Jump to content

එළු අත්තනගලු වංශ විවරණය- ii

Wikibooks වෙතින්

පස් වන පරිචේඡදය

[සංස්කරණය]

ඒ දැහැමි සිරි සඟබෝ රජ තෙමේ, රුවන්මැලි මහා විහාරයෙහි මහඇඟි වූ විසල් වූ ලා බත් ගෙයක් කරවා, නොයෙක්

5. ප) එළු අත්තනගලු වංශය 19

දහස් ගණන් භික්ෂූ)න් වහන්සේට නිරන්තර යන් ලභ බත් පැවැත් වී. මයිල් නන්ද මහ තෙරුන් වහන්සේට ද, ස්වකීය වු නාමයෙන් මහත් වූ දැහැමි සිරිසඟබෝ නම් පිරිවෙන් විහාරයක් කරවා, නොයෙක් කප්පිය භාණ්ඩයන් හා සමඟ පරිවාර සහිත වූ ග්රාරම‍කේෂත්රයයන් සඞ්ඝයා වහන්සේ ගේ පරිභොගයට සුදුසු කොටැ දෙවී. තව ද නිරන්තරයෙන් මධ්ය්රාත්රිවයෙහි රහසිගත වූයේ, කායික විවේකයට පැමිණියේ. අප මහබෝසතුන් ගේ මාංස දානාදි නොකවහැකි චරිතයන් සලකන්නේ, එබඳු වූ චරිතයන් තමා කෙරෙහි පිහිටුවන්නට ප්රාවත්ව්ේ පනා කෙළේ යි.

2. ඒ එ සේ මැ යි. දෙහීති වත්ථුඒමසුකං ගදිතො ‘ත්ථිඑකෙහි නාලං කථෙතුමිභ නත්ථිම න දෙමි චාති චිතේත මහාකාරුණයා පහටාවකාසා දුරං ජගාම විය තස්ස හි වත්ථුනතණහා ෴

“අර්ථම වූ යාචකයන් විසින් ‘අසුවල් වස්තුවක් මට දෙව’ යි කියන ලද්දේ, ‘මෙහි නැතැ’ යි කියා ද, ‘නො දෙමැ’ යී කියා ද, කියන්නට අසමර්ථක වී යැ ඒ එසේ මැ යි. බොධිසත්වයන් ගේ සිත්හි මහත් කරුණායෙන් පහරනා ලද අවකාශ ඇති, සියලු වස්තුයෙහි තෘෂ්ණා තොමෝ, දුරැ ගියාක් වැන්නී යැ. මෙ සේ ‍අප මහ බෝසතණනට මෙන් බාහිර වස්තුන් ගේ පරිත්යා්ග නමැති මහත් වූ උත්සවය කවර කලෙක්හි මට වේ දෝහො” යි කියා ද-

3. ආනීයතෙ නිසිතසත්ථදනිපාතනෙන නික්කඩ්ඪතෙ ච මුහු දානභවාය රත්යාො එවං පුනප්පුනගතාගතවෙගඛින්නං දුක්ඛං න තස්ස හදයං වත පීළයිත්ථා ෴

තව ද, “මාංසචේඡදය පිණිස තියුණු වූ මුවහත් ඇති ශස්ත්රියා ගේ නිපාතනයෙන් දුඃඛය ගෙනෙනු ලැබෙයි. තත්ක්ෂ ණ යෙහි ස්වකීය ශරීර මාංස දානය පිණිස ජනිත වූ අභිරතියෙන් ඒ පහ කරනු ලැබෙයි. මෙසේ නැවැතැ නැවැතැ යෑම් ඊම් වෙගයෙන් ඛෙදයට පැමිණියා වූ ඒ දුඃඛය ඒ මහ බෝසතාණන් වහන්සේ ගේ චිත්තනයට එකාන්තයෙන් පීඩා නො කෙළේ යි. මෙ සේ වනාහි අප මහ බෝසතාණන් ගේ මස් ලේ ආදී වු ආධ්යාොත්මික වස්තු දෙන සමයෙහි දුඃඛවෙදනා තොමෝ සිත නො පෙළූ යැ. මට ද මෙ බඳු වූ ආධ්යාමත්මික දාන නම් මහ මඟුල කවර කලෙක්හි වේ දොහො” යි කියා ද-


20 එළු අත්තනගලු වංශය (6. ප

4. සො සංඛපාලභුජගො විසවෙගවාපි සීලස්ස භෙදනභයෙන අකුප්පමානො ඉච්ඡා සදෙහභරවාහිජනෙ දයාය ගන්තුං සයං අපදතාය සුඝොච නූනං ෴

‘ශඞ්ඛපාල නාග රාජ වූ ඒ බොධිසත්වව තෙමේ, අතිශයින් විෂ ඇත්තේ ද පවා, ‘සිල් බිඳී යෙයි’ යන භයින් නො කිපෙන්නේ, ස්වකීය වූ ශරීර භාරය උසුළන්නා වූ ජනයා කෙරෙහි කරුණායෙන් තෙමේ යන්නට කැමැති වුයේ ද, තමා ගේ පා නැති බැවින් ශොක කෙළේ යි සිතම් මැ. මෙ සේ සිල් රැකීම් සංඛ්යා ත වූ චරිතශ්රී ය කවර කලෙක්හි ලබම් දොහො” යි කියා ද

5. පිවෙය්යච ථඤඤං අමතංච බාලො වුඬිං ගතො සොව ජිගුච්ඡතෙ තං ස ජාතු එවං අනුභූය රජ්ජං ඤාණස්ස පාකෙ සතතං ජහාති ෴

“ බාල තෙමේ අමෘතයක් මෙන් තන කිරි බොන්නේ යැ නැවැතැ වැඩීමට පැමිණියා වූ ඒ බාල තෙමේ, ඒ තන කිරි යම් සේ පිළිකුල් කෙරේ ද එ පරිද්දෙන් කිසි කලෙකැ ඒ බොධිසත්ව තෙමේ රාජ්යතය අනුභව කොටැ නුවණ මිහිකිරුණු කල්හි අනවරතයෙන් රාජ්යයය හැරැ පියා, ගෘහාභිනීෂ්ක්ර මණය කරන්නේ යැ මෙ සේ මෙ පරිද්දෙන් මා විසිනුදු නොබෝ කලෙකින් මැ එකාන්තයෙන් ගෘහාභිනිෂ්ක්රදමණය කටයුත්තේ යැ” යි කියා ද-

6. සො සෙනකො විජපසිබ්බකසායිසප්පං අඤ්ඤසි දොසකලුසාය ධියාබ්භුතනතං කා වණ්ණා ‘සස ඛලු දොසවිනිගගතාය සබ්බඤ්ඤැතාය දසපාරමිසාධිතාය ෴

“සෙනක පණ්ඩීත නම් වූ ඒ බොධිසත්ව තෙමේ, බ්රා හ්මණ යා ගේ අත්සුනු පසුම්බියෙහි දරණ ලා ගෙණැ හොත්තා වූ සර්පයයා, රාගාදී දොෂයෙන් කලුෂ වූ ප්රමඥායෙන් දත. ඒ ආශ්චය්ය්ාා ය. දශ පාරමිතායෙන් සිද්ධ කරන ලද, පහ වූ රාගාදී දොෂ ඇති, ඒ සර්ව ඥයන් වහන්සේ ගේ සර්වරඥතාඥානයාගේ වර්ණූනා තොමෝ කවරක් ද? මෙ බඳු වූ ප්ර්කාර ඇති කලණ වූ ඥාණසම්පත්තිය කවර කලෙක්හි මට සමෘද්ධ වේ දො හො” යි කියා ද -


. ප) එළු අත්තනගලු වංශව 21

7. වාලෙන සො කිසකලන්ද කජාතියම්පි උස්සිඤ්චීතුං සලිලමුස්සභි සාගරසස තං මුද්ධතාය න භවෙ මනියා මහත්යඃ් සම්පාදනාය ‘භිමතස්ස සමත්ථ තාය ෴

“කාශ වූ ලෙහෙන වැ උපන් සමයෙහි දු පවා ඒ බොධිසත්ව තෙමේ, වාලධියෙන් සමුද්ර ජලය ඉසැ දමන්නට උත්සාහ කෙළේ යැ. ඒ මුග්ධ බැවින් නො වෙයි. වැළි, කවර හෙයින් ද? මහත් වූ ප්රුඥයෙන් අභිමතාර්ථ යා ගේ සැපැයීමෙහි සමර්ථ බැවිනි මෙ බඳු වූ ප්ර කාර ඇති වීර්යූ පාරමිතාවට ප්රාභප්ත වූයෙමි කවර කලෙක්හි වෙම් දොහො” යි කියා ද -

8. කලාබුරාජෙන හි ඛන්තීවාදි වධං විධායාපි අතිත්නකෙත භතෙ පදෙනොරසි ඛන්තිසොධෙ සො කූටසන්ධිනග්ගහණං බුබොධ ෴

“කලාබු නම් කසී රජහු විසින් ක්ෂංනතිවාදි තාපසයනට වධ කොටැ ද, තෘප්තියක් නැත්තහු විසින් තාපසයන් ගේ ළය පයින් පහරනා ලද කල්හි, ඒ ක්ෂාතනතිවාදි තාපස තෙමේ ක්ෂාළන්ති නමැති ප්රාොසාදයෙහි කුළු සන්ධිභ ගැන්වීම අවබොධ කෙළේ යැ; මෙ බඳු වූ ප්රයකාර ඇති ක්ෂාපනතිපාරමිතායෙන් කවර කලෙක්හි තමා සරහමි” යි කියා ද -

9. මිච්ඡාභියොගං න සහිංසු තස්ස රාමාභිධාතස්ස පි පාදුකායො සච්චද්වයා නාඤ්ඤමභාසි ධීරො සො සව්වස‍ෙන්ධ චතුසච්චවාදි ෴

“ඒ රාම නම් බොධිසත්වයන් ගේ සිත් පිත් නැත්තා වූ රන් මිරිවැඩීහු ද පවා, අසත්යවයෙහි යෙදීම නො ඉවැසූ හ. සත්ය සන්ධාලන ඇති. මතු චතුස්සත්යොස කියන්නා වූ, ප්රායඥ වූ ඒ බොධිසත්ව තෙමේ, සම්මතීසත්යන පරමාර්ථතසත්යබ දෙකින් අනෙකක් නො කී. ‍මම ද, මෙ බඳු වූ සත්යව පාරමිතා බලයෙන් සියලු ලොවට චතුස්සත්යාොවබොධ කැරැවීමෙහි සමර්ථඒ වූයෙමි කවර කලෙක්හි වෙමි” යි කියා ද-

10. සො මුගපක්ඛවිදිතො සිරිභීරුතාය මූගාදිකං වතවිධිං සමදිට්ඨහිත්වාත තං තාදිසං අනුභවං අස්හමපී දුක්ඛං යාචාභිතීක්ඛමමභෙදි අධිට්ඨිතං නො ෴ 22 එළු අත්තනගලු වංශය (5. ප.

“ඹුගපක්ෂ යැ යි දන්නා ලද ඒ තෙමිය බොධිසත්ව තෙමේ, රාජ්ය ශ්රීියෙහි බියෙන් ගොළු බව් ආදී වූ ව්රිත විධිය අධිෂ්ඨාන කොටැ, සහනය කොටැ ‍ගත නො හැක්කා වූ ද මෙ බඳු දුඃඛයා ගේ අනුභවයෙන්, තාපස ප්ර,ව්ර ජ්යා ව දක්වා, හෙවත් ගෘහාභිනිෂ්ක්රඳමණය දක්වා, අධිෂ්ඨානය නො බින්දේ යැ. මෙ සේ මා පිළිබඳ වූ ද අධිෂ්ඨාන පාරමිතාව ගේ සම්පූණර්තා තො‍මෝ කවර කලෙක්හි වේ දොහො” යි කියා ද -

11. මෙත්තානුභාවෙන ස ලොමහංසො පෙමානුබදේධන සඛීකරොනේතා සතෙත සමතේත ‘පි ච නිච්චචෙරී සද්ධං විරුද්ධත්ථ‘මකාසි ධීරො ෴

“ප්රාරඥ වූ ලොමහර්ෂ නම් වූ ඒ මහා බොධිසත්ව තෙමේ මෛත්රීක අනුභාවයෙන් සියලු සත්ත්වහයන් මැ ප්රෙ ම අනු වැ බැඳීමෙන් යහළු කරන්නේ ‘නිත්යයවෛරී’ ශබ්දය බොහෝ කලක් විරුද්ධ වූ අර්ථබ ඇත්තක් කෙළේ යැ. මම ද මෙ බඳු වූ ප්රරකාර ඇති මෛත්රී් පාරමිතායෙහි කෙළපැමිණීයෙම් කවර කලෙක්හි වෙමි” යි කියා ද-

12. යො එකරාජවිදිතො සමචිචත්තතාය මානාවමානතරකෙසු තුලාසරූපො තොසඤ්ච රොස්මනුපෙච්ච භජී උපෙක්ඛං සබ්බත්ථර වීතවිකතී හතචෙතතො ‘ච ෴

‘එකරාජ යැ යි දන්නා ලද ඒ බොධිසත්ව තෙමේ සම වූ සිත් ඇති බැවින්, මානන අවමානත කරන්නවුන් කෙරෙහි තරාදියකට බඳු වූ ස්වරූප ඇත්තේ, තොෂයට ද රොෂයටද නො පැමිණැ, සියලු සත්ත්ව යා කෙරෙහි සතුටු නො සතුටු විකෘති නැත්තේ, පහ වූ සිත් ඇත්තක්හු මෙන් උපෙක්ෂාවව සෙවනය කෙළේ යැ. මෙ සේ මම ද උපෙක්ෂා පාරමිතායෙන් කවර කලෙක්හි සියල්ලනට සාධාරණ වූයෙමි වෙමි” යි කියා ද, අනවරතයෙන් සිතී.

මෙසේ පාරමිතාශංසන - සංඛ්යා ත වූ පස් වන පරිචේඡදය කියා නිමවන ලදී.

_______

6. ප.) එළු අත්තනගලු වංශය 23


ස වන පරිචේඡදය

[සංස්කරණය]

මෙ සේ නිරවද්ය වූ ස්වභාවය ඇති දැහැමි සිරිසඟබෝ රජහු රාජ්ය ය කෙරෙමින් සිටි කල්හි කිසි කලෙක්හි සත්ත්වයයන් ගේ කිසි අකුශල විපාකයෙකින් -

ජඨරපිඨරභාරකකනතඬකාරුජාණු සජලජලදකූටාකාරඝොරොරුකායො කූටිලකඨිනදාඨාකොටිසන්දයටඨගණෙඬා නවදිවසකරකේඛා රක්ඛාසො දීපමාප ෴

කුක්ෂික නමැති සැළෙහි බරින් මඬනා ලදින් වක් වූ මහත් වූ දණ මඬුලු ඇති, ජලසහිත වූ මේඝ කූටයකට බඳු වු දරුණු වූ මහත් වූ ශරීර ඇති වක් වූ දැඩී වු දළ කෙළවරින් ඩහනා ලද කපොල ස්ථල ඇති. අභිනව සූය්ය්් ව මණ්ඩලයකට බඳු වූ ඇස් ඇති රාක්ෂ සයෙක්, සිංහලද්වීපයට පැමිණියේ යැ.

2. ඒ රාක්ෂ ස තෙමේ ඒ ඒ ගම් කෙළවරවලැ හිඳුනේ යැ. යම් යම් මනුෂ්ය කෙනෙක් වටින් අවුත් රත් වූ ඇස් ‍ඇති ඔහු බලත් ද, ඒ බැලුවවුන් ගේ අක්ෂී්හු රත් වෙති. ඒ ඇසිල්ලෙහි මැ රක්තාක්ෂඳ මාරක නම් වූ ජවර රොගයෙක් පහළ වැ මරයි. මළ මළවුන් ඒ යක්ෂ‍ තෙමේ, සැකයක් නැත්තේ. කයි. ඒ යක්ෂ යා නො දැකැ ද, යම් යම් සත්ත්ව් කෙනෙක් ඒ රොගයෙන් පීඩිත යෝ ද ඔවුන් බලන්නවුටත් ඒ රොගය පහළ වෙයි. මෙ සේ නොබෝ කලෙකින් මැ යක්ෂෝ භයින් ද, රොග භයීන් ද, ජනපදය තෙමේ තුනී වූ ජනයා ඇත්තේ වී.

3. රජ තෙමේ, එපවත් අසා, “මා රාජ්යනය කෙරෙමින් සිටියැ දී සත්ත්වදයනට මෙබඳු වූ භයක් වීම සුදුසු නො වන්නේ ය”යි හඟනේ, එ දවස් මැ අෂ්ටාඞග ශීලය ‍සමාදන් වැ. තමා විසින් අනවරතයෙන් කැරෙන්නා වු දශ කුශල කර්මීයන් සිහි කොටැ, “මම ධර්මතයෙන් ජය ගන්නා සුලුයෙමි. ඒ රාක්ෂකසයා නො දැකැ නැඟී නො සිටිමි” යි ඉතා තරවා අධිෂ්ඨාන කොටැ, ශ්රී යහන් ‍ගබඩායෙහි සැතැපිණි.

4. ඒ දැහැමි සිරිසඟබෝ රජහු ගේ ආචාර ධර්මියෙහි තෙජසින් ද, රාජානුභාවයෙන් ද, ඒ රාක්ෂගස තෙමේ තැවු‍ණේ, චිතේතාත්ත්රාිසයට පැමි‍ණියේ (භයපත් වූයේ,) ඇසිල්ලකුත් සිටින්නට නොහැකි වූයේ, ආකාශයෙන් අවුත්, ඉතා අලු යම් වේලෙහි ඇතුළු ගප් ගෙව වදින්නට නො පොහොසත් වූයේ


24 එළු අත්තනගලු වංශය (6. ප.

පිටතැ සිටැ, රජහට තමා දැක් වී. රජහු විසින් “තෝ කවරෙක් හි දැ” යි විචාරන ලද්දේ, මෙසේ කියා:- රතැසියා නම් මම යැ. දුරු වූ ජනපදයෙහි සිටියෙමි, ඇසිල්ලකුත් සිටිනට නො හැකි වූයෙමි, නුඹ වහන්සේ ගේ අනුභාවයෙන් බඳනා ලද්දක්හු මෙන් මෙ තන්හි පැමිණියෙමි. රජ්ජුරුවන් වහන්ස, නුඹ වහන්සේ ගේ දැක්මෙහි බමි” යි කී.

5. ඉක්බිති, රජ තෙමේ යහනීන් නැඟී සිටැ, සී මැ‍ඳුරු කවුළුව හැරැ පිටතැ බලා, “කොල, කාලකණ්නිය, මාගේ ජන පදයට පැමිණියා වූ මනුෂ්යබයන් කවර හෙයකින් කන්නෙහි දැ” යි කී. “මහ රජ්ජුරුවන් වහන්ස, නුඹ වහන්සේ ගේ දෙශයෙහි මා විසින් මරා එක මිනිසෙකුත් කන ලද්දේ නැත. වැළි, එකෙක් ඇති. බලු කැණහිල් ආදිනට සාමාන්යු ගොදුරු වූ මෘත ශරීරය කමි. එ හෙයින් මා ගේ කිසි අපරාධයෙක් නැත ඉදින් ඇත්නම්, මා කෙරෙහි රාජාඥාව කරනු ලැබේව” යි කියා වෙවු ලන්නේ, නීශ්චල භාවයෙන් සිටිනට නොහැකිවැ, භය වෙගයෙන් හට ගත්තා වූ රොමොද්ගම ඇත්තේ, අනුනය සහිත වූයේ, හෙවත් නැළැවිලි සහිත වූයේ මෙසේ කීයා “දෙවයන් වහන්ස, නුඹ වහන්සේ ගේ මේ රට, පිරුණා‍ වූ ධනධාන්යූ ඇත්තේ යැ; සමෘද්ධ වූ සන්තුෂ්ට වූ ජනයන් ගෙන් ගැවැසී ගත්තේ යැ. රජ්ජුරුවන් වහන්සේගේ ධන වර්ෂසණයෙන් මනුෂ්ය යෝ සම්පූර්ණගවූ මන දොළ ඇත්තාහ. දැන් යාචකයෝ ද ඉතා ‍බොහෝ නො වෙති. මම මෙ බඳු වූ රටකට පැමිණැ ද, නො ලබන ලද ගොදුරු ඇත්තෙමි. නො පිරුණා වූ මන දොළ ඇත්තෙමි, කනු බොනු කැමැති වැ ද, බැගෑ බැවින් ජීවිකාව කෙරෙමි. එ තෙකුදු වුවත් මෙ බඳු වූ භයකට පැමිණියෙමි. මහ රජ්ජුරුවන් ‍වහන්ස, මට අභය දූන මැනැවැ” යි කී.

6. ඉක්බිති රජ තෙමේ ඔහු ගේ බැගෑ වචනය අසා, කරුණායෙන් කම්පිත වු ළ ඇත්තේ, “එම්බල, රාක්ෂ සය, තෝ නො’බා. තට අභය දෙමි. තා විසින් කැමැති වන ලද වස්තුවක් කිය” යී කී. මෙ සේ ඔවුනොවුන් හා කථා කරන්නා වූ රජ්ජුරුවන්‍ ගේ ද රාක්ෂනසයා ‍ගේ ද යන දෙදෙනා ග් ශබ්දය අසා, ඇතුළු රජ ගෙට ගියා වූ එ නුවරැ ජනයෝ රජහු පිරිවැරූ හ. “රාක්ෂෙස තෙමේ අයැ; රජ්ජුරුවන් හා සමග කථා කරන්නේ යැ” යි කථාවට අනුකථායෙන් අසා, සියලු අමාත්ය යෝ ද, නුවර වැස්සෝ ද, සෙනාව ද, රැස් වැ, රාජඞ්ගණය ද, රජ ගෙය ද, පුරා ගෙනැ, අරුණු නැ‍ඟෙමින් සිටියැ දී මහත් වූ කොලාහල කළ හ.


6. ප) එළු අත්තනගලු වංශය 25

7. ඉක්බිත්තෙන්, රාක්ෂ ස තෙමේ රැස් වූ සිවුරය සෙනග ද, ආයුධ ගත් අත් ඇති සියදහස් ගණන් යොධ සෙනාව ද දැකැ, අතිශයින් භය පත් වූයේ, සිටි තෙනැ සිටින්නට ද, රජහු ගේ ආඥායෙන් යන්නට ද, කිසිවක් කියන්නට ද, නො හැකි වී.

8. රජ තෙමේ ඒ අවස්ථා ඇති ඔහු දැකැ, “ලබන ලද අභය ඇත්තෙහි යැ තා විසින් කැමැති වන ලද වස්තුවක් කිය” යි කී “මේ ධාර්මික රජ තෙමේ මට කිසි බයක් නූපදවන්නේ යැ” යි දැනැ රජ හට මෙසේ කියා:- “රජ්ජුරුවන් වහන්ස, සියලු සත්වතයන් ආහාරය නිසා පවත්නා බව නුඹ වහන්සේ මැ දන්නා සේකැ. ඒ මෙ සේ යැ:- ඌඞර්වාලොකවාසි දෙවියෝ අමෘත භොජනයෙන් ප්රීසණිත වුවාහු ජීවත් වෙති. නාගයෝ මඬුවන් අනුභව කිරීමෙන් තෘප්තියට පැමිණියාහු ජීවත්වෙති. මනුෂ්ය යෝ කන බොන දැ ආදිවූ අනෙක ප්රෙකාර ආහාරයෙන් ප්රීමුදිත වැ ජීවත් වෙති. අප බඳු යක්ෂ රාක්‍ප්සයෝ වනාහි මස් ලේ ආස්වාදයෙන් සතුටු වෙති. ඔවුන් අතුරෙහි එක්තරා එකකු වූ මම, සා පිපාසා දෙකින් පීඩීතයෙමි,. නුඹ වහන්සේ බඳු කරුණාපුරස්සර උත්තමයාණ කෙනකුන් දැකැ ද, නොපිරුණා වූ මන දොළ ඇත්තෙමි, මඳ පින් ඇත්තෙමි, ශොක කෙරෙමි” යි කී.

9. එ කල්හි රජ, “තෝ ‘මෘත ශරීරයන් කමි’ යි එ විටැ කීයෙහි නො වේ දැ” යි කී යැ. එ බසට, “සැබැව, මහ රජ්ජුරුවන් වහන්ස, එ සේ කීමි. එතෙකුදු වුවත් මළවුන්ගේ ශරීරය නම් වියළි පරණලා පතක් මෙන් රසයක් නැත්තේ යැ. එබැවින් ඒ දුඃඛ ජීවිකායෙන් ප්ර්යෝජන කිම් ද? දෙවයන් වහන්ස, පහන් වුව මැනැව. මට වරයක් දුන මැනැව. නුඹ වහන්සේ ගේ රටැ සම්පූර්ණව වූ මනුෂ්යනයන් ඇති ඒක ජනපදයෙක් මට ‍ගොදුරු පිණිස දෙනු ලැබේ වා. ඒ ජනපදයෙහි මනුෂ්ය්යන් ගේ පහ නුවූ උෂ්ණ වෙග ඇති ජීව රුධිරය ද, ජීව මාංසය ද, උණුඋණුයේ සිත් සේ කා බී, බොහෝ කලක් සැප සේ ජීවත් වියැ හැකි යැ” යි කී

10. එ වේලෙහි රජ තෙමේ, “කොල, පවීටු වූ රකුස්ස, මම ප්රා ණ වධයක් නො අනුදතීමි තා ගේ ග්රාතහ විකාරය ගරුව” යි කී. “‍එ සේ නම් දවසක් දවසක් පාසා එක් මනුෂ්යග බලියක් දුන මැනැවැ” යි කී “ජීව බලි එකකුදු නො දෙමී” යි රජ්ජුරුවන් කී කල්හි, “ම බඳු වුවනට ‘කල්ප වෘක්ෂකයෝ ද පවා අවකෙශී වුවාහු (යට වැ අන්තර්ඬාුන වුවාහු) වෙති’ යන

                                                                                                    4

26 එළු අත්තනගලු වංශය (6. ප.

මෙ බස සැබැව ඛෙදය! අ‍ඳෝමය! නසන ලද්දෙමි වෙමි. මම කුම් කෙරෙම් දොහො” යි ඛෙදයෙන් බැගෑ වූ නෙත් ඇත්තේ, දුර්මුඛ වූයේ, දොමනයට පැමිණියේ. වැටහෙන කිසිවක් ‍නැත්තේ, සිටියේ යැ.

11. ඉක්බිත්තෙන්, ඒ දැහැමි සිරිසඟබෝ රජහු ගේ මහත් වූ කරුණා තොමෝ, ඒ රාක්ය්ෙන්යා කෙරෙහි උපදනී, එ රජහු ගේ සිත විචාරයෙන් ව්ය කූල වූවක් කළා යැ. ඉක්බිත්තෙන්, රජ තෙමේ මේ සේ වූ තර්ක්ණයක් කෙළේ යැ:-

නානුස්සරාමි වත යාචිතුමාගතාන - මිච්ඡාඝාතපරිතාභෙතජ්ජුතීතී හෙමන්තතිබ්බභිමමාරුතතිස්සිරික- පංඞකරුහෙභි සදිසානි මුඛානී ජාතු ෴

යම් කිසි වස්තුවක් ඉල්වන්නට මා කරා ආවවුන්ගේ ඉච්ඡා විඝාතයෙන් වූ සන්තාපයෙන් නසන ලද්දා වූ ශොභා ඇති, හෙමන්ත කාලයෙහි දරුණු වූ හිම පවතින නිඃශ්රීදක වූ; පද්මයන් හා සාදෘශ්යණ වූ මුඛයන්. එකාන්තයෙන් කිසි කලෙකැත් සිහි නො කෙරෙමි.”

12. ‘මේ රාක්ෂ”සයා කරණ කොටැ ගෙනැ, මෙරමා හට දුක් පමුණුවන්නට කවර කලෙකැත් නො හැක්කැ. මම ද, ‘ආධ්යාවත්ෂික වු දානය කවර කලෙක්හි දෙම් දොහො’ යි ප්රා්ත්ථිොනා කෙරෙමි. ඒ මේ ආධ්යාවත්මික දානය ප්රාහප්ත වූ කල් ඇත්තේ වියැ. ස්වක ශරීරයට ඉසුරු වූයෙම් මේ මැ යැ. මාගේ මස්ලෙහෙයෙන් මේ රාක්ෂකසයා සන්තර්ප.තය කෙරමි” යි කරන ලද නිශ්චය ඇති ඒ රාජොත්තම තෙමේ, අමාත්යත ජනයා සමීපයට කැඳවා මෙ සේ කීයේ යැ:-

13. “ඉමිං සරත්තමපිසීතං සරීරං ධාරෙමි ලොකස්ස හිතත්ථාසමව අජ්ජාතිතෙය්යසනනමපෙති නංඤ්ච ඉතො පරං කිං පියමිත්ථිතමයභං” ෴

යනු හෙයින්, “එම්බා, පින්වත්නි, ලේ මස් සහිත වූ මේ ශරීරය සත්ත්වන ලොකයා හට හිත පිණිස මැ ධ මි; එසේ හෙයින් ඒ ශරීරය අද දවස් මේ රාක්ෂ සයා හට අර්තමථි සත්කාර බවට (හෙවත් ආනෙතු සත්කාර බවට) ඉදින් සපැමිණියේ ද, මෙයින් බැහැරැ මට කවර ප්රි්යජනක කාරණයෙක් ඇද්දැ” යි කී. 6. ප.) එළු අත්තනගලු වංශය 27

14. ඒ ඇසු අමාත්ය යෝ, මේ රාක්ෂඑසයා පිණිස සියලු ලොකයා අශරණ කරන්නට කැමැති වන්නා වූ රජ්ජුරුවන් වහන්සේ ගේ මේ ධර්මක මාර්ගාය කවරේ දැ” යි මෙ සේ කීවාහු යි. ඉක්බිත්තෙන් ඒ දැහැමි සිරිසඟබෝ රජ තෙමේ මෙ සේ කීයේ ය. –

15. ‘නීචෙවාපභොඝස්ස ධනස්ස චාපි න යාචකෙ දඨටූමහං ලාභාමී එවං විධං අත්ථිං ජනත්තු ලද්ධූං න දෙවතාරාධනයා ‘පි සක්කා” ෴

යනු හෙයින්, “එම්බා, පින්වත්නි, නිරන්තරයෙන් සත්ත්වේයනට ප්ර යොජන ඇති ධනයට ද පවා යාචකයන් දකින්නට මම නො ලබමි. මෙ බඳු යූ ප්රයකාර ඇති යාචක ජනයා දෙවතාරාධනා යෙනුදු ලබන්නට නොහැකි යැ. එ හෙයින් තෙපි හැම පහ වැ යා. මා ගේ දනට අන්තරාය නො කරව” කී

16. ඉක්බිත්තෙන්, අමාත්යඅයෝ, ‘ඉදින් මෙ ද නිශ්චය වී නම්, අප ඇම දෙනා අතුරෙහි එකෙක් ‍එකෙක් මැ, දවසක් පාසා යක්ෂයයාව බිලියමට වේ” වයී කීවාහු යැ. ඉක්බිත්තෙන් රජ තෙමේ, “මම ජීවත් වන්නෙමි, මෙ සේ නො අනුදනිමි” යි කියා “ශල්ය,කර්ත්තාහු යුහු වැ මෙ තෙනට ගෙනෙව” යි විධාන කෙළේ යි.

17. ඉක්බිත්තෙන්, ඒ තන්හි රැස් වූ ඒ සියලු ජනයෝ එ පවත් අසා, රජ්ජුරුවන් ගේ ගුණයෙහි අනුරාග ඇත්තාහු (හෙවත් ඇලුණාහු,) ශොකයෙන් තැවුණාහු, රාක්ෂරසයා කෙරෙහි පිහිටියා වූ රොෂයෙන් කිපියාහු, වෙන වෙන මෙ සේ කියන්නාහු යි කෙ සේ ද? “මෙ රාක්ෂ ස තෙමේ ශීර්ෂොචෙඡදයට සුදුසු යැ” යී සමහර කෙනෙක් කියති. “මෙ රාක්ෂෂසයා ගේ කෘෂණ මෙඝ කූට යකට බඳු වූ ශරීරය නොයෙක් සිය දහස් ගණන් ශරයනට භියවුරු බවට පමුණුවන්නට යොග්යෙ යැ” යී සමහර කෙනෙක් කියති “දඹා ලා අන්නා ඉටිකෝල් ආදීනට ලකත් (කැළියක්) බවට පමුණුවන්නට සුදුසු යැ” යි කීයා ද, සමහර කෙනෙක් කියතී. ‘ඛඞ්ගයෙන් කදලික්රීවඩායෙන් මෙ තෙමේ වධ කටයුතු යැ” (කඩුයෙන් කෙසෙල් කඳ පොළ ගසන්නාක් මෙන් පොලු ගසන්නට යොග්ය” යැ) යි සමහර කෙනෙක් කියතී. “තෙල් කඬින් සකල ශරීරය වෙළා, මහත් වූ වහ්නි ස්කන්ධකයෙන් දවා හළු කටයුත්තෙ යැ” යි සමහර


29 එළු අත්තනගලු වංශය (6. ප.

කෙනෙක් කියති. “මේ සියල්ල රජ්ජුරුවන් වහන්සේ නො අනුදන්නා සේකැ. මේ අසත්පුරුෂයා නො මරා අල්ලා ගෙනැ, ලනුයෙන් උක් සකුරු පීඩක් වෙළන්නාක් මෙන් වෙලා, සිර ගෙයි ලියැ යුත්තේ යැ” යි සමහර කෙනෙක් කියති. මෙ පරිද්දෙන් එ තන්හි බොහෝ කොටැ කියන්නන් ගේ අතිශයින් කර්කිශ වූ වධ විධානය රාක්ෂ්ස තෙමේ අසා, තැති ගත්තේ, එ තන්හි සඤ්ජාත වූ ටැඹක් සේ, ෂෘත ශරීර ඇත්තාක්හු මෙන්, නිශ්චල වැ මැ සිටීයේ යැ.

18. ඉක්බිත්තෙන්, ඒ දැහැමි සිරිසඟබෝ රජ තෙමේ, “යහළු වූ රාක්ෂ සය, මහත් වූ උ‍පක්ෂාිරයට කාරණ වුව, මෙ සේ එව,

දෙය්ය ඤ්ච දානප්පවනඤ්ච චීන්තං අත්ථි තුවං ලොභිතමංසකාමී සමෙතමෙනං හි තයං දුරාපං මිනොරාථා සිජඣතු නො උභින්නං ෴

දියැ යුතු දානවස්තුව ද, දනට නැමුණු සිත ද, ලේ මස් කැමැත්තා වූ යාචක වූ තො ද, යන මේ තුන පැමිණැ ගත නො හැක්කේ දැන් එක් වියැ. අප දෙදෙනා ගේ මනදොළ සිද්ධ වේ ව’ යි කීයා, ‘මා ගේ ශරීරයෙන් දෙනු ලබන්නා වූ ජීව මාංසය ද, ජීව රුධිරය ද, මා කෙරෙහි අනුග්රේහයෙන් පිළිගනුව”යි ඒ රාක්ෂ සයා හට කීයා. කරනැවෑමියාට අභිමුඛ කොටැ, මස් ලියා දෙනු පිණිස, දකුණත දිගු කෙළේ යැ.

19. ඒ දුටු රාක්ෂතස තෙමේ, දෙ අතීන් දෙ කන් වසා ගෙනැ, “පාපස ශාන්ත වේ වා! අවමඞ්ගලය නැසුණේ වේවා! රජ්ජුරුවන් වහන්සේට ස්වස්තීයෙක් වේ ව ! ජීවත් වනු කැමැත්තා හට විෂ මිශු භොජනයක් මෙන් ද අව්වෙන් මිරිකුණාහට ළැවු ගින්නක් වව කළාක් මෙන් ද, මහත් වූ අකුශල විපාකයෙන් මේ කීමෙක් පැමිණියේ ද ඉදින් මහ රජ්ජුරුවන් කෙරෙහි මෙ බඳු වූකල්පනා වෙක් ‍මට උපන්නේ වී නම්, මා ගේ හිස්හි දෙවාඥාව එකාන්ත යෙන් හේ වා! ලොක පාල දෙවියෝ ද මා ගේ හිස් සිඳුති මම් මෙ බඳු වූ ප්ර කාර ඇති අපරාධයක් නො කෙරමි” යි නො පිළිගතී.

20. එ වේලෙහි රජ තෙමේ. “එසේ වී නම්, රාක්ෂඑසය, තව කීමෙක් මා විසින් කටයුතු ද?” යි කී. ඉක්බිත්තෙන් ඒ රාක්ෂඳය තෙමේ. මහා ජනයා ගේ වධවිධානයෙන් ද, රජ්ජුරුවන් ගේ ආඥායෙන් ද, භය පත් වූයේ, තැවුණේ, දේවයන් වහන්ස,


7. ප.) එළු අත්තනගලු වංශය 29

මම අනෙකක් නො පතමි. බල, එකෙක් ඇති, මෙ තත් පටන් රජ්ජුරුවන්ට සුදුසු වූ ගෙ ජනයෙන් ගමින් ගමැ උපහාර බලියක් ලබනු කැමැත්තෙමි” යි කී යැ. ඉක්බිත්තෙන් රජ තෙමේ, “රටවැස්සෝ මෙ සේ කරත්ව” යි කීයා නුවරැ ද සියලු රටැ ද බෙර හසුරුවා, ප්රා,ණ ඝාතයෙන් වැළැක්ම පිණිස අවවාද කොටැ, ඒ රාක්ෂටසයා වසන තෙනට මැ යැවී.

මෙසේ රක්තාක්ෂිර දමන සංඛ්යායත වූ සවන පරිචේඡදය කියා නිමවන ලදී. ______

සත් වන පරිච්ඡෙදය

[සංස්කරණය]

ඉක්බිත්තෙන්, කිසි කලෙක්හි වර්ෂා ධිකෘත වූ (වස්සවලාභව) දෙවතාවන් ගේ ප්ර්මාදයෙකින් වෘෂ්ටි විඝාතයෙන් (මහ නිය‍ඟෙක්) පහළ වී.

8. නීදාඝවෙගෙන රවි පතාපී උණ්භාහිතං‍න්ත පචනො ඛරො ච ජරාතුරෙවාසිසිරාධරාච පිවිංසු තෙ සබ්බධි සබ්බමේබු ෴

යනු හෙයින්. ඝමී වෙගයෙන් තේජස් ඇති සූය්ය්ිය‍යා ද, උෂ්ණ යෙන් තැවුණු කර්කතස වූ මාරුතය ද, සිහිල් ත්ර වූ පෘථිවිය ද යන මොහු තුන් දෙන ජ්වරයෙන් පීඩීත‍යන් මෙන් සියලු ‍ජලය සර්ව් ප්රපකාරයෙන් පූවාහු යි.

3. අඃනතාභුසුණෙහත විපච්චමාන - සතිස්ස නමේහාභරිතෙව චාටී තිබ්බ තපක්කනත්වනනත්රාජී රුතාකුලා භායතී චිරිකානං ෴

දරුණු වූ අවුවෙන් වඩනා ලද වන රෙඛා තොමෝ, සීරුන් හැඬීමෙන් ගැවසී ගත්තී, ඇතුළත්හි තර වූ උෂ්ණයෙන් පැසෙන්නා වූ නාද සහිත වූ, ජලයෙන් පිරුණා වූ සැළක් මෙන් වැවැහේ.

4. වස්සානකාලෙ’පී පභාකරස්ස පතංපසන්ත්රාණපිනමනත්ලික්ඛං සමාර්ව්තං පණ්ඩරවාරිදෙහි සචන්දවනාලෙපමිවානිරොචි ෴


30 එළු අත්තනගලු වංශය (7. ප.

වර්ෂා කාලයෙහි පවා සූය්ය් යා ගේ සන්තාපයෙන් තැවුණා වූ ආකාශය තෙමේ, ප‍ඬෙර වන් වලායෙන් ගැවසී ගත්තේ, සඳුන් කල්ක ආලෙපසහිතයක් මෙන්, අතිශයින් බැබැළිණි.

5. මෙ සේ මහත් වූ ග්රීිෂ්මයා ගේ පැතිරීමෙන් හා හෝ විල් හෙප් ආදිය, වැලි හා මඩ අවශෙෂ කොටැ වියළුණු කල්හි, කුඹුරුවලැ මළා වූ ගොයම් ඇති කල්හි, බහු ප්රිකාරයෙන් පැළුණා වූ භූමි ප්රළදෙශ ඇති කල්හි පැන් නැති බැවින් මෘගයන් හා පක්ෂී්න් හා මිරිකෙන කල්හි, එ පවත් අසා, රජ තෙමේ කරුණායෙන් කම්පිත වූ ළ ඇත්තේ, අෂ්ටාඞග ශීලය සමාදන් වැ, රුවන්මැලි මහ සෑ මළුවට අවුත්, මේඝය තෙමේ හැම තන්හි පතළා වූ ජලධාරායෙන් සියලු ලඞ්කා ද්වීපය පිනවමින් වැසී වැසැ, මහත් වූ ජල ප්රයවාහයෙන් යම් තාක් කල් මා නූපුල්වා ද, ඒ තාක් කල්, මියෙමි නමුදු, නැඟී නො සිටිමි” යි තරවා අධිෂ්ඨාන කොටැ, පු චෛත්යා්ඞගණයෙහි සල පතර මත්තෙහි සැතැපිණි.

6. ඒ ක්ෂ ණයෙහි ඒ දැහැමි සිරිසඟබෝ රජහු ගේ ශීල තේජසින් චකිත වූ ද, අවශිස්ට වූ ගුණ ප්ර බන්ධියෙන් ප්රශසන්න වූ ද, දෙවනාගයක්ෂෙයන් ගේ අනුභාවයෙන්, හාත්පසින් වස්සවලා ශකයෝ නැංගාහු යි.

7. එ සේ මැ යි, දීඝා විනන්තාව දිසාපයාමීං විත්ථාිරයන්තාව තමං සිඛාහි ඡායා ගිරීනං විය කාලමේඝා නභත්ථගලාදාසගතා ලසීංසු ෴

කාල මේඝයෝ බැබැළුණාහු යි. කවුරුන් මෙන් බැබැළුණාහු ද? දිගන්තරයන් ගේ දිග දිගින් මනන්නවුන් මෙන් ද, (මෙඝ) කූටවලින් අන්ධ්කාරය පතුරුවන්නවුන් මෙන් ද, ආකාශ තල නමැති කැට පතට පැමිණියා වූ පර්වයතච්ඡායාවන් මෙන් ද, බැබැළුණාහු යි.

8. ගම්භීරධීරත්ථවනිතා පයොදා තභිං තභිං වස්සිතුමාරභිංසු සමුන්නදන්තා සිඛිනො කලාපං සන්ධානරයුං ඡන්තමිවුත්තම‍ඬෙග ෴

මෙඝයෝ ගැඹුරු වූ ගජිනා ඇත්තාහු ඒ ඒ තන්හි බසින්නට පටන් ගත් හ. මයු‍රයෝ කෙකා ධවතී පවත්වා පිල් වැටිය තමන් ගේ ශීර්ෂකයෙහි ඡත්රවයක් මෙන් ධැරූ හ. 7. ප.) එළු අත්තනගලු වංශය 31

9. මුත්තාකලාප විය තෙහි මුත්තා ලම්බිංසු ධාරා පසමිංසු රෙණු ගන්ධොං සුභො මෙදිනියා චචාර වීතඤ්ඤෂානෙඃ ජලදානීලෙන ෴

ඒ මේඝ කූටවලින් මිඳුණා වු ජල ධාරාවෝ මුතු කලප් මෙන් එලුණාහු යැ. ධූලීහු සන්හුන් හ. පෘථිවියෙහි ශොභන වූ දුඹුලු සුවඳ තෙමේ, මේ පවනින් පතුරුවනු ලබන්නේ, හැසිරිණ.

10. ජුතීහි ජම්බු නදපිඤ්ජරාභි මුහුං දියනේත අනුරඤ්ජයන්ති මේඝස්සනා ළීතුරියානුයතා විජ්ජුල්ලතා නච්චර්ෂයවාචරිංසු ෴

විද්යුලල්ලනාවෝ ජාම්බු ගඳ ස්වර්ණ෴ සේ පිඟුවන් වූ ශොභායෙන් දිගන්තයන් රඳන්නාහු. ඝෛධ්වනී පඞ්කය නමැති තූර්යව නාද අනු වැ ගියාහු නෘත්යතයක් මෙන් ක්ෂ ණක්ෂනණයෙහි හැසුරුණාහු යි.

11. කොධෙන රත්තා විය තම්බවණ්ණා නිගාදවඃන්තා ජයපීතියාව ගවෙසමානා විය ගිම්භචෙරිං ව්යාමපිංසු සබ්බත්ථ තදා මහොඝං ෴

යනු හෙයින්. ක්රො ධයෙන් රත් වැ ගියවුන් මෙන් ද, ජය ප්රීගතීයෙන් නාද පවත්වන්නවුන් මෙන් ද, ශ්රීෙෂ්ම නමැති සතුරා සොයන්නවුන් මෙන් ද, හැම තන්හි එ කල්හි තඹවන් වූ මහ වතුරු පතළේ යි.

12. මෙ බඳු වූ ප්රරකාර ඇති වර්ෂාෂව පැවැති කල්හිද, රජ තෙමේ; “මා මහ වතුරු නො ඉල්පැවූයේ” යැ නැගී නො සිටියේ මැ යි. ඉක්බිත්තෙන්. අමාත්යනයෝ සල පතර මළුයෙහි පැන් යන්නා වූ නෑසින් වැස්වූ හ. ඇතුළෙහි සම්පූර්ණ‍ වූ ජලය රජහු ඉල්පැවී යැ. ඉක්බිත්තෙන් ඒ රජ තෙමේ නැඟී සීටැ, චෛත්යරයට මහත් වූ උත්සව කොටැ රජ ගෙට ගියේ යැ.

13. ඉක්බිත්තෙන්, දණ්ඩනයක් නැති විසින්, ශස්ත්ර යක් නැති විසින්, (හෙවත් දණ්ඩදානශස්ත්රාෙදානයක් නැති විසින්) රාජ්යතය අනුශාසනය කරන්නා වූ රජහු ගේ අතිශයින් මොළොක් වූ සිත් ඇති දැනැ, උඩඟු වූ කිසි මනුෂ්යත කෙනෙක් ගම් පැහැරීම් ආදිය කරන්නාහු, සොර වූ හ. ඒ අසා,


32 එළු අත්තනගලු වංශය (7. ප.


රජ තෙමේ, ඒ සොරුන් ජිවග්රා හ කොටැ, (නො මරා අල්ලා,) සිරගෙයි ලා, රහසි ගත වැ, ඔවුනට රන් ආදිය දී, “මෙසේ මතු නො කරව” යි අවවාද කොටැ යවා, රාත්රිුයෙහි අමු සොහොනින් මෘත ශරීරයන් ගෙන්වා. සොරුනට හිංසා කරන්නක්හු මෙන් ගින්නෙන් දල්වා, නුවරින් පිටතැ දැම්වූයේ යැ.

14. මෙසේ සොර භය ද පහ කොටැ, එක් දවසෙකැ මෙ සේ සිතී :- “මේ රාජ සම්පත්තීයෙන් මට ප්රරයෝජන කිම් ද? සම්පූර්ණ වූ භාණ්ඩාගාර ඇති, පරිවාර ජන සහිත වූ, අන්තඃපුර වාසීන් හා අමාත්යවයන් සහිත වූ සෙනා වාහන සහිත මේ රාජ්යතය කිසිවක් හට දාන ස්වරූපයෙන් දී, වනයට වැද, සිල් සමාදන් වැ, කාය විවේක චිත්ත විවේක උපදවන්නට වටනේ යැ” යි, රාජ්යනය හැරැ තපසට යෑමෙහි ඇල්ම ඉපැද වී.

15. එ කල්හි ඒ බොධිසත්වත වූ රජ තුමා ගේ අභිප්රා්යය සිද්ධ කරන පිණිස මෙන්. ගොඨාභය නම් වූ භාණ්ඩාඝාරයෙහි නියුක්ත පුරුෂ තෙමේ, මේ බඳු වූ පාප කල්පනාවක් කෙළේ යැ. “මේ දැහැමී සිරිසඟබෝ රජ තෙමේ ධර්මිෂ්ඨ යැ. සත්පුරුෂයන් ගේ ආචාරයෙහි දක්ෂස යැ. දවසක් දවසක් පාසා කරනු ලබන්නා වූ දශවිධ කුශල කාමීයෙන් ආයුඃසංස්කාරය ඕහට වඩනේ යැ. එ සේ හෙයින් උපපීඩක කර්මශයෝ ද එ රජ හට පහ වෙති. එ හෙයින් මැ ඉතා බොහෝ කලක් ජීවත් ‍වන්නේ යැ. මේ රජහු ගේ ‍ඇවෑමෙන් මම කවර ‍කලෙක්හි රාජ්යමය ලැබෙම් ද? රාජ්යේ ශ්රීෑයට පැමිණැ ද, අතිශයින් වෘද්ධ වූ මම, තරුණ ජනයා විසින් සෙවනය කටයුත් වූ පඤ්ච කාම සැප කෙ පරිද්දෙකින් අනුභව කෙරෙම් ද? වහා මේ රජහු මේ නුවරින් පලවා. රාජ්යීයෙහි පිහිටමි” සිතා, බොහෝ වූ මුක්තඃ මාණික්යා දී සාර ධනය හැරැ ගෙනැ, උතුරු දිගැ වාසල් දොරින් නික්මැ, පූර්වේයෙහි සොරුන් එක් කරවා, සෙනා සමූහය ගෙනැ අවුත්, නුවරැ වාසල් දොර ගත.

16. එ පවත් අසා රජ තෙමේ. “රාජ්යුය කිසිවක් හට දී ගෘහාභීනිෂ්ක්රොමණය කෙරෙම් දොහොයි කරණලද සතිවුහන් ඇති මා ගේ කිසි මැ දෙවි කෙනෙකුන් ගේ අනුභාවයෙන් මේ සන්ධිි කරන ලදැයි හඟිමී. අමාත්යියෝ මා විසින් නො අනුදන්නා ලද්දාහු ද, ඇසිල්ලෙකින් යුද්ධයට පටන් ගනිති. ම ගේ කල්හි මා නිසා ස්ව පක්ෂ ප්රසතිපක්ෂ් දෙකට ගියා


7. ප.) එළු අත්තනගලු වංශය 33


වූ මහා ජනයාව, බොහෝ වූ දුඃඛය වන්නේ යැ. මේ රාජ්ය යෙන් මට කවර එලයෙක් ද? රාජ්යවය කැමැත්තහු හට මැ දෙන ලද්දේ ව් ව” යි සිතා, කිසිවක් හට දන්වා පෙරහන් කඩ පමණක් ගෙන, කිසි කෙනෙකු‍න් විසින් නො හඳුනනු ලබන්නා වූ වෙස් ඇත්තේ, දකුණු දිගැ වාසල් දොරින් නික්මැ මායා රටට යන්නේ -

සදා සන්තුටඨචිත්තානං සක්කා සබ්බත්ථ ජීවිතුං කුත්රන නාම න විජ්ජන්තී එලමූලජලාලයා ෴

යනු හෙයින්, “හැම කල්හි ලද දෙයෙකින් සතුටු වූ සිත් ඇත්තවුන් ජීවත් වන්නට හැම තන්හි හැකි යැ. ඵලය යැ මූලය යැ ජලය යැ ගෘහය යැ යන මොහු කොතන්හි නම් තැත් දැ” යී මෙ සේ සිතන්නේ මැ, ක්රහමයෙන් ගොස් අත්තනගලු නම් වූ මහත් වූ අරණ්ය ස්ථානයට වන්නේ යැ.

17. එහි තුනී නො වන්නා වූ හෙවත් ඝන වූ ළ පලු පත්රෘයෙන් හා පුෂ්ප ඵල යන මෙයින් හා ගැවැසීගත්තා වූ, පළල් වූ ශාඛා මණ්ඩල ඇති. කුදු මහත් කොස්. මී අඹ, ගිවුල්, තිඹිරි, දෙහි, දොඩම්, දම්, බුළු, නෙල්ලි, අරළු, රිටී, සල්, හොර, මුහුළු, කීණ, දොඹ, නා, කොළොම්, ගෝ පලු, මිදෙල්, සපු, කිතුල්, තල, යන මේ ආදී වූ අනෙකප්රකකාර වූ වෘක්ෂි සමූහයා විසින් ගැවැසී ගත්තා වූ , බොහෝ නිර්මනල පර්වදත ප්රාවන්තයෙන් වැටුණු නදීන් එක් වූ තෙනැ, තොටට බට අනෙකප්රරකාර මියුලු සමූහයා හා පක්ෂිු සමූහයා හා විසින් සෙවුනා ලද, මහෙශාඛ්ය් දෙවියන් විසින් අධිගෘහීත වූ නන්ද්න වනය මෙන් මනොඥ වූ, මූල ඵල ජාතිය යැ ජලය යැ යන මොවුන් රිසිසේ අනුභවයට ලැබීමෙන් සිත් කලු වූ ඒ මහා වනය බලා, “මේ වනය මට තපොවන වන්නට සුදුසු යැ” යි කරන ලද ආලය ඇත්තේ, කායවිවෙකචිත්තවිවෙක යන් ගේ ලැබීමෙන් එකඟ වූ සිත් ඇත්තේ, මෛත්රීෙ භාවනායෙහි යෙදෙන්නේ. වනයෙහි වූ ජීවිකායෙන් හටගත්තා වූ සනේතාෂ යන්ගේ පැතිරීමෙන් පිරුණා වූ ශරීර ඇත්තේ, වාසය කෙරේ.

මෙ සේ අභිනිෂ්ක්ර මණ සංඛ්යා ත වූ සත් වන පරිචේඡදය කියා නිමවන ලදී. ________

34 එළු අත්තනගලු වංශය (8. ප.


අට වන පරිචෙඡදය

[සංස්කරණය]

ඉක්බිත්තෙන්, ශොඨාභය ද රාජ්ය යට පැමිණැ, කීප දවසක් ඇවෑමෙන්, “මාගේ චණ්ඩ බව හෙතු කොටැ ගෙන, පහ වූ ඇලුම් ඇති ප්ර ජා වර්ගෑය තෙමේ, වනයට වන්නා වූ සඞ්ඝබොධි රජ්ජුරුවන් ගෙනවුත් රාජ්යවය කරවන්නට කිසි කලෙක්හි උත්සාහ කරන්නේ යැ” යි හට ගත්තා වූ ශඞ්ක ඇත්තේ, “ ඒ රජහු මරවන්නට වටනේ යැ” යි රුචි කොටැ, “සිරිසඟබෝ රජ්ජුරුවන්ගේ හිස යමෙක් ගෙනායේ වී නම්, ඕහට කාවණු දහසක් සනේතාෂ ධන යැ” යි නුවරැ බෙර හැසිරීවී.

2. ඉක්බිත්තෙන් මායා රටැ වසන්නා වූ කිසි දූගි පුරුෂයෙක්. තමා ගේ කටයුත්තක් තියා බත් මුළක් ඇරැ ගෙනැ වනයෙහි මඟැ යන්නේ, බත් කන වේලෙහි ගල් කෙම් සමීපයෙහි උන්නාවූ ඒ සිරිසඟබෝ රජ්ජුරුවන් දැකැ ඒ රජ්ජුරුවන් ගේ ආකල්පයෙන් ප්ර්සන්න වූ සිත් ඇත්තේ, ආහාරයෙන් ඒ රජහු පැවැරී යැ. රජ තෙමේ ඒ පුරුෂයා කී වචනය නොපිළිගත. එ වේලෙහි ඒ පුරුෂ තෙමේ, “මම් හීන ජාතියෙක්හි උපන්නෙමි නො වමි; ප්රාලණ වධ කොටැ ජීවත් වන්නා වූ කෙවුළෙක් හෝ වැද්දෙක් හෝ නො වමී. වැළි දූ, උත්තම වූ ජාතී ඇති, අනුභව යට යොග්යහ වූ වංශයෙහි උපන්නෙමි වමි. මේ ආහාරය මා සතු යැ. අනුභව කරන්නට සුදුසු යැ, කලණ ස්වභාවය ඇති උතුමාණන් වහන්සැ” යි නැවැතැ නැවැතැ ඒ රජ හට යාච්ඤා කෙළේ යි.

3. “ඡායාය ශෙහං සාඛාය සෙය්යං වත්ථාඇ තවේග ච අසනං ඵලපතේනහි සාධෙන්ති තරවො මම ෴ “එවං සම්පනන්භොගස්ස න තණ්හා පරසන්තකෙ තව ඡච්චාදිමුද්දිස්ස ගරහා මෙ න විජ්ජතී” ෴

යනු හෙයින්, “වෘක්ෂ්යෝ තමන් ගේ ඡායායෙන් මට ගෘහය ද අත්තෙන් මට ආසනය ද, සුඹුලින් මට වස්ත්ර්ය ද, ඵලයෙන් හා කොළින් හා මට ආහාරය ද, සිද්ධ කෙරෙති මෙසේ සමෘද්ධ වූ, භොග ඇති මට, අනුන් සන්තකයෙහි තෘෂ්ණාවෙකුත් නැත, තා ගේ ජ්යාූත්යාේදීත් උදෙසා ගර්භාවකුත් නැතැ” යි කියා නො ඉවැසුයේ මැ යැ.


8. පත) එළු අත්තනගලු වංශය 35


4. ඉක්බිත්තෙන් ඒ දුගී පුරුෂ තෙමේ, භූමියෙහි වැදැ හෙවැ නමස්කාර කරන්නේ, ඇවිටිලි වැ යාච්ඤ කෙළේ යැ. ඒ පුරුෂයා ගේ ඇවිටිලිය වළකන්නට නො හැකි වැ, ආදර ගෞරව සහිත වැ ඔහු විසින් දෙනු ලබන්නා වූ ආහාරය ද, තමන් ගේ පෙරහන් කඩීන් පෙරූ පැන් ද අනුභව කොටැ, අත කට සේදීමෙන් සමාප්ත වූ ආහාර කෘත්ය් ඇත්තේ, “මොහු විසින් කරන ලද උපකාර ඇත්තෙමි. කෙබඳු වූ ප්රයත්යුතපකාරයක් මොහට කෙරෙම් දොහො” යි සිතන්නේ, ඔහු තමාව අභිමුඛ කොටැ,’ අනුරාධපුරයෙහි පවත් කවරේ දැ” යි විචාළේ ය.

5. එ බසට ඒ පුරුෂ තෙමේ, “පළමු රජ්ජුරුවන් වහන්සේ පලවා ශොඨාභය නම් රජෙක් රාජ්යරයෙහි පිහිටා, දැහැමි සිරිසඟබෝ රජහු ගේ හිස යමෙක් ගෙනවුත් දක්වා ද, ඕහට දහසක් සතුටු පඬුරු යැ’යී නුවර බෙර හැසිරිවී ල යි ඇසිමි කී.

6. ඒ මගියා ගේ වචනයට අනතුරුවැ මැ, තුටු පහටු සිත් ඇත්තේ, “මා ගේ දහසකට යොග්යම වූ ශීර්ෂන දානයෙන් දැන් මෝහට ප්රටත්යුෙපකාර කරන ලද්දේ වෙයි. ආධ්යාරත්මික දානයක් බැවින් දාන පාරමිතාව ද කෙළ පැමිණියා වෙයී. කොළ මෙයින් එක් කල්පනාවෙකී.

න පූතිපූගීඵලමත්තකම්පී අගඝන්ති සීයානි විජිචීතානං සීඝන්කු මෙ වත්තති බොධියා ච ධනස්ස ලාභාය ච අද්ධීකස්ස ෴

යනු හෙයීන්, මළවුන් ගේ ශීර්ෂකයෝ කුණු පුවක් ගෙඩියක් පමණකුත් නො අගිති. මේ මා ගේ ශීර්ෂශය වනාහි, අද වූ කලි, සර්වතඥතාඥානය පිණිස ද, මේ මගියාව ධන ලාභය පිණිස ද පවත්නේ යැ. තව ද -

නාළිවණසේසව රුජාකරස්ස පූතිප්පධානස්ස කලෙබරස්ස දුක්ඛනනුභූතං පටිජග්ගනෙත සදත්ථනයොගා සඵලං කරොමි ෴

අතිශයීන් රිදීම කරන්නාවු නාඩි ව්රීණයක් මෙන් කුණ්පය ප්ර ධාන කොටැ ඇති මේ ශරීරයා ගේ පිලිදැගීමෙන්, දුක් අනුභය කරන ලද, සත්ප්ර යොජනයෙහි යෙදීමෙන්


36 එළු අත්තනගලු වංශය (8. ප.


සඵල කෙරෙමි”යි සිතා කරන ලද නිශ්චය ඇත්තේ, “පින්වත් වූ පුරුෂය, සිරිසඟබෝ රජ නම් ඒ මම යැ. මාගේ මේ හිස ඇරැ ගෙනැ ගොස් රජ හට දක්ව”යි කී. හෙතෙමේ ඒ අසා, “දෙවයන් වහන්ස, මම මෙ බඳු ප්ර්කාර ඇති පවිටු කර්මජයක් නො කෙරෙමි. බඹි” යි කී

7. එ වේලෙහි රජ තෙමේ, “තෝ නො බා. කහවණු දාස ලැබීම පිණිස මම් මැ තව උපකාර කෙරෙමි. හුදක් තො මා විසින් කියන ලද ක්රාමයෙන් පිළිපදුව” යි කියා සහස්ර ලාභයෙහි ගිජු වූ ඒ මගී පුරුෂයා විසින් ඉවසන ලද කල්හි ශීර්ෂපයච්ඡදය පිණිස ශස්ත්රියක් නො ලබන්නේ, “ධර්මා්ධිෂ්ඨාන තෙජසින් ශීර්ෂ ය සන්ධිෂයෙන් වෙන් කොටැ දෙමී” යි සිතා, හසරමිණිය තර කොටැ බැඳැ, මා ගේ මේ ශීර්‍ෂ දානය සර්වෙඥතාඥානයා ගේ ලැබීම පිණිස කාරණ වේව” යි කියා, සොම්නස් පෙරදැරි කොට ඇති ප්රාඥර්ථමනාව කොටැ, ඒ මඟී පුරුෂයා තමා සමීපයට කැඳැවී ඒ පුරුෂ තෙමේ “පූර්ව්යෙහි නුදුටු නො ඇසූ, නො කොටැ ගත හැකි කටයුත්තක් වූ, දෙන ලද ශීර්ෂව දානය ගෙනැ අනුරාධපුර නුවරට ගොස්, රජ හට දක්වමි. කවරෙක් ඒ හිස හැඳිනැ ගනී ද? කවරෙක් ඒ ගදභා ගනී දැ” යි කී.

8. එ වේලෙහි දැහැමී සිරිසඟබෝ රජ තෙමේ කියන්නේ, “එම්බල පුරුෂය, ශොඨාභය රජ තෙමේ තා ගේ වචනය නො ගදහා ගනී නම්, මම් මැ එ තන්හි දී සාක්ෂිේ වැ කහවණු දහස දෙවමි. තා විසින් එ තන්හි මෙසේ කටයුතු යැ”යි පිළිපැද්ද යුතු වූ ආකාරය කීයා උගන්වා, “එම්බල සත්පුරුෂය, මෙ සේ එව. මාගේ සමීපයෙහි නැමී සිටැ තා ගේ දෙ අත්ල එක් කිරීම් වශයෙන් දොහොත කොටැ, අත දික් කරව”යි කියා උභය පාර්ශීවයෙහි නීලඬමනී නම් වූ තෘඩීන් දෙදෙනා සෘජු බවට පැමිණීමෙන් ග්රීැවායෙහී නාලය මනා කොටැ සිටුවා, පැනින් තෙමන ලද පෙරහන් කඩින් ශීර්ෂ සන්ධිවය ජල රෙඛායෙන් පිරිසිඳ ස්වකීය වූ දකුණත් මිටින් කෙස් වැටිය තර කොටැ අල්ලා ගෙනැ, යම් තාක් මා ගේ හිස හැරැ ගෙන මගියා අතැ පිහිටුවමිද, ඵ්තාක් කල් මාගේ චිත්තජ වූ වෘයොධාතු වේගය තෙමේ අවිච්ජින්න වැ පවතී ව”යි අධිෂ්ඨානය කොටැ, කෙස් වැටිය අභිමුඛ කොටැ එසෙවී යැ. එ කෙණෙහි මැ ශීර්ෂ බන්ධරය තෙමේ වෙන් වැ, ඒ දකුණත් මිටින් ගන්නා ලද්දේ මැ වැගිරෙන්නා වූ ලේ ධාරාව


8. ප.) එළු අත්තනගලු වංශය 37


හා සමඟ, මගියා ගේ හස්ත තලයෙහි පිහිටියේ යැ. එකෙණෙහි මැ වෙනෙහි වසන්නා වූ දෙවියෝ සාධුකාර වචනයෙන් මුඛර වූවාහු මල් වැසි වස්වා, හිසට ආරක්ෂා ගත්තාහු යි.

9. සංසත්තරත්තකලලෙ’ද්ධීකාපාණිංඛතේත නික්ඛිත්තසීසවරබීජ සමුබ්භවාය එතස්ස දානමයපාරමිතාලතාය සබ්බඤ්ඤැතාඵලරසො ජනතං ධිනොතු ෴

එක්බැඳී වැ හැසුණා වූ ලේ නමැති මඞ ඇති, මගියා ගේ හස්ත තල නමැති ‍කේෂත්ර යෙහි පිහිටුවන ලද ශීර්ෂය නමැති උතුම් වූ බිජු වටින් උපන්නා වූ, මේ රජහුගේ දානමය වූ පාරමිතා නමැති ලියෙහි, සර්වරඥතාඥාන නමැති ඵල රසය තෙමේ සත්ත්ව සමූහයා සතුටු කෙරේ වා.

10. ඉක්බිත්තෙන්. ඒ මගී පුරුෂ තෙමේ, සුවඳ වන පස මලින් ශීර්ෂනය සරහා පුවක් පතෙකැ ලා, ශීඝ්රු වූ ගමන් වෙගයෙන් අනුරාධපුර නුවරට ගොස්, ගොඨාභය රජ හට දැක්වී. ඒ රජ ඒ හිසැ දැකැ, හැඳිනැ ගන්නට නො හැකි වූයේ. සැක වැ සිටියේ යැ. එ වේලෙහි මඟී පුරුෂ තෙමේ, රජහු විසින් කියන ලද ක්රපමය සිහිකරන්නේ, එ හිස ගෙනැ ආකාශයෙහි දමා, “ස්වාමීනි, දැහැමි සිරිසඟබෝ රජ්ජුරුවන් වහන්ස, මෙ තන්හි මට සාක්ෂිශ වුව මැනැවැ” යි දොහොත් මුදුනෙහි බැඳැ, ආකාශය බලා, යාච්ඤා කෙළේ යැ. ඉක්බිත්තෙන්, ඒ හිස දෙවියන් විසින් අධිගෘභීත වූයේ, පිහිටක් නැත්තා වූ ආකාශයෙහි ලබන ලද පිහිට ඇත්තේ, ගොඨාභය රජ හට අභිමුඛ වැ -

“රාජාභමෙව සුභදො සිරිසඞ්ඝබොධී සීසප්පදානවිධානස්මි සමිද්ධචීතේතා ත්වාඤ්චාසි රජ්ජසිරිලාභසුඛෙන දෙව එසො ච හොතු පටිපන්නසහස්සලාභා ෴

යනුයෙන් තමා බව හඟවා දෙස් කී කෙසේ ද? “ගොඨාභය රජ්ජුරුවන් වහන්ස, නුඹ වහන්සේට යහළු වූ දැහැමි සිරිසඟබෝ නම් මම යැ. හිස දන් දුන් කුශල ක්රි යායෙන් සමෘද්ධ වූ සිත් ඇත්තෙම් වීමි. දෙවයන් වහන්ස, රාජ්ය ශ්රී ලැබීම් සැපයෙන් නුඹ වහන්සේ ද සමෘද්ධ වූ සිත් ඇති සේකැ. කහවණු දහසක් ලැබීමෙන් මේ මඟී පුරුෂයා ද සමෘද්ධ වූ සිත් ඇති වේ ව” යි කී.


38 එළු අත්තනගලු වංශය (9. ප.

11. ඒ අසා ගොඨාභය රජ තෙමේ, විස්මය පත් වූ සිත් ඇත්තේ, සිංහාසනය සරහා, මත්තෙහි දළපුඬු සේසත් නංවා, “මේ තන්හි, දේවයන් වහන්ස, බව, මැනැවැ”යි යාච්ඤා කොටැ එ එතන්හි බටුවා වූ ශීර්ෂවයට අනෙකප්රයකාර පූජායෙන් සත්කාර කොටැ නමස්කාර කරන්නේ, ක්ෂ මා කරවා, මහත් වූ පූජායෙන් ආදාහනකෘත්යනය කරවා, මඟීයා කහවණු දහසෙකින් සනේතාෂ කරවා යැවී.

මෙසේ ආධ්යාාත්මිකදානං සංඛ්යාාත වූ අට වන පරිච්ඡෙදය කියා නිමවන ලදී _____

නව වන පරිච්ඡෙදය

[සංස්කරණය]

ඒ සිරිසඟබෝ රජ්ජුරුවන් ගේ අග මෙහෙසුන් බිසොව් වනාහි රජහු ගිය බව දැනැ, “‍මම ද ඔහු අනු වැ යෙමි” යි එක්තරා (අප්ර,සිද්ධ) වෙශයෙකින් දකුණු දිගැ වාසල් දොරින් නික් මැ, මඟ නො දන්නී, මහවන හැරැ, ඒ ඒ ගම්වලට වැදැ, හිමියා නො දැකැ, ස්වභාවයෙන් බනසුලු බැවින් ද, බුහුටි නොවන බැවින් ද, වීචාරන්නට ද නො හැක්කී, “මායා රටට මැ ගිය වනැ”යි සිතා, එල්ල මං නො දැනැ, (වට කොටැ යන) වඞ්ක වූ මඟින් යන්නී, තමා කොමළ බැවින් ඉක්මන් වැ යන්නට නො හැක්කී, කල් යවා, ඒ වනායතනයට නුදුරු වූ ගමෙක්හි දී රජුගේ හිස දන් දුන් පවත් අසා, “ඒ කාලකණ්ණි වූ මම දැකීම් පමණකුදු නො ලදිමි” යන ශොකයෙන් පිරුණා වූ සිත් ඇත්තී, එ මැ වන ලැහැබට වැදැ ස්වාමීහු ගේ ශරීරය සොයන්නී, සමීප ගම්වලැ මහා ජනයා අතින් විචාරන්නී, නොහඳුනන ලද සලකුණු ඇති බැවීන්, ඒ ඒ තන්හි ඇවිදිනී යැ. සමීප ගම්වලැ වසන්නා වූ බාලයෝද ගොපල්ලෝ ද. දර ගෙනැ යන්නා වූ ස්ත්රීැහු ද, ඒ බිසොවුන් ගේ බැගෑපත්හඩ අසා කමිපිත වූ ළ ඇත්තා හූ, ඵු බිසොවුන් හා සමඟ ඇවිදිතී. ඒ බිසොව් තෙ මෝ මෙසේ හඬන්නී, සුපුෂ්පිත වූ කුසුමයන් හා නිර්මඟල වූ වැලිතලා හා ඇති වන ළාහැබක් දැක, එතන්හි වැටී හී බිමැ පෙරැළෙන්නී, ඉතා බැගෑ වූ හැඬීම් වැලැපීම් කළා යැ. ඒ ප්රටදේශය අද දක්වා වැන්දඹු වන යැයි ව්යලවහාර කරනු ලැබේ.

2. මහත් හැඬීමෙන් රාත්රියය එහි මැ යවා දෙ වන දවස් ද ඈතැ ඇවිදින්නී, මහත් වූ ‍‍‍ ‍ශොකාග්නීන්


9.ප.) එළු අත්තනගලු වංශය 39

තැවෙන්නී, සන්තාන ගත වූ තැවුලිය ඉවසන්නට නො හැක්කී, එක්තරා කුඩා පොකුණෙකැ වැටී ගිලුණි මැ, මුරුඡාවෙගයෙන් දෙ තුන් ඇසිල්ලක් එහි මැ හී ලබන ලද ආශ්වාස ඇත්තී, තැවුලිය නීවු. ඒ ස්ථානය දැන් නිවන් පොකුණ යැ යි යන ව්ය්වහාර ලද,

3. එ තෙනින් නැඟී ළැහැබත් ළැහැබත් පාසා, රුක් මුලක් ‍රුක් මුලක් පාසා, ගලතළක් ගලතළක් පාසා සොයන්නී, ගල් පොකුණැ සමීපයෙහී වැදැ හොත්තා වූ , දෙවතාවන් ගේ රකවලින් බලු කැණහිල් ආදීන් විසින් තුඬක් නො පහරනා ලද (නොකන ලද, වියැළි ශරීර ඇති, හිස් සුන් මෘත කලෙබරය දැකැ, ශොක වෙගයෙන් පැළුණා වූ ළ ඇත්තියක මෙන්. කවන්ධි රූපය ඉතා තර කොටැ වැලැඳැ ගෙනැ හොත්තී මැ, ආහාර වෛකල්ය්යෙන් ඳ. දුරු කතර ගෙවා ඊමෙන් හා ඒ ඒ තන්හි හීමෙන් හා වූ කාය පීඩායෙන් ද මිරිකුණා වූ ශරීර ඇත්තී, මුසපත් වූ වෙලාව හා එක විව මැ කාලක්රිියා කළා යැ.

4. අසලැ ගම්වැස්සෝ වෙනේ රැස් වැ, වොටුණු පලන් රජහු ගේ ද බිසොවුන් ගේ ද, ශරීරය, අප වැන්නවුන් විසින් ස්පර්ශහ කරන්නට ද සුදුසු නො වෙයි. දැන් රජ කරන රජ්ජුරුවන් වහන්සේට නො දන්වා, ආදාහන කෘත්යටය කරන්නට ද සුදුසු නො වන්නේ යැ”යි මන්ත්රටණය කොටැ වැසි අවු වළකන පිණිස ගෙයක් කොටැ, බලු කැණහිල් ආදී නීරශ්චීතයන් ගේ ප්රැවෙශය වළකන පිණිස වටා වැට බැඳැ, එ තැනින් නීක්මැ ගියාහු ය.

5. ගොඨාභය රජ ද, ඒ සිරිසඟබෝ රජහු ගේ අනන්ය් සාධාරණ වූ ගුණ ප්රනබන්ධයය සිහිකරන්නේ. “බාල්යරයෙහි පටන් බුද්ධාදි රත්නත්ර,ය අවශ්යමයෙන් පිහිට කොටැ ඇති බව ද, සතතයෙන් පඤ්චශීලය රක්ෂා කරන බව ද, දිර්ඝ නිකාශාදී සුශතාගඹ දැන්මෙහි නිපුණ බව ද, සිවුසැට කලායෙහි දක්ෂු බව ද, රාජ්ය ලොභය නැති බව ද, දන් දීමෙහි ලොල් බව ද, රාක්ෂකය දමනාදි නො කොටැ ගත හැක්කා වූ (දුෂ්කර වූ) චරිත ඇති බව ද, සිත් ඇත්තා වූ කවර නම් සත්ත්වතයක් හට ප්රීබති නො එළවා ද? විශෙෂ යෙන් ඒ මගී පුරුෂයාහට සහස්රර ප්රතතිලාභය පිණිස ස්වහස්ත්රියෙන් ස්වකීය වූ හිස ගලවාට සන්ධිෂයෙන් ගළවා දීම ද, අවශෙෂ වු ඒ හිස නිරාලම්බ වූ ආකාශයෙහි ස්ථානි වැ සිටීම ද, අතිශයින් ව්යතක්ත වූ වචනයෙන් ස්වකීය වූ අභිප්රාසය දැන්වීම ද, යන මේ ආශ්චර්ය්‍මා අද්භූත වූ නු දුටු විරූ, නො ඇසූ විරූ, නිර්මාල වූ


40 එළු අත්තනගලු වංශය (9. ප.


චරිතය ද, මහත් වූ මාගේ අපරාධ නමැති කලඞ්කය හා සමඟ ඉතා බොහෝ කලක් පවත්නේ යැ. අනේ, මම චීර කාලයක් පවත්නා වූ මෙ බඳු අකීර්ති ‍ඝොෂයෙන් උපලක්ෂ ත වැ, සාධු ජනයා විසින් නින්දා කටයුතු ද වෙමි. විශෙෂයෙන් වනාහි හැම කල්හි මැ කල්යාපණ මිත්ර වූ; මෙ බඳු මහත් වූ අනුභාව ඇති, කිසි මැ අපරාධයක් නො කළා වූ, මහා පුරුෂයා ගේ රාජ්යවය උඳුරා ගෙනැ, ප්රා ණ වධ ද කැරැවීමි. එකාන්තයෙන් මිත්ර දොභ කර්මභයෙන් හාත්පසින් වෙළා ගන්නා ලද්දෙමි වෙමි”යි සිතන් නේ මැ. හට ගත්තා වූ බියෙන් හා තැවුලියෙන් හා පිටතට නික්මුණා වූ සේවද ජලය ඇත්තේ, කම්පිත වූයේ, “මේ බඳු මහත් වූ අකුශල කර්මවය කෙසේ ගලවා හරිම් දැ”යි නැවැතැ නැවැතැ පරීක්ෂාබ කෙළේ යි.

6. ඉක්බිත්තෙන්, “ඒ අපරාධයට දඬුවම් කිරීම් වශයෙන් අතිශයින් මහත් වූ කුශල කර්මතයෙක් මා විසින් කටයුතුයැ” යි ඕහට වැටහුණේ ය. ඉක්බිත්තෙන් ඒ ගොඨාභය රජතෙමේ, අමාත්යය මණ්ඩලයා රැස් කොටැ, ඔවුන් හා සමඟ කථා කොටැ, කරන ලද නිශ්චය ඇත්තේ, මහා සඞ්ඝයා වහන්සේ විසින් ද එසේ මැ අනුශාසනය කරන ලදු වැ, මහත් වූ සිවුරඟ සෙනඟ හා සමඟ ගොස්, ඒ අරණ්ය ස්ථානයට (හෙවත් ඒ රජහු පළමු හුන් තෙනට) නුදුරු තන්හි සේනාව රඳවා, ඒ මහා පුරුෂයා ගේ දුෂ්කර වූ අපදාන - සඞ්ඛ්යා ත චරිතයට සාක්ෂීස වූ කුශල ස්ථානයට තෙමේ ම ගොස්, ගල් පොකුණට නුදුරු වූ සුදුසු වූ ස්ථානයක් සලකා තමා ගේ රාජානුභාවය ද දක්වන්නේ, ආදාහන භූමිය දිව්යල පුරයක් මෙන් සරහා, උදක් මැ මහත් වූ සඳුන් හරින් අතිශයින් මැ උස් කොටැ දර සෑය බඳවා, භාරයෙන් හා ප්රුමාණ යෙන් හා රජ්ජුරුවන් ගේ ශීර්ෂ ය හා සාදෘශ්ය කොටැ ජාම්බූනද ස්වර්ණායෙන් කණ්ඨනාල සහිත වූ ශීර්ෂ යෙහි ආකාරය ද දක්ෂශ වූ ස්වර්ණජකාරයන් ලවා, කරවා කවන්ධා රූප සඞ්ඛ්යා්න හිස් සුන් මළ ක‍ඳෙහි හිස ගළපා තබා, අනෙකවිධ රත්නයෙන් බබළන්නා වූ රන් වොටුන්නක් පළඳවා, ඒ රජුහුගේ අග මෙහෙසුන් බිසො වුන් ද එ පරිද්දෙන් මැ සරහා, ඒ රාජමහිෂී දෙදෙනා මැ, කාශීක වස්ත්රනයන් හා සාදෘශ්යා වූ මහ ඇගි වූ දුහුල් සළුයෙන් වසා, නොයෙක් රුවන් ඔබා කරන ලද ස්වර්ණපමඤචකයට වඩා, සඳුන් දර සෑය මත්තේ තබා, අත්ය්න්ත පරිශුද්ධ වූ ශොභාවත් ගිනි දල්වා, නොයෙක් සිය ගණන් ක්ෂ්ත්රී ය රාජ කුමාරවරුන් විසින් පිරිවරන ලද්දේ, තෙමේ මැ එතන්හි සිටැ, නොයෙක් සිය ගණන් ගිතෙල් කළ නමා, ආදාහන පූජාව විශෙෂවිහිත වැ කැරැවී.


9. ප.) එළු අත්තනගලු වංශය 41

7. දෙ වන දවස්හි ද, එසේ මැ මහ පෙරහරින් ආදාහන භූමිය පැන් කළ සලවා නිවා, “ඒ භූමියෙහි වට දා ගෙයක් කරවන්නට වටනේ යැ”යි සිතා ආමාත්යිමණ්ඩලයා කැඳවා, “දැන් මැ මෙ තන්හි නොයෙක් මාල් ඇති කොටැ ඉතා මහත් වූ ඝන කනකමය වූ වට දා‍ ගෙයක් කැරැවියැ හැක්කේ යැ. එ සේ කළ කල්හි මතු පරිහරණය කරන්නවුන් නො වීමෙන් නො පවත්නේ යැ. රත්නත්රියයෙහි අප්රුසන්න වූ, ගම් පහරනා සොරුන් ආඳී වූ, අඥාන සත්වීයෝ ද ස්වර්ණර ලොභයෙන් සිඳැ බඳැ නසති. එ හෙයින් එබඳු වූ ලාමක ජනයා විසින් අලොභනීය වූ, නිරාකුලත්වියෙන් පවත්වා ගත හැකි වූ, පමණින් යුක්ත වූ වට දා ගෙයක් ද, ඒ ගෙට සුදුසු දා ගබක් ද, නොබෝ දවසකින් මැ කැරැවියැ යුතු යැ’යි කථා කොටැ, සෙනාවට නියොග කොටැ, යටැ කියන ලද ක්රැමයෙන් දෙමහල් වට දා ගෙයක් කරවා, ඒ ගෙය ඇතුළෙහි සර්වතඥයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේ පිහිටුවා පූජනීය වූ චෛත්යගයක් ද කරවා, ඒ මහොත්සව දිනයෙහි මහා සඞ්ඝයා වහන්සේට දක්වා, ‘ස්වාමීනි, මේ දැහැමි සිරිසඟබෝ රජ්ජුරුවන් වහන්සේ මේ ශ්රීට ලඞ්කාවීපයෙහි පළමු එකච්ඡත්ර නංවා රාජ්යර ශ්‍රී අනුභව කළ සේක. දැන්වූ කලී වෛත්යයස්වරූප වූ කීර්තිමය ශරීර ඇති ඒ රජ්ජුරුවන් වහන්සේට සේ සත් පිටැ සේසත් නැංවූවාක් මෙන්, මා විසින් දෙමහල් වටදා ගෙයක් කරවා, චෛත්යූ මස්තකයෙහි කිරීටයක් වැනි කනතමය කොතකුදු පලඳවා, සියලු දෙවි මිනිසුන් විසින් ගන්ධී මාලාදීන් පිදියැ යුතු බවට ද, නමස්කාර කටයුතු බවට ද, පමුණුවන ලද්දේයැ’යි කියා, ඒ චෛත්ය ගෘභයට අනෙකප්රිකාර වූ ග්රාුම‍ෙක්ත්රොයන් ද, දහසකට වඩා පරිවාර ජනයා ද ලවා, ඒ පර්වසත ප්රා න්තයෙහි අනෙක ශත ප්රා්සාද පිරිවෙන් චංක්ර,මණ රාත්රි ස්ථාන දිවාස්ථාන ධර්මරශාලා ගොපුර ප්රාිකාරාදි වෙන වෙන විභාග සහිත අනෙකප්රලකාර ‍සඞ්ඝාරාමයන් ද කරවා, එහි වාසය කරන්නා වූ නොයෙක් දහස් ගණන් භික්ෂුද සඞ්ඝයා වහන්සේට නිරන්තර පසය පිණිස, පරිවාර ජන සහිත වූ ග්රා ම‍කෙෂත්රසයන් ද ලවා, මහලේ රටට නැඟු ධ්වජයක් වැනි වූ ද, මේ ශ්රී් ලඞ්කා වීපයට අධිපති වූ ක්ෂසත්රී ය නරෙන්ර් යනට ‍කුල පරම්පරායෙන් පැවැත එන්නා වූ ධනයක් වැනි වු ද, මේ මා විසින් කරවන ලද රජ මහ විහාරය, මතු ඇති වන සියලු රජුන් විසින් නො පිරිහෙළා පැවැත්තැ යුතු විභව ඇති වැ, නිරන්තරයෙන් පාලනය

                                                                                                          4B

42 එළු අත්තනගලු වංශය (10. ප.


කටයුත්තේ යැ” යි කීයා, ඒ මහා ජනයා මධ්ය යෙහි තමන්ගේ රාජකුමාරවරුනට නියොග කොටැ, තෙමේ අනුරාධපුර නුවරට ගියේ ද, එ මැ අකුශල කර්මුය මඳ කරන පිණිස අනෙකුත් ඒ ඒ විහාරවලැ මහත් වූ පින් කම් කැරැවී.

8. එ තන් පටන් ලඞ්කයෙහි අධිපති බවට පැමිණියා වූ රජදරුවන් විසින් ද, මහාමාත්යාහදීන් විසින් ද, මේ අත්තනගලු මහා විහාරය අන්තරනතරයෙහි සකස් කරවනු ලබන්නේ, නො පිරිහුණා වූ සත්කාර ඇති වැ පැවැත්තේ යි.

මෙ සේ වට දා ගෙයි උත්පත්ති සංඛ්යපත වූ නව පරිචේජදය කියා නිමවන ලදී.