ඓතිහාසික සීගිරි වර්‍ණණාව

Wikibooks වෙතින්


ඓතිහාසික සීගිරිවර්‍ණණාව



ශුඞිපත්‍රය[සංස්කරණය]

පිට පෙළ අශුඞ ශුඞ

1 2 නෂ්ටාවශෙෂ නෂ්ටාවශෙෂ

2 17 සථඤ්ජන්නවුයේ සඤ්ඡන්නවුයේ

3 23 චිත්තානන්‍දනය චිත්තානන්‍දය

3 28 කණ්ඩායම්යද කණ්ඩායමේද

5 21 නාදග්‍රවණය නාදශ්‍රවණය

6 31 කිඞිස්ස කිඹිස්ස

8 8 පේද්‍රිස්නමැති පේද්‍රිස් රාළහාමි නමැති

8 21 පුරප්‍රවරය නගරවරය

8 22 සෙවිලි සෙවෙනි

8 28 යාපාහලේ මාපාගලේ

9 16 අවිලඞ්ඝනීය වූ අලඞ්ඝනීය වූ

10 14 ධාතුසේන ධාතුසෙන

12 14 මහන්‍යග්‍රොධ මහාන්‍යග්‍රොධ

13 29 අපකීර්‍තතියම අකීතිතියම

19 20 ධර්‍මරුචික ධර්‍මරුචි

20 8 ධූතාඞගයන්ගෙන් ධූතාඞගයන්ගෙන්

24 17 පර්‍වවතමූල පර්‍වතමූලය

25 4 දක්‍ෂ වූ දක්‍ෂ

,, 7 ගල්කනව ගල්කනවා

31 6 පැහැපත්ව පැහැපත්ව

,, 14 තිබෙන තිබෙණු

,, 15 අසවෙනදක්ම අසුවෙනුදැක්ම

,, 25 කඩායකඩ කුඩායකඩ

32 9 නැ‍‍ඟෙනහිර නැගෙණහිරකොටස්

,, 12 අඩි 6 ක් අඩි 4 ක්


(මෙහි අකුරු නොවැදීම් නොබැඳීම් ආදියෙන් වූ ප්‍රමාද තව ඇතත් ණැනවත්හු විමසත්වා. අර්ත්‍ථහානි නොවන තැන්වල දන්තඩ මූර්‍ඬජාදියගැණ වෙහෙස නුවුයෙමු. මේ ඇර ශුඬිපත්‍රයට ඇතුළත් නොකරනලද මෙබඳු යම් දෝෂ ඇත්නම් එය මේ අනුව නිරාකරණය කටයුතුයි.)



ඓතිහාසික සීගිරි වර්‍ණනාව


නමො මහෙසිනො


1 වෙනි පරිචෙඡදය[සංස්කරණය]

ශ්‍රී ලඞකාවීපය සම්බන්‍ධව ලියනලද ඉතිහාසයෙහි නෂ්ටාවශෙෂ ප්‍රසිධ ස්ථානයන් ගෙන් ඉතා සැළකිය යුතු ආශ්චර්ය්‍යමත් ස්ථානය උතුරු මාතලේ ඉනාමළු කෝරලේ පිහිටි පෞරාණික රාජධානියක් වූ සීගිරි මහා බලකොටුවේ මාතලේ දිශාවද පෞරාණික වස්තු පිළිබඳ ගෞරවයෙන් තොරවූවක් නොවේ. මෙකල්හි පෙරපැවති ඝනවනය වෙනුවට ප්‍රියදර්‍ශනීය වු පොල්, පුවක් කෙසෙල්,අඹ;දඹ,නා,පනා,කොකෝ, තේ, රබර් ආදී තුරුවර ශතයෙන් හොබනා ප්‍රියඞකරු ජනපදයක් වීතිබේ. එහි ඉතාම සැළකුවමනා ප්‍රදෙශය නරනාරී සමූහයාට උපද්‍රව රහිතව තිබෙන බැව් ස්ථිරව කිවහැකිය වගාකරණලද ඒ උයන්වතු මඬ්‍යයෙහි පිහිටියාවූ පෞරාණික කර්‍මමාන්තයන්ගේ නෂ්ටාවශෙෂයන්කෙරෙහි මහජනයාගේ නෙත්රියෝ අදිමින් පවතිත්. මෙහි සෑම දිශාවෙහිම මනාලෙස නානා කටයුතුකරන ග්‍රාමවාසී ජනයාගේ සුවපහසුව බොහෝසේ වර්‍ධනයවී තිබේ.

ලඞකාවීපයෙහි * බෞඬසමයේ මූලස්ථානයවු මිහින්තලය,සහ අනුරාධපුරය,පොළොන්නරුව යන නටඹුන් පැරණි සිඬස්ථාන මාතලේසිට පටිපාටියෙන් උත්තර දිශාවට හැතැප්ම 66ක් හා 74ක් පමණ ඈතින්ද ඊසාන දෙසින් සැතැප්ම 75ක් පමණ ඈතින්ද පිහිටියාහුය. අනුරාධපුරයට හා මිහින්තලයට

“සිඬං සි‍‍ඬෛඃ ප්‍රමාණෛස්තු හිතං වාත්‍රපරත්‍රව ආගමං ශාස්ත්‍රමාප්නානං” සිඬ කටයුතු යුක්තිවලින් සිඬකරනු ලැබූ “මෙලොව පරලොව දෙක්හී හිතවැඩදායකවූ ශාස්ත්‍රයට ආගමයයි කියති”





-( 2 )-

මාතලේ සිට උතුරු දෙසට ගමන් කිරීමෙන් පැමිණිය හැකිවේ. නමුත් සීගිරිය හා පොළොන්නරුව මහාමාර්‍ගයෙන් පූර්‍වදිශාවෙහි පිහිටියෝය. ඒ ස්ථානකරා යාම සඳහා මිරිස්ගෝණියා ඔයබඩ වනමඬ්‍යයෙන් වැටීතිබෙන මහා මාර්‍ගයෙන් ගමන් කළ යුතුවේ. අපගේ ගමනේ ප්‍රධාන අදහස අධුනාකාලයේ ලෙව්හි අන්‍ය නෂ්ටාවශෙෂ නගරයකට අවිතීයනුවූ ආශ්චර්ය්‍යමත් පිහිටි මක් ඇති සීගිරිනුවර දර්‍ශනය කිරීමවේ. ඒ ස්ථානය සම්මුඛ වීමට පූර්‍වයෙන් මාර්‍ග දෙපාර්ශවයෙහි ඇත්තා වූ ග්‍රාම,‍‍‍‍ක්ෂේත්‍ර,ගංහෝ, ඇලි,කඳුරු ආදීයද ක්‍ෂිතජයෙහි දෘශ්‍යමානවන්නාවූ පර්‍වත පංක්තීන් හා ගංගා නිජ්ඣරයන්ද අවලොකනය කළ හැකිවේ. අතරමග හමුවන විත්තාකර්‍ෂණ නානා දේ විස්තර කිරීමට ප්රහපාඤච නොවෙමු.එහෙත් යායුතු පෙදෙස සැකෙවින් ප්‍රපඤ්ච නොවෙමු. එහෙත් පසුකර යායුතු පෙදෙස සැකෙවින් සදහන් කරන්නෙමු.

ගමනාරම්භයේදී මාතලේ සිට පසුකොට යායුතු ප්‍රදේශය උස්පහත්ව විවිධාකාරයෙන් පිහිටියේය. මග දෙපසෙහි දර්‍ශනය මහනුවර ප්‍රදේශයේ ස්වභාවම මදක් තුල්‍යවේ. නානා විධ වෘක්‍ෂලතායෙන් සඤ්ජන්නවූයේ එය විශිෂ්ටාලඞ්කාරයෙන් ශොභමානවේ. මාතලේ ධූමරථස්ථානයේ සිට “මෝටර්” රථයකින් ගමන්කරනවිට හැතැප්ම දෙකහමාරක් පමණ දුර ගමන් කිරීමටත් පෙර වම් පසෙහි සුප්‍රසිඬ ආලොක මහාවිහාරය දර්‍ශනයවේ.යථොක්ත ගල්විහාරය වූකලී ක්‍රි: ව: පෙර ප්‍රථම ශත වර්‍ෂයේදී වට්ටගාමණී අභය හෙවත් වළගම්බාහු නරේන්‍ද්‍රයාණන් විසින් කරවන ලද්දේය. එය විහාරස්ථානයක් කිරීමට පෙර ද්‍රවිඩ ශත්‍රෑන්ට භීතියෙන් අනුරාධපුර සිංහාසනය ප්‍රති‍ක්‍ෂේපකොට පලාගිය යථොක්ත රජුවිසින් නිලීන ස්ථානයක්මෙන් සේවනය කරණලද ස්ථානයකි. මෙම සිඬාස්ථානය රමණීය ස්ථානයක්වා මෙන් ම සිංහල අටුවාකථා සහිත ත්‍රිපිටකපාළිධර්‍මය පුස්තකාරූඪ කිරීම පිළිබඳ විශෙෂ ප්‍රසිධියකින් යුත් ස්ථානයක්ද වේ. එතැනින් ඔබ්බෙහි පිහිටි සුළු ආපණශාලා පඞ්ක්තියකින් යුත් ස්ථානයෙහි ප්ර්සිඬලෙස වෙළඳාම් කරන මහමත්, සෛංහලීය ආදී ජනයෝ වෙසෙත්, ඉන් ඔබ්බෙහි පළාපත්වල නම් ග්‍රාමය පිහිටියේය.

ප්‍රථමකි ග්‍රාමයට වඩා අධික ජනගහනයක් ඇත්තේය. ගම්සභා අධිකරණ ශාලාවක්ද, ලියුම් භාරගන්නා





-( 3 )-

ස්ථානයක්ද, ස්වභාෂා මිශ්‍ර පාඨශාලාවක්ද මෙහි ඇත්තාහ. ගලේවෙලට හා අනුරාධපුරයට යන මාර්‍ගසන්‍ධිස්ථානයද මෙතැන්හි‍ වේ. මෙය ප්‍රසිඬ වෙළඳාම්පලකි. මෙහි භාණ්ඩයන් ගැනීමට පැමිණෙන නරනාරීන්ගේ නිරන්තර ඝොෂාව කෙබඳුද යන හොත් ගලේවෙල සහ අනුරාධපුරයන නගරවයෙහි සිටින සල්ලාලයන් විසින් මෙහි සිටින පුරවධූන් එක්පාශීවයකටම කැඳවාගෙන යාමට කරනුලබන කෝලාහලයක් මෙනි. මේ මාර්‍ගාසන්නායෙහි පිහිටි වල්ලිවෙලනම් ග්‍රාමය සුළුවශයෙන් වෙළඳාම් කෙරෙන ස්ථානයකි. ඉන් ඔබ්බෙහි පිහිටි කවුඩු පැලැල්ල නම් ග්‍රාමයද ප්‍රසිඬලෙස වෙළඳාම් කෙරෙන ස්ථානයක් වේ.මඬවලනම් ග්‍රාමාම්බිකාතොම වෘක්‍ෂශාඛා නමැති තාල වෘත්තයන්ගෙන් මගීන්ගේ ග්‍රීෂ්ම නිර්‍වාපණයකොට දිය ඌලෙන් පිපාසයද සන්සිදුවන්නීය. ඉන් ඔබ්බෙහි පටිපාටියෙන් කොහොලන්වෙල හා නාලාන්‍දාව පිහිටියාහ. නාලන්‍දාවෙහි විශ්‍රාමශාලා වක් පිහිටුවා තිබේ. එහි ආණ්ඩුව මගින් පිහිටුවන ලද භෛෂජ්‍ය ශාලාවක්ද ඇත්තේය. ලියුම් හුවමාරුකරගන්නා කන්තෝරුවක් ද පිහිටුවා තිබේ. ඉන් ඔබ්බෙහි නාවුල, ලෙන දොර, පතනම්පිටිය ආදී මදක් දියුණුවූ ග්‍රාමහා දඹුලු ඔයද දක්නා ලැබෙත්, ගිරිකර්‍ණණිකා නමැති චන්‍ද්‍රිකා පිඤ්ජයන් ගෙන්ද මාර්‍ග දෙපාර්‍ශවයෙහි පිහිටි ආරණ්‍ය නමැති පක්‍ෂපත්‍ර යුගලයෙන්ද ගෘහ නමැති ශිර්‍ෂයෙන්ද මාර්‍ගනමැති ග්‍රීවයෙන්ද හෙබි රන්ගිරිදඹුලු නමැති ස්වර්‍ණමයුරතෙම දර්‍ශනය කළ ජනයන්ගේ චින්තානන්‍දනය ඇතිකෙරේ. මාතලේ සිට හැතැප්ම 28ක් පමණ වූ දීර්‍ඝමාර්‍ගදෙපාර්ශ්වයෙහි දකින්ට ලැබෙන නගර ග්‍රාම පිළිබඳ සංක්ෂෙප විස්තරය කීවෙමු. මග දෙපස තන්හි තන්හි පිදුරු,පොල්අතු, උළු ආදිය සෙවෙනිකරණ ලද කුඩා මහත් ගෘහ ස්වල්පයක් හා ඉන්දියානූ දෙමළ කුලීකරුවන්ගේ “ලයින්” නම් ගෙවල් කණ්ඩායම්යද දක්නා ලැබෙත්, ඒ ගම්වල ජනයෝ මඳක් සුඛීතභාවයෙන් වසන්නෝ නමුදු ඇතැම්හු පරංගිරෝග යෙන් හා ජවර රෝගයෙන්ද පෙළෙමින් වෙසෙති.

මුළුප්‍රදෙශයම වැඩිකොටස ගොවිකර්‍මාන්තයෙන් අනුනවේ. දීර්‍ඝමාර්‍ගදෙපාර්ශ්වයෙහි හොබනා සූර්‍ය්‍යාවරණකරන වනවෘක්‍ෂයෝ ලෙලදෙමින් පවතිත්. දඹුල්ලට ආසන්න පිහිටි වනාශ්‍රිත ඇතැම් කොටස්හී හැසිරෙන දිව්, වලස් ආදී වන සිව්පාවුන් කෙරෙන් සිදුන පීඩා සමහරවිට ඇතිවෙන්ට පුළුවන. මාර්‍ගයේදී සම්මුඛ






-( 4 )-

වන ග්‍රාමවාසී මනුෂ්‍යයන් අතුරෙන් ඇතැම්හු චණ්ඩ වලසුන්හා කරනලද මල්ලව සටන් හේතුකොට ඉරීබිඳීගිය වක්ත්‍ර හා හස්තපාද ඇත්තෝ ද වෙති. එලිමහනේ පෙම්කෙළිමින් සිට වන ලැහැබකරා ධාවනයකරන සුරතල් පැටවුන් සහිත ගව මී සමූහයාගේ දර්‍ශනයෙන් මගීන්ගේ මන නුවන් පිණවත්.

දඹුල්ලවූකලි “සැනිටැරිබෝඩ්” සභාවට අයිතිකොඨාසයකි. ආරොග්‍ය ශාලාවකද, විශ්‍රාම ශාලාවක්ද, මුදල් හා ලියුම් හුවමාරු කරගන්නා ස්ථානයක්ද ගම්සභා අධිකරණ ශාලාවක්ද පාඨශාලාවක් ද, ආණ්ඩුව විසින් එහි පිහිටුවා තිබෙත්. මග දෙපසෙහි වූ ආපණ ශාලා සමූහයෝද දඹුලු පර්‍වතය පාමුල පිහිටියාහ. ප්‍රසිඬලෙස වෙළඳාම් කෙරෙන මේ ස්ථානයට ඈතින් වැසියන්ගේ ගම් පිහිටා තිබෙත් ඒ සියල්ලම විහාරගම් වෙති. සම භූමියේ සිට අඩි 600ක් පමණ උසට නැඟීසිටි මේ පර්‍වත කූටය හැතැප්මක් පමණ ඇත්තේය. එහි මුදුන සමතලාය. වෘත්තාකාර ය එහි මුදුනට යන දුර ප්‍රමාණයෙන් අර්‍ඬයක් පමණ කොටසේ මධ්‍යයෙහි අතිශයින් සැළකියයුතු ලොක ප්‍රසිඬ දඹුලු මහා විහාරය පිහිටා තිබේ.මෙය වූ කලි ක්‍රි: ව: පෙර ප්‍රථම ශතවර්‍ෂයේදී වලගම්බාහු නරෙන්ර්ව යාණන් විසින් කරවන ලද්දෙය. විහාර, කරණයට පූර්‍වයෙන් මේ ස්ථානයද ඒ රජතුමා විසින් නිලීනස්ථානයක්මෙන් සේවනය කරණලද පර්‍වත ගුහාවක්වේ. වළගම්බාහු රජතෙම පසළොස්වසක් රාජ්‍යයෙන් පරිබාහිරව සිට නැවත රාජ්‍යය ලබාගත් ඉක්බිති ඒ තමන්ට ආරක්‍ෂා ස්ථානයක් ව පැවති මේ ගිරිලෙනද විශාල විහාරයක් බවට පත්කෙළේය.

____________


2 වෙනි පරිචෙඡදය[සංස්කරණය]

දඹුල්ලේ විශ්‍රාම ශාලාවේදී හෝ අන්‍ය ස්ථානයකදී අන්නපාන ගෙන පස්වරු එයින් පිටත් ව සැතැප්මක් පමණ දුර ගිය තැන මිරිස්ගෝණියාව නම් ඔය සම්මුඛවේ. ග්‍රීෂ්ම කාලයට මේ ගංගාවෙහි ජලය සිඳීයන්නේය. එකල යථොක්ත ගංගා ලක්‍ෂණ අම්බිකාතොම සමුද්‍රලක්‍ෂණ වල්ලභයා හා ඒ කාවත් ප්‍රීතියෙන් කල්ගෙවන දුටු ආදිත්‍යයා විසින් ඊට ඊර්ෂ්‍යාවෙන්දෝ ස්වකීය රශ්මි කදම්බ ලක්‍ෂණ දාස්තර සහවරයන් එවා විඩිත්‍රවු




( 5 )-

නීලවර්‍ණ ජලස්කන්‍ධ ලක්‍ෂණ නීලාම්බරයෙහි ද ශෛවාල ලක්‍ෂණ කෙශකලාපයෙහිද නීලොත්පල ලක්‍ෂණ අක්‍ෂීයුග්මයෙහිද ශත පත්‍ර ලක්‍ෂණ වක්ත්‍රයෙහිද හංස ලක්‍ෂණ පයොධර යුග්මයෙහිද ශ්‍රියාව මර්‍ඬනය කොට විරහස්ත්‍රියෙකුගේ ලීලාවට පමුණුවන ලද්දීයයි වීන්තනයවේ. නිරූදකවූ මේ නදියෙහි මුතුවටක් බඳු ශුභ්‍රවූ වාලුකාස්ථලයන්හි හස්තීන් විසින් තබන ලද පාදතල යන්ගේ ලාඤ්ඡනයෝ තන්හි දක්නා ලැබෙත්. මිරිස් ගෝණියාවේපාලමෙන් එතරවූ කල්හි වම්පසෙන් අනුරාධපුරයට යන මහා මාර්‍ගයද දකුණු පසින් ත්‍රිකොණාමලයට යන මාර්‍ගයද මෙතැන්හිදි බෙදී ඇත්තාහ. මෙහි සිට අනුරාධපුරයට ගව් දස යක් පමණද ත්‍රිකොණමලයට ගව් දහසයහමාරක් පමණද දුර ඇත්තාහ. ත්‍රිකොණමලයට යන මාර්‍ගය ඔස්සේ යනකල දෙපසෙහි පිහිටි අතිවිශාල ආරණ්‍ය ප්‍රදෙශයගැන මඳක්කරුණු විස්තර කරන්නෙමු.

උභයමාර්‍ගයෙහි පිහිටි ඵල පුෂ්පාධාරීන් උක්තුඞග න්‍යග්‍රොධ,චම්පක,අම්බුජ,සිමඛලී,කලිදාම,චෙතකී,චතුරඞ්ගුලි,පත්‍රොණී, භද්‍රපර්‍ණ, සහකාර වකුල, අර්ජුන, අශ්වත්‍ව, ශ්‍රී ඵල; හල්ලාතකී ආදී වෘක්‍ෂ සමූහය හා ලාඞ්ගලී, පීලුපර්‍ණණ නාගවල්ලි, වත්සාදන් ඈ ලතා සමූහය දර්‍ගනය කිරීමෙන් ද දිවාරාත්‍රි දෙක්හි උන්නාද තුෂ්ටි රාවයෙන් ප්‍රියබස් බණන්නාවූ කෝකිල; කීර, මයුර, චකොර, උලුත, චක්‍රවාක ආදී විහඟ ගනයාගේ නාදශ්‍රවණය කිරීමෙන් ද මගීහු අතිශ්‍ය ප්‍රීති ප්‍රමෝද්‍යයට පැමිණෙත්.

වලීමුඛ සමූහයෝ මාර්‍ගාසන්නයෙහි පිහිටි වෘක්‍ෂ මස්තකා රූඪව ශාඛාවෙන් ශාඛාවට ක්‍වම්පනය කොටකොට ඒ ශාඛා වන් අල්වා මගීන්දෙස බලා ශීර්‍ෂය සලා “තොපි අප බැලීමට පැමිණියාහුද”? “එසේ නම් වහා යනගමන තබා අපහා කැටිව ක්‍රීඩා කිරීමට වරෙවිය” යන්න කියාපන්නාක් මෙන් උසුළු විසුළුපා “පිනුම් ගසන්නෝය”යි හඟිමු සාරඞගසමූහයෝ ද මාර්‍ග ප්‍රවිෂ්ටව දීර්‍ඝවූ ග්‍රීවයන් ඔසවා ඉන්‍ද්‍රනීල මාණික්‍යයන් බඳු අක්‍ෂීන්ගෙන් මගීන් ලඟාවනතුරුමනිසොල්මන්ව ඔවුන් දෙස බලබලාසිට “තොප සුන්‍දරියන්ගේ නෙත්‍රයන් අපගේ නෙත්‍රයන් හා තුල්‍ය කළ හැකිදැ”යි කියාප්‍රකාශ කරන්නා ක් මෙන් උන්ගේ දීර්‍ඝවූ නෙත්‍රයන් මගින් හට පා වනවැද ද්‍රවයෙනි. ඉන්‍ද්‍රනීල මාණික්‍යස්ථලයන් බඳු නීලාය මානවූ ජලතාවන්




-( 6 )-

ගෙන් හෙබි විකසිත පද්මොද්පල පුණ්ඩරීකාදීන් ආකිණී තඩාග ප්‍රවිෂ්ටව අභිප්‍රායානුකූලලෙස ශිපාකන්‍දයන් උඬරණය කොට ලෞල්‍යයෙන් භක්‍ෂණය කොට ශරීරයන්හි කදිමය ආලිප්ත කොටගෙන මාර්‍ගප්‍රවිෂ්ටවන ශුකර සමූහයෝද මගීන් දැක වත් දනාමාන කරන්නට යන්නෝ සත්‍වයන්ගේ දිවිතොර නොකරන්නාහ.” “එබැවින් අපි තොප කොතරම් ඝොෂා කළත් බිය නොවෙමු” යයි කියාපාන්නාසේ අශිඝ්ර්වම මාර්‍ගාසන්ත යෙහි සඤ්චාරය කෙරෙත්. රථ වක්‍රයන්ගේ මහත්වූඝෝෂාවද එහි යන්නවුන්ගේ කාව්‍යගීතිකාදියෙහි ඝොෂාවද අභිභවා “තොපගේ ඝොෂාවම මහත්ද?” “අපගේ ඝොෂාවෙහිත් උන්නාදයක් ඇද්දෝහෝයි බලව්” යයි කියාපාන්නාක්මෙන් කර්ණඅයුග්මය බිහිරිකරවන මහත්වූම නාද පවත්වන ඣීල්ලිකා සමූහයෝ ද ඒ අරණ්‍යයෙහි ස්ථාන ස්ථානයන් හිදී දක්නා ලැබෙත්.

ත්‍රිකොණමලයට යන මහා මාර්‍ගය ඔස්සේ හැතැප්ම 3 ½ ක් පමණ දුර ගමන්කළවිට මහනුවරසිට එන මහාමාර්‍ගයෙහ් සැ: 50හේ කණුව දකින්ටලැබේ, එතැන්සිට හැ. ¼ ක් පමණ ඈතින් ඉනාමලුවනම් කුඩා ග්‍රාමය පිහිටාතිබේ. එහි ප්‍රසිඬ කර්‍මාන්ත දෙපාර්තමේන්තුවේ කම්කරුවන්ගේ නිවාසස්ථානයක් හා කුඩා කඩපිල් දෙකක් ද ඇත්තා හ. මේ ස්ථානයට වම් පසෙන් ඉනාමලුවේවැව පිහිටා තිබේ, වර්‍තමානයෙහි මේ වැව කඩා බිඳ යාම හේතුකොටගෙන නියඟින්වනාහානි වලක්වා ගතනොහැකිවූ ගම්වැසි ජනයා කළහැකි කිසිවක් නොදැන පැමිණියාවූ විපත්තිය ඉවසා සිටින්නාක්මෙන් පෙනේ. ඔවුන්ගේ තත්‍වය දියුණුකිරීම පිණිස ආරම්භකළයුතු එකම ක්‍රියාවනම් මේ පැරණිවැව ප්‍රකෘතිමත් කිරීමවේ.

ඉනාමලුවේ සිට හැතැප්ම කාලයක් පමණ පසුකර ගියතැන දකින්ට ලැබෙන මාර්‍ග සන්‍ධිස්ථානයෙන් දකුණට ඇති මාර්‍ගය සීගිරියට යන මහා මාර්‍ගයවේ දඹුල්ලේසිට මේ ස්ථානයට දුර හැ: 5 ½ පමණ වේ. සීගිරියටද ඇති දුර ප්‍රමාණය එපමණක්මවේ. ඒ මාර්‍ගය ඔස්සේ සැ: 3ක් පමණ පසුකර ගියතැන සාමන්‍ය වශයෙන් වෙළඳාම කෙරෙන කිඬිස්ස නම් කුඩා ග්‍රාමය පිහිටා තිබේ.එහි බෙහෙත් ශාලාවක් ද, ගම්සභා අධිකරණ ශාලාවක් ද ආණ්ඩුව විසින් පිහිටුවා තිබෙත්. මේ ස්ථානය පසුකර හැ: 2ක් පමණ දුර යන්ටත් පෙර වනරෙඛා මුදුනෙන් නැගිසිටි ඓති





-( 7 )-

හාසික මහා බලකොටුව) සීගිරි පර්‍වතය දර්‍ශනයවේ එහිසිට හැ: භාගයක් පමණ දුර ගමන්කළපසු රම්‍යවූ ප්‍රදේශයක් දකින්ට ලැබේ. එය සීගිරියනම් කුඩා ග්‍රාමයයි. මාතලේ සිට හැ : 40 ක් පමණ ඈතින් පිහිටි දැකුම් කටයුතු යථොක්ත සීගිරියනම් ස්ථානයකරායන්නෝ පූර්‍වදිශාවෙහි ඇති ස්ථූපාකාර පර්‍වතයමුඛලා ප්‍රීතිප්‍රමොද්‍යයට පැමිණෙත්. ආණ්ඩුවේ විශ්‍රාමශාලාවට ඒ විස්ම ජනක සීගිරි පර්‍වතය දර්‍ශනයවේ.

දැන් වනාහි දඹුල්ලේ සිට පසුකරගෙන ආ හැතැප්ම 11ක් පමණ වූ මාර්‍ග දෙපාර්‍ශවයෙහි දකින්ට ලැබුණ මනුෂ්‍යාවාස පිළිබඳ සාමාන්‍ය තත්‍වය මේ ලිපියේ මීට ප්‍රථම සඳහන් කරන ලද්දේය වනමධ්‍ය මාර්‍ගයේ යන මේ ගමනේ භයඞ්කාර භාවය කෙබඳුවුවත් සීගිරි ගමනට ඉන් කිසි හානියක් නොවේ. සීගිරි බලකොටුව ක්‍රමක්‍රමයෙන් ලඟාවීමේදී අනෙක ප්‍රකාරයෙන් මිශ්‍රවර්‍ණ ඇති වෘක්‍ෂ ලතාදිය දර්‍ශනයවේ. විශෙෂ වශයෙන් සමභූමියේ පිහිටි වෘක්‍ෂයෝ ඉතා දැකුම් කලුවෙත්, එයින් පලුය, කළුවරය, බුරුතය, හල්මිල්ලය, මිලිලය, සියලුවර්‍ගවල තිඹිරිය, වීරය, සියලුවර්‍ගවල උදුම්බරාය, මයිලය, යනමේ වෘක්‍ෂයෝ ප්‍රධානවෙති. ලතා ලක්‍ෂණ ස්ත්‍රීහු වෘක්‍ෂ ලක්‍ෂණ වල්ලභයන් ආලිඞ්ගනය කොට ශාඛාලක්‍ෂණ හස්තයන්ගෙන් ප්‍රිය පුත්‍ර ලක්‍ෂණ වලීමුඛයන් වඩාගෙන සුපිෂ්පිත පුෂ්ප ලක්‍ෂණ වක්ත්‍රයන්ගෙන් භෘඞ්ගාරාවලක්‍ෂණ (ස්තුති) බොලඳ වදන් කිය කියා ප්රීාතියට පත්වෙති. වෘක්ෂ ලතාදිය පිළිබඳ විශෙෂ විභාගයෙහි ප්‍රගුණවුවත් විසින්ම හැඳීනිය යුතුවූ තවත් ශතසහස්‍ර සඞ්ඛ්‍යාත අන්‍ය කුදු මහත් තෘණ වර්‍ගයෝ මාර්‍ගදෙපාර්‍ශවය හොබවමින් සිටිත්. ගිරා මොණර සැළලිහිණි, ගොන්කවුඩු, බටගොයි, කොබෙයි ආදී ප්රිීය දර්ශ ණිය පක්‍ෂීන්ගේ මධුරස්වර නමැති ගීගයමින් ඒ වනාම්බිකාතොම එක් වන්ප්‍රීතිවන්නීය.

______________


3 වන පරිච්ඡෙදය.[සංස්කරණය]

සීගිරි විශ්‍රාම ශාලාව[සංස්කරණය]

මේ විශ්‍රාම ශාලාවවූකලි සීගිරියේ නෂ්ටාවශෙෂ ස්ථාන අවලොනකය කිරීමට යන ස්වදෙශ විදෙශ මගීන්ගේ පහසුව පිණිස



-( 8 )-


ආණ්ඩුව විසින් කරවන ලද්දකි. ලියුම් භාරගන්නා තැපැල් කන්තෝරුවක් ද මෙහි ඇත්තේය. විශ්‍රාම ශාලාව අභිමුඛයෙහි ශ්‍යාම වර්‍ණ ශෂ්‍යයන්ගෙන් වැසීගිය කුඩා ක්ෂේත්‍රයක්ද ප්‍රියදර්‍ශනීයවූ වනස්පතී න්‍යග්‍රොධ වෘක්‍ෂයක් ද ඇත්තාහ. විශ්‍රාම ශාලාව උද්‍යානයක් වැනි වූ රමණීය භූමිභාගයක් කරවාතිබේ. විදෙශිය බොහෝ දෙනාගේ පැමිණී‍මඇතිවන මේ ස්ථානය කෘතහස්තවූ සේවකයෙකු භාරයේ තබාතිබේ. සද්ගුණවත්නම්බුකාර පරදුවපාරට්ටු මොහොට්ටාල්ලාගේ දොන් පේදිරිස් නමැති ඒ භාරකාර මහතා සදැහැවත් කාරුණික බෞධයෙකි. නිරන්තයෙන්ම ඒ තෙමේ එහි සෑහෙනතරම් ආහාරොපකරණ රැස්කොට තබාගෙන සිටී. මනාසේ ආසන භාණ්ඩාදියෙන් සම්න්විත කරනලද යථොක්ත විශ්‍රාමශාලාවේ සහකාර සේවකයෝද කීපදෙනෙක් සිටිත්. බටු මිරිස්, කැකිරි, වට්ටක්කා; පුසුල්, තක්කාලි, කෙසෙල් ආදිය වැවිලිකරනලද විශ්‍රාමශාලාවේ වත්ත ක්‍ෂුද්‍ර උද්‍යානයකට සාදෘශ්‍යවේ. මේ අගනා විශ්‍රාමශාලාවේ ලැගුම්ගත් අපි ප්‍රථම කොට ගම්වැසි ජනයා පිළිබඳ සාමාන්‍ය තත්‍වය දැනගැනීම පිණිස ඔබාමොබ ගමන්කරන්ට පටන්ගනිමු.

___________

සීගිරි ගම[සංස්කරණය]

මීට අවුරුදු 1445කට පූර්‍වයෙහි ලඞ්කාවේ අග්‍රරාජධානියක් ව පැවති සීගිරි නුවර වනාහි සිංහලයන්ගේ කීර්තිමත් නගරනාම මාලාවේ හතරවෙනි පුරප්‍රවර‍යවේ. අෂ්ටලොක ධර්‍මචක්‍රයේ ප්‍රකාර ඒ මහා පුරව්‍රවරය අධුනාකාලයේ සර්‍වාකාරයෙන් නැතිවමගොස් ඒ වෙනුවට තල්පත් හා පිදුරු සෙවිළිකරන ලද ගේ පැල් 11ක් ඇති කු‍ඩා ග්‍රාමයෙක් ව තිබෙණු දකින්ට ලැබේ. ඒ පැල් අපිරිසිඳුව ඇත්තාහ. නුමුත් එකිනෙකට ආසන්නව සාදාතිබෙත් තන්හි තන්හි සාදා තිබෙන වී සහ කුරක්කන් අටු හේතුකොට ගෙමිදුල් විශෙෂාලඞ්කාරයක් උසුලත් මනාසේ වැඩුණු ස්ථූල ශරීරයන් ගෙන් යුත් ගව මහීෂයෝද සමීපස්ථානයන්හි බැද සිටිත්. ළමා වහු පැටියෝද මව් දෙනුත් සමග පෙම්කෙළිමින් සිටිත්. යාපාගලේ ප්‍රාකාරයට පහලින් පිහිටි සීගිරි වැව ගොඩ වූ කොටසෙහි යථොක්ත ගෘහයන් සාදාතිබෙනබව පෙනේ. එහි පදිංචිකාරයින්ට “රට කෝරළේ මිනිසුන්ය” යි ව්‍යවහාර කරත්. ඔව්හු ජමර



-( 9 )-

රොගයෙන් ද පරංගිරොගයෙන්ද අනූනවූවෝ වෙති. එසේම දාරිද්‍රතායෙන් ද අනුනබැව් අපටවැටහිණ. මේ ඉතාසාරවත්භූමිප්‍රදෙශය ක්වේ. තල්, පොල්, කෙසෙල් ආදිය හා එලවලු වර්‍ගද වවා සශ්‍රීක කරනලද ගෘහොද්‍යානයෝ එහි විද්‍යාමානවෙති. සීගිරිය බැලීමට පැමිණෙන්නා වූ විදෙශික මගීන්ට එහි විස්තර කියාදීමට බලය ලත් ඒ. ඩබ්ලිව්. ඒ.ජේ.ගුණවර්‍ධන නමැති “ගසීඩ්” මහතාගේ ගෘහය සහ තවත් කඩපිල් දෙකක්ද විශ්‍රාමශාලාවට ආසන්නව පිහිටුවා තිබෙත්. පුරාණ දේවල් සම්බන්‍ධ ආරක්‍ෂක “දෙපාර්‍තමෙන්තුවේ” කම්කරුවන්ගේ සහ “ඕවර්සියර්” තැනගේ නිවාසස්ථානයද මපාගලටත් පෙතන්ගලටත් අතරේ පිහිටුවා තිබෙත්.

_____________

පූර්‍වප්‍රවෘත්තිය.[සංස්කරණය]

සීගිරි මහාබලකොටුව පිළිබඳ ඓතිහාසික සැළකිමවනාහි සිංහල රාජනාම මාලාවේ 73 වෙනි රජවූ (පීතෘඝාතක) 1 වෙනි කාශ්‍යප මහරජු මුල්කොට ඇත්තේය. හෙතෙම පියරජු සිංහාසනයෙන් පහකොට නැවත ජීවිතක්‍ෂයටද පමුණුවා පසුව අනුරාධපුරය අත්හැර මේ සිගිරි පර්‍වතයෙහි අවිලඞ්සනීය වූ බල කොටුවක් කරවාගෙන එහි තමාගේ සිංහාසනයද පිහිටුවාගත්තේය. කාශ්‍යප රජුගේ රාජ්‍යකාලය සහ සීගිරිය සම්බන්ධ ප්‍රකශයට පත්ව තිබෙන කථා ප්‍රවෘත්තිය මහාවංශගත විස්තරය පමණක් වේ. එබැවින් සීගිරිපර්‍වතයෙහි රාජමාලිගාවක්කොටගෙන ආරක්‍ෂා ස්ථානයක්මෙන් සාදාගැනීමට හේතු වූ කෲරතර ක්‍රියාව පිළිබඳ කථා ප්‍රවෘත්තිය සැළකීමෙන් පමණක් මිස අන්‍යාකාරයකින් මේ ඓතිහාසික පූර්‍වප්‍රවෘත්තිය හා සම්බන්ධවූවෝනම් ක්‍රි: ව: 461 කේදී රාජ්‍යශ්‍රීයට පැමිණි ධාතුසේන නම් මිහිපල් තුමාණෝද එතුමාගේ පුත්‍රවූ භිත්නමාතෘක කාශ්‍යප කුමාරයාණෝද සමාන මාතෘක මුගලන් නම් කුමාරයාණෝද දුටුවන් සිත් අල වන දිව්‍යප්සරාවක් බඳු රූපලාවණ්‍යයෙන් යුත් රාජකුමාරිකාවක්ද, සේනාධිපති වූ බැහැනෙක්ද, රජුගේ මයිල්වූ දික්සඳ සෙනෙවියා පරිවෙණාධිපති පූජ්‍යපාද මහානාම මාහිමියාණන් වහන්සේද යනමේ රාජවංශික උතුමෝවෙත්.





-(10)-

4 වෙනි පරිච්ඡේදය.[සංස්කරණය]

__________

ධාතුසේන මහරජතුමා[සංස්කරණය]

මේ රජතුමා වනාහි පූවයෙන් අනුරාධපුරයෙහි සිංහාසනා රූඪවූ ශුභරජුගෙන් බියපත් ව අනුරාධපුරයෙන් රුහුණට පලාගිය මෞර්‍ය්‍යවංශජ ධාතුසේන නම් එක් කෙළෙඹිකෙනෙකුගේ පුත් දාසා නම් ස්ත්‍රියහු‍ගේ සමානජාතික වැඩිමහල් පුත්රුවනවිය. මතුකාල යේදී ශ්රීු ලඞ්කාවීපයෙහි රජවීමට හේතු සම්පත් ඇති ඒ කුමාරතෙම තම මෑණියන්ගේ සහෝදරවූ පූජ්‍යපාද මහානාමතෙරුවන්සේ සමීපයෙහි පැවිදිවූයේය මහා භාග්‍යයඇති ඒ ධාතු සේන සාමණෙර යන් එක්දිනෙක රුකක්මුල ඉඳ වණපොත්කරන අවස්ථාවක මහා වර්‍ෂාවක් වසින්ටවූයේ ය. හේ දුටු නාගයෙක් වහා එතනට පැමිණ පොත හා සාම‍ණරයන්දැ ද දරණ වැලයෙන් පිරිකෙව්කොටපෙණ යෙනුදුව සාරැක්කේය මයිල් මහතෙරණුවෝ. එය දැක මාගේ බෑනන් මහත් පුණ්‍යවන්තයෙකැයි සිතා තබාගත්හ. පසු දිනෙක මෙසාමණෙරයන් කෙරෙහි කිපියාවූ එක්භික්‍ෂුනමක් උන්වහන්සේගේ හිසෙහිකැලිකසලක් දැම්මේය. ධාතුසේන සාමණෙරයාණෝ ඔහු කෙරෙහි ඒ ගැන ක්‍රොධනොකළාහ. ඒ දුටු මයිල් මහතෙරණුවෝ “මේ සමණෙරතෙම උතුම්ය. නිශ්චය වශයෙන්ම ලඞ්කාවිපයෙහි රාජ්‍යපදප්‍රාප්තවන්නේය” එහෙයින් මනාවරක්‍ෂාකටයුතුයයි සිතා ඒ සාමණෙරයන් කැඳවාගෙන විහාර‍යට අවුත් මනාව ශික්‍ෂණය කළහ.

මේ කලයෙහි මහාවාළුකා ගංගාවෙන් මෙතර (පිහිටි රට) රාජ්‍යය අත්පත්කොට ගෙනසිටි විදෙශිය පාණ්ඩුනම් ද්‍රවිඩ රජතෙමෙ ඒ ප්‍රවෘත්තිය දැන ධාතුසේන සාමණේරයන් ඇල්වීම පිණිස තම සෙවකයන් යෙදවිය. මයිල් තෙරණුවෝ එදා රාත්‍රියෙහි නපුරු සිහිනයක් දුටුවෙන් කුමාර සාමණෙරයන් ප්‍රාතාකාලයෙහිම විහාරයෙන් බැහැරකළහ. සාමණෙරයන් පළාගිය ඇසිල්ලෙහිම රාජසේවකයෝ අවුත් විහාර පිරිවෙණ සිසාරා ඇවිද සාමණෙරයන් නොදැක පළාගියාහුය. ඉක්බිති මහානාම තෙරණුවෝ ඒ ධාතුසේන සාමණෙරයන් කැඳවා පලායනාතර අනුරාධපුරයෙන් දක්‍ෂිණ දිශාභාගයෙහි පිහිටි ගොණනම් (මහ






-(11)-


වතුර පිරි) හොය බාධාවක් වූයෙන් මදක් නැවැත්තාහ. මේ නදිය අප යම්සේ වළාකාද? “අපිදු මේ නදිය අවුරා වැවක් බඳින්නෙමුයයි” යි කතිකාකොට හොය බ‍ටහ. [චන්‍ද්‍ර තෙමේ රාහුමුඛයට වන්කලද අනික්පාර්‍ශවයෙන් ලොකය ආලොක කරන්නෙමැයි. එසේම උත්තමයෝද තමන්වචන පීඩාව අන්‍යයන්ට අභිවෘඬිදායක කෙරෙත්, අහෝ! මෙබඳු පරාර්ත්‍ථකාමී වීර වරයෝ අද ලක්දිව වෙසෙන්නම් අපිදු කෙසේනම් ශ්‍රෙෂ්ඨ නොවන්නමෝද’?] මේ මහොත්තමයන්ගේ චිත්ත සඞ්කල්පනාව හෙතුකොට නාගෙන්‍ද්‍රයෙක් වහාම ඒ ස්ථානයම සම්ප්‍රාප්තව පෘෂ්ඨ මතුයෙහි තබාහොයෙන් එතරකෙළේය. [අන්‍යයන්ගේ අභිවෘඬිය පත්නෝ. තමන්ගේ අභිවෘඬියද නිරායාසයෙන්ම කරගනිත්] මේ ශ්‍රෙෂ්ඨයෝ දෙදෙන එතනින් නික්ම ප්‍රත්‍යන්ත ප්‍රදේශයකට වැඩමකළහ. එහිදී මහතෙරණුවන් දැ පායාසයක් ලැබ වළඳා අන්තයෙහිශෙෂය පාත්‍රයෙන්ම කුමාර සාමණෙරයන්ට දුන්හ. හේතෙමේ තෙරණුන්දැ කෙරෙහි ගෞරවයෙන් පායාසය පාත්‍රයෙන් බිම බහා ආහාර කෘත්‍ය්‍ය කෙළේය. තෙරුවන්වහන්සේ මේ දැක “මේ තෙම පොළොව බුදීය” යි දැනගත්හ.

ද්‍රවිඩ රාජයන් කෙරෙන්වූ රාජ්‍ය පීඩා හා විහාර නායනයන්ද එසේම ස්වකීය ප්‍රජාවර්‍ගයාගේ කෙළසීමද දැක උපන් යාවෙග සිතැති ඒ ධාතුසෙන සාමණෙරතුමාණෝ ශික්‍ෂා ප්‍රත්‍යාක්ඛ්‍යානයකොට ගිහිභාවයට පත්වුහ. තෙරුණුවූ ඒ ධාතුසේන කුමාර තෙමේ සියරට හා ජාතියද ආගමද පරසතුරන්ගෙන් මුදා‍ගැන්ම පිණිස ද්‍රවිඩයන් ලංකාවෙන් නෙරපාදැමීමට අදහස්කොට තමාගේ සහෝදරවූ සළතිස්බෝ කුමරු ප්‍රධානකොටඇති බලසම්පන්න යුඬසේනාවක් රැස්කොටගෙන එක්විසි තැනකදී ද්‍රවිඩයන් හා සටන්කොට අවසානයෙහි රජකළ නිරීතර, දාසිය, පීඨිය යනදෙපළ රජුන් තුන්දෙනා පිළිවෙළින් මරා ලඞ්කා රාජ්‍යය අත්පත්කර ගත්තේය. ක්‍රි : ව: 433 සිට 460 දක්වා මෙහි අධිපතිකම්කළ ද්‍රවිඩවංශය ධාතුසේන කුමරු හා සටන්කොට විනාශවූයේය.

ත්‍රී සිංහලාධිශ්වරවූ ඒ ධාතුසේන මහරජතෙමේ නානා උපායෙන් වීපඝාතක තාමසීලක්‍ෂණ ඒ ද්‍රවිඩසෙනාවට සරවට්න්‍ද්‍රයායේ විකුම්පා මුලොච්ඡින්නකොට ලඞ්කාමඛරය අතිශයින් භ්‍රාජමාන කොට ප්‍රජාවර්‍ගයාද සුඛිතභාවයට පත්කොට ශත්‍රැන්විසින් විනාශ





-(12)-

කරන ලද සම්බුඬ ශාසනයද සුදුසු තැන්හි තැබීය. දශරාජ ධම්මයෙන් හා චතුස්සංග්‍රහ වස්තුවෙන් ප්‍රජාවර්‍ගයාගේ මනොනන්‍දනය කෙළේය. පරසතුරන් හා විස්වස්වූ කුලීන ජනයන්ගේ ගම් උදුරාගෙන ඔවුන් ග්‍රාමරක්‍ෂකයන් කෙළේය. ස්වකීය රාෂ්ට්‍රය කෙරෙහි ඇල්මෙන් ස්ථිරව සිටි මහික්‍ෂිත්හට ගරුඨානාන්තර  ප්‍රදානය කෙළේය. යුඬ කාර්‍ය්‍යයෙහිදී මෙන්ම රාජ්‍යවර්‍ධනයෙහිද මහත් වීර්‍ය්‍යයෙන්යෙදී ක්‍රියාකරන්ට පටන්ගත්තේය. තමන්ගේ පුද්ගලික ධන වියදම්කොට ප්‍රසිඬවූ සියලුම චෛත්‍යාරාමද ප්‍රතිසංස්කරණය කෙළේය. පිටකත්‍රය බණපොත් ලිවීමෙන් ශාසන සංග්‍රහයද කෙළේය. රොගීන්ට ආරොග්‍යශාලාද කැරවීය. දීර්‍ඝකායක් නොසලකාහැර තිබුණ පළාත්වල සමූද්‍රාකාර මහා වාපීන් අෂ්ටදශයක් හා එතුමාගේ අභිවෘඬියේ මූලස්තමහයවූ දික්සඳ සෙනෙවියා පිරිවෙණාධිපති පූජ්‍යපාද වහානාම මාහිමියාණන්ට (මහ න්‍යග්‍රොධ රහතන්වහන්සේට විපචක්‍රවර්ති ධර්‍මාශොක මහ රජුමෙන්) මහත් වූ සත්කාරද කෙළේය.

මේ රජු රාජ්‍යයකරන සමියෙහි ඔහුගේ මයිලණුවූ මහානාම තෙරණුවෝ සිංහල රාජවංශයෙහි ආදීපුරුෂවූ විජය රජුගේ කාලයේ පටන් මහාසේන නරෙන්‍ද්‍රයාගේ කාලය දක්වා මහාවංශය මාගධ භාෂාවෙන් රචනාකළහ. ධාතුසෙන රජුවිසින් කරවනලද පුණ්‍යකම් විස්තරකොට කීමට කවරනම් මනුෂ්‍යයෙක් ප්‍රභූවේද? යි එහි සදහන්ව තිබේ. මහා වංශයේ 38 වෙනි පරිච්ඡේදය කියවා බැලීමෙන් එහි විස්තරය දැනගත හැකිවේ.

___________

රජු සිංහාසනයෙන් පහකිරීම.[සංස්කරණය]

ධාතුසෙන මහරජහට භින්නමාතෘක කාශ්‍යපනම් පුත්‍රයෙක්ද සමාන මාතෘක මුගලන්නම් පුත්‍රයෙකදැයි පුත්කුමරුවෝ දෙදෙනෙක්වූහ. එසේම දුටුවන් සිත් අලවන සුළුවූ සියපණහා සමවූ රූපත් දූකුමරියක්ද වූ‍වාය. ඕ තොම ස්වර්‍ණණ,මයුර, පිඤ්ජාකාර දීර්‍ඝවූ නීලවර්‍ණ කෙශකලාපයෙන්ද, අර්‍ඬචන්‍ද්‍රාකාර ලීලොපෙත ලළාමයෙන්ද, නිම්බ පත්‍රාකාරවූදෝ හෝ නොහොත් ඉන්‍ද්‍රචාප යුග්මාකාර භ්‍රෑයුග්මයෙන්ද ස්වර්‍ණාඞ්කුශාකාර ඝ්‍රාණයෙන්ද ඉන්‍දීවරදෝ හෝ නොහොත් ඉන්‍ද්‍රනීල මාණික්‍යාකාර


-(13)-

ක්ෂෙත්‍රයුග්මයෙන්ද, අතිරක්ත නාගපල්ල වාකාරඔෂ්ඨයෙන්ද මූක්තා ඵලාකාර ශුභ්‍රවර්‍ණ දන්නයන්‍ගෙන්ද, සොත්ඵුල්ල පද්මාකාර චක්ත්‍රයෙන්ද, ස්වර්‍ණ උන්සිල්ලාකාර කර්‍ණයුග්මයෙන්ද, සඞ්ඛයා කාරදෝහෝ නොහොත් ස්වර්‍ණමයුර ග්‍රීවාකාර ග්‍රීවයෙන්ද, විද්‍යුද්දාම යුග්මාකාර මෘදු කොමල රක්ත හස්ත යුග්මයෙන්ද, මත්ත හස්ති කුම්භාකාර පීනපයොධර යුග්මයෙන්ද, භෘඞ්ගජාලාකාර නීලවර්‍ණ වූ වසාරාජියෙන් ද, ධනුර්මුෂ්ඨ්‍යාකාර කෘශවූ මධ්‍යප්‍රදෙශයෙන්ද ස්වර්‍ණ ඵලකාකාර පෘෂ්ඨයෙන්ද, රථ වක්‍රාකාර පෘථූල නිතම්බ ප්‍රදෙශයෙන්ද, හස්තිකරාකාර දෝහෝ නොහොත් රම්භාවෘක්ෂානකාර ඌරුයුග්මයෙන්ද, ස්වර්‍ණබුද්බුදාකාරජානුමණ්ඩල යුග්මයෙන් ද, අප්‍රබුඬවූ සන්නීර පුෂ්පාකාර ජඞ්ඝා යුග්මයෙන්ද, භෘඞ්ගාවලින් පරීක්‍ෂිප්තරක්තපද්මාකාර මාණික්‍යනූපුරයන්ගෙන් හෙබිපාදතල යුග්මයෙන්ද වර්‍ණනාවිෂයාතික්‍රාන්ත රූපලාවන්න්‍යයෙන් රතීනම් දිව්‍යඞ්ගනාවමෙන් දුටුවන්නෙත්සිත් තමන්කරා නිරායාසයෙන්ම ඇද ගත්තීය.

රජු විසින් අධික දරුසෙනෙහසින් වර්‍ධනය කළාවූ ඒ දියණි තොම තමසහෝදරියගේ පුත්‍රවූ යුඬසෙනාධිපති අරිඪ කුමාරයාට සරණපාවා දෙනලද්දීය. නමුත් ඒ සරණ බන්‍ධනයාගේ නියම ඵලයෝ ඔවුන් විසින් නොවිඳිනා ලද්දෝය. [අභ්‍යන්තර ගුණ නිසියාකාර අලඞ්කාර නුවුවහොත් බාහ්‍යාලඞ්කාරයෙන් ඇතිවන ඵලය කිසිසේත් වැදගත් නොවේ. ] එයට නිදර්‍ශන වශයෙන් නොබෝදිනකින්ම ඒරාජධිතාතොම ස්වකීයවල්ලභයාවූ සේනාපති කුමාරයා විසින් දිනක් නිවැරැද්දේ දරුණුලෙස සැමිටියෙන් තලන ලද්දීය. ස්වාමියාගෙන් ප්‍රහාරලත් ඔ‍බෝෙතාම රුධිරාලිප්ත අච්ඡාදනයකළ පට්ටවස්ත්රස සහිතවම පියරජුකරා පැමිණියාය. එය දුටු රජතෙම ඉතා දොම්නස් බවට හා බලවත් කෝපයට පත්වූයේ සාපරාධි සෙනාපති කුමරහුගේ මව්බිසව ඊට ඇපකාරියක් වශයෙන් නග්නකරවා දවාමැරවීය. [රජුගේ මේ නො ඉවසිලි ඉක්මන් ක්‍රියාව හෙතුකොට අපකීර්තියට හා මරණයටද පත්වූබැව් පසුව දතහැක්කේය.]

මේ කාරණය දැනගත් බැහැනා අධික ශොක ප්‍රහාරයෙන් පීඩිතවූයේ වැඩ අවැඩ නොසිතා එතැන් පටන් බඩමෙවරීව ඒ දුෂ්ටරජහු සිංහාසනයෙන් පහකිරීමට සිතා කාශ්‍යපකුමර රාජ්‍යයෙන් පොළඹවා කුමන්ත්‍රණකෙළේය. රාජ්‍යලොභයෙන් මඩනාලද





-(14)-

ඒ කාශ්‍යපකුමර පියානැසීමට කැමතිවිය. සෙනාපති අරිඨතෙමෙ කාශ්‍යප කුමරු දුෂ්ටභාවයට පත්කරවීමෙන් සියඅදහස් මුදුන්පත් කරගත්තේය. ඒ කුමාරයා විසින් රට වැසියන් අවනතකොට ගෙන පියරජහු ජීවාග්‍රාහයෙන් අල්වා යදමින් බැඳ බන්‍ධනාගාර යෙහි ලනලද්දෝය. (අඥාන දුර්‍ජනයෝ මව්පියන්ගුණ නොදත් නාහු ශෛලම්‍ය හෘදය ඇත්තෝයයි කීම කෙසේ නම් කාව්‍යාලඞ්කාරයෙහි මේද?) මොග්ගල්ලායන කුමාරයාණෝ ඒ ද්‍රොහි ක්‍රියාව වලක්වාලීමට බොහෝ උත්සාහ කළනමුත් එය නිෂ්පලවූ හෙයින්ද ස්වකීය ප්‍රාණය ආරක්‍ෂා කරගනු සඳහාද මීට පලි ගැනීම සඳහාද ලම්බකර්‍ණ ගොත්‍රොදහවවූ සිලාකාළකුමරු හා ජම්බුවීපයට පළාගියහ.

__________

කාශ්‍යපකුමරු සිංහාසනාරූඪවීම.[සංස්කරණය]

කාශ්‍යප කුමරතෙම සියලු පාපකර්‍මයන්ට සහාය කාරකයන් ලද්දේ පීතෘපාර්‍ශවික ධාම්මික ජනයා විනාශකොට ශ්‍රී සම්බුඬ පරිනිර්‍වාණයෙන් 1024 වැන්නෙහි හෙවත් ක්‍රි: ව: 479 වැන්නෙහි සිංහාසනාරූඪව ත්‍රි:සිංහලාධි නාථවූයේය. එතැන්පටන් ධාතු සේන රජුගේ ජීවිතහානිය “මම කෙසේසිදුකරවම්ද” යන බලා වත් චෙතනාවෙන් කාලාතික්‍රමණය කරණ ඒ සේනාපතිතෙම බන්‍ධනගත රජහු. මැරවීමට නානා උපාය මාර්‍ගයන් යොදන්නේ දිනක් “දේවයන්වහන්ස! ඔබපියරජවිසින් මෞද්ගල්ල්‍යායන කුමරහට දෙනපිණිස ස්වකීය මහාර්‍ඝ ධනය නිදන්කොට තිබේය’යි කීයේය. පීතෘද්‍රොහිවූ ඒ රජතෙම මිත්‍ර ප්‍රතිරූපකයෙක්වූ ඒ අරිඨ සෙනෙවියාගේ බස මනාසේ විශ්වාසකොට මහාරාජ්‍ය විනාශයෙන්ද, පුත්‍ර වියොගයෙන්ද, බන්‍ධනාගාරයෙහි, විසීමෙන්ද දුඃඛප්‍රාප්තවූ පියරජුවෙත දූතයන් යවා රජුසන්තක නිධානය තමන්ට පානාසේ කියා යැවීය. ධාතුසේන මිහිපල්තෙම මෙවදන් අසා මේ වනාහි මා මැරවීමට මා බැන පිපියා යෙදූ උපායකැයි දැන එක්සිත් සිතාගෙන මාගේ සහකාර මහානාම මහතෙරණුවන් දැකපියා සමුද්‍රඛණ්ඩයක්වැනි මාවිසින් කරවන ලද කළාවැවෙන් ජල ස්නානය කොට මියයෙමියි සිතා “ඉඳින් මට කළාවැවට යාමට අවකාශ දෙන්නේ නම් ධනනිධීය




-(15)-

පානෙම්වේ” දැයි දූතයන්ට පැවසූවේය. රාජභ‍ටයෝ තමන්ගේ ගමන මස්තකප්‍රාප්තවූයේයයි ඔද වැඩි සතුටුවගොස් එපවත් රජගම සැළකළහය. එබස් ඇසූ කාශ්‍යප රජතෙම සුහුරුබඩණුවන්දැ ආදරයෙන් ස්මරණය කොට පියරජ කළාවැවට ගෙනයනුවස් රාජකීය රථය දී යලිත් ඒ දූතයන් පෙරලා යැවීය. යමදූත යන් වැනි රාජදූතයන් බන්‍ධනාගාරයට වන්සඳ නිජපුත්‍ර කාශ්‍යප රජහුගේ ඒ වදන් නමැති කල්පාන්ත සම්සූර්‍ය්‍යරශ්මියෙන් රජ හුගේ නෙත්‍රනමැති නාලොත්ඵලයන් මලානික කොට ඔවුන් දෙස බලා රථාරූඪව කළාවැව අභිමුඛව ගමන්ගත්තේය රියැදුරුතෙමේ තමානමින් සිටි උපහාරපුෂ්ප (විලඳ) රාශියක් රජහට ත්‍යාගිකළේය. මෙබඳු ත්‍යාගයක් එකල රාෂ්ටවාසීයෙකුගෙන් ලැබීම අතිශය පුණ්‍යභාවයකැයි හඟිමින් ඉතා ප්‍රසන්න භාවයටපැමිණියේ ඔහුට වාරපාල (වාසලමුදලි) තනතුරදෙනු පිණිස මෞද්ගලල්‍යායන කුමාරයන්ට දෙනුවස් පතක් ලියා දුන් නේය. (සම්පත්නම් මෙසේ විද්‍යුල්ලතොපමා කාරයෙන් චඤ්චල වන ස්වභාව ඇත්තාහු එබැවින් සචෙතනික වූ කවරෙක්නම් එහි ඇලී කුශලකර්‍මයෙහි පමාවන්නේද?)

ධාතුසේනරජහුගේ’ කල්‍යාණමිත්‍රවූ ඒ මහානාමතීන්‍ද්‍රයාණෝ “රජවන්නේය’ යි අසා ලිහිණිවස් සහිත උඳුබතක් ලැබ රජ මෙය වැළඳීමට රුචිවූයේනම් මැනවයි සිතමින් සඟවා තබා බොහෝකලයකින් පැමිණෙන පෙම්බර පුතෙකුගේ දැකීමෙන් කිකලෙක් නෙත්‍ර සන්තර්‍පණය කරවම්දැයි පුල පුලා සිටින මෑණිකෙනෙකුමෙන් පෙරමගබලබලා සිටියාහුය. (සැබෑ උත්තමයන්ගේ උදාරතර ගතියක මහිම මින් අපට ප්‍රත්‍යක්‍ෂකරවයි.) රජතෙමේ මහතෙරුන්වහන්සේ දුරදීම දැක වහා රථයෙන්බැස ගොස් වැඳපියා එකත්පසෙක හුන්නේය’ මෙසේ හිඳගත්තාවූ ඒ උතුමෝ දෙදෙන රාජසම්පත්තිය ලැබුවන් මෙන් අන්‍යොන්‍යලාපයෙන් මහදුක් නිවූහ. ඒ තෙරුන්වහන්සේ සඟවා තුබූ ආහාරය රජ වළඳවා අනෙකප්‍රකාරයෙන් අවවාදකොට ලෞකික ධර්‍මදක්වා “අප්පමාදපදයෙහි” යෙදීය. ඉක්බිති රජතුමෝ කළා වැව බලා ගමන්ගත්හ. නිත්‍ය ප්‍රියවල්ලභ ඒ මහීපාලයාගේ දර්‍ශනයෙන් යථොක්ත වාපීලක්‍ෂණ පීයාමිබිකාතොම නීලොත්පල ලක්‍ෂණ නෙත්‍රයන් විවෘතකොට සුපිෂ්පිත පද්ම ලක්‍ෂණ වස්ත්‍රයෙන් භෘඞ්ගරාවලක්‍ෂණ සතු නිවදන් කිය කියා මාණාලක්‍ෂණ රොමොද්ගමණයකොට හස්තලක්‍ෂණ තරඞ්ග පඞ්ක්තිය





-(16)-

ලීලොපෙත කරවා තමන්ගේ සන්තෝෂ්‍ය අධිකකොට දැක් වූවාය. රජතෙම වැවටගොස් ජලස්නානයකොට පැන්බීපියා උදකක්‍රීඩාකොට වැව්දියදෙසට අතදිගුකෙරෙමින් රාජසේවකයන් බණවා “පින්වතනි! මාසන්කතවූ නිධානගත සියලුධනය බලවිය”යි වැවිදියපෙන්විය. ඒ බලා කෝප වූ ඔවුහු වහාම රජු නුවරටගෙනගොස් කාශ්‍යප රජහට එහි සිදුවූප්‍රවෘත්තිය නොව ළගාපැවසූහ.

__________

ධාතුසේන රජුගේ මරණය.[සංස්කරණය]

එබස් ඇසූ කාශ්‍යප රජතෙමේ “මේ තෙම ජීවත්වන්නේ නම් මුගලන් කුමරුට වස්තුරකී. මාකෙරෙහි වැසියන් සිත් බිඳවයි” සිතා කෝපයෙන් හරිතවුයේ අරිටුසෙනෙවියා කැඳවා මාපියාණන් මරවයි අණකෙළේය. බඬවෛරීවසිටි ඒ සේනාපති තෙම අභිමතාර්ත්‍වය මුදුන් පැමිණිමෙන් ශතපත්‍ර දණ්ඩශ්‍රීන් රොමොද්ගමනය ඇතිව මම අදසිට මාසතුරා පිටුදකිමියි සිතා සර්‍වාභරණයෙන් විභූෂිතවූයේ අසරණවූ රජුකරා එලඹ රජු අභිමුඛයෙහි සක්මන් කෙළේය. ධරණීශ්වර තෙමේ ඒ දැකම පාපීවූ මේ තෙමේ කයයේ මාසිතත් පෙළා නිරයටයවනු කැමැත්තේ වන මොහු කෙරෙහි ක්‍රොධ උපදවීමෙන් කවරනම් මනොරථයක් ඉටුකරම්දැයි මෛත්‍රීකරමින් ඒ සේනාපතියාහට “මුගලන් කුමරු කෙරෙහිද ; තාකෙරෙහිද මම එක්සිත්මි’යි කිය. දණ්ඩදානයෙහි සුරසම්මත ඒ සෙනෙවියා හාස්‍යලීලා පහළකොට ශීර්‍ෂයචලනය සූරසම්මත ඒ සෙනෙවියා හාස්‍යලීලා පහළකොට ශීර්‍ෂයචලනය කෙළේය. (කරුණාගුණයොග උපෙක්‍ෂා සහගත ඒ නිරිඳු සතුරාටකළ කථාව මෞන්‍යයගුණයක් නොවේයයි කවරෙක් නම් කියාද?) ඒ දැකරජතෙම ඒකාන්තයෙන් “මේ යක්‍ෂගති ඇත්තාවූ සේනාපතියා අසරණරජු නග්නකරවා සංඛලිකබන්‍ධන යෙන් බන්දවා සිරගෙසි ඇතුළු භික්තියෙහි බැඳ මැටිගස්වා රාජ්‍යයෙන් අටළොස්වෙනි හවුරුදුයෙහි මරණයට පත්කරවූයේය. මෙසේ දැකත් පණ්ඩිත වූ කවරෙක්නම් සම්පත්තියෙහිද, ජීවිත යෙහිද, කිර්තියෙහිද ආලයකරන්නේද? නොකරන්නේමැයි. [ “සොවින් මඞ්නාලද්දේ තතුනොවිමසයි”. හැමදෙයක්ම බිදෙන සුලුය. අභිසංස්කාරක සංස්කාරයන්ගේ භඞ්ගප්‍රාප්තියෙන් තදුන් පත්න ඵලධර්‍මයෝත් භඞ්ගයට පැමිණෙති. මේ දහම ලොවහැම




-(17)-

තැනම පැතිර පවත්නේය. අවිද්‍යා ග්‍රස්ත, සමස්ත සත්‍වවර්‍ගයා ධර්‍මතත්‍වය නොවිමසන්නේ ඵලහඹගයෙන් ශෝකයට පැමිනෙන්නේවේ” යන ධර්‍මොපදෙශ නැමැති සහස්‍රකීර්ණාලොකයෙන් ඒ රජහුගේ සුපක්‍ෂවාදීහු ශොකාන්‍ධකාරය මඳක් විධවංශනය කළාහුය.] මේ රජතෙමේ කළා‍වැව බඳවමින් එහි සමාධියෙන් හුන් රහත් භික්‍ෂූවක් දැක සමාපත්තියෙන් උගුළුවනු නොහෙන්නේ ඒ ශ්‍රමණෙන්‍දුයන්වහන්සේගේ මස්තකයෙහි පාංශු ක්ෂෙපණය කරවීය. මේ එහි දෘෂ්ටධම්වේදනීය විපාකයයි දක්වනලදී.

අරිඪ සෙනෙවියා මොලිමඞ්ගල කෘත්‍යයක් ඉෂ්ටකළාසේ සන්තොෂ පරවශ වුයේ ධාතුසේන රජහටකළ චිත්‍රවධ නොවළහා රජුට සැළකළේය. සතුරා විසින් “මම මිදෙන ලදිමි” යි හේ ප්‍රමුදිතවූයේ ය. තමාගේ අපරාධ කරණකොට අප්රනසිඬබවට පැමිණි ඒ වික්ර්මාන්විත කාශ්යහප රජතෙමේ අස්ගොව්වෙකුද, අරක්කැමියෙකුද යවා මොග්ගලායන කුමාරයා මරවන්ට නොපොහොසත්වූයේ කාලුෂ්‍ය චිත්තසන්තාන ඇත්තේ ඔහු කෙරෙන් පහර ලබන්ට හැකිබව මෙනෙහිකොට ප්‍රවර අනුරාධපුර නුවර ප්‍රකාශයෙන් විසීමට බියව නැඟීමට අතිශයින් දුෂ්කර වූ සීගිරි පර්‍වතයට ගොස් ආරක්‍ෂා ගත්තේය. දුකසේ නැඟීම කට යුතුවූ ඒ සීගිරි පර්‍වතය හාත්පසින් ශුඞ්කරවා ප්‍රාකාරයකින් පරීක්ෂෙපකොට එහි ගිණිගෙවල් සිංහාකාරකොට කරවූයේය. දුරාරොහවූ ඒ පර්‍වතය සිංහාකාර ගිණිගෙවලින් යුක්තවූවෙන් ඊට “සිංහගිරි-සීගිරි” යයි අන්වර්ත්‍ථනාමයවී , මේ පර්‍වතයෙහි හාත්පස සෘජුව සිටි ප්‍රපාතය කරණකොටගෙන කිසිවෙකුටත් එය නැඟයානොහැකිවිය. නුමුත් ඒ කාශ්‍යප රජතෙම එක්දක්‍ෂ උපාය මාර්‍ගයකින් එහි මුල පටන් පර්‍වත මස්තකය දක්වා පියගැට පෙළක් යොදාලීය. ඉක්බිති හෙතෙම අනන්ත නම් නාගරාජයාගේ භොගාවලියසේ ඒ පර්‍වතය පරික්‍ෂිප්තකොට සුධා ධවල කාන්තිමත් අති විශාල ප්‍රාකාරයක් අන්තරාය විශොධනය සඳහා කරවාලූයේය. එහි අභ්‍යන්තරයෙහි අතිමනොඥවූ අනෙකා ලඞ්කාරයෙන් යුක්ත වූ උත්තුඞ්ගවූ දෙමහල්, තුන්මහල් ආදීවූ වශයෙන් නොයෙක් ප්‍රභෙද ඇති පුරන්‍දරයාගේ දිව්‍ය ප්‍රාසාදයන්වැනි මහාප්‍රාසාදයන්ද කැරවී. ඒප්‍රාසාද්‍යග්‍රයන්හි ලීලොපෙත ස්වර්‍ණකිඞ්කිණික බඬ ස්වර්‍ණධවජයෝ කෙසේදයත් නිරන්තර හමන මාරුතයෙන් උස් පහත්වෙමින් දිව්‍යයන්ට හා මහීකාන්තාවටද



-(18)- මේ මිහිපල්හුගේ නුගුණ මහත් රොෂයෙන් ශබ්දනගා පැමිණිලි කරන්නාක්හුමෙනි. තන්හි තන්හි පිහිටුවන ලද ප්‍රදීපග්‍රෙණින්ගේ ශීර්‍ෂ චලනය රජහුගේ ධාර්මිකත්වය “අපි නොදන්නමෝදැ” යි ප්‍රාකාශනරන්නාක්මෙනි. රජහුගේ ශොකාග්නිය පහකරගණුවස් ඉන්‍ද්‍ර නීල මාණික්‍යකාර ප්‍රාසාදයන්හි නෘත්‍ය ග්‍රහණයකළාවූනාටිකාඞ්ගනාවන්ගේ මෘදඞ්ග හෙරිනාදය ශ්‍රවණයකොට වංචිතවූ ගෘහමයුරයෝ මෙඝධ්වනියයි අසාද රජකෙරෙහි ඊර්ෂ්‍යාවෙන්මෙන් පිඤ්ජාවර්‍තතනයකොට ක්‍රීඩා නොකෙරෙති. ප්‍රාසාදාග්‍රයන්හි දිලි ස්වර්‍ණශෘඞ්ගාග්‍රයන්හි බැඳී රක්තමාණික්‍යයන්ගේ රශ්මිය හෙතු කොට දිවා රාත්‍රි දෙක්හි පවත්නා ආලොකය කෙසේ ඇතිවිදයත් “පාපීජනයෝ අන්‍ධකාරයට ප්‍රියවෙත්” “මම එය වලක්වා ලමි” සිතූ සූර්‍ය්‍යතෙමේ රජහුකෙරේ ඊර්ෂ්‍යාවෙන්මෙන් ස්වකීය චණ්ඩ රශ්මිකදම්බය එහි ආලිප්ත කළාසේවිය. පිතෘඝාතක මෙරජ කෙරෙහි කෙසේනම් විශ්වාසයක් තබාමෝදැයි නිරතුරු හිගින අන්තඃපුරවාසීන්ගේ මලානිකභාවය කෙසේ ඇතිවීද යන හොත් චන්‍ද්රසතෙමේ මෙරදකෙරේ ඉසිසිතින් ඔවුන්ගේ දර්ශ නයෙනිඳු ඒ රජහට මනඃප්‍රබොධයක් ඇතිනොකරවමී කියා තමන්ට ආසන්න හෙයින් පහසුවෙන්ම ඔවුන්ගේ චක්ත්‍ර තාමරසයන් සංකුචිත කළාක්මෙනි. ඒ පුරවාසිස්ත්‍රි පුරුෂ සමූහයෝද අනාගත යෙහි තමන්ගේ පුත්‍ර දුගීකෲන්ට පරංගි රොගයෙන් හා ජවර රොගයෙන්ද වන පීඩා දිවැසින් දුටුවාසේ කිසිම උත්සවයක නොයෙදී මලානික භාවයෙන්ම කාලය ගතකළාහුය.

කාශ්‍යපරජ තමන්ගේ ආරක්‍ෂාව උදෙසා සියල්ල සම්පාදනය කර තමන් සන්තක සියලු ධනය හා රත්න සමූහයද රැස්කොට ඒ ආරක්‍ෂාකරවනුවස් මුරගෙවල් සාදවා එහි රැකවලුන්ද යෙදව්වේය තවද සීගිරි නුවරට ජලය ගැනීම පිණිස සීගිරි නම් විශාල වැවක් බඳවා මහා සමුදුරමෙන් ජලය රැස්කරනලද්දේහ, ඒ වැවේ ජලය පිරුණුකල්හි නුවරවැවේ කපාතිබෙන ජලපරිබාව පිරී ජලයෙන් නුවර පරක්‍ෂිප්තවෙයි. තවද ඒ වැවෙහි ඇඹුල හෙවත් ඕලු, උපුල හෙවත් මහනෙල් හෙල්වැලි (දියේ හැදෙන සුදුමල් ඇති ඕලුවැනි ජාතියක්) රත්නෙලුම්, සුදු නෙලුම් හා ජලයෙහි හටගන්නා ලද නොයෙක් මල් වර්‍ගද, රෝපණයකරවා එකම මගුල්පොකුණක් මෙන් අලඞ්කාරකරන ලද්දීය. එහි නානා වර්‍ණ කොකුන් හා සේර,දියකා, විල්ලිහිණි, සක්වාලිහිණි, ආදී අපමණ පක්‍ෂි සමූහයාගෙන් ගැවසී ගත්තේය. ඒ පක්‍ෂීන්ගේ මධුර නාදයෙන් හා





-(19)-

පස්පියුම්, ආදීයෙහි හැසිරෙන බඹරුන්ගේ නාදයෙන් ද කවරෙකුගේ නම් චිත්තානන්‍දනය නොකරන්නීද? කරන්නිමැයි, මෙසේ දර්‍ශනීයාකාර පුරයක් කරවා ඒ පර්‍වත මස්තකය හා අවට ප්‍රදෙශයද දෙවන ආලකමන්‍දානම් රාජධානියසේ සමෘඬිමත්කොට වෛශ්‍රවණ රජහුමෙන් මහත් වූ ශ්‍රී සෞභාග්‍යයෙන් වාසයකෙළේය. එතැන්පටන් ඒ රජ සීගිරි කාශ්‍යප යනනමින් ප්‍රසිඬවිය. ___________

1වෙනි කාශ්‍යප රජුගේ පිංකම්.[සංස්කරණය]

කාශ්‍යප රජ රාජ්‍යලොභය ගැන කළාවූ සාහික අපරාධය ගැන පශ්චාත්තාපවී පීතෘඝාතක ඒ පාපයාගේ විපාකාවරණය පිණිස විහාරකර්‍මාන්ත කිරීමෙන් හා භූමි දානාදියෙන් ද මහත් වූ පුණ්‍යක්‍රියා කරන්ට වන්නේය. ඒ රජතෙම සීගිරි නගරවාරා සන්තයෙහි මහත් වූ උද්‍යානයක් කැරවි ලක්දිව යොදනින් යොදන ආම්‍රොද්‍යානයන්ද කරවූයේය. බෝය, උපුල්වත්ය යන ස්වකීය දුන් දෙදෙන නමින් (අනුරාධපුර) ඉසුරුමුණි විහාරය කරවා පෙර දී තිබුණ වස්තුවට දියුණුකොට භොගග්‍රාමයන්ද මිළයට ගෙන පුදා ඊට බෝය, උපුල්වත්, කසුබ්ගිරි, රජමහවෙහෙරයයිද නම් කෙළේය. එසේම සිගිරි පව්ව අස පුදනලද උයනෙක්හි වෙහෙරෙක් කරවා ඊට කසුබ් වෙහෙරයයි නම්කොට ඒ වෙහෙර උතුරු දෙස පිහිටි සුවඳ මුවරඳ ලොබින් තිතිසරණ බිගු ගණ විසින් ගැවසී තුරුලියෙන්හෙබි දෙවියන්ගේ නඳුනුයන වැනි උයනක් ධර්‍මරුචික නිකායික භික්‍ෂුන්ට පුද‍කළේය. රජුගේ මේ මහරුවැඩ බලා සතුටුවූයේ මිගාර සෙනෙවි රඳුන් විසින්ද සියනමින් පිරිවෙණක් හා පිළිමගෙයක් ද කරවා භික්‍ෂුන්ට පිළිගන්වනලද්දෝය.

ජම්බුවිපයෙහි රජගහනුවර රාජ්‍යානු ශාසනාකළ බෞඬ මහොපාසක බිම්සර මහරජ පින් අජාසත් රජ අසත්පුරුෂ සඞ්ගමාශ්‍රයෙන් තම පෙම්බර පියාණෝ දයාවිරහිතව කටුක දුක්දී අන්තයෙහි මරණයට යම්සේ පත්කරවන ලද්දෝ ද එසේම පාප මිත්‍ර සංසර්‍ගයෙන් අමාර්‍ග ප්‍රවිෂ්ටව කාරණාකාරණා සලකාගත නොහිකිවූ කාශ්‍යප රජ විසින් ද දයාදාක්‍ෂිණ්‍යාදී නෛක ගුණ ගණාඞ්ගසඞ්ගත තම පියාණෝ මරවන ලද්දෝය. මේ රජුන්



-(20)-

දෙදෙනාගේම ක්‍රියා කලාපය තුල්‍යව පැවතිව සංවෙගදැයි ඓතිහාසික සිඬියකි. අජාසත්රජු පසුව බුදුසසුන්හි පැහැද උභය ලොකාර්ත්‍ථසිඬිය යම්සේ කළෝද එසේම මේ රජුද පසුකාලයෙහි උභයාර්ත්‍ථ සිඬියෙහි නිරන්තර තත්පරවූහ. දිනක් ඒ රජතෙමේ තැඹිලි කිරින් පිසනලද බත් ගිතෙලින් සකස්කරනලදුව සුගන්‍ධ වත්වූ සුපයන් සමග බොහෝ භික්‍ෂූන්ට චීවර සහිතකොට දානය කෙළේය. පෙහෙවස් සමාදන්විය. බ්‍රහ්ම විහාර භාවනා කෙළේය. ධූතාඞ්ගයන්ගෙන් ගිහින්ම සුදුසු දූතාඞ්ගයන්ද සමාදන්විය ධර්‍ම පුස්තක ලෙඛණ කරවා අනලජ්වූ ප්‍රතිමාගෘහ හා දානශාලාදියත් කරවූයේය.

____________

කාශ්‍යප මොග්ගලායන යුඬය.[සංස්කරණය]

1 වෙනි (සීගිරි) කාශ්‍යප රජුගේ අභිෂේකයෙන් අටළොස් (18) වන හවුරුදු රාමරාජයා සෙයින් යුඬශිල්පය මනාකොට හදාළාවූ මහාභට මොග්ගල්ලායන කුමාරයා දොළොස් යහළු කෙණෙක් ඇතිකොටගෙන මහත්වූ යුඬසෙනාවක් පිරිවරා තම ප්‍රතිබඩ භ්‍රාතෘවූ කසුප් රජ හා යුද පිණිස ලඞ්කාව ති වූයේය. මේ බලසම්පන්න යුඬසේනාව කොළඹ වරායෙන් ගොඩබැස සීගිරිනුවරට මුහුණලා ගමන්කොට හස්ති ශෛලාභිධාන (කුරුණෑගල) පුරාසන්නයෙහි පොරෝ වෙහෙර නම් ස්ථානයෙහි වාඩිලා ගත්තාය. ඒ ප්‍රවෘත්තිය සැළවූ කසුප් දෙරණිසුරුතෙ මේ දණ්ඩෙන් ප්‍රහාරලත් ආශිවිෂයෙකුසේ ක්‍රොධයෙන් දිලිහී මහත්වූ වතු රංගිනී සේනාව පිරිවරා මුගලන් කුමරු හා සටන් පිණිස වහා නික්මුණේය. වික්‍රමාන්විත මොග්ගල්ලායන කුමරාද සන්නාහ සන්නඬවූයේ සහසු කිරණයාසේ මහත් වූ තෙජොබල පරාක්‍රම යෙන් දිලිහි දිලිහි මතන හස්තීන්කරා වදනා එකවර කෙශර සිංහරාජයෙක්සේ කාශ්‍යප රජු අභිමුඛළු ආයේය. වේලාන්තය ඉක්මවා බැසයන සමුද්‍රයුගලක්සේ ගමන්ගත් මේ දෙසෙනග දෙල්විට, මිටියාවත සම්පයෙහි යූ කෙළිමුණය යී දැනට වහරවන තන්හි දී මුණගැසී බලවත් සංග්රා,මයක්විය. නමුත් බොහෝ වේලාවක් ගතවනතුරු කිසිවක් නිශ්චය නොවීය.

දඹකොළ පටුන (මහාවංශය) †කුරුණෑගලසිට හැ: 7 ක් ඈතින් පිහිටා තිබේ.


-(21)-

පීතෘඝාතක සිගිරිකසුප් බුවිපල්හුගේ මේගමන ගැන ප්‍රසන්න නොවූ මහීකාන්තාව විසින් මෙහි නොවදුවයි රජු වළහාලීමට නිර්මිතකළාවූ මඩඅගලක් වැනි‍වූ දෝ කදිමාවාටයක් ඒ රජු ඉදිරියෙහි දෘශ්‍යමානවිය. කාශ්‍යපරජ ඒ මඩවගුර දැක රාජකීය හස්තියා ඒ මධ්‍යයෙන් ගෙනයාම අන්තරාය බැව්දැන අන්‍ය දිශාවකින් මෙහෙයනු පිණිස ආපසු පෙරළා ආයේය. රජුගේ මේ ක්‍රියාව පරාජයවම කරන ක්‍රියාවකැයි සිතූ තම යුඬභටසෙනාතොම පසු බැස ජීවිතාශාවෙන් පලායන්ට වන්නිය. මේබවදුටු මුගලන් කුමරහුගේ විජයශ්‍රීය ප්‍රාර්ත්‍ථනාකරන අතිශූර යුඬභ‍ටයෝ “අපි සතුරන් පරාජයකළම්හ, අපි සතුරන් පරාජය කළම්හ” යි පොළොව පැළීයන්නාක් තරම් මහා ශබ්ද පැවැත්වූහ පක්‍ෂ පත්‍ර සිඳිනාලද පක්‍ෂීයෙකුසේද. දන්තයන් සිඳිනාලද සර්‍පයෙකු සේද, සේනාබලයෙන් පිරිහුණාවූ ඒ කසුබ් රජතෙම අනුන්ගෙන් අවඥා නොලබමියි සිතා මඞ්ගල බඞ්ගයෙන් තම ශීර්‍ෂය සිඳ අහසට දමා කඩුව කොපුවෙහි බහාලූයේය. මගුලසිපත කොපුවෙහිලීම කෙළේ කවන්‍ධරූපයෙනි. මෙබඳු ක්‍රියාවක්කළහැකිදැයි ප්‍රශ්න කළහැකිය. විකීර්‍ණක්‍රියායයි කියනුලබන එක්මානසික ශක්තියක ආධාරයෙන් එසේකළහැකි බව මානසික ශාස්ත්‍රඥයන් විසින් ප්‍රකාශකරනු ලැබේ. මේ යුඬය සිදුවූ මොග්ගල්ලායන කුමරාගේ ජයභූමියට මහකෙළිය යන නාමය ව්‍යවහාරකරනුලැබේ.

___________

5 වෙනි පරිච්ඡේදය.[සංස්කරණය]

___________

මුගලන්කුමරු සිංහාසනාරූඪවීම.[සංස්කරණය]

බු: ව: 1042 - ක්‍රි: ව: 498

දිනනලද සංග්‍රාමඇති ඒ මුගලන් කුමරතෙම ස්වකීය සහෝදරවූ කාශ්‍යප රජුවිසින් කරණලද ඒ වික්‍රමාන්විත ක්‍රියාව ගැන ප්‍රමුදිත වූයේ ඔහු සිරුර පිළිබඳ ආදාහන කෘත්‍යයකොට

කුරුණෑගල සිට හැ: 9 ක් ඈතින් පිහිටා තිබේ. -(22)-


නිමවා සීගිරි නුවරට අවුත් සියලු රාජභාණ්ඩයන් සහිත අන්තඃපුරවාසීන් ද හස්තප්‍රාප්ත කරගෙන අසුරන්කෙරෙන් ජයග්‍රහණය කොට ශක්‍ර පුරයට වදනා ශක්‍රදෙවෙන්‍ද්‍ර ලීලාවෙන් අටළොස් වසක් රාජ්‍ය ශුන්‍ය වූ අනුරාධපුරයට ගොස් එහිදී සිංහාසනාරූඊඪ වූයේය. මීට පසූ සීගිරිය රාජධානියක් වශයෙන් නො‍පැවැත්තේය. එහි වූ සියලු ගොඩනැගිලි විහාරාරාමබවට පරිවර්‍තනය කරනුලැබීය. මුගලන් රජහු “ඇමතියෝ මාගේ පියරජහු මැරවූ කසුබිරජ අනුගතවූහ” යි කෝපව ඔවුන්ගේ සියලුවස්තුව රාජසන්තක කරවූහ. ඒ තෙමෙ විප්පටිසාරි සිත් ඇතියේ ඇමතියන් දහසකටත් වඩා මාරයා සන්තක කරවීය. එසේම බොහෝදෙන රටින් නෙරපී. රාජාධිරාජා ධම්මාශොක රජහට චණ්ඩාශොකයයි ව්‍යවහාරකළාසේ මේ රාජයාහටද රාක්‍ෂය මුගලන් යයි ව්‍යවහාරකළහ. පසුව සඬර්‍මය අසා උපසන්තවුයේ වර්‍ෂයක්පාසා දුරුතු පසළොස්වක් දවස්ගි මහ දන්වැට තැබ්බවී. එවක්පටන් අද දක්වා දුරුතු උත්සවය ලක් දිව පවති. ‘විළඳ දුන්නා වූ රථචාර්‍ය්‍යතෙමෙ ධාතුසේන රජ විසින් තම හට දුන් සන්දේශය මුගලන් රජහට දැක්වීය. රජතෙමෙ ඒ දැක හඬා තමාකෙරෙහි පැවැති පියන්පෙම්වණා උහුට වාරපොල නායක (රජවාසළ මුදලි) තනතුර දින. ________

1 වෙනි මුගලන් රජුගේ පිංකම්.[සංස්කරණය]

රාක්‍ෂය නාමයෙන් ප්‍රසිඬවූ ඒ මුගලන් රජතෙමේ සීගිරි නගර යෙහි දළහනම් විහාරයද දාඨාකොණ්ඩඤ්ඤ නම් විහාරයද කරවා අභයගිරි නිකායෙහි භික්‍ෂූන්ට හා ජෙතවන නිකායෙහි භික්‍ෂූන්ටද දෙවීය. ඒ මුගලන් රජතෙමේ එම සීගිරි මහාබලකොටුවෙහිම තවත් මහා විහාරයක් කරවා දික්සඳ සෙනෙවියා පරිවෙණාධිපති පිටකත්‍රයධාරී මහානාම මාහිමියාණන් වහන්සේට පිදූයේය. මහාප්‍රාඥ ඒ රජතෙම රැජන (රාජිනි) නම් මෙහෙණ වරක් කොට සීගිරි නුවර ඇසුරුකළ ජෙතවන නිකායෙහි භික්‍ෂුණීන්ට දුන්නේය. පෙරදින තමන් සමග දඹදිව්ගොස් බොධිමණ්ඩල විහාරයෙහි පැවිදිවසිටි ලබ්බකර්‍ණණ ගොත්‍රොද්භවවූ සිලාකාළ, අඹහෙරණ සලමෙවන් යන හෙරණපාණන් විසින් ශාක්‍ය මුනින්‍දා



-(23)-

යන් වහන්සේගේ කෙශධාතු මෙහි ගෙනෙන ලද්දේය. මොග්ගල්ලායන ක්‍ෂත්‍රියතෙමේ ඒ කුමාර සාමණෙරයන් වහන්සේට මහත් වූ සත්කාරකොට කෙශධාතු පිළිගෙන මහ පෙරහරින් පූජා කළේය. පසුව ගිහිබවට පැමිණි යථොක්ත සිලාකාළ කුමාරයාට අසිග්ගාහක (රාජකීය කඩුව භාර) ස්ථානාන්තරය හා ස්වකීය බුහුණනියන්වූ යෞවන කුමරියද මහත් වූ භොගයන් සමග පාවාදුන්නේය. මිගාර සෙනාපතිතෙම පෙර කාශ්‍යප රජු දවස කරවනලද අභිෂේක ප්‍රතිමාවෙහි අභිෂේක රුචිවූ පරිද්දෙන් කෙළේය. උත්තර සෙනාපති තෙමේද සියනමින් පදන් ගෙයක් කරවීය. ඒ රජතෙමේ මෙසේ පිංකම් කොටගෙන අට‍ළොස්වන (18) හවුරුදුයෙහි ආයුඃ ක්‍ෂය බවට පැමි‍ණියේය. අති බලසම්පන්න වු කසුබ් රජුගෙන් ජයග්‍රහණය කෙළේද කෘත පුණ්‍යක්‍ෂය සමයෙහි තමාවෙත එලඹි මෘත්‍යුමාරයා කෙරෙන් ජය ග්‍රහණය කරනු නොපොහොසත්ව හේතෙමේම මරහට දාස යෙක්සේවිය. එබැවින් ප්‍රාඥයෝ මරහු බලපැහැර සුවපත්වන්නාහ. එබැවින් තමා හඳුනන්නහු ශාන්ති පදවූ නිර්‍වාණය ලැබීය යුත්තාහුය. එහෙයින් කීහ.

“එවං කස්සපතො ජිතො අතිබලී-පුඤ්ඤාක්ඛයෙ සබ්බතෙ ජෙතුං නොවිසහිත්‍ථ මච්චුමපගං-සොයෙව දාසොවිය. තස්මා මච්චුබලං නිහච්ච සුඛිනො- හෙස්සන්ති මෙධාවිනො නිබ්බාණං පරමච්වුතං සිවපදං- පත්තබ්බ මත්තඤ්ඤැනා”

සුළුවශයෙන් අවස්ථා දෙකකදී [ බු : ව : 1151 දී හෙවත් ක්‍රි : ව: 608 සහ බු: ව : 1157 දී හෙවත් ක්‍රි : ව: 614දී ] සීගිරි නුවර සඳහන් කර තිබිමහැර ඊට පසු මේගැන මහාවංශයෙහි කිසිවක් සඳහන්කර නොමැතියි.

පසුකාලයක බු: ව: 1071 හෙවත් ක්‍රි : ව: 526) සිංහා සනාරූඪවූ ඒ සිලාකාළ මිහිපල් තෙම කෙළෙස් (18) හවුරුද්දක් රාජ්‍යය කෙළේය. ලක්දිව සතුන් නොමරණසේ ව්‍යවස්ථාවක්ද පැණවිය.




-(24)-

6 වෙනි පරිච්ඡේදය.[සංස්කරණය]

___________

වර්‍තමාන ප්‍රවෘත්තිය[සංස්කරණය]

මේතාක් සීගිරි මහබලකොටුව පිළිබඳ පූර්‍වප්‍රවෘත්තියකියා තදනන්තරව ඒ පර්‍වතය හා එහි වූ පෞරාණික වස්තු පිළිබඳ වද යමක් මෙහිදී ප්‍රකාශකරන්නෙමු. ලංකාවීපයෙහි තිබෙන පෞරාණික නස්ටාවශෙෂයන් අතුරෙන් සීගිරියේ විශාල ගල් කොටුව ඉතා පුදුමාකාරවේ. මේ පර්‍වතය පිහිටාතිබෙන කන්දට පහලින් දැනට ජරාවාසවූද කැලෑවෙන් පිරීගියාවූද නගරයක් තිබේ. සීගිරි පර්‍වතය මුදුනට නැගීම පිණිස සාදා තිබෙණ ශෛලමය ශොපාන පඞ්ක්තිය මේ පුරාණ නගරයෙන් පටන්ගෙන තිබේ. උතුර සහ බටහිර දිශාභිමුණව පැතිර පවත්නා කැලෑ වද, දක්‍ෂිණ දිශාවෙන් පිහිටි මාතලේ කඳුවැටියද මේ ස්ථානයට දෘශ්‍යමානවේ. මෙහි පැමිණි උඩබැලුවහොත් පර්‍වත ශිඛරය හරියට තමහිස කෙළින්පෙනේ. සීගිරියට නගින සෑම දෙනාටම ඒ පිළිබඳ අතීත වර්‍තමාන ඉතිහාසය දැනගන්ට ආශාවක් උපදී. සීගිරි පර්‍වතයවූකලි සමභූමියේ සිට අඩි 500ක් පමණ සෘජුව නැගීසිටි විශාල පර්‍වතඛණ්ඩයක් වේ. මුහුදුමට්ටමේ සිට පර්‍වතමස්තකය දක්වා උස අඩි 1144 ක් පමණ වන්නේය. පර්‍වතයමූලය හාත්පස අක්කර 50 කට අධික වූ භූමිප්‍රදෙශයක් වටකොට i වන කොටුවමෙන් කරවනලද ඝන ශෛලමය ප්‍රාකාරයන්ගේ සලකුණු මෙකල්හි දක්නාලැබෙත්.

i වන බලකොටුවේ වට ප්‍රමාණය යාර 15980 ක් පමණවේ. කොටුබැම්ම අඩි 20 ක් පමණ උස්වූ විශාල වාපිඛණ්ඩයක්මෙන් දර්‍ශනයවේ. සිගිරිකොටුවට පුරාණයේ ගමන්කළමාර්‍ගය දැන් අප ගමන්කරණ මාර්‍ගය නොවේයයි ඇතැම්හු කියත් අප ගමන් කරනමාර්‍ගයේ පහළබෑවුම්වලපිහිටි පඩිපේළි 98 ක් නැඟුණු පසු යථොක්ත පුරාණමාර්‍ගයවැටී තිබුණ ලාංඡන දක්වන නෂ්ටාවශේෂ ද්‍රව්‍ය දක්නා ලැබෙත්. ඇතුල්කොටුවේ ප්‍රකාරය සමීපයෙහි දෙභික්තිය අතර වැවදෙසට බෑවුම් ආකාර දක්වන ස්ථානය පුරාණමාර්‍ගය වියයුතුයයි ද සමහරු කල්පනාකරත්. එහි පඩි පෙළවල් සහිත පිල්කඩ සාදාතිබුණ බවද පෙනේ. එහිසිට


-(25)-

බලන්නන්ට පුරාණවස්තුපරීක්‍ෂක මහතාගේ නිවාසස්ථාන ආදිය කරවා තිබුණ තාවකාලික ගොඩනැගිලිවල කොටස් දක්නට ලැබෙත්. එහිසිට මඳක් දුර ගමන්කරනවිට නගර නිර්‍මාණශාස්ත්‍රයෙහි දක්‍ෂ වූ සිංහල කර්‍මාන්තනායකයන්ගේ දක්‍ෂවූ කර්‍මාන්තයක් වූ ශෛලමය මහා ප්‍රාකාර චලයෙහි නෂ්ටාවශෙෂ දක්නාලැබේත්. තන්හි තන්හි පිහිටි විශාල ගල් මන්‍දිර ශාලා වන්ගේ අත්තිවාරම්වලට ඵලනලද ඒ වාවෙති. එසේම ගල්කණුව රමණීය පොකුණු කරවන ලද්දාහුය. පැරණි නටබුන් කර්‍මාන්ත පරීක්‍ෂක නිලධාරීතැනව සිටි එච්. සී. පී. බෙල් මහතා විසින් සීගිරි නගරයෙහි ගෘහමන්‍දිර ශාලාවන් පිළිබඳ ටැම් හෝ බිත්ති පිහිටුවීම සඳහා කරණලද ඇඟිලි හා කොටනලද වලවල් සහිත කුදු මහත් ගල් රැසක් ඇත්තේයයි කියනලදී. නෂ්ට ප්‍රායවූ පවුරුවලල්ල සමීපයෙහි සිට ඉහළ නැඟීමට බැඳ තිබෙන පියගැට පඞ්ක්තියෙන් පඩිපේලි 17ක් මෑතදි කරවාතිබේ. එහි මුදුනට නැඟුණුවිට වම්පසෙහි පිහිටි විශාල ගලක් මතුයෙහි කණවනලද පොකුණක් දක්නට ලැබේ. දිගින් අඩි 18ක් හා ගැඹුරින් අඩි 6ක් පමණ ඇති ඒ ප්‍රෂ්කරණීයට බැසීමට ගලින්ම කපනලද පියගැට 4ක් තිබේ. ඒ පුෂ්කරණිතොම පිරිසිඳු ජල නමැති සිවියෙන් බබලන්නීය. මෙහිද ආවරණ ගෘහයක් කරවාතිබුණ අත්තිවාරම පැහැදිලිවශයෙන් පෙණෙන්ට තිබේ.

මෙහිසිට පුර්‍වදිශාවෙන් පිහිටි විශාල ගල්දෙකක් මධ්‍යයෙහි ශක්තිමත් බැම්මක් බැඳතිබේ. පෞරාණික කොෂ්ඨයෙහි පූර්‍ව දිශාවට සාදනලද මහාචාරය මේයයි කල්පනාකළහැකිය. මේ දොරටුව ආරක්‍ෂාකළ මුරකරුවන්ගේ ගෘහ මෙම ගලේම කණවා තිබෙත්. ඊට සම්පස්ථානයෙහි රජුගේ රැස්වීම් ශාලාව තිබුණ ස්ථානය දැක්ක හැකිය. ශෛල මස්තකයෙහි පිහිටි ඒ ශාලාතොමෝ දිගින් අඩි 60ක් හා පුළුලින් අඩි 40ක් පමණ ඇත්තීය. ශෛලයෙන්ම නිර්මිතකරනලද රාජාසනය දිගින් අඩි දහසක් හා පුළුලින් අඩි හතක් පමණවේ. එහි දෙපසෙහි මහාදිපාදිතුමාගේ සහ මහාමාත්‍යතුමාගේද ආසන යුග්මය කරවා තිබේ. සමහරු මීට ධර්‍මාසනයයිද කියත්. ශෛලමයවූ ඒ අසනා සියල්ලම මනා සුවපහසු දෙනාකාරයෙන් ඉතා






-(26)-

ශොභනව කරවා තිබෙන ඒවා වෙති. යථොක්ත පුෂ්කරණිය කරවා තිබෙන ගලේ බෑවුමේ පිහිටි ගල්ලෙනතුළ විහාරයක් තුබුබවට ලකුණු දැක්කහැකිය. ශෛලමය විතානයෙහි අඳින ලද පෞරාණික චිත්‍ර කර්‍මාන්තයන්ගේ නෂ්ටාවශෙෂයෝ මේතාක් දීප්තිමත්ව නිරූපද්‍රව පවතිත්.

මෙහි සිට මඳක් ඈතින් අඩි 40 ක් පමණ උස්ව නැංගාවූ ක්‍රමොන්නත නාගඓණාකාර දක්වන පර්‍වතගුහාවක් ඇත්තේ ඒ ගිරිලෙනද පුරාණ විහාරස්ථානයකි. එහි වියන්තලයෙහි මාරයුඬය දක්වන චිත්‍රකර්‍මාන්ත කරතිබුණ බැව් වටහාගතහැකි අවුරුදු 1500 කට පෙර අඳිනලද සිතුවම්වල ශෙෂවූ කොටස් හෙතුකොට වර්‍තමාන චිත්‍රශාසත්‍රඥයෝ පවා විසම්යට පත්වෙත. වටදායගෙය සහිත පුරාණචෛත්‍යය මීට මඳක් ඈතින් පිහිටා තිබේ. චෛත්‍යයේ ශෙෂවූ කොටස් සමූහය සම්භූමියේ සිට අඩි 6 ක් පමණ උසින්පැනේ. වටදාගෙයි අත්තිවාරමපමණක් එහිදී දකින්ට පුළුවන. මීට සමීපවූ තවත් ගිරිලෙනක විහාරයක් තිබේ. එහි වැඩසිටින කවන්‍ධ ප්‍රතිමාරූපයක් ද ඇත්තේය. මීට ඈතින් ශෛලමස්තකයෙක්හි කරණලද ධර්‍මාසනයක් හා එකිනෙකට දුරස්තව පිහිටි තවත් ගිරිගුහා කිපයක් ද විද්‍යාමාන වෙත් බැලූ බැලූ තන්හි ගල්වල කැපූ පැරවල් සහ ශෙෂව තිබෙන භික්ති බැමිද දකින්ට ලැබෙත්. ප්‍රථමයෙන් විස්තර කරණලද මඞ්ගලශාලාව සමීපයෙහි පුරාණ උතුරුදිග දොරටුව පිහිටා තිබේ. එහිදු මුරගෙවල් පඞ්ක්තියක් පිහිටුවා ති‍බුණබව පෙණේ. ඒ දොරටුවෙන් ඇතුල්‍වූවිට සඵටික පාෂාණයෙන් කරවනලද පියගැටපෙළ පිළිබඳ පඩිකීපයක් තන්හි තන්හි දක්නට ලැබේ. එය සීගිරිපර්‍වතය දක්වා දීර්‍ඝවිතිබේ.

උතුරුදිග දොරටුවෙන් ඇතුල්වූවිට දකුණුපසින් හස්ති ශාලාවයයි ව්‍යවහාරකරනලද බොහෝ දික් වූ ශාලාවක බැම්මක් පමණක් ශෙෂවතිබේ. එහි අර්‍ඬචන්‍ද්‍රාකාර සඳකඩපහනක් නෙලා තිබේ. නමුත් එය දැකුම්කලු නොවේ. වැව පෙදෙසින් ගමන්කරණකල අප දකුණුපසින් ගරාවැටීතිබෙන විශාල ගල් බැමීවල කොඨාස හා විශාලගල්ද දක්නා ලැබෙත්. පළමුවෙනි බලකොටුවේ එකිනෙකට මඳක්දුරස්තරව පිහිටි කොදෙව්වක් ඉඩම්කට්ටි යෙක් ඇත්තාහ. ඉතාම ලොකු දිවයින දිගින් අඩි 250 ක් හා පුළුලින් අඩි 200 ක් පමණවේ. මෙකි දුපත්වල


-(27)-

ප්‍රධාන නිලධාරීන්ගේ ගෙවල් සාදා තිබුබන කල්පනා කරත්. මෙහි‍‍‍‍‍ දියඅඟලක් තිබුණ ලාංඡනද පෙනෙන්ට තිබේ. ඊට සීගිරි වැවෙන් ජලය ගෙනයන්ට ඇතැයි විශ්වාසකරත්.

_________

7 වෙනි පරිච්ඡේදය.[සංස්කරණය]

දැන් අපි ආපසු ගමන්කොට පුරාණමාර්‍ගයයි කල්පනාකරන ස්ථානයෙහි පහළබෑවූමේ නැගෙන පඩිපෙළෙහි අමානුවන පඩියට නැගසිටින්නෙමු. දැන් සීගිරි පර්‍වත මස්තකයටම නැගීමට ගමන්කරමු, වක්‍රවූ ඒ ශෛලසොපාන ඔස්සේ ගමන්කරනවිට එහි දොරටුවද, ආවරණයකොටසිටී භික්තියද, එහි අභ්‍යන්තර යෙන් අඩියක්ද නිරීක්‍ෂණය කළහැකිවේ. පිල්කඩවලසිට වඞ්කමාර්‍ගයට ඇති පියගැටපඞ්ක්තිය සම්පූර්‍ණයෙන් අභා‍වයටගොස් තිබේ. මෑතදී සවිකරණලද අයොමය අත්වැලක හා හිණිමගක ආධාරයෙන් ඒ වඞ්කමාර්‍ගය වෙතට පහසුවෙන් නැගෙයතහැකිවේ, පුරාණ කැඩපත් පවුරේ (ආදර්‍ශමය වූ භික්තියේ) පළමුවෙනි කොටස බිඳවැටීතිබේ. එහි ශෙෂව තිබෙන භික්තිය අඩි 9ක් පමණ උස්වේ. ඒ පිල්කඩහැටියට දිගට කරවන ලද බැවින් වඞ්කමාර්‍ගයෙහි යන්නෝ මනා‍කොට සුරක්‍ෂිතවෙති. සතුරන්ගේ සැරපහරකින් එහිසිටිනවුන්ට කිසි අන්තරායක් නොවන්නේය. ඒ භික්තිය ඉතිතදවූ සුණුබදාමකින් ආලෙපකොට තිබේ. එය කිරිගරුඩගලින් කළ කර්‍මාන්තයක් මෙන් ඔපය ඇත්තේය, අවුරුදු 1500 ක් මුළුල්ලේ අව්, වැසි, සුළඟින් පහරණ ලද්දේ වූවත් එහි වූ සිනිඳු ඔප මට්ටම් අදදක්වාත් පවතී. පුරාණ දේවල්පරීක්‍ෂක මහතාවිසින් එහි අයොමය ගරාදි‍දොරක් සාදා ආරක්‍ෂාව සඳහා මුරකරුවෙක්ද සිටුවාතිබේ.

වර්‍ෂ 1869 දී කැඩපත් පවුර භික්තියේ තිබී පිටපත් කරගන්නා ලද ශිලාලිපියක් 1905 දී පුරාණ දේවල් පරීක්‍ෂක කොමසාරිස්තුමාගේ සාංවත්සරික වාර්‍තාවේ පළමුවෙනි පේලියෙහි මෙසේ කියාති‍බේ.



-(28)-

“1. අනුරාධපුරයේ බොධිගත................... 2. යේසොහිත පැවිද්දිමහ...............3. කල්‍යාණ වතින්ත සතරවනු ................ 4. වෙස‍ඟේ බලගියෙමි”

මෙහි භාවය:-

“* පළමුවෙනි මහාකල්‍යාණවතී [මහාරාජිණී රජපැමිණී.] සතරවන හවුරුද්දේ අනුරාධපුර බොධිගන විහාරවාසී සොහිත[ බෞඬ තාපස භික්‍ෂූ] තෙම මේ ශාලාව පරීක්‍ෂා කෙළේය,” යනුයි. බු: ව: 1757 හෙවත් ක්‍රි: ව: 1214 දි ප්‍රලහස්තිපුරය අග නුවරකොට රජපැමිණි කළ්‍යාණවති මහාරාජිණියගේ ශීලා ලිපිවලින් උපුටාගන්නාලදී.)

ලඞ්කාණ්ඩුවේ ප්‍රසිඬ වැඩ දෙපාර්තමේනතුව පිළිබඳ කාර්‍ය්‍යමණ්ඩලය විසින් එහි යකඩ ගරාදිවැටක් සාදනුලබන්ට පෙර මේ පර්‍වතය මුදුනට නැගයාම අතිශයින් අනතුරුදායකව පැවැත්තේය. එහෙයින් ඒ පර්‍වතයනැංගෝ ස්වල්පදෙනෙක්වෙති. මක්නිසාද කිවහොත් එහි වඞ්කමාර්‍ගයෙහි බොහෝ තන්සම්පූර්‍ණයෙන්මවාගේ බිඳවැටි තිබුණ බැවිනි. අධුනාකාලයෙහි පවා එහි සමහර ස්ථාන කෙතරම් අන්තරාය සහිතද, කිවහොත් යමෙක් ලිස්සාගියහොත් එකෙණෙහිම ඔහුගේ මරණය සිදුවීම ඒකාන්තසත්‍යයකි. නමුත් අවුරුදු බො‍හෝ ගණනකව පූර්‍වයෙහි මේ පර්‍වතමස්තකයට නැගුනු බියරහිත අයවලුන්ට පර්‍වතයෙහි වටේ අඟල් 6 ක් පමණ පුළුල් වූ ඇගිලියක ආධාරයෙන් ගමන් කරන්ට සිදුවූයේය. යුරෝපීය මිනිසුන් කීපදෙනෙක් මේ භයංකාර ගමන ගියබැව් සඳහන්ව තිබේ.

වර්‍ෂ 1853 දී මාතලේ දිස්ත්‍රික්කයේ ආදායම්පාලකධූරය දැරූ ජේ. බේලි මහතා සීගිරිය ගැන මෙසේ කියයි. “දඹුල්ලට ඊසාන දිගින් හැ: 11 ක් පමණ ඈතින් ඉනාමලුකෝරළේ පුදුම සහිත සීගිරි බලකොටුව සහ නගරයේ ප්‍රාකාර සහිත ජරාවාසද පිහිටා තිබෙත් මේජර් පෝර්බස් මහතා විසින් ලංකාව ගැන ලියනලද

ලක්රජය කළ 4 වෙනි බිසව මේ මහාරාජිණීන් වහන්සේය. ආසස්සමත්ත සෙනාපතීන් ලවා නීති ශාස්ත්‍රිකයක් හා පණ්ණ ශාලකනම් ග්‍රාමයෙහි කල්‍යාණවතිනම් විහාරයක් ද කරවූවාය.


-(29)-

පොතේ ඒ පිළිබඳ සඳහන්කරතිබෙන නමුත් හරියාකාර එය සොයාගැනීමට ඔහුට නුපුළුවන්වූ බව එහි කියාතිබේ. මේ මුළු කෝරළයම පහත් කැලෑවෙන් වැසුනාවූද අතරින් පතර ආවරණය රහිත උස්ව නැගීසිටි පර්‍වතවලින් ගහනයවූද විශාල තැනිතලාවකි මේ අතරපිහිටි සිගිරි පර්‍වතය ප්‍රපාතවලින් යුක්තව නිර්භීතාකාරයෙන් ඉහළට නැගීතිබෙන්නාවූ ප්‍රාකාරයක ශොභාව පැහැදිලිව දක්වයි. එහි උස තැනිතලාවේ පටන් අඩි 800 ක් පමණවේ. දකුණුපසින් සහ නැගෙණහිරපසින් පහසුවෙන් නැගීමට අඩි 300 ක් පමණවේ. නමුත් පර්‍වතය මුදුනේ උතුරු කෙළවර ස්වභාවයෙන් බෑවුම් හැඩය අඩි 350 ක් පමණවූ ශිඛරය දක්වා පිහිටියේය. එහි හාත්පස විශාල ගල්පවුරක අත්තිවාරම් සහ හිත්නාවශෙෂතිබේ. විශාලගල් බදාම වර්‍ගයකින් සම්බන්ධ කොටතිබේ. වෙඩි බෙහෙත් සොයාගැනීමට ප්‍රථම මේ පර්‍වතයට ලඟාවීම අතිශය දුෂ්කරවූවකි. මක්නිසාදයත්? මේ පවුර ගොඩ නගන කාලයෙහි ඒ පිලිබඳ ස්වදේගින්ගේ (සිංහලයන්ගේ) දැනීමක් නොතිබුණහෙයිනි. ගොඩනැගිලිවල ජරාවාස අනුප්‍රාකාරය ඇතුළත දක්නාලැබේ. අවශෙෂ ගොඩනැගිලි අතර හතරැස් ගල් අත්තිවාරමක් අගලින් වටවීතිබේ. පර්‍වතයේ දකුණු කෙළවර අඩි 300 ක් පමණ ඉහලට නැගුනුතැන පැතලි වේදිකාවක් සාදා තිබේ.

තවද පර්‍වතයේ මුල්ලකසිට විරුඬමුල්ලට කෙ‍ළින් බටහිර දිගට යාර 200 ක් පමණ ඈතින් උස් මාවතක් ගලින්ම කපා තිබේ. පර්‍වතයේ කනවනලද මට්ටම්වූ පිලී මතුපිට විශාලගඩොල් රාශියකින් එහි අත්තිවාරම් සාදාතිබේ. මේ උස්මාවත අඩි 15 ක් පළල්වූ අඩි 12 ක් උස් වූ ගඩොල් ප්රාඑකාරයකින් ආරම්භකොට දිගගල් අතුරාතිබේ. එයින් යාර 100 ක් පමණ කොටස අව්රුදු කීපයකට ප්‍රථම සාදවනලද්දක්මෙන් සම්පූර්‍ණයෙන් ඔපදමනලද දිලිසෙන්නා වූ කපලාරු භික්තියවේ, පර්‍වතයේ උතුරු කොටස මටසිලිටුය. මුල්ලෙන් මුල්ලට අංශක 15 ක කෝණයක් සෑදී තිබේ. දිගපිලිකානු අඟල් 3 පටන් 6 දක්වා ගැඹුරුය අඩි 3 සිට 6 දක්වා එකක්මතුපිට එකක්බැගින් ශිඛරය දක්වා සාදා තිබේ. පර්‍වත මස්තකයෙහි සරල සමාන්තරව අඟල් 6 ක් නොහොත් 8 ක් පමණවූ හතරැස් කුඩා වලවල් සාරාතිබෙත්. මෙය වූකලී උතුරුදිගින් ගලමුදුනට නගින මාවත සාදන ලද අත්තිවාරම්වලට ශාක්‍ෂියකි.






-(30)-

“සැප්තම්බ්‍ර 22 වෙනිදින ඇඩැම්ස්මහතා සහ මමද මගේ ලිපිකාර විජයකෝන මහතා ද ස්වදේශීන් කීපදෙනෙක් ද කැටුව මේ පර්‍වතයට නැගුනෙමු. නමුත් එය අන්තරාය සහිත ගමනකි. මක්නිසාදයත්? දිගටමතිබුණ පිලිකැඩීගොස් නැගීමට, ආධාර වන්නා වූ ගස් සහ මුල්නොමැතිව තිබුණ නිසාය. මුදුන සමීපයේදී අංශක 30 පමණ කොණයක් නැගීමට තිබුණ හෙයින් අපි නැවතත් ගල්අත්තිවාරම් සමීපයට පැමිණියෙමු. පර්‍වත මස්තකයේ ප්‍රමාණය අක්කර 2 ක් පමණවේ. එය කැලෑවෙන් වැසී තිබේ. ඒ මධ්‍යයෙහි අඩි 45 ක් පමණ වූ ආයත චතුරශ්ශ්‍රාකාර වැවක් කැටයම්කළ ගලින් සාදා තිබේ. එය මෑතදී නියඟ කරණකොට සිඳීගොස් තිබෙණබව පෙනේ. දකුණු කෙළවර අඩි 15 ක් දිග සහ 8ක් පුළුල ඇති කුඩාවැවක් කණවා තිබේ. එහි පිරිසිදු ජලය රඳාතිබේ. පර්‍වත මස්තකයෙහි විසීර තිබෙණ ගල් සහ ගඩොල් රාශිය නිසා සොයාගත නොහැකිවූ තවත් ජරා වාස දේවල් ඇතුවාට අනුමාන නැත. මීට දස වර්‍ෂයකට පූර්‍වයෙහි ස්වදේශීන් දෙතුන්දෙනෙක් හැර විදෙශීක කිසිවෙක් මේ පර්‍වතමස්තකයට නැගුනුබවක් සඳහන් කර නොමැත්තේය.” (ඔරියන්ටලීස් සඟරාව.)

පියවි පයින් පමණක් ම මේ ගමනයාහැකිවේ. එසේ නමුත් එයද අතිශයින් අන්තරාය සහිතවේ. ලිස්සායාමේ භය පමණක් නොව තවත් අන්තරාය කරුණු ද ඇතිවෙති. මේ පර්‍වතය අධික වේදනා උපදවන විෂ නළඇති බඹරගණයාගෙන් ගැවසීයේය. මේ බඹරු එහි කර්‍මාන්තරකරන මිනිසුන්ට නොයෙක්වර පහරදී ඔවුන් දුර්‍වලකරති. * අඟල් 6ක් පමණ වූ ගල්නෙත්තියෙහි යමෙක් ගමන්කරන අවස්ථාවකදී මේ බඹරුන් රළක් පහරදෙන්ට වුවහොත් අඩි 200 ක් නොහොත් 300 ක් පමණ ගැඹුරුවූ ප්‍රපාතයක වැටෙනු නිසැකයි. පර්‍වත මස්තකයට නැගීමට දුෂ්කර වූ කොඨාසය බඹරුන්ගෙන් ගැවසීගත් සෙයින් එහිනගින්නට පරිස්සමින් සබද නොපවත්වා යනලෙස දැනුම්දීමක්ද සවිකොට තිබේ. පියගැට පෙළට අඩි 45 ක් පමණ ඉහළින් පර්‍වතයේ මධ්‍ය

නොබෝදා සිගිරි බැලීමටගිය ඇමරිකන් පිරිසකටද මේ බඹරුන් ඔවුන් ගේ දස්කම් පා කීපදෙනෙකුට තුවාල කළබැව් සැළයි.




-(31)-

භාගයේ කණවනලද එක්තරා නොගැඹුරු ගුහාවක සැළකියයුතු චිත්‍රකර්‍මාන්ත කරවා තිබෙත්. එහි තිබෙන කාන්තිමත් ස්ත්‍රීරූප සඞ්ඛ්‍යාව දහසයක් පමණවෙති. ඒ ශොභන රූප නියම රූපාකාරයෙන් හොබිත්. ඒවා රාජමහෙෂිකාවකගේ සහ පරිවාර ස්ත්‍රීන්ගේ රූපයයිද කියත්. එහි යොදනලද වර්‍ණයෝ * ආශ්චර්‍ය්‍යමද් ආකාරයෙන් පැහැපත්ව තිබෙත් චිත්‍රරූප පෙනෙනාකාර යකඩ දැලකින් එකී ගුහාව වාසා තිබේ. වර්‍ෂ 1889 යේදී ඒ.මරේ මහතා මේ රූපවෙතට නැග එහි වූ වර්‍ණාකාරයෙන්ම පිටපත්කරනලද ඒ පෙතිකඩ රූපය කාටත් බලාගත හැකිවනසේ කොළඹ කෞතුකාගාරයෙහි එල්වාතිබෙත්. ඒ පිළිබඳව ඒ. මරේ මහතා මෙසේ කියාතිබේ. “චිත්‍ර රූපයන්ගේ වර්‍ණවල ඇති අළුත්බවනම් විස්මය ජනකය මෙකල ස්වදේශීය චිත්‍රකාරයන් විසින් ඉතා විරලවශයෙන් භාවිතා කරනු ලබන පච්චාපාට මෙහි ඉතා බහුලව යොදා තිබෙනු දැක්මට පුදුමයට කරුණකි. වැසි, අවු, සුළඟට වැඩිවශයෙන් අසවෙන්ට වියන්තයේ ඇතැම් කොටස්වල පිරීයම් ගැලවී වැටී තිබේ. ගල්භික්තියෙහි එය ආලෙපකළ අන්‍දම එයින් දැනගතහැකිය. පළමුකොට පර්‍වත පෘෂ්ටය සෑහෙනතරම් සමතළයක් වනසේ කොටා මට්ටම්කොට ඉක්බිතිව දහවෙයියා හා පිදුරු මිශ්‍රව මැටි සියුම් ලෙස පදම්කොටගෙන එයින් අඟලක් පමණ බොල්ව සිටිනසේ ගා නැවත ඊපිට ඒ පමණම සුනුබදාමක්ද ආලේපකොට ඒ මතුපිට රූප සිතියම්කර තිබෙනබව පෙනේ. පර්‍වතයෙහි කණිනලද වලව සවිකරනලද හිණිමගක ආධාරයෙන් යායුතු හෙයින් ඒ ගුහාවකරායාම අන්තරායකරය” යනුයි.

දැන් අපි ගමන්ගෙන වක්වූමාර්‍ගයේ පියගැටපෙළ ඔස්සේ කුඩා යකඩ පාලම පසුකළවිට මධ්‍යයෙහි පිහිටි අඞ්ගනයට සම්ප්‍රාප්තවන්නෙමු අඞ්ගනයේ පටන් පර්‍වත ශිඛරය දක්වා දෙපාර්‍ශවයෙහි සජ්ජිත කරන ලද යකඩවැට ඇත්තේය. එහි ගමනතරමක් දුෂ්කරනමුත්

•ලඞ්කාවේ චිත්‍ර ශිල්පයෙහි ඉතා හොඳ කාලය 5 වෙනි ශත වර්‍ෂයවේ. එම කාලයෙහි චිත්‍ර කර්‍මාන්තය සීගිරියේ සිතුවම් ආදී යෙන් දක්වන සැරසීලි ක්‍රමය පිළිබඳ චිත්‍රකර්‍මාන්තයමවේ.




-(32)-

භයානකනොවේ. පර්‍වතමස්තකයට නගින සිංහමුඛවාරය මෙතැන් හිදී දකින්ට ලැබේ. පර්‍වතයට සම්බන්‍ධකොට ගඩොලින් බඳිනලද ඒ උදාරතර පෙනීමක් ඇති සිංහරූපයේ ශීර්‍ෂය අයොමය පියගැටපෙළ දක්වා අඩි 30 ක් පමණ උසට තිබුණේයයි. වෘඬයෝ කියත් සිංහරූපයේ උඩකොටස බිදදමා ඉදිරිපිට හස්තවය හා බ‍ෙඳේකොටස පමණක් ශෙෂව තිබේ. ඒ ඉදිරිපිට අඞ්ගනය අක්කර 10 ක් පමණ විශාලවේ. එහිද කාමර කීපයක් ඇති ලොකු ගොඩනැගිල්ලක නෂ්ටාවශේෂයන් කරා අපගේ නෙත් යොමුකරමු. පවුරේ දකුණු සහ නැගෙනහිර බිඳවැටීතිබෙත්, යට කියනලද කුඩායකඩ පාලමෙන් උතුරු දිග ලොකු ගලකින් කරනලද ගල්උගුලක් ඇත්තේය. එකී ගල් ලෑල්ල අඩි 6ක් පමණ උස් වූ ගල්කරු කිහිපයක් පිටරඳවා තිබේ. එහි දෙපස පුරාණ බන්‍ධනාගාර ගොඩනැගිලි දෙකක් නෂ්ටාව ශෙෂයෝ දක්නා ලැබෙත්. දැනුදු ඊට බන්‍ධනාගාරයයි කියත්.

__________

8 වෙනි පරිච්ඡේදය.[සංස්කරණය]

දැන් අපි විස්මයජනක වූ ඒ සීගිරි පර්‍වතමස්තකයට නැගුනෙමු ශාස්ත්‍රාචාර්‍ය්‍ය එච්. ඩබ්ලිව්. කේව් මහතා විසින් ලියනලද ලඞ්කාවේ නටබුන් නගර නමැති පොතෙහි මෙම පැරණි රාජධානියගැන තරමක් දුරට සඳහන් කරතිබේ. එහෙත් දැනට මෙහි යාමට එහි සඳහන් අයුරු දුෂ්කරවූවක් නොවේ. පර්‍වත මස්තකයට සම්ප්‍රාප්තවූවිට ඇතිවන ප්‍රිතිය විස්තරකළ නොහැකිය. ඈත මහා වනාන්තරයන් අතරතුරු බබලන පිරිසිඳුවූ ජලස්කන්‍ධයන්ගෙන් යුත් පෞරාණික මහාවාපීහු වන හිස් ගී දක්නා ලැබෙත්. ඒ විශිෂ්ට දර්‍ශනයෙහි අගය සලකනවිට ගමනේ වෙහෙසට නිසි ප්‍රතිඵල ලැබෙනබැව් හැ‍ඟේ. සීගිරි පර්‍වතයේ මුදුන අක්කර 3ක් පමණ විශාලව පිහිටියේය. මස්තකය එක් පාර්‍ශවයක සිට අනික් පාර්‍ශවයට යාර 255ක් පමණ දිගඇත්තේය. පුළුලින් යාර 163ක් පමණ ඇත්තේය. අභ්‍යන්තර කොෂ්ඨයෙහි වට ප්‍රමාණය යාර 2112 ක් පමණ වූයේය. පර්‍වත ශිඛරයට නැගුනු තැන්පටන් අතුරනලද සුදුගල් පවුරු සහ ගල් පඩිද දක්නා ලැබෙත්.




-(33)-

පෞරාණික වස්තුපරීක්‍ෂක මහතා ගිණිමං හා යටකි නොගැඹුරු ගල්ඇගිලිද ආධාරකොටගෙන වර්‍ෂ 1894 දී මේ පර්‍වත මස්තකයට නැංගේය. එසේ කෙ‍ළේ මේ පිළිබඳ පරීක්‍ෂාව සම්පූර්‍ණ කරලීමට කළයුතු වැඩ කෙතෙක් දැයි දැනගැනීම පිණිසය. ඒ ගැන එච්. සී. පී. බැල් මහතා විසින් පළකරනලද වාර්‍තාවක මෙසේ කියාතිබේ. “පර්‍වතයේ ඊසානදිග තෙත්තිය ළඟදී වඞ්කමාර්‍ගය පර්‍වතය මුදුනට අවුත් වැටෙනතැන තවමත් ලකුණු කොට සිටියාවූ පඩිපෙළේ මුලපටන් පස් හාරාදැමීම ප්‍රාරම්භකරන ලදී. ඒ කටයුතු සෙමින් සෙමින්ම කරන්ට සිදුවිය. සෙවනරහිත පර්‍වත මස්තකයෙහි දැරියනොහැකි චණ්ඩරශ්මියේ පීඩාවද පිපාසය සංසිඳුවා ගැනීමට එහි පොකුණුවල අපිරිසිදු ජලය මිස වෙන ජල පහසුවක් නැතිවීමද ගස්මුල් හා එක්ව බැඳී ඝනව තදවු ගඩොල් හා ගල්ගොඩවල් අඩි 15ක් පමණ වූ ගැඹුරෙහි සාරවන්ටවීමද යනමේ දුෂ්කරතාවන් නිසා එහි දිනපතා කළ වැඩ ඉතා බැරැරුම්විය. කාලපරිච්ඡේද දෙකකට අයත් කර්‍මාන්තයන්ගේ සුන්බුන් මෙහි විද්‍යාමාන වනබැව් අපට නොබෝදිනකින්ම ප්‍රත්‍යක්‍ෂවිය. භික්තිපිට භිත්ති හා ගෙබිම්පිට ගෙබිම්ද ගලෙහි නෙලු පඩිපිට පඩිපෙළවල්ද එහි ඇතිවූහ. එබැවින් බොහෝ තැන්වල යටඅඩියේ මහගල දක්වාම අගල්කැපීම නුවණටහුරුයයි නිශ්චයකරගතිමි. ඇතුල් ගබඩාගෙවල් යෙදීමද එකිනෙකට වෙනස් වූයෙන් භික්තියක් පාසාම එහි ඇතුල්පැත්ත හා පිටපැත්තද දිගටම පරීක්‍ෂාකටයුතුවිය. පර්‍වතමස්තකය ගැටියදක් වාම් ගෘහශාලා හා මාර්‍ගවලින් සපුරා වැසුණබැව් නිශ්චය කට යුතු වූ බැවින් එහි හාරනලද සියලුම පස් ගෙනගොස් පර්‍වතයේ නැගෙනහිර පැත්තේ ගැටියෙන් පහළට දැමිය යුතුවිය. දැනට තේරුම් ගතහැකිපමණ දුරට කල්පනාකර බලනවිට මෙහි කර වනලද ගොඩනැගිලි අවකාශ පහසුඇතිවූ මහා ගබඩාගෙවලින් යුක්තවූබැව් හැගේ සුදු ගල්පතුරු අතුරා කළ මාර්‍ගවලින් ඒ ගබඩාගෙවල් එකින්නෙකින් වෙන්කොටද ඒ සුදු ගලින් ම කළ පියගැට පෙළින් සම්බන්ධකොට ද තිබුණබැවින් හැ‍ඟේ. සීගිරියේ පුරාණකර්‍මාන්ත අතරෙහි දක්නාලැබෙන විශෙෂ අඞ්ගයක්නම් සියලු තැන්හිම සුදුගල් පාවිච්චිකිරීමයි මහගලින් බෙරා කොට මනලද ආසයක් (සිංහාසනයක්) සාදානලදී. එය අඩි 9 කුත් අඟල් 10 ක් දිග අඩි 4 අඟල් 6 ක් පුළුල් ඇත්තේය. ඒ වනාහි සාරවනලද ප්‍රදෙශයට බටහිරින් පිහිටි උල්විම පාමුල නැගෙණ





-(34)-

හිර අතට මුණලා සිටියේය. නිරිතදිග පර්‍වත ගැටීය අසලද පස් හාරවලදින් ස්වල්ප ප්‍රයෝජන ඇතිවිය මෙහි මහාගලෙහිම කරවනලද අඩි 13 කුත් අඟල් 3 ක් දික්වූ අඩි 9 කුත් අඟල් 10 ක් පුළුල්වූද අඩි 8 කුත් අඟල් 6 ක් ගැඹුරුවුද පොකුණේ අඩි 7 ක් ගැඹුරට පිරීතිබුණ ගඩොල් හා මඩ ඉන් පහකොට මතු ප්‍රයෝජනය පිණිස එහි පැතිසුරා ශුඬකරවන ලදී. වර්‍ෂාජලය මඩරොඩු නැවතත් ගලාවැටීම නවත්වන පිණිස ඒ අවට භූමියද කපා ශුඬකරවනලද්දේය” යනුයි:

ගලමුදුනේ මඳතැනක්ගියවිට රාජකීය පුෂ්කරණය දක්නට හැකිය. ඉන් ඔබ්බෙහි මඳක්දුර දක්‍ෂිණ දිශාවබලා ගියවිට රාජ මාලිගාවේ ශ්‍රියහන් ගබඩාව සහ තවත් කාමර තිබුණාවූ ආකාරමාත්‍ර හගවන භික්තිකොටස් සහ ඊට පිටතින් ආස්තරණය කරනලද ලොකු ගල් පවුරුද දක්නා ලැබෙත්. ඒ ස්ථාන යෙන් පහළට බැස පශ්චිම දිශාව බලා ගමන්කරනවිට පැරණි මුරගෙයකට යනපාරේ මෑතදී සවිකරණ ලද අයොමය වැට සහ සිංහයා පිහිටි අංශයෙන් පටන්ගෙන අනිත් අංගය දක්වා (ජලය බැසයාමට) කණින ලද වාරිමාර්‍ගය දර්‍ශනය කළහැකිවේ. මේ ප්‍රණාලිකාවෙන් බැසයන ජල ධාරාම පර්‍වතය පාවූල දක්‍ෂිණ කොඨාශයේ පිහිටි පොකුණට ගලාබසී මුරගේ පිහිටි ස්ථානයට යාම පහසුවන පිණිස මූලකී යකඩවැට සාදාතිබේ. පුරාණයේදී එහි යාමට ගලෙන් නෙලනලද ගල්පඩි ස්වල්පයක් විද්‍යාමානවේ. යකඩවැට අල්වාගෙන එකී පඩි ඔස්සේ ගමන්කරණවිට ගලින්ම කණිනලද කුඩාගල්ලෙණක් දකින්ට ලැබේ. එහි එකවරම එක මිනිසෙකුට පමණක් පහසුනේ සිටිය හැකිවේ. අනුරාධපුර නගරය හරහා එන සතුරන්ගේ ඊම පරීක්ෂාකිරීමට සහ පළමුවෙනි බලකොටුවේ දූපත් පහේසිටින නිලධාරීන්ට සංඥාදීමට මේ මුරගෙය ආධාරවෙන්ට ඇති.

නැවතත් පර්‍වතය මස්තකයට ගමන්කොට අතිරික්ත නෂ්ටාපශෙෂයන් දර්‍ශනය සඳහා බටහිර බලා ගමන්කරනවිට රාජකීය විහාර ගොඩනැගිල්ලේ අත්තිවාරම් දකින්ට ලැබේ එයින් පුර්‍වදිශාව බලා ස්වල්පදුරක් ගියවිට රාජමහෙෂිකාවන්ගේ පොකුණයයි විස්වාසකරන ශෛලමය පුෂ්කරණියක් ඇත්තිය. දකුණුපසින් බිසෝමාලිගාවක නෂ්ටාවශෙෂද්‍රව්‍ය විද්‍යාමනවෙත්




-(35)-

අඩි දෙකක් තුනක් පමණ උස ඇති පුරාණ භික්තිවල කොටස් සහ අඩි 5 ක් පමණැති ගල් පවුරුද එහි ඇත්තාහ. ගල් නෙත්තියෙන් බටහිර හැරී ගමන්කරනවිට අඩි 10 ක් පමණ වූ දිගහා ගැඹුර ඇති පොකුණු දෙකක් විද්‍යාමනවෙත්, මේ ශෛලමය පුෂ්කරණීහු වෙත්. එතැනින් ඔබ්බට ගියවිට පශ්චිම දිශාවෙන් මුරගෙයක් පෙණෙයි. එහි මුරකරුවන් දෙදෙනෙකුට පහසුවෙන් සිටින්ට පිළිවන. එහි ඉදිරිපිට ප්‍රාකාරයකින් ආවරණය කර තිබුණ ලාඤ්ඡනපෙනෙත් දකුණුදිගින් බොහෝ ඈතින් එන සතුරන් පරීක්‍ෂාකිරීමටද මාපාගලේ සිටින විහාර ආදිපාද තුමාට සංඥාදීමටද මේ මුරපල අතිශය ප්‍රයෝජන අත් කරදුන්නාට සැකනැත. දැනට එහි ගමන අන්තරායකර බැවින් ඒ ඉදිරිපිට යකඩවැටක් සවිකර තිබේ.

ඉක්බිති නැගෙණහිරට හැරී අඩි 50 ක් පමණ ගියවිට බටහිර කෙළවරෙහි තවත් පුෂ්කරණියක් ඇත්තීය. මෙතනින් පූර්‍වදිශාවට ගමන්ගෙනයනවිට ඒ දිශාත්තයෙහි රාජකීය ශෛලායනය දක්නට ලැබේ. ඒ ආසනය ඉදිරිපිට රාජකීය පුෂ්පොද්‍යානය පිහිටාතිබේ. හේ අක්කරයකින් තුනෙන් එක්පංගුවක් භූමිභාගය රජුගේ උද්‍යානයයි ව්‍යවහාරකරත්. මෙය අතිශය රම්‍ය වූ මූකලාන් ප්‍රදෙශයක්වේ. සීගිරි පර්‍වතමස්තකයෙහි වූ මහ ගොඩනැගිලි බිද වැටීමෙන් රාශිභූතව තිබෙන ගඩොල් රාශිය ප්‍රමාණවශයෙන් ලක්‍ෂගණන් වියහැකිය. අත්‍යුෂ්ණත්‍වය හෙතු කොට රක්තවර්‍ණ භාවයටපත් ඒ පර්‍වතකුටයෙහි විචිත්‍ර ලෙස සුදුගලින් කරවා නිමවනලද වංකමාර්‍ගය හා පිල්කඩවල පඩිද නටබුන්ට ගොස් තිබෙන විශාලශාලා මන්‍දිරාදීන්ගේ ගෘහ භූමිද වැවෙහි පැතිර පවත්නා ජලස්ඛන්‍ධය හා ඒ වසා සිටි පුෂ්කර පත්‍ර දර්‍ශනයද යන මෙකීදා එක්කොට ගත්කල චිත්තයට ඇතිවන ප්‍රීතිය කිසිකලෙකත් සිතින් පහවී නොයන්නේය. සීගිරි පර්‍වත මස්තකය පටුවීථින්ගෙන් යුත් කුඩා උද්‍යානකැයි කීම් වටී. එහි ඉවක්නම් තෘණවර්‍ගයා වැටීතිබේ. අවට දර්‍ශනය ඉතා ප්‍රියකරුය, සීගිරි බලකොටුව පිළිබඳ කියයුතු තවත් සැලකිය යුතු වැදගත් කාරණයක් නම් පුරාණදේවල් පරීක්‍ෂක දෙපාර්‍තමේන්තුව විසින් පුරාණකිසි 1687 ක් මෙහි භාරගැන්මවේ. එයින් සමහරක් පර්‍වත මස්තකයේද සමහරක් පඩිපේළිවලද




-(36)-

තිබී සම්බවී තිබේ. මේ කාසිවලින් 1675 ක් රෝමන්රාජ්‍යයේ මිළවේ. මේ සියල්ලම තඹින් සාදනලද ඒවාවෙත් මහරජවරු 14 දෙනෙකුගේද මහාරාජිනියකගේද කාලය මේ මිළවලින් දක්වති. මොවුන්ගෙන් ප්‍රථම රජුවනාහී ක්‍රි: ව: 317-323 අතර රජකළ 2වෙනි එසිකියස් නම්වේ. අන්තිම රජ ක්‍රි : ව: 894-423 අතර රජකළ † හොනරියස් නම්වේ.

_________

9 වෙනි පරිච්ඡේදය.[සංස්කරණය]

_______

සීගිරි වැව[සංස්කරණය]

සීගිරි වැව පිළිබඳ පුරාවෘත්තය ද අපවිසින් සැලකුවමනාවේ. නමුත් ඒ පිළිබඳ යමක් විස්තරකිරීමට තරම් සෑහෙන සාක්‍ෂිසහිත කරුණු නොපෙණෙන බැවින් ඊට ප්‍රපඤ්ච නොවෙමු. පිතෘඝාතක කාශ්‍යප රජතුමා විසින් මේ වැව සාදවන ලද්දේයයි කියනු ලැබේ. වැවේ වටප්‍රමාණය හැ: 8 ක් පමණවේයයි සිතියහැකිවේ. මේ මහාවාපිය කරණකොටගෙණ මුළු ප්‍රදෙශයම චිත්තාකර්‍ෂණය කරණ සුළුවේ. වැව අසබඩ ඇති කුඩාගෙවල් කීපයක් හැර පරීක්‍ෂාවට යොග්‍යවූ අනිකක් නොමැතිවූවත් මේවාපියම ඊට යොග්‍යවේ. වෑකන්ද බොහෝ දුරපැතිරසිටි වැවකන්දේ එක්පසෙකින් සීගිරි මහාබලකොටුවට යන මාර්‍ගය පිහිටියේය, වැව් බැම්ම ස්ථානකිපයකින්ම බිඳගොස් තිබේ. එහි ඉතාම ලොකු කපල්ල බඹ 50 ක් පමණ විශාලව පවතී. මාපාගලට සම්බන්ධවූ ස්ථානයේ කැඩීබිඳීගිය ලොකු කපලු දෙකක්ද එහි සිට හැ: එකහමාරක් පමණ දුර ගියතැන තවත් විශාල කපල්ලක්ද දක්නා ලැබෙත්. ඒවායින් නික්මෙන ජලධාරාව ඔයක් වීමෙන් හැ : 5 කනුවටත් සීගිරිතානායමටත් අතර පිහිටි රාමායනම් ස්ථානය වෙතින් ගමන්කොට තල්කොටෙවැවට වැටේ.

ඒ කාලයෙහි හරිතවර්‍ණ ශෂ්‍යයන්ගෙන් චිත්තානන්‍දනය කළාවූ මේ ප්‍රදෙශය දැනට වනගත චණ්ඩමෘගාදීන්ට වාසභූමියක්ව පවති. තන්හි තන්හි වෙසෙන මනුෂ්‍යයෝද මැලේරියා

*ශ්‍රී මෙඝවර්‍ණ රජු ගේ ලඞ්කා රාජ්‍යකාලයවේ. 2 වෙනි උපතිස්ස හෝ මහානාම රජුවේ. -(37)-

ආදී අනේක රොගයන්ට භාජනව වෙසෙත්. ජලවාෂ්ප සහිත සුලං නොලැබීමෙන් අධිකඌෂ්ණත්‍වයක් එහි ඇත්තේය. මෙකල ඒ සීගිරිවැව කැඩීබිදීයම හේතුකොටගෙන ඒ ප්‍රදෙශවාසීන්ගේ වී ගොවිතැන ප්‍රධානකොට ඇති වැවිලි කර්‍මාන්තයට හා සෞකඛ්‍ය රක්‍ෂාවටද අතිශයින් බාධා පැමිණතිබෙත්.

______________

මා පා ග ල[සංස්කරණය]

කාශ්‍යප රාජයාගේ මහාදීපාදී තුමා මෙහි විසූහෙයින් මීට මාපාගල යන ව්‍යවහාරය ඇතිවිය. එය ආයත චතුරශ්‍රාකාර ගල් තලාවක්වේ. එය වටකොට බඳිනලද විශාල ප්‍රාකාරය අයම් විතරින් යාර 3250 ක් පමණවෙන් විස්මය ජනකාකාර මහා ශෛලයෙන් බඳිනලද මේ ප්‍රාකාරය ස්ථාන ස්ථානයන්හිදී බිඳවැටී තිබේ. ආදිපාදතුමාගේ මාලිගාවේ අත්තිවාරම් සහ ඒ ඒ තැන රාශිවශයෙන් විස්තිර්‍ණව තිබෙන ලක්‍ෂසඞ්ඛ්‍යාත ගඩොල් පමණක් අපට දැනට දකින්ට හැකිය. එහිම තවත් නෂ්ට ප්‍රාප්ත වූ පුරාණ ගොඩනැගිලි කීපයක අත්තිවාරම් තන්හි තන්හි ඇත්තාහ. පුරාණදේවල් පරීක්‍ෂක දෙපාර්‍තමෙන්තුව මගින් මේ රමණීය ස්ථානයද ස්වල්පවශයෙන් ශුඞ්‍ කොට තිබේ. පෙතන් ගලනම් තවත් ගල්තලාවක් මාපාගලම හා තානායමට අතර පිහිටාතිබේ. එහිදු පුරාණ ගොඩනැගිලි තිබුබවට සාක්‍ෂිපැණෙත්. ___________


10 වෙනි පරිච්ඡේදය[සංස්කරණය]

සීගිරි ආරාම පංක්තිය[සංස්කරණය]

දැනට රාමය නමින් ව්‍යවහාර කරන සීගිරි ආරාම කොටස තානායමට මෑතින් සැ: 5 හේ කණුව සමීපයෙහි පිහිටාතිබේ. එහි පෙරමුණේ ගරාවැටුන විශාල චෛත්‍යයක් දක්නාලැබේ. යම් චෛත්‍යය මස්තකයෙහි පටන් පත්ල දක්වා සාරා තිබේ. චෛත්‍ය මාලාකයට නැගීම පිණිස ශෛලමය පියගැට බික්ති සතරක් ඇත්තාහ, මීට සමීපයෙහි විහාරයක් තිබුණ අත්තිවාරම් සහ


-(38)-

සංඝයාගේ පැන්පහසුව පිණිස කරවනලද පොකුණක්ද ඇත්තේය. ශුඬකරණලද අඩිපාර ඔස්සේ හැ: කාලක් පමණ ඉදිරියට ගියකල්හ එකඑල්ලේ පිහිටි ලොකු ගල්කණු පේළි කිහිපයක් දක්නාලැබේ.එයින් සමහරක් බිඳවැටීතිබේ. එය පුරාණාධර්‍මශාලාවක නෂ්ටාවශෙෂයන්යයි කල්පනාකරත්. හතරැස් සැ: දෙකක් ප්‍රමාණ වූ ඒ භූමි ප්‍රදෙශය තන්හි තන්හි බිඳවැටුන සංඝරාම ධර්‍මශාලා ආදීයෙහි නෂ්ටාවශෙෂයන්ගෙන් හා ගල්කණු වලින්ද ගහනව පවතී. පැන්පොකුණු කිපයක්ද මීට ආසන්නව පිහිටියේය. ගලින් කරවන ලද වාරපාලක රූපද මෙහි විද්‍යා මානවෙත්, යථොක්ත චෛත්‍යයට හැ: බාගයක් පමණ ඈතින් වනගතව. පිහිටි තවත් කුඩා චෛත්‍යයක කොටසක් ශෙෂව තිබේ. පෙර කාශ්‍යප=සහ=මුගලන් යන දෙරජුන් විසින් කරවන ලද චෛත්‍ය, විහාර, සංඝාරාම, මෙහෙණිඅසපු, ධර්‍මශාලා, පිරිවෙන්, පොහෝගෙවල් ආදීයෙන් වැසීගිය මේ මනොනන්‍ද නීය භූමිප්‍රදෙශය අෂ්ටලොක, ධර්‍මචක්‍රයේ අයුරු නෂ්ටාවශෙෂයන්ගෙන් හා චණ්ඩවූ වන සිව්පාවුන්ගෙන්ද ගහනව පවතී. මුගලන් රජුවිසින් කරවනලද දළ්හනම් විහාරය හා දාඨා කොණ්ඩඤ්ඤනම් විහාරයද, ජේතවන නිකායික භික්‍ෂුණීන් උදෙසා කරවනලද රාජිණීනම් මෙහෙණවරද මේ ඇ සියල්ලම මේ ආරාම පඞ්ක්තියට ඇතුලත් ස්ථානවෙත්. පුරාණදේවල් පරීක්‍ෂක දෙපාර්‍තමේන්තුව මගින් ගොඩනැඟිලි සමීපයේ පමණක් කැලෑව කපා ශුඬකරති‍බේ. _______________

  • පිදුරාගල විහාරය

සීගිරියේ සිට හැත්ක්මක් පමණ උත්තර දිශාභාගයෙන් පිදුරන්ගලනම් ඓතිහාසික ගිරිලෙණන මේ විහාරය පිහිටා තිබේ. කාශ්‍යප රජුවිසින්සීගිරි පර්වවතය ආසන්නයෙහි පුදන ලද උද්යානනයෙහි සියනමින් කරවනලද කාශ්‍යප විහාරය මෙයවේ. මේ වනාහි සීගිරි පර්‍වතයට මඳක්කුඩාවූ සමභූමියේ සිට එකඑල්ලේ නැඟී සිටි මහාපර්‍වත ඛණ්ඩයක් පාවුල පිහිටි ස්වභාවික

*ස්‍යාමොපාලිවංශික ශ්‍රී පුෂ්පාරාම මහාවිහාර පාර්‍ශවයට අයත් සිඬස්ථානයකි.





-(39)-

ගිරිලෙණක් වේ මෙහි 18 රියන් සැතපෙන බුඬ ප්‍රතිමාවක් කරවා තිබේ. නිධානගත වස්තුපරීක්‍ෂක චෞරයන් විසින් එහි සිරස බිඳ දමාතිබේ. දැනට එය කවන්ධ රූපයකි. ගෘදය පාර්‍ශවයද හාරාතිබේ. එය දක්නා බෞඬසමය වාදීන්ගේ ළය කම්පාකරවයි. මීට සමීපව කුඩා චෛත්‍ය 7 ක් හා පොකුණක් ද විද්‍යාමානවෙත් තවත් ගඩොලින් බඳිනාලද කාමර දශයක් ඇති ලොකුගෘහයක්ද තිබුණේය. එය දැනට ශුන්‍යවතිබේ. ගලෙහි කොටනලද ශිලා ලෙඛණයක්ද තිබේ. විහාරයට නැඟීමට කරවනලද පියගැට පඞ්ක්තිපමණක් නිරුපදෘතව පවතී.

මේ විහාරයට අයත් සම්පූර්‍ණභූමිය ඝනකැලෑවෙන් වැසී තිබේ. කොටී, වලස් ආදී චණ්ඩ සිවුපාවුන‍ගේ ක්‍රීඩාභූමියද නිවාස ස්ථානයද එයමවේ. ගලපාවුල හෙවත් ගල්ලෙණක විහාරයක් තිබේ. එය භාතියරජුගේ පෙළපතින් පැවතඑන කුමාරයෙකු විසින් කරවන ලද්දකැයි කියත්, එහිදු සැතපෙන බුඬප්‍රතිමා වක්හා තවත් ප්‍රතිමාරූපද විෂ්ණු, නාථ, සුමණ යන දෙවි වරුන්ගේ දෙවාලද කරවාතිබෙත් අවුරුදුපතා සිරිත් ප්‍රකාර කරන දෙව පෙරහැරද පවත්වනුලැබේ. විහාරයට පහත සම්භූමියේ ගරාවැටුණ පුරාණ චෛත්‍යයක් හා උපොසථා ගාරයක ගල්කණුද ශෙෂව ඇත්තාහ. කුඩා සංඝාරාමයෙක්හි භික්‍ෂූන් තුන්නමක් වාසය කෙරෙත්. තල්කො‍ටේ වාසීහු එහි ප්‍රත්‍යදායකයෝවෙත්. මේ ගම්වල වැසියෝ 200 ක් පමණ වෙසෙත්. ඔවුන්ගේ දරුවන්ගේ අක්‍ෂරාභ්‍යසයට ඇති එකම පාසැල තල්කොටේ පිහිටුවාතිබෙන සීගිරියේ පාඨශාලාවවේ.

සීගිරියේ සිට පොළොන්නරුවට ඉතා ආසන්න මාර්‍ගයක් අරණ්‍ය මධ්‍යයෙන් වැටීතිබේ. සීගිරි නගරයේ නෂ්ටාවශෙෂයන් බලා පිදුරාගල විහාරයද බැලීමෙන් දියකැපිල්ල, දික්කැන් ඇළ, කටුකෑලියාව යනගම් ගෙවා ගිරිතලේට සම්ප්‍රාප්තව මහාමාර්‍ගය ඔස්සේ පොළොන්නරුවට යාහැකිවේ. ගිරිතලේසිට පොළොන්නරුවට ඇති දුර හැ: 6 ක් පමණවේ. සීගිරියේ සිට වනමඬ්‍යයෙන් වැටීතිබෙන මාර්‍ගයෙන් හැ : 26 ක් පමණවේ. ඝන කැලෑව මධ්‍යයෙන් වැටී තිබෙන මේ මාර්‍ගය නුපුරුදුවූවන්ට අන්තරාය දායකවේ. සීගිරියේසිට හඹරණේට යාහැකි හැ : 8 කින් කිට්ටුවූ අන්‍යමාර්‍ගයක් ද තිබේ. තල්කොටේ අවුඩංගාව යන ග්‍රාමයන්






-(40)-


පසුකොට හබරණේට යායුතුයි. එහි සිට පොළොන්නරුවටම දුර ප්‍රමාණය හැ: 27 ක් පමණවේ. කාශ්‍යප රජතුමාගේ මරණය සිදුවුයේ හබරණේට හැ: 2ක් මෑතීන් පිහිටි හිරිවඩුන්න නම් ස්ථානයේදීයයි විශ්වාසකරත්. සීගිරියේ සිට හිරිවඩුන්නට සෘජුව ඇති මාර්‍ගයේ දුර ප්‍රමාණය හැ: 6 ක් පමණවේ.

අප විසින් වර්‍ණනාකරණලද ඓතිහාසික සීගිරි මහාබල කොටුව හා ඝනවනයෙන් වැසීගිය පෞරාණික සිඬස්ථාන දර්‍ශනය පිණිස ඉන්දියාව ආදී පෙරදිගරටවල බෞඬසමය වාදින් හා අන්‍යලබ්ධික ගමන්කරුවෝද වන්‍දනාකරයන් හා ස්වකීය පූර්‍වකයන් විසින් කරවනලද මහාකර්‍මාන්තයන්ගේ නෂ්ටාවශෙෂ දර්‍ශනාභිලාෂීවූ අන්‍යලබ්ධික ස්වදේශීහුද බොහෝ සේ පැමිණෙත්. එසේම එංගලන්තය ආදී අපරදිග ඈත රටවලින් පැමිණෙන නානා ජාතික නානා කුලීක ලබ්ධික ගමන්කරුවෝද ආශ්චර්‍ය්‍යමද් ඒ සීගිරි මහාබල‍කොටුව බැලීමට ඉතා‍ ආසාවෙන් පැමිණෙත් නිමි