කව්මිණි මල්දම-ගැටපද විවරණය-iii

Wikibooks වෙතින්

201. අන්වය:- නිතින්, ඉඳුනිල් මිණිගෙය අතුළ ඔසලෝ සුවිසල් ගොසළෝ තෙමහිඟු පතරින්, හැමකල් නුලුවී, සැකයෙන් සසලෝ ගෙමියුරු: ගණකල්මුත්, නද නොකළෝ.

අර්ථය:- නිරන්තරයෙන්, ඉන්ර්කළෝනීල මාණික්ය ගෘහයෙහි එක් රැස්වූ, ඉතා මහත්වූ, ඝොෂාශ්රිදතවූ නොයෙක් මිහිඟු බෙර වැයීමෙන් හැම කල්හිම රැවටී, සැකයෙන් චඤ්චලවූ ගෘහ මයුරයෝ; මේඝ කාලය වූ නමුත් නාද නොකළාහුය.


202. අන්වය:- නිති සුනිමල් රැස් කඳඹින් බබල; මිණි පහවරණින් සසොබන, පැහැදුල්, තම උවන් දැක, තොස් වරහන හැමකල් එකතුල් නෙද පණ විසිනා තොම අළෙය.

අර්ථය:- නිරන්තරයෙන්ම අතිශයින්ම නිල් වූ රශ්ම කදම්බයෙන් බබලන්නාවූ, මාණික්යම ප්රා්සාද බිත්තිවලින් ශොභා සහිතවූ, ප්ර්භාවෙන් දිලියෙන්නාවූ තමාගේ මුහුණු දැක, සතුටට පැමිණි උතුම් කාන්තා සමූහය හැම කල්හිම (ඒ මාණික්යක ප්රා්සාද බිත්ති හා) සමානවූ නොයෙක් කැඩපත් නොවිමසාම හැරියේය.


203. අන්වය:- සලෙල දනන් ලොබ, රා, දන; සකොමල සඳලුවල නිති රැස්වී අසිරි ලෙසින් උදුලලිත ලා කෙළනා තළඹ කැලන් නිසල නෙතින් දිවසර සිරි, පළකළ:

අර්ථය:- සල්ලාල ජනයන්ගේ ලොභය ද, රාගය ද, උපදවන්නාවූ; කොමල ගතියෙන් යුක්ත වූ චන්රි් කා ශාලාවලට නිරන්තරයෙන්ම රැස්වී; ආශ්චර්ය්යෙන පරි‍ද්දෙන් දිලිසෙන්නාවූ, පන්දුූව හෙලා ක්රීයඩා කරන්නා වූ නාටිකංඬගනා සමූහය විසින්, නිශ්චල නෙත්රනයෙන් දිව්යාුප්සරාවන්ගේ ශ්රි්යා පළ කළාවූ;


204. අන්වය:- පුර අබිසරුවන්, අලුබියෙන් හැම සඳ තෙරුවන් අබරණ ගෙන නො පැලඳ හළද; සොඳ තුනුපෙද, පබඳ විදුලිතරගෙව් නිසඳ ස‍ඳෙහි, නොමද දනන් ඇස දිසිවි.

අර්ථය:- ඒ නගරයෙහි අභිසාරිකා‍වන්, ආලොකයට බියෙන් හැම කල්හිම නා නා රත්නයෙන් ගෙන් කරන ලද්දා වූ ආබරණ ගෙන නොපැළඳ හැරියේ නමුත්; සුන්දනරවූ ශරීර ප්ර දේශය, ප්රැසිඬ වූ විදුලිය කාන්තියක් මෙන් චන්ර්ේ නයා නැති කාලයෙහි, බොහෝ වූ ජනයන්ගේ ඇස් වලට දෘශ්යහමාන වූයේය.


205. අන්වය:- නිතර කෙළෙස් කළුහිස වැද නිවසන, පතර සුපිළි බඳනා දෙළෙන් ඔරැඳුන නොහැර කොමල පිය සඳුන් ‍උරෙ වලඳින, එපුර පමාදන, ඉසුරු විලස් ලදි.

අර්ථය:- නිරන්තරයෙන් කෛලාශ පර්වඳත මස්තකයට වැදී වාසය කරනුනා වූ; නොහොත් නිරන්තරයෙන් ක්ලේශයෙන් කූටවූ ඊප්සාවට පැමිණ වාසය කරන්නාවූ, බොහෝසේ මනාව බදින ලද ජටාවෙන් විරාජමානූදෝ නොහොත්; මහත් වූ ‍නොකඩව පවත්නා වූ ක්රීෙඩාවෙන් විරාජමාන වු; අත් නොහැර කොමල වු ප්රිනයාඬ්ගනාවන් උරයෙන් වැලඳ ගන්නාවූ දෝහෝ නොහොත්; අත් නොහැරම කොමල සිනිඳුවූ ප්රිූය (උපදවන) චන්දන කල්ක යෙහි අලේප කරන්නාවූ; ඒ නගරයෙහි ප්ර මාද ජන තෙම, ඊශ්වර විලාස ලද්දේය.


206. අන්වය:- මියුරන් මුහුලස පුණුපල පියයුරු, සමතුන් නඳ මනහර ලිය මියුරු ගී, ලදලින් නවපලු තොල පිවිතුරු ඇඟිලි විසිතුරු ගෙඋයන් පුරඟන සිරි ඉසිලි,

අර්ථය:- මයුර ලක්ෂදණ වූ කෙශ කලාපයෙන්ද, පූර්ණස ඵල ලක්ෂරණ වූ පයෝධරයෙන් ද, කෝකිල පක්ෂීෙන්ගේ මනොඥවු ලයාන්විත මධුර ගීතිකාවන්ගෙන්ද, ලා පත්රක හා දලු තොල හා පිවිතුරු ඇගිලි වලින්ද විසිතුරු වූ ගෙඋයන් පෙළ පුර ස්ත්රීෂන්ගේ ශ්රිලය දැරුවේය.


207. අන්වය:- සුනිල්, මනහර, සෙවෙල් පෙළ මුහු‍ලස, නිමල් උපුල් සුලකුණු දැරු, දිගු ඇස; සුපුල් කමල් මුවහස සුවිලස නන විපුල් ලකල් පොකුරුණි ලියො එකලෙස,

අර්ථය:- අති නිල් වූ, මනහර වු, සෙවෙළ පෙළ ලක්ෂ ණ කොට ගත් කෙශ කලාපය ඇති, නිර්ම ල වූ, උපුල් ලක්ෂපණ කොට ගත්, මනා ලක්ෂනණ ධාරණය කළා වූ දිගු ඇස් ඇති, මනාව පිපියා වූ පියුම් ලකුණු ඇති මුව ඇත්තාවූ හංස ලක්ෂුණ ඇති සුන්දමර විලාස ඇත්තාවූ පියයුරු ඇත්තාවූ; මහත්වූ ද, අලංකාරවූ ද, පොකුණු හා කාන්තාවෝ එකාකාර වූහ.


208. අන්වය:- මිනිසුන් හට නිසිවන, නෙවතුන් ගෙන මෙදෙයින් නොමැතැයි යන බස දුරුවුන, වෙසෙසින් එපුරෙහි විසිතුරු නෙකවණ, කෙලෙසින් පවසමි නියතින නොහැකිය.

අර්ථය:- මුනෂ්යනයන්ට යෝග්යෙ වන්නාවූ නොයෙක් වස්තූන්ගෙන් මෙනම් දෙයක් නොමැත්තේ යයි කියන වචනය දුරුවූ ලෙසින්, ඒ නගරයෙහි විසිතුරු වූ අනේකවිධ වර්ණයනාව, කවර ආකාරයකින් ප්රිකාශ කෙරෙම්ද? එකාන්තයෙන් වර්ණකනා කට නොහැකිය.


209. අන්වය:- සැපතින් විදුරවියා හා සරිකළ, නොත ‘ඳුන රුසිරෙන් කුසුම ‘වියා හා දිරියෙන් එකඟන මෙරගිරියා හා, නුවණින් ගණ දෙවියා හා; අර්ථය:- සම්පත්තිය කරණ කොටගෙන ශක්රයයා හා සමා කළාවූ, ජනයන් ගේ ඇසට අඳුනක් වූ රූපශ්රිගයෙන් අනඬ්ගයා හා සමානවු, ඥානය කරණ කොටගෙන ගණ දෙවි හා සමාන වු;


210. අන්වය:- දැනුමෙන් මිහි බට ගුරා හා විලස; රුපු කැන් ගජ, කුම්හි කෙසරා හා, පැරකුම් බුජබල සිරිනි හරාහා තෙදගින් සරා සැඬ ‘කර කරා හා;

අර්ථය:- දැනුම කරණ කො‍ටගෙන පොළවට බැස්සාවූ, බ්රථහස්පතීගේ විලාශය ඇති; සතුරු සමූහ නමැති ඇත් කුඹුවලට සිංහයෙකු හා සමානූ, පරාක්රවමය හා බාහු බලශ්රිුය කරණ කොටගෙන ඊශ්වරයා හා සමානවූ, තෙජස් ගින්න කරණකොටගෙන සරත් කාලයෙහි සූර්ය්ොටගයාගේ රශ්මිය හා සමානූ;


211. අන්වය:- බිරම් වූ බවෙහි ඇති, දුක් සිතමින්, නිතියෙන් පින්කම්හිම ඇසුරුම්වූ, මෙලෙසින් වෙසෙසින් දත දුක් උසුම්වූ, මගද නම් නිරි‍ඳෙක් එ පුරෙහි වී.

අර්ථය:- භායනකවූ සංසාරයෙහි ඇත්තාවූ, දුක් (ගැන) සිතමින්, නිරන්තරයෙන් පින්කම් ගැනම සිතමින්, හැසිරිම ඇත්තාවූ; මේ ආකාරයෙන් විශේෂයෙන් ජනයාගේ දුක් මුලින් සිඳ හැරි, මගධ යන නම් ඇති රජෙක් ඒ නගරයෙහි වූයේය.


212. අන්වය:- එනිරිඳුගෙ යසසට මුළුදිය තවට ඉමවෙයි. නැණට සහ තිළිණට හැමවිට කලා යදිමන ඉමවෙයි.

අර්ථය:- ඒ රජතුමාගේ කීර්තියට, සියලු ලොකය හාත්පස සීමාවෙයි. ඥානයට හා ත්යායගයට සියලු කාලයෙහි කලා ශාස්ත්රෙය හා යාචකයන්ගේ සිත සීමාවෙයි.


213. අන්වය:- එනිරිඳු ගුණ මුවරඳ පමණ, ලෝ නෙත් කැළුම් බිඟුවන රුපු නැස්මට පමණ නොහිම් තෙද කැළුම් වන.

අර්ථය:- ඒ රජතුමාගේ ගුණ නමැති මල් පැනිවල ප්රහමාණය ලෝකයාගේ නෙත්රම කාන්ති නමැති මී මැසි සමූහය දනිත්; සතුරන් නසන පිණිස ප්රෙමාණ රහිත තෙජස් කාන්ති ඇතිවන්නේයි.


214. අන්වය:- මොහ කග මෙය උදාවන, රුපඹුන් මන මෙනරුන, අලක් පිල්වලු ගෙන, නළල් රත්ගල් විගසිත අතුළ.

අර්ථය:- මේ රජුගේ කඩුව නමැති වැසි වලාකුල උදාවෙත්ම, සතුරු කාන්තාවන්ගේ සිත නමැති මොනර සමූහයා, අලකාවලි නමැති පිල් සමූහ ගෙන, නළල් නමැති රත්ගල් තලාවන්හි, වහා ඇතුරුවාහ.


215. අන්වය:- රුපු ලකුණු සයුරේ උලැගි, කොලකුණු වතුරේ මෙ තෙද වඩ බාරේ, බැහැරේ නො වැඩෙන ලෙසින් දැවී.

අර්ථය:- ශත්රැැ ලක්ෂ ණ වූ සාගරයෙහි නැංගාවූ, ක්රො ධ ලක්ෂ්ණවූ, ජලය මේ රාජයාගේ තේජස් නමැති වඩවාමුඛයෙන්, පිටතට නො පැතිරෙන පරිද්දෙන් දැවුයේය.


216. අන්වය:- රුපු ලියන් මන කෙත, මොහුගෙ තෙද බිජු වපුරන; සිතිවිලි පැන නැගෙන; රත් නෙත් දෙ පෙති පැහැ යුත හැ‍ඟේ.

අර්ථය:- සතුරු කාන්තාවන්ගේ සිත නමැති කුඹුරෙහි, මේ රජුගේ තේජස් නමැති බීජ වපුරන කල්හි; සිතිවිලි නමැති පැල නැගෙන කල්හි; රත් නෙත් පත්රල දෙකක පැහැයෙන් යුක්තයයි හැඟේ.


217. අන්වය:- පැලඹි මොහු තෙද රැස, පෙරදික් රුපඹු තනහස, පුඩු තුඩු, සෝකුස උරවිලස, කුමුටුවන් වී හගිම්.

අර්ථය:- වැජඹෙන්නාවූ මේ රජුගේ තේජස් රශ්මිය කරණ කොටගෙන, පූර්වව දිශාවෙහි සතුරු වනිතාවන්ගේ පියයුරු නමැති හංස සමූහයා, පුඬු උඩුකුරු කොට, ශොක නමැති කුහර ඇති, උරතලය නමැති විලෙහි, ගිලුනාක් මෙන් වීයයි කල්පනා කෙරෙම්.


218. අන්වය:- මොහු යස හෙල රැසින, පැලදිග බිත්ති පැලඹෙන; රුපු අඹු නෙත් උපුල් කැන, වෙසෙසින විගස සුදු කරලීය.

අර්ථය:- මේ රජුගේ කීර්ති නමැති සුදු රශ්මියෙන්, පශ්විම දිශා නමැති බිත්තියෙහි වසන්නාවූ; සතුරු වනිතාවන්ගේ ඇස් නමැති උපුල් සමූහය විශේෂයෙන්ම වහා සුදු පැහැ ඇත කරලීය.


219. අන්වය:- මොහු ගජන් මේකුළ, වතළ හඬනෙන්, උතුරු දෙස රුපු අඹු පෙළ, සොබන තනහස්, හර පොකුරු හළ.

අර්ථය:- මේ රජුගේ අත් නමැති වැසි වලාකුළින් පැතුරුණු ශබ්දය කරණ කොටගෙන, උතුරු දිශාවෙහි සතුරු වනිතා සමූහය, ශොභනවූ පියයුරු නමැති හංසයන්ගේ මුතුහර නමැති නෙලුම් හැරියේය.


220. අන්වය:- දියත අහසෙහි දිලෙන; මෙ නිරිඳු උළිඳු කිරණින, දකුණු දින පැලඹෙන; රුපු අඹු මුවසර, හැමදින මිලී.

අර්ථය:- ලොක නමැති අකාශයෙහි දිලිසෙන්නාවූ; මේ රජතුමා නමැති චන්ර්ු රශ්මියෙන්, දකුණු දිශාවෙහි වසන්නාවූ සතුරු වනිතාවන්ගේ මුඛ පද්ම සමූහය, සියලු කාලයෙහිම මැලවී ඇත්තේය.


221. අන්වය:- පැදුම් දෙස, මලගල වෙත සැදි; සඳුන් තුරු වැල ලකල උර සිරමිණි, දුල, මෙතෙද ඉසින් උසුලන වැනි.

අර්ථය:- පූර්ව දිශා භාගයෙහි පිහිටියාවූ, ‍මලය පර්වරත ආසන්නයෙහි සැදුනාවූ; සඳුන් ගස්වල වසන්නාවූ; අලඬ්කෘතවූ, උරගයන්ගේ කණ්ඨ මාණික්යූයන් කෙසේ? යත්, දිලි සෙන්නාවූ, මේ රජහුගේ, තේජස ඉසින් උසුලන්නාක් වැන්න.


222. අන්වය:- යදි දන සතොසස් කර, තිළිණ දෙන මොහු කරයුග, සිතුමිණද සුරතුර විලස්, නිරතුර පළකර සිටියෙ.

අර්ථය:- යාවක ජනයා සන්තොෂ කොට ත්යාකග දෙන්නාවූ මොහුගේ අත් දෙක, චින්තාමාණික්යකයද, කලප වෘක්ෂේයද යන මොවුන්ගේ විලාශය, නිරන්තරයෙන් ප්රා කාශ කොට සිටියේය.


223. අන්වය:- දස දෙස දිලිඳු දුක් ගිනිරැස දැල්වූ ස‍ඳෙහි මොහුගෙ දන් සිහිලස ඉස ඉස, එකලෙස නිවී.

අර්ථය:- දශ දිශාවෙහි, දිළිඳුන්ගේ දුක් නමැති ගිනි රැස දැල්වූ කලහි; මේ රජුගේ දාන නමැති ශීතල ජලය ඉසිමින් එකාකාරව නිවුයේය.


224. අන්වය:- දස දෙසෙහි දැල්වෙන; මොහු තෙද රැස් නො සැහැයෙන, දියබඳ, ගෝ යහන, කිරණවුර කෙලෙසට පිවිසිමෙන.

අර්ථය:- දශ දිශාවෙහි දැල්වෙන්නාවූ; මේ රජුගේ තෙජස් රශ්මිය, ඉවසිය නොහැකි බැවින්, විෂ්ණුද, ඊශ්වරයාද, කිරි මුහුදට හා කෛලාශ කූටයට පිවිසියාක් වැන්න.


225. අන්වය:- වෙණු දසමුවා සහ හමුවා යුදයට ගියෙන්; උහමුවා හැර, සිරි ඇවිත් ‍මොහු සමුවා උර වසන වෙනි.

අර්ථය:- විෂ්ණු රාවණා සමග සම්මුඛව යුඬයට ගිය හෙයින්; ඒ විෂ්ණුගේ ආශ්රනය හැර, ශ්රීය කාන්තාව ඇවිත් මේ රජු හාමුවී; උර තලයෙහි වාසය කරන්නාක් වැන්න.


216. අන්වය:- ඉදු මෙරද කප්තුර දැවටුන, රන් ලියක් බඳු, ගුණ නුවණින් පසිඳු, මුදු, සොඳුරු, අගමෙහෙසියක් විය.

අර්ථය:- සෘජුවූ මේ රාජ නමැති කල්පෘක්ෂරයෙහි වෙළුනා වූ; රන් වැලක් වැනි වූ, ගුණයෙන් හා ඥානයෙන් පුසිඬ වූ, මෘදුවූ, සුන්දුර වූ, අගමෙහෙමසියක් විය.


217. අන්වය:- පැහැපත් එල‍ඳගෙ නැබුලු රුවිලස් එකදෙස් බලතොත් තිදසිඳු වත්ලු එවිලස කිය‍තොත් අනත සමත්ලු එවුවන් එලු සෙසු මෙලෙසින් වනම්.

අර්ථය:- පැහැපත්වු ඒ කාන්තාවගේ, මහත් වූ රූප විලාශයෙන් ස්වල්පයක් බලතොත්; ශක්රතයා ව්ය කතලු ඒ ආකාරයෙන්ම කියතොත්; අනන්තයා සමර්ථැලු. එසේ වූයේ නමුත්, එහිලා ස්වල්පයක් මේ ආකාරයෙන් වර්ණ්නා කරම්.


228. අන්වය:- රුවින ‘ද එලඳගෙ සොඳ, පද කමලේ එඩි සිඳහැර නැගි; ලකළේ නියරැස්, හැමසඳ එම පද පියුමට අපහළේ එකබඳ; හසිනෙව් නියපෙළ උදුලේ.

අර්ථය:- රූපයෙන් ආඪ්යඳවූ, ඒ කාන්තාවගේ සුන්ධවරවූ, පාද නමැති පියුමෙහි මානය සිඳ හැර නැංගාවු; අලඬ්කතවූ, නිය රැස් සියලු කල්හිම ඒ පාද නමැති පියුමට එකාකාරව අපහාස කළාක් මෙන්; සිනාසෙන්නාක් වැනි වූ නිය පෙළ බැබලිණ.


229. අන්වය:- කසුන් ලියෙව් මනහර, ඇගෙ දඟයුග, මදහට දුවන් විමන, එක්රහවන්; සිතරඟ නිසසල රැඳි, දිලුම් කරපු මනරඟ පහන් සඟල යයි, හඟනෙම්.

අර්ථය:- රන් ලියක් වැනි මනහරවූ ඇගේ (ඒ මෙහෙසි‍යගේ) කෙන්ඩා දෙක, අනඬ්ගගයාගේ උකුල ප්රිදේශය නමැති විමානයට, එකාකාරව පැමිණියාවූ; සිත්වූ පරිද්දෙන් නිශ්චලව රැඳුනාවූ, දීප්තිමත් කළාවු සිත් අලවන්නාවූ පහන් දෙකකැයි, කල්පනා කරම් .


230. අන්වය:- එලඳුන් නැබුලු මදනරස, රූ රස, මහබඹු කිරමින්, කිබිසිනිකරලු සොබමන් රන් තුතු සහලෙව් ලකුළු දණමඩුලු යුග වෙසෙසන් කෙ කියත්.

අර්ථය:- ඒ කාන්තාවන්ගේ මහත් වූ, ශෘඬ්ගාර රසයද, රූප රසයද, මහා බ්රාහ්මයා කිරමින් යටිකුරු කරන ලද ශොභමානූ ස්වර්ණරමය තරාදි තැටි දෙකක් බඳුවූ; අලඬ්කෘතවූ, දණ යුග, විශේෂයෙන් කවර කෙනෙක් වර්ණ නා කෙරෙත් ද?


231 අන්වය:- මුලුදිය ජයගත්; මදමල් රිසිලෙද ඇගේ සොඳ දුවනත් රන් ගිරිතල සෙද හිඳවූ, පැහැපත් රන්ටැම් යුග බඳ, දෙවටොර, ඇති ලෙස වෙසෙසින් කෙ කියත්?

අර්ථය:- සකල ‍ලෝකය ජයග්ර්හණය කළාවූ; අනඬ්ග නමැති මල්ලයා රුචිවූ පරිද්දෙන් ඒ කාන්තාවගේ සුන්දයරවූ ජඝනතල නමැති රන් පර්වයතයෙහි වහා හිඳවන ලද්දාවු; පැහැපත්වූ, රන් කුළුණු දෙකක් බඳුවූ; කලවා යුවල, ඇත්තාවූ පරිදි විශේෂයෙන් කවර කෙනෙක් කියත්ද? (නො කියත්මැයි)


232. අන්වය:- සුලකල මුත් හර සුර ගහ වෙත, සොඳ පැහැදුල යුත් අනුතත් විල ලෙද දුවන් සසොබන එමගිර බෙය බඳ ඇය පුලුලුකුලත් කෙ කියත්?

අර්ථය:- මනාලෙස අලඬ්කාර කළවූ මුතුහර නමැති ආකාශ ගංගා සමීපයෙහි, (පිහිටියාවූ) සුන්ද රවූ වර්ණැයාගේ දීප්තියෙන් යුක්තවූ; අනවත පත විල වැනිවු ජඝනයද, ශොභා සහිතවූ, ශ්රී‍මත් වූ, හිමාලය පර්වකතයාගේ නිතම්බස්ථානයක් වැනිවූ; ඒ කාන්තාවගේ පුළුල් උකුළද කවර කෙනෙක් වර්ණ්නා කෙරෙත්ද? (නොකෙරෙත්මයි)


233. අන්වය:- හැමවර, මනයොන් මිටු සිරිපානා; තිවිලිව් යුතු සර තුනුලිය සැව්වෙහි, බිඟුකැන් දියගත්; සොඳ එවසා බර විසිතුර, ඇතිසේ කවුරුන් පවසත්?

අර්ථය:- සියලු කාලයෙහි, අනඬ්ගයාගේ දුනු මිටෙහි ශ්රිරය ප්රණකාශ කරන්නාවූ; වලිත්රියකින් යුක්තවූ, සාරවූ ශරීර නමැති ලතා චාපයෙහි, මී මැසි සමූහයා ජයග්ර-හණය කළාවූ; සුන්දූරවූ ඒ වසා රොදෙහි බර බවෙහි විචිත්රහතාව, තත්ත්වාජකාරයෙන් කවර නම් කෙනෙක් ප්රනකාශ කරත්ද?


234. අන්වය:- ඇය මනහර නැබ, මදරද විසිනා සියලුම ලෙව් දිය සඳහා නොසිතා පියකරු දුවනත රන බිම ගොසිනා, හිය දෙන; දුනු කෙළ වන් තැන ලෙසිනා.

අර්ථය:- ඒ කාන්තාවගේ මනොහරවූ නාභිය, අනඬ්ගයා විසින් සකල ලොකයෙහිම ජය පිණිස සතුටින් පියඬ්කර වූ කටි ප්රරදේශ නමැති යුඬ භුමියට ගොස්, හිතලය දෙන කල්හි; දුනු කෙළවර වන්නාවූ ස්ථානය වැන්න.


235. අන්වය:- පැහැපත් දුවනත්, පියයුරු බලමින්, මහමුත් බඹවත් කියුමෙහි නොපො‍හොයි; ලෝසත් පවසන බස් මැඩ කැටිවත්, ඇය යුත් මැදපෙද සිව්වත් මැවු වැනි.

අර්ථය:- පැහැපත්වූ ජඝනය, පියයුරුය යන මොවුන් බලමින්, අනන්ත නම් නාග රාජයා හැර බ්රඝහ්මයාවත් වර්ණුනා කිරීමෙහි පොහොසත් නොවේයයි; ලෝක සත්ත්වහයා ප්රරකාශ කරන්නාවූ, වචන මර්දනය කොට කැටි කිරීමක් මෙන්, ඒ කාන්තාවගේ සුදුසුවූ මධ්යය ප්රනදේශය මහා බ්රරහ්මයා මැව්වාක් වැන්න.


236. අන්වය:- මල්සර රඟහල ගෙන සැරසුම්කළ; මනරම් රන්කුඹු සඟලෙව් බබලන; එලඳුන් තන තිසරුන් යුවලෙව්; යන උවමෙන් කිවිදන නින්දයි නොපවමි.

අර්ථය:- අනඬ්ගයාගේ නෘත්යර ශාලාවට ගෙන අලඬ්කාර කරන ලද්දාවූ; මනරම්වූ රන් කුඹු දෙකක් මෙන් බබලන්නාවූ; ඒ කාන්තාවන්ගේ දෙපියයුරු හංස පංතියක් වැන්න; යන කියන්නාවූ උපමාවෙන් කාව්යන ජනයාට නින්දාසවක් වේයයි; (හගින හෙයින්) එසේ ප්රනකාශ නොකරමි.


287. අන්වය:- පබ‍ඳේ නියරැස් කෙ‍මැලිනි රඳනා; දිලෙනා රතැඟිලි පබලැති; සොබනා, ඇය රූ මුහුදේ තරගෙව්; මොලොකත් යුග සිරි, පැහමැදේ කෙ වනා?

අර්ථය:- ප්රකසිඬ්වූ නියරැස් නමැති ඓණයෙන් රඳන්නාවූ; දිලිසෙන්නාවූ, රතැඟිලි නමැති පබළු ඇත්තාවූ; ශොභනවූ; ඒ කාන්තාවගේ රූප නමැති සාගරයෙහි රළ වැනිවූ; කොමලවූ අත් දෙකෙහි ශොභාව පැහැදිලි කොට ක‍වරෙක් වර්ණැනා කෙරත්ද?


238. අන්වය:- සරඟන ගල සිරි හළ; ඇය දිගු කල; රහදින සතොසින ගම්රා නැගිකල; රිය හිමිවෙත ගෙන, සුලකළ; හැමකල සසොබන ගනරන් නාලෙව්.

අර්ථය:- මුව දෙනුන්ගේ බෙල්ලෙහි ශොභාව පරදවා හැරියාවූ; ඒ කාන්තාවගේ දීර්ඝ වූ බෙල්ල (කෙසේද යත්;) නෘත්ය දිනයෙහි සන්තෝෂයෙන් ග්රඝමාරාග නැගි කල්හි; අනඬ්ගයාගේ සමීපයට ගෙනවුත්, මනාසේ අලඬ්කාර කරන ලද්දාවූ; සියලු කාලයෙහි ශොභා සහිතවූ ඝනරන් හුන දණ්ඩක් වැන්න.


239. අන්වය:- මෙලඳන වත, උවමට පියුම වනැයි කියුම බැරිය. කිම? මෙලෙසට කරුණු ඇත පියුමවමිය අතලෙන් පහ ලැබ සිට ලොවැ පියුම කියති මසිතට හැඟුනෙය.

අර්ථය:- මේ කාන්තාවගේ මුහුන, උපමා පිණිස පියුම වැන්නැයි; කිව නොහැක කුමක් හෙයින්ද? (මෙසේ විමසීමට) මේ ආකාරයට කාරණයක් ඇත්තේය. (එනම්) ශ්රීස කාන්තාවගේ අතින් ස්පර්ශ ය ලබා සිටි හෙයින්, ලෝකයෙහි පියුමයයි කියතැයි; මගේ සිතට වැටහුනේය.


340. අන්වය:- නිතින් දිලෙන; එලඳගෙ. පිරි උවනට, පසන් තරිඳු සමයයි; කිමට බැරි. සිසි දිනෙන් දිනම අඩු වැඩි වෙනකොට එයින් සුදුසු තැන මසිතට හැඟුනෙය.

අර්ථය:- නිරන්තරයෙන් දිලිසෙන්නාවූ; ඒ කාන්තාවගේ පරිපූරර්ණ වූ මුහුණට, ප්රනසන්නවූ චන්ර්රිපයා සමානයයි; කිව නො හැක (කුමක් හෙයින්ද යත්) චන්ර් න්යා දිනයක් පාසාම අඩු වැඩි වන විට; ඒ හේතුවෙන් (චන්ර් හැයා සමාන කිරීම) සුදුසු නොවේයයි; ම‍ගෙ සිතට කල්වනා වූයේය.


241. අන්වය:- කමල අඟන එව් නව රුසිරෙන් බබලන; කොමල හසින් දන මන දඟකරවන; නොම ‘ළ පෙමැති, ස‍සොබන, ඇය උවනට, නිමල එලඳ වදනට සම වෙන නැත.

අර්ථය:- ශ්රී කාන්තාව පරිද්දෙන්, අභීතව රූපශ්රීයන් බබලන්නාවූ; මොලොක් සිනාවෙන් ජනනයන්ගේ සිත බැඳ තබන්නාවු; නොහරණාලද ප්රේනම ඇති, ශොභා සහිතවු, ඇගේ මුහුනට, නිර්මබලවූ ඒ කාන්තාවගේ මුහුණම සමානය. අන්යශවූ සම දෙයක් නැත්තේය.


242. අන්වය:- සොඳ එලඳුන්, මුව රණමීවිත. සැදි ලද රතුපුල් දල යුවෙළෙක සරි රැඳි නඳ, දන මන්බැඳි; සුලකුළු, දෙ අදර එදා වෙසෙසුන් පවසනු මා මුව මදි

අර්ථය:- සුන්දාරවූ ඒ කාන්තාවන්ගේ, මුඛ නමැති ස්වර්ණදමයවූ මී පිරූ භාජනයෙකි. සැදුනාවූ ලපටිවූ රත් උපුල් පෙති දෙකක භොභාව උසුලන්නාවු; සන්තොෂජනකවූ ජනයන්ගේ සිත් බැඳ තැබූවාවූ; මනාසේ අලඬ්කාර කරන ලද තොල් දෙකකි. ඒ තොල් දෙකකට, විශේෂයෙන් ප්ර කාශ කරනු සඳහා මගේ මුඛය පොහොසත් නොවේ.


243. අන්වය:- නැබුලු රුසිරෙන් දන මන්ත කරවන ලකුළු පුල් මුව පියුමෙහි රැඳි දත්; මඹකත් පළඳින; කඩමල් කියලු ඇය දත්, ඉළු කෙලෙසින් වනම්?

අර්ථය:- මහත්වූ රූප ශ්රීතයෙන් ජනයන් මත් කරන්නාවූ; අලඬ්කෘතවූ මනාව පිපියාවු මුඛ නමැති පියුමෙහි රැඳුනාවු දත්; කෙසේද යත්; සරස්වතිය විසින් පලඳිනු ලබන්නාවූ; මුදුන් මල් කඩ ප්ර කාශ කළෝය. (එහෙයන්) ඒ දේවියගේ දන්ත සමූහය, කවර ආකාරයකින් වර්ණපනා කෙරෙම්ද?


244. අන්වය:- නළලේ ඇඳි, සදලේ නව ගොබ ඇති; බැමලේ පැහැසර මුදු දලයුග ඇති; කොමලේ රණ රඹ පැලයක රුවැති නිමලේ ඇ ගහන, පවසත්; කෙවති?

අර්ථය:- නළලෙහි අඳින ලද්දාවූ, චන්ර්ේ ඇ ලේඛා නමැති ‍අලුත් දලු ඇත්තාවූ; බැම නමැති ප්රදභාසාරවූ මෘදු වූ පත්රග යුග්මයක් ඇත්තාවූ, කොමලවූ, රන්මය කෙසෙල් පැලයක රුව ඇති; නිර්මරලවූ ඇගේ නාසය, ප්රඇකාශ කරත් හොත්; කවර කෙනෙක් පොහොසත් වෙත්ද?


245. අන්වය:- රුසිරෙන් සොඳසේ, අඟපස සපිරුණ, එලඳුන් මදරද සිතසේ නගිමින් පදිනා රතොවිලි විලයේ, දෙසවණ සිරිසර; නොලසේ වෙසෙසින් කෙ වණා?

අර්ථය:- රූප ශ්රී යෙන් යහපත් වූ, අග පසඟින් පිරුණාවූ, ඒ කාන්තාවන්ගේ, අනඬ්ගයා සිත්වූ පරිද්දෙන් නැග පදින්නාවූ, රන් උන්සිල්ලාවක විලාස ඇති, දෙකන්හි ශ්රී සාරය; අනලස්ව විශේෂයෙන් කවර කෙනෙක්, වර්ණ,නා කරත්ද?


246. අන්වය:- සුනිමල් එලඳගෙ මුදු දිගු දෙනෙතට, ඉඳුනිල් මිණියයි දැඩිකොට නොකියම්. හැමකල් නිසිකොට මදරද සරහන; නිලුපුල් සරයයි මසිනට ‍හැඟුනෙය.

අර්ථය:- අති නිර්ම ලවූ ඒ කාන්තාවගේ මෘදු වූ දීර්ඝනවූ දෙනෙතට, ඉන්ර් ට නීල මානික්ය යයි දැඩිලෙස නොකියමි. සියලු කාලයෙහි යොග්යද ලෙස අනඬ්ගයා සරසන්නාවූ; නිලොතපල ශරයයි. මගේ සිතට නැගෙයි.


247. අන්වය:- අනුබඳ නිමල්, සරා සිසි බිඹු වෙත විපුල් නිල ‘බසිරි රැඳි;නිල් පැහැබඳ මනනද ලකල් රුසිරු දැරු; එලඳගෙ වරල් කළඹ, පවසනු මා මුව මඳ.

අර්ථය:- නිරන්තරයෙන් නිර්ම ලවූ, ශරත් චන්ර්ඳග බිම්බය සමීපයෙ සිටියාවූ මහත්වු නිල් වලාවක සේ ශොභාවෙන් රැඳුනාවූ; නීල වර්ණ‍යෙන් යුක්තවූ සිත් පිනවන්නාවූ අලඬකෘතවූ, රූපශ්රීඩයක් දැරුවාවූ; ඒ කාන්තාවගේ කෙශ කලාපය ප්රපකාශ කරනු පිනිස මගේ මුඛය පොහොසත් නොවෙයි.


248. අන්වය:- මෙලෙසින්, එලඳගෙ රූසිඳු වෙත: වැදැ; නියගින් දිය ගෙන, දනමැද පාමින් දලරද බලවයි සලකුනු කියු මෙන්;එළඳගෙ රූ බඳ මඳකින් පැවැසිමි.

අර්ථය:- මේ ආකාරයෙන්, ඒ කාන්තාවගේ රූප නමැති සාගරයට වැදී; නියඟින් දිය බින්දුබවක් ගෙන ජනයා මධ්යායෙහි ප්ර්කාශ කරමින්: ජලරාජයා බලවයි. සලකුණු (ස්වභාවය) කීවාක් මෙන්, ඒ කාන්තාවගේ රූපවත්වූ දේහය, ස්වල්පයකින් පැවසීමි.


249. අන්වය:- මහත් ගුණ නුවණින්, ඉතිරි ලකුණෙන්, අගපත් තම පිය සිතැගි දත්; සොඳුරු සිරිමත් එබිසෝ කුසෙහි;

අර්ථය:- මහත්වූ ගුණයෙන් හා ඥානයෙන්ද, ස්ත්රීල ලක්ෂයණයෙන්ද, අග තැන් පැමිණි තම ස්වාමියාගේ සිත්හි අදහස දන්නාවූ සදරවූ ශ්රී මත් වූ, ඒ බිසවගේ කුසෙහි;


250. අන්වය:- මෙ අප බෝසත් සඳ, පිළිසිඳ කලක් එහි හිඳ, මස් ගණන් වූ සඳ නිසිලෙද බිහිව, පහන් ලොව දිවි.

අර්ථය:- මේ අපගේ බොධිස‍ත්වා තපම තෙමේ, පිළිසිඳ ගෙන කාලයක් එහි හිඳ, මාස ගණන සම්පූර්ණවූ කල්හි; යෝග්යඑ පරිද්දෙන් බිහිවී, ප්රයසන්නවූ ලෝකය දුටුසේක.


251. අන්වය:- පින්වත් කුමරු ගත විහිදි; අමයුත, පැහැයෙන් එහි වෙත; අඳුරු මැඩ නො නැවත, තිමිරි ගෙය තුළ හෙබි.

අර්ථය:- පුණ්ය වන්තවූ ඒ කුමාරයාගේ ශරීරයෙන් විහිදුනාවූ; අමෘතයක් බඳුවූ, ප්රොභාවෙන් ඒ සමීපයෙහිවු; අන්ධ;කාරය මර්දහනය කොට නැවතීමක් නැතිව, තිඹිරි ගෙය (වදන ගෙය) තුළ ශොභමාන වූයේය.


252. අන්වය:- රන්වන් පුතු උපත තම බජ නිරිඳු කණ හෙත; කිරි සයුරත සුපුන් සඳකැන් පැමිනි සෙ, සිත නඳ විය.

අර්ථය:- රන්වන්වූ පුත්ර්යාගේ උත්පත්තිය, තමාගේ ස්වාමිවූ නරෙන්ර්ු යාගේ කණෙහි පතිත කල්හි; කිරි සයුර කෙළවරට පුන් සඳ රැස් පැමිනි‍යාක් මෙන්, සිත සතුටු විය.


253. අන්වය:- අපගේ නරනිඳුට මහ පිනැත්වූ පුත් රුවනෙක් මොනවට උපන් වේදැයි; කියා සතුට එනුනට;

අර්ථය:- අපගේ රජුට, මහා පුණ්යිවන්තවූ පුත්ර රත්නයක් මනාකොට උපන්වේදැයි; කියමින් සතුටින් එන්නවුන්ට;


254. අන්වය:- සහතුට නිරිඳු සඳ නන් වත් රැගෙන කැටිකොට, කිවු උන් බස්හි පල පළකොට තෑගිකොට දෙවමින්;

අර්ථය:- සතුටුවූ රජතුමා, නොයෙක් වස්තුන් රැගෙන රැස්කොට, කී (ඒ ප්රතවෘත්තිය) ඔවුන්ගේ වචනයන්හි ඵලය ප්ර්කාශ කොට, පරිත්යානග කර දෙවමින්;


255 අන්වය:- සවේදය දන්නාවූ, බමුනන් වෙතට ගෙන්නා, ඉන්නා අසුන් දී; නිරිඳු තොස් හෙයින් නා ඉතිකී,

අර්ථය:- ෂඩ් වේදය දන්නාවූ, බ්රා්හ්මණයන් සමීපයට ගෙන්නවා, හිඳිනාවූ ආසනදී; රජතුමා සන්තොෂ නමැති ජලයෙන් නහා මෙසේ කීවේය.


256. අන්වය:- දැනමුතු දද රැස්නි, අද මා නිසා, සිත යුතු, අමුතු දරු රුවනක් වැදුයේ වෙද උගේ පින් තතු;

අර්ථය:- දැනීම් ඇත්තාවූ බ්රුහ්මණ සමූහයෙනි, අද මා ඇසුරු කොටගෙන, සිත්වූ පරිද්දෙන්, අන්යනවූ දරුවෙක් වැදුයේ නොවේද? ඒ දරුවාගේ පුණ්ය තත්ත්වරය;


257. අන්වය:- දිව ඇසෙව්, තොප දෝ සතින්, මොනවට විසි කොට; සුබා සුබ බලා ඇතිලෙස, දැන් පළකොට මට කියව්.

අර්ථය:- දිව ඇසක් වැනිවූ, තොපගේ ජ්යෝතිශ්ශාස්ත්රොයෙන් මනාසේ පරීක්ෂාබ කොට; ශුභ අශුභ බලා තත්ත්වායකාරයෙන්, දැන් මට ප්රරකාශ කරව්.


258. අන්වය:- නරවරණ කී සඳ; දද දන සොම්නස් වෙමින්, බිහි කල් අසා දැන, වෙන වෙන, මෙසේ ගිණුම් ඇරඹූ.

අර්ථය:- රජතුමා කී කල්හි; බ්ර හ්මණ ජනයා සතුටට පත් වෙමින්, ප්රථසූත කාලය විචාරා දැන, වෙන් වෙන්ව, මේ ආකාරයෙන්, ගැණීම ආරම්භ කළහ.


259. අන්වය:- ලොවට මතු බුදුවන; එ කුමරු උපන් මඟුලට, මිහිකත් මිහිපිට ඉසපු; අසෙනිය ම ‘ලෙව්;

අර්ථය:- ලෝකයා පිණිස අනාගතයෙහි බුදු බවට පැමිණෙන්නාවූ; ඒ කුමාරයා උපන්නාවූ මඟුල සඳහා, මහීකාන්තාව විසින්, පොළෝ මතුයෙහි විසුරුවන ලද්දාවූ; විලඳ සමූහයක් වැනිවූ,


260. අන්වය:- බෙලුපයි ගෙන සලා වකුරුවා, සුදු කර බලා, ගණිමින, සිටි විලසින් ගහන් යොදමින් දුනුපත මෙසේ ලියු

අර්ථය:- බොල්පයි ගෙන වගුරුවා, ශුඬ කොට ගැණ බලා, සිටියාවූ ආකාරයෙන් ග්රයහයන් යොදමින්, ජාත පත්රටය මේ ආකාරයෙන් ලියූහ.


261. අන්වය:- සුර ඇජර, කිවිහුද, රිවිසුත, බුදහු, ගිම්රැස්, මිහිසුත, පවිටුන් නොදැක, සිටින ගෙ‍ට නොවැද;

අර්ථය:- බ්ර්හස්පතීද, සිකුරාද, සෙනසුරාද, චන්ර්නළෝයාද, බුදහුද, සූර්ය්් යාද, කුජ ග්රාහයාද (යන ග්ර හයන්) පාප ග්ර්හයන් නොදැක, පාප ග්ර්හයන් සිටින්නාවූ භවන් වලට නොවැදී, හෙවත් පාපයන් සමග නොසිට;


262. අන්වය:- තම තම හිමි බවනවල සපැමිණි සිටි බැවිනි, සුවකොත් වන. එයින් බරරැස්, කෙමෙන් සදා යොදමින්;

අර්ථය:- තම තමන්ට උරුමවූ භවනයන්ට පැමිණ සිට හෙයින්, ස්ව‍යක්ෂේත්රට වන්නේය. එසේ හෙයින් දොළොස් රාශිය, ක්රනමයෙන් පිහිටුවමින්;


268. අන්වය:- දාපන නිමා ගෙන, නරනිඳු හමුව සිටගෙන, දකුණතින් ඔසවා, දද දන, මෙසේ තුති බස් යෙදූ.

අර්ථය:- ජාත පත්ර,ය නිමවා රජතුමා ඉදිරියේ සිටගෙන, දකුණු අතින් ඔසවා බ්ර හ්මණ ජනයා, මේ ආකාරයෙන් ස්තුති වචන යෙදූහ.


264. අන්වය:- මහබා අප නිරිඳ, ඔබ සහ ලදරු කුමරුද, නොමඳ සව්සිරි විඳ, රෝහිය අභිත් මූල්සිඳ, සැරඳ!

අර්ථය:- “ මහා භාග්යි ඇති අපගේ රජතුමනි, නුඹ වහන්සේ ලදරු කුමාරයාත් සමග, බොහෝ වූ සියලු සම්පත් විඳ, රෝග බියද සතුරු උවදුරුද මුලින් සිඳ, බොහෝ කාලයක් ජීවත් වෙත්වා!


265. අන්වය:- දද පවසා, නිරිඳු සඳ පොබ කරමින්, සිරිතින් ගහන්යැද, පැසලු ඒ දාපත, නරනිඳුට දුන් සඳ;

අර්ථය:- බ්රා:හ්මණයන් මෙසේ කියා, රජතුමා ප්ර බෝධ කොට, චාරිත්රපය ලෙස ග්ර හයන් යැද, පසුව ඒ ජාත පත්රයය රජතුමාට දුන් කල්හි;


266. අන්වය:- නිරිඳු දදනට නොයෙක් දන පොදි බැඳ දෙවා යවමින්; තම තදන උපන් සුමඟුල් සතියක් විඳියෙන;

අර්ථය:- රජතුමා බ්රාවහ්මණයන්ට නොයෙක් ධනය පොදි බැඳ දෙවා යවමින්; තමාගේ පුත්රයයා උපන්නාවූ ශූභ මඞ්ගල්යෙය, සතියක් මුළුල්ලේම වින්ද ‍ හෙයින්;


267. අන්වය:- පැසුලු, විප්දන සුදුකොට යෙදූ මොහොතින්, එමවිට මනාකොට සතුටු දෙගුරුන් විසින්, එකුමරුහට;

අර්ථය:- පසුව, බ්රා හ්මණ ජනයා විසින් ශූඞ කොට යොදන ලද මොහොතින්, එවිට සතුටු කොට, යහපත් සේ සතුටු වූ මව්පිය දෙදෙනා විසින්, ඒ කුමාරයාට;


268. අන්වය:- සුරු බමුණන්, කුමරුන් දෙපස එකයුරු සිටුවා; පිවිතුරු වෙද මතුරු කියා ලවා; සෙත් කරවමින්,

අර්ථය:- ශූරවූ බ්රාරහ්මණයන්, කුමාරයන්ගේ දෙපසෙහි ඒකාකාරව නවත්වා; පවිත්රර වූ වෙද මන්ත්ර්යන් කියවා; ඒ බ්රාපහ්මණයන් ලවා ශාන්ති කරවමින්;


269. අන්වය:- ළපෙමින බත් කවා, අරින්දම කුමරුට යන නම සතොසින තබා, සිතැඟි සේ යහතින ඇති කළෝ.

අර්ථය:- චිත්ත ප්රේතමයෙන් බත් කවා, අරින්දම කුමරුය යන නාමය සතුටින් තබා, සිත්වූ පරිද්දෙන් යහපත්ව වැඩූහ.


270. අන්වය:- එමදින පෙරවි දද නිසා ඔහුගේ පියා බඳ දුටු සඳ ඔද වඩන සොඳුරු කුමරෙකු සිරිලෙද වැදූ.

අර්ථය:- එදවස පුරෝහිත බ්රා හ්මණයා නිසා; (ඔහුගේ) ඒ පුරෝහිතයාගේ බිරිය, දුටු කල්හි (දුටුවන්ගේ) සිත්හි ඔද වඩන්නාවූ; සුන්දදරවූ කුමාරයෙකු සිරිය පරිද්දෙන් වැදුවාය.


271. අන්වය:- මහබා කුමරුට නැකතට බත් දෙන දිනෙහි; තම මව්පිය නමට සෝනක කුමරු යිය තුට තැබූ.

අර්ථය:- මහත් භාග්යබ ඇති ඒ කුමාරයාට ශූභ මොහොතින් බත් කවන්නා වූ දිනයෙහි; තම මව්පියන්ගේ නාමයට (එකඟව) සෝනක කුමාරයා යයි; සතුටින් නම් තැබූහ.


272. අන්වය:- දෙපුල් සර නගමින් මීපා, දෙබිගු, කරමින්; ඔවුන් උකුළ නගිමින් ඔවුන් තන පා වයස ගෙවමින්;

අර්ථය:- පිපුණු පියුමකට නගමින් මී බොන්නා වූ, භාඞ්ගයන් දෙදෙනෙකුගේ විලාශයෙන් මව්ගේ උකුලට නැගී, ඒ කුමාරයන්ගේ කිරි බොන වයස ගෙවා;


273. අන්වය:- කුරුලු වයසට අව, ඇස දුටු දන බොළඳ වදනින් රසකොට, ලසේ පිය කොට, කැඳවා ගනිති.

අර්ථය:- කුමාර වයසට පැමිණි කල්හි; ඇසින් දුටු ජනයා කොමල වචනයෙන් රසවත්කොට, ඉක්මණින් ප්රිැය කරවා, වෙතට පමුණුවා ගනිති.


274. අන්වය:- බිළිඳු සහ සක්වන එක්වන කෙළියෙන් වසන; රූ සයුර අක්වන, පබල කුරු යුවලක් සේ එක්වන්;

අර්ථය:- ළදරුවන් සමග එකතුව නිරන්තරයෙන් ක්රීකඩා කරමින් වාසය කරන්නා වූ; රූප සාගරයාගේ කෙළවරට පැමිණියා වූ, පබළු අඞ්කුර දෙකක් මෙන් ඒකාකාරවූ;


275. අන්වය:- පින්සරු ඔහු දෙදන, රෙහෙනිසුරු, රෙහෙනියයුරු, සමගිව මිතුරුවී, වැඩිවිය පැමිණ පියකරු උවෙන්;

අර්ථය:- පුණ්යූයෙන් සාරවූ ඒ කුමාරවරු දෙදෙන චන්ර්සු යා හා රෝහිණී තාරකාව පරිද්දෙන් එක්ව මිත්රරව, වැඩි වයසට පැමිණි පියඞ්කරුවූ හෙයින්;


276. අන්වය:- එක්තරා දවසක්, එකුමරු දෙදෙන පමණක් එකතැන සිට, වෙනසක් නොවී; මෙ වදන් පුවතක් කිවොය.

අර්ථය:- එක් දවසක්, ඒ කුමාරවරු දෙදෙනා පමණක් එක් ස්ථානයක සිට, වෙනස් ස්වභාවයකට පත් නොවී; මේ වචන කීහ.


277. අන්වය:- පිරිසිදු කුලෙහි මුත් රති හිමි සදිසි රුවැතත් පු‘රඳුරුසෙ, දනැතත් උගත් සිජ නැත ‍සෙබෙහි නොහොබිත්.

අර්ථය:- පිරිසිදුවූ කුලයෙහි වූයේ නමුත්, අනඞ්ගයා හා සමානවූ රූපශ්රීෙය ඇති නමුත් ශක්රජයා මෙන් ධනය ඇති නමුත්, උගත්තාවූ ශිල්ප නැත්තේ නම්; සභාවෙහි ශොභමාන නොවෙත්.


278. අන්වය:- දිළිඳුකුල උපනත්, රුසිරු විසුළු වුවත්, මනාසිප් දතහොත්, මහරු නිරි‍ඳෝ පවා එපුදත්,

අර්ථය:- දිළිඳු කුලයෙහි උපන්නේවි නුමුත්, රූපශ්රීළය විකාර වූයේ වී නමුත්, මනොඥ ශිල්ප දත්තේ වීනම්; මහාර්ගවූ රජවරු පවා ඒ තැනැත්තාට පූජා කෙරෙත්.


279. අන්වය:- යහ පඬුරු ලෝපල්, කිසිකලැ එකතුල් නොවේ. ලෝපල් දෙස පුදන වියන් හැම කල් දස දෙස පුදත්.

අර්ථය:- යහපත් පණ්ඬිතත්ව යද, ලොකපාලත්වකයද, කවර කලෙකත් ඒකාකාර නොවේ. ලෝක පාලයාට ස්වදකීය දෙශයෙහි (වසන්නෝ) පූජා කෙරෙති. පණ්ඩිතයාට සියලු කාලයෙහි, දශ දිශාවෙහි පූජා කෙරෙති.


280. අන්වය:- උගත් කිසි දෑ ඇත; රද, සොර, සතුරු, නොගනිත. ගමෙනෙහිදු බර නැත. එයින් සිප් සරි අනගිවත් නැත.

අර්ථය:- උගත්තාවූ කිසියම් ශාසත්රසයක් ඇතත්; රජ සොර සතරු යන මොව්හු එය පැහැර නොගණිත්මය. ගමන්හිද බරක් නැත. එහෙයින් ශිල්පය හා සමානවූ , අනර්ඝම වස්තුවක් නැත්තේය.


281. අන්වය:- මහකව් ලකුණු විදු, දන පැලඹෙන, යම් තැනක සබතුළට ගොස් පැමිණි කල්හි; වියත් හෙවත් මහරුවන මෙන් බැබළේ.

අර්ථය:- මහා කාව්යන ලක්ෂ්ණ දන්නාවූ ජනයා වැජඹෙන්නාවූ, යම් තැනෙක්හි වූ සබා මැදට ගොස් පැමැණි කල්හි; පණ්ඩ්ත තෙමේ, මහා රත්නයක් මෙන් බැබැළේ.


282. අන්වය:- කිසිවක් නොදත්තහු, වැත්තකු සබෙහි පැමිණෙන; ගැත්තහු විලසින්ම ඉදිත, කතා නැත්තහු එක වැනි,

අර්ථය:- කිසියම් ශාසත්රසයක් නොදත් තැනැත්තා ව්ය්ක්තයන්ගේ සභාවට පැමිණෙන්නේවීනම්; දාසයෙකු පරිද්දෙන් පැමිණේමය. හිඳින්නේ වී නම් ගොලුවෙකු හා සමානව හිදීමැයි.


283. අන්වය:- ඉන් අප දෙදෙනා, ඉහි මඳකල්වත්, මෙහි නොසිට, යතුරෙහි උවරණ ඇර, මෙපුරෙන් බිහි ගමන යෙහෙකැයි වී.

අර්ථය:- එහෙයින් අප දෙදෙනා එක්ව මඳ කලක්වත් මේ නගරයෙහි වාසය නො කොට, ගමනට වුවමනාවූ උපකරණයක් හැර ගෙන, මේ නගරයෙන් පිටතට යෑම යහපත් වන්නේය.


284. අන්වය:- ඉගනුමෙහි ලොබලා, තම මවු පියන් හැරලා, ගමනට සැරීලා, එකලා යතුරු මග වැද බිජීහු.

අර්ථය:- ඉගෙනීමෙහි ලොභ කොට, තමන්ගේ මව්පියන් අත්හැර, ගමන් පිණිස, සැරසී, හුදෙකලාව මගට පැමිණ බැබළුණාහ.


285. අන්වය:- දිගු වතළ, සිරිසර මිණි රතන පැහැසර; හැමවර මුදුන සුලකළ; රණකෙහෙලිපෙළ පුවතර; රද වරද ඇමතිදන ඇති, ලකළ පහපෙළ දැක, සුනිමල සුරපුර සිතා ගියො.

අර්ථය:- දිශාවන්හි පතළාවූ, ශ්රී යෙන් සාරවූ මාණික්යප රත්නයන්ගේ ප්රථභාසාරය ඇත්තවූ; සියලු කාලයෙහිම මුදුනෙහි මොනවට අලඞකාර කරන ලද්දාවු; රන් කොඩි පෙළ ඇති ප්රුසිඞවූ; රාජය, උප රාජය, අමාත්යක ජනයාය යන මොවුන් ඇත්තාවූ අලඞ්කෘතවූ ප්රිසාද පඞ්කතිය දැක, අතිශයින් නිර්මදලවූ දිව්යව ලොකයයි කල්පනා කොට ගියහ.


286. අන්වය:- විසිතුරු සීමැඳුර, හළ සොඳ කවුළුවෙන් පිවිතුරු, මේ දෙසට අමතනව සිටි; පබඳ පියකරු වරඹු උවන් සඳ නරඹා පැහැද, නිසල ඇසිනි සෙද සුරවෙස් ඇර එකයුරු ගියො.

අර්ථය:- විචිත්රයවූ සී මැඳුරෙහි, හැරියාවූ සන්දපරවූ කවුළුවෙන් පවිත්ර වූ වීථි දිශාවට නැබුරුව සිටි; ප්ර සිඞවූ ප්රිනයඞකරවූ උතුම් කාන්තාවන්ගේ සඳ වැනි මුහුණු බලා සතුටුව, නිල් ඇස් කරණකොටකගන වහා දිව්ය‍ වෙශය හැරගෙන මෙන් ගියාහ.


287. අන්වය:- තම තම පිය සමගින් වැද; සිලිල් කෙළී හිමසඳුන් ගෙන, නිමලී තුනු පෙද අලෙව්කර, නෙත අඳුන් ඇඳ පිටුදෙස රැඳි මුතු වරලී යුතු; පුරඟනන් දැක, රන්ලිය සිතා බැලු

අර්ථය:- තම තමන්ගේ වල්ලභයන් සමග (පොකුණු වල‍ට) වැදි; ජල ක්රීයඩා කර, හිම සඳුන් ගෙන නිමල වූ ශරීර ප්රවදෙශයෙහි ආලේප කොට අදුන් ඇඳ, පිටු දිශාවෙහි ලිහා දමන ලඳ කෙශ කලාපයෙන් යුක්තවූ; පුර සත්රීආන් දැක රන්ලියන් යයි සිතා බැලූහ.


288. අන්වය:- මඟතුරේ, නිරතුරේ තැන තැන තරඟ රඟහල බිම සේ, දින දින අමයුරේ ගදෙව්ලිය, වතළ ගී සිතයුරේ රගන දිවඟන සදිසි නළඟන දකිමින, ඒ දෙදෙන යෙහෙන් ගියො.

අර්ථය:- මාර්ගාදන්තරයෙහි දී, නිරතුරුවම තැන තැන අතඞ්ගයාගේ නැටුම් බිමක් මෙන්, දිනයක් පාසා අමෘතයක් හා සමාන ගාන්ධරඵි සත්රී්ය මෙන්, පතළාවූ ගී කියමින්, සිත්වූ පරිද්දෙන් න‍ටන්නා වූ; දිව්යායඞ්ගනාවන් සමාන වූ නාටිකාඞ්ගනාවන් දකිමින්, ඒ කුමාරවරු දෙදෙන සුවසේ ගියාහ.


289. අන්වය:- තොමින් මුතු බරණින්, නොමද කසුන් නුල අවුනුම් පාවාලීය පැලඳ, සරාලිය උවතින්, සරද පුන්සඳ දිනාලිය; වෙළඳ ලියන් දැක, සුරඹුන් සිතාලිය.

අර්ථය:- ප්රිමාණයක් නැති මැණික් ආභරණයෙන්ද, බොහෝ වූ රන් නූලෙහි අවුතන ලද පබළුද පැලඳ සැරසුනාවූ මුහුණු කරණකොටගෙන, සරත් කාලයෙහි පූර්ණළ චන්දායා ජය ගත්තාවූ; වෙළඳ සත්රීූන් දැක, දිව්යූ සත්රීශන් කොට සිතූහ.


290. අන්වය:- දිවයුරු උදය, එලි බැස, එක තැ‍ෙනක සිට, පියකරු නොයෙක කෙළි මඬුලු බැඳ සිටිනා; එකයුරු බොලඳ වයසෙහි සිටි ලදරු ලිය දැක ගුණ සක ඒ දෙදෙන රණකුරු සිතා ගියො.

අර්ථය:- සූර්යෝදය කල්හි, එලිය‍ට බැස, එක් ස්ථානයෙක්හි සිට, ප්රියයඞකරවූ අනේකවිධවූ ක්රීහඩා මණඬලයන් බැඳ සිටින්නාවූ; ඒකාකාරවූ තරුණ වයසෙහි සිටියාවූ, තරැණ සත්රීඩන් දැක, ගුණය‍ට ඇසක්වූ ඒ කුමරු දෙදෙනා රන් පැළයයි සිතා ගියහ.


291. අන්වය:- ලො‍ල්කර තමන් හිමියන් ගෙන දෙන; කුසුම් සතුට තුල්කර තෝරාගෙන, සුදු කොට මල්කරු ලියන් අත්තම් සිරි බලා සිට, දුල් විදු සියන්; සලකා, සතුටුවී ගියො.

අර්ථය:- ලොභ කොට තමන්ගේ ස්වාමියන් විසින් දෙන ලද්දාවූ; කුසුම් සතුට්න් සමාන කොට තෝරාගෙන, ශූභ කොට මාලාකාර ස්ත්රීූන්ගේ හස්තකර්මාමන්ත ශ්රීනය බලා, දිප්තිමත්වූ විදුලිය සියයන් යයි; සලකා, සතුටුවී ගියහ.


292. අන්වය:- තමහිමි, එතන නෙළුන් බැඳ සිටිකල, ඔපලු කසුන්, කලදෝ, නෙක බඳුන් ගෙන, බුරුළු තදින් ඇද, කිරි වගුරවන ගොපලු ලියන් දැක, එ දෙදෙන සතුටුව ගියො.

අර්ථය:- තමන්ගේ ස්වාමීහු, එතන වස්සන් බැඳ සිටි කල්හි; ඔප ලෑවාවූ රන්ය, රිදිය, යන නොයෙක් භාජන ගෙන, බුරුලු තදින් ඇද කිරි දොවින්නාවූ ගොපලු සත්රීසන් දැක ඒ කුමාරවරු දෙදෙන සතුටුව ගියහ.


293. අන්වය:- දිගු නිල් වරල උනමින් සුවඳ දුම් දී, කුමුදු දම් දී, ගනකුල් ලෙසට බඳිමින්, සුරකල් විලස සැ‍ෙරමින් සිටි; මන කල් වෙසඹුන් නෙ තැන්හිදී දැක, නෙත් පුදෙන් දී ගියො.

අර්ථය:- දික්වූත්, නිල්වූත්, කෙශ කලාපය මුදා සුවඳ දුම් දී, කුමුදු මල්දම් පැලඳ, වැසි වලාකුලක ආකාරයෙන් කෙශ කලාපය බදිමින්, දිව්යව කාන්තාවන් පරිද්දෙන් සැරසෙමින් සිටින්නාවූ; මනොඥවූ වෛශ්යාවඞ්ගනාවන් නොයෙක් ස්ථානයන්හිදී දැක, නෙත්ර පුජා කොට ගියහ.


294. අන්වය:- තොසේ සිරි සපල; සොඳුරු රඟබිම් දද මින්, සහසේ අවන් හල් වැසී; පමාදත නොව රන්කළ සිරස නැගී; මීපෙණ විලසේ දැක, එවිගසේ උන්, උතුරු සිදු ලකුණු සිහි කළොය.

අර්ථය:- සතුටුවූ ශ්රීුයෙන් ඵල සහිතවූ; සන්දලරවූ නැටුම් බිම්හි කොඩි නැමති මතස්යසයන් ඇති, දහස් ගණන් ආපනශාලා වල (මත්පැන් බොන ශාලා) වාසය කරන්නාවූ; ප්ර්මාද ජන නැමති ජල ඇති, රත් කල මුදුනෙහි නැංගාවූ; මී පෙණ ආකාරය දැක, ඒ වහාම කුමාරවරු, උත්තර සාගරයාගේ ලක්ෂාණ සිහි කළාහ.


295. අන්වය:- විදුහල් තුළ නොහැර හිදිනා, ඇජර වදන් තෙලියෙන්, ගත් රූ අදින, දද පැටව්, ඉවර නොව උසුරුවන; ඉරැවේ තදින බැහැර නොගොස් අසමින් මන පුරා ගියො.‍ ‍ අර්ථය :- විද්යාගශාලා තුළ අත් නොහැර සිටින්නාවූ ආචාර්්ය ය වචන නැමති තෙලියෙන්, ග්රතන්ථ නැමති රූප අදින්නා වූ බ්රාචහ්මණ දරුවන් විසින් කෙළවරක් නොමැතිව උච්චාණය කරනු ලබන්න‍ා වූ; සාග් වේග නාදය පිටතට නොයවා අසමින් සිත් පුරා (ඒ කුමාරවරැ) ගියහ.


296. අන්වය:- මල්පල සපිරි, වන වැද ඇතුල් කර සිවුරු දරමින්, මැටිපා රැගෙන, කල් දැන, ගෙපිළිවෙළ ලෙස, පිඩු සිගා, උදෑසන යන සිල්යුතු තවුස් ගණ දැක ගියො.

අර්ථය :- මල් හා ගෙඩි වලින් සම්පූර්ණසවූ වනයට වැදී ගිහි පරිභෝගයට සමාන නොවූ සිවුරු දරමින්, මැටි වලින් කළ පාත්රී රැගෙන සුදුසු කාලය දැන ගෙපිළිවෙලින්, ආහාර සිගමින්, උදය කාලයෙහි; යන්නාවූ ශීලයෙන් යුක්තවූ තාපස සමූහයා දැක ගියහ.


297. අන්වය:- ගජ රැස්, රිය, තුරග, මේ කළු, ගොස, පවන, හිය රැස් වැසි වළාවෙන් වොරැදී තිබෙන; සුවහස් දෙපස රුපුසෙන්, එකතැන පැමිණ රණ දෙරණ සඳහස් පිලිල් කෙළි නැරඹූ.

අර්ථය :- හස්ති සමූහය, රථය, අශ්වය යන මොවුන් නැමති වැසි වළාකුලය, ඝෝෂාවය, වාතයය යව මොවුන් ඇත්ත‍ාවූ ශර රාශි නැමති වැසි වළාවෙන් විරාජම‍ානව තිබෙන්න‍ාවූ ලක්ෂ ගණන්වූ දෙපස සිටින සතුරු සේනාව ඇති එක් තැනකට පැමිණ යුඩ භූමියෙහි (කරන්නාවූ) බඩගලතා නැමති ජල ක්රීතඩ‍ාව නැරඹූහ.


298. අනවය :- යෙහෙන සුවත මග නිදුකින් යාගත් කළ; සිරිමත් සිය පුරෙහි සිරි, වැදගත් විසි දෙපස නිති ඔසවන සිටින, දන නෙත් කැලුම් විද විද, ඔහු දෙදෙන ඉති සහතොසිත ගොසි; ‍ අර්ථය :- යහපත් වඋ සුවසේ ගමන් කළ හැකි මාර්ගයෙහි දුකක් නැතිව ගිය කල්හි ශ්රී්මත් වූ ස්වකීය නගරයෙහි ‍ෙඑශවය්යතර්යද, වැද ගත්තාවූ වීරි දෙපාර්ශවයෙහි නිරන්තරයෙන් රැස්ව සිටින්නාවූ‍, ජාතයන්ගේ නෙත්රව කාන්තියද විදිමත්, ඒ කුමාරවරු දෙදෙන මෙසේ සතුටින් ගොස්;


299. අන්වය:- වැසිනේ මොල සිකිපිල් වරලසිනේ, ලසිනේ පිපි දිසිනේ මල් උව නැ‘ති, දිසිනේ ගිරි තන බසිනේ බිගු නද බසිනේ, පණ විලසින් ගොසිනේ සෙවි. ‍ අර්ථය :- වාසය කරන්නාවූ අනෙකප්රේකාරවූ චණ්ඩවූ මයුරයන්ගේ පිල් නැමති කේශ කලාප ඇති, ඉක්මවන්ව පිපුණාවූ දීප්තියෙන් යුක්තවූ පුෂ්ප නැමති මුහුණු ඇති, පෙනෙන්නාවූ නොයෙක් ආකාරවූ පර්‍වත නමැති පියයුරු ඇති, පෙනී සිටින්නාවූ භෘඞගයන්ගේ නාද නමැති වචන ඇති වන නමැති විලාසිනියන් ගොස් සේවනය කළහ.


300. අන්වය:- තලා තළා කන කිරඟන මුළුයා තළා තළා විල් එන මුව පොලුයා තළා තළා බට හසඟන මුළුයා මඟ තළා තළා යෙති.‍‍‍

අර්ථය :- තල ගස් පතුරු ගසා කන්නාවූ වැදි ස්ත්රීළහුද, (ජල තලාව) පීර පීරා විලෙන් එන්න‍ාවූ මුව පැටවු සමූහයද, තට‍ාකයක් පාසා බැසගත් හංස සමූහයාද, බලා කුඩා මාර්ගටයෙහි (කැලය) පීර පීරා යති.