් ගැන විමසා බලමු.

විජය කුමරු එද්දී සිටි යකුන්, නොයෙක් වෙස් ගන්නට ත් නො පෙනී ඉන්නට ත් පුළුවන්, මිනී මස් කන කොටසකැයි සමහර පොතක තිබෙන විස්තර වලින් පෙනේ. කුවේණිය විජය කුමරුගේ පිරිස සඟවා තැබූ යේ පසු ව මරා කෑමට බව ත්, ඈ වෙළඹ වෙසක් ගෙන විජය කුමරු පිට හිඳුවා ගෙන, නො පෙනී සිටි යකුන් ඔහු ලවා කැප්පූ බවත්, එදා කැපුම් කා නො මැරී ඉතුරු වුණු යකෙක් ‘කොට යකා’ නමින් අදත් මිනිසුන් ලෙඩ කරවන බව ත් සමහරුන් ගේ විශ්වාසය යි මේ ‘මිනී කන යක්ෂි කථාව’ අප අතර වැද්ද ගෙන තිබෙන්නේ වලාහක අස්ස ජාතකයේ එන කතා පුවත විය යුතු යි.

විජය කුමරු එන කාලයේ මෙ රට යක්කු රාජධානි පිහිටුවා ගෙන එක්තරා විධියක ආංඩු ක්රාමයක් ඇතුව සිටියහ. කුවේණිය කොණ්ඩ නාමි නම් වූ යක් රජකු ගේ දියණියකි. විජය මුණ ගැසෙද්දී



2 එළිදරව්ව

ඈ සිටියේ කපු නූල් කටිමිනි. ඕ කුමරු සහිත පිරිසට ආහාර පාන පිළියෙළ කර දුන්නාලු. එසේ නම් ඒ යකුන් අප මෙන් ම රෙදි අඳින, මිනිසුන්ට සුදුසු ආහාර පාන කන බොන කොටසක් බව පෙනේ. විජය, සිරිවස්තු පුර මගුල් උත්සවය දැන ගත්තේ එහි පැවැති තූය්ය් නාදය ඇසීමෙනි. එයින් පෙනෙන්නේ යකුන් අතර ශිෂ්ට සම්මත මංගල උත්සව පැවැති බව යි. කුවේණිය විජය කුමරුගේ භාය්යාෂ් ව වීමෙන් ම, ඈ මනුෂ්යණ ස්ත්රී යක් බව තේරුම් ගන්නට නො හැකි ද? විජය නිසා ඇයට දරු දෙදෙනකු ලැබුණු බව ත්, පසු කාලයේ දී පියා විසින් නෙරපා දැමූ ඔවුන් කැලෑ වැදුණු බවත්, වැද්දන් පැවත එන්නේ ඔවුන් ගෙන් බව ත් සමහරු කියති. වැද්දන් ගේ මුල නම් එතැන නොවෙ යි. ඔවුන් වැද්දන්ට එකතු වුණා විය හැකි යි. විජය ගේ සාහසික කමට බිය වූ තවත් යකුන් මෙසේ වැදි පිරිස තර කළා විය හැකි යි. වැද්දන් මනුෂ්යබ පිරිසක් බව අපි දනිමු. යකුන් ඔවුන්ට එකතු වුණා නම් ඔවුන් ද මනුෂ්යම කොටසක් විය යුතු යි.

විජය, යකුන් මුළුමනින්ම විනාශ කෙළේ නැත. ඔහු කෙළේ සතුරකු ගැන කිසි බලාපොරොත්තුවක් නැති ව, මංගල ප්රීසතියෙන් මත් ව උත්සව පැවැත්වූ යක්ෂ ප්රිධානීන් මැදට හදිසියෙන් ම පැන විරයකු ට නො හොබනා මිනී මැරීමකි. යක්ෂ වර්ග්යා විජය ට යටත් වුණේ කැමැත්තකින් නොව මඟ පෙන්වීමට සිටි ප්රෂධානයන් නැති වී ගිය නිස යි. විජය පරම්පරාව කෙරෙහි ඔවුන් ගේ කෝපය නැතිවුණේ නැත. පලි ගැනීමට ප්රැස්තාවයක් එන තුරු ඔවුහු බලා සිටියහ. පසුව පණ්ඩුකාභය කුමරු ලවා ඔවුහු ඒ පලිය ගත්තෝය.

පණ්ඩුකාභය කුමාරයා, දකුණු ලංකාවේ සිට යුද්ධයට පිටත්වන විට ම පන්සියයක සේනාවක් සිටියේය. මාමා වරුන් සමග අවුරුදු ගණනක් ම යුද්ධ කළ ඔහුගේ පිරිස අඩු ගණනේ දෙතුන් දාහක්වත් සිටිය යුතුයි. මේ කුමාරයා යුද්ධයට යන විට විජය රජු මැරී අවුරුදු පණහක් ගෙවී නැත. මේ කාලය අතර තුර ඉන්දියාවෙන් විශාල පිරිසක් මෙහි ආ බවක් පෙණෙන්නටද නැත. එවිට මේ පිරිස ලංකාවේ ජනයාගෙන්ම - ලංකාවේ එක් කොටසක - එනම්, දකුණු ලංකාවේ ජනයාගෙන්ම - තෝරා ගත් බව පෙනේ. එපමණක් නො වෙ යි, ලොකු මාමා පණ්ඩුකාභය කුමරුට මහවැලි ගඟින් දකුණු කොටස භාර දෙන්නට ත් කැමැති වීමෙන් හැ‍ඟෙන්නේ ඒ පෙදෙස එකල ජනාවාසව තිබුණු බව යි. ඒ විජය කාලයේ සිටි මනුෂ්යම වර්ගඟයා විය යුතු බව සිතා ගන්නට අපට බාධාවක් නො පෙනේ.

ගැමුණු රජුගේ හමුදාවේ ත් යක්ෂ්යෝ සිටියෝය. මහාසෝණ නමින් ප්රුසිද්ධ යෝධයා රිටිගල විසූ යක්ෂි ප්ර ධානියෙකි. දෙමළ මහ සටනින් පසු ජයසේන යන නමක් ඇතුව සිටි මේ යෝධයා, බීමත්



1 වෙනි පරිච්ඡෙදය 3

කමින් කළ නොසිරිත් කමක් නිසා කෝලාහලයක් වී ගොඨයිම්බර යෝධයා අතින් මැරුම් කෑවේය. මිනිසුන් ගෙන් යමක් කඩා වඩා ගැනීමට මාන බලන යකැදුරන් දැන් මේ මනුෂ්යනයාට වලස් හිසක් සවිකරවා තැන් තැන් වල අවතාර කරවන බව ඇතැම්විට මේ ‍කියවන අය අසා ඇත.

මහසෙන් ආදී අපේ රජුන් කල යකුන් උසස් නිල තල ලබා සිටි බව ඉතිහාස පොත් වලින් පෙනේ. යකුන් ලවා එක දා රෑ මා වේරෑනින් ගල කප්පා සැට අමුණක කුඹුරු අස්වැද්දෙවු බව කියන අළුත් නුවර දේවතා බණ්ඩාර ගැන කවුරුනුත් අසා ඇත. දුෂ්කර වැඩක් කෙ‍නකු කළා ම, ‘උඹ හරි යකෙක් නො වැ” කියන කීම ගමුන් අතර දැනුත් පවතී. ඒ කුඹුර අස්වැද්දු යකුන් නම් සූර වීර මනුෂ්යී කොට්ඨාසයක් බව සැක නැත. දේවතා බණ්ඩාරගේ වැඩ නිමවූ පසු ඒ යකුන්ට තම තමන් ගේ රටවල යන්නට කීවාම ඒ යකුන් කී කීමක් ගල කැප්පූ සැහැල්ලෙහි පෙනෙන්නේ මෙසේයි.

“ ස පි රි නුරා රන් රුවසෙ ලඳු න් නේ මි හි රි කතා රන ගිරවියො වැ න් නේ හ ව රි නො ලා මල් වරල බඳි න් නේ ඔ ම රි ලියන් හැර කෙලෙසද ය න් නේ? ”

මෙයින් හැ‍ඟෙන්නේ ඒ වැඩට ආ යකුන් මෙහි ස්ත්රීමන් පාවාගෙන පවුල් වී සිටි බව ත්, ඔවුන් අත් ඇර යෑමට අකැමැති වූ බව ක් නො වේ ද? යක්ෂට නමින් සිටියේ අප මෙන්ම මිනිසුන් වර්ග යක් බවට මේ ශාක්ෂිව මදි නැත.

මළවුන් ඇදහීම යකුන් අතර පැවැති සිරිතකි. සිංහලයන් අතර අද යකුන් ඇදහීම නමින් පවතින්නේ මේ සිරිත ම යි. ඉස්සර සිටි යකුන් ඇදහීම නමින් පවතින්නේ මේ සිරිත ම යි. ඉස්සර සිටි යකුන් මළවුන්ට බලි බිලි පුද දුන්නාක් මෙන් අද සිංහලයෝ යකුන්ට දොළ පිදේනි දෙති. මෙකල යකැදුරන් යකුන්ට දොළ දෙන තටුව, එකල යකුන්ගේ කෑම මේසයේ නෂ්ටාවශෙෂයක් බව සිතා ‍ගන්නට අමාරු නැත. යකුන්ට පුදන දොළට හත්මාලුවක්, ඇට ඇටි පහක්, ගොඩින් මාංසයක්, දියෙන් මාංසයක්, කැවිලි පලතුරු හා තුන්පාට ලේන්සුවක් ආදිය ගැනීමෙන්, යකුන් පොෂ්යම දායක ආහාර ශිෂ්ටාචාර විධියට භුක්ති වින්ද බව හොඳ හැටි ඔප්පු වෙයි.

දැනට ත් ගම්බද මිනිසුන් අතර ‘යකෝ’ යන ආමන්ත්රචණය තිබේ. අශිෂ්ට වචනයක් ය යි එය බැහැර කරන්නට උත්සාහ කරතත් තව ම එය අප අතර බල පවත්වයි, මේ යකකුට යකකු හමුවුණාම කථාකළ විධිය වෙන්නට බැරි ද? ඈත සිටින අයට අඬ ගැසීමට ‘හූ’ කීම සිංහලයන් අතර මිස වෙනත් ජාතීන් අතර නැතැයි අප අසා තිබේ. යකුන්ට අඬ ගැසීමට යකැදුරන් තවමත් ‘හූව’ පාවිච්චි කරන බව අපි දනිමු.

4 එළිදරව්ව

දැන් ඉතින් යකුන් නම් මනුෂ්යට වර්ගගයක් බව ත්, ඒ සිංහල පෙනී සිටිනා අප ම බව ත් අපට සිතා ගත හැකියි. හැබැ යි. අප ඒ අතීතයේ සිටි පිරිසුදු යක්ෂා පරම්පරාව ම නො වන බව ත්, අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ නා නා ජාතීන් හා වූ මිශ්රනණයක් වර්තකමාන සිංහල ජාතියේ ඇති බව ත් තේරුම් ගත යුතු යි.

මේ යක්කු නම්, තාරක - රාවණ ආදී රජුන් කල රාක්ෂඇස නමින් සිටි අසුර ගොත්ර්යේ මනුෂ්යය යෝ යි. විභීෂණ කළ රාජ්යඇ ද්රොනහි, රාජ ද්රොාහි, ජාති ද්රොාහි ක්රිරයාවෙන් පසු ඔවුන් යක්ෂන නමින් පෙනී සිටියා සැක නැත. ජාතිය පිට රටුනට පාවා දීමට කේළාම් කී විභීෂණගේ කටට පසු කාලයේ රට වාසීන් දළ දෙකක් සවි කිරීමෙන් කෙළේ කදිම දඬුවමක් විය හැකි යි. විජයගේ පැමිණීමෙන් පසුව මේ යක්ෂී ගොත්රදය ‘සිංහල’ නමින් ප්රමසිද්ධ වුණු හැටි මතු පරිච්ඡෙදයකදී අසන්නට ලැබෙයි.

යකුන් ගැන මෙතෙකින් නවත්වා නාගයන් ගැන ටිකක් විමසා බලමු. පුරාණයේ ලංකාවේ නාග භවන තුනක් තිබුණු බව කියති. එකක් කැළණිය අසලය. එකක් උතුරු ලංකාවේ අද ‘නයිනතිවු’ නමින් දන්නා දූපත ප්රඑධාන දූපත් වල ය. අනෙක යාපනය බද ය. කෝප වූ විට මහ රටෙහි නයින් දූපතේ නයින්ට ‘දියබරි මෙන් දියේ ඉන්නා නයි’ යි අපහාස කළා ලු. මොවුන් පොළොව යට තිබෙතැ යි කියන මාංජෙරික ආදී නාග භවන වල උදවිය නො වන බව මේ පදිංචියෙන් ම පෙනේ. මොවුන්ගේ හැඩ හුරු කම සද්ධර්මාපලංකාරයේ කථාවකින් බලමු.

“..........මහෝදර නම් නා රජුගේ දුවක් “චුළෝදර” නම් නා රජුහට පාවා දෙන දවසේ ඉන්ර්ෙන නීල මාණික්ය මය මිණි පළඟක් දායාද කොට දුන් හ.”

“................අප හැම කඩු පළඟ අත ලා යුද්ධයට වන් විට තොප හැම හිරු දුටු කදෝ පැණියන් සේ නිෂ්ප්රහභව භයින් බිඳී ඒ ඒ අත දිවන බව දන්නවා වේදැ යි වඩුන්නාගල නයින් භය ගන්වා අත් පොළසන් දෙමින්..............”

“‍මෙසේ දෙසෙනග ඔවුනොවුන් ඝටා බෙණෙමින් අතින් ගන්නා ලද කඩු පළඟ පත්තිරම් ආදි වූ නා නා ප්ර කාර ආයුධ සමූහයන් එක පැහැර ලෙලවමින්...............”

මේ කීයේ නයින් දෙපක්ෂ.යක් යුද්ධයකට සූදානම් වූ හැටි දක්වන සද්ධර්මානලංකාර කථා වස්තුවක පේළි කීපයකි, නයින් අතර ත් අප අතර මෙන් ශිෂ්ට සම්මත මංගල චාරිත්රක තිබුණු බව, දෑවැද්ද දීම ආදි සිරිත් තුබුණු බව මෙයින් නොපෙනේ ද? දෑවැද්දට දී තිබෙන එක



1 වන පරිච්ඡෙදය 6

වස්තුවක් තමා පුටුව බඩ ගාන නයින්ට දරණ ලා ගැනීමට නම් පුටුවකට වඩා පේළාවක් හොඳ නොවේ ද? නාග ලෝකයේ නයිනුත් එහිදී ඉඳිතැයි කියන්නේ සර්පව වෙශයෙන් නිසා ඔවුන්ට ත් පුටුවලින් පලක් නැත. නාග ලෝකයේ නයින් වේවා, මේ රට හුඹස් නයින් වේවා, නයින් නයින් අතර සටනකට කඩු පළඟ පත්තිරම් කුමට ද? ඒවා ගන්නට අත් කොයින් ද? චූළෝදර, මහෝදර, - (පොඩි බඩා, මහ බඩා) යන නම් වලිනුත් පෙනෙන්නේ ඔවුන් මිනිස් කොටසක් බව යි.

“..................එකල් හි මඳ මඳ පවනින් ලෙලෙන රන්ලිය ලීලාවට අපහාස කරන්නාවූ මනහර රූප විලාස ඇති නාගාංගනාවෝ තම තමන්ගේ ලීලොපෙත වූ ස්ථන භාර නමැති දහස් ගණන් කලස මාලාවන් දරා.............”

මේ කීයේ නාග සටන සංසිඳ වූ බුදුන් පුදන්නට නාග කාන්තාවන් ආ හැටි යි. ඔවුන් රූප සම්පන්න බවත් කලස් වලට සමාන පයොධර දැරූ බවත් මෙයින් පැහැදිලියි. මණිනාග දිවයිනේ ‘නාගා’ නම් දුප්පත් ගැහැණියක් දුන් දනක් ගැන ද ඒ පොතේ සඳහන්‍ වෙයි. දෙවෙනි පෑතිස්ස රජුගේ කාලයේ තරමේදී ඒ දූපතේ සිටියේ මිනිසුන් බවට එය ද සාක්ෂිදයකි.

මහා නාග - චූළ නාග - කුඩා නාග - ඉළ නාග - ඛල්ලාට නාග ආදී නම් වලින් ලංකාවේ රජ කළ රජුන් ගැන ඉතිහාසයේ සඳහන් වෙයි. ඔවුන් අප මෙන් ම මිනිසුන් බවට වැඩිදුර සාක්ෂි් කුමට ද?

මීට‍ අවුරුදු සාරසියයකට පමණ පෙර කැළණියේ විසූ නාග කාන්තාවන් ගැන තොටගමුවේ හාමුදුරුවන් කියන්නේ මෙසේ ය.

“ ග ව සා සුපුල් කඩුපුල් මල් නිල් වර ල ස ල සා උකුළු වට රසුදුල මිණි මෙවු ල ස ක සා දෙතන හර සඳුනෙන් කැරැ සිහි ල දෙ පසා ඉසින නිල් පැහැ නෙතැ දිගු පුළු ල

ම න හර නා මෙනෙවියනිදැ ළවැලි පි ට ගෙන මිණි වෙණ තත් නියගින් මැද රුව ට ක න හෙවැ ගයන බුදු ගුණ ගී මියුරු කො ට සැ න හෙව කැළණි ගඟ බඩ මඳ කලක් සි ට ”

මේ වර්ගියේ නාග කාන්තාවන් දැනුත් ඉන්නා බව අපට නො පෙනේ ද?

‘නාග’ යනු මනුෂ්යග වර්ගදයක් බව අපට දැන් ප්රේත්ය ක්ෂදය. නාග වර්ග,යේ මිනිසුන් ඇසැම් රටේ කඳුකර දැනුත් සිටිති. තවද

6 එළිදරව්ව

ඔවුන් දුම් බීමෙහි බොහෝ ආශා බවත්, ශරීරයේ රූප කොට ගැණීමෙන් වර්ණ‍වත් කරන බව ත් ගෙ මැඩන් බුදින බවත් කියති. නයින් විෂ ධූමය පිඹිනවා ය කියන්නේ මේ දුම් උරා පිඹීමට වත් ද?

නාග ශබ්දය ‘උත්තම’ පර්යාගය, උපසම්පදාපෙක්ෂකකව සීමා මාලකයට එන සාමණෙර තැන “අහං භන්තෙ නාගො නාම” යනු‍වෙන් තමන් අඳුන්වා දෙන බව උපසම්පදා උත්සවයක් බලන්නට ගිය අය දන්නවා ඇත.

ලංකාවේ ඈත අවධියේ සිටි යකුන්, ගොම්මන් වේලාවල වෙල් එළියක, මන් සන්ධියක - පාළු අම්බලමක රැක සිට මිනිසුන් ලෙඩා කරවා බතක්, බිල්ලක් - පුළුටක් බලාපොරොත්තුවන අමනුෂ්යඅ කොට්ඨාසයක් නො වන බව ත්, නාගයින්, පොළව යට ඉඳින බව කියන දිව්යෂ නාගයින් හෝ හුඹස්වල සිටින විසකුරු නයින් හෝ නො වන බව ත්, ඔවුන් දෙ පක්ෂ යෙම අප මෙන් මනුෂ්යනයන් බව ත් ඔබට දැන් තේරුම් යනවා ඇති. ________________________________________

2. පරිච්ඡෙදය. සිංහලයෝ

මේ පරිච්ඡෙදයෙන් දක්වන්නේ සිංහල නාමයේ ප්රෂභවය හෙවත් උත්පත්තිය ගැන යි. මේ ගැන මහාවංශයේ,

“ සිංහ බාහු නරින්දොස සො - සීහ මාදින්නවා ඉති සීහළො තෙන සම්බන්ධාශ - ආහු සබ්බෙපි සීහළා “ යනුවෙන් සඳහන් වෙයි.

“ සිංහබාහු නරෙන්ර්.සියා සිංහයා ගත්තේ, හෙවත් ලානය කෙළේය. එහෙයින් හෙතෙම සිංහල නම් වී. ඔහු සම්බන්ධ සියල්ලෝම සිංහලයෝ ය” යනු මෙහි සාමාන්යම අදහස යි.

දඹදිව වගුරට සුසීමා නම් කුමරිය නිවෙසින් පලා යෑමේදී සිංහයකුට අසුවූ බවත්, ඇය සිංහයා සමග වනයේ වසමින් සිංහබාහු ය, සිංහ සීවලිය යන දරු දෙදෙනකු ලද බව ත්, මව හා නැගණියන් සමග වනයෙන් පලා ආ තරුණ සිංහබාහු කුමාරයා පියා වූ සිංහයා මැරූ බව ත්, ජන කථාවලින් හා ඉතිහාස පොත්වලින් කවුරුනුත් අසා ඇත. සිංහබාහු කුමාරයාගේ වංශයට ‘සිංහල’ යන නම ලැබුණේ මේ සිංහලානය හෙවත් සිංහයා මැරීම නිසා ය යි ඉතිහාස කාරයෝ කියති. සිංහබාහු රජුට පුතුන් තිස් දෙදෙනෙක් සිටියහ. එයින් ලඞකාව ට පැමිණියේ, පියාට ත්, රටටත් එපාවුණු විෂමාචාර ඇති සාහසික කම් පුරුදු විජය කුමාරයා පමණ යි. මේ විජය කුමාරයා

2 වෙනි පරිච්ඡෙදය 7

සිංහල ජාතියේ මූලිකයා ලෙස පිළිගන්නට අද බොහෝ දෙනා ඉක්මන් වෙති. එසේ ඉක්මන් නොවිය යුතු යි. සිංහල ජාතියේ ආරම්භය එතැන නොව ඊට බොහෝ කලින් ය.

ඉතිහාස පොත්වල කියන හැටියට සිංහබාහු රජ සිංහල නම ලැබුවේ නම්, ඔහුත් ඔහුගේ පුතුන් තිස් එක් දෙනකු ත් රැඳුණු ලාට රටේ ‘සිංහල’ නමින් වංශයක් නො වී අර විෂමාචාර සහිත විජය කුමාරයා පදිංචිවූ මේ රටේ පමණක් සිංහල නමින් වංශයක් ඇතිවීම සැක කටයුත්තකි. තව ටිකක් දුරට කල්පනා කරමු නම්, අනුමාන සාක්ෂි පිට නමුත් නියම නිගමනයකට බැස ගන්නට අපට හැකියි. ඉතිහාසය විය යුත්තේ ඇත්ත වුවත්, ඇත්ත ඇත්ත ලෙසින්ම ප්ර කාශ කරන්නට බැරි අවස්ථා ඇතැම් විට ඇති වෙයි. මේත් එ බඳු අවස්ථාවකි. එ හෙත් පොත පතේ තිබුණු පලියට හෝ අනුන් කියන පලියට හෝ යමක් එසේ ම ය යි පිළි ගැනීම සිහි කල්පනා ඇති අයගේ වැඩක් නො වන නිසා අපි මේ ගැන ටිකක් පරීක්ෂාි කර බලමු.

විජය කුමාරයා ලංකා රාජ්‍යය ලබාගත්තේ වංචාවෙන් යක්ෂක ප්ර ධානීන් මරා දැමීමෙනු ත් කුවේණිය රැවටීමෙනු ත් බව අපි දනිමු. යක්ෂ‍ වර්ගායා ඔහුට යටත් වූයේ ඔහු කෙරෙහි පැහැදීමකින් නො ව බලවත් අකැමැත්තෙන් ය. ජාතියට කළ සාහසික අපරාධය නිසා යකුන් විජය රජ කෙරෙහි බලවත් වෛරයක් ඇති කළ නමුත්, තමන්ට මඟ පෙන්නීමට තරම් වීරයකු ඉතිරි ව නො සිටි නිසා, පළි ගන්නට ප්ර ස්තාවක් එන තුරු ඔවුන් නො ඉවසිල්ලෙන් සිටියාට සැකක් නැත.

විජය රජුගෙන් පසු ලංකාවෙහි ඔටුණු පැළැන්දේ ඔහුගේ නිමුන් සහෝදරයා ගේ පුතා වන පඬුවස් දෙව් කුමාරයා යි. මේ පඬුවස් දෙව් රජුට අභය ආදී පුතුන් දස දෙනෙකුන් චිත්රාු නම් දුවකු ත් සිටියහ. මිනිසුන්ගේ වැඩපල - සමාදානය හා ප්රීෙතිය පමණක් නො ව නෑකම් පවා විනාශ කරවන බලයක් ඇතැම් කේන්දරවල තිබෙනවා ලු. චිත්රාෑ ගේ කේන්දරය ද එබඳු එකකි. පිරිමි දරුවකු ලැබුණොත් ඔහුගෙන් මාමාලාට මරණ පැමිණේ ය යි ඇයගේ කේන්දරයේ තිබුණු බැවින්, පියා ත් සහෝදරයනු ත් එක් ව ඇය එක් ටැම් ගෙයක බලවත් රැකවල් සහිත ව සිරකර තැබූහ. විජය රජුගේ මිත්තණිය නු ත් මෙසේ රැකවල් කර තැබූ බව කියන හෙයින් මෙය මේ පරම්පරාවේ අළුත් ම චාරිත්ර යක් නො වන බව පෙනෙයි. ඒ කොහොම වුවත් කුරුල්ලන්ට බැන්ද මේ වැටවල් දෙකම හරි ගියේ නැත. දීඝ ගාමිණී නම් ශාක්යද කුමාරයා, කෙසේ නමුත් චිත්රා සමග මිත්රප ව රහස් උපක්ර මයකින් මේ එක්ටැම් ගෙට යෑමට පුරුදු වූ බව ත්, එයින් ඈ දරුවකු ලැබූ බව ත් පොත්වල සඳහන් වෙ යි. කාරණය දැනගත් පිය රජුත්, සහෝදරයනු ත් කලබල ව ඇය මරා දමන්නට සූදානම් වුන මුත්


8 එළිදරව්ව

චිත්රාිගේ වැඩිමහල් සොහොයුරු අභය කුමාරයාගේ බලවත් උත්සාහය නිසා ඇය නො මරා ලැබෙන දරුවා පිරිමියෙක් වුණොත් ඔහු මරා දමන ප්රේතිඥාව පිට ඇය දීඝ ගාමිණී කුමාරයාට ම පාවා දුන්හ. මේ රහස් වලට අනුබල දුන්නේය යන චොදනාව පිට, ගාමිණී කුමාරයාගේ මෙහෙකරුවන් වූ, චිත්රච, කාලවේළ යන දෙදෙන කුමාර වරුන් විසින් මරා දැමූ බව ත්, ඔවුන් යක්ෂත ජන්මයෙහි ඉපිද චිත්ර ගේ ගර්භ යෙහි සිටි කුමරු ට අරක් ගත් බව ත් මහා වංසයෙහි සඳහන් වෙ යි. මෙය මතක තබා ගත යුතු වැදගත් කරුණකි. වේලාව පැමිණෙන තුරු අපි එය සිත තබා ගනිමු. චිත්රු රාජ, කාලවේළ යන යකුන් දෙදෙන, පඬුවස් මාලිගයේ ත් චිත්රාු ගේ මාලිගයේ ත් නිදහස් ව හැසුරුණු යක්ෂය ප්ර ධානයන් දෙදෙනකු බව පමණක් දැන් සිතා ගනිමු.

චිත්රාද කුමරිය නිසි කාලයේ දී පුතකු වැදුවා; නමුත් එය පිටතට නො දන්වා කල් තබා ළංකරගන සිටි කුඹල් ස්ත්රිපයකට, එදා ම ලැබුණු ගෑනු දරුවා තමා වෙතට ගෙන, තමා ගේ පිරිමි දරුවා ඇයට දී ‘චිත්රාල ගෑනු දරුවකු වැදුවා ය’ යි ප්රටසිද්ධ කළා. මෙ බිඳු හුවමාරුවකට හිතේ හැටියට ම එක විටම දරුවන් ලැබීම පුදුම විය යුත්තක් වුවත් ඒවා පිනට සිද්දවෙන දේවල් හැටියට නිවරණ කරන්නට ඇතැමුන් ඉදිරිපත් වන නිසා අපි ඒ ගැන විවරණ නො කරමු. කොයි හැටි වෙතත් ‘නංගිට ගෑනු දැරියක් ලැබුණා’ ය යි රාජ කුමාරවරුන් ප්රීිති වුණාට අනුමාන නැත.

චිත්රාග කුමරිය පුතාට ‘පණ්ඩුකාභය’ නම තබා මසුරන් දහසකුත් සමග කුඹල් ස්ත්රිරයට දී ඔහු ගෙන ගොස් දොරමඬලා ගමේ නායකයාට භාර කරන ලෙස පැවරුවා ලු. දොරමඬලාව තිබෙන්නේ මිහින්තලයට මයිල පහක් පමණ උතුරු වයඹිනි. දැන් තිබෙන පාරෙන් අනුරාධපුරයේ සිට මයිල දහතුනක් පමණ ඇති. එ කල රාජධානිය වූ පඬුවස් නුවර සිට උතුරු දිගට කෙළින් පාරක් තිබුණා නම් මයිල සියයක් පමණවත් ඈත් විය යුතුයි. කිසි දිනෙක මාලිගයෙන් පිට නො ගොස් - එක් ටැම් ගෙයක රැකවල් පිට දැඩිවුණු රාජ කුමාරිකාවක් එ පමණ බැහැර ගමක ගමරාළ කෙනකුට පුතා භාර කරන්නට තරම් ඇයි හොඳයියක් කෙසේ ඇති කර ගත්තා ද?

කුඹල් ස්ත්රිගය කුමරුවා පැසක ලා ගෙන යද්දී දඩයමේ ගොස් සිටි චිත්රා ගේ සහෝදරයන්ට මුණ ගැසී පරීක්ෂාම කරන්නට සූදානම් වන විට ම, චිත්රා රාජ - කාල වේළ යන යකුන් විසින් කළ ප්රමයෝගයක් නිසා එය වැළකී කුමාරයාගේ ජීවිතය රැකුණේය. කුමරු දොරමඬලාවේ ගම ගෙදර ඇති දැඩි විය. ගම රාළ, තමා ගේ බිරින්දෑ දරුවන් දෙදෙනකු වැදූ බව ප්ර සිද්ධ කර රහස රැක ගත්තේ ය. කුමාරයාට බලවත් සතුරු පිරිසක් සිටින බව ත්, එහෙයින්, ඔහු ආරක්ෂාය කර ගත යුතු බවත් ගමරාළ දැන සිටි බව මින් පෙනෙ යි.



2 වෙනි පරිච්ඡෙදය 9

රහස වැඩි කල් රහසක් ව තිබුණේ නැත. චිත්රා්ට ලැබුණේ පිරිමි දරුවකු බවත්, ඔහු දොරමඬලාවේ ඉන්නා බව ත්, දැනගත් චිත්රාේගේ සහෝදරයෝ සත් අවුරුද්දකට පසුත් දොළොස් අවුරුද්දකට පසු ත් මුළු ගමේ පිරිමි ළමයින් වධකයන් ලවා හදිසියේ ම‍රවා ලූහ. කුමාරයා මේ දෙවතාවේ ම පුදුම විධියට ගැලවිණි. දෙවන වතාවේ ළමයින් මැරුයේ කමතක රැස්ව සිටින විට යි. පංඩුකාභය කුමාරයා ත් එතැන සිටි නමුත් රැස්ව සිටින විට යි. පංඩුකාභය කුමාරයා ත් එතැන සිටි නමුත් වධකයන් එන්නට ටිකකට කලින් ගෙදර අවුත්, තමා ආ කටයුත්ත ගමරාළගේ පුතාට පවරා යැවී ය. මෙය කුමාරයා දැන ගන කළ වැඩක් නූණත්, එහිදී ගමරාළගේ පුතාත් මැරුම් කෑවේ ය. තමාගේ දරුවා මරුවාට බිලි වෙද්දී ත් ගමේ ළමයින් රාශියක් මේ ළමයා නිසා මරුමුවට යද්දී ත් කුමාරයා රැක ගන්නට මේ ගම් ප්රයධානියාට ලොකු ඕනෑ කමක් තිබුණු බව මෙයින් නො පෙනේ ද?

කුමරු පසළොස් අවුරුදු වූ කල චිත්රාිවන් විසින් ඔහු ගම්දෙටුවා ලවා දකුණු ලංකාවේ විසූ පණ්ඩුල නම් බ්රා හ්මණයා වෙත භාර කෙරෙව්වාලු* තමන්ගේ දරුවා මරණයට පත් වීමට හේතුව වූ මේ කුමාරයා එක්කර ගෙන, රාජ ද්රොගහි කමේ අපරාධයට ද මුහුණ පාගෙන මයිල දෙසිය ගණනක් දුරු කතර ගෙවා මෙ තරම් මහන්සි වීමට ගම් දෙටුවාට බලවත් ඕනෑකමක් තිබුණ බව ද පෙනේ.

මේ ඕනෑකම කාගේ එකක් ද? චිත්රව රාජ ප්රණධාන යක්ෂායන්ගේයි. කුමාරයා ගර්භනයේ සිටි කාලයේ පටන් ම, සෙවණැල්ලක් වෙන් අත් නො හැර සියලු විපතින් මුදා ඔහු රැක ගත්තේ ත්, ගම් දෙටුවා‍ ළඟ නවත්වා සෙවුම් බැලුම් යුතුව සිටියේ ත්, පණ්ඩුල බමුණා වෙත පැමිණ වූයේ ත් මෙ චිත්රව රාජ යක්ෂැයාගේ උපදෙශයෙනු ත්, උපකාරයෙනු ත් බව සලකා ගන්නට හොඳට ම යුතු කම් තිබේ. චිත්රය රාජ යක්ෂ යා ප්රාමාණයත් බල පුළුවන් කමක් ඇතුව සිටි උපායෙහි දක්ෂැ සූරයෙකි. ඔහු එකල සිටි යකුන්ගේ නායකයන් ගෙන් කෙනකු වූවාට ද නිසැක යි ඔහු පඬුවස් මාලිගයෙහි හිතවතකු මෙන් පෙනී සිට ගෙන අනාගත ප්රියෝජනය සලකා මේ කුමාරයා රැක ගත් බව ද නිසැකයි.

සුදුසු කාලයෙහි බල පිරිස් කැටුව විත් පණ්ඩුකාභය කුමරු අවුරුදු කීපයක් සටන් කොට මයිලන් අට දෙනකු මරා රාජ්ය්ය ලබා ගත්තේය. මේ යුද්ධ වලදී චිත්රක රාජ ආදිහු බොහෝ ප්‍රමුඛව ක්රිතයා කළ බව සිතිය යුතු යි. ඔහුගේ බළ පිරිස ද යක්ෂර ගොත්රදයේ අය යි. මේ පිරිස රැස්කර ගැනීමට තරුණ කුමාරයාට චිත්රර රාජ ආදීහු උපකාර කළහ. ________________________________________

* උපන් දා සිට ගෙන් පිට නො ගිය චිත්රාු කුමාරි පණ්ඩුල බ්රාටහ්මණයා‍ ළඟට කුමරු යැවීමට තීරණය කිරීමත් මවිතයට හේතුවකි.


10 එළිදරව්ව

යකුන්ට මේ ගැන මේ තරම් මහන්සි වීමට ඕනෑකම කවරක් දැ යි දැන් සොයමු.

විජය පරම්පරාව කෙරෙහි ඔවුන්ගේ තිබුණු පිළිකුළ ත් වෛරයත් මීට මුල් හේතුව යි. විජය ගෙන් පලි ගන්නට ඉඩ නො ලැබුණ ත් තම ජාතියට ඔහු කළ විපත්තියට, ඔහුගේ පරම්පරාවේ අයගෙන් පළි ගැනීමෙන් යක්ෂවයන් සතුටු වුණා නො අනුමාන යි.

ඉතිහාස පොත්වල කෙසේ සඳහන් වුණත් පණ්ඩුකාභය කුමාරයා යක්ෂග ගොත්රසයේ කෙනකු විය යුතු යි. වටින් පිටින් නො කියා කෙ‍ළින් ම කියමු නම්, පණ්ඩුගාභය කුමාරයාගේ පියා චිත්ර රාජ ය යි කිය යුතු යි. මෙසේ කියන විට ම පණ්ඩුකාභය ‍ශාක්යච වංශයේ කුමාරයෙකැ යි මෙතෙක් පිළිගෙන සිටින සමහරුන් ඉක්මන් ව කොලහලයට එනු ඇති. බුදුන් ශාක්යර වංශයෙහි නිසා එයට නෑකම් කියන්නට අපේ ඇති ආශාව ත් යකුන් භයානක කොටසකැයි පවත්නා පිළිකුළත් දෙක ම මෙහිදී සැලකිය යුතු වැදගත් කරුණු නොවේ.

චිත්රාම - චිත්ර දෙදෙනා ගේ මිත්රු කම රහසින් කලක් පැවතුණාට පසු ඇය ගාමිණි කුමාරයාට පාවා දෙන්නට ඇති බව නො සිතිය හැකි ද? නීති ප්ර කාර කිය හැකි විදියට පොත් වල මෙය සඳහන් කර තිබෙතත්, කුමාරයා ස්වකීය ගොත්රිරක යෙකැ යි යකුන් සිතූ බව ත්, තමා යක්ෂ, ගොත්රිසක යෙකැ යි කුමාරයා දැන සිටි බව ත් සිතිය යුතු යි. පණ්ඩුකාභය රජ පැමිණි පසු චිත්ර් රාජ ඇතුළු යක්ෂර ප්රබධානීන්ට බොහෝ සත්කාර සම්මාන කළේ ය. විශෙෂයෙන් ම චිත්රස රාජට සත්කාර කෙළේ ය. අවු‍රුදු පතා පවත්වන සැණකෙළි උත්සවයෙහි දී චිත්ර රාජ තමාගේ දකුණු පැත්තේ සමානාසනයක ඉඳුවා ගැනීම පණ්ඩුකාභය රජුගේ සිරිතක් විය. රජ වූ පසු යකුන්ට සත්කාර සම්මාන කළ - නිරතුරුව ම ඔවුන් ආශ්ර ය කළ පණ්ඩුකාභය රජතුමා, තමාට හිතවත් ව සිටි අභය නම් මාමාට ත් මිත්රු වූ චන්ර් ක කුමාරයාට ත් අනික් හිතවතුන්ට ත් තාන්න මාන්න දෙද්දී, පියා යයි සඳහන් වන දීඝ ගාමිණී කුමාරයා ගේ නමවත් මතක් නො කිරීම පුදුමයකි. ඔහු කලින් මිය ගියා යයි කෙනකුට කිය හැකියි - එහෙත් මිය ගිය යකුන් ගේ, යකින්නන් ගේ නමට පවා කෝවිල් ආදිය කරවූ, කළ ගුණ සැලකීමේ අගය හොඳට දන්නා මේ උදාර රජ තුමා පියා වෙනුවෙන් කිසිම සිහි වටනයක් නො කිරීම පුදුමයක් නො වේ ද? එසේම මේ පියා ද, තම පුතා ගේ ආරක්ෂා්වට හෝ දියුණුවට කළ කිසිම දෙයක් ගැන සඳහන් නො වීම ද සාලකිය යුතු කරුණකි.

පොතට ම දාස නො වී මේ කරුණු පිඬු කර ගත් විට ඇතිවන නිදහස් හැඟීම නම් පණ්ඩුකාභය කුමරු ලංකාවේ මුල් පදිංචි


2 වෙනි පරිච්ඡෙදය 11

කාරයන් ගේ ගෝත්රියේ - එනම් යක්ෂි ගෝත්රනයේ කෙනකු බව යි. අප එසේ නො සිතුවත් පණ්ඩුකාභය කුමරුත් චිත්රු රාජ ආදී යකුනුත් ඒ බව හොඳින් දැන සිටියහ. පණ්ඩුකාභය කුමරුට ඒ සා විසාල ජයග්රරහණයක් ලබා ගත හැකි වූයේ එහෙයිනි.

විජය, පඬුවස්දෙව් හා ඔහුගේ දරුවෝ සිංහ ගෝත්රතයේ අය යි. හෙවත් සිංහ යෝ යි. සිංහගෙන් පැවතෙන්නන් නිසා ඔවුන් ඒ නම ලැබූහ. ලංක‍ාවේ ඒ සිංහ වංශය මුල් සිඳ දැමූ වීරයා පණ්ඩුකාභය ය. පණ්ඩුකාභය රජු කළ වැඩේ සිංහයන් ලානය කිරීමයි. සිංහයන් ලානය කිරීම නිසා සිංහල නම වූවා නම, අපේ මුල් ම සිංහලයා පණ්ඩුකාභය රජ තුමා ය. නායකයෝ සිංහල යන විරුද නමින් ඇඳින්වෙන විට ඔහු ගේ යටත් වැසි ජනතාවද සිංහල නමින් ප්ර කට විය. කුවේණිය කළ ද්රොුහි ක්රි යාවෙන් කලකිරී සිටි යකුන් ‘සිංහල’ යයි නම් පෙරළා ගැනීමට බොහොම සතුටු වූවා ද නිසැකයි.

අපේ මුල් ම සිංහල රජු පණ්ඩුකාභය බව ත් ලංකාවාසින් සිංහලයන් වූයේ එතැන් පටන් බවත් දැන් සලකා ගත හැකි යි. ________________________________________

3. පරිච්ඡෙදය. දේවානම් පියතිස්ස කාලය.

මේ පරිච්ඡෙදයෙහි අඩංගු වන්නේ, දෙවන පෑතිස් - ගැමුණු යන රජුන් අතර කාලයේදී සිදු වූ සිදුවීම් සමහරකි. පෑතිස් රජුගේ කාලය ලඞකාවාසීන්ට බුද්ධාගම ලැබීමෙන්, අභිනව ශිෂ්ටාචාරයකින්, අළුත් කළඑළියකින් සිංහල වර්ගධයා හැඩ ගැසෙන්නට ආරම්භ කළ අවධිය යි. ආගම ගැන පක්ෂකවාදි කමක් නැතුව කථා කරතත්, බුද්ධාගම ලැබීමෙන් ලඞකාවට උදාවූ භාග්යපය සිංහල‍යකුට අමතක වන්නක් නො වෙයි. බෞද්ධ නෂ්ටාවශෙෂ ටික, බෞද්ධපත් පොත් ටික,‍‍ෙබෟද්ධ චාරිත්රද ටික අයින් කර බැලුවොත් සිංහල නමින් සූර වීර වර්ග‍යක් ආදියේ මේ රටේ විසූ බව පෙන්වන්නට සෑහෙන සාක්ෂිියක් ඉතුරු නො වෙ යි. එහෙයින් බුද්ධාගම නිසා සිංහල ජාතියට නව ජීවනයක් ලැබුණේ ය යි කීමට කවුරුනුත් එකඟ වනු ඇත. එසේ නම්, ඒ ආගම පිළිගෙන, එය රටේ ආගම බවට පත් කරවීමට ක්රිනයා කළ දෙවන පෑතිස් රජතුමාගේ කාලය ගැන ආඩම්බර වීමට ත්, ඒ රජුගේ නාමයට ප්රපශංසා කිරීමටත් අපට යුතු කම් තිබේ.

එ හෙත් දෙවන පෑතිස් රජුගේ කාලයේ වූ සියලු ම සිදුවීම් අපේ වාසියට ත් ගෞරවයට ත් හේතු විය යි සිතා ගත යුතු නොවෙ යි. විමසා බලන කල එකල වූ ඇතැම් සිදුවීම් අපේ ගෞරවයට හානි කරවූ ඒවා බව කනගාටුවෙන් නමුත් කිය යුතුව තිබේ.


12 ‍එළිදරව්ව

‍ඉතිහාසය ඉගෙන ගන්නන් වශයෙන් අපි අපට වූ ලාභ ප්රවශංසා ආදිය මෙන් ම පාඩු, නින්දා ආදිය ත් දැන ගත යුතුයි. දෙශානුරාගයෙන්, අගතියට ගිය ඇතැම් ගත් කරුවන් අපට ලැබුණු ලාභ, කීර්ති ආදිය එළි පිට, ඇතැම් විට ප්රමමාණයට වැඩිකර පවා ප්රිකාශ කරතත් අපට වූ නින්දා අලාභ ආදිය ලියා තබන්නට මැළි වූ බව පෙනෙන නිසා, ඒ තැන් සොයා ගන්නට සියුම් ව පරීක්ෂාත කළ යුතුව තිබේ.

එයින් එක් තැනක් නම් තිස්ස රජුගේ දෙවැනි අභිෂෙක ය යි තිස්ස රජුගේ ප්රනථම ඔටුනු පැළඳීමේදී එතුමාට බොහෝ අගනා වස්තු ලැබුණු පව ඉතිහාසකාරයෝ කියති. මේ වස්තු ලැබූ පසු තිස්ස රජු කුමක් ද කෙළේ? ඒ අගනා වස්තු වලින් රාශියක්, ලතා - කුසුම - සකුණ යන ආශ්චය්ය්ෂා උණ රිකිළිත්, අට වර්ග්යේ මුතු ත්, තව ත් නො යෙක් වටිනා වස්තුත් දඹදිව ධර්මා ශොක රජු වෙත පඬුරු කොට යැවීම යි. ධර්මාතශොක රජ ඒ පඬුරු පිළි ගෙන, වල් විදුනාව, නළල් පට, රන් මිරි වැඩි සඟළ, මගුල් කඩුව, සේසත යන පංච රාජ කකුධ භාණ්ඩත් ගංගා නම් ග‍ඟේ ජලයත්, අභිෂෙකයට අවශ්යර තවත් නොයෙක් ද්රාව්ය් ත් තිස්ස රජුට එවමින් නැවත ත් ඔටුනු පළඳින ලෙස දැන්වීය. එ පමණක් නො වෙයි. තමාට ලැබුණු විරුද නාමයක් වූ ‘දෙවන පිය’ යන නමද තිස්ස රජුට පට බැඳ එවීය. තිස්ස රජ, අශොක රජුගේ දැන්වීම පරිදි නැවතත් ඔටුනු පැළැන්දේය. ‘දේවානම් පිය තිස්ස’ ය යි නම ද දිග් ගස්සා ගත්තේය. මේ සිද්ධිය වූයේ අශොක - තිස්ස දෙරජුන් අතර තුබුණු මිත්රම කම නිසා ය යි පොත පතේ සඳහන් වේ. එහෙත් එහි මිත්රතකමට වඩා ලොකු බල පෑමක් තිබුණු බව කිය යුතු යි. අප එසේ කියන්නේ කවර ශාක්ෂිඑ පිට ද? තිස්ස, රජ වූයේ, පියා වන මුට සීව රජුගේ මරණින් පසු ව යි. මුටසීව රජුට, අභය - තිස්ස - නාග - උත්තිය - මත්තාභය - මිත්ත - සිව - අසේල - තිර - ‍ගණ තිස්ස ය යි පුත්තු දස දෙනෙක් සිටියාහ. මේ තිස්ස ඉන් දෙ වැනි පුතා යි. සග මහලු පිළිවෙළින් හෝ යුතුකම් පරිදි හෝ රජකම ගියා නම් යා යුත්තේ, අභය යන වැඩිමල් කුමරුවාට යි. නමුත් රජ වුණේ දෙවැනි පුතා වන තිස්ස කුමාරයා යි. තිස්ස කුමාරයා - පින් - පැණ - ගුණ ආදියෙන් වැඩි හෙයින් ඔහුට රජකම ලැබිණැයි ඉතිහාස කාරයන් මෙ තැන සාධාරණය රකින්නට තැත් කරතත්, මෙයින් රජ පවුලේ භෙදයක් වූ බව නම් සැක නැත. කැළණිය - මාගම ආදි අළුත් රාජධානි හට ගැනීමට ඒ භේදය හේතු වූ බව ද සැලකිය යුතු යි. ආරක්ෂා ව උදෙසා බලවත් රජකු සහාය කර ගැනීමට තිස්ස රජුට මේ ප්ර ස්තාවයේ දී කල්පනා වෙන්නට ඇත. ඔහුට එවිට පෙනුණු බලසම්පන්න රජු නම් දඹදිව ධර්මාදශොක රජු යි. ධර්මාඑශොක රජු ලෝක ඉතිහාසයේ ශ්රෙ ෂ්ඨ රජවරුන් ස්වල්ප දෙනාගෙන් කෙනෙකි. මේ අවධිය වන විට ධර්මාශශොක රජ කලිගු




3 වෙනි පරිච්ඡෙදය 13

රට අවසන් කොට ඇති උතුරු ඉන්දියාව එක්සත් කොටදේශ දේශාන්තරයෙහි පැතුරුණු කීර්තියෙන් වැජඹුණු හෙයිනුත්, අසල් වැසි නොයෙක් රටවල රජුන් එතුමාගේ උපකාරය - ආරක්ෂාතව බලාපොරොත්තුවු හෙයිනුත්, තිස්ස රජු විසින්ද එතුමා ගෙන් පිහිට - ආරක්ෂාතව බලාපොරොත්තු වුණා විය යුතු යි. ඒ නිසා තිස්ස රජු යැවු පඬුරු, මිත්රාකම වෙනුවෙන් පමණක් නොව කප්පමක් වශයෙන් ද ගණන් නොගැනීමට හේතුවක් නැත. මේ දූත ගමනට තෝරා ගත් උදවිය, පඬුරු සමග යැව් පණිවුඩය ආදිය කල්පනා කළාම මේ බව තවත් දුරට පැහැදිලි වෙයි. ඒ පඬුරු අතර සේසත හා වල් විදුනාව පවා තුබුණු බව දීප වංශයෙහි කියැවේ. රජ කෙනකුගේ වල් වීදුනාවත් සේසතත් මිතුරු කමට තෑගි කරන වස්තු නො වෙ යි. තමා බෞද්ධොපාසකයකු වූ බව සඳහන් කරමින් ධර්මෑදූතයන් එවන්නට ද රජ තුමා ඉල්ලා සිටියේය. ධර්ම ශොක රජ තමාගේ පුත්රද භික්ෂුෙවක් ම ලඞකාවට පිටත් කරවීමෙන් පෙනෙන්නේ මේ රට කෙරෙහි ඔහුගේ තද සම්බන්ධයක් තුබුණු බව යි. මිහිඳු හාමුදුරුවනුත් එවිට ම නොපැමිණ තිස්ස රජු දෙවන වර අභිෂෙකය ලබන තුරු මාස ගණනක් දඹදිව ගත කළ බව කියා තිබෙන හෙයින් ද, ලඞකාවේ යම් යම් මත භෙද පැවැති හෙයින් ඒවා සංසි‍ඳෙන තුරු පමා වූ බව පෙනී ය යි.

අශොක රජු විසින් ‘සාහ් වාජ් ගඪියෙහි’ පිහිටු‍වන ලද ශිලා ලිපියක තමාගේ ධර්මාසඥාවන් පිළිපදිනා රටවල් කීපයක නම් අතර ලඞකාවද සඳහන්‍ වෙයි. මේ ලිපියෙහි දැක්වෙන රටවල් යම් යම් ක්ර ම වලින් ‍අශොක අජුට බල පෑ හැකි රටවල්ව තුබූ බවට ඉතිහාසය ශාක්ෂි දෙයි. අප මෙතෙක් කීයේ තිස්ස රජු විසින් ලංකාව අශොක රජුගේ අණසකට යටත් කර ආණ්ඩු කළ බවට ශාක්ෂිා යි. මේ සියල්ලට ම වඩා වැදගත් ශාක්ෂියයක් මහා වංශයෙහි ප්රාකටව ම පෙනේ. එනම්,

“ පිතරා මෙ සමාණත්තං - අභිසෙක මනුස්සවං දෙවානං පිය තිස්සො සො - මහා රාජානු හොතුව”

යන මිහිඳු හාමුදුරුවන් ගේ අදහස යි. “මපියා‍ණන් විසින් අණවන ලද දෙවන අභිෂෙකය දෙවන පෑ තිස්ස රජ තෙම අනුනව කෙරේවා” යන්න එහි සාමාන්යණ අදහස යි. තිස්ස රජුගේ දෙවැනි ඔටුනු පැළඳීම, අශොක රජුගේ ආඥාව පරිදි වූවක් බව මෙයින් හොඳාකාර පැහැදිලි වෙ යි. මිතුරු කමින් ඉල්ලා සිටීමේත් ආඥා කිරීමේත් වෙනස බොහොම ලොකු යි. දේශාභිමානය නිසාදෝ අපේ පොත් කර්තෘතන් මේ කාරණය මිත්ර කමින් සිදු වූවක් ලෙස පෙන්වා තිබේ.

මේ සිද්ධියෙන් පසුත් ලඞකාවට අගෞරව වන කරුණු කීපයක් ම සිදු වී තිබෙන බව කිය යුතු යි.



14 එළිදරව්ව

මිහිඳු හාමුදුරුවන් පැමිණීමෙන් ටික කලකට පසු ලඞකාවට බොධි ශාඛාව ගෙනා බව කවුරුත් දනිති. බොධි ශාඛාව සමග පැමිණි අශොක රජු ගේ නෑදෑයින්ට තිස්ස රජු දැක්වූ භක්තිය මිත්රඛයකු ගේ නෑයින්ට දක්වන ආදර - ප්රේබමය ට වඩා බොහොම වැඩි වූවකි. බොධි ගුප්ත - සුමිත්ත යන කුමරුවන්ට ලඞකාවේ උසස් තනතුරු දෙන ලදී. එය ස්වදේශිකයන්ට හානියක් බව කිව යුත්තක් නො වෙයි. ඔවුන්ට තනතුරු - නින්දාගම් - පටබැඳි නම් ආදිය පමණක් නොව තමාගේ ඔටුන්න ද පැළැන්දූ බව කියා තිබේ. මෙ තරම් බැගැ බවක් දැක්වූයේ අශොක රජු ගේ සිත ගැනීමට බව පැහැදිලි වේ.

ඒ සමග සැලකිය යුතු තවත් කරුනක් නම් මේ මගධයන්ගේ පැමිණීම ලඞකාවේ කුල භෙදය තරවීමට හේතුවක්වු බව යි. විජය ආදී හින්දු වරුන් විසින් මෙහි පැළ කරවූ කුල භෙද පැළෑටියට මේ පිරිස බොහොම හොඳට පෝර දැමීය. බොධියේ නා නා කටයුතු උදෙසා කුල දස අටක මිනිස්සු අශොක රජු විසින් එවනු ලැබූහ. මිනිසුන්ට මෙන් ගස්වලට ත් කුල මානය ඇති සේ ඉන්දියානු වැස්සන් සැලකුවා වෙන්නට ඇති. ඒ කෙසේ වුවත් ඒ පැමිණි අය කුල මදයෙන් අතිශයින් මත් වූ පිරිසක් බව කිය යුතු යි. තමන්ට සරණ පාවා ගැනීමට ලඞකාවේ කුලවත් කුමරියක් නැතැ යි කියා, බොධි ගුත්ත කුමාරයා එරටින් ම ආ සුනන්දා නම් සාමණෙරිය සිවුරු හරවා පාවා ගත්තේය. සුමිත්ත කුමාරයාත් මහණ වන බලාපොරොත්තුවෙන් දඹදිව සිට විත් සිටි සුමනා නම් උපාසිකාව පාවා ගත්තේය. ආගමින් බෞද්ධයන් වුවත්, හින්දු ප්රවවෙණියක් වූ කුල මදයෙන් ඔව්හු කෙතරම් මත්වී සිටියාහු ද යනු මෙයින් පෙනේ. මේ පරම්පරා දෙක නිසා පසුව ලඞකාවේ ඇති වූ අවුල් වියවුල් ද බොහෝ යි. කුල භෙදයට නින්දා කළ - ඊට පා පහර දුන් - හැම විට ම එයට පරිභව කළ ශාන්තිනායකයන් වහන්සේගේ ධර්ම ය සමග ම - උන්වහන්සේගේ ස්පර්ශවය ලත් බොධිය සමග ම, උන්වහන්සේ ගේ ආගමටම මුවහවී කුල භෙදයක් ගෙන ඊම කොතරම් නොපනත් කමක් ද?

සංඝ මිත්රාව ස්ථවිරිය මෙහි පැමිණියේ තිස්ස රජුගේ ඉල්ලීම පිට අනුලා දේවිය මහණ කරවන්නට යි. අනුලා ව මිහිඳු හාමුදුරුවන්ගෙන් බණ අසා සකෘදාගාමි ව මහණ කම බලාපොරොත්තු ව සිටියා ලු. එහෙත් ඇයට මහණවීමට වෙනත් හේතුවක් තිබුණු බව අපේ අදහස යි.

මේ බිසොව මහානාග නම් යුව රජු මැරවීමට විෂ දැමූ අඹ වගයක් ඇරියා ය. යුව රජු ළඟ සිටි ඇගේ එක ම පුතා මේ අඹ කා මළේය. තමා අතින් ම තමා ගේ පුතා මැරීමේ මේ මහත් අපරාධය නිසා ම ඇයට ගිහි ගෙය එපා වෙන්නට බැරි ද? කෙසේ වෙතත් ඈ මුල්ව ලඞකාවේ මෙහෙණි සස්නක් වූ බව සඳහන් කළ යුතු යි.


3 වෙන් පරිච්ඡෙදය 15

අළුත ලැබුණු ආගම ගැන අපේ රජුනුත් වැසියනුත් කොතරම් භක්තියෙන් වැඩ කළා ද කියතොත් ඒ නිසා ‍රටේ ආරක්ෂාමව ගැන කළ යුතු දේ පවා අතපසු කර දැමූහ. තිස්ස රජුගේ මරණින් අවුරුදු 30 ට පසු, අස් නැවියන් වන සේන - ගුත්තික යන දෙමළු දෙදෙනකුට ලඞකා රාජ්යනය ගත හැකි වූ යේ ඒ හේතුවෙනි. ඊට ටික කලකට පසු එළාර නම් සොළි දාමරිකයාට අනුරාධපුර රාජ්යවය ලබා ගන්නට ද ඉඩ ලැබුණේ ඒ නිස යි.

මේ සමීප කාලයේ කැළණියේ සිදු වූ පුවතක් ද මතක් කරමු. කැලණි තිස්ස නම් රජ නිවැරදි තෙර නමක් තෙල් කටාරමක ලා මැරවූ හෙයින් කෝපවූ දෙවියන් විසින් මුහුද ගලන්නට සලස්වා ලඞකාවේ බටහිර වෙරළේ විශාල ප්රිදේශයක් විනාශ විය යන පුවතයි. ඒ කැළණි තිස්ස රජ තෙරුන් වහන්සේ මැරවීමත්, උන්වහන්සේගේ සිරුර මුහුදට දැමීමත් සත්යණ විය හැකි යි. එ කල ම මේ මුහුදු ගැලීම සිදු වුණා ද විය යුතු යි. එ හෙත් එය දේව කෝපයෙන් වුවකැ යි පිළි ගැනීමට ඉක්මන් නො විය යුතු යි. රජු ගේ අපරාධයත්, මුහුද ගැලීමත් එක ළඟදීම වූ විට ශ්රනද්ධාවෙන් සීමාන්තික වූ, ආගමික හැඟීම් බොහෝ උසස් ව තුබුණා වූ කාලයෙක එය දේව කෝපයකැ යි කියා පාන්නට හොඳටම ඉඩ තිබේ. රජු කළ අපරාධය කිසි වැසියෙක් අනුමත කළ බවක් දැනගන්නට නැත. එසේ නම් මෝඩ රජකු කළ අපරාධයකට, නිරපරාධ මිනිසුන් දහස් ගණන් මරවා දමන දෙවියා හොඳ සිහිය ඇත්තකු නො විය යුතු යි. එක් අපරාධයක පළිගැනීමට තවත් අපරාධයක් කරන අය මිනිසුන් අතර මෙන් ම දෙවියන් අතරත් ඉඳිත් නම් කනගාටුවක් නො වේ ද? කැලණි තිස්ස රජ දෙවියන් සැනසීම සඳහා සිය දූ කුමරිය මුහුදට බිලි කෙළේය. එහෙත් දෙවියන් ඒ බිල්ල පිළිගත්තේ නැත. එය පිළිගත්තේ මාගම කාවන් තිස්ස රජු යි. ඇය උපද්රබවයක් නැතු ව පා වී ගොස් මාගමට පැමිණි බව කියති. ජාතිය උදෙසා කැමැත්තෙන් මුහුදු බත් වන්නට ඉදිරි පත්වූ ඒ වීර දෙවියන්ගේ නමට ස්තුති වේවා!

කාවන්තිස්ස කුමාරයා කලක් තම පියාත් සමග කැළණියේ පදිංචිව සිටි තැනැත්තෙකි. ඔහුට ම මේ කුමාරිය අසුවීම ආශ්චය්ය්ි ත සිද්ධියක් නො වේ ද? මෙ බඳු ආශ්චය්ය්ුමා දේ සිදු නො වන්නේ නැත. එහෙත් කලින් පැවැති නෑ කමත් - මිත්රු කමත් පිට රැඳි සිටි කාවන්තිස්ස කුමාරයා විසින් අවස්ථාව බලා කුමරිය කැඳවා ගෙන ගියා නො විය හැකි ද? කළු ග‍ඟේ මනමාලිගේ තොටුපල නමින් ප්රිසිද්ධ ස්ථානය ගැන ද මීට සමාන කළ හැකි පුවතක් ඇත්තේ ය.

දේව කෝපය ඔප්පු කිරීමට කියන තවත් පුවතක් නම් කැළණි තිස්ස රජු මුහුදු ගැලීම බලන්නට යෑමේ දී ඇතුන් සමග පොළොවට ගිලී ගියේ ය කියන පුවත යි. මේ ස්ථානය කොළඹ - මීගමු පාරේ



16 එළිදරව්ව

මාබෝලේ කිට්ටුව කෙරගෙ පොකුණ නමින් දැන් මිනිසුන් ව්යගවහාර කරන තැන යයි කියති. කිරි - (එනම් ඇතා) - ගිය පොකුණ - කෙරගෙ පොකුණ වී ය යි නිරුක්තියක් ද පාති. ගොන්ගිතොට නම් ප්රයසිද්ධ හැල් බිම මීට වඩා දුර නැති හෙයින් එකල මේ පෙදෙස ද හැලක් ව තිබී ඇතු ගිලුණා විය හැකි යි. අළුත වතුරෙන් යටවී තිබුණු පෙදෙසක මෙසේ ගිලීයෑම පුදුමයක් නොවේ.

මේ මුහුදු ගැලීමෙන් විනාශ වූ භූමි ප්රපමාණය ඇදහිය නො හැකි තරම් මහත් කොට පෙන්වා තිබේ. පටුනු ගම් ලක්ෂරයකුත් - මසු මරන්නන්ගේ ගම් 970 කුත් මුතු කිමිදින්නන් ගේ ගම් 470 කුත් ගිලී ගිය බව රාජාවලි කාරයා කිය යි. කුඩා දිවයින් හතරක් හා පටුනු ගම් තිස්පන්දාස් පන්සිය හතරක් ගිලී ගිය බව අන් සමහර පොතක සඳහන් වේ. එකල කැලණිය මුහුදට සත් ගව්වක් ඈත බව ද කියා තිබේ. ලඞකාවේ හතරෙන් තුනක් පමණ විනාශ විය කියන මේ විපත් ප්රාමාණය එකල භූමි සිතියමක් නැති නිසා තේරුම් ගැනීම අමාරු නමුත් විජය කුමරු ගොඩබට තම්මැන්නාව, පඬුවස් කුමරු ගොඩබට කම්මල් තොට, කච්චානා කුමරිය ගොඩබට ගෝනගම් පටුණ යන තැන් දැන් තිබෙන ඒ තැන්වලට වඩා වැඩි වෙනසක් නැතුව එකලත් තිබුණ බව පෙනෙන බැවින් මේ කියන තරම් විශාල විනාශයක් වී යයි සිතිය නොහැකි යි.

ඒ කොයිහැටි වෙතත් මුහුදු ගැලීම දැනටත් සිදු වේ. ලඞකාවේම ඇතැම් මුහුදු බඩ බිම් මූදු කෑමෙන් විනාශ වන බව දැනුත් වෙනෙයි. ඇතැම් දූපත් සහ මුලින් ම මුහුදට ගිලී යන බවද අසන්නට ලැබේ. ඒ දේව කෝප නොව භූමි කම්පා ආදී මහා භූත විපය්යාවද සයෙන් වන දේවල් ය. ________________________________________

4. පරිච්ඡෙදය. ගැමුණු රජ කාලය

මේ පරිච්ඡෙදය දුටු ගැමුණු රජු ගැන ය. මීට අවුරුදු 2100 කට කලින් ලඞකාවේ රජ කළ මේ රජ තුමා, අපේ වීරයන් ටික දෙනා අතර ගැනෙන ශ්රෙවෂ්ඨයෙකි. සොළී සතුරන් ගෙන් රට මුදා ගත් මහා වීරයකුවූ මෙ තුමා ගේ නම පමණ ගෞරවයෙන් සිංහලයන් විසින් නිතර නිතර සිහිකරන තවත් රජ කෙනකු ගේ නමක් ඇතැයි නො සිතමු. එසේම මේ රජුගේ චරිතය ගැන පමණ, අනික් රජෙකුගේ චරිතය ගැන සාමාන්යි මහ ජනයා නොදන්නා බවද කිය හැකි යි. මෙ තුමාගේ ජීවිතයේ ප්රසසිද්ධ කරුණු කවුරුනුත් පාහේ දන්නා හෙයින් ඒවා නැවත නැවත කියන්නට නොගොස් එහි විමසිය යුතු කීප තැනක් ගැන පමණක් අපි කතා කරමු.


4 වෙනි පරිච්ඡෙදය 17

මුලින්ම මෙතුමාගේ නාමය ගැන විමසා බලමු. දෙමව් පියන් මේ කුමරාට තුබුයේ ගාමිණී අභය යන නමයි. පසුව ‘අභය’ නම ව්යාවහාරයෙන් බැහැර ගොස් ‘ගාමිණී’ හෙවත් ගැමණු යන්න ඉතිරි විය. ගාමිණි යන නම තුබුයේ මාගම නායක කම සලකා ගෙන බව පොත් වල සඳහන්ව තිබේ. ගාමිණී යන්නෙහි තේරුම ‘ගම්ප්රතධානියා’ යන්නයි. කුමාරයා තරුණ අවධියෙහිදී පියා කෙරෙහි කිපී පලා ගිය හෙයින් ඔහුගේ නමට ‘දුෂ්ට, යන උප පදය ඈඳා ‘දුෂ්ට ගාමිණී’ හෙවත් දුටු ගැමුණු යන නම ව්යනවහාර වී යයි කියති. දැන් එහි අර්ථුය ගැන විමසීමක් නො කරතත් ‘දුෂ්ට’ යන්න හොඳ නමක් නොවෙයි. කාලාන්තරයක් පවතින මෙබඳු නරක නමක් පට බැ‍ඳෙන්නට මේ කුමාරයා කළ දුෂ්ටකම කුමක් ද? එළාර රජු සමග සටනට යෑමට අවසර නුදුන් නිසා පියාට ස්ත්රීළ ආභරණයක් යැවීමත්, එයින් පියා කෝප වූ විට කොත්මලයට පැන යෑඹත් පමණ යි. පියාට ස්ත්රීත ආභරණයක් යැවීම ඇත්තෙන් ම හොඳ වැඩක් යයි අපි නො කියමු. නමුත් එය දුෂ්ට කමක් නම් නො වෙ යි. යුද්ධ කාමී කමිනුත්, තරුණ කමිනුත් නො ඉවසිලිමත් ව කළ සරදමක් පමණකි. මේ යුද්ධ කාමී කම ඉබේ ඇතිවුණු එකක් නො වෙයි. මෑණියන් - විහාර මහ දේවීන් - විසින් ඇති කරවූවකි. විහාර දේවී සිය ස්වාමියා ලවා එළාර රජුට විරුද්ධව යුද්ධයක් උපදවන්නට නොයෙක් විට උත්සාහ කළ බව රහසක් නො වෙයි. වතාවක් ඈ, එළාර රජුගේ ප්රබධාන යෝධයා ගේ ඉස කැපූ කඩුව සෝදා දිය බොන්නට දොළ දුකක් ගත්තේ ත් ‍මේ අදහස ඇතුව විය යුතු යි. ඒ අදහස් හරි නො ගිය ඕ ගැමුණු කුමාරයා තුළ යුද්ධකාමී කම කුඩා කාලයේ සිට ම ඇති කැරැවුවා ය. එයින් උමතු වූ කුමාරයා පියාට ස්ත්රීේ ආභරණයක් යැවීමෙන් සරදම් කෙළේය. ඉතින් මේ සරදම, නැත්නම් අකීකරු කම ‘දුෂ්ට’ යන්න පට බැඳීමට සුදුස්සක් ද? ඇත්තෙන් ම නැත. පියන් මැරූ, සහෝදරයන් මැරූ, භික්ෂූඳන් මැරූ, වෙනත් දුෂ්ට අපරාධ කළ රජුන් ලංකාවේ සිටි නමුත් ඒ එක් කෙනකුට වත් දුෂ්ට යන නම පට බැඳී නැත. අපේ අදහස නම් මෙතුමාගේ නාමය ‘දෙටු ගැමුණු’ කියා යි. ගාමිණින් ගේ ජ්යෙඅෂ්ඨයා නිසා ‘දෙටු ගැමුණු’ යයි නම ලබා පසුව සුඛොච්චාරණ හේතුවෙන් ‘දුටු ගැමුණු’ යයි වෙන්නට බැරි ද? එය වඩා සුදුසු නැද්ද? මහාවංසය ලියන කාලයේ ඇතැම් විට මේ ‘දුටු යන පදය දුෂ්ට යයි විවරණ කළා විය යුතු යි. ගල් ලිපිවල ගැමිණී අභය යන නම පමණක් තිබේ.

පියා ගේ කෝපය නිසා කොත්මලයට පැන ගිය කුමරු එහි කොටකේ පිටියේ ගම් ප්රිධානියකු ගේ දුවක සරණ පාවා ගෙන ගොවිතැන් කරමින් අප්රෂකට ජීවිතයක් ගත කෙළේය. පියා ගේ 2




18 එළිදරව්ව

මරණින් පසු මාගමට පැමිණ රජ කම ලබා ගෙන, රට සශ්රීනක කළේය. සෑහෙන පමණට රට සුභික්ෂට වූ පසු විශාල බළ පිරිසක් කැටුව එළාර රජුට විරුද්ධව යුද පිණිස පිටත් විය. යුද සෙනග කැටුව භික්ෂූසන් පන්සියයක් ද කැඳවා ගෙන යෑමෙන් ගැමුණු රජු ගේ රාජමායමෙහි සූර කම් පැහැදිලි වෙයි. ගැමුණු රජුට විපක්ෂ ව ආවෝ දෙමළ භටයෝ පමණක් නො වෙත්. එළාර රජුට අතිශයින් හිතවත් ව රජ රටෙහි සිටි දහස් ගණන් සිංහලයන් ද ගැමුණු රජුට විරුද්ධව ආ බව නිසැක යි. “මාගේ මේ වෑයම රජ සැප පිණිස නොවේ, බුදුසස්න වඩවනු පිණිස ම ය. එහෙයින් මගේ සේනාවගේ ඇඳුම් ගිනි මෙන් බැබැළේවා” යි ගැමුණු රජ වරක් සත්ය. ක්රි්යා කළ බව සඳහන් ව තිබේ. මෙ බඳු සත්යග ක්රිනයාවක් අවශ්යට වූයේ, සිය සෙනග, නො හැඳින ස්වකීයයන් ම මරන්නට වූ අවස්ථාවක් ය. සතුරන් වෙන් කර අඳුනා ගත නො හැකිවූයේ, ඔවුන් සිංහලයන් වූ නිසා බව හොඳින් ම පැහැදිලි වෙයි. භික්ෂු පිරිසක් පෙරටු කොට ගෙන යෑම, මේ යුද්ධය ආගම නිසා කරන එකකැයි හැඟවීමට ත් සතුරු පක්ෂුයට බැඳුණු සිංහලයන් නමා ගැනීමට ත් කදිම උපායක් වූවා නිසැක යි.

ගැමුණු රජු විසින් සාර මසක් පමණ යුද කොටත් අල්ලා ගත නො හැකිවූ අඹතොට දෙමළ ප්රුධානියා අල්ලා ගත්තේ මෑණියන් විවාහ කර දෙන ආකාරයක් දක්වා ප්රළයෝගයෙනි. ගැමුණු රජ කොතරම් උපාය දක්ෂකයෙක් දැයි මිනුත් පැහැදිලි වෙ යි. සේනා බලයෙන්, උපා බලයෙන් යුක්ත ගැමුණු රජ විජිතපුර සටනින් දෙමළ බලය මැඬ පවත්වා අනුරාධ පුරයට පැමිණ ද්වන්දල යුද්ධයෙන් එළාර රජු මරා ලංකාව එක්සත් කෙළේය. එළාර රජුගේ මෘත ශරීරයට කළ මහත් ගෞරවයෙන් ගැමුණු රජුගේ මහාත්මතාව මොනවට ප්රරකාශ වෙ යි. රජ වූ පසු එතුමා රටේ ත්, ජාතියේ ත්, ආගමේ ත්, දියුණුවට කළ වැඩ රාශියකි. වැව්, අමුණු ආදිය කරවා ගොවිතැන් දියුණු කරවීම, ආරොග්ය් ශාලා, සුතිකාගාර ආදියෙන් ජනයාගේ නීරෝගි භාවය සැලසීම, විශාල ආගමික ගොඩ නැගිලි තැනවීම ආදියෙන් එතුමාගේ පාලනය රටට හැම අතින් ම ප්ර යෝජනවත් වන විධියට කටයුතු කළේය.

එතුමා කළ වැඩ වර්ණානා කිරීමේදී අපේ පොත් කර්තෘනන් කළ මෝඩ කම් ගැන ද නො කියා නො හැකි යි. ඉන් එකක් නම්, දිව්යෘ ලෝකයෙන් ගෙනා සැලැස්මක් අනුව ලෝවා මහා පාය කළහ යි කීම යි. දිව්යෘ ලෝකයෙන් පැලෑනක් ගෙනැවිත් ලෝවා මහ පාය තැනූ බව කීම, කොළඹ සාප්පුවකින් රෙද්දක් ගෙනැවිත් ඇඳුමක් මැහුවා ය, කීමටත් වඩා පහසුවෙන් විශ්වාස කරන්නෝ අප අතර සිටිති. දිව්ය ලෝකයේ විශාල මන්දිවර එමට තිබෙන බව කියද්දී




4 වෙනි පරිච්ඡෙදය 19

භරණි නම් දුප්පත් දෙවඟනකගේ ගෙයි සැලැස්ම මෙ සඳහා ගැනීමෙන් ගැමුණු රජුට කර තිබෙන්නේ කවට කමකැයි නො කිව යුතු ද? හොද්ද රස කිරීමට පැණි දැම්මාක් මෙන්, විස්තරය රස කිරීමට මේ දිව්යද ලෝක කථාවක් ඈඳීමෙන් ගැමුණු රජුටත්, එකල සිටි දක්ෂර ශිල්පීන්ටත් කර තිබෙන්නේ මහත් මදි කමක් බව කිය යුතු ය.

දුට‍ු ගැමුණු රජුගේ උසස් ම ආගමික ගොඩ නැගිල්ල රුවන්මැලි සෑය යි. මෙය ලඞකාවේ ශ්රෙැෂ්ඨතම දා ගැබ යි. ථූපවංශය රචනා කරන ලද්දේ මේ දා ගැබ ගොඩ නැංවීම කථා ශරීරය කොට ගෙන යි. මහා වංශයේ ද, වෙනත් නොයෙක් පොත්වල ද මේ දා ගැබ ගැන විස්තර බොහෝ සෙයින් පෙනේ. ඒ විස්තරවල අන්දමට, දා ගැබ බැඳීමට ඕනෑ කළ ගඩොළු සියල්ල ශක්රනයන් ගේ නියෝගයෙන් විශ්වකර්මම දෙවියන් විසින් නුවරට උතුරු දිග කැලයක මැවූ බව පෙනෙ යි. රන්, රිදී, තඹ, මුතු, මැණික්, ආදී වස්තුත් මෙ සේ ම ඉබේ පහළ වූ බව කියා තිබේ. මේ විධියට සියල්ල ඉබේ පහළ වුණා නම්, එක්කෝ දෙවියන් විසින් මවා දුන්නා නම්, රුවන්මැලි සෑයක් බැඳීමට ගැමුණු රජු වැනි සුරවීරයෙක් ඕනෑ ද? යන එන මං නැති නිවටයකුට ත් එය කළ හැකි යි. අනෙක් අතට, දෙවියන්, එක තැනක ගඩොළුත්, තව තැනක මුතු මැණික් ආදියත්, මව මවා විහිළු නො කර එක පාරට ම දා ගැබ මැව්වා නම් කොතරම් අගේ ද? උසස් කමින්, පූජනීය තත්වමයෙන් අඩු වුණත්, ප්ර මාණයෙන් රුවන්මැලි සෑයට වඩා විශාල දා ගැබ් දෙකක් ම අනුරාධ පුරයේ තිබේ. අභය ගිරිය හා ජේතවන යන දෙක යි. ඒ දෙක කළ, වළගම්බා මහසෙන්, යන රජුන් දෙදෙනාම ගැමුණු රජු පමණ දක්ෂ.යෝ නො වෙත්. ඔවුන්ට ඒ දා ගැබ් තැනීමට දෙවියන්ගෙන් එක ගඩොළක් පමණවත් ලැබුණු බවක් සඳහන් නො වෙයි. ගැමුණු පමණ සූර - වීර නො වූ වළගම්බා මහසෙන් යන දෙදෙනාට දෙවියන්ගේ පිහිට නැතිව රුවන්මැලි සෑයට වඩා ලොකු දා ගැබ් බැන්ද විය හැකි වුණා නම්, දුටු ගැමුණු රජුට එසේ බැර‍ි වූයේ ඇයි? මේ නම්, අපේ ග්රින්ථන කර්තෘමවරු පින් බලය මහත් කර පෙන්වන්නට ගොස්, කීර්තේතිමත් රජකුටත්, ශ්රෙ‍ෂ්ඨ සිංහල ශිල්පීන්ට ත්, කළ මහත් නින්දාවක් බව කනගාටුවෙන් කිය යුතු යි.

රජකු වශයෙනුත් - වැසියකු වශයෙනුත් රටට උදාර මෙහෙයක් කළ ගැමුණු රජ, සූවිසි වසක් රජකම් කොට පරලොකප්රාටප්ත වුණේ ය. එතුමා ත් එතුමාගේ නෑයනුත්, අනාගතයේ මෛත්රීප බුදුන්ගේ ශාසනයෙහි උසස් තනතුරු ලබන බව අපේ පුරාණ ග්ර,න්ථත කර්තෘපවරයෝ කියති. මේ තනතුරු නියම කිරීමේ අක්රබමතාවන්





20 එළිදරව්ව

පෙනෙතත් - ඒවා ඔවුන් ගේ මතිමාත්ර යක් බව පැහැදිලි වෙතත්, - දුටු ගැමුණු රජු වෙත පැතිරි මහත් භක්තියෙන් කරන ලද්දක් බැවින් ඔවුන්ට පරිභාස නො කරමු. මහ ජනයා මේ රජුට කොපමණ ආදරයක් දැක්වූවා ද යන්නට එයත් ශාක්ෂි යකි.

‘මාරාන්තික රෝගයකින් ගිලන්ව මළේ ය’ යන්නට වැඩි විස්තරයක් මෙතුමාගේ මරණය ගැන ග්ර්න්‍ේ යන්හි සඳහන් නො වෙ යි. එහෙත් ජනකථාවෙක එන පරිදි එතුමාගේ මරණය වූ පරිදි මඳක් විස්තර කළ හැකි යි.

රුවන්මැලි සෑය තනන කාලයේ එය වැඳ පුදා ගැනීමට දිව්යක නාගයන් එන සිරිතක් පැවතුණේය. දිනක් රාත්රිමයේ මළුවට ගිය ගැමුණු රජට මෙසේ පැමිණි නාග කන්යායවන් දෙදෙනෙකු හමු වී ඔවුන්ගේ රූප සෞන්දමර්යසයෙන් මත් වී ඔවුන් අල්ලා ගත්තේ ය. කෙසේ නමුත් රජුගෙන් ගැලවී ගත් ඒ නාග කන්යාජවෝ නාග ලෝකයට ගොස් මේ පුවත තමන්ගේ පියාට සැලකළ විට, කෝපයෙන් උමතු වූ ඔහු නාග වේශයක් රැගෙන විත් රැක සිට රජු දෂ්ට කෙළේය. දෙවතාවක් ම දෂ්ට කළ නමුත් රාජ වෛද්යෙයා විසින් පිළියම් කොට රජ සුවපත් කරන ලදී. ඉන් පසු නා රජ මිනිස් වෙසින් අවුත්, විශ්රා ම ශාලාවකදි රාජ වෛද්ය යා හමු වී කථාවට වැටුණේය. මෛද්යයයා තමාගේ සමර්ථරකම් කියමින් මෑතදි රජුට දෙවරක් නයින් දෂ්ට කළ හැටිත්, තමා සුවපත් කළ හැටි ත් විස්තර කළා ම ‘සුව කළ නො හැකි ලෙස නයින් දෂ්ට කරන්නේ නැද්දැ?’ යි ආගන්තුකයා ඇසී ය. ‘මාසේ පෝය දිනක, වම්පය මාපටැඟිල්ල දෂ්ට කළොත් සුව කරන්නට බැරිය’යි වෙදරාළ කීවිට ඒ අසා ගත් දිව්ය නාගයා එසේ රැක සිට දෂ්ට කිරීමෙන් රජු ගේ මරණය සිද්ධ වී ය. මේ ජන කථාවේ සාරාංශය අපි ලුහුඬින් කියමු. නාග ගෝත්ර යේ මනුෂ්යවයෝ ස්වභාවයෙන් ම මානාධික කොටසකි. ගැමුණු රජ ඒ වර්ගයයේ කාන්තාවන් දෙදෙනෙකුට සරදම් හෝ හිරිහැර හෝ කෙළේ ය. එයින් කෝප වූ ඔවුන්ගේ පියා විෂ පෙවූ හීයකින් විද රජු මැරීය.

‘දුටු ගැමුණු රජු ගේ බිසොව කවරීදැ?’යි බොහෝ දෙනා ප්ර්ශ්නකරති. අන්තඃපුරයක් එතුමාට තිබුණු නමුත් අගබිසොවකගේ නමක් සඳහන් වී නැති. ගැමුණු කුමාරයා තරුණ කාලයේ ගිරි දනව්වෙහි අභය නම් මාමා කෙනකු ළඟ කලක් නතර වී සිටි බවත් ඔහු ගේ දියණිය වූ ‘අනුලා’ නම් කුමරිය ආවාහ කර ගත් බවත් ඇතැම් තැනෙක සඳහන් වෙ යි. මේ අවධියේ ජාතිගොත්රල සම්බන්ධර ව රජුන් අතර අසමගියක් ඇති වී ගිරි අබා රජු වෙන පෙදෙසක පදිංචියට ගිය බව කියන නමුත්, මේ අසම



4 වෙනි පරිච්ඡෙදය 21

ගිය වූ යේ කවුරුන් අතර දැ යි පැහැදිලි කර දී නැත. පසුව කාවන්තිස් රජ, ගැමුණු කුමරු ගෙන්වා ඔහුට මාගම ආංඩු කිරීමට පවරා සේරුවිල චෛත්යපය ගොඩ නඟන්නට ගිය බව පෙනෙ යි. ඉන් පසු අනුලාව ගැන සඳහන් නොවීමෙන් ගැමුණු කුමරු ඇය මාගමට කැඳවාගෙන නො ගිය බව සිතිය හැකියි. පසුව පියාට භයින් කොත්මලයට ගිය ගැමුණු කුමරා එහි කොටකේ පිටියේ ඌරු පැලැල්ලේ ගම්මැහේ ගේ දියණියක පාවා ගෙන විසූ බවත් මාගම රජ වූ පසු ඇය ත් එහි කැඳවා ගත් බවත් ජන කථාවල සඳහන් වෙ යි. එසේ නම් ගැමුණු රජ තමා දුප්පත් අවධියේ දී පිහිට වුණු භාර්යා ව අමතක නො කළ උදාර පුරුෂයෙක් විය යුතු යි. ගැමුණු රජුගේ පුත්රණයා පසු කාලයක කර ගත් හිතුවක් කාර විවාහයට, ගැමුණු රජු කෙළින්ම විරුද්ධ නො වූයේ ත් තමා ගේ බිසොව මෙ බඳු අප්ර්කට කාන්තාවක් නිසා විය හැකි යි. එහෙම නම් එබඳු අප්රරකට කාන්තාවක් දුටු ගැමුණු රජු ගේ බිසොව මෙන් අඳුන්වාදීම අපේ ඉතිහාස කර්තෘමන්ගේ කුල මානයට මදි කමක් නිසා‍ දෝ ඇගේ නමත් - ගොතත් අපට දැන ගන්නට නො තැබුවා විය යුතුයි. එක්කෝ ඈ බිසොවක සේ අභිෂෙක නො ලැබුවා විය යුතුයි.

දුටු ගැමුණු රජු ගේ මරණින් පසු රජ පැමිණියේ එ තුමාගේ සහෝදර තිස්ස කුමාරයා යි. ගැමුණු රජුට ‘සාලිය’ නම් පුත්රායෙකු සිටි බවත්, ඔහු, චණ්ඩාල ස්ත්රිකයක සරණ පාවා ගත් බැවින් රජ කම හිමි නොවූ බවත්, පොත් පත්හි සඳහන් වෙයි. දුටු ගැමුණු රජුට ‘සාලිය’ නම් පුතකු සිටි බවත්, ඔහු අශොකමාලා නම් චණ්ඩාල ස්ත්රිදයක සරණ පාවා ගත් බවත් සැබැවකි. එහෙත් ඔහුට රජකම නො ලැබුණේ ඒ නිසා ය යි කීම බොරුවකි. ‘චණ්ඩාල ස්ත්රි යක් පාවා ගැනීම නිසා සාලිය කුමරුට රජ කම ලැබුණේ නැත” යන්න ආලයෙන් උමතු වූ තරුණයන් බිය වැද්දීමට පශ්චිමයන් තනා ගත් කතාවකි.

ගැමුණු රජ තුමා පුතා ගේ හිතුවක්කාර ක්රි්යාව ඇසූ හැටියේ නම් අමනාප වූ බව සැබැයි. එහෙත් කාරණය පරීක්ෂාන කොට නැවත ඔවුන්ගේ ගෙට ගොස්, අතිශයින් ම පැහැදී, ඒ චණ්ඩාල කාන්තාවගෙන් ආහාර පාන සංග්රනහ ලැබූ බවත්, රජු විසින් ම ඔවුන් දෙදෙනා චාරිත්රාානුකූලව සරණ බන්ධ නයට පත් කරවා, ආශීර්වාද කළ බවත්, සාලිය කුමරුට කලින් දී තුබුණු තනතුරු එසේ ම ස්ථිර කොට වැඩිපුර දායාද ආදිය දුන් බවත් සවිස්තරව පොත් හි පෙනේ. එසේ නම් සාලි රාජ කුමාරයාට රජ කම නොලැබුණේ ඇයි? එකල රාජ චාරිත්රනයේ හැටියට රජ කමේ උරුමය තිබුණේ පියාගෙන් පුතාට නොව සහෝදරයාගෙන් සහෝදරයාට යි. එකල සිරිතේ හැටියට සාලිය කුමරු රජකම ලැබිය යුත්තේ තිස්ස රජු ගේ




22 එළිදරව්ව

මරණින් පසු ය. තිස්ස රජුගෙන් පසුවත් සාලිය කුමරු රජ නොවූයේ ඇයිදැ යි මෙහි දී ප්රයශ්නයක් නැගෙ යි. එකල සාලිය කුමරු ජීවත් ව නොසිටියා හෝ තිස්ස රජු ගේ මරණයෙන් පසු රජ පවුලේ අරගලයක් ඇති වූ බව පෙනෙන හෙයින් ඊට මැදහත් නොව වාන් ජීවිතයකට එතුමා කැමැති වූවා හෝ විය හැකියි. ________________________________________

5. පරිච්ඡෙදය. වලගම්බා රජ කාලය.

මේ පරිච්ඡෙදයෙන් කියවෙන්නේ වළගම්බා රජු ගේ කාලය ගැන යි. වළගම්බා රජු නම්, සුප්ර සිද්ධ ගැමුණු රජුගේ සහෝදර තිස්ස රජු ගේ බාල පුත්රසයා යි. විමසිය යුතු - දැන ගත යුතු - වැදගත් සිදුවීම් කීපයක් නිසා මේ රජුගේ කාලය ගැන කාගේත් සැලකිල්ල යොමු විය යුතු යි.

පියා ගේ මරණින් පසු වැඩිමහලු සහෝදරයන් අතර හටගත් ආරාවුල් නිසාත්, එයින් රටේ හටගත් නො සන්සුන් කම නිසාත් බාල කාලයේ දී ම මේ කුමාරයා මෑණියනුත් සමග නගරයෙන් පිටවී ගොස්, වළගම නමැති ප්ර දේශයේ විසුම් ගත් බව පෙනේ. අභය නමැති මේ කුමාරයා වළගම් - අභය නම ලැබුයේ මේ හේතුවෙනි. දිළිඳු තත්ව යෙන් වෙස්වළා සිටි මෑණියන් විසින් එහිදී ඉතා දුකින් කුමාරයා වැඩූ බව ජන කථා වලින් පෙනෙ යි. තමා ළඟ ම වැඩිමල් සොහොයුරු වූ නාග රජු රත්තක නම් සෙනෙවියා විසින් මරන ලද බව දැනගත් තරුණ වළගම්බා කුමාරයා අනුරාධ පුරට ගොස් රත්තක සෙනෙවියා මරවා රජකම ලබා ගත්තේ ය. මෙය වූයේ ක්රිරස්තු වර්ෂායෙන් යට 103 පමණේ දී ය. එ තුමා රජ පැමිණි පස් මසක් ගත වූ තැන, දකුණු ඉන්දිවයාවේ පඬි රටේ දෙමළ ප්රපධානීන් සත් දෙනෙක් යුද පිණිස පැමිණියාහ. එකල රටේ අසවන් සලකා ගත හැකි යි. ඒ එක්කම ලංකාවේ ම දකුණේ පදිංචි ව සිටි තිස්ස හෙවත් තිය නම් බමුණෙක් ද මහත් පිරිසක් කැටුව රජුට විරුද්ධව ආය.

“ අප දෙදෙනාම මේ රටේ උදවිය යි. ඒ නිසා එය බෙදා හදා ගැනීම අපට ටිකක් සැනසිල්ලේ කළ හැකියි. නමුත් අප දෙදෙනාගේ ම සතුරන් වූ දෙමළුන් පලවා හැරීම ප්රේථමයෙන් කළ යුතු නොවේදැ?”යි කියා වළගම්බා රජ තිස්ස බමුණා දෙමළුන්ට විරුද්ධ ව සටනට යැවුවේ ය. රජුගේ උපායට අසු වූ බමුණා දෙමළුන් ‍සමග යුදට වැද මැරුම් කෑවේ ය. මෙයින් දෙමළ බලය දුර්වදල වේ ය යි රජු කල්පනා කළ නමුත් එසේ වූයේ නැත. වළගම්බා රජ දෙම



5 වෙනි පරිච්ඡෙදය 23

ළුන් සමග සටන් කොට පැරදී පලා ගියේ ය. දෙමළුන් සත්දෙනගෙන් එකෙක් ර‍ජුගේ බිසොව වූ සෝමා දේවිය ද, තවෙකෙක් පාත්රාග ධාතුව ද ගෙන ආපසු ගිය නමුත් ඉතිරි පස්දෙනා එක එකා මරමින් තුදුස් අවුරුද්දක් ලංකාව ආණ්ඩු කළහ. ගැමුණු රජු විසින් එක්සත් කර තිබුණු මේ රට එතුමා මැරී අවුරුදු 33 ක් යන්නට පෙර මෙසේ සතුරන්ට අසු වූයේ මන් ද? එකල සිටි රජවරුන් ආගමික වැඩවල යෙදුණු තරම් ඕනෑ කමින් රටේ ආරක්ෂාණව ගැන කල්පනා නො කිරීම, විශාල ධන වියදමින් විහාර - දාගැබ් ආදිය තැනීම හා ලක්ෂා ගණන් ධනය නිධාන ගත කිරීමත් නිසා රටේ පැවැති ධන පරිහාණිය - ස්වදෙශිය බලවතුන් අතර පැවතුණු අසමගිය ආදිය නිසා ය.

මායා - රුහුණු දෙ ‍රටේ තුදුස් වසක් සැඟවී සිටි වළගම්බා රජ සේනා රැස් කොට ගෙනැවිත් අන්තිමට රජ කළ දාඨිය නම් දෙමළ රජු මරා නැවත රජ කම ලබා ගෙන අවුරුදු දොළසක් රාජ්යාය කොට පරලොක ප්රාතප්ත වූයේ ය.

මෙ තුමාගේ කාලයේ වූ එක් සිද්ධියක් නම් එතෙක් සමගිව විසූ, ලංකාවේ සඞඝයා අතර භෙදයන් හට ගැනීමයි. මෙය වූයේ මෙසේ යි. වළගම්බා රජු වනගත ව සිටි කාලයේ එතුමාට බොහෝ උපකාර කළ මහා තිස්ස නම් තෙර නමක් වූහ. රජුටත් - රටටත් බලවත් ආලයක් ඇති මෙතුමා, ඒ කාලයේ රජු ආරක්ෂාූ කිරීමට ත් දෙවන වර රජ කම ලබා දීමට ත් අප්රමමාණ උපකාර කළේ ය. ඒ බව සැලකූ රජතුමා අභයගිරි විහාරය තනවා උන්වහන්සේට පිදී ය. ඒ විහාරය දැන් නැතත් ඊට සම්බන්ධර වූ අභයගිරි දා ගැබ තවම ත් දකින්නට පුළුවනි. රුවන්මැලි සෑයට උතුරු දිගින් පිහිටි; බොහෝ දෙන විසින් ජේතවන නමින් අඳුන් වන දා ගැබ මෙ ය යි. විශාල භූමි ප්රෙදෙශයක් වසා ගෙන අසල පැතිර සිටින නෂ්ටාවශෙෂ රාශිය ඒ විහාරයේ ප්ර මා‍ණය දැනුත් පෙන්නා දෙයි. රජුගේ මහත් සැලකිල්ල නිසා තිස්ස තෙර ඇතැමකුගේ ඊර්ෂ්යාලවට ද භාජන වුණා නිසැකය. ඇමැතියන් විසින් ද නොයෙක් විහාර කරවා මේ තෙරුන්ටත් එතුමා ගේ අනුගාමික යන්ට ත් දෙන ලදී. මෙයින් මහා තිස්ස තෙර විශාල සමූහයක නායකයෙක් ද, බලවතෙක් ද වි ය. මහා විහාර භික්ෂූශන් වහන්සේ “කුල සංසර්ග දොෂය” පිට චෝදනා කොට ඒ තෙරුන් තම පාර්ශවයෙන්,බැහැර කළහ.එතැන් සිට ලක්දිව සංඝයා,මහා විහාර පාර්ශවය, අභයගිරි පාර්ශවය ය යි දෙකක් ව බෙදුණු බව දත යුතු යි.

මෙ කල දඹදිව පැවැති වජ්ජි පුත්රව නිකායේ ධර්මවරුචි නම් භික්ෂුරවක ගේ ශිෂ්ය යෝ ලංකාවට ආහ. මිථ්යාන මතධාරින් වශයෙන්




24 එළිදරව්ව

ඔවුන් මහා විහාරිකයන් විසින් නොවැද්ද ගත් නමුත් අභයගිරිකයෝ ඔවුන් හා ඔවුන්ගේ ඉගැන්වීම් ද පිළිගත්හ. මෙසේ ථෙරවාදී නිකාය, ධර්මරරුචි නිකාය ය යි නිකාය භෙදයක් ඇති වි ය.

මෙ කල වූ තවත් වැදගත් සිද්ධියක් නම් ත්රිවපිටක ධර්මවය පොත් වල ලිවීම යි. මෙ තෙක් කට පාඩමින් දරා ගෙන ආ ධර්ම්ය, 500 ක් භික්ෂූයන් විසින් මාතලේ අළු විහාරයේ දී ලියන ලද බව සඳහන් ව තිබෙ යි. මෙය එක්තරා අධිපතියකුගේ සහායයෙන් මහා විහාර පාර්ශවයේ ථෙරවාදී භික්ෂු්න් විසින් කරන ලද්දකි. ඊට රජුගේ සම්බන්ධවයක් නො වීය. මේ ධර්ම සංගායනාවට හේතුව ත් ඉහත සඳහන් කළ ආගමික මත භෙදය යි. ඒ නිසා එය ථෙරවාදීන්ට ඉඩ හැර අගය ගිරි පාර්ශවයේ භික්ෂූයනු ත්, ඒ පැත්ත ගත් රජහුත් අයින් වී සිටියා විය යුතුයි. මේ ත්රිශපිටක පොත් අභය ගිරි දා ගැබේ නිධා කර ඇතැයි ද, එය කැඩුවොත් පොත් ගත හැකැයි ද සමහරු සිතන සිතිවිල්ල අනුවණ කමක් බව මේ නිසා පැහැදිලිව පෙනේ.

වළගම්බා රජ ලෙන් විහාර තැනවීමේ අති ප්රමසිද්ධ කෙනෙකි. එතුමා ඒ අතින් කොතරම් ප්රවසිද්ධ දැයි කියතොත් ලංතාවේ කවර ලෙන් විහාරයක් දුටුවත් වළගම්බා රජු විසින් කරවන ලද්ද කැ’යි කියනට ජනයා පුරුදු ව සිටී හැම ලෙන් විහාරයක් ම තැනු යේ එතුමා නොවෙයි. එහෙත් එතුමා ඒවා රාශියක් ම තැනු බව නම් සැබැයි. ඊට හේතුව එතුමා බොහෝ කලක් වනගතව හැසිරෙද්දී ඊට සුදුසු ගල්ලෙන් රාශියක් හමු වීම යි. දඹුලු විහාරය, මේ ලෙන් විහාරවලින් ඉතා විශාල එකයි.

මේ රජු කාලයේ වූ ඉතා ම සැලකිය යුතු කනගැටුදායක සිද්ධිය නම් දුර්භික්ෂලයක් හට ගැනීම යි. මෙය චොරනාග රජු කල වූවකැ යි රාජාවලිය ආදී පොතක කියතත් සැලකිය යුතු වැදගත් ශාක්ෂි වලින් පෙනෙන්නේ වළගම්බා කාලයේ ම වුවත් හැටියටයි.

මේ සාගතයට හේතුව ඇතැම් පොතක මෙසේ සඳහන් වෙයි. “උතුරු දඹදිව සාගල නුවර මිලිඳු නම් රජ කෙනෙක් වූහ. ඒ රජ රූමත් බැමිණියක දැක ඇය ලබනු පිණිස, ඇගේ සැමියා බොරු වරදකට අසුකර මරවන ලෙස ඇමතියන්ට කීය. ඇමතියෝ බමුණා ගව සොරකමකට අසු කොට රාජ නියෝගයෙන් මරා දැමූහ. මේ බව දැනගත් බැමිණිය රජුට හා රටට ශාප කොට ගෙට වැද දිව ඇද කා මළාය. පතිවෘතාව රැක්කා වූ ඒ බැමිණිය ගේ හාපයෙන් එ රටට දොළොස් අවුරුද්දක් වැසි නැතුව දුර්භික්ෂායක් පැමුණුණේ ය. එකල ලක්දිව සිටි චොරනාග රජු ත් එබඳු අධර්මතමිෂ්ඨයකු නිසා ත්, මිලිඳු රජු ගේ මිත්රදයකු නිසාත්, ඒ සාගතය ලංකාවෙහි ත් පැතුරුණේ ය. බැමිණියගේ සාපයෙන් හටගත් නිසා බැමිණිතියා සාය නම් ලැබුවා” යනු යි.


5 වෙනි පරිච්ඡෙදය 25

මේ විස්තරය ගෙඩිය පිටින් ම පිළිගත යුත්තක් නො වෙ යි. සාගතය නිසා ලංකාවේ දහස් ගණන් ජනයා දකුණු ඉන්දියයාවට ගිය බැවින් එහි සාගත භයක් නො තුබුණු බව පෙනේ. එසේ නම් උතුරු ඉන්දිගයාවේ හටගත් සාගතය රජුන්ගේ යාළු මිත්රබ කම් සලකාගෙන දකුණු ඉන්දි යාවට උඩින් විත් ලංකාවට පාත් වුණා යයි සිතීම ලොකු විහිළුවකි.

මේ සාගතය නිසා දහස් ගණන් මළ බවත් සාගින්නෙන් සාහසික වූ ඇතැමකු මිනී මරා ගෙන කෑ බවත්. ඇතැමෙකු රට හැර ගිය බව ත් නොයෙක් පොත්වලින් පෙනේ. බොහෝ දෙන කැලෑ කොළ කෑහ. කර කොළ කමින් බොහොමයක් ජීවත් වුණු නිසා මීට “කර කොළ සාය” යන නමක් ද විය.

මේ සාගතයට හේතුව මිලිඳු රජුගේ අධර්මෙය නොව මේ රටේ වස්තු පරිහානිය යි. වළගම්බා කුමාරයා මුලින් රජ පැමිණියේ, අභ්යයන්තර කෝලාහල නිසා නො සන්සුන් ව කලක පටන් ම අර්ථු සම්පත්තියෙන් පිරිහෙමින් තුබුණු රටක යි. රජ පැමිණි විගසම දෙමළු ත් - තිස්ස බමුණා ත් යුද පැමිණි බව මුලින් කීවෙමු. මේ තිස්ස බමුණාගේ අනෙක් නම ‘තීය’ යනු යි. තිස්ස හෙවත් තිය බමුණා සෙනග රැස් කෙළේ ඉතා සාහසික ලෙස රට කොල්ල කෑමෙනි. ඔහුගේ ක්රිායා පටිපාටිය නිසා කෙත්, වතු, විහාර, ආරාම - හා ගෙවල් දොරවල් විනාශ විය. දෙමළුන් අතින් ඔහු මැරුම් කෑ මුත් ඔහුගෙන් වූ හානිය මැරුම් කෑවේ නැත. ඉන් පසු දෙමළු රට සූරා ගනිමින් ද, එකිනෙකා, යුද්ධ කරමින් ද 14 වසක් ආංඩු කළහ. අන්තිමට වළගම්බා රජ ලොකුයුද්ධයක් කොට දෙවන වර රජ කම ගත්තේය.

යුද්ධයකින් පසු සාගතයක් වීම ඉතා ලේසියෙන් වන්නකි. ළඟදී ඈත රට වල පැවති යුද්ධයක් නිසා අපරටේ ඇති වූ ආහාර හිඟය අපි දනිමු. අනාගතය නො බලමු නම්, දෙතුන් ගුණයෙන් විරිය නො කරමු නම් මේ යුද්ධයෙන් පසු අපි නියම සාගතයකට ගොදු‍රු වන්නමු. දැනට ම ත් බෙංගාලයේ සාගතයක් පවත්නා බව ඔබ අසා ඇති. ලෝකයේ රටවල් ළංව පවතින මෙ බඳු කාලයක මෙසේ දුර්භික්ෂ යක් විය හැකි නම්, පිට රට සමග එතරම් සම්බන්ධේයක් නැති ගමන් බිමන් දුෂ්කර එබඳු කාලයක, අවුරුදු ගණනක්ම යුද කොලහල ‍වලින් ඉස්පාසුවක් නො තුබුණු රටක, ඒ නිසා ම ගොවිතැන ආදියට අවසර නො වූ රටක - ඒ මදිවාට සාහසිකයන් විසින් කොල්ල කනු ලැබූ රටක - සාගතයක් වීම පුදුමයක් නො වෙ යි. ලක්දිව පුරාණයේ දී වූ බුළුකෑ සාය - එක්නැළි සාය ආදියට ද හේතුව යුද්ධ ආදියෙන් වූ හානිය ම බව පෙනේ.




26 එළිදරව්ව

මේ සාගතයට, යුද්ධයට ත් වඩා හේතු වූයේ තිස්ස - හෙවත් තිය බමුණා ගේ අනුකම්පා හීන කොල්ල කෑම යි. එය කොයි තරම් බලවත් වී ද කියත හොත් ඔහු ගේ නමින් ම මේ සිගතය නම් කරනු ලැබී ය. තිය බමුණා නිසා හට ගත් සාය ‘බමුණු තිය සාය’ නම් විය. කීමේ පහසුව පරිදි පසු ව ‘බැමිණි තියා’ සාය නම් විය. ‘බැමිණි’ යන වචනය දුටු - මිළිඳු රජුගේ අපරාධය ගැන ත් ඇසූ ඇතැම් ඉක්මන් ඉතිහාස කාරයන් මෙයත් උතුරු දඹදිව සාගතයේ කොටසක් ලෙස සලකා විවරණ කළ නමුත්, මෙහි ඇත්ත මේ අප කී පරිදි බව සලකා ගත යුතුයි. මේ සාගත කාලයේ ලක් වැසියන් වින්ද දුක්, හිරිහැර අටුවා කථා වලිනුත් සද්ධර්මාකලංකාරා දි පොත් වලිනුත් තරමක් දුරට වටහා ගත හැකියි.

වළගම්බා රජ උදාර පුරුෂයෙක් විය. නැති වූ රාජ්යගය නැවත ලබා ගැනීම ඔහු ගේ උදාර කමට ශාක්ෂිෙයකි. එහෙත්, ඔහු සිය අග බිසව - සෝමා දේවිය දෙමළුන්ට අසු වන්නට හැර පළා යෑම නම් උදාර කමක් නො වෙයි. ඔහු ගේ දෙ වැනි බිසොව වූත් මිය ගිය සොහොයුරා ගේ වැන්දඹුව වූත්, එ කල ගැබිණි ව සිටි අනුලා දේවිය රැක ගන්නා පිණිස සෝමා දේවිය ඇගේ කැමැත්තෙන් මග රැඳුණු බව කියා ඉතිහාස කාරයෝ රජු නින්දාවෙන් මුදන්නට තැත් කෙරෙති. සපත්නීරොෂය වෙනුවට, මෛත්රී්ය වඩන්නට එ තරම් ධෛර්යපවත් වූවා නම් සැබෑ වීර වරිය සෝමා දේවිය ය.

රජ පැරද පළා යද්දී, අනුරාධ පුර දොරටුව අසල ආරාමයක උන් ‘ගිරි’ නම් නිඝණ්ඨයෙක් “මහ කළු සිංහලයා පළා යනවෝ” යි කෑ ගැසීය. නො අනුමාන ව මොහු වර්තයමානයෙහි ‘පංචම හමුදාව’ (Fifth Column) නමින් අඳුන් වන වර්ගායේ චර පුරුෂයකු විය යුතුයි. රජ දෙ වැනි වර රජ වූ පසු අභය ගිරිය තැනුයේ මේ ද්රොුහියා විසූ ආරාමය බිඳුවා එ තැන යි. රජ අභිමාන වත් පුද්ගලයෙකැ යි එයින් නිගමනය කළ හැකි යි. එසේ ම මොහු මානයෙන් උඩඟු පුද්ගලයෙක් බවද කිය යුතු යි.

මොහු වනගතව සිටි කාලයේ තිස්ස තෙරුන්ගේ උපකාරයෙන් ඇමැත්තන් අට දෙනෙක් වලස් ගල විහාරයේ පින් කමක් ද කර වූවේ ය. රජ තුමා - බිසොව හා වෙහෙරට යෑමට කන්ද නගින අතර, මළුව පිරිසුදු කරනු පිණිස ගොස් සිටි කපිසීස නමම් ඇමතියා පහළට එමින් සිටියේ ය. ඇමතියා රජු දැක. ඉඩ පහසුවක් නැති ඒ දුර්ගිම ස්ථානයෙහි හිඳ ගත්තේය. තමා දැක බිම පෙරැළී නො වැන්ද නිසා රජ එවේලෙහි ම ඔහු මරවා දැමී ය. මෙය මොහුගේ





5 වෙනි පරිච්ඡෙදය 27

මානාධික කමට දැක්විය හැකි නිදර්ශින වලින් එකකි. මේ ප්රරස්තාවයේදී කලකිරී ගිය ඇමතියන් තිස්ස තෙරුන් විසින් නො සන්සිඳවන ලද නම් වළගම්බා රජු ගේ නම දෙවන වර අසන්නට අපට ලැබෙන්නේ නැත. මේ විනාශ ‍දායක කුල මානය රජුන් අතර මෙන්ම සෙසු සිංහලයන් අතරත් මේ තාක් මුල් නො සිඳ පවතිනු දැක්ම කණගාටුවකි.

වළගම්බා රජු පළවා හැර දෙමළුන් ආංඩු කෙළේ පිහිටි රට පෙදෙස පමණයි. ඉතිරි කොටසෙහි වළගම්බා රජුගේ සංචාරය පමණක් නොව බලයත් පැවතියේ ය. අද සතුරන් මුළු රට අල්ලාගත් හෙයින් පිට රටවලට පැන රැඳී ඉන්නා ග්රී සිය - යුගොස්ගාවියාව ආදී රටවල රජුන් තවම ඒ රට වල නියම රජුන් ලෙස වග කිය හැකි ආංඩු විසින් පිළි ගන්නා බව පෙනේ. එසේ නම් සිය රටේ ම රැඳී රටේ වැඩි කොටසක් ආංඩු කළ වළගම්බා රජුගේ වන ගත වාස කාලය, රාජ්යරය කළ කාලයක් හැටියට නො ගත යුතු නො වේ. එවිට මේ ර‍ජුගේ රාජ්ය් කාලය අවුරුදු විසිහයක් බව සැලකිය යුතු යි. ________________________________________

6. පරිච්ඡෙදය. ලම්භකර්ණර වංශය

මේ පරිච්ඡෙදයෙන් සඳහන් වන්නේ පළමුවන දෙවන ශත වර්ෂය වල ලංකා ඉතිහාසය සම්බන්ධච කරුණු කීපයක් ගැන යි.

එයින් පළමුවන කාරණය ලංකාවේ පැවති සමූහාණ්ඩුව යි. මෙය වූයේ ක්රිල: ව: 35 පමණේදී රජ වූ ඉළනාග රජුගෙන් පසුව යි. ඉළනාග රජ පැමිණි අවුරුද්දේ ම එ රජු හා ලම්බකර්ණීයන් අතර භෙදයක් ඇති විය. ලම්බකර්ණියෝ මානාධික පිරිසකි. දිනක් රජ ලම්බකර්ණභයෝ නගරයට හැරී ආහ. තමා නො සලකා ඊම ගැන කිපුණු ඉළනාග රජ ලම්බකර්ණ යන් ගේ මානය සිඳිනු පිණිස දඬුවමක් කළේය. එනම් ඔවුන් චෛත්ය‍යක් තැනීමෙහි යොදවා, ඔවුන්ට වැඩ විධාන කිරීමට හෙවත් කංකානම් කමට සැඩොලුන් පත් කිරීම යි. මෙයින් කිපුණු ලම්බක‍ර්ණවයෝ එක්ව කැරැල්ලක් ගසා රජු අල්ලා සිර කළහ.

මේ ලම්බකර්ණටයෝ යනු කවුදැයි විමසා බැලීම ප්රඅයොජන යි. මේ වචනයේ තේරුම නම්, ‘එලෙන කන් ඇත්තෝ’ යනු යි. වර්තනමාන ඇතැම් ඉතිහාසඥයන් ගේ මතයේ හැටියට ලම්බකර්ණ යෝ නම්, සතුන්ට නමස්කාර කිරීම නිසා සතුන් ගේ නම්වලින් අඳුන්වනු


28 එළිදරව්ව

ලැබූ ‍ටෝටමිස්ටික ගෝත්ර‍යන්ගෙන් එකකි. ලම්බකර්ණි නම්, සා නොහොත් එළු නමැති ගෝත්රදය ය යි ද ඔවුන් ආර්යගයන්ට කලින් දකුණු ඉන්දියාවෙන් මෙහි එන්නට ඇතැයි ද අනුමාන කරති. එහෙත් මේ මතය පිළිගන්නට ඉක්මන් නො විය යුතු යි. මෙ වැනි අනාර්ය් ගොත්රළයක් නම් කිසිසේත් ඔවුන්ට ආර්යහයන්ගෙන් සැලකිලි ලැබෙන්නේ නැත. ලංකාවේ ලම්බකර්ණේයෝ, හැම විට ම ආර්ය්යන්ගේ ගෞරව සැලකිල්ලට භාජන ව සිටියහ - නොයෙක් විට ආර්යොයන්‍ ගේ රජ කමට පවා ඔවුන් පත් කර ගත්හ. මොවුන් ගැන මීට වඩා සරල නිගමනයක් අපේ පොත්වලින් ලබා ගත හැකි යි.

ඒවා යේ සඳහන් වන විධියට මේ ගොත්රවය ලංකාවේ ම ආරම්භ වූවකි. මහා බොධි ශා‍ඛාව ගෙනෙද්දී දඹදිවින් ආ සුමිත්ත - සුමනා යන කුමර කුමරි දෙපල මේ ගෝත්රශයේ ආදි කර්තෘ්වරු ය. මේ දෙදෙන ම ධර්මා ශොක ‍රජු ගේ ඇවැස්ස නෑයෝය. තිස්ස රජු විසින් මේ දෙදෙන විව‍ාහ කරවා දඹදිවින් පැමිණි පිරිසේ නායක කමත් තවත් තනතුරුත් දී සංග්ර හ කළ බව පැහැදිලිව පෙනේ. ක්රිමයෙන් විශාල වූ මේ පරම්පරාව මව් පිය දෙ වංශයේ පිරිසිදු කමින්, ගුණෙන් නුවණින් චරිතයෙන්, යසසින්, තේජසින් දියුණුව දෙකන් පෙති මෙන් සමාන තත්වයෙහි පැවති නිසා ‘ලමැණි’ නම් ලද බව සද්ධර්මු රත්නාකර කාරයෝ කියති. කෙසේ වුවත් මේ වංශය විශාල ලෙස දියුණුව, ඉළනාග සමයෙහි බලවත් පිරිසක් ව සිටි බව නිසැකයි. කැරලි ගසා රජු අල්ලා සිර කළ හැකි වූයේ ඒ හෙයිනි.

රජු සිර කර සිටින ආරංචිය ලැබූ මඟුල් ඇතා දිව ගොස් සිර ගෙය කඩා රජු මුදා ගෙන මාතොටට ගෙන ගිය බව මහා වංශය කියයි. කොයි ක්රරමයකින් වුවත් රජු සතුරන් ගෙන් මිදී දකුණු ඉන්දියාවට පැන ගියේ ය. සිය රටේ හට ගත් අභ්යසන්තර වියවුලක දී පිට රටින් උපකාර ඉල්ලා ගිය ප්ර්ථම සිංහල රජ මොහු ය. පසු කාලයේ දී ලංකාවට වූ සතුරු වියවුල් රාශියකට ම මුල පෑදුණේ මේ කනගාටු දායක සිද්ධියෙන් බව කිය යුතු යි.

ඉළනාග රජ තුන් අවුරුද්දක් පරතෙර වැස දෙමළ රජුන් ගේ උපකාරයෙන් සෙනග රැස් කොට ගෙන ලක්දිවට පැමිණ මහත් සටනක් කොට ලම්බකර්ණ්යන් පරදවා නැවත රජ කම ලබා ගති. මේ රජු ඉන්දියාවේ සිටි තුන් අවුරුද්ද තුළ මේ රට ආංඩු කළේ ලම්බකර්ණමයන් විසිනි. පළමු වන චාර්ලිස් රජු සිර භාරයට ගෙන, ඔලිවර් ක්රොණම්වැල් ප්රිධාන පිරිසක් විසින් එංගලන්තයේ පිහිටු වන ලද ප්ර ථම වූත් අන්තිම වූත් සමූහාණ්ඩුව මෙන්, මෙය ද ලංකාවේ ඇති වූ එකම සමූහාණ්ඩුවයි. එහෙත් මෙය කොතරම් ක්රිමානුකූලව තිබුණේ දැයි කිසි ම විස්තරයක් දැක්විය නො හැකි යි.



6 වෙනි පරිච්ඡෙදය 29

නැවත රජ වූ ඉළනාග රජ, ලම්බකර්ණයයන් බොහෝ දෙනෙකු මැරීය. ජීව ග්රතහයෙන් අල්ලා ගත් ඇතැමුන් ලවා තමාගේ රථය ඇද වීමෙන් ද, ඔවුන්ගේ නාස් හා පා ඇඟිලි කැප්පීමෙන් ද, දඬුවම් කළේය. මේ දඬුවම්වලින් ඔහු කළ එක් අදහසක් නම් ලම්බකර්ණෙයන්ගේ කුල මානය සිඳ දැමීම යි. ලම්බකර්ණ්යන් උසස් වංශිකයන් වශයෙන් උඩඟුව සිටි බව මෙයින් ද හැ‍ඟෙ යි.

ඉළනාග රජු ගේ පුත් සිව කුමරාගේ බිසොව ද්රහවිඩ ස්ත්රි්යකි. මේ වනාහි තමාට උපකාර කළ දෙමළ රජුන්ට කෘතඥ වීමට, පියා විසින් කර දෙන ලද විවාහයක් විය යුතු යි. ද්ර විඩ ස්ත්රිතයක සරණ කර ගත් ප්රහථම සිංහල නර පතියා වශයෙන් නිසැක ව ඇඳින් විය හැක්කේ මේ සිව රජු යි.

මේ ශත වර්ෂැයේ සිදු වූ ඊළඟ සිහි කට යුතු සිද්ධිය යසලාලක තිස්ස රජුගේ මරණය යි. සීමාව ඉක්මවා ගිය සෙල්ලම නිසා අස්ථානයේ මැරුම් කෑ මේ රජු ගේ චරිතය බොහෝ සේ ප්රසසිද්ධ බැවින් විස්තර නො කරමු. ඉළනාග ගේ බාල පුත් වූ මොහු රජය ලබා ගත්තේ ස්වකීය වැඩි මහල් සොහොයුරු සිව රජු දියේ ගිල්ලා මරා දැමීමෙනි. අනුන් නසා ලබන ඉසුරු තර නොවන බව ලෝකයට පෙන්නා දීමට මෙන් මොහු, ශුභ නම් දොරටු පාලයා විසින් මරා දමන ලදි. උපායෙහි දක්ෂම ශුභ දොරටු පල්ලා කෙළි ලොල් තිස්ස රජු මරවා රජය ගත්තේය. දොරටු පාල තනතුර දැරුවන් ද, කුලීනයන් බව මෙයින් පැහැදිලි වේ.

මෙහි සඳහන් කළයුතු තුන් වැනි වැදගත් සිද්ධිය නම් වසභ කුමාරයා රජ වීම යි. ශුභ රජු ගේ බලාත්කාර ක්රිමයාවට විපක්ෂ වූ බලවත් පිරිසක් සිටියා ය. ශුභ රජු නිතර ඒ ගැන භයින් කාලය ගත කෙළේ ය. “වසභ නමැත්තෙක් රජ වන්නේය” යි ශාස්ත්රෙ කාරයකු විසින් කියන ලද හෙයින් ශුභ, සොයා ගත හැකි තාක් වසභයන් මැරුවේ ය. එහෙත් ලම්බකර්ණ ගොත්රශයේ වසභ නම් කුමාරයෙක් ඔහුට අසු නොව පලා ගොස්, සෙනග රැස් කොට ගෙනැවිත් ශුභ රජු මරා රජය ගත්තේ ය. වසභ කුමාරයා ශුභ ගෙන් ගැලවී පළා යෑම මහත් ආශ්චර්යමයක් ලෙස මහා වංසයේ කථාවකින් විස්තර වෙයි.

මේ වසභ කුමාරයා ශුභ රජුගේ සේනාපතියා ගේ බෑනා කෙනෙකි. ඔහු නැවතී සිටියේ ද‍ සෙනෙවියා ළඟ යි. සෙනෙවියා රාජ නියෝගය පරිදි තම බෑනා ත් රජුට භාර දීමට දිනක් නියම කොට ගෙන, ඊට පෙර දින රාත්රිනයේ ඒ බව රහසින් බිරියට දැන්වී ය. “ඉදින් මේ ලෝකයේ ස්ත්රින තොමෝ හදවතක් සේ වෙසෙන්නී නමුත් නුවැණත්තේ ගෑනිටත් රහස් නොකියන්නේ ය” යි මහෞෂධ



30 එළිදරව්ව

පණ්ඩිතයන් කී කීම සැබෑ කරන්නට මෙන් මේ රහස් කථාව නිසා සෙනෙවියා ගේ අදහස කඩා කප්පල් විය. සෙනෙවි බිරිය නිශ්ශබ්ද විලියම් මෙන් මෙන් කර බා ගෙන රහස අසා ගත්තා. පසු දින උදේ සෙනෙවියා බෑනා ත් කැටුව රජ ගෙදරට පිටත් විය. තමා යන්නේ මරු මුවට බව වසභ කුමරා දැන සිටියේ නැත. ඔහු රජ ගෙදර නිලයක් ලබන බලාපොරොත්තුවෙන් ප්රීුතියෙන් ගියේ ය. මාලිගය අසලට පැමිණි සෙනෙවියා බුලත්විටක් කෑමට සූදානම් විය. එය සිරිත් පරිදි වෙනදා මෙන් ම බිරිය විසින් පිළි යෙළ කර දෙන ලද්දකි. එහෙත් එහි හුණු නැති බව දුටු ඔහු, හුණු ටිකක් ගෙනෙනු පිණිස බෑනා ආපසු යැවී ය. නැවත ගෙට පැමිණි ඔහුට සෙනෙවි බිරින්දෑ රහස කියා මුදල් රාශියකුත් දී පැන යන්නට සැලැසුවා ය. ඔහුට මගදී කුෂ්ට රොගාතුර වූ ශාස්ත්ර කාරයෙක් හමු විය. නිසැකව ම රජ වන බව ඔහුගෙන් අසා දැන ගත් වසභ, මහා විහාරයට ගොස් භික්ෂූකන් ගේ සංග්රවහය ලැබ ඉන් පසු පසල් දනව්වට පැමිණ සෙනඟ රැස් කොට ගෙන රජුට විරුද්ධව දාමරික කම් කරන්නට පටන් ගත්තේ ය. සුදුසු කාලයෙහි ඔහු අනුරාධ පුරයට පැමිණ ශුභ රජ මරා රජ කම ලබා ගත්තේ ය. මේ යටතේ දී වසභ කුමරා ගේ මාමා ත් මළේ ය. වසභ රජ තමාගේ දිවි බේරා දුන්, මෙත්තා නම් වූ ඒ ස්ත්රිිය බිසෝ කර ගත්තේ ය. ඈ නමින් පමණක් නොව ක්රි යාවෙන් ද මෙත්තා බවත් වසභ රජු කෙළෙහි ගුණ සලකන පුද්ගලයෙකු බවත් මෙයින් පෙනේ. එහෙත් බෑනා මරවන්නට මාමාත්, ඔහු බේරෙන්නට නැන්දා ත් උත්සාහ කිරීමෙන්, මේ අඹු සැමි දෙපල අතර අප්රනකට භෙදයක් තුබුණු බවත් කල්පනා වෙ යි. වසභ, නැන්දනියන් බිසෝ කර ගැනීම වැනි අයථා සම්බන්ධු සිංහල රාජවලියේ නොයෙක් තැන සඳහන් වෙතත්, ජාතියක් වශයෙන් සිංහලයන් විසින් එබඳු දේ පිළිකුල් කරන බව කිය යුතු නොවේ. ඒ කොයි හැටි වුණත් ඔහුගේ නම වසභ නිසා මේ ක්රි යාවට අපි කුමට කලකිරෙමුද?

වසභ රජ රටට ඉතා ලොකු මෙහෙයක් කළ කෙනෙකි. විහාර - ආරාම - දාගැබ් ආදිය තැනවීම, ඒවා ප්රිතිසංස්කරණය, ආදී පින්කම් රාශියක් ද ගොවි තැන් සඳහා වැව් - අමුණු ඇලවල් රාශියක් ද මේ රජු විසින් කරවන ලද බව කියා තිබේ. ඔහු විසින් තනවන ලද විශාල වැව් ගණන එකොළසකි. රට සුභික්ෂබ වනු සඳහා මේ රජු ‍ගත් උත්සාහයට හැම වැසියකුගෙන් ම ප්ර්ශංසා ලැබුණා නිසැක යි. එහෙයින් රජු රට වැසියන්ගේ ආදර භක්තිය නො අඩු ව ලබා ගත්තේය.

වසභ රජු මේ වැඩ කරන ලද්දේ ආයුෂ දික් කර ගනු පිණිස යයි ඉතිහාස කාරයෝ කියති. ඒ රජුගේ ඉදිරි වයස අවුරුදු




6 වෙනි පරිච්ඡෙදය 31

දොළසකැයි ශාස්ත්රචකාරයකු විසින් කියන ලද බවත්, ඉන් තැති ගත් රජ, සංඝයාගෙන් ආයු දික් වන පින් කම් ගැන විචාරා, විහාරාරාම ආදිය කර වූ බවත් පොත් හි සඳහන් ව තිබේ. තවම ත් සාමාන්ය වැසියන් අතර පවතින්නාක් මෙන් සාස්තර කෙරෙහි විශ්වාසය රජුන් තුළද බලපැවැත් වූ බව මේ කරුණු කීපයෙන් පෙනෙ යි.

ලංකාවට තුන්වැනි වර දෙමළ සතුරන් පැමිණියේ වසභ රජුගේ පුත් වංකනාසික තිස්ස රජු කාලයේ දී යි. සොළී රටේ කරිකාල් නම් රජු බල සෙනගක් එවා දොළොස් දහසක් සිංහලයන් අල්ලාගෙන ගිය බව කියනු යේ මෙ කලය. මෙය මුහුණට මුහුණලා කළ සටනක් නොව සැඟවී සිට කරගෙන ගිය දඩයමකි. කාවේරියේ වහල් මෙහෙය සඳහා මෙසේ සිංහලයන් ගෙන යෑඹ, වංකනාසික තිස්ස රජුගේ කාලයේ අහම්බෙන් සිදුවූවක් නොව ඊට පෙර කලක සිට පැවතුණු සිරිතක් බව කිය යුතු ය. පසු කාලයක ගජබා රජු රජ වන විට, සොළි රටේ මෙහෙ පිණිස සිංහලයන් ගෙන යෑමේ සිරිතට අවුරුදු හැටකට ත් වඩා ගත වී තුබුණු බව පැරකුම්බා සිරිතේ කවියකින් ප්රඅකාශ වෙ යි. ඒ නිසා මේ වනාහි ඉළනාග රජු ඉන්දියාවෙන් ලැබූ උපකාරවලට එදා සිට ගෙවූ වන්දියක් බව සැලකීමට ඉඩ තිබේ. සොලී කරයේ මෙහෙයට සිංහලයන් ගෙන යෑම කලක පටන් පැවැති නමුත් එක වර විශාල පිරිසක් අල්ලාගෙන යන ලද්දේ වංකනාසික තිස්ස රජුගේ කාලයේ දීය. ජනකථාවල හැටියට මේ සිද්ධිය වූයේ මෙසේ ය.

හාතානාවා නම් මිනිහෙක් පිටිසර ගමක සිටියේ ය. ඔහුට මී ගොනෙක් ද සිටියේ ය. ඔහුට නො දන්වා ම ඔහු ගේ මීමා අල්ලා ගෙන වැඩ ගන්නා සිරිතක් අසල් වාසීන් අතර පැවතිණි. දිනක් මෙසේ වැඩ ගන්නා තැනකට හාතානාවා ගොස් කෝලාහලා කළේ ය. එහිදී ඔහුට ජයක් නො ලැබුණු නිසා ඔහු ගොස් ‍ගම් විදානේට පැමිණිලි කළේ ය. එහි දීත් ඔහු පන්නා ගනු ලැබී ය. වඩා උසස් මුලාදීනින් කීප දෙනෙකු වෙත ගොස් නඩුව කියා සිටි නමුත් ඒ එක තැනකින් වත් යුක්තිය ඉෂ්ට වුණේ නැත. සිය රට ත්, රට වැසියනුත් කෙරෙහි කලකිරුණු ඔහු සොළී රටට ගියේ ය. එකල ඒ රටේ වී ගොවිතැන සරු නැත. ඊට ‍හේතුව කලකට ගංවතුර ගලා යට වීමත්, සුදුසු කාලයෙහි වතුර ලබා ගත නො හැකි වීම ත්ය.

ගංවතුර වැළැක්වීමට ත් ගොවිතැනට වතුර ලබා ගැනීමට ත් ක්ර ම සිංහලයන් හොඳින් දන්නා බව ත්, බළ පිරිසක් ලැබෙතොත් ඊට සුදුසු සිංහල මිනිසුන් ගෙනා හැකි බවත් හාතානාවන් සොළී රජුට




32 එළිදරව්ව

දැන්වි ය. කරිකාල් නමැති සොළි රජ සතුටු වී බළ පිරිසක් දුන්නේ ය. සොළී රටේ කඳුකර විසූ ‘බිල්ලා’ නමැති ගෝත්රකයේ මිනිසුන් රාසියක් මේ බළ පිරිසේ සිටියෝ ය. ඔවුහු හාතානාවාගේ උපදෙශ පරිදි ලක්දිවට ගොඩ බැස, බලාත්කාරයෙන් සිංහලයන් අල්ලා ගෙන සොළී රටට ගිය හ. සිංහල මවුන් දරුවන් නැළවීමේදී දැනුත් බිල්ලන් ගැන මතක් කරන්නේ, මේ ආදි කාලයේ බිල්ලන් කළ සාහසික කමේ නෂ්ටාවශෙෂයක් වශයෙනි.

සිංහල සෙනග සොළී රටට ගෙන ගොස් බලාත්කාරයෙන් වැඩෙහි යොදවන ලද හ. ඔවුහු කාවේරි ග‍ඟේ වේලි බැඳ ගංවතුර නවතා කුඹුරුවලට නිසි පරිදි ජලය ලබා ගැනීමට ඇල - අමුණු ආදිය ද තැනූ හ. ඉන් පසු සොළි රටේ කුඹුරු බොහෝ සශ්රිීක වි ය. හොඳට සරුවට පැසී තිබෙන කුඹුරක් දුටු කල, “මේක හොළිකරේට පැහිලා තිබෙන්නාය” යි කියනවා ඇතැම් විට දැනුත් අපට අසන්නට ලැබේ. “සොළීකරෙන් ඇත බඩ පුප්පන්නෝ” යන පිරුළක් ද සිංහලයන් අතර පවතී. මේ කීම් දෙකෙන් ම පෙනෙන්නේ සොළී රටේ කුඹුරු බොහො ම සශ්රී ක බව යි. ඉහත සඳහන් කළ කථාවේ හැටියට මේ සශ්රී ක කම ලබා දුන්නෝ සිංහලයෝ යි.

කොයි හැටි වෙතත් වංකනාසික තිස්ස රජු කාලයේ ලංකාවට වූයේ මහත් නින්දාවක් බව කියයුතුයි. මේ සතුරු උවදුර වළකන්නට තරම් ශක්තියක් රජුට වත් රටට වත් නො තුබුණු බැවින් එකල ලංකාව සේනා බලයෙන් දුර්වනල ව සිටි බව නිසැකව සිතා ගත හැකි යි.

එහෙත් මේ නින්දාව වංකනාසික රජුගේ පුත් ගජබා රජු විසින් මකා දමන ලදි. දුබල පියකුගේ ප්රජබල පුතෙක් වූ - නිවට පියකුගේ උදාර පුතෙක් වූ - ඒ ගජබා රජු ගැන මී ළඟ පරිච්ඡෙදයෙන් දැන ගත හැකියි. ________________________________________

7. පරිච්ඡෙදය. ගජබා රජ කාලය.

මෙහි සඳහන් වන්නේ ගජබා රජුගේ කාලයේ වූ වැදගත් කරුණු ස්වල්පයකි. ගජබා රජු නම්, ලංකාවේ සිටි කීර්තිමත් රජුන් ස්වල්ප දෙනා අතර ප්රලමුඛව ගැණෙන එක් උතුමෙකි. මෙතුමා විසුයේ මීට අවුරුදු 1800 කට පමණ කලිනි. පිට රටකට ගොස් යුද්ධ කර දේශාන්තර කීර්තිය පැතිර වූ ආදිම සිංහල රජ මෙතුමා යි. ගජබා රජ අඳුන්වා දෙන ‘පැරකුම්බා සිරිත’ කර්තෘත මෙසේ කියයි.



7 වෙනි පරිච්ඡෙදය 33

“ මෙ ලක රජ කල පවර ගජබා නිරිඳු මාවටු පුරෙන් සොළි ර ට

	එකල සැට වස් පුරා ගෙන ගිය

දොළොස් දහසක් දනන් සිර කො ට අසා රැහැණි ව ගදා ගෙන පස - ළොස් රියන් තුන් රියන් දිග ව ට මුහුද පීනා උර තෙලෙහි ගෑ සඳුන් නොමකා ගොසින් එතර ට පිවිස සොළී පුර එ රජ ගෙට ගොස් සමග ඔහු සිහසුනේ උන් ස ඳ මෙලෙස සියළිඳු තනිව ආයේ කිමැ’යි පුළුවුත් සෙමෙන් සොළි ර ද “දොළොස දහසක් පෙර’ප නුවරින් දනන් ගෙන ආ නුඹ ගෙ පිය ර ද නොලස ගෙන යන ලෙසට ආ මැ”යි කියත තෙපුලක් වෙමින් වැඩි ඔ ද “නිරිඳ සී! සී! කියනු කිම බස් මෙ සේ නොතකා අප සොළින් මැ ද තවද වැලි මැඩ තෙල්, ය පූ දිය ගතැකි දෝ කවුරුන් විසින් ත ද” එසඳ සොළියා බසට රැහැණිව ගදා මිරිකා රැපැයි දිය ක ඳ පැහැද දුන් අඩු නොව ගෙනාසේ සූවිසි දහසක් දනන් තිවර ද”

මෙහි පෙනෙන හැටියට, පැරකුම්බා සිරිත කර්තෘ ගජබා රජුගේ වික්රමමය, අතිශයොක්තියෙන් ඇති පමණට වඩා මහතින් කියා තිබේ. මේ රජු ගැන පැතිර තිබෙන ජන කථා, කාව්යහ කර්තෘේ කෙරෙහි බල පා තිබෙන බව පෙනේ. එහෙත් මෙහි සාරාංශය තෝරා බේරා ගන්ට අපට අපහසු නොවේ.

ගජබා රජුගේ පිය වංකනාසික තිස්ස රජු දවස සොළි රටේ කරිකාල් නම් රජ මෙහි පැමිණ සිංහල මිනිසුන් දොළොස් දහසක් අල්ලා ගෙන ගිය බව මීට ප්රමථම පරිච්ඡෙදයක සඳහන් විය. නමුත් මේ කවි වලින් එහි සත්යනය ඊට වඩා විස්තර ව පෙනේ. කවියේ සඳහන් වන්නේ, එ කලට සැට අවුරුද්දක් මුළුල්ලේ මෙසේ සිංහලයන් අල්ලා ගෙන යෑමේ සිරිත පැවති බව යි. ගජබා රජගේ පියා රජ කෙළේ තුන් අවුරුද්දකි. ඊට බොහෝ ඉහත සිට සිංහලයන් සොළීකරයට ගෙන ගිය බව මෙයින් නිශ්චය කට යුතු ය. සොළී 3

34 එළිදරව්ව

රටට සිංහලයන් ගෙන ගියේ විශේෂයෙන් ම වැව් - අමුණු ආදිය තැනීම නිසා බැවින් ද වසභ ආදී රජුන් කල සිංහලයන් එම කර්මා න්තවල දක්ෂි ව සිටි බව පෙනෙන හෙයින් ද මෙය පිළි ගත යුතු කීමක් බව සිතිය යුතු යි. සිය රටේ කැරැල්ලක් සංසිඳු වීමට ඉළනාග රජ දෙමළ රජුන්ගෙන් උපකාර ලබා ගත් බව මීට‍ පෙර අපි කිමු. මේ ඒ උපකාරයට අපේ රජුන් වන්දි ගෙවූ ආකාරය බව දැන් නිශ්චය කර ගතිමු.

ගජබා රජ වෙස් මාරු කර ගෙන රාත්රිද ගතව ඇවිදින සිරිතක් තුබුණේය. මෙසේ ඇවිදින එක් රාත්රිෙයක දී, සොළී රටට ගෙන ගිය පුතුන් දෙදෙනා නිසා වැළපෙන මැහැල්ලක ගේ ඇඬුමක් ඇසිණි.

ලක්දිව සිංහලයන් අල්ලා ගෙන ගිය බව, ගජබා රජු මෙතෙක් නො දැන සිටියා විය නො හැකි යි. එහෙත් මැහැල්ලගේ විලාපය නිසා ඔහුගේ හිත තදින් වේදනා වී සෙනග රැස් කොට ගෙන මාන්තෝට්ටමින් නැව් නැග සොළී රටට ගියේ ය.

ජන කථාවල කියන හැටියට, “රජු ගියේ යුද සෙනග සමග නොව නීල නම් යෝධයා සමග ය. යෝධයන් සැටක් විසින් ඉසිලිය යුතු යගදාවක් - (බස්තමක් මෙන් පාවිච්චි කරන පොල්ලක්) රජුට තිබිණි. පසළොස් රියන් දිග - තුන් රියන් වට යගදාවකැයි ඉහත කවියේ කියුවේ මේ ගැන යි. ඉන් මුහුදට ගසා දිය දෙබේ කරමින් එතෙරට ගොස්, පොල්ගස් බිඳ හෙළමින්, ඇතුන් අල්ලා බිම ගසමින් ක්රිමයෙන් සොලී මාලිගයට පැමිණියේය. “සෙනග ගෙන යෑමට ආ මැ’යි කී විට, වැලි මිරිකා තෙල් ගත හැකි නම්, ගෙනා සෙනග ආපසු ගෙන ගිය හැකියි සොළී රජ ඔලොක්කු කෙළේ ය. එවිට ගජබා රජ යගදාව මිරිකූ කල ඉන් දිය වෑස්සෙන්නට විය. බිය පත් රජ වහාම සිංහලයන් නිදහස් කර දුන්නේය. ගජබා රජ ඔවුන් හා පොලී පිණිස සොළී මිනිසුන් 12000 ක් ද රැගෙන මෙහි ආයේ ය.

මෙහි ඇදගිය නො හැකි කීම් බොහෝ තිබේ. රජ යුද්ධ සේනාවක් කැටුව ගොස් සොළීන් බිය ගන්වා සෙනග මුදා ගත් බව මෙහි සැබෑ සාරාංශය යි.

ජන කථාවලට මෙ සේ ආශචර්යා සිද්ධි ඇතුළත් කරන්නට හේතුව ඒ රජුගේ මහත් වික්රමමය ත් එතුමන් කෙරෙහි මහා ජනයා ඇති කළ මහත් ගෞරවයත් බව තේරුම් ගත යුතුයි.

මේ යුද්ධය ගැන මහා වංශයේ සඳහන් වී නැති නිසා වර්තතමාන ඇතැම් ඉතිහාස කාරයෝ මේ පුවත අවිශ්වාස කරති. දකුණු ඉන්දිැයාවේ ඉතිහාසවලත් මෙය සඳහන් වී නැතිලු. එහෙත් මෙය සැබෑ සිද්ධියක් බව ඔප්පු කිරීමට සෑහෙන සාක්ෂිහ බොහෝයි.


7 වෙනි පරිච්ඡෙදය 35

ජන කථා හා ජන කවි රාශිය ම ඊට ප්රවමාණ වත් වෙයි. තවත් සාක්ෂිහ මේ කථාව නිම වන්නට කලින් ප්ර කාශ වෙ යි. මහා වංශයේ මෙය සඳහන් නො වූයේ ඇයි? මෙය සඳහන් කරන්නට යෑමේ දී මෙ රටින් සිංහලයන් ගෙන ගිය පුවතත් සඳහන් කළ යුතු වෙ යි. දීර්ඝහ කාලයක් ලංකාවේ නිවට කමින් වූ නින්දාව ගජබා රජුගේ වික්රතමයෙන් ලත් ප්රරශංසාවට වඩා මහත් කොට මහා වංශ කාරයා සැලකුවා විය හැකි යි. ආත්ම මානය උසස් කොට සැලකූ ද්රමවිඩ ඉතිහාස කාරයනුත් එසේ ම සැලකුවා නිසැකයි.

අපේ සැලකිය යුතු සාහිත්යෙ පොත්වල මේ පුවත සඳහන් ව තිබේ. අද දක්වාත් සිංහලයන් අතර තිබෙන ඇසළ පෙරහර උත්සවය ගජබා රජුගේ ජයග්රතහණය නිමිත්තෙන් වූවකි. ඇසළ පෙරහරේ ප්ර්ධාන අංගයක් නම් සතර දේවාලයේ දේවාභරණ වැඩම වීම යි. මේ දේවාභරණ ලංකාවට ගෙනායේ ගජබා රජු විසිනි. ඇසල පෙරහැරේ අවසාන කෘත්යදය දිය කැපීම යි. එය ගජබා රජු මුහුද දෙබේ කර ගෙන සොළී රටට ගියා ය යි හැඟ වීමේ ලකුණක් කොට නො ගත යුතු මන් ද?

අවුරුදු ගණනක් බැගෑ බවට පත් ව තුබූ ලංකාව නින්දාවෙන් මිදූ වීරයා ගජබා රජු හැටියට අපි අභිමානවත් වෙමු. මෙ රටින් ගිය සිංහලයෝ ගජබා රජුට පින් සිදු ‍වන්නට සිය රට පා තැබූ හ. එහෙත් එ රටින් ආ දෙමළ පිරිසට නම් නැවත සියරට දකින්නට ලැබුණේ නැත. දොළොස් දහසක් දෙමළ පිරිමි මෙ රට ම රැඳුණාහ. රජුගේ මේ උදාර ක්රිබයාව, සිංහල ජාතියට ද්ර විඩ මිශ්රුණයක් ඇති වීමට හේතුවක් වූ බව ද නිශ්චය කළ යුතු යි.

දැනට, තුම්පනේ, හාරිස් පත්තුව, මාතලේ, අළුත් කූරුව ආදී නම්වලින් ඇඳින්වෙන ප්රවදේශවල මේ පිරිස නැවැත් වූ බවත්, ඒ ප්ර දේශ ඒ ඒ නම් ලද්දේ ඒ නැවැත්වූ වන්ගේ ප්රමමාණ අනුව බවත් කියති. ඔවුන් වැව් බැන්දීම, වෙහෙර - දා ගැබ් අළුත් වැ‍ඩියා කිරීම ආදී වැඩවල යෙදූ බව ද කිය යුතු යි. ස්වරූපයෙන් සිංහල වුවත්, ජන්ම භාෂාව වශයෙන් දෙමළ භාවිත කරන මිනිසුන් මේ රටේ සමහර පළාතක දැනුත් සිටිති.

ගජබා රජුගේ තම සිහි වන තවත් කරුණක් නම් පතිනි දෙවියන් ඇදහීම යි. එකල දකුණු ඉන්දිියාවේ තුබුණු මේ ඇදහීම් ගජබා රජු ලංකාවට පුරුදු කළේ ය. පතිනි දෙවියන්ගේ පාදාභරණයක් - (සළඹක් ද මේ රජු විසින් මේ රටට ගෙන ආ බව කියති. මේ, තමා ගෙන ආ දෙමළ ජනයාගේ ප්රසයෝජනයට කරන ලද්දක් වුවත් පතිනි දෙවියන් ඇදහීම සිංහලයන් අතර ද ඉක්මනින් පැතිරිණි. විශේෂයෙන් ම සිංහල ස්ත්රීමපක්ෂ ය මේ දෙවියන්



36 එළිදරව්ව

කෙරෙහි බලවත් ගෞරවයක් දක්වයි. පැපොල - සරම්ප ආදී ‍රෝගවලදී මේ දෙවියන්ගේ පිහිට පතා භාර හාර වීම බොහෝ දෙනාගේ සිරිතකි. ගෙයක් පාසා වාගේ දෙන ‘කිරි අම්මා වරුන්ගේ දානය’ මේ දෙවියන් නමින් කෙරෙන්නකි. පතිනි දේවාල රාශියක් ලංකාවේ තිබේ. නාගමුවේ දේවාලය ඉන් ප්රෙධාන වශයෙන් සලකති. පතිනි දෙවියන්‍ ගේ අනුහසින් එහි උළුවහු කණුවේ පවා කොස් හට ගත් බව කියති. ග‍ඟේ පාවේගන ආ ‘බුලත් ගම්පත’ නම් ගම කඩුවෙල දේවාලය පේන මානයේ නැවතුණේ ද මේ දෙවියන් ගේ අනුභාවයෙන් ලු. පතිනි දෙවියන් සත් වරක් උපන් බව හා ඒ ඒ වාරවල නොයෙක් දස්කම් කළ බව කපුරාළලාගේ යාදිනිවල කියැ වේ.

සිංහලයන් ගේ ගොයම් කවි, නෙළුම් කවි ආදිය, එහෙම් පිටින්ම නො වේ නම් වැ‍ඩි හරියක්, ගජබා රජුගේ ත්, පතිනි දෙවියන්ගේ ත් වර්ණබනා අඩංගු ඒවා වීම සිත තබා ගත යුතු වැදගත් කරුණකි.

පතිනි දෙවියෝ නම් කවුදැ යි දැන ගැනීමට කවුරුත් කැමති ඇති. අසනු මැනවි.

කාවේරි පට්ටනමේ ධනවත් වෙ‍ළ‍ඳකුට කෝවිලන් හෙවත් ගෝපාලන් නම් පුත්ර්යෙක් සිටියේය. මේ ගෝපාලන් යන්න, ‘පාලඟ’ යයි අපේ කපුරාළලාගේ යාදිනිවල සඳහන් වේ. කෝවිලන්ගේ භාර්යාතව ‘කනකි’ නැමැත්තියකි. මෝ ස්වාමි භක්තියෙන් පිරුණු ඉතා ම ශාන්ත කාන්තාවකි. කලකට පසු කෝවිලන්, කනකී හැර දමා මාතාවි නම් නළඟනකට පෙම් බැඳ ඈ කරා ගියේ ය. ගනිකාව ප්රකයෝගයෙන්, කෝවි‍ලන් ගේ සියලුම ධනය තමා කරා ගෙන්නා ගෙන, ඔහු සම්පූර්ණ‍යෙන් දිළිඳු වූ පසු එළවා දැම්මා ය. යා යුතු අතක් නැති කෝවිලන් නැවතත් පැරණි බිරිඳ එනම් කනකී වෙත ආවේ ය. ඕ කිසි වෙනසක් නොදක්වා ඔහු ආදරයෙන් පිළිගත්තී ය. එහෙත් ඔවුන්ට කලින් ගත කළ අලංකාර ජීවිතය ගත කරන්නට දැන් බැරි ය. අසල් වැසියන්ට පෙනි පෙනී දිළිඳු ජීවිතයක් ගෙවන්ට ලජ්ජා වූ කෝවිලන් සිය රට අත් හැර බිරියත් සමග පඬි රටේ මදුරාපුරයට ආයේ ය. ඔවුහු අම්බලමක නැවතුණාහ. ආහාරයක් සපයා ගන්නට මුදල් නො තුබුණු හෙයින් කනකී, ඇගේ පා සළඹ ගලවා හිමියාට දී එය විකුණා යමක් ගෙනෙන්නට කීවා‍. කෝවිලන් සළඹ රැගෙන තරගල් වීදියට ගියේ ය. පඬිරජ බිසොවගේ සළඹක් අළුත් වැඩියා කරන්නට භාර ගෙන සිටි එහි ප්රේධාන තරඟහලුවාගෙන් එය නැති වී තිබුණ ප්රයස්තාවයත් මෙය ය. කෝවිලන් ගෙන ගිය සළඹත් ඊට සමාන වූ හෙයින් තරහලුවා කෝවිලන් අල්ලා ගෙන පඬි රජු කරා ගොස් සළඹ හොරා ගත් තැනැත්තා ලෙස



7 වෙනි පරිච්ඡෙදය 37

අඳුන්වා දුන්නේ ය. පඬි රජ ද වැඩි වග විභාගයක් නැතිව කෝවිලන් මරන්නට අණ කළේය. වධකයෝ කෝවිලන් උල හිඳුවා මරා දැම්මෝය.

සවස් වන තුරු සැමියාගේ ඊම බලා සිටි කනකී, අන්තිමේදී ඔහු සොයා ගියා. සොර කමට අසු වී රජ අණින් මරනු ලැබූ බව දැන ගත් ඔ ඔහුගේ මළ කඳ කරා ගොස් විලාප කියන්නටත් පඬි රජු කළ අපරාධයට දෙස් තියන්නටත් පටන්ගත්තා. රජුටත් රටටත් සාප කළා. මෙසේ සාප කරමින් - වැළපෙමින් ඒ සෝකයෙන් ම ඕ මළා. ඇගේ සාපය නිසා තරහල් වීදියේ පටන් මුළු පඬි පුර ම ගිනි ගත්තේලු කනකි, ඇගේ වම් පියවුර කඩා ගැසූ බවත් ඉන් පඬි පුර ගිනි ගත් බව ත් කපුරාළලාගේ හෑලි යාදිනීවල සඳහන් වේ. එවක් පටන් මිනිස්සු ඇය දේව ගණයෙහි ලා අදහන්නට වූහ.

පඬි රජුගේ මුණුබුරු කවියකු විසින් ලියන ලද ‘සිලප්පදිකාරම්’ නම් දෙමළ කාව්යජ යේ සඳහන් වන්නේ මේ දේවතාවිය ගේ කථාවයි. ‘පතිනි’ නමින් අදහන්නේ මේ කනකී නම් කාන්තාව යි.

ගජබා රජු සොළී රටින් ගෙන ආ‍ දෙමළුන් ගේ ප්රලයෝජනය පිණිස මේ රටට ගෙනා මේ ඇදහීම වැඩිකල් නෑර සිංහලයෝ ද පිළිගත් හ. දැන් ද්ර විඩයන්ට නොදී සිංහලයන් තනි කර ම පතිනි දෙවීයන්ට නෑ කම් කීමට තරම් එය පැතිර තිබේ.

සිංහලයන් අතර පවත්නා, පතිනි හෑල්ල, අඹවිදමන, පාඬි නළුව, පතහ, ගමන් වයි නඩය, ගේ තිවිල්ල, ආදී කවි පොත් වල මේ දෙවියන් ගේ අනුහස් සඳහන් වීමෙන් සාමාන්ය ජනයා මේ දෙවියන් කෙරෙහි කොයි තරම් භක්තිමත් දැයි සිතා ගත හැකි යි.

‘පතිනි’ යන්නෙහි තේරුම පතිවත රක්නා කාන්තාව යන්න යි. කනකී පතිවත රැකි බැවින් ‘පතිනි’ නම ලද. පතිවත් බලයෙන් ඈ නොයෙක් හාස්කම් කළ බව සලකති. ඈ දේවත්වියට හේතු වුණේ පතිවෘතා බලය නම්, අපේ ලක්ෂම ගණන් සිංහල කාන්තාවන් තව ම අපට දෙමළ පතිනියක් ම ඇදහීමට ඉඩ ඇර තැබීම නිගාවට කරුණකි.

ගජබා රජුගෙන් ගත යුතු වැදගත් ආදර්ශළයක් තිබේ. එනම් සිංහලයන් අතර තිබෙන නොමනා කුල භෙදයට එතුමා පහර දුන් බව යි.

ගජබා රජුගේ ප්රලධාන සේනාපතියා නීල නැමැත්තා යි. මේ නීලයා උත්පත්තියෙන් ‘රජක’ වර්ගැයේ මනුෂ්ය යෙකි. ඔහුගේ දක්ෂ කම දැන ගත් රජු තරුණ වියෙහිදී ම ඔහු තමා කරා කැඳවා


38 එළිදරව්ව

ගත්තේ ය. එසේ ම ඔහු අග්රා සේනාපති තනතුරෙහි ද තැබීය. කුලය නො සලකා සුදුස්සා සුදුසු තැන තැබීමේ උසස් ගතිය එතුමන් කෙරෙහි තුබුණු බව මෙයින් සලකා ගත හැකි යි. වලවේ ගඟබට රිදීගම ප්රහදේශය මේ රජු විසින් නිලයාට දෙන ලද ගම් වරකි. එහි වැස්සෝ දුනුදු තම නායකයාගේ සපන් කම් උසස් ලෙස කියති. ________________________________________

"https://si.wikibooks.org/w/index.php?title=එළිදරව්ව_-_ii&oldid=13390" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි