කය්යයි ගෑනියි

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

කය්යයි ගෑනියි


අපේ කිවියෝ බමුණු කිවියන්ගේ සවුවන් සෙයින් කිවි කම්හි යෙදීමෙන් සිනා උපදවන පැබැඳුම් කළහ. බමුණු කිවියා. දෙනුන් සිය දහස් ගණනේ රක්නා ගවපතියන් සෙයින් සිය සතන පිනැවීමෙහි අනුන් දුක්විදුවිම ගසෙකැ වැළ පතක් නෙළන පමණට දූ නො තකා සිය දහස් ගණනේ තුරුණු ලියන් ලා තමා රිසි විඳුවන රජුන් ගේ පා සෙවණේ හැදුණු වැඩුණු දනෝ වෙති. දුඹුල් වූ අඟන ගේ රිසි පැතුම් හැඟුම් නොතකා, ඔවුන් තම කෙළි බඩු සෙයින්, බිලි පුද සෙයින්, තුටු පඬුරු සෙයින්, පුදවත් සෙයින්, සෙවුම් කළ බමුණෝ රා සොඬුන් සුරායෙහි ලොල් වන්නා සේ අඹුසොඬ වැ කල් ගෙවූ. දරු පැටියන් ගන්නට රිළවියන් මරණ වැද්දන් සේ ඔවුන් ගේ රජහු දුන් ගන්නට ගුරුන් මැරූහ, බඩුයෙහි කළ ආසායෙන් මිනිසුන් මරන වල් සොරුන් සෙයින් අඹුවන් ගන්නට හිමියන් නැසූහ. මසකු දෙදෙනකු ගැන්මේ කළ ආසායෙන් අපමණ සතුන් නැසෙනු නොතකා වැවකට හොයකට රුදු වෙඩි හෙළන සැහැසියන් සෙයින් අඟනක ලැබැගන්මේ රිසියෙන් දස දහස් ගණන් දනන් නැසෙනු‍ නොතකා මහ යුද කළහ. එ හැටි අඹු සොඬ රජුන් පා සෙවණේ වූ බමුණු කිවියෝ ඔවුන් නළවනු, ඔවුන් පිනවු, ඔවුන් මත් කරවනු පිණිසැ අඟනුන් ‍ෙග් යටිපල්ලේ පටන් කෙස් අග තෙක් ඇති සියල් සිරුර ලොමක්දු නෑරැ පැදියෙන් වනා පැවැසීමෙහි වෙහෙසින් හුරු පුරුදු වූවෝයි. ඔවුන් අනුවැ ගියා වූ අපේ කිවියෝ ද ඔවුන් ගේ වදන් සිය බසට නගමින් ගෑනු වැනුම් කළහ. ආප්ප පිටි හැළියට මුහුන් දමන්නා සේ තම කවි පබදට ගෑනියක ගේ රුව වැනීම. ඇතුළු කිරීම කවියා අමතක නොකෙළේයි. ඉතිරි රුවක් ‍සපුරා නො වැනීමෙන් කරන ලද කව මල් නැති උයනක් සෙයින් නිසරු බවයි අපේ කිවියන් සිතුසේ. මේ සිරිත කොපමණ දුරට අපේ කිවියන් රැක්කා ද කියත් හොත් මහ කවෙකැ ඉතිරි රුව වැනුමක්, වස් දොස් දුරුවන්නට දෙහි කැපුමක් කිරීමේ දී සිරුරේ ඒ ඒ තන් සදහන් කරන්නාසේ අඟනක ගේ සිරුරේ ඒ ඒ තන් සදහන් කිරීමක් බවට පත් වූයේ යී.

අඟනක ගේ දෙපතුල, දෙදඟ, දෙදණ, දෙවටොර, දුවන හෙවත් උකුළු පෙදෙස, ඉඟ, වසාරොද, දෙපියොවුර, දෑත, දෙ අත්ල, ඇඟිලි, (අත් පා) නිය, බෙල්ල, දෙතොල, දෙ කන, දෙ කොපොල, මුවගබ, දත්, දිව, නැහැය, දෑස, දෙබැම, නළල, වරල, ඈ මෙකී නොකී තන්හි සියලු වස් දොස් දුරු කොටැ ලූහ අපේ කිවියෝ. එ වැනුම් අස අසා රස විඳියෝ ල අපේ වියත්හු ද. එ අයුරු ඉතිරි රූ වැනුම් සිරිඟර (කැමි හෝ) රෙසෙන් යුත් කවි හැටියටයි මෙහි අද සැලැකෙන්නේ. එ බඳු තන් වැනුමක් සිරිඟර (කැරි හෝ) රෙසෙන් යුත් කව් පබදෙක් නම් උපන් වන මැ සිටුනා අඟනක් සිරිඟර රස වගුරෙක් වේ. සිරිඟර (කැමි හෝ) රසය ඉතා සියුම් වූ වෙකි, මත මත් මතෙකිනුදු ඉක්මැවුණු හොත් සුරායෙහි මත නොසැබි තැනට නැ‍ඟෙන්නා සේ මදෙකින් එහාවක් මෙහාවක් වුව අමු කුණු සරුපා බවට පත්වන, මෙ ඉතිරි අඟ පසඟ වැනුම් සිරිඟර රස යුත් කව් පබඳ හැටියට තැකීම රස නො හඳුනන බව පළ කිරීමෙකි.


‘සියුමැලි ගතැ කොමළ

වදිනෙව් විරග ඇඟැතුළ

ඇදැ වැලැඳ මනදොළ

පිරි රිසි ලෙසැ අවල කෙළිකෙළ’ (ක. සේකර)


යනු ‘සිරිඟර (කැමි) රෙසෙන් යුත් කවෙකැයි කියවන්නෝ විළි ලජ්ජාව නැසුවෝයි හෙවත් ගිනි මිනිස් දම් නුහුරු වූවෝයි. මෙහි ඇති රසය දූන් පුතුන් සමඟැ හෝ සෝවුරන් සොවිරියන් සමඟැ හෝ හවුලේ විඳින්නට සිතා බැලීමෙන් ඒ පසක් කළ හැකියි.


‘අතැ මිණිබරණ දුල්

පැහැයෙන් වසා නැබ මුල්’ (ක. සේකර)


යනු කොතෙක් දුරට සැබි වේදැයි විමසා මෙහි සිරිඟර (කැමි හෝ) හැසි හෝ රසයක් නැති බව කාහට වුවත් වටහා ගත හැකියි.

මේ ගෑනුන් ගේ සිරුරු පවත් පැවැසීම අපේ අසුන් කවි කරුවෝ ද දූතයා මත් කැරැවීමේ අවියක් කොටැ ගත්හ. ‘මේ මේ හැටියේ මේ මේ සිරුරු පෙදෙස් ඇති ලියෝ අසුවල් ගමේ සිටිති, ඔවුන් බලා යන්නැ’යි පැවැසීමෙන් තම අස්න ගෙනැයන දූතයා ලිය ලොල් නිවට ගැටයකු සේ මත් කරවන්නට බැලීම ඇත්තේ හැටියට නම් මහ විහිළුවෙකි. අපේ අසුන් කවි කව්රුන් ගේ අසුන් ගෙනැ ගිය සියලු ‍දූතයෝ කුරුල්ලෝයි. මිනිස් අඟනක ගේ රූ සපුව ඇසීම කුරුල්ලකුට කවර නම් වැඩක් සඳහා වේද?

ඒ වැනුම කුරුල්ලා ගේ සිත පිනැවීමට නොවැ කව කියවන්නාවුන්ගේ සිත පුබුදු වීමට යොදන ලදැයි. අපි සිතමු.. ඉතිරින් ගේ රූසපුව ඇසීමෙන් පිරිමින් ගේ සිතේ පිබිදීමක් ඇති විය හැකි. එයින් ඔවුන්‍ ගේ සිතේ අනුරාගය උත්සන්න වන්නට බලනවැ ඇති. ඒ අනුවැ ඔවුනට ඇතිවන ආශාව සිරිඟර රස යැයි අපි සිතමු. ඉතින් දෙවියනේ, ඉතිරි රූ සපුව අසන ඉතිරින්ගේ සිතේ ඇතිවන්නේ කවර නම් අනුරාග-


යෙක්ද? ඔවුන් ගේ සිත් පුබුදු කරවන්නට නම් කළ යුත්තේ පිරිමි රූ සපුව වනා දැක්වීමයි. අපේ අසුන් කව් කරුවන් එ වැන්නක් කොටැ නැති. සිරිඟර රසය නම් පුම ඉතිරි දෙපසට මැ පොදු වූවෙකි. මෙ තන්හි ඇත්තේ අසිරිමත් වූ පිරිමි සිරිඟර රසයෙකි. මෙහි:-

‘ගම්ඹු සිටි මදයුදයට වෙමිනටිය (11)

‘දියතුර පසිඳු යුද ජය ගෙනැ කුසුම් කඩ

 	 තුනු සර ලියන් රඳනා.............’ (143)

‘සමර සමර දිනු වරඟන රැදි.....’ (144)


යන යෙදුම් කොතෙක් දුරට සැබිවේද? මේ යෙදුම් නිකම් පුරුද්දට යෙදුවා මිස ඉන් වන වැඩක් අවැඩක් සලකා හෙළුවා නො‍වෙයි. අපේ කිවියා පැසැසුම් විසින් එ යෙදුවත් ඉන් ඇත්තට මැ වන්නේ ගැරැහීමෙකි.

‘මදයුදයට අටිය වෙමින් ගම්මු සිටිය යනු වෙසඟ නන් හට මුත් ගම් වැසි ලියන් හට සිතට සවනට තොස දෙන්නෙක් නොවේ. අස්න ගෙනැ යන කුකුළා හට එ ඇසීමෙන් ඇති වැඩෙක් නැති. ඉදින් අස්න ගෙනැ යන්නේ මිනිසෙක් නම් ඒ ඔහු විසින් නෑසියැ යුත්තේ මැයි.

ඉතිරි සිරුරේ අඟ පසඟ වනන්නා වූ කිවියෝ එ පිණිසැ නො එක් සබා දැය උපමාන පිණිසැ ගත්හ. කල් යත් යත් ඒ උපමානයෝ ඔවුන්ට සික පද සෙයින් කිසි සැලීමක් පැකිලීමක් හිරියක් කිතියක් නැති වැ යෙදියැ හැකි ‘සමය’ පද බවට පැමි‍ණීයහ. මෙසේ ඇසට නිලුපුල, මූවට රත්පියුම, වතට සඳ, අතුලට පතුලට ළා දළුව, උකුළට වැලිතලය, පියොවුරට හසුන්, තොලට බිඹු වැළ, වරලට තමලු ලිය, මුළු සිරුරට රන් වැල උපමාන පිණිසැ යෙදීම කිවියෝ සිරිතක් කොටැ ගත්හ.

ගෑනුන් ගං, හෝ, විල්, වැල්, වල් සෙයින් දැක්වීමට පුරුදු වූ කිවියෝ ගෑනුන් නැති තැනැ ගං, හෝ, වල්, විල්, වැල් ගෑනුන් කොටැ සරසා පෑමෙහි නැමි ඔවුන් නැති පාළුව මකා ලන්නට ද බැලූහ. ගෑනියක් විලෙකි, නැත හොත් ඔයෙකි, එ ගෑනිය ගේ නෙත් ඔයට හෝ විලට හෝ නිල් උපුල්යැ, ඇගේ මුව විට ඔයේ හෝ විලේ හෝ රත් උපුල්යැ, ඇ‍ගේ මුව ගබ ඔයේ හෝ විලේ හෝ රත් පියුම්යැ, ඇගේ පියොවුරු ඔයට හෝ විලට හෝ හස්හුයැ, ඇගේ සිව් පැහැය ඔයට හෝ විලට හෝ දියයැ. අනෙක් අතට ඔයක් විලක් අඟනක සේ දැක්වීමේ දී ඔයේ විලේ එකී දැයත් සතුනුත් අඟනගේ එ සදහන් අඟ පසඟ කොටැ දැකවීම කැරිණි. රත් මුදු තොල් අතුල් පතුල් ඇති, පිරුණු පියොවුරු බර ඇති, සිහින් සිරුර ඇති, මඳ සිනා පානා අඟනක් ළා දළුයෙන් සැදුණු, පෙලෙන් බර, මල් කැකුළු අටගත් වැලෙකි. අනෙක් අතට ළා දළු ඇති පෙලෙන් බර, මල් කැකුළු අටගැනීගෙන එන වැලක් රත් මුදු තොල් අතුල් පතුල් ඇති, පියොවුරු බර සිහින් සිරුරෙන් උහුලමින් මඳ සිනා පානා අඟනෙකි. එ තමා අපේ කිවියාව.

අපේ කිවියනට මෙ වැනුම් නියර පාදා පෑයේ බඹායි, බඹුගේ එ නියර ඔස්සේ දක්වා පුහුණු කළෝ පෙර ඇදුරෝ යි, එ ඇදුරුවදන් අසරින් පබඳ කිරීම තමා කිවිකම.


‘මහ බඹහු වැටිසන්

ගෙනැජර වදන් තෙල්ලෙන්

තවර කළ මහ ගත් රූ

වියත් විදුතන් රදනා’ (ක. සි. මි.)


යනුයෙන් පළ වනුයේ ද ඒ මැයි. කොයි එකටත්


‘උගහා නො දැහැ ඇදුරන්’


යන්න තමා අපේ කිවියන් ගේ පරම සික පදය.එ අයුරින් හික්මුණු මෙ සැවුල් අසුන් කරුවා ද කිවි කම කෙළේ එ අයුරිනි. ඔහු ගේ ගෑනු වැනුම් පෙර ඇදුරන් ගේ එ වැනුම්හි මඳක් ගෙවුණු පිළිරැව් බඳුයි.

ගෑනුන් ගේ :-

වත පියුමැයි ඇත්තු රැවැටෙති. 16


වත තඹරෙකි.


(මෙහි) ගහන (එහි) කෙමියයි

,, ලවන් ,, පත් යැ

,, තෙපුල් ,, මුවරඳ රසයි

,, සලෙළු නෙත් ,, බමරු යි 17


ගෑනු රන් වැල බඳුයි.


මුන්ගේ කර, අදර, සරණ ඒවායේ නවදළුයි.

මුන්ගේ සිනා ඒවායේ මල් සැපතයි.

මුන්ගේ තුඟුතර සුපුන් තන ඒවායේ පතරපලයි. 20


ගෑනුන්ගේ නුවන් ඉඳුවර යි, වත සපිරුණු ඉඳුයි 22 විල කල් බදකි

මෙහි තඹර ඇගේ වතයි

,, ඉඳුවර ,, නෙත යි

,, රතුපුල් ,, ලවන යි

,, බමරු ,, බැ ම යි

,, සෙවෙල ,, වරලස යි

,, කුමුදු ,, දසනු යි

,, තිසරු ,, පතර තන යි

,, විල්ලිහිණි ,, මිණිමෙවුලයි 28


ගෑනුන්ගේ තන තිසරුයි 50

රන් රූ සිරි ගෑනු 105

පන්සරා සරමෙන් රූ ඇතිවූ ලියෝ 105


මෙ කිවියා විසින් ද සදහන් ලැබූ මෙ පැවැසුම්ද විම යන්න :-


පුන් සදෙව් වුවනිතින් 107

වුවනතින් අමාකාර 108

පුලාසිටි පියොවුරු කරඬු සමා 109

සුරඟන සදිසි 109


වත කමල සැටි

නෙත් පෙටි

සිටිය තනයුග තිසර පැටිය විලසින් 111


කල් සෙදුල් වන

තමල් නිල් වරල්

නිල් උපුල් නෙත්

තිසර තන බර

කොවුල් කුල් තෙපුල්

සුහුඹුල් රඹ වටොර 133


රතද රිනි නාලිය

තෙනෙනා රතාහස

ගමනින් (එ) නාලිය 146


වරඟනන්ගේ අදර, කර, සරණා නවදළ

දසන් කොඳ

වදන තඹර

ගමන කලහස 149


ලක අඟනයි.

සමන්ගිර ඇගේ හිසයි.


කළුගඟ ගොතා හළ වරලයි 152

(මෙහි) තරඟ (ඇගේ) බැමයි

   ,,		දියරොන්	    	   ,,		        සිවිපැහැයයි
   ,,		සළා	    	   ,,			නැබයි
   ,,		නිල් සෙවෙල	   ,,			වරලයි
   ,,		ඉවුරේ වැලිතලය	   ,,			මෙහෙසුරයි  153


ගෑනු රන් වැල්, විදුලි වැල් බඳු වෙති 155

ගඟ අඟනකි 157

ගෑනු විදුලි කලබ බඳුයි 158

ගෑනුන්‍ ගේ :- වත්, බැම, නෙත්. තන

                                      සියපත්. බිඟු නිලුපුල,  තිසරුන් බඳුයි                  159


ගෑනුන්ගේ තන රත හසුන් බඳුයි 160

ගෑනුන්ගේ වත් පියුම් බඳුයි,

පියුම් ගෑනුන්ගේ වත් බඳුයි 161

පියොවුරු සරි රන කුම්බා

වැලි තල උකුළ එක් අම්බා 162


ගඟ අඟන බිඟු කැන් දිගු බැම

සියපත් වනිතා

හස පුන් පියවුරු

රතුපුල් ලවනා

කොඳ?මල් හසිනා 163


කොමළඟනන් පබළ කරන් ...... 166

උවතින් පුන් සඳ

රතදරින් නාලිය

නුවනින් නිල් උපුල්

ගතිනි කනාලිය 167


‘සුරඹුන් සිරින් ............. ළදඟන’ 177


ලියෝ ගත කල් සරි

නෙත් කැන් පිඹළ මියුරු

යුවළත කොකවැළ 185


අසුර, නා, ලිය පසු කළ (අඟනෝ) 186


කනා ලිය (සරි ලියෝ) 186

එක් මැ උපමානය යළි යළි කී ‍පළේ සදහන් වී ඇති ද යනු විමැසිල්ලේ එ කියැවීමේ දී පෙනී යනවා ඇති.


මෙ ගෑනු අඟ පසඟ වැනුම්හිත් ගෑනුබට දැකුම්හිත් සෙසු අසුන් කවි කරුවන් සැවුල් අසුන් කරුට ඇදුරන් මැ වූ සැටි ඔවුන් ගේ එවගේ වැනුම් විමැසීමෙන් දත හැකි වෙයි. මෙ දැක්වෙන්නේ එ පිණිසැ අත්වැළෙකි.


1. සිසි වත[සංස්කරණය]

1 කලා සපිරි සිසි වත, ගිරා 25


2 සඳක් බදු වුවන, ගිරා 26


3 රළ රොන් වැද වැද ............ හොබනා සොමි වූවනත

අමකිරණින් රදනා පිරිසද වැනි, ගිරා 83


4 වූවනත උඩුකුරු කොටැ මුහුළත් බැදැ....................

සොමි තරිඳුට සියපත් හැකිළෙනු පානා වැනි, ගිරා. 86


5 ළඳුන් සොමි වුවනින් දිනවුවට තුරුසෙන් ගෙනැ එන පුන් තරිඳු, ගිරා. 9


6 වතසඳ සිරින් මෙ පුර ළද තම දිනුවයි.................සද

යුද අදහසින් ............. තුරු සෙන් ගෙනැ ............., හස්. 18


7 පුරඟන වුවන් සද ද සඳ මඬල ද ............. හස්. 19


8 පුරඟන වතින් ඉඳු පරදවති, හස්. 22


9 මනකලා මන කලා වුවනත ................. පිරි කලා සඳ වැනි, හස්. 90


10 නවයෝනන් වුවනට කිපි සිසිර කර, හස්. 103


11 සිසිවන වුවන ............ මෙ පුරඟන; සැළ. 12


12 වුවනින් සඳ සදිසි ලිය පරෙවි 83


13 සේකර වන් පැහැසර වත් ..............ලිය, පරෙවි. 92


14 වත සඳ සදිසි මනකල් කල්, කොවුල්. 14


15 වුවන සරා සඳ ............ අඟනෝ, කොවුල්. 18


16 වත සිසි තුල්ල ළදලිය ගොල්ල, කොවුල්. 95


17 ලිය සුමුවට පැරැදැ සඳ තුරුසෙන් ගෙනැ, කොවුල්. 127


18 සදවන් වුවන් පෑ ලිය, කොවුල්. 167


19 වත පුන්සඳ සේ........ ලියන්, කොවුල්. 170


20 යස ලපින් යුත කලා සපිරි සඳ සේ දෙනුවන යුතු වුවනත ලියන්, කොවුල්.183


21 දිය පහරක් වැදැ......... රොන් ඉසිරෙත .......... කතවත ............ රස් පතුරුවමින් ........... දිසි සිසි කියෙලියැ, කොවුල්. 227


22 පුරඟන වුවන් සුපුන් සිසි, කොවුල්. 250


23 සඳවන් මුවැති පුරකලා, කොවුල්. 251


24 ලිය මදහස රැඳි වත සඳ සිරි, කොවුල්. 275


25 සඳට රවටන වත ......... කලුන්, කොවුල්. 281


26 යෝනන් වතින් සඳ පැරැදැ මැ ....... තිසර. 15


27 ලියෝ.......... වතට සිසි කිව, ........... මියුරු. 119


28 තරිඳු රඟ වූවන් .......... ලිය, කොවුල්. 48


29 සිසි එ පුරැ ලියන් වුවනට පැරැදැ, පරෙවි. 157


30 නිසාකර අයුරුවත් ........ ලිය, පරෙවි. 52

එ එක එකෙහි ඇති එක් සම බව සලකා බලත හොත් අපේ එකෙහි කවින් ‘සොඳුරු පොරණ ඇදුරොල් නො හැරැ’ (හස්. 177)

කව් බැඳි සැටි පෙනෙනු ඇති.


:2. කමල් වත[සංස්කරණය]

31 උඹුහුරුවැ පීනන අඟනක් වත සියපත, ගිරා. 87


32 කතා වුවන කමල්, හස්. 131


33 වුවනින් කමල් පෑ .......... ලියන්, සැළ. 47


34 වුවන් රත් පියුම්, පරෙවි. 9


35 තඹර වත, පරෙවි. 86


36 මුක රන් පියුම, පරෙවි. 133


37 තඹර වූවන්, පරෙවි. 161


38 වුවන රන් පියුමැ යි, කොවුල්. 15


39 කමල් වන් වතින්, කොවුල්. 49


40 තඹරෙව් වුවන්, කොවුල්. 70


41 වුවනත් පුල් පියුම්, කොවුල්. 216


42 වත් පියුම්, කොවුල්. 228


43 කල්බඳ වත පුල් පියුමෙකැ ........, තිසර. 26


44 තඹුරුසෙ මුව, තිසර. 39


45 මුව කමල, තිසර. 174


46 වත කමල දැකැ සඳ ........ පුල් පියුමැයි, මියුරු. 8


47 වත කමල, මියුරු. 88


48 මුව තඹර, ගිරා. 21


49 වත සතපත, කොවුල්. 249


50 කමල් වන් වතුන්, මියුරු. 129


51 ත‍ඹරෙව් වුවන, කොවුල්. 40


:3. තන තිසර[සංස්කරණය]

52 තන රනහස පිලා වන්, ගිරා. 35


53 තන රනහස පැටියන, ගිරා. 61


54 තන රනහස පැටියන, තිසර. 60


55 තන රන තිසරා යා, මියුරු. 131


56 පියොවුරු තිසර, මියුරු. 73


57 පියොවුරු ......... හසුන්. තිසර. 34


58 තිසර අයුරු තන, පරෙවි. 77


59 තිසර තන, සැළ. 12


60 ....... තන යුග......හස වැළ, පරෙවි. 169


61 තෙනෙන් රනහසුන් අසුන්දර කළ, මියුරු. 29


62 ........තෙනෙන් පැරැදී වන විල් වන් හසුන්, ගිරා. 24


63 රනහස......... තන දැකැ විළියෙන් වෙස් වළන සේ, කොවුල්. 226


64 අඟනන් උඹුහුරු වෙමින් පිහිනත සියපත ඉඳුවර තිසරුන් රහ දිසි ............හස්. 87


65 අඟනන් පියොවුරු ....... තිසර......., පරෙවි. 9


66 පියොවුරු පිණිසේ........ හස........., කොවුල්. 228


67 පියොවුරු ලෙසින් හොබනා හසරද, හස්. 1


68 තවෙස් පමණ ගත් ලිය පියොවුරුහු, තිසර. 6


69 තොප සැටි රැගෙනැ සිටි තැන, හස්. 2


70 අප සර ගත් තැන, හස්. 21



:4. තන රන තැටිය[සංස්කරණය]

71 රන් තැටි අයුරු (තුඟු !) පින් ‍පියොවුරු, පරෙවි. 21


72 තන රන් තැටිය, කොවුල්. 74


73 තන හෙම තැටිය, කොවුල්. 113


74 පියොවුරු රන් තැටි, තිසර. 74


:5. තන රන කලස[සංස්කරණය]

75 තන ගන රන් කලස, කොවුල්. 129


76 තන රන කලස, කොවුල්. 249


77 පියොවුරු රන කළ, කොවුල්. 274


78 තන ගන රන් කුඹු, තිසර. 89


79 පුන් කුඹු තෙනෙන්, තිසර. 148


80 තන රන කලසි, තිසර. 180


:5. වෙසෙස් තන[සංස්කරණය]

81 පියොවුරු කැකුළු පියුම්, කොවුල්. 116


82 පියොවුරු කිණිහිරි කැකුළෙක අන්දම්, පරෙවි. 170


83 තන පතර පල, පරෙවි. 14


84 තන පල, කොවුල්. 282


85 තන රන පාණ, තිසර. 88


86 පියොවුරු රන පාණ, කොවුල්. 50. 103


87 (තන) ගජ කුඹු, සැළ. 56, පරෙවි. 96. 161


88 තන..........යොවුන් පිඬු, පරෙවි. 13


:6. නෙත් ඉඳුවර[සංස්කරණය]

89 නෙතින් ඉඳුවර සිරි.........., හස්. 22


90 නෙත් ඉඳුවර, හස්. 87


91 ,, ,, ,, 88


92 නුවනින් නිල් උපුල්, සැළ. 47


93 නිලුපුල් (ඇස්), සැළ. 56


94 නෙත් නිලුපුල්, පරෙවි. 9


95 නෙත් මඳ පස්වන සරය (- නිලුපුල), පරෙවි. 92


96 නෙත නිලුපුල්, පරෙවි. 179


97 දිගුනෙත නිලුපුල්, කොවුල්. 95


98 නෙතිඳුවර, කොවුල්. 98


99 නෙත නිලුපුලන්, කොවුල්. 170


100 ඇය නිලුපුල් දිගු නෙත, කොවුල්. 228


101 නිලුපුල් දිගු නෙත, කොවුල්. 251


102 නිල් මානිල් පෙති දිගු නුවනත, කොවුල්. 273


103 නිලුපුල් ඇසින්, කොවුල්. 276


104 නුවනින් නිල් උපුල්, තිසර. 80


105 නෙතු නිලුපුලන්, තිසර. 100


106 නිලුපුල් දිගැසි, තිසර. 180


107 නිලුපුල් නුවන, මියුරු. 26


108 නෙතු උපුලා, මියුරු . 88


109 නෙතින් ඉඳුවරන්, මියුරු. 91


110 නෙතට නිලුපුල්, මියුරු. 119


111 නිලුපුල් නෙතට පැරැදි ........, මියුරු. 132


":7. වෙසෙස් නෙත්'[සංස්කරණය]

112 නෙත් මද බාණ, ‍ෙකාවුල්. 103


113 නෙත් පෙටි, කොවුල්. 182


114 නෙතු සර, තිසර. 51, 175 කොවුල්. 242


115 නෙත් කඩු, තිසර. 69


116 තෙප් කඩුයෙන් මෙන් නෙත් අගින්, පරෙවි. 83


117 නුවන් යුවළ මින් යුවළෙකි, මියුරු. 19


118 සක බමර, පරෙවි. 133



:8. රන ලිය ලිය[සංස්කරණය]

119 කනාලියන් වැනි ළද පුරඟනෝ, ගිරා. 23


120 කනාලිය ......... මෙන් මනා ලිය, හස්. 83


121 ගත රනලිය ........ කත, හස්. 131


122 රන ලියෙව් දිසි ........ මෙ පුරඟන, සැළ. 12


123 රන ලිය වන් ලියන් කැල, සැළ. 47


124 රන ලිය (ලියන්), සැළ. 56


125 පවතින් ලෙළ රන් ලියවන් නළඟන, පරෙවි. 179


126 රන් ලිය එව් ලිය, කොවුල්. 48


127 රන් ලිය තුල ලිය, කොවුල්. 86


128 රන ලිය තුල් ළඳලිය, කොවුල්. 95


129 ..........රන ලිය වන් පුරඟන, කොවුල්. 130


130 රන ලිය සේ ලිය, කොවුල්. 170


131 රන් ලිය වන් ලියන්, කොවුල්. 183


132 රන් ලිය වැනි ලිය, කොවුල්. 194


133 ....රන් ලිය සේ ....... ලිය, කොවුල්. 222


134 රන ලිය බඳ බඳ පුර යෝනන්, තිසර. 80


135 රන් ලිය වන් ළන්ඳු, තිසර. 180


136 රන් ලිය ලෙසිනි ලිය, මියුරු. 50



:9. නෙ හැටි අඟනෝ[සංස්කරණය]

137 රන් රූ සා අඟනෝ, පරෙවි. 130


138 ලිය එව් ලියන්, මියුරු. 35


139 ලිය කප්ලිය

අදර, කර, සරණ ළපලු දසන් කුසුම තන පතරපල, පරෙවි. 14


140 නා ලොවින් ආ ළඳුන් ලෙසින්....... ලිය, ගිරා. 90


141 නා ලිය....... මෙන්, මනා ලිය, හස්. 83


142 ලිය කිඳුරඟනයුරු ලියන්, සැළ. 76


143 .........වෙන් ලිය සරි ලිය, පරෙවි. 83


144 තිසුලවියා කල් බඳ කල්බඳ, පරෙවි.93


145 .....සක් කල් සදිසි ලිය, පරෙවි. 121


146 මියුරන් වැනි (නළ) ලියන්, පරෙවි. 171


147 උරඟනවන් වරඟන, පරෙවි. 114


148 සක්කල් සදිසි ලිය, කොවුල්. 44


149 උමඟන වන් ලිය, කොවුල්. 127


150 සිදු ලිය සදිසි ලිය, තිසර. 180


151 නරණ ලියෙව් ලියන්, තිසර. 34


152 ,, ,, ,, මියුරු. 34


153 නාගන...... අඟනන්, පරෙවි. 133


154 දළ සඳ සඳ වත කත, කොවුල්. 249


155 සුරඟනන් වැනි ළද පුරඟනෝ, ගිරා. 26


156 සුරඹ ලෙසින් ........ නළඹ, ගිරා. 42


157 සුරඹ ලාගෙන....... පුරඹ, ගිරා. 54


158 සුරඹා පසු කැරැ ...... ලිය, ගිරා. 81


159 දිවසර කය රුසිරෙන් පෑ..... කොමළඟනන්, ගිරා. 108


160 පුරඟන ගතින් සුරඟන රුව පරදවති, හස්. 32


161 සුරගන අයුරු පිය ලිය, හස්. 26


162 ඇසිපිය පමණෙකින් පෑ නරඟනන් රගේ වරඟන, හස්. 58


163 සුරඟන සේ ..... ළඳුන් සිටිනා, හස්. 72


164 සුරඟන සේ....... කොමළඟ, හස්. 92


165 අඟන ඇසිපිය හෙළන පමණින් දෙවඟන නොවෙති, සැළ. 12


166 සුරඟන එක සියුමැල්ල, පරෙවි. 68


167 සුරඟන වන් වරඟන, කොවුල්. 15


168 සුරඟන වන් ලිය, කොවුල්. 70


169 සුරසර කය සිරි තුනු ලිය, කොවුල්. 87


170 සුරඟන ..... වරඟන, කොවුල්. 88


171 දිවසර වන් ලිය, කොවුල්. 156


172 සුරඹ රඟ...... කොමළඟ, කොවුල්. 168


173 සුරඟන වන් (කත), කොවුල්. 225


174 කොමළඟ වියොවග.... දඳ, ගිරා. 82


175 ළඳුන් ගත විදුලිය වැන්නේ, හස්. 82


176 .....ලිය විදුලිය වැන්නැ, හස්. 1111


177 ......විදුලිය සේ ලියන්, පරෙවි. 173. 178


178 ......අඟනක උරුවෙස් .... විලසේ, පරෙවි. 177


179 නව සදලේ යුරු (කුමරිය), පරෙවි. 203,සැළ. 100


180 අඟනෝ මල් සරා යස ලිය, කොවුල්. 18


181 සැලෙන පහන්සිළු වැනි රඟන ලිය, සැළ. 75


182 පහන්සිළු සදිසි ලිය, කොවුල්. 129


183 විදු මෙන් ලිය, කොවුල් 232


184 දියේ.... ලියන් ගන ගැබැ විදුලිය.... මියුරු. 86


185 වෙල් එළියේ ලියෝ ගනවලා පෙළේ විදුලිය මෙනි, මියුරු. 28


186 (ලියන්) ගත් මල්දම්, කොවුල්. 106


187 සුරඟන වටන අඟනෝ, තිසර. 34


188 සුරඟන ..... ලියෝ, තිසර. 51


189 සුරඟන යුත් අඟනන්, තිසර. 76.77


190 දිවසර අයුරු ලිය, තිසර. 97


191 සුරන් ලිය..... අඟන, තිසර. 127


192 සුරඟන යැයි ...... මාන නවයෝනන්, මියුරු. 36


193 නෙතුයෙන් දෙව් ලිය වෙන් අඟන, මියුරු. 80


194 සුරඹ වන් කලුන්, මියුරු. 106


195 සුරඟන වන් නළඹ, මියුරු. 124


196 සුර අඟනන්නේ තුනු පෑ නළඹ, මියුරු. 133


197 ගතින් සුර සර..... පුරඟන, මියුරු. 91


198 විලසින් දෙව් අසර..... මියුරු. 131


199 සුර ලිය මන් පැටි කරන ලිය, තිසර. 74


200 ලිය වනදෙවඹු, තිසර. 120


201 නළඹ වන රතැඟිලි කිසල නියරස් කුසුම් තන පල බැම බමර. ‍ෙකාවුල්. 282


202 නළඹ රන්ලිය වදල ( ගීහඬ ඒ ‍වදලේ කොවුල් හඬයි) කොවුල්. 122



:10. අදර[සංස්කරණය]

203 ළඳ අදර වැනි (ගිරා) තුඩ, ගිරා. 2

204 ළඳ අදර බිඹු පල යැයි, ගිරා. 55

205 අදර......... සඳවලා, ගිරා. 54

206 රත් ලවනත බිඹු පලය, ගිරා. 103

207 ලවනිනි රතු පුල්, සැළ. 47

208 පබළු (ලවන්), සැළ. 56

209 අදර..... ළපලු, පරෙවි. 14

210 අදර පෑයෙන් පබළ කරන්...... පරෙවි. 51

211 ලවන වන ලෙවන පලු, පරෙවි. 60

212 විලිකුන් කෙම් යෝනත් ගේ ‍දසන් වරණ‍ට පැරැදුණු........, පරෙවි. 63

213 ලවනත කෙම් පල බඳුවද, කොවුල්. 170

214 රතදරිනි නා ලිය, තිසර. 80

215 රතදර ළපලු, තිසර. 97



:11. වරල[සංස්කරණය]

216 සරල් වරල් නිල් සෙවෙල, හස්. 89

217 සුනිල් වලා (වරල), සැළ. 56

218 වරල වන සෙවෙලන්, පරෙවි. 60

219 වරල් වලේ, පරෙවි. 161

220 නිල් වරල ගන කුළු, කොවුල්. 129

221 වරල කලබ, කොවුල්. 249



:12. බැම[සංස්කරණය]

222 බැම ඉඳුදුනු පිලාවන්, ගිරා. 25

223 .....බැම බිඟු වැළ, පරෙවි. 9

224 කුසුමවියා සැව් දිය මෙන් බැම..... පරෙවි. 93

225 බැම බමර, කොවුල්. 282

226 බැම අළුව, තිසර. 51.175



:13. නළල[සංස්කරණය]

227 නළලත අඩසඳ, හස්. 131

228 නවසඳ (නළල), සැළ. 56

229 නව සඳ පටු නළල, කොවුල්. 20

230 සේකර අඩෙව් දළ, කොවුල්. 103

231 දළ නවසඳ, ‍ෙකාවුල්. 249

232 නවසඳ වන් නළල, කොවුල්. 272

233 ,, ,, පටුනළල, කොවුල්. 274

234 දළ ළ සේකර, මියුරු. 35


14. තෙසු පසඟ ඈ[සංස්කරණය]

235 රත් ඇඟිලි කිසල, කොවුල්. 282

236 රත කමලේ පෙති....... ඇඟිලි, මියුරු. 123

237 සිරිවස සිහිනික, හස්. 132

238 ., ,, සැළ. 56

239 රියසක් යුරු පුළුලුකුළ, සැළ. 12

240 පුලින (පුළුලු කුළ), සැළ. 56

241 රඹ (වටොර), සැළ. 56

242 වටොර රඹ තුරු, මියුරු. 117

243 රන් රඹ කඳ අගැ......., පරෙවි. 66

244 තල කුසුම වන් නැහැය, කොවුල්. 169

245 ගහනත තල කුසුම, තිසර. 100

246 පහන් වැටුපෙව් දගිනි, පරෙවි. 66

247 සිකිගල (දඟ), සැළ. 56

248 තමන් දඟ තොප කරට සරි යැ යි, මියුරු. 92

249 මොනරකර තම දඟ නොසරි....., පරෙවි. 13

250 දසන් කුසුම්, පරෙවි. 14

251 දසනින් කොඳ කැකුළු, තිසර. 80

252 නිය රස් කුසුම්, කොවුල්. 282

253 මුතු (නිය), සැළ. 56

254 නව තඹ පලු වන් පාදේ, පරෙවි. 172

255 ළදළු (පතුල්), සැළ. 56

256 දෙපතුල් ළතඹුරු, කොවුල්. 208

257 පා කමල, කොවුල්. 272

258 ළ හෝ පත් පතුල්, මියුරු. 129

259 රත් පබළ පත් පත්ල, මියුරු. 130

260 දුළ යුග පතුලා ...... රත කමලා, පරෙවි. 169

261 අත් රන් දම්, පරෙවි. 170

262 ,, මල් ,, , කොවුල්. 103

263 අත්අලු තඹර, තිසර. 75

264 අතින්...... රන්දමා, මියුරු. 91

265 අත් ........ විදුලි, මියුරු. 130

266 අලුත් ළපලු පැහැ රඳවන, කොවුල්. 40

267 ළතඹුරු සිරින් අත් පොඩි, කොවුල්. 106

268 ගමන කලහස, පරෙවි. 130, තිසර. 111, මියුරු. 1119, හස්. 21


15. අවතාර ගෑනු[සංස්කරණය]

1 කැලැණි ගඟ වරඟන සමන් ගිරි රජ පියා වැලි පට මෙවුල ඇළ කඳුරු පිරිවරලියෝ රළ අත සයුර පියයා සයුරු රළ පියයාගේ අත තිසර. 99


2 විලඹු තරඟ අත් බමර බැම ඉඳුවර නුවන් තඹර වත සියකර හිමි පරෙවි. 86


3 විල් කත රිවි හිමි කිරණ රන් පත සියපත් වත බිගුරැව් පත කියවන හඬ පරෙවි. 74


4 විලඹු රිවි පිය, තිසර. 62


5 ,, ,, තිසර. 72


6 විලඹු තිසර හර බමර රසබස්


7 ,, තඹුරු මුව නිලුපුල් නෙත්


8 විලඹු අඳුර සළු පට සර මුව රිවි කර (රස්) කර (අත)


9 ,, රොන් පෙරෙවි පට කොවුල්. 63, 233, 237, 225


10 විල් කත වස (දිය) වසන් (සළුව) තඹුරු මුව ,, කෙසුරු දසන් ළහිරු පියහූ (පියයා) කර (රස්) අත තිසර. 73 සුරගඟ අඟන, සැළ. 27


11 නිසා සඳ, හස්. 116


12 ,, කල, සැළ. 57


13 ,, ලිය, කොවුල්. 108


14 ,, කල (ඇගේ කළු වරලින් හුණු මල් බඳුයි තරු) කොවුල්. 178


15 තියඹු (ඇය ගුවන් තල යහනේ ඇතුළ කුසුම් බඳුයි තරු) සැළ. 51


16 තියා කත (ඇගේ හිමියා සඳයි), තිසර. 49


17 නිය දිගැස ( ඕ රිවි මැණ සයුරු කරඬුයේ නදන් කරැ අඳුරු පියන වසයි) තිසර. 91


18 නියා උරගලිය, තිසර. 94


19 නිස කත (ඇගේ උතුරු සළුව අඳරයි), මියුරු. 98


20 නිසඹු (සඳ හිමි රවටනට සැදෑවෙල සහලඟුරු මැඬැනිවයි), මියුරු. 99


21 නිසා කත ( තරු ඇය පළන් ඉද්ද මල්), මියුරු. 100


22 දවකල (ඇය සැදෑ ගින්නට පනිනා විටැ සිදැ විසුළ හරේ මුතුයි තරු),කොවුල්. 234


23 පෙරදිගඟන, පරෙවි. 54


24 පෙරදිගු දිගු නෙත සඳ වෙල වසන් නිලඹර මුහළ පුන්සඳ සඳන තලා පරෙවි. 106


25 ඉඳුරු දිගඹ අඳර වත තඹුරුසියහු පියයා ,, රස් අත පියොවුරු (ගන කුළු) පියොවුරු තිසර 118

26 පෙරදිගඟන දිවයුරු (ඇගේ) රන් දපණ තලයයි දලනිඳු වසනයි ,, රළ අත තිසර. 118


27 පෙරදිගඟන, (සඳ ඇගේ මුකුර) කැටපත - යි - කොවුල් 161

28 පැළ දිගඟන, ගිරා. 92

29 පැළ දිගු යොන්, කොවුල්. 186

30 පැළ දිගඟන, කොවුල්. 196

31 පැළ දිගු දිගැස, තිසර. 83

32 දිගහනන්, පරෙවි. 144

33 මිහඹ, හස්. 161

34 මිහිකත, පරෙවි. 113

35 මහිකත්, කොවුල්. 204

36 මිහි මලඟ, කොවුල්. 25

37 පුරඟන, සැළ. 8, 57


38 පුරඟන

අගල මෙවුල පුන්කුඹු තන මහවේ සීමන් ගොපුර තලා, තිසර. 148


39 ගමඹු. සැළ. 39


40 ලක කොමළඟ සමනළ ගිර හිස කළු ගඟ වරල, ගිරා. 79


41 ලකඟන සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් බර, සැළ. 9


42 සිරිලක් තුනුවග ගිංගඟ කෙස්වැටිය, ¬ කොවුල්. 72


43 සිරි ලකඟන සමන් ගිර කිරුළ ගිංගඟ සයුරු රජ ඇය බඳවටාලු අත, තිසර. 58


44 සිරි ලක් අඟන මහවැලි ගඟ හර සිලිලාර (මූද) දුහුල,¬ තිසර. 86


45 වන සිරි කලා, හස්. 145


46 වන සිරි, සැළ. 37


47 වලඹ පුලින පියවිළිය බමර සපු කැකුළු කරඳමල් විලඳ කොවුල්. 275


එ අයුරු වැනුම් සිහියේ තිබාගෙනැ සැවුල් අස්න කියන්නා හට එ පබඳ කිවියා ගෑනුන් වැනීමෙදී කොතෙක් දුරට ඇදුරු පරපුර අනුවැ ගොස් ඇතිද යනු පෙනී යනවා ඇති.

මෙ වැනුම් පුරා ඇඳීනීමට කවි සිළුමිණි කුසදාව හැදෑරීම වෙසෙසින් වහල් වන බව කියනු කැමැත්තෙමි.

"https://si.wikibooks.org/w/index.php?title=කය්යයි_ගෑනියි&oldid=4479" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි