එළු අත්තනගලු වංශ විවරණය-විවරණය i

Wikibooks වෙතින්

එළු අත්තනගලු වංශ විවරණය

පළමු වන පරිච්ඡෙදය ¬¬¬¬______________________

1. ස්වස්ති - යනු අව්ය ය පදයෙකි. “යහපතෙක් වේ වා” යනු අර්ථ යි. මේ බෙහෙවින් ලිපි මුලැ යෙදේ. “ප්ර ශස්ත” යනාදීන් ආරබ්ධ වාක්යතය හා මෙය අසම්බන්ධ හෙයින්, “ස්වස්ති ප්රයශස්ත ප්රනවර ද්විජ කුල” යනාදි වශයෙන් එක් කොටැ කීම යුක්ත නො වේ. ප්ර_ශස්ත - පසස්නා ලද, මැනැවැ යි පිළිගන්නා ලද. ප්රේවර - ඉතා උතුම් ‘ප්ර්’ යන උපසර්ගිය ගුණශබ්දයන් හා යෙදුණු කලැ අධිකාර්ථ.යෙහි වැටේ. ද්විජ කුල - බ්රානහ්මණකුලය. බ්රාගහ්මණ ක්ෂෙත්රිධය වෛශ්යැ යන තුන් කුලයෝ මැ ‘ද්විජ’ නම් වෙත්. දෙවරක් උපන් යන අර්ථ්යෙන්. (ද්වි = දෙ වරක්, ජ = උපන්) විශෙෂයෙන් මේ බ්රරහ්මණයනට නමි. ද්විජයන් ගේ දෙ වන උත්පත්තිය නම් ‘උපනයනය’ හෙවත් වෙදයේ කී පරිදි නූල බැඳීම යි. ‘ශුද්රපයනට’ හෙවත් සිවු වන කුලයෙහි වුවනට උපනයනය තහනම් බැවින් ඔහු ‘ද්විජ’ නො වෙත්. කමල වන රාජි - නෙළුම් මත රොද, රාජි = රෙඛාව හෙවත් රොද, නෙළුම් ගහන වැ ඇති තැන නෙළුම් වනය යි කියනු ලැබේ. විලෙහි නෙළුම් ගහන හෙයීන් එ ද කමල වන නමි. රාජ හංසායමාන - රාජ හංසයකු වැනි, ඉතා රත් වූ තුඬු හා පාද හා ඇති සුදු හංසයෝ ර ජ හංස නම් වෙත්. සමානාර්ථඉයක් හැඟැවුව මනා තන්හි නාමයා කෙරෙත් පර වැ ‘ආයමාන’ යනු යෙදේ. (වෘක්ෂාායමාණ = රුකක් වැනි සුය්යෙම් මාණ = හිරු වැනි) කමල වන රාජියෙහි රාජ හංසයා හැසිරෙන කලැ, ඔහු නිසා කමල වන රාජිය ශොභාවත් වේ. එ මෙන් මතු කියනු ලබන්නා වූ අනවමදර්ශි මාහිමියන් නිසා ‘ද්විජ’ කුලය බැබැ ළේ හෙවත් මාහිමියන් නිසා බමුණු කුලය හොබනේ යැ යනු අර්ථජයි අක්ෂ ර - අකුරු, පදයෝ අක්ෂ රයන් ගෙන් යුක්ත යැ භාෂාව පදයන් ගේ ව්ය්වහාරය යි මෙහි අක්ෂේර යන්නෙන් භාෂාව ගැනේ. ශාන්ධවර්වන - ගන්ධ්ර්වෂ විද්යා්ව හෙවත් සංගීත ශාස්ත්රවය. ගන්ධ.වී යනු ගායකයාට හෙවත් ගීත ගායනය කරන්නාට හෝ නටයාට





52 එළු අත්තනගලු වංශ- (1 ප. 1.

හෝ නමි. ඔහු පිළිබඳ කාර්යඑය ‘ගාන්ධ ර්ව ’ නම් වේ. ශාස්ත්ර්යට ‘ගන්ධවර්වය’ යැ යී කීම යුක්ත නො වේ. ජන්දබස් - කාව්යා බන්ධ්නයෙහි වෘත්ත නියමය (තාල නියමය) උගන්වන ශාස්ත්ර ය, නිඝණ්ටුකොෂ ශාස්ත්රවය හෙවත් ශබ්දාර්ථන උගන්වන ශාස්ත්රශය, අලඞ්කාරවාක්යොය ශොභාවත් කරන අන්දම් උගන්වන ශාස්ත්ර ය. උපමා ආදියෙන් වාක්ය යෝ ශොභාවත් වෙති. ශරීරයට මුක්තා මාණික්යාදදි ආභරණයෝ යම් සේ ද වාක්යයයට අලඞ්කාරයෝ ද එ සේ වෙත්. ශාලිහොත්රා - අශ්ව වෛද්ය ශාස්ත්රයය. අශ්වයනට කරන වෙදකම් උගන්වන ග්ර න්ථය ලියනලද්දේ ශාලිහොත්රා නම් තෙතැත්තකු විසිනි. එ හෙයින් ‍ශාස්ත්රිය ද ශාලිහොත්ර නම් වියැ. යන්ත්රස - මන්ත්රන ශාස්ත්ර්යෙහි හෝ නක්ෂහත්රපයෙහි හෝ කී පරිදි අක්ෂශරාදිය පිහිටුවා අඳින ලද සටහනක්. මෙහි අදහස් කරන ලද්දේ ඒ පිළිබඳ වැ උගන්වන්නා වූ ශාස්ත්රාය යි. තන්ත්රනපූජා විධි ආදිය දක්වන ශාස්ත්රනය, ජ්යොබතීර්ඥාන - ආකාශ වස්තූන්ගේ සවභාව ගමන් ආදිය ගැනැ උගන්වන ශාස්ත්රවය. නක්ෂත්රශ ජ්යො තිඃ ශාස්ත්රැ යන දෙකෙහි වෙනසක් නැතත් මෙහි දෙකක් ලෙස දැක්විණ. පුරාණ - හින්දුවරුන්ගේ දෙව කථා අන්තර්ග්ත ග්රයන්ථ අටළොස, මේ ග්ර න්ථයන් ව්යා-ස්යු නම් සෘෂීන් විසින් ලියනලද හයි කියත්. පුරාණ දස අට නම්:- බ්රාවහ්ම, පාද්ම, වෛෂ්ණව, ශෛව, භාගවත, නාරදීය, මාර්ක ණේඩය, ආග්නෙය, භවිෂ්යවත්, බ්ර්හ්ම වෛවර්තථ, ලෛඞ්ග, වාරාහ, ස්කාන්ද්, වාමන, කෞර්ම , මාත්ස්ය්, ගාරුඩ බ්ර්හ්මාණ්ඩ යන මේ කියන ලද්දන් මුල් කොටැ ඇති සියලු ශාස්ත්ර යෝ මෙයින් ගෘභිත යි. සකල කලා - සියලු ශිල්ප. ‘කලා’ යන්නෙන් නෘත්යාගදී සිවු සැට ශිල්පයෝ ගැනෙත් ඔහු කාව්යයශෙඛර විවරණයෙහි (...............) දැක්වෙති. ‘කලා’ යනු චන්ර්ශෙඛයා ගේ සොළොසින් කොටසකට ද නමි. කලානිධිහු - කලාවන් ගේ නිධානය. ෂොඩශ කලාවනට නිධාන හෙවත් ස්ථාන වූයෙන් චන්ර්ිහ කලානිධි නම් වේ. ශොඩශ කලාවනට චන්ර් හෙ යම් සේ නිධි වී ද එසේ මැ අනවමදර්ශි මාහිමියෝ සූසැට කලාවනට නිධි වූහ, හෙවත් සූසැට කලාවන්හි දක්ෂධයෝ යැ. සූත්රා භිධර්මන විනය සංඛ්යා්ත - සූත්රා යැ අභිධර්ම් යැ විනය යැ යි කියන ලද හෙවත් ගණන් ගන්නා ලද. අනවමදර්ශී - ඉතා උසස් දැකීම් ඇති. ඉතා යහපත් දැනීම් ඇති. ‘දර්ශි’ යනු දක්නා තෙනැත්තෙ යැ යන අර්ථැ ඇත්තේ යැ.





1. ප. 1) වි ව ර ණ ය 53

‘අවම’ නො වන්නේ අනවම. ‘අවම’ යන්නෙහි අර්ථ ය නම් ඉතා පහත් - ඉතා නීච - යනු යි. ‘පරම’ යනු මීට විරුද්ධ අර්ථ ඇත්තේ යැ. එහෙයීන් ‘අනවම’ යන්නෙහි අර්ථ ය පරම යනු වේ. සඞ්ඝ රාජ ධුරන්ධ ර - සඞ්ඝයාට රාජ, සඞ්ඝ රාජ, ඔහු ගේ ධූරය සඞ්ඝ රාජ ධූරය යී. එය ධරනුයේ සඞ්ඝ රාජ ධූරන්ධ්ර. සඟ රජ තනතුර දරන්නා යනු අර්ථූ යි. ධුරං + ධර = ධූරන්ධරර. අනුස්වාරයට හෙවත් බින්දුුවට පර වැ වර්ග ව්ය ඤ්ජනයක් සිටි කලැ ඒ ව්යධඤ්ජනය අයති වර්ගඅයා ගේ අනත්යාදක්ෂ්රය අනුස්වාරයට ආදෙශ වේ ‘ධූරං’ යනු ධූර ශබ්දයේ ද්විතීයා විභක්ති එකවචන යි. ‘ධුරන්ධුර’ යනු එ හෙයින් අලුප්ත සමාස යි. වූ යනු ‘ව’ (වීමෙහි) ධාතුයෙන් සිද්ධ වූ කර්තෘආ කාරක කෘදන්ත නාමයෙකි. තුල්යා ධිකරණ විශෙෂණ පදයාට පර වැ මේ යෙදේ. මෙය නො යෙදු‍ණ ද වරදෙක් නො වේ. මෙහෙයන ලදු වැ - මෙහෙයනු යනු භාව කෘදන්ත නාමයෙකි. ධාතු ‘මෙහෙය’ යනු වේ, ‘ලදු’ යනු ‘ලබ’ ධාතුයෙන් සිද්ධ වූ කර්තෘස කාරක කෘදන්ත නාම යි. ලැබූ තැනැත්තේ යනු අර්ථු යි. ‘වැ’ යනු පූර්වස ක්රිෘයා නිපාත පද යී. එ හෙයින් ‘මෙහෙයන ලදු වැ’ යනු ‘මෙහෙයීම් ලැබු තැනැත්තා වැ’ යන අර්ථ්ය දේ. ඉතිහාස කථාව - ‘මේ මෙසේ වී යැ’යි මුඛ පරම්පරායෙන් ආ කථාව. ඉතිහාස = ඉති + හ + ආස. මෙ සේ මැ වී. ‘හ’ යනු අවධාරණාර්ථරයෙහි නිපාත යි. ‘ආස’ යනු ‘වී’ යන අර්ථ්යෙහි ක්රිීයා පද යි. පූර්වව ලිඛිතය පූර්වනයෙහි ලියන ලද්ද. අත්තනගලු විහාරය පිළිබඳ ප්රතවෘත්තිය මාගධ ග්ර්න්ථ කරණයට පූර්වලයෙහි ද ලියන ලදු වැ එය ග්ර න්ථ කර්තෘයහුට ඉවහල් වූ බව අදහස් කරණ ලදී. ආශ්රවය කොටැ - ඇසුරු කොටැ. කරුණු දැනැ ගැනීමට පිහිට කොටැ ගෙනැ. මාගධික භාෂායෙන් - පාලි භාෂායෙන්. මගධ දෙශයෙහි උපන් බැවින් පාලි භාෂාවට මාගධික භාෂාව යැ යි යෙත්. ‘මගධ’ නම් සින්ධු් දෙශයෙහි දැතට ‘බිහාර’ යන නම් ලත් ප්රාදෙශය යි. රචනා කරණ ලද - ගොතත ලද. පිළිවෙළකට කිරීමට රචනාව යැ යි යෙත්. අත්තනගලු විහාර වංශාඛ්යර - අත්තනගලු විහාර වංශ නම්. මෙහි ‘ආඛ්යාව’ යනු නාමය යන අර්ථනයෙහි වැටෙන ආකාරාන්ත නාමයෙකි. ‘වංශාඛ්යශ’ යන තන්හි එය ‘අ’ කාරාන්ත වූයේ කෙසේ ද? අන්යා ර්ථෙ සමාසාන්තයෙහි අකාරය හ්රනස්ව වේ. ‘අත්තනගලු විහාර වංශ’ යනු ආඛ්යා ත හෙවත් නාමය වූයේ යමක්හු ගේ ද හේ ‘අත්තනගලු විහාර වංශාඛ්යත’ නමි. ප්රවබන්ධ ය





54 එළු අත්තනගලු වංශ - (1. ප. 1.

ග්ර න්ථය. රචනාව ආදි මධ්යාාවසානයන් ගේ මනා පිළිවෙළ ඇති වැ බඳනා ලද්දේ ප්ර බන්ධ ය යි. ශ්රීය ශක වර්ෂියෙන් - ශක රජු ගෙන් පටන් ගත් වර්ෂශයෙන්. ශක වර්ෂ්ය පටන් ගත්තේ ක්රිආස්තු වර්ෂස සැත්තැ අට වැන්නෙහි සිට යැ. ‘ශ්රී ’ යනු උත්තමාර්ථ ය හැගැවීම පිණිස දෙවාදීන් ගේ නමට මුලින් යෙදේ. ‘ශක’ රජුට ‘ශාලි වාහන’ යනු දු නාමෙකි. ‘ශාලිවාහන’ නම් සින්ධුි දෙශයෙහි ඉතා කීර්තිමත් වැ සිටි රජෙකි. පිරුණු සඳැ - මෙහි ‘සඳැ’ යනු ‘කල්හි’ යන අර්ථප ඇත්තේ යැ. ත්රිය සිංගලාධීශ්වර - ත්රි සිංහලයට අධිපති ත්රිය සිංහලය නම් රුහුණු මායා පිහිටි යන තුන් රට යි. අධීශ්වර = අධිපති = නායක. (අධි + ඊශ්වර) නව රත්නාධිපති - නව රත්නයට අධිපති වූ. සිංහල රජවරුනට නව ‘රත්නාධිපති’ යන නාමය පුරාතනයෙහි පටන් ව්යරවහාර කරන ලද බව් පෙනේ. මීට හේතුව මුතු මැණික් ආදී රත්න ජාතීනට රජ අසහාය ස්වාමී වූ බව යැ යි සිති යැ හැකි යැ. නව රත්න නම්:

“ මුක්තාමාණික්ය්චෛදූර්ය ගොමෙදා වජ්රැවිද්රැ මෞ පදමරාගො මරකතං නීලශේවති යථ ක්රසම්මි ෴

යන ශ්ලොකයෙන් දක්වන ලද (1) මුතු (2) මාණික්යහ, (හෙවත් රතු කැට, ) (3) වෛදූර්යක (4) ගොමෙද, (5) (වජ්රර) (දියමන්ති,) (6) පබලු, (7) පද්මරාග, (8) මරකත, (9) නීල්. යන මේ යැ. සංස්කෘතයෙහි ‘මාණික්ය ’ යනු රතු කැටයට හෝ ඉන්ද්ර නීලයට මුත් සියලු රත්නයනට සාධාරණ නාමයෙක් නො වේ. සාධාරණ නාමය නම් ‘මණි’ යනු යි. එසේ ද වුවත් බොහෝ සිංහල ග්රින්ථ කර්තෘණවරුන් මේ විශෙෂය සැලැකු බවෙක් නො පෙනේ. අග්රව මාත්යග - අග මැති. ශ්රතද්ධාබුද්ධී සම්පන්න - ඇදැහිල්ලෙන් හා වැටහෙන නුවනින් හා යුක්ත වූ රත්නත්රනය ශරණපරායණ බුද්ධ ධර්මව සඞ්ඝ යන ත්රි විධ රත්නයා ගේ පිහිට පරම පිහිට කොටැ ඇති. රත්නත්රරයය හැරැ වෙන මට පිහිකේ නැතැ” යි කියා සිටුනා. අශරණ ශරණ - පිහිට නැති අයට පිහිට වූ ශරණ නැත්තේ යමකු හට ද හේ අශරණ, අශරණයනට ශරණ අශරණ ශරණ ශරණාතෙ වජ්ර පඤ්ජර - (ශරණ + ආගත) පිහිට සොයා ආ අයට වජ්රජ පඤ්ජරයක් (දියමන්ති මැඳිරියක් හෙවත් කූඩුවක්) වැනි. තමා ගේ පිහිට සොය





1. ප. 1) වි ව ර ණ ය 55

යමෙක් ආයේ ද ඔහු මොනොවට රැකැ ගන්නා වූ වජ්ර ඉතා ගද යැ. එයින් තැනුණු මැදිරියකට යමෙක් වනී නම් හේ අතිශයින් සුරක්ෂිඉත මැයැ. අනවරත දානහෙතු ප්රරඤේචිකෘත නිරන්තරයෙන් දන් දීම හෙතු කෙ ටැ ගෙනැ විදහා පාන ලද, ‘ප්රතපඤ්ච’ නම් විදහා පෑම හෙවත් විස්තර ලෙස දැක්වීම යි. නිරන්තරයෙන් දෙන දානයේ ප්ර්මාණයෙන් කොතරම් වස්තුව ඇද්ද යනු ප්රනකාශ වේ. විවිධවීභවඤේචයීකෘත - ‘සඤ්චයීකෘත විවිධ විභව ඇති’ යැ යි ශුද්ධ කළ යුතු. රැස් කරන ලද නානාවිධ සම්පත් ඇති ‘සඤචය’ යනු රශියව නමි වඤ්චී පුර ‍පවරපවිත්රල පූර්වප ගොත්රෛසකකාල භූත - වඤ්චී පුර නමැති පිරිසිදු උදය පර්වීතයෙන් එකවරැ පැනැ නැංගා වූ පහතැ සඳහන් කරනු ලබන අලගක්කෝනාර අර්ථශනායක යන නත්රීාශ්වර දෙදෙන වඤ්චී පුරයෙන් ආවාහු යැ. ‘වඤ්චී’ යනු සින්ධුශ දෙශයෙහි දක්ෂිනණ භාගයෙහි වූ ද්රවවිඩ දෙශයෙහි ඉතා ප්රකසිද්ධ වූ නගරයෙකි. දැන් ‘කොයිම්-බටුර්’ යනු නමි. ‘පූර්වඉ ගොත්රධ’ යනු උදය පර්ව්තයට නමෙකී ‘පූර්වන’ නම් නැගෙනහිර යි ‘ගොත්රන’ යන්නෙන් පර්ව‍තය ගැනේ. ( ගො + ත්ර් = පෘර්ථහවිය රක්නේ) ලොකයේ නැගෙනහිර දිගැ ‘උදය’ නමින් පර්ව(තයක් හා බටහිරි දිග ‘අවර’ .................................................... පර්ව්තයක් හා ඇතැයි යනු ද, සූය්ය්යි යා උදයැ ‘උදය’ ප................................. මැත් වි, සවසැ ‘අවර’ පර්ව’තයට මුවාවන්නේ යැ ......................................... යන් ගේ මතයි ‘එගකාලප්ර‘භූත’ යන්නෙහි එ ......................................... නැංගා වූ යනු අර්ථ යි පූර්වර ගොත්ර්යෙන් චන්ර්ව ............................................ එක් වරැ පහළ වීමක් මෙන් වඤ්චී පු. .......................................................... කෝනාර අර්ථළනායක යන ‍මනත්රී.ශ්වර .................................................... පැමිණීම වූයේ යැ යනු භාව යි ගොත්ර් ................................. කාල සංස්කෘතයෙහි ස්වරාදෙශ සන්ධිග ‘එ’ ආදෙශ වේ මෙහි ‘පවිතු මන්ත්රී්ත් පිරිසිදු වංශ ඇති බව ද ධ්වනි යුගලායමාන - චන්ර් ඇත මණ්ඩල සූය්ය්.. විරුදාවලී - (විරුද + ආවලි වි ස්තුති යි. මෙ වැනි ස්තුති පාඨ යැ’යි කියති. ‘චන්දි භටට’ ස්තූතිය පිණිස ඔහු ගේ නිම්තන කොටැ ගෙනැ වන්දි




56 එළු අත්තනගලු වංශ - (1. ප. 1.

ගනිති. අර්ථ නායක මන්ත්රීළනට ඇති වූ එක් විරුද නාමයෙක් නම් ‘පරනාරී සහෝදර’ යනු යි. මෙහී අර්ථතය ‘අනුන් ගේ භාර්යාමවනට සහෝදර වූ’ යනු යැ යි ගත හැකි වේ. ස්ත්රිායක ගේ සහෝදරයෙක් නම් ඒ ස්ත්රිුය ගේ ගෞරවය රැකැ ගැනීමට නිතර උත්සාහ කෙරේ. අර්ථ නායක’ මන්ත්රීේ අනුන් ගේ ‍භාර්යාදර වනට සහෝදරයකු මෙන් පවතී යැ” යි කීමෙන් ඔවුන් ගේ විශිෂ්ට වූ සදාචාර ගුණය ප්රදකාශ වේ. ස්වර්‍ථ පරාර්ථි කරණ ප්රගවීණ තමනට හිත වැඩ හා අනුනට හිත වැඩ කිරීමෙහි දක්ෂක. (ස්ව + අර්ථි) ස්වාර්ථණ = තමනට හිත වැඩ ඉෂ්ටාර්ථ. ප්රාසවය කිරීමෙන් - කැමැති වූ අර්ථවය සිද්ධ කිරීමෙන්. සිතෙහි අදහස සම්පූර්ණථ කිරීමෙන්. මෙහි අර්ථ යනු අභිලාෂ යන අරුත්හි වේ. අර්ථි ජන මනොරථ පූරණයෙහි - යාචක ජනයා ගේ ආශාව සම්පූර්ණන කිරීමෙහි. ‘අර්ථර’ යනු මෙහි ද ‘අභිලාෂ’ යන අර්ථය ඇත්තේ යි අභිලාෂ ඇති තෙනැත්තේ ‘අර්ථි’ නම්. විශෙෂයෙන් යාචකයන් කෙරෙහි ද සාමාන්යගයෙන් කිසිවක් කැමැති වන්නන් කෙරෙහි ද. ‘අර්ථි’ යන නාමය වැටේ. අත්යකර්ථඅයෙන් - අතිශයින්, (අති + අර්ථී) සංස්කෘත යෙහි ස්වරයා පර කල්හි ‘ඉ’ වර්ණ්යට ‘ය’ කාරදෙශ වේ.)












1. ප. 1) වි ව ර ණ ය 57

සමහරෙක් යොදත්. ‘ප්ර ධාන’ ශබ්දයක් මුත් ‘ප්ර ධානි’ ශබ්දයෙක් සංස්කෘතයෙහි නො ආයේ ය. ශ්රො ත්රැ් ජනයා ගේ - අසන ජනයා ගේ සුඛාවබොධය - සුව සේ තේරුම් ගැනීම, ස්වකීය සිංහල භාෂායෙන් - යන තන්හි ‘ස්වකීය’ යනු ඇති කලැ ‘සිංහල’ යනු තිරර්ථරක යි, ‘සිංහල’ යනු ඇතියෙන් ‘ස්වකීය’ යන්න තීරර්ථ ක වේ. ප්ර වර්ගිත වුව හොත් - පෙරළන ලද්දේ නම් යෙහෙකැයි - යහපතැයි. යෙහෙක් + යැ + යි යෙහෙකැ යි. මෙහි මේ ‘ය’ කාරය ලොප් වෙයි. ආරාධිත වැ - ආරාධනය කරන ලදු වැ ‘වැ’ යනු පූර්ව ක්රි යා නිපාත යි. ශාස්ත්රාිරම්භයෙහි ග්රාන්ථය පටන් ගැන්මෙහි. ‘ශාස්ත්ර ’ යනු ‘ග්රමන්ථ’ යන අර්ථන ඇත්තේ ද වේ. ඉෂ්ට දෙවතාරාධනය - අභිමත දෙවතානුස්මරණය, තමා කැමැති දෙවියන් ගෞරවයෙන් සිහි පත් කිරීම. ‘ආරාධනය’ යනු ‘වැඳීම’ යැ යන අර්ථි ද ඇත්තේ යැ. ‘සඳහා’ යනු පූර්වත ක්රිආයානිපාත යි. ‘සඳහ’ ධාතු යි. වර්ණතවු - වර්ණඅනා කරල ලද. ප්ර ථම ගාථායෙහි පටන් - පළමු වන ගාථායෙහි පටන්. ‘ගාථා’ යනු සංස්කෘතයෙහි එක් වෘත්තයකට පමණක් නම් වේ. පාලියෙහි වනාහි සියලු පද්යහයෝ (සිවු පද) ගථා නම් වෙත්. ව්යාවහාරයෙහි ‘ගාථා’ යන්නෙන් පාලි පද්යප යෙක් ද, ‘ශ්ලොක’ යන්නෙන් සංස්කෘත පද්යරයෙක් ද හැ‍ඟෙයි. අර්ථය කථනය - තේරුම් කීම. “ප්රොශස්ත ප්රනවර ද්විජ කුල” යනාදීන් ආරබ්ධ වූ වාක්ය්ය “අර්ථන කරනය කෙරෙමු” යන්නෙන් අවසන් වියැ. ග්රදන්ථාරම්භයෙකැ ග්රයන්ථ කරණයට හේතු ආදීන් විස්තර කොටැ දක්වන මෙ වැනි වාක්ය්යෙක් වී නම්. ඊට ‘මුඛබන්ධථ යැ’ යී කියනු ලැබේ.

ස්නෙහ - ආදරය. නිර්මැල - පිරිසිදු නිර් x මල මලින් වෙන් වුයේ නිර්ම ල යි. ප්රකදීපාධාරය - පහන ධරා සිටින්නේ ප්ර දීපාධාරය යි. තෙල් රඳා සිටීන්නේ ප්රෙදීපාධාරයෙහි යැ. අන්තර්ගකත වූ - ඇතුළත් වූ සර්වයඥ - සර්ව + ඥ = සියල්ල දන්නේ. දත යුතු සියල්ල දන්නෙන් බුදුහු සර්ව ඥ නම් වෙත්. සමස්ත - සියලු. මොහාන්ධුකාර ස්කන්ධලය - මොහය හෙවත් මුළ වීම නමැති අඳුරු කඳ සත්යුය නො වැටැහීම මොහය යී. විධවංශනය කිරීමෙන් - විනාශ කිරීමෙන්, නැති කිරීමෙන්, සතතයෙන් - නිරන්තරයෙන්. මනොඥ කොටැ - චින්තානුකූල කොටැ. ප්රිසයජනක කොටැ, ප්රයක්ෂාකශකොර්වා පහළ කෙරේවා. ස්නෙහය අධික කොටැ ඇති සිතෙහි වූ ප්රතඥායෙන් මෙනෙහි කරණ ලද සර්වරශ තෙමේ, මා ගේ

                                                                                                          6



58 එළු අත්තනගලු වංශ- (2. ප. 3.

සියලු මොහය දුරු කොටැ මේ පදාර්ථ රාශිය ප්රතකාශ කෙරේ වා. කුමක් ‍මෙන් ද? තෙල් අධීක කොටැ ඇති ප්රේදීපාධාරයෙහි වු කඩ වැටීයෙහි දල්වල ලද ප්ර දීපය සියලු අන්ධකකාරය දුරු කොටැ පදාර්ථහ රාශිය ප්රැකාශ කරන්නාක් මෙනි. ‘පදාර්ථ ’ යනු වස්තුයෙහිදු වැටේ.

2. යනු හෙයින් - කීම හෙතු කොටැ ගෙනැ. අර්ථ්ය මෙසේ වේ යැ යි යොදා ගත යුතු ‘ය’ ධාතුව කීමෙහි වැටේ. මෙහි ‘යනු’ යන්නෙහි අර්ථපය නම් ‘කීම’ යනු යි. අභිෂෙක ප්රාෙප්ත වූ - අභිෂෙකයට පැමිණි. අභිෂෙකය නම් මොටුනු පළඳවන දවස් රජු ගේ හිසෙහි පැන්වත් කිරීම යි. ක්ෂූත්රීභය රජුන් - ක්ෂුත්රී ය වංශයෙහි උපන් රජුන්, ක්ෂූත්රීභය වංශයට රාජ වංශයයි ද කියත්. කවර හෙයින් ද? බොහෝ කොටැ මැ. රජ වන්නන් ඒ වංශයට අයිති බැවිනි. ජනයන් රඤ්ජනය කරන්නේ හෙවත් පිනවන්නේ රජයි. ‘රජ’ යනු තනතුරින් ලැබෙන නම යි. කුලයෙන් ලැබෙන්නෙක් නො වේ. බොධිසත්ව කරුණා ගුණ මහිම ඇති - බුදු බව පතා පැරුම් පුරන්නකු ගේ කරුණා ගුණානුභාවය ඇති දැහැමි ධාර්මික. ධර්මයෙහි හැසිරෙන්නේ ධාර්මික යි. ‘දැහැමි’ යන තන්හි ‘දහම්’ යනු ප්ර කෘති යි. ‘ඉ’ තද්ධීත ප්රාත්ය ය යි. දහම් + ඉ = දැහැමි. ‘ඉ’ ආදි තද්ධිත ප්ර්ත්යයයයන් යෙදෙන ‍කලැ ද ප්රිකෘති යෙහි ඇති ‘අ’ කාරයෝ ‘ඇ’ කාර බවට පැමිණෙත්. මේ ව්යයකරණ රීති යි. වීපර්යාිසයෙක් නො වේ. අතිශයින් - ඉතා බොහෝ සෙයින්. අපදාන සංඛ්යා ත - අපදාන නම් වූ ‘අපදාන’ නම් කුශල චරිතය හෙවත් ඉතා පිරිසිදු සිරිත යි. බන්ධයන මුකයෙන් - ප්රයබන්ධ කිරී‍මක් වශයෙන්. ප්රුබන්ධ කිරීම මුල් කොටැ ගෙනැ.

3. බ්ර හ්මණාන්වයෙහි - බ්රාැහ්මණ වංශයෙහි. බ්රා‍හ්මණ අන්වය සමාන ස්වර දෙකක් එක් වූ තන්හි එ දෙක මැ වෙනුවට ඒ වර්ගකයේ දීර්ඝ ස්වරයක් වීම සංස්කෘත රීති යි. අන්වය, කුලය, වංශය යනාදීහු එකාර්ථෙය හ. සඤ්පාත වූ - උපන්නා වූ අර්ත්ථා නු ගත වශයෙන් - අර්ථදයට අනුකූල (එකඟ) වශයෙන්. මෙහි ලා - මේ ග්රනන්ථය කිරීමෙහි ‘මෙහි දී’ යන තන්හි ‘දී’ යනු මෙන් ‍’මෙහි ලා’ යන තන්හි ‘ලා’ යනු ද පූර්වි ක්රි යා නිපාත පදයෙකි. ‘දී’ යන්නෙහි ද පූර්ව් ක්රි යාර්ථතය අප්රථකාශ ය. ව්ය යාමය - වෑයම උත්සාහ.





1. ප. 4-5.) වි ව ර ණ ය 59

4. දීර්ඝ නිකාය - සූත්ර පිටකයේ කොටසකට දී තිබෙන නම යි. ඒ කොටසට අයත් සූත්රඝ සෙසු සූත්රූයනට වඩා දීර්ඝො යැ. බෞඞාගම - බෞද්ධ ධර්ම ය. අමෘත මහා ගඞ්ගා ජල ප්ර්වාහයෙන් - අමෘතාකාර වූ මහා ගඞ්ගා ජලයා ගේ ගැලීමෙන්. ජල ප්රසවාහය නම් දිය පහර යි. ‘අමෘත’ නම් දිව්යම පානය යි. එයින් මරණය නො වේ නු යි. ඒ අමෘත නම්, එය අසම වූ රස ඇත්තේ යැ. එ හෙයින් කිසිවෙකැ අධික රස ඇති බවක් හැඟැවුව මනා කලැ එය අමෘතය වැනි යැ යි කීයති. ශුද්ධ කරන ලද - සෝදා හරින ලද. මිථ්යා දෘෂ්ටි - ඇති සැටි වරදවා අදහා ගැනීම. (දෘෂ්ටි = පෙනීම) බොරු විහ්වාසය. විෂ කලඞ්කවිෂ වූ කැළැල්, විෂ සහිත දොෂ, අමෘතාකාර වූ මහා ගඞ්ගා ජල ප්ර)වාහයෙන් විෂ කලඞ්ක සේදී ගියාක් මෙන්. බුද්ධ ධර්මාය පැතිරීමෙන් මේ වර්ණෙනා කරනු ලබන පර කලදෙශයෙහි මිථ්යාි දෘෂ්ටිය දුරු වූ බව මෙහි අභිප්රෙ ත යි. මේ කියන ප්රනදෙශයෙන් මහවැලි ‍ගඟ ගලන්නෙන් විෂ කලඞ්ක සේදී යෑම ද සත්යියෙකි. අමෘත ගඞ්කා ජල ප්ර්වාහයැ යී කියන ලද්දේ ගඞ්ගා ජලයෙහි විශිෂ්ට රසයක් උදෙසා නො වැ, අමෘතය හෙවත් නිර්වාඞණය ගෙනැ දෙන්නා වූ බුද්ධ ධර්මඞයට උපමාන කරන ලද හෙයිනි. මහානාග වනය - දැන් බින්තැන්න යැ යි ව්යාවහාර වන ප්රඅදෙශය යි. යක්ෂම රාක්ෂ්ස ගණයාගෙන් - යක්ෂය රාක්ෂනස සමූහයා ගෙන්, යක්ෂ යෝ ද රාක්‍යිසයෝ ද අමනුෂ්ය් විශෙෂයනැ යි ගැනුණෝ යැ, සිද්ධ ‍‍ෙක්‍ෂත්ර. -ශුඞ භූමිය. අලඞ්කාරාභරණ‍යක් - විසිතුරු පළඳනා වක්. රත්නාකර - රුවන් ආකර. ආකාරය නම් මැණික් ආදිය ගැනීමට භූමියෙහි කණින ලද වළ යි. ‘රත්නාකර’ යනු සමුද්රදයට ද නමි. ඒ අර්ථිය මෙහි නො යෙදේ. උපලක්ෂිනත - යුක්ත, ‘රත්නාකරයෙන් උපලක්ෂිැත’ යැ යි කී කලැ ඒ ජනපදයා ගේ විශෙෂ ලක්ෂතණයෙක් නම් රත්නාකර ඇති බව යැ යනු හැගේ. මහාර්ඝක - බොහෝ අගනා. මහ ඇඟි මාණික්ය ප්ර භෙද - මැණික් ජාති, මෙහි ‘මාණික්යන’ යන්න යෙදුණේ සාමාන්යයයෙන් රත්න ජාති හැඟැවීමට යි. ‘මාණික්යජ’ යනු ඒ අර්ථණයෙහි යෙදීම අයුක්ත යැ. එ හෙයින් මෙය ‘මණිප්රයභෙද’යි යෙදීම උචිත වේ.

5. වර්ණිනා විශෙෂයෙක් - විශෙෂ වූ වර්ණණනාවක්. අන්ය ස්ථානයන් ගේ වර්ණ.නාව හා සමාන නුවු වර්ණකනාවක් ඇති කලැ ඒ වර්ණණනා විශෙෂයෙකි. පාද ලාඤ්ජනය - පා සටහන,




60 එළු අත්තනගලු වංශය (1. ප. 6 – 7

පද ලස සන්තුෂ්ට වූ සතුටු වූ සමන්තකූට - සමනල ‘කූට යනු කඳු මුඳුනට නමි. සියලු කූටයනට වඩා උස් වැ සිටි හෙයින් හෝ සියලු අතින් මැ කූට වැ සිටි හෙයින් හෝ; සම්පූර්ණ කූට වැ සිටි වැ සිටි හෙයින් හෝ, හේ ‘සමන්තකූට’ නම් වී. ‘සමන්තකූට’ යනු සිංහලයෙහි ‘සමනොළ’ යී සිටී. ස්වර පර රූපයෙන් ‘සමනොළ’ යී ද වේ. ජය කෙතුවක් - ජය කොඩියක්

6. යක්ෂ’ ප්රමලයය - යක්ෂ.යන්ගේ විනාසය, ‘ප්රයලය’ යනු මෙහි යෙදුවා වරද යි කවර හෙයින් ද? යක්ෂ‍යන් ලඞ්කා වීපයෙන් බැහැරැ ලීමක් විනා විනාශයක් නො කියන ලද හෙයිනි. චර්යාර සනයෙන් - සම් ආසනයෙන්. මේ වර්මාකසනය නම් සර්වලඥයන් වහන්සේ විසින් මැ අතුරුවන ලද, සමින් කළ පත් කඩ යි. දැනුදු සඞ්ගයා අතරැ. සමින් කළ පත කඩ භාවිත යි. වග් තිස්කන්ධ යා ගේ - ගිනි කඳෙහි. බුදුන් සම් පත් කඩ අතුට වැඩැ හුන් කල්හි යක්ෂ යෝ හාත්පසින් අවුත් රැස් වූ හ. එ කලැ බුදුහු ‘පත් කඩ ගිනි ගෙනැ දිලී හාත්පසින් පැතිරේ ව” යි ඉටු හ. පත් කඩ වහ්නි පවාල මාලාකූල වැ පැතිරෙත් මැ යක්ෂදයෝ සමුද්රත තීරයෙහි රැස් වූ හ. ඉක්බිති ඔවුනට ගිර දිවයින ළං කරන ලදු වැ ඔව්හු එහි වන් හ යනු ඉතිහාස යි. ස්පර්ශු දාගයෙන් - උෂ්ණය හෙවත් දැවල්ල ඇඟට වැදීමෙන්, මයෙඞ්ගණ - (මගී + අඞ්ගණ) පොළොවෙහි තැන්න හෝ මිදුල. ‘අඞ්ගණ’ යනු භූමි කොට්ඨාසය යන අර්ථග ද ඇත්තේ යැ. ‘බින්තැන්න’ යනු දු මේ අර්ථගය මැ දෙයි. බිම් + තැන්න යන තන්හි ‘ම’ ගට නකාරපර නිමිත්තයෙන් තවර්ගයන්තදෙශ වී “බින්තැන්න” යනු සිද්ධ යි. ‘මහියඞ්ගණ’ යන පාලි බෙද යි. සංස්කෘතයට නම් ‘මහ්ය”ඞ්ගණ’ වියැ යුතු. ස්තුපරාපයෙක් - උතුම් වූ ස්තූපයෙක්. මෙහි ‘රාජ’ ‍ශබ්දය උත්තමාර්ථොවාචි වේ. ‘ස්තූප’ යි කියන ලද්දේ දා ගබට යි. ගජහි හෙවත් ඇතුළතැ දැ (ධාතු) වූයේ ය ද හේ දා ගබයි. ගර්භ.යෙහි ධාතු ඇති වූවත් නුවුවත් ධාතු ගර්භතයෙකැ ස්වරූප ඇති කොටැ තනන ලද්දේ ස්තූප යි. ථූප’ යනු පාලි යි. සංස්කෘතයට ‘ස්තුප’ යි සිටි.

7. මහ වතුරු - මහත් දිය පහර. ශරද් මෙඝ කූටයන් ගේ - සරත් කලැ ඇති වන වළා කුළුවලැ ‘මෙඝ කූට’ යනු වළාකුලට නමි. මෙහි ‘සරද්’ යනු කූටේ යෙදිණි ද? සරත් කල්හි වළා කුළු සුදු යැ. ස්තූපය සුදු හෙයින් එයට උපමාන වන්නෙක් ද සුදු වියැ යුතු වේ. බිනර වජ යන




1.ප 8-9) වි ව ර ණ ය 61

දෙ මස ඇතුළත් වූයේ ශරද් සෘතුව යි. ස් ථීර වූ ස්තූප ස්ව රූපයට - නො සෙල්වෙන ස්තූපාකාරයට මෙහි ස්ථීර වූ, යනු කවර හෙයින් වුවමනා ද? ස්තූප ස්වරූපයට පැමිණි යැයි ගැගෙන්නේ ශරද් මෙඝ කූ’ සමූහය යි. එහෙත් කවර ස්වරූප යෙකින් වුවත් අහස්හි ගමනය මේඝ කූටයන්ගේ ස්වභාවය යි. එ හෙයින් ඒ ස්වභාවය ද හැරැ දමා ස්ථීර වැ නොසිටිය හොත් ස්තූපය හැ උපමානයට නො ගැළැපෙනුයෙන් ස්ථීර වූ’ යනු යොදන ලදී. හඟීම = කල්පනා කෙරෙමි.

8. සැලෙන්නා වූ - සෙලැවෙන්නා වූ, තුල්යා ධිකරණ විශෙෂණ්යෙ තෙවල වැ හෝ ‘වු’ යනු සමය හෝ යෙදෙන බව කියන ලදී. කෘදන්ත වීෂයයෙහි දී වනාහි මඳ වෙනසෙක් වේ. ‘වු’ යන්න නැති වැ යෙදෙන කල ‘සැලෙන’ යි ප්රහකෘත ස්වරූප යෙන් ද ‘වූ’ සහිත වූ කල ‘සැලෙන්නා’ යී ‘ආ’ ප්ර ත්යලයාන්ත වැ ද සිටී. ව්යායකරණ රීති යී. ප්රතතිබිම්බ ස්වරූපය තෙමේ - ඡායා රූපය තෙමේ. නාග භවනයට - නාග ලොකයට, පාතාලයට,

9. සකල මහී මණ්ඩල මණ්ඩනායමාන - සියලු පෘථිවි මණ්ඩලයට අලඞ්කාරයක් වැනි භූමිභාගයෙහි - බිම් කොටසෙහි, බුද්ධ පාරිභොගික හෙයින් බුදුන් විසින් පරිභොග කරන ලද හෙයින් හෙවත් භුක්ති විඳුනා ලද හෙයින්, මෙහි වූ භුක්ති විඳීම නම් ස්වල්ප වේලාවක් එහි වැඩැ හිඳීම යි. දිව්යර බ්රිහ්මාදීන් විසින් මහිත වූ හෙවත් පූජිත වූ හෙයින් යන මෙයින් මහියඞ්ගණ යන්නට කවීන් විසින් දක්වන ලද නිරුක්තිය ප්ර්කාශ වේ. ‘මහිත’ යනු පූජා කළ යන අපි ඇත්තේ යැ. පාලි භාෂායෙහි ‘මග’ (පූජ කිරීමෙහි) ධාතු යි, මහිත + අඞ්ගණ = මහියඞගණ යී පද සිද්ධිය කෙරෙත්. මේ ප්රිදෙශය දිව්ය බ්රයහ්මාදීන් විසින් කවර හෙයින් මහිත වීද? බුද්ධ පාරිභොගික හෙයිනි. ක්ෂ ත්රි ය රජෙක් - කැත් කුලයෙහි උපන් ප්රතදෙශාධිපතියෙක් හෝ අනුශාසකයෙක් පුතණු කෙනකුන් - යන මෙහි ‘කෙනකූත’ යනු කූටෙ යොදන ලද ද? මෙහි ‘පුතණු’ යනු ‘පුත් + අණු’ යි ගෞර්වාථයෙහි වූ ‘අණු’ ප්රරත්ය‘ය සහිත වූයේ යැ, අණු - ආණ - අණි - යන ප්රනත්යෞයන් සහිත ශබ්දයෝ බහුවචනයෙහි මැ යෙදෙත්. එ හෙයින් ද්වතීය විභක්තයෙහි ‘පුතණුවන්’ යැයි වේ. ඵහෙත් පුතණුවන් යැ යී කී කලැ නියමයෙක් හැගේ.




62 එළු අත්තනගලු වංශ - (1.ප. 9

මේ වනාහි අනීයමින් කියැ යුතු තෙනෙකි. අනියමාර්ථවය හැඟැවුව මනා තන්හි ප්රවථමායෙහි නම් ‘එක්’ යනු ද, ද්විතීයායෙහි නම් (පුල්ලිඞ්ගයෙහි) ‘අකු’ යනු ද යෙදියැ යුතු වේ. පුතෙක් - පුතකු - යන ක්රයමයෙනි එකවචනයෙහි යෙදෙන ‘අකු’ යනු ‘පුතණු’ ශබ්දාන්තයෙහි නො යෙදේ; බහුවචන වන හෙයින්, ඒ හෙයින් එ බඳු තන්හි ප්රුථමායෙහි නම් ‘කෙනෙක්’ යනු ද, ද්විතීයාදියෙහි නම් ‘කෙනෙකුන්’ යනු ද යෙදුම් භාෂා රීති යි. සාමුද්රියක ලක්ෂදණ පාඨක - අත්හි රෙඛා ආදි වශයෙන් ශරීරයෙහි පිහිටි ලකුණු බලා එලඵල කියන. ශරීරයෙහි පිහිටි ලකුණු බලා මනුෂ්යලයාට වන්නා වු ශුභාශුභ එල දැනැ ගන්නා සැටි උගන්වන ශාස්ත්ර්ය සාමුද්රියක ශාස්ත්ර්ය යි. සමහරු මෙය ‘සාමුද්රිමකා ලක්ෂ ණ’ යී ලියති. ඒ අව්ය කත යෙදුමෙකැ. සමුද්ර නම් සෘෂීන් විසින් උපදවන ලද හෙයින් මේ සාමුද්රිතක ශාස්ත්රද නම් වියැ. ‘පාඨක’ යන්නෙහි අර්ථලය නම් කියන්නා යනු යි. ඔහු - මේ ප්රසථමායෙහි නම් නීත්ය් බහුවචන යි. ද්වීතීයාදියෙහි නම් නිත්ය‍ එකවචන යි. සමහරෙක් ‘ඔහු ගියේ යැ’ යනාදි වශයෙන් ප්රයථමා එකවචනයෙහි දු ‘ඔහු’ යනු යොදති. ඒ ව්යාාකරණ විරොධි වූ දුෂ්ටප්රියොගයෙකි. රාජ කුමාරයන් වහන්සේ යනාදි තන්හි ‘වහන්සේ’ යනු ගෞරව පිණිස යෙදෙන ‍පදයෙකි. මෙය නිත්යහ යෙන් මැ ද්වීතීයාවිභක්ති බහුවචනාන්ත පදයකට පර වැ යෙදේ. පුරාතනයන් විසින් ‘වහන්සේ’ යනු ආමන්ත්රනණයෙහි කෙවල වැ ද යොදන ලදී. වැළින් - (වැළි + දු)- යළි දු. ‘වැළිත්’ යනු ‘වනාහි’ ‘නම්’ ආදිය මෙන් උපන්යාආසයෙහි ද යෙදේ. නො වන සේකැ - උක්තය ‘වහන්සේ’ යන්නෙන් අනත වූ කලැ අඛ්යාඋතය ‘සේකැ’ යන්නෙන් අන්ත කොටැ හෝ, “දැ” යන්නෙන් අන්ත කොටැ හෝ, බහු වචනයෙහි හෝ යෙදීම සිංහල භාෂා රීති යි. “උන්වහන්සේ ගියේ යැ” යනාදිය භාෂාව නො දන්නන් ගේ යෙදුම්. භාග්ය යෙන් - වාසනායෙන්, ධන්යෙ ලක්ෂොණයෙන් වාසනාවක් ලකුණෙන් හෝ ධනවතුන් ගේ ලකුණෙන්, සමාද්ධ - සම්පූර්ණෂ එකච්ඡත්රු කොටැ - එකසේසත් කොටැ. සේ සත නම් සුදු කුඩය යි. රාජ භාවය හඟවන ප්රණධාන ලකුණ සේ සත යි. එ බැවින් යම් රටෙක් එකච්ඡත්රද වී නම් ඒ රටට ස්වාමි වූයේ එක් රජෙකි. ආශ්වර්යක - විස්මයජනක, පුදුම උපදවන, අද්භූත - විෂ්මයජනක, ආශ්වර්යෙ අද්භූත - අතීශයින් විස්මයජනක, අධික වචනය අධිකාර්ථියක් හඟවයි.





.ප.9) වි ව ර ණ ය 63

‘ආශ්චර්යධමත්’ යනු සමහරුන් ගේ අව්යකක්ත යෙදුමෙකි වීරචරිතයන් - අභීත උදාර හැසිරීම්, ප්ර කාශ කොළෝ යැ - පැවසුවෝ යැ. කීවෝ ය. ‘කළ’ යන කෘදන්ත නාමය වරනැගෙන කලැ ප්ර ථමා එකවචනයෙහි ‘කෙළේ’ යී ද බහුවචනයෙහි ‘කළෝ’ හෝ ‘කොළෝ’ යැ යි ද යෙදේ. ‘කෙළේ’ “කොළෝ” යන දෙ තන්හි මැ ස්වර පරරූප යි. විවරණ - ප්රුකාශය. විස්තර කොටැ පහදා දැක්වීම. තෝරා බේරා දැක්වීම, ඉක්බිත්තෙන් - පසු ‘ඉක්බිති’ යනු අව්යාය පදයකි. අව්යබයයන් ගේ වරනැඟීමක් නැත ද ඉක්බිති යන්නෙහි තෘතීයාන්ත රූපයෙක් පෙනේ හොතින් - දැනට - යනාදිය ද විමසන්නේ ය. කෙළ පැමිණියා වූ - කෙළවරට ගියා වූ. කොටිප්රාිප්ත වූ. සන්තොෂ පරවස - සම්පූණ වූ. සනෙතාෂයට යටත් වූයේ. සනේතාෂයෙන් පිරුණේ. පරවෂ වීම නම් යටත් වීම යි. සනේතාෂයට යටත් වී යැ යි කී කලැ හඟෙන්නේ සිතෙහි ඇති වියැ හැකි සියලු අන්යාෂවස්ථාවලට වඩා ‍සනේතාෂය බලතර වූ බවයි. වූයේ ද - වූයේ නමුදු, උපද්රිවයෙක් - උවදුරෙක්. අන්තරායයෙක්, දයා නම් :-

“යන්නාදපි පරකේලශං භර්තුං යා හෘදි ජායතේ ඉච්ඡා භූමිසුරශ්රෙභෂ්ඨ සා දයා පරිකීර්තිතා” ෴

යන ශ්ලොකයෙන් දක්වන ලද්ද යි. “එම්බා බ්රාකහ්මණ ශ්රෙ ෂ්ඨය, යන්නයෙන් වුවත් අනුන් ගේ දුක හරනට යම් ඉච්ඡාවක් (කැමැත්තෙක්) හෘදයයෙහි උපදනී ද, ඕ තොමෝ ‘දයා’ යැ යි කියන ලද්දී යැ” යනු එහි අර්ථය යි. මියුගුණු යනු මහියඞ්ගණ යන්න සිංහලයෙහි සිටි පරිදි යි. සිංහල ශාබ්දිකයෝ මී + අඟුණු = මියුඟුණු = මියුඟුණු යි එහි සිද්ධිය දක්වතී. බොධිමළුයෙහි - බෝ මළු යෙහි බොධ්යාණඞ්ගනයෙහි, බෝ ගස වටා භූමිය බොධි මාලකය යි. ඒ වෘක්ෂ ය කෙසේ ‘බොධි’ නම් වී ද? බුදුන්ගේ සතර ආර්යි මාර්ගදයෙහි පැවැති ඥානය ‘බොධි’ නම් වෙ යි. (බුද්ධි යනු ද බොධි යනු ද එක මැ ‘බුධ’ ධාතුයෙන් සිද්ධ යි.) ඒ බොධිය හෙවත් ආර්ය( මාර්ගය ඥානය මේ රුක් මුල්හි වැඩැ හිඳැ ලත් හෙයින් වෘක්ෂ’ය ද ‘බොධි’ නම් වීයැ. පිරිත් බණන තෙතැ - පිරිත් කියන ස්ථානයෙහි මෙහි පිරිත් නම් කිම යත්:- ‘පිරිත්’ යන්න පාලි ‘පරිතත’ යන්නට සමාන යැ. සමානාර්ථ් වූ සංස්කෘත ශබ්දය නම් ‘පරිත්රාතණ’ යනු යි. (පරි + ත්රාැණ’) හාත්පසින් රක්නේ යැ, රොගාදි භයෙන් මුදා රැකැ ගන්නේ යැ යන




64 එළු අත්තනගලු වංශය (1.ප.10

අර්ථ යෙන් මේ පරිත්රාධණ නමි. මෙහි පරිත්රා ණ නම් රත්න සූත්රන මඞ්ගල සූත්රා දී වූ බුද්ධ වචන යි. සතප්පා - හොවා, (ළදරු හෙයිනි) සතප්පා යනු ප්රැයොජ්යත පූර්වී ක්රිධයා නිපාත යි. ‘සතප’ ධාතු යි. ‘සතපවා’ යැ යි සිටි කලැ ස්වර සහිත ව්යිඤ්ජනයා පර හෙයින් ‘ෂ’ යන්නෙහි ස්වර ලොප් වැ ‘සතප් + වා’ යැ යි වේ. ඉක්බිති පූර්ව රූප විධියෙන් සතප්පා යනුවේ සමහරු ‘සතප්පවා යැ යි ද ලියති. ‘සතප්පවා’ යනු සිද්ධ වීවෙ නම් ධාතුව ‘සතප්ප’ වීයැ යුතු, එහෙයින් එය නො පිළිගත යුතු ද්රැපව - වෘක්ෂ , සරණ යන්නේ යැ - සරණ කොටැ යන්නේ යැ පිහිට කොටැ පවත්නේ යැ. සඞ්ගබොධි නම කවර හෙයින් වී ද? සඞ්ඝයා වහන්සේ ගේ ද, බොධීද්රැසම රාජයාණන් වහන්සේ ගේ ද, සරණ ගිය හෙයිනි. සඞ්ඝයා වහන්සේ යන තන්හි එකවචනාන්ත නාමයෙන් පර වැ ‘වහන්සේ’ යනු කෙසේ යෙදිණි ද? එක් වැ වසන්නාවු සමූහයට ‘සඞ්ඝ’ යන නාමය වැටේ. බුද්ධ ශාසනයෙහි වනාහි සඞ්ඝයා කවර ස්ථානයෙකැ ඔවුනොවුන් කෙරෙන් කො තරම් දුරු වැ විසුව ද එක මැ පිරිසෙක් වෙති. එහෙයින් ‘සඞ්ඝයෝ’ යැ යි බහුවචන රූපයෙක් කිසි කලෙකැත් නො යෙදේ. ‘සඞ්ඝයා’ යනු රූපයෙන් එකවචන වුවත් බහ්වර්ථ්ය හඟවන හෙයින් ද එයට බහුවචන රූප‍යක් නැති හෙයින් ද ඊට පර වැ ‘වහන්සේ’ යනු යෙදේ. අධිගෘහිත - අරක් ගත්. සත්හැවිරිදි - ‘සත්හවුරුදු’ යන්නෙන් පර වැ තද්ධිතයෙහි ‘ඉ’ ප්ර ත්යබයය වැ ‘සත්හැවිරිදි’ යනු වේ. ‘ඉ’ ආදි ප්රිත්ය යයන් යෙදෙන කලැ ප්ර කෘතියෙහි වූ අ, උ, ඔ, යන ස්වරයන් වෙනුවට පිළිවෙළින් ඇ, ඉ, එ, යන ස්වරයෝ පැමිණෙත් මෙ යැ අනම්ය විධි නම්.

10. උරෙයි දා මයිල් - ඇවැස්ස මාමා, උරෙහි දා - උරෙයිදා ‘හි’ කාරයට බොහෝ තැනැ ‘යි’ කාරාදෙශ වීම සිංහල ව්යායකරණ රීතී යි. රනෙහි = රනෙයි - පවතෙහි = පවනෙයි - යනාදී තන්හි මෙනි. උරෙහි දා (ජාත) වූයේ උරෙයිදා ‘හෘදයෙහි උපන්නේ’ යනු අර්ථ යි. ‘උරෙයි දා’ යනු විවාහ ප්රා්ප්ත අඹු සැමි දෙදෙනෙකු ගේ දූපුතුන් කෙරෙහි ව්යඅවහාර වේ. උරෙයි දා දු, උරෙයි දා පිත් යනාදි වශයෙනි. ‘උරෙයිදා’ යන්නට සමානාර්ථි ඇති ‘ඖරස’ ‘උරස්යා’ යී ශබ්ද දෙකෙක් සංස්කෘතයෙහිවේ. “ස්වජාතෙ ‍ෙත්වෟනරසොරස්යොු” යැ යි අමරසිංහයෝ කී හු. ස්වජාතයා හෙවත් තම හට දා වූවහු කෙරෙහි ‘ඖරස’ ‘උරස්ය ’ යන ශබ්ද දෙක වැටේ යනු




1.ප.10) එළු අත්තනගලු වංශය 65

එහි අර්ථප යි. උරසින් නිර්මිත වූයේ ‘ඖරස’ යැ යනු තීර්ව වග යි. ‘උරස්’ ශබ්දය ද ‘වක්ෂපස්’ (පපුව) ශ්රෙ‘ෂ්ඨ’ යන අර්ථවයන්හි යෙදේ. එ හෙයින් උරසින් උපන්නේ හෙවත් ශ්රෙකෂ්ඨ වැ (ඉතා උතුම් වැ උපන්නේ ‘ඖරස’ යි අර්ථ ගත හැකි වේ. මේ ක්රශමයෙන් ‘උරෙයි දා’ යන්නෙහි ශ්රෙ‍ෂ්ඨාර්ථැයක් ද ඇති බව පෙනේ. කෙසේ වුව ද ‘උරෙයිදා’ යන්න ‘මයිල්’ යන්නට විශෙෂණ කිරීම සම්ප්රිදායානු කූල නො වේ. පොෂ්යදය කරන සේක් - ඇති දැඩී කරන සේක්. ‘කරන සේක්’ යනු ‘නන්ද‘ මහ තෙරුන් වහන්සේ, යන්නට පරවැ යෙදුණ කෘදන්ත විශෙෂණ යි ‘වහන්සේ’ යන්නට පර වැ යෙදෙන තුල්යාඇධිකරණ කෘදන්ත විශෙෂණ ද ඊට අනුරූප වැ ‘සේක්’ යන්නෙන් අන්ත වීයැ යුතු. කළ සේක් - යන සේක් - ගිය සේක් - යනාදිය ද උදාහරණ යි. බාහිර ශාස්ත්ර යෙම - බුද්ධ ධර්ම්යට ඇතුළත් නුවු ගනිත මිනීතාදි ශාස්ත්රයයෙහි. බාහිර = බැහැර (පිට) ‍ඥාන විඥාන දෙක අමරසිංහයෝ -

“මො‍ෙක්ෂ- ධීර්ඥානමන්යනත්ර. විඥානං ශිල්පශාස්ත්රැයොඃව” ෴

යන ශ්ලොකාර්ඬ‍යෙන් විස්තර කෙරෙති. “මොක්ෂ ය පිළිබඳ නුවණ ඥාන යි. ඉන් බැහැරැ ශිල්ප ශාස්ත්ර් විෂයෙහි වූ නුවණ විඥාන යැ” යනු එහි අර්ථා යි. සමෘඩ -සම්පූර්ණ් නෙත්රහයෙන් බොනු ලබන්නා වූ - යන තන්හි ‘බලනු ලබන්නා වූ’ යැ යී නොකියා ‘බොනු ලබන්නා වූ’ යැ යි කවර හෙයින් කියන ලද ද? සඟබෝ - කුමරුන් ගේ රූපය කොතරම් ආශායෙන් ලොකයා විසින් බලනු ලැබේ ද යනු හැඟැවීමට මෙ සේ කියන ලදී. ‘බලනු ලබන්නා වූ, යන්නෙන් අර්ථයයා ගේ මේ ශක්තිය නො ලැබෙයි. රූප සම්පත්ති යන තන්හි සම්පත්ති’ නම් කීම? උත්කෘෂ්ටතාව හෙවත් උසස් බව යි. ආශ්වාද කරනු ලබන්නාවු - (රස) විඳිනු ලබන්නා වූ මෙහි ද කුමාරයන් ගේ ගුණ කථාව ලොක වාසීහු කොතරම් ආශායෙන් කන් හුවා අසත් ද යනු ප්රනකාශිත යි. සදාචාර ගුණ සමාඬිය - යපහත් හැසිරීම් සඞ්ඛ්යාිත ගුණ සම්පත්තීය. සත් + ආචාර = සදාවාර, ස්වරයා පර කල්හි ක, ච, ට, ත, ප, යන අකුරුවලට ක්රරමයෙන් ග, ජ, ඩ, ද, බ, යන අකුරු ආදෙශ වෙයි. යශොඝොෂ - කීර්ති ප්රරබන්ධ්ය යශ්ස් +ඝොෂ, ‘ඝ’ පර කල්හි ‘ස්’ භව විසර්ගශය ද එයට ‘උ’ ද ආදෙශ වැ යශ + උ + ඝොෂ’යි සිටි කල්හි ‘අ +උ’ වෙනුවට ‘ඔ’ වැ ‘යශොඝොෂා, වේ. යම් කිසිවකු ගැනැ රටෙහි කැරෙන්නා වු සද්ගුණ




66 එළු අත්තනගලු වංශ- (1. ප. 11

වර්ණ නාව ‘කීර්ති’ හෙවත් ‘යසස්’ නම් වේ. මෙ සේ කටින් කටැ රටෙහි පැතිරැ යන්නා වු කථාව යශොඝොෂය යි. සමහරු ‘යශොඝොෂා යැ’ යි ලියති. එහෙත් ‘ඝොෂා යැ’ යි ආකාරාන්ත ‍ශබ්දයක් සංස්කෘතයෙහි නැති හෙයින් ඒ අප ශබ්දයෙකි.

11. බෙහෙවින් කියනු කිම් ද? - බොහෝ කොටැ කීමෙන් කවර ‍ප්රයයෝජන ද? මෙඝ මාලා - වලා කුළු ජෙළි. දික් සිනිඳු නිල් වූ ගුණ - දික් ගුණය ද, සිනිඳු ගුණය ද, නිල් ගුණය ද, මෙඝ මාලා සමූහයෙන් ගෙනැ කුමාරයන් ගේ කෙශ කලාපයෙහි යොදන ලද බව කියන ලදී. මෙයින් ගත යුතු අර්ථගය නම් “කුමාර යන් ගේ කෙශ කලාපය වලා කුල් වැල් රැසක් මෙන් දිග යැ. සිනිඳු යැ නිල් යැ” යනු යී. සෙසු තන්හි ද මේ නයින් දත යුතු. පරිපූර්ණද - හාත්පසින් පිරුණු, සනේතාෂකර වූ - සන්තොෂය කරන්නා වූ. සතුට ගෙනැ දෙන්නා වූ, ප්රිසන්න බව - පැහැදි බව, නිර්මෂල බව , සෞම්ය ගුණය - ප්රිහය උපදවන ගුණය, දීප්තිමත් ගුණය, මුඛ මණ්ඩලයෙහි - මුහුණෙහි මුහුණ මණ්ඩලාකාර බැවින් හෙවත් වටකුරු බැවින් ‘මුඛමණ්ඩලයි’ යි කියනු ලැබේ. ‘පුණු පොහෝ දා සඳ මඬල මෙන් මුහුණ පැහැදි යැ සොමි ගුණ ඇත්තේ යැ’ යනු භාව යි. චාමීකර ස්වර්ණ ය - චමීකර නම් වූ ආකාරයෙන් උපදනා රන්. ‘චාමීකර’ යනු රන් උපදනා ආකාර විශෙෂයෙකි. ඒ ආකරයෙහි උපදනා හෙයින් රනට ‘චාමීකර’ යනු දු නමෙකි. සු +අණ = ස්වර්ණණ. යහපත් වර්ණය ‍යමෙක්හි ද ඒ ‘ස්වර්ණ් යි’ ‘අර්ණච’ යනුදු ‘වර්ණ‍~’ සනුදු එකාර්ථය යි. එ හෙයින් රනට ‘සුවර්ණෙ’ යි ද යෙත්. පිඟුවන් - පිංගවණී. කහ රතු - පාට රන් පැහැය. සංඛයෙන් - සකින් (හක් ගෙඩියෙන්) ග්රී‍වාවයවයෙහි - බෙල්ලෙහි (ග්රීපවා + අවයව) ශරීරයෙහි අත් පා ආදි කොටස් අවයව නම් වේ. හසුණාවූ - ඝන වූ පිරුණා වු අඩු තැන් නැති ලීලාව - ආකාරය. වක්ෂඃව ස්ථලයෙහි - ළයෙහි, පපුයෙහි, කල්ප ද්රැ මයාගේ - කලප වෘක්ෂ යා ගේ. කල්පිත වූ අර්ථරය හෙවත් සිතූ පැතු දැය දෙන වෘක්ෂුය කල්ප වෘක්ෂැය යි. ‘කලප’ යනු මෙහි සඞ්කල්පයෙහි හෙවත් සිතීමෙහි වැටේ, ශාඛායෙත් අත්තෙන්. ලීලොපොත - (ලිලා උපෙත) ලීලා සහිත, ලෙළදීම් ඇති, ස්වරූපය - ආකාරය, චරිතය - ස්වභාවය, ආකාරය, බාහු යුග්මයෙහි - අත් දෙකෙහි, ඒ කුමාරයන් ගේ





1 ප. 11) වි ව ර ණ ය 67

අත් දෙක කල්ප වෘක්ෂේ ශාඛා මෙන් පිරුණේ යැ. දිග යැ ලීලො පෙත යැ. මිනිසුන් සිතූ පැතූ දෙය දෙන්නේ යැ යනු අර්ථේ යි. මද සහිත වූ - මද ඇති. මෙ තන්හි දැක්වෙන මද නම් හස්තීන්ගේ කපොලාදි ස්ථානයෙන් වැහෙන්නා වූ ද්රහවයෙකි. මීට ‘දාන’ යි ද කීයත්. මද සහිත කල්ප හස්තී තෙමේ ඉතා චණ්ඩ යැ. ගන්ධ හස්තීහු - ‘ගන්ධය’ නම් කුලයට අයත් ඇතා. පුරාතනයන් විසින් ඇත් කුල දසයෙක් කියන ලදී. එයින් සවන කුලය ගන්ධහ නමි.

“ යස්යි ගන්යා් සමාඝ්රා්ය න තිෂ්ඨන්ති ප්රවතීද්විපාඃ ස වෛ ගන්ධදගජො නාම නාපතෙර්විජයාවහඃ” ෴

යනුයෙන් සංස්කෘත ග්රධන්තයන්හි ගන්ධජ හස්තියා වැතිණ. “යමක්හු ගේ ගඳ අසා විරුද්ධ ඇත්තු නො සිටිත් ද, “රජහට විජය ගෙනැ දෙන්නා වූ ගේ තෙමේ ඒකාන්තයෙන් ගන්ධත ගජ නමැ” යනු අර්ථර යි. ගමන ලීලාව - ගමනෙහි ආකාරය. ඇතා උදාර වූ දැකුම් කටයුතු ගමන් ඇති බැවින් මෙ සේ කියන ලදී. සොඞ්ට බඳු - සොඬ වැනි. ඌරු යුගලයෙහී - කලවා දෙකහි. ‘යුගල’ යනු දෙකට නමි. රන් කැට පත් සඟලින් - රතින් කළ කැට පත් දෙකින්. කැට පත් නම් දර්පුණ යි. (මූණ බලන කන්නාඩි යි.) ‘සඟල යනු දු දෙකට නමි. මෙහි අදහස් කරන ලද්දේ මිටෙ කැ යොදන ලද වට වූ කැටපති. ඒ ආකාරය - ඒ රන් කැට පත් සගලෙහි ද මිටි සඟලෙහි ද ආකාරය. දෙ දණ මඬුලු - දණහිස් දෙක. දණ හිස වට හෙයින් ‘මඬුලු යැ’ යි කියති ජඞ්ඝා යුග්මයෙහි - කොඩා දෙකෙහි. ශ්රීට කාන්තාව විෂ්ණුහු ගේ භාර්යාිව, මෝ සම්පත්තියට ද, සෞභාග්ය යට ද, රූප ශොභාවට ද අධිපති වෙයි. අමෘතය පිණිස දෙවියන් විසින් කිරි මුහුද ඇළැලෙන කල්හි මෝ අවු යැ යනු පුරාණ කථා යැ. මැය ගේ වාසය පද්මයෙකැ යැ. යම් කිසිවෙක් ශ්රීප සම්පත්තීයෙන් ආඪ්යජ යැයි කියුව මනා තන්හි ‘ශ්රී කාන්තා ඔහු සෙවුනී යැ” යෙති. ශ්රීය කාන්තාව උන්නා වූ පද්මය මැ මෙහි” ගන්නා ලද්දේ පද්මයා ගේ උත්තම භාවයත් එයින් උපමිත වූ පතුල්හි ශ්රීැමත් භාවයත් හැඟැවීමට වූ යැ. කොමළ වූ - මොළොක් වූ, පියුම් පෙත්තෙහි ශ්රීරය - පියුම් පෙත්තෙහි ආකාරය (ශොභාව) සම ත්ංික ශත් පාරමී ධර්මම - සම්පූර්ණ‍ තිසක් වූ පැරුම් දම් අඩු





68 එළු අත්තනගලු වංශය (1.ප. 12

වැඩි නො වූ තිසට (30) සමත්රීංශශත් යැ යී යෙති. පාරමිතා ධර්ම( නම් බුදු බව පතා එන උත්තමයකු විසින් පිරීයැ යුතු ඉතා උතුම් ධර්මීයෝ යැ. ඔහු දශයෙක් වෙත්. දාන, ශීල, නෛෂ්ක්ර ම්යි, ප්රමඥා, වීර්ය , ක්ෂත නර්තය, සත්යස, අධිෂ්ඨාන, මෛත්රී , උපෙක්ෂාම යැ යි. මොවුන් ගේ ස්වභාව්යෂ මෙහි මැ පස් වන පරි‍ච්ඡෙදයෙහි විසතර වන්නේ යැ. මෙයින් එක් එක් පාරමිතාව යළිත් තුනක්වැ බෞද් දාන පාරමිතා, දානොප පාරමිතා (දාන + උප) දාන පරමාර්ථ පාරමිතා, ශීල පාරමිතා, ශීලොප පාරමිතා, ශීල පරමාර්ථි පාරමිතා යනාදී වශයෙන්. මේ නයින් දශය මැ යත් කලැ සම තිසෙක් වේ. ශිල්පීහු විසින් - කර්මන කාරයා විසින් වඩු කර්ම ආදි කර්මාලන්ත කරන්නෝ ශිල්පීහු යි. නිර්මාණය කරන ලද මවන ලද. තනන ලද. සඟබෝ කුමාරයත් පැරුම් පුරා එන කෙනෙකුන් බවත් පාරමිතා බලයෙන් මැ ඔවුන් ගේ රූප සම්පත්තිය එ තරම් සමෘද්ධ වූ බවත් මෙයින් සුචිතයි. දර්ශලනීය - දැකුම් කටයුතු ආත්මභාවයාගේ - ශරීරයා ගේ, ග්ර න්ථ ගෞරවය - මේ පොතට ගරු කළ යුතු බව කුමාරයන් ගේ රූප වර්ණ්නාව මෙ පොතෙහි ඇති වීම පොතට ගරු කිරීමට හෙතුවක් වේ යනු භාව යී. එළවා - පමුණුවයි. ඇති කෙරෙයි. ‘එළවා’ යනු කර්තෘර කාරකයෙහි වූ වර්තිමාන ව්යකවහාරයෙන් නම් මේ ‘එළවයි’ කියා වේ. මෙහි භෙදය කිමෙක් ද? භෙදයක් නොමැති යි. ‘එළවයි’ යන තන්හි දූ ආඛ්යාමතය එළවා’ යනු මැ යැ. අගට යෙදුණු ‘යි’ යනු අර්ථා්වසානය හඟවන නිපාතයෙකි. ‘යි’ පර කල්හි පූර්වද වූ දීර්ඝප ස්වරයෝ හ්රඅස්ව වෙත්. එළවා + යි = එළවයි. ගනී + යි = ගනියි. වැටේ + යි = වැටෙයි. බෝ + යි = බොයි. මේ ආදිය උදාහරණ යී. ‘යැ’ යනු ද අර්ථාූවසානය හඟවයි. ගියේ යැ- කෙළේ යැ - ගියෝ යැ - යනාදී තන්හි ඒ පෙනේ.

12. යථොක්ත වූ - (යථා + උක්ත වූ) යම් සේ කියන ලද ද එසේ වූ කියන ලද ආකාර ඇති, ශොභමාන - සොබමන්, බබළන. ලක්ෂිණයෙන් - ලකුණෙන්, මෙහි කියන ලද ශොභමාන ලක්ෂ ණයෝ නම් යටැ සඳහන් වූ දික් සිනිඳු කෙස් වැටි ඇති බව ආදිය හා රාජාදි උත්තම පුරුෂයන් ගේ හස්තාදියෙහි පිහිටන ශඞ්ඛ චක්රාරදීහු යි. අභීනව - අලුත්. යෞවනයෙන් - තරුණ භාවයෙන්. සන්හිඳීම් - සන්සුන්





1. ප. 13.) වි ව ර ණ ය 69

බව, ශාන්ත දාන්ත භාවය. ආභරණයා ගේ පහළ වීමෙන් ආභරණය ඇතිවීමෙන්. ‘පහළ වීමෙන්’ යනුවෙන් සන්හිඳිම් නමැති ආභරණ ස්වභාවයෙන් ඇති වී යැයි හැගැවුහු. (1) ‘ශොභමාන ලක්ෂීණයෙන් යුක්ත වූ’ යනු ද, (2) ‘අභිනව යෞවනයෙන් සමෘද්ධි වූ’ යනු ද, (3) ‘සන්හිඳීම් නමැති ආභරණයා ගේ පහළ වීමෙන් බබළන්නා වූ’ යනු ද, (ඒ කුමාර යන් ගේ) ‘ශරීරය’ යන්නට විශෙෂණ යි. මේ විශෙෂණත්ර(යය නිසා ඒ ශරීරය කුමක් වැනි ද යනු දැන් කියත්. ස්වර්ණිමය රතින් කළ ලොකොත්තර වූ මනොඥ ගන්ධ ය - ලෞකික නුවු මනොඥ ගන්ධරය. ලෞකික හෙවත් ලොකයෙහි ඇති සියලු මනොඥ ගන්ධ යනට වඩා උතුම් වූ මනොඥ ගන්ධනය. මනොඥ ගන්ධොය නම් සිත් කලු (සිත්ප්රි ය කරන්නා වූ) සුවඳ යි. හාත්පසින් - සියලු අතින්. (1) ස්වර්ණතමය වූ යනු ද (2) ‘ලොකොත්තර වූ මනොඥ ගන්ධ ය හාත්පසින් උසුලන්නා වූ යනු ද ‘පද්මයනට’ යන්නට විශෙෂණ යි. පද්මය නම් රමණීය වස්තුවෙකි. ඒ පද්මය ස්වර්ණටමය වී නම් රමණීයත්වණය අතිශයින් උසස් යැ. ඉදින් එහි ලොකොත්තර වූ මනොඥ සුගන්ධණයත් ඇති වී නම් ඒ පද්මය වර්ණවනා විෂයානික්රාොන්ත මැ යැ. ශරීර පක්ෂමය ද මේ ක්රඅමයෙන් මැ ගත යුතු ශොභමාන ලක්ෂාණයෙන් යුත් ශරීරයෙක් වේ නම් ඒ රමණීය යැ. නව යේවනයෙනුදු අඪ්යය වී නම් ඒ ශරීරයාගේ රමණීයත්වීය ඉතා උත්කෘෂ්ට යැ. ඉදින් සන්හිඳීම් නමැති ආභරණය ද ඇති වී නම් ඒ ශරීරය කෙ පරිද්දෙකින් වර්ණටනා කළ හැකි ද?

13. දුර්ගශ පුරයෙහි - දුක සේ යා හැකි පුරයෙහි. (දුර් + ග) කඳු කපලු ආදි ස්ථානයන්හි පිහිටි පුරයෝ ‘දුර්ග පුර’ නම් වෙත් සතුරනට පහසුයෙන් ළං නො වියැ හැකි වන හෙයින් රජහු ආරක්ෂාු පිණිස දුර්ගක ස්ථාන ෂෙවනය කෙරෙත් සොර සතුරු ආදිහු ද රජුනට අසු නො වන පිණිස දුර්ගද ස්ථානයන්හි වෙසෙති. මෙහි ලා සිතට දුර්ගර පුරත් කවර හෙයින් උප මාන කරනලද්ද? මනුෂ්යසයා ගේ මෙ ලෝ පර ලෝ වැඩට සතුරු වූ රාග ද්වෙෂාදිහු එහි වෙසෙත්. එහෙත් මිත්රෙ වූ ධර්මරයට නම් එහි පැමිණිම ඉතා දුෂ්කර යැ. එ හෙයිනි රාග - ලොභය. ආශාව ද්වේෂ - අනුන් නො සහන බව අනුනට විරුද්ධ බව. දොෂ - වරද, සිත දුෂණය (කිලුටු) කරන හෙයින් රාග ද්වෙෂ මොහ යන මොහු ‘දොෂ’ නම් වෙත් ධර්ම යනු කිමෙක් ද? පුණ්යෙය (කුශලය) යි.




70 එළු අත්තනගලු වංශය (1. ප. 13; 2. ප 1

රාග ද්වෙෂ මොහ යන තුනින් කිලුටු නො වැ පිරිසිදු වුයේ පුණ්ය යි. ධරන හෙයින් ඒ ‘ධර්මි’ නම් වි. මේ රජහු - මේ රජහු ගේ. අර්ථ;යෙන් - හිත වැඩ පිණිස (කරනු ලබන.) අනුශාසනය - අවවාදය. තෙපුලෙන් - වචනයෙන්. සිත නමැති දුර්ගර පුරයෙහි සතුරු දොස් දුරු කොටැ රජ පැමිණි ධර්ම නමැති රජ තෙමේ, මෙ ලෝ පර ලෝ හිත පිණිස ‘මේ මේ දැය කළ යුත්තේ යැ, මේ මෙ දැය නො කළ යුත්තේ යැ’ යි අනුශාසනා කෙරෙයි. සිත්හි කැරෙන්නා වූ මෙ අනුශාසනාව සිරිසඟබෝ කුමාර වචනයෙන් කියයි. ප්රාසඥවු - ප්ර ඥා ඇති වූ . මහත් නුවණ ඇති වූ, ස්වකීය - තමා ගේ, තමා පිළිබඳ, අනුන් පිළිබඳ නම් ‘පරකීය’ යී වේ කාය ක්රි යාව - කය හෙවත් ශරීරය පිළිබඳ ක්රිඅයාව, කෑම පීම් ඉඳුම් හිටුම් ආදිය, එහි - ඒ ධර්මා නමැති රජහු ගේ අනුශාසනයෙහි (අවවාදයෙහි)

________

දෙ වන පරිච්ඡෙදය

1. වැඩි - ලොකු වී. මේ පූර්ව‍ ක්රිහයා නිපාත පද යි. ධාතු ‘වඩ’ යනු යි. වයසට පැමිණි - තරුණ වයසට පැමිණියා වූ. තමාගේ කටයුතු කල්පනා කොටැ කළ හැකි වයසට පැමිණියා වූ. හවුරුදු එකක් වුව ද දෙකක් වුව ද සියයක් වුව ද වයස මැ යැ. එහෙත් ලොක ව්යදවහාරයෙහි ‘වැඩී වයසට පැමිණි’ යි කී කලැ තරුණ වයස මැ ගැනේ. ‘විය පැමිණි’ යනු දු මේ අර්ථත ඇත් තේ යැ. පාඨය ‘වැඩී වයසට පැමිණි’ යි ගතහොත් ‘වැඩුණා වු වයසට පැමිණි’ අරුත් ගත යුතු. බණ අසා අන්තයෙහි බණ අසා කෙළවර වූ පසු, ‘බණ’ යන නාමයෙහි අර්ථුය නම් ‘කීම’ යනු යි. එහෙත් ව්යාවහාරයෙහි ‘බුදු බණ’ මැ ගැනේ. බණවා - ආමන්ත්ර ණය කොටැ. මේ ප්රෙයොජ්යව පූර්වර ක්රිණයා යැ. ‘බණ’ (බිණිමෙහි) ධාතු යි. ‘කථා කොටැ’ යන අර්ථතයෙහි නම් ‘බැණැ’ යි සිටියැ යුතු. එ හෙයින් ‘බණවා’ යනු ‘කථා කරවා’ යන අර්ථත ඇත්තේ යැ. එ සේ නම් කථා කෙළේ කවරෙක් ද? තෙරහු, “සඞ්ඝබොධි කුමාරයා” යි ආමන්ත්රොණය කෙරෙත්. එ කලැ කුමාර ද, “එසේ යැ, ස්වාමිනී” යි පිළිතුරු දෙනු පිණිස කථා කළ යුත්තේ යැ. එසේ ආමන්ත්ර්ණයෙන් කථා කරවන හෙයින් මෙ තන්හි ‘බණවා’ යනු යෙදේ. වඳාරණ සේකි - කියන සේකි. ‘වදාර’ යනු මෙහි ධාතු යි. මෙය කර්තෘෙ හට ගෞරව පිණිස යෙදේ. ‘වදාර’



8. ප. 8) වි ව ර ණ ය 71

යනු කීමේ අර්ථ ඇති ධාතුවක් වන නමුත් ගෞරවාර්ථ යක් හැඟැවුව මනා සෙසු තන්හි දූ පූර්වය ක්රිධයා නිපාත පදයට ‍පර කොටැ ‍යොදනු ලැබේ. වළදා වදාරත් = වළඳත්. වැඩැ වදාරත් = වඩිත්, මේ ආදිය උදාහරණ යි. සේකි = සේක් + යි = සේක් + ඉ = සේකී.

8. භාග්ය - වාසනාව. අධ්ය යන - ඉගැනීම. අධ්යාෙපන - ඉගැන්වීම. උද්ග්රදහණ - සිතට නගා ගැනීම, ධාරණ - සිතෙහි රඳවා ගැනීම. චතුෂ්ප්ර‍කාරයෙන් - සතර ආකාරයෙන් කෙළ පැමිණියෙහි යැ - කෙළවරට ගියෙහි යැ. “ තා ගේ පණ්ඩිත බව සියලු අන්දමින් සම්පූර්ණහ යැ” යී යූ සේ යැ. එතෙකුදු වුවත්- ඒ තරම් වුවත්, එසේ වූ නමුත් එතෙක් + දු = එතෙකුදු. ‘උ’ කාරාගම යි. අභිමාන ධන කොටැ ඇත්තා වූ - අහංකාරය හෙවත් ආඩම්බරය වස්තුව කොටැ ඇති. “ක්ෂඇත්රිසයයන් ගේ ධනය නම් අභිමානය යැ” යි යූ සේ යැ. ධනවත්තු තමන් ගේ ධනය ඉදිරි පත් කොටැ කටයුතු කෙරෙති.ක්ෂකත්රිනයයෝ අභිමානය ඉදිරි පත් කොටැ ඔවුන් ගේ කාර්යයයන් කෙරෙත්. එ හෙයින් ක්ෂරත්රීීය යන් ගේ අභිමානය ධනය වෙයි. “ක්ෂෙත්රි්යයෝ මහත් අහංකාර යෙන් යුක්තයෝ යැ” යනු භාව යී. උත්පත්තිය යැ - ඉපැදීම යැ. මෙහි ‘යැ’ යනු නිපාත යි. අඞ්ගප්ර ත්ය.ඞ්ගයෙහි - (ශරීරයෙහි) ලොකු කුඩා කොටස්වලැ. ‘අඞ්ග’ යනු ලොකු කොටස් වලට නමී. ‘ප්රයත්යයඞ්ග’ යනු එහි වූ කුඩා කොටස්වලට නමි. හිස අඞ්ගයෙකි. එහි වූ කර්ණතනාසිකාදිය ප්රැත්ය’ඞ්ග යි. අත අඞ්ගයෙකි. ඇඟිලි ප්රඞත්ය.ඞ්ග යි යෞවන විලාසයෙන් - තරුණ පෙනීමෙන්. සැරැහුණා වූ - අලඞ්කාර වූ. අසදෘශ වූ - (අනුන් හා) අසමාන වූ. ලොකයෙහි කිසිවකු ගේ රූප ශ්රීවයට සමාන නුවු. සියල්ලට මැ වඩා උත්කෘෂ්ට වූ මනුෂ්යුත්ව්ය ඉක්මුණා වූ කාය බලය - මනුෂ්ය ස්වභාවය ඉක් මැ සිටියා වූ ශරීර ශක්තිය. මනුෂ්ය යකුට ඇති වියැ හැකී ඉතා මහත් ශක්තියට ද අධික වූ කාය ශක්තීය. එකාන්තයෙන් - සත්යව වශයෙන් මැ. නො වැරැදැ මැ ප්රවබල වූ - බොහෝ බලවත් වූ අනර්ථව පම්පරාවෙකැ - අවැඩ පංක්තියෙක් යැ. උත්තම ජාතිය යැ, යෞවනයෙන් සැරැහුණු ශරීරය යැ, අසදෘශ රූප සම්පත්තීය යැ. අතිමානුෂ කාය බලය යැ යන මොහු මහත් අනර්ථර කරන්නෝ යැ යනු භාව යි. ඒ ජාත්යා දීන් අතුරින් - ඒ (කියන ලද) උත්තම ජාතියෙහි උත්පත්තීය යැ යන ආදීන් අතුරින්, එකෙක් එකෙක්මැ - එකක් පමණක් වුවත්, අනාචාරයනට




72 එළු අත්තනගලු වංශ - (2. ප. 3

දුශ්චරිතයනට ස්ථාන යෑ = හෙතු ය. එක ස්ථානයෙහි එක් වී මත් - එක් තැනකට එකතු වීමෙන්. යමෙක් උත්තම ජාති යෙහි උපන්නේ ද ඔහුට යෞවනාදිය නැතත් හෙතෙම ජාති මත් වු පමණෙකින් මැ දුෂ්ට වියැ හැක්කේ යැ .යමකුට අභිනව යෞවනය ඇති වී ද ඔහු ද සෙසු උත්තම ජාති, රූප සම්පත්තී, කාය බල යන තුන නැතත් දුෂ්ට වීය හැකි වේ. රූප සම්පත්ති, කාය බල යන දෙක ගැන ද මෙසේ මැ යැ. ඉදින් යමකු හට මේ ජාති, යෞවන රූප බල යන සතර මැ ඇති වී නම්. එවැන්නකු දුශ්චරිතයට වැටීම ගැනැ කියනු මැ කීම? අනභිවෘඬිතමා අභිතය වනාහි, අවැඩ නම්. මෙහි ‘තමා’ යනු යෙදීමෙන් ‘අනභි වෘද්ධි’ යනු අතිශයින් ප්රඩමුඛවෙයි.

3. යෞවනාරම්භයට - තරුණාවස්ථාව පටන් ගැන්මෙහිදී. බුද්ධි - නුවණ. හොඳ නරක සලකා ගැනීමේ ශක්තිය, නිර්මදලවූවා ද - පිරිසිදු වූවා ද, දොෂ රහිත වූවා ද, මෙහි ‘වුවා’ යනු ‘බුද්ධි’ යන ස්ත්රීවලිඞ්ග ශබ්දයට විශෙෂණ වනුයෙන් ස්ත්රීදලිඞ්ග වියැ. පුල්ලිඞ්ගයෙහි නම් ‘වූයේ’ යැයී වෙයි. ‍’බොහෝ සේ’ යනු ‘කලුෂ’ යන්නට විශෙෂණ නො වේ. යෞවනාරම්භයෙහි දී කලුෂ (කිලුටු) බවට නො යන්නා වූ බුද්ධි ඇති සත්ත්වනයෝ ද ඇත්තාහු යැ. එහෙත් බොහෝ සෙයින් මැ සත්ත්වීයන් ගේ බුද්ධිය කලුෂ බවට යෙයි” යනු හඟවනු සඳහා ‘පැමිණේ’ යන්නට ‍විශෙෂණ කොටැ යෙදිණ. ‘බොහෝ සේ’ යනු යෙදුණු ස්ථානය නුසුදුසු හෙයින් සංශයයට (සැකයට ) හෙතු වේ කලුෂ බවට කිලුටු බවට. (බුද්ධි) විපර්යාකසයට, ‘නොමඟ යෑමට පැමිණේ’ යනු භාව යි. ශර්ව’ - ආඩම්බර, අහංකාර, ඇත්තවුන් යන තන්හි පද සිද්ධිය කෙසේ වී ද? ප්රේකෘතිය ‘ඇති’ යනු යි. ‘උන්’ යනු ප්රයත්යනය යි. (ඇති + උන්) කර්තෘවකර්මනකාරක කෘදන්තයන් වරනැගීමේදී ‘උ’ කාරයක් මුල් කොටැ ඇති විභක්ති රූප පර කල්හි ‘අ’ කාරාගමයෙක් වෙයි. (ඇති + අ + උන්) ‘ත’ කෘරස්ථ ‘ඉ’ කාර ලොපය ද ‘ත’ කාර ද්විත්වව ද ‘අ + ‘උ දෙ දෙනා මධ්යරයෙහි ‘ව’ කාරාගමය ද වූ කලැ ‘ඇත්තවුන් යනු සිද්ධ වේ ස්වර ලොපය හා ද්විත්ව හා නො වී ‘ය’ කාරාගමය වීමෙන් මේ ‘ඇතියවුන්’ යැ යී ද සිටි දාෂ්ටි - වැටැහීම ඇස පෙනීම. නො හරන ලද ධවලත්වය ඇත්තී ද - නැතී නො වූ සුදු පැහැය හෙවත් පිරිසුදු බව ඇත්තී නමුදු සුදු පැහැය ඇතී නමුත් රාග - කාමාදි ආශාව රතු පැහැය, රජස්,




2.ප 3) වි ව ර ණ ය 73

යන අර්ථීයන්හි ද මේ යෙදේ. රජස් නම් ධූලි යි. තරුණ එඩිය ඇත්තවුන් ගේ දෘෂ්ටිය නො හරනා ලද ධවලත්වමය ඇතත්, රාග සහිත මැ වෙයි. මෙහි දෘෂ්ටි, ධවලත්ව, රාග යන ශබ්දත්ර යයා ගේ අර්ථර ඉතා යහපත් ලෙස අවබොධ කට යුතු යි. මෙහි භාවය නම් (1) “තරුණ මද ඇත්තවුන් ගේ වැටහීම පිරිසුදු වුවත්, කාමාදි ආශායෙන් යුක්ත මැ යැ” යනු යී. ගත හැකි තවත් අර්ථැ දෙකෙක් මෙහි ඇති වේ. එකෙක් නම් (2) “ තරුණ ගර්වව ඇතියන් ගේ ඇස සුදු පැහැය නැති නුවුවත් රතු මැ යැ” යනු යි. (3) “තරුණ මද ඇත්තන් ගේ පෙනීම පිරිසුදු වුවත් (ඇස) ධූලි සහිත මැ යැ” යනු ‍අනෙක යි. මේ කියන ලද අර්ථන තුන අතුරින් පළමු වැන්න භාවය යි. දෙ වැන්න වාක්යගලඞ්කාරය පිණිස වැටෙයි. තුන් වැන්න උපමාන පිණිස යෙදේ. “ ඇසෙහි පෙණීම පිරිසුදු වුවත් ධූලි වැදිමෙන් නිසි සේ දැකීමට බාධා වියැ හැකි යැ. එසේ මැ වැටැහීම පිරිසුදු වුවත් කාමාදි ආශාව ඇතිවීමෙන් නිසි සේ තේරුම් ගැනීමට බාධා පැමිණියැ හැකි යැ” යනු උපමාන උප මෙයයන් (තුන් වන පළමු වන අර්ථයයන්) ගේ සම්බන්ධාය යි. දෙ වන අර්ථ ය ගත් කල්හි විරොධාලඞ්කාරයෙක් වේ. ඒ මෙසේ යැ :- “දෘෂ්ටියෙහි ධවලත්වථය (සුදු පැහැය) නැති නො වී නම් රාගය (රතු පැහැය) ඇති වියැ නො හැකි යැ. රාගය (රතු පැහැය) ඇති වී නම් ධවලත්ව්ය (සුදු පැහැය) නැති වියැ යුතු යැ. එ හෙයින් මේ පරස්පර විරොධයෙක් නො වේ දැ” යි ප්රයශ්නය උපදී. “එ සේ නො වෙයි. ‘දෘෂ්ටි’ ශබ්දයෙන් ඇස පමණක් නො වැ වැටහීම ද, ‘ධවල’ ශබ්දයෙන් සුදු පැහැය පමණක් නො වැ පිරිසුදු බව ද, ‘රාග’ ශබ්දයෙන් රතු පැහැය පමණක් නො වැ ආශාවද කියනු ලැබේ. එ හෙයින් දෙ වනු දෙවනු වැ කී අර්ථ් ගත් කලැ වීරොධයෙක් තැත” යනු විසැඳීම යි. සමහරු මේ වාක්ය්යෙහි ‘දෘෂ්ටි’ යන්න වෙනුවට ‘ලබ්ධි’ යන්නක් ලියා වාක්යා ලඞ්කාරය විනෂ්ට කෙරෙති. යෞවන සමයයෙහි - තරුණ කාලයෙහි ප්ර්කෘති - ස්වභාවය. සේවච්ඡායෙන් - (ස්ව + ඉච්ඡා) සිය කැමැත්තෙන්. පහ කරන්තී - හරින්නී. රජොභ්රවමණ - (රජස් + භ්රදමණ) ධූලී කරකැවීම සුළඟ කරකැවෙන්නට වන් කල්හි ඊට අසු වූ ධූලි ද ඒ සමඟ මැ කර කැවේ. නපුරු වූ කෙළවර - නපුරු වූ අදහස හෙවත් කැමැත්ත. යම් කිසිවක් කිරීමෙන් කැමැති වන අර්ථ්ය එය කරන්නා ගේ කටයුත්තෙහි කෙළවර යි. අභ්යකන්තර වස්තු නම්

                                                                                                           6



74 එළු අත්තනගලු වංශ- (2. ප. 3-4

අඞ්ගනාදීහු (ස්ත්රී ආදිහු යි.) පරිභොග - විඳීමි. භුක්ති විඳීම. මෘග තෘෂ්ණිකා - මිරිඟු දිය. මාගයන් ගේ තෘෂ්ණාව (ආශාව) ඇති කරන හෙයින් ඒ මාගතෘෂ්ණිකා නමි. පඤේචන්ද්රිණය (පඤ්ච + ඉන්රිෙයි ය) පස් ඉඳුරු. ඇස, කන, නාසය, දිව, සම යන මොහුපඤේචන්රිාව යයෝ යැ. සත්ත්වයයනට අධිපති බව කරන හෙයින් මොහු ‘ඉන්ද්රිචය’ නම් වෙත්. (ඉන්ද්රිැ = අධිපති. රාජෙන්ද්රම, දෙවෙන්ර්න් යනාදි තන්හිමෙනි) සත්ත්ව යා ඉන්ද්රිැයයන් ගේ මෙහෙකරුවෙකි. මාගතෘෂ්ණිකාව මෘශයන් පොලඹවන්නාක් මෙන් කාම තෘෂ්ණාව ඉන්ද්රිණයයන් පොළඹවයි. අස්වාද නො කරන ලද පඤ්ච කාම විෂයයෙහි රසය ඇති තට - රූප, ශබ්ද, ගන්ධ , රස, ස්පර්ශක යන කාම විෂය පසෙහි රසය නො වින්දා වූ තට. පඤ්ච කාම විෂය - රූප ශබ්ද, ගන්ධර, රස, ස්පර්ශප, යන මොහු ඉන්ද්රිවයයන් බඳිනා හෙයින් ‘විෂය’ නම් වෙත්. කාමය (ආශාව) ඇති කරන හෙයින් කාම නමුදු වෙත්. උපදෙශයට - අවවාදයට මෙ මැ කලි - කාලය නම් මේ මැ යැ.

4. අනඞ්ගයා ගේ - කාමයා ගේ පුරාතන කවීහු කාමාශාව හෙවත් රාගය දෙවියකු කොටැ ඔහුට ශරීරයක් නැත යන අර්ථා යෙන් ‘අනඞ්ග’ (න + අඞ්ග) යැ යී ද, මනසෙහි (සිත්හි උපදනා හෙයින් ‘මනොභව’ (මනස් + භව) යැ යි ද, මත් කරවන හෙයින් ‘මදන’ යැ යි ද කිහු. කාමාශාව අධික වීමෙන් උපදනා -

“උනමාදනස්තාපනශ්ච ශෙඃෂණසත්ම්භනස්ත්ථා සමේමාහනශ්ව කාමස්යෙ පඤ්චබාණාඃ ප්රඋකීර්තීතාඃ” ෴

යනුයෙන් කියන ලද (1) උමතු වීම, (2) තැවීම, (3) වියැළීම, (4) ශරීරය තද වීම, (5) මුළා වීම යන පස අනඞ්ගයා ගේ ශර (ඊ ගස්) යැ යි දක්වා, අලඞ්කාර පිණිස ඒ පස ද මල් පසක් කොටැ කී හ. ඒ මල් පස නම් -

“ අරචින්ද්මශොකඤ්ච චූතඤ්ච නවම්ල්ලීකා නීලොත්පලඤ්ච පඤෛචතෙ පඤ්චබාණස්යච සායකාඃ” ෴

යනුයෙන් කියැවෙන (1) නෙළුම්, (2) හෝපලු. (3) අඹ, (4) සත්පෙති දෑසමන්. (5) නිල් මහනෙල් යන මේ යැ. මේ හෙතුයෙන් අනඞ්ගයාට පුෂ්පවාණ, (මල් සර), පඤ්චවාණ, පඤ්චශර (පන්සර) යනාදි නාමයෝ ද වූ හ. යම් කිසිවකු හට කාමාශාව ඇති වී නම් ඔහුට අනඞ්ගයා ගේ ශරයෙක් වැදිණි යැ යි කියති. කාමාශායෙන් හෙතෙමේ උමතු වී නම්


2. ප. 5) වි ව ර ණ ය 75

ඔහුට වැදුණේ ‘උන්මාදත’ නම් ශරය යැ, තැවුණේ නම් වැදුණේ ‘තාපන’ නම් ශරය යැ. යනාදි වශයෙන් ද දක්වති. අඞ්ග පරිපූර්ණේ කරුනු පිණිස අනඞ්ගයා ගේ දුන්න නම් උක් දඬු වෙකැ යි ද දුනු දිය (දුනු ලනුව) නම් බිඟු (මී මැසි) වැළෙ‍තැයී ද කියන ලදී. වසන්ත කාලය අනඞ්ගයා ගේ පරම මිත්රී යි. චන්ර්යා යා ද යහළුවෙකි.

ශර ප්රාහාරයෙන් - හී පහරින්. දැදුරු වූ - ජර්ජරීත වූ දෙදරා ගිය, කඬ කඬැ වැ ගිය. ළෙහී - හෘදයයෙහි, සිත්හි. අනඞ්ගයා‍ ගේ ශර ප්රඬහාරයෙන් දැදුරු වූ ළෙහි - කාමාශායෙන් විකල වූ සිත්හි නො රඳා - නො සිටී. නපුරු වූ ප්රශකෘතී - නපුරු වූ ස්වභාවය කුලය - වැදගත්කම. යහපත් කුලයෙකැ උපන් බව, ඇසූ ග්රළන්ථය - අසා ඉගෙනැ ගත් ශාස්ත්ර ය, පත පොත අසා බලා ඉගැනීම. විනයයට - හික්මීමට, අකාරණ වේ - කාරණ නො වේ. නපුරු වූ ප්රසකෘතී ඇත්තකුට නම් ඔහු උසස් කුලයෙකැ උපන් බව වත්. බොහෝ ශාස්ත්‍ නයන් උගත් බව වත් හික්මීමට හෙතුවෙක් නො වේ. උපන් කුලය නිසා හෝ උගත් ශාස්ත්රපය නිසා හෝ නපුරු වූ ස්වභාවය ඇත්තකුට හික්මීම ඇති නො වේ යනු අර්ථඋ යි. වගිනිය - ගින්න. වඩබා‍ග් යෙ - වඩබා මුඛයෙන් එන ගින්න. (වඩබා + අග්තිය) වඩබා මුඛය නම් මුහුදු පත්ලෙන් අපායයට ඇති දොර යැ යි ද මෙය විවෘත වූ විටැ අපා‍ යයෙන් ගිනි සිළු පට වී මුහුදු ජලය නිසා වඩවඩා චණ්ඩ වී විහිදෙති යි ද කියති. වඩබාග්නීය වෙළඹ වෙසින් මුහුදු පත්ලෙහි හැසිරෙති යි ද කල්පාන්තයෙහි ලොක විනාශයට හෙතු වෙති යි ද සංස්කෘත ග්රින්ථයන්හි එයි. ‘වඩබා’ යනු වෙ‍ළඹට නමි. චණ්ඩ - සැඬ. ඉතා දරුණු සඳුන් නම් ඉතා සිසිල් වූ උත්තම වර්ගවයෙකි. එබඳු වූ සඳුන් වනයෙන් උපන්නා වූ වග්නීය කිම නො දවා ද? එමෙන් මැ උත්තම කුලයෙහි උපන්නා වූ නපුරු ප්රනකෘතී ඇත්තේ කීම නො හික්මුණු ගතිය නො දක්වා ද? නිවීමට කාරණ වු ජලය කරණ කොටැ ගෙනැ වඩබාග්නීය තෙමේ අතිශයින් චණ්ඩ නො වේ ද? එ මෙන් මැ හික්මීමට හෙතු වූ ශාස්ත්ර ඥානය කරණ කොටැ ගෙනැ නපුරු ප්රමකෘති ඇත්තේ වඩ වඩාත් නපුරු නො වේ ද? මෙ සේ සම්බන්ධෙ කළ යුතු.

5. පහ වු දොෂ මල ඇති - නැති වූ හෙවත් ඉවත් කරන ලද දොස් නමැති කුණු ඇති. දොස් නමැති කුණු නැති වූ. මෙහි දොෂයෝ නම් කවරහු ද? රාග, ද්වෙෂ, මොහ යන



75 එළු අත්තනගලු වංශ - (2. ප. 5.

මොහු සිත දුෂණය කරන්නේ දොෂ නම් වෙත්. උපදෙශ ගුණයෝ - අවවාද ඵලයෝ අවවාදයෙන් වන ඵලය හෙවත් අර්ථතය ඒ අවවාදයා ගේ ගුණය යි. “බෙහෙදෙහි - ගුණ’’ යන තන්හි මෙනී. සැප සේ - පහසුයෙන්. බාධා නැති වැ. ස්ඵටික මාණික්ය්යෙහි - පළිඟු මිණෙහි. මෙහි ‘මාණික්යෙ’ යනු අනුචිත යි. චන්දබ මරීචී - සඳ 1රැස්, අයොග්යහය හට - (අවවාදයට) නුසුදුසු තැනැත්තා හට අභව්ය‍යායා හට. ‘අයොග්යහයා හට’ යි සිටි තන්හි ‘හව්’ පර කලහි ‘ආ’ හ්රදස්ව වෙයි. ‘හාතිය’ යනු මෙහි ‘වෙදනාව’ යන අර්ථසයෙහි යොදන ලදී. හෙතු රහිත යි. මුඛශොභා සමෘද්ධිය - මුහුණෙහි ශොභා සම්පූර්ණැ බව. ගුරූපදෙශයෙන්. සිත ප්රයසන්න වූ කලැ මුහුණ ද ශොභාවත් වෙයි. (එළිය වැටෙයි.) එළවා - ඇති කෙරෙයි. එලු - දැමු. සඞ්ඛාභරණය - හක් පලඳනාව (හක් ගෙඩි වලින් කළ පලඳනාව) “හස්තීන් ගේ දෘෂ්ටි දොෂ බාධානය පිණිස ශඞ්භාභරණය කර්ණායෙහි බඳනේ යැ යනු, ලොක රීති යැ” යි භානුචන්ර්්ණ්යෝ කියත්. ආදියක් නැත්තා වූ පටන් ගැනුමක් නැත්තා වූ කාලයා ගේ හෝ සත්ත්වබයා ගේ හෝ පටන් ගැන්මක් නැති හෙයින් කී හු. කසට වූ - කිලිටි වූ පඤචන්රියෙහ යයන් අනුචර කොට ඇති - ඉන්රිත්ත ය පස පිරිවර කොටැ හෙවත් තමා හා හැසිරෙන්නන් කොටැ ඇති. පසිඳුරෝ සිතට අරමුණු නඟත්. එ හෙයින් කී හු. තපස්වී වරයනට - තාපස උත්තමයනට. ස්මෘති බලයෙන් - සිහියේ බලයෙන්. ඉන්රිපස් ය යන්ගේ ජය ගැනීම් තෙමේ - ඉන්රියෙන යයන් දිනා ගැන්ම ඉන්රීම ය දමනය. ඉන්රින්ර යයනට රුචි රුචි අරමුණට තමා ගේ සිත ඇද ගෙනැ යන්නට දීමෙන් තමා දාස නො වැ තමාට ඉන්රිටෙ යයන් දාස කැරැගැනීම ඉන්රීා ය දමනය යි. කුශල සමූහය - පුණ්ය් රාශිය, පින් රැස, වචනය පිළිපදනා හට - වචනයේ හැටියට ක්රියයා කරන තැනැත්තා හට. වෘද්ධයනට - වැඩී සිටියවුනට, සෙවය - ගරුකාර සත්කාර නමස්කාරාදීය ඉන්රි න් ය විජය - ඉන්රි් ව ය දමනය, සම්භව වේ - ඇති වේ. බුද්ධාදි වස්තූන් - බුද්ධ, ධර්මව, සඞ්ඝ යන වස්තූන්, වස්තු යනු ලොකයෙහි පවත්නා සියලු දැයට මැ නමි. පරම ප්රදතිෂ්ඨා කොට ඇති බව - ඉතා උතුම් පිහිට කොටැ ඇති බව, සමහරෙක් ‘ඇති බව තොමෝ’ යැ යි යොදමින් ‘බව් ශබ්දයා ගේ ස්ත්රි,ඞ්ගිකත්වමයක් හඟවතී. හෙළුයෙහි ‘බව්’ යනු හෝ සංස්කෘත මාගධ දෙක්හි ‘භාව’ යනු හෝ කිසි සේත් ස්ත්රීව ලිඞ්ගික නො වනුයෙන් ඒ යෙදුම අභෙතුක වේ.





2. ප. 6) වි ව ර ණ ය 77

6. අනුරාග - කාම තෘෂ්ණාව, අපස්මාරයා ගේ - අපස්මාර නම් රොගයා ගේ. (අප + ස්මාර = පහ වූ සිහිය.) අප ගත වූ ස්මාරය හෙවත් ස්මරණය යමෙකින් වේ ද ඒ අපස්මාර යි. ‘අපස්මෘති’ යනු ද මීට මැ නමි. මේ රොගයෙන් සිහි නැති වන බැවින් මෙසේ කියති. කියන ලද මැ යි. සුශ්රැ්තාචාය්ය්ැව යන් විසින් -

“ස්මෘතිර්භුතාර්ථවවිඥනමපශ්ච පරිවර්ජනෙ අපස්මාර ඉති ප්රො‍ක්තස්තතොයං ව්යාජධිරන්තකෘත් ෴ යැ යි.

“සිදු වූ දැය හෙවත් ඇති දැය දැනීම ‘ස්මෘති’ යි. ‘අප’ යනු ද තොර කිරීමෙහි යෙදේ. එ හෙයින් ‘අපස්මාර’ යි කියන ලද මේ ව්යා ධිය මරණකර වේ” යනු ශ්ලොකාර්ථ යි. හුණු දියෙන් අපස්මාරය බලතර හෙවත් වැඩි වෙයි. ‘මි මැස්මොර’ යනු මේ රොගයට වහරෙති එන නාමය යි. ප්රතබොධය - නැගී සිටීමි. උත්සන්න වීම. වැඩි වීම. චක්ෂුයරින්ද්රිරය - (චක්ෂුැස් + ඉන්රිාය් ය. ‘ස්’ හට ‘ර්’) චක්ෂුලස් - ඇස. ලොල් බව පරම කොටැ ඇති - ආශාව ඉතා උතුම් කොටැ ඇති. ආශායෙහි මැ බැඳුණා වූ යන් භාව යි. ප්රයදීප ශිඛායෙහී - පහන් සිලෙහි, පහන් දැලිලෙහි, හීම - වැටීම, ශ්රො‍ත්රෙෙන්ද්රි ය - ශොත්රහ + ඉන්ද්රී්ය. ශ්රොඉත්රට - කන. ශර පතනයට - ඊ පහරට. “මුවන් විදින්නෝ රාත්රිොයෙහි එළියක් කොටැ එ තැනැ සැඟැවී සිටැ මිණි හඬවති. (මිණි ගෙඩි නාද කෙරෙති.) මිණි හඬෙහි ආශායෙන් කන් දී බලා සිටි මුවන් ගේ දිලිසෙන ඇස් ශර පතනයට හමු වෙයි” යනු ලොක රීතී වන හෙයින් කියන ලදී. ඝ්රා ණෙන්ද්රිතය - ඝ්රාකණ + ඉන්රි ්ා ය, ඝ්රා‘ණ - නාසය. පරවශ - යටත්. නාසයට යටත් වූ යැ යි කී කලැ නාසය පිනැවීමෙහි මැ යෙදුණා වූ හෙවත් මනාප ගන්ධයයෙහි අතිශයින් ලොල් වූ යනු හැ‍ඟෙයි. භෘඞ්ගයා ගේ - මී මැස්සා ගේ, මත්ත හස්තිහු ගේ - මත් (මද වැහෙන) ඇතා ගේ. කන් තලින් - කන් පටින්. හිංසාව - පීඩාව, “භෘඞ්ගයා ගේ මත්ත හස්තීහු ගේ කන් තළින් හිංසාව ද” යනු අශොභන වූ වාක්ය් ඛණ්ඩයෙකි. ‘භෘඞ්ගයා ගේ මත්ත හස්ත්රිංහු ගේ” යැ යි කී කලැ හැගෙන්නේ “භෘඞ්ගයාට අයිති මස්ත හස්ත්රී හු ගේ” යනුයි. “භෘඞ්ගයාට මත්ත හස්තිහු ගේ කන් නළින් වන හිංසාව ද” යි යොදන ලද නම් යහපත් වේ. ජිහ්වෙන්ද්රි ය - ජීව්හා + ඉන්ද්රිමය.) ජිග්වා - දිව. තර්පලණ ව්යේසනය - තෘප්තියට පැමිණීවීමට ආශාව, පිනැවීමට ආශාව. ‘ව්ය සන’ යනු මෙහි ඇලීමි හෙවත් ආශාව යන අර්ථව ඇත්තේ යැ. ‘මත්ස්යතයා ගේ’ යැ යි මෙහි යෙදීම අයොග්යි යි. “මත්ස්යටයාට අයිති බිලියෙකැ” යි සැක උපදනා



76 එළු අත්තනගලු වංශ (2. ප. 6

හෙයිනි. ‘මත්ස්ය යා යැ’ යි යෙදීම සුදුසු වේ. බිළියෙහි - බිළි කටුයෙහි. “ගොදුරු ගිලීමෙන් වන්නා වූ ව්ය‍සනය” යන තන්හි ව්යුසනය යනු ‘විපත්තීය’ යන අර්ථුයෙහි වැටේ ස්පර්ශෙ න් ද්රිළය - (ස්පර්ශන + ඉන්ද්රිිය) පහස් ලබන ඉන්රි ග ය. සම අනුභවයෙන් අනුවැවීමෙන්. යටත් වීමෙන්, බැදීමෙන්, වන්ය්හස්තිහු ගේ වල් ඇතා‍ ගේ. වනයෙහි වූයේ ‘වන්යබ’යී. මෙහි ද ‘ගේ යනු අනුචිත වේ. හස්තිතිය නිසා - ඇතීන්න නිසා හීලෑ ඇතින්නක බැඳ තුබූ තෙනට ඇය කෙරෙහි ආශායෙන් පැමිණි වන්යන හස්තී තෙමේ බන්ධුන ගත වේ. බන්ධවනයෙන් - බැඳීමෙන්. අනභිවෘද්ධිය හානීය. කල‍ණයෙහි අභිනිවෙශය කරන සුලු වූ - යහපතෙහි ඇලීම කරන ස්වභාවය ඇති වූ, යහපතට කැමැති වූ කලණය - කල්යාහණය මඞ්ගලය. ශුභය, යහපත, අභිති වෙශය - තදින් ඇලීම, බැඳීම, සුලු - ‘ශීල’ යනු ස්වභාවය, සිරිත යන අර්ථූ ඇත්තේ යැ. ස්වභාවය ඇත්තේ යැ යන අර්ථ යෙහි ‘ශීලී’ යනු වෙයි. පාලියෙහි ‘සීලී’ යනු යි. ‘සුලු’ යනු සිංහල යී. භය වීම යමකු ගේ ශීලය හෙවත් ස්වභාවය වී ද එහුට ‘බන සුලු’ යනු යෙදේ. යන සුලු - කරන සුලු - යනාදි තන්හි ද මෙසේ මැ යි. ප්රායඥ - ප්ර ඥාව හෙවත් නුවණ ඇති තෙනැත්තේ. ප්රාඥා දෘෂ්ටීන් නුවණ ඇසින්. නුවණ නමැති ඇසින්. කාමී වූ - කාමාශාව ඇති. කාමයෙහි බැඳුනා වූ රැස් වූ - එක් වූ මෙහි පඤේචන්රි. සය යන් එක් ශරීරයෙක්හි සිත හා බැඳී පවත්නා හෙයින් ‘එක ස්ථාන යෙක්හි රැස් වූ යනු යෙදේ. පඤ්චාලම්බනයන් ගේ - රූප, ශබ්ද, ගන්ධය, රස ස්පර්ශි, යන අරමුණු පසෙහි. ඉන්රිනයන යයන් මොවුන් කෙරෙහි එල්බැ සිටින හෙයින් මොහු ආලම්බන නම් වෙත්. පඤ්චාලම්බනයන් ගේ රස යන තන්හි රස නම් ප්රිණීත බව හෙවත් සිත පිනවන බව යි. රූපයා ගේ රසය, ශබ්දයා ගේ රසය, ගන්ධ යා ගේ රසය, රසයා ගේ රසය, ස්පර්ශ,යා ගේ රසය, යි කී කලැ “රසයා ගේ රසය” යන තන්හි ‘රස’ ශබ්දය අර්ථප ද්මය යෙකැ යෙදෙයි. එහි ප්ර ථම වූ ‘රස’ යන්නෙන් දිවෙන් වීඳියැ යුතු වූ කටු, අම්ල, මධුර, ලවණථ නික්ත, කෂාය, යන ෂට් රසයෝ ගැනෙත්. දෙවනු වැ කී රසය නම් රූප, ශබ්ද, ගන්ධ , රස, ස්පර්ශ , යන මොවුනතුරින් කවරෙකින් වුවත් ඇති කරවන්නා වූ ප්ර.ණීත බවයි.






2. ප. 7.) වි ව ර ණ ය 79

7. සුභාෂිත වචනයන් - යහපත් වැ කියන ලද වචනයන්. යහපත පිණිස කියන ලද කියුම්. ඇසිල්ලක් - මොහොතක්. ප්රණත්ය වෙක්ෂා කෙරේ වා - මෙනෙහි කෙරේවා. සලකා වා.

පිළිදැගීම් - පොෂ්යවය කිරීම්. ආහාරපානාදියෙන් සන්තර්ප ණය කිරීම්. කාරණහෙයින් - අර්ථය වශයෙන්. මෙ සේ කිරීමෙන් ඇති ඵලය කිමෙක් ද යනාදි වශයෙන් කල්පනා කිරීමෙන්. ඉදින් - අනීයමාර්ථයයෙහි යෙදෙන නිපාත පදයෙකි. මෙය යෙදෙන අන්තර්වාවක්යදය, ‘නම’ යන නිපාතයෙන් හෝ ‘ද’ යන නිපාතයෙන් හෝ අන්ත වියැ’යුතු යි ‘ඉදින් හේ මෙහි පැමිණේ නම්. සුව පත් වනනේ යැ, යනාදීය උදාහරණ යි. ‘ඉදින්’ යනු නැති වැ ද ‘නම්’ යෙදු කලැ අනියමාර්ථ ය හැ‍ඟේ. ‘ඉදින්’ යනු යෙදු කලැ වාක්යා ර්ථපය ප්රරබල වේ. සමහරු ශබ්ද විභාග නො දැනැ ‘ඉදින්’ යනු ‍කාලාර්ථැවාචි ‘ඉතින්’ යන්න වෙනුවට ද යොදත්. රතීයෙන් - කාම තෘෂ්ණායෙන්, කාමාශායෙන් සඤපාත වූ - උපන්නා වූ. මොහ - මුළාව. නොහොත්, හෙවත් යන දෙක අතරෙහි වෙනසෙක් ඇති. එක් අර්ථ යක් කියා එය මැ අන්යා වචනයෙන් කියන කලැ ‘හෙවත්’ යනු යෙදේ. “රතියෙන් සඤ්ජාත වූ හෙවත් කාම තෘෂ්ණායෙන් උපන්නා වූ” යනු උදාහරණ යි. දෙවනු වැ කියැවෙන අර්ථතය පළමු වැ කියැවුණු අර්ථනයට වෙනස් නම් ‘නොහොත්’ යනු යෙදිය යුතු. රති විසින් යන තන්හි ‘රතී’ ‍නම් අනඞ්ගයා ගේ භර්යාදව යි. මෝ තො‍මෝ ද පුරාණ කවින් විසින් කාම තෘෂ්ණාව දැක්වීමට බුද්ධියෙන් නිර්මිත වූ දෙවතාවකි. මොහ කරන ලද්දා වූ - මුළා කරන ලද්දා වූ මෙය ‘සෙවුනහු ගේ’ යන්නට විශෙෂණ වේ. සෙවුනහු ගේ - සෙවනය කරන තෙනැත්තහු ගේ. මේ කෘදන්ත නාමය ‘සෙවු’ යන ධාතුයෙන් සිද්ධ යී. සැපයෙහි අභිමානය - සැපයෙහි ආශාව. මේ තන්හි යෙදුණු නමුත් ‘ආශාව’ යනු අභිමාන යන්නෙහි ප්රපධානාර්ථවය නො වේ. ව්ර ණයා‍ ගේ - වණයෙහි. කණ්ඩුතියෙහි - කැසීමෙහි. ප්රනණයයක් - ආශාවක්. (මේ වාක්යුයෙහි ‘අභීමාන’ ‘ප්රපණය’ යන ශබ්ද ද්වයය මැ එකාර්ථ යි.) වණය කසන කලැ සුවයක් මෙන් දැනෙන නමුත් කසා කෙළවර වූ පසු තුබුණාවත් වඩා අමාරු බව දැනේ ගෘහයෙහි වූ සැප් - ගිහි සැප. ගෘහි සැප. ‘ගෘහ’ (පාලි ‘ගහ’) යනු භාර්යාැවට ද නමි. එහෙයින් අඹුවන් ගෙනැ විඳුනා සැප ගෘහි සැප යැ යි කියනු ලැබේ. මීට විරුද්ධාර්ථූ ඇත්තේ ‘පැවිදි සැප’ යනු යී. පැවිදි වීමෙන්




80 එළු අත්තනගලු වංශ - (8. ප. 8-10.

(මහණ වීම්, තාපස වීම් ආදියෙන්) ලබන සැපය පැවිදි සැපය යි. මේ දෙකට පිළිවෙළින් ‘අගාරික සැප’ අනගාරික සැප’ යනුදු නමි. (අහාර = ගෙය.) පැවිදි නුවුවෝ ගිහි නම් වෙත්. නො බලා අපෙක්ෂාග නො කෙරෙයි. නො පත යි.

8. කලත්රර - භර්යාා න ව හැකිල්ල - ශාඞ්ඛලය, ය දම්. යකඩ දම්වැල, (මාංචුව) සෙවනය - යටත් වැ මෙහෙ කිරීම්, අවඥ - අවමාන, අවමන්, පහත් කොටැ සැලැකීම්. කවර නම් පුරුෂයෙක් අවඥා ඉවසා ද? නො ඉවසා මැයි යන තන්හි “ නො ඉවසාමැ” යනු පූර්වස වාක්යිය හා නො ගැළැපේ. කවර හෙයින් ද? ‘කවර ‍නම් පුරුෂයෙක්’ යැයි ‘කවර නම්’ යනු ‘පුරුෂයෙක්’ යනු හා යෙදීමෙන් ප්ර ශ්නය ‘පුරුෂයකු’ හා සම්බන්ධය වේ. ඉදින් ප්රනශ්නය ‘ඉවැසීම පිළිබඳ වැ නම්’ ‘කවර නම්’ යනු නො යෙදේ. එ හෙයින් උත්තරය “නො ඉවසා මැ යි” යනු නො වැ “කවරෙකුත් නො ඉවසයි” යනු වියැ යුතු යි. මේ ප්රාශ්න යෙහි ලා ආඛ්යා‘තයා ගේ ප්රඉමුඛත්වියක් නැති හෙයින් ‘මැයි’ අවධාරණය ද අයුක්ත යි. ‘පුරුෂයෙක් අවඥ කීම ඉවසා ද’යි ප්රුශ්නය වී නම්. එ කලැ ‘නො ඉවසා මැ යි’ යනු යෙදේ මැ යැ.

9. ශරයෝ - හී ගස්. පරාංමුඛ වූවාහු - ඉවතට හරවන ලද මුඛය ඇත්තාහු දුන්නෙහි හීය තබා දුනු රැහැන අදනා ‍කල හීයෙහි මූණ විදින්නහු දෙසට හැරි නො සිටියි. ගුණය සත්පුරුෂ ස්වභාවය, ‘ගුණ’ යනු ‘ලනුව’ යන අර්ථියෙහි ද වැටෙනුයෙන් දුනු දිය යි ද කී හු. දුනු දිය - දුනු රැහැන. (ධනුර්ජඇයා), ස්ත්රීටහු ද තමන් රැකී පුරුෂයා දෙසැ නො වැ අනුන් දෙසැ නො වැ අනුන් දෙසැ බලමින් පැවැතැ පතිව්රුතාදි ගුණය හැරැ දුරට ද යෙති. යනු හැඟැවුහු.

10. මිත්රත සන්ථවයක් - යහළු වශයෙන් ආශ්රහයක්. දර්ප‍ණ යෙන් - කැටපතින්. කන්නාඩියෙන්. දර්ප ණ භිත්තිය ළඟට පැමිණි කවරෙක් වුවත් එහි ප්රපතිබිම්බිත වෙයි. හස්තප්රා ප්ත වුවාහු ද - අතට පැමිණියා ද. තම හට අයිති වූවාහු ද, දැළයේ මුවහත් ඇති - දෙ පිට කැපෙන. දෙ + ඇළ = (ස්වර පර රූපයෙන්) දැ + ඇළ = (ස්වර්ණ දීර්ඝපයෙන්) දළ. සියලු දශායෙහි - සියලු අවස්ථායෙහි, හැම විටැ මැ. කවර විටෙක අන්තරාය වේ දැ යි නො දැනෙනුයෙන් සැක කටයුතු වේ.




2.ප.11-16) වි ව ර ණ ය 81

11. “ ඇතුළතට නික්මෙන්නා වූ” යන තන්හි ‘නික්මෙන්නා වූ’ යනු සදොස් වේ. කවර හෙයින් ද? පිටතට විනා ඇතුළතට නික්මීමක් නැති හෙයිනි ‘යන්නා වූ’ යනු නම් මැනැවි ශ්වසයන් - සුසුම්. සුසුම් ඇතුළතට පැමිණි කලැ එහි රැඳැවුවත් මරණය මැ වෙයි, පිටතට නික්මුණු කලැ එහි රැඳැවුවත් මරණය මැ වෙයී.

12. නරකාදි සතර අපායයෝ - නරකය මුල් කොටැ ඇති අපාය සතර, සතර අපා‍යයේ නම් (1) නරකාය, (2) ප්රෙ,තයොනීය. (3) අසුර නිකායය. (4) තිරිසන් ගතිය යන මොහු යි ද්වාරයන් - දොරවල් පවිටු - පාපිෂ්ඨ, අතිශයින් පාපි වූ, උක්තප්රාකාර - කියන ලද අන්දමේ. නරකාදිභයින් නරක භය ආදි කොටැ ඇති භයින්. ‘කෙසේ මිදීමෙක් වේද? නො වන්නේ මැ යී” යන තන්හි දු ප්රතශ්නයට උත්තරය නො ගැළැපේ. ‘කෙසේ’ යනුයෙන් ප්රෙශ්නය ආකාරය ගැනැ විනා වීම ගැනැ නො වන හෙයින් උත්තරය වුව මනා නම් “කිසිසේත් නො වේ” යැ යි විය යුතු.

13. සිත් නමැති රුක් සිදුර ගෘහ කොටැ ඇති - සිත් නමැති ගස් බෙනයෙහි ඉන්නා, පිටත්හි නො කට යුත්තේ යැ පිටතට යෑමට ඉඩ නො දියැ යුතු යැ. වැළි - එ සේ වී නම්. සහනය - ඉවැසීම, නො සැලිය යුතු බවට - නො සෙල්වීයැ යුතු බවට.

14. සන්නාහය - යුද්ධයෙහි දී කඩු, හී ආදියෙන් ශරීරයට පසර නො වදනා පිණිස අඳිනු ලබන, සමින් හෝ ලෝහයෙන් කළ සැට්ටය, ප්රයශංසා - පැසැසීම, පුෂ්ප භාවයට - මල් බවට, “මල් දමින් බඳනා ලැබෙත්” යනු මල්දමෙහි බඳනා ලැබෙත් යන්නට සමාන අර්ථ- ඇත්තේ යැ. මල් දම මලින් කළ දම යි. එහි මල්බඳනා ලැ‍ෙබ්. මේ මල් ද ඒ මල් ද මෙහි මැ අවයව වෙයි යනු අර්ථ යි. දුර්ජෝනයන්‍ ගේ පරුෂ වචන ඉවැසී මෙන් සත්පුරුෂයන් අන්යද සත්පුරුෂයන් ගෙන් ප්රඑශංසා ලබන බවත් එය ඉවසන සත්පුරුෂයන් ගේ කීර්තිය වැඩි වීමට හෙතු වන බවත් මෙයින් ප්ර්කාශිත යි. ගුණ නමැති මල්දමින් යන තන්හි ‘ගුණ’ යනු කීර්තිය’ යන අර්ථතයෙහි යොදන ලද.

15. සිතට අනුකූල වූ - මනාප අන්දමේ. පුත්ර දාරයන් අඹුදරුවන්. ‘දාර’ යනු අඹුවට නමි. සංස්කෘතයෙහි ‘දාරපුත්රප’ යි නො වැ පුත්රාදාර යී පුත්ර ශබ්දය මුල් වැ සමාස පදය වූ නමුත්



82 එළු අත්තනගලු වංශ - (2.ප. 16-17-18

සිංහලයෙහි අඹුදරු යි අඹු ශබ්දය මුල් වැ සමාස වෙයි. තෘප්තීයට - සෑහීමට. “මට මෙතෙක් ඇතැ” යි යන සිතට සසරැ - සංසාරයෙහි ජාති ජරා මරණ යළිත් ජාති ජරා මරණ යනාදි වශයෙන් නොකඬ වැ පැවැත්ම ‘සංසාර’ නමි. ප්රිපඤ්චකරණ හෙයින් - රඳවන හෙයින්, ජාති ජරා මරණයන් ගෙන් මිදී මොක්ෂජයට යා නො දී නවත්වන හෙයින්. තොප නො පෙළා වා - තොපට පීඩා නො කෙරේ වා.

16. ද්වෙෂයක්හු විසින් මඩනා ලද්දා වූ - සතුරු බැවින් මිරිකුණා වූ. මුඛ ප්රකසාදය - මුහුණෙහි පැහැදි බව. මුහුණෙහි ශොභාව. කායික - කය (ශරීරය) පිළීබඳ චෛතසික සිත පිළිබඳ. උපගොගවස්තු - ආහාරපානාදිය ශරීර පොෂණය පිණිස අනුභව කරනු ලබන්නාහු උපභොගයෝ යැ. පරිභොග වස්තු - වස්ත්රාවභරණ ශයනාසනාදිය. බැහැරින් සෙවනය කටයුත්තෝ පරභොග නම් වෙත්. චිත්තසන්නානයෙහි - සිත් පරම්පරායෙහි සිතෙහි ‘සන්තාන’ යනු දු සිතට නමෙකි.

17. ආපදාවක් - විපත්තියක්. දුකක් ඛෙදය තෙමේ - ශොකය තෙමේ කනගාටුව, ප්ර තික්රිතයාවෙක් - පිළීයමෙක්, ප්රොතිකාරයෙක්, රොගාදියක් පැමිණි කලැ එය ශමනය කිරීමට (නැති කිරීමට) කරන්නා වූ ක්රිළයාව ප්රතතික්රිමයාව යි. බැගැ බව දින බව. ශොකයෙන් මැඬී ගිය බව. කිසිවක් කැරැ ගන්නට බැරි බව. බැගැ බව නො සෙවුනේ යැ - දීන බවට නො යන්නේ යැ ප්ර්ඥාව අනුවැ ගියා වූ - නුවණට හුරු වීර්ය් ය ය - වීර බව, නො පසු බස්නා ශක්තිය පුරුෂාර්ථ සිඬිය ගේ පුරුෂයා ගේ කටයුතු ඉෂ්ට කිරීමෙහි. පුරුෂාර්ථායෝ සතර දෙනෙකි. ධර්ම‍, අර්ථු, කාම, මොක්ෂ්, යි. ගැන්මට - ගැනීමට, අග්රෂ හස්තයෙක් - ඉතා උතුම් අතෙක්. දෙ වැනි නො වන අතෙක්

18. වීර්යනයෝ - උත්සාහයෝ. කුශල ධර්මිය - යහපත් ධර්මනය, සුචරිතය, තත්පර වැ - තදින් ඇලී. එහි මැ බැඳී.පවතුව - හැසිරෙව. යථොක්ත වූ - කියන ලද අන්දමේ. නීති මාර්ගෝය - නීති ක්රපමය, ආචාර විධිය හැසිරෙන අන්දම, ස්වාභාවික වූ - ස්වභාවයෙන් පිහිටි, උත්පත්තියෙන් මැ ඇති වූ කල්යාහණ ගුණ ධර්මභ - උත්තම ගුණ ධර්මි. යහපත් ගුණ ධර්ම ගුණ නම් හිරි, ඔතප් ආදිය යි. ධර්මි නම් ඔවුන් නිසා ඇති වන්නා වූ ශීලය යි. නො ඇසියැ යුතු බව - නො ඇසීයැ යුතු ආකාරය, යම් ආකාරයෙකින් සිටැ ගුරුපදෙශ නො



2 ප. 18) වි ව ර ණ ය 83

ඇසියැ යුතු නම් එය. නො ඇසියැ යුතු ආකාර නම් මුහුණ හැකිළැවීම, අහක බැලීම යනාදිය යි. අනාදරයෙන් - ආදර නැති බැවින්. ඉවතැ එළවන ලද - අහකට යොමු කරන ලද. අහඞ්කාර පර වශයෙන් ආඩම්බරයෙන් පිරී ගිය බැවින්. අහඞ්කාරයට පර වූයේ - දෙ වැනි වූයේ - යටත් වූයේ - අහඞ්කාර පර යි. ඔහු ගේ වශයෙන්. අහංකාරපර වශයෙන්. අහංකාරයෙන් මැඬි ගිය බැවිතැ යි යූ සේ යැ. අහඞ්කාර නම් සියලු තන්හි මම යැ යි සිතීම යි. සංස්කෘත ‘අභම්’ (පාලි ‘අහං’) යන්නෙහි අර්ථමය ‘මම’ යනු යි. “කුලයෙන් උසස් මම යා, රූපයෙන් උසස් මම යැ, නුවණින් උසස් මම යැ, ධනයෙන් උසස් මම යැ” යනාදී වශයෙන් සිතමින් උඩඟු වීම අහංකාරය යි ඇතුන් ගේ බැල්මට බඳු - ඇතුන් බලන බැල්ම වැනි. ඇත්තු ඇස මඳ කොටැ අයා කිසිවකු නො සලකන්නවුන් මෙන් බලත්. අධිකේෂපයක් - අවමානයක් නින්දාවක් මුවහ කිරීමක්. මාන රහිත වැ - මාන නැතිවැ යටත් පහත් වැ, ඇතිවැ ද - යන තන්හි ‘ද’ යනු සමුච්චයාර්ථියෙහි නිපාත යි. තන්නිමනතත්ප්රවවණතත්ප්රාදග්භාරතායෙන් - තන්තිමන භාවයෙන් ද, තත්ප්රෙවණ භාවයෙන් ද තත්භාග්භාර භාවයෙන් ද, ‘තන්තීමන’ (තත් + නිම්ත = එයට + නැමුණු) නම් ඒ දෙසට තැමීම යි. මෙයින් ගුරුනට ගෞරවය ද භක්තිය ද දැක්වෙයි. ‘තන්ප්රතවණ’ නම් තමන් ගේ සිත අන්කිසිවකට යොමු නො කොටැ එහි මැ (කරන්නා වූ අනුශාසනයෙහි මැ) පිහිටුවා සිටීමයි. මෙයින් ශිෂ්යනයා ගේ භව්ය ත්වනය උපදෙශයට යොග්යැ බව) හැඟැවෙයි. ‘තන්ප්රායග්භාර’ (තත් + ප්රායව් + භාර) නම් ඒ දිශාවට ඇදී ගිව පර්ව තකූටයක් මෙන් බර වැ සිටීම යි. (ප්රාරග්භාර යනු පර්වතත කූටයට නම්.) මෙයින් උපදෙශයා ගේ අනර්ඝ බව ප්ර්කාශ කැරේ. උපදෙශය අනර්ඝ වූ විටැ අසන්නහු ඒ දෙසට ඇදී යන හෙයිනි. උපදෙශකයන් ගේ වාක්චාතුර්යීය ද (කථාකිරීමෙහි, දක්ෂ බව ද මෙයින් මැ සූචිත යි. උපලක්ෂිඋත වැ - යුක්ත වැ ප්රී තින් - ප්රීහතියෙන්. සාධුකාර වචනයෙන් - ‘සාධු සාධු’ යන වචන යෙන්. සාධු යන්නෙහි අර්ථථය නම් ‘ඉතා යහපති’ ‘කීසැටී කදිම යැ’ ‘හරි යැ’ යනු යි කථාවක් අසා සිටින්නවුන් කථායෙන් ප්රී ති යට පැමිණි කලැ මේ කියැවෙයි. පිපුණා වූ - පුබුදු වූ ප්රැසන්න වූ ප්රීාතිය අධික වූ විටැ මුහුණ ප්රහසන්න වැ පිපෙ යි. කපොලස්ථල කොපුල් තල. කම්මුල්, මුඛයෙන් - මුහුණින්, ලොමුදහ





84 එළු අත්තනගලු වංශ - (2.ප 18 -3.ප 1.2.3

ගැනීම් - ලොම් කෙළින් වැ සිටීම්. වැදැ හෙවැ - වැදැ වැටී. දීර්ෂ8 ප්ර ණාමය - ශරීරය දඬු කඬක් මෙන් දිගට සිටුනා සේ භූමියෙහි වැටී වැඳීම. ‘ප්රරණාමය’ යනු වැඳීමට නම්. ‘දණ්ඩනමස්කාර’ යනු දු දීර්ඝ ප්රැනාම යනු දු එකාර්ථ යී. දණ්ඩයක් හෙවත් දඬු කඬක් මෙන් වැ කැරෙන නමස්කාරය දණ්ඩ නමස්කාරය යි. මාර්ග ඵල ලාභයෙන් - මඟ පල ලැබීමෙන්. සෝවාන්. සකෘදාගාමී, අනාගාමි, අර්හත් යන මොහු සතර - මගසතර - ඵලයෝ යැ. විශිෂ්ට වූ - උතුම් වූ.

මේ වාක්යනයා ගේ පද යෙදුම් රම්ය නො වේ. පාලි පාඨය සිංහලයට නැගීම විනා සිංහල වාක්ය රීතයට අනු වැ පද ගැළැපීම අවශ්යි බවක් සන්න කර්තෲ න් විසින් සලකන ලදැ යි නො හැඟේ. “මුහුණ ඇත්තවුන් විසින් හෝ බැල්ම කරන්නවුන් විසින් හෝ නො වැ” යනාදිය ව්යගකරණ විරොධ වේ. “සනේතාෂය පහළ කිරීම වී” යනු ද නො වුව මනා පදයන් ගෙන් යුක්ත යැ.

______

තුන් වන පරි‍ච්ඡෙදය

1. ප්රපතිපත්තිය - පිළිපැදීම, ව්ය්වහාරයක් - නාමයක්. ඉන් පසු කුමාරයන් ගේ නාමය ලෙස ගැනුණේ ‘සංඝබොධි’ යනු නො වේ. ‘ධාර්මික’ යනු යි.

2. අදහන සේක් - විශ්වාස කරණ සේක් “බැනණුවන්” මහණ වනු කැමැත්තන් ද යනු විශෙෂණය පර කොටැ යෙදූ තැනී. විශෙෂ්ය ය පර වූ කලැ “මහණ වනු කැමැති වූ ද බෑනණු වන්” යැ යි යෙදේ අභය - භය නැති බව. භය නො වන්නේ යමෙකින් ද ඒ අභය යි. ඇතැම් කෙනෙක් මෙහි ‘නීර්භයය’ යනු ලියති. එහෙත් ‘නීර්භතය’ යන්නෙහි භය නැති බව’ යන අර්ථ ය නැත්තේ ය. ‘භය නැති තැනැත්තේ යැ’ යනු එහි අර්ථ‍ යි. එළවන්නේ යැ - පමුණුවන්නේ යැ කුශලානුරූපයෙන් - පුණ්යහයට (පිනට) සුදුසු පරිද්දෙන්. විපාකයට - ඵලයට වත් පිළිවෙත්හි - හැමැඳීම, මල් පිදීම් ආදියෙහි. සමෘද්ධ වන්නේ යැ - සිද්ධ වන්නේ යැ. සම්පූර්ණහ වන්නේ යැ. දැහැමි - ධාර්මික ‘සඟබෝ’ යන නම සඟවා නන්දේ ස්ථවිරයන් තුබූ නම් යි.

3. ලමැණි පක්ෂ්යේ - ලම්බකර්ණ. ගොත්රනයේ පෝරු හෙයින් - ලෑලි පාලමින්.

3. ප. 4-5) වි ව ර ණ ය 85

4. හේ මත්තේ - පාලම උඩ. ශාලායෙහි - පුරාතනයන් විසින් පාලම මතුයෙහි විශ්රා ම ශාලාවන් නංවන ලද බව පෙනේ. පරෙවි ස‍ෙන්ද ශයෙහි මාතර නිල්වලා ග‍ඟෙහි පාලම සඳහන් කැරෙන තන්හි මීට ‘හේ මැඳුර’ යි කියන ලදී. ‘කිසි’ යනු ‘බමුණෙක්’ යන්නට විශෙෂණ වේ. ‘එක්තරා බමුණෙක් හෙවත් නො දක්වන ලද නම් ඇති බමුණෙක්’ යනු අර්ථ‘ යි. දැස් - දෙ + ඇස් = දැ + ඇස් = දැස්. ශාස්ත්රැ ලක්ෂ ණයට - ශාස්ත්රනයෙහි කී ලකුණුවලට, පෘර්ථකවීශ්වර - (පෘථිවි + ඊශ්වර) පොළොවට අධිපති. රජ. ප්රනකාශ කොටැ - ශබ්ද නඟා. පිටතට ඇසෙන සේ, නො හඟවා නැවැතැ - නො දන්වා නැවැතී මෙහි ‘නැවැතැ’ යනු යළිත්. හෙවත් ‘තවත් වාරයෙකැ’ යන අර්ථ ය නො දෙයි. ‘ගමන නවත්වා’ යන අර්ථමය දෙයි. රාජවංශයෙහි ස්ථිතය - රාජ වංශයා ගේ පැවැත්වීම. “කවරෙක් කෙරේ දැ” යි ගොඨාභය කුමාර යන් එක වචනයෙන් ප්රැශ්න කළ කලැ බමුණු තෙමේ, “පස්සේ යන තැනැත්තෝ යැ” යි ගෞරව පිණිස බහු වචනයෙන් උත්තර දෙයි. ඔද වැඩියේ - වැඩුණු එඩි ඇත්තේ. තීක්ෂ ණ වූ - තියුණු වූ සියුම් වූ. ගැඹුරු - ගම්භීර, අනුන් විසින් නො මිනියැ හැකි (ප්රවමාණය නො දත හැකි) දුර කල්පනා කරන, කිසිවක් හටත් - (කිසිවකු + හටත්) ස්වර සහිත ව්යංකජනයා පර වූයෙන් ‘කු’ යන්නෙහි වූ ස්වරය ලොප් වී යැ. මධ්ය‍ ස්වර ලොප සන්ධිය යි.

5. ස්වල්ප - (සු + අල්ප) ස්වරයා පර කල්හි ‘උ’ කාරයට ‘ව’ කාරාදෙශ යි.) ඉතා අල්ප. ඉතා ටික. ජීවත් නොවෙත් ල- ජීවත් නො වෙත් ලු. ‘ල’ ‘ලු’ යන දෙක මැ ශ්රැවතීසූචනයෙහි (ඇසූ දැය කීමෙහි) යෙදෙන නිපාත යි. ‘දෙවමි’ යනු අනාගත කාලික (ප්රනයොජ්යූ) ක්රිවයා පද යි. වර්තමමාන කාලයට ද මේ රූපය මැ යි. සිංහල භාෂායෙහි වර්තලමාන අනාගත ක්රිතයා රූපයන් ගේ වෙනසෙක් නැත්තේ යැ. සිංහලයෙහි ව්ය්වහාරය ප්රනමාණ කොටැ නො ගෙනැ පාලි සංස්කෘත භාෂා රීතිය ස්ව භාෂායෙහි දු වියැ යුතු යැ යන භ්රාකන්තීයෙන් ‘අන්නේ’ ‘අන්නෝ’ යනාදිය අනාගත කාලික ක්රි්යා ප්ර‘ත්ය’යන් මෙන් සැලැකෙන නමුත් සිංහලයෙහි නම් විශෙෂ වශයෙන් අනාගතාර්ථගය ගෙන දෙනැ ක්රිමයා රූපයෙක් නැත්තේ මැ යැ යී දත යුතු. රාජ්යැලාභයට - රාජ්යමය ලැබීමට. උපායයෙන් පිළිපදනේ - උපායයනට අනු වැ කටයුතු කරන්නේ. පාලි වචන බලා ‘උපායයෙන් පිළිපදනේ’ යැ යි කී




85 එළු අත්තනගලු වංශ - (3. ප. 6-7

නමුත් සිංහල ව්ය වහාරය නම් ‘උපායයන් පිළිපදනේ’ යනු යි එකාවන්වැ - නිතර මැ . මන්ත්රහණය - සාකච්ඡාව. කීමෙක් කළ මනා ද? කෙසේ ද? යනාදි වශයෙන් ඔවුනොවුන් හා කථාව. රජ්ජුරුවන් - (රජ + දරුවන්) සස්වරව්යවඤ්ජන පරනිමිත්තයෙන් ස්වර ලොපය වූ කලැ ‘රජ් +දරුවන’ යි සිටී. ව්‍යඤ්ජන පූර්වර රූපයෙන් ‘රජ් + ජරුවන්’ යැ යී වෙයි. ස්වර පර රූපයෙන් ‘රජ්ජුරුවන්’ යනු සිද්ධ යි. සම්මාන ගරුබුහුමින්. රාජ කටයුත්තෙහි - රජු ගේ කළ මනායෙහි පෙරදැරි වැ - ඉදිරියට යන්නේ. ඉදිරි පත් වැ. නොබෝ කලෙකින් - ටික කලෙකින්. බෝ නො වන්නේ නො බෝ වල්ලභ - විශ්වාස, ප්රිටය, ප්රනසන්න වූයේ - පැහැදුණේ. සෙනෙවිරත් තනතුර - (සෙනෙවි රද + තනතුර, ස්වර ලොපය හා අඝොෂාදෙශය.) සෙනෙවි රද නම් සෙනාපති රාජයා (සෙ‍නාපතීන් ගේ ප්රහධානයා) යැ.

6. හුදක් - කෙවල. තනි කැරැ. මෙයින් හඟවන්නේ නන්දත මහ තෙරුන් වහන්සේ “රජ හට සෙවය කරව” යි කරන අනුශාසනය නිසා, එ සේ කරන බව මුත් සඟබෝ කුමරුන් කැමැත්තෙන් නො කරන බවයි. අනුවැ හැසිරීම - රජ හා එක් වැ හැසීරීම. “තෙමේ ..............විහාරයෙහි මැ වසන්නේ” - යනුයෙන් සඟබෝ කුමාරයන් විහාරයෙහි මැ විසූ නමුත් අනෙක් දෙදෙනා එහි නො විසු බව හැ‍ඟේ. අනුෂ්ඨෘනය - වත්පිළිවෙත්හි හැසිරීම. නොපිරිහෙළා - අඩු නො කොටැ. නො වරදවා. රුවන්මැලි මහ සෑයට - රත්නමාලි මහා චෛත්යොයට ගුරුළුගොමීහු “ධාතු ගර්භුය රත්නමාලාලඞ්කෘත වන බැවින් රුවන්මැලි නම් වී” යනු කියත්. ‘චෛත්ය්’ (පාලි ‘චෙතිය’) නම් වන්දඅනීය ස්ථාන යි. මෙ ත න් හි දා ගබ යි. සිංහලයෙහි ‘සෑ’ යනු වෙයි. කළමනා - කරන්නට සුදුසු. උපස්ථාන - ‘උවටන්’ සත්කාර. සෑයට කරන උපස්ථාන නම් හැමැදීම්, මල් පිදීම්, පහන් දැල්වීම් ආදිය යි. ගිලනනුට - ග්ලාන වූ ආට. ලෙඩුනට නිරවද්යස - (නිර් + අවද්යය) දොස් නැති වරද නැති. වද්යව (කියැයුතු) නො වනුයේ අවද්යස යි. පුරාතන ශිෂ්ටයෝ අනුන්ගේ වරද ප්රකකාශයේ නො කී හ. එ හෙයින් වරදට ‘අවද්යන’ නාමය වී. ධර්ම යෙහි - පැවැත්මෙහි. ක්රීයයායෙහි. දවස් යවන්නේ යැ - කල් ගත කරන්නේ යැ.

7. හස්ත ප්රාවප්ත කොටැ ගෙනැ - අයති කොටැ ගෙනැ